About Us

About theSocialist.LK

theSocialist.LK is the online publication of the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left-Faction of the Socialist Equality Party (SEP) of Sri Lanka, which is a Trotskyist political movement fighting for socialist internationalism.

It was formed by a few comrades who were distilled, by revolutionary perspective, from a group of comrades who fought together inside the SEP-SL against its bureaucratic leadership, and who were later, from late 2022 to early 2023, arbitrarily expelled by the SEP leadership for fighting for the international socialist perspective of the International Committee of the Fourth International (ICFI) during the historic mass struggles in Sri Lanka from April-August 2022. Expelled from the party, this group, identified themselves as the Left Faction of the SEP, commenced fighting against the political degeneration of the party in relation to the class struggle and against identified reactionary political tendencies of the party leadership. In the course of events and succeeding months, an utterly reactionary nationalist clique formation within this faction rejected factional struggle, against which tendency a few comrades fought for Bolshevik method of factional struggle and for socialist internationalism of the ICFI. After a principled political fight with this reactionary clique for over half an year, those few comrades parted with the latter, in order to continue to wage factional struggle within SEP, aiming to build the SEP and resolve the historical crisis of the leadership of the working class of Sri Lanka and South Asia, and identified themselves as SLLA, as a faction of the SEP-SL.

SLLA seeks not to reform capitalism, but to create a socialist, democratic and egalitarian society through the establishment of a workers’ federation of socialist republics of Asia and the world and the revolutionary transformation of the world economy. As part of the ICFI, we seek to unify workers in Sri Lanka, South Asia and internationally in the common struggle for socialism—that is, for equality and the rational and democratic utilization of the wealth of the planet.

We accept political authority and are guided by the perspectives and programme of the ICFI, which is the world party of the world socialist revolution. We defend the historical continuity of the heritage of the ICFI against the reactionary tendencies of sectarianism, pragmatism, conservatism, bureaucratism and toxic subjectivism of the current opportunist leadership of the SEP-SL, and all forms of nationalist tendencies within the movement, and fight to lead united struggles ahead of the working class of Sri Lanka and South Asia. 60 years after the Great Betrayal of Lanka Sama Samaja Party in 1964, against which ICFI fought, the working class of this region has yet been unable to solve the crisis of its own leadership, which SEP-SL failed to build during more than half a century since then.

As explained by the ICFI and its world publication, the World Socialist Web Site (WSWS.org), the world has entered into an epoch of world war and socialist revolution, which coincides with the Fifth stage of the Fourth International, necessitating the building of the ICFI as the conscious political leadership, that will counterpose to the capitalist politics of imperialist war the class-based strategy of world socialist revolution.

We invite workers, youth, students, intellectuals, and all those who wish to uproot the global capitalist-imperialist system of war, fascism, social inequality and oppression to join SLLA today, and take the struggle forward in building the necessary revolutionary leadership of the working class within SEP-SL, which only can lead mass struggles toward revolutionary gains.

The reorganization of the society on socialist lines requires a cultural awakening among a significant section of the working class, as such an awakening is essential to the development of a conscious, revolutionary critical attitude toward capitalist society. This awakening, however, does not occur independently of the efforts of the world revolutionary party, the ICFI. Rather, it is the revolutionary party – the most conscious section of the working class – that leads the fight for this development. The intellectual essence of socialist consciousness is a critical revolutionary attitude to the existing social relations and everyday political assumptions and concepts as they emerge and find “spontaneous” expression in capitalist society.

Thus, a socialist reorganization of the society, a true system-change, is not attained overnight, by masses gathering in thousands in streets, unless such consciousness is engineered systematically, preparing the working class and the oppressed masses for such a new world order and society.

SLLA publishes theSocialist.LK to boost such an awakening of socialist consciousness and to build the necessary revolutionary leadership within the working class of this region.

SLLA
14 July 2024

theSocialist.LK යනු ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප-ශ්‍රී ලංකා) විප්ලවවාදී වාම ෆැක්ෂනය (කණ්ඩායම) වන ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (එස්එල්එල්ඒ) හි නිල මාර්ගගත ප්‍රකාශනය යි. එස්එල්එල්ඒ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කරන ට්‍රොට්ස්කිවාදී දේශපාලන ව්‍යාපාරයකි.

එය පිහිටුවන ලද්දේ, සසප-ශ්‍රී ලංකා හි නිලධාරිවාදී නායකත්වයට එරෙහිව එය තුල එක්ව සටන් කළ සහ පසුව, 2022 අප්‍රේල්-අගෝස්තු ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහජන අරගල අතරතුර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීම නිසා, 2022 අග සිට 2023 මුල අතරතුර සසප නායකත්වය විසින් අත්තනෝමතික ලෙස නෙරපා හරින ලද සහෝදරවරු කණ්ඩායමක් අතරින්, විප්ලවවාදී ඉදිරි දර්ශනය මගින් පෙරී ආ සහෝදරවරුන් කිහිප දෙනෙකු විසිනි. පක්ෂයෙන් නෙරපා හරින ලද මෙම කන්ඩායම සසපයේ වාම කන්ඩායම ලෙස තමන්ව හඳුන්වා ගත් අතර පන්ති අරගලයට අදාළව පක්ෂයේ දේශපාලන පරිහානියට එරෙහිව සහ පක්ෂ නායකත්වයේ හඳුනාගත් ප්‍රතිගාමී දේශපාලන ප්‍රවනතාවන්ට එරෙහිව සටන් කිරීම ආරම්භ කළේය. සිද්ධීන් හා ගතවූ මාසවලදී, මෙම කන්ඩායම තුළ මතුවූ මුලුමනින්ම ප්‍රතිගාමී ජාතිකවාදී කල්ලියක් ෆැක්ෂන අරගලය ප්‍රතික්ෂේප කළ අතර, ඊට එරෙහිව සහෝදරවරු කිහිප දෙනෙක් බොල්ෂෙවික් ෆැක්ෂන අරගල විධික්‍රමයට සහ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කළහ. වසර භාගයකට වැඩි කාලයක් මෙම ප්‍රතිගාමී කල්ලිය සමග ප්‍රතිපත්තිමය දේශපාලන සටනකින් පසුව, සසප ගොඩ නැගීම සහ ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පංතියේ නායකත්වයේ ඓතිහාසික අර්බුදය විසඳීම අරමුනු කරගනිමින්, සසප තුල ෆැක්ෂන අරගලය ඉදිරියට ගැනීම සඳහා, එම සහෝදරවරු කිහිප දෙනා, මුලින් කී කල්ලියෙන් වෙන් වූ අතර, සසප-ශ්‍රී ලංකා හි ෆැක්ෂනයක් එස්එල්එල්ඒ නමින් පිහිටුවා ලූහ.

එස්එල්එල්ඒ අරමුණු කරන්නේ ධනවාදය ප්‍රතිසංස්කරණය කිරීමට නොව, ආසියාවේ සහ ලෝකයේ සමාජවාදී කම්කරු සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම සහ ලෝක ආර්ථිකයේ විප්ලවීය පරිවර්තනය හරහා සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම යි. සමාජවාදය සඳහා – එනම් සමානාත්මතාවය සහ පෘථිවියේ ධනය තාර්කික හා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය සඳහා – පොදු අරගලය තුල ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීමට අපි වෙර දරමු.

ලෝක සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන හා වැඩපිලිවෙල මගින් මෙහෙයවනු ලැබෙන අපි එහි දේශපාලන අධිකාරිය පිළිගනිමු. සසප-ශ්‍රී ලංකා හි වත්මන් අවස්ථාවාදී නායකත්වයේ කට්ටිවාදී, තත්කාර්යවාදී, සංස්ථිතිකවාදී, නිලධාරිවාදී සහ විෂ සහිත ආත්මීයවාදී ප්‍රතිගාමී ප්‍රවනතාවයන්ට සහ ව්‍යාපාරය තුල ඇති සියලු ආකාරයේ ජාතිකවාදී ප්‍රවනතාවන්ට එරෙහිව, ජාත්‍යන්තර කමිටුවේ උරුමයේ ඓතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පන්තිය ඉදිරියේ ඇති අරගල එක්සත් කර මෙහෙයවීම සඳහා අපි සටන් වදිමු. ජාත්‍යන්තර කමිටුව එරෙහිව සටන් වැදුනු, 1964 ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීමෙන් වසර 60 කට පසුව ද තම නායකත්වයේ අර්බුදය විසඳීමට මෙම කලාපයේ කම්කරු පන්තියට තවමත් නොහැකි වී ඇති අතර, ගතවූ අඩ සිය වසකට වැඩි කාලයක් තුල ලංකාවේ සසප එය ගොඩ නැගීමට අසමත් වී ඇත.

ජාත්‍යන්තර කමිටුව සහ එහි ලෝක ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS.org) විසින් පැහැදිලි කර ඇති පරිදි, හතරවන ජාත්‍යන්තරයේ පස්වන අදියර සමග සම්පාත වන ලෝක යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයකට ලෝකය අවතීර්ණ වී ඇති අතර, අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනේශ්වර දේශපාලනයට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවයේ පන්ති පදනම් මූලෝපාය පිහිටුවීම සදහා අවශ්‍ය සවිඥානික දේශපාලන නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරුවන්ට, තරුනයින්ට, ශිෂ්‍යයින්ට, බුද්ධිමතුන්ට සහ ගෝලීය ධනේශ්වර අධිරාජ්‍යවාදී යුද පද්ධතිය, ෆැසිස්ට්වාදය, සමාජ අසමානතාවය සහ පීඩනය මුලිනුපුටා දැමීමට කැමති සියල්ලන්ට අපි ආරාධනා කරන්නේ අද දින එස්එල්එල්ඒ හා සම්බන්ධ වෙමින්, මහජන අරගල විප්ලවවාදී ජයග්‍රහණ කරා ගෙන යාමේ හැකියාව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ලංකාවේ සසප තුල ඊට අවශ්‍ය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ අරගලය ඉදිරියට ගෙන යන ලෙස යි.

සමාජවාදී ලෙස සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසක් අතර සංස්කෘතික පිබිදීමක් අවශ්‍ය වේ. ධනේශ්වර සමාජය කෙරෙහි සවිඥානික, විප්ලවවාදී විවේචනාත්මක ආකල්පයක් වර්ධනය කිරීම සඳහා එවැනි පිබිදීමක් අත්‍යවශ්‍යය. එසේ වෙතත්, මෙම පිබිදීම විප්ලවවාදී පක්ෂයේ උත්සාහයෙන් ස්වාධීනව සිදු නොවේ. ඒ වෙනුවට, විප්ලවවාදී පක්ෂයය – කම්කරු පන්තියේ වඩාත්ම සවිඥානක කොටස – මෙම වර්ධනය සඳහා අරගලයට නායකත්වය දෙයි. සමාජවාදී විඥානයේ බුද්ධිමය හරය වන්නේ ධනේශ්වර සමාජය තුල පවතින සමාජ සම්බන්ධතා සහ එයින් (ධනේශ්වර සමාජයෙන්) මතු වී “ස්වයංජාතව” (ඉබේ මෙන්) ප්‍රකාශනය වන එදිනෙදා දේශපාලන සංකල්ප සහ උපකල්පන කෙරෙහි විවේචනාත්මක විප්ලවවාදී ආකල්පයකි.

මේ අනුව, එවැනි විඥානයක් ක්‍රමානුකූලව සකස් කර, කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව එවන් නව ලෝක පර්යායක් සහ සමාජයක් සඳහා සූදානම් කරන්නේ නම් මිස, දහස් ගණන් ජනතාව වීදිවල ඒකරාශී වීමෙන් පමණක්, සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයක් – සැබෑ ක්‍රම වෙනසක් – එක රැයකින් සාක්ෂාත් කරගත නොහැකිය.

සමාජවාදී විඥානයේ එවන් පිබිදීමක් ඉහල නැංවීමට සහ මෙම කලාපයේ කම්කරු පංතිය තුල අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා එස්එල්එල්ඒ විසින් theSocialist.LK ප්‍රකාශයට පත් කරයි.

SLLA
 2024 ජූලි 14

Contact Us

Address

512/A, Erewwala, Pannipitiya, Sri Lanka

Email:

thesocialist.lk23@gmail.com

Phone:

Sanjaya Jayasekera +94 777 497 101

Facebook

www.facebook.com/thesocialist.lk23

Please enable JavaScript in your browser to complete this form.
Scroll to Top