ප්‍රමාද වැඩි වීමට පෙර අත්‍යාසන්න සමූහ ජනසංහාරය නවත්වනු! ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමේ  ට්‍රම්ප්ගේ තර්ජනය හෙළා දකිනු!

theSocialist.lk හි කර්තෘ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් නිකුත් කරන ලද හදිසි ප්‍රකාශය

මේ 2026 අප්‍රේල් 7 දින රාත්‍රී 10:32 theSocialist.lk හි පළ කෙරුනු ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි.

Trump
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 අප්‍රේල් 6 වන සඳුදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ජේම්ස් බ්‍රැඩි මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සමඟ කතා කරයි. [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

අද, 2026 අප්‍රේල් 7 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social හි පළ කළේ: “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත, නැවත කිසිදා ආපසු ගෙන ඒමට නොහැකි වනු ඇත. මට එය සිදුවීමට අවශ්‍ය නැත, නමුත් එය බොහෝ විට සිදුවනු ඇත.”

මෙය හුදෙක් පුහු දේශපාලනික  වහසි බස් දෙඩවීම ක් නොවේ. මෙය, න්‍යෂ්ටික අවි දහස් ගණනක් ඇති සහ දැනටමත් දින හතළිහක් තිස්සේ ඉරානයට බෝම්බ හෙලන, ඉතිහාසයේ වඩාත්ම බලවත් ලෙස සන්නද්ධ මිලිටරි බලයක  රාජ්‍ය නායකයා විසින් සමූල ජන ඝාතක අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද එහි හදිසි  ඉදිරි දර්ශනයෙන් ප්‍රකාශ කළ පරිදි: “ට්‍රම්ප් පැවසූ සෑම වචනයක්ම එක්සත් ජනපද ආණ්ඩුව හිට්ලර් පරිමාණයේ අපරාධයකට  ගැට ගසයි. නාසි නායකයින්  දොරවල් වසාගෙන සාකච්ඡා කළ දේ ඔහු විවෘතව කියයි.” ට්‍රම්ප් දැනටමත් සෑම බලාගාරයක්ම, සෑම පාලමක්ම, සෑම මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ පහසුකමක්ම – මිලියන 93 ක ජනතාවක් සඳහා ශිෂ්ට සම්පන්න ජීවිතයේ සමස්ත යටිතල පහසුකමක්ම – විනාශ කරන බවට තර්ජනය කර තිබේ. මෙය “පැය හතරක කාලයක් තුළ” ඉටු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙය යුද අපරාධවලට අයත් දැයි වාර්තාකරුවෙකු ඔහුගෙන් විමසීය. ඔහුගේ පිළිතුර: “නැහැ, කොහෙත්ම නැහැ.”

ඉරානය මානව ඉතිහාසයේ පැරණිතම හා ගැඹුරුතම ශිෂ්ටාචාරයන් ගෙන් එකක උරුමකරු වේ. යුද්ධයේ පළමු දිනයේ දී Shajareh Tayyebeh බාලිකා පාසලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගිය ළමුන් 168 දෙනෙකු ඇතුළුව එහි සිවිල් වැසියන් දහස් ගණනක් දැනටමත් ඝාතනය කර ඇත. රෝහල්, විශ්ව විද්‍යාල, නේවාසික ප්‍රදේශ සහ පාසල් වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති පරිදි, ප්‍රහාරක උත්සන්න කිරීමේ තර්කනය නොවැළැක්විය හැකිය: තීව්‍ර කරන ලද බෝම්බ හෙලීමේ සිට භූමි ආක්‍රමණය දක්වා, ඉරාන නගර අත්පත් කර ගැනීම දක්වා සහ අවසානයේ – වැඩිවන ඇමරිකානු හානි සහ හමුදා අසාර්ථකත්වය හමුවේ – න්‍යෂ්ටික අවි වෙත යොමු වීම දක්වා එය උත්සන්න වනු ඇත.

මෙය කල්පිතයක් නොවේ. ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ කිසිදු බරපතල බලවේගයක් එයට කිසිදු තිරිංගයක් නොයොදා, සතියක් පාසා උත්සන්න වෙමින් දින හතළිහක් තිස්සේ සිදුවෙමින් පවතින යුද්ධයක ගමන් පථය මෙයයි.

ඩොලර් බිලියන 839 ක ආරක්ෂක අයවැය සඳහා තමන්ගේ ඡන්දයෙන් යුද්ධයට අරමුදල් සැපයූ එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය දැන් ට්‍රම්ප්ව “පිස්සෙක්” සහ ” සිහි විකල් වූවෙක්” ලෙස හඳුන්වයි. නමුත් එක  ඩිමොක්‍රටිකයෙකු වත් යුද්ධය නැවැත්වීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා කර නැත. ඔවුන් ඊට හවුල්කරුවන් ය. යුද්ධයට එරෙහි ඕනෑම සැබෑ මහජන බලමුලු ගැන්වීමක් යුද්ධයෙන් නතර නොවනු ඇතැයි ඔවුන් භීතියට පත්ව සිටිති. එය ධනය බෙදා හැරීම, මූල්‍ය කතිපයාධිකාරයේ බලය සහ පක්ෂ දෙකම මගින් ආරක්ෂා කරන සමාජ ක්‍රමය පිළිබඳ සමස්ත ප්‍රශ්නයම මතු කරනු ඇත.

යුරෝපයේ පාර්ලිමේන්තු, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ එක්සත් රාජධානියේ ආණ්ඩු – මේ සියල්ලන්ම මෙම අපරාධයට සම්බන්ධය. ඕස්ට්‍රේලියාව රහසිගතව SAS කමාන්ඩෝ භටයින්, Wedgetail සටන් කළමනාකරණ ගුවන් යානා සහ එහි Pine Gap බුද්ධි මධ්‍යස්ථානය යුද්ධයට යොදවා ඇත. බ්‍රිතාන්‍යය හෝමූස් සමුළුව පවත්වයි. ජර්මනිය නැවත සන්නද්ධ වෙමින් සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  පක්ෂාඝාත වී ඇත. ජාත්‍යන්තර නීතිය  සුන් කර ඇත.

මෙම යුද්ධය නැවැත්විය නොහැකි බව ධනේශ්වර රාජ්‍ය පද්ධතිය කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණක් එය කළ හැකිය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ පෙලගැසී සිටින theSocialist.lk සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA), කම්කරුවන්, තරුණයින් සහ මෙම සාපරාධී යුද්ධයට විරුද්ධ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ:

වැඩ වර්ජනය: එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ ලොව පුරා සිටින කම්කරුවන් යුද යන්ත්‍රය ක්‍රියාත්මක වීමට ඇති මාධ්‍යයන් අවහිර කිරීම සඳහා – වරාය, ගුවන්තොටුපළ, සැපයුම් මධ්‍යස්ථාන, ආරක්ෂක නිෂ්පාදන කම්හල් සහ ප්‍රවාහන ජාලයන් – වහාම කාර්මික ක්‍රියාමාර්ග ගත යුතුය. AFL-CIO, UAW, TUC සහ සෑම ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනයක්ම සාපරාධී නිහඬතාවයක් පවත්වා ඇත. මෙම යුද්ධයට ආයුධ, ඉන්ධන සහ සැපයුම් ගලායාම නැවැත්වීම සඳහා කම්කරුවන් නිලධරයෙන් ස්වාධීනව ඔවුන්ගේ සාමාන්‍ය කම්කරු කමිටු හරහා ක්‍රියා කළ යුතුය.

අත්පත් කර ගැනීම: කම්කරුවන් සහ තරුණයින් සේවා ස්ථාන, විශ්ව විද්‍යාල පරිශ්‍ර සහ පොදු අවකාශයන් අත්පත් කර ගත යුතුය –ඒ, යුද්ධයේ සේවකයින් බව ඔප්පු කර ඇති ආණ්ඩුවලට කන්නලව් කිරීමට නොව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලය තහවුරු කිරීමට ය. මාර්තු 28 වන දින එක්සත් ජනපදයේ පමණක් පෙළපාළි ගිය මිලියන අටක මහජන ව්‍යාපාරය, විරෝධතා ව්‍යාපාරයක සිට, වැඩසටහනක්, උපාය මාර්ගයක් සහ නායකත්වයක් සහිත සංවිධානාත්මක දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කළ යුතුය.

ජාත්‍යන්තරව සංවිධානය වීම: ඉරානයට එරෙහි යුද්ධය ජාතික ප්‍රශ්නයක් නොවේ. එය ලෝක ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ, දකුණු කොරියාවේ, ජපානයේ – බෝම්බ හෙළන විට දී පවා තෙල් සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ඉරානය සමඟ වෙනම ගිවිසුම් ගහ ගන්නා ආණ්ඩු පවතින මෙම රටවල – කම්කරුවෝ අරගලයට එක්විය යුතුය. “වසර ගණනාවක් ඉදිරියට එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට කලාපයේ තෙල් හා ගෑස් අහිමි කරන” බවට IRGC අනතුරු ඇඟවීම, ශිෂ්ටාචාරමය අනුපාතයන්ගෙන් යුත් ආර්ථික හා මිලිටරි ව්‍යසනයකට ලෝකය කෙතරම් සමීපව සිටිනවාද යන්න පිළිබඳ මිනුමක් වේ. එකම පිළිතුර වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයයි, එය කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා සංවිධානය කර ඇත.

අද ට්‍රම්ප්ගේ තර්ජනය එහි සැබෑ අරුතින් තේරුම් ගත යුතුය: එය ඉරානයට එරෙහිව පමණක් නොව, මානව ශිෂ්ටාචාරයේ සියලු සමුච්චිත ජයග්‍රහණවලට එරෙහිව – ජාත්‍යන්තර නීතියට එරෙහිව, සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම තහනම් කිරීමට එරෙහිව, දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් හා නාසි සමූලඝාතනයෙන් පසුව සංග්‍රහ කරන ලද මානව වර්ගයාගේ මූලික සම්මතයන්ට එරෙහිව – යුද්ධ ප්‍රකාශ කිරීමකි. ඩේවිඩ් නෝර්ත් නියුරම්බර්ග් යුක්තියේ මාලිගාව (Nuremberg Palace of Justice) ඉදිරිපිට දී ප්‍රකාශ කළ පරිදි, මෙම යුද්ධය නියුරම්බර්ග් නඩු විභාගයේදී ඉහළම ජාත්‍යන්තර අපරාධය වන “සාමයට එරෙහි අපරාධය” සඳහා ස්ථාපිත කර ඇති සෑම නීතිමය සහ දේශපාලන නිර්ණායකයක්ම සපුරාලයි.

අද, 2026 අප්‍රේල් 7 වන දින ඉරාන ශිෂ්ටාචාරය විනාශ වූ දිනය බවට පත් වුවහොත්, එය ධනේශ්වර ලෝක පර්යාය මනුෂ්‍යත්වය ඉදිරියේ තමන්ගේම මරණ වරෙන්තුව අත්සන් කරන දිනය ද වනු ඇත. ඒ වෙනුවට එය ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙසේ කීමට නැගී සිටින දිනය බවට පත්විය යුතුය: අපගේ නාමයෙන් නොවේ. අපගේ ශ්‍රමය නිසා නොවේ. අපගේ නිහඬතාවය නිසා නොවේ.

මෙම ප්‍රතිරෝධය සංවිධානය කරන්නේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) ශාඛාවන් විසිනි. ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිටින සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ සමාජවාදී මනසක් ඇති පුද්ගලයින්ට ඒවා සමග සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය වහාම, කොන්දේසි විරහිතව නතර කරන ලෙස ඉල්ලා සිටින්න.

මැද පෙරදිගින් සියලුම අධිරාජ්‍යවාදී බලවේග ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින්න.

සාමාන්‍ය කම්කරු කමිටු ගොඩනඟන්න. වැඩ වර්ජනය කරන්න. සංවිධානය වන්න. සමාජවාදය සඳහා සටන් කරන්න.

ඉරානය, පලස්තීනය, ලෙබනනය, කියුබාව යන රටවල ජනතාව සමඟ සහයෝගීතාවය – ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව!

ඉරානයට අත නොතබනු – අධිරාජ්‍යවාදී යුද්ධය නවත්වනු!

තවත් ජන සංහාරයක් එපා – ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රය නවත්වනු!

යුද්ධයට හා කප්පාදුවට එරෙහිව කම්කරු බලය!

යුද්ධයට වරායන් වසා  දැමනු – කම්කරුවනි එක්වව්!

යුද්ධයට එක සතයක්වත් නොදෙනු – රෝහල්, පාසල්, රැකියා සඳහා අරමුදල් සපයනු!

අධිරාජ්‍යවාදී සහ සයොන්වාදී හමුදා මැද පෙරදිගින් පිටත්වනු!

යුද අපරාධකරුවන් නවත්වනු – අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින්ට එරෙහිව නියුරම්බර්ග්!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top