එල්.පී. උදයප්‍රේම විසිනි.
අයිඑම්ෆ් උපදෙස් උඩ සැකසූ, රාජ්‍ය ආයතන පුද්ගලිකරනය හා මහජනයා මත බදු බර පැටවීම මුල් කර ගත් 2024 අයවැයක් ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 13දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. ඒය විවෘතවම වැඩ කරන ජනයාට එරෙහි ව පන්ති යුද්ධය තීව්‍ර කිරීම සංඥා කොට ඇත.
මෘග ප්‍රහාරයක් සුදානම් කෙරෙන මේ අයවැයට ධනපති පක්ෂ, මාධ්‍ය හා විපක්ෂයේ නියෝජිතයින්ගේ සහයෝගය නොමසුරුව පල කොට ඇත. ඔවුන්ට අනුව මේ අයවැය “සුබවාදී “, “දැඩි මුල්‍ය විනයක් ඇති ” හා “හොද නරක එක් වූ අයවැයක්” පමණක් නොව “දුප්පතුන්ගේ අයවැයක් ” පවා ද වේ. ජාතික ජන බලවේගයට අනුව එය “මැතිවරන අයවැයකි”.
මේ සියලුම කොටස් අයවැය ගැන කරන ඊනීයා විවේචන වර්තමාන ධනපති ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදය වසන් කර , එසේත් නැත්නම්, නො සලකා හැර, තිබේ. ඇත්තෙන් ම, අර්බුදයේ කොටස්කරුවන් වන ඔවුහු සැබෑ අර්බුදය මහජනයාගෙන් වසන් කිරීමට වැඩ කරති.
මහජන නැගිටීමෙන් රාජපක්ෂ ආන්ඩුව බිද වැටී, අනතුරුව, පාලක ප්‍රභූව ජනාධිපති නිලයට රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ඔහුගේ මූලිකත්වයෙන් අටවාගත් ආන්ඩුව, දිගුකාලයක් තිස්සේ කම්කරු පන්තියේ විරෝධතාවට ලක්ව පැවති අයිඑම්ෆ් සැලසුම් අලු ගසා, පාලක පන්තියේ අර්බුදයට පවතින “එකම”විසදුම ලෙස දැන් ඉදිරියට දමා ඇත.
ආන්ඩුව, රාජ්‍ය ආයතන 120ක් විකිනීමට පෙල ගස්වා ඇත. මේ ලැයිස්තුවේ ඉහලින් ම තෙල්, විදුලිය, ටෙලිකොම්, ගුවන් හා වරාය ඇතුලු මූලික රාජ්‍ය ආයතන ගනනාවක් තිබේ. ඒ අතරට “ප්‍රාග්ධනය වැඩි දියුනු කිරීම” සදහා යැයි කියමින් රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් විකිනීමට ද මෙවර අයවැයේ දී යෝජනා කලේ ය.
ආන්ඩු දිගු කාලයක සිට ම නිදහස් අධ්‍යාපනය පුද්ගලිකරනය සදහා ක්‍රමානූකූලව වැඩ කර ගෙන ගියේ ය. වික්‍රමසිංහ මේ අයවැයේ දී රාජ්‍ය ආයතන මෙන්ම අධ්‍යාපනය ද විකිනීමේ සැලසුම් නිශ්චිතව අවධාරනය කලේ ය. සිසුන්ගේ හා මහජනයාගේ බලගතු විරෝධයට ලක් වූ එම සැලසුම්, වේගවත්ව ක්‍රියාවට ලෑම නිවේදනය කරමින් වික්‍රමසිංහ පැවසූවේ, “අප ලෝකයේ ඕනෑම පිලිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා”යි යනුවෙනි. ඔහු එහි දී,”පූර්න අධ්‍යාපන ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කරනවා”ය යි පැවසී ය. මෙම “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” යනු අධ්‍යාපන සුභසාධන කප්පාදු කරමින්, මහජනතාවගෙන් අතලොස්සක් වන ඉහල මධ්‍යම පන්තියට ප්‍රවේශය විවෘත කරන රට පුරා පුද්ගලික පාසැල්, ජාත්‍යන්තර විශ්ව විද්‍යල හා පුද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීමයි.
මෙයින් ආර්ථිකව කර කියා ගැනීමට බැරිව සිටින මහජනයා මත අධ්‍යාපනයේ බර වඩ වඩාත් පැට වේ. පාසැල් නඩත්තුව, බාහිර පංති හා ක්‍රියාකාරකම් සදහා දැනටම්ත් දෙමව්පියන් විසින් වියදම් දරනු ලැබේ. මෙය දුගී කොටස්වලට කොයි තරම් බලපා ඇද්ද යත් ලක්ෂ 3ට වැඩි සිසුන් ප්‍රමානයක් දැනටමත් පාසැල් අධ්‍යාපනයෙන් දොට්ට වැටී ඇත.
කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරනය යටතේ, මුදල් ඇමතිවරයා දැනටමත් ඒ තුලට කඩා වැදී සිටින මහපරිමාන පොහොර, රසායනික හා කෘෂි උපකරන පුද්ගලික සමාගම් හා බැංකු , නය දෙන ආයතන ගොවි ජනයාට අත් කර දී ඇති ව්‍යවසනය ගැන බිංදු මාත්‍රයක අවධානයක් යොමු නොකරයි.
අයවැයෙන් සති තුනක් ඉක්මවීමට පෙර විදේශීය ධීවර සමාගම්වලට ශ්‍රී ලංකා මුහුදු තීරය පැවරීමට “නව ධීවර නීතී” ගෙන ඒමෙන් ආන්ඩුව වැඩ ඇරඹීය. එකී සැලසුම් එලිදරව් වූ සැනින් දිවයින පුරා ධීවර සමූපකාර සමිති (fishermen cooperative society) 20ක් ඊට විරෝධය පා ඇත. එම සංව්ධානයන්ට අනුව “නව ධීවර නීති” ධීවරයා කබලෙන් ලිපට ඇද දැමීමකි.
වික්‍රමසිංහ, අයවැයෙන් ඉඩම් ධනපති සමාගම්වලට විකිනීමට පොරොන්දු දෙමින් පැවසූවේ, සංවර්ධනය සදහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සදහා “නව ආයතනික වෙනස්කම් හා ඉඩම් නීති” ගෙන බවයි.
බදු බර හා තවතවත් නය
වික්‍රමසිංහ මහජනයා මත බදු බර පැටවීමේ හා නය ගැනීමේ අයිඑම්ෆ් යෝජනා ඉදිරිපත් කලේ, “බංකලොත් රට යලි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අයවැය මගින් ඉදිරිපත් කරනවා” යන පූච්චානම් කතාවල ඔතා ය.
අයවැයට පෙර වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කීරීමෙන් ආන්ඩුව එය ආරම්භ කලේ ය. ආර්ථික විශේෂඥයන්ගේ අනතුරු ඇගවීමට අනුව 2024 මැද වනවිට වැට් බද්ද සියයට 22 සිට 24 දක්වා ඉහල නැගීමට නියමිත ය. වැට් බද්දට අත්‍යාවශ්‍ය ආහර ඇතුලු භාන්ඩ වර්ග 170ක් ඇතුලත් කෙරුනි.
ආර්ථික විශේෂඥයන්ට අනුව, 2024 ජනවාරි සිට අලුතින් එක් කරන සෘජු හා වක්‍ර බදු හරහා රුපියල් බිලියන 900ක අලුත් බදු බරක් ජනයා මත පැටවේ. මේ අනුව, 2024 රාජ්‍ය ආදායමෙන් සියයට 93ක් උපයා ගැනීමට ආන්ඩුව සැරසෙන්නේ බදු මුදලනි. මුලු බදු ආදායමෙන් සියයට 59ක් අය කර ගන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් ගෙනි.
මහජනයා තලාපෙලා බදු එකතු කර ගත්තත් අපේක්ෂිත බදු ආදායම කරා යන්නට ආන්ඩුවට සමත් වී නැත. 2023 යෝජිත බදු ආදායම රුපියල් බි. 3,415කි. එකතු කර ගත හැකි වූයේ රු.බි.2,410ක් පමනි. ඒ අනුව පියවා ගත යුතු රු.බි.1005 ක හිග මුදලත් 2024 වර්ෂයට එක් වී ඇති අතර එයත් එකතුව අපේක්ෂිත බදු ආදායම රුපියල් බි. 4,825 ක් වන දුෂ්කර එල්ලයක් කරා නැග තිබේ.
දිගු කාලයක සිට වාර්ෂිකව කඳු ගැසෙන අයවැය හිගය විසදීමට බදු ආදායම හැරුනු විට ආදායම් මාර්ගය හැටියට වික්‍රමසිංහ යෝජනා කරන්නේ, අයිඑම්ෆ් මගින් ද නිර්දේශිත වැඩිවැඩියෙන් නය ගැනීම යි. ඒ අනුව නය ගැනීමේ සීමාව රු.බි. 3,900 සිට රු.බි. 7,350 දක්වා රු.බි. 3,450කින් ඉහල දැමීමට අයවැයෙන් යෝජනා කර අත.
වෙන කවදාකවත් නොවු පරිදි මහජනයා මත බදු පැටවීමටත් නය උගුලේ කරවටක් ගිල්ලීමටත් ලංකාවේ ධනපති පාලකයන්ට සිදු වී ඇත්තේ සිය ආර්ථික අර්බුදය ගැඹුරු වීමේ ප්‍රතිඵලයක් හැටියට ය. රටේ අයවැය පරතරය පියවා ගැනීමේ අසමත් කම හැටියට එය ප්‍රකාශයට පත් වෙන්නට පටන් ගෙන තිබේ. 2024 අයවැයෙන් අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බි.4,107 ක් ව් පවතිද්දී වියදම රු.බි.6,978 දක්වා වැඩිවීමෙන් එය පෙන්නුම් කරයි. ඒ අනුව අයවැය හිගය රු.බි. 2,871ක් දක්වා ඉහල ගොස් ඇත. එය දල ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට, 2023 වසරේ සියයට 8.6ක් ව තිබී 2024 ද සියයට 9.1 දක්වා ඉහල යෑමකි.
ගෝලීය ආර්ථික දඩුඅඬුවට හිරවී සිටින දුගී රටවල පාලකයන්ට මෙන් ම ලංකාවේ ධනපති පාලකයන්ට ද ඊට විසදුම ලෙස තෝරා ගැනීමට බල කෙරී ඇත්තේ අයිඑම්ෆ්, ලෝක බැංකුව ඇතුලු ලෝක බලවතුන්ගේ මහජන විරෝධී සැලසුම් ක්‍රියාවට දැමීමට ය.
මාධ්‍ය ප්‍රකාශක හා ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන පාලක පංතිය මුහුන පා සිටින අර්බුදය මාධ්‍යට මෙසේ වමාරා තිබුනි: “කවුරු ආන්ඩු කලත් 2028 දී ජාත්‍යන්තර වෙලදපොලෙන් ගත හැකි උපරිම නය මුදල ඇමරිකන් ඩොලර් බි. 1.5යි. අනෙක් මූල්‍යාතන දෙන ප්‍රතිපදාන තීරනය කර තිබෙන්නේ ඒ අනුවයි. ලංකාවේ සල්ලි අච්චු ගහන්නත් බැහැ. මේ සියල්ලටම අපි ගැට ගසා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒවායින් මිදුනොත් වෙන්නේ විනාශයක් “
ශ්‍රී ලංකාවේ පාලක පංතියේ අර්බුදය කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් උත්සන්න කෙරුනි. යුක්‍රේනය හා ගාසාහී ඇවිලී යන යුද තත්ත්වය හා ලංකාව ද මැදි කර ගනිමින් වැඩෙන චින-ඇමරිකා යුද ආතතිය එකී අර්බුදය දිනපතා තීව්‍ර කෙරේ. අපනයන ආදායම බිද වැටීම, සංචාරක කර්මාන්තය කඩා වැටීම හා විදේශ ප්‍රේෂන පහල වැටීම හරහා නය අර්බුදය විසදුමක් නැති තැනට තල්ලු වී යෑම මගින් ආන්ඩුව අස්ථාවර තත්ත්වයකට ඇද දමා තිබේ.
කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ බලගතු විරුද්ධත්වයට මැදී වී සිටින ආන්ඩුවට වැඩකරන ජනයාගේ වියදමින් තම පැවත්ම රැක ගනු වස් ආඥාදායක පියවරයන්නට වේගයෙන් තල්ලු වි යනවා මිස අන් මාවතක් නැත.