⁣ලෝකය පිල් බෙදෙයි, අධිරාජ්‍යවාදී ලෝක යුද අන්තරාය උත්සන්න වේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව |வாராந்திர அரசியல் அறிக்கை

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි.

Image
සෙලෙන්ස්කි සහ බයිඩන් ඔහුගේ හදිසි කියෙව් සම්ප්‍රාප්තියකදී

න්‍යශ්ඨික තුන්වන ලෝක යුද්ධයක් දෙසට ලෝකය රූටා යමින් පවතින්නේ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ දැවැන්ත දුර්වලතාවය හා අර්බුදය විසින් ජනනයකර ඇති ජාත්‍යන්තර මහා ප්‍රතිඝතිතතාවයන් මධ්‍යයේය. පසුගිය ශතවර්ෂයේ නිර්මානය කර, නව ශත වර්ශයේ දශක දෙකකට පසු උත්සන්න කෙරුනු මූලික ප්‍රතිඝතිතතාවයක් වන  ජාතික රාජ්‍ය පද්ධතිය නිෂ්පාදන බලවේගයන්ගේ අති මහත් වර්ධනයට දැවැන්ත බාධාවක් ලෙස පැවතීම, එය එම සීමාවෙන් ඔබ්බට ඒකාග්‍රකරනු ලැබූ ලෝක පර්යායක් ද සමාජ නිෂ්පාදනයක් හා සමාජ සමානතාවයේ ක්‍රමයක් ද ඉල්ලා සිටී.


එහෙත් අධිරාජ්‍යවාදී පද්ධතිය තවතවත් තම පන්ති අවශ්‍යතා ජාතික රාජ්‍යය තුල ශක්තිමත් කිරීමට උත්සාහ ගනිමින් ප්‍රතිවාදී හා තරඟකාරී ආරථිකයන් විනාශ කිරීමත් ඒවා තම ජාතික ධනපති පන්තියේ සූරාකෑමට නතු කිරීමත් කරා ධාවනය කෙරේ. කප්පාදුවට එරෙහිව රටක් රටක් පාසා පන්ති අරගලයට මුහුන දී සිටින පාලක පන්තීන් යුද්ධය පන්ති බලයේ උපකරනයක් ලෙස රට තුලත්, ඉන් පිටතත් යොදා ගනී. යුද්ධය කරා වන වෛෂයික ධාවනයේ පදනම එයයි. 

මෙම වර්ධනයන් යටතේ, දෙවන ලෝක  යුද්ධයේ ම්ලේච්ඡත්වයෙන් පසු නැවත වරක් ලෝකය භයානක ලෙස අක්ෂවලට බෙදෙමින් පවතී. ලෝක යුද තත්වයන්ගේ මෙම වර්ධනය පිලබඳ නිරන්තර අධ්‍යයනය, එය වැලැක්විය හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියට අත්‍යවශ්‍ය ඉදිරි දර්ශනය සම්පාදනය කිරීම සඳහා තීරනාත්මක ය. මෙම දේශපාලන වාර්ථාව  මූලිකව වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී පසුගිය සතිය දක්වා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය හා නේටෝ බලවතුන් විසින් යුක්‍රේනය තුල රුසියාවට විරුද්ධව ගෙන යන යුද්ධය තෙවන ලෝක යුද්ධයක අන්තරාය තීව්‍ර කරමින් පවතී. ඒ අතරම ඇමරිකාව චීනයට එරෙහි යුද ධාවනය උත්සන්න කර යි. මීට සමගාමීව චීනය හා රුසියාව, වෙලඳපොල ආධිපත්‍යය සම්බන්ධයෙන් වන තම විරසකයන් තිබියදී ම, පොදු සතුරාට එරෙහිව කඳවුරු බඳිමින් සිටී. යුද්ධයේ ඇවිලෙන ගිනි දැල් අතරේ ජර්මනිය හා ජපානය අවසන් මහා යුද්ධයේදී බිම හෙලූ තම අවි මුවහත් කරමින් සිටී. 

යුක්‍රේන යුද්ධය:

යුක්රේනය තුල රුසියානු ආක්‍රමණයේ කිසිදු ප්‍රගතිශීලී අන්තර්ගතයක් නැත.  එහෙත්, විනාශකාරී යුද්ධයේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ නේටෝව රුසියාවේ දේශසීමා දෙසට තල්ලු කළ සහ, රුසියාව අස්ථාවර කිරීමට හා අවසානයේ යටත් කිරීමට යුක්‍රේන හමුදාවට බිලියන ගනන් වත් කල වොෂින්ටනයට ය.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් මොස්කව් වෙත ආර්ථිකය දුර්වල කරන සම්බාධක පනවා ඇත. එමගින් මොස්කව් ගෝලීය මූල්‍ය පද්ධතියෙන්  ක්‍රියාකාරීව ඉවත් කොට තබා තිබේ.

යුක්‍රේන ආන්ඩුව හා බටහිර බලවතුන් රුසියාවට එරෙහි යුද වියදම් තියුනු ලෙස ඉහල නංවද්දීම, යුක්රේනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF)  යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 15.6 ක නය පැකේජයකට එකඟ වී තිබේ. යුක්‍රේන ආර්ථිකය 2022 දී සියයට 30 කින් හැකිලෙන බව දැකිය හැකිවිය. යුක්‍රේනයේ 2023 වන විට $38 පමන වන අය වැය පරතරය පියවීමට හා $17 පමන වන යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් අවශ්‍යව තිබේ.  ඒ අනුව පැහැදිලිවම මෙම IMF නය ලබා දීම  මූල්‍යමය වශයෙන් කරන යුද ආධාරයකට වඩා දෙයක් නෙවේ. යුද වැදීසිටින රටකට IMF විසින් නය ආධාර ලබාදෙන පලමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසගත වනු ඇත. 

Image


මීට අමතරව, 2022 දී එක්සත් ජනපද කොන්ග්‍රසය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 122 කට වඩා වැඩි මුදලක් වෙන් කළේය.  යුක්රේනය සඳහා එක්සත් ජනපද වියදම්වලින් අඩකට වඩා මිලිටරි ආධාර විය.

මෙම නය ආධාර මගින් සනිටුහන් කෙරුනේ IMF හි විශාලතම කොටස් හිමියා ලෙස එක්සත් ජනපදය ප්‍රධානව  බටහිර අධිරාජ්‍යවාදයේ සමස්තයම රුසියාවට එරෙහිව බලල් අත් සේ යොදා ගෙන යන ව්‍යසනකාරී යුද්ධය පවතින තාක් කල්, ඉදිරි වසර ගනන සඳහා ඔවුන් යුක්‍රේන ආන්ඩුවට පිටුබලය දීමට සූදානම් බවයි. 

මෙම නය ආධාර පැහැදිලි කරන්නේ යුක්‍රේනයේ  සමස්ත දේශපාලන ව්‍යුහය දැන් රුසියාව සමග අධිරාජ්‍යවාදී යුද්ධයේ බලල් අතක් ලෙස එහි භූමිකාව දිගටම කරගෙන යාමට සූදානම් බවයි.  මෙයට ත්‍යාග ලෙස ලැබෙනු ඇත්තේ, යුක්රේන කතිපයාධිකාරයට තවත් අරමුදල්, ආයුධ සහ අවසාන වශයෙන් යුරෝපා සංගමයේසහ නේටෝවේ සාමාජිකත්වය යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top