class struggles

socialist 2

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත

ජෙරී වයිට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 27 දින Autoworkers resolve to establish network of rank-and-file committees at powerful IWA-RFC meeting in Detroit Sunday යන සිරසින් යුතුව පල කරනු ලැබූ ජෙරී වයිට් සහෝදරයා විසින් ලියන ලද වාර්තාවකි. පරිවර්ථනය SF විසිනි.

කම්කරුවන්ගේම ස්වාධින බල සංස්ථා වශයෙන් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම පිලිඹඳ ජාත්‍යන්තර අත්දැකීම් උකහා ගැනීම සෑම රටකම, කර්මාන්තයකම කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයකි. තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට කම්කරුවන්ට එමගින් පන්නරය ලැබෙනු ඇත. අපි මෙලෙස ක්‍රියාකාරී කමිටු පිලිබඳ ජාත්‍යන්තර අත්දැකීම් මෙරට කම්කරුවාට සමීප කරන්නේ එබැවිනි. 

Image
ඩෙට්‍රොයිට් හි IWA-RFC රැස්වීමේ නියෝජිතයෝ යෝජනාව සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කරති [ඡායාරූපය: WSWS]

ඩෙට්‍රොයිට් හි පැවති කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (IWA-RFC) බලගතු රැස්වීමේදී ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවීමට මෝටර් රථ කම්කරුවෝ තීරණය කරති

ඉරිදා දින, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) සැලකිය යුතු ඉදිරි පියවරක් තබමින්, ඩිට්‍රොයිට් හි දී ද, ඔන්ලයින් මගින් ද මෝටර් රථ සහ බර යන්ත්‍රෝපකරන කර්මාන්ත ක්‍රියාකාරී කමිටුවලින් කම්කරු නියෝජිතයින් දුසිම් ගනනක් මෙන්ම ගුරුවරුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද සහභාගී වූ රැස්වීමක් පැවැත්වීය.

ජෙනරල් මෝටර්ස්, ස්ටෙලාන්ටිස් (කලින් ‌ෆියට්-ක්‍රයිස්ලර්), වාහන අමතර කොටස් නිෂ්පාදකයින් වන ඩානා  සහ ෆෝවියා (කලින් ෆොරේෂියා), මැක් ට්‍රක්ස් සහ ඉදිකිරීම් සහ පතල් උපකරණ නිෂ්පාදක කැටපිලර් හි නියෝජිතයින්, IWA-RFC සමඟ අනුබද්ධ වීමට සහ එක්සත් ජනපදයේ මොටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවර්ධනය කිරීමට මඟ පෙන්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට රැස්වීමේදී තීරණය කළහ.

IWA-RFC හි ආධාරකරුවෙකු ලෙස යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) හි සභාපති ධුරය සඳහා තරඟ වැදුනු පෙන්සිල්වේනියාවේ මැක් ට්‍රක් කම්කරුවෙකු සහ සමාජවාදියෙකු වන විල් ලීමන් විසින් රැස්වීම ඇමතීය.

රැස්වීම තුල , බලගතු සහ හැගුම් බර දායකත්වයන් මගින් , කම්කරුවන් තම සේවා ස්ථානවල ඇති වේදනාකාරී තත්ත්වයන් විස්තර කළහ. කෝවිඩ්-19 හි මාරාන්තික සහ තවමත් පවතින බලපෑම විස්තර කළහ; සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරයේ උදාසීනත්වය සහ (සංගත සදහා ) දුස්සහාය හෙළා දුටු අතර, කම්කරු පන්තියේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දැඩි හැගීමෙන් සහයෝගය දැක්වමින් කතා කළහ.

පසුගිය සතිය පුරා ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආඥාදායක විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ප‍්‍රන්සයේ මිලියන ගනනක් කම්කරුවන් විසින් කරන ලද පෙලපාලි ඇතුලුව, ජාත්‍යන්තරව ප‍්‍රධාන පන්ති සටන් පුපුරා යමින් තිබියදී රැස්වීම පැවැත්විණි. සඳුදා ඉහල යන ජීවන වියදමට එරෙහිව ජර්මනියේ සිය දහස් ගනන් ප්‍රවාහන සේවකයින්ගේ වැඩ වර්ජනයක්ද,  ඉරිදා අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතාද  පැවැත් වුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන මාකස් ඩේ රැස්වීම ආරම්භ කරමින්, රැස්වීම යූඒඩබ්ලිව් සභාපති ලෙස ෂෝන් ෆේන් දිවුරුම් දීම සමග සමපාත වූ බව සඳහන් කළේය. ඩේ මෙසේ පැහැදිලි කළේය: “සත්‍යය නම් මෙම පරිපාලනයට බිංදු මාත්‍රයක යුක්තිසහගත භාවයක් හෝ අධිකාරියක් නොමැති බවයි. ඔවුන් බලයට පැමිණෙන්නේ, නිලධරය සහ යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) යන දෙපාර්ශ්වය  විසින්ම කම්කරුවන්ගේ ඉතාම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරන ලද, සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් මැතිවරනය ගැන දැනුවත් කිරීම පවා හෝ නොකර ඡන්ද පත්‍රිකාවක් හෝ ලබා නොදුන් ඊනියා වෘත්තීය සමිති මැතිවරනයක ප‍්‍රතිඵලයක් ලෙසය.”

“‘නව සටන් කරන යූඒඩබ්ලිව්’ වෘත්තීය සමිතියක් ඇති බවට ෆේන්ගේ වාචාල කතා පිටුපස, “එම සංගත ගැති යාන්ත්‍රනයම ක්‍රියාත්මකව පවතී,” යි ඩේ තවදුරටත් කියා සිටියේ ය. මෙම තක්සේරුව ඉක්මනින් සනාථ කරමින්, සඳුදා, යූඒඩබ්ලිව් විශේෂ කේවල් කිරීමේ සම්මේලනය, මහ තුන්කට්ටුව (ප්‍රධාන සමාගම් තුන)  සමඟ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු යෝජනාවලට ‘ජීවන වියදම් ඉහළ යෑම සඳහා ගෙවීම් (COLA )” ඇතුළත් කිරීම සදහා යූඒඩබ්ලිව් කේවල් කණ්ඩායම  නාමිකව කැප කිරිම සදහා යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අතිමහත් ලෙස ඡන්දය දුන්නේය.

කම්කරුවන් මුහුන දෙන දැවැනත ජීවන වියදම් අර්බුදය, යුද්ධය සහ ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය ඇතිව පාලක පන්තියේ උත්සාහයන් ද ඇතුලුව රැස්වීම පැවැත්වෙන පුලුල් සන්දර්භය ඩේ විසින් සමාලෝචනය කරන ලදී.   

ප්‍රංශයේ මෑත කාලීන සිදුවීම්, සෑම තැන්හිම  පන්ති සමාජයේ ඇතැම් මූලික ලක්ෂණ හෙළිදරව් කරමින්, රාජ්‍යය, මූල්‍ය කතිපයාධිකාරයේ නිරුවත් මෙවලමක් ලෙස යලිත් වරක් හෙලිදරව්කළ බව, ඩේ පැහැදිලි කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ඊට ප්‍රතිචාර වශයෙන් මතුවෙමින් පවතින දෙය, “ගෝලීය පන්ති අරගලයයි. අද මෙහි පැවැත්වෙන මෙම රැස්වීම මෙම ජාත්‍යන්තර ක්‍රියාවලියේම කොටසක්. ඔබ තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට ඇති බාධක ජය ගැනීමට උත්සාහ කරන ජාත්‍යන්තර කම්කරු පන්තියක ඉහල සවිඥානික නියෝජිතයන් වෙනවා.”

මීළඟටට රැස්වීම අමතමින්, විල් ලෙහ්මන්, 2021  දී වොල්වෝ ට්‍රක්හි (Volvo Trucks)  හි බලගතු වැඩවර්ජනය සහ එහි කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම ඇතුළුව, ක්‍රියාකාරී කමිටු සඳහා වන ව්‍යාපාරයට සම්බන්ධ වීමට සහ පසුව යූඒඩබ්ලිව්ලිව් (UAW) සභාපතිත්වය සදහා තරඟ කිරීමට තුඩු දුන් අත්දැකීම් සමාලෝචනය කළේය. 

 

Image
විල් ලෙමන්

රට රටින් බෙදලා අපව සූරා කන්න හදන මේ ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව සටන් කරන්න එවැනි ඉදිරිදර්ශනයක් අවශ්‍ය බව පවසමින් යූඒඩබ්ලිව් නිලධරය විසින් ප්‍රවර්ධනය කරන ජාතිකවාදය ප්‍රතික්ෂේප කර ජාත්‍යන්තරවාදී මූලෝපායක් අනුගමනය කරන ලෙස ලෙහ්මන් කම්කරුවන්ගෙන් අවධාරණාත්මක ලෙස ඉල්ලා සිටියේය. කම්කරු පන්තියේ ඉලක්කය කම්කරුවන් බෙදීම නොවේ. මට චීනයේ, යුක්‍රේනයේ, රුසියාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටින කිසිදු කම්කරුවෙක් සමඟ ප්‍රශ්නයක් නැත, මා සමඟ වැඩ කරන කිසිදු කම්කරුවෙකුටද  එවැනි ප්‍රශ්නයක් නැත. IWA-RFC ගොඩ නගමින් ඉදිරියට ගෙන යාමේ සමස්ත වැදගත්කමම එයයි, ඔබ කොතැනක සිට පැමිණියත් රටවල් හරහා එම බැඳීම් සහ සබදතා ගොඩනඟා ගැනීමයි; එය ජාතික රාජ්‍යයකට ඇති පක්ෂපාතීත්වය නොවේ, එය පන්ති සහකරුවන් ලෙස අපටම ඇති පක්ෂපාතීත්වයයි.

ඩනා: “කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටුගොඩනගා ගැනීමට මෙය හොඳම කාලයයි”

ආරම්භක වාර්තාවලින් පසුව නියෝජිතයන් අතර ක්‍රියාශීලී සාකච්ඡාවක් පැවැත්විණි. පැමිණ සිටි ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක්, සමාගම සහ UAW නිලධරය යන දෙකම මෑත මාසවල සිදු කර ඇති දඬුවම් කිරීමේ  හා  සේවයෙන් පහ කිරීමේ රැල්ල පිළිබඳව දීර්ඝ ලෙස කතා කළේය.

 

Image
ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ජීප් කම්හලේ දී [ඡායාරූපය: WSWS]

“මම මූලික වශයෙන් කතා කරන්නේ ඩනා ටොලීඩෝ ආයතනයෙන් ඉවත් කරන ලද අය වෙනුවෙන්” ඇය පැවසුවාය. “පසුගිය මාස දෙක ඇතුළත, ව්‍යාජ හේතු මත සේවයෙන් පහ කරන ලද විශාල පිරිසක් ඉන්නවා. මිනිත්තුවක් ප්‍රමාද වී වැඩ පේලියට පැමිණීම තරම් සරල දෙයකට ඔබව රැකියාවෙන් අස් කරනු ලබනවා. ඔබ වෘත්තීය සමිති ගාස්තු ගෙවන බවත්, ඔබ සතියේ දින හතම වැඩ කරන බවත්, ඔබ ඔබට හැකි සියල්ල සමාගමට ලබා දුන් බවත් යන සත්‍යයන් දරාගෙන ඒවා පිලිගෙන ඔබ ජීවත් විය යුතු බව ඔවුහු ඔබට කියනු ඇත.  ඒවා  සිදුවන්නේ එහෙම යි.”

“සමාගම මේ සියලු දෙනා අස් කරනවා පමණක් නොවෙයි, යූඒඩබ්ලිව් නැවත සේවයේ පිහිටා ගැනීමට අපට උදව් නොකරමින් මෙම විරේකකරණයට ආධාර කරයි. ඔවුන් අපේ දුක්ගැනවිලිවලට පිළිතුරු දෙන්නේ නැත. ඔවුන් අප වෙත දෑත් දිගු කරන්නේ නැත. පළමු පියවරේදී ම අපේ දුක්ගැනවිලි ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා.” 

මෙම තත්ත්වය ආපසු හැරවීම සඳහා, ඩනා ටොලීඩෝ ක්‍රියාකාරී කමිටුව අනෙකුත් කම්හල්වල කම්කරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ අරගල සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් උත්සාහ කරන්නේ ජීප් කම්කරුවන්, ජෙනරල් මෝටර්ස්, කැටපිලර් කම්කරුවන්, සින්ක්‍රීන් සමඟ සන්ධාන ගොඩනගා ගැනීමටයි. මොකද අපි මෝටර් රථ කර්මාන්තය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි මේ ගොඩක් වාහනවල ඇක්සල් හදලා ආයතන ගොඩකට සැපයුම් කරනවා. දැන් මේ ඇක්සල් නැතුව මේ කාර් හදන්න බෑ. එය ඒ තරම්ම සරලයි. මහා නිෂ්පාදන බලවතුන් තිදෙනාගේ කොන්ත්‍රාත්තුව ඉදිරියේ දී පැමිණීමත් සමඟ, ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම සඳහා එහි කම්කරුවන් කැදවා ගැනීමට මේ හොඳම කාලයයි; එවිට ඔවුන්ට ඔවුන්ගේ සේවා කොන්දේසි පිළිබඳව මැදිහත් වීමට පටන් ගත හැකිය.

කැටපිලර් : “ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපි සිටින්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේයි”

කැටපිලර් කම්කරු කමිටුවේ සාමාජිකයෙක් ඊළඟට කතා කළේ, කම්කරුවන්ගෙන් අත්‍යවශ්‍ය තොරතුරු වසන් කරමින් සැබෑ වැටුප් කප්පාදුව සඳහා සමාගමේ බල කිරීම් පැටවීමට යූඒඩබ්ලිව් නිලධරය ක්‍රියා කළ ආකාරය විස්තර කරමිනි.

“පළමුව, මම සියයට 100 ක් සහයෝගීතාවයෙන් ඩනා කම්කරුවන් සමඟ  එකට සිට ගනිමි,” ඔහු ආරම්භ කළේය. “ඔවුන් ගේ ප්‍රශ්න එන්නේ කොහෙන්ද, ඔවුන් අත් දකින්නේ කුමක්ද යන්න මට සම්පූර්ණයෙන්ම තේරෙනවා.”

කැටපිලර්හි සම්මත වූවා යැයි කියනු ලබන කොන්ත්‍රාත්තුවෙන් පසු, “ඩනා හි මෙන්ම, පැමිණීම හෝ සමාජ මාධ්‍ය බැලීම වැනි කුඩා උල්ලංඝනයන් සඳහා” කම්කරුවන් දොට්ට දමනවා.”

ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා කම්කරුවන් අතර ප්‍රබල හැඟීමකට හඬක් දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ, “මේ වන විට ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපට ඇමරිකාවේ කම්කරු පන්තියේ ජනතාව සහ අපගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් එකිනෙකා සමඟ එකට සිටුවා ගැනීමට හැකිවන  තාක් දුරට අප ඉන්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේ බව මට වැටහේ. “ 

“මේ මොහොතේ  අපේ බෙල්ලේ බූට් එකක් හිරකර තියෙනවා. එමෙන්ම එය ඉවත්ව යන්නේත් නැත. මෙම සංගතවලට එරෙහිව අපගේ එකම ආරක්ෂාව අපියි. මක්නිසාද යත් අප නොමැතිව, ඔවුන්ට අපෙන්, වැඩ ගැන  අපගේ ආචාර ධර්ම වලින්, අපි අපගේ කාර්යය කෙතරම් හොඳින් කරනවාද යන්නෙන් සහ ඒවායේ ප්‍රවාහය පවත්වා ගෙන යාමෙන්, ලාභ ලැබිය නොහැක.”

ජීඑම්  ෆ්ලින්ට් (GM Flint) : “අපි වරක් රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා, දැන් අපි දරිද්‍රතාවයෙන් පෙළෙමු”

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන්ගෙන් එක් අයෙක් යූඒඩබ්ලිව් හි මූලාරම්භය සහ අද කම්කරුවන් මුහුණ දෙන තත්වය අතර වැදගත් ඓතිහාසික වෙනසක් උකහා ගනිමින් කතා කළේය.

“අපි මුල් යූඒඩබ්ලිව් පිහිටුවීමට තුඩු දුන් ෆ්ලින්ට් වාඩිලෑමේ වැඩ වර්ජන වල තත්ත්වයට එලඹ පවතිමු, එහෙත් තත්වය එදා වගේ  නැහැ අද,” ඇය පැවසුවාය. “අපි කලක් ඉහළම ජීවන මට්ටමක් සහිත රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා,  දැන් අපි විරැකියාවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. කම්කරුවන්ට ජීවිතය රැක ගැනීමට රැකියා දෙකක් කරන්න වෙලා. ඔබට අමතර මුදලක් උපයා ගැනීමට ඕන නම් ඒ සඳහා ඔබේ රුධිරය (ප්ලාස්මාව) පරිත්‍යාග කිරීමට ඔවුන් කර්මාන්ත ශාලාව ඉදිරිපස ප්ලාස්මා මධ්‍යස්ථානයක් විවෘත කළා.

“අප ෆ්ලින්ට් ජල අර්බුදය අත් වන්දා.  ඉන් ජනයාට සංජානන ගැටළු සහ ශාරීරික ගැටලු රාශියක් ඇති කලා. ඒ වගේ ම ඔවුන්ගේ සුරතල් සතුන් මිය ගියා. ලෝහ විඛාදනයට පටන් ගන්නා තෙක් ඔවුන් කම්හලේ ජලය මාරු කළේ නැහැ. ඊට පස්සේ, ඒක සිද්ධ වුණාට පස්සෙ යි, අන්තිමට අපිට අපේ කම්හලෙන් පෙරාගත්ත වතුර බොන්න ලැබුනෙ.”

කම්කරුවන් කම්හල තුළ බොහෝ ආරක්ෂා ගැටළු සහ වැඩ වේගවත් කිරීමට මුහුණ දී සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් එකතැන දුවමින්  සිටිමු. ඔවුන් අපේ වැඩ වලට තව තවත් වැඩ එකතු කරනවා. ඒ සමග අනෙක් රැකියාවන් කපනවා. මම එකවර ස්ථාන පහක සිටිය යුතුයි, එය කළ නොහැකියි. ඉන්පසු අපි යූඒඩබ්ලිව් ට කතා කරනවා, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ කියනවා. ඉන්පසුව ඔවුන් මාසයක් වැනි කාලයක් පුරා අතුරුදහන් වෙනවා. නැවත ඔවුන් දැකීමක් ඔබට නැත.

“සමහර විට කම්හල ජලයෙන් පිරී යනවා, එය ගංවතුරක් වගෙයි. ඒ වගේම අපි විදුලි මෙවලම්ද භාවිතා කළ යුතුයි; අපගේ කාර්යයන් දිගටම කරගෙන යා යුතු අතර, ඔවුන් අපට නතර කිරීමට ඉඩ නොදේ. කම්හලේ බරපතල තුවාල වීම් රාශියක් සිදුවී ඇත. සමහර උපකරණ සිවිලිමෙන් ගලවා වැටේ. ” 

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ තවත් සාමාජිකයෙක්, ස්ථර ක්‍රමය පෙරලා දැමීම සඳහා කම්කරුවන්ට එකමුතු වන ලෙස ආයාචනා කලේ ය: “අපි තාවකාලික සේවකයින්ගේ ප්‍රශ්න ජ්‍යෙෂ්ඨ සේවකයින් හා සම්බන්ධ කර, වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභවල විෂමතා හෝ ඒවා නැතිකම තිබියදීම, අපි පොදු ප්‍රශ්නවලට මුහුණ දෙන බව පැහැදිලි කර, සමස්ත ශ්‍රම බලකායක් ලෙස එකට එකතු වී වෘත්තීය සමිති නිලධරය හා සමාගම සමග සටන් කිරීම වැදගත් යැයි මම සිතමි.”

ජීඑම් ලැන්ග්සිං (GM Lansing ): “යම් දෙයක් වෙනස් විය යුතුයි/වෙනසක් අවශ්‍යයයි “

ජීඑම් ලැන්ග්සිං කම්කරු ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙක්, කම්හල තුළ විශාල ආරක්ෂක උපද්‍රවයන්ට මෑතකදී කම්කරුවන් මුහුණ පෑමට සිදු වූ ආකාරය පැහැදිලි කළේය. “සිකුරාදා වාහන බොඩි අංශයේ ගින්නක් ඇති වුණා. එතන හිටපු හැමෝම මැසිවිලි නැගුවා වාතය කොච්චර නරකද, ඔවුන්ගේ උගුර රිදෙන හැටි, මිනිස්සුන්ට ඇදුම ප්‍රශ්න ආවා, එවිටත් දුම තිබුණ නිසා. සියල්ලන්ම ආපසු එහි යැවීමට පෙර ඔවුන් ගොඩනැගිල්ල ප්‍රමාණවත් ලෙස වාතාශ්‍රය නොකළ නිසා සෑම දෙයක්ම එවිටත් දරුණු ලෙස දුගඳ ව තිබුණා.

“එසේම, ඔවුන් දොර රේඛාව පිටුපස බොහෝ ඉදිකිරීම් වැඩ කරමින් සිටියා. එක් අවස්ථාවක, ඔවුන් ලෝහ මත වෑල්ඩින් සහ ඇඹරුම් කරමින් සිටි අතර, මිනිසුන්ට ඔවුන්ගෙන් අඩි හයක් දුරින් සිටින පුද්ගලයා දැකීමට පවා නොහැකි වුනා. වමනය ගිය නිසාත්, ඇස් දැවිල්ල  නිසාත්, උගුර රිදෙන නිසාත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර වෙත ගියා.”

යූඒඩබ්ලිව් නිලධරය ගැන ජීඑම් ෆ්ලින්ට් හි ඇගේ සහෝදරියගේ අදහස්වලට ඇය එකඟ වූ බව කම්කරුවා පැවසීය. “ඇය කීවාක් මෙන්, ඔබ කුමක් ගැන පැමිණිලි කළත් වෙනසක් නැහැ, යූඒඩබ්ලිව් සෑම දෙයක්ම හසුරුවන ආකාරය එක වාගෙයි, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ ඔබට කියයි, නමුත් පසුව ඔවුන් ගැටලුව විසඳීමට කිසිවක් නොකරයි. ඔවුන්, මා සලකන පරිදි, ඉන්නේ සමාගමේ සාක්කුවේ, ඔවුන් සමාගමට පිටුබලය දෙනවා, අපට හැකි තරම් සුළු දෙයක් කරමින් ඔවුන් සමාගමට උදව් කිරීම   කරනවා.”

“ඒ තත්ත්වය ගැන මට ඇති වෙලා තියෙන්නේ. මට ඒක ඉවරයි. යමක් වෙනස් විය යුතුම යි. අපි සියලු දෙනාටම එකට එකතු වී එකට සිට ගත හැකි නම්, අපි සියලු දෙනාටම විශාල ලෙස එකිනෙකාට උදව් කළ හැකි යැයි මට සිතේ. ”

කෝවිඩ්-19 හි බලපෑම: “ඔහු මා අසලම මන්දගාමී හා බිහිසුණු මරණයකින්කින් මිය ගියේය”

සංගත, මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය කෝවිඩ්-19 වසංගතය අවසන් වී ඇති බවත්, එය ජනතාවට දැන් දුරස්ථ මතකයක් ලෙසත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද, බොහෝ නියෝජිතයින් තම කම්පන සහගත අත්දැකීම් වාර්තා කළේ, ජීවිත බේරාගැනීමට වඩා ලාභය සඳහා පාලක පන්තිය ප්‍රමුඛත්වය දීමෙන් අනවශ්‍ය ලෙස පවුල්  සාමාජිකයන් සහ මිතුරන් රෝගයට ගොදුරු වීවී මිය යාම නිසාය. 

මිචිගන්හි වාහන අමතර කොටස් සේවකයෙකු ඔහු සමඟ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ තම සහෝදරයා අහිමි වීම විස්තර කළේය. “කෝවිඩ්-19 වෛරසය අපේ කම්හලට පැමිණෙන විට,  ඔහු දියවැඩියාව වැනි පසුබිම් සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දී සිටියා. ඒ වෙලාවේ එයා හිටියේ හොඳටම බය වෙලා. ඔහුට කෝවිඩ්-19 වැළඳුණොත්, ඔහු ජීවත් නොවීමට විශාල ඉඩක් ඇති බව ඔහු දැන සිටියායා. ඔව්, ඒත් අපට දිගටම වැඩ කිරීමට බල කෙරුනා. ඔහුට ඇත්තටම වැඩබිම තුලින් කෝවිඩ් වැළදුනා. ඔහු මා හා මාගේ පෙම්වතය අසලම මන්දගාමී හා බිහිසුණු මරණයක් අත්වින්දා.

මිචිගන්හි ස්ටෙලන්ටිස් වොරන් ට්‍රක් කම්හලේ සේවකයෙක් දැඩි හැඟීම්බරව කතා කරමින් පසුව මෙසේ පැවසීය: “වෘත්තීය සමිතියේ සම්පූර්ණ පදනම වූයේ අපට හොඳ සේවා පරිසරයක් ඇති බවට වග බලා ගැනීම වූවත්ත් අපිට එය එසේ නොවේ. අපි ඔවුන්ට සෑම මසකම ගෙවනවා. ඒ හරියට අපි වැසිකිළියට මුදල් සෝදා හරිනවා වගේයියි. අපගේ නියෝජනය ගැන මෙම කාමරයේ සිටින බොහෝ අය සමඟ මට එකඟ විය හැකිය.

“එය ඉතා අප්‍රසන්නයි, සෑම කෙනෙකුටම ඇහුම්කන් දෙනකොට මම ඇත්තටම කඳුළු වලට එරෙහිව සටන් කිරීමට උත්සාහ කලා, මන්ද අපි දිනපතාම නැගිටල බොහෝ දේ කැප කරන්නේ අප සහ අපගේ පවුල ජීවත් කර වීමට පමණයි. නමුත් අවසානයේදී අපට ඉතිරි වන්නේ මෙයයි, අවසාන වශයෙන් අපි දන්නවා අපිව බිඳ දමා ඇති බව. 

“මගේ කම්හලට කෝවිඩ්  මගින් දැඩි ලෙස පහර වැදුනා . මා සමඟ වැඩ කළ බොහෝ අය දැන් අප සමඟ නැහැ… මට කියන්නට අවශ්‍යයි, කෝවිඩ්හි මුල් මාස දෙක ඇතුළත පුද්ගලයින් අට දෙනෙකු අපට  අහිමි වුණා.

මෝටර් රථ කර්මාන්තයේ නොවන කම්කරුවන් ද කෝවිඩ් වින්දිතයන් හි පරිමාව ගැන කතා කළහ. ඇලබාමා හි ගුරුවරයෙක් රැස්වීමට පැවසුවේ, “අපි සියලු දෙනාම දිනක් අසනීප වාර්තා කර  විට (කොවිඩි නිසා), සංගමය අපට තදින් දොස් නැගුවා .

“අපි සටන් කළා, ඒත් ඔවුන් එවිටත් අපට වැඩට එන ලෙස පවසා සිටියා. අපට ඒවා තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන තෙක් අපේ නිවාඩු භාවිතා කලා. ඊට පසුව තවත් ගුරුවරු දෙන්නෙක් මැරුණා. ඊට පස්සේ අපිට තව ගුරුවරු හතර දෙනෙක් නැතිවෙලා අටවැනි ගුරුවරයා මැරෙනකම් තව තවත් බලාගෙනමම හිටියා.

කෝවිඩ් -19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂණයේ සම්බන්ධීකාරක ඉවාන් බ්ලේක්, කම්කරු පන්තිය මත වසංගතයේ සැබෑ බලපෑම සහ පසුගිය වසර තුන පුරා දිග හැරුනු ව්‍යසනය පිටුපස ඇති පන්ති අවශ්‍යතා අනාවරණය කර ගැනීම සඳහා ලෝසවෙඅ විමර්ශනය ගැන වාර්තා කලේය. 

“කෝවිඩ් -19 මේ වන විට ලොව පුරා මිලියන 20 කට අධික ජනතාවක් මරා දමා ඇත,” බ්ලේක් පැවසීය. “ එය තවත් මිලියන දස ගණනක් “දිගු කෝවිඩ්” සමගින් ආබාධිත කර ඇත. එය මූලික වශයෙන් සෞඛ්‍ය සේවා කර්මාන්තය බිඳ දමා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වතාවට ගෝලීය වශයෙන් ආයු අපේක්ෂාව අඩු විය. දැන් අපි සිටින්නේ වසංගතයේ සිව්වන වසරේ ආරම්භයේ වන අතර, එය අවසන් වූ බවට ප්‍රකාශ කිරීම සදහා  දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් පවතී. ”

පාලක පන්තියේ ප්‍රකාශයන්ට පටහැනිව, ඇත්ත වශයෙන්ම කෝවිඩ් තුරන් කළ හැකිය, “නමුත් මේ සඳහා කම්කරු පන්තියෙන් ජාත්‍යන්තර, විස්තීර්ණ ප්‍රතිචාරයක් අවශ්‍ය වේ” යනුවෙන් බ්ලේක් පැහැදිලි කළේය.

“කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත”

රැස්වීම අවසන් වන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන එරික් ලන්ඩන්, එහි පළමු වටයේ දී, ජාතික වෘත්තීය සමිති මැතිවරනයක් සඳහා ඓතිහාසික වශයෙන් අඩු සියයට 9ක ඡන්ද ප්‍රතිශතයක් දැකගත හැකි වූ, යූඒඩබ්ලිව් මැතිවරනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ සවිස්තර වාර්තාවක් ලබා දුන්නේය .

 

Image
එරික් ලන්ඩන් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධාන (IWA-RFC)  රැස්වීමේදී කතා කරමින් [ඡායාරූපය: WSWS]

යූඒඩබ්ලිව් මැතිවරනයේදී පුලුල්ව පැතිරුනු ඡන්ද අයිතිය අහිමි කිරීම පිලිබඳව විල් ලේමන් ගේ විරෝධතාව මෑතකදී ප්‍රතික්ෂේප කල යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) සමන්විත වන නීති සමාගම්වල සංගත සමඟ වන බැඳීම් සහ  බැඳියාවන්ගේ පිලිගැටුම (conflict of interest) පිලිබඳව හෙළිදරව් වී ඇති නව තොරතුරු ලන්ඩන්න් විසින් සමාලෝචනය කරන ලදී.

අධීක්ෂක (Monitor) පිටුපස සිටින නීති සමාගම්, යූඒඩබ්ලිව් සංවිධාන යන්ත්‍රනය “ස්වාධීනව” අධීක්‍ෂණය කිරීම ඒවාට නාමිකව පැවරී තිබුණද, මහා වාහන සමාගම් තුන, කැටපිලර් සහ අනෙකුත් සංගත සඳහා නීතිමය නියෝජිතයන් ලෙස නිතිපතා සේවය කර ඇත.

“අධීක්ෂක  සැදුම්ලත් නීති සමාගම් දෙක රටේ බලවත්ම ආයතනික නීති සමාගම් දෙකකි,” ලන්ඩන් පැවසීය. “යූඒඩබ්ලිව් විසින් අධීක්ෂක වීම සඳහා නිර්දේශ කලේ මොවුන්ය.”

සාරාංශගත කරමින් ලන්ඩන් පැවසුවේ, “අධ්‍යාපනගත වීමේ අවශ්‍යතාවය, ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය, පන්ති අරගලයේ සමස්ත පාඩම් ගෙන ඒමේ අවශ්‍යතාවය ගැන කතා කල අය” සමඟ ඔහු එකඟ වන බව ය. “ඔවුන්ගේ (සමාගම් හිමියන්ගේ හා යූඒඩබ්) අතින් බලය උදුරා ගෙන නැවත කම්හල් බිමට ගෙන ඒමේ හැකියාව ඇති සාමාන්‍ය කම්කරුවන්ගේ ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් හැර කිසිවක් සිදු නොවනු ඇත. විල් ලේමන්ගේ ව්‍යාපාරය වූයේ එයයි. ”

රැස්වීම අවසානයේදී, කම්කරුවන්ගේ  අවශ්‍යතාවයන් සඳහා සටන් කිරීම පිණිස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කරන ලදී. එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාරයක කොටසක් බව පිළිගනිමින් නියෝජිතයෝ IWA-RFC ට සහාය දීමට තීරණය කළහ.

“වෘත්තීය සමිතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සැබෑ අරගලය ඉදිරියෙහි පවතී” යනුවෙන් යෝජනාවේ සඳහන් විය. “’සොලිඩැරටි හවුස්’ හි නිලධරයන් අතර තනතුරු වෙනස් කිරීම කිසිවක් වෙනස් නොකරයි. ආන්ඩුව හා සංගත සමග යූඒඩබ්ලිව්හි සහයෝගීතාවය, කම්කරුවන්ගේ අවශ්‍යතා පාවාදීම සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම, කරී වෙනුවට ෆේන් ආදේශ කිරීමෙන් වෙනස් නොවනු ඇත. අවශ්‍ය වන්නේ සාමාන්‍ය කම්කරුවන් අතට බලය ලබා ගැනීම සහ සමස්ත යූඒඩබ්ලිව් යාන්ත්‍රනය ඉවත් කිරීමයි.

#theSocialistLK #CACPS #WSWS

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත Read More »

global

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද?

සංජය ජයසේකර

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? නැත.

1.ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ “අවසරය”, අනුමැතිය සහිතව පිහිටුවිය යුතුය හෝ ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය නොවේ. එසේ කියන්නෝ දැනුවත්වම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ඉදිරිදර්ශනයෙන් පලාගිය අවස්ථාවාදීහු හා කට්ටිවාදීහු/නිකායවාදීහු වෙති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිලිබඳ 2022 ජුලි 20 ප්‍රකාශය පමනක් ⁣සැලකුවද මෙම ආස්ථානයේ සාවද්‍යභාවය හෙලි කරයි.

FB IMG 16784584849806053

2.ක්‍රියාකාරී කමිටුවලට සාමාජිකයන් වීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන හෝ වැඩපිලිවෙල පිලිගත යුතු යැයි ද ඉහත ප්‍රතිගාමී ආස්ථානය දරනවුන්ගෙන් කන්ඩායමක් තොරොම්බල් කරන තවත් දුර්මතයකි.

ඉහත සදහන් ජුලි 20 ප්‍රකාශය, විජේ ඩයස් සහෝදරයා විසින් කෙටුම්පත් කෙරුනේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම යටතේ ය. වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රත්විප්ලවවාදී සූදානමට එරෙහි පක්ෂය සූත්‍රගත කල  ප්‍රතිචාරය වන එම ලියවිල්ල සූදානම් කිරීම සදහා ජුලි මස පැවති  සාකච්ඡාවකදී විජේ සහෝදරයා “ රාජ්‍ය බලය තමන් අතට ගැනීමට, පක්ෂය, කම්කරුවන්ගේ හා ග්‍රමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා කැදවුම් කල යුතු බවට පක්ෂව අදහස් ඉදිරපත් කල බව,” ජුලි 27 සිදු වූ විජේ සහෝදරයාගේ අභාවය ගැන ඩේවිත් නෝත් සහෝදරයා කල ප්‍රකාශයේ දී විශේෂයෙන් සදහන් කර ඇත.

දැන් “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී”  යන පද අදාල විශ්ලේෂනය මත නොපිහිටුවා ගෙඩි පිටින් ගිල වමාරන, මූලධර්ම නොතකන කන්ඩායමක් මුලුමනින්ම පක්ෂ ක්‍රියා මාර්ගයට නතු වූ මිනිසුන්ගේ ක්‍රියාකාරී කමිටු හැර අන් කිසිත් නැත යන නිලධාරිවාදය ක්‍රියාකාරී කමිටුවලට එරෙහි ව පිහිටුවා ඇත.

වරක් විජේ සහෝදරයාටම මේ මතය පරාජය කිරීමට සටන් කිරීමට සිදුවිය. ඔහු ඇසුවේ එක් ප්‍රශ්නයක් පමනි: ජාත්‍යන්තර කමිටුවේ ආස්ථාන පිලිගත් අයෙකු ක්‍රියාකාරී කමිටුවක නොව කෙලින්ම පක්ෂ සාමාජිකයෙකු කරගන්නේ නැත්තේ ඇයි ?  දැන් එම කන්ඩායම තම ප්‍රතිගාමී මතය සමග හිස ඔසවා සිටින්නේ මධ්‍යම පන්තික සුවපහසු හාන්සි පුටුවේ කට්ට්වාදය හරහා තම අධිකාරිය තහවරු කරගැනීමේ අපේක්ෂාවෙනි.

3.ක්‍රික තුල කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන විවිධ දේශපාලන ආස්ථානයන් දරන ප්‍රවනතාවලට තම මතය සඳහාත් කමිටුවල නායකත්වය සඳහාත් සටන් කිරීමට හැකි පුලුල් ප්‍රජාතන්ත්‍රවාදය අන්තරගත කර ගනී. ට්‍රෙට්ස්කි 1938 සංක්‍රමන ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරමින් “සෝවියට් සභා” පිලිබඳව ඉතා පැහැදිලිව මෙසේ ලිවීය:

“අරගලයේ විවිධ ඉල්ලීම් හා සටන් ක්‍රම එක් නගරයක සීමා තුළ පමණක් වුව සුසංවාදී කරන්නේ කෙසේ ද? ඉතිහාසය දැනට මත් මේ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත. සෝවියට් සභා හරහාය. මේ සෝවියට් සභා සියලු සටන්කරු සංවිධානවල නියෝජිතයන් එක්සත් කරනු ඇත. මෙම කටයුත්ත සඳහා මේ දක්වා කිසිවෙකු වෙනත් කිසි ම

සංවිධාන ක්‍රමයක් යෝජනා කොට නැත. ඒ සඳහා මීට වඩා හොඳ සංවිධාන ක්‍රමයක් ගැන සිතීම සත්තකින්ම උගහට වනු ඇත. සෝවියට් සභා ප්‍රාගනුභූත පක්ෂ ක්‍රියා මාර්ගයකට සීමා වී නැත. ඒවා තම දොරවල් සියලුම සූරා කැවෙන්නට හැර දමයි. අරගලයේ තුළට ඇදී ගෙන එන සියලුම ස්තරවල නියෝජිතයෝ ඒ හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමඟම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුළ පුනපුනා අලුත් වෙයි. පෘථුලතම පජාතන්ත්‍රවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සඳහා අරගල කළ හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ඉල්ලීම් ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.”1

(පරිවර්තනය: සුචරිත ගම්ලත්)

4.අනෙකුත් කන්ඩායම් වලට මෙන්ම, කම්කරු පන්තික අවශ්‍යතා නියෝජනය කරන්නවුන්ටද, විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෝ වන කම්කරුවන්ටද,  පක්ෂයේ මතය වෙනුවෙන් ක්‍රික තුල අරගල කල හැකිය.

5.සංක්‍රමන ක්‍රියාමාර්ගයේම ට්‍රොට්ස්කි නැවත කියන්නේ “සෝවියට් සභා

පැන නැඟිය හැක්කේ මහජන

ව්‍යාපාරය විවෘතවම විප්ලවවාදී අදියරකට ඇතුළු වන විට පමණකි”, යනුවෙනි. එනම් ක්‍රියාකාරී කමිටු සෝවියට් සභා වලට පුරෝගාමී වේ.

6.කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයකින් පහත උපුටා දක්වා ඇති කොටස අවධාරනය කරමු:

“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුව ක්‍රික යනු සෝවියට් සභා වෙත කම්කරු පන්තිය ක්‍රමානුකූලව යොමු කරන සංක්‍රමනීය සංවිධාන ආකෘතියකි. ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය වර්ථමාන ක්‍රියාමාර්ගය යි.  1935 දී ට්‍රොට්ස්කි “ප්‍රංශය කොයිබට ද?” යන රචනාවේ දී මෙම කමිටු “වෘත්තීය සමිතිවල සහ පක්ෂ යාන්ත්‍රනයේ ප්‍රති-විප්ලවීය විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍යය” බව පැහැදිලි කලේය.  බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය යටතේ ඔක්තෝබර් විප්ලවයේ දී  බලය ලබා ගැනීම සඳහා රුසියානු කම්කරුවන් විසින් පිහිටුවන ලද සෝවියට් සභා සමඟ එම කමිටු සංසන්දනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

‘වර්තමාන අවධියේ දී ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ ප්‍රංශයේ වැඩකරන මහජනතාව ආරක්‍ෂක අරගලයකට එක්සත් කිරීම සහ එළැඹෙන ප්‍රහාරය සඳහා මෙම මහජනතාවට ඔවුන්ගේම බලය පිළිබඳ සවිඥානකත්වය ලබා දීමයි.  ප්‍රංශයේ වත්මන් තීරනාත්මක තත්ත්වය අවසාන විප්ලවවාදී නිගමන දක්වා දිග හැරෙන්නේ ද යන්න මත කාරණා අව්‍යාජ සෝවියට් සභා වෙත ළඟා වනු ඇත් ද යන්න රඳා පවතී.’

මෙම කමිටුවල අරමුන ද, පැවැත්මේ මාවත ද වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියා ‌සාකාචඡා කර, වටහාගෙන, ඒ් හරහා ගනු ලබන තීන්දුවලට අනුව සංවිධානය කර මෙහෙය වීම ය. ඒසේ නො කරන කමිටු උපන් ගෙයි ම මිය ය යි. ඉතිහාසයේ පාඩමට අනුව ක්‍රික ඉහලින් පහලට පාත් කල හැකි නො වේ. එය නිලධාරීවාදයේ හා ගතානුතතික වෘත්තීය සමිති ආකාරය යි.”

7.කලින් කී දුර්මත සැබෑ කම්කරු ක්‍රියාකාරී කම්ටු නිර්මානය කිරීම, ඒවායේ සටන් ඉදිරියට ගෙනයාම හා මහජන අරගල සංවිධානය කිරීමට හතුරුව පිහිටා සිටී. සැබවින්ම ඉහත දුර්මත දරන්නවුන්ට කම්කරු මහජන අරගල තම හිසට උඩින් ගමන් කිරීම හරහා විනාශයන්ට ඇදීයාම පිලිබඳ මෑත ඉතිහාසය පුරාවටම වගේ වගක් ති⁣බුනේ නැත. ඔවුන් කලේ කම්කරුවන්ට ‘අනතුරු ඇඟවීම’ තැනින් නතර වීමය. වාර්ගික යුද්ධයෙන් දස දහස් ගනනින් දෙමල මහජනයා ඝාතනය කෙරන විටදීත්, ඉන් පසු එම ජනයාට එරෙහිව සිදුකල සියලු අඩංතේටට්ම් හමුවේත්, රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන ආන්ඩුව මුස්ලිම් මහජනයාට එරෙහිව වර්ගවාදී ඝාතන හා අපරාධ සිදුකරන විටදී ත් ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන සක්‍රීය ක්‍රියාවන්ට යොමු කිරීමේ උත්සුකයක් මේ කන්ඩායමට තිබුනේ නැත. ඒවායේ ලේවැකි දේශපාලන වගවීම විප්ලවවාදී පක්ෂයේ මෙම කන්ඩායම දැරිය යුතුය. ඒ මතුද නොව, වාර්ගික භේද කිරීම් පරයා සිංහල, දෙමල, මුස්ලිම් කම්කරු, පීඩිත මහ ජනතාව විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල තුල ඒකාබද්ධ අරගලයන්ට බලමුලු ගැන්වීම ප්‍රමාද කිරීමේ හා එය පැහැරහැරීමේ දේශපාලන අපරාධයට මෙම කන්ඩායම වගකිව යුතුය.  ඔවුහු රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදුවලට එරෙහි මහා වැඩවර්ජනයක් ‘සූදානම් කිරීම සඳහා කැඳවීම’ ප්‍රතික්ශේප කලෝය. ⁣පසුගිය මහජන අරගලවලට පිටුපා සිටි එම කන්ඩායම අඩුතරමින් පක්ෂය  විසින් අධිකාරිය දරන ශිෂ්‍ය සංවිධානය හෝ ක්‍රියාකාරී කමිටු ‘අරගලය’ තුල සක්‍රීයව මෙහෙයවූයේ නැත.

8.ට්‍රොට්ස්කි 1935 දී තම Sectarianism, Centrism and the Fourth International යන ලිපියේදී දේශපාලන කට්ට්වාදීන්/නිකායවාදීන් ගැන මෙසේ ලිවීය:

” මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිළිවෙලක් ගොඩනගා ඇති අතර එම නීති මාක්ස්වාදය විසින් සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රහනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩසටහනක් නිර්මාණය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිළිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා/නිකායවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පළමු භාගයේදී නතර වේ.  කම්කරු ජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීය මැදිහත්වීම ඔහු මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරයි.”2

9. සත්තකින්ම විප්ලවවාදී පක්ෂයේ මෙම අවස්ථාවාදී මධ්‍යම පන්තික ප්‍රවනතාවයට කම්කරු පන්තික විප්ලවයක් පිලිබඳව ඇත්තේ බරපතල සංශයකි. දියුනු ධනපති රටක සමාජවාදී විප්ලවයට ආරම්භය සිදුවන තෙක් විශේෂයෙන් ලංකාවෙ හෝ මේ කලාපයේ කම්කරු පන්තියේ සමාජවාදී අරගලයක් පිලිබඳ විශ්වාසයක් එයට නැතිවාක් පමනක් නොව තමන්ට එයට නායකත්වය දීමේ කිසිදු සක්‍යතාවයක් ද නැති බව ද හොඳින් දනිති. තම අධිකාරිය රැකගෙන යාම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ මුසාවාද, අවලාද, තර්ජනය කිරීම් හා නිලධාරීවාදී හා පරිපාලනමය තහංචි මත රදා සිටීමේ  දේශපාලන පදනම එයයි.

10.ලංකාවේ නාගරික කම්කරුවන්, දුගීන් මෙන්ම ග්‍රාමීය දුප්පතුන් හා ගොවියන්ද තම ක්‍රියාකාරී කමිටු සාදාගැනීම සඳහා තම තමන්ම මෙහෙයවා ගත යුතුය. එදිනෙදා ජීවන අර්බුදය තුල තම අවශ්‍යතාවයන් හොඳින් දන්නා පීඩිත පන්තියට තම  සටන් පාඨ තමන් විසින්ම සකසා ඉදිරිපත් කර කිරිමට ඒම කමිටු අපයෝගී කර ගත හැකි ය. විප්ලවවාදී පක්ෂයේ ඉදිරිදර්ශන ඒවාට මග පෙන්වයි. කමිටු පිහිටුවීමට විප්ලවවාදී පක්ෂයේ අවසරය අවශ්‍ය නැත. කමිටු විප්ලවවාදී පක්ෂයේ අධිකාරිය යටතේ මෙහෙයවෙන සංවිධාන බවට නියමයක් නැත. කමිටුවල ක්‍රියා සදහා සංක්‍රමන ඉල්ලීම් ඉදිරිපත් කරන්න. නායකත්වය සඳහා පෙරට එන්න. ක්‍රියාකාරී කමිටුවල ජාතික සංධානය ගොඩනගන්න.  විප්ලවවාදී පක්ෂයමත් හුදකලාවෙන් හා කට්ටිවාදයෙන් නිදහස් කල හැක්කේ එම කමිටු මගින් මෙහෙයවන පන්ති අරගලය තුලය. එහි මධ්‍යම පන්තික,අවස්ථාවාදී, කට්ටිවාදී ප්‍රවනතාවයන් පරාජය වනු ඇත්තේ ඒ අරගල හරහා ය. කමිටුවල සක්‍රීය මැදිහත් වීම යුගයේ අත්‍යවශ්‍යම විප්ලවවාදී අවශ්‍යතාවය යි.

18 ජනවාරි 2023

1.How are the different demands and forms of struggle to be harmonized, even if only within the limits of one city? History has already answered this question: through soviets. These will unite the representatives of all the fighting groups. For this purpose, no one has yet proposed a different form of organization; indeed, it would hardly be possible to think up a better one. Soviets are not limited to an a priori party program. They throw open their doors to all the exploited. Through these doors pass representatives of all strata, drawn into the general current of the struggle. The organization, broadening out together with the movement, is renewed again and again in its womb. All political currents of the proletariat can struggle for leadership of the soviets on the basis of the widest democracy. The slogan of soviets, therefore, crowns the program of transitional demands.

2. Marxism has built a scientific program upon the laws that govern the movement of capitalist society, and which were discovered by it. This is a colossal conquest! However, it is not enough to create a correct program. It is necessary that the working class accept it. But the sectarian, in the nature of things, homes to a stop upon the first half of the task. Active intervention into the actual struggle of the workers’ masses is supplanted for him by an abstract propaganda of a Marxist program.

Image: Petrograd Soviet of Workers’ and Soldiers’ Deputies, 1917. Photograph by Viktor Bulla (1883-1938)

#swjreviews #theSocialistLK

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? Read More »

Scroll to Top