us-israel

ඉරානය-එක්සත් ජනපදය තාවකාලික “අවබෝධයකට” ආසන්න බව මාධ්‍ය ආයතන පවසයි

ජීන් ෂෝල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 20 දින පල වූ ‘Media outlets claim Iran-US close to a temporary “understanding”’යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

us-israel
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ. බයිඩන් යටතේ, පුලුල් ඉරාන විරෝධී මිලිටරි සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ සමීපව කටයුතු කර ඇත. [AP ඡායාරූපය/AP ඡායාරූපය/ඩෙබී හිල්]

නොබෝදා, නිව් යෝර්ක් ටයිම්ස්, වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ මැදපෙරදිග විවිධ  ප්‍රචාරක මාධ්‍ය “අවබෝධයක්” ලෙස නම් කරන ලද විභව, තාවකාලික න්‍යෂ්ටික ගිවිසුමක් සම්බන්ධව ඕමානයේ පැවැති රැස්වීම් ඇතුළුව, එක්සත් ජනපදය හා ඉරානය අතර සෘජු සාකච්ඡා නොබෝදා වාර්තා කර ඇත.

“අවිධිමත්,” නොලිඛිත නො ලියැවුනු ගිවිසුමක් යනු කුමක්ද යන්න පිලිබඳ  තොරතුරු, ඒවා හෙළිදරව් වී ඇති තාක් දුරට, දශක ගනනාවක පවත්වාගෙන යන ලද ගැටුම්වලින් අස්ථාවර වූ කලාපයක් තුල එහි (ගිවිසුමෙහි) ඉතා සීමිත හා බිඳෙනසුලු ස්වභාවය පෙන්නුම් කරයි. එක්සත් ජනපදය හා නේටෝව යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි  තමන්ගේ යුද්ධයේ දරුණු මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කරද්දී එහි අරමුන වන්නේ ටෙහෙරානය සහ මොස්කව් අතර ගැටුමක් නිර්මාණය කිරීමයි.

රටෙහි වර්තමාන සියයට 60ක පැහැදිලි සීමාවෙන් ඔබ්බට යුරේනියම් බහුල නොකරන බවට, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) න්‍යෂ්ටික පරීක්ෂකවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට, ටෙහෙරානය මිලිෂියාවන් සමග සන්ධානය නවතා දමා

ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට පහර දීමෙන් වැලකී සිටින බවට, රුසියාවට බැලස්ටික් මිසයිල නොසපයන බවට සහ ඉස්ලාමීය ජනරජයේ වැරදි ලෙස රඳවාගෙන සිටින්නේ යයි වොෂින්ටනය පවසන ඇමරිකානු-ඉරාන සිරකරුවන් තිදෙනෙකු නිදහස් කරන බවටද  ඉරානය  ප්‍රතිඥා දෙනු ඇත.   

එක්සත් ජනපදය තමන්ගේ පැත්තෙන්, ඉරාන ආර්ථිකය  ඇන හිටවා ඇති ආර්ථික සම්බාධක දැඩි නොකරන බවටත්, ඉරාන තෙල් රැගෙන යන බව පවසන 

විදේශීය ටැංකි අල්ලා නොගන්නා බවටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සදහා ජාත්‍යන්තර පරමානුක ඒජන්සිය IAFA  ටෙහෙරානයට එරෙහිව දණ්ඩනීය යෝජනා ක්‍රියාත්මක නොකරන බවටත් එක්සත් ජනපදය පොරොන්දු වනු ඇත. ඉරාන පුරවැසියන් සඳහා ආහාර සහ ඖෂධ වෙනුවෙන් එක්සත් ජනපදය විසින් අනුමත කරන ලද තුන්වන පාර්ශ්ව වෙළෙන්දන්ට පමණක් භාවිතා කිරීමට සීමා  වූ, විදේශීය බැංකුවල තබා ඇති ඉරාන වත්කම්වල ඩොලර් බිලියන 20 ක් වොෂින්ටනය විසින් මුදා හරිනු ඇත.

අනුගමනය කළ හැකි දේ පිළිබඳ ඇඟවීමක් ලෙස, ඉරාකයට  ඉරාන විදුලිය සහ ගෑස් ආනයනය සඳහා යුරෝ 2.5 (ඩොලර් බිලියන 2.76 ට සමාන) ගෙවීමට සහ ඉරානයේ සමහර ණය හිමියන්ට ප්‍රේෂණ කිරීමට ඉඩ දෙමින්  නිදහස් කිරීමක් බිඩෙන් පරිපාලනය  පසුගිය සතියේ නිකුත් කළේය.

ඕමානය විසින් සත්කාරක්වය දරන සාකච්චා ඉරනය, ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරීන් තිදෙනෙකු සහ එක්සත් ජනපද නිලධාරියෙකු  පිළිගෙන ඇති අතර, ධවලමන්දිරය  එවන් විසදුමකට එරෙහිව පෙනී සිටින කොන්ග්‍රසයේ අනුමැතිය විදිමත් ගිවිසුමක් සදහා අවශ්‍ය වන බැවින් අන්තර්කාලීන ගිවිසුමක් තහවුරු කිරීම යොමු වූ එම සාකච්ඡාව ප්‍රතික්ෂේප කර ඇත. 

එවැනි ගණුදෙනුවක් ලුහුබැඳීමේ බයිඩන් පරිපාලනයේ අරමුනු වන්නේ, යුක්‍රේන යුද්දයට සමගාමීව විවෘත මිලිටරි යුද්දයක් දක්වා පුපුරා යිමට තර්ජනය කර ඇති, එක්සත් ජනපදය සහ ටෙල් අවිව්හි එහි ප්‍රහාරක බල්ලා අතර තීව්‍ර වන රහසිගත ගුවන් හා සමුද්‍ර යුද්ධයක් මධ්‍යයේ, වොෂින්ටනයේ භූ මූලෝපායික අවශ්‍යතා කපා හරින සහ කලාපයේ වැඩෙන ආතතීන් ලිහිල් කරන ටෙහෙරානය සහ මොස්කව් අතර වැඩෙන සහයෝගීතාවය කඩාකප්පල් කිරීමයි. 

බටහිර නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර ගනුදෙනුවේ අරමුණ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීම බවයි, මන්ද “ඉරානියානුවන් වැරදි ලෙස ගණනය කරන්නේ නම්, ප්‍රබල ඊශ්‍රායල ප්‍රතිචාරයක විභවය අපට වළක්වා ගැනීමට අවශ්‍ය දෙයකි.”

2020 මැතිවරණ ව්‍යාපාරය අතරතුර, තේරී පත් වුවහොත් 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බයිඩන් පොරොන්දු විය. ටෙහෙරානය ගිවිසුමට සම්පුර්ණයෙන්ම අනුකූල වීම නොතකා,ට්‍රම්ප් පරිපාලනය 2018 දී ඒකපාර්ශ්විකව එය අත්හැර දමා , ඉරානයට එරෙහිව සමස්ත ආර්ථික යුද්ධයක් දියත් කර ඇති අතර, එහි නීති විරෝධී සම්බාධක බිඳ දැමූ ඕනෑම රටකට එරෙහිව පලිගැනීමේ තර්ජනයක් විය. බයිඩන් , බලාපොරොත්තු වූයේ ගිවිසුම යලි ඇරඹීම ඉරානය රුසියාවෙන් හා චීනයෙන් වෙන් කිරීමට ඇමක් ලෙස භාවිතා කිරීමටත්, එක්සත් ජනපද-නේටෝව රුසියාව සමග යුද්ධය අවුලුවාලීමත් සමඟ යුරෝපයට නව බලශක්ති සැපයුම් විවෘත කිරීමටත් ය.

2015 ගිවිසුමට විරුද්ධ වූ ඉරානයේ පූජක නායකත්වයෙන් යුත් ධනේශ්වර ජාතිකවාදී තන්ත‍්‍රය තුළ ගතානුගතික කල්ලියෙන් පැමිනි ජනාධිපති ඊබ‍්‍රහම් රයිසි යටතේ, ටෙහෙරානය රුසියාව-යුක්‍රේන යුද්ධයෙන් සහ රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලින් වාසි ලබා ගැනීමට උත්සාහ කර තිබුණේ රුසියාව සහ චීනය යන දෙකටම ඉරානයේ වැදගත්කම අවධාරණය කර, එක්සත් ජනපදය සමග ගිවිසුමක විකල්පය විවෘතව තබා ගනිමිනි.  තම ආර්ථිකය විනාශ කර දැමූ සදාකාලික දැඩි සම්බාධකවලින් මිදීමට මංමුලා සහගතව, ටෙහෙරානය බොහෝ දුරට ගිවිසුමක් සඳහා එහි පූර්ව කොන්දේසි ඉවත් කර ගත් අතර, එක්සත් ජනපදය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම ඉවත් කර ගත්තේය.

එහෙත් වොෂින්ටනය නව කොන්දේසි අමුණා තිබුණි . ඉන්පසුව, මිසයිල සහ ගුවන් ආරක්ෂාව පිලිබද සහයෝගිතා වර්ධනය කිරීමට කල රුසියානු සූදානමට හිලව් වසයෙන්  ඉරානියානු  ඩ්‍රෝන යානා, කාලතුවක්කු සහ ටැංකි උණ්ඩ මොස්කව් – 2022 පෙබරවාරියට පෙර ලබා දුන් බව ටෙහෙරානය පවසයි- වෙත ලබා දිමට ඉරාන වගන්තිවලින් කෝපයට පත්  වොෂින්ටනය ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීය. ඉරානයෙහි  න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් විවේචනය කිරීම සහ හිරිහැර කිරීම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) මත පැවතුණු අතර 2022 සැප්තැම්බර් ආරම්භය වන විට සාකච්ඡා සම්පූර්ණයෙන්ම අත්හැර දමන ලදී.

ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ ප්‍රකාශ නොකළ න්‍යෂ්ටික අවි තොගයක් ඇති බව දන්නා අතර, ටෙහෙරානය සෑම විටම සිය න්‍යෂ්ටික වැඩසටහන පවත්වා ගෙන යන්නේ සිවිල් අරමුණු සඳහා පමණි. න්‍යෂ්ටික ප්‍රශ්නය ඉරානය කෙරෙහි වොෂින්ටනයේ සතුරුකම සහ ආක්‍රමනශීලීත්වය සඳහා දුම් තිරයක් මිස අන් කිසිවක් නොවන බවට සාක්ෂි දෙමින් සිය ප්‍රකාශයට පටහැනිව කිසිදු සාක්ෂියක් නොමැති බව සියලු ප්‍රධාන බලවතුන්, IAEA සහ CIA පිළිගෙන ඇත.

ඒ අතරම, වොෂින්ටනය ගල්ෆ් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ ඉරාන විරෝධී සන්ධානයකට මැදිහත් වී ඇති අතර ඉරානයට සහ සිරියාවේ එහි කලාපීය සහචරයින්ට සම්බන්ධ ඉලක්කවලට එරෙහිව ටෙල් අවිව්හි ආක්‍රමණශීලී ගුවන් ප්‍රහාර අනුමත කර ඇත. අවම වශයෙන් සමහර ඊශ්‍රායල ප්‍රහාර සිදු කර ඇත්තේ ජෝර්දානය සහ ඉරාක දේශසීමාවට ආසන්න සිරියානු විපක්ෂයේ පාලනය යටතේ පවතින අල්-තාන්ෆ් හි එක්සත් ජනපද කඳවුරේ සහාය ඇතිව ය.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කුරිරු සම්බාධක තන්ත්‍රය ඉරානයේ තෙල් අපනයන පහත වැටීමට හේතු වී ඇති අතර, රටේ වැදගත්ම ආදායම් මාර්ගය කප්පාදු කරමින් එහි ආර්ථිකය විනාශ කර ඇත. මේ වසර මුලදී, ඉරාන මුදල් ඩොලරයට සාපේක්ෂව එහි අඩුම මට්ටමට වැටී ඇති අතර, මාර්තු මාසයේදී චීනය විසින් තැරැව්කාර සෞදි-ඉරාන සහයෝගීතාවය නිවේදනය කිරීමෙන් පසුව තරමක් යථා තත්ත්වයට පත් විය.

නමුත් උද්ධමනය නිල වශයෙන් සියයට 50ක් පමණ වන අතර ආහාර උද්ධමනය සියයට 71ක් වන විට, අන්ත දරිද්‍රතාවය, 2022 දී , නිල වශයෙන්, මිලියන 87ක ඉරාන ජනගහනයෙන් සියයට 30කට වඩා වැඩි  ප්‍රමාණයක් වූ  පුළුල් ස්ථරයන්ට බලපා ඇත.

පසුගිය සැප්තැම්බරයේ විරෝධතා පැන නැගුනේ, 22 හැවිරිදි මහ්සා අමිනී, පූජක තන්ත්‍රයේ සදාචාරාත්මක පොලිසිය අතින් මියයාමත් සමඟය. රටේ බිහිසුණු සමාජ හා ආර්ථික තත්වය පිලිබඳ මහජන කෝපයෙන් ඇවිලුනු අතර එම ජනයා, මාස ගනනාවක් තිස්සේ පැවති මහජන පෙලපාලි තුලට වේගයෙන් සර්පිලාකාරව ඇතුළු  වූ තත්වයේදී, සමූහ අත්අඩංගුවට ගැනීම්, මාරාන්තික බලය යෙදවීම මගින් එය මර්දනය කරන ලද අතර අවම වශයෙන් විරෝධතාකරුවන් හත් දෙනෙකු ඝාතනය කරන ලදී . මැයි 9 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉරානය මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 209 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇති අතර එහි විස්තර කර ඇති වාර්තාව “පිළිකුල් සහගත”   බවයි.

අපේක්ෂා කළ හැකි පරිදි, ඉරාන ධනේශ්වරයේ ඇති ඛණ්ඩනය උත්තේජනය කර “පාලන වෙනසක්” පවා ගෙන ඒමේ අපේක්ෂාවෙන්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවත්තු නරුම ලෙස තම ප්‍රතිගාමී අරමුණු සඳහා විරෝධතා ගසාකෑමට උත්සාහ කළහ. සියලු “මානව හිමිකම්” ප්‍රචාර පිටුපස ඇති කොල්ලකාරී අරමුනු අවධාරනය කරන වර්ධනයක් තුල, බටහිර මාධ්‍ය, 1979 ඉරාන විප්ලවය මගින් පෙරලා දැමූ ලෙයින් පොඟවා ගත් ෂාගේ පුත් “ඔටුන්න හිමි කුමරු” රීසා පහ්ලවි පාලන තන්ත්‍රය ද ඇතුලු විවිධ අන්ත දක්ෂිනාංශික පිටුවහලුවන් “පශ්චාත් ඉස්ලාමීය” ඉරානයේ හඬ ලෙස හුවා දැක්වූහ. 

තම විශ්‍රාම වැටුප්වල වටිනාකම අතුරුදහන් වීමට එරෙහි ඉරානයේ විශ්‍රාමිකයින්ගේ අඛණ්ඩ විරෝධතා සහ ගුරුවරුන් හා කාර්මික කම්කරුවන්ගේ වරින් වර පැන නගින වැඩ වර්ජන තුලින් ප්‍රකාශ වන සමාජ අර්බුදය දැක ඇති, දූෂිත පූජක පාලන  තන්ත්‍රයට නැවත සාකච්ඡා මේසයට යාමට බල කර ඇත. IAEA සමඟ සහයෝගීතාවය පවත්වා ගනිමින් ඉරානයේ න්‍යෂ්ටික යටිතල ව්‍යුහය නොවෙනස්ව තබා ගන්නේ නම් බටහිර සමඟ ගිවිසුමක් අනුමත කළ හැකි බව රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි පැවසීය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඔහුගේ අන්ත දක්ෂිණාංශික සභාග හවුල්කරුවන් සහ විපක්ෂය යන දෙපාර්ශවයේම විවේචන වළක්වා ගැනීමට උත්සාහ කරන බැවින් විභව ගිවිසුම ගැන පරස්පර ප්‍රකාශ කර ඇත.

ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවීම වැළැක්විය නොහැකි බව පවසමින් එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති ඕනෑම අන්තර්කාලීන ගිවිසුමකට තමා විරුද්ධ බව ඔහු සිය කැබිනට් මණ්ඩලයට පැවසීය. රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් නෙතන්යාහු අවධාරනය කලේ, “අපගේ ස්ථාවරය පැහැදිලිය. ඉරානය සමඟ ඇති කිසිදු ගිවිසුමක් ඊශ්‍රායලයට බැඳී නැත, එය ආරක්ෂා වීමට අවශ්‍ය සෑම දෙයක්ම කරනු ඇත. ඔහු තවදුරටත් පැවසුවේ, “ ගනුදෙනුවට  අපගේ විරුද්ධත්වය – මුල් (2015) ගනුදෙනුවට නැවත පැමිණීම – මම හිතන්නේ. නමුත් ඉදිරි දැක්මේ තවමත් වෙනස්කම් පවතින අතර කුඩා ගිවිසුම් සම්බන්ධයෙන්ද අපි මේවා සඟවන්නේ නැත. සංවෘත සහ විවෘත සැසිවලදී අපි අපගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තෙමු.

නෙතන්යාහු සාකච්ඡා “කුඩා ගිවිසුමක් නොව ගිවිසුමක්” ලෙස හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වන පරිදි, ඔහු නෙසෙට් (Knesset) [ ඊශ්‍රායල පාර්ලිමේන්තුව] හි විදේශ කටයුතු සහ ආරක්ෂක කමිටුවේ රැස්වීමකදී, “වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මේ මොහොතේ න්‍යාය පත්‍රයේ ඇත්තේ න්‍යෂ්ටික ගිවිසුමක් නොවේ. එය කුඩා ගණුදෙනුවකි, ” තවදුරටත් සදහන් කලේ ” අපිට එය හැසිරවීමට හැකි වනු ඇත.” යන්නයි.

 හාරේචිස් ( Ha’aretz ) [ දින පතා හීබෲ පුවත්පතකි] ට අනුව, ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු පැවසුවේ එක්සත් ජනපදය ඊශ්‍රායලය නැගී එන අවබෝධයන් පිළිබඳව යාවත්කාලීන කරමින් සිටි බවත්, ජෙරුසලම සාකච්ඡා අසාර්ථක කිරීමට උත්සාහ නොකරන බවත්, ඒ වෙනුවට එහි විරෝධතා ඉදිරිපත් කරන බවත්ය. “ඇමරිකානුවන් සමඟ විවෘත හා අඛණ්ඩ සංවාදයක් පවතී”, එම නිලධාරියා තවදුරටත් පැවසුවේ, නැගී එන “අවබෝධයක්” පිළිබඳ නවතම වාර්තා මගින් ඊශ්‍රායලය “පුදුමයට පත් නොවූ” බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලවූ (Yoav Gallant), ඉරානයට එරෙහි ඔවුන්ගේ සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රසල්ස් හි නේටෝ ආරක්ෂක ඇමතිවරුන්ගේ රැස්වීමට සමගාමීව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමුවිය.අන්තර්වාර ගිවිසුමකට ඇතුළත්, බැලස්ටික් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා නිෂ්පාදනය අවසන් කිරීමට ඉරානයේ කැපවීමක් ඊශ්‍රායලයට මෙහිදී ඊශ්‍රාලයට වැදගත් බව ගැලන්ට්  මතු කළේය.

ජනාධිපති බෂාර් අල්- අසාද්ගේ  සිරියාවේ පාලන තන්ත්‍රය ආරක්ෂා කර ඇති කිරීමට ඉරානය සමග එක් වූ  රුසියාවට එරෙහි විවෘත බලය පෙන්වීමේ කොටසක් ලෙස, එක්සත් ජනපදය එහි බොහෝ දියුණු F-22 Raptor stealth ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යවා ඇති බව යුරේසියම්යම් ටයිම්ස් ගිය සතියේ වාර්තා කළේය. “CENTCOM ප්‍රදේශයේ සිටියදී, 94 වන ප්‍රහාරක බලඝණය භූමියේත් ගුවනේත් සහයෝගිතා හමුදා සමඟ ඒකාබද්ධ වනු ඇති බව  CENTCOM [ එක්සත් ජනපද මධ්‍යම විධානය] මාධ්‍ය නිවේදනයක් සඳහන් කළේය.

රුසියානු ප්‍රහාරක ගුවන් යානා බොහෝ විට එක්සත් ජනපද ජෙට් යානා සමඟ අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත වන බවත්, අල්-තාන්ෆ් වැනි එක්සත් ජනපද කඳවුරු හරහා ඉතා වැදගත් බුද්ධි තොරතුරු රැස්කරමින් පියාසර කරන බවත් පවසමින් එය පැමිනෙන්නේ CENTCOM විසින් පසුගිය මාස කිහිපය තුළ විවිධ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසුවය.

මෙය ජූනි මස මුලදී සෞදි අරාබියේ සති දෙකක හමුදා අභ්‍යාසයකින් පසුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රියාද්හි කලාපීය නායකයින් හමු වීමෙන් අනතුරුව සිදු වි ය. ඉරානයට එරෙහිව ගුවන් සහ මිසයිල ආරක්ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා, අරාබි රටවල් කිහිපයක් සහ ඊශ්‍රායලය එයට ඇතුළත් විය.

වැලැක්විය නොහැකි ලෙස මැද පෙරදිග බල තුලනයට බලපෑම් කරන  රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ නාටකාකාර තීව්‍රවීමක් මධ්‍යයේ එන මෙම වර්ධනයන් අවධාරනය කරන්නේ, විභව එක්සත් ජනපද-ඉරානය “අවබෝධ කර ගැනීමේ” ක්ෂනික ඉරණම කුමක් වුව ද, කලාපය වැරදි පිලිවෙත් මගින්  පීඩිතව ඇති  අතර, ලෝකය යලි බෙදීමේ , ප්‍රසාරණය වන අධිරාජ්‍යවාදී තල්ලුවක සුළි කුණාටුවට වඩ වඩාත් උරා ගනිමින්  සිටී.

ඉරානය-එක්සත් ජනපදය තාවකාලික “අවබෝධයකට” ආසන්න බව මාධ්‍ය ආයතන පවසයි Read More »