කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image

පසුගිය වසරේ අද වැනි දිනක හිටපු ජනාධිපති ගේඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිටින් පැන නැගුනු මහජන අරගල මාලාව සිහිපත් කිරීම සඳහා අද සවස එම ස්ථානයේම රැස්වුනු උද්ඝෝෂකයන්ට එල්ල කල ආන්ඩුවේ පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව හෙලා දකී.

ජුබිලි කනුව ආසන්නයට රැස්වූ උද්ඝෝෂකයන්ගේ සටන් පුවරු ඉරා දැමූ පොලීසිය ඔවුන් නුගේගොඩ දෙසට එලවා  දැමීය. පසුගිය වසරේ ගාලුමුවදොර “ගොඨාගෝහෝම්” අරගවල පෙරමුනේ සිටි තරුන කන්ඩායම් වල සාමාජිකයන් කිහිප දෙනෙකු අද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබනි. ඒ අතර “තාරුන්‍යායට හෙටක්” සංවිධානයේ ලහිරු වීරසේකර, අනුරුද්ධ බන්ඩාර හා ධානිෂ් අලි යන අය ද විය. අත්අඩංගුවට ගැනිමට පෙර උද්ඝෝෂකයන්ට පොලීසිය අතින් පයින් පහර දුන්හ. 

උද්ඝෝෂනය ආවරනය කරමින් සිටි කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් හා lankaskynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන ශාන්ත විජේසූරිය සහෝදරයා එවන් පහරදීමක් ජායාරූපගත කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඔහුව වටකර, අල්ලා බිම ඔබා පහරදුන් අතර ඔහුගේ කමිසය ඉරා දැමූහ.  උසස් පොලිස් නිලධාරියෙක් සුපුරුදු පරිදි චෝදනා කලේ ඔහු පොලිසියේ රාජකාරියට බාධාකල බවයි.

පොලීසිය සිරස මාධ්‍යවේදී වින්ධන ප්‍රසාද් කරුනාරත්නට ද බැන තර්ජනය කලහ.

අත්අඩංගවට ගනු ලැබූ සියලු උද්ඝෝෂකයන් පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ලංකා ආර්ථිකය විවෘත කිරීමට සපථ කර සිටින ජනාධපති රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් අවධාරනය කර ඇති පරිදි එම වැඩපිලිවෙලට හරහට හිටින කිසිදු විරෝධතාවයකට අවසර නැත. නියමිතව තිබූ මැතිවරන කල් දමා ඇති ආන්ඩුව පාර්ලිමේක්තු ප්‍රජාතන්ත්‍රවාදය අහවර බව නිවේදනය කර ඇත. වික්‍රමසිංහ තනමින් සිටින්නේ මිලිටරිය, පොලීසිය හා සිරකඳවුරු මගින් තහවරු කරගැනුනු ජනාධිපති ආඥාදායකත්වයකි. 

කැකෑරෙන මහජන විරෝධය මතුපිටට මතුවන කුඩා හෝ විරෝධතාවයක් මහා ගින්නක් බවට පෙරලීම වැඩි ඈතක නොවන බව දන්නා ආන්ඩුව සෑම ගිනි පුලිඟුවක්ම නිවා දැමිමට කැප වී ඇත.

ආන්ඩුවේ මර්දනය වෘත්තීය සමිති හා කම්කරු නායකයන් වෙත දැනටමත් එලල කර ඇත. පුද්ගලීකරනය වෙනුවෙන් මධ්‍යම පන්තියේ කොටස් එම ප්‍රතිගාමී ප්‍රහාරයට රැලිකර ගැනීම සඳාහා ආන්ඩුව ධනපති විද්‍යුත් මාධ්‍ය, චින්තන පර්ෂධ හා පුවත්පත් ගනනාවක්ම සේවයේ යොදවා තිබේ. 

වික්‍රමසිංහ  ආන්ඩුවේ මෙම මර්දනය හා සමාජ ප්‍රති විප්ලවය පරාජය කල හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම කර්මාන්තශාලාවකම, සේවා ස්ථානයකම කම්කරුවන් වන අප, රට පුරා කම්කරුවන්,ගොවීන් හා දුප්පතුන් සංවිධානය කරමින් මහා වැඩවර්ජනයක් හා දේශපාලන බලය අප අතට ගැනීම සඳහා කරනු ලබන මහජන අරගලයක් මගින් පමනි. 

ඒ සඳහා පලමු හා අත්‍යවශ්‍ය පියවර ලෙස අපගේ ඉල්ලීම් ජයග්‍රහනය තෙක් සටන් කිරීම සඳහා සෑම වැඩපොලකම, ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා දැන්ම වැඩ අරඹමු යැයි කොක්‍රික සහෝදර කම්කරු මහජනතාවට යෝජනා කර සිටි. 

31 මාර්තු 2023

#CACPS #theSocialistLK 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top