ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද?

සංජය ජයසේකර

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? නැත.

1.ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ “අවසරය”, අනුමැතිය සහිතව පිහිටුවිය යුතුය හෝ ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය නොවේ. එසේ කියන්නෝ දැනුවත්වම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ඉදිරිදර්ශනයෙන් පලාගිය අවස්ථාවාදීහු හා කට්ටිවාදීහු/නිකායවාදීහු වෙති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිලිබඳ 2022 ජුලි 20 ප්‍රකාශය පමනක් ⁣සැලකුවද මෙම ආස්ථානයේ සාවද්‍යභාවය හෙලි කරයි.

2.ක්‍රියාකාරී කමිටුවලට සාමාජිකයන් වීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන හෝ වැඩපිලිවෙල පිලිගත යුතු යැයි ද ඉහත ප්‍රතිගාමී ආස්ථානය දරනවුන්ගෙන් කන්ඩායමක් තොරොම්බල් කරන තවත් දුර්මතයකි.

ඉහත සදහන් ජුලි 20 ප්‍රකාශය, විජේ ඩයස් සහෝදරයා විසින් කෙටුම්පත් කෙරුනේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම යටතේ ය. වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රත්විප්ලවවාදී සූදානමට එරෙහි පක්ෂය සූත්‍රගත කල  ප්‍රතිචාරය වන එම ලියවිල්ල සූදානම් කිරීම සදහා ජුලි මස පැවති  සාකච්ඡාවකදී විජේ සහෝදරයා “ රාජ්‍ය බලය තමන් අතට ගැනීමට, පක්ෂය, කම්කරුවන්ගේ හා ග්‍රමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා කැදවුම් කල යුතු බවට පක්ෂව අදහස් ඉදිරපත් කල බව,” ජුලි 27 සිදු වූ විජේ සහෝදරයාගේ අභාවය ගැන ඩේවිත් නෝත් සහෝදරයා කල ප්‍රකාශයේ දී විශේෂයෙන් සදහන් කර ඇත.

දැන් “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී”  යන පද අදාල විශ්ලේෂනය මත නොපිහිටුවා ගෙඩි පිටින් ගිල වමාරන, මූලධර්ම නොතකන කන්ඩායමක් මුලුමනින්ම පක්ෂ ක්‍රියා මාර්ගයට නතු වූ මිනිසුන්ගේ ක්‍රියාකාරී කමිටු හැර අන් කිසිත් නැත යන නිලධාරිවාදය ක්‍රියාකාරී කමිටුවලට එරෙහි ව පිහිටුවා ඇත.

වරක් විජේ සහෝදරයාටම මේ මතය පරාජය කිරීමට සටන් කිරීමට සිදුවිය. ඔහු ඇසුවේ එක් ප්‍රශ්නයක් පමනි: ජාත්‍යන්තර කමිටුවේ ආස්ථාන පිලිගත් අයෙකු ක්‍රියාකාරී කමිටුවක නොව කෙලින්ම පක්ෂ සාමාජිකයෙකු කරගන්නේ නැත්තේ ඇයි ?  දැන් එම කන්ඩායම තම ප්‍රතිගාමී මතය සමග හිස ඔසවා සිටින්නේ මධ්‍යම පන්තික සුවපහසු හාන්සි පුටුවේ කට්ට්වාදය හරහා තම අධිකාරිය තහවරු කරගැනීමේ අපේක්ෂාවෙනි.

3.ක්‍රික තුල කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන විවිධ දේශපාලන ආස්ථානයන් දරන ප්‍රවනතාවලට තම මතය සඳහාත් කමිටුවල නායකත්වය සඳහාත් සටන් කිරීමට හැකි පුලුල් ප්‍රජාතන්ත්‍රවාදය අන්තරගත කර ගනී. ට්‍රෙට්ස්කි 1938 සංක්‍රමන ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරමින් “සෝවියට් සභා” පිලිබඳව ඉතා පැහැදිලිව මෙසේ ලිවීය:

“අරගලයේ විවිධ ඉල්ලීම් හා සටන් ක්‍රම එක් නගරයක සීමා තුළ පමණක් වුව සුසංවාදී කරන්නේ කෙසේ ද? ඉතිහාසය දැනට මත් මේ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත. සෝවියට් සභා හරහාය. මේ සෝවියට් සභා සියලු සටන්කරු සංවිධානවල නියෝජිතයන් එක්සත් කරනු ඇත. මෙම කටයුත්ත සඳහා මේ දක්වා කිසිවෙකු වෙනත් කිසි ම

සංවිධාන ක්‍රමයක් යෝජනා කොට නැත. ඒ සඳහා මීට වඩා හොඳ සංවිධාන ක්‍රමයක් ගැන සිතීම සත්තකින්ම උගහට වනු ඇත. සෝවියට් සභා ප්‍රාගනුභූත පක්ෂ ක්‍රියා මාර්ගයකට සීමා වී නැත. ඒවා තම දොරවල් සියලුම සූරා කැවෙන්නට හැර දමයි. අරගලයේ තුළට ඇදී ගෙන එන සියලුම ස්තරවල නියෝජිතයෝ ඒ හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමඟම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුළ පුනපුනා අලුත් වෙයි. පෘථුලතම පජාතන්ත්‍රවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සඳහා අරගල කළ හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ඉල්ලීම් ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.”1

(පරිවර්තනය: සුචරිත ගම්ලත්)

4.අනෙකුත් කන්ඩායම් වලට මෙන්ම, කම්කරු පන්තික අවශ්‍යතා නියෝජනය කරන්නවුන්ටද, විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෝ වන කම්කරුවන්ටද,  පක්ෂයේ මතය වෙනුවෙන් ක්‍රික තුල අරගල කල හැකිය.

5.සංක්‍රමන ක්‍රියාමාර්ගයේම ට්‍රොට්ස්කි නැවත කියන්නේ “සෝවියට් සභා

පැන නැඟිය හැක්කේ මහජන

ව්‍යාපාරය විවෘතවම විප්ලවවාදී අදියරකට ඇතුළු වන විට පමණකි”, යනුවෙනි. එනම් ක්‍රියාකාරී කමිටු සෝවියට් සභා වලට පුරෝගාමී වේ.

6.කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයකින් පහත උපුටා දක්වා ඇති කොටස අවධාරනය කරමු:

“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුව ක්‍රික යනු සෝවියට් සභා වෙත කම්කරු පන්තිය ක්‍රමානුකූලව යොමු කරන සංක්‍රමනීය සංවිධාන ආකෘතියකි. ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය වර්ථමාන ක්‍රියාමාර්ගය යි.  1935 දී ට්‍රොට්ස්කි “ප්‍රංශය කොයිබට ද?” යන රචනාවේ දී මෙම කමිටු “වෘත්තීය සමිතිවල සහ පක්ෂ යාන්ත්‍රනයේ ප්‍රති-විප්ලවීය විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍යය” බව පැහැදිලි කලේය.  බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය යටතේ ඔක්තෝබර් විප්ලවයේ දී  බලය ලබා ගැනීම සඳහා රුසියානු කම්කරුවන් විසින් පිහිටුවන ලද සෝවියට් සභා සමඟ එම කමිටු සංසන්දනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

‘වර්තමාන අවධියේ දී ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ ප්‍රංශයේ වැඩකරන මහජනතාව ආරක්‍ෂක අරගලයකට එක්සත් කිරීම සහ එළැඹෙන ප්‍රහාරය සඳහා මෙම මහජනතාවට ඔවුන්ගේම බලය පිළිබඳ සවිඥානකත්වය ලබා දීමයි.  ප්‍රංශයේ වත්මන් තීරනාත්මක තත්ත්වය අවසාන විප්ලවවාදී නිගමන දක්වා දිග හැරෙන්නේ ද යන්න මත කාරණා අව්‍යාජ සෝවියට් සභා වෙත ළඟා වනු ඇත් ද යන්න රඳා පවතී.’

මෙම කමිටුවල අරමුන ද, පැවැත්මේ මාවත ද වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියා ‌සාකාචඡා කර, වටහාගෙන, ඒ් හරහා ගනු ලබන තීන්දුවලට අනුව සංවිධානය කර මෙහෙය වීම ය. ඒසේ නො කරන කමිටු උපන් ගෙයි ම මිය ය යි. ඉතිහාසයේ පාඩමට අනුව ක්‍රික ඉහලින් පහලට පාත් කල හැකි නො වේ. එය නිලධාරීවාදයේ හා ගතානුතතික වෘත්තීය සමිති ආකාරය යි.”

7.කලින් කී දුර්මත සැබෑ කම්කරු ක්‍රියාකාරී කම්ටු නිර්මානය කිරීම, ඒවායේ සටන් ඉදිරියට ගෙනයාම හා මහජන අරගල සංවිධානය කිරීමට හතුරුව පිහිටා සිටී. සැබවින්ම ඉහත දුර්මත දරන්නවුන්ට කම්කරු මහජන අරගල තම හිසට උඩින් ගමන් කිරීම හරහා විනාශයන්ට ඇදීයාම පිලිබඳ මෑත ඉතිහාසය පුරාවටම වගේ වගක් ති⁣බුනේ නැත. ඔවුන් කලේ කම්කරුවන්ට ‘අනතුරු ඇඟවීම’ තැනින් නතර වීමය. වාර්ගික යුද්ධයෙන් දස දහස් ගනනින් දෙමල මහජනයා ඝාතනය කෙරන විටදීත්, ඉන් පසු එම ජනයාට එරෙහිව සිදුකල සියලු අඩංතේටට්ම් හමුවේත්, රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන ආන්ඩුව මුස්ලිම් මහජනයාට එරෙහිව වර්ගවාදී ඝාතන හා අපරාධ සිදුකරන විටදී ත් ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන සක්‍රීය ක්‍රියාවන්ට යොමු කිරීමේ උත්සුකයක් මේ කන්ඩායමට තිබුනේ නැත. ඒවායේ ලේවැකි දේශපාලන වගවීම විප්ලවවාදී පක්ෂයේ මෙම කන්ඩායම දැරිය යුතුය. ඒ මතුද නොව, වාර්ගික භේද කිරීම් පරයා සිංහල, දෙමල, මුස්ලිම් කම්කරු, පීඩිත මහ ජනතාව විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල තුල ඒකාබද්ධ අරගලයන්ට බලමුලු ගැන්වීම ප්‍රමාද කිරීමේ හා එය පැහැරහැරීමේ දේශපාලන අපරාධයට මෙම කන්ඩායම වගකිව යුතුය.  ඔවුහු රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදුවලට එරෙහි මහා වැඩවර්ජනයක් ‘සූදානම් කිරීම සඳහා කැඳවීම’ ප්‍රතික්ශේප කලෝය. ⁣පසුගිය මහජන අරගලවලට පිටුපා සිටි එම කන්ඩායම අඩුතරමින් පක්ෂය  විසින් අධිකාරිය දරන ශිෂ්‍ය සංවිධානය හෝ ක්‍රියාකාරී කමිටු ‘අරගලය’ තුල සක්‍රීයව මෙහෙයවූයේ නැත.

8.ට්‍රොට්ස්කි 1935 දී තම Sectarianism, Centrism and the Fourth International යන ලිපියේදී දේශපාලන කට්ට්වාදීන්/නිකායවාදීන් ගැන මෙසේ ලිවීය:

” මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිළිවෙලක් ගොඩනගා ඇති අතර එම නීති මාක්ස්වාදය විසින් සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රහනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩසටහනක් නිර්මාණය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිළිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා/නිකායවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පළමු භාගයේදී නතර වේ.  කම්කරු ජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීය මැදිහත්වීම ඔහු මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරයි.”2

9. සත්තකින්ම විප්ලවවාදී පක්ෂයේ මෙම අවස්ථාවාදී මධ්‍යම පන්තික ප්‍රවනතාවයට කම්කරු පන්තික විප්ලවයක් පිලිබඳව ඇත්තේ බරපතල සංශයකි. දියුනු ධනපති රටක සමාජවාදී විප්ලවයට ආරම්භය සිදුවන තෙක් විශේෂයෙන් ලංකාවෙ හෝ මේ කලාපයේ කම්කරු පන්තියේ සමාජවාදී අරගලයක් පිලිබඳ විශ්වාසයක් එයට නැතිවාක් පමනක් නොව තමන්ට එයට නායකත්වය දීමේ කිසිදු සක්‍යතාවයක් ද නැති බව ද හොඳින් දනිති. තම අධිකාරිය රැකගෙන යාම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ මුසාවාද, අවලාද, තර්ජනය කිරීම් හා නිලධාරීවාදී හා පරිපාලනමය තහංචි මත රදා සිටීමේ  දේශපාලන පදනම එයයි.

10.ලංකාවේ නාගරික කම්කරුවන්, දුගීන් මෙන්ම ග්‍රාමීය දුප්පතුන් හා ගොවියන්ද තම ක්‍රියාකාරී කමිටු සාදාගැනීම සඳහා තම තමන්ම මෙහෙයවා ගත යුතුය. එදිනෙදා ජීවන අර්බුදය තුල තම අවශ්‍යතාවයන් හොඳින් දන්නා පීඩිත පන්තියට තම  සටන් පාඨ තමන් විසින්ම සකසා ඉදිරිපත් කර කිරිමට ඒම කමිටු අපයෝගී කර ගත හැකි ය. විප්ලවවාදී පක්ෂයේ ඉදිරිදර්ශන ඒවාට මග පෙන්වයි. කමිටු පිහිටුවීමට විප්ලවවාදී පක්ෂයේ අවසරය අවශ්‍ය නැත. කමිටු විප්ලවවාදී පක්ෂයේ අධිකාරිය යටතේ මෙහෙයවෙන සංවිධාන බවට නියමයක් නැත. කමිටුවල ක්‍රියා සදහා සංක්‍රමන ඉල්ලීම් ඉදිරිපත් කරන්න. නායකත්වය සඳහා පෙරට එන්න. ක්‍රියාකාරී කමිටුවල ජාතික සංධානය ගොඩනගන්න.  විප්ලවවාදී පක්ෂයමත් හුදකලාවෙන් හා කට්ටිවාදයෙන් නිදහස් කල හැක්කේ එම කමිටු මගින් මෙහෙයවන පන්ති අරගලය තුලය. එහි මධ්‍යම පන්තික,අවස්ථාවාදී, කට්ටිවාදී ප්‍රවනතාවයන් පරාජය වනු ඇත්තේ ඒ අරගල හරහා ය. කමිටුවල සක්‍රීය මැදිහත් වීම යුගයේ අත්‍යවශ්‍යම විප්ලවවාදී අවශ්‍යතාවය යි.

18 ජනවාරි 2023

1.How are the different demands and forms of struggle to be harmonized, even if only within the limits of one city? History has already answered this question: through soviets. These will unite the representatives of all the fighting groups. For this purpose, no one has yet proposed a different form of organization; indeed, it would hardly be possible to think up a better one. Soviets are not limited to an a priori party program. They throw open their doors to all the exploited. Through these doors pass representatives of all strata, drawn into the general current of the struggle. The organization, broadening out together with the movement, is renewed again and again in its womb. All political currents of the proletariat can struggle for leadership of the soviets on the basis of the widest democracy. The slogan of soviets, therefore, crowns the program of transitional demands.

2. Marxism has built a scientific program upon the laws that govern the movement of capitalist society, and which were discovered by it. This is a colossal conquest! However, it is not enough to create a correct program. It is necessary that the working class accept it. But the sectarian, in the nature of things, homes to a stop upon the first half of the task. Active intervention into the actual struggle of the workers’ masses is supplanted for him by an abstract propaganda of a Marxist program.

Image: Petrograd Soviet of Workers’ and Soldiers’ Deputies, 1917. Photograph by Viktor Bulla (1883-1938)

#swjreviews #theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top