යුක්රේනයට පොකුරු බෝම්බ යවමින් වොෂින්ටනය කිසිවකින් නතර නොවන බව පෙන්වයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 08 දින පල වූ ‘Sending cluster bombs to Ukraine, Washington makes clear it will stop at nothing’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

cluster bombs
බිම් බෝම්බ උපදේශක කණ්ඩායම (Mines Advisory Group-MAG) හි තාක්ෂණික ක්ෂේත්‍ර කළමනාකරු නික් ගෙස්ට් ලෙබනන් නගරයක් වන Ouazaiyeh අසල 2006 නොවැම්බර් 9 වන දින ඊශ්‍රායලය විසින් හෙළන ලද පොකුරු බෝම්බයක් පරීක්ෂා කරයි. [AP ඡායාරූපය]

සිකුරාදා, බයිඩන් පරිපාලනය කියා සිටියේ- දශක ගනනාවක් තිස්සේ සිවිල් වැසියන් මරා දමන සහ ආබාධිත කරමින් පුලුල් ප්‍රදේශයක් පුරා නොපිපිරුණු කුඩා බෝම්බ විසුරුවා හරින-පොකුරු බෝම්බ  ආයුධ යුක්රේනයට යවන බවයි.

කියෙව් ගේ මිලිටරි ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුන දී සිටින එක්සත් ජනපදය, යුධ පිටියේ තම පසුබෑම් ආපස්සට හැරවීම සඳහා වෙන කවරදාටත් වඩා විනාශකාරී සහ වගවිභාගයක් නැතිව හානිකරන   ආයුධ සැපයීම භාවිතයට  යොදාගැනීමසදහා  මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

තීරණාත්මකව, නිවේදනය පූර්වගමනය වන්නේ, ලබන සතියේ විල්නියස්හි පැවැත්වෙන නේටෝ සමුලුවේ දී , එක්සත් ජනපදය හා නේටෝව යුද්ධයට ඔවුන්ගේ මැදිහත්වීම දැවැන්ත ලෙස පුලුල් කිරීමට සැලසුම් කිරීම යි .  වැරදි ගනන් බැලීම් වලින් මුල්ලකට තල්ලු වී ඇති බයිඩන්  පරිපාලනයට ,  වෙන කවරදාටත් වඩා  දැඩි පියවර ගැනීමට බල කෙරෙයි.

පොකුරු බෝම්බ භාවිතා කිරීමේ තීරනයේ අරමුන – සිවිල් වැසියන්ට එහි දිගුකාලීන බලපෑම කුමක් වුවත් – හැකි තරම් රුසියානු සොල්දාදුවන් මරා දැමීමයි. අතීතයේ දී ඒජන්ට් ඔරේන්ජ් (Agent Orange )  සහ නපාම් (Napalm) භාවිතයට තුඩු දුන් තර්කනය –  ඉදිරියේදී උපායික න්‍යෂ්ටික අවි භාවිතය අනුමැතිය සදහා  යොදා ගනු ඇති – දැන් ක්‍රියාත්මකව ඇත.

එක්සත් ජනපදය, විල්නියස් සමුළුව  ආසන්නයේ, පැහැදිලිවම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත පණිවිඩයක් යවයි. නේටෝව කිසිවකින්  නතර නොවනු ඇත.

සිකුරාදා මෙම පියවර නිවේදනය කරමින් එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් යුක්‍රේනයේ මිලිටරි ව්‍යසනය වැලැක්වීමේ මාධ්‍යයක් ලෙස පොකුරු බෝම්බ යැවීමේ තීරණය සාධාරණීකරණය කළේය.

“යුක්රේනය සතුව ප්‍රමාණවත් කාලතුවක්කු නොමැති නිසා රුසියානු හමුදා සහ යුද ටැංකි යුක්‍රේන ( හමුදා රැදී ඇති) ස්ථාන මතින් ගමන් කිරීමෙන්, තවත් යුක්‍රේනියානු භූමි ප්‍රදේශ අත්පත් කරගෙන තවත් යුක්රේන සිවිල් වැසියන් යටත් කර ගතහොත් සිවිල් වැසියන්ට හානි සිදුවීමේ විශාල අවදානමක් ද පවතී.”

විශ්‍රාමික ජෙනරල් ඩේවිඩ් පැට්‍රේයස්ගේ වචනවලින් කිවහොත්, “සැලකිය යුතු කඩා බිඳගෙන ඉදිරි ගමන්” කරා ගෙන යන  “යුක්‍රේනය සඳහා ක්‍රීඩා-අවසානය” ලෙස ඇමරිකානු පුවත්පත් ඔජ වැඩූ, යුක්රේනයේ  වසන්ත ප්‍රහාරය දියත් කර මාසයකට මඳක් වැඩි කාලයකට පසුව සලිවන් මෙම ප්‍රකාශය කළේය.

ඒ වෙනුවට, ප්‍රහාරය ලේ වැකි විනාශයක් ඇති කර ඇත. රුසියාවට දරුණු පරාජයක් ලබා දෙනවා වෙනුවට, යුක්රේන මිලිටරිය නඟා සිටුවීමේ උත්සාහය, බයිඩන් පරිපාලනය එකින් එක උත්සන්න කිරීමේ පියවර කරා  තල්ලු කර දමා ඇත.

“නො පිපිරුණු පොකුරු බෝම්බ සිවිල් වැසියන්ට හානි කිරීමේ අවදානමක් ඇති බව අපි හඳුනා ගෙන ඇත්තෙමු,” සුලිවන් පැවසීය. නමුත් යුක්රේනයට “ප්‍රමාණවත් කාලතුවක්කු පතොරම් නොතිබිය හැකි අවදානමට එරෙහිව අපට එය තුලිත කිරීමට සිදු විය.”

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් පරිපාලනය යුක්රේන සිවිල් වැසියන්ගේ පරම්පරා ගණනාවක් මරා දැමීමේ සහ ආබාධිත කිරීමේ පිරිවැය වැඩිපුර රුසියානු හමුදා මරා දැමීමේ ප්‍රතිලාභවලට එරෙහිව කිරා බැලුවේය. යුක්රේනියානු දරුවන් පුපුරා නොගිය බෝම්බ වලින් මිය යාම ඇමරිකාවේ කතිපයාධිකාරය කැමති කැප කිරීම බව එය තීරණය කළේය.

පරිපූර්ණ නිර්දයභාවයෙන්  තමාවම අභිබැවීමට සමත් වෙමින්,  යුක්රේනය “කෙසේ වෙතත් බිම්බෝම්බ හරනයට ලක් කල  යුතුය” බව සලිවන් වැඩිදුරටත් පැවසීය.

යුක්රේනයට මෙම ත්‍රස්තයේ  ආයුධ යැවීම යුක්ති සහගත කිරීමට ධවල මන්දිරය විසින් යොදා ගන්නා සෑම පාඨයක් ම ගැටුම තුල  උපායික න්‍යෂ්ටික අවි යෙදවීම හෝ භාවිතා කිරීම සාධාරණීකරණය කිරීමට යොදා ගත හැකිය. ඔව්, ධවල මන්දිරය තර්ක කරනු ඇත, න්‍යෂ්ටික අලු වර්ෂාව සිවිල් වැසියන්ට අවදානමක් මතු කරයි, නමුත් මෙම අවදානම රුසියානු මිලිටරි ප්‍රගතියේ අවදානමට එරෙහිව “තුලිත” කල යුතුය.

එක්සත් ජනපද උපායික න්‍යෂ්ටික අවි යුක්‍රේනයේ ස්ථානගත කිරීම දැනටමත් ඇමරිකානු චින්තන ටැංකියක් විසින් සෘජුවම මතුකර ඇත. එපමනක් නොව, ගැටුමේ දී න්‍යෂ්ටික අවි යෙදවීම සහ භාවිතා කිරීමේ හැකියාව විල්නියස් හි එළඹෙන සමුලුවේ දී න්‍යාය පත්‍රයේ ඇති බවට සැකයක් නැත.

එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වීම පිලිබඳව කරන සෑම නිල ප්‍රකාශයක්ම යුක්ති සහගත කරන්නේ, එය  මිලිටරි ප්‍රචණ්ඩත්වය තුලින් නැවත වරක් රටක් – මෙවර යුක්‍රේනය – “ගලවා ගන්නේය” යන පදනම මත ය. එය ටයි. එහෙත් යුක්රේනයට පොකුරු බෝම්බ සහ ක්ෂය වූ යුරේනියම් ආයුධ යැවීමේදී එක්සත් ජනපදය පැහැදිලි කර ඇත්තේ, මෙය රුසියාව සහ චීනය සමග “මහා බල තරගයේ” දී තම අරමුන හඹා යාමේ හිස් කඩතුරාවක් මිස අන් කිසිවක් නොවන බවයි.

රුසියාව යුක්රේනයේ පොකුරු බෝම්බ භාවිතා කරන බවට   චෝදනා කිරීමේදී එය  හෙළා දැකීමට එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් භාවිතා කරන ලද වචනම දැන් මෙම ආයුධය යුක්රේනයට යැවීමට එක්සත් ජනපදය ගත් තීරණයට සම්පූර්ණයෙන්ම අදාළ වේ.

2022 පෙබරවාරියේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද නියෝජිත ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ්, “ජිනීවා සම්මුතිය යටතේ තහනම් කර ඇති” සහ “යුධ පිටියේ තැනක් නැති.” “පොකුරු බෝම්බ” රුසියාව යුක්රේනයේ භාවිතා කරන බවට චෝදනා කළාය.

2022 මාර්තු මාසයේදී නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ, “පොකුරු බෝම්බ භාවිතා කිරීම අපි දුටුවෙමු… එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වනු ඇත.” ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ පිළිබඳව හොඳින් සොයා බලන බවට අපි සහතික කරගත යුතුයි.”

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ සහ නේටෝවේ රුසියානු ක්‍රියාවන් පිලිබඳ මෙම හෙලාදැකීම් සියල්ලම යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම තීව්‍ර කිරීම සඳහා හුදෙක් කුහක කඩතුරාවන් වීය.

යුක්රේනයට පොකුරු බෝම්බ යැවීමට එක්සත් ජනපදය ගත් තීරණය, ‘එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පූර්වගාමී සතුරුකම’ හෙළා දකින, ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන් ඇතුළු යුක්‍රේනයේ යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීමේ ව්‍යාජ වාම ආරක්ෂකයින් සියල්ලන්ම, එක්සත් ජනපද හමුදාවේ යුද අපරාධ වල නිර්ලජ්ජිත ක්ෂමාලාපකයින් ලෙස හෙලිදරව් කරයි. 

ඇත්ත වශයෙන්ම, යුක්රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලබන  යුද්ධය, යුක්රේනියානුවන්  එහි හුදෙක්  කාලතුවක්කු-බොජුන්  (උණ්ඩ) බවට පත්  වන, ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය සඳහා වන යුද්ධයකි. මෙය මුලුමනින්ම එක්සත් ජනපදය විසින් පසුගිය අර්ධ ශතවර්ෂය තුල දියත් කරන ලද සාපරාධී ආක්‍රමණික යුද්ධ මාලාවටම අනුකූල වේ.

වියට්නාම් යුද්ධය අතරතුර, එක්සත් ජනපදය කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමයට පොකුරු බෝම්බ ටොන් 413,130 ක් පමණ හෙළා ඇත.මෙම බොහෝ සබ්මියුනිෂන්ස් (කුඩා බෝම්බ- submunitions ) බිම වැටී පුපුරා යාමට අපොහොසත් වී යුද්ධය අවසන් වීමෙන් දශක ගණනාවකට පසු ගණන් කළ නොහැකි තුවාල හා මරණවලට තුඩු දුන් දෙමින්  සිවිල් ජනගහනයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි.

2003 දී එක්සත් ජනපදය ප්‍රමුඛව ඉරාකය ආක්‍රමණය කරන අතරතුර, එක්සත් ජනපදය, සිවිල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් ” වගවිභාගයක් නැති ප්‍රහාරයක් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස හැඳින්වූ   පොකුරු බෝම්බ, නිතිපතා භාවිතා කළේය.

ඉරාකයේ, පොකුරු බෝම්බවල විනාශය ක්ෂය වූ යුරේනියම් බෝම්බ භාවිතය මගින් උද්දීපනය කරන ලද අතර, එක් අධ්‍යයනයකට අනුව, ෆලූජාහි වැසියන්ට පිළිකා, ලියුකේමියාව, ළදරු මරණ සහ ලිංගික විකෘති කිරීම් , 1945 දී හිරෝෂිමා සහ නාගසාකි  ජපන් නගර එක්සත් ජනපද පරමාණු බෝම්බ මගින් පුළුස්සා දැමීමෙන් පසු වසර වලදී   දිවි ගලවා ගත් අය අතර වාර්තා වූවාට වඩා ඉහළ අනුපාත අත්විඳීමට හේතු වී ඇත. 

2001 ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය අතරතුර, පොකුරු බෝම්බ මගින් සිවිල් වැසියන් සිය ගණනක් මිය ගොස් තුවාල ලැබූ අතර, මාරාන්තික පුපුරා නොගිය බෝම්බ ගම්බද ප්‍රදේශ පුරා විහිදුනි. යේමන ගැටුමේදී සෞදි ප්‍රමුඛ හමුදාවන්ට සහය දැක්වීම හරහා පොකුරු බෝම්බ භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සම්බන්ධ වී ඇත.

පොකුරු බෝම්බ භාවිතය, මාරු කිරීම සහ ගබඩා කිරීම තහනම් කරන පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතිය (Convention on Cluster Munitions-CCM) රටවල් 110කට අධික ප්‍රමාණයක් අනුමත කර ඇත. වෙනත් කිසිම රටකට වඩා පොකුරු බෝම්බවලින් මිනිසුන් මරා දැමූ එක්සත් ජනපදය එය අත්සන් කර නැත.

එක්සත් ජාතීන්ගේ 2008 වාර්තාවක් එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් ඒවා භාවිතා කිරීමෙන් ජනගහනය මත පොකුරු බෝම්බ ඇති කරන විනාශකාරී බලපෑම පැහැදිලි කරයි:

ලාඕසයේ සහ වියට්නාමයේ පොකුරු බෝම්බ භාවිතා කර දශක තුනකට වැඩි කාලයක් ගත වූ පසුවද , ඒවා අඛණ්ඩව මරණය හා තුවාල ඇති කරයි, සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික කටයුතු කඩාකප්පල් කරයි, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා කරයි. කොසෝවෝ සහ ලෙබනනයේ ක්‍රියාවට නංවා ඇති ඒවා වැනි වේගවත් මහා පරිමාණ නිෂ්කාශන ප්‍රයත්නයන්ට පවා පොකුරු බෝම්බ දූෂණයෙන්  බලපෑමක් ඇති වීම වැළැක්විය නොහැක. කොසෝවෝ හි, පොකුරු බෝම්බ වලින් සිවිල් වැසියන්ට හානි සිදු වීම තවමත් වාර්තා වෙමින් පවතින අතර, ලෙබනනයේ, 2006 ගැටුමෙන් පසු වහාම නිෂ්කාශනය ආරම්භ වුවද, ඔවුන් තම නිවෙස්වලට සහ ජීවනෝපායන් වෙත ආපසු යන විට ජනගහනය අතර සිදුවන අනතුරු වළක්වා ගත නොහැකි විය.

වාර්තාව තවදුරටත් මෙසේ කියයි.

සබ්මියුනිෂන්ස් සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූවන් (IDP) ආරක්ෂිතව ආපසු පැමිණීම වැලැක්වීම  හෝ බාධාවක් වන අතර මානුෂීය, සාමය ගොඩනැගීමේ සහ සංවර්ධන ප්‍රයත්නයන්ට බාධා කළ හැකිය. පුපුරා නොගිය පොකුරු බෝම්බ මානුෂීය ආධාර සේවකයින්ට සහ සාම සාධක භටයින්ට භෞතික තර්ජනයක් ද එල්ල කරයි.

ධවල මන්දිරය කියා සිටින්නේ මෙම පියවර ගැන ඉතා සැලකිල්ලෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. පොකුරු බෝම්බවල මෙම දන්නා ප්‍රතිවිපාක පිළිබඳව තීරණ ගන්නන් සම්පූර්ණයෙන් දැනුවත් කලද  ඒවා නොසලකා ඉදිරියට ගෙන ගොස් ඇත.

එම  ආයුධ යැවීමට බයිඩන් ගත් තීරණය ගැන වාර්තා කරමින්, නිව් යෝර්ක් ටයිම්ස් ලිවීය, “ බයිඩන් මහතා  යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි ගේ  ස්ථාවර පීඩනයකට ලක්ව ඇත,  ඔහු ( සෙලෙන්ස්කි) තර්ක කරන්නේ  – කුඩා, මාරාන්තික බෝම්බ විසුරුවා හරින – මෙම අවි, යුක්රේනයේ ප්‍රතිප්‍රහාරය අවහිර කිරීමින්  භූමිය නැවත අත්පත් කර ගැනීම වළක්වමින්  යුද අගල් තුල සිටිනා රුසියානුවන් මරා දැමීමට සඳහා හොඳම ක්‍රමය බවයි.

යුක්රේන දරුවන් පරම්පරා ගනනාවකට ආබාධිත කරන ආයුධ යැවීමේ තීරණය ප්‍රවර්ධනය කිරීමේදී සෙලෙන්ස්කිගේ භූමිකාව, යුක්‍රේන ජනගහනය මත නේටෝ බලවතුන්ගේ කැමැත්ත බලාත්මක කිරීමේ මෙවලමක් ලෙස සේවය කරන ඔහුගේ ආන්ඩුවේ භූමිකාව සාරාංශ කරයි.

එක්සත් ජනපදයේ මෙම නවතම උත්සන්න කිරීම අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය. කියෙව්හි එහි ප්‍රොක්සි බලකායට තවදුරටත් මිලිටරි පසුබෑම් වැලැක්වීමට සහ රුසියාවට මූලෝපායික පරාජයක් ලබා දීමේ මිලිටරි අරමුනු සාක්ෂාත් කර ගැනීමට වොෂින්ටනය කිසිවකින් නතර නොවනු  ඇත. ක්ෂය වූ යුරේනියම් උණ්ඩ සහ පොකුරු බෝම්බ යෙදවීම යුක්ති සහගත කරන එම මිනීමරු තර්කයම, නේටෝව යුද්ධයට සෘජුවම ඇතුල් වීමේ සිට න්‍යෂ්ටික අවි යෙදවීම සහ භාවිතය දක්වා වන , ඊටත් වඩා විශාල හා නොසැලකිලිමත් අපරාධ යුක්ති සහගත කිරීමට භාවිතා කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top