යුක්රේනය එක්සත් රාජධානිය සැපයූ පළමු දිගු දුර මිසයිල  මගින් රුසියාව-සතු භූමියට පහර දෙයි

රොබට් ස්ටීවන්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 14 දින Ukraine fires first UK-supplied long-range missiles into Russian-held territory. යන සිරසින් යුතුව පලවූ ටොම් පීටර්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

බ්‍රිතාන්‍යය විසින් සපයන ලද දිගු දුර ගුවනින් දියත්  කරන ස්ටෝර්ම් ෂැඩෝ කෲස් මිසයිල නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් නගරයේ කාර්මික ස්ථාන දෙකකට පහර දුන් බව රුසියාව සෙනසුරාදා තහවුරු කළේය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සිකුරාදා මිසයිල මගින් පොලිමර් නිපදවන කම්හලකට සහ මස් සැකසුම් කම්හලකට පහර දුන් බවයි.

 “දේශීය මාධ්‍ය” උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් ඇතුළු අනෙකුත් මූලාශ්‍ර, ප්‍රහාරය, “රුසියානු සැපයුම් ගබඩාවකට සහ යුද පෙරමුණට සැතපුම් 80ක් පිටුපසින් පිහිටි හමුදා අණදෙන මධ්‍යස්ථානයකට පහර දුන්” බව පැවසීය.

Image

ටෙලිග්‍රාෆ් වාර්තා කළේ යුක්රේනියානුවන් විසින්, භාවිතා කරන  බවට කලින් දැන නොසිටි, අවම වශයෙන් තවත් එක් මිසයිල පද්ධතියක් දැන් ක්‍රියාත්මක වන බවයි.  ” පුපුරණ ද්‍රව්‍ය රැගෙන නොයන නමුත් ආරක්ෂක පද්ධතිවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරන,  අවම වශයෙන් එක් එක්සත් ජනපද මොල්ඩ් නම් වූ ‘රවටන’ (US MALD decoy missile) මිසයිලයක් හෝ ප්‍රහාර වලදී භාවිතාකොට ඇති බව විශ්ලේෂකයෝ පැවසූහ.”

පසුගිය බ්‍රහස්පතින්දා, බ්‍රිතාන්‍යය දිගු දුර මිසයිල නැව්ගත කිරීමට අවසර දීමට සූදානම් බව මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව, ආරක්ෂක ලේකම් බෙන් වොලස් මන්ත්‍රීවරුන්ට පැවසුවේ, “මට කිව හැක්කේ, තාක්‍ෂණිකව බාධක ඉවත් කිරීමෙන් පසුව සහ සියලු දෙනා බලාපොරොත්තුවන ප්‍රතිප්‍රහාරයක් පිළිබඳ කතා කරන බැවින්, යුක්රේනයට මේවා තෑගි කිරීමට දැන් සුදුසුම කාලයයි, ඒවා දැන් රට තුළට යමින් හෝ එහි  තුළ ඇත.” යන්නයි.  වොලස් සඳහන් කළ තාක්ෂණික ගැටලුව වූයේ-එහි විශාලත්වය සහ බර අනුව- ස්ටෝර්ම් ෂැඩෝ  අවිය රැගෙන යාමට සැලසුම් නොකළ යුක්රේන යුද ගුවන් යානාවලට මෙම අවිය  සවිකළ හැක්කේ කෙසේද යන්නයි.

වොලස් විසින් යවන ලද දිගු දුර මිසයිල සංඛ්‍යාව හෙළි නොකළ නමුත් බ්‍රිතාන්‍ය සතුව 700 ත් 1000 ත් අතර තොගයක් ඇති බවට වටහා  ගැනේ.

ආරක්ෂක ලේකම්වරයා ඔහුගේම කොන්සර්වේටිව් ආසන වල සහ කම්කරු විපක්ෂ ආසන වල  සිටි මන්ත්‍රීවරුන්ගේ, යුක්‍රේනයට යවන මිලිටරි සැපයුම් තර කළ යුතු යයි බල කරන, මැදිහත්වීම්  පිලි ගත්තේය.

කම්කරු පක්ෂයේ ඡායා (Shadow ) ආරක්ෂක ලේකම් ජෝන් හීලි ප්‍රකාශ කළේ, “යුක්රේනය සඳහා එක්සත් රාජධානියේ ගම්‍යතාවය පවත්වා ගෙන යාමට සහ වේගවත් කිරීමට අපට අවශ්‍යය”යි  යනුවෙනි. වොලස් පිළිතුරු දුන්නේ එක්සත් රාජධානියේ චැලෙන්ජර් යුධ ටැංකි දැන් යුක්රේනයේ ඇති බවයි. “අපගේ සියලුම යුධ ටැංකි මෙන්ම අපගේ ස්පාටන් රථ  ( පරිවර්තක :- බ්‍රිතාන්‍ය හමුදාවේ සන්නද්ධ රථ වර්ගයක් ) සහ සන්නද්ධ වාහන බොහොමයක් රට තුළට ගොස් ඇති බව මම දනිමි.”

මිසයිල සැපයීම ගණන් කළ නොහැකි තරම් වූ ප්‍රතිවිපාක ඇති කිරීමට තර්ජනය කරයි. රුසියාව යටතේ පවතින, එහි  කළු මුහුදේ නාවුක බලඇණිය පදනම්ව ඇති ක්‍රිමියාවට පහර දීමට යුක්රේනයට දැන් හැකියාව ඇත. මිසයිලයේ පරාසය නිල වශයෙන් කිලෝමීටර් 250 (සැතපුම් 155) ඉක්මවන නමුත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු අනෙකුත් ඇස්තමේන්තු අනුව එය සැතපුම් 250 හෝ සමහරවිට සැතපුම්  350 ක උපරිම පරාසයක් වුව  තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කර තිබේ.

යුක්රේන නායක වොලොඩිමීර් සෙලෙන්ස්කි පැවසුවේ තමා අගමැති රිෂි සුනක් සමඟ කතා කළ බවත්, “දිගු දුර ෂැඩෝ ස්ටෝර්ම් මිසයිල සහ වෙනත් සම කළ නොහැකි මිලිටරි ආධාර සමඟ අපගේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ගැන” ඔහුට ස්තූතිවන්ත වන බවයි. “ඉදිරි ජාත්‍යන්තර සිදුවීම් ආසන්නයේ දී අපි වැඩිදුර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරි එළඹීමට නියමිත ජාත්‍යන්තර අවස්ථාවන්හිදී අපගේ ස්ථාවරයන් සම්බන්ධීකරණය කළෙමු. විශේෂයෙන්ම, නේටෝව සමඟ යුක්රේනයේ අනාගතය පිළිබඳව අපට පැහැදිලි සංඥා අවශ්‍යයි.”

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්,පළමු  ස්ටෝර්ම් ෂැඩෝ පහර දීමට පැය කිහිපයකට පෙර ප්‍රකෝපකාරී ලෙස ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ( පරිවර්තක : – Storm Shadow යන වචන භාවිතා කරමින්), “කාලගුණ අනාවැකිය එක්සත් රාජධානියේ සිට යුක්‍රේනය දෙසට ගමන් කරන සුළි කුණාටුවක් පුරෝකථනය කරයි, එය කුණාටු ගෙන එයි. අපගේ නිදහසේ හිරු එළිය බිඳී අපගේ ජයග්‍රහණයට ආලෝකය ලබා දෙන්නේ කුණාටුවෙහි සෙවනැල්ල හරහා ය. ”

රුසියාවේ විදේශ අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කරමින් ප්‍රතිචාර දැක්වූයේ, “තවදුරටත් යුක්‍රේනයට ආයුධ පොම්ප කිරීම එල්ල කර ගත් මෙම තීරණය, ලන්ඩනය ගත් අතිශයින්ම සතුරු පියවරක් ලෙස අපි දකිමු. එහි ප්‍රතිඵලය තත්වය බරපතල ලෙස තීව්‍ර කිරීම කරා ගෙන යාමයියි.” ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, “එය අපගේ හමුදාවෙන් සුදුසු ප්‍රතිචාරයක් ඉල්ලා සිටිනු ඇති අතර, ඔවුන් අනිවාර්යයෙන්ම හමුදාමය වශයෙන් අවශ්‍ය තීරණ ගනු ඇත” යනුවෙන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම ප්‍රවෘත්තියට “සම්පූර්ණයෙන්ම සෘණාත්මකව” ප්‍රතිචාර දක්වා ඇති බවය.

සමහර විචාරකයින් සහ මාධ්‍ය ආයතන යුක්‍රේනයට ස්ටෝර්ම් ෂැඩෝ මිසයිල යැවීම පිලිබදව ප්‍රතිචාර දක්වමින් තර්ක කරනු ලැබුවේ එක්සත් ජනපදය එහි වඩා බලවත් සහ නවීන දිගු දුර ATACMS මිසයිල යවමින් එය අනුගමනය නොකරනු ඇති බවයි. 

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත, “ATACMS වැනි උපායාත්මක (tactical) පද්ධති සැපයීමේදී එක්සත් ජනපදය පසුබට වී ඇත” යනුවෙන් මොස්කව්හි එක්සත් රාජධානියේ මෑතකාලීනව ආරක්ෂක දූත සේ  අනුයුක්තව සිටින ජෝන් ෆෝමන් උපුටා දක්වමින් ලිවීය.ඔහු පැවසූවේ “එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ස්ටෝර්ම් ෂැඩෝ  යැවීම ගැන විස්තීර්ණ සාකච්ඡා පවත්වා ඇතත්, වොෂින්ටනය තමන්ගේම දිගු දුර මිසයිල යවන බවට තවම කිසිදු ඇඟවීමක් සිදු කර නොමැත… එක්සත් ජනපදය එසේ සූදානම් වූයේ නම්, එම නිවේදන අපේක්ෂාවෙන් එය සිය පණිවිඩ වෙනස් කරනු ඇත. .” සේය.

“යුක්රේනයට ස්ටෝර්ම් ෂැඩෝ මිසයිල සැපයීම, සටනේ ස්වභාවය පරිවර්තනය කරනු ඇත” යන සිරස්තලය සහිත තීරු ලිපියක ජේම්ස්ගේ ප්‍රකාශයක් ටෙලිග්‍රාෆ් පල කළේය. ඔහු මෙසේ ලිවීය, “බ්‍රිතාන්‍යයය  නැවත වරක් නායකත්වය ගෙන ඇත. අපි සටන් වැදී සිටින යුක්රේනියානුවන්ට අපි  පාරට්ටු කරන ස්ටෝම් ෂැඩෝ මිසයිලය සපයන්නෙමු, ඔවුන්ට මේ වන තෙක් සපයා ඇති දීර්ඝ-දුරතම ආයුධය වේ. ඇත්ත වශයෙන්ම, එය ක්‍රීඩාව (ප්‍රතිඵල/ස්වභාවය) වෙනස් කරන මොහොතකි. ”

“වෙනත් ඕනෑම සබ්සොනික් (ශබ්දයේ වේගයට අඩු) ජෙට් ගුවන් යානයක් මෙන්… සාමාන්‍ය ගුවන් ආරක්ෂක පද්ධතියක් මගින් වෙඩි තබා බිම දැමිය හැකි” සෑහෙන්න පරණ මිසයිල පද්ධතියක් සැපයීමේ ප්‍රධාන අරමුන ගැන ඔහු තවදුරටත් කියා සිටියේ, “කාරණය නම්, යමෙකු දැන් යුක්රේනියානුවන්ට සැතපුම් 186 ක නාමික පරාසයක් සහිත ප්‍රහාරක ආයුධයක් ලබා දී ඇති අතර, අනෙකුත් බටහිර ජාතීන්ට එය අනුගමනය කිරීමට පීඩනයක් ඇති කරන අතර එම කාර්යය ඔවුන්ට දේශපාලනිකව සහ රාජ්‍ය තාන්ත්‍රිකව වඩාත් පහසු කරයි.

“යුක්රේනියානුවන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ සහ බොහෝ වාරයක් පවසා ඇත්තේ එක්සත් ජනපදය විසින් නිෂ්පාදිත හමුදා උපායික මිසයිල පද්ධතියයි (Army Tactical Missile System- ATACMS). ඔවුන් සතුව දැනටමත් ඇමෙරිකානු GMLRS ( Guided Multiple Launch Rocket System) මිසයිල සහ ඒවා වෙඩි තැබීමට හිමාර්ස් (Himars) වාහන ඇති අතර, ඒවා සැතපුම් 60ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකිය. විකල්ප ලෙස යුක්රේනියානුවන්ට ඔවුන්ගේ නව බිම් SDB  සැතපුම් 90 දක්වා වෙඩි තැබිය හැකිය. නමුත් හිමාර්ස්  වාහනයට සැතපුම් 190 දක්වා ළඟා විය හැකි ATACMS ද වෙඩි තැබිය හැකිය.

ජේම්ස් තවදුරටත් පැවසුවේ, “එක්සත් ජනපදයට තමන්ගේම ආයුධ කිසිවක් ලබා දීමට අවශ්‍ය නො වනු ද විය හැක: ඊට, නිකම්ම, අන් අයට ඔවුන්ගේ ආයුධ යැවීමට නිදහස ඇති බව දැන ගැනීමට සැලැස්වි හැකිය. ATACMS දැනටමත් පෝලන්තයේ සහ රුමේනියාවේ අවි ගබඩාවල ඇත. එස්තෝනියාව, ලිතුවේනියාව සහ තායිවානය ඇතුළු අනෙකුත් රටවල් ඇනවුම් කර හමාරය. (තායිවානය දැනටමත් එක්සත් ජනපදයෙන් ඇණවුම් කළ බිමින් දියත් කරන කුඩා විෂ්කම්භයකින් යුත් බෝම්බ ( SDB) යුක්රේනයට හරවා යැවීමට අවසර දී ඇත.)

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් වොලස් අවධාරණය කළේ, ” ස්ටෝර්ම් ෂැඩෝ  භාවිතා කිරීම, පරිත්‍යාග කිරීම හෝ තෑගි දීම පිළිබඳව සැලකූ කල, එක්සත් රාජධානිය එසේ කිරීමට ගත් තීරණයට එක්සත් ජනපදය ඇදහිය නොහැකි තරම් සහායක්ක් ලබා දී ඇත”  සේය.

යුද්ධයේ සෑම අදියරකදීම නේටෝව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින්ම සහ නේටෝ නිලධාරීන් විසින් කලින් ලබා නොදෙන්නේ යැයි පවසන ලද ආයුධ සැපයීම සමඟ ගැටුම උත්සන්න කර ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කළේ, “ ජනවාරි මාසයේදී චැලෙන්ජර් 2 යුධ ටැංකි යැවීමට එක්සත් රාජධානිය ගත් පියවර”,  “තමන්ගේම ප්‍රධාන යුද ටැංකි වන ලෙපර්ඩ් 2 සහ M1 ඒබ්‍රහම් යැවීම සඳහා  ජර්මානු-එක්සත් ජනපද ගිවිසුමක් මගින් අනුගමනය කිරීමට සැපයු පූර්වාදර්ශයක් විය.”

රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේදී, මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහතික කිරීම සඳහා සපයනු ලබන දේ පිළිබඳ සීමාවක් නොමැත.

වොලස්ට ප්‍රතිචාර වශයෙන්, ටෝරි මන්ත්‍රී මාර්ක් ප්‍රංශුවා පැවසුවේ, “යුක්‍රේනියානුවන්ට ආම්පන්න සැපයීමේදී අපි බටහිර යුරෝපයට නායකත්වය දී ඇත්තෙමු… නමුත් අප සතුව ට්‍රාන්ච් 1 ටයිෆූන් ( යුද ගුවන් යානා) බලඝණයක්  හැන්ගරයේ (නවතා)  නිකම්ම  තිබියදීත්,    මෑතකදී වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී  (පාර්ලිමේන්තුව) ජනාධිපති සෙලෙන්ස්කි ඉතා ප්‍රසිද්ධියේ අපට එසේ කරන ලෙස ඉල්ලා සිටිද්දීත්,  අපි තවමත් ජෙට් යානා යවා නැත..”

යුක්‍රේනයේ ගුවන් හැකියාව මොස්කව්ට එරෙහිව නොගැලපීමක් ඇති බව ප්‍රංශුවා පැවසුවේය: “එබැවින් අප කරන්නේ කුමක්දැයි මට ඔහුගෙන් සුවිශේෂව විමසිය හැකිද , මුලින්ම ජෙට් යානා යැවීමට සහ දෙවනුව MiG-29, F-16 හෝ A-10 යුක්‍රේනයට යැවීමට අනෙකුත් බටහිර සහචරයින් දිරිමත් කිරීමට? ගුවන් සහාය නොමැතිකම නිසා ප්‍රති-ප්‍රහාරයේ ගම්‍යතාව (වේග-බලය) අඩු වුවහොත් සැබවින්ම  එය ඛේදවාචකයක් වනු ඇත.”

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රී හා එහි ආරක්ෂක තේරීම් කමිටුවේ සභාපතිවරයා වන ටෝබියාස් එල්වුඩ්  ප්‍රකාශ කළේ, “සිදුවීමට ඉඩ ඇති ප්‍රතිප්‍රහාරය ගැන විශාල අපේක්ෂාවක් ඇත, නමුත් පණිවිඩයක් ද තිබේ. මම බලාපොරොත්තු වන පරිදි රාජ්‍ය ලේකම් [වොලස්] එකඟ වනුදද ඇත්තේ, එය සිදු කිරීමට දෙවන, තුන්වන හෝ හතරවන ප්‍රති-ප්‍රහාරදද අවශ්‍ය විය හැකි බවයි. යුක්රේනියානුවන් ඉදිරියට යාමට තීරණය කළ විට මෙය සරලව අවසන් වන්නේ නැත. රුසියාව අවලස්සන වනු (වඩාත් දරුනු වනු) ඇතැයි අප අපේක්ෂා කළ යුතු අතර ඊට ප්‍රතිචාර වශයෙන් සාම්ප්‍රදායික නොවන පද්ධති භාවිතා කරනු ඇත.”  ඔහු  ඇසුවේ, “ඇමරිකානුවන් යුධ උපායික මිසයිල පද්ධතිය වන ATACMS සමගින් ඒ සඳහා ගැලපීමට ක්‍රියා කරයිද? ජෙට් යානා ද තෑගි කරන ලෙස ඉල්ලීමක් තවමත්  තිබේ.”

ලේබර් පක්ෂය , පාලක පන්තියට සහ එක්සත් ජනපදයට – 2024 මහ මැතිවරනයකට පෙරාතුව- එය “නේටෝවේ පක්ෂය” බව සහතික කරමින්, ටෝරි සහ ලේබර් තනි යුද්ධයේ පක්ෂයක් සංයුක්ත කරයි. “යුක්රේනයට මිලිටරි ආධාර සැපයීමේදී සහ නේටෝ මිත්‍ර පාක්ෂිකයින් ශක්තිමත් කිරීමේදී කම්කරු පක්ෂයේ පුර්ණ සහයෝගය ආන්ඩුවට ලැබී ඇති බව සහ දිගටම පවතිනු ඇති බව ආරක්ෂක ලේකම්වරයා දනී” යනුවෙන් ෂැඩෝ ආරක්ෂක ඇමති හීලි ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top