හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට පෙර ජපන් සහ දකුණු කොරියානු නායකයෝ හමුවෙති

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 08 දින Japanese, South Korean leaders meet ahead of G7 summit in Hiroshima යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ඉරිදා සෝල් නුවරදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් හමුවිය.  එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන චීනය සමඟ යුද්ධය ගොඩනැගීමේ කොටසක් ලෙස නායකයින් දෙදෙනා සහයෝගීතාව වර්ධනය කර ගනිමින් සිටී. කිෂිඩාගේ දෙදින සංචාරය ටෝකියෝවේ දී යූන් හමුවීමෙන් මාස දෙකකටත් අඩු කාලයකට පසුව සිදු වූ අතර වසර 12 කට පසු ජපාන අගමැතිවරයෙකු විසින් දකුණු කොරියාවට ගිය පළමු ද්විපාර්ශ්වික සංචාරය වේ.

Image
අගමැති ෆුමියෝ කිෂිඩා (වමේ) 2023 මැයි 7 ඉරිදා සෝල්හිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් සමඟ අතට අත දෙයි. [AP Photo/Jung Yeon-je]

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොකරන අතරම, නායකයන් දෙදෙනා උතුරු කොරියාව “දකුණු කොරියාවේ සහ ජපානයේ පමණක් නොව සමස්ත ලෝකෙය්ම සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක්” ලෙස හෙලා දකිමින් සමීප මිලිටරි සහයෝගීතාව සාධාරණීකරණය කිරීමට අවස්ථාව යොදා ගත්හ. චීනය සහ රුසියාව ගැන සඳහනක් කරමින් කිෂිඩා කියා සිටියේ, “අප වටා ඇති ජාත්‍යන්තර තත්ත්වය මත ජපානය සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව වඩ වඩාත් අත්‍යවශ්‍ය කරයි” යනුවෙනි.

පිටට පෙන්වන ඉලක්කය උතුරු කොරියාව වූවද, ටෝකියෝ සහ සෝල් , චීනය සමඟ යුද්ධය සූදානම් සූදානම් කිරීම සඳහා එක්සත් ජනපදය සමග එකමුතුව ක්‍රියා කරයි. යූන් ඉරිදා ප්‍රකාශ කළේ, “ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ සමෘද්ධිය සඳහා පදනමක් ලෙස සේවය කර ඇති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්ව ඇති තත්වයක් තුළ, විශ්වීය වටිනාකම් බෙදාහදා ගන්නා දකුණු කොරියාවට සහ ජපානයට ශක්තිමත් සහයෝගීතාවයකින් යූතුව කටයුතු කිරීමට සිදුවනු ඇති.” බවයි.

දකුනු කොරියාව සහ ජපානය “විශ්වීය වටිනාකම්” බෙදාහදා ගන්නා බවට වන ප්‍රකාශය, “ජාත්‍යන්තර පර්යාය” උඩු යටිකුරු කරන බවට නිතිපතා චෝදනාවට ලක් කරනු ලබන චීනය හා රුසියාව සමග ආසියා-පැසිෆික් කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද සන්ධාන, පරස්පර (contrast-විසංසන්දනය) කිරීමට අදහස් කරයි. යථාර්ථයේ දී, එක්සත් ජනපදය, එහි සහචරයින්ගේ පිටුබලය ඇතිව, විශේෂයෙන් ම තායිවානය සම්බන්ධයෙන්, “එක් චීනයක්” ප්‍රතිපත්තියට අභියෝග කරමින් සහ එම දිවයින යුද්ධ අවදානමට ලක් කරමින්, බීජිනය සමඟ කලාපයේ ආතතීන් තියුනු ලෙස ඉහළ නංවා ඇත.

කිෂිඩා, සෝල් වෙත “වැඩ-සංචාරය” සිදු කරනු ලබන්නේ, මැයි 19 සිට 21 දක්වා, හිරෝෂිමා හි පැවැත්වීමට නියමිතව ඇති G7 සමුලුවටට ආසන්නයේදීය. මෙම සමුළුවේ දී, ජපානය, යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නේටෝ යුද්ධයට දැඩි අවධාරනයක් තබමින් සහ චීනය සමග ගැටුම අවුලුවාලීමට සැලසුම් කරමින් සිටී .   ජපානය දකුනු කොරියාවට ආරාධනා කිරීමත් සමග, කිෂිඩා-යූන් සමුළුවේ ඉලක්කය, පාර්ශ්වීය ව, ඉදිරියේදී පැවැත්වෙන තුන්දින රැස්වීමේදී දෙදෙනාම එකම මතයක පිහිටා සිටීම සහතික කිරීම බවට සැකයක් නැත.

G7 සාමාජිකයින්ට සහ දකුණු කොරියාවට අමතරව, අනෙකුත් ආරාධිත සහභාගිවන්නන් අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, වියට්නාමය සහ ඉන්දුනීසියාව ඇතුළත් වේ.  ඕස්ට්‍රේලියාව, විශේෂයෙන්, චතුරස්‍ර ආරක්ෂක සංවාදයේ (QUAD-එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සහ ඔ්කස් ගිවිසුම (AUKUS- ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) යන දෙකෙහිම සාමාජික රටක් වන අතර වඩාත් ආක්‍රමණශීලී ලෙස චීනය සමඟ ආතතීන් අවුලුවා ගෙන ඇත.

තවද, මෙම යුද ප්‍රයත්නවල කොටසක් ලෙස ටෝකියෝ සහ සෝල් සබඳතා වැඩිදියුණු කර ගනිමින් සිටී. දකුණු කොරියාවේ, ටර්මිනල් හයි ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස් බැටරියක් (Terminal High Altitude Area Defense battery  -THAAD) සහ ජපානයේ රේඩාර් පද්ධති ඇතුළත් කලාපය තුළ එහි බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය ඉදිකිරීමේදී විශේෂයෙන්ම ටෝකියෝ සහ සෝල් අතර සහයෝගීතාවය තීරණාත්මක සේ එක්සත් ජනපදය සලකයි.

කෙසේ වෙතත්, මෑත වසරවලදී, වෙළඳ ආරවුල් සහ 1910 සිට 1945 දක්වා කොරියාව පාලනය කළ ජපන් යටත් විජිත රජය යටතේ බලහත්කාරයෙන් ශ්‍රමයට ගොදුරු වූ කොරියානුවන් සම්බන්ධ අධිකරණ නඩුවක් හේතුවෙන් ජපන් සහ දකුණු කොරියානු සබඳතා පීඩනයට බඳුන්ව තිබුනි. 2018 දී දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය මිට්සුබිෂි බැර කර්මාන්ත (Mitsubishi Heavy Industries) සහ නිපෝන් වානේ ( Nippon Steel) යන ජපන් සමාගම් වලට නියෝග කළේ  විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසයි.  

ටෝකියෝවෙන් හෝ සමාගම්වලින් කිසිදු සම්බන්ධයකින් තොරව බලහත්කාර ශ්‍රම වින්දිතයින්ට ගෘහස්ථ අරමුදලකින් වන්දි ගෙවන බව ඔහුගේ ආන්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ යූන් මාර්තු මාසයේදී ද්විපාර්ශ්වික සබඳතා වඩා යහපත් වීමට මග පෑදීය. එම මාසයේ ටෝකියෝ නුවරදී කිෂිඩාව මුණගැසුණු යූන් පසුව හමුදා තොරතුරු පිළිබඳ සාමාන්‍ය ආරක්ෂා ගිවිසුම (GSOMIA) ලෙස හඳුන්වන බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ගිවිසුමක් “සාමාන්‍යකරණය” කිරීමට එකඟ විය. වොෂින්ටනයට සමගාමීව, ටෝකියෝ සහ සෝල් ද නිතිපතා ත්‍රෛපාර්ශ්වික මිසයිල සහ සබ්මැරීන් නාශක අභ්‍යාස පැවැත්වීමට එකඟ වී ඇත.

යූන්ගේ වොෂින්ටන් සංචාරය සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ ඔහුගේ සමුළුව ගැන ද, යූන් සහ කිෂිඩා සාකච්ඡා කළහ. ද්විපාර්ශ්වික න්‍යෂ්ටික උපදේශක කණ්ඩායම (NCG) ස්ථාපිත කරමින්, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා දකුනු කොරියාව අතර සහයෝගීතාවය සහ සැලසුම් වැඩි කරන ඊනියා “වොෂින්ටන් ප්‍රකාශනය” ජනාධිපතිවරුන් දෙදෙනා අප්‍රේල් 26දා නිවේදනය කළහ. සන්ධානය තුළ න්‍යෂ්ටික අවි සම්බන්ධ ගැටළු සඳහා වන ප්‍රමුඛ ආයතනය වන නේටෝවේ න්‍යෂ්ටික සැලසුම් සමූහයට අනුව NCG ආකෘතිය සකස් කර ඇත.

අනාගතයේදී ජපානය කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටළුවක් ඇති නොවන බව යූන් කලින් ප්‍රකාශ කර තිබුණි.  ඔහු ටෝකියෝවේ සහභාගීත්වය ප්‍රතික්ෂේප නොකරන බව පවසමින් ඔහු ඉරිදා මෙම ප්‍රකාශය නැවත අවධාරණය කළේය.  යූන් ප්‍රකාශ කළේ, “වොෂින්ටන් ප්‍රකාශය අවසන් කර නොමැති අතර ඒකාබද්ධ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තර පිරවීම සඳහා අපි දිගටම සාකච්ඡා කළ යුතුය .  සාකච්ඡාව සාර්ථකව පවත්වාගෙන යන විටවිට  සහ ජපානය මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වූ පසු, අපට ඕනෑම වේලාවක (ජපානය සමඟ) සහයෝගයෙන් කටයුතු කළ හැකිය.” යන්නයි.

මීට අමතරව, වොෂින්ටන් ප්‍රකාශනයේ කොටසක් ලෙස, එක්සත් ජනපදය ඉක්මනින්ම ඔහායෝ පන්තියේ න්‍යෂ්ටික බලැති බැලස්ටික් මිසයිල සබ්මැරීනයක් දකුණු කොරියාවට යැවීමට අදහස් කරයි.  ස්ථාපිත භාවිතයට අනුකූලව, සබ්මැරීනය පැමිණෙන විට එය න්‍යෂ්ටික අවි රැගෙන යනු ඇත්ද යන්න වොෂින්ටනය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.  සබ්මැරීනය පැමිණෙන දිනයක්ද එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර නැත.  ආතතීන් සහ න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය තියුනු ලෙස ඉහල නංවමින්, අනාගතයේ දී මෙම ආකාරයේ යෙදවීම් වඩාත් නිතර නිතර සිදු කෙරෙනු ඇති බවට යූන් සහ බයිඩන් එකඟ වූහ.

වැඩි දියුණු කරන ලද සබ්මැරීන සහ මිසයිල අභ්‍යාස හරහා හෝ ටෝකියෝව NCG හා සම්බන්ධ වීමෙන් ජපානයේ මැදිහත්වීම මගින් අදහස් වන්නේ, එයට එරෙහිව භාවිතා කරන ලද පරමාණු බෝම්බ දෙකක් ඇති  එකම රට,  කලාපය තුළ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි යෙදවීම තුල  එහි භූමිකාව තවදුරටත් වර්ධනය කරනු ඇති බවයි. ජපානයේ හිටපු අගමැති සහ චීන විරෝධී යුධකාමී  ෂින්සෝ අබේ 2022 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් ජපානය තුල විවාදයක් ආරම්භ කළ බව සැලකිය යුතු කරුණකි.

හිරෝෂිමා හි G7 සමුළුව පැවැත්වීමෙන් ටෝකියෝ මෙම යථාර්ථය එහි හිස මත මුනින් හරවයි. සමුලුවේ වෙබ් අඩවියට අනුව, G7 හි “මිලිටරි ආක්‍රමණ, න්‍යෂ්ටික අවි පිලිබඳ ඕනෑම ආකාරයක තර්ජන, මෙන්ම ජාත්‍යන්තර පර්යාය පෙරලා දැමීමේ උත්සාහයන් නිශ්චිතවම ප්‍රතික්ෂේප කිරීමට ඇති දැඩි අධිෂ්ඨානය” පෙන්වීම සඳහා ආන්ඩුව එහි ස්ථානය ලෙස හිරෝෂිමාව තෝරා ගත්තේය. එය කියා සිටින්නේ “ජී 7 නායකයින් න්‍යෂ්ටික අවි භාවිතයේ යථාර්ථයන් සමඟ දැන හඳුනා ගෙන සාමය සඳහා ඔවුන්ගේ ආශාව බෙදා හදාහදා ගනු ඇත. ජපානය බලාපොරොත්තු වන්නේ එය, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීමේ පියවර ශක්තිමත් කරනු ඇති බවයි.”

 1945 හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බිහිසුණු අපරාධය ටෝකියෝව කුහක ලෙස ගසාකන්නේ එක්සත් ජනපද සහ ජපන් අධිරාජ්‍යවාදය සහ දකුණු කොරියාව වැනි ඔවුන්ගේ සහචරයින් විසින් සූදානම් කරන නව අපරාධ වසන් කිරීමට ය. කිෂිඩා-යූන් සමුලුව මෙන්ම එලඹෙන G7 සමුලුව යන දෙකේම වඩාත් සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලය,   රුසියාවට එරෙහි යුද්ධය සහ චීනය සමග සැලසුම්ගත ගැටුම වේගවත් කිරීම සඳහා පමණක් වනු ඇත.මේ කරුණු දෙකම න්‍යෂ්ටික අග්නි ජාලාවක් ඇවිලවීමට  තුඩු දීමේ  හැකියාව පවතී.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top