Author name: theSocialist.LK

Aragalaya

ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීම හමුවේ සසප නිලධරයේ ඇල් මැරුනු ප්‍රතික්‍රියාව හා වාම කන්ඩායමේ සටන

නන්දන නන්නෙත්ති විසිනි.

Image
2022 ගාලුමුවදොර මහජන අරගල

මාක්ස්වාදියා  නිරන්තරව ම ⁣ඓතිහාසික ගමන් මගට බලපැම් කිරීමට උත්සාහ කරමින්, තම පිලිවෙත වඩාත් ප්‍රගාඩ ‌ඓතිහාසික සන්තතීන්ට සමපාත කරන තාක් දුරට එවන් ප්‍රයත්නයන්ට සැලකිය යුතු ජයග්‍රහන අත්පත් කර ගත හැකි ය.” (ඩේවිඩ් නෝර්ත් 1990 මාර්තු 5)

ශ්‍රි ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය වසරේ (2022) අප්‍රේල්-ජුලි දැවැන්ත මහජන අරගල මාලාව තුල දී වර්ධනය වෙනවා වෙනුවට හැකිලුනේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දියුනුම කොටස් අතර අපේක්ෂා භංගත්වය වර්ධනය කලේ හරියටම නෝත් ඉහත පෙන්වා දෙන මාක්වාදී භාවිතය දිගු කලක් තිස්සේ නො තකා සිටීම නිසා ය. අඩු තරමින් 2015 වසරේ සිට පන්ති අරගලය කැපී පෙනෙ ලෙස වර්ධනය වෙමින් පැවති අතර පක්ෂය එහි හුරු පුරුදු වැඩවල රඳවාගෙන සිටීමට නිලධරය වැඩ කලේ ය. වසර 27 ක් ඇදී ගිය යුද්ධයේ දී තනිවම, රාජ්‍ය මර්දනය හා වර්ගවාදී ප්‍රහාරවලට මුහුන දී ගෙන දෙමල ජාතියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් කම්කරු පන්තියේ එකමුතුව සදහා පෙනී සිටි පක්ෂය, 2009 රාජපක්ෂගේ යුද ජයග්‍රහනයෙන් පසු ජාතික ප්‍රශන්යම අවසන් වී යැයි සලකන ආස්ථානයකට තල්ලු වුනු ආකාරයක් විද්‍යාමාන කලේය. මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය කිරීම ආදී  සුලු ජාතික කන්ඩායම්වලට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවන් ඉවසා සිටියේ මෙම දේශපාලන මානසිකත්වය තුල ය. 

2022 අප්‍රේල් අරගල හදිසියේ කඩා පාත් වූයේ නො වේ. 2017 දී වතු කම්කරුවන්ගේ 1000 ව්‍යාපාරයේ සිට 2022 අප්‍රේල් දක්වා පැන නැගි අරගල මාලාවේ සන්තිතිය තුල අත්දැකීම් තක්සේරු කර තත්‍ය වැඩපිලිවෙලක් සකස්කර ගැනීමට හා ‌ඓතිහාසික ගමන් මගට බලපාමින් කම්කරු පන්තියේ අරගලය තුල පක්ෂයේ තැන සටහන් කිරීමට ඇති තරම් කල් තිබිනි. පක්ෂ නායකත්වය එයට නොසූදානම් වූ අතර එය කල් පමා කෙරිනි.

මාර්තු 31 හදිසියේ පිපිරූ අරගලය සැලසුම් කල ආකාරයට අප්‍රේල් 3 දිග හැරුනි. අප්‍රේල් 5දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය මෙසේ ලිවී ය: “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය විප්ලවවාදී සමාජ වැඩපිලිවෙලක පදනම මත ආන්ඩුවේ හා පාලක පන්තියේ සියලු පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය ඒකරාෂි කිරීමට සටන් වදී.” 

නමුත් පක්ෂය, ‘ආරාධනා නැතිව අපි යන්නේ නැතැ’ යි කියමින් අරගල මාලාවේ ප්‍රධාන සංකේත භූමිය වූ ගාලුමුවදොර මැදිහත් වීම සඳහා පක්ෂයට ලැබුනු අවස්ථාවට ද පයින් ගැසුවේ ය. එය නිකම්ම අවස්ථාවක් නොවිනි. එක් අතකින් පක්ෂයේ කීර්තිමත් ඉතිහාසය ය, අනෙක් අතින් අරගලයම වල් වැදෙමින් තිබෙන බව අරගලය තුල සිටි ප්‍රගතිශීලි වුවමනාවන් පැවති කන්ඩායම්වලට වැටහෙන්නට පටන් ගෙන තිබිනි.

කම්කරු ක්‍රියාකාරී කමිටු ගැන සදහන් කරමින් ප්‍රකාශය කියා සිටියේ,“මෙම කමිටු වර්ධනය වෙමින් අරගලය තුල උරගා බැලෙන කල්හි නාගරික හා ග්‍රාමීය මහජනයාගේ පුලුල්තම කොටස් තමා පිටුපස ඒකරාශි කර ගනිමින්, පාර්ලිමේන්තුව හා ධනේශ්වර ප්‍රභූවේ මර්ධනකාරී ආයතනවලට විරුද්ධව ස්වාධීන කම්කරු පන්ති බලයේ ඉන්ද්‍රියක් බවට පත් වනු ඇත,” යනුවෙනි.

නමුත් ඒ වන විටත් පක්ෂය පන්ති අරගලය තුලට යොමු වීමට මැලි වන තැනට ඇද වැටී තිබිනි. ඓතිහාසික ගමන් මගට බලපෑම සදහා වැඩ කිරීම කලකට පෙර සිටම මග හැර සිටීම නිසා අවශ්‍ය ඥනය අත්පත් කරගෙන නොසිටි කේඩරය ඊට යොමු කිරීම ද නො හැකි විය. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනවලට වාචිකව එකග වන ගමන් ම අඩු තරමින් කේඩර තුල ඒවා ග්‍රහනය කර ගැනීම සදහා අත්‍යවශ්‍ය බැරෑරුම් සාක්ච්ඡාවටවත් උනන්දුවක් තන්ත්‍රයට නො වී ය.  

මේවාට බරපතල ඓතිහාසික හේතු ඇත. පක්ෂය මහජන පක්ෂයක් ලෙස ගොඩනැගීම සඳහා පසු ගිය අත්දැකීම් අව්‍යාජව සලකා බැලීමට පක්ෂය හැරීගත යුතුම ය. වාම පාර්ෂවය ඒ සදහා වෙහෙස නො බලා සටන් වදී. 

මේ සමග පලවන ලිපිය 2022 අරගලය පැන නැගීමත් සමග වාම කන්ඩායම පක්ෂයට කල යොජනාවකි. එය ද පක්ෂ සාමාජිකයන් පවා දැකගන්නේ ප්‍රථම වතාවට ය. මෙම යෝජනාවන්ට මාරන්තික සතුරුභාවයක් පෙන් වූ නායකත්වය නන්දන නන්නෙත්තිගේ සාමාජිකත්වය දෙවරක් අත්හිටුවනු ලැබීය. පක්ෂය තුල දෘඩතර සටන්කාමියෙක් වූ සංජය ජයසේකර සහෝදර⁣යාගේ හා පක්ෂයේ ආරම්භක සහෝදරයෙක් වන ආනන්ද වක්කුඹුරගේ සාමාජිකත්වය අත්හිටවනු  ලැබුනේ මෙම අවබෝධය මත සිට මහජන අරගලය තුලට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සහිතව මැදිහත් වීමට තීරනය කිරීම නිසාය.

පසුව නන්දන හා සංජයද එම කන්ඩායමට සහාය දීම නිසා මිගාර මල්වත්ත හා අමරතුංග යන සහෝදරවරු ද නෙරපා හරින ලදී. සෙසු සාමාජිකයන් පක්ෂ ශාකා රැස්වීම්වල මේ කරුනු සාකච්චා කිරීම වලකනු ලැබිනි.

මෙම ලිපිය බැරෑරුම්ව සැලකිල්ලට ගන්නා මෙන් අපි, විශේෂයෙන් සසප සහෝදරවරුන්ගෙන් ද, සමස්ථ කම්කරු පන්තියෙන්, තරුනයන්ගෙන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.  

***

o7. o4. 2021

නන්දන නන්නෙත්ති

ප්‍රිය විජේ සහෝදරය,

ශ්‍රී ලංකාව පුරා අග්නි ජාලාවක් මෙන් පැතිරී යන මහජන අරගල රැල්ල තුල අප පක්ෂය පිහිටා සිටින්නේ කොතැන ද, පිහිටුවාගත යුතු වන්නේ කොතැන ද,එය සාක්ෂාත් කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්න දැන් තියුනු ම ස්වභාවයෙන් මතු වෙයි. 

අප්‍රේල් 4, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය පලකල ඉදිරි දර්ශනයට අනුව “ශ්‍රී ලංකාවේ සිදුවීම් ලෝකය පුරා කම්කරුවන්ගේ සමීපතම අවධානය ඉල්ලා සිටී.මෙම මහජන විරෝධතා,ජාත්‍යන්තර පන්ති අරගලයේ අනාගත වර්ධනය කෙරේ අර්ථභාරී බලපෑමක් ඇති කරනු ඇත.“ (Massive social protests erupt in Sri Lanka: A critical development in the working class. Wsws.org)

ඩේව් සහෝදරයා, අප්‍රියල් 1, අප ලියූ ලිපියට ප්‍රතිචාර දක්වමින්, “ශ්‍රී ලංකාවේ කම්කරු ජනයා බලය ගැනීමට සූදානම් විය යුතු ය.” යි ලිවී ය.(Tweet)

ඊජිප්තු විප්ලවයෙන් වසරකට පසුව පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ දී සම්මත කරන ලද යෝජනාව තුල අපි මෙසේ ලීවීමු:

“විප්ලවවාදී අරගලයේ අනිවාර්යතාව පුරෝකතනය කර ඒවා සිදුවන තෙක් පමනක් බලා සිටීම ප්‍රමානවත් නො වේ. න්‍යායිකව මග පෙන්වන ඤානය හා විප්ලවවාදී භාවිතාව අතර එකමුතුව මත අවධාරනය කරන මාක්ස්වාදයට එවන් ආස්ථානයක් සමග පොදු කිසිත් නැත…සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සදහා විප්ලවවාදී පකෂයක පැවැත්ම අවශ්‍ය කරයි. මහජන අරගල පැතිරී යාමට පෙරාතුව, කම්කරු පන්තිය තුල හා සියල්ලට ඉහලින් එහි වඩාත් පෙරමුනු අංශය තුල, අර්ථභාරී දේශපාලන කටයුතු වර්ධනය කිරීම සදහා, සමාජවාදී සමානතා පක්ෂය එයට හැකි සියල්ල කල යුතු ය.” 

“ලොව පුරා පුනර්ජීවන වී ඇති පන්ති අරගලය මධ්‍යයයේ මෙම වැඩ කටයුතු ඉහල තලයකට එසවිය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි ශාඛා හා අනුග්‍රාහක කන්ඩායම්වල කර්තව්‍ය මෙය යි.” (Ten years since the beginning of the Egyptian revolution. wsws)

කැබිනට් ඇමතියෝ ඉල්ලා අස් වූහ..යලි පත් කලේ ය. යලි ඉවත් විය.නැවත පත් කලේ ය.මන්ත්‍රීහු 44ක් ආන්ඩුවෙන් ඉවත් වූහ.

ඊයේ,පොලිසිය එම පාර්ලිමේන්තුව වටලාගෙන සිටි උද්ඝොෂකයන් අතරට ආයුධ සන්නද්ධව පැමිනි යුද හමුදාවේ යතුරු පැදි බලකාය සමග ගැටී එය පලවා හැරියේ ය.මේ අතර මැති ඇමතියෝ පස්සා දොරන් පලා ගියහ.

අද දහවල් දශක ගනනක් පවත්වාගෙන ආ හදිසි නීතිය ඉවත් කිරීමට සිදු විය. මහජනයා මැති ඇමතියන් පලා යනු වලකනු සදහා කටුනායක ගුවන් තොටුපල ද වට කලේ ය. පාලක පන්තිය සංවිධානයක නායකත්වයකින් තොරව ඇදී යන නිසා අරගලය අති භයන්කර යයි අදෝනා දෙති.

අද දහවල් හිටිපු ඇමති, විපක්ෂ මන්ත්‍රී, හරින් ප්‍රනාන්දු ගෝඨාබය ඉවත් විය යුතුය යි බල කරමින් පාරලිමේන්තුවේ කල කතාවේ දී .“ඇයි අපට මෙහෙම වෙලා තියෙන්නෙ” යි ප්‍රශන කලේ ය.“මේ රට කරන්න මොකෙක් හරි ඕනෙ. නැත්තන් කොහොමද මාසයක් හරි මේකෙ ඉන්නෙ.“ “හෙට අනිද්දට පාර්ලිමේන්තුවට ගහනවා ගහනවාමයි.“  යි කියමින් වැලපුනේ ය.

පාලක පන්තියේ මානසිකය එබදු ය.මහජනයා තීන්දු ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ බලාධිකාරය වෙත පියවර තබමින් සිටී.

225 ම එපා යන ව්‍යාපාරයක් කලකට ඉහත සිට දියත් වී තිබිනි. ස්ටිකර් ප්‍රදර්ශනය කරමින් ඇරඹි මෙම ව්‍යාපාරය Gota Go Home දක්වා අවුත් කඩා පැනීමට පෙර මාස කිහිපයක් පෙල ගැසුනි.අප ඉතා නිවැරදිව පෙර දුටු පරිදි මෙම ව්‍යාපාරය ඉස්මතු වූයේ කොරෝනා වසන්ගතය විසින් උත්සන්න කෙරුනු ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදයේ රුදුරු ප්‍රතිවිපාක තුලිනි.

පසු ගිය (මාර්තු) 12-13 පැවැත් වූ සාමාජික රැස්වීමේ ලැබුනු ඉතා සීමිත විනාඩි කීපය ප්‍රයෝජනයට ගනිමින් කල මගේ ප්‍රතිපාදනය තුල දී දකුනු ආසියානු කලාපයේ දේශපාලනය සෑම දිනකම උනුසුම් හා වේගවත් වෙනස්කම්වලට බදුන් වන බව මම පෙන්වා දුනිමි. ලෝක අර්බුදය තුල දකුනු ආසියාවේ පාලක පන්තිය මග හැරිය නො හැකි මේ වෛශයික තත්වය විසින් මෙහෙයවෙන අතර එය කලාපයේ පන්ති අරගල අවුලුවන බව මම කීමි.ජාතික ප්‍රශ්නය විසදිය හැකි වන්නේත් කම්කරු පන්තිය බලය ගැනිම තුලින් පමනකැයි 1998 පක්ෂයේ ප්‍රකාශය උපුටා දක්වමින් මමත් සංජය සහෝදරයාත් පැහැදිලි කලෙමු.

අප සියලුම දෙනා 1985 භේදයෙන් අත්පත් කර ආරක්ෂා කල ජාතයන්තරවාදය හා නිශ්පාදනයේ භූගෝලීයකරනය තුලින් පැන නැගි ජාතිකවදී සියලු සංවිධානවල අවසානය හෙලිදරව් කල 1988 ඉදිරිදර්ශනය මත පදනම් වන අතර අප අතර පවතින මත භේද අපරාධ ලෙස නො සලකා ඒවා සාකච්ඡා කර විසදා ගැනීම අවශ්‍ය යයි මම අවධාරනය කලෙමි. 

ඔබත් දේශපාලන කමිටුවත් විසින් මගේ යෝජනාව තක්කඩිකම නිසා කල එකක් ලෙස හදුන්වා දෙමින් එය සාකච්ඡා වීම වලකන ලදී. දකුනු ආසියාවේ පන්ති අරගලය පිලිබද වග කීම් නො ව පුද්ගලවාදී හෙලා දැකීම හා අවලාද වෙනුවෙන් දවසක් ම වැය කරන ලදී. අප දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම සදහා මධ්‍යම කාරක සභාවට හා ජාත්‍යන්තර කමිටුව වෙත යොමු කල ලිපි ලැජ්ජාව නිසා සාකච්ඡාවට නො ගන්නා බව සාමාජික රැස්වීමේ දී ඔබ නිවේදනය කලේ ය.

පක්ෂය තුල දිගින් දිගටම පවතින මෙම තත්කාරයවාදී පිලිවෙත් විසින් වර්තමාන අරගලය තුල අපගේ අරගලයට බරපතල ලෙස හානි සිදු කලේ ය. ගිය මාසය තුල එක් වරක්වත් අම්බලන්ගොඩ ලෝකල් සභාව රැස් කලේ නැත. වැඩ කර ගැනුනේ හුදු නිවේදන මගිනි. 

අරගලය අප පසුකරගෙන ගමන් කරමින් තිබිනි. අප්‍රියල් 2, සෙනසුරාදා පීසී රැස්වීම තුල සාකච්ඡා කර මේ තත්වයට මුහුන දීම සදහා පක්ෂය සූදානම් කල යුතු ය යි මම කල යෝජනාව සැලකිල්ලට ගත්තාදැයි මම නො දනිමි. ඒ වන විටත් අරගල රැල්ල පුපුරා ගොස් තිබුනු අතර 3දා දීප ව්‍යාප්ත උද්ඝෝෂනය සංවිධානය වී පැවතිනි. මීට අදාල ප්‍රකාශනයක් නිකුත් කරගෙන 3 උද්ඝෝෂනයට සහභාගි විය යුතු යයි මම කීමි.

දේශපාලන කමිටුව ගත් තීන්දුව දැනගැනීමට නො හැකි වූ අතර රත්නසිරි සහෝදරයා කීවේ මෙය ස්වාභාවික හා භයානක අරගලයක් නිසා අප කිසිත් නො කරන බව ය.

3 දින උදේ හික්කඩුවේ අමරතුංග සහොදරයාගේ නිවසට පැමිනි ගම්මු කිහිප දෙනෙක් අපි කුමක් කරමුදැයි ඔහුගෙන් උපදෙස් පැතූහ. ඔහු සාමන්‍ය විස්තරයක් කල පසු “ඔයාල කතාව විතරයි.වැඩ නැහැ“යි කියා යන්ට ගියහ.මා වෙත පැමිනි අයට මම මගේ සහභාගීත්වය ස්තිර කල නමුත් පක්ෂයේ සැලැස්මක් නැති බැවින් මා සිටියේ දෙගිඩියාවෙනි.

බන්ඩාරවෙල ලෝකල් සහාව නියෝජනය කරන බන්ඩාරවෙලින් සැතපුම් සියගනනක් ඈත කොලඹ ආසන්නයේ පදිංචි විලියම් සහෝදරයාට ලෝකල් ලෙකම් කීවේ අපි ෆේස් බුක්වලින් ලක්ෂ ගනනක් අතරට යන බව ය. විලියම් සහෝදරයාගෙන් බේරෙන්නට බැරි තැන ඔහු පක්ෂ ප්‍රකාශය මුද්‍රනය කර බෙදා හරින ලෙස විලියම්ට දැන්වී ය.

3දා ඇතැම් තැන්වල ලෝකල් රැස්වීම් යොදාගෙන තිබිනි. නුවර දී අයිවන් සහෝදරයා උද්ඝෝෂනයට සහභාගී වීම ගැන කතා කල විට මධ්‍යම පන්තික කඩි කදුලප්පුව යයි ඔහුට පහර දෙන ලදී. 

එලෙසින් ම දීප ව්‍යාප්ත උද්ඝෝෂනය නො තකා සුපුරුදු හා සාමාන්‍ය අන්දමින් කටුනායක නිදහස් වෙලද කලාපයේ වැඩ කිරීමට හලාවත ලෝකල් සභාව මෙහෙය වූ නමුත් ඇදිරි නීතිය නිසා එය වැලකුනි. 

4දා ධීවර කන්ඩායමක් නිහාල් සහෝදරයාගේ නිවසට පැමින සටන්පාඨ හා සහභාගී වන ආකරය විමසී ය. නිහාල් ලේකම් කපිලට කතා කලේ ය. අපට කතාවක් කරන්න ගන්න පුලුවන් දැයි බලන්නැයි කපිලගෙන් උපදෙස් ලැබිනි. 

තවත් සහෝදරයෙක්ගේ අඹු අරුවන් උද්ඝෝෂනයට සහභාගී වූයේ කතාව විතරයි වැඩ නෑ කියමින් ඔහුට පරිභව කරමිනි.

පක්ෂයේ දිගු කාලීන හිතවතෙක් ලසිත සහෝදරයාගේ ෆේස්බුක් සටහනකට comment කරමින් දැන්වත් සදලුතලයෙන් බැස මහ පොලවට එන ලෙස අවවාද කලේ ය.

අද 7 කපිල සහෝදරයා හලාවත ගුරුවරු සමග උද්ඝෝෂනයට සහභාගී වී ඇත.එය බලපෑම් සහගත මැදිහත් වීමකි.

කල් පසු වී කල සුලු මැදිහත් වීම් අසංවිධානාත්මක මෙන් ම නො සැලකිලිමත් ය. අප එසවූ සටන් පාඨ පුවරු කියවා ගැනීම පවා අපහසු ය. එයමත් පෙන්නුම් කරන්නේ තවමත් වර්ධනය වන විප්ලවවාදී තත්වය සම්බන්ධයෙන් අඩ අදුරේ ගැවසීම යි.

මේ අතර සංවිධානයක් නැතිව භයානකය යි කර අරිමින් සිටි ජවිපෙ ක්‍රමානුකූලව උදඝෝෂනය තුලට රිංගමින් සිටිති. ඊයේ මහරගම උදඝෝෂනය මෙහවූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. දැන් අපගේ පමාවේ වාසිය ද සහිතව සැබෑ අනතුර මතුවෙමින් තිබේ.

හිටපු හමුදාපතිවරයෙකු වන කමල් ගුනරත්න විරෝධතා ව්‍යාපාරය තුල සාමාකාමී මෙන් ම ප්‍රචන්ඩකාරී පිරිස් ද සිටින බව පැවසුවේ ය.

හම් භාන්ඩ සමාගමක් වන  පීජී මාර්ටින්ස් හිමිකරුවන් වැනි අය ද ගොටා නෙරපා හරින ලෙස උද්ඝෝෂනය කලහ. ගුනරත්නගේ සාමාකාමී කන්ඩායම යනු කම්කරු පන්තිය පාලනය කිරීමේ හා ජාතික රාජ්‍ය පවත්වාගෙන යාමේ අසමත්කම නිසා ගෝටාබය පලවා හැරීමට පෙල ගැසුනු ධනපතියන් හා එම අවශ්‍යතාවන්ගෙන් ම මෙහෙයවුනු සුලු ධනේශ්වරයයි. අනෙක් කන්ඩායම වාර්ගික හා ආගමික බෙදීම්වලට එරෙහිව ජාතික සමගිය ගැන කතා කල තරුනයන්, කම්කරුවන්, සහ ගෘහනීන් ඇතුලත් පීඩිත ස්ථරයයි. ආන්ඩුව  ප්‍රචන්ඩත්වය පරාජය කිරීමට පසුබට වන්නේ නැතැයි ගුනරත්න කියා සිටියේ ය.  

ගුනරත්නගේ හමුදාව සිය ගනනක් විරෝධතාකරුවන් අත් අඩංගුවට ගත්තේ ය. අප, තවමත් රදවාගෙන සිටින මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා, කම්කරුවන් හා සෙසු පීඩිතයන් අතර, බලගතු මැදිහත් වීමක් කල යුතු ය. මහජන  වයාපාරයේ ප්‍රජාතනත්‍රවාදී අයිතින් ආරක්ෂා කිරීම අනෙක් කරුනයි. අපගේ අරගලයේ මූලික ඉලක්කයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සදහා, මහජන ව්‍යාපාරය තුල දැනුවත් ප්‍රයත්නයක් දැරීමයි. කම්කරු පන්තිය විසින් බලය  අල්ලා ගනු ලැබීම කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සදහා මූලික අවශ්‍යතාව වන්නේ ය. අපගේ අරගලයේ අරමුන එයයි. 

ධනපති පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ සහ සෙසු අවස්ථාවාදී වයාපාර මෙම අරගලය මධ්‍යයේ සිටී. නායකත්වය අප අතට ගැනීම තීරනාත්මක ය. එය සටනකින් තොරව, පක්ෂයකින් තොරව සිදුවනු නැත. දැන් අප මුහුන දී සිටින අභියෝගය මෙයයි. 

නමුත් හොද ම පිලිවෙත අප අතේ යයි පුරසාරම් දොඩනු වෙනුවට, කම්කරුවන් හා තරුනයන් සමග උරෙනුර ගැටී ගෙන යන ජීවමාන අරගලය තුල මහජනයා උගන්වා ගැනීම සදහා අප දැන් හැරී ගත යුතු ය.

මේ අතර උද්ඝෝනය තමන්ට භයානක යයි ධනපති පන්තිය ගනන් බලන අතරේ ව්‍යාජ වම්මු සහ දේශපාලනික බෙල හීනයෝ මෙය නායකත්වයක් නැති නිසා අනිවාර්ය පරාජයට නියමිත යයි දෙසති.

ඉතිහාසය මීට හාත්පසින් ම වෙනස් ය.1953 හර්තාලය විසින් ආන්ඩුව මහ මුහුදේ නවතා ලිබූ නිව්ෆවුන්ඩ්ලන්ඩ් නමැති බ්‍රිතාන්‍ය නැවට පලවා හරින ලදී. නැවත එය කැදවා ගන්නා ලද්දේ කම්කරු පන්තියේ පක්ෂවල එනම් සමසමාජ.කොප නායකයන් විසිනි.  

ඉල්ලීම් 21 ව්‍යාපාරය යටපත් කිරීම සදහා අගමැති සිරිමා බන්ඩාරනායකට ලසසප, කොප නායකයන්ගේ සහාය ලැබුනි. ඔවුන් ඊට සහාභාගි වූයේ ප්‍රතිඝාමීත්වයට එරෙහිව ධනපති ක්‍රමය අහෝසි කර සමාජවාදය ගොඩ නගන සටනේ අතරමැදි පියවරක් ලෙස එය හුවා දක්වමිනි. 1976 දීත් කම්කරුවෝ ආන්ඩුවේ හදිසි නීති නො තකා සටන් වැදී සමගි පෙරමුනු ආන්ඩුව බිම හෙලූහ. 

1968 මැයි ජුනි ප්‍රංශ කම්කරු අරගලය මැඩ පැවැත්වීම සදහා සිය හමුදාව මෙහෙයවිය හැකියයි හමුදාපතිට විශ්වාසයක් නො වූ තැන, අගමැති ඩිගෝල් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහායෙන් පන බේරා ගත්තේ ය.

අප පක්ෂය 1968 දී ගොඩ නැගුවේ මෙම පසු ගිය හා ඉදිරියේ සිදු වීමට නියමිත පාවා දීම් ආරක්ෂා කල ලෝක ප්‍රපංචයක් වූ පැබලෝවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලය තුලිනි.

දැනටමත් පාලක පන්තිය පරාජයකින් ගැලවීම සදහා යත්න දරමින් සිටී.අපගේ පෙර දැකීම් පරිදි ම ධනේශවරයට පැරනි වාම මුක්කු නැත. සමාජවාදය නැමැති කවදා හෝ ලබා දීමට පොරොන්දු විය හැකි වැඩ පිලිවෙලක් අද කිසිවෙකු සතු නො වේ.

මේ ග්‍රීසිය හෝ ඊජිප්තුව ද නො වේ. ව්‍යාජ වම්මුන්ට නිදැල්ලේ හරඹ කරනු නො හැකි ය. පැබ්ලෝවාදී පාවාදීමට එරෙහිව ජාත්‍යන්තරවාදය විශේෂයෙන් නො නවතින විප්ලවය සදහා වසර 54ක් සටන් කල පක්ෂයක් මෙහි ඇත. 

ජය හෝ පරාජය තීන්දු කරනු ඇත්තේ අරගලයයි. සියලු ඊනියා වම්මු කුජීත වී ඇත. වෘත්තීය සමිති එලිදරව් වී ඇත. මර ඇදට වැටුනු මේ පක්ෂ හා නායකයන්ට මුක්කුව දී කෙලින්කර ගෙන තබා ගත්තේ පාලක පන්තිය විසිනි. දැන් එම නායකයන්ට කල හැකි කිසිවක් ම නැත.

අපි කලකට පෙර සිට වටහාගෙන සිටින පරිදි පාලක පන්තියට බේරී සිටීම සදහා ජාත්‍යන්තර කමිටුවෙන් ඒජන්සියක් අවශ්‍ය ය. ධනවාදය සිය ව්‍යාජ වාම කල්ලිවල සහාය ඇතිව කම්කරු පන්තිය මත බරපතල පීඩනය යොදා ඒ මගින් සසපය පීඩනයට ලක් කරන්නේ එබැවිනි. මෙය පක්ෂය තුල වඩාත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක අවශ්‍යතාව වෙනදාට වඩා දැඩි ලෙස මතු කර ඇත.

සියලු සාධක අනුව අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විමුක්ති අරගලයේ උරගල ය. අවම වශයෙන් මේ විප්ලවවාදී අර්බුදය දකුනු ආසියානු පක්ෂය ගොඩ නැගීම සදහා අවස්ථාව වන අතර මහජන අරගලයේ කිසියම් පරාජයකට මුහුන දුනහොත් එහි අලාභහානි අවම කිරීමට සමත් වනු නියත ය. අප කල් පමා කලහොත් ලේ වැකි ඓතිහාසික අපරාධයකට වගකිව යුතු වනවා පමනක් නො ව සමාවක් නො ලැබෙනු ඇත. බරපතලම දෙය වන්නේ ලෝක කම්කරු පන්තියට එයින් විය හැකි හානිය යි. අප ඉදිරි දර්ශන වර්ධනය  කරන්නේ අරගලය තුල ය. පිකට්, ප්‍රසිද්ධ රැස්වීම්, වාඩිලාගැනීම්, පෙලපාලි සංවිධනය කරමින් මහජන ව්‍යාපාරය සමග සිටිමින් එය වර්ධනය කල යුතු ය.

“දැන් හැරීගත යුත්තේ කම්කරු පන්තිය කරා ය. අසමානතාව, යුද්දය සහ ඒකාධිපතිත්වයට එරෙහි කම්කරුවන් හා තරුනයන් කෙරෙන් මතුවන විරුද්ධත්වයේ සෑම විධ්‍යමාන වීමකදී ම සක්‍රීය ලෙස මැදිහත් වීම කරා ය. දේශපාලන මට්ටම ඉහල දැමීමට, කම්හල් සහ පාසල් තුල කේඩරයන් නිර්මානය කිරීමට, ඉතිහාසයේ පාඩම් හා ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිලි කිරීමට වෙහෙස නො බලා කටයුතු කිරීම අවශ්‍ය ය. සමාජවාදය සදහා සටන් වැදීමට අදිෂ්ඨාන කර ගත් ජනයාගේ හිගයක් නො වනු ඇත.”   

“එහෙත් මේ අධිෂ්ඨානය සමාජවාදය සදහා වන ලෝක පරිමාන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ අරගල ඒකාබද්ද කරන මූලෝපායකින් සන්නද්ද කල යුතු ය.” (www.wsws.org/en/articales/2020/01/03/pers-j03.html)  

“විප්ලවවාදී පක්ෂය, තමන් විශ්ලේෂනය කරන සිද්ධීන්ට සහභාගී වන අතර කම්කරු බලය හා සමාජවාදය සදහා ලෝකය වෙනස් කිරිමේ අරගලය තුල දැඩි ප්‍රයත්න දරයි.” (the resurgence of class and the tasks of the socialist party)

අප දැනටමත් අත්‍යවශ්‍ය ඉදිරි දර්ශන වර්ධනය කර ඇත. මේ වන තුරුත් ජන අරගලය සම්බන්ධ පක්ෂයේ විශේෂ කැදවුමක් ලෝසවෙ තුල නැත. අද විජේ සහෝදරයාගේ ප්‍රකාශයක් වීඩියෝවක් ලෙස නිකුත් වී තිබේ. එය වැදගත් පියවරකි. මා රත්නසිරි සහෝදරයා මගින් පීසීයට යෝජනා කල පරිදි අත් පත්‍රිකා දසදහස් ගනනින් බෙදා හරිමින් මැදිහත් වීම තීව්ර කල යුතු ය.

අද දක්වාත් මේ ප්‍රශ්නයට අදාලව මධ්‍යම කාරක සභාව කැදවීමට අප අසමත් වී ඇත. මෙය දිගු කලක තිස්සේ පවත්වාගෙන යනු ලබන නරක පුරුද්දක් පමනක් නො වේ. වර්තමාන ගැටලුවල ප්‍රධාන ම හේතුවකි. අප වර්තමාන තාක්ෂනය යටතේ මකාස කැදවා ගැනීම ඉතා පහසු ය. ඔබ මකාස නො කැදවූයේ ප්‍රශ්න මතු වීම හැකි තාක් මග හැරීම උදෙසා ය. එහෙත් දැන් ප්‍රශ්න අපගේ හිස මතටම කඩා වැදී ඇත. තවමත් කාලය තිබේ. අපට දැවැන්ත මහජන පක්ෂයක් ලෙස ඉස්මතු වීමට අවශ්‍ය සියල්ල ඇත. අපි අවස්ථාව දැනුවත්ව අත්පත් කර ගත යුතු ය.

“අප වර්ධනයේ කොන්දේසි විශ්ලේනය කරන්නේ ඒවා අපට හොරා ද අපගේ කැමැත්තෙන් ස්වාධීනව ද හැඩගැසෙන ආකාරයෙන් ම ය. අප එසේ කරන්නේ ඒවා වටහා ගැනීමෙන් අනතුරුව අපගේ ක්‍රියාත්මක කැමැත්ත මගින් හෙවත් සන්විහිත පන්තියේ කැමැත්ත මගින් ඒවා මත ක්‍රියා කිරීම සදහා ය. ඉතිහාසය කෙරෙහි අපගේ මාක්ස්වාදී ප්‍රවේශයේ මේ දෙපැත්ත ඉතා සමීප ලෙසත් අවියෝජනීය ලෙසත් එකට බැදී ඇත. හුදෙක් සිදුවන දේ සැලකිල්ලට ගැනීමට පමනක් අප සීමා වුවහොත් කුමක් සිදු වේ ද? දීර්ඝකාලීන වසයෙන් බලන විට එවැනි ප්‍රවේශයක් දෛවවාදය (fatalism) හා උපේක්ෂාව (indifferentism) කරා ද, සාමාජික ථීනමිද්ධය (social apathy) කරා ද පිරිහෙයි. එමතු නො ව එක්තරා මන්ටමක දී එය මෙන්ශෙවික්වාදයේ අංශයක් වැලද ගනී. එසේ වැලද ගන්නේ දෛවවාදයේ මහත් කොටසක් හා මිනිසුන්ට හොරා සිදු වන දෙය නමස්කාර පෙරදැරිව පිලි ගැනීම ගැබ්වන අංශය යි. අනික් අතට, අප හුදෙක් විප්ලවවාදී ක්‍රියාවට, විප්ලවවාදී කැමත්තට සීමා වුවහෙත් සිදු වන්නේ කුමක් ද? එවිට අප ආත්මීයවාදයට (subjectivism) වැටීමේ අනතුර මතුව එයි. ඒ ආත්මීයවාදයෙහි විවිධ රූප ඇත. අරාජකවාදය (anarchism) එහි එක් රූපයකි. වාම සමාජ විප්ලවවාදය තවත් රූපයකි සමාජ විප්ලවවාදය යනු ආත්මීයවාදයේ රුසියානු දේශීය රූපාකර ය යි. අවසාන වසයෙන් ආත්මීයවාදයේ මේ රූපයන්ට කොමියුනිස්ට්වාදය තුල ම එය ප්‍රකාශයට පත් වන විධි ඇතුලත් වේ. වලැඩිමීර් ඉලිච් ලෙනින් ඒ විධි හැදින් වූයේ “වාමාවාදය නමැති ලදරු රෝග යනුවෙනි. සමස්ත විප්ලවවාදී දේශපාලන කලාව ම සමන්විත වන්නේ වෛශයික විශලේෂනය ආත්මීය ක්‍රියාව සමග නිරවද්‍ය ලෙස බද්ධ කිරීමෙන් ය. ලෙනිනවාදී ගුරු කුලයේ සාරය මෙතැන ගැබ් වේ.” (ලියොන් ට්‍රොට්ස්කි, යුරෝපය හා ඇමරිකාව)  


විප්ලවවාදී සුබ පැතුම්

නන්දන

ප.ලි  

මෙම ලිපිය නිම කරමින් සිටින අතර, “පක්ෂය, ශ්‍රී ලංකාව් රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු !..” යනුවෙන් ප්‍රකාශයක් පල කර ඇත. මෙය වැදගත් පියවරකි. පක්ෂයක් හැටියට අප අරගලයේ න්‍යායික ගැටලු විසදා ගැනීම සදහා ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු ය. මධ්‍යම කාරක සහාව හැකි සෑම අවස්ථාවක ම කැදවීම අවශ්‍ය ය. ඒ සදහා පියවර ගන්නා මෙන් යෝජනා කරමි.

ජායාරූපය facebook තුලිනි.

#theSocialistLK

ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීම හමුවේ සසප නිලධරයේ ඇල් මැරුනු ප්‍රතික්‍රියාව හා වාම කන්ඩායමේ සටන Read More »

ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

This week in history: May 1-7 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 30 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

වසර 25 කට පෙර: Chrysler සහ Daimler-Benz ඒකාබද්ධ වීම.

1998 මැයි 7 දින, ජර්මනියේ ඩේම්ලර්-බෙන්ස් AG (Daimler-Benz AG ) සහ එක්සත් ජනපදයේ ක්‍රයිස්ලර් කෝපරේෂන් (Chrysler Corporation ) ඒකාබද්ධ වීමෙන් ඩේම්ලර් ක්‍රයිස්ලර් AG ( DaimlerChrysler AG ) පිහිටුවීම සඳහා  කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන ලදී.

ඩොලර් බිලියන 38 ක කොටස් ගනුදෙනුවකින් ඩේම්ලර්-බෙන්ස්  විසින් ක්‍රයිස්ලර් කෝපරේෂන් පවරා ගනු ලැබීම ලෝක ආර්ථිකය ගෝලීයකරනයවීමේ  බලගතු නිරූපනයක් විය. ජර්මනියේ සහ සමස්තයක් ලෙස යුරෝපයේ විශාලතම කාර්මික සමාගම, විශාලතම ඇමරිකානු සංගත වලින් එකක් අත්පත් කර ගත් අතර, ඉන් 410,000 ක ශ්‍රම බලකායක් සහ ඩොලර් බිලියන 130 කට වැඩි වාර්ෂික නිෂ්පාදනයක් සහිත ජාත්‍යන්තර යෝධයෙකු නිර්මානය කෙරින. 

මෙම සංයෝජනය ඉතිහාසයේ විශාලතම කාර්මික ඒකාබද්ධ කිරීම වූ අතර, එය මේ තාක් විදේශීය ව්‍යාපාරයක් මගින් ඇමරිකානු සමාගමක් අත්පත් කරගත් විශාලතම කොටස් ගනුදෙනුව විය. ඒකාබද්ධ වීමෙන් බිහි වූ සමාගම, නිෂ්පාදනය කරන ලද වාහන සංඛ්‍යාව අනුව ශ්‍රේණිගත කිරීමේදි, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා , වොක්ස්වැගන් වලට පසුව පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා විය.

Image
ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ වොරන් ස්ටැම්පින් කම්හලෙන් මෝටර් රථ සේවකයෝ තම සේවා මුරය නිම කර පිටත්ව යති.  [ඡායාරූපය: WSWS]

කුඩා හෝ අසාර්ථක සමාගම් වඩාත් බලවත් ප්‍රතිවාදීන් විසින් ගිල දමනු ලැබීම හා බැඳුනු පූර්ව මෝටර් රථ කර්මාන්ත ඒකාබද්ධ කිරීම් මෙන් නොව, ඩේම්ලර්-ක්‍රයිස්ලර් ගනුදෙනුව සිදු කෙරුනේ 1997 දී ඩොලර් බිලියන 5.7 ක ඒකාබද්ධ ශුද්ධ ඉපැයීම් ලැබූ ඉහළ ලාභදායී සමාගම් දෙකක් සම්බන්ධවීම ලෙස ය. ඩේම්ලර්-බෙන්ස් ඉහත අලාභයන්ගෙන් ගොඩ එමින් 1990 ගණන්වල මුල් භාගයේදී වාර්තාගත ලාභයක් ලබා ගැනීමට සමත් වූ අතර, ක්‍රයිස්ලර් වෙනත් ඕනෑම මෝටර් රථ නිෂ්පාදකයෙකුට වඩා එක වාහනයකින් වඩාත් විශාල ලාභයක් ලබා ගත්තේය.

මෙම සංයෝජනය පිටුපස ඇති ගාමක බලවේගය වූයේ ලෝකයේ සියලුම ප්‍රධාන වෙලඳපොලවල්  සහ විශේෂයෙන් ලෝක ධනවාදයේ ප්‍රධාන මධ්‍යස්ථාන තුන වන උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව තුළ තරඟ කළ හැකි ගෝලීය වශයෙන් පදනම් වූ විශාල ව්‍යවසායන් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයයි.  ඒකාබද්ධ වීමට පෙර, ක්‍රයිස්ලර් සහ ඩේම්ලර්-බෙන්ස්  අත්‍යාවශ්‍යයෙන්ම කලාපීය නිෂ්පාදකයෝ වූහ – උතුරු ඇමරිකාවේ තුන්වන විශාලතම වෙලඳපොල  පංගුව ක්‍රයිස්ලර් සතු වූ අතර, යුරෝපයේ සුඛෝපභෝගී රථ වෙලඳපොල පාලනය කරන ලද්දේ ඩේම්ලර්-බෙන්ස්  විසිනි.

1980 ගනන්වල සහ 1990 ගනන්වල මුල් භාගයේ සිය මූල්‍ය අර්බුද වලදී එහි යුරෝපීය සහ ලතින් ඇමරිකානු මෙහෙයුම් විකිනීමට ක්‍රයිස්ලර් සමාගමට බල කෙරුනි.  ඓතිහාසික ඒකාබද්ධ වීමට පෙර මාසයේ දී, ක්‍රයිස්ලර් සමාගම, එහි දේශීය වෙලඳපොලේ විකුණන ලද වාහන 250,000 කට ආසන්න ප්‍රමාණයකට සාපේක්ෂව, එය උතුරු ඇමරිකාවෙන් පිටත වාහන අලෙවි කලේ 17,713 ක් පමනෙකි. ඩේම්ලර්-බෙන්ස් යුරෝපයෙන් පිටත සිය පළමු කම්හල විවෘත කලේ පෙර වසරේ ඇලබාමා හි ටස්කලෝසා හි කම්හලක මර්සිඩීස් -බෙන්ස් රථ වල ක්‍රීඩා උපයෝගිතා අනුවාදයක් එකලස් කිරීම ආරම්භ කල කල්හි පමනෙකි.

ඒකාබද්ධ වීමට ආසන්න කාලයේ මූල්‍ය විචාරකයන් සහ මෝටර් රථ කර්මාන්ත විශ්ලේෂකයන් අනාවැකි පල කලේ, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා, හොන්ඩා සහ නව ඩේම්ලර්-ක්‍රයිස්ලර් සමඟ තරඟ කිරීම සඳහා ඉතිරි කලාපීය මෝටර් රථ නිෂ්පාදකයින්ට ගෝලීය පරිමාන සමාගම්වලට ඒකාබද්ධ වීමට බල කෙරෙනු ඇති බවයි.  ඔවුන්ට ජාතික වෙලඳපොලකට අලෙවි කරමින් ජාතික වශයෙන් සීමා වූ නිෂ්පාදකයන් ලෙස සිටිය නොහැකි ව තිබින. එක් විශ්ලේෂකයෙක් ලන්ඩන් ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, “රටේ ධජ පහත වැටී ඇති අතර ලාභදායීතාවයේ ධජය ඉහල ගොස් ඇත.”

වසර 50 කට පෙර: ලෙබනන් හමුදාව පලස්තීන සරණාගත කඳවුරුවලට ෂෙල් වෙඩි එල්ල කරයි.

1973 මැයි 3 වෙනිදා ලෙබනන් හමුදාව බේරූට්හි විශාල පලස්තීන සරනාගත කඳවුරු තුල සිය මූලස්ථානය ස්ථාපනය කර ගත් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ අනෙකුත් පලස්තීන මිලීෂියාවන්ට එරෙහිව ප්‍රහාරාත්මක මිලිටරි මෙහෙයුමක් ආරම්භ කළේය.  එදින සවස සටන් විරාමයක් කැඳවන තෙක් හමුදාව සහ පලස්තීන හමුදා අතර සටන් දවස පුරා පැවතුනි.

පලස්තීන පුවත්පත් ඒජන්සියේ වාර්තාවන් විසින් වාර්තා කරන ලද්දේ , ලෙබනන් යුද ටැංකි වලින් ෂැටිලා සරණාගත කඳවුරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ඇතුළු සටන් වලින් 19 දෙනෙකු මිය ගොස් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.  ලෙබනන් රජය වාර්තා කළේ සොල්දාදුවන් 12 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි.

1970 සැප්තැම්බරයේදී ජෝර්දානයෙන් පලස්තීනුවන් සමූහ වශයෙන් පලවා හැරීමෙන් පසුව බේරූට්හි විශාල කඳවුරු පිහිටුවන ලදී. “කළු සැප්තැම්බර්” අතරතුර, ජෝර්දාන හමුදාව සහ PLO අතර පූර්ණ-පරිමාණ සටන් ආරම්භ විය.

එම ගැටුම අවසන් වූයේ PLO හි සම්පූර්න පරාජයකිනි.  1967 සය දින යුද්ධයේදී, ඊශ්‍රායල ආක්‍රමනයෙන් පසු මුලින්ම ඔවුන්ගේ නිවෙස්වලින් අවතැන් වූ පලස්තීන සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ජෝර්දානය වහාම ක්‍රියාත්මක විය.

මුලදී, ලෙබනන් රජය සරනාගතයින් පිලිගැනීමට එකඟ වූ අතර පිටුවහල්ව සිටි තථ්‍ය පලස්තීන රජය වන PLOවට එහි දේශසීමා තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේය.  කෙසේ වෙතත්, 1972 සැප්තැම්බර් මාසයේ මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූල ඝාතනය කිරීම ඇතුලු ඉහල පෙලේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකින් පසුව, පලස්තීන ගරිල්ලා සටන්කරුවන් මර්දනය කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයෙන් එල්ල වූ බලපෑම්වලට ලෙබනනය නතු විය.

මියුනිච් ඝාතනවලට පලිගැනීමක් වශයෙන් 1973 අප්‍රේල් 9 වැනිදා ඊශ්‍රායල විශේෂ බලකාය ලෙබනනයට ගොඩ බැස PLO නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කළේය.  ඊට ප්‍රතිචාර වශයෙන් PLO හි ප්‍රධානී යසර් අරෆත් ඊශ්‍රායලයට එරෙහිව තවත් ප්‍රහාර සඳහා සූදානම් වීමට නියෝග කළේය.

PLO සටන්කාමීත්වය පූර්න පරිමානයේ ඊශ්‍රායල ආක්‍රමනයකට තුඩු දෙනු ඇතැයි යන බියෙන් ලෙබනන් ආන්ඩුව සන්නද්ධ පලස්තීන හමුදා සෘජුවම මර්දනය කිරීමට උත්සාහ කලේය.  එහෙත් PLO මර්දනය කිරීම, ආගමික හා වාර්ගික රේඛා ඔස්සේ බෙදී ගිය විවිධ කන්ඩායම් අතර බලය අවිනිශ්චිත ලෙස තුලනය කල ලෙබනන් ආන්ඩුව තුලම දේශපාලන අර්බුදය තීව්‍ර කළේය.

පලස්තීන ප්‍රශ්නය මෙම අර්බුදයට ඉමහත් ලෙස ඉන්ධන එක් කළේය.  මැරොනයිට් ක්‍රිස්තියානි කන්ඩායම් PLOවට විරුද්ධ වූ අතර ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරනය කිරීමට සහාය දුන්නේය.  අනෙක් අතට මුස්ලිම් කන්ඩායම් පොදුවේ පලස්තීනුවන්ට සහාය දුන්හ.

1973 මැයි මාසයේ බේරූට් හි සටන් මෙම කන්ඩායම් අතර දෙවසරකට පසු ඇවිලීමට නියමිත වූ සිවිල් යුද්ධයේ පූර්වගාමියා විය.  මැරොනයිට් මිලීෂියාවන්ට ආයුධ සහ මිලිටරි පුහුනුව ලබා දීමෙන් සිවිල් යුද්ධය උසිගැන්වීමේ දී ඊශ්‍රායල ආන්ඩුව එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව සිටියේය.

වසර 75 කට පෙර: උතුරු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරන ලදී

1948 මැයි 1 දින, උතුරු කොරියාවේ කම්කරු පක්ෂය ලෙස හැඳින්වූ ස්ටැලින්වාදී පක්ෂයට සම්බන්ධ බලවේග, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව (DPRK) ප්‍රකාශයට පත් කළේය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමය අතර වර්ධනය වෙමින් පවතින සීතල යුද්ධ ගැටුම මධ්‍යයේ මෙම ක්‍රියාව සිදු විය. සෝවියට් හමුදා උතුරේ සිටි අතර දකුනේ ආධිපත්‍යය දැරුවේ එක්සත් ජනපද හමුදාව ය. 

1910 සිට 1945 දක්වා කොරියාව සමස්තයක් ලෙස පැවතුනේ ජපන් ආක්‍රමනය යටතේ ය. දෙවන ලෝක යුද්ධය මධ්‍යයේ මෙම යටත් විජිත පාලනයේ ම්ලේච්ඡත්වය තීව්‍ර විය.  ජනගහනයෙන් බහුතරයක් යැපුම් කෘෂිකර්මාන්තයේ දිගටම වැඩ කළ නමුත්, ගැටුම මධ්‍යයේ, යුද කර්මාන්තයේ වැඩ කලවුන් ද ඇතුලු කාර්මික කම්කරු පන්තියක් ද මතු විය.

Image
කොරියාවේ ස්ටැලින්වාදී නායකයන් විසින් සෝවියට් හමුදාපතිවරු ප්යොංයැං වෙත සාදරයෙන් පිලි ගැනෙති [ඡායාරූපය: කොරියානු මහජන සඟරාව]

1945 ජපානය පරාජය වීමත් සමඟ අවිනිශ්චිත තත්වයක් වර්ධනය විය. ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ පක්ෂවාදී ව්‍යාපාරයක් දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීමට පටන් ගත්තේය.  මහජන කමිටු, ජනප්‍රිය ස්වයං පාලනයේ ආයතන ලෙස රට පුරා බිහි විය. සමහරක් ස්ටැලින්වාදීන්ගේ ආධිපත්‍යය දැරූ අතර අනෙක් ඒවා රැඩිකල් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ක්‍රිස්තියානි කන්ඩායම්වල නායකත්වය යටතේ පැවතින.

1945 අගභාගයේදී, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය නිදහස ලබා දීමට පෙර කොරියාවේ වසර පහක “භාරකාරත්වය” සඳහා එකඟ විය.  සෝවියට් හමුදා රටේ උතුර අල්ලා ගත් අතර එක්සත් ජනපද හමුදාව දකුනට පැමින බෙදීමකට වේදිකාව සැකසීය.

මෙය යුද්ධයේ අවසාන අදියරේ දී සහ එහි අවසානයේ දී අධිරාජ්‍යවාදය සමග නිලධාරි තන්ත‍්‍රය සිදු කල ප‍්‍රතිවිප්ලවවාදී ගනුදෙනුවේ කොටසක් විය.  විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ අනෙකුත් දේශසීමා ප්‍රදේශවල බලපෑම් ක්ෂේත්‍රයක් ඇතිකර ගැනීමට හිලව් වශයෙන්, බටහිර යුරෝපය තුල සහ ජාත්‍යන්තරව ධනවාදය යලි ස්ථාවර කිරීමට ස්ටැලින්වාදීහු කැපවී සිටියහ.

සෝවියට් බලපෑම යටතේ පැවති ප්‍රදේශ ද ඇතුලුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගනිමින්, එක්සත් ජනපදය සෝවියට් සංගමය සමග ගැටුමක් දියත් කිරීමත් සමග ආතතීන් වර්ධනය විය. 1946 දී උතුරේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ස්ටැලින්වාදීහු උදව් කලහ.  ස්ටැලින්වාදී කම්කරු පක්ෂය වැඩි වැඩියෙන් මහජන කමිටු තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අතරම එය, ස්ටැලින්වාදී හමුදාවන්ගෙන් සහ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කළ හිටපු ගරිල්ලන්ගෙන් සැදුම්ලත් ප්‍රාථමික හමුදාවක් පිහිටුවන ලදී.

1948 මුල් භාගය වන විට සීතල යුද්ධය බොහෝ දුරට උත්සන්න විය. දක්ෂිනාංශික ජාතිකවාදී බලවේගවල ආධිපත්‍යය සුරක්ෂිත කිරීම අරමුනු කරගනිමින් එක්සත් ජනපදය අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව මැතිවරන සංවිධානය කලේය. කෙසේ වෙතත්, එකී බලවේගවලින් සමහරක් පරාජයට බියෙන් ඡන්දය වර්ජනය කලහ. කොයි ලෙසින් ගනු ලැබූව ද , කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව පිහිටුවීම මඟින් හඟවනු ලැබුනේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ගැටුමට අනුකූලව, උතුරු සහ දකුන අතර භේදයේ ගැඹුරු වීමකි.

වසර 100 කට පෙර: කැනේඩියානු පාර්ලිමේන්තුව චීන බහිෂ්කරන පනත සම්මත කරයි

1923 මැයි 4 වන දින, කැනඩාවේ පාර්ලිමේන්තුව, අගමැති විලියම් ලියොන් මැකෙන්සි කිංගේ ලිබරල් ආන්ඩුව විසින් ලියන ලද නීතියක් සම්මත කලේය. නිල වශයෙන් චීන සංක්‍රමන පනත ලෙස හැඳින්වූ නමුත් එය, වඩාත් හොඳින් හැඳින්විය හැකි ව තිබුනේ චීන බහිෂ්කරන පනත ලෙස ය. එය විවිධ ප්‍රවර්ගවල චීන ජාතිකයන්ට කැනඩාවට ඇතුලුවීමේ දී, දැඩි සීමා පැනවීය. සමහර චීන වෙලෙන්දන්, සිසුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කැනඩාවේ තාවකාලිකව රැඳී සිටිය හැකි වූ නමුත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති ජනවාර්ගික චීන ජාතිකයන් ඇතුලු කිසිදු චීන ජාතිකයෙකුට එහි සංක්‍රමණය විය නොහැකි විය. 

මීට අමතරව, කැනේඩියානු පුරවැසිභාවය ඇති චීන ජාතිකයන් ද ඇතුළු චීන සම්භවයක් ඇති සෑම පුද්ගලයෙකුම, මෙම නීතිය සම්මත කිරීමෙන් පසු මාස 12 ක් ඇතුලත බලධාරීන් වෙත ලියාපදිංචි වී හැඳුනුම්පතක් ලබා ගැනීමට බැඳී සිටියේය.  අවනත නොවූ ඕනෑම අයෙකු සිරගත කිරීමට හෝ ඩොලර් 500 දක්වා දඩයකට මුහුන දීමට නියමිත විය. වසර දෙකකට වැඩි කාලයක් කැනඩාවෙන් පිටව ගිය ඕනෑම චීන ජාතිකයෙකුට නැවත රටට ඇතුලුවීම තහනම් විය.

කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගයේ වැඩ කරන චීන කම්කරුවන් [ඡායාරූපය: පුස්තකාලය සහ ලේඛනාගාරය/Bibliothèque et Archives Canada]

1881 සිට 1885 දක්වා කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා බොහෝ චීන කම්කරුවන් කැනඩාවට පැමින ඇත. දුම්රිය මාර්ගය අවසන් වූ පසු, චීන විරෝධී හැඟීම් ඇති වීමට පටන් ගත් අතර චීන කම්කරුවන්ගේ ස්ථිර පදිංචිය අධෛර්යමත් කිරීම සඳහා දේශීය නීති දුසිම් ගනනක් සම්මත කරන ලදී.

1885 දී, පාර්ලිමේන්තුව, ලිබරල්වාදීන් යටතේ ද, සෑම චීන සංක්‍රමනිකයෙකුටම ඩොලර් 50 ක ඇඟ බද්දක් පැනවූ පූර්ව චීන ආගමන පනතක් සම්මත කලේය.  1910 සංක්‍රමණ පනතක් මගින් “කැනඩාවේ දේශගුනයට හෝ අවශ්‍යතාවලට නුසුදුසු යැයි සැලකෙන ඕනෑම ජාතියකට අයත් සංක්‍රමනිකයන්” වාසය කිරීම සීමා කලේය.

චීන බහිෂ්කාර පනත අවලංගු කරන ලද්දේ 1947 ජුනි මාසයේදී පමනි. කැනඩාවේ ජාතිය සහ ආගම සම්බන්ධ සංක්‍රමන සීමා 1967 දක්වා පැවතුනි.

එක්සත් ජනපදය 1882 දී තමන්ගේම චීන බහිෂ්කාර පනතක් සම්මත කර තිබූ අතර, එය වසර 10 කට චීන ජාතිකයින් සංක්‍රමනය වීම තහනම් කලේය.  1902 දී තහනම ස්ථීර කරන ලද අතර, 1943 දී, එක්සත් ජනපදය වසරකට චීන ජාතිකයින් 105 දෙනෙකුට ඇතුලු වීමට අවසර දුන් අවස්ථාවේ එය අවලංගු කරන ලදී.  මෙම කෝටාව 1952 වන තෙක් අහෝසි නොකෙරින.

#theSocialistLK #WSWS

ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7 Read More »

The fight for principles and leadership of the working class: How SEP-SL bureaucracy expelled revolutionaries

By Sanjaya Jayasekera 

Image
Sanjaya speaking at a SEP Colombo Fort picket on 17 June 2019

The leadership of the Socialist Equality Party (SEP) – Sri Lanka recently (06 May) released three documents officially announcing that it has expelled two of its leading comrades, Nandana Nannetti and Sanjaya Jayasekera from the Party, almost half a year after the act. The announcement included a statement, a resolution of the Political Committee, which comprises a bureaucratic clique, and a letter by party’s General Secretary (GS)  to its membership, each relating to the expulsion of the aforesaid comrades. 

theSocialist.LK published a prelude to opening a discussion on the issues relating to these expulsions and the fight waged by the SEP-Left faction for revolutionary principles, theory and organization, and  two articles by comade Nannetti followed. This illustrative write-up is followed by my reply to Deepal Jayasekara, the GS, against  my expulsion, and will continue to brief the struggle of the left faction, as another step toward helping to draw the necessary political lessons and conclusions. 

One fact should be stressed at the outset. The membership and all sympathisers of the party will recognize the undeniable fact that the SEP-Left faction’s fight for a revolutionary Party always centred on securing the long traditions of Bolshevism and defending the struggle for Trotskyist permanent revolution. The party of the world socialist revolution in Sri Lanka and, mainly, of South Asia has to be saved, strengthened and built as the mass party of the revolutionary proletariat, resolving the historic crisis of the leadership. This requires a resolute fight against those who stand against these principles. 

Why Now? 

Anyone who first reads from the SEP statement the news that the said comrades  have  been expelled after a number of months since the same was done, will necessarily ask the unavoidable question: why is this revelation made just now? 

The reason given  by the statement is that “[t]he party decided not to publicize their expulsion, hoping that they would reconsider their increasingly destructive behavior and refusal to abide by party decisions. But, later this hope proved to be in vain. Instead, Nandana and Sanjaya have stepped up their open anti-party activities.” 

What does this statement mean? The party regime expected Sanjaya and Nandana to admit the allegations levelled against them by the regime and be qualified to be awarded the party membership. In any event, there was no communication of such ‘hopes’ from GS, who for half a year failed to abide by the provisions of the Constitution in respect of an expulsion of a party member. 

By stating so, this leadership covertly conceals history, the struggle waged by the left faction including Nandana and Sanjaya, and the political and organizational questions that remained unresolved within the party, even though all attempts were made by the faction at all instances to open discussions to resolve the issues. It also suppresses the facts leading to continuous calculated attempts by the leadership to silence dissent within the party, embodied by the left faction and few other comrades. 

The obvious reason for this sudden revelation by the Party regime was because all its attempts to politically silence Sanjaya and Nandana failed. The activities of the Colombo Action Committee (CAC), of which these two comrades are members, were denounced as being hostile to the party, and its statements were refused to be published in the WSWS, as its Sri Lanka Editor claimed, the CAC was not ‘approved’ by the Party prior to its establishment. However, in spite of CAC’s open requests to politically explain the so-called ‘hostility’, the party regime never made such explanations, even to-date. Instead, the regime took steps to ‘expose’ the conditions pertaining to the expulsions of these comrades, which explains nothing and draws no political lessons, but rather raises a series of questions that these write-ups are intended to answer. 

Personal Accusations

It is quite obvious that the approach of the SEP statement in levelling highly subjective personal  accusations against Sanjaya in the paragraphs 4 to 7  thereof is not the way of Marxists. The accusation has no basis and is factually incorrect:  he joined the party in 2009 just as he graduated. Thereafter, he undertook and was conferred a number of  leadership roles and was a writer for the world socialist website.  He was elected to the CC in both congresses held in 2015 and 2018, and selected to the Political Committee (PC). In 2018, Comrade Dias himself recommended the presence of Sanjaya, being a lawyer,  in the PC.  Now, the leadership should respond, at what stage  did the party turn to psychoanalysis and subject Sanjaya to such analysis and find that their accusations are merited? 

These baseless allegations made for the first time in this statement does nothing but nauseatingly expose the petty mentality which unconsciously led the middle-class stratum of the Party bureaucracy in their  relationship with Sanjaya. Pathetic! The regime knows these accusations only appeal to the gullible and backward layers attracted to the party, upon which it endeavors to tighten its strength.  

Before the Expulsion

Sanjaya’s expulsion for sharing two Facebook posts of the Colombo Action Committee was preceded by his suspension for several months for intervening, with a revolutionary perspective, in the historic mass struggles of the last year (2022) and delivering a public lecture at Public University, GotaGoGama on 15 June. The details regarding this unprincipled suspension which was vehemently objected to by Sanjaya in his self-defensive letter to the party is a matter that could be considered separately.  

While the statement says that the Party was careful not to publicize these expulsions with good hopes, it does not explain why it suppressed the fact, even from the membership of the party, that Sanjaya resigned from the membership of the Political Committee and from the Chairmanship of the Action Committee for the Defence of Freedom of Art and Expression (ACDAE), for reasons stipulated,  in late September 2021. No political assessment of this resignation was done, no official communication made and explanation provided to the membership,  nor discussion held either with Sanjaya or within the party membership in this regard. Being an all powerful clique, they very well knew, there was no space for such comradely discussions; so why bother? 

The ‘purge’ against Sanjaya commenced since then.  In November 2021, Sanjaya joined the debate on the stance of the International Committee of the Fourth International (ICFI) in respect of the right of and the slogan of self-determination of the oppressed nations, and defended the ICFI analysis and position in that regard. When comrade Nandana was suspended  on the allegation that he distorted the ICFI’s stance in that regard, Sanjaya stood by Nandana, in Locale meetings and in one Central Committee (CC) meeting,  as the allegation was wrong and suspension unfounded.  

Due to this reason, Sanjaya was imposed two specific conditions – which were akin to standing orders of the party Congress – parallel to such imposition on Nandana, to be specifically bound by, as a prerequisite for permitting to attend the third national Congress of the Party. In response to the imposition of these conditions, which both Sanjaya and Nandana admitted, Sanjaya wrote a long letter, dated 08 February 2022,  addressed to the then General Secretary, comrade Wije Dias, denying the several allegations of discipline. This letter also explained the reasons for my resignation from PC,  giving eight items of political issues regarding the party’s political engagement and the work of the Editorial Board.  It stated as follows:

“The decision to resign from the membership of the PC was never caused by subjugation to middle class pressures to abandon my revolutionary responsibilities, but was taken as the last resort, when I was finally unable to bear the pressure I had to bear as a member of the PC itself. This pressure was due to the non-availability of democratic space to vent out my constructive, but critical and dissenting views, which would be debatable. The following observations are based on my experience and understanding of the matters within the Party, and are required to be discussed seriously, patiently, democratically and in a very healthy and comradely manner without any sense of intimidation or suppression or political profiling. Having often been subjected to political profiling i.e. being blamed as being subjected to middle class (alien) pressures whenever a dissenting view was expressed during PC meetings – my experience was that there was no such healthy environment within the PC for such serious discussions of the following, inter alia…”

This letter also explained in detail why Sanjaya was compelled  to resign as chairman of ACDAE: The growing cynicism and lack of trust of the leadership in him,  lack of support from the party leadership, the use of the action committee only as a tool of party recruitment and propaganda, converting it to another organ of the party, which he objected to. 

Contribution in the Third National Congress

Party’s third National Congress, which was called unconstitutionally, was postponed due to the objections raised by the left-faction in its letter to the party dated 10 February 2022, demanding discussion and resolution of political disputes before the Congress, and revocation of Comrade Nandana’s suspension, to enable him to participate in pre-congress discussions. 

With the intervention of the International Committee the Congress was thus postponed, but its advice was disregarded: to discuss and resolve the internal disputes before the Congress. 

On 15 May, intervening in the congress proceedings, Sanjaya stated as follows:

In the World Socialist Web Site, we have noted that the manifestation of the global economic crisis experienced in Sri Lanka, against the backdrop of the contradictions of the world imperialist capitalist system that has exploded through the Russia-Ukraine war, has marked a decisive development in a series of struggles of the global working class. We have made the effort to bring to a higher level the theoretical and political struggle against the pseudoleft and struggled relentlessly against capitalist reformism, nationalism and trade unionism as the most essential foundations for the task of giving a revolutionary orientation to the class struggles in Sri Lanka and building the party as the mass party of the workers and the oppressed. We have advanced the program of an international alliance of independent action committees as the practical political action of this struggle.

The experience of the people’s struggles against the Rajapaksa government has taught the party the necessity to bind itself organically to such struggles and their developments, not to be alien to them, but to provide theoretical, perspective-wise and essentially practical leadership promptly and at all stages in the coming revolutionary struggles during the decade of the socialist revolution. Our international movement’s clarification that, had there been a section of our party in the Egyptian revolution, the direction of that revolution would have changed, has a direct relevance to our party in Sri Lanka.

Social and political dialectics and ideologies that develop in the working class, youth and students, as well as the party’s perspectives, program, and practical activities, all of these must be subjected to sharp analyzes and critical discussions by the comrades of the party in all party bodies, and this is the most essential requirement of materializing the party tasks that have been placed before us through the perspective of the congress. That is to establish inner party democracy. Lenin described the organizational method of democratic centralism in the revolutionary party as “freedom to criticize, unity in action”.

In order to carry out the historical political tasks assigned to the party, as explained in the Congress resolutions, I propose that the party leadership and the membership should commit themselves after this Congress to raising the level of education and critical intelligence of the party comrades, by defeating the particular “anti-intellectualism” rooted in the party for a considerable period of time, as well as by overcoming the “theoretical and critical poverty” of our comrades, to advance the party with new energy.”

The party bureaucracy did not want to commit to these critical demands of the objective development within and outside the party, but was hell-bent on suppressing the left-faction, first targeting Nandana and Sanjaya. 

Intervention in the GotaGoGama

Since early April 2022, the left faction was demanding that the  party take every step to fight for the leadership of the mass struggles or to endeavor to impose a considerable influence upon the struggles against the Rajapaksha government. The party regime considered it alien to the mass struggles and let it be exploited and derailed by the pseudo-left. In its fight for active intervention in the mass struggles, the left faction was guided by the lessons of the experiences of the Egypt revolution and the following counter-revolution.

Image
Sanjaya in the historic Galleface Greens lecture
on 15 June 2022

A letter sent to the Central Committee in the early hours of 09 April 2022  in this regard will testify to this struggle by the left-faction, and will be published here  sooner.  

The issue of calling to prepare the working class for a general political strike had already been raised by comrade Nandana and others and this demand was rejected by leadership saying that neither the party, nor the working, class was ready for such a general strike. The masses had to be  prepared for a general strike during a period of time, and hence the demand of the left faction.

Even the invitations by party sympathizers who were active in the mass struggles to intervene in the protest site at Galle Face Greens (GotaGoGama) were refused by the members of the leadership, saying the place was not safe for party cadre. 

It is in these circumstances, that Sanjaya was offered to deliver a lecture on the topic of  “Freedom of Art, the Experience of the Struggle and the Way Forward”. This was communicated to the party leadership as soon as it was received, about two weeks before the event. The CC statement shamefully suppresses the necessary facts and correspondence, only to serve one purpose, to justify Sanjaya’s suspension for intervening in the mass struggles with the perspective of the International Committee. The party bureaucracy tried to block Sanjaya’s participation in the Public University lecture at the eleventh hour, and led the Locale to pass an urgent resolution against his imminent intervention, in the absence of himself, comrades Ananda Wakkumbura and Fareeda who were Locale members. 

Sanjaya’s self-defensive letter dated 15 August 2022, consisting of 20 pages including all correspondence in this regard, clearly explains why the suspension was arbitrary. 

In any event, it should be stressed that, in the absence of any prohibition for Sanjaya’s intervention in GotaGoGama, not representing the party there,  even till the event was advertised in social media, the  decision to go ahead with the  intervention was a politically calculated, conscious one taken by the comrades of the left-faction. There was no option but taking the risk of being subjected to disciplinary actions by the party regime, for not abiding by its last-hour resolutions. That risk was taken, because the comrades correctly assessed and firmly believed   in the historical significance of that intervention. 

Sanjaya’s said letter in its concluding paragraphs aptly stated as follows:

“The PC proceeding to suspend three leading comrades of the party taking refuge in its bureaucratic maneuvers, while subjecting them for a considerable time to continuous slanders, suppression and intimidation within Locales and membership meetings, just because they have refused to be “yes-men”, is a rotten indication of a danger that the party leadership and then the whole party is decelerating into a political degeneration within.”

This danger should be defeated. That is the responsibility of a conscious, critical membership, which should have no other bias but the working class. 

The principles on Party Unity in the SWP resolution (from The Struggle for a Proletarian Party) referred to in the SEP statement equally applies today:

 ” The Socialist Workers Party is a revolutionary Marxian party, based on a definite program, whose aim is the organisation of the working class in the struggle for power and the transformation of the existing social order. All of its activities, its methods and its internal regime are subordinated to this aim and are designed to serve it.

Only a self-acting and critical-minded membership is capable of forging and consolidating such a party and of solving its problems by collective thought, discussion and experience. From this follows the need of assuring the widest party democracy in the ranks of the organisation.”

Expulsion

As mentioned above, Sanjaya’s expulsion from the party membership, without any disciplinary inquiry, and any opportunity to hear an appeal,  was based on sharing two facebook posts of the CAC. 

This expulsion was objected to by Sanjaya in his letter dated 24 November 2022 addressed to Comrade Deepal Jayasekara, which was also intended to partly respond to the 12 November CC’s Resolution aforesaid. 

This letter, which is self-explanatory,  is reproduced below, and will answer a number of questions arising from the documents published by the party. 

Questions of discipline demand political explanations, which the party bureaucracy continuously failed to arrive at.

While the SEP bureaucracy cites the SWP Resolution to attack its expelled comrades on the issue of discipline, it fatally fails to  draw the necessary lessons from that resolution which intended to prevent a rift within the Party.   

Image
Sanjaya invited to speak at a meeting of Rationalists on freedom of expression,  24 August 2019

24 November 2022

Deepal Jayasekera, General Secretary, 

Socialist Equality Party, 

Sri Lanka,

Dear Comrade,

I am perturbed, but not surprised, to receive your email dated 19 November 2022 (10.50am), along with the attached document, communicating to me a Central Committee (CC) decision expelling me from the membership of the Socialist Equality Party-Sri Lanka (SEP). Please be informed that I do not agree with the said decision of the CC and PC to expel me, and vehemently object to the positions taken by the Party leadership and communicated to me as aforesaid.

I am perturbed, but not surprised, to receive your email dated 19 November 2022 (10.50am), along with the attached document, communicating to me a Central Committee (CC) decision expelling me from the membership of the Socialist Equality Party-Sri Lanka (SEP). Please be informed that I do not agree with the said decision of the CC and PC to expel me, and vehemently object to the positions taken by the Party leadership and communicated to me as aforesaid.

This letter is to briefly communicate my immediate response to your decision and I will write more for further clarifications, whenever required.

Once again, this decision of the CC and PC shows the continuation of the party leadership’s undemocratic and bureaucratic approach to avoid and suppress serious political questions and organizational matters of the Party, and to cover it up with fake assertions of democratic centralism.

The procedure adopted to expel me from the membership is flawed and antidemocratic. According to your letter, the decision to expel has been taken by the CC at a meeting held on 12 November 2022. You provide no report as to what were the issues debated, what were the salient points of issues for and against the proposal to expel, and which Comrade made which submission. As with my previous suspension of membership for delivering a lecture in GotaGoGama during recent mass struggles, once again, you have not issued me any charges and time to respond, and no disciplinary inquiry has been held. On top of that, you have continuously rejected any discussion with me and Comrade Nandana (or Wakkumbura) on the disputed issues, though such a discussion was repeatedly requested by us and other concerned comrades.

Tragically, your letter also fails to mention anything discussed with the other members of the International Committee, including Comrade David North, about the disciplinary measures taken against myself, comrades Nandana and Wakkumbura and what political clarifications made during such discussions, in relation to our previous suspensions or instant expulsions.

Your letter is intended to misdirect and suppress very material facts and therefore is dishonest. While mentioning about my suspension – which suspension was extended by the Party leadership including yourself for a period of five months without communicating to me any decision taken by the Party and not giving me any discussion with the party, and intended to keep me politically dead and inactive for an indefinite time – your letter suppresses the material fact that I sent a 20-page long letter (dated 15 August 2022) to you against my suspension, with all facts and correspondence. Not even a word uttered in your letter about this important letter, where I deny all your allegations, and you do not mention whether it was discussed in the PC or CC and with IC, and among the membership. However, I am aware that just one or two days after you sent me your 19 November letter, you had already shared your letter with the membership. Not even natural justice!

Failing to mention the aforesaid, in order to falsify facts and hoodwink gullible membership, you only mention that ” Sanjaya has not so far openly admitted that he has breached party discipline, and is continuing to justify his act” (translation mine). If I was supposed to accept your allegation that I had breached party discipline, what is the purpose of requesting by your letter dated 25 July 2022 to respond to your letter of suspension? Does that mean the suspension and its confirmation were already decided, whatever be my reply and objections? Also, why do you fail to mention where and how I have justified my act and how you dispute my justification?

Now, the new allegations against me for expelling me from the membership is sharing two Facebook posts of Colombo Action Committee (CACPS)! The party leadership had no reason to object to me being elected as Chairperson of the Action Committee, but raised guns when I shared, as I should, two Facebook posts of the action committee. Your so-called warning had no merit, and did not contain any responses to the issues raised by the relevant document of the action committee, and it was solely intended to silence dissent.

It is my best knowledge that Comrade Nandana, for a number of times, even at a CC meeting where I and Nandana last attended early this year, requested to have a discussion on the political matters at issue, but the leadership continuously failed to provide it. Instead, on fabulous allegations, the leadership suspended his membership, extended it, permitted some members of the party leadership to spread lies against us, closed all room for free discussion in Locale meetings, and forced comrade Nandana to resort to openly defend himself and his revolutionary personality within the party membership and among the working class at large.

The party leadership showed its extensive sectarian attitude to recent April-July struggles, by turning its back to these struggles and not taking adequate measures to actively engage the party, its student movement or action committees to fight for the revolutionary programme within the mass movement. The 20 July Statement calling for a Democratic and Socialist Congress of Workers and the poor cuts across this sectarianism of the Party leadership.

The Colombo Action Committee was established by delegates, in compliance with this 20 July statement, to wage struggles ahead to build a mass anti-capitalist movement.

Sanjaya, Nandana, Nihal , Udayaprema, and a number of other comrades of the Party are fighting for ICFI’s revolutionary perspective within the Action Committee.

Two statements sent by CACPS to WSWS Sri Lanka Editor were not published in WSWS, and I am aware that the Sri Lankan editor has communicated to the Action Committee no valid reason for not publishing the statements. CACPS asked for any such reasons from the Editor, but no reply was received. Subsequently, the CACPS, in order to respond to the quarries of its members and to tell the truth to the working class, published two posts in its social media (fb) page that the statements have not been published, and expressed its willingness to work hand-in-hand with the WSWS in the future.

None of the political issues raised by the CACPS or its members or any issue with the CACPS itself were addressed by the party leadership (relevant documents are available at fb.com/colomboacps page). It adamantly decided to ignore and not to reply to the several questions raised or to explain its opposition regarding the Action Committee, which is gaining momentum within sections of the working class, urban poor and youth.

Instead of explaining these political issues for the political clarification of the working class and the youth, the leadership of our party decided to witch-hunt those who shared these posts and ‘purge’ the party of them. Sanjaya and Nandana are victims of that ‘purge’. The party leadership seems to have assumed that its decision of nonreplying to the several political questions raised by CACPS is not detrimental to the health of the Party, but retaining members connected to the Action Committee is more harmful and should be expelled. The leadership has thus decided not to tackle the political issues politically, but to administratively ‘purge’ those who the leadership think are instrumental in raising those questions. How pathetic!

A sectarian leadership of a revolutionary party would be best characterized, in Trotsky’s words, by identifying it with ‘alienism to great historical movements, a hardened conservative mentality, smug narrowness, and a most primitive political cowardice‘. Taking all matters into consideration, this description aptly suits the character of the present leadership of our party.

The Leadership which asserts centralism without democracy that makes room for free discussion and criticism, stops at the dead end of bureaucratism and opportunism. Organizational centralism that is not subject to internal democratic debate in the party pushes the leadership towards this retrogression. Then, centralism is another cover for bureaucracy. Party discipline is the unity of action thus subjected to democratic free discussion and criticism. Otherwise, subjecting party membership to a so-called discipline of centralism is to strengthen bureaucracy. This is fatally inimical to the class struggle.

Lenin reiterated:

“We have more than once already enunciated our theoretical views on the importance of discipline and on how this concept is to be understood in the party of the working class. We defined it as: unity of action, freedom of discussion and criticism. Only such Discipline is worthy of the democratic party of the advanced class.” [Party Discipline and the Fight Against the Pro-Cadet Social-Democrats, 1906]

In ‘I stake my Life'(1933), Trotsky, referring to Stalinist party bureaucracy, aptly stated, “fear of criticism is fear of the masses. The bureaucracy is afraid of the people.” The present leadership of our party is afraid of democratic criticism and therefore fears the masses, so the class struggle. It then wishes to be seperate from the mass movement. It even feared to call the working class for the preparation of a political general strike. That is why the leadership considers criticism is hostile to itself, and uses administrative measures to keep criticism and discussion within the party suppressed.

Having long been stuck in its comfort zone, immune from mass struggles and moving away from deep-root social dialectics, the Party has been suffering from a severe leadership crisis and is rotting within. Its general membership lacks in-depth understanding of the theoretical nuances necessary for political clarity and largely avoids political debates among the masses. I have succinctly pointed out these developments in my 15 August letter. The analyses of the articles published originally in the World Socialist Web Site Sinhala section have been lacking theoretical depth for a considerable time (raising these issues in the Locale meetings has been prohibited ). I once again wish to reiterate my statement (attached hereto) I made at the third Congress of the Party, as a Central Committee member of the party since 2015 till the last Congress.

The party leadership never wished to face these challenges, but wished to ‘purge’ those who raised the issues. Regrettably, this reactionary approach will not help to build revolutionary leadership within the mass movement.

The all-time panacea used against political dissidents within the party is once again used against Sanjaya and Nandana: being subject to middle class pressures. What is the political content of these middle class pressures ?; What is its political characteristic, natue?; What political deviations these pressures have manifested in ?; Is this middle class tendency ‘purged’ finally when these two comrades Sanjaya and Nandana are expelled? The CC has to seriously explain these questions, inter alia.

I hereby request to revoke my expulsion immediately, and open the floors for a discussion. Once again I wish to request such a discussion, preferably under the supervision and guidance of the IC, with the Party, to discuss all the political issues upon which, it’s no secret, that there is an open and well-known rift grown between the party leadership and a faction of comrades within the party including myself, comrade Nandana and others. Our expulsion is intended to intimidate and threaten the known members of this group within the party and suppress the political issues we have been raising.

The future is an epoch of intense class struggles. I reiterate I have one and only bias, a bias to the working class. As such, I do not hesitate to risk my life to defend the true heritage which the ICFI has been long fighting for, to complete the unfinished tasks of the past century in ours.

Comradely,

Sanjaya Jayasekera,

Colombo. 

#theSocialistLK

The fight for principles and leadership of the working class: How SEP-SL bureaucracy expelled revolutionaries Read More »

ජාතික මැතිවරණයට පෙර තුර්කියේ මහා මැයි දින පෙළපාලි පැවැත්වේ

Ulaş Ateşçi විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 01 දින Mass May Day demonstrations in Turkey ahead of national elections  යන සිරසින් යුතුව පලවූ Ulaş Ateşçi විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

කම්කරු පන්තියේ එකමුතුවේ හා අරගලයේ ජාත්‍යන්තර දිනය වන මැයි දිනය වෙනුවෙන් ඊයේ තුර්කිය පුරා පෙලපාලිවලට කම්කරුවෝ හා තරුනයෝ ලක්ෂ ගනනක් සහභාගී වූහ. දස දහස් ගනනක් ජනයා ඉස්තාන්බුල්හි මොල්ටිපෙ Maltepe චතුරශ්‍රයට රැස්ව සිටි අතර, පොලීසිය විසින් ඓතිහාසික මැයි දින චතුරශ්‍රය වන ටක්සිම් Taksim හි උද්ඝෝෂණ කිරීමට උනන්දු වූ දුසිම් ගනනක්, ප්‍රචණ්ඩ ලෙස ප්‍රහාරයට ලක් කර අත්අඩංගුවට ගන්නා ලදී.

Image
2023 මැයි 1 සඳුදා, තුර්කියේ ඉස්තාන්බුල් හි මැයි දින පෙළපාලියේ දී විරෝධතාකරුවන් සටන් පාඨ කියති [AP ඡායාරූපය/ඛලීල් හම්රා]

තුර්කියේ අගනුවර වන අන්කාරා සහ ඉස්මීර්, බර්සා සහ ඩයර්බකීර්, කෝන්යා, කයිසේරි, ආර්ට්වින්, සැම්සුන්, යාලෝවා, සොන්ගුල්ඩක් සහ එස්කිසෙහීර් ඇතුළු අනෙකුත් ප්‍රධාන නගරවල මහා මැයි දින පෙළපාලි පැවැත්විණි. තුර්කියේ විශාලතම වෘත්තීය සමිති සම්මේලනය වන රජයට පක්ෂපාතී, මිලියන 1.2ක සාමාජිකත්වයෙන් යුතු (ටූකිෂ්) Türk-İş  විසින් කම්කරුවන් 6,000ක් පමණ සම්බන්ධ වූ  රැලියක් අදනා ( Adana) හි සංවිධානය කරනු ලැබින.

නිල ගණනයන් අනුව 50,000 කට වැඩි තුර්කි ජනයා මරණයට පත් වූ, මිලියන ගණනක් අවතැන් වූ තුර්කියේ සහ සිරියාවේ පෙබරවාරි 6දාපසිදු වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ හටායි Hatay සහ ගාසියාන්ටෙප් Gaziantep හි කම්කරුවෝ ද මැයි දිනය සැමරූහ. ඔවුහු ධනේශ්වර ක්‍රමයට සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයට, විශේෂයෙන්ම මෙම මහා සමාජ ව්‍යසනය පිටුපස සිටින ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගාන්ගේ ආන්ඩුවට එරෙහිව සිය කෝපය ප්‍රකාශ කළහ.

ට්විටර් පණිවිඩයක් මගින් එර්ඩෝගන් පැවසුවේ, “අපි සැමවිටම උත්සාහ කළේ ඔබට [කම්කරුවන්ට] ඔබේ අයිතිවාසිකම් ලබා දීමටයි. වසර ගණනාවක් සූරාකෑමේ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කළ මැයි දිනය අපි ඔබට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර එය සැබෑ කම්කරු දිනයක් බවට පත් කළෙමු.”යි යනුවෙනි. ඉන් පසු ඔහු මැයි 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ලබා දෙනලෙස ඉල්ලා සිටියේය: “මගේ සහෝදර කම්කරුවනි, මම ඔබගේ සහයෝගය මත විශ්වාසය තබමි.”යි ඔහු කීය.

ඇත්ත වශයෙන්ම, 2002 දී බලයට පත් වූ එර්ඩෝගන් ගේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP), 1980 නේටෝවේ පිටුබලය ලත් හමුදා කුමන්ත්‍රණයෙන් පසු මැයි දිනය තහනම් කිරීම සහ ඒ්වෙනුවෙන් පැවතී  රජයේ නිවාඩුව අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළේය.

කෙසේ වෙතත්, විශේෂයෙන් 2007 සිට, මැයි දින පෙළපාලි සඳහා ඓතිහාසික ටක්සිම් චතුරශ්‍රය විවෘත කිරීම සහ මැයි 1 වන දින නිල නිවාඩුවක් යන දෙකම ඉල්ලා වැඩෙන මහජන පෙළපාලි හමුවේ, 2009 දී එය නැවත නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එර්ඩෝගන්ට  සිදු විය.

1977 දී, ටක්සිම් චතුරශ්‍රයේ “ලේවැකි මැයි දිනය”අවස්ථාවේ, ස්වයංක්‍රීය රයිෆල් ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ; වෙඩික්කරුවන්ට කිසි විටෙකත් චෝදනා එල්ල වී නැත. 2010 සහ 2013 අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මැයි දිනය සැමරූ තක්සිම් චතුරශ්‍රය 2013 සිට කම්කරුවන්ගේ පෙළපාලි සඳහා අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වසා දමනු ලබෙ ඇත.

කම්කරු පන්තිය, කම්කරුවන් පිලිබඳ එර්ඩෝගන්ගේ වාචාල ප්‍රකාශ නොතකා, පෙර නොවූ විරූ උද්ධමනය හා නිර්දය දරිද්‍රතාවයට එරෙහිව අරගල කරමින් සිටී. සැබෑ වාර්ෂික උද්ධමනය සියයට 110 ඉක්මවන අතර ජනගහනයෙන් සියයට 90 ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති.

තුර්කියේ 300,000 වැඩි පිරිසකගේ වැළැක්විය හැකි අතිරික්ත මරණ   සංඛ්‍යාවට තුඩු දුන් COVID-19  වසංගත  සමයේ දී කම්කරු පන්තියේ සිට මූල්‍ය ප්‍රාග්ධනය වෙත ධනය විශාල ලෙස මාරු කිරීම  එර්ඩෝගන්ට විසින් මෙහෙයවනු ලබිනි. තුර්කි බැංකු අංශයේ මුළු ශුද්ධ ලාභය 2022 දී සියයට 366 කින් වැඩි විය. ඊට වෙනස්ව, ජාතික ආදායමේ ශ්‍රමයට ලැබෙන කොටස 2016 දී සියයට 32 සිට 2022 දී සියයට 23.7 දක්වා එනම් 2002 ට වඩා අඩු විය.

තුර්කියේ පෙලපාලිවල කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වැඩෙන සටන්කාමීත්වයත්, මෙම සටන්කාමීත්වය මාරාන්තික අවසානයක් දෙසට යොමු කිරීම සදහා පෙලපාලි මෙහෙයවන වෘත්තීය සමිති නිලධාරීන්ගේ සහ ව්‍යාජ-වාම කන්ඩායම්වල ප්‍රයත්නය අතර ප්‍රතිවිරෝධතාවයි.

DİSK සහ KESK සම්මේලනවල නායකත්වය ඉස්තාන්බුල්, මොල්ටිපෙහි පැවති ප්‍රධාන මැයි දින රැලියේදී, උත්සාහ කළේ එර්ඩෝගන් ආන්ඩුවට එරෙහි පුලුල් කම්කරුවන්ගේ කෝපය මැයි 14 මැතිවරනය දි ධනේශ්වර විපක්ෂය පිටුපස යැවීමටය. මෙම ප්‍රතිගාමී ප්‍රතිපත්තියේ අරමුන කම්කරුවන් ධනේශ්වර ක්‍රමයේ රාමුව තුල තබා ගැනීමයි.

යුක්රේනයේ රුසියාව සමග කරගෙන යන නේටෝ යුද්ධය, අඛන්ඩව උත්සන්න වෙමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියට න්‍යෂ්ටික යුද්ධයේ හදිසි තර්ජනය මතු කරයි. එය වෘත්තීය සමිති නිලධරයන් හෝ ව්‍යාජ-වාම පක්ෂ විසින් මතු කරනු ලැබුනේ නැත. එහෙත් රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ සැලකිය යුතු උත්සන්නවීමක් සනිටුහන් කරමින් තුර්කි පාර්ලිමේන්තුව ෆින්ලන්තයට නේටෝවේ සාමාජිකත්වය දීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉක්බිති මාසයක් පමණක් ගත වී ඇත.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරය හෝ ව්‍යාජ-වාම පක්ෂ ජනාධිපතිවරණයේ දී එර්ඩෝගන්ගේ  ප්‍රතිවාදියා වන ජාතික සන්ධානය (Nation Alliance) හි අපේක්ෂක කෙමාල් කිලික්ඩරොග්ලු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමෙන්,තම ධනේශ්වර සගයන් අමනාප වීම වළක්වා ගැනීමට උත්සාහ කළහ. ඇත්ත වශයෙන්මඑර්ඩෝගන්ගේ මහජන සන්ධානය ( People’s Alliance) සහ ජාතික සන්ධානය යන දෙඅංශයේම සියලුම පක්ෂ ෆින්ලන්තයේ NATO සාමාජිකත්වයට ඒකමතිකව සහාය දීමෙන් අධිරාජ්‍යවාදයට තම පක්ෂපාතිත්වය තහවුරු කළහ.

කුර්දි ජාතිකවාදී මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (HDP) ඡන්දයට සහභාගි නොවූ නමුත් ෆින්ලන්තයේ “ආරක්ෂක උත්සුකයන් නීත්‍යානුකූල” බව ප්‍රකාශ කරමින් නේටෝවේ වාචාලකම ප්‍රතිරාවය කළේය. තුර්කියේ ව්‍යාජ-වාම කම්කරු පක්ෂය (TİP), එහි සගයා වන HDP සමග, ජාතික සන්ධානය පිටුපස සිටින අතර, එය අධිරාජ්‍ය-විරෝධී හෝ සමාජවාදී පක්ෂයක් නොවන බව පැහැදිලි කරමින් ඡන්දයට සහභාගී නොවීය.

මෙම මැයි දිනය කම්කරුවන්ගේ සතුරන්ගේ පාලනය යටතේ අප සමරන අවසාන මැයි දිනය වනු ඇත,” යනුවෙන්,TİP සභාපති එර්කැන් බාස් (Erkan Baş) මොල්ටිපෙ රැලියේදී කල සිය කතාවේදී ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “දින 13කට පසුව, මෙහි රැස්ව සිටින දස දහස් ගණන් ජනතාව ඉතිහාසයේ සටහනක් ලියනු ඇත: මේ රටේ පැවතියේ එහි ජනතාව පීඩාවට පත් කරමින්, ඔවුන් බඩගින්නේ සහ දුප්පත්කමට පත් කළ කුරිරු රජයකි; අපි කියනවා මේ ආණ්ඩුව ‘තවදුරටත් නො පවති කියා.”

බාස්ගේ මෙම ප්‍රකාශය දේශපාලන බොරුවකි. ඇත්ත වශයෙන්ම, ධනේශ්වරයේ තවත් දක්ෂිනාංශික සහ නේටෝ ගැති නියෝජිතයෙකු වන කිලික්ඩරොග්ලු , එර්ඩෝගන් වෙනුවට ජනාධිපති වුවහොත් හෝ එර්ඩෝගන්  ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වුවහොත්, තුර්කියේ ධනවාදය සහ ධනේශ්වර පාලනය අවසන් නොවනු ඇත. කම්කරු පන්තිය සමාජවාදී විප්ලවයක් හරහා බලය අතට ගන්නා තුරු, මැයි දිනය තුර්කියේ සහ ජාත්‍යන්තරව “කම්කරුවන්ගේ සතුරන්ගේ පාලනය යටතේ” සමරනු ලැබේ.

DİSK සභාපතිනි Arzu Çerkezoğlu හා සමානව ධනේශ්වර ජාතික සන්ධානය පිටුපස කම්කරු පන්තිය හා තරුනයන් තුල විරුද්ධත්වය මෙහෙයවීම කෙරෙහි අවධානය යොමු කළාය. “අපි මැයි 14 වෙනිදා කරට කර, උරෙන් උර ගැටී, නපුර සහ යහපත අතර, බොරුව සහ සත්‍යය අතර, නිර්ලජ්ජිතකම සහ නිහතමානීකම අතර, සොරකම සහ අපගේ නළලේ දහඩිය අතර තෝරා ගනිමු,” ඇය එසේ කීමටපෙර ප්‍රකාශ කලේ: “අපි එක්ව මෙම නපුරු පිළිවෙල ඉවත් කරමු.” යන්නයි.

අර්ඩොකාන්ට “විකල්පයක්” ලෙස TİP සහ DİSK සහාය දක්වන කිලික්ඩරොග්ලු , තමන් පිහිටුවීමට සූදානම් වන්නේ කෙබඳු දක්ෂිනාංශික ආන්ඩුවක් ද යන්න යලිත් වරක් හෙලිදරව් කරමින් ඊයේ සොන්ගුල්ඩක්  හි කතා කළේය.

කිලික්ඩරොග්ලු දිගු කලක් තිස්සේ වැඩෙන සමාජ විරෝධය ප්‍රතිගාමී, සිරියානු විරෝධී දිශාවකට හරවා යැවීමට උත්සාහ කර ඇත. ඊයේ ඔහු නැවතත් කම්කරු පන්තියේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස වන සරණාගතයින් ඉලක්ක කර ගනිමින් මෙසේ ප්‍රකාශ කළේය: “අපට සිරියානුවන් මිලියන 3.6ක් සිටිනවා. ඔබගේ ඡන්දයෙන්, දෙවියන් කැමති නම්, මම අපේ සියලුම සිරියානු සහෝදර සහෝදරියන් වසර දෙකක් ඇතුළත ඔවුන්ගේ මව් රටවලට යවන්නෙමි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඔවුන් කියනවා කෙමාල් මහතා ජාතිකවාදියෙක් නොවේ. තම මව්බිමට ආදරය කරන්නේ කවුද? කෙමාල් මහතා. විදේශිකයන් ආපසු යැවීමට කැමති කාටද? මිස්ටර් කෙමාල්.”

යථාර්ථය නම්, තුර්කියේ සිටින තුර්කි හෝ කුර්දි කම්කරුවන්ට සිරියානුවන්, ඇෆ්ගන් ජාතිකයන් හෝ වෙනත් සරණාගතයින් සහ සංක්‍රමණික කම්කරුවන් සමඟ ගැටලුවක් නැති බවය. තුර්කිය ඇතුළු නේටෝ බලවතුන්ගේ ලේවැකි මිලිටරි මැදිහත්වීම්වලට ගොදුරු වූ සිරියානු සහ ඇෆ්ගන් වැඩකරන ජනතාව, තුර්කියේ ධනපතියන්ගේ අසීමිත සූරාකෑමට ලක්ව සිටිති. ඒ අතරම, ධනේශ්වර ක‍්‍රමයෙන් පැන නගින සමාජ ප‍්‍රශ්න සඳහා ඔවුන් බිල්ලට ගනී.

මැයි 14 මැතිවරනයෙන් පාලක පන්තියේ කුමන දක්ෂිනාංශික කන්ඩායමක් ජය ගත්තද, ගෝලීය ධනවාදය තුල මුල් බැස ඇති මූලික ගැටලු උත්සන්න වනවා මිස විසඳනු නොලැබේ. කම්කරු පන්තිය මුහුන දෙන හදිසි කර්තව්‍යය වන්නේ ධනේශ්වරයේ සහ වෘත්තීය සමිති නිලධරයේ සියලු කන්ඩායම් වලින් සිය දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමයි.

#theSocialistLK #WSWS 

ජාතික මැතිවරණයට පෙර තුර්කියේ මහා මැයි දින පෙළපාලි පැවැත්වේ Read More »

පැබ්ලෝ නෙරූඩා, චිලී ජාතික කවියාගේ 1973 ඝාතනයේ සාක්ෂි ඉදිරිපත් කෙරේ

රෆායෙල් අසූල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු මස 13 දින Evidence presented in 1973 murder of Chilean poet Pablo Neruda න සිරසින් යුතුව පලවූ රෆායෙල් අසූල් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

වසර 12 ක විමර්ශනයකින් පසු,1973 සැප්තැම්බර් 23 වන දින සන්තියාගෝ හි සැන්ටා මරියා සායනයේ දී චිලී කවියෙකු වන පැබ්ලෝ නෙරූඩාට වස දුන් බවට ස්ථිර සාක්ෂි තහවුරු වී ඇත.  

ඔහුගේ මරණය සිදු වන්නේ, සැල්වදෝර් ඇලෙන්ඩේ විසින් නායකත්වය දෙන ලද, මහජන පෙරමුණු ආන්ඩුව, එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ මිලිටරි කුමන්ත්‍රණයකින් නෙරපා හැර ,ජෙනරල් ඔගස්ටෝ පිනෝචේගේ ම්ලේච්ඡ හා ලේවැකි ආඥාදායකත්වයක් යටතට රට පත් කිරීමෙන් දින 12 කට පසුව ය. ඔහු දේශපාලන පිටුවහලට හා චිලියෙන් පිටවීමට සිටි දිනට පෙර දා ඊට සූදානම් වෙමින් සිටිය දී මරණයට පත් විය. 

පැබ්ලෝ නෙරූඩා 1972 දී සන්තියාගෝ ක්‍රීඩාංගනයේදී ජෙනරාල් කාලෝස් ප්‍රැට්ස් සමඟින්. ප්‍රැට්ස් වසර දෙකකට පසු ආර්ජන්ටිනාවේ පිටුවහල්ව සිටියදී කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය විය.  [ඡායාරූපය: Biblioteca del Congreso Nacional de Chile]

එකල නිල වාර්තාවට අනුව කවියාගේ මරණයට හේතු වූයේ උත්සන්න වූ පුරස්ථි පිළිකාව සහ මන්දපෝෂණයයි.  නෙරූඩා ඝාතනය කරනු ලැබ ඇතැයි ඇතැමුන් එදා සැක කළත් සත්‍යය තහවුරු කිරීමට වසර 50ක් ගතවී ඇත.  1971 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී චිලී කවියාට, රාජ්‍ය තාන්ත්‍රිකයාට හා ස්ටැලින්වාදී දේශපාලනඥයාට සැබවින්ම වස දී තිබුණි.

කවියා මිය යන අවස්ථාවේ ඔහුගේ රෝහල් ගත කිරීම පිලබද සාක්ෂිකරුවෝ නෙරූඩාට නාඳුනන ද්‍රව්‍යයක් එන්නත් කර ඇති බව වාර්තා කළහ.  වාර්තාකරුවෙකු විසින් ගන්නා ලද රහසිගත ඡායාරූප නෙරූඩාගේ සිරුර කෙට්ටු නොවූ බව තහවුරු කරන ලද අතර, එහෙයින් ඔහුගේ මරණය, උත්සන්න වූ පිළිකාවක් හේතුවෙන් සිදු වූ බව ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරයි.

නෙරුඩාගේ හිටපු රියදුරු, මැනුවෙල් අරායා ඔසෝරියෝ, 2011 දී මෙක්සිකානු සඟරාවක් වන ප්‍රොසෙසෝ (Proceso) වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර, එහිදී ඔහු සාක්‍ෂි දෙමින් කියා සිටියේ, තමන් නෙරූඩා සමඟ සායනයෙහි සිටි බවත්නෙරූඩා තම බිරිඳට කතා කර තමාට එන්නතක් ලබා දී ඇතැයි පැවසූ බවත්, එහිදී , ඔහුට වස දෙන්නැයි වෛද්‍යවරුන්ට නියෝග කරන ලදැයි විශ්වාස කළ හැකි බවත්ය. 

විනිසුරු මඩුල්ලක් සහ විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ බොටුලිසම් හා සම්බන්ධ බැක්ටීරියා විෂක් වන ක්ලොස්ට්‍රිඩියම් බොටියුලිනම් නෙරුඩාගේ පපුවට එන්නත් කිරීම මගින් විෂ සරීරගත වී ඇති බවයි. 2017දී, කැනඩාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාගාර දෙකක්  දී නෙරූඩාගේ හකු දත්වලින් එකක සහ කලවා අස්ථියකින් එම මාරාන්තික ද්‍රව්‍ය  සොයා ගත්තේය. ඔවුහු පසුගිය මාසයේ චිලී අධිකරණයකට තමන්ගේ සොයාගැනීම් ඉදිරිපත් කිරීම සම්පූර්ණ කළහ.

පසුව, මෙම බොටුලිනික් විෂ පාලන තන්ත්‍රයේ දේශපාලන සිරකරුවන්ට එරෙහිව භාවිතා කරනු ලැබීය.  2017 දී, සන්තියාගෝ සිරකඳවුරකදී පිනෝචේ පාලනයේ විරුද්ධවාදීන්ට එරෙහිව එවැනි ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් රෙජීමයේ හිටපු හමුදා නිලධාරීහු පස් දෙනෙක් නඩු විභාගයට භාජනය කරන ලදුව වරදකරුවෝ වූහ.

නෙරූඩාගේ මරණයට හේතු වන අදාළ සාක්ෂි පිළිබඳ අවසන් තීරණය චිලී විනිසුරුවරයෙකු සතු වේ.

නෙරූඩා චිලී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර, 1945 දී, ඇන්ටොෆගස්ටා සහ ටරපකා යන උතුරු පළාත් සඳහා සෙනෙට් සභාවට තරග කරන කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයෙක් විය. 1970 ගණන්වල මුල් භාගයේදී, ඔහු චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ සහ ඔහුගේ මහජන පෙරමුන (යූපී) එනම් සමාජවාදී පක්ෂය-කොමියුනිස්ට් පක්ෂ සන්ධානයේ ප්‍රමුඛ ආධාරකරුවෙකු බවට පත් වූ අතර 1970 සිට 1972 දක්වා එහි ප්‍රංශ තානාපති ලෙස සේවය කළේය.

ඇලෙන්ඩේ, යූපී සහ කොමියුනිස්ට් පක්ෂය යටතේ පැවති වෘත්තීය සමිති, පුද්ගලික ව්‍යාපාර ක්‍රමයෙන් ජනසතු කිරීම ඇතුලත් සාමකාමී “සමාජවාදයට චිලී මාවතක්” ඉල්ලා සිටියේය.  බලයේ සිටි දින 1,000 තුළ, ආර්ථික පිපිරීමක මිටි පහරවල් යටතේ, කම්කරු පන්තියේ ස්වයංසිද්ධ ව්‍යාපාරයක් කර්මාන්තශාලා, ගොවිපලවල් සහ පතල් අල්ලාගත් අතර ඒවා කම්කරුවන්ගේ පාලනය යටතට ගෙන කෝඩෝනස් ඉන්ඩස්ට්‍රියල්ස් (කාර්මික කොමිෂන් සභා) පිහිටුවන ලදී.

පෙරමුණු ආන්ඩුවේ, කොමියුනිස්ට් සහ සමාජවාදී පක්ෂවල හා වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය වූයේ එම ව්‍යාපාරය පාවා දීම සහ එය මර්දනය කිරීමට සන්නද්ධ හමුදාවන් මත යැපීමයිමෙය, 1973 සැප්තැම්බර් කුමන්ත්‍රණයට මග පෑදුවේය.  චිලී කම්කරුවන්ගේ විප්ලවවාදී අරගලය විසුරුවා හැරීමට උත්සුක වූ ඇලෙන්ඩේ සහ නෙරූඩා, සන්නද්ධ හමුදාවන් “නිල ඇඳුමින් සැරසුනු ජනතාව” ලෙස සාපරාධී ලෙස විස්තර කරමින් හමුදාව තුල මිත්‍යාවන් පෝෂණය කළහ.

පිනෝචේ ආඥාදායකත්වය (1973-1990)චිලී වැසියන්ගෙන් බහුතරයක් නියෝජනය කරන බව පවසමින්, පාලන තන්ත්‍රයේ සියලු විරුද්ධවාදීන් “රාජ්‍යයේ සතුරන්” ලෙස ප්‍රකාශ කළේය. එක්සත් ජනපද මූල්‍ය කතිපයාධිකාරය, තඹ ආකර බහුජාතික සංගතවල, සීඅයිඒ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ආරක්ෂා කරන අතරම, චිලියේ පාලක කතිපයාධිකාරය විසින් කම්කරුවන් සහ පාලන තන්ත්‍රයේ වාම විරුද්ධවාදීන් දස දහස් ගණනක් පැහැරගෙන, අතුරුදහන් කර, ඝාතනය කර පිටුවහල් කරන ලදී.  

ස්පාඤ්ඤ විප්ලවය

ස්පාඤ්ඤ විප්ලවයෙන් (1936-1939) සහ කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමට අසමත් වීමෙන් දැඩි බලපෑමට ලක් වූ ලතින් ඇමරිකානු ලේඛකයන්ගේ සහ බුද්ධිමතුන්ගේ ස්ථරයකට නෙරූඩා අයත් විය.  1936 ෆැසිස්ට් මිලිටරි නැගිටීම සහ 1939 දී ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ පාලනයේ ආරම්භය අතර සිදුවීම් අනුපිළිවෙලට ඇන්ඩලූසියානු කවියෙකු සහ නාට්‍ය රචක ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝර්කාගේ ප්‍රචණ්ඩ ඝාතනය ද ඇතුළත් වූ අතර එය ලතින් ඇමරිකානු කම්කරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ ජීවිත වලට හා වැඩකටයුතුවලට බලපෑවේය.  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්පාඤ්ඤ කම්කරු පන්තියේ පැත්තේ සටන් කිරීමට ජාත්‍යන්තර බලසේනාවලට සම්බන්ධ වී සිටියහ.  ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට්වාදීන් අතින් ලෝර්කා ඝාතනය කිරීම සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සිදුවීම් පිළිබිඹු කරන නෙරූඩාගේ කවිය, මෙම බලපෑම  ගැඹුරු ලෙස පිළිඹිබු කරයි.

කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය පිලිබඳ කලකිරීමට පත් වූ සහ විශ්වාසය නැති කරගත් බුද්ධිමතුන්ගේ, කලාකරුවන්ගේ සහ ලේඛකයින්ගේ ස්ථරයක් ස්ටැලින්වාදය දෙසට හැරුනහ. නෙරූඩාට අමතරව, මෙම කලාකරුවන් අතරට කියුබානු කවියෙකු වන නිකොලස් ගිලන් සහ පේරු කවියෙකු වන සීසර් වැලෙජෝ ද වූහ.

කම්කරු පන්තිය කෙරෙහි ඇති මෙම අශුභවාදය, සටන්කාමීන්ට, ලෝ පුරා ළමයින්ට සහ ස්පාඤ්ඤ කවියන්ට කැප කරන ලද දුක්ඛිත කවිවලින් ප්‍රකාශ විය. මෙම කතුවරුන් විසින් කරන ලද කාව්‍යයන් නම්, ගිලන් ගේ “ස්පාඤ්ඤය, වධ හිංසා හතරක කවිය සහ එක්  බලාපොරොත්තුවක් “( España, poeta en cuatro angustias y una esperanza ) නෙරූඩාගේ “මගේ හදවතේ ස්පාඤ්ඤය” ( España en mi Corazón ) සහ සීසර් වැලෙජෝගේ “ස්පාඤ්ඤය, මේ කුසලානය මගෙන් ඉවතට ගන්න” ( España, aparta de mí este cáliz) වේ

පල්ලිය, රාජාණ්ඩුව, ධනවතුන් සහ මුස්ලිම්වරුන් මත දොස් පවරන, මෙම කාව්‍ය කෘතීන් තුන,  ස්පාඤ්ඤ විප්ලවය පාවාදීම සහ පරාජය කිරීමේදී ස්ටැලින්වාදය විසින් ඉටු කරන ලද සාපරාධී භූමිකාව සාමාන්‍ය සුදු හුනු ගෑමකින් නිරූපණය කරයි.  නෙරූඩා ස්ටාලින්ගේ විශ්වාසවන්ත අනුගාමිකයෙකු බවට පත් වියඔහු 1940 අගෝස්තු මාසයේදී මෙක්සිකෝ නගරයේ දී ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට පවා හවුල් විය.

ඕඩ් ටු ස්ටාලින්

1953 දී, ස්ටාලින්ගේ මරණය සිදු වූ වසරේ, නෙරුඩා, විප්ලවයේ “මිනීවළ හාරන්නා” වන ස්ටාලින්ව එහි නායක ව්ලැඩිමීර් ලෙනින්ට වඩා ඉහලින් ඔසවා තබමින්, ඔඩා ඒ ස්ටාලින් (ඔඩේ ටු ස්ටාලින්) දිගු කාව්‍යයකින් ඔහුගේ සහයෝගය තහවුරු කළේය.

නෙරූඩාගේ ඔඩේ යනු 1917 රුසියානු විප්ලවයේ සහ බොල්ෂෙවික් ජාත්‍යන්තරවාදයේ ලෙනින් සහ ට්‍රොට්ස්කිට විරුද්ධ ස්ටාලින්ගේ සැබෑ භූමිකාව පිළිබඳව සම්පූර්ණ සහ සාපරාධී මුසාකරනයකි.  ජර්මානු කම්කරු පන්තියේ පරාජයට සහ හිට්ලර්ගේ නැඟීමට සහ ස්පාඤ්ඤ නිර්ධන පංතිය නිරායුධ කිරීම සහ තලා දැමීම සඳහා ඔහුගේ ප්‍රතිපත්ති සෘජුවම වගකිව යුතු විය, ජෝර්ජ් ඕවල්ගේ “කැටලෝනියාවට උපහාරය”( Homage to Catalonia.) මගින් සාහිත්‍යයේ මෙය ප්‍රබල ලෙස නිරූපණය කර ඇත.

නෙරූඩා සිය දේශපාලන ජීවිතය පුරා, මොස්කව් නඩු විභාග සහ 1917 ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් පරම්පරාව සමූලඝාතනය කිරීම, ස්පාඤ්ඤයේ ඇන්ඩ්‍රෙස් නින් ඝාතනය, ස්ටාලින්-හිට්ලර් ගිවිසුම සහ 1956 හංගේරියානු කම්කරු කැරැල්ල මර්දනය කිරීම ඇතුළු ස්ටාලින්ගේ බොහෝ අපරාධ කෙරෙහි සම්පූර්ණ උදාසීනත්වය පෙන්නුම් කළේය. 

1940 අගෝස්තු 20දා ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයට නෙරුඩා සෘජුවම සම්බන්ධ වූ බවට සාක්ෂි නොමැති තරම් වුවද, ඔහු ස්ටැලින්වාදී රහස් පොලිසියට ආධාර කිරීම සඳහා මැඩ්රිඩ්, පැරිස් සහ මෙක්සිකෝ නගරයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහුගේ භූමිකාව යොදා ගනිමින් වක්‍රව සහභාගී විය. 1940 මැයි මාසයේදී මෙක්සිකෝ නගරයේ දී, විප්ලවවාදී නායකයා ඝාතනය කිරීමේ ප්‍රථම අසාර්ථක උත්සාහය වූ ට්‍රොට්ස්කිගේ පරිශ්‍රයට මැෂින් තුවක්කු ප්‍රහාරයක් දියත් කළ කල්ලියක් මෙහෙය වූ ස්ටැලින්වාදී මෙක්සිකානු චිත්‍රශිල්පී ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස්ට මෙක්සිකෝවෙන් පලා යාමට ඔහු සිය රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් භාවිතා කළ බව ප්‍රසිද්ධය.  

පශ්චාත් ඒකාධිපතිත්වය, නෙරූඩාගේ උරුමය

1990 දී පිනෝචේ ආඥාදායකත්වය අවසන් වීමෙන් පසුව, චිලී ආර්ථික සංවර්ධන සහ උද්ධමන අර්බුදයේ (තඹ සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල අපනයන මිල මත විශාල වශයෙන් බැඳී ඇති) සමාජ ආතතීන් තවදුරටත් උග්‍ර කරන සමාජ ආර්ථික අසමානතාවයේ කාල පරිච්ඡේද හරහා ගමන් කළේය.

ඇලෙන්ඩේගේ මහජන පෙරමුණු ආන්ඩුවේ (ආණ්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සමාජවාදී හා කොමියුනිස්ට් පක්ෂ කොටස්) අනුප්‍රාප්තිකයින් ද ඇතුළත් වූ ආන්ඩු නව ලිබරල් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කර සෞඛ්‍ය සේවා සහ සමාජ ප්‍රතිලාභවලට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇත. මේ අතර, සෑම විටම පතල් කම්කරුවන්ගේ, නැව් තටාක කම්කරුවන්ගේ, ගොවිපල කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අරගල කඩාකප්පල් කර ඇත.

ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික්ගේ නායකත්වයෙන් යුත් චිලී සුලු ධනේශ්වර ව්‍යාජ වාම ස්ථරයන් සමග සමාජවාදී හා කොමියුනිස්ට් පක්ෂ ඇතුලත් සන්ධානයක් වන වත්මන් අප්රුබෝ ඩිග්නිඩෑඩ් ආන්ඩුව, මෙයට ඇතුලත් වේ.  එය ධනේශ්වර අවශ්‍යතා ආරක්ෂා කිරීමට, සරණාගත අයිතීන්ට හා සංක්‍රමණ කෙරෙහි ඇති සතුරුකමට, කම්කරු අරගලවලට එරෙහිව රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන් මත යැපීමට ආවරණයක් ලෙස අනන්‍යතා දේශපාලනය සමග ව්‍යාජ වාම වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීම , සහ එක්සත් ජනපදය සමග සමීප විදේශ ප්‍රතිපත්ති සම්බන්ධතාවයක් පවත්වා ගෙන යයි. සාරය වශයෙන්, එය පිනෝචේ තන්ත‍්‍රය අනුගමනය කරමින් දක්ෂිනාංශික වැඩපිලිවෙලක් දිගටම ගෙන යයි.

තමන් විප්ලවවාදී අරගලවල නව නැගීමකට ඇතුල් වන මෙම අවස්තාවේ, නෙරූඩා වන්දනා කල ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ඉතිහාසය සහ උරුමය පිලිබඳ අවබෝධයකින් දේශපාලනිකව සන්නද්ධ වීම කම්කරුවන්ට අත්‍යවශ්‍ය ය.

#theSocialistLK #WSWS

පැබ්ලෝ නෙරූඩා, චිලී ජාතික කවියාගේ 1973 ඝාතනයේ සාක්ෂි ඉදිරිපත් කෙරේ Read More »

ක්‍රෙම්ලිනයට එරෙහි යුක්රේන ප්‍රහාරය සාපරාධී ප්‍රකෝපකරනයකි

අන්ඩ්‍රෙ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 03 දින Ukrainian attack on Kremlin is a criminal provocation යන සිරසින් යුතුව පලවූ අන්ඩ්‍රෙ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image

බදාදා, රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ නිල නිවස වන මොස්කව්හි ක්‍රෙම්ලිනයට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය.  රුසියානු විදේශ අමාත්‍යාංශය මෙම පිපිරීම් හැඳින්වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට යුක්රේන රජය ගත් උත්සාහයක් ලෙසිනි.  “මෙම ක්‍රියාවන් සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ජනාධිපතිවරයාගේ ජීවිතය නැති කිරීමට ගත්  උත්සාහයක් ලෙස අපි සලකමු,” මොස්කව් පැවසීය.

ක්‍රෙම්ලිනයට එරෙහි යුක්‍රේන ප්‍රහාරය සහ පුටින් ඝාතනය කිරීමට තැත් කිරීම සාපරාධී මෙන්ම නොසැලකිලිමත් ලෙස කරන ලද ප්‍රකෝප කිරීමකි. එය රුසියාවේ පළිගැනීම් අවුලුවාලීම හැර වෙනත් අරමුණක් ඉටු නොකරන අතර එය යුද්ධයට නේටෝවේ මැදිහත්වීම දැවැන්ත ලෙස උත්සන්න කිරීමට හා යුක්ති සහගත කිරීමට යොදා ගනු ඇත.

බරපතල ලෙස, ක්‍රෙම්ලිනයට ප්‍රහාරය එල්ල වූයේ, බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සෙලෙන්ස්කි යුක්රේනයෙන් නේටෝ භූමියට එනම්  ෆින්ලන්තයට පැමිණීමෙන් පසුවය; එය මොස්කව් විසින් කරන  පළිගැනීම් වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වූවාට සැකයක් නැත.

යුද ප්‍රයත්නයේම ශක්‍යතාව සඳහා තීරනාත්මක යැයි කියෙව් පාලන තන්ත‍්‍රය විශ්වාස කරන, බොහෝ ප‍්‍රසිද්ධියට පත් වූ යුක්‍රේන ප්‍රහාරය ආසන්නයේ මෙම ප්‍රහාරය සිදු විය.

කාන්දු වූ පෙන්ටගනයේ ලේඛනවලින් පෙන්නුම් කරන්නේ යුක්රේනය, මහජනතාව විශ්වාස කිරීමට පෙලඹවූවාට වඩා බෙහෙවින් නරක මිලිටරි තත්වයක සිටින බවයි. එයින් අදහස් කරන්නේ ප්‍රහාරයේ සාර්ථකත්වයට බොහෝ දුරට ඉඩ නොමැති අතර නේටෝ හමුදාවන්ගේ සෘජු මැදිහත්වීමකින් තොරව ව්‍යසනයකින් පවා අවසන් විය හැකි බවයි.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ මාධ්‍ය ලේකම් කරීනි ජීන්-පියරේ ගේ ප්‍රකාශ වලින් ප්‍රකාශිත එක්සත් ජනපදයේ ප්‍රතිචාරය  එම ප්‍රහාරයට එක්සත් ජනපදය සෘජුවම වගකිව යුතු බවට පත් කරන අතර, එම නිසා ඇමරිකානු රාජ්‍යයේ ඉහළම මට්ටමක ඇති නොසැලකිලිමත්කමේ විශ්මය ජනක මට්ටමට ඒවා සාක්ෂි දරයි.  

ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු, වොෂින්ටන් පෝස්ට් තීරු රචක ඩේවිඩ් ඉග්නේෂස් විසින් බ්ලින්කන්ගෙන් අසා සිටියේ “ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට ක්‍රෙම්ලිනය පසු දිනම චෝදනා කරනු ලබනවා…… යුක්රේනය විසින් මෙම යුද්ධයේදී නායකත්වයට එල්ල කරන එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්ද?”

එක්සත් ජනපදය වගකීමෙන් වෙන් කරනවා වෙනුවට, බ්ලින්කන් එවැනි ප්‍රහාරවල නීත්‍යානුකූලභාවය පැහැදිලිවම අනුමත කළේ, “තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපි එය යුක්‍රේනයට භාර දෙමු” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

ඉග්නේෂස් නැවතත් ඔහුගෙන් මෙසේ ඇසුවේය: “රුසියානු භූමියට ආපසු පහර දීමට යුක්රේනය තනිවම තීරණය කළහොත්, එක්සත් ජනපදය ඔවුන්ව විවේචනය නොකරයිද?”  මෙයට, බ්ලින්කන් නැවතත්, පිලිතුරු දෙමින් කියා සිටියේ, “මේවා යුක්රේනය තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද, එහි භූමිය නැවත ලබා ගන්නේ කෙසේද, එහි භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගත යුතු තීරණ වේ,” යන්නයි.

පසු දින, ධවල මන්දිර සාකච්ඡාවකදී, ජීන්-පියරේට එම ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් යොමු කරන ලදී: “යුක්රේනයට එරෙහිව මෙම යුද්ධය දියත් කළ රුසියානු හමුදා ප්‍රධානියා ලෙස, පරිපාලනය විසින් පුටින්ව දකින්නේ නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් ලෙසද? “

ඇය පුටින් ඝාතනය හෙළා දැකීම ප්‍රතික්ෂේප කරමින්, “මම අනුමාන කරන්න යන්නේ නැහැ” කියා ප්‍රකාශ කළාය.

මෙම ප්‍රකාශයන් පැහැදිලි කරන්නේ ගැටුමේ දී එක්සත් ජනපදයේ අරමුන රුසියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම වන අතර,  වොෂින්ටනය විසින් බලයෙන් පහ කර  මරා දැමූ පෙර නායකයන්  ගණයටම පුටින් ද ඇතුළත් කර ඇති බවයි: මුවම්මර් ගඩාෆි සහ සදාම් හුසේන් යන දෙදෙනාම එක්සත් ජනපදය බලල් අත් ලෙස යොදාගත් (ප්‍රොක්සි) හමුදා විසින් ඝාතනය කරන ලද අතර, අත්අඩංගුවේ සිටියදී ස්ලෝබොඩාන් මිලසොවික් මිය ගියේය.

දේශපාලන නායකයෙකු ඝාතනය කිරීම, ප්‍රහාරයක් සාධාරණීකරණය කිරීමට හේතුවක් කරගන්නා බව බොහෝ කලක සිට හඳුනාගෙන තිබේ.  ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, 2003 ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කරමින්, සදාම් හුසේන් කලින් තම පියා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට වූ සාවද්‍ය ප්‍රකාශය උපුටා දැක්වීය.  ඔස්ට්‍රියාවේ ආදිපාදවරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමත් සමඟ පළමු ලෝක යුද්ධය ආරම්භ විය.

මොස්කව්හි බෝම්බ ප්‍රහාරය පුටින් මරා දැමීමට සමත් නොවූවත් එය රුසියානු රජයේ මූලස්ථානය වන ක්‍රෙම්ලිනයට ප්‍රහාර එල්ල කිරීමකි.  ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමේ මූලික හේතුව ලෙස හා ඉරාකය ආක්‍රමණය කිරීමට සැලකිය යුතු හේතුවක් ලෙස 2001 සැප්තැම්බර් 11 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය ඉදිරිපත් කළ අතර, ක්‍රෙම්ලිනයට ප්‍රහාරය සැලසුම් කිරීමේදී, එය යුද්ධය උත්සන්න කිරීමට රුසියාව තුල පීඩනය තීව්‍ර කරන බව කියෙව් හොඳින්ම දැන සිටියේය.

බ්ලින්කන්ගේ ප්‍රකාශයෙන් ඉක්බිතිව, වොෂින්ටනය සහ කියෙව් විසින් මෙහෙයුමට ඔවුන්ගේ විවෘත මැදිහත්වීම ආපසු හැරවීමට උත්සාහ දැරීය.  “අපි පුටින්ට පහර දුන්නේ නැහැ,” සෙලෙන්ස්කි පැවසීය.  නමුත්  ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු යුක්රේන තැපැල් සේවය විසින් ක්‍රෙම්ලිනය ගිනිගෙන දැවෙන අයුරු දැක්වෙන මුද්දරයක් නිකුත් කරන බවට කරන ලද නිවේදනය මගින් මෙම ප්‍රකාශය අසත්‍ය විය.

එක්සත් ජනපද නිලධාරීන් නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ අනෙකුත් පුවත්පත්වලට ද ප්‍රකාශ කළේ එක්සත් ජනපදය ප්‍රහාරය ගැන කලින් දැන නොසිටි බවයි.  තවත් පියවරක් ඉදිරියට යමින්, අධිරාජ්‍ය ගැති චැතම් හවුස් චින්තන පර්ශදයේ ජේම්ස් නික්සි, ප්‍රහාරය ක්‍රෙම්ලිනයේ “ව්‍යාජ ධජයක්” [තමන් විසින්ම වැරැද්දක් සිදු කර, එම වැරද්ද තම සතුරු පාර්ශ්වය මත පැටවීමෙන්, තමන් විසින් කරන යුධ ආක්‍රමණයක් සාධාරණීකරණය කර ගැනීමට හේතුවක් නිර්මාණය කර ගැනීම] බව ප්‍රකාශ කළේය.

වගකීම ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්‍රයත්නයන්ට  කිසිදු ආකාරයේ විශ්වාසනීයත්වයක් නොමැති අතර එම ප්‍රකාශ එක්සත් ජනපද නිලධාරීන්ගේ විවෘත උදම් වීම සමග පරස්පර වී ඇත.

යුද්ධයට පිවිසුමට ආසන්නයේ ප්‍රමුඛ චරිතයක් වන කර්නල් ඇලෙක්සැන්ඩර් වින්ඩ්මන්, ප්‍රහාරයට ප්‍රශංසා කරමින්,  ප්‍රකාශ කළේ එය “රුසියාව සැබවින්ම කෙතරම් දුර්වල ද යන්න ප්‍රකාශ කරයි” ලෙස යි.  ඔහු තවදුරටත් කියා සිටියේ, “ක්‍රෙම්ලිනයට එරෙහි ඩ්‍රෝන් ප්‍රහාරවල වැදගත්ම දෙය වන්නේ පුටින්ට ඇති වූ ලැජ්ජාවයි.  ඔහුට  භයානක ලෙස  දුර්වල බව පෙනේ[sic].”

යුක්‍රේන සහ එ.ජ. නිලධාරීන්ගේ ප්‍රතික්ෂේප කිරීම්, 2022 ඔක්තෝම්බර් 8 වෙනිදා කර්ච් පාලමට එල්ල වූ ප්‍රහාරයෙන් සැකසූ රටාව අනුගමනය කරයි. වොෂින්ටනය සහ කියෙව් එයට ඇති තම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ අතර  මෙම ප්‍රහාරය යුක්‍රේන විශේෂ බළකාය විසින් සිදු කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පසුව අනාවරණය කළේය.

බෝම්බ ප්‍රහාරය පිළිබඳව ධවල මන්දිරයේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ, යුද්ධය උත්සන්න කිරීම සඳහා එය යුක්රේන ආන්ඩුවට හිස් චෙක්පතක් වැනි දෙයක් ලබා දෙන බවයි.  මෙයින් අදහස් කරන්නේ සෙලෙන්ස්කි ආන්ඩුව ගත හැකි කුමන හෝ සාපරාධී ක්‍රියාවකට ලෝකය බලහත්කාරී ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින බවයි.

යුද්ධය ඉදිරියට ඇදී යනවිට, බයිඩන් පරිපාලනය තමන් නොකරනු ඇති බවට ප්‍රකාශ කල සියල්ල කිරීමට ඉදිරියට ගොස් තිබේ.  එක්සත් ජනපදය එහි මිලිටරි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ගැටුම උත්සන්න කිරීමට ඇති සෑම බාධකයක්ම බිඳ දැමීමට අදහස් කරයි.

පුටින්⁣ගේ විභව ඝාතනය සුජාත කරන එක්සත් ජනපද නිලධාරීන්ගේ ප්‍රකාශයන්, දැන් වොෂින්ටනයේ සහ අනෙකුත් නේටෝ අගනගරවල ආධිපත්‍යය දරන නොසැලකිලිමත්කම, මංමුලා සහගත බව සහ සිහි විකල් වූ මෝඩකමේ තරම හෙලිදරව් කරයි.  යුද්ධය හුදෙක් තීව්‍රතාවයෙන් පමණක් නොව භූගෝලීය විෂය පථය තුළද ප්‍රසාරණය වෙමින් පවතින අතර, නැගෙනහිර යුරෝපයේ සිට පැසිෆික් කලාපය දක්වා පැතිරීමේ තර්ජනයක් මතු කරයි.

මේ යුද්ධය නැවැත්විය යුතුය.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයක්ව පවතී.

#theSocialistLK #WSWS

ක්‍රෙම්ලිනයට එරෙහි යුක්රේන ප්‍රහාරය සාපරාධී ප්‍රකෝපකරනයකි Read More »

ඊශ්‍රායල හමුදාව හිතාමතාම පලස්තීන ගැටුම තාපාංකයට ගෙන එයි

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 05 දින Israel’s military deliberately brings Palestinian conflict to boiling point යන සිරසින් යුතුව පලවූ ජීන් ෂෝල් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

විශ්ලේෂකයින් විසින් නව  ඉන්ටිෆාඩාවක්වක්  [1987 සිට බටහිර ඉවුර සහ ගාසා තීරය ඊශ්‍රායල විසින් ආක්‍රමණයට එරෙහිව පලස්තීන නැගිටීම]  හෙවත් නැගිටීමක් ගැන පුරෝකථනය කරනු ලබන්නේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රකෝපකාරී සහ සාපරාධී ක්‍රියා ඊශ්‍රායල/පලස්තීන ගැටුම අති උනුසුම් තලයකට ගෙන එද්දීයය.   

පසුගිය දිනවලදී, අත්අඩංගුවට ගෙන, විධිමත් ලෙස චෝදනා  කර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් වත් නොකොට, ඊශ්‍රායල පුරවැසියන් මරන ලැදැයි චෝදනා නගමින්, අවම වශයෙන් පලස්තීනුවන් හතර දෙනෙකුවත් ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇත. 

Image
2021 මැයි 18 අඟහරුවාදා, ගාසා නගරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකට ගොදුරු වූ ගොඩනැගිල්ලක් අසලින් පලස්තීනුවෙකු ඇවිද යයි. පසුගිය සතියේ සටන් ආරම්භ වූ දා සිට ඊශ්‍රායල හමුදාව හමාස් සටන්කාමීන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර සිය ගණනක් දියත් කර ඇති අතර පලස්තීන සටන්කාමීන්  ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇත.  (AP ඡායාරූපය/හැටම් මූසා)

ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරන සමූහ වැටලීම් මෙහෙයුම් වලදී සිදු කරනු ලබන මෙම මරා දැමීම්, වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී බව ද ඇතුලත් ධනේශ්වර යුක්තිය පිළිබඳ සියලු සම්මතයන් පසෙක ලා ඇත.  ඒවා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික සභාගය,  සියොන්වාදී දේශපාලන ප්‍රභූවේ- ආගමික හා අනාගමික- සියලුම කන්ඩායම් විසින්  සහ ශ්‍රේෂ්ඨාධිකරණයද අයත් ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය මගින් අනුමත කරනු ලබයි.

බ්‍රහස්පතින්දා උදෑසන, රහසිගත ඒකක ඇතුළු සොල්දාදුවන් 200 ක් උතුරු බටහිර ඉවුරේ නබ්ලස් හි  පැරණි නගරය  වෙත කඩා වැදී, මුවවත් මස්රි, ඊබ්‍රාහිම් ජබර් සහ හසන් කට්නානිට වෙඩි තබා මරා දැමූ අතර තවත් හතර දෙනෙකුට තුවාල සිදු කළහ.  මෙම පුද්ගලයින් තිදෙනා වටලනු ලැබ ඇති (enclave) ගාසා තීරයේ  ප්‍රදේශය පාලනය කරන මුස්ලිම් සහෝදරත්වයට අනුබද්ධ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන කසාම් බළකායේ සාමාජිකයින් වූහ.  එය බටහිර ඉවුරේ ඊශ්‍රායල දෛනිකවම පාහේ සිදුකරන ඝාතන වටලෑලෑම් වලින් එකක් පමණි.

මිලිටරි ප්‍රකාශකයෙකු කියා සිටියේ, අසල ජනාවාසයක -ජාත්‍යන්තර නීති යටතේ නීති විරෝධී වන පලස්තීන භූමියේ ඉදිකරන ලද ජනාවාස 200කින් එකක- ජීවත් වූ ඊශ්‍රායල-බ්‍රිතාන්‍ය කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනෙකු මරා දැමූ ජෝර්දාන් මිටියාවතේ වෙඩි තැබීමේ ප්‍රහාරය, අප්‍රේල් 7 දා මිමින් දෙදෙනෙකු විසින්  සිදු කර ඇති බවයි. නමුත් තුන්වැන්නා ගැන සහ තුවාල ලැබූ දෙදෙනා ගැන ඔහු නිහඬ විය.  රාමසාන් සමයේදී වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා පල්ලියේ බැතිමතුන්ට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමට පළිගැනීමක් ලෙස මෙම කාන්තාවන් තිදෙනාට වෙඩි තැබීම සිදු කළ බව කසාම් බළකාය ප්‍රකාශ කළේය.

පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංගමයට අනුව, බදාදා වැටලීමේදී, බොහෝ දුරට කඳුළු ගෑස් ආශ්වාස කිරීමෙන් හා තවත් සිව් දෙනෙකු වෙඩි වැදීමෙන්, 166 දෙනෙකුට පමණ තුවාල  සිදුවිය.  වැටලීමේ තීව්‍රතාවය සහ පලස්තීන සටන්කාමීන් සමඟ ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් පාසල්වල පන්ති අත්හිටුවීමට සිදුවිය.

බදාදා ද ඊශ්‍රායලය ගාසා තීරයට මිසයිල ප්‍රහාර එල්ල කර, 58 හැවිරිදි හෂිල් මුබාරක් මරා දමා ගාසා නගරයේ තවත් පස් දෙනෙකුට තුවාල සිදු කිරීමෙන්, එම ඉලක්ක 16 , මිලීෂියා හමුදා ස්ථාන බවට ටෙල් අවිව් කළ ප්‍රකාශය බොරු කළේය.  ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පසුව දකුණු දිග ස්ඩෙරොට් නගරයේ විදේශිකයින් තිදෙනෙකු තුවාල ලැබීමෙන් පසුවය.  ඊශ්‍රායල සිරකඳවුරක රඳවා තබා ගැනීමට විරෝධය පළ කරමින් දින 86ක් උපවාසයේ නිරත වූ 44 හැවිරිදි පලස්තීන සිරකරු ඛාදර් අද්නාන්ගේ අඟහරුවාදා මරණයට ප්‍රතිචාර වශයෙන් ගාසා රොකට් ප්‍රහාර එල්ල විය.

Image
2012 පෙබරවාරි 23, රමල්ලාහි මනරා චතුරශ්‍රය අසල බිත්තියක් මත ඛාදර් අද්නාන් ස්ටෙන්සිල් සිතුවමක්ක් පසුකර යන ජනයා.

ජෙනින් අසල බටහිර ඉවුරේ අරාබා  ගම්මානයේ වැසියෙකු වන අද්නාන්, ඊශ්‍රායල බලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, බොහෝ දුරට චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව වසර අටක් පමණ රැඳවුම් භාරයේ ගත කළේය.  2004 දී දින 25 ක්, 2011 සහ 2012 දී දින 66 ක්, 2015 දී දින 55 ක්, 2018 දී දින 58 ක් සහ 2021 දී දින 25 ක් වශයෙන් අවස්ථා හයක දී, ඔහු නිදහස් ලබා ගැනීම සඳහා උපවාස කර ඇත.

චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාස හයක කාලයක් සඳහා නිකුත් කරනු ලබන  වන එවැනි නියෝග දින නියමයක් නොමැතිව අලුත් කළ හැකි අතර, නීතිඥවරුන්ට ඒවාට එරෙහි සාක්ෂි දැකීමට අවසර නැත.  HaMoked නම් ඊශ්‍රායල උපදේශක කණ්ඩායමට අනුව, දැන් චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටින පලස්තීනුවන් සංඛ්‍යාව 1,000 කට වඩා වැඩි වී ඇති අතර එය දෙවන ඉන්ටිෆාඩාවෙන් පසු ඉහළම අගයයි.

මෙවර ඊශ්‍රායල හමුදා අධිකරණයක් විසින් අද්නාන්ට “ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි” සඳහා චෝදනා එල්ල කළේ ඔහු පලස්තීන ඉස්ලාමීය ජිහාද් නම් තහනම් සංවිධානයක ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු බවට චෝදනා කරමිනි. ඊශ්‍රායලයේ හමුදා උසාවිවල වලදී පලස්තීනුවන් ආසන්න වශයෙන් සියයට සියයක්ම වරදකරුවන් වූවද, අද්නාන්ට නඩු විභාගයක් නොතිබුණි.

වෛද්‍ය ප්‍රතිකාර හෝ ඔහුගේ පවුලේ අයගේ පැමිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු මිය ගිය අතර, හමුදා අභියාචනාධිකරණය ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ඔහු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළේය.  ඔහු වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර බලධාරීන් බොරුවට ප්‍රකාශ කලෝලෝය.

අද්නාන්ගේ මරණය බටහිර ඉවුරේ පුලුල් කෝපයට තුඩු දුන් අතර  නගර කිහිපයක් මහා වැඩ වර්ජන ප්‍රකාශ කළේය.  වසර 40 කට පමණ පසු උපවාසයක් අතරතුර මිය ගිය පළමු පලස්තීන ජාතිකයා ඔහු වන අතර, 1967 සිට ඊශ්‍රායල අත්අඩංගුවේ සිටියදී මියගිය පලස්තීන සිරකරුවන්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

2019 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් අනුව සිරගෙදරදී හෝ ආරක්ෂක සිදුවීම් අතරතුර මිය ගිය පලස්තීනුවන් සිය ගණනකගේ සිරුරු  මෙන්ම ඔහුගේ සිරුර ද  භූමදාන කටයුතු සඳහා ඔහුගේ පවුලේ අයට භාර දීම ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන්ට  වධහිංසා, කුරිරු සහ අවමන් සහගත ලෙස සැලකීම සහ මෙම අපරාධ සැඟවීමට දරන ප්‍රයත්නයන් පිළිබඳව පසුගිය මාසයේ, ප්‍රමුඛ පලස්තීන මානව හිමිකම් සංවිධාන දෙකක් වන අල්-හක් සහ ඇඩමීර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරු (Special Rapporteur) වෙත සාක්ෂි සපයන ලදී.  ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින වෛද්‍ය කාර්ය මණ්ඩල පලස්තීන රැඳවියන්ගේ සිරුරු මත  වධහිංසා පැමිණවීමේ සාක්ෂි නොසලකා හැර, ප්‍රශ්න කිරීමට ඉදිරියට යාමට අවසර දෙන බව ඔවුහු පැවසූහ.  වසර ගණනාවක් පුරා සිරකරුවන්ගේ මරණවලට හේතු වූ ඊශ්‍රායල ආන්ඩුවේ “වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇති සීමාවන්” ඔවුන් ඉස්මතු කර දැක් වූහ.

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව පිලිබඳ ෆැසිස්ට්වාදී ඇමති, ඉටමාර් බෙන්-ග්විර් (Itamar Ben-Gvir,) පලස්තීන සිරකරුවන්ට ම්ලේච්ඡ ලෙස සැලකීම වේගවත් කර ඇත්තේ, ඔවුන් ස්නානය කළ හැකි කාලය සීමා කරමින්ද,  පිළුණු සහ ශීතලෙන් මිදී ගිය පාන් ඔවුන්ට දෙමින්ද,  සිර මැදිරි නිතර වැටලීම් සහ සෝදිසි කිරීම් සිදු කරමින්ද, සහ හුදකලා සිරගත කිරීම් භාවිතය වැඩි කිරීම මගින්ද, වැනි දෑ සිදු කරමිනි.  ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමේ පනත් කෙටුම්පතක් මේ වන විට පාර්ලිමේන්තුව හරහා ගමන් කරමින් පවතී.

බ්‍රහස්පතින්දා, වෙනම සිදුවීමකදී, නබ්ලස් අසල හුවාරා නගරයේ දී, 26 හැවිරිදි ඉමාන් සියාඩ් ඔඩේ නමැති තරුණියකට සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ, මෙම සිද්ධියෙන් සුළු තුවාල ලැබූ සොල්දාදුවෙකුට පිහියෙන් ඇන ඇති බව පවසමිනි.  පෙබරවාරි මාසයේදී, හුවාරා නගරය හරහා ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමීමෙන් පසු සිය ගණනක් ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සංහාරයක් වැනි ප්‍රහාරයක් සිදු කරන ලදී.

විනිසුරුවන් සහ අලුගෝසුවන් ලෙස ක්‍රියා කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පමණක් නොවේ.  වාඩිලාගන ඇති  බටහිර ඉවුරේ ජනාවාසවල වෙසෙන ඊශ්‍රායල සිවිල් වැසියන් ද දණ්ඩමුක්තිය සහිතව (ප්‍රතිවිපාක රහිතව) එසේ සිදු කරති.  2010 සහ 2019 අතර කාලය තුළ අවම වශයෙන් පලස්තීනුවන් 22 දෙනෙකු ඝාතනය කරමින්, අවම වශයෙන් තවත් 1,258 දෙනෙකු තුවාල ලැබූ, අවම වශයෙන් පදිංචිකරුවන්ගේ ප්‍රහාර 2,955 ක් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වාර්තා කර ඇති අතර, එම කාලය තුළ, පදිංචිකරුවන්ගේ ප්‍රහාරවලින් සියයට හතක්  පමණක් අපරාධ චෝදනාවලට ලක් කරද ,ඉන් සියයට 3 ක පමණක් චෝදනා ඔප්පු වූ බව ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන යෙෂ් ඩින් (Yesh Din)  පවසයි .

මේ වසරේ මාස හතරක කාලය තුළ ඊශ්‍රායල හමුදාව අවම වශයෙන් පලස්තීනුවන් 102 දෙනෙකු මරා දමා ඇති අතර ඔවුන්ගෙන් 20 දෙනෙකු කුඩා දරුවන් වේ. පදිංචිකරුවන් පලස්තීනුවන් පස් දෙනෙකු මරා දමා ඇත.  එම කාලය තුළ අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් 19 දෙනෙකු, යුක්රේන ජාතිකයෙකු සහ එක් ඉතාලි ජාතිකයෙකු ඝාතනය කර තිබේ.

ඊශ්‍රායල ෆැසිස්ට් නායකයන්ට මේ කිසිවක් ප්‍රමාණවත් නොවේ.  යුදෙව් බලයේ නායක බෙන් ග්වීර්, මිලිටරියේ ප්‍රතිචාරය “දුර්වල” ලෙස හංවඩු ගැසූ අතර, “ගාසාවේ දුර්වල ප්‍රතිචාරයට” විරෝධය පළ කරමින් බදාදා නෙසෙට් ඡන්ද වර්ජනය කරන ලෙස ඔහුගේ අන්ත දක්ෂිනාංශික ඔට්ස්මා යෙහුඩිට් කන්ඩායමට නියෝග කළේය.  අනෙකුත් දක්ෂිනාංශික නායකයින් ආන්ඩුව විවේචනය කළේ, “දුර්වල ප්‍රතිපත්තියට නිසා අපිට වන්නට සිදුවනු ඇත  ” යනුවෙන් පවසමිනි.

නෙතන්යාහු  මෙම හැඟීම් ප්‍රතිරාවය කරමින්, නබ්ලස් හි ” සාර්ථක පලිගැනීම” ගැන  හමුදාවට ප්‍රශංසා කරමින්, අරමුන වන්නේ පලස්තීනුවන් අත්අඩංගුවට ගැනීම නොව ඔවුන් මරා දැමීම බව පැහැදිලි කළේය.  “අපට හානි කරන අයට සහ අපට හානි කිරීසමට උත්සාහ කරන අයට අපගේ පණිවිඩය නම් එය දිනක්, සතියක් හෝ මාසයක් ගතවනු ඇති නමුත්, අපි ඔබ සමඟ ගනුදෙනු බේරා ගන්නා බවට නිසැක වන්න,” ඔහු පැවසීය.  “ඔබ සැඟවීමට උත්සාහ කරන්නේ කොතැනක වුවත් කමක් නැත, අපි ඔබව සොයා ගන්නෙමු.  අපට හිංසා කරන තැනැත්තා ඔහුගේ දිවි හානිකර ගනී. ”

විපක්ෂ ජාතික එක්සත් පක්ෂ නායක බෙනී ගැන්ට්ස් (Benny Gantz) නෙතන්යාහු දුර්වල නායකත්වය හෙලා දුටුවේ, පලස්තීනුවන් හා ගාසා තීරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කලින් පැවති “වෙනස්වීමේ ආන්ඩුව” ගැන පුරසාරම් දොඩවමිනි. නෙතන්යාහුගේ අධිකරණ කුමන්ත්‍රණයට එරෙහි සමාජ විරෝධතාවල ස්වයං-ප්‍රකාශිත නායකයින්ට ඊශ්‍රායලයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව සමඟ අත්‍යවශ්‍ය වෙනස්කම් නොමැති බව ඔහුගේ ප්‍රකාශ අවධාරනය කරයි.

ඊශ්‍රායලයේ සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශ වල පලස්තීනුවන්, ම්ලේච්ඡ මිලිටරි මර්දනය , විවෘතව අනීතික බලහත්කාරකම් පාන්නන් (vigilante) සහ පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය යටතේ පවතින්නේ, ඒ සියල්ල ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ඇති තතු තුලය.  බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ මිලිටරි ආඥාදායකත්වය ආරක්ෂා කරන අතරම යුදෙව් ඊශ්‍රායලීන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කළ නොහැක්කකි.

ප්‍රධාන කර්තව්‍යය වන්නේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිගාමී සියොන්වාදී නායකත්වය ජය ගැනීම සහ පලස්තීන ජනතාවගේ ජාතික අයිතීන් ඇතුළු රැකියා, ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ පොදු අරගලයක් තුල අරාබි සහ යුදෙව් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමයි.  මෙය කළ හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත පදනම්ව පමනි.

#theSocialistLK #WSWS 

ඊශ්‍රායල හමුදාව හිතාමතාම පලස්තීන ගැටුම තාපාංකයට ගෙන එයි Read More »

ශ්‍රී ලංකා සසප නිලධරය ස්වයං-නීර්නය සංකල්පය මර්දනයේ අවියක් කරගත් හැටි

නන්දන නන්නෙත්ති විසිනි.

සසප සහෝදරවරුනි, ධනේශ්වර විරෝධී සියලු හිතවතුනි,

අපි පන්ති අරගලයේ තීරනාත්මක අවධියකට පිවිස සිටිමු. ලෝක යුද්ධයකට හා විප්ලවය හා ප්‍රතිවිප්ලවය මුහනට මුහුන ලා සිටින තත්වයට ලෝකය වේගයෙන් ඇදී යමින් පවතී. ජාතිකවාදී කුමන ව්‍යාාරයකට හෝ ප්‍රතිවිප්ලවය මුවහත් කිරීම හැර මාවතක් නැති බව දැන් හොඳට ම පැහැදිලි ය.

එහෙත් කම්කරු පන්තියේ තීරනාත්මක මැදිහත් වීමකින් තොරව මහජනතාවගේ එකදු ප්‍රශ්නයක්වත් විසදෙනු නැත. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර විප්ලවවාදි ක්‍රියා මාර්ගයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමෙන් මෙපිට කම්කරු පන්තියට වර්ධන වන මහජන අරගල මාලාව තුල කේද්‍රීය ක්‍රියා කලාපයක් ඉටු කල නො හැකි ය‍. ඒ සදහා කම්කරු පන්තියේ පවතින විඥානයට එරෙහි සටන තියුනු සහ වේගවත් කල යුතු ය. 

ධනපති පන්තිය පැත්තෙන් නම් තම පන ගලවා ගැනීම සදහා එම සටන දිය කර හැරීම අවශ්‍ය ය. ජාත්‍යන්තර කමිටුවේ ශාකා ඒවායේ පදනම්වලින් ලිස්සා යැවිය හැකි තත්වයක් පක්ෂ තුලින්ම මතු කර ගැනීම සදහා කම්කරු පන්තිය මත ධනවාදය යොදන පීඩනය ඉමහත් ය.

ශ්‍රී ලංකාවේ දී මෙම පීඩනයේ ඉලක්කගත ගොදුර සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. ඒ නිසා, අන් කවරදාටත් වඩා ජාත්‍යන්තර පන්ති අරගලයේ හා පක්ෂයේ ඉතිහාසය  මත පදනම් වීමත්, ප්‍රතිපත්ති හා මූලධර්ම කෙරේ දෘඩතර වීමත් අත්‍යවශ්‍ය ය.

හරියට ම මේ මොහෙතේ පක්ෂ නිලධාරී තන්ත්‍රය පක්ෂය දිය කර හරිමින් සිටීම පුලුල් ලෙස සාකච්ඡා කල යුතු කරුනකි. එය වඩා න්‍යායාත්මක, ක්‍රියා මාර්ගික හා ඉදිරි දර්ශනාත්මක කර්තව්‍යයකි. පක්ෂ තන්ත්‍රය එම කර්තව්‍යය ඉස්මතු කරන සාමාජිකයන්ට එරෙහිව, පක්ෂය තුලත්, ඉන් පිටතත් ප්‍රචාරය කරන භයංකර බොරු හා විකෘති කිරීම් හෙලි කරගෙන ඒවා ජය ගැනීම සදහා යොමු වීම තීරනාතමක ය.

පක්ෂයේ එවකට ප්‍රධාන ලේකම්, ස්වයං-නීරනය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය ප්‍රතික්ෂෙප කර ඇතැයි චෝදනා කර, 2021 නොවැම්බර් 15 දින සිට සති තුනකට මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් එම කාලය තුල නිදහසට කරුනු දැක්වීම නො කෙරුනේ නම් “සාමාජිකත්ව තහනම දිගටම බලපවත්වන බව” එම නොවැම්බර් 16 දින මට දැනුම් දෙන ලදී. මේ වනාහි එක්සත් ජනපදයේ පිටුබලය සහිතව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පිවිසි  2015 වසරේ සිට පක්ෂය තුල දියත් කල දඩයමක කුලුගැන්වීම බව ඉදිරි කාලයේ දී ඔබට වටහා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 

කෙසේ වෙතත් මම නායකත්වය වෙත නිසි කාල සිමාව තුල පිලිතුරු සැපයු වෙමි. එයින් නායකත්වයේ චොදනාවල ව්‍යාජත්වය හෙලි කෙරුනු අතර ඒ නිසා ම එය ඉවත දමන ලදී. එහෙත් ඊට එරෙහිව “නන්දන සහෝදරයාගේ මේ සියලු විකෘතිකරනයන් පිලිබද සැලකිල්ලෙන් බලන විට” පෙනී යන්නේ “ පක්ෂය ජාත්‍යන්තරවාදී පදනම්වලින් ඉවතට හරවා විවිධාකාර වාම පුද්ගලයින්ට ගැලතිය හැකි අම්බලමක් බවට පක්ෂය පරිවර්තනය කිරීම සදහා ෆේස්බුක් පිටු පාවිචිචි කරමින් සුලු ධනේශවර පීඩනයට යටත් වීමයි,” යනුවෙන් සදහන් වසන්ත රුපසිංහගේ නමින් ලියූ, 2021 දෙසැම්බර් 20 දිනය සහිත ලිපියක්, ප්‍රධාන ලේකම්ගේ අනුමැතියෙන් බෙදා හැරියේ ය. 

නිලධරයේ අරමුන වූයේ මාර්තු මාසයේ පැවැත් වීමට නියමිත වූ සම්මේලනයට සහභාගි වීමෙන් මා වැලැක් වීම ය.

පක්ෂ සාමාජිකයන් 17 දෙනෙකු අත්සන් කර සසප මධ්‍යම කාරක සභාවට යැවූ 2022 පෙබරවාරි 7 දිනය දරන ලිපියකින් මෙම සූදානමට විරුද්ධ මැදිහත් වීමක් සිදු විය. එහි මෙසේ සදහන් වේ. “නන්දන සහෝදරයා නියම කර ඇති කාල සීමාව තුල මධ්‍යම කාරක සභාව වෙත සිය පිලිතුර යොමු කර ඇත. නමුත් දේශපාලන කමිටුව කිසිදු හේතු දැක්වීමකින් පවා තොරව තහනම දිගටම පවත්වා ගනිමින් පෙබරවාරි 12,13,14 දිනයන්හි පැවැත් විමට යොදාගෙන තිබෙන ජාතික සම්මේලනයට හා ඒ සදහා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමෙන් ඔහු වැලැක් වීමට තීන්දු කර ඇත.”

“සම්මේලනයට සහභාගී වීමට අවස්ථාව සලසන ලෙස නන්දන විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස, – ලැබී ඇති සාමාජිකත්ව වරම අයතා ලෙස භාවිත නො කිරීම,  සාකච්චාව තුල කඩාකප්පල් ක්‍රියා නො කිරීම, සම්මේලනයේ න්‍යාය පත්‍රයට හා පත්කෙරෙන සභාපති මඩුල්ලට යටත්ව ක්‍රියා කිරීම යන කොන්දේසිවලට යටත්ව – සම්මේලනයට හා සාකච්ඡාවට සහභාගි වීමට අවසර දීමට DN සහෝදරයාගේ අනුමැතියෙන්, දේශපාලන කමිටුව තීන්දු කල බව 29 දින ලිපියකින් ඔහු වෙත දැනුම් දී ඇත. 31 දින තමන් මේ කොන්දේසි පිලිගන්නා බව නන්දන මධ්‍යමකාරක සභාවට හා ජාත්‍යන්තර කමුටුවට වාර්තා කර ඇත.” 

“එහෙත් එම 2දා දහවල් 12.35ට ප්‍රධාන ලේකම්  විජේ සහෝදරයාගේ ඊමේල් පනිවිඩයකින් ඔහුගේ සහභාගීත්වය යලි තහනම් කර ඇත.” 

දේශපාලන කමිටුවේ ව්‍යවස්ථාවට පටහැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුව ප්‍රතික්ෂේප කල, සාමාජිකයනගේ ලිපිය සදහන් කලේ, “අපි දේශපාලන පැහැදිලිකම සදහා ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදයේ පදනම මත සිදු කෙරෙන න්‍යායායික දේශපාලනික සාකච්චාවන්හි බරපතල අදාලත්වය අවධාරනය කරමු” යනුවෙනි. “ සම්මේලනය මෙසේ පැවැත් වීමට උත්සාහ කරන්නේ දේශපාලන කමිටුව විසින්, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් තිදෙනෙකු හා සාමාජිකයන් සෑහෙන කන්ඩායමකට එරෙහිව බරපතල චෝදනා එල්ල කර ඇති තත්වයක දී ය,” යි එය පෙන්වා දුන්නේ ය. 

වසන්ත රුපසිංහගේ ලිපියේ ඉහත උපුටා ඇති කොටස මගින්  දේශපාලන කමිටුව එල්ල කරන චෝදනා ගැන සදහන් කරමින් එය කියා සිටියේ මේ තත්වය නිසා ම සම්මේලනයට පෙර මේවා විසදා ගැනීම අවශ්‍ය බව ය.

සම්මේලනය කැදවීම පන්ති අරගලයේ නව විප්ලවවාදී අරගලයට සූදානම් වීම පිනිස වෙනුවට වැරදි රැකගෙන පවත්වා ගැනීම සදහා, කූටෝපායන් ක්‍රියාත්මක කරන ගමන් ම ඉටු කල වතාවතක් විය. ඒ අවබොධයෙන්, උක්ත ලිපිය මෙසේ කියා සිටියේ ය. “මෙම සම්මේලනය පෙබරවාරි 12 දින සිට පැවැත්වෙන බව සාමාජිකයන්ට දැනුම් දුන්නේ ජනවාරි 27දා ය…හලාවතට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 4දා ය.”

“සසප ව්‍යවස්ථාවේ 7 (ආ) ඡේදය අනුව අනුව මධ්‍යම කාරක සභාව විසින් ජාතික සම්මේලනය පැවැත්වීමේ නිවේදනය අවම වශයෙන් දින 60කට පෙරාතුව නිකුත් කල යුතු ය.”

“7 (ඊ) න්‍යාය පත්‍රයේ ද, ලිපි ලේඛනවල ද කෙටුම්පත් සමුලුවට දින 20කට පෙර නියෝජිතයන් වෙත ලබා දිය යුතු ය.”

“ මෙහි දී අපගේ අවධානය යොමු වන විශේෂ කරුන නම් ජාත්‍යන්තර කමිටුව බැරෑරුම්ව සලකන්නේ යයි කියන ව්‍යවස්ථාව එහි ශාකාවක් විසින් එසේ නො සලකන්නේ ඇයි ද යන්න ය.” 

“මේ අයුරින් සම්මේලනය පැවැත්වීම ව්‍යාකූලත්වයෙන් ව්‍යාකූලත්වය සදහා ආරාධනා කිරීමකි. ඒ නිසා සම්මේලනයට අවශ්‍ය කාලය ලැබෙන පරිදි කල් දැමිය යුතු යයි පහත අත්සන් කරන අපි යෝජනා කරමු.”

ලිපිය කුනු කූඩයට ගොස් තිබිනි. ඊලග 10දා එහි ඉංග්‍රීසි පිටපතක් ජාත්‍යන්තර කමිටුව වෙත යොමු කල අතර පසු දින ම ලංකා ශාඛාව සමග සාකච්ජා  කර සම්මේලනය කල් දැමීමටත්, නන්දන සම්මෙලනයට හා පූර්ව සම්මේලන සාකච්චාවලට සහභාගි කර ගැනීමටත් එය එකග කරවා ගත්තේ ය. 

නමුත් නායකත්වයේ අරමුන වූයේ කෙසේ හෝ නන්දන නැවත මධ්‍යම කාරක සභාවට පත්වීම වැලැක් වීමත් සම්මේලනය තුල දී පක්ෂයේ දේශපාලන හා න්‍යායික අර්බුදය ඉස්මතු වීම වලක්වා ගැනීමත් ය. 

ස්වයං-නීර්න අයිතිය පිලිබඳව සංකල්පය ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ආස්ථානයේ  පදනම් වලින්  ගලවා දමමින් පක්ෂ තන්ත්‍රය එය දිගින් දිගටම නවකයන්, තත්වාරක්ෂකයන් හා වසර ගනනක කාලයක් න්‍යායිකව සන්නද්ද නො කෙරුනු සාමාජිකයන් ව්‍යාකූල කිරීම සදහා යොදා ගත්තේ ය. පක්ෂයේ පදනම් ලියවිල්ලේ ස්වයං-නීරනය සම්බන්ධයෙන් සදහන් 30-4-5-6 ඡේද උල්ලංගනය කලේ ය යන චෝදනාව මගේ ලිපියෙන් ඛන්ඩනය කල නමුත් තන්ත්‍රය එම ලිපිය සාමාජිකත්වයෙන් සඟවා තමන් ම ගෙතූ වැරදි ඒ මත පටවා ඒ වෙනුවෙන් මා දඩු ගැසීම ඉල්ලා සිටියේ ය.

Image
ඇමසන් පිටපත

මොන තරම් ප්‍රතිගාමී සංකල්පවලින් සාමාජිකත්වය දූෂනය කලේද යත් ස්වයං-නීර්නය “සටන් පාඨයෙන් අදහස් කරන්නේ සිංහල දෙමල ධනපති පන්තියට එරෙහිව සිංහල දෙමල කම්කරු පන්තියේ ස්වයං-නීර්නය අයිතිය තහවුරු කිරීමට සටන් කිරීමයි” යනුවෙන් රූපසිංහගේ ඉහත ලිපියේ ඔවුහු ලියූහ.  මෙය ඉතිහාසය, සංකල්ප හා ආස්ථානයන් විකෘති කිරීමකි. ඔවුන් හිතන්නේ කුමක් උවත්,  එවන් ආස්ථානයක් නිශ්චිතවම සමපාත වන්නේ  පීඩිත දෙමල ජාතියට සිංහලයන්ට වඩා වෙනස් පීඩනයක් නැත යන ඉතිහාස විරෝධී, සිංහල-බෞද්ධ වර්ගවාදී, ප්‍රතිගාමීත්වයේ බලහත්කාරය සමඟ ය.  මාක්ස්වාදී ව්‍යාපාරයට තුල මෙම සටන් පාඨය අධිරාජ්‍යවාදය විසින් දුර්වල ජාතීන් යටත් කර තැබීම හා ජාතික රාජ්‍යය තුලම මහ ජාතියේ පාලනය විසින් සුලු ජාතික කන්ඩායම් යටත් කර තැබීමට එරෙහි වීම ප්‍රකාශයට පත් කරයි. 90දශකයේ මුල් භාගයේ සිට මෙම සංකල්පය හා එහි භාවිතය ජාත්‍යන්තර කමිටුව නැවත සලකා බලන විට, පක්ෂ නිලධරය කියාපාන ලෙස, එය එහි ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයෙන් උගුලා දැමූවේ නැත.         

මගේ පිලිතුර අද ප්‍රථම වතාවට සසප සාමාජිකත්වය දැක ගනී. එය මෙහි පහලින් පල කිරීම සඳහා යොමු කරමි. එහි ඇත්තේ සම්පූර්න ලිපියේ මාතෘකාවට අදාල සාවද්‍ය චොදනා පත්‍රයක් යන කොටස පමනි. එය වුව, දේශපාලන ප්‍රශ්න දේශපාලනිකව නිරාකරනය කර ගැනීම සඳහා සසප වාම කන්ඩායම ගෙන ගිය දෘඩතර අරගලයට සාක්ෂි දරමින්, එය පක්ෂයේ හා පන්තියේ පැවැත්මට අවශ්‍ය අවධානය දිනාගනු ඇතැයි සිතමි. 

***

සාවද්‍ය චෝදනා පත්‍රයක්

ඔබේ නිවේදනයට අනුව,“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද සමාජවාදී සමානතා පක්ෂයේ ද ඉතා වැදගත් ප්‍රතිපත්තිමය කාරනාවක්– ජාතීන්ගේ ස්වයං නීර්නය අයිතිය පිලිබද ඉල්ලීම යොදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ගෙන ඇති තීන්දුව–විකෘත කිරීමට හා ඒ මගින්, එම පිලිවෙත සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූලත්වයක් සමාජගත කිරීමට දරන උත්සාහය සසප දේශපාලන කමිටුව ඒකමතිකව හෙලා දකී.“

එය මෙසේ ද පවසා ඇත.“ජාතීන්ගේ ස්වයං නීර්නය සසප විසින් ආරකෂා කෙරේ යන ඔබේ ආස්ථානය… ජාත්‍යන්තර පදනම් ලියවිල්ලේ විශේෂයෙන්ම 30-4 හා 30-6 දක්වා ඡේදවල ආස්ථානයන්ට පැහැදිලිවම පටහැනි ය.“ 

ඔබ යොදා ගනුයේ 2021 නොවැම්බර් 5 දින මුහුනු පොතේ මගේ පිටුවේ ඇරඹුනු සංවාදයකි.ඊට පදනම් වූයේ මවිසින් එහි පල කෙරුනු සසප මූලධර්ම ප්‍රකාශයේ පහත සදහන් කොටස ය.   

ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය

“කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය.එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම  හා ක්‍රියා මාර්ග මත නිදහස ලෙස ඇති කරගන්නා එකගතාවයක පදනමෙන් ය.ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත්වන්නේ මෙම වැටෙහීම යි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී,පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතු ය.පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් කරුනු අවස්ථා හැර, අනෙකුත් අවස්ථාවල සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව,සීමා පැනවීමකින් තොරව සිදු විය යුතු ය.නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත් කරගන්නා අතර විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය.නායකත්වයට ඉදිරිපත් වන විවේචන්යට මුහුන දී ගත නො හැකි අපේක්ෂකයන් එකසත් ජනපද ට්‍රොස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය.‘සත්‍ය කිසිවෙකුටත් හානි නො කරයි,ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්ඡා ද,විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ.පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී,මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ධ වන හා විනයගත වීමේ ඉල්ලීම සිය පුද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇගවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

ඹබේ විරෝධය එල්ල වන්නේ පුලුල් සාකච්ඡා,අව්‍යාජ විවේචන හා දැඩි විනය යන ඉහත උපුටා දැක් වූ බොල්ෂෙවික්වාදයේ ප්‍රමුඛ මූල ධර්මයන්ට ය යි මම කියමි.මා විමසීමට මොන ම උත්සාහයකින් හෝ තොරව පොලිස් ඔත්තුකාරයකු පිලිබද ලැබුනු සඥාවකට ප්‍රතික්‍රියා කරන ආකාරයෙන්, ඔබ ක්‍රියාත්මක වූයේ එබැවිනි.

ඉහත දැක් වූ පෝස්ටුව යටතේ සිදු වූ- ඔබ විසින් විකෘත කෙරෙන, සීවලි අත්තනායක නම් පුද්ගලයෙකු සමග කෙරුනු-අදාල සාකාච්ඡාව ඒ අයුරින් ම උපුටා ඇක්වීමට මට ඉඩ දෙන්න.

සීවලී අත්තනායක: සුළු ජාතීන්ගේ සවයං නීරන අයිතිය වර්තමානයේ සසප පිලිගන්නවා ද?ලංකාවට අදාලව.

නන්දන නන්නෙත්ති: ඔව්.

අත්තනායක: ලංකාවට අදාලව.

නන්දන: ඔව්.

අත්තනායක: ජය වේවා මගේ පැරනි කම්කරු මාවතට.

නන්දන: නො වැටහේ. 

අත්තනායක: 88/89න් පසුව විශ්ව විද්‍යාලය තුල කම්කරු මාවත සමගින් වැඩ කලා.පසු කාලයේ ඔවුන් දෙමල ජනතාවගේ සවයං නීර්න අයිතිය පිලි නො ගන්නා බව දැනගන්න ලැබුනා.

නන්දන: විකොස හා සසප කවර කලෙකවත් පීඩිත මහ ජනතාවගේ ප්‍රජාතනත්‍ර අයිතීන් නො තකා ක්‍රියා කර නැත.නමුත් සවයං නීර්නයේ නාමයෙන් අධිරාජ්‍ය ගැති කුඩා වැයික්කි ඇටවීමේ කුමන්ත්‍රන අපි ස්ථිරසාරව ප්‍රතික්ෂේප කරමු.වත්මන් භූගෝලීය ආර්ථිකය එවැනි රාජ්‍ය කෑලිවල පීඩිත ජනයාගේ කිසිදු අයිතියක් ආරක්ෂා නො කෙරෙන බව ගැන කෙතරම් නම් නිදසුන් තිබේ ද?රැඩිකල් ජාතිකවාදී ව්‍යාපාර හැමෙකක් ම පසු ගිය දශක කීපයේ ම ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කල්ලි සමග පෙල ගැසුනි. 

අත්තනායක: සසපයේ ස්ථාවරය වෙනස් වී ඇති බව ඉතාම පැහැදිලියි.ස්තුතියි.ජාතීන්ගේ සවයං නීරන අයිතිය සහ නිජ භූමි සංකල්පය පිලිබද පක්ෂයේ ස්ථාවරය කුමක් ද?

නන්දන: පීඩිත ජනතාවගේ සවයං නීර්නය අයිතිය ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ කර්කව්‍යය යි යන ස්ථාවරය කිසි කලෙක වෙනස් වී නැති බව කිව යුතු ය.එවැනි කුමන හෝ අවස්ථාවක් ගැන ඔබට සදහන් කල හැකි ද? 

අත්තනායක:සිවිල් යුධ සමයේ ජනඝාතක යුද්ධයට එරෙහිව හඩ නැගූ කම්කරු මාවත අද ඒ ස්ථාවරයේ ම සිටිනවා ද?

නන්දන:ඔව් අදත් හෙටත් කවදටත් එය සිංහල පාලක පන්තියේ ආක්‍රමනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වයි.

නන්දන: කියවන්න ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්.ජාතික ප්‍රශනය.මෙය wsws.org වෙතින් බලා ගත හැකි ය.(පදනම් ප්‍රකාශනයේ ජාතික ප්‍රශ්නය යනු 30-1 සිට30- 6 දකවා වන සම්පූර්න කොටසයි.)  

අත්තනායක:කම්කරු පන්තියේ මූලිකත්වයෙන් ඉන්දු උප උප මහද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස දෙමල ඊලාම් ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩ නැගීම වෙනුවෙන් සසප අදත් පෙනී සිටිනවා ද?

නන්දන: ඔව්

අත්තනායක:ස්තුතියි සහෝදරයා.ඉවසීමෙන් පිලිතුරු දීම පිලිබදව. 

(මෙම සංවාදයෙන් පෙනී යන කරුනක් නම් ජාතික ප්‍රශ්නය පිලිබද අපේ ආස්ථානය ඇතැම් විට සමාජගත වී ඇත්තේ විකෘති ආකරයකට බව ය.මෙම සංවාදයට සහභාගී වූ අයට එය නිවැරදි කර ගැනීමට හැකි වී  යයි මම සිතමි.) 

Image
සසප පදනම් ප්‍රකාශය

පසු දින පක්ෂයේ හිතවතෙකු ලෙස සිටින නාලක මලලගම “සසප (විකොස) පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්නය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත“ යි සිය මුහුනු පොතේ විශේෂ සටහනක් තැබී ය.මෙය සසප ඉදිරි දර්ශනයට හතුරු ප්‍රකාශයකි.

අපි සටන් පාඨයක් ලෙස ‘ජාතීන්ගේ සවයං නීර්න අයිතිය‘ තව දුරටත් භාවිත නො කරමු.ඊට බල පෑවේ ස්පාටසිස් කන්ඩායමට දුන් පිලිතුරේ අප තහවුරු කල පරිදි  නව බෙදුම්වාදී ජාතික ව්‍යාපාර හා අධිරාජව්‍යවාදීන් විසින් මෙහි අර්ථය විකෘති කරනු ලැබීම නිසා එයින් ව්‍යාකූලත්වයක් ජනිත වීම ය.පීඩිත ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතර මූලික කරුනක් වන සවයං නීර්න අයිතිය නො තකා සිටීමක් එයින් නො හැගවේ.

මම මෙසේ ලිවීමි.“සමසමාජ පක්ෂය ධනපති ආන්ඩුවට රිංගා පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය පිලිබද කම්කරු පන්තියේ ඉදිරි දර්ශනය පාවා දුනි.එය 30 අවුරුදු යුද්ධයක හා ධනවාදයේ පැවැත්ම දිගු කර ගැනීමේ ඇරඹුම විය.විකොස (සසප) ඊට එරෙහිව එම ඉදිරි දර්ශනය ආරක්ෂා කල එකම පක්ෂය යි.එම තතු තුල පහත සදහන් මලලගමගේ ප්‍රචාරය දැන දැන ම ඉවසා සිටීම නො නවතින විප්ලවය පාවා දීමකි.“ 

එල්ටීටීඊ වාර්ගික බෙදුම්වාදී ව්‍යාපාරය අවසන් විග්‍රහයේ දී සමසමාජ පාවා දීමේ ප්‍රතිඵලයක් ය යන පාඩම සමසමාජ පක්ෂයට එල්ලවන චෝදනාවකට වඩා බෙහෙවින් ම වැඩි දෙයකි.එය, ට්‍රොට්ස්කිවාදයට මුහුන දීමට සිදු වූ චෝදනාවක් වන අතර ලෝක කම්කරු පන්තියේ ජීවිතය සමග එක එලලේ ම බැදී ගත්, අමතක කල නො හැකි ඓතිහාසික, න්‍යායික,දේශපාලනික ප්‍රශ්න ඉස්මතු කල සිද්ධියකි. 

කම්කරු පන්තිය තුල මුල් බැස ගෙන පැවති සමසමාජ පක්ෂය- ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ධනපති ආන්ඩුවකට ඇතුලු වූ ප්‍රථම අවස්ථාව සටහන් කරමින්- පීඩිත ජාතියට එරෙහි වාර්ගික, ආගමික ව්‍යවස්ථාවක් නිර්මානය සදහා මූලිකත්වය ගැනීමෙන්, පීඩිත දෙමල ජාතිය කම්කරු පන්තියෙන් විරසක කිරීමට කොන්දේසි නිර්මානය කලා පමනක් නො වේ.විප්ලවවාදී,සමාජවාදී කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පරම්පරාවක් නො නවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයට එරෙහිව පිහිටුවීමට ද කොන්දේසි නිර්මනය කලේ ය.දෙමල කතා කරන පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස සවයං නීරනය පිලි ගැනීම පිලිබද කරුන මෙම ඓතිහාසික වරද විසින් ද අප මත විශේෂයෙන් අවධාරනය කරනු ලැබ ඇති බව මගේ වැටහීම යි. 

උක්ත සංවාදයේ දී මෙම පදනමේ පිහිටා මම ආරක්ෂා කලේ,මවිසින් පටහැනි වනු ලැබුනේ යයි ඔබ විසින් කියනු ලබන 30-4-5-6 ඡේදවල ආස්ථාන ය.

නිදසුන් ලෙස 30-4 හි සදහන් වන මෙම ආස්ථානය මගේ ප්‍රකාශය සමග මොනම පරස්පරයක්වත් නැති බව පෙන්වා දිය හැකි ය.  “…ජාතිකවාදයේ නව රූපය, සූරා කන්නන්ගේ යහපත සදහා, පවත්නා රාජ්‍යයන් බෙදා වෙන් කිරීමේ එල්ලය ඇතිව ජනවාර්ගික,භාෂාමය සහ ආගමික පිලිවෙත් දිගේ බෙදුම්වාදය වගා කරයි.මෙවන් ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයත් සමග ගෑවීවත් නැත.ඒවා මොන ම අර්ථයකින් හෝ පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අභිලාශයන් අන්තර්ගත කරගන්නේ නැත.ඒවා කම්කරු පන්තිය බෙදීමට ද පන්ති අරගලය ජන වාර්ගික ප්‍රජා ගනවාදී යුද්ධවලට අපසරනය කිරීමට ද උදව් වේ.කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මුල කරගෙන ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ,ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයන්ගේ බෝවීම කෙරෙහි ද,වෙනම ධනේශ්වර රාජ්‍යයන් තැනීම යුක්තිසහගත කිරීම සදහා ඔවුන් හුවා දක්වන ‘ස්වයං නීර්න අයිතිය‘කෙරෙහි ද විවේනාත්මක පමනක් නොව සතුරු වන ආකල්පයක් පවා ගත යුතු බව යි.

30-5 සදහන් කරන පරිදි “මහජනතාවට ම මෙවන් සංසිද්ධියකින් ලබා ගත හැක්කේ නො නවතින ජනවාර්ගික ලේ වැගිරීම්වලින් හා උග්‍ර කෙරුනු සූරා කෑමෙන් පමනක් යුක්ත අනාගතයක් පමනි” 

30-6 “ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවේ කොටසක් ලෙස විකොස නිගමනය කලේ, ප්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල, එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපෘතියට සහාය දීම හැටියට පමනක් අර්ථ ගැන්විය හැකි “දෙමල ජනතාවගේ සවයං නීර්නය” අයිතියට සහාය දීම, තව දුරටත් කිසිදු ප්‍රගතිශීලී අරථයකින් තොර දෙයක් බවයි.” නමුත් “විකොස, දිවයිනේ එක්සත්කම මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් පවත්වාගෙන යාමේ ශ්‍රී ලංකා ආන්ඩුවේ උත්සාහයන්ට සම්මුති විරහිතව විරුද්ද වීමේ සිය පිලිවෙත දිගටම ගෙන ගියේ ය.” 

මෙහි කලු අකුරින් අවධාරනය කරන ‘ස්වයං නීර්න‘ අයිතියට ඉතා පැහැදිලිව සතුරු ආකල්පයක් මවිසින් ප්‍රකාශයට පත් කෙරුනු බව ගැන මම විශ්වාසයෙන් පසු වෙමි. මෙහි අවසන් වාක්‍යය පවසන පරිදි “කොන්දේසි විරහිතව උතුරින් හා නැගෙනහිරින් සන්නද්ධ හමුදා ඉවත් කිරීම සදහා විකොසෙහි ඉල්ලීම,වෙනම ඊලමක් සදහා සහයෝගය දීමක් ඇගවුම් නො කලේ ය.ඒ වෙනුවට,දෙමල ජනතාවට එරෙහි මිලිටරි මැඩලීම කෙරෙහි විරෝධ දැක්වීමේ දී විකොස අපේක්ෂා කලේ ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සදහා වූ විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් එක්සත් කිරීම ය.“ මෙහි අදහස වන්නේ කම්කරු පන්ති ආඥාදායකත්වය සදහා අරගලය පීඩිත ජාතීන්ගේ සවයං නීර්නය ඇතුලු ප්‍රජතනතවාදී අයිතීන් පිලි ගැනීමේ පදනමේ ගොඩ නගන එකමුතුවෙන් සිදු කරන බව ය.

සසප පීඩිත ජාතීන්ගේ සවයං නීර්නය අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැතැයි එහි සියලු අත්‍යවශ්‍ය විශේෂන පද ගලවා ඉවත් කර නිවේදනය කිරීම මෙම ඉදිරි දර්ශනයෙන් මතු කෙරෙන කම්කරු පන්තියේ එකමුතුවට හතුරු ය.  

මගේ වැටහීම නම්, ස්වයං නීර්නය සම්බන්ධ ප්‍රශ්නයේ දී සංක්‍රමන ක්‍රියා මාර්ගයේ සංකල්පය අදටත් වලංගු ය. “ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය හුදෙක් ඉවතලෑම කල නො හැකි ය.මහජනතාවන් අරගලය තුල දී එය ඉක්මවා යාම අනිවාර්ය වේ. ජාතික (හෙවත් ආන්ඩුක්‍රම සම්පාදක) මන්ඩලයක් සදහා සටන් පාඨය චීනය හා ඉන්දියාව වැනි රටවල සම්පූර්න බලයෙන් යුතුව වලංගු වේ. මෙම සටන් පාටය ජාතික විමුක්තිය හා කෘෂක ප්‍රතිසංස්කරනය පිලිබද ගැටලුව සමග අවියෝජනීය ලෙස බද්ධ කල යුතු වේ. මුල් පියවරක් ලෙස කම්කරුවන් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ කල යුතු ය.” (ධනවාදයේ මර ලතෝනිය හා හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ)

“ සත්‍ය නම්, ‘ස්වයං නීර්නයේ’ -ජාතික පීඩනය මුලිනුපාටා දැමීම- අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය සාක් ෂාත් කර ගත හැකි වන්නේ ශ්‍රී ලංකා ඉලාම් සමාජවාදී සමූහාන්ඩුව සදහා වන සසප වැඩපිලිවෙල මගින් පමනි” (ICFI-1998) 

“පලමු වන ලෝක යුද්ධයේ පිපරිම ජාතික සාදකයන් මත ජාත්‍යන්තර තත්වයේ ප්‍රමුඛභාවය ට්‍රොට්ස්කිගේ අවධානය සනාත කලේ යයි” පෙන්වා දෙමින් ඩේව් සහෝදරයා මෙසේ සදහන් කලේ ය. “ සාරාර්ථ වසයෙන් අදිරාජ්‍යවාදී යුද්ධය සලකුනු කලේ ලෝක ධනවාදයේ නිෂ්පාදන බලවේග යල් පිනූ ජාතික රාජ්‍ය සමග සාමාකාමී සමහන් කිරීමේ නො හැකියාව යි. දියුනු හා පසුගාමී යන දෙපාර්ශවයේ ම රටවල කම්කරු පන්තිය පොදු උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දුන්නේ ය: මනුෂ්‍ය සමාජයේ සියලු ම අති මූලික ප්‍රශ්නවලට විසදුම් ලෝක ආර්ථිකයේ වර්ධනයේ මට්ටමෙන් ද ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ මාධ්‍ය තුලින් ද සොයා ගත යුතු විය” (නො නවතින විප්ලවය, සමාජවාදී ජාත්‍යන්තරයක් සදහා සටන 1993)

“ට්‍රොට්ස්කි මෙම ප්‍රශනය ගැන සුපැහැදිලිව විවාද කලේ ය. සවයං නීර්නය පිලිබද ඉල්ලීම තවමත් ප්‍රගතිශීලී අන්තර්ගතයක් දරා පැවති වර්ගයක බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දීමට මාක්ස්වාදී පක්ෂ බෑදී නැත. ඔහුගේ ජීවිත කාලය තුලදී පවා එම ඉල්ලීම සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කිරීමට ඉහලින් පිහිටියේ නැත. සවයං නීර්නය සදහා ඉල්ලීමේ එදා ද අද ද මාක්ස්වාදය හා ජාතිකවාදය සම්මුති ගැසීමක් සලකුනු වූයේ නැත. අන් සියල්ලටමත් වඩා ඔනෑම වර්ගයක බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දීමට මාක්ස්වාදී පකෂය බැදී නැත.” (එම)

ට්‍රොට්ස්කි පවසන පරිදි “අපගේ ග්‍රහ ලෝකයේ සියලු ජාතීන්ගේ වර්ධනයේ සැබෑ හා කල්පවතින නිදහස තහවුරු කල හැක්කේ ලොක නිර්ධන පන්තිය විසින් බලයා අල්ලා ගැනීමෙන් පමනි” (එම)

“සමාජවාදීන් සදහා නම් දෙන ලද රාජ්‍යක සීමාවන් තුල රැදෙන ලෙස ජාතික සුලුතරයන්ට බල කිරීම පිනිස රාජ්‍ය බලහත්කාරය භාවිත කරනු ලැබීමට එරෙහි නො වන්නේ නම් සවයං නීර්නය යන්න අර්ථ විරහිත ය. මෙය මෙම සියවසේ අරම්භයේ දී මෙම ඉල්ලීම මතු කරනු ලැබූ විට එහි පැවති අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රික අන්තර්ගතය වූ අතර අදත් එය එලෙසම පවතී” (මාක්ස්වාදය අවස්ථාවාදය සහ බෝල්කන් අර්බුදය-1994 පිටුව 70)

ධනේශ්වර නිෂ්පාදනයේ පෙර නො වී විරූ භූගොලීය ඒකාග්‍රකරනය ජාතික ප්‍රශ්නයට අදාල ප්‍රධාන ප්‍රවනතා දෙකක් මුදා හලේ ය. 

  1. පැරනි ජාතිකවාදී පාලන තන්ත්‍ර ලාභ ශ්‍රමය හා අසීමිත සූරා කැමේ සියලු සාධක සම්පාදනය කිරීම මගින් භූගොලීය ව සංචරනය වන ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම;
  2. විදේශ නය ගෙවීම සදහා වෙන් කෙරෙන ස්වභාවික සම්පතත් සහ කර්මාන්ත පිහිටි ප්‍රදේශවල මෙන් ම අන්තර් ජාතික ප්‍රවාහන සඛ්‍යතා, පොදු කර්ය ව්‍යුහයේ සහ ලාභ ශ්‍රමය සහිත ප්‍රදේශවල පාලක කල්ලි මෙතෙක් පැවති ආන්ඩුවල බලපෑමෙන් වෙන් වී තමන් ම විදේශීය ප්‍රාග්ධනය සමග ජාවාරම් කර වැඩි ලාභ  ලැබීම සදහා බෙදුම්වාදය පෙරට දැමී ය.

මෙම ප්‍රවනතාවන්ට එරෙහි අපගේ අරගලය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටගේ සියලු ජාතීන් බලමුලුගැන්වීම වන අතර ජාතික ප්‍රශ්නය නො තකා එම අරගලය සාක්ෂාත් කල හැකි පහසු මගක් නැත.

මා දැන් කිව යුත්තේ ජාතික ප්‍රශ්නයක් කියා විශෙෂ යමක් නැත යන ආකල්පයකින් ඔබ වැඩ කරමින් සිටින බවයි. සියලු මහජනයා මුහුන දී සිටින්නේ ධනවාදයේ අර්බුදයට ය යන කරුන, එහි පරස්පර විරෝධයන් ඉවත ලා, ඔබ, අර්ථකථනය කර ගනී. මෙය අපොහකයට එරෙහි තත්කාර්යවාදී පිලවෙතකට ඔබ මෙහයවයි. එය කම්කරු පන්තියේ පිලිවෙත නො වේ. 

ඔබේ චොදනා පත්‍රයට අදාලව පැහැදිලි පිලිතුරක් මෙයින් සම්පාදනය වී ඇතැයි සිතමි.ප්‍රශනයේ මූලයන් වටහා ගැනීම සදහා අප සාමූහිකව උත්සාහ කල යුතු ව ඇත. ඒ සදහා යොමු වන මෙම ලිපියේ සෙසු කොටස් ඉදිරි සති දෙක තුල ලබා දීමට කටයුතු කරමි. 

සහෝදරත්වයෙන්,

නන්දන නන්නෙත්ති

06.12.2021

 #theSocialistLK

ශ්‍රී ලංකා සසප නිලධරය ස්වයං-නීර්නය සංකල්පය මර්දනයේ අවියක් කරගත් හැටි Read More »

හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට පෙර ජපන් සහ දකුණු කොරියානු නායකයෝ හමුවෙති

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 08 දින Japanese, South Korean leaders meet ahead of G7 summit in Hiroshima යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ඉරිදා සෝල් නුවරදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් හමුවිය.  එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන චීනය සමඟ යුද්ධය ගොඩනැගීමේ කොටසක් ලෙස නායකයින් දෙදෙනා සහයෝගීතාව වර්ධනය කර ගනිමින් සිටී. කිෂිඩාගේ දෙදින සංචාරය ටෝකියෝවේ දී යූන් හමුවීමෙන් මාස දෙකකටත් අඩු කාලයකට පසුව සිදු වූ අතර වසර 12 කට පසු ජපාන අගමැතිවරයෙකු විසින් දකුණු කොරියාවට ගිය පළමු ද්විපාර්ශ්වික සංචාරය වේ.

Image
අගමැති ෆුමියෝ කිෂිඩා (වමේ) 2023 මැයි 7 ඉරිදා සෝල්හිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් සමඟ අතට අත දෙයි. [AP Photo/Jung Yeon-je]

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොකරන අතරම, නායකයන් දෙදෙනා උතුරු කොරියාව “දකුණු කොරියාවේ සහ ජපානයේ පමණක් නොව සමස්ත ලෝකෙය්ම සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක්” ලෙස හෙලා දකිමින් සමීප මිලිටරි සහයෝගීතාව සාධාරණීකරණය කිරීමට අවස්ථාව යොදා ගත්හ. චීනය සහ රුසියාව ගැන සඳහනක් කරමින් කිෂිඩා කියා සිටියේ, “අප වටා ඇති ජාත්‍යන්තර තත්ත්වය මත ජපානය සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව වඩ වඩාත් අත්‍යවශ්‍ය කරයි” යනුවෙනි.

පිටට පෙන්වන ඉලක්කය උතුරු කොරියාව වූවද, ටෝකියෝ සහ සෝල් , චීනය සමඟ යුද්ධය සූදානම් සූදානම් කිරීම සඳහා එක්සත් ජනපදය සමග එකමුතුව ක්‍රියා කරයි. යූන් ඉරිදා ප්‍රකාශ කළේ, “ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ සමෘද්ධිය සඳහා පදනමක් ලෙස සේවය කර ඇති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්ව ඇති තත්වයක් තුළ, විශ්වීය වටිනාකම් බෙදාහදා ගන්නා දකුණු කොරියාවට සහ ජපානයට ශක්තිමත් සහයෝගීතාවයකින් යූතුව කටයුතු කිරීමට සිදුවනු ඇති.” බවයි.

දකුනු කොරියාව සහ ජපානය “විශ්වීය වටිනාකම්” බෙදාහදා ගන්නා බවට වන ප්‍රකාශය, “ජාත්‍යන්තර පර්යාය” උඩු යටිකුරු කරන බවට නිතිපතා චෝදනාවට ලක් කරනු ලබන චීනය හා රුසියාව සමග ආසියා-පැසිෆික් කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද සන්ධාන, පරස්පර (contrast-විසංසන්දනය) කිරීමට අදහස් කරයි. යථාර්ථයේ දී, එක්සත් ජනපදය, එහි සහචරයින්ගේ පිටුබලය ඇතිව, විශේෂයෙන් ම තායිවානය සම්බන්ධයෙන්, “එක් චීනයක්” ප්‍රතිපත්තියට අභියෝග කරමින් සහ එම දිවයින යුද්ධ අවදානමට ලක් කරමින්, බීජිනය සමඟ කලාපයේ ආතතීන් තියුනු ලෙස ඉහළ නංවා ඇත.

කිෂිඩා, සෝල් වෙත “වැඩ-සංචාරය” සිදු කරනු ලබන්නේ, මැයි 19 සිට 21 දක්වා, හිරෝෂිමා හි පැවැත්වීමට නියමිතව ඇති G7 සමුලුවටට ආසන්නයේදීය. මෙම සමුළුවේ දී, ජපානය, යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නේටෝ යුද්ධයට දැඩි අවධාරනයක් තබමින් සහ චීනය සමග ගැටුම අවුලුවාලීමට සැලසුම් කරමින් සිටී .   ජපානය දකුනු කොරියාවට ආරාධනා කිරීමත් සමග, කිෂිඩා-යූන් සමුළුවේ ඉලක්කය, පාර්ශ්වීය ව, ඉදිරියේදී පැවැත්වෙන තුන්දින රැස්වීමේදී දෙදෙනාම එකම මතයක පිහිටා සිටීම සහතික කිරීම බවට සැකයක් නැත.

G7 සාමාජිකයින්ට සහ දකුණු කොරියාවට අමතරව, අනෙකුත් ආරාධිත සහභාගිවන්නන් අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, වියට්නාමය සහ ඉන්දුනීසියාව ඇතුළත් වේ.  ඕස්ට්‍රේලියාව, විශේෂයෙන්, චතුරස්‍ර ආරක්ෂක සංවාදයේ (QUAD-එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සහ ඔ්කස් ගිවිසුම (AUKUS- ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) යන දෙකෙහිම සාමාජික රටක් වන අතර වඩාත් ආක්‍රමණශීලී ලෙස චීනය සමඟ ආතතීන් අවුලුවා ගෙන ඇත.

තවද, මෙම යුද ප්‍රයත්නවල කොටසක් ලෙස ටෝකියෝ සහ සෝල් සබඳතා වැඩිදියුණු කර ගනිමින් සිටී. දකුණු කොරියාවේ, ටර්මිනල් හයි ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස් බැටරියක් (Terminal High Altitude Area Defense battery  -THAAD) සහ ජපානයේ රේඩාර් පද්ධති ඇතුළත් කලාපය තුළ එහි බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය ඉදිකිරීමේදී විශේෂයෙන්ම ටෝකියෝ සහ සෝල් අතර සහයෝගීතාවය තීරණාත්මක සේ එක්සත් ජනපදය සලකයි.

කෙසේ වෙතත්, මෑත වසරවලදී, වෙළඳ ආරවුල් සහ 1910 සිට 1945 දක්වා කොරියාව පාලනය කළ ජපන් යටත් විජිත රජය යටතේ බලහත්කාරයෙන් ශ්‍රමයට ගොදුරු වූ කොරියානුවන් සම්බන්ධ අධිකරණ නඩුවක් හේතුවෙන් ජපන් සහ දකුණු කොරියානු සබඳතා පීඩනයට බඳුන්ව තිබුනි. 2018 දී දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය මිට්සුබිෂි බැර කර්මාන්ත (Mitsubishi Heavy Industries) සහ නිපෝන් වානේ ( Nippon Steel) යන ජපන් සමාගම් වලට නියෝග කළේ  විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසයි.  

ටෝකියෝවෙන් හෝ සමාගම්වලින් කිසිදු සම්බන්ධයකින් තොරව බලහත්කාර ශ්‍රම වින්දිතයින්ට ගෘහස්ථ අරමුදලකින් වන්දි ගෙවන බව ඔහුගේ ආන්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ යූන් මාර්තු මාසයේදී ද්විපාර්ශ්වික සබඳතා වඩා යහපත් වීමට මග පෑදීය. එම මාසයේ ටෝකියෝ නුවරදී කිෂිඩාව මුණගැසුණු යූන් පසුව හමුදා තොරතුරු පිළිබඳ සාමාන්‍ය ආරක්ෂා ගිවිසුම (GSOMIA) ලෙස හඳුන්වන බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ගිවිසුමක් “සාමාන්‍යකරණය” කිරීමට එකඟ විය. වොෂින්ටනයට සමගාමීව, ටෝකියෝ සහ සෝල් ද නිතිපතා ත්‍රෛපාර්ශ්වික මිසයිල සහ සබ්මැරීන් නාශක අභ්‍යාස පැවැත්වීමට එකඟ වී ඇත.

යූන්ගේ වොෂින්ටන් සංචාරය සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ ඔහුගේ සමුළුව ගැන ද, යූන් සහ කිෂිඩා සාකච්ඡා කළහ. ද්විපාර්ශ්වික න්‍යෂ්ටික උපදේශක කණ්ඩායම (NCG) ස්ථාපිත කරමින්, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා දකුනු කොරියාව අතර සහයෝගීතාවය සහ සැලසුම් වැඩි කරන ඊනියා “වොෂින්ටන් ප්‍රකාශනය” ජනාධිපතිවරුන් දෙදෙනා අප්‍රේල් 26දා නිවේදනය කළහ. සන්ධානය තුළ න්‍යෂ්ටික අවි සම්බන්ධ ගැටළු සඳහා වන ප්‍රමුඛ ආයතනය වන නේටෝවේ න්‍යෂ්ටික සැලසුම් සමූහයට අනුව NCG ආකෘතිය සකස් කර ඇත.

අනාගතයේදී ජපානය කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටළුවක් ඇති නොවන බව යූන් කලින් ප්‍රකාශ කර තිබුණි.  ඔහු ටෝකියෝවේ සහභාගීත්වය ප්‍රතික්ෂේප නොකරන බව පවසමින් ඔහු ඉරිදා මෙම ප්‍රකාශය නැවත අවධාරණය කළේය.  යූන් ප්‍රකාශ කළේ, “වොෂින්ටන් ප්‍රකාශය අවසන් කර නොමැති අතර ඒකාබද්ධ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තර පිරවීම සඳහා අපි දිගටම සාකච්ඡා කළ යුතුය .  සාකච්ඡාව සාර්ථකව පවත්වාගෙන යන විටවිට  සහ ජපානය මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වූ පසු, අපට ඕනෑම වේලාවක (ජපානය සමඟ) සහයෝගයෙන් කටයුතු කළ හැකිය.” යන්නයි.

මීට අමතරව, වොෂින්ටන් ප්‍රකාශනයේ කොටසක් ලෙස, එක්සත් ජනපදය ඉක්මනින්ම ඔහායෝ පන්තියේ න්‍යෂ්ටික බලැති බැලස්ටික් මිසයිල සබ්මැරීනයක් දකුණු කොරියාවට යැවීමට අදහස් කරයි.  ස්ථාපිත භාවිතයට අනුකූලව, සබ්මැරීනය පැමිණෙන විට එය න්‍යෂ්ටික අවි රැගෙන යනු ඇත්ද යන්න වොෂින්ටනය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.  සබ්මැරීනය පැමිණෙන දිනයක්ද එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර නැත.  ආතතීන් සහ න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය තියුනු ලෙස ඉහල නංවමින්, අනාගතයේ දී මෙම ආකාරයේ යෙදවීම් වඩාත් නිතර නිතර සිදු කෙරෙනු ඇති බවට යූන් සහ බයිඩන් එකඟ වූහ.

වැඩි දියුණු කරන ලද සබ්මැරීන සහ මිසයිල අභ්‍යාස හරහා හෝ ටෝකියෝව NCG හා සම්බන්ධ වීමෙන් ජපානයේ මැදිහත්වීම මගින් අදහස් වන්නේ, එයට එරෙහිව භාවිතා කරන ලද පරමාණු බෝම්බ දෙකක් ඇති  එකම රට,  කලාපය තුළ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි යෙදවීම තුල  එහි භූමිකාව තවදුරටත් වර්ධනය කරනු ඇති බවයි. ජපානයේ හිටපු අගමැති සහ චීන විරෝධී යුධකාමී  ෂින්සෝ අබේ 2022 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් ජපානය තුල විවාදයක් ආරම්භ කළ බව සැලකිය යුතු කරුණකි.

හිරෝෂිමා හි G7 සමුළුව පැවැත්වීමෙන් ටෝකියෝ මෙම යථාර්ථය එහි හිස මත මුනින් හරවයි. සමුලුවේ වෙබ් අඩවියට අනුව, G7 හි “මිලිටරි ආක්‍රමණ, න්‍යෂ්ටික අවි පිලිබඳ ඕනෑම ආකාරයක තර්ජන, මෙන්ම ජාත්‍යන්තර පර්යාය පෙරලා දැමීමේ උත්සාහයන් නිශ්චිතවම ප්‍රතික්ෂේප කිරීමට ඇති දැඩි අධිෂ්ඨානය” පෙන්වීම සඳහා ආන්ඩුව එහි ස්ථානය ලෙස හිරෝෂිමාව තෝරා ගත්තේය. එය කියා සිටින්නේ “ජී 7 නායකයින් න්‍යෂ්ටික අවි භාවිතයේ යථාර්ථයන් සමඟ දැන හඳුනා ගෙන සාමය සඳහා ඔවුන්ගේ ආශාව බෙදා හදාහදා ගනු ඇත. ජපානය බලාපොරොත්තු වන්නේ එය, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීමේ පියවර ශක්තිමත් කරනු ඇති බවයි.”

 1945 හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බිහිසුණු අපරාධය ටෝකියෝව කුහක ලෙස ගසාකන්නේ එක්සත් ජනපද සහ ජපන් අධිරාජ්‍යවාදය සහ දකුණු කොරියාව වැනි ඔවුන්ගේ සහචරයින් විසින් සූදානම් කරන නව අපරාධ වසන් කිරීමට ය. කිෂිඩා-යූන් සමුලුව මෙන්ම එලඹෙන G7 සමුලුව යන දෙකේම වඩාත් සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලය,   රුසියාවට එරෙහි යුද්ධය සහ චීනය සමග සැලසුම්ගත ගැටුම වේගවත් කිරීම සඳහා පමණක් වනු ඇත.මේ කරුණු දෙකම න්‍යෂ්ටික අග්නි ජාලාවක් ඇවිලවීමට  තුඩු දීමේ  හැකියාව පවතී.

#theSocialistLK #WSWS

හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට පෙර ජපන් සහ දකුණු කොරියානු නායකයෝ හමුවෙති Read More »

නේටෝ බලවතුන් යුක්රේනයට දිගු දුර මිසයිල යැවීමට පියවර ගනී

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 10 දින NATO powers move to send long-range missiles to Ukraine යන සිරසින් යුතුව පලවූ ඇන්ඩෘ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොළදණ්ඩ විසිනි. 

Image
එක්සත් රාජධානියේ “Storm Shadow” දිගු දුර මිසයිලය  [Photo by Rept0n1x / CC BY-SA 3.0]

ක්‍රිමියාවට පහර දීමේ හැකියාව ඇති දිගු දුර මිසයිල යුක්රේනයට යැවීමට බ්‍රිතාන්‍යය සූදානම් වන බව අඟහරුවාදා එක්සත් රාජධානියේ ආරක්ෂක නිලධාරියෙක් වොෂින්ටන් පෝස්ට් වෙත සහතික කළේය.

වොෂින්ටන් පෝස්ට් වෙත අදහස් දැක්වූ එම  බ්‍රිතාන්‍ය නිලධාරියා මෙම ක්‍රියාව අනෙකුත් නේටෝ සාමාජිකයින්ට ද තමන්ගේ ම දිගු දුර මිසයිල යුක්‍රේනයට ලබා දීමට පසුබිම සකසන බව පෙන්වා දුන්නේ ය.

“එය එක්සත් රාජධානියට අසාමාන්‍ය ලෙස කළ හැකි දෙයකි… අපි යමක් ලබා දෙන්නේ නම් එය අන් අයට තරමක් පහසු වන බව අපි දනිමු,” ඔහු පැවසීය.  “විවිධ රටවල් අතර නියත වශයෙන් ම වෙනස්වූ අවදානම් දරා ගැනීමක් තිබේ.  අපි හැම විට ම ආරම්භකත්වය ගෙන සිටිමු. ”

“බ්‍රිතාන්‍යය යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමේ අපේක්ෂාව ගැන විමසූ විට පෙන්ටගනයේ නිලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව” පෝස්ට් සඳහන් කළේ ය.

මෙම නිවේදනයේ අදහස වන්නේ  එක්සත් ජනපදය විසින් දිගු දුර ATACMS මිසයිල සැපයීම සහ එසේම එක්සත් ජනපදය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වෙමින් සිටි  F-16 ප්‍රහාරක ජෙට් යවන බවට කල නිවේදනය සඳහා මග හෙලි කර ගැනීමයි.  

එක්සත් ජනපදයේ ප්‍රධාන මිත්‍රයාගේ මෙම පියවර, නේටෝ නිලධාරීන් මෑතකදී කොන්දේසි විරහිතව බැහැර කළ තවත් ක්‍රියාවක් සලකුනු කරයි.

මැයි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, “අපි රුසියාවට පහර දෙන රොකට් පද්ධති යුක්‍රේනයට යැවීමට සැරසෙන්නේ නැත.” යි නිශ්චිතවම ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, ක්‍රිමියාවට පහර දීමට එක්සත් රාජධානියේ ආයුධ පද්ධති භාවිතා කරන බව පෝස්ට් පැහැදිලි කළේ ය. “යුක්රේන පාලනය යටතේ පවතින භූමිය සහ ක්‍රිමියාවේ විශාලතම නගරය සහ රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානය වන සෙවාස්ටොපෝල් අතර දුර, “Storm Shadow” දිගු දුර මිසයිලයේ පරාසය තුළ පවතී”.

එක්සත් රාජධානියේ නිවේදනය, යුක්රේනයට ප්‍රධාන යුද ටැංකි 200කට අධික ප්‍රමාණයක් යැවීමට මේ වසර මුල දී නේටෝ බලධාරීන් විසින් ගනු තැබූ තීරණයේ ස්වභාවයක් අනුගමනය කරයි. 2022 මාර්තු මාසයේදී බයිඩන් විසින් යුක්රේනයට යුධ ටැංකි යැවීම වීම බැහැර කරන ලදී:

අපි ප්‍රහාරාත්මක උපකරණ යැවීමට සූදාවම් වනවා ය යන අදහස සහ ඇමරිකානු ගුවන් නියමුවන් හා ඇමරිකානු කාර්ය මණ්ඩලය සමඟ ගුවන් යානා , යුධ ටැංකි සහ නැව් කණ්ඩායම් සමග පිවිසීම යන අදහස තේරුම් ගන්න – ඔබ ඔබම සුළු කොට නොතකන්න , ඔබ සියල්ලන්ම කුමක් කීවත්  ප්‍රශ්නයක් නැත – එය ‘ III වන ලෝක යුද්ධය’ ලෙස හැඳින්වේ.’

ජූනි මාසයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, “අපි යුද්ධයට අවතීර්ණ නොවෙමු… මේ අනුව, ප්‍රහාරක ගුවන් යානා හෝ යුද ටැංකි ඇතුළු ඇතැම් ආයුධ සැපයීම නොකිරීමට එකඟ වී ඇත යි ප්‍රකාශ කළේ ය.”

එක්සත් රාජධානිය විසින් Challenger යුධ  ටැංකි [ තුන්වන පරම්පරාවට අයත් නවීනතම යුධ ටැංකි වර්ගයක් ] යවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, මැක්‍රොන් ට්විටර් හි ප්‍රකාශ කළේ, යුක්රේනයට “ප්‍රංශය සැහැල්ලු සටන් ටැංකි සපයනු ඇත” යනුවෙනි.  දින කිහිපයකට පසු, ජර්මනිය සහ එක්සත් ජනපදය යන දෙකම ඔවුන්ගේම ප්‍රධාන යුද ටැංකි වන පිලිවෙලින් Leopard 2 සහ Abrams යුක්‍රේනයට යවන බව නිවේදනය කළහ.

එක්සත් ජනපදය ක්‍රිමියානු අර්ධද්වීපයේ ප්‍රහාර සෘජුවම අනුමත කිරීම සහ පහසුකම් සැලසීම දෙසට ක්‍රමානුකූලව ගමන් කර ඇත.

සැතපුම් සියගණනක් ගැඹුරට පහර දිය හැකි ATACMS යුධෝපකරණ ලබා නොදී එක්සත් ජනපදය HIMARS දිගු දුර මිසයිල ලෝන්චර යවන බව මැයි මස දී බයිඩන් නිවේදනය කළේය.

 HIMARS සඳහා එතෙක් සපයා තිබූ යුධෝපකරණවල පරාසය දෙගුණ කරමින් යුක්රේනයට බිම දියත් කරන ලද කුඩා විෂ්කම්භ බෝම්බය (GLSDB) යවන බව ජනවාරි මාසයේදී එක්සත් ජනපදය නිවේදනය කළේය.

 පෙබරවාරියේදී, දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ක්‍රිමියාව තුල යුක්‍රේන ප්‍රහාර විවෘතව අනුමත කලාය. “ඒවා නීත්‍යානුකූල ඉලක්ක” නුලන්ඩ් පැවසීය. “යුක්රේනය ඔවුන්ට පහර දෙනවා. අපි ඒකට සහයෝගය දෙනවා.” ඇය පැවසුවාය.

පෙබරවාරියේ, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, ” බයිඩන් පරිපාලනය අවසානයේ පිළිගැනීමට පටන් ගෙන ඇත්තේ, කියෙව් විසින් රුසියානු ආරක්ෂිත භූමියට පහර දෙනු ලැබීම, එවැනි පියවරක් උත්සන්න වීමේ අවදානම වැඩි කළත්, යුක්‍රේනයට බලය අවශ්‍ය විය හැකි බවයි.” “බයිඩන් පරිපාලනය යුක්රේනය, අර්ධද්වීපයට ප්‍රහාර එල්ල කිරීමට උපකාර කරමින් තවමත් එහි නිර්භීතම පියවරක් වනු ඇත්තේ කුමක් දැයි සලකා බලයි.”යනුවෙන් ටයිම්ස් තවදුරටත් සදහන් කළේය.

එලඹෙන “වසන්ත ප්‍රහාරය” සීමිත මිලිටරි ජයග්‍රහණ පමණක් ලබා ගනු ඇති බව පැහැදිලි වෙමින් පවතින හෙයින්, එක්සත් ජනපදය හා නේටෝ බලවත්හු යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම පිලිබදව ඉතිරිව ඇති සියලු සීමා කිරීම් අත්හැරීමට වේගයෙන් ගමන් කරමින් සිටිති.

පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල නිවසට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය. ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් “එය තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අපි යුක්‍රේනයට භාර දෙමු” පවසමින් රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ ඔනෑම උත්සාහයක් බැහැර කිරීම ප්‍රකික්ෂේප කළේය.

මෙම ප්‍රකාශයන් එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය ග්‍රහණය කරගෙන සිටින දැවැන්ත නොසැලකිලිමත්කම සහ මංමුලා සහගත බව ගැන කථා කරයි. සමහර විට අද දින දක්වා, රුසියාවට එරෙහි  නේටෝ යුද්ධයක් සඳහා වූ වඩාත්ම විවෘතම  කැඳවීම තුලින් මෙම මනෝභාවය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරනු  ලැබ ඇත්තේ යුදවාදී ඉතිහාසඥ තිමෝති ස්නයිඩර් විසිනි.

 ටයිම්ස් සඟරාවේ ආගන්තුක අදහස් දැක්වීමක “අපි අමතක කරනවා, න්‍යෂ්ටික බලවතුන් යුද්ධ පරාජය කර ඇති බව”, ස්නයිඩර් නිගමනය කරන්නේ, “රුසියානුවන් න්‍යෂ්ටික යුද්ධයක් ගැන කතා කරන විට, ආරක්ෂිතම ප්‍රතිචාරය වන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික පරාජය සහතික කිරීමයි.” (පැහැදිලි කිරීමකින් තොරව, සිරස්තලය “පුටින් සටන් කරයි, සහ පරාජය වෙමින් පවතී, ඔහුගේ අවසාන යුද්ධය” ලෙස වෙනස් කරන ලදී.)

 ස්නයිඩර් මැසිවිලි නගමින් කියා සිටින්නේ “ඇමරිකානුවන්ගේ උත්සන්න වීමේ බිය පසුගිය වසරේ යුක්රේනයට ජයග්‍රහණය කිරීමට ඉඩ සලසන ආයුධ සැපයීම ප්‍රමාද කළ බවයි. ඍණාත්මක ප්‍රතිවිපාක නොමැතිව එකින් එක, උත්සන්න විය හැකි යැයි සැලකෙන ආයුධ පද්ධති දැන් ලබා දී ඇත.” බවයි.

රුසියාවේ “පරාජය” ඉල්ලා, ස්නයිඩර් පහත සඳහන් අසාමාන්‍ය ප්‍රකාශය කරයි: “රුසියාවට පසුබසින සොල්දාදුවන් සඳහා කාල කලාප 11 ක් සහ ප්‍රචාරක ප්‍රතිනිර්මාණයන් සඳහා ඕනෑ තරම් ක්‍රියාකාරකම් ඇත.”

න්‍යෂ්ටික සන්නද්ධ රුසියාවේ “පරාජය” සඳහා කැඳවුම් කරමින් ස්නයිඩර් ප්‍රකාශ කරන්නේ, “කිසිදු විකල්පයක් උපද්‍රවවලින් තොර නොවේ” යනුවෙනි. තාප න්‍යෂ්ටික යුද්ධයක දී “අපගේ හිසකෙස් අවුල් නොකරනු ඇතැයි මම නොකියමි” යනුවෙන් “ඩොක්ටර් ස්ට්‍රැන්ජලෝව්” හි ජෙනරාල් “බක්” ටර්ගිඩ්සන් විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතිනිර්මාණය කරයි.

මෙම ප්‍රලාපයන් මතු වූ දිනයේම, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වොෂින්ටන් පෝස්ට් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර, ගැටුමේ දී නේටෝවේ කේන්ද්‍රීය අරමුන 2014 දී යුක්රේනයට අහිමි වූ ප්‍රදේශ, ප්‍රධාන වශයෙන් ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීම බව ඔහු පැහැදිලි කළේය.

ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ, “යුක්රේනයේ යුද්ධය මූලික වශයෙන් නේටෝව වෙනස් කර ඇත, නමුත් යුද්ධය ආරම්භ වූයේ 2022 දී නොවන බව ඔබ මතක තබා ගත යුතුය. යුද්ධය ආරම්භ වූයේ 2014 දී ය. එතැන් සිට, සීතල යුද්ධයේ අවසානයෙන් පසු, නේටෝව අපගේ සාමූහික ආරක්ෂාවේ විශාලතම ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කර ඇත. ” යනුවෙනි.

ස්ටෝල්ටන්බර්ග් තවදුරටත් මෙසේ පැවසීය: “අපගේ ඉතිහාසයේ පළමු වතාවට, සන්ධානයේ නැගෙනහිර කොටසේ සටන් කිරීමට සූදානම් භටයෝ, පෝලන්තය, ලිතුවේනියාව යන බෝල්ටික් රටවල සිටිති.. ඇත්ත වශයන්ම බෝල්ටික් මුහුදේ සිට කළු මුහුද දක්වා පහළට සටන් කණ්ඩායම් අටක් ඇත. අපගේ හමුදාවන්ගේ ඉහළ සූදානම. ඒ වගේම ආරක්ෂක වියදම් වැඩි කිරීම. 2014 වන තෙක් නේටෝ සහචරයින් ආරක්ෂක අයවැය අඩු කරමින් සිටියහ. 2014 සිට යුරෝපය සහ කැනඩාව පුරා සිටින සියලුම මිත්‍ර රටවල් ඔවුන්ගේ ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. තවද අපි අපගේ විධාන ව්‍යුහය නවීකරණය කර ඇත, අපට තවත් ක්‍රියාකාරකම් ඇත. අපි සයිබර් වැනි නව හමුදා වසම් පිහිටුවා ඇත. එබැවින් සමස්තයක් වශයෙන්, මෙය 2014 දී ආරම්භ වූ නේටෝවේ දැවැන්ත පරිවර්තනයකි.

ඔහු තවදුරටත් පැවසුවේ, “එක්සත් ජනපදයට නේටෝව තුළ සිටින 30ක් තරම් වන මිතුරන් සහ හවුල්කරුවන්  වෙනත් කිසිදු ප්‍රධාන බලවතෙකුට නැත. රුසියාවට හෝ චීනයට ඊට සමාන දෙයක් නැත. නේටෝ සහචරයින් එක්ව ලෝකයේ මිලිටරි ශක්තියෙන් සියයට 50 ක් සහ ලෝකයේ ආර්ථික ශක්තියෙන් සියයට 50 ක් නියෝජනය කරයි.”

මෙම ඡේදය  “ප්‍රකෝප නොකළ යුද්ධයක්” බවට නේටෝ බලවතුන්ගේ ආඛ්‍යානය බිඳ දමයි. ඒ වෙනුවට, නේටෝ බලවත්තු එම වසරේ ඔවුන්ට සිදු වූ භෞමික පාඩු ආපසු හැරවීමේ අරමුන ඇතිව ගැටුම අවුලුවා තීව්‍ර කළ බව පැහැදිලි කරති.

#theSocialistLK #WSWS

නේටෝ බලවතුන් යුක්රේනයට දිගු දුර මිසයිල යැවීමට පියවර ගනී Read More »

Scroll to Top