history

Graetion-Geekiyanage

ග්‍රේෂන් ගීකියනගේ ඝාතනයෙන් වසර 35 ක්

පරාක්‍රම කුරුප්පු විසිනි

Graetion-Geekiyanage
ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හලාවත ශාඛාවේ සාමාජිකයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ජවිපෙ තුවක්කුකරුවන් විසින් මරා දමා ලබන ජූනි 24 වන දිනට වසර 35 ක් සපිරෙයි. සමාජවාදී විප්ලවයේ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය වෙනුවෙන් සටන් වැදුණු විප්ලවවාදියෙකු වූ ග්‍රේෂන් සහෝදරයා ඝාතනය වන විට 27 වියැති තරුණයෙකු ව සිටියේ ය. ඔහු මරා දමන ලද්දේ එවකට ජවිපෙ විසින් පවත්වා ගෙන ගිය “දේශප්‍රේමී” කැරැල්ලේ ප්‍රහාරකයන් විසිනි. මේ මරණය සම්බන්ධයෙන් පසුගිය ධනපති ආණ්ඩු කිසිවක් යටතේ කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.

1988-89 ජවිපෙ “දේශප්‍රේමී” කැරැල්ල වූ කලී, ශ්‍රී ලංකාවේ ධනපති ආණ්ඩුව උතුරු නැඟෙනහිර පවත්වා ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ මූලෝපායයට අතිශය පක්ෂපාතී උද්ඝෝෂකයෙකු ලෙස කටයුතු කරන අතරතුර ම, ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් මංමුලාවට හා දරිද්‍රතාවයට ගොදුරු වූ ගැමි තරුණයන් උණ්ඩ ලෙස යොදා ගනිමින්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහයට ගෙන්වා ගැනීම ද ඇතුළු ධනපති රාජ්‍යයේ රාජ්‍යොපායයන් පිලිබඳ සන්නද්ධ කැරැල්ලක් හරහා කෙරුණු කේවෙල් කිරීමක් විය. එහි දී පාලක එජාපයේ ම කොටස් වල ද, ධනපති ශ්‍රීලනිපයේ ද, මඑපෙ, එජාපයෙන් ගැලවී ගිය පතුරක් වූ එක්සත් ලංකා ජනතා පක්ෂය නම් සංවිධානය ඇතුළු විවිධ ධනපති සංවිධානවල ද සහාය වරින්වර භුක්ති විඳිමින්, ඒ ඒ ධනපති කොටස් සමඟ චපල කේවෙල් කිරීමක යෙදෙන අතරතුර, කම්කරු පන්තිය තමන්ගේ අණසක යටතට ගනු වස් ඔවුන්ගේ තුවක්කු කම්කරුවන් වෙතට ද මානනු ලැබුනේ, ඔවුන් නියෝග කරන දිනවල සේවා ස්ථානවලින් ඉවත් වී “වර්ජනය” කරන ලෙස කම්කරුවන්ට මරණ තර්ජන නිබඳ ව එල්ල කිරීම් වශයෙනි. මේ තර්ජනයට එරෙහිව කම්කරුවන් ස්වාධීන ව බලමුළු ගන්වා ගැනීම සඳහා කම්කරු පන්තියේ එක්සත් පෙරමුණු ක්‍රියා මාර්ගයක් සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කළ කැඳවීමට පසුපස හැරවූ ලසසප, කොප හා නසසපය සිය ආරක්ෂාව සඳහා ධනපති රාජ්‍යයේ සරණ පැතීය. ප්‍රතිඵලය වූයේ එකී පක්ෂවල ම වෘත්තීය සමිති නායකයන් ද ජවිපෙ තුවක්කුවලට ගොදුරු වීමයි. මෙකී කම්කරු විරෝධී ප්‍රහාරවල කුළු ගැන්වීම වූයේ වර්ගවාදී යුද්ධයට හා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී සමාජවාදී ක්‍රියා මාර්ගයක් තුල කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට ක්‍රියාත්මක වූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස පැවැති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය වෙත ජවිපෙ ආයුධ එල්ල වීමයි. 1988 නොවැම්බරයේ දී ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවල සහෝදරයා ද, දෙසැම්බරයේ දී සරසවි අනධ්‍යයන සේවකයෙකු වූ පී.එච්. ගුණපාල සහෝදරයා ද ගොදුරු කර ගත් ඔවුන්ගේ අවි වල තෙවැනි බිල්ල වූයේ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ය.

G-geekiyanage-funeral-procsn.png
ජවිපෙ තර්ජන මැද සිය ගනනින් කම්කරුවන්, ධීවරයන් හා ප්‍රදේශවාසීන් ග්‍රේෂන් සහෝදරයාගේ දේහය රැගත් පෙලපාලියට එක්වේ

ජවිපෙ නායකත්වයෙන් ධනපති ආණ්ඩුව සමඟ පවත්වා ගෙන ගිය මෙම සන්නද්ධ කේවලය කෙලවර කෙරුනේ 60,000 ක් ඉක්මවා ගිය ගම්බද තරුණයන් මරා දැමුණු රුධිර ස්නානයක් හරහා ධනපති රාජ්‍යය සිය මෘග මර්දනකාරී බලය තහවුරු කර ගැනීමකිනි. ඉන් දශක එක හමාරක ඇවෑමෙන් ජවිපෙ 2015 දී තම සාමාජිකයන් ඇතුළු තරුණ ජීවිත රාශියක් වනසා ලූ යූඇන්පීයේ නායකත්වයෙන් පැවැති ඊනියා යහපාලන ආණ්ඩුවට දේශපාලන සහයෝගය පිදීය.

ග්‍රේෂන් සහෝදරයා ඝාතනය කිරීමෙන් 35 වසරක් ගෙවී ඇති මේ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණ සිය “වාම” සළුපිලි හැර පියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වෙනුවෙන් විවෘතව ම පෙනී සිටී. ඒ කරුණ සම්බන්ධයෙන් එජාපය, සමඟි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රීලනිපය හා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර විවාදයක් නැත. එකම විවාදය පවතින්නේ කම්කරුවන් හා දුගීන් ද පීඩිතයන් ද තලා දමන මෙම ධනේශ්වර යාන්ත්‍රණයේ සුක්කානම කවුරුන් සතු විය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් පමණි. ධනපති රාජ්‍යයේ මර්දන යාන්ත්‍රනය වඩාත් ම “කාර්යක්ෂම” ආකාරයෙන් ක්‍රියා කරවිය හැකි තමන්ට යැයි කරන පාරම් බෑම් වලින් ද, ව්‍යාපාරිකයන්ට “නිදහසේ” සූරාකෑමට දෙන අවස්ථාව පිලිබඳ සහතික කිරීම් වලින් ද සිය “අවංක” අභිලාශය ධනපති පන්තියට ඒත්තු ගැන්වීමේ ප්‍රයත්නයක යෙදී සිටින අතර ම ජවිපෙ නායකත්වය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දකුණු ආසියානු මූලෝපායයන් සමඟ ගැට ගැසී ගැනීමට තමන්ගේ සූදානම පෙන්වා දීම සඳහා ඉන්දීය ධනපති රාජ්‍යයේ විශ්වාසය දිනා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටී. අධිරාජ්‍යවාදයේ දකුණු ආසියාතික නියෝජිතයා වන ඉන්දීය ධනපති පන්තියට ඔවුන් මේ දෙන සහතිකවල බර කිරා බැලිය යුත්තේ, අධිරාජ්‍යවාදයේ වර්තමාන ලෝක මූලෝපායය වන ලෝක යුද්ධ වැඩ පිළිවෙලේ අන්තරාය ද, අප හිස මත ලඹ දෙන ලෝක පරිමාන න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ද සමඟිනි.

graetion-at-Keerthi-funeral.png
1987 දෙසැම්බර් විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයාගේ අවමංගල පෙරහැරේ ඉදිරියෙන් යන ග්‍රේෂන්

ග්‍රේෂන් සහෝදරයාගේ ඝාතනයෙන් මෙපිට ගත වූ දශක තුන හමාර තුල ජවිපෙ විකාශනය පෙන්නුම් කරන්නේ විනාශකාරී යුද්ධයේ ව්‍යසනයෙන්, දරිද්‍රතාවයෙන්, රැකියා විරහිතභාවයෙන්, අධ්‍යාපන කප්පාදු වලින්, අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය අහිමි කරනු ලැබීමේ පීඩනයෙන් අත් මිදීම සඳහා තරුණයන්ට පවතින එකම මාවත වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය වැලැක්වීම සඳහා සහ අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමය පෙරළා දැමීම සඳහා ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩ පිළිවෙලක් මත කම්කරු පන්තියේ ස්වාධීන ලෝක ව්‍යාපාරය ගොඩ නැඟීම පමණක් බවයි. ග්‍රේෂන් සහෝදරයාගේ ජීවිතය හා මරණය අපට උගන්වන පාඩම වන්නේ එයයි.

ග්‍රේෂන් ගීකියනගේ ඝාතනයෙන් වසර 35 ක් Read More »

Kundera

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 01 කොටස

ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු  විසිනි.

චෙක්-ප්‍රංශ නවකතාකරු මිලාන් කුන්දේරා, පසුගිය ජූලි 16 දින පැරීසියේ අභාවප්‍රාප්ත විය. 94 වන වියේ දී සිදු වූ ඔහුගේ මරනය විසින් සනිටුහන් කෙරුනේ, කාලය විසින් ඉක්මවා යනු ලැබ තුබූ වැදගත් නවකතාකරුවෙකුගේ අභාවයයි.

කුන්දේරා ප්‍රංශය කරා විගමනය වූ 1975 වසර හා ආශ්‍රිත කාලය වන විට සහ, විශේෂයෙන් ම 1980 ගනන්වල ඔහු බටහිර ලෝකයේ සාර්ථකත්වය ලද කාලය වන විට, යුරෝපයේ හා ඇමරිකාවේ බුද්ධිමය හා සංස්කෘතික කව ඇද බැඳගෙන තුබුනේ අශුභවාදය, මුලාවන් දූරිභූත වීමෙන් ඇති වන අපේක්ෂා භංගත්වය හා ඓතිහාසික ප්‍රගතිය පිලිබඳ මතිය ප්‍රතික්ෂේප කිරීමයි. කුන්දේරාගේ ලේඛන, සාහිත්‍යය තුල මෙකී මනෝභාවයේ පුරාකෘතිමය ප්‍රකාශනය බවට ම පාහේ පත් විය. සෑමවිටම හා නොවෙනස් ලෙස ම ප්‍රති-කොමියුනිස්ට්වාදී හා නරුම වූ ඔහුගේ අහේතුකවාදය ආමන්ත්‍රනය කලේ, තැචර් – රේගන් සමාජ ප්‍රතිවිප්ලවය, සමාජ අසමානතාවයේ මහා පිම්ම සහ විශ්ව විද්‍යාල මන්ඩප තුල පශ්චාත්නූතනවාදයේ නැඟීම විසින් නිර්මානය කරන ලද ප්‍රතිගාමීත්වයට ය.    

තමාගේ ම කලා නිර්මාන ද, ස්වකීය වර්ධනය ද තම ප්‍රමාද දෝෂ ද සම්බන්ධයෙන් වගකිව යුත්තේ කුන්දේරා ම බවට විවාදයක් නැත. කෙසේවෙතත්, ඔහුගේ කනගාටුදායක ගමන්පථය හා ඉරනම සම්බන්ධයෙන් අන් සියල්ලටමත් වඩා විශාලතර හා ගැඹුරුතර දෝෂ දර්ශනයට ලක් විය යුත්තේ, “කම්කරු පන්ති ව්‍යාපාරයේ සිෆිලිස් රෝගය” ලෙස ලියොන් ට්‍රොට්ස්කි විසින් හඳුන්වා දෙන ලද ස්ටැලින්වාදයයි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, එහි කාර්යභාරය “අපරාධකාරී ද, අනර්ථකාරී ද වේ.” මක්නිසාද යත්, ස්ටැලින්වාදය, “අධිරාජ්‍යවාදයට තමන් පුදන සේවාවන් ඔක්තෝබර් විප්ලවයෙන් හා බෝල්ෂෙවික්වාදයෙන් සොරකම් කර ගත් අධිකාරයෙන් ආවරනය කරන නිසාය.” කුන්දේරාගේ ජීවිතය හා ඔහුගේ කෘති එකට ගත් විට එය, ස්ටැලින්වාදයේ කටයුතුවල ව්‍යසනකාරී බලපෑම් පිලිබඳ කාරක අධ්‍යයනයකට (Case Study) සෑහේ.  

කුන්දේරා නවකතා 10 ක කතුවරයා විය. ඉන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ ඒවා වූයේ, The Joke (සරදම) [1967], The Book of Laughter and Forgetting (හාස්‍යයේ සහ අමතකවීමේ පොත) [1979] හා The Unbearable Lightness of Being (පැවැත්මේ උසුලා සිටිය නොහැකි තරමේ සැහැල්ලුව) [1984] යන ඒවා ය. එමෙන්ම, කුන්දේරා විසින් ලියන ලද තවත් පොත් හා නිබන්ධ ගනනාවක් වෙයි. The Art of the Novel (නවකතා කලාව) [1986] සහ The Curtain (තිරය) [2005] වන් කෘතීන් මෙන් ම, කෙටි කතා (ඒවායින් ඇතැම් ඒවා Laughable Loves (හාස්‍යජනක ප්‍රේමයන්) [1974] කෘතිය තුල පල වී ඇත) සහ නාට්‍ය ගනනාවක් ද ඊට ඇතුලත් ය. ඔහුගේ නාට්‍ය අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මානය වූයේ, 1983 දී මහත් වූ මාධ්‍ය තූර්ය ඝෝෂා මධ්‍යයේ කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්හි (ඇමරිකන් රිපර්ටරි තියටර්) නිෂ්පාදනයක් ලෙස ලේඛිකා-විචාරිකා සූසන් සොන්ටැග් විසින් අධ්‍යක්ෂනය කරන ලද Jacques and His Master (ජැක් සහ ඔහුගේ හාම්පුතා) [1981] නම් නලුවයි.        

චෙකොස්ලෝවැකියාවේ අතෘප්තිය පැතිර ගිය කාල පරිච්ඡේදයක් වූ 1950 ගනන්වල අගභාගයේ හා 1960 ගනන්වල දී කුන්දේරා සැලකිය යුතු කලාකරුවෙකු ලෙස පරිනත විය. ආර්ථික පරිහානියක් විසින් ජනගහනයේ වඩාත් වරප්‍රසාදිත ස්ථර සතුටු කිරීමට බල කෙරී තුබූ අන්ටෝනින් නොවෝට්නිගේ තන්ත්‍රය කෙරේ, සැලකිය යුතු කම්කරු පන්ති ප්‍රතිවිරෝධයක් ජනනය කරනු ලැබ තිබින. 1962 දී ගමනාගමන සීමා කිරීම් ලිහිල් කිරීමට කටයුතු කල නොවෝට්නි නව “විවෘත භාවයක” හැඟවීමක් වශයෙන් කීර්තිමත් ජර්මානු-චෙක් ලේඛක ෆ්‍රාන්ස් කෆ්කා පුනරුත්ථාපනය කලේය. චෙක් චිත්‍රපටය මේ වන විටත් “නව රැල්ල” ලෙස එහි වර්ධනය ආරම්භ කොට තිබූ අතර, 1964 වන විට මිලෝස් ෆෝමන්ගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ බ්ලැක් පීටර් ප්‍රදර්ශනයට පැමින තිබින. කුන්දේරා, ප්‍රාග්හි ප්‍රාසාංගික කලා ඇකඩමියේ (FAMU) සිනමා සහ රූපවාහිනී පාසලේ දී මෙකී සිනමාකරුවන් බොහෝ දෙනෙකුට සමීප ව සිටි අතර, ඇත්තෙන්ම ඔවුන්ගෙන් ගනනාවකට උගන්වා ද තිබින.   

ඔහුගේ ප්‍රථම නවකතාව වූ ද ජෝක් කෘතිය 1965 වන විට නිමා කර තිබූ නමුත් එය 1967 වන තෙක් පල වූයේ නැත. එය, චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ (CSK) පක්ෂපාත සාමාජිකයෙකු වූ ලුඩ්වික් නම් ශිෂ්‍යයෙකු පිලිබඳ කථා ප්‍රවෘත්තියකි. ඔහු, “ට්‍රොට්ස්කි දිනේවා!” යන පාඨයෙන් අවසන් වන හාස්‍යජනක තැපැල්පතක් සිය පෙම්වතියට යැවීම නිසා පක්ෂයෙන් නෙරපනු ලබයි.   

කුන්දේරා ම 1950 දී ලද අත්දැකීම් මත පදනම් වූවක්යැයි සැලකෙන ‘විහිලුව’, ලුඩ්වික්ට හමුදා දන්ඩන ඒකකයක ගෙවන පස් වසරක ජීවිතයක් හිමි කර දෙන අතර, ඒ කාලයේ ඔහු ප්‍රාදේශීය කම්හල් කම්කරු ස්ත්‍රියක වන ලුසී සමඟ පෙමින් බැඳෙයි. කාලයාගේ ඇවෑමෙන් ඔහු විද්‍යාඥයෙකු බවට පත් වන අතර, නවකතාවේ කථා පුවත කේන්ද්‍ර වන්නේ තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට මුල් වූවන්ගෙන් පලි ගැනීම සඳහා ලුඩ්වික්ට පවතින අභිලාෂය වටා ය.

මෙම පොත, ස්ටැලින්වාදී තන්ත්‍රයේ කුහකවත මෙන් ම එහි අභූතරූපතාව කෙරේ ද ආමන්ත්‍රනය කල හෙයින්, 1968 වර්ෂයේ සහනදායී “ප්‍රාග් වසන්තය” සමයේ එය දැවැන්ත ජනප්‍රියත්වයක් අත්පත් කර ගත්තේය. එය ප්‍රකාශයට පත්වීමට පවා පෙර, සිනමාකරු යෙරොමිල් යිරැෂ් එහි සිනමා තිර පිටපත ලිවීම ආරම්භ කලේය. චිත්‍රපටය 1969 දී තිරගත විය.

Kundera
මිලාන් කුන්දේරා, 1980 [ඡායාරූපය: එලිසා කැබෝ / අවසරය: CC BY 3.0]

සිය ඉදිරි ප්‍රබන්ධවල දී කුන්දේරා පූර්වව්‍යාපෘත වීමට නියමිත වූ බොහොමයක් තේමා ඒ වන විටත් පැවැතින: ඉතිහාසය පිලිබඳ අවිශ්වාසය, අභූතරූපය හා අවිචාරය කෙරේ පමන ඉක්මවා පුම්බවන ලද ආකර්ෂනය, සහ, පුලුල් ලෝකයෙන් ආරක්ෂා වී රැකවරනය ලැබීමේ මඟක් ලෙස පෞද්ගලික ජීවිතය – විශේෂයෙන් ම ප්‍රේමය හා කාමය – වෙත හැරීමක්. ද ජෝක්හි ඔහු සිය කම්කරු චරිත නිරූපනය කරන්නේ තන්ත්‍රයට ප්‍රතිවිරුද්ධ ලෙස හෝ උදාසීන ලෙස වේවා, එනමුත් අත්‍යවශ්‍යයෙන් ම අකර්මන්‍ය චරිත ලෙස ය. ලුඩ්වික්ට නරක ලෙස සැලකීමෙන් හා ඔහු නෙරපා හැර පිටස්තරයෙකු බවට පත් කිරීමේ ආතතීන්ගෙන් නිපන් ඔහුගේ චිත්තවේගී ආතතීහු, තුමූ ම, අතෘප්තිකර චිත්තවේගීය සම්බන්ධතා මාලාවක් තුල වැඩ කිරීමට නැඹුරු වෙති. ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා වන සමාජ අරගලයක් තුල කවරාකාර හෝ විසඳුමක් පවතින බවක් ලුඩ්වික් මෙන් ම පැහැදිලිව ම කුන්දේරා මත් නොදකියි.  

ලේඛකයා චෙකොස්ලෝවැකියානු ඉතිහාසය තුල – විශේෂයෙන් ම 1948 න් මෙපිට කාලය තුල – ඒ අත මේ අත සැරිසරන නමුත්, 1953 සිදු වූ ස්ටැලින්ගේ මරනය සම්බන්ධයෙන් වේවා, ස්ටැලින්ගේ අපරාධ රාශියක් පිලිබඳ විස්තරාත්මක තොරතුරු හෙලිදරව් කල නිකිටා කෘෂෙව්ගේ 1956 “රහස් දේශනය” සම්බන්ධයෙන් වේවා, නැතහොත් නාසීන් විසින් අල්ලා ගනු ලැබීම සහ චෙකොස්ලෝවැකියාවේ ම විප්ලවවාදී ඉතිහාසය සම්බන්ධයෙන් පවා වේවා, ඔහුගේ කෘතීන්ගේ එන කවර හෝ චරිතයක් සිතන්නේ, කැපී පෙනෙන අල්පමාත්‍ර වූ පමනෙකිනි. ඒවා සම්බන්ධ ව සඳහන් වන නමුදු, පෙනී යන පරිදි, ඒවා ඔහුගේ චරිත මත කිසියම් මුද්‍රාවක් තබා නැත. එකී වර්ෂවල ස්ටැලින්වාදයේ අර්බුදය කෙරේ ඔහුගේ ප්‍රතිචාරය පලාත්බද වූත් ජාතික වූත් එකක් බැව් පෙනී යයි.

පශ්චාත් යුද්ධකාලීන කාල පරිච්ඡේදයේ විප්ලවවාදී උදම් රල හමුවේ කුන්දේරා කිසිසේත් නොසැලුනු බවක් මෙයින් අදහස් නොවේ. (ඔහුගේ කථාවේ එන පහත විස්තරය බලන්න.) 1948 කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගැනීමේ ප්‍රථම සංවත්සරය වෙනුවෙන් පැවැති මහජන පෙලපාලියකි. ඉතාලි ස්ටැලින්වාදී නායක පල්මිරෝ ටොග්ලියට්ටි කුඩා වේදිකාව මත පෙනී සිටියි. තරුන ගායක කන්ඩායමකට, ‘බන්දේරා රෝසා’ නම් ඉතාලි විප්ලවවාදී ගීය ගායනා කිරීම මඟින් සිය ජාත්‍යන්තරවාදය පල කිරීමට අවශ්‍ය වේ. මේ සිදුවීම, සිය කථාවේ එක් චරිතයක දෘෂ්ටි කෝනයෙන් ඔහු විස්තර කරන්නේ මෙසේය:  

… ටිකෙන් ටික වඩවඩාත් කටහඬවලින් ගීතය පන ලැබීය, සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ජනයා අවබෝධ කර ගැනීමට පටන් ගත්හ. මේ අතර ගීතය, ප්‍රතිරාව නංවන දැවැන්ත කෝෂයකින් පිට ව නැඟෙන සමනලයෙකු සේ ජනක්ෂෝභය මතින් චතුරශ්‍රය තුල නැඟී ආවේය.

එහෙත් ඉනික්බිතිව නවකතාව මාරු වන්නේ CSK ශිෂ්‍ය සංවිධානය ගර්හිත හා තකතීරු ආකාරයෙන් ලුඩ්වික්ගේ ඊනියා මිත්‍යාමතික තැපැල්පත සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන සිදුවීම කරා ය:

“මා විවෘත තැපැල්පතක මගේ වාක්‍ය ලියා තිබුනේ සියලු දෙනා විසින් එය දකිනු ලැබීම සඳහායැයි ද, මගේ වචනවල, මගේ චිත්තවේගයන්ගේ ස්වභාවයෙන් පැහැදිලි කිරීමට සමත් නොවන වෛෂයික වැදගත්කමක් තුබුනේයැයි ද ඔවුහු කීහ. මා කෙතරම් දුරට ට්‍රොට්ස්කි කියවා ඇත්දැයි ඔවුහු ඊලඟට ප්‍රශ්න කලෝය. එකක්වත් නැතැයි මම කීමි. මට කියවීමට පොත් දුන්නේ කවුරුන්දැයි ඔවුහු මගෙන් ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. මට මුන ගැසී ඇති ට්‍රොට්ස්කිවාදීන් කවුරුන්දැයි ඔවුහු ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. වහා ම ක්‍රියාත්මක වන ලෙසින් ශිෂ්‍ය සංගමයේ මගේ තනතුරින් මා ඉවත් කරන බව කියූ ඔවුහු, මගේ කාර්යාලයේ යතුරු ඔවුන්ට දෙන ලෙස කියා සිටියෝය.

මෙම අකරතැබ්බයෙන් පසු ලුඩ්වික් නරුම භාවයට පත්වෙයි. නවකතාව මෙහි දී රට තුල නින්නාද දෙන තතක් හැඬවීය – ඇතැම්විට, යම් තරමකින් ඒ, නවකතාවේ අග කොටසට වන්නට කුන්දේරා, “සමාජවාදය” එය පැවැති ආකාරයෙන් ප්‍රතිසංස්කරනය කල හැකිය යන ශක්‍යතාව බැහැර කල නිසා විය හැකිය.

තන්ත්‍රයට එරෙහි ප්‍රතිවිරෝධතාව සැබෑ ප්‍රගතිශීලී ආකෘතීන් අත්පත් කර ගත් අතර ම, ජාතිකවාදී ආකෘතීන් ද අත්පත් කර ගත් බව, කිසිසේත් පුදුමයට කරුනක් නොවේ. 1967ජූනියේ පැවැති චෙක් ලේඛක සංගමයේ සිව්වන සම්මේලනයේ දී කුන්දේරා පැවැත්වූ කථාව කේන්ද්‍රගත වූයේ චෙක් ජාතික සාහිත්‍යය සහ, යුරෝපා සංස්කෘතිය තුල එය දරන ස්ථානය පිලිබඳ ප්‍රශ්න මත ය. මෙය ඔහුගේ ජීවිතය පුරා ම ඔහු යලියලිත් පෙරලා පැමිනි විෂයයක් විය.

Novotny
චෙක් ස්ටැලින්වාදී නායක ඇන්ටොනින් නොවෝට්නි [ඡායාරූපය ANEFO / අවසරය: CC BY 3.0)

ද ජෝක් කෘතිය තුල කුන්දේරා, ස්ටැලින්වාදය යනු මාක්ස්වාදයේ ප්‍රභේදයකි යන සාවද්‍ය වූත්, ගැඹුරින් ම මංමුලාසහගත වූත් සංකල්පයේ තරයේ එල්බ සිටී. ලේඛකයා ට්‍රොට්ස්කිගේ කෘතීන් අතරින් සමහරක් කියවා තුබුනා විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රථම නවකතාව තුල ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියාගේ නම හුදෙක් අත්‍යන්ත මිත්‍යාවාදයකි; ප්‍රකෝපකරනයකි; 1923 සිට වාම විපක්ෂය සහ හතරවැනි ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කරන ලද ලෝක විප්ලවයේ වැඩ පිලිවෙල පිලිබඳ කිසිදු සඳහනක් නැත.

ඒ කාලයේ මෙම ඉතිහාසය කුන්දේරාට හා අනෙකුත් විරුද්ධ මතධාරී බුද්ධිමතුන්ට බොහෝදුරට ම දත නොහැක්කක් විය. මෙය හුදෙක් ස්ටැලින්වාදී මර්දනය හා වාරනය නිසා ම ඇති වූ තත්ත්වයක් නොව, ඉදින් චෙකොස්ලෝවැකියාවේ හා සෝවියට් සංගමයේ දී මෙන් ඔවුන් බලයේ සිටියේ වේවා, නැතහොත් ප්‍රංශයේ හා ඉතාලියේ මෙන් ඔවුන් කම්කරු පන්තිය තුල ධනවාදයට පක්ෂපාතී “විපක්ෂ” ආරක්ෂක බැම්මක පරිද්දෙන් ක්‍රියා කලේ වී වේවා, පශ්චාත් යුදකාලීන උත්පාතයේ තතු යටතේ කම්කරු පන්තිය හා පොදුවේ වාම බුද්ධි ජීවීන් මත ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ දැවැන්ත දේශපාලන හා සංස්කෘතික ආනුභාවය මත ද ඇති වූවක් විය.   

එමෙන් ම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛනගත කරනු ලැබ ඇති පරිදි, සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී නිලධරයන් වමට තල්ලු කිරීමට හා ප්‍රතිසංස්කරනය කිරීමට හැකි බව කියා සිටි පැබ්ලෝවාදය නමින් පතල වූ ප්‍රවනතාවය බිහි වීමෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ම ද සෑහෙන පීඩනයක් ක්‍රියාත්මක විය. පැබ්ලෝවාදය, ස්ටැලින්වාදීන් විසින් පාලනය කරන ලද රටවල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදයට එරෙහිව කඩාකප්පල්කාරී ලෙස ක්‍රියා කලේය.   

කුන්දේරා 1929 දී චෙකොස්ලෝවැකියාවේ බර්නෝ හි මධ්‍යම පන්තික පවුලක, ප්‍රමුඛ චෙක් ජාතික පියානෝ වාදක ගාන්ධර්වයෙකු වූ ලුඩ්වික් කුන්දේරාගේ පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහුගේ හැඩ ගැස්ම කෙරේ වැදගත් බලපෑමක් කල අවුරුදු ගත වූයේ ජර්මානුන් විසින් යටත් කරනු ලැබ සිටි තතු යටතේ ය. 1944 දී රතු හමුදාව නාසීන් පරාජය කර බටහිරට පන්නා දමා චෙකොස්ලොවැකියාව නිදහස් කර ගත් අතර, දශ ලක්ෂ සංඛ්‍යාත චෙක් ජනයා සමාජවාදයේ අපේක්ෂාවන්ට සහාය දුන්නෝය. ඔහුගේ පරපුරේ බොහෝ දෙනා අනුව යමින් කුන්දේරා ද සිය 18 වන වියේ දී, එනම් 1947 දී, කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු අතර, ඊලඟ වර්ෂයේ ස්ටැලින්වාදීන් බලයට පැමිනීම උද්‍යෝගිමත් අභිනන්දනයකින් යුතුව පිලිගත්තේය.     

ආරම්භයේ දී කුන්දේරා ප්‍රාග්හි චාල්ස් සරසවියේ සංගීත සංයෝජනය උගත්තේය – ඔහුගේ කෘතීන් තුල සංගීතය කෙරේ වූ නොසැලෙන ආදරයක් හා සැලකිල්ලක් පෙන්නුම් කෙරේ – එහෙත් පසුව ඔහු ප්‍රාසාංගික කලා ඇකඩමිය (FAMU) තෝරා ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුල ඔහු ව්ලදිමීර් මායාකොව්ස්කි රුසියානු-සෝවියට් කවියාගේ කවි පරිවර්තනය කර පල කල අතර තමන්ගේ ම අධිතාත්විකවාදී කවි ද පල කලේය. 1950 දී ඔහු CSK සංවිධානයෙන් නෙරපා හරින ලදී. එහෙත් FAMU වෙතින් උපාධිය ලැබූ ඔහු එකී සරසවියේ ම ලෝක සාහිත්‍යය පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස පත් කර ගන්නා ලදී. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ Man: A Wide Garden (මිනිසා: පුලුල් ගෙවුයනක්) 1953 දී ප්‍රකාශයට පත් විය.

දෙවන කොටසට…

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 01 කොටස Read More »

Palestine

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 03 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකක ලිපි මාලාවක දෙවැන්නයි. පලමු කොටස 2023 නොවැම්බර් 2 දින ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් විය (පළමු කොටසේ පරිවර්තනයට මෙහි පිවිසෙන්න).

1993 දී, ඊශ්‍රායලයේ මීලග කම්කරු පක්ෂ අගමැති යිට්ෂැක් රබීන්  සහ අරෆත් ඔස්ලෝ ගිවිසුමට අත්සන් තබමින්, අරෆත් සහ පලස්තීන අධිකාරිය ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කරන අතර ඊශ්‍රායලයෙන් වෙන් වූ නමුත් එහි අඩංගු වූ දෙකට බෙදුනු, යා-නොබැඳි රාජ්‍යයක පාලනය බාර ගන්නා “ද්වි-රාජ්‍ය විසඳුමක්” සදහා පොරොන්දු විය. පලස්තීනුවන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන්හි කිසියම් ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ දියුනුවක් තබා ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති ඕනෑම හැකියාවක් මෙයින් වැලැක්විය.

Palestine
ඊශ්‍රායල අගමැති යිට්ෂාක් රබින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ PLO හි සභාපති යසීර් අරෆත්, 1993 සැප්තැම්බර් 13 දින.

ඔස්ලෝ හි ආර්ථික විධිවිධාන , විදේශ ප්‍රතිපත්තිය, ආරක්‍ෂාව, ජනාවාස සහ දේශසීමා සහ ඊශ්‍රායලයට ඇතුල්වීම , ඊශ්‍රායල පාලනයට නතු කලේය. එය පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ වැඩ කිරීමේ අයිතිය ලබා දෙන අතරම, ඊශ්‍රායල භාන්ඩ රේගු බදුවලින් නිදහස් කොට පලස්තීනයේ  ජලය සහ අනෙකුත් සම්පත්වල යථා  පාලනය,  පලස්තින අධිකාරිය  සමඟ ඊශ්‍රායලයට අධිකරන බලය ලබා දුන් රේගු සංගමයකට  සම්බන්ධයෙන් .තීරු බදු සහ එකතු කල අගය මත බදු , පලස්තින අධිකාරිය (PA) වෙනුවෙන් එය විසින් එකතු කිරීම අනුග්‍රහයෙන්, එය  පලස්තීන අධිකාරියෙහි මුදල් පසුම්බිය රඳවා තබාගත් අතර – පලස්තින අධිකාරියෙහි සියලු ආදායමෙන් සියයට 75 කට පමන සමාන වන – බදු ආදායම නිතිපතා රඳවා තබා ගත්තේය.

ඔස්ලෝ හි ආර්ථික විධිවිධාන , විදේශ ප්‍රතිපත්තිය, ආරක්‍ෂාව, ජනාවාස සහ දේශසීමා සහ ඊශ්‍රායලයට ඇතුල්වීම , ඊශ්‍රායල පාලනයට නතු කලේය. එය පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ වැඩ කිරීමේ අයිතිය ලබා දෙන අතරම, ඊශ්‍රායල භාන්ඩ රේගු බදුවලින් නිදහස් කොට සහ පලස්තීනය ජලය සහ අනෙකුත් සම්පත්වල සැබෑ පාලනයෙන් ඉවත් කරනු ලැබූ  පලස්තින අධිකාරිය  සමඟ රේගු සංගමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අධිකරන බලය ලබා දුන්නේය.තීරු බදු සහ එකතු කල අගය මත බදු , පලස්තින අධිකාරිය (PA) වෙනුවෙන් එය විසින් එකතු කිරීම අනුග්‍රහයෙන්, එය  පලස්තීන අධිකාරියෙහි මුදල් පසුම්බිය රඳවා තබාගත් අතර – පලස්තින අධිකාරියෙහි සියලු ආදායමෙන් සියයට 75 කට පමන සමාන වන – බදු ආදායම නිතිපතා රඳවා තබා ගත්තේය.

අලුතින් පිහිටුවන ලද ඉස්ලාමීය කන්ඩායම්, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ පලස්තීනයේ විමුක්තිය සඳහා වූ ජනතා පෙරමුන (PFLP), ඔස්ලෝ ගිවිසුම ප්‍රතික්ෂේප කර ඊශ්‍රායලයට එරෙහි ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කලහ. රබීන් ප්‍රතිචාර දැක්වූයේ වසා දැමීමේ පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම, ඊශ්‍රායලයේ දේශසීමා මුද්‍රා තැබීම, මුරපොලවල් ස්ථාපිත කිරීම සහ පලස්තීනුවන්ගේ රැකියා හෝ ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ඇතුලුවීම සීමා කිරීම මගින් ඔස්ලෝ ගිවිසුම් බිඳ දැමීමෙනි. ගාසා තීරය නැවත නැවතත් වසා දැමීම්වලට ලක් විය. 1994 දී, ගිවිසුම් අවසන් වන විටත්, ඊශ්‍රායලය මෙම වටකල භූමිය [ ගාසා තීරය] වටා පරිමිති වැටක් ඉදිකිරීමට පටන් ගෙන තිබුනි.

ඔවුන්ගේ පලස්තීන ශ්‍රම බලකාය අහිමි වූ ඊශ්‍රායලයේ ලොක්කන් ලාභ ශ්‍රමය සඳහා ආසියාව දෙසට හැරුනු අතර, සංක්‍රමනික කම්කරුවන් සංඛ්‍යාව 1996 වන විට 100,000 දක්වා ලඟා විය, එය ඔවුන්ගේ උපරිමයේ සිටි පලස්තීනුවන් 70,000 ට වඩා බෙහෙවින් වැඩි ය.පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ සේවා යෝජකයන් සදහා ඔවුන්ගේ සීමිත ප්‍රයෝජනය අහිමි වූ නමුත් ඔවුන්ගේ ඉඩම්, සම්පත් සහ වෙලඳපොලවල් සම්බන්ධයෙන් එය එසේ නොවීය. 

ඊශ්‍රායලයේ ඉඩම් අත්පත් කර ගැනීම සහ ජනාවාස ගොඩනැඟීම ශීඝ්‍රව සිදු විය. 2000 වන විට නිවාස ඒකක සංඛ්‍යාව සියයට 52 කින් වැඩි වූ අතර නිල නොවන ජනාවාස 42 කට අධික සංඛ්‍යාවක් සමඟින් නව ජනාවාස තුනක් නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 1993 දී 115,700 සිට 1999 මැද භාගයේදී 176,973 දක්වා ඉහල ගියේය. ඊශ්‍රායලය විසින් පලස්තීන ජල සම්පත් උකහා ගැනීම උත්සන්න කල අතර, ගාසා තීරයේ ජලය පානය කල නොහැකි තත්ත්වයට පත් කර 2000 දී ගාසා තීරයේ උග්‍ර ජල අර්බුදයක් ඇති කලේය.

ඔස්ලෝ ගිවිසුම් මගින් පලස්තීන ඉඩම් හා සම්පත් සොරකම  වැඩි කිරීම සහ  ශ්‍රමිකයන්ගේ  සුලු ශුන්‍ය චලනයකින් තොරව භාන්ඩ එක් පැත්තකට පමනක්  ගමන් කිරීම නීත්‍යානුකූල කෙරු. ඔස්ලෝ වසර වල  ඊශ්‍රායලය සමෘද්ධිමත්ව,  අරාබි (රටවල) වර්ජනයේ අවසානය බොහෝ දුරට තහවුරු කර ගත් අතර, පලස්තීන කෘෂිකර්මාන්තය සහ එහි ආර්ථිකය කඩා වැටී, විරැකියාව සහ දරිද්‍රතාවය ඉහල ගියේය. ඔස්ලෝ වසර වල , ඊශ්‍රායලයේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය සියයට 14කින් ඉහල ගිය අතර, පලස්තීනුවන්ගේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය සියයට 3.8කින් පහත වැටුනි. ගාසා තීරයේ තත්වය ඊටත් වඩා තියුනු විය. පලස්තීන ආර්ථිකයේ එහි කොටස 1994 දී සියයට 37 සිට 2000 දී සියයට 31 දක්වා පහත වැටුනි.

දෙවන ඉන්ටිෆාඩාව සහ පලස්තීනුවන් ගෙටෝකරනය කිරීම 

දක්ෂිනාංශික, ආගමික අන්තවාදියෙකු විසින් 1995 දී රබීන් ඝාතනය කිරීම,ඊශ්‍රායලයේ පාලක ප්‍රභූව විසින් පලස්තීනුවන්ට කිසිදු අර්ථවත් සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන බව සංඥා කලේය. පලස්තීන ධනේශ්වරයේ ඉහවහා ගිය දූෂනය සහ ගජමිතුරුකම් මධ්‍යයේ පලස්තීන කම්කරුවන්ට හා ගොවීන්ට බිහිසුනු දරිද්‍රතාවය සහ පරිහානිය පමනක් ගෙන ආ ඔස්ලෝ ක්‍රියාවලියේ ස්වයං-පැහැදිලි වංචාව මගින් 2000 සැප්තැම්බර් මාසයේදී දෙවන ඉන්ටිෆාඩාව ඇති කලේය. මෙය ඊශ්‍රායලයට එරෙහිව මෙන්ම, ඉන්ටිෆාඩා අවසන් කරන ලෙස ඉල්ලා සිටි ඔස්ලෝ ගිවිසුමේ සාකච්ඡාකරුවන්ගෙන් එක් අයෙකු වන මහමුද් අබ්බාස් සමග ඔස්ලෝ ගිවිසුම අත්සන් කල PLO නායකත්වයට එරෙහි නැගිටීමක්ද විය.  මෙම රික්තය පිරවීම සඳහා දේශපාලන බලවේගයක් ලෙස හමාස් නැගී සිටීමට එය මග පෑදීය.

අරෆත්, 2004 දී , තවමත් පැහැදිලි කල නොහැකි ඔහුගේ මරනය දක්වාම රමල්ලාහි පලස්තින අධිකාරියේ  පරිශ්‍රය තුල,  සිරගෙයක බදුව  සීමා කරනු ලැබීමත් සමඟ කැරැල්ල තලා දැමීමට , දැවැන්ත ඊශ්‍රායල ප්‍රචන්ඩත්වයට සහ ම්ලේච්ඡත්වයට වසර හයක් ගත විය.

Gaza
ෆාරිස් ඔඩේ, 2000 නොවැම්බර් මස මුලදී-දෙවන ඉන්ටිෆාඩා සමයේදී-ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ටැංකියකට ගලක් දමා ගසමින් සිටියදී  ඝාතනය කරන ලද 14 හැවිරිදි පිරිමි ලමයෙකි. මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2000 ඔක්තෝබර් 29 වන දින වන අතර, ඔඩේ ඊට  දින 10 කට පසුව , නොවැම්බර් 8 වන දින, නැවතත් ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලදී. [ඡායාරූපය: ඇසෝසියේටඩ් ප්‍රෙස්/ලෝරන්ට් රිබෝර්ස්)]

“ජන විකාශ ගැටලුව” උත්සන්න වීමත් සමග, සියලුම සියොන්වාදී පක්ෂ බටහිර ඉවුරේ පාලනය පුලුල් කිරීමටත්, ජනාවාස ඉදිකිරීම උත්සන්න කිරීමටත්, ජනගහනය විතැන් කිරීම් සහ වාර්ගික පවිත්‍ර කිරීම ප්‍රවර්ධනය කිරීමටත් උත්සාහ කලහ.

ඒරියල් ෂැරෝන්  ගේ රජය , ඊශ්‍රායලය වාඩිලාගත් ප්‍රදේශ වල පලස්තීනුවන්ගෙන් සහ බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන් ගාසා තීරයේ සිටින පලස්තීනුවන්ගෙන්  වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කලේය. ගාසා තීරය අවහිර කිරීම , තීරුව වටා උස් තාප්පයක් ඉදිකිරීම, 1998 දී විවෘත කර වසර තුනකට පසුව ගාසා හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපලට බෝම්බ හෙලීම සහ , ආයුධ ජාවාරම් නැවැතීම මුවාවෙන්   ගාසා තීරය වටකරමින් ධීවර කර්මාන්තය ගෙල සිර කිරීම මෙයට ඇතුලත් විය.

2003 දී ඊශ්‍රායලය ගාසා තීරයෙන් “ඉවත් වන” බව නිවේදනය කරමින්, ෂැරොන් ජනාවාස වසා දමා , බටහිර ඉවුරේ වඩා වැදගත් ජනාවාස ව්‍යාප්තිය සහ තහවුරු කිරීම සඳහා වොෂින්ටනයේ කොල එලිය ලබා ගනිමින්, ගාසා තීරයේ ඊශ්‍රායලයේ වත්කම් ආරක්ෂා කරන හමුදා ඉවත් කර ගත්තේය .බටහිර ඉවුරෙන් සියයට 9 ක් ලබා ගනිමින්, එනම් එම භූමිය තුල තවත් කිලෝමීටර් 18 ක භූමි ප්‍රමානයක් අත්පත් කර ගත් කුප්‍රකට වෙන් කිරීමේ පවුර ඉදිකිරීමට ඔහු නියෝග කලේය.

Palestine
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (මැද) ඊශ්‍රායලයේ අගමැති ඒරියල් ෂැරොන් (වමේ) සහ පලස්තීන අගමැති මහමුද් අබ්බාස් සමඟ මැද පෙරදිග සම්බන්ධයෙන් සාකච්ඡා කරයි [ඡායාරූපය: එක්සත් ජනපද රජය]

2005 දී PA ජනාධිපති ධූරයට පත් වූ විට, අබ්බාස් විශ්වාසවන්තව ඊශ්‍රායලයේ අනපනත් පැනවීය. 2006 ජනවාරියේ පලස්තීන මැතිවරනයේදී හමාස් විසින් ඔහුගේ ෆාටා සංවිධානය ආධිපත්‍යය දරන , බහු කෝටිපතියන් අතලොස්සක දූෂිත නියෝජිතයා සහ ඊශ්‍රායලයේ ප්‍රොක්සි ආරක්ෂක බලකාය ලෙස පුලුල් ලෙස සැලකෙන PLO පරයමින් විස්මිත ජයග්‍රහනයක් ලබා ගැනීමෙන් පසු ,අබ්බාස්-ඊශ්‍රායලයේ පිටුබලය ඇතිව-හමාස්ගේ ගාසා බලකොටුවෙන් පලවා හැරීම සඳහා අසාර්ථක සිවිල් යුද්ධයක් දියත් කලේය. මෙම  භාතෘ ඝාතක අරගලය , ඔස්ලෝ “ද්වි-රාජ්‍ය විසඳුමේ” සහ වඩාත් මූලික වශයෙන් පලස්තීනුවන් ඊශ්‍රායලයට එරෙහි අරගලයට පදනම් වූ ජාතිකවාදී ඉදිරිදර්ශනයේ නිශ්චිත අවසානය සලකුනු කලේය.

ෆාටා සංවිධානයෙහි පරාජයෙන් පසුව, ඊස්රායලය විසින් පලස්තින අධිකාරියේ , ඊජිප්තුවේ, අරාබි පාලන තන්ත්‍රවල සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ඇතිව ගාසා තීරයට පූර්න පරිමානයේ ආර්ථික අවහිරයක් පැනවීය. ඊශ්‍රායලය පලමු වසර තුන තුල ගාසා තීරයෙන් පිටවීමට යන්තමින් වානිජ ට්‍රක් රථ 259කට අවසර දුන් අතර, කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුලු ගාසාවේ අපනයනය නතර විය. වසරක් ඇතුලත ගාසා තීරයේ නිෂ්පාදන කර්මාන්තවල රැකියා නියුක්තිය 35,000 සිට 860 ක්  වූ අඩු අගයක් දක්වා පහත වැටුනි. 2010 දී, පලස්තීනුවන්ගේ මිත්‍රයෙකු නොවූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගාසාව හැඳින්වූයේ “එලිමහන් සිරගෙයක්” යනුවෙනි.

ගාසා තීරයේ දුක්ඛිත තත්වය එහි පොදු සහ සමාජ යටිතල පහසුකම් සහ නේවාසික සහ වානිජ ගොඩනැගිලි බොහොමයක් විනාශ කල ඊශ්‍රායලයේ නැවත නැවතත් ප්‍රහාර මගින් උග්‍ර විය.පලස්තීන ආර්ථිකයේ එහි කොටස 2008 දී සියයට 22 දක්වා සහ 2018 දී සියයට 18 දක්වා පහත වැටුනි. එහි ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඩොලර් 1,500ක් වන අතර එය දැන් 1990 ගනන්වල මැද භාගයෙන් අඩකි. යුද්ධය ආරම්භ වීමට පෙර පවා, දරිද්‍රතා අනුපාත සියයට 50කට වඩා වැඩි වූ අතර, විරැකියාව ඊට සමාන මට්ටමක පැවතුනි. ගාසා තීරයේ මිලියන 2.3 ජනගහනයෙන් සියයට 80ක් ජාත්‍යන්තර ආධාර මත යැපෙන්නට සිදු  විය.

පලස්තීන ජාතිකවාදයේ අසාර්ථකත්වය සහ පලස්තීන හා යුදෙව් කම්කරුවන් සඳහා ඉදිරි මාවත

“යුදෙව්වන්ට ආරක්ෂිත තෝතැන්නක්” සුරක්ෂිත කිරීම සදහා  සියොන්වාදී ව්‍යාපෘතියේ අසාර්ථකත්වයට නොඅඩුව පලස්තීනුවන් මත පැටවී ඇති දුක් වේදනා ගලා එන්නේ ජාතිකවාදී ඉදිරිදර්ශනයක පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සමාජ-ආර්ථික ඉල්ලීම් සුරක්ෂිත කර ගැනීමේ නොහැකියාවෙනි. සන්නද්ධ අරගලයක් මගින් අනාගමික, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පිහිටුවීමේ ෆාටා වෙහි ඉදිරිදර්ශනයට, සියොන්වාදී රාජ්‍යය විසුරුවා හැරීම සඳහා අවශ්‍ය යුදෙව් හා පලස්තීන කම්කරුවන් එක්සත් කිරීම සඳහා කිසිදා පදනම සැපයිය නොහැක. ඊශ්‍රායල ධනේශ්වරයට අරාබි පාලන තන්ත්‍රයන්ගේ සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලැබීමත් සමඟ, සියල්ලටම වඩා එක්සත් ජනපදයේ අවශ්‍යතා සදහා සේවය කරන මෙම  සියොන්වාදී රාජ්‍යය පෙරලා දැමීම සඳහා අරාබි පාලන තන්ත්‍රයන් පෙරලා දැමීම අවශ්‍ය වනු ඇත.

පලස්තීන ධනේශ්වරය ආධිපත්‍යය දැරූ ෆාටා සංවිධානයට කිසිදා එය ආමන්ත්‍රනය කිරීමට නොහැකි විය. එහි අරමුන වූයේ මැද පෙරදිග තුල පලස්තීන ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන රාජ්‍යයක් සුරක්ෂිත කර ගැනීමට  අධිරාජ්‍යවාදය සමග සාකච්ඡාමය විසඳුමකට එලඹීමයි. එය “සියලු අරාබි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට” ප්‍රතිඥා දුන්නේය.සියලුම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම එය, ජෝර්දානයේ, ලෙබනනයේ හෝ සිරියාවේ වේවා, නමුත් සියල්ලටම වඩා ඊශ්‍රායලයේ, වාර්ගික,ආගමික හා ජාතික බෙදීම් කපා හැරිය හැකි පන්ති-පදනම් වූ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට නොහැකි කරමින් පන්ති අරගලයට වඩා ජාතික අරගලයට ප්‍රමුඛත්වය දුන්නේය. ඒ වෙනුවට, එය එක් හෝ වෙනත් ධනේශ්වර අරාබි තන්ත්‍රයක් අතර උපාමාරු දැමූ අතර, ඔවුන් සියල්ලෝම PLO සහ පලස්තීන ජනතාව හුදකලා කර අත්හැර දැමූහ.

ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීම සහ කොටු කිරීම අවසන් කිරීම සඳහා දියත් කරන ලද ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානයෙහි ක්‍රියාව  අතිදැවැන්ත සුපිරි   බලවේගවලට එරෙහිව , මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන වූ අතර, ප්‍රහාරයෙන් පලස්තීනුවන් 1,500කට ජීවිත අහිමි විය. එහෙත් එහි නීත්‍යානුකූල ප්‍රතිරෝධයට, නූතන ඉතිහාසයේ දීර්ඝතම එනම් දශක ගනනාවක ඊශ්‍රායලයේ    පීඩනයට හා වැටලීමට ලක් වූ  පලස්තීන ජනතාවගේ බිහිසුනු දුක් වේදනා අවසන් කිරීමට හෝ කලාපය තුල පුලුල් යුද්ධයක් සඳහා ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැලසුම් ඊට නැවැත්විය නොහැක.

Gaza
පලස්තීනුවන් 2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරනාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයති. [AP Photo/Doaa AlBaz]

බයිඩන් පරිපාලනය නැගෙනහිර මධ්‍යධරනී මුහුදට සහ මැද පෙරදිගට එක්සත් ජනපද යුද නැව් සහ හමුදා යොදවා ඇති අතර සිරියාවේ ඉරාන පිටුබලය ලබන ඉලක්ක වෙත ප්‍රහාර දියත් කර ඇත. මේ අතර ඊශ්‍රායලය විසින් සිරියාවට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීමට අමතරව, ඊශ්‍රායලය, ලෙබනනය සහ සිරියාවේ දේශසීමා කලාපයේ හිස්බුල්ලා සංවිධානය සමඟ වෙඩි හුවමාරු කර ගෙන ඇත. 

දැන් ගාසා තීරය ගිල ගනිමින් පවතින ජන සංහාරක යුද්ධය ඊශ්‍රායල කම්කරු පන්තියට ද  නොඅඩු ඛේදවාචකයකි. ජාතිකවාදයේ ඉදිරිදර්ශනය යුදෙව්වන්ට ඔවුන්ගේ පලස්තීන සගයන් තරමටම විනාශකාරී බව ඔප්පු වී ඇත. ඊශ්‍රායලය වර්නභේදවාදී රාජ්‍යයක් ලෙස වර්ධනය වී ඇති අතර, යුදෙව් නොවන අයට වෙනස් කොට සැලකීම සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශවල සහ අසල්වැසි රටවල පලස්තීනුවන්ට එරෙහිව දශක ගනනාවක කෲරත්වයට එය වගකිව යුතුය. ෆැසිස්ට්වාදය වැලඳගෙන සිටින ඊශ්‍රායලයේ පාලක ප්‍රභූවට, ස්වදේශීයව ආඥාදායකත්වය, ජන සංහාරය සහ වාර්ගික ශුද්ධ කිරීම් සහ විදේශයන්හි ම්ලේච්ඡ යුද්ධ හැර වෙනත් දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැත. ඊශ්‍රායල පාලක ප්‍රභූවේ සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ සේවය සඳහා ඊශ්‍රායල කම්කරුවන් බිලි දෙනු ඇත.

නෙතන්යාහුගේ ෆැසිස්ට් ආන්ඩුවට එරෙහි මාස නවයක විරෝධතා ව්‍යාපාරය පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීමට සහ යුද්ධයේ අන්තරායට තිත තැබීමට ඇති එකම මාර්ගය නම් සියොන්වාදී ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් බිඳී පලස්තීන හා යුදෙව් කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයක් ගෙන යාමයි.  “පලස්තීනුවන්ගේ වියදමින් ඊශ්‍රායලයේ දේශසීමා පුලුල් කිරීමට , විරුද්ධ පක්ෂ නායකයින් නොඅඩු කැපවී සිටිති” යනුවෙන් වූ අපගේ අනතුරු ඇඟවීම් ප්‍රකාශය , විපක්ෂ නායකයින් වන බෙනී ගැන්ට්ස්  සහ ගැඩී අයිසන්කොට් විසින් නෙතනයාහුගේ යුද කැබිනට් මන්ඩලයට බැඳීමට පැන ගන යාම මගින් තහවුරු විය. 

Protests
2023 ජූලි 24, සඳුදා, ටෙල් අවිව්හි දී, අධිකරන පද්ධතිය ඉලක්ක කරගත් නෙතන්යාහුගේ ඒකාධිපති ක්‍රියාමාර්ගවලට එරෙහි විරෝධතාවක් අතරතුර උද්ඝෝෂනය කරුවන් නගරය හරහා යන අධිවේගී මාර්ගයක ගමනාගමනය අවහිර කරති. [AP Photo/ Oded Balilty]

 “පලස්තීනුවන්ට එරෙහිව පවතින මර්දනයේ පදනම මත පිහිටුවන ලද රාජ්‍යයක් සෑම විටම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට අසමත් විය. එහි අරාබි අසල්වැසියන් සමඟ නැවත නැවතත් යුද්ධ කරන අතර පලස්තීනුවන් සමඟ සදාකාලික යුද්ධයක යෙදෙනා  එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සඳහා බලකොටු රාජ්‍යයක් ලෙස lඑහි පරිනාමය ; ව්‍යාප්තවාදී ‘මහා ඊශ්‍රායල්’ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම; ලෝකයේ ඉහලම මට්ටම් අතර වන සමාජ අසමානතාවයේ උග්‍ර මට්ටම්වල අස්ථාවර බලපෑම සමනය කිරීම සඳහා වාඩිලාගෙන සිටින ප්‍රදේශ වල දක්ෂිනාංශික පදිංචිකරුවන් මත සහ  එක්සත් ජනපදයෙන් පිදෙන, මිලිටරි ආධාරතව දුරටත් දැඩි ලෙස රැඳී සිටීම , නෙතන්යාහුගේ ආන්ඩුව නම්  ෆ්‍රැන්කන්ස්ටයින් රකුසාට මග පාදා ඇත. ”

මෙම ලේවැකි ආවෘත අන්තයෙන්  මිදීමේ මාවතක් සකස් කිරීම යනු ,අරාබි සහ ඊශ්‍රායල ප්‍රභූව තුල අධිරාජ්‍යවාදයේ  සහ එහි ධනේශ්වර ඒජන්තයින්ට සහ නෙතන්යාහුගේ ෆැසිස්ට්වාදී යුදවාදී කල්ලියට එරෙහිව අධිෂ්ඨානශීලී ස්ථාවරයක් ගැනීම සහ පලස්තීනුවන් කෙරෙහි වෛරය අවුලුවාලීමට ඔවුන් දරන ප්‍රයත්නයන්ට හා ජාතික භේදය පරයමින්   සමස්ත කම්කරු පන්තියම – යුදෙව් හා පලස්තින –   ඒකාබද්ධ සමාජවාදී අරගලයක් වෙත දිනා ගැනීම සඳහා පන්ති ආයාචනයක් ඉදිරිපත් කිරීමයි. 

යුද්ධය ලොව පුරා මහජන විරෝධය අවුලුවමින් තිබේ. ඊශ්‍රායලය තුල විරෝධයක් මතුවෙමින් පවතින බවට ලකුනු පහල වී තිබේ. එහෙත් මෙම විරුද්ධත්වය ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස බලමුලු ගැන්විය යුතුය. කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන තීරනාත්මක කර්තව්‍යය නම්, සියොන්වාදී රාජ්‍යය හා අරාබි ධනේශ්වර තන්ත‍්‍ර පෙරලා දමා මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යක් ගොඩනැගීමට අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයීම සඳහා, ඊශ්‍රායලය/පලස්තීනය ඇතුලු කලාපය තුල , හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමයි.

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස Read More »

Kishore

එජ සසප ජාතික ලේකම් ජෝෂප් කිෂෝර් ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ඔබ අමතයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ජෝශප් කිෂෝර්, ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය නිමිත්තෙන් ලංකාවේ සසප හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කරන “ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වන සියවස තුල සමාජවාදය සදහා අරගලය”මැයෙන් වන රැස්වීම් දෙකක් ඇමතීමට නියමිත බව නිවේදනය කර ඇත. ඒ සඳහා ලංකාවේ සංචාරයක නිරතව ඇති කිෂෝර් හෙට දින (07) පේරාදෙනියේදී ද, දෙසැම්බර් 10 දින කොලඹදී ද රැස්වීම් අමතන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තා කරයි.

Kishore

සසප නිවේදනය අනුව, කිෂෝර් ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම සදහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය අරගලයේ සමකාලීන අර්ථභාරය සාකච්ඡා කරනු ඇත.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේ කියයි:

“කිෂෝර් 2008 පටන් එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් වන අතර හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පල කරනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියට නිරන්තරව ලිපි සපයන ලේඛකයෙකි. ඔහු 2020 වසරේ දී පක්ෂයේ ජනාධිපතිවරන අපේක්ෂකයා ද විය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රැස්වීම්, වී.අයි. ලෙනින් සමග 1917 රුසියානු විප්ලවයේ සම-නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ 1923 ඔක්තෝබරයේ දී සෝවියට් සංගමය තුල වාම විපාර්ශ්වය පිහිටුවීමේ 100 වන සංවත්සරය සමරනු වස් ජාත්‍යන්තර කමිටුව විසින් ගෝලීයව සංවිධානය කරනු ලබන වැඩකටයුතු මාලාවක කොටසකි.

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රාලයේ සියොන්වාදී රාජ්‍යය විසින් ගෙන යනු ලබන ජනඝාතක වටලෑම ඇතුලු, අධිරාජ්‍යවාදී යුද්ධයේ පැනනැගීම, ජාත්‍යන්තර කම්කරු පන්තිය සහ තරුනයන් හමුවේ 20 වස සියවසේ සියලු නොවිසදුනු ගැටලු ප්‍රතිමුඛ කරයි.

කම්කරුවන් සහ පීඩිත මහජනතාව මුහුන දෙන සියලු දැවෙන ප්‍රශ්න – සමාජ අසමානතාව, යුද්ධය, කෝවිඩ්-19 වසංගතය, දේශගුන විපර්යාශ, රාජ්‍ය මර්දනය සහ අධිපතිවාදයේ හා පැසිස්ට්වාදයේ පැනනැගීම – ජාත්‍යන්තර ගැටලු වන අතර ඒවාට කම්කරු පන්තියේ ගෝලීය හා විප්ලවවාදී විසදුමක් අවශ්‍ය ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චිනයට එරෙහි සිය යුද සූදානම තීව්‍ර කරන තතු යටතේ, ශ්‍රී ලංකාව ඇතුලු, සමස්ත දකුනු ආසියානු කලාපය ම, භූ-දේශපාලනික ආතතීන්ගේ ගෝලීය වාසුලිය තුලට ඇද ගනු ලැබ ඇත. අවශ්‍යව ඇත්තේ කම්කරු පන්තියේ බලගතු සමාජවාදී හා ගෝලීය යුද-විරෝධී ව්‍යාපාරයකි. එලඹෙන න්‍යෂ්ටික ලෝක යුද්ධයක මෙම පසුබිම යටතේ, පසුගිය ශත වර්ෂය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය අරගලයේ පාඩම් අවබෝධ කරගැනීම එවන් යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙහි ලා අත්‍යවශ්‍ය ය.”

මෙම වැදගත් රැස්වීම්වලට සහභාගි වන ලෙස කම්කරුවන් තරුනයන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් සහ theSocialist.LK පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. රැස්වීම් වලට සහභාගී වීමේ දී එන්95 හෝ කේඑන්95 මුහුනු ආවරන පලදින්න.

දින සහ ස්ථාන:

පේරාදෙනිය

දෙසැම්බර් 7 දා සවස 3

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ශාලා අංක 86

කොලඹ

දෙසැම්බර් 10 දා සවස 3

කොලඹ නව නගර ශාලාව.

එජ සසප ජාතික ලේකම් ජෝෂප් කිෂෝර් ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ඔබ අමතයි Read More »

Helen Halyard

හෙලන් හෙල්යාඩ්ට උපහාරයක්

ඩේවිඩ් නෝර්ත් විසිනි.

Helen Halyard

වයස අවුරුදු 73 දී හෙලන් හෙල්යාර්ඩ්ගේ (නොවැම්බර් 24, 1950-නොවැම්බර් 28, 2023) අනපේක්ෂිත හා හදිසි මරනය, එක්සත් ජනපදයේ සහ ලොව පුරා, කම්කරු පන්තියට සමාජවාදය සඳහා නිර්භීත හා පරහිතකාමී සටන්කරුවෙකු අහිමි කර ඇත. හෙලන්ගේ වියෝව ඇය සමග දශක ගනනාවක්, සමස්ථ අර්ධ ශතකයක් පවා වැඩ කර ඇති, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාකාවල ඇගේ සහෝදරයින්ට ඉමහත් පුද්ගලික පාඩුවකි. 

1971 දී වර්කර්ස් ලීගයට (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) පළමු වරට සම්බන්ධ වූ දා සිට, හෙලන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැඩ කටයුතුවල තීරනාත්මක භූමිකාවක් ඉටු කලා ය. මහජන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ වියට්නාම් යුද්ධයට එරෙහි අරගලය විසින් දේශපාලනිකව රැඩිකලීය වූ ඇය, අප්‍රිකානු-ඇමරිකානු කම්කරු පන්තියේ වඩාත් ම දියුනු කොටස්වල උරුමය සහ සටන් සම්ප්‍රදායන් තුල බුද්ධිමය ව, සංස්කෘතික ව හා භාවාත්මක ව ගැඹුරින් මුල් බැස සිටියා ය. 

වර්කර්ස් ලීගයට බැඳීමට පෙර පවා, හෙලන් එක්සත් ජනපදය තුල වාර්ගික පීඩනයට එරෙහි අරගලය ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පුලුල් ජාත්‍යන්තර පන්ති අරගලයක් සමග අනන්‍ය ලෙස හඳුනා ගත්තා ය. එම නෛසර්ගික ප්‍රවනතාවය හෙලන් සියලු ආකාරයේ ජාතිකවාදී දේශපාලනයෙන් බිඳී වර්කර්ස් ලීගයට බැඳීමට හේතු විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙත ඇයගේ හැරීම වඩාත් සවිඥානික විය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ පැබ්ලෝවාදී සමාජවාදී කම්කරු පක්ෂය විසින් අනුමත කරන ලද කළු ජාතිකවාදයට අවස්ථාවාදී අනුගත වීම හෙලන් තරයේ ප්‍රතික්ෂේප කලා ය. 

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල වසර 52ක් පුරා විහිදුනු හෙලන්ගේ ඓතිහාසික භූමිකාව පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සහ සාරාංශයක් මෙම ආරම්භක උපහාරයේ විෂය පථයේ සීමාව තුල කල නො හැකි ය. ඇගේ පක්ෂ සහෝදරවරු තවමත් මෙම බිහිසුණු අහිමි වීමේ කම්පනය පෙල ගස්වමින් සිටිති. එහෙත් ප්‍රකාශ කළ යුතු දෙය නම්, එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, හෙලන් හෙල්යාඩ්ගේ ජීවිතය සමග අවියෝජනීය ලෙස බැඳී ඇති බවයි. 

විප්ලවවාදී පක්ෂයක් එහි සාමාජිකයන් අධ්‍යාපනගත කරයි. එහෙත් අනෙක් අතට පක්ෂයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ සදාචාරාත්මක හැඩගැසීමට එහි කේඩරයන්ගේ චරිත ස්වභාවය ප්‍රබල ලෙස බලපායි. විශේෂයෙන් ම හෙලන් සම්බන්ධයෙන් එය එසේ ම ය. ඇයගේ පෞරුෂය තුල දැවැන්ත ශක්තියක්, සුවිශේෂී බුද්ධියක්, සමාජවාදී අරමුන සඳහා දැඩි කැපවීමක්, ප්‍රතිපත්තිගරුක බව, බුද්ධිමය ඒකාග්‍රතාවය, පුද්ගලික ත්‍යාගශීලීභාවය, විනෝදකාමීත්වය සහ කරුණාව කැපී පෙනේ. හෙලන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ පසුගිය වසර 50 තුල පන්ති අරගලයේ ප්‍රධාන  සියලු තීරනාත්මක අත්දැකීම්වල කේන්ද්‍රය විය. 

වසර ගණනාවක් හෙලන් සමඟ වැඩ කිරීමේ වරප්‍රසාදය ලැබූ සසප වැඩිහිටි සාමාජිකයින්ට විශ්වාසවන්ත සහෝදරාත්මක සහ ආදරණීය සහ අසමසම සහෝදරියක අහිමි වී ඇත. තරුසාමාජිකයින්ට දිරිගන්වන ගුරුවරයෙකු අහිමි වී ඇත.

මෙම කෙටි ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 29 දින A Tribute to Helen Halyard යනුවෙන් ඉංග්‍රීසි බසින් පලවිය.

හෙලන් හෙල්යාඩ්ට උපහාරයක් Read More »

Intofada1

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 01 කොටස

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 02 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part One” යන ජීන් ෂෝල් විසින් ලියන ලද  ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකක ලිපි මාලාවක පළමු වැන්න යි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට කාපට් බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයේ පෙර නොවූ විරූ පරිමාණය සමාජ මාධ්‍යවල ගුවන් දර්ශන මගින් පෙන්වයි. මුළු අසල්වැසි ප්‍රදේශ මකා දමා , මිලියනයකට අධික ජනතාවක් , බලහත්කාරයෙන් තම නිවෙස්වලින්  ඉවත් කර ඇත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දේශසීමා මුද්‍රා තැබීම සහ ආහාර, ඉන්ධන, විදුලිය සහ පානීය ජලය පවා සැපයුම අත්හිටුවීම , සිතාගත නොහැකි දුක් වේදනා ඇති කර තිබේ.

 දෛනික මරණ සංඛ්‍යාව බිහිසුණු ය. 

Field Killing
2023 නොවැම්බර් 1 වැනි බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් ඉලක්ක කරන ලද ගොඩනැගිලිවල සුන්බුන් අතර අනෙක් අය සැරිසරන විට මිනිසෙක් සුන්බුන් මත වාඩි වී සිටී. (AP ඡායාරූපය/අබෙඩ් කලීඩ්)

රෝහල්, පාසල් සහ වෙනත් සරණාගත ස්ථාන ඉලක්ක කර ගැනීමත් සමඟ, ඊශ්‍රායලයේ කාපට් බෝම්බ හෙලීම සහ පැවැත්මේ සියලු මාධ්‍යයන් අහිමි කිරීම යන ඊශ්‍රායල ද්විත්ව ප්‍රතිපත්ති මගින් , පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීම සහ ඔවුන් නැවත කිසිදා නොපැමිණීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බව වඩාත් පැහැදිලිව පෙනේ.

මෙය ඊශ්‍රායල බුද්ධි අමාත්‍යාංශය විසින් ලියන ලද කාන්දු වූ ලේඛන සහ ඊශ්‍රායල පුවත්පත්වල සම්මුඛ සාකච්ඡා මගින් හෙළිදරව් කර ඇති පරිදි, ගාසා තීරයේ ජනගහනය ඊජිප්තුවේ සීනායි කාන්තාරයට බලහත්කාරයෙන් විස්ථාපනය කිරීම හරහා ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කර ඇති , පූර්ව සැලසුම් කළ ප්‍රතිපත්තියකි. ඉරිදා, හෙබ්‍රෙව් භාෂා ප්‍රකාශනය වන මීකොමට් (Mekomit)  වාර්තා කළේ, “ලේඛනය මගින් ගාසා තීරයේ ජනගහනය සිනායි වෙත බලහත්කාරයෙන් මාරු කිරීම නිර්දේශ කරන අතර, එම පියවර සඳහා ජාත්‍යන්තර ප්‍රජාව යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින.” බවයි.

ඊශ්‍රායලයේ  සහ වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ තුළ පලස්තින ජනගහනය , දැන් යන්තමින් යුදෙව්වන් ජනගහනය අභිබවා යමින් සිටින විට, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ෆැසිස්ට් ආන්ඩුව විසින් යුද්ධය සහ වාර්ගික සුද්ද කිරීම “ජනගහන ප්‍රශ්නයට” එකම විසඳුම ලෙස සලකයි. ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයට එරෙහි පලස්තීනුවන්ගේ ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය “මැදපෙරදිග වෙනස් කරන” බවත්, “ඉදිරි දිනවලදී අපි අපේ සතුරන්ට කරන දේ පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ ප්‍රතිරාවය කරනු ඇති” බවත් ජාතිය අමතමින් නෙතන්යාහු ප්‍රතිඥා දුන්නේය..

ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහි මෙම ජන සංහාරක යුද්ධය, දශක ගනනාවක් තිස්සේ ඊශ්‍රායල ධනේශ්වරය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවල උත්සන්න කිරීමකි. එමගින් , පාලක ප්‍රභූව සාමූහික ඓතිහාසික අමතක වීමේ රෝගයක් සිහියට කැදවා ගන්නා , පලස්තීන ජනතාවගේ ඉඩම්, දේපළ සහ නිවාස අහිමි කිරීම අරමුණු කර ගෙන ඇත.

1967 දී බටහිර ඉවුර සහ ගාසා තීරය අල්ලා ගැනීමෙන් පසු, මිලිටරි සහ දේශපාලන මර්දනය ඇතුළු පලස්තීනුවන් කෙරෙහි ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති වඩාත් දැඩි වී ඇත. ගාසා තීරය ඊශ්‍රායලයේ හුස්ම හිරවන අවහිරයකින් වසර 16 ක් දුක් විඳ ඇත.2012 දී , පලස්තීන අධිකාරිය (PA) සහ ඊජිප්තුව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ,   පුරෝකථනය කළේ,  වටලනු ලැබූ වාසභූමිය , 2020 වන විට ජනාවාස කළ නොහැකි වනු ඇති බවයි. 2017 දී අනතුරු ඇඟවූයේ මෙය අනාවැකි කීවාට වඩා වේගයෙන් සිදුවන බවයි.

මෙම සිදුවීම් ඊශ්‍රායලයේ සංස්ථාපිතයෙන් නොවැළැක්විය හැකි ලෙස ගලා එන්නේ යුදෙව්වන්ට යුරෝපීය හිංසා පීඩා කිරීමේ ගැටලුවට පිළිතුරක් ලෙස – ඔවුන් ආරක්ෂිත තෝතැන්නක්, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය සොයා ගනු ඇත. රාජ්‍යය යථාර්ථයේ දී වෙනත් ජනතාවක් නෙරපා හැරීම මත පදනම් වූ අතර, දේශීය සමාජ අසමානතාවයට සමගාමීව උග්‍රවන යුද්ධ, භෞමික ව්‍යාප්තිය සහ මර්දනය හරහා නඩත්තු විය.

Mandate
1923 සිට බලාත්මක වීමට පෙර, 1922 දෙසැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පලස්තීන වරපත්‍රය සහ ට්‍රාන්ස්ජෝර්ඩන් සංදේශයේ මුල් පිටුව. [ඡායාරූපය: බ්‍රිතාන්‍ය රජය – Archive.org]

1949 දක්වා පැවති, අරාබි අසල්වැසියන් සමඟ යුද්ධයක් ඇති කරමින්, බ්‍රිතාන්‍යයේ අනුග්‍රාහක රාජ්‍යයක් වන ට්‍රාන්ස්ජෝර්දානයේ අබ්දුල්ලා රජු බටහිර ඉවුරත්, ඊජිප්තුව ගාසා තීරය අල්ලා ගැනීමත් සමඟ ජාතීන්ගේ සංගමය විසින් ප්‍රදානය කරන ලද ජනවරම යටතේ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලද භූමියෙන් සියයට 80 ක් මත ඊශ්‍රායලය 1948 දී පිහිටුවන ලදී. මෙය විවිධ සියොන්වාදී කන්ඩායම් කිසිවකට අවශ්‍ය දෙයකට වඩා අඩු විය. නමුත් ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ඩේවිඩ් බෙන් ගුරියන් ප්‍රායෝගික ප්‍රවේශයක් ගත්තේය: එනම්, පළමුව යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කර පසුව දේශ සීමා වෙනස් කිරීමයි.

1967 යුද්ධය සහ  නව පලස්තීන යටත් විජිත ඊශ්‍රායලය විසින් කොල්ලකෑම

1967 යුද්ධය ඊශ්‍රායලයට දේශසීමා වෙනස් කිරීමට අවස්ථාව සලසා දුන් අතර, බටහිර ඉවුර හා  ගාසා තීරය ජෝර්දානයේ සහ ඊජිප්තුවේ නොව පලස්තීනයේ කොටසක් වූ බැවින් විදේශීය භූමි ප්‍රදේශ “අල්ලා ගැනීමක්” බවට පත් වූ හෙයින් එය ප්‍රතික්ෂේප කෙරිණි.

1967 ජූනි මාසයේදී, සිරියාව සමඟ ගැටුම් උත්සන්න වූ කාලපරිච්ඡේදයෙන් පසුව, ඊශ්‍රායලය අරාබි ජාතියේ නායකයා ලෙස ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ නොසැලෙන ස්ථාවරය  විසින් ඉදිරිපත් කරන ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් , තම අරාබි අසල්වාසීන්ට එරෙහිව පූර්ව-භංගාත්මක නමුත් දිගුකාලීන සැලසුම් සහගත ප්‍රහාරයක් දියත් කරන ලදී. 1949 දී පිහිටුවනු ලැබූ ඊශ්‍රායල  දේශසීමා “වැඩිදියුණු කිරීම” සහ විශාල කිරීම එහි අරමුණ විය.  සිරියාවේ ගෝලාන් කඳුකරය, ජෝර්දානය විසින්  පාලනය කරන බටහිර ඉවුර සහ එය [ ජෝර්දානය] කඩිනමින් ඈඳාගත් නැගෙනහිර ජෙරුසලම සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය මෙන්ම ඊජිප්තුව පාලනය කළ ගාසා තීරය ද ඊශ්‍රායලය විසින් අත්පත් කර ගත්තේය.

Tanks
1967 ජූනි සය දින යුද්ධයේදී ගෝලාන් කඳුකරයේ ඉදිරියට යන ඊශ්‍රායල ටැංකි [ඡායාරූපය රජයේ පුවත්පත් කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

ඊශ්‍රායලය 1979 දී නසාර්ගේ අනුප්‍රාප්තිකයා වූ අන්වර් සදාත් සමඟ කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඊජිප්තුවේ සීනායි සහ 1973 යුද්ධයෙන් පසු සිරියාවේ ගෝලාන්හි කොටසක් ආපසු ලබා දුන් අතර, එය ගෝලාන්, බටහිර ඉවුර සහ – 1948 දී ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයෙන් පලා ගිය හෝ තම නිවෙස්වලින් පලවා හැරි බොහෝ සරණාගතයින් ගෙන් සමන්විත වූ මිලියන 1.4 ක් පමණ පලස්තීනුවන් වාසය කරන – ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ රඳවා තබා ගත්තේය.

ඊශ්‍රායලය වේගයෙන් – දින හයක යුද්ධය අවසන් වීමටත් පෙර ගත් යම් ක්‍රියාමාර්ග සමඟ – අලුතින් අත්පත් කරගත් ප්‍රදේශ තම ආර්ථිකයට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කලේය. ඇත්ත වශයෙන්ම, පලස්තීන භූමි ප්‍රදේශ පසුකාලීනව යටත් විජිතයක් බවට පත් කිරීමට නියමිතව තිබුණි – යුරෝපීය බලවතුන් අප්‍රිකාවේ සහ ආසියාවේ ඔවුන්ගේ යටත් විජිතවලට විධිමත් නිදහස ලබා දීමට බල කෙරුණු පසුව පවා – ඊශ්‍රායලයේ වාණිජ ප්‍රභූවට ප්‍රතිලාභ ලබා දෙන අතරම පලස්තීන ජීවිතයේ සෑම අංශයකටම විනාශකාරී බලපෑමක් ඇති කෙරුණි.

ලෙවි එෂ්කෝල් යටතේ වූ , ඊශ්‍රායලයේ කම්කරු ආන්ඩුව තම යටත් විජිතකරණ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට සහ පලස්තීනුවන් යටත් කර ගැනීමට මිලිටරි පාලනයක් පනවන ලදී. පලස්තීනුවන්ට හැඳුනුම්පත් රැගෙන යාමට අවශ්‍ය වූ අතර ඇඳිරි නීතිය සහ මාර්ග බාධක යෙදීම මගින් ගමන් කිරීමේ නිදහස සීමා කෙරුණි.  සාමූහික දඬුවම්, නිවාස කඩා දැමීම්, බලහත්කාරයෙන් පිටුවහල් කිරීම් සහ නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම් වැනි ප්‍රතිරෝධයකට පලස්තීනුවන්ට  මුහුණ දීමට සිදු විය. 

ඊශ්‍රායලය, මූල්‍ය හා මූල්‍ය ආයතනවල පාලනය සියතට ගත් අතර, ආරම්භක ණය සොයන අයට ඊශ්‍රායල රෙගුලාසිවලට අනුකූල වීමට බැඳී සිටින අතර පලස්තීනුවන්ට කාර්මිකකරණයට හා ඊශ්‍රායල සමාගම් සමඟ තරඟ කිරීමට සම්පූර්ණයෙන්ම පාහේ නොහැකි විය. එය ජෝර්දාන, ඊජිප්තු සහ සිරියානු මුදල් වෙනුවට තමන්ගේම සහ දැඩි ලෙස පාලනය කරන ලද පලස්තීන වෙළඳාම ඊට ආදේශ කළේය.

1983 වන විට ඊශ්‍රායලය බටහිර ඉවුරේ ප්‍රධාන කෘෂිකාර්මික භූමියෙන් සියයට 52 කට වඩා අත්පත් කරගෙන තිබුණි. 1993 ඔස්ලෝ ගිවිසුම ආසන්නයේ, මෙම රාජසන්තක කිරීම් භූමියෙන් හතරෙන් තුනකට වඩා ආවරණය විය. කම්කරු පක්ෂය බලය අල්ලා ගත් , වාඩිලාගැනීමේ පළමු වසර 10 තුළ, පළමු ජනාවාස නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ජනගහනය වටා සහ ජෝර්දාන් නිම්නයේ ඉදිකරන ලද්දේ , නගරයේ පලස්තීන අසල්වැසි ප්‍රදේශ ව්‍යාප්ත කිරීම අවහිර කිරීමට සහ ඔවුන් නගරය හැර යාම “දිරිමත්” කිරීම සදහාය. 1977 වන විට බටහිර ඉවුරේ ඊශ්‍රායල ජාතිකයන් 4,500 ක් ද නැගෙනහිර ජෙරුසලමේ 50,000 ක් ද ජීවත් වූහ.

1977 මැයි මාසයේදී මෙනකම් බෙගින් විසින් නායකත්වය දුන් ලිකුඩ් ආන්ඩුවක් තේරී පත්වීම ජනාවාස ගොඩනැගීම වාර්ගික-ආගමික ව්‍යාපෘතියක් බවට පත් කළේය.මුල්‍ය දිරිගැන්වීම් සමූහයක් සමඟින්, බයිබලානුකුල හදවත වූ බටහිර ඉවුරේ ප්‍රධාන පලස්තීන සුලු නගර සහ මහ නගරවලට යාබදව ජනාවාස ඉදිකර ඇත. 1983 වන විට බටහිර ඉවුරේ පදිංචි කරුවන් සංඛ්‍යාව 28,400 දක්වා ඉහළ ගියේය. 

Begin
ඊශ්‍රායල අගමැති මෙනචෙම් බෙගින් 1978 දී රාජ්‍ය සංචාරයක් සඳහා එක්සත් ජනපදයට පැමිණි පසු දේශනයක් පවත්වයි. ස්ථානය: ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුර, මේරිලන්ඩ්.

ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ ජලාධාර  වෙත ප්‍රවේශය සීමා කිරීම නිසා බොහෝ පලස්තීනුවන් යැපෙන කෘෂිකර්මාන්තය ඇතුළු සංවර්ධනය අවහිර වූ අතර, ඔවුන්ට භූමියෙන් ඉවත් වීමට බල කෙරුනේ, වගා නොකළ ඉඩම් බලධාරින්ට රාජසන්තක කිරීමට අවස්ථාව සලසමිනි.එහි හිටපු පදිංචිකරුවන්ට ඊශ්‍රායලයේ, විශේෂයෙන් ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තයේ රැකියා සෙවීමට බල කෙරුනි, එහිදී ඔවුන් ඊශ්‍රායල හාම්පුතුන් සඳහා ලාභ ශ්‍රම සංචිතයක් පිහිටුවා ගත්හ.

1974 වන විට පලස්තීන ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් ඊශ්‍රායලයේ සේවයේ යොදවා ඇති අතර , ගාසා තීරයෙන් පැමිණි ප්‍රතිශතය ඊටත් වඩා වැඩිය.  මෙම යැපීම පසුව ඊශ්‍රායලයට සාමූහික දඬුවමක් ලෙස විරැකියාව භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නේය, ආතති කාලවලදී සහ 1987-93 සහ 2000-05 ඉන්ටිෆඩා වලදී දේශසීමා වසා දැමීය. ඒ සමගම ගල්ෆ් රාජ්‍යවල තෙල් මිල ඉහළ යාම, පලස්තීන පුහුණු ශ්‍රමිකයන් එහි රැකියා සෙවීමට දිරිමත් කළේය. යුද්ධයෙන් පසු වසරවලදී, නෙරපා හරින ලද කිහිප දෙනෙකුට අමතරව, ඔවුන් ද  ඇතුළුව 700,000 ක් පමණ සදහටම පිටව යාමට නියමිතව තිබුණි.

මෙම ප්‍රතිපත්තිවල අරමුන වූයේ පලස්තීනුවන් කෙරෙහි ඊශ්‍රායලයේ පාලනය වැඩි කිරීම සහ සන්නද්ධ අරගලය හරහා පලස්තීන රාජ්‍යයක් සාක්ෂාත් කර ගැනීමට කැප වූ , පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරයේ (ෆාටා) නායක යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) වූ සහයෝගය හෑල්ලුවට ලක් කිරීමයි. 1967 යුද්ධයෙන් ඉක්බිතිව, බටහිර ඉවුරේ ආර්ථිකය වසරකට සියයට 15 කින් ද ගාසා තීරයේ සියයට 11 කින් ද වර්ධනය වූ අතර, ඔවුන් ඔවුන්ගේ පූර්ව යුද මට්ටමට, එනම් යථා තත්ත්වයට පත් විය.  එහෙත් ඒ සමගම, පලස්තීන දළ දේශීය නිෂ්පාදිතයේ කර්මාන්තයේ කොටස 1968 හි සියයට 9 සිට 1987 දී සියයට 7 දක්වා පහත වැටුනි. 

Pnlm
පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරයේ (ෆාටා) සංවත්සරය සඳහා ගාසා නගරයේ රැලිය [ඡායාරූපය ෆාර්ස් මීඩ්යා කෝර්පරේෂන්   / CC BY 4.0]

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 1970 සිට 1987 දක්වා පලස්තීන ආර්ථිකයට අහිමි වූ ආදායම ඩොලර් බිලියන 6-11 ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කි. මෙම වෙනස්කම් ඊශ්‍රායල ප්‍රාග්ධනයේ ආර්ථික හා දේශපාලන නියෝගවලට යටත්ව, ගොවීන්, කුඩා ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ගේ විවිධාංගීකරණය වූ සමාජයක සිට පලස්තීන භූමි ප්‍රදේශ කම්කරු පන්තියක් සහ ඊශ්‍රායල හාම්පුතුන් සඳහා සංචිත ශ්‍රම හමුදාවක් බවට වේගයෙන් පරිවර්තනය කළේය.

පුළුල් ජාත්‍යන්තර වර්ධනයන් ද ඔවුන්ගේ හානියට හේතු විය. 1987-88 කොටස් වෙලඳපොල කඩාවැටීමෙන් පසුව, තෙල් මිල පහත වැටීම, ගල්ෆ් කලාපයේ අඩු රැකියා අවස්ථා, එක්සත් ජනපදයේ අනුගමනය කරන ලද අවධමනකාරී ප්‍රතිපත්ති, වාඩිලාගැනීමේ පිරිවැය වැඩිවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය සහ වෙළඳ හිඟය ප්‍රධාන වශයෙන් උද්ධමනය ඉහළ යාමත් සමඟ ඊශ්‍රායලයේ විශාල ආර්ථික අර්බුදයකට තුඩු දීමට හේතු විය. පලස්තීනුවන් සඳහා, මෙයින් අදහස් කළේ ඔවුන්ගේ වැටුප්වල වටිනාකමෙහි තියුනු පහත වැටීමක්, ඒ වන විටත් , ඔවුන්ගේ ඊශ්‍රායල සගයන්ට වඩා බෙහෙවින් පහලින් වූ   සදාකාලිකව පිරිහෙමින් පවතින සේවා කොන්දේසි , අඩු රැකියා අවස්ථා සහ අය වැයෙන් අඩු සහායක් ලැබීමයි. රාජසන්තක කරන ලද පලස්තීන ඉඩම් වල ජනාවාස ඉදිකිරීම සහ පදිංචිකරුවන්ට පමණක් මාර්ග ඉදිකිරීමට සහ ජනාවාස  සුරක්ෂිත කිරීමට අල්ලා ගත් ඉඩම් පුළුල් කිරීම මගින් පලස්තීන ආර්ථිකයට  තවදුරටත් යටින් වල කැපුණි. 

ඊස්රායලයේ 20 වසරක දීර්ඝ මිලිටරි වාඩි ලා ගැනීම සහ පලස්තීනුවන්ට සහ ලෙබනනයේ ඔවුන්ගේ සගයන්ට එරෙහි යුද්ධයට එරෙහි කෝපය සමග – ආර්ථික පසුබෑම 1987 පළමු වන ඉන්ටිපාඩාව (නැගිටීම) පිපිරී යෑමේ එක් සාධකයක් විය.1970 දී ජෝර්දානයෙන් සහ 1982 දී ලෙබනනයෙන් පලවා හැර, අරාබි පාලන තන්ත්‍රයන් විසින් අතහැර දමනු ලැබ තිබූ ,  ටියුනිස් හි පදනම් වූ PLO නායකත්වයේ පාලනයෙන් බොහෝ දුරට පිටස්තරව  එය [ ඉන්ටිෆාඩාව] පුපුරා ගියේය.

මෙම කොන්දේසි,නසාර්ගේ සර්ව-අරාබිවාදයේ බිඳවැටීමෙන් පසු අරාබි ලෝකයේ ඉස්ලාමීය දේශපාලනය වෙත පුලුල් හැරීමත් සමග, ෆාටා [ යසීර් අරෆත් ගේ සංවිධානය] සංවිධානයට විරුද්ධව ,  ඊශ්‍රායලය විසින් මුලින්ම අනුග්‍රහය දැක්වූ සහ ධෛර්යමත් කළ ධනේශ්වර පූජක කණ්ඩායමක් වන මුස්ලිම් සහෝදරත්වයට අනුබද්ධ හමාස් (ඉස්ලාමීය ප්‍රතිවිරෝධී  ව්‍යාපාරය) වෙත ප්‍රතිලාභ ලබා දුන්නේය.  එහෙත් හමාස්, එහි ආගමික මූලධර්මවාදය මගින් ඉදිරිපත් කළේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අවශ්‍යතා නොව පලස්තීන ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් වඩාත් ආන්තික ජාතිකවාදයක් ප්‍රකාශ කිරීම පමණි 

ඔස්ලෝ ගිවිසුම නාස් ලණුව තද කරයි

ඉන්ටිෆාඩා  ආරම්භ වූයේ , 1987 දෙසැම්බරයේ ගාසාවේ ජබාලියා සරණාගත කඳවුරේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ට්‍රක් රථයක් සිවිල් මෝටර් රථයක ගැටීමෙන් පසුව කඳවුරේ සිටි තිදෙනෙකු ඇතුළු පලස්තීන කම්කරුවන් හතර දෙනෙකු මිය ගිය පසුවය.මෙම කැරැල්ල මැඩපැවැත්වීමට ඊශ්‍රායලයට වසර හයක් ගත විය. එම කාලය තුළ , පලස්තීන ජීවිත 1,000කට වැඩි ප්‍රමාණයක්, අත්අඩංගුවට ගැනීම් 175,000ක් සහ නිවාස 2,000ක් කඩා බිඳ දැමූ අතර මෙම ගැටුම පලස්තීන ආර්ථිකය විනාශ කර , පලස්තීනුවන්ගේ ජීවන මට්ටම දැවැන්ත ලෙස සියයට 30-40 කින් පහත වැටුනි.

Intofada1
පළමු ඉන්ටිඩාව අතරතුර වූ බාධක [ඡායාරූපය Abarrategi / CC BY-SA 4.0]

1977 සිට බලයෙන් ඉවත්ව සිටින ඊශ්‍රායලයේ කම්කරු පක්ෂ නායකයින්ට , PLO නායක අරෆත් සහ ඊශ්‍රායලයේ අරාබි අසල්වැසියන් සමඟ යම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීම අවශ්‍ය බව මෙම නැගිටීම ඒත්තු ගැන්වීය. පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම ඊශ්‍රායලයේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීමට සහ එහි යුදෙව් බහුතරය පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. පලස්තීන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස PLO පිළිගැනීම වෙනුවෙන් පලස්තීන ජනතාව පාලනය කිරීමේ ඊශ්‍රායලයේ භූමිකාව අරෆත් සහ පලස්තීන අධිකාරියක් (PA) භාර ගනු ඇත. මෙම ස්වාධීනත්වය මගින් ඊශ්‍රායලයේ පාලකයින් බලාපොරොත්තු වූයේ, අඛණ්ඩ ආර්ථක යැපීම සහතික කරන අතරම, ඊශ්‍රායලය ආරක්ෂක රාජ්‍යයට වඩා නව වෙලඳපොලවල් විවෘත කිරීම තුළින් , එය කලාපීය ආර්ථික බලවතෙකු බවට පරිවර්තනය කළ හැකිය යන්නයි.

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 01 කොටස Read More »

Return

ඊශ්‍රායලය සහ පලස්තීනුවන්: නෙරපා හැරීම සහ වාර්ගික සුද්ද කිරීම මත පිහිටවූ රාජ්‍යයක් – පළමු කොටස

ජීන් ෂෝල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 23 දින පල වූ “Israel and the Palestinians: A state founded on dispossession and ethnic cleansing- Part One” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකකින් යුක්තය. දෙවන කොටස 2023 ඔක්තෝබර් 24 දින ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කෙරුනි.

සියලු අධිරාජ්‍යවාදී රටවල් සහ ඔවුන්ගේ මාධ්‍ය දෝංකාර කුටියේ පිටුබලය ලත් , අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික ආන්ඩුව, ගංවතුරක ආකාරයට ඊශ්‍රායලයට කඩා වැදුණු, හමාස් සංවිධානයේ අල් අක්සා ප්‍රහාරයේ  ප්‍රතිඵලයක් ලෙස සිදු වූ 1,400 ජීවිත හානි අද්විතීය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නිරූපණය කරයි. ප්‍රචාරක ප්‍රවාහයට අනුව, මෙය කිසිදු සාධාරණීකරණයක් නොමැති “හේතු රහිත ” සිදුවීමක් වන අතර එමඟින් ඊශ්‍රායලය දැන් ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනගහනයට එරෙහිව කරන ඕනෑම අපරාධයක් ආත්මාරක්ෂාව සඳහා යැයි කියනු ලබන ක්‍රියාවක් ලෙස නීත්‍යානුකූල කරයි.

Netnayahu
2022 නොවැම්බර් 15, දින ,ලිකුඩ් පක්ෂයේ නායක බෙන්ජමින් නෙතන්යාහු (වමේ) අන්ත දක්ෂිණාංශික , ඊශ්‍රායල නීති සම්පාදක බෙසාලෙල් ස්මොට්‍රිච් (දකුණ) සහ ඊශ්‍රායල අගමැති යායීර් ලපිඩ් (මැද) සහ ඊශ්‍රායලයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් , ජෙරුසලමේ නෙසෙට් (ඊශ්‍රායල පාර්ලිමේන්තුව)  හි නීති සම්පාදකයින් සඳහා දිවුරුම් දීමේ උත්සවයෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටිති , [AP Photo/Tsafrir Abayov]

යථාර්ථය නම්, මෙය ගාසා තීරයට සහ සමහර විට බටහිර ඉවුරට පවා එරෙහිව ජන සංහාරයේ සහ වාර්ගික ශුද්ධ කිරීමේ දිගුකාලීන සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සහ ඉරානයට සහ එහි සහචරයින් වන ලෙබනනයට සහ සිරියාවට  එරෙහි යුද්ධයක් ක්‍රියාවට නැංවීම සාධාරණීකරණය කර ගැනීම මෙය යෝග්‍ය දෙයක් වීමයි. මේ සඳහා , අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල නෙතන්යාහුගේ සහචරයින් ඔහුට සියයට සියයක්ම පිටු බලය සපයන  අතර, ඊශ්‍රායලයේ ෆැසිස්ට් ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම විරෝධයක් ,  තහනම් කළ යුතු යුදෙව් විරෝධී දුෂ්ට ක්‍රියා ලෙස පින්තාරු  කරයි.

නමුත් ඊශ්‍රායලය දෙවන නක්බාවක් [ පලස්තීනුවන් ප්‍රචණ්ඩ ලෙස අවතැන් කිරීම සහ නෙරපා හැරීම සහ ඔවුන්ගේ සමාජය, සංස්කෘතිය, අනන්‍යතාවය, දේශපාලන අයිතිවාසිකම් සහ ජාතික අභිලාෂයන් විනාශ කිරීම] සැලසුම් කරන බවට කිසිවෙකුට සැකයක් තිබිය හැකිද? නෙතන්යාහු මෙය සම්පූර්ණයෙන්ම පැහැදිලි කර ඇත. ඔහු උතුරු ගාසා තීරයේ සිටින මිලියන 1.1 පලස්තීනුවන්ට “දැන් ඉවත්ව යනු” යැයි පැවසූ අතර හමුදා ප්‍රකාශකයා පැවසුවේ ,ඔවුන්ට ආපසු ඒමට “අපි එසේ පවසන තුරු”  ඉඩ නොදෙන බවයි. ඔවුන් යා යුතු තැන කිසිවෙකු කීවේ නැත. කෙසේ වෙතත්, මෙය ඊශ්‍රායලය ඔවුන් පලා ගිය ස්ථාන වලට බෝම්බ දැමීම නතර කළේ නැත.

ඊශ්‍රායලය “ගාසා තීරයට සම්පූර්ණ වටලෑම” දියත් කරමින්, වටලනු ලැබූ භූමියට, ජීවිතයේ අත්‍යවශ්‍ය සියල්ල – විදුලිය, ආහාර සහ ජලය පවා- ඇතුළුවීම  අවහිර කරමින්, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් , “අපි මිනිස් සතුන් සමඟ සටන් කරන අතර අපි ඒ අනුව ක්‍රියා කරමු” යනුවෙන් ෆැසිස්ට් රාවයක් නිකුත් කළේය.

මුදල් ඇමති බෙසලෙල් ස්මෝට්‍රිච් විසින් හමුදාවට පැවසුවේ, “හමාස් සංවිධානයට කුරිරු ලෙස පහර දෙන්න, සිරකරුවන්ගේ කාරණය සැලකිය යුතු කරුණක් ලෙස නොසලකන්න.” යන්නයි.

“හමාස්ට පහරදීම” යන්නෙහි යථාර්තය නම් ගොඩබිම් ආක්‍රමණයක් සදහා සූදානම් වීමේදී,  ගාසා තීරයට කාපට් බෝම්බ හෙලමින්, ඔවුන්ගෙන් අඩක් වන ළමුන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනක් සමූල ඝාතනය කිරීමයි. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) “ගාසාවේ මළවුන් සඳහා ප්‍රමාණවත් ශරීර බෑග් නොමැත” යනුවෙන් ප්‍රකාශ කලේ, ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලය එබඳු සංහාරයක් වන හෙයිනි. මුළු අසල්වැසි ප්‍රදේශම සුන්බුන් බවට පත් වී ඇත.

ගාසා තීරය ආරම්භය පමණි.බටහිර ඉවුරෙහි වාඩිලාගෙන සිටින , ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සියලු නිදහස් ගමනාගමනයන් අවහිර කිරීම සඳහා නව මුරපොලවල් පිහිටුවා ඇති අතර, පලස්තීනුවන්ට පහර දී මරා දැමීමට සහ ඔවුන්ගේ ගම්මානවලින් ඔවුන් පලවා හැරීමට සන්නද්ධ පදිංචිකරුවන්ට නිදහස ලබා දී ඇත.

ඊශ්‍රායලය තුල, අන්ත-ජාතිකවාදී සහ ෆැසිස්ට්වාදී පක්ෂ විසින් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටින “ජනගහන මාරු කිරීම්” වලට අනුකූලව තමන් වාර්ගික ශුද්ධ කිරීමකට යටත් වනු ඇතැයි පලස්තීනුවන් බිය වෙති.අන්ත දක්ෂිනාංශික අනීතික පිරිස්, 1948 දී බලහත්කාරයෙන් ඉවත්කිරීම් දුටු ලෝඩ් වැනි මිශ්‍ර ජනගහන නගර වෙත, ඔවුන් සංක්‍රමණය වී ඇත්තේ “ජුදාකරණය” කිරීමේ ප්‍රකාශිත අරමුන ඇතිවය. මෙම ෆැසිස්ට් කල්ලි සන්නද්ධ කිරීම සඳහා රයිෆල් 10,000ක් මිලදී ගන්නා බව ආරක්ෂක ඇමති ඉටමාර් බෙන්-ග්විර් නිවේදනය කර ඇත.ඊස්රායලයේ ගාසා තීරයට සහය දැක්වීමේ විරෝධතා සඳහා “ශුන්‍ය ඉවසීමක්” පවතින බව ප්‍රකාශ කළ පොලිසියේ ප්‍රධානී කෝබි ෂබ්තායි, වටලනු ලැබූ ප්‍රදේශයට [ ගාසා තීරයට] යුද විරෝධී පෙලපාලිකරුවන් යැවීමට තර්ජනය කළේය. 

අරාබිවරුන් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස කරන වර්ණභේදවාදී පාලනය පමණක් නොව, ඔවුන් තනිකරම යුදෙව් රාජ්‍යයකින් නෙරපා හැරීම ද ඇතුළු , රාජ්‍යයේ නෛතික පදනම ලෙස යුදෙව් ආධිපත්‍යය තහවුරු කරන ඊශ්‍රායලයේ 2018 ජාතික රාජ්‍ය නීතියේ සම්පූර්ණ ඇඟවුම් දැන් පැහැදිලිය .

ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීම

මෙය පලස්තීනයේ පවතින අරාබි ජනගහනය බලහත්කාරයෙන් නෙරපා හැරීම හරහා 1948 දී ඊශ්‍රායලය පිහිටුවීමේ ප්‍රතිඵලයක් වන අතර ඉන් අනතුරුව ඇති වූ සියවස් තුන් කාලක ම්ලේච්ඡත්වයේ සහ සමූහ ඝාතනයේ ප්‍රතිඵලයකි.

1947 නොවැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී බෙදීමට බලකරමින් සහ පලස්තීන රාජ්‍යයක් සමඟ පලස්තීන භූමියේ යුදෙව් රාජ්‍යයක් ඉල්ලා සිටි බැඳීම් රහිත ඡන්දය, එවන් වැදගත් භූ මූලෝපායික ප්‍රදේශයක පාලනය පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගත් ප්‍රතිවාදී බලවතුන්ගේ කූටෝපායන්ගේ ප්‍රතිඵලයකි.  එය නාසි ජර්මනිය අතින් දරුණු ලෙස දුක් විඳ , ඒවන විට, බටහිරට ඇතුළුවීම ප්‍රතික්ෂේප කර තිබූ, යුරෝපීය යුදෙව්වන් කෙරෙහි ඇති දැවැන්ත මහජන අනුකම්පාව ගසාකෑම මගින් සාක්ෂාත් කෙරුණි. 

සියොන්වාදී සහ අධිරාජ්‍යවාදී ප්‍රචාරණයේ වඩාත්ම නරුම අංගයක් නම්, ඊශ්‍රායලය , මැද පෙරදිග “එකම ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස  නිතිපතා ප්‍රකාශ කිරීමයි. එහෙත්, 

1947 දී ජනගහණයෙන් තුනෙන් එකක් පමණක් වූ යුදෙව්වන් විසූ , ඒ වන විට පවතින රටක් [ පලස්තීනය] තුළ පිහිටුවූ එහි ,මහා සංක්‍රමණයෙන් පසුව පවා,  එහි ආරම්භය කිසි විටෙක  ප්‍රජාතන්ත්‍රවාදීව සාක්ෂාත් කරගත නොහැකි විය.

Herut party head Menachem Begin
හෙරුට් පක්ෂ ප්‍රධානී මෙනකම් බෙගින්, 1952 ටෙල් අවිව්හි ජර්මනිය සමඟ සාකච්ඡාවලට එරෙහිව පැවති මහජන උද්ඝෝෂණයක් අමතයි. [ඡායාරූපය: හෑන්ස් පින්, ඊශ්‍රායලයේ ජාතික ඡායාරූප එකතුව]

ඊශ්‍රායලයේම ඉතිහාසඥයින්, රාජ්‍ය ලේඛනාගාරය භාවිතා කරමින්, අද රට පාලනය කරන අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්, ආගමික අන්තවාදීන් සහ හිටපු ජෙනරාල්වරුන්ගේ කල්ලියේ දේශපාලන පූර්වගාමීන් විසින් සිදු කරන ලද අපරාධ ලේඛනගත කර ඇත.නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ඉර්ගුන් [ 1948 ට පෙර පැවති ,  පලස්තීනුවන්ව  මර්ධනය කිරීම සදහා ගොඩනගන ලද අන්ත දක්ෂිණාංශික පැරා මිලිටරියකි]  හි දේශපාලන උරුමක්කාරයා වන අතර, එහි නායක මෙනකම් බෙගින් 1977 සිට 1983 දක්වා අගමැති විය,  සහ ඉන් පසු , ස්ටර්න් කල්ලියට [ ඉර්ගුන් මෙන් අන්ත දක්ෂිණාංශික පැරා මිලිටරියකි] නායකත්ව දුන් යිට්සාක් ෂමීර් 1983 දී අගමැති විය .පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය, ජාතීන්ගේ සංගමය යටතේ පලස්තීනයේ පාලනයක් ගෙන ගිය කළ කාලය තුළ  මෙම ත්‍රස්තවාදී කල්ලි විසින් පලස්තීනුවන්ට සහ බ්‍රිතාන්‍ය නිලධාරීන්ට එරෙහිව කුරිරු යුද්ධයක් දියත් කරනු ලැබීය. ඔවුන් 1948 දක්වා දළ වශයෙන් වසර 30ක කාලයක් තුළ පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස , ඊට පලිගැනීමක්  වශයෙන් , යුදෙව්වන් 1,300කගේ ජීවිත අහිමි විය. 

1948 අප්‍රේල් මාසයේදී ඩියර් යසින් හි සිදු වූ සමූලඝාතනය, එහිදී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 200 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම මීට හොඳම උදාහරණයකි. ඉතිහාසඥ බෙනී මොරිස්, 1947-49 පලස්තීන සරණාගතයින්ගේ ප්‍රශ්නයේ උපත නම් ඔහුගේ පෙරළිකාර පොතේ පැහැදිලි කරන්නේ, “පලස්තීනයෙන් අරාබි ගම්වැසියන් පලවා හැරීමට” මෙය ඉතා වැදගත් සාධකයක් වූ බවයි. 1947 නොවැම්බර් සහ 1948 මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන විට, 375,000 කට වැඩි පලස්තීනුවන් පිරිසක් සරණාගතයන් බවට පත් වූ අතර, බලහත්කාරය යෙදීම , කුරිරුකම් කිරීම සහ ඝාතන ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා සංකලනයක ව්‍යාපාරයක් මගින් ඔවුන් පලවා හරින ලදී.

Mikitary
ඊශ්‍රායල හමුදා හමුදා ඩීර් යසින් හිදී උපදෙස් ලබමින් සිටි.  [ඡායාරූපය: බීට් ගිඩි ප්‍රදර්ශන]

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් බෙන් ගුරියන් ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීම ප්‍රකාශ කිරීමෙන් පසු 1948 මැයි මාසයේදී ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසි රටවල් අතර ඇති වූ යුද්ධයෙන් පලස්තීනුවන් 13,000ක් පමණ මිය ගිය අතර එය එහිදී ඊශ්‍රායල ජාතිකයන් මෙන් දෙගුණයකි. ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය යන රටවල සොල්දාදුවන් 3000-7,000 ක් පමණ මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇත. ගාසා තීරයේ, බටහිර ඉවුරේ, ජෝර්දානයේ, ලෙබනනයේ සහ සිරියාවේ සරණාගත කඳවුරුවලච කාලකණ්ණි ජීවිතයක් ගත   කිරීමට බොහෝ දෙනෙකුට බල කරමින්, පලවා හරින ලද  පලස්තීනුවන්ට ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට ඇති අයිතිය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ජෝර්දානයේ හැර අරාබි රාජ්‍යවල පුරවැසිභාවය විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ලියාපදිංචි සරණාගතයින් බවට පත් විය. බොහෝ අය දැන් මැදපෙරදිග වෙනත් තැනක ජීවත් වන අතර අනෙක් අය බටහිරට සංක්‍රමනය වී ඇත.  

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) පූර්වගාමියා වූ සහ බොහෝ දුරට හිස්ටඩ්රට්/මාපායි පක්ෂයේ පාලනය යටතේ සිටි, පසුව කම්කරු පක්ෂය බවට පත් වූ හගානා පැරා මිලිටරියට,  පලස්තීනුවන් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරීමට , බෙන් ගූරියන්  විසින්ම දිරිමත් කරන ලදී. හිටපු ඉර්ගුන් සහ ලෙහි [ස්ටර්න් කල්ලිය] හමුදාවන්ගෙන් සැදුම් ලත් හගානා බලඇණියක් විසින් 1948 ඔක්තෝම්බර් මාසයේදී දකුණු දිග හෙබ්‍රොන් නගරයට ආසන්න අල්-ඩවායිමා ගම්මානයේ දී

පලස්තීනුවන් 100 ත් 120 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කරමින්  සිදු කරන ලද බිහිසුණු සංහාරය ඇතුළුව අවම වශයෙන් තහවුරු කරන ලද සමූල ඝාතන 31ක් සිදු විය. IDF විසින් සිදු කරන ලද  යොආව් මෙහෙයුමේ  (ඔක්තෝබර් 15-22, 1948) සිදුවීම් වලින්  කොටසක්  දුටු සොල්දාදුවෙක්, සදහන් කලේ, “සටනක් සහ ප්‍රතිරෝධයක් නොතිබුණි. පළමු ජයග්‍රාහකයින් අරාබි පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 80 සිට 100 දක්වා මරා දැමීය. දරුවන්ගේ හිස් කබල් පොලුවලින් ගසා මරා දමා තිබුණි. මිනිසුන් මරා නොදැමූ නිවසක් එහි තිබුණේ නැත. ” යන්නයි.

Military
බෙයිට් ගුර්වින් වලින් පිටත , ඊශ්‍රායල ආරක්ෂක හමුදා 89 වැනි බලඇණියේ සාමාජිකයින්,1948 ඔක්තෝම්බර් යොආව් මෙහෙයුම අතරතුර, [ඡායාරූපය: නොදන්නා කතුවරයා – Palmach archive Sadeh 1 Album 4/28]

සමූල ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුට චෝදනා එල්ල නොවීය. එක්සත් ජාතීන්ගේ සරණාගත සහන ව්‍යාපෘතියට අනුව, දකුණු කලාපයේ ජනවාර්ගික පවිත්‍ර කිරීම හේතුවෙන් ගාසා තීරයේ සරණාගත ජනගහනය 100,000 සිට 230,000 දක්වා ඉහළ ගියේය.

යුද්ධය අවසන් වන විට, ඊශ්‍රායලය බවට පත් වූ පලස්තීනයේ කොටස්වල ඉතිරිව සිටියේ, 1947 බ්‍රිතාන්‍ය සංගණනයකදී වාර්තා වූ පලස්තීනුවන් 1,157,000 න් 200,000 ක් පමණි. පලස්තීනය සතු ඉඩම් පවරා ගැනීම ඊටත් වඩා නාටකාකාර විය. 1946දී , පසුව ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයේ යුදෙව්වන්ට හිමිව තිබුණේ සියයට 12කටත් වඩා අඩු ඉඩම් ප්‍රමාණයකි. 1948-49 යුද්ධයෙන් පසු නෙරපා හරින ලද හෝ පළා ගිය පලස්තීනුවන්ගේ දේපළ පාලනය කිරීමට, ඊශ්‍රායල රජය , අතහැර දැමූ දේපල ආඥාපනත පැනවීමත් සමඟ මෙය සියයට 77 දක්වා ඉහළ ගියේය.

ත්‍රස්තවාදය සහ ජනවාර්ගික පවිත්‍රකරණය මත පිහිටුවා ගත් ඊශ්‍රායලය පවත්වා ගත හැකි වූයේ නිරන්තර මර්දනය සහ යුද්ධය හරහා නෙරපා හැරීමේ සහ අහිමි හැරීමේ ද්විත්ව ප්‍රතිපත්ති මත පමණි. ඊශ්‍රායලයේ රැඳී සිටි සහ පුරවැසියන් බවට පත් වූ  පලස්තීනුවන්ට 1966 වන තෙක් , බෙන් ගූරියන් ගේ කම්කරු පක්ෂය හමුදා පාලනයක් පැනවීය. මෙය සිදු වූයේ අලුතින් අත්පත් කරගත් බටහිර ඉවුරේ පලස්තීනුවන් මත මිලිටරි පාලනය පැනවීමට මාස කිහිපයකට පෙරය.එය එදා සිට දිගටම පවතී.

1956 දී පලස්තීනුවන් 69 දෙනෙකු මරා දැමූ ඒරියල් ෂැරෝන්  ගේ කිබියා (Qibya) සංහාරය සමග 1949 න් පසු ඔවුන්ගේ පැරණි නිවාස වෙත ආපසු යාමට හෝ ඔවුන්ගේ පවුල් බැලීමට උත්සාහ කළ පලස්තීනුවන් සමඟ IDF නැවත නැවතත් ඒකපාර්ශ්වික සටන් [ මිලිටරිය බලය අතින් දෙපාර්ශවය අතර විශාල වෙනසක් ඇති] සිදු කරනු ලැබීය. 1949 සහ 1967 අතර, එක් පැත්තකින් ඊශ්‍රායලය සහ අනෙක් පැත්තෙන් ඊජිප්තු සන්නද්ධ හමුදාවන් සහ පලස්තීන සටන්කාමීන් අතර ෆෙඩයීන් යුද්ධයෙන් පලස්තීනුවන් 2,800 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් මිය ගිය අතර එය මියගිය ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව මෙන් හතර ගුණයක් පමණ  විය.

Return
1953 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු කිබියා  හි වැසියන් නැවත ඔවුන්ගේ ගමට පැමිණේ.

1967 ජූනි මාසයේදී ,ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් විසින් ඊජිප්තුව පාලනය කළ ගාසා තීරයෙන් එක්සත් ජාතීන්ගේ හමුදා නෙරපා හැරීම සහ ඊජිප්තුව, ෂර්ම් එල් ෂෙයික් [ සිනායි අර්ධද්වීපයේ වෙරළබඩ පිහිටි ඊජිප්තු නගරයක්] හි සිට ටිරාන් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කරමින් ඊශ්‍රායල නාවික ගමනාගමනය වැලැක්වීමට සමුද්‍ර සන්ධිය වසා දැමීම , ඊජිප්තුවට එරෙහිව පූර්ව-භංගාත්මක නමුත් දිගුකාලීන සැලසුම් සහගත ප්‍රහාරයක් දියත් කිරීම සඳහා , ඊශ්‍රායලය විසින් යොදා ගනු ලැබුණි. ඇස්තමේන්තු කර ඇති පරිදි අරාබි සොල්දාදුවන් 20,000 කට සිය ජීවිත අහිමි වූ අතර ඊශ්‍රායල මරණ සිදු වූයේ 1,000 ට වඩා අඩු ප්‍රමාණයකි.

දින පහක යුද්ධය අතරතුර, ඊශ්‍රායලය විසින් සිරියාවේ ගෝලාන් කඳුකරය, ජෝර්දානය විසින් පාලනය කරන ලද බටහිර ඉවුර සහ එය [ ජෝර්දානය] විසින් ඈඳාගත් නැගෙනහිර ජෙරුසලම සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය මෙන්ම ඊජිප්තුව විසින් අත්පත් කර ගෙන සිටි ගාසා තීරය ද අල්ලා ගන්නා ලදී. ජෝර්දානය පාලනය කල  බටහිර ඉවුරේ සිටි පලස්තීනුවන් 900,000 න් තවත් 250,000-325,000 කට ජෝර්දානයට පලා යාමට සහ 100,000 සිරියානුවන්ට සිරියාවට පලා යාමට බල කෙරුනි.

1967 යුද්ධය , 1973 ඔක්තෝම්බර් මාසයේදී තවත් යුද්ධයකට තුඩු දීමට නියමිතව තිබූ අතර, අවසානයේදී  අසාර්ථක වූ නමුත්, ඊජිප්තුව සහ සිරියාව විසින් ඊශ්‍රායලයට එරෙහිව විස්මිත මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීම මගින් අරමුණු කරන ලද්දේ  ,ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් නැවත ලබා ගැනීමය. ඔවුන්ගේ පරාජයේ ප්‍රතිඵලය වූයේ ඊජිප්තුව ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීම සහ පලස්තීනුවන්ට කුමන හෝ සහයෝගයක් ලබා දීම , සියලු අරාබි ධනේශ්වර පාලන තන්ත්‍රයන් විසින් අත්හැර දැමීමයි.

1967 අරාබි හමුදාවන්ගේ පරාජය,සන්නද්ධ අරගලයකින් පලස්තීන රාජ්‍යයක් සාක්ෂාත් කර ගැනීමේ කැපවීම මගින් , යසර් අරෆත් සහ ඔහුගේ ෆාටා සංවිධානයට පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) නායකත්වය ගැනීමට කොන්දේසි නිර්මානය කලේය. මෙය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දේශපාලනිකව සහ රාජ්‍ය තාන්ත්‍රිකව සහාය දක්වන ඊශ්‍රායලය අතර විශාල අසමාන මිලිටරි අරගලයක් ආරම්භ කරන ලදී.

ඊශ්‍රායලය සහ පලස්තීනුවන්: නෙරපා හැරීම සහ වාර්ගික සුද්ද කිරීම මත පිහිටවූ රාජ්‍යයක් – පළමු කොටස Read More »

Exodus

සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු! 

අධිරාජ්‍යවාදීන්ගේ ද්විත්ව-රාජ්‍ය උගුලට එරෙහිව යුදෙවි-අරාබි කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක්!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය 

Exodus
පැය තිහක් තුල උතුරේ සිට දකුනට ගාසාහි මිලියනයක් ජනයාගේ මහා නික්මයාම. සිකුරාදා, ඔක්තෝම්බර් 13, 2023. (AP Photo/Hatem Moussa)

ඊශ්‍රායල හදිසි ජාතික ආන්ඩුව ගාසා තීරයේ මිලියන දෙකකට වැඩි පීඩිත ජනයා කොටු කර, ජලය, විදුලිය, ඉන්ධන, හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබීම වලක්වා ගෙන සිටිමින් ද, එම ජනයා මත ගුවන් හා මිසයිල් ප්‍රහාර පතිත කරමින් ද සිදු කරන ජන සංහාරය වහා  නතර කරන ලෙස බලකර සිටින අපි, සියලු කම්කරුවන්, තරුනයන් හා සියලු ප්‍රගතිශීලීන් පලස්තීනු ජනයාගේ ආරක්ෂාව සඳහා පෙලගැසිය යුතු යැයි යෝජනා කර සිටිමු.

ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංගනය කරමින්, මිලියනයකට වැඩි පලස්තීනුවන්ට ගාසා උතුරු ප්‍රදේශයෙන් ඉවත් වීමට 13 දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ තන්ත්‍රය බල කලේ ය. අද දින (ඔක්. 16) උදෑසන වන විට ලක්ෂ 5 ක ජනයා මෙසේ ඉවත් වී ඇති බව BBCය වාර්තා කර ඇත. ඇඳිවත පමනක් ඇතිව සිය දරු දැරියන් සමග පලා යන දස දහස් ගනන් දෙනා අතරට ද හමුදා ප්‍රහාර එල්ල කෙරේ. මේ අතර සරනාගත කඳවුරු ද ප්‍රහාරයට ලක් වී ඇත. හුස්ම ගැනීමට අවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන  නොලැබීමෙන් රෝගීන් මරු වැලඳ ගනී.

අප ඇස් ඉදිරිපිටම, නාසීන් විසින් සිදු කරන ලද අපරාධ හා සැසඳිය හැකි මහා අපරාධයක් දිග හැරෙමින් තිබේ.  කාන්තාවන් හා දරුවන් බහුතරයක් වන මිලියන දෙකකට අධික ජනතාවක්  හිතාමතාම කුසගින්නට හා විජලනයට ලක් කරනු ලැබ තිබේ.  ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිතයෙක් එය විස්තර කරන්නේ “ගාසා තීරයේ ආයුෂ ඉවරයි” යනුවෙනි. “ජලය යනු ජීවිතය බව අපි කවුරුත් දනිමු. ගාසා තීරයේ ජලය අවසන් වෙමින් පවතී. එමෙන් ම ගාසාහි ජීවය නැති වී යයි…. ප්‍රමාද වීමට පෙර වැටලීම (siege) ඉවත්කල යුතු ය. ඉන්ධන, ජලය, ආහාර සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය සැපයුම් ආරක්ෂිතව ගෙන ඒමට සහන ආයතනවලට හැකි විය යුතු ය. එය අපට මේ දැන් අවශ්‍යය ය,” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය. 

මේ වන විටත් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් පමනක් මරනයට පත් කර ඇති ගනන 2,600 ක් ඉක්මවා ඇත. එක්සත් ජනපදය සිය නැව් හමුදාව මධ්‍යධරනී මුහුදේ රඳවා ගෙන සිටින්නේ මෙම ම්ලේච්ඡ වාර්ගික ප්‍රහාරයට සහාය දීම පිනිස ය. සියලු අධිරාජ්‍යවාදී රටවල මෙන් ම ඉන්දියාව වැනි ධනපති රාජ්‍යන්ගේ ද සහාය පීඩක ඊශ්‍රායලයට ය. තම ආර්ථික දේශපාලන අර්බුදය තව තවත් ගැඹුරු වීම ගැන බිය පල කල ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පලස්තීනයට එරෙහි ප්‍රකෝපකාරී ඇවිස්සීම් පටන් ගත්තේ ය. 

Destriction
2023 ඔක්තෝබර් 10 වැනි දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිදුකර ඇති විනාශය.
Courtesy of Reuters, Mohammed Salem

ප්‍රධාන රේඛා පැහැදිලි වෙමින් පවතී. ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත මහජනයා පලස්තීන පීඩිතයන් වෙනුවෙන් නැගී සිටිති. එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා “ඊශ්‍රායල් ත්‍රස්තවාදය” හා “නිදහස් පලස්තීනය” යන පුවරු සහිත උද්ඝෝෂන පැතිරී ගොස් ඇත. හමාස් සංවිධානයට සහාය පලකරන අය අත් අඩංගුවට ගන්නා බවට බ්‍රිතාන්‍යය පොලිසිය කල තර්ජනයට පෙලපාලිකරුවෝ යටත් නො වූහ. එවන් පෙලපාලිකරුවන්ට වසර පහ දක්වා සිර දඩුවම් ලබා දෙන බව ප්‍රංශ අධිරාජ්‍යවාදය ප්‍රකාශ කර ඇත. සියලු රටවල ජනයා පාලක පන්තියේ තර්ජන මගින් සීමා කල නො හැකි ය. ගල්ෆ් කලාපය මහජනයාගේ උද්ඝෝෂනවලින් ඇලලී යමින් තිබේ. මේ තතු යටතේ, මැද පෙරදිග නැවත හැඩ ගැසිය හැකි ගනුදෙනුවක් කරා ස්ථාවරව ගමන් කරන්නේ යයි ඊශ්‍රායලය සමග එක්ව සපත කර ඇති සෞදි අරාබි පාලක පන්තියට, හමාස් සංවිධානය හෙලා දකින ලෙස එක්සත් ජනපදය කර ඇති ඉල්ලීම පිලි ගැනීමට නො හැකි වී ඇත. ප්‍රථම වතාවට මොහොමඩ් බින් සලමාන් හට සිය පසමිතුරු ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රාසික් වෙත දුරකතන ඇමතුමක් ලබා ගැනීමට සිදු විය. 

ස්වකීය භූමිය තුල ම සිරකරුවන් ලෙස ජීවත් වීමට බල කෙරී ඇති පලස්තීනුවන්ට සටන් කිරීම හැර මාවතක් ඉතිරිව නැත. සැප්තැම්බර 19-26 පැවැත් වූ එක්සත් ජාතීන්ගේ 78 වන මහා සභා රැස්වීමේ දී පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පලස්තීන ජනතාව ප්‍රතිරෝධය පෑම තුලින් ස්වකීය මවු බිම හා නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා අතර, “සාමය විශ්වාස නො කරන, සත්‍යය යුක්තිය සහ මානව වටිනාකම් පිලිබද මූලධර්ම නොතකන, යටත් විජිත ආක්‍රමනයකින් භූමිය මුදා ගැනීම සදහා උපාය මාර්ගික විප්ලවයක් කරන” බව ප්‍රකාශ කලේ ය. “මෙම කුරිරු වාඩිලා ගැනීම” භූමියෙන් ඉවත් කිරීමෙන් මෙපිට පලස්තීන ජනයාට නිදහසක් නැත. සියලු රටවල කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනයා මෙම කුරිරු වාඩිලා ගැනීම අවසන් කිරීම සහ, ඊශ්‍රායල හා පලස්තීන කම්කරුවන්ගේ  ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම සඳහා සටන් කල යුතු ය.

ප්‍රතිගාමීහු පසු ගිය 7දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කල හදිසි ප්‍රහාරයේ කැබැලි අසුලමින් සිටිත්වා! මහා බලගතු ආරක්ෂක බල ඇනියක් ලෙස නම් දැරූ ඊශ්‍රායලය කිසි දා නො සිතු වීරූ ප්‍රහාරයකට ගොදුරු කර ගැනීමට පීඩිත පලස්තීන ජනයාගේ සහාය ලැබූ හමාස් සටන්කාමීන්ට හැකි විය. එය කාර්මික ශක්තියේ ප්‍රමුඛ බලය වන කම්කරු පන්තියේ අව්‍යාජ සංවිධානාත්මක විප්ලවවාදී නැගිටීමක් ලෙස මතු වී නම් තතු කෙසේ විය හැකිව පැවතියේ ද? 

අද පවතින ඊශ්‍රායල රාජ්‍යය 1914 පලමු ලෝක යුද්ධයේ දී යුදෙව් ජනයාගේ සහාය තමන් වෙත දිනා ගැනීමේ උපායක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුද කැබිනට්ටුව කල සැලසුමක ඵලයකි. එම කැබිනට්ටුවේ තීරනය අනුව 1917දී  එවක ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්ව පැවති ප්‍රදේශයෙන් ‘යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්’ පිහිටුවීමට සහාය දෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆර්, සියොන්වාදී නායකයෙකු වන රොස්චයිල් සාමි වෙත දැනුම් දෙන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පැන නැඟුනු මහජන නැගිටීම් තලා දමා අධිරාජ්‍යවාදී ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා ඇතැම් රාජ්‍ය වාර්ගික ආගමික රේඛා ඔස්සේ බෙදා වෙන් කිරීම අධිරාජ්‍යවාදයේ මුලෝපායික අවශ්‍යතාව වූයේ ය. 1948 පලස්තීනය තුල සියොන්වාදී ඊශ්‍රායලය නිර්මානය කිරීම මගින් තෙල් සම්පතින් පොහොසත් මැද පෙරදිග කලාපය ම සිය ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීම එම මූලෝපායයෙන් ම ගලා ආවේ ය යන්න අපි අමතක නො කරමු. 

අද මුලු මහත් අධිරාජ්‍යවාදී පද්ධතිය ම, ගැඹුරින්ම දෙදරුම් කන ආර්ථික දේශපාලන අර්බුදයකින් වෙලී තුන්වැනි ලෝක යුද්ධයක සැලසුම් වෙත යොමු වෙමින් පවතී. ඊශ්‍රායලය තුල දැන් වර්ධනය වන්නේ මෙතෙක් පැවති ප්‍රතිඝතිකතාවල නව අදියරක් වන්නේ එබැවිනි. කම්කරු පන්තියට නිදහස අවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදී ධනවාදයට එය මුලුමනින් වලලා දැමීමත් අවශ්‍යය ය. පලස්තීන ජනතාවගේ නිදහස සදහා අරගලය ඊශ්‍රායලය ඇතුලු සෑම රටකම කම්කරු පන්තිය විසින් ආරක්ෂා කිරීම මග නො හැරිය හැකි පන්ති අවශ්‍යතාවක් වන්නේ එබැවිනි.  

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ සඳහා අවශ්‍ය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් අරගලයට ප්‍රවිශ්ට වී ඇත. පලස්තීන ජනතාවගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය විසින් කරනු ලැබ ඇති යෝජනා සමග සිටගන්නා කොලඹ ක්‍රියාකාරී කමිටුව, එම අරගලය වටා රොක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අපි, පහත සඳහන් ඉල්ලීම් සඳහා අරගලය බලමුලු ගැන්වීමට මහජනයා කැඳවුම් කරමු:

  • නෙතන්යාහු ආන්ඩුවට එක්සත් ජනපදය හා යුරෝපා ආන්ඩු විසින් සම්පාදනය කෙරෙන සියලු යුද ආධාර වහා නතර කරනු!
  • ගාසා තීරය වැටලීම වහා ඉවත් කරනු!  
  • කොටු කර සිටින ජනයාට වතුර, බෙහෙත්, විදුලිය, ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දේ වහා සම්පාදනය කරනු!
  • පලස්තීන ප්‍රදේශ අත්පත් කර ගැනීම වහා නතර කරනු!
  • සියොන්වාදී ආක්‍රමනික හමුදා ඉවත් කරනු!

සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!  Read More »

Headline

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 21-27

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 21 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: August 21-27 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: රහස් ලේඛන මගින් නැගෙනහිර ටිමෝරයේ අපරාධ පිළිබඳව විට්ලම්ගේ කම්කරු ආන්ඩුවේ සබඳතා හෙලි කරයි

1998 අගෝස්තු 24 දින, සිඩ්නි මෝනිං හෙරල්ඩ් (Sydney Morning Herald) පුවත් පත විසින් කලින් යටපත් කරන ලද ලේඛනවල වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කළේ, ඕස්ට්‍රේලියාවේ විට්ලම්ගේ ලේබර් ආන්ඩුව, ඉන්දුනීසියානු හෝ ඉන්දුනීසියානු පිටුබලය ලත් හමුදා විසින් ඕස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රවෘත්ති කරුවන් පස් දෙනෙකු ඝාතනය කරන ලද බලිබෝ (Balibo) හි මූලික ප්‍රහාරයක් ඇතුළු , 1975 දී නැගෙනහිර ටිමෝරයට සිදු කල ඉන්දුනීසියානු ආක්‍රමණය සඳහා සූදානම් වීම පිළිබඳව සමීපව දැනුවත් වූ බවත්, එමෙන්ම ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ආක්‍රමණයට තම හවුල්කාරිත්වය සැඟවීමට බලිබෝ මරණ පිලිබඳ තම දැනුම වසන් කල බවත්ය.

Whitlam
ගොෆ් විට්ලම් 1972 දී දේශනයක් පවත්වයි

වාර්තාව අවධානයට යොමු කළේ බලිබෝ නම් මායිම් ගම්මානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ආන්ඩුවේ සවිස්තරාත්මක පූර්ව දැනුම කෙරෙහි ය. නමුත් ලේඛන මගින් ලේබර් ආන්ඩුව ආක්‍රමණයට සක්‍රීය මැදිහත්වීම සහ ලිබරල් සහ කම්කරු ආන්ඩු විසින් පවත්වාගෙන ගිය වසන් කිරීම පිලිබඳ පුළුල් ප්‍රශ්න වෙත යොමු විය.

ඉන්දුනීසියානු පාලන සමයේදී ඝාතනයට ලක්වූ නැගෙනහිර ටිමෝර වැසියන් 200,000ක් සමඟ එක්ව, චැනල් 7 සහ චැනල් 9 ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙක් කම්කරු ආන්ඩුවේ ප්‍රතිපත්තියේ ගොදුරු බවට පත් වූහ.සුහර්තෝ ආඥාදායකත්වය විසින් කලින්  පෘතුගීසි යටත් විජිතයක් වූ මෙය අත්පත් කර ගැනීම පිළිබඳව කැන්බරා වෙත කෙතරම් සමීපව දැනුවත් වී  තිබුණේද යත්, ප්‍රහාරය ආරම්භ වන බලිබෝ ඇතුළු නිශ්චිත ස්ථාන තුන එය දැන සිටි බව හෙළිදරව් කිරීම් පෙන්වා දුන්නේය.බලිබෝ අල්ලා ගැනීම , 1975 දෙසැම්බර් 7 වන දින , පූර්ණ පරිමාණ නාවික බෝම්බ හෙලීම, ගුවන් බෝම්බ හෙලීම සහ දැවැන්ත හමුදා පැමිණීමේ පූර්වගාමියා විය.

ඉන්දුනීසියානු බුද්ධි අංශ නිලධාරීන් ජකර්තාහි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිලධාරීන්ට 1975 ඔක්තෝබර් මැද භාගයේදී බලිබෝ ප්‍රහාරයේ අවසන් තොරතුරු ලබා දුන්නේය. බලිබෝ මෙහෙයුමට දින තුනකට පෙර 1975 ඔක්තෝම්බර් 13 වන දින තානාපති කාර්යාලය කැන්බරා වෙත කේබල් පණිවිඩයක් මගින් තොරතුරු ලබා දුන්නේය. ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලය නැගෙනහිර ටිමෝරයේ සිටින බව විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැන සිටි නමුත් රූපවාහිනී මධ්‍යස්ථාන දෙකේ කළමනාකාරීත්වයට හෝ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරු ඇඟවීමක් කර තිබුණේ නැත.

හෙරල්ඩ් හි පළ වූ හෙළිදරව් කිරීම් වලට පෙර, විට්ලම් රජය ඉන්දුනීසියානු ආක්‍රමණය දිරිමත් කර ඇති බව දැන සිටියේය. නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවට ඒකාබද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු රජය සහාය දෙන බව , 1974 තරම් මුල් භාගයේදී, විට්ලම්, ජකර්තා හි පැවති රැස්වීමකදී ජෙනරාල් සුහර්තෝට පෞද්ගලිකව පවසා තිබුණි. 1975 අප්‍රේල් මාසයේදී උතුරු ඕස්ට්‍රේලියානු නගරයක් වන ටවුන්ස්විල්හිදී ටිමෝරයේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා සුහර්තෝ සමඟ තවත් රැස්වීමක් විට්ලම් පැවැත් වූ බව ද දැන ගත හැකි විය. කෙසේ වෙතත්, 1997 දී ප්‍රකාශයට පත් කරන ලද පොතක, විට්ලම් තම රජය , මෙම ආක්‍රමණය පිළිබඳව පූර්ව දැනුමක් නොමැති බව යන , තම රජයේ ප්‍රසිද්ධ ප්‍රකාශය පවත්වා ගෙන ගියේය.  “බාලිබෝ හි දේශසීමා හරහා සිදු වූ ආක්‍රමණය ගැන අපි දැන සිටියේ නැත,” විට්ලම් ඔහුගේ ” ස්ථාවර අවශ්‍යතාවයන්” (Abiding Interests) වෙළුමේ ලිවීය.

පුවත්පතේ විදේශ කර්තෘ හමිෂ් මැක්ඩොනල්ඩ් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු පෙන්නුම් කළේ, 1974 අගභාගයේ සිට, පළමු සුහර්තෝ-විටලම් හමුවෙන් පසුව, බලහත්කාරයෙන් භූමිය අල්ලා ගැනීමේ ඉන්දුනීසියාවේ අභිප්‍රාය සම්බන්ධ තොරතුරු, 

ඉන්දුනීසියානු නිලධාරීන් විසින් නිතිපතා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට  සැපයූ බවයි.

වසර 50 කට පෙර: කැනේඩියානු දුම්රිය සේවකයෝ ජාතික වැඩ වර්ජනයක් ආරම්භ කරත

1973 අගෝස්තු 23 වන දින, කැනේඩියානු දුම්රිය සේවකයින් රැකියාවෙන් ඉවත් වී, දුම්රිය සමාගම් 11 කට එරෙහිව රටපුරා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. එම සමාගම් අතරින් විශාලතම ඒවා වූයේ , කැනේඩියානු ජාතික දුම්රිය සහ කැනේඩියානු පැසිෆික් දුම්රිය යන සමාගම්ය. වැඩවර්ජනය කැනේඩියානු ආර්ථිකය කැටි කළ අතර, කාර්මික හා කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය වහාම නතර විය. එය උද්ධමනය විසින් මෙහෙයවනු ලබන උතුරු ඇමරිකාව සහ ලෝකය පුරා කම්කරුවන්ගේ දැවැන්ත වැඩ වර්ජන රැල්ලක කොටසකි.

වාර්තාගත උද්ධමනයට සරිලන ආකාරයට දුම්රිය කම්කරුවන් වසර දෙකක කොන්ත්‍රාත්තුවේ ආයු කාලයට වඩා සියයට 21.6කින් පඩි වැඩි කිරීමක් ඉල්ලා සිටියහ. 1973 සිට 1975 දක්වා උද්ධමන අනුපාතය වසරකට සියයට 10 කට වඩා වැඩි විය. දුම්රිය සමාගම් වසර දෙකක කොන්ත්‍රාත්තුවට  සියයට 14ක  පමන පඩි වැඩි වීමක් ලබා දෙමින් උද්ධමනයට වඩා ඉහල වැටුප් වැඩිවීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.

Headline
ද බුලටින් හි 1973 සැප්තැම්බර් 3 සංස්කරණයේ සිරස්තල

වර්ජනයේ බලපෑම දුම්රිය සමාගම්වලට පමණක් සීමා නොවීය. මෝටර් රථ නිෂ්පාදකයින් වන ජෙනරල් මෝටර්ස් සහ ෆෝඩ් සමාගම් වල තෙරේස්, ඔෂාවා  ඕක්විල් සහ ස්ටී හි කම්හල්වල නිෂ්පාදනය නතර කිරීමට බල කෙරුනි. 

වැඩ වර්ජන කල දුම්රිය කම්කරුවන් 56,000, බොහෝ දුරට පෝටර් සහ දුම්රිය අංගන කම්කරුවන්, සමස්ත කැනේඩියානු දුම්රිය ශ්‍රම බලකායෙන් එක් කොටසක් පමනක් විය. දුම්රිය කර්මාන්තයේ විවිධ මෙහෙයුම්වල සංවිධානය වූ අතිරේක කම්කරුවන් 100,000ක් මහා වැඩ වර්ජනයක වාතාවරණයක් නිර්මානය කරමින් පිකට් සීමාවන් තරණය කිරීම ප්‍රතික්ෂේප කළහ. කැනේඩියානු කම්කරු පන්තිය පුරා සහයෝගීතාවයේ ක්‍රියාවන් වර්ජනය පවතින අතරතුර පැවති අතර, රේල් පීලි මත කිසිදු භාණ්ඩයක් ගෙන නොයාම සහතික විය.

1950 සහ 1966 දී කැනේඩියානු දුම්රිය සේවකයින් විසින් කරන ලද පෙර පැවති ජාතික වැඩ වර්ජන දෙකේදී මෙන්, කැනේඩියානු ආන්ඩුව ඉක්මනින්ම වැඩ වර්ජන කඩ කිරීමේ නීති සම්මත කිරීමට පියවර ගනිමින් , කම්කරුවන්ට ගිවිසුමකට ඇතුළු වීමට බල කරන ලදී.  වැඩවර්ජන තහනමක් සම්මත කිරීම සඳහා කැනේඩියානු පාර්ලිමේන්තුව අගෝස්තු 30 වැනි දින විශේෂ සැසිවාරයකදී රැස්විය.

ආන්ඩුව විසින් සහන කොන්ත්‍රාත්තුවක් පැනවීමට විරෝධය දැක්වීම සඳහා කැනඩාව පුරා සිටි , ඔටාවා වෙත ගමන් කළ කෝපාවිෂ්ඨ දුම්රිය කම්කරුවන්ගේ මහජන පෙලපාලි වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය. පුවරු රැගෙන ගිය  සමහර කම්කරුවන් විසින්     “පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වර්ජනය බිද නොදැමිය යුතුය” යනුවෙන් කියමින් ලිබරල් අගමැති පියරේ එලියට් ටෘඩෝ ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

ප්‍රංශයේ 1968 මැයි මහා වැඩ වර්ජනයෙන් සහ ලොව පුරා අනෙකුත් ප්‍රධාන කම්කරු පන්ති ප්‍රහාරවලින් ආශ්වාදයක් ලැබූ බොහෝ තරුණ සටන්කාමී කම්කරුවන් මෙම පෙලපාලියට ඇතුලත් විය. එක් අවස්ථාවකදී දුම්රිය සේවකයන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි මවුන්ටීස් [ කැනේඩියානු ෆෙඩරල් හා ජාතික පොලිස් සේවය]  භට පෙළ කඩාගෙන ගොඩනැගිල්ලට ඇතුළු විය. පොලිසිය අවසානයේ කම්කරුවන් ඉවත් කිරීමට පෙර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සමහර ජනෙල් කඩා දැමීම ඇතුළු සමහර සටන් ඇති විය.

වර්ජනය අතරතුර දුම්රිය සේවකයන් ඉමහත් නිර්භීතකම සහ සහයෝගීතාව පෙන්නුම් කළ අතර, ඊට සම්බන්ධ වූ වෘත්තීය සමිති හතෙන් විශාලතම සමිතිය වූයේ දුම්රිය සහ ගුවන් ලිපිකරුවන්ගේ සහෝදරත්වය (BRAC)  යි. සමිති ප්‍රධානීන්, වැඩ වර්ජන කඩ කිරීමේ නීති සම්මත කිරීමට ආන්ඩුව මැදිහත් වීම ගැන කිසිදු ප්‍රශ්නයක් මතු කර ගත්තේ නැත. “නීති සම්පාදනයේ වටිනා විසඳුමක් තිබේ නම්, ඒවා ආපසු ලබා ගැනීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවේ” යැයි වෘත්තීය සමිති කේවල් කිරීමේ කමිටුවේ සභාපති රිචඩ් ස්මිත් පැවසීය.

වැඩවර්ජනයේ දින නවයකට පසුව, සැප්තැම්බර් 1දා පාර්ලිමේන්තුව වර්ජන කඩකිරීමේ නීතිය සම්මත කලේ, සමාගමේ මූලික දීමනාවට වඩා පැයකට යන්තම් ශත 4ක වැටුප් වැඩිවීමක් ලබා දෙමිනි. වෘත්තීය සමිති නායකයෝ වර්ජන කඩ කිරීමේ නීතියට කිසිදු ප්‍රතිරෝධයක් නොදැක්වූ අතර කම්කරුවන්ට නැවත රැකියාවට යාමට නියෝග කළහ.

වසර 75කට පෙර: ඊශ්‍රායල හමුදාව “ඩ්‍රාෆ්ට් ඩෝජර්ස්” මර්දනය දියත් කරයි

1948 අගෝස්තු 22 දින, ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් පලස්තීන ජනතාව සහ අරාබි රාජ්‍යයන්ගේ සභාගයක් මගින් යුද්ධයට අභ්‍යන්තරව දැක් වූ විරුද්ධත්වයට එරෙහිව කුරිරු මර්දනයක් දියත් කළහ. ඊශ්‍රායලයේ දෙවන වැඩිම ජනගහණයෙන් යුත් නගරය වූ ටෙල් අවිව්  තත්‍ය යුද නීතිය යටතේ සහ ඇඳිරි නීතිය යටතේ තබා තිබූ අතර, සන්නද්ධ මුර සංචාර  හරහා යුද්ධයට සහභාගී නොවූ අය සොයමින් ගමන් කරන ලදී. මෙහෙයුම “බෙට්සර්” හෝ “ශක්තිය” ලෙස නම් කර තිබුණි.

එතරම් ප්‍රසිද්ධ නොවූ මෙම ප්‍රහාරය ඊශ්‍රායල්  රාජ්‍යයේ කුරිරු පදනම් අවධාරනය කරයි. බ්‍රිතාන්‍ය පලස්තීනයෙන් ඉවත් වීම සහ මැදපෙරදිග මෙහෙයුම් සඳහා වෙරළ තීරයක් පිහිටුවීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස, ඒ වන විට , මාස හයකටත් අඩු කාලයකට පෙර, එනම් මැයි මාසයේදී, ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවන ලදී.

පලස්තීන අරාබිවරුන් ජනගහනයෙන් බහුතරයක් වුවද , නව ඊශ්‍රායල රජය තුල ආධිපත්‍යය දැරු , සියොන්වාදී බලවේග විසින් යුදෙව් ආධිපත්‍ය සහිත රාජ්‍යයකට සහාය දෙන ලෙස බ්‍රිතාන්‍යයට බලපෑම් කිරීමේ අරමුණින් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දියත් කරන ලදී . සියොන්වාදී නායකයින් යුදෙව් රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ වාර්ගික-ආගමික ස්වභාවයට අනුකූලව, හැකිතාක් අරාබිවරුන් පලවා හැරීම සඳහා වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපාරයක නිරත විය.  ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවීම ප්‍රකාශය කිරීමත් සමඟම අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ක්ෂනික යුද ප්‍රකාශයක් කිරීම මගින් , සියොන්වාදී නායකයින් සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් විසින් අපේක්ෂා කළ දේ ඉටු වී තිබුණි.

ඊශ්‍රායලය විධිමත් ලෙස පිහිටුවීමට පෙර, සියොන්වාදී නායකත්වය විසින් 1947 අග භාගයේදී අර්ධ අනිවාර්ය හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබුණි. හමුදාවට බැදීමට සුදුසු වයසේ සිටින  පිරිමින් සන්නද්ධ මිලීෂියාවන්ට බැඳීමටත් , ඔවුන් , සියොන්වාදී නායකත්වයේ අණ පිළිපැදීමත් බලාපොරොත්තු විය. නිදහස පිළිබඳ මැයි ප්‍රකාශයෙන් පසුව, මෙම ක්‍රමය විධිමත් කරන ලදී.

අගෝස්තු මාසයේදී, ඊශ්‍රායල රජය, අභ්‍යන්තර මර්දනය දියත් කිරීම සඳහා අරාබි රාජ්‍යයන් සමඟ සටන්  සන්සුන් වීමේ අවස්ථාව ලබා ගත්තේය. පෙනී සිටීමට අපොහොසත් වුවහොත්  අත්අඩංගුවට ගැනීමේ තර්ජනය යටතේ , වයස අවුරුදු 17-50 අතර සියලුම පිරිමින්ට සහ 18-35 සියලුම කාන්තාවන්ට ටෙල් අවිව්හි බඳවා ගැනීමේ මධ්‍යස්ථාන 20කට යන ලෙස උපදෙස් දෙන ලදී, 

israel
1948 මැදිහත් වීමකට පෙර ඊශ්‍රායල සොල්දාදුවන් දැනුවත් කිරීම

දින පහක් පුරා නගරයේ ඇඳිරි නීතිය පනවා තිබුණි. එහිදී ,ඊශ්‍රායල අගමැති ඩේවිඩ් බෙන්-ගුරියන් විසින් ආරම්භ කරන ලද හගානාා හි කිරියාති බළකාය විසින් මෙහෙයවන ලද සොල්දාදුවන්  මුර සංචාරයේ යොදවා තිබුණි .

හමුදාව ගෙයින් ගෙට ගියේය . අධිකරණ වරෙන්තුවක් නොමැතිව ඕනෑම නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අයිතිය ඔවුන්ට ලබා දී තිබුණි. අසල්වැසියන්ට එකිනෙකාට දැනුම් දීමට දිරිගන්වන ලදී. අරාබි යුද ප්‍රයත්නයට ආධාර කරන “ඩ්‍රාෆ්-ඩෝජර්” ද්‍රෝහීන් ලෙස ලේබල් කරන ප්‍රකාශයන් සමඟින්, දක්ෂිණාංශික හිස්ටීරියාවේ ප්‍රවාහයක් මධ්‍යයේ මෙහෙයුම සිදු කරන ලදී.

පිරිමින් 1,044 ක් සහ කාන්තාවන් 1,720 ක් ඇතුළු පුද්ගලයන් 2,764 ක්,  අත්අඩංගුවට ගෙන තිබුණි. මුළු සංඛ්‍යාවෙන් 1,000 කට පමණ වහාම සන්නද්ධ සේවාවන්ට ඇතුළත් වන ලෙස නියෝග කරන ලදී.නමුත්, කල් දැමූ කෙටුම්පතක් යටතේ, තවත් 1,500 දෙනෙකුට බඳවා ගැනීමට උපදෙස් දී තිබුණි . 200 කට වැඩි පිරිසක් පලා ගිය අය ලෙස සිර කරන ලදී. 

වසර 100 කට පෙර: ඉතාලිය ග්‍රීසියට තර්ජනය කිරීම සඳහා “කෝර්ෆු සිද්ධිය” යොදා ගනී

1923 අගෝස්තු 27 වන දින ඉතාලි හමුදාවේ ජෙනරාල්වරයෙකු වූ එන්රිකෝ ටෙලිනි ඇල්බේනියානු දේශසීමාව අසල ග්‍රීක නගරයක් වන අයෝනිනා නගරයෙන් පිටතදී ඝාතනය කරන ලදී. ඒ සමගම, ඔහුගේ සගයන් 4 දෙනෙකු ද මරා දමා තිබුණි. ග්‍රීසිය සහ ඇල්බේනියාව අතර ඇති වූ මායිම් ආරවුලක් හේතුවෙන් ටෙලිනි එම ප්‍රදේශය පරීක්ෂා කරන ජාතීන්ගේ සංගමයේ නියෝජිත කණ්ඩායමකට අයත් විය. ඇල්බේනියානු රජය ග්‍රීකයන්ට ද ග්‍රීකයන් ඇල්බේනියානු කොල්ලකරුවන්ට ද දොස් පැවරූහ. මෙහි අපරාධකරුවන් කිසි විටෙක හඳුනා ගත්තේ නැත. 

Telini
එන්රිකෝ ටෙලිනි

මෙම සැඟව පහරදීම , එනම් “කෝර්ෆු සිද්ධිය” ලෙස ප්‍රසිද්ධියට පත් වූ මෙය, ඉතාලි අධිරාජ්‍යවාදී ආක්‍රමණකාරීත්වයේ ප්‍රේරක සිදුවීම බවට පත් විය. ටෙලිනිගේ මරණයෙන් දින කිහිපයකට පසු, ඉතාලියේ ෆැසිස්ට් ආන්ඩුව ග්‍රීක ආන්ඩුවට අවසාන නිවේදනයක් යවමින් නිල සමාව ඉල්ලා, වන්දි වශයෙන් ලීර් මිලියන 50 ක් සහ මිනීමරුවන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය. ඉතාලිය තවදුරටත් ඉල්ලා සිටියේ ටෙලිනි සහ ඔහුගේ සගයන්ගේ අවමංගල්‍යය මුළු ග්‍රීක රජයේ සහභාගීත්වය ඉදිරියේ සිදු කරන ලෙසත්, ග්‍රීක වරායක් වන පරේයස් (Piraeus) වෙත යවනු ලබන ඉතාලි නැව්වලට , ග්‍රීක නාවික හමුදාව විසින් ආචාර කල යුතු බවත්ය. 

ග්‍රීක රජය මෙම ඉල්ලීම් බොහොමයක් ප්‍රතික්ෂේප කළේය. ඉතාලි ආන්ඩුව විසින් ඉතාලිය තුළ  ග්‍රීක විරෝධී මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කරන ලද අතර අගෝස්තු 31 දින, ඉතාලියේ ෆැසිස්ට් නායක බෙනිටෝ මුසෝලිනි, ඉතාලි නාවික හමුදාවේ භට පිරිසක් ඇඩ්‍රියාටික් මුහුදේ පිහිටි ග්‍රීක දූපතක් වන කෝර්ෆු වෙත යවා, මිලිටරිමය නොවන ඉලක්කයන්  මාලාවකට බෝම්බ හෙලීය. තුර්කියේ සිට පැමිණි , ජනවාර්ගික ග්‍රීකයින් සඳහා සරණාගත මධ්‍යස්ථාන ඇතුළු   සිවිල් වැසියන් දුසිම් ගනනක් ඉන් මරා දැමුණි.

රෝමය හමුදාව දහස් ගණනක් දිවයිනට ගොඩ බැස්ස අතර ග්‍රීක නැව් ගමනාගමනය සඳහා වූ මධ්‍යධරණී ජල මාර්ග වසා දැමීය. මුසෝලිනි, දේශනයකදී කියා සිටියේ , කෝර්ෆු දිවයින , වසර සිය ගණනක් තිස්සේ ඉතාලියේ වැනීස් ජනරජයට අයත් තිබූ බවයි. කෝර්ෆු ආක්‍රමණය, ඇත්ත වශයෙන්ම, අවම වශයෙන් ජූලි මාසයේ සිට මුසෝලිනි විසින් සැලසුම් කර තිබුණි.

ජාතීන්ගේ සංගමය මෙම ක්‍රියාව හෙළා දුටු අතර, ග්‍රීසිය දිගු කලක් සේවාදායක රාජ්‍යයක් ලෙස සැලකූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ඉතාලියට විශේෂයෙන්ම විරුද්ධ විය. සැප්තැම්බර් අග වන විට ඉතාලියානුවන් කෝර්ෆු දිවයිනෙන්  ඉවත් කරනු ලැබුවේ ග්‍රීසිය නින්දිත කොන්දේසි මාලාවකට එකඟ වීමෙන් පසුවය.

මෙම ක්‍රියාව ෆැසිස්ට්වාදය යටතේ ඉතාලි අධිරාජ්‍යවාදයේ ව්‍යාප්තියේ කොටසක් වූ අතර, 1923 ට පෙර , ආරම්භ වූ යුද්ධයකදී ලිබියානු ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා ඝාතනය කිරීම සහ පසුකාලීනව 1935 දී ඉතියෝපියාව, 1939 දී ඇල්බේනියාව සහ 1940 දී ග්‍රීසිය ආක්‍රමන කිරීම සිදු විය . දෙවන ලෝක යුද්ධයේදී අක්ෂ බලවතුන්ගේ කොටසක් ලෙස ඉතාලි හමුදා හිට්ලර්ගේ ජර්මානු නාසි ආන්ඩුව සමග එක්ව සටන් කළහ.

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 21-27 Read More »

Yettsin

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 14-20

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 14 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: August 14-20 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: මූල්‍ය අර්බුදය තුල  රුසියාව රුබලය අවප්‍රමාන කරයි

1998 අගෝස්තු 17 වන දින රුසියානු රජය රූබල් අගය අවප්‍රමානය කර කෙටි කාලීන භාන්ඩාගාර බිල්පත් (GKO) වෙලඳපොලේ වෙලඳාම අත්හිටුවා ජාත්‍යන්තර නය ආපසු ගෙවීම සඳහා දින 90 ක අත්හිටුවීමක් පැනවීය. 1987 ඔක්තෝම්බර් මාසයෙන් පසු ලන්ඩන් කොටස් වෙලඳපොලේ විශාලතම එක්දින කඩාවැටීමක්, ලතින් ඇමරිකාව පුරා කොටස් මිල කඩාවැටීමක්, වෝල් වීදියේ දැඩි පහත වැටීමක් සහ ෆෙඩරල් සංචිතය විසින් නියම කරන ලද සියයට 5.5 අනුපාතයට වඩා අඩුවෙන්, ලාභ (ඵලදා) අනුපාතය යන්තම් 5.43 දක්වා අඩු කරමින් එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙත දඩිබිඩියේ දිව යෑමක්,  සමඟ දවසේ වෙලඳපොල අවසන් විය.

ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රුසියාවට ඩොලර් බිලියන 22.6 ක පැකේජයක් ලබා දුන් අතර එය කියා සිටියේ “රූබලය පිලිබඳ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සහ වත්මන් අර්බුදය විසඳීම සඳහා බොහෝ දුර ගොස් ඇති” බවයි.

Yettsin
රුසියානු සමූහාන්ඩුවේ සභාපති බොරිස් යෙල්ට්සින්, හතරවැනි (දකුනේ ) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ මිචෙල් කැම්ඩෙසස්, (වමේ) ක්‍රෙම්ලිනයේදී

“මහ බැංකුවට ලැබිය හැකි අතිරේක සම්පත් සමඟ රූබල් මත තිබූ පීඩනය ඉවත්ව ඇති අතර දේශීය නය තත්ත්වය දැන් කලමනාකරනය කර ගැනීමට හැකි තත්ත්වයක තිබේ.  ආසියාවෙන් වසංගත  තත්වය පැතිර ඒමකට රුසියාව ගොදුරු විය හැකි වුවද, අවප්‍රමානය කිරීම, නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන පාලනය පිලිබඳ සමපේක්ෂනය දැන් විසිරී ගොස්  ඇති අතර එමඟින් රටේ අවදානම පිලිබඳ ආයෝජකයින්ගේ නොසන්සුන්තාවය සැලකිය යුතු ලෙස අඩු කරයි.”

කෙසේ වෙතත් යන්තම් සති පහකට පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම බිඳ වැටුනු අතර එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ආන්ඩුව බලයෙන් පහ කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම මුල සිටම බිඳවැටීමට  පටන් ගත්තේය. මහ බැංකු අධිපති සර්ජී ඩුබ්‍යුනන් (Sergei Dubunin) හෙලිදරව් කලේ රුසියාවට ලබා දුන් පලමු IMF වාරිකයේ ඩොලර් බිලියන 4.8 න් ඩොලර් බිලියන 3.8 ක් පමන වියදම් කර ඇත්තේ රූබලයේ නිරර්ථක ආරක්ෂාවක් සඳහා වන අතර ඉතිරිය කෙටි කාලීන රජයේ නය පියවීම සඳහා භාවිතා කර ඇති බවයි.

අඛන්ඩ මූල්‍ය ගලායාමකට මුහුන දුන් රුසියානු බලධාරීන් තව දුර සහාය සඳහා IMF සහ G-7 රටවල් වෙත යොමු වූ නමුත් එය ප්‍රතික්ෂේප විය. සතියකට ඩොලර් බිලියන 1 බැගින් වූ නිල සංචිත පහත වැටීමත් සමඟ, ඔවුන්ට මුදල් අවප්‍රමානය කිරීම සහ නය ආපසු ගෙවීම කැටි කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුනේ නැත.

එම සති අන්තයේම ජනාධිපති යෙල්ට්සින් විසින් අගමැති සර්ජි කිරියෙන්කෝගේ මාස පහක පැරනි ආන්ඩුව නෙරපා හරින ලද බව සහ   පෙර අගමැති වික්ටර් චර්නොමිර්ඩින් නැවත බලයට කැදවූ කරන ලද නිවේදනය  සමඟ ඒකාබද්ධව, රුසියානු පාලනයේ අර්බුදය සහ මූල්‍ය වෙලඳපොලේ අවුල් ජාලය, ජාත්‍යන්තර ප්‍රවනතාවයක තියුනුම ප්‍රකාශනය වූවා පමනි: ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය හමුවේ මූල්‍ය අධිපතීන්ගේ සාමාන්‍ය ව්‍යාකූලත්වය සහ සිදුවීම් වල ගමන් මග  පාලනය කිරීම කෙසේ වෙතත් අනාවැකි කීමට පවා ඔවුන්ට ඇති නොහැකියාව.

වසර 50කට පෙර: ඩෙට්‍රොයිට් ක්‍රයිස්ලර් කම්හලේ  ස්වයං සිද්ධ (වෘත්තීය සමිති විසින් නොකැදවූ /අනුමැතිය නොදුන් ) වාඩි ලා ගැනීමේ වර්ජනයට පොලිසිය පහර දෙයි

1973 අගෝස්තු 15 දින, පැය 30කට වැඩි කාලයක් වාඩිලා ගනිමින්  වැඩ වර්ජනයක් ගෙන ගිය කම්කරුවන් 50කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට ඩෙට්‍රොයිට් පොලිසිය ක්‍රයිස්ලර් මැක් ස්ටැම්පින් කම්හලට කඩා වැදුනි. මෙම වාඩිලෑම කම්හලේ සියලුම නිෂ්පාදන නතර කල අතර අගුලු දැමීම නිසා කම්හලෙන් පිටත සිටි තවත් සිය ගනනක් කම්කරුවන් විසින් සහාය දක්වන ලදී.

සමාගම් ආරක්ෂකයින් දෙදෙනෙකු සේවකයෙකුට පහර දීමත් සමඟ සටන්කාමී වාඩිලෑම ඇවිල ගියේය.  බිලී ගිල්බ්‍රෙත් නම් කම්කරුවා සතියකට පෙර සේවයෙන් පහ කිරීමට  ඉලක්ක කර තිබුනේ ඔහු තම වැඩ බිමේ අනාරක්ෂිත වාතාශ්‍රය පිලිබදව විරෝධය පල කිරීම සඳහා වැඩ නැවැත්වීමට නායකත්වය දුන් බැවිනි. විරෝධතාවයට සම්බන්ධ තවත් කම්කරුවන් හතර දෙනෙකු ද සේවයෙන් පහ කර තිබුනි.

Mack workers
මැක් කම්රුවන් මෙම ස්වයං සිද්ධ වර්ජනය අතරතුර 

ගිල්බ්‍රත් නැවත කම්හලට පැමින තිබුනේ ඔහු සේවයෙන් පහකිරීම ස්ථිරද සහ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට හැකිදැයි සොයා බැලීමටය. සමාගම් ආරක්ෂකයින් ඔහුට පහර දෙනු ලැබුනේ එවිටය. 

ගිල්බ්‍රත් වෙත ආරක්ෂකයින් පැමිනි විට, අනෙකුත් කම්කරුවන් ඔහුව ආරක්ෂා කිරීමට මැදිහත් වූ අතර කම්කරුවන් සහ ආරක්ෂකයින් අතර සටන් ආරම්භ විය. ක්‍රයිස්ලර් කලමනාකාරීත්වය ඊට  ප්‍රතිචාර දැක්වූයේ, කම්හලේ පූර්න පරිමානයේ වාඩිලාගැනීමක් නැවැත්වීමට උත්සාහ කරමින්, කම්හල අගුලු දමා,  උදෑසන වැඩ මුරය සඳහා පැමිනීමට නියමිත කම්කරුවන් 2,050 දෙනාගේ පැමිනීම වැලැක්වීමයි. 

ඒ වන විටත් ඇතුලේ සිටි කම්කරුවන් වාඩි ලා ගැනීම  ආරම්භ කලහ.සියලුම කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන තුරු නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට ඔවුන් ඉඩ නොදෙන බවත් , සම්පූර්න සමාව සහ ආපසු වැටුප් ලබා දීමත් , සහ වාඩි ලා ගෙන සිටි කම්කරුවන්ට එරෙහිව පසුව පලිගැනීම් සිදු නොවිය යුතු බවත් ඔවුහු ප්‍රකාශ කලහ.

මෙම වාඩි ලා ගැනීම,සති දෙකකට අඩු කාලයකදී ක්‍රයිස්ලර් හි පැවති තුන්වන ස්වයං සිද්ධ වැඩ වර්ජනයයි. කම්කරුවන්ගේ වැටුප් කා දමමින් තිබූ ඉහල උද්ධමනය මධ්‍යයේ, විශේෂයෙන්ම වත්මන් එක්සත් මෝටර් රථ කම්කරුවන් (යූඒඩබ්ලිව්) කොන්ත්‍රාත් ගිවිසුම 1973 සැප්තැම්බර් 14 දිනෙන් කල් ඉකුත් වීමට නියමිතව තිබූ හෙයින්, මෝටර් රථ කර්මාන්තය පුරා සටන්කාමී මනෝභාවයක් පැතිර ගොස් තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ , එක්සත් ජනපද පූර්වගාමියා වන බුලටින වාර්තාකරුවන්ට කතා කල එක් සේවකයෙක්  ක්‍රයිස්ලර් මැක් කම්හලේ තත්වය විස්තර කලේ, “එම ස්ථානය රස්නෙයි, අපිරිසිදු හා අනතුරු සහිතයි නමුත්  සමිතිය ඒ ගැන කිසිවක් කරන්නේ නැත .” ලෙසය. තවත් සේවකයෙක් පැවසුවේ, “මේ  දැන් බොහෝ කම්හලේ වෘත්තීය සමිති නියෝජිතයින් තැනින් තැන සිටිමින් ආරක්ෂකයින් සහ කලමනාකාරිත්වය සමඟ කතා බහ  කරමින් සිටිති.” ලෙසය.

වාඩි ලා සිටි වර්ජකයින් පොලිසිය විසින් කම්හලෙන් ඉවත් කිරීමෙන් පසුව පවා, මෙම ස්වයං සිද්ධ අරගලය දිගටම කෙරී ගෙන ගියේ , සියලුම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන තුරු සිය ගනනක් කම්කරුවන් වැඩවර්ජනයේ රැඳී සිටිමින් ය. යූඒඩබ්ලිව් නිලධරය ඉන් පසුව මැදිහත් වූයේ වැඩවර්ජන බිඳීමේ මැර සංදර්ශනයක් ලෙස පමනක් විස්තර කල හැකි ආකාරයටය.

මෙම ස්වයං සිද්ධ වර්ජනය දෙවන දිනටත් දිගටම සිදු වෙද්දී , යූඒඩබ්ලිව් ව  මුලු මිචිගන් ප්‍රාන්තය පුරා  කාර්ය මන්ඩල, ප්‍රාදේශීය කමිටු නිලධාරීන් සහ කමිටු සාමාජිකයන් 1,000ක් බලමුලු ගැන් වූයේ පොලු සහ බේස්බෝල් පිතිවලින් සන්නද්ධව මැක් කම්හල වෙත පැමින පිකට් වැට බිඳ දමා කම්කරුවන් නැවත කම්හලේ එකලස් කිරීමේ පේලියට යැවීමට කටයුතු කිරීමටය.

මැරයෝ ගිල්බ්‍රත් සොයා ගොස් ඔහුට අනෙකුත් කම්කරුවන් ඉදිරියේ විවෘතව පොලු මුගුරුවලින් පහර දුන්හ. උප සභාපති ඩග් ෆ්‍රේසර්ගේ නායකත්වයෙන් යුත් යූඒඩබ්ලිව් නිලධාරීන් පැවසුවේ තමන් පැමිනියේ “ක්‍රමවත් ලෙස රැකියාවට නැවත පැමිනීම” සහතික කිරීමට සහ “කොන්ත්‍රාත්තුව බලාත්මක කිරීමට” බවයි.

වසර 75 කට පෙර: දක්ෂිනාංශික දකුනු කොරියානු රාජ්‍යය එක්සත් ජනපද පිටුබලය ඇතිව ප්‍රකාශයට පත්   කෙරේ.

1948 අගෝස්තු 15 වන දින, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානගතවූ අන්ත දක්ෂිනාංශික බලවේග විසින් දකුනු කොරියාවේ ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. කොරියාවේ උතුරු ප්‍රදේශය, ජපන් ආක්‍රමනය පලවා හරින ලද නිදහස් සටන්කාමීන් විසින් ආධිපත්‍යය දැරූ සහ සෝවියට් සංගමයට බැඳී සිටි තත්වයන් යටතේ, මෙම ප්‍රකාශය කොරියාවේ බෙදීමකට සමාන වූ අතර එය අද දක්වාමත් නොකඩවා පවතී.

කොරියාව 1910 සිට 1945 දක්වා අධිරාජ්‍ය ජපානයේ ආරක්‍ෂක රාජ්‍යයක් ලෙස ම්ලේච්ඡ ලෙස පාලනය කර තිබුනි. එම කාලය තුල නිදහස් ව්‍යාපාර නැවත නැවතත් මතු විය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන අදියරේදී, ග්‍රාමීය ගොවි ජනතාවගේ පුලුල් ස්ථර මෙන්ම ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල කම්කරු පන්තිය ද සම්බන්ධ කරගනිමින් බලගතු නිදහස් ව්‍යාපාරයක් වර්ධනය විය.

යුද්ධය අවසානයේ ජපානය පරාජය කිරීමත් සමඟ කොරියාව සදහා පොරබැදීමක් ඇති විය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය යුද්ධයේදී නාමික සහචරයින් ලෙස කටයුතු කර තිබුනි. අධිරාජ්‍යවාදය සමග එහි ප්‍රති-විප්ලවවාදී සහයෝගීතාවය මත පදනම්ව, ස්ටැලින්වාදී නිලධරය , කොරියාවේ සමාජවාදී විප්ලවය සදහා වූ කිසිදු ආකාරයක ඉදිරිදර්ශනයක් ප්‍රතික්ෂේප කර තිබුනි.

ඒ වෙනුවට, එය ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග වෙනත් ගනුදෙනුවක් ඇතිකරගෙන තිබුනි. ඒ යටතේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය වලක්වා ලූ අතර, ඒ වෙනුවට අධිරාජ්‍යවාදය විසින් සෝවියට් සංගමයට නැගෙනහිර යුරෝපයේ ස්වාරක්ෂක (බෆර්) කලාපයක් ලබා දී තිබුනි. මෙම වැඩපිලිවෙලට අනුකූලව, සෝවියට් නිලධරය කොරියාව තුල ධනවාදය සමග කිසිදු ආකාරයක බේරුම් කර ගැනීමක්  ප්‍රතික්ෂේප කල අතර, දකුනේ එක්සත් ජනපද මිත්‍ර බලයකට වඩ වඩාත් හරි හරියට සිටින පරිදි උතුරේ ජාතිකවාදී පාලනයක් පිහිටුවීමට උදව් කලේය.

නව දකුනු කොරියාවේ එක්සත් ජනපද පාලකයා තෝරා ගැනීම, 1948 වන විට සෝවියට් සංගමයට එරෙහිව තීව්‍ර වන සීතල යුද්ධය වඩ වඩාත් යුක්ති සහගත කිරීමට භාවිතා කරන  ලද ප්‍රජාතන්ත්‍රවාදී වාචාලකමේ ව්‍යාජ ස්වභාවය අවධාරනය කලේ ය.

Syngman Rhee
සිංමන් රී

නව ජනාධිපති සිංමන් රී, දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩ යෙකු විය. ඔහු ප්‍රථමයෙන් එක්සත් ජනපදයේ කාලය ගත කර ඇති අතර, 1904 තරම් මුල් භාගයේදී එවකට ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් සමඟ වූ මුනගැසීම් ඇතුලු දේ හරහා  එහි දේශපාලන සංස්ථාපිතය විසින් ඔහුව ලංකරගෙන   තිබුනි. ඇමරිකාව විසින් 1945 දී නැවත ඔහු කොරියාවට බැස්ස වීමට පෙර වසර ගනනාවක්, රී වොෂින්ටනයේ ඇමරිකානු මිලිටරි සහ බුද්ධි ඒජන්සිවල ආගන්තුක නිවැසියෙක්  ලෙස ජීවත් විය. ජපන් අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් අරගලයේ දී ඔහු කිසිදු භූමිකාවක් ඉටු කර නොතිබුනි.

රීගේ දකුනු කොරියානු ජනාධිපති ධුරයට පත්වීම, ඉතා සීමිත මැතිවරන මත පදනම් වූ අතර , තථ්‍ය මිලිටරි පාලනයක් ස්ථාපිත කිරීම කරා වේගයෙන් ඉදිරියට ගියේය. සියලු සමාජ සහ දේශපාලන විරුද්ධත්වයන් ඉලක්ක කර  ප්‍රචන්ඩ මර්දනයක් දියත් කර ගනිමින්, සන්නද්ධ හමුදා නව දකුනු කොරියානු රාජ්‍යයේ ආධිපත්‍යය දැරීමට පැමිනීමට නියමිත විය. මෙම ආන්ඩුව පදනම් වූයේ එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද මූලධර්මවාදී ක්‍රිස්තියානි ධර්මය, උමතු කොමියුනිස්ට් විරෝධී සහ ආඥාදායක වැඩපිලිවෙලක් මත ය.

වසර 100කට පෙර: කොමියුනිස්ට් ජාත්‍යන්තරය ජර්මනියේ විප්ලවය සඳහා සූදානම් වීම ගැන විවාද කරයි

1923 අගෝස්තු 15 වන දින, කොකේසස්හි නිවාඩුවක් ගත කරමින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සභාපති ග්‍රිගරි සිනොවියෙව්, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) බලය අල්ලා ගැනීම සඳහා මහජනතාවට නායකත්වය දීමේ අවශ්‍යතාවය පිලිබඳ නිබන්ධන කෙටුම්පත් කිරීමට පටන් ගත්තේය. “අර්බුදය පරිනත වෙමින් පවතී,” ඔහු ලිවීය. “තීරනාත්මක සිදුවීම් අන්තරස්ථව (අන්තර්ගතව) පවතී. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ඉක්මනින් හා අධිෂ්ඨානශීලීව එලඹෙන අර්බුදය දෙසට යොමු විය යුතුය. … පරදුවට තැබී ඇති දෑ අති විශාල ය.”

දින කිහිපයකට පෙර, වැඩ වර්ජන මාලාවක් මගින් ජර්මානු කූනෝ ආන්ඩුව  ඇද වැටුනු අතර කොමියුනිස්ට්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා පක්ෂ වලට අයත් නොවන කම්කරුවන්ගෙන් සැදුම්ලත් කර්මාන්තශාලා කමිටු කම්කරු පන්තිය තුල දැවැන්ත බලපෑමක් අත්පත් කරගෙන තිබුනි. කාර්මික රූර් නිම්නයේ ප්‍රංශ වාඩි ලා ගැන්ම දරාගත නොහැකි තත්වයක් නිර්මානය කර තිබූ අතර ජාතික සහ ප්‍රාන්ත ආන්ඩු , කොමියුනිස්ට්වාදී ප්‍රකාශන පලකල කාර්යාල වටලා කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පටන් ගෙන තිබුනි.

එසේ වුව ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පක්ෂය වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (ආර්සීපී) නායකත්වයේ ගැටුම් උග්‍ර ස්වභාවයක් ගෙන තිබුනි. ලෙනින් රෝගාතුරව වැඩ කිරීමට නොහැකිව සිටි අතර ට්‍රොට්ස්කි විසින් රුසියානු පක්ෂය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය මත ගතානුගතික රාජ්‍ය සහ පක්ෂ නිලධරයේ අවශ්‍යතා වඩ වඩාත් ප්‍රකාශ කරමින් එහි සිටි “ත්‍රිත්වීන්” වන ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව්ට එරෙහිව සිය සටන ආරම්භ කර තිබුනි.

Trotsky
ට්‍රොට්ස්කි රතු හමුදා සොල්දාදුවන් සමඟ මොස්කව්හිදී, 1922

ස්ටැලින්, ජර්මනියේ තත්වය ඉතාම නිවට ලෙස තක්සේරු කරමින් සහ ජර්මානු පාලක පන්තියේ ශක්තිය අතිශයෝක්තියට නංවමින්, සිනොවියෙව්ට මෙසේ ලිවීය: “මගේ මතය අනුව, ජර්මානුවන් [එනම්, කේපීඩී] මැඩපැවැත්විය යුතු අතර එය උත්තේජනය නොකල යුතුය.” 1917 සැප්තැම්බරයේ දී , රුසියාවේ බලය අල්ලා ගැනීමේ සූදානමට ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව් සියල්ලන්ම විරුද්ධව සිටියහ.

එම ගිම්හානයේ පසුව, ආර්සීපීයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමකදී, බලය අල්ලා ගැනීමේ සූදානම සඳහා කේපීඩීයට සහාය වීමට  “විප්ලවයේ සොල්දාදුවෙකු ලෙස” තමන් ජර්මනියට යවන ලෙස ට්‍රොට්ස්කි ඉල්ලා සිටියේය. මෙම ත්‍රිත්වයේ බලපෑම මත ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

එම ගිම්හානයේ සෝවියට් නායකත්වයේ සාකච්ඡාවල දී ඔහුගේ භූමිකාව ගැන වසර හයකට පසු ට්‍රොට්ස්කි පැවසූ පරිදි, ඔහු යෝජනා කලේ “ සන්නද්ධ කැරැල්ල සූදානම් කිරීම සහ ජර්මානු මධ්‍යම කමිටුවේ සහාය සඳහා අවශ්‍ය බලවේග බලමුලු ගැන්වීම පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් කාලෝචිත සහ අධිෂ්ඨානශීලී ආස්ථානයක් ගත යුතු” බවයි.

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 14-20 Read More »

Scroll to Top