ජපාන අගමැති රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් අප්‍රිකාවේ සංචාරය කරයි

බෙන් මැක්ග්‍රාත් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 03 දින Japanese prime minister visits Africa, targeting Russia and China යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අද අප්‍රිකාවේ සංචාරයක් අවසන් කරන අතර එයට ඊජිප්තුව, ඝානාව, කෙන්යාව සහ මොසැම්බික් යන රටවල නැවතුම් ඇතුළත් විය.  ඔහුගේ සංචාරය ජපානයේ පැවැත්ම පුළුල් කරන අතර, කලාපය තුල චීන සහ රුසියානු බලපෑම යටපත් කිරීම මෙන් ම රුසියාවට එරෙහිව නේටෝව විසින් මෙහෙයවන ලද යුක්රේනය තුල එක්සත් ජනපද යුද්ධයට සහයෝගය ලබා ගැනීම අරමුණු කර ගෙන තිබිනි.

Image

සෙනසුරාදා තම සංචාරයේ පලමු අදියර සඳහා ඊජිප්තුවට පැමිණීමට පෙර, කිෂිඩා සංචාරය සඳහා වූ තම එල්ලය පැහැදිලි කලේ ය, “මම යුක්රේන තත්ත්වය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සහ [කලාපයේ රටවල් සමඟ] අපගේ සහයෝගීතාව තහවුරු කිරීමට කැමත්තෙමි.” එය වසර හතකට පසු ජපාන අගමැතිවරයකු අප්‍රිකාවේ ඕනෑම රටකට ගිය පළමු අවස්ථාව වන අතර වසර නවයකට පසු මහාද්වීපය තුල පළමු බහු ජාතික සංචාරය විය.

ඉරිදා, කිෂිඩා ඊජිප්තු ආඥාදායක ආඤාදායක අබ්දෙල් ෆටා එල්-සිසි හමුවූ අතර, “ජපානය සහ ඊජිප්තුව කලාපය තුළ සහ ජාත්‍යන්තර සමාජය තුළ සහයෝගයෙන් කටයුතු කරන ඉතා වැදගත් හවුල්කරුවන් ය. මෙම තත්වයන් මත පදනම්ව, ද්විපාර්ශ්වික සබඳතාව උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වැඩිදියුණු කිරීමට අපි එකඟ වීමු”.යි පසුව ප්‍රකාශ කලේ ය. නායකයන් දෙදෙන ඊනියා “නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ජාත්‍යන්තර පර්යාය” සඳහා තමන්ගේ කැපවීම ද තහවුරු කළහ.

කිෂිඩා එක්සත් ජනපද-නේටෝ යුද ප්‍රයත්නයට සහය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රහාරක සුනඛ භූමිකාව රඟ දක්වමින් අනෙකුත් නායකයින් හා නිලධාරීන් හමුවේ මෙම ප්‍රකාශයන් පුනරුච්චාරනය කලේ ය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමනය කිරීම හෙලා දැකීමෙන් අප්‍රිකාවේ රටවල් කිහිපයක් වැලකී සිටීම නිසා රුසියාව හුදකලා කිරීමට ටෝකියෝව උත්සාහ කරයි. තෙල්, ධාන්‍ය සහ වෙනත් වෙලඳාම සඳහා මෙම රටවල් මොස්කව් මත රඳා පවතී. කලාපයේ කිෂිඩාගේ සංචාරයේ අවසාන අදියර වන මොසැම්බික් ද මෙයට ඇතුළත් විය.

ජපානය, එක්සත් ජනපදය සහ ඔවුන්ගේ සහචරයෝ, පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ වොෂින්ටනය විසින් පිහිටුවන ලද නියෝගයට එකඟ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය හෙලා දැකීමට “නීතියේ ආධිපත්‍යය” වැනි වාක්‍ය ඛණ්ඩ නරුම ලෙස භාවිතා කරති.  විශේෂයෙන් ම ඊජිප්තුව වැනි රටවල “නීතියේ ආධිපත්‍යය” පිලිබඳ ටෝකියෝවේ අවධාරනය මුලුමනින්ම කුහක ය.  එල්-සිසි 2013 දී බලයට පත් වූයේ ලේ වැකි හමුදා කුමන්ත්‍රනයකින් වන අතර පාලනය ගෙන යන්නේ දේශපාලන මර්දනය හරහා ය.

තව ද, යුක්රේනයේ යුද්ධය පිලිබඳ එක්සත් ජනපද බොරු හෙලිදරව් කරමින්, අප්‍රේල් මස මුලදී කාන්දු වූ එක්සත් ජනපද මිලිටරි ලේඛන, කයිරෝව විසින් මෙය ප්‍රතික්ෂේප කල ද, පෙබරවාරියේ දී ඊජිප්තුව රුසියාවට රහසිගතව රොකට් 40,000ක් සැපයීමට සැලසුම් කරමින් සිටි බව පෙන්වීමට අදහස් කරන ලදී.  වොෂින්ටනයේ පීඩනය යටතේ, එක්සත් ජනපදයේ සමීප මිතුරෙකු වන අතර ම මොස්කව් සමඟ හොඳ සබඳතා ඇති අල්-සිසි පාලන තන්ත්‍රය මාර්තු මාසයේ දී ආපස්සට හැරී යුක්‍රේනයට ආයුධ සපයන බවට ප්‍රතිඥා දුන්නේ ය. කිෂිඩාගේ සංචාරයේ අරමුන වන්නේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද්ධයට කයිරෝවේ සහයෝගය තව දුරටත්  සහතික කිරීමයි.

මීට අමතරව, ජපානය ආයෝජන සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) වැනි ඊනියා ආධාර ආයතනවල මැදිහත්වීම හරහා සමස්ත කලාපය පුරා සම්පත් වෙත ප්‍රවේශය දිනා ගැනීමට ද උත්සාහ කරයි.

අප්‍රිකාවේ චීන ආයෝජන කලාපය තුළ තම අවශ්‍යතා යටපත් කිරීම ගැන, ටෝකියෝ කනස්සල්ලට පත්ව සිටී.  පසුගිය වසර විස්සක් පුරා අප්‍රිකාවේ චීන ආයෝජන නාටකාකාර ලෙස ඉහල ගොස් ඇත. එය, 2003 දී ඩොලර් මිලියන 75 සිට 2021 දී ඩොලර් බිලියන 5 දක්වා වැඩි වී තිබිනි. චීනය මහාද්වීපය පුරා යටිතල පහසුකම් සහ අනෙකුත් ආර්ථික ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. මෙයින් බොහෝමයක් පැමිණෙන්නේ බීජිංහි “තීරය සහ මාවත” ලෙසින් ගෙන ඇති මූලිකත්වයේ ඵලයක් ලෙස ය. එමෙන් ම චීනය අප්‍රිකාව සමඟ වැඩි වෙලඳාමක් කරන අතර, එය 2019 දී මහාද්වීපයේ අපනයන හා ආනයනවලින් සියයට 20 කට වඩා වැඩි ප්‍රමානයක් සඳහා වගකියන අතර ජපානයේ කොටස සියයට 3 කට වඩා අඩු ය.

ඝානාවේ දී කිෂිඩා, ඉදිරි වසර තුන තුල, සහේල් කලාපයේ “සාමය සහ ස්ථාවරත්වය” ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500ක් පොරොන්දු විය. “ආර්ථිකය, සංවර්ධනය සහ මිනිසුන්ගේ අන්තර්ක්‍රියා ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ආවේශයක් ලෙස අපි මෙම සංචාරය භාවිතා කරන්නෙමු” යි කිෂිඩා කියා සිටියේ ය.

ජපානය සිය සම්පත් අවශ්‍යතා සපුරාලීම සඳහා ආනයන මත දැඩි ලෙස රඳා පවතී.  ඝානාවට බහුවිධ ඛනිජ සම්පත් ඇති අතර අප්‍රිකාවේ දෙවන විශාලතම රන් නිෂ්පාදකයා මෙන් ම එයට තෙල් හා ස්වාභාවික වායු සංචිත ද ඇත.  කෙන්යාව යනු ජපන් සමාගම් සඳහා වැදගත් පදනමක් වන අතර, JICA වෙබ් අඩවියට අනුව, එය “නැගෙනහිර අප්‍රිකානු කලාපයට දොරටුවකි.”

මොසැම්බික් යනු අප්‍රිකාවේ තිබෙන සම්පත් වලින් වඩාත් පොහොසත් රටකි. චීනය මෙම අප්‍රිකානු රටේ මොසැම්බික්හි ස්වභාවික වායු සංචිත නිස්සාරනය ද අඩංග් කර ගත් විශාලතම ආයෝජකයෙකි. චීනය අනෙකුත් රටවල් සමඟ,  මොසැම්බික් හි උතුරු කොටසේ පිහිටා ඇති “කොරල් දකුනු ප්‍රදේශයේ ස්වාභාවික පාවෙන ද්‍රව වායු” ( Coral South Floating Liquefied Natural Gas (FLNG) ) ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇත.  එය අප්‍රිකාවේ විශාලතම FLNG ව්‍යාපාරය වන අතර ලෝකයේ දෙවන විශාලතම ව්‍යාපාරයයි.  එය පසුගිය නොවැම්බර් මාසයේ ස්වභාවික ද්‍රව ගෑස් අපනයනය කිරීම ආරම්භ කලේ ය. 

ආර්ථික ආධාර මෙන් ම JICA වැනි සංවිධාන ජපාන විදේශ ප්‍රතිපත්තියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ටෝකියෝවේ 2015 දී එහි නිල සංවර්ධන ආධාර ප්‍රඥප්තිය සංශෝධනය කිරීම සහ සංවර්ධන සහයෝගිතා ප්‍රඥප්තිය නිර්මාණය කිරීම හරහා, ආත්මාරක්ෂක බලකායන් වන මිලිටරිය බලයන් සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ වී ඇත.

ටෝකියෝ මෙම ඊනියා සංවර්ධන වැඩසටහන්වලට සහය දැක්වීම සඳහා සිය සන්නද්ධ හමුදා විදේශයන්හි යෙදවීම ඇතුළුව, යලි මිලිටරිකරණය කිරීමේ එහි උත්සාහයේ කොටසක් ලෙස විදේශීය “ආධාර” භාවිතා කරයි.  මෙය මෑතකදී සුඩානයේ දී ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වූ අතර, මෙම ගැටුම් පවතින රටෙන් ජපන් ජාතිකයන් ඉවත් කිරීම සඳහා ටෝකියෝ ගුවන් සහ ගොඩබිම් හමුදා පිටත් කර යවන ලදී.  සුඩානයෙන් පිටතට පියාසර කරන ලද බොහෝ දෙනා ජයිකා (JICA)සේවකයෝ වූහ. 

වඩාත් පුළුල් ලෙස සැලකුවහොත් ,ටෝකියෝව අප්‍රිකාව කෙරෙහි අවධානය යොමු කිරීම, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ පැසිෆික් දූපත් ඇතුළු සමකය ආසන්නයේ සහ පහළින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත යොමු කර “ගෝලීය දකුණ” දිනා ගැනීමේ උපාය මාර්ගයේ කොටසකි. ටෝකියෝව මාර්තු මාසයේදී, රජයේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ වාර්ෂික ධවල පත්‍රිකාව නිකුත් කල අතර, එහි මෙම කලාපය කෙරෙහි අවධානය යොමු කරමින් භූ දේශපාලනයේ දී මෙය ඉටු කරන කාර්යභාරය අවධාරනය කලේ ය.

ප්‍රධාන කැබිනට් ලේකම් හිරෝකාසු මට්සුනෝ එම අවස්ථාවේ දී ප්‍රකාශ කළේ, “ප්‍රධාන රටවල් හතේ කණ්ඩායමේ මේ වසරේ සභාපතිවරයා ලෙස, දේශගුණික විපර්යාස, බලශක්තිය , ආහාර, සෞඛ්‍ය සහ සංවර්ධනය වැනි ගැටළු විසඳීමට ක්‍රියාකාරීව දායක වෙමින් ගෝලීය දකුණේ අපගේ සම්බන්ධය ශක්තිමත් කිරීමේ උත්සාහයට ජපානය නායකත්වය දෙනු ඇත. යන්නයි.  මැයි 19 සිට 21 දක්වා ජපානයේ හිරෝෂිමා හි පැවැත්වීමට නියමිත G7 සමුලුවේ දී, රුසියාවට එරෙහි යුද්ධය සහ චීනය සමඟ ඒ හා සමාන ගැටුමක් අවුලුවාලීම කෙරෙහි දැඩි අවධාරනයක් තබනු ඇත.

ගෝලීය දකුණ කෙරෙහි මෙම අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි දැනට පැරගුවේ, පේරු, චිලී සහ බාබඩෝස් හි තමන්ගේ ම සංචාරයක යෙදී සිටී.  පැරගුවේ යනු, බීජිං වෙනුවට තායිපේ චීනයේ නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නා රටවල් 13 න් එකකි.  හයාෂි මෙක්සිකෝව, ඉක්වදෝරය, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව යන රටවලට ද ජනවාරි මාසයේ දී සංචාරය කලේ ය.

මෙසේ ලෝක දක්ෂිනාංශික රටවල් කෙරෙහි අවධානය යොමු කිරීම පෙන්නුම් කරන්නේ, රුසියාවට එරෙහි ප්‍රහාරය පුලුල් කිරීම සහ චීනයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ අරමුන ඇතිව, න්‍යෂ්ටික ගිනි    ජාලාවක් දක්වා පිපිරවිය හැකි, සීඝ්‍රයෙන් වේගවත් වන එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුධ සැලසුම් වලට ලොව පුරා සියලුම ජාතීන්ට එකතු වීමට බල කෙරෙන බවයි.  

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top