ICC පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වන එක්සත් ජනපද-නේටෝ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස, නිකුත් කරයි

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 17 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ⁣උප ලේකම් ජෝසප් කිෂෝර් විසින් ලියන ලද  ICC issues arrest warrant against Putin as part of US-NATO propaganda campaign for regime change යන ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය SF විසිනි.

Image

ජාත්‍යන්තර අපරාධ අධිකරණය 2023 මාර්තු 17 සිකුරාදා ප්‍රකාශ කළේ යුක්‍රේනයෙන් ළමුන් පැහැරගැනීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

~ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැහැදිලි දේශපාලන ක්‍රියාමාර්ගය සිදු වන්නේ, යුද්ධයේ අරමුන මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීම බවට එක්සත් ජනපද හා නේටෝ නිලධාරීන්ගේ විවෘත ප්‍රකාශයන් මධ්‍යයේ ය~

සිකුරාදා, හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ
රුසියාවේ කොමසාරිස් මාරියා එල්වෝවා-බෙලෝවාට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.

මෙම පියවර විනිවිද පෙනෙන ලෙසම දේශපාලනිකයි. එය සිදු වන්නේ එක්සත් ජනපදය හා නේටෝ බලවතුන් යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීමට සැලසුම් කරමින් සිටින අතර, සහ  යුද්ධයේ අරමුන මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීම බවට ආන්ඩුවේ නිලධාරීන්ගේ වඩ වඩාත් විවෘත ප්‍රකාශ මධ්‍යයේ ය.

පුටින්ට සහ එල්වෝවා-බෙලෝවාට එරෙහිව ගොනු කර ඇති නිශ්චිත චෝදනා 1998 දී සම්මත කරන ලද රෝම ප්‍රඥප්තියේ 8 වැනි වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති අතර, එයට “ජිනීවා සම්මුතිවල බරපතල කඩකිරීම්” සහ ජාත්‍යන්තර නීතියේ “වෙනත් බරපතල උල්ලංඝනයන්” ඇතුළත් වේ. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සුවිශේෂයෙන් චෝදනා කරන්නේ, “ජනගහනය (ළමයින්) නීති විරෝධී ලෙස පිටුවහල් කිරීමේ යුද අපරාධය සහ යුක්රේනයේ වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් රුසියානු සමූහාණ්ඩුව වෙත ජනගහනය (ළමයින්) නීති විරෝධී ලෙස මාරු කිරීම” ය.

වරෙන්තු නිල වශයෙන් ගොනු කිරීම ICC හි විනිසුරුවරුන් විසින් අනුමත කරන ලද අතර, බ්‍රිතාන්‍ය නීතීඥයෙකු සහ ICC හි ප්‍රධාන අභිචෝදක කරීම් ඒ. ඒ. ඛාන් විසින් නිවේදනය කරන ලදී. මෙය සිදුවන්නේ රුසියානු ආන්ඩුව විසින් “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සහ”ජන සංහාර”  සිදු කලේ යැයි චෝදනා කරමින් බයිඩන් පරිපාලනය විසින් මාස ගනනාවක් තිස්සේ මෙහෙයවූ ප්‍රචාරණයෙන් පසුව ය.

වරෙන්තු වල පැවැත්ම ප්‍රසිද්ධ කරනු ලැබුවද, ඒවාට යටින් තිබේ යැයි කියනු ලබන සාක්ෂි ඉදිරිපත් නො කළේය. බයිඩන් පරිපාලනයේ සහ යුක්රේන ආන්ඩුවේ සනාථ නොකළ චෝදනා මත පදනම්ව, නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු එක්සත්
ජනපද මාධ්‍ය තුල ළමුන් “නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම” පිලිබඳ නිශ්චිත ප්‍රකාශයන් ප්‍රවර්ධනය කර ඇත.

යේල් විශ්ව විද්‍යාලය විසින් පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද බොහෝ විට උපුටා දක්වන අධ්‍යයනයක් කියා සිටින්නේ ළමුන් 6,000 ක් රුසියාවට ප්‍රවාහනය කර ඇති බවයි. යුද ප්‍රචාරනය නිර්මානය කිරීම උදෙසා පිහිටුවන ලද, අධ්‍යයනය සිදු කළ ආයතනය, එක්සත් ජනපද ආන්ඩුවේ පිටුබලය ලබන “ගැටුම් නිරීක්ෂණාගාරයේ” කොටසකි. “නිරීක්‍ෂණාගාරය” සඳහා ආරම්භක ඩොලර් මිලියන 6 අරමුදල් සපයන ලද්දේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත්, එක්සත් ජනපද ජාතික අවශ්‍යතාවලට වලකපන ගැටුම්  කල් ඇතිව දැක ගැනීම,ඒවා වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම” සිය කරතව්‍යය බව පවසන “ගැටුම් හා ස්ථායීකරණ මෙහෙයුම් කාර්යාංශය” විසිනි.

රුසියාව ඔවුන්ගේ පැත්තෙන්,  මූලික වශයෙන් අනාථ නිවාසවල ළමුන් ඇතුළු යුක්රේනයේ යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර ප්‍රදේශවල සිට රුසියාවට ජනගහනය සංචලනය වීම පිලිගෙන ඇත. අන්ත දක්ෂිණාංශික යුක්රේන හමුදා විසින්, රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවල දිගටම වැඩ කරන ගුරුවරුන් සහ ළමාරක්ෂක සේවකයින් ඇතුළු ඕනෑම අයෙකු, සහායකයන් ලෙස නම් කර මරා දමනු ලැබීමේ අනතුරට ලක්ව ඇති බව එය සටහන් කර ඇත.

යුද අපරාධ පිලිබඳ පෙර චෝදනා මෙන්ම, එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් මේ උද්ඝෝෂනය  විස්මිත මට්ටමේ කුහකත්වයකින් සංලක්ෂිත වේ. ඕනෑම වෛෂයික ප්‍රමිතියකට අනුව, මෑත මතකයේ ඇති සෑම එක්සත් ජනපද
පරිපාලනයක්ම පුටින්ට එරෙහිව චෝදනා කර ඇති ඕනෑම අපරාධයකට වඩා දරුණු අපරාධවලට වැරදිකරුවන් වේ: මේවා, දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපාන නගර දෙකක න්‍යෂ්ටික විනාශයේ සිට; 1950-1953 අතර එක ගොඩනැගිල්ලක්වත් නොනැසී නොපවතින තත්ත්වයට උතුරු කොරියාව සමතලා කිරීම දක්වාද, එක්සත් ජනපදය ප්‍රමුඛත්වයෙන්  වියට්නාම් යුද්ධය නම් වූ මහා සමූහ ඝාතනයට සහ තාප-රසායනික (pyrochemical) පුළුස්සා දැමීමද ; ඉනික්බිති සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු තිස් වසරක් පුරා සිදු කරන නොනවතින හා පුළුල් වන යුද්ධය හරහාද විහිදී යයි.

පුටින්ට එරෙහි යුද අපරාධ චෝදනා සඳහා වන ව්‍යාපාරයේ නායකත්වය දරන රාජ්‍යය, ඉරාකයේ අබු ග්‍රයිබ් හි වධහිංසා පැමිණවීම, ඇෆ්ගනිස්ථානයේ මංගල සාදවලට සහ අනෙකුත් සිවිල් රැස්වීම්වලට බෝම්බ හෙලීම, ගුවන්තනාමෝ බොක්ක බන්ධනාගාරය සහ ඩ්‍රෝන් ඝාතනය ආදිය සම්බන්ධයෙන් වගකිව යුතුය.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු තුළ ළමයින්ට අයුතු ලෙස සැලකීමේ ප්‍රශ්නය මතු වන බැවින්, 1996 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට එක්සත් ජනපද තානාපතිනි මැඩලීන් ඔල්බ්‍රයිට් විසින් එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ  ඉරාකයට එරෙහිව සම්බාධක මගින් මරනයට පත් දරුවන් මිලියන භාගය සම්බන්දයෙන් කළ කුප්‍රකට ප්‍රකාශය අපි සිහිපත් කළ යුතුය, “අපි හිතන්නේ එය, ඒ සදහා  (ගෙවූ) මිලට වටිනවා කියායි.”

යම් අවස්ථාවක දී ඇමරිකානු රජයේ නිලධාරීන්ට අධිචෝදනා කිරීමට සහ නඩු පැවරීමට යොදා ගත හැකිය යන උත්සුකය නිසා, එක්සත් ජනපදය අයිසීසී (ICC) හි අධිකරණ බලය පවා පිලි නොගනී. පුටින්ට එරෙහිව වරෙන්තුව නිකුත් කර ඇති රෝම ප්‍රඥප්තිය බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරනු ලැබ ඇති නමුදු, ඔහු කිසි විටෙකත් එය අනුමත කිරීම සඳහා සෙනෙට් සභාවට යවා නැත. 2002 දී, ඔහුගේ නීතීඥයින් “පූර්ව-භංග යුද්ධය” (preemptive war) සහ වධහිංසා යුක්ති සහගත කිරීම සදහා ලිය කියවිලි සකස් කරමින් සිටියදී, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එක්සත් ජාතීන් වෙත දන්වා සිටියේ එක්සත් ජනපදය තවදුරටත් ප්‍රඥප්තිය අනුමත කිරීමට අදහස් නොකරන බවයි.

එක්සත් ජනපද හමුදාව, ඇෆ්ගනිස්ථානයේ සහ නැගෙනහිර යුරෝපයේ සීඅයිඒ වධක මධ්‍යස්ථානවල වධහිංසා පැමිණවීම, ලිංගික දූෂණය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු යුද අපරාධ පිළිබඳ චෝදනා සෙවීමට පටන් ගැනීමෙන් පසුව, ICC විමර්ශකයින්ට ආර්ථික සම්බාධක සහ සංචාරක සීමා පනවන බව . යුරෝපය. අයි2020 දී, ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කළේය. අයිසීසී ICC හි නව අභිචෝදක ඛාන් ඔහු පත් කිරීමෙන් ටික කලකට පසු 2021 දී, එක්සත් ජනපදයේ වධහිංසා පිළිබඳ
විමර්ශනය නතර කරන ලදී.

වරෙන්තුවල කේන්ද්‍රීය අරමුන වන්නේ රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා වන ප්‍රචාරක ප්‍රහාරයට ඉන්ධන සැපයීමයි. ඒවා පැහැදිලිවම, වහාම සටන් විරාමයක් ද ඇතුළුව යුද්ධයට සාකච්ඡාමය විසඳුමක් සඳහා වූ
යෝජනාවක් සාකච්ඡා කිරීමේ ප්‍රකාශිත අරමුන ඇතිව, චීන ජනාධිපති ෂී ජින්පිං ගේ සඳුදා ඇරඹෙන මොස්කව් සංචාරය සමග සමපාත වීම පැහැදිලිවම අරමුනු කොට ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය හා නේටෝ බලවතුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයේ අවසානයක් නොව එහි ව්‍යාප්තියයි. සිකුරාදා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ “අපි නිසැකවම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම්වලට සහාය නොදක්වන” බවයි. යුක‍්රේන හමුදාවන්ගේ ව්‍යසනකාරී ජීවිත විනාශය මධ්‍යයේ, එජ සහ එහි යුරෝපීය සහචරයෝ ඉදිරි මාස දෙක තුල දැවැන්ත ප‍්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වීම සදහා දියුණු ආයුධවලින් රට පුරවමින් සිටිති.

යුද අපරාධ චෝදනා, රුසියාව විසුරුවා හැරීම අරමුන කර ගත් පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන යුද්ධයක් යුක්ති සහගත කරමින්, පුටින් ආන්ඩුව නීති විරෝධී පාලනයක් ලෙස හංවඩු ගැසීමේ ප්‍රයත්නයේ කොටසකි.

එක්සත් ජනපද බුද්ධි ඒජන්සි සඳහා නාලිකාවක් ලෙස ක්‍රියා කරන නිව් යෝර්ක් ටයිම්ස්, වරෙන්තු පිළිබඳ සිය ලිපියේ (“අපරාධ අධිකරණයෙන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව,  පුටින්ගේ දණ්ඩ මුක්ති රැස් මඩල සිදුරු කරයි”) ලියා ඇත්තේ, ඒවා, “, ඩාර්ෆූර් හි සාහසික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුඩානයේ බලයෙන් පහ කරන ලද ජනාධිපති ඕමාර් හසන් අල්-බෂීර්ට; ස්ලොබඩාන් මිලොසොවිච්, බෝල්කන් යුද්ධයේදී අපයෝජනයන් සඳහා සිරගත කරන ලද සර්බියානු නායකයාට ; සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු නියුරම්බර්ග්හිදී චෝදනා ලත් නාසීන්ට හා  සමාන මට්ටමක පුටින් මහතාව තබනු ඇති බවයි.

මෙහි අර්ථය නම්, චෝදනාවල ක්ෂණික බලපෑම කුමක් වුවත්, ඒවා පුටින්ට පමණක් නොව ෂීට ද සංඥාවක් දිමට අපේක්ෂා කරන්නේ, පුටින්ටද මිලොසෙවික්ට සමාන ඉරණමක් අත්වන තුරු යුද්ධය උත්සන්න කරනු ඇති බවයි.

එක්සත් ජනපදය හා නේටෝ බලවතුන් මේ වන විට ගැටුමට නේටෝ හමුදා හඳුන්වා දීමේ සැලසුම්, තිරය පිටුපස සාකච්ඡා කරමින් සිටී. යුධ අපරාධ සහ “ජන සංහාර” පිලිබඳ ප්‍රචාරණය, ඒ සදහා, යුක්තිසහගත කිරීමක් ලෙස භාවිතා කරන ඕනෑම ප්‍රකෝපකරනයකට හෝ නිර්මානය කරන සිද්ධියක් සදහා, රුසියාවට දොස් පැවරීමට යොදා ගත හැකිය.

මේ කිසිවක් රුසියානු යුක්රේන ආක්‍රමණයට හෝ රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුවේ ක්‍රියාවන්ට සහාය දැක්වීමක් අදහස් නොකරයි. යුක්රේනය ආක්‍රමණය කිරීම, එක්සත් ජනපදය හා නේටෝව විසින් රුසියාව වැටලීමට මෙම කතිපයාධිකාරයේ ප්‍රතිගාමී හා බංකොලොත් ප්‍රතිචාරයකි. නමුත් එක්සත් ජනපදය, ක්‍රමානුකූලව යුද්ධය
අවුලුවා ලූ අතර, එය ආරම්භ වී වසරකට වැඩි කාලයක් ගතවීමෙන් පසු දැන්, එය දැවැන්ත හා ව්‍යසනකාරී ලෙස උත්සන්න කිරීමක් සූදානම් කරමින්
සිටිති.

 #theSocilistLk #wsws

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top