new york

ලොව ධනවත්ම පුද්ගලයෝ 2023 පලමු භාගයේදී තම ධනයට ඩොලර් බිලියන 852 ක් ගොඩ ගසා ගත්හ

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘World’s richest added $852 billion to their fortunes in first half of 2023‘ යන ජෙරී වයිට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.
new york
2022 පෙබරවාරි 20 වන දින නිව් යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ (Central Park) සිට මෑන්හැටන් හි “බිලියනර්ස් රෝ” හි සුඛෝපභෝගී, අහස සූරන නේවාසික ගොඩනැගිලි දැකගත හැකිය.[AP ඡායාරූපය/Ted Shaffrey]

බ්ලූම්බර්ග් විසින් සම්පාදනය කර සඳුදා නිකුත් කරන ලද දත්ත වලට අනුව, ලොව ධනවත්ම පුද්ගලයින් 2023 පලමු භාගයේදී ඔවුන්ගේ ධනයට ඩොලර් බිලියන 852 එකතු කර ඇත. ලෝක ජනගහනයෙන් සියයට 47ක් දිනකට ඩොලර් 6.25කින් යන්තම් දිවි ගලවා ගනිද්දී, ගෙවුනු මාස 6 තුල බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයේ (Bloomberg Billionaires Index) හි සෑම සාමාජිකයෙක්ම දිනකට ඩොලර් මිලියන 14ක සාමාන්‍යයක ට වඩා උපයා ඇත.

2020 දෙවන භාගයේ සිට ලෝකයේ බිලියනපති 2,640 ගේ ධනය ඉහල යාම,  මාස හයක් තුල විශාලතම  ඉහල යාමයි.  මින් පෙර  අත්දුටු පිම්ම, එක්සත් ජනපදය හා ලොව පුරා අනෙකුත් ආන්ඩු වසංගතයේ බලපෑමෙන් සුපිරි ධනවතුන්ගේ වත්කම් ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය වෙලඳපොලවල් වෙත ගලා හැලු ඩොලර් ට්‍රිලියන ගනන් වල  ප්‍රතිඵලය විය. 2020 මාර්තු සහ 2023 මාර්තු අතර වූ  තෙවසර තුල, නිව් යෝර්ක් කොටස් වෙලෙඳපොලේ විශාලතම දර්ශක තුනම සියයට 70 කින් ඉහල ගොස් ඇත. මූල්‍ය අස්ථාවරත්වයේ වැඩෙන සංඥා සහ ආර්ථික අවපාතය පිලිබඳ අනතුරු ඇඟවීම් නොතකා පසුගිය කාර්තුවේ දී ඒවා අඛන්ඩව ඉහල ගොස් ඇත.

බ්ලූම්බර්ග් සටහන් කල පරිදි, “ආයෝජකයින්, මහ බැංකු පොලී අනුපාත ඉහල දැමීම්, යුක්රේනයේ පවතින යුද්ධය සහ කලාපීය බැංකු අර්බුදය යනාදියෙහි බලපෑම් ගසා දැමූහ.  “මෙම වාසි ගරා ගැනීම්” “පුලුල් කොටස් වෙලඳපොල රැලියක් (එක දිගට පවත්නා මිල ඉහල යෑමක්)” සමග සමපාත විය. කෘත්‍රිම බුද්ධිය පිලිබඳ ආයෝජක උන්මාදය තාක්ෂනික කොටස් මිල ඉහල නැංවීම නිසා  එහි හොඳම  පලමු භාගය ලෙස වාර්තා වෙමින් Nasdaq 100,  39% කින් ද,  S&P,  500 16% කින් ද ඉහල ගියේය. 

ග්‍රහලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවක් ඉහල යන ජීවන වියදම්වලට, සැබෑ වැටුප් පහත වැටීමට සහ වැඩෙන අසරනභාවයට මුහුන දෙද්දී, ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් (Elon Musk), 2023 මුල් මාස හය තුල ඩොලර් බිලියන 96 කින් වඩා  ධනවත් විය. ෆේස් බුක් (Facebook) හිමි මෙටා ප්ලැට්ෆෝම්ස් (Meta Platforms) හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) බ්ලූම්බර්ග්  හි ධනවත්ම බිලියනපතියන් 500 ලැයිස්තුවේ අංක 10), ඔහුගේ ධනයේ දෙවන ඉහලම පිම්ම ලෙස, 2023 පලමු මාස ​​හය තුල ඩොලර් බිලියන 58.9කින් ඩොලර් බිලියන 99.2 දක්වා ඉහල යනු දුටුවේය.

ද ගාඩියන් ට (The Guardian) අනුව, කැලිෆෝනියාවේ මස්ක් ගේ ටෙස්ලා කම්හලේ වත්මන් සහ හිටපු සේවකයින් පහලොස් දෙනෙක් , “ප්‍රධාන විධායක නිලධාරියාගේ අභිලාෂකාමී නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා දැඩි පීඩනය යටතේ, සමහර විට වේදනාව සහ තුවාල හරහා දිගු පැය” වැඩ සංස්කෘතියක් විස්තර කරයි. ටෙස්ලා හි නිෂ්පාදන කාර්මිකයෙකු වන ජොනතන් ගැලෙස්කු, “මිනිස්සු  ක්ලාන්ත වෙනවා, පෑන්කේක් එකක් වගේ බිමට වැටිලා, එයාලගේ මූන කඩා ගන්නවා” තමන් දැක ඇති බව ද ගාඩියන් ට විස්තර කරයි. ඔහු තවදුරටත් පැවසුවේ, “ඔහු තවමත් බිම වැතිර සිටිද්දී ,  ඔහු වටා වැඩ කිරීමට ඔවුන් අපව මෙහෙයවයි.”

chart
[ඡායාරූපය: ලෝක අසමානතා වාර්තාව 2022]

පසුගිය වසරේ මස්ක් ටෙස්ලා හි කම්කරුවන් 10,000 ක් සහ ට්විටර් හි තවත් 3,700 ක් කපා දැමීය. ඔහුගේ පැත්තෙන්, සකර්බර්ග්,  වසර දෙකක් තුල රැකියා 21,000 ක් ඉවත් කාරනා පිරිවැය කැපීමේ සැලැස්මක  කොටසක් ලෙස, සිය තුන්වන වටයේ දොට්ට දැමීම් මැයි මාසයේදී මෙටා හි ආරම්භ කලේය. 

බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයේ  මස්ක් පසුපසින් එන්නේ යුරෝපීය සුඛෝපභෝගී භාන්ඩ නිෂ්පාදක LVMH Moët Hennessy Louis Vuitton වලින් අඩක් පාලනය කරන බර්නාඩ ආර්නෝ ය.  

එක්සත් ජනපදයේ විභව ආර්ථික මන්දගාමිත්වයක්, සුඛෝපභෝගී භාන්ඩ සඳහා ඇති ඉල්ලුම අඩු කරනු ඇතැයි යන කනස්සල්ල හේතුවෙන්, එක් දිනක් තුල ඔහුගේ ධනයෙන් ඩොලර් බිලියන 11.2 ක් අතුගා දැමීමෙන් පසු ආර්නෝ ප්‍රථම ස්ථානයෙන් ඉවතට වැටුනි. විකුනා දැමීමෙන් පවා, බ්ලූම්බර්ග්ට අනුව, ප්‍රංශ ප්‍රකෝටිපතියාට තවමත් ඩොලර් බිලියන 191.6 ක ශුද්ධ වටිනාකමක් ඇති අතර, මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 29.5 එකතු කර ගන  ඇත.

2012 දී ආර්නෝ බදු ගෙවීමෙන් වැලකී සිටීම සඳහා බෙල්ජියමට ඔහුගේ පුරවැසිභාවය මාරු කිරීමට උත්සාහ කලේය. අප්‍රේල් මාසයේ දී, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට විරෝධය පාමින් කම්කරුවන් LVMH මූලස්ථානයට කඩා වැදුනේ, රජයට විශ්‍රාම වැටුප් සඳහා මුදල් අවශ්‍ය නම් එය ආර්නෝ  වෙතින් ලබා ගත යුතු බව පවසමිනි.

ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් මේ වසරේ මුල් මාස හය තුල තම ධනය ඩොලර් බිලියන 47.4 කින් වැඩි කර ගනිමින්ඩොලර් බිලියන 154 ක්  ධනයක් සමඟ ලොව  තුන්වන ධනවත්ම පුද්ගලයා වේ. නැවත නැවතත් සිදුකරන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය (OSHA) විසින් ඇමේසන් දැනටත්  විමර්ශනය කරනු ලැබේ. 2021 දී, අනෙකුත් සියලුම ගබඩාවල එය  කම්කරුවන් 100 කට 3.3 වෙද්දී ඇමේසන් හි බරපතල තුවාල අනුපාතය කම්කරුවන් 100 කට 6.8 ක් වශයෙන්  දෙගුනයකටත් වඩා ඉහල විය.

ලැයිස්තුවේ බෙසෝස්ට පසුව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් (ඩොලර් බිලියන 134, ඩොලර් බිලියන 24.4 කින් ඉහල ගොස් ඇත) වේ. පසුගිය වසරේ ගේට්ස්, කැනේඩියානු ජාතික දුම්රිය සමාගමේ ඔහුගේ කොටස් ඩොලර් මිලියන 940ක් විකුනා දැමූ නමුත් තවමත් CN Rail හි සියයට 9ක කොටස් හිමිකාරීත්වයක් දරයි. එය, ඔහායෝ හි   නැගෙනහිර පලස්තීනය ඇතුලු නැවත නැවතත්  සිදුවන පීලි පැනීම්වලට තුඩු දී ඇති, කම්කරුවන්ට එරෙහිව මිලේච්ඡ  පිරිවැය කප්පාදු  ප්‍රහාර හා යටිතල පහසුකම් කප්පාදු  එල්ල කර ඇති, උතුරු ඇමරිකාවේ ඉහලම පලමු පන්තියේ 1 දුම්රිය මාර්ග හතෙන් එකකි.

ලැයිස්තුවේ හත්වන ස්ථානය වොරන් බෆට් (ඩොලර් බිලියන 113, ඩොලර් බිලියන 5.6 කින් ඉහල ගොස් ඇත).ගනී. ඔහු BNSF දුම්රිය මාර්ගය සහ Geico, Clayton Homes සහ Dairy Queen හිමි බර්ක්ෂ හතවේ (Berkshire Hathaway) ආයෝජන සමාගමේ හිමිකරු වන අතර , Coca-Cola සහ American Express හි කොටස් හිමිය .

මිලියන 22 ක් පමන මිය ගොස් ඇති, තවත් මිලියන දස ගනනක් දිගු කාලීන දුර්වලතාවයෙන් පෙලෙන වසංගතය අතරතුර ධනය පිම්බී ගිය  බ්ලූම්බර්ග්ගේ බිලියනපති  ලැයිස්තුවෙන් කිහිප දෙනෙකු පමනකගේ  සමාජ විරෝධී ස්වභාවය මේ ආකාර  වේ.

chart 2
[ඡායාරූපය: ලෝක අසමානතා වාර්තාව 2022]

මෙම වසර මුලදී ලෝක ආර්ථික සමුලුවට පෙර ඔක්ස්ෆැම් පුන්‍යායතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව:

  • “ධනවත්ම 1% 2020 සිට අලුතින් නිර්මානය කරන ලද ඩොලර් ට්‍රිලියන 42 ක ධනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමානයක් ඩැහැගෙන ඇත. මෙය මානව වර්ගයාගේ ඉතිරි 99% විසින් එම කාලය තුල උපයා ගත් මුදල මෙන් දෙගුනයකට ආසන්න මුදලකි. පසුගිය දශකය තුල බිලියනපතියන්ගේ  සංඛ්‍යාව සහ ධනය දෙගුන වී ඇති අතර නව ගෝලීය ධනයෙන් අඩක් පමන ලබා ගත්තේ  ධනවත්ම 1% යි.”
  • “‘සාමාන්‍ය ‘බිලියනපතියා’,   පහලම 90% පුද්ගලයෙකු විසින් උපයන සෑම ඩොලර් 1ක නව ධනයක් සඳහාම, දල වශයෙන් ඩොලර් මිලියන 1.7ක් ලබාගන ඇත. ලෝකයේ සුපිරි ධනවතුන්ගේ සාමූහික ධනය දිනකට ඩොලර් බිලියන 2.7කින් වැඩි වෙමින් පවතී.
  • “ඊලඟ වසර පහ තුල, ලෝකයේ ආන්ඩුවලින් හතරෙන් තුනක් ඩොලර් ට්‍රිලියන 7.8 ක රාජ්‍ය වියදම් කප්පාදුවක් සැලසුම් කරයි.”
  • “මිලියන 820කට අධික ජනතාවක් දැන් කුසගින්නේ සිටිති, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අන්තිමට හා අවම වශයෙන් ආහාර ගත යුතු කාන්තාවන්ය. මීට අමතරව දැන්, වෙන කිසිදා කටත් වඩා වැඩි සංඛ්‍යාවක් වන ,  මිලියන 339 ක්  මිනිසුන් සදහා  හදිසි ආහාර සලාක, පිරිසිදු ජලය සහ නවාතැන් ඇතුලු මානුෂීය ආධාර අවශ්‍ය කර තිබේ.”

එක්සත් ජනපදයේ සහ ලොව පුරා, ජීවිතයේ සෑම අංගයක්ම මෙම සමාජ ස්ථරය පොහොසත් කිරීමට යටත් වන අතර, එහි පරපෝෂිතභාවය සහ පරිහානිය, ‘අනුප්රාප්තිය’ නම්  රූපවාහිනී කතාමාලාවේ උද්දීපනය කෙරුනි.

එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනය කම්කරු පන්තියේ සහ මධ්‍යම පාන්තික විද්‍යාල සිසුන්ට සුලු නය සහනයක් ලබා දීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරයි. ඒ අතරම, බයිඩන් පරිපාලනය සහ කොංග්‍රසය බැංකුවලට ඇප දීමට, කොටස් වෙලඳපොලවලට මුක්කු ගැසීමට සහ ලෝකයේ සම්පත් මත පාලනය,  තම රටේ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරන එම සංගත හා මූල්‍ය කතිපයාධිකාරය වෙත පතුරුවා හැරීම සදහා,  රුසියාවට හා චීනයට එරෙහිව යුද්ධය දියත් කිරීමට නිමක් නැති සම්පත් සොයා ගනියි. 

පාලක ප්‍රභූව හා වැඩකරන මහා ජනතාව අතර ඇති සමනය කල නොහැකි ගැටුම ලොව පුරා පන්ති අරගලයේ පුපුරන සුලු පුනර්ජීවනයකට ඉන්ධන සපයයි. ප්‍රන්සයේ විශ්‍රාම වැටුප් කප්පාදුව හා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතා, එක්සත් රාජධානියේ, ජර්මනියේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ දුම්රිය, තැපැල්, ගුවන් හා අනෙකුත් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා අරගල, ලතින් ඇමරිකානු ගුරු වැඩ වර්ජන රැල්ල සහ ලංකාවේ පෞද්ගලීකරනයට සහ  කප්පාදුවට එරෙහි මහජන විරෝධතා මෙයට ඇතුලත් ය. 

උතුරු ඇමරිකාවේ, ඔන්ටාරියෝ  හැමිල්ටන් හි ජාතික වානේ කාර් කම්කරුවන් 1,500 ක් සහ  කැනේඩියානු නැව් තටාක කම්කරුවන් 7,400 ක් වැඩ වර්ජනය කර ඇත. එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ හෝටල් කම්කරුවන් 15,000ක් වැඩවර්ජන කරති, නලුවන් 160,000කට වැඩි සංඛ්‍යාවක් දැනට පවතින ලේඛකයින්ගේ වැඩ වර්ජනයට සම්බන්ධ වීමට උත්සාහ කරති, පෙන්සිල්වේනියාවේ ඊරි හි, Wabtec දුම්රිය එන්ජින් කම්කරුවන් 1,600ක්, බටහිර වෙරලේ නැව් තටාක කම්කරුවන් (West Coast dockers) සහ   නිව්යෝර්ක් නගර ප්‍රවාහන කම්කරුවන්  වෘත්තීය සමිති පිටුබලය ලත් පාවා දැමීමේ ගිවිසුම් වලට විරෝධය පානා  අතර UPS සහ මෝටර් රථ කර්මාන්තයේ කම්කරුවන් මිලියන අඩකට වැඩි පිරිසක් මෙම ගිම්හානයේදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් සදහා  බලපෑම් කරති.

කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමීත්වයේ සහ දේශපාලන රැඩිකල්කරනයේ විප්ලවවාදී ඇඟවුම් පිලිබඳව පාලක පන්තිය තුල වැඩෙන භීතියක් පවතී. ලන්ඩනයේ ස්පියර්ගේ ධනය කලමනාකරන (Spear’s wealth management) සඟරාව විසින් සංවිධානය කරන ලද ආයෝජන සම්මන්ත්‍රනයක් ගැන, ද ගාඩියන් මෑතකදී වාර්තා කල අතර, එහිදී “ගෝලීය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ මූල්‍ය කන්ඩායම්වලට ප්‍රගතිශීලී උපදේශකයින් පවසා ඇත්තේ මිරිකන ලද කුටුම්භයන්ට බලපාන  බලශක්ති සහ ආහාර මිල ඉහල යාමේ ප්‍රතිඵලයක් ලෙස ධනවතුන් හා දුප්පතුන් අතර විහිදා ගත් අසමානතා පරතරය පුලුල් වීමට ඉඩ හැරියොත් ‘සැබෑ කැරැල්ලක  යථා අවදානමක්’ සහ ‘සිවිල් කඩාකප්පල් වීමේ’ අවදානමක් පවතින බවයි .

කෙසේ වෙතත්, සමාජයේ ධනය රැඩිකල් ලෙස යලි බෙදා හැරීමක්, වැඩි බදු ගෙවීමට පාලක පන්තියට කරන ආයාචනා මගින් හෝ බර්නි සැන්ඩර්ස්, ජෙරමි කෝබින්, ජීන් ලූක් මෙලන්චොන් සහ ධනවාදයේ අනෙකුත් ව්‍යාජ වාම ආරක්ෂකයින්ගේ වෙනත් ප්‍රතිසංස්කරනවාදී යෝජනා කිසිවක් හරහා, හෝ   සාක්ෂාත් කරගත නොහැක.

පාලක පන්තිය සහ එහි  පද්ධතිය ඓතිහාසිකව යල්පැන ගොස් ඇත. සමාජයේ හුදු පැවැත්ම සඳහා, මූල්‍ය කතිපයාධිකාරය අස්වාමික කල යුතු අතර මානව අවශ්‍යතා සපුරාලීම සඳහා එහි අති විශාල ධනය යලි බෙදා හැරිය යුතුය. ඔවුන්ට පුද්ගලිකව හිමි නිෂ්පාදන බලවේග ජාත්‍යන්තර කම්කරු පන්තිය අතට පත් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ  (IWA-RFC) මඟ පෙන්වීම යටතේ පුලුල් වන කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලය හරහා එහි වඩාත්ම සවිඥානික ස්වරූපය ගනිමින් සිටින කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය, කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා දැනුවත් දේශපාලන අරගලය සමඟ ඒකාබද්ධ කල යුතුය. 

ලොව ධනවත්ම පුද්ගලයෝ 2023 පලමු භාගයේදී තම ධනයට ඩොලර් බිලියන 852 ක් ගොඩ ගසා ගත්හ Read More »