The Socialist World
අපි මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නෙ ඇමරිකාව ඉරානයට එරෙහිව අරන් යන යුද්ධයේ ඊනියා සටන් විරාමය අවසන් මොහොතේ දික් කරන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ ඇයි කියලා. මේක සංවරකමේ ලක්ෂණයක් නෙවෙයි, කඩා වැටෙන අධිරාජ්‍යවාදී උපායමාර්ගයක් අතරමැද කරපු උපක්‍රමික ප්‍රයෝගයක්. මේ දික් කිරීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ, යුද්ධය පිටිපස්සේ තියෙන භෞතික අවශ්‍යතා මේකෙන් පෙන්නුම් කරන්නේ කොහොමද වගේම, ලෝකේ පුරා ඉන්න කම්කරුවන්ට මේකෙන් ඇතිවන ක්ෂණික බලපෑම් මොනවාද කියලා අපි මේකෙදි විග්‍රහ කරනවා.
මේ චැනලය හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළෙ තියල කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනව. මේ විවරණය අහල, මේ පොඩ්කාස්ට් එක Like කරල, චැනල් එකත් Subscribe කරන්න කියල අපි ඔබට ආරාධනා කරනව.
