ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 11 දින ‘ Australia’s social media ban sets global precedent for online censorship’ යන හිසින් පලවූ ඔස්කා ග්‍රෙන්ෆෙල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
අසමානතාවය, ආඥාදායකත්වය, සහ යුද්ධය කෙරෙහි වැඩිවන සතුරුකම මධ්‍යයේ අන්තර්ජාලයයේ රාජ්‍ය පාලනය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් තබමින්, ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීම බදාදා සිට බලාත්මක විය.
දැවැන්ත දඩ මුදල් ගෙවීමේ තර්ජනයක් යටතේ සමාජ මාධ්‍ය වේදිකාවලට වයස් සත්‍යාපන පියවරයන් ස්ථාපිත කිරීමට සහ ළමයින් ඉවත් කිරීමට බල කෙරී ඇත. දැන්, වැඩිහිටියන් ඇතුළු සියලුම පරිශීලකයින්ට වේදිකාවල රැඳී සිටීම සදහා මහා සමූහ සමාගම්වලට රජයේ හැඳුනුම්පත් හෝ ඡායාරූප සැපයීම වැනි නව බැඳීම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය.
මෙම පියවර මහජන විරෝධයට හේතු වී ඇති අතර, එය මඟ හැරීම සදහා දැනටමත් ක්‍රම සොයමින් සිටින තරුණයින් ද ඒ අතර වේ.
මෙය හුදෙක් ඕස්ට්‍රේලියානු ප්‍රශ්නයක් නොවේ. ට්‍රම්ප් පරිපාලනය බොහෝ දුරට සමාන ප්‍රතිපත්තියක් එක්සත් ජනපද කොංග්‍රසයට හඳුන්වා දී ඇති අතර, යුරෝපීය බලවතුන් රැසක් ද ඒ හා සමාන තහනමක් කරා ගමන් කරමින් සිටී.
පසුගිය වසරේ කම්කරු (පක්ෂ) රජය විසින් පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කරන ලද්දේ, තරුණයින් අන්තර්ජාල හානිවලින්, විශේෂයෙන් මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමිනි. එම ප්‍රකාශ අසත්‍ය වේ. මානසික සෞඛ්‍ය උපදේශක කණ්ඩායම් මෙම තහනමට දැඩි ලෙස විරුද්ධ වූ අතර, එය දරුවන්ගේ මානසික ගැටලු තීව්‍ර කරනු ඇතැයි අනතුරු ඇඟවීය.
කම්කරු රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහනට කළ හැක්කේ මානසික සෞඛ්‍ය අර්බුදය තවත් උග්‍ර කිරීම පමණකි. දරුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට වන කාරණය විසඳීමට එය කිසිවක් කර නැත; ඒ වෙනුවට ආණ්ඩුව ජීවන වියදම් අර්බුදයේ බර කම්කරු පන්තියේ කුටුම්භ මත පටවමින්, අත්‍යවශ්‍ය සමාජ සේවාවන් මත කප්පාදු පණවමින් සිටියි.
මෙම සමාජ තත්වයන් සහ ධනවාදය ඔවුන්ට අනාගතයක් ලබා නොදෙන බවට වන යථාර්ථය, තරුණයින්ගේ රැඩිකලීකරනයකට ඉන්ධන සපයයි. තහනමේ සැබෑ අරමුණ වන්නේ එම හැඟීම මර්දනය කර එය සංවිධානාත්මක දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීම වැළැක්වීමයි.
මුළු පරම්පරාවක්ම දේශපාලනීකරණය කර ඇති ගාසා තීරයේ ජන සංහාරය මධ්‍යයේ දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පැවති සමාජ කෝපය මතුපිටට පුපුරා යාමෙන් පසු මෙම තහනම පනවනු ලබයි. ඕස්ට්‍රේලියාවේ තරුණ ජනයා සමාජ මාධ්‍ය හරහා ඔවුන් දුටු යුද අපරාධවලට එරෙහිව බොහෝ විට සතිපතා පෙළපාලිවලට සහභාගී වූහ, පාසල් වැඩවර්ජන පැවැත්වූහ, එමෙන්ම වෙනත් ක්‍රියාමාර්ගවල නිරත වූහ.
ආබාධිත පලස්තීනුවන්, බෝම්බ හෙලන ලද රෝහල් සහ විනාශ වූ පාසල් පිළිබඳ දර්ශන, සංහාරයට සහාය දුන් ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බොරුවලට සම්පූර්ණයෙන්ම පටහැනි යථාර්ථයක් පෙන්නුම් කළේය. තහනම වැළැක්වීමට උත්සාහ කරන්නේ මෙසේ රජයේ බොරු සහ අපරාධකාරීත්වය හෙළිදරව් වීමය.
ජන සංහාරයට එරෙහි මහජන විරෝධයට පෙරාතුව, දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පාසල් වැඩවර්ජන සහ ගෝලීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනයා සහභාගී වූ ක්‍රියාකාරීත්වයන් මතු විය.
ධනවාදී අර්බුදයේ මෙම ප්‍රකාශනයන් කෙරෙහි ඇති කෝපය සමාජවාදය කෙරෙහි ආකර්ෂණයක් බවට වඩ වඩාත් ඒකාබද්ධ වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවති මත විමසුමකදී, තරුණ ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 53 කට “වැඩිපුර සමාජවාදයක්” අවශ්‍ය බව සොයා ගත් අතර, එය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඊට සමාන ප්‍රතිඵල පිළිබිඹු කරයි.

ආණ්ඩුවේ නායකයින් ප්‍රසිද්ධියේ තහනම සාධාරණීකරණය කිරීමේදී ඔවුන්ගේ දේශපාලන අභිප්‍රේරණ සඟවා ගනිති. ඒ වෙනුවට, අගමැති ඇන්තනි ඇල්බනීස් ළමයින් එළිමහනේ සෙල්ලම් කල සුන්දර අතීතයකට නැවත යෑමේ අවශ්‍යතාවය පිළිබඳ ගතානුගතික කතා ඇද බෑවේය.
නමුත් යටින් පවතින න්‍යාය පත්‍රය වෙනත් සන්දර්භයන් තුළ ප්‍රකාශ වී ඇත. නොවැම්බර් මාසයේ පැවති දේශනයකදී, දේශීය ඔත්තු ඒජන්සියක් වන ASIO හි ප්‍රධානී මයික් බර්ගස්, ගාසා සමූල ඝාතනය කෙරෙහි සතුරුකම සහ වාමාංශික විරෝධය සමඟ සම්බන්ධ වී වර්ධනය වන “විප්ලවවාදී අන්තවාදය” ගැන අනතුරු ඇඟවීය.
තරුණයින් අතර විරුද්ධවාදී හැඟීම් මර්දනය කිරීමේ ක්ෂණික ගැටලුවට අමතරව, රජයේ නායකයින් දිගු කලක් තිස්සේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ නිර්නාමික භාවයකින් අන්තර්ජාලය හරහා දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවට එරෙහිව කෑ මොර දී ඇත.
ඇල්බනීස්, “කිසිදු බියකින් තොරව නිර්නාමිකව ඕනෑම දෙයක් පැවසිය හැකි යතුරුපුවරු රණශූරයන්” හෙළා දැක තිබේ. එම සන්දර්භය තුළ, සමාජ මාධ්‍ය සමාගම් විසින් රැස් කරන ලද හඳුනාගැනීමේ තොරතුරු වෙත ප්‍රවේශ නොවන බවට රජය කරන ප්‍රකාශයන්හි කිසිදු පදනමක් නොමැත.
වර්ධනය වන සමාජ කෝපය ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නවා සේම, අධිරාජ්‍යවාදී බලවතුන් ද එය මර්දනය කිරීමේ උත්සාහයේදී සම්බන්ධීකරණය වෙමින් සිටිති.
2024 දෙසැම්බර් මාසයේදී, සමාජ මාධ්‍ය තහනම සඳහා වූ නීති සම්පාදනය සම්මත වී දින කිහිපයක් ගතවෙද්දීම, ෆයිව් අයිස් (Five Eyes) ඔත්තු බැලීමේ ජාලය “තරුණ රැඩිකලීකරනයට” එරෙහිව අනතුරු ඇඟවීමේ වාර්තාවක් නිකුත් කළේය. ෆයිව් අයිස් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අතර එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් සමන්විත වේ.
තරුණයින් “අන්තර්ජාලය හරහා හැදී වැඩී ඇති අතර තාක්‍ෂණික සූර වේ” යනුවෙන් වාර්තාව අනතුරු ඇඟවීය. ඔවුහු එවැනි වේදිකා “තමන් සහ අන් අය තවදුරටත් රැඩිකල් කරන ප්‍රචණ්ඩකාරී අන්තවාදී අන්තර්ගතයන් නැරඹීමට සහ බෙදා හැරීමට” භාවිතා කරති. මෙම තර්ජනයට එරෙහිව “මුළු සමාජයේම” උත්සාහයකින් සටන් කළ යුතුව තිබුණි.
ට්‍රම්ප් පරිපාලනය සහ යුරෝපීය රටවල් ද ඒ හා සමාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටීම අවධාරණය කරන පරිදි වයස අවුරුදු 16 න් පහළ සමාජ මාධ්‍ය තහනම එම උත්සාහයේ කොටසක් බව පැහැදිලිය.
එම සන්දර්භය තුළ, “ප්‍රචණ්ඩ අන්තවාදය” පිළිබඳ අනතුරු ඇඟවීම් පැහැදිලි වංචාවකි. ට්‍රම්ප් අන්ත දක්ෂිනාංශික සහ නාසි බලවේග පවා බලමුලු ගැන්වීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දමමින් ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටී.
සමාජ මාධ්‍ය සමාගම් සංක්‍රමණික විරෝධී සහ වර්ගවාදී අන්තර්ගතයන් විස්තාරණය කරන තරමට, එය දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය විසින් ෆැසිස්ට්වාදයේ පුළුල් ප්‍රවර්ධනය සදහා දරන ව්‍යායාමයේ එක් සංරචකයක් වේ. ට්‍රම්ප් පරිපාලනයේ හිටපු සාමාජිකයෙකු වන ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් විසින් අන්ත-දක්ෂිණාංශික ප්‍රචාරණය සඳහා හොරණෑවක් බවට වැඩි වැඩියෙන් පරිවර්තනය කරන ලද X/Twitter මගින් මෙම සම්බන්ධතාවය නිරූපණය කෙරේ.
අන්තර්ජාල නිදහසට එල්ල කරන ප්‍රහාරය වාමාංශික විපක්ෂයට එරෙහි පුළුල් ප්‍රහාරයක කොටසකි. “නීතියට සහ ආගමනය (පිළිබඳ නීති) බලාත්මක කිරීමට විරුද්ධවන්නන්; සමූහ සංක්‍රමණය සහ විවෘත දේශසීමා සඳහා පක්ෂ අන්තවාදී අදහස්” හෝ “ධනවාදයට එරෙහි” අදහස් දරන්නන්, “දේශීය ත්‍රස්තවාදීන්” ලෙස වර්ගීකරණය කරමින්, එක්සත් ජනපද නීතිපති පෑම් බොන්ඩි විසින් මෙම සතියේ නිකුත් කරන ලද සංදේශය ද ඊට ඇතුළත් ය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා ට්‍රම්ප් වැනි විවෘතව ෆැසිස්ට් බලවේග පමණක් නොව සමස්ත දේශපාලන සංස්ථාපිතයම සම්බන්ධ වන බව, වාරණය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් සකසමින් සිටින්නේ කම්කරු පක්ෂ ආණ්ඩුවක් විසින් බව යන කාරණයෙන් ප්‍රකාශ වේ.
රජයන් විසින් අන්තර්ජාලය පාලනය කිරීමට දිගු කලක් තිස්සේ දරන උත්සාහයන් මත එම පූර්වාදර්ශය ගොඩ නැගෙන අතර, අන්තර්ජාලය විප්ලවීය තර්ජනයක් ලෙස සලකනු ලබන්නේ, බලයේ කොරිඩෝර (කේන්ද්‍රස්ථාන) වලින් බැහැර සිටින්නන්ට තම අදහස් ප්‍රචාරය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ විරුද්ධත්වය සංවිධානය කිරීමට හැකියාව ලබා දෙන බැවිනි.
2017 දී Google, රජයේ ආයතනවල නියෝගය පරිදි ක්‍රියා කරමින්, සෙවුම් ප්‍රතිඵලවල ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ අනෙකුත් විකල්ප මාධ්‍ය මර්දනය කරමින්, ඒ වෙනුවට සංගතවල ප්‍රකාශනවලට ප්‍රමුඛත්වය දෙන නව ඇල්ගොරිතමයක් හඳුන්වාදීම මගින් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කෙරිණි.
ධනවාදයේ අර්බුදය එකී පියවරයන් ආරම්භ කළ කාලයට වඩා බෙහෙවින් ගැඹුරු ය. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන බලවතුන්, ගාසා තීරයේ ජන සංහාරය වැනි අපරාධ පමණක් නොව, න්‍යෂ්ටික ලෝක යුද්ධ තර්ජනයක් ගෙනෙන රුසියාව සහ චීනය සමඟ ගැටුම් ද ඇතුළුව අධිරාජ්‍යවාදී යුද්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිටිති. දේශීය වශයෙන්, ඔවුන් ප්‍රංශ විප්ලවයේ දින වල සිට නොදුටු සමාජ අසමානතාවය ඒකාධිපති පියවරයන් හරහා ක්‍රියාත්මක කරමින් සිටිති.
පුළුල් ලෙස පැතිරුණු (සමාජ) සතුරුකමක් සහ වැඩෙන ප්‍රතිරෝධයක් පවතී. ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම හෙළා දකිමින් සහ එය නොබියව මග හරිමින් සිටින තරුණ ජනයාගේ විශාල සංඛ්‍යාවක් තුළ එය ප්‍රකාශ වී තිබේ. විරෝධතා, පාසල් වැඩවර්ජන සහ අනෙකුත් ක්‍රියාමාර්ග සංවිධානය කළ යුතුය.
විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. වාරණය සහ අවසානයේ ඒකාධිපතිත්වයේ ධනවාදී වැඩසටහනට එරෙහිව සටන් කළ හැක්කේ සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් ස්වාධීන වූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් හරහා පමණි.
අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව සඳහා වන සටන, මර්දනකාරී ධනේශ්වර රාජ්‍ය උපකරණ විසුරුවා හැරීම සහ තාක්‍ෂණික සංස්ථා ඇතුළු සමාජයේ සියලුම ප්‍රධාන නිෂ්පාදන බලවේග කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ හිමිකාරිත්වය යටතේ ස්ථානගත කිරීමට වඩා අඩු දෙයක් නොවේ.
