The Socialist World
මේ පොඩ්කාස්ට් එකෙන් අපි කියුබාවට පහර දීමේ පෙන්ටගනයේ යෝජිත සැලසුම් දේශපාලනිකව හෙළිදරව් කරනව. සම්පත්, වෙළඳ මාර්ගත්, ගෝලීය වෙළඳපොළවල් වලත් එක්සත් ජනපදයෙ අධිකාරිය ආපහු තහවුරු කරන්න වගේම, වෙනිසියුලාවේ ඉඳල ඉරානය හරහා චීනය සමඟ ගැටුමකට සූදානම් වීම අරමුණු කරගනිපු අධිරාජ්‍යවාදී කොල්ලකෑමේ පුළුල් සංයුක්ත ව්‍යාපාරයක සන්දර්භය ඇතුළෙ අපි මේ කියුබාවට එරෙහි තර්ජන පිහිටුවන්න ඕන.
මේ චැනලය හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළෙ තියල කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනව.
මෑත සතිවලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියුබාවට එරෙහිව එක්සත් ජනපදය ගෙනයන හොඳින් සම්බන්ධීකරණ කරපු ප්‍රහාරයක් පිළිබඳව හෙළිදරව් කරල තියෙනව. මේක ඇමරිකානු පාලක පන්තිය තමන්ට අහිමි වෙලා තියෙනව කියල දකින කලාපීය බලපෑම නැවත ලබා ගැනීම සඳහා අර්ධගෝලය පුරාම ක්‍රියාත්මක කරල තියෙන උපාය මාර්ගයක කොටසක්. ඇමරිකානු පරිපාලනයේ තර්ජන, බලශක්ති සම්බාධක ඇතුලු දිවයිනේ ගෙල සිර කරන කුරිරු ආර්ථික අවහිර කිරීම් වගේම මිලිටරි බලහත්කාරකම්, කියුබාව එක්සත් ජනපද ආයතනික අවශ්‍යතාවලට යටත් කිරීමටත්, එරට වරාය, තෙල් හා සංචාරක ආර්ථිකය පෞද්ගලික ලාභයට විවෘත කිරීමටත් සැලසුම් කරල තියෙන නැවත යටත් විජිතකරණ කිරීමේ (recolonization කිරීමේ) වැඩසටහනකට සමානයි.
