ඇන්ඩ්රේ ඩේමන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 25 දින “Trump prepares new onslaught on Iran in defiance of mass opposition to war” යන හිසින් පළවූ ඇන්ඩ්රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

ට්රම්ප් සහ නෙතන්යාහු පාලනයන්, නායකයින් දෙදෙනාම ප්රධාන මැතිවරණමය පසුබෑම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂිත මැතිවරණවලට පෙර, ඉරානයට එරෙහිව විශාල නව ප්රහාරයක් එල්ල කිරීම සඳහා වන සූදානමක අවසාන අදියරේ පසුවෙති.
ඉරානයට තවත් ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේදැයි සෙනසුරාදා විමසූ විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ෆ්ලොරිඩාවේදී මාධ්යවේදීන්ට පැවසුවේ, “ ඒ ගැන සිතමින් සිටිනවා, සමහර විට හෙට” ලෙසය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සමහර විට මට එය ඉවරයක් කිරීමට සිදුවනු ඇත, නැතහොත් සමහර විට ඔවුන් ගිවිසුමකට පැමිණෙනු ඇත.” ඉරිදා ඔහු Fox News නාලිකාවට පැවසුවේ “අද ප්රහාරයක් සිදු නොවනු ඇත” යන්නයි. නමුත් ඔහු තම තේරීම ඉදිරිපත් කළේ එකම ආකාරයකටය: “මා ඔවුන් සමඟ ගිවිසුමකට එළඹෙනවාද, නැතහොත් මා ඔවුන්ව ඉවරම කරලා දානවද ?”
මෙම ප්රකාශයන් සිදුවන්නේ නොවැම්බර් 3 වන දින පැවැත්වෙන අතුරු මැතිවරණයට සතියකට මදක් වැඩි කාලයක් තිබියදී සහ ඔක්තෝබර් 27 වන දින පැවැත්වෙන ඊශ්රායල ජාතික මැතිවරණයට දින තුනකට පෙරය. ඇමෙරිකානු මැතිවරණයේදී ඉරාන යුද්ධයට එරෙහිව දැඩි මහජන විරෝධයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ට්රම්ප්ගේ පක්ෂයට විශාල පරාජයක් හිමිවන බවට අනාවැකි පළවී ඇත. ඔක්තෝබර් 8 වන දින ප්රකාශයට පත් කරන ලද Pew Research Center සමීක්ෂණයකට අනුව ඇමෙරිකානුවන්ගෙන් සියයට 65 ක්ම ට්රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරය අනුමත නොකරන බව හෙළි විය.
ඉරානයට නැවත ප්රහාර එල්ල කිරීම සඳහා වන හමුදා සූදානම බෙහෙවින් ඉදිරියට ගොස් ඇත. USS Theodore Roosevelt ගුවන්යානා ප්රවාහන ප්රහාරක බලකාය සැප්තැම්බර් අවසානයේ සං දියේගෝ (San Diego) නගරයෙන් පිටත්ව ගිය අතර, ඊට දිනකට පසුව මැරීන් භටයින් 2,000 කට වැඩි පිරිසක් රැගත් ජල-භූමි (amphibious) බලකායක් පිටත් විය. නොවැම්බර් අවසානය වන විට ගුවන්යානා ප්රවාහන නෞකා තුනක් සහ ජල-භූමි ගොඩබෑම් බලකා (landing groups) දෙකක් ඉරානය ආසන්නයේ ස්ථානගත කරනු ඇත.
යුද්ධයට පෙර මැද-පෙරදිග ඒ වනවිටත් ස්ථානගත කර සිටි 40,000 සිට 50,000 දක්වා වූ සෙබළුන්ට අමතරව, මෙම නව ස්ථානගත කිරීම් මගින් තවත් 9,000 සිට 10,000 දක්වා භට පිරිසක් එකතු වේ. රාජ්ය දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 21 වන දින සවුදි අරාබියෙන් අත්යවශ්ය නොවන කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉවත් වන ලෙස නියෝග කළ අතර, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්යය, කටාර් සහ ජෝර්දානය යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලය අඩු කර ඇති බව CNN සිකුරාදා වාර්තා කළේය.
පාලනාධිකාරිය සිය යුද තීව්ර කිරීම සාධාරණීකරණය කිරීම සඳහා පැහැදිලි ප්රචාරක කථනයක් සූදානම් කරමින් සිටී. ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ ක්ලේටන් විසින් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) වෙත සිකුරාදා යවන ලද සහ Axios විසින් ප්රථමයෙන් වාර්තා කරන ලද සංදේශයක දැක්වුණේ, “එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහි ඉරාන ජාතිකයන්ගේ මාරාන්තික කුමන්ත්රණ ප්රයත්නයන් ඉදිරි අදියරයන්ට පැමිණ ඇති” බවයි.
කර්තෘවරුන් හයදෙනෙකුගේ නමින් සෙනසුරාදා පළ වූ ලිපියක New York Times පුවත්පත වාර්තා කළේ, “ඉරාන ජාතිකයන් මැද පෙරදිග එක්සත් ජනපද තානාපතිවරුන් සහ එක්සත් ජනපද භූමියේ සිටින ඇමෙරිකානු නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කළ හැකිය” යන්න අඟවන බුද්ධි තොරතුරු කෙරෙහි එක්සත් ජනපද නිලධාරීන් අවධානය යොමු කර ඇති බවයි. එම බුද්ධි තොරතුරු “අතිශයින්ම රහසිගතව පවතින බැවින් විනිශ්චය කිරීම දුෂ්කර” බව පුවත්පත පිළිගත්තේය. “නිශ්චිත කුමන්ත්රණ පිළිබඳ සාක්ෂි සාකච්ඡා කිරීමෙන් එය තහවුරු කළ නොහැකි බව දැන සිටියදීත්” මෙම සංදේශය මුදා හැරීම පිළිබඳව ඇතැම් නිලධාරීන් කුතුහලයට පත්ව සිටි බවද එහි වැඩිදුරටත් සඳහන් විය. වෙනත් වචනවලින් කිවහොත්, මෙය කිසිදු පදනමක් නොමැති යුද ප්රචාරණයකි.
කිසිදු උත්ප්රාසයක සේයාවක් තොරව, Times පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ “තෝරාගත් බුද්ධි තොරතුරු හමුදා ක්රියාමාර්ග සඳහා ව්යාජ හේතුවක් (pretext) ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ තවත් අනතුරු ඇඟවීමේ උදාහරණයක් ඉරාකය විසින් සපයන” බවයි. ඇත්ත වශයෙන්ම, ඉරානයට එරෙහි ඉඟිකරන/වක්ර චෝදනා කැඳ හැලිය දෙස බලන විට, 2003 ඉරාක ආක්රමණයට පෙර පැවැති සහ, Times පුවත්පතද ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ, ආණ්ඩුවේ සහ මාධ්යවල ප්රචාරක ව්යාපාරය ඊට වඩා සංගත එකක් ලෙස පෙනී යයි.
ඇත්ත වශයෙන්ම ඝාතන පිළිබඳ ඉතිහාසයක් ඇත්තේ මෙම පදනම් විරහිත චෝදනා එල්ල කරන ආණ්ඩු වලටම වේ. එක්සත් ජනපදය සහ ඊශ්රායලය පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ කළේ එහි මුල් පැය කිහිපය තුළදීම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඝාතනය කරමිනි.
ට්රම්ප් පාලනාධිකාරිය සූදානම් වන්නේ කුමකටද? එක්සත් ජනපද හමුදාව විසින් “සියලු බෝම්බවල මෑණියන්” (mother of all bombs) ලෙස හැඳින්වෙන GBU-43 බෝම්බය ඉරානයට හෙළීම ඇතුළත් නව ප්රහාරක සැලසුම් සකස් කර ඇති බව CNN ඔක්තෝබර් 15 වන දින වාර්තා කළේය.
ට්රම්ප් ටෙහෙරානයට “සියලු බෝම්බවල මෑණියන්” වන බෝම්බය හෙළීමට සැලසුම් කරන්නේද? ට්රම්ප් න්යෂ්ටික ආයුධ භාවිතා කරයිද? ඔහු පාබල හමුදා යොදවනු ඇද්ද? එක්සත් ජනපදයේ දිගු දුර මිසයිල සහ ගුවන් ආරක්ෂණ මිසයිල තොග විශාල වශයෙන් ක්ෂය වී ඇති පූර්ණ පරිමාණ ගුවන් බෝම්බ හෙළීමකින් පසුව, ට්රම්ප් ඉරානය “අවසන් කිරීමට” බලාපොරොත්තු වන්නේ කෙසේද?
ට්රම්ප් සිය තර්ජන ක්රියාත්මක කරන්නේද නැද්ද යන්න කිසිවෙකුට කිව නොහැක, නමුත් එම තර්ජනම බලාපොරොත්තු සුන් වීමේ ලක්ෂණයකි. මාස අටක යුද්ධය සහ වැටලීම් මගින් ඉරාන ආණ්ඩුව පෙරළා දැමීම, ඉරාන හමුදාව පරාජය කිරීම හෝ හෝමූස් සමුද්ර සන්ධිය නැවත විවෘත කිරීම යන ට්රම්ප්ගේ ඉලක්ක සපළ කරගෙන නොමැත. නමුත් යුද්ධයේ ගැඹුරු වන අර්බුදය එක්සත් ජනපද අධිරාජ්යවාදය තවදුරටත් විශාල සූදුවක් දෙසට තල්ලු කරමින් සිටී.
ට්රම්ප්ගේ අපරාධකාරී යුද ඉලක්කයන්ට මග පාදා දීම සඳහා ඩිමොක්රටික් පාක්ෂිකයෝ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති.
ඩිමොක්රටික් පාක්ෂිකයින් යුද්ධය ගැන කතා කරන තාක් දුරට, ඔවුන් වැඩි වශයෙන් කතා කරන්නේ ඉන්ධන මිල කෙරෙහි එහි ඇති බලපෑම ගැන මිස සිදුවෙමින් පවතින දේ සහ එහි අපරාධකාරී ස්වභාවය ගැන නොවේ. ඩිමොක්රටික් පාක්ෂිකයින්ගේ සැබෑ උත්සුකය වන්නේ රුසියාවට එරෙහි යුද්ධයේදී මෙන්ම ඉරානයට එරෙහි යුද්ධයේදීත් ඇමෙරිකානු අධිරාජ්යවාදයේ අවශ්යතා සුරක්ෂිත කිරීමට ට්රම්ප් අපොහොසත් වී තිබීමයි.
ඉරිදා CBS නාලිකාවේ “Face the Nation” වැඩසටහනේදී තමා “නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ඩිමොක්රටික් පාක්ෂිකයින්ගේ සටන්කාමී සභාපති” ලෙස හඳුන්වා ගත් කොලරාඩෝ හි ඩිමොක්රටික් නියෝජිත ජේසන් ක්රෝ (Jason Crow) ප්රකාශ කළේ “ඉරානය තවදුරටත් තර්ජනයක් ලෙස පවතින” බවයි. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) “අසමර්ථ අයෙකු බවත්, අපගේ හමුදා සාමාජිකයින් ආරක්ෂා කිරීමට අවශ්ය දේ නොකරන” බවත් ක්රෝ පැවසීය.
රුසියාව සහ යුක්රේනය අතර අර්ථ විරහිත “බලශක්ති සටන් විරාමයක්” ට්රම්ප් විසින් ඔක්තෝබර් 11 වන දින ප්රකාශයට පත් කිරීමෙන් පසුව, සෙනෙට් සභාවේ ඩිමොක්රටික් නායක චක් ෂූමර් (Chuck Schumer) ඔක්තෝබර් 17 වන දින X හි සටහන් කළේ “මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන් ඉලක්ක කිරීමට ඉරානයට උපකාර කළ ඒකාධිපතියෙකුට ට්රම්ප් උදව් හා අනුබල දෙන” බවයි.
නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සන්නද්ධ සේවා, විදේශ කටයුතු සහ බුද්ධි තොරතුරු පිළිබඳ කාරක සභාවල ප්රමුඛ ඩිමොක්රටික් සාමාජිකයින් වන ඇඩම් ස්මිත් (Adam Smith), ග්රෙගරි මීක්ස් (Gregory Meeks) සහ ජිම් හයිම්ස් (Jim Himes) ඔක්තෝබර් 20 වන දින පොරොන්දු වූයේ යුක්රේනයට “ආරක්ෂක, ආර්ථික සහ බුද්ධිමය සහයෝගය” ලබා දීමට ට්රම්ප්ට “බලකරන” පනතක් ඉදිරියට ගෙන යන බවයි.
එක පැත්තකින් බලන කල, ඩිමොක්රටික් පාක්ෂිකයින් කැමති වනු ඇත්තේ ඊළඟ කොංග්රස් මණ්ඩලය රැස්වීමට පෙර ට්රම්ප් මෙම ප්රහාරය දියත් කරන්නේ නම් ය. ඩිමොක්රටිකයන් යුද්ධයට සහාය දක්වද්දී , ඔවුන්ගේ පාක්ෂික පදනම ඊට දැඩි ලෙස විරුද්ධ වන අතර, මැතිවරණයට පෙර හෝ ඊට ආසන්නව ඊට පසුව ට්රම්ප් විසින් අණ කරනු ලබන ප්රහාරයක් මගින්—මැද පෙරදිග බලය පිහිටුවීම සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහි යුද්ධය තීව්ර කිරීම යන—තමන්ද පොදුවේ පිළිගන්නා යුද අරමුණු සහිත යුද්ධයක දේශපාලන වගකීමෙන් මිදීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.
ඩිමොක්රටික් පාක්ෂිකයින්ගේ ප්රචාරණ ව්යාපාරයේ යුදකාමී ස්වභාවය තහවුරු වූයේ, ඩිමොක්රටික් සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) වෙනුවෙන් ඩෙට්රොයිට් හි පැවැති ජනරැලියකට, CNN විසින් ඉරිදා “ඩිමොක්රටික් පක්ෂයේ’ සමාප්ත කරන්නා ( ඡන්ද ව්යාපාරය කූටප්රාප්ත කරන්නා) ලෙස හඳුන්වා දුන් හිටපු ජනාධිපති බරැක් ඔබාමා (Barack Obama) සෙනසුරාදා සහභාගී වීමෙනි.
“මාස හතකට පසු, ඒ යුද්ධය සිදුවන්නේ කෙසේද?” ඔබාමා ඩෙට්රොයිට් හිදී ඇසීය. “අපගේ මිසයිල තොග අන්තරායකාරී ලෙස පහත වැටී ඇත. තවද ප්රධාන කාරණය නම්, හෝමූස් සමුද්ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට දැන් නිෂේධ බලයක් (veto power) හිමිව තිබීමයි … එබැවින් යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති තත්වයට වඩා ශක්තිමත් මූලොපායික ස්ථානයක ඔවුන් දැන් ඉන්නවා.”
ඔබාමා යනු ඇමෙරිකානු ඉතිහාසයේ, රට යුදයක යෙදී පවතිද්දී පූර්ණ ධුර කාල දෙකක් සේවය කළ එකම ජනාධිපතිවරයා වන අතර, ඔහුගේ පාලනාධිකාරය අවම වශයෙන් රටවල් හතක හමුදා මෙහෙයුම් සිදු කළේය. “ත්රස්තයට එරෙහි යුද්ධය” යටතේ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම සඳහා වූ “ඝාතන ලැයිස්තුවට” (kill list) එකතු කරන ලද සෑම නමක්ම ඔබාමා පෞද්ගලිකව අනුමත කළ අතර, විමර්ශනාත්මක මාධ්යවේදීන්ගේ කාර්යාංශය (Bureau of Investigative Journalism) මගින් ඔබාමාගේ ධුර කාල දෙක තුළ පාකිස්ථානය, සෝමාලියාව සහ යේමනය යන රටවල එක්සත් ජනපද ප්රහාර 563 ක් (එයින් වැඩි ප්රමාණයක් ඩ්රෝන ප්රහාර) වාර්තා කර ඇත. මෙය ජෝර්ජ් ඩබ්. බුෂ් (George W. Bush) යටතේ සිදු වූ ප්රහාර මෙන් දස ගුණයකි.
ඔබාමාව හඳුන්වා දෙමින් “ප්රගතිශීලී” සෙනෙට් අපේක්ෂක එල්-සයීඩ්, “අප දැවැන්තයින්ගේ කර මත සිට ගනිමු” යැයි ප්රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය.
2012 නොවැම්බර් මාසයේදී, එල්-සයීඩ් විසින් ඔබාමාව විවේචනය කළේ ඔහු “යුද්ධය පවත්වාගෙන ගිය, අපගේ සිවිල් නිදහස උල්ලංඝනය කළ, සහ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා වැඩි පිරිසක් අපගේ රටෙන් පිටුවහල් කළ” අයෙකු ලෙසයි. ඔක්තෝබර් 11 වන දින NBC හි “Meet the Press” වැඩසටහනේදී එම විවේචනය ගැන විමසූ විට එල්-සයීඩ් පැවසුවේ: “මා වඩා ඉලන්දාරි කාලේ එම ලිපි ලියූ තැනැත්තා—එවිට මා නාඹරයි” යනුවෙනි.
ඩිමොක්රටික් පාක්ෂිකයින්ට යුද්ධයට එරෙහි මහජන විරෝධය යනු ජයගත යුතු ගැටලුවකි. එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ වෙනස් කල්ලි නියෝජනය කරන ට්රම්ප් සහ ඩිමොක්රටික් පාක්ෂිකයින් යන දෙපිරිසම, මැද පෙරදිග සිට නැගෙනහිර යුරෝපය සහ ආසියාව දක්වා එක්සත් ජනපද අධිරාජ්යවාදයේ කොල්ලකාරී අරමුණු හඹා යාමට තීරණය කර ඇත.
අධිරාජ්යවාදී යුද්ධයේ ගෝලීය පුපුරා යෑම මගින් නිර්මාණය කර ඇති සාමාජික හා ආර්ථික අර්බුදය, කම්කරුවන් සහ තරුණයින් අතර දැවැන්ත මහජන විරෝධයක් නිර්මාණය කරමින් තිබේ. සෙනසුරාදා ප්රංශය පුරා 410,000 ක ජනතාවක් විරෝධතා පාගමනක නිරත වූහ.
“තරුණයින්ගේ සහ කම්කරුවන්ගේ ගෝලීය කැරැල්ල සහ පාලක පන්තියේ යුද උන්මාදය” යන මැයෙන් ඔක්තෝබර් 23 වන දින World Socialist Web Site කර්තෘ මණ්ඩලය නිකුත් කළ ප්රකාශය, මහජන විරෝධතා සහ යුද උත්සන්නිය “ලෝක ධනවාදයේ එකම අර්බුදයේ” නිෂ්පාදන ලෙස හඳුනා ගත්තේය. උද්ධමනය, සමාජ සුබසාධන වැඩසටහන් කප්පාදු කිරීම සහ ඩොලර් බිලියන සිය ගණනක් යුද්ධයට යොමු කිරීම යනු පැරිසියේ මෙන්ම එක්සත් ජනපදයේද ජීවන කොන්දේසි වේ.
සමීක්ෂණවල වාර්තා වන විරෝධයට තවමත් සංවිධානාත්මක ස්වරූපයක් නොමැත. යුද්ධයට එරෙහි අරගලය, පක්ෂ දෙකෙන්ම ස්වාධීනව, වේතන සහ රැකියා පිළිබඳ අරගලය යුද්ධයට සහ එය නිර්මාණය කරන ධනපති ක්රමයට එරෙහි අරගලයට සම්බන්ධ කරමින් කම්කරු පන්තියේ වර්ධනය වන ව්යාපාරය සමඟ ඒකාබද්ධ කළ යුතුය.
[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

මෙම ලිපිය ගැන ප්රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න
එක්සත් ජනපදය සහ ඊශ්රායලය මෙම යුද්ධයේ මුල් පැය කිහිපයේදී පෙබරවාරි 28 වන දින ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ බව ලිපියේ සඳහන් වේ—එම ආරම්භක ප්රහාරයේදී සැබවින්ම සිදු වූයේ කුමක්ද සහ ඉරානය ඒ අවස්ථාවේදී ප්රතිචාර දැක්වූයේ කෙසේද?
The article mentions the US and Israel killed Iran’s supreme leader on February 28 in the opening hours of this war—what actually happened in that initial attack and how did Iran respond at the time?
ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම ප්රතිවාදී පක්ෂ ලෙස පෙනී සිටියද පෙරදිග එකම අධිරාජ්යවාදී ඉලක්ක හඹා යන්නේ මන්ද?
Why do both the Democrats and Republicans end up pursuing the same imperialist goals in the Middle East even though they present parties?
2003 ඉරාක ආක්රමණයට පෙර පැවැති ප්රචාරක ව්යාපාරය සැබවින්ම ක්රියාත්මක වූයේ කෙසේද, සහ එම යුද්ධය සඳහා එකඟතාව ගොඩනැගීමේදී (manufacturing consent) මාධ්ය ඉටු කළ කාර්යභාරය කුමක්ද?
How did the propaganda campaign before the 2003 Iraq invasion actually work, and what role did the media play in manufacturing consent for that war?
SocialismAI.com වෙතින් වැඩිදුර ප්රශ්න අසන්න
