Author name: theSocialist.LK

socialist reviews

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 10 -16

This week in history | ඉතිහාසයේ මෙම සතිය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 09 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

වසර 25 කට පෙර: මහ සිකුරාදා ගිවිසුම තීන්දු විය.

Image

අප්‍රේල් 10, 1998, දකුණේ සිට, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, එක්සත් ජනපද සෙනෙට් ජෝර්ජ් මිචෙල් සහ අයර්ලන්ත අගමැති බර්ටි අහර්න්, උතුරු අයර්ලන්තයේ සාමය සඳහා වූ සිකුරාදා ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු එකට පෙනී සිටියහ.  (AP ඡායාරූපය/ගොනුව)

1998 අප්‍රේල් 10 වන දින, උතුරු අයර්ලන්තයේ නව දේශපාලන විධිවිධාන සඳහා වූ ඊනියා මහ සිකුරාදා ගිවිසුම, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රජයන් අතර අවසන් වශයෙන් තීන්දු විය. මේ සඳහා, අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආන්ඩුව විසින් ඊට ඉහත ගිම්හානයේදී සාකච්ඡා ආරම්භ කරන ලදී.

උතුරු අයර්ලන්තයෙහි, සංගත ආයෝජන සඳහා වඩාත් ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතු මාධ්‍යයක් ලෙස, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය එක්ව සකසන ලද මෙය, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වල සෘජු වියදමින් මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සහතික කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමක් විය. එමෙන්ම එය, අනාගත සිදුවීම් මාලාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් හෝ කියා සිටීමට අයර්ලන්ත කම්කරුවන්ට කවර හෝ අවකාශයක් ලබා දීම බැහැර කිරීමක් විය.

මාස ගණනක හෙට්ටු කිරීමෙන් පසු ගිවිසුමක් ලබා ගැනීමට සියලු පාර්ශ්වයන් උනන්දුවෙන් සිටි තත්වයක් තුල, සාකච්ඡා වල සභාපති, හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝර්ජ් මිචෙල් විසින් අවසන් කිරීමේ දින නියම කල අතර, ආන්ඩු දෙක විසින් පිලිගන්නා ලද කෙටුම්පත් ලේඛනය අවසන් මොහොතේ දී ඊට සිදු කෙරුනු වෙනස්කම් නිසා එය දීර්ඝ කරන ලදී.  එක්සත් ජනපද ජනාධිපති ක්ලින්ටන් උතුරු අයර්ලන්තයේ ජාතිකවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කම්කරු පක්ෂයේ නායක ජෝන් හියුම් වෙත ලබා දුන් උදෑසන දුරකථන ඇමතුමක් මගින් අවසන් පැකේජයේ මුද්‍රාව තැබින.

ගිවිසුම ” හුය පට” තුනකින් සමන්විත විය. පලමු හුය පට වූයේ සමානුපාතික නියෝජනයෙන් තේරී පත් වූ සාමාජිකයින් සහිත නව උතුරු අයර්ලන්ත සභාවක් සඳහා වූ යෝජනාවයි. දෙවැන්න, උතුරු-දකුනු අමාත්‍ය මන්ඩලයක් පිහිටුවීම මෙන්ම වෙලඳ හා සංචාරක වැනි ක්ෂේත්‍රවල දේශසීමා ආයතන පිහිටුවීම පිලිබඳව විය. තුන්වන හුය පට, වෙස්ට්මිනිස්ටර් සහ ඩබ්ලින් යන දෙඅංශයෙන්ම මෙන්ම ස්කොට්ලන්ත සහ වේල්ස් වල නියෝජිතයන්ගෙන් ද සැදුම් ලත් ඊනියා දූපත් සභාවක් සඳහා වූ යෝජනාවලින් සමන්විත විය.

එහි අන්තර් පක්‍ෂ සහයෝගය තිබියදීත්, නව ගිවිසුම සියවස් ගණනාවක් පුරා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වගා කරන ලද නිකායික ගැටුම් අවසන් කිරීමට පදනම දැමුවේ නැත.  ඒ වෙනුවට, එය අයර්ලන්තයේ මූලික බෙදීම් වූ, ආගම සහ ජාතික අනන්‍යතාවය යන සංකල්පය තහවුරු කලේය.  උතුරු අයර්ලන්තය ඒකාබද්ධතාවාදී (unionist) සහ අයර්ලන්ත ජාතිකවාදී “ප්‍රජාවන්” (communities) ලෙස බෙදීම මත පදනම්ව ව්‍යවස්ථාපිත පියවර මාලාවක් පැනවීමට නියමිතව තිබුණි.

සෑම වසර හතකටම වරක් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිලිබඳ ජනමත විචාරන පැවැත්වීම යන කරුනුවලට සීමා වූ සිය බලපෑමට හිලව් වශයෙන්, අයර්ලන්ත සමූහාන්ඩුව උතුරු ප්‍රාන්ත හයට සිය හිමිකම් කීම අත්හැරිය යුතු විය. පොදු උත්සුකයන් සහිත ක්ෂේත්‍ර පිලිබඳව සාමූහික තීරන ගැනීම සඳහා උතුරු/දකුනු අමාත්‍ය මණ්ඩලයක් විසින් නායකත්වය උසුලනු ලබන අන්තර් දේශසීමා ආයතන ඇති කරන ලදී.

දශක ගනනාවක ලේ වැකි සිවිල් ගැටුමකින් පසුව, උතුරු අයර්ලන්ත සභාවකට බලය පැවරෙන රජයක් පිහිටුවීම සඳහා, ගිවිසුම මගින් කොන්දේසි නියම කරන ලදී.  එහි එක් කේන්ද්‍රීය ඉලක්කයක් වූයේ ප්‍රාන්ත හයේ බ්‍රිතාන්‍ය පාලනය රැක ගනිමින්, ආර්ථික වශයෙන් හානි කරන නිකායික ගැටුම් පාලනයට ගෙන ඒමේ මාවතක් ලෙස අයි.ආර්.ඒ හි දේශපාලන අංශය වන  ෂින් ෆේන්  (Sinn Fein)  ජනරජ ජාතිකවාදීන් රජයේ ව්‍යුහයන් තුළට සම්බන්ධ කර ගැනීමයි.  ඒ අතරම, මහා ව්‍යාපාරික උත්සුකයන්ට එරෙහිව කිසිදු ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීම මගින් අයර්ලන්තයේ ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ කම්කරු පන්තිය තුල ආගමික බෙදීම් පෝෂණය කිරීම දිගටම කරගෙන යන ලදී.

වසර 50 කට පෙර: චිලීයේ තඹ පතල් කම්කරුවන් දහස් ගණනක් වැඩ වර්ජනයක නිරත වෙති

Image

1973 අප්‍රේල් 15 වන දින, ලොව විශාලතම භූගත තඹ ආකරය වන  එල් ටෙනියන්ටෙ ( El Teniente) හි සේවය කළ චිලියේ පතල් කම්කරුවන් දහස් ගණනක්, රටේ දැවැන්ත උද්ධමන අර්බුදයට සමගාමීව වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය.  වර්ජනය දින 70ක් පැවති අතර, අවසානයේදී ඇලන්ඩේ ආන්ඩුව කම්කරුවන්ට එරෙහිව පොලිසිය හා මිලිටරිය යොදාගැනීමෙන් එය යටපත් කරන ලදී.

එල් ටෙනියන්ටෙ ආකරය, ඉහත දී එක්සත් ජනපදය පදනම් කරගත් කෙනෙකොට් තඹ සංස්ථාව  (Kennecott Copper Corporation) සතු ව තිබූ නමුත් 1971 දී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සැල්වදෝර් ඇලෙන්ඩේ රජය විසින් එය (වන්දි සහිතව) ජනසතු කරන ලදී.  වැඩවර්ජනය පැහැදිලිවම දේශපාලනික ස්වභාවයක් ගත්තේය. මෙයින් අදහස් වූයේ, චිලීගේ නය ගෙවීම සඳහා පතල් කම්කරුවන්ගේ ජීවන තතුවලට කිසිදු දියුනුවක් ලබා නොදෙන බවට ජාත්‍යන්තර මූල්‍යයට ප්‍රතිඥා දුන් ඇලන්ඩේගේ කම්කරු හිතවාදී යැයි කියන ආන්ඩුවට එරෙහිව පතල් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටි බවයි.

1973 මාර්තු මාසයේ පැවති කොන්ග්‍රස් මැතිවරනයෙන් යන්තමින් පන බේරා ගැනීමෙන් පසු, සමාජවාදී පක්ෂය, චිලීහි ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සමන්විත ඇලන්ඩේගේ “ජනප්‍රිය එකමුතු” (Popular Unity) සභාගය ගැඹුරු දේශපාලන අර්බුදයකට හසු  විය.  ඇලෙන්ඩේගේ ආන්ඩුව, කම්කරු පන්තියෙන් නැඟෙන කවර හෝ සහ සියලු වැටුප් ඉල්ලීම් මැඩ පැවැත්වීමට විදේශ ප්‍රාග්ධනය සහ චිලී හමුදාවේ ඔවුන්ගේ දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී සහචරයින් යොදමින් සිටි පීඩනයෙන් මිරිකී යමින් තිබින.

මෙම දක්ෂිනාංශික කන්ඩායම් සීඅයිඒ හරහා එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ පරිපාලනය සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන ගියහ.  ඒ වන විටත් , ඔවුහු,1973 සැප්තැම්බර් මාසයේදී ඇලෙන්ඩේ බලයෙන් පහ කරනු ඇති කුමන්ත්‍රනය සැලසුම් කරමින් සිටියහ.

චිලී රජය අතිවිශාල විදේශ නය ප්‍රමානයක් ලබාගෙන තිබුනි.  1973 ආරම්භය වන විට විදේශ නයවල මුළු පිරිවැය ඩොලර් බිලියන 4 ඉක්මවූ අතර එය 2023 පවතින උද්ධමනය සඳහා ගැලපූ විට ඩොලර් බිලියන 27 කට සමාන විය. මෙම නය සඳහා පොලිය ගෙවීමට පමනක් චිලියට වසරකට ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් වැය විය.

තඹ රටේ පැවැති වටිනාම සම්පත වූ අතර, චිලියේ සියලුම අපනයනවලින් සියයට 80 ක් ඉන් සමන්විත විය. මේවා මූලික වශයෙන් එක්සත් ජනපදයට සහ බටහිර යුරෝපයට යැවින.  චිලියේ නිෂ්පාදනය කරන ලද තඹවලින් තුනෙන් එකක් නිෂ්පාදනයට වගකියන ලද්දේ එල් ටෙනින්ටේ ආකරයයි. මෙය, තඹ පතල් කම්කරුවන් චිලී කම්කරු පන්තියේ අතිශයින්ම වැදගත් කොටසක් බවට පත් කළේය.

නය අර්බුදය හමුවේ සහ ඔහුගේ ආන්ඩුවේ දක්ෂිනාංශික කොටස්වලට මුලුමනින්ම යටත් වීම තුල, ඇලෙන්ඩේගේ එකම විසඳුම වූයේ රජය සතු පතල් වලින් තඹ නිෂ්පාදනය වැඩි කරන ලෙස ඉල්ලා සිටින අතරම වැටුප් අඩු මට්ටමක තබා ගනිමින් එය විදේශයන්හි විකිනීමෙන් ලැබෙන ලාභය උපරිම කර ගැනීමයි. සාරය වශයෙන් ගත් කල, ඔහු උත්සාහ කළේ අධිරාජ්‍යවාදී මූල්‍යකරුවන්ගේ ඉල්ලීම් තෘප්තිමත් කිරීම සඳහා පතල් කම්කරුවන් සූරාකෑම වැඩි කිරීමටයි.  මෙම වැඩපිලිවෙලට, වර්ජකයන්ට එරෙහිව පොලිස් මර්දනය ඉල්ලා සිටි ස්ටැලින්වාදීන්ගේ සම්පූර්න පිටුබලය ලැබුනි.

කම්හල් වාඩිලාගැනීම් සහ රටේ අනෙකුත් ප්‍රදේශ වල කම්කරුවන්ගේ මිලීෂියාවන් (workers’ militia) පිහිටුවීම සමග අත්වැල් බැඳගත් පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය, චිලී කම්කරු පන්තියේ දේශපාලන නිර්භීතකම පෙන්නුම් කලේය. ඒ අතරම, එය මහජන පෙරමුනු ආන්ඩුවේ බංකොලොත්භාවය සහ සැබෑ විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා දුන්නේය.

වැඩවර්ජනය පතල් කම්කරුවන්ගේ පරාජයකින් අවසන් වුවද, කම්කරු ව්‍යාපාරය මුලුමනින්ම තලා දමන තුරු දක්ෂිනාංශිකයින් සෑහීමකට පත් වූයේ නැත.  ජුනි මාසයේදී වර්ජනය අවසන් වූ වහාම දෙවන සන්නද්ධ රෙජිමේන්තුව ඇලෙන්ඩේට එරෙහිව කුමන්ත්‍රනයක් දියත් කරන ලදී.

මෙම උත්සාහය අසාර්ථක වූ අතර, එය ඇලෙන්ඩේ පෙරලා දමා එම වසරේ අගභාගයේදී ඔගස්ටෝ පිනෝචේගේ මිලිටරි ආඥාදායකත්වය බලයට ගෙන ඒමට හැකි සාර්ථක කුමන්ත්‍රනයක් සඳහා වේදිකාව සකසන ලදී.  කම්කරුවන්ගේ මිලීෂියා සහ කම්හල් කවුන්සිල (factory councils) මර්දනය කිරීමට සහ නිරායුධ කිරීමට, පිනොචේට සහ ඔහුගේ ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ඔවුන්ව අනාරක්ෂිත කිරීමට ඇලෙන්ඩේ ජූනි කුමන්ත්‍රනය නිදහසට කරුනක් ලෙස භාවිතා කරන ලදී.

වසර 75 කට පෙර: මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ නාසි ඝාතන කණ්ඩායම

Image

නියුරම්බර්ග් හි පැවති Einsatzgruppen “කමාන්ඩෝ” නඩු විභාගයේ ප්‍රධාන ජර්මානු විත්තිකරුවන් දෙදෙනෙකු වන SS මේජර් ජෙනරාල් Otto Ohlendorf (ඉදිරිපස) සහ SS බ්‍රිගේඩියර් ජෙනරාල් Heinz Jost (පසුපස) .  Ohlendorf ඝාතනය කරන ලද අතර Jost නිදහස් වීමට පෙර වසර දහයක් සිරගතව සිටියේය.  [ඡායාරූපය: Telford Taylor papers]

1948 අප්‍රේල් 10 වන දින, ජර්මානු අයින්සැට්ස්ගෘපන් (Einsatzgruppen) හි නායකයින් පිළිබඳ එක්සත් ජනපද හමුදා නඩු විභාගයක් අවසන් වූයේ, සියලු විත්තිකරුවන් මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලට වැරදිකරුවන් වෙමින් සහ 24 දෙනාගෙන් 14 දෙනෙකුට මරන දන්ඩනය නියම කරමිනි.  දෙවන ලෝක සංග්‍රාමයේදී,  අයින්සැස්කොෆන්, නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශය වන SS හි ජංගම ඝාතක කණ්ඩායම් විය.

විත්තිකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් විවිධ අයින්සැට්ස්ගෘපන් අංශවල ප්‍රධාන අණ දෙන නිලධාරීන් වූ අතර නියෝජ්‍ය ප්‍රධානීන් සහ සහායකයින් කිහිප දෙනෙක් ද වූහ. ඔවුන්ගේ නඩු විභාගය වූ කලී, නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසුව පැවැති, ජාත්‍යන්තර අධිකරණයක් විසින් නොව ජර්මනියේ පිහිටි ඇමරිකානු හමුදා අධිකරණයක් විසින් පවත්වන ලද නඩු විභාගවලින් එකක් විය.

සාමූහිකව, විත්තිකරුවන් මිලියනයකට වැඩි පිරිසක් ඝාතනය කිරීම සෘජුවම අධීක්ෂණය කළ බවට චෝදනා එල්ල විය.  වඩාත් මෑතකාලීන අධ්‍යයනයන්ට අනුව, යුදෙව්වන් මිලියන 1.3 ක්, රොමානි ජනයා 250,000 ක් සහ තවත් අඩ මිලියනයක් පාක්ෂිකයන් (partisans), ආබාධිතයන් සහ සෙසු වාර්ගික සුළුතරයන් ද ඇතුළු මිලියන දෙකක් පමණ දක්වා අයින්සැට්ස්ගෘපන්හි (Einsatzgruppen) සිදු කල ඝාතන සංඛ්‍යාව ඉහල යයි.

අයින්සැට්ස්ගෘපන් විත්තිකරුවන්ට එරෙහි මූලික චෝදනාව වූයේ, “ සංවිධානාත්මක ජන සංහාර සැලැස්මක කොටසක් ලෙස, දේශපාලන, වාර්ගික සහ ආගමික හේතූන් මත හිංසනයන් හරහා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනීමැරුම්, සමූලඝාතනය, සිරගත කිරීම් සහ ජර්මානු ජාතිකයන් සහ වෙනත් රටවල පුරවැසියන් ඇතුළු සිවිල් ජනතාවට එරෙහිව වෙනත් අමානුෂික ක්‍රියාවන්” සිදු කිරීම ය. එම හේතු මත, ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද අතර, අපරාධ සංවිධානයක, එනම් එස්එස් සහ එහි විවිධ අනු කොටස්වල සාමාජිකයන් වීම සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.

අයින්සැට්ස්ගෘපන් නිලධාරීන් ගාල් කඳවුරුවල මිනීමැරුම් යන්ත‍්‍ර පමණක් නොව, අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලිගනිමින් සිදු කෙරුනු සමූහ සංහාරයන් සහ වෙනත් භීෂණයන් ද අධීක්‍ෂනය කර තිබුනි.  දැඩි දඬුවම් ප්‍රකාශයක් නිකුත් කරමින් විනිසුරුවරු විත්තිකරුවන් ගැන ලියා ඇත්තේ ඔවුන්, “මනස එහිම චින්තන ප්‍රතිරූපයට එරෙහිව කැරලි ගසන සහ භාෂාව එය නිරූපනය කිරීමට අසමත් වන තරමේ මානව අවමානයක අවලෝකනය තුල, පරිකල්පනය පවා තුෂ්නිම්භූත කරවන සුළු පෙර නොවූ විරූ තරම් කෲර සහ සිතාගත නොහැකි තරම් ම්ලේච්ඡ අපරාධවලට” වැරදිකරුවන් වන බවයි. 

මරණ මිලියනය “වියුක්ත සංඛ්‍යාවක්” ලෙස සැලකීමට එරෙහිව අනතුරු හඟවමින් විනිසුරුවෝ මෙසේ ලිවූහ: “මෙම අපරූපී ඓක්‍යය මනසට උකහා ගත හැකි ඒකකවලට බිඳ දැක්වූ විට පමණක් මෙම නඩු විභාගයේදී අප මෙනෙහි කරන දේවල භයානක බව කෙනෙකුට තේරුම් ගත හැකිය. අලුගෝසුවාගේ තුවක්කු ඉදිරියේ මිනිසුන් දස දෙනෙකු පමණක් – පිරිමින්, ගැහැණුන් සහ ළමයින්, සමහර විට එකම පවුලක සියල්ලන් — ඇද වැටෙන ආකාරය යමෙකු දෘශ්‍යමාන කළ යුතුය.  මිලියනයක් දහයෙන් බෙදුවොත් පෙනී යන්නේ, මේ දර්ශනය සිය දහස් වාරයක් සිදු වී ඇති බවයි…”

මරණ දණ්ඩනයට නියම වූ 14 දෙනාගෙන් ඇත්ත වශයෙන්ම එල්ලා මරා දමනු ලැබුවේ හතර දෙනෙකු පමණි.  ඉතිරි අයගේ දඩුවම් සිර දඬුවම් බවට පරිවර්තනය කරන ලදී . සෝවියට් දේශය සමග සීතල යුද්ධ ගැටුමේ කොටසක් ලෙස, 1950 ගනන්වල නාසි සිර දඬුවම් කොන්දේසි ලිහිල් කිරීමට එජ සහාය ලත් බටහිර ජර්මානු අධිකාරීන් ක්‍රියා කල අතර, මරාදැමීමට නියම නොවූ අනෙක් අය සමග, මෙකී මරන දන්ඩනයට නියම වූවන් ගනනාවක් ද,  එකී මෘදු සැලකිල්ලේ ප්‍රතිලාභීහු වූහ.  නිදසුනක් වශයෙන්, සමූහ මිනීමරුවන්ගෙන් එක් අයෙක්, මුලදී මරනීය දන්ඩනය නියම කරනු ලැබුවද, ඔහුගේ සිර දඬුවම වසර දහයකට ලිහිල් කරනු ලදුව 1951 දී නිදහස් වූ අතර, හේ 1987 දක්වා නිදහසේ ජීවත් විය.

වසර 100 කට පෙර: ජපන් ඔටුන්න හිමි කුමරු තායිවානයට පැමිණේ

Image

1923 අප්‍රේල් 12 වන දින ජපාන ඔටුන්න හිමි හිරෝහිතෝ කුමරු හමුදා උපාමාරුවල කොටසක් ලෙස තායිවානයේ සති දෙකක සංචාරයක් ආරම්භ කළේය.  1895 දී චීන-ජපන් යුද්ධයේ අවසානයෙන් පසුව ෆෝමෝසා ලෙසින් හැඳින්වෙන මෙම දූපත ජපානයේ යටත් විජිතයක්ව පැවතිණි. මීට වසර දෙකකට පෙර, හිරෝහිතෝ  ජපන් උපරාජයා බවට පත් වූයේ, ඔහුගේ පියා වන ටයිෂෝ අධිරාජ්‍යයා මානසික රෝගී තත්ත්වය නිසා  එදිනෙදා කාර්යාලීය රාජකාරි ඉටු කිරීමට නුසුදුසු වූ බැවිනි.

හිරෝහිතෝ තායිවානයට කල පලමු සංචාරය වූයේ මෙයයි. ජපන් අධිරාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි බලපරාක්‍රමය අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට සිහිපත් කර දීම සඳහා ඔහු 1921 දී යුරෝපයේ රාජ්‍ය චාරිකාවක්  කර තිබුණි.  ජපානය පළමු ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයින්ගේ පැත්තෙන් සටන් කල අතර යටත් විජිත කොල්ලයේ තම කොටස ජර්මනියෙන් ඉල්ලා සිටියේය. එය බටහිර පැසිෆික් කලාපයේ නව මිලිටරි සංස්ථාපිතයක් පිහිටුවීම සඳහා ප්‍රංශය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය සමඟ ප්‍රධාන නාවික ගිවිසුමක් ද අවසන් කර තිබුණි.  1922 දී ජපානයට සෝවියට් සයිබීරියාවෙන් ඉවත් වීමට බල කෙරුනි.

හිරෝහිතෝගේ තායිවාන සංචාරයේ අරමුන වූයේ ජපානයේ ජනයාට – විශේෂයෙන්ම පාලක පන්තියට – ඔහු කොරියාව ද, සහ සඵල ලෙස චීනයේ සමහර කොටස් ද ඇතුලත් රටේ විදේශීය දේපලවල නිසි පාලනය අතැතිව සිටින බව සහතික කිරීමයි. තායිවානයට ගොඩබැසීමේදී හිරෝහිතෝගේ පලමු ක්‍රියාව වූයේ 1895 දී පලමු ජපන් ගවේෂණ බලකාය සමඟ මියගිය ඔහුගේ ඥාතියෙකු වන කිටා ශිරකාවා කුමරුගේ  සොහොන් කොත වෙත පැමිණීමයි.

එහෙත් හිරෝහිතෝ තමා සහ පොදුවේ ජපන් පාලනය, මධ්‍යස්ථභාවයේ සහ සදාචාරයේ ආදර්ශයක් බව ප්‍රාදේශීය චීන පාලක පන්තියට ඒත්තු ගැන්වීමට ද උත්සාහ කළේය.  ඔහු ජපානය විසින් ඉදිකරන ලද පාසල්වලට ගිය අතර, සිරගත කරන ලද චීන ජාතිකවාදීන්ගේ දඬුවම් ද ලිහිල් කලේය.

ජපන් පාලනය විසින් තබන ලද පරදු ඉහල මට්ටමක ඒවා විය: ජපානය විසින් දිවයින තුල දැවැන්ත නවීකරණ වැඩසටහනක් දියත් කර තිබුනු අතර, දුම්රිය මාර්ග ද, ජපානයට අපනයනය කිරීම සඳහා උක් සහ අනෙකුත් මුදල් භෝග නිෂ්පාදනය කිරීම සඳහා වැවිලි කර්මාන්ත ද ඔවුන් විසින් වර්ධනය කරනු ලැබ තිබින.

එවකට ජපානයේ බලධාරීන්ට චීනයේ, කොරියාවේ පමණක් නොව, තායිවානයේ ද ජාතික ව්‍යාපාරවල වර්ධනය සමඟ කටයුතු කිරීමට සිදු වූ අතර, මෙම දිවයිනේ දී, ඔවුන්ගේ ප්‍රතිපත්ති තරමක් මධ්‍යස්ථ විය.  1919 දී ජපන් ජාතිකයින් සිවිල් ආණ්ඩුකාරවරයෙකු පත් කර ඇත (සෘජු හමුදා පාලනය වෙනුවට).  මෙම අවස්ථාවේදී, එක් ඉතිහාසඥයෙකු සඳහන් කර ඇති පරිදි, “තායිවාන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට සහ යටහත් පහත්, දෙවන පන්තියේ ජපන් පුරවැසියන්ගෙන් යුත් දිවයිනක් නිර්මාණය කිරීමට ජපානය වෙහෙස මහන්සි වී වැඩ කලේය.”

#theSocialstLK #WSWS

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 10 -16 Read More »

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 10 දින ‘In China, Macron criticizes US policy on Taiwan, demands European “war economy”’ ශීර්ෂයෙන් යුතුව පලකෙරුනු ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

Image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් 2023 අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා බීජිං හි පැවති ප්‍රංශ-චීන ව්‍යාපාරික කවුන්සිල රැස්වීමකට සහභාගී වෙමින්. [AP Photo/Ludovic Marin/Pool via AP]

මෙම සති අන්තයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කිරීම සඳහා චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අවසන් කළේය.  අතිමහත් මහජන විරෝධය හමුවේ ගැඹුරු විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් පැනවීමෙන් පසු ප‍්‍රන්සය පුරා වැඩ වර්ජන හා විරෝධතාවලින් කම්කරු පන්තියේ විරෝධය පුපුරා යද්දී පවා, මැක්‍රොන් යුරෝපීය “යුද ආර්ථිකයක්” ගොඩනැගීම සඳහා මිලිටරි වියදම්වල නව දැවැන්ත වැඩිවීමක් ඉල්ලා සිටියේය.

මැක්‍රොන්ගේ චීන සංචාරය දිග හැරුනේ යුක්‍රේනයේ රුසියාව සමග නේටෝ යුද්ධයේ සෙවණැල්ල යටතේ සහ තායිවානය සම්බන්ධයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජන තීව්‍ර කරමිනි.  සාකච්ඡාවේ පළමු දිනයේදී ඔහු යුක්රේනය සම්බන්ධයෙන් “රුසියාව සාධාරණ ප්‍රතිපත්තියකට ගෙන ඒමට” ෂගේ උදව් ඉල්ලා සිටියේය. “යුක්රේන අර්බුදය තවදුරටත් පිරිහීමට තුඩු දෙන ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා තාර්කිකත්වය සහ සංයමය පවත්වා ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීමට ප්‍රංශය සමඟ වැඩ කිරීමට” ප්‍රතිඥා දෙමින්  ෂී ප්‍රතිචාර දැක්වූ බව චීන පීපල්ස් ඩේලි වාර්තා කළේය.

මැක්‍රොන්ගේ සංචාරය, වොෂින්ටනය සමග වැඩෙන ආතතීන් මධ්‍යයේ චීනය සමග ප්‍රංශ ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ ප්‍රංශ හා යුරෝපීය මිලිටරි හමුදා ශක්තිමත් කිරීමට සාකච්ඡා කරා හැරුනි.  මැක්‍රොන් සමඟ ඔහුගේ සංචාරයට බලශක්ති ඒකාධිකාරී Electricité de France, Airbus සහ Safran යන අභ්‍යවකාශ සමාගම්, දුම්රිය නිෂ්පාදක Alstom, LVMH සහ L’Oréal සහ සංචාරක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ දැවැන්ත නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.  ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාපකයෙකු වන ජීන්-මයිකල් ජැරේ සහ ඔහුගේ බිරිඳ, චීන චිත්‍රපට තරුවක් වන Gong Li ද ප්‍රංශ නියෝජිත කණ්ඩායමේ කොටසක් විය.

වොෂින්ටනය “එක් චීනයක්” ප්‍රතිපත්තිය අවසන් කිරීමට සහ බීජිං-තායිවාන යුද්ධයක් අවුලුවාලීමට කොන්දේසි නිර්මානය කරන තායිවානය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමේ එක්සත් ජනපද පිලිවෙත මැක්‍රොන් විවේචනය කෆළ්ය. චීන ප්‍රකාශයකට අනුව, මැක්‍රොන් තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන්ගේ එක්සත් ජනපද සංචාරය “කණගාටුදායක” ලෙස හැඳින්වූ අතර “එක් චීනයක්” ප්‍රතිපත්තියට ඔහුගේ සහාය නිල වශයෙන් ප්‍රකාශ කළේය.  මැක්‍රොන් 11 අඟහරුවාදා පැරිසිය වෙත ආපසු පැමිනි විට මූල්‍ය සඟරාවක් වන Les Echos සමඟ සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවකදී මෙම කාරනය සම්බන්ධව නැවත කතා කළේය.

මැක්‍රොන් මෙසේ පැවසුවේය: “යුරෝපීයයන් වන අපෙන් අසන ප්‍රශ්නය නම්: තායිවානය සම්බන්ධයෙන් වඩා වේගවත් වන වර්ධනයන් ගැන අපට උනන්දුවක් තිබේද?  නැත. නරකම දෙය නම් යුරෝපීයයන් වන අප එක්සත් ජනපද රිද්මයට සහ චීනයේ ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දැක්වීම් වලට අනුගත වෙමින් මෙම ප්‍රශ්නය දෙස අන්ධ ලෙස බලා සිටිය යුතු යැයි සිතීමයි.  අන් අය අප වෙනුවෙන් තෝරාගෙන ඇති රිද්මයක් අප අනුගමනය කළ යුත්තේ ඇයි?  යම් අවස්ථාවක දී, අපි අපේම ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතුය.  අපි සැබෑ යුරෝපීය ආරක්ෂක (strategic) ස්වාධිපත්‍යයක මූලද්‍රව්‍ය සම්පාදනය කරමින් සිටින බැවින්, හදිසියේ යම් ආකාරයක භීතිකාවකින් මෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන් ගත්තොත් එය පරස්පර විරෝධී වනු ඇත.”

මැක්‍රොන් ප්‍රන්සය සහ ප්‍රධාන යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදී බලවතුන්ට වොෂින්ටනය සමග වැඩෙන ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමට කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මගින් මූල්‍ය සම්පාදනය කරන ලද දැවැන්ත මිලිටරි තරකිරීමක් වෙනුවෙන් තර්ක කලේය.  ඔහු මෙසේ කීවේය: “බොහෝ කාලයක් තිස්සේ යුරෝපය මා සටන් කරමින් සිටින මෙම ආරක්ෂක ස්වයං පාලනයක් ගොඩනඟා ගත්තේ නැත.  අද මතවාදී සටන දිනා ඇත, ව්‍යුහය සකස්කර තිබේ. [කෙසේනමුත්]  එය අනිවාර්යයෙන්ම වියදමකින් පැමිණේ.… අපි කප්පාදු ක්‍රියාත්මක. කළා, ඒවා දරුණුයි, අපි ප්‍රතිඵල දකින්න පටන් ගනිමින් සිටිනවා, නමුත් ඒ සමඟම, අපි පසුගිය වසර 20 තුළ නොකළ දේ වෙනුවෙන් අපි ගෙවමින් සිටිනවා.”

“ඉතිහාසය අතිධාවනාකාරීව ගමන් කරන විට, අපි සමාන්තරව යුරෝපීය යුද ආර්ථිකය වේගවත් කළ යුතුය.  අපි ප්‍රමාණවත් තරම් වේගයෙන් [ආයුධ] නිපදවන්නේ නැත,” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඇමරිකානුවන් මත අඩුවෙන් යැපීමේ යතුර වන්නේ අපගේ ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ [යුරෝපයේ ආයුධ නිෂ්පාදනය පිළිබඳ] පොදු ප්‍රමිතීන්ට එකඟ වීමයි”.

යුරෝපා සංගමයේ මිලිටරි තරකිරීම සම්පූර්ණ වීමට පෙර, වොෂින්ටනය ඉතා ඉක්මනින් චීනය සමග සම්පූර්‍ණ යුද්ධයක් අවුලුවන්නේ නම්, යුරෝපා සංගම් රාජ්‍යයන් “ආවතේව කරුවන්” බවට පත්විය හැකි බවට මැක්‍රොන් කනස්සල්ලට පත් විය.  ඔහු මෙසේ පැවසීය: “[එක්සත් ජනපද-චීන] ද්වි-අධිකාරය පිපිරීමේ වේගවත් වීමක් වේ නම්, අපට අපගේ ආරක්ෂක ස්වාධිපත්‍යය සඳහා මුදල් සැපයීමට කාලය හෝ මාධ්‍යයන් නොමැතිවනු ඇති අතර, එය ගොඩනඟා ගැනීමට වසර කිහිපයක් ලැබුනොත් අප  තුන්වන ධ්‍රැවය විය හැකි වුවද, එසේ නොවුවහොත් අප ආවතේව කරුවන්  බවට පත්වනු ඇත.”

මැක්‍රොන් එක්සත් ජනපද ඩොලරය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද පෙන්වා දුන්නේය.  සිලිකන් වැලි බැංකුව ඇපදී ගලවා ගැනීමෙන් පසුව සහ ඉරානය සහ එහි ක්‍රියාත්මක යුරෝපීය සමාගම් ඉලක්ක කර සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාරය ඩොලරය භාවිතා කිරීමෙන් පසුව වැඩෙන ප්‍රශ්න වලට ඩොලරය මුහුන දී සිටී. රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් රටවල් චීනය සමඟ වෙනත් මුදල් ඒකකවලින් තම වෙළඳාම සිදු කිරීමට පියවර ගන්නා අතර මැක්‍රොන් පැවසුවේ, “මට එක කරුණක් අවධාරනය කිරීමට අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි: අප එක්සත් ජනපද ඩොලරයේ දේශභූමි සීමා අභිබවා යෑම මත රඳා නොසිටිය යුතුය,” යනුවෙනි.

මැක්‍රොන්ගේ “ස්වාධීනත්වයට” ප්‍රශංසා කරන ප්‍රංශ පුවත්පත්වල ලිපි පළ කරමින්, ප්‍රංශ ප්‍රතිපත්තියේ නවතම හැරීම සඳහා බීජිං පාලන තන්ත්‍රයේ සහාය පිළිඹඳව චීන විචාරකයෝ සංඥා කළහ.  චීන රජයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත “මැක්‍රොන්ගේ චීන සංචාරය ආරක්ෂක ස්වාධිපත්‍යයේ වටිනාකම මූර්තිමත් කරයි” යන මාතෘකාවෙන් යුත් කතුවැකියක් නිකුත් කරමින්, වොෂින්ටනයේ බලපෑම තුලනය කරන චීන-යුරෝපීය සන්ධානයකට මාවතක් විවර කිරීම ගැන මැක්‍රොන්ට ප්‍රශංසා කළේය.

ග්ලෝබල් ටයිම්ස් මෙසේ ලිවීය: “වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනය තුළ ප්‍රංශය විසින් පෙන්නුම් කරන ලද උපායමාර්ගික ස්වයං පාලනය සහ ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික උද්‍රෝගය චීන ජනතාව සැමවිටම අගය කර ඇත.  එවකට හිටපු ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් ප්‍රංශයේ ජාතික ස්වෛරීභාවය සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.… වොෂින්ටනයේ ආරක්ෂක ආවතේවකරුවෙකු වීම මාරාන්තික අවසානයක් බව කාටත් පැහැදිලිය.  චීන-ප්‍රංශ සබඳතාව චීන-යුරෝපීය සහයෝගීතාවය සඳහා පාලමක් බවට පත් කිරීම දෙපාර්ශවයට මෙන්ම ලෝකයට ප්‍රයෝජනවත් වේ.”

වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සඳහා රුසියාව හා චීනය සමඟ යුද්ධ ඇවිලවීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරන අතරම, පැරිසියෙන් සහ බීජිං වෙතින් ඔවුන්ගේ ජාතික අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා “බහු ධ්‍රැව” ධනේශ්වර පර්යායක් සඳහා ගෙන එන යෝජනා ද ස්ථිරවම ප්‍රතිගාමී ය.  ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයේ [එක්සත් ජනපදයේ] ප්‍රතිපත්තිය පමනක් නොව, 20 වැනි සියවසේ ලෝක යුද්ධවලට පෙර මෙන්, සමස්ත ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියම, මුලු මුනින්ම බංකොලොත් ය.

ප්‍රංශයේ මැක්‍රොන්ගේ ප්‍රතිපත්තියෙන් මෙය වඩාත් පැහැදිලිව මතු වේ.  අතිමහත් මහජන විරෝධයක් නොතකා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව විශ‍්‍රාම වැටුප් සඳහා ගැඹුරු කප්පාදුවක් පනවමින්, දැවැන්ත මිලිටරි ගොඩනැංවීමකට මුදල් සැපයීම සඳහා ඔහු ජනතාවට එරෙහිව පාලනය කරයි.  ඇත්ත වශයෙන්ම, චීනයේ සිටියදී, මැක්‍රොන් ඔහුගේ කප්පාදුවලට විරුද්ධ වන ප්‍රංශ ජනතාවගෙන් බහුතරයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින්, ඔහුගේ පාලන තන්ත්‍රය “ප්‍රජාතන්ත්‍රවාදී” බව අවධාරනය කර පසුව,  “මිනිසුන්ට විශ්‍රාම යන වයස අවුරුදු 60 ට අවශ්‍ය නම්, ඔවුන් මට ඡන්දය නොදිය යුතුව තිබුණි” යනුවෙන් අතුල් පහරක් ගැසුවේ ය.

පැරිස් සහ බීජිනය විසින් උත්කර්ෂයට නංවන “ජාතික ස්වාධිපත්‍යය” වැඩකරන ජනතාවගේ නිදහස හා සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව නොව, ඒ වෙනුවට ධනේශ්වර පන්තීන්ට තම ලාභ අවශ්‍යතා සඳහා යුද්ධ කිරීමට ඇති නිදහසයි.

ප්‍රංශය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් පැහැදිලි වේ.  එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයෙන් වොෂින්ටනය සහ පැරිස් අතර නැගී එන ගැටුම් සහ ඇල්ජීරියානු නිදහසට එරෙහි ප්‍රංශයේ යුද්ධයේදී ඩි ගෝල් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රංශ දක්ෂිනාංශයේ ප්‍රතිවාදී කන්ඩායම්වලට සීඅයිඒ උදව් කර ඇති බවට ප්‍රංශයේ සැකය මධ්‍යයේ 1965 දී ඩි ගෝල් නේටෝවෙන් ඉවත් විය [නැවත ප්‍රංශය නේටෝවට සම්බන්ධ වීම 2004-2009 කාලය තුලදී සම්පූර්ණ කෙරිණි]. 1964 දී මහජන චීන සමූහාණ්ඩුව පිළිගත් පළමු නේටෝ රට බවට ප්‍රංශය පත් වූයේ මෙම ගැටුම් වර්ධනය වීමත් සමඟ ය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් විසුරුවා හැරීමත් සමඟ නේටෝ කඳවුරට පොදු සතුරෙකු අහිමි කිරීමෙන් පසු එක්සත් ජනපද – ප්‍රංශ ආතතීන් තියුණු විණි.  මෙම ආතතීන්ගේ ද්‍රව්‍යමය මූලාශ්‍රය වූයේ ලෝක ආර්ථිකයෙන් ලාභ බෙදා ගැනීම පිලිබඳ අරගලයයි.  2003 දී වොෂින්ටනය තෙල්වලින් පොහොසත් ඉරාකයට නීති විරෝධී ආක්‍රමණය දියත් කිරීමත් සමඟ ඇතිවූ එක්සත් ජනපද-ප්‍රංශ ආතතීන්ට අමතරව, ප්‍රංශ අධිරාජ්‍යවාදය පශ්චාත්-සෝවියට් යුගයේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සියලුම ප්‍රධාන යුද්ධවලට සම්බන්ධ වී ඇත – ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය වෙත හමුදා යැවීම, ලිබියාව, සිරියාව තුල සහ ඉන් ඔබ්බට.

බීජිං සහ වොෂින්ටනය යන දෙකටම ප්‍රතිවාදී “තුන්වන ධ්‍රැවයක්” ලෙස යුරෝපය ගොඩනැගීම සඳහා කම්කරුවන්ගේ කරමතින් මූල්‍යකරණය කරන ලද “යුද ආර්ථිකයක්” සඳහා මැක්‍රොන්ගේ ප්‍රතිගාමී කැඳවීම්වලට යටින් පවතින්නේ වොෂින්ටනය සමඟ ඇති ප්‍රංශ අධිරාජ්‍යවාදී එදිරිවාදිකමයි.

රට තුල පුපුරන සුලු අර්බුදයක් මධ්‍යයේ මැක්‍රොන්ගේ ගමනට දේශීය මෙන්ම ගෝලීය මානයක් තිබුණි.  ඔහු වෘත්තීය සමිති නිලධරයන්ගේ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සේවය වර්ජනය අවසන් කිරීමට හා අවසානයේ කප්පාදුව පිලිගැනීමට කම්කරුවන්ට බලපෑම් කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.  ඩි ගෝල් සහ ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ඔහුගේ සන්ධානය අගයන වෘත්තීය සමිති නිලධරය අතර සිටින ස්වෝත්තමවාදීන්ට ආයාචනා කරමින් ප්‍රංශ ජාතික ස්වයං පාලනය පිලිබඳ කරන වාචාල කතා, නිලධරයන් තුල ඔහුගේ සහයෝගය ඉහල නංවනු ඇතැයි මැක්‍රොන් නිසැකව ම බලාපොරොත්තු වේ.

සැලකිය යුතු ලෙසම, මැක්‍රොන්ගේ චීන සංචාරය සිදුවන්නේ ව්‍යාජ වාම ‘යටත් නොවන ප්‍රංශ පක්ෂයේ [Unsubmissive France party]’ නායක ජීන්-ලූක් මෙලන්කොන් [Jean-Luc Mélenchon] පසුගිය සරත් සමයේ එක්සත් ජනපද තායිවාන ප්‍රතිපත්තිය නැවත නැවතත් විවේචනය කර “එක් චීනයක්” ප්‍රතිපත්තියට සහාය දීමෙන් පසුවය.

කම්කරුවන් යුද්ධයට එරෙහි අරගලය මැක්‍රොන්ට සහ බීජිං හි චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රයට පැවරීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වනු ඇත.  මැක්‍රොන්, කම්කරු පන්තියේ මහා වැඩවර්ජනයක් මගින් පන්නා දැමිය යුතු, ප්‍රන්සයේ තවත් ඒකාධිපති පාලනයකට නායකත්වය දෙයිඔහුගේ බීජිං සංචාරය අවධාරනය කරන්නේ එවන් අරගලයක් සඳහා ඇමරිකාව, යුරෝපය, චීනය සහ ඉන් ඔබ්බට අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වන බවයි. [අවධාරනය පරිවර්තකගෙනි]

#theSocialistLK #WSWS 

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි Read More »

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව 

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි

Image
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ 2023 මාර්තු 13 වන දින සැන් ඩියාගෝ හි පොයින්ට් ලෝමා නාවික කඳවුරේදී.  [AP ඡායාරූපය/Evan Vucci]

ජෝ බයිඩන් තන්ත්‍රය හා නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගෙන ගෙනයන ප්‍රකෝපකාරී යුද්ධයේ ගැඹුරු ඇඟවුම් පසුගිය වාර්තාවල අප සලකා බැලීමු. මෙම යුද්ධයේදී රුසියාවේ මිලිටරි ශක්තිය ක්ෂීන වීම හා යුක්‍රේනයේ මිලිටරි ‘ජයග්‍රහන’ පිලිබඳ වාර්තා බුරුතු පිටින් බටහිර මාධ්‍ය පල කරනු ලැබිනි.  එහෙත් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ මහජනයාට හෙලිදරව් කරනු ලැබූ පෙන්ටගනයේ විඛේතනය කරන ලද රහස් මිලිටරි ලේකන දුසිම් ගනනාවකින් හෙලිදරව් කරනු ලැබ ඇත්තේ සමස්ථ යුද ප්‍රචාරනයම මහජනයා නොමඟ යැවීම අරමුනු කරගත් බොරු බවයි.  

මේ අතර, තායිවානයේ ජනාධිපතිනය එක්සත් ජනපදයේ සංචාරයෙන් ප්‍රකෝපකරනය කරනු ලැබූ චීනය මිලිටරි අභ්‍යාස උත්සන්න කන විට  චීනයේ සංචාරය කල ප්‍රංස ජනාධිපති මැක්‍රොන් තායිවානය සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්ති විවේචනය කලේ ය. ඔස්ට්‍රේලියා, එක්සත් ජනපද හා ඇමරිකානු AUKUS මිලිරි සබ්මැරීන ගිවිසුම චීනය සමග යුද්ධයකට සූදානම් වීමට බව ඇමරිකානු නාවික ලේකම් පිලිගන්නා අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක ලේකම් නවසීලන්තයබලා ගියේ චීනයට එරෙහි සංධානය ශක්තිමත් කිරීමට යි. ඇමරිකානු මන්ත්‍රී මන්ඩලයේ කතානායක කෙවින් මැකාති තායිවානයට කරනු ලබන යුධඋපකරන වෙලඳාම වේගවත් කරන ලෙස අවධාරනය කලේය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේනතු වාර්තාවක් යුද්ධය සඳහා වියඳම් වැඩි කිරීමට නිර්දේශ කලේය. 

ලෝක යුද තත්වය කෙරෙහි තවත් වැදගත් වර්ධනයක් වූයේ පින්ලන්තයේ නව පාලනය යටතේ රුසියානු දේශ සීමාවෙන් විශාල කලාපයක් නේටෝ හමුදාවේ අධීක්ෂනයට නතු කරමින් පින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. තුර්කිය මෙයට සහාය පලකර තිබේ. 

යුක්රේන යුද්ධයෙන් දැනටමත් සිය දහස් ගණන් ජනයා ජීවිතක්ෂයට පත්ව සිටියද, එක්සත් ජනපදය, සමස්ත යුරෝපයට සහ සමස්ත මානව වර්ගයාටම ව්‍යසනයක තර්ජනය කරමින්, ගැටුම දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට නැඹුරු වී ඇත.  මේ යුද්ධය නැවැත්විය යුතුයි.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

මෙම දේශපාලන වාර්ථාව  ද වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී. මෙම වාර්තාව පසුගිය දේ්ශපාලන වාර්තා සමඟ සැබැඳෙන අතර මේ දක්වා වූ ප්‍රධාන වර්ධනයන් සලකනු ලැබ ඇත. 

පෙන්ටගන් යුධ ලේඛන හෙලිදරව් කරන්නේ කුමක් ද ?

යුක්‍රේන හමුදාව කුලී හේවා ප්‍රොක්සි බලකායක් ලෙස සේවය කරන යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය එක්සත් ජනපදය හා නේටෝව බව කාන්දු වූ ලේඛන පැහැදිලි කරයි.  නේටෝව යුක්රේනයට හමුදා භටයින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඒවා පෙන්වා දෙන අතර නේටෝව විසින් යුක්රේන හමුදාවට අරමුදල්, ආයුධ, දුම්රිය සහ සෘජුවම අණ දෙන මට්ටම පෙන්නුම් කරයි.

යුක්‍රේන දේශපාලන පද්ධතිය පැහැරගෙන සිය දහස් ගනනක් රුසියානු සහ යුක්‍රේන ජීවිත හානි වලට තුඩු දුන් විනාශකාරී යුද්ධයක් සඳහා එහි ජනගහනය තුවක්කු උන්ඩ බවට පත් කිරීමට ඩොලර් බිලියන ගනන් වියදම් කර ඇති නේටෝව යුද්ධයේ නිර්මාපකයා බව ලේඛන සනාථ කරයි.

නේටෝව යුද්ධයට සම්බන්ධ නැත යන බයිඩන් පරිපාලනයේ බොරුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇති එක්සත් ජනපද මාධ්‍ය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හස්තය මිස අන් කිසිවක් නොවන බව ලේඛන හෙලිදරව් කර ඇත.

2022 මැයි මාසයේදී ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකිගෙන් යුක්රේනයේ යුද්ධය “නේටෝ ප්‍රොක්සි යුද්ධයක්”දැයි විමසන ලදී.  සාකි පිළිතුරු දෙමින්, “මේ ගැන රුසියානු තර්කය එය බව මම දනිමි, නමුත් එය ප්‍රොක්සි යුද්ධයක් නොවේ… මෙය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයකි.  නේටෝව සම්බන්ධ නැහැ.”

කාන්දු වී තිබෙන ලේකන පහත කරුනු හෙලිදරව් කරන්නේ මෙම තොරතුරු කිසිවක් ඇමරිකාන ආන්ඩුව හෝ නිවයෝක් ටයිම්ස් ප්‍රමුඛඛ මාධ්‍ය හෙලිදරව් කර හෝ පිලිගෙන නැති තත්වයක් යටතේ ය:

  • නේටෝ විශේෂ මෙහෙයුම් භටයන් 97ක් දැනට යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 71 ක් ඇතුළුව එක්සත් ජන.පද භටයින් 100 ක් යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදාව යුක්‍රේන හමුදා පුහුණුව, යුරෝපයේ නේටෝ යෙදවීම් සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද හමුදා යෙදවීම් අන්තර් ක්‍රියාකාරී ලෙස දකින අතර, ඒ සියල්ල තනි පිටුවක වාර්තා කරයි.
  •  එක්සත් ජනපදය විසින් ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේන භූමියෙන් කපා දැමීමේ අරමුණින් සැලසුම් කරන ලද ප්‍රහාරක මෙහෙයුමක් සඳහා සවිස්තරාත්මක සිතියම් සකස් කර ඇති අතර, මැයි මස මැද භාගයේ ආරම්භ වන ප්‍රහාරය සඳහා “හිතකර” කොන්දේසි ඇත.
  • එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස සටනට ඇද දැමීමට නියමිත හමුදාවන්ගෙන් හතරෙන් තුනක් පුහුණු කිරීම, අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සිදු කරයි.  එක් ලේඛනයක් ප්‍රකාශ කරන්නේ “වසන්තයේ ප්‍රතිප්‍රහාර සඳහා විශ්වාස කළ හැකි යුධ [බ්‍රිගේඩ] 12ක් උත්පාදනය කළ හැකි බවයි: යුක්රේනය විසින් ජාත්‍යන්තර වශයෙන් 3ක්, සහ එක්සත් ජනපදය, ‘මිත්‍ර පාක්ෂික සහ හවුල්කාර’ කඳවුර විසින් පුහුණුකරනු ලැබූ  සහ සන්නද්ධකරනු ලැබූ 9ක්”.

පෙබරවාරි 2දා, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “යුක්රේනයේ මියගිය සහ තුවාල ලැබූ රුසියානු හමුදා සංඛ්‍යාව 200,000 ට ආසන්න වෙමින් පවතී”යනුවෙනි.  ඊට වෙනස්ව, අභ්‍යන්තර ලේඛන පෙන්වා දුන්නේ සටනේ දී මියගිය රුසියානු සොල්දාදුවන් ගණන 35,000 ත් 43,000 ත් අතර සංඛ්‍යාවකි

යුක්‍රේනය නේටෝ සන්ධානයට ගෙන ඒමේ උත්සාහයන් යුක්‍රේන ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක සමග රුසියාවෙන් මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලන බව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව ලේඛන පෙන්නුම් කරයි.

ලේඛනවල අනෙකුත් කොටස්, ලොව පුරා සිටින එහි “මිතුරන් සහ හවුල්කරුවන්” පිළිබඳ එක්සත් ජනපදය ඔත්තු බැලීමේ තරම හෙළි කරයි.

මෙම හෙළිදරව් කිරීම් උද්දීපනය කරනවා වෙනුවට, මාධ්‍ය අවධානය යොමු කර ඇත්තේ ලේඛන කාන්දුවේ මූලාශ්‍රය යැයි කියනු ලබන ඒවා හඹා යාමට පෙන්ටගනය දරන උත්සාහයන් සොයා බැලීමයි 

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ක්‍රමානුකූල ස්වයං-වාරණයක නිරත වී ඇත.  නීතිවිරෝධී සහ ප්‍රකාශ නොකළ යුද්ධයක් දියත් කිරීමේදී බයිඩෙන් පරිපාලනය විසින් දැවැන්ත බොරු කීම සහ සාපරාධී බව පෙන්නුම් කළත්, ඔවුන් ලේඛන හෝ ඒවායේ උද්ධෘත පවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපදය ගැටුමට වඩා ගැඹුරු මැදිහත්වීමක් සූදානම් කරමින් සිටින විටය මේ ලේඛන කාන්දු වූ⁣යේ.  ලේඛනවල දක්වා ඇති වසන්ත ප්‍රහාරයක් සඳහා සැලසුම් ක්‍රියාවට නැංවුවත් නැතත්, එක්සත් ජනපදය හා නේටෝව, ෆින්ලන්තය සන්ධානයට ඇතුල් වීමෙන් පසු රුසියාවට මායිම්ව ඇති නේටෝ රාජ්‍යයන් වෙත දැවැන්ත හමුදාවන් යෙදවීමට සැලසුම් කරමින් සිටිති.

අවසාන වශයෙන්, යුද්ධය පිලිබඳ ආන්ඩුව සහ මාධ්‍ය විසින් ක්‍රමානුකූලව කරන බොරුවල අරමුන වන්නේ, ලේ වැගිරීමකට ඇද දැමෙනු ලැබෙමින් සිටින “ගෙදර සිටින සතුරා”, එනම් කම්කරු පන්තිය නොමග යැවීමයි.

මෙම ලේඛන පෙන්නුම් කරන්නේ රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් මුලුමනින්ම මහජනයාට හොරෙන් ආරම්භ කර ඇති බවයි.  පැහැදිලි නිගමනය නම්, නේටෝ හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීමට අවශ්‍ය බව එක්සත් ජනපදය තීරණය කරන්නේ නම්, එය මෙතෙක් යොදවා ඇති ක්‍රම භාවිතා කරමින් එය සිදු කරනු ඇත: එනම්, ක්‍රමානුකූලව මාධ්‍ය හැසිරවීම හා ඒ හරහා ගෙන යන බොරුවල ව්‍යාපාරයක් මගිනි.

රුසියාව වටකිරීමට ෆින්ලන්තය නෙටෝවට ඈදා ගැනේ  

අප්‍රේල් මස මුලදී, යෝජනාව අනුමත කිරීමට අවශ්‍ය නේටෝවේ අවසාන සාමාජිකයා වූ තුර්කි පාර්ලිමේන්තුව විසින් එකදු විරෝධී ඡන්දයකින්වත් තොරව අනුමත කිරීම kසම්මත කිරීමෙන් පසුව, ෆින්ලන්තය  එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයේ 31 වැනි සාමාජිකයා බවට පත්විය.

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, නේටෝවේ දශක ගනනාවක් තිස්සේ ආක්‍රමණශීලී නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමේ කොටසකි.  එය රුසියාව සමඟ යුද්ධයක දී සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටිකව සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

ෆින්ලන්තය ඇතුළත් කිරීමින් නේටෝව තවදුරටත් ව්‍යාප්ත කිරීම, විශාලතම න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය හා රුසියාව අතර සෘජු යුද්ධයක තර්ජනය නව තලයකට ඔසවා තබයි.  ෆින්ලන්තයේ කිලෝමීටර් 1,300ක දේශසීමාව දැන් රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත්වල පාලනය අල්ලා ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද්ධයේ පෙරමුණේ කොටසකි.

ආක්‍රමණශීලී මිලිටරි සන්ධානයට රට සීඝ්‍රයෙන් ප්‍රවේශ වීම සිදුවූයේ, අන්ත දක්ෂිනාංශික ෆින්ස් පක්ෂය සමග විභව සභාග ආන්ඩුවකට වේදිකාව සකසමින්, අප්‍රේල් 2 වැනිදා පැවති මහා මැතිවරනයේ දී දක්ෂිනාංශික ජාතික සභාග පක්ෂය (National Coalition Party) ජයග්‍රහණය කර දින දෙකකට පසුවය.  නව ජනාධිපති Sauli Niinistö පැවසුවේ, “අපේ ඉතිහාසයේ හමුදා නොබැඳි යුගය අවසන් වී ඇත.  නව යුගයක් ආරම්භ වේ,” යනුවෙන් ය.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, පසුගියදා පැවති මහ මැතිවරනයේදී පරාජයට පත් වූ, ඉවත්ව යන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය. මැතිවරණයේ ප්‍රධාන ජයග්‍රාහකයින් වූයේ කොන්සර්වේටිව් ජාතික සභාග පක්ෂයයි.

හිටපු අගමැතිනි සනා මාරින්ගේ යුද ගැති වැඩපිලිවෙලට ඇයගේ ආන්ඩුවේ විදේශ ඇමති තනතුර දැරූ හරිතයන් සහ ෆින්ලන්ත කොමියුනිස්ට් පක්ෂයේ අනුප්‍රාප්තික සංවිධානය වන වාම සන්ධානය විසින් සහාය දක්වන ලදී.

ප්‍රධාන කම්කරු පන්තික අරගලවල ඇඟිලි ගැසීම්වලින් තොරව ඡන්දය ඉදිරියට යන බව සහතික කර ගනිමින් දක්ෂිණාංශික පක්ෂවලට ජයග්‍රාහී ලෙස මැතිවරනයෙන් මතුවීමට කොන්දේසි නිර්මානය කිරීමට ෆින්ලන්ත වෘත්තීය සමිති ද ප්‍රමුඛ විය.  මෑත මාස කිහිපය පුරා, උද්ධමනය විසින් මෙහෙයවනු ලබන විවිධ කම්කරුවන්ගේ සටන්කාමී වැඩ වර්ජන පුපුරා ගොස් ඇත.  කෙසේ වෙතත්, සියලු අරගල සාමූහික කේවල් කිරීමේ ක්‍රමයේ රාමුව තුළ යටපත් කර එකිනෙකින් වෙන්ව තබා ගන්නා ලදී.

ෆින්ලන්තයේ ප්‍රවේශය යුක්රේනයේ වසන්ත කාලයේ ප්‍රහාරයක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සමඟ සමීපව බැඳී ඇති අතර, එය රුසියානු දේශසීමාවේ ප්‍රධාන මිලිටරි ගොඩ නැගීමක් සමඟින් සිදුවනු ඇත.

නේටෝ රාජ්‍ය පහක් දැනට රුසියාවට මායිම් වේ: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය සහ නෝර්වේ.  ෆින්ලන්තය එක් වූ පසු නේටෝ දේශ සීමාව දෙගුණයක් වනු ඇත.  යුරෝපයේ රාජ්‍යයන් අතරින් රුසියාව සමඟ විශාලතම ගොඩබිම් මායිම, සැතපුම් 830 ක දුරක්, ෆින්ලන්තය සතුව ඇත.

ෆින්ලන්ත දේශ සීමාව රුසියාවේ වැදගත්ම ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් වන ශාන්ත පීටර්ස්බර්ග් සිට සැතපුම් 100 ක් දුරින් පිහිටා ඇත.  ෆින්ලන්තය රුසියාව විසින් භාවිතා කරන වැදගත් මුහුදු සන්නිවේදන මංතීරු පාලනය කරන අතර එය බෝල්ටික් මුහුදේ සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍යය සඳහා පොරබැදීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

රුසියාව සමඟ නේටෝවේ පුළුල් කළ ගොඩබිම් දේශසීමාව දැවැන්ත ලෙස මිලිටරීකරනය වෙමින් පවතී.  මාර්තු 18දා Politico වාර්තා කලේ, “ඉදිරි මාසවලදී, සන්ධානය සන්ධානයේ නැගෙනහිර මායිමේ ආයුධ ගබඩා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරන අතර කෙටි දැනුම්දීමකින් මිත්‍ර පාක්ෂිකයින්ගේ ආධාර සඳහා මැදිහත් විය හැකි දස දහස් ගනනක් හමුදා පිහිටවනු ඇත.”

නේටෝවේ “නැගෙනහිර බලඇනිය” වැඩි වැඩියෙන් ෆින්ලන්තයේ සිට යුක්රේනය දක්වා විහිදී ගිය දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර පෙරමුණේ යුධ රේඛාවලට සමාන වේ.  දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ ප්‍රධාන මිතුරෙකු වූ අතර, දැන් ශාන්ත පීටර්ස්බර්ග් වන ලෙනින්ග්‍රෑඩ් වටලෑම ඇතුළුව සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතන යුද්ධයේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කළ බැවින්, ෆින්ලන්තය නේටෝ සන්ධානයට ඇතුළත් කිරීමේ පියවරට දැවැන්ත ඓතිහාසික වැදගත්කමක් ඇත. .

නේටෝව තවදුරටත් පුලුල් කිරීමේ පියවර බයිඩෙන් පරිපාලනය සහ මාධ්‍ය විසින් “ප්‍රකෝප නොකළ යුද්ධයක්” පිලිබඳ ප්‍රවර්ධනය කරන ලද සියලුම ප්‍රකාශයන් ද යටපත් කර ඇත.  ධවල මන්දිරයේ ගොතනලද ආඛ්‍යානයට අනුව, යුක්‍රේනයේ යුද්ධය 2022 පෙබරවාරි මාසයේදී තනි මිනිසෙකු (රුසියානු ජනාධිපති පුටින්) විසින් දියත් කරන ලද “තෝරාගත් යුද්ධයකි”. 

එහෙත් එක්සත් ජනපදය/නේටෝව සහ රුසියාව අතර ගැටුම යුක්‍රේන දේශසීමාව සම්බන්ධයෙන් පුපුරා ගිය අතර, එය ඇත්ත වශයෙන්ම, චීනය සමඟ ගැටුමක් සූදානම් කිරීම සඳහාවන කොටසක් වශයෙන්, රුසියාව වටකර, දුර්වල කිරීමට සහ අවසානයේ කපා කොටා කඩා බිඳ දැමීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙන යන දශක ගනනාවක නැගෙනහිර දසට කෙරෙන ප්‍රකෝපකාරී ව්‍යාප්තකරනයක ප්‍රතිපලයකි.  

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීම මධ්‍යයේ සහ ඉන් පසුව, එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් නේටෝවට ඇතුළත් කිරීම සක්‍රීයව ක්‍රියාත්මක කළ අතර, රට අස්ථාවරත්වය ඇති කිරීමට සහ රට ඛණ්ඩනය කිරීමට රුසියාව තුළ ජාතිකවාදී ව්‍යාපාරවලට ඉන්ධන සපයයි.

1990 සිට, රටවල් 13ක් නේටෝවට සම්බන්ධ වී ඇති අතර, එහි සාමාජිකත්වය ඵලදායී ලෙස දෙගුණ කරයි.  එම කාලය තුළ නේටෝ දේශ සීමාව සැතපුම් 800 ක් නැගෙනහිර දෙසට ගෙන ගොස් ඇත.

1998 දී, එක්සත් ජනපද සෙනෙට් සභාව පෝලන්තය, හංගේරියාව සහ චෙක් ජනරජය අන්තර්ග්‍රහනය කර නේටෝව ව්‍යාප්ත කිරීමට පක්ෂව ඡන්දය දුන්නේය.  “ඇත්ත වශයෙන්ම, මෙය තවත් වසර 50ක සාමයේ ආරම්භයයි,” එවකට සෙනෙට් සභික වූ  බයිඩන් පැවසීය.  2001 ජූනි 15දා, පෝලන්තයේ වෝර්සෝ හි පැවති දේශනයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, “බෝල්ටික් සිට කළු මුහුද දක්වා” විහිදෙන රටවල වළල්ලක් නිර්මාණය කිරීම සඳහා ඔහුගේ “නේටෝව විශාල කිරීමේ සැලැස්ම” ප්‍රකාශ කළේය.

2004 දී නේටෝව තවත් රටවල් හතක් එකතු කරමින් නැවතත් පුළුල් විය: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, බල්ගේරියාව සහ රුමේනියාව එම රටවල් වේ. මෙම නැගෙනහිර යුරෝපීය රටවල් සියල්ලම සීතල යුද්ධයේදී සෝවියට් සංගමයේ කොටසක් හෝ එහි පරිවාර රාජ්‍යයන් විය.

ක්‍රොඒෂියාව සහ ඇල්බේනියාව 2009 දී නේටෝවට සම්බන්ධ විය.  මොන්ටිනිග්‍රෝව 2017 දී එක් වූ අතර උතුරු මැසිඩෝනියාව 2020 දී එක් විය.

යුක්රේනය නේටෝවේ සාමාජිකයෙකු බවට පත් නොවන බවට රුසියාව සහතිකයක් ඉල්ලා සිටීම පිලිබඳව සාකච්ඡා කිරීම බයිඩෙන් පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්රේනයට එරෙහි යුද්ධයම උසිගන්වන ලදී.  ආක්‍රමණය, අධිරාජ්‍යවාදී වටලෑමට ප්‍රතිචාරයක් ලෙස රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුව දැක්වූ ප්‍රතිගාමී සහ අදූරදර්ශී ප්‍රතිචාරයයි.

1997 දී, ක්ලින්ටන් පරිපාලනය චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය නේටෝවට ඇතුළත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් සිටියදී, සීතල යුද්ධයේ මූලෝපායඥයා සහ “පාලනය කිරීම” පිළිබඳ න්‍යායේ කර්තෘ ජෝර්ජ් එෆ්. කෙනන් “එය කෙසේ හෝ සිදු වී ඇති බව” පිළිගත්තේය.  රුසියාවේ දේශසීමා දක්වා නේටෝව ව්‍යාප්ත කිරීමට කොතැනක දී හෝ තීරණය ගෙන තිබේ.  “නේටෝව පුලුල් කිරීම සමස්ත පශ්චාත් සීතල යුධ යුගයේ ඇමරිකානු ප්‍රතිපත්තියේ වඩාත්ම දෛවෝපගත වැරැද්ද වනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉනික්බිති දශක දෙකක කාලය තුල, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය නේටෝවේ ව්‍යාප්තිය සහ රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයන් වැලඳගෙන ඇත.  නේටෝවේ ව්‍යාප්තියට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් “රුසියානු ප්‍රචාරකයක්” බව ප්‍රකාශ කිරීමත් මෙම යුද උණ රෝගය සමඟ සමපාත විය.

තුර්කි ව්‍යාජ වමේ සහාය ආන්ඩුවට:

එලඹෙන මැයි 14 ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, තුර්කි ජනාධිපති අර්ඩොගන් (Recep Tayyip Erdoğan)  ෆින්ලන්තයේ NATO සාමාජිකත්වය අනුමත කිරීම ඔහුගේ NATO සහචරයින්ට සංඥාවක් විය.  “ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් තීරණය, ‘තුර්කිය සන්ධානයේ ව්‍යාප්තියට බාධාවක්’ බවට බටහිර රටවල, විශේෂයෙන් එක්සත් ජනපදයේ වැඩෙන විවේචනවලට එරෙහිව පියවරකි,” යි BBC හි Türkçe ලිවීය. මෙම පියවර  “අපි නේටෝවට කැපවී සිටිමු” යි යන පණිවිඩයක් යවන ලදී.

ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය අනුමත කරන ප්‍රොටෝකෝලය ඡන්දයට සහභාගී වන සියලුම පක්ෂවල ඡන්දයෙන් සම්මත විය. පාලක යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP) සහ එහි සගයා වන ෆැසිස්ට් ජාතික ව්‍යාපාර පක්ෂය (MHP) මෙන්ම කෙමාලිස්ට් රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP) සහ ධනේශ්වර විරුද්ධ ජාතික සන්ධානයට නායකත්වය දෙන අන්ත දක්ෂිනාංශික “හොඳ පක්ෂය” (Good Party) සියල්ලෝම පක්ෂව ඡන්දය දුන්හ.

එර්ඩොගාන්ට “විකල්පයක්” ලෙස දක්වමින් ව්‍යාජ-වාම පක්ෂ සහාය දෙන CHP, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වයට උද්‍යෝගයෙන් සහයෝගය දැක්වීය.  2022 පෙබරවාරියේ රොයිටර් පුවත් සේවයට කතා කරමින්, CHP නායක Kılıçdaroğlu අධිරාජ්‍යවාදී යුද සන්ධානයක් වන නේටෝව “ප්‍රජාතන්ත්‍රවාදයේ සහතිකයක්” ලෙස වර්ණනා කළේය.

ව්‍යාජ වාම පක්ෂ CHP හි විවෘත නේටෝ ගැති ආස්ථානය නොතකා, එයට දෙන සහාය, අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ සහයෝගය හෙලිදරව් කරයි.

ෆින්ලන්තයේ නාසි සහයෝගීත්වයේ වාර්තාව:

1917 ඔක්තෝබර් විප්ලවයෙන් ටික කලකට පසු බොල්ෂෙවික්වරුන් විසින් ප්‍රදානය කරන ලද නිදහසින් පසු දශක කිහිපය තුළ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධයෙන් ෆින්ලන්තය තමන් දැරූ ආස්ථානය වෙත නැවත පැමිණෙමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ කොටසක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය සමඟ සන්ධානයක් පිහිටුවීමට පෙර, ෆින්ලන්තය මුලින්ම සේවය කළේ  සිවිල් යුද්ධයේදී ප්‍රතිවිප්ලවවාදී සුදු ජාතිකයින්ගේ  මෙහෙයුම් වල ප්‍රධාන යුද කඳවුරක් ලෙසය.  ෆින්ලන්තයේ මිලිටරි නොබැඳිකම (military nonalignment), නාසි හමුදා සමඟ එක්ව ෆින්ලන්ත හමුදා ආක්‍රමණය කිරීමට සහ ෆින්ලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ලෙනින්ග්‍රෑඩ්, එනම් දැන් ශාන්ත පීටර්ස්බර්ග්, වටලෑමට ඔවුන්ගේ සහභාගීත්වයට ප්‍රතිචාර වශයෙන් සෝවියට් සංගමය විසින් කරන ලද ඉල්ලීමකි.  1945 න් පසු සෝවියට් සංගමයට එරෙහිව මිලිටරි මෙහෙයුම් දියත් කිරීමට ජර්මානු හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ෆින්ලන්තය භාවිතා කළ හැකි බවට ස්ටැලින්වාදී නිලධරයේ භීතිය විය.

නිනිස්ටේ (Niinistö) ද අසම්භාව්‍ය ප්‍රකාශයක් කළේය: “ෆින්ලන්තයේ සාමාජිකත්වය කිසිවකුට එරෙහිව ඉලක්ක කර නැත.  එය ෆින්ලන්තයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියේ පදනම් හෝ අරමුණු වෙනස් නොකරයි.  ෆින්ලන්තය යනු ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කරන ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නෝර්ඩික් රටකි.”

යථාර්තය නම්, ෆින්ලන්තය නේටෝවට ඇතුල් වීම, නෝර්ඩික් සහ බෝල්ටික් කලාපය පුරා දැවැන්ත මිලිටරි ගොඩ නැගීමක් සමග අත්වැල් බැඳගෙන තිබීමයි.  මාර්තු මාසයේදී, එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස න්‍යෂ්ටික බලය සහිත B-52 බෝම්බ හෙලන යානයක් ෆින්ලන්ත වෙරළට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් රුසියානු දූපතක් වන ගොග්ලන්ඩ් ආසන්නයට පියාසර කළේය.  නේටෝ හමුදා කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම විශාල වශයෙන් පුළුල් කරනු ඇති අතර, එක්සත් ජනපදය ෆින්ලන්ත භූමියේ මිලිටරි මෙහෙයුම් සඳහා වැඩි ඉඩක් ලබා දීම සඳහා තමන්ගේම ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරයි.  රට තුලට එන සංක්‍රමණිකයන්ගෙන් එල්ලවන “දෙමුහුන් යුද්ධ” පිලිබඳ  තර්ජනය උපුටා දක්වමින් හෙල්සින්කි රුසියාව සමග දේශසීමා වැටක් ඉදිකිරීමට ද පටන් ගෙන ඇත.  ස්වීඩනය නේටෝව තුලට ගෙන ඒමට ගෙනයමින් පවතින තල්ලුවෙන් අදහස් වනු ඇත්තේ රුසියාව මුලුමනින්ම මූලෝපායික වශයෙන් වැදගත් බෝල්ටික් මුහුදේ සතුරු විරුද්ධවාදීන් විසින් වට කර ඇති බවයි.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, හිටපු අගමැති සන්නා මරින් විසින් නායකත්වය දෙන ලද පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය.  යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට ඔවුන්ගේ සහයෝගය අවධාරනය කිරීමට මාරින් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මැතිවරන ව්‍යාපාරය යොදා ගත්හ.  ලොව ලාබාලතම අගමැතිවරියක ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට ලක් වූ සහ සමලිංගික දෙමව්පියන් විසින් ඇය හදා වඩාගත් නිසා විවිධත්වයේ සංකේතයක් ලෙසින් ඔසවා තැබූ Marin, ෆින්ලන්තය අන්තයටම සන්නද්ධ කරමින් සහ එය නේටෝවට බද්ධ කිරීම සඳහා කටයුතු කරමින් කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කළ ආන්ඩුවකට නායකත්වය දුන්නාය. 

චීනයට එරෙහි ඇමරිකානු කඳවුරේ  යුද සැලසුම් තීව්‍ර කෙරේ

තායි ජනාධිපතිනියගේ ප්‍රකෝපකාරී ඇමරිකානු සංචාරය:

චීනය සමග හිතාමතාම ආතතීන් මතු කරන තවත් පියවරක් ලෙස, තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් (Tsai Ing-wen) මාර්තු මස අවසානයේ නිව් යෝර්ක් හි ඇමරිකානු දේශපාලනඥයන් සහ නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීය.

මෙම සංචාරය සම්බන්ධයෙන් චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.  චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Zhu Fenglian අනතුරු ඇඟවූයේ Tsai සභානායක McCarthy හමුවුවහොත් එය “එක් චීනයක්” මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන, චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි කරන සහ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ සාමය සහ ස්ථාවරත්වය විනාශ කරන තවත් ප්‍රකෝප කිරීමක් වනු ඇති බවයි. ”

ඇගේ රැස්වීම් මාධ්‍යයෙන් වසා තැබුනි. මාධ්‍ය වෙත කාන්දු වූ තොරතුරු පැහැදිලි කරන්නේ, චීනය සමඟ ආර්ථික හා මූලෝපායික ගැටුම උග්‍ර කරන විට ට්සායි එක්සත් ජනපදය සමග සබඳතා තහවුරු කරන බවයි.

‘එක් චීනයක්’ මූලධර්මය යටතේ, බීජිං තායිවානය සලකන්නේ චීනයේ අවියෝජනීය කොටසක් වනමුත් එය වෙතින් පලා යන පළාතක් ලෙස ය.  එය “එක් රටක්, ක්‍රම දෙකක්” පදනම මත සාමකාමී යලි එකමුතු කිරීම සඳහා කැඳවුම් කර ඇති නමුත්, තායිවාන ආන්ඩුව චීනයෙන් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කළහොත් එය බලහත්කාරයෙන් දිවයින ඈඳාගනු ඇති බවට දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇත.

බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ චීනයේ උත්සුකයන් බැහැර කිරීමෙනි.  ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ ට්සායිගේ සංචාරය ඇය සහ පෙර තායිවාන ජනාධිපතිවරුන් කළ දේට අනුකූල බවයි.  ඇගේ “සංක්‍රමණය”[සංචාරය] තායිවානය සමඟ අපගේ දිගුකාලීන නිල නොවන සබඳතාවයට අනුකූල වන අතර එක්සත් ජනපදයේ ඒක-චීන ප්‍රතිපත්තියට අනුකූල වේ, එය නොවෙනස්ව පවතී,” ඔහු පැවසුවේය. “චීනය තායිවාන් සමුද්‍ර සන්ධිය වටා යම් ආක්‍රමණශීලී ක්‍රියාකාරකමක් වේගවත් කිරීමට කඩතුරාවක් ලෙස එය භාවිතා කිරීම” ට එරෙහිව ඔහු චීනයට අනතුරු අඟවීය.

යථාර්ථය නම්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ආතතීන් අවුළුවන්නේ, චීනය සමග යුද්ධය සඳහා එහි සැලසුම් වේගවත් කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි.  ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, වොෂින්ටනය 1979 දී බීජිං සහ වොෂින්ටනය අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට තුඩු දුන් සියුම් සමතුලිත හැසිරීම මූලික වශයෙන් වෙනස් කර ඇත.

එම අවස්ථාවේ දී, චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන බව එක්සත් ජනපදය පිළිගත් නමුත් බීජිං හි ස්ථාවරය නිල වශයෙන් අනුමත නොකළේය.  කෙසේ වෙතත්, එහි ක්‍රියාවන් ප්‍රායෝගිකව වැළඳ ගත්තේ One China මූලධර්මයයි: වොෂින්ටනය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර තායිපේ සමග එහි මිලිටරි සන්ධානය අවසන් කර එක්සත් ජනපද හමුදා දිවයිනෙන් ඉවත් කර ගත්තේය.

දශක ගනනාවක් තිස්සේ, තායිවානයට ආරක්ෂක අවි අලෙවි කරන අතරතුර, ගැටුම් ඇති වූ විටක චීනයට එරෙහිව යුද්ධ කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවීම ප්‍රතික්ෂේප කළේය.  එය තායිවානයේ  අර්ධ තානාපති කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන ඇමරිකානු ආයතනය හරහා තායිපේ සමඟ පහත් නිල නොවන සම්බන්ධතා පවත්වා ගෙන ගියේය.  ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල ඉරා දමා ඇත.

1995 ජූනි මාසයේදී තායිවානයේ එවකට ජනාධිපති ලී ටෙන්ග්-හුයි විසින් එක්සත් ජනපදයේ කල සංචාරයට, එනම් “තෙවන තායිවාන සමුඳු සංධීය අර්බුදය” සමඟ ට්සායිගේ සංචාරය සසැඳිය හැකිය.

නිව් යෝර්ක් වෙත පැමිණීමෙන් පසු, මාර්තු 30 වන දින, දක්ෂිණාංශික චින්තන පර්ශදයක් වන හඩ්සන් ආයතනය විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී සායි දේශනයක් පැවැත්වූ අතර, ට්සායි ප්‍රකාශ කළේ “තායිවානය ආරක්ෂා කිරීම ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවයි” යනුවෙනි.  වෙනත් වචන වලින් කිවහොත්, තායිවානය සම්බන්ධයෙන් චීනය සමග යුද්ධයකක් කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවිය යුතුය.

2022 අගෝස්තු මාසයේදී, ඩිමොක්‍රටිකයින් විසින් නියෝජිත මන්ත්‍රී මන්ඩලය පාලනය කරන විට, සභා කථානායක ලෙස නැන්සි පෙලෝසි, තායිවානය අවට මුහුදේ විශාල මිලිටරි ගැටුමක අන්තරාය මතු කරමින් තායිපේ වෙත ප්‍රකෝපකාරී සංචාරයක් කළේය.  චීන මිලිටරිය තායිවාන් සමුද්‍ර සන්ධිය තුලට මිසයිල අත්හදා බැලීම් සහ යුධ නෞකා යෙදවීමත් සමග, එක්සත් ජනපදය සහ එහි සහචරයින් තායිවානයට යාබදව ප්‍රධාන නාවික මෙහෙයුම් දියත් කලහ.

රුසියාවට එරෙහිව යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සමාන ආකාරයකින්, වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය අස්ථාවර කිරීමේ සහ අවසානයේ බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස තායිවානය සම්බන්ධයෙන් විනාශකාරී ගැටුමකට බීජිනය ඇද ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරයි.

ට්සායි – මැකාති හමුව: 

ඇය තායිවානයට ආපසු යාමට සූදානම් වෙමින්, ට්සායි එක්සත් ජනපද වත්මන් සභා කථානායක කෙවින් මැකාති සහ කැලිෆෝනියාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම රැස්වීම “එක-චීන” ප්‍රතිපත්තිය අවසන් කිරීමට, තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට සහ චීනය සමඟ එක්සත් ජනපදයේ ගැටුම තීව්‍ර කිරීමට ධවල මන්දිරය සහ කොන්ග්‍රසයේ ද්විපාර්ශ්වික උත්සාහයේ නවතම පියවර විය.  උප ජනාධිපති කමලා හැරිස්ට පසුව, ජනාධිපති පදවියේ දෙවන අනුප්‍රාප්තිකයා වන මැකාති සමඟ හමුවීම, වොෂින්ටනය 1979 දී තායිපේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස බිඳ දමා බීජිං සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසු එක්සත් ජනපද භූමියේ ඉහළම මට්ටමේ හමුවීම විය.  එකල, එක්සත් ජනපදය තත්‍යානුකූලව, තායිවානය ඇතුළු සමස්ත චීනයේ නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැකාති, තායිවානයට ආයුධ පොම්ප කිරීමට එක්සත් ජනපදය දිරිමත් කළේය.  “අපි තායිවානයට ආයුධ අලෙවිය දිගටම කරගෙන යා යුතු අතර ඒවා ඉතා කාලෝචිත පදනමක් මත තායිවානය වෙත ළඟා වන බවට වග බලා ගත යුතුය,” ඔහු පැවසීය.  “ඉතිහාසය හරහා අපි දන්නා පාඩම නම්, යුද්ධය වැලැක්වීමට හොඳම ක්‍රමය” යනු “යුද්ධය වැලැක්වීමට මිනිසුන්ට ඉඩ දෙන ආයුධ සැපයීමයි” ඔහු ඕවෙලියානු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ යුක්රේනය සන්නද්ධ කර පැවතීම යුද්ධය වළක්වනු ඇතිව පැවති බවය. එහෙත්, සත්‍යය නම් එවැනි ආයුධ සන්නද්ධවීමක් කිසි විටෙකත් යුද්ධය වැළැක්වා නැති බවත්, නමුත් තවත් යුද්ධ අවුලුවා ඇති බවත් ය.

චීනයට එරෙහි ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් දෙකට්ටුව:

තායිවානය සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර මතභේද තිබේදැයි වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැකාති පැවසුවේ, “එය ද්විපාර්ශ්වික ආස්ථානයක් බව මම විශ්වාස කරමි…  ඔවුන්ගෙන් [ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන්] මට ඇති වූ හැඟීමම එයයි… චීනය සම්බන්ධයෙන් ගත්කල අපි එක හඬින් කතා කරන්නෙමු, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඩිමොක්‍රටික් සාමාජිකයෙක් වන රාජා ක්‍රිෂ්ණමූර්ති, ධවල මන්දිරයේ සටන්කාමී චීන විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණ ඒකමතිකත්වයේ ස්වරයම ප්‍රකාශ කළේය.

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ද්විපාර්ශ්වික සෙනෙට් සභිකයින් පිරිසක් මාර්තු 31 සිකුරාදා නිව් යෝර්ක් නගරයේ දී ට්සායි හමුවූ බව හෙළි කළහ.  රැස්වීම ගැන ඔවුන්ගේ අදහස්, මැකාතිගේ අදහස්වලට වඩා යුද ධාවනකාරී විය.

“බෙයිජිංහි ආඥාදායකයින් කොංග්‍රසයේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම ඇමරිකානු භූමියේදී, හමුවිය හැකි හෝ නොහැකි කුමන විදේශීය නායකයින්ද යන්න තීරණය නොකළ යුතුය,” යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් සුලිවන් පැවසීය.  “එක්සත් ජනපද සෙනෙට් සභාව … චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝග පිලිපදින්නේ නැත.  තායිවානය හුදකලා යයි ලෝකය විශ්වාස කිරීමට සීසීපීයට අවශ්‍ය වුවද, සත්‍යය එය හුදෙකලා නොවන බවයි”.

“අපි දන්නවා කොමියුනිස්ට් චීනය, එනම් අපගේ නැගඑන තර්ජනය, ඔවුන්ගේ අසල්වැසි සහ ප්‍රධාන එක්සත් ජනපද හවුල්කරු වන තායිවානය දෙස නෙත් යොමා සිටින බව,” ඔහු පැවසීය, “තායිවානය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය වැඩි දියුණු කළ හමුදා පුහුණුව සහ වේගවත් ආයුධ හුවමාරුව හරහා ශක්තිමත් කළ යුතුය.”

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජෙනරාල් මයිකල් මිනිහාන් මේ වසර මුලදී 2025 වන විට චීනය සමඟ ඇමරිකානු යුද්ධයක් පුරෝකථනය කළේය.

‘එක-චීනයක්’ ප්‍රතිපත්තිය අවසානයකට ගෙන එමින්:

මැකාති ට්සායි සමඟ හමුවීම, චීනය සහ එක්සත් ජනපදය අඩසියවසකට ආසන්න කාලයක් යුද්ධයෙන් වැළකී සිටීමට සමත් වූ ඒක-චීන ප්‍රතිපත්තිය ඉරා දැමීම ඉලක්ක කරගත් පියවර මාලාවක නවතම එක පමණි.

ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු දිරිමත් කිරීම, තායිවානයට ආයුධ අලෙවිය වේගවත් කිරීම සහ පටු තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝප කිරීම් සිදු කිරීම මගින් දශක හතරක් තිස්සේ එක්සත් ජනපද-චීන ​​සබඳතා පදනම් වූ  එක්-චීනයක් ප්‍රතිපත්තිය බිඩෙන් පරිපාලනය බලාත්මකව අත් හැර දමමින් තිබේ.

මාර්තු 24 වන දින, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය “තායිවානයට සහතිකවීම ක්‍රියාත්මක කිරීමේ පනත” (Taiwan Assurance Implementation Act) සම්මත කරන ලද අතර, එය “එක්සත් ජනපද-තායිවාන සබදතා මත ඉතිරිව ඇති ඕනෑම ස්වයං-පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට සහ ඒ සඳහා සැලැස්මක් ප්‍රකාශ කිරීමට” අවස්ථාවන් හඳුනා ගැනීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවරයි.  මෙය එක්-චීනයක් ප්‍රතිපත්තිය විධිමත් ලෙස අවසාන කිරීම ක්‍රියාවට දමයි.

චීනය අනතුරු අඟවයි:

තායිවානය තම රටින් ඉවතට පලා යන පළාතක් ලෙස සලකන චීනය, දිවයින සාමකාමීව යලි ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව පැහැදිලි කර ඇති නමුත්, අවශ්‍ය නම්, විශේෂයෙන්, තායිපේ විසින් විධිමත් ලෙස නිදහස ප්‍රකාශ කිරීමකදී බලය භාවිතා කරන බව පැහැදිලි කර ඇත.

ට්සායිගේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය දින තුනක් (9-11) පුරා හමුදා අභ්‍යාස මාලාවක් සමඟ ප්‍රතිචාර දක්වා ඇත.  සටන් මෙහෙයුම් පෙරහුරු කිරීම සඳහා සෑම දිනකම මිලිටරි ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහ චීන යුද නැව් බලමුලු ගන්වන ලද අතර, ඒවායින් බොහොමයක් ජාත්‍යන්තර නීතියේ පිලිගැනීක් නොමැති තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළහ.

බීජිං හි අනතුරු ඇඟවීම් නොතකා පසුගිය අගෝස්තු මාසයේදී එවකට සභා කථානායක නැන්සි පෙලෝසි තායිවානයට ගිය විට, චීන හමුදාව, එනම් මහජන විමුක්ති හමුදාව (PLA), දිවයින වටා ඇති ගුවන් අවකාශයේ සහ ජලයේ සතියක ප්‍රධාන අභ්‍යාස පැවැත්වීය.  නවතම අභ්‍යාසයන් එතරම්ම විශාලත්වයක් නොතිබුණද, එය තායිවාන රජයට පණිවිඩයක් ලබා දීම අරමුණු කෙරුනි.

“මෙය විදේශ බලවේග සමඟ හවුල් වී සිටින ‘තායිවානයේ ස්වාධීනත්වය’ පිලිබඳ බෙදුම්වාදීන්ගේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව බරපතල අනතුරු ඇඟවීමක් වන අතර ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයකි,” යි PLA හි නැගෙනහිර නාවික විධානය පැවසීය.  ජනාධිපති ට්සායි සහ ඇගේ තායිවාන ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) බීජිං වෙතින් වැඩි නිදහසක් ඉල්ලා සිටියි.

චීනයේ ප්‍රතිචාරය සාපේක්ෂ වශයෙන් නිශ්ශබ්ද වුවද, එක්සත් ජනපදය මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිය ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන ගියේය.  එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන බලඇණිය  අප්‍රේල් 10 සඳුදා නිවේදනය කළේ එහි  මිසයිල විනාශ කරන්නා වූ Milius නැව දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් වල චීන පාලිත දූපත් වලට සමීපව “නාවික ගමනේ නිදහස” යන කඩතුරාව යටතේ බව යාත්‍රා කළ බවයි.

දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදය චීනය සහ අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් අතර දකුනු චීන මුහුදේ භෞමික එදිරිවාදිකම් නොසලකා හැරියේය.  කෙසේ වෙතත්, ජනාධිපති ඔබාමාගෙන් පටන්ගෙන, පසුව ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ, එක්සත් ජනපද මිලිටරිය, බීජිනය සමග එහි ආක්‍රමණශීලී ගැටුමේ කොටසක් ලෙස, මෙම ගැටුම්කාරී සාගර කලාපය  තුළ චීනයට එරෙහිව එහි “නාවික ගමනාගමනයේ නිදහස” යන්න යටතේ ප්‍රකෝප කිරීම් උග්‍ර කර ඇත.

PLA හි දකුනු නාවික විධානය ඇමරිකානු නාවික හමුදාවේ මෙම මෙහෙයුම “නීති විරෝධී” ලෙස හෙලා දුටු අතර චීන නාවික යාත්‍රා “නැව (මිලියුස්) අධීක්ෂනය කර ඇති අතර නාවික සහ ගුවන් හමුදා සෑම මාර්ගයකම සීරුවෙන් තබා ඇති” බව නිවේදනය කලේය.

ප්‍රකෝපකරනය ඉදිරියටම: 

ඒ සමගම තවත් එක්සත් ජනපද නියෝජිත පිරිසක් ට්සායි සහ අනෙකුත් රජයේ නිලධාරීන් සමග ඉහල මට්ටමේ සාකච්ඡා සඳහා තායිපේ වෙත පැමිණියහ.  මෙම සංචාරයට අප්‍රේල් 08 සෙනසුරාදා තායිවාන ජනාධිපතිවරයා හමුවූ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ විය.

වොෂින්ටනයේ එක්-චීනයක් ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජනපදය තායිවානය සමඟ සාමාන්‍යයෙන් පවත්වාගෙන ගියේ නොසලකා හරින ලද සම්බන්ධතාවයන්ය.   ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, හමුදා නිලධාරීන් ඇතුළු සියලු මට්ටම්වල අසීමිත සංචාර සඳහා ඉඩ සැලසීම පිණිස රාජ්‍යතාන්ත්‍රික රීති පොත ඉරා දමා ඇත.

විශේෂයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කරමින්, කමිටු සභාපති මයිකල් මැකෝල්, තායිවානයේ මිලිටරියට එක්සත් ජනපද පුහුණුව සඳහා සහය ලබා දෙන බවට පොරොන්දු විය.  එක්සත් ජනපදය 1979 දී තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කිරීමත් සමඟ, එය දිවයින සමඟ තිබූ මිලිටරි සන්ධානය අවලංගු කර සියලු හමුදා ඉවත් කර ගත්තේය. එහෙත්, එක්සත් ජනපදය දැන් තායිවානයේ තම නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරමින් සිටී.

මැකෝල් චීනයේ “ඔබේ ජාතියට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියා” හෙළා දුටුවේය: “මම අපේ ජාතීන් දෙක එක්ව, සාමය සහ සමෘද්ධියෙන් යුත්  විශිෂ්ට අනාගතයක් බලාපොරොත්තු වෙමි.  අපි තායිවානය සමඟ සිටිමු” යි පැවසීය.

මෙම  ප්‍රකාශවල වංචනීයභාවය බේරෙයි.  එහි ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයේදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන පුරා මැද පෙරදිග, මධ්‍යම ආසියාව, උතුරු අප්‍රිකාව සහ බෝල්කන් ප්‍රදේශවල අඛණ්ඩව ආක්‍රමනකාරී යුද්ධ දියත් කර ඇත.  දැන් එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයෝ න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සමග නොසැලකිලිමත් ලෙස යුක්‍රේනය බලල් අතක් ලෙස යොදාගෙන යුද්ධයක යෙදී සිටිති. එය වොෂින්ටනය සලකන්නේ එහි ගෝලීය තත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස පවතින චීනය සමග යුද්ධයේ පූර්විකාවක් ලෙස ය.

චීනයට එරෙහි බිඩෙන් පරිපාලනයේ ක්‍රියාන්විතය රුසියාවට එරෙහි ක්‍රියා පටිපාටියට සමාන ය: තායිවානයට පහර දීමට බීජිං පොළඹවා චීනය දුර්වල කිරීමට හා ඛණ්ඩනය කිරීමට ඉවහල වන යුද්ධයකට ඇද දැමීම.  තායිවානය ආරක්ෂා කරන බවට වොෂින්ටනයේ ප්‍රකාශයන් යුක්‍රේනයට සහය දැක්වීමේ ප්‍රකාශ මෙන් ම ව්‍යාජ ය.  එහි අතිමූලික මූලෝපායික අරමුන වන්නේ යුරේසියානු භූමි ප්‍රදේශයේ සහ එහි අතිවිශාල ස්වභාවික හා මානව සම්පත්වල ආධිපත්‍යය යි.

“චීනය පරාද කිරීමේ” AUKUS මිලිටරි ගිවිසුම:

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂ මන්ත්‍රී මෙරිල් ස්වන්සන් සහ ලිබරල් සෙනෙට් සභික ජේම්ස් පැටර්සන්, පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් බිලියන 368 ක සබ්මැරීන ගනුදෙනුව, චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට අප්‍රේල් මස මුලදී වොෂින්ටනයට පැමිණ සිටියහ.  ගිවිසුම යටතේ, ඕස්ට්‍රේලියාව ලබන දශකය තුළ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන බල ඇණියක් එක්සත් ජනපදයෙන් අත්පත් කර ගනු ඇත. බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් සබ්මැරීනයේ නව සැලසුමක් මත ඒකාබද්ධ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මේවා ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමතය.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අත්පත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සඳහා වූ AUKUS ගිවිසුම “අපගේ ජීවිත කාලයටම තර්ජනයක්” ලෙස ඔවුන් විස්තර කළ චීනය “පරාජය කිරීම” අරමුනු කරගත් බව බයිඩන් පරිපාලනයේ ඉහල නිලධාරීහු ප්‍රකාශ කළෝය.

මාර්තු මාසයේදී, බයිඩන් පරිපාලනයේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක සම්බන්ධීකාරක කර්ට් කැම්බල් ද නවසීලන්තයේ වෙලින්ටන් වෙත ගොස්, ඉදිරි යුද මෙහෙයුම් වලදී නවසීලන්තය මූලික කොටසක් බවට පරිවර්තනය කල හැකි AUKUS මිලිටරි ගිවිසුමේ භූමිකාවක් එරටටද ඉටු කළ හැකිද යන්න සාකච්ඡා කළ බව වාර්තා වේ.  

අධිරාජ්‍යවාදී සන්ධානය රුසියාව සමඟ සෘජු යුද්ධයකට සමීප වෙමින් තිබියදී පවා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, අප්‍රේල් 4දා මාධ්‍යවේදීන්ට පැවසුවේ, “[චීනය] රුසියානු ප්‍රචාරණය ප්‍රතිරාවය කරන අතර එය රුසියාවේ ආර්ථිකයට මුක්කු ගසයි”  යනුවෙනි.  නේටෝව “දැන් ඉන්දු-පැසිෆික් කලාපයේ අපගේ හවුල්කරුවන් වන ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ අපගේ සහයෝගීතාවය ඉහළ නංවමින් සිටින බව” ඔහු පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව සබ්මැරීන අත්පත් කර ගැනීම, කම්කරු ආන්ඩුව අවධාරනය කර ඇති පරිදි, “ප්‍රහාර වළක්වන්නක්” ලෙස අදහස් කරන ලද  ආරක්ෂක පියවරක් බවට කරන ප්‍රකාශයන්ට පටහැනිව, එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් AUKUS මෙන්ම සබ්මැරීන ද ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී මෙවලමක් ලෙස ඉදිරිපත් කළහ. 

රාත්‍රී භෝජන සංග්‍රහයේදී අදහස් දක්වමින් එක්සත් ජනපද නාවික හමුදා ලේකම් කාලෝස් ඩෙල් ටෝරෝ මෙසේ ප්‍රකාශ කළේය: “කියුබාවේ උපත ලැබීමෙන් මම කොමියුනිස්ට්වාදය යනු කුමක්දැයි පෞද්ගලිකව වටහාගෙන සිටිමි. ඇත්ත වශයෙන්ම  චීනයේ තර්ජනය සහ ඔවුන් ලෝක පර්යාය විනාශ කිරීම හැකි සෑම ආකාරයකින්ම පරාජය කිරීම සඳහා අප රාජ්‍යයන් තුන කැපවී සිටිමු.”

දශක ගණනාවකට පෙර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ චීන තන්ත්‍රයක් ගැන ඩෙල් ටෝරෝගේ උමතු කොමියුනිස්ට් විරෝධී ප්‍රකාශය, එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදී කියුබානු සංක්‍රමණික ප්‍රජාව තුළ ඔහුගේ පසුබිම සමඟ බැඳී ඇති බවට සැකයක් නැත.

එම ප්‍රකාශ එක්සත් ජනපද ආන්ඩුවේ සහ පෙන්ටගනයේ මූලධර්මවලට සම්පුර්ණයෙන්ම අනුකූල විය.  2018 දී, පෙන්ටගනයේ යුද මූලෝපායික ලේඛනයක් ප්‍රකාශ කළේ: “මහා බල තරඟය – ත්‍රස්තවාදය නොවේ – දැන් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ මූලික අවධානයයි.”  එය පැහැදිලිවම චීනය සහ රුසියාව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස හඳුනා ගත්තේය.

බයිඩන් පරිපාලනයේ 2022 ජාතික ආරක්ෂක උපායමාර්ගය ප්‍රකාශ කළේ: “අපි මහජන චීන සමූහාණ්ඩුව සමඟ ප්‍රතිථලදායී ලෙස තරඟ කරන්නෙමු. චීනය ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ වැඩි වැඩියෙන් හැකියාව ඇති එකම තරඟකරුවා වේ.”

ඇමරිකානු හමුදාවේ ගෝලීය ක්‍රියාකාරකම්වලට චීනය තර්ජනයක් නොවන බව අනෙකුත් එක්සත් ජනපද රජයේ ලේඛන පිළිගෙන ඇත.  නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ, ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව ප්‍රකාශ කළේ චීනයේ එකම මිලිටරි අභිලාෂය වූයේ “එක්සත් ජනපදය චීනයේ පරිධියේ වාඩිලෑම සීමා කිරීම” බවයි.

යථාර්ථයේ දී, “ජාත්‍යන්තර පර්යාය” පිලිබඳ සඳහන් කිරීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු පරිහානිය මධ්‍යයේ සිදුවන චීනයේ ආර්ථික වර්ධනය ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වේ යැයි බිය මතු කරයි.

ඕස්ට්‍රේලියානු සංචාරයේ එක් අංගයක් වූයේ, ආසියාවෙන් දියත් කරන ලද ආක්‍රමණයක තර්ජනයට ඕස්ට්‍රේලියාව මුහුණ දී නොමැති බවට වන හිටපු අගමැති පෝල් කීටින්ගේ ස්ථාවරයට සහ AUKUS වෙත එල්ලවී ඇති පුලුල් විරුද්ධත්වයට තමන් එරෙහි වන බවට බයිඩන් පරිපාලනයට සහතික කිරීම බව පෙනේ.

දක්ෂිනාංශික චරිතයක් වන කීටින් යුද්ධයට හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිම ආකාරයකින් විරුද්ධ නොවේ.  ඔහු ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙලඳ සහකරු වන චීනය සමග පූර්න යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ බියෙන් සිටින පාලක ප්‍රභූවේ සුළුතර කොටසක් නියෝජනය කරයි.

පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එක්සත් ජනපද සැලසුම් තුල ඔස්ට්‍රේලියාවේ තීව්‍රවන භූමිකාව පිලිබඳව සාමාන්‍ය ජනයා අඳුරේ තැබීමෙන් පසුව AUKUS නිවේදනය පුලුල්ව පැතිරුනු කම්පනය සහ කෝපය අවුලුවා ඇත.  සබ්මැරීන සඳහා වියදම් කරන ඩොලර් බිලියන 368, සමාජ වියදම් සඳහා දැවැන්ත කප්පාදුවක් පටවනු ඇති අතර යුද්ධයට එරෙහිව වඩ වඩාත් යොමු වෙන පන්ති අරගලයේ වර්ධනය වන නැගිටීමක් උත්සන්න කරනු ඇත.

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර නීතිය නොතකා ඇමරිකානු-නේටෝවේ චීනයට එරෙහි යුද්ධයට කරබදු වීමට අරඅඳියි:

මාර්තු අග, ඕස්ට්‍රේලියානු රජය විසින් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු විමර්ශනයක් , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධ දියත් කිරීමට වැඩි විධායක බලයක් යෝජනා කර සිටියේය.  කෙසේ වෙතත්, නැගී එන යුද විරෝධී මනෝගතිය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම සඳහා සුලු සැරසිල්ලක් වශයෙන් එවැනි යුද්ධ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යැයි ද එය යෝජනා කලේය.  නමුත් එම අනුමැතිය ද දැනටමත් යුද්ධය ආරම්භ වූ පසුව ලබා ගත යුත්තක් ලෙස පමණි!

පසුගිය සැප්තැම්බරයේ ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් විසින් පත් කරන ලද විමර්ශන වාර්තාව, කම්කරු ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ආක්‍රමණශීලී යුද්ධයකට සම්බන්ධ වීමට සූදානම් වන බවට තවත් අනතුරු ඇඟවීමකි. ඒ ජාත්‍යන්තර නීතියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මන්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු යැයි යන්නට අවනත වන බවේ බොරු මවාපෑමක් පවා නොසලකා හරිමිනි. 

පාර්ලිමේන්තු වාර්තාව ලිලිබඳව සංගත මාධ්‍යවල නිවැරදිව වාර්තා නොකෙරුනු අතර යන්තම් සඳහනක් පමනක් කර ඇත.  එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යුද දියත් කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳව පාලක කවයන් තුල නලියන සැබෑ චකිතය පිලිබිඹු කරයි.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආන්ඩු සමඟ ඇති චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ AUKUS ගිවිසුමේ කොටසක් ලෙස, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන, හයිපර්සොනික් මිසයිල සහ අනෙකුත් ප්‍රහාරක අවි මිලදී ගැනීම සඳහා වසර 30ක් පුරා ඩොලර් බිලියන 368ක් වෙන් කිරීම ජනාධිපති ඇල්බේනියානු ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම විමර්ෂන වාර්තාව නිකුත් කෙරුණි.

කම්කරු පක්ෂ බහුතරයක් සහිත කමිටුවක් විසින් සකස් කරන ලද පාර්ලිමේන්තු වාර්තාව, “යුද්ධය හෝ යුධමය මෙහෙයුම් ඇතුළු සන්නද්ධ ගැටුම් සම්බන්ධ තීරණ මූලික වශයෙන් විධායකයේ පරමාධිකාරී බලයක්” බව අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

වාර්තාව නිර්දේශ කරන්නේ,  එම බලතල, විශේෂයෙන්ම “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් හෝ ස්වෛරී ජාතියක ආරාධනයකින් සහාය නොදක්වන” යුද්ධ සඳහා ද බලාත්මක ක යුතු බවයි.

මෙය ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය සහ එහි සහචරයින්, විශේෂයෙන්ම AUKUS හවුල්කරුවන්, සූදානම් කරමින් සිටින ආකාරයේ යුද්ධය පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.  චීනයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා කඩතුරාව කුමක් වුවත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතුන්, 2003 දී ඉරාකයේ කළාක් මෙන්, එක්සත් ජාතීන්ගේ අනුමැතියේ කඩදාසි කොළයක්වත් නොමැතිව යුද්ධයට යාමේ බලය ඉල්ලා සිටිති.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍යයෙන්ම නිෂ්කාශන මධ්‍යස්ථානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන යුද්ධවලට කිසිවිටෙක බාධාවක් බව ඔප්පු කර නොමැති නමුත්, ආරක්ෂක මණ්ඩලයේ  විධිමත් අනුමැතියකින් තොරව සිදු කෙරෙන යුද්ධයක් නීති විරෝධී හා ආක්‍රමණකාරී යුද්ධයක් දියත් කිරීමේ චෝදනාවලට වගකිව යුත්තන් හෙලිදරව් කිරීමේ අවදානම දරයි.  

විදේශ කටයුතු, ආරක්‍ෂාව සහ වෙළෙඳාම පිළිබඳ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ ආරක්‍ෂක අනුකමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව, ආරක්ෂක පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම වෙනුවට, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 වැනි වගන්තිය යටතේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වශයෙන් “ප්‍රධාන අන දෙන්නා” ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය ක්‍රියාවට දමමින් ඕනෑම සන්නද්ධ ගැටුමකට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි.

මෙම ක්‍රමවේදය දේශීය හෝ ජාත්‍යන්තරව ඕනෑම නෛතික අභියෝගයකින් යුද්ධයේ තීරණ ආරක්ෂා කරන අතර ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් ආරක්ෂා කරනු ඇත බව වාර්තාව දක්වයි.

ප්‍රායෝගිකව, චීනය සමඟ යුද්ධයට යාමේ ඕනෑම තීරණයක් ගනු ලබන්නේ වොෂින්ටනයේ දී ය. ඒ  ව්ශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් (Pine Gap) සන්නිවේදන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ උතුරු ඕස්ට්‍රේලියාව පුරා අනෙකුත් කඳවුරු වැනි අත්‍යවශ්‍ය එක්සත් ජනපද මිලිටරි සහ බුද්ධි පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන බැවිනි.

විශේෂයෙන්ම 2011 සිට, එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී වොෂින්ටනයේ මිලිටරි සහ මූලෝපායික “ආසියාවට හැරීම” ප්‍රකාශ කළ විට, ලේබර් සහ ලිබරල්-ජාතික ආන්ඩු ද ඔස්ට්‍රේලියාව චීනයට එරෙහිව

යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය වේදිකාවක් බවට පත් කරමින් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වලට ඔස්ට්‍රේලියාව වඩ වඩාත් ඒකාබද්ධ කර ඇත.  

මෙම ඒකාබද්ධතාවය මූර්තිමත් කරන්නේ, ඉන්දු-පැසිෆික් කලාපයේ තමන්ගේම කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ඉෂ්ඨ කරගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේ සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ කොන්දේසි විරහිත පෙලගැසීමයි.

චීන-විරෝධී අධිරාජ්‍යවාදී සංධානය තර කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති නවසීලන්තයේ සංචාරය කරයි: 

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් අප්‍රේල් මුල් සතියේ අසල්වැසි නවසීලන්තයට ගොස්  නවසීලන්ත ආරක්ෂක ඇමති ඇන්ඩෲ ලිට්ල් හමුවිය.  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මෙම සංචාරය “අපගේ කලාපයේ බහුවිධ ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ඵලදායීව සහතික කිරීම සඳහා අපගේ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරනු ඇති” බවයි.

නවසීලන්තයේ කම්කරු පක්ෂය-ග්‍රීන් සභාග ආන්ඩුව රුසියාවට සහ චීනයට එරෙහිව තුන්වන ලෝක යුද්ධයක් කරා තීව්‍ර වන තල්ලුව පිටුපස පැහැදිලි ලෙස පෙලගැසෙන ලෙස ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ වැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.

නවසීලන්තය එක්සත් ජනපදය ප්‍රමුඛ “පංච අක්ෂි” බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සමීප සගයෙකි.  කෙසේ වෙතත්, මේ දක්වා, නවසීලන්තයේ වැදගත්ම වෙළඳ හවුල්කරුවා වන චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් වලට විවෘතව සම්බන්ධ වීමට වෙලින්ටන් පැකිලෙමින් තිබේ.

අප්‍රේල් 6දා පැවති මාධ්‍ය හමුවකදී ඇමති ලිට්ල් පැවසුවේ තමන් සහ මාර්ල්ස් චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ගැන “විශේෂයෙන් කතා නොකළ” බවයි.  කෙසේ වෙතත්, නවසීලන්ත ආන්ඩුව මිලිටරි ගිවිසුමේ “කණු දෙක” සඳහා සහභාගී වීමට සලකා බලයි, එය රටවල හමුදාවන්ගේ අන්තර් ක්රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා උසස් මිලිටරි තාක්ෂණය බෙදාහදා ගැනීම ඇතුළත් වේ.

වර්තමානයේ, නවසීලන්තයේ න්‍යෂ්ටික විරෝධී නීති මගින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන රටේ සාගර කලාපයට ඇතුළු වීම වළක්වනු ඇත.

පසුව, ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීම නවසීලන්තයට “අර්ථවත්” යැයි පවසමින්, පැසිෆික් කලාපයේ “මිලිටරිකරණය” ගැන ලිට්ල් වංචනික ලෙස චීනයට චෝදනා කළේය. 

ඔහු ඕස්ට්‍රේලියාවේ මිලිටරි ගොඩ නැගීම ‘ආරක්‍ෂනවාදී’ යැයි සාවද්‍ය ලෙස නිරූපනය කරමින්, මෙසේ කීවේය: ” [චීනය] ඔවුන්ගේ නාවික හමුදාවේ ප්‍රමාණය, ඔවුන්ගේ හමුදාවේ සහ ඔවුන්ගේ ගුවන් හමුදාවේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන ඇත, ඔවුන් සිය න්‍යෂ්ටික අවි සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.  මේ කාරණා ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කර ගත යුතු බවට තීරනය කරීමට පොලඹවා ඇත”. 

එහි න්‍යෂ්ටික අවි ගබඩාව ඇතුළුව එක්සත් ජනපද මිලිටරි වියදම් විශාල වශයෙන් ප්‍රසාරණය කිරීම, තායිවානයේ හමුදා ස්ථානගත කිරීම සහ ජපානය, දකුනු කොරියාව සහ පිලිපීනය සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපය පුරා එහි වැඩෙන ව්‍යාප්තිය ගැන ඇමති ලිට්ල් සඳහන් කළේ නැත.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් දකුනු චීන මුහුද සහ තායිවාන් සමුද්‍ර සන්ධිය ඇතුලු චීනය ආසන්නයේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස නිතිපතා සිදු කරයි.

පසුගිය වසරේ, න්‍යෂ්ටික සන්නද්ධ චීනයට සහ රුසියාවට එරෙහි එහි යුදමය ක්‍රියාදාමයට සහය දක්වමින් නේටෝ සමුළුවක් ඇමතූ පළමු නවසීලන්ත නායිකාව බවට එවකට අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් පත් වූවාය.

මේ අතර, ලේබර් ආන්ඩුව සිය මිලිටරි හා බුද්ධි අංශ වැඩිදියුණු කිරීම සඳහා බිලියන ගනන් වියදම් කරයි.  අප්‍රේල් 2 දා, සටෆ් (Stuff) මාධ්‍යය හෙළි කළේ, ඕක්ලන්ඩ් හි ගුවන් හමුදා කඳවුරක නව දත්ත මධ්‍යස්ථානයක් සඳහා ඩොලර් මිලියන 300ක් වැය කරමින් සටින බවත්, එය එක්සත් ජනපදය මෙහෙයවන “පංච-අක්ෂි” වැඩසටහන යටතේ  ආසියාවේ, පැසිෆික් කලාපයේ සහ ජාත්‍යන්තරව  තොරතුරු බැලීමේ කොටසක් ලෙස නිරීක්ෂණ සිදු කරන රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශය (GCSB) විසින් රැස් කරන ලද තොරතුරු ගබඩා කරන බවත්ය. 

සුළු අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, නවසීලන්තයේ ධනේශ්වරය සැමවිටම විශ්වාසය තබා ඇත්තේ එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව සමඟ ඇති සන්ධානය මත ය;  පැසිෆික් කලාපයේ සහ වඩාත් පුලුල් ලෙස නවසීලන්තයේ කොල්ලකාරී අවශ්‍යතා සඳහා සහාය සහතික කිරීම පිණිස එය කොරියාවේ, වියට්නාමයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ දැන් යුක්රේනයේ යුද්ධවලට සහාය දුන්නේ ය.

නවසීලන්ත කම්කරු පන්තිය තුල පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.  කෙසේ වෙතත්, ලේබර්, ග්‍රීන්ස්, ජාතික හෝ වෙනත් ධනේශ්වර පක්ෂයක් තුන්වන ලෝක යුද්ධයෙන් ඉවත් වී සි⁣ටීමට බලපෑම් කරනු ලැබිය හැකි යැයි විශ්වාස කිරීම මාරාන්තික වැරැද්දකි.

යුද්ධයේ හා පන්ති අරගලයේ ඉහලම කාලපරිච්ජේදයක්

අධිරාජ්‍යවාදී යුද්ධයේ සූදානම පසුබිමෙහි පන්ති අරගලය පූර්ව විප්ලවවාදී ආකාරයක් අත්කරගනිමින් තිබේ. යුරෝපයේමත් රටක් රටක් පාසා නව ඉහල මට්ටමකින් වර්ධනය වන පන්ති අරගල ධනපති විරෝධී විභවයන් අත්කරගෙන තිබේ. 

වර්තමාන ජාත්‍යන්තර භූ-දේශපාලනය අන්තර් සම්බන්ධිත සංසිද්ධි දෙකකින් සංලක්ෂිත වේ: එනම් ලෝක යුද්ධය දෙසට අධිරාජ්‍යවාදී තල්ලුව සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයයි.  මෙම ක්‍රියාවලීන්  දෙක ගැඹුරින් සම්බන්ධ වේ.  අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතා කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධය දෙසට වන මෙම විනාශකාරී වෛශික ධාවනය නැවැත්වීමේ එකම මාධ්‍යය වන්නේ ගෝලීය ධනවාදයට සහ එහි යල්පැනගිය  ප්‍රතිවාදී ජාතික රාජ්‍ය  ක්‍රමය අවසන් කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ය.  

#theSocialistLK #CACPS 

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ Read More »

Defeat the reactionary policy against the struggle for action committees!

By Colombo Action Committee

The letter published here was sent by the Colombo Action Committee to the General Secretary of the Socialist Equality Party (SEP), Comrade Deepal Jayasekara and the editor of the Sinhala section of the World Socialist Web Site (WSWS), Comrade Ratnayake on March 22, 2023. It has been irresponsibly ignored by those comrades.

This leadership has even rejected the interventions made by the Colombo Action Committee (CAC), in defense of the SEP’s democratic rights, against the attacks on the party on two previous occasions. Despite the above rejection, CAC, which regarded these attacks on the party members by the trade union leaders in front of the Fort railway station and on the International Youth and Students for Social Equality (IYSSE) and SEP comrades at Sri Jayewardenepura University, with the graveness they deserved, campaigned against the attacks by distributing leaflets among the workers and students. This is because the CAC has always been based on working class revolutionary principles.

CAC was built in the struggle for the perspectives presented by the Socialist Equality Party on July 20, 2022 during the mass movement that unfolded from April 2022. That perspective leaves no room for this kind of sectarianism. Sectarianism is a sign of no confidence in the working class. Action Committees are not formed by mere inducement of any party or organization. These committees,  as an objective necessity of the masses, should be built by engaging in struggle within the struggle of the workers and the oppressed. Nothing could be won without uniting a mass movement of action committees. For that, the widest democratic discussion within and among the action committees is extremely decisive. Those who do not believe in these principles, bureaucratically announce Action Committees and expect workers to join them. This is an illusion. They have forgotten that the language of the worker is the struggle.

We hope this letter will attract the attention of workers and other anti-capitalist masses. We do so just because it leads to a necessary discussion on the building of a mass movement against capitalism. 

Image

General
Secretary

Socialist
Equality Party (Sri Lanka), and

Chief Editor

World
Socialist Web Site (Sri Lanka)

22 March 2023

Comrades,

Re. the
“Joint Statement” of the Action Committees of Sri Lanka

We write this letter to inform you that the statement published on the Sinhala section of the World Socialist Web Site  on 14 March 2023,  calling for a “united struggle against the government’s austerity measures”, was discussed by the Colombo Action Committee (CACPS) and to convey the conclusions made.

CACPS is committed to providing full active support to the said call.

The plan to organize the working class outside the trade unions, which are a major obstacle
to a united struggle, is a critical class requirement.

The governments and the ruling classes of all countries cannot tolerate parliamentary democracy too, any longer. The Sri Lankan government has already proven, time and again, by ignoring even its own superior court orders and relentlessly attacking public agitations and protests, that there is nothing left of the relatively peaceful coexistence.

Under these conditions, workers’ action committees have become a condition of  the very survival of the working class. They must be built and they can be built.

The CACPS was built upon the SEP-SL Statement dated 21 July 2022, after a long series of discussions. In establishing the CACPS, we studied in depth the lessons of the relevant history and the programme that is being implemented in the Auto Industry and in a number of other sectors with the support and guidance of the Socialist Equality Party of the United States. It arose out of the conscious
intervention into the intense class struggles that developed in Sri Lanka from April 2022.

We understand that the results of the CACPS campaigns for this programme among the anti-capitalist, working class and oppressed middle class groups are not the fruits of just CACPS’s work. The intensity of the class struggle and the necessary guidance provided  by the training gained from the long-term theoretical political work of the International Committee and its Sri Lanka section led to it.  All those who joined the CACPS at its inception were aware of and respected the struggle of the party.

It is with great regret that we have to remind you that every effort made by our committee to work in open solidarity with the struggle of the SEP has been arbitrarily thwarted by you. This time too, you have consciously worked to keep CACPS out, when issuing the joint statement of the action committees. What you have done thereby is to confirm that the assurance that you proclaimed in the said joint statement that “we are ready to give you our utmost support to form your own action committees” is also fake.

As soon as the Fisherfolk Action Committee of the Kytes Island in the North was established, we extended our arms of brotherhood and sent a congratulatory message to that committee. By refusing to publish it on the world socialist web site, you also rejected your proclaimed invitation made in your statement calling for a Democratic and Socialist Congress of the workers and rural masses. 

We believe that you have the honest intention to build Committees of Action. But the policies you are following are contrary to that need. Especially, while distancing the CACPS, which has already demonstrated its capability to fight very actively and firmly based on principles, you have chosen to refer in your statement to non-existent action committees and to ones that are still on the drawing boards but have not yet been built, and also have named loose relationships as action committees. It appears that,  while deceiving yourselves, you think that mentioning the names of  such fake action committees would serve as a ploy to win over workers.  You simply think that it is not a political crime because it would help foster the revolution against capitalism. This approach is wrong. According to Trotsky, it is a bureaucratic maneuver. Action committees can be formed primarily when the (working) class feels the  need for such a new tool. Objectively, it is now an essential requirement for the workers.

But, it is not possible to be convinced of and convince what the workers need, without intervening in the struggle. You missed that opportunity in the mass struggle that spread since last April. Your claim in the above statement about the non-existing action committees  “being  part” of the mass
uprising involving millions of workers and rural people is false to the core.  You knowingly fell into the trap of the hypocritical movement led
by reactionary gangs and parties that, “political parties are prohibited”, by declaring  bombastically , “even if others come
without names, we will come only with the name, not otherwise”, and thereby  missed the opportunity to intervene among the masses.

In behaving so, you allowed  the right-wing and pseudo-left to exploit the public anger and discontent at their own will and, thereby, you have betrayed the workers, oppressed youth, students and the urban and rural poor to these reactionary tendencies. You did not appreciate the strength of the party’s glorious history and the opportunity it was presented. We have realized that, today, your move to present fake action committees as real ones, instead of fighting to build genuine action committees, is the necessary consequence of these evasions. The
forerunners  of the Colombo Action Committee intervened in order not to let the opportunity presented by the class struggle go wasted, intending to
minimize, to the extent possible, the damage caused by your sectarian policy.

What is needed is not to stop at just blaming the pseudo-left, but to develop programmes and take actions against the programmes and actions of the pseudo-left. Instead, you call action committees a tactical tool for party recruitment, robbing the space for real action committees to emerge, and thereby create the conditions that prevent the growth of a broad mass movement. On top of the fact that this is a tactic of lying, it is a theoretical deviation and weakens the struggle for real action committees. 

However, we know that late party General Secretary, Comrade Wijay Dias, who opposed the suggestion of a section of the political committee that action committees should be formed only with the workers who have accepted the party’s perspective, questioned, if so, why not they be recruited directly into the party,  rather than form action committees.

The problem is that, instead of developing the struggle within the working class for the perspective needed to build workers’ action committees, you look for easy tricks. As we know very well, teacher groups that would have participated in the formation of action committees soon abandoned them because of these factors. The Action Committee for the Defence of freedom of Art and Expression, which was functioning successfully, was subjected to natural death by not convening meetings and not holding elections for officer bearers. This is a
criminal omission.

History punishes missed opportunities. If we do not correct mistakes as soon as possible and prevent omissions, we will be responsible for a historical mistake. Once again, we request that you find a way to work together to speedup and efficiently build a Democratic and Socialist Congress of action committees for the sake of essential and decisive unity of the working class. Let us also mention that CACPS is not sectarian and will not give up the struggle to build the Congress  for any reason whatsoever. We hope for a  prompt  response.

Fraternally ,

Shantha
Wijesuriya, Secretary,

Sanjay
Jayasekera,
Chairperson,                                       

Colombo Action
Committee for People’s Struggles.

Defeat the reactionary policy against the struggle for action committees! Read More »

කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු

 

මේ සමග පලවන ලිපිය කොලඹ ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයාට හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ කතෘ කේ. රත්නායක සහෝදරයාට 2023 මාර්තු 22 යවන ලද ලිපියකි. එය එම සහෝදරවරුන් විසින් වගකීම් විරහිත ලෙස නො තකා හරිනු ලැබ ඇත. 

මින් පෙර අවස්ථා දෙකක දී පක්ෂයට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කොලඹ ක්‍රියාකාරී කමිටුව කල මැදිහත් වීම පවා මෙම නායකත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. කොටුව දුම්රියපොල ඉදිරිපිට දී වෘත්තීය සමිති නායකයන් පක්ෂ සාමාජිකයන්ට එල්ල කල ප්‍රහාරයත්, පසුව සසජාත හා සසප සහෝදරවරුන්ට ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ දී කල පහර දීමත් යන මේ අවස්ථා දෙක, ඉහත සදහන් ප්‍රතික්ෂේපය නො තකා, බැරැරුම්ව සැලකූ කොක්‍රික, කම්කරුවන් හා සිසුන් අතර පත්‍රිකා බෙදා හරිමින් උද්ඝෝෂනය කලේ ය. ඒ කොලඹ ක්‍රියාකාරී කමිටුව හැම විටම කම්කරු පන්තික විප්ලවවාදී මූලධර්ම මත පදනම් වන නිසා ය.

කොක්‍රික ගොඩ නැගෙන්නේ 2022 අප්‍රේල් සිට ඇදී ගිය මහජන ව්‍යාපාරය තුල සමාජවාදී සමානතා පක්ෂය ජුලි 20 දින ඉදිරිපත් කල ඉදිරි දර්ශනය සදහා කල අරගලය තුලිනි. එම ඉදිරි දර්ශනය මෙබදු කට්ටිවාදයකට මොන ම ඉඩක් හෝ දී නැත. කටිටිවාදය කම්කරු පන්තිය කෙරේ පවතින සංශයක ලකුනු ය. ක්‍රියාකාරී කමිටු කිසිදු පක්ෂයක හෝ සංවිධානයක හුදු බලපෑම විසින් ගොඩ නො නැඟෙයි. ඒවා කම්කරු පීඩිත මහජනයාගේ වෛශික අවශ්‍යතාවයක් ලෙස ඔවුන්ගේ අරගල තුල

කරන අරගලය තුල ගොඩ නැගිය යුතු ය. ක්‍රියාකාරී කමිටුවල මහජන ව්‍යාපාරයක් එකමුතු කිරීමෙන් තොරව කිසිවක් ජයග්‍රහනය කල නොහැක. ඒ සඳහා ක්‍රියාකාරී කමිටු තුලමත්, ඒවා අතරත් පුලුල්තම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව අතිශයින්ම තීරනාත්මක ය. මෙම මූලධර්ම විශ්වාස නො කරන්නෝ, නිලධාරීවාදී ලෙස ක්‍රියාකාරි කමිටු නිවේදනය කර ඒවාට කම්කරුවන් එනු ඇතැයි සිතති. මෙය මිත්‍යාවකි. කම්කරුවාගේ භාෂාව අරගලය බව ඔවුහු අමතක කර ඇත්තාහ.

මෙම ලිපිය කම්කරුවන් හා සෙසු ධනපති විරෝධී ජනයාගේ අවධානය දිනා ගනු ඇතැයි අපි විශ්වස කරමු. ඒ අන් කිසිවක් නිසා නො ව ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම පිලිබඳ අවශ්‍ය සාකච්ඡාවකට එය යොමු වන නිසා ය.  

Image
ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ ක්‍රික වල ජාලයක් සඳහා පැවති කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී රැස්වීම 
(Photo:wsws)

ප්‍රධාන ලේකම්,

සමාජවාදී සමානතා පක්ශය (ශ්‍රී ලංකාව), සහ

ප්‍රධාන කර්තෘ,

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ශ්‍රී ලංකා
ශාකාව)
,

22.03.2023,

සහෝදරවරුනි,

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල “ඒකාබද්ධ ප්‍රකාශය”
පිලිඹදව යි

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ  මාර්තු 14 දින පලකල “ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට
එරෙහිව එක්සත් අරගලයක්” කැඳවීම සදහා වූ ප්‍රකාශය කොලඹ ක්‍රියාකාරී කමිටුව තුල සාකච්ඡාවට බදුන් කෙරුනු අතර එහිදී ඇති කර ගැනුනු එකගතාවන් ගැන ඔබ දැනුවත් කිරීමට මෙම ලිපිය ලියමු.

උක්ත කැදවුමට පූර්න ක්‍රියාකාරි සහාය ලබා දීමට කොක්‍රික බැදී සිටී.

එක්සත් අරගලයකට එරෙහි ප්‍රධාන බාධකයක් වන වෘත්තීය සමිතිවලට පිටින් කම්කරු පන්තිය සංවිධානය කිරීමට එම ප්‍රකාශයෙන් ගෙනඑන යොජනාව තීරනාත්මක පන්ති අවශ්‍යතාවකි.

සෑම රටකම ආන්ඩු හා පාලක පන්තියට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද තව දුරටත් ඉවසා සිටිය නො හැකි ය. ලංකාවේ ආන්ඩුව දැනටමත් තමන්ගේම ඉහල උසාවි නියෝග පවා නො තකමින් ද, මහජන උද්ඝෝෂන සහ විරෝධතාවලට නො නවත්වා පහර දෙමින් ද, නැවත නැවතත් සනාථ කර ඇත්තේ සාපේකෂ සාමාකාමී සහජීවනයේ කිසිවක් ඉතිරි වී නැති බව ය.  

මේ කොන්දේසි යටතේ කම්කරු ක්‍රියාකාරී කමිටු යනු කම්කරු පන්තියේ පැවැත්මේ කොන්දේසියකි. ඒවා ගොඩ නැගිය යුතු වන අතර ගොඩ නැගිය හැකි ය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ අනුග්‍රහය සහ මග පෙන්වීම ලැබ මෝටර් රථ හා තවත් ක්ෂේත්‍ර තුල මේ වන විට ක්‍රියාත්මක වන මෙම වැඩ පිලිවෙල  හා මීට අදාල ඉතිහාසයේ පාඩම් ගැඹුරින් අධ්‍යනය කර ඇති කොක්‍රික,
සසප 2022 ජුලි 21 ප්‍රකාශය පිලිබද දීර්ඝ සාකච්ඡා මාලාවකින් පසු එම ප්‍රකාශනය පදනම් කරගෙන ගොඩ නැගුනකි. එය පැන නැගුනේ 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුල වර්ධනය වූ තියුනු පන්ති අරගල තුලට  කෙරුනු දැනුවත් මැදිහත් වීම තුලිනි.

ධනේශ්වර විරෝධී, කම්කරු පන්තික හා පීඩිත මධ්‍යම පන්තික, කන්ඩායම් අතර කොක්‍රික මේ සදහා කල උද්ඝෝෂනවල ප්‍රතිඵල හුදෙක් කොක්‍රික වැඩ කටයුතුවල ඵලයක් නො වන බව අපි අවබෝධ කරගෙන සිටිමු. පන්ති අරගලයේ තීව්‍රතාවයත්, ජාත්‍යන්තර කමිටුවේ හා එහි ලංකා ශාකාවේ දිගු කාලීන න්‍යායික දේශපාලන වැඩ  කටයුතුවලින් ලද පුහුනුව අවශ්‍ය
මග පෙන්වීම ලබා දීමත් ඊට මාවත සැකසී ය. කොක්‍රිකට ආරම්භයේ දී  බැදුනු සියලු ම දෙනා පක්ෂයේ අරගලය දැන සිටි හා ඊට ගරු කල අය ය.

අපගේ කමිටුව, සසප අරගලය සමග විවෘත සහයෝගයෙන් වැඩ කිරීමට ගත් සෑම උත්සාහයක් ම ඔබ විසින් හිතුවක්කාරී ලෙස වලක්වනු ලැබූ බව මතක් කරන්නට සිදු වීම ඉතා කනගාටුදායක ය. මෙවර ද ඔබ ක්‍රියාකාරි කමිටුවල ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමේ දී කොක්‍රික එලියෙන් තැබීමට දැනුවත් ව වැඩ කර ඇත. එවිට ඔබ කර ඇත්තේ උක්ත ඒකාබද්ධ ප්‍රකාශයේ
පවසන “අපි ඔබට ඔබේම ක්‍රියාකාරී කමිටු හැදීම සදහා අපගේ උපරිම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටුමු” යි යන සහතිකය ද ව්‍යාජයක් බව තහවුරු කිරිම ය.

උතුරේ කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුව ආරම්භ කල වහාම අපි සහෝදරත්වයේ දැත් දිගු කර එම කමිටුවට සුභ පැතුම් ප්‍රකාශයක් යොමු කලෙමු. එය වෙබ් අඩවියේ පලකිරීම ප්‍රතික්ශේප කල ඔබ ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී
සම්මේලනයක් යන ඔබගේ ප්‍රකාශයෙන් කල කැදවුමට ද පිටු පෑහ.

ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ සත් චේතනාව ඔබට ඇතැයි අප විශ්වාස කරන මුත් ඔබ එහිදී අනුගමනය කරන මෙබදු පිලිවෙත් එම අවශ්‍යතාවට පටහැනි ය. විශේෂයෙන් ඉතාම සක්‍රීය, ස්ථිරසාරව  මූලධර්ම මත පිහිටා සටන් වැදීමේ සමත් කමක් ඇති බව දැනටමත් ප්‍රදර්ශනයකර ඇති කොක්‍රික ඉවත ලා, ව්‍යාජ හා ගොඩ නැගීමට ඔබ බලාපොරොත්තු වන නමුත්
ගොඩ නැගී නැති, එමෙන් ම ලිහිල් දැන හදුනාගැනීම් පවා ක්‍රියාකාරි කමිටු ලෙස හුවා දක්වා තමන් ම රවටා ගනිමින් මෙම ලිපියට ඇතුල් කර ඇති ක්‍රිකවල නාමයන් කම්කරුවන් දිනා ගැනීමේ උපායක් ය යි ඔබ සිතන බව පෙනී යයි. සරලම ඔබ සිතන්නේ එය ධනවාදයට එරෙහි විප්ලවය උදෙසා වන නිසා අපරාධයක් විය නො හැකි බව ය. එය වැරදි ය. ට්‍රෙට්ස්කිට අනුව
නම් එය නිලධාරීවාදී උත්සාහයකි. ක්‍රියාකාරී කමිටු  ගොඩ නැගිය හැකි වන්නේ මූලික වශයෙන් පන්තියට එවැනි නව උපකරනය අවශ්‍ය වූ විට ය. වෛශයිකව ගත් කල දැන් කම්කරුවන්ට එය අත්‍යවශ්‍යය ය.

එහෙත් කම්කරුවන් අතර අරගලයට මැදිහත් නො වී ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක් ද යන්න ඒත්තු ගැන්වීමට නො හැකි ය. ඔබ පසුගිය අප්‍රේල් සිට පැතිරී ගිය මහජන අරගලයේ දී ඒ අවස්ථාව මග හැරියේ ය. ඔබ සඳහන් කර ඇතිමුත් සැබෑ ලෝකයේ  නොපවතින ක්‍රියාකාරී කමිටු මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව සම්බන්ධ වූ මහජන නැගිටීමේ දී කොටසක් වීම”  පිලිබඳ ඉහත ප්‍රකාශයේ ඔබ සඳහන් කරන්නේ මුසාවකි.  දේශපාලන පක්ෂ තහනම් ය යි ප්‍රතිගාමී කල්ලි හා පක්ෂ ගෙන ගිය කුහක ව්‍යාපාරයේ උගලට දැන දැනම රිංගූ ඔබ “නම නැතිව අනික් අය ආවට අපි නම් නො එමු” යි වහසි
බස් දොඩමින් මහජනයා අතර මැදිහත් වීමට තිබූ අවස්ථාව මග හැරියහ. එයින් ඔබ මහජන වික්ශෝපය රිසි සේ අවභාවිත කිරීමට ඉඩදෙමින්  කම්කරුවන්, පීඩිත තරුනයන්, සිසුන් සහ නාගරික හා ගම්බද දුගීන් දක්ෂිනාංශිකයන්ට
, ව්‍යාජ වම්මුන්ට  පාවා දුන්නෝ ය.

පක්ෂයේ කීර්තිධර ඉතිහාසයේ ශක්තිය හා එයට පැවති අවස්ථාව ඔබ වටහා නො ගත්හ. අද දින කමිටු ගෙඩ නගනවා වෙනුවට ව්‍යාජ කමිටු ඉදිරිපත් කිරීමට සිදුවීම මෙබදු මග හැරීම්වල පැහැදිලි ප්‍රතිඵල බව අපි වටහා ගෙන ඇත්තෙමු. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පුරොගාමීහු පන්ති අරගලයේ අපතේ නොහැරිය හැකි අවස්ථාව අහිමි වීමට ඉඩ නො දීම සදහා මැදිහත් වන්නේ ඔබගේ මෙම කට්ටිවාදී පිලිවෙතින් වන හානිය හැකි තාක් වලක්වා ගැනීම අරමුනු කර ගෙන ය.

අවශ්‍ය වන්නේ ව්‍යාජ වමට විරුද්ධව දොස් පවරා නතර වීම නොවේ, ව්‍යාජ වමේ ක්‍රියාමාර්ග හා ක්‍රියාවන්ට එරෙහි  ක්‍රියාමාර්ග වර්ධනය කිරීම හා ක්‍රියාවන් සිදු කරීම ය. ඔබ ඒ වෙනුවට ක්‍රික යනු පක්ෂයට බදවා ගැනීමේ උපායාත්මක උපකරන ලෙස නම්
කරමින් සැබෑ ක්‍රියාකාරී කමිටු බිහිවීමට පවතින ඉඩ අහුරා දමා
, ඒ නයින් පුලුල් මහජන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලක් වීමට තත්ත්වය නිර්මානය කර යි. එය බොරු කීම උපායක් ලෙස භාවිත කිරීමටත් වඩා, න්‍යායික අපගමනයක් හා
සැබෑ ක්‍රික සදහා අරගලය දුර්වල කිරීම කි.

කෙසේ වෙතත්, පක්ෂයේ ඉදිරිදර්ශනය පිලිගත් කම්කරුවන්ගෙන් ක්‍රික ගොඩනැගිය යුතු යැයි යන යොජනාවට විරුද්ධ වූ හිටපු ලේකම්, අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයා, එසේ නම් ඔවුන් පක්ෂයට බදවා ගත යුතු බවත්, ක්‍රික
හදන්නේ කුමකට දැයි ප්‍රශ්න කල බවත් අපි දනිමු.

ප්‍රශ්නය වන්නේ ඔබ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා අවශ්‍ය වන ඉදිරිදර්ශනය සදහා අරගලය පන්තිය තුල වර්ධනය කරනු වෙනුවට පහසු උපායන්ගේ සරන සොයා යාමයි. අප හොදින්ම දන්නා පරිදි, ක්‍රියාකාරී කමිටු සෑදීමට
සහභාගී කරගත හැකිව තිබූ ගුරු කන්ඩායම් ඉක්මනින් ම ඒවා අත් හැර ගියේ මේ කාරනා නිසාය. ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී රැස් කිරීම හා නිලධාරි මඩුලු තොරා ගැනීමේ ජන්ද නොතියා එය විසුරුවා හැරීමට ඔබ කටයුතු සැලසීය. එය සාපාරාධී මග හැරීමකි. 

ඉතිහාසය ලබා දෙන අවස්ථාවන් මග හැරිමට දඩුවම් නියම කරයි. හැකි ඉක්මනින් වැරදි නිවැරදි කර මග හැරීම් වලක්වා ගැනීම නො කලහොත් අපි ‌ඓතිහාසික වැරැද්දකට වගකිවයුත්තෝ වනු ඇත්තාහ. නැවතත් අප ඉල්ලා සිටින්නේ කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය හා තීරනාත්මක එකමුතුව වෙනුවෙන් ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී  හා
සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීමේ කටයුතු වේගවත් හා කාර්යක්ෂම කිරීම සදහා අප ඒකාබද්ධව කටයුතු කිරීමට මාවතක් සොයා ගන්නා ලෙස ය. කොක්‍රික කුමන හේතුවක් නිසාවත් කට්ටිවාදී නො වන අතර සම්මේලනය ගොඩ නැගීමේ අරගලය අත් හරිනු නැති බව ද සදහන් කරමු. ඉක්මන් පිලිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සහෝදරත්වයෙන්,

ශාන්ත විජේසූරිය, ලේකම්,

සංජය ජයසේකර, සභාපති,

කොලඹ ක්‍රියාකාරී කමිටුව.                                        

#CACPS #theSocialistLK

       

කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු Read More »

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත

ජෙරී වයිට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 27 දින Autoworkers resolve to establish network of rank-and-file committees at powerful IWA-RFC meeting in Detroit Sunday යන සිරසින් යුතුව පල කරනු ලැබූ ජෙරී වයිට් සහෝදරයා විසින් ලියන ලද වාර්තාවකි. පරිවර්ථනය SF විසිනි.

කම්කරුවන්ගේම ස්වාධින බල සංස්ථා වශයෙන් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම පිලිඹඳ ජාත්‍යන්තර අත්දැකීම් උකහා ගැනීම සෑම රටකම, කර්මාන්තයකම කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයකි. තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට කම්කරුවන්ට එමගින් පන්නරය ලැබෙනු ඇත. අපි මෙලෙස ක්‍රියාකාරී කමිටු පිලිබඳ ජාත්‍යන්තර අත්දැකීම් මෙරට කම්කරුවාට සමීප කරන්නේ එබැවිනි. 

Image
ඩෙට්‍රොයිට් හි IWA-RFC රැස්වීමේ නියෝජිතයෝ යෝජනාව සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කරති [ඡායාරූපය: WSWS]

ඩෙට්‍රොයිට් හි පැවති කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (IWA-RFC) බලගතු රැස්වීමේදී ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවීමට මෝටර් රථ කම්කරුවෝ තීරණය කරති

ඉරිදා දින, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) සැලකිය යුතු ඉදිරි පියවරක් තබමින්, ඩිට්‍රොයිට් හි දී ද, ඔන්ලයින් මගින් ද මෝටර් රථ සහ බර යන්ත්‍රෝපකරන කර්මාන්ත ක්‍රියාකාරී කමිටුවලින් කම්කරු නියෝජිතයින් දුසිම් ගනනක් මෙන්ම ගුරුවරුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද සහභාගී වූ රැස්වීමක් පැවැත්වීය.

ජෙනරල් මෝටර්ස්, ස්ටෙලාන්ටිස් (කලින් ‌ෆියට්-ක්‍රයිස්ලර්), වාහන අමතර කොටස් නිෂ්පාදකයින් වන ඩානා  සහ ෆෝවියා (කලින් ෆොරේෂියා), මැක් ට්‍රක්ස් සහ ඉදිකිරීම් සහ පතල් උපකරණ නිෂ්පාදක කැටපිලර් හි නියෝජිතයින්, IWA-RFC සමඟ අනුබද්ධ වීමට සහ එක්සත් ජනපදයේ මොටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවර්ධනය කිරීමට මඟ පෙන්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට රැස්වීමේදී තීරණය කළහ.

IWA-RFC හි ආධාරකරුවෙකු ලෙස යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) හි සභාපති ධුරය සඳහා තරඟ වැදුනු පෙන්සිල්වේනියාවේ මැක් ට්‍රක් කම්කරුවෙකු සහ සමාජවාදියෙකු වන විල් ලීමන් විසින් රැස්වීම ඇමතීය.

රැස්වීම තුල , බලගතු සහ හැගුම් බර දායකත්වයන් මගින් , කම්කරුවන් තම සේවා ස්ථානවල ඇති වේදනාකාරී තත්ත්වයන් විස්තර කළහ. කෝවිඩ්-19 හි මාරාන්තික සහ තවමත් පවතින බලපෑම විස්තර කළහ; සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරයේ උදාසීනත්වය සහ (සංගත සදහා ) දුස්සහාය හෙළා දුටු අතර, කම්කරු පන්තියේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දැඩි හැගීමෙන් සහයෝගය දැක්වමින් කතා කළහ.

පසුගිය සතිය පුරා ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආඥාදායක විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ප‍්‍රන්සයේ මිලියන ගනනක් කම්කරුවන් විසින් කරන ලද පෙලපාලි ඇතුලුව, ජාත්‍යන්තරව ප‍්‍රධාන පන්ති සටන් පුපුරා යමින් තිබියදී රැස්වීම පැවැත්විණි. සඳුදා ඉහල යන ජීවන වියදමට එරෙහිව ජර්මනියේ සිය දහස් ගනන් ප්‍රවාහන සේවකයින්ගේ වැඩ වර්ජනයක්ද,  ඉරිදා අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතාද  පැවැත් වුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන මාකස් ඩේ රැස්වීම ආරම්භ කරමින්, රැස්වීම යූඒඩබ්ලිව් සභාපති ලෙස ෂෝන් ෆේන් දිවුරුම් දීම සමග සමපාත වූ බව සඳහන් කළේය. ඩේ මෙසේ පැහැදිලි කළේය: “සත්‍යය නම් මෙම පරිපාලනයට බිංදු මාත්‍රයක යුක්තිසහගත භාවයක් හෝ අධිකාරියක් නොමැති බවයි. ඔවුන් බලයට පැමිණෙන්නේ, නිලධරය සහ යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) යන දෙපාර්ශ්වය  විසින්ම කම්කරුවන්ගේ ඉතාම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරන ලද, සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් මැතිවරනය ගැන දැනුවත් කිරීම පවා හෝ නොකර ඡන්ද පත්‍රිකාවක් හෝ ලබා නොදුන් ඊනියා වෘත්තීය සමිති මැතිවරනයක ප‍්‍රතිඵලයක් ලෙසය.”

“‘නව සටන් කරන යූඒඩබ්ලිව්’ වෘත්තීය සමිතියක් ඇති බවට ෆේන්ගේ වාචාල කතා පිටුපස, “එම සංගත ගැති යාන්ත්‍රනයම ක්‍රියාත්මකව පවතී,” යි ඩේ තවදුරටත් කියා සිටියේ ය. මෙම තක්සේරුව ඉක්මනින් සනාථ කරමින්, සඳුදා, යූඒඩබ්ලිව් විශේෂ කේවල් කිරීමේ සම්මේලනය, මහ තුන්කට්ටුව (ප්‍රධාන සමාගම් තුන)  සමඟ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු යෝජනාවලට ‘ජීවන වියදම් ඉහළ යෑම සඳහා ගෙවීම් (COLA )” ඇතුළත් කිරීම සදහා යූඒඩබ්ලිව් කේවල් කණ්ඩායම  නාමිකව කැප කිරිම සදහා යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අතිමහත් ලෙස ඡන්දය දුන්නේය.

කම්කරුවන් මුහුන දෙන දැවැනත ජීවන වියදම් අර්බුදය, යුද්ධය සහ ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය ඇතිව පාලක පන්තියේ උත්සාහයන් ද ඇතුලුව රැස්වීම පැවැත්වෙන පුලුල් සන්දර්භය ඩේ විසින් සමාලෝචනය කරන ලදී.   

ප්‍රංශයේ මෑත කාලීන සිදුවීම්, සෑම තැන්හිම  පන්ති සමාජයේ ඇතැම් මූලික ලක්ෂණ හෙළිදරව් කරමින්, රාජ්‍යය, මූල්‍ය කතිපයාධිකාරයේ නිරුවත් මෙවලමක් ලෙස යලිත් වරක් හෙලිදරව්කළ බව, ඩේ පැහැදිලි කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ඊට ප්‍රතිචාර වශයෙන් මතුවෙමින් පවතින දෙය, “ගෝලීය පන්ති අරගලයයි. අද මෙහි පැවැත්වෙන මෙම රැස්වීම මෙම ජාත්‍යන්තර ක්‍රියාවලියේම කොටසක්. ඔබ තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට ඇති බාධක ජය ගැනීමට උත්සාහ කරන ජාත්‍යන්තර කම්කරු පන්තියක ඉහල සවිඥානික නියෝජිතයන් වෙනවා.”

මීළඟටට රැස්වීම අමතමින්, විල් ලෙහ්මන්, 2021  දී වොල්වෝ ට්‍රක්හි (Volvo Trucks)  හි බලගතු වැඩවර්ජනය සහ එහි කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම ඇතුළුව, ක්‍රියාකාරී කමිටු සඳහා වන ව්‍යාපාරයට සම්බන්ධ වීමට සහ පසුව යූඒඩබ්ලිව්ලිව් (UAW) සභාපතිත්වය සදහා තරඟ කිරීමට තුඩු දුන් අත්දැකීම් සමාලෝචනය කළේය. 

 

Image
විල් ලෙමන්

රට රටින් බෙදලා අපව සූරා කන්න හදන මේ ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව සටන් කරන්න එවැනි ඉදිරිදර්ශනයක් අවශ්‍ය බව පවසමින් යූඒඩබ්ලිව් නිලධරය විසින් ප්‍රවර්ධනය කරන ජාතිකවාදය ප්‍රතික්ෂේප කර ජාත්‍යන්තරවාදී මූලෝපායක් අනුගමනය කරන ලෙස ලෙහ්මන් කම්කරුවන්ගෙන් අවධාරණාත්මක ලෙස ඉල්ලා සිටියේය. කම්කරු පන්තියේ ඉලක්කය කම්කරුවන් බෙදීම නොවේ. මට චීනයේ, යුක්‍රේනයේ, රුසියාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටින කිසිදු කම්කරුවෙක් සමඟ ප්‍රශ්නයක් නැත, මා සමඟ වැඩ කරන කිසිදු කම්කරුවෙකුටද  එවැනි ප්‍රශ්නයක් නැත. IWA-RFC ගොඩ නගමින් ඉදිරියට ගෙන යාමේ සමස්ත වැදගත්කමම එයයි, ඔබ කොතැනක සිට පැමිණියත් රටවල් හරහා එම බැඳීම් සහ සබදතා ගොඩනඟා ගැනීමයි; එය ජාතික රාජ්‍යයකට ඇති පක්ෂපාතීත්වය නොවේ, එය පන්ති සහකරුවන් ලෙස අපටම ඇති පක්ෂපාතීත්වයයි.

ඩනා: “කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටුගොඩනගා ගැනීමට මෙය හොඳම කාලයයි”

ආරම්භක වාර්තාවලින් පසුව නියෝජිතයන් අතර ක්‍රියාශීලී සාකච්ඡාවක් පැවැත්විණි. පැමිණ සිටි ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක්, සමාගම සහ UAW නිලධරය යන දෙකම මෑත මාසවල සිදු කර ඇති දඬුවම් කිරීමේ  හා  සේවයෙන් පහ කිරීමේ රැල්ල පිළිබඳව දීර්ඝ ලෙස කතා කළේය.

 

Image
ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ජීප් කම්හලේ දී [ඡායාරූපය: WSWS]

“මම මූලික වශයෙන් කතා කරන්නේ ඩනා ටොලීඩෝ ආයතනයෙන් ඉවත් කරන ලද අය වෙනුවෙන්” ඇය පැවසුවාය. “පසුගිය මාස දෙක ඇතුළත, ව්‍යාජ හේතු මත සේවයෙන් පහ කරන ලද විශාල පිරිසක් ඉන්නවා. මිනිත්තුවක් ප්‍රමාද වී වැඩ පේලියට පැමිණීම තරම් සරල දෙයකට ඔබව රැකියාවෙන් අස් කරනු ලබනවා. ඔබ වෘත්තීය සමිති ගාස්තු ගෙවන බවත්, ඔබ සතියේ දින හතම වැඩ කරන බවත්, ඔබ ඔබට හැකි සියල්ල සමාගමට ලබා දුන් බවත් යන සත්‍යයන් දරාගෙන ඒවා පිලිගෙන ඔබ ජීවත් විය යුතු බව ඔවුහු ඔබට කියනු ඇත.  ඒවා  සිදුවන්නේ එහෙම යි.”

“සමාගම මේ සියලු දෙනා අස් කරනවා පමණක් නොවෙයි, යූඒඩබ්ලිව් නැවත සේවයේ පිහිටා ගැනීමට අපට උදව් නොකරමින් මෙම විරේකකරණයට ආධාර කරයි. ඔවුන් අපේ දුක්ගැනවිලිවලට පිළිතුරු දෙන්නේ නැත. ඔවුන් අප වෙත දෑත් දිගු කරන්නේ නැත. පළමු පියවරේදී ම අපේ දුක්ගැනවිලි ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා.” 

මෙම තත්ත්වය ආපසු හැරවීම සඳහා, ඩනා ටොලීඩෝ ක්‍රියාකාරී කමිටුව අනෙකුත් කම්හල්වල කම්කරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ අරගල සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් උත්සාහ කරන්නේ ජීප් කම්කරුවන්, ජෙනරල් මෝටර්ස්, කැටපිලර් කම්කරුවන්, සින්ක්‍රීන් සමඟ සන්ධාන ගොඩනගා ගැනීමටයි. මොකද අපි මෝටර් රථ කර්මාන්තය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි මේ ගොඩක් වාහනවල ඇක්සල් හදලා ආයතන ගොඩකට සැපයුම් කරනවා. දැන් මේ ඇක්සල් නැතුව මේ කාර් හදන්න බෑ. එය ඒ තරම්ම සරලයි. මහා නිෂ්පාදන බලවතුන් තිදෙනාගේ කොන්ත්‍රාත්තුව ඉදිරියේ දී පැමිණීමත් සමඟ, ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම සඳහා එහි කම්කරුවන් කැදවා ගැනීමට මේ හොඳම කාලයයි; එවිට ඔවුන්ට ඔවුන්ගේ සේවා කොන්දේසි පිළිබඳව මැදිහත් වීමට පටන් ගත හැකිය.

කැටපිලර් : “ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපි සිටින්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේයි”

කැටපිලර් කම්කරු කමිටුවේ සාමාජිකයෙක් ඊළඟට කතා කළේ, කම්කරුවන්ගෙන් අත්‍යවශ්‍ය තොරතුරු වසන් කරමින් සැබෑ වැටුප් කප්පාදුව සඳහා සමාගමේ බල කිරීම් පැටවීමට යූඒඩබ්ලිව් නිලධරය ක්‍රියා කළ ආකාරය විස්තර කරමිනි.

“පළමුව, මම සියයට 100 ක් සහයෝගීතාවයෙන් ඩනා කම්කරුවන් සමඟ  එකට සිට ගනිමි,” ඔහු ආරම්භ කළේය. “ඔවුන් ගේ ප්‍රශ්න එන්නේ කොහෙන්ද, ඔවුන් අත් දකින්නේ කුමක්ද යන්න මට සම්පූර්ණයෙන්ම තේරෙනවා.”

කැටපිලර්හි සම්මත වූවා යැයි කියනු ලබන කොන්ත්‍රාත්තුවෙන් පසු, “ඩනා හි මෙන්ම, පැමිණීම හෝ සමාජ මාධ්‍ය බැලීම වැනි කුඩා උල්ලංඝනයන් සඳහා” කම්කරුවන් දොට්ට දමනවා.”

ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා කම්කරුවන් අතර ප්‍රබල හැඟීමකට හඬක් දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ, “මේ වන විට ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපට ඇමරිකාවේ කම්කරු පන්තියේ ජනතාව සහ අපගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් එකිනෙකා සමඟ එකට සිටුවා ගැනීමට හැකිවන  තාක් දුරට අප ඉන්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේ බව මට වැටහේ. “ 

“මේ මොහොතේ  අපේ බෙල්ලේ බූට් එකක් හිරකර තියෙනවා. එමෙන්ම එය ඉවත්ව යන්නේත් නැත. මෙම සංගතවලට එරෙහිව අපගේ එකම ආරක්ෂාව අපියි. මක්නිසාද යත් අප නොමැතිව, ඔවුන්ට අපෙන්, වැඩ ගැන  අපගේ ආචාර ධර්ම වලින්, අපි අපගේ කාර්යය කෙතරම් හොඳින් කරනවාද යන්නෙන් සහ ඒවායේ ප්‍රවාහය පවත්වා ගෙන යාමෙන්, ලාභ ලැබිය නොහැක.”

ජීඑම්  ෆ්ලින්ට් (GM Flint) : “අපි වරක් රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා, දැන් අපි දරිද්‍රතාවයෙන් පෙළෙමු”

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන්ගෙන් එක් අයෙක් යූඒඩබ්ලිව් හි මූලාරම්භය සහ අද කම්කරුවන් මුහුණ දෙන තත්වය අතර වැදගත් ඓතිහාසික වෙනසක් උකහා ගනිමින් කතා කළේය.

“අපි මුල් යූඒඩබ්ලිව් පිහිටුවීමට තුඩු දුන් ෆ්ලින්ට් වාඩිලෑමේ වැඩ වර්ජන වල තත්ත්වයට එලඹ පවතිමු, එහෙත් තත්වය එදා වගේ  නැහැ අද,” ඇය පැවසුවාය. “අපි කලක් ඉහළම ජීවන මට්ටමක් සහිත රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා,  දැන් අපි විරැකියාවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. කම්කරුවන්ට ජීවිතය රැක ගැනීමට රැකියා දෙකක් කරන්න වෙලා. ඔබට අමතර මුදලක් උපයා ගැනීමට ඕන නම් ඒ සඳහා ඔබේ රුධිරය (ප්ලාස්මාව) පරිත්‍යාග කිරීමට ඔවුන් කර්මාන්ත ශාලාව ඉදිරිපස ප්ලාස්මා මධ්‍යස්ථානයක් විවෘත කළා.

“අප ෆ්ලින්ට් ජල අර්බුදය අත් වන්දා.  ඉන් ජනයාට සංජානන ගැටළු සහ ශාරීරික ගැටලු රාශියක් ඇති කලා. ඒ වගේ ම ඔවුන්ගේ සුරතල් සතුන් මිය ගියා. ලෝහ විඛාදනයට පටන් ගන්නා තෙක් ඔවුන් කම්හලේ ජලය මාරු කළේ නැහැ. ඊට පස්සේ, ඒක සිද්ධ වුණාට පස්සෙ යි, අන්තිමට අපිට අපේ කම්හලෙන් පෙරාගත්ත වතුර බොන්න ලැබුනෙ.”

කම්කරුවන් කම්හල තුළ බොහෝ ආරක්ෂා ගැටළු සහ වැඩ වේගවත් කිරීමට මුහුණ දී සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් එකතැන දුවමින්  සිටිමු. ඔවුන් අපේ වැඩ වලට තව තවත් වැඩ එකතු කරනවා. ඒ සමග අනෙක් රැකියාවන් කපනවා. මම එකවර ස්ථාන පහක සිටිය යුතුයි, එය කළ නොහැකියි. ඉන්පසු අපි යූඒඩබ්ලිව් ට කතා කරනවා, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ කියනවා. ඉන්පසුව ඔවුන් මාසයක් වැනි කාලයක් පුරා අතුරුදහන් වෙනවා. නැවත ඔවුන් දැකීමක් ඔබට නැත.

“සමහර විට කම්හල ජලයෙන් පිරී යනවා, එය ගංවතුරක් වගෙයි. ඒ වගේම අපි විදුලි මෙවලම්ද භාවිතා කළ යුතුයි; අපගේ කාර්යයන් දිගටම කරගෙන යා යුතු අතර, ඔවුන් අපට නතර කිරීමට ඉඩ නොදේ. කම්හලේ බරපතල තුවාල වීම් රාශියක් සිදුවී ඇත. සමහර උපකරණ සිවිලිමෙන් ගලවා වැටේ. ” 

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ තවත් සාමාජිකයෙක්, ස්ථර ක්‍රමය පෙරලා දැමීම සඳහා කම්කරුවන්ට එකමුතු වන ලෙස ආයාචනා කලේ ය: “අපි තාවකාලික සේවකයින්ගේ ප්‍රශ්න ජ්‍යෙෂ්ඨ සේවකයින් හා සම්බන්ධ කර, වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභවල විෂමතා හෝ ඒවා නැතිකම තිබියදීම, අපි පොදු ප්‍රශ්නවලට මුහුණ දෙන බව පැහැදිලි කර, සමස්ත ශ්‍රම බලකායක් ලෙස එකට එකතු වී වෘත්තීය සමිති නිලධරය හා සමාගම සමග සටන් කිරීම වැදගත් යැයි මම සිතමි.”

ජීඑම් ලැන්ග්සිං (GM Lansing ): “යම් දෙයක් වෙනස් විය යුතුයි/වෙනසක් අවශ්‍යයයි “

ජීඑම් ලැන්ග්සිං කම්කරු ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙක්, කම්හල තුළ විශාල ආරක්ෂක උපද්‍රවයන්ට මෑතකදී කම්කරුවන් මුහුණ පෑමට සිදු වූ ආකාරය පැහැදිලි කළේය. “සිකුරාදා වාහන බොඩි අංශයේ ගින්නක් ඇති වුණා. එතන හිටපු හැමෝම මැසිවිලි නැගුවා වාතය කොච්චර නරකද, ඔවුන්ගේ උගුර රිදෙන හැටි, මිනිස්සුන්ට ඇදුම ප්‍රශ්න ආවා, එවිටත් දුම තිබුණ නිසා. සියල්ලන්ම ආපසු එහි යැවීමට පෙර ඔවුන් ගොඩනැගිල්ල ප්‍රමාණවත් ලෙස වාතාශ්‍රය නොකළ නිසා සෑම දෙයක්ම එවිටත් දරුණු ලෙස දුගඳ ව තිබුණා.

“එසේම, ඔවුන් දොර රේඛාව පිටුපස බොහෝ ඉදිකිරීම් වැඩ කරමින් සිටියා. එක් අවස්ථාවක, ඔවුන් ලෝහ මත වෑල්ඩින් සහ ඇඹරුම් කරමින් සිටි අතර, මිනිසුන්ට ඔවුන්ගෙන් අඩි හයක් දුරින් සිටින පුද්ගලයා දැකීමට පවා නොහැකි වුනා. වමනය ගිය නිසාත්, ඇස් දැවිල්ල  නිසාත්, උගුර රිදෙන නිසාත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර වෙත ගියා.”

යූඒඩබ්ලිව් නිලධරය ගැන ජීඑම් ෆ්ලින්ට් හි ඇගේ සහෝදරියගේ අදහස්වලට ඇය එකඟ වූ බව කම්කරුවා පැවසීය. “ඇය කීවාක් මෙන්, ඔබ කුමක් ගැන පැමිණිලි කළත් වෙනසක් නැහැ, යූඒඩබ්ලිව් සෑම දෙයක්ම හසුරුවන ආකාරය එක වාගෙයි, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ ඔබට කියයි, නමුත් පසුව ඔවුන් ගැටලුව විසඳීමට කිසිවක් නොකරයි. ඔවුන්, මා සලකන පරිදි, ඉන්නේ සමාගමේ සාක්කුවේ, ඔවුන් සමාගමට පිටුබලය දෙනවා, අපට හැකි තරම් සුළු දෙයක් කරමින් ඔවුන් සමාගමට උදව් කිරීම   කරනවා.”

“ඒ තත්ත්වය ගැන මට ඇති වෙලා තියෙන්නේ. මට ඒක ඉවරයි. යමක් වෙනස් විය යුතුම යි. අපි සියලු දෙනාටම එකට එකතු වී එකට සිට ගත හැකි නම්, අපි සියලු දෙනාටම විශාල ලෙස එකිනෙකාට උදව් කළ හැකි යැයි මට සිතේ. ”

කෝවිඩ්-19 හි බලපෑම: “ඔහු මා අසලම මන්දගාමී හා බිහිසුණු මරණයකින්කින් මිය ගියේය”

සංගත, මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය කෝවිඩ්-19 වසංගතය අවසන් වී ඇති බවත්, එය ජනතාවට දැන් දුරස්ථ මතකයක් ලෙසත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද, බොහෝ නියෝජිතයින් තම කම්පන සහගත අත්දැකීම් වාර්තා කළේ, ජීවිත බේරාගැනීමට වඩා ලාභය සඳහා පාලක පන්තිය ප්‍රමුඛත්වය දීමෙන් අනවශ්‍ය ලෙස පවුල්  සාමාජිකයන් සහ මිතුරන් රෝගයට ගොදුරු වීවී මිය යාම නිසාය. 

මිචිගන්හි වාහන අමතර කොටස් සේවකයෙකු ඔහු සමඟ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ තම සහෝදරයා අහිමි වීම විස්තර කළේය. “කෝවිඩ්-19 වෛරසය අපේ කම්හලට පැමිණෙන විට,  ඔහු දියවැඩියාව වැනි පසුබිම් සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දී සිටියා. ඒ වෙලාවේ එයා හිටියේ හොඳටම බය වෙලා. ඔහුට කෝවිඩ්-19 වැළඳුණොත්, ඔහු ජීවත් නොවීමට විශාල ඉඩක් ඇති බව ඔහු දැන සිටියායා. ඔව්, ඒත් අපට දිගටම වැඩ කිරීමට බල කෙරුනා. ඔහුට ඇත්තටම වැඩබිම තුලින් කෝවිඩ් වැළදුනා. ඔහු මා හා මාගේ පෙම්වතය අසලම මන්දගාමී හා බිහිසුණු මරණයක් අත්වින්දා.

මිචිගන්හි ස්ටෙලන්ටිස් වොරන් ට්‍රක් කම්හලේ සේවකයෙක් දැඩි හැඟීම්බරව කතා කරමින් පසුව මෙසේ පැවසීය: “වෘත්තීය සමිතියේ සම්පූර්ණ පදනම වූයේ අපට හොඳ සේවා පරිසරයක් ඇති බවට වග බලා ගැනීම වූවත්ත් අපිට එය එසේ නොවේ. අපි ඔවුන්ට සෑම මසකම ගෙවනවා. ඒ හරියට අපි වැසිකිළියට මුදල් සෝදා හරිනවා වගේයියි. අපගේ නියෝජනය ගැන මෙම කාමරයේ සිටින බොහෝ අය සමඟ මට එකඟ විය හැකිය.

“එය ඉතා අප්‍රසන්නයි, සෑම කෙනෙකුටම ඇහුම්කන් දෙනකොට මම ඇත්තටම කඳුළු වලට එරෙහිව සටන් කිරීමට උත්සාහ කලා, මන්ද අපි දිනපතාම නැගිටල බොහෝ දේ කැප කරන්නේ අප සහ අපගේ පවුල ජීවත් කර වීමට පමණයි. නමුත් අවසානයේදී අපට ඉතිරි වන්නේ මෙයයි, අවසාන වශයෙන් අපි දන්නවා අපිව බිඳ දමා ඇති බව. 

“මගේ කම්හලට කෝවිඩ්  මගින් දැඩි ලෙස පහර වැදුනා . මා සමඟ වැඩ කළ බොහෝ අය දැන් අප සමඟ නැහැ… මට කියන්නට අවශ්‍යයි, කෝවිඩ්හි මුල් මාස දෙක ඇතුළත පුද්ගලයින් අට දෙනෙකු අපට  අහිමි වුණා.

මෝටර් රථ කර්මාන්තයේ නොවන කම්කරුවන් ද කෝවිඩ් වින්දිතයන් හි පරිමාව ගැන කතා කළහ. ඇලබාමා හි ගුරුවරයෙක් රැස්වීමට පැවසුවේ, “අපි සියලු දෙනාම දිනක් අසනීප වාර්තා කර  විට (කොවිඩි නිසා), සංගමය අපට තදින් දොස් නැගුවා .

“අපි සටන් කළා, ඒත් ඔවුන් එවිටත් අපට වැඩට එන ලෙස පවසා සිටියා. අපට ඒවා තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන තෙක් අපේ නිවාඩු භාවිතා කලා. ඊට පසුව තවත් ගුරුවරු දෙන්නෙක් මැරුණා. ඊට පස්සේ අපිට තව ගුරුවරු හතර දෙනෙක් නැතිවෙලා අටවැනි ගුරුවරයා මැරෙනකම් තව තවත් බලාගෙනමම හිටියා.

කෝවිඩ් -19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂණයේ සම්බන්ධීකාරක ඉවාන් බ්ලේක්, කම්කරු පන්තිය මත වසංගතයේ සැබෑ බලපෑම සහ පසුගිය වසර තුන පුරා දිග හැරුනු ව්‍යසනය පිටුපස ඇති පන්ති අවශ්‍යතා අනාවරණය කර ගැනීම සඳහා ලෝසවෙඅ විමර්ශනය ගැන වාර්තා කලේය. 

“කෝවිඩ් -19 මේ වන විට ලොව පුරා මිලියන 20 කට අධික ජනතාවක් මරා දමා ඇත,” බ්ලේක් පැවසීය. “ එය තවත් මිලියන දස ගණනක් “දිගු කෝවිඩ්” සමගින් ආබාධිත කර ඇත. එය මූලික වශයෙන් සෞඛ්‍ය සේවා කර්මාන්තය බිඳ දමා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වතාවට ගෝලීය වශයෙන් ආයු අපේක්ෂාව අඩු විය. දැන් අපි සිටින්නේ වසංගතයේ සිව්වන වසරේ ආරම්භයේ වන අතර, එය අවසන් වූ බවට ප්‍රකාශ කිරීම සදහා  දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් පවතී. ”

පාලක පන්තියේ ප්‍රකාශයන්ට පටහැනිව, ඇත්ත වශයෙන්ම කෝවිඩ් තුරන් කළ හැකිය, “නමුත් මේ සඳහා කම්කරු පන්තියෙන් ජාත්‍යන්තර, විස්තීර්ණ ප්‍රතිචාරයක් අවශ්‍ය වේ” යනුවෙන් බ්ලේක් පැහැදිලි කළේය.

“කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත”

රැස්වීම අවසන් වන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන එරික් ලන්ඩන්, එහි පළමු වටයේ දී, ජාතික වෘත්තීය සමිති මැතිවරනයක් සඳහා ඓතිහාසික වශයෙන් අඩු සියයට 9ක ඡන්ද ප්‍රතිශතයක් දැකගත හැකි වූ, යූඒඩබ්ලිව් මැතිවරනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ සවිස්තර වාර්තාවක් ලබා දුන්නේය .

 

Image
එරික් ලන්ඩන් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධාන (IWA-RFC)  රැස්වීමේදී කතා කරමින් [ඡායාරූපය: WSWS]

යූඒඩබ්ලිව් මැතිවරනයේදී පුලුල්ව පැතිරුනු ඡන්ද අයිතිය අහිමි කිරීම පිලිබඳව විල් ලේමන් ගේ විරෝධතාව මෑතකදී ප්‍රතික්ෂේප කල යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) සමන්විත වන නීති සමාගම්වල සංගත සමඟ වන බැඳීම් සහ  බැඳියාවන්ගේ පිලිගැටුම (conflict of interest) පිලිබඳව හෙළිදරව් වී ඇති නව තොරතුරු ලන්ඩන්න් විසින් සමාලෝචනය කරන ලදී.

අධීක්ෂක (Monitor) පිටුපස සිටින නීති සමාගම්, යූඒඩබ්ලිව් සංවිධාන යන්ත්‍රනය “ස්වාධීනව” අධීක්‍ෂණය කිරීම ඒවාට නාමිකව පැවරී තිබුණද, මහා වාහන සමාගම් තුන, කැටපිලර් සහ අනෙකුත් සංගත සඳහා නීතිමය නියෝජිතයන් ලෙස නිතිපතා සේවය කර ඇත.

“අධීක්ෂක  සැදුම්ලත් නීති සමාගම් දෙක රටේ බලවත්ම ආයතනික නීති සමාගම් දෙකකි,” ලන්ඩන් පැවසීය. “යූඒඩබ්ලිව් විසින් අධීක්ෂක වීම සඳහා නිර්දේශ කලේ මොවුන්ය.”

සාරාංශගත කරමින් ලන්ඩන් පැවසුවේ, “අධ්‍යාපනගත වීමේ අවශ්‍යතාවය, ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය, පන්ති අරගලයේ සමස්ත පාඩම් ගෙන ඒමේ අවශ්‍යතාවය ගැන කතා කල අය” සමඟ ඔහු එකඟ වන බව ය. “ඔවුන්ගේ (සමාගම් හිමියන්ගේ හා යූඒඩබ්) අතින් බලය උදුරා ගෙන නැවත කම්හල් බිමට ගෙන ඒමේ හැකියාව ඇති සාමාන්‍ය කම්කරුවන්ගේ ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් හැර කිසිවක් සිදු නොවනු ඇත. විල් ලේමන්ගේ ව්‍යාපාරය වූයේ එයයි. ”

රැස්වීම අවසානයේදී, කම්කරුවන්ගේ  අවශ්‍යතාවයන් සඳහා සටන් කිරීම පිණිස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කරන ලදී. එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාරයක කොටසක් බව පිළිගනිමින් නියෝජිතයෝ IWA-RFC ට සහාය දීමට තීරණය කළහ.

“වෘත්තීය සමිතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සැබෑ අරගලය ඉදිරියෙහි පවතී” යනුවෙන් යෝජනාවේ සඳහන් විය. “’සොලිඩැරටි හවුස්’ හි නිලධරයන් අතර තනතුරු වෙනස් කිරීම කිසිවක් වෙනස් නොකරයි. ආන්ඩුව හා සංගත සමග යූඒඩබ්ලිව්හි සහයෝගීතාවය, කම්කරුවන්ගේ අවශ්‍යතා පාවාදීම සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම, කරී වෙනුවට ෆේන් ආදේශ කිරීමෙන් වෙනස් නොවනු ඇත. අවශ්‍ය වන්නේ සාමාන්‍ය කම්කරුවන් අතට බලය ලබා ගැනීම සහ සමස්ත යූඒඩබ්ලිව් යාන්ත්‍රනය ඉවත් කිරීමයි.

#theSocialistLK #CACPS #WSWS

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත Read More »

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි 

Image
පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂනයක් 2022 අගෝස්තු 22

රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරනය නො වැලැක් විය හැකි අවශ්‍යතාවක් බව ආන්ඩුව අවධාරනයෙන් කියා සිටී.  කම්කරුවෝ සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ සක්‍ය වැඩ පිලිවෙලක් නැතිකමින් පීඩාවට හා වෙහසට පත්ව සිටිති. 

වෘත්තීය සමිති, මෑත මිල වැඩි කීරීම්වලින් පසු සංස්ථාව ලාභ ලැබීම, ඉදිරියේ දී තවත් ලාභ ලැබීමට එයට ඇති හැකියාව, විදේශ විනිමය උපයන මාර්ගයක් වීම හා ජාතික ආරක්ෂාවට සිදු විය හැකි බලපෑම වැනි කරුනු පෞද්ගලීකරනයේ අවාසි බව පෙන්වා දෙමින් ආන්ඩුවේ තීන්දුවට විරුද්ධ වී ඇත. 

එල්ටීටී ඊ සමග ගෙන ගිය යුද්ධයේ දී හමුදාවට තෙල් සපයමින්, තෙල් සංස්ථාව කල සේවය පෞද්ගලික සමාගම්වලින් අපේක්ෂා නො කල හැකි බව වැනි කරුනු සමිති නායකයන් විසින් මේ මොහොතේත් ගෙන හැර පානු ලබමින් සිටී. ඒ අර්ථයෙන් ගත් කල කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල ලෙයින් සහ යකඩින් මැඩීමට පොලිසියට හා හමුදාවට තෙල් සැපයීමත් ‘ජාතික ආරක්ෂාවට’ අදාල වැදගත් කටයුත්තක් ලෙස සලකා තෙල් වෘත්තීය සමිති වැඩ කර ඇත! සහනාධාර ඇතුලු ප්‍රතිසංස්කරන දිනා ගැනීමේ සිට සහනාධාර කප්පාදු කිරීමේ විවෘත ධනපති ඒජන්සි බවට වෘත්තීය සමිතිවල පරිවර්තනය තේරුම් ගැනීමට තවත් නිදසුන් අවශ්‍ය නැති තරම් ය.  

පෙර මෙන් වැඩ කරන ජනයාගේ උද්ඝෝෂන දරා සිටීමට ආන්ඩුවට හැකියාවක් නැත. ඒ වෙනුවට දැන් ක්‍රියාවට දමන කම්කරුවන්ට එරෙහි මරදනයට විවෘතවම බද්ධ වීම සමිති නායකයන්ගෙන් ආන්ඩුව අපේක්ෂා කරන සේවය යි. තෙල් සමිති නායකයන් 4 දෙනෙකු සමග නල පද්ධතියට අලාභහානි සිදු කිරීමට තැත් කිරීම වැනි බොරු චෝදනා මත තවත් 15 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථනයට ඇතුලු වීම තහනම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් මගින් ආන්ඩුව නිකුත් කර ඇත්තේ එම නිවේදනයයි. සමතයක් සදහා මාර්තු 31 දින හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ නිල නිවසට බඩ ගෑම මගින් සමිති නායකයෝ තමන් රඳා පවතින්නේ කවර පන්තියක් මත ද යන්න නැවතත් තහවරු කලහ.  

මාර්තු 27 පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට පැවරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කරන මොහොතේත් වෘත්තීය සමිති නායකයන් සිටියේ තෙල් සංස්ථාව විකිනීමට ‘එරෙහි’  ඊනියා උපවාසයක හෝ සත්‍යග්‍රහයක නියැලීගෙන ය. මේ විකාරයට කම්කරුවෝ සහභාගී නො වූහ. සමිති නායකයන් සදහන් කලේ තමන් හිතා මතාම කම්කරුවන් සහභාගී කර නො ගත් බව ය. මෙයින් අංශ දෙකක් හෙලි විය. පලමුවැන්න කම්කරුවන් අරගලයෙන් ඉවත තබා ප්‍රශ්නය තමන් අතේ රදවාගෙන නිර්බාධිතව ඉදිරියට යෑමට ආන්ඩුවට අවස්ථාව ලබා දීම ය. අනෙක් අතට, අලුත් වටයකින් ආන්ඩුව ගෙන ආ පුද්ගලීකරන වැඩපිලිවෙලට වෘත්තීය සමිති නායකත්වය දැක්වූ විරෝධයේ ඇති ව්‍යාජත්වය හොඳින් දන්නා  කම්කරුවන් මෙම නිෂ්ඵල ක්‍රියාවට සහභාගී වීම ඒ වන විටත් ප්‍රතික්ෂෙප කර තිබිනි. 

ආන්ඩුව මෙවන් වෘත්තීය සමිතිවල කටයුතු මතින් ලද අවසරයෙන් සිය සූදානම තර කරගෙන පසු දින ම තෙල් කම්කරුවන්ට එරෙහිව කඩා පැන්නේ ය. සමිති නායකයන් හා සේවකයන් පිරිසකට වැඩපලට ඇතුලු වීම පවා තහනම් කර පොලීසිය හා හමුදාව පෙල ගස්වා, සීරුවෙන් තබාගෙන කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට ආන්ඩුවට හැකි වූයේ කුමන බලවේගයක් නිසා ද? කම්කරුවන්ට මෙය දරා සිටිය හැකි ද?  මේ ප්‍රශ්නවලට පිලිතුරු ලභා ගැනීම සදහා අපි තෙල් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ඉතිහාසය විමසා බැලිය යුතු ය.  

2003 වසරේ, ඒ වන විට වසර 40ක් සංස්ථාව සතුව පැවති ත්‍රිකුනාමලේ තෙල් ටැංකිවලින් 14ක් ලංකා අයිඔසී සමාගමට (LIOC) පවරන ලදී. ඉතිරි ටැංකි 85න් සංස්ථාවේ පූර්න හිමිකම ලෙස තබා ගත්තේ 24ක් පමනි. වැඩි ප්‍රමානය සංස්ථාව ඇතුලත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. තවත් අවුරුදු 20ක් ගෙවී ගියත් වෘත්තීය සමිතිවලට හෝ “දේශිය සම්පත් රැක ගැනීමේ” ජාතිකවාදී ව්‍යාපාර කිසිවකට එම පියවරයන් නතර කිරීමට හෝ ඒවා ආපසු හැරවීමට නො හැකි වූ බව ඔප්පු වී ඇත. වසරක් පාසා එකින් එක, පියවරින් පියවර ප්‍රද්ගලීකරනය සම්පූර්න කිරිම දෙසට ආන්ඩුව සමීප වූයේ ය. ඒ සෑම පියවරක දී ම සමිති අහිමි වූ දේ අමතක කිරීමට කම්කරුවන් මෙහයවීමේ වග කීමට උර දුන්නා පමනක් නො ව, ඉතිරියට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ප්‍රතිරෝධය දිය කර, වත්මන් ප්‍රහාර මාලාවට කම්කරුවන් ගොදුරු කලේ ය.  සමිතිමත් මැදිහත් වී කම්කරු පන්තියේ සටන් මගින් දිනා ගත් සහනාධාර අහෝසි කිරීමට පාලක පන්තිය හා පෙලගැසීම දැන් ඒවායේ කටයුත්ත වී ඇත.      

කොරෝනා වසංගතයත් සමග ආර්ථික අර්බුදය පුපුර ඉස්මත්තට පැමිනීම සමග ආන්ඩුවට දශක ගනනක් කල් පමා කල පෞදුගලීකරන පිලිවෙත් තව දුරටත් යටපත් කීරීමට නුපුලුවන් විය. බහු ජාතික සමාගම් අතට පත් වුවහොත් තෙල් මිල ඉතා ඉහල දැමීම සිදු කරන බැවින් සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් සහනාධාර අහෝසි කර මිල ගනන් ඉහල දමා හෝ පිරිපහදුව පවත්වාගත යුතු ය යි වානිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සංගමයේ (ඛනිජ තෙල් ශාඛාව) සභාපති බන්දුල සමන් කුමාර යොජනා කලේ 2021 දී ය (ලංකාදීප, 2021 නොවැම්බර 15). වෘත්තීය සමිත්මත් මැදිහත් වී කම්කරු පන්ති සටන් මගින් එක් කලෙක දිනා ගැනුනු සහනාධාර අහෝසි කිරීමට වෘත්තීය සමිති ම මැදිහත් වීම මගින් පිලිබිඹුවූයේ පන්ති අරගලයේ රූපවල තීරනාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුව ඇති බව ය.   

2022 අගෝස්තු 12 දින 2002 ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවධාන) පනත සංශෝධනය සදහා වූ කෙටුම්පත ගැසට් කලේ වත්මන් පුද්ගලීකරන වැඩපිලිවෙලේ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහි පැන නැගි කම්කරුවන්ගේ විරෝධතා “අමාත්‍යංශය දැනුවත් කිරීම” සදහා යවන ලිපිවලට, ධනපති උසාවියට හා දේවාලවලට කන්නලව්කිරීම වෙත හරවා යවන ලද්දේ ය. 

සැප්තැම්බර් 20 දින මුන්නේස්වරම් කෝවිලට හා සීනිගම දේවාලයට කන්නලව්වකට සහභාගී වූ සමිති එකමුතුවේ සාමාජකයෙකු වන, ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් මෙහෙයවන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, අශෝක රංවල, මේ කන්නලව්ව ගැන වාර්තා කල, ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිනි: “අපේ රටට සම්පතක් වෙලා තිබුනු ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. මේ පිලිබද වග කිව යුතු අංශ දැනුවත් කරමින් කියා සිටියා, කරන්න යන වැඩේ නො කල යුතු බව.” කෙසේ වෙතත් මුන්නේස්වරමේ සහ සීනිගම වැඩ වසන දෙවිවරු දැනුවත් වී නැති හැඩ ය. අමු ම අමු වංචාවකි! “සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා” යි රන්වල කම්කරුවන්ගේ ඇස් ඉලක්කයෙන් ඉවත හරවන්නේ ය. නමුත් සංස්ථාව හා එහි කම්කරුවන් ගොදුරු වන්නේ ධනවාදයේ ගැඹුරු වන අර්බුදයට ය. 

Image
අශෝක රංවල

කෙසේ වෙතත් අමාත්‍යංශය තමන් දැනුවත් කිරීමට ප්‍රතිචාර දැක් වූයේ අත්‍යවශ්‍ය සේවා පනත යටතේ ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැසවීමට ඇති අයිතිය අහිමි කරන චක්‍රලේඛයක් නිකුත් කරමිනි. රාජකාරියට බාධා කිරීම ලෙස කම්කරු විරෝධතා නම් කල එම චක්‍ර ලේඛය මගින් හදිසි රැස්වීම් විසිර වීමට ආරක්ෂක අංශයට බලය පවරා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කැඳවන ලදී.

එම ඔක්තෝම්බර් 18, තාක්ෂනික සේවකයෝ, ලිපිකරු, ඉන්ජිනේරු යනාදී සංස්ථාවේ සෑම අංශයකම සේවකයෝ, අත්‍යවශ්‍ය සේවා  නියෝග නො තකා, ඒකාබද්ධ වැඩ වර්ජනයක් ඇරඹූහ. සමිති එකමුතුව එදින දහවල් 12ට එය අවසන් කල අතර ආන්ඩුව ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධවිධාන) පනත එදින ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ය. ඉන්ධන ආනයන හා බෙදා හැරීම සදහා ඒ වන විට බලපත්‍ර හිමිව සිටි තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගමට අමතරව වෙනත් පාර්ශව සදහා ඉදිරියේ දී බලපත් නිකුත් කරන බව ඇමති කියා සිටියේ ය.

බලශක්ති ඇමති විජේසේකර 2023 මාර්තු 14 දින වෘත්තීය සමිති කැදවා තෙල් සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම්වලට පවරන බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛා සභාපති ජගත් විජයගුනරත්න සදහන් කලේ ඇමති විජේසේකර විසින් සාකච්චා ඉල්ලා වෘත්තීය සමිති කල ආයාචනා මාස 8ක් තිස්සේ ම කුනු කූඩයට දමන ලද බව ය. 14 දා හමුවේ දී  කවුරු විරුද්ධ වුනත් සමාගම්වලට පවරන එක කරනවා යි ඇමති විජේසේකර වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇත. 

“දැං අපි සේවකයන්ට දෙන උත්තරේ මොකක් ද? ඒ නිසා තමයි වෘත්තීය සමිති එකතු වෙලා මේකට මොකක් හරි කරන්න ඕන නිසා සත්‍යක්ග්‍රහයක් ආරම්භ කලේ” අප්‍රේල් 4 සිරස “සටන” වැඩ සටහනට සහභාගි වූ විජයගුනරත්න තව දුරටත් සදහන් කලේ ය. 

එම සාකච්චාවේ දී, සමගි ජන බලවේගයේ ප්‍රධනියෙකු වන, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු හා සභාපති ආනන්ද පාලිත  වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ආරම්භ කලේ “ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය පිලිබද ප්‍රශ්නයට හැකි පමනින් දායක වීම සදහා ය.” අද ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යනු අන් කිසිවක් නො ව පෞද්ගලීකරනය ම ය. 

කෙසේ වුවත් ඔහු සාකාචඡාවේදී වැදගත් තිත්ත සත්‍යයක් හෙලි කලේ ය. ඒ තම තමන්ගේ පක්ෂ ආන්ඩු කරන කාලවල දී, තෙල් සංස්ථාව පෞද්ගලීකරනයට එම ආන්ඩු ගත් පියවරයන්ට එම ආන්ඩුවලට අයත් වෘත්තීය සමිති විරුද්ධ නො වූ බව ය. පොදු ජන පෙරමුනේ සමිති නායකයා සමන් කුමාර තමන් එවක අධ්‍යක්ෂක මන්ඩලයේ සිටි බවත් ආන්ඩුවේ යෝජනාවට විරුද්ධ නිසා එයින් ඉවත් වූ බවත් කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ කල ද වෘත්තීය සමිතිවලට එලල් වූ චෝදනාව ප්‍රතික්ෂේප නො කලේ ය. 

තම සාමාජිකයන්ගේ තහනම ඉවත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සමග ගනුදෙනුවක් කපුකම් කිරීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂට ආයාචනා කල පොදු ජන ප්‍රගතිශීලී සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරට  “ප්‍රශ්නය වී ඇත්තේ 225 එපා කී මේ රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම ය.” ඉහත කී රූපවාහිනී වැඩ සටහනට සහභාගී වෙමින් තමන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් නො ගැනීම ‘රටේ ජනතාවගේ’ මෙම හැසිරීම නිසා යැයි යුක්ති සහගත කරමින් මුසාවක් ඇද බෑවේය.  

දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආන්ඩුව පලවා හැරීමට පෙරමුනට පැමින ජනාධිපතියෙකු පන්නා දමා ඉන් එහා පැහැදිලි ක්‍රියා මාර්ගයක් හෝ නායකත්වයක් නැතිවත් මාස ගනනක් අරගලයේ රැදී සිටියහ.  සංවිධිත කම්කරුවන් ඊට සහභාගී විමට ගත් සෑම අවස්ථාවකදීම දැනුවත්ව බාධා කරමින් ආන්ඩුව රැක ගැනීමට වැඩ කල හා මහජන ව්‍යාපාරයට වෛර කල පොදු ජන පෙරමුනේ නායකයෙකු වන සමන් කුමාර ඇතුලු වෘත්තීය නායකයෝ සහ සෙු අවස්ථාවාදියෝ රනිල් වික්‍රමසිංහ තන්ත්‍රය බලයේ පිහිටවූහ. “හැම කෙනෙක්ම දන්නවා අපි මේ ආන්ඩුව බලයට පත් කරන්න වැඩ කල බව,” කුමාර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී පුනරුච්ඡාරනය කලේ ය. දැන්, “රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම” ගැන මහජනතාවට දෙස් දෙන්නේ මොවුන්ය. 

“මාස දෙකකට කලින් කැබිනට් පත්‍රිකාව එන බව දැනගෙන මෙය නො කරන ලෙසත්, එසේ කලොත් කෙටි දැනුම් දීමකින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා කියා අමාත්‍යවරයා දැනුවත් කල” බවත් රංවල සඳහන් කලේය.  ඒ අතින් නම් රන්වල මහතා යුතුකම් දන්නා මිනිහෙකි. කම්කරුවන් අදුරේ තබා පාලකයන් දැනුවත් කිරීම! අනික් බොහෝ නායකයන්ට මෙන් ම මොහුට අනුව ද පෞද්ගලීකරනය යනු හොරකම් කල මුදල් යොදාගෙන ව්‍යාපාර කිරීමටත්, කොමිස් ගැසීමටත්, තව දුරටත් සොරකම් කිරිමටත් ආන්ඩුවේ මිත්‍රයන්ට අවස්ථාව දීමේ ක්‍රියාවකි. 

ඓතිහාසිකව නිර්නය වූ පන්තිමය දේශපාලන ප්‍රශ්නවලින් වැඩකරන ජනයා ඉවතට හැරවීම හැර මෙබදු ප්‍රකාශයන්ට වෙනත් අර්ථයක් නැත. මේ වනාහී ධනවාදයේ කුනු වීම පිලිබද ප්‍රශ්නයකි. එයට ආවේනික හොරකම දූෂණය විශේෂයෙන් ඉස්මතුවනනේ ද එම කුනුවීම තුලින් ම ය. සත්‍ය නම් ධනවාදී පාලනයේ ම අවශ්‍ය කොටසක් ලෙස පැවති වෘත්තීය සමිති ද ධනවාදය සමග ම කුනු වී ඇති බව ය.  

රංවලගේ මෙම ප්‍රකාශය ඉහත ක‍ී තත්වයේ පිටාර ගැලීමකි: “සත්‍යග්‍රහයට වාඩි වුනේ ජනතාව අපහසුතාවට පත් නොකර කැබිනට් පත්‍රිකාව ගේන්න කලින් අමාත්‍යවරයා අප සමග සාකච්ඡාවක් ගනී කියා විශ්වාස කරල යි. … වග කිව යුතු ඇමතිවරයෙක් නම්, වෘත්තීය සමිති නායකයෝ සත්‍යක්ග්‍රාහයට වාඩි වෙලා ඉන්න කොට අනිවාර්යයෙන් ම අපිත් එක්ක සාකච්ඡා කරන්න එපා යැ.” මොහු සෙසු පක්ෂවල සමිති නායකයන් සමග සන්ධානය ගැන කීවේ, “අපට ඇත්තටම එකතු වෙන්න බෑ. රට වෙනුවෙන් හිතල එකතු වෙලා තීරනයක් ගත්තා උපවාසෙට වාඩිවෙන්න.” රංවල කුමක් කීවත් වෘත්තීය සමිති නායකයන් ධනේශ්වර ජාතික ආරක්ෂාවෙන් හෙවත් ජාතිකවාදයෙන් එකට බැද දමා ඇති බව පැහැදිලිය. වෘත්තීය සමිතිවල ඉරනම තීන්දු වී ඇත්තේ ද හරියටම මෙතැනිනි.

දැන් අප පැහැදිලි සත්‍යක් අත් දැක ඇත්කෙමු. 1970 ගනන් අග දී, සිදු වූ ධනවාදී සමාජයේ නිෂ්පාදන බලවේගවල නව වර්ධනය ලෝක නිෂ්පාදනය ජාත්‍යන්තරීකරනයට පාත්‍ර කල අතර එය මහා සංගත රටවල් තුලට කඩා වැදීමට ද පන්ති සබඳතා තීරනාත්මක ලෙස වෙනස් කරමින් පන්ති අරගලය තියුනු මට්ටම්වලට නැංවීමට ද මග පාදා ඇත.

ධනවාදය සිය නිෂ්පාදනය ජාත්‍යන්තරව සිදු කරන බැවින් පන්ති අරගලයට ජාතික ක්‍රියා මාර්ගයක් වලංගු නැත. මේ තත්වය තුල පන්ති අරගලය ජාතික තලය තුල කිරීමට හුරු පුරුදු ව්‍යාපාරවලට තව දුරටත් ප්‍රතිසංස්කරන සදහා බල පෑමක් කල නො හැකි ය. මේ නිසා වෘත්තීය සමිතිවලට පැවැත්මක් නැති අතර ඒවා පවතින්නේ ධනපති හාම් පුතුන් වෙනුවෙන් වැඩ කරන විවෘත ඒජන්තයන් ලෙස ය. ඒ ඒවායේ ඉරනමයි.        

කම්කරු පන්තියට විකල්ප සංවිධාන රූප හා දේශපාලන බලය පිලිබඳ වැඩපිලවෙලක් අවශ්‍යව ඇත්තේ එබැවිනි. 

(තෙවන කොටසින් පෙට්‍රෝලියම් කම්රුකරුවන්ට තත්‍ය ක්‍රියාමාර්ගයක් පිලිඹදව)

Image courtesy of wsws.org, Unions Lanka fb

#CACPS #theSocialistLK

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස Read More »

බැංකු බිඳවැටීම් සහ ගෝලීය මූල්‍ය අර්බුදය: පදනම් සහ ඇඟවීම්

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව

Image

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂන පුලුල් ලෙස පාදක කරගනිමින් මෙම වාර්තාව සම්පාදනය කලේ සංජය ජයසේකර විසිනි. මෙම වාර්තාව විශේෂයෙන් පසුගිය සති කිහිපය තුල ලෝක මූල්‍ය පද්ධතියේ බරපතල අර්බුදය පුපුරා ගිය බැංකු බිඳවැටීම් පිලිබඳ අවධානය යොමු කරයි. 

බැංකු බිඳවැටීම් සහ ගෝලීය මූල්‍ය අර්බුදය: පදනම් සහ ඇඟවීම් 

මාර්තු මුල එක්සත් ජනපදයේ ⁣සිල්වර්ගේට් බැංකුව (Silvergate bank) ස්වයං-ඈවරකිරීමකට ගමන් කිරීමෙන් ආරම්භ වී මාසයේ මැද සිලිකන් වැලි බැංකුව  (Silicon Valley Bank-SVB) කඩා වැටීමත්, ෆස්ට් සිටිසන් බැංකුව (First Citizen Bank) මගින් එය අත්පත් කරගැනීමටත් පසුව, ලොව පුරා බැංකු හා මූල්‍ය පද්ධතිය යටින් ඛාදනය කරමින් පැවති අර්බුදය පුපුරා ගොස් මූල්‍ය සුනාමියක් බවට පත්වීමේ නිමිති පල කලේ ය. SVB බිඳ වැටීමෙන් පසුව ඇතිවූ මෙම කැලඹ්ම මූල්‍ය පද්ධතිය කොතරම් විනිවිද ගියේද යත් එක්සත් ජනපදයේ තුන්වන විශාලතම බැංකුව  වන සිග්නේචර් බැංකුව (Signature Bank) ෆෙඩරල් තැන්පතු රක්ෂන සංස්ථාව (FDIC) මගින් අත්පත් කරගැනීමට සිදු වූ අතර ෆස්ට් රිපබ්ලික් බැංකුව (First Republic Bank) කඩා වැටීමේ අද්දරට ගමන් කලේ ය. එය ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ආක්‍රමනය කර ඇති බව සංකේතවත් කරමින් ස්විස්සර්ලන්තයේ  ගෝලීය බැංකුවක් වන ක්‍රෙඩිට් සූස් (Credit Suisse Bank) ද බිඳ වැටෙද්දී හදිසි අවස්ථා නීති ක්‍රියාත්මක කෙරුනු අතර එහි තරඟකාරී බැංකුවක් වන UBS බැංකුව (ස්විට්සර්ලන්තයේ සූරිච්හි මූලස්ථානය පිහිටි බහුජාතික මූල්‍ය ආයතනයක්. පූර්වයෙන් Union Bank of Switzerland ) බලහතකාරයෙන්ම මැදිහත් වී එය අත්පත් කර ගත්තේ ය.

ෆස්ට් රිපබ්ලික් බැංකුව අනතුරේ 

මාසයේ දෙවන සතියේදී, භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ සහයෝගීතාවයෙන් JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon ගේ නායකත්වය යටතේ, ප්‍රධාන බැංකු 11 ක සමුහයක්, පන අදින  ෆස්ට් රිපබලික් බැංකුවේ ඩොලර් බිලියන 30ක් තැන්පත් කළේය.  මෙම විශ්වාසනීයතවය පිලිබඳ සංදර්ශනය තැන්පත්කරුවන්ගේ මුදල් පිටතට ගලායාම නවතා, එහි කොටස් මිල මත පීඩනය ලිහිල් කර එය ස්ථාවර කරනු ඇතැයි බලාපොරොත්තු විය.

දින කිහිපයකින් මෙහෙයුම සම්පූර්ණ අසාර්ථක බව හෙළි වී ඇත.  මුදල් පිටතට ගලායාම තරමක් මන්දගාමී වී ඇති බව වාර්තා වන නමුත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව වසර ආරම්භයේ පැවති මුළු ඩොලර් බිලියන 176න් ඩොලර් බිලියන 70ක් අහිමි කරගෙන ඇත.එසේම,මුදල් එන්නත් කළද, සමාගමේ කොටස් අඛණ්ඩව පහත වැටී ඇත.

SVB හි අසාර්ථකත්වය සහ ෆස්ට් රිපබලික් බැංකුවේ ගැඹුරු වන ගැටළු එක්සත් ජනපද මූල්‍ය පද්ධතියේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකු වල භූමිකාව සහ පද්ධතිමය අර්බුදයක් ඇති කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කර ඇත.

2008 අර්බුදයෙන් පසුව හඳුන්වා දුන් සීමිත නියාමන පියවර, “අසාර්ථක නොවීමට තරම් විශාල” ලෙස සංලක්ෂිත විශාල බැංකු කෙරෙහි අවධානය යොමු කළේය.  2018 දී, කොන්ග්‍රසය බොහෝ මධ්‍යම ප්‍රමාණයේ බැංකු අධීක්ෂණයෙන් ඉවත් කළේ සමහර රෙගුලාසි අදාළ විය යුත්තේ ඩොලර් බිලියන 250 සහ ඊට වැඩි වත්කම් ඇති බැංකුවලට පමණක් බව කියමිනි. මෙය කලින් නියම කර තිබූ ඩොලර් බිලියන 50 ට සාපේක්ෂව සැලකිය යුතුය.

ෆෙඩරල් බැංකුව ‘අතිශය ලාභ මුදල්’ පිළිබඳ ප්‍රතිපත්තිය දිගටම කරගෙන යන තාක් කල් මෙය විශාල අනතුරක් සිදු කළේ නැත.  එහෙත් පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුව විසින් ආරම්භ කරන ලද පොලී අනුපාත ඉහල දැමීම් සමඟ තත්වය තියුනු ලෙස මාරු වී ඇති අතර, එහි මූලික අනුපාතය බිංදුවට ආසන්නයේ සිට සියයට 4.5 දක්වා ඉහල නංවා ඇත.

මෙයින් අදහස් වී ඇත්තේ කලාපීය ප්‍රදේශවල සහ ආර්ථිකයේ ප්‍රධාන අංශවල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන මෙම බැංකු සතු වත්කම්වල (එක්සත් ජනපදයේ බැංකු 4000 ක් පමණ ඇත)  වෙළඳපල වටිනාකමේ පහත වැටීමකට ලක්ව ඇති අතර ඒවා  බැංකු ශේෂ පත්‍රවල සටහන් කර ඇති පොත් වටිනාකමට වඩා හුඟාක් පහළින් පවතින බවයි.

මෙය භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් මූල්‍ය වත්කම් සඳහා පමණක් නොව, පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ඒවායේ වටිනාකම පහත වැටෙන අතර, වාණිජ දේපළ වෙළඳාම් වැනි අනෙකුත් පොලී අනුපාත සංවේදී වත්කම් සඳහා ද අදාළ වේ.

වෙළඳපල වටිනාකම සහ පොත් වටිනාකම අතර අපසරනය මුදල් ගලා යන තාක් ප්‍රශ්නයක් ඇති නොකරයි. නමුත් එය SVB සඳහා මෙන් අනෙක් පැත්තට යාමට පටන් ගන්නේ නම්, වත්කම් විකුණන විට එම පාඩු හඳුනාගත යුතුය.  මුදල් පිටතට ගලායාම ආවරණය කරයි.

මෙම තත්වය, 2008 අර්බුදයට මුල පිරූ සබ්ප්‍රයිම් (subprime loan යනු ප්‍රාථමික අනුපාත ණය සඳහා සුදුසුකම් නොලබන පුද්ගලයන්ට ප්‍රථමික අගයට වඩා වැඩි අනුපාතයකට ලබා දෙන ණයකි) ණය සම්බන්ධයෙන් වර්ධනය වූ තත්ත්වය සිහිපත් කරයි.  2007 දී ගැටළු මුලින්ම මතු වූ විට, ෆෙඩරල් සභාපති බෙන් බර්නාන්කේ පැවසුවේ, සමස්ත මූල්‍ය පද්ධතියට සාපේක්ෂව සබිප්‍රයිම් වෙලඳපොල ඉතා කුඩා බැවින් ඒවා පැතිරෙන්නේ නැති බවයි.

වත්මන් අර්බුදයේ තත්වයන් සබ්ප්‍රයිම් තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස් ය.  එහෙත් පද්ධතියේ වැඩි බලපෑමක් නොකරන ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිව තිබූ තැනක අර්බුදයක් පුළුල් ඇඟවුම් ඇතිකරන බව පෙන්නුම් කිරීමෙහි සාම්‍යතාවයක් තිබේ.  තවද යම් ආකාරයකින් වත්මන් අර්බුදය සබිප්‍රයිම් ණය සමග පුපුරා ගිය අර්බුදයට වඩා බරපතල ය.

බැදුම්කර පැකේජ සෑදීමට කපා කොටා කැට කපා ආයෝජකයින්ට විකුණා දැමූ සබ්ප්‍රයිම් උකස් සාරය වශයෙන් සමපේක්ෂන වත්කම් විය.

අද අර්බුදය පැන නගින්නේ ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම නිසා අගය පහත වැටී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත්වල බොහෝ මධ්‍යම ප්‍රමාණයේ බැංකු විශාල වශයෙන් ආයෝජනය කර තිබීමයි. මෙම බැඳුම්කර හා සුරැකුම්පත් සියල්ලටම වඩා ආරක්ෂිත වත්කම් ලෙස සැලකෙයි. 

රක්ෂණයෙන් ස්වයංක්‍රීයව ආවරණය වන ඩොලර් 250,000 සීමාවෙන් ඔබ්බට ගිය SVB හි ධනවත් පුද්ගලයින්ගේ මුදල් සහතික කිරීමට මූල්‍ය නියාමකයින් “පද්ධතිමය අවදානම” පිලිබඳ අනතුර කැඳවීමට හේතු වූයේ මෙයයි.

දැන් ප්‍රශ්නය වන්නේ: මෙම ක්‍රියාමාර්ග කොපමණ දුරකට දීර්ඝ වේද?  බැංකු පද්ධතිය පුරා ඇති සියලුම තැන්පතු දැන් ආරකෂිත කර තිබේද?  ෆෙඩරල් බැංකුව සිය පොලී අනුපාතිකය දිගටම ඉහළ දැමුව හොත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකු බොහොමයක ගිනුම් පොත්වල ඇති භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් මූල්‍ය වත්කම්වල වටිනාකමට කුමක් සිදුවේද?  අනුපාත ඉහල දැමීමේ චක්‍රයේ විරාමයක් ඇතිකරනු ලැබී නම්, උද්ධමනයට එරෙහිව ෆෙඩරල් මහ බැංකුවේ ඊනියා “සටන” සඳහා මෙයින් කුමක් අදහස් කරන්නේ ද? 

පාලක පන්තිය මූල්‍ය පද්ධතිය රැකීම සඳහා සැලසුම් කරයි

පසුගිය දින කීපය තරමක නැහැඬියාවක් දැකිය හැකි විය. පෙර සතියේ තියුනු පහත වැටීමෙන් පසු ඩොයිෂ් බැංකුවේ කොටස් ඉහළ ගිය අතර ෆස්ට් සිටිසන් බැංකුව (First Citizen Bank) මගින් සිලිකන් වැලි බැංකුව අත්පත් කර ගත්තේය.

“පද්ධතිමය අවදානම” පහකිරීම සඳහා යැයි යන ආවරනය සහිතව “අවශ්‍ය ඕනෑම දෙයක්” කිරීමට ප්‍රතිඥා දී ඇති ජෝ බයිඩන් පරිපාලනයේ පූර්න පිටුබලය ඇතිව ෆෙඩරල් මහ බැංකුව සහ FDIC ඔවුන්ගේ ක්‍රියාවන් – එනම් SVB හි ධනවත් අනාරක්ෂිත තැන්පත්කරුවන් සඳහා පූර්ණ ආවරණය මෙන්ම බැංකු සඳහා ද්‍රවශීලතා ප්‍රතිපාදන වැඩි කිරීම – යුක්තිසහගත කර ඇත.

එයින් අදහස් වන්නේ 2008 කඩාවැටීමෙන් පසු හඳුන්වා දුන්, ප්‍රධාන වශයෙන් ඩොඩ්-ෆ්‍රෑන්ක් පනතේ අන්තර්ගත කර ඇති, සියලුම රෙගුලාසි සහ පියවර, ඒවා ලියා ඇති කඩදාසි තරමි වත් වටින්නේ නැති බවයි.

ෆෙඩරල් මහ බැංකුව, FDIC සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අතර රැස්වීම් අතරතුර, SVB හි බොහෝ සේවාදායක පදනම පිහිටුවා ගත් ව්‍යාපාර ධනපතියන්, දැඩි ලෙස මැදිහත් වී තම වාසිය තහවරු කර ගත්හ.

දශක හතරක ඉහළම උද්ධමන අනුපාතිකයට ප්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියේ වැටුප් වැඩිවීම අඩු කිරීමට උත්සාහ කරන විට, පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතිකය ඉහළ යාම මගින් උත්ගත කර ඇති අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක් මගින් SVB බිඳවැටීම අවුලුවා ඇත.

තාක්‍ෂණ අංශය, විශේෂයෙන්ම ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් විසින් ආරම්භක ව්‍යාපාර සඳහා මුල්‍ය සම්පාදනය කිරීම සම්බන්ධ වඩාත්ම සමපේක්ෂන ක්ෂේත්‍රවල, නව ව්‍යාපෘති සඳහා මුදල් ගලා ඒම සිඳී යාමෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත.  මෙම ක්‍රියාවලියේ ප්‍රධාන වාහකයක් වන SVB වෙත මීට පෙර වත් කළ මුදල් ආපසු ගැනීමට මෙය හේතු විය.

SVB විසින් 2020 සහ 2021 වසරවල ෆෙඩරල් බැංකුව නොමිලේම වාගේ සපයන විට ලැබුණු මුදල් භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් වෙත ආයෝජනය කර තිබිනි.  කෙසේ වෙතත්, පොලී අනුපාත ඉහළ දැමීම් නිසා මෙම මූල්‍ය වත්කම්වල වෙළඳපල වටිනාකම ඒවායේ ගිනුම් පොත් වටිනාකමට වඩා පහත වැටුනු අතර, මුදල් පිටතට යෑම සැපිරීම සඳහා ඒවා විකිණීමට යාමේදී SVB පාඩු ලැබීය.

නව කොටස් නිකුතුවක් සමඟින් සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමට SVB ගත් පියවරක් අසාර්ථක වූ විට FDIC මැදිහත් විය.

අනුමාන කල හැකි වන්නේ, වෙලඳපොලේ අනෙකුත් කොටස් විසින් ද විශ්වාස කරන ලද පරිදි, ෆෙඩරල් මහ බැංකුවට පොලී  අනුපාත අඩු කිරීමට පටන් ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව, SVB භාන්ඩාගාර බැඳුම්කර මත යැපීම සහ එහි ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීමට අසමත් වීම එහි බිඳවැටීමට සැලකිය යුතු සාධකයක් විය.

නමුත් SVB සම්බන්ධ කාරනය, එහි සුවිශේෂතා නොතකා, භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම පහත වැටීමත් සමඟ තත්වය නරක අතට හැරී ඇති අනෙකුත් බැංකු කෙරෙහි අවධානය යොමු කර ඇත.

SVB බිඳ වැටීම එක්සත් ජනපද මූල්‍ය පද්ධතියේ ගැඹුරු අර්බුද හෙලි කරයි

SVB හි අභාවය හේතුවෙන්, තැන්පත්කරුවන් සිග්නේචර් බැංකුව වෙතින් ඩොලර් බිලියන 10 ක් ඉවත් කර ගත් අතර, එය පවරා ගැනීමට හේතු විය. SVB වෙතින්  වෛරසය අනෙක් බැංකු වෙත බෝවීමට වැඩි කල් ගත්තේ නැත. 

SVB පිලිබඳව ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මූල්‍ය වෙලඳපොලේ විවිධ මත පවතී

Citadel හෙජ් අරමුදල හි නිර්මාතෘ සහ “නිදහස් වෙලඳපොලවල්” පිලිබඳ දැඩි උපදේශකයෙකු වන Ken Griffin, Financial Times වෙත පැවසුවේ, අනාරක්ෂිත තැන්පත්කරුවන් ගලවා ගැනීම සිදු නොවිය යුතු බවයි.

“එක්සත් ජනපදය ධනේශ්වර ආර්ථිකයක්ය යන්න අපගේ විශ්වාසයයි, එය අපේ ඇස් ඉදිරිපිට බිඳ වැටෙමින් තිබේ,” ඔහු පැවසීය.  තැන්පතුකරුවන්ට සිදුවූ පාඩු අවම වනු ඇති අතර “අවදානම කළමනාකරණය අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්වී ඇත”.

ප්‍රමුඛ හෙජ් අරමුදල් කළමනාකරු බිල් ඇක්මන් ඇතුළු තවත් අයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ආස්ථානයක් ඇත.  “අපගේ ප්‍රජාව සහ කලාපීය බැංකු පද්ධතිය නොමැතිව අපගේ ආර්ථිකය ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවනු ඇත” යනුවෙන් ට්වීට් කරමින් ඇක්මන් ප්‍රධාන මැදිහත්වීමක් ඉල්ලා සිටියේය.

ප්‍රධාන විශ්ව විද්‍යාල පහක ආර්ථික විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව සහ “එක්සත් ජනපද බැංකු පද්ධතිය ඔබ සිතනවාට වඩා බිඳෙන සුළුය” යන මාතෘකාව යටතේ එය FT විසින් වාර්තා කරන ලද පරිදි SVB හි ඇති වූ ගැටළු පුළුල් පරිමාණයෙන් පවතී.

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ, “එක්සත් ජනපද බැංකු පද්ධතියේ වත්කම්වල වෙළඳපල වටිනාකම ඔවුන්ගේ වත්කම්වල පොත් වටිනාකමෙන් යෝජනා කර ඇති ප්‍රමාණයට වඩා ඩොලර් ට්‍රිලියන 2ක් අඩු” බව අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී.

අධ්‍යයනය  සඳහන් කරන්නේ SVB හි අසාර්ථකත්වය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ආදර්ශයක් සපයන්නේ “බැංකුවලින් සියයට 10 කට SVB හි ඇති පාඩුවලට වඩා විශාල හඳුනා නොගත් පාඩු ඇති බැවිනි.  එසේම SVB නරකම ප්‍රාග්ධනීකරණය වූ බැංකුව නොවේ, සියයට 10ක් SVB ට වඩා අඩු ප්‍රාග්ධනීකරණයක් ඇත.”

එය තවදුරටත් මෙසේ සඳහන් කරයි:  “රක්ෂනය නොකල තැන්පතුකරුවන්ගෙන් අඩක් පමණක් මුදල් ආපසු ගැනීමට තීරණය කළත්, බැංකු 190කට ආසන්න සංඛ්‍යාවක රක්ෂිත තැන්පතුකරුවන්ට හානිවීමේ අවදානමක් පවතී. එනම් රක්‍ෂිත තැන්පතු ඩොලර් බිලියන 300ක් අවදානමේ පවතී.  රක්ෂනය නොකල තැන්පතු ආපසු ගැනීම් මගින් කුඩා ප්‍රමානයේ වත්කම් විකිනීමක් දෙසට තල්ලු කෙරෙනු ලැබූවත්, සැලකිය යුතු තරම් බැංකු ගනනක් අවදානමට ලක් වේ.

“සමස්තයක් වශයෙන්, මෙම ගනන් බැලීම්වලින් පෙනී යන්නේ බැංකු වත්කම්වල මෑතකාලීන පහත වැටීම් එක්සත් ජනපද බැංකු පද්ධතියේ අස්ථාවරත්වය සැලකිය යුතු ලෙස වැඩ් කරන රක්ෂනය නොකල තැන්පතුකරුවන්ගේ  බැංකු ධාවනවලට (bank run) මග පාදන බව යි..”

SVB යනු රජයේ බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් මත දැඩි ලෙස රඳා පැවතීම හා එහි වටිනාකම් අහිමි වීමෙන් ආරක්ෂා (hedging) නොකිරීම නිසා සුවිශෙෂී අවස්ථාවක් ලෙස විස්තර කර ඇත.

නමුත් එම කාරනා නොතකා, අධ්‍යයනය මගින් ප්‍රධාන පරිවර්ථනයක් පිළිබඳව වාර්තා කලේය: 

“මෑතදී වත්කම් පහත වැටීමට පෙර සියලුම එක්සත් ජනපද බැංකු ධනාත්මක බැංකු ප්‍රාග්ධනීකරණයක් අත්කර ගත්හ.  කෙසේ වෙතත්, මෑතදී බැංකු වත්කම්වල වටිනාකම අඩු වීමෙන් පසුව, සමස්ත වත්කම් ඩොලර් ට්‍රිලියන 11ක් වන බැංකු 2,315ක සෘණ ප්‍රාග්ධනීකරණයක් ඇත.

මෙයින් අදහස් කරන්නේ මෙම බැංකු ගෙවිය යුතු අවසාන ශේෂය සමාගමේ ප්‍රාග්ධන තොගයට වඩා වැඩි බවයි; එනම් බංකොලොත් වීමේ අවදානම වැඩි වී ඇති බවයි.

පොලී අනුපාත ඉහළ යාමෙන් පීඩාවට පත්වන එකම වත්කම රජයේ බැඳුම්කර පමනක් නොවේ.  COVID වසංගතය හේතුවෙන් කාර්යාල අවකාශය සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ නිවසේ සිට වැඩ කිරීම් වැඩි වීම හේතුවෙන් නිශ්චල දේපල, විශේෂයෙන්ම වාණිජ නිශ්චල දේපලවලට ඇති ඉල්ලුම අඩුවීම බැංකු පද්ධතියේ කැලඹී⁣මට හේතු වියහැකි කරුනු බවට පත් වී තිබේ.

ෆෙඩරල් මහ බැංකුවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිය වී ඇත්තේ “උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ” නාමයෙන් පොලී අනුපාත ඉහළ නැංවීමයි.  නමුත් මෙම අරමුන, SVB බිඳවැටීම ඉතා ප්‍රස්ථාරිකව හෙළිදරව් කර ඇති පරිදි, විශාල මූල්‍ය අර්බුදයක් ආරම්භ කිරීමේ තර්ජනය මතු කරයි.

මාර්තු 24න් ඇරඹි සතිය තුල පැවතියේ තරමක නිහැඬියවකි. එහෙත් එයට යටින් පවතින මූල්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක අස්ථාවරත්වයේ ගැඹුරු මූලාශ්‍ර සලකා බලන විට මෙම සාමය කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න මතු කල යුතු ප්‍රශ්නය කි.

මෙම කැලඹීම් සහගත තත්වයට ආසන්නතම හේතුව වන්නේ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට සහ 2020 මාර්තු වෙලඳපොල කැටි ගැසීමට (market freeze) ප්‍රතිචාර වශයෙන් ගත් ෆෙඩරල් මහ බැංකුවේ ක්‍රියාය. එනම්, ෆෙඩරල්  බැංකුව සම්පූර්ණ දියවීමක් වැලැක්වීම සඳහා මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කිරීම ය.

ඉතාමත් අසීරුවෙන් එය මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගත්තේ උවත්,  එහි ක්‍රියාවන් නව ආකාරයකින් යටින් පවතින අර්බුදය පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කළේය.

ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් විසින් SVB සිද්ධිය (සාමාන්‍ය තත්වයෙන්) “පිටස්තර” ලෙස සංලක්ෂිත කර ඇති අතර, ෆෙඩරල් උප සභාපති මයිකල් බාර් එහි ගැටලු දුර්වල කළමනාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ කොන්ග්‍රසයට සාක්ෂි දෙමින් නිරූපණය කිරීමට උත්සාහ කළත්, එහි අභාවය මූල්‍ය පද්ධතියේ ගැඹුරු වන ගැටලුවල ප්‍රකාශනයයි.  මෙම ගැටලු 2008 සිට 2022 දක්වා පැවති අතිශය ලාභ මුදල් රෙජීමය අවසන් කිරීම මගින් හෙලිදරව් වෙමින් තිබේ.

මෙසේ මුදල් නොමිලයේ ලබා ගත හැකි වූ විට, SVB එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර සහ ආරක්ෂිත යැයි කියනු ලබන වෙනත් වත්කම් මත ගිලී ගියේය.  නමුත්,  කලින් සඳහන් කල පරිදි, පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ වෙළඳපල වටිනාකම ඔවුන්ගේ ගිනුම් පොත් වටිනාකමට වඩා පහත වැටුනි.  මෙයින් අදහස් කළේ තැන්පත්කරුවන් මුදල් ඉල්ලා සිටීමේ දී මුදල් සපුරාලීම සඳහා ඒවා විකිණීමට සිදු වූ විට සැබෑ ලෙසම පාඩු ලැබීමයි.

බැංකුවල මිල වැටුනු බැදුම්කරවලට ෆෙඩරල් බැංකුව ගිනුම් පොතේ මිලට ණය දෙයි

එක්සත් ජනපද ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ සාමූහිකව ප්‍රධාන භූමිකාවක් ඉටු කරන මධ්‍යම ප්‍රමාණයේ බැංකු රැසක තත්ත්වය නරක අතට හැරීමේ තියුනුම ප්‍රකාශනය SVB අර්බුදය බව හඳුනා ගනිමින්, ෆෙඩරල් බැංකුව මාර්තු මුල නව ණය පහසුකමක් ආරම්භ කළේය.  

එමගින් බැංකුවලට තම භාණ්ඩාගාර බැඳුම්කරවල වෙළෙඳපොළ වටිනාකමට නොව පොත් වටිනාකමට අනුව ණයක් ලබා ගැනීමට හැකි වූ අතර, මුදල් සඳහා තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පාඩුවකට විකිණීමේ අවශ්‍යතාවය මග හැරී ගියේය.

ෆෙඩරල් බැංකු දත්ත වලට අනුව, මෙම පහසුකම බහුලව භාවිතා වී ඇත.  පසුගිය සතියේ බැංකු විසින් මුළු ඩොලර් බිලියන 163.9ක් ණයට ගත් අතර, මෙය සතියකට පෙර මෙම බැංකු ලබාගත් ඩොලර් බිලියන 164.8 ට වඩා මඳක් පහත අගයකි.

මෙම ණය ගැනීම සාමාන්‍යයෙන් සතිපතා ඩොලර් බිලියන 10ක පමණ ණය ගැනීම්වලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් බව පැහැදිලිය.

නමුත් පෙනෙන විදිහට මෙම ක්‍රියාමාර්ග පවා ප්‍රමාණවත් නොවන අතර, Bloomberg හි වාර්තාවකට අනුව ෆෙඩරල් බැංකුව ඒවා පුළුල් කිරීමට ක්‍රම සොයමින් සිටී.

මේ අතර වඩාත් අවධානය යොමු වූයේ SVB සහ අසාර්ථක වූ සිග්නේචර් බැංකුව යන මාර්ගයේම යාමේ අනතුරට ලක්ව ඇති ෆස්ට් රිපබ්ලික් බැංකුවේ ඉරණමයි.  මෙම බැංකුව ගලවා ගැනීමේ පියවරක් ලෙස පසුගිය සතියේ JP Morgan ප්‍රධාන විධායක Jamie Dimon සහ භාණ්ඩාගාර ලේකම් Janet Yellen විසින් සංවිධානය කරන ලද ප්‍රධාන බැංකු 11ක් සම්බන්ධ වූ මෙහෙයුමකදී ඩොලර් බිලියන 30ක් එහි තැන්පත් කෙරුනි.  පළමු ජනරජයේ කොටස් මාර්තු මාසයේ සියයට 90කට වඩා පහත වැටුනි.

විශේෂිත බැංකුවක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙන බැවින්, ෆෙඩරල් මහ බැංකුවට නව පහසුකම සැමට ලබා ගත හැකි ලෙස සකස් කළ අතර, කෙසේවෙතත්, එය ෆස්ට් රිපබ්ලික් බැංකුවට ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරයෙන් සකස් කර ඇත.

බැංකුවල ද්‍රවශීලතාවයේ (liquidity) සහ නුබුන්වත්බවේ (solvency) ගැටළු මෙන්ම, ගැඹුරු වන අර්බුදය ඩොලර් ට්‍රිලියන 22 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙලඳපොලේ වියවුල් ඇති කරයි.

පසුගිය සති දෙක තුළ වසර දෙකක භාණ්ඩාගාර නෝට්ටුවේ ආදායම සෑම දිනකම සියයට 0.3 සිට 0.7 දක්වා පරාසයක වෙනස් වී ඇත.  ඊනියා “සාමාන්‍ය” තත්වයන් යටතේ දෛනික වෙනස් විම් මෙම ප්‍රමාණයෙන් කුඩා කොටසකි.

අර්බුදයේ ක්ෂනික ස්වරූපය මුල්බැස ඇත්තේ පෙර පැවති ආන්ඩු සහ ෆෙඩරල් මහ බැංකුවේ ඇපදීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තුලය යන කාරනය නොසලකා හැරීමට නොහැකි වෙමින් තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් (FT) පත්‍රයට ලියමින්, Rockefeller International හි සභාපති වන මූල්‍ය විශ්ලේෂක රුචිර් ෂර්මා පැවසුවේ, දේශපාලනික වශයෙන් ආන්ඩුවලට ඇපදීම සංවිධානය නොකර සිටීමට නොහැකි නමුත්, එය “හෙනයක්” කරගත්තේ ඔවුන්ම බවයි.

“පසුගිය දශක කිහිපයේ පහසු මුදල් මගින් විශාල වෙලඳපොලවල් නිර්මාණය කරන ලදී එය ලෝක ආර්ථිකයට වඩා පස් ගුණයකින් විශාල විය. මෙය කෙතරම් අන්තර් සම්බන්ධිත වී ද යත්, මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක පවා අසාර්ථකත්වය මූල්‍ය අවදානම ගෝලීයව බෝකිරීමේ හැකියාව ඇති කරයි.”

2008 අර්බුදයෙන් පසුව ආරම්භ කරන ලද එහි ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන සඳහා ෆෙඩරල් බැංකුව විසින් ඉදිරිපත් කරන ලද එක් සාධාරණීකරණයක්වූයේ එය යටින් පවතින සැබෑ ආර්ථිකයට උත්තේජනයක් ලබා දෙනු ඇත යන්නයි. සැබවින්ම එහි අරමුන වූයේ වෙනත් එකකි. එනම් එය නොමිලයේ මෙන් සැපසූ මුදල් සමඟ සමපේක්ෂනය දිගටම කරගෙන යාමට හැකි කිරීමයි. 

සැබෑ ආර්ථිකයට උත්තේජනයක් සැපයීම පිලිබඳ ප්‍රභන්ධය ප්‍රතික්⁣ෂේප  කිරීමට ෂර්මා ගනන් හිලව් ඉදිරිපත් කලේය: 

“ගලවාගැනීම්, ව්‍යාපාරික ගතිකත්වය සහ ඵලදායිතාව දුර්වල කිරීමට ප්‍රබල ලෙස දායක වන ප්‍රාග්ධනය විශාල වශයෙන් වැරදි ලෙස බෙදා හැරීමකට සහ සොම්බි සමාගම් සංඛ්‍යාවේ වැඩිවීමකට තුඩු දී ඇත.  එක්සත් ජනපදයේ, සමස්ත සාධක ඵලදායිතා වර්ධනය 1870 සහ 1970 ගණන්වල මුල් කාලය අතර සියයට 2 සිට 2008 න් පසු සියයට 0.5 දක්වා පහත වැටුනි,” ඔහු ලීවේය.

දිගු කාලීන මූල්‍ය විශ්ලේෂකයෙකු සහ හිටපු ඕස්ට්‍රේලියානු බැංකුකරුවෙකු වන සත්‍යජිත් දාස්, ඕස්ට්‍රේලියානු Financial Review විසින් වාර්තා කරන ලද New Indian Express තීරුවක බැංකු පද්ධතියේ ස්ථායිතාව පිළිබඳ නිලධාරීන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගැටළු මතු කර තිබේ.

“බලධාරීහු නිවැරදි නම්, අසාර්ථක වූ බැංකු වල සියලුම තැන්පත්කරුවන්ට සහතික කිරීම සඳහා ‘පද්ධතිමය අවදානම පිලිබඳ ව්‍යතිරේකය’ යොදාගැනෙන්නේ මන්ද?  මුදල් ආපසු ගැනීම් සපුරාලීමට ද්‍රවශීලතාවයක් තිබේ නම්, අරමුදල්වල ප්‍රමාණවත් බව ගැන බොහෝ විට කෙරෙන නොගැලපෙන ප්‍රලාප ඇයි?  සෑම දෙයක්ම හොඳින් තිබේ නම්, එක්සත් ජනපද බැංකු 2008-09 ට වඩා විශාල මුදලක් වට්ටම් කවුළුවෙන් (discount window) සියයට 4.75 ක දණ්ඩනීය අනුපාතයකට ඩොලර් බිලියන 153 ක් ණයට ගෙන ඇත්තේ ඇයි?” (Discount Window යටතේ ණය දීම සිදු කරනු ලබන්නේ වෙනත් විකල්ප ක්‍රම වලින් බැංකු සඳහා මුදල් ලබා ගැනීම අසීරු වන විට අවසාන ගැලවුම්කාර අවස්ථාව ලෙස හදිසි ඇපදීමේ ණයක් ෆෙඩරල් බැංකුවෙන්ම ලබා දීමය. ෆෙඩරල් මහ බැංකුව විසින් මෙසේ වට්ටම් ණය ලබා දීම කරනුයේ හැකිතාක් දුරට මූල්‍ය අංශයේ අවශ්‍යතා සැපිරීම සඳහා වඩාත් අඩු පොලී අනුපාත යටතේ විශාල අවදානමක් ගනිමිනි)

ණය අර්බුදය දිගටම

වත්මන් අර්බුදය ඉදිරියට වර්ධනය වන්නේ කෙසේද යන්න පිළිබඳව සැලකිය යුතු අපැහැදිලි බවක් පවතී.  නමුත් එක් දෙයක් ස්ථිරය: ලොව පුරා ආර්ථිකයේ සෑම අංශයකටම පහර දෙන ණය අර්බුදයක් පවතිනු ඇත.

මාර්තු තුන්වන සති අන්තයේ ප්‍රකාශයට පත් කරන ලද FT කතුවැකිය, මෙතෙක් පැවති අර්බුදය සාරාංශගත කරමින්, තවත් බැංකු බිඳ නොවැටුන ද මෙය සිදුවනු ඇතැයි පැවසීය.

“ඉහළ පොලී අනුපාත දැනටමත් සැබෑ ආර්ථිකයට ණය දීම කප්පාදු කර ඇති අතර මෑත සිදුවීම්වලට ප්‍රතිචාර වශයෙන් බැංකු ඔවුන්ගේ ණය දීමේ ප්‍රමිතීන් තවත් ඉහළ නැංවීමට ඉඩ තිබේ.  දේපල විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බව පෙනේ.  ණය සැලකිය යුතු ලෙස දැඩි වුවහොත්, මිල පහත වැටීමේ සර්පිලාකාරයක් හටගන ඇත. පැහැර හැරීම් සිදුවිය හැකිය. … බැංකු සතු උකස් පිටුබලය සහිත සුරැකුම්පත්වලට දැනටමත් පහර වැදී ඇති අතර ඒ හේතුවෙන් බැංකු  ස්වයං-ආරක්ෂක පියවරයන් කරා ගොස් ඇත”.  

තමන් ජීවත්වන ලාභ පද්ධතියේ විෂ සහිත ස්වභාවය පිලිබඳව අවශ්‍ය නිගමනවලට එළැඹීමෙන් වැඩකරන ජනතාව වැලැක්වීමේ අපේක්ෂාවෙන්, තම හිස මතට කඩා වැටෙන තුරු කිසිවිටෙක අර්බුදයක් නොපිළිගන්නා බලවතුන්, අර්බුදය මතින් ලිස්සා  යාමට උත්සාහ කරති.

නමුත් මෙම ප්‍රබන්ධය කෙතරම් සිහින් වී ඇත්ද යත්, FT කතුවැකියට නිගමනය කිරීමට සිදු වූයේ: “සුලු වෙනසකට වඩා, මෙම කථාංගය ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල ලකුණක් විය හැකිය”, යනුවෙනි.

බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් වාර්තාව පෙන්වන මූල්‍ය ගැටලු 

මූල්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක අස්ථායීතාවයේ මූලාශ්‍ර සම්බන්ධයේන් මාර්තු 28 බදාදා Bank of England (BoE) හි මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව (FPC) විසින් නිකුත් කල පලමු කාර්තුවේ වාර්ථාවේ දක්වයි.

පසුගිය ප්‍රධාන අර්බුදය, එනම් එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර පවා දින ගනනාවක් අලෙවි කළ නොහැකි වූ 2020 මාර්තු මාසයේ වෙලඳපොල කැටි ගැසීම දෙස ආපසු හැරී බලන විට, FPC වාර්තාව පැවසුවේ “පෙර ආතති කාලපරිච්ජේද වලදී ස්ඵටිකීකරණය වූ බොහෝ දුර්වලතා, එනම් 2020 මාර්තු මාසයේදී ‘dash for cash’ (ආයෝජකයින් මුදල් ලබා ගැනීම සඳහා දිගු කාලීන රජයේ බැඳුම්කර වැනි ආරක්ෂිත වත්කම් පවා විකුණා දැමීම) වැනි අර්බුද, බොහෝ දුරට විසඳුනු නැති ගැටලු ලෙස පවතින අතර වත්කම්වල මිලෙහි තවදුරටත් තියුණු සීරුමාරුකිරීම් ඉහල යා හැකිය.”

ජාත්‍යන්තරව ඔහුගේ සගයන් මෙන්, BoE පාලක ඇන්ඩෲ බේලි මාර්තු 27 London School of Economics හි දී කළ කතාවකදී එක්සත් රාජධානියේ මූල්‍ය පද්ධතිය “ශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා තත්ත්වයන්ට ඔරොත්තු දෙන අතර ආර්ථිකයට සහාය වීමට ශක්තිමතව තබා ඇති” බව අවධාරනය කලේය.

නමුත් FPC වාර්තාව තරමක් වෙනස් චිත්‍රයක් පින්තාරු කරයි.

පසුගිය සැප්තැම්බරයේ එක්සත් රාජධානියේ විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදය බැඳුම්කර වෙලඳපොලවලට BoE හි බලවත් මැදිහත්වීමකින් පමණක් සමනය වූ බැවින්, FPC හි අවධානය මෙම පැත්ත කෙරෙහි බෙහෙවින් යොමු වී ඇත..

SVB වසා දැමීමට තුඩු දුන් බැංකු ධාවනය (Bank Run) පිලිබඳ අත්දැකීමේ ආලේකයෙන්, ප්‍රධාන පද්ධතිමය ගැටළු මතුකිරීමේ තර්ජනය එක් කළ එක්සත් රාජධානියේ අර්බුදයේ වැදගත්කම වඩාත් පැහැදිලිව දැකගත හැකිය.

එක්සත් රාජධානියේ විශ්‍රාම වැටුප් අර්බුදය ස්වරූපයෙන් SVB අත්දැකීමට වෙනස් වූ නමුත් එය හටගනු ලැබුනේ එකම හේතුවකිනි. එනම්, උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ප්‍රධාන මහ බැංකු විසින් ආරම්භ කරන ලද ඉහල පොලී අනුපාතයි. ඇත්තටම, යථාර්ථයේ දී මෙම අනුපාත ඉහල දැමීම එල්ල කෙරුනේ වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන කම්කරු පන්තියේ නැගිටීම් පසුපසට තල්ලු කිරීමට උත්සාහ කිරීම වෙත ය.  

ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා, මූල්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත, විශ්‍රාම වැටුප් අරමුදල්, වගකීම් මත පදනම් වූ ආයෝජන (LDI) ලෙස හැඳින්වෙන උපාය මාර්ගයක් අනුගමනය කල අතර එමඟින් ඔවුන් රජයේ බැඳුම්කරවල විශාල වශයෙන් ආයෝජනය කලහ.

ඉතා කෙටිකලක් පැවති අගමැති ලිස් ටෘස්ගේ ආන්ඩුව නය වැඩි කිරීම මගින් සංගත සහ සුපිරි ධනවතුන් සඳහා දැවැන්ත බදු කප්පාදුවලට අරමුදල් සම්පාදනය කිරීමට උත්සාහ කළ විට, බැඳුම්කරවල පොලී අනුපාත තියුනු ලෙස ඉහළ ගිය අතර ඒවායේ මිල පහත වැටුණි (වෙනත් සුරැකුම්පත් මෙන්ම මේ දෙක අතරද ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි). මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ වත්කම්වල පාඩුවලට මුහුණ දෙන ලදී. 

මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල් තම බැඳුම්කර කුනු කොල්ලයට විකිනීමට බලකෙරුනු අතර, ඒ මගින් බැඳුම්කර මිල පහත වැටීමේ චක්‍රයකට සහ පොලී අනුපාතවල දැඩි වැඩිවීමක් දෙසට තල්ලු විනි.

මූල්‍ය පද්ධතියේ අස්ථාවරත්වය කෙබඳු ද යත්, අසාර්ථක වූ ආයෝජන ඉවත් කරනු ලබන “නිදහස් වෙලඳපොලේ” මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය නොහැකි වී ඇති අතර, ඕනෑම ගැටලුවක් රාජ්‍යයේ සහ එහි නියෝජිතායතනවලට ඇති තව තවත් මුදල් මැවීමේ හැකියාව  යොදා ගනිමින් මැදිහත් වීම අවශ්‍ය වන කඩා වැටීමක තර්ජනයක් නිර්මානය කර තිබේ.  

මෙම ක්‍රියාවලියේ තර්කය නම්, රාජ්‍ය හා මහ බැංකු මූල්‍යකරණයේ අර්බුදයක් ඇති කරන තෙක් මුදල් ගලා ඒම දිගටම සිදුවනු ඇති බවයි.

මාර්තු අවසන් සතිය වන විට මූල්‍ය වෙලඳපොලේ සියලු දෙනාගේ අවධානය යුරෝපයේ අටවන විශාලතම බැංකුව වන ජර්මානු  Deutsche Bank හි අනාරක්ෂිතභාවයක් පිලිබඳ යොමුවී පැවතිනි. 

මාර්තු 21 මාධ්‍ය හමුවකදී ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් පැවසුවේ, ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි, පසුගිය සති දෙකේ සිදුවීම් පෙන්නුම් කර ඇත්තේ, “හුදකලා බැංකු ගැටළු, අවධානය යොමු නොකළහොත්, සෞඛ්‍ය සම්පන්න බැංකු කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමිය හැකි” බව සහ  සමස්ත පද්ධතියටම තර්ජනයක් කල හැකි බවයි.

SVB අසාර්ථක වීමට තුඩු දුන් කොන්දේසි – එය සතුව තිබූ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම පහත වැටීම – ආර්ථිකයේ අනෙකුත් පොලී අනුපාත සංවේදී ක්ෂේත්‍රවල ද වර්ධනය වෙමින් පවතී.  මාර්තු 20, JPMorgan Asset Management හි ප්‍රධාන විධායක, ජෝර්ජ් ගැච්, මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිඵලයක් ලෙස බිම හැලෙන මීළඟ සපත්තුව වාණිජ දේපල වෙළඳාම් විය හැකි බවට අනතුරු ඇඟවීය.

දේශපාලන ඇඟවුම්

Image

“අපි ගත් පියවර නිශ්චිත බැංකුවලට හෝ බැංකු පන්තිවලට ආධාර කිරීම කෙරෙහි අවධානය යොමු කළේ නැත.”  “අපගේ මැදිහත්වීම වූයේ පුළුල් එක්සත් ජනපද බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමයි. තවද කුඩා ආයතන බෝවන අවදානමක් (contagion) ඇති තැන්පතු ධාවනයට (deposit runs) ලක් වුවහොත් ඒ හා සමාන ක්‍රියාමාර්ග ගත යුතු වේ.”

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මාර්තු 20 වන දින ඇමරිකානු බැංකුකරුවන්ගේ සංගමයට කළ කතාවකදී ඉහත ප්‍රකාශ කළේය.  ජැනට් මේ පැහැදිලි ප්‍රකාශය ප්‍රථම වරට කරනනේ අසාර්ථක වූ සිලිකන් වැලි බැංකුවේ සහ සිග්නේචර් බැංකුවේ අනාරක්ෂිත තැන්පතුකරුවන්ට ඇපදීම එක සුවිශේෂී අවස්ථාවක් නොවන බවත්, අවශ්‍ය යැයි සැලකේ නම් ඉදිරියේදී ද එසේ කරනු ඇති බවට දැනුම් දීමටය.

බැංකුකරුවන් බේරා ගැනීමට රජයේ අඛණ්ඩ කැපවීම ඇය ඔවුනට තහවුරු කළාය: “අපි සුපරීක්ෂාකාරීව සිටින බවට අපි ඔබට සහතික වනවා.”

නැවත, මාර්තු 23 වන දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අදහස් දක්වමින්, ඇය නැවත වරක් පැවසුවේ, “අපි බෝවීම වැළැක්වීම සඳහා ඉක්මනින් ක්‍රියා කිරීමට වැදගත් මෙවලම් භාවිතා කර ඇත. ඒවා අපට නැවත භාවිතා කළ හැකි මෙවලම් වේ. ඒවා ඇමරිකානුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීම සඳහා අප ගෙන ඇති ශක්තිමත් ක්‍රියාමාර්ග වේ.  නිසැකවම, අවසර ලැබුනහෝත් අමතර ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්ව සිටිමු.”

පාලක පන්තිය තම පන්ති අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටී. 

මෙම වර්ධනයන්ගෙන් වැදගත් දේශපාලන නිගමනවලට එළඹිය යුතුය.  

ධනේශ්වර දෘෂ්ටිවාදයේ එක් කේන්ද්‍රීය මූලධර්මයක් නම්, ධනේශ්වර ක්‍රමය සහ සියල්ලටමත් වඩා එහි මූල්‍ය යාන්ත්‍රණ ස්වභාවධර්මයෙන් ම ව්‍යුත්පන්න වූවාක් මෙන් සලකා කම්කරු පන්තිය එයට යටත් විය යුතු සහ කීකරු විය යුතු නීති පාදක පද්ධතියක් ය යන්නය.

ඇත්ත වශයෙන්ම, මූල්‍ය ක්‍රමය යනු කිසියම් ස්වභාවික හා ඒ නිසා සදාකාලික යාන්ත්‍රණයක් නොව, පාලක ප්‍රභූවන්ගේ පරස්පර අවශ්‍යතා මතුපිටට පැමිනෙන අර්බුදකාරී කාලයකදී, වෙනස් කළ නොහැකි යැයි කියනු ලබන නීති එක රැයකින් පෙරළා දමන පන්ති සමාජයේ නිෂ්පාදනයකි.

බැංකු, සමපේක්ෂකයින්, කොටස් වෙලඳපොල සහ මූල්‍ය පද්ධතියට මුක්කු ගැසීමට 2008 දී සහ නැවත 2020 මාර්තු මාසයේදී මහ බැංකුව විසින් ගනු ලැබූ හදිසි ක්‍රියාමාර්ග, අද ඊටත් වඩා ගැඹුරු අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කර ඇත. මෙම අර්බුදය, 2008 දී මෙන්, රාජ්‍යය මගින් ඇප ලබා දී ගලවා ගත් පාලක ප්‍රභූන් විසින් ඒවා නැවත ගෙවීමේ බර කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් මත හෙලමින්  වඩා ගැඹුරු ප්‍රහාර ඔවුන් මත පාත් කරනු ඇත.

විෂ සහිත බැංකු හා මූල්‍ය පද්ධතිය විසින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සහ ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල රැකියා, ජීවන තත්වයන් සහ ජීවනෝපාය කෙරෙහි ඇති කරන දැවැන්ත අන්තරායන් පද්ධතියේ යම් ආකාරයක “ප්‍රතිසංස්කරණයක්” හරහා අවසන් කළ නොහැක.  එවැනි කිසිදු ප්‍රතිසංස්කරනයක් නැත. පසුගිය වසර 15 ක අත්දැකීම් ඒ බව සනාථ කරයි.

නමුත්, මූල්‍ය පද්ධතිය සමාජයේ නිෂ්පාදනයක් වන බැවින්, එය සමාජයට වෙනස් කළ හැකිය. එහෙත්, එය කල හැක්⁣කේ වැඩෙන අර්බුදයට කම්කරු පන්තිය දේශපාලනිකව මැදිහත් වී සමාජ ආර්ථික පර්යාය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන්නේ නම් පමණි.

බැංකු හා මූල්‍ය අර්බුදයේ සෑම ගැඹුරු වීමකින්ම, බැංකු හා මූල්‍ය දැවැන්තයන්ගේ පුද්ගලික අයිතිය අවසන් කර ඒවා පොදු අයිතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගෙන ඒම සඳහා වූ සමාජවාදී සමාජ ප්‍රතිසංවිධානය කිරීමක් අනිවාර්ය කෙරී තිබේ.

#CACPS #theSocialistLK #WSWS 

බැංකු බිඳවැටීම් සහ ගෝලීය මූල්‍ය අර්බුදය: පදනම් සහ ඇඟවීම් Read More »

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි.

Image
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාවලට අනුව, ආරම්භක අදියරේ දී, රාජ්‍ය ආයතන 7ක්  හෝ 8ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් වශයෙන්  පෞද්ගලික සමාගම් සතු කිරීමේ කැබිනට් පත්‍රිකාව මාර්තු 27 දින සම්මත කරනු ලැබ ඇත. මේ වනාහී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත 2022 ජුනි මාසයේ ගනු ලැබූ අමාත්‍ය මන්ඩල තීන්දුවකි. (ආයතන 120ක් මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.)

අමාත්‍ය මන්ඩල තීරන පරිදි “2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම හා විකිනීම සදහා පහත සදහන් ආයතන සමග ගිවිසුම්ගත වීම… අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.” 

ඒ අනුව චීන සයිනොපෙක් ෆුවල් ඔයිල් පෞද්ගලික සමාගම (Sinopec), ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම (United Petroleum), එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම (R.M. Parks) යන මේ ව්‍යාපාරවලට සංස්ථාව සතු පිරවුම්හල් 150 බැගින් වසර 20ක පරිහරනය සදහා පවරා දෙනු ඇත.   

පුද්ගලීකරනයට එරෙහි තෙල් කම්කරුවන්ගේ ප්‍රබල විරෝධය වෘත්තීය සමිති විසින් දියකර හරිනු ලැබීමේ වසර ගනනක අද්දැකීම් මේ තීරනාත්මක අවස්ථාවේ කම්කරුවන් වික්ෂිප්තභාවයට ඇද දමා ඇත.

වෘත්තීය සමිති පසු දින, (28) දහවල්, ආන්ඩුවේ තීන්දුවට විරෝධය පෑම සඳහා ඉබාගාතේ කැදවූ වර්ජනයට අවශ්‍ය කම්කරු සහාය ලබාගත නො හැකි විය. එම අවස්ථාවේ දී සමිතිවල හැසිරීම, තෙල් කම්කරුවෝ ආන්ඩුවේ මර්දනකාරි පාලනයේ ගොදුරක් බවට පත් කරනු ලැබීමේ අවස්ථාවක් උදා කලා පමනි. 

බල ශක්ති ඇමති කාන්චන විජේසේකර, කම්කරු විරෝධතා පාලනය කිරීම උදෙසා වෘත්තීය සමිති හාම්පුතුන් සමග ඇති කරගත් ගිවිසුම් කෙල පිඩක් තරමටවත් තැකුවේ නැත. “මම සාමූහික ගිවිසුම කඩනවා” යි, ඔහු ගුගුලේ ය. 

එසේ කරන්නේ “ඒකාබද්ධ ගිවිසුම් තිබෙන විට වැඩ කරන පුද්ගලයින්ටයි, නො කරන පුද්ගලයින්ටයි එක හා සමානව සැලකෙන නිසා”යයි ඔහු කීය. ඒ වෙනුවට කාර්යක්ෂමතාව මත පදනම් වූ වැටුප්, ප්‍රසාද දීමනා හා උසස් වීම් යන කරුනු ඉදිරියේ දී සලකා බැලෙනු ඇත. මේ කියන්නේ දැනටමත් නිදහස් වෙලඳ කලාපවල පවතින සූරා කෑමේ වහල් කොන්දේසි දිවයින පුරා කර්මාන්තවල ක්‍රියාකාරීත්වයේ ආදර්ශය බවට පත් කෙරෙන බව ය.

ඇමතිට අනුව ආයතන කඩා වැටී ඇත්තේ, වෘත්තීය සමිති නිසා  “ආයතනවල විනය පිරිහී ආයතන ප්‍රධානීන්ට ආයතන පාලනය කිරීමට බැරි වී තිබෙන” බැවින් ය. ඒ නිසා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ දී  මානව සම්පත් විනයගත කිරීම පලමු කොන්දේසිය වන බව ඇමති නො වලහා සඳහන් කලේ ය. “රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වෙනකොට අනිවාර්යයෙන් වෘත්තීය සමිති කියා එකක් නැති වෙනවා” යි ඇමති කිහිප වරක් ම තහවුරු කලේ ය.

වෘත්තීය සමිති නායකයන් කෙරේ මහජනතාව  තුල ඇති විරුද්ධත්වය ගසා කෑමට තැත් කරමින් ඇමති  විජේසේකර කරුනු කිහිපයක් ගෙනහැර පෑවේ ය. ඒවා මෙසේ ය: වෘත්තීය සමිති නැති වූ විට සමිති නායකයන්ට පැවැත්මක් නැති වේ, සේවයෙන් නිදහස් වී වැටුප් ලභා ගැනීමේ අයිතිය අහිමි වේ, ස්ථාන මාරු මන්ඩලවල වාඩිවීමේ අයිතිය අවලංගු වේ. 

මේ අතර සමිතිවලට ලබා දුන් වාහන හා ඉන්ධන දීමනා නතර කරන ලදී. වෘත්තීය සමිති නායකයන්ට මෙයින් බොහෝ පාඩු සිදුවන්නේ ය යන සත්‍ය බැලූ බැල්මට පෙනී යන දෙය වුවත්, යථාර්ථයේ දී මෙය සමිති නායකයන් පිලිබඳ කරුනක් නො වන බව අප වටහා ගත යුතු ය. ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැස්වී සාකච්ඡා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් චක්‍රලේඛයක් 2022 ඔක්තෝබර මාසයේ පාලනාධිකාරය විසින් නිකුත් කරන ලදී. 

කම්කරු පන්ති සටන් මගින් අතීතයේ දී දිනා ගත් සියලු වරප්‍රසාද අහිමි කිරීම පුද්ගලීකරනයේ අත්‍යවශ්‍යතාවකි. ඒ තුල කම්කරුවන්ට සිය අයිතීන් වෙනුවෙන් සංවිධානය වීමට හෝ ඒවා සදහා සටන් කිරීමට මොන ම ඉඩක්වත් පෙර පරිදි ලැබෙනු නැත. ඇමති  කියන්නේ ඒවා පාලන අධිකාරයට අයත් වැඩ බව ය. “ඒවා කරන්නට මානව සම්පත් දෙපාර්තමේන්තුවක් හැම ආයතනයකම තියෙනවා” යි ඔහු කියයි. එනම් පාලකයන්ගේ අත්තනෝමතිකත්වය පිලි ගැනීම හැර කිසිදු විරෝධයකට ඉඩක් නැත.

28 රාත්‍රියේ ම ආයතනයේ කටයුතු නිර්බාධිතව පවත්වා ගැනීම, එනම් කම්කරුවන්ගෙන් එල්ල විය හැකි අභියොගය පූර්ව භංග කිරීම සදහා තෙල් පර්යන්තවලට යුද හමුදාව යොදවන ලදී. තෙල් බවුසර් ගමනාගමනයට හා තෙල් පිරවීමේ කටයුතුවලට බාධා පැමිනීම වැලැක්වීමට එම පියවර ගත් බව හමුදා ප්‍රකාශකයා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. කල් ඇතිව සූදානම් ව සිට සිදු කල මේ ක්‍රියාවන්ට එරෙහිව කිසිදු බලපෑම් සහිත දෙයක් කිරීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නො තිබිනි.

Image
තෙල් ටැංකි ප්‍රවාහනය සඳහා මිලිටරිය මැදිහත් වෙයි

උද්ඝොෂනයට සහබාගී වූ වෘත්තීය සමිති නායකයන් ඇතුලු 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවන ලදහ. ඔවුන්ට තෙල් සංස්ථා පරිශ්‍රයන් තහනම් කෙරුනි. ඇමතිගේ ප්‍රකාශයට අනුව උද්ඝෝෂනයට සහභාගී වූ සියලු දෙනාට අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංගනය කිරීම යටතේ නඩු පැවරීමට නියමිත ය. දැන් බලහත්කාරයට හා තර්ජනයට යටත්ව වැඩ කිරීමට කම්කරුවන්ට සිදු වී ඇත. 

මෙසේ සිය ජීවනෝපායන් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සදහා වැඩකරන ජනතාවගේ අරගල  කඩාකප්පල් ක්‍රියා ලෙස නම් කර පහර දෙන ආන්ඩුව සහ සෙසු දක්ෂිනාංශික බලවේග ඉල්ලා සිටින්නේ දේශීය හා ජාත්‍යන්තර ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් දිවි දෙවෙනි කොට වැඩ කිරීම හැර අන් කිසිවක් නො වේ. එයින් පීඩිත ජනයාගේ ජීවත කඩාකප්පල් වීම අදාල වන්නේ වැඩ කරන ජනයාට පමනි. 

මේ අතර ධනපති මාධ්‍ය විශේෂ සාකච්ඡා මෙහයවමින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන්නන්ට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඩුවම්, නිශ්චල හා චංචල දේපොල රාජසන්තක කිරීම හා රැකියා අහිමි වීමට මුහුන දිය යුතු ය යි ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත.

ආන්ඩුව දැන් යෝජනා කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත, වැඩ කරන ජනයා මත සමස්ථ අරබුදයේ බර හෙලන, අයිඑම්එෆ් ආර්ථික පිලිවෙත ක්‍රියාවට දැමීමට එරෙහි සෑම ප්‍රයත්නයක් ම ත්‍රස්ථවාදී ක්‍රියාවක් ලෙස නම් කර මර්දනය කිරීම පිනිස ය.

පසුගිය සිකුරාදා (31) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී මිලිටරි ප්‍රධානියා වශයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය කම්කරු මහජනතාව බැරෑරුම් ලෙස ගත යුතුය. ගිය වසරේ මහජන අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් මිලිටරිය හා පොලීසිය පැසසුමට ලක්කල වික්‍රමසිංහ කියා සිටියේ ‘ත්‍රස්තවාදය’ සාර්ථක ලෙස අවසන් කල අයුරින්ම ආර්ථික යුද්ධයද ජයගන්නා බවත්, “මම ජනාධිපති ලෙස ඉන්කනම් නීතිය සාමය කඩන්න මම ආපහු ඉඩ දෙන්නෙ නෑ” ලෙස ය. මේ ‘නීතිය’ නම් අන් කිසිවක් නොව IMF හි කප්පාදු නියෝගයි. 

අමතර බල ඇනියක් ද පෙරමුනට කැදවනු ලබමින් සිටී. කම්කරුවන් ඉහල වැටුප් ලබන බවත්, අවංකව වැඩ නොකර රටේ ආර්ථිකය බිද දමනා බවත් වැනි අවලාදවලින් අවුස්සා, අවස්ථාවාදී මධ්‍යම පන්තික හා පසුගාමී සමාජ බලවේග වැඩකරන ජනයාට එරෙහි ලේ වැකි ව්‍යාපාරයක් ලෙස මෙහයවා ගැනීම සදහා ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද යොදාගෙන ඇත. බෞද්ධ භික්ෂූන්, දේශපාලනඥයන් ඇතුලු ප්‍රතිගාමී කන්ඩායම් ගනනාවක් මෙම දක්ෂිනාංශික පෙරමුනේ වැඩ කරති.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනවක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ අනතුරු ඇගවූයේ ය. “ මතක තියාගන්ඩ ඉතා බලගතු ආන්ඩුවක් පලවා හැරපු ජනතාවක් මේ රටේ ඉන්නෙ. ඒ ජනතාව වෘත්තීය සමිති ගැනත් ඒ ආකාරයෙන් ම ක්‍රියා කරන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ අයිඑම්එෆ් එක පෙන්නා හෝ බඩු මිල නවත්තන්න බැහැ කියා කටයුතු කරන්න බැහැ වගේ ම, සේවා නවත්වන්න, ඒවා අඩාල කරනවා කියන තර්ජනයෙන් වෘත්තීය සමිතිවලටත් මේ රට කරන්න බෑ.” 

රනවක මෙවැනි කන්ඩායම් අතර එක් අයෙක් පමනි. මොහු 2017 මැයි දිනයේ දී මෙසේ කියයි. “වැඩ වර්ජනවලින් පතුලටම එරී සිටින කොලඹ වරාය නැවත මුල් තැනට ගේන්න අපට අවශ්‍යයි. කොලඹ නගරයේ රත්තන්ට වැඩ වර්ජන බෑ.”

1988-89 ජවිපෙ ඝාතන ව්‍යාපාරයේ සිට “ජනතා මිතුරෝ” නම් වර්ගවාදී සංවිධානය ගොඩ නගා, 1988 දී ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය, 2014 ජාතික හෙල උරුමය යන කුප්‍රකට ප්‍රතිගාමී සංවිධාන ගොඩ නගා වර්ගවාදය හා කම්කරු විරෝධය උසි ගැන් වූ, පසුගිය දසක දෙක තුල, මෙරට සිදු වූ  දෙමල හා මුස්ලිම් විරෝධී ජන ඝාතනවලට වග කිව යුතු හා ෆැසිස්ට් ව්‍යාපාරයකට අවශ්‍ය මොහොතක යොදා ගත හැකි අවස්ථාවාදියෙකි, රනවක. 2001 සැප්තැම්බර් 5දා ශ්‍රී ලංකා ෆස්ට් සාම උද්ඝෝෂනයට කඩා වැදී, ඊට සහභාගී වූ අයට පහර දී විසුරුවා හැරීමට මැර කල්ලියක් කොලඹ නගරය පුරා මෙහයවීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මැරකම් සම්බන්ධ වාර්තාවක් ඔහු සතු ය.      

මෙවන් අභියෝග නො තකා තෙල් කම්කරුවන් ඇතුලු සමස්ථ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට අඩියක්වත් එසවිය හැකි නො වේ.  

(මෙම ලිපියේ දෙවන කොටසින් වෘත්තිය සමිතිවල පදනම් හා ක්‍රියාකලාපය ගැන ලියවේ)

#CACPS #theSocialistLK 

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස Read More »

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ගැසට් කර ඉදිරිපත් කර ඇති නව ‘ත්‍රස්ත වරෝධී’ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපති සංජය ජයසේකර සිරිස ටීවී හි “ජාතික මෙහෙවර” වැඩසටහනේ දී 2023 මාර්තු 31 ඉදිරිපත් කල අදහස් වල සම්පූර්න වීඩියෝ පටය මෙහි පලවේ. 

ජයසේකර එහිදී කෙටුම්පතේ විධිවිධාන වල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පැහැදිලි කර යි. එය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු සති දෙකක් තුල නීතිමය වශයෙන් යමෙකුට එය අභියෝග කල හැකිය. 

යෝජිත නීතියේ දේශපාලන අර්ථය විභාග කරමින් මෙවැනි මර්දක නීති වල ජාත්‍යන්තර සංදර්භය හා එයට ලංකාවේ පන්ති අරගලයට ඇති සම්බන්ධය පැහැදිලි කලේය. 

වික්‍රමසිංහගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු මහජනතාවට තමන්ගේම වැඩපිලිවෙලක් ඇති බවත් තමන් දේශපාලනිකව අස්වාමිකව නැති බවත් ඔහු පැහැදිලි කලේය. 

සම්පූර්න කතාව අසන්න. https://youtu.be/b2yMiCkQiyM 

#CACPS #theSocialistLK #RepealPTA

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු! Read More »

Scroll to Top