politics

IMG 20230428 WA0021

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

නන්දන නන්නෙත්ති විසිනි

Image

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රකීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්,ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක්, යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සදහා වටිනා මොඩලයකි යි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය සමාජවදය පිලිබද ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැනගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිලිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් අසයි. “ඔබ මෙහි පැමිනි කාලයේ ම ප්‍රතිකාර ගනීමට පැමිනි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටී ද?”

“එක්කෙනෙක්වත් නැහැ” අමරතුගගේ පිලිතුරයි. 

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා.” අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.  

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් “පොඩ්ඩක් ඉන්න සහෝදරයා” කියා පෙත්ත දිව යට තබාගෙන ටික වෙලාවක් මදවේගී වීම හැර බාධාවක් ඔහුට නො වී ය.

මෙම ක්ෂ්මා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු  17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යනය ද ආරම්භ කලේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරනීය බිරිද දයා සහෝදරිය සමග එක්ව පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය.

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගත් බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඔසවන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහෙයවීම යටතේ ය. පීඩිත කම්කරුවන්ගේ ජීවිතය උරා බී වැඩුනු කර්මාන්තය සදහා මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට ඛනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවක පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිසට් පක්ෂය (කොප) සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කලේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුංග සහෝදරයාගේ රැකියාව අහිමි කලහ. සමිති නායකයෝ හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රනකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ  උපකරනයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිනිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිනිලි කිරීම මගින් නීතිමය රැකවරන සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කලහ.   

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමින කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුනි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුන ගැසේ. සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කල ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි. 

මෙම කම්කරුවා බදවා ගැනීමේ සාකචඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යව්වන සාමාජිකයෙකුව සිටි මෙම ලිපියේ ලේඛකයාට ද අවස්ථාව ලැබුනේ ය යන්න ඉමහත් සන්තුෂ්ඨියකි. එතැන් සිට අමරතුංග, දැන් සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රනකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරනු ලබන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් සටන් වැදුනේ ය. 

අමරතුංග පක්ෂයට බැදීම ජාත්‍යතර කම්කරු පන්තිය තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රෙටන්වුඩ් සම්මුතිය බිද දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කලේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්ම්මුති විරහි ප්‍රහාරයක් දියත් කලේ ය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනංශික ආන්ඩු සම්පූර්න යටත් වීම කම්කරු පන්තයෙන් ලබා ගැනීමට වැඩ ආරම්භ කලේ ය.  අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය පිලිගනිමින් ඒ වෙනුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා  ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා, සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රනයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව සටනක් කොට ගොඩ නැගූ  සමාජවාදී සමානතා පක්ෂය (එකල විකොස) තුල වැඩී ඇති, මුලධර්ම විරෝධී, අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ලදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමටම මේ කම්කරුවාට ගරු කලේ ය, ආදරය කලේ ය, අවංක නායකයෙකු ලෙස පිලිගත්තේ ය. 

එහෙත් අමරතුංග ඉතා ලෙංගතුව ආරාධනය ප්‍රතික්ෂේප කලේ ය. එම විවෘත කිරිමට පාලක පක්ෂයේ අතුකොරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කලේ. ධනපති නියෝජතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවිදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු  ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් ඹධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින ගමන් මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල යුඑන්පී ආන්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඩ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය. 

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කල දිනවලම මෙහි  සදහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින ගමන්, සිය බිරිදගේ ලදරු පාසැලේ විවිධප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති, අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුනේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කලේ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ. 

විප්ලවවාදී පක්ෂය තුල මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂය ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිනි. පක්ෂය පවතින මෙබදු ප්‍රවනතා හදුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය. 

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජවිපෙ ඝාතකයන් විසින් බිලි ගනු ලැබුනහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මෙම ලියුමකරුගේ නිවස ද වට කල හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිනි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙලිදරව් කරමින් කම්කරු පන්ති පිලිවෙත පැහැදිලි කල ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සදහා අම්බලන්ගොඩට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලෙයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරනීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බදවා ගැනීමට හා, එසේ නො හැකි නම්, පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කල කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බදවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුනයා මරනයට කැප ව සිටි මෙම ලිපිකරුගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කලේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බියපත්ව සැග වී සිටිය නො හැකි ය. 

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසැලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්චා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරනීය බිරිද හා දරුවන් සැලකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැදෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීරන ගෙන තමන් නො රුස්නා දෙයට මුහුන දීමේ තත්වයක පසු වූ බව කියවේ. පක්ෂය තුල අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට නයගැති ය යි ඔහුගේ බිරිඳ දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් ප්‍රකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිශ්ඨානවත් විය. 

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිලිබද ලකුනකි. 80 වියැති නමුත් තවමත් තරුන සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කරන කලාත්මක භාන්ඩ නිර්මානය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි. 

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබදු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර  ගනී. ඔවුන්ට මිලියන ගනන්වලට නායකත්වය දිය හැකි ය. 

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලු 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මෙම ලිපිකරුට එය හොදටම දැනේ. සංජය ජයසේකර සහෝදරයා සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරනය අමරතුංග මහත් සේ කම්පාවට පත් කලේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කලේ පක්ෂය තුල රැදී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. මලලගමගේ මෙම කුමන්ත්‍රනය ප්‍රධාන ලෙකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌‌එතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැලද ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

#theSocialistLK 

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක් Read More »

a4b9d33ccabbfd5359e5f41840ee8eded0430bfd

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 10 දින ‘In China, Macron criticizes US policy on Taiwan, demands European “war economy”’ ශීර්ෂයෙන් යුතුව පලකෙරුනු ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

Image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් 2023 අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා බීජිං හි පැවති ප්‍රංශ-චීන ව්‍යාපාරික කවුන්සිල රැස්වීමකට සහභාගී වෙමින්. [AP Photo/Ludovic Marin/Pool via AP]

මෙම සති අන්තයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කිරීම සඳහා චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අවසන් කළේය.  අතිමහත් මහජන විරෝධය හමුවේ ගැඹුරු විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් පැනවීමෙන් පසු ප‍්‍රන්සය පුරා වැඩ වර්ජන හා විරෝධතාවලින් කම්කරු පන්තියේ විරෝධය පුපුරා යද්දී පවා, මැක්‍රොන් යුරෝපීය “යුද ආර්ථිකයක්” ගොඩනැගීම සඳහා මිලිටරි වියදම්වල නව දැවැන්ත වැඩිවීමක් ඉල්ලා සිටියේය.

මැක්‍රොන්ගේ චීන සංචාරය දිග හැරුනේ යුක්‍රේනයේ රුසියාව සමග නේටෝ යුද්ධයේ සෙවණැල්ල යටතේ සහ තායිවානය සම්බන්ධයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජන තීව්‍ර කරමිනි.  සාකච්ඡාවේ පළමු දිනයේදී ඔහු යුක්රේනය සම්බන්ධයෙන් “රුසියාව සාධාරණ ප්‍රතිපත්තියකට ගෙන ඒමට” ෂගේ උදව් ඉල්ලා සිටියේය. “යුක්රේන අර්බුදය තවදුරටත් පිරිහීමට තුඩු දෙන ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා තාර්කිකත්වය සහ සංයමය පවත්වා ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීමට ප්‍රංශය සමඟ වැඩ කිරීමට” ප්‍රතිඥා දෙමින්  ෂී ප්‍රතිචාර දැක්වූ බව චීන පීපල්ස් ඩේලි වාර්තා කළේය.

මැක්‍රොන්ගේ සංචාරය, වොෂින්ටනය සමග වැඩෙන ආතතීන් මධ්‍යයේ චීනය සමග ප්‍රංශ ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ ප්‍රංශ හා යුරෝපීය මිලිටරි හමුදා ශක්තිමත් කිරීමට සාකච්ඡා කරා හැරුනි.  මැක්‍රොන් සමඟ ඔහුගේ සංචාරයට බලශක්ති ඒකාධිකාරී Electricité de France, Airbus සහ Safran යන අභ්‍යවකාශ සමාගම්, දුම්රිය නිෂ්පාදක Alstom, LVMH සහ L’Oréal සහ සංචාරක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ දැවැන්ත නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.  ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාපකයෙකු වන ජීන්-මයිකල් ජැරේ සහ ඔහුගේ බිරිඳ, චීන චිත්‍රපට තරුවක් වන Gong Li ද ප්‍රංශ නියෝජිත කණ්ඩායමේ කොටසක් විය.

වොෂින්ටනය “එක් චීනයක්” ප්‍රතිපත්තිය අවසන් කිරීමට සහ බීජිං-තායිවාන යුද්ධයක් අවුලුවාලීමට කොන්දේසි නිර්මානය කරන තායිවානය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමේ එක්සත් ජනපද පිලිවෙත මැක්‍රොන් විවේචනය කෆළ්ය. චීන ප්‍රකාශයකට අනුව, මැක්‍රොන් තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන්ගේ එක්සත් ජනපද සංචාරය “කණගාටුදායක” ලෙස හැඳින්වූ අතර “එක් චීනයක්” ප්‍රතිපත්තියට ඔහුගේ සහාය නිල වශයෙන් ප්‍රකාශ කළේය.  මැක්‍රොන් 11 අඟහරුවාදා පැරිසිය වෙත ආපසු පැමිනි විට මූල්‍ය සඟරාවක් වන Les Echos සමඟ සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවකදී මෙම කාරනය සම්බන්ධව නැවත කතා කළේය.

මැක්‍රොන් මෙසේ පැවසුවේය: “යුරෝපීයයන් වන අපෙන් අසන ප්‍රශ්නය නම්: තායිවානය සම්බන්ධයෙන් වඩා වේගවත් වන වර්ධනයන් ගැන අපට උනන්දුවක් තිබේද?  නැත. නරකම දෙය නම් යුරෝපීයයන් වන අප එක්සත් ජනපද රිද්මයට සහ චීනයේ ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දැක්වීම් වලට අනුගත වෙමින් මෙම ප්‍රශ්නය දෙස අන්ධ ලෙස බලා සිටිය යුතු යැයි සිතීමයි.  අන් අය අප වෙනුවෙන් තෝරාගෙන ඇති රිද්මයක් අප අනුගමනය කළ යුත්තේ ඇයි?  යම් අවස්ථාවක දී, අපි අපේම ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතුය.  අපි සැබෑ යුරෝපීය ආරක්ෂක (strategic) ස්වාධිපත්‍යයක මූලද්‍රව්‍ය සම්පාදනය කරමින් සිටින බැවින්, හදිසියේ යම් ආකාරයක භීතිකාවකින් මෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන් ගත්තොත් එය පරස්පර විරෝධී වනු ඇත.”

මැක්‍රොන් ප්‍රන්සය සහ ප්‍රධාන යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදී බලවතුන්ට වොෂින්ටනය සමග වැඩෙන ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමට කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මගින් මූල්‍ය සම්පාදනය කරන ලද දැවැන්ත මිලිටරි තරකිරීමක් වෙනුවෙන් තර්ක කලේය.  ඔහු මෙසේ කීවේය: “බොහෝ කාලයක් තිස්සේ යුරෝපය මා සටන් කරමින් සිටින මෙම ආරක්ෂක ස්වයං පාලනයක් ගොඩනඟා ගත්තේ නැත.  අද මතවාදී සටන දිනා ඇත, ව්‍යුහය සකස්කර තිබේ. [කෙසේනමුත්]  එය අනිවාර්යයෙන්ම වියදමකින් පැමිණේ.… අපි කප්පාදු ක්‍රියාත්මක. කළා, ඒවා දරුණුයි, අපි ප්‍රතිඵල දකින්න පටන් ගනිමින් සිටිනවා, නමුත් ඒ සමඟම, අපි පසුගිය වසර 20 තුළ නොකළ දේ වෙනුවෙන් අපි ගෙවමින් සිටිනවා.”

“ඉතිහාසය අතිධාවනාකාරීව ගමන් කරන විට, අපි සමාන්තරව යුරෝපීය යුද ආර්ථිකය වේගවත් කළ යුතුය.  අපි ප්‍රමාණවත් තරම් වේගයෙන් [ආයුධ] නිපදවන්නේ නැත,” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඇමරිකානුවන් මත අඩුවෙන් යැපීමේ යතුර වන්නේ අපගේ ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ [යුරෝපයේ ආයුධ නිෂ්පාදනය පිළිබඳ] පොදු ප්‍රමිතීන්ට එකඟ වීමයි”.

යුරෝපා සංගමයේ මිලිටරි තරකිරීම සම්පූර්ණ වීමට පෙර, වොෂින්ටනය ඉතා ඉක්මනින් චීනය සමග සම්පූර්‍ණ යුද්ධයක් අවුලුවන්නේ නම්, යුරෝපා සංගම් රාජ්‍යයන් “ආවතේව කරුවන්” බවට පත්විය හැකි බවට මැක්‍රොන් කනස්සල්ලට පත් විය.  ඔහු මෙසේ පැවසීය: “[එක්සත් ජනපද-චීන] ද්වි-අධිකාරය පිපිරීමේ වේගවත් වීමක් වේ නම්, අපට අපගේ ආරක්ෂක ස්වාධිපත්‍යය සඳහා මුදල් සැපයීමට කාලය හෝ මාධ්‍යයන් නොමැතිවනු ඇති අතර, එය ගොඩනඟා ගැනීමට වසර කිහිපයක් ලැබුනොත් අප  තුන්වන ධ්‍රැවය විය හැකි වුවද, එසේ නොවුවහොත් අප ආවතේව කරුවන්  බවට පත්වනු ඇත.”

මැක්‍රොන් එක්සත් ජනපද ඩොලරය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද පෙන්වා දුන්නේය.  සිලිකන් වැලි බැංකුව ඇපදී ගලවා ගැනීමෙන් පසුව සහ ඉරානය සහ එහි ක්‍රියාත්මක යුරෝපීය සමාගම් ඉලක්ක කර සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාරය ඩොලරය භාවිතා කිරීමෙන් පසුව වැඩෙන ප්‍රශ්න වලට ඩොලරය මුහුන දී සිටී. රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් රටවල් චීනය සමඟ වෙනත් මුදල් ඒකකවලින් තම වෙළඳාම සිදු කිරීමට පියවර ගන්නා අතර මැක්‍රොන් පැවසුවේ, “මට එක කරුණක් අවධාරනය කිරීමට අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි: අප එක්සත් ජනපද ඩොලරයේ දේශභූමි සීමා අභිබවා යෑම මත රඳා නොසිටිය යුතුය,” යනුවෙනි.

මැක්‍රොන්ගේ “ස්වාධීනත්වයට” ප්‍රශංසා කරන ප්‍රංශ පුවත්පත්වල ලිපි පළ කරමින්, ප්‍රංශ ප්‍රතිපත්තියේ නවතම හැරීම සඳහා බීජිං පාලන තන්ත්‍රයේ සහාය පිළිඹඳව චීන විචාරකයෝ සංඥා කළහ.  චීන රජයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත “මැක්‍රොන්ගේ චීන සංචාරය ආරක්ෂක ස්වාධිපත්‍යයේ වටිනාකම මූර්තිමත් කරයි” යන මාතෘකාවෙන් යුත් කතුවැකියක් නිකුත් කරමින්, වොෂින්ටනයේ බලපෑම තුලනය කරන චීන-යුරෝපීය සන්ධානයකට මාවතක් විවර කිරීම ගැන මැක්‍රොන්ට ප්‍රශංසා කළේය.

ග්ලෝබල් ටයිම්ස් මෙසේ ලිවීය: “වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනය තුළ ප්‍රංශය විසින් පෙන්නුම් කරන ලද උපායමාර්ගික ස්වයං පාලනය සහ ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික උද්‍රෝගය චීන ජනතාව සැමවිටම අගය කර ඇත.  එවකට හිටපු ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් ප්‍රංශයේ ජාතික ස්වෛරීභාවය සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.… වොෂින්ටනයේ ආරක්ෂක ආවතේවකරුවෙකු වීම මාරාන්තික අවසානයක් බව කාටත් පැහැදිලිය.  චීන-ප්‍රංශ සබඳතාව චීන-යුරෝපීය සහයෝගීතාවය සඳහා පාලමක් බවට පත් කිරීම දෙපාර්ශවයට මෙන්ම ලෝකයට ප්‍රයෝජනවත් වේ.”

වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සඳහා රුසියාව හා චීනය සමඟ යුද්ධ ඇවිලවීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරන අතරම, පැරිසියෙන් සහ බීජිං වෙතින් ඔවුන්ගේ ජාතික අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා “බහු ධ්‍රැව” ධනේශ්වර පර්යායක් සඳහා ගෙන එන යෝජනා ද ස්ථිරවම ප්‍රතිගාමී ය.  ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයේ [එක්සත් ජනපදයේ] ප්‍රතිපත්තිය පමනක් නොව, 20 වැනි සියවසේ ලෝක යුද්ධවලට පෙර මෙන්, සමස්ත ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියම, මුලු මුනින්ම බංකොලොත් ය.

ප්‍රංශයේ මැක්‍රොන්ගේ ප්‍රතිපත්තියෙන් මෙය වඩාත් පැහැදිලිව මතු වේ.  අතිමහත් මහජන විරෝධයක් නොතකා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව විශ‍්‍රාම වැටුප් සඳහා ගැඹුරු කප්පාදුවක් පනවමින්, දැවැන්ත මිලිටරි ගොඩනැංවීමකට මුදල් සැපයීම සඳහා ඔහු ජනතාවට එරෙහිව පාලනය කරයි.  ඇත්ත වශයෙන්ම, චීනයේ සිටියදී, මැක්‍රොන් ඔහුගේ කප්පාදුවලට විරුද්ධ වන ප්‍රංශ ජනතාවගෙන් බහුතරයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින්, ඔහුගේ පාලන තන්ත්‍රය “ප්‍රජාතන්ත්‍රවාදී” බව අවධාරනය කර පසුව,  “මිනිසුන්ට විශ්‍රාම යන වයස අවුරුදු 60 ට අවශ්‍ය නම්, ඔවුන් මට ඡන්දය නොදිය යුතුව තිබුණි” යනුවෙන් අතුල් පහරක් ගැසුවේ ය.

පැරිස් සහ බීජිනය විසින් උත්කර්ෂයට නංවන “ජාතික ස්වාධිපත්‍යය” වැඩකරන ජනතාවගේ නිදහස හා සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව නොව, ඒ වෙනුවට ධනේශ්වර පන්තීන්ට තම ලාභ අවශ්‍යතා සඳහා යුද්ධ කිරීමට ඇති නිදහසයි.

ප්‍රංශය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් පැහැදිලි වේ.  එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයෙන් වොෂින්ටනය සහ පැරිස් අතර නැගී එන ගැටුම් සහ ඇල්ජීරියානු නිදහසට එරෙහි ප්‍රංශයේ යුද්ධයේදී ඩි ගෝල් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රංශ දක්ෂිනාංශයේ ප්‍රතිවාදී කන්ඩායම්වලට සීඅයිඒ උදව් කර ඇති බවට ප්‍රංශයේ සැකය මධ්‍යයේ 1965 දී ඩි ගෝල් නේටෝවෙන් ඉවත් විය [නැවත ප්‍රංශය නේටෝවට සම්බන්ධ වීම 2004-2009 කාලය තුලදී සම්පූර්ණ කෙරිණි]. 1964 දී මහජන චීන සමූහාණ්ඩුව පිළිගත් පළමු නේටෝ රට බවට ප්‍රංශය පත් වූයේ මෙම ගැටුම් වර්ධනය වීමත් සමඟ ය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් විසුරුවා හැරීමත් සමඟ නේටෝ කඳවුරට පොදු සතුරෙකු අහිමි කිරීමෙන් පසු එක්සත් ජනපද – ප්‍රංශ ආතතීන් තියුණු විණි.  මෙම ආතතීන්ගේ ද්‍රව්‍යමය මූලාශ්‍රය වූයේ ලෝක ආර්ථිකයෙන් ලාභ බෙදා ගැනීම පිලිබඳ අරගලයයි.  2003 දී වොෂින්ටනය තෙල්වලින් පොහොසත් ඉරාකයට නීති විරෝධී ආක්‍රමණය දියත් කිරීමත් සමඟ ඇතිවූ එක්සත් ජනපද-ප්‍රංශ ආතතීන්ට අමතරව, ප්‍රංශ අධිරාජ්‍යවාදය පශ්චාත්-සෝවියට් යුගයේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සියලුම ප්‍රධාන යුද්ධවලට සම්බන්ධ වී ඇත – ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය වෙත හමුදා යැවීම, ලිබියාව, සිරියාව තුල සහ ඉන් ඔබ්බට.

බීජිං සහ වොෂින්ටනය යන දෙකටම ප්‍රතිවාදී “තුන්වන ධ්‍රැවයක්” ලෙස යුරෝපය ගොඩනැගීම සඳහා කම්කරුවන්ගේ කරමතින් මූල්‍යකරණය කරන ලද “යුද ආර්ථිකයක්” සඳහා මැක්‍රොන්ගේ ප්‍රතිගාමී කැඳවීම්වලට යටින් පවතින්නේ වොෂින්ටනය සමඟ ඇති ප්‍රංශ අධිරාජ්‍යවාදී එදිරිවාදිකමයි.

රට තුල පුපුරන සුලු අර්බුදයක් මධ්‍යයේ මැක්‍රොන්ගේ ගමනට දේශීය මෙන්ම ගෝලීය මානයක් තිබුණි.  ඔහු වෘත්තීය සමිති නිලධරයන්ගේ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සේවය වර්ජනය අවසන් කිරීමට හා අවසානයේ කප්පාදුව පිලිගැනීමට කම්කරුවන්ට බලපෑම් කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.  ඩි ගෝල් සහ ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ඔහුගේ සන්ධානය අගයන වෘත්තීය සමිති නිලධරය අතර සිටින ස්වෝත්තමවාදීන්ට ආයාචනා කරමින් ප්‍රංශ ජාතික ස්වයං පාලනය පිලිබඳ කරන වාචාල කතා, නිලධරයන් තුල ඔහුගේ සහයෝගය ඉහල නංවනු ඇතැයි මැක්‍රොන් නිසැකව ම බලාපොරොත්තු වේ.

සැලකිය යුතු ලෙසම, මැක්‍රොන්ගේ චීන සංචාරය සිදුවන්නේ ව්‍යාජ වාම ‘යටත් නොවන ප්‍රංශ පක්ෂයේ [Unsubmissive France party]’ නායක ජීන්-ලූක් මෙලන්කොන් [Jean-Luc Mélenchon] පසුගිය සරත් සමයේ එක්සත් ජනපද තායිවාන ප්‍රතිපත්තිය නැවත නැවතත් විවේචනය කර “එක් චීනයක්” ප්‍රතිපත්තියට සහාය දීමෙන් පසුවය.

කම්කරුවන් යුද්ධයට එරෙහි අරගලය මැක්‍රොන්ට සහ බීජිං හි චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රයට පැවරීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වනු ඇත.  මැක්‍රොන්, කම්කරු පන්තියේ මහා වැඩවර්ජනයක් මගින් පන්නා දැමිය යුතු, ප්‍රන්සයේ තවත් ඒකාධිපති පාලනයකට නායකත්වය දෙයිඔහුගේ බීජිං සංචාරය අවධාරනය කරන්නේ එවන් අරගලයක් සඳහා ඇමරිකාව, යුරෝපය, චීනය සහ ඉන් ඔබ්බට අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වන බවයි. [අවධාරනය පරිවර්තකගෙනි]

#theSocialistLK #WSWS 

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි Read More »

5073579a40db16e644590c7054d4d76b3ba0df5f

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව 

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි

Image
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ 2023 මාර්තු 13 වන දින සැන් ඩියාගෝ හි පොයින්ට් ලෝමා නාවික කඳවුරේදී.  [AP ඡායාරූපය/Evan Vucci]

ජෝ බයිඩන් තන්ත්‍රය හා නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගෙන ගෙනයන ප්‍රකෝපකාරී යුද්ධයේ ගැඹුරු ඇඟවුම් පසුගිය වාර්තාවල අප සලකා බැලීමු. මෙම යුද්ධයේදී රුසියාවේ මිලිටරි ශක්තිය ක්ෂීන වීම හා යුක්‍රේනයේ මිලිටරි ‘ජයග්‍රහන’ පිලිබඳ වාර්තා බුරුතු පිටින් බටහිර මාධ්‍ය පල කරනු ලැබිනි.  එහෙත් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ මහජනයාට හෙලිදරව් කරනු ලැබූ පෙන්ටගනයේ විඛේතනය කරන ලද රහස් මිලිටරි ලේකන දුසිම් ගනනාවකින් හෙලිදරව් කරනු ලැබ ඇත්තේ සමස්ථ යුද ප්‍රචාරනයම මහජනයා නොමඟ යැවීම අරමුනු කරගත් බොරු බවයි.  

මේ අතර, තායිවානයේ ජනාධිපතිනය එක්සත් ජනපදයේ සංචාරයෙන් ප්‍රකෝපකරනය කරනු ලැබූ චීනය මිලිටරි අභ්‍යාස උත්සන්න කන විට  චීනයේ සංචාරය කල ප්‍රංස ජනාධිපති මැක්‍රොන් තායිවානය සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්ති විවේචනය කලේ ය. ඔස්ට්‍රේලියා, එක්සත් ජනපද හා ඇමරිකානු AUKUS මිලිරි සබ්මැරීන ගිවිසුම චීනය සමග යුද්ධයකට සූදානම් වීමට බව ඇමරිකානු නාවික ලේකම් පිලිගන්නා අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක ලේකම් නවසීලන්තයබලා ගියේ චීනයට එරෙහි සංධානය ශක්තිමත් කිරීමට යි. ඇමරිකානු මන්ත්‍රී මන්ඩලයේ කතානායක කෙවින් මැකාති තායිවානයට කරනු ලබන යුධඋපකරන වෙලඳාම වේගවත් කරන ලෙස අවධාරනය කලේය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේනතු වාර්තාවක් යුද්ධය සඳහා වියඳම් වැඩි කිරීමට නිර්දේශ කලේය. 

ලෝක යුද තත්වය කෙරෙහි තවත් වැදගත් වර්ධනයක් වූයේ පින්ලන්තයේ නව පාලනය යටතේ රුසියානු දේශ සීමාවෙන් විශාල කලාපයක් නේටෝ හමුදාවේ අධීක්ෂනයට නතු කරමින් පින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. තුර්කිය මෙයට සහාය පලකර තිබේ. 

යුක්රේන යුද්ධයෙන් දැනටමත් සිය දහස් ගණන් ජනයා ජීවිතක්ෂයට පත්ව සිටියද, එක්සත් ජනපදය, සමස්ත යුරෝපයට සහ සමස්ත මානව වර්ගයාටම ව්‍යසනයක තර්ජනය කරමින්, ගැටුම දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට නැඹුරු වී ඇත.  මේ යුද්ධය නැවැත්විය යුතුයි.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

මෙම දේශපාලන වාර්ථාව  ද වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී. මෙම වාර්තාව පසුගිය දේ්ශපාලන වාර්තා සමඟ සැබැඳෙන අතර මේ දක්වා වූ ප්‍රධාන වර්ධනයන් සලකනු ලැබ ඇත. 

පෙන්ටගන් යුධ ලේඛන හෙලිදරව් කරන්නේ කුමක් ද ?

යුක්‍රේන හමුදාව කුලී හේවා ප්‍රොක්සි බලකායක් ලෙස සේවය කරන යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය එක්සත් ජනපදය හා නේටෝව බව කාන්දු වූ ලේඛන පැහැදිලි කරයි.  නේටෝව යුක්රේනයට හමුදා භටයින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඒවා පෙන්වා දෙන අතර නේටෝව විසින් යුක්රේන හමුදාවට අරමුදල්, ආයුධ, දුම්රිය සහ සෘජුවම අණ දෙන මට්ටම පෙන්නුම් කරයි.

යුක්‍රේන දේශපාලන පද්ධතිය පැහැරගෙන සිය දහස් ගනනක් රුසියානු සහ යුක්‍රේන ජීවිත හානි වලට තුඩු දුන් විනාශකාරී යුද්ධයක් සඳහා එහි ජනගහනය තුවක්කු උන්ඩ බවට පත් කිරීමට ඩොලර් බිලියන ගනන් වියදම් කර ඇති නේටෝව යුද්ධයේ නිර්මාපකයා බව ලේඛන සනාථ කරයි.

නේටෝව යුද්ධයට සම්බන්ධ නැත යන බයිඩන් පරිපාලනයේ බොරුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇති එක්සත් ජනපද මාධ්‍ය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හස්තය මිස අන් කිසිවක් නොවන බව ලේඛන හෙලිදරව් කර ඇත.

2022 මැයි මාසයේදී ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකිගෙන් යුක්රේනයේ යුද්ධය “නේටෝ ප්‍රොක්සි යුද්ධයක්”දැයි විමසන ලදී.  සාකි පිළිතුරු දෙමින්, “මේ ගැන රුසියානු තර්කය එය බව මම දනිමි, නමුත් එය ප්‍රොක්සි යුද්ධයක් නොවේ… මෙය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයකි.  නේටෝව සම්බන්ධ නැහැ.”

කාන්දු වී තිබෙන ලේකන පහත කරුනු හෙලිදරව් කරන්නේ මෙම තොරතුරු කිසිවක් ඇමරිකාන ආන්ඩුව හෝ නිවයෝක් ටයිම්ස් ප්‍රමුඛඛ මාධ්‍ය හෙලිදරව් කර හෝ පිලිගෙන නැති තත්වයක් යටතේ ය:

  • නේටෝ විශේෂ මෙහෙයුම් භටයන් 97ක් දැනට යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 71 ක් ඇතුළුව එක්සත් ජන.පද භටයින් 100 ක් යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදාව යුක්‍රේන හමුදා පුහුණුව, යුරෝපයේ නේටෝ යෙදවීම් සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද හමුදා යෙදවීම් අන්තර් ක්‍රියාකාරී ලෙස දකින අතර, ඒ සියල්ල තනි පිටුවක වාර්තා කරයි.
  •  එක්සත් ජනපදය විසින් ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේන භූමියෙන් කපා දැමීමේ අරමුණින් සැලසුම් කරන ලද ප්‍රහාරක මෙහෙයුමක් සඳහා සවිස්තරාත්මක සිතියම් සකස් කර ඇති අතර, මැයි මස මැද භාගයේ ආරම්භ වන ප්‍රහාරය සඳහා “හිතකර” කොන්දේසි ඇත.
  • එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස සටනට ඇද දැමීමට නියමිත හමුදාවන්ගෙන් හතරෙන් තුනක් පුහුණු කිරීම, අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සිදු කරයි.  එක් ලේඛනයක් ප්‍රකාශ කරන්නේ “වසන්තයේ ප්‍රතිප්‍රහාර සඳහා විශ්වාස කළ හැකි යුධ [බ්‍රිගේඩ] 12ක් උත්පාදනය කළ හැකි බවයි: යුක්රේනය විසින් ජාත්‍යන්තර වශයෙන් 3ක්, සහ එක්සත් ජනපදය, ‘මිත්‍ර පාක්ෂික සහ හවුල්කාර’ කඳවුර විසින් පුහුණුකරනු ලැබූ  සහ සන්නද්ධකරනු ලැබූ 9ක්”.

පෙබරවාරි 2දා, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “යුක්රේනයේ මියගිය සහ තුවාල ලැබූ රුසියානු හමුදා සංඛ්‍යාව 200,000 ට ආසන්න වෙමින් පවතී”යනුවෙනි.  ඊට වෙනස්ව, අභ්‍යන්තර ලේඛන පෙන්වා දුන්නේ සටනේ දී මියගිය රුසියානු සොල්දාදුවන් ගණන 35,000 ත් 43,000 ත් අතර සංඛ්‍යාවකි

යුක්‍රේනය නේටෝ සන්ධානයට ගෙන ඒමේ උත්සාහයන් යුක්‍රේන ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක සමග රුසියාවෙන් මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලන බව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව ලේඛන පෙන්නුම් කරයි.

ලේඛනවල අනෙකුත් කොටස්, ලොව පුරා සිටින එහි “මිතුරන් සහ හවුල්කරුවන්” පිළිබඳ එක්සත් ජනපදය ඔත්තු බැලීමේ තරම හෙළි කරයි.

මෙම හෙළිදරව් කිරීම් උද්දීපනය කරනවා වෙනුවට, මාධ්‍ය අවධානය යොමු කර ඇත්තේ ලේඛන කාන්දුවේ මූලාශ්‍රය යැයි කියනු ලබන ඒවා හඹා යාමට පෙන්ටගනය දරන උත්සාහයන් සොයා බැලීමයි 

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ක්‍රමානුකූල ස්වයං-වාරණයක නිරත වී ඇත.  නීතිවිරෝධී සහ ප්‍රකාශ නොකළ යුද්ධයක් දියත් කිරීමේදී බයිඩෙන් පරිපාලනය විසින් දැවැන්ත බොරු කීම සහ සාපරාධී බව පෙන්නුම් කළත්, ඔවුන් ලේඛන හෝ ඒවායේ උද්ධෘත පවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපදය ගැටුමට වඩා ගැඹුරු මැදිහත්වීමක් සූදානම් කරමින් සිටින විටය මේ ලේඛන කාන්දු වූ⁣යේ.  ලේඛනවල දක්වා ඇති වසන්ත ප්‍රහාරයක් සඳහා සැලසුම් ක්‍රියාවට නැංවුවත් නැතත්, එක්සත් ජනපදය හා නේටෝව, ෆින්ලන්තය සන්ධානයට ඇතුල් වීමෙන් පසු රුසියාවට මායිම්ව ඇති නේටෝ රාජ්‍යයන් වෙත දැවැන්ත හමුදාවන් යෙදවීමට සැලසුම් කරමින් සිටිති.

අවසාන වශයෙන්, යුද්ධය පිලිබඳ ආන්ඩුව සහ මාධ්‍ය විසින් ක්‍රමානුකූලව කරන බොරුවල අරමුන වන්නේ, ලේ වැගිරීමකට ඇද දැමෙනු ලැබෙමින් සිටින “ගෙදර සිටින සතුරා”, එනම් කම්කරු පන්තිය නොමග යැවීමයි.

මෙම ලේඛන පෙන්නුම් කරන්නේ රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් මුලුමනින්ම මහජනයාට හොරෙන් ආරම්භ කර ඇති බවයි.  පැහැදිලි නිගමනය නම්, නේටෝ හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීමට අවශ්‍ය බව එක්සත් ජනපදය තීරණය කරන්නේ නම්, එය මෙතෙක් යොදවා ඇති ක්‍රම භාවිතා කරමින් එය සිදු කරනු ඇත: එනම්, ක්‍රමානුකූලව මාධ්‍ය හැසිරවීම හා ඒ හරහා ගෙන යන බොරුවල ව්‍යාපාරයක් මගිනි.

රුසියාව වටකිරීමට ෆින්ලන්තය නෙටෝවට ඈදා ගැනේ  

අප්‍රේල් මස මුලදී, යෝජනාව අනුමත කිරීමට අවශ්‍ය නේටෝවේ අවසාන සාමාජිකයා වූ තුර්කි පාර්ලිමේන්තුව විසින් එකදු විරෝධී ඡන්දයකින්වත් තොරව අනුමත කිරීම kසම්මත කිරීමෙන් පසුව, ෆින්ලන්තය  එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයේ 31 වැනි සාමාජිකයා බවට පත්විය.

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, නේටෝවේ දශක ගනනාවක් තිස්සේ ආක්‍රමණශීලී නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමේ කොටසකි.  එය රුසියාව සමඟ යුද්ධයක දී සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටිකව සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

ෆින්ලන්තය ඇතුළත් කිරීමින් නේටෝව තවදුරටත් ව්‍යාප්ත කිරීම, විශාලතම න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය හා රුසියාව අතර සෘජු යුද්ධයක තර්ජනය නව තලයකට ඔසවා තබයි.  ෆින්ලන්තයේ කිලෝමීටර් 1,300ක දේශසීමාව දැන් රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත්වල පාලනය අල්ලා ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද්ධයේ පෙරමුණේ කොටසකි.

ආක්‍රමණශීලී මිලිටරි සන්ධානයට රට සීඝ්‍රයෙන් ප්‍රවේශ වීම සිදුවූයේ, අන්ත දක්ෂිනාංශික ෆින්ස් පක්ෂය සමග විභව සභාග ආන්ඩුවකට වේදිකාව සකසමින්, අප්‍රේල් 2 වැනිදා පැවති මහා මැතිවරනයේ දී දක්ෂිනාංශික ජාතික සභාග පක්ෂය (National Coalition Party) ජයග්‍රහණය කර දින දෙකකට පසුවය.  නව ජනාධිපති Sauli Niinistö පැවසුවේ, “අපේ ඉතිහාසයේ හමුදා නොබැඳි යුගය අවසන් වී ඇත.  නව යුගයක් ආරම්භ වේ,” යනුවෙන් ය.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, පසුගියදා පැවති මහ මැතිවරනයේදී පරාජයට පත් වූ, ඉවත්ව යන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය. මැතිවරණයේ ප්‍රධාන ජයග්‍රාහකයින් වූයේ කොන්සර්වේටිව් ජාතික සභාග පක්ෂයයි.

හිටපු අගමැතිනි සනා මාරින්ගේ යුද ගැති වැඩපිලිවෙලට ඇයගේ ආන්ඩුවේ විදේශ ඇමති තනතුර දැරූ හරිතයන් සහ ෆින්ලන්ත කොමියුනිස්ට් පක්ෂයේ අනුප්‍රාප්තික සංවිධානය වන වාම සන්ධානය විසින් සහාය දක්වන ලදී.

ප්‍රධාන කම්කරු පන්තික අරගලවල ඇඟිලි ගැසීම්වලින් තොරව ඡන්දය ඉදිරියට යන බව සහතික කර ගනිමින් දක්ෂිණාංශික පක්ෂවලට ජයග්‍රාහී ලෙස මැතිවරනයෙන් මතුවීමට කොන්දේසි නිර්මානය කිරීමට ෆින්ලන්ත වෘත්තීය සමිති ද ප්‍රමුඛ විය.  මෑත මාස කිහිපය පුරා, උද්ධමනය විසින් මෙහෙයවනු ලබන විවිධ කම්කරුවන්ගේ සටන්කාමී වැඩ වර්ජන පුපුරා ගොස් ඇත.  කෙසේ වෙතත්, සියලු අරගල සාමූහික කේවල් කිරීමේ ක්‍රමයේ රාමුව තුළ යටපත් කර එකිනෙකින් වෙන්ව තබා ගන්නා ලදී.

ෆින්ලන්තයේ ප්‍රවේශය යුක්රේනයේ වසන්ත කාලයේ ප්‍රහාරයක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සමඟ සමීපව බැඳී ඇති අතර, එය රුසියානු දේශසීමාවේ ප්‍රධාන මිලිටරි ගොඩ නැගීමක් සමඟින් සිදුවනු ඇත.

නේටෝ රාජ්‍ය පහක් දැනට රුසියාවට මායිම් වේ: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය සහ නෝර්වේ.  ෆින්ලන්තය එක් වූ පසු නේටෝ දේශ සීමාව දෙගුණයක් වනු ඇත.  යුරෝපයේ රාජ්‍යයන් අතරින් රුසියාව සමඟ විශාලතම ගොඩබිම් මායිම, සැතපුම් 830 ක දුරක්, ෆින්ලන්තය සතුව ඇත.

ෆින්ලන්ත දේශ සීමාව රුසියාවේ වැදගත්ම ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් වන ශාන්ත පීටර්ස්බර්ග් සිට සැතපුම් 100 ක් දුරින් පිහිටා ඇත.  ෆින්ලන්තය රුසියාව විසින් භාවිතා කරන වැදගත් මුහුදු සන්නිවේදන මංතීරු පාලනය කරන අතර එය බෝල්ටික් මුහුදේ සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍යය සඳහා පොරබැදීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

රුසියාව සමඟ නේටෝවේ පුළුල් කළ ගොඩබිම් දේශසීමාව දැවැන්ත ලෙස මිලිටරීකරනය වෙමින් පවතී.  මාර්තු 18දා Politico වාර්තා කලේ, “ඉදිරි මාසවලදී, සන්ධානය සන්ධානයේ නැගෙනහිර මායිමේ ආයුධ ගබඩා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරන අතර කෙටි දැනුම්දීමකින් මිත්‍ර පාක්ෂිකයින්ගේ ආධාර සඳහා මැදිහත් විය හැකි දස දහස් ගනනක් හමුදා පිහිටවනු ඇත.”

නේටෝවේ “නැගෙනහිර බලඇනිය” වැඩි වැඩියෙන් ෆින්ලන්තයේ සිට යුක්රේනය දක්වා විහිදී ගිය දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර පෙරමුණේ යුධ රේඛාවලට සමාන වේ.  දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ ප්‍රධාන මිතුරෙකු වූ අතර, දැන් ශාන්ත පීටර්ස්බර්ග් වන ලෙනින්ග්‍රෑඩ් වටලෑම ඇතුළුව සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතන යුද්ධයේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කළ බැවින්, ෆින්ලන්තය නේටෝ සන්ධානයට ඇතුළත් කිරීමේ පියවරට දැවැන්ත ඓතිහාසික වැදගත්කමක් ඇත. .

නේටෝව තවදුරටත් පුලුල් කිරීමේ පියවර බයිඩෙන් පරිපාලනය සහ මාධ්‍ය විසින් “ප්‍රකෝප නොකළ යුද්ධයක්” පිලිබඳ ප්‍රවර්ධනය කරන ලද සියලුම ප්‍රකාශයන් ද යටපත් කර ඇත.  ධවල මන්දිරයේ ගොතනලද ආඛ්‍යානයට අනුව, යුක්‍රේනයේ යුද්ධය 2022 පෙබරවාරි මාසයේදී තනි මිනිසෙකු (රුසියානු ජනාධිපති පුටින්) විසින් දියත් කරන ලද “තෝරාගත් යුද්ධයකි”. 

එහෙත් එක්සත් ජනපදය/නේටෝව සහ රුසියාව අතර ගැටුම යුක්‍රේන දේශසීමාව සම්බන්ධයෙන් පුපුරා ගිය අතර, එය ඇත්ත වශයෙන්ම, චීනය සමඟ ගැටුමක් සූදානම් කිරීම සඳහාවන කොටසක් වශයෙන්, රුසියාව වටකර, දුර්වල කිරීමට සහ අවසානයේ කපා කොටා කඩා බිඳ දැමීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙන යන දශක ගනනාවක නැගෙනහිර දසට කෙරෙන ප්‍රකෝපකාරී ව්‍යාප්තකරනයක ප්‍රතිපලයකි.  

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීම මධ්‍යයේ සහ ඉන් පසුව, එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් නේටෝවට ඇතුළත් කිරීම සක්‍රීයව ක්‍රියාත්මක කළ අතර, රට අස්ථාවරත්වය ඇති කිරීමට සහ රට ඛණ්ඩනය කිරීමට රුසියාව තුළ ජාතිකවාදී ව්‍යාපාරවලට ඉන්ධන සපයයි.

1990 සිට, රටවල් 13ක් නේටෝවට සම්බන්ධ වී ඇති අතර, එහි සාමාජිකත්වය ඵලදායී ලෙස දෙගුණ කරයි.  එම කාලය තුළ නේටෝ දේශ සීමාව සැතපුම් 800 ක් නැගෙනහිර දෙසට ගෙන ගොස් ඇත.

1998 දී, එක්සත් ජනපද සෙනෙට් සභාව පෝලන්තය, හංගේරියාව සහ චෙක් ජනරජය අන්තර්ග්‍රහනය කර නේටෝව ව්‍යාප්ත කිරීමට පක්ෂව ඡන්දය දුන්නේය.  “ඇත්ත වශයෙන්ම, මෙය තවත් වසර 50ක සාමයේ ආරම්භයයි,” එවකට සෙනෙට් සභික වූ  බයිඩන් පැවසීය.  2001 ජූනි 15දා, පෝලන්තයේ වෝර්සෝ හි පැවති දේශනයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, “බෝල්ටික් සිට කළු මුහුද දක්වා” විහිදෙන රටවල වළල්ලක් නිර්මාණය කිරීම සඳහා ඔහුගේ “නේටෝව විශාල කිරීමේ සැලැස්ම” ප්‍රකාශ කළේය.

2004 දී නේටෝව තවත් රටවල් හතක් එකතු කරමින් නැවතත් පුළුල් විය: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, බල්ගේරියාව සහ රුමේනියාව එම රටවල් වේ. මෙම නැගෙනහිර යුරෝපීය රටවල් සියල්ලම සීතල යුද්ධයේදී සෝවියට් සංගමයේ කොටසක් හෝ එහි පරිවාර රාජ්‍යයන් විය.

ක්‍රොඒෂියාව සහ ඇල්බේනියාව 2009 දී නේටෝවට සම්බන්ධ විය.  මොන්ටිනිග්‍රෝව 2017 දී එක් වූ අතර උතුරු මැසිඩෝනියාව 2020 දී එක් විය.

යුක්රේනය නේටෝවේ සාමාජිකයෙකු බවට පත් නොවන බවට රුසියාව සහතිකයක් ඉල්ලා සිටීම පිලිබඳව සාකච්ඡා කිරීම බයිඩෙන් පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්රේනයට එරෙහි යුද්ධයම උසිගන්වන ලදී.  ආක්‍රමණය, අධිරාජ්‍යවාදී වටලෑමට ප්‍රතිචාරයක් ලෙස රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුව දැක්වූ ප්‍රතිගාමී සහ අදූරදර්ශී ප්‍රතිචාරයයි.

1997 දී, ක්ලින්ටන් පරිපාලනය චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය නේටෝවට ඇතුළත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් සිටියදී, සීතල යුද්ධයේ මූලෝපායඥයා සහ “පාලනය කිරීම” පිළිබඳ න්‍යායේ කර්තෘ ජෝර්ජ් එෆ්. කෙනන් “එය කෙසේ හෝ සිදු වී ඇති බව” පිළිගත්තේය.  රුසියාවේ දේශසීමා දක්වා නේටෝව ව්‍යාප්ත කිරීමට කොතැනක දී හෝ තීරණය ගෙන තිබේ.  “නේටෝව පුලුල් කිරීම සමස්ත පශ්චාත් සීතල යුධ යුගයේ ඇමරිකානු ප්‍රතිපත්තියේ වඩාත්ම දෛවෝපගත වැරැද්ද වනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉනික්බිති දශක දෙකක කාලය තුල, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය නේටෝවේ ව්‍යාප්තිය සහ රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයන් වැලඳගෙන ඇත.  නේටෝවේ ව්‍යාප්තියට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් “රුසියානු ප්‍රචාරකයක්” බව ප්‍රකාශ කිරීමත් මෙම යුද උණ රෝගය සමඟ සමපාත විය.

තුර්කි ව්‍යාජ වමේ සහාය ආන්ඩුවට:

එලඹෙන මැයි 14 ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, තුර්කි ජනාධිපති අර්ඩොගන් (Recep Tayyip Erdoğan)  ෆින්ලන්තයේ NATO සාමාජිකත්වය අනුමත කිරීම ඔහුගේ NATO සහචරයින්ට සංඥාවක් විය.  “ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් තීරණය, ‘තුර්කිය සන්ධානයේ ව්‍යාප්තියට බාධාවක්’ බවට බටහිර රටවල, විශේෂයෙන් එක්සත් ජනපදයේ වැඩෙන විවේචනවලට එරෙහිව පියවරකි,” යි BBC හි Türkçe ලිවීය. මෙම පියවර  “අපි නේටෝවට කැපවී සිටිමු” යි යන පණිවිඩයක් යවන ලදී.

ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය අනුමත කරන ප්‍රොටෝකෝලය ඡන්දයට සහභාගී වන සියලුම පක්ෂවල ඡන්දයෙන් සම්මත විය. පාලක යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP) සහ එහි සගයා වන ෆැසිස්ට් ජාතික ව්‍යාපාර පක්ෂය (MHP) මෙන්ම කෙමාලිස්ට් රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP) සහ ධනේශ්වර විරුද්ධ ජාතික සන්ධානයට නායකත්වය දෙන අන්ත දක්ෂිනාංශික “හොඳ පක්ෂය” (Good Party) සියල්ලෝම පක්ෂව ඡන්දය දුන්හ.

එර්ඩොගාන්ට “විකල්පයක්” ලෙස දක්වමින් ව්‍යාජ-වාම පක්ෂ සහාය දෙන CHP, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වයට උද්‍යෝගයෙන් සහයෝගය දැක්වීය.  2022 පෙබරවාරියේ රොයිටර් පුවත් සේවයට කතා කරමින්, CHP නායක Kılıçdaroğlu අධිරාජ්‍යවාදී යුද සන්ධානයක් වන නේටෝව “ප්‍රජාතන්ත්‍රවාදයේ සහතිකයක්” ලෙස වර්ණනා කළේය.

ව්‍යාජ වාම පක්ෂ CHP හි විවෘත නේටෝ ගැති ආස්ථානය නොතකා, එයට දෙන සහාය, අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ සහයෝගය හෙලිදරව් කරයි.

ෆින්ලන්තයේ නාසි සහයෝගීත්වයේ වාර්තාව:

1917 ඔක්තෝබර් විප්ලවයෙන් ටික කලකට පසු බොල්ෂෙවික්වරුන් විසින් ප්‍රදානය කරන ලද නිදහසින් පසු දශක කිහිපය තුළ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධයෙන් ෆින්ලන්තය තමන් දැරූ ආස්ථානය වෙත නැවත පැමිණෙමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ කොටසක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය සමඟ සන්ධානයක් පිහිටුවීමට පෙර, ෆින්ලන්තය මුලින්ම සේවය කළේ  සිවිල් යුද්ධයේදී ප්‍රතිවිප්ලවවාදී සුදු ජාතිකයින්ගේ  මෙහෙයුම් වල ප්‍රධාන යුද කඳවුරක් ලෙසය.  ෆින්ලන්තයේ මිලිටරි නොබැඳිකම (military nonalignment), නාසි හමුදා සමඟ එක්ව ෆින්ලන්ත හමුදා ආක්‍රමණය කිරීමට සහ ෆින්ලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ලෙනින්ග්‍රෑඩ්, එනම් දැන් ශාන්ත පීටර්ස්බර්ග්, වටලෑමට ඔවුන්ගේ සහභාගීත්වයට ප්‍රතිචාර වශයෙන් සෝවියට් සංගමය විසින් කරන ලද ඉල්ලීමකි.  1945 න් පසු සෝවියට් සංගමයට එරෙහිව මිලිටරි මෙහෙයුම් දියත් කිරීමට ජර්මානු හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ෆින්ලන්තය භාවිතා කළ හැකි බවට ස්ටැලින්වාදී නිලධරයේ භීතිය විය.

නිනිස්ටේ (Niinistö) ද අසම්භාව්‍ය ප්‍රකාශයක් කළේය: “ෆින්ලන්තයේ සාමාජිකත්වය කිසිවකුට එරෙහිව ඉලක්ක කර නැත.  එය ෆින්ලන්තයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියේ පදනම් හෝ අරමුණු වෙනස් නොකරයි.  ෆින්ලන්තය යනු ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කරන ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නෝර්ඩික් රටකි.”

යථාර්තය නම්, ෆින්ලන්තය නේටෝවට ඇතුල් වීම, නෝර්ඩික් සහ බෝල්ටික් කලාපය පුරා දැවැන්ත මිලිටරි ගොඩ නැගීමක් සමග අත්වැල් බැඳගෙන තිබීමයි.  මාර්තු මාසයේදී, එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස න්‍යෂ්ටික බලය සහිත B-52 බෝම්බ හෙලන යානයක් ෆින්ලන්ත වෙරළට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් රුසියානු දූපතක් වන ගොග්ලන්ඩ් ආසන්නයට පියාසර කළේය.  නේටෝ හමුදා කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම විශාල වශයෙන් පුළුල් කරනු ඇති අතර, එක්සත් ජනපදය ෆින්ලන්ත භූමියේ මිලිටරි මෙහෙයුම් සඳහා වැඩි ඉඩක් ලබා දීම සඳහා තමන්ගේම ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරයි.  රට තුලට එන සංක්‍රමණිකයන්ගෙන් එල්ලවන “දෙමුහුන් යුද්ධ” පිලිබඳ  තර්ජනය උපුටා දක්වමින් හෙල්සින්කි රුසියාව සමග දේශසීමා වැටක් ඉදිකිරීමට ද පටන් ගෙන ඇත.  ස්වීඩනය නේටෝව තුලට ගෙන ඒමට ගෙනයමින් පවතින තල්ලුවෙන් අදහස් වනු ඇත්තේ රුසියාව මුලුමනින්ම මූලෝපායික වශයෙන් වැදගත් බෝල්ටික් මුහුදේ සතුරු විරුද්ධවාදීන් විසින් වට කර ඇති බවයි.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, හිටපු අගමැති සන්නා මරින් විසින් නායකත්වය දෙන ලද පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය.  යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට ඔවුන්ගේ සහයෝගය අවධාරනය කිරීමට මාරින් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මැතිවරන ව්‍යාපාරය යොදා ගත්හ.  ලොව ලාබාලතම අගමැතිවරියක ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට ලක් වූ සහ සමලිංගික දෙමව්පියන් විසින් ඇය හදා වඩාගත් නිසා විවිධත්වයේ සංකේතයක් ලෙසින් ඔසවා තැබූ Marin, ෆින්ලන්තය අන්තයටම සන්නද්ධ කරමින් සහ එය නේටෝවට බද්ධ කිරීම සඳහා කටයුතු කරමින් කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කළ ආන්ඩුවකට නායකත්වය දුන්නාය. 

චීනයට එරෙහි ඇමරිකානු කඳවුරේ  යුද සැලසුම් තීව්‍ර කෙරේ

තායි ජනාධිපතිනියගේ ප්‍රකෝපකාරී ඇමරිකානු සංචාරය:

චීනය සමග හිතාමතාම ආතතීන් මතු කරන තවත් පියවරක් ලෙස, තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් (Tsai Ing-wen) මාර්තු මස අවසානයේ නිව් යෝර්ක් හි ඇමරිකානු දේශපාලනඥයන් සහ නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීය.

මෙම සංචාරය සම්බන්ධයෙන් චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.  චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Zhu Fenglian අනතුරු ඇඟවූයේ Tsai සභානායක McCarthy හමුවුවහොත් එය “එක් චීනයක්” මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන, චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි කරන සහ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ සාමය සහ ස්ථාවරත්වය විනාශ කරන තවත් ප්‍රකෝප කිරීමක් වනු ඇති බවයි. ”

ඇගේ රැස්වීම් මාධ්‍යයෙන් වසා තැබුනි. මාධ්‍ය වෙත කාන්දු වූ තොරතුරු පැහැදිලි කරන්නේ, චීනය සමඟ ආර්ථික හා මූලෝපායික ගැටුම උග්‍ර කරන විට ට්සායි එක්සත් ජනපදය සමග සබඳතා තහවුරු කරන බවයි.

‘එක් චීනයක්’ මූලධර්මය යටතේ, බීජිං තායිවානය සලකන්නේ චීනයේ අවියෝජනීය කොටසක් වනමුත් එය වෙතින් පලා යන පළාතක් ලෙස ය.  එය “එක් රටක්, ක්‍රම දෙකක්” පදනම මත සාමකාමී යලි එකමුතු කිරීම සඳහා කැඳවුම් කර ඇති නමුත්, තායිවාන ආන්ඩුව චීනයෙන් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කළහොත් එය බලහත්කාරයෙන් දිවයින ඈඳාගනු ඇති බවට දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇත.

බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ චීනයේ උත්සුකයන් බැහැර කිරීමෙනි.  ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ ට්සායිගේ සංචාරය ඇය සහ පෙර තායිවාන ජනාධිපතිවරුන් කළ දේට අනුකූල බවයි.  ඇගේ “සංක්‍රමණය”[සංචාරය] තායිවානය සමඟ අපගේ දිගුකාලීන නිල නොවන සබඳතාවයට අනුකූල වන අතර එක්සත් ජනපදයේ ඒක-චීන ප්‍රතිපත්තියට අනුකූල වේ, එය නොවෙනස්ව පවතී,” ඔහු පැවසුවේය. “චීනය තායිවාන් සමුද්‍ර සන්ධිය වටා යම් ආක්‍රමණශීලී ක්‍රියාකාරකමක් වේගවත් කිරීමට කඩතුරාවක් ලෙස එය භාවිතා කිරීම” ට එරෙහිව ඔහු චීනයට අනතුරු අඟවීය.

යථාර්ථය නම්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ආතතීන් අවුළුවන්නේ, චීනය සමග යුද්ධය සඳහා එහි සැලසුම් වේගවත් කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි.  ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, වොෂින්ටනය 1979 දී බීජිං සහ වොෂින්ටනය අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට තුඩු දුන් සියුම් සමතුලිත හැසිරීම මූලික වශයෙන් වෙනස් කර ඇත.

එම අවස්ථාවේ දී, චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන බව එක්සත් ජනපදය පිළිගත් නමුත් බීජිං හි ස්ථාවරය නිල වශයෙන් අනුමත නොකළේය.  කෙසේ වෙතත්, එහි ක්‍රියාවන් ප්‍රායෝගිකව වැළඳ ගත්තේ One China මූලධර්මයයි: වොෂින්ටනය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර තායිපේ සමග එහි මිලිටරි සන්ධානය අවසන් කර එක්සත් ජනපද හමුදා දිවයිනෙන් ඉවත් කර ගත්තේය.

දශක ගනනාවක් තිස්සේ, තායිවානයට ආරක්ෂක අවි අලෙවි කරන අතරතුර, ගැටුම් ඇති වූ විටක චීනයට එරෙහිව යුද්ධ කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවීම ප්‍රතික්ෂේප කළේය.  එය තායිවානයේ  අර්ධ තානාපති කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන ඇමරිකානු ආයතනය හරහා තායිපේ සමඟ පහත් නිල නොවන සම්බන්ධතා පවත්වා ගෙන ගියේය.  ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල ඉරා දමා ඇත.

1995 ජූනි මාසයේදී තායිවානයේ එවකට ජනාධිපති ලී ටෙන්ග්-හුයි විසින් එක්සත් ජනපදයේ කල සංචාරයට, එනම් “තෙවන තායිවාන සමුඳු සංධීය අර්බුදය” සමඟ ට්සායිගේ සංචාරය සසැඳිය හැකිය.

නිව් යෝර්ක් වෙත පැමිණීමෙන් පසු, මාර්තු 30 වන දින, දක්ෂිණාංශික චින්තන පර්ශදයක් වන හඩ්සන් ආයතනය විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී සායි දේශනයක් පැවැත්වූ අතර, ට්සායි ප්‍රකාශ කළේ “තායිවානය ආරක්ෂා කිරීම ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවයි” යනුවෙනි.  වෙනත් වචන වලින් කිවහොත්, තායිවානය සම්බන්ධයෙන් චීනය සමග යුද්ධයකක් කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවිය යුතුය.

2022 අගෝස්තු මාසයේදී, ඩිමොක්‍රටිකයින් විසින් නියෝජිත මන්ත්‍රී මන්ඩලය පාලනය කරන විට, සභා කථානායක ලෙස නැන්සි පෙලෝසි, තායිවානය අවට මුහුදේ විශාල මිලිටරි ගැටුමක අන්තරාය මතු කරමින් තායිපේ වෙත ප්‍රකෝපකාරී සංචාරයක් කළේය.  චීන මිලිටරිය තායිවාන් සමුද්‍ර සන්ධිය තුලට මිසයිල අත්හදා බැලීම් සහ යුධ නෞකා යෙදවීමත් සමග, එක්සත් ජනපදය සහ එහි සහචරයින් තායිවානයට යාබදව ප්‍රධාන නාවික මෙහෙයුම් දියත් කලහ.

රුසියාවට එරෙහිව යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සමාන ආකාරයකින්, වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය අස්ථාවර කිරීමේ සහ අවසානයේ බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස තායිවානය සම්බන්ධයෙන් විනාශකාරී ගැටුමකට බීජිනය ඇද ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරයි.

ට්සායි – මැකාති හමුව: 

ඇය තායිවානයට ආපසු යාමට සූදානම් වෙමින්, ට්සායි එක්සත් ජනපද වත්මන් සභා කථානායක කෙවින් මැකාති සහ කැලිෆෝනියාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම රැස්වීම “එක-චීන” ප්‍රතිපත්තිය අවසන් කිරීමට, තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට සහ චීනය සමඟ එක්සත් ජනපදයේ ගැටුම තීව්‍ර කිරීමට ධවල මන්දිරය සහ කොන්ග්‍රසයේ ද්විපාර්ශ්වික උත්සාහයේ නවතම පියවර විය.  උප ජනාධිපති කමලා හැරිස්ට පසුව, ජනාධිපති පදවියේ දෙවන අනුප්‍රාප්තිකයා වන මැකාති සමඟ හමුවීම, වොෂින්ටනය 1979 දී තායිපේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස බිඳ දමා බීජිං සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසු එක්සත් ජනපද භූමියේ ඉහළම මට්ටමේ හමුවීම විය.  එකල, එක්සත් ජනපදය තත්‍යානුකූලව, තායිවානය ඇතුළු සමස්ත චීනයේ නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැකාති, තායිවානයට ආයුධ පොම්ප කිරීමට එක්සත් ජනපදය දිරිමත් කළේය.  “අපි තායිවානයට ආයුධ අලෙවිය දිගටම කරගෙන යා යුතු අතර ඒවා ඉතා කාලෝචිත පදනමක් මත තායිවානය වෙත ළඟා වන බවට වග බලා ගත යුතුය,” ඔහු පැවසීය.  “ඉතිහාසය හරහා අපි දන්නා පාඩම නම්, යුද්ධය වැලැක්වීමට හොඳම ක්‍රමය” යනු “යුද්ධය වැලැක්වීමට මිනිසුන්ට ඉඩ දෙන ආයුධ සැපයීමයි” ඔහු ඕවෙලියානු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ යුක්රේනය සන්නද්ධ කර පැවතීම යුද්ධය වළක්වනු ඇතිව පැවති බවය. එහෙත්, සත්‍යය නම් එවැනි ආයුධ සන්නද්ධවීමක් කිසි විටෙකත් යුද්ධය වැළැක්වා නැති බවත්, නමුත් තවත් යුද්ධ අවුලුවා ඇති බවත් ය.

චීනයට එරෙහි ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් දෙකට්ටුව:

තායිවානය සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර මතභේද තිබේදැයි වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැකාති පැවසුවේ, “එය ද්විපාර්ශ්වික ආස්ථානයක් බව මම විශ්වාස කරමි…  ඔවුන්ගෙන් [ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන්] මට ඇති වූ හැඟීමම එයයි… චීනය සම්බන්ධයෙන් ගත්කල අපි එක හඬින් කතා කරන්නෙමු, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඩිමොක්‍රටික් සාමාජිකයෙක් වන රාජා ක්‍රිෂ්ණමූර්ති, ධවල මන්දිරයේ සටන්කාමී චීන විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණ ඒකමතිකත්වයේ ස්වරයම ප්‍රකාශ කළේය.

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ද්විපාර්ශ්වික සෙනෙට් සභිකයින් පිරිසක් මාර්තු 31 සිකුරාදා නිව් යෝර්ක් නගරයේ දී ට්සායි හමුවූ බව හෙළි කළහ.  රැස්වීම ගැන ඔවුන්ගේ අදහස්, මැකාතිගේ අදහස්වලට වඩා යුද ධාවනකාරී විය.

“බෙයිජිංහි ආඥාදායකයින් කොංග්‍රසයේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම ඇමරිකානු භූමියේදී, හමුවිය හැකි හෝ නොහැකි කුමන විදේශීය නායකයින්ද යන්න තීරණය නොකළ යුතුය,” යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් සුලිවන් පැවසීය.  “එක්සත් ජනපද සෙනෙට් සභාව … චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝග පිලිපදින්නේ නැත.  තායිවානය හුදකලා යයි ලෝකය විශ්වාස කිරීමට සීසීපීයට අවශ්‍ය වුවද, සත්‍යය එය හුදෙකලා නොවන බවයි”.

“අපි දන්නවා කොමියුනිස්ට් චීනය, එනම් අපගේ නැගඑන තර්ජනය, ඔවුන්ගේ අසල්වැසි සහ ප්‍රධාන එක්සත් ජනපද හවුල්කරු වන තායිවානය දෙස නෙත් යොමා සිටින බව,” ඔහු පැවසීය, “තායිවානය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය වැඩි දියුණු කළ හමුදා පුහුණුව සහ වේගවත් ආයුධ හුවමාරුව හරහා ශක්තිමත් කළ යුතුය.”

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජෙනරාල් මයිකල් මිනිහාන් මේ වසර මුලදී 2025 වන විට චීනය සමඟ ඇමරිකානු යුද්ධයක් පුරෝකථනය කළේය.

‘එක-චීනයක්’ ප්‍රතිපත්තිය අවසානයකට ගෙන එමින්:

මැකාති ට්සායි සමඟ හමුවීම, චීනය සහ එක්සත් ජනපදය අඩසියවසකට ආසන්න කාලයක් යුද්ධයෙන් වැළකී සිටීමට සමත් වූ ඒක-චීන ප්‍රතිපත්තිය ඉරා දැමීම ඉලක්ක කරගත් පියවර මාලාවක නවතම එක පමණි.

ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු දිරිමත් කිරීම, තායිවානයට ආයුධ අලෙවිය වේගවත් කිරීම සහ පටු තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝප කිරීම් සිදු කිරීම මගින් දශක හතරක් තිස්සේ එක්සත් ජනපද-චීන ​​සබඳතා පදනම් වූ  එක්-චීනයක් ප්‍රතිපත්තිය බිඩෙන් පරිපාලනය බලාත්මකව අත් හැර දමමින් තිබේ.

මාර්තු 24 වන දින, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය “තායිවානයට සහතිකවීම ක්‍රියාත්මක කිරීමේ පනත” (Taiwan Assurance Implementation Act) සම්මත කරන ලද අතර, එය “එක්සත් ජනපද-තායිවාන සබදතා මත ඉතිරිව ඇති ඕනෑම ස්වයං-පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට සහ ඒ සඳහා සැලැස්මක් ප්‍රකාශ කිරීමට” අවස්ථාවන් හඳුනා ගැනීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවරයි.  මෙය එක්-චීනයක් ප්‍රතිපත්තිය විධිමත් ලෙස අවසාන කිරීම ක්‍රියාවට දමයි.

චීනය අනතුරු අඟවයි:

තායිවානය තම රටින් ඉවතට පලා යන පළාතක් ලෙස සලකන චීනය, දිවයින සාමකාමීව යලි ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව පැහැදිලි කර ඇති නමුත්, අවශ්‍ය නම්, විශේෂයෙන්, තායිපේ විසින් විධිමත් ලෙස නිදහස ප්‍රකාශ කිරීමකදී බලය භාවිතා කරන බව පැහැදිලි කර ඇත.

ට්සායිගේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය දින තුනක් (9-11) පුරා හමුදා අභ්‍යාස මාලාවක් සමඟ ප්‍රතිචාර දක්වා ඇත.  සටන් මෙහෙයුම් පෙරහුරු කිරීම සඳහා සෑම දිනකම මිලිටරි ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහ චීන යුද නැව් බලමුලු ගන්වන ලද අතර, ඒවායින් බොහොමයක් ජාත්‍යන්තර නීතියේ පිලිගැනීක් නොමැති තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළහ.

බීජිං හි අනතුරු ඇඟවීම් නොතකා පසුගිය අගෝස්තු මාසයේදී එවකට සභා කථානායක නැන්සි පෙලෝසි තායිවානයට ගිය විට, චීන හමුදාව, එනම් මහජන විමුක්ති හමුදාව (PLA), දිවයින වටා ඇති ගුවන් අවකාශයේ සහ ජලයේ සතියක ප්‍රධාන අභ්‍යාස පැවැත්වීය.  නවතම අභ්‍යාසයන් එතරම්ම විශාලත්වයක් නොතිබුණද, එය තායිවාන රජයට පණිවිඩයක් ලබා දීම අරමුණු කෙරුනි.

“මෙය විදේශ බලවේග සමඟ හවුල් වී සිටින ‘තායිවානයේ ස්වාධීනත්වය’ පිලිබඳ බෙදුම්වාදීන්ගේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව බරපතල අනතුරු ඇඟවීමක් වන අතර ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයකි,” යි PLA හි නැගෙනහිර නාවික විධානය පැවසීය.  ජනාධිපති ට්සායි සහ ඇගේ තායිවාන ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) බීජිං වෙතින් වැඩි නිදහසක් ඉල්ලා සිටියි.

චීනයේ ප්‍රතිචාරය සාපේක්ෂ වශයෙන් නිශ්ශබ්ද වුවද, එක්සත් ජනපදය මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිය ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන ගියේය.  එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන බලඇණිය  අප්‍රේල් 10 සඳුදා නිවේදනය කළේ එහි  මිසයිල විනාශ කරන්නා වූ Milius නැව දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් වල චීන පාලිත දූපත් වලට සමීපව “නාවික ගමනේ නිදහස” යන කඩතුරාව යටතේ බව යාත්‍රා කළ බවයි.

දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදය චීනය සහ අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් අතර දකුනු චීන මුහුදේ භෞමික එදිරිවාදිකම් නොසලකා හැරියේය.  කෙසේ වෙතත්, ජනාධිපති ඔබාමාගෙන් පටන්ගෙන, පසුව ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ, එක්සත් ජනපද මිලිටරිය, බීජිනය සමග එහි ආක්‍රමණශීලී ගැටුමේ කොටසක් ලෙස, මෙම ගැටුම්කාරී සාගර කලාපය  තුළ චීනයට එරෙහිව එහි “නාවික ගමනාගමනයේ නිදහස” යන්න යටතේ ප්‍රකෝප කිරීම් උග්‍ර කර ඇත.

PLA හි දකුනු නාවික විධානය ඇමරිකානු නාවික හමුදාවේ මෙම මෙහෙයුම “නීති විරෝධී” ලෙස හෙලා දුටු අතර චීන නාවික යාත්‍රා “නැව (මිලියුස්) අධීක්ෂනය කර ඇති අතර නාවික සහ ගුවන් හමුදා සෑම මාර්ගයකම සීරුවෙන් තබා ඇති” බව නිවේදනය කලේය.

ප්‍රකෝපකරනය ඉදිරියටම: 

ඒ සමගම තවත් එක්සත් ජනපද නියෝජිත පිරිසක් ට්සායි සහ අනෙකුත් රජයේ නිලධාරීන් සමග ඉහල මට්ටමේ සාකච්ඡා සඳහා තායිපේ වෙත පැමිණියහ.  මෙම සංචාරයට අප්‍රේල් 08 සෙනසුරාදා තායිවාන ජනාධිපතිවරයා හමුවූ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ විය.

වොෂින්ටනයේ එක්-චීනයක් ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජනපදය තායිවානය සමඟ සාමාන්‍යයෙන් පවත්වාගෙන ගියේ නොසලකා හරින ලද සම්බන්ධතාවයන්ය.   ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, හමුදා නිලධාරීන් ඇතුළු සියලු මට්ටම්වල අසීමිත සංචාර සඳහා ඉඩ සැලසීම පිණිස රාජ්‍යතාන්ත්‍රික රීති පොත ඉරා දමා ඇත.

විශේෂයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කරමින්, කමිටු සභාපති මයිකල් මැකෝල්, තායිවානයේ මිලිටරියට එක්සත් ජනපද පුහුණුව සඳහා සහය ලබා දෙන බවට පොරොන්දු විය.  එක්සත් ජනපදය 1979 දී තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කිරීමත් සමඟ, එය දිවයින සමඟ තිබූ මිලිටරි සන්ධානය අවලංගු කර සියලු හමුදා ඉවත් කර ගත්තේය. එහෙත්, එක්සත් ජනපදය දැන් තායිවානයේ තම නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරමින් සිටී.

මැකෝල් චීනයේ “ඔබේ ජාතියට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියා” හෙළා දුටුවේය: “මම අපේ ජාතීන් දෙක එක්ව, සාමය සහ සමෘද්ධියෙන් යුත්  විශිෂ්ට අනාගතයක් බලාපොරොත්තු වෙමි.  අපි තායිවානය සමඟ සිටිමු” යි පැවසීය.

මෙම  ප්‍රකාශවල වංචනීයභාවය බේරෙයි.  එහි ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයේදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන පුරා මැද පෙරදිග, මධ්‍යම ආසියාව, උතුරු අප්‍රිකාව සහ බෝල්කන් ප්‍රදේශවල අඛණ්ඩව ආක්‍රමනකාරී යුද්ධ දියත් කර ඇත.  දැන් එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයෝ න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සමග නොසැලකිලිමත් ලෙස යුක්‍රේනය බලල් අතක් ලෙස යොදාගෙන යුද්ධයක යෙදී සිටිති. එය වොෂින්ටනය සලකන්නේ එහි ගෝලීය තත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස පවතින චීනය සමග යුද්ධයේ පූර්විකාවක් ලෙස ය.

චීනයට එරෙහි බිඩෙන් පරිපාලනයේ ක්‍රියාන්විතය රුසියාවට එරෙහි ක්‍රියා පටිපාටියට සමාන ය: තායිවානයට පහර දීමට බීජිං පොළඹවා චීනය දුර්වල කිරීමට හා ඛණ්ඩනය කිරීමට ඉවහල වන යුද්ධයකට ඇද දැමීම.  තායිවානය ආරක්ෂා කරන බවට වොෂින්ටනයේ ප්‍රකාශයන් යුක්‍රේනයට සහය දැක්වීමේ ප්‍රකාශ මෙන් ම ව්‍යාජ ය.  එහි අතිමූලික මූලෝපායික අරමුන වන්නේ යුරේසියානු භූමි ප්‍රදේශයේ සහ එහි අතිවිශාල ස්වභාවික හා මානව සම්පත්වල ආධිපත්‍යය යි.

“චීනය පරාද කිරීමේ” AUKUS මිලිටරි ගිවිසුම:

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂ මන්ත්‍රී මෙරිල් ස්වන්සන් සහ ලිබරල් සෙනෙට් සභික ජේම්ස් පැටර්සන්, පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් බිලියන 368 ක සබ්මැරීන ගනුදෙනුව, චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට අප්‍රේල් මස මුලදී වොෂින්ටනයට පැමිණ සිටියහ.  ගිවිසුම යටතේ, ඕස්ට්‍රේලියාව ලබන දශකය තුළ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන බල ඇණියක් එක්සත් ජනපදයෙන් අත්පත් කර ගනු ඇත. බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් සබ්මැරීනයේ නව සැලසුමක් මත ඒකාබද්ධ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මේවා ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමතය.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අත්පත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සඳහා වූ AUKUS ගිවිසුම “අපගේ ජීවිත කාලයටම තර්ජනයක්” ලෙස ඔවුන් විස්තර කළ චීනය “පරාජය කිරීම” අරමුනු කරගත් බව බයිඩන් පරිපාලනයේ ඉහල නිලධාරීහු ප්‍රකාශ කළෝය.

මාර්තු මාසයේදී, බයිඩන් පරිපාලනයේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක සම්බන්ධීකාරක කර්ට් කැම්බල් ද නවසීලන්තයේ වෙලින්ටන් වෙත ගොස්, ඉදිරි යුද මෙහෙයුම් වලදී නවසීලන්තය මූලික කොටසක් බවට පරිවර්තනය කල හැකි AUKUS මිලිටරි ගිවිසුමේ භූමිකාවක් එරටටද ඉටු කළ හැකිද යන්න සාකච්ඡා කළ බව වාර්තා වේ.  

අධිරාජ්‍යවාදී සන්ධානය රුසියාව සමඟ සෘජු යුද්ධයකට සමීප වෙමින් තිබියදී පවා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, අප්‍රේල් 4දා මාධ්‍යවේදීන්ට පැවසුවේ, “[චීනය] රුසියානු ප්‍රචාරණය ප්‍රතිරාවය කරන අතර එය රුසියාවේ ආර්ථිකයට මුක්කු ගසයි”  යනුවෙනි.  නේටෝව “දැන් ඉන්දු-පැසිෆික් කලාපයේ අපගේ හවුල්කරුවන් වන ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ අපගේ සහයෝගීතාවය ඉහළ නංවමින් සිටින බව” ඔහු පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව සබ්මැරීන අත්පත් කර ගැනීම, කම්කරු ආන්ඩුව අවධාරනය කර ඇති පරිදි, “ප්‍රහාර වළක්වන්නක්” ලෙස අදහස් කරන ලද  ආරක්ෂක පියවරක් බවට කරන ප්‍රකාශයන්ට පටහැනිව, එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් AUKUS මෙන්ම සබ්මැරීන ද ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී මෙවලමක් ලෙස ඉදිරිපත් කළහ. 

රාත්‍රී භෝජන සංග්‍රහයේදී අදහස් දක්වමින් එක්සත් ජනපද නාවික හමුදා ලේකම් කාලෝස් ඩෙල් ටෝරෝ මෙසේ ප්‍රකාශ කළේය: “කියුබාවේ උපත ලැබීමෙන් මම කොමියුනිස්ට්වාදය යනු කුමක්දැයි පෞද්ගලිකව වටහාගෙන සිටිමි. ඇත්ත වශයෙන්ම  චීනයේ තර්ජනය සහ ඔවුන් ලෝක පර්යාය විනාශ කිරීම හැකි සෑම ආකාරයකින්ම පරාජය කිරීම සඳහා අප රාජ්‍යයන් තුන කැපවී සිටිමු.”

දශක ගණනාවකට පෙර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ චීන තන්ත්‍රයක් ගැන ඩෙල් ටෝරෝගේ උමතු කොමියුනිස්ට් විරෝධී ප්‍රකාශය, එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදී කියුබානු සංක්‍රමණික ප්‍රජාව තුළ ඔහුගේ පසුබිම සමඟ බැඳී ඇති බවට සැකයක් නැත.

එම ප්‍රකාශ එක්සත් ජනපද ආන්ඩුවේ සහ පෙන්ටගනයේ මූලධර්මවලට සම්පුර්ණයෙන්ම අනුකූල විය.  2018 දී, පෙන්ටගනයේ යුද මූලෝපායික ලේඛනයක් ප්‍රකාශ කළේ: “මහා බල තරඟය – ත්‍රස්තවාදය නොවේ – දැන් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ මූලික අවධානයයි.”  එය පැහැදිලිවම චීනය සහ රුසියාව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස හඳුනා ගත්තේය.

බයිඩන් පරිපාලනයේ 2022 ජාතික ආරක්ෂක උපායමාර්ගය ප්‍රකාශ කළේ: “අපි මහජන චීන සමූහාණ්ඩුව සමඟ ප්‍රතිථලදායී ලෙස තරඟ කරන්නෙමු. චීනය ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ වැඩි වැඩියෙන් හැකියාව ඇති එකම තරඟකරුවා වේ.”

ඇමරිකානු හමුදාවේ ගෝලීය ක්‍රියාකාරකම්වලට චීනය තර්ජනයක් නොවන බව අනෙකුත් එක්සත් ජනපද රජයේ ලේඛන පිළිගෙන ඇත.  නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ, ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව ප්‍රකාශ කළේ චීනයේ එකම මිලිටරි අභිලාෂය වූයේ “එක්සත් ජනපදය චීනයේ පරිධියේ වාඩිලෑම සීමා කිරීම” බවයි.

යථාර්ථයේ දී, “ජාත්‍යන්තර පර්යාය” පිලිබඳ සඳහන් කිරීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු පරිහානිය මධ්‍යයේ සිදුවන චීනයේ ආර්ථික වර්ධනය ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වේ යැයි බිය මතු කරයි.

ඕස්ට්‍රේලියානු සංචාරයේ එක් අංගයක් වූයේ, ආසියාවෙන් දියත් කරන ලද ආක්‍රමණයක තර්ජනයට ඕස්ට්‍රේලියාව මුහුණ දී නොමැති බවට වන හිටපු අගමැති පෝල් කීටින්ගේ ස්ථාවරයට සහ AUKUS වෙත එල්ලවී ඇති පුලුල් විරුද්ධත්වයට තමන් එරෙහි වන බවට බයිඩන් පරිපාලනයට සහතික කිරීම බව පෙනේ.

දක්ෂිනාංශික චරිතයක් වන කීටින් යුද්ධයට හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිම ආකාරයකින් විරුද්ධ නොවේ.  ඔහු ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙලඳ සහකරු වන චීනය සමග පූර්න යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ බියෙන් සිටින පාලක ප්‍රභූවේ සුළුතර කොටසක් නියෝජනය කරයි.

පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එක්සත් ජනපද සැලසුම් තුල ඔස්ට්‍රේලියාවේ තීව්‍රවන භූමිකාව පිලිබඳව සාමාන්‍ය ජනයා අඳුරේ තැබීමෙන් පසුව AUKUS නිවේදනය පුලුල්ව පැතිරුනු කම්පනය සහ කෝපය අවුලුවා ඇත.  සබ්මැරීන සඳහා වියදම් කරන ඩොලර් බිලියන 368, සමාජ වියදම් සඳහා දැවැන්ත කප්පාදුවක් පටවනු ඇති අතර යුද්ධයට එරෙහිව වඩ වඩාත් යොමු වෙන පන්ති අරගලයේ වර්ධනය වන නැගිටීමක් උත්සන්න කරනු ඇත.

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර නීතිය නොතකා ඇමරිකානු-නේටෝවේ චීනයට එරෙහි යුද්ධයට කරබදු වීමට අරඅඳියි:

මාර්තු අග, ඕස්ට්‍රේලියානු රජය විසින් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු විමර්ශනයක් , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධ දියත් කිරීමට වැඩි විධායක බලයක් යෝජනා කර සිටියේය.  කෙසේ වෙතත්, නැගී එන යුද විරෝධී මනෝගතිය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම සඳහා සුලු සැරසිල්ලක් වශයෙන් එවැනි යුද්ධ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යැයි ද එය යෝජනා කලේය.  නමුත් එම අනුමැතිය ද දැනටමත් යුද්ධය ආරම්භ වූ පසුව ලබා ගත යුත්තක් ලෙස පමණි!

පසුගිය සැප්තැම්බරයේ ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් විසින් පත් කරන ලද විමර්ශන වාර්තාව, කම්කරු ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ආක්‍රමණශීලී යුද්ධයකට සම්බන්ධ වීමට සූදානම් වන බවට තවත් අනතුරු ඇඟවීමකි. ඒ ජාත්‍යන්තර නීතියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මන්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු යැයි යන්නට අවනත වන බවේ බොරු මවාපෑමක් පවා නොසලකා හරිමිනි. 

පාර්ලිමේන්තු වාර්තාව ලිලිබඳව සංගත මාධ්‍යවල නිවැරදිව වාර්තා නොකෙරුනු අතර යන්තම් සඳහනක් පමනක් කර ඇත.  එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යුද දියත් කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳව පාලක කවයන් තුල නලියන සැබෑ චකිතය පිලිබිඹු කරයි.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආන්ඩු සමඟ ඇති චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ AUKUS ගිවිසුමේ කොටසක් ලෙස, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන, හයිපර්සොනික් මිසයිල සහ අනෙකුත් ප්‍රහාරක අවි මිලදී ගැනීම සඳහා වසර 30ක් පුරා ඩොලර් බිලියන 368ක් වෙන් කිරීම ජනාධිපති ඇල්බේනියානු ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම විමර්ෂන වාර්තාව නිකුත් කෙරුණි.

කම්කරු පක්ෂ බහුතරයක් සහිත කමිටුවක් විසින් සකස් කරන ලද පාර්ලිමේන්තු වාර්තාව, “යුද්ධය හෝ යුධමය මෙහෙයුම් ඇතුළු සන්නද්ධ ගැටුම් සම්බන්ධ තීරණ මූලික වශයෙන් විධායකයේ පරමාධිකාරී බලයක්” බව අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

වාර්තාව නිර්දේශ කරන්නේ,  එම බලතල, විශේෂයෙන්ම “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් හෝ ස්වෛරී ජාතියක ආරාධනයකින් සහාය නොදක්වන” යුද්ධ සඳහා ද බලාත්මක ක යුතු බවයි.

මෙය ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය සහ එහි සහචරයින්, විශේෂයෙන්ම AUKUS හවුල්කරුවන්, සූදානම් කරමින් සිටින ආකාරයේ යුද්ධය පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.  චීනයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා කඩතුරාව කුමක් වුවත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතුන්, 2003 දී ඉරාකයේ කළාක් මෙන්, එක්සත් ජාතීන්ගේ අනුමැතියේ කඩදාසි කොළයක්වත් නොමැතිව යුද්ධයට යාමේ බලය ඉල්ලා සිටිති.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍යයෙන්ම නිෂ්කාශන මධ්‍යස්ථානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන යුද්ධවලට කිසිවිටෙක බාධාවක් බව ඔප්පු කර නොමැති නමුත්, ආරක්ෂක මණ්ඩලයේ  විධිමත් අනුමැතියකින් තොරව සිදු කෙරෙන යුද්ධයක් නීති විරෝධී හා ආක්‍රමණකාරී යුද්ධයක් දියත් කිරීමේ චෝදනාවලට වගකිව යුත්තන් හෙලිදරව් කිරීමේ අවදානම දරයි.  

විදේශ කටයුතු, ආරක්‍ෂාව සහ වෙළෙඳාම පිළිබඳ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ ආරක්‍ෂක අනුකමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව, ආරක්ෂක පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම වෙනුවට, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 වැනි වගන්තිය යටතේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වශයෙන් “ප්‍රධාන අන දෙන්නා” ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය ක්‍රියාවට දමමින් ඕනෑම සන්නද්ධ ගැටුමකට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි.

මෙම ක්‍රමවේදය දේශීය හෝ ජාත්‍යන්තරව ඕනෑම නෛතික අභියෝගයකින් යුද්ධයේ තීරණ ආරක්ෂා කරන අතර ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් ආරක්ෂා කරනු ඇත බව වාර්තාව දක්වයි.

ප්‍රායෝගිකව, චීනය සමඟ යුද්ධයට යාමේ ඕනෑම තීරණයක් ගනු ලබන්නේ වොෂින්ටනයේ දී ය. ඒ  ව්ශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් (Pine Gap) සන්නිවේදන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ උතුරු ඕස්ට්‍රේලියාව පුරා අනෙකුත් කඳවුරු වැනි අත්‍යවශ්‍ය එක්සත් ජනපද මිලිටරි සහ බුද්ධි පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන බැවිනි.

විශේෂයෙන්ම 2011 සිට, එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී වොෂින්ටනයේ මිලිටරි සහ මූලෝපායික “ආසියාවට හැරීම” ප්‍රකාශ කළ විට, ලේබර් සහ ලිබරල්-ජාතික ආන්ඩු ද ඔස්ට්‍රේලියාව චීනයට එරෙහිව

යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය වේදිකාවක් බවට පත් කරමින් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වලට ඔස්ට්‍රේලියාව වඩ වඩාත් ඒකාබද්ධ කර ඇත.  

මෙම ඒකාබද්ධතාවය මූර්තිමත් කරන්නේ, ඉන්දු-පැසිෆික් කලාපයේ තමන්ගේම කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ඉෂ්ඨ කරගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේ සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ කොන්දේසි විරහිත පෙලගැසීමයි.

චීන-විරෝධී අධිරාජ්‍යවාදී සංධානය තර කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති නවසීලන්තයේ සංචාරය කරයි: 

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් අප්‍රේල් මුල් සතියේ අසල්වැසි නවසීලන්තයට ගොස්  නවසීලන්ත ආරක්ෂක ඇමති ඇන්ඩෲ ලිට්ල් හමුවිය.  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මෙම සංචාරය “අපගේ කලාපයේ බහුවිධ ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ඵලදායීව සහතික කිරීම සඳහා අපගේ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරනු ඇති” බවයි.

නවසීලන්තයේ කම්කරු පක්ෂය-ග්‍රීන් සභාග ආන්ඩුව රුසියාවට සහ චීනයට එරෙහිව තුන්වන ලෝක යුද්ධයක් කරා තීව්‍ර වන තල්ලුව පිටුපස පැහැදිලි ලෙස පෙලගැසෙන ලෙස ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ වැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.

නවසීලන්තය එක්සත් ජනපදය ප්‍රමුඛ “පංච අක්ෂි” බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සමීප සගයෙකි.  කෙසේ වෙතත්, මේ දක්වා, නවසීලන්තයේ වැදගත්ම වෙළඳ හවුල්කරුවා වන චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් වලට විවෘතව සම්බන්ධ වීමට වෙලින්ටන් පැකිලෙමින් තිබේ.

අප්‍රේල් 6දා පැවති මාධ්‍ය හමුවකදී ඇමති ලිට්ල් පැවසුවේ තමන් සහ මාර්ල්ස් චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ගැන “විශේෂයෙන් කතා නොකළ” බවයි.  කෙසේ වෙතත්, නවසීලන්ත ආන්ඩුව මිලිටරි ගිවිසුමේ “කණු දෙක” සඳහා සහභාගී වීමට සලකා බලයි, එය රටවල හමුදාවන්ගේ අන්තර් ක්රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා උසස් මිලිටරි තාක්ෂණය බෙදාහදා ගැනීම ඇතුළත් වේ.

වර්තමානයේ, නවසීලන්තයේ න්‍යෂ්ටික විරෝධී නීති මගින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන රටේ සාගර කලාපයට ඇතුළු වීම වළක්වනු ඇත.

පසුව, ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීම නවසීලන්තයට “අර්ථවත්” යැයි පවසමින්, පැසිෆික් කලාපයේ “මිලිටරිකරණය” ගැන ලිට්ල් වංචනික ලෙස චීනයට චෝදනා කළේය. 

ඔහු ඕස්ට්‍රේලියාවේ මිලිටරි ගොඩ නැගීම ‘ආරක්‍ෂනවාදී’ යැයි සාවද්‍ය ලෙස නිරූපනය කරමින්, මෙසේ කීවේය: ” [චීනය] ඔවුන්ගේ නාවික හමුදාවේ ප්‍රමාණය, ඔවුන්ගේ හමුදාවේ සහ ඔවුන්ගේ ගුවන් හමුදාවේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන ඇත, ඔවුන් සිය න්‍යෂ්ටික අවි සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.  මේ කාරණා ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කර ගත යුතු බවට තීරනය කරීමට පොලඹවා ඇත”. 

එහි න්‍යෂ්ටික අවි ගබඩාව ඇතුළුව එක්සත් ජනපද මිලිටරි වියදම් විශාල වශයෙන් ප්‍රසාරණය කිරීම, තායිවානයේ හමුදා ස්ථානගත කිරීම සහ ජපානය, දකුනු කොරියාව සහ පිලිපීනය සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපය පුරා එහි වැඩෙන ව්‍යාප්තිය ගැන ඇමති ලිට්ල් සඳහන් කළේ නැත.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් දකුනු චීන මුහුද සහ තායිවාන් සමුද්‍ර සන්ධිය ඇතුලු චීනය ආසන්නයේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස නිතිපතා සිදු කරයි.

පසුගිය වසරේ, න්‍යෂ්ටික සන්නද්ධ චීනයට සහ රුසියාවට එරෙහි එහි යුදමය ක්‍රියාදාමයට සහය දක්වමින් නේටෝ සමුළුවක් ඇමතූ පළමු නවසීලන්ත නායිකාව බවට එවකට අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් පත් වූවාය.

මේ අතර, ලේබර් ආන්ඩුව සිය මිලිටරි හා බුද්ධි අංශ වැඩිදියුණු කිරීම සඳහා බිලියන ගනන් වියදම් කරයි.  අප්‍රේල් 2 දා, සටෆ් (Stuff) මාධ්‍යය හෙළි කළේ, ඕක්ලන්ඩ් හි ගුවන් හමුදා කඳවුරක නව දත්ත මධ්‍යස්ථානයක් සඳහා ඩොලර් මිලියන 300ක් වැය කරමින් සටින බවත්, එය එක්සත් ජනපදය මෙහෙයවන “පංච-අක්ෂි” වැඩසටහන යටතේ  ආසියාවේ, පැසිෆික් කලාපයේ සහ ජාත්‍යන්තරව  තොරතුරු බැලීමේ කොටසක් ලෙස නිරීක්ෂණ සිදු කරන රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශය (GCSB) විසින් රැස් කරන ලද තොරතුරු ගබඩා කරන බවත්ය. 

සුළු අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, නවසීලන්තයේ ධනේශ්වරය සැමවිටම විශ්වාසය තබා ඇත්තේ එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව සමඟ ඇති සන්ධානය මත ය;  පැසිෆික් කලාපයේ සහ වඩාත් පුලුල් ලෙස නවසීලන්තයේ කොල්ලකාරී අවශ්‍යතා සඳහා සහාය සහතික කිරීම පිණිස එය කොරියාවේ, වියට්නාමයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ දැන් යුක්රේනයේ යුද්ධවලට සහාය දුන්නේ ය.

නවසීලන්ත කම්කරු පන්තිය තුල පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.  කෙසේ වෙතත්, ලේබර්, ග්‍රීන්ස්, ජාතික හෝ වෙනත් ධනේශ්වර පක්ෂයක් තුන්වන ලෝක යුද්ධයෙන් ඉවත් වී සි⁣ටීමට බලපෑම් කරනු ලැබිය හැකි යැයි විශ්වාස කිරීම මාරාන්තික වැරැද්දකි.

යුද්ධයේ හා පන්ති අරගලයේ ඉහලම කාලපරිච්ජේදයක්

අධිරාජ්‍යවාදී යුද්ධයේ සූදානම පසුබිමෙහි පන්ති අරගලය පූර්ව විප්ලවවාදී ආකාරයක් අත්කරගනිමින් තිබේ. යුරෝපයේමත් රටක් රටක් පාසා නව ඉහල මට්ටමකින් වර්ධනය වන පන්ති අරගල ධනපති විරෝධී විභවයන් අත්කරගෙන තිබේ. 

වර්තමාන ජාත්‍යන්තර භූ-දේශපාලනය අන්තර් සම්බන්ධිත සංසිද්ධි දෙකකින් සංලක්ෂිත වේ: එනම් ලෝක යුද්ධය දෙසට අධිරාජ්‍යවාදී තල්ලුව සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයයි.  මෙම ක්‍රියාවලීන්  දෙක ගැඹුරින් සම්බන්ධ වේ.  අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතා කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධය දෙසට වන මෙම විනාශකාරී වෛශික ධාවනය නැවැත්වීමේ එකම මාධ්‍යය වන්නේ ගෝලීය ධනවාදයට සහ එහි යල්පැනගිය  ප්‍රතිවාදී ජාතික රාජ්‍ය  ක්‍රමය අවසන් කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ය.  

#theSocialistLK #CACPS 

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ Read More »

thesocialist.LK

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

විල් ලෙහ්මන් විසිනි.

මෙහි පලවන්නේ 2023 මාර්තු 3, ‌ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “Support and build the Caterpillar workers’ Rank and File Committee” ලෙසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්ථනය SF විසිනි

විල් ලෙහ්මන් මැක් ට්‍රක්ස් හි කම්කරුවෙක් වන අතර ඔහු ඇමරිකාවේ එක්සත් ඔටෝ වර්කර්ස් (UAW- යූඒඩබ්ලිව්) යන වෘත්තීය සමිතියේ ජාතික මැතිවරනයේදී සභාපති ධුරයට තරඟ කල සමාජවාදියෙකි. willforuawpresident.org හි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තවදුරටත් දැනගත හැකිය.

මෙම ප්‍රකාශය ලෙහ්මන් සිදුකරන්නේ කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවට (එක්සත් ජනපදය) සහාය පල කරමිනි. කැටපිලර් යනු ලොව ප්‍රධානම ඉදිකිරීම් යන්ත්‍ර නිෂ්පාධන සමාගමකි. කැටපිලර් කම්කරුවන්ගේ අරගලය හදාරන ලෙසත්, එයට සහාය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

***

Image

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබ අමතන මා විල් ලෙහ්මන් ය. ලෝකයේ විශාලතම ඉදිකිරීම් උපකරණ නිෂ්පාදකයා වන කැටපිලර් හි කම්කරුවන්ට සහාය වන ලෙස සියලුම මෝටර් රථ කම්කරුවන් හා යූඒඩබ්ලිව් පුරා සිටින සේවකයින්ගෙන් ඉල්ලා සිටීමට මට අවශ්‍ය ය.

අඟහරුවාදා මධ්‍යම රාත්රියෙන් ගෙවෙනවාත් සමග ම, යූඒඩබ්ලිව් හා කැටපිලර් “අවසාන මොහොතේ” තාවකාලික ගිවිසුමක් අත්සන් කිරිම නිවේදනය කළේ, වත්මන් ගිවිසුම අවසන්වූ පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ග සඳහා කම්කරුවන්ගේ වැඩෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි.

වසර හයක කොන්ත්‍රාත් යෝජනාව සැබෑ වැටුප්වල දැවැන්ත කප්පාදුවක් බලාත්මක කරනු ඇත. කොන්ත්රාත්තුව වසරකට සාමාන්‍යයෙන් සියයට 3 කින් පමණ නාමික වැටුප් වැඩි කරන අතර එයින් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය සේවා වාරිකවල සියයට 2 ක වාර්ෂික වැඩිවීමක් විසින් ගිල දැමෙනු ඇත. පවතින උද්ධමනය සියයට 6ට ද වඩා අධික වීම සමඟ බැලූ කල, මෙයින් අදහස් වන්නේ කම්කරුවන් තම සැබෑ ආදායමේ තියුනු පහත වැටීමක් අත් දකිනු ඇති බවත්, කොන්ත්‍රාත්තුව අවසන් වන විට ඔවුන්ගේ වැටුප් වල මිලදී ගැනීමේ ශක්තිය අඩු වනු ඇති බවත්ය.

යූඒඩබ්ලිව් තන්ත්‍රය බොහෝ කම්කරුවන්ට හුරු පුරුදු, සමාගම් ගැති ‘නීති සංග්‍රහයක්’ අනුගමනය කරයි. එය මාස ගනනාවක් තිස්සේ කලමනාකාරීත්වය සමග තමන් සාකච්ඡා කරන දේ ගැන කැටපිලර් කම්කරුවන් අඳුරේ තබා ඇත. කොන්ත්‍ත්‍රාත්තුවේ ‘සැලකිය යුතු කරුනු’ මැයෙන්, එය නිකුත් කර ඇත්තේ පිටු කිහිපයක් පමණි. එය (ගිවිසුම) විශාල ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාවක්’ ලබා දී කම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාව’ විශාල වන තරමට පාවාදීමේ තරමද විශාල වන බව අපි කවුරුත් දනිමු.

කැටපිලර් කම්කරුවන් පෙරලා සටන් වදිති. පසුගිය මාසයේ, සටන්කාමී කම්කරුවන් පිරිසක්, තොරතුරු හුවමාරු කර ගැනීමට සහ යූඒඩබ්ලිව් සහ යූඒඩබ්ලිව් නො වන කම්හල් හරහා කම්කරුවන්ට සන්නිවේදනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ මාවතක් සැපයීම සඳහා, කැටපිලර් ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගත්හ.

ක්‍රියාකාරී කමිටුව, යූඒඩබ්ලිව් නිලධරයේ ගනුදෙනුව විකුණා දැමීමක් ලෙස හෙලා දකිමින් සහ එය ප්‍රතික්ෂේප කර, වැඩ වර්ජන ක්‍රියාමාර්යකට සූදානම් වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ප්‍රකාශයක් බදාදා නිකුත් කළේය.

කමිටුව විසින් කම්කරුවන් සදහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය ‌දේ මත පදනම්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

*සියලුම කම්කරුවන්ට සියයට 50ක වැටුප් වැඩිවීමක්

*ජීවන වියදම් ගැලපීම (COLA- නිත්‍ය ජීවන වියදම් ඉහළ යාම සදහා වැටුප් වැඩිවීම්) නැවත බලාත්මක කිරීම.

*වැටුප් හා ප්‍රතිලාභ ස්ථර ක්‍රමය (wage and benefit tier system) වහා අහෝසි කිරීම

*සියලුම සේවකයින් සඳහා අවම වශයෙන් වැටුප් සහිත සති දෙකක පුද්ගලික නිවාඩු කාලයක්

*වත්මන් කම්කරුවන් සහ විශ්‍රාමිකයන් යන දෙපාර්ශ්වයටම සෞඛ්ය සේවා වාරික සහ අතින් දරන වියදම් විශාල වශයෙන් අඩු කිරීම

*සියලුම කම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිෂ්ඨාපනය කිරීම

*සම්පූර්ණ කොන්ත්‍රාත් ගිවිසුම් ලේඛනය නිකුත් කරන ලෙසත්, කොන්ත්‍රාත්, ක්‍රියාකාරී කමිටුවේ අධීක්ෂණයට යටත් කිරීමත් ඔවුහු ඉල්ලා සිටිති.

මෙම සටන හුදෙක් කැටපිලර් සම්බන්ධ කාරනයක් නො වේ. සංගත සහ සමස්තයක් ලෙස පාලක පන්තියට දැවැන්ත පරාජයක් අත් කර දීමට අධිෂ්ඨාන කර ඇත. ඔවුන් සම්බන්ධයෙන් ගත් කල, ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ අන් සියල්ලටත් වඩා පාලක ප්රභූවේ යුද ප්රතිපත්තිය සදහා ගෙවිය යුත්තේ කම්කරුවන් ය. ය්‍රක්ක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව යුද්ධ කිරීමට සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමට බිලියන සිය ගනනක් වැය කෙරේ. එපමනක් නොව, කැටපිලර් ප්‍රධාන මිලිටරි සැපයුම්කරුවෙකු වන අතර, බයිඩන් පරිපාලනය සහ ධනේශ්වර පක්ෂ දෙක ඔවුන්ගේ සැපයුම් දාමයට කිසිදු බාධාවක් නොඉවසනු ඇත.

මම පසුගිය වසර පුරා, සමිතියේ ජාතික මැතිවරනයේ දී යූඒඩබ්ලිව් සභාපතිත්වය සදහා තරඟ කළේ සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරය අහෝසි කිරීම, පාලනය සහ තීරණ ගැනීම නිෂ්පාදනයේ නිරත කම්කරුවන්ට පැවරීම සහ කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා ජාත්යන්තර ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම යන බලය පිලිබද ක්‍රියා මාර්ගයක් මත ය.

කැටපිලර් කම්කරුවන් යෙදීගෙන සිටින්නේ සමස්ත කම්කරු පන්තියටම ප්‍රධාන වැදගත්කමක් ඇති සටනක ය. ඔවුන්ට ඔබේ සහයෝගය අවශ්‍යයි, සුදුසුයි. කැටපිලර් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයන් ඔබේ සගයන් සමඟ බෙදාගෙන ඔවුන් සටන් කරන්නේ කුමක් සඳහාද යන්න සාකච්ඡා කරන්න. කම්කරුවන් සඳහා සහය දක්වන ප්‍රකාශ මට එවන්න; ක්‍රියාකාරී කමිටු ජාලයට සම්බන්ධ වීම සහ ගොඩ නැගීම සම්බන්ධ තොරතුරු සදහා මා අමතන්න:

willforuawpresident@gmail.com.

Image courtesy of wsws.org

#CACPS #theSocialistLK

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු! Read More »

1680954720383

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි 

Image
පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂනයක් 2022 අගෝස්තු 22

රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරනය නො වැලැක් විය හැකි අවශ්‍යතාවක් බව ආන්ඩුව අවධාරනයෙන් කියා සිටී.  කම්කරුවෝ සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ සක්‍ය වැඩ පිලිවෙලක් නැතිකමින් පීඩාවට හා වෙහසට පත්ව සිටිති. 

වෘත්තීය සමිති, මෑත මිල වැඩි කීරීම්වලින් පසු සංස්ථාව ලාභ ලැබීම, ඉදිරියේ දී තවත් ලාභ ලැබීමට එයට ඇති හැකියාව, විදේශ විනිමය උපයන මාර්ගයක් වීම හා ජාතික ආරක්ෂාවට සිදු විය හැකි බලපෑම වැනි කරුනු පෞද්ගලීකරනයේ අවාසි බව පෙන්වා දෙමින් ආන්ඩුවේ තීන්දුවට විරුද්ධ වී ඇත. 

එල්ටීටී ඊ සමග ගෙන ගිය යුද්ධයේ දී හමුදාවට තෙල් සපයමින්, තෙල් සංස්ථාව කල සේවය පෞද්ගලික සමාගම්වලින් අපේක්ෂා නො කල හැකි බව වැනි කරුනු සමිති නායකයන් විසින් මේ මොහොතේත් ගෙන හැර පානු ලබමින් සිටී. ඒ අර්ථයෙන් ගත් කල කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල ලෙයින් සහ යකඩින් මැඩීමට පොලිසියට හා හමුදාවට තෙල් සැපයීමත් ‘ජාතික ආරක්ෂාවට’ අදාල වැදගත් කටයුත්තක් ලෙස සලකා තෙල් වෘත්තීය සමිති වැඩ කර ඇත! සහනාධාර ඇතුලු ප්‍රතිසංස්කරන දිනා ගැනීමේ සිට සහනාධාර කප්පාදු කිරීමේ විවෘත ධනපති ඒජන්සි බවට වෘත්තීය සමිතිවල පරිවර්තනය තේරුම් ගැනීමට තවත් නිදසුන් අවශ්‍ය නැති තරම් ය.  

පෙර මෙන් වැඩ කරන ජනයාගේ උද්ඝෝෂන දරා සිටීමට ආන්ඩුවට හැකියාවක් නැත. ඒ වෙනුවට දැන් ක්‍රියාවට දමන කම්කරුවන්ට එරෙහි මරදනයට විවෘතවම බද්ධ වීම සමිති නායකයන්ගෙන් ආන්ඩුව අපේක්ෂා කරන සේවය යි. තෙල් සමිති නායකයන් 4 දෙනෙකු සමග නල පද්ධතියට අලාභහානි සිදු කිරීමට තැත් කිරීම වැනි බොරු චෝදනා මත තවත් 15 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථනයට ඇතුලු වීම තහනම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් මගින් ආන්ඩුව නිකුත් කර ඇත්තේ එම නිවේදනයයි. සමතයක් සදහා මාර්තු 31 දින හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ නිල නිවසට බඩ ගෑම මගින් සමිති නායකයෝ තමන් රඳා පවතින්නේ කවර පන්තියක් මත ද යන්න නැවතත් තහවරු කලහ.  

මාර්තු 27 පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට පැවරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කරන මොහොතේත් වෘත්තීය සමිති නායකයන් සිටියේ තෙල් සංස්ථාව විකිනීමට ‘එරෙහි’  ඊනියා උපවාසයක හෝ සත්‍යග්‍රහයක නියැලීගෙන ය. මේ විකාරයට කම්කරුවෝ සහභාගී නො වූහ. සමිති නායකයන් සදහන් කලේ තමන් හිතා මතාම කම්කරුවන් සහභාගී කර නො ගත් බව ය. මෙයින් අංශ දෙකක් හෙලි විය. පලමුවැන්න කම්කරුවන් අරගලයෙන් ඉවත තබා ප්‍රශ්නය තමන් අතේ රදවාගෙන නිර්බාධිතව ඉදිරියට යෑමට ආන්ඩුවට අවස්ථාව ලබා දීම ය. අනෙක් අතට, අලුත් වටයකින් ආන්ඩුව ගෙන ආ පුද්ගලීකරන වැඩපිලිවෙලට වෘත්තීය සමිති නායකත්වය දැක්වූ විරෝධයේ ඇති ව්‍යාජත්වය හොඳින් දන්නා  කම්කරුවන් මෙම නිෂ්ඵල ක්‍රියාවට සහභාගී වීම ඒ වන විටත් ප්‍රතික්ෂෙප කර තිබිනි. 

ආන්ඩුව මෙවන් වෘත්තීය සමිතිවල කටයුතු මතින් ලද අවසරයෙන් සිය සූදානම තර කරගෙන පසු දින ම තෙල් කම්කරුවන්ට එරෙහිව කඩා පැන්නේ ය. සමිති නායකයන් හා සේවකයන් පිරිසකට වැඩපලට ඇතුලු වීම පවා තහනම් කර පොලීසිය හා හමුදාව පෙල ගස්වා, සීරුවෙන් තබාගෙන කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට ආන්ඩුවට හැකි වූයේ කුමන බලවේගයක් නිසා ද? කම්කරුවන්ට මෙය දරා සිටිය හැකි ද?  මේ ප්‍රශ්නවලට පිලිතුරු ලභා ගැනීම සදහා අපි තෙල් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ඉතිහාසය විමසා බැලිය යුතු ය.  

2003 වසරේ, ඒ වන විට වසර 40ක් සංස්ථාව සතුව පැවති ත්‍රිකුනාමලේ තෙල් ටැංකිවලින් 14ක් ලංකා අයිඔසී සමාගමට (LIOC) පවරන ලදී. ඉතිරි ටැංකි 85න් සංස්ථාවේ පූර්න හිමිකම ලෙස තබා ගත්තේ 24ක් පමනි. වැඩි ප්‍රමානය සංස්ථාව ඇතුලත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. තවත් අවුරුදු 20ක් ගෙවී ගියත් වෘත්තීය සමිතිවලට හෝ “දේශිය සම්පත් රැක ගැනීමේ” ජාතිකවාදී ව්‍යාපාර කිසිවකට එම පියවරයන් නතර කිරීමට හෝ ඒවා ආපසු හැරවීමට නො හැකි වූ බව ඔප්පු වී ඇත. වසරක් පාසා එකින් එක, පියවරින් පියවර ප්‍රද්ගලීකරනය සම්පූර්න කිරිම දෙසට ආන්ඩුව සමීප වූයේ ය. ඒ සෑම පියවරක දී ම සමිති අහිමි වූ දේ අමතක කිරීමට කම්කරුවන් මෙහයවීමේ වග කීමට උර දුන්නා පමනක් නො ව, ඉතිරියට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ප්‍රතිරෝධය දිය කර, වත්මන් ප්‍රහාර මාලාවට කම්කරුවන් ගොදුරු කලේ ය.  සමිතිමත් මැදිහත් වී කම්කරු පන්තියේ සටන් මගින් දිනා ගත් සහනාධාර අහෝසි කිරීමට පාලක පන්තිය හා පෙලගැසීම දැන් ඒවායේ කටයුත්ත වී ඇත.      

කොරෝනා වසංගතයත් සමග ආර්ථික අර්බුදය පුපුර ඉස්මත්තට පැමිනීම සමග ආන්ඩුවට දශක ගනනක් කල් පමා කල පෞදුගලීකරන පිලිවෙත් තව දුරටත් යටපත් කීරීමට නුපුලුවන් විය. බහු ජාතික සමාගම් අතට පත් වුවහොත් තෙල් මිල ඉතා ඉහල දැමීම සිදු කරන බැවින් සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් සහනාධාර අහෝසි කර මිල ගනන් ඉහල දමා හෝ පිරිපහදුව පවත්වාගත යුතු ය යි වානිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සංගමයේ (ඛනිජ තෙල් ශාඛාව) සභාපති බන්දුල සමන් කුමාර යොජනා කලේ 2021 දී ය (ලංකාදීප, 2021 නොවැම්බර 15). වෘත්තීය සමිත්මත් මැදිහත් වී කම්කරු පන්ති සටන් මගින් එක් කලෙක දිනා ගැනුනු සහනාධාර අහෝසි කිරීමට වෘත්තීය සමිති ම මැදිහත් වීම මගින් පිලිබිඹුවූයේ පන්ති අරගලයේ රූපවල තීරනාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුව ඇති බව ය.   

2022 අගෝස්තු 12 දින 2002 ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවධාන) පනත සංශෝධනය සදහා වූ කෙටුම්පත ගැසට් කලේ වත්මන් පුද්ගලීකරන වැඩපිලිවෙලේ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහි පැන නැගි කම්කරුවන්ගේ විරෝධතා “අමාත්‍යංශය දැනුවත් කිරීම” සදහා යවන ලිපිවලට, ධනපති උසාවියට හා දේවාලවලට කන්නලව්කිරීම වෙත හරවා යවන ලද්දේ ය. 

සැප්තැම්බර් 20 දින මුන්නේස්වරම් කෝවිලට හා සීනිගම දේවාලයට කන්නලව්වකට සහභාගී වූ සමිති එකමුතුවේ සාමාජකයෙකු වන, ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් මෙහෙයවන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, අශෝක රංවල, මේ කන්නලව්ව ගැන වාර්තා කල, ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිනි: “අපේ රටට සම්පතක් වෙලා තිබුනු ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. මේ පිලිබද වග කිව යුතු අංශ දැනුවත් කරමින් කියා සිටියා, කරන්න යන වැඩේ නො කල යුතු බව.” කෙසේ වෙතත් මුන්නේස්වරමේ සහ සීනිගම වැඩ වසන දෙවිවරු දැනුවත් වී නැති හැඩ ය. අමු ම අමු වංචාවකි! “සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා” යි රන්වල කම්කරුවන්ගේ ඇස් ඉලක්කයෙන් ඉවත හරවන්නේ ය. නමුත් සංස්ථාව හා එහි කම්කරුවන් ගොදුරු වන්නේ ධනවාදයේ ගැඹුරු වන අර්බුදයට ය. 

Image
අශෝක රංවල

කෙසේ වෙතත් අමාත්‍යංශය තමන් දැනුවත් කිරීමට ප්‍රතිචාර දැක් වූයේ අත්‍යවශ්‍ය සේවා පනත යටතේ ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැසවීමට ඇති අයිතිය අහිමි කරන චක්‍රලේඛයක් නිකුත් කරමිනි. රාජකාරියට බාධා කිරීම ලෙස කම්කරු විරෝධතා නම් කල එම චක්‍ර ලේඛය මගින් හදිසි රැස්වීම් විසිර වීමට ආරක්ෂක අංශයට බලය පවරා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කැඳවන ලදී.

එම ඔක්තෝම්බර් 18, තාක්ෂනික සේවකයෝ, ලිපිකරු, ඉන්ජිනේරු යනාදී සංස්ථාවේ සෑම අංශයකම සේවකයෝ, අත්‍යවශ්‍ය සේවා  නියෝග නො තකා, ඒකාබද්ධ වැඩ වර්ජනයක් ඇරඹූහ. සමිති එකමුතුව එදින දහවල් 12ට එය අවසන් කල අතර ආන්ඩුව ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධවිධාන) පනත එදින ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ය. ඉන්ධන ආනයන හා බෙදා හැරීම සදහා ඒ වන විට බලපත්‍ර හිමිව සිටි තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගමට අමතරව වෙනත් පාර්ශව සදහා ඉදිරියේ දී බලපත් නිකුත් කරන බව ඇමති කියා සිටියේ ය.

බලශක්ති ඇමති විජේසේකර 2023 මාර්තු 14 දින වෘත්තීය සමිති කැදවා තෙල් සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම්වලට පවරන බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛා සභාපති ජගත් විජයගුනරත්න සදහන් කලේ ඇමති විජේසේකර විසින් සාකච්චා ඉල්ලා වෘත්තීය සමිති කල ආයාචනා මාස 8ක් තිස්සේ ම කුනු කූඩයට දමන ලද බව ය. 14 දා හමුවේ දී  කවුරු විරුද්ධ වුනත් සමාගම්වලට පවරන එක කරනවා යි ඇමති විජේසේකර වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇත. 

“දැං අපි සේවකයන්ට දෙන උත්තරේ මොකක් ද? ඒ නිසා තමයි වෘත්තීය සමිති එකතු වෙලා මේකට මොකක් හරි කරන්න ඕන නිසා සත්‍යක්ග්‍රහයක් ආරම්භ කලේ” අප්‍රේල් 4 සිරස “සටන” වැඩ සටහනට සහභාගි වූ විජයගුනරත්න තව දුරටත් සදහන් කලේ ය. 

එම සාකච්චාවේ දී, සමගි ජන බලවේගයේ ප්‍රධනියෙකු වන, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු හා සභාපති ආනන්ද පාලිත  වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ආරම්භ කලේ “ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය පිලිබද ප්‍රශ්නයට හැකි පමනින් දායක වීම සදහා ය.” අද ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යනු අන් කිසිවක් නො ව පෞද්ගලීකරනය ම ය. 

කෙසේ වුවත් ඔහු සාකාචඡාවේදී වැදගත් තිත්ත සත්‍යයක් හෙලි කලේ ය. ඒ තම තමන්ගේ පක්ෂ ආන්ඩු කරන කාලවල දී, තෙල් සංස්ථාව පෞද්ගලීකරනයට එම ආන්ඩු ගත් පියවරයන්ට එම ආන්ඩුවලට අයත් වෘත්තීය සමිති විරුද්ධ නො වූ බව ය. පොදු ජන පෙරමුනේ සමිති නායකයා සමන් කුමාර තමන් එවක අධ්‍යක්ෂක මන්ඩලයේ සිටි බවත් ආන්ඩුවේ යෝජනාවට විරුද්ධ නිසා එයින් ඉවත් වූ බවත් කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ කල ද වෘත්තීය සමිතිවලට එලල් වූ චෝදනාව ප්‍රතික්ෂේප නො කලේ ය. 

තම සාමාජිකයන්ගේ තහනම ඉවත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සමග ගනුදෙනුවක් කපුකම් කිරීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂට ආයාචනා කල පොදු ජන ප්‍රගතිශීලී සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරට  “ප්‍රශ්නය වී ඇත්තේ 225 එපා කී මේ රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම ය.” ඉහත කී රූපවාහිනී වැඩ සටහනට සහභාගී වෙමින් තමන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් නො ගැනීම ‘රටේ ජනතාවගේ’ මෙම හැසිරීම නිසා යැයි යුක්ති සහගත කරමින් මුසාවක් ඇද බෑවේය.  

දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආන්ඩුව පලවා හැරීමට පෙරමුනට පැමින ජනාධිපතියෙකු පන්නා දමා ඉන් එහා පැහැදිලි ක්‍රියා මාර්ගයක් හෝ නායකත්වයක් නැතිවත් මාස ගනනක් අරගලයේ රැදී සිටියහ.  සංවිධිත කම්කරුවන් ඊට සහභාගී විමට ගත් සෑම අවස්ථාවකදීම දැනුවත්ව බාධා කරමින් ආන්ඩුව රැක ගැනීමට වැඩ කල හා මහජන ව්‍යාපාරයට වෛර කල පොදු ජන පෙරමුනේ නායකයෙකු වන සමන් කුමාර ඇතුලු වෘත්තීය නායකයෝ සහ සෙු අවස්ථාවාදියෝ රනිල් වික්‍රමසිංහ තන්ත්‍රය බලයේ පිහිටවූහ. “හැම කෙනෙක්ම දන්නවා අපි මේ ආන්ඩුව බලයට පත් කරන්න වැඩ කල බව,” කුමාර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී පුනරුච්ඡාරනය කලේ ය. දැන්, “රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම” ගැන මහජනතාවට දෙස් දෙන්නේ මොවුන්ය. 

“මාස දෙකකට කලින් කැබිනට් පත්‍රිකාව එන බව දැනගෙන මෙය නො කරන ලෙසත්, එසේ කලොත් කෙටි දැනුම් දීමකින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා කියා අමාත්‍යවරයා දැනුවත් කල” බවත් රංවල සඳහන් කලේය.  ඒ අතින් නම් රන්වල මහතා යුතුකම් දන්නා මිනිහෙකි. කම්කරුවන් අදුරේ තබා පාලකයන් දැනුවත් කිරීම! අනික් බොහෝ නායකයන්ට මෙන් ම මොහුට අනුව ද පෞද්ගලීකරනය යනු හොරකම් කල මුදල් යොදාගෙන ව්‍යාපාර කිරීමටත්, කොමිස් ගැසීමටත්, තව දුරටත් සොරකම් කිරිමටත් ආන්ඩුවේ මිත්‍රයන්ට අවස්ථාව දීමේ ක්‍රියාවකි. 

ඓතිහාසිකව නිර්නය වූ පන්තිමය දේශපාලන ප්‍රශ්නවලින් වැඩකරන ජනයා ඉවතට හැරවීම හැර මෙබදු ප්‍රකාශයන්ට වෙනත් අර්ථයක් නැත. මේ වනාහී ධනවාදයේ කුනු වීම පිලිබද ප්‍රශ්නයකි. එයට ආවේනික හොරකම දූෂණය විශේෂයෙන් ඉස්මතුවනනේ ද එම කුනුවීම තුලින් ම ය. සත්‍ය නම් ධනවාදී පාලනයේ ම අවශ්‍ය කොටසක් ලෙස පැවති වෘත්තීය සමිති ද ධනවාදය සමග ම කුනු වී ඇති බව ය.  

රංවලගේ මෙම ප්‍රකාශය ඉහත ක‍ී තත්වයේ පිටාර ගැලීමකි: “සත්‍යග්‍රහයට වාඩි වුනේ ජනතාව අපහසුතාවට පත් නොකර කැබිනට් පත්‍රිකාව ගේන්න කලින් අමාත්‍යවරයා අප සමග සාකච්ඡාවක් ගනී කියා විශ්වාස කරල යි. … වග කිව යුතු ඇමතිවරයෙක් නම්, වෘත්තීය සමිති නායකයෝ සත්‍යක්ග්‍රාහයට වාඩි වෙලා ඉන්න කොට අනිවාර්යයෙන් ම අපිත් එක්ක සාකච්ඡා කරන්න එපා යැ.” මොහු සෙසු පක්ෂවල සමිති නායකයන් සමග සන්ධානය ගැන කීවේ, “අපට ඇත්තටම එකතු වෙන්න බෑ. රට වෙනුවෙන් හිතල එකතු වෙලා තීරනයක් ගත්තා උපවාසෙට වාඩිවෙන්න.” රංවල කුමක් කීවත් වෘත්තීය සමිති නායකයන් ධනේශ්වර ජාතික ආරක්ෂාවෙන් හෙවත් ජාතිකවාදයෙන් එකට බැද දමා ඇති බව පැහැදිලිය. වෘත්තීය සමිතිවල ඉරනම තීන්දු වී ඇත්තේ ද හරියටම මෙතැනිනි.

දැන් අප පැහැදිලි සත්‍යක් අත් දැක ඇත්කෙමු. 1970 ගනන් අග දී, සිදු වූ ධනවාදී සමාජයේ නිෂ්පාදන බලවේගවල නව වර්ධනය ලෝක නිෂ්පාදනය ජාත්‍යන්තරීකරනයට පාත්‍ර කල අතර එය මහා සංගත රටවල් තුලට කඩා වැදීමට ද පන්ති සබඳතා තීරනාත්මක ලෙස වෙනස් කරමින් පන්ති අරගලය තියුනු මට්ටම්වලට නැංවීමට ද මග පාදා ඇත.

ධනවාදය සිය නිෂ්පාදනය ජාත්‍යන්තරව සිදු කරන බැවින් පන්ති අරගලයට ජාතික ක්‍රියා මාර්ගයක් වලංගු නැත. මේ තත්වය තුල පන්ති අරගලය ජාතික තලය තුල කිරීමට හුරු පුරුදු ව්‍යාපාරවලට තව දුරටත් ප්‍රතිසංස්කරන සදහා බල පෑමක් කල නො හැකි ය. මේ නිසා වෘත්තීය සමිතිවලට පැවැත්මක් නැති අතර ඒවා පවතින්නේ ධනපති හාම් පුතුන් වෙනුවෙන් වැඩ කරන විවෘත ඒජන්තයන් ලෙස ය. ඒ ඒවායේ ඉරනමයි.        

කම්කරු පන්තියට විකල්ප සංවිධාන රූප හා දේශපාලන බලය පිලිබඳ වැඩපිලවෙලක් අවශ්‍යව ඇත්තේ එබැවිනි. 

(තෙවන කොටසින් පෙට්‍රෝලියම් කම්රුකරුවන්ට තත්‍ය ක්‍රියාමාර්ගයක් පිලිඹදව)

Image courtesy of wsws.org, Unions Lanka fb

#CACPS #theSocialistLK

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස Read More »

1680519961784

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි.

Image
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාවලට අනුව, ආරම්භක අදියරේ දී, රාජ්‍ය ආයතන 7ක්  හෝ 8ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් වශයෙන්  පෞද්ගලික සමාගම් සතු කිරීමේ කැබිනට් පත්‍රිකාව මාර්තු 27 දින සම්මත කරනු ලැබ ඇත. මේ වනාහී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත 2022 ජුනි මාසයේ ගනු ලැබූ අමාත්‍ය මන්ඩල තීන්දුවකි. (ආයතන 120ක් මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.)

අමාත්‍ය මන්ඩල තීරන පරිදි “2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම හා විකිනීම සදහා පහත සදහන් ආයතන සමග ගිවිසුම්ගත වීම… අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.” 

ඒ අනුව චීන සයිනොපෙක් ෆුවල් ඔයිල් පෞද්ගලික සමාගම (Sinopec), ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම (United Petroleum), එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම (R.M. Parks) යන මේ ව්‍යාපාරවලට සංස්ථාව සතු පිරවුම්හල් 150 බැගින් වසර 20ක පරිහරනය සදහා පවරා දෙනු ඇත.   

පුද්ගලීකරනයට එරෙහි තෙල් කම්කරුවන්ගේ ප්‍රබල විරෝධය වෘත්තීය සමිති විසින් දියකර හරිනු ලැබීමේ වසර ගනනක අද්දැකීම් මේ තීරනාත්මක අවස්ථාවේ කම්කරුවන් වික්ෂිප්තභාවයට ඇද දමා ඇත.

වෘත්තීය සමිති පසු දින, (28) දහවල්, ආන්ඩුවේ තීන්දුවට විරෝධය පෑම සඳහා ඉබාගාතේ කැදවූ වර්ජනයට අවශ්‍ය කම්කරු සහාය ලබාගත නො හැකි විය. එම අවස්ථාවේ දී සමිතිවල හැසිරීම, තෙල් කම්කරුවෝ ආන්ඩුවේ මර්දනකාරි පාලනයේ ගොදුරක් බවට පත් කරනු ලැබීමේ අවස්ථාවක් උදා කලා පමනි. 

බල ශක්ති ඇමති කාන්චන විජේසේකර, කම්කරු විරෝධතා පාලනය කිරීම උදෙසා වෘත්තීය සමිති හාම්පුතුන් සමග ඇති කරගත් ගිවිසුම් කෙල පිඩක් තරමටවත් තැකුවේ නැත. “මම සාමූහික ගිවිසුම කඩනවා” යි, ඔහු ගුගුලේ ය. 

එසේ කරන්නේ “ඒකාබද්ධ ගිවිසුම් තිබෙන විට වැඩ කරන පුද්ගලයින්ටයි, නො කරන පුද්ගලයින්ටයි එක හා සමානව සැලකෙන නිසා”යයි ඔහු කීය. ඒ වෙනුවට කාර්යක්ෂමතාව මත පදනම් වූ වැටුප්, ප්‍රසාද දීමනා හා උසස් වීම් යන කරුනු ඉදිරියේ දී සලකා බැලෙනු ඇත. මේ කියන්නේ දැනටමත් නිදහස් වෙලඳ කලාපවල පවතින සූරා කෑමේ වහල් කොන්දේසි දිවයින පුරා කර්මාන්තවල ක්‍රියාකාරීත්වයේ ආදර්ශය බවට පත් කෙරෙන බව ය.

ඇමතිට අනුව ආයතන කඩා වැටී ඇත්තේ, වෘත්තීය සමිති නිසා  “ආයතනවල විනය පිරිහී ආයතන ප්‍රධානීන්ට ආයතන පාලනය කිරීමට බැරි වී තිබෙන” බැවින් ය. ඒ නිසා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ දී  මානව සම්පත් විනයගත කිරීම පලමු කොන්දේසිය වන බව ඇමති නො වලහා සඳහන් කලේ ය. “රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වෙනකොට අනිවාර්යයෙන් වෘත්තීය සමිති කියා එකක් නැති වෙනවා” යි ඇමති කිහිප වරක් ම තහවුරු කලේ ය.

වෘත්තීය සමිති නායකයන් කෙරේ මහජනතාව  තුල ඇති විරුද්ධත්වය ගසා කෑමට තැත් කරමින් ඇමති  විජේසේකර කරුනු කිහිපයක් ගෙනහැර පෑවේ ය. ඒවා මෙසේ ය: වෘත්තීය සමිති නැති වූ විට සමිති නායකයන්ට පැවැත්මක් නැති වේ, සේවයෙන් නිදහස් වී වැටුප් ලභා ගැනීමේ අයිතිය අහිමි වේ, ස්ථාන මාරු මන්ඩලවල වාඩිවීමේ අයිතිය අවලංගු වේ. 

මේ අතර සමිතිවලට ලබා දුන් වාහන හා ඉන්ධන දීමනා නතර කරන ලදී. වෘත්තීය සමිති නායකයන්ට මෙයින් බොහෝ පාඩු සිදුවන්නේ ය යන සත්‍ය බැලූ බැල්මට පෙනී යන දෙය වුවත්, යථාර්ථයේ දී මෙය සමිති නායකයන් පිලිබඳ කරුනක් නො වන බව අප වටහා ගත යුතු ය. ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැස්වී සාකච්ඡා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් චක්‍රලේඛයක් 2022 ඔක්තෝබර මාසයේ පාලනාධිකාරය විසින් නිකුත් කරන ලදී. 

කම්කරු පන්ති සටන් මගින් අතීතයේ දී දිනා ගත් සියලු වරප්‍රසාද අහිමි කිරීම පුද්ගලීකරනයේ අත්‍යවශ්‍යතාවකි. ඒ තුල කම්කරුවන්ට සිය අයිතීන් වෙනුවෙන් සංවිධානය වීමට හෝ ඒවා සදහා සටන් කිරීමට මොන ම ඉඩක්වත් පෙර පරිදි ලැබෙනු නැත. ඇමති  කියන්නේ ඒවා පාලන අධිකාරයට අයත් වැඩ බව ය. “ඒවා කරන්නට මානව සම්පත් දෙපාර්තමේන්තුවක් හැම ආයතනයකම තියෙනවා” යි ඔහු කියයි. එනම් පාලකයන්ගේ අත්තනෝමතිකත්වය පිලි ගැනීම හැර කිසිදු විරෝධයකට ඉඩක් නැත.

28 රාත්‍රියේ ම ආයතනයේ කටයුතු නිර්බාධිතව පවත්වා ගැනීම, එනම් කම්කරුවන්ගෙන් එල්ල විය හැකි අභියොගය පූර්ව භංග කිරීම සදහා තෙල් පර්යන්තවලට යුද හමුදාව යොදවන ලදී. තෙල් බවුසර් ගමනාගමනයට හා තෙල් පිරවීමේ කටයුතුවලට බාධා පැමිනීම වැලැක්වීමට එම පියවර ගත් බව හමුදා ප්‍රකාශකයා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. කල් ඇතිව සූදානම් ව සිට සිදු කල මේ ක්‍රියාවන්ට එරෙහිව කිසිදු බලපෑම් සහිත දෙයක් කිරීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නො තිබිනි.

Image
තෙල් ටැංකි ප්‍රවාහනය සඳහා මිලිටරිය මැදිහත් වෙයි

උද්ඝොෂනයට සහබාගී වූ වෘත්තීය සමිති නායකයන් ඇතුලු 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවන ලදහ. ඔවුන්ට තෙල් සංස්ථා පරිශ්‍රයන් තහනම් කෙරුනි. ඇමතිගේ ප්‍රකාශයට අනුව උද්ඝෝෂනයට සහභාගී වූ සියලු දෙනාට අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංගනය කිරීම යටතේ නඩු පැවරීමට නියමිත ය. දැන් බලහත්කාරයට හා තර්ජනයට යටත්ව වැඩ කිරීමට කම්කරුවන්ට සිදු වී ඇත. 

මෙසේ සිය ජීවනෝපායන් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සදහා වැඩකරන ජනතාවගේ අරගල  කඩාකප්පල් ක්‍රියා ලෙස නම් කර පහර දෙන ආන්ඩුව සහ සෙසු දක්ෂිනාංශික බලවේග ඉල්ලා සිටින්නේ දේශීය හා ජාත්‍යන්තර ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් දිවි දෙවෙනි කොට වැඩ කිරීම හැර අන් කිසිවක් නො වේ. එයින් පීඩිත ජනයාගේ ජීවත කඩාකප්පල් වීම අදාල වන්නේ වැඩ කරන ජනයාට පමනි. 

මේ අතර ධනපති මාධ්‍ය විශේෂ සාකච්ඡා මෙහයවමින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන්නන්ට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඩුවම්, නිශ්චල හා චංචල දේපොල රාජසන්තක කිරීම හා රැකියා අහිමි වීමට මුහුන දිය යුතු ය යි ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත.

ආන්ඩුව දැන් යෝජනා කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත, වැඩ කරන ජනයා මත සමස්ථ අරබුදයේ බර හෙලන, අයිඑම්එෆ් ආර්ථික පිලිවෙත ක්‍රියාවට දැමීමට එරෙහි සෑම ප්‍රයත්නයක් ම ත්‍රස්ථවාදී ක්‍රියාවක් ලෙස නම් කර මර්දනය කිරීම පිනිස ය.

පසුගිය සිකුරාදා (31) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී මිලිටරි ප්‍රධානියා වශයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය කම්කරු මහජනතාව බැරෑරුම් ලෙස ගත යුතුය. ගිය වසරේ මහජන අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් මිලිටරිය හා පොලීසිය පැසසුමට ලක්කල වික්‍රමසිංහ කියා සිටියේ ‘ත්‍රස්තවාදය’ සාර්ථක ලෙස අවසන් කල අයුරින්ම ආර්ථික යුද්ධයද ජයගන්නා බවත්, “මම ජනාධිපති ලෙස ඉන්කනම් නීතිය සාමය කඩන්න මම ආපහු ඉඩ දෙන්නෙ නෑ” ලෙස ය. මේ ‘නීතිය’ නම් අන් කිසිවක් නොව IMF හි කප්පාදු නියෝගයි. 

අමතර බල ඇනියක් ද පෙරමුනට කැදවනු ලබමින් සිටී. කම්කරුවන් ඉහල වැටුප් ලබන බවත්, අවංකව වැඩ නොකර රටේ ආර්ථිකය බිද දමනා බවත් වැනි අවලාදවලින් අවුස්සා, අවස්ථාවාදී මධ්‍යම පන්තික හා පසුගාමී සමාජ බලවේග වැඩකරන ජනයාට එරෙහි ලේ වැකි ව්‍යාපාරයක් ලෙස මෙහයවා ගැනීම සදහා ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද යොදාගෙන ඇත. බෞද්ධ භික්ෂූන්, දේශපාලනඥයන් ඇතුලු ප්‍රතිගාමී කන්ඩායම් ගනනාවක් මෙම දක්ෂිනාංශික පෙරමුනේ වැඩ කරති.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනවක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ අනතුරු ඇගවූයේ ය. “ මතක තියාගන්ඩ ඉතා බලගතු ආන්ඩුවක් පලවා හැරපු ජනතාවක් මේ රටේ ඉන්නෙ. ඒ ජනතාව වෘත්තීය සමිති ගැනත් ඒ ආකාරයෙන් ම ක්‍රියා කරන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ අයිඑම්එෆ් එක පෙන්නා හෝ බඩු මිල නවත්තන්න බැහැ කියා කටයුතු කරන්න බැහැ වගේ ම, සේවා නවත්වන්න, ඒවා අඩාල කරනවා කියන තර්ජනයෙන් වෘත්තීය සමිතිවලටත් මේ රට කරන්න බෑ.” 

රනවක මෙවැනි කන්ඩායම් අතර එක් අයෙක් පමනි. මොහු 2017 මැයි දිනයේ දී මෙසේ කියයි. “වැඩ වර්ජනවලින් පතුලටම එරී සිටින කොලඹ වරාය නැවත මුල් තැනට ගේන්න අපට අවශ්‍යයි. කොලඹ නගරයේ රත්තන්ට වැඩ වර්ජන බෑ.”

1988-89 ජවිපෙ ඝාතන ව්‍යාපාරයේ සිට “ජනතා මිතුරෝ” නම් වර්ගවාදී සංවිධානය ගොඩ නගා, 1988 දී ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය, 2014 ජාතික හෙල උරුමය යන කුප්‍රකට ප්‍රතිගාමී සංවිධාන ගොඩ නගා වර්ගවාදය හා කම්කරු විරෝධය උසි ගැන් වූ, පසුගිය දසක දෙක තුල, මෙරට සිදු වූ  දෙමල හා මුස්ලිම් විරෝධී ජන ඝාතනවලට වග කිව යුතු හා ෆැසිස්ට් ව්‍යාපාරයකට අවශ්‍ය මොහොතක යොදා ගත හැකි අවස්ථාවාදියෙකි, රනවක. 2001 සැප්තැම්බර් 5දා ශ්‍රී ලංකා ෆස්ට් සාම උද්ඝෝෂනයට කඩා වැදී, ඊට සහභාගී වූ අයට පහර දී විසුරුවා හැරීමට මැර කල්ලියක් කොලඹ නගරය පුරා මෙහයවීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මැරකම් සම්බන්ධ වාර්තාවක් ඔහු සතු ය.      

මෙවන් අභියෝග නො තකා තෙල් කම්කරුවන් ඇතුලු සමස්ථ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට අඩියක්වත් එසවිය හැකි නො වේ.  

(මෙම ලිපියේ දෙවන කොටසින් වෘත්තිය සමිතිවල පදනම් හා ක්‍රියාකලාපය ගැන ලියවේ)

#CACPS #theSocialistLK 

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස Read More »

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ගැසට් කර ඉදිරිපත් කර ඇති නව ‘ත්‍රස්ත වරෝධී’ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපති සංජය ජයසේකර සිරිස ටීවී හි “ජාතික මෙහෙවර” වැඩසටහනේ දී 2023 මාර්තු 31 ඉදිරිපත් කල අදහස් වල සම්පූර්න වීඩියෝ පටය මෙහි පලවේ. 

ජයසේකර එහිදී කෙටුම්පතේ විධිවිධාන වල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පැහැදිලි කර යි. එය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු සති දෙකක් තුල නීතිමය වශයෙන් යමෙකුට එය අභියෝග කල හැකිය. 

යෝජිත නීතියේ දේශපාලන අර්ථය විභාග කරමින් මෙවැනි මර්දක නීති වල ජාත්‍යන්තර සංදර්භය හා එයට ලංකාවේ පන්ති අරගලයට ඇති සම්බන්ධය පැහැදිලි කලේය. 

වික්‍රමසිංහගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු මහජනතාවට තමන්ගේම වැඩපිලිවෙලක් ඇති බවත් තමන් දේශපාලනිකව අස්වාමිකව නැති බවත් ඔහු පැහැදිලි කලේය. 

සම්පූර්න කතාව අසන්න. https://youtu.be/b2yMiCkQiyM 

#CACPS #theSocialistLK #RepealPTA

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු! Read More »

Screenshot 20230402 053406

කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image

පසුගිය වසරේ අද වැනි දිනක හිටපු ජනාධිපති ගේඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිටින් පැන නැගුනු මහජන අරගල මාලාව සිහිපත් කිරීම සඳහා අද සවස එම ස්ථානයේම රැස්වුනු උද්ඝෝෂකයන්ට එල්ල කල ආන්ඩුවේ පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව හෙලා දකී.

ජුබිලි කනුව ආසන්නයට රැස්වූ උද්ඝෝෂකයන්ගේ සටන් පුවරු ඉරා දැමූ පොලීසිය ඔවුන් නුගේගොඩ දෙසට එලවා  දැමීය. පසුගිය වසරේ ගාලුමුවදොර “ගොඨාගෝහෝම්” අරගවල පෙරමුනේ සිටි තරුන කන්ඩායම් වල සාමාජිකයන් කිහිප දෙනෙකු අද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබනි. ඒ අතර “තාරුන්‍යායට හෙටක්” සංවිධානයේ ලහිරු වීරසේකර, අනුරුද්ධ බන්ඩාර හා ධානිෂ් අලි යන අය ද විය. අත්අඩංගුවට ගැනිමට පෙර උද්ඝෝෂකයන්ට පොලීසිය අතින් පයින් පහර දුන්හ. 

උද්ඝෝෂනය ආවරනය කරමින් සිටි කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් හා lankaskynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන ශාන්ත විජේසූරිය සහෝදරයා එවන් පහරදීමක් ජායාරූපගත කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඔහුව වටකර, අල්ලා බිම ඔබා පහරදුන් අතර ඔහුගේ කමිසය ඉරා දැමූහ.  උසස් පොලිස් නිලධාරියෙක් සුපුරුදු පරිදි චෝදනා කලේ ඔහු පොලිසියේ රාජකාරියට බාධාකල බවයි.

පොලීසිය සිරස මාධ්‍යවේදී වින්ධන ප්‍රසාද් කරුනාරත්නට ද බැන තර්ජනය කලහ.

අත්අඩංගවට ගනු ලැබූ සියලු උද්ඝෝෂකයන් පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ලංකා ආර්ථිකය විවෘත කිරීමට සපථ කර සිටින ජනාධපති රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් අවධාරනය කර ඇති පරිදි එම වැඩපිලිවෙලට හරහට හිටින කිසිදු විරෝධතාවයකට අවසර නැත. නියමිතව තිබූ මැතිවරන කල් දමා ඇති ආන්ඩුව පාර්ලිමේක්තු ප්‍රජාතන්ත්‍රවාදය අහවර බව නිවේදනය කර ඇත. වික්‍රමසිංහ තනමින් සිටින්නේ මිලිටරිය, පොලීසිය හා සිරකඳවුරු මගින් තහවරු කරගැනුනු ජනාධිපති ආඥාදායකත්වයකි. 

කැකෑරෙන මහජන විරෝධය මතුපිටට මතුවන කුඩා හෝ විරෝධතාවයක් මහා ගින්නක් බවට පෙරලීම වැඩි ඈතක නොවන බව දන්නා ආන්ඩුව සෑම ගිනි පුලිඟුවක්ම නිවා දැමිමට කැප වී ඇත.

ආන්ඩුවේ මර්දනය වෘත්තීය සමිති හා කම්කරු නායකයන් වෙත දැනටමත් එලල කර ඇත. පුද්ගලීකරනය වෙනුවෙන් මධ්‍යම පන්තියේ කොටස් එම ප්‍රතිගාමී ප්‍රහාරයට රැලිකර ගැනීම සඳාහා ආන්ඩුව ධනපති විද්‍යුත් මාධ්‍ය, චින්තන පර්ෂධ හා පුවත්පත් ගනනාවක්ම සේවයේ යොදවා තිබේ. 

වික්‍රමසිංහ  ආන්ඩුවේ මෙම මර්දනය හා සමාජ ප්‍රති විප්ලවය පරාජය කල හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම කර්මාන්තශාලාවකම, සේවා ස්ථානයකම කම්කරුවන් වන අප, රට පුරා කම්කරුවන්,ගොවීන් හා දුප්පතුන් සංවිධානය කරමින් මහා වැඩවර්ජනයක් හා දේශපාලන බලය අප අතට ගැනීම සඳහා කරනු ලබන මහජන අරගලයක් මගින් පමනි. 

ඒ සඳහා පලමු හා අත්‍යවශ්‍ය පියවර ලෙස අපගේ ඉල්ලීම් ජයග්‍රහනය තෙක් සටන් කිරීම සඳහා සෑම වැඩපොලකම, ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා දැන්ම වැඩ අරඹමු යැයි කොක්‍රික සහෝදර කම්කරු මහජනතාවට යෝජනා කර සිටි. 

31 මාර්තු 2023

#CACPS #theSocialistLK 

කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු! Read More »

1680223698272

රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු!

මෙහි පලවන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය For an all-out strike in the public sector and beyond! Build independent rank-and-file committees යන සිරසින් යුතුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 30 දින පල කල ප්‍රකාශය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.

Image

දුම්රිය කම්කරුවන්ගේ සහ රාජ්‍ය අංශයේ සඳුදා පැවති ඒකාබද්ධ වැඩ වර්ජනය කම්කරු පන්තියේ අධිෂ්ඨානය සහ දැවැන්ත සටන් බලය පෙන්නුම් කර ඇත.  පොදු ප්‍රවාහන සේවයේ, කසළ එකතු කිරීමේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සහ රෝහල්වල සේවකයන් නොමැතිව රට අකර්මන්‍යව පවතී.  එහෙත් ඔවුන්ගේ සටන් බලය වර්ධනය කර ගැනීම සඳහා කම්කරුවන් ගැටුමේ මූලික ස්වභාවය තේරුම් ගත යුතුය.

රාජ්‍ය අංශයේ සහ විශාල අර්ධ රාජ්‍ය සංගත වන ඩොයිෂ් පෝස්ට් සහ ඩොයිෂ් බාන් හි වසර ගනනාවක කප්පාදු හා ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසු සේවා කොන්දේසි දරාගත නොහැකි වී ඇත.  ඒ සමගම මූර්ත වැටුප් පහත වැටී ඇත.  තැපැල් සේවකයින් අවම වැටුපට වඩා ටිකක් වැඩියෙන් උපයා ගැනීම සඳහා දුෂ්කර මාර්ගවල ඔවුන්ගේ සෞඛ්‍යය විනාශ කර ගනිති.  දුම්රිය සේවකයන් අමානුෂික සේවා මුර ක‍්‍රමයකින් බරට පත්වෙමින් තව තවත් වැඩ භාර ගනිමින් සිටිති.

බිඳවැටුණු රෝහල්වල පසුගිය වසර තුන තුළ වසංගතයේ සහ “ජීවිතයට පෙර ලාභ” ප්‍රතිපත්තියේ සම්පූර්ණ බර උර දීමට රෝහල්වල හෙදියන්ට සිදු විය.  ඒ සඳහා බොහෝ දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.  පෞද්ගලික අංශය විසින් රෝහල් පවත්වාගෙන යාම සහ සේවකයන් අධි සූරාකෑම හේතුවෙන් දැනටමත් හෙද හෙදියන් ලක්ෂ දෙකක හිඟයක් ඇති වී තිබේ.  මෙම හිඟය ඉතිරිව සිටින කම්කරුවන් විසින් පියවිය යුතුය.

දැන් ෆෙඩරල් සහ නාගරික ආන්ඩු, සහ සංගත කළමනාකාරීත්වයට තවදුරටත් දැඩි වැටුප් කප්පාදු පැනවීමට අවශ්‍ය වී තිබේ.  කම්කරුවන් සඳහා සැබෑ උද්ධමනය නිල සියයට 10 ට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පවතින අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ වසරේ කම්කරුවන් මත වැටුප් කැටිකිරීම් බලාත්මක කිරීමට සහ ලබන වසරේ වැටුප් අවම වශයෙන් ඉහල නැංවීමට ය.  රෝහල් සම්බන්ධයෙන් ගත් කල, සේවා යෝජකයන් නාමික වැටුප් අඩු කිරීම් පවා ඉල්ලා සිටියි.  උද්ධමනය දිගටම පැවතුනහොත්, මෙය වැටුප් අඩකින් අඩු කරනු ඇත.

මෙම කප්පාදු සමග, හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත සන්නද්ධ කිරීමේ (rearmament) වැඩසටහනට සහ න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙක් වන රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගත් (proxy) යුද්ධයට ආන්ඩුව සෘජුවම මූල්‍යාධාර සපයයි.  යුද්ධය යනු මාධ්‍ය සහ දේශපාලඥයින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන පරිදි සාමය සහ නිදහස පිලිබඳ යමක් නොව, වසර 80කට පෙර මෙන්, ජර්මානු ප්‍රාග්ධනයේ භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා පිලිබඳ වන්නකි.  සමාජ ජීවිතයේ සෑම අංශයක්ම මෙම අරමුණු වලට යටත් වේ.

පාර්ලිමේන්තු අයවැය කාරක සභාවට රජයෙන් යැවුනු රහසිගත ලිපියක් පසුගියදා මහජනතාවට කාන්දු විය.  මහජනතාවට සඟවමින්, පස් ගුණයකින් වැඩි කල, එනම් යුරෝ බිලියන 15 ක ආයුධ යුක්රේනයට නැව්ගත කිරීම ලිපිය නිවේදනය කර ඇත.  සැසඳීමේදී, නිල “වර්ඩි” වෘත්තීය සමිතියේ වැටුප් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළත්, ඒ සඳහා ෆෙඩරල් ආන්ඩුවට යුරෝ බිලියන භාගයක්වත් වැය නොවනු ඇත.  එහෙත් රුසියාවට එරෙහි යුද්ධයට සෘජුවම යන යුරෝ බිලියන 15 දැවැන්ත මිලිටරි වියදම්වලින් කුඩා කොටසක් පමනි.

බැංකු හා සංගතවල ලාභ ඉතුරු කර ගැනීම සඳහා තවත් මුදල් යොදවමින් පවතී.  පාසල්වලට තවමත් සරල වායු පෙරහන් ලබාදී නැති වූවත්, වසංගතය අතරතුර බැංකු සහ සංස්ථා වෙත බිලියන දුසිම් ගනන් කිසිදු බැඳීමකින් තොරව ලබා දෙන ලදී.  බදු ගෙවන්නන්ගේ මුදලින් යුරෝ බිලියන 100කට වඩා වැඩි මුදලක් සමඟ ස්විට්සර්ලන්තයේ UBS විසින් Credit Suisse අත්පත් කර ගැනීමේ පිටුබලය, ජර්මානු ආන්ඩුව ද එලඹෙන බැංකු අර්බුදයට ප්‍රතිචාර ලෙස ක්‍රියාත්මක කරනු ලැබෙනු ඇති බහු-බිලියන මුදල් යෙදවීම පිලිබඳ පුරෝකථනයක් ලබා දෙයි.  මේ සඳහා රාජ්‍ය සේවකයන් සහ ඔවුන් සමඟ සියලු මහජන සේවාවන් කොල්ලකෑමට නියමිතය.

1930 ගනන්වල දී මෙන්, ධනේශ්වර අර්බුදය යලිත් වරක් ආන්තික සමාජ අසමානතාවය, නිරුවත් සූරාකෑම සහ යුද්ධය නිෂ්පාදනය කරයි.  රාජ්‍ය සේවාවන්ට එල්ල කරන ප්‍රහාරවලට අමතරව පෞද්ගලික අංශයේ වැටුප් ද විනාශ වෙමින් පවතී.  ගණන් කළ නොහැකි තරම් සමාගම් ගනනක විශාල දොට්ට දැමීම් සිදුවෙමින් පවතී.  ධනවාදය යනු ලාභයට සියල්ල යටකර කම්කරුවන්ගේ ජීවිත වලට වටිනාකමක් නැති මුලුමනින්ම අක්‍රිය සමාජ ක්‍රමයකි.  මෙය බැංකු අර්බුදය මෙන්ම වසංගතයේ සහ උමතු යුද ප්‍රතිපත්තිය තුල ද පැහැදිලි වේ.

යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව චණඩ පන්ති අරගල වර්ධනය වෙමිනන් පවතින්නේ එබැවිනි.  විවිධ රටවල කම්කරුවන් හුදෙක් සමාන ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවා පමනක් නොව, ඔවුන් සටන් කරන්නේ එකම සටනකි.  ප්‍රන්සයේ, මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටිති;  බි‍්‍රතාන්‍යයේ සිය දහස් ගණනක් වැඩවර්ජනය කිරීමේ අයිතිය ඇහිරීමට හා වැටුප් කප්පාදු කිරීමට එරෙහිව විරෝධතා දක්වති.  පෘතුගාලය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ තවත් බොහෝ රටවල ද ප්‍රචණ්ඩ පන්ති සටන් ඇවිලෙමින් පවතී.

රුසියානු විප්ලවය සම්බන්ධයෙන් රෝසා ලක්සම්බර්ග් 1905 දී ප්‍රකාශ කළ දෙය අද ප්‍රංශයට ද අදාළ වේ: ජර්මනියේ කම්කරුවන් එහි සිදුවීම් “තමන්ගේම කටයුත්තක්” සහ “තමන්ගේම සමාජ හා දේශපාලන ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස වටහා ගත යුතුය.

ප්‍රංශ රාජ්‍යය එහි ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර අතහැර දමා ප්‍රාග්ධනයේ නිරුවත් ආඥාදායකත්වයක් ලෙස පෙනී සිටියි.  මැක්‍රොන් පාර්ලිමේන්තුව නොසලකා හැර ඇති අතර අතිමහත් බහුතරයකින් ප්‍රතික්ෂේප කරන ලද විශ්‍රාම වැටුප් කප්පාදු බලාත්මක කිරීමට පොලිසිය යොදා ගනී.  ඊට එරෙහිව විරෝධතා දක්වන ඕනෑම අයෙකු සමග පොලු මුගුරුවලින් සහ කඳුළු ගෑස් වලින් ගනුදෙනු කිරීමට නියමිතය.  අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව දැවැන්ත මහජන විරෝධයට එරෙහිව ආඥාදායකත්වයක් ස්ථාපිත කරමින් සිටින ඊශ්‍රායලයේ ද එයම සිදුවෙමින් පවතී.

ජර්මනියේ, කොන්දේසි වෙනස් නොවේ, සමාන පුපුරන සුලු පන්ති ප්‍රතිවිරෝධතා වර්ධනය වෙමින් පවතී.  ‘මාර්ග සංඥා එලි සභාගය’ (the traffic light coalition – සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -SPD, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය – FDP හා හරිත පක්ෂය සන්ධානය)  ද වෛරයට ලක් වූ මිලිටරිවාදය සහ වැටුප් හා සමාජ ප්‍රතිලාභ අඩු කිරීම බලාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇත.

මෙයට Bundestag (ජරමානු පාර්ලිමේන්තුව) සහ මාධ්‍ය නියෝජනය කරන සියලුම පක්ෂවල සහාය ලැබේ.  වාම පක්ෂය ද ආන්ඩුවට සම්බන්ධ සෑම තැනකදීම වැටුප්, රාජ්‍ය සේවා සහ සමාජ සේවා සඳහා අයවැය ආක‍්‍රමනකාරී ලෙස කපා දමයි.  කම්කරුවන් සංගත, පක්ෂ සහ වෘත්තීය සමිතිවල පෙරමුණකට මුහුන දී සිටින අතර ඔවුන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ ඔවුන් ස්වාධීනව සංවිධානය වී ආන්ඩුවට එරෙහිව සටනක් දියත් කරන්නේ නම් පමණි.

වෘත්තීය සමිති උත්සාහ කරන්නේ මෙය සෑම ආකාරයකින්ම වැළැක්වීමටයි.  ඒවා තවදුරටත් කම්කරු සංවිධාන නොවේ.  ඔවුන් රජය සහ සමාගම් සමඟ සමීපව සම්බන්ධ වන අතර සමාගම්වල පොලිස් බලකායන් ලෙස සේවය කරයි.  ඩොයිෂ් පෝස්ට් හි, වර්ඩි සිය සාමාජිකයින්ගෙන් සියයට 86 ක වැඩ වර්ජන තීරණය වහාම අවලංගු කළ අතර සැබෑ වැටුප් අඩු කිරීමට ඉහල කළමනාකාරීත්වය සමග එකඟ විය.  රාජ්‍ය අංශය තුළ ද සමිතිය ක්‍රියා කරන්නේ ඒ හා සමාන මගක් ඔස්සේ ය.  වෘත්තීය සමිති වර්ජනයක් කැඳවන්නේ නම්, ඔවුන් එසේ කරන්නේ පීඩනය සමනය කිරීමට පමණි.  ඔවුන් ධනවාදයට සහ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන නිසා, කර්මාන්ත, රටවල් සහ කලාප ආකාරයට අරගලයන් බෙදීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි.

එබැවින් වර්ජනය තමන්ගේ අතට ගැනීමටත් යුරෝපය පුරා හා ජාත්‍යන්තරව අනෙකුත් සමාගම්වල කම්කරුවන් සමඟ ජාලගතව බද්ද වීමටත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු සාදන ලෙස Sozialistische Gleichheitspartei (SGP, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය) සිවිල් සේවකයන්ගෙන් ඉල්ලා සිටී.  එවැනි ක්‍රියාකාරී කමිටු සැබෑ අරගලයක් සංවිධානය කළ යුතු අතර ධනේශ්වර රාජ්‍යයේ ආයතනවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගොඩනැගිය යුතුය.

SPG සහ හතරවන ජාත්‍යන්තරයේ එහි සහෝදර සංවිධාන කම්කරුවන් පොදු, ගෝලීය අරගලයක එක්සත් කිරීමට සහ වෘත්තීය සමිති සහ ධනපති ආන්ඩු කරන පරිදි ඔවුන් ජාතික වශයෙන් බෙදා එකිනෙකාට එරෙහිව පිහිටුවීම වැලැක්වීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) දියත් කර ඇත.  

රාජ්‍ය සේවා සේවකයන් ආන්ඩුව සමග ගැටුම එහි ස්වභාවයෙන්ම එය කුමක්දැයි වටහා ගත යුතුය: එය ධනවාදයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ යුරෝපීය හා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි.  මක්නිසාද යත්, බැංකු හා සංගතවල බලය බිඳ දමා ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් නොකර කිසිදු සමාජ ප්‍රශ්නයක් විසඳිය නොහැකි අතර වැටුප් ආරක්ෂා කළ නොහැකි බැවිනි.  වැටුප් කප්පාදුවලට එරෙහි සටන යුද්ධයට එරෙහි සටනට සෘජුවම සම්බන්ධ විය යුතුය.

SGP සහ ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ එවැනි සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදියි.  

සමාජවාදී සමානතා පක්ෂය – ජර්මනිය

#theSocialistLK #CACPS #WSWS

රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු! Read More »

ආන්ඩුව පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම අරඹයි

පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. ඛනිජ තෙල් නීතිගත සංස්ථායේ සභාපති විසින් නිකුත් කර ඇති ලිපියකින් ඊයේ උද්ඝෝෂනවලට සහභාගී වූ කම්කරුවන් හා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යවා ඇත. මෙය සිදු වන්නේ ඊයේ (28) කම්කරුවන්ට විරුද්ධව ඇමති කන්චන විජේසේකර කරන ලද විවෘත තර්ජනය කිරීම් වලින් පසුව ය.

Image

පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂන මර්දනය කිරීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කිරීමටත්, විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, මිලිටරිය යොදාගැනීමටත් කර ඇති තර්ජනය කිරීම් සම්ස්ථ කම්කරු මහජනතාව ගත යුත්තේ තම පන්තියට එරෙහිව ආන්ඩුව නිශ්චිතව යුද ප්‍රකාශ කර ඇති ලෙසට ය. වෘත්තීය සමිති මෙම යුද්ධයේදී කම්කරුවන්ගේ පෙරමුන ගන්නේනම් ඒ එය පාවාදී මර්දනය කැඳවාලීමට පමනි. කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ දේශපාලන අරගලයක කොටසක් ලෙස තම ප්‍රශ්න තමන් විසින්ම විසඳාගැනීම සඳහා කම්කරුවන්  තම ආයතන තම අත⁣ට ගත යුතුය. තෙල් කම්කරුවන්ගේ අරගලය රටපුරා මහා වැඩවර්ජනයක් දක්වා වර්ධනය කිරීම සඳහා වෘත්තීය සමිතිවල සෙවල නායකත්වයන්ගෙන් මිදී තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු යැයි අපි ඔබව කැඳවා සිටිමු. එම අරගලයේදී රට පුරාත් ලොව සෙසු තැන්වලත් කප්පාදුවට මුහුන දී ඇති කම්කරුන් එක්ව අපි ඔබ සමග ගමන් කිරීමට සූදානම් ය. 

අපගේ ඉල්ලීම් අවසාන ජයග්‍රනය තෙක් ගෙනයාම මෙම කමිටුවල එල්ලය විය යුතුය. පෙට්‍රොලියම් කම්කරුවන් වාඩිලාගැනීම්‍ ක්‍රියාවන්ට යොමු විය යුතුය. සෙසු කම්කරුවන් මහජනතාව අතර උද්ඝෝෂනය කරමින් පුලුල් සංවිධානාත්මක අරගලයක් ලෙස එය වර්ධනය කිරීමට සෑම වැඩපොලකම, කර්මාන්ත ශානාලවක, ෆැක්ටරියකම, සේවා සථානයකම, ප්‍රදේශයකම ක්‍රියාකාරි කමිටු පිහිටුවා ගැනීම කල යුතුය.  ආන්ඩුවේ අදිටන බිද පූර්න ජහග්‍රහනයක් ලැබීමට අන් මගක් නැත.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

29 මාර්තු 2023

#CACPS

ආන්ඩුව පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම අරඹයි Read More »

Scroll to Top