ඩේවිඩ් නෝර්ත් විසිනි.
ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලාරම්භය, එය මෙහෙයවන සමාජ බලවේග සහ එය නැවැත්වීමට අවශ්‍ය උපාය මාර්ගය පැහැදිලි කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම ඉරිදා, මාර්තු 8 වන දින සවස 3:00 ට [ලංකාවේ වේලාවෙන් මාර්තු 9 සඳුදා උදේ 12.30ට] හදිසි ගෝලීය වෙබ්නාර් එකක් පවත්වයි. අපගේ සියලුම පාඨකයින්ගෙන් එයට සහභාගී වීමට ලියාපදිංචි වන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙහි පළවන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෲ මණඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් කර ඇති නිවේදනයයි.
මේ ඉරිදා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඉරානයට එරෙහි කුරිරු අධිරාජ්‍යවාදී ප්‍රහාරය නැවැත්වීම සඳහා උපාය මාර්ගයක් සහ වැඩසටහනක් ගෙනහැර දැක්වීම සඳහා ජාත්‍යන්තර වෙබ්නාර් වැඩසටහනකට අනුග්‍රහය දක්වයි. මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ යුද්ධයට එරෙහි අරගලය එහි අවශ්‍ය ඓතිහාසික, දේශපාලනික සහ සමාජීය සන්දර්භය තුළ තැබීමයි. එය, ධවල මන්දිරය, ආයතනික මාධ්‍ය සහ සියලුම අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් පොම්ප කරන ලද නිමක් නැති බොරු ප්‍රචාරණ සහ වැරදි තොරතුරු ප්‍රවාහය කපා හරිනු ඇත.
අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙමින් පවතින්නේ මිලියන 90 කට අධික ජනගහනයක් සිටින රටකට එරෙහිව කෙරෙමින් පවතින සමූලඝාතන යුද්ධයකි. සතියක් ඇතුළත, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයේ උත්තරීතර නායකයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කර, මිනාබ්හි බාලිකා පාසලකට බෝම්බ හෙලා ළමුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා, රට පුරා රෝහල් සහ සිවිල් යටිතල පහසුකම් වලට පහර දී තිබෙනවා. නිරායුධ ඉරාන නෞකාවක් ඉන්දියානු සාගරයේ දී ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් කරල, නාවිකයින් 180 දෙනෙකු මරණයට පත් කළා. ඉරාන ජාතිකයින් 1,000 කට වැඩි පිරිසක් මරා දමා තිබෙනවා. නූතන ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික ගුවන් බෝම්බ ප්‍රහාරය මෙය බව ට්‍රම්ප් පරිපාලනය පුරසාරම් දොඩනවා. මේවා ඔක්කොම යුද අපරාධ.
යුද්ධය ලෙබනනයට සහ මැද පෙරදිග පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ප්‍රංශ යුද නැව් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ මුර සංචාරයේ යෙදෙනවා. ඉරානය තුළ සිවිල් යුද්ධයක් ඇති කිරීම සඳහා වොෂින්ටනය කුර්දි බෙදුම්වාදීන් සන්නද්ධ කරමින් ඉන්නවා. සෑම අධිරාජ්‍යවාදී බලවතෙකුම මේ සාපරාධී ව්‍යාපාරය පිටුපස පෙළ ගැහිල ඉන්නෙ.
1953 දී සීඅයිඒ සංවිධානය විසින් ධනේශ්වර ජාතිකවාදී අගමැති මොසාඩෙග් බලයෙන් පහකිරීමේ සිට, පසුගිය ජුනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීම දක්වා, වසර 70 කට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අනවරත ආක්‍රමණයක් දියත් කරල තියෙනවා. මෙම යුද්ධය ගාසා තීරයේ ජන සංහාරයෙන් වෙන් කළ නොහැකියි. දැන් විශාල පරිමාණයෙන් භාවිතා කරන මිලිටරි විධික්‍රම පරීක්ෂා කිරීමේ භූමියක් වශයෙන් හා දේශපාලන පූර්වාදර්ශයක් වශයෙන් තමයි ගාසා ජන සංහාරය සිදු කෙරුනෙ.
මේක හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැවටිලිකාර මනෝන්මාදයක නිෂ්පාදනයක් නොවේ. ඒක, පසුගිය වසර 35 තුළ, ඒ කියන්නෙ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පස්සෙ, ඔක්කොම අධිරාජ්‍යවාදී රජයන්ගේ සහාය ඇතිව එක්සත් ජනපදය විසින් දියත් කරන ලබපු යුද්ධවල නවතම හා වඩාත්ම කුරිරු යුද්ධය.
මෙම යුද්ධය දියත් කෙරෙන්නේ ඉරාන ජනතාවට එරෙහිව පමණක් නොවෙයි. එය, ලොව පුරා වැඩ කරන ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ගෝලීය යුද්ධයක කොටසකි.
ඉරානය “කොන්දේසි විරහිතව යටත් වීම” ත් එක්ක යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් දැන් ප්‍රකාශ කරනවා. කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ මෙම යුද්ධය එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයට ඒකාන්ත හා කොන්දේසි විරහිත පරාජයක් සහ ව්‍යසනයක් බවට පත් කිරීමයි.
අධිරාජ්‍යවාදී ආන්ඩු සහ දේශපාලනඥයින්ට කරන ආයාචනා මගින් මෙම යුද්ධය නතර කළ නොහැකියි. ඉරාන ජනතාව ආරක්ෂා කිරීම සහ යුද අපරාධකරුවන් පරාජය කිරීම සඳහා ලෝක ධනවාදයට එරෙහිව ගෝලීය කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමක් අවශ්‍ය වෙනවා. මෙය සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී උපාය මාර්ගයක පදනම මත පමණි.
මෙම වෙබ්නාර් වැඩසටහන, ඓතිහාසික, න්‍යායික සහ දේශපාලනික කරුණු රැසක් සම්බන්ධයෙන් සමාජවාදී විශේෂඥයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර මණ්ඩලයක් විසින් කරන යුද්ධය පිළිබඳ සාකච්ඡාවක් සහ විශ්ලේෂණයකින් යුක්තයි. කමිටු සාමාජිකයින් යුද්ධයට හේතු සහ එහි ජාත්‍යන්තර මානයන් වග විභාග කරනු ඇති.
වෙබිනාර් එකට සහභාගී වීමට දැන්ම wsws.org/iranwebinar හි ලියාපදිංචි වන්න. ඒ පිළිබඳ ඔබේ සහෝදර කම්කරුවන්, පවුලේ අය සහ මිතුරන් දැනුවත් කරන්න. මෙම සාපරාධී අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීම සඳහා බලගතු ව්‍යාපාරයක් ගොඩනැගීමට මෙම වෙබ්නාර් වැඩසටහන දායක වනු ඇති.
එම කථාව සිංහල බසින්
