The Socialist World
ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බව දැන් පැහැදිලියි. ඉරානයට එරෙහි යුද්ධය යනු ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන චීනයට එරෙහිව කරන යුද්ධයක මූලෝපායික පෙරහුරුවක් පමණි. මේ විනාශකාරී යුධ ව්‍යාපාරය වෙනුවෙන් ලෝකය පුරා කම්කරු පන්තියේ තරුණයින්ව අනිවාර්ය හමුදා සේවයට (Military Draft) බඳවා ගනිමින්, ඔවුන්ව යුද්ධයට බිලිදීමට පාලක පන්තිය සූදානම් වේ.
මේ ගෝලීය යුධ තර්ජනය ශ්‍රී ලංකාවට හා දකුණු ආසියාවට බලපාන්නේ කෙසේද? දිසානායක ආණ්ඩුව සහ කලාපයේ අනෙකුත් පාලකයින් අධිරාජ්‍යවාදයට සහය දෙන්නේ ඇයි? මීට එරෙහිව කම්කරු පන්තිය ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ වීඩියෝවෙන් ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කෙරේ.
