Author name: thesocialist

Nathasha

ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති

අපේ වාර්තාකරු

පසුගිය අප්‍රේල් 01දින කොලඹදී  පැවැත්වුන ප්‍රහසන වැඩසටහනකදී ශිල්පිනී නතාෂා එදිරිසූරිය කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට අපහාස කලේ යැයි චෝදනා නගා ශ්‍රි ලංකා ආන්ඩුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇය මැයි 28 දින අත්අඩංගුවට ගෙන අධිකරනයට පමුනුවා ජුනි 07දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. 

ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහිව හා නිදහස් අදහස්  මැඩීමට බෞද්ධ වර්ගවාදීන් හා සිංහල ස්වෝතතමවාදීන් ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය ඩැහැනිමින් ධනපති ආන්ඩු  එල්ල කරම්න් ඇති අනවරත ප්‍රහාරයේ මෑතම ගොදුර බවට නතාෂා හා Stand-up ප්‍රහසන  කලාව පත්ව ඇත. 

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජුනි 01දා නිකුත් කල ප්‍රකාශයේ ඇය නිදහස් කර ගැනීම සඳහා කම්කරුවන් පෙරමුනගත් උද්ඝෝෂනයකට එක්වන ලෙස කලාකරුවන්,  ගොවියන්, පීඩිතයන් හා තරුනයන් වෙතින් ඉල්ලා සිටියේය. 

මෙම කැඳවුමට ප්‍රතිචාර වශයෙන් කලාකරුවෝ අප වෙත ප්‍රකාශ එවා ඇත. මාලක දේවප්‍රිය, ශක්තික සත්කුමාර, යනූෂා ලක්මාලි හා බර්තොලමියොස් විමලරත්න යන කලාකරුවන් එවන ලද ප්‍රකාශ පහත පල කෙරේ.

මෙම උද්ඝෝෂනය පෙරට ගැනීම සඳහා ඔබගේ විරෝධතා ප්‍රකාශය ද ‘ද සෝෂලිස්ට්‘ වෙත එවන්න.

***

මාලක දේවප්‍රිය

චිත්‍රපට අධ්‍යක්ෂක හා රේඩියෝ කතා රචක.

FB IMG 16857908220550535
දේවප්‍රිය

කාලකරුවන්ට සංස්කෘතියට අනුගතව නිර්මාන කිරීමේ තහංචියක් හෝ නීති පනවන්න බැහැ.  එහෙම වුනා නම් ලෝකයේ කිසිම උසස් කලාත්මක නිර්මානයක් බිහිවෙන්නෙ නෑ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ඩාරියෝ පෝ වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් බිහිවෙන්නෙ නෑ. ලෝකයේ කිසිදු දෙයක් පරම ශුද්ධ වස්තූන් නොවෙයි. ඒ සෑම දෙයක්ම විවේචනයට, විචාරයට, අභියෝගයට, උපහාසයට, හාස්‍යයට ලක්කරන්න පුලුවන් කියන එක වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එවන් ප්‍රකාශනයක් කෝලම් නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක්, කවියක් හෝ ප්‍රසනයක් හරහා වෙන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ  ඒවායේ අදහස් හා පඨිත චිචාරශීලීව සාකච්චා කිරීමේ නිදහස් අවකාශයක් පැවතීමයි.

මම නතාෂා පිළිබඳව හෝ ඇයගේ දේශපාලනය හෝ කලාත්මක භාවිතාව හෝ කලාව පිළිබඳව වශේෂයෙන් අධ්‍යයනය කර නැහැ. නමුත්, මේ ප්‍රශ්නගත ප්‍රහසන වැඩසටහන සම්පූර්නයෙන්ම බැලුවා. ඇයගේ එම ඉදිරිපත් කිරීම තුළ කිසිදු ආගමකට, ජාතියකට කිසිදු අපහාසයක්, හානියක් කරල නෑ කියල ස්ථිරවම කියන්න පුලුවන්. ඇයගේ  උපහාසය යොමු වෙන්නෙ ලංකාවෙ වර්තමාන සමාජ⁣යෙ ප්‍රචලිත ප්‍රතිගාමී අදහස් වලට එරෙහිව බව යම් අදහසක් ගන්න පුළුවන්. ඒ අදහස් දරන්න, ඒක උපහාසාතමකව ඉදිරිපත් කරන්න ඇයට අයිතියක් තියෙනවා. 

යමෙක්  ප්‍රකාශ කරන  අදහස් දැක්වීමක්, අභියෝගයක්, උපහාසයක්, විවේචනක් නිසා, ඒක  සමාජය තුළ සංවාදයට, ප්‍රතිවාදයට නැතිනම් ප්‍රතිඋත්තරට ලක් කරන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයට ඉඩ සලසන්නෙ නැතිව, ඔහුව හෝ ඇයව නීතියෙ අඬු පාවිච්චි කරල සිරගත කිරීම කිසිදු ඉදිරිගාමී සමාජයක ලක්ෂණයක් නොවෙයි. වැඩවසම් අඳුරු යුගවල අපි අත්දැක තියෙන්නෙ ඒ වගෙ ප්‍රතිගාමීත්වයන්.

මෙවැනි  සිරගත කිරීමේ ව්‍යාපෘති දියත් කරලා, කලාවේත්, භාෂනයේත් නිදහස මැඩීමට, මිත්‍යාව තහවරු කිරීමට දැන් ඉදිරියට පැනල ඉන්නෙ කුප්‍රකට වර්ගවාදියො, ගෝත්‍රවාදියො. මොවුන් වැඩකරන්නෙ පටු පාලක පන්තියෙ දේශපාලන අවශ්‍යතාවයන්  වෙනුවෙන්. 

මෙවැනි ප්‍රාථමික කූඨ ව්‍යාපෘති අපි පරාජය කළ යුතුයි. අයිසීසීපීආර් පනතයි, දන්ඩ නිති සංග්‍රයයි පාවිච්චි කරල මිනිස්සු දඩයම් කිරීම  අවසන් කල යුතුයි. නතාෂා නිදහස් කරගැනීම සඳහා ඉදිරියට එන ලෙස සියලු කලාකරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

***

ලේඛක ශක්තික සත්කුමාර 

[සත්කුමාර කවි, කොටිකතා හා ශාස්ත්‍රීය පොත් ගනනාවක් ලියා පලකර ඇති සම්මානිත ලේඛකයෙකි. ඔහු ලියූ ‘අර්ධ’ නම් කෙටි කතාව බුද්ධ චරිතයට අපහාස කරන්නේයැයි චෝදනා කරමින් බෞද්ධ වර්ගවාදී නඩ විසින් කරන ලද පැමිනිල්ලකට අනුව 2019 අප්‍රෙල් 01 දින පොල්ගහවෙල පොලීසිය අයිසීසීපීආර් පනත ඔහුව යටතේ අත්අඩංගුවට ගෙන දින 130ක් බන්ධනාගාරගතව තබන ලදී. සමාජවාදී සමානතා පක්ෂය, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ආරම්භ කරන ලද උද්ඝෝෂනය හමුවේ ලැබුනු පුලුල් ⁣මහජන සහයෝගය මධ්‍යයේ පසුව ආන්ඩුව සත්කුමාරට එරෙහි චෝදනා හකුලා ගත් අතර ඔහු නඩුවෙන් නිදහස් කරනු ලැබිනි. ඉහත කී පනත යටතේ මර්දනයට ලක්ව සිරගත කෙරුනු පලමු කලාකරුවා සත්කුමාර වේ.]

යමෙකු ගේ කලා භාවිතය හේතුවක් කරගනිමින් ඔහු හෝ ඇය හෝ අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම එකගවිය  නොහැකි කරුණකි.ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පීනී ජයනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට වැදුණු මරු පහරකි.මෙයට විරුද්ධව සියලුම නිර්මාණ කරුවන් මෙන්ම කම්කරු මහජනතාවද නැගී සිටිය යුතුය.

නිර්මාණ කරුවෙකු ගේ පරිකල්පන යට සීමා පැනවීම විහිලුවකි.නිර්මාණ කරුවන්ලෙස අපි සියලුම දර්ශන ,ආගම්,ආගමික සාහිත්‍යය විවිධ තලවල තබා විග්‍රහ කරමු .එසේ ඉදිරිපත් කරන මතවාද සමාජය භාර නොගන්නේනම් ඒවා පරාජය කළ යුත්තේ තවත් මතවාදයකින් පමනි.

මතයක් ⁣,මතයකින්ම පරාජය නොකර ඒ් වෙනුවට මතය ඉදිරිපත් කළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම මගින් රාජ්‍ය මර්දනයේ තරම අපට පෙන්වයි.

***

ලේඛිකා යනූෂා ලක්මාලි

[නවකතා, කෙටි කතා කවි පොත් ගනනාවක් ලියා පලකර ඇති ඇය සම්මානිත ලේඛිකාවකි.  ඇය ගීත රචනයේද නිරත වේ. යනූෂා ලේඛක සත්කුමාරගේ ආදරනීය බිරිඳයි]

20230603 165641
යනූෂා, සත්කුමාර 

නිර්මාණයක් කිරීම නිසා ලංකාවේ මුලින්ම සිරගතවීමට සිදුවන්නේ ශක්තික සත්කුමාරට. එසේම ICCPR පනතින් මුලින්ම අත්අඩංගුවට ගන්නෙත් ඔහුයි. ඔහුගේ බිරිය වශයෙන් ඒ අවස්ථාවේ දී මම විශාල පීඩනයකට පත් වුණා. නමුත් අප යුක්තිය උදෙසා සටන් කළා. බොහෝ පිරිසක් එදා අප සමග සිට ගත්තා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අපේ මූලික අයිතිවාසිකමක්.ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම අප හෙලා දකිනවා.ඇයගේ භාෂණයේ නිදහස වෙනුවෙන් ක⁣ලාකරුවන් සහ සියලුම මහජනතාව පෙරට පැමිණිය යුතුය.

***

චිත්‍ර ශිල්පි බර්තොලමියොස් විමලරත්න 

[විමලරත්න  ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකි.  ඔහු සිය ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුයේ 1973 දී ය. මහජන බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කල ඔහු චිත්‍ර කලාව වෙනුවෙන්  විශ්‍රාම වයසට වසර පහක් තිබිය දී විශ්‍රාම ගත්තේ ය. එකල ට්‍රෙට්ස්කිවාදී දේශපාලනය ඔහුව පෝෂනය කලේය]

20230603 170251
විමලරත්න

ධනපති දේශපාලන සංස්කෘතිය මරණාසන්න වනවිට එයට එරෙහිව හඬ නගන කලාකරුවන් මර්දනය කර දඩයම් කිරිම ඉතිහාසය පුරාම සිදුවේ. යුරෝපයේ මෙන්ම ශ්‍රිලංකාවේ ද මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතී. අපි පාසල් යන අවදියේ ගුණදාස අමරසේකරගේ “යලි උපන්නෙමි” නවකතාවට එරෙහිව නැගුනු ආගමික සහ ව්‍යාජ සංස්කෘතික රැල්ල අපට අමතක කල නොහැක. කලාකරුවා සිය නිර්මාණ කරණයේදී ව්‍යාජ සංස්කෘතික සහ ආගමික මතවාදවලින් බැහැරව තම සංකල්ප (Conceptions) ස්වාදීනව ඉදිරිපත් කරයි. එයට එරෙහි වීමට හෝ වැටකඩොලු බැඳීමට කිසිවෙකුටත් අයිතියක් නැත.

නතාෂා ගේ දේශපාලන දැක්ම කුමක්වුවත් ඇයට ව්‍යාජ සංස්කෘතික හා ආගමික කඩතුරාවට එරෙහිව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඇයගේ ප්‍රකාශයන් මත  ඇය දඩයම් කිරීම පමණක් නොව මුළු සමාජයම ආගමික සහ ව්‍යාජ සංස්කෘතික කැළඹීමකට පත්කර එමගින් සමස්ත කලාකරුවන්ම දඩයම් කිරීමට රජය පිඹුරුපත් සකස්කරමින් සිටිනු පෙනේ. එයට එරෙහිව සියළුම කලාකරුවන් පෙළගැසිය යුතුය.

පඬිවරුන් හා කලාකරුවන්ට තම කර්තව්‍යයන් කරගෙන යන්නට පුළුවන් වන්නේ බැහැරින් පැටවුණු සියලු සීමා බන්දනයන්ගෙන් තොරවූ මිත්‍රශීලි සහයෝගිතා පදනම මත පමණි. මෙතතු යටතේ බිහිකෙරෙන නිර්මාණයෝ වනාහි ඉතිහාසයේ කිසිකලෙක නොවූවිරූ ආකාරයෙන් චිරස්ථායි වන්නාහුය.

එදා අන්ඩ්‍රේ බ්‍රෙටන්, ඩියොගො රිවෙරා ඉදිරිපත් කල සටන්පාට අද පෙරට ගත යුතුව තිබේ: විප්ලවය උදෙසා කලාවේ ස්වාධීනතාවය! කලාවේ පූර්න නිදහස සදහා විප්ලවය!

කලාවට එරෙහි අධිකාරී බලයක් එපා! අණ පැනවීමක් එපා! ඉහලින් එන අණක චායාමාත්‍රයක්වත් එපා!

ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති Read More »

nathasha

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරනු!

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! 

කොලඹ  ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය 

IMG 20230601 WA0003

ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පිනී ජයනී නතාෂා එදිරිසූරිය, ඇයගේ කලා නිර්මානයක් නිසා, බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පැමිනිල්ලකට අනුව, පසු ගිය මැයි 28 දින මධ්‍යම රාත්‍රියේ  කටුනායක ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේනතුව (අපදෙ) විසින් අත් අඩංගුවට ගන්නා ලදී.  එදිනම කොලඹ  කොටුව මහේසත්‍රාත්වරයා ඉදිරියට පමුනුවන ලදුව  ජුනි 7 දක්වා ඇයව බන්ධනාගාරගත කරනු ලැබිනි.  ඇය සිරගත කිරීම සිදුවන්නේ, කලා නිර්මානයේ නිදහස අහුරා, ප්‍රතිගාමීත්වය තුල කම්කරු පීඩිත මහජනයා සිරකර, පැරනි ලෝකයට එරෙහි ගාමක බලයන් ආපසු හැරවීම සඳහා පන්ති අරගලයට විරුද්ධව රාජ්‍ය මර්දන යාන්ත්‍රනය පිහිටුවීමේ උත්සන්න කෙරුනු වැඩපිලිවෙලක කොටසක් ලෙසය.

Stand-up Comedy (රැඩිකල් සහ ප්‍රති-හෙජමනික ප්‍රහසන කලා නිර්මාන ප්‍රවනතාවක්) නිර්මානවේදිනියක් වන, නතාෂා ගල්කිස්ස ප්‍රදේශවාසී තරුනියකි. ඇය ඔස්ට්‍රේලියාවේ කලක් වාසය කර ඇති අතර හෙදියක් ලෙස කටයුතු කර ඇත. එම ජිවන අත්දැකීම් නතාෂා සිය කලාව තුලට කැදවාගෙන ඇති බව ඇගේ නිර්මාන සාක්ෂි දරයි. ඊට අමතරව ඈ කාන්තා හිංසනයට එරෙහිව අධ්‍යාපන වැඩසටහන් වල නිරතව තිබේ.

“මෝඩාභිමානය” යනුවෙන් ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රඟදැක්වීම් මාලාවක එක් කොටසක් අප්‍රේල් 1දා කොලඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවනාගාරයේ දී වේදිකාගත කර ඇති අතර, පසුව එහි වීඩියෝව යූටියුබ් හරහා ප්‍රචාරය කරනු ලැබිනි. සංස්තාපිත බෞද්ධ වර්ගවාදීන්ගේ උදහසට ලක්ව ඇත්තේ මෙම නිර්මානය යි.  පුරුෂ කේන්ද්‍රිය හා වැඩවසම්  සමාජ ක්‍රමයක කාන්තාවන් වෙනස් ලෙස සලකනු ලැබීම හා ඔවුන් අත්විඳින සංස්කෘතික පීඩනය ඇය එමගින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන එක් මාතෘකාව කි.  කාන්තාවන් තම දරුවන් සෙසු ලමුන් හා තරගකාරී ලෙස පිහිටුවීම සඳහා දරුවන්  සංසන්දනය කර හෙලා දැකීම හරහා ලමුන් මතට ගෙන එන දැවැන්ත පීඩනය මතු කර පෙන්වීම හා එය⁣ට විරෝධය දැක්වීම නිර්මානයේ අනෙක් අරමුන වී තිබේ.  එම ප්‍රහසනයේ එක් අවස්ථාවක ඇය වර්තමාන සමාජයේ  ‘තරඟයට’ ගොදුරු වූ ගැහැනුන්ගේ හා ලමුන්ගේ අර්බුදය කලාත්මක සංකල්පයක් ලෙස වේදිකාව මත නිර්මානය කරන්නේ පහත සදහන් වචනවලිනි: 

“බුදු හාමුදුරුවන්ගෙ කාලෙ, බුදු හාමුදුරුවො සිදුහත් කුමාරය කාලෙ, සිදුහත් කුමාරය බබා කාලෙ, ඒ සම වයසෙ ලමයින්ට මාර ප්‍රෙෂර් එකක් තියෙන්න ඇති නේහ් (සභාවේ සිනා). අර සුද්ධෝදනගෙ ලමය, ඒ ලමය ඉපදුනු දවසෙම ඇවිදල. ඒකට මේගොල්ලො, තාම කෙලින් කරල වඩාගත්තහම බෙල්ල කඩාගෙන වැටෙනවා. අර සුද්ධෝදනගෙ පොඩි එකා, ඉපදුනු දවසෙ කවියක් කියල, ඒකට මුං… සුද්ධෝනගෙ කොලු පැටිය ඉපදුනු දවසෙයි කියල නෑ, දැම්මම තීරනය කරල තියෙන්නෙ, ලොකු වෙලා මොකද කරන්නෙ කියල… ඒකට අපේ අය, හැම දේම අපි කරල දෙනකම්ම බලාගෙන ඉන්නව. ඒ ලමයගෙ අම්මත් නෑ. මුන්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මොනවයින් අඩුපාඩුවක් ද? සැප වැඩියි. සැප වැඩියි… වැඩියම බැනුම් අහන්නෙ අර දේවදත්ත… ඒකනෙ ගලක් පෙරලුවෙ…”

සමකාලීන දෙමවිපියන්ගේ භාවිතාව අතීතයට ප්‍රක්ශේපනය කර, වත්මන් දෙමාපියන්ගේ හා දරුවන්ගේ මෙම ඝට්ටනය දේවදත්තලා නිර්මාන කිරීමට තුඩු දෙන්නේ යැයි ඇය සමාජ යථාර්තයක් තියුනු හා ප්‍රහාසනාත්මකයව ගෙනහැර දක්වයි. 

නතාෂා ‘කන්‍යාභාවය’ නමැති පසුගාමී අවිද්‍යාත්මක  සංකල්පය ද හාස්‍යට ලක් කලේ මෙසේය:

“බෞද්ධ බාලිකා කියන්නෙ සර්ව ආගමික සංහිදියාවේ මුදුන් මල්කඩ. බාලිකා කියන්නෙ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිශ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙ එන ලමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියන් හැටියට තියා ගන්න එක තමයි ලොකුම වැඩේ. දැන් ඔය මුස්ලිම් ත්‍රස්තවාදියො, ඒ ගොල්ලො පිපිරිලා දිවි නසාගෙන මැරුනාම, ඒගොල්ලන්ට කන්‍යාවියො 72ක් හම්බවෙනවා නේ. ඒකෙන් වැඩි කෝටා එකක් සප්ලයි කරන්නෙ බෞද්ධ බාලිකාව…”

ඉහත ආකාරයේ ඇගේ නිර්මානයන් ඇසුරේ ප්‍රේක්ෂකයෝ සිනහසෙති. අවසන තමන් තමන්ටම සිනාසුනු බවක් ඔවුහු වටහා ගනිති. එය ප්‍රඥාගෝචර කලාවකි. ඇගේ දේශපාලන නැඹුරුව කුමක් වුවත් ඇගේ කලාව සමාජ අසමානතාවයේ හා පසුගාමීත්වයේ යම් අංශයක් නිතරම ඉස්මතු කරයි. ඒ අනුව, ලිංගිකත්වය කාන්තාවට වෙනස් ලෙස සැලකීමේ හේතුවක් වීම මෙන් ම  “විනය හා සදාචාරය” වෙනුවෙන් දරු දැරියන් ගැහැනු හා පිරිමි ලෙස වෙන් කිරිම ද විද්‍යා විරෝධී, ප්‍රතිගාමී අදහසකි ය යන සිය වැටහීම හා පිලි ගැනීම, ඇය තම නිර්මානවල දී ඉස්මතු කලා ය.       

මෙහි සදහන් කරුනු සම්බන්ධයෙන් තම පුද්ගලික අදහස ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කල “සුලං කපොල්ලේ” නමැති වීඩියෝවෙන්, නතාෂා, කාන්තාව හා පිරිමියා ‘මහා ලොකුවට වෙන් කරගෙන සිටීම නො විය යුතු දෙයක්’ යයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කලා ය. පිරිමියා, පිරිමියෙකු වන හේතුවෙන් ඔහු ගැහැනිය බලාගත යුතු ය යි  යෝජනා කිරීම  “emotional blackmail එකක් (චිත්තවේගී තර්ජනයක්)” යයි ඈ කියයි. “මනුෂ්‍ය සම්බන්ධතා ගොඩ නැගීමට කාන්තාවක් තව කෙනෙක් මත යැපෙන්නට අවශ්‍ය ද? (පිරිමියා) තමන්ගේ සතුට කැප කර තව කෙනෙක් බලා ගන්න එකට ද සතුට කියන්නෙ. ආදරේ කියන්නෙ ඒකට ද?” යි නතාෂා ප්‍රශ්න කරයි. ඇය තව දුරටත් මෙසේ ද විමසයි. “පිරිමියා අසරන කාන්තාව බාරගන්නට ඉන්න rehabilitation (පුනරුත්තාපන)  එකක් ද?”

ගැහැනුන් “දූෂනය කරනවා” යන පිලි ගැනීම ද, ඇය අභියෝගයට ලක් කරයි. අපේ කතා නායිකාව තම කලාව තුලින්  විමසා සිටින්නේ, ‘යම් පිරිමියෙකු විසින් ගැහැනියට කරන හිරිහැරයක් නිසා ඇය ‘දූෂනය’ වූවා ය යි කියන්නේ කෙසේ ද?’ යනුවෙනි. සැබවින්ම අපවිත්‍රව ඇත්තේ කවරක් ද? ඇය යථාර්තය මතු කරයි.

“කලාව politically correct (දේශපාලනිකව නිවැරදි) වෙන්න ඕනෑ ද? ආතල් එකට විතරක් කරන්න පුලුවන් ද? බැරි ද?  politically විතරක් correct වුනොත් හරි ද?” මේ ඇගේ තර්ක ගොඩ නැගෙන ආකාරයයි. මේවා නිදහස් අදහස් ය.

බෞද්ධ කොමසාරිස් ප්‍රමුඛ ආගමික අන්තවාදීන්ගේ පැමිනිලි අනුව ඇය දඩයම් කර ඇත්තේ, එසේ, පවතින අධිකාරීන් බිඳලන, නිදහස් අදහස් දැරීම, ඒ  වෙනුනේ පෙනී සිටීම හා කලා නිර්මාන තුලින් ඒවා සමාජගත කිරිම යන මේ කරුනු නිසා ය. බුද්ධාගමට හා එහි ශාස්තෲන්ට අපහාස කිරීම හා ආගමික සංහිඳියාව නැති කිරීම, බාලිකා විද්‍යාලවලට අපහාස කිරීම යන චෝදනා ඇයට විරුද්ධව ගොතා ඇත. එහි අරමුන හුදෙක් කලා නිර්මානයේ, භාෂනයේ හා ප්‍රකාශනයේ  නිදහස පාගා දැමීම පමනක් නො ව, පීඩිත ජන සමාජය තුල පොදුවේ දැල්වෙන සමානාත්මතා හැඟීම් හා කාන්තාව මත හෙලා ඇති ධනවාදී පීඩනයට විරුද්ධව කාන්තාවන් තුලින්ම නැගී එන විමුක්තිකාමී හැඟීම් අංකුර අවස්ථාවේ දී ම තලා වනසා දැමීම ය. 

කුප්‍රකට සිවිල් සහ දේශපාලන අයිතිවාසිම් පිලිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ නතාෂාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පහල අධිකරනයෙන් ඇප ලබා ගත නොහැකි වන පරිදිය. මේ යටතේ චෝදනා සම්බනධව වරදකරු කරනු ලැබුව හොත්  වසර දහයක් දක්වා සිරගත කිරීමකට යටත් වීමේ අන්තරාය ඇය මත ලඹ දේ.  

ඒ වන විටත් SL VLOG නමැති යූටියුබ් චැනලයෙන් එය නැරඹූ පිරිස 21000ක් බව උසාවියට වාර්තා කල  පොලිසිය, එය ආගම් විරෝධී වෛරී සහගත ප්‍රකාශයක් ලෙස නම් කර එයින් මහජන කැලඹිලි ඇති විය හැකි යයි පවසමින්, ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටියේ ය.  පොලිසිය තව දුරටත් කියා සිටියේ බෞද්ධ කටයුතු කොමසාරිස් මෙබදු පැමිනිල්ලක් ඉදිරිපත් කල ප්‍රථම අවස්ථාව මෙය බවත් ඇය පසුගිය ‘අරගලය’ ට සම්බන්ධ වී ඇති නිසා වි⁣ශේෂ සැලකිල්ලකින්  සොයා බලන බවත්ය.  මහේස්ත්‍රාත් නතාෂාට ඇප දෙන ලෙස නීතිඥයන් විසින් කෙරුනු ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය. පසු දින ලංකාදීප වාර්තා කලේ, “විහිලුවට ආගමික කාරනා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම  හරිදැයි” මහේස්ත්‍රාත්වරයා විමසා සිටි බව යි. මේ වාර්තාව අනුව, ආගමික කාරනා විහිලුවට භාවිත කලේ ය යි මහේස්ත්‍රාත් නඩු නො අසාම තීන්දු කර ඇති බව ගම්‍ය නොවන්නේ ද? 

ආගමික හෝ වෙනත් ආකාරයක සමාජ විරෝධී බවක් ඇගේ නිර්මානය අත්විඳි ප්‍රේක්ශකයන්ට මතු වී නො තිබිනි. මාස දෙකකට පසු අදාල වීඩියෝව ප්‍රසිද්ධ කිරීමෙන් දින දෙකක් ඇතුලත එය නැරඹූ 21000 අතුරින් රිදී ඇත්තේ කා හට ද? රිදී ඇත්තේ, ‘ආගමික සංහිඳියාවට’ බාධා කරන කන්ඩායම් පිලිබඳ සොයා බලා ක්‍රියා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට පසු දා ම නියෝග කල ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය, ඔහුගේ බෞද්ධ කටයුතු කොමසාරිස්ට ය, බෞද්ධ මූලධර්මවාදීන් ඇතුලු වර්ගවාදී ෆැසිස්ට් කල්ලි සහ පාලක පන්තියේ සෙසු නියෝජිතයන්ට ය.

දැන් ආගමික සමාජ කැලඹීමක් උසිගැන්වීම සදහා වෙර දරන උන්මත්තකයෝ ද ඔවුහු ම ය. වැඩකරන ජනයාගේ කුප්‍රකට හතුරෙකු වන දිලිත් ජයවීරගේ දෙරන රූපවාහිනිය “ප්‍රධාන පෙලේ පාසැලක පසු ගියදා පැවති ප්‍රහසන වැඩ සටහනක දී නතාෂා එදිරිසූරිය නැමැත්තිය බුදුන් වහන්සේට සහ බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුනා.” යි වාර්තා කලේ ය. “ඒ ප්‍රකාශය තුල අපහාසය පමනක් නො ව අසභ්‍ය වචන පවා ගැබ්ව තිබූ අතර එහිදී ඇය බෞද්ධ කාන්තා පාසල් ද ප්‍රසිද්ධියේ බරපතල ලෙස විවේචනය කලා” යි එය තව දුරටත් ප්‍රකාශ කලේ ය. ප්‍රසිද්ධ දර්ශන සදහා මුදල් ගෙවා වෙන්කරනු ලබන ශ්‍රවනාගාරය පාසැලකින් වෙන්කර ගැනීමට ජයවීරට නොහැකි වී ඇත. අසභ්‍ය වචන යනු කුමන්ත්‍රනකාරයන්ගේ නිර්මාන ය.  එ මතු ද නොව, බොහෝවිට සැකකරුවන් සම්බන්ධයෙන් නඩු අසා තීන්දු දීමේ බලයද පැහැරගන්නා ජයවීරගේ නාලිකාව නතාෂාව මුල පටන්ම වරදකරු කරන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ අයිතියද ඇයට අහිමි කරමිනි.

පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (පෙජපෙ) ජගත් කුමාර, “ ඔල මොට්ටල කාන්තාව පිලිබද නඩු අහල වැඩක් නැහැ. රජ කාලෙ දඩුවම් දෙන්න ඕනෙ, උල තියන්න ඕනෑ…” යි එම ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දී යෝජනා කලේ ය. ගිය වසරේ අප්‍රේල්-ජුලි මහජන අරගල  ආර්ථික දේශපාලනික වුවමනාවන් විසින් පැන නැංවූවක් නො ව, බුද්ධාගමට විරුද්ධ එකකි යි තහවුරු කිරීමට ප්‍රවෘත්ති ප්‍රකාශය බොහෝ කාලයක් වැය කලේ ය. ප්‍රකට වර්ගවාදීන් වන චන්න ජයසුමන, නාමල් රාජපක්ෂ, අද්මිරාල් සරත් විජේසේකර, වැනි පොජපෙ හිටපු හා දැනට සිටින ඇමතිවරු ඊට සාක්ෂිකාරයන් ලෙස ඉදිරිපත් කරන ලදහ.  නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් නොදුන හොත්  ‘මහජනතාව කටයුතු අතට ගනු ඇතැයි‘ වීරසේකර ෆැසිසට් මැර කල්ලිවලට සූදානම් වීමට කැඳවුම් කලේ ය. “මේවා සංවිධානාත්මක අපරාධ” බවත්, නතාෂා  “රටට එරෙහි බූත හොලමන්” වල මුහුනතක් බවත්  ප්‍රකාශ කල ප්‍රධාන විරුද්ධ පක්ෂය වන  සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන පක්ෂයේ ආන්ඩුව සමග පෙල ගැසීම පෙන්නුම් කලේ ය.

දැන්  ව්‍යාජ වමුන් සිටගන්නේ කොතැන ද?  පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය පක්ෂයේ අදහස  සූත්‍රගත කරමින් කියා සිටියේ, “බෞද්ධයන්ගේ සත් රිදවීමක් වෙලා තයෙනවා  මේ ප්‍රකාශය විසින්” යනුවෙනි. “ඉපදුනු ගමන් දරුවෙක් ඇවිද්ද යි කියන එක ප්‍රශ්න කරන්න කලා කරුවෙකුට අයිතියක් නැත්ද?” ලෙස ඉදිරිපත් කර ඇති  මතයට, “ඔව්, එතන ප්‍රශ්නයක් තියෙනවා” යයි පිලිතුරු දෙන ජයගොඩ, නතාෂාගේ නිර්මානය, “කන්‍යාවියක් විසින් දරුවෙක් ඉපදුනේ කොහොමද කියල ප්‍රශ්න කරල… අනවශ්‍ය සමාජ ප්‍රශ්නයක් ඇති කර, බලවේග අතර බෙදීමක් හදපු එක,… තක්කඩියො අපතයො ඔක්කොටෙම ආයෙ වැඩ කරන්න වැඩ බිමක් හදපු එකක්” යයි හෙලා දකී. ඒ අනුව පෙසප කියා සිටින්නේ, ආගමට අපහාස කලාය යන ආන්ඩුවේ චෝදනාවට පමනක් නො ව තක්කඩියන්ට වැඩ කිරිමට ඉඩකඩ විවර කිරීම යන කරුනු දෙකටම නතාෂා වැරදිකාරිය වන බව ය. ‘බලවේග අතර බෙදීම’ ගැන කියන විට ඔහු එකිනෙකාට එරෙහිව පිහිටා තිබෙන ප්‍රධාන පන්ති දෙක ගැනම සදහන් නො කලේ ය. හරියටම එම කරුන නිසාම ජයගොඩලාට යථාර්ථය මුන නො ගැසෙන අතර බංකොලොත් ධනවාදයේ යහපත් හැඩයක් මවා ගැනීමට සිදු වී ඇත.    

නමුත්, ප්‍රශ්නයේ මුල් විහිදී ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදයේ පතුලට ම ය. සියලුම රටවල ආන්ඩු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමේ ප්‍රති විප්ලවයේ හා යුද්ධයේ මාවතට ඇද වැටී ඇත්තේ එබැවිනි. එක්සත් ජනපදය අසාන්ජ්ගේ ලේ ඉල්ලා සිටීමෙන් ද, ලංකාවේ අර්බුද ග්‍රස්ත ආන්ඩු ශක්තික සත්කුමාර, රම්සි රසීක්, අහ්නාෆ් ජසීම් වැනි කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් සිරගත කිරීමෙන් ද ප්‍රදර්ශනය කර ඇත්තේ නිදහස් ප්‍රකාශනයට එරෙහිව මෙම ආන්ඩුවල පවත්නා අතිශය ගැඹුරු වෛරයයි. වික්‍රමසිංහ ආන්ඩුව එය පෙරට ගනිමින් සිටී.  පන්ති පාලනයට ද, අවසානයේ ධනපති දේපල සම්බන්ධතාවලට ද, තියුනු අභියෝගයක් වන වත්මන් මහජන පිබිදීම තලා දැමීම හැර මාවතක් ධනවාදී පාර්ලිමේන්තුවාදයට නැත. දැන් නිදහස සදහා සටන සෑම පියවරක් පාසාම මෙම යල් පැන ගිය පන්ති පාලනය අහෝසි කිරීම දෙසට එල්ල කල යුතු ය.

නතාෂා වහා නිදහස් කිරීම හා ඇයට එරෙහි බොරු චෝදනා අකුලා ගැනීම සඳහා බලකෙරෙන උද්ඝෝෂනයක් ජයග්‍රහනය තෙක් නො නවත්වා ගෙන යාමට සියලු කලාකරුවෝ කම්කරු පන්තිය සමග පෙරමුන ගත යුත්තාහ.

කම්කරුවනි, ගොවියන්, පීඩිතයන් හා තරුනයන් රැලි කරගෙන සටනේ පෙරමුන ගනු! කලාවේ, හා  ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! කාන්තාව මත හෙලන ධනේශ්වර පන්ති පීඩනය සදහටම අවසන් කරනු! අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු!

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරනු! Read More »

thesocialist

theSocialist.LK மும்மொழி இணையதளமாக  புத்துயிர் பெற்றது

the Socialist.LK ஆசிரியர் குழுவின் அறிக்கை

தொழிலாளர்கள், தோழர்கள், நண்பர்கள்,

Image
நியூ பிளானட், 1921 கான்ஸ்டான்டின் யுவான், © ஸ்டேட் ட்ரெட்டியாகோவ் கேலரி, மாஸ்கோ/டிஏசிஎஸ் 2017

மார்ச் 11 அன்று வலைப்பதிவாகத் தொடங்கி புரட்சிகர அறிவை உங்களுக்கு நெருக்கமாகக் கொண்டுவந்த TheSocialist.LK – Global Socialist Reviews என்ற இணைய வெளியீடு இன்று (25) இணையத்தளமாகத் தொடங்கப்படும் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்கிறோம்.  சர்வதேச தரநிலை வடிவத்தில் மேம்படுத்தப்பட்டு, அரசியல், பொருளாதாரம், வர்க்கப் போராட்டம், வரலாறு, கலை-கலாச்சாரம் மற்றும் அறிவியல் ஆகிய துறைகளில் தொழிலாளர்கள் மற்றும் ஒடுக்கப்பட்ட மக்களுக்கு பரந்த அளவிலான, துல்லியமான மற்றும் சரியான நேரத்தில் அறிவைக் கொண்டு வர சிங்களம், தமிழ் மற்றும் ஆங்கிலம் மும்மொழி இணையதளமாக தயார்படுதத்ப்பட்டுள்ளது.

சர்வதேச தொழிலாளர் வர்க்கத்தின்  அங்கமான இலங்கை மற்றும் தெற்காசியப் பிராந்தியத்தில் உள்ள தொழிலாளர்களையும் ஒடுக்கப்பட்ட மக்களையும், சர்வதேசத்தால் வழிநடத்தப்படும் சோசலிசப் புரட்சிக்கு முறையாகப் பயிற்றுவித்து அவர்களைத் தயார்படுத்தும் தளமாக theSocialist.LK  இணையதளத்தை உருவாக்குவதே எங்கள் நோக்கமாகும்.  சுமார் இரண்டு மாதங்கள், வலைப்பதிவு மூலம், தொழிலாள வர்க்க நிலைப்பாட்டில் இருந்து சர்வதேச அரசியல்-பொருளாதார அனுபவத்தை உங்களுக்கு பகுப்பாய்வு ரீதியில் கொண்டு வர உழைத்தோம். இந்த குறுகிய காலத்தில் வெளியிடப்பட்ட உலக சோசலிச வலைத் தளத்தின் (WSWS) தேர்ந்தெடுக்கப்பட்ட கட்டுரைகளின் சிங்கள மொழிபெயர்ப்பு உட்பட கட்டுரைகளின் எண்ணிக்கை 66. நாளுக்கு நாள் அது பெற்ற வாசகர்களின் ஈர்ப்பு, ஊடுருவும் புதிய அறிவைத் தேடுவதற்கான புறநிலை உந்துதலுக்கு சாட்சியமளித்தது சமூக யதார்த்தமாகும். இது புரட்சிகர அரசியலுக்கு ஊக்கமளிக்கிறது.

தொழிலாள வர்க்கம், இளைஞர்கள், கலைஞர்கள் மற்றும் உண்மையான புத்திஜீவிகளுக்கு ஜனநாயக ரீதியாக விவாதிக்கவும், கருத்துக்களைப் பகிர்ந்து கொள்ளவும், கருத்துச் சுதந்திரம் மற்றும் ஒன்றுகூடல் சுதந்திரத்தை நசுக்க ஆயுதம் ஏந்திய முதலாளித்துவ அரசாங்கங்களின் தாக்குதல்களுக்கு எதிரான எதிர்த்தாக்குதலைத் தயாரித்து ஒருங்கிணைக்கவும் சுதந்திரமான ஊடகங்கள் தேவை. . அவர்கள் கேட்பதற்கும், வினவுவதற்கும், தேடுவதற்கும், கண்டுபிடிப்பதற்கும், சொல்லவும் எழுதவும் நிறைய இருக்கிறது. உழைக்கும் மக்களின் போராட்டங்களின் ஒற்றுமைக்கு எது பொருத்தமானது என்பதை நம்பகத்தன்மையுடன் தொடர்புகொள்வதற்கான வாய்ப்புகள் மிகவும் அரிதானவை. அந்த வகையில், theSocialist.LK என்பது வர்க்கத் தேவையின் விளைபொருளாகும்.

நான்காம் அகிலத்தின் அனைத்துலகக் குழு (ICFI) மற்றும் WSWS ஆகியவற்றின் இயங்கியல் பொருள்முதல்வாத முறை, பகுப்பாய்வு மற்றும் வேலைத்திட்டத்தின் அடிப்படையில்  theSocialist.LK,  தேசிய மற்றும் சர்வதேச உழைக்கும் மக்களின் ஏகாதிபத்திய எதிர்ப்பு ஒற்றுமைக்காக நிற்கும். ஸ்டாலினிசத்தை முன்னிறுத்தி சந்தர்ப்பவாத அரசியலால் அழிக்கப்பட்ட சோசலிச கலாச்சாரத்தை மீட்பதற்கு நான்காம் அகிலத்தின் அனைத்துலகக் குழு முன்னெடுத்துள்ள உறுதியான வேலைத்திட்டத்திற்கு இணங்க அதன் பணியைத் தொடரக் கடமைப்பட்டுள்ளது.

பெரும் மந்தநிலைக்குப் பின்னர் உலகப் பொருளாதாரத்தில் ஆழமான பொருளாதார மற்றும் நிதி நெருக்கடியை எதிர்கொண்டுள்ள ஏகாதிபத்திய அமைப்பு, மனிதகுலத்தை அணுசக்தி உலகப் போரின் விளிம்பிற்குக் கொண்டு வந்துள்ளது, உக்ரேனில் ரஷ்யாவிற்கு எதிராக அமெரிக்கா தலைமையிலான நேட்டோவால் தொடங்கப்பட்ட பினாமி யுத்தம். ஏகாதிபத்தியத்தின் காட்டுமிராண்டித்தனமான பிரதிநிதித்துவம் ஆகும். உலகின் இரண்டாவது சக்திவாய்ந்த பொருளாதாரமான சீனாவிற்கு எதிரான ஆத்திரமூட்டல்கள் முழு ஆசிய-பசிபிக் பிராந்தியத்தையும் பேரழிவுப் போரின் பிடியில் கொண்டு செல்கின்றன. உலகெங்கிலும் இருபது மில்லியனுக்கும் அதிகமான மக்கள் தடுக்கக்கூடிய தொற்றுநோய்க்கு பலியாவதை மேற்பார்வையிட்ட ஆளும் வர்க்கங்கள், பிணங்களை குவிப்பதை ஒரு ஆசீர்வாதமாக மாற்றியவர்கள், உழைக்கும் மக்களிடமிருந்தும் தாழ்த்தப்பட்டவர்களிடமிருந்தும் போரின் செலவைப் பிரித்தெடுக்கின்றனர்.

போரும் சிக்கனமும் முடிவுக்கு வர வேண்டும். ஜனநாயக உரிமைகள் பாதுகாக்கப்பட வேண்டும். ஆனால், உழைக்கும் வெகுஜனங்களின் நனவான புரட்சிகர உலகளாவிய இயக்கத்தை கட்டியெழுப்புவதன் மூலம் மட்டுமே அதைச் செய்ய முடியும். அது அந்தந்த தேசிய ஆளும் வர்க்கங்களுக்கு எதிராக ஆரம்பிக்கப்பட வேண்டும். லியோன் ட்ரொட்ஸ்கி அற்புதமாக பகுப்பாய்வு செய்தது போல், “சோசலிசப் புரட்சி தேசிய அரங்கில் தொடங்குகிறது, அது சர்வதேச அரங்கில் விரிவடைகிறது, மேலும் உலக அரங்கில் நிறைவு பெறுகிறது.” 

தற்போதைய நெருக்கடிக்கு வழி வகுத்துள்ள சமூக-பொருளாதார இயக்கவியலைத் துல்லியமாகப் புரிந்து கொள்ள வேண்டியதன் அவசியத்தை இந்த உண்மைகள் உறுதி செய்கின்றன. அர்ப்பணிப்புக்குக் குறைவான எதுவும் தற்போதைய வர்க்கப் போராட்டங்கள் முன்னோக்கிச் செல்வதற்கு இடமளிக்காது. அதன் எதிரிகள் அனைவரையும் இரக்கமற்ற முறையில் வெளிப்படுத்த வேண்டும் என்று கோருகிறது theSocialist.LK,  நாங்கள் அந்த பொறுப்பை ஏற்கிறோம்.

இணையத்தளத்தை தவறாமல் படித்து, உங்கள் கருத்துக்களை அனுப்புமாறும், அத்தியாவசிய அரசியல் விவாதங்களுக்கான திறந்தவெளியில் எங்களுடன் இணையுமாறும், இணையதளத்திற்கு உங்களின் அதிகபட்ச நிதியுதவியை வழங்குமாறும் சகோதரத்துவத்துடன் கேட்டுக்கொள்கிறோம்.

[இந்த அறிக்கை முதலில் 25 மே 2023 அன்று சிங்களத்தில் வெளியிடப்பட்டது]

theSocialist.LK மும்மொழி இணையதளமாக  புத்துயிர் பெற்றது Read More »

thesocialist

theSocialist.LK மும்மொழி இணையதளமாக  புத்துயிர் பெற்றது

the Socialist.LK ஆசிரியர் குழுவின் அறிக்கை

தொழிலாளர்கள், தோழர்கள், நண்பர்கள்,

Image
நியூ பிளானட், 1921 கான்ஸ்டான்டின் யுவான், © ஸ்டேட் ட்ரெட்டியாகோவ் கேலரி, மாஸ்கோ/டிஏசிஎஸ் 2017

மார்ச் 11 அன்று வலைப்பதிவாகத் தொடங்கி புரட்சிகர அறிவை உங்களுக்கு நெருக்கமாகக் கொண்டுவந்த TheSocialist.LK – Global Socialist Reviews என்ற இணைய வெளியீடு இன்று (25) இணையத்தளமாகத் தொடங்கப்படும் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்கிறோம்.  சர்வதேச தரநிலை வடிவத்தில் மேம்படுத்தப்பட்டு, அரசியல், பொருளாதாரம், வர்க்கப் போராட்டம், வரலாறு, கலை-கலாச்சாரம் மற்றும் அறிவியல் ஆகிய துறைகளில் தொழிலாளர்கள் மற்றும் ஒடுக்கப்பட்ட மக்களுக்கு பரந்த அளவிலான, துல்லியமான மற்றும் சரியான நேரத்தில் அறிவைக் கொண்டு வர சிங்களம், தமிழ் மற்றும் ஆங்கிலம் மும்மொழி இணையதளமாக தயார்படுதத்ப்பட்டுள்ளது.

சர்வதேச தொழிலாளர் வர்க்கத்தின்  அங்கமான இலங்கை மற்றும் தெற்காசியப் பிராந்தியத்தில் உள்ள தொழிலாளர்களையும் ஒடுக்கப்பட்ட மக்களையும், சர்வதேசத்தால் வழிநடத்தப்படும் சோசலிசப் புரட்சிக்கு முறையாகப் பயிற்றுவித்து அவர்களைத் தயார்படுத்தும் தளமாக theSocialist.LK  இணையதளத்தை உருவாக்குவதே எங்கள் நோக்கமாகும்.  சுமார் இரண்டு மாதங்கள், வலைப்பதிவு மூலம், தொழிலாள வர்க்க நிலைப்பாட்டில் இருந்து சர்வதேச அரசியல்-பொருளாதார அனுபவத்தை உங்களுக்கு பகுப்பாய்வு ரீதியில் கொண்டு வர உழைத்தோம். இந்த குறுகிய காலத்தில் வெளியிடப்பட்ட உலக சோசலிச வலைத் தளத்தின் (WSWS) தேர்ந்தெடுக்கப்பட்ட கட்டுரைகளின் சிங்கள மொழிபெயர்ப்பு உட்பட கட்டுரைகளின் எண்ணிக்கை 66. நாளுக்கு நாள் அது பெற்ற வாசகர்களின் ஈர்ப்பு, ஊடுருவும் புதிய அறிவைத் தேடுவதற்கான புறநிலை உந்துதலுக்கு சாட்சியமளித்தது சமூக யதார்த்தமாகும். இது புரட்சிகர அரசியலுக்கு ஊக்கமளிக்கிறது.

தொழிலாள வர்க்கம், இளைஞர்கள், கலைஞர்கள் மற்றும் உண்மையான புத்திஜீவிகளுக்கு ஜனநாயக ரீதியாக விவாதிக்கவும், கருத்துக்களைப் பகிர்ந்து கொள்ளவும், கருத்துச் சுதந்திரம் மற்றும் ஒன்றுகூடல் சுதந்திரத்தை நசுக்க ஆயுதம் ஏந்திய முதலாளித்துவ அரசாங்கங்களின் தாக்குதல்களுக்கு எதிரான எதிர்த்தாக்குதலைத் தயாரித்து ஒருங்கிணைக்கவும் சுதந்திரமான ஊடகங்கள் தேவை. . அவர்கள் கேட்பதற்கும், வினவுவதற்கும், தேடுவதற்கும், கண்டுபிடிப்பதற்கும், சொல்லவும் எழுதவும் நிறைய இருக்கிறது. உழைக்கும் மக்களின் போராட்டங்களின் ஒற்றுமைக்கு எது பொருத்தமானது என்பதை நம்பகத்தன்மையுடன் தொடர்புகொள்வதற்கான வாய்ப்புகள் மிகவும் அரிதானவை. அந்த வகையில், theSocialist.LK என்பது வர்க்கத் தேவையின் விளைபொருளாகும்.

நான்காம் அகிலத்தின் அனைத்துலகக் குழு (ICFI) மற்றும் WSWS ஆகியவற்றின் இயங்கியல் பொருள்முதல்வாத முறை, பகுப்பாய்வு மற்றும் வேலைத்திட்டத்தின் அடிப்படையில்  theSocialist.LK,  தேசிய மற்றும் சர்வதேச உழைக்கும் மக்களின் ஏகாதிபத்திய எதிர்ப்பு ஒற்றுமைக்காக நிற்கும். ஸ்டாலினிசத்தை முன்னிறுத்தி சந்தர்ப்பவாத அரசியலால் அழிக்கப்பட்ட சோசலிச கலாச்சாரத்தை மீட்பதற்கு நான்காம் அகிலத்தின் அனைத்துலகக் குழு முன்னெடுத்துள்ள உறுதியான வேலைத்திட்டத்திற்கு இணங்க அதன் பணியைத் தொடரக் கடமைப்பட்டுள்ளது.

பெரும் மந்தநிலைக்குப் பின்னர் உலகப் பொருளாதாரத்தில் ஆழமான பொருளாதார மற்றும் நிதி நெருக்கடியை எதிர்கொண்டுள்ள ஏகாதிபத்திய அமைப்பு, மனிதகுலத்தை அணுசக்தி உலகப் போரின் விளிம்பிற்குக் கொண்டு வந்துள்ளது, உக்ரேனில் ரஷ்யாவிற்கு எதிராக அமெரிக்கா தலைமையிலான நேட்டோவால் தொடங்கப்பட்ட பினாமி யுத்தம். ஏகாதிபத்தியத்தின் காட்டுமிராண்டித்தனமான பிரதிநிதித்துவம் ஆகும். உலகின் இரண்டாவது சக்திவாய்ந்த பொருளாதாரமான சீனாவிற்கு எதிரான ஆத்திரமூட்டல்கள் முழு ஆசிய-பசிபிக் பிராந்தியத்தையும் பேரழிவுப் போரின் பிடியில் கொண்டு செல்கின்றன. உலகெங்கிலும் இருபது மில்லியனுக்கும் அதிகமான மக்கள் தடுக்கக்கூடிய தொற்றுநோய்க்கு பலியாவதை மேற்பார்வையிட்ட ஆளும் வர்க்கங்கள், பிணங்களை குவிப்பதை ஒரு ஆசீர்வாதமாக மாற்றியவர்கள், உழைக்கும் மக்களிடமிருந்தும் தாழ்த்தப்பட்டவர்களிடமிருந்தும் போரின் செலவைப் பிரித்தெடுக்கின்றனர்.

போரும் சிக்கனமும் முடிவுக்கு வர வேண்டும். ஜனநாயக உரிமைகள் பாதுகாக்கப்பட வேண்டும். ஆனால், உழைக்கும் வெகுஜனங்களின் நனவான புரட்சிகர உலகளாவிய இயக்கத்தை கட்டியெழுப்புவதன் மூலம் மட்டுமே அதைச் செய்ய முடியும். அது அந்தந்த தேசிய ஆளும் வர்க்கங்களுக்கு எதிராக ஆரம்பிக்கப்பட வேண்டும். லியோன் ட்ரொட்ஸ்கி அற்புதமாக பகுப்பாய்வு செய்தது போல், “சோசலிசப் புரட்சி தேசிய அரங்கில் தொடங்குகிறது, அது சர்வதேச அரங்கில் விரிவடைகிறது, மேலும் உலக அரங்கில் நிறைவு பெறுகிறது.” 

தற்போதைய நெருக்கடிக்கு வழி வகுத்துள்ள சமூக-பொருளாதார இயக்கவியலைத் துல்லியமாகப் புரிந்து கொள்ள வேண்டியதன் அவசியத்தை இந்த உண்மைகள் உறுதி செய்கின்றன. அர்ப்பணிப்புக்குக் குறைவான எதுவும் தற்போதைய வர்க்கப் போராட்டங்கள் முன்னோக்கிச் செல்வதற்கு இடமளிக்காது. அதன் எதிரிகள் அனைவரையும் இரக்கமற்ற முறையில் வெளிப்படுத்த வேண்டும் என்று கோருகிறது theSocialist.LK,  நாங்கள் அந்த பொறுப்பை ஏற்கிறோம்.

இணையத்தளத்தை தவறாமல் படித்து, உங்கள் கருத்துக்களை அனுப்புமாறும், அத்தியாவசிய அரசியல் விவாதங்களுக்கான திறந்தவெளியில் எங்களுடன் இணையுமாறும், இணையதளத்திற்கு உங்களின் அதிகபட்ச நிதியுதவியை வழங்குமாறும் சகோதரத்துவத்துடன் கேட்டுக்கொள்கிறோம்.

[இந்த அறிக்கை முதலில் 25 மே 2023 அன்று சிங்களத்தில் வெளியிடப்பட்டது]

theSocialist.LK மும்மொழி இணையதளமாக  புத்துயிர் பெற்றது Read More »

the global socialist

ඊශ්‍රායලය ගොඩ නැඟීමේ සිට වසර 75: නක්බා සහ යුදෙව්-අරාබි සමගිය සඳහා අරගලය

ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 12 දින 75 years since Israel’s foundation: The Nakba and the struggle for Jewish-Arab unity යන සිරසින් යුතුව පලවූ ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මැයි 14 දිනට යෙදේ. එය හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව, ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමට හා ඉන් පසු ඇති වූ යුද්ධ වලදී, සටන් කල හා මිය ගිය, එමෙන්ම රාජ්‍ය සේවයේ ක්‍රියාකාරී සිටින අය සිහි කරන දිනයට පසු දිනය වන අප්‍රේල් 25 ලෙස ඊශ්‍රායලය නිල වශයෙන් සලකුනු කර ඇත.

නිල සංවත්සරය නිහඬ අවස්ථාවක් විය. එය පැවැත්වුණේ, ෆැසිස්ට්වාදී ආගමික සහ පදිංචිකරුවන්ගේ පක්ෂවල සභාගයක් වන අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් සභාග ආන්ඩුව, ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල සීමා කිරීම සඳහා සකසා ඇති සැලසුම්වලට එරෙහිව යුදෙව් ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදු කරනු ලැබූ, ඊශ්‍රායෙල රාජ්‍යයේ ඉතිහාසයෙහි මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතා පුපුරා යාම මධ්‍යයේ ය. ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහි ප්‍රතිරෝධයේ පරිමාණය රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිවිල් යුද්ධයකට බැසීමක් පිලිබඳ නැවත නැවතත් අනතුරු ඇඟවීම් වලට තුඩු දී ඇත. ඊශ්‍රායලයට විරුද්ධ සමහර පලස්තීන සටන්කාමී කන්ඩායම්වලට සහය දෙන ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන් සහ අසල්වැසි රාජ්‍යයන්, අන් සියල්ලටමත් වඩා ඉරානය සහ සිරියාව, ඉලක්ක කර ගනිමින් නෙතන්යාහු විසින් හිතාමතාම යුද උණුසුම  ඇවිස්සීමත් මෙය සමඟ සිදුවී ඇත.

Image
2023 මාර්තු 26 වැනි ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ඊශ්‍රායල නායකයා සිය ආරක්ෂක ඇමැතිවරයා නෙරපා හැරීමෙන් පසු, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහි විරෝධතාවක් අතරතුර ඊශ්‍රායල ජාතිකයෝ ගිනි මැල දල්වමින් අධිවේගී මාර්ගයක් අවහිර කරති.

නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම පසුගිය දෙසැම්බරයේ බලයට පත් වූ දා සිට, ඔහුගේ ආන්ඩුව සමාජ හා දේශපාලන විසම්මුතිය යටපත් කිරීමට පහසු වීම සඳහා අධිකරණයේ වියදමින් සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත. ආන්ඩුව උත්සාහ කරන්නේ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ ප්‍රදේශ බොහෝමයක් ස්ථීර ලෙස ඈඳා ගැනීමට සහ පලස්තීනුවන්ට පමනක් නොව ඉරානයට සහ එහි සහචරයින්ට එරෙහිව ලේවැකි මිලිටරි මැදිහත්වීම් වලට මග පාදා ගැනීමටය. නෙතන්යාහුගේ සභාගය ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සේවය කිරීමට පලස්තීන නෙසට් සාමාජිකයන් නුසුදුස්සන් කිරීමටත්, ඊශ්‍රායල පුරවැසියන්ගෙන් සියයට 20 කට ස්ථිර ලෙස ඡන්ද බලය අහිමි කරමින් ඔවුන්ගේ පක්ෂ මැතිවරණවලට ඉදිරිපත් වීම තහනම් කිරීමටත් සැලසුම් කරයි.

මෙය, රාජ්‍යයේ නීතිමය පදනම ලෙස යුදෙව් ආධිපත්‍යය තහවුරු කරමින්, ඊශ්‍රායලයේ 2018 මූලික නීතිය, ජාතික-රාජ්‍ය නීතිය මත කේන්ද්‍ර කරගත් වර්ණභේදවාදී ආකාරයේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්පිණ්ඩනය කරනු ඇත. නීතියෙන් ප්‍රකාශ කෙරෙන පරිදි, “ඊශ්‍රායල් රාජ්‍යයේ ජාතික ස්වයං නිර්ණය ක්‍රියාත්මක කිරීමේ අයිතිය යුදෙව් ජනතාවට අනන්‍ය වූවකි.” එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස සමස්ත ජෙරුසලම “සම්පූර්ණ හා එක්සත්” පුරයක් ලෙස ස්ථිර ලෙස ඈඳා ගැනීමට සහාය ප්‍රකාශ කරන අතර ජනාවාස ඉදිකිරීම “ජාතික වටිනාකමක්” ලෙස අනුමත කරයි. මෙය සහ අරාබි භාෂාව නිල රාජ්‍ය භාෂාවක් ලෙස පැවැති තත්ත්වය ඉවත් කිරීම, බොහෝ මානව හිමිකම් කණ්ඩායම් සාක්ෂ්‍ය දරන පරිදි ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන්ට දෙවන පන්තියේ තත්වයක් හිමි කර දීමකි. 

මෙම පියවරයන්ට දැක්වෙන නිල විරුද්ධත්වය මෙහෙයවනු ලබන්නේ ධනේශ්වර සියොන්වාදී පක්ෂවල විෂම  කන්ඩායමක් විසිනි. නෙතනියාහු සමඟ ඇති ඔවුන්ගේ නොඑකඟතාවයන්ගෙන් පිළිබිඹු කෙරෙන්නේ ඔහු රාජ්‍යයේ උත්සුකයන් අනතුරේ හෙළීම පිලිබඳ කනස්සල්ලයි. ඊශ්‍රායලයේ මතුවෙමින් පවතින ෆැසිස්ට් තර්ජනයට එරෙහි විරුද්ධත්වය, පලස්තීනුවන් සහ අරාබි ඊශ්‍රායල ජාතිකයන් මර්දනය කිරීමට එරෙහි විරුද්ධත්වය සමග සම්බන්ධ කිරීමට ඔවුහු අශමනීය ලෙස විරුද්ධ වෙති. ආඥාදායකත්වයේ සහ ඊශ්‍රායල-පලස්තීනයෙන් ඔබ්බට පැතිර යන යුද්ධයේ අන්තරායයට එරෙහි වීමේ මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය නම්, අවධානය යොමු කළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නය මෙයයි.

ඉදින් ඊශ්‍රායලය ග්‍රෙගෝරියානු දින දර්ශනය පිළිගත්තේ නම්, එය පිහිටුවීමේ සංවත්සරය යෙදෙනු ඇත්තේ, ඊශ්‍රායලය පිහිටුවීමට පෙර හා පසුව පලස්තීන ජනයා මුහුණ දුන් “මහා ව්‍යසනය” සහ බොහොමයක් පලස්තීන ජනතාව අවතැන් කිරීම සනිටුහන් කරන නක්බා දිනයට පෙර දිනයට ය. සියොන්වාදය  විසින් යුදෙව් සහ අරාබි කම්කරු පන්තිය ඇද දමනු ලැබ ඇති මංමුලා සහගත හා ඛේදනීය තත්වයට එරෙහි දේශපාලන ප්‍රතිචාරයක් සම්පාදනය කළ හැක්කේ,  එකී කම්කරුවන් විසින් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධය පරීක්ෂා කරනු ලැබීමෙන් පමනි, 

ඊශ්‍රායලය පිහිටුවීම.

ඊශ්‍රායලය තුල දිග හැරෙමින් පවතින අර්බුදය සියොන්වාදී රාජ්‍යය තුල ගැඹුරින් මුල් බැසගත් දේශපාලනික හා මතවාදී  ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයකි. ලෝකයේ වඩාත්ම අසමාන රටවලින් එකක කම්කරු පන්තිය හා පාලක ප්‍රභූව අතර වැඩෙන භේදය මගින් එය පෝෂණය වේ. ඊශ්‍රායලය පිහිටුවා ගැනීම පදනම් වූයේ, යුරෝපයේ කම්කරු පන්තිය ෆැසිස්ට්වාදය විසින් අභිභවනය කරනු ලැබීමෙන් ඉක්බිති ව, 1930 ගනන් සහ 1940 ගනන්වල යුරෝපයේ යුදෙව්වන් මුහුණ දුන්, යුදෙව්වන් මිලියන හයක් නාසි සමූලඝාතනයට ගොදුරු වීමෙන් කුලු ගැන්වුනු, ව්‍යසනය තුල ය. 

Image
1944 අවුෂ්විට්ස්හිදී හංගේරියානු යුදෙව්වන් “තෝරාගැනීම”. සංඛ්‍යාවෙන් 400,000 ක් වූ සමස්ත හංගේරියානු යුදෙව් ප්‍රජාව ම පාහේ 1944 ගිම්හානයේදී අවුෂ්විට්ස්හිදී ගෑස් යොදා මරණයට පත් කරන ලදී.  

ඊශ්‍රායලය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා බිල් වෑන් ඕකන් විසින් 1998 දී ලියන ලද  ලෝසවෙඅ (WSWS) ඉදිරි දර්ශනයක පැහැදිලි කර ඇති පරිදි:

ඊශ්‍රායලයේ උපත සහ පරිණාමය තුළ , 20 වැනි සියවසේ නොවිසඳුණු මහා ප්‍රතිවිරෝධතා සංකේන්ද්‍රණය වී ඇත. එහි ආවශ්‍යක මූලාරම්භය පවතින්නේ ඉතිහාසයේ මනුෂ්‍යත්වයට එරෙහි විශාලතම අපරාධවලින් එකක් වන නාසි සමූලඝාතනය තුළ ය. යුරෝපීය යුදෙව්වන් මිලියන හයක් සමූලඝාතනය කිරීම, සෝවියට් සංගමයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය විසින් ගෙන එන ලද කම්කරු පන්ති ව්‍යාපාරයේ අර්බුදය සඳහා ගෙවන ලද බිහිසුණු මිලයි. ස්ටැලින්වාදයේ අපරාධ සහ කම්කරු ව්‍යාපාරය මත එහි ආධිපත්‍යය, ෆැසිස්ට්වාදය තුල සිය අවසාන ආරක්ෂක වලල්ල තනා ගත් අර්බුද ග්‍රස්ත ධනේශ්වර ක්‍රමය අවසානයකට ගෙන ඒමෙන් කම්කරු පන්තිය වැළැක්වීය. 

කම්කරු පන්තියේ පරාජයන්, ස්ටැලින්වාදයේ අපරාධ සහ සමූලඝාතනයේ භීෂණය, ඊශ්‍රායලය නිර්මානය කිරීම සඳහා ඓතිහාසික කොන්දේසි නිර්මානය කල අතර, සියොන්වාදය ලෝක යුදෙව්වන් සමග සමාන කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ස්ටැලින්වාදයේ ආධාර සහිත ව සියොන්වාදී ව්‍යාපාරය ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. එය අවසානයේ දී අධෛර්යමත් කිරීම සහ බලාපොරොත්තු සුන්වීම මත පිහිටුවන ලද ව්‍යාපාරයක් හා රාජ්‍යයකි. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් ලොව පුරා සිටින යුදෙව් වැඩකරන ජනතාව වෙත , එවන් බලගතු ආයාචනයක් ක්‍රියාවට නංවා තිබූ , සමාජවාදී විකල්පය කෙරෙහි කලකිරීමක් ඇති කරවන ලදී. ජර්මානු ෆැසිස්ට්වාදයේ අපරාධ, යුරෝපයේ හෝ වෙනත් ඕනෑම තැනක යුදෙව් විරෝධය පරාජය කළ නොහැකි බවට අවසාන සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන ලදී. සියොන්වාදයේ පිළිතුර වූයේ, රාජ්‍යයක් සහ හමුදාවක් ලබා ගනිමින් යුදෙව් ජනයාගේ ඓතිහාසික පීඩකයන් ඔවුන්ගේම ක්‍රීඩාව තුල පරාජය කරනු යන්නයි…

ඉතා නිශ්චිත භූ දේශපාලනික හේතු මත යුරෝපයේ රටක් නැති සහ නිවාස නොමැති ඉතිරිව සිටින යුදෙව් ජනගහනය පලස්තීනය වෙත යොමු කරන ලද බැවින් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක විය. නාසි පීඩනයෙන් පලා යන යුදෙව්වන්ට එක්සත් ජනපද දේශසීමා වසා දැමූ වොෂින්ටනය, පැරණි යටත් විජිත බලවතුන් වන බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ වියදමින් කලාපය තුල තමන්ගේම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ මෙවලමක් ලෙස මැද පෙරදිග යුදෙව් රාජ්‍යයේ මතුවීම දුටුවේය.

ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස පිහිටුවීමට හැකි වූයේ, හිංසාව හා ම්ලේච්ඡත්වයට ගොදුරු වූ, ආරක්‍ෂිත තෝතැන්නක් සොයමින් සිටි ජනතාවක් මහා අපරාධයකට – මිලියනයකට ආසන්න පලස්තීනුවන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට සහ වාර්ගික පවිත්‍ර කිරීමේ කුරිරු ව්‍යාපාරයක් තුළ ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට සම්බන්ධ කර ගැනීමෙන් පමනි.  

සියොන්වාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ආරම්භක මිථ්‍යාවන්ට, යුදෙව්වන් වසර 2,000කට පෙර පලවා හරින ලද ඔවුන්ගේ බයිබලානුකුල “පොරොන්දු වූ දේශයට” නැවත පැමිණ සිටි බවට කළ ප්‍රකාශ, සහ යුදෙව් ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවීම මඟින් “දේශයක් නැති ජනයාට ජනයා නැති දේශයක්” සම්පාදනය කෙරෙනු ඇතැයි කළ ප්‍රකාශ ද ඇතුලත් විය.  

මෙම අවසාන ප්‍රකාශය විනිවිද පෙනෙන නමුත් දේශපාලනිකව අවශ්‍ය බොරුවක් විය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, 1922 දී පලස්තීනය නිදහස සඳහා සූදානම් කිරීමට බ්‍රිතාන්‍යයට “වරමක්” ලබා දුන් ජාතීන්ගේ සංගමයේ දැන් අනුප්‍රාප්තිකයා බවට පත් ව සිටි අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වන විට ද දැන් ජෝර්දානය ලෙස හඳුන්වනු ලබන රාජ්‍යය බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරනු ලැබීමෙන් පසුව ප්‍රමාණයෙන් කුඩා වී තිබූ පලස්තීනය, වෙන් වූ හා ප්‍රත්‍යාසන්න නොවන අරාබි හා යුදෙව් රාජ්‍ය කැබැලිති දෙකකට බෙදීමට යෝජනා කළේය. ජෙරුසලම ජාත්‍යන්තර පාලනය යටතේ තබා ගැනීමට ඉන් යෝජනා කෙරින. කිසිදා අනුමත නොකළ මෙම ප්‍රතිගාමී යෝජනාව, යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර සිවිල් යුද්ධයක් ද, ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය සහ අනෙකුත් අරාබි රාජ්‍යයන් සම්බන්ධ 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධය ද පුපුරා යාමට හේතුභූත විය. මේ දෙවනුව කී යුද්ධය සිදු වූයේ බ්‍රිතාන්‍යය වරම අවසන් වීමෙන් පසු, මැයි 14 වන දින ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය. බෙදීමේ සැලැස්ම යටතේ කැඳවුම් කෙරුනු ප්‍රමාණයට වඩා තුනෙන් එකකට වැඩි ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් සිය පාලනයට නතු කර ගැනිණි. නොමඳ පලස්තීනුවෝ පලවා හරින ලදහ. 

බ්‍රිතාන්‍ය පාලිත පලස්තීනයේ ඊශ්‍රායලය ආරම්භ කරන විට, පලස්තීන මුස්ලිම්වරුන් 1,157,000 ක්, ක්‍රිස්තියානීන් 146,000 ක් සහ යුදෙව්වන් 580,000 ක් වශයෙන් එහි යුදෙව්වන් සිටියේ  ජනගහනයෙන් තුනෙන් එකක් පමණි. වසර දෙකකට පසු, ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයේ, ඉතිරි වූයේ 200,000 පමණ පලස්තීනුවන් පමණි. ඔවුන්ට 1966 දක්වා හමුදා පාලනය යටතේ පාලනය වීමට සිදු විය. 

Image
ඉහළ ගලීලයේ සසා අරාබි ගම්මානය සමඟ ඊශ්‍රායල සොල්දාදුවන් සටනක. [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කො

පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමූ අතර, අවම වශයෙන් 700,000 ක් එක්කෝ පලවා හරින ලදහ; නැතහොත් පලා ගියෝය. ඔවුහු අසල්වැසි රටවල තාවකාලික කූඩාරම් කඳවුරුවල නවාතැන් ගත් සරණාගතයින් බවට පත් වූහ. අවම වශයෙන් සමූල ඝාතන 31ක් සිදු වූ බව තහවුරු වී ඇත. වාර්තා වූ ම්ලේච්ඡත්වයන්ට ඊශ්‍රායල හමුදා විසින් “පොලුවලින් ඔළුගෙඩි කුඩු කර” දරුවන් මරා දැමූ අල්-දවායිමා ගම්මානයේ සහ සොල්දාදුවන් විසින් 60 ත් 80 ත් අතර වැසියන් පිරිසක් ගොඩනැගිල්ලක් තුලට  තල්ලු කර එය පුපුරුවා හැර මරා දැමූ සාලිහා හි සිදුවීම් ඇතුලත් වේ.

පලවා හරින ලද එම පලස්තීනුවන්ට මෙන් ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ද නැවත ඊශ්‍රායලයට පැමිණීම තහනම් කරන ලදී. ඔවුන්ගේ නිවාස සහ දේපළ ඊශ්‍රායල රජය විසින් අත්පත් කර ගන්නා ලදී. එදා පටන් මේ දක්වා ම ඊශ්‍රායලය, නක්බාව සහ එහි වාර්ගික පවිත්‍රකරනය හෝ අරාබි-ඊශ්‍රායල් යුද්ධය තුල 1948 දී සම්මත කරන ලද ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ 194 වන යෝජනාවෙහි දක්වා ඇති පරිදි පලස්තීනුවන්ගේ ආපසු පැමිනීමේ අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඊට වෙනස්ව, ඊශ්‍රායලයේ 1950 ආපසු පැමිණීමේ නීතිය සහ 1952 පුරවැසි නීතිය සෑම යුදෙව්වෙකුටම ඊශ්‍රායලයට පැමිණි වහාම පුරවැසිභාවය සඳහා අයිතිය ලබා දුන්නේය. යුද්ධයෙන් පසු වසර තුන තුළ, යුදෙව්වන් මිලියනයක් පමණ සංක්‍රමණය වූ අතර, සමහරක් පැමිණියේ යුරෝපයේ නටබුන් අතරින් නමුදු, ප්‍රධාන වශයෙන් ඔවුන් සංක්‍රමණය වූයේ මැද පෙරදිගින් සහ උතුරු අප්‍රිකාවෙන්ය. 

ඓන්ද්‍රීයව ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජයක්

එබැවින් එහි ආරම්භයේ සිටම පලස්තීනුවන් බලහත්කාරයෙන් මර්දනය කිරීම සහ අසල්වැසියන් සමඟ යුද්ධ කිරීම මත ගොඩනැගුණු ඊශ්‍රායලය, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට ඓන්ද්‍රීයව අසමත් විය. සතුරු අසල්වාසීන් විසින් වට කරන ලද මිලිටරිකරනය වූ රාජ්‍යයක් ලෙස මතු වූ එය, ආගමික අනන්‍යතාව තහවුරු කිරීම මත පදනම් වූවක් විය. ශීඝ්‍රයෙන් න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කරමින්, සමාජයේ කේන්ද්‍රීය ස්ථම්භය ලෙස සේවය කරන හමුදාව සමඟින්, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අධික ලෙස අරමුදල් සපයන බලකොටුව බවට පත් විය.

ඊශ්‍රායලයේ මිලිටරි හා දේශපාලන “සාර්ථකත්වයන්” වැඩි වන තරමට එහි දක්ෂිනාංශික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන්මග වඩාත් නිසැකව තහවුරු විය. ධීර වීර දුබලයෙකු ලෙස සහ දරුණු ඓතිහාසික වැරදිවලට ගොදුරු වූ ජනගහනයක නිවහනක් ලෙස බොහෝ දෙනා විසින් වරක් සැලකූ ඊශ්‍රායලය, කලාපයේ ප්‍රමුඛතම මිලිටරි බලවේගය සහ එකම න්‍යෂ්ටික බලය බවට පත්වීමට නියමිතව තිබුනි.

Image
ගෝලාන් කඳුකරයේ ඉදිරියට යන ඊශ්‍රායල ටැංකි, 1967 ජූනි [ඡායාරූපය රජයේ මාධ්‍ය කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

1967 දී, එක්සත් ජනපද පිටුබලය ඇතිව ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානය ආක්‍රමනය කල ඊශ්‍රායලය, ජෝර්දාන් ගඟේ බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගෝලාන් කඳුකරය සහ ගාසා තීරය අල්ලාගෙන සරනාගතයන්ගේ නැවුම් වටයක් නිර්මානය කලේය.  මෙම ගැටුම යසර් අරෆත්ගේ නායකත්වය යටතේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිහිටුවීමට සහ ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර අසමාන මිලිටරි අරගලයක් මතුවීමට හේතු විය.

ඊශ්‍රායලයේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ දේශපාලන භූ දර්ශනය පරිවර්තනය වීම

අලුතින් අත්පත් කරගත් භූමි ප්‍රදේශ දෙවියන් වහන්සේ විසින් යුදෙව් ජනතාවට පොරොන්දු වන ලද සමාරිය සහ ජුදා දේශයන් ලෙස ඊශ්‍රායල ස්වෛරීත්වය යටතට ගෙන එන ලෙස, යලි ඉස්මතුව ආ දක්ෂිනාංශයක් ඉල්ලා සිටීමත් සමඟ, යුද්ධය සහ ජනාවාස ඉදිකිරීම, ප්‍රසාරණවාදී “මහා ඊශ්‍රායල” ප්‍රතිපත්තියකට මාරුවීම පිලිබඳ අනබෙරකරුවා වූයේය. මෙය සිදුකිරීම සඳහා පලස්තීනුවන් අඛණ්ඩව වාර්ගික විශුද්ධිකරනයට භාජනය කිරීම සහ යුදෙව් යටත් විජිත පන්නයේ ජනාවාස පිහිටුවීම අවශ්‍ය විය.

එමඟින්, 1973 අරාබි-ඊශ්‍රායල යුද්ධය, සිරියාව, ලෙබනනය සහ ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමණය සහ සරනාගතයින්ගේත් අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවගේත් තවතවත් නව රැලි නිර්මානය කරමින් අත්පත් කර ගත් ප්‍රදේශවල මූලිකවම අනාරක්ෂිත හා දුගී පලස්තීනුවන්ට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලු යුද්ධ නිරන්තරව පුපුරා යාම සඳහා මාර්ගය සකසා තිබින. 

ඊශ්‍රායලයේ අන්ත-ගතානුගතික දේශපාලන පක්ෂ, විශේෂයෙන් නිතිපතා සිදුවන යුදෙව් සංක්‍රමන රැලිවල සන්දර්භය තුල, කලින් අනාගමික යැයි සලකන ලද ප්‍රදේශවල යුදෙව් ආගමික නීතිය පනවමින් ද, වඩවඩාත් දක්ෂිනාංශික බවට පත් වූ ආන්ඩු පිහිටුවා ගැනීම නිර්නය කරමින් ද ප්‍රබල බලවේගයක් බවට පත් වූයේය. අනාගමික හා ගතානුගතික  යුදෙව්වන් අතර ගැටුම සමාජ ජීවිතයේ සෑම අංශයකම ලක්ෂණයක් බවට පත්ව ඇත.

දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය තුල ෆැසිස්ට් ප්‍රවනතාවයන් මතුවීම සඳහා පදනම නිර්මානය කලේ මෙයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, “මේවා දැන් රජයේ ප්‍රතිපත්ති නියම කරන සහ පලස්තීනුවන්ට පමණක් නොව බොහෝ ඊශ්‍රායල වැසියන්ට කුරිරු මර්දනයකින් තර්ජනය කරන බලවේගයි.”

1970 ගනන්වල සිට දශක ගනනාවක් තුල සමාජ ධනය අසාමාන්‍ය ලෙස ඉහලට ගලා යාමක් සහ දරිද්‍රතාවයේ මංමුලා සහගත වර්ධනයක් ද දක්නට ලැබුනි. 2010 වන විට, ඊශ්‍රායල පවුල් 20ක් පමණ ඊශ්‍රායල කොටස් වෙළෙඳපොළෙන් අඩක් පමණ පාලනය කළ අතර ඊශ්‍රායල සමාගම් වලින් හතරෙන් එකක් ඔවුන් සතු විය. ඉන් බොහොමයක් ධනවත් පවුල්වලට අයත් වන ව්‍යාපාරික කණ්ඩායම් දහයක්, පොදු සමාගම්වල වෙළඳපල වටිනාකමෙන් සියයට 30ක් පාලනය කලහ. ඊශ්‍රායලය එක්සත් ජනපද ඩොලර් ප්‍රකෝටිපතියන් 71ක් තමන් සතුවීම ගැන පුරසාරම් දොඩයි, එය ජනගහනයේ සෑම මිලියනයකටම 6.7ක් වන අතර, ලෝකයේ ඉහලම ඒක පුද්ගල ආදායම් වලින් එකක් ඔවුන් සතු නමුත් මේ සියල්ලෝම එහි පදිංචිව සිටින්නෝ නොවෙති. 

Image
2006 දී ඊශ්‍රායලයේ නිවසක් නැති මිනිසෙක්. [ඡායාරූපය: charcoal soul /Flickr / CC BY-ND 2.0]

ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD)ට අනුව, අසමානතාවය වඩාත්ම පවතින රටවල් අතරින් ඊශ්‍රායලය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමනි. OECD හි ශ්‍රේණිගත කිරීම් අනුව බල්ගේරියාව සහ කොස්ටාරිකාවට පසුව තුන්වන ඉහළම දරිද්‍රතා අනුපාතය ලැබී ඇත්තේ ඊශ්‍රායලයටයි. එහි දරිද්‍රතා අනුපාතය OECD සාමාන්‍යයට වඩා දෙගුනයකි. දරිද්‍රතාවය දැන් සමස්ත ඊශ්‍රායල ජාතිකයන්ගෙන් සියයට 27කට වැඩි ප්‍රමාණයකට සහ සියලුම දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට බලපාන අතර සියයට 10කට වැඩි (පවුල් 312,000ක්) පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙති. මෙම තතු, නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහිව දැන් පුපුරා ගොස් ඇති දේශපාලන නොසන්සුන්තාවයේ පූර්වගාමියා වන, 2011 දී අරාබි වසන්තය සමීපයේ ඇති වූ මහජන විරෝධතාවලට ප්‍රේරණය සැපයූවේය.

ඔස්ලෝවේ බොරු පොරොන්දුව, PLO සහ පලස්තීන අධිකාරිය

ඊශ්‍රායල ජීවිතයේ නිරන්තර ලක්ෂණය වන්නේ පලස්තීනුවන්ට ලබා දෙන අපරූපී සැලකිල්ලයි. මෙම ගැටුම අවසන් කිරීමට ගත් කිසිදු නිල පියවරක් විසින් දේශපාලන යථාර්ථයන් වෙනස් කෙරී නැත. මහත් සේ අඬබෙර ගැසූ 1993 ඔස්ලෝ ගිවිසුම මගින් ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව වසර හයකට ආසන්න කාලයක් ගෙන ගිය පලස්තීන ඉන්ටිෆාඩාව අවසන් කෙරින. එහෙත් ඊශ්‍රායලය විසින් තීරනය කරන ලද එහි කොන්දේසි පලස්තීනුවන්ට උගුලක් අටවා ඇත. එය “රාජ්‍ය දෙකක විසඳුමක” මිරිඟුව ඉදිරිපත් කළ අතර, එය ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලය සමඟ කුඩා බෙදුණු සහ යාබද නොවූ පලස්තීන රාජ්‍ය කැබැල්ලකින් සමන්විත විය. ඒ වෙනුවට, අරෆත් සහ PLOව, ඊශ්‍රායලය පිළිගැනීමට, එහි ආරක්ෂාව සහතික කිරීමට සහ පලස්තීන විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලය අත්හැරීමට එකඟ වූහ.  

Image
පලස්තීන ජාතික අධිකාරියේ අගමැති මහමුද් අබ්බාස්, එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ඒරියල් ෂැරොන්, අකාබා හි රතු මුහුදේ සමුළුවේ දී, 2003 ජූනි

නක්බා, ආපසු පැමිනීමේ අයිතිය, පලස්තීන ආයතනයක අගනුවර ලෙස ජෙරුසලමේ ස්ථානගත වීම සහ සියොන්වාදී ජනාවාසවල අනාගතය යන සියල්ල නොතකා හරිමින් ඔස්ලෝව විසින් පලස්තීන අධිකාරිය (PA) පිහිටුවන ලදී. එය සිය දේශසීමා පිලිබඳ කිසිදු පාලනයක් නොදරන, නාමික පොරොත්තු ආන්ඩුවක් පිහිටුවන ලදී. එහි පූර්න යැයි කියනු ලබන අධිකරන බලය ගාසා තීරයේ  සහ බටහිර ඉවුරේ සියයට 18ක් (A ප්‍රදේශය) කරා පමනක් බල පවත්වන අතර බටහිර ඉවුරේ සියයට 22 ක් (B ප්‍රදේශය) සඳහා එය ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධව අධිකරන බලය දරයි. බොහෝ ජනාවාස ඇති බටහිර ඉවුරේ සියයට 60ක් (C ප්‍රදේශය) සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතී.

එහි කේන්ද්‍රීය කර්තව්‍යය වූයේ ඊශ්‍රායල විරෝධී පලස්තීන විරුද්ධ පාර්ශ්වයට එරෙහිව පොලිස්කාරකමේ යෙදීමයි. පලස්තීන අධිකාරිය (PA) “ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අභියාචනයක් ඉදිරිපත් වීම වලකාලනු ඇති බවත්, සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ඊශ්‍රායල සංගමයට එම ප්‍රදේශවලට ඇතුලුවීමට ඉඩ නොදීම මඟින් එහි පවත්නා තතු විවේචනය කිරීමෙන් එම සංගමය වලක්වනු ඇති බවටත් වන කරුන අගමැති යිට්සික් රාබින්ගේ ප්‍රශංසාවට එය පාත්‍ර විය.  

රාජ්‍යයක මෙම විකට චිත්‍රනය පවා ඒරියල් ෂැරොන්ට, බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔවුන්ගේ ලිකුඩ් පක්ෂයට පිළිකුල දනවන්නක් විය. 1995 නොවැම්බරයේදී දක්ෂිනාංශික ඊශ්‍රායල උම්මත්තකයෙකු විසින් රාබින් ඝාතනය කරනු ලැබීමට දින කිහිපයකට පෙර, ඔහුගේ රුධිරය ඉල්ලා බිරුසන් දුන් පිරිසට ඔවුහු (ලීකූඩ් පක්ෂය) අත්පොලසන් දුන්හ. 2000 ගිම්හානයේදී, ඩේවිඩ් කඳවුරේ දී, කම්කරු අගමැති එහුඩ් බරාක් පැහැදිලි කර දුන්නේ, බටහිර ඉවුරෙන් හා ගාසාවෙන් හමුදා ඉවත් කර ගැනීමේ යෝජනාව විසින් පලස්තීනුවන්ට ඉතිරි කෙරෙනු ඇත්තේ මුල් පලස්තීනයෙන් සියයට 15 ක් පමනක් බවයි.  අරෆත් මෙය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල අතර “සාම ක්‍රියාවලිය” ඉන් අවසන් විය. අල්-අක්සා මුස්ලිම් පල්ලියේ මවුන්ට් පරිශ්‍රයට ෂැරොන්ගේ ප්‍රකෝපකාරී සංචාරය සහ දෙවන ඉන්ටිෆාඩාව පුපුරා යාම මීට නිදසුන් විය. 

Image
යසර් අරෆත් 1997 දී [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කොවිස් / CC.

ඉන් අනතුරුව, සියොන්වාදී පක්ෂ සියල්ල ම “ජනවිකාස ගැටලුවට” එරෙහිව සටන් කිරීම සහ බටහිර ඉවුරේ පාලනය පුලුල් කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ඉදිරිපත් කලෝය.

අද, ඊශ්‍රායල-පලස්තීනයේ ජීවත් වන යුදෙව් ඊශ්‍රායල සහ පලස්තීනුවන් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාවක් සිටින අතර, පලස්තීනුවන් ඉක්මනින් බහුතරය බවට පත්වනු ඇත. ඊශ්‍රායල රාජ්‍යය මනින ලද්දේ එය නිර්නය කරන ජනගහනය පිලිබඳ යථාර්ථ තත්ත්වයෙන් නම්, එයට 1967ට පෙර පැවැති, ජාත්‍යන්තරව පිලිගත් දේශසීමා තුළ ජීවත් වන මිලියන 9.3 ඊශ්‍රායල ජාතිකයන් – ඔවුන්ගෙන් මිලියන 2ක් පලස්තීනුවෝ වෙති – පමණක් නොව, ඊශ්‍රායල හමුදා පාලනය යටතේ ජීවත් වන, 1967 අරාබි ඊශ්‍රායල යුද්ධයේදී අල්ලා ගත් පලස්තීන ප්‍රදේශවල ජීවත්වන මිලියන 5.4ක් පමණ පලස්තීනුවන් ද ඇතුලත් වනු ඇත. 

මේ අනුව, ඉක්මනින්ම, ජන විකාශනය සහ දුර්වල වීම මුස්ලිම් බහුතරයක් සහ යුදෙව් සුළුතරයක් සහිත භෞමික ප්‍රදේශයකට/රාජ්‍යකට  තුඩු දෙනු ඇත. පැවැත්මේ තර්ජනයක් ලෙස තමන් දකින දෙයට සියොන්වාදයේ එකම පිළිතුර වන්නේ යුද්ධය සහ වාර්ගික පවිත්‍රකරණයයි. 2002 දෙසැම්බරයේ අගමැති ඒරියල් ෂැරොන් ප්‍රකාශ කළේ යුදෙව් ජනාවාස සඳහා මග සැලසීමට පලස්තීනුවන් වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් ඔවුන් පලවා හැරිය යුතු බවයි; නෙතන්යාහු ගිගුරුම් දෙමින්, “අපි මුළු ප්‍රදේශයම පිරිසිදු කරන්නෙමු…” යයි ප්‍රකාශ කලේය. 

ලේබර් පක්ෂයේ පිටුබලය ඇතිව ඊශ්‍රායලය සහ බටහිර ඉවුර අතර වෙන්වීමේ පවුර ගොඩනැගීම සඳහා වූ සාධාරණීකරණය ලෙස ෂැරොන් දෙවන ඉන්ටිෆාඩාව භාවිතා කළේය. මෙම ක්‍රියාවලියේදී ඊශ්‍රායලය ප්‍රධාන ජනාවාස කඳවුරු ඇතුළුව බටහිර ඉවුර තුළ කිලෝමීටර් 18ක් දක්වා වූ භූමි ප්‍රමාණයක් ස්ථිරවම අල්ලා ගත් අතර, භූමි ප්‍රමාණයෙන් සියයට 9ක් අත්පත් කරගෙන ඊශ්‍රායල පැත්තෙහි පලස්තීනුවන් 30,000ක් පමණ ද බටහිර ඉවුර පැත්තේ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 230,000ක් ද හුදකලා කළේය. වෙන්කිරීමේ පවුරේ අනුග්‍රහයෙන් ඊශ්‍රායලයට අත්පත් වූ බටහිර ජලධරයේ පාලනය සහ බටහිර ඉවුරේ භූගත ජලයෙන් සියයට 80 ක් මත ඊශ්‍රායල පාලනය විසින් මිලියන ගණනක ජනයාට නිදන්ගත හා කෘත්‍රිම ජල අර්බුදයකට මඟ පාදනු ලබමින්

වාරිමාර්ග කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය පූර්වයේ, 1967 දී, තිබූ සියයට 14 සිට, අද පවතින සියයට 2 අනුපාතය දක්වා තියුනු ලෙස පහත හෙලනු ලැබ ඇත.

මේ සියල්ල ඊශ්‍රායලයේ පාරට්ටු කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යානුකූල ලෙස සලකනු ලැබීය.

Image
ඝාතනය කරන ලද පලස්තීන-ඇමරිකානු මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ, බෙත්ලෙහෙම් හි බටහිර ඉවුරේ වෙන් කිරීමේ බිත්තිය, 2022 නිරූපනය කරන චිත්‍රය [ඡායාරූපය Dan Palraz / CC BY-SA 4.0] 

බටහිර ඉවුරේ ජනාවාස ව්‍යාප්තිය සහ ඒකාග්‍ර කිරීම සඳහා එක්සත් ජනපද අනුමැතිය ලබා ගැනීම අරමුනු කරගත් ෂැරොන්ගේ විසන්ධි කිරීමේ සැලැස්ම යටතේ 2005 දී ගාසා තීරය තවදුරටත් හුදකලා විය. 2007 දී හමාස් සංවිධානය විසින් මෙම වට වූ කොටසේ පාලනය අත්පත් කරගත් විට, ඊශ්‍රායලයේ පාලන උපාය මාර්ගය පූර්න පරිමාණ ආර්ථික අවහිර කිරීමක් බවට පත් විය. මෙම ක්‍රියාවලියේදී බටහිර ඉවුර දිළිඳු ගෙටෝවක් බවටත් ගාසා තීරය බන්ධනාගාරයක් බවටත් පරිවර්තනය වී ඇත.

සියොන්වාදය හෝ අරාබි ජාතිකවාදය යන දෙකම නොව සමාජවාදී ජාත්‍යන්තරවාදය! 

නෙතන්යාහුගේ පාලන සභාගය සහ විපක්ෂ කන්ඩායම අතර ගැටුමේ මූලිකම අංගය වන්නේ සියලු මූලධර්ම පිලිබඳ ඔවුන්ගේ එකඟතාවයයි. විරෝධතා නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව පිහිටුවා ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය” කෙරේ ඇති ඔවුන්ට වියුක්ත ආදරයක් නිසා නොව, සියොන්වාදය සහ ඊශ්‍රායල ධනේශ්වරයේ සමාජ අවශ්‍යතා වෙනුවෙන් එම නායකයන් නොසැලෙන ලෙස පෙනී සිටින නිසා ය. නෙතන්යාහු  සහ ඔහුගේ ෆැසිස්ට් ආධාරකරුවන් නෙතන්යාහු සිරගත වීම වැලක්වීමට වාර්ගික ශෝධනයේ, ආගමික-සංස්කෘතික ප්‍රහාරයේ සහ නෛතික උපාමාරුවල උත්සන්න කල න්‍යාය පත්‍රයක් අනුගමනය කරන විට, විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් (Benny Gantz) සහ නෙතන්යාහු ගේ කැරලිකාර ආරක්ෂක ඇමති යෝවාව් ගැලන්ට් (Yoav Gallant) වැනි චෝදනා නොලත් යුද අපරාධකරුවන් බියපත් වී සිටින්නේ එම පියවර විසින්, දශක ගනනාවක් පුරා පලස්තීනුවන්ට එරෙහිව එල්ල කෙරුණු නිර්දය ප්‍රහාරයන් ආවරනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පද්ධතිය වසා එලා තිබූ ව්‍යාජ “ප්‍රජාතන්ත්‍රවාදී” පිටවැස්මට එයින් හානි  වෙතැයි කියා ය.   

Image
2021 ජූනි 20 ඉරිදා , ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් (වමේ), ඊශ්‍රායල ජනාධිපති රූවන් රිව්ලින් (වමේ දෙවැන්නා), ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් (වමේ තෙවැන්නා), හිටපු අගමැති සහ විපක්ෂ නායක බෙන්ජමින් නෙතන්යාහු (වමේ සිව්වැන්නා), සහ අනෙකුත් ප්‍රභූවරු ඊශ්‍රායලයේ ජෙරුසලමේ අනුස්මරණ උත්සවයකට සහභාගී වෙති [AP Photo/Abir Sultan/Pool Photo via AP]

යුදෙව් ආධිපත්‍යවාදීන්ට සහ ආගමික ප්‍රතිගාමීන්ට මූලිකත්වය භාරදීම මගින් ඊශ්‍රායල සමාජය අස්ථාවර කිරීම, මැද පෙරදිග ඇති “එකම ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ඊශ්‍රායලය  නිරූපණය කරන, ලෝකයේ විශාලතම යුදෙව් ප්‍රජාව වන එක්සත් ජනපදයේ යුදෙව් ප්‍රජාව ද – ඉන් කොටසක් වොෂින්ටනයේ සහ යුරෝපයේ අගනගරවල රැඳී සිටිති – ඇතුලු, සමස්ත ලෝකය පුරා ඊශ්‍රායලයට පවතින සහයෝගයට යටින් වල කපා  ඇත. සියොන්වාදයට එරෙහි විරෝධය යනු, ඊශ්‍රායලයෙන්, ඊට සමාන “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාඡ්‍යයන්ගෙන් ” අපේක්ෂා නො කෙරෙන ප්‍රමිතීන් ඉල්ලා සිටින සහ, ඊශ්‍රායලය සහ වර්ණභේදවාදය යටතේ තිබූ දකුණු අප්‍රිකාව අතර ව්‍යාජ තුල්‍යතාවයක් දක්වන යම් ආකාරයක “වාම යුදෙව්-විරෝධයක්” ලෙස චිත්‍රණය කිරීමේ ප්‍රයත්නවලට එය බරපතල ලෙස වල කපා ඇත. 

සියල්ලටත් වඩා මෙය, ඊශ්‍රායලය එහි දඩ බල්ලා ලෙස වොෂින්ටනයේ භූ මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳ යන මෙම කලාපය තුල, වොෂින්ටනයේ ආක්‍රමණශීලී මිලිටරි පිලිවෙතට මෙයින් තර්ජනය කෙරෙයි.

රට තුල, විරෝධතා ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය දැනට සියොන්වාදී ධනේශ්වරයේ අනසක යටතේ පවතිමින් නාගරික මධ්‍යම පන්තියේ කොටස් වලින් සමාජ සහයෝගය ලබා ගන්නා නමුදු, දේශපාලන නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට සහ ප්‍රදේශ අත්පත් කරගෙන සිටීම, යුද්ධය සහ ඊශ්‍රායලයේ කතිපයාධිපත්‍යයේ සමෘද්ධිය වෙනුවෙන් ගෙවීම් වස් ක්‍රියාත්මක කෙරෙන කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිවලට ද එරෙහිව සමාජ අරගල පුපුරා යාමේ අවදානම මතු කරයි.

ආගමික-සංස්කෘතික අනන්‍යතාවය මත පදනම් වූ රාජ්‍යයක් සහ සියලු යුදෙව්වන්ට තිබෙන්නේයැයි කියනු ලබන දෙය ප්‍රවර්ධනය කරන සියොන්වාදය, පලස්තීනුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ පමනක් නොව, යුදෙව් කම්කරුවන්ගේ ස්වාධීන සමාජ හා දේශපාලන අවශ්‍යතා පිලිබඳව ද වන ඕනෑම ප්‍රකාශයට පත්වීමකට ද විරුද්ධ වීමේ පදනම දිගු කලක් තිස්සේ ගොඩ නඟා ගෙන ඇත. 

Image
ටෙල් අවිව් හි හිස්ටඩ්රට් (Histadrut) මූලස්ථානය [ඡායාරූපය צילום:ד”ר אבישי TIכר / CC BY 2.5]

හිස්ටඩ්රට් (Histadrut) වෘත්තීය සමිති සම්මේලනය, ඊශ්‍රායලයේ සේවා අංශය, එහි විශාලතම සමූහ ව්‍යාපාර, ජාතික බැංකුව සහ සෞඛ්‍ය හා වෛද්‍ය ආයතන පාලනය කරමින් රාජ්‍ය ආයතනයක් ලෙස මතු විය. ආර්ථික ලිබරල්කරණය සහ පුද්ගලීකරනය විසින් නිර්මිත තතු තුල එහි සාමාජිකත්වය, 1983 දී එය පැවැති මිලියන 1.8 ක (එවකට ශ්‍රම බලකායෙන් සියයට 85 ක්) තත්ත්වයේ සිට අද වන විට 200,000 ට වඩා අඩු අගයකට පත් වෙමින්, ගෝලීය පූර්වාදර්ශයක් නොමැති කඩා වැටීමකට ලක්ව ඇත. මහජන විරෝධතා අතරතුර, මහා වැඩ වර්ජනයක් සඳහා අරාබි සහ සංක්‍රමණික කම්කරුවන් හැර සෙසු කම්කරුවන්ට ඔවුන් කල කැඳවීම, නෙතන්යාහු සමග සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරන ලද එකක් වූ අතර, එය කැඳවන ලද්දේ නිලධාරිවාදී පාලනයෙන් බැහැරව වර්ධනය වන වැඩ වර්ජනවල අන්තරායට එරෙහිව සටන් කිරීම සඳහාය.

ඊශ්‍රායල් රාජ්‍යයේ ආරම්භක දෘෂ්ටිවාදය වන කම්කරු සියොන්වාදය, එහි වෘත්තීය සමිති හස්තයට ද වඩා දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. මන්ද යත්, එහි සමාජවාදී මවාපෑම් , ධනවාදය සහ නිකායික ආගමික සුවිශේෂීවාදය මත පදනම් වූ රාජ්‍යයක සහ සමාජයක යථාර්ථයන් විසින් විනාශ කර ඇති බැවිනි.

ඊශ්‍රායලයේ 75 වැනි සංවත්සරයේදී, එහි කඩා වැටෙන දේශපාලන හා සමාජ කැලඹීම විසින් සනාථ කෙරෙන්නේ, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමට කොන්දේසි පවතින බවයි. එහෙත් සියොන්වාදයේ මූලික සිද්ධාන්ත අභියෝගයට ලක් නොවන තාක්, ධනේශ්වර පාලනයේ අර්බුදය විසඳනු ඇත්තේ තව දුරටත් දකුණට ඇදී යාමේ පදනම මතය.

සියල්ලටම වඩා භයානක වන්නේ, තීව‍්‍රවන දේශපාලන අර්බුදය, පලස්තීනුවන් මිලිටරිමය ආකාරයට මර්දනය කිරීම දෙසටත් සිරියාව හා ඉරානය සමඟ යුද්ධය ඇවිලවීම දෙසටත් වඩා තියුණු හැරීමකට මග පාදන හෙයිනි. යුක්රේනයේ රුසියාව සමග තථ්‍ය ලෙස යෙදී සිටින යුද්ධයේ සිට චීනය දක්වා විහිදෙන, ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමේ  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි ධාවනයේ කේන්ද්‍රීය භූමිකාවක් ඊශ්‍රායලය අත රැඳෙන හෙයින්, සමස්ත මැද පෙරදිගම ගිල ගන්නා යුද්ධයක තර්ජනය කිසිදා නොවූ තරම් සමීපස්ථ ව පවතී. 

ලෝකයේ යුදෙව්වන්ට තම අභයභූමිය සොයා ලෙස ගත හැකි වූ ජාතික රාජ්‍යයක සියොන්වාදී යුතෝපියාව, ඒ වෙනුවට කෙලින් ම ඇද වැටී ඇත්තේ, පොලිස් රාජ්‍ය ආකාරයේ පාලනය, ෆැසිස්ට්වාදයේ ඉස්මතුවීම, සිවිල් යුද්ධයේ පිපිරීම් සහ පලස්තීනුවන් හා ඊශ්‍රායලයේ අරාබි අසල්වැසියන් සමඟ යුද්ධය කරා ය. ඉදිරි මාවත පවතින්නේ ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ අරගලයක් තුල යුදෙව් සහ පලස්තීන කම්කරු පන්තිය එක්සත් කිරීම තුලය.

අන්ත දක්ෂිනාංශික තර්ජනයට මුහුන දී සිටින යුදෙව් කම්කරුවන්, “තවත් කෙනෙකු වහල්භාවයට පත් කරන ජාතියක් තමන්ගේම දම්වැල් සාදයි” යන මාක්ස්ගේ ප්‍රකාශය ඔවුන්ගේ මුර පදය ලෙස ගත යුතුය. මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමස්ත පශ්චාත් යටත් විජිත ඉතිහාසය මෙන්ම පලස්තීන අධිකාරියේ ඉතිහාසයමත් පෙන්නුම් කර ඇති පරිදි, පලස්තීනුවන්ට ද පීඩිතභාවයෙන් විමුක්තිය සඳහා ජාතික ධනේශ්වර මාවතක් නොමැති බවට ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගත යුතුය. 

Image
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසය අසල

සැබෑ විප්ලවවාදී විකල්පයක් නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් විය යුතුය. ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, ධනේශ්වරයේ නැගීම පැවැති පූර්ව කාලපරිච්ඡේදයක් හා බැඳුනු පීඩිත ජාතීන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික කර්තව්‍යයන්, අධිරාජ්‍යවාදී යුගය තුල දී සාක්ෂාත් කර ගත හැක්කේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත ක්‍රියාත්මක වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මඟින් පමනක් බවයි. 

සියලු ජාතික බෙදීම් ඉක්මවා යමින් කම්කරුවන්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ අන්තර් ජාතික සංගතවල කොල්ලකාරී උත්සුකවලින් මිදී, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයන් සඳහා සටන් කළ යුතුය. කලාපයේ සියලුම ජනයා සඳහා සමානාත්මතාවයේ අත්‍යවශ්‍ය මූලධර්මය මත ගොඩ නගා ගනු ඇති මෙය, අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා කලාපයේ අතිවිශාල ස්වභාවික සම්පත් භාවිතය මත පදනම්ව, සැමට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇත. 

මේ සඳහා, සමාජවාදී විප්ලවවාදී නායකත්වයක් සැපයීමට ඊශ්‍රායලය, පලස්තීනය සහ කලාපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම අවශ්‍ය කෙරේ.

ඊශ්‍රායලය ගොඩ නැඟීමේ සිට වසර 75: නක්බා සහ යුදෙව්-අරාබි සමගිය සඳහා අරගලය Read More »

thesocialist

theSocialist.LK is launched as a trilingual website

Statement of the Editorial Board of theSocialist.LK

Workers, comrades, friends,

Image
New Planet, 1921 by Konstantin Yuon, © State Tretyakov Gallery, Moscow/DACS 2017

We are pleased to inform you that theSocialist.LK – Global Socialist Reviews, the online publication that started as a blog on March 11 and brought revolutionary knowledge closer to you, will be launched today (25) as a website. In accordance with international standards, it has been upgraded in format, and is  dedicated to bringing wide ranging,  accurate and timely knowledge to the workers and the  oppressed masses in the fields of politics, economy, class struggle, history, art-culture and science in the three languages, Sinhala, Tamil and English. 

It is our intention to make theSocialist.LK a platform of systematically educating and preparing the workers  and oppressed people of Sri Lanka and the South Asian region, who are an organic part of the international working class, for the socialist revolution, guided by the international socialist perspective.For about two months, through the blog, we worked to analytically bring you the international political-economic experience from a working class standpoint. The number of articles, including Sinhala translations of selected articles from the World Socialist Web Site (WSWS), published during this short period, is 66. The readership attraction it received day after  day testified to the objective impulse to search for new knowledge that penetrates social reality. It is a stimulant for revolutionary politics. 

The working class, youth, artists and genuine intellectuals need more and more independent media to democratically discuss and share their ideas and to prepare and coordinate their counter-attack against the attacks of capitalist governments that have taken up arms to suppress freedom of expression and assembly. They have a lot to listen to, query, search for and find out, as well as say and write. Opportunities to credibly communicate what is appropriate for the unity of the working people’s struggles are extremely rare. In that  sense, theSocialist.LK is a product of class necessity.

Based on the dialectical materialist method, analysis and program of the International Committee of the Fourth International (ICFI) and the WSWS,  theSocialist.LK will stand for the anti-imperialist unity of the national and international working people. It is obliged to continue its work in accordance with the firm program spearheaded by ICFI to restore the socialist culture, destroyed by opportunistic politics with  Stalinism in the lead.

The imperialist system, facing  the deepest economic and financial crisis in the world economy since the Great Depression, has brought humanity to the brink of a nuclear world war, with the proxy war launched in Ukraine against Russia by NATO, led by the US, which is the barbaric representation of imperialism. The provocations against China, the world’s second most powerful economy, are taking the entire Asia-Pacific region to the grip of cataclysmic war. The ruling classes who oversaw over twenty million people around the world falling victims to a preventable pandemic, and who converted the heaping up of corpses as a blessing, are extracting the cost of war from the working people and the downtrodden.

War and austerity must and can be ended. Democratic rights must be protected. But, it can only be done by building a conscious revolutionary global movement of the working masses. It should be initiated against the respective national ruling classes. As Leon Tretsky brilliantly analyzed, “The socialist revolution begins on the national arena, it unfolds on the international arena, and is completed on the world arena.” 

These truths confirm the need to understand precisely the socio-economic dynamics that have paved the way for the present crisis, to separate their revolutionary tendencies from the other tendencies, and to commit ourselves to develop the working class counter-attack with indomitable courage and selfless dedication. Anything less than that will not make room for the current class struggles to march forward. It demands ruthless exposure of all its enemies. We, theSocialist.LK, bear that responsibility.

We fraternally request you to read the website regularly, send your ideas and comments to it, join us in opening spaces for essential political discussions, and give your maximum financial support to the website

[This Statement was initially published in Sinhala on the 25 May 2023]

theSocialist.LK is launched as a trilingual website Read More »

thesocialist

ජනාධිපති වික්‍රමසිංහගේ ජපාන සංචාරය ලංකාව ඇමරිකානු-නේටෝ යුද කරත්තයට බැඳ තැබීමේ පියවරකි

සංජය ජයසේකර විසිනි.

Image

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා  ජපානය වෙත ගොස් සිටී. ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව මගින් පැරෂූට් කල පසු වික්‍රමසිංහ ජපානයට කල දෙවන සංචාරය මෙය වේ. ඊයේ (25) ජපානයේ ටෝකියෝහි පැවති 28 වන ‘නිකෙයි ෆෝරම්: ආසියාවේ අනාගතය’ යන සමුලුව අමතිමින් ඔහු දේශනයක් පැවැත්වී ය. කම්කරු මහජනතාව මෙම සංචාරය දේශපාලන වශයෙන් වැඩි අවධානයකින් යුතුව කියවා ගත යුතුව ඇත. 

ජනාධිපතිගේ ජපාන සංචාරය පිලිබඳ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කර තිබුනේ එහි අරමුන වනු ඇත්තේ ඉහත කී සමුලුවට සහභාගී වීම හා ජපාන අගමැති  කිෂිඩා ෆුමියෝ හමුවී එරට සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම බවයි. මෙම සංචාරය දෙරට අතර “මිත්‍ර සබඳතා” තවදුරටත් ගැඹුරු කරනු ඇති බවට අපේක්ෂා කරන බව අමාත්‍යංශ නිවේදනයේ සඳහන් ය. 

ඝාතනයට ලක්වූ හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේගේ අවමංගල්‍යය සඳහා ගිය සැප්තැම්බර් මස පලමු වරට ජපානයට ගිය ගමනේ දී වික්‍රමසිංහ කිෂිඩා සමඟ ජපාන-ශ්‍රී ලංකා සමුලුවට සහභාගී විය.

ජපානය සමග සබඳතා අලුත් හා ශක්තිමත් කිරීම එල්ල කරන්නේ යැයි කියන නිල ප්‍රකාශයන්ට යටින් ඇති සත්‍යය භයංකර එකකි.  එනම්, වික්‍රමසිංහ සැබවින්ම ගමන් කරන්නේ ජපානයට නොව  ඇමරිකාව දෙසටය යන්නය. රට චීනය සමඟ පැවති ආර්ථික හා දේශපාලන සමිබන්ධතා වෙතින් දුරස්ත කර ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී කඳවුරට හේත්තු කිරීමේ සැලසුම් වික්‍රමසිංහ ක්‍රියාවට දමමින් සිටී. මෙමගින් ලංකාවේ පාලක පන්තිය දැනුවත්වම රටේ මිලියන සංඛ්‍යාත වැඩකරන මහජනතාව ඇමරිකා-නේටෝ බලවතුන්ගේ චීනයට එරෙහි මෙම කලාපයේ ධාවනය කෙරෙන යුද කරත්තයට බැඳ තබනු ඇත. 

මුල් සංචාරයේදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් සමග සාකච්ජා පැවැත් වූ වික්‍රමසිංහ, මෙවර සිංගප්පූරු අගමැති සමග සාකච්ජා  පවත්වනු ඇත. පිලිපීනය මෑතකදී එක්සත් ජනපදයට තවත් හමුදා කඳවුරු හතරකට ප්‍රවේශය ලබා දී ඇති අතර,  චීනය සමග තායිවානයේ විරසකතා උසිගන්වමින් පවතින තත්වයක් තුල තායිවානයට මුහුනලා ඇති අවම වශයෙන් එක් උපායමාර්ගික ස්ථානයක් මෙම කඳවුරකි.  

චීනය අතේ දුරින් පවත්වා ගැනීමට හැරී ගැනී ඇති ඔහුගේ පාලනය, ඉන්දියාව සමග සබඳතා තරකර ගනිමින් සිටියි.

මේ රටවල් එක එකක්, චීනයට එරෙහිව එ.ජ අවශ්‍යතාව⁣යන් වෙනුවෙන් මෙම කලාපයේ කටයුතු කරන සැටලයිට් (සහචර) රාජ්‍යයෝ වෙති.

තම කතාව තුල ජනාධිපති එජ හා චීනය අතර පවතින “එදිරිවාදීකම-rivalry” යන වචනය හත් වතාවක් ⁣යොදා ගත්තේ ය.

පසුගිය සතියේ ජපානයේ හිරෝෂිමා හි පැවති G7 සමුලුව පැසසුමට ලක්කරමින් වික්‍රමසිංහ මෙ⁣සේ පැවසීය: ” විසංඝටනය (decoupling) ප්‍රතික්ෂේප කිරීම සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රකෘතිය සඳහා උපාය මාර්ග ගැනීමට සඵත කිරීම ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.”

මෙම G7 සමුළුව න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා වන ප්‍රධාන පියවරක් සනිටුහන් කලේය.  යුක්‍රේනය යොදාගනිමින් රුසියාවට එරෙහිව යුද්ධය ගෙනයන එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව යන G7 නායකයන් රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා කිසිදු ඉඩක් නොතබමින් යටත් වීම හා කොන්දේසි විරහිතව හමුදාව ආපසු කැඳවීම සඳහා රුසියාවට අවසාන නිවේදනයක් නිකුත් කළේය. 

යුුක්‍රේන යද්ධය සම්බන්ධව විශේෂයෙන් සඳහන් කරමින් වික්‍රමසිංහ පැත්තක් නොගැනීමේ ආස්ථානයක් ගන්නා බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කලේය. යුද්ධය සම්බන්ධ බටහිර හා ආසියාවේ විවිධ මත ගරුකරමින් “මෙම ගැටුම අවසන් කිරීමට පොදු රැස්වීම් ස්ථානයක් “සොයා ගැනීමට අප සියලු දෙනා” උත්සාහ කල යතු යැයි ඔහු ආසියානු නායකයන්ට යෝජනා කලේය. 

එ.ජ හා චීන එදිරිවාදිකම් හරි මැද ආසියාව පවතින බව  කී ජනාධිපති අවධාරනය කලේ, “මේ දෙපාර්ශවයේ තරඟකාරී පීඩනය කලමනාකරනය කිරීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නැත,” යනුවෙනි.

“සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය, මා මිත්‍ර විවියන් බාලක්‍රිෂ්ණන් ආසියාව දෙකඩ කිරීම (bifurcation) ලෙස හැඳින්වූ දේට අපි විරුද්ධයි,” ඔහු කීවේය.

“ආසියාවේ සිටින අපට එක්සත් ජනපදය සහ චීනය අතර තෝරා ගැනීමක් අවශ්‍ය නැත,” වික්‍රමසිංහ තම උත්සුකය පල කලේ එසේය.

එහෙත්, යුරෝපය තුල මිලිටරි අධිකාරය හා බලහත්කාරය පතුරුවා ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රුසියාවට හා චීනයට එරෙහි එහි යුද සැලසුම් වලදී ලොව කිසිදු රාජ්‍යයක ස්වාධීනතාවයේ අපේක්ෂාවන් ඉවසන්නේ නැත. ජර්මනියේ නායකත්වය යුද්ධයට ඇඳ බැඳ තබා ගැනීමට ජෝ බයිඩ්න් තන්ත්‍රය මෑතදී ගන්නා ලද රාජතාන්ත්‍රික බලපෑම් කිරීම් පමනක් උවද මේ කරුන සනාථ කිරීමට ප්‍රමානවත් ය. 

චීනයේ ආසියානු හා අප්‍රිකානු ආර්ථික වැඩසටහනක් වන ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනේෂියෙටිවව් (BRI)’ හි සාමාජිකයෙක් වන ලංකාව චීනය සමඟ කිසිදු ආරක්ෂක විධිවිධානයකට එලඹ නොමැති අතර, එවන් ගිවිසුමකට එළඹීමට අදහස් නොකරන බවටද ස්ථිරව කියා සිටීම සඳහා වික්‍රමසිංහ මෙම සමුලුව අවස්ථාවක් කරගන්නේ ඉහත කරුන පිලිබඳව හොඳින් සංවිඥානික බැවිනි. 

ආසියනු ෆැසිපික් කලාපයේ යාත්‍රා කිරීම (navigation),  ගුවන් ගමන්, සහ මුහුද යට කේබල් ඇදීම සඳහා වන නිදහස තහවුරු කිරිම පිලිබඳ ගිවිසුම්වලට එලඹිය යුතු බව ඔහු අවධාරනය කිරීම මෙම නිදහසම කියාපාමින්, එය තහවුරු කිරීම සඳහා ඇමරිකානු ආන්ඩුව, තායිවානය, ඔස්ට්‍රේලියාව හා ජපානය එම සාගර කලාපයේ ගෙන යන චීනයට එරෙහි කුපිත කිරීම් සුජාතකරනය කලේය.

“චීනයේ ශීඝ්‍ර නැගීම සහ ජාත්‍යන්තර වේදිකාවේ චීනයේ භූමිකාව පිළිබඳව එකඟ වීමට දෙරටේ [චීනය හා ඇ.එ.ජ] නොහැකියාව නිසා ලෝකයේ අපගේ කොටසෙහි එදිරිවාදිකම් සහ අනවශ්‍ය ආතතීන් ඇති වී තිබේ.” 

වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශවල සැබෑ අරමුන නම් කලාපයේ අස්ථායීතාවය සම්බන්ධතාවයෙන් චීනයේ ‘වගකීම් විරහිත” ක්‍රියාකලාපයට ඇඟිල්ල දිගුකිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ගෙනයන ප්‍රකෝපකාරී ප්‍රචාරයට හේත්තු වීමයි.

දීර්ඝකාලීනව බටහිර අධිරාජ්‍යවාදය සමග සිටගත්තෙක් වශයෙන් චීන නය වෙතින් දුරස්තව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බංකුව හා ලෝක බැංකුව වෙත මාරුවී ඇති වික්‍රමසිංහ ජපානය සමග සබඳතා නව වටයකින් අලුත් කිරීම වැඩෙන භූ දේශපාලන වාසුලියේ ග්‍රහනයට ලංකාව නතුවෙමන් තිබෙන බවට සංඥා කරයි. 

ටෝකියෝවම ගතහොත් එය මෑත වසර කිහිපය තුල බීජිනයට එරෙහි එ.ජ ප්‍රමුඛ කොට සිදුකරන යුද ධාවනය සමඟ වැඩි සහයෝගීතාවයක් පෙන්නුම් කර තිබේ. ටෝකියෝ සිය මිලිටරි වියදම් යෙන් ට්‍රිලියන 43 (ඩොලර් බිලියන 320) දක්වා ඉදිරි වසර පහ තුල දැඩි ලෙස ඉහල නංවා ඇත.  එය එහි පෙර පැවති මිලිටරි අයවැය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.  ටෝකියෝ මෑතකදී එක්සත් ජනපදයෙන් Tomahawk කෲස් මිසයිල 500 ක් මිලදී ගැනීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. දේශපාලන සංස්ථාපිතයේ කොටස් ආර්ථිකය නංවාලීමේ මාධ්‍යයක් ලෙස ඊටත් වඩා විශාල මිලිටරි වියදම් ඉල්ලා ඇත.

එක් එක් ආසියානු රටවල් තුලම මානව හිමිකම්වලට බටහිරට සාපේක්ෂව ආසියානු කලාපයට සුවිශේෂ අර්ථයන් ඇති බවත්, මහා “බල එදිරිවාදිකම් වලින් යුතු සංකීර්න පසුබිමක් තුල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම ද බරපතල ගැටලුවක්” බවත් වික්‍රමසිංහ සඳහන් කලේය. වික්‍රමසිංහ මේ කියන්නේ, අධිරාජ්‍යවාදය සමග මගුල්කෑමට හා කප්පාදුවට එරෙහිව තම රටවල් තුල වර්ධනය වන කම්කරු මහජන අරගල මර්දනය සඳහා මලිටරි පොලිස් හා ආඥාදායක ප්‍රහාරයන් ක්‍රියාවට දැමීම පිලිබඳව පලමුව කී කරුන නිසාම ලංකාව ඇතුලු කලාපයේ රටවලට බලපෑම් නොකල යුතු බවය. 

යුක්රේන යුද්ධය, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය සමග වඩා පුලුල් හා මාරාන්තික ගැටුමකට එලඹීමේ පෙර නිමිත්තකි.

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” ප්‍රතිපත්තිය සමඟ ගුනාත්මකව ගැඹුරු වූ අතර පසුව ට්‍රම්ප් යටතේ තවත් වේගවත් කෙරුනි.  බයිඩෙන් යටතේ, චීනය සමඟ ආතතීන් ඉහලම තලයකට ළඟා වෙමින් තිබේ.  මනුෂ්‍යත්වයේ පැවැත්මටම තර්ජනයක් වී තිබියදීත්, වොෂින්ටනය න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සහ චීනය අර්ධ යටත් විජිත බවට පත් කිරීමේ එහි සැලසුම් සමඟ ඉදිරියට යමින් සිටී. 

වඩ වඩාත්, මිලිටරිවාදය සහ යුද්ධය සමස්ත ආසියානු ෆැසිපික් කලාපයේ දේශපාලනය මත ආධිපත්‍යය දරයි.  Quad (එ.ජ, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය), AUKUS (ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය හා එ.ජ) සහ  Five Eyes (ඕස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය, එ.රා සහ එ.ජ)  වැනි අධිරාජ්‍යවාදී ගිවිසුම්, එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන ආර්ථික, බුද්ධිමය සහ මිලිටරි බලවේග ජාලයක් තුල චීනය වට කිරීමට පිහිටුවා ඇත.  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මාර්ගය අහුරන හෝ චීනය සමඟ සාකච්ඡා කිරීමට පවා පෙනී සිටින ඕනෑම ආන්ඩු හෝ දේශපාලන නායකයින් තර්ජනයට, බිය ගැන්වීමට සහ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු සකස් කෙරෙනු ඇත. 

කොලඹ මෙම අන්තරායන්ගෙන් හා තර්ජනයන්ගෙන් විනිර්මුක්තවන්නේ නැත.

ජනාධිපති වික්‍රමසිංහගේ ජපාන සංචාරය ලංකාව ඇමරිකානු-නේටෝ යුද කරත්තයට බැඳ තැබීමේ පියවරකි Read More »

FB IMG 1684992274768

කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද? 

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image
ජායාරූපය: කොක්‍රික සමාජිකයෝ 2022 දෙසැම්බර් 23 කයිට්ස් හි උද්ඝෝෂනයක

2023 මැයි 06 දිනැති “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල හා දෙමල අංශවල පල කල ලිපියක් පහත සදහන් චෝදනා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) වෙත එල්ල කර ඇත.   

නන්දන සහ සංජය,ඊනියා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදා ගනිති. කොක්‍රික සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්වකීය ක්‍රියාකාරී කමිටු තනන ලෙස කම්කරුවන්ට ජාත්‍යන්තර කමිටුව/සසප කරන කැඳවුමෙන් සසප “කට්ටිවාදී” ලෙස අපසරනය වී ඇතැයි ද ඔවුහු කියාපාති.’

“කොක්‍රික, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් තනන ලද අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් නොවේ. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කර ඇති කැඳවුම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත… 

කොක්‍රික යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ද ඇතුලු, පුද්ගලයන්ගේ එකතුවකි,” ප්‍රකාශය කියාපායි.

2023 මැයි 13 දින කොක්‍රික විධායක සභාවේ විශේෂ රැස්වීමක් තුල මෙම චෝදනා බැරෑරුම්ව සලකා බැලූ අතර එහි ඒකමතික නිගමනය වූයේ මෙය කම්කරු පිඩිත ජනයා  නො මග යැවීම සදහා හිතා මතා නිර්මානය කල, නිවට හා ප්‍රතිගාමී උත්සාහයක නග්න ප්‍රකාශනයක් බව ය. මේ චෝදනා නිසි සාක්ෂි සහ හේතු සාධක සහිතව සනාථ කිරීමට ප්‍රස්තුත ලිපිය කිසිදු උත්සාහයක් දරා නැතිවා මෙන් ම ඊට එසේ කිරීමට හැකියාවක් ද නැත.       

ප්‍රස්තුත ලිපිය එහි සදහන්, නන්දන සහ සංජය, කොක්‍රික සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදාගෙන ඇත්තේ කවදා, කොතැන දී, කෙසේ ද යන මේ වැදගත් ප්‍රශ්න ගැන ගොලු ය. 

කොක්‍රික අව්‍යාජ ක්‍රියාකාරී කමුටුවක් නො වේ යන්නට හේතුව ලෙස ඔවුන් ගෙනහැර පාන්නේ එය අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ඇතුලු, ප්‍රද්ගලයන්ගේ එකතුවක් බව ය. ඒ වෙනුවට ‘සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයක’ ම හා ‘ගම්බද දුගීන්’ විසින් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු බව සදහන් කරන සසප ලිපිය ඔප්පු කිරිමට තතනන්නේ ඉහත කී කිසිදු සමාජ කොටසකට හෝ පන්තියකට කොක්‍රික සාමාජිකයන් අයත් නො වන බව ය. එවිට ‘දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇහිදගත්තා’ යයි කියන මේ විශේෂිත සත්ව වර්ගය හදුන්වන්නේ කෙසේ ද? කොක්‍රික කෙසේ හෝ විනාශ කර දැමීමේ උන්මාදය හැර අන් යහපත් අරමුනක් එහි තිබේ ද?

මෙතැනදී ද යලි මතුවන්නේ පක්ෂ නායකත්වය පසුගිය වසරේ දැවැන්ත මහජන අරගලවලින්, විශේෂයෙන් ‘ගෝඨාගෝගම’ උද්ඝොෂනවලින්, කර හැරීමට හේතු වූ කරුන ය. දිනපතා දිවා රාත්‍රී නො බලා  සහභාගී වූ කම්කරුවන්, ගොවීන්, ගෘහනීන්, තරුනයන් ‘වැරදි තැනකට’ ආ නිසා ඔවුන් නිර්ධන පන්තියට අයිති වන්නේ නැත යන ආකල්පයකින් මෙම නායකත්වය විපිලිසර වී සිටියේ ය. ඔවුන් ක්‍රියාවෙන් ප්‍රකට කර ඇති පරදි – එක එල්ලේ ප්‍රකාශ කිරීමට බිය වුවත් – ගෝටාගම නායකත්වයේ සිටි ධනපති පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති, ඇතුලත් ව්‍යාජ වාම පෙරමුන එහි රැස් වූ ලක්ෂ සංඛ්‍යාත පීඩිත ජනතාව විසින් ද නියෝජනය කරනු ලැබුනේ ය යන්න ඔවුන්ගේ අදහස විය. කොක්‍රික ට පදනම දමමින් ගිය වසරේ ජුනි මැද ගෝඨාගෝගම මහජන සරසවියේ කල මැදිහත් වීම නිසා සංජය ජයසේකර හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ට විරුද්ධව පක්ෂ තහනමක් ක්‍රියාත්මක කිරීම සිදු කලේ එබැවිනි. පක්ෂයට පහර දීමට ආව නිසා, පක්ෂවල නම් භාවිතයට විරුද්ධ වුන නිසා, සහෝදරවරු බිලි නො දී ආරක්ෂා කර ගත යුතු වූ නිසා ‘සසප වැනි පක්ෂයකට නො හොබිනා’ දේ නොකිරීමේ සීතාම්බර පට යට සැග වී සිටීමට නායකයන්ට අවසානයේ දී සිදු වී ඇත.

මාක්ස් හා එංගල්ස්ගේ කතෘත්වයෙන් සම්පාදිත කොමියුනිස්ට් ප්‍රකාශනය පෙන්වා දෙන පරිදි “නිර්ධන පන්තිය යනුයෙන් අදහස් කරනුයේ තමන් සතු නිශ්පාදන මාධ්‍යයන් රහිත වීම නිසා ජීවත් වනු පිනිස ස්වකීය ශ්‍රම ශක්තිය විකිනීමේ තත්වයට වැටී සිටින නූතන වැටුප් ශ්‍රමිකයන්ගේ පන්තිය යි.” මෙම වැකිය කට පාඩමේ තබාගෙන සිටින ගමන් ම එය තම අරමුනුවලට සේවය කල හැකි වන පරිදි අර්ථගන්වන්නට සසප නායකත්වය හැරීගෙන ඇත. 

සංජය හා අප කන්ඩායම ගෝඨාගෝගම දී කල මැදිහත් වීමේ දී ජාත්‍යන්තර කම්කරු පන්තික ඉදිරි දර්ශනය හෝ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් කුමන හෝ දේශපාලන මගහැරීමක්, යටත්වීමක් හෝ පාවා දීමක් සිදු කර ඇතැයි සසප නායකත්වයට කිව නො හැකි ය. මතු වී ඇති ගැටලු ඉස්මතු කිරීමේ දී ඒවා පක්ෂයේ දේශපාලන කරතව්‍යයන්ට සම්බන්ධිතව ඉස්මතු කිරීම මාක්ස්වාදියාගේ විධික්‍රමය යි. උක්ත ලිපියේ අරමුන පන්ති අරගලයට අත්‍යවශ්‍ය එබදු දේශපාලනික ප්‍රයත්නයක් මතු වීම වැලැක් වීම ය. 

කොක්‍රික යනු සංජය ඇතුලු සසප වාම කන්ඩායම ගෝඨාගෝගමින් අරම්භ කල උද්ඝෝෂනය හරහා- 2022 ජුලි 20 ජාත්‍යන්තර කමිටුවේ (ජාක) මෙහෙයවීමෙන් සසප විසින් සම්පාදනය කරන ලද ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය පිලිබද දීර්ඝ සාකච්චාවකින් පසු- ගොඩ නගන ලද්දකි. එම සැප්තැම්බර 11 දින කොලඹ එන්. එම්. පෙරෙරා මධ්‍යස්ථානයේ පැවති එහි ආරම්භක රැස්වීමේ දී වාද විවාද සහිත දීර්ඝ සාකච්ඡාවකින් පසු ඉහත කී ජුලි ප්‍රකාශය ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී.    

“ආරම්භක රැස්වීම, එහි විධායක කමිටුව සමග ඒකමතිකව තීරණය කළේ රැස්වීමේ වාර්තාව කම්කරු පන්තියේ ගෝලීයව අධිකාරීමය ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පලකිරීම සඳහා යැවිය යුතු බවයි. ඒ අනුව, රැස්වීමේ වාර්තාව, එහි ඡායාරූප සමඟ සැප්තැම්බර් 15 වන දින ලෝසවෙඅ හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්තෘ වෙත යවන ලදී. කෙසේ වෙතත්, දින 5කට පසුව, ප්‍රධාන කර්තෘ ඉතා සරලව අපට දන්වා ඇත්තේ, “ඔබ විසින් ලෝසවෙඅ වෙත යවා ඇති වාර්තාව අපි ප්‍රසිද්ධ නො කරන්නෙමු. මන්ද එය සමාජවාදී සමානතා පක්ෂයේ අනුමැතියකින් තොරව ඔබ විසින් පිහිටුවන ලද කමිටුවක වාර්තාවක් වන නිසා,” යනුවෙනි.

මෙයින් ම පැහැදිලි වන්නේ, සසප කොලඹ ක්‍රියාකාරී කමිටුවට විරුද්ධ වන්නේ එය සසප අනුමැතිය සහිතව නො පිහිටුවා එහි අන්ඩක් බවට පත් නොකිරීම නිසාය. එය කම්කරු පන්ති අරගලයේ අවශ්‍යතාවක් වීම හෝ එය ජාත්‍යන්තර කමිටුවේ උද්ඝෝෂනයට සම්බන්ධිත ඉදිරි පියවරක් වන අතර සසප යෝජනාව සාක්ෂාත් කිරීමක් ය යන කරුනු සියල්ලට ම ඉහලින් පෙරමුනට කැදවා ගත්තේ- පන්ති අරගලය සසපයෙන් නො විමසා මතු වීමට විරුද්ධ වීම හා සමාන- උන්මත්තක නිලධාරීවාදය යි. පැහැදිලි නො කල හා පැහැදිලි කල නො හැකි මෙම වග කීම් විරහිත ක්‍රියාව කම්කරු පන්තියට හා තරුනයන්ට අතිශය නරක බලපැමක් සිදු කරන බව සසප නායකයෝ දැන සිටිති. ඔවුහු එය නො තකා කටයුතු කරන්නේ ඇයි? නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව කොක්‍රික ක්‍රියාකාරිත්වය හැම විටම ධනේශ්වරයට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුවේ මූලධර්ම මත පිහිටා සිට ඇත.

2022 ඔක්තොම්බර් 10 කොක්‍රික තවත් ප්‍රකාශයක් ලෝසවෙඅ ට යැවී ය. ඒහි දී අපි මෙසේ ලීවෙමු:

 “සැප්තැම්බර් 22 දින, උතුරු පළාතේ කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනු ලැබ ඇත… 

“දිනෙන් දින උත්සන්න වන ජාත්‍යන්තර පන්ති අරගලයේ තියුණු තුඩක් වන ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තික ක්‍රියාකාරීන්ගේ බල සංස්ථා ලෙස සිය ගණනින් ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමට අවශ්‍ය කොන්දේසි පවතින බවත්, එය පන්ති අරගලයේ අත්‍යවශ්‍ය උපකරනයක් බවට ඓතිහාසික ව තීන්දු වී ඇති බවත් පිලිබඳව කොක්‍රික දැඩි අවබෝධයෙන් සිටී.

“පුලුල් මහජන ව්‍යාපාරයක්, තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල මෙහෙයවීම යටතේ, දුර්දාන්ත ධනේශ්වර පාලනයට එරෙහි ව කුලු ගැන්වීම වැළැක්විය හැකි ශක්‍යතාවයක් පාලක පන්තියට නැත. එය ඒ වෙනුවට මිලිටිරි පොලිස් මර්දනය මගින් එබදු සංවිධානයන්හි අවශ්‍යතාව නැවත නැවතත් මහජනයාට ඒත්තු ගන්වමින් සිටි. 

“කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව (කධීක්‍රික) උතුර හා දකුන ලෙස හා වාර්ගික ව කම්කරු පීඩිත මහජනතාව භේද කරන කුමන්ත්‍රනයන්ට එරෙහි මහජන අරගලයේ සුවිශේෂී සලකුනක් සටහන් කල බව අප විශ්වාස කරන්නේ මේ තතු තුල ය.”

සසප නායකත්වය එවන් එකමුතුවකට නැවතත් විරුද්ධ විය. එම ප්‍රකාශය ද පල කලේ නැත.

අනතුරුව, 2022 දෙසැමිබර් 8 කොලඹ  දුම්රියපොල ඉදිරිපිට, ටෙලිකොමි වෘත්තීය සමිති එකමුතුව කල උද්ඝොෂනයේ දී සමිති නායකයෝ සසප සාමාජිකයන්ට අඩන්තේට්ටම් කිරීමට එරෙහිව කොක්‍රික මැදිහත් වෙමින් 2022 දෙසැම්බර 10 දින නිකුත් කල ප්‍රකාශය ද සසප නායකයෝ ඉවත දැමුහ. එහි මෙසේ සඳහන් විය:

“සමිති නායකත්වය ප්‍රහාරය එල්ල කර ඇත්තේ කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් දැනගැනීමට හා ඒ ගැන තීරනයක් ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට මෙන් ම සසපට සිය අදහස කම්කරුවන්ට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ය. ආර්ථික අවශ්‍යතා දිනාගැනීමේ දී ඊට අවශ්‍ය සංවිධානාත්මක විනය සදහා කම්කරුවන්ට අවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය ය.”

“මේ අතර,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා, තම ‘ටෝක් විත් ලාල්’ (Talk with Lal) යූ ටියුබ් චැනලය තුල, සමිති නිලධරය සසප සාමාජිකයින්ට බාධා කරන දර්ශන සහිත වඩියෝවක් , “ටෙලිකොම් ඉන්ෂුවරන්ස් සටන අල කරන්න පිරිසක් පැමිනීමෙන් ගැටුමක්” යන ශීර්ෂය යටතේ පල කරනු ලැබ ඇත. තව දුරටත් ඔහු සසප සාමාජිකයින් ‘ආන්ඩුවේ ඉත්තන්’ ලෙස ප්‍රකෝපකරී හා නින්දාසහගත බොරු ප්‍රචාරය කර ඇත. මෙම ධනපති ගැති මාධ්‍ය ව්‍යාපාරය මුලුමනි ම හෙලිදරව් කිරීම හිතන මතන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලන්ගේ වග කීමකි. මොහු තම සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කල යුතු අතර සසපෙන් සහ මහජනතාවගෙන් සමාව ගත යුතු ය යි කොලඹ ක්‍රියකාරී කමිටුව බල කර කියා සීටී.” 

2023 පෙබරවාරි 23 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සසප සාමාජිකයන්ට ඒල්ල වූ තර්ජනයට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනය ද බලගතු එකකි. අත් පත්‍රිකා ලෙස සියගනනින් බෙදන ලද 2023 මාර්තු 9 අපගේ ප්‍රකාශය මෙසේ ලිවීය:

“තර්ජනය කල කන්ඩායම, “පක්ෂ දේශපාලනය ගෙන ඒමෙන් ශිෂ්‍යයන් බෙදෙනවා” යැයි කියා සිටි බව ලෝසවෙඅ වාර්ථා කර ඇත. ශිෂ්‍යයන් බෙදෙන්නේ දේශපාලන අදහස් නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට ඇති අයිතිය අවහිර කිරීමෙන් බව අපි අවධාරනය කරමු. ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින අභියෝග හුදෙක් එක් සරසවියකට, එක් ක්‍ෂේත්‍රයකට හෝ සිසුන්ට පමනක් හෝ එල්ල වූ ඒවා නොවේ… ඊට මුහුන දිය හැකි බලගතු කම්කරු හා මහජන ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාව, ඒකාබද්ධතාව හා නායකත්වය තහවුරු කිරීම යුගයේ අත්‍යවශ්‍යතාවය බවට පත් ව තිබේ. 

මේවා තමන්ට එරෙහි ප්‍රහාර ලෙස සසප තන්ත්‍රයට පෙනී යන්නේ ඇයි? මෙම විප්ලවවාදී ප්‍රයත්නයන් නො තකා, සසප නායකයෝ කම්කරු පීඩිත ජනයා වෙනත් ව්‍යාජයන් තුල රස්තියාදු කිරීමේ අරුත දැන් පැහැදිලි විය යුතු ය. 

මෙම නිලධරය තමන්ට පිටින් පන්ති අරගලය ඉස්මත්තට පැමීනීම පිලිබඳ සංත්‍රාසයෙන් පෙලෙන බව දැනටමත් ප්‍රායෝගිකව ම සනාථ කර ඇත. කම්කරුවන් ගොවීන් තමන් විසින් ම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට පියවර ගත යුතු ය යි ජාත්‍යන්තර කමිටුව අනු යමින්  යෝජනා කරන නමුත් තමන්ගේ අනුමැතිය නැතිව ගොඩ නැගෙන්නේ යැයි කියන කමිටු පිලිබද ඔවුහු තැති ගනිති. 

මෙය වෛෂයික සමාජ සම්බන්ධතා තුල කැලඹීම් සහගත වත්මන් තතු විසින් ඉස්මත්තට ගෙන ඇති තත්වයකි. මේ අවස්ථාවේ ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන පන්ති අරගල රැල්ල ඉල්ලා සිටින්නේ ඓතිහාසික අත්දැකීමෙන් හා න්‍යයිකව සන්නද්ධ කල, ප්‍රායෝගික සටන්කාමී හැරී ගැනීමකි. එහෙත් හුරුපුරුදු පැවැත්ම වෙනස් කිරීමට අසමත්කම නිසා මේ තත්වයට තමන් සූදානම් නැතැයි සිතන ඕනෑම ව්‍යාපාරයක් මෙන් ම සසප නායකත්වය ද අව්‍යාජ ක්‍රියාකාරී කමිටු අනතුරක් සේ දකී. ඒ ඒවා කම්කරු පන්තියේ සටන්කාමීත්වය ඉහලට ඔසවා විප්ලවීය සටන් අවුලවනු ලැබීමේ ශක්‍යතාවයෙන් යුතු වන නිසා ය. මෙවන් භාවිතාවක අරමුන එබදු අරගලයක් වලක්වා ගැනීම ය. කම්කරු කමිටු තමන්ගේ පාලනයට යටත් කර ගත යුතු යයි ඔවුන් සිතන්නේ ඒ අනුව ය. 

කොලඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ මෙම බෙලහීන පිලිවෙතට ප්‍රතිපක්ෂව ය. සසප අව්‍යාජ ජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් තුලින් මෙම අර්බුදය විසදා ගැනීමට ප්‍රයත්න දරනු ඇත යන්න කොක්‍රික අපේක්ෂාවයි.   

කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?  Read More »

thesocialist

theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ

theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය. 

Image
ජායාරූපය : නව ග්‍රලෝකය, 1921 කොන්ස්ටන්ටින් යූන් විසිනි. © රාජ්‍ය ට්‍රෙට්යාකොව් Tretyakov ගැලරිය,

කම්කරුවනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි,

බ්ලොග් අඩවියක් ලෙස පසුගිය මාර්තු 11 දින සිට ආරම්භ කර ඔබ වෙත විප්ලවවාදී ඥානය සමීප කළ අන්තර්ජාල ප්‍රකාශනය, theSocialist.LK – Global Socialist Reviews, අද දින (25) වෙබ් අඩවියක් ලෙස දියත් කෙරෙන බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව, ආකෘතියෙන් උසස් කරනු ලැබ ඇති එය සිංහල, දෙමල, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම, දේශපාලනය, ආර්ථිකය, පන්ති අරගල, ඉතිහාසය, කලාව-සංස්කෘතිය හා විද්‍යාව යන අංශවල අන්තර්ගතයෙන් පලල් හා නිරවුල් ඥානය කම්කරු, පීඩිත  මහජනතාව වෙත කාලීනව ගෙන ඒම සඳහා කැපවී ගනු ඇත.

ජාත්‍යන්තර වැඩකරන පන්තියේ ඓන්ද්‍රීය කොටසක් ලෙස ලංකාවේත්, දකුනු ආසියානු කලාපයේත් කම්කරු, පීඩිත මහජනතාව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පෙරටු කරගත් සමාජ විප්ලවයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අධ්‍යපනගත කරගැනීමේ වේදිකාවක් බවට theSocialist.LK පත් කිරීම අපගේ අභිප්‍රාය වන්නේ ය.

දෙමසක පමන කාලයක් තුල බ්ලොග් අඩවිය තුලින් ජාත්‍යන්තර දේශපාලන-ආර්ථික අත්දැකීම් කම්කරු පන්තික ආස්ථානයකින් විශ්ලේෂනාත්මකව ඔබ වෙත ගෙන ඒම සඳහා අපි කටයුතු කලෙමු. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිවලින් තෝරාගත් ලිපිවල සිංහල පරිවර්තනයන් ද ඇතුලුව, මේ කෙටි කාලය තුල එහි පල කරන ලද ලිපි ගනන  66 කි. දිනෙන් දින එයට ලැබුනු පාඨක ආකර්ශනය, සමාජ යථාර්ථය විනිවිදින නව දැනුම සොයා යාමේ වෛශික ආශක්තතාවයට සාක්ෂි දැරීය. විප්ලවවාදී දේශපානික භාවිතාවට එය උත්ප්‍රේරකයකි.

ප්‍රකාශනයේ හා රැස්වීමේ නිදහස ලෙයින් මැඩීමට අවි අමෝරාගත් ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියට, තරුනයන්ට, කලාකරුවන්ට හා අව්‍යාජ බුද්ධිමතුන්ට තමන්ගේම අදහස් ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ජා කිරීම හා බෙදාගැනීම සඳහා ද, ස්වකීය ප්‍රතිප්‍රහාරය සූදානම් කර ගනිමින් සම්බන්ධීකරනය කර ගැනීම සඳහා ද අවශ්‍ය ස්වාධීන ප්‍රකාශන මාධ්‍ය තව තවත් අවශ්‍ය වී තිබේ. ඔවුන්ට අසා, විමසා දැනගැනීමට මෙන්ම කියන්නට, ලියන්නට ද බොහෝ දේ ඇත. වැඩ කරන ජනතාවගේ අරගලවල එකමුතුව සදහා උචිත දේ විශ්වසනීයව සංනිවේදනය කිරීමට ඇති ඉඩප්‍රස්ථා අතිශය දුර්ලභ ය.  ඒ නයින් theSocialist.LK යනු පන්ති අවශ්‍යතාවයෙන් නිපන්නකි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා ලෝසවෙඅ අපෝහක භෞතිකවාදී විධික්‍රමය, ව්ශ්ලේෂන හා ක්‍රියා මාර්ගය මත පදනම් වන theSocialist.LK ජාතික හා ජාත්‍යන්තර වැඩ කරන ජනයාගේ අධිරාජ්‍ය විරෝධී එකමුතුව වෙනුවෙන් පෙනී සිටිනු ඇත.  ස්ටැලින්වාදය පෙරටු කරගත් අවස්ථාවාදී දේශපාලනය විසින් විනාශ කරන ලද සමාජවාදී සංස්කෘතිය පුනස්ථාපනය කිරීමට හජාජාක දියත් කල ස්ථිරසාර  වැඩපිලිවෙලට අනුකූලව සිය වැඩකටයුතු කරගෙන යාමට එය බැඳී සිටී.  

මහා අවපාතයෙන් මෙපිට ලෝක ආර්ථිකයේ ගැඹුරුම ආර්ථික හා මූල්‍ය අර්බුදයට මුහුන දී ඇති අධිරාජ්‍යවාදී පද්ධතිය, එහි ම්ලේච්ජතම ප්‍රකාශනය වන එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව, යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව දියත් කර ඇති යුද්ධය තුල, න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායක අභියසට මානව සංහතියම හෙලා ඇත. ලොව දෙවන බලවත්ම ආර්ථිකය ලෙස චීනයට  එරෙහිව කෙරෙන ප්‍රකෝපකරනයන් ආසියානු ෆැසිපික් කලාපයම යුද වාසුලියක් දෙසට ග්‍රහනය කරගනිමින් සිටී. ලොව පුරා මිලියන විස්සකට අධික මහජනතාවක්, වැලැක්විය හැකිව තිබූ වසංගතයක ගොදුරු බවට පත්කරමින් මිනී කඳු ගොඩගැසීම ආශිර්වාදයක් කරගත් පාලක පන්තීන්,  යුද්ධයේ වියදම වැඩකරන මහජනයා හා පීඩිතයන් මතින් අයකරගනිමින් සිටී. 

යුද්ධයද, කප්පාදුව ද අවසන් කල යුතුය, අවසන් කල හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත යුතුව ඇත. එහෙත්, එය කලහැක්කේ වැඩකරන මහජනතාවගේ දැනුවත් විප්ලවවාදී ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. එය ජාතිකව ඒ ඒ පාලක පන්තියට එරෙහිව ආරම්භකත්වය ගත යුත්තේය. ⁣ලියෝන් ට්‍රෙට්ස්කි දීප්තිමත්ව විශ්ලේෂනය කල පරිදි, “සමාජවාදී විප්ලවය ජාතික තලයේ ආරම්භ වී, ජාත්‍යන්තර තලයේ දිග හැරී ලෝක තලයේ සම්පූර්ණ වේ”.

මේ සත්‍යයන් සනාථ කරන්නේ, වර්මාන අර්බුදය මුදා හරිනු ලැබුවා වූ සමාජ ආර්ථික ගතිකයන් හරියටම වටහා ගනිමින්, ඒවායේ විප්ලවවාදි ප්‍රවනතා සෙසු ප්‍රවනතාවන්ගෙන් වෙන් කරගෙන, අප්‍රතිහත ධෛර්යයෙන් හා දිවි දෙවැනිකොට වැඩකරන පන්තියේ ප්‍රතිප්‍රහාරය වර්ධනය කිරීමට කැපවී ගැනීමේ අවශ්‍යතාවය යි. ඊට අඩු යමකින් වත්මන් පන්ති අරගලයට ඉදිරි ගමනක් පැවතිය නොහැකිය. එය එහි සියලු සතුරන් නිර්දය ලෙස හෙලිදරව් කිරීම ඉල්ලා සිටී.  අපි, theSocialist.LK  එම වගකීම දරා සිටිමු.

වෙබ් අඩවිය නිතිපතා කියවන ලෙසත්, එයට ඔබගේ අදහස්, විවේචන යොමුකරන ලෙසත්, අත්‍යවශ්‍ය දේශපාලන සාකච්ජාවන් සඳහා අවකාශයන් විවෘත කරගැනීමට අප සමග එක්වන ලෙසත්, ඔබට හැකි උපරිම මූල්‍යමය අනුග්‍රහයන් වෙබ් අඩවිය සඳහා ලබා දෙන ලෙසත් අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ Read More »

thesocialist

theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ

theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය. 

Image
ජායාරූපය : නව ග්‍රලෝකය, 1921 කොන්ස්ටන්ටින් යූන් විසිනි. © රාජ්‍ය ට්‍රෙට්යාකොව් Tretyakov ගැලරිය,

කම්කරුවනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි,

බ්ලොග් අඩවියක් ලෙස පසුගිය මාර්තු 11 දින සිට ආරම්භ කර ඔබ වෙත විප්ලවවාදී ඥානය සමීප කළ අන්තර්ජාල ප්‍රකාශනය, theSocialist.LK – Global Socialist Reviews, අද දින (25) වෙබ් අඩවියක් ලෙස දියත් කෙරෙන බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව, ආකෘතියෙන් උසස් කරනු ලැබ ඇති එය සිංහල, දෙමල, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම, දේශපාලනය, ආර්ථිකය, පන්ති අරගල, ඉතිහාසය, කලාව-සංස්කෘතිය හා විද්‍යාව යන අංශවල අන්තර්ගතයෙන් පලල් හා නිරවුල් ඥානය කම්කරු, පීඩිත  මහජනතාව වෙත කාලීනව ගෙන ඒම සඳහා කැපවී ගනු ඇත.

ජාත්‍යන්තර වැඩකරන පන්තියේ ඓන්ද්‍රීය කොටසක් ලෙස ලංකාවේත්, දකුනු ආසියානු කලාපයේත් කම්කරු, පීඩිත මහජනතාව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පෙරටු කරගත් සමාජ විප්ලවයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අධ්‍යපනගත කරගැනීමේ වේදිකාවක් බවට theSocialist.LK පත් කිරීම අපගේ අභිප්‍රාය වන්නේ ය.

දෙමසක පමන කාලයක් තුල බ්ලොග් අඩවිය තුලින් ජාත්‍යන්තර දේශපාලන-ආර්ථික අත්දැකීම් කම්කරු පන්තික ආස්ථානයකින් විශ්ලේෂනාත්මකව ඔබ වෙත ගෙන ඒම සඳහා අපි කටයුතු කලෙමු. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිවලින් තෝරාගත් ලිපිවල සිංහල පරිවර්තනයන් ද ඇතුලුව, මේ කෙටි කාලය තුල එහි පල කරන ලද ලිපි ගනන  66 කි. දිනෙන් දින එයට ලැබුනු පාඨක ආකර්ශනය, සමාජ යථාර්ථය විනිවිදින නව දැනුම සොයා යාමේ වෛශික ආශක්තතාවයට සාක්ෂි දැරීය. විප්ලවවාදී දේශපානික භාවිතාවට එය උත්ප්‍රේරකයකි.

ප්‍රකාශනයේ හා රැස්වීමේ නිදහස ලෙයින් මැඩීමට අවි අමෝරාගත් ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියට, තරුනයන්ට, කලාකරුවන්ට හා අව්‍යාජ බුද්ධිමතුන්ට තමන්ගේම අදහස් ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ජා කිරීම හා බෙදාගැනීම සඳහා ද, ස්වකීය ප්‍රතිප්‍රහාරය සූදානම් කර ගනිමින් සම්බන්ධීකරනය කර ගැනීම සඳහා ද අවශ්‍ය ස්වාධීන ප්‍රකාශන මාධ්‍ය තව තවත් අවශ්‍ය වී තිබේ. ඔවුන්ට අසා, විමසා දැනගැනීමට මෙන්ම කියන්නට, ලියන්නට ද බොහෝ දේ ඇත. වැඩ කරන ජනතාවගේ අරගලවල එකමුතුව සදහා උචිත දේ විශ්වසනීයව සංනිවේදනය කිරීමට ඇති ඉඩප්‍රස්ථා අතිශය දුර්ලභ ය.  ඒ නයින් theSocialist.LK යනු පන්ති අවශ්‍යතාවයෙන් නිපන්නකි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා ලෝසවෙඅ අපෝහක භෞතිකවාදී විධික්‍රමය, ව්ශ්ලේෂන හා ක්‍රියා මාර්ගය මත පදනම් වන theSocialist.LK ජාතික හා ජාත්‍යන්තර වැඩ කරන ජනයාගේ අධිරාජ්‍ය විරෝධී එකමුතුව වෙනුවෙන් පෙනී සිටිනු ඇත.  ස්ටැලින්වාදය පෙරටු කරගත් අවස්ථාවාදී දේශපාලනය විසින් විනාශ කරන ලද සමාජවාදී සංස්කෘතිය පුනස්ථාපනය කිරීමට හජාජාක දියත් කල ස්ථිරසාර  වැඩපිලිවෙලට අනුකූලව සිය වැඩකටයුතු කරගෙන යාමට එය බැඳී සිටී.  

මහා අවපාතයෙන් මෙපිට ලෝක ආර්ථිකයේ ගැඹුරුම ආර්ථික හා මූල්‍ය අර්බුදයට මුහුන දී ඇති අධිරාජ්‍යවාදී පද්ධතිය, එහි ම්ලේච්ජතම ප්‍රකාශනය වන එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව, යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව දියත් කර ඇති යුද්ධය තුල, න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායක අභියසට මානව සංහතියම හෙලා ඇත. ලොව දෙවන බලවත්ම ආර්ථිකය ලෙස චීනයට  එරෙහිව කෙරෙන ප්‍රකෝපකරනයන් ආසියානු ෆැසිපික් කලාපයම යුද වාසුලියක් දෙසට ග්‍රහනය කරගනිමින් සිටී. ලොව පුරා මිලියන විස්සකට අධික මහජනතාවක්, වැලැක්විය හැකිව තිබූ වසංගතයක ගොදුරු බවට පත්කරමින් මිනී කඳු ගොඩගැසීම ආශිර්වාදයක් කරගත් පාලක පන්තීන්,  යුද්ධයේ වියදම වැඩකරන මහජනයා හා පීඩිතයන් මතින් අයකරගනිමින් සිටී. 

යුද්ධයද, කප්පාදුව ද අවසන් කල යුතුය, අවසන් කල හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත යුතුව ඇත. එහෙත්, එය කලහැක්කේ වැඩකරන මහජනතාවගේ දැනුවත් විප්ලවවාදී ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. එය ජාතිකව ඒ ඒ පාලක පන්තියට එරෙහිව ආරම්භකත්වය ගත යුත්තේය. ⁣ලියෝන් ට්‍රෙට්ස්කි දීප්තිමත්ව විශ්ලේෂනය කල පරිදි, “සමාජවාදී විප්ලවය ජාතික තලයේ ආරම්භ වී, ජාත්‍යන්තර තලයේ දිග හැරී ලෝක තලයේ සම්පූර්ණ වේ”.

මේ සත්‍යයන් සනාථ කරන්නේ, වර්මාන අර්බුදය මුදා හරිනු ලැබුවා වූ සමාජ ආර්ථික ගතිකයන් හරියටම වටහා ගනිමින්, ඒවායේ විප්ලවවාදි ප්‍රවනතා සෙසු ප්‍රවනතාවන්ගෙන් වෙන් කරගෙන, අප්‍රතිහත ධෛර්යයෙන් හා දිවි දෙවැනිකොට වැඩකරන පන්තියේ ප්‍රතිප්‍රහාරය වර්ධනය කිරීමට කැපවී ගැනීමේ අවශ්‍යතාවය යි. ඊට අඩු යමකින් වත්මන් පන්ති අරගලයට ඉදිරි ගමනක් පැවතිය නොහැකිය. එය එහි සියලු සතුරන් නිර්දය ලෙස හෙලිදරව් කිරීම ඉල්ලා සිටී.  අපි, theSocialist.LK  එම වගකීම දරා සිටිමු.

වෙබ් අඩවිය නිතිපතා කියවන ලෙසත්, එයට ඔබගේ අදහස්, විවේචන යොමුකරන ලෙසත්, අත්‍යවශ්‍ය දේශපාලන සාකච්ජාවන් සඳහා අවකාශයන් විවෘත කරගැනීමට අප සමග එක්වන ලෙසත්, ඔබට හැකි උපරිම මූල්‍යමය අනුග්‍රහයන් වෙබ් අඩවිය සඳහා ලබා දෙන ලෙසත් අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ Read More »

Scroll to Top