කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

විල් ලෙහ්මන් විසිනි.

මෙහි පලවන්නේ 2023 මාර්තු 3, ‌ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “Support and build the Caterpillar workers’ Rank and File Committee” ලෙසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්ථනය SF විසිනි

විල් ලෙහ්මන් මැක් ට්‍රක්ස් හි කම්කරුවෙක් වන අතර ඔහු ඇමරිකාවේ එක්සත් ඔටෝ වර්කර්ස් (UAW- යූඒඩබ්ලිව්) යන වෘත්තීය සමිතියේ ජාතික මැතිවරනයේදී සභාපති ධුරයට තරඟ කල සමාජවාදියෙකි. willforuawpresident.org හි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තවදුරටත් දැනගත හැකිය.

මෙම ප්‍රකාශය ලෙහ්මන් සිදුකරන්නේ කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවට (එක්සත් ජනපදය) සහාය පල කරමිනි. කැටපිලර් යනු ලොව ප්‍රධානම ඉදිකිරීම් යන්ත්‍ර නිෂ්පාධන සමාගමකි. කැටපිලර් කම්කරුවන්ගේ අරගලය හදාරන ලෙසත්, එයට සහාය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

***

Image

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබ අමතන මා විල් ලෙහ්මන් ය. ලෝකයේ විශාලතම ඉදිකිරීම් උපකරණ නිෂ්පාදකයා වන කැටපිලර් හි කම්කරුවන්ට සහාය වන ලෙස සියලුම මෝටර් රථ කම්කරුවන් හා යූඒඩබ්ලිව් පුරා සිටින සේවකයින්ගෙන් ඉල්ලා සිටීමට මට අවශ්‍ය ය.

අඟහරුවාදා මධ්‍යම රාත්රියෙන් ගෙවෙනවාත් සමග ම, යූඒඩබ්ලිව් හා කැටපිලර් “අවසාන මොහොතේ” තාවකාලික ගිවිසුමක් අත්සන් කිරිම නිවේදනය කළේ, වත්මන් ගිවිසුම අවසන්වූ පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ග සඳහා කම්කරුවන්ගේ වැඩෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි.

වසර හයක කොන්ත්‍රාත් යෝජනාව සැබෑ වැටුප්වල දැවැන්ත කප්පාදුවක් බලාත්මක කරනු ඇත. කොන්ත්රාත්තුව වසරකට සාමාන්‍යයෙන් සියයට 3 කින් පමණ නාමික වැටුප් වැඩි කරන අතර එයින් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය සේවා වාරිකවල සියයට 2 ක වාර්ෂික වැඩිවීමක් විසින් ගිල දැමෙනු ඇත. පවතින උද්ධමනය සියයට 6ට ද වඩා අධික වීම සමඟ බැලූ කල, මෙයින් අදහස් වන්නේ කම්කරුවන් තම සැබෑ ආදායමේ තියුනු පහත වැටීමක් අත් දකිනු ඇති බවත්, කොන්ත්‍රාත්තුව අවසන් වන විට ඔවුන්ගේ වැටුප් වල මිලදී ගැනීමේ ශක්තිය අඩු වනු ඇති බවත්ය.

යූඒඩබ්ලිව් තන්ත්‍රය බොහෝ කම්කරුවන්ට හුරු පුරුදු, සමාගම් ගැති ‘නීති සංග්‍රහයක්’ අනුගමනය කරයි. එය මාස ගනනාවක් තිස්සේ කලමනාකාරීත්වය සමග තමන් සාකච්ඡා කරන දේ ගැන කැටපිලර් කම්කරුවන් අඳුරේ තබා ඇත. කොන්ත්‍ත්‍රාත්තුවේ ‘සැලකිය යුතු කරුනු’ මැයෙන්, එය නිකුත් කර ඇත්තේ පිටු කිහිපයක් පමණි. එය (ගිවිසුම) විශාල ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාවක්’ ලබා දී කම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාව’ විශාල වන තරමට පාවාදීමේ තරමද විශාල වන බව අපි කවුරුත් දනිමු.

කැටපිලර් කම්කරුවන් පෙරලා සටන් වදිති. පසුගිය මාසයේ, සටන්කාමී කම්කරුවන් පිරිසක්, තොරතුරු හුවමාරු කර ගැනීමට සහ යූඒඩබ්ලිව් සහ යූඒඩබ්ලිව් නො වන කම්හල් හරහා කම්කරුවන්ට සන්නිවේදනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ මාවතක් සැපයීම සඳහා, කැටපිලර් ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගත්හ.

ක්‍රියාකාරී කමිටුව, යූඒඩබ්ලිව් නිලධරයේ ගනුදෙනුව විකුණා දැමීමක් ලෙස හෙලා දකිමින් සහ එය ප්‍රතික්ෂේප කර, වැඩ වර්ජන ක්‍රියාමාර්යකට සූදානම් වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ප්‍රකාශයක් බදාදා නිකුත් කළේය.

කමිටුව විසින් කම්කරුවන් සදහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය ‌දේ මත පදනම්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

*සියලුම කම්කරුවන්ට සියයට 50ක වැටුප් වැඩිවීමක්

*ජීවන වියදම් ගැලපීම (COLA- නිත්‍ය ජීවන වියදම් ඉහළ යාම සදහා වැටුප් වැඩිවීම්) නැවත බලාත්මක කිරීම.

*වැටුප් හා ප්‍රතිලාභ ස්ථර ක්‍රමය (wage and benefit tier system) වහා අහෝසි කිරීම

*සියලුම සේවකයින් සඳහා අවම වශයෙන් වැටුප් සහිත සති දෙකක පුද්ගලික නිවාඩු කාලයක්

*වත්මන් කම්කරුවන් සහ විශ්‍රාමිකයන් යන දෙපාර්ශ්වයටම සෞඛ්ය සේවා වාරික සහ අතින් දරන වියදම් විශාල වශයෙන් අඩු කිරීම

*සියලුම කම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිෂ්ඨාපනය කිරීම

*සම්පූර්ණ කොන්ත්‍රාත් ගිවිසුම් ලේඛනය නිකුත් කරන ලෙසත්, කොන්ත්‍රාත්, ක්‍රියාකාරී කමිටුවේ අධීක්ෂණයට යටත් කිරීමත් ඔවුහු ඉල්ලා සිටිති.

මෙම සටන හුදෙක් කැටපිලර් සම්බන්ධ කාරනයක් නො වේ. සංගත සහ සමස්තයක් ලෙස පාලක පන්තියට දැවැන්ත පරාජයක් අත් කර දීමට අධිෂ්ඨාන කර ඇත. ඔවුන් සම්බන්ධයෙන් ගත් කල, ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ අන් සියල්ලටත් වඩා පාලක ප්රභූවේ යුද ප්රතිපත්තිය සදහා ගෙවිය යුත්තේ කම්කරුවන් ය. ය්‍රක්ක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව යුද්ධ කිරීමට සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමට බිලියන සිය ගනනක් වැය කෙරේ. එපමනක් නොව, කැටපිලර් ප්‍රධාන මිලිටරි සැපයුම්කරුවෙකු වන අතර, බයිඩන් පරිපාලනය සහ ධනේශ්වර පක්ෂ දෙක ඔවුන්ගේ සැපයුම් දාමයට කිසිදු බාධාවක් නොඉවසනු ඇත.

මම පසුගිය වසර පුරා, සමිතියේ ජාතික මැතිවරනයේ දී යූඒඩබ්ලිව් සභාපතිත්වය සදහා තරඟ කළේ සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරය අහෝසි කිරීම, පාලනය සහ තීරණ ගැනීම නිෂ්පාදනයේ නිරත කම්කරුවන්ට පැවරීම සහ කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා ජාත්යන්තර ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම යන බලය පිලිබද ක්‍රියා මාර්ගයක් මත ය.

කැටපිලර් කම්කරුවන් යෙදීගෙන සිටින්නේ සමස්ත කම්කරු පන්තියටම ප්‍රධාන වැදගත්කමක් ඇති සටනක ය. ඔවුන්ට ඔබේ සහයෝගය අවශ්‍යයි, සුදුසුයි. කැටපිලර් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයන් ඔබේ සගයන් සමඟ බෙදාගෙන ඔවුන් සටන් කරන්නේ කුමක් සඳහාද යන්න සාකච්ඡා කරන්න. කම්කරුවන් සඳහා සහය දක්වන ප්‍රකාශ මට එවන්න; ක්‍රියාකාරී කමිටු ජාලයට සම්බන්ධ වීම සහ ගොඩ නැගීම සම්බන්ධ තොරතුරු සදහා මා අමතන්න:

willforuawpresident@gmail.com.

Image courtesy of wsws.org

#CACPS #theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top