ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!

nathasha

ජුනි 17 සෙනසුරාදා  ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30 ට කොලඹ ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය නියාමනයරාජ්‍යමර්දනය සහ කලාවේ හා ප්‍රකාශනය් නිදහස යන මාතෘකා අලලා ප්‍රසිද්ධ ඔන්ලයන් රැස්වීමක් පවත්වනු ඇත.  

අන්ත ප්‍රතිගාමී බලවේගයන්ගේ උත්සුකයන් ඩැහැගනිමින් ආන්ඩුව ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබු⁣නේ රනිල් වික්‍රසිංහ ආන්ඩුව කම්කරු පීඩිත මහජනතාවට එරෙහි දැවැන්ත කප්පාදු පියවරයන් පටවමින් හා නව මර්දන පිඹුරුපත් සකස් කරමින් පවතින අතරතුරදීය. 

ප්‍රහාරය සමස්ත කලාවේම නිදහසට එරෙහිව දැන් එල්ල කර ඇත්තේ සියලු දක්ෂිනාංශික පක්ෂ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිවය.

theSocialist.LK වෙබ් අඩවිය මගින් දැනටමත් ප්‍රස්තුත කරුනු පිලිබඳ ඔබ දැනුවත් කරනු ලැබ ඇත. ජන මාධ්‍ය නියාමනය වර්තමානයේ සාකච්චාවට බදුන් වන කරුනකි. එම යෝජනා සම්මත වුවහොත් සෑම මාධ්‍ය ආයතනයක්ම ආන්ඩුවේ සිරකරුවන් බවට පත්කරනු ලැබෙනු ඇත.

ප්‍රතිගාමීත්වයට එරහිව සිටගනිමින්, කලාවේ  හා ප්‍රකාශනයේ නිදහස අලලා කෙරෙන රාජ්‍ය මර්දනයේ අත සිඳ බිඳ දැමීම කම්කරු මහජනතාවගේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම තුල පමනක් සාක්ෂාත් වනු ඇත.

මේ කරුනු පිලිබඳව විස්තරාත්මකව සාකච්ජා කිරීම සඳහා මෙම රැස්වීම යොමුවී ගනු ඇත.

එම සාකච්ජාවට සම්බන්ධ වීමට කලාකරුවන්, කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන්, කාන්තාවන් ඇතුලු ඔබ සැමට අපි මෙසේ ආරධනා කරමු.

පහත Zoom සැබැඳිය හා පිවිසුම් තොරතුරු හරහා රැස්වීමට සම්බන්ධ වන්න. ඔබේ අදහස් සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි යන භාෂා වලින් ඉදිරිපත් කිරීමට හැකිය. 

Join Zoom Meeting

https://us06web.zoom.us/j/83735045846?pwd=WDZGc2xQZWRKK3hUazZSVkowOHRwZz09

Meeting ID: 837 3504 5846

Passcode: 283854

කොලඹ ක්‍රියාකාරී කමිටුව

රැස්වීම

1 thought on “ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!”

  1. samantha thanthirige

    කොලඹ ක්‍රියාකරී කමිටුව යනු සසපෙන් පලාගිය හාන්සිපුටු විප්ලවවාදීන්ට තමන් හරි බැරෑරුම් විප්ලවවාදීන් යයි ලෝකයට පෙන්වීමට අටවා ගත් කෙමනකි. සියලු සුලුදනේශ්වරයින් මෙතනට එක්වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top