News

OSB

සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ 

අපේ වාර්තාකරු

OSB

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මස අග  මර්දක නීති යෝජනා වන “ප්‍රති-ත්‍රස්ත පනත” හා සමාජ මාධ්‍ය ප්‍රකාශන නිදහස වාරන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිලිබඳ පනත” යනුවෙන් කෙටුම්පත් දෙකක් ප්‍රසිද්ධ කලේය. මෙයින් මේ මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපතත් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය වාරන පනත පමනි. මෙම නීතිය ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇත.

පුලුල් අරගලයක කොටසක් ලෙස මෙම පනත් වලට එරෙහිව කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ගෙන යන උද්ඝෝෂනය ඉදිරියට ගනිමින් එහි ලේකම් ශාන්ත විජේසූරිය හා කමිටුවට හිතෛශී ප්‍රසිද්ධ කාටූන් ශිල්පී අවන්ත ආටිගල ද ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දී ඇති අවස්ථාව ⁣යොදා ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කලෝය.

ආන්ඩුවේ කප්පාදු පිලවෙත් වලට එරෙහිව අරගලවලට පිවිස සිටින දැනුවත් කම්කරු පන්තිය අතර හා මධ්‍යම පන්තිය තුල විශාල ලෙස අප්‍රසාදයට පත්ව ඇති මෙම පනත් කෙටුම්පතට එරෙහිව දැනටමත් පෙත්සම් 25 කට අධික ප්‍රමානයක් ගොනුකර ඇති බව වාර්ථා වෙයි.

මෙම පනත සම්මත වුවහොත්, ⁣”සත්‍ය” යනු කුමක් ද යන්න ආන්ඩුව, එනම් විධායක ජනාධිපති විසින් පත්කරන කොමිෂමක් මගින් තීන්දු කරනු ලබනු ඇති අතර, එම සත්‍යයට පටහැනි ප්‍රකාශ ඔන්ලයින් අවකාශයේ ප්‍රචාරය කිරීම මගින් උත්ගතව ඇතැයි කියනු ලබන අවිනිශ්චිත සිද්ධි අරබයා ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්නා අත්අඩංගුවට ගෙන වසර 5 ,7 සිට 20 දක්වා දැඩි සිර දඩුවම් ද, මිලියන ගනනින් දඩ ද පැනවිය හැකි වෙයි.

ප්‍රකාශනයේ නිදහස පිලිබඳ සමාජ අවකාශය විනාශ කරනු ඇති අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන මෙය රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අප පෙත්සම් කරුවන් කියා සිටින අතර ඒ බව තීන්දු කර ප්‍රකාශ කරන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටී. 

ආන්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි නීති පවා සම්මත කිරීමට එම ව්‍යවස්ථාවට අනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ තුනෙන් දෙකක ජන්දයක් හා ජනමත විචාරනයක් මගින් හැකියාව පවතී. අධිකරනයට ඉදිරිපත් කර ඇති සෑම පෙත්සමකම පාහේ පෙත්සම්කරුවන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව මෙම විධිවිධාන බලාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. මීට ප්‍රතිවිරුද්ධව විජේසේකර හා ආටිගල මෙම ඉල්ලීම සහනයක් ලෙස අයැදීම ප්‍රතික්ශේප කර තිබේ. 

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් එකිනෙක මුලිනුපුටා දැමීම හැර බංකොලොත් ධනපති පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සිට ඉන්දියාව හෝ ලංකාව දක්වා ලොව පුරා රටවල කම්කරු මහජනතාවට මුහුන දීමට සිදුව ඇත්තේ එකම ගෝලීය ධනපති අර්බුදයක හා යුද්ධයේ බර තමන් මතට හෙලන පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට ය. මහජනතාවට කප්පාදුව, ආඥාදායකත්වය හා යුද්ධය පමනක්ම ලබාදිය හැකි පාලක පන්තිය මහජන අවකාශයන් සුනුවිසුනු කිරීම ඇඹා ඇත්තේ වැඩෙන මහජන විරෝධය ගිල්වා දැමීමට ය. 

මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කොක්‍රික වැනි අව්‍යාජ කම්කරු බල සංස්ථා ගොඩනගා දේශීයවත්, ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කොට අරගල පෙරට සූදානම් කිරීම හා අවසානය දක්වා සටන් කිරීම වියරු ඒකාධිපතිත්වයන් හා කප්පාදුව පරාජය කල හැකි එකම ක්‍රමයයි.  

සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ  Read More »

Palestine

Stop Israeli genocide!

By David North

 Palestine
Israel has already dropped more bombs on Gaza in six days than the U.S. dropped on Afghanistan in a single year. Israeli military ordered over one million Palestinian civilians to flee their homes. They are dehydrating and starving. This is genocide and ethnic cleansing. Image courtesy X

The following statement appeared originally on X/Twitter.

A crime of monumental dimensions, comparable to those committed by the Nazis, is now unfolding before the eyes of the world. More than two million people are being deliberately subjected to starvation and dehydration.

The international working class must come to the defense of Gaza and demand the following:

1) The US and European governments must be compelled to end their support for and complicity in the Gaza genocide!

2) Food, water, electricity, medical care and all other necessities must be made available immediately!

3) The siege must be lifted!

4) All military attacks must stop!

5) The Israeli IDF must be forced to demobilize at once and withdraw all its forces from the border with Gaza!

[This statement was published originally by WSWS here today]

Read the following essential statements and articles too:

Tens of thousands protest Israeli war crimes across US

US, European powers fully implicated in Israeli mass murder

French President Macron endorses Israeli war on Gaza

German parliament in a war frenzy

Spontaneous protests in solidarity with Palestinians in German cities

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Israel: Gantz joins Netanyahu in National Unity government to wage war on Palestinians

Ocasio-Cortez says pro-Palestinian demonstrations should be “shut down” as opposition to Israeli war crimes grows

Biden proclaims unlimited support for Israeli onslaught on Gaza

Canadian politicians and media rally behind Israel’s murderous response to Palestinian uprising

Who is responsible for the violence in Israel and Gaza?

Israeli army lays siege to Gaza

Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza!

Netanyahu regime staggered by Palestinian uprising

Stop Israeli genocide! Read More »

Ampitiye

මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක් 

අපේ ලියුම්කරු විසිනි

පසුගිය 7 වන දින ජනාධිපති මඩකලපුවට කල සංචාරයට සමගාමී ව වර්ගවාදී ප්‍රකෝපකරනයක් මෙහෙයවීමට අම්පිටියේ සුමනරතන භික්ෂුව කටයුතු කලේය. දමිල මන්ත්‍රී රාසමානික්‍යම්ට පෞද්ගලික තර්ජන එල්ල කරමින් ද, ඔහු අතු ගා දමන බවට කොසු ඉදල් අමෝරා හිඳිමින් සිදු කල මෙම උද්ඝෝෂනයේ ප්‍රධාන නිමිත්ත ලෙස ප්‍රකාශ කෙරුනේ මඩකලපුව දිවුලපාතන ගම්මානයේ සිංහල ගොවීන් පලවා හැරීමට මහවැලි අධිකාරිය කටයුතු කරන්නේ ය යන ව්‍යාජ චෝදනාවයි.

තිස් අවුරුද්දක් මමත් වෙඩි කාපු එකෙක්. වෙඩි කාල කාල …. සිංහල කියල පුලුටක් නෑ දානෙ හැන්දක් දෙන්න, වතුර උගුරක් ඉල්ල ගන්න. …. පුලුකුනාව රජ මහ විහාරෙ දේපොල ඔක්කොම අල්ලගෙන… පංකුඩාව රජමහ විහාරෙ සම්පූරනයෙන් හාල. ඩෝසර් කරල..” යනුවෙන් කෑ ගසමින් වියරුහුනු ලෙස හැසිරුනු එම භික්ෂුවගේ මෙකී චෝදනා, අතේ ගෙතූ ඒවා බවට එම ස්ථානයට පොලිසිය විසින් කැඳවනු ලැබූ මහවැලි අධිකාරියේ නිලධාරියෙකු විසින් ද තහවුරු කෙරින. එහෙත් එම පැහැදිලි කිරීම් නොතකා දිගටම ප්‍රකෝපකාරී රංගනයක නිරත වූ ඔහුට පොලිසියේ යටහත් පහත් රැකවරනය නොඅඩුව සැපයින. 

මීට සමගාමී ව රාසමානික්ක්‍යම් මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් පැවැති විරෝධයක විරෝධතාකරුවන් චෝදනා කලේ ඉහත උද්ඝෝෂනයේ දී අතිශය නියාලු ලෙස හැසිරුනු පොලිසිය දමිල ජනයා ඉදිරියේ මර්දනකාරී ලෙස කටයුතු කරන බවයි.

AMPITIYE
අම්පිටියේ භික්ෂුව සෙසු මැරයන් සමග ඇදෙයි

අම්පිටියේ සුමනරතන භික්ෂුව ප්‍රදේශවාසී ද්‍රවිඩ හා මුස්ලිම් ජනයාට එරෙහිව හා රජයේ සේවකයන්ට එරෙහිව නිබඳ කුපිත කිරීම් පිලිබඳ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන්නෙකි. 2005 – 2015 රාජපක්‍ෂ ආන්ඩුව යටතේ මෙන් ම 2015 බලයට පත් සිරිසේන – වික්‍රමසිංහ යහපාලන ආන්ඩුව යටතේ ද ඔහු සුවිශේෂී රැකවරනයක් ලැබීය. 2016 වසරේ අග භාගයේ දී, ජාතීන් අතර වෛරය පැතිරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතුයැයි කෙරුනු ඉල්ලීම්වලින් ඔහු රැක ගැනීමට අධිකරන ඇමතිවරයාම මැදිහත් වූ බවට වාර්තා විය.

මහජන පදනමකින් තොරව ජරාජීර්න වූ කොලඹ පාලනය මුලුමනින් වර්ගවාදී භේද කිරීම් මත රැඳී සිටින තතු තුල, විශේෂයෙන් ම දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහිව අඛන්ඩ අර්ධ මිලිටරි පාලනයක් පවත්වා ගෙන යන උතුරු නැගෙනහිර ප්‍රදේශවල, වර්ගවාදී පදනම මත රාජ්‍යය විසින් නඩත්තු කරනු ලබන කුඩා සිංහල ජනාවාස ඇති කිරීමත්, විවිධ ප්‍රකෝපකාරීන් – විශේෂයෙන් ම ප්‍රකෝපකාරී භික්ෂූන් – හරහා ප්‍රදේශයේ ජනයා මත නිරන්තර පීඩනයක් පවත්වා ගෙන යාමත් ආන්ඩුව අනුගමනය කල උපායකි. මේ නිසා අම්පිටියේ සුමනරතන වැන්නන්ට මෙකී රාජ්‍ය යන්ත්‍රය හිමි කර දෙන්නේ සුවිශේෂී ස්ථානයකි. රාජ්‍යයේ විවෘත රැකවරනය හා අනුග්‍රහය ලබන ඔහු එම ආධිපත්‍යය මත ප්‍රදේශයේ සිවිල් ජනයාට හා රාජ්‍ය සේවකයන්ට තර්ජන හා අවමන් කරන සිදුවීම් රැසක් පසුගිය කාලයේ නිරන්තර ව වාර්තා විය. ලේඛකයන් හා කලාකරුවන් ද නිදහස් අදහස් පල කරන්නන් ද ICCPR පනත යටතේ සිරගත කිරීමට උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වන පොලිසිය මෙම භික්ෂුව කෙරේ දක්වන නියාලු බවේ උල්පත පවතින්නේ එහි ය. ඔහු එම පලාතේ මිලිටරි හා පොලිස් ලොක්කන්ගේ සම්භාවනීය අමුත්තෙකු වී ඇත්තේ ද ඒ නිසා ය. 

වර්ගවාදී ප්‍රකෝපකාරිත්වයට සියලු අවශ්‍ය අනුග්‍රහය ලබා දීමේ ඓතිහාසික වාර්ථාවක් ඇති ලංකාවේ ධනපති පාලක පන්තිය කම්කරු අරගල බෙදා දියාරු කිරීම සඳහා එය යොදා ගෙන බලයට පැන ලේ වැකි තිස් අවුරුදු යුද්ධයකට, ජනසංහාර වලට හා සුලු ජාතීන්ට එරෙහි දැවැන්ත අකටයුතුකම් කිරීමට ද කටයුතු සලසන ලදී.

එහෙත්, කම්කරු පන්තියේ එක්සත් ශක්තිය පවත්නා තෙක් වර්ගවාදීන්ට අධිකාරී බවක් අතකර ගත හැක්කේ නැත.

මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක්  Read More »

Gaza

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු ලන වහල් හිමිකරුවෙක් සහ, කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් විලංගු බිඳ දමන වහලෙක් යන මේ දෙදෙනා සදාචාරය පිලිබඳ උසාවියක් ඉදිරියේ සමානයන් වෙතැයි අපට කීමට කිසිදු නීචයෙක් ඉදිරිපත් නොවෙත් වා! ” – ලියොන් ට්‍රොට්ස්කි, 1938

Gaza
2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ පහර දුන් ගොඩනැගිල්ලක සුන්බුන් පරීක්ෂා කරන පලස්තීනුවන් . [AP Photo/Fatima Shbair]

සිකුරාදා රාත්‍රියේ දී, ගාසා තීරයේ පලස්තීන හමුදා, රොකට් ප්‍රහාර මාලාවක් සමග ගාසා තීරය වට කර සිටින ඊශ්‍රායල හමුදාවන් එල්ල කරමින් හදිසි ප්‍රහාරයක් දියත් කලහ. සෙනසුරාදා රාත්‍රිය වන විට ඊශ්‍රායල ජාතිකයන් 200ක් මිය ගොස් 1100 ක් තුවාල ලබා තිබූ අතර පලස්තීනුවන් 232ක් මිය ගොස් 1697ක් තුවාල ලබා තිබුනි. මුලදී ඊට සූදානම්ව නොම සිටි ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ රුධිරයෙන් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට ශපථ කර  ඇත.  

සිකුරාදා රාත්‍රියේ ආරම්භ වූයේ, ප්‍රචන්ඩ සහ ම්ලේච්ඡ ලෙස පීඩාකාරී ඊශ්‍රායල වාඩි ලා ගැන්මට එරෙහි පලස්තීන ජනතාවගේ නැගිටීමකි. නෙතන්යාහු ආන්ඩුව, ෆැසිස්ට් වැනි ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පලස්තීන ඉඩම් නිරන්තර සොරකම් කිරීම අනුමත කිරීමද, ගාසා තීරය අවහිර කිරීම ද, එහි පාලක හමාස් පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කර ඝාතනය කිරීම ද,  අල්-අක්සා පල්ලියේදී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සංවිධානය කිරීමද සිදු කර ඇත. එය, ගාසා තීරයට දරාගත නොහැකි කොන්දේසි පැනවීම මගින්  සන්නද්ධ ප්‍රතිරෝධය අනිවාර්යය කලෙහි ය. 

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට කිසිදු පැකිලීමකින් තොරව සහාය දෙන අතරම පලස්තීන ප්‍රතිරෝධය “ත්‍රස්තවාදයක්” ලෙස හෙලා දකින යුරෝපා සංගමයේ නායකයින් සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ දුෂ්ට හා අශ්ලීල කුහක ප්‍රකාශයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකියි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල මිලිටරි මෙහෙයුම් සඳහා “අචල සහ නොසැලෙන” සහයෝගය සදහා ප්‍රතිඥා දෙමින් බයිඩන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහි මෙම බිහිසුනු ප්‍රහාරය අවිවාදිතව හෙලා දකින අතර, . ඊශ්‍රායල රජයට සහ ජනතාවට අවශ්‍ය සියලුම අදාල  ආධාරක විධි ඉදිරිපත් කිරීමට අපි  සූදානම් බව මම අගමැති නෙතන්යාහුට පැහැදිලි කලෙමි. ත්‍රස්තවාදය කිසිවිටෙක යුක්ති සහගත නොවේ. ඊශ්‍රායලයට තමන් සහ තම ජනතාව ආරක්ෂා කිරීමට අයිතියක් ඇත.”

ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් මෙසේ ප්‍රකාශ කලාය: “ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානයේ පිලිකුල් සහගත ප්‍රචන්ඩත්වය, පෙර නොවූ විරූ මෙන්ම අයුක්ති සහගත ය. මෙම ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුය. ඊශ්‍රායලයට අපගේ පූර්න සහයෝගීතාව ඇත.”

මෙම ප්‍රකාශවල කුහකකම විශ්ම සහගතය. සෑම විටම මෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ලැබී ඇත්තේ පීඩකයන්ට ය. පීඩිතයන්ගේ ප්‍රතිරෝධයේ කිසියම් ම ප්‍රකාශනයක් ආවේශගත හෙලාදැකීම් වලින් පිලිගනු ලැබේ. ඊස්රායල් ආන්ඩුව  අපරාධකරුවෙකු විසින් මෙහෙයවනු ලබන බවත්, ඔහුගේ සභාගය ෆැසිස්ට්වන් වර්ගවාදීන් විසින් ආධිපත්‍යය දරන බවත්, එය ව්‍යවස්ථාව යටපත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බවත්  මාධ්‍ය නොසලකා හරියි.

යුක්රේන යුද්ධය පිලිබඳ එහි ආවරනය තුල, රුසියාව “නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රිමියාව ඈඳා ගැනීම” ලෙස ඔවුන් පුරුද්දක් ලෙස හඳුන්වන දෙය හෙලා දැකීමට මාධ්‍ය කිසිවිටකත් අසමත් නොවේ. එක්සත් ජනපදය පුන පුනා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියාව යලි අත්පත් කර ගැනීම සඳහා, “අවැසි තාක් කල්” යුක්රේනයේ යුද්ධයට සහය දෙන බවයි. එහෙත් පලස්තීන භූමියේ විශාල බිම් කොටස් ඊශ්‍රායලය විසින් නීති විරෝධී ලෙස ඈඳා ගැනීම, එය කිසිවිටෙක හෙලා දකින්නේ නැත.

ගාසා තීරයේ පලස්තීන ජනගහනයට සහ හමාස් ආන්ඩුවට ඩොලර් බිලියන සිය ගනනක් තරම් ආයුධ සපයන බලවත් අධිරාජ්‍යවාදී ආධාරකරුවන් නොමැත. සෑම වසරකම ඩොලර් බිලියන ගනනින් එක්සත් ජනපද මිලිටරි ආධාර ලබන ඊශ්‍රායල හමුදාවේ වාඩිලෑමකට එරෙහිව පලස්තීනුවන් ආයුධ අතට ගන්නා විට, ඔවුන් අතිමහත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුන පාමින් සිටින බව ඔවුහු දනිති.

එහෙත් නේටෝ රටවල ප්‍රතිගාමී දේශපාලඥයින් සහ වහල් මාධ්‍ය විසින් පලස්තීන හමුදාවන් වීරයන් ලෙස ගෞරව නොදක්වන අතර, ඒ වෙනුවට ත්‍රස්තවාදීන් ලෙස හෙලා දකී. යථාර්ථය නම්, ඊශ්‍රායල රාජ්‍යය , වසර ගනනාවක් තිස්සේ ජනාකීර්න ගාසා තීරයට එල්ල කරන ලද ඉවක් බවක් නොමැති  ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය හෝ දහස් ගනනක් ඉලක්ක කර මරා දමා ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රියේ ත්‍රාසය දනවන ජාතිය ඇමතීමකින්, නෙතන්යාහු  “ගාසාවේ පදිංචිකරුවන්ට” පැවසුවේ “දැන් ඉවත්ව යනු, මන්ද අපි සෑම තැනකම සහ පූර්න බලයෙන්  යුතුව ක්‍රියා කරන්නෙමු” යනුවෙනි. ඔහුගේ ආන්ඩුව ගාසා තීරය අවහිරකරමින් කිසිවෙකුට පිටව යාමට ඉඩ නොදෙන බැවින්, මෙය, ගාසා තීරයේ සමස්ත ජනගහනයම නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස නෙතන්යාහු දකින බව ප්‍රකාශ කිරීමකි. නෙතන්යාහු, “හමාස් සංවිධානයට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ඝාතනය කිරීමට” බව ප්‍රකාශ කරමින්, “ කටුක අවසානය දක්වා ඔවුන් සමග සටන් කිරීමට” ප්‍රතිඥා දුන් අතර හමාස් ක්‍රියාත්මක වන නගර “විනාශයේ නගර” බවට පත් වනු ඇති බව කියා සිටියේය.

ගාසා තීරය විනාශ කිරීමේ මෙම ම්ලේච්ඡ තර්ජනය නෙතන්යාහුගේ පාලන තන්ත්‍රයේ ෆැසිස්ට් ආකාර   ස්වභාවයට සාක්ෂි දරයි. සියොන්වාදී පාලන තන්ත්‍රය දශක ගනනාවක දකුනට මාරුවීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, ආගමික සියොන්වාදී පක්ෂය වැනි ප්‍රචන්ඩ අන්ත දක්ෂිනාංශික කන්ඩායම්, ඔහු විසින් ඔහුගේ ආන්ඩුව තුල සංස්ථාපිත කිරීමයි. එහි සාමාජිකයින් විසින් අල්ලා ගත් ප්‍රදේශවලින් පලස්තීනුවන්  නෙරපා හැරීම සඳහා කැඳවීම් කරමින්, 1994  කුලදෙටු ගුහාවේ සංහාරය (Cave of Patriarchs massacre) වැනි පලස්තීනුවන් ඝාතනය කිරීම් ප්‍රවර්ධනය කරමින්, අල්-අක්සා පල්ලිය විනාශ කරන ලෙස බලකර සිටිමින්, ඇමරිකාවේ උපන් ෆැසිස්ට්වාදී මීර් කහාන් ( Meir Kahane) ගේ උරුමය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාත්මක වෙයි.

ඔහුගේ යුද්ධය සඳහා නෙතන්යාහුගේ සාධාරනීකරනය පදනම් වී ඇත්තේ ඔහු විසින් ජනඝාතක සංවිධානයක් ලෙස සලකන හමාස්ගේ අරමුනු මුසාකරනය කිරීම මත ය. යථාර්ථය නම්, හමාස් හමුදා අංශය වන අල්-කසාම් බලකාය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය අවධාරනය කරන්නේ, යුදෙව්වන්ට නොව ඊශ්‍රායල් වාඩි ලා ගැනීමට එරෙහි එහි විරෝධය යි. ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් (settlers) විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම, පලස්තීනුවන් දිගු කාලීනව සිරගත කිරීම, පලස්තීන ඉඩම් සොරකම් කිරීම සහ අල්-අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම් හෙලා දකිමින්, එය  අවසන් කරන්නේ:

“ඊශ්‍රායල් වාඩි ලා ගැනීම  ගාසා තීරය වැටලීම පවත්වා ගෙන යමින් අපගේ පලස්තීන ජනතාවට එරෙහි අපරාධ දිගටම කරගෙන යන අතර, එක්සත් ජනපදයේ සහ බටහිර සහයෝගය සහ ජාත්‍යන්තර නිශ්ශබ්දතාවය මධ්‍යයේ ජාත්‍යන්තර නීති සහ යෝජනා සම්පූර්නයෙන් නොසලකා හරියි;   ඒ සියල්ල සදහා  තිත තැබීමට අපි තීරනය කලෙමු. පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල අපරාධ සහ අල්-අක්සා පල්ලියේ උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් ගෙන එන ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව මිලිටරි මෙහෙයුමක් අපි නිවේදනය කරමු” යනුවෙනි.

එවැනි මෙහෙයුමක් රහසිගතව සූදානම් කර එය – යොම් කිප්පූර් යුද්ධයෙන් වසර 50 කට පසු – ඔක්තෝබර් 6දා දියත් කිරීමට හමාස් සතු හැකියාව ඊශ්‍රායල රාජ්‍යයේ අර්බුදයේ ගැඹුර හෙලිදරව් කරයි. එය ෆැසිස්ට් ආකාර  කොටස් විසින් ඉහවහා ගොස්  ඇති අතර, නෙතන්යාහුගේ දූෂන සම්බන්ධයෙන් වසර ගනනාවක නඩු විභාගයක් සමග  සටනේ යෙදී ඇත. එසේම එය , අධිකරනයේ නෛතික ස්වාධීනතාවයට  වල කැපීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර එහි අසාර්ථකත්වය  මධ්‍යයේ, මෙම වසර මුලදී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට මුහුන දුන්නේය. ෆැසිස්ට් ආකාර  ත්‍රස්තය හරහා පලස්තීන විරෝධය යටපත් කිරීමේ  එහි උත්සාහය අසාර්ථක ව ඇත.

1943 දී වෝර්සෝ ගෙටෝවේ (ghetto-විශේෂයෙන් යුරෝපයේ යුදෙව්වන් කොටුකල නාගරික මුඩුක්කු වන් ප්‍රදේශ)  යුදෙව්වන්ගේ නැගිටීමෙන්  සහ 1944 වෝර්සෝ කැරැල්ලෙන් , අල්ලා ගත් පෝලන්තයේ නාසි අන දෙන නිලධාරීන් පුදුමයට පත් වූ ආකාරයටම, පලස්තීන නැගිටීම ගැන නෙතන්යාහු රජය මවිතයට පත් විය. උඩඟුකම සහ වාර්ගික වෛරය නිසා අන්ධව සිටි එය, තම මර්දනය මගින් පලස්තීනුවන්ගේ කොන්ද බිඳ දමා ඇති බැවින් ප්‍රතිරෝධය අශක්‍ය යැයි   විශ්වාස  කලේය. එහි වරද හෙලිදරව් වී දැන් එය – දස සහ සිය දහස් ගනනක් ඝාතනය කරමින් නැගිටීම් වලට ප්‍රතිචාර දැක්වූ නාසීන් වාඩිලා ගත්  පෝලන්තයේ දී මෙන් – රුධිර ස්නානයක් කරා ගමන් කරමින් සිටී.

මෙම පිලිවෙත අරාබි හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෘථුල විරෝධයට මුහුන දෙයි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නිර්ලජ්ජිත බොරු නොතකා, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාව අතර පලස්තීනුවන් කෙරෙහි පුලුල්  සහයෝගයක් පවතී. 

කෙසේ වෙතත්, මෙම සහයෝගය සහ විරෝධය දේශපාලනිකව බලමුලු ගැන්විය යුතුය. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන් නෙතන්යාහු ආන්ඩුවේ මිනීමැරු පිලිවෙත්වලට එරෙහිව තමන්  වෙන් කර ගනිමින්  විරුද්ධ විය යුතු අතර මර්ධනයට හා වාඩිලෑමට එරෙහිව පලස්තීනුවන්ගේ සටනට සහාය දිය යුතුය.

දූෂිත අරාබි සහ මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍ර , අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ලේවැකි මර්දනයක් දියත් කිරීමේ  නෙතන්යාහුගේ සූදානමට හවුල් ය. නෙතන්යාහු විසින් නොසලකා හරිනු ඇති, උත්සන්න වීම  අඩු කිරීම සහ සංයමය සඳහා තුර්කියේ, ඊජිප්තුවේ, සවුදි අරාබියේ සහ කලාපයේ වෙනත් තැන්වල ධනේශ්වර ආන්ඩු,   ආයාචනා කරති. ඒ අතරම, ඔවුන් සියල්ලෝම තමන්ගේ මිලිටරි සහ මූලෝපායික හේතු උදෙසා ඊශ්‍රායල පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මං  සොයමින් සිටිති.

ඊශ්‍රායලය තුල නෙතන්යාහුගේ ප්‍රහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නැවැත්වීමට, නෙතන්යාහු පාලනය බිඳ දැමීමට සහ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ  ඊශ්‍රායල වාඩිලා ගැන්ම අවසන් කිරීමට,  ඒකාබද්ධ අරගලයක් පෙරට ගන්නා  ඊශ්‍රායල, පලස්තීන සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි Read More »

GAZA

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි

අපේ ලියුම්කරු විසිනි.

GAZA
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් අතරතුර 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් ,දුමාරයක් නැඟේ.  මහමුද් හම්ස් |  AFP |  Getty Images

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කර ගනිමින් ද, සමූල  ඝාතක යුද්ධයක් අරඹා ඇත. ඊශ්‍රායලය සඳුදා කියා සිටියේ, ප්‍රහාර එල්ල කරන අතරම තමන් මෙකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය – එනම්, “ආහාර, ඉන්ධන හා ඖෂධ ආදී සියල්ල – වලක්වන” බව ය. සඳුදා එල්ල කල ප්‍රහාරය එතෙක් මෙතෙක් ගාසා තීරයට තමන් විසින් එල්ල කෙරුනු විශාලතම ප්‍රහාරය බව ඊශ්‍රායලය පවසයි. 

ප්‍රහාරය මගින් පැය 24ක් තුල 187,518 නිවාස හැර ගොස් ඇති බව එක්සත් ජාතී්ගේ සංවිධානය වාර්තා කර ඇත. එයින් 137,427ක් පාසැල් 43 ක නවාතැන් ගෙන ඇති අතර, 41,000කගේ නිවාස මුලුමනින් ම විනාශ වී හෝ අලාභහානි වී ඇති නිසා නෑ-හිතවතුන්ගේ නිවෙස්වල රැකවරන ලබති. 

සඳුදා, ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරනගත කඳවුරට බෝම්බ හෙලන ලදී. එහි සිටි එක් වාර්තාකාරිනියක් සඳහන් කර ඇත්තේ, සිය ජිවිත මුලුමනින් ම අනාරක්ෂිත බව ය. මේ වන විටත් පුවත්පත්කලාවේදීන් දුසිම් භාගයක්වත් බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත් වී ඇත.   

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ජෝෂ් හෝලි  සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රනාශයක් අද “අල් ජසීරා” වාර්තා කර ඇත. “ඊශ්‍රායලය පැවැත්ම පිලිබඳ තර්ජනයකට මුහුන දී සිටී. යුක්රේනයට දෙන කවර හෝ අරමුදලක් වේ නම් එය වහා ම ඊශ්‍රායලයට හරවා යැවිය යුතු ය.” ඒ වන විටත් ඇමරිකානු යුද නැවක් ඊශ්‍රායලයට සහාය පිනිස වහා යවනු ලැබ තිබිනි.

මේ අතර ඇමරිකානු ඒකාබද්ධ කාර්‍ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් චාල්ස් කිව්. බ්‍රවුන් “මෙම සටනට අත නො දමන්නැයි (not get involved) ඉරානයට තර්ජනය කර ඇත. 

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර ඇත්තේ “ගාසා තීරය මුලුමනින් අවහිර කිරීමට” තමන් විරුද්ධ නො වන බවයි. “පලස්තීන ජනයා අතර තමන්ගේ ම ආරක්ෂාව සලසා ගැනීමට” හමාස් සංවිධානයට එවිට සිදු වනු ඇත යන නරුම ප්‍රකාශය ඔහු ඊට එකතු කර ඇත. 

කොටු කරනු ලැබූ සිවිල් ජනතාව හා ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙලන සෑම මොහොතකම  ජාත්‍යන්තර මානුෂවාදී නීති සම්මුතීන් අමු අමුවේ උල්ලංගනය කර ඇති

නෙතනයාහු යුධ අපරාධ කරුවෙකි.  එහෙත් අධිරාජ්‍යවාදය මෙම සම්මුති මායිම් කරන්නේ නැත. යුක්‍රේනයේ හිටපු නාසි ඝාතකයන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුල උත්කර්ෂයට නංවමින් ද, නව නාසි වාදීන්ගේ නියෝජිතයෙක් වන සෙලෙන්ස්කිගේ ආන්ඩුවයට සියලු මිලිටරි හා මූල්‍යමය සහාය දෙමින් ද සිටින අධිරාජ්‍යවාදයට ඊශ්‍රායලයේ අපරාධවලට එරෙහි පුලුල් ව්‍යාපාරය  “යුදෙවි විරෝධය” ලෙස හංවඩු ගැසීම නරුමවාදයකි.  එහි අර්ථය ඊශ්‍රායලයේ ලේ පිපාසිත සියෝන්වාදය වහංගු කිරීමයි.

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි Read More »

Scroll to Top