World War

IMG 3674

​බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපීය සංගමයේ සමුළුව: යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද ධාවනය තීව්‍ර කරයි

​යොහානස් ස්ටර්න් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 16 දින “​EU summit in Brussels: European powers intensify war drive against Russia” යන හිසින් පළවූ ​යොහානස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3674
​වමේ සිට, යුරෝපීය මණ්ඩලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා (Antonio Costa), යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙර් ලෙයන් (Ursula von der Leyen) 2026 ඔක්තෝබර් 16 වන සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු EU සමුළුව වෙත පැමිණෙති. [AP පින්තූරය/ඕමාර් හවානා]

​බ්‍රසල්ස් නුවරදී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැවැත්වුණු යුරෝපීය සංගමයේ (EU) සමුළුව, ජාත්‍යන්තර යුද අර්බුදයේ අන්තරායකර උත්සන්න වීම ප්‍රකාශයට පත් කළ තැනක් විය. ට්‍රම්ප් පාලනාධිකාරිය යුරෝපීය බලවතුන් සමඟ පවතින ගැටුම් මධ්‍යයේ, අවම වශයෙන් මේ මොහොතේ හෝ රුසියාව සමඟ යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කරමින් සිටින අතර, බර්ලිනය ප්‍රමුඛ EU ආණ්ඩු යුක්‍රේන යුද්ධය ඉදිරියට ගෙනයෑමට සහ පුළුල් කිරීමට බලපෑම් කරමින් සිටියි. මූල්‍යමය සහ හමුදාමය බරින් වැඩි කොටසක් තමන්ම දරා ගනිමින් යුරෝපය ස්වාධීන හමුදා බලවතෙකු ලෙස ගොඩනැගීමට ඔවුහු අපේක්ෂා කරති.

​න්‍යෂ්ටික යුද්ධයක් ද ඇතුළත්ව, නේටෝ සංවිධානය සහ රුසියාව අතර ඍජු යුද්ධයක් ඇවිලවීමේ තර්ජනය මතු කරන උත්සන්න වීමක් ද මෙයට සමගාමීව සිදු වේ. එමෙන්ම, යළි ආයුධ සන්නද්ධ වීම, “තරඟකාරීත්වය”, වෙළඳ යුද්ධය සහ සංක්‍රමණය පිළිබඳ සමුළුවේදී සිදුවූ සාකච්ඡා මගින් අවධාරණය වන්නේ, විදේශයන්හි ක්‍රියාත්මක වන යුද ව්‍යාපාරය දේශීයව එල්ල කෙරෙන තීව්‍ර සමාජීය ප්‍රහාරයන්ට සහ අධිකාරීවාදී ක්‍රියාමාර්ගයන්ට වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී ඇති බවයි.

​වොෂින්ටනය සහ යුරෝපය අතර ගැටුම්

​සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වූයේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කිට ප්‍රකාශිතව සහය දැක්වීම කෙරෙහිය. රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පුටින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් පසුව, ට්‍රම්ප් සම්බාධක ලිහිල් කළ අතර රුසියානු තෙල් පිරිපහදු වෙත යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර විවේචනය කළේය. යුක්‍රේනයේ නායකත්වයේ වෙනසක් ද ඔහු ඉල්ලා සිටියේය. ඊට පටහැනිව, යුරෝපීය ආණ්ඩු රුසියාවේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර තවදුරටත් කරගෙන යාමට සහ සම්බාධක තද කිරීමට තීරණය කර ඇත.

​සිකුරාදා සෙලෙන්ස්කි අසල සිටගනිමින් යුරෝපීය මණ්ඩලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා ප්‍රකාශ කළේ: “දැන් යුක්‍රේනයට දක්වන සහය ආපසු ගැනීමට කාලය නොවේ. දැන් රුසියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට කාලය නොවේ.” ඒ වෙනුවට EU සංවිධානය යුක්‍රේනයට දක්වන සහය සහ රුසියාවට එල්ල කරන බලපෑම වැඩි කළ යුතුය. යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙර් ලෙයන් 22 වන සම්බාධක පැකේජය සඳහා වන සූදානම නිවේදනය කළාය.

​ජර්මානු රජය විශේෂයෙන්ම ආක්‍රමණශීලී ස්ථාවරයක් ගනිමින් සිටී. චාන්ස්ලර් ෆ්‍රීඩ්රික් මෙර්ට්ස් (Friedrich Merz) ප්‍රකාශ කළේ යුක්‍රේනයට “ස්ථාවර සහයෝගයක් ලබා දීම” සඳහා EU සංවිධානය කීව් (Kiev) වෙත ලබා දෙන ප්‍රතිපාදන “නැවත වරක් … වැඩි කළ යුතු” බවයි. “යුරෝපයේ දේශපාලන පටිපාටිය” ආරක්ෂා කිරීම සඳහා එය අවශ්‍ය බව ඔහු පැවසීය. වොෂින්ටනය සමඟ පවතින ගැටුම දැන් යුරෝපයේ අත්හිටුවා ඇති රුසියානු මහ බැංකුවේ යුරෝ බිලියන 210 කට ආසන්න වත්කම් පාලනය කිරීම කෙරෙහි ද යොමු වී ඇත. වාර්තාවලට අනුව, ඇමරිකානු ගනුදෙනු සාකච්ඡාකරුවන්ට (negotiators) අවශ්‍ය වන්නේ මොස්කව් සමඟ පැවැත්වෙන  ගනුදෙනු සාකච්ඡාවලදී මෙම වත්කම්වලින් කොටසක් භාවිත කිරීමටයි. මෙර්ට්ස් එය එකහෙළා ප්‍රතික්ෂේප කළේය: “එය අපගේ කාර්යයක්, ඒ ගැන තීරණය කරන්නේ අපි.”

​මෙම වෙනස්කම් පිටුපස පවතින්නේ ප්‍රතිපක්ෂ භූ-මූලෝපායික සහ ආර්ථික අභිලාෂයන්ය. ට්‍රම්ප්, පුටින් සමඟ ඇති කරගන්නා එකඟතාවයකින් තමන්ගේම යුද අරමුණු සහ නැගෙනහිර යුරෝපය මත පවතින බලපෑම අඩපණ විය හැකි බවට යුරෝපීය බලවතුන් බිය වෙති. ඒ සමගම, යුක්‍රේනයේ යුද ප්‍රයත්නය ඇමරිකානු හමුදා තාක්ෂණය සහ බුද්ධි තොරතුරු සහය මත තවදුරටත් රැඳී පවතී. චන්ද්‍රිකා මත පදනම් වූ ස්ටාර්ෂීල්ඩ් (Starshield) පද්ධතියට පනවා ඇති සීමාවන් පිළිබඳ වාර්තා මගින් මෙම පරායත්තතාව විශේෂයෙන්ම පැහැදිලි වේ.

​යුද්ධය සඳහා තව තවත් බිලියන ගණනින්

​සෙලෙන්ස්කි 2027 වසර සඳහා යුක්‍රේනයේ යුද වියදම යුරෝ බිලියන 155 ක් ලෙස ඉදිරිපත් කළ අතර අතිරේක යුරෝපීය සහය ලෙස අවම වශයෙන් යුරෝ බිලියන 70 ක් ඉල්ලා සිටියේය. මෙම මුදල් මගින් යුක්‍රේනයට දෙගුණයක සිට තෙගුණය දක්වා ඩ්‍රෝන යානා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත්, රුසියාවට එල්ල කරන හමුදාමය බලපෑම දැවැන්ත ලෙස වැඩි කිරීමටත් හැකි වනු ඇත. 2026 සහ 2027 වසර සඳහා යුරෝ බිලියන 90 ක ණය මුදලක් EU සංවිධානය විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. බිලියන ගණනක මෙම නව ඉල්ලීම් සම්බන්ධයෙන් බ්‍රසල්ස් හිදී කිසිදු තීරණයකට එළඹුණේ නැත; මූල්‍යකරණ විකල්පයන් සකස් කිරීමේ කාර්යය කොමිසමට පවරා ඇත.

​දැනටමත් යොදවා ඇති මුදල් ප්‍රමාණය අතිවිශාලය. ලෝක ආර්ථිකය පිළිබඳ කීල් ආයතනයේ (Kiel Institute for the World Economy) අධ්‍යයනයකට අනුව, ජර්මානු රජය, පොරොන්දු වූ මුදල් ද ඇතුළුව, මේ දක්වා යුක්‍රේනයට ලබා දී ඇති සහය යුරෝ බිලියන 100 කට ආසන්න ලෙස දක්වයි. ආසන්න වශයෙන් යුරෝ බිලියන 41.7 ක් යුක්‍රේනයට ලබා දුන් ඍජු ආධාර ලෙස සටහන් වී ඇති අතර, තවත් යුරෝ බිලියන 22 ක් අනාගත හමුදාමය පොරොන්දු සහ විය හැකි වියදම් ලෙස පවතී. එකතුව ගත් කල මෙය යුරෝ බිලියන 63.7 ක් වන අතර, එයින් යුරෝ බිලියන 56.3 ක්ම හමුදාමය ආධාර වේ. මීට අමතරව, ජර්මනියේ සිටින යුක්‍රේන යුද අනාථයන් සඳහා ප්‍රධානවම යුරෝ බිලියන 35.9 ක් වියදම් කර ඇත. ලේඛනගත කර ඇති සියලුම අයවැය ප්‍රතිපාදන තවම නිදහස් කර නොමැත.

​කීල් අධ්‍යයනයේ දේශපාලනික ගම්‍යතාවය කරුණු අනාවරණීය වේ. යුක්‍රේනයට සැබවින්ම ගියේ යුරෝ බිලියන 41.7 ක මුදලක් “පමණක්” බව අවධාරණය කරන සිරස්තලයක් යටතේ, යුද අනාථයන් සඳහා වන වියදම් මගින් “යුක්‍රේන රජයේ ආරක්ෂක ප්‍රයත්නයන්ට සහයක් නොලැබෙන” බව එය පෙන්වා දෙයි. මෙම සසඳා දැක්වීමෙන්ම දේශපාලන නැඹුරුව පැහැදිලි වේ: අනාථයන් සඳහා වන සහන සහ අනෙකුත් සමාජ වියදම් කපා හැරීම් සඳහා බලපෑම වැඩෙමින් පවතින අතර, යුද ප්‍රයත්නය සඳහා තව තවත් විශාල මුදල් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු සංවිධානය කෙරේ. මීට අමතරව ඉදිරි වසරවලදී හමුදා අයවැය වෙත ගලා යාමට නියමිත තවත් බිලියන සිය ගණනක් ද මෙයට එකතු වේ.

​නේටෝ-රුසියානු යුද්ධයක් සඳහා වන ප්‍රායෝගික සූදානම්වීම්

​සමුළුවට සමාන්තරව, හමුදාමය ගැටුම තීව්‍ර වෙමින් පවතී. යුරෝපයේ නේටෝ උත්තරීතර මිත්‍රපාක්ෂික අණදෙන නිලධාරී ඇලෙක්සස් ග්‍රින්කෙවිච් (Alexus Grynkewich) වෝර්සෝ හිදී ඔහුගේ “ජයග්‍රහණයේ න්‍යාය” (Theory of Victory) ඉදිරිපත් කළේය: “වැළැක්වීම, අඩපණ කිරීම, විනාශ කිරීම” (Block, Blunt, Break). එල්ල විය හැකි ප්‍රහාරයක් පළමුව වළක්වාලීම, පසුව ප්‍රතිපක්ෂ සන්නද්ධ බලකායන් විනාශ කිරීම, සහ අවසානයේදී ඔවුන්ට සහය දක්වන අණදෙන, සැපයුම් සහ නිෂ්පාදන ව්‍යුහයන් අක්‍රිය කිරීම මෙහි අරමුණයි. ග්‍රින්කෙවිච් මෙම උපායමාර්ගය ආරක්ෂාකාරී එකක් ලෙස විස්තර කළද, මහා යුද්ධයකදී සැලසුම් කළ මෙහෙයුම් රුසියානු භූමිය අභ්‍යන්තරයටම විහිදී යා හැකිය. ඔහු ජර්මනිය “නේටෝ සංවිධානයේ එන්ජිම” ලෙස පැසසුමට ලක් කළේය.

​ඒ සමගම, ජර්මානු ටොර්නාඩෝ (Tornado) ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත්ව රටවල් 17 ක සහභාගීත්වයෙන් නේටෝ සංවිධානය මෙම සතියේ ඉතාලියේදී “ස්ටෙඩ්ෆාස්ට් නූන්” (Steadfast Noon) න්‍යෂ්ටික යුද අභ්‍යාසය පැවැත්වීය. නේටෝව මෙය සැබෑ න්‍යෂ්ටික ආයුධ නොමැති සාමාන්‍ය අභ්‍යාසයක් ලෙස විස්තර කරයි. එහෙත් යුද තත්ත්වය උත්සන්න වීමේ අවදානම ශීඝ්‍රයෙන් වැඩි වන මොහොතක න්‍යෂ්ටික මෙහෙයුම් සඳහා වන ක්‍රියාපටිපාටීන් මෙහිදී පුහුණු කෙරිණි.

​නේටෝ සංවිධානයේ අඛණ්ඩ කුපිත කිරීම්වලට රුසියාව පිළිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජන එල්ල කරමිනි. ඔක්තෝබර් මුලදී පුටින් අනතුරු ඇඟවූයේ කලිනින්ග්‍රාඩ් (Kaliningrad) වටලෑමක් සිදු වුවහොත් රුසියාවට තම සම්පූර්ණ අවි ගබඩාවම භාවිත කළ හැකි බවයි. දැන්, රාජ්‍ය ඩූමා (Duma) නියෝජිත ඇලෙක්සි ෂුරාව්ලියොෆ් (Alexei Zhuravlyov) Lenta.ru වෙත පවසා ඇත්තේ, නේටෝ ප්‍රහාරයක් සිදු වුවහොත්, රුසියානු න්‍යෂ්ටික ප්‍රහාරයන් නේටෝ මූලස්ථානය මෙන්ම ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය සහ තුර්කියේ පිහිටි ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ කඳවුරු ඉලක්ක කරගත හැකි බවයි. ෂුරාව්ලියොෆ්ගේ තර්ජනය නිල රජයේ ප්‍රකාශයක් නොවේ. එසේ වුවද, ඔහුගේ අදහස් මගින් රුසියානු පාලක තන්ත්‍රයේ කොටස් යුරෝපයේ න්‍යෂ්ටික යුද්ධයක් ගැන කෙතරම් ප්‍රායෝගිකව සාකච්ඡා කරන්නේද යන්න පෙන්නුම් කරයි.

​නේටෝ සංවිධානයේ මූලෝපාය “පූර්වභංග” (preemptive) ප්‍රහාර සඳහා ආවරණයක් ලෙස සේවය කළ හැකි බවට රුසියානු හමුදා විචාරකයෝ අනතුරු අඟවති. සෝවියට් සංගමයට එරෙහිව හිට්ලර් (Hitler) ගෙන ගිය පූර්ණ විනාශක යුද්ධයට ඔවුහු මෙය සමාන කරති. නාසි ප්‍රචාරණයන් විසින් ද එකල එම යුද්ධය සාධාරණීකරණය කළේ සැලසුම් කර තිබූ බව කියන සෝවියට් ප්‍රහාරයකට එරෙහි “ආරක්ෂාව” ලෙසය.

​යුද්ධය සඳහා නේටෝ සංවිධානයේ නිශ්චිත කාලසටහන කුමක් වුවත්, පවතින අන්‍යෝන්‍ය තර්ජන මගින්ම තත්ත්වය පාලනයෙන් තොරව ශීඝ්‍රයෙන් උත්සන්න විය හැකි බව පෙන්නුම් කරයි. කළු මුහුදේ වෙළඳ නැව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව, රොමේනියාව සහ බල්ගේරියාව රුසියාවට එරෙහිව අතිරේක නේටෝ ක්‍රියාමාර්ග ඉල්ලා සිටිති.

​බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපීය සංගමයේ සමුළුව: යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද ධාවනය තීව්‍ර කරයි Read More »

Russia

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දර ද?

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලය  විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 30 දින “Is the world on the brink of nuclear war?” යන හිසින් පළවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Russia
2022 පෙබරවාරි 10 වන දින රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය සේවය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, රුසියානු නාවික හමුදාවට අයත් ‘කාලිනින්ග්‍රාඩ්’ (Kaliningrad) උභය ප්‍රහාරක නෞකාව (amphibious assault ship) ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් (Sevastopol) වරායට ඇතුළු වන අයුරුයි. [AP ඡායාරූපය/රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති සේවාව]

පෝලන්තය සහ ලිතුවේනියාව අතර බෝල්ටික් (Baltic) කලාපයේ පිහිටි රුසියානු භූමියක් වන කාලිනින්ග්‍රාඩ් (Kaliningrad) වටලෑමට නැටෝව (NATO) පියවර ගන්නේ නම්, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට තමන් සූදානම් බව රුසියාව මේ සතියේ ප්‍රකාශ කළේය. මෙම අනතුරු ඇඟවීම සෙප්තැම්බර් 28 සහ 29 යන දිනවල බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල පිහිටි රුසියානු තානාපති කාර්යාල හරහා මෙන්ම නැටෝව වෙත යැවූ රාජ්‍යතාන්ත්‍රික සටහනක් (diplomatic note) මගින් ද නිකුත් කරන ලදී.

නැටෝ සංවිධානය කාලිනින්ග්‍රාඩ්හි “ගුවන් සහ නාවික වටලෑමක්” සඳහා සූදානම් වන බව පවසමින් අයර්ලන්තයේ රුසියානු තානාපති කාර්යාලය මෙසේ ප්‍රකාශ කළේය: “කිසිදු වරදවා වටහාගැනීමක් තිබිය නොහැක — නැටෝ රටවල් කාලිනින්ග්‍රාඩ් කලාපය රටේ සෙසු කොටස්වලින් හුදෙකලා කිරීමට උත්සාහ කළහොත්, තමන්ගේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික ආයුධ ඇතුළු සියලු ආයුධ ගබඩාවන් භාවිතා කිරීමට රුසියාව සූදානම් වනු ඇත.”

නැටෝ මාධ්‍ය ප්‍රකාශිකා ඇලිසන් හාට් (Allison Hart) අඟහරුවාදා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, “නැටෝව යනු ආරක්ෂක සන්ධානයක් (defensive alliance) වන අතර අපගේ කිසිදු ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් රුසියාවේ කිසිදු කොටසකට තර්ජනයක් එල්ල නොකරයි” යනුවෙනි. තවද ඇය, “බලය භාවිතා කිරීමේ තර්ජනය සහ ඕනෑම වගකීම් විරහිත න්‍යෂ්ටික වාචාලකමක්” (nuclear rhetoric) හෙළා දුටුවාය.

IMG 3644

මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වේ, මන්ද නැටෝ සන්ධානය රුසියාව අභ්‍යන්තරයට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර සන්නද්ධ කරමින් සහ මෙහෙයවමින් සිටින බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් “රුසියාව තුළ පිහිටි තෙල් සහ ගෑස් පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට” කියෙව් (Kiev) පාලනයට උපකාර වන බුද්ධි තොරතුරු සපයනු ඇති බව NBC News 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේය. ජූලි 30 වන දින යුරෝපීය කොමිසම විසින් “දිගු දුර ජෙට් බලගැන්වූ ඩ්‍රෝන යානා” (long-range jet-powered drones) සඳහා වන අරමුදල් ද ඇතුළුව යුරෝ බිලියන 3.47 ක් කියෙව් වෙත ගෙවන ලදී. සැප්තැම්බර් 19-20 රාත්‍රියේ, යුක්‍රේනය විසින් මොස්කව් නගරයට සහ ඊට අවට කලාපයට යුද්ධයේ සිදු කල විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන ලදී. අගෝස්තු 28 වන දින, යුක්‍රේන බලකායන් විසින් එංගල්ස් (Engels) ගුවන් හමුදා කඳවුරේ තිබූ, රුසියාවේ න්‍යෂ්ටික බලකායන්ගේ කොටසක් වන ‘Tu-95’ මූලෝපායික බෝම්බ හෙලන යානයකට (strategic bomber) ප්‍රහාර එල්ල කළේය.

එපමණක් නොව, නැටෝවේ “ක්‍රියාකාරකම් සහ අභ්‍යාස” එල්ල වී ඇත්තේ කාලිනින්ග්‍රාඩ් දෙසටමය. රොයිටර් පුවත් සේවය උපුටා දැක්වූ බටහිර හමුදා මූලාශ්‍රයකට අනුව, අගෝස්තු මැද භාගයේදී නැටෝ ගුවන් යානා දුසිම් ගණනක් මෙම බාහිර භූමිය (enclave-රටට පිටින් පිහිටි) වටා පූර්ව දැනුම්දීමකින් තොර මෙහෙයුමක නිරත විය. එමගින් එහි රේඩියෝ සහ රේඩාර්  මෙන්ම ගුවන් ආරක්ෂක පද්ධති අක්‍රිය කළ හැකි බව එම මෙහෙයුමෙන් පෙන්නුම් කෙරිණි. ජනවාරි මාසයේ සිට, කොඩි වෙනස් කරන හෝ තමන්ගේ ට්‍රාන්ස්පොන්ඩර් (transponders) අක්‍රිය කරන රුසියානු සබඳතා සහිත තෙල් නැව්, බලහත්කාරයෙන් ගොඩවීමට විවෘත, “රාජ්‍යයක් නොමැති නාවික යාත්‍රා” (stateless vessels) ලෙස යුරෝපීය රාජ්‍යයන් 14 ක් විසින් සලකනු ලබන අතර, මාර්තු මාසයේදී ස්වීඩනය විසින් එවැනි එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

සෙප්තැම්බර් 11 වන දින පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radosław Sikorski), කාලිනින්ග්‍රාඩ් ගැන සඳහන් කරමින් කියා සිටියේ, “එහි හමුදා ඇත්තේම නැති තරම්” බවයි. නැටෝව “අපගේ පාර්ශවයෙන් කොතරම් ආක්‍රමණශීලී ලෙස අභ්‍යාසයන්හි නිරත විය යුතුද යත්, අප කරන්න  යන්නේ කුමක්ද පිළිබඳව [පුටින්ට] අවිනිශ්චිතතාවයක් ඇති කල යුතුය” යි ඔහු යෝජනා කළේය. “රුසියාව සමඟ අපගේ ගැටුම යුක්‍රේනයට පමණක් සීමා වූවක් ලෙස අප නොසිතිය යුතුය” යි ද ඔහු තවදුරටත් පැවසීය.

යුරෝපීය බලවතුන් ක්‍රියා කරන්නේ  මොස්කව්  කරන්නේ හිස් තර්ජනයක් යන උපකල්පනය මත ය. බ්‍රසල්ස් නුවර පැවැති යුරො නිව්ස් ආරක්ෂක සහ අභ්‍යවකාශ සමුළුවේදී (Euronews Defense and Space Summit) නැටෝ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) බදාදා මෙසේ ප්‍රකාශ කළේය: “මම මෙය බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. … [පුටින්ට] නැටෝවට එරෙහිව කිසි විටෙකත් ජයග්‍රහණය කළ නොහැකි බව කවුරුත් දන්නවා.”

මෙහි තර්කනය වන්නේ නොකඩවා සිදුවන යුද උත්සන්නියයි. යුරෝපීය බලවතුන් තමන්ගේ ප්‍රතිපත්තිය යුක්‍රේන ජයග්‍රහණයක් සමඟ ගැටගසා ඇත. “යුද්ධය රුසියාවටම පැමිණෙන බව පුටින්ට දැනෙන්නට සැලැස්විය යුතුය” යි යුරෝපීය සංගමයේ ආරක්ෂක කොමසාරිස් අන්ද්‍රියුස් කුබිලියුස් (Andrius Kubilius) බදාදා ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්‍රේනයේ හමුදාමය තත්ත්වය පිරිහෙමින් පවතී. ජූලි මාසයේදී එය වළක්වා ගත්තේ රුසියානු බැලස්ටික් මිසයිල (ballistic missiles) 195 න් 29 ක් පමණක් වූ අතර, තමන්ගේ බලශක්ති පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ගුවන් ආරක්ෂණ නොමැතිව එය ශීත ඍතුවට ඇතුළු වෙයි. සිදුවන සෑම පසුබැසීමකටම මුහුණ දෙනු ඇත්තේ තවදුරටත් මිලිටරි උත්සන්න කිරීමෙනි: එනම් ගොඩබිම් හමුදා ඇතුළු කිරීම හෝ කාලිනින්ග්‍රාඩ් ඇතුළු නව පෙරමුණු විවෘත කිරීම මගිනි.

මොස්කව් පාලනයට මුහුණ දීමට සිදුව ඇති පරදු මීට වඩා වැඩි විය නොහැක. ක්‍රිමියාව යනු කළු මුහුදට යම් සේද, කාලිනින්ග්‍රාඩ් බෝල්ටික් කලාපයට එසේමය. එය බෝල්ටික් නාවික බලඇණියේ මූලස්ථානය වන අතර රුසියාවේ න්‍යෂ්ටික අවි දැරිය හැකි ‘ඉස්කන්දර්’ (Iskander) මිසයිල පිහිටුවා ඇති මධ්‍යස්ථානයයි. ෆින්ලන්තය සහ ස්වීඩනය නැටෝවට එකතු වූ තැන් පටන්, ගොඩබිමෙන් සහ මුහුදෙන් එම සන්ධානය විසින් වට කරනු ලැබ ඇත.

එක් අතකින් බලන කල, මෙම බාහිර භූමිය (exclave) ක්‍රිමියාවට වඩා සංවේදී වේ. 1945 පොට්ස්ඩෑම් සමුළුව  මගින් එය සෝවියට් සංගමයට පවරනු ලැබූ තැන් පටන් එහි තත්ත්වය ජාත්‍යන්තරව පිළිගෙන ඇත. කාලිනින්ග්‍රාඩ්ට එරෙහි ක්‍රියාමාර්ගයක් යනු, රුසියානු භූමියක් බවට කිසිදු ආණ්ඩුවක් අභියෝගයට ලක් නොකරන භූමි ප්‍රදේශයකට එල්ල කරන ප්‍රහාරයකි. රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මයට (nuclear doctrine) අනුව, තමන්ගේ භෞමික අඛණ්ඩතාවයට “තීරණාත්මක තර්ජනයක්” එල්ල කරන සම්ප්‍රදායික ආක්‍රමණයකට (conventional aggression) න්‍යෂ්ටික ප්‍රතිචාරයක් දැක්වීමට අවසර ඇත.

හිටපු රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ වියන්නාහි වෙසෙන න්‍යෂ්ටික විශ්ලේෂකයෙකු වන නිකොලායි සොකොව් (Nikolai Sokov), බදාදා ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී රොයිටර් පුවත් සේවයට මෙසේ පැවසීය: “ඔවුන් (රුසියාව) බෝල්ටික් මුහුද වටලෑම ඇතුළු තවත් [හතුරු] ක්‍රියාමාර්ගයන් අපේක්ෂා කරයි — යුරෝපීය ගණන් බැලීමට අනුව එය යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින් විය හැකිය, නමුත් ඔවුන්ට [රුසියාවට] මෙය විවෘත යුද්ධයක් වනු ඇත. මම දෙපාර්ශවයේම පරස්පර වැරදි ගණන් බැලීමේ (mutual miscalculation) පිළිබඳ අවදානමක් දකිමි.”

රුසියාව වටලෑම “යුරෝපීය ගණන් හැදීමට අනුව යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින්” විය හැකිය, නමුත් ජාත්‍යන්තර නීතියට අනුව එය යුද ක්‍රියාවකි. 1974 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ආක්‍රමණය (aggression) පිළිබඳ අර්ථ නිරූපණයට “වෙනත් රාජ්‍යයක සන්නද්ධ බලකායන් විසින් රාජ්‍යයක වරායන් හෝ වෙරළ තීරයන් වටලෑම” ඇතුළත් වේ.

පවතින අවදානම් හමුවේ, සාකච්ඡා සඳහා කිසිදු කැඳවුමක් නොමැති වීමත්, විසඳුමක් ගැන කිසිදු කතාබහක් නොමැති වීමත් තිගැස්ම ඇති කරවන්නකි. යුරෝපීය අගනගරවල පවතින එකම විවාදය වන්නේ කෙතරම් දුරකට සහ කෙතරම් වේගයෙන් මිලිටරි උත්සන්න කිරීම කරන්නේද යන්නයි.

මෙය වූකලී, ගැඹුරු වන සමාජීය, ආර්ථික සහ දේශපාලන අර්බුදයකින් වෙලී සිටින අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවධානම් පිළිබඳ නොසැලකිලිමත්කමයි; ඔවුන් එය කොතැනකට ගෙන යන්නේද යන්න ගැන කිසිදු තැකීමක් නොමැතිව යුද්ධය ඉදිරියට තල්ලු කරයි. ධනපති කතිපයාධිකාරය (capitalist oligarchy) වෙනුවෙන් පෙනී සිටින සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු සැබෑ ආයාචනයක් කිරීමට අසමත් වන පුටින් පාලනය, ඊට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජනවලිනි.

මෙම වර්ධනයන්ට 1962 සිද්ධීන් සමඟ වන වෙනස කැපී පෙනෙයි. කියුබාවේ පිහිටුවූ සෝවියට් මිසයිල හේතුවෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය (යුද්ධයේ) මුවවිටම පැමිණි විට, එම අනතුර ප්‍රසිද්ධියේ පිළිගන්නා ලදී. ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඔක්තෝබර් 22 වන දින ජාතික රූපවාහිනිය ඔස්සේ මෙම අර්බුදය ප්‍රකාශයට පත් කළ අතර, ඊළඟ සතිය පුරා ලෝකය සෑම වර්ධනයක් දෙසම අවධානයෙන් සිටියේය. කෙනඩි සහ සෝවියට් නායක නිකිටා කෲෂ්චෙව් (Nikita Khrushchev) ලියුම් හුවමාරු කරගත් අතර, ආණ්ඩු දෙකම එහි ප්‍රතිවිපාකවලට බියෙන්, පසුබැසීමට මගක් සොයා ගන්නා තෙක් පසුපස දොරටු (back channels) හරහා සාකච්ඡා කළහ. [මීට හාත්පසින්ම වෙනස්ව] අද දින පිළිගැනීමක් හෝ සාකච්ඡාවක් ඇත්තේම නැත.

අනතුරේ ප්‍රමාණය සහ ඒ පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය අතර විශාල අගාධයක් ඇත. යම් බරපතල වරදක් පවතින බව මිලියන සංඛ්‍යාත ජනතාවකට දැනුනද, තමන්ගේ ආණ්ඩු න්‍යෂ්ටික යුද්ධයක් සමඟ සූදුවේ නියැලෙනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන්ට නොහැක. මාධ්‍ය තුළ මෙම අනතුර ඉදිරිපත් කෙරෙන තාක් දුරට, එය රුසියානුවන්ගේ  පැහැදිලි කළ නොහැකි තර්ජනයක්, පුටින්ගේ “න්‍යෂ්ටික වාචාලකම” සහ “දෙමුහුන් යුද්ධය” (hybrid warfare) ලෙස පෙන්නුම් කරයි. නැටෝ බලවතුන් කරමින් සිටින දෙයට [රුසියාව] දක්වන ප්‍රතිචාරයක් ලෙස එය කිසි විටෙකත් ඉදිරිපත් නොකෙරේ.

බදාදා සන්ධ්‍යාව වන විටත්, නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) සහ සීඑන්එන් (CNN) මොස්කව්හි අනතුරු ඇඟවීම වාර්තා කර තිබුණේ නැත. මාධ්‍ය තුළ අදහස් දක්වන අය තවදුරටත් මිලිටරි උත්සන්න කිරීම සඳහා තල්ලු කරමින් සිටිති. වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත සඳහන් කළේ, “ට්‍රම්ප්ගෙන් නිකුත්වන වඩා හොඳ පණිවිඩය වනු ඇත්තේ, රුසියාව ලිහිල් නොවන්නේ නම්, යුක්‍රේනයට තවත් දේ කිරීමට එක්සත් ජනපදය ඉඩ දෙන බවයි.”

රුසියාවට එරෙහිව ප්‍රමාණවත් තරම් ආක්‍රමණශීලී නොවීම ගැන ඩිමොක්‍රැටිකයින් විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කර ඇත. සැප්තැම්බර් 24 වන දින ඩිමොක්‍රැටික් සෙනෙට් සභිකයින් 21 දෙනෙකු ප්‍රකාශ කළේ, චීන ජනාධිපති ෂී ජින්පිං  සමඟ පැවැති ට්‍රම්ප්ගේ සමුළුවේදී කළ “මිලිටරි උත්සන්න කිරීම ලිහිල් කිරීම සඳහා වන ආයාචනා”  මගින්, “වැලැඩීමිර් පුටින්ගේ  යුද යන්ත්‍රය පණගන්වා තබන චීන ද්විත්ව භාවිත භාණ්ඩ (dual-use goods) ගැලීම නැවැත්වීමට කිසිවක් සිදු නොවන” බවයි. ඊට අත්සන් තැබූ අයට ඩිමොක්‍රැටික් නායක චක් ෂුමර් (Chuck Schumer), එලිසබෙත් වොරන් (Elizabeth Warren) සහ ඇඩම් ෂිෆ් (Adam Schiff) ඇතුළත් විය.

රුසියාවේ දේශසීමා දක්වා පුරා දශක තුනක නැටෝ ව්‍යාප්තිය මගින් ඇවිලවූ යුක්‍රේන යුද්ධය, සෑම මහද්වීපයකම දියත් කෙරෙමින් පවතින ගෝලීය ආධිපත්‍යය සඳහා වන අරගලයක කොටසකි. යුද්ධයට වසර හතරකට වඩා වැඩි කාලයක් ගතවී ඇති තැන, ජනතාවගෙන් පිටුපසින් අලුත් සහ විනාශකාරී අදියරක් සූදානම් කෙරෙමින් පවතී. මෙහි වන්දිය ගෙවන කම්කරු පන්තිය, මේ පිළිබඳව දැනුවත් කළ යුතුය. නැවත සන්නද්ධ වීම සඳහා අරමුදල් සම්පාදනය කිරීමට රැකියා සහ සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කරන ආණ්ඩු, න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්විය හැකි යුද්ධයක් කරා රැගෙන යන එම ආණ්ඩුම වේ.

යුද්ධයට එරෙහි සටන, දැනටමත් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයට සම්බන්ධ කළ යුතුය. පාලක පන්තිය යුද්ධය දෙසට තල්ලු කරමින් සිටින එම අර්බුදයම, රැකියා අහිමි කිරීම්වලට එරෙහිවද, සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීමට එරෙහිවද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිවද කම්කරුවන් අරගලයට තල්ලු කරමින් සිටියි.

එය නැවැත්වීමට සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි, නමුත් එය කළ හැක්කේ සූදානම් කෙරෙන්නේ කුමක්දැයි වටහාගෙන, යුද්ධයට සහ එය නිර්මාණය කරන ධනපති ක්‍රමයට එරෙහිව දැනුවත්ව අරගල කළහොත් පමණි. පළමු කාර්යය වන්නේ අනතුර පිළිබඳ නිශ්ශබ්දතාවය බිඳ දැමීමයි. මෙම ප්‍රකාශනය හැකි තරම් පුළුල් ලෙස සංසරණය කරන ලෙස අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න:

socialismai.com logo

What is the historical background to NATO’s eastward expansion since the early 1990s that the article says provoked the Ukraine war?

යුක්‍රේන යුද්ධය ඇවිලවූ බව ලිපියේ සඳහන් වන, 1990 ගණන්වල මුල් භාගයේ සිට නැටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමේ ඓතිහාසික පසුබිම කුමක්ද?

Can you explain how the Cuban Missile Crisis of 1962 was resolved and why that process of negotiation seems absent today?

1962 කියුබානු මිසයිල අර්බුදය විසඳුනේ කෙසේද සහ එම සාකච්ඡා ක්‍රියාවලිය අද නොමැති බව පෙනෙන්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?

How does the drive toward war with Russia connect internationally to the austerity and attacks on jobs and social programs that workers face in their own countries?

රුසියාව සමඟ යුද්ධය කරා යන ධාවනය, කම්කරුවන් තම තමන්ගේ රටවල මුහුණ දෙන වියදම් කප්පාදුවලට සහ රැකියා හා සමාජ සුභසාධන වැඩසටහන්වලට එල්ල වන ප්‍රහාරවලට ජාත්‍යන්තරව සම්බන්ධ වන්නේ කෙසේද?

තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අසන්න

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දර ද? Read More »

IMG 3639

සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගොස්තු 13 දින “The SEP and the struggle against imperialist war” යන හිසින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3639

2026 අගෝස්තු 2 සිට 7 දක්වා පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) [Socialist Equality Party (US)] නවවැනි ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනා හයෙන් පළමුවැන්න වන “සමාජවාදී සමානතා පක්ෂය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” (“The SEP and the Struggle Against Imperialist War”) අපි මෙහි පළ කරමු. සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් (David North) විසින් පවත්වන ලද ආරම්භක වාර්තාව මගින් මෙම යෝජනාව සම්මේලනය වෙත ඉදිරිපත් කෙරුණි. 

  1. සමාජවාදී සමානතා පක්ෂයේ නවවැනි ජාතික සම්මේලනය රැස්වන්නේ උග්‍රවන අධිරාජ්‍යවාදී යුද්ධය, ගැඹුරු වන ආර්ථික අර්බුදය, පාලක පන්ති ආඥාදායකත්වය දෙසට හැරීම සහ කම්කරු පන්තියේ රැකියා, වේතන සහ සාමාජීය අයිතිවාසිකම්වලට එල්ල වන වර්ධනය වන ප්‍රහාරයන් මධ්‍යයේ ය. ලෝක යුද්ධයක අනතුර පිළිබඳව තවදුරටත් ප්‍රශ්නයක් නොමැත; එහි ආරම්භක අදියර දැනටමත් ආරම්භ වී ඇත. ලොව පුරා පාලක ප්‍රභූ පැලැන්තිය (elite) ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට යොමු වෙමින් සිටිති. අතීතයේ කිසිදා නොවූ විරූ අයුරින් ධනය එක් කොටසක් අත ඒකරාශී වීම, ගෝලීය උද්ධමන රැල්ලක් සහ වේගවත් වන රැකියා විනාශය සමඟ බද්ධ වී බිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවන තත්ත්වයන් විනාශ කරමින් පවතී. නමුත් මෙම තත්ත්වයන්ම දේශපාලන රැඩිකලීකරණයකට සහ ජාත්‍යන්තරව පන්ති අරගලයේ පුනර්ජීවනයකට මග පාදයි. සමාජවාදී සමානතා පක්ෂය සිය කාර්යභාරයන් නිර්වචනය කළ යුත්තේ මෙම ප්‍රවණතා දෙකේ ගැටුම මධ්‍යයේ ය.
  1. පෙබරවාරි 28 වැනිදා අලුයම ආරම්භ කරන ලද ඉරානයට එරෙහි ඇමරිකානු-ඉශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධයට මාස පහක් පිරෙන තැන මෙම සම්මේලනය රැස්වේ. ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා තවමත් පවතිද්දී මෙම ප්‍රහාරය ආරම්භ වූ අතර, එහි සමාරම්භක ප්‍රහාරයට ඉරානයේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම ද ඇතුළත් විය. මාර්තු 2 වැනි දින සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කළ “ඉරානයට එරෙහි සාපරාධී ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය නතර කරනු!” (“Stop the criminal US-Israeli war against Iran!”) යන ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, මෙම ප්‍රහාරය “එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් දියත් කරන ලද සාපරාධී යුද ක්‍රියාවකි”—එනම් 1945–46 නාසි නායකයන්ගේ නියුරම්බර්ග් නඩු විභාගයේදී (Nuremberg trials) “සාමයට එරෙහි අපරාධයක්” (“crime against peace”) ලෙස විස්තර කරන ලද, “සමස්තයේ එකතු වූ නපුර තමන් තුළම දරා සිටීමෙන් පමණක් අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන පරම ජාත්‍යන්තර අපරාධය” කි.
  1. අප්‍රේල් 7 වැනිදා ට්‍රම්ප් විසින් කරන ලද “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ මිය යනු ඇත, නැවත කිසි දිනෙක එය ගෙන එනු නොලැබේ” (“A whole civilization will die tonight, never to be brought back again”) යන ජන සංහාරක ප්‍රකාශය අපකීර්තිමත් ලෙස සදාකාලිකව පවතිනු ඇත. ජූලි 11 වන දින ඔහු “ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම  අලු දූලි කර විනාශ කර දමන බවට” තර්ජනය කළේය. මෙම ප්‍රකාශයන් ජාත්‍යන්තර නීතිය යටතේ ස්වයංක්‍රීයවම යුද අපරාධ වේ. ධවල මන්දිරයෙන් නිකුත් කළ මෙසේ විනාශ කිරීමේ ක්‍රමවේදයන්ගෙන් ප්‍රකාශ වන්නේ ධනපති ක්‍රමය විසින් මානව වර්ගයා ඇද දමමින් සිටින ම්ලේච්ඡත්වයයි.
  1. අනුගාමී “සටන් විරාමයන්” සහ අවබෝධතා ගිවිසුම් බිඳ වැටී ඇති අතර, සෑම බිඳ වැටීමකින් පසුවම අලුත් වටයකින් යුද්ධය උග්‍ර විය. කෙතරම් තාවකාලික ස්වභාවයේ ගිවිසුම්වලට එළඹුනද, යුද්ධය මෙහෙයවෙනු ලබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික භූ-මූලෝපායික අභිලාෂයන් විසිනි: එනම් මැද පෙරදිග, එහි ස්වාභාවික සම්පත් සහ ලෝක ආර්ථිකය රැඳී පවතින මූලෝපායික වෙළඳ මාර්ගයන්හි ආධිපත්‍යයයි. මෙම සම්පත් පාලනය කිරීම—සහ ප්‍රතිවාදීන්ට ඒවා අහිමි කිරීමේ බලය—දශක හතකට වැඩි කාලයක් තිස්සේ කලාපය තුළ ඇමරිකානු ප්‍රතිපත්තියේ ප්‍රධාන අවධානය යොමු වූ කරුණ විය. ඉරානයට එරෙහි යුද්ධය යනු, 1979 විප්ලවය මගින් වොෂින්ටනයට එහි පඹ රෙජීමය අහිමි වූ දා සිට සෑම පාලනයක් යටතේම දියත් කරන ලද ද්වි-පාක්ෂික ව්‍යාපාරය යයි.
  1. 2026 ජාත්‍යන්තර මැයි දින රැලියේ ආරම්භක වාර්තාවේ ඉදිරිපත් කරන ලද විග්‍රහය මෙම සම්මේලනය අනුමත කරයි: ඉරානයට එරෙහි යුද්ධය “දිගු හමුදා මෙහෙයුම් මාලාවක තවත් එක් කතාංගයක් පමණක් නොවේ. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මෙම ගැටුමට පැහැදිලි ගෝලීය ස්වරූපයක් ලබා දෙයි, එනම් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලද ගෝලීය යුද්ධයකි.” එහි ප්‍රතිවිපාක ලොව පුරා කම්කරුවන්ට විනාශකාරී වී ඇත. ඉරාන වරායන් නාවික අවහිරතාවයට ලක්කිරීම ලෝක වෙළඳාම සහ බලශක්ති සැපයුම කැළඹීමට ලක්කර ඇති අතර, සෑම මහද්වීපයකම අලුත් උද්ධමන රැල්ලක් ඇති කරමින් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට හෝ සාගින්නට ඇද දමා ඇත.
  1. ඉරානයට එල්ල වූ ප්‍රහාරය ලෝකය නැවත බෙදා වෙන් කිරීම අරමුණු කරගත් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ පොදු පුපුරා යාමක එක් පෙරමුණක් පමණි. ජනවාරි 3 වන දින වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා පැහැර ගන්නා ලදී. පෙන්ටගනයේ නීති විරෝධී ප්‍රහාර හේතුවෙන් කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ ධීවරයින් සහ කම්කරුවන් අවම වශයෙන් 221 දෙනෙකු ප්‍රහාරවලින් මියගොස් ඇත. කියුබාවේ ගෙල හිරකරමින් ආක්‍රමණවල තර්ජනයට ලක්කර ඇත. ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව අලුත් යුද්ධයක් ආරම්භ කර ඇත. තවද ගාසා තීරයේ ජන සංහාරය තෙවැනි වසරටත් ඉදිරියට යයි: දස දහස් සංඛ්‍යාත පලස්තීන දරුවන් ඝාතනය කිරීම, රෝහල්, පාසල්, ජල පද්ධති සහ නිවාස හිතාමතා විනාශ කිරීම සහ සාගින්න යුද ආයුධයක් ලෙස භාවිත කිරීම මගින් මුළු මහත් සමාජයක්ම ලෝකයේ ඇස් පනාපිට සුන්බුන් බවට පත්කර ඇත.
  1. උග්‍ර වන ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය එල්ල වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම රුසියාවට සහ චීනයට එරෙහිව ය. ප්‍රමුඛතාවය දිය යුත්තේ කිනම් ගැටුමකටද යන්න පිළිබඳව ඇමරිකානු පාලක පන්තිය තුළ මතභේද පවතී, නමුත් මේවා අත්‍යවශ්‍ය අරමුණ මත එක්සත් වූ පාලක පන්තියක් තුළ පවතින උපායමාර්ගික වෙනස්කම් පමණි. රුසියාවේ විශාල සම්පත්—එහි බලශක්තිය, ඛනිජ  සහ පැය කලාප එකොළහක් පුරා පැතිරුණු භූමිය—යටපත් කර අධිරාජ්‍යවාදී සූරාකෑමට විවෘත කළ යුතුය. තවද මෙම යුගයේ කේන්ද්‍රීය ගැටුම ලෙස පවතින්නේ, එහි ආර්ථික නැගී සිටීම ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිය පැවැත්මට තර්ජනයක් ලෙස සලකන, චීනයට එරෙහිව දිගු කලක් තිස්සේ සැලසුම් කරන ලද යුද්ධයයි. එහි කල්ලි අතර කෙතරම් වෙනස්කම් තිබුණද, ඇමරිකානු පාලක පන්තිය සිය ගෝලීය ආධිපත්‍යයට එල්ල වන කිසිදු අභියෝගයක් පිළිගන්නේ නැත. ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන 1.5 ක හමුදා අයවැය, වඩාත්ම ඍජු අර්ථයෙන් ගත් කල, ලෝක යුද්ධයක් සඳහා වූ අයවැයකි.
  1. ඇමරිකානු අධිරාජ්‍යවාදය යනු පෘථිවියේ ඇති වඩාත්ම විනාශකාරී බලවේගයයි. සිය පිරිහීම ආපසු හැරවීමේ උත්සාහයේදී, එය විසින්ම වරක් ගොඩනඟන ලද පශ්චාත් යුධ පද්ධතියේ සියලු සබඳතා සහ ආයතන බිඳ දමමින් සිටී. එක්සත් ජනපදය සිය නාමික මිත්‍රයින්ට තර්ජනය කර කප්පම් ගන්නා අතර, ඔවුන්ගේ ආර්ථිකයන්ට එරෙහිව තීරුබදු යුද්ධයක් දියත් කරයි, ග්‍රීන්ලන්තය (නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන ඩෙන්මාර්කයේ භූමිය) ඈඳා ගැනීමට බලකර සිටින අතර කැනඩාව “පනස් එක්වන ප්‍රාන්තය” දක්වා ලඝු කිරීමට තර්ජනය කරයි. 1928 දී ට්‍රොට්ස්කි (Trotsky) කළ අනතුරු ඇඟවීම අතිශය අදාළත්වයක් සහ තියුණු බවක් ගනී: “අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදයේ ආධිපත්‍යය, සමෘද්ධිමත් කාල පරිච්ඡේදයට වඩා සම්පූර්ණයෙන්, වඩා විවෘතව සහ වඩා රුදුරු ලෙස ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය සිය දුෂ්කරතාවලින් සහ රෝගවලින් මිදීමට සහ ඒවා ජය ගැනීමට මූලික වශයෙන් උත්සාහ කරන්නේ යුරෝපයේ කරපිටින් ය; මෙය ආසියාවේ, කැනඩාවේ, දකුණු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේම සිදු වූවද, නැතහොත් මෙය සාමකාමීව හෝ යුද්ධය හරහා සිදු වූවද යන්න අදාළ නොවේ.” වසර හයකට පසු, ඉතිහාසය විසින් මානව වර්ගයා “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට මුහුණට මුහුණ” දෙන බව ට්‍රොට්ස්කි පෙර දුටුවේය.
  1. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් නිකම්ම බලා සිටින්නන් නොව සම්පූර්ණ හවුල්කරුවෝ වෙති. නේටෝ  බලවතුන් යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ප්‍රායෝගිකවම යුද්ධයක (de facto war) නිරත වෙමින් සිටින අතර, එය න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍යයන් අතර සෘජු ගැටුමක් දෙසට උග්‍ර වෙමින් පවතී. තවද ඔවුහු 1950 ගණන්වල මුල් භාගයෙන් පසු වේගවත්ම ශීඝ්‍රතාවයෙන් ප්‍රතිසන්නද්ධ වීමට පටන් ගෙන ඇති අතර, පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේදී මෙන් සටන් කිරීමට සහ මිය යාමට අලුත් පරම්පරාවක් සූදානම් විය යුතු බව ඉල්ලා සිටිති. ජර්මන් අධිරාජ්‍යවාදය නැවත වරක් මෙම ව්‍යාපාරයේ පෙරමුණේ සිටින අතර, හමුදා බඳවා ගැනීම් සහ සිවිල් ජීවිතය යුද නිෂ්පාදනයට යටත් කිරීම සඳහා වූ රාමුව සකස් කරන යුද නීති සම්මත කර ගනී. මේ අතර ෆින්ලන්තය න්‍යෂ්ටික ආයුධ තහනම අහෝසි කර ඇති අතර, රුසියාව සමඟ ඇති සිය කිලෝමීටර් 1,300 ක දේශසීමාව නේටෝ න්‍යෂ්ටික යෙදවීම් සඳහා විවෘත කර ඇත.
  1. වර්තමාන යුද්ධයේ පුපුරා යාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පෙර දුටු අතර, පසුගිය වසර 35 පුරා එහි ප්‍රකාශයන් අනාගතවක්තෲ ස්වරූපයක් ගනී. පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව සහ ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය විසුරුවා හැරීම සම්පූර්ණ කරද්දී, 1991 මැයි දින නිකුත් කරන ලද “අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි වනු!” (“Oppose Imperialist War and Colonialism!”) යන එහි ප්‍රකාශනය මගින්, පූර්ව යටත් විජිත රටවල් කොල්ලකෑම නැවත ආරම්භ කර ඇති බවට ජාත්‍යන්තර කමිටුව (ICFI) අනතුරු ඇඟවීය. 1990 අගෝස්තු තරම් ඈත දී, ඉරාකයට එරෙහි පළමු යුද්ධය ආසන්නයේදී ජාත්‍යන්තර කමිටුව (ICFI) මෙසේ පැහැදිලි කළේය: “එය ලෝකය නැවත බෙදා වෙන් කිරීමේ අලුත් අධිරාජ්‍යවාදී ආරම්භය සලකුණු කරයි. පශ්චාත් යුද සමයේ අවසානය යනු පශ්චාත් යටත් විජිත සමයේ අවසානයයි… ඉරාකයට එරෙහි සිය දරුණු ප්‍රහාරයේදී, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති පසුගාමී රටවල් මත වූ අසීමිත ආධිපත්‍යය නැවත පිහිටුවීමට අදහස් කරන බවට අධිරාජ්‍යවාදය දැනුම් දෙයි.”
  1. ඉන් පසුව සිදු වූ සියල්ල—ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය සහ යුක්‍රේනය තුළ පැවැති නොනිමෙන යුද්ධ—මෙම විග්‍රහය තහවුරු කර ඇත. A Quarter Century of War (2016) (ශතවර්ෂ කාලක් පුරා යුද්ධය) හි පූර්විකාවේ David North ලියූ පරිදි: “එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පසුගිය සියවසෙන් හතරෙන් පංගුවක යුද්ධ අධ්‍යයනය කළ යුත්තේ එකිනෙකට සම්බන්ධ වූ සිදුවීම් මාලාවක් ලෙසය. ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපදයේ මූලෝපායික තර්කනය මැද පෙරදිග සහ අප්‍රිකාවේ නව යටත් විජිත මෙහෙයුම්වලින් ඔබ්බට යයි. දැනට පවතින කලාපීය යුද්ධ යනු රුසියාව සහ චීනය සමඟ එක්සත් ජනපදයේ වේගයෙන් උග්‍ර වන ගැටුමේ සංඝටක මූලාංග වේ.
  1. මෙම සෑම යුද්ධයක්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය විසඳනවා වෙනුවට එය තවත් උග්‍ර කළේය. 2003 මාර්තු මාසයේදී ඉරාක ආක්‍රමණය ආරම්භයේදී නෝර්ත් ලියූ පරිදි: “ඇමරිකානු අධිරාජ්‍යවාදයට විනාශය සමඟ සම්මුඛ වීමක් යෙදී ඇත. එයට ලෝකය ජය ගත නොහැක. මැද පෙරදිග මහජනතාව කෙරෙහි නැවත යටත් විජිත විලංගු දැමීමට එයට නොහැක. යුද්ධය නමැති මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝගවලට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධය මගින් ඇති කරන ලද නොසිතූ දුෂ්කරතා සහ වර්ධනය වන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලුම අභ්‍යන්තර පරස්පරතාවයන් උග්‍ර කරනු ඇත.” ඉරානය  ඊට වෙනස් නොවන බව ඔප්පු කරනු ඇත.
  1. වසර තිස්පහක නොනිමෙන යුද්ධයට ඇමරිකානු ධනපති ක්‍රමයේ ආර්ථික පිරිහීම ආපසු හැරවීමට නොහැකි වී ඇත. එක්සත් ජනපද වෙළඳ හිඟය වාර්තාගත මට්ටමක පවතී—එය එක් වසරක් තුළ භාණ්ඩවලින් ඩොලර් ට්‍රිලියන 1.2 කි—සහ මුළු එක්සත් ජනපද රජයේ ණය ඩොලර් ට්‍රිලියන 40 කට ආසන්න වෙමින් පවතින අතර, එය දරා ගෙන යනු ලබන්නේ ඩොලරය [සංචිත මුදල් ඒකක ලෙස] තබා ගැනීමට ලෝකය දක්වන කැමැත්ත මඟින් පමණි. කඩදාසි ලබා දී පෘථිවියේ සම්පත් මත ආධිපත්‍යය දැරීමට එක්සත් ජනපදයට ඉඩ සලසන ලෝක සංචිත විනිමය ලෙස ඩොලරය ලෝකයේ දරණ ස්ථානය, විවෘත අර්බුදයකට ලක්ව ඇත. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක මට්ටමේ තම ස්ථානය පල්ලම් බැසීම පිළිගන්නේ නැත. සෑම යුද්ධයකම පරාජයට මුහුණ දෙන විට, එය පසුබැසීමෙන් නොව, පෘථිවිය මත මානව ජීවිතය විනාශ කිරීමේ තර්ජනය එල්ල කරන න්‍යෂ්ටික යුද්ධය දක්වා වන වඩාත් විශාල [මිලිටරි] උග්‍ර කිරීම් වලින් ප්‍රතිචාර දක්වයි.
  1. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය තුළ මුල් බැස ගත යුතු අතර එය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙලක් මත පදනම් විය යුතුය. 2016 පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය (Socialism and the Fight Against War) ප්‍රකාශනය මගින් පිහිටුවන ලද මූලධර්ම මෙම සම්මේලනය නැවත තහවුරු කරයි: යුද්ධයට එරෙහි අරගලය “සමාජයේ මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර, ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් ඒ වටා එක්සත් කළ යුතුය”; අලුත් යුද විරෝධී ව්‍යාපාරය “ධනපති විරෝධී සහ සමාජවාදී විය යුතුය”, “ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් සම්පූර්ණයෙන්ම සහ අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතු අතර ඒවාට සතුරු විය යුතුය”, එමෙන්ම, “සියල්ලටම වඩා, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයකදී කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගන්වන ආකාරයෙන් ජාත්‍යන්තර විය යුතුය.” 
  1. එහි මූලයන් දෙස බලන කල, අධිරාජ්‍යවාදී යුද්ධය යනු ධනපති ක්‍රමයේම පවතින අත්‍යවශ්‍ය විෂයබද්ධ පරස්පරතා දෙකෙහි ප්‍රතිඵලය සහ ප්‍රකාශනයයි: පළමුවැන්න, නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික අයිතිය සහ නිෂ්පාදනයේ සාමාජීය ස්වභාවය අතර පවතින පරස්පරතාවයයි; දෙවැන්න, ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ දේශපාලන බලය හා ප්‍රාග්ධනය ඒකරාශී වීම තචමත් සංවිධානය වන ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පරතාවයයි. අධිරාජ්‍යවාදී යුද්ධයේ පුපුරා යාම සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුපුරා යාම එකම අර්බුදයක නිෂ්පාදනයන් වන අතර, දැනට පවතින යුද්ධය විප්ලවවාදී පිපිරීම් සූදානම් කරමින් සිටී.
  1. සමාජවාදී සමානතා පක්ෂය (SEP) අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ සෑම ක්‍රියාවකටම විරුද්ධ වන අතර, එය පවතින රාජ්‍යයන්ගෙන් ස්වාධීනව සහ ඒවාට එරෙහිව සිදු කරයි. අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට සහ ආක්‍රමණයේ අනෙකුත් ඉලක්කයන්ට ඇති අයිතිය එය ආරක්ෂා කරයි. රුසියාව සහ චීනය අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස හැඳින්වීම එය ප්‍රතික්ෂේප කරයි—එය එක්සත් ජනපද යුද සැලසුම්වල ප්‍රධාන ඉලක්කයන් හරහා විදේශ ප්‍රතිපත්ති අරමුණු සුජාත කිරීම සඳහා ව්‍යාජ-වාම දේශපාලන ප්‍රවණතා විසින් භාවිතා කරන නාමකරණයකි. නමුත් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන්, ඒවාට ප්‍රගතිශීලී ස්වරූපයක් ආරෝපණය කිරීමක් තියා මොස්කව් සහ බීජිං රෙජීමයන්ට සහාය දැක්වීමක් වත් සමඟ කිසිදු පොදු බවක් නැත.
  1. පුටින් රෙජීමය යනු ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ රාජ්‍ය දේපළ කොල්ලකෑම තුළින් නැගී ආ ධනපති කතිපයාධිකාරයේ දේශපාලන මෙවලමයි—එම නිලධාරී තන්ත්‍රය යනු  2026 මැයි දින ආරම්භක වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, “ඔක්තෝබර් විප්ලවයේ මිනීවළ හාරන්නන්  ලෙස ආරම්භ වී, අද වන විට පුටින් විසින් මෙහෙයවනු ලබන නව රුසියානු කතිපයාධිකාරයේ වඩාත්ම දූෂිත සහ කෑදර කල්ලිය ලෙස කෙළවර වූ” නිලධාරී තන්ත්‍රයයි. එය මිලිටරිමය උග්‍ර කිරීම්, අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ එකඟතාවලට පැමිණීමේ ආයාචනා සමඟ ඒකාබද්ධ කරන අතර, එහි මහා රුසියානු ජාතිකවාදය (Great Russian nationalism) විසින් රුසියානු කම්කරු පන්තිය යුක්‍රේන කම්කරු පන්තියෙන් වෙන් කරනු ලබයි. බීජිං රෙජීමය ඔවුන්ගේ පැත්තෙන්, “සමාජවාදය” නාමයෙන් ධනවාදය නැවත පිහිටුවීම සහ ලෝකයේ විශාලතම කම්කරු පන්තිය සූරාකෑම සම්බන්ධයෙන් මුලසුන හොබවන අතර, එය අධිරාජ්‍යවාදයට බිය වනවාට වඩා බෙහෙවින් වැඩි ලෙස සිය කම්කරු පන්තියට බිය වේ.
  1. සමාජවාදී සමානතා පක්ෂය, ශාස්ත්‍රාලික සහ ව්‍යාජ-වම්මුන්ගේ න්‍යායධරයන් විසින් ඉදිරිපත් කරනු ලබන “බහු-ධ්‍රැවීයතා” (“multipolarity”) න්‍යාය ද එක ලෙසම ප්‍රතික්ෂේප කරයි. එම න්‍යායට අනුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒක-ධ්‍රැවීය” (“unipolar”) අධිපත්‍යය, ගෝලීය සම්පත් වඩාත් සාමකාමී ලෙස බෙදා ගැනීම සදහා සුසංයෝගීව  මුලසුන හොබවන ධනපති රාජ්‍යයන්ගේ සාමූහිකයක් මගින් ආදේශ කළ හැකිය. ගෝලීය ආර්ථිකය සහ ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පර විරෝධය ඒල්ල වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා සමතුලිතතාවයකට නොව, යුද්ධයටයි. “බහු-ධ්‍රැවීයතා” න්‍යායේ පදනම වන්නේ, ධනපති රාජ්‍යයන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙනුවට, එකිනෙකා හා ගැටෙන ධනපති රාජ්‍යයන් අතර තුලනය කිරීමට දරන උත්සාහය සහ ධනවාදයට එරෙහි අරගලයට දක්වන විරෝධයයි.
  1. එබැවින් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර සහ පන්ති මූලෝපායක් සමග බද්ධ විය යුතුය. ට්‍රොට්ස්කි යුද්ධය සහ හතරවන ජාත්‍යන්තරය (War and the Fourth International) කෘතියේ ලියූ පරිදි, අප “ගමන් කරන්නේ යුද සිතියම ඔස්සේ නොව පන්ති අරගලයේ සිතියම ඔස්සේය.” මෙම පදනමේ සිට බලන කල, යුද්ධයේ වැදගත්ම ප්‍රතිඵලය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෑම අධිරාජ්‍යවාදී රටක් තුළම සමාජ ආතතීන් දැඩි වීමයි. පක්ෂය 2003 දී පූර්ව අපේක්ෂා කළ පරිදි, යුද්ධය විසින් ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර පරස්පර විරෝධයන් තීව්‍ර කරමින් පවතින අතර—යුද්ධය නැවැත්වීමට සමත් බලවේගය මතුවෙමින් පවතින්නේ ද මෙම පරස්පර විරෝධයන් තුළිනි.
  1. අධිරාජ්‍යවාදී යුද්ධය යනු එකම විට කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි. ලෝක යුද්ධයකට අවශ්‍ය කරන සම්පත්, ජනගහනය සැබවින්ම වහල්භාවයට පත් කිරීමකින් තොරව සමාජයෙන් සූරා ගත නොහැක: එනම් සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීම, වේතන පහත හෙලීම, ශ්‍රමය හමුදාකරණය කිරීම සහ මෙම පියවරයන් මගින් උසිගන්වනු ලබන විරෝධතාවන් මර්දනය කිරීම සඳහා ආඥාදායකත්වයක් පිහිටුවීමයි. යුද්ධය යනු කතිපයාධිකාරයේ විදේශ ප්‍රතිපත්තිය වන අතර, කතිපයාධිකාරය ඊට වන්දි ගෙවීමට සලස්වන්නේ කම්කරු පන්තිය ලවාය—එනම් පහත වැටෙන ජීවන තත්වයන්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමෙන් සහ රුධිරයෙනි. ආඥාදායකත්වයට එරෙහි සටන සහ යුද්ධයට එරෙහි සටන යනු එකම සතුරෙකුට එරෙහිව කෙරෙන එකම සටනකි.
  1. සමාජවාදී සමතා පක්ෂය, ධනපති ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් වූවක් සහ වෙනස් වූවක් ලෙස “යුද විරෝධී ප්‍රතිපත්තියක්” ඉදිරිපත් කරන්නේ නැත. එහි මූලෝපාය, අධිරාජ්‍යවාදී ආණ්ඩුවල හෘද සාක්ෂියට ආයාචනා කරන විරෝධතා ව්‍යාපාර සමග හෝ කම්කරු පන්තිය ධනපති පංතියේ එක් හෝ තවත් කල්ලියකට යටත් කරන මහජන පෙරමුණු (popular fronts) සමග හෝ කිසිදු පොදු බවක් නැත. යුද්ධයට එරෙහි සටන යනු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා කෙරෙන සටනකි. එය, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පක්ෂය ගෙන යන අරගලයේ වඩාත්ම සාන්ද්‍රගත ප්‍රකාශනයයි.
  1. අධිරාජ්‍යවාදී පද්ධතිය තුළ සාකච්ඡා කර ලබාගත හැකි සාමයක් නොමැත, එමෙන්ම යුද්ධයට එරෙහිව ආයාචනයක් යොමු කළ හැකි පාලක පන්තියේ කිසිදු කල්ලියක්—ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන්, යුරෝපීය හෝ ඇමරිකානු—නැත. යුද්ධය අවසන් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් නොව, එය නැවැත්වීමේ බලය සහ වෛෂය්යික උනන්දුව සහිත එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය විසිනි.
  1. ඉරානයට එරෙහි සියලුම ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වහාම සහ කොන්දේසි විරහිතව අත්හිටුවන ලෙසත්, නාවික අවහිරය ඉවත් කරන ලෙසත්; ගාසා හි ජන සංහාරය නැවැත්වීමටත්; මැද පෙරදිගින් සහ ලතින් ඇමරිකාවෙන් සියලුම ඇමරිකානු හමුදා ඉවත් කර ගන්නා ලෙස හා නිකොලස් මදුරෝ (Nicolás Maduro) නිදහස් කරන ලෙසත්; කියුබාවට එරෙහි සම්බාධක අවසන් කරන ලෙසත්; රුසියාවට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත් සහ චීනයට එරෙහිව ගොඩනගමින් පවතින ලෝක යුද යන්ත්‍රණය විසුරුවා හරින ලෙසත් SEP බලකර සිටියි. අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට, තෝරාගත් සේවාව (Selective Service) සඳහා ස්වයංක්‍රීය ලියාපදිංචිය ස්ථාපිත කිරීමට, සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධයන්හිදී මරා දැමීමට සහ මිය යාමට ඇමරිකානු තරුණයින් බලහත්කාරයෙන් යෙදවීමට දරන සියලු උත්සාහයන්ට එය විරුද්ධ වෙයි.
  1. සමාජවාදී සමානතා පක්ෂය, යුක්‍රේනයේ බොග්ඩන් සිරොටියුක් (Bogdan Syrotiuk) වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කෙරෙන ඉල්ලීම ද නැවත අලුත් කරයි. 2024 අප්‍රේල් මාසයේදී යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු, ඔහුගේ සමාජවාදී සහ යුද විරෝධී ක්‍රියාකාරකම් වෙනුවෙන් වසර පහළොවේ සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි “දේශද්‍රෝහී” චෝදනාවලට මුහුණ දෙයි. ප්‍රමුඛ යුක්‍රේන අපරාධ විද්‍යාඥයෙකුගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් මෙම නඩුව දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හෙළිදරව් කිරීමෙන් පසුව පවා සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය ඔහුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුව මර්දනය කිරීම මගින් පාලන තන්ත්‍රයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කරයි: එනම් අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු නොව, යුද්ධයට එරෙහි සියලුම සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විරුද්ධවාදිකම් තහනම් කරන පොලිස් රාජ්‍යයක් බවයි.
  1. දැනට පවතින ආණ්ඩුවලට කරනු ලබන ආයාචනාවලින් මෙම ඉල්ලීම් කිසිවක් ඉටු කරගත නොහැක. ඒවා අරගලයේ වැඩපිළිවෙළ තුළ අන්තර්ගත වන ඒවා වන අතර, ඒ වෙනුවෙන් කෙරෙන සටන කම්කරු පන්තිය ධනපති රාජ්‍යය සමග සෘජු ගැටුමකට මෙහෙයවා, බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරයි.
  1. අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු රටවල කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කිරීමටත්; යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන වර්ජන ව්‍යාපාරය සහ එහි දේශපාලන ස්වාධීනත්වය සඳහා වන සටන සමග සම්බන්ධ කිරීමටත්; ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිළිවෙළ මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමටත් මෙම සම්මේලනය තීන්දු කරයි. සියවසකටත් වඩා වැඩි කාලයකට පෙර, පළමු ලෝක යුද්ධයේ මිනිස් ඝාතන මධ්‍යයේ, රෝසා ලක්සම්බර්ග් (Rosa Luxemburg) අනතුරු ඇඟවූයේ මානව වර්ගයා විකල්පයකට මුහුණ දී සිටින බවයි: එනම් සමාජවාදයද නැතහොත් ම්ලේච්ඡත්වයද යන්නයි. ම්ලේච්ඡත්වය තවදුරටත් අනතුරු ඇඟවීමක් නොව වර්තමාන යථාර්ථයකි. එය මානව සංස්කෘතිය ගිල ගන්නේද, නැතහොත් ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් පෙරළා දමනු ලබන්නේද යන්න තීරණය වන්නේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම මගිනි. එබැවින් මෙම සම්මේලනය, අන් සියල්ලටමත් වඩා, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට තීන්දු කරයි—එනම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ලෝක සමාජවාදී විප්ලවය බවට පත්කරවන පක්ෂයයි.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

socialismai.com logo

මෙම ලිපිය පිළිබඳ ප්‍රශ්න තිබේද? Socialism AI වෙතින් අසන්න:

What is the history of US wars in the Middle East since the first Gulf War in 1990-91 and how do they connect to the current war against Iran?

1990-91 පළමු ගල්ෆ් යුද්ධයේ සිට මැද පෙරදිග ඇමරිකා එක්සත් ජනපද යුද්ධවල ඉතිහාසය කුමක්ද සහ ඒවා ඉරානයට එරෙහි වර්තමාන යුද්ධයට සම්බන්ධ වන්නේ කෙසේද?

How did the theory of ‘multipolarity’ develop among pseudo-left tendencies, and which organizations promote it today?

ව්‍යාජ-වම්මුන්ගේ (pseudo-left) ප්‍රවණතා අතර ‘බහු-ධ්‍රැවීයතා’ (‘multipolarity’) සද්ධාන්තය වර්ධනය වූයේ කෙසේද, සහ අද එය ප්‍රවර්ධනය කරන්නේ කුමන සංවිධානද?

Can you explain how the US trade deficit and $40 trillion national debt relate to the dollar’s role as world reserve currency, and why that system is now in crisis?

ඇමරිකා එක්සත් ජනපද වෙළඳ හිඟය සහ ඩොලර් ට්‍රිලියන 40 ක ජාතික ණය, ලෝක සංචිත විදේශ විනිමය (world reserve currency) ලෙස ඩොලරයේ කාර්යභාරයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සහ එම පද්ධතිය දැන් අර්බුදයක පවතින්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?

තවත් ප්‍රශ්න SocialismAI.com හිදී අසන්න.

සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය Read More »

IMG 3631

ඉරානය “සුන්නද්දූලි කර දැමීමේ” ට්‍රම්ප්ගේ තර්ජනය: අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය අපරාධකරණය කිරීම 

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 22 දින “Trump’s threat to “annihilate” Iran: The criminalization of imperialist foreign policy” යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3631
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට අඟහරුවාදා, 2026 සැප්තැම්බර් 22 දින, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වමින්. [AP Photo/Julia Demaree Nikhinson]

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ඉස්ලාමීය ජනරජය (Islamic Republic) “සුන්නද්දූලි කර දමන්නේද (annihilate)” සහ “නැවත කිසි දිනෙක බේරී මතු වීමට ඉඩ නොතබා ඔවුන් අපායටම පන්නා දමන්නේද” යන්න පිළිබඳව තමා තීරණය කරමින් සිටින බව අඟහරුවාදා පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ ප්‍රශ්න කළේය: “මා ඉරාන ඉස්ලාමීය ජනරජය විනාශ කර දමනවාද, එය ඉක්මනින්ම කරනවාද, නැවත කිසි දිනෙක මිනිසුන් සහ රටවල් විනාශ කිරීමට ඔවුන්ට ඉඩක් නොතබාම?”

ට්‍රම්ප්ගේ මෙම මිනීමරු භාෂාව, ගෝලීය යුද්ධයේ පුපුරා යාම මධ්‍යයේ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය අපරාධකරණයට ලක්වීමේ නව අදියරක් සලකුණු කරයි. සෝවියට් සංගමයට එරෙහිව සුන්නද්දූලි කිරිමේ යුද්ධයක් (Vernichtungskrieg – war of annihilation) ගෙන ගිය ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන තන්ත්‍රයේ දේශපාලන කථිකාවට පරිබාහිරව, නූතන දේශපාලනය තුළ මීට පූර්වාදර්ශයක් නොමැත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් මෙන් නොව, හිට්ලර් සිය ජනගහන සංහාරක (extermination) යුද්ධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැත. ඔහු එම නියෝගය රහසිගතව ලබා දුන්නේ තම ජෙනරාල්වරුන්ට ය. හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆ්‍රාන්ස් හල්ඩර්ගේ (Franz Halder) දිනපොතට අනුව, 1941 මාර්තු 30 වන දින, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ පැවැති සංවෘත සාකච්ඡාවකදී, ඉදිරියේදී සිදුවන ආක්‍රමණය “සුන්නද්දූලි කිරිමේ යුද්ධයක්” (Vernichtungskampf – war of extermination) වන බව හිට්ලර් ඔවුන්ට පැවසීය.

යුද්ධය හරහා රට යටත් කර ගැනීමට ට්‍රම්ප් දරන උත්සාහයට එරෙහිව නැගී සිටි මිලියන 93 ක ජනගහනයක් වෙසෙන ඉරානයේ ජනතාව සංහාරයකට ලක් කිරීම, සැබවින්ම ධවල මන්දිරය තුළ සක්‍රීයව සාකච්ඡා වෙමින් පවතී. මාධ්‍යවේදී සී මෝර් හර්ෂ් (Seymour Hersh) ජූනි 10 වන දින වාර්තා කළේ, ට්‍රම්ප් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ රහසිගත හමුවකදී ඉරානයට එරෙහිව න්‍යෂ්ටික ආයුධ (nuclear weapons) භාවිත කිරීම පිළිබඳ අදහස මතු කළ බවයි.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ජූනි 10 වන විට ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ අක්‍රමණකාරී අපරාධකාරී යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,468 දෙනෙකු මියගොස් 26,500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. පසුගිය සතියේ, එක්සත් ජාතීන්ගේ කරුණු සෙවීමේ දූත මෙහෙවර (fact-finding mission), පෙබරවාරි 28 වන දින මිනාබ් (Minab) හි ප්‍රාථමික පාසලකට එල්ල කළ ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන් ළමුන් 120 දෙනෙකු ඇතුළුව 150 කට වැඩි පිරිසක් මියයාම උපුටා දක්වමින්, “එක්සත් ජනපදය යුද අපරාධ සිදු කර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇතැයි” සොයා ගන්නා ලදී.

ඉරානයට එරෙහි යුද්ධය යනු මුළු මැද පෙරදිග පුරාම ක්‍රියාත්මක වන ඇමරිකානු-ඉශ්‍රායල් ප්‍රහාරයේ එක් අංගයක් පමණි. එහි ඉහළම ප්‍රකාශනය වන්නේ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පලස්තීනුවන් 73,919 දෙනෙකු මරා දමා ඇති ගාසා හි සමූල ජන සංහාරයයිi.

ඉරානයට එරෙහි මෙම තර්ජනය, එවැනි තර්ජන මාලාවක එකක් පමණි. ඇමරිකානු හමුදාව “වෙනිසියුලා අගනුවර අභ්‍යන්තරයටම” විනිවිද ගොස් මදුරෝව (Maduro) “අත්අඩංගුවට ගත්” බවත්, එහි ප්‍රතිඵලය ලෙස බැරල් බිලියන 65 ක් වන “ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව” හිමි වූ බවත් ට්‍රම්ප් පුරසාරම් බෑවෙය. “ජයග්‍රාහකයාට කොල්ලකෑම් අයිති වේ,” ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කියුබාව “සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ රාජ්‍යයක්… එය කඩා වැටෙනු ඇත”. විශාල හමුදා කඳවුරු දෙකක් ද සමඟින් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ “ස්ථිර පාලනය” යටතට පත්වීමට නියමිතය.

ට්‍රම්ප්ගේ කතාව අතරතුර, ඔහු පෙරළා දැමීමට තර්ජනය කළ ඉරානය සහ කියුබාව යන රටවල නියෝජිතයින් පමණක් විරෝධය පා සභාවෙන් පිටව ගියහ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන නිරන්තරයෙන් කතා කරන යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නියෝජිතයෝ කිසිවක් නොකර බලා සිටියහ. මහා මණ්ඩලයේ මුලසුන දැරූ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් රහ්මාන් (Khalilur Rahman) ඇමරිකානු ජනාධිපතිවරයාට ස්තූති කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN Charter) නාසි ජර්මනියේ යටත් වීමෙන් සති හතකට පසු, 1945 ජූනි 26 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී අත්සන් කරන ලද්දේ, “අපගේ ජීවිත කාලය තුළ දෙවතාවක්ම මිනිස් සංහතියට කියා නිම කළ නොහැකි තරම් දුකක් ගෙන දුන් යුද්ධයේ ශාපයෙන් ඉදිරි පරම්පරාවන් මුදා ගැනීම සඳහාය”.

එහි 2 වන වගන්තිය සෑම සාමාජිකයෙකුම “ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය පෑමට තර්ජනය කිරීමෙන් හෝ බලය භාවිත කිරීමෙන් වැළකී සිටීමට” බැඳී සිටී. නීති විරෝධී ආක්‍රමණකාරී යුද්ධයක මාස හතකට ආසන්න කාලයක් ගත කර සිටින රාජ්‍යයක නායකයෙකු විසින්, එම තර්ජනයන් තහනම් කිරීම සඳහාම ඉදිකරන ලද ගොඩනැගිල්ල තුළ සිටම සිදු කරන ලද ට්‍රම්ප්ගේ කතාව එවැනි තර්ජනයකි. ට්‍රම්ප්ගේ කතාවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස චෝදනා ගොනු කළ හැකිය. 

ට්‍රම්ප්ට යුරෝපීය ප්‍රතිස්වරය (counterpoint) අඟහරුවාදා ලබා දුන්නේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසිනි. ඔහු කතා කළේ “අධිරාජ්‍යවාදයේ නැවත පැමිණීම, උද්ධච්චකම, කිසිදු නීතියක් නොදන්නා පාලනයකින් තොර බලයේ නැවත ආගමනය… සමහරුන් තම දේශසීමා ව්‍යාප්ත කිරීම සඳහා ජාත්‍යන්තර පටිපාටියට වල කැපිය හැකි යැයි විශ්වාස කරන ලෝකයක්” ගැනය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “යුද අපරාධ කර්මාන්තයක් බවට පත් කර ඇත. සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අප දැක ඇත්තෙමු”.

නමුත් සමහර විචාරකයින් ඔහුගේ අදහස් ට්‍රම්ප්ට එල්ල කළ වක්‍ර විවේචනයක් ලෙස ගත්තද, ඔහු කිසි විටෙකත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ නම සඳහන් කළේ නැත. ඒ වෙනුවට, ඔහුගේ කතාව රුසියාව ප්‍රසිද්ධියේ හෙළා දකින එකක් වූ අතර, ට්‍රම්ප් සමඟ එක්ව යුක්‍රේනයට අරමුදල් සහ ආයුධ සැපයීම තවදුරටත් කරගෙන යාමේ ප්‍රකාශයක් විය.

රුසියාව “සිවිල් වැසියන්ට එරෙහිව කෲර යුද්ධයක් ගෙන යමින් සිටින බවත්, එය ස්වෛරී රාජ්‍යයක භූමිය අත්පත් කරගෙන සිටින බවත්” මැක්‍රොන් ප්‍රකාශ කළේය. රුසියාවට එරෙහි යුද්ධයේදී “ප්‍රංශය යුක්‍රේනයට නිර්ලෝභීව සහාය දීම තවදුරටත් සිදු කරන බව” ඔහු පැවසීය.

මැක්‍රොන්ගේ මතයට අනුව, රුසියාවේ “අධිරාජ්‍යවාදයට” සහ “යුද අපරාධවලට” සුදුසු පිළිතුර වන්නේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාවට එරෙහි යුද්ධය දැඩි කිරීමයි. රුසියාවට එරෙහි යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන යුද්ධයක් බවට වන සිය ප්‍රකාශයන්, එම යුද්ධයේ ඔහුගේ සගයා වන ට්‍රම්ප් මුළු රටකම ජනගහනය සංහාරය කිරීමට තර්ජනය කර තිබීම සමග ගැලපීමට මැක්‍රොන් කිසිදු උත්සාහයක් ගත්තේ නැත.

1920 දී ලෙනින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමය (League of Nations) හැඳින්වූයේ “එකිනෙකාගේ මස් කටු උදුරා ගන්නා පිස්සු බලු රංචුවක්” ලෙසය. සමහර විට එම යෙදුමේ  පැරැණි බවක් පෙනේ. 2026 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු යුද්ධය සඳහා වන සක්‍රීය සැලසුම් මධ්‍යස්ථානයකි.

එදිනම යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවීමෙන් පසුව, කියෙව් ඉන්ඩිපෙන්ඩන්ට් (Kyiv Independent) අඟහරුවාදා වාර්තා කළ පරිදි, යුක්‍රේනයට රේඩාර් සහ ගුවන්-ආරක්ෂක මිසයිල සැපයීමේ කොන්ත්‍රාත්තුවක් මැක්‍රොන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ට්‍රම්ප් ද අඟහරුවාදා සෙලෙන්ස්කි හමුවූ අතර, යුක්‍රේනය තුළ පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව තහවුරු කළේය.

ට්‍රම්ප්-සෙලෙන්ස්කි හමුව ආරම්භ වන විට, බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ට, “එක්සත් රාජධානියේ සහ අනෙකුත් යුරෝපීය නායකයින් වෙතින් නිකුත් වන අප සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමේ අනිවාර්යතාව පිලිබද මනෝභාවී සංගීතය ගැන එක්සත් රාජධානියේ බොහොමයක් ජනතාව බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බවත්” පවසා, ඉන්පසු  ඔහුගෙන් ඇසුවේ, “එය වැළැක්වීමට ඔබට හැකිද?” යන්නය. ට්‍රම්ප් ඊට බැරෑරුම් පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළේය.

සැබවින්ම, ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ ලේ පිපාසිත තර්ජන සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් අතර ඊට එරෙහිව කිසිදු බරපතල විරෝධයක් මතුව නොතිබීමෙන් පෙන්නුම් කරන්නේ, ලෝක ධනවාදය විසින් ගෝලීය යුද්ධය සහ එහි ඓන්ද්‍රීය ඵලයක් ලෙස මුළු මහත් ජනගහනයන්ම සංහාරය කිරීම කෙතරම් සාමාන්‍යකරණය කර ඇත්ද යන්නයි.

ඩිමොක්‍රැටිකයින් මෙම යුධවාදයට විකල්පයක් නොවේ. දින කිහිපයකට පෙර, රුසියාවට පමණක් නොව ඉරානයට එරෙහිවද යුද්ධ උත්සන්න කිරීමට ඔවුහු ට්‍රම්ප්ට හිස් චෙක්පතක් ලබා දුන්හ. සැප්තැම්බර් 16 වන දින, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රැටිකයින් 58 දෙනෙකු “ලින්ඩ්සේ ඕ. ග්‍රහැම් රුසියාව සහ ඉරාන සම්බාධක පනතට” (Lindsey O. Graham Sanctioning Russia and Iran Act) පක්ෂව ඡන්දය දුන් අතර, එමගින් චීනය, ඉන්දියාව සහ රුසියානු තෙල් මිලදී ගන්නා අනෙකුත් විශාලතම රටවලින් කෙරෙන ආනයන සඳහා සියයට 100 දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පවරන අතර ඉරානයේ බලශක්ති සහ ආයුධ අංශයන්හි සම්බාධක වසර පහකට දීර්ඝ කරයි. සෙනෙට් සභාවේ ඩිමොක්‍රැටිකයින් 45 දෙනාගෙන් 36 දෙනෙකුම අගෝස්තු 7 වන දින ඊට පක්ෂව ඡන්දය දී තිබුණි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) ඊට “එරෙහිව” ඡන්දය දුන්නේ, පනත රුසියාවට එරෙහිව ප්‍රමාණවත් තරම් දුර නොගිය බව පවසමිනි: “ඔබ මැරයා සතුටු කිරීමට නොව මැරයාට එරෙහිව නැගී සිටිය යුතුවේ”. නොවැම්බර් 3 න් පසු කොන්ග්‍රසයේ ඩිමොක්‍රැටික් බහුතරයක් ඇති වුවහොත් යුද්ධය තවත් වේගයෙන් සහ දුරදිග ගෙන යනු ඇත.

තම කතාවට පෙර දින, ට්‍රම්ප් ග්‍රේසි මන්දිරයේදී (Gracie Mansion) ඇමරිකාවේ ඩිමොක්‍රැටික් සමාජවාදීන්ගේ (DSA – Democratic Socialists of America) සාමාජිකයෙකු වන නිව්යෝර්ක් නගරාධිපති ශොහ්රාන් මම්දානි (Zohran Mamdani) හමුවිය. මම්දානි යුද්ධය ගැන කිසිවක් නොකී අතර මාධ්‍යවේදීන්ට පැවසුවේ: “නගරය කෙරෙහි ජනාධිපතිවරයා දක්වන කැපවීම අපි අගය කරමු” යනුවෙනි.

“ඇමරිකාවේ ස්වර්ණමය යුගය” ගැන පුරසාරමින් ට්‍රම්ප් සිය කතාව ආරම්භ කළේ, “අලුතින් පණගන්වන ලද සහ ඉතා බලවත් එක්සත් ජනපදයේ ධනය, ශක්තිය, ජීවගුණය සහ ගම්‍යතාවය මුළු ලෝකයම ඉහළට ඔසවා තබමින් සිටින බව” ප්‍රකාශ කරමිනි.

සැබවින්ම, ට්‍රම්ප් මුලසුන දරන්නේ යටි පතුලේ සිට කුණු වෙමින් පවතින සමාජ පර්යායක් සහ දේශපාලන ක්‍රමයක් මත ය – දෙවන ලෝක යුද්ධය ආසන්නයේ ට්‍රොට්ස්කි විසින් එය විස්තර කළේ “ධනවාදයේ මරලතෝනිය” (death agony of capitalism) ලෙස ය. එම අර්බුදයම එහි විරුද්ධ පැත්ත ද නිර්මාණය කරමින් සිටී: එනම් සමාජ විරෝධයේ වර්ධනය, මහා ජනතා විරෝධතා සහ ගෝලීය පන්ති අරගලයයි.

ට්‍රම්ප්ගේ අපරාධකාරී යුද ප්‍රචාරණයට එරෙහි විරෝධය යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් හෝ ඩිමොක්‍රැටිකයින්ගෙන් සහ DSA හි සිටින ඔවුන්ගේ සහචරයින්ගෙන් පැමිණෙන්නේ නැත. එය පැමිණෙන්නේ ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිළිවෙලින් සන්නද්ධ වූ ජාත්‍යන්තර කම්කරු පන්තියෙනි.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

ඉරානය “සුන්නද්දූලි කර දැමීමේ” ට්‍රම්ප්ගේ තර්ජනය: අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය අපරාධකරණය කිරීම  Read More »

Spetembereleven

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 25 ක්

පැට්‍රික් මාටින් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 11 දින “25 years since the September 11 terrorist attacks” යන හිසින් පළවූ පැට්‍රික් මාටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Spetembereleven
9/11

එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින්, 2001 සැප්තැම්බර් 11 වන දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර 25 ක් සපිරේ. පුද්ගලයින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් — ඔවුන්ගෙන් 15 දෙනෙකුම සෞදි අරාබියේ වැසියන් විය — ගුවන් යානා හතරක් පැහැරගෙන, ඉන් දෙකක් නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (World Trade Center) නිවුන් කුළුණු වෙත ද, එකක් පෙන්ටගනය වෙත ද, අනෙක මගීන් ඔවුන්ට එරෙහිව සටන් කිරීමෙන් පසු පෙන්සිල්වේනියා හි එළිමහන් භූමියකට ද කඩා වදින ලෙස පියාසර කළහ. මෙය සිවිල් යුද්ධයෙන් පසුව ඇමරිකාවේ එකම දිනකදී සිදුවූ විශාලතම ප්‍රචණ්ඩකාරී මරණ සංඛ්‍යාව විය.

2001 සැප්තැම්බර් 12 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය:

“ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර කිසි සැකයකින් තොරව හෙළා දකියි. මගී ගුවන් යානා හතරක් පැහැරගෙන ඒවා පියාසර කරන බෝම්බ බවට පත්කිරීමට වගකිවයුත්තන්, සමූහ ඝාතනයකට වරදකරුවෝ වෙති. මිනිස් ජීවිත මෙලෙස ම්ලේච්ඡ ලෙස සහ ඉවක් බවක් නැතිව විනාශ කිරීම මත පදනම්ව කිසිදු සාමාජික ප්‍රගතිශීලී අරමුණක් ඉටුකර ගත නොහැක.

“මෙම මිනීමරු ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් පිළිඹිබු වන්නේ, අධෛර්යමත් වූ අශුභවාදය, ආගමික සහ අන්ත-ජාතිකවාදී අන්ධකාරවාදය (obscurantism) මෙන්ම, අතිශයින්ම නින්දිත දේශපාලන අවස්ථාවාදයේ විෂ සහිත සංයෝගයකි. ත්‍රස්තවාදී සංවිධාන — ඔවුන්ගේ ඇමරිකානු විරෝධී ප්‍රකාශ (anti-American rhetoric) මොනවා වුවත් — තම උපායමාර්ග පදනම් කරගන්නේ, භයානක හදිසි ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලකළ හැකිය යන මිත්‍යාව මතය. ඒ අනුව, අවසාන විග්‍රහයේදී ඔවුන් බලාපොරොත්තු වන්නේ වොෂින්ටනය සමඟ ගනුදෙනුවකට එළඹීමටය.

“තමන්ව සාධාරණීකරණය කිරීමට කෙතරම් උත්සාහ කළද, ත්‍රස්තවාදී ක්‍රමවේදය මූලික වශයෙන්ම ප්‍රතිගාමී වේ. අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට ප්‍රබල පහරක් එල්ල කිරීම කෙසේ වෙතත්, ත්‍රස්තවාදය විසින් සිදුකරන්නේ, පාලක ප්‍රභූ පැළැන්තියේ භූ-දේශපාලනික සහ ආර්ථික වුවමනාවන් වෙනුවෙන් යුද්ධය සාධාරණීකරණය කිරීමට සහ සුජාත කිරීමට මෙවැනි සිදුවීම් භාවිත කරන ඇමරිකානු ආයතන පද්ධතිය (US establishment) තුළ සිටින පාර්ශවයන්ගේ හස්තයන් ශක්තිමත් කිරීමයි. අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම මගින් මහජනතාව කෝපයට, අස්ථානගත කිරීමට හා ව්‍යාකූලත්වයට ලක්වේ. එය කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම උදෙසා කෙරෙන අරගලයට හානි පමුණුවන අතර, මැද පෙරදිග වර්තමාන සිදුවීම්වලට පදනම් වූ ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව ඇමරිකානු ජනතාව දැනුවත් කිරීමට දරන සියලු උත්සාහයන් අඩපණ කරයි.”

ඉන්පසු සිදු වූ සියලුම සිදුවීම් මගින් මෙම විග්‍රහය තහවුරු විය. වෙනත් බොහෝ ලේඛන සමඟ මෙම ප්‍රකාශය ද, 9/11 ප්‍රහාරය, එහි මූලාරම්භය සහ ප්‍රතිඵල පිළිබඳ WSWS වාර්තාවල විශේෂ ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත.

මෙම ප්‍රහාරය රටේ ඉතිහාසයේ එක්සත් ජනපද බුද්ධි අංශවල විශාලතම “අසාර්ථකත්වය” ලෙස වහාම විස්තර කරන ලදී. එහෙත් මාධ්‍ය හරහා අතිවිශාල ප්‍රචාරයක් ලබා දීම, 9/11 කොමිෂන් සභාව මගින් සිදුකළ පරීක්ෂණ සහ ගණනය කළ නොහැකි තරම් වූ කොංග්‍රස් මණ්ඩල සභා විමර්ශන පැවැත්වීම නොතකා, මෙම අපරාධය සංවිධානය කිරීම පිළිබඳව එදා දැන සිටි ප්‍රමාණයට වඩා වැඩි යමක් අද වන විටත් ඇමරිකානු ජනතාව දන්නේ නැත.

ඊට අමතරව, මෙම ව්‍යසනය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුවත් රැකියාවෙන් පහ කිරීම, නිලයෙන් පහත හෙලීම හෝ කිසිදු අයුරකින් වගකිවයුතු හෝ වගවිය යුතු අයෙකු බවට පත් කිරීම සිදු කර නොමැත. 1941 දෙසැම්බර් 7 වන දින පර්ල් හාබර් (Pearl Harbor) වෙත ජපන් ප්‍රහාරය එල්ල වීමෙන් පසුව, නාවික හමුදා අද්මිරාල්වරුන් සහ පහළ ශ්‍රේණිවල නිලධාරීන් කිහිප දෙනෙකුටම තමුන්ගේ රැකියා අහිමි විය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව එවැනි කිසිවක් සිදු වූයේ නැත.

ඒ වෙනුවට, බුද්ධි අංශවලට “තොරතුරු එකිනෙක සම්බන්ධ කර ගැනීමට (connect the dots)” නොහැකි වූ බවට ප්‍රකාශ කරමින්, අඛණ්ඩ සහ ක්‍රමානුකූල වසන් කිරීමක් සිදුවිය. මෙම යෙදුම පැහැදිලි කළ නොහැකි කරුණු පැහැදිලි කිරීම සඳහා වූ සර්වකාර්ය සාධක නිදහසට කරුණක් බවට පත් විය. එක්සත් ජනපද ආරක්ෂක ආයතන විසින් ප්‍රසිද්ධ අල්-කයිඩා ක්‍රියාකාරීන්ට රට තුළට ඇතුළු වීමටත්, මගී ජෙට් යානා පියාසර කිරීමට ඔවුන් පුහුණුව ලැබූ ගුවන් පියාසර පාසල්වලට ඇතුළත් වීමටත්, එකම උදෑසනක බොස්ටන් සහ වොෂින්ටන් ඩී.සී. වෙතින් පිටත්ව ගිය ගුවන් යානා හතරකට ගොඩ වූ සිව්දෙනෙකුගෙන් හෝ පස්දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායම් සංවිධානය කිරීමටත් ඉඩ හරින ලදී.

ප්‍රදර්ශනයට එකතු කර ඇති ලිපි දුසිම් ගණනකින් WSWS පැහැදිලි කළ පරිදි, සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශය චේතනාන්විත ආරක්ෂාව ලිහිල් කිරීමකට සුදුහුණු ගෑම සඳහා කළ එකකි. සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ මූලාශ්‍ර පදනම් කරගනිමින් ලිපි හතරකින් යුත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් 2002 ජනවාරි මාසයේදී WSWS මෙසේ ලියා සිටියේය: “එදින සිදුවීම් පිළිබඳ අවම පිළිගත හැකි සහ අවම විශ්වාසනීය පැහැදිලි කිරීම වන්නේ, ගුවන් යානා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සහ පෙන්ටගනයේ වදින තෙක්ම එක්සත් ජනපදයේ දැවැන්ත ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ගුවන් යානා පැහැරගත් අයගේ ක්‍රියාකාරකම් පිළිබඳව සම්පූර්ණයෙන්ම නොදැන සිටියේය යන්නයි.”

එල්ල වීමට නියමිත ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම් ගණනාවක් තිබූ අතර, ගුවන් යානා පැහැරගැනීමේ අනතුර පිළිබඳව 2001 අගෝස්තු මාසයේදී ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් වෙත ලබා දුන් සුප්‍රකට තොරතුරු දැනුම්දීම ද ඊට ඇතුළත් විය.

එක්සත් ජනපද ආරක්ෂක සේවාවන්ට යානා පැහැරගත් අය කිහිප දෙනෙකු වෙත සෘජුවම ප්‍රවේශ වීමේ හැකියාව තිබුණි. ඔවුන්ගෙන් දෙදෙනෙකු වූ නවාෆ් අල්-හස්මි (Nawaf al-Hazmi) සහ ඛාලිඩ් අල්-මිහ්දාර් (Khalid al-Mihdhar), සැන් ඩියේගෝ (San Diego) හි එෆ්බීඅයි තොරතුරුකරුවෙකුගේ නිවසේ ලැගුම්ගෙන සිටියහ. ප්‍රධාන සංවිධායකයා වූ මොහොමඩ් අටා (Mohamed Atta), 2001 ජනවාරි මාසයේදී සංචාරක වීසා බලපත්‍රයකින් මියාමි (Miami) වෙතින් නැවත එක්සත් ජනපදයට ඇතුළු වූ අතර, තමා ෆ්ලෝරිඩා ගුවන් පියාසර පාසලක පුහුණුව ලබන බව ආගමන විගමන පරීක්ෂකවරුන්ට පැවසීය — එය ඔහුගේ ඇතුළුවීමේ කොන්දේසිවලට සෘජුවම පටහැනි විය. ඔහුව ද්විතීයික පරීක්ෂාවකට යොමු කළ අතර, කෙසේ වෙතත් ඇතුළුවීමට ඉඩ දෙන ලදී. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණ වෙත ඇමරිකන් එයාර්ලයින්ස් 767 යානයක් පදවාගෙන යාමට හැකි වන පරිදි ඔහු නැවතත් තම පුහුණුවට එක්විය.

අල්-කයිඩා සංවිධානය එක්සත් ජනපද බුද්ධි අංශ හොඳින් දැන සිටි එකකි. එහි නිර්මාතෘ, සෞදි අරාබි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කෝටිපතියෙකු වූ ඔසාමා බින් ලාඩන්, 1979 සොවියට් ආක්‍රමණය ප්‍රකෝප කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සෝවියට් විරෝධී නො-නිල මිලිටරි බලකායක් ගොඩනැගීමේ උත්සාහයේ කොටසක් ලෙස ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් මූල්‍යනය කරනු ලැබීය. ඩිමොක්‍රටික් පක්ෂ  ජනාධිපති ජිමි කාටර්ගේ ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කිගේ (Zbigniew Brzezinski) වචනවලින් කිවහොත්, එහි අරමුණ වූයේ “සෝවියට් සංගමයට  එහි ‘වියට්නාමය’ ලබා දීමයි.” බින් ලාඩන් සිය ඇමරිකානු අනුග්‍රාහකයන්ට එරෙහිව හැරුණේ, 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපදය විසින් 700,000 ක සෙබළුන් පිරිසක් – ඉන් වැඩි පිරිසක් සෞදි අරාබියේ රඳවා සිටි – බලමුලු ගැන්වීමෙන් පසුව පමණී.

තවමත් පැහැදිලි නොකළ කුමන්ත්‍රණයේ නිශ්චිත අංග මොනවා වුවද, ප්‍රහාරවල සැබෑ දේශපාලන වැදගත්කම වන්නේ ඇමරිකානු රජයේ විදේශීය මෙන්ම දේශීය ප්‍රතිපත්තියේ ද එය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්වූ ආකාරයයි. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය (war on terror)” යන්න පෙර නොවූ විරූ අයුරේ ජාත්‍යන්තර ආක්‍රමණශීලීත්වයේ සහ දේශීය මර්දනයේ ව්‍යාපාරයක් සඳහා වූ සර්වකාර්ය සාධක (කෝකටත් තෛලය) නිදහසට කරුණ බවට පත් විය. මෙම ක්‍රියාමාර්ග දිගු කලක් තිස්සේ සූදානම් කර තිබූ – 9/11 මගින් සපයන ලද – සුදුසු නිදහසට කරුණක් ලැබෙන තෙක් පමණක් බලා සිටි ඒවා විය.

සති කිහිපයක් ඇතුළත, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල ඒකමතික ස්වභාවයේ සහයෝගය ඇතිව, 9/11 ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව මිලිටරි බලය භාවිත කිරීමේ බලය පැවරීමේ පනත (Authorization for the Use of Military Force – AUMF) කොංග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරන ලදී. ඔසාමා බින් ලාඩන්ගේ ප්‍රධාන කඳවුර පිහිටා තිබූ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේ පදනම ලෙස බුෂ් පරිපාලනය විසින් එය ප්‍රථමයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පරිපාලනයන් විසින්, පාකිස්ථානයේ සිට සිරියාව , ලිබියාව සහ උතුරු අප්‍රිකාව පුරා ඩ්‍රෝන ප්‍රහාර සහ විශේෂ බලකා ප්‍රහාර ඇතුළුව අවම වශයෙන් රටවල් 22 ක තවදුරටත් හමුදා මෙහෙයුම් සඳහා වූ පදනම ලෙස AUMF නැවත නැවතත් යොදා ගන්නා ලදී. බින් ලාඩන් ඝාතනය කර වසර 15 කට පසුවත් එය අදටත් බලාත්මකව පවතී. මේ අතර, වොෂින්ටනයේ ප්‍රතිපත්තියට ගැලපෙන විට, අල්-කයිඩා සංවිධානයට පැහැදිලිවම සම්බන්ධ සිරියානු පාලන තන්ත්‍රයක්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සේවය කිරීමට එකඟ වන විට මිත්‍රයෙකු ලෙස සාදරයෙන් පිළිගනු ලැබේ.

ඉරාක යුද්ධය සඳහා නීතිමය පදනම වෙනම AUMF එකක් වූ අතර, දෙවන යුද යෝජනාව ලබා ගැනීමේ එක් පදනමක් ලෙස බුෂ් පරිපාලනය සදාම් හුසේන් සහ අල්-කයිඩා අතර  නොපවතින සම්බන්ධතාවයක් (සැබවින්ම ඔවුන් තදබල සතුරන් විය) උපුටා දැක්වීය. අනෙක් බොරුව වූයේ ඉරාකය සතුව “මහා විනාශකාරී ආයුධ (weapons of mass destruction)” ඇති බවත්, එක්සත් ජනපදයට එරෙහිව භාවිත කිරීම සඳහා අල්-කයිඩාවට පරමාණුක බෝම්බයක් සැපයිය හැකි බවත්ය. ඉරාකය එක්සත් ජනපදයට තර්ජනයක් බවට සාක්ෂි අවශ්‍ය බව ප්‍රතික්ෂේප කරමින් බුෂ්ගේ ජාතික ආරක්ෂක උපදේශක කොන්ඩොලීසා රයිස් (Condoleezza Rice) 2002 දී ප්‍රකාශ කළ පරිදි: “දුම් පිටවන තුවක්කුව (smoking gun) හතු පිපෙන ආකාරයේ පරමාණුක වලාකුළක් (mushroom cloud) වෙනවාට අප කැමති නැත.”

දේශීය වශයෙන්, 9/11 හි බලපෑම සමහර විට ඊටත් වඩා විශාල විය. දැවැන්ත මට්ටමේ අභ්‍යන්තර හමුදා-පොලිස් ක්‍රියාමාර්ග සමඟ රට යුද තත්ත්වයකට පත් කරන ලදී. කොංග්‍රස් මණ්ඩලය විසින් පේට්‍රියට් පනත (Patriot Act) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 357 ට 66 ක් ලෙසද, සෙනෙට් මණ්ඩලයේදී 98 ට එකක් ලෙසද සම්මත කරන ලදී.

නියෝජිතායතන 22 ක් ඒකාබද්ධ කරමින් සහ ට්‍රම්ප්ගේ පොලිස්-රාජ්‍ය මෙහෙයුම්වල පෙරමුණ බවට පත්ව ඇති අලුතින් පිහිටුවන ලද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (Immigration and Customs Enforcement – ICE) ඇතුළත් කරමින්, මාතෘභූමි ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) නමැති අලුත් ෆෙඩරල් දෙපාර්තමේන්තුවක් සාදන ලදී. ලොව පුරා පිහිටි රහසිගත සීඅයිඒ (CIA) බන්ධනාගාරවල මෙන්ම කියුබාවේ ගුවන්තනාමෝ බේ (Guantanamo Bay) හි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා කඳවුරේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථානයේ ද වධහිංසා පැමිණවීම සම්මත පුරුද්දක් බවට පත් විය. “තවත් 9/11 ක්” වැළැක්වීමේ නාමයෙන් සිරකරුවන්ට වතුරෙන් වධදීමේ (waterboarding-හිස පහතට සිටිනසේ ලෑල්ලක සිරුර ගැට ගසා නාසය සහ කටට වතුර වත් කරමින් ගිලෙන සෙයක් දැනීමට සැලැස්වීම) ක්‍රමය සාධාරණීකරණය කරමින් අධිකරණ දෙපාර්තමේන්තුවේ (Justice Department) සටහන් නිකුත් විය.

ඩිමොක්‍රටික් පක්ෂය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” පූර්ණ පාර්ශ්වකරුවෙකු වූ අතර, බුෂ්ගේ යුද්ධ සඳහා අරමුදල් සැපයීමට නැවත නැවතත් ඡන්දය දුන් අතර, පසුව එක්සත් ජනපද-නැටෝ ලිබියානු බෝම්බ හෙලීම සහ සිරියාවේ සහ යේමනයේ එක්සත් ජනපද අනුග්‍රහය ලත් යුද්ධ ආරම්භ කළ ඔබාමා යටතේ ඒවා පවත්වාගෙන යමින් තවදුරටත් පුළුල් කළේය. නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව එක්සත් ජනපද පුරවැසියන් ඇතුළු පුද්ගලයන් ඩ්‍රෝන මිසයිල මගින් ඝාතනය කිරීම සඳහා නීතිමය පදනම සකස් කළේ ද, එක්සත් ජනපද යුද අපරාධ සහ නීති විරෝධී මහජන පිළිබද ඔත්තු බැලීම හෙළිදරව් කළ චෙල්සී මැනින්ග් (Chelsea Manning) සහ එඩ්වඩ් ස්නෝඩන් (Edward Snowden) වැනි ධෛර්ය සම්පන්න තොරතුරු හෙළිදරව් කරන්නන්ට (whistleblowers) හිංසා පීඩා කිරීමට පෙරමුණ ගත්තේ ද ඔබාමාගේ නීතිපති එරික් හෝල්ඩර් (Eric Holder) විසිනි.

සංගත (සමාගම්) මාධ්‍ය ජාත්‍යන්තර නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එල්ල වූ ප්‍රහාරවල උද්‍යෝගිමත් අනුගාමිකයන් විය. ඩිමොක්‍රටික් පක්ෂ ලිබරල්වාදයේ ප්‍රධාන ප්‍රකාශකයා වූ නිව් යෝර්ක් ටයිම්ස් පෙරමුණ ගනිමින්, මාධ්‍ය ස්වාධීනත්වයේ සෑම අංශුවක්ම අතහැර දමන ලදී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ භූමිකාව කෝපරේට් මාධ්‍යවල යටත්වීමට වඩාත්ම තියුණු ලෙස වෙනස් විය. ප්‍රහාර එල්ල වූ දින සිටම, WSWS ඒවා පතිගාමී මහා ඝාතන ක්‍රියා ලෙස හෙළා දුටු අතර, දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද මිලිටරි ප්‍රහාර සහ දේශීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඒවා යොදා ගනු ඇතැයි අනතුරු ඇඟවීය.

මාධ්‍ය සහ රජය එකතු වී සිදු කළ වසන් කිරීම් හමුවේ වුවද මතුවූ සියලු සාක්ෂි අපි ප්‍රවේශමෙන් විශ්ලේෂණය කළ අතර, ඩිමොක්‍රටිකයන් සහ රෙපබ්ලිකානුවන් යන දෙපිරිසම වැළඳගත් යුද්ධයේ සහ මර්දනයේ වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කළෙමු. අල්-කයිඩා මහා ඝාතනය අගය කළ සුළු-ධනපති වමේ (petty-bourgeois left) කොටස්වල ජනප්‍රියවාදී ප්‍රකාශ (demagogy) අපි ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රහාරයෙන් දින දහයකට පසු, “ව්‍යාජ සමාජවාදයේ එක් ආකාරයක්, එනම් නරුමයන්ගේ සහ මෝඩයන්ගේ ව්‍යාජ ‘අධිරාජ්‍යවාදී විරෝධය’” ගැන ලියා තැබුවෙමු.

මිලිටරි ආක්‍රමණ, මහා පරිමාණ රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් සාධාරණීකරණය කිරීමට සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදාගත් ලිබරල් විද්වතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ යටත්වීම අපි හෙළිදරව් කළෙමු. “අප සටන් කරන්නේ කුමක් සඳහාද (What We’re Fighting For)” ප්‍රකාශනයට අත්සන් තැබූ මහාචාර්යවරුන් හැට දෙනා ගැන WSWS මෙසේ ලීවේය: “මෙහි අඩංගු වන්නේ නොදැනුවත්කම හෝ අහිංසක කම නෙවෙයි, වංකභාවය සහ නරුමත්වයයි.”

9/11 සිට ගෙවී ගිය වසර 25 බොරු ප්‍රචාරණය අපකීර්තියට පත් කර ඇති අතර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගැඹුරු වන අර්බුදය පෙන්නුම් කර ඇත. ඇෆ්ගනිස්ථාන යුද්ධය විනාශයකින් කෙළවර වූ අතර, තලිබාන් (Taliban) සංවිධානය නැවත බලයට පැමිණීමෙන් අවසන් වූ වසර 20 ක ගැටුමකදී ඇෆ්ගන් ජාතිකයන් 100,000 කට වැඩි පිරිසක් මෙන්ම ඇමරිකානුවන් 6,000 ක් ද මිය ගියහ. ඉරාක යුද්ධය ඊටත් වඩා විශාල ලේ වැගිරීමක් වූ අතර, ඇමරිකානුවන් 7,000 කට අමතරව ඉරාක ජාතිකයින් මිලියන 1 ක් පමණ මිය ගියහ. එක්සත් ජනපදය දැන් ඉරානය සමඟ යුද්ධයක නියැලී සිටින අතර, ප්‍රහාරකයන්ගෙන් බහුතරයක් සැපයූ සහ ඔවුන්ගෙන් සමහරෙකුට මූල්‍යමය වශයෙන් පවා ආධාර කළ සෞදි අරාබිය, වොෂින්ටනය සමඟ ඊටත් වඩා සමීප සබඳතා පවත්වාගෙන යයි.

9/11 සඳහා එහි ප්‍රතිචාරය මගින් ඇමරිකානු පාලක පන්තිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කිසිදු සහයෝගයක් නොමැති බව හෙළි විය. එතැන් සිට, අභ්‍යන්තර පොලිස් බලතල දැඩි කිරීම — නිරීක්ෂණය‍‍/ඔත්තු බැලීම, පොලිස් ඝාතන, මහා පරිමාණ රඳවා තබා ගැනීම් — පිම්මේ වර්ධනය වී ඇත. එවැනි තවත් ප්‍රහාරයක් සිදුවුවහොත් — නැතහොත් හිට්ලර්ගේ රයිච්ස්ටැග් ගින්න (Reichstag fire) ආකෘතියෙන් වේදිකාගත කළහොත් — ධනපති රාජ්‍යයේ ප්‍රතිචාරය ඊටත් වඩා පාලනයකින් තොර වනු ඇත. වීදිවල හමුදාව යෙදවීම, මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් සහ පූර්ණ පරිමාණයේ පොලිස්-රාජ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වනු ඇත.

නමුත් කම්කරු පන්තිය ද තිත්ත පාඩම් ඉගෙන ගෙන ඇත. බුෂ්, ඔබාමා, ට්‍රම්ප්, බයිඩන්  සහ දැන් නැවතත් ට්‍රම්ප් විසින් ගෙනයනු ලබන “නිමක් නැති යුද්ධ (forever wars)” සඳහා කිසිදු සහයෝගයක් නැත. මිලිටරි-බුද්ධි යාන්ත්‍රණයේ සහ එහි මාධ්‍ය ප්‍රකාශකයන්ගේ යුද හිතකාමී ප්‍රචාරයන් සැලකිය යුතු ලෙස ගන්නේ ස්වල්ප දෙනෙකි. පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) ඝාතනය කිරීම 2020 දී දැවැන්ත මහජන විරෝධතාවලට හේතු විය. නැවත පිහිටුවන ලද ට්‍රම්ප් පරිපාලනය, “රජවරු එපා (No Kings)” විරෝධතාවලදී, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම විපක්ෂ විරෝධතාවලට මුහුණ දී ඇත. කම්කරුවන් වැඩි වැඩියෙන් පන්ති සටන් ක්‍රම වෙත යොමු වෙමින් සිටින අතර, එහිදී ඔවුන්ට වහාම වෘත්තීය සමිති යාන්ත්‍රණයේ විරෝධයට මුහුණ දීමට සිදු වේ.

දැන් පවතින කාර්යය වන්නේ ගෙවී ගිය සියවසෙන් කාලයක — සහ ඊට වැඩි කාලයක — දේශපාලන පාඩම් උකහා ගැනීම සහ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපිරිසම ඇතුළත් මහා සමාගම් පක්ෂවලින් දේශපාලනිකව වෙන්වීම මත පදනම්ව, විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරියට ගනිමින් ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ බලවත් මහා ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

සැප්තැම්බර් 11, එහි මූලාරම්භය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා එකතු කර ඇති, මෙම ප්‍රකාශනය සමඟ ඇති ප්‍රදර්ශනය අධ්‍යයනය කරන ලෙස අපි සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මෙරිං බුක්ස් (Mehring Books) වෙතින් ලබාගත හැකි, 1990 පර්සියානු ගල්ෆ් කලාපයෙන් ආරම්භ වූ යුද ව්‍යාපාරය තුළ මෙම ප්‍රහාර පිහිටුවා විග්‍රහ කරන ඩේවිඩ් නොර්ත්ගේ ශතවර්ෂ කාලක් පුරා යුද්ධ: ගෝලීය අධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ තල්ලුව 1990-2016 (David North’s A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016) ග්‍රන්ථය මිලදී ගන්නා ලෙස ද අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 25 ක් Read More »

Bogdan

බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකර සිටිමු: ෆැසිස්ට් තීන්දුව අහෝසි කරනු!

මෙම ප්‍රකාශය theSocialist.lk වෙබ් අඩවියේ 2026 අගෝස්තු 24 දින ඉංග්‍රීසි බසින් පළ කෙරුණි. 

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) ප්‍රකාශනය 

පර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් උසාවිය (inbox@pm.mk.court.gov.ua) සහ මයිකොලයිව් අභියාචනා උසාවිය (inbox@mka.court.gov.ua) වෙත යවන ලද අතර, එහි පිටපතක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site – freebogdan@wsws.org) වෙත යවන ලදී.

Bogdan
බොග්ඩාන් සයිරොටියුක්, 2023 අප්‍රේල්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (International Committee of the Fourth International – ICFI) ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සමග සහයෝගීතාවයෙන්, දකුණු ආසියාවේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය සහ තරුණයින් අතර සටන් වදින ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA), රුසියාවට එරෙහි එජා-නැටෝ (US-NATO) යුද්ධයට එරෙහිවූවෙකු, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි (Young Guard of Bolshevik-Leninists) නායකත්ව සාමාජිකයෙකු සහ 27 හැවිරිදි යුක්‍රේනියානු සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට (Bogdan Syrotiuk) “යුද නීතිය යටතේ රාජ්‍ය ද්‍රෝහී වීම” යන චෝදනාව මත වසර 15 ක සිරදඬුවමක් නියම කරමින් 2026 අගෝස්තු 10 වන දින නිකොලෙව් කලාපයේ දිස්ත්‍රික් උසාවියක් විසින් දෙන ලද ෆැසිස්ට් තීන්දුව දැඩි ලෙස හෙළා දකී. මෙම තීන්දුව වහාම අහෝසි කරන ලෙසත් බොග්ඩාන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් අපි බලකර සිටිමු.

රුසියානු රාජ්‍යයේ නියෝජිතයෙකු බවට වූ පදනම් විරහිත චෝදනාව මත 2024 අප්‍රේල් 25 වන දින යුක්‍රේන ආරක්ෂක සේවය (Security Service of Ukraine) විසින් බොග්ඩාන් අත්අඩංගුවට ගන්නා ලදී. වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත්, එම චෝදනාව සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඇත්ත වශයෙන්ම උසාවිය හමුවේ තබන ලද්දේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (World Socialist Web Site) පළවූ ලිපි හයක් සහ 2023 මැයි දින කථාවක් වන “රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා!” යන්නයි. මෙම ලේඛන මගින් පුටින් පාලනය විසින් ආරම්භ කරන ලද සහ එජා-නැටෝ (US-NATO) ප්‍රොක්සි ගැටුමක් ලෙස ගෙනයනු ලබන යුද්ධයට එරෙහිව යුක්‍රේනියානු සහ රුසියානු කම්කරුවන්ගේ ජාත්‍යන්තර එක්සත්කම කැඳවුම් කරන ලදී; නාසි සහකාරක ස්ටෙපාන් බන්ඩෙරා (Stepan Bandera), යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (Organization of Ukrainian Nationalists – OUN) සහ වෆෙන්-එස්එස් ගැලීසියා බළකාය (Waffen-SS Galicia Division) සෙලෙන්ස්කි ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කිරීම ඒවායින් හෙළිදරව් කරන ලදී; තවද යුක්‍රේනය තුළ මැතිවරණ සහ විපක්ෂ දේශපාලනය අහෝසි කිරීම ලේඛනගත කරන ලදී. මෙයින් කිසිවක් අබමල් රේණුවක හෝ අර්ථයක් දරා සිටින කිසිදු නෛතික ප්‍රමිතියක් යටතේ රාජ්‍ය ද්‍රෝහීකමක් නොවේ. එය යුක්‍රේනය ද අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතියේ (European Convention on Human Rights) 10 වැනි වගන්තිය මගින් ප්‍රතිපත්තියක් ලෙස ආරක්ෂා කර ඇති දේශපාලන ප්‍රකාශනයකි.

රාජ්‍යයේම අධිකරණ වෛද්‍ය ආයතනවලට පවා මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි විය. ප්‍රබල යුක්‍රේනියානු අපරාධ විද්‍යාඥයෙකු වන යූරි ඉර්කින්ගේ (Yuri Irkhin) පිටු 65 ක වාර්තාවකින් බොග්ඩාන්ගේ ලේඛනවල රුසියානු ආක්‍රමණය සඳහා වූ ප්‍රචාරණයකට සමාන වන කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් උසාවිය විසින් රාජ්‍යය මෙහෙයවන ලද දෙවන පරීක්ෂණයක් නියෝග කළ විට, එම ආයතනයට පවා, ආණ්ඩුව පෙරළා දැමීමේ කැඳවුමක්, බලය අල්ලා ගැනීමේ උපදේශනයක් හෝ යුක්‍රේනයේ දේශසීමා වෙනස් කිරීමට සහය දැක්වීමක් හඳුනා ගැනීමට නොහැකි විය. උසාවිය තමන්ගේම විශේෂඥයන් නොසලකා හැරියේය. එය විත්තිය නොසලකා හැරියේය. එය නීතිය නොසලකා හැරියේය. අගෝස්තු 10 වන දින නිකුත් කරන ලද්දේ අධිකරණ තීන්දුවක් නොව සෙලෙන්ස්කි පාලනයේ දේශපාලන නියෝගයකි – බොග්ඩාන්ගේ ස්ථාවරයන්ගේ “සාමාජික වශයෙන් අන්තරායකාරී ප්‍රතිවිපාක” උපුටා දක්වන නඩු තීන්දුවෙන්ම අර්ධ වශයෙන් පිළිගන්නා පරිදි – එය කිසිදු ඔත්තු බැලීමේ ක්‍රියාවක් ඉලක්ක කරගත් එකක් නොව, යුක්‍රේනියානු කම්කරුවන් සහ සෙබළුන් අතර යුද විරෝධී හැඟීම් වර්ධනය වීම ඉලක්ක කරගත් එකකි. 2025 දී සිදු කරන ලද මත විමසුමකට අනුව යුක්‍රේනියානුවන්ගෙන් සියයට 69 ක් යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට පක්ෂපාතී වූ අතර – එය 2022 ට සාපේක්ෂව සම්පූර්ණ ආපසු හැරීමකි – ආක්‍රමණය ආරම්භ වූ තැන් සිට හමුදාව හැරයාම සම්බන්ධයෙන් යුක්‍රේනියානු සෙබළුන්ට එරෙහිව අපරාධ නඩු 300,000 කට වඩා විවෘත කර ඇත. සෙලෙන්ස්කි ඒකාධිපතිත්වය බොග්ඩාන් සයිරොටියුක් සිරගත කිරීම තුළින් මර්දනය කිරීමට උත්සාහ කරන්නේ පහළින් මතුවන මෙම වැඩෙන කැරලි ගැසීම මිස මොස්කව් වෙතින් එල්ල වන කිසිදු තර්ජනයක් නොවේ.

මෙම තීන්දුව ලබා දී ඇති පාලන තන්ත්‍රයේ ස්වභාවය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුර කාලය 2024 මැයි මාසයෙන් අවසන් විය. වසර දෙකකට පසුවත්, ඔහු අද පාලනය කරන්නේ අධිකාරී නියෝග මගින්, යුධ නීතිය යටතේ, මැතිවරණ දින නියමයක් නොමැතිව අත්හිටුවමිනි. 2015 සිට කොමියුනිස්ට් පක්ෂ සහ සංකේත තහනම් කර ඇත. 2022 දී ආණ්ඩුව විසින් විපක්ෂ දේශපාලන පක්ෂ එකකොළහක වැඩකටයුතු අත්හිටුවන ලද අතර, පසුව පාර්ලිමේන්තුවේ විශාලතම විපක්ෂ කන්ඩායම මුළුමනින්ම තහනම් කරන ලදී. 2024 ජූනි මාසයේ සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) යුක්‍රේනය තුළ අවුරා ඇත. යුක්‍රේනයේ රාජ්‍ය ද්‍රෝහී සහ සහයෝගිතා (collaboration) පනත් යටතේ අපරාධ නඩු 20,000 ක් පමණ විවෘත කර ඇති අතර, එම නීති අන්තරායකාරී ලෙස පුළුල් හා අපැහැදිලි බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය විස්තර කර ඇත. අත්පත් කරගත් ප්‍රදේශවල හදිසි සේවා, ඉදිකිරීම් සහ කසල ඉවත් කිරීමේ කටයුතු කළ පුද්ගලයන් පවා රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නඩු පවරා ඇත. යුක්‍රේන අත්අඩංගුවේ පසුවන්නන්ට වධහිංසා පැමිණවීම සහ පීඩා කිරීම සම්බන්ධයෙන් දිගටම ලේඛනගත කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය 2025 සැප්තැම්බර් වාර්තා කළේය. යුරෝපීය මණ්ඩලයේ වධහිංසා විරෝධී කමිටුව විසින් යුක්‍රේන පූර්ව නඩු-විභාග පහසුකම්වල (remand prisons) තත්ත්වය අමානුෂික හා පහත් තත්ත්වයක පැවතිය හැකි බව විස්තර කර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇති විත්තිකරුවෙකුට මෙම පද්ධතිය තුළ වසර පහලොසක සිරදඬුවමක් නියම කිරීම යනු ක්‍රමයෙන් මරණයට පත්කිරීමේ දඬුවමකට නොඅඩු දෙයකි.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වෙසෙන අපට මෙම පාලන ක්‍රමය හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නැත, මන්ද අපද මෙහි විවිධ රූපයන් හරහා ජීවත් වී ඇති බැවිනි. ශ්‍රී ලංකා රාජ්‍යය “ජාතික ආරක්ෂාව” නාමයෙන් දශක ගණනාවක් තිස්සේ වාර්ගික සිවිල් යුද්ධයක් ගෙන ගිය අතර, විපක්ෂ වීම අපරාධයක් කිරීමට, නඩු විභාගයකින් තොරව සැකකරුවන් රඳවා තබා ගැනීමට සහ යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ ජනතාවට එරෙහිව මහා පරිමාණ අපරාධ සිදු කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act) වැනි නීති භාවිතා කළ අතර රාජ්‍යය සහ එහි ක්ෂමාලාපකයන් අදටත් එම අපරාධ සිදුකළ බව ප්‍රතික්ෂේප කරති. මෙම ඉතිහාසයෙන් බිඳී යාමක් පොරොන්දු වෙමින් බලයට පත් වූ දිසානායක නායකත්වය දෙන ජේවීපී-එන්පීපී (JVP-NPP) ආණ්ඩුව, ඒ වෙනුවට තමන්ගේ පූර්වගාමීන්ගෙන් උරුම වූ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියෝග කළ කප්පාදු වැඩසටහන තවදුරටත් ගැඹුරු කර ඇති අතර, රාජ්‍යයේ මර්දනකාරී යන්ත්‍රණය බොහෝ දුරට එලෙසම පවත්වා ගෙන යමින් කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ දෙමළ හා මුස්ලිම් සුළුතරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාමාජික අයිතිවාසිකම් තවදුරටත් මර්දනය කරමින් සිටී. ඉන්දියාවේ හින්දුත්ව (Hindutva) වාර්ගික-ජාතිකවාදී ව්‍යාපෘතියේ සිට කලාපයේ වෙනත් ස්ථානවල මිලිටරි හා සිවිල් ඒකාධිපතිවාදය දක්වා මුළු දකුණු ආසියාව පුරාම, පාලක පන්ති ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ මහජන සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ සහන ලබා දීමෙන් නොව, වාමාංශික සහ යුද විරෝධී දේශපාලනය අපරාධයක් බවට පත් කිරීමෙනි. බොග්ඩාන් සයිරොටියුක්ට හිංසා පීඩා කිරීම යනු එහි අවසාන, අධිරාජ්‍යවාදී අදියරේ පවතින ධනපති ක්‍රමයේ ලෝක ප්‍රවණතාවයක තියුණු ප්‍රකාශනයකි: යුද්ධය සහ අගහිඟකම්, පහළින් මැඩපැවැත්විය නොහැකි විරෝධයක් ජනනය කරන විට, සෑම තැනකම පාලක පන්ති ඒකාධිපතිත්වයට අත පොවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වචන වලින් පැවසුවහොත්, වඩාත්ම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි තමන්ගේ ෆැසිස්ට් අවඥාව මේ වන විටත් පෙන්නුම් කර ඇති අධිකරණ පද්ධතියක අභිමතයට අත්හැර දැමීමට හෝ බොග්ඩාන් සයිරොටියුක්ගේ නඩුව යුක්‍රේනයේ අභ්‍යන්තර කරුණක් ලෙස සැලකිය නොහැක්කේ එබැවිනි. එය ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තිය සහ තරුණයින් ඇතුළු සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තියටම පරීක්ෂණයකි. මෙම යුද්ධය පුරාම සෙලෙන්ස්කි පාලනය සන්නද්ධ කළ සහ මූල්‍යමය වශයෙන් පෝෂණය කළ අධිරාජ්‍යවාදී බලවතුන් – නේටෝ (NATO) බලවතුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය – රුසියාව සමඟ සෘජු ගැටුමක් දෙසට සහ අවසානයේ ඉරානය, වෙනෙසුවේලාව, ලෙබනනය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උණුසුම් ස්ථාන කරා දැනටමත් ස්පර්ශ වන පුළුල් ලැව්ගින්නක් දෙසට තීව්‍ර වන යුද්ධයක් සඳහා සෘජු දේශපාලන වගකීම දරයි. කියෙව්හි (Kyiv) මර්දනයට අරමුදල් සපයන අධිරාජ්‍යවාදී බලවතුන්ම අපගේම ආණ්ඩුවල කප්පාදු සහ මිලිටරිකරණ කොන්දේසි නියම කරන බැවින් සහ බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම යනු කොළඹ, යාපනය, මුම්බායි, ඩකා, කරච්චි සහ මෙම කලාපයේ සෑම නගරයකම සිටින සමාජවාදීන්ට යුද්ධයට, වර්ගවාදයට සහ ධනපති සූරාකෑමට එරෙහිව කම්කරු පන්තිය සංවිධානය කිරීමේදී  සිරගත කිරීමේ  බියෙන් තොරවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමෙන් වෙන් කළ නොහැකි බැවින්, ශ්‍රී ලංකාවේ සහ මුළු දකුණු ආසියාවේම කම්කරුවන්ට මෙම සටන තුළ සෘජු පාර්ශවකාරීත්වයක් ඇත.

බොග්ඩාන් සයිරොටියුක් කළ එකම වරද සත්‍යය පැවසීමයි: එනම් මෙය අධිරාජ්‍යවාදී යුද්ධයක් බව, යුක්‍රේනියානු සහ රුසියානු කම්කරුවන් තමන්ගේ පාලක පන්ති තුළ පොදු පන්ති සතුරෙකුට මුහුන දෙන බව සහ නාසි සහායකයින් ජාතික වීරයන් ලෙස සැමරීම ඓතිහාසික මතකයට එරෙහි අපරාධයක් බව පැවසීමයි. මේ සඳහා ඔහු වසර පහලොවක සිරදඬුවමකට මුහුණ දී සිටී. තදබදය, වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම සහ අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවන මරණ යුරෝපානු මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලේඛනගත කර ඇති යුක්‍රේනයේ සිරගෙවල් පද්ධතිය තුළ වසර 15 ක දඬුවමක් යනු මරණ දඬුවමකි. අත්අඩංගුවට ගන්නා විටත් සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති බොග්ඩාන් හට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇත. ඔහු දියවැඩියාවෙන් සහ හෘද රෝගවලින් පෙළෙන අතර, සිරගෙදර පරිපාලනය විසින් දන්ත ප්‍රතිකාර ලබා දීම සිතාමතාම ප්‍රතික්ෂේප කිරීම – ඔහුට එය දැඩි, නතර නොවන වේදනාවක් ඇති කර ඇත – ප්‍රතිකාර නොකළහොත් රුධිරය විෂ වීමට (sepsis) සහ මරණයට හේතු විය හැකි නිදන්ගත ආසාදන ඇතිවීමේ අවදානමක් පවතී. ඔහු බන්ධනාගාරගතව සිටින සෑම දිනක්ම ඔහුගේ ජීවිතයට තර්ජනයකි.

පර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් උසාවියෙන් සහ මයිකොලයිව් අභියාචනා උසාවියෙන් අප ඉල්ලා සිටින්නේ මෙම තීන්දුව ප්‍රමාදයකින් තොරව අහෝසි කරන ලෙසත් බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීමට නියෝග කරන ලෙසත්ය. ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියාවේම කම්කරුවන්, ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නායකයින්, නීතිඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන් සහ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම නඩුව තමන්ගේම කරගන්නා ලෙසයි: අප ඉල්ලා සිටින්නේ තමන්ගේ වෘත්තීය සමිති, සේවා ස්ථාන, විශ්ව විද්‍යාල සහ සංවිධානවල බොග්ඩාන්ගේ නිදහස ඉල්ලා යෝජනා සම්මත කරන ලෙසත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (International Committee of the Fourth International) විසින් ගොඩනඟනු ලබන ජාත්‍යන්තර ව්‍යාපාරයට එකතු වන ලෙසත්ය.

තීන්දුව අහෝසි කරනු. බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සමග සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA)

බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකර සිටිමු: ෆැසිස්ට් තීන්දුව අහෝසි කරනු! Read More »

Bogdan

Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison

WSWS Editorial Board.

theSocialist.lk republishes the following statement by the WSWS Editorial Board published on WSWS.org on 10 August 2026. We call upon our readers to join the fight to ensure the immediate and unconditional release of Syrotiuk.

IMG 2300
Bogdan Syrotiuk

On August 10, Bogdan Syrotiuk, a 27-year-old Ukrainian socialist and opponent of the US-NATO war against Russia, was sentenced to 15 years in prison. The verdict, handed down by a district court in the Nikolaev region, also orders the confiscation of his property and electronic devices and the destruction of the socialist books, leaflets and programmatic documents taken from him.

The World Socialist Web Site and the International Committee of the Fourth International denounce this verdict and call on workers, young people and all defenders of democratic rights around the world to demand Bogdan’s immediate release.

The verdict will be immediately appealed. Under Ukrainian law, the appeal must be filed within 30 days. We call on all supporters of democratic rights to back these legal actions and call for the annulment of the sentence.

Bogdan, a leading member of the Young Guard of Bolshevik-Leninists (YGBL), was convicted of “high treason … under martial law.” But the record of the case contains no act of treason—no espionage, no sabotage, no collaboration with any military force. The sole evidence presented against him consisted of his writings, published on the World Socialist Web Site, and his communications with the editors who published them.

The state’s experts examined 14 of Bogdan’s writings and included seven in the indictment. The court was then forced to drop one of the seven—an article on the military commissariats’ violent seizure of draft dodgers—after its own forensic commission could find nothing criminal in it. Bogdan has been sentenced to 15 years in prison for six articles.

What was the subversive content? According to the court, the articles contained “non-recognition of Ukraine’s legitimately elected political leadership and democratic processes,” “comparisons with fascists and Nazis,” “negative assessments of Ukraine’s Armed Forces” and “reinterpretation of national heroes and historical figures.”

In fact, everything written by Bogdan is politically and historically accurate. The “legitimately elected political leadership” is a president whose term of office expired in May 2024. Zelensky remains in power more than two years past his legal mandate, ruling by decree under a state of permanent martial law. Elections have been canceled and basic democratic rights suspended. Bogdan has been convicted of failing to recognize “democratic processes” in a country where no democratic processes exist. His is a verdict handed down by a regime of illegality.

As for the “national heroes” whom Bogdan is accused of “reinterpreting,” they are Stepan Bandera and the leaders of the OUN (Organization of Ukrainian Nationalists) and the Waffen-SS Galicia Division—Nazi collaborators who supported Hitler’s invasion of the Soviet Union in 1941 and were implicated in the mass murder of Jews and Poles. The court’s complaint about “comparisons with fascists and Nazis” refers to Bogdan’s exposure of the official rehabilitation and celebration of these forces. 

Among the “proofs” of treason cited by the court are Bogdan’s article “The crimes of the Banderovites against the Ukrainian people: Notes by a Ukrainian Trotskyist” and his 2023 May Day speech, “For the Unity of the Working Class of Russia and Ukraine!” In any country where democratic rights retain the slightest meaning, such writings are protected speech. In Ukraine under Zelensky, they carry a 15-year sentence.

When Bogdan was arrested by the Security Service of Ukraine (SBU) on April 25, 2024, the state claimed he was functioning as an agent of the Russian government. In the more than two years since, nothing was produced to substantiate that libelous allegation. In fact, the articles that are cited in the conviction make explicit Bogdan’s opposition to the Russian invasion and the Putin regime.

The verdict refers several times to the “socially dangerous consequences” of Bogdan’s positions. This exposes the fact that the prosecution of Bogdan is not about the manufactured pretext of support for Russia. Rather, it is aimed at the growing opposition to war and the Zelensky regime among Ukrainian workers and youth.

The evidence presented in Bogdan’s defense was never answered. A 65-page report by Yuri Irkhin, one of Ukraine’s leading criminologists, found in Bogdan’s writings no “statements, phrases, sentences, or word combinations that have signs of propaganda aimed at supporting the armed aggression of the Russian Federation.” Rather than respond to it, the court ordered a new examination from a state forensic institute—which, even so, found in the articles no calls for the overthrow of the state, the seizure of power, subversive acts or the alteration of Ukraine’s borders. 

The defense established that nothing in the record made out the elements of treason, and that Bogdan’s writings were political speech protected by Article 10 of the European Convention on Human Rights. The court swept all of this aside.

The verdict was not the outcome of a legal proceeding but the execution of a political directive from the Zelensky dictatorship. It states that Bogdan acted “on instructions from a representative of the World Socialist Web Site, under the pseudonym ‘David’”—identified in the judgment itself as David North, chairman of the International Editorial Board of the WSWS. The Ukrainian state is asserting the power to declare international socialist and antiwar publications criminal enterprises, and collaboration with them treason.

The decision to destroy the YGBL’s program, its brochures, leaflets and folders of printed articles exposes the real content of the verdict. The methods are those of fascist regimes: imprison the opposition, confiscate its materials, burn its writings. The court even ordered Bogdan to pay more than 178,000 hryvnia to cover the cost of the forensic “examinations” used to convict him.

The sentencing of Bogdan takes place in a country in which left-wing politics has been outlawed. Communist parties and symbols have been banned in Ukraine since the “decommunization” laws of 2015. In 2022, the Zelensky government suspended 11 opposition parties, including the largest opposition party in parliament, which was subsequently banned outright.

Some 20,000 criminal cases have been opened under Ukraine’s treason and collaboration statutes, according to the United Nations Human Rights Office, which reported in September 2025 that it “continues to document cases of torture and ill-treatment” of detainees held by the Ukrainian state. Human Rights Watch describes the collaboration laws as “overly broad and vague”; among those prosecuted are people who carried out “emergency services, construction, humanitarian relief and garbage removal” in occupied territory.

The World Socialist Web Site has been banned in Ukraine since June 6, 2024, six weeks after Bogdan’s arrest.

All of this has been buried and concealed from the public by the government and media outlets that claim the war is being waged in defense of Ukrainian democracy.

The frame-up of Bogdan is the act of a desperate regime. Opposition to the war is mounting within Ukraine itself. More than 300,000 criminal cases have been opened against soldiers for desertion or absence without leave since 2022, the majority of them in the past year. In 2025, 69 percent of Ukrainians told Gallup that the country should seek a negotiated end to the war, a complete reversal of opinion since 2022. Terrified of the growth of antiwar sentiment among workers and soldiers, the Zelensky government is intensifying repression at home while working to create the framework for the direct entry of the NATO powers into the war.

A sentence of 15 years in a Ukrainian prison is the equivalent of a death sentence. The conditions in Ukraine’s penitentiary system are well documented. At the United Nations Committee Against Torture’s review of Ukraine in April 2025, experts cited overcrowding, inadequate access to food and water, the absence of independent medical examinations and a rising toll of deaths in custody. The Council of Europe’s anti-torture committee, reporting on its October 2023 visit to Ukraine, described decaying facilities in which remand prisoners are confined to their cells for up to 23 hours a day and found conditions in one pretrial detention center so degraded that it judged them potentially “inhuman and degrading.”

Bogdan, whose health was already poor at the time of his arrest, has been denied urgently needed medical treatment for over a year, despite repeated promises from the prison administration. Every day behind bars is a threat to his life.

His fate cannot be left to the courts of a state that has just demonstrated its fascist contempt for democratic rights. Bogdan’s freedom will be won by the mobilization of the international working class, youth and all progressive organizations and individuals dedicated to the defense of democratic rights. We appeal to workers, trade unions, student and youth organizations, civil liberties groups, and socialist and anti-war movements in every country: Take up Bogdan’s case. Pass resolutions in your workplaces, unions, schools and universities demanding his release. Issue public statements of protest.

Send statements demanding the overturning of the verdict and Bogdan’s immediate release to the Pervomaisk City District Court at inbox@pm.mk.court.gov.ua, with copies to the World Socialist Web Site at freebogdan@wsws.org.

The fight to free Bogdan Syrotiuk is a fight against imperialist war, dictatorship and fascism. Fill out the form below to get involved.

Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison Read More »

IMG 1843

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 23 දින “Japanese defense minister calls for end of “taboo” on nuclear weapons” යන හිසින් පළවූ බෙන් මැක්ග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

IMG 1843
ෂින්ජිරෝ කොයිසුමි [AP Photo/Eugene Hoshiko, Pool]

ජපානයේ ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ජූලි 17 වන දින ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, ජපානයට න්‍යෂ්ටික ආයුධ හඳුන්වා දීම පිළිබඳව ටෝකියෝව සාකච්ඡා කළ යුතු බවයි. දැනට ධුරයේ සිටින රජයේ සාමාජිකයෙකුගෙන් මෙවැනි අදහස් පළවීම දුර්ලභ වන අතර, චීනයට එරෙහිව ඇමරිකාව මෙහෙයවන යුද ව්‍යාපාරයේ කොටසක් ලෙස ටෝකියෝවේ වේගවත් වන ප්‍රතිසන්නද්ධ වීමේ (remilitarization) වැඩසටහන මෙයින් පෙන්නුම් කෙරේ.

ඔන්ලයින් වැඩසටහනක් වන ගෙන්රොන් ටීවී (Genron TV) වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කොයිසුමි ප්‍රකාශ කළේ, “මෙය ජපානයට සාකච්ඡා කිරීමට අපහසු විෂයයක් වුවද, අපට මගහැරිය නොහැකි එක් මාතෘකාවක් වන්නේ න්‍යෂ්ටික ආයුධයි” යනුවෙනි. මෙම අදහස් පළ වූයේ අන්ත-දක්ෂිණාංශික  ආරක්ෂක අමාත්‍යවරයා යුරෝපය බලා පිටත්ව යාමට ආසන්නව තිබියදීය. පැරිසිය සිය න්‍යෂ්ටික ආයුධ ගබඩාව  ඉහළ නැංවීමට සැලසුම් කරන අතරම, හෙල්සින්කි (ෆින්ලන්තය) මෑතකදී නේටෝ  න්‍යෂ්ටික ආයුධ එරට ස්ථානගත කිරීම පිළිබඳ තහනම ඉවත් කිරීම උපුටා දක්වමින්, ඔහු ප්‍රංශය සහ ෆින්ලන්තය යන රටවල් දෙකම අනුගමනය කළ යුතු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.

පරමාණු බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩා විඳි එකම රට වන ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සත්කාරකත්වය දැරීම (hosting) හෝ ලබා ගැනීම (acquire) “හදිසි අවස්ථාවකදී”  අත්‍යවශ්‍ය කරුණක් ලෙස කොයිසුමි ඉදිරිපත් කළේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙය සලකා බලන විට, ජපානය මුහුණ දී සිටින ආරක්ෂක පරිසරය තුළ කිසිදු තහනම් වචනයකින් (taboo) තොරව සාකච්ඡා කරමින් සහ ඉදිරියට යමින්, දැඩි අර්බුදකාරී හැඟීමකින් යුතුව සෑම ප්‍රතිපත්තියකටම අප එළඹිය යුතු බව පැහැදිලි කිරීමට අප මීටත් වඩා වැඩි උත්සාහයක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.”

යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ඇමරිකාව/නේටෝව විසින් ඇවුලූ යුද්ධය පුපුරා ගිය තැන් පටන්, ජපානයේ වේගවත් ප්‍රතිසන්නද්ධ වීම සඳහා නිදහසට කරුණක් (pretext) ලෙස චීනය තායිවානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට චෝදනා කරමින්, “අද යුක්‍රේනය හෙට නැගෙනහිර ආසියාව විය හැකිය”යි ටෝකියෝව නිතිපතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව හෝ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන්ට ආරක්ෂාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. ඉරානයට එරෙහිව අඩු ඵලදායී  (low-yield) න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම “කළ හැක්කක්ද” යන්න ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අසා ඇති බව වාර්තා වේ. චීනය සමඟ යුද්ධයක් ඇති වුවහොත්, ඇමරිකාව සැකයකින් තොරව මෙවැනි ආයුධ වෙත යොමු වනු ඇති අතර, ජපානය එවැනි ප්‍රහාර සඳහා විභව මෙහෙයුම් වේදිකාවක් (staging ground) බවට පත් කරනු ඇත.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ ස්ථානගත කිරීම මගින් ඉන්දු-පැසිෆික් කලාපය තවදුරටත් අස්ථාවර කරනු ඇති අතර, එය සැකයකින් තොරව පුළුල් ආයුධ තරඟයකට සහ න්‍යෂ්ටික යුද්ධයක ඊටත් වඩා විශාල අනතුරකට මග පාදනු ඇත.

කොයිසුමිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් සඳුදා මෙසේ ප්‍රකාශ කළේය: “ජපන් බලධාරීන් න්‍යෂ්ටික කාරනාව පිළිබඳ ඔවුන්ගේ වැරදි ගණනය කිරීම්වල එල්බ සිටින්නේ නම්, න්‍යෂ්ටික-හරණ  මූලධර්ම ත්‍රිත්වය (three non-nuclear principles) සංශෝධනය කිරීමට වෙර දරන්නේ  නම් සහ මිත්‍ර පාක්ෂිකයින්ගේ න්‍යෂ්ටික ආයුධ ජපානයේ ස්ථානගත කරන්නේ නම්, ඔවුන් පශ්චාත්-යුධ (දෙවන ලෝක  යුද්ධයෙන් පසු) ජාත්‍යන්තර පිළිවෙත සහ ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්ති පාලන තන්ත්‍රයට (international nuclear non-proliferation regime) බරපතල ලෙස අභියෝග කරනවා පමණක් නොව, සාමය සඳහා වූ කැපවීම උල්ලංඝනය කරමින්, ජපන් ජනතා අවශ්‍යතාවයන්ට පිටුපාන අතර, අවසානයේදී ඒ සඳහා අධික වන්දියක් ගෙවීමට ඔවුනට සිදුවනු ඇත.”

වොෂින්ටනය සහ ටෝකියෝව යන දෙපාර්ශවයම, ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරයන් දියත් කිරීමෙන්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා නාවික යුධ නැව් යැවීමෙන් හෝ දිවයිනේ නිදහසට පක්ෂපාතී මතවාදයන්ට අනුබල දීමෙන්, එක් චීනයක් ප්‍රතිපත්තියට (One China policy) අඛණ්ඩව අභියෝග කරමින් වසර ගණනාවක් තිස්සේ බෙයිජිං පාලනය කුපිත කර ඇත. තායිවානය නිදහස ප්‍රකාශ කළහොත්, එය චීන භූමිය අනාගතයේදී කැබලි කිරීම සඳහා පූර්වාදර්ශයක් සපයන අතරම අධිරාජ්‍යවාදී බලවතුන්ට ප්‍රධාන භූමියට එරෙහිව යුද කඳවුරක් සපයන බව සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටින බෙයිජිං පාලනය, මෙම විෂයය සම්බන්ධයෙන් අතිශයින් සංවේදී වේ.

ඇමරිකාව සහ ජපානය ඇතුළු ලොව පුරා රටවල් දශක ගණනාවක් තිස්සේ තායිවානය චීනයේ කොටසක් බව පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කර ඇත. ඇමරිකාව ලාභ චීන ශ්‍රමය ග්‍රහණය කර ගැනීමට සහ බෙයිජිං හා මොස්කව් අතර පැවති ආතතීන් ගසා කෑමට මාන බලමින්, 1979 දී වොෂින්ටනය බෙයිජිං සමඟ විධිමත් සබඳතා ඇති කර ගත්තේ එම පදනම මත ය.

පසුගිය නොවැම්බර් මාසයේදී, අන්ත දක්ෂිණාංශික අගමැති සානා ටකායිචි ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කළේ තායිවානයේ “හදිසි අවස්ථාවක්” ජපානය සදහා”පැවැත්මට තර්ජනයක් වන තත්වයක්” (survival-threatening situation) නිර්මාණය කරන බවයි — එය “ආත්ම ආරක්ෂාව” (self-defense) නාමයෙන් චීනයට එරෙහි යුද්ධය සඳහා අවශ්‍ය නෛතික සාධාරණීකරණය සැපයීමකි.

කෙටි කාලීනව, වඩාත්ම සිදුවිය හැකි දර්ශනය වනුයේ ටෝකියෝව විසින් ජපන් භූමිය තුළ ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැරීමයි. කෙසේ වෙතත්, ටෝකියෝවට ඇමරිකාවේ කනිෂ්ඨ හවුල්කරුවෙකු (junior partner) පමණක් වීමේ අභිලාෂයක් නොමැත. ඒ වෙනුවට, ජපානය තුළ විවෘතව න්‍යෂ්ටික ආයුධ රඳවා තැබීමට ඇමරිකාවට ඉඩ දීම මගින් ටෝකියෝවට තවත් ඉදිරියට යාමටත්, තමන්ගේම න්‍යෂ්ටික ආයුධ ගබඩාවක් පිහිටුවා ගැනීමටත් පූර්වාදර්ශයක් සැපයෙනු ඇත. ජපානය සතුව අවම වශයෙන් කිලෝග්‍රෑම් 8,000 ක ආයුධ ශ්‍රේණියේ ප්ලූටෝනියම් (weapons-grade plutonium) තොගයක් පවතින අතර, එය න්‍යෂ්ටික ආයුධ 1,600 ක් සෑදීමට ප්‍රමාණවත් වේ. ජපානයේ තොග පිළිබඳ වෙනත් තක්සේරුවල අගයන් මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය.

කලාපයේ ප්‍රධාන බලවතා ලෙස නැවත නැගී සිටීමට ගන්නා උත්සාහයේදී, ජපන් අධිරාජ්‍යවාදයට තමන්ගේම න්‍යෂ්ටික ආයුධ සහිත වීම,  ඇමරිකාවේ වියදමින් පවා තමන්ගේම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා තහවුරු කර ගැනීම සදහා වැඩි හැකියාවක් ලැබෙනු ඇත.

කොයිසුමිගේ මෑතම අදහස් දැක්වීම්වල අරමුණ වන්නේ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ආවරණය කර ගැනීම වන අතරම, යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා චීනය කෙරෙහි මහජනතාව තුළ බියක් ඇති කිරීමයි. ඔක්තෝබර් මාසයේ බලයට පත්වූ තැන් සිට, ටකායිචි සහ ඇගේ රජයේ අනෙකුත් ප්‍රමුඛයින් ජපානය තමන්ගේ භූමිය තුළ න්‍යෂ්ටික ආයුධ ළඟ තබා නොගන්නා බවට, නිෂ්පාදනය නොකරන බවට හෝ ඉඩ නොදෙන බවට ප්‍රකාශ කෙරෙන ජපානයේ “න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන” සංශෝධනය කිරීමට ඉඟි කර ඇත.

න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන ප්‍රථමයෙන් ගෙනහැර දක්වන ලද්දේ 1967 දී ය, නමුත් ඒවා නීත්‍යානුකූලව බැඳ නොතබන අතර අතීතයේදී උල්ලංඝනය කර ඇත. 2024 දී, නිහොන් විශ්ව විද්‍යාලයේ (Nihon University) සම්මානිත මහාචාර්ය  ටකාෂි ෂිනොබු ලේඛන හෙළිදරව් කරමින් පෙන්වා දුන්නේ, ඇමරිකා-ජපාන ආරක්ෂක ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 1958 සහ 1960 අතර පැවති සාකච්ඡා අතරතුර, ජපන් රජය විමසීමකින් තොරව න්‍යෂ්ටික ආයුධ රැගත් ඇමරිකානු යුධ නැව් ජපන් වරායන්හි නැංගුරම් ලෑමට රහසිගතව ඉඩ දීමට ජපානය එකඟ වූ බවයි.

2017 දී ඇමරිකාව විසින් රහසිගතභාවයෙන් මුදාහළ (declassified) 1969 ලියවිල්ලකින් ද පෙන්නුම් කළේ, 1972 දී එම ප්‍රදේශය ජපානයට ආපසු ලබා දීමේ කොන්දේසියක් ලෙස “හදිසි පදනමක්” යටතේ ඔකිනාවා වෙත න්‍යෂ්ටික ආයුධ ගෙන ඒමට වොෂින්ටනයට ඉඩ දීමට ටෝකියෝව එකඟ වූ බවයි.

ජූලි 6 වන දින, ප්‍රධාන මිලිටරි ලේඛන තුන සංශෝධනය කිරීමේදී “න්‍යෂ්ටික-හරන මූලධර්ම තුන” සමාලෝචනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටකායිචි ප්‍රකාශ කළේ, තමා “සෑම විෂයයක්ම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම මේසය වෙත ගෙන එන” බවයි. දෙසැම්බර් මාසයේදී, නම සඳහන් නොකළ රජයේ නිලධාරියෙකු ද ජපානයට න්‍යෂ්ටික ආයුධ අවශ්‍ය බව  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ යැයි ප්‍රසිද්ධ විකාශන සේවයක් වන NHK වාර්තා කළේය.

ජපානය, සැලසුම් කළ කාලයට වසරකට පෙර, එනම් 2026 අග වන විට අදාළ ප්‍රධාන සන්නද්ධ ලේඛන තුන සංශෝධනය කිරීමට සැලසුම් කරයි. මෙම ලේඛන තුන 2022 දී සංශෝධනය කරන ලද අතර, 2027 වන විට මිලිටරි වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙක දක්වා දෙගුණ කිරීමේ සැලසුමක් ගෙනහැර දැක්වීය. ටකායිචි රජය පසුගිය වසර අවසානයේදී එම ඉලක්කයට ළඟා වූ අතිරේක අයවැයක් සම්මත කළේය. අනුගමනය කළ යුතු ආකෘති ල්‍රෙස සියයට 3.5 ක් වැය කිරීමට නේටෝ රටවල් සහ දකුණු කොරියාව ලබා දී ඇති පොරොන්දු රජය උපුටා දක්වන බැවින් අනාගත වියදම් ඊටත් වඩා වැඩි විය හැකිය.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සඳහා වන ඉල්ලීම් අලුත් දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, හිටපු අගමැති ෂින්සෝ අබේ 2022 පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළේ, ටෝකියෝව යුරෝපීය රටවල අඩිපාරේ යමින් ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැක්විය යුතු බවයි. “සාකච්ඡා කරමින් පැවතෙන බව ” යන භාෂාවෙන් ආවරණය කරන මෙම යෝජනාවල ප්‍රවේශම් සහගත ස්වභාවය, කම්කරු පන්තිය තුළ පවතින පුළුල් විරෝධයේ ප්‍රතිඵලයකි. අසාහි ෂිම්බුන් (Asahi Shimbun) පුවත්පත මගින් අප්‍රේල් මාසයේදී පවත්වන ලද සමීක්ෂණයකදී, 75% ක ජනතාවක් ජපානයේ න්‍යෂ්ටික-හරණ  ප්‍රතිපත්ති තුනෙහි කිසිදු වෙනසක් කිරීමට විරුද්ධ වූහ. මැයි මාසයේදී ජපානයේ මිලිටරි ව්‍යාප්තිය හෙළා දකිමින් විශාල විරෝධතා පැවැත්විණි.

ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනය විසින් අභිබවා යනු ලැබීමෙන් පසුව, ජපානය මිලිටරි බලය ඇතුළු සියලු මාර්ගවලින් සිය පසුබැසීම ආපසු හැරවීමට උත්සාහ කරයි. මෙයට පාලක පන්තියේ ව්‍යාජ “සාමකාමීත්වයට” (pacifism) ඇලී සිටීම අතහැර දැමීම පමණක් නොව, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් නොතකා කටයුතු කිරීම ද අවශ්‍ය වේ.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.]

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි Read More »

Merz

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර 

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measures” යන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Merz
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් 2026 ජුනි 18-19 දිනවල බ්‍රසල්ස් හි පැවති EU සමුළුවේදී කතා කරයි. [AP ඡායාරූපය/මාරියස් බර්ගල්මන්]

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්‍රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.

යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්‍රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්‍රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.

දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය  පුරා ක්‍රියාවට නැංවීමයි.

මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.

යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.

මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.

මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්‍රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.

සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”

අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.

වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.

නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්‍රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”

සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.

එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.

“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.

සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්‍රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ,  නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.

මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.

චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්‍රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.

වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.

2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.

යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්‍රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ  ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව  කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්‍රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.

සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.

සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ  පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.

යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්‍රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි.

ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්‍රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.

මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.

මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්‍රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර  Read More »

Iran

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 16 දින “US imperialism’s debacle in Iran” යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran
2026 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හානියට පත් තෙල් ගබඩා පහසුකමකින් ඝන දුමාරයක් නැඟී එයි. [AP ඡායාරූපය/වහීඩ් සලේමි]

පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ සටන් විරාම ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කරමින් සහ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ඇති කර තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය තමන් යුද්ධයට අවතීර්ණ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇත.

ඉරිදා දින “අවබෝධතා ගිවිසුමක්” ඩිජිටල් ලෙස අත්සන් කරන ලද අතර, නිල අත්සන් කිරීමේ උත්සවයක් සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන පරිදි දින 60 ක කාලරාමුවක් සහිත මෙම ගිවිසුම මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම, ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය ඇතුළු ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම බැඳී සිටී.

මෙම ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය. එහි සැබෑ පිටපත මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 25 ක පමණ ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, ඇමරිකාව එය හබ කර ඇත. ට්‍රම්ප් නැවතත් අවධාරණය කර ඇත්තේ “ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් හිමි කර ගැනීමට ඉඩ නොදෙන” බව වන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව “නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි” බවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදිනම ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දිගටම කරගෙන ගියේය.

කෙසේ වෙතත්, මෙහි ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එල්ල වූ අවිවාදිත පරාජයක් (debacle) නිරූපණය කරයි. මෙය පාසල් භූමියක සිටින චණ්ඩියෙකු රණ්ඩුවක් පටන් ගෙන අවසානයේ ඇසක් කළු කරගෙන (ගුටි කා) පරාජය වීම වැනි තත්ත්වයකි. ඉරාන රජය තවමත් බලයේ පවතී. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට හානියක් වී නැත. මෙමඟින් ලැබුණු වඩාත්ම සැබෑ ප්‍රතිඵලය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි, එනම් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම නැවත පත්වීමයි.

යුද්ධය ආරම්භ කරන විට පල කළ පාරට්ටු කර ගැනීම් (braggadocio) සහ එහි ප්‍රතිඵලයේ සැබෑ ස්වභාවය අතර විශාල පරතරයක් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමෙන්” යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාර්තු 2 වැනිදා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිදු මෝඩ සටන් නීති රීතිවලින් තොරව” ඉතිහාසයේ “වඩාත්ම මාරාන්තික ගුවන් බලශක්ති මෙහෙයුම” දියත් කරන බවයි. දින කිහිපයකට පසු ඔහු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූයේ “දවස පුරා අහසින් මරණය සහ විනාශය” ළඟා කර දෙන බවයි.

ඉරාන රජය බිඳ දැමීමට මේ වසර  පුරා උත්සාහ කරමින් සහ පෙබරවාරි මාසයේදී ඉරාන වැසියන්ගෙන් “ඔබේ රජය අත්පත්කර ගන්නා ලෙස” ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත පැවසුවේ: “මම කවදාවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීම (regime change) ගැන තැකීමක් කළේ නැහැ” යනුවෙනි.

මාධ්‍ය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිළිබඳ විවරණයන්ගෙන් පිරී පවතී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “තම යුධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ මූලූපායික පසුබැසීමක්” ලෙසය. 1991 දී සෝවියට් සංගමය (USSR) බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, අභියෝගයට ලක් නොවුණු ඇමරිකානු ආධිපත්‍යයේ යුගය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව පෙන්නුම් කළ අවස්ථාව මෙයයි.

ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හඬ නඟන නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත “ජනාධිපති ට්‍රම්ප් මේ යුද්ධය පැරදුණා” යන සිරස්තලයෙන් පළ කළ කතුවැකියෙන් මනාව පැහැදිලි වේ. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වී ඇත්තේ මෙම යුද්ධය මහා පරිමාණ මිනිස් ඝාතන සහ ඝාතන දේශපාලනයක් ඔස්සේ සිදු කිරීම ගැන නොව, එය අසාර්ථක වීම ගැනය.

“ට්‍රම්ප් මහතා මේ යුද්ධය ආරම්භ කිරීමෙන් බරපතල වැරැද්දක් කළා,” යැයි එම කතුවැකියේ සඳහන් වේ. “ඔහු එය මෙහෙයවූයේ පරිස්සම නොතකාම සහ නීතිය විවෘතව උල්ලංඝනය කරමිනි. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් දුර්වලව ඉන් මතු වෙන අතර ඉදිරි වසර ගණනාව තුළ මෙහි මූලෝපායික පිරිවැය ගෙවීමට සිදුවනු ඇත.” ටයිම්ස් පුවත්පත දුක් වෙමින් පවසන්නේ “සමස්තයක් ලෙස ගත් කල, මෙම සිව්මස් යුද්ධයේ මූලෝපායික ජයග්‍රාහකයා ලෙස ඉරානය මතු වන” බවයි. ඇමරිකානු මිලිටරිය තමන් සතු දිගු දුර නිරවද්‍ය මිසයිල සහ ප්‍රතිරෝධක මිසයිල බොහොමයක් ක්ෂය කර දැමූවද, තමන්ට වඩා බෙහෙවින් කුඩා ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට නොහැකි බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඵලය වෙනත් විභව (potential) ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීමට (deter) මෙම රටට ඇති හැකියාවට හානි පමුණුවයි.”

එම කතුවැකියේ අවසන් නිගමනය මෙම ප්‍රකාශයට ලඝු වේ: “පෙන්ටගනයට නූතනකරණය වීමට සහ අනාගත යුද්ධ සඳහා සූදානම් වීමටද අවශ්‍ය වනු ඇත.”

අනාගත යුද්ධ. විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ පවතින ස්ථිර අධිරාජ්‍යවාදී ගැටුම්කාරී රාමුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර, ඒ සඳහා පෙන්ටගනය “නූතනකරණය වී සූදානම් විය යුතුය”. මෙහිදී ප්‍රශ්නයකට ලක්ව ඇත්තේ එම රාමුව පාලනය කරනු ලබන දක්ෂතාවය (competence) පිළිබඳව පමණි.

කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රතිචාරයද ක්‍රියාත්මක වන්නේ එම රාමුව තුළමය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි (Chris Murphy) මෙම ගිවිසුම හැඳින්වූයේ “මූලික වශයෙන් ඉරානයට යටත් වීමක්” ලෙසය. නියෝජිත (සභික) සෙත් මෝල්ටන් (Seth Moulton) එය හැඳින්වූයේ “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායකයා වෙත ලබා දුන් යටත් වීමේ ලේඛනයක්” ලෙසය. සෙනෙට් සභික ජැක් රීඩ් (Jack Reed) මැසිවිලි නැඟුවේ ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වූ JCPOA යටතේ තිබූ ප්‍රමාණයටත් වඩා “අඩු දෙයක්” දැන් ඇමරිකාවට ලැබෙන බවයි. ඩිමොක්‍රටික් පාර්ශවය යුද්ධය ආරම්භ කරන විට එය අනුමත කළේය. ඔවුන් දැන් ඒ ගැන මැසිවිලි නඟන්නේ ඉරානය විනාශ නොකර යුද්ධය අවසන් වූ නිසා පමණි.

යුද්ධයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලන රාමුව තුළ එයට කිසිදු ප්‍රකාශනයක් (නියෝජනයක්) ලැබුණේ නැත.

යුද්ධයේ මෙම අදියර අවසන් වීමෙන් යුද්ධය මුළුමනින්ම අවසන් වූ බවක් අදහස් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදීය. මෙම 2026 සටන් විරාම රාමුව ඊළඟට එන යුද්ධයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත පරාජයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිවිපාක දැකගත හැකි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළමය.

මෙම යුද්ධය දියත් කරන ලද්දේ, එක් අතකින් ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. යුරෝපීය මහ බැංකුව මේ මාසයේ වාර්තා කළේ රන්, යුරෝ මුදල් ඒකකය අභිබවා යමින් ලොව දෙවන විශාලතම සංචිත වත්කම බවට පත්ව ඇති බවයි. එය වසරකට පෙර පැවති 20% සිට ගෝලීය සංචිතවලින් 27% දක්වා ඉහළ ගොස් ඇත. ෆෙඩරල් ණය ප්‍රමාණය 1946 න් පසු පළමු වතාවට මාර්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100% සීමාව පසු කළේය. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පරිහානිය වේගවත් කර ඇති අතර යුද්ධයෙන් විසඳීමට බලාපොරොත්තු වූ ව්‍යුහාත්මක අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.

යුද්ධය දියත් කරන ලද්දේ සමාජ ගැටුම් උත්සන්න වෙමින් පැවති පසුබිමකය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් ඒජන්තයින් විසින් 37 හැවිරිදි කවියෙකු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ 37 හැවිරිදි හෙදියක වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) ඝාතනය කිරීමෙන් පසු ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව මහා පරිමාණ ජනතා විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධය දියත් කිරීම, අනෙකුත් කරුණු අතර, මෙම වර්ධනය වෙමින් පැවති විරෝධය දේශප්‍රේමී යුධ උණක් වෙත හරවා යැවීමේ උත්සාහයක් විය.

සමාජ විරෝධය දැන් තවදුරටත් උත්සන්න වනු ඇති අතර, එය වැඩි වැඩියෙන් කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනු ඇත. ඇමරිකන් ඇක්සල් (American Axle) හි මෝටර් රථ කොටස් නිෂ්පාදන කම්කරුවන් මේ මාසයේ වැඩ වර්ජනයක නිරත විය. දුම්රිය සේවකයන්, මස් ඇසුරුම් කරන්නන්, ගුරුවරුන් සහ හෙදියන් සේවයෙන් ඉවත් වී ඇත (walked out). ඉරිදා ගිවිසුමේ ආරංචියත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ ඉහළ ගියද, ඉන්ධන සහ ආහාර මිල ගණන් තවමත් යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. පුද්ගලික පරිභෝජන වියදම් (PCE) උද්ධමනය 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 න් පසු ඉහළම වේගයයි. පාරිභෝගික විශ්වාසය (Consumer sentiment) ඉතිහාසයේ අවම මට්ටමක පවතින අතර, එය මහා අවපාතය (Great Recession) හෝ වසංගත කාලයටත් වඩා දරුණුය.

සමාගම් ලාභ ලබන අතරතුර, කම්කරුවන්ට සිදු වූයේ මිල ඉහළ යාම හරහා යුද්ධයේ බර දැරීමටය. මෙම ආර්ථික බලපෑම ඉදිරි වසර ගණනාව තුළ ඇමරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද පන්ති අරගල සඳහා ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදයම, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ද බිහි කරමින් පවතී.

ගැඹුරු වන සමාජ විරෝධයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ තමන් දැනටමත් ප්‍රදර්ශනය කර ඇති ක්‍රමවේදයන් මඟිනි: එනම් ICE වැටලීම්, මහා පරිමාණ රැඳවුම් යටිතල පහසුකම්, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක බලකාය (National Guard) යෙදවීම, දේශපාලන විරුද්ධවාදිකම් අපරාධකරණය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම මඟිනි. ඉරානය තුළ ලැබූ පරාජය මෙම ගමන මන්දගාමී නොකරනු ඇත; එය තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශයන්හි තම අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුණ දෙන ඇමරිකානු පාලක පන්තිය, මෙරට කම්කරු පන්තියට එරෙහිව නව ම්ලේච්ඡත්වයකින් හැරෙනු ඇත.

දැන් පවතින කාර්යභාරය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ වපසරියක් සහිත, සමාජවාදී වැඩපිළිවෙළක් සහ තම අරමුණු පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය Read More »

Scroll to Top