World War

Bogdan

බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකර සිටිමු: ෆැසිස්ට් තීන්දුව අහෝසි කරනු!

මෙම ප්‍රකාශය theSocialist.lk වෙබ් අඩවියේ 2026 අගෝස්තු 24 දින ඉංග්‍රීසි බසින් පළ කෙරුණි. 

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) ප්‍රකාශනය 

පර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් උසාවිය (inbox@pm.mk.court.gov.ua) සහ මයිකොලයිව් අභියාචනා උසාවිය (inbox@mka.court.gov.ua) වෙත යවන ලද අතර, එහි පිටපතක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site – freebogdan@wsws.org) වෙත යවන ලදී.

Bogdan
බොග්ඩාන් සයිරොටියුක්, 2023 අප්‍රේල්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (International Committee of the Fourth International – ICFI) ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සමග සහයෝගීතාවයෙන්, දකුණු ආසියාවේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය සහ තරුණයින් අතර සටන් වදින ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA), රුසියාවට එරෙහි එජා-නැටෝ (US-NATO) යුද්ධයට එරෙහිවූවෙකු, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි (Young Guard of Bolshevik-Leninists) නායකත්ව සාමාජිකයෙකු සහ 27 හැවිරිදි යුක්‍රේනියානු සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට (Bogdan Syrotiuk) “යුද නීතිය යටතේ රාජ්‍ය ද්‍රෝහී වීම” යන චෝදනාව මත වසර 15 ක සිරදඬුවමක් නියම කරමින් 2026 අගෝස්තු 10 වන දින නිකොලෙව් කලාපයේ දිස්ත්‍රික් උසාවියක් විසින් දෙන ලද ෆැසිස්ට් තීන්දුව දැඩි ලෙස හෙළා දකී. මෙම තීන්දුව වහාම අහෝසි කරන ලෙසත් බොග්ඩාන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් අපි බලකර සිටිමු.

රුසියානු රාජ්‍යයේ නියෝජිතයෙකු බවට වූ පදනම් විරහිත චෝදනාව මත 2024 අප්‍රේල් 25 වන දින යුක්‍රේන ආරක්ෂක සේවය (Security Service of Ukraine) විසින් බොග්ඩාන් අත්අඩංගුවට ගන්නා ලදී. වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත්, එම චෝදනාව සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඇත්ත වශයෙන්ම උසාවිය හමුවේ තබන ලද්දේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (World Socialist Web Site) පළවූ ලිපි හයක් සහ 2023 මැයි දින කථාවක් වන “රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා!” යන්නයි. මෙම ලේඛන මගින් පුටින් පාලනය විසින් ආරම්භ කරන ලද සහ එජා-නැටෝ (US-NATO) ප්‍රොක්සි ගැටුමක් ලෙස ගෙනයනු ලබන යුද්ධයට එරෙහිව යුක්‍රේනියානු සහ රුසියානු කම්කරුවන්ගේ ජාත්‍යන්තර එක්සත්කම කැඳවුම් කරන ලදී; නාසි සහකාරක ස්ටෙපාන් බන්ඩෙරා (Stepan Bandera), යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (Organization of Ukrainian Nationalists – OUN) සහ වෆෙන්-එස්එස් ගැලීසියා බළකාය (Waffen-SS Galicia Division) සෙලෙන්ස්කි ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කිරීම ඒවායින් හෙළිදරව් කරන ලදී; තවද යුක්‍රේනය තුළ මැතිවරණ සහ විපක්ෂ දේශපාලනය අහෝසි කිරීම ලේඛනගත කරන ලදී. මෙයින් කිසිවක් අබමල් රේණුවක හෝ අර්ථයක් දරා සිටින කිසිදු නෛතික ප්‍රමිතියක් යටතේ රාජ්‍ය ද්‍රෝහීකමක් නොවේ. එය යුක්‍රේනය ද අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතියේ (European Convention on Human Rights) 10 වැනි වගන්තිය මගින් ප්‍රතිපත්තියක් ලෙස ආරක්ෂා කර ඇති දේශපාලන ප්‍රකාශනයකි.

රාජ්‍යයේම අධිකරණ වෛද්‍ය ආයතනවලට පවා මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි විය. ප්‍රබල යුක්‍රේනියානු අපරාධ විද්‍යාඥයෙකු වන යූරි ඉර්කින්ගේ (Yuri Irkhin) පිටු 65 ක වාර්තාවකින් බොග්ඩාන්ගේ ලේඛනවල රුසියානු ආක්‍රමණය සඳහා වූ ප්‍රචාරණයකට සමාන වන කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් උසාවිය විසින් රාජ්‍යය මෙහෙයවන ලද දෙවන පරීක්ෂණයක් නියෝග කළ විට, එම ආයතනයට පවා, ආණ්ඩුව පෙරළා දැමීමේ කැඳවුමක්, බලය අල්ලා ගැනීමේ උපදේශනයක් හෝ යුක්‍රේනයේ දේශසීමා වෙනස් කිරීමට සහය දැක්වීමක් හඳුනා ගැනීමට නොහැකි විය. උසාවිය තමන්ගේම විශේෂඥයන් නොසලකා හැරියේය. එය විත්තිය නොසලකා හැරියේය. එය නීතිය නොසලකා හැරියේය. අගෝස්තු 10 වන දින නිකුත් කරන ලද්දේ අධිකරණ තීන්දුවක් නොව සෙලෙන්ස්කි පාලනයේ දේශපාලන නියෝගයකි – බොග්ඩාන්ගේ ස්ථාවරයන්ගේ “සාමාජික වශයෙන් අන්තරායකාරී ප්‍රතිවිපාක” උපුටා දක්වන නඩු තීන්දුවෙන්ම අර්ධ වශයෙන් පිළිගන්නා පරිදි – එය කිසිදු ඔත්තු බැලීමේ ක්‍රියාවක් ඉලක්ක කරගත් එකක් නොව, යුක්‍රේනියානු කම්කරුවන් සහ සෙබළුන් අතර යුද විරෝධී හැඟීම් වර්ධනය වීම ඉලක්ක කරගත් එකකි. 2025 දී සිදු කරන ලද මත විමසුමකට අනුව යුක්‍රේනියානුවන්ගෙන් සියයට 69 ක් යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට පක්ෂපාතී වූ අතර – එය 2022 ට සාපේක්ෂව සම්පූර්ණ ආපසු හැරීමකි – ආක්‍රමණය ආරම්භ වූ තැන් සිට හමුදාව හැරයාම සම්බන්ධයෙන් යුක්‍රේනියානු සෙබළුන්ට එරෙහිව අපරාධ නඩු 300,000 කට වඩා විවෘත කර ඇත. සෙලෙන්ස්කි ඒකාධිපතිත්වය බොග්ඩාන් සයිරොටියුක් සිරගත කිරීම තුළින් මර්දනය කිරීමට උත්සාහ කරන්නේ පහළින් මතුවන මෙම වැඩෙන කැරලි ගැසීම මිස මොස්කව් වෙතින් එල්ල වන කිසිදු තර්ජනයක් නොවේ.

මෙම තීන්දුව ලබා දී ඇති පාලන තන්ත්‍රයේ ස්වභාවය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුර කාලය 2024 මැයි මාසයෙන් අවසන් විය. වසර දෙකකට පසුවත්, ඔහු අද පාලනය කරන්නේ අධිකාරී නියෝග මගින්, යුධ නීතිය යටතේ, මැතිවරණ දින නියමයක් නොමැතිව අත්හිටුවමිනි. 2015 සිට කොමියුනිස්ට් පක්ෂ සහ සංකේත තහනම් කර ඇත. 2022 දී ආණ්ඩුව විසින් විපක්ෂ දේශපාලන පක්ෂ එකකොළහක වැඩකටයුතු අත්හිටුවන ලද අතර, පසුව පාර්ලිමේන්තුවේ විශාලතම විපක්ෂ කන්ඩායම මුළුමනින්ම තහනම් කරන ලදී. 2024 ජූනි මාසයේ සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) යුක්‍රේනය තුළ අවුරා ඇත. යුක්‍රේනයේ රාජ්‍ය ද්‍රෝහී සහ සහයෝගිතා (collaboration) පනත් යටතේ අපරාධ නඩු 20,000 ක් පමණ විවෘත කර ඇති අතර, එම නීති අන්තරායකාරී ලෙස පුළුල් හා අපැහැදිලි බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය විස්තර කර ඇත. අත්පත් කරගත් ප්‍රදේශවල හදිසි සේවා, ඉදිකිරීම් සහ කසල ඉවත් කිරීමේ කටයුතු කළ පුද්ගලයන් පවා රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නඩු පවරා ඇත. යුක්‍රේන අත්අඩංගුවේ පසුවන්නන්ට වධහිංසා පැමිණවීම සහ පීඩා කිරීම සම්බන්ධයෙන් දිගටම ලේඛනගත කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය 2025 සැප්තැම්බර් වාර්තා කළේය. යුරෝපීය මණ්ඩලයේ වධහිංසා විරෝධී කමිටුව විසින් යුක්‍රේන පූර්ව නඩු-විභාග පහසුකම්වල (remand prisons) තත්ත්වය අමානුෂික හා පහත් තත්ත්වයක පැවතිය හැකි බව විස්තර කර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇති විත්තිකරුවෙකුට මෙම පද්ධතිය තුළ වසර පහලොසක සිරදඬුවමක් නියම කිරීම යනු ක්‍රමයෙන් මරණයට පත්කිරීමේ දඬුවමකට නොඅඩු දෙයකි.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වෙසෙන අපට මෙම පාලන ක්‍රමය හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නැත, මන්ද අපද මෙහි විවිධ රූපයන් හරහා ජීවත් වී ඇති බැවිනි. ශ්‍රී ලංකා රාජ්‍යය “ජාතික ආරක්ෂාව” නාමයෙන් දශක ගණනාවක් තිස්සේ වාර්ගික සිවිල් යුද්ධයක් ගෙන ගිය අතර, විපක්ෂ වීම අපරාධයක් කිරීමට, නඩු විභාගයකින් තොරව සැකකරුවන් රඳවා තබා ගැනීමට සහ යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ ජනතාවට එරෙහිව මහා පරිමාණ අපරාධ සිදු කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act) වැනි නීති භාවිතා කළ අතර රාජ්‍යය සහ එහි ක්ෂමාලාපකයන් අදටත් එම අපරාධ සිදුකළ බව ප්‍රතික්ෂේප කරති. මෙම ඉතිහාසයෙන් බිඳී යාමක් පොරොන්දු වෙමින් බලයට පත් වූ දිසානායක නායකත්වය දෙන ජේවීපී-එන්පීපී (JVP-NPP) ආණ්ඩුව, ඒ වෙනුවට තමන්ගේ පූර්වගාමීන්ගෙන් උරුම වූ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියෝග කළ කප්පාදු වැඩසටහන තවදුරටත් ගැඹුරු කර ඇති අතර, රාජ්‍යයේ මර්දනකාරී යන්ත්‍රණය බොහෝ දුරට එලෙසම පවත්වා ගෙන යමින් කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ දෙමළ හා මුස්ලිම් සුළුතරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාමාජික අයිතිවාසිකම් තවදුරටත් මර්දනය කරමින් සිටී. ඉන්දියාවේ හින්දුත්ව (Hindutva) වාර්ගික-ජාතිකවාදී ව්‍යාපෘතියේ සිට කලාපයේ වෙනත් ස්ථානවල මිලිටරි හා සිවිල් ඒකාධිපතිවාදය දක්වා මුළු දකුණු ආසියාව පුරාම, පාලක පන්ති ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ මහජන සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ සහන ලබා දීමෙන් නොව, වාමාංශික සහ යුද විරෝධී දේශපාලනය අපරාධයක් බවට පත් කිරීමෙනි. බොග්ඩාන් සයිරොටියුක්ට හිංසා පීඩා කිරීම යනු එහි අවසාන, අධිරාජ්‍යවාදී අදියරේ පවතින ධනපති ක්‍රමයේ ලෝක ප්‍රවණතාවයක තියුණු ප්‍රකාශනයකි: යුද්ධය සහ අගහිඟකම්, පහළින් මැඩපැවැත්විය නොහැකි විරෝධයක් ජනනය කරන විට, සෑම තැනකම පාලක පන්ති ඒකාධිපතිත්වයට අත පොවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වචන වලින් පැවසුවහොත්, වඩාත්ම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි තමන්ගේ ෆැසිස්ට් අවඥාව මේ වන විටත් පෙන්නුම් කර ඇති අධිකරණ පද්ධතියක අභිමතයට අත්හැර දැමීමට හෝ බොග්ඩාන් සයිරොටියුක්ගේ නඩුව යුක්‍රේනයේ අභ්‍යන්තර කරුණක් ලෙස සැලකිය නොහැක්කේ එබැවිනි. එය ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තිය සහ තරුණයින් ඇතුළු සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තියටම පරීක්ෂණයකි. මෙම යුද්ධය පුරාම සෙලෙන්ස්කි පාලනය සන්නද්ධ කළ සහ මූල්‍යමය වශයෙන් පෝෂණය කළ අධිරාජ්‍යවාදී බලවතුන් – නේටෝ (NATO) බලවතුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය – රුසියාව සමඟ සෘජු ගැටුමක් දෙසට සහ අවසානයේ ඉරානය, වෙනෙසුවේලාව, ලෙබනනය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උණුසුම් ස්ථාන කරා දැනටමත් ස්පර්ශ වන පුළුල් ලැව්ගින්නක් දෙසට තීව්‍ර වන යුද්ධයක් සඳහා සෘජු දේශපාලන වගකීම දරයි. කියෙව්හි (Kyiv) මර්දනයට අරමුදල් සපයන අධිරාජ්‍යවාදී බලවතුන්ම අපගේම ආණ්ඩුවල කප්පාදු සහ මිලිටරිකරණ කොන්දේසි නියම කරන බැවින් සහ බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම යනු කොළඹ, යාපනය, මුම්බායි, ඩකා, කරච්චි සහ මෙම කලාපයේ සෑම නගරයකම සිටින සමාජවාදීන්ට යුද්ධයට, වර්ගවාදයට සහ ධනපති සූරාකෑමට එරෙහිව කම්කරු පන්තිය සංවිධානය කිරීමේදී  සිරගත කිරීමේ  බියෙන් තොරවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමෙන් වෙන් කළ නොහැකි බැවින්, ශ්‍රී ලංකාවේ සහ මුළු දකුණු ආසියාවේම කම්කරුවන්ට මෙම සටන තුළ සෘජු පාර්ශවකාරීත්වයක් ඇත.

බොග්ඩාන් සයිරොටියුක් කළ එකම වරද සත්‍යය පැවසීමයි: එනම් මෙය අධිරාජ්‍යවාදී යුද්ධයක් බව, යුක්‍රේනියානු සහ රුසියානු කම්කරුවන් තමන්ගේ පාලක පන්ති තුළ පොදු පන්ති සතුරෙකුට මුහුන දෙන බව සහ නාසි සහායකයින් ජාතික වීරයන් ලෙස සැමරීම ඓතිහාසික මතකයට එරෙහි අපරාධයක් බව පැවසීමයි. මේ සඳහා ඔහු වසර පහලොවක සිරදඬුවමකට මුහුණ දී සිටී. තදබදය, වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම සහ අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවන මරණ යුරෝපානු මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලේඛනගත කර ඇති යුක්‍රේනයේ සිරගෙවල් පද්ධතිය තුළ වසර 15 ක දඬුවමක් යනු මරණ දඬුවමකි. අත්අඩංගුවට ගන්නා විටත් සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති බොග්ඩාන් හට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇත. ඔහු දියවැඩියාවෙන් සහ හෘද රෝගවලින් පෙළෙන අතර, සිරගෙදර පරිපාලනය විසින් දන්ත ප්‍රතිකාර ලබා දීම සිතාමතාම ප්‍රතික්ෂේප කිරීම – ඔහුට එය දැඩි, නතර නොවන වේදනාවක් ඇති කර ඇත – ප්‍රතිකාර නොකළහොත් රුධිරය විෂ වීමට (sepsis) සහ මරණයට හේතු විය හැකි නිදන්ගත ආසාදන ඇතිවීමේ අවදානමක් පවතී. ඔහු බන්ධනාගාරගතව සිටින සෑම දිනක්ම ඔහුගේ ජීවිතයට තර්ජනයකි.

පර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් උසාවියෙන් සහ මයිකොලයිව් අභියාචනා උසාවියෙන් අප ඉල්ලා සිටින්නේ මෙම තීන්දුව ප්‍රමාදයකින් තොරව අහෝසි කරන ලෙසත් බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීමට නියෝග කරන ලෙසත්ය. ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියාවේම කම්කරුවන්, ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නායකයින්, නීතිඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන් සහ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම නඩුව තමන්ගේම කරගන්නා ලෙසයි: අප ඉල්ලා සිටින්නේ තමන්ගේ වෘත්තීය සමිති, සේවා ස්ථාන, විශ්ව විද්‍යාල සහ සංවිධානවල බොග්ඩාන්ගේ නිදහස ඉල්ලා යෝජනා සම්මත කරන ලෙසත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (International Committee of the Fourth International) විසින් ගොඩනඟනු ලබන ජාත්‍යන්තර ව්‍යාපාරයට එකතු වන ලෙසත්ය.

තීන්දුව අහෝසි කරනු. බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සමග සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA)

බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකර සිටිමු: ෆැසිස්ට් තීන්දුව අහෝසි කරනු! Read More »

Bogdan

Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison

WSWS Editorial Board.

theSocialist.lk republishes the following statement by the WSWS Editorial Board published on WSWS.org on 10 August 2026. We call upon our readers to join the fight to ensure the immediate and unconditional release of Syrotiuk.

Bogdan Syrotiuk

On August 10, Bogdan Syrotiuk, a 27-year-old Ukrainian socialist and opponent of the US-NATO war against Russia, was sentenced to 15 years in prison. The verdict, handed down by a district court in the Nikolaev region, also orders the confiscation of his property and electronic devices and the destruction of the socialist books, leaflets and programmatic documents taken from him.

The World Socialist Web Site and the International Committee of the Fourth International denounce this verdict and call on workers, young people and all defenders of democratic rights around the world to demand Bogdan’s immediate release.

The verdict will be immediately appealed. Under Ukrainian law, the appeal must be filed within 30 days. We call on all supporters of democratic rights to back these legal actions and call for the annulment of the sentence.

Bogdan, a leading member of the Young Guard of Bolshevik-Leninists (YGBL), was convicted of “high treason … under martial law.” But the record of the case contains no act of treason—no espionage, no sabotage, no collaboration with any military force. The sole evidence presented against him consisted of his writings, published on the World Socialist Web Site, and his communications with the editors who published them.

The state’s experts examined 14 of Bogdan’s writings and included seven in the indictment. The court was then forced to drop one of the seven—an article on the military commissariats’ violent seizure of draft dodgers—after its own forensic commission could find nothing criminal in it. Bogdan has been sentenced to 15 years in prison for six articles.

What was the subversive content? According to the court, the articles contained “non-recognition of Ukraine’s legitimately elected political leadership and democratic processes,” “comparisons with fascists and Nazis,” “negative assessments of Ukraine’s Armed Forces” and “reinterpretation of national heroes and historical figures.”

In fact, everything written by Bogdan is politically and historically accurate. The “legitimately elected political leadership” is a president whose term of office expired in May 2024. Zelensky remains in power more than two years past his legal mandate, ruling by decree under a state of permanent martial law. Elections have been canceled and basic democratic rights suspended. Bogdan has been convicted of failing to recognize “democratic processes” in a country where no democratic processes exist. His is a verdict handed down by a regime of illegality.

As for the “national heroes” whom Bogdan is accused of “reinterpreting,” they are Stepan Bandera and the leaders of the OUN (Organization of Ukrainian Nationalists) and the Waffen-SS Galicia Division—Nazi collaborators who supported Hitler’s invasion of the Soviet Union in 1941 and were implicated in the mass murder of Jews and Poles. The court’s complaint about “comparisons with fascists and Nazis” refers to Bogdan’s exposure of the official rehabilitation and celebration of these forces. 

Among the “proofs” of treason cited by the court are Bogdan’s article “The crimes of the Banderovites against the Ukrainian people: Notes by a Ukrainian Trotskyist” and his 2023 May Day speech, “For the Unity of the Working Class of Russia and Ukraine!” In any country where democratic rights retain the slightest meaning, such writings are protected speech. In Ukraine under Zelensky, they carry a 15-year sentence.

When Bogdan was arrested by the Security Service of Ukraine (SBU) on April 25, 2024, the state claimed he was functioning as an agent of the Russian government. In the more than two years since, nothing was produced to substantiate that libelous allegation. In fact, the articles that are cited in the conviction make explicit Bogdan’s opposition to the Russian invasion and the Putin regime.

The verdict refers several times to the “socially dangerous consequences” of Bogdan’s positions. This exposes the fact that the prosecution of Bogdan is not about the manufactured pretext of support for Russia. Rather, it is aimed at the growing opposition to war and the Zelensky regime among Ukrainian workers and youth.

The evidence presented in Bogdan’s defense was never answered. A 65-page report by Yuri Irkhin, one of Ukraine’s leading criminologists, found in Bogdan’s writings no “statements, phrases, sentences, or word combinations that have signs of propaganda aimed at supporting the armed aggression of the Russian Federation.” Rather than respond to it, the court ordered a new examination from a state forensic institute—which, even so, found in the articles no calls for the overthrow of the state, the seizure of power, subversive acts or the alteration of Ukraine’s borders. 

The defense established that nothing in the record made out the elements of treason, and that Bogdan’s writings were political speech protected by Article 10 of the European Convention on Human Rights. The court swept all of this aside.

The verdict was not the outcome of a legal proceeding but the execution of a political directive from the Zelensky dictatorship. It states that Bogdan acted “on instructions from a representative of the World Socialist Web Site, under the pseudonym ‘David’”—identified in the judgment itself as David North, chairman of the International Editorial Board of the WSWS. The Ukrainian state is asserting the power to declare international socialist and antiwar publications criminal enterprises, and collaboration with them treason.

The decision to destroy the YGBL’s program, its brochures, leaflets and folders of printed articles exposes the real content of the verdict. The methods are those of fascist regimes: imprison the opposition, confiscate its materials, burn its writings. The court even ordered Bogdan to pay more than 178,000 hryvnia to cover the cost of the forensic “examinations” used to convict him.

The sentencing of Bogdan takes place in a country in which left-wing politics has been outlawed. Communist parties and symbols have been banned in Ukraine since the “decommunization” laws of 2015. In 2022, the Zelensky government suspended 11 opposition parties, including the largest opposition party in parliament, which was subsequently banned outright.

Some 20,000 criminal cases have been opened under Ukraine’s treason and collaboration statutes, according to the United Nations Human Rights Office, which reported in September 2025 that it “continues to document cases of torture and ill-treatment” of detainees held by the Ukrainian state. Human Rights Watch describes the collaboration laws as “overly broad and vague”; among those prosecuted are people who carried out “emergency services, construction, humanitarian relief and garbage removal” in occupied territory.

The World Socialist Web Site has been banned in Ukraine since June 6, 2024, six weeks after Bogdan’s arrest.

All of this has been buried and concealed from the public by the government and media outlets that claim the war is being waged in defense of Ukrainian democracy.

The frame-up of Bogdan is the act of a desperate regime. Opposition to the war is mounting within Ukraine itself. More than 300,000 criminal cases have been opened against soldiers for desertion or absence without leave since 2022, the majority of them in the past year. In 2025, 69 percent of Ukrainians told Gallup that the country should seek a negotiated end to the war, a complete reversal of opinion since 2022. Terrified of the growth of antiwar sentiment among workers and soldiers, the Zelensky government is intensifying repression at home while working to create the framework for the direct entry of the NATO powers into the war.

A sentence of 15 years in a Ukrainian prison is the equivalent of a death sentence. The conditions in Ukraine’s penitentiary system are well documented. At the United Nations Committee Against Torture’s review of Ukraine in April 2025, experts cited overcrowding, inadequate access to food and water, the absence of independent medical examinations and a rising toll of deaths in custody. The Council of Europe’s anti-torture committee, reporting on its October 2023 visit to Ukraine, described decaying facilities in which remand prisoners are confined to their cells for up to 23 hours a day and found conditions in one pretrial detention center so degraded that it judged them potentially “inhuman and degrading.”

Bogdan, whose health was already poor at the time of his arrest, has been denied urgently needed medical treatment for over a year, despite repeated promises from the prison administration. Every day behind bars is a threat to his life.

His fate cannot be left to the courts of a state that has just demonstrated its fascist contempt for democratic rights. Bogdan’s freedom will be won by the mobilization of the international working class, youth and all progressive organizations and individuals dedicated to the defense of democratic rights. We appeal to workers, trade unions, student and youth organizations, civil liberties groups, and socialist and anti-war movements in every country: Take up Bogdan’s case. Pass resolutions in your workplaces, unions, schools and universities demanding his release. Issue public statements of protest.

Send statements demanding the overturning of the verdict and Bogdan’s immediate release to the Pervomaisk City District Court at inbox@pm.mk.court.gov.ua, with copies to the World Socialist Web Site at freebogdan@wsws.org.

The fight to free Bogdan Syrotiuk is a fight against imperialist war, dictatorship and fascism. Fill out the form below to get involved.

Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison Read More »

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 23 දින “Japanese defense minister calls for end of “taboo” on nuclear weaponsයන හිසින් පළවූ බෙන් මැක්ග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

ෂින්ජිරෝ කොයිසුමි [AP Photo/Eugene Hoshiko, Pool]

ජපානයේ ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ජූලි 17 වන දින ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, ජපානයට න්‍යෂ්ටික ආයුධ හඳුන්වා දීම පිළිබඳව ටෝකියෝව සාකච්ඡා කළ යුතු බවයි. දැනට ධුරයේ සිටින රජයේ සාමාජිකයෙකුගෙන් මෙවැනි අදහස් පළවීම දුර්ලභ වන අතර, චීනයට එරෙහිව ඇමරිකාව මෙහෙයවන යුද ව්‍යාපාරයේ කොටසක් ලෙස ටෝකියෝවේ වේගවත් වන ප්‍රතිසන්නද්ධ වීමේ (remilitarization) වැඩසටහන මෙයින් පෙන්නුම් කෙරේ.

ඔන්ලයින් වැඩසටහනක් වන ගෙන්රොන් ටීවී (Genron TV) වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කොයිසුමි ප්‍රකාශ කළේ, “මෙය ජපානයට සාකච්ඡා කිරීමට අපහසු විෂයයක් වුවද, අපට මගහැරිය නොහැකි එක් මාතෘකාවක් වන්නේ න්‍යෂ්ටික ආයුධයි” යනුවෙනි. මෙම අදහස් පළ වූයේ අන්ත-දක්ෂිණාංශික  ආරක්ෂක අමාත්‍යවරයා යුරෝපය බලා පිටත්ව යාමට ආසන්නව තිබියදීය. පැරිසිය සිය න්‍යෂ්ටික ආයුධ ගබඩාව  ඉහළ නැංවීමට සැලසුම් කරන අතරම, හෙල්සින්කි (ෆින්ලන්තය) මෑතකදී නේටෝ  න්‍යෂ්ටික ආයුධ එරට ස්ථානගත කිරීම පිළිබඳ තහනම ඉවත් කිරීම උපුටා දක්වමින්, ඔහු ප්‍රංශය සහ ෆින්ලන්තය යන රටවල් දෙකම අනුගමනය කළ යුතු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.

පරමාණු බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩා විඳි එකම රට වන ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සත්කාරකත්වය දැරීම (hosting) හෝ ලබා ගැනීම (acquire) “හදිසි අවස්ථාවකදී”  අත්‍යවශ්‍ය කරුණක් ලෙස කොයිසුමි ඉදිරිපත් කළේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙය සලකා බලන විට, ජපානය මුහුණ දී සිටින ආරක්ෂක පරිසරය තුළ කිසිදු තහනම් වචනයකින් (taboo) තොරව සාකච්ඡා කරමින් සහ ඉදිරියට යමින්, දැඩි අර්බුදකාරී හැඟීමකින් යුතුව සෑම ප්‍රතිපත්තියකටම අප එළඹිය යුතු බව පැහැදිලි කිරීමට අප මීටත් වඩා වැඩි උත්සාහයක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.”

යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ඇමරිකාව/නේටෝව විසින් ඇවුලූ යුද්ධය පුපුරා ගිය තැන් පටන්, ජපානයේ වේගවත් ප්‍රතිසන්නද්ධ වීම සඳහා නිදහසට කරුණක් (pretext) ලෙස චීනය තායිවානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට චෝදනා කරමින්, “අද යුක්‍රේනය හෙට නැගෙනහිර ආසියාව විය හැකිය”යි ටෝකියෝව නිතිපතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව හෝ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන්ට ආරක්ෂාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. ඉරානයට එරෙහිව අඩු ඵලදායී  (low-yield) න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම “කළ හැක්කක්ද” යන්න ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අසා ඇති බව වාර්තා වේ. චීනය සමඟ යුද්ධයක් ඇති වුවහොත්, ඇමරිකාව සැකයකින් තොරව මෙවැනි ආයුධ වෙත යොමු වනු ඇති අතර, ජපානය එවැනි ප්‍රහාර සඳහා විභව මෙහෙයුම් වේදිකාවක් (staging ground) බවට පත් කරනු ඇත.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ ස්ථානගත කිරීම මගින් ඉන්දු-පැසිෆික් කලාපය තවදුරටත් අස්ථාවර කරනු ඇති අතර, එය සැකයකින් තොරව පුළුල් ආයුධ තරඟයකට සහ න්‍යෂ්ටික යුද්ධයක ඊටත් වඩා විශාල අනතුරකට මග පාදනු ඇත.

කොයිසුමිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් සඳුදා මෙසේ ප්‍රකාශ කළේය: “ජපන් බලධාරීන් න්‍යෂ්ටික කාරනාව පිළිබඳ ඔවුන්ගේ වැරදි ගණනය කිරීම්වල එල්බ සිටින්නේ නම්, න්‍යෂ්ටික-හරණ  මූලධර්ම ත්‍රිත්වය (three non-nuclear principles) සංශෝධනය කිරීමට වෙර දරන්නේ  නම් සහ මිත්‍ර පාක්ෂිකයින්ගේ න්‍යෂ්ටික ආයුධ ජපානයේ ස්ථානගත කරන්නේ නම්, ඔවුන් පශ්චාත්-යුධ (දෙවන ලෝක  යුද්ධයෙන් පසු) ජාත්‍යන්තර පිළිවෙත සහ ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්ති පාලන තන්ත්‍රයට (international nuclear non-proliferation regime) බරපතල ලෙස අභියෝග කරනවා පමණක් නොව, සාමය සඳහා වූ කැපවීම උල්ලංඝනය කරමින්, ජපන් ජනතා අවශ්‍යතාවයන්ට පිටුපාන අතර, අවසානයේදී ඒ සඳහා අධික වන්දියක් ගෙවීමට ඔවුනට සිදුවනු ඇත.”

වොෂින්ටනය සහ ටෝකියෝව යන දෙපාර්ශවයම, ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරයන් දියත් කිරීමෙන්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා නාවික යුධ නැව් යැවීමෙන් හෝ දිවයිනේ නිදහසට පක්ෂපාතී මතවාදයන්ට අනුබල දීමෙන්, එක් චීනයක් ප්‍රතිපත්තියට (One China policy) අඛණ්ඩව අභියෝග කරමින් වසර ගණනාවක් තිස්සේ බෙයිජිං පාලනය කුපිත කර ඇත. තායිවානය නිදහස ප්‍රකාශ කළහොත්, එය චීන භූමිය අනාගතයේදී කැබලි කිරීම සඳහා පූර්වාදර්ශයක් සපයන අතරම අධිරාජ්‍යවාදී බලවතුන්ට ප්‍රධාන භූමියට එරෙහිව යුද කඳවුරක් සපයන බව සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටින බෙයිජිං පාලනය, මෙම විෂයය සම්බන්ධයෙන් අතිශයින් සංවේදී වේ.

ඇමරිකාව සහ ජපානය ඇතුළු ලොව පුරා රටවල් දශක ගණනාවක් තිස්සේ තායිවානය චීනයේ කොටසක් බව පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කර ඇත. ඇමරිකාව ලාභ චීන ශ්‍රමය ග්‍රහණය කර ගැනීමට සහ බෙයිජිං හා මොස්කව් අතර පැවති ආතතීන් ගසා කෑමට මාන බලමින්, 1979 දී වොෂින්ටනය බෙයිජිං සමඟ විධිමත් සබඳතා ඇති කර ගත්තේ එම පදනම මත ය.

පසුගිය නොවැම්බර් මාසයේදී, අන්ත දක්ෂිණාංශික අගමැති සානා ටකායිචි ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කළේ තායිවානයේ “හදිසි අවස්ථාවක්” ජපානය සදහා”පැවැත්මට තර්ජනයක් වන තත්වයක්” (survival-threatening situation) නිර්මාණය කරන බවයි — එය “ආත්ම ආරක්ෂාව” (self-defense) නාමයෙන් චීනයට එරෙහි යුද්ධය සඳහා අවශ්‍ය නෛතික සාධාරණීකරණය සැපයීමකි.

කෙටි කාලීනව, වඩාත්ම සිදුවිය හැකි දර්ශනය වනුයේ ටෝකියෝව විසින් ජපන් භූමිය තුළ ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැරීමයි. කෙසේ වෙතත්, ටෝකියෝවට ඇමරිකාවේ කනිෂ්ඨ හවුල්කරුවෙකු (junior partner) පමණක් වීමේ අභිලාෂයක් නොමැත. ඒ වෙනුවට, ජපානය තුළ විවෘතව න්‍යෂ්ටික ආයුධ රඳවා තැබීමට ඇමරිකාවට ඉඩ දීම මගින් ටෝකියෝවට තවත් ඉදිරියට යාමටත්, තමන්ගේම න්‍යෂ්ටික ආයුධ ගබඩාවක් පිහිටුවා ගැනීමටත් පූර්වාදර්ශයක් සැපයෙනු ඇත. ජපානය සතුව අවම වශයෙන් කිලෝග්‍රෑම් 8,000 ක ආයුධ ශ්‍රේණියේ ප්ලූටෝනියම් (weapons-grade plutonium) තොගයක් පවතින අතර, එය න්‍යෂ්ටික ආයුධ 1,600 ක් සෑදීමට ප්‍රමාණවත් වේ. ජපානයේ තොග පිළිබඳ වෙනත් තක්සේරුවල අගයන් මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය.

කලාපයේ ප්‍රධාන බලවතා ලෙස නැවත නැගී සිටීමට ගන්නා උත්සාහයේදී, ජපන් අධිරාජ්‍යවාදයට තමන්ගේම න්‍යෂ්ටික ආයුධ සහිත වීම,  ඇමරිකාවේ වියදමින් පවා තමන්ගේම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා තහවුරු කර ගැනීම සදහා වැඩි හැකියාවක් ලැබෙනු ඇත.

කොයිසුමිගේ මෑතම අදහස් දැක්වීම්වල අරමුණ වන්නේ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ආවරණය කර ගැනීම වන අතරම, යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා චීනය කෙරෙහි මහජනතාව තුළ බියක් ඇති කිරීමයි. ඔක්තෝබර් මාසයේ බලයට පත්වූ තැන් සිට, ටකායිචි සහ ඇගේ රජයේ අනෙකුත් ප්‍රමුඛයින් ජපානය තමන්ගේ භූමිය තුළ න්‍යෂ්ටික ආයුධ ළඟ තබා නොගන්නා බවට, නිෂ්පාදනය නොකරන බවට හෝ ඉඩ නොදෙන බවට ප්‍රකාශ කෙරෙන ජපානයේ “න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන” සංශෝධනය කිරීමට ඉඟි කර ඇත.

න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන ප්‍රථමයෙන් ගෙනහැර දක්වන ලද්දේ 1967 දී ය, නමුත් ඒවා නීත්‍යානුකූලව බැඳ නොතබන අතර අතීතයේදී උල්ලංඝනය කර ඇත. 2024 දී, නිහොන් විශ්ව විද්‍යාලයේ (Nihon University) සම්මානිත මහාචාර්ය  ටකාෂි ෂිනොබු ලේඛන හෙළිදරව් කරමින් පෙන්වා දුන්නේ, ඇමරිකා-ජපාන ආරක්ෂක ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 1958 සහ 1960 අතර පැවති සාකච්ඡා අතරතුර, ජපන් රජය විමසීමකින් තොරව න්‍යෂ්ටික ආයුධ රැගත් ඇමරිකානු යුධ නැව් ජපන් වරායන්හි නැංගුරම් ලෑමට රහසිගතව ඉඩ දීමට ජපානය එකඟ වූ බවයි.

2017 දී ඇමරිකාව විසින් රහසිගතභාවයෙන් මුදාහළ (declassified) 1969 ලියවිල්ලකින් ද පෙන්නුම් කළේ, 1972 දී එම ප්‍රදේශය ජපානයට ආපසු ලබා දීමේ කොන්දේසියක් ලෙස “හදිසි පදනමක්” යටතේ ඔකිනාවා වෙත න්‍යෂ්ටික ආයුධ ගෙන ඒමට වොෂින්ටනයට ඉඩ දීමට ටෝකියෝව එකඟ වූ බවයි.

ජූලි 6 වන දින, ප්‍රධාන මිලිටරි ලේඛන තුන සංශෝධනය කිරීමේදී “න්‍යෂ්ටික-හරන මූලධර්ම තුන” සමාලෝචනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටකායිචි ප්‍රකාශ කළේ, තමා “සෑම විෂයයක්ම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම මේසය වෙත ගෙන එන” බවයි. දෙසැම්බර් මාසයේදී, නම සඳහන් නොකළ රජයේ නිලධාරියෙකු ද ජපානයට න්‍යෂ්ටික ආයුධ අවශ්‍ය බව  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ යැයි ප්‍රසිද්ධ විකාශන සේවයක් වන NHK වාර්තා කළේය.

ජපානය, සැලසුම් කළ කාලයට වසරකට පෙර, එනම් 2026 අග වන විට අදාළ ප්‍රධාන සන්නද්ධ ලේඛන තුන සංශෝධනය කිරීමට සැලසුම් කරයි. මෙම ලේඛන තුන 2022 දී සංශෝධනය කරන ලද අතර, 2027 වන විට මිලිටරි වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙක දක්වා දෙගුණ කිරීමේ සැලසුමක් ගෙනහැර දැක්වීය. ටකායිචි රජය පසුගිය වසර අවසානයේදී එම ඉලක්කයට ළඟා වූ අතිරේක අයවැයක් සම්මත කළේය. අනුගමනය කළ යුතු ආකෘති ල්‍රෙස සියයට 3.5 ක් වැය කිරීමට නේටෝ රටවල් සහ දකුණු කොරියාව ලබා දී ඇති පොරොන්දු රජය උපුටා දක්වන බැවින් අනාගත වියදම් ඊටත් වඩා වැඩි විය හැකිය.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සඳහා වන ඉල්ලීම් අලුත් දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, හිටපු අගමැති ෂින්සෝ අබේ 2022 පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළේ, ටෝකියෝව යුරෝපීය රටවල අඩිපාරේ යමින් ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැක්විය යුතු බවයි. “සාකච්ඡා කරමින් පැවතෙන බව ” යන භාෂාවෙන් ආවරණය කරන මෙම යෝජනාවල ප්‍රවේශම් සහගත ස්වභාවය, කම්කරු පන්තිය තුළ පවතින පුළුල් විරෝධයේ ප්‍රතිඵලයකි. අසාහි ෂිම්බුන් (Asahi Shimbun) පුවත්පත මගින් අප්‍රේල් මාසයේදී පවත්වන ලද සමීක්ෂණයකදී, 75% ක ජනතාවක් ජපානයේ න්‍යෂ්ටික-හරණ  ප්‍රතිපත්ති තුනෙහි කිසිදු වෙනසක් කිරීමට විරුද්ධ වූහ. මැයි මාසයේදී ජපානයේ මිලිටරි ව්‍යාප්තිය හෙළා දකිමින් විශාල විරෝධතා පැවැත්විණි.

ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනය විසින් අභිබවා යනු ලැබීමෙන් පසුව, ජපානය මිලිටරි බලය ඇතුළු සියලු මාර්ගවලින් සිය පසුබැසීම ආපසු හැරවීමට උත්සාහ කරයි. මෙයට පාලක පන්තියේ ව්‍යාජ “සාමකාමීත්වයට” (pacifism) ඇලී සිටීම අතහැර දැමීම පමණක් නොව, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් නොතකා කටයුතු කිරීම ද අවශ්‍ය වේ.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.]

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි Read More »

Merz

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර 

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measuresයන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Merz
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් 2026 ජුනි 18-19 දිනවල බ්‍රසල්ස් හි පැවති EU සමුළුවේදී කතා කරයි. [AP ඡායාරූපය/මාරියස් බර්ගල්මන්]

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්‍රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.

යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්‍රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්‍රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.

දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය  පුරා ක්‍රියාවට නැංවීමයි.

මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.

යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.

මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.

මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්‍රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.

සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”

අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.

වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.

නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්‍රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”

සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.

එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.

“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.

සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්‍රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ,  නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.

මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.

චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්‍රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.

වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.

2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.

යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්‍රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ  ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව  කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්‍රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.

සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.

සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ  පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.

යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්‍රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි.

ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්‍රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.

මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.

මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්‍රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර  Read More »

Iran

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 16 දින “US imperialism’s debacle in Iranයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran
2026 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හානියට පත් තෙල් ගබඩා පහසුකමකින් ඝන දුමාරයක් නැඟී එයි. [AP ඡායාරූපය/වහීඩ් සලේමි]

පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ සටන් විරාම ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කරමින් සහ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ඇති කර තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය තමන් යුද්ධයට අවතීර්ණ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇත.

ඉරිදා දින “අවබෝධතා ගිවිසුමක්” ඩිජිටල් ලෙස අත්සන් කරන ලද අතර, නිල අත්සන් කිරීමේ උත්සවයක් සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන පරිදි දින 60 ක කාලරාමුවක් සහිත මෙම ගිවිසුම මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම, ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය ඇතුළු ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම බැඳී සිටී.

මෙම ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය. එහි සැබෑ පිටපත මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 25 ක පමණ ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, ඇමරිකාව එය හබ කර ඇත. ට්‍රම්ප් නැවතත් අවධාරණය කර ඇත්තේ “ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් හිමි කර ගැනීමට ඉඩ නොදෙන” බව වන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව “නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි” බවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදිනම ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දිගටම කරගෙන ගියේය.

කෙසේ වෙතත්, මෙහි ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එල්ල වූ අවිවාදිත පරාජයක් (debacle) නිරූපණය කරයි. මෙය පාසල් භූමියක සිටින චණ්ඩියෙකු රණ්ඩුවක් පටන් ගෙන අවසානයේ ඇසක් කළු කරගෙන (ගුටි කා) පරාජය වීම වැනි තත්ත්වයකි. ඉරාන රජය තවමත් බලයේ පවතී. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට හානියක් වී නැත. මෙමඟින් ලැබුණු වඩාත්ම සැබෑ ප්‍රතිඵලය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි, එනම් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම නැවත පත්වීමයි.

යුද්ධය ආරම්භ කරන විට පල කළ පාරට්ටු කර ගැනීම් (braggadocio) සහ එහි ප්‍රතිඵලයේ සැබෑ ස්වභාවය අතර විශාල පරතරයක් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමෙන්” යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාර්තු 2 වැනිදා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිදු මෝඩ සටන් නීති රීතිවලින් තොරව” ඉතිහාසයේ “වඩාත්ම මාරාන්තික ගුවන් බලශක්ති මෙහෙයුම” දියත් කරන බවයි. දින කිහිපයකට පසු ඔහු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූයේ “දවස පුරා අහසින් මරණය සහ විනාශය” ළඟා කර දෙන බවයි.

ඉරාන රජය බිඳ දැමීමට මේ වසර  පුරා උත්සාහ කරමින් සහ පෙබරවාරි මාසයේදී ඉරාන වැසියන්ගෙන් “ඔබේ රජය අත්පත්කර ගන්නා ලෙස” ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත පැවසුවේ: “මම කවදාවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීම (regime change) ගැන තැකීමක් කළේ නැහැ” යනුවෙනි.

මාධ්‍ය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිළිබඳ විවරණයන්ගෙන් පිරී පවතී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “තම යුධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ මූලූපායික පසුබැසීමක්” ලෙසය. 1991 දී සෝවියට් සංගමය (USSR) බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, අභියෝගයට ලක් නොවුණු ඇමරිකානු ආධිපත්‍යයේ යුගය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව පෙන්නුම් කළ අවස්ථාව මෙයයි.

ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හඬ නඟන නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත “ජනාධිපති ට්‍රම්ප් මේ යුද්ධය පැරදුණා” යන සිරස්තලයෙන් පළ කළ කතුවැකියෙන් මනාව පැහැදිලි වේ. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වී ඇත්තේ මෙම යුද්ධය මහා පරිමාණ මිනිස් ඝාතන සහ ඝාතන දේශපාලනයක් ඔස්සේ සිදු කිරීම ගැන නොව, එය අසාර්ථක වීම ගැනය.

“ට්‍රම්ප් මහතා මේ යුද්ධය ආරම්භ කිරීමෙන් බරපතල වැරැද්දක් කළා,” යැයි එම කතුවැකියේ සඳහන් වේ. “ඔහු එය මෙහෙයවූයේ පරිස්සම නොතකාම සහ නීතිය විවෘතව උල්ලංඝනය කරමිනි. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් දුර්වලව ඉන් මතු වෙන අතර ඉදිරි වසර ගණනාව තුළ මෙහි මූලෝපායික පිරිවැය ගෙවීමට සිදුවනු ඇත.” ටයිම්ස් පුවත්පත දුක් වෙමින් පවසන්නේ “සමස්තයක් ලෙස ගත් කල, මෙම සිව්මස් යුද්ධයේ මූලෝපායික ජයග්‍රාහකයා ලෙස ඉරානය මතු වන” බවයි. ඇමරිකානු මිලිටරිය තමන් සතු දිගු දුර නිරවද්‍ය මිසයිල සහ ප්‍රතිරෝධක මිසයිල බොහොමයක් ක්ෂය කර දැමූවද, තමන්ට වඩා බෙහෙවින් කුඩා ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට නොහැකි බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඵලය වෙනත් විභව (potential) ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීමට (deter) මෙම රටට ඇති හැකියාවට හානි පමුණුවයි.”

එම කතුවැකියේ අවසන් නිගමනය මෙම ප්‍රකාශයට ලඝු වේ: “පෙන්ටගනයට නූතනකරණය වීමට සහ අනාගත යුද්ධ සඳහා සූදානම් වීමටද අවශ්‍ය වනු ඇත.”

අනාගත යුද්ධ. විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ පවතින ස්ථිර අධිරාජ්‍යවාදී ගැටුම්කාරී රාමුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර, ඒ සඳහා පෙන්ටගනය “නූතනකරණය වී සූදානම් විය යුතුය”. මෙහිදී ප්‍රශ්නයකට ලක්ව ඇත්තේ එම රාමුව පාලනය කරනු ලබන දක්ෂතාවය (competence) පිළිබඳව පමණි.

කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රතිචාරයද ක්‍රියාත්මක වන්නේ එම රාමුව තුළමය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි (Chris Murphy) මෙම ගිවිසුම හැඳින්වූයේ “මූලික වශයෙන් ඉරානයට යටත් වීමක්” ලෙසය. නියෝජිත (සභික) සෙත් මෝල්ටන් (Seth Moulton) එය හැඳින්වූයේ “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායකයා වෙත ලබා දුන් යටත් වීමේ ලේඛනයක්” ලෙසය. සෙනෙට් සභික ජැක් රීඩ් (Jack Reed) මැසිවිලි නැඟුවේ ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වූ JCPOA යටතේ තිබූ ප්‍රමාණයටත් වඩා “අඩු දෙයක්” දැන් ඇමරිකාවට ලැබෙන බවයි. ඩිමොක්‍රටික් පාර්ශවය යුද්ධය ආරම්භ කරන විට එය අනුමත කළේය. ඔවුන් දැන් ඒ ගැන මැසිවිලි නඟන්නේ ඉරානය විනාශ නොකර යුද්ධය අවසන් වූ නිසා පමණි.

යුද්ධයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලන රාමුව තුළ එයට කිසිදු ප්‍රකාශනයක් (නියෝජනයක්) ලැබුණේ නැත.

යුද්ධයේ මෙම අදියර අවසන් වීමෙන් යුද්ධය මුළුමනින්ම අවසන් වූ බවක් අදහස් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදීය. මෙම 2026 සටන් විරාම රාමුව ඊළඟට එන යුද්ධයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත පරාජයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිවිපාක දැකගත හැකි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළමය.

මෙම යුද්ධය දියත් කරන ලද්දේ, එක් අතකින් ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. යුරෝපීය මහ බැංකුව මේ මාසයේ වාර්තා කළේ රන්, යුරෝ මුදල් ඒකකය අභිබවා යමින් ලොව දෙවන විශාලතම සංචිත වත්කම බවට පත්ව ඇති බවයි. එය වසරකට පෙර පැවති 20% සිට ගෝලීය සංචිතවලින් 27% දක්වා ඉහළ ගොස් ඇත. ෆෙඩරල් ණය ප්‍රමාණය 1946 න් පසු පළමු වතාවට මාර්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100% සීමාව පසු කළේය. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පරිහානිය වේගවත් කර ඇති අතර යුද්ධයෙන් විසඳීමට බලාපොරොත්තු වූ ව්‍යුහාත්මක අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.

යුද්ධය දියත් කරන ලද්දේ සමාජ ගැටුම් උත්සන්න වෙමින් පැවති පසුබිමකය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් ඒජන්තයින් විසින් 37 හැවිරිදි කවියෙකු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ 37 හැවිරිදි හෙදියක වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) ඝාතනය කිරීමෙන් පසු ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව මහා පරිමාණ ජනතා විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධය දියත් කිරීම, අනෙකුත් කරුණු අතර, මෙම වර්ධනය වෙමින් පැවති විරෝධය දේශප්‍රේමී යුධ උණක් වෙත හරවා යැවීමේ උත්සාහයක් විය.

සමාජ විරෝධය දැන් තවදුරටත් උත්සන්න වනු ඇති අතර, එය වැඩි වැඩියෙන් කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනු ඇත. ඇමරිකන් ඇක්සල් (American Axle) හි මෝටර් රථ කොටස් නිෂ්පාදන කම්කරුවන් මේ මාසයේ වැඩ වර්ජනයක නිරත විය. දුම්රිය සේවකයන්, මස් ඇසුරුම් කරන්නන්, ගුරුවරුන් සහ හෙදියන් සේවයෙන් ඉවත් වී ඇත (walked out). ඉරිදා ගිවිසුමේ ආරංචියත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ ඉහළ ගියද, ඉන්ධන සහ ආහාර මිල ගණන් තවමත් යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. පුද්ගලික පරිභෝජන වියදම් (PCE) උද්ධමනය 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 න් පසු ඉහළම වේගයයි. පාරිභෝගික විශ්වාසය (Consumer sentiment) ඉතිහාසයේ අවම මට්ටමක පවතින අතර, එය මහා අවපාතය (Great Recession) හෝ වසංගත කාලයටත් වඩා දරුණුය.

සමාගම් ලාභ ලබන අතරතුර, කම්කරුවන්ට සිදු වූයේ මිල ඉහළ යාම හරහා යුද්ධයේ බර දැරීමටය. මෙම ආර්ථික බලපෑම ඉදිරි වසර ගණනාව තුළ ඇමරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද පන්ති අරගල සඳහා ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදයම, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ද බිහි කරමින් පවතී.

ගැඹුරු වන සමාජ විරෝධයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ තමන් දැනටමත් ප්‍රදර්ශනය කර ඇති ක්‍රමවේදයන් මඟිනි: එනම් ICE වැටලීම්, මහා පරිමාණ රැඳවුම් යටිතල පහසුකම්, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක බලකාය (National Guard) යෙදවීම, දේශපාලන විරුද්ධවාදිකම් අපරාධකරණය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම මඟිනි. ඉරානය තුළ ලැබූ පරාජය මෙම ගමන මන්දගාමී නොකරනු ඇත; එය තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශයන්හි තම අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුණ දෙන ඇමරිකානු පාලක පන්තිය, මෙරට කම්කරු පන්තියට එරෙහිව නව ම්ලේච්ඡත්වයකින් හැරෙනු ඇත.

දැන් පවතින කාර්යභාරය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ වපසරියක් සහිත, සමාජවාදී වැඩපිළිවෙළක් සහ තම අරමුණු පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය Read More »

NATO

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි

ජෝර්ඩාන් ශිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “NATO summit in Sweden exposes sharpening inter-imperialist antagonisms amid escalation of war on Russiaයන හිසින් පළවූ ජෝර්ඩාන් ශිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

NATO
2026 මැයි 22 සිකුරාදා දින ස්වීඩනයේ හෙල්සින්බර්ග්හිදී පැවැත්වුණු නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව පැවති ‘ආක්ටික් 7’ (Arctic 7) හමුවක් අතරතුර, (දකුණේ සිට) නෝර්වේ විදේශ අමාත්‍ය එස්පන් බාත් අයිඩේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (දකුණේ සිට දෙවැන්නා) සහ අයිස්ලන්ත විදේශ අමාත්‍ය කැට්‍රින් ගුනාර්ස්ඩොටියර් (දකුණේ සිට තෙවැන්නා) යන පිරිස සහ (වමේ සිට) කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද්, ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ් සහ ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොකේ රස්මුසන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. [ඒපී ඡායාරූපය/ජූලියා ඩිමරී නිකින්සන්]

නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් 32හි විදේශ අමාත්‍යවරු, මේ වසරේ ගිම්හාන සෘතුවේදී තුර්කියේ පැවැත්වීමට නියමිත නේටෝ රාජ්‍ය නායක සමුළුවට අදාළ මූලික කටයුතු සූදානම් කිරීම සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ස්වීඩනයේ හෙල්සින්බර්ග් නුවරට රැස් වූහ. රුසියාව අර්ධ යටත් විජිත මට්ටමකට ඇද දැමීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යනු ලබන අඛණ්ඩ යුදමය වාතාවරණයක් මධ්‍යයේ, එක්සත් ජනපදය සහ එහි හිටපු යුරෝපීය මෙන්ම කැනේඩියානු මිත්‍ර රටවල් අතර උග්‍ර වෙමින් පවතින විරෝධතා මෙම රැස්වීමේ ප්‍රධාන වශයෙන් කැපී පෙනුණි.

මෙම නේටෝ (NATO) රැස්වීම ඇමති මට්ටමින් ස්වීඩනයේදී පවත්වන ලද පළමු රැස්වීම විය. 2022 වසරේදී එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය විසින් පොළඹවනු ලැබූ රුසියානු යුක්රේන ආක්‍රමණයෙන් පසුව, ෆින්ලන්තය සමඟ එක්ව ස්වීඩනය ද මෙම ආක්‍රමණශීලී යුද සන්ධානයට බැඳුණි.පසුගිය වසර හතරක කාලය තුළ, බෝල්ටික් මුහුදු වෙරළ තීරයන්ට හිමිකම් කියන, සාම්ප්‍රදායිකව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙම රටවල් දෙක රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ පෙරමුණේම පසුවන රාජ්‍යයන් බවට පරිවර්තනය වී ඇත. ඉන්, ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් කල රුසියාව සමඟ කිලෝමීටර් 1,300ක් දිගු දේශසීමාවක්  බෙදා හදා ගනී. 

පෝලන්තය වෙත අතිරේක සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හා සමගාමීව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙම රැස්වීම සඳහා පැමිණියේය. ඒ, එම රටටම වෙනත් සෙබළුන් 4,000ක් යෙදවීමට තිබූ සැලසුමක් අවලංගු කර සතියක් ගතවීමටත් මත්තෙනි. ධවල මන්දිරයේ පාලනය හොබවන මෙම ෆැසිස්ට්වාදී නායකයා, ජර්මනියේ රඳවා සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව 5,000කින් අඩු කිරීමට මේ මස මුලදී නියෝග කළේය. ඒ, වොෂින්ටනය (එක්සත් ජනපදය) කිසිදු මූලෝපායකින් තොරව ඉරානයට එරෙහිව යුද්ධයක නිරත වන බවට ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

සිකුරාදා උදෑසන නිල සාකච්ඡා ආරම්භ වීමට පෙර රූබියෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, මැදපෙරදිග කලාපයේ තම ක්‍රියාන්විතයන් සම්බන්ධයෙන් නේටෝ (NATO) සාමාජික රටවල් දක්වන “ප්‍රතිචාරය” පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය “කලකිරීමට” පත්ව ඇති බවයි.

ඉදිරියේදී අන්කාරා නුවර පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවේදී මෙම ගැටලුව “රාජ්‍ය නායක මට්ටමින්” විසඳාගත යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඔහු එම ඉදිරි සමුළුව “නේටෝ ඉතිහාසයේ වඩාත්ම වැදගත් එකක්” ලෙස ද විස්තර කළේය.

ටෙහෙරානය (ඉරානය) සමඟ සාකච්ඡා තවමත් පවතිමින් තිබියදීම, පෙබරවාරි 28 වනදා මහා රාත්‍රියේ ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී ආක්‍රමණශීලී යුද්ධයට යුරෝපීය අධිරාජ්‍යවාදීන් දැක්වූ ප්‍රතිචාරය රූබියෝ මෙයින් අදහස් කළේය. වොෂින්ටනය (එක්සත් ජනපදය) විසින් මැදපෙරදිග තුළ ක්‍රියාවට නංවනු ලබන යටත් විජිත පන්නයේ ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම නැවත පණ ගැන්වීමට සහය දෙන බැවින්, මිලියන 93කට අධික ජනගහනයක් සහිත එම රටට එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපීය බලවතුන් විසින් අනුමත කරන ලදී.කෙසේ වෙතත්, ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් රුසියාව සමඟ පවතින යුද්ධය කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු වනු ඇතැයි යුරෝපීය බලවතුන් තුළ වැඩි වැඩියෙන් කනස්සල්ලක් ඇති විය. ඔවුන් එම රුසියානු යුද්ධය සලකනු ලැබුවේ තමන්ගේ කොල්ලකාරී අභිලාෂයන් සඳහා වඩාත් වැදගත් වන්නක් ලෙසය. ඉරානය තුළ සිදුකරන ක්‍රියාන්විතයන් සඳහා ස්පාඤ්ඤ මිලිටරි කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපදයට අවසර දීම ස්පාඤ්ඤ රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලදී. 

මෙම මතභේදයන්ට මුල් වී ඇත්තේ, අන්තර්-අත්ලාන්තික් සබඳතාවය පදනම් වී තිබූ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවති ලෝක ධනවාදයේ සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) සිය මෑතකාලීන ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළියේදී පැහැදිලි කළ පරිදි, ඉරාන යුද්ධයෙන් සනිටුහන් වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ශීඝ්‍ර ආර්ථික පරිහානිය ආපසු හැරවීම සඳහා සිය අතිමහත් මිලිටරි බලය භාවිතා කිරීමට උත්සාහ කළ වසර 35ක කාලපරිච්ඡේදයක උච්චතම අවස්ථාව ලෙසයි. නමුත් වොෂින්ටනය අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමට වඩා බොහෝ සෙයින් වෙනස්ව, මෙම නිමාවක් නොමැති ම්ලේච්ඡ යුද්ධ මාලාව විසින් ලෝක ධනවාදයේ අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර, එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය සහ මිලිටරි බලය තවදුරටත් පිරිහීමට ලක් කර ඇත. එමෙන්ම, 20 වන සියවසේදී ලෝකයේ සම්පත් සහ වෙළඳපොළවල් නැවත බෙදාගැනීම සඳහා ලෝක යුද්ධ දෙකක් ඇති කිරීමට හේතු වූ එම අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්ම මේ හරහා නැවතත් මුදාහැර තිබේ.

ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය අධිරාජ්‍යවාදීන්, වොෂින්ටනය සමඟ පවතින සබඳතා පිරිහී යාමට ප්‍රතිචාර දක්වා ඇත්තේ දැවැන්ත නැවත සන්නද්ධ වීමේ වැඩපිළිවෙළක් දියත් කරමිනි. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහයෝගය ඇතිව, මර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී/සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආණ්ඩුව, ඉදිරි දශකය තුළ යුද්ධය සහ මිලිටරිමය යටිතල පහසුකම් සඳහා යුරෝ ට්‍රිලියන 1ක මුදලක් වියදම් කිරීමට අවසර දීම වෙනුවෙන් රටේ පවතින ණය සීමා පැනවීම් (debt brake) ද නොසලකා හැරීමට පියවර ගත්තේය.එමෙන්ම, නේටෝ (NATO) සංවිධානයේ යුරෝපීය සාමාජිකයන් සහ කැනඩාව, 2035 වසර වන විට තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සහ ඊට අදාළ යටිතල පහසුකම් වෙනුවෙන් වියදම් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වී ඇත.

වොෂින්ටනයෙන් (එක්සත් ජනපදයෙන්) ස්වාධීනව සහ අවශ්‍ය වුවහොත් ඊට එරෙහිව වුවද, ලොව පුරා තමන්ගේ භූ-උපායමාර්ගික සහ ආර්ථික අවශ්‍යතා බලාත්මක කළ හැකි යුරෝපීය යුද යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා ප්‍රතිපාදන සෙවීමට යුරෝපීය අධිරාජ්‍යවාදය කටයුතු කරමින් සිටියි. මේ සඳහා ඔවුන් අන්තර්-අත්ලාන්තික් සබඳතාව බිඳ වැටීම ප්‍රයෝජනයට ගනිමින්, තමන්ගේම රටවල් තුළ දරුණු ලෙස වියදම් කපා හැරීමේ ව්‍යාපාරයක් වේගවත් කරමින් සිටී. කෙසේ වෙතත්, බලයේ සිටින යුදකාමීන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බව පිළිගන්නා අතර, එම නිසා ඔවුන් හැකි තාක් කල් එක්සත් ජනපදය සමඟ යම් ආකාරයක ක්‍රියාකාරී එකඟතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරති. මන්දයත්, මිලිටරි උපකරණ ලබාගැනීම සඳහා ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් යුරෝපීය බලවතුන් තවමත් එක්සත් ජනපදය මත දැඩි ලෙස රඳා පවතින බැවිනි.

ජර්මනියේ රැඳී සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව එම ප්‍රමාණයෙන්ම (5,000කින්) අඩු කිරීමටත්, ජර්මනිය තුළ දිගු දුර විහිදෙන ටොමහෝක් (Tomahawk) මිසයිල ස්ථානගත කිරීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමටත් එය සමපාත වුවද, පෝලන්තය වෙත සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් කළ ප්‍රකාශය ජර්මන් විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් සිකුරාදා පැවැති රැස්වීමේදී විශේෂයෙන්ම සාදරයෙන් පිළිගත්තේය. එමෙන්ම, මෙම වසරේ මුලදී යුරෝපා සංගමය (EU) විසින් කියෙව් (යුක්රේනය) වෙත ලබාදුන් යුරෝ බිලියන 90ක ණය මුදලට “අඩුම තරමින් සමාන මුදලකින් “, කියෙව්හි පවතින අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍රය වෙත ලබාදෙන මූල්‍ය ආධාර වැඩි කරන ලෙස ඔහු එම රැස්වීමේදී නේටෝ (NATO) සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මහද්වීපය පුරා පවතින රජයන් විසින් ක්‍රියාවට නංවනු ලබන උමතු නැවත සන්නද්ධ වීමේ සැලසුම් හේතුවෙන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු කම්කරු පන්තිය වෙත ලබාදුන් සහන සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සිදු වනු ඇත. කම්කරුවන් තමන්ගේ රැකියා සහ පොදු සේවාවන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, මෙය පන්ති අරගලය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා මාවත සකසනු ඇත. මිලිටරි අයවැය ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, විවිධ දේශපාලන මතවාදයන් නියෝජනය කරන රජයන් විසින් වැළඳගෙන ඇති කප්පාදු වැඩපිළිවෙළවල්, උමතු රුසියානු විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් සාධාරණීකරණය කරනු ලැබේ. මෙම ප්‍රචාරයන්, 2029 වසර වන විට ක්‍රෙම්ලිනය (රුසියාව) විසින් නේටෝ (NATO) සංවිධානයට එරෙහිව මහා පරිමාණ යුද්ධයක් සූදානම් කරමින් සිටින බවට කෙරෙන උද්වේගකර සහ ඝෝර ප්‍රකාශයන්ගෙන් පිරී පවතී.

යුරෝපීය බලවතුන් කියෙව් වෙත ලබාදෙන තමන්ගේ මිලිටරි සහ මූල්‍ය ආධාර ඉහළ නංවා ඇති අතර, එමඟින් මොස්කව්හි නේවාසික ගොඩනැගිලි සහ බලශක්ති යටිතල පහසුකම් ද ඇතුළුව රුසියාවේ අභ්‍යන්තරයේ ගැඹුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අන්ත දක්ෂිණාංශික සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයට අවස්ථාව ලැබී ඇත. නේටෝ (NATO) කලාපය තුළ පිහිටි නිෂ්පාදන පරිශ්‍රයන් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට රුසියාව තර්ජනය කිරීමෙන් පසුව (පවා), එවැනි ප්‍රහාරයන්ට අඛණ්ඩව සහයෝගය දීමට සහ දිරිගැන්වීමට යුරෝපයේ ප්‍රධාන බලවතුන් කටයුතු කර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ලබන මෙම ප්‍රහාරයන් අතරතුර, එන්න එන්නම වැඩි වන යුක්රේන ඩ්‍රෝන යානා සංඛ්‍යාවක් නේටෝ සාමාජික රටවල් වන එස්තෝනියාව, ෆින්ලන්තය, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල ගුවන් සීමාවන්ට ඇතුළු වී තිබීමේ කරුණ, සිකුරාදා රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරුන් විසින් රුසියාවේ “ආක්‍රමණශීලීත්වය” නැවත වරක් හෙළා දැකීම සඳහා අවස්ථාවක් කරගනු ලැබීය. පැහැදිලිවම එයට හේතුව වී ඇත්තේ, අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය ප්‍රතිපාදන ලබන යුක්රේන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා රුසියාව විසින් ඉලෙක්ට්‍රොනික සංඥා අවහිර කිරීම් (electronic jamming) භාවිතා කර තිබීමයි.

යුක්රේනයේ සිට ආක්ටික් කලාපය දක්වාම එක්සත් ජනපදය සහ යුරෝපය අතර පවතින මතභේදයන් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී.

කියෙව්හි බටහිර ගැති පාලන තන්ත්‍රයක් බලයට පත් කිරීමට සහ එම රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිවිල් යුද්ධය ආරම්භ කිරීමට හේතු වූ 2014 ‘මයිඩාන්’ (Maidan) කුමන්ත්‍රණය සැලසුම් සහගතව මෙහෙයවීම සඳහා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය බලවතුන් එක්ව කටයුතු කරන ලදී . 2022 වසරේදී පුටින් විසින් ඔහුගේ ප්‍රතිගාමී ආක්‍රමණය දියත් කළ අවස්ථාවේදී පවා ඊට පෙර පැවති වසර තිහක එක්සත් ජනපද සහ නේටෝ (NATO) ආක්‍රමණයන් පහසුව සදහා අමතක කර දමමින්,  “රුසියානු ආක්‍රමණශීලීත්වය” ඒකාබද්ධව හෙළා දැකීම මඟින් යුද්ධය පිටුපස පැවති එකිනෙකට තරඟකාරී අධිරාජ්‍යවාදී අභිලාෂයන් අඩුම තරමින් මතුපිටින් හෝ වසා දමනු ලැබීය.

එක්සත් ජනපදය සහ යුරෝපීය රජයන් අතර පවතින මතභේදයන් අද වන විට ප්‍රසිද්ධියේම කරළියට පැමිණ ඇත. ට්‍රම්ප් පරිපාලනය විසින් සෘජු මිලිටරි ආධාර සියල්ලම පාහේ නතර කිරීමෙන් පසුව, යුක්රේනය දැන් මුළුමනින්ම පාහේ යුරෝපීය බලවතුන් සහ කැනඩාව වෙතින් ලැබෙන මූල්‍ය ආධාර මත යැපෙයි. එමෙන්ම, මෙම මූල්‍ය ආධාර බොහෝ විට එක්සත් ජනපදයෙන්ම ආයුධ මිලදී ගැනීම සඳහා ද උපයෝගී කර ගැනේ. යුරෝපීය නායකයන් මඟහරිමින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එකඟතාවයකට පැමිණීමට ට්‍රම්ප් දරන උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී. එමඟින් එක්සත් ජනපද සමාගම් සහ ආයෝජකයින් වෙත රුසියානු බලශක්ති ප්‍රභවයන් සහ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

නෝර්ඩික් කලාපය තුළ, නේටෝ (NATO) සංවිධානයේ නිල ව්‍යුහයන්ගෙන් බැහැරව සිය මිලිටරි පැවැත්ම ව්‍යාප්ත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් මාලාවකට එළඹී ඇති අතර, එමඟින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය පුරා පිහිටි මිලිටරි කඳවුරු දුසිම් ගණනකට බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව එක්සත් ජනපද මිලිටරි සෙබළුන්ට හිමිවේ.මෙම ගිවිසුම් යටතේ, තමන් ක්‍රියාත්මක වන කඳවුරු කෙරෙහි පූර්ණ අධිකරණ බලය එක්සෙත් ජනපදය සතු වන අතර, වැරදි හෝ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙබළුන් පිළිබඳ නඩු විභාග කරනු ලබන්නේ ද එක්සත් ජනපද නීතියට අනුකූලවය.

රූබියෝ සිකුරාදා පැවැති නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වන අතරතුර, ස්වීඩනය සමඟ ද්විපාර්ශ්වික තාක්ෂණික හවුල්කාරිත්වයකට අත්සන් තැබීම සඳහා ද කාලය වෙන් කරගත්තේය. එම අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ්, පරදුවට ලක්ව ඇති ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන් පෙන්වා දෙමින් මෙසේ පැවසුවාය:

“පසුගිය වසරක කාලය තුළ පමණක්, ස්වීඩනය නේටෝ (NATO) සංවිධානයට බැඳී, හූස්ටන් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර දෙකෙහිම ප්‍රධාන කොන්සල් කාර්යාල විවෘත කර, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, එක්සත් ජනපදයේ ප්‍රමුඛතම මුලපිරීමක් වන ‘පැක්ස් සිලිකා’ (Pax Silica) වැඩසටහන සමඟ ද එක්වී තිබේ.”

“අද අපි තවත් පියවරක් ඉදිරියට තබමින් සිටිමු. තාක්ෂණික සෞභාග්‍යය පිළිබඳ මෙම ගිවිසුම අපගේ පොදු ආරක්ෂාව සහ සෞභාග්‍යය උදෙසා නව විභවතාවන් විවෘත කරනු ඇත… එය කෘතිම බුද්ධිය (AI), සබඳතාවයන්, ආරක්ෂක නවෝත්පාදන හෝ අභ්‍යවකාශය වේවා, අප එක්ව කටයුතු කරන විට අපි වඩාත් ශක්තිමත් වන්නෙමු.”

තවත් බටහිර දිශාවට, ඩෙන්මාර්කයට අයත් ස්වයංපාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ පාලනය නතු කරගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර පවතින ගැටුම මේ සතියේදී නැවත වරක් උත්සන්න විය.

බ්‍රහස්පතින්දා දින, එක්සත් ජනපදය එහි අගනුවර වන නූක් (Nuuk) හි නව සහ වඩාත් විශාල කොන්සල් කාර්යාලයක් විවෘත කළේය. ඩෙන්මාර්ක සහ යුරෝපීය නිලධාරීන් මෙන්ම ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ද එම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන කරුණක් විය. කොන්සල් කාර්යාලය විවෘත කිරීමට එරෙහිව 1,000ක් දක්වා වූ පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් මහා විරෝධතාවක් බ්‍රහස්පතින්දා දින පැවැත්වුණු අතර, ග්‍රීන්ලන්තයේ සමස්ත ජනගහනය 57,000ක් පමණක් වන බව සලකා බලන විට එය ඉතා දැවැන්ත විරෝධතාවක් විය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ආක්ටික් කලාපයේ විවෘත වෙමින් පවතින දියමංකඩවල් මධ්‍යයේ පිහිටි එහි ප්‍රධාන මූලෝපායික පිහිටීම සහ සාරවත් අමුද්‍රව්‍ය තැන්පතු නිසා, ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ තම අදහස ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. ග්‍රීන්ලන්තය සඳහා වූ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වන ලුසියානා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙෆ් ලෑන්ඩ්‍රි සතියකට ආසන්න කාලයක් එම දූපතේ සංචාරයක නිරත වුවද, කිසිදු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ඔහුව හමුවීමට සූදානම්ව සිටියේ නැත. මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දැනට සිදුවෙමින් පවතින සභාග ආණ්ඩු පිහිටුවීමේ සාකච්ඡා හේතු දක්වමින්, ඩෙන්මාර්ක රජය ද කිසිදු නියෝජිතයෙකු එවීමට කටයුතු කළේ නැත.

ඩෙන්මාර්ක, ග්‍රීන්ලන්ත සහ එක්සත් ජනපද නිලධාරීන් මේ වන විට එම දූපත එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවල නිරත වෙමින් සිටිති. ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පතට අනුව, එහි ස්ථිර පදනමේ සෙබළුන් යෙදවීමේ අයිතිය සහ සියලුම ප්‍රධාන ආර්ථික ආයෝජන සම්බන්ධයෙන් නිෂේධ බලය (veto power) ලබාගැනීමේ අයිතිය වොෂින්ටනය විසින් ඉල්ලා සිටියි. එමෙන්ම, නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් විසින් ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද “ආක්ටික් එන්ඩියුරන්ස්”(Arctic Endurance) නැමැති නව මෙහෙයුමේ කොටසක් ලෙස, යුරෝපීය නේටෝ සාමාජික රටවල් ද උතුරු දිග ඉහළ කලාපයේ (high north) තම මිලිටරි පැවැත්ම සහ ක්‍රියාකාරකම් ඉහළ නංවමින් සිටියි.

නේටෝ (NATO) සංවිධානයේ සමීපතම මිත්‍ර රටවල් දෙක ලෙස සැලකිය හැකි එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින මිලිටරි සහයෝගිතාව ද දැන් තවදුරටත් ‘ දෙන ලද්දක්’ (ස්ථිර ලෙස) එකක් ලෙස සැලකිය නොහැකිය. මෙම සතිය මුලදී, යුද කටයුතු පිළිබඳ උප ලේකම් එල්බ්‍රිජ් කොල්බි සමාජ මාධ්‍ය සටහනක් මඟින් ප්‍රකාශ කළේ, 1940 වසරේ සිට එක්සත් ජනපදය සහ කැනඩාව අතර මහද්වීපික ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන “ස්ථිර ඒකාබද්ධ ආරක්ෂක මණ්ඩලයේ” (Permanent Joint Board of Defense) තම සහභාගීත්වය එක්සත් ජනපදය විසින් අත්හිටුවන බවයි. බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කළේ, කැනඩාවේ ලිබරල් රජය තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශ්වසනීය සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ ඇමරිකාවේ නිෂ්පාදිත F-35 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම පිළිබඳ අවසන් තීරණය වසරකට වැඩි කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි. කැනඩා රජය F-35 යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය නැවත සමාලෝචනයකට ලක් කර ඇති අතර, රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සහ කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට ට්‍රම්ප් විසින් දිගින් දිගටම එල්ල කරන ලද තර්ජනවලින් පසුව, එක්සත් ජනපදය මත පවතින තම යැපීම සැලකිය යුතු ලෙස අඩු කිරීම අරමුණු කරගත් “ආරක්ෂක කාර්මික උපායමාර්ගයක්”’ (Defense Industrial Strategy) ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෑත මාසවලදී යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වෙත වඩාත් සමීප වීම සඳහා විශේෂ උත්සාහයක් ගෙන තිබේ. ඔහුගේ රජය මිලිටරි නිෂ්පාදන සඳහා වූ “රීආම් යූරෝප්” (Rearm Europe) වැඩසටහනේ හවුල්කරුවෙකු ලෙස කැනඩාවට ස්ථානයක් තහවුරු කර දුන් අතර, කාර්නි පසුගිය මාසයේදී යෙරෙවන් (Yerevan) නුවර පැවැති යුරෝපීය දේශපාලන ප්‍රජාවේ (European Political Community) සමුළුවකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන නායකයා බවට පත් විය.

නේටෝ (NATO) සන්ධානය බිඳදමමින් පවතින සහ ලෝකය අලුතින් නැවත බෙදා ගැනීමක් සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් එකිනෙකා සමඟ ගැටුමකට ඇද දමන මෙම ගැටුම් නැවැත්විය හැක්කේ, සමාජයේ සමාජවාදී පරිවර්තනයක් උදෙසා  ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පමණි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි Read More »

Iran war

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 18 දින “After Trump’s China trip, White House plans new attack on Iranයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran war
2026 මැයි 15 වන සිකුරාදා බෙයිජිං නුවරදී, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ජොංනන්හායි n (Zhongnanhai) උද්‍යානය හරහා යන මිත්‍රත්ව පාගමනකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ) සහභාගී වන ආකාරය . [ඒපී ඡායාරූපය/ඉවන් වුචි]

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීජිං නුවර සිට ආපසු පැමිණ දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ඉරානයට එරෙහිව යළිත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ධවල මන්දිරය සක්‍රීය ලෙස සූදානම් වෙමින් සිටී. 

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, “ලබන සතිය තරම් ඉක්මනින්, සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට සිදු කෙරෙන විශාලතම ප්‍රහාරය ලෙස, ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමේ හැකියාව වෙනුවෙන් දැඩි සූදානමක නිරතව සිටින” බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කළේය.

දශකයකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ ට්‍රම්ප්ගේ බීජිං රාජ්‍ය සංචාරය පුරාම, ඉරාන යුද්ධය හේතුවෙන් හටගත් අර්බුදය ප්‍රධාන තැනක් ගත්තේය. ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ප්‍රසිද්ධියේ සුහදතාවක් ප්‍රදර්ශනය වුවද, ඉරාන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කිසිදු පොදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ අතර, කිසිදු නිල ප්‍රකාශනයක් ද නිකුත් නොකෙරුණි.

ඉරාන ජාතිකයන් 3,000කට අධික පිරිසක් සමූලඝාතනය කර සහ සිවිල් ගොඩනැගිලි 81,000ක් විනාශ කර තිබියදීත්, එක්සත් ජනපදය සිය අරමුණු කිසිවක් සාක්ෂාත් කරගෙන නොමැත. එය ඉරාන රජය පෙරළා දැමීමට හෝ ඉරාන හමුදාව බිඳ දැමීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීමට හෝ සමත්ව නැත.

සටන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් විසින් සිය ඉහළම ජාතික ආරක්ෂක කණ්ඩායම අඟහරුවාදා දින ‘සිටුවේෂන් රූම්’ (Situation Room) වෙත කැඳවීමට නියමිත බව ඇක්සියෝස් (Axios)  ඉරිදා වාර්තා කළේය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යන අයගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා දින ට්‍රම්ප්ගේ වර්ජිනියා ගොල්ෆ් සමාජයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඉරිදා සවස, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති දුරකථන ඇමතුමකින් පසුව, ට්‍රම්ප් ‘ටෘත් සෝෂල්’ (Truth Social) හි මෙසේ සටහන් කළේය: “ඉරානයට තිබෙන කාලය වේගයෙන් ගෙවී යමින් පවතී, එබැවින් ඔවුන් ඉතා ඉක්මනින් පියවරක් ගත යුතුය, නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇත.”

මැදපෙරදිග සිතියමක් මත ඇමෙරිකානු ධජය සලකුණු කර, සෑම දෙසකින්ම ඉරානය දෙසට රතු ඊතල යොමු කර ඇති, කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඉන් පසුව ඔහු ඉදිරිපත් කළේය. එමඟින් ඔහු ඉඟි කළේ ඇමෙරිකාව විසින් ඉරානය ගොඩබිමින් ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.

ට්‍රම්ප් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට නවතම ඉඟියක් පළ කරමින්, ඔහු විසින් මීට පෙර, පාලන පුවරුවක (command console) ඇති රතු බොත්තමක් ඔබන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එහි ඔහුට ඉහළින් ඇති තිරයක හතු ආකාර පිපිරුම් (න්‍යෂ්ටික පිපිරුම් mushroom-cloud explosions) දර්ශනය වෙමින් තිබුණි.

ටයිම්ස් (Times) පුවත්පතේ වාර්තාවට අනුව, පෙන්ටගනයේ සලකා බැලීමට ලක්ව ඇති විකල්ප අතර ඉරානය තුළ ඇමරිකානු හට පිරිස් යෙදවීම ද ඇතුළත්ය. එය ‘විශාල ජීවිත හානි සිදුවීමේ අවදානමක්’ සහිත වනු ඇත

ඉරාන යුද්ධය උත්සන්න කිරීමේදී, ට්‍රම්ප් කතා කරන්නේ තමා වෙනුවෙන් පමණක් නොව සමස්ත මූල්‍ය කතිපයාධිකාරය (ධනවත් පාලක පන්තිය) වෙනුවෙන් ද වේ. යුද්ධය ආරම්භ කිරීම මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කීර්තිය, ඉරානය යටත් කර ගැනීම මත ඔට්ටු තැබීමට ට්‍රම්ප් කටයුතු කර ඇත. එම අරමුණ ඉටු කර ගැනීමට අපොහොසත් වීම, ඇමරිකානු ධනවාදයේ නුබුන්වත් බව (solvancy- ‘ස්ථාවර බව’) රඳා පවතින ඩොලරය පදනම් කරගත් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම වේගවත් කරන ව්‍යසනයක් ලෙස පාලක පන්තිය විසින් දකිනු ලබයි.

එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන, ඉරානය ආක්‍රමණය කිරීම සඳහා එරට පාබල හමුදාවන් යෙදවිය යුතු බවට ප්‍රසිද්ධියේ බලපෑම් කරමින් සිටියි. රේගන් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පරිපාලන සමයන්හි නාවික හමුදා හිටපු නියෝජ්‍ය උපලේකම්වරයෙකු වූ සෙත් ක්‍රොප්සි (Seth Cropsey), ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පතේ ඉරිදා දින පළ කළ ‘ඉරාන වැඩේ අවසන් කරන්නේ  කොහොමද?’ යන මැයෙන් යුත් ලිපියක සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් විසින් “මහා  ව්‍යසනකාරී  බලය භාවිතා කිරීමේ තර්ජනය ක්‍රියාවට නැංවිය යුතුයි, එයින් අදහස් කරන්නේ, ඉරාන රාජ්‍යයේ බිඳ වැටීම වේගවත් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට, පාබල හමුදාවන් යෙදවීම ඇතුළු බහු-අදියර මෙහෙයුමක් සඳහා සූදානම් වීමයි” යනුවෙනි.

ක්‍රොප්සි (Cropsey) ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුණ දී සිටින බරපතල අර්බුදය පෙන්වා දෙමින් මෙසේ පැවසීය: “මෙම වසරේ ඉතිරි කාලය පුරාම තෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව ආසන්නයේ පැවතුණහොත්, උද්ධමනය තවදුරටත් වේගවත් වන අතර ප්‍රධාන කර්මාන්තයන්හි සැපයුම් දාමයන් බිඳ වැටීමට ලක්වනු ඇත. මෙම අර්බුදය වාසිදායක ලෙස අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමටත්, ඇමරිකාවේ අවශ්‍යතා සහ කීර්තිය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය නැවත නගාසිටුවීමටත් ට්‍රම්ප් මහතාට ඇත්තේ සීමිත කාලයකි. නමුත් ඒ සඳහා සමස්ත ඇමරිකානු බලයම උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.”

නැවත වරක් ප්‍රහාර එල්ල කිරීම සඳහා වන බලපෑම් ඉරිදා දින දේශපාලන සාකච්ඡා වැඩසටහන් හරහා ද තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. ට්‍රම්ප්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති සහකරුවෙකු වන දකුණු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් , “මීට් ද ප්‍රෙස්”(Meet the Press) වැඩසටහනට එක්වෙමින්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.”ජනාධිපති ට්‍රම්ප්  යුධමය වශයෙන් කර ඇති දේ විශිෂ්ටයි, නමුත් අපට පහර දිය හැකි තවත් ඉලක්ක ඉතිරිව තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රිදවීම සඳහා අපට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් යනු ඔවුන්ගේ දුර්වලම ස්ථානයයි. ඔබ නැවත සටනට අවතීර්ණ වන්නේ නම්, මම ලැයිස්තුවේ ඉහළින්ම තබන්නේ බලශක්ති ක්ෂේත්‍රයයි.” ග්‍රැහැම් පැවසීය.

සැලසුම් කර ඇති  උත්සන්න කිරීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට, ඉරිදා සාකච්ඡා වැඩසටහන්වලට පෙනී සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වීම් බොහෝ දුරට වෙන් කළේ, බීජිං සමුළුවේදී ට්‍රම්ප් චීනය කෙරෙහි දැක්වූ ප්‍රවේශය ප්‍රමාණවත් තරම් දැඩි හෝ යුදකාමී නොවන බව පවසමින් එය හෙළා දැකීමටය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ නාමයෙන්, ට්‍රම්ප් විසින් තායිවානය පාවා නොදිය යුතුය” යැයි සෙනෙට් සභාවේ සුළුතරයේ නායක චක් ශූමර් ප්‍රකාශ කළේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ චෝදනාව වන්නේ ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හේතුවෙන්, චීනය සමඟ පවතින ගැටුම කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයට තිබූ අවධානය  අපසරණය වී ඇති බවයි.

ඉරානයට එරෙහි යුද්ධය යනු එක විටම  ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව කෙරෙන යුද්ධයක් ද වේ. යුද්ධය හේතුවෙන් හටගත් උද්ධමන අර්බුදය, බලශක්ති සහ ආහාර මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය මාස තුනක කාලය තුළ වාර්ෂික පදනමින් බලන කල, අලුත් එළවළු මිල සියයට 44 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව NBC පුවත් සේවය වාර්තා කළේය. ඉන්ධන මිල ජාතික සාමාන්‍යයක් ලෙස ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.51 ක් වන අතර, යුද්ධය ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් බොරතෙල් මිල දළ වශයෙන් සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇත.

ජීවන වියදම දරුණු ලෙස ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් මේ මාසයේදී ධවල මන්දිරයේ සිටි මාධ්‍යවේදීන් අමතා පැවසූවේ : “මම ඇමරිකානුවන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නේ නැත.”  යනුවෙනි. 

විදේශයන්හි පවතින යුද්ධය සහ දේශීය සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම අතර පවතින සෘජු සැබැඳියාව රජය විසින් පැහැදිලිවම පෙන්වා දී ඇත. අප්‍රේල් 1 වනදා ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කළේය: ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම  බලා කියා ගැනීමට අපට හැකියාවක් නැත. අපට එක් ප්‍රධාන කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව තිබේ, එනම් මිලිටරි ආරක්ෂාවයි.”” අප  යුද්ධ කරමින් සිටිමු” යි ඔහු  පැවසීය.

යුද්ධයේ පිරිවැය භාණ්ඩාගාරයට ද දැඩි බරක් වෙමින් පවතී.කඳවුරුවලට සිදුවූ හානි හැර, යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක් වැය වී ඇති බව පෙන්ටගනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (Comptroller) ජේ හර්ස්ට් පසුගිය සතියේ කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය. මේ අතර, හාවඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාඥ ලින්ඩා බිල්ම්ස් අප්‍රේල් මාසයේදී ‘ෆෝචූන්’ (Fortune) සඟරාවට පවසා තිබුණේ, “ඉරාන යුද්ධය වෙනුවෙන් අපට ඩොලර් ට්‍රිලියනයක් වැය වනු ඇති බව සහතික” බවයි.

ඉරානයට එරෙහි යුද්ධය උග්‍රවීම සිදුවන්නේ පන්ති අරගලයේ විශාල පිබිදීමක් මධ්‍යයේ ය. ලෝන්ග් අයිලන්ඩ් රේල් රෝඩ් (LIRR) සේවකයින් 3,500ක් පමණ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සේවයෙන් බැහැර විය . ඒ අනුව, 1994න් පසු සිදු වූ පළමු LIRR වැඩ වර්ජනය සනිටුහන් කරමින්, එක්සත් ජනපදයේ කාර්යබහුලම මගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටවුණි.

මිචිගන්හි සැගිනෝව් (Saginaw) හි පිහිටි නෙක්ස්ටියර් ඔටෝමෝටිව් (Nexteer Automotive) ආයතනයේ සේවය කරන “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” (United Auto Workers) සාමාජිකයින් 1,300 දෙනා පසුගිය සති හය තුළ දෙවතාවක්ම (හාම්පුතුන් හට) සහනදායී ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇති අතර, වහාම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිතියට බලකර සිටී . එමෙන්ම, මිචිගන්හි ත්‍රී රිවර්ස් (Three Rivers) හි පිහිටි ඇමරිකන් ඇක්සල් (American Axle) කර්මාන්තශාලාවේ “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” සාමාජිකයින් 1,000 දෙනා, මැයි 31 වනදා තමන්ගේ ගිවිසුම අවසන් වූ පසු වැඩවර්ජනයකට අවතීර්ණ වීම සඳහා සියයට 98 ක කැමැත්තකින් මැයි 12 වනදා අනුමැතිය ලබා දී ඇත.

මෙම අරගලවලට ආසන්නතම හේතුව වී ඇත්තේ යුද්ධය නිසා ඇති වූ ජීවන වියදම් අර්බුදයයි. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම, යුද්ධයට එරෙහි සටනින් බැහැර කළ නොහැකිය.

ඉරාන සමාජය මුළුමනින්ම විනාශ කරන බවට ට්‍රම්ප් කර ඇති තර්ජන පිළිබඳව ඉහළම මට්ටමේ දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පාලනාධිකාරය යනු ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා න්‍යෂ්ටික ආයුධ භාවිතය ඇතුළු ඕනෑම ක්‍රියාවක නිරත වීමට පසුබට නොවන, අපරාධකාරී සහ මැර කල්ලි ස්වරූපී පාලනයකි.

ප්‍රවාහන සහ මෝටර් රථ කර්මාන්තයන්හි  අරගල, යුද්ධය සහ ආඥාදායකත්වය සඳහා වන ට්‍රම්ප්ගේ සැලසුම්වලට එරෙහි සටනේ ඉදිරි මාවත පෙන්වා දෙයි. මිනීමරු ට්‍රම්ප් පාලනයට සහ ඩිමොක්‍රටික් පක්ෂය තුළ සිටින ඔවුන්ගේ අනුබලදෙන්නන්ට එරෙහි විය යුත්තේ පන්ති අරගලයේ ක්‍රමවේදය සහ සමාජවාදී වැඩපිළිවෙළක් ඔස්සේ ය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි Read More »

Trump-Xi

ඇමරිකා-චීන රාජ්‍ය නායක හමුවෙන් ගෝලීය යුද අන්තරාය සමනය වීමක් නැත

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 15 දින “US-China summit brings no respite in global war” යන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump-Xi
2026 මැයි 15 වන සිකුරාදා බෙයිජිං නුවරදී, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ජොංනන්හායි (Zhongnanhai) උද්‍යානය හරහා යන මිත්‍රත්ව පාගමනකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ) සහභාගී වන ආකාරය . [ඒපී ඡායාරූපය/ඉවන් වුචි]

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ව්‍යාප්තියේ කිසිදු අඩුවක් පෙන්නුම් නොකළ, චීනයේ දෙදින නිල රාජ්‍ය සංචාරය නිමවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා දින නැවත වොෂින්ටන් බලා පැමිණියේය. මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු එහි නිරත වූ පළමු සංචාරයයි. මෙම සංචාරය තුළින් ඉරානයට එරෙහි ඇමරිකානු අවහිරතා ලිහිල් කිරීමක්, තායිවානයට ඇමරිකාව විසින් ආයුධ සැපයීම අත්හිටුවීමක්, ට්‍රම්ප්ගේ චීන විරෝධී තීරුබදු අඩු කිරීමක් හෝ කිසිදු ඒකාබද්ධ නිල ප්‍රකාශනයක් (Communique) නිකුත් කිරීමක් සිදු නොවීය.

මෙම හමුව පැවැත්වුණේ, ඊට මාස තුනකටත් වඩා අඩු කාලයකට පෙර ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කළ ප්‍රහාරයේ බලපෑම එල්ල වී තිබූ පසුබිමකය. ඇමරිකානු ප්‍රහාරයේ බිහිසුණු බව නොතකා, ඉරාන රජය පෙරළා දැමීම, එහි හමුදාව විනාශ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය අත්පත් කර ගැනීම වැනි තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය අපොහොසත් වී තිබුණි.

චීනයේ බලශක්ති සැපයුම තම දැඩි ග්‍රහණයට ගනිමින්, එරටට කොන්දේසි පැනවීමට සූදානම් වූ ඉරානය ජයගත් පාලකයෙකු ලෙස බෙයිජිං නුවරට පැමිණීමට ට්‍රම්ප් බලාපොරොත්තු විය. නමුත් ඒ වෙනුවට, ඔහුට මුහුණ දීමට සිදු වූයේ භූදේශපාලනික ව්‍යසනයකට වන අතර, යුද්ධය නිසා ඇති වූ අර්බුදය විසඳා ගැනීම සඳහා ඔහු ෂීගේ සහය පැතුවේය.

ට්‍රම්ප්ගේ විනාශකාරී ඉරාන යුද්ධය නිසා ඇති වූ අර්බුදය, චීනයේ කේවල් කිරීමේ ස්ථාවරය ශක්තිමත් කර ගැනීම සඳහා භාවිතා කිරීමට ෂී උත්සාහ කළේය. ඔහු ට්‍රම්ප් ඉදිරියේ ගැති වීමේ පිළිකුල් සහගත ස්වරූපයක් ප්‍රදර්ශනය කළ අතර, ට්‍රම්ප් ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) ගුවන් යානයෙන් බැස එන විට ඔහුව පිළිගනු ලැබුවේ ඇමරිකානු සහ චීන ධජ වනමින් සිටි, කල්තියා සැලසුම් සහගතව මෙහෙයවන ලද පිරිසක් විසිනි. රාජ්‍ය භෝජන සංග්‍රහයේදී, “චීන ජාතියේ මහා පුනර්ජීවනය ළඟා කර ගැනීම සහ ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම (MAGA) අත්වැල් බැඳගෙන එකට යා හැකි” බව පවසමින් සව්දිය පිරූ ෂී, දෙරට “තරඟකරුවන් නොව හවුල්කරුවන්” විය යුතු යැයි ට්‍රම්ප්ට පැවසීය.

මෙම රතු පලස් පිළිගැනීම පිරිනමනු ලැබුවේ ස්වෛරී රාජ්‍යයන්හි නායකයන් ඝාතනය කරන සහ පැහැරගන්නා, සමස්ත සමාජයන්ම සහමුලින්ම විනාශ කිරීමට නිරන්තරයෙන් තර්ජනය කරන, සහ සිවිල් ජනතාවට එරෙහිව න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන බවට ඉඟි පළ කරන ඝාතකයෙකුට සහ අපරාධකරුවෙකුටය.

එහෙත්, මේ සියලු බාහිර ප්‍රදර්ශනයන් මධ්‍යයේ, මෙම සමුළුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි කිසිදු කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූයේ නැත. එමෙන්ම, ඉරාන අර්බුදය විසඳීම සඳහා ෂීගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් ට්‍රම්ප් විසින් ඔහු වෙත ලබා දුන් ඕනෑම පෞද්ගලික පොරොන්දුවක් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ඒවා වෙයි.

ට්‍රම්ප් පාලන තන්ත්‍රය වර්ධනය වෙමින් පවතින දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ට්‍රම්ප්ගේ ජනප්‍රියතා අනුපාතය සියයට 34 දක්වා පහත වැටී ඇති අතර, එය ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ වාර්තා වූ අවම අගයයි. ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් වෙන වෙනම සිදු කරන ලද  ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම් තුනෙන් නවතම අවස්ථාව සිදුවී වසරක් ගතවන තැන, ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 දක්වා ළඟා වී ඇත. ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයට හිමි ස්ථානය පිළිබඳව මතුවෙමින් පවතින සැක සංකා ද මෙම සංචාරය පුරාම බලපා තිබුණි.

මෙම පසුබිම හමුවේ, පළමු ට්‍රම්ප් පාලන සමය යටතේ නිල වශයෙන් ආරම්භ වූ චීනය ආර්ථික වශයෙන් හුදකලා කර මර්දනය කිරීමට ඇමරිකාව දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව මෙම සමුළුව මඟින් පැහැදිලි කළේය. 2018 ඔක්තෝබර් මාසයේදී, උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළේ “විසිඑක්වන සියවසේ ආර්ථිකයේ ප්‍රමුඛතම ස්ථානයන්” අත්පත් කර ගැනීම එක්සත් ජනපදයේ අරමුණ බවයි. ඉන්පසුව තීරුබදු සහ අපනයන පාලනයන් හරහා දියත් කරන ලද ආර්ථික යුද ව්‍යාපාරය, බයිඩන් පාලන සමය පුරා මෙන්ම දෙවන ට්‍රම්ප් පාලන සමය දක්වාද අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදී. කෙසේ වුවද, මෙම උත්සාහය මඟින් රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය පාලන පද්ධති සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රයන්හි ප්‍රධාන දියුණුවක් අත්කර ගෙන ඇති චීනයේ තාක්ෂණික අංශය විනාශ කිරීමට සමත්වී නැත.

මෙම දියුණුව පැවතියද, නැතහොත් එම දියුණුව හේතුවෙන්ම, ආර්ථික සහ මිලිටරිමය යුද්ධ හරහා තමන්ව මර්දනය කිරීමට සහ යටත් කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ලෝක රටාවකට චීනයට මුහුණ දීමට සිදුව ඇත. ග්‍රීන්ලන්තය සහ පැනමා ඇළ අත්පත් කර ගැනීමට ඇමරිකාව දරන උත්සාහයන් මෙන්ම, ලතින් ඇමරිකාවේ සහ පර්සියානු බොක්ක කලාපයේ ඔවුන් සිදු කරන ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්, චීනය සමඟ සෘජු මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ලෝකයේ මූලෝපායිකව වැදගත් වන සංවේදී ස්ථාන (Strategic Choke Points) අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක කොටසක් වෙයි.

සමස්ත පැවතුනු යටත්විජිත ලෝකය සමඟ චීනයද තම යටත් විජිතයක් බවට පත්කිරීම අරමුණු කරගත් මෙම ආක්‍රමණශීලී පිළිවෙත හමුවේ, චීන ජනාධිපති ෂී ජින්පින් මෙම සමුළුව පුරාම උත්සාහ කළේ එක්සත් ජනපදය සහ චීනය අතර සාමකාමී සහයෝගීතාවයක් සඳහා ආයචනා කිරීමටය.

දෙරටට “‘තුසිඩිඩීස් උගුල’ (Thucydides Trap) ලෙස හැඳින්වෙන තත්ත්වය අතික්‍රමණය කර, මහා බලවතුන් අතර සබඳතා සඳහා නව ආදර්ශනයක් ගොඩනැඟිය හැකිද” යන්න විමසමින් ෂී සමුළුව ආරම්භ කළේය. “චීනය සහ එක්සත් ජනපදය අතර ඇති පොදු අවශ්‍යතා, අප අතර ඇති වෙනස්කම්වලට වඩා බෙහෙවින් වැඩි වන” බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට වෙනස්ව, ට්‍රම්ප් පරිපාලනය බීජිං (චීනය) සමඟ සබඳතාවල ඇති විය හැකි ඕනෑම යහපත් ප්‍රවණතාවක් දකින්නේ, ඇමරිකාවේ යළි ආයුධ සන්නද්ධ වීම වේගවත් කිරීමට සහ යුද්ධයක් සඳහා රට වඩාත් හොඳින් සූදානම් කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසය.

මෙම ගණනය කිරීම් ඉදිරිපත් කරන ලද්දේ පළමු ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම් සහකාරවරයෙකු වූ මෙන්ම, වත්මන් පරිපාලනයේ ප්‍රමුඛ මූලෝපාය සකසන්නන්ගේ සමීපතම හිතවතෙකු ද වන වෙස් මිචෙල් (Wes Mitchell) විසිනි.”ෆොරින් එෆෙයාර්ස්” (Foreign Affairs) සඟරාවට ලිපියක් ලියමින් මිචෙල් විස්තර කළේ, මෙම [ට්‍රම්ප්] පරිපාලනය “අනාගතයේදී වඩාත් ශක්තිමත් ස්ථාවරයකට පැමිණීම සඳහා… කාලය ලබා ගැනීමට සහ අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට” උත්සාහ කරන බවයි. එවැනි තත්ත්වයක් තුළ, “ජීවිතාරක්‍ෂක ඖෂධ නිපදවීම, ඇමරිකානු ආර්ථිකය බලගැන්වීම හෝ යුද්ධ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා [චීනය] මත යැපීම අවම කරන ලද, පුනර්ජීවනය ලැබූ ඇමරිකානු කර්මාන්ත ක්ෂේත්‍රයක සහාය ඇතිව වඩාත් ශක්තිමත් ආයුධ ගබඩාවක්” ඇමරිකාව සතු වනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ චීනය අතර සාමකාමී සහජීවනයක් පැවතිය නොහැක. අර්බුදවලින් පීඩිත වූ සහ ණයගැති වී ඇති ඇමරිකානු ධනවාදයට, චීනයේ අඛණ්ඩ ආර්ථික වර්ධනය ඉවසීමට නොහැකිය. චීනයේ ආර්ථික පිබිදීම පිළිගැනීම යනු, සමස්ත ඇමරිකානු බල ව්‍යුහයම රඳා පවතින, ඩොලරය මත පදනම් වූ ලෝක ක්‍රමයේ බිඳවැටීමයි.

අවසාන වශයෙන්, චීනය තම යටතට ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දරන උත්සාහය පැනනඟින්නේ ධනවාදී ලෝක ක්‍රමයේ ව්‍යුහය තුළින්ම ය. එනම්, එය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක් සහ එකිනෙකා සමඟ තරඟ වදින ජාතික රාජ්‍යයන්ගෙන් සමන්විත පද්ධතියක් අතර පවතින විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවයයි. මෙහිදී සෑම ජාතික රාජ්‍යයක්ම තම තමන්ගේ පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ක්‍රියා කරයි.

චීන රාජ්‍යය කම්කරු රාජ්‍යයක්, සමාජවාදී රාජ්‍යයක් හෝ “සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක්” පවා නොවේ. එය මෙහෙයවනු ලබන්නේ 1970 දශකයේ අගභාගයේදී ඩෙන් ෂියාඕපින්ගේ “ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම් (reform and opening up)” සමඟ ආරම්භ වූ දශක කිහිපයක් තිස්සේ දිවෙන ධනේශ්වර ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වන, සෑම දෙයක්ම ධනේශ්වර කතිපයාධිකාරයකට යටත් කරන පාලන තන්ත්‍රයක් විසිනි. මෙම ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය ස්ටැලින්වාදී ජාතිකවාදයේ මාඕවාදී ප්‍රභේදය තුළ මුල් බැසගත් පාවාදීමක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) එහි සෑම පියවරකදීම විශ්ලේෂණය කළේය. එම ප්‍රතිස්ථාපනය මඟින් මිලියන සිය ගණනකගෙන් සමන්විත දැවැන්ත කම්කරු පන්තියක් බිහි කළ අතර, චීනය ලෝක ප්‍රාග්ධන පරිපථයන් සමඟ ඒකාබද්ධ කළේය. එමෙන්ම ගෝලීය වෙළඳපොළවල්, ජාත්‍යන්තර සැපයුම් දාමයන් සහ වොෂින්ටනය ආයුධයක් ලෙස භාවිත කරන ඩොලරය මත පදනම් වූ මූල්‍ය පද්ධතිය සමඟ බැඳී සිටින බිලියනපතියන්ගේ ස්ථරයක් ද එය විසින් නිර්මාණය කරන ලදී.

ෂී ජින්පින් යෝජනා කළ සාමකාමී සහජීවනය හුදු මනඃකල්පිතයකි. චීන සහ ඇමරිකානු ආර්ථිකයන් එකිනෙකට බැඳ තබන දැවැන්ත ආර්ථික සබඳතා පැවතියද, දැනට දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රවණතාවය වන්නේ මිලිටරිමය (යුධමය) උත්සන්න වීමයි. 2023 මැයි දින රැළිය අමතමින් ඩේවිඩ් නෝර්ත් එය මෙසේ පෙන්වා දුන්නේය:

‘අද වන විට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒක-ධ්‍රැවීය” ආධිපත්‍යය වෙනුවට “බහු-ධ්‍රැවීය” ලෝකයක් බිහිවීම පිළිබඳව බොහෝ කතාබහක් පවතී. “බහු-ධ්‍රැවීයතාව” පිළිබඳ ශාස්ත්‍රීය හා ව්‍යාජ-වාම සිද්ධාන්තකරුවන්ට අනුව, වොෂින්ටනයේ පාලනය වෙනුවට ධනේශ්වර රාජ්‍යයන්ගේ එකතුවක් (සන්ධානයක්) බිහිවනු ඇත. ඔවුන් සාමූහිකව සහ සුසංයෝගීව ගෝලීය සම්පත් වඩාත් සාමකාමී ලෙස බෙදා ගැනීමට නායකත්වය දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

‘සාමකාමී “ඇති-අධිරාජ්‍යවාදය “පිළිබඳ මෙම නව අනුවාදය (ප්‍රකාශනය), මීට සියවසකට පෙර ජර්මානු ප්‍රතිසංස්කරණවාදියෙකු වූ කාල් කෞට්ස්කි විසින් එය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද සහ ලෙනින් විසින් සර්වසම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබූ කාලයට වඩා අද න්‍යායාත්මකව එකඟ විය හැකි හෝ දේශපාලනිකව ප්‍රායෝගික එකක් නොවේ. ධනේශ්වර සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර ගෝලීය සම්පත් සාමකාමී ලෙස බෙදා හැරීම සහ වෙන් කිරීම කළ නොහැක්කකි. ගෝලීය ආර්ථිකය සහ ධනේශ්වර ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පර විරෝධතාවල අවසාන ප්‍රතිඵලය වන්නේ යුද්ධයයි.

‘කෙසේ වෙතත්, “බහුධ්‍රැවීය” ලෝකයක් පිළිබඳ සංකල්පයේ පවතින වැරදි න්‍යායාත්මක පදනම් පසෙක තැබුවද, එය යථාර්ථයක් බවට පත් වීමට නම් වර්තමානයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ඊට සාමකාමීව එකඟ විය යුතුය. නමුත් එය ප්‍රායෝගිකව අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. සිය “ඒකධ්‍රැවීය” ආධිපත්‍යය වැළැක්වීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු සියලු උපක්‍රම සහ මාධ්‍යයන් භාවිත කරනු ඇත. එබැවින්, “ඒකධ්‍රැවීය” ලෝකයක් වෙනුවට “බහුධ්‍රැවීය” ලෝකයක් බිහි කිරීමට දරන මෙම මනඃකල්පිත උත්සාහය, එහිම පවතින විකෘති තර්කනය හේතුවෙන් අවසානයේදී තුන්වන ලෝක යුද්ධයකට සහ සමස්ත පෘථිවියේම විනාශයට මඟ පාදයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය නැගී ඒමට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේම ප්‍රතිචාරයක් සකස් කරගත යුතුය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන ගෝලීය යුද්ධය, මෙරට (ඇමරිකාවේ) කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් වනු ඇති බව ට්‍රම්ප් දැනටමත් පැහැදිලි කර ඇත. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම සොයා බැලීමට අපට හැකියාවක් නැත. අපට එකම එක දෙයක් ගැන පමණක් සොයා බැලීමට සිදු වී තිබේ; එනම් මිලිටරි (හමුදාමය) ආරක්ෂාවයි.” “අපි යුද්ධ කරමින් සිටිමු,” යැයි ඔහු පැවසීය.’

තම කර්මාන්තය විනාශ කළ ව්‍යාපාරික සමාගම්වල ලාභය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කෙරෙන තීරුබදු යුද්ධයකින් ඇමරිකානු සේවකයාට කිසිදු වාසියක් අත් නොවේ. චීන සේවකයන් ද තේරුම් ගත යුත්තේ මෙම අර්බුදයට ජාතික මට්ටමේ විසඳුමක් නොමැති බවයි. චීනයේ තාක්ෂණික ප්‍රගතිය කොතරම් වැදගත් වුවත්, තමන්ව මර්දනය කිරීමට සැරසෙන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යහපත් පාර්ශවයන්ගෙන් (හෘද සාක්ෂියෙන්) ඉල්ලීම් කිරීමෙන් පමණක් රටේ සංවර්ධනය සුරක්ෂිත කර ගැනීමට චීනයට නොහැකිය.

ලෝක යුද්ධයක් වැළැක්විය හැක්කේ, ධනපති පන්තියේ කිසිදු පාර්ශවයකින් තොරව ස්වාධීනව සංවිධානය වූ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය විසින් සටන් වදින්නේ එම වැඩපිළිවෙල වෙනුවෙනි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඇමරිකා-චීන රාජ්‍ය නායක හමුවෙන් ගෝලීය යුද අන්තරාය සමනය වීමක් නැත Read More »

Trump visit

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump and Xi to meet amid global eruption of imperialist warයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump visit
2026 මැයි 11 වන සඳුදා දින බීජිංහිදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පෙර බීජිං ජාත්‍යන්තර අගනුවර ගුවන් තොටුපළ වෙත ළඟා වන ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III (Boeing C-17 Globemaster III) ප්‍රවාහන ගුවන් යානයක් මිනිසුන් විසින් රූපගත කරනු ලබයි. [AP ඡායාරූපය/ඇන්ඩි වොන්ග්]

වොෂින්ටනය විසින් දියත් කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධයක ගෝලීය ප්‍රචණ්ඩකාරී රැල්ලක් මධ්‍යයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මේ සතියේදී බීජිංහිදී හමුවීමට නියමිතය.

දකුණු කොරියාවේ පැවැති ඒපෙක් (APEC) සමුළුවට සමගාමීව ඔවුන් අතර පැවැති හමුවෙන් පසු ගත වූ මාස හයක කාලය තුළ, එක්සත් ජනපදය වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව පැහැරගෙන, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති අතර, ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුදයක් නිර්මාණය කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය ද අවහිර කර ඇත. ඉරානය සහ වෙනිසියුලාව යන රටවල් දෙකෙහිම තෙල් අපනයනයන් සඳහා වන විශාලතම ගමනාන්තය චීනය වේ. එම රටවලට එරෙහිව ට්‍රම්ප් දියත් කර ඇති යුද්ධ, චීනයම ඉලක්ක කරගත් ගෝලීය ගැටුමක ආරම්භක ගැටුම් වේ.

ට්‍රම්ප් විසින් දියත් කරන ලද ලෝක ව්‍යාප්ත මහා යුද ගින්න මධ්‍යයේ, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත සිය සඳුදා කලාපයේ ප්‍රධාන පුවත ලෙස “ට්‍රම්ප් බීජිං බලා යන විට, චීනය සටනකට ‘සන්නද්ධව සහ සූදානමින්’ (Locked and Loaded) සිටියි” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ කළේය.

සැබවින්ම, “සන්නද්ධව සහ සූදානමින්” (locked and loaded) සිටින්නේ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයයි. මාස ගණනාවක් තිස්සේ, එක්සත් ජනපද හමුදාව කැරිබියන් සහ පැසිෆික් කලාපයන්හි බෝට්ටු මුහුදේදීම පුපුරවා හරිමින්, සිවිල් වැසියන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව පවසමින් ඔවුන්ව සමූල ඝාතනය කරමින් සහ “සම්බාධක පැනවූ” තෙල් ප්‍රවාහනය කළ බවට වන ව්‍යාජ හේතු මත ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිදී තෙල් නැව් (tanker) අත්අඩංගුවට ගනිමින් සිටී. ඇමරිකානු හමුදා ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කර ඇති අතර, අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් තර්ජනය කළේ “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ විනාශ වී යනු ඇත, එය කිසිදා නැවත බිහි කළ නොහැකි වනු ඇත” යනුවෙනි.

ට්‍රම්ප් නායකත්වය දෙන්නේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින රජයකටය. ඔහු ඉරාන යුද්ධය දියත් කළේ එයින් ඉරාන රජය කඩිනමින් පෙරළා දැමීමට හැකි වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. දැන්, සිය යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බැවින්, ට්‍රම්ප් චීනයේ සහය පතමින් සිටින අතර, එය මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණක් ද වේ.

මැයි 4 වන දින මහා භාණ්ධාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ පරිදි:

“එබැවින් මෙම ජාත්‍යන්තර මෙහෙයුමට සහය දැක්වීම සඳහා අප හා එක්වන ලෙස මම චීනයෙන් ඉල්ලා සිටිමි. සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය අප සතුව පවතී. ඔවුන් යම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට පැමිණ, ඉරාන ජාතිකයන් ලවා සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේදැයි අපි බලමු.”

චීන පාර්ශවයෙන්, ‘ග්ලෝබල් ටයිම්ස්’ (Global Times) පුවත්පතේ හිටපු කර්තෘ හූ සිජින් (Hu Xijin) මෙසේ ලියා තිබේ: “එක්සත් ජනපදය මෙම අදූරදර්ශී ලෙස අවුල් කරගත් යුද්ධය චීනයේ අවශ්‍යතාවලට හානි කිරීම සඳහා භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම්, එක්සත් ජනපදයට අහිමි වන දේට වඩා ලැබෙන දේ බෙහෙවින් අඩු බව තහවුරු කෙරෙන, භාවිත කළ හැකි බොහෝ තුරුම්පු චීනය සතුව පවතින බව මම විශ්වාස කරමි.” ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතේ ගිඩියන් රැච්මන් මෙසේ අදහස් දක්වා තිබේ: “කෙසේ වුවද, සැබෑ තත්ත්වය නම්, එය ට්‍රම්ප් ප්‍රිය කරන වාක්‍ය ඛණ්ඩයක් භාවිත කරමින් පවසන්නේ නම් — ‘තුරුම්පු අතැතිව’ සිටින්නේ ෂී ජින්පිං” යන්නයි.

බීජිං වෙත පැමිණීමේදී, ට්‍රම්ප් තමන් සමඟ විවිධ ප්‍රතිලාභ මෙන්ම තර්ජන ද (carrots and sticks) රැගෙන එනු ඇත. ප්‍රතිලාභ ලබාදීමේ පාර්ශවය සැලකීමේදී, ඔහු සමඟ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන්ගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටිති. ඒ අතර ටිම් කුක් (Apple), ඉලොන් මස්ක් (Tesla), ලැරී ෆින්ක් (BlackRock), ස්ටීවන් ෂ්වාට්ස්මන් (Blackstone), ඩේවිඩ් සොලමන් (Goldman Sachs), ජේන් ෆ්‍රේසර් (Citi), මෙන්ම බෝයිං (Boeing), කාගිල් (Cargill), මෙටා (Meta), මයික්‍රෝන් (Micron), ක්වාල්කොම් (Qualcomm), වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) යන සමාගම්වල විධායක නිලධාරීහු ද වෙති. එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන විවිධ ගනුදෙනු ඉදිරිපත් කරනු ඇත.

කෙසේ වුවද, මේ සියල්ලටම යටින් දිවෙන්නේ බීජිං පාලනයට එරෙහිව ආර්ථික හා මිලිටරි ක්‍රියාමාර්ග විශාල වශයෙන් දැඩි කිරීමේ අඛණ්ඩ තර්ජනයයි.

ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් පෙනී සිටිමින්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) කතුවැකි මණ්ඩලය බීජිං සමුළුව හඳුන්වා දෙන්නේ, ට්‍රම්ප්ව “ආතතීන් ලිහිල් කිරීමේ” (detente) පිළිවෙතකින් ඉවතට යොමු කළ හැකිද යන්න පිළිබඳ පරීක්ෂණයක් ලෙසය; ඔවුන්ගේ දෘෂ්ටියට අනුව, මෙම පිළිවෙත මඟින් ප්‍රධාන උපායමාර්ගික අවශ්‍යතා අත්හැර දැමීමේ අවදානමක් පවතී. ධවල මන්දිරයේ ප්‍රචාරය අනුව මෙය “‘ස්ථාවරත්වයක්’ සෙවීමක්” බව වුවද, ට්‍රම්ප්ගේ “පෞද්ගලික” රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගනුදෙනු පසුපස හඹා යාම, ෂීගේ “ඇමරිකානු විරෝධී අරමුණු” ලෙස එම පුවත්පත විස්තර කරන දේ සමඟ ගැටිය හැකි බවට ජර්නල් පුවත්පත අනතුරු අඟවයි.

වැඩිම කරුණු ප්‍රමාණයක් අනාවරණය වන්නේ ජර්නල් පුවත්පතේ පුළුල් මූලෝපායික නිගමනයෙනි: එය චීනය එක්සත් ජනපද ප්‍රතිවාදීන් අතර “ප්‍රධාන මූල්‍ය හිමිකරු සහ කාර්මික පදනම” ලෙස දක්වන අතර, “දෙවන ට්‍රම්ප් පරිපාලනය ආතතීන් ලිහිල් කිරීමට (detente) උත්සාහ කරමින් සිටින බවත්, ට්‍රම්ප් මහතා එහි ප්‍රධාන සාමවාදියා (chief dove) වන බවත්” වීමේ අනතුර අඟවයි. නැවත සන්නද්ධ වීම සඳහා “ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් සම්මත කරන ලෙස” පැහැදිලිවම ඉල්ලා සිටින එම පුවත්පත, (ගැටුම්වල ඇති වන) ඕනෑම විරාමයක් පිළිගත හැක්කේ නැවත සන්නද්ධ වීම සඳහා ලැබෙන සහන කාලයක් (breathing space) ලෙස පමණක් බව අවධාරණය කරයි. එය සෘජුවම මෙසේ අනතුරු අඟවයි: “ලෝකයේ ප්‍රමුඛතම බලවතා ලෙස පවතින එක්සත් ජනපදය පෙරළා දැමීම සඳහා ෂී මහතා දිගුකාලීන සැලසුමක (long game) නිරතව සිටියි.”

ට්‍රම්ප්-ෂී සමුළුව පැවැත්වෙන්නේ ඇමරිකානු පාලක පන්තිය මුහුණ දී සිටින මූලික උපායමාර්ගික අර්බුදය මධ්‍යයේ ය. එනම්, ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පිරිහීමට ලක්වීම හමුවේ එය පියවා ගැනීමට වොෂින්ටනය වඩ වඩාත් ආක්‍රමණශීලී යුද බලයක් භාවිතා කිරීමට උත්සාහ කර ඇත. චීනයේ අඛණ්ඩ වර්ධනය මෙම තත්ත්වය සමග සමපාත වී ඇති අතරම, එය තවදුරටත් තීව්‍ර කිරීමට ද හේතු වී තිබේ.

චීනය සමඟ යුද්ධයකට යොමු වීමේ මෙම ප්‍රවණතාවය තුළ සංස්ථාපිත මාධ්‍යයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. වෙළඳාම, ආයෝජන සහ කාර්මික ව්‍යාප්තිය හරහා මෙන්ම, දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය විසින්ම ප්‍රවර්ධනය කරන ලද “නිදහස් වෙළඳ” නීති රීතිවල විධිමත් රාමුව තුළ චීනය ලබා ඇති ආර්ථික හා තාක්‍ෂණික දියුණුව, ඇමරිකාවට එල්ල වූ භෞතික තර්ජනයක් ලෙස එම මාධ්‍ය විසින් හුවා දක්වනු ලබයි. එමගින් චීනයට එරෙහිව බලහත්කාරය පෑම, සම්බාධක පැනවීම සහ යුද්ධය ආදිය “සාධාරණීකරණය” කිරීමට ඔවුන් උත්සාහ කරයි.

වසර ගණනාවක් පුරා එල්ල වූ ඉහළ යන තීරුබදු සහ තාක්ෂණික තහංචි මඟින් චීන කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණ කිරීමට හැකි වී නොමැත. ඒ වෙනුවට, එමඟින් සිදුව ඇත්තේ මූලික ගමන් මඟ වෙනස් කිරීමට අපොහොසත් වෙමින්, ඉහළ මිල ගණන් සහ ආර්ථික අස්ථාවරත්වය හරහා ඇමරිකානු කම්කරුවන් මත විශාල පිරිවැයක් පැනවීමයි. චීනයේ කාර්මික ස්ථාවරත්වය වඩාත් පැහැදිලි සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ: BYD මෝටර් රථ සමාගම 2025 වසරේදී සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථ මිලියන 2.26ක් අලෙවි කරමින්, ගෝලීය වශයෙන් ටෙස්ලා (Tesla) සමාගමට වඩා වාහන 600,000කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇත. එම වාහන ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇත්තේ සියයට 247.5ක අසාමාන්‍ය තීරුබදු පැනවීමක් මඟින් පමණි.

වර්තමානයේ ලොව පුරා නිෂ්පාදනය වන සෑම මානවරූපී රොබෝවරුන් (humanoid robots) පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම අපනයනය කරනු ලබන්නේ චීන සමාගම් විසිනි. එහිදී යුනිට්‍රී (Unitree) සමාගම පමණක් 2025 වසරේ ඒකක 5,500ක් අපනයනය කිරීමෙන් පසු, මෙම වසරේදී ඒකක 20,000ක ඉලක්කයක් කරා ගමන් කරයි. ඩී.ජේ.අයි (DJI) ඩ්‍රෝන නිෂ්පාදන සමාගම ඇමරිකානු පාරිභෝගික ඩ්‍රෝන වෙළඳපොළ ආක්‍රමණය කර ඇති අතර, ජාත්‍යන්තර වාණිජ ඩ්‍රෝන ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛ කොටසක් හිමිකරගෙන සිටියි. කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ගත් කල, චීනයේ විවෘත මූලාශ්‍ර (open-source) මහා පරිමාණ භාෂා ආකෘති (large language models), ඇමරිකාවේ ප්‍රමුඛතම පද්ධතිවල පිරිවැයෙන් සුළු කොටසක් වැය කරමින් ඒවායේ මට්ටමට (benchmark points) ඉතා සමීප වීමට සමත්ව ඇත.

නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රකාශන කිසිවිටෙකත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන මෙම ප්‍රශ්නය නොඅසයි: චීනය මෙතරම් වේගයෙන් ඇමරිකානු ආර්ථිකයට සමීප වන්නේ සහ ඇතැම් ක්ෂේත්‍රවලින් ඇමරිකාව අභිබවා යන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයට (ආරම්භයේදීම) ඉතා විශාල වාසියක් තිබුණි. 1980 වසරේදී ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 25ක් පමණ එක්සත් ජනපදය සතු වූ අතර, චීනයේ කොටස වූයේ සියයට 2ක් පමණි.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ එක් අරමුණක් මගිනි: එනම් කිනම් හෝ මිලක් ගෙවා පාලක ප්‍රභූ පැලැන්තිය අසීමිත ලෙස තරබාරු කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, එම පන්තිය පොහොසත් කළ, එක්සත් ජනපද කර්මාන්ත විනාශ වීමට මග පෑදූ සහ ලොව පුරා යුද්ධ දියත් කළ මූල්‍යකරණ (financialization) ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඇමරිකානු යුද්ධ, මිලිටරිවාදය සහ ධනවතුන් මුදාගැනීම සඳහා ලබා දුන් නිමක් නැති මූල්‍ය සහනාධාර (bailouts) මගින් පෝෂණය වූ ෆෙඩරල් ණය ප්‍රමාණය දැන් ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වෙමින් පවතී.

ඇමරිකාවේ ඉහළ යන ණය බර සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් බටහිර මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා සම්බාධක දැඩි ලෙස භාවිතා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයන් මතු වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

ඇමරිකානු කතිපයාධිකාරය (Oligarchy) ලෝකය තුළ තමන් සතු බලය හීන වීම පිළිගැනීමට සූදානම් නැත. මෙම සමුළුවේ නිශ්චිත ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වන්නේ මේ වසරේ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් මගින් පෙන්වා දුන් පරිදි චීනයට එරෙහි සෘජු යුද්ධයකට ය. ඉරානය, ලෙබනනය, යුක්රේනය, වෙනිසියුලාව සහ කැරිබියන් කලාපය තුළ පවතින ගැටුම් එම මහා යුද්ධය සඳහා වන පර්යේෂණාගාර, පෙරහුරු සහ මූලික ගැටුම් පමණි.

බීජිං පාලනය සමඟ පවතින ගැටුම කෙරෙහි ට්‍රම්ප් පරිපාලනය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර ඇත. සෙනෙට් සභා සන්නද්ධ සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ සෙනෙට් සභික ජැක් රීඩ් ‘ෆොක්ස් නිව්ස් සන්ඩේ’ වැඩසටහනට පවසා ඇත්තේ, “ජනාධිපති ට්‍රම්ප් මෙම හමුවට සහභාගී වන්නේ අතිශය දුර්වල මට්ටමක සිට” බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැන් පවතින්නේ එකතැන පල්වෙන තත්ත්වයක්. ලෝක තෙල් සම්පතින් සියයට 20ක් ඉරානය විසින් අවදානමට ලක් කර තිබේ,” යනුවෙනි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කනස්සල්ලට හේතුව යුද්ධයේ පවතින සාපරාධී බව නොව, මැදපෙරදිග කලාපයේ සිදුවන මෙම පසුබෑම හේතුවෙන් තම ප්‍රධාන අරමුණ වන චීනය සමඟ පවතින ගැටුම උත්සන්න කිරීම සඳහා අවශ්‍ය සම්පත් සහ විශ්වසනීයත්වය ගිලිහී යාමයි.

චීන නිලධාරිවාදය ද මින් මිදීමට ප්‍රගතිශීලී මාවතක් ඉදිරිපත් නොකරයි. එය ලෝක ධනේශ්වර වෙළඳපොළට සහ ජාතික රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණට බැඳී පවතින අතර, නැවත නැවතත් අධිරාජ්‍යවාදය සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර ඇත. එහෙත් වොෂින්ටනය එවැනි එකඟතාවයක් ලබා දීමට වඩ වඩාත් අකමැති වන අතරම, එසේ ලබා දීමටද නොහැක.

මෙම අර්බුදය විසඳිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හරහා පමණි. එනම්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ඒ දෙකම නිර්මාණය කරන ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ලොව පුරා විසිරී සිටින කම්කරුවන් එක්සත් කිරීම මගිනි.

ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය සමාරම්භ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය: “ලෝක යුද්ධය යනු අනාගත තර්ජනයක් නොව, දැනටමත් දිගහැරෙමින් පවතින යථාර්ථයකි.’ දැනට සිදුවෙමින් පවතින යුද්ධ, ‘ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින නොවිසඳුණු ප්‍රතිවිරෝධතාවය විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ ගමන් පථයක අංගයන්” බව නෝර්ත් තවදුරටත් සඳහන් කළේය.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ ගෝලීය පිපිරීම නැවැත්විය හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් පදනම් කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමෙන් පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කම්කරු කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය එම අරගලය සඳහා වන සංවිධාන ලොව පුරා ගොඩනඟමින් සිටී.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ Read More »

Trump

ඇමරිකාව පනවන ගිවිසුම පිළි නොගන්නේ නම්, ඉරානය “සුන්නද්දූලි කරන” බවට ට්‍රම්ප් තර්ජනය කරයි 

කෙවින් රීඩ් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump threatens Iran will be “decimated” if it does not accept US dictated deal” යන හිසින් පළවූ කෙවින් රීඩ් විසින් ලියන ලද ලිපියෙ සිංහල පරිවර්තනය යි. 

Trump

අප්‍රේල් 8 වැනිදා නිවේදනය කරන ලද ඇමරිකානු සටන්විරාමය බොහෝ දුරට අවසන් වී ඇති පසුබිමක, ටෙහෙරානයට එරෙහිව නැවතත් මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් සිදු කරන තර්ජන දැඩි කිරීමත් සමඟම ඉරානය සමඟ පවතින ගැටුම තීව්‍ර වෙමින් පවතී.

සඳුදා දින, ඇමරිකානු යෝජනාවට ඉරානය ලබා දුන් නවතම පිළිතුර “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බව පවසමින් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. ඔහු එය “කුණු කැබැල්ලක්” ලෙස හැඳින්වූ අතර, තමන් “එය කියවා අවසන් කළේවත් නැති” බව ද ප්‍රකාශ කළේය. ඇමරිකාව විසින් ඉරාන මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පසුගිය සතියේදී ප්‍රායෝගිකව අවසන් වූ එම සටන්විරාමය, මේ වන විට “බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයක” පවතින බව ඔහු පැවසීය.

අඟහරුවාදා දින චීනය බලා පිටත්ව යාමට පෙර, ඇමරිකාව විසින් ඉරානයට කොන්දේසි නියම කරමින් සිටී යන ස්ථාවරයේ ජනාධිපතිවරයා දිගින් දිගටම පසුවිය. බීජිං සමඟ යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්නේදැයි විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, තමන් ජනාධිපති ෂී සමඟ යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන නමුත් වඩාත්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ වෙළඳාම පිළිබඳව බවයි. ඇමරිකාව විසින් එය “ඉතා හොඳින් පාලනය කර” ඇති බැවින්, ඉරානය සැබවින්ම සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ, “අප ඇති කරගන්නේ හොඳ ගණුදෙනුවක් පමණක් ,” බවයි. ඉන්පසු ඔහු, “එක්කෝ අප ගිවිසුමකට එළඹේවි, නැතහොත් ඔවුන් සුන්නද්දූලි වී යාවි. කෙසේ හෝ වේවා, ජයග්‍රහණය කරන්නේ අපයි,” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇමරිකාව දැනටමත් “ජයග්‍රහණය කර” ඇති බව සහ ඉරානය සමඟ ඇති කරගන්නා ගිවිසුමක වැදගත්කම ඉතා අඩු බව ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කළේය. ඉරානය “සම්පූර්ණයෙන්ම විනාශ කරන” බවට කළ තර්ජනයට අමතරව, ඇමරිකාවට ළඟදීම “ඉරානයෙන් මතුවන ලොකු එළියක් දෙස බැලීමට” සිදුවනු ඇති බවට මැයි 7 වැනිදා ට්‍රම්ප් අනතුරු ඇඟවීය. එය න්‍යෂ්ටික ආයුධ භාවිත කිරීමේ තර්ජනයක් ලෙස බොහෝ දෙනා විසින් පුළුල් ලෙස වටහා ගන්නා ලද ප්‍රකාශයකි.

රාජ්‍ය විකාශන ආයතනය සහ අනෙකුත් මාධ්‍ය ආයතන වාර්තා කර ඇති පරිදි, ඉරානයේ නවතම ස්ථිර කරන ලද ස්ථාවරය වන්නේ ඕනෑම එකඟතාවයකට යුද වන්දි, සම්බාධක ලිහිල් කිරීම, අත්හිටුවා ඇති වත්කම් නිදහස් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය කෙරෙහි ඉරානයේ ස්වෛරීභාවය පිළිගැනීම ඇතුළත් විය යුතු බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝේයි පැවසුවේ, ටෙහෙරානය “කිසිදු අසාමාන්‍ය දෙයක් ඉල්ලා නොසිටින” බවත්, එරට ඉල්ලා සිටින්නේ තමන්ගේ “නීත්‍යානුකූල අයිතිවාසිකම්” පමණක් බවත්ය.

එමෙන්ම, තමන් සතු සාරවත් කරන ලද යුරේනියම්වලින් කොටසක් දියකර හැරීමට සහ ඉතිරි කොටස විදේශගත කිරීමට ඇති සූදානම ද ඉරාන යෝජනාවට ඇතුළත් වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එය වොෂින්ටනයට සම්පූර්ණයෙන්ම යටත් වීමක් බඳු වන කොන්දේසි යටතේ සිදු නොවන බව ද සඳහන් වේ.

මෙහි ඇති ප්‍රධාන දේශපාලනික කරුණ වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පනවනු ලබන රාමුව පිළිගැනීම ඉරානය ප්‍රතික්ෂේප කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඊශ්‍රායලයේ ද සහය ඇතිව ස්ථාන 13,000කට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ රටේ සමස්ත දේශපාලන නායකත්වය ඝාතනය කිරීම ඇතුළු නීති විරෝධී යුද්ධයක් මෙහෙයවා ඇත.

ධවල මන්දිරය විසින් ඉරානයේ ස්ථාවරය බාධාකාරී එකක් ලෙස හුවා දක්වා තිබුණද, ඕනෑම සාම ගිවිසුමක්, සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමට සහ මූලෝපායික ජල මාර්ගය කෙරෙහි තම ස්වෛරී අයිතීන් පිළිගැනීමට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු බව ටෙහෙරානය අඛණ්ඩව හා පැහැදිලිව අවධාරණය කර ඇත.

පසුගිය පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය තුළදී ඉරාන හෝ ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් නෞකා ගිල්වා දැමූ බවට ප්‍රසිද්ධියේ තහවුරු කළ වාර්තාවක් නොමැති වුවද, එම ජල මාර්ගය තවදුරටත් යුද්ධයේ ප්‍රධාන උපායමාර්ගික ගැටුම් මධ්‍යස්ථානය ලෙස පවතී. ඇමරිකාව නාවික පීඩනය පවත්වා ගනිමින් එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට කටයුතු කරන බව පවසන අතර, ටෙහෙරානය අවධාරණය කරන්නේ එහි ස්වෛරී අයිතිය තමන් සතු බවයි.

ප්‍රායෝගිකව ගත් කල, මැයි 4 වැනිදා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් කළ ප්‍රකාශයට  පටහැනිව, එම සමුද්‍ර සන්ධිය වොෂින්ටනයේ “පරම පාලනය” යටතේ පවතින්නේ නැත. දැනට පවතින බාධා කිරීම්, මිලිටරි මුර සංචාර සහ සාකච්ඡා මගින් පෙන්නුම් කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය ඇමරිකානු පාලනයට නතු නොවුණු, දෙපාර්ශවය අතර මතභේදයට ලක්ව ඇති තීරණාත්මක මුහුදු මාර්ගයක් බවයි.

සමුද්‍ර සන්ධිය ‘විවෘත කිරීමට’ උදවු වන ලෙස වොෂින්ටනය ප්‍රසිද්ධියේ චීනයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, හුදෙක් තම නියෝගයක් මගින් පමණක් එම සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය පාලනය කිරීමට ඇමරිකාවට නොහැකි බව ඔවුන් විවෘතව පිළිගන්නා බවයි. ඉරානයේ ලවාන් (Lavan) දූපතේ පිහිටි පිරිපහදුවකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රහසිගත ප්‍රහාරයක් එල්ල කළ බවට අඟහරුවාදා ලැබුණු වාර්තාවලින් පෙනී යන්නේ, මෙම සමුද්‍ර සන්ධිය සම්බන්ධ ගැටුමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් (proxies) ලෙස කටයුතු කරන කලාපීය පාර්ශවකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටින බවයි.

අබුඩාබි පාලනය මෙයට සම්බන්ධ බව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති වුවද, වාර්තා වූ එම ප්‍රහාරය හේතුවෙන් එහි විශාල ගින්නක් හටගෙන ඇති අතර, පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු මාස කිහිපයකට අඩාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සවුදි අරාබිය ද ඉරානයට එරෙහි රහසිගත මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බව නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙම වාර්තාවලින් තහවුරු වන්නේ, මෙම යුද්ධය ඇමරිකානු රජය විසින් මෙහෙයවනු ලබන, ගල්ෆ් කලාපය පුරා විහිදුණු රාජ්‍යයන්, නියෝජිත කණ්ඩායම් සහ රහසිගත ක්‍රියාමාර්ග සහිත ජාලයක් හරහා සිදුකරගෙන යන බවයි.

පෙන්ටගනයේ ප්‍රධාන අයවැය නිලධාරී ජූල්ස් “ජේ” හර්ස්ට් අඟහරුවාදා දින නීති සම්පාදකයින්ට (කොංග්‍රස් සභිකයන්ට) පැවසුවේ, “යාවත්කාලීන කරන ලද උපකරණ අලුත්වැඩියාව, ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ පිරිවැය සහ සාමාන්‍ය මෙහෙයුම් පිරිවැය” හේතුවෙන් යුද්ධයේ පිරිවැය දළ වශයෙන් ඩොලර් බිලියන 29 [ශ්‍රී ලංකා රුපියල් කෝටි  94,000ක් පමණ] දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සති දහයක් පුරා ඇදුණු මෙම යුද්ධයේ සමස්ත පිරිවැය පිළිබඳව නැඟුණු කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින්, යුද්ධයේ ඉහළ යන පිරිවැය වසන් කිරීමට යුද ලේකම් පීට් හෙග්සෙත් දරන උත්සාහය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාවේ විසර්ජන කමිටු හමුවේ හර්ස්ට් ලබා දුන් සාක්ෂියෙන් හෙළි විය. හෙග්සෙත් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටියේ 2027 වසර සඳහා දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5ක මිලිටරි අයවැයක් ධවල මන්දිරය විසින් ඉල්ලා ඇති පසුබිමක ය.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇති පරිදි, සිවිල් වැසියන් 1,700කට වැඩි පිරිසක් ඇතුළුව පුද්ගලයින් 3,468 දෙනෙකු ඉරානය තුළ මියගොස් ඇති අතර 26,500කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඇමරිකානු පාර්ශවයේ හානිවලට තුවාල ලැබූ සේවා සාමාජිකයින් 200ක් පමණ සහ මියගිය පුද්ගලයින් 13 දෙනෙකු ඇතුළත් වේ.

අඟහරුවාදා දින ටෘත් සෝෂල් (Truth Social) වෙබ් අඩවියේ තැබූ සටහනක, යුද්ධය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් එල්ල වන විවේචන හෙළා දකිමින් ට්‍රම්ප් මෙසේ සඳහන් කළේය: “ඉරාන සතුරා අපට එරෙහිව මිලිටරිමය වශයෙන් සාර්ථකව කටයුතු කරන බවට ව්‍යාජ පුවත් මගින් පවසන විට, එය සැබවින්ම දේශද්‍රෝහී ක්‍රියාවකි; මන්ද එය අතිශයින්ම අසත්‍ය, එමෙන්ම විකාරසහගත ප්‍රකාශයකි.” රජය විසින් එල්ල කරනු ලබන මෙම ප්‍රසිද්ධ විවේචන හමුවේ, “ආරක්ෂක” හේතු මත මාධ්‍ය  වරපත්‍ර අවලංගු කිරීම ඇතුළුව මාධ්‍යවේදීන්ට පවතින ප්‍රවේශය සීමා කිරීමට පෙන්ටගනය පියවර ගෙන ඇත.

යුද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති මගින් පෙන්ටගන වාර්තාකරුවන් ඉලක්ක කර ඇති අතර, මිලිටරි ප්‍රකාශන සම්බන්ධයෙන් ගත් කල, ඒවායේ අන්තර්ගතය සහ තොරතුරු වෙත ඇති ප්‍රවේශය කෙරෙහි දැඩි පාලනයක් පනවා ඇත. මෙහි අරමුණ වන්නේ යුදකාලීන තත්ත්වයන් යටතේ වාරණය සහ නීතිමය පියවර ගන්නා බවට කරන තර්ජන පුළුල් කරන අතරතුර, එල්ල වන විවේචන නිහඬ කිරීමයි.

ඇමරිකාවට චීනයෙන් කිසිදු උපකාරයක් අවශ්‍ය නොවන බවට ට්‍රම්ප් පවසන කරුණ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහාය වීම සඳහා ඉරානය කෙරෙහි ඇති සිය බලපෑම භාවිතා කරන ලෙස ඇමරිකානු ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රසිද්ධියේ බීජිං පාලනයෙන් ඉල්ලා සිටීම යන කරුණු අතර තියුණු ගැටුමක් පවතී. ලේකම් බෙස්න්ට් චීනයෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකව මේ සඳහා “පෙරට එන” ලෙසයි. එමගින් පැහැදිලි වන්නේ වොෂින්ටනය පිටතට වෙනත් ආකාරයක මවා පෑම් සිදු කළ ද , ඔවුන් සැබවින්ම චීන උදව්ව අපේක්ෂා කරන බවයි. 

ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, ඉකුත් ඉරිදා දකුණු ලෙබනනයේ සෞඛ්‍ය කමිටු මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ගාසා ජන සංහාරය පුරාවටම සියොන්වාදී පාලනයේ උපායමාර්ගික අරමුණක් වූ වෛද්‍ය සේවකයින් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය, ලෙබනන මෙහෙයුමේ පවතින සාපරාධී ස්වභාවය මගින් මැනවින් හෙළිදරව් කරයි.

(අවධාරණය පරිවර්තනයෙදී එක් කර ඇත.)

ඇමරිකාව පනවන ගිවිසුම පිළි නොගන්නේ නම්, ඉරානය “සුන්නද්දූලි කරන” බවට ට්‍රම්ප් තර්ජනය කරයි  Read More »

Scroll to Top