politics

wije

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි

නන්දන නන්නෙත්ති විසිනි

තරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස 1968 දී ආරම්භ කල, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) පුරෝගාමී නායකයෙකු මෙන් ම, 1987 සිට එහි ප්‍රධාන ලේකම් ලෙස භාරගත් වගකීම යටතේ සංගමය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) නමින් පක්ෂයක් බවට පරිවර්තනය කළා වූ ද, එවක් පටන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය මරනය දක්වා දැරුවා වූ ද විජේ ඩයස් සහෝදරයාගේ අභාවයෙන් පලමු වර්ෂ පූර්න අනුස්මරනය වෙනුවෙන්, 29දා, කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ රැලිය පිලිබඳ සමාලොචනයක් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ දේශපාලන විඥානය වර්ධනය සදහා අත්‍යවශ්‍ය මැදිහත්වීමක් ලෙස සැලකිය යුතු ය. 

එමෙන් ම, 27දා බොරැල්ල සුසාන භූමියේ දී මහජනයා සදහා විවෘත කල, විජේ සහෝදරයාගේ හා ඔහුගේ සමස්ථ දැනුවත් දේශපාලන ජිවිතයේ නොවෙන් කල හැකි සටන් සහායිකාව, යෙහෙලිය, සහෝදරිය හා පියඹ වූ පියසීලී විජේගුනසිංහ සහෝදරියගේ ද මතකයන් සංකේතවත් කල ස්මාරකය සමාජවාදී සංස්කෘතියේ පුරාවෘතයක් වන් විජේ- පියසීලි සංකලනය වෙනුවෙන් උචිත උපහාරයකි. එසේ වුව ද උක්ත රැස්වීමේ දී මෙම සංස්කෘතික සහසම්බන්ධය ගැන වචනයක් හෝ ප්‍රකාශ නො වීම නො තකා සිටිය නො හැකි මග හැරීමකි යි අපි සිතමු.

plaque
විජේ හා පියසීලි වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටුවා ඇති සමරු ථලකය

රැලිය කැදවන ලද්දේ සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සදහාජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසිනි. ඊට සහභාගී වීම සදහා පක්ෂයේ සහෝදර සහෝදරියෝ, හිතවත්තු, විජේ සහෝදරයාගේ ඥාතීහු, ඇතුලු පිරිසක් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමින සිටියහ.   

ජාත්‍යන්තර කමිටුවේ සුබ පැතුම් පනිවිඩ ට්‍රොට්ස්කිවාදි ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විජේ සහෝදරයාගේ කැප වීමට උපහාර දක්වා තිබිනි. විජේගේ චරිතාපදානය ජාත්‍යන්තර කමිටුවේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන අරගලයේ නූතන ඉතිහාසය සනිටුහන් කරන බව සනාත කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝත් සහෝදරයා විසින් එවන ලද  සුබපැතුම් පනිවිඩය සුවිශේෂී වගකීමක් පක්ෂය හමුවේ තැබී ය.

සිය දශක අටක ජීවිතයෙන් දශක හයක ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදී අවස්ථාවාදයට, නේකාකාර සුලු ධනපති වාර්ගික, ජාතික හා ආගමික අපගමනයන්ට, වෘත්තීය සමිතිවාදයට, සහ  අවසානයේ ව්‍යාජ වාම පෙරමුනුවලට එරෙහිව නොනවතින විප්ලව ක්‍රියා මාර්ගය උදෙසා න්‍යායික හා ප්‍රායෝගික භාවිතයක නියැලෙමින්, බාහිර මෙන් ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් සමග පෙරමුනේ සිට ගැටුනු ජීවිතයක ක්‍රියා කලාපය එහි මරනයෙන් අවසන් කරනු ඇතැයි සිතනු හැකි වන්නේ කාට ද?

රැස්වීමේ මුලසුන දැරූ සසප දීර්ඝ කාලීන මධ්‍යම කාරක සභිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලංකාවේ කර්තෘ වන වන කේ. රත්නායක සහෝදරයා සිය හැඳීන්වීමේ දී පවසා සිටි පරිදි ම, විජේ සටන් වැදුනු “ඉදිරි දර්ශනය විමසා පාඩම් උකහා ගැනීම, පක්ෂය හා තරුන සංවිධානය ඉදිරි වැඩ කටයුතු සදහා පන්නරය ගන්වා ගැනීමට” කල යුතු ඉමහත් වැදගත්කමක් දරන කාර්යයකි. කෙසේ වෙතත් හුදෙක් ජාත්‍යන්තරවාදයට කැප වීම වැනි වියුක්ත සඳහන් කිරීම්වලින් එහා යමින් ඔහුගේ ජීවිතයේ අනුගමනය කල මාක්ස්වාදී මූලධර්ම ගැන අවබෝධයක් රැස්වීම තුලින් ඊට උචිත පරිදි  ඇති නොකිරීම සැලකිල්ලට ගැනීම අවශ්‍යය. පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයක් වන මෙම වකවානුව තුල අවශ්‍යයෙන් ම විජේ පදනම් වූ මූලධර්මයන්ගේ මූලයන්ට ගමන් කර පාඩම් උකහා ගැනීම තීරනාත්මක යයි පවා කිව හැකි ය. 

rathnayaka
කේ. රත්නායක

පැබ්ලෝවාදී පිරිහීමේ පාඩම් උකහාගෙන, 1964 ලංකා සමසමාජ පක්ෂය ධනපති සභාගයට ඇතුලු වෙමින් කල පාවා දීමේ මූලයන් වටහා ගනිමින්, ඊට එරෙහිව ජාත්‍යන්තරවාදී ඉදිරී දර්ශනය මත ස්ථිරසාරව පිහිටා කම්කරු පන්තිය බලය ගැනීමෙන් මෙපිට ධනවාදී පීඩනය ජය ගත හැකි මාවතක් නැති බව විජේ වටහාගත්තේ යයි සියලුම කථිකයෝ සඳහන් කලහ. 

අයෝමය විනය පිලිබඳ ව්‍යාජය හා කට්ටිවාදය

“බලය ගන්න නම් 1917 බලය ගත් වැනි අයෝමය විනයකින් යුතු පක්ෂයක් අවශ්‍යයි; ධනේශ්වර පීඩනය කපා හරිමින් කම්කරු පන්තියේ පන්ති ස්වාධිනත්වය ආරක්ෂා කරමින් එය බලමුලු ගන්වන්න,” යි පවසමින් රත්නායක කියා සිටියේ 1964 දී, විජේ ඇතුලු තරුන නායකත්වය ඒ මත පිහිටා පක්ෂය ගොඩ නගා මෙහෙය වූ බව ය. එහෙත්, එම අයෝමය විනය සමන්විත වූයේ කුමකින් ද, පැබ්ලෝ- මැන්ඩෙල් නායකත්වය වලලා දැමූ එම විනය ආරක්ෂා කර වර්ධනය කලේ කෙසේ ද යන ප්‍රශ්න අවධානයට ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ, කම්කරු පන්තියේ ස්ව විඥානය බොල්ෂෙවික් වර්ගයේ පක්ෂයකින් තොරව කෙසේවත් ඇති කල නො හැකි බැවිනි. කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකුවත් ඔවුනගේ ඔනෑම දේශපාලන සංවිධානයක් – ක්‍රියාකාරී කමිටු, ෆැක්ටරී කමිටු, ආරක්ෂක කමිටු වැනි- මෙම මූලධර්මයට නො බැඳුනේ නම් අවස්ථාවාදය පරාජය කෙරෙන්නේ හෝ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟෙන්නේ හෝ, කොටින් කියන්නේ නම් විප්ලවයක් සිදු වන්නේ හෝ නැත. 

පැබ්ලෝවාදය හුදෙක් දියකරහැරිම්වාදී (Liquidationism) හා පිවිසුම්වාදී (Entryism) වූවා පමනක් නො වේ. තනි රටේ සමාජවාදය නැමති ජාතික පිලිවෙත සඳහා ස්ටැලින්ට ට්‍රෙට්ස්කිවාදී වාම විපාර්ශවය හා ඊට සහාය වූ කම්කරුවන් ලක්ෂ ගනනින් විරේක කර පක්ෂය නිලධාරීවාදී මාධ්‍යමික තන්ත්‍රයකට යටත් කිරීම අවශ්‍ය වූවා සේ ම, පැබ්ලෝවාදයට ද 4වන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය තුලට දියකර හැරීම සඳහා පක්ෂයේ බෝල්ෂෙවික්වාදී පැවැත්ම අහෝසි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. මෙහිදී පැබ්ලෝ තන්‍ත්‍රය විසින් අති විශාල ප්‍රමානයක් සාමාජිකයෝ ප්‍රංශ ශාඛාවෙන් ‘විරේක’ කර දමනු ලැබුනාහ. 

මෙම ප්‍රවනතාවට එරෙහිව ස්වාධීන ලෝක පක්ෂයක් ලෙස ජාත්‍යන්තර කමිටුව පිහිටු වීමට පදනම් දැමූ සුප්‍රකට විවෘත ලිපිය මගින් එවකට එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස්. පී කැනන් පෙන්වා දී ඇති පරිදි, පැබ්ලෝගේ සංශෝධනවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර බෙදීම් රේඛා කෙතරම් ගැඹුරු ද යත් දේශපාලනිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකියාවක් නැත. බහුතර මතය සැබෑ ලෙස පිලිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදී තීරනවලට එලඹීමට ඉඩ නො දෙන බව පැබ්ලෝ කන්ඩායම ප්‍රදර්ශනය කර ඇත.”  හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගි මෙම නිලධාරීවාදී පරිහානියට එරෙහි ව, බෝල්ෂෙවික්වාදයේ පදනම වන ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය යලි ස්ථාපිත කෙරුනු අව්‍යාජ කම්කරු පන්තික පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීමට කැනන් ඇතුලු නායකත්වයට සිදු විය. ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය විප්ලවවාදි පක්ෂයක මස්ථිස්කය නම්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය එහි ක්‍රියාකාරීත්වයේ හදවත වැනි ය. 

එක්සත් ජනපද සසප පදනම් ලේඛනය මෙසේ දක්වයි:

කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරීවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය. එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම හා ක්‍රියාමාර්ග මත නිදහස් ලෙස ඇති කර ගන්නා එකඟතාවයක පදනමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත් වන්නේ මෙම වැටහීමයි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු ය. පක්ෂ ව්‍යවස්ථාවෙන් සඳහන් කෙරුනු අවස්ථා හැර, අනෙක් අවස්ථාවල දී සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව සීමා පැනවීමකින් තොරව සිදුවිය යුතු ය. නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත්කර ගන්නා අතර, ඔවුන් විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය. නායකත්වයට එරෙහිව ඉදිරිපත් වන විවේචනයට මුහුන දිය නො හැකි අපේක්ෂකයන් එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම්ස් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය. ‘සත්‍යය කිසිවෙකුටත් හානි නො කරයි. ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.’ එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්චාව ද, විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී, මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ද වන හා විනයගත වීමේ ඉල්ලීම සිය ‌පෞද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇඟවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන මෙම ලේඛකයා විජේ සහෝදරයා මුල් වරට දැක හදුනාගත් 1975 වසරේ සිට බොහෝ කලක් ඔහු ඇසුරේ වටහා ගැනීමට හැකි වූ පරිදි, නායකයෙකු ලෙස විජේ ඩයස්ගේ සාර්ථකත්වය පිටුපස පැවති ප්‍රධාන ම මූල ධර්මයක් වූයේ මෙයයි. පුද්ගල චරිතයේදී විජේ ආඩම්බරකාරයෙකි, එහෙත් උද්ධච්ඡ නැත, නිහතමානී ය. දැඩි ය, නමුත් උනුවන හදවතක් ඇත, ලෙන්ගතු ය. කෙනෙකු ඉදිරිපත් කරන අදහස් සන්සුන්ව සවන් දීමේ පුරුද්දක් යකඩ මිනිහෙක් වූ විජේ සහ යකඩ ගැහැනියක වූ පියසීලි යන මේ යුවලට ම තිබිනි. වරක් වඩාත් න්‍යායිකව කරුනු පැහැදිලි කල රැස්වීමකට පසු සහෝදරියක් මෙසේ පැවසුවා ය. “විජේ සහෝදරයාට මොන තරම් ගැඹුරු විශ්ලේෂනයක් වුවත් කාටත් පැහැදිලි වෙන පරිදි විස්තර කල හැකි වීමට හේතුව සෙසු මිනිසුන් ගැන ඔහුගේ වැටහීම හා ඔවුන් කෙරේ ඔහු තුල ඇති ලෙන්ගතු කම යි.” මේවා වගකිව යුතු නායකයෙකුගේ සාර්ථකත්වයට හේතු නොවන්නේ කෙසේ ද?

මෙම මූලධර්ම වෙත පක්ෂයත්, පන්තියත් යොමු කර ගැනීමට විජේ ඩයස් අනුස්මරනය මහඟු අවස්ථාවකි. මෑත දී, පක්ෂය තුල දේශපාලන ප්‍රශ්න මතු කිරීම නිසා, සාමාජිකයන් 5ක් කිසිදු සාකච්ඡාවකින් හෝ විනය පරීක්ෂනයකින් පවා තොරව, විනය බිඳීම යන චෝදනාව යටතේ දොට්ට දැමුනි. මේ අනුස්මරන රැස්වීම අවසන් වී දින තුනක් ඉක්මවෙත් දී පක්ෂය ගත් පලමු පියවර වූයේ තවත් සහෝදරවරු 7ක්, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය අනුයමින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවකට සහාය පලකිරීම මගින් පක්ෂ විනය බිඳ ඇතැයි යන චෝදනාවම මත, විනය පරීක්ෂනයකින් තොරවම, එකවර පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම යි.විනය ගැන කථා කිරීමේ දී කිව යුත්තේ, මෙම ‘විරේක’ කිරීම් සිදු කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව පවා නො තකා හරිමින් බව ය. මේවා සිදු වන්නේ පන්ති අරගලයේ ඉතා තීරනාත්මක සටන් දිග හැරෙමින් තිබිය දී ය. විජේ සහෝදරයාගේ ජීවිතය පිලිබඳ සැබෑ ඇගයීමක් පෙනී සිටිනු ඇත්තේ මෙම අවස්ථාවාදී ප්‍රවනතාවන්ගෙන් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ය.  

“විජේ සිය ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ මහජන අරගලය තුල ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කර කම්කරු පන්තියට පාලන බලය ගැනීමේ මාවත පෙන්වීමට යි,” පැවසූ රත්නායක, මහජන අරගලය තුලට ප්‍රායෝගිකව හා සක්‍රීයව මැදිහත් නොවෙමින්, එයින් වියුක්තව, එහි නායකත්වය සඳහා ⁣පොරබැඳීමට පැකිලීම ගැන පක්ෂයට එල්ල වූ විවේචන හෙලා දකිමින් මෙසේ කියා සිටියේ ය: “නෑ මාක්ස්වාදයේ අයනු ආයනු තමයි, ට්‍රොට්ස්කිවාදයේ අයනු ආයනු තමයි, කම්කරු පන්තිය අරගලයට එනකොට ඔවුන් සදහා අවශ්‍ය ඉදිරි දර්ශනය, ක්‍රියා මාර්ගය, මග පෙන්වීම සූදානම් කිරීම.” මේ අනුව, කම්කරුවන් අරගලයට කැඳවීම සෑම කල්හි ම සෙසු ප්‍රතිගාමී ව්‍යාපාරවලට අයත් වැඩකි. විප්ලවවාදී පක්ෂය ක්‍රියාත්මක වන්නේ ඔවුන් එසේ කම්කරුවන් අරගලයට ගෙන ආ පසුව ය.

එහෙත්, ඔහුගේ මෙම අදහස මාක්ස්වාදී අයනු ආයනු දැනුවත්ව භාගෙට කියවීමකි. පන්තිය, පක්ෂය හා නායකත්වය කෘතියෙහි එන ට්‍රොට්ස්කිගේ පහත දැක්වෙන වචන ඒ සමඟ සසඳා බලන්න: 

“අලුත් නායකත්වයක්, පැරනි නායකත්වයකට වඩා ස්ථිර බව, විශ්වාසවන්ත බව, අවංක බව ජනයාගේ පලල් කොටස් ඒත්තු ගන්නේ ඔවුන්ගේ ම අත්දැකීම්වල පදනම මතින්, අවධි ගනනාවකින්, ක්‍රමානුකූලවයි. සත්‍යයෙන් ම විප්ලවයක් මධ්‍යයේ, එනම්, සිදුවීම් වේගවත්ව පරිවර්තනය වන තත්ත්වයක දී දුර්වල පක්ෂයකට ඉක්මනින් දැවැන්ත එකක් බවට වර්ධනය වන්නට පුලුවන. එසේ වන්නේ, එම පක්ෂය විප්ලවයේ ගමන් මඟ ඉතා පැහැදිලිව වටහා ගෙන ඇත්නම් හා දෙඩවීම්වලින් මත් නොවූ, දඩයම්වලින් තැති නොගත් ඉතා දැඩි ස්ථිර කේඩරයන් පක්ෂය සතුව පවතී නම් පමනෙකි. එබඳු පක්ෂයක් විප්ලවයට පෙරාතුව සූදානම් වී තිබිය යුතුය. මන්ද යත්, කේඩරයන් පුහුනු කිරීමට සැලකිය යුතු කාල පරිච්ඡේදයක් අවශ්‍ය වන බැවින් හා විප්ලවය එවැනි කාලයක් නොසපයන බැවිනි.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 15)

එම කෘතියේ ම තවත් තැනෙක එන මේ කොටස ද බලන්න:

“… ජයග්‍රහනය මූලෝපායාත්මක කර්තව්‍යයකි. ජනතාව බලමුලු ගන්වනු වස් විප්ලවවාදී අර්බුදයක වාසිදායක කොන්දේසි උපයෝගී කර ගැනුම අවශ්‍ය ය. ජනතාවගේ පවත්නා “පරිනතකම” ආරම්භක ස්ථාවරය කර ගනිමින් ඔවුන් පෙරට තල්ලු කිරීම අවශ්‍ය ය. සතුරා මොන ම අයුරකින්වත් සර්ව-බලධාරී නොවන බව ද, පරස්පර විරෝධයන්ගෙන් වැහැරී සිටින බව ද, මතුපිටින් පෙනෙන වෙස් පෑමට යටින් සන්ත්‍රාසය හා කුලප්පුව රජයන බව ද වටහා ගන්ට ජනතාවට ඉගැන්වීම අවශ්‍ය ය.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 11)

තවදුරටත්, කල යුත්තේ කුමක්ද කෘතියේ ලෙනින් ලියා ඇති පහත කොටස් ද මෙහි ලා සැලකිල්ලට ගනු වටී:

“සෑම පොදු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රශ්නයක් ම මතු කිරීමෙහි දී සහ විසදීමෙහි දී, අන් සියළු දෙනාටම ඉදිරියෙන් සිටීමට ඇති තමන්ගේ යුතුකම අමතක කරන තැනැත්තේ ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ. (කල යුත්තේ කුමක්ද? පි. 202)”

“පොදු  වශයෙන් නොව, වචනයේ නියම අර්ථයෙන්, සටනට හඬ නැගීම කල හැක්කේ, සටන ඇති වන තැනදී ය. එවැනි හඬ නැගීම් කල හැකි වන්නේ, තමන්ම සටනට අවතීර්ණ වන හා අප්‍රමාදව ම එසේ කරන අයට පමනකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශකයන් වශයෙන් අපගේ කටයුත්ත වන්නේ, දේශපාලන උද්ඝෝෂන ගැඹුරට ගෙනයාම, ව්‍යාප්ත කිරීම හා උත්සන්න කිරීමයි. (කලයුත්තේ කුමක්ද? පි. 189)   

රත්නායක සහෝදරයා ගෙන එන තර්ක වනාහී විජේ සහෝදරයාගේ ජීවිතය කියා දුන් පාඩම් කනපිට හැරවීමකි. ඔහු හුදෙක් ඉදිරි දර්ශනය සඳහා ඉදිරි දර්ශන වර්ධනය කලේ නැත. ඔහු න්‍යායික මෙන් ම ජීවමාන දේශපාලන අරගලය තුල කම්කරුවන් ගොවියන් හා තරුනයන් අතර වැඩ කලේ ය. 

සැබවින්ම නම්, රත්නායක මේ උත්සාහ කරන්නේ පසුගිය මහජන අරගල තුලින් ඉදිරියට පැන විදහා ලූ හා  තමන්මද අයත් නායකත්ව තන්ත්‍රය කලක සිට පක්ෂය තුල වර්ධනය කලා වූ ඉහතකී නොවැලැක්විය හැකි චෝදනාවෙන් ඉදිරිපත් කරන පක්ෂයේ කට්ටිවාදය ව්‍යාජ සූත්‍රයකින් වසා දැමීම යි. ට්‍රොට්ස්කි 1935 දී “කටිටිවාදය, මාධ්‍යමිකවාදය සහ  හතරවන ජාත්‍යන්තරය” නමින් විප්ලවවාදී ව්‍යාපාරය තුල එම ප්‍රවනතාවයන්ගේ කාර්යභාරය සම්බන්ධව විශ්ලේෂනය කරමින් ලියන ලද ලියවිල්ලේ පහත කොටස අවධාරනයට ගන්න:

“මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිලිවෙලක් ගොඩනගා ඇති අතර, මාක්ස්වාදය විසින් එම නීති සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩපිලිවෙලක් නිර්මානය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිලිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පලමු භාගයේදී නතර වේ.  කම්කරු මහජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීයව මැදිහත්වීම ඔහුට මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරනු ලැබේ.”

මේ අනුව, විප්ලවවාදී පක්ෂයක වගකීම ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කර කම්කරු පන්තියට බලය ගැනීමේ මග පෙන්වීම යයි කියන විට මාක්ස්වාදීන් අදහස් කරන්නේ කුමක් දැයි විජේ දැන සිටියේ ය. එය විශේෂ බුද්ධිමතුන් අතලොස්සකගේ පුවත්පත් කලාවේදී කටයුත්තක් වැනි දෙයක් නොවන බව ඔහුගේ ජීවිතය ගැන පක්ෂයේ ප්‍රරෝගාමී නායකයෙකු වන වයෝවෘද්ධ නන්ද වික්‍රමසිංහ, මෙම අනුස්මරනය වෙනුවෙන් නිකුත් කල වීඩියෝව මඟින් පෙන්වා දී ඇත. පැහැදිලි විය යුතු ප්‍රශ්නය නම්, ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කරන්නේමත් කෙසේ ද, මේ කාරනයේ දී මාක්ස්වාදයේ අයනු ආයනු උච්චාරනය කරන්නේත් කෙසේ ද යන්න ය.

රත්නායකගේ තවත් ප්‍රකාශයකට සම්බන්ධිතව මෙය වටහා ගැනීමට උත්සාහ කිරීම උචිත ය. 2022 අප්‍රේල් අරගලය ලෙස හඳුනා ගන්නා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම ගැන සඳහන් කරමින් එය තමන්ට අහම්බ කාරනාවක් නො වූ බව ඔහු කීය. ඒ 2020න් ඇරඹි දශකය සමාජවාදී  විප්ලවයේ දශකය ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් නම් කරනු ලැබීම නිසා ය. එය අතිශය ප්‍රගාඪ පෙර දැකීමක් බව ද ඔහු සඳහන් කලේ ය. 

නමුත් 2022 මාර්තු මාසයේ අවසාන සතියේ රට පුරා ජනයා පෙල ගැසෙමින් සිටිය දී වත් සසප නායකතවයට ආරම්භකත්වයක් සදහා පියවර ගැනීමට නො හැකි විය. වහාම ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරගෙන අරගලයට පිවිසිය යුතු ය යි මෙම ලේඛකයා කල ඉල්ලීම ද කුනු කූඩයට දැමිනි. මාර්තු 31 අරගලය හදිසියේ  පුපුරා ගිය අතර ඊලග 3 දා දිවයින පුරා, කලින් යොදාගත් පරිදි, මහජනයා අරගලයට පිවිසුනි. ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 5 දා ලංකාවේ සිද්ධි අලලා ඉදිරි දර්ශනාත්මක ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කලේ ය. ලංකාවේ කම්කරු පන්තිය බලය ගැනීමට සූදානම් විය යුතු ය යි එය පෙන්වා දුන්නේ ය.

ශ්‍රි ලංකාවේ සසප මේ සම්බන්ධයෙන් යොමු කර ගැනීමට කෙතරම් අසීරු වූයේ ද යත් ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේව් නෝර්ත්ගේ ද මැදිහත් විමෙන් විජේ ලියූ ඉදිරි දර්ශනයක් බොහෝ පමා වී පල කල හැකි වූයේ අප්‍රේල් 7දා ය. “මහජනයාගේ නැගිටීම් ආරම්භය ආසන්නයේ, එහෙම නැත්නම් ඒවා රට පුරා පැතිරීගෙන එන තත්වය ඇතුලේ” එය සිදු කල බව රත්නායක රැස්වීමේ දී කල කියා පෑම හා මේ සිදුවීම්, 2020 සිට දැන සිටි නිසා අහම්බයක් නො වීය යන ප්‍රකාශයට පටහැනි ය. දැන් රත්නායක කියන දෙයින් ගම්‍ය වන පනිවිඩය නම්, අයනු ආයනු යනු එසේ කල් මැරීමට කියන වෙනත් නමක් බව ය. 

2020 දී නොව, 1996 සංගම් පක්ෂ බවට පත් කිරීමේ දී අප සටහන් කර ගත්තේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් සියලු ජාතිකවාදී ක්‍රියාවන්ට සදහට මල බෙරය හැඩවී ඇති නිසා කම්කරු පන්තියේ අති මූලික ඉල්ලීම් සදහා අරගලය පවා අප අතට ගැනීමට වෛෂයිකව තීන්දු වී ඇති බව ය. අනෙක් අතට පන්ති අරගලයට මැදිහත් වීම හැටියට මිස ඉදිරි දර්ශනයක් වර්ධනය කල හැකි වෙනත් ආකාරයක් ද නැත. පන්ති අරගලයෙන් තොරව ම මාක්ස් නමැති මහා ප්‍රාඥයාගේ ඔලුවට මාක්ස්වාදය කඩා වැටුනේ නැති බව කවුරුත් දන්නා කරුනකි. කෙසේ වෙතත්, කම්කරු පන්තිය තුල වර්ධනය නොකරන වියුක්ත  ඉදිරි දර්ශනයකින් ඇති ඵලය කුමක් ද? ඒ නිසා සසප වහාම මෙම කුසීත මග හැරීමෙන් අත් මිදිය යුතුව ඇති අතර එය ඓතිහාසික අවශ්‍යතාවක් බව වටහා ගැනීමට සටන් කල යුතු ය.

විජේ ඩයස් 1987 ප්‍රධාන ලේකම් ධුරයට පත් වන්නේ 1953 පැන නැගී පැබ්ලෝවාදයට අවසන් ප්‍රහාරය එල්ල කර, ජාත්‍යන්තර කමිටුව අව්‍යාජ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ලෙස ඉස්මත්තට ඒමත් සමග ය. 1985-86 මෙම භේදය පෙර පැවති හීලිවාදයේ නිලධාරීවාදී බලපෑමෙන් එහි ශාඛා නිදහස් කර ගත්තේ ය. විජේ සිය නිලය මෙහෙය වූයේ එම පදනම්වල සිට ය. එම වසරේම පැන නැගුනු ජවිපෙ ඝාතනවලට හා ආන්ඩුවේ මෘග මර්දනයට මුහුන දී, වසර 5-6ක කෙටි කාලයක් ඇතුලත පක්ෂ සාමාජිකත්වය දෙගුනයකින් පමන ඉහල දමා ගනිමින් පෙරට ගමන් කිරීමට එම මෙහෙයුමට හැකි විය. තුවක්කු දෙකකට මැදි වී එහි දී දිනා ගත්තේ අතිශය දැනුවත්, කැප වූ හා සටන්කාමී කේඩරයකි. මෙම ජයග්‍රහනය විශේෂයෙන් ජවිපෙ මදාවිකාරයට හා ආන්ඩුවේ මර්ධනයට එරෙහි එක්සත් පෙරමුන සදහා සහ ගම්බද ඝාතනවලට එරෙහිව ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය හා බැදුනි. ඉතා අසීරු කොන්දේසි යටතේ පක්ෂ සාමාජිකත්වය සාකච්ඡා මගින් ඒත්තු ගන්වා ගැනීමට කටයුතු නොකෙරිනි නම් එම සාර්ථකත්වය සිහිනයක් වීමට නියමිත ව තිබින. උත්සන්න කල වර්ගවාදයට හා යුද්ධයට අභියෝග කල මෙම කේඩරය මෙහෙයවා ගෙන ගිය අරගලය උතුරු පලාත තුල ද පක්ෂය පුලුල් කලේ ය. මේ නිසා, නව සම සමාජ පක්ෂය (නසසප) වැනි පක්ෂවල අභාවය ඉක්මන් කල එක්සත් පෙරමුන සම්බන්ධ අත් දැකීම්වලින් තොරව විජේ සහෝදරයා පක්ෂය ගොඩ නැගීමට දුන් නායකත්වය හරිහැටි වටහා ගත හැකි නො වන බව අපේ අදහස ය. මෙම සාර්ථකත්වයන් වූ කලී, මේඝ දූතයන් ලෙස ඉදිරි දර්ශන පා කර යවා ලබා ගත් ඒවා නො වේ, ඒ වෙනුවට ඒවා, ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමේ දී ඉදිරි දර්ශන සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයෝ වෙති.   

සිය ජීවිතයේ අවසන් වසරේ, ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් විමෙන් ඔහු විසින් කෙටුම්පත් කෙරුනු ඉතා පැහැදිලි ඉදිරි දර්ශන දෙකක් අප්‍රේල් 7 සහ ජුලි 20 නිකුත් කෙරීම නිසැකවම ජයග්‍රහනයකි. එම ලේඛන ඉහත සඳහන් කල අත්දැකීම්වලින් පෝෂනය වී ඇත. නමුත්, ඒ්වා කම්කරු පන්තිය තුලට ගෙන යාමට හා ඒ මත සාකච්ඡාවක් අවුලවා ගෙන, කම්කරු පන්තිය ඒත්තු ගන්වා සූදානම් කිරීමට, ඔවුන්ගේ අරගලය තුල නායකත්වය ගැනීම සඳහා ගැනුනේ ඇල්මැරුනු ප්‍රවේශයකි. සසප වාමාංශය අප්‍රේල් ඉදිරිදර්ශනයේ මග පෙන්වීම යටතේ අරගලය තුලට මැදිහත් වී කන්ඩායමක් දිනා ගත් අතර පසුව කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීම දක්වා එය ඉදිරියට ගියේ ය. ජුලි 20 ඉදිරි දර්ශනය කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පදනම විය. පක්ෂ තන්ත්‍රය එම ආරමිභකත්වය ගත් සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා හරිමින් ද, කොක්‍රික කෙරේ වෛරීසහගත ප්‍රකාශ නිකුත් කරමින් ද කලේ උක්ත ඉදිරී දර්ශන ලියවිල්ලේ අර්ථ විකෘති කිරීම ය.   

ක්‍රියාකාරී කමිටු පිලිබඳ නිලධාරීවාදී විකෘතිය

අනුස්මරන රැස්වීමේ කතා කල සසප දේශපාලන කමිටුවේ විලානි පීරිස් සහෝදරිය, වරාය ක්‍රියාකාරී කමිටුව ගොඩ නගන කොට කම්කරුවෙක් අපි සියලු සමාජවාදය ගැන කතා කරන කොටස් ඒකාබද්ධ කරගනිමු” යි යෝජනා කල බව කීවා ය. ඊට එරෙහිව තර්ක කරමින් ඇය, “ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින්ම ය” යන පක්ෂයේ ඉහත කී ජුලි 20 ප්‍රකාශයේම ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල කෙරේ දිගටම පවත්වාගෙන යන සතුරුභාවය ඉස්මතු කලා ය. 

“අපි ලෝක කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කරන එකම සංවිධානය වන නිසා, කොතනින් හෝ කන්ඩායම් එකතු කර සංවිධාන හදන්නේ නැහැ”, යි පවසමින් විලානි කීවේ කම්කරු ක්‍රියාකාරී කමිටු පක්ෂයේ අභිලාශයන්ට, අනුමැතියට, ඉදිරි දර්ශනයට හා විනයට යටත්ව විය යුතු බව ය. එසේ නම් පක්ෂය හදනවා මිස ක්‍රියාකාරී කමිටු හදනනේ කුමටදැයි විජේ මේ අදහසට විරුද්ධව තර්ක කල බව විලානි හිතාමතා ම අමතක කරන්නීය. 

Vilani
විලානි පීරිස්

කිසිදු පක්ෂයකට යටත් ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ක්‍රම විරෝධී ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. පක්ෂවල කාර්ය ඒවා තුලට වන් සිය සාමාජිකයන් මගින් සිය වැඩ පිලිවෙලට කම්කරු ගොවි ජනයා සහ අවසානයේ කමිටුවම දිනා ගැනීමට සටන් කිරීම ය. විවිධ ධනේශ්වර විරෝධී ප්‍රවනතා කමිටුව නියෝජනය කරනු ඇත. විප්ලවවාදීහු මෙම ප්‍රවනතාවන්ට බිය නො වෙති. කම්කරු පන්තිය අධ්‍යාපනගත වන්නේ ද, මහජන ව්‍යාපාරයක් වර්ධනය වන්නේ ද, පක්ෂය මහජනයා අතර මුල් බසිමින් වර්ධනය වන්නේ ද එබදු අරගලයක් තුල ය. විශේෂයෙන් මධ්‍යම පන්තික ජනයා විවිධ අවස්ථාවාදී ව්‍යාපාරවල ග්‍රහනයෙන් හා ෆැසිස්ට්වාදයෙන් මුදාගත හැකි වන්නේ එබඳු අරගලයකට ය. මෙය කම්කරු පන්තියේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්න සමග බැඳී ඇති බව වටහා ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි.

ඥාන කෝෂ්ඨාගාරයක්

තතු එසේ තිබිය දී, පක්ෂයේ තරුන සංවිධානය නියෝජනය කල සකුන්ත හිරිමුතුගොඩ සහෝදරයා සිය කතාව තුල විජේගේ ජීවිතයේ න්‍යායික දේශපාලනික හා මූලධර්මාත්මක පදනම් සොයා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරන බව පෙන්නුම් කලේ ය. විජේගේ දේශපාලනය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ජාත්‍යන්තරවාදය යන කුලුනු දෙක මත පිහිටා සිටි බව ඔහු අවධාරනය කලේ ය. විජේගේ ක්ෂමා විරහිත දේශපාලනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේ විකොස ගොඩ නැගීමට මූලිකත්වය ගත් විජේ සහෝදරයාගේ පරපුරේ තරුනයන්ට එය කල හැකි වූයේ අත්‍යවශ්‍ය දේශපාලනික, න්‍යායික පාඩම් උකහාගෙන ක්‍රියාත්මක වීම තුලින් මිස හුදු තරුන ජවය හා ධෛර්යය නිසා නො වන බව ය. කැලඹිලිකාර කාල පරිච්ඡේදයක දී තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කල යුතු ය යි ඔහු ලෙනින් උපුටා දක්වමින් කල සටහන අවධානයට ගැනීම අත්‍යවශ්‍යය ය. කම්කරු පන්තියේ පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා කරන න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක වැඩ කටයුතුවලින් තොරව තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කිරීමේ ක්‍රමයක් ද නැත. විශේෂයෙන් විජේගේ යෞවනය ඊට අදාල විෂය මාලාවකි. පක්ෂයක වගකීම වන්නේ මේ තීරනාත්මක මොහොතේ යෞවනයන්ගේ මෙම න්‍යායික සා පිපාසාව සංසිඳුවීම ය.

sakuntha
සකුන්ත හිරිමුතුගොඩ

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, 1968 සිට විජේ සහෝදරයාගේ සහභාගීත්වයෙන් හා මූලිකත්වයෙන් සිදු කල පක්ෂයේ වැඩ කටයුතුවල වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ වාර්තාව වත්මන් පන්ති අරගලය තුල පක්ෂයේ වගකිම් ක්‍රියාකාරී කමිටු පිලිබද යෝජනාවට එහා ගෙන නො ගියේ ය. 

සසප මෙම රැස්වීම යලි තක්සේරු කිරිම අවශ්‍යය යි අපි සිතමු. එය තීරනාත්මක වන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දශක 6ක අත් දැකීම් ඇති, ආසියාතික කලාපයේම සංවිධානය ගොඩනැගීමේ වගකීම දරා සිටින නිල ශාඛාව එය වන අතර ම, එහි පැවැත්ම සමාජවාදී විප්ලවයේ ඉරනම සම්බන්ධ ප්‍රමුඛ කරුන වන හෙයිනි. 

2010 වසරේ සිදු වූ පියසීලි සහෝදරියගේ මරනය විජේ සහෝදරයාගේ ජීවිතයට එල්ලවූ අකුනු පහරක් බඳු වුවත්, විජේ නිර්ධන පන්ති විප්ලවයට හා එහි පක්ෂයට දැඩි ලෙස බැඳුනු ඇගේ මෘත දේහය අභියස දී පවා පක්ෂය ගොඩ නැගීමට සපථ කලේ ය. හෘදයාබාධයත්, තවත් අසීරු රෝගී තත්වයනුත් ඔහුට සිතැඟි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නො දුන්නේ වී වුව, මේ යෝධ මිනිස් චරිතය මෙරට දැවැන්තතම මහජන නැගිටීම මැද නැගී සිට “කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන මාහැඟි ඉදිරි දර්ශනය සිය මරනයෙන් සතියකට පෙර කෙටුම්පත් කර තැබුවේ ඊට එරෙහිව මතු ව තිබූ බොහෝ බාධක මැඩ පවත්වමිනි.    

විජේ සහෝදරයාගේ දේශපාලන ජීවිතය සියලු විප්ලවවාදීන් හා තරුනයන් විසින් පිරිසිඳ දත යුතු ඥාන කෝෂ්ඨාගාරයක් වෙයි. එය මනාව හා විධිමත් ව අධ්‍යයනය කිරීම සියලු විප්ලවවාදීන් විසින් මඟ නොහැරිය යුතු වගකීමක් වන අතර, එවැනි අධ්‍යයනයක් සමස්ත දකුනු ආසියාතික කලාපයේ හා සමස්ත ග්‍රහලෝකයේ කම්කරු පන්තියේ ඉරනම පිලිබඳ මිල කල නොහැකි පාඩම් ගෙන එනු ඇත.

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි Read More »

air defender

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා..

මිගාර මල්වත්ත විසිනි.

air defender
Air Defender 23 is the largest deployment exercise of air forces in NATO’s history. Tornado and Eurofighter in formation: In composite air operations, combat aircraft with different capabilities are employed in combination Bundeswehr/Stefan Petersen. bundeswehr.de/en

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ජුලි මැද දක්වා මාසයකට වැඩි කාලයකදී, යුක්රේන සන්නද්ධ හමුදා විනාශකාරී භෞතික පාඩු ලබා ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය විසින් මාස ගනනාවක් තිස්සේ ප්‍රවර්ධනය කරන ලද යුක්‍රේනයේ “වසන්ත ප්‍රතිප්‍රහාරය” සැලකිය යුතු ඉදිරි ගමනක් ගෙන නොමැති බව පැහැදිලිය.

මෙම ප්‍රහාරයේදී දිනකට යුක්‍රේන භටයින් 1000 පමණ මිය යන ලද බව යුක්‍රේනය ම පිලිගතතේය. එහෙයින්, දැන් හුදෙක් පුහුනුව හා ආයුධ සම්පාදනය අතින් පමනක් නොව, යුද්ධය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සැපයීම අතින් ද යුක්‍රේන මිලිටරිය වඩ වඩා ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) හා නැටෝව මත රැඳී සිටී.

රුසියාවට එරෙහි, මෙම මිලිටරි වටලෑම වඩාත් උච්චස්ථානයකට නංවමින්, එය රුසියානු භූමිය තුළට සිදු කරනු ලබන මිලිටරි ආක්‍රමණයක් දක්වා දිගු කර ගැනීම සඳහා, මෙතෙක් තමන් සිදු කරන ලද “ප්‍රොක්සි” මැදිහත් වීම පසෙක ලා, රුසියාවට එරෙහි ඍජු මැදිහත් වීමක් දක්වා එය වර්ධනය කර ගැනීම අධිරාජ්‍යවාදයේ ඊලඟ පියවරයි.

මුලින්, එ.ජ හා එක්සත් රාජධානිය මෙන් දැඩි ආක්‍රමණශීලි ස්ථාවරයක නොසිටි ප්‍රංශය, අද යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පෙරමුණ ගෙන සිටී. එමෙන් ම, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සමඟ ලන්ඩනයේදී හමු වී, තව තවත් ආයුධ සහ මුදල් ඉක්මනින් ගලා එනු ඇති බව හැඟවීය. කුලේබා පසුව ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාව විල්නියස් සමුලුවට ඉදිරිපත් කිරීම සූදානම් කිරීමට ඔවුන් එහිදී සාකච්ඡා කළ බවයි. තවද, බයිඩන් ගේ පරිපාලන නිලධාරියෙක් සීඑන්එන් වෙත පැවසුවේ යුක්රේනය නේටෝවට බැඳීමට කඩිනම් සැලැස්මක් “විවෘතව” පවතින බවයි. ඔස්ලෝහි දී හමු වූ නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමකින් පසු  නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ “යුක්‍රේනයට හිමි ස්ථානය ඇත්තේ නේටෝව තුල” බවයි. “අද අපගේ අවධානය යොමු වූයේ යුක්රේනය නේටෝව වෙත සමීප කරවන්නේ කෙසේද” යන්නයැයි ඔහු කියා සිටියේය.

නේටෝ සාමාජිකයෙකු වීමට යුක්‍රේනය දරන උත්සාහයට නව යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති සැන්චෙස් ද සිය උණුසුම් සහාය ප්‍රකාශ කලේය. “ස්පාඤ්ඤය නේටෝ-යුක්රේන කවුන්සිලයක් නිර්මාණය කිරීම හරහා යුක්රේනයේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය දක්වයි, යුක්රේනය තවදුරටත් ආරාධිත පක්ෂයක් නොව පූර්ණ සාමාජිකයෙකු වනු ඇත. ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ඔබේ ආරක්ෂක අංශය නේටෝ ප්‍රමිතීන්ට අනුව අනුවර්තනය කිරීමටත් අපි කැමැත්තෙමු, ”සැන්චෙස් පැවසීය.

යුක්රේනය තම සාමාජිකයෙකු ලෙස නේටෝව පිළිගතහොත්, නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ සියලුම නේටෝ රටවල්වලින් රුසියාව සමඟ යුද්ධයට එළඹෙන ලෙස ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි වනු ඇත. 5 වන වගන්තිය අනුව, මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටින සාමාජිකයෙකුට ආධාර සැපයීමට සියලුම නේටෝ සාමාජිකයෝ බැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙහිදී සැබැවින්ම සිදුවන්නේ වන්නේ යුක්රේනය නේටෝවට ඇතුළු වීම නොව, නේටෝව යුද්ධයට තම මැදිහත්වීම විශාල ලෙස පුළුල් කිරීම හරහා යුක්‍රේනයට “ඇතුළු වීමයි”. 

මෙසේ නේටෝ බලවතුන්ට මෙම යුද්ධයට ඍජුව මැදිහත් වීම වඩාත් හදිසි කර්තව්‍යයක් බවට පත්ව ඇත්තේ, මේ මොහොතේ යුද්ධයේම සිදුවන අනපේක්ෂිත වර්ධනය නිසාය.

යුක්රේන මිලිටරිය විසින් බොහෝ ප්‍රබෝධමත් ආකාරයකින් ආරම්භ කරන ලද ප්‍රතිප්‍රහාරය දිග්ගැස්සුනු පරාජයක් බවට පත්ව ඇති තතු යටතේ, හිටපු නේටෝ අණ දෙන නිලධාරියෙකුගේ වචන වලින් පැවසුවහොත්, රුසියාවේ “කොන්ද කැඩීම” වූ එහි ඉලක්කය සහතික කිරීම සඳහා ගැටුමට සෘජුවම මැදිහත් වීමට දැන් නේටෝවට සිදුව ඇත. 

ජූලි 11 හා 12 යන දින දෙක තුළ පැවත්වීමට නියමිතව තිබූ ලිතුවේනියාවේ විල්නියස් සමුළුව නේටෝ බලවතුන් විසින් සලකනු ලැබ තිබුනේ ජයග්‍රාහකයන්ගේ සමුලුවක් ලෙස ය. ඒ වෙනුවට, නැටෝ බලවතුන් හමු වූයේ, මිලිටරි අසාර්ථකත්වයේ පසුබිමක සිට ය. සියලු ම නැටෝ පාලන තන්ත්‍ර ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුන දී සිටින අතර, ඒවා තමන් විසින්ම අවුලුවා ලනු ලැබූ යුද්ධයේ සුවිසල් අසාර්ථකත්වයෙන් තීව්‍ර කෙරෙනු ඇත.

ලිතුවේනියාවේ විල්නියස් හි නේටෝ සාමාජිකයින් 31 දෙනාගේ රාජ්‍ය නායකයින් සහ ආන්ඩු විසින් එම සතියේ සම්මත කරන ලද ප්‍රකාශය ගෝලීය යුද්ධයේ සැලසුමකි. පිටු 24කින් යුත් ලේඛනයේ කොටසක් පමණක් සමුළුවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කරයි. ඉතිරිය තුළ, නේටෝව සිය කැමැත්ත සමස්ත ලෝකය මත පැටවීමේ අභිප්‍රාය ප්‍රකාශ කරයි. 

ලේඛනයේ, යුක්‍රේන යුද්ධයට අදාල කොටසෙහි, රුසියාව සමග සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගැනීම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත. තවද, ඊටත් වඩා, එහි (පුටින් ආන්ඩුවේ) “යුද අපරාධ” වලට “දන්ඩ මුක්තියක්” තිබිය නො හැකි යයි ද, “වගකිව යුතු සියල්ල චෝදනාවට ලක්කල යුතු” යයි ද නැටෝව විධාන කරයි. සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ “රුසියාව මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව යුක්‍රේනයෙන් ඉවත් වීම යි”.

“යුක්‍රේනයෙහි අනාගතය පවතින්නේ නැටෝව තුලයි” යැයි ප්‍රකාශය අවධාරනය කරන නමුත්, නේටෝ හි යුක්‍රේනියානු සාමාජිකත්වය සඳහා සමුළුව තුල දී, කාල රාමුවක් එමගින් ඉදිරිපත් නොකෙරුනි. ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ, “මිත්‍ර පාර්ශවයන් එකඟ වන විට හා කොන්දේසි සපුරන විට” අනාගතයේ යම් දිනයක යුක්‍රේනයට සාමාජිකත්වය ලැබෙනු ඇති බවයි.

මෙවැනි පියවරක් නේටෝව විසින් ගැනීම පිටුපස පවතින්නේ පැහැදිලිවම උපායාත්මක හැරීමකි. මේ අවස්ථාවෙහි, කඩිනමින්ම නැටෝ සම්මුතියේ 5වන වගන්තිය ක්‍රියාවට දැමීමට යුක්රේනයට අවස්ථාව ලබාදීම වඩා වාසිදායක නොවන බවට ඔවුන් ගණන් බලා ඇති බව පෙනී යයි. මෙය වඩාත් සැලසුම් සහගත ලෙස නේටෝ හමුදා යුද්ධයට මැදිහත් කරවීමට සුදුසු අවස්ථාවක් නිර්මාණය කරන තුරු කල්මැරීමේ පියවරකි. 

සැබවින්ම, රුසියාවට එරෙහිව නේටෝ බලමුලු ගැන්වීම වඩාත් ඉහළ අදියරකට රැගෙන යාමට අධිරාජ්‍යවාදයට අවශ්‍ය වී ඇත. “යුක්‍රේනය වඩවඩා සන්ධානය සමග අන්තර්-මෙහෙයුම්කාරී හා දේශපාලනික ව ඒකාග්‍ර වී ඇති” නිසා, 2008 දී ස්ථාපිත කරන ලද “සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය ප්‍රමානයෙන් ඔබ්බට යමින් යුරෝ-අත්ලාන්තික පූර්න ඒකාග්‍රකරනයට යුක්‍රේනය ගමන් කර ඇතැ”යි විල්නියස් හි “නව ලේඛනයෙහි” දැක්වීමෙන් අදහස් වන්නේ එයයි. එය තවදුරටත් මෙසේ පවසයි:  

“යුක්රේනය එහි ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දිගටම ආරක්ෂා කරන බැවින්, එයට දේශපාලන සහ ප්‍රායෝගික සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට අපගේ කැපවීමෙහි අපි ස්ථිරව සිටින අතර, එම සහයෝගය අවශ්‍ය තාක් කල් දිගටම ලබා දෙන්නෙමු.”  

ලේඛනයට අත්සන් තබන සෑම රටක් ම, යුද්ධයට සිය “දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වසයෙන් සියයට 2ක්” කැප කරන බවට ප්‍රතිඥා දෙති. එහෙත්, ඒ අතර ම එය, “පවතින ඌනතාවන්වලට පිලියම් යෙදීමට… සියයට 2ට වඩා අවශ්‍ය වනු ඇතැ”යි ද සඳහන් කරයි.

යුරෝපය පුරා හමුදා සහ ආයුධ යෙදවීම් විස්තර කෙරෙන, සම්මන්ත්‍රණයේ දී සම්මත කරගත්, පිටු 4,000කින් යුත් සම්පූර්ණ යුධ සැලැස්මෙහි නේටෝවේ වේගවත් ප්‍රතික්‍රියා බලකාය සොල්දාදුවන් 40,000 සිට 300,000 දක්වා වැඩි කිරීමට නියමිතය.

මේ ආකාරයෙන්, රුසියාවට එරෙහි අතිශය බිහිසුණු යුද්ධයක් සඳහා ඍජු මැදිහත්වීමකට කල් යල් බලන අතරතුර ම, යුක්‍රේනය බළල් අතක් ලෙස යොදවා ගනිමින් පවත්වා ගෙන යන යුද්ධයේ ගිනි මැලය වඩවඩාත් ඇවිලවීම සඳහා අනවරත ලෙස ඉන්ධන යොදමින් සිටී.  

සැපෝරීෂියා (Zaporizhzhia ) න්‍යෂ්ටික බලාගාරය (ZNPP) පුපුරුවා හැරීමේ අරමුණින් එහි කැණීම් කරන බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි රුසියාවට චෝදනා කලේ මෙම පසුබිම යටතේ ය.

“රුසියානු හමුදා සැපෝරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ බල ඒකක කිහිපයක වහලය මත පුපුරණ ද්‍රව්‍ය තබා ඇති” බව කියා සිටි ඔහු රුසියාව බලාගාරයේ “නව නපුරක් කිරීමට” ඉලක්ක කර ඇති බවත්, “එය නැවැත්වීම ලෝකයේ සෑම දෙනාගේම වගකීමයි” බවත් පැවසීය.

සෙලෙන්ස්කි ගේ ප්‍රකාශයන්ට පටහැනිව, IAEA අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බලාගාරයේ “පතල් හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දෘශ්‍යමාන ඇඟවීම්” නිරීක්ෂණය වී නොමැති බවයි.

තම භූ දේශපාලනික අවශ්‍යතා උදෙසා ව්‍යාජ හේතූන් නිර්මාණය කර ගනිමින්, රටවල් ආක්‍රමණය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකට එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයෝ හිමිකම් කියති. 

වියට්නාම් යුද්ධයට එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වීමට පෙලඹවූ 1964 ටොන්කින් බොක්ක සිද්ධිය ගොතන ලද එකකි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය ආක්‍රමණය කිරීම සහ සමස්ත ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යුක්ති සහගත කිරීමට 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදා ගනු ලැබුණි. ඉරාක ආක්‍රමණය සඳහා එක්සත් ජනපදය භාවිතා කළ “සමූලඝාතක අවි” පිලිබඳ මුසාව කොල්ලකාරී යුද්ධයක් සාධාරණීකරණය කිරීමට ගෙතූ මුසාවක් බව හෙළිවීමට වැඩි කලක් ගත නොවීය.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, නේටෝවේ සෘජු මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාවක් ලෙස බලාගාරයේ සිදුවිය හැකි ඕනෑම සිදුවීමක් හෝ ප්‍රකෝපකරනයක් භාවිතා කිරීමට ඔවුන් යොමු වී ඇති බවයි. 

මෙහිදී , යුක්රේනයට මිලිටරි පරාජයක් සිදු වුවහොත්, (උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F – 16 ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත් වන) නේටෝ ප්‍රහාරක ගුවන් යානා සම්බන්ධ කර ගනිමින් රුසියානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ මේ සදහා නේටෝ බලවතුන්ගේ ප්‍රතිචාර දැක්වීම අන්ත අන්තරායකාරී මට්ටමක පවතී. 

 “Air Defender 2023” යනු යුද්ධයට නේටෝවේ සෘජු මැදිහත්වීමේ ක්ෂනික ආරම්භක ලක්ෂ්‍යය බවට පත්වේ ද යන්න නොසලකා – ඇත්තෙන්ම මෙය යථා අනතුරක් ලෙස පවතී – මෙම උපාමාරුව තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වීමේ කොටසක් වනු ඇත.

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා.. Read More »

chip war

චීනයට එරෙහි එක්සත් ජනපදයේ අධි-තාක්ෂනික යුද්ධයේ තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් විචිත්‍රාකාරයෙන් පල කරයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 21 දින පල වූ ‘New York Times publishes graphic details of US hi-tech war with Chinaයන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

පසුගිය සති අන්තයේ නිව් යෝර්ක් ටයිම්ස්හි පල වූ, මාධ්‍යවේදී ඇලෙක්ස් ඩබ්ලිව්. පාමර් විසින් ලියන ලද ප්‍රධාන ලිපියක්, චීනයට එරෙහිව එක්සත් ජනපදය (එජ) පවත්වා ගෙන යමින් සිටින අධි තාක්ෂනික යුද්ධය කොපමන එකක්දැයි යන්න හෙලිදරව් කර ඇත. එම අධි තාක්ෂනික යුද්ධය වටා බයිඩන් පාලනය විසින් ගොතනු ලැබ ඇති මුසාවන් ද එමඟින් හෙලි කෙරී ඇත. 

chip war
පරිගනක චිපයන් දේශීයව නිපදවීම හා ඒවායේ සැපයුම් දාම ශක්තිමත් කිරීම දිරි ගැන්වෙන නීති සම්පාදන කාර්යයන්ට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ ධවල මන්දිර මන්ඩපයේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ 2022 මාර්තු 9 වන දින පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වන ජනාධිපති ජෝ බයිඩන්. [AP Photo/ පැට්‍රික් සෙමන්ස්කි)

ඡායාරූපය: පරිගනක චිපයන් දේශීයව නිපදවීම හා ඒවායේ සැපයුම් දාම ශක්තිමත් කිරීම දිරි ගැන්වෙන නීති සම්පාදන කාර්යයන්ට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ ධවල මන්දිර මන්ඩපයේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ 2022 මාර්තු 9 වන දින පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වන ජනාධිපති ජෝ බයිඩන්. [AP Photo/ පැට්‍රික් සෙමන්ස්කි)  

පසුගිය ඔක්තෝබරයේ දී, වෙලඳ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත හා සුරැකුම් බියුරෝව (BIS) පරිගනක චිප අපනයනය කිරීම මත පැනවෙන පාලනයන් මාලාවක් දැක්වෙන ලේඛනයක් නිකුත් කලේය. නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය ආරම්භ කෙරෙන්නේ, එකී ලේඛනයේ පිටු 139 ක් පුරා ගත් නිල වාග් හරඹ හා තාක්‍ෂනික විස්තර අතරතුර, එම ලේඛනය “චීනය සමඟ ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැක්කක්” බව සටහන් කරමිනි.     

චීනයේ අධි-තාක්ෂනික ක්ෂේත්‍රයන් තුල ආයෝජනය කෙරෙන එජ මුදල් ප්‍රමානය කපා දැමීම සඳහා සැලසුම් කෙරුනු ආයෝජන ඇවිරීම් යාන්ත්‍රනයන් ඉක්මනින්ම නිවේදනය කිරීමට මෙන් ම, ඔක්තෝබර් නිවේදනයේ පටන් මේ දක්වා මතු වී ඇති, එම ඔක්තෝබර් 7 පියවරයන්ගෙන් රිංගා යා හැකි කපොලු වසා දැමීම සඳහා අපනයන පාලන යාන්ත්‍රන යාවත්කාලීන කිරීමට ද එක්සත් ජනපදය අපේක්ෂා කරන හෙයින් මේ යුද්ධය තවදුරටත් තීව්‍ර වීමට තදාසන්නව පවතී.   

අපනයන පාලනය පිලිබඳ නිල වශයෙන් ප්‍රකාශිත සාධාරනීකරනය වන්නේ, ඒවායේ අරමුන චීනයේ යුදමය වර්ධනය මැඬලීම බවයි. භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ මෑත චීන සංචාරය අතරතුර ඇය කියා සිටියේ මේ පාලන ක්‍රියා මාර්ග පටු ක්ෂේත්‍රයක් පමනක් ඉලක්ක කර ගත් ඒවා වන අතර වඩාත් පුලුල් ආර්ථිකය කෙරේ ඒවා එල්ල නොවන බවයි. 

ලිපිය ආරම්භයේ එන පහත දැක්වෙන ප්‍රධාන ඡේදය මඟින් මෙම කථාව ප්‍රබන්ධයක් බව හෙලිදරව් කෙරේ:     

ඔක්තෝබර් 7 දින පනවන ලද අපනයන පාලනයන් සමඟ එක්සත් ජනපද ආන්ඩුව, ඉහලම මට්ටමේ චිප නිෂ්පාදනයට, හා ඒවා මිල දී ගැනීමට පවා, චීනයට ඇති හැකියාව අබල දුබල කර දැමීමට ඇති සිය අභිලාෂය ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවරවල තර්කනය සරල, ඍජු එකකි: වැඩි දියුනු චිප, සහ ඒවායින් බල ගැන්වෙන සුපිරි පරිගනක හා කෘත්‍රිම බුද්ධිය විසින් නව ආයුධ හා ප්‍රවීක්ෂන උපකරන නිෂ්පාදනයේ හැකියාව හිමි කෙරෙනු ඇත යන්න එම තර්කයයි. කෙසේවෙතත්, චීනයේ ආරක්ෂක තතුවලට වඩා බෙහෙවින් පුලුල් පරාසයක් කෙරේ එල්ල කෙරී ඇති මේ පියවරවල පැතිරීම් පරාසය හා අර්ථ භාරය සැලකිල්ලට ගත් කල, මීට වඩා ගත හැකි පුලුල් පියවරයන් තිබී ද යන්න සිතා ගැනීමට හෝ අසීරු ය. වොෂින්ටනයේ මූලෝපායික හා ජාත්‍යන්තර කටයුතු අධ්‍යයන කේන්ද්‍රස්ථානයේ පිහිටි කෘත්‍රිම බුද්ධිය හා උසස් තාක්ෂනය සඳහා වූ වද්වානි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ග්‍රෙගරි සී. ඇලන් පවසන පරිදි, ‘මෙය අවබෝධ කර ගැනීමේ යතුර වන්නේ චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට බලගතු පහරක් දීමට එක්සත් ජනපදයට අවශ්‍ය වූ බැව් වටහා ගැනීමයි. ඒ අරමුන දිනා ගත හැකි මාධ්‍යය වන්නේ අර්ධ සන්නායකයි.‘”    

පාමර් ලියා ඇත්තේ, ඔක්තෝබරයේ පාලනයන් “අත්‍යවශ්‍යයෙන් ම, චීනයේ උසස් තාක්ෂනයේ සමස්ත පරිසර පද්ධතියම අතු ඉති හා මුල් සිඳ එහැම පිටින් උපුටා දැමීමේ මං සෙවීමේ” පියවර බවයි.

ඇලන්ට අනුව මෙම පාලනයන් හුදෙක් ඉදිරි වර්ධනය වැලැක්වීම ඉලක්ක කර ගත් ඒවා නොවේ. “අපි ඔවුන්ගේ වර්තමාන ඉහලම තාක්ෂන වර්ධන මට්ටම සක්‍රිය ලෙස ආපස්සට යැවීමට කටයුතු කරන්නෙමු“යැයි ඔහු කියයි.

Evercore ISO හි ජ්‍යෙෂ්ඨ අර්ධ සන්නායක විශ්ලේෂකයෙකු වන සී. ජේ. මියුස් විසින් සිදු කර ඇති පහත ප්‍රකාශය, එක්සත් ජනපද පියවර කෙතෙක් දුර විහිද යන්නේ ද යන්න පිලිබඳ තවත් සංඥාවකි. “ඔබ මීට පස් වසරකට ඉහත දී මෙම නීති ගැන මට කියූවෙහි නම්, එය යුදමය පියවරකැයි මා ඔබට පවසනු ඇත – අප යුද්ධයකට පිවිස සිටිනු ඇත.”   

ලිපියේ දැක්වෙන තොරතුරු මඟින් අනාවරනය වන්නේ, අර්ධ සන්නායක වර්ධනය කිරීම බලගතු හා අන්තර් සම්බන්ධිත වර්ධනයන් දෙකකින් – එනම්, තාක්ෂනික ප්‍රගමනයේ අතිමහත් වේගයෙන් සහ චිප සැලසුම් නිර්මානයේ හා නිෂ්පාදනයේ ගෝලීය වශයෙන් සමෝධානික (integrated) ස්වභාවයෙන් – ලක්ෂනය වන බවයි.   

අර්ධ සන්නායක චිපයන් යනු, ට්‍රාන්සිස්ටර මඟින් ක්‍රියාත්මක කිරීම සහ අක්‍රිය කරනු ලබන දැවැන්ත විදුලි පරිපථ කැටයම් කර ඇති කුඩා සිලිකන් කැබලි වේ. 1950 ගණන්වල සොයා ගන්නා ලද ට්‍රාන්සිස්ටර මුලින් ම ප්‍රසිද්ධියට පත් වූයේ ඒවා ට්‍රාන්සිස්ටර් රේඩියෝ නමින් හැඳින්වුනු කපාට තාක්ෂණය අවශ්‍ය නොවන රේඩියෝ යන්ත්‍රවලට ඇතුලත් වීම සමඟ ය.

මුල්ම චිපයන්ට ඇතුලත් වූයේ “ට්‍රාන්සිස්ටර් අතලොස්සක්” පමනෙකි. “වර්තමානයේ නව ස්මාට් ජංගම දුරකථනයක ප්‍රධාන අර්ධ සන්නායකයෙහි ට්‍රාන්සිස්ටර් බිලියන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් තිබේ. මේ සෑම ට්‍රාන්සිස්ටරයක් ම වෛරසයක තරමේ ප්‍රමානයෙන් යුතු අතර, ඒවා ලේයර් කේක් ගෙඩියක් පරිද්දෙන් සිලිකන්වල ව්‍යුහය තුලට කැටයම් කරනු ලැබ ඇත.”  

1997 දී ආරම්භ වූ පර්යේෂන හා වර්ධනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස චිපයක් මත ස්ථර මුද්‍රනය කිරීමට යොදා ගැනෙනා අත්‍යන්ත පාර ජම්බුල (EUV) ශිලා මුද්‍රන (ලිතෝග්‍රෆි) යන්ත්‍රය නිපදවූ ASML නම් ලන්දේසි ව්‍යාපාර ආයතනය පිලිබඳ උදාහරනය උපුටා දක්වමින් පාමර් පෙර නොඇසූ විරූ ඇතැම් තාක්ෂනික වර්ධනයන් පිලිබඳ විස්තර ගෙන හැර දක්වා ඇත.

“මෙම යන්ත්‍රයේ නවතම මාදිලිය නැනෝ මීටර 10 ක් තරම් කුඩා ව්‍යුහයන් නිමවීමට සමත් ය; සංසන්දනය සඳහා කිවහොත්, මිනිස් රතු රුධිරානු සෛලයක සරස් ප්‍රමානය නැනෝ මීටර් 7000 ක පමන වෙයි. එය, සූර්යයා මතුපිට මෙන් හතලිස් ගුනයක උෂ්නත්වයෙන් යුතු ප්ලාස්මා නිපදවීම සඳහා, මිනිස් ඇසට දෘශ්‍යමාන නොවන, අත්‍යන්ත පාරජම්බුල ආලෝකය පිට කරන ලේසර් කිරන භාවිතා කරන අතර, ඒවා, දර්පන මාලාවක් මඟින් සිලිකොන් චිපයක් මතට වර්තනය කෙරෙයි.”   

ෆැබ් (fab) නමින් හඳුන්වනු ලැබෙන ක්ෂුද්‍ර චිප නිෂ්පාදනාගාරවල සිදු කෙරෙන චිප නිෂ්පාදනය “කවර දාක හෝ සාක්ෂාත් කර ගන්නා ලද සංකීර්නතම නිෂ්පාදනය” වන අතර, එය ශක්‍යතාවයක් බවට පත් වී ඇත්තේ ඉහලටම වැඩි වර්ධනය වූ ජාත්‍යන්තර ශ්‍රම විභජනය විසින් අත්පත් කර ගන්නා ලද වර්ධනයන් හේතුවෙනි.    

ලිපියේ වැඩි දුරටත් මෙසේ පැහැදිලි කෙරෙයි: “වඩාත් විස්තෘත චිප නිෂ්පාදන කර්මාන්තය වූ කලී, …. සමස්ත ග්‍රහ ලෝකය පුරා ඉහලින්ම සුවිශේෂීකෘත කලාප හා  සමාගම් තුල පැතිර ගිය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මත රඳා සිටින ජාලයකි. එහි වික්‍රමාන්විත ශූරකම්වලට ශක්‍යතාවය ලැබී ඇත්තේ සුවිශේෂී ලෙස දීර්ඝ හා සංකීර්න සැපැයුම් දාමවලිනි. – වෙනත් වචනවලින් කිවහොත්, එය ගෝලීයකරනයේ ලාංඡනික නිමැවුමකි.”  

Chip War (චිප යුද්ධය) නමින් යුත් පොතෙහි කර්තෘ ක්‍රිස් මිලර්, පාමර්ට පවසා ඇති පරිදි, ඒවා දැන් ලඟා වී ඇති හැකියා මට්ටම් කරා ලඟා වීම, ලෝකයේ තීක්ෂනතම මනස් සියල්ල එක් ව වැඩ කිරීමෙන් තොරව කෙසේ නම් සාක්ෂාත් කර ගත හැකිදැයි සිතා ගත නොහැකිය.”     

කෙසේවෙතත්, මානව අභිවර්ධනය ඉහත දී සිතා ගැනීමට හෝ නොහැකි පරිමානයන් කරා ඉහලට නැංවීම ශක්‍යතාවයක් බවට පත් කල මෙකී වර්ධනය ම, ලෝක ගෝලීය ආර්ථිකය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට තර්ජනයක් වී ඇත. මේ වූ කලී, එය දැනටමත් දියත් කරමින් සිටින අධි තාක්ෂනික ක්‍ෂේත්‍රය අලලා ගත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන මිලිටරිමය සංග්‍රාමයක් ද ඇතුලු සකලවිධ ආකාරයන් මඟින් ආපස්සට හැරවීමට ඔවුන් අධිෂ්ඨානශීලී ව සිටින තත්ත්වයකි.   

ඉහල තාක්ෂන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවයෙන් හැඟවෙන්නේ එක්සත් ජනපදයට හුදෙක් තමා විසින් පමනක් පනවනු ලබන පියවර මඟින් සිය ආධිපත්‍යය බලාත්මක කල නොහැකි බවයි. 

ඔක්තෝබරයේ ගනු ලැබූ තීරන සමඟ වහා වටහා ගැනුනු දෙයක් වූයේ, මෙම ක්‍රියාවලියේ දී චීනයේ හුස්ම සිර කල හැකි තීරනාත්මක නිල ස්ථාන එක්සත් ජනපදය විසින් පාලනය කෙරෙන අතර ම, එහි සෙසු කොටස්වල පාලනය නෙදර්ලන්තය හා ජපානය මෙන් ම තායිවානය ද ඇතුලත් සෙසු රටවල් අත පවතින බවයි. ඉදින් ඔවුන් චීනයට කෙරෙන අපනයන දිගටම පවත්වා ගෙන ගියහොත් එජ තහනම් නියෝග “බොහෝ දුරටම නිෂ්ප්‍රයෝජන” ඒවා බවට පත්වනු ඇත.  

ජපානය හා නෙදර්ලන්තය ද එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ආකාරයට සමාන පාලනයන් පැනවීම සහතික කර ගැනීම සඳහා ජනවාරියේ බයිඩන් පාලනය කටයුතු කරන්නේ මේ අනුව ය. මෙම පියවරෙහි තර්කනය පැහැදිලි එකකි. එමඟින් සැල කර සිටිනු ලබන්නේ, චීනයට එරෙහිව තමන් විසින් අනවනු ලබන පියවර බල ගැන්වීම සඳහා එක්සත් ජනපදයට, ඉහල තාක්ෂනික වර්ධනයේ ජාත්‍යන්තර පොලිස් භටයා බවට පත් වීමට සිදු වන බවයි.    

ලෝක ගෝලීය ක්‍රියාවලිය තුල තායිවානය හා එහි තායිවාන් අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම (Taiwan Semiconductor Manufacturing Company – TSMC), විශාලතම චිප නිෂ්පාදකයා ලෙස – විශේෂයෙන් ම වඩාත් ම වැඩි දියුනු චිපයන් සම්බන්ධයෙන් – ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. ඒ අනුව, තායිවානය චීනයේ කොටසක් ලෙස නොව වෙනම රටක් ලෙස පිලිගැනීමේ දිශාවට එක්සත් ජනපදය වඩවඩාත් ගමන් කිරීමත් සමඟ, දිනෙන් දින වඩවඩාත් උත්සන්න වන එජ-චීන ආතතීන් හමුවේ තායිවානය මේසා කේන්ද්‍රීය ස්ථානයක් උසුලන්නේ මක් නිසාදැයි ඉන් අවධාරනය කෙරෙයි.    

ලිපියේ සඳහන් කෙරෙන පරිදි, “එම දිවයිනේ ෆැබ් නිෂ්පාධනාගාර චීනය විසින් අල්ලා ගන්නා ලදහොත්, හෝ ආක්‍රමනයක දී ඒවායේ නිෂ්පාදන ක්‍රියාදාමයන් නිෂ්ක්‍රිය වුවහොත්, ඉන් ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන පාඩුව ව්‍යසනකාරී එකක් වනු ඇත.” එක්සත් ජනපදයේ ඇතැම් යුද මූලෝපාය ප්‍රවීනතා අභ්‍යාසකරුවන් විසින් යෝජනා කර ඇත්තේ, ඉදින් චීනය (තායිවානය) ආක්‍රමනය කලහොත්, “TSMCයේ ෆැබ් නිෂ්පාධනාගාර චීනයේ පාලනයට නතුවීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදය ඒවා විනාශ කල යුතු” බවයි.   

තාක්ෂනික යුද්ධය ආරම්භ කෙරුනේ, ට්‍රම්ප් පාලනය යටතේ එක්සත් ජනපදය 2019 දී චීන තාක්ෂන දැවැන්තයා වන හුආවෙයි (Huawei) සමාගමට එරෙහිව චිප් තහනමක් පැනවූ කල්හි ය. එහි බලපෑම අතිශය විනාශකාරී එකක් විය. 2020 දී හුආවෙයි සමාගම ලෝකයේ විශාලතම ස්මාර්ට් දුරකථන අලෙවිකරු වූවා පමනක් නොව, විදුලි සංදේශන පද්ධතීන් සඳහා වැදගත් සංරචක සැපයුම්කරුවෙකු ද විය. ස්මාර්ට් දුරකථන අලෙවි වෙලඳ පොලෙහි දී ඇපල් හා සැම්සුන් අභිබවා ගිය සියයට 18 ක පංගුවකට එය හිමිකම් කීය. එහි ආදායම 2021 දී තුනෙන් පංගුවකින් ඇද වැටුනු අතර 2022 වන විට එහි වෙලඳපොල පංගුව යන්තම් සියයට 2 ක් පමනක් වන මට්ටමකට කඩා වැටින.      

පරිබාහිර භූමි භාගයන් සම්බන්ධයෙන් ඇති බලයේ පුලුල්තම ප්‍රභාෂනයක් (assertion)” ලෙස නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය මඟින් හඳුන්වා දෙනු ලැබූ අපනයන පාලන නීතියකට – එනම්, විදේශීය ඍජු නිෂ්පාදන නීතියට – හුආවෙයි සමාගම යටත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කල අවස්ථාවේ එම සමාගම සම්බන්ධයෙන් ලද අත්දැකීම, 2020 දී එකී යුද්ධය තවදුරටත් වර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට දොර විවර කලේය.

මෙයින් අදහස් වූයේ, කිසියම් නිෂ්පාදනයකට ඇමරිකානු තාක්ෂනය හෝ මෘදුකාංග හෝ අඩංගු නම්, එය එක්සත් ජනපදයට පිටස්තර භූමියක තනන ලද හා කිසිදාක රට තුලට ඇතුලු නොවූ එකක් වුව, සහ එහි අවසාන ස්වරූපයෙන් ගත් කල එක්සත් ජනපදයේ නිපදවූ කිසිදු සංරචකයක් ඊට අඩංගු නොවූවේ වුව, තවමත් එය ඇමරිකානු භාන්ඩයක් ලෙස සැලකිය හැකි බව ය.   

BIS හි හිටපු නිලධාරියෙකු වන කෙවින් වුල්ෆ්ට අනුව, “පෘථිවිය මත පිහිටා ඇති සෑම වාත්තු වැඩ පොලක් ම අවම ලෙස කිවහොත් අර්ධ වශයෙන් හෝ එජ මෙවලම් භාවිතා කරන හෙයින්, මෙම නීතිය මෙම ග්‍රහ ලෝකයේ සියලු අර්ධ සන්නායක ඇමරිකානු නීතියට යටත් කලේය. ඔබේ ෆැබ් නිෂ්පාධනාගාර තුල ඇමරිකානු නොවන මෙවලම් 100 ක් තිබුනේ වී වුව, එහි එක් එජ මෙවලමක් වී නම් නිෂ්පාදන රේඛාව ඔස්සේ ගමන් කරන ඕනෑම වේෆරයක් (අර්ධ සන්නායක පෙත්තක්) එයින් කෙලෙසෙනු ඇත.”       

හුආවෙයි සමාගම සමඟ ආරම්භ කෙරුනු දෙය බයිඩන් පාලනය යටතේ විස්තීරනය කෙරෙමින් පවතී. CSIS බුද්ධි මන්ඩලයේ ග්‍රෙගරි ඇලන්ගේ වචනවලින් කිවහොත්, “ට්‍රම්ප් පාලනය සමාගම් පසුපස හඹා ගියේය. බයිඩන් පාලනය සමස්ත කර්මාන්ත පසුපසින් හඹා යයි.”  

ඇත්ත වශයෙන් ම කිවහොත්, එජ සමස්ත චීන ආර්ථිකයම පසුපස හඹා යන බව පැවසිය හැක. අප්‍රේල් මාසයේ දී චීනය ඛනිජ තෙල් සඳහා කල වියදමට වැඩි වියදමක් පරිගනක චිප් සඳහා දැරීය යන කරුනෙන්, එම ආර්ථිකය කෙතරම් දුරට චිප මත රඳා පවතින්නේ ද යන්න ඉස්මතු කෙරේ. 

නව ඇමරිකානු ආරක්ෂනයක් සඳහා වූ කේන්ද්‍රයේ දැන් සේවය කරන එජ හිටපු වෙලඳ නිලධාරියෙකු වන එමිලි කිල්ක්‍රීස් විසින් සිදු කර ඇති, නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ උපුටා දැක්වෙන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ඉලක්කය වී ඇත්තේ සමස්ත චීන ආර්ථිකය ම බව ය.     

චීනය ප්‍රගමනයක් නොලද යුතු ප්‍රමුඛ තාක්ෂනික ක්‍ෂෙත්‍ර පවතින බව අපි කීවෙමු. කරුනු යෙදී ඇති පරිදි, එසේ ඔවුන් ප්‍රගතියක් නොලද යුතු ක්ෂේත්‍ර වන්නේ අනාගත ආර්ථික වර්ධනය හා සංවර්ධනය බල ගන්වන එකී ක්ෂේත්‍රයන් ම ය,” ඇය ප්‍රකාශ කරයි.  

චිප නිෂ්පාදනයේ පවතින සමෝධානික ලෝක ගෝලීය ස්වභාවය සහ එහි සියලු ක්‍රියාකාරීත්වයන් සිය දේශසීමා තුලට ගෙන ඒම එක්සත් ජනපදයට කල හැක්කක් නොවේය යන්න ද සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ, එහි තාක්ෂනික යුද්ධයට ප්‍රධාන පෙලේ දුෂ්කරතාවලට මුහුන පෑමට සිදු වන බවය. 

කෙසේවෙතත්, එම ප්‍රයත්නයේ අඩු කිරීමක් සිදුවෙතැයි එයින් අදහස් නොවේ. ඊට පටහැනි ලෙස, ජපානයට හා නෙදර්ලන්තයට එරෙහි බයිඩන් පාලනයේ ක්‍රියාවන්ගෙන් හෙලිදරව් වන පරිදි, මිතුරන්ට හා සතුරන්ට එක සේ බලපාන අයුරින් සිය තහනම් කිරීම් හා සීමා පැනවීම් සමස්ත ලෝක ගෝලය පුරා පැතිරෙන සේ ප්‍රසාරනය කරමින් එජ තම ප්‍රයත්න දෙගුන කරනු ඇත. 

වාණිජ දෙපාර්තමේන්තුව දැන් එන්විඩියා (Nvidia) වැනි සමාගම්වලට බලපාන පරිදි, කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ අර්ධ සන්නායක චීනයට විකිනීම පාලනය කිරීමේ නව පාලනයන් සූදානම් කරමින් සිටී – මෙසේ තාක්ෂනික යුද්ධය උත්සන්න කිරීම පිලිබඳව එකට එක කරන බවට චීනය අනතුරු හඟවා ඇත.

එජ පියවරයන්ට එරෙහිව එකට එක කිරීමට චීනයට සිදු වනු ඇතැයි එක්සත් ජනපදයේ සිටින චීන තානාපති ක්සී ෆෙං මේ සතිය මුල දී අනතුරු හැඟවීය.

චීන ආන්ඩුවට නිකම් බලා සිටිය හැකි නොවේ,” ඔහු පැවසීය. “අපි ප්‍රකෝප කිරීම් නොකරන්නෙමු. එහෙත් අප ප්‍රකෝප කිරීම් හමුවේ පැකිලෙන්නේ නැත. එබැවින් චීනය නිසැකවම අපේ ප්‍රතිචාරය දක්වනු ඇත.”

එයින් එක්සත් ජනපදයේ පය ආපස්සට ගැනීමක් සිදු නොකෙරෙනු ඇත. ඊට වඩා එය හේතු වනු ඇත්තේ, තාක්ෂනික යුද්ධය මිලිටරි ගැටුමක් බවට පරිවර්තනය කිරීම වඩාත් වේගවත් වීමට ය. 

න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බලවතුන් දෙදෙනෙකු අතර යුද්ධයක මේ තත්‍ය හා වර්තමාන අනතුර ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක දේශපාලන කාරනා ඉස්මතු කරයි.

විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ ලෝ පුරා කම්කරුවන්ගේ සහකරනයේ ප්‍රතිඵලය වන පරිගනක චිප් තාක්ෂනයේ අතිමහත් වර්ධනය නිෂ්පාදන බලවේගවල දැවැන්ත ප්‍රසාරනයක් වන අතර, එය, කුසගින්න, දුක්ඛිතභාවය හා දරිද්‍රතාවය සදහටම නිමා කර ලෝක වාසී ජනයාගේ ජීවන කොන්දේසිවල පෙර නොදුටු විරූ ප්‍රගමනයක් අත්පත් කරදීමෙහි ලා සමත්ය. 

ධනේශ්වර ක්‍රමයේ රාමුව තුල එය උන්මත්තකභාවය පැන නංවයි. මෙම උන්මත්තකභාවයේ මූල පද්ධතිය පවතින්නේ ධනේශ්වර දේශපාලනඥයන්ගේ චෛතන්‍යය තුල නොව, ලාභ පද්ධතියේ සමාජ සම්බන්ධතා හා, ගෝලීය ආර්ථිකයත්, ලෝකය එකිනෙකාට සතුරු සහ විසදෘශ ජාතික රාජ්‍යවලට බෙදී තිබීමත් අතර ප්‍රතිරෝධය තුල ය.      

මානව ශ්‍රමය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග, ඒවා වර්ධනය වී තුබූ සමාජ සම්බන්ධතා සමඟ ගැටුමට එලඹෙන විට සමාජවාදී විප්ලවය පැන නඟින බව, අවුරුදු 150 කට ම පාහේ ඉහත දී කාල් මාක්ස් පැහැදිලි කලේය. පසුගිය සිය වසරකට අධික කාලයක් තුල ඇති වූ යුද්ධ හා විප්ලවවල ගාමක බලවේගය වූ එකී ප්‍රතිවිරෝධය, දැන් එහි තීව්‍රතාවයේ නව උච්ඡස්ථානයක් කරා එලැඹී ඇත.     

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් අද දින ඉදිරිපත් කරනු ලැබෙන ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා අරගලය යනු, කිසියම් දුරස්ථ හෝ මනෝරාජික කල්පිතයක් නොවේ. එය යලි ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම වලක්වා, ධනේශ්වර ක්‍රමයේ විනාශකාරී ග්‍රහනයෙන් මානව වර්ගයා මුදා ගැනීමට නව මාවතක් විවෘත කර ගැනීමේ ආසන්නතම වෛෂයික අත්‍යවශ්‍යතාවයක් වෙයි. (අවධාරනයන් පරිවර්තකගෙනි)

චීනයට එරෙහි එක්සත් ජනපදයේ අධි-තාක්ෂනික යුද්ධයේ තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් විචිත්‍රාකාරයෙන් පල කරයි Read More »

bastile

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023

ජෝශප් ක්‍රිෂෝර්, ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 14 දින පල වූ ‘Bastille Day 1789—Bastille Day 2023’ යන ජෝශප් ක්‍රිෂෝර් හා ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

bastile
1789 ජූලි 14 වැනි දින බැස්ටිලයට කඩා වැදීම සහ ආන්ඩුකාර එම්. ඩි ලෝනේ අත්අඩංගුවට ගැනීම. [ඡායාරූපය: නිර්නාමික]

වැඩවසම් දේපල සබඳතා පදනම් වූ   රාජාන්ඩුවේ සහ වංශාධිපතිත්වයේ පාලනයක් වූ ප්‍රංශ පුරාන පාලනයේ අයුක්තිය සහ පීඩාකාරී බලය සංකේතවත් කිරීමේ  පැරීසියේ බලකොටුව වන බැස්ටිලය වෙත කඩා වැදීමේ 234 වැනි සංවත්සරය ජූලි 14 සිකුරාදා සනිටුහන් වේ. පැරිසියානු මහජන නැගිටීම පුපුරා යාමට පෙර  මාස සහ සති ගනන් වලට පෙර දී  දිග්ගැස්සුනු දේශපාලන අර්බුදය ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් තිබුනි. රාජ්‍ය බංකොලොත් භාවය සහ අපචාර ආන්ඩුවේ කීර්තිය හා අධිකාරය හෑල්ලූවට ලක් කර තිබුනි. විවිධ “වසම්” (Estates) අනුව සංවිධානය වූ ප්‍රංශයේ සමාජ ව්‍යුහයේ ගැඹුරු බෙදීම් දේශපාලන ජීවිතයේ මතුපිටට කඩා වැදෙමින් තිබුනි. ජනගහනයේ  අතිමහත් බහුතරයකින් සමන්විත” තුන්වන වසම” නැගී එන ධනේශ්වරය විසින් මෙහෙයවනු ලැබ, ප්‍රභූ පැලැන්තියේ වසම් දෙකෙන් ස්වාධීනව සහ ඊට විරුද්ධව සංවිධානය වීමට පටන් ගෙන තිබුනි.

බැස්ටිලයේ තාප්පවලින් පිටත මහජන උද්ඝෝෂනවලට බලකොටුව තුල සිට එල්ල කල කාලතුවක්කු වෙඩි තැබීම් වලට මුහුන දීමට සිදු විය. නමුත් ජනතාව ආයුධ ලබාගෙන නගරයේ හමුදා ආරක්ෂක යන්ගෙන් කොටසක් ඔවුන්ගේ පැත්තට දිනා ගත්හ. බලකොටුවේ බිත්ති කඩා දැමූ  ජනතාව එහි ආරක්ෂකයින්ට එරෙහිව ලේ වැකි පලිගැනීමක්  සිදු කලහ. 1901 සහ 1904 අතර ලියූ ප්‍රංශ විප්ලවයේ සමාජවාදී ඉතිහාසය තුල ෂෝන් ෂොරෙස්  (Jean Jaurès) මෙසේ ලිවීය:

බැස්ටිලය අල්ලා ගැනීමේ බලපෑම අතිමහත් ය. මනුෂ්‍ය වර්ගයාගේ සිපිරිගෙය බිඳ වැටී ඇති බව ලෝකවාසී සියලු දෙනාටම පෙනෙන්නට තිබුනි. මෙය මිනිසාගේ අයිතිවාසිකම් ප්‍රකාශනයට* වඩා විශාල වීය. එය මානව හිමිකම් උදෙසා සේවයෙහි  කැපවිම පිලිබදව ජනතාවගේ ශක්තිය ප්‍රකාශ කිරීමක් විය. පැරිසියේ සිට විශ්වයේ පීඩිතයන් වෙත ලඟා වූයේ ආලෝකය පමනක් නොවේ. වහල්භාවයේ අඳුරු රාත්‍රියේ සිරගත වූ මිලියන ගනන් හදවත් තුල නිදහසේ පලමු උදාව හරියටම එම මොහොතේම උදා විය.

පැරිසියේ සිට සැතපුම් 20ක් දකුනින් පිහිටි වර්සායි හි පිහිටි ඔහුගේ මාලිගාවේ ලැගුම් ගෙන සිටි XVI ​​වන ලුවී රජු රාත්‍රිය වන තුරුම (මහජන) නැගිටීම ගැන දැන සිටියේ නැත.ඔහුගේ සුව නින්දෙන් අවදි කල    Rochefoucauld-Liancourt ආදිපාදවරයා විසින් වාර්තාවක් ලබා දුන් විට “ඒත් ඉතින් ඒක කැරැල්ලක්ද?” කලබල වූ රජතුමා ඇසුවේය. “නැහැ, උතුමානෙනි,” ආදිපාදවරයා පිලිතුරු දුන්නේය. “එය විප්ලවයක්!”

බ්‍රිතාන්‍යයට එරෙහිව ඇමරිකානු ජනපද වාසීන්ගේ ජයග්‍රහනයේ නීති සම්පාදනය කල පැරිස් ගිවිසුමෙන් වසර හයකට පසුව එලැඹුනු ප්‍රංශ විප්ලවය ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් කලේය. එහි දැවැන්ත පරිමානය සහ දේශපාලන ගතිකත්වය තුල එය මූර්තිමත් කලේ ට්‍රොට්ස්කි විසින් පසුව, ”මහජනතාව  තමන්ගේම ඉරනම පාලනය කිරීමේ ක්ෂේත්‍රයට බලහත්කාරයෙන් ඇතුල් වීම”  ලෙසින් හැඳින්වූ දෙයයි.

විප්ලවය, අතිවිශාල සමාජ, ආර්ථික හා සංස්කෘතික පැසවීමේ කාල පරිච්ඡේදයක දේශපාලන කූටප්‍රාප්තියක් විය. එය, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශ්න විසඳීම සඳහා හේතු-විචාර බලය තහවුරු කල ‘බුද්ධි ප්‍රබෝධනය’ (Enlightenment) නමින් හැඳින්වෙන බුද්ධිමය විප්ලවය විසින් අපේක්ෂා කරන ලද්දේ විය. යුගයේ සිටි ශ්‍රේෂ්ඨ භෞතිකවාදී දාර්ශනිකයන් මානව සමාජය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයට ප්‍රබල බුද්ධිමය ආවේශයක් සපයනු ලැබ, එනයින්, ආගමික මිථ්‍යාවන් මතින් ඒවායේ අසාධාරනයන් සහ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය යුක්ති සහගත කරන ආචීර්න කල්පික ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍රමය පිලිබඳ විවේචනයක් ලබා දෙනු ලැබීය.

බුද්ධි ප්‍රබෝධනයේ  චින්තකයෝ එහි වඩාත්ම රැඩිකල් ස්වරූපයේ දී, සමාජ අසමානතාවය සහ ධනවතුන්ගේ වරප්‍රසාද කෙරෙහි සිය විවේචනය යොමු කලහ.

 “සමාජයේ සියලු වාසි බලවත් හා ධනවතුන් සඳහා නොවේද?” ෂෝන්-ජාක් රූසෝ ( Jean-Jacques Rousseau) 1755 දී ඇසුවේ අද දින ද දෝංකාර දෙන වචන වලිනි. “සියලු වාසිදායක තනතුරු පුරවන්නේ ඔවුන් විසින්ම නොවේද? සියලුම වරප්‍රසාද සහ නිදහස් කිරීම් ඔවුන් සඳහා වෙන් කර නොමැතිද? එමෙන්ම රාජ්‍ය අධිකාරිය සම්පූර්නයෙන්ම ඔවුන්ට වාසිදායක නොවේද? උසස් තත්වයේ සිටින මිනිසෙක් තම නයහිමියන් ගෙන්  සොරකම් කරන විට හෝ වෙනත් ආකාරයකින් වංචා කරන විට, ඔහුට සෑම විටකම තමා ඒ සඳහා දඬුවම් නොලබන බවට  සහතික නොමැතිද?”

රූසෝගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය 1762 දී ලියන ලද “සමාජ කොන්ත්‍රාත්තුව” ආරම්භ වූයේ, ” නිදහස්ව උපත ලබන මිනිසා සෑම තන්හිම යදමින්  බැඳ දමා ඇත” යන වචන වලිනි.

එම යුගයේ සිටි ශ්‍රේෂ්ඨ චින්තකයන්ගේ සමාජ විචාරය විප්ලවයක් බවට වහා පරිවර්තනය වූයේ නැත. ඔවුන්ගේ බුද්ධිමය ශ්‍රමයේ ඇඟවුම් මහජනතාවගේ ක්‍රියාව තුල ප්‍රකාශනය සොයා ගැනීමට දශක ගනනාවක් අවශ්‍ය විය. නමුත් ප්‍රංශ විප්ලවය එහි ගම්‍යතාව (වේග-බලය) එක්රැස් කරගන්නා විට, ජනගහනයේ පුලුල් ස්ථර දේශපාලන ක්‍රියාකාරකම් වෙත ගෙන ආ අතර වඩ වඩාත් රැඩිකල් මානයන් අත්පත් කර ගත්තේය. 1785 දී සිතාගත නොහැකි වූ දෙය- රාජාන්ඩුවේ අවසානය, වැඩවසම් වරප්‍රසාද සහ දේපල සබඳතා අහෝසි කිරීම, ජනරජයක් පිහිටුවීම සහ රජුට මරන දඬුවම පැනවීම- ඊලඟ දශකය තුල යථාර්ථයක් බවට පත් විය.

“සංස්කෘතික ධනේශ්වරය විසින් පාගා දමන ලද සමාජයේ අත්තිවාරමම ඇවිස්සෙමින් සජීවි වන බවක් බවක් පෙනෙන්නට තිබුනි,” ලියොන් ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ප්‍රංශයේ සිදුවීම් ගැන ලිවීය. “ ජන සමූහයට ඉහලින් මිනිස් හිස් එස වී ගත්තේ ය, කරගැට දෑත් ඉහලට දිගු විය, ගොරෝසු නමුත් ධෛර්ය සම්පන්න හඬවල් කෑගැසුවේය! විප්ලවයේ අවජාතකයන් වූ පැරිස් දිස්ත්‍රික්ක, ඔවුන්ගේම ජීවිතයක් ගත කිරීමට පටන් ගත්හ. ඔවුන්ව හඳුනා ගැනී- ඔවුන්ව හඳුනා නොගැනීම කල නොහැක්කක් විය –  කොටස් බවට පරිවර්තනය කෙරුනි. නමුත් ඔවුන් දිගින් දිගටම නීත්‍යානුකූල භාවයේ සීමා මායිම් බිඳ දමමින් පහලින් නැවුම් ලේ ධාරාවක් ලබා ගනිමින්, නීතිය නොතකා හරිමින් කිසිදු අයිතිවාසිකමක් නොමැති අසරන  සන්-කුලොට් (sans-culottes- පහල පංතියේ වූ කම්කරු පංතිකයන්) හට ඔවුන් අතර ඉඩ-හසර  විවෘත කලහ.

විප්ලවය ප්‍රතිගාමීන්ගේ  දැඩි වෛරයට ලක් විය.  තත්වාරක්ෂකයන් (කොන්සවේටිව්) සහ මධ්‍යස්ථ මතධාරීන් විප්ලවයේ “සීමා ඉක්මවීම්” හෙලා දුටුවෝය. එහෙත් වඩාත් ප්‍රගතිශීලී චින්තකයෝ එහි ආරක්ෂාවට පෙල ගැසුනහ. XVI වන ලුවී ඝාතනය කිරීම සහ විප්ලවය ආරක්ෂා කිරීම සඳහා මුදා හරින ලද භීෂනය හෙලා දුටු අයට පිලිතුරු දෙමින් තෝමස් ජෙෆර්සන් පැවසුවේ විප්ලවයේ පරාජය දැකීමට වඩා “ලෝකය අඩක් පාලුවට ගොස් ඇති බව” දැකීමට තමන් රිසි බවයි. “සෑම රටකම ආදම් සහ ඒව පමනක් ඉතිරි ව නිදහසේ  සිටියා නම්, එය දැන් පවතින තත්ත්වයට වඩා හොඳ වනු ඇත” යනුවෙන් ඔහු ලිවීය.

ප්‍රංශ විප්ලවයේ අදට අදාලත්වය කුමක්ද? සැබැවින්ම අප සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යුගයක නොව සමාජවාදී විප්ලවයේ යුගයක ය. එසේ වෙතත් අසමානතාවය, දේපල හා ස්ථාපිත පිලිවෙල පිලිබඳ විප්ලවවාදී විවේචනයේ සාරය, ධනේශ්වර පරිහානියේ හා අර්බුදයේ කොන්දේසි යටතේ දැවැන්ත බලයක් අත්පත් කර ගනී.

ප්‍රථමයෙන්ම මේ කරුන පැහැදිලි වන්නේ මේ වසරේ පැරිසිය, එහි එම වීදි හා මංමාවත් ඔස්සේම මහජන විරෝධතා හා වැඩ වර්ජන දැක ඇති බව පිලිබඳ කාරනයෙන් ය. ප්‍රන්සයේ කම්කරුවන් තවමත් ධනවාදය ගිලටීනයට යටත් කර නොමැති නමුත් ඔවුන්ගේ අරගලවල අන්තර්ගතය සෘජුවම මතු කරන්නේ “ධනවතුන්ගේ ජනාධිපති” එමානුවෙල් මැක්‍රොන්ට එරෙහිව දේශපාලන සටනක සහ පවතින සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රමය පෙරලා දැමීමේ අවශ්‍යතාවයයි. විශ්‍රාම වැටුප් කප්පාදුවලට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එරෙහි ඔහුගේ ම්ලේච්ඡ මර්දනයෙන් නැවුම් ව, මැක්‍රොන් ඉමහත් දරිද්‍රතාවයෙන් හා අගහිඟකම් ඇති සමාජයක් පාලනය කරන ගුජරාටයේ ෆැසිස්ට්ටික ඝාතකයා වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඊයේ පාවඩ ඇතිරීය.

දරාගත නොහැකි ජීවන තත්වයන් ලොව පුරා සමාජ අරගලයේ නැගීමක් ඇති කරයි. මේ වසරේ එක්සත් රාජධානියේ තැපැල් සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, දුම්රිය සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් විසින් වැඩ වර්ජන සහ අනෙකුත් අරගල වලට පිවිසීම; ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතා ඇති විම; කැනඩාවේ ජාතික වානේ කාර් කම්කරුවන් 1,400 ක් සහ නැව් තටාක සේවකයින් 7,400 ක් විසින් කරන ලද වැඩවර්ජනය පසුව ආන්ඩුවේ මැදිහත්වීම හරහා මෙම සතියේ අවසන් කිරීම;  කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කරගෙන නිරන්තර වැඩ වර්ජන සහ විරෝධතාවන්;  මේ සදහා දැක්විය හැකි උපුටන   කීපයකි

එක්සත් ජනපදයේ ලේඛකයින් 11,000 ක අඛන්ඩ වැඩවර්ජනය මධ්‍යයේ එන දස දහස් ගනනක් නලුවන්ගේ වැඩවර්ජනය, එක්සත් ජනපද චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ආරම්භ කරන අතර අධ්‍යයන සේවකයින්, ක්ලැරියෝස් සහ CNH නිෂ්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජන ඊට පූර්වයෙන් සිදුවිය. එය මේ වසරේ දෙවන භාගයේදී වෘත්තීය සමිති යාන්ත්‍රනයේ පාලනයෙන් පිටත පුපුරා යාමට තර්ජනය කරන UPS කම්කරුවන්ගේ, මෝටර් රථ කම්කරුවන්ගේ සහ නැව් තටාක කම්කරුවන්ගේ වර්ධනය වන අරගලවලට දැවැන්ත තල්ලුවක් ලබා දෙනු ඇත.

නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තියේ විඥානය මුලදී ආධිපත්‍යය දරන්නේ ඔවුන් මුහුන දෙන ක්ෂනික කොන්දේසි සහ ගැටලු මගිනි. කෙසේ වෙතත් මෙම සියලු අරගලවල තර්කනය හදිසි සංවිධානාත්මක ගැටලු මතු කරනවා පමනක් නොව -වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ග්‍රහනයෙන් මිදීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමේ අවශ්‍යතාවය- සමාජ සබඳතාවල අතාර්කිකත්වය සහ සමාජයේ අවශ්‍යතා සමග ඔවුන්ගේ නොගැලපීම ද මතු කරයි.

ධනවාදයට පැවැත්මට ඇති අයිතිය සහ පාලක ප්‍රභූවට පාලනය කිරීමට ඇති අයිතිය අහිමි වී ඇත.පසුගිය වසර පහ තුල ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් ලබා ගත් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර්, “ යථාර්ථවාදී නොවන අපේක්‍ෂා මට්ටමක් … ” බව කියා වර්ජක නලුවන් සහ ලේඛකයින්  හෙලා දකින විට, XVI වන ලුවී සහ ප්‍රංශ වංශාධිපතිත්වය සමඟ සැසඳීම් නොවැලැක්විය හැකිය. වර්තමාන ආයතනික සහ මූල්‍ය අධිපතීන් හා සසඳන විට, මාරි ඇන්ටනට් ආසන්න ලෙස  පරාර්ථකාමි ලෙස පෙනේ. ප්‍රංශ රැජින ජනතාව ගැන පැවසුවේ “ඔවුන් කේක් කාපු වාවේ” යනුවෙනි. වර්තමාන ආයතනික ලොක්කන්ට එසේ කර ගැලවිය ගත හැකි නම් , ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට හාමතේ සිටීමට ඉඩ දෙනු ඇත.

එවැනි ක්‍රියාමාර්ග කොටස් වෙලඳපොලට ඍනාත්මක ලෙස බලපාන බැවින්, ජීවිත බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ,ධනේශ්වර ආන්ඩු හිතාමතා සහ සාපරාධීව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය වසර තුනහමාරක කාලය තුල ගෝලීය වසංගතයක් මිලියන 20 කට වඩා මිනිසුන් මරා දමා ඇත. දේශගුනික විපර්යාස, එක්සත් ජනපදයේ වාර්තාගත උෂ්නත්ව ඉහල යෑම් සහ ගංවතුරේ සිට පසුගිය සති දෙක තුල ඉන්දියාවේ සිය ගනනක් මරා දැමූ මෝසම් දක්වා ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කරන අතර ධනේශ්වර ආන්ඩු කිසිවක් නොකර බලා සිටී.

බයිඩන් පරිපාලනයේ සහ එහි නේටෝ සහචරයින්ගේ පරම ප්‍රමුඛතාවය වන්නේ රුසියාවට එරෙහි යුද්ධයක් “අවශ්‍ය වන තාක් කල්”- ලෝසවෙඅ ඊයේ සඳහන් කල පරිදි, මින් අදහස් වන්නේ යථාර්ථයේ දී , කොපමන සංඛ්‍යාවක් මිය ගියත්- යුක්රේනයේ, රුසියාවේ, යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට උත්සන්න කිරීමයි. සියලුම නේටෝ බලවතුන් මිලිටරි වියදම්වල දැවැන්ත වැඩිවීමක් සඳහා පොරොන්දු දී ඇති අතර, එය නොවැලැක්විය හැකි ලෙස සමාජ වැඩසටහන්වල ඉතිරිව ඇති කුමක්  වුව  විනාශ කිරීමෙන් ලබාගනු ඇත.

 සෑම දෙයකටම යටින් ඇත්තේ ප්‍රංශ වංශාධිපතිත්වය ලැජ්ජාවෙන් රතු කල හැකි සමාජ අසමානතාවයේ මට්ටම් ය. ධනවත්ම පුද්ගලයන් 2,460 දෙනෙක්  2023 පලමු භාගයේදී ඔවුන්ගේ ධනයට ඩොලර් බිලියන 852ක් එකතු කර ගනු ලැබුවත්, ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමානයක් දිනකට ඩොලර් 6.25 ට වඩා අඩු ආදායමක් ලබමින් පසුගිය වසර පුරා ඉහල යන මූලික අවශ්‍යතා සඳහා වන පිරිවැය නිසා, තැලී පොඩි පොඩි වී ගොස් ඇත 

ප්‍රංශයේ අත්දැකීම් ඇසුරෙන් මාක්ස් පැහැදිලි කලේ, පවතින සමාජ සම්බන්ධතා මගින් සමාජයේ තවදුර වර්ධනය අවහිර වන විට විප්ලවයන් මතුවන බවයි. “සංවර්ධනයේ එක්තරා අවධියකදී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ හෝ – මෙය හුදෙක් නීතිමය පද වලින් එම දෙයම ප්‍රකාශ කරයි-  ඒවා මෙතෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල ඇති දේපල සම්බන්ධතා සමඟ ගැටුමකට පැමිනේ. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ආකාර වලින් (මාදිලි වලින්) මෙම සබඳතා ඒවායේ විලංගු බවට පත්වේ. ඉන්පසු සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ.”

1914 දී පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු ධනවාදය පෙරලා දැමීමත් සමඟ ආරම්භ වූ සමාජවාදී විප්ලවයේ යුගයේ අවසාන අදියරට මානව වර්ගයා ලඟා වෙමින් සිටී. යල්පැන ගිය ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරට මුල් බැසගත් සහ නොවිසදිය හැකි ප්‍රතිවිරෝධතා විසින් මහජන විරෝධයේ වර්ධනය මෙහෙයවනු ලබයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දෙන කර්තව්‍යය නම්  කම්කරු පන්තියේ වැඩෙන මහජන ව්‍යාපාරය තුල දේශපාලන අවබෝධයක් සහ දිශානතියක් වර්ධනය කිරීම සහ එය ධනේශ්වර පර්යාය අතුගා දමා සැබෑ සමාජ සමානාත්මතාවය සඳහා පදනම ස්ථාපිත කරන සමාජවාදය සඳහා සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023 Read More »

meeting

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න

meeting
විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න [wsws.org/sinhala]

විජේ ඩයස්: ට්‍රොට්ස්කිවාදය සඳහා කැපවූ සටන්කරුවෙක්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා වියෝවි වසරක් ගතවීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා ජූලි 29 සෙනසුරාදා සවස 3 ට කොලඹදී අනුස්මරන රැස්වීමක් පවත්වන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (⁣ලෝසවෙඅ) නිවේදනය කර ඇත.

2022 මැයි පක්ෂ තෙවන සම්මේලන⁣යේ දී සසප සභාපති තනතුරට තේරී පත්වන තෙක්ම, විජේ සහෝදරයා 1987 දෙසැම්බර් පටන් සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් විය.

ලෝසවෙඅ පලකර ඇති එකී රැස්වීම කැඳවුම් කිරීමේ නිවේදනය පහත උපුටා දක්වමු:

“විජේ ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයකට පෙර එනම් 2022 ජූලි 27 වැනි දින උදෑසන, කොලඹදී, හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා වූ සටනේ ප්‍රබල චරිතයක් විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පසුගිය වසරේ සිය ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.”

විජේ සහ කීර්ති බාලසූරිය 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වීමට ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ගත් තීරනයට විරුද්ධ වූ කැපී පෙනෙන තරුනයන් කන්ඩායමක කොටස්කරුවන් විය. ලසසප පාවාදීම කෙරෙහි පැබ්ලෝවාදී අවස්ථාවාදය දරන වගකීම පිලිබඳ හජාජාක විශ්ලේෂනයට ප්‍රතිචාර දක්වමින්, විජේ, බාලසූරිය සහ කන්ඩායමේ අනෙකුත් අය 1968 දී හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා ගත් අතර බාලසූරිය එහි ආරම්භක ප්‍රධාන ලේකම්වරයා විය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව කොලඹ වාර්ගික යුද්ධය සහ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දීය හමුදාව විසින් අත්පත් කර ගැනීම මගින් අවුලුවාලූ දේශපාලන අර්බුදය මධ්‍යයේ, 1987 දී කීර්ති සහෝදරයාගේ අකල් මරනයෙන් පසු විකොසට නායකත්වය දීමේ අභියෝගය විජේ සහෝදරයා භාර ගත්තේය.

කීර්ති සහෝදරයාගේ ඛේදනීය වියෝවේ පාඩුව මකාලීමටත්, කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව තීව්‍ර වන සිවිල් යුද්ධයේ සහ පොලිස්-මිලිටරි හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය දිගටම කරගෙන යාම සඳහා කේඩරය යලි ශක්තිමත් කිරීමටත් විජේ මූලික විය.

විජේ සහෝදරයා මේ තීරනාත්මක කාර්යභාරය අතිවිශාල දේශපාලන ධෛර්යයකින් සහ නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව මියයන තෙක් ම ඉටු කලේය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දිශානතියක් සඳහා ඔහුගේ ස්ථිර සහ සම්මුති විරහිත සටන සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ඔහුගේ අවංකභාවය පක්ෂයේ ඒකාබද්ධතාවය පවත්වා ගෙන යාමට සහ එය ඉදිරියට ගෙන යාමට පක්ෂ කේඩරයට විශාල දිරිගැන්වීමක් විය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ සහ ලොව පුරා පන්ති අරගලවල වර්ධනයේ වත්මන් සන්දර්භය තුල විජේ සහෝදරයාගේ ජීවිතය සහ එහි පාඩම් වල දේශපාලන අදාලත්වය සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස, කම්කරුවන්ට, තරුනයින්ට, සිසුන්ට, ලෝසවෙඅ පාඨකයින්ට සහ ධනේශ්වර පීඩනයට එරෙහි සියලුම සටන්කරුවන් ට, අපි සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.”

මෙම කැඳවුම අනුව, මෙම ට්‍රොට්ස්කිවාදී  විප්ලවවාදියා වෙනුවෙන් පැවැත්වෙන ⁣⁣රැස්වීමට සහභාගි වන ලෙස අපි, ද-සෝෂලිස්ට්.LK, අප⁣ගේ පාඨකයන්⁣ගෙන් ඉල්ලා සිටිමු. 

රැස්වීමේ දිනය සහ වේලාව: ජූලි 29 සෙනසුරාදා, ප.ව. 3.00

ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරය, කොලඹ 7

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න Read More »

clinton

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 19-25

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 18 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: ක්ලින්ටන් චීනයට පැමිණේ 

clinton
එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ චීන ජනාධිපති ජියැං සෙමින්

 1998 ජූනි 25 දින, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් දින නවයක චීනයේ සංචාරයක් ආරම්භ කළේය, 1989 දී ටියනන්මෙන් චතුරශ්‍රයේ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමූල ඝාතනය කිරීමෙන් පසු එම රටට පැමිණි පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ඔහු විය . “මානව හිමිකම්” ඉල්ලා සිටීම ප්‍රධාන අවධානයට යොමු කළ කරුන බව සඳහන් කෙරුන ද, ක්ලින්ටන් සමඟ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් 1,000කට වැඩි පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් සංචාරයේ වඩා වැදගත් අරමුණක් වූ පසුපෙළ ගනුදෙනු සඳහා සහභාගී වීමට නියමිත විය . සංචාරය ආසන්නයේ, එක්සත් ජනපද විදුලි සංදේශ සමාගම් දෙකක්, ලුසන්ට් ටෙක්නොලොජීස් (Lucent Technologies) සහ මෝටරෝලා (Motorola), සාමූහිකව ඩොලර් මිලියන 400 කට වඩා වටිනා ගිවිසුම් අත්සන් කළහ. 

බීජිං ආඥාදායකත්වයේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වාර්තාව විවේචනය කිරීමට ප‍්‍රමාණවත් හේතු තිබුණද, එජ ආන්ඩුවේ ආස්ථානය මුලුමනින්ම කුහක විය. ක්ලින්ටන්ගේ පැමිණීම ආසන්නයේ දී, ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් බොහෝ ප්‍රමුඛ විරුද්ධවාදීන් වට කොට තිබුණි. තියන්මන් චතුරශ්‍රයේ පෙරළියෙන් සිරගතව සිටි සිය ගණනක් සහ බලහත්කාර කම්කරු කඳවුරුවල ගාල් කර සිටි සිය දහස්ගනනක් ඊට ඇතුළත් විය. 

ක්ලින්ටන් වොෂින්ටනයෙන් පිටව ගියේ මොනිකා ලෙවින්ස්කි සමඟ ඔහුගේ සබඳතාවයේ කැලඹීම මධ්‍යයේ ය. ස්වාධීන උපදේශක කෙනත් ස්ටාර් සහ ක්ලින්ටන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ විමර්ශනය විසින් දැනටමත් පෙනෙන පරිදි අඩපණ කර ඇති ධවල මන්දිරයට නව ප්‍රහාරයක් වර්ධනය කිරීමට උත්සාහ කරන ප්‍රමුඛ කොංග්‍රස් රිපබ්ලිකානුවන්, සංචාරය අවලංගු කරන ලෙස බල කර ඇත. 

ක්ලින්ටන්ගේ චීන සංචාරය පිලිබඳ මාධ්‍ය ආවරණය, ජනාධිපති ජියැන්ග් සෙමින් සමඟ ඔහුගේ මාධ්‍ය සාකච්ඡාව සහ බීජිං විශ්ව විද්‍යාලයේ සිසුන් අමතා කළ කතාව වැනි බොහෝ දුරට මතුපිටින් පෙනෙන සිදුවීම් කෙරෙහි අවධානය යොමු කළ නමුත් එක්සත් ජනපද සහ චීන ආන්ඩු අතර වඩාත් තීරනාත්මක සාකච්ඡා මහජන දර්ශනයෙන් බැහැරව පැවති අතර සමුලුවට සහභාගී වූවන් පවා එයට සම්බන්ධ නොවීය. 

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් රොබට් රූබින් ද ඔහුගේ චීන සගයන් සමඟ සාකච්ඡා සඳහා බීජිං වෙත පැමිණ සිටියේය: අගමැති zසූ රොන්ජි (Zhu Rongji), මුදල් ඇමති ෂිඇං හුආයිචං ( Xiang Huaicheng) සහ මහ බැංකු ප්‍රධානී ඩයි ෂිඇංලොං (Dai Xianglong). ආසියාවේ වැඩෙන මූල්‍ය අර්බුදය මැඩපැවැත්වීමේ ප්‍රයත්නයන්හිදී එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ චීන කැපවීම ගැන තමා සතුටු වන බව පවසමින් රූබින් සාකච්ඡා තුලින් මතු විය. විශේෂයෙන් වැදගත් වන්නේ, අවප්‍රමාණය කිරීම සඳහා වැඩි වන පීඩනය හමුවේ, චීනයේ මුදල් ඒකකය වන යුවාන් හෝ රෙන්මින්බි ස්ථාවරත්වය පවත්වා ගැනීමට චීනයේ ප්‍රතිඥාව බව ඔහු පැවසීය. 

ඇමරිකානු ධනවාදයේ අතිශයින්ම කෲර සහ තරයේ නරුම මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා ලුහුබැඳීම වෙනුවෙන්  ක්ලින්ටන් පරිපාලනය “මානව හිමිකම්” ප්‍රශ්නය අතහැර දැමීමෙන් අවසන් කළේය. ක්ලින්ටන්ගේ එක් උපදේශකයෙකු ලෙස, ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු සඳහා ක්ලින්ටන්ගේ පළමු සහකාර ආරක්ෂක ලේකම් වූ හිටපු නියෝජ්‍ය බීජිං දූත මණ්ඩල ප්‍රධානී චාල්ස්ඩබ්ලිව්. ෆ්‍රීමන් වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, “චීනය සමඟ බැරෑරුම් ලෙස ගනුදෙනු කිරීමට සිදුවන බවත්, චීනය  මානව හිමිකමි වෙනුවෙන් පෙනී   සිටින්නන් සහ  දලයි  ලාමාගේ  අනුගාමිකයින්  සදහා   වූ තේමා උද්‍යානයකට  වඩා වැඩි  දෙයක් බව ද පරිපාලනය   පිලිගත්තේය”,යනුවෙනි.                                                                                                      

වසර 50 කට පෙර: ජුවාන් පෙරොන් වසර 18 ක පිටුවහල් කිරීමෙන් පසු නැවත පැමිනීමත් සමඟ ආර්ජන්ටිනාවේ 13න් දෙනෙක් මරාදමයි

Juan Peron
ජුවාන් පෙරොන් 1974 දී, ඔහුගේ අවසන් මහජන රැලියේදී ගත් ඡායාරූපයක්

1973 ජූනි 20 වෙනිදා, හ්වාන් පෙරොන් වසර 18 ක පිටුවහල් කිරීමෙන් පසු ආර්ජන්ටිනාවට ආපසු පැමිනියේය. ඔහුගේ පැමිනීමත් සමඟ ආධාරකරුවන් මහා ජන රැලියක් සංවිධානය කල අතර, හිටපු ජනාධිපතිවරයා බැලීමට ආර්ජන්ටිනාවේ මිලියන ගනනක් පැමින සිටියහ. 

ආර්ජන්ටිනාව දේශපාලනික වශයෙන් දැඩි ලෙස බෙදී තිබුනි. 1973 මැයි දක්වා මිලිටරි ආඥාදායකත්වය විසින් තහනම් කරන ලද පෙරොන්ගේ ජස්ට්ෂියලිස්ට් (Justicialist ) පක්ෂය, ගැඹුරින් සතුරු වාම සහ දක්ෂිනාංශික කන්ඩායම්වලට බෙදී තිබුනි. දකුනේ ෆැසිස්ට්ටික  කොමියුනිස්ට් විරෝධීන් සිටි අතර වමේ සමාජවාදී අදහස් ඇති තරුනයින් සහ මොන්ටෙනෝරෝස් ගරිල්ලා සටන්කරුවන් ඇතුලත් විය.

මෙම වාතාවරනය තුල වාමාංශික කොටස් රැසකින් සමන්විත වූ රැලියට එරෙහිව දක්ෂිනාංශික පෙරොන්වාදීන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කලහ. ස්නයිපරුන් (සැඟවි-වෙඩික්කරුවන්) අතිවිශල ජනකායකට වෙඩි තබා  300  වැඩි  පිරිසකට  තුවාල  සිදුකරමීන් 13දෙනෙකු  මරා දෑමූහ.

පෙරොන් රැලියට නොපැමිනි අතර, පසුව ඔහු කියා සිටියේ සංහාරය පිලබඳ පුවත තමා වෙත ලැබුනු විට  “තවත් කැලඹීම් වලක්වා ගැනීම” සඳහා කතා කිරීමට තිබුනු ඔහුගේ සැලසුම් අවලංගු කල බවයි. පෙරොන් දක්ෂිනාංශික ත්‍රස්ත ප්‍රහාරයට පූර්න දේශපාලන සහයෝගය ලබා දුන් බව පසුව පැහැදිලි විය. 

ආර්ජන්ටිනාවේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කාලපරිච්ඡේදය , අතිවිශාල විප්ලවවාදී විභවයන්ගෙන් යුතු එකක් වූ නමුත් ගැඹුරු දේශපාලන ව්‍යාකූලත්වයක් ද විය. පෙරොන් 1946 දී ආර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර 1955 දී එක්සත් ජනපදයේ පිටුබලය ලත් හමුදා කුමන්ත්‍රනයකින් ඔහුව නෙරපා හරින ලදී. 

ජනාධිපති වශයෙන් පෙරොන්,  අධිරාජ්‍ය විරෝධී හා ජනතාවාදී වාගලංකාර කතා සමඟ ඒකාබද්ධ වූ දැඩි ජාතිකවාදී දේශපාලනයේ එක්තරා වර්ගයක් ඉදිරියට ගෙන ආවේය. ආර්ථික උත්පාතයක් මධ්‍යයේ, පෙරොන්ගේ ආන්ඩුව වෘත්තීය සමිති සමග සන්ධානගත වූ අතර, කම්කරු පන්තියේ විප්ලවවාදී උත්සාහයන් අවහිර කිරීම සඳහා කම්කරුවන්ගේ වැටුප් හා ජීවන තත්වයන් හි සුලු පහේ වැඩි දියුනු කිරීම් වලට ඉඩ දුන්නේය. 

ඒ අතරම, පෙරොන් ෆැසිස්ට්වාදී අදහස් දැරූ අතර යුද්ධයෙන් පසු ජර්මනියෙන් පැන යාමට සමත් වූ බොහෝ නාසි යුද අපරාධකරුවන්ට සරනාගතභාවය ලබා දුන්නේය. ඔහුව බලයෙන් නෙරපා දැමූ හමුදා කුමන්ත්‍රනයෙන් පසුව, ඔහු ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ආඥාදායකත්වයේ ආගන්තුකයෙකු ලෙස 18 වසරක් පිටුවහලේ ගත කලේය. 

පෙරොන් නැවත පැමිනීමෙන් මාසයකට පසුව, ධුරයේ සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්විය. ජනාධිපති හෙක්ටර් කැම්පෝරා පෙරොන්ගේ සමීප සගයෙකු වූ අතර 1955 කුමන්ත්‍රනයෙන් පසු මැතිවරනයකට ඉදිරිපත් වීමට අවසර ලැබූ පලමු පෙරොන්වාදියා ඔහු විය. සැබෑ ලෙසින්, 1973 මාර්තු මැතිවරනය වන විටත් පිටුවහල්ව සිටි පෙරොන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ විය. 

පෙරෝන් ගේ සහභාගීත්වයට එරෙහිව කිසිදු සීමාවක් නොමැතිව නව මැතිවරනයක් සංවිධානය කරන ලදී. 1973 ඔක්තෝම්බර් මාසයේදී වයස අවුරුදු 79 දී ඔහු නැවත ජනාධිපති ධුරයට පත් විය. ඔහුගේ ව්‍යාපාරය සමන්විත වූයේ ඔහුගේ බිරිඳ ඊවා පෙරොන් උප ජනාධිපති ලෙස තෝරා ගැනීම ඇතුලත් පෞරුෂ ලබ්ධියක් (පෞරුෂය මත පදනම වූ ව්‍යාපාරයක්) ගොඩ නැගීමෙනි. 

පෙරොන් ජනාධිපති ධුරයට නැවත පැමිනීමේදී, කිසියම්ම හෝ ප්‍රගතිශීලී සමාජ ප්‍රතිපත්ති පිලිබඳ සියලු ප්‍රදර්ශනාත්මක මවාපෑම් අතහැර දමා තිබුනි . ඔහු මොන්ටෙනෝරෝස් සහ ඔහුගේ පක්ෂයේ වාමාංශය විරේක කිරීමට ඉක්මනින් පියවර ගත් අතර වඩාත් ෆැසිස්ට්වාදී කොටස් ඉහල තනතුරුවලට ප්‍රවර්ධනය කරනු ලැබීය. 

පෙරොන්ගේ බලයේ අවසන් වසර තුල, මොන්ටෙනෝරෝස්හි සම්පූර්න විනාශය සිදු කල සහ සියලුම වාමාංශික සහ සමාජවාදී සංවිධාන සමූලඝාතනය කිරීමට සූදානම් වූ පැරාමිලිටරි ඝාතන කන්ඩායමක් වන ආර්ජන්ටිනාවේ කොමියුනිස්ට් විරෝධී සන්ධානය නිර්මානය විය. පෙරොන් 1974 ජූලි මාසයේ, නිලයේ සිටියදී මිය ගියේය. 

වසර 75 කට පෙර: සීතල යුද්ධය මධ්‍යයේ එක්සත් ජනපදය සාම කාලීන මිලිටරි අනිවාර්ය බඳවා ගැනීම් (draft) හඳුන්වා දෙයි

Truman
හැරී ටෲමන්

1948 ජූනි 24 වන දින, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් විසින් වයස අවුරුදු 18 ත් 26 ත් අතර සියලුම පිරිමින් විභව හමුදා සේවය සඳහා ලියාපදිංචි විය යුතු බවට පනතක් අත්සන් කරන ලදී. සෝවියට් සංගමය සමග ගැඹුරු වන ගැටුමක් ද ඇතුලුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු සිය ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වැඩි වැඩියෙන් වූ ආක්‍රමනශීලී තල්ලුව මධ්‍යයේ මෙම නීති සම්පාදනය කරන ලදී. 

පනත නීතිගත කිරීම සඳහා, සතියකට පෙර සෙනෙට් සභාව හරහා පනත සම්මත කිරීම ගැන අදහස් දක්වමින් ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂය මෙසේ සටහන් කලේය: “ඇමරිකානු ඉතිහාසයේ දෙවන වතාවටත් එක්සත් ජනපද සෙනෙට් සභාව සාම කාලය තුල බලයෙන්  හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඡන්දය දී ඇත. මෙය මුලින්ම සිදු වූයේ 1940 දී වොෂින්ටනය දෙවන ලෝක යුද්ධයට අවතීර්න වීමට සක්‍රීයව සූදානම් වෙමින් සිටියදීය. 1948 බලහත්කාරයෙන් බඳවා ගැනීමේ ක්‍රමය මීට සමාන යෝජනාවකි: යුද්ධය දෙසට පියවරක් ගැනීම සහ රට තවදුරටත් මිලිටරිකරනය කිරීමකි.

මෙම පියවරට අනුව, වයස අවුරුදු 18 ට වැඩි අයට වසරකට හමුදාවේ සේවය කිරීමට බල කල හැකි අතර, වයස අවුරුදු 26 දක්වා වූ අනෙකුත් වයස් කාන්ඩ වල සිටින අයට වසර දෙකක් සේවය කිරීමට බල කල හැකිය. නීති සම්පාදනයට පෙර අවුරුද්දේ පරිපාලනය “ටෲමන් න්‍යාය” ගෙනහැර දැක්වීය, ඒ යටතේ මිලිටරිය ඇතුලු එජ ආන්ඩුවට, “ඒකාධිපතිවාදයට” එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ ඕනෑම තැනක මැදිහත් වනු ඇත.

දෙවන ලෝක යුද්ධය ඉක්බිතිව, ඇමරිකානු ධනවාදයට මෙම සටන්කාමී සීතල යුද්ධ පිලිවෙත සඳහා ප්‍රමානවත් සංඛ්‍යාවක් බඳවා ගැනීම දුෂ්කර වනු ඇතැයි පාලක ප්‍රභූව තුල බියක් පැවතුනි. දෙවන ලෝක සංග්‍රාමයේ නිරතව සිටියවුන් විශාල සංඛ්‍යාවක්, සැලකිය යුතු උද්ධමනයේ ප්‍රතිවිපාකවලට සහ යුධ කාලීන වැටුප් කැටි කිරීම ඵලදායි ලෙස දිගු කිරීමට සංගත දරන උත්සාහයන්ට මුහුන දීමට නැවත පැමින ඇත. ඔවුන් ඇමරිකානු කම්කරු පන්තියේ විශාලතම නැගිටීම් වලින් ඒකක දී  මෝටර් රථ සමාගම්, පැකින් හවුස් සහ අනෙකුත් ධනේශ්වර යෝධයන්ට එරෙහිව ප්‍රධාන පන්ති සටන්වලට සම්බන්ධ වී සිටියහ. 

එස්ඩබ්ලිව්පී ය  පෙන්වා දුන්නේ, “වෝල් වීදියේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සේවකයන්” “තාරුන්‍යය වෙඩි උන්ඩ ලෙස භාවිතා කිරීමට සූදානම්ව සිටින අතර … ඔවුන් හාම්පුතුන් කෙරෙහි සම්පූර්නයෙන්ම වෙනස් ආකල්පයක් ගන්නා” බවයි.

කොන්ග්‍රසය තුල අතිමහත් සහයෝගයක් ලබා ගත් කෙටුම්පත් නීතිය සහ කම්කරුවන්ගේ වැටුප් ආරක්ෂා කිරීම සදහා සොච්චම්  වාසියක් සපයන පනතක් සම්මත කිරීමට උත්සාහ කිරීම අතර සංසන්දනය පෙන්වා දෙමින් එය ලීවේ, සෙනෙට් සභාවේදී ,

විලියම් ලැන්ගර් (R.-N.D.) සන්නද්ධ හමුදාවන්ට ලැබුනු හෝ භාවිතා කරන ලද භාන්ඩ, ද්‍රව්‍ය, පැලෑටි සහ අනෙකුත් පහසුකම් සඳහා “සාධාරන සහ සාධාරන වන්දි, නමුත් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය මත 10% නොඉක්මවන” ගෙවීමට යෝජනා කල විට, ඍජු ඡන්දයේදී, ඔහු අතිමහත් ලෙස පරාජයට පත් විය. ඩබ්ලිව්. ලී ඕ ඩැනියෙල් W. Lee O’Daniel (D-Tex.) විසින් ඉදිරිපත් කරන ලද [A] දෙවන සංශෝධනය, සේවා යෝජකයන් සහ සන්නද්ධ සේවා අතර ගිවිසුම් වලින් “අසාමාන්‍ය” ලාභ මත 100% බද්දක් පනවා කොංග්‍රසය නීතියක් සම්මත කරන තෙක් කෙටුම්පත අත්හිටුවීමට යෝජනා කලේය. මෙය 81ට 8ක් ලෙස පරාජයට පත් විය. මහා ව්‍යාපාරයන්ට සහ එහි කුලියට ගත් දේශපාලනික උදව්වලට විශාල ලාභ කිසිදා අසාමාන්‍ය ලෙස නොපෙනේ. 

වසර 100 කට පෙර: තැපැල් වංචාව සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබීමෙන් පසු මාකස් ගාර්වේ යුදෙව් විරෝධී ආක්‍රෝෂ පරිභවයක යෙදේ 

Garvey
මාකස් ගාර්වේ

1923 ජූනි 21 වන දින, ජැමෙයිකානු කලු ජාතිකවාදී ජනාන්දෝලකයකු සහ එක්සත් නීග්‍රෝ වැඩිදියුනු කිරීමේ සංගමයේ (UNIA) නායක මාකස් ගාර්වේට, ෆෙඩරල් විනිසුරුවරයෙකු වන ජූලියන් මැක් විසින්, ඒ වන විට ඔහුට හිමිව නොතිබුනු,ඔහුගේ බ්ලැක් ස්ටාර් ලයින් හි  නැවක කොටස් විකිනීම නිසා වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් 1,000 ක දඩයක් නියම කලේය.

තැපැල් වංචා කිරීමේ චෝදනාව මත ඔහු 1922 ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනි. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ  (FBI) ප්‍රධානියා වන ජේ. එඩ්ගාර් හූවර්, කලු ජාතිකයන් අතර භයානක උද්ඝෝෂකයෙකු ලෙස ගාර්වි සැලකූ බැවින් ඔහු වරදකරු කිරීමට අධිෂ්ඨාන වත් විය. ඔහු ඇප මත මුදා හැර තිබූ අතර නඩු විභාගය මැයි මාසය දක්වා කල් තැබිනි. 

ගාර්වේ ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වර්නිත මිනිසුන්ගේ දියුනුව සඳහා ජාතික සංගමයට (NAACP) දොස්පැවරීය. ඔහු 1922 දී රට පුරා  සංචාරය කල අතර ඇට්ලන්ටා හි KKK කාර්යාලවලදී කු ක්ලුක්ස්ක්ලැන් (Ku Klux Klan) හි අධිරාජ්‍ය මායාකරු ( Imperial Wizard-KKK සංවිධාන සමූහයක ජාතික ප්‍රධානියා)  වන එඩ්වර්ඩ් යංග් ක්ලාර්ක් හමුවිය. ලෝරන්ස් පෝටර් ඔහුගේ මෑත කාලීන ලෝසවෙඅ රචනයේ ගාර්වේ ගැන සඳහන් කල පරිදි: 

ගාර්වේ සහ ක්ලාක් අතර ඇති වූ හමුවීම ඔවුන්ගේ අන්‍යෝන්‍ය ගිවිසුමේ පදනම හෙලි කලේය. වාර්ගික වෙන්වීම සඳහා ගාර්වේගේ සහයෝගය සහ සමානාත්මතාවය සඳහා වූ අරගලය ඔහු ප්‍රතික්ෂේප කිරීම KKK සමඟ ඔහුව ලං කලේය. “ක්ලැන්” සාමාජිකයන් UNIA රැස්වීම්වලට පවා සහභාගි වීමට පටන් ගත්හ. ගාර්වේ, ” ක්ලැන්” සහ අනෙකුත් සුදු ආධිපත්‍යවාදී කන්ඩායම් තම ජාතියේ “වඩා හොඳ මිතුරන්” ලෙස හැඳින්වූයේ ඔවුන්ගේ “අවංකභාවය සහ සාධාරනත්වය” උපුටා දක්වමිනි. ඔහු පැවසුවේ , “ඔබට අවශ්‍ය නම් මාව ක්ලැන්ස්මන් කෙනෙක් ලෙස හඳුන්වන්න පුලුවන්…”

තැපැල් වංචාව පිලිබඳ නඩු විභාගයේදී ඔහුගේ නීතීඥයා ඔහුට වරද පිලිගෙන අවම දඬුවම පිලිගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ගාර්වේ ඔහුව ප්‍රතික්ෂේප කර ඔහුට නීතිමය පුහුනුවක් නොතිබුනද, තමා වෙනුවෙන් පෙනී සිටීම  සදහා  ඉදිරිපත් විය. ජූරි සභාව ජුනි 18 වැනිදා ඔහුව වරදකරු කල නමුත් ඔහුගේ සම විත්තිකරුවන් තිදෙනා වරදකරුවන් නොවන බව තීන්දු කලේය.

ඔහුගේ තීන්දුව ඇසූ ගාර්වි, විනිසුරුවරයා සහ දිස්ත්‍රික් නීතිපතිවරයා “ශාපලත්  අපිරිසිදු යුදෙව්වන්” ලෙස හෙලා දකිමින් කෝපයෙන් පුපුරා ගියේය. ඔහුව සිරගෙට රැගෙන එන විට, ඔහු ආධාරකරුවන් සමූහයකට පැවසුවේ තමා කිසි විටෙකත් එම ප්‍රකාශය අපහාසයක් ලෙස අදහස් නොකල බව නමුත්, ඔහු යුදෙව්වන්ට එරෙහිව දිගටම චෝදනා කරමින් මෙසේලිවීය: “සමස්ත නඩුවේ සුවිශේෂී හා කැපී පෙනෙන ලක්ෂනය නම්, [බ්ලැක් ස්ටාර්] සමාගමේ විනාශයට හේතු වූ යුදෙව්වෙකු වන සිල්වර්ස්ටෝන්ගේ අපරාධයට මට දඬුවම් ලැබීමයි… මට මෙහිදි නඩු පවරන ලද්දේ තවත් යුදෙව්වෙකු වන මැක්ස්වෙල් මැටක් විසිනි, එමෙන්ම මට දඬුවම් නියම කරන්නේ විශිෂ්ට යුදෙව් නීතිවේදියෙකු වන ජූලියන් මැක්ය.

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 19-25 Read More »

1690342602908

එක්සත් ජනපදය හා සහචර රටවල් යුරෝපය පුරා “යුද අභ්‍යාස” නමින් රුසියාව වටකිරීමේ  පෙරහුරු පවත්වයි

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙම ලිපිය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

Image Not Found
සබේර් ගාඩියන් 23, NATO Multimedia 2023

එක්සත් ජනපදයෙන් හා එහි සහකාරක රටවල භටයන් 26,000ක ද සහභාගීත්වයෙන් අප්‍රේල් 22දා ආරම්භ වූ “2023 යුරෝපා රැකවල” නමැති යෝධ අභ්‍යාසය ඇතුලුව, සමස්ත යුරෝපය පුරා යුද අභ්‍යාස පැවැත්වින. මෙම මෙහෙයුම්වල අවසන් සංරචකය වන “සබේර් ගාඩියන් 23” නමැති අභ්‍යාස සතියට කේන්ද්‍රගත වූයේ, යුක්‍රේනයෙන් දකුනට වන්නට පිහිටි කලු මුහුදයි. එයට ඇල්බේනියාව, බල්ගේරියාව, බෙල්ජියම, ප්‍රන්සය, ග්‍රීසිය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලොවීනියාව සහ එක්සත් ජනපදය යන රටවල සොල්දාදුවෝ හා නාවික භටයෝ සහභාගි වූහ.

වඩාත් විස්තීර්ණ අභ්‍යාසය ජර්මනියේ දී, ජූනි 12 වන සඳුදා සිට ආරම්භ වී  ජූනි  23 දින අවසන් විය. එයාර් ඩිෆෙන්ඩර් 2023 හි කොටසක් ලෙස ප්‍රහාරක ජෙට් යානා සිය ගණනක් රට පුරා පියාසර කළ අතර සම්පූර්ණ යුද තත්වයක් සඳහා පුහුණු කරන ලදී. එය නේටෝ ඉතිහාසයේ විශාලතම ගුවන් අභ්‍යාසයයි. සමස්තයක් වශයෙන්, රටවල් 25 ක සොල්දාදුවන් 10,000 කට වැඩි පිරිසක් ගුවන් යානා 250 ක් සමඟ ඊට සම්බන්ධ වී තිබුණි. ඔවුන් රුසියානු දේශසීමාව දක්වාම විය හැකි ප්‍රහාරාත්මක උපාමාරුවල යොදනු ලැබුණි.

අභ්‍යාසයේ විශාල පරිමාණය සහ එහි ස්වභාවය යන දෙකම පැහැදිලි කරන්නේ “එයාර් ඩිපෙන්ඩර් 23” (Air Defender 2023) යනු හුදෙක් සාමාන්‍ය උපාමාරුවක් නොවන බවයි. එය රුසියාවට එරෙහි නේටෝ යුද ප්‍රහාරයේ සෘජු සංරචකයකි. ලෝක යුද්ධ දෙකේ දී දැනටමත් රුසියාව මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීමට උත්සාහ කර ඇති ජර්මානු පාලක පන්තියේ නියෝජිතයෝ විශේෂයෙන්ම මෙය විවෘතව ප්‍රකාශ කරති.

නේටෝ ප්‍රකාශිකා වානා ලන්ජස්කෙ (Oana Lungescu) පැහැදිලි කළේ මෙම අභ්‍යාසය ඉලක්ක කරන්නේ උපකල්පිත විරුද්ධවාදියෙකු වෙත නොව රුසියාව වෙත බවයි. ” එයාර් ඩිපෙන්ඩර් 23 විසින් මිත්‍ර පාක්ෂික භූමියේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට නේටෝව සූදානම් බවට පැහැදිලි පණිවිඩයක් යවයි,” ඇය පැවසුවාය. “පරම්පරාවක විශාලතම ආරක්ෂක අර්බුදයට අප මුහුණ දෙන බැවින්, අපගේ රටවල් සහ අපගේ ජනතාව සුරක්ෂිතව තබා ගැනීමට අපි එක්සත්ව සිටිමු.” 

මෙම මිලිටරි අභ්‍යසයන්හි අරමුන යෝධ මිලිටරි බලමුලු ගැන්වීමක් මගින් රුසියාව වටකිරීමක් සූදානම් කිරීම මිස අන් කිසිවක් නොවෙි. 

නේටෝව රුසියාව වටලයි 

එසේම, රුසියාවට එරෙහිව යුරෝපය පුරාම නේටෝ භටයින් ස්ථානගත කිරීම හා මිලිටරි ප්‍රකෝපකරනයන් ද මේ වන විට තව තවත් වේගවත් කර ඇත. 

වොෂින්ටන් පෝස්ට් පත්‍රයෙහි පල කල ලිපියක, රුසියාවට දේශසීමා වන සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර සිට යන්තම් කිලෝමීටර 150ක් ඔබ්බේ පවතින එස්තෝනියාව තුලට ප්‍රන්ස පැරෂුට් භටයන් මුදාහරිනු ලැබීමේ විස්තරයක් ගැන සඳහන් වේ. “එස්තෝනියාව තුල ප්‍රන්ස යුද අභ්‍යාස, එම රට තුල රුසියාවට එරෙහිව නේටෝ සටන් කන්ඩායමක් ශක්තිමත් කිරීමට ගත්  වර්ධිත පෙර පුහුනුවක කොටසක්” බව පෝස්ට් පත්‍රය සටහන් කරයි.

ජූලි 11- 12 විල්නියස් හි පැවැත්වෙන නේටෝ සමුළුවවට පෙර, එස්තෝනියාව මෙන්ම රුසියාවට මායිම් රාජ්‍යයක් වන ලිතුවේනියාව තුල සටන් භටයින් 4,000 ස්ථිරවම ස්ථානගත කිරීමට ජර්මනිය කටයුතු කලේය.  

යුක්‍රේනයේ සිට රුසියාව තුලට සිදු කරන දේශසීමා හරහා කඩාවැදීම් වලට, පෝලන්ත පුරවැසියන්ගේ ඊනියා “පෝලන්ත ස්වේච්ඡා භට” සාමාජිකයන් සහභාගි කරවමින්, පෝලන්තය ගැටුමට ඍජු ව සම්බන්ධ වී තිබේ.

මේ අතර, වෝර්සෝ ව, පෝලන්ත හමුදාව සොල්දාදුවන් 250,000 දක්වා වැඩි කිරීම සඳහා වූ දැවැන්ත ව්‍යාප්තියක් ද සූදානම් කරමින් සිටින අතර එය යුරෝපයේ විශාලතම හමුදාවන්ගෙන් එකක් වනු ඇත. ඊට අමතරව, පෝලන්ත හමුදාවට යුද ටැංකි 1,500 ක් අත්පත් කර ගැනීමට අවශ්‍ය වන අතර එමඟින් පෝලන්තයේ හමුදාව නේටෝව තුළ තුන්වන විශාලතම ටැංකි හමුදාව බවට පත් කරනු ඇත. පෝලන්ත ධනේශ්වරයේ කන්ඩායම් දෙකම මෙම යලි සන්නද්ධ කිරීම සහ යුද සැලසුම් හරහා වේගයෙන් ගමන් කරමින් සිටී.

තවද , බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව හා ස්ලොවැකියාව යන අතිරේක රටවල් හතරක් තුල සටන් කන්ඩායම් ස්ථාපිත කිරීම මගින්, නැටෝව එහි නැගෙනහිර පාර්ශවය ශක්තිමත් කර ඇත්තේ, සටන් කන්ඩායම් අටක් හරහා භටයන් 10,000ක් යොදවමිනි. විශේෂයෙන් ම ලැට්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව යන බෝල්ටික් රටවල් ඇතුලු ව, රුසියාවට දේශසීමා වන රටවලට නැව් දුසිම් ගනනක් සහ යුද යානා සිය ගනනක් සමගින් භූමි-පාදිත ගුවන් ආරක්ෂාව යවනු ලැබ තිබේ.

මේ අතර , USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව නෝර්වේ හි ඔස්ලෝ වෙත ළඟා විය. USS ෆෝර්ඩ් යනු මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර, එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද නව පරම්පරාවේ එවැනි වාහකයන්ගෙන් පළමුවැන්නයි.

ෆෝර්ඩ් විසින් මෙහෙයවන ලද වාහක ප්‍රහාරක කණ්ඩායමට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීන දෙකක්, ටිකොන්ඩෙරෝගා පන්තියේ කෲසර් දෙකක් සහ විනාශ කරන්නන්ගේ බලඝණයක් ඇතුළත් වේ. ප්‍රහාරක කණ්ඩායම මෙහෙයවන නාවික හමුදා සාමාජිකයින් දහස් ගණනක් වන අතර, ඔවුන් රුසියානු භූමියෙන් කැපී පෙනෙන දුරක් තුළ ක්‍රියාත්මක වනු ඇත.

ගැටුම පුලුල් කිරීමට එක්සත් ජනපදය දරන ප‍්‍රකෝපකාරී ප‍්‍රයත්නයන්ට තමන්ගේම මංමුලා සහගත සහ නොසැලකිලිමත් ප‍්‍රතිචාරයක් ලෙස මොස්කව් නිවේදනය කලේ තමන් අසල්වැසි බෙලරුසියාවේ උපායශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කරන බවයි. “රුසියාවේ සහ බෙලරුස්හි බටහිර දේශසීමාවේ තර්ජන අතිශයින් තියුනු ලෙස උත්සන්න වන සන්දර්භය තුළ, මිලිටරි-න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ප්‍රතිවිරෝධතා ජය ගැනීමට තීරණයක් ගන්නා ලදී,”යැයි රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු පැවසීය.

දැනට සති කිහිපයක සිට, රුසියාව තුලට මහා පරිමාණ යුක්රේන ප්‍රහාර අඛන්ඩව එල්ල විය. රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ ෂෙබෙකිනෝ නගරය පිට පිට තුන්වන දිනටත් නිරන්තර ෂෙල් ප්‍රහාරවලට ලක්විය. මේ සදහා යුක්‍රේනය විසින් පුටින් විරෝධී අන්ත දක්ෂිණාංශික මිලිෂියා භට කණ්ඩායම් යොදා ගැනුනි.

ප්‍රහාරය එල්ල වූයේ දින 224ක දරුණු සටනකින් පසු බක්මුත් සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව වන අතර එම කාලය තුළ බක්මූත් සටනින් දස දහස් ගණනක් මිය ගිය බව විශ්වාස කෙරේ. 

රුසියානු සහ යුක්රේන නිලධාරීන් විසින් රුසියානු ස්වේච්ඡා බළකාය සහ රුසියාවේ “ෆ්‍රීඩම් ඔෆ් රුසියා ලීජන්” යන දෙකම නව ෆැසිස්ට් සංවිධාන ලෙස හඳුනා ගන්නා ලදී. 2022 දී පිහිටුවන ලද සහ රුසියාවේ “ත්‍රස්තවාදී” ලෙස වර්ගීකරණය කරන ලද මෙම සංවිධාන දෙක යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ තථ්‍ය පාලනය යටතේ ක්‍රියාත්මක වන බව යුක්රේන විදේශ බුද්ධි අංශ පිළිගත් පළමු අවස්ථාව එය විය.

ප්‍රහාරයට සම්බන්ධ බලවේගවල ස්වභාවය, රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යන යුද්ධයේ සැබෑ අරමුනු පෙරට ගෙන එයි. රුසියානු ස්වේච්ඡා බළකාය සහ රුසියාවේ “ෆ්‍රීඩම් ඔෆ් රුසියා ලීජන්” යන දෙකම අන්ත ජාතිකවාදී සහ ජාතිවාදී සංයුතීන් වේ. ඔවුන් තම ඉලක්කය ලෙස ප්‍රකාශ කරන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුව ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීම සහ වාර්ගික වශයෙන් “පිරිසිදු” රුසියානු ජාතික රාජ්‍යයක් පිහිටුවීමයි.

රුසියානු වාග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියා වූ එව්ගෙනි ප්‍රිගොෂින් නායකත්වය දුන් කුමන්ත්‍රන ප්‍රයත්නය එරට වේලාවෙන් 23 වන සිකුරාදා සවස ආරම්භ වී එරට වේලාවෙන් 24 වන සෙනසුරාදා සවස් වරුවේ, බිඳ වැටුනි. 

ප්‍රිගොෂින්, විනාඩි 30 ක වීඩියෝ පටයකින් රුසියාවේ මිලිටරි නායකත්වයට එරෙහිව තර්ජනය කරමින්, ඔහු රුසියානු පාලක පන්ති තුල සිටින නැටෝ ගැති කන්ඩායමට සෘජු ආයාචනයක් කලේය. සති කිහිපයකට පෙර, නැටෝවෙන් එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන බලමුලු ගැන්වීමක් සහ යුද ආර්ථිකයකට පූර්න හැරීමක් ඉල්ලා සිටි ප්‍රිගොෂින්, “යුක්‍රේනයේ සන්නද්ධ හමුදා නැටෝව සමඟ එක්ව රුසියාවට පහර දීමට සූදානම් වෙමින් සිටියේ නැතැ” යි මෙහිදී පැවසීය.

මෙවැනි, ඉතා කෙටි කාලයක් තුළ ප්‍රිගොෂින් නේටෝව සම්බන්ධව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අස්ථානයක් ගැනීමෙන් පෙනී යන්නේ, සිදු කරන ලද මෙම කුමන්ත්‍රණය පිටුපස නේටෝව පැහැදිලිව සිටින බවයි. 

නැටෝ පිටුබලයෙන් යුක්‍රේනය එල්ල කල ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් පසු සති තුනකටත් අඩු කාලයකදී මෙවැනි කුමන්ත්‍රනයක් මගින් හෝ රුසියාවට එරෙහි ප්‍රොක්සි යුද්ධය ඉදිරියට ගෙන යාමේ මංමුලා සහගත උත්සාහයක අධිරාජ්‍යවාදීන් නිරත වූ අයුරු මෙයින් පෙනී යයි.

යුක්‍රේන හමුදාව තුල යුක්‍රේන ෆැසිස්ට් හා නව ෆැසිස්ට් සංයුතිවල කේන්ද්‍රීය භූමිකාව මෙන්ම, මෙම රුසියානු අන්ත දක්ෂිනාංශික සංවිධාන නේටෝ යුද්ධයට සම්බන්ධ වීම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැබෑ අරමුන හෙලිදරව් කරයි: එනම් ජනවාර්ගික ආතතීන් උත්සන්න කිරීම හා ජාතික ගැටුම් නිර්මාණය කිරීම හරහා රුසියානු සමූහාණ්ඩුව බිඳ දැමීමයි. එනම්, මෙම බලවේග ප්‍රවර්ධනය කිරීමේ හා සන්නද්ධ කිරීමේ අරමුන වන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්ට සෘජුවම යටත් වන අන්ත දක්ෂිනාංශික රූකඩ පාලන තන්ත‍්‍ර පිහිටුවීමයි.

පසුගිය මැයි මස මුල් සතියේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල නිවසට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය. ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් “තමන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අපි යුක්‍රේනයට භාර දෙමු” පවසමින් රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ ඔනෑම උත්සාහයක් බැහැර කිරීම ප්‍රකික්ෂේප කළේය.

පෙබරවාරියේදී, දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ක්‍රිමියාව තුල යුක්‍රේන ප්‍රහාර විවෘතව අනුමත කලාය. “ඒවා නීත්‍යානුකූල ඉලක්ක” යැයි  නුලන්ඩ් පැවසීය. “යුක්රේනය ඔවුන්ට පහර දෙනවා. අපි ඒකට සහයෝගය දෙනවා.” ඇය පැවසුවාය.

එක්සත් ජනපදය හා සහචර රටවල් යුරෝපය පුරා “යුද අභ්‍යාස” නමින් රුසියාව වටකිරීමේ  පෙරහුරු පවත්වයි Read More »

protest

ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! මාධ්‍යවේදියෙක් කොලඹ රැස්වීමකදී ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලපෑම් කරයි

අපගේ වාර්තාකරු විසිනි 

ඊයේ (21) ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් (HC) පෝල් ස්ටීවන්ස් මහ බැංකු ගොඩනැගිල්ලේ පැවති උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී, එක් මාධ්‍යවේදියෙක් පමනක්, තනිව, ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කරමින්, බොරු චෝදනා මත දඩයමට ලක් කරන ලද මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමට එම රජයට  මැදිහත් වන ලෙස බලකර සිටීමට අවස්ථාව ලබා ගත්තේය.

මෙම උත්සවය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සමඟ එක්ව මහ බැංකුව විසින් පවත්වන ලද සාර්ව-ආර්ථික විද්‍යා පාඨමාලාවක් හැදෑරූ මාධ්‍යවේදීන් දුසිම් දෙකහමාරකට පමන සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් විය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ‘ඕස්ට්‍රේලියානු ඒඩ්’ අනුග්‍රහය ලබා දී ඇති අතර තවත් සමහරු තමන් වෙනුවෙන් මුදල් ගෙවා  සහභාගි වූහ. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  සභාපති කුමාර් නඩේෂන් ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් සමඟ ප්‍රධාන මේසය බෙදා ගත්හ.

ආන්ඩුකාරවරයාගේ කථාවට පසුව ස්ටීවන්ගේ කතාව විය. මිනිත්තු අටක පමන කාලයක මහකොමසාරිස්ගේ මුලු කතාව අතරතුර, මාධ්‍යවේදී සංජය ජයසේකර, “ජුලියන් අසාන්ජ් – ජනතාවගේ මාධ්‍යවේදියා- නිදහස් කරනු!” යනුවෙන් පුවරුවක් ඔසවා ගෙන සිටියේය.

protest
ජයසේකර “ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!” යන පුවරුව ඔසවයි. [ඡායාරූපය ෂබීර් මොහොමඩ්]

එකී අවස්ථාවෙන් අනතුරුව ජයසේකර ද-සෝෂලිස්ට්.LK සමඟ කතා කලේය. ඔහු theRepublic.LK හි කර්තෘ වන අතර, ද-සෝෂලිස්ට්.LK හි ලේඛකයෙකි. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලේඛකයෙකුද, එහි ශ්‍රී ලංකා කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකුද වී සිටියේය. වර්තමානයේ ඔහු කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ද වේ.

ජයසේකර මෙසේ ප්‍රකාශ කලේය:

“විකිලීක්ස් නම් විස්ල්බ්ලෝවර් (තොරතුරු හෙලිදරව් කරන) වෙබ් අඩවියේ නිර්මාතෘ, මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය සඳහා ඕස්ට්‍රේලියානු රජය වගකිව යුතුය. අසාන්ජ් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. එක්සත් ජනපද හමුදාවේ හා ආන්ඩුවේ ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල ලෙයින් පෙඟී ගිය යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා  දැන් වසර 14ක් තිස්සේ ඔහුගේ පෞද්ගලික ජීවිතය අහිමි කර, අන්තිම දුෂ්කර තත්වයන් යටතේ ඹහු සිරගත කර ඇත. විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධ කිරීමත්, පිරිමින්, ගැහැනුන් සහ දරුවන් මරා දැමීමත් සඳහා ජනතාවගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් විනාශ කරන බැවින්, ජනතාව සත්‍යය දැනගත යුතුය යන විශ්වාසය මත ඔහුගේ හෙලිදරව්ව පදනම් වූ බැවින් මෙම සම්මානලාභී මාධ්‍යවේදියා ජනතාවගේ වීරයෙකි.

“බයිඩන් පරිපාලනය අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට උත්සාහ කරමින් සිටින අතර එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ මරන දන්ඩනය පවා ගෙන එන ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුන දීමට සිදුවනු ඇති. ඔහුගේ එකම “අපරාධය” නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ යුද අපරාධ සහ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කරන රහසිගත ලේඛන සහ වීඩියෝ දර්ශන ප්‍රකාශයට පත්කිරීමයි. විකිලීක්ස් වෙත මෙම වීඩියෝ ලබා දුන් හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි නිලධාරිනියක් වන චෙල්සී මැනිං ද රඳවා තබාගෙන හිංසනයට ලක් කරනු ලැබුනා.”

2019 අප්‍රේල් මාසයේදී ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ඇදගෙන යෑමෙන් පසු, අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් සිර කඳවුරේ සිරකර තැබෙනවා. ඔස්ට්‍රේලියානු ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඔහුට එරෙහිව සිදුකරන අඛන්ඩ තාඩන පීඩන, පුද්ගලික අවලාද නැගීම්, කුමන්ත්‍රන සහ ඔත්තු බැලීම් වලට හවුල් වී ඇත. අසාන්ජ්ට එරෙහිව ව්‍යාජ ලිංගික අතවර චෝදනා එල්ල කිරීමට එක්සත් ජනපදය ස්වීඩනය යොදා ගත් අතර පසුව ඒවා අත්හැර දැමුනා. සංස්ථාපිතයේ මාධ්‍ය මේ පාපකර්මවල කොටස් කාරයන් වේ.

Assange
අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයෙන් පිටත පොලිස් අත්අඩංගුවේ පසුවෙයි [sky.com]

“අසාන්ජ්ට එරෙහිව සිදුකරන පීඩාකාරී හඹායාම, ලෝකයේ ඕනෑම තැනකම, සියලුම ආන්ඩු විසින්, සියලුම මාධ්‍යවේදීන් සහ තොරතුරු හෙලිකරන්නන් ත්‍රස්ත කිරීම අරමුනු කර ගත්තකි.

දශක තුනකට වැඩි කාලයක් එක්සත් ජනපදය එහි පිරිහෙමින් පවතින ගෝලීය ආර්ථික ආධිපත්‍යය පියවා ගැනීම සඳහා විදේශයන්හි අඛන්ඩ අධිරාජ්‍යවාදී යුද්ධ කරමින් සිටින අතර දැන් නේටෝවේ සහ ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින්ගේ පූර්න සහයෝගය ඇතිව යුක්රේනයේ දී රුසියාවට එරෙහිව ප්‍රොක්සි (තුන්වන පාර්ශවයක් හරහා කරන) යුද්ධයක නිරතව සිටී. දේශීය වශයෙන් කම්කරු පන්තිය මත යුද්ධයේ බර පැටවීම සඳහා දැඩි කප්පාදු ක්‍රියාත්මක කෙරේ. යුද්ධය ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක අන්තරාය කරා ඇද ගෙන යයි. මෙම යුද්ධය එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනයට එරෙහි විශාල යුද්ධයක පුරෝගාමියෙක් පමනි.”

මනුෂ්‍යත්වය බේරා ගැනීමට නම් මේ යුද්ධ නැවැත්විය යුතුයි. ඒ සඳහා එක්සත් ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේම සමාජ වගකීමක් තිබෙනවා. අසාන්ජ් ඔවුන්ගේ ආදර්ශය බවට සැකයක් නැත,” ජයසේකර පැවසීය.

“සැබෑ මාධ්‍යවේදියකුගේ ඉහලම කර්තව්‍යය වන්නේ සමාජය සහ අවට ලෝකය පිලිබඳ සත්‍යය සෙවීම, විශ්ලේෂනය සහ හෙලිදරව් කිරීම බව මම විශ්වාස කරමි. ඔහු සත්‍යයට විශ්වාසවන්ත විය යුතුයි. සත්‍යය දැන ගැනීමට නම්, ඔහු සමාජයේ යාන්ත්‍රනයන් පිලිබඳ මනා අවබෝධයකින් යුතු විය යුතු අතර, සෑම විටම මහජනතාවට සහ සමාජ සාධාරනත්වයට පක්ෂපාතී විය යුතුය. ඒක තමයි සැබෑ පුවත්පත් කලාව.”

අසාන්ජ් ආරක්ෂා කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන අයගේ ලිට්මස් පරීක්ෂනයක් බව ද ජයසේකර පැවසීය.

මේ වසරේ මාර්තු අගදී, ඕස්ට්‍රේලියානු විදේශ ඇමති පෙනි වොං සෙනෙට් සභාවේදී සපල ලෙස ප්‍රකාශ කලේ, වෙනත් රටක “නෛතික ක්‍රියාදාමයන්” හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු ආන්ඩුවට අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කිරීමට කිසිවක් කල නොහැකි බවයි. මෙය අසාන්ජ්ගේ දරුනු දුක්ඛිත තත්වය විසඳීමට “නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය” භාවිතා කරන බවට ආන්ඩුව කල වංචනික ප්‍රකාශයන්ට පටහැනිව පිහිටයි. මෙම හැසිරීම ඕස්ට්‍රේලියානු ආන්ඩුවේම පූර්ව භාවිතයන්ට පටහැනිය. 

අසාන්ජ්ගේ නිදහස ඕස්ට්‍රේලියාව වැනි අධිරාජ්‍යවාදී සහචරයින් විසින් සුරක්ෂිත කරනු නැත. “යුද්ධය ඔවුන්ගේ පන්ති අවශ්‍යතා ඉටු කරයි. අසාන්ජ්ගේ ජීවිතය බේරා ගැනීම සහ පුවත්පත් කලාවේ නිදහස මෙන්ම යුද්ධය නැවැත්වීම වැඩකරන ජනතාවගේ අතේ පමනක් පවතින කාරනා” යැයි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ලෝක යුද්ධය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සූදානම සහ අසාන්ජ්ට හිංසා පීඩා කිරීම ක්‍රමානුකූලව හෙලිදරව් කරමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කර ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝසවෙඅ යයි.

ජූලියන් අසාන්ජ්  වහා නිදහස් කරනු! ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනගව්!

[මෙම ලිපිය ජුලි 22 දින මුල් වරට මෙහි ඉංග්‍රීසි බසින් පල විය]

ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! මාධ්‍යවේදියෙක් කොලඹ රැස්වීමකදී ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලපෑම් කරයි Read More »

protest

Free Julian Assange! Journalist pressures Australian government at a Colombo meeting

Our Correspondent 

Yesterday (21) one journalist stood alone in expressing his protest against Australian government and took it opportunity to demand that government’s intervention to secure the release of the witch-hunted journalist Julian Assange, when the Australian High Commissioner (HC) to Sri Lanka, Paul Stephens, was delivering a speech at an event held in the Central Bank (CB) building. 

The event was a certificate awarding ceremony to about two and a half a dozen journalists who had followed a macroeconomics course conducted by the CB in association with the Sri Lanka Press Institute (SLPI). Several journalists had been sponsored  by ‘Australian Aid’, while others had paid for themselves. At the event, CB governor, Nandalal Weerasinghe and SLPI Chairperson,  Kumar Nadeshan were sharing the head-table together with the HC.

The Governor’s speech was followed by Stephen’s.  During the HC’s whole speech for about eight minutes, Journalist Sanjaya Jayasekera, raised a placard to show, “Free Julian Assange – the Journalist of the People!”.

protest
Jayasekera raising the placard, “Free Julian Assange!” [Photo by Shabeer Mohamed]

Following the event, Jayasekera spoke to thesocialist.LK. He is the editor of theRepublic.LK, and a writer for theSocialist.LK. He was a  writer for the World Socialist Web Site (WSWS), and a member of its Sri Lankan editorial panel. Presently, he is also the Chairperson of the Colombo Action Committee. 

Jayasekera stated as follows:

The Australian government is responsible for the life of the journalist Julian Assange, the founder of the whistleblower website, the WikiLeaks. Assange is an Australian citizen. He has been deprived of his personal life for 14 years now, incarcerated in prison cells under extreme conditions, just for exposing the blood-soaked war crimes of the United States  military and the government in Iraq and Afghanistan. This award-winning journalist is a hero of the people, as his exposure was based on his belief that the people should know the truth,  as their monies are squandered without their consent for waging imperialist wars abroad, and for killing men, women and children. 

“The Biden administration is seeking Assange’s extradition to the US where he will face charges of espionage that carry a life sentence and even death penalty. His only “crime” is the publication of classified documents and footage exposing the war crimes and diplomatic conspiracies of US imperialism and its allies. Chelsea Manning, a former US Army intelligence officer, who provided these videos to Wikileaks was also kept in detention and harassed. 

“After he was forcefully arrested and dragged from the Ecuadorian embassy in London in April 2019, Assange has been confined to UK Belmarsh prison. The Australian government has been complicit in the continued persecution, personal slander, conspiracy and spying against him by US imperialism. US used Sweden to level fabricated allegations of sexual assault against Assange, which were later dropped. Established media are part of these sins.  

Assange
Assange in Police custody outside Westminster Magistrates Court after his arrest [sky.com]

“Assange’s persecution is intended to terrorize all journalists and whistleblowers, anywhere in the world, by all governments.

“For more than three decades US has been waging continuous imperialist wars abroad to offset its declining global economic dominance and is now engaged in a proxy war against Russia in Ukraine, with the full support of NATO and its allies including Australia. Severe austerity is implemented to place the burden of the war on the working class domestically.  The war is drawing the world toward the danger of a nuclear catastrophe. This war is just a prelude to a greater war against US’s main rival, China.

“These wars have to be stopped to save humanity.  That requires the building of a united global anti-war movement. Journalists have their own social responsibility in this regard.  Assange is undoubtedly their role model,” Jayasekera said.

“I believe the highest task of a genuine journalist is to search for, analyze and expose the truth- the truth about the society and the world around. He should be faithful to the truth. To know the truth, he should have a thorough understanding of the mechanisms of society, and always be biased towards people and social justice. That is true journalism.”

Jayasekera also said the defence of Assange is a litmus test of those who claim to represent democratic rights. 

Late March this year, Australian Foreign Minister Penny Wong effectively declared in the Senate that the Labor government of prime minister Anthony Albanese could do nothing to secure Assange’s freedom, due to “legal processes” in another country, contrary to its fraudulent claims of using “quiet diplomacy” to address his dire plight. These assertions contradict its own precedent practices. 

Assange’s freedom is not secured by imperialist allies like Australia. “The war serves their class interests. Saving the life of Assange and freedom of journalism, as well as halting the war are matters that rest solely on the hands of the working people”, Jayasekera stated further.   

It is the International Committee of the Fourth International (ICFI) and the WSWS that have systematically exposed the persecution of Assange, US imperialism’s preparations for world war and called for the building of an international anti-war movement of the working class. 

Free Julian Assange Now! Build the International Anti-war Movement! 

Free Julian Assange! Journalist pressures Australian government at a Colombo meeting Read More »

falcon

අධිරාජ්‍යවාදය තමන්ම පනවා ගත් සීමා බිඳිමින් යුක්‍රේනය හිස සිට දෙපතුල දක්වා සන්නද්ධ කරයි

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සකස් කරන ලද්දකි. මෙම ලිපිය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ඇමරිකා එක්සත් ජනපදය හා නැටෝව, යුක්‍රේනය හිස සිට දෙපතුල දක්වා වහා සන්නද්ධ කිරීමේ භයානක ක්‍රීඩාව නව අදියරකට ගෙන යමින්, යුද්ධය කරා වන සිය ධාවනයේ දී සියලු සීමා තරනය කිරීමට ඇති සිය සූදානම එලිමහනේ ප්‍රදර්ශනය කරමින් සිටී. ඔවුන් මෙම අන්තරායකාරී ක්‍රියා මාර්ගය පෙරට ගෙන යමින් සිටින්නේ නව උපාය මාර්ගික අවි අඩු කිරීම සඳහා 2010 දී ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව අතර අත්සන් තබනු ලැබ 2021 දී යළි දීර්ඝ කෙරුණු START ගිවිසුම ද අනතුරේ හෙලමිනි. මෙකී ගිවිසුම යටතේ මෙම දෙරටට ම, උපාය මාර්ගික න්‍යෂ්ටික අවි යෙදවිය හැක්කේ 1550 ක උපරිමයකට යටත්ව ය. නැටෝ යුද ව්‍යාපාරයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය මාර්තු 1 වන දින සිට එකී ගිවිසුමේ රුසියානු භූමිකාවෙන් තාවකාලික ව ඉවත්වීම නිවේදනය කලේය.  

එක්සත් රාජධානියේ චැලෙන්ජර් 02 හා ජර්මනියේ ලෙපර්ඩ් 02 යන තුන්වන පරම්පරාවට අයත් නවීනතම යුධ ටැංකි යුක්‍රේනය අතට පත් කරනු ලැබ, දැනටමත් යුද මෙහෙයුම්වල යොදවා ඇත. එසේම, යුක්‍රේන හමුදාවට එක්සත් ජනපදය සතු අතිනවීන M1 ඒබ්‍රහම් යුධ ටැංකි පිළිබඳ පුහුණුව ජර්මනියේ දී ලබා දීමට යයි.

ඇමෙරිකානු GMLRS (Guided Multiple Launch Rocket System) මිසයිල සහ ඒවා වෙඩි තැබීමට හිමාර්ස් (Himars) වාහන දැනටමත් යුක්‍රේනය සතුව ඇති අතර, ඒවා සැතපුම් 60ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දීමට යොදා ගත හැකිය. තවද , එක්සත් ජනපදය දැනටමත් සැතපුම් 93 ක පරාසයක් සහිත බිම් මට්ටමේ දියත් කෙරෙන කුඩා විෂ්කම්භයක් සහිත බෝම්බ (GLSDB) යුක්රේනයට ලබා දී ඇත.

එක්සත් ජනපදය හා නැටෝව මෙසේ යුක්‍රේනය වෙත ලබා දෙන ලබන යුද ආධාර ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද දිනෙන් දින ඉහළ නංවමින් සිටින්නේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය මැයි මාසයේදී, “අප රුසියාවට පහර දෙන රොකට් පද්ධති යුක්‍රේනයට යැවීමට සැරසෙන්නේ නැතැ,” යි නිශ්චිතවම කරන ලද ප්‍රකාශය ද පසෙක ලමිනි. එක්සත් රාජධානිය, යුක්‍රේනයේ සිට රුසියානු භූමියට හා ක්‍රිමියාවට පහර දීමේ හැකියාව ඇති ස්ටෝර්ම් ෂැඩෝ කෲස් නම් දිගු දුර මිසයිල යුක්රේනයට යවා ඇත. යුක්රේන පාලනය යටතේ පවතින භූමිය සහ, ක්‍රිමියාවේ විශාලතම නගරය ද, රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානය ද වන සෙවාස්ටොපෝල් අතර දුර, “Storm Shadow” දිගු දුර මිසයිලයේ පරාසය ඇතුලත පවතී. මෙම මිසයිලයේ පරාසය නිල වශයෙන් කිලෝමීටර් 250 (සැතපුම් 155) ක් වන නමුත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු තවත් අයගේ ඇස්තමේන්තු අනුව එය සැතපුම් 250 හෝ ඇතැම්විට සැතපුම් 350 ක උපරිම පරාසයක් වුව ගත හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබේ. මේ අනුව බටහිරින් දිගු දුර ප්‍රහාරාත්මක අවි ලබා ගත් පලමු රට බවට පත්වන්නේ යුක්‍රේනය යි. මෙම මිසයිලය ලබාගත් සැනින්ම, යුක්‍රේනය විසින් නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් නගරයේ කාර්මික ස්ථාන දෙකකට පහර දුන් බව රුසියාව තහවුරු කළේය.

මීට අමතරව බක්මුට්හි යුක්‍රේන හමුදාවට සිදු වූ පරාජයට එරෙහිව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට F-16 ප්‍රහාරක ජෙට් යානා යැවීමට නැටෝ සන්ධානයේ සාමාජිකයින්ට බලය පවරා ඇති බව නිවේදනය කලේය. එම යානා පැදවීමට අවශ්‍ය යුක්‍රේන ගුවන් නියමුවන් පූහුණු කිරීමට එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය හා බෙල්ජියම යන රටවල් දැනටමත් සන්ධාන ගත වී ඇත. ඩෙන්මාර්කය මෙම ගුවන් නියමුවන් පුහුණු කිරීම දැනටමත් අරඹා ඇත.

F-16 සහ අනෙකුත් ප්‍රහාරක ජෙට් යානා යෙදවීම රුසියාවට දරා ගත නොහැකි කොන්දේසි නිර්මානය කරනු ඇත. F-16 යානාවලට සැතපුම් 500 කට වඩා වැඩි පරාසයක් ඇති අතර, එයට සැතපුම් 1,200 කට වඩා වැඩි පරාසයක් සහිත මිසයිල යෙදවීමට හැකියාව ඇත. එය යුක්‍රේන හමුදාවට මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලබා දෙයි

වඩාත්ම වැදගත් කාරනය නම්, F-16 යානාවලට උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි වීමයි. මෙය අතිශය භයානක තත්වයක් නිර්මානය කරනු ඇත.

falcon
උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F-16 සටන් Falcon ගුවන් යානා 2022 මැයි 8 වැනි දින එක්සත් ජනපද ගුවන් හමුදා මධ්‍යම ප්‍රදේශයේ ගුවන් මෙහෙයුම් සිදු කරයි. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව/ගුවන් හමුදා මාස්ටර් සාජන්ට්. මැතිව් ප්ලූ]

බ්‍රැඩ්ලි සටන් වාහන 15ක්, ස්ට්‍රයිකර් සන්නද්ධ පිරිස් වාහක 10ක්, ආරක්ෂිත සන්නිවේදන උපකරණ සහ කුඩා අවි උණ්ඩ මිලියන 22කට අධික ප්‍රමාණයක් ඇතුළුව තවත් ඩොලර් මිලියන 325ක ආයුධ යුක්රේනයට එවන බව මේ අතර එක්සත් ජනපදය නිවේදනය කළේය.

ඊට අමතරව, මෙතෙක් කලක් නොයැවිය යුතු අති භයානක අවි ලේඛනයේ තිබූ ATACMS මිසයිල පද්ධතිය යුක්රේනයට යැවීමට ධවල මන්දිරයේ විදේශ කටයුතු කමිටුව ජූනි 21 දින යෝජනාවක් සම්මත කළේය.

ATACMS හට සැතපුම් 190කට වඩා වැඩි පරාසයක් ඇති අතර, එය දැනටමත් ලබාදී ඇති HIMARS මිසයිල දියත් කිරීමේ පද්ධතිය භාවිතා කර මුදා හැරිය හැක.

මේ සමගම පොකූරු බෝම්බ නමින් හැඳින්වෙන වඩාත් විනාශකාරී ආයුධ පද්ධතිය ද යුක්‍රේනයට යැවීමට එක්සත් ජනපදය මේ වන විට තීරණය කර ඇත.

ලෝකයේ හත්වන ප්‍රධාන සමාගම මෙන්ම බ්‍රිතාන්‍ය ප්‍රධාන ආයුධ නිෂ්පාදකයා වන BAE සිස්ටම් සමාගම, ආයුධ තැනීමේ අරමුණෙන් යුක්‍රේනය තුල කාර්යාලයක් විවෘත කිරීමට යයි. එමගින් අවිආයුධ ආනයනයකින් තොරව යුද්ධය සඳහා ඍජුවම ආයුධ සැපයීමේ හැකියාව ඇති කරයි. 

යුද්ධය ආරම්භයේ පටන් ජර්මනිය, ද්විපාර්ශවික සහයෝගය මත යුක්‍රේනයට පමනක් යුරෝ බිලියන 17ක් වන යුද්ධාධාර ලබා දුන් අතර, ඒ අනුව, එක්සත් ජනපදයට පසුව යුක්‍රේන යුද්ධයේ දෙවැනි විශාලතම ආධාරකරුවා වන්නේ ජර්මනිය යි. මෙම ආධාරය තවත් දිගු කරමින්, මාර්තු 13 වැනි දා, ජර්මානු ආන්ඩුව යුක්‍රේන හමුදාව සඳහා මිලිටරි ආධාරවල යෝධ වැඩි කිරීමක් නිවේදනය කලේ ය. “මේ දක්වා යුක්‍රේනයට ලබා දෙන විශාලතම මිලිටරි ආධාර පැකේජය ජර්මනිය විසින් සූදානම් කරමින් සිටී” යි විදේශ කාර්යාලය ට්විටර් පනිවුඩයක ලීවීය.

යුරෝ බිලියන 2.7ටත් වඩා වටිනා, කාලතුවක්කු, ගුවන් ආරක්ෂාව, සන්නද්ධ සටන් වාහන සහ මිලිටරි ඉංජිනේරුමය ආයුධ, විශේෂයෙන් ම, ලියෝපෝල්ඩ් 1 ඒ5 සටන් ටැංකි 30ක්, කාලතුවක්කු සමග සටන් වදින මාඩර් වාහන 20ක්, කෙටි තුවක්කු 18ක්, සන්නද්ධ සටන් රථ 100ක්, අයිරිස්-ටී එස්එල්එම් ගුවන් ආරක්ෂක පද්ධති 4ක් සහ අයිරිස්-ටී එස්එල්එස් යානා දියත් කරනයන් 12ක් සමගින් සහකාරක මිසයිල හා කාලතුවක්කු ආයුධ එම පැකේජයට අඩංගු වේ.

යුක්‍රේනය දියත් කරන ලද “වසන්ත ප්‍රතිප්‍රහාරයේ” දී ජර්මන් ලෙපර්ඩ් 02 යුද ටැංකි විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බැවින්, දින කිහිපයකට පෙර ජර්මනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එය ඌන පූර්ණය කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ , ලෙපර්ඩ් 02 යුධ ටැංකි දුසිම් ගණනක් යුක්‍රේනය වෙත යවන බවයි.

මීට අමතරව, යුද ටැංකි හා අනෙකුත් ආයුධ පද්ධති ඍජු ව ම යුක්‍රේනය තුල නිෂ්පාදනය කිරීමට, ජර්මානු ආරක්ෂක කර්මාන්තය සැලසුම් කරමින් සිටී. යුක්‍රේනියානු රාජ්‍යයට අයත් යුක්‍රෝබොරොන්ප්‍රෝම් සමාගම සමග යුද ටැංකි අලුත්වැඩියා කිරීමේ හා නිපදවීමේ බද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට රයින්මෙටල් සංගතය ක්‍රියා කර ඇත. යුද ටැංකි පිලිබඳ මෙම සහයෝගිතාව “විස්තීර්න සහයෝගිතාවක පලමු පියවර පමනි” යි හැන්ඩල්ස්බ්ලාට් පුවත්පත ලියයි. එලඹෙන දවස්වල දී “යුද්ධෝපකරන හා ගුවන් ආරක්ෂාව යන අංශ වෙනුවෙන් වන තවත් බද්ධ ව්‍යාපාර දෙකක් සඳහා අත්සන් තැබෙනු ඇතැ” යි එහි තවදුරටත් සදහන් විය.

දැන් ජර්මානු අධිරාජ්‍යවාදය යලි වතාවක් යෙදී ගෙන සිටින්නේ, සෝවියට් සංගමයට සහ රුසියානු අධිරාජ්‍යයට වරක් අයත් වී තිබුනු යුක්‍රේනය සහ අනෙකුත් රටවල්, මොස්කෝවේ බලපෑම් කලාපයෙන් ඉවත් කොට, ඒවා ජර්මානු-ආධිපත්‍යය සහිත යුරෝපා සංගමයෙහි පාලනය යටතට ගෙන ඒමේ ධාවනයේ ය.

10 ජූනි සෙනසුරාදා, කියෙව් වෙත හදිසි සංචාරයක දී, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ, යුක්රේන තන්ත‍්‍රයට තවත් C$ මිලියන 500 ක මිලිටරි ආධාරයක් ලබා දුන් අතර, එක්සත් ජනපද-නේටෝව 2022 පෙබරවාරිියේ රුසියානු ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමණය අවුලුවා ලූ දා සිට, ඩොලර් බිලියන 1 කට වැඩි මිලිටරි ආධාර ඇතුළුව, ඔටාවා දැනටමත් කියෙව් පාලනයට ඩොලර් බිලියන 8 කට වඩා ආධාර ලබා දී ඇත. 

2015 දී දියත් කරන ලද යුක්රේන හමුදාව සඳහා පුහුණු වැඩසටහන වන Operation Unifier, 2026 වසර දක්වා දීර්ඝ කිරීමට කැනඩාව කැපවී ඇත. කැනඩාව දැන් යුක්රේන ගුවන් නියමුවන් F-16 ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීමට යයි. අන්ත දක්ෂිනාංශික යුක්රේන කැනේඩියානු කොන්ග්‍රසයේ මාධ්‍ය නිවේදනයකට අනුව, ආධාර පැකේජයට මිලිමීටර් 105 පතොරම්, ASM මිසයිල (ගුවනේ සිට ගොඩබිමට පහර දෙන මිසයිල වර්ගයකි) සහ පෝලන්තයේ ටැංකි නඩත්තු මධ්‍යස්ථානයක් ද ඇතුලත් වේ.

2022 පෙබරවාරි මස රුසියානු යුක්‍රේන ආක්‍රමණයෙන් පසු තුන් වන වරටත් කියෙව් වෙත පැමිණි, යුරෝපා සංගමයේ කවුන්සිලයේ සභාපති ලෙස හය මසක කාල පරිච්ඡේදයකට පසුගිය ජූලි 01 වන දින වැඩ භාරගත් ස්පාඤ්ඤ වැඩ බලන අගමැති පෙඩ්‍රො සන්චෙස්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි සමග පැවති රැස්වීමේදී, රුසියාවට එරෙහිව විශ්මය දනවන යුද උත්සන්න කිරීමක් සඳහා නේටෝ සැලසුම් මත යුරෝපා සංගමය මුලුමනින්ම පෙලගැසී ඇති බව පැහැදිලි කලේය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ප්‍රධාන රාජ්‍යයක් වන රුසියාව සමග සම්පූර්ණ යුද්ධයකට මග පාදන වැඩපිළිවෙලක් සකස් කරමින්, “ගෙවිය යුතු මිල කුමක් වුවත්” යුක්‍රේනයට යුරෝපා සංගමයේ සහයෝගය ලබා දෙන බවට සන්චෙස් පොරොන්දු විය.  

මේ සමගම, ස්පාඤ්ඤය ද යුරෝ මිලියන 55 ක් වටිනා අතිරේක ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට යයි. මැඩ්රිඩ් විසින් මාස දෙකකට පෙර දැනටමත් යවනු ලැබ ඇති ලෙපර්ඩ් 2 යුධ ටැංකි හයට අමතරව තවත් ලෙපර්ඩ් 2 යුධ ටැංකි හතරක්, සන්නද්ධ පිරිස් වාහකයන් සහ ශල්‍ය උපකරණ සහිත ජංගම ක්ෂේත්‍ර රෝහලක් ද එවීමට නියමිතව ඇත.

යුක්‍රේනය සන්නද්ධ කිරිමේ කටයුත්ත කෙතරම් ජයට සිදු වේද යන්න, නේටෝ හා සමීපව කටයුතු කරන නමුත්  එහි සමාජික නොවන රටවල් විසින් යුක්‍රේන යුද්ධය සඳහා සිදු කරනු ලබන දායකත්වය තුලින් පෙනේ. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්වීඩනය මෙහිදී, නම් කල හැක.

මැයි මාසයේ දී නවසීලන්තය අතිරේක ඩොලර් මිලියන 5.3ක් යුක්‍රෙනයට ලබා දීම ප්‍රකාශයට පත් කල අතර, එය, කියෙව් පාලනය සඳහා නවසීලන්තයේ සම්පූර්ණ මිලිටරි සහ මිලිටරි නොවන සහාය ඩොලර් මිලියන 78 දක්වා ගෙන එයි. ආයුධ සහ පතොරම් සඳහා අරමුදල් සැපයීම සහ රුසියානු නායකයින්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අරමුදල් සැපයීම මෙයට ඇතුළත් ය.

නවසීලන්තයේ මෙම මූල්‍යමය සහාය යුක්‍රේනයට මූල්‍යමය ආධාර කරන අනෙකුත් රටවල මූල්‍යමය ආධාර සමග සැසඳීමේදී සුළු වුවත්, මෙම යුද්ධයට නවසීලන්තය දක්වන ක්‍රියාශීලී දායකත්වය සැලකිය යුතුය.

මන්දයත්, බ්‍රිතාන්‍ය සාලිස්බරි ප්ලේන් හමුදා පුහුණු මධ්‍යස්ථානයෙහි නවසීලන්ත ආරක්ෂක හමුදා (NZDF) භටයින් 440 යොදවා ඇති අතර, මේ වන විට ඔවුන් යුක්රේනියානුවන් 1,000 කට වැඩි පිරිසක් පුහුණු කර ඇත.

ජූනි 25 දින, ඕස්ට්‍රේලියානු කම්කරු රජය  යුක්රේනයට තවත් ඩොලර් මිලියන 110 ක ආධාරයක් ප්‍රකාශයට පත් කළ අතර, එය වසරකට මඳක් වැඩි කාලයක් තුල ලබා දී ඇති සම්පූර්ණ ආධාර මුදල ඩොලර් මිලියන 790 දක්වා ඉහළට ගෙන ගියේය. යුක්රේන යුද ප්‍රයත්නයට නේටෝ නොවන වැදගත්ම දායකත්වය සපයන්නන්ගෙන් කෙනෙක් ලෙස  ඕස්ට්‍රේලියානු  ආන්ඩුව නම් කල හැක.

මේ අතර, F- 16 ජෙට් යානා යූක්‍රේනයට යවන බවට නේටෝ විසින් කරන ලද නිවේදනයත් සමගම, ඕස්ට්‍රේලියාව විසින් F/A – 18 හෝර්නට් ප්‍රහාරක ජෙට් යානා 41 යුක්‍රේනයට යවන බව නිවේදනය කළේය.

ස්වීඩනය ද පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී යුක්රේනය සඳහා ප්‍රධාන ආයුධ පැකේජයක් ප්‍රකාශයට පත් කරන ලදී . ආචර් 155-මිලිමීටර් හොවිට්සර් අටක්, ස්ට්‍රිඩ්ස්වැගන් 122 ටැංකි 10 (මූලිකව, ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2A5 යුධ ටැංකි තාක්ෂණය අනුව නිපදවූ යුධ ටැංකි වර්ගයක්), බලවත් CV90 පාබල සටන් වාහන 50ක් හා මිලිමීටර් 40 ඔටෝකැනන් ඊට ඇතුළත් විය. මෙම ආයුධ හා වාහන තොගය සමඟ යුක්රේනය සදහා ස්වීඩන හමුදා ආධාරයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ ගියේය. මෙම වාහන සහ අවිආයුධ සදහා පුහුණුව මැයි මස අග හෝ ජූනි මස මුලදී අවසන් වූ අතර, එහෙයින් දැනටමත් මෙම වාහන හා යුද්ධායුධ යුක්‍රේන භූමිය තුළ ක්‍රියාත්මක ය.

මේ අනුව, යුක්‍රේනය තුල තමන් විසින් පොලඹවා මොලවා ගත් ගිනි මැලයට වඩවඩාත් තෙල් ඉසීමේ යෙදී සිටින එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් තමන් විසින් ම සනිටුහන් කරන ලද අන්තරායකර සීමා පවා ඉක්මවා යමින් තල්ලු කෙරී ඇත්තේ වසරකට පෙර තමාම වුව මඟ හරින්නට වඩාත් කැමැත්තකින් සිටි සංග්‍රාමයක් කරා ය.

අධිරාජ්‍යවාදය තමන්ම පනවා ගත් සීමා බිඳිමින් යුක්‍රේනය හිස සිට දෙපතුල දක්වා සන්නද්ධ කරයි Read More »

Scroll to Top