politics

IMG 20230508 WA0008 1

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිලිතුරක්: සසප වාම කන්ඩායමේ අරගලය

නන්දන නන්නෙත්ති විසිනි.

සමාජවාදී සමාන පක්ෂය විසින් පසු ගිය මැයි 6 දින විශේෂ ලිපි 3ක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මුදා හලේ ය. ඒවා සංජය ජයසේකර හා නන්දන නන්නෙත්ති යන පක්ෂයේ නායකත්වයේ වැඩ කටයුතු කල සහෝදරවරුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීම පිලිබඳව ය. 

එම ලිපි අතර “නන්දන නන්නෙත්තිගේ සහ සංජය ජයසේකරගේ පක්ෂ විරෝධී වැඩකටයුතු පිලිබඳ සසප මධ්‍යම කාරක සභා යෝජනාව යන නමින් ලේඛනයක් ද,‘නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබඳව සසප සාමාජිකයන් වෙත ලිපියක්‘ යනුවෙන් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරගේ ලිපියක් ද පලකර ඇත. 2022 නොවැම්බර් මාසයේ සම්මත කර ලද ඉහත කී මධ්‍යම කාරක සභා යෝජනාව සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් හා එහි සඳහන් චෝදනාවල සැබෑ ස්වභාවය හෙලිදරව් කරමින්,  මා විසින් පක්ෂ නායකත්වය වෙත 2023 ජනවාරි මස මුල යවන ලද හා පක්ෂ තන්ත්‍රය විසින් සාමාජිකත්වයෙන් වහංගු කරන ලද ලිපිය මෙහි පල කිරිම සඳහා යොමු කරමි.

මෙම පිලිතුරු ලිපිය අප පලකරන්නේ පක්ෂ නිලධාරී තන්ත්‍රයේ බාල කූටෝපායික හැසිරිම හෙලි දරව් කිරිම සදහා සහ මෙම අහිතකර වර්ධනයන් පිටු දැකීම සඳහා අවශ්‍ය සාකච්චාවට අවකාශය විවෘත කර ගැනීම පිනිස ය.

මතුව ඇත්තේ විනය ප්‍රශ්නයක් යයි තන්ත්‍රය කරන යෝජනාව කේඩරයත්, කම්කරු පන්තියත් අත්‍යවශ්‍ය දේශපාලන සූදානම් කිරීමේ කර්තව්‍යයෙන් ඉවත හරවා ගැනීමේ ප්‍රයත්නයකි. සැබවින්ම නම්, පක්ෂ තන්ත්‍රය හා වාම කන්ඩායම අතර දිගු කාලීන දේශපාලන මතභේද පැවතිනි. 

ඒවායින් ප්‍රධාන ඒවා මෙසේ ය: 

  1. පක්ෂයේ කේඩර සහෝදරවරු පන්ති අරගලයේ ඉතාම වාසිදායක තත්ත්ව යටතේත් පක්ෂය හැර යාමේ දී දේශපාලන තක්සේරුවක් සදහා වාම කන්ඩායමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම.
  2. පක්ෂය තුල වැඩෙමින් පැවෙති මූලධර්ම හා බුද්ධි විරෝධය, පසුගාමීත්වය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ ලිපිවල වැඩෙමින් පැවති න්‍යායික හා දේශපාලන දුප්පත්කම හා තත්කාර්යවාදය සම්බන්ධ ප්‍රශ්න විසඳාගැනීමේ අරගලය පෙරට නොගැනීම.

උදා: 

  • මුස්ලිම්වරුන්ගේ මෘත දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට සසප වාම කන්ඩායම දැක් වූ විරුද්ධත්වය නො තකා හැර රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිගාමී වර්ගවාදී උදඝෝෂනයට පක්ෂය නතු කිරීම;
  • මූලධර්ම හා විප්ලවවාදී සම්ප්‍රදාය සම්බන්ද ප්‍රශ්නවලින් පීලි පැනීම: නිදසුනක් ලෙස රංජන් රාමනායකව ‌බෞද්ධ සංස්ථාපිතය හා රාජ්‍යය එකාබද්ධව දඩයම් කරද්දී ඊට විරුද්ධ විය යුතු යයි වාම කන්ඩායම යෝජනා  කිරිම මධ්‍යම පන්තියට යටවීමක් ලෙස තන්‍ත්‍රය විසින් නම් ක⁣ර වරෝධය යටපත් කලේය. 
  1. පීඩිත ජාතීන්ගේ  ස්වයං-නීර්නය දිනා ගැනීම කම්කරු පන්තියේ ආඥාදායකත්වය යටතේ පමනක් කල හැකිය යන ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය ව්‍යාකූල කිරීමට නායකත්වය වැඩ කිරීම.
  2. ගුරු අරගලයේ දී ජෙනරල් ස්ට්‍රයිකයන් සදහා පක්ෂය හෝ පන්තිය සූදානම් නැතැයි නායකත්වය දැරූ අදහස.
  3. කොවිඩ් කාලයේ සිසුන්ගේ ආරක්ෂාව සහතික වන තුරු පාසැල් විවෘත නොකරනුයි ජාත්‍යන්තර කමිටුව ආරම්භ කල උද්ඝොෂනයෙන් පසු බැසීම.
  4. අව්‍යාජ ක්‍රියාකාරි කමිටු සදහා ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත මත පක්ෂය පදනම් කර ගැනීමට වාම කන්ඩායම දැරූ ප්‍රයත්නය. එමෙන්ම, ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා කම්කරු පන්තිය තුල කල යුතු අරගලය වෙනුවට නැති කමිටු ගැන වාර්තා ලියා තමන් ම රවටා ගැනීමට වාම කන්ඩායම පෑ විරෝධය, හා අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් වූ ‘කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව’ දැනුවත්ව විසුරුවා හැර නිලධරය එහි නම අවභාවිත කිරීම.
  5. පක්ෂය ගොඩ නැගීමේ හා ඒ සදහා වෙබ් අඩවිය වර්ධනය කිරීමේ දී ඊට අවශ්‍ය න්‍යායික ‌ දේශපාලනික විශ්ලේශන වර්ධනය කිරීම හා ඒවා කම්කරු පන්තියට ඒත්තු ගැන්වීමට සක්‍රීයව මැදිහත්වීම  වෙනුවට ලයික් එකතු කිරීම වැනි ප්‍රචාරකවාදී ආදේශකයන්ට නිලධරය හැරීම. 
  6. කර්තෘ මන්ඩලයේ කලා අනු කමිටුව වසර ගනනාවක් විසුරුවා හැර ලෝසවෙඅට ලංකා ශාඛාවෙන් කෙරෙන කලා විචාර හා සංස්කෘතික රචනා සඳහා වන සාකච්ජා අහුරා පක්ෂ⁣යේ එම ක්ශේෂ්ත්‍රවල ප්‍රතිපදානයන් කිරීම නොසලකා හැරීම
  7. ලෝකල් සභා, දේශපාලන මන්ඩලය හා සාමාජික රැස්වීම්  දක්වා පක්ෂ මන්ඩල තුල දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක මතභේද සාකාච්ජා කිරිම අධිකාරාත්මක ලෙස, නිලධාරීවාදී ආකාරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී  මධ්‍යගතවාදයට පටහැනිව, යටපත් කිරීම. පක්ෂ ප්‍රාදෙශීය ලෝකල් සභා අතර පක්ෂ සහෝදරවරුන්ට දේශපාලන හා සංවිධානාත්ක ප්‍රශ්න සාකච්ජාව තහනම් කිරීම. පක්ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රධායන් නො කතා කටයුතු කරමින් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී නිලධාරි තන්ත්‍රයක වුවමනාවන්ට පක්ෂය යටත් කිරීමට වාම කන්ඩායම දැරූ විරෝධය.
  8. අවස්ථා කීපයකදීම ව්‍යාජ වම සමග සන්ධානගත වීමට නායකත්වයේ නැඹුරුව වාම කන්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීම.
  9. 2022 වසරේ ලෝක පන්ති අරගලයේ සන්ථිතියේ ඉහලම තුඩක් ලෙස ලංකාවේ පැන නැගි දැවැන්ත කම්කරු හා මහජන අරගලවලට විප්ලවවාදී සමාජවාදි නායකත්වය දීම සඳහා සක්‍රීය මැදිහත්වීම් නොකර එම පන්ති අරගවලින් වියෝව, එම අරගලය මධ්‍යම පන්තියට හා ව්‍යජ වමට ඩැහැගැනීමට ඉඩහැරීමේ පක්ෂ නිලධාරයේ කට්ටිවාදී විනාශකාරී  භාවිතාවට වාම කන්ඩායම එරෙහි වී ක්‍රියාමාර්ග ගැනීම.

මෙම කරුනු වල දේශපාලන අන්තර්ගතයන්  ඉදිරියේ දී සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට අප කන්ඩායම සූදානම් ය. 

මේ නිසා, මෙම ලිපිය කම්කරුවන්ට හා පීඩිතයන්ට අවශ්‍ය වැදගත් පාඩම්වලින් සමන්විත වන බව අපි විශ්වාස කරමු. මන්ද, ලෝක කම්කරු පන්තියේ, විශේෂයෙන් ලංකාව ඇතුලු දකනු ආසියාවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳී⁣මේ දැවැන්ත ඓතිහාසික අභියෝගයට සමස්ත වැඩකරන පන්තිය මුහුන දී සිටින බැවිනි.

Image
නන්දන සසප උද්ඝෝෂනයක

ප්‍රිය ජයසේකර සහෝදරයා,

මා පක්ෂයෙන් නෙරපන ලද බව දැනුම් දෙමින් ඹබ විසින්  එවන ලද 2022 නොවැම්බර් 19

දිනැති ලිපිය සම්බන්ධයෙනි.

පක්ෂ නායකත්වය විසින් ගනු ලැබ ඇත්තේ දේශපාලනිකව මෙන් ම සදාචාරාත්මකව ද පිලිගත නො හැකි හා 4වන ජාත්‍යන්තරයේ ප්‍රතිපත්තීන් හා පක්ෂයේ ව්‍යවස්ථාවමත් නො තකා හැරුනු තීන්දුවකි. ඒ සම්බන්ධයෙන් ම‌ගේ ව්රුද්ධත්වය ප්‍රකාශ කරන අතර එය නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි.

පක්ෂය පදනම් වන බොල්ෂෙවික් මූලධර්ම උල්ලංගනය කර ඇතැයි ඔබ මට චෝදනා කර ඇති අතර ඒ අනුව නෙරපා හැරීම සිදු කර ඇතැයි කියයි.ඔබේ ලිපියේ සදහන් කර ඇති පරිදි
“… දේශපාලනික න්‍යායික හෝ සංවිධානාත්මක මතභේද සාකච්ඡා කල යුත්තේ පක්ෂය තුල පමනි.” එය වැලැක් වූයේ මෙම ප්‍රකාශයෙන් මට දමා ගසන ඔබම නො වේ ය යි ඔබට කිව හැකි ද? 

නායකත්වය සාකච්ඡා කිරීම සදහා ඉඩ දුන්නේ නැත. මා ලියූ ලිපි සාකච්ඡාවට බදුන් නො කලේ ය. ඒවා සාකච්චා කිරීම ලජ්ජාවක් ය යි දේශපාලන කමිටුව කිය යි. මම අවසන් වරට සහභාගී වූ මධ්‍යම කාරක සභාවේ දී මේ පිලි බද සූදානම් කරන ලද සාකච්චාවක් හා කරුනු ඉදිරිපත් කිරීම සදහා මට විනාඩි 45ක කාලයක් දෙන ලෙස ඉල්ලීමි. සංජය සහෝදරයා හැර කිසිවෙකු එය අනුමත කලේ නැත. සාමාජික රැස්වීමවලදී චෝදනා කන්දකට පිලිතුරු දීමට මට ලැබුනේ අන් සියල්ලන්ට ලබා දුන් විනාඩි පහ ය. එය සාමාජිකත්වයට හදුන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ය. ජාත්‍යන්තර කමිටුව මැදිහත් වී සම්මේලනය කල් දැමුව ද සාකච්ඡාවක් වැලැක් වීමට නාකත්වය හිතා මතා කටයුතු කලේ ය.මාස තුනකට ම පැවැත් වූයේ එකම එක සාමාජික රැස්වීමකි. එය විකෘති කිරීම්, අපහාස හා අවලාදවලින් පිරවී ය.

මගේ ලිපි සාමාජිකයන්ගෙන් වසන් කර ඒවායේ ඇතැම් කරුනු විකෘති ලෙස ඉදිරිපත් කරමින් සාමාජිකයන් මුලා කලේ ය. අවසානයේ දී ඔබ ඉතාම කුමන්ත්‍රනකාරී ලෙස 2022 ජුනි 18 දින මගේ සාමාජිකත්වය තහනම් කලේ ය.කිසිදු පරීක්ෂනයකින් හෝ සාකච්ඡාවකින් තොරව මා නෙරපා හරිනු ලැබ ඇත. මෙය කුමන්ත්‍රනයක ප්‍රතිඵලයකි.

අම්බලන්ගොඩ ලෝකල් සභාව තුල කුමන්ත්‍රනය දියත් වන විට මම  ඔබට දැනුම් දිනිමි.මැයි 19 දින මා එවූ එම ලිපිය බලන්න.එය සොයා බලා ප්‍රශනය විසදනවා වෙනුවට මාගේ සාමාජිකත්වය තහනම් කිරීම සදහා සැලසුමක් ක්‍රියාවට දැමුනි. ජුනි 18 මගේ සාමාජිකත්වය අත් හිටුවන්නේ තුන්වන සම්මේලනය තුල හා එය සූදානම් කිරීමේ දී කූටෝපායයන් යොදා ගත්තේ ය යි මා කී නිසා ය. මා ඉල්ලා සිටියේ සාකචඡාවකි.

සංජයත් මමත් ලිකිතව හා වාචිකව සාකච්ඡාවක් ඉල්ලා එක දිගට කල අරගලය ඔබ මුලුමනින් ම නො තකා හලේ ය.ඒ අතර ම සාකච්චාවකට අප සූදානම් නැතැයි සාමාජිකයන් අතර ප්‍රචාරය කරමින් අප හුදකලා කිරීමට දැනුවත් ව වැඩ කලේ ය. මේ නිසා මා අභ්‍යන්තර ප්‍රශ්න සාකච්චා කිරීමේ බොල්ෂෙවික් සම්ප්‍රදාය නො තකා පක්ෂයේ නායක සහෝදරවරු ප්‍රසිද්දියේ විවේචනය කර ඇතැයි ඔබ කරන චෝදනාව අතිෂය වංචනික ද කුහක ද වේ. මාලන් හා රොහන්ත යන සහෝදරවරු සංජය හා මා සීඅයිඒයට සම්බන්ධ කිරිමට ගත් උත්සාහය ගැන මා ගත් ආරක්ෂක පියවර නිදසුනක් ලෙස ඔබ හුවා දක්වයි. නමුත් ඔවුන් එසේ කිරීම ගැන ඔබට කියන්නට දෙයක් නැත. පරික්ෂන නැත. ඔබ දැන් උත්සාහ කරන්නේ මේ දුෂ්ට ක්‍රියාව ආරක්ෂා කිරීමට ය.

ගෝටාගෝගමක්‍රියාකාරියෙකුවූචාමරජීවන්තදෙද්දූවගේනම්පුද්ගලයා 2009-2020 අතරකාලයේපැෆරල්ආයතනයේවොලන්ටියර්කෙනෙකුලෙසසේවයකිරීමහේතුවෙන්ඔහුටසීඅයිඒසම්බන්ධයක්ඇතිබවට“News Atlas” තර්කකරතිබිනි.ඒනිසාගොටාගෝගමයනුඅමරිකානුතන්ත්‍රමාරුවැඩපිලිවෙලක්යයිඑයතරකකරතිබිනි. මෙහිසදහන්දෙද්දූවසංජයගේfb මිතුරෙක්විය. මාලන්අදාලවීඩියෝවWhatsApp මගින්ලෝකල්සාමාජිකයන්අතරබෙදාහැරඑයසංජයටසීඅයිඒසබදකම්ඇතයනදූෂමානහාදඩයක්කාරීප්‍රචාරයක්සදහායොදාගත්තේය. සංජය 2021 ජුලි 17 දිනඅදාලවීඩියෝවසමගසියfbහිපලකලඉතාපැහැදිලිවිශ්ලේෂනයක්මගින්මාලන්පසුබැස්සවීය. එහෙත්රොහන්තසංජයහාමායනඅපදෙදෙනාමමෙමචෝදනාවටයටත්කොටප්‍රචාරයකරනලදී. මටමේගැනකියන්නටතැනක්නොතිබුනේහුදෙක්පක්ෂයතහනම්කිරීමනිසානොවමේවාටපක්ෂනායකත්වයේඅනුමැතියලැබෙනබවඅත්දැකීමෙන්තහවුරුකරගෙනපැවතිනිසාය. නිදසුනක්ලෙසතුන්වනසම්මේලනයතුලදීමාපක්ෂයටබැදෙනඅයපොලිස්ඔත්තුකරුවන්ලෙසනම්කරපලවාහරිනබවටරොහන්තකලඅබූතහාකුමන්ත්‍රනකාරීප්‍රකාශයනායකත්වයනිහඩවමඅනුමතකලේය.

Image
සංජය  සසප උද්ඝෝෂනයක

මේ නිසා මට මේ භයානක දඩයමෙන් ආරක්ෂා වීම සදහා පක්ෂ සාමාජිකයන්ට හා කම්කරුවන්ට දැනුම් දීමට පැවති එකම මාවත fb එක ය. දැන් ඔබ දඩයම අනික් පැත්තෙන් ඉදිරියට ගෙන යයි. නන්දන මේ සහෝදරවරුන්ට අස්ථාන චෝදනා කර ඔවුන් සහ පක්ෂය ප්‍රතිගාමීන්ගේ දඩයමට විවෘත කරන්නේ යයි ඔබ කියන්නේ ඒ අනුව ය. මෙවැනි දේ කරන මිනිසුන්ට මා මරා දැමීමට වුව පුළුවන් ය යි මම ලිවෙමි. දැන් ඔබ එය ද විකෘති ලෙස යොදා ගනිමින් මම පක්ෂය දඩයමට විවෘත කරන බවක් ඉස්මතු කරයි.

නමුත් ජයසේකර සහෝදරයා සත්‍ය සත්‍ය ම ය. විශේෂයෙන් පන්ති අරගලයේ වත්මන් කොන්දේසි තුල පක්ෂ නායකත්වය නිවැරදි වීමට සූදානම් නැත්නම් සත්‍ය ඊට එරෙහිව පෙනී සිටීම නො නැවැත්විය හැකි ය. නමුත් ඔබ කියන්නේ මෙයයි. “
අපි හැම අතින් ම නුඹ වනසනවා. නුඹ ඊට ඉඩ දිය යුතු යි. විනය යනු එය යි.” කම්කරු පනතියට නම් විනය වනාහී ධනවාදයෙන් නිදහස් වීමට අවශ්‍ය ඉදිරි දර්ශනය මත ක්‍රියාකාරී වීම සදහා වන අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් තුලින් අත්පත් කරගන්නා අවබෝධය යි. ඒ සදහා ඉඩ ප්‍රස්ථාවන් විවෘත කර ගැනීමේ මාවතයි.

ඔබ මෙය පිලිගන්නේ නැත. කතා කිරීමට ඉඩ දුන් විට (හුදෙක් විනාඩි 5ක්! අප ඉල්ලා සිටියේ කාරනා පැහැදිලි කිරීමට කාලයක්!) ප්‍රශ්නය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ ය යි ඔබ කොපයෙන් පවසයි. සාමාජිකයන්ට ඔබ කියන්නේ එයයි. එහෙත් දිගු කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී, න්‍යායික හා දේශපාලන සාකච්ඡා ලිස්සා යැවීම මගින් පක්ෂයට කර ඇති හානිය ඔබට නො පෙනේ.

මා පක්ෂයේ සහෝදරවරුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල ප්‍රකාශ එලෙස පල කිරීම පිලිබදව පක්ෂය හෙලා දැක්කේ ය යි ඔබේ ලිපිය තව දුරටත් කියයි. ඒ කෙසේ ද? පක්ෂ මධ්‍යම කරක සභිකත්වය දරන වතු කම්කරුවෙකු සාමාන්‍ය වතු කම්කරුවෙකු වෙනුවට ප්‍රකාශ නිකුත් කිරීම ගැන සදහන් කිරීම හෝ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නමින් වෙනත් සංවිධානවල කම්කරුවන් සියය ගනනක් ඉන්නා ඡායා රූප පල කිරීම මගින් ලෝක සමාජවාදී වෙබ් අඩවියත්, පක්ෂයත් සමාජයත් රැවටීම සහ ලොසවෙඅ අප්‍රසාදයට ලක් කිරීම අනුමත කල යුතු ද? මිහිපිට නැති ක්‍රියාකාරී කමිටු ගැන වාර්තා කීයක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත ලියා යවා ඇත් ද? එයින් වෙබ් අඩවියට කරන හානිය ඉවසා සිටිය යුතු ද? මේවා කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීමේ ලා කවර ස්ථානයක් බජනය කරන්නේ දැයි ඔබට පැහැදිලි කල හැකි ද?

කම්කරුවන් දිනා ගැනීම සදහා අරගලය වෙනුවට පැවැත්ම සදහා මාක්ස්වාදයට හා ජාත්‍යන්තර කමිටුවට ආධුනික හා ප්‍රතිපත්ති විරහිත වෙනත් උපායන් සොයා ගැනීමට ඔබ කරන දේ යුක්ති සහගතය යි ඔබ සිතන්නේ ද?

පස් වන අවධිය ලෙස අප විසින් නම් කරනු ලැබ නියම කරගත් පිලිවෙත නො තකා අප්‍රේල් සිට මතු වූ අරගලයේ දී පක්ෂය ගෙන ගිය උදාසීන පිලිවෙත පිටුපස මෙම නො තැකීම පැවතුනු බව මට පැහැදිලිව කිව හැකි ය. මෙය සාකච්චා කිරීම අවශ්‍යය ය. ඔබට අනුව එක කොන්දේසියක් යටතේ පමනක් පක්ෂය තුල එවැනි සාකච්ඡාවකට ඉඩ ඇත. එය නායකත්වය කුමක් කලත් නො කලත් දෙකම යුක්ති සහගත කිරීම ය. ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත මත මෙම ගැටලු සාකච්චා කිරීමට ඉඩ නැත. සංජය හා මා නෙරපීම ගැන එකදු දේශපාලන හේතුවක්වත් ඔබ ඉදිරිපත් නො කරයි. එනම් අප නෙරපා දැමීම පිටුපස ඇත්තේ නිශ්චිත පන්තිමය වුවමනාවන්ට යටත් ව දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම වැලැක් වීමයි.

තනිකරම විනය පිලිබද ප්‍රශ්න නිසා නෙරපා හැරීම කල බව ඔබ කියයි. විනය ප්‍රශ්නය කුමන දේශපාලන ප්‍රශ්නයක ප්‍රකාශනයක් ද?

අප වනාහී කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන පක්ෂය යි. එහි මතු වන ගැඹුරු ගැටලු දේශපාලනයෙන් තොරව පැන නගින්නෙ ය යි පිලි ගන්නා තැනැත්තා ඉතා දුප්පත් විප්ලවවාදියෙකි. මේ ප්‍රශ්න ඉතා සහෝදරාත්මකව හා අව්‍යාජ ලෙස සාකච්ඡා කර නිරාකරනය කර ගැනීම අවශ්‍යය ය. එය මග හැරීම පහසුම හා විනාශකාරී ම මාවත  ය. එබැවින් නිසි පරීක්ෂනයක් හා පුලුල් සාකච්චාවක් ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන්ගේ ද සහයෝගය ඇතිව කිරීමට මම යෝජනා කරමි. ජාත්‍යන්තර කමිටුව ඉදිරියේ මෙම ප්‍රශ්න ගැඹුරින් පැහැදිලි කරිමට මම සූදානමින් සිටිමි. ඒ හැරත් මා පක්ෂයෙන් එලියේ තැබීම මගින් මෙම ප්‍රශ්න මග හැරීමට ඔබට ඉඩ ලැබෙනු ඇතැයි නො සිතන මෙන් මම ඔබෙන් ඉල්ලමි. එලියේ සිටියත් මට හැකි හැම ශක්තියක් ම යොදා ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත රකින බව සදහන් කිරීමට මට ඉඩ දෙන්න.

ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය අනුව [කම්කරු පන්තික] නැගිටීමක් සහිත කාල පරිච්ඡේදයකට අප ඇතුල් වී ඇති බවත් අප්‍රේල් සිට මාස 4ක් ඇදුනු අරගලය ව්‍යාජ වම්මුන් විසින් පාවා දෙනු ලැබූ බවත් ඔබ කියා ඇත. අරගලය ආරම්භයේ දී ම ඔබ එය අපට අදාල එකක් නො වේ යයි එයින් ඉවත්ව සිටීමට වැඩ කලේ ය. ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම නො තකා නායකත්වය දිගින් දිගටම ඇල් මැරුනු ප්‍රතිචාර දැක්වී ය. එවැනි අරගලයක පැන නැගීම විශ්වාස නො කල ඔබ ඒ සදහා සූදානමකින් හෝ සාකච්ඡාවකින් තොරව සුලු සුලු වැඩ කලේ ය. ඒවා මහා මැදිහත් වීම් ලෙස ඔබ හුවා දක්වයි. දැන් ව්‍යාජ වම්මු පාවා දී ඇතැයි කියන නායකත්වය එයින් ලබා ගත්තේ මොනවා ද හා එය ප්‍රමානවත් ද ? ඒ උපරිමය ද? අවමය ද? ඔබට තක්සේරුවක් නැති අතර අත්‍යවශ්‍ය සකච්චාව සදහා ඔබ සූදානම් නැති බවට ද මෙම නෙරපා හැරීම සාක්ෂියකි.

2012 ඉජිප්තුවේ සිදුවීමවල දී ලංකාවේ තරම් කේඩරයක් සිටියේ නම් තත්වය වෙනස් කරන බව ඩේවිඩ් නෝත් සහෝදරයා එදා කීය. ඉජිප්තුවේ සිද්ධීන් මෙහි දී ද දිග හැරුනි. අපගේ සම්මේලනය 1917 [අප්‍රේල්] සම්මේලනයට සමාන ය යි ඩේව් සහෝදරයා කීවේ ඒ අර්ථයෙන් ම ය. ඔබ එය ගත්තේ අපි ලෙනින්ගේ බොල්ශෙවික් පක්ෂය මෙන් වැඩ කර ඇතැයි සහතිකයක් ඩේව්ගෙන් ලැබුනේ යයි යන ආකාරට ය. නමුත් ඔබ ඉතිරි කරගත්තේ “අපි වැඩ කලා. ව්‍යාජ වම්මු පාවා දුන්නා” වැනි සුලු දෙයකි. අප මැදිහත් වී කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නො නැගුවේ නම් ජාත්‍යන්තර කමිටුව මැදිහත් වී සම්පාදනය කල ඉදිරි දරශනවල ප්‍රායෝගික සත්‍යතාව ගැන බලගතු නිදසුනක් පක්ෂය සතු වී නැති බව මම ඉස්තිරසාර ලෙස කියමි.

සසපජාත්‍යන්තරකමිටුවේමෙහෙයවීමයටතේ  වැදගත්ඉදිරිදර්ශනයක්හාක්‍රියාමාර්ගයක්ඉදිරිපත්කලේය.

එහෙත් එම ඉදිරි දර්ශනය සාක්ෂාත් කිරීමේ දී අපේ නම නැතිව බැහැයි කියමින් ගෝටාගම තුල මැදිහත් වී ලක්ෂ සංඛාත මහජනයාට සමීප වන්නට තිබූ අවස්ථාව මග හැර ව්‍යාජ වම්මුන්ට සිත් සේ ඒතුල වැජබෙන්නට අවස්ථාව සැලසී ය. පක්ෂයේ මැදිහත් වීම අපේක්ෂා කල කුඩා වාමාංශික කන්ඩායමක් හරහා සංජයට අවස්ථාව ලැබීමත් අපට ඉක්මනින්ම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දිනා ගැනීමට හැකි වීමත් හාස්කමක් නො ව පක්ෂය දිගු කාලයක් ගෙන ගිය සප්‍රතිපත්තික අරගලයේ ප්‍රතිපලයකි. අප ඔවුන් දිනා ගත්තේ පක්ෂය විසින් වර්ධනය කෙරුනු ඉදිරි දර්ශනය සදහා අරගලය තුල මැදිහත් වීමේ දී ය. ඒ අතර සිටි සහෝදරවරුදශකගනනක්පක්ෂයහදුනාගෙනසිටිඅතරඑහිලිපිලේඛනඇසුරුකරතිබිනි. අරගලයේඅද්දැකීම්දසහිතවසිටිමොවුන්දැඩිඅසීරුතාවකින්තොරවමදිනාගැනීමටඅපටහැකිවිය.  

දැන් සංජය හා නන්දන “කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ අරගලයෙන් පක්ෂය ඉවතට හරවීම හා පක්ෂය දුර්වල කිරීම පිනිස මධ්‍යම පන්තික කොටස් හරහා පෙරී විත් පක්ෂය මත ක්‍රියාත්මක වන සතුරු පන්ති පීඩනයේ ප්‍රකාශනයක්” නිසා ඊට විරුද්ධ “රුදුරු සටනක්” ඔබගේ ලිපියෙන් කැදවයි. මෙය පැහැදිලි නො කෙරුනු ප්‍රකෝපකාරී ප්‍රකාශයකි. අදාල දෙදෙනාම සාකච්චාවකින් හෝ විනය පරීක්ෂනයකින් හෝ තොරව පක්ෂයෙන් නෙරපා මේ සටන කෙරෙන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කර නැත. සාමාජිකත්වය නො මග යවන හා පක්ෂය දුර්වල කරන මෙම පිලිවෙතින් පක්ෂය මුදා ගත යුතු ය.

ඔබ දිගින් දිගටම ඉතා අනතුරුදායක් ලෙස පක්ෂ ව්‍යවස්ථාව විකෘති කරයි. සාමාජිකත්වය ව්‍යාකූලත්වයේ හෙලන එය පක්ෂයේ අනාගතය ද විකෘති කරන්නේ ය. එක් අවස්ථාවක ව්‍යවස්ථාව සහමුලින්ම නොතකා හරින ඔබ තමන්ට වාසිදායක් යයි හැගුනු විට එය තමන්ට කැමති අර්ථයකින් යොදා ගනී.

පක්ෂ ව්‍යවස්ථාවේ 10
ඡේදය උපුටා ගනිමින් ඔබේ ලිපිය පවසන පරිදි සාමාජිකයෙකු
“.. තමන් සාමාජිකත්වය දරන .. මන්ඩලයක තීරන උල්ලංගනය කර ඇත්නම් ද සසප හා කම්කරු පනතියේ අවශ්‍යතාවයන්ට අනර්ථකාරී යයි සැලකිය හැකි අන්දමින් කටයුතු කර ඇත්නම් ද ..හෙලා දැකීම ද තෙමසක් නො ඉක්මවන කාලයක් සදහා සාමාජිකත්වය අත්හිටුවීම හෝ නෙරපා හැරීම ඇතුලත් වන්නේ ය.” මම මෙය පිලිගනිමි.

එහෙත් එහි “ඈ” ඡේදය අනුව ඒ සදහා විනය පරීක්ෂනයක් පැවැත් වෙන බව සාමාජිකයාට ලිඛිතව දැනුම් දිය යුතු ය. විනය තීරන ගැනීමට පෙර සියලු චොදනාවලින් ආරක්ෂා වීම සදහා මන්ඩලය ඉදිරියේ පෙනී සිටීමට සාමාජිකයෙකුට අයිතිය තිබේ. ඔබ මේ සියල්ල කුනු කූඩයට දමා මෙම ඡෙදය සාමාජිකයන්ගෙන් වසන් කර ඇත. මේ අනුව පක්ෂයේ හා කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිලිබද ව්‍යවස්ථාවේ සදහන් කරුනමත් ඔබ විසින් උල්ලංගනය කරන්නේ ය යි මම කියමි. මේ ආකාරයට පුහුනු වන කේඩරයක් පක්ෂයේ කර්තව්‍යයන් වටහා ගන්නේ නැත. මෙවැනි වංචාවන්ට ඔබ යොමු වන්නේ කුමන දේශපාලන අවශ්‍යතාවක් නිසාදැයි දැනගැනීමට සාමාජිකයන්ට පමනක් නො ව කම්කරු පන්තියට ද අයිතියක් ඇත.

1990 මාර්තු 8 දින ඩේවිඩ් නොත් සහෝදරයා දේශපාලන කමිටුවට කල අනතුරු ඇගවීම සටහන් කරමින් මෙම ලිපිය අවසන් කිරීමට මම කැමත්තෙමි.

“අපි විකොස ගැටලු පරික්ෂා කලහොත් පක්ෂයේ මෑත අත් දැකීම් තුල අප සලකුනු කල අන්තරායන් පොදුවේ පැන නගින්නේ තම පක්ෂය ද ඇතුලුව ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරයේ අත් දැකීම් මත දැඩිව පදනම් වී ගැනීමට අසමත් වීම තුල බව පැහැදිලි වනු ඇත.

“ඔබ භාවිතය වර්ධනය කරන්නේ ව්‍යාපාරයේ සමස්ථ අත් දැකීම් සමග ඒවායේ සම්බන්ධතාව පරික්ෂාවට බදුන් කිරීමෙන් තොරව ය. විකොස මෙම ඓතිහාසික අත් දැකීම් තුල මුලු ඇද ගැනීමට අසමත් වන ප්‍රමානයට එය පන්ති පීඩනය මගින් ජාත්‍යන්තර කමිටුවෙන් ඇතට දුවවනු ලබමින් පවතී. මෙය කිසි සේත් ම ආපසු හැරවිය නො හැකි සංතතියක් හෝ විකොස වැඩ කටයුතුවල ආදිපත්‍ය දරන ගති ලක්ෂනයක් යයි අපි කිසිසේත් නො කියමු. (අද?)

“එහෙත් අවුරුදු 50ට පෙර තමාගේ මරනයට මදකට කලින් ට්‍රොට්ස්කි සදහන් කල පරිදි ‘ සෑම සීරීමේ තුවාලයකම ඔඩු දිවීමේ හැකියාවක් ද ඇතුලත් ය. අප කල් ඇතුවම තුවාලයේ විෂබීජ හරනය කලේ නැති නම් පැසවා ඔඩු දිවීමේ ද, මරනයට පත් වීමේ ද අන්තරාය පවතී. පක්ෂය 98% හරිය. වැරදී ඇත්තේ 2% යනුවෙන් අප සිතාගතහොත් එය වැරදි ය…

“..මාක්ස්වාදියා නිරන්තරව ම වෛශයික ‌ඓතිහාසික ගමන් මගට බලපෑමට උත්සාහ කරමින් තම පිලිවෙත වඩාත් ප්‍රගාඩ ‌ඓතිහාසික සංතතීන්ට සමපාත වන තාක් දුරට, එවන් ප්‍රයත්නයන්ට සැලකිය යුතු ජයග්‍රහන අත්පත් කරගත හැකි ය.”

සහෝදරත්වයෙන්,  

නන්දන නන්නෙත්ති 

 13.01.2023

#theSocialistLK

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිලිතුරක්: සසප වාම කන්ඩායමේ අරගලය Read More »

FB IMG 1683452832528 1

සසප නිලධරය පසුගාමීත්වය හා මූලධර්ම විරෝධය ඔසවා තබයි

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මණ්ඩලය, නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර යන සහෝදරවරුන් පක්ෂයෙන් එලවා දැමීමෙන් මාස ගනනාවට පසු, ඒ සම්බන්ධව පක්ෂ නායකත්වය මේ සමග පලවන ලිපිය සමග තවත් ලිපි දෙකක් ලෝක සමාජවාදී වෙබ් අඩවයේ (ලොසවෙඅ) සිංහල අංශයට මුදා හැර ඇත.

Image
සසප වාම කන්ඩායම ගොඨාගෝගම විප්ලවවාදී මැදිහත්වීමක, 2022 ජුනි 15

මේ ලිපි සාවදානව කියවන ලෙස සියලු කම්කරුවන්ගෙන්, පක්ෂයට හා ජාත්‍යන්තර කමිටුව හිතැති හා ප්‍රගතිශීලී වුවමනාවන් ඇති සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. 

පක්ෂ තන්ත්‍රය ප්‍රජාතන්ත්‍ර විරෝධීව හා මූලධර්ම විරහිතව එම සහෝදරවරුන්  ‘විරේක’ කර, ඔවුන් හා පක්ෂය තුල වාම ප්‍රවණතාවය විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දේශපාලනයේ ක්ෂීරපතයෙන් අතුගා දැමීම සඳහා ගන්නා ලද සෑම ප්‍රයත්නයක්ම ව්‍යවර්ථ වූ කල සිහි විකල් වූ ස්වරූපයකින් ගෙන ඇති මෙම පියවර, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය තීව්‍ර කරන පක්ෂ නිලධරයට එරෙහිව, ට්‍රොට්ස්කවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා විවෘත වේදිකාවක් සකසා තිබේ.

ඒ නයින් මෙයින් ඇරඹෙන සාකච්ජාව වර්තමාන පන්ති අරගලය වර්ධනය සඳහා අත්‍යවශ්‍යම එකක් වන බව අපට සහතික ය.

සසප නායකත්වයේ ලිපිය සදහන් කර ඇත්තේ නන්දන හා සංජය සහෝදරවරුන් දොට්ට දැමීම ගැන පමනි. නමුත් මෙම නිලධරය මෙම සහෝදරවරුන් දොට්ට දැමීමෙන් පසු රත්මලාන ලෝකල් සභාවේ සුනිල්, කොලොන්නාවේ මිගාර, අම්බලන්ගොඩින් අමරතුංග යන සහෝදරවරුද නෙරපූහ. ලිපියේ සඳහන් කර ඇති ගෝඨාගෝගම තීරනාත්මක දේශනයට සම්බන්ධ වූ ආනන්ද වක්කුඹුර සහෝදරයාගේ සාමාජිකත්වය ඒ හේතුව නිසාම අත්හිටුවූයේ ය.  මීට පෙර ගම්පහ දිමුතු දොට්ට දැමුහ. පැරනිම සහෝදරයෙකු වන බුලත්සිංහල පදිංචි විලියම් සහෝදරයා කිලෝ මීටර් 300 පමන දුර බන්ඩාරවෙල ශාඛාවට අනුබද්ධ කිරීම මගින් පක්ෂ වැඩවලින් ඉවත් කර තැබීමට ක්‍රියා කළෝය.  සංජය හා නන්දන යන සහෝදරවරු ඇතුලු පක්ෂයේ වාම කන්ඩායමේ තවත් සහෝදරවරු ගනනාවක් නෙරපීමේ තර්ජනයට යටත්ව සිටිති.

පක්ෂයේ අවසාන සම්මේලනයට ආසන්නව, ඊට පෙර හා පසු කාලය තුල පක්ෂය හැර ගිය හා නෙරපූ ගනන 20 ක් පමන වේ. කේඩර පක්ෂයක මෙම සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකි. පන්ති අරගලයේ ගෝලීය පරිමානව දැවැන්ත උත්ගතය මධ්‍යයේ ලංකාවේ කම්කරුවන්, තරුනයක් විප්වවාදී විභවයන් ගන්නා තතු යටතේ පක්ෂය තුල මේ වර්ධනයන් පිලිබඳව පක්ෂ නිලධරය කිසිදු දේශපාලන ඇගයීමක් සිදුකර නැත.

ව්‍යවස්ථාව  නොතකා, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාවට පයින් ගසා, 2015 දී හා 2022 දී කැඳවූ පක්ෂ සම්මේලන, වාම කන්ඩායමේ සාමාජිකයන්ගේ උත්සුකයන් මැද, ජාත්‍යන්තර කමිටුවේ (ජා.ක) මැදිහත් වීමෙන් මාස කිහිපකින් කල් දැමූ නමුත්, දේශපාලන ප්‍රශ්න පක්ෂ අභ්‍යන්තරයේ දේශපාලනිකව  විසඳා ගැනීමට ජා.ක දෙන ලද උපදෙස් ගසා දැමූ මෙම නිලධරය පක්ෂයේ ප්‍රජාන්ත්‍රවාදි මධ්‍යගතභාවය උල්ලංගනය කිරීම පිලිඹඳ නන්දන/සංජයට එරෙහිව නන්දෙඩවීමේ කිසිදු සුජාතභාවයක් නැත.

සංජය හා නන්දන යන සහෝදරවරුන් පක්ෂයෙන් නෙරපීමට පෙර එම සහෝදරවරු ඇතුලු වාම කන්ඩායම පක්ෂ නිලධරය සමඟ විවිධ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පක්ෂ මණ්ඩ තුල කල දීර්ඝ දේශපාලන අරගලය පිළිබඳව කෙල පිඩක් හෝ නොසෙල් වීමට නිලධරය ප්‍රවේසම් වී ඇත.  ඊට අදාල එම සහෝදරවරුන් ඉදිරිපත් කරන ලද ලේඛනවල අර්ථ විකෘත කිරිම හෝ ඒවා අඩු තරමින් පක්ෂ සමාජිකයන් වෙතවත් ඉදිරිපත් නොකිරීමට නිලධරය කටයුතු කලෝය. 

අතිශයින් ආත්මීය පුද්ගල අවලාද නැගීම් දක්වා පල්ලම බැස ඇති බවට සාක්ෂි දරන මෙම ලිපියම පෙන්වන්නේ මෙම නිලධරය පක්ෂයට ආකර්ෂනය වූ පසුගාමී ස්ථර වෙත ආමන්ත්‍රනය කිරීම යි. මෙමගින් පක්ෂ නිලධරය පක්ෂය කම්කරු පන්තික පදනමින් බැහැරව ප්‍රතිගාමීත්වය හා ජාතිකවාදය දෙසට ව්‍යාපාරය තල්ලු කිරීමේ අන්තරාය ප්‍රදර්ශනය කරමින් සිටී.

සංජය සහෝදරයාගේ වෘත්තීය එල්ල කර ගනිමින් පලමු වරට මෙම ලිපියේ කර ඇති චෝදනා ඇස් නිලංකාර කරවන සලුය. මෙය ජුගුප්සාජනක ලෙස හෙලිදරව් කරන්නේ එම සහෝදරයා සමඟ සම්බන්ධතාවයේදී  පක්ෂ නිලධරයේ මධ්‍යම පන්තික තට්ටුව අවිඥානිකව මෙහෙයවනු ලැබූ මනෝගතිය නොවේද?

ජාත්‍යන්තර කමිටුව වෙත මොනම හැරීමකින් හෝ දැනුම් දීමකින් පවා තොරව ලොසවෙඅ සිංහල අංශයේ මෙම මනෝබද්ධ හා ජාතිකවාදී ප්‍රකාශ පල කිරීම කුමන ජාත්‍යන්තර මාක්ස්වාදී විනයක් දැයි මොවුන් විසින් පෙන්වා දෙනු ලැබිය යුතු ය.

පක්ෂයේ මූලධර්ම විරහිත නිලධරයේ මෙම ක්‍රියාකලාපය හෙලදරව් කරමින්, පලකර ඇති මෙම ලිපි පිලිබඳව හා අදාල ලේකන සමගින් පක්ෂයේ වාම කන්ඩායම ගෙනගිය අරගලය පිලිඹඳව සාකච්ජාව අප ඉදිරියට ගනු ඇත. මෙම කෙටි සටහන එයට ප්‍රවේශයකි.

සසප මුදාහල එකී ප්‍රකාශය පහත පල කෙරේ:

නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබඳ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

සමාජවාදී සමානතා පක්ෂය – ශ්‍රී ලංකාව

06 මැයි 2023

2022 නොවැම්බර් 12 දා, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), යුක්තියුක්ත නිශ්චිත හේතු මත, නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර පක්ෂයෙන් නෙරපා දැමීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක දී ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලද, ඔවුන් නෙරපීම පිලිබඳ යෝජනාව, මෙම පුද්ගලයන් දෙදෙනාගේ විනය විරෝධී සහ දේශපාලනිකව සතුරු ක්‍රියාවන් සවිස්තරව ගෙනහැර දැක්වීය. සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, ඔවුන් නෙරපීම ගැන සංජයට හා නන්දනට ලිඛිතව දැනුම් දෙමින් මධ්‍යම කාරක සභා යෝජනාවේ පිටපතක් ද ඔවුන් වෙත යැවීය.

නෙරපීම සිදු කෙරුනේ, මාස ගනනාවක් තිස්සේ ඔවුන් විසින් පක්ෂ විනය උල්ලංඝනය කරමින් ගනන් බලා සිදු කරන ලද ක්‍රියාවන් මාලාවකට පසුව ය.

නීතිඥ වෘත්තියට පිවිසුන දා පටන්, සංජය විශ්වාස කලේ, නීතිඥයකු ලෙස තමන්ට පවතින ඉහල සමාජ තත්වය හේතුකොට ගෙන සමාජවාදී සමානතා පක්ෂය තුල ඔහුට විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු බවයි. සිය නීති උපාධිය පක්ෂයේ නීතිරීතිවලට ගරු කිරීමේ මුලු වගකීමෙන් තමන්ව නිදහස් කරනු ඇතැයි ඔහු ඒත්තු ගෙන සිටියේය. එවන් නීතිරීති සාමාන්‍ය පක්ෂ සාමාජිකයන්ට පමනක් බලපාන බවත් එහෙත් තමන් වැනි නීතිඥයන්ට අදාල නොවන බවත් සංජය විශ්වාස කලේය.

නීති උපාධිය ලැබුනු තැන් පටන්, සංජය, තමන්ගේ ම බුද්ධිප්‍රභාව පිලිබඳ ගරුත්වයෙන් යුක්තව, උඩඟු ලෙස හැසිරෙන්ට පටන් ගත්තේ, පිල් විදහා ගත් අධිපෝෂිත මොනරකු මෙනි.

ඔහු පක්ෂය දැකගත්තේ, ස්වකීය පුද්ගලික දේශපාලන අභිලාෂයන් සඳහා වූ වාහනයක් ලෙස යි. එහෙත් ඔහු විමතියට පත් කරමින්, ඔහුගේ වෘත්තීය සුදුසුකම් නිසා සසප බිය ගත්තේ නැත. සසප අවධාරනය කලේ, පක්ෂ සාමාජිකත්වයට අදාල නීතිරීති සෙසු සාමාජිකයන්ට මෙන්ම සංජයට ද බලපාන බවයි. විශේෂයෙන් ම, පක්ෂයේ අවසරයකින් තොරව, තමන්ගේ ම දේශපාලන රැස්වීම් සංවිධානය කිරීමට සංජයට කිසිදු “අයිතියක්” නැති බව සසප නායකත්වය ඔහුට අනතුරු ඇඟවීය.

රාජපක්ෂට එරෙහි පසුගිය වසරේ මහජන විරෝධතා මධ්‍යයේ, කොලඹ ගාලු මුවදොර පිටියේ තමන්ගේ ම ප්‍රසිද්ධ රැස්වීමක් සහ දේශනයක් පැවැත්වීමට සංජය තීන්දු කලේය. පක්ෂ විනය මෙලෙස බරපතල ලෙස උල්ලංඝනය කිරීම ඔහු සාධරනීකරනය කලේ, එම “දේශනය පක්ෂයට නොව, මාගේ පුද්ගලික තත්වය හේතුකොටගෙන මට ලැබුනු මා සඳහා සංවිධානය කෙරුනු” අවස්ථාවක් බව ප්‍රකාශ කරමිනි.

විවිධ කාරනා සම්බන්ධයෙන් පක්ෂයේ ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය පිලිබඳව සසප සමග ඔහුට පවතින මතභේද පෙන්නුම් කරමින් සිය පේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ ප්‍රකාශ පල කිරීම ඒ් වන විටත් අරඹා තිබූ නන්දන සමග සංජය පෙලගැසුනි. නන්දනගේ මෙම භාවිතය පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් විය. පේස්බුක් තුල විවෘතව ප්‍රකාශ කර ඇති ඔහුගේ අදහස් පක්ෂයේ දිගුකාලීනව තහවුරු කෙරුනු ආස්ථානවලට එරෙහිව යන්නේ කෙසේද යන්න, පක්ෂ සාමාජිකත්වය තුල බෙදාහැරි අභ්‍යන්තර ලියවිලි හරහා, පෙන්වා දෙමින්, සසප නායකත්වය මෙම කාරනා පැහැදිලි කල නමුත්, නන්දන සිය ප්‍රසිද්ධ ප්‍රකාශ ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

නන්දන, මෙම පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් නව ඉහල මට්ටමකට නංවාලමින්, පසුගිය සැප්තැම්බරයේ දී, පොදුවේ පක්ෂ නායකත්වය ද විශේෂයෙන් මූලික සහෝදරවරුන් ගනනාවක් ද ප්‍රසිද්ධියේ හෙලාදකිමින්, සිය පේස්බුක් පිටුවේ ප්‍රකාශ මාලාවක් පල කලේය. එවන් විවෘත පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් නතර කරන ලෙසත් පක්ෂයට එරෙහි සිය ප්‍රසිද්ධ ප්‍රහාර ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටිමින්, පක්ෂ දේශපාලන කමිටුවේ ඒකමතික තීරනයකට අනුව, සසප ප්‍රධාන ලේකම් විසින් ඔහු වෙත යවන ලද ලිඛිත උපදේශය නොතකා, ඔහු, පේස්බුක්හි පක්ෂයට එරෙහිව තව තවත් එවන් ප්‍රසිද්ධ විවේචන පල කරමින්, සිය භාවිතාව අඛන්ඩව ඉදිරියට ගෙන ගියේය.

මෙම සියලු පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම්වල දි, නන්දන, සංජය සමග අප්‍රතිපත්තික කල්ලි සබඳතාවක් පවත්වා ගෙන යමින්, ඔහු සමග සමීපව හා විවෘතව සහයෝගී විය. සංජය ගාලු මුවදොර පිටියේ පැවැත්වූ ඉහත සඳහන් කල ප්‍රසිද්ධ දේශනයට ද නන්දන සහභාගි විය.

නන්දන සහ සංජය පක්ෂ විනය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ, ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීම හැර වෙනත් විකල්පයක් සසප මධ්‍යම කාරක සභාවට ඉතිරිව තිබුනේ නැත. ඔවුන් සිය වඩවඩා විනාශකාරී හැසිරීමත් පක්ෂ තීන්දුවලට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීමත් යලි සලකා බලනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් යුතුව, ඔවුන්ව නෙරපීම ප්‍රසිද්ධ නොකිරීමට පක්ෂය තීන්දු කලේය. එහෙත් පසුව ඔප්පු වූයේ මෙම බලාපොරොත්තුව නිෂ්ඵල එකක් බවයි.

ඒ වෙනුවට, නන්දන සහ සංජය සිය විවෘත පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කර තිබේ. ඔවුන්ව ප්‍රසිද්ධියේ හෙලාදැකීමෙන් සසප වැලකී සිටීම නරුම ලෙස ගසාකමින්, ඔවුහු, ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන් හා ප්‍රකාශකයන් ලෙස මහජනතාව ඉදිරියේ තමන්ව ප්‍රදර්ශනය කර ගනිමින්, සසප ආධාරකරුවන් අතර ව්‍යාකූලත්වයක් ජනිත කිරීමට උත්සාහ දරා ඇත.

නන්දන සහ සංජය. ඔවුන්ගේ මූලිකත්වයෙන් තනන ලද ඊනියා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදා ගනිති. කොක්‍රික සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්වකීය ක්‍රියාකාරී කමිටු තනන ලෙස කම්කරුවන්ට ජාත්‍යන්තර කමිටුව/සසප කරන කැඳවුමෙන් සසප “කට්ටිවාදී” ලෙස අපසරනය වී ඇතැයි ද ඔවුහු කියාපාති.

කොක්‍රික, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් තනන ලද අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් නොවේ. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කර ඇති කැඳවුම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද, ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනය පිලිබඳ පක්ෂ ප්‍රකාශ සහ සෙසු ලිපි ගනනාවක් හරහා, සසප කම්කරුවන්ට කර ඇති කැඳවුම වී ඇත්තේ, සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. ගම්බද දුගීන් සිය ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු තනන ලෙස ද සසප කැඳවුම් කර තිබේ.

ඊට ප්‍රතිකූලව, කොක්‍රික යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ද ඇතුලු, පුද්ගලයන්ගේ එකතුවකි. නන්දන සහ සංජය සසපට ප්‍රසිද්ධියේ පහර ගැසීම පිනිස පෙරමුනු සංවිධානයක් ලෙස කොක්‍රික යොදා ගනිමින් සිටිති.

ඔවුන් පක්ෂයෙන් නෙරපීමේ පටන් මේ දක්වා, නන්දන සහ සංජය, පීඩක පක්ෂ නිලධරයක ගොදුරු සහ පුද්ගලික නිදහස වෙනුවෙන් සටන් වදින විරුවන් ලෙස තමන්වම ප්‍රදර්ශනය කර ගැනීමට, සමාජ මාධ්‍ය යොදා ගෙන තිබේ. ඔවුන්ගේ ආයාචනය එල්ල කෙරී ඇත්තේ ජාත්‍යන්තර කමිටුවට එරෙහි ඕනෑම ප්‍රහාරයකට වහාම අනුමැතිය හා ප්‍රසිද්ධිය ලබා දෙනු ඇති, ක්‍රෝධයෙන් දැවෙන සුුලු ධනේශ්වර හා ව්‍යාජ-වාම පුද්ගලයන් පෙලඹවීම සඳහා ය. එහෙත් මෙම උද්ඝෝෂනය සේවය කරන්නේ, ඔවුන් ව්‍යාපාරයේ මූලධර්මවලට හා සම්ප්‍රදායන්ට කෙතරම් නම් පිටස්තර ද යන්න එලිදරව් කිරීමට යි. අනාගත සීතල-යුද කාලීන ප්‍රති-කොමියුනිස්ට් දෘෂ්ටිවාදීන් වූ, ජේම්ස් බර්න්හැම් සහ මැක්ස් ෂැට්මන් විසින් නායකත්වය දෙන ලද සුලු ධනේශ්වර සුලුතරයට එරෙහි අරගලයේ සමාප්තියේ දී, 1940 අප්‍රේල් මස, ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය සම්මත කල යෝජනාවක් තුල, ජේම්ස් පී. කැනන් විසින් පැහැදිලිවම අර්ථනිරූපනය කරන ලද පක්ෂ විනය පිලිබඳ සංකල්පය, සසප අනුගමනය කරයි:

“පක්ෂ අයිතීන් සමග, සාමාජිකත්වයට එක්තරා නිශ්චිත වගකීම් ද ඇත. පක්ෂයේ න්‍යායික හා දේශපාලනික ස්වභාවය නිර්නය කෙරෙන්නේ, කම්කරු පන්තිය තුල අන් සියලු පක්ෂවලින්, කන්ඩායම්වලින් හා ප්‍රවනතාවන්ගෙන් විප්ලවවාදී පක්ෂය වෙන් කරන රේඛා ඇඳ දක්වන පක්ෂ ක්‍රියාමාර්ගය විසිනි. පක්ෂ සාමාජිකත්වයේ ප්‍රථම වගකීම වන්නේ, පක්ෂයේ ක්‍රියාමාර්ගය පක්ෂපාතීව පිලිගැනීම සහ පක්ෂයේ මූලික ඒකකවලින් එකකට නිතිපතා සම්බන්ධ වීම යි. පක්ෂය සෑම සාමාජිකයකුගෙන්ම ඉල්ලා සිටින්නේ, එහි විනය පිිලිගැනීම සහ එහි සම්මේලන මගින් සම්මත කෙරෙන තීන්දු සමග, පක්ෂ නායකත්වය විසින් සූත්‍රගත කෙරෙන හා යොමු කෙරෙන පිලිවෙත් සමග, පක්ෂයේ ක්‍රියාමාර්ගයට අනුකූලව, එහි ක්‍රියාකාරකම්වල අඛන්ඩව යෙදීම යි.

“සංවිධානයට සියයට සියයක් ම පක්ෂපාතිත්වය, එහි සාමාජිකත්වය තුල සෙසු සතුරු කන්ඩායම්වල සියලු ඒජන්තයන් ප්‍රතික්ෂේප කිරීම සහ භින්න පක්ෂපාතිත්වයන් පොදුවේ නොඉවසීම පිලිබඳ වගකීමක් පක්ෂ සාමාජිකත්වය යන්නෙන් ගම්‍ය කෙරෙයි.”

යෝජනාව තව දුරටත් මෙසේ තිරසරව කියා සිටියේය:

“එක් එක් තනි සාමාජිකයාගේ අයිතීන් යන්නෙන් . . . සමස්තයක් ලෙස සාමාජිකත්වයට, නමින් සඳහන් කල හොත් පක්ෂයට ම, තමන්ගේ ම අයිතීන් නැත යන්න ගම්‍ය නොවේ. එහි වැඩකටයුතු කඩාකප්පල් නොකල යුතු හා අවුල් නොකල යුතු යයි ඉල්ලා සිටීමට ද එහි නිරන්තර හා සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහතික කරගැනීමට එය අවශ්‍ය යයි සලකන සියලු පියවර ගැනීමට ද සමස්තයක් ලෙස පක්ෂයට අයිතිය ඇත.

“ඕනෑම තනි සාමාජිකයකුගේ අයිතීන් සමස්තයක් ලෙස පක්ෂ සාමාජිකත්වයේ අයිතීන්ට පැහැදිලිවම ද්විතීකය. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මගින් අදහස් කෙරෙන්නේ, දෙන ලද සුුුලුතරයක අයිතීන් වඩාත්ම සාවධාන ලෙස ආරක්ෂා කිරීම පමනක් නොව, බහුතරයේ පාලනය ද ආරක්ෂා කිරීම යි. එබැවින් සාකච්ඡා සංවිධානය කොට එහි රූපාකාර හා සීමාවන් නිර්නය කිරීමට පක්ෂයට අයිතිය ඇත.

“පක්ෂයේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට හා අවුල් කිරීමට එරෙහි අරගලයේ අවශ්‍යතාව මත, සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව හැසිරෙන ලෙස වගකීම් විරහිත පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටීමේ සහ අවශ්‍ය නම්, ඔවුන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ අයිතිය පක්ෂයට දිය යුතු” යයි යෝජනාව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. [ජේම්ස් පී. කැනන්, The Struggle for a Proletarian Party (නිර්ධන පන්තික පක්ෂයක් සඳහා අරගලය). සියලු උපුටා දැක්වීම්වලට මෙම සබැඳියෙන් පිවිසිය හැකිය: https://www.marxists.org/archive/cannon/works/1940/party/ch08.htm ]

සංජය සහ නන්දන එවන් වගකීම් විරහිත පුද්ගලයෝ ය. ඔවුන්ගේ අප්‍රතිපත්තික ක්‍රියාකලාපයට ප්‍රතිචාර වශයෙන්, සසප, සුදුසු පරිදි ම, ඔවුන් සිය සාමාජිකත්වයෙන් නෙරපා දැමීය.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය සමගින්, සසප කම්කරු පන්තිය වෙත පැහැදිලි කර සිටින්නේ, මෙම වංචාකාරයන් දෙදෙනාගේ ප්‍රකාශවලට සහ ක්‍රියාවන්ට පක්ෂයේ අනුමැතිය නොලැබෙන බව සහ ඒවාට කිසිදු පිලිගැනීමක් නොදිය යුතු බවයි.

පක්ෂය මෙම ප්‍රකාශයට අතිරේක වශයෙන්, නන්දන සහ සංජය නෙරපීම සඳහා හේතු පැහැදිලි කරන නොවැම්බර් 12 සසප මධ්‍යම කාරක සභා යෝජනාව ද පල කරයි. එමෙන් ම දේශපාලන කාරනා තව දුරටත් විස්තාරනය කරමින්, 2022 දෙසැම්බර් 05 දා පක්ෂ සාමාජිකයන් වෙත සසප ප්‍රධාන ලේකම් විසින් යවන ලද ලිපිය ද අපි ප්‍රසිද්ධ කරන්නෙමු.

#theSocialistLK

සසප නිලධරය පසුගාමීත්වය හා මූලධර්ම විරෝධය ඔසවා තබයි Read More »

a18c4477fc180628138b2e114cb3b7e3c5a75261

උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි

රොබර්ට් කැම්පියන් විසිනි.

මැයි 14 ට නියමිත තායිලන්තයේ මහ මැතිවරණය පවත්වනු ලබන්නේ මහජන අප්‍රසාදය මෙන්ම චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය යටතේ ය.  මීළඟ ආන්ඩුව කුමන පක්‍ෂයක් විසින් පිහිටුවනු ලැබුවද, වැඩකරන ජනතාව මුහුණ දෙන මෙම ප්‍රශ්න වලට සහ අනෙකුත් බරපතල ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට එයට නොහැකි වනු ඇත.

Image

අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව ඇත.  2014 මිලිටරි කුමන්ත‍්‍රණයක නායකයා වූ ඔහුගේ ආන්ඩුව යටතේ අත්දුටුවේ, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තිය සඳහා නරක අතට හැරෙන කොන්දේසි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර සහ COVID-19 වසංගතයට මුහුණ දීමට කිසිදු බැරෑරුම් පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.  2020 සහ 2021 දී ප්‍රයුත් රජයට එරෙහිව මහජන විරෝධතා පුපුරා ගියේය.

ප්‍රයුත්ට ඇති අප්‍රසාදය විශේෂයෙන් මිලිටරියට සහ රාජාණ්ඩුවට සමීප පාලක කවයන් තුල භේදයකට තුඩු දුන්නේය.  ප්‍රයුත් 2022 අවසානයේ එක්සත් තායි ජාතික පක්ෂයට (United Thai Nation Party-UTN) සම්බන්ධ වීමට පාලක පලං ප්‍රචාරත් පක්ෂය (Palang Pracharath Party  -PPRP) හැර ගියේය. පීපීආර්පී ය නව ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිය අපේක්ෂකයා ලෙස විශ්‍රාමික ජෙනරාල්, නියෝජ්‍ය අගමැති ප්‍රවිට් වොන්ග්සුවොන් සහාය දැක්වීම සඳහා තෝරා ගත්තේය.  2014 කුමන්ත්‍රණයේදී ප්‍රවිට් ද ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළේය.

මෙම බෙදීම් පිළිඹිබු කරමින්, ප්‍රයුත්ට අගමැතිව සිටීමට ඇති සුදුසුකම, ඔහුගේ අට වසරක ධුර කාලය සීමාවට පැමිණීමෙන් පසු, පසුගිය සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට ගෙන එන ලදී.  කෙසේ වෙතත්, එහිදී, ප්‍රයුත්ට 2025 දක්වා ධුරයේ රැඳී සිටීමට ඉඩ සලසන බවට අධිකරණය තීන්දු කරන ලද්දේ, ප්‍රයුත්ගේ ධුර කාලය ආරම්භ වූයේ 2014 දී නොව 2017 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට බව පදනම් කර ගනිමිනි.

බැංකොක්හි සුආන් දුසිත් (Suan Dusit) විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද මෑත මත විමසුමකින් පෙන්නුම් කළ පරිදි, අනුමැතිය ප්‍රකාශ කර ඇත්තේ අතර, පීපීආර්පී සඳහා  7.49% ක් සහ යූටීඑන් සඳහා  8.48% ක් පමණක් වන ලෙසය. මෙය මිලිටරි පිටුබලය ලබන මෙම පක්ෂ දෙක සඳහා සමස්ත සහයෝගයේ දුබල බව පෙන්නුම් කරයි.

ඊට ප්‍රතිකූලව, ප්‍රධාන විපක්ෂය වන පියු තායි පක්ෂය   (Pheu Thai-PTP) සහාය සියයට 41.37 දක්වා ළඟා වූ අතර, සමස්තයක් ලෙස විපක්ෂ පිල සඳහා සියයට 60 කට වඩා වැඩි සහයෝගයක් ලැබිණි.  තායි ධනේශ්වරයේ ප්‍රධාන කොටස් නියෝජනය කරන පියු තායි ය (පීටීපී ය)  සඳහා ධනවත් ෂිනවත්‍රා පවුල පිටුබලය දෙනු ලබයි.  එය කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද , 2001 සිට 2006 දක්වා අගමැති ලෙස කටයුතු කළ තක්ෂින් ෂිනවත්‍රා විසින් ආරම්භ කරන ලද ,තායි රක් තායි පක්ෂයේ අනුප්‍රාප්තිකයා වේ.  ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් 2011 සිට 2014 දක්වා අගමැති ලෙස කටයුතු කල අතර ඒ හා සමානවම ඇයද  හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබීය.

තක්ෂින්ගේ දියණිය වන පේතොන්ග්ටාර්න්, පියු තායි (පීටීපී) හි අගමැති අපේක්ෂකයා වේ.  පියු තායි (පීටීපී) කියා සිටින්නේ, තමන් මිලිටරි පිටුබලය ලබන කිසිදු කොන්සර්වේටිව් පක්ෂයක් සමඟ සභාගයකට නොඑළඹෙන අතර, ද්විමණ්ඩල ජාතික සභාවේ පහළ මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පවතින ආසන 500 න් 310 ක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පියු තායි (පීටීපී) යට ,තවත් ධනවත් ව්‍යාපාරිකයෙකු වන පිටා ලිම්ජාරෝඑන්රත්  නායකත්වය දෙන පෙරට යනු පක්ෂය (Move Forward Party-MFP) විසින් සහාය දක්වයි.  එම්එෆ්පී ‘ප්‍රගතිශීලී’ පක්ෂයක් ලෙස පෙනී සිටින අතර එය වාම නැඹුරු තරුනයන්ගේ සහ කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා විටෙක නොපැහැදිලි ධනේශ්වර විරෝධී ප්‍රකාශ කරයි.  කෙසේ වෙතත්, එහි අරමුන වන්නේ, මිලිටරි පිටුබලය ලබන ගතානුගතිකයින්ට විකල්පයක් ලෙස පියු තායි (පීටීපී) ව්‍යාජ ලෙස ඔසවා තබාගෙන තායි පාලක පන්තියට එරෙහිව මතු වන අව්‍යාජ ව්‍යාපාරයක් අවහිර කිරීමයි.  මාර්තු මාසයේදී පිටා මෙසේ ප්‍රකාශ කළේ, “පියු තායි (පීටීපී)  හි ඕනෑම [අගමැති] අපේක්ෂකයෙකු සමඟ වැඩ කිරීමට  සූදානම්.” බවයි.

පියු තායි (පීටීපී) සහ එහි ආධාරකරුවන්ට ආන්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 376ක් දිනා ගැනීමට අවශ්‍ය වනු ඇත.  ජාතික සභාවේ සෙනෙට් සභාව ආසන 250 කින් සමන්විත වන අතර, එහි සියලුම සාමාජිකයින් තායි හමුදාව විසින් පත් කරනු ලැබේ.  ප්‍රයුත් සහ ප්‍රවිට්ගේ මිලිටරි පිටුබලය ලබන පක්ෂවලට ප්‍රබල වාසියක් ලබා දෙමින් නව ආන්ඩුවක් සඳහා සභා දෙකම ඡන්දය දෙනු ඇත.  පාලක ප්‍රභූව තමන්ට කැමති අපේක්ෂකයා තෝරා ගැනීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන ඒකාධිපති ක්‍රියාමාර්ග මෙයින් පෙන්නුම් කරයි.  හමුදාව විසින් පාලනය කරනු ලබන හෝ එහි බලපෑමට ලක් වන අනෙකුත් රාජ්‍ය ආයතන වලට මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය.  ඒවාට පරිපාලන අධිකරණය, ව්‍යවස්ථා අධිකරණය සහ මැතිවරණ කොමිසම ඇතුළත් වේ.

තවත් කුමන්ත්‍රණයක් සිදු නොවන බවට සහතිකයක් ඇත්තේ  නැත. මාර්තු මාසයේදී ,දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පත්සරවලී තනකිත්විබුල්පොන් සමග සම්මුඛ සාකච්ඡාවකදී  ප්‍රවිට් මෙසේ ප්‍රකාශ කළේ: “රට එක්සත් නම් සහ ජීවිත හානිවලට තුඩු දෙන ගැටුම් නොමැති නම්, තවත් කුමන්ත්‍රණ සිදු නොවනු ඇත, නමුත් රට කැළඹිලි සහිත නම්, එය [කුමන්ත්‍රණයක්] අවශ්‍ය විය හැක.” යන්නයි.

සමස්ත ක්‍රියාවලිය තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.  පියු තායි (පීටීපී) සහ මිලිටරි පිටුබලය ලත් විශාල පක්ෂවල ආධිපත්‍යයට අනුග්‍රහය දක්වමින්, පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් මගින් පක්ෂ-ලැයිස්තු ආසන සංඛ්‍යාව 150 සිට 100 දක්වා අඩු වූ අතර, ඒවා වෙනම ඡන්දයකින් පිරවීමට නියමිතය.  මුළු ලැයිස්තු-ආසන ඡන්ද 100 න් බෙදා සමානුපාතිකව ප්‍රදානය කෙරේ.  අපේක්ෂකයින් 100 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ පක්ෂ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත්තේ පියු තායි (පීටීපී)  සහ යූටීඑන් පමණි.

තවත් කරුණක් වන්නේ සිසුන් සඳහා ජාතික විභාග දිනය වන මැයි 14 වන දින මැතිවරණ දිනය නියම කිරීමයි.  මෙය නිසැකවම තීරණය කරනු ලැබුවේ තරුණයින් ඡන්දය දීමෙන් අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙස වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්දයේදී විරුද්ධ පක්ෂ තෝරා ගනු ඇත.

2019 පැවති අවසන් මහ මැතිවරණයට හමුදාවේ දැඩි මැදිහත්වීම් සමග සිදු විය.  තරඟ කළ ආසන ආසන 350 න්,  පියු තායි (පීටීපී)  එසේ වුවත් ආසන 137ක් දිනා ගත් අතර, පීපීආර්පී ජයග්‍රහණය කළේ ආසන 97 කි. මත විමසුම් මගින් එකල  පියු තායි (පීටීපී) ට පක්ෂව සියයට 45ක් සහ පීපීආර්පී සඳහා සියයට 7ක් පෙන්වූ බැවින් විශාල විෂමතා සිදු වී තිබුණි.  හමුදාව විසින් ඡන්ද මිලදී ගැනීම් සහ වෙනත් වංචනික ක්‍රියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල්ව වාර්තා විය.

මැතිවරනයට මතින්  ලඹ දෙන්නේ, චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය වන අතර, එය කිසිදු පාර්ශ්වයක් විසින් පිළිගෙන නොමැත.  අප්‍රේල් 24 වෙනිදා, යූඑස් එස් නිමිට්ස් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම (USS Nimitz aircraft carrier strike group )  තායිලන්තයේ බැංකොක් අගනුවර අසල ලැම්  ෂබැං (Laem Chabang) වරායට පිවිසුණි.  ලෝකයේ බලවත්ම හමුදාවේ විශාලතම යුධ නෞකා වලින් එකක් වන යූඑස් එස් නිමිට්ස් හි සිව්දින සංචාරය, එක්සත් ජනපදය තායි මැතිවරනය කෙරෙහි යොදන පීඩනය අවධාරනය කරයි.

යුද්ධයක් ඇති වූ විට, වියට්නාම් යුද්ධයේදී ඉන්දුචීනය පුරා කළාක් මෙන්, වොෂින්ටනය චීනයට ප්‍රහාර දියත් කිරීම සහ බෝම්බ හෙලීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස තායිලන්තය භාවිතා කරනු ඇත.  එක්සත් ජනපදය ඉල්ලා සිටින්නේ මීළඟ තායි ආන්ඩුව බීජිනයෙන් ඈත් විය යුතු බවයි.  බැංකොක් චීනය මත ආර්ථික වශයෙන් රඳා පවතින අතර බීජිං සහ වොෂින්ටනය අතර තුලනයක් ඇති කිරීමට උත්සාහ කර ඇත.

යූඑස් එස් නිමිට්ස් තායිලන්තයට පැමිණීමට පෙර ජපානය සහ දකුණු කොරියාව සමඟ යුද අභ්‍යාසවල නිරත විය. මෙම ප්‍රහාරක කණ්ඩායමේ වරායට ආගමනය නිල වශයෙන් පවත්වන ලද්දේ “එක්සත් ජනපද-තායි ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” සහ “එක්සත් ජනපද-තායි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 190 වැනි සංවත්සරය සැමරීම” සඳහා ය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම ගැන වොෂින්ටනයේ සියලු කතා තිබියදීම, එක්සත් ජනපදය, බැංකොක් සහ බීජිං යන දෙකටම පැහැදිලි පණිවිඩයක් යවමින් සිටින්නේ තම අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා අවශ්‍ය නම් තම මිලිටරිය භාවිතා කරන බවයි.

මැතිවරණයක් ආසන්නයේ චීනය මෙවැනි අභ්‍යාස පවත්වා ගුවන් යානා ප්‍රවාහකක නෞකාවක් ඕනෑම රටක වරායකට නැංගුරම් දැමුවහොත්, ජාත්‍යන්තර පුවත්පත් තුළ ඇති වන චීන බලහත්කාරය සහ අධිකාරීවාදය පිළිබඳ සටන්කාමී හෙලාදැකීම් ගැන කෙනෙකුට සිතාගත හැකිය.  එහෙත් චීනය සමග වැඩෙන ගැටුම නොතකා, මෙය, එක්සත් ජනපදය සඳහා ‘එදිනෙදා කටයුත්තක්’ ලෙස ඉදිරිපත් කෙරෙයි.

#theSocialistLK #WSWS

උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි Read More »

thesocialist.lk

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 02 දින Macron’s police state wages war on French workers යන සිරසින් යුතුව පලවූ ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. 

Image

කම්කරු පන්තියේ සහයෝගීතාවයේ ජාත්‍යන්තර දිනය වන මැයි දිනයේ දී, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, අතිමහත් මහජන විරෝධය නොතකා ඔහු පනවා ඇති විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මිලියන ගනනක් විරෝධය පලකරද්දී, දැඩි ලෙස සන්නද්ධ කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ඒ වෙත මුදා හැරියේය.  වීදි වෛද්‍යවරුන් විසින් බරපතල ලෙස තුවාල ලැබූ 30ක් ඇතුළුව තුවාල ලැබූ විරෝධතාකරුවන් 200කට ප්‍රතිකාර කළ අතර බරපතල ලෙස කඳුළු ගෑස් ආශ්වාස කල පිරිස 2,000ක් පමණ විය.

මෙම ප්‍රහාරය හුදෙක් වැටුප් සඳහා වැඩ කරන ජනගහනයෙන් අතිමහත් බහුතරය කෙරෙහි “ධනවතුන්ගේ ජනාධිපතිවරයා” අවඥාවට ලක් කිරීමේ සලකුණකට වඩා වැඩි යමක් විය.  එය ධනේශ්වර ආන්ඩු වැඩෙන මහජන විරෝධයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳව ප්‍රන්සයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි.  මැක්‍රොන් ආන්ඩුව, ෆැසිස්ට් විචි (Vichy) තන්ත‍්‍රයෙන් පසු මෙතෙක් නොදුටු දේශපාලන මර්දනයක මට්ටමකට හැරී ඇත.

ප‍්‍රන්ස ජනතාවගෙන් සියයට 75කට වැඩි ප‍්‍රතිශතයක් විරුද්ධ වන කප්පාදුවලට කම්කරුවන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදෙද්දී, මැක්‍රොන් විසින් එය පාලනය කරනු ලබන්නේ පොලිස් ප‍්‍රචණ්ඩත්වය යෙදීමෙනි.  මැක්‍රොන්ගේ කප්පාදුවලට එරෙහිව මාස හතරක විරෝධතාවල දී පොලිස් නිලධාරීන් විසින් මුදා හරින ලද සංහාරයේ මට්ටම, සමාජ අසමානතාවයට එරෙහි “කහ කබාය” විරෝධතා මර්දනය කිරීමේ දැවැන්ත ප්‍රමාණයට වේගයෙන් ළඟා වෙමින් තිබේ.  එම විරෝධතා තුලදී, වසරකට වැඩි කාලයක් තුළ, 10,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. තුවාල ලැබූවන් ගනන 4,400 කි. ආබාධිත වූ පිරිස 30 ක් වූ අතර, අසල සිටි 80 හැවිරිදි සෙයිනාබ් රඩ්වාන් ඝාතනය කරන ලදී.

2023 දී, රටේ සමස්ත වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද රටපුරා විරෝධතා වර්ජන 14 කදී, සිය ගනනක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිය ගනනක් තුවාල ලබා ඇත.  පොලිසිය ප්‍රවෘත්ති කැමරා ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහර දෙයි, රබර් උණ්ඩවලින් ඔවුන්ගේ ඇස්වලට වෙඩි තබයි, අත්බෝම්බවලින් ඔවුන්ගේ දෑත් පුපුරවා හරියි, ඔවුහු රූගත කරන මාධ්‍යවේදීන්ට සහ පෙලපාලියෙහි පාගමනෙන් යන විට අනාරක්ෂිත විරෝධතාකරුවන් එලියට ඇද පහර දෙති.

මේ අවස්ථාව වන විට මේ ආණ්ඩුව, සම්පූර්ණයෙන්ම ජනගහණයට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය පදනම් කරගනිමින් පාලනය ගෙන යයි.

ප‍්‍රන්සයේ මර්දනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේනයේ දී රුසියාව සමග නේටෝව යුද්ධයක යෙදී සිටී යන බොරුව පුපුරුවා හරියි.  මැක්‍රොන් ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින් සිටින්නේ, ඔහු පොහොසතුන් සඳහා සිය බදු කප්පාදුවලට මුදල් සැපයීමට සහ යුද්ධය තීව්‍ර කිරීම සඳහා යුරෝ බිලියන 90 ක මිලිටරි වියදම් ඉහළ නැංවීම සඳහා විශ්‍රාම වැටුප් වලින් යුරෝ බිලියන ගනනක් කපා හරිමිනි.  නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාව සමග යුද්ධයකට තල්ලු කරන එම සමාජ හා පන්ති අවශ්‍යතාම ධනවත්ම අධිරාජ්‍යවාදී රටවල පවා ඔවුන් පොලිස්-රාජ්‍ය පාලනයට තල්ලු කරයි.

නමුත් නැවත නැවතත් ප්‍රචණ්ඩත්වය යොදා තිබියදීත්, මහජන ව්‍යාපාරය පාලනයට ගෙන ඒමට මැක්‍රොන්ට නොහැකි වී තිබේ.  එය බලවත් ඉදිරි ගම්‍යතාවයක් වර්ධනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2023 මැයි දිනය සඳහා වන එහි කැඳවීමේ දී, යුද්ධයේ උත්සන්න වීමත් සමග විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින බව ලිවීය:

අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතාම කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

ප්‍රංශ කම්කරු පන්තියට එරෙහි දැවැන්ත පොලිස් ප්‍රචණ්ඩත්වය නොවැලැක්විය හැකි ලෙස එක් නිගමනයකට ගෙන එයි: සම්මුතියකට ඉඩක් නැති අතර මැක්‍රොන් සමග සාකච්ඡා කිරීමට කිසිවක් ඉතිරිව නැත.  කම්කරු පන්තියේ ඉදිරි මාවත වන්නේ මහා වැඩවර්ජනයක් හරහා ඔහුව බිමට ඇද දැමීමයි.

ප්‍රංශ ජනතාවගෙන් තුනෙන් දෙකක් ආර්ථිකය අවහිර කිරීමේ මහා වැඩවර්ජනයකට සහාය දක්වන බව මත විමසුම් පෙන්නුම් කරයි.  කෙසේ වෙතත්, මහජන ව්‍යාපාරය නැවැත්වීමට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ වෘත්තීය සමිති දරන උත්සාහයට එරෙහිව කම්කරු පන්තියේ පූර්ණ සමාජ හා කාර්මික බලය මේ සඳහා අවශ්‍ය වනු ඇත.

ප්‍රන්සය තුල වැඩෙන කම්කරු පන්තියේ කෝපය පිලිබඳව ජාත්‍යන්තරව පාලක කවයන් තුල  අනතුරු ඇඟවීම් වැඩෙමින් පවතින බවට බොහෝ ඇඟවුම් තිබේ.  මැක්‍රොන් විසින් කප්පාදුව නීති ගත  කිරීමෙන් පසු විරෝධතා අවසන් වී නැත. එය  ඔහුගේ ආන්ඩුවේ සුජාතභාවය බව නැති කර ඇත්තේ,  ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ යුරෝපය පුරා සහ ඉන් ඔබ්බෙහි රටවල ද වැටුප් කප්පාදුවලට, සමාජ කප්පාදුවලට සහ උද්ධමනයට එරෙහිව වැඩ වර්ජන වර්ධනය වෙමින් තිබියදී ය. විවිධ ධනේශ්වර ආන්ඩු, මැයි දිනයේදී, මැක්‍රොන්ගේ පොලිස් ම්ලේච්ඡත්වය පිලිබඳ දැනුවත්ව සිදු කරන ලද නිශ්ශබ්දතාවය අවසන් කර කනස්සල්ලට පත් ප්‍රකාශ නිකුත් කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ස්වීඩනය ප්‍රංශයෙන් ඉල්ලා සිටියේ “උද්ඝෝෂණ  වලදී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය සහ ෂොන්ඩාමරී [පොලිස් බලතල සහිත මිලිටරි  සේවයක්]  විසින් අධික ලෙස බලය යෙදවීම සම්බන්ධ චෝදනාවලට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.” ප්‍රංශයේ “සාමකාමී පුරවැසියන් විසුරුවා හැරීම ඉලක්ක කරගත් දරුණු සහ සමහර විට ප්‍රචණ්ඩකාරී පියවර” කනස්සල්ලට හේතුවක් බව රුසියාව පැවසීය.

“සංක්‍රමණිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කරන ක්‍රියාමාර්ග නවත්වන ලෙස” චීනය ප්‍රංශයෙන් ඉල්ලා සිටි අතර, “ආගමික වෛරයෙන් පෙලඹී ඇති අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජන මැඩපැවැත්වීමේ ප්‍රයත්නයන්ට” සහාය දෙන ලෙස එක්සත් ජනපදය පැරීසියෙන් ඉල්ලා සිටියේය.

ඩෙන්මාර්කයේ සැක්සෝ බැංකුව (SaxoBank) ද සංක්ෂිප්ත පත්‍රිකාවක් නිකුත් කරමින් අනුමාන කරනු ලබන්නේ, මෙය තමන්ගේ කප්පාදු පිලිවෙත් සඳහා පාර්ලිමේන්තු සහයෝගය නොමැතිකම හේතුවෙන් ඇති වූ දේශපාලන අර්බුදයක් වශයෙන් එයට ප්‍රතිචාර ලෙස ඔහු ඉල්ලා අස්විය හැකි බව යි.

එහෙත් මෙම බලවේග කතා කරන්නේ ප්‍රංශයේ පොලිස් ම්ලේච්ඡත්වය පිලිබඳ හදිසි සැලකිල්ලක් නිසා හෝ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර තන්ත්‍රයක් මතුවනු දැකීමට ඇති ආශාව නිසා නොවේ; දිනකට, පොලිසිය විසින් සාමාන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරන, ලොව විශාලතම ජේලර්වරයා වන එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලියන ගණනක් සිරකර තබන බන්ධනාගාර පද්ධති මොවුහු ක්‍රියාත්මක කරති. ඒ වෙනුවට, තත්වය කළමනාකරණය කිරීමට සහ ධනේශ්වර මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට මැක්‍රොන්ට ඇති හැකියාව කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය බොඳ වෙමින් තිබේ.

වැටුප්  හා සමාජ කප්පාදුවේ එකම ආඥාදායක පිලිවෙත් සිය රට තුල පැටවීමට සහ – නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධවයෙන් නම් – යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය සඳහා ඔවුන්ගේම හැකියාව පිලිබඳව ප‍්‍රන්සයේ විප්ලවවාදී පිපිරුමකින් ඇති වන ඇගවුම් කෙරෙහි  ඔවුහු බිය වෙති.

1968 මැයි ප්‍රන්ස මහා වැඩවර්ජනය කම්කරු පන්තිය විසින් ජාත්‍යන්තර විප්ලවවාදී අරගල රැල්ලක් අවුලුවාලූ ආකාරය ලොව පුරා ධනේශ්වර පාලක ප්‍රභූන්ට අමතකව නැත.  යුරෝපයේ පමනක්, බ්‍රිතාන්‍යයේ, පෘතුගාලයේ, ග්‍රීසියේ සහ ස්පාඤ්ඤයේ ආන්ඩු බිඳ වැටුනු අතර, මිලියන ගනනක් කම්කරුවන් ජර්මනියේ, ඉතාලියේ සහ ඉන් ඔබ්බෙහි වූ වැඩ වර්ජන හා විරෝධතා වලට සම්බන්ධ විය.  මෙය ලොව පුරා තරුණ ශිෂ්‍යයන් සහ කම්කරුවන්ගේ පරම්පරාවක් රැඩිකල්කරණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

වසර පනස් පහකට පසුව සහ 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු දශක තුනකට වැඩි කාලයක් තුළ පන්ති අරගලයේ නැගිටීමක් ලොව පුරා සිදුවෙමින් පවතී.  නව නේටෝ-රුසියා ලෝක යුද්ධයකට තව තවත් ගැඹුරට කිඳා බසින තතූ තුල, ගෝලීයකරණය වූ ධනවාදයේ නොවිසදිය හැකි භූ දේශපාලනික හා මූල්‍ය ප්‍රතිවිරෝධතා විසින් මෙහෙයවනු ලබන ධනේශ්වර පාලක ප්‍රභූවකට කම්කරු පන්තිය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රතිසංස්කරන නොමැත.  කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය සහ කෝපය වෙත ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් පමනි.

කම්කරු පන්තිය මැක්‍රොන් ආන්ඩුව බිම දැමිය යුතුය.  කම්කරුවන් මුහුන දී සිටින්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සඳහා පාලක පන්තියට බලපෑම් කිරීමට නොව බලය සඳහා ජාත්‍යන්තර අරගලයක් දියත් කිරීමට තමන්ම සංවිධානය වීමේ කර්තව්‍යයට ය.  මෙයට අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ පුලුල් මහජනතාව සටන්කාමී ක්‍රියාවන් තුල බලමුලු ගැන්වීමටත් ආන්ඩු බිම හෙලීමට සහ කම්කරුවන්ගේ ආන්ඩු බලයට ගෙන ඒම සඳහා මහා වැඩ වර්ජන සූදානම් කිරීමටත් හැකි වන පරිදි ක්‍රියාකාරී කමිටු (සංවිධාන) ගොඩනැගීමයි.

ප්‍රංශයේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් වර්ධනය වන තරමට, එය වෘත්තීය සමිති නිලධරයේ සහ ජීන්-ලූක් මෙලන්චොන් වැනි දේශපාලන චරිතවල ද්‍රෝහීත්වය එලිදරව් කරයි. මෙම ව්‍යාපාරය අඩුවී යනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වෙති.

කම්කරුවන්ට ප්‍රන්ස වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තැබිය නොහැක. ඔවුන් වෙනත් තැන්වල සිටින තම සගයන්ට වඩා “රැඩිකල්” යයි මවාපෑම් තිබියදීත්, ප්‍රතිවිප්ලවවාදී භූමිකාවක් ඉටු කරයි.  ඔවුන් මැක්‍රොන් පරාජය කිරීමට කම්කරුවන්ට ඉදිරිදර්ශනයක් නොදෙන අතර ඒ වෙනුවට ප්‍රන්සයේ ෆැසිස්ට් පොලිස් රාජ්‍යය සමග “සමතය” (mediation) සඳහා ආයාචනා කිරීමට නැවත නැවතත් වැඩ වර්ජන අත්හිටුවයි.  ප්‍රංශ ජනතාවගෙන් විශාල බහුතරයක් සහ ප්‍රංශ කම්කරුවන්ගෙන් අතිවිශාල බහුතරයක්  මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිය දී එය සංවිධානය කිරීමට ඔවුන් අසමත් වීම, ඔවුන් සේවය කරන්නේ කම්කරුවන්ගේ අරගල සංවිධානය කිරීමට නොව අවහිර කිරීමට සහ ප්‍රමාද කිරීමට බව පැහැදිලි කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රංශ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (Parti de l’égalité socialiste – PES) මැක්‍රොන් ඉවත් කිරීමට සහ ඔහුගේ කප්පාදු නවතා දැමීමට බල කරන යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස, ප්‍රංශය පුරා සේවා ස්ථානවල සහ පාසල්වල මහා සභා රැස්වීම් පැවැත්වීමට ඉල්ලා සිටී. මෙම රැස්වීම් වලින් කම්කරුවන්ට හා තරුනයින්ට වැඩවර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීමට සහ මැක්‍රොන් බලයෙන් පහකිරීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමට ක්‍රියාකාරී  කමිටු පිහිටුවා ගත හැකිය.

සියල්ලටත් වඩා, ජාත්‍යන්තරව කම්කරු පන්තියේ වැඩෙන වැඩ වර්ජන රැල්ල සහ දේශපාලන විරුද්ධත්වය සමග ප්‍රන්සයේ කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරණය කිරීමට එවැනි ක්‍රියාකාරී කමිටුවලට හැකිය.  මැක්‍රොන්ට එරෙහි අරගලයේ දී, ප්‍රංශ කම්කරුවන්ගේ හොඳම සහකරුවන් වන්නේ ජාත්‍යන්තරව එම ප්‍රතිගාමී ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රභූන්ට එරෙහිව සටන් කරන ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය.

කම්කරුවන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) තුල බලමුලු ගන්වා විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධව,  මැක්‍රොන් බලයෙන් පහකිරීමේ අරගලය පාලක මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීමේ සහ ගෝලීය වශයෙන් සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ අරගලයේ පළමු පියවර බවට පත් කළ යුතුය.  [අවධාරනය සංස්කාරකගෙනි]

#theSocialistLK #WSWS

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරයි Read More »

1683267908743

ඇමරිකානු ජනාධිපති බයිඩන් පැපුවා නිව් ගිනිහි දාමරික බලය පෑමේ සංචාරයක

මයික් හෙඩ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 30 දින US President Biden to make bullying visit to Papua New Guinea යන සිරසින් යුතුව පලවූ මයික් හෙඩ් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

චීනය සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තීව්‍ර වන ගැටුම පිටුපස පෙලගැසිම සඳහා පැසිෆික් දූපත් රටවලට එල්ල වන පීඩනය සැලකිය යුතු  පරිදි ඉහල දැමීමක් ලෙස, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු පැපුවා නිව්ගිනියාවට (PNG) කරන පළමු සංචාරය වන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේදී එහි ළගා වනු ඇත.

Image

පැපුවා නිව්ගිනියාවෙහි අගනුවර වන පෝර්ට් මෝර්ස්බි (Port Moresby) හි ​​නැවතුමේ දී , බයිඩන් පැසිෆික් දූපත් නායකයින් දුසිමකට වැඩි පිරිසක්ක් හමුවනු ඇත. ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි මෙම උපායමාර්ගිකව තීරණාත්මක සහ සම්පත් බහුල දූපත් සමූහය, ලෝක යුද්ධ දෙකේදීම නිරිතදිග පැසිෆික් කලාපයත් සමග ප්‍රධාන සටන් බිමක් බවට පත්විය.

මැයි 20දා බයිඩන් මෙම පෙර නොවූ විරූ සංචාරය සිදු කරනු ඇත්තේ, යුක්රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් දායකත්වය දෙන යුද්ධය කෙරෙහි අවධානය යොමු කරනු ඇති, ජපානයේ පැවැත්වෙන ජී-7 සමුලුවක් හා  සිඩ්නි හි දී පැවැත්වීමට නියමිත  චීන විරෝධී ක්වාඩ් (Quad ) නායකයින්ගේ   –  එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව –  චීනයට එරෙහි මිලිටරි හා ආර්ථික ප්‍රහාරය තීව්‍ර කිරීමෙහි පූර්ණව නියැලෙනු ඇති, රැස්වීමක්  අතර දීය. 

චීනය සමඟ ගැටුම සඳහා ඉන්දියාව පෙරමුණු කදවුරක් බවට පත් කර ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සංවිධානය කරන ලද, පපුවා නිව් ගිනිහි පවත්වන ඉන්දියා-පැසිෆික් දූපත් සංසදයේ වාසිය, එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින්ලබා ගනු ඇත.  බයිඩන්ගේ සංචාරයෙන් දිනකට පසු පැවැත්වීමට නියමිත මෝඩිගේ මණ්ඩපය, ඉන්දු-පැසිෆික් කලාපය පුරා එක්සත් ජනපද හවුල්කරුවෙකු ලෙස වඩාත් විශාල බලයක් සඳහා ඉන්දියානු පාලක පන්තියේ හිමිකම ප්‍රදර්ශනය කිරීමක් වේ.

පැසිෆික් දූපත් නායකයින් සමග බයිඩන් ගේ රැස්වීමේ තර්ජනාත්මක ස්වභාවය එක්සත් ජනපද ආන්ඩුවේ වොයිස් ඔෆ් ඇමරිකා ( Voice of America) අවධාරනය කලේ,  “මෙම රැස්වීම කලාපය තුළ චීන ආක්‍රමණයට එරෙහිව, එය පසුපසට තල්ලු කිරීමේ එක්සත් ජනපද ප්‍රයත්න වල සැලකිය යුතු පියවරක් වනු ඇති අතර, එය සිදු වන්නේ  පසුගිය සැප්තැම්බරයේ ධවල මන්දිරයේදී පැසිෆික් දූපත් නායකයින්ට බයිඩෙන් විසින් සත්කාරකත්වය දැක් වීමෙන් පසුවයි,” ලෙසිනි.

අද දින “ඔස්ට්‍රේලියන්” ( Australian) හි කතුවැකියක් මේ හා සමාන පණිවිඩයක් එවා ඇත. බයිඩන්  සහ මෝඩි චාරිකාවල “වැදගත්කම නොසලකා හැරීම චීනයේ  නුවණට හුරු නැත”, යැයි එය ප්‍රකාශ කළේය.  “රැස්වීම් සහ ක්වාඩ් (Quad) සමුලුව මගින් දැනුම් දෙන්නේ බීජිංනය , කලාපය පුරා තමන්ට රිසි ආකාරයෙන් දේවල් සිදුවනු ඇති බව විශ්වාස කළ දිනයන් අවසන් වී ඇති බවයි.”

එම අනතුරු ඇඟවීම යථාර්ථය එහි හිස මත හිටවයි.  කලාපය පුරා ලේ වැකි සටන් තුතුලින් ජපන් අධිරාජ්‍යවාදය පරාජය කළ එක්සත් ජනපදයේයේ ආන්ඩු, දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය පුරා,  පැසිෆික් කලාපය ඇමරිකාවේ “විල” ලෙස සැලකූහ.  බොහෝ දුරට, එක්සත් ජනපදය නිරිතදිග පැසිෆික් කලාපයේ අධීක්‍ෂණය එහි ප්‍රාදේශීය අධිරාජ්‍යවාදී සහචරයින් වන ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැවරූ අතර, එම රටවල් දෙක බොහෝ දුරට, ජර්මානු නිව්ගිනි ඇතුළු දූපත් භූමි ප්‍රදේශයන්හි යටත් විජිත පාලනය, පළමු ලෝක යුද්ධයේදී අත්පත් කර ගත්හ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එහි සූදානම වේගවත් කර ඇති හෙයින්, පැසිෆික් දූපත් රාජ්‍යවල කටයුතු වලට එය වඩ වඩාත් සෘජුව මැදිහත් වී ඇත.

පසුගිය සැප්තැම්බරයේ, බීජිනයට වල කැපීමට සහ වොෂින්ටනයේ ආධිපත්‍යය පිලිබඳ එහි  තිරසාර ප්‍රකාශය ඉදිරියට ගෙන යාමට, සැලසුම් කළ “හවුල්කාර” ගිවිසුමකට තල්ලු කිරීම සඳහා බයිඩන් පැසිෆික් නායකයින් 14 දෙනෙකුගේ සමුලුවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී කැඳවීය. “සෘජුවම, ඇමරිකාවේත්ත් ලෝකයේත්   ආරක්‍ෂාව සහ රඳා පවතින්නේ ඔබගේ ආරක්‍ෂාව සහ පැසිෆික් දූපත්වල ආරක්‍ෂාව මත” යැයි බයිඩන් රැස්වීමට කෙලින්ම පැවසීය.

බයිඩන්ගේ ගේ සංචාරයට පිටුබලය දෙන අතර, වාර්තා වන පරිදි ඊට එකතු වන, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් , ජනවාරි මාසයේදී පැපුවා නිව් ගිනි වෙත ඔහුගේම සංචාරයක් සිදු කරනු ලැබුවේ චීනය අවහිර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට  එහි ආන්ඩුව එකග කරවා ගැනීම සඳහාය.  එක්සත් ජනපදය පපුවා නිව් ගිනිහි අගමැති ජේම්ස් මාරපේ තල්ලු කරනු ලබන්නේ මීට සමාන “ආරක්ෂාෂා සහයෝගිතා ගිවිසුමක්” ඇති කර ගැනීමටය.

ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ඇතිකර ගත් ඔ්කස් (AUKUS) මිලිටරි ගිවිසුම සම්බන්ධයෙන් පැසිෆික් දූපත් පුරා නොසන්සුන්තාවක් සහ විරෝධයක් පවතී.  ක්වාඩ් සමග, ඔ්කස් නොවරදින ලෙසමලෙසම පිහිටුවා ගෙන ඇත්තේ, සමස්ත කලාපයේම ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින්, චීනයට එරෙහි ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් සඳහා සූදානම් වීමටය.

පසුගිය වසරේ, සොලමන් දූපත් ආන්ඩුව බීජිං සමග නොපැහැදිලි උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කිරීම, වොෂින්ටන් , කැන්බරා හා වෙලින්ටන් හි අනතුරක හැගීමක් ඇති කළේය.  ඕනෑම තථ්‍ය ලෙස වන චීන ස්ථීර මිලිටරි පැවැත්මක් වැලැක්වීමට සන්නද්ධ මැදිහත්වීමක් කරන බවට වොෂින්ටනය තර්ජනය කරනු ලැබීය.  ධවල මන්දිරයේ ඉන්දු-පැසිෆික් සම්බන්ධීකාරක කර්ට් කැම්බල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් සොලමන් දූපත් අගමැති මනස්සේ සොගවාරේ හමුවිය.  එවන් ඕනෑම පියවරකට “ඊටට අනුව ප්‍රතිචාර දක්වන” බවට එක්සත් ජනපදය පසුව බිය උපදවන සුලු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

එහි තර්ජන ශක්තිමත් කිරීම සඳහා, එක්සත් ජනපදය මෙම දූපත් තුළ සිය රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම තීව්‍ර කළේය.  එය සොලමන් දූපත් වල නව තානාපති කාර්යාලයක් සහ වනුවාටු, කිරිබති සහ ටොංගා හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල (diplomatic missions) විවෘත කළ අතර කලාපීය නායකයින්ගේ පර්ෂදයක් වන පැසිෆික් දූපත් සංසදයට (Pacific Islands Forum) නියෝජිතයෙකු පත් කළේය. බයිඩන් පරිපාලනය, ගෝලීය වශයෙන් එක්සත් ජනපද මැදිහත්වීම් සඳහා යොදා ගැනෙන වාහක දෙකක් වන, එක්සත් ජනපද සාම බලකායේ ( US Peace Corps) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (US Agency for International Development) මෙහෙයුම් පුළුල් කිරීමට ද පියවර ගෙන ඇත.

එක්සත් ජනපදය තව දුරටත්, ඕස්ට්‍රේලියාවේ කම්කරු ආන්ඩුව සමග එක්ව,  , දූපත් ජාතීන් 10ක් සමග වූ වඩා පුලුල්, පෙර කී වැන්නට සමානවම නොපැහැදිලි, චීන ආරක්‍ෂක සහ වෙළඳ ගිවිසුමටට විරෝධය පා අවසන් කර දැමීය. මෙම දූපත් ජාතීන්, වෙළඳාම, ආධාර සහ ආයෝජන සඳහා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය මත සැලකිය යුතු ලෙස රඳා පැවතුනද, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ඇති ආන්ඩු වලට, බීජිං සමඟ සබඳතා අඩු කිරීමට හෝ කපා හැරීම සඳහා හිරිහැර කරනු ලැබේ.

පපුවා නිව් ගිනි හි විදේශ අමාත්‍ය ජස්ටින් කචෙන්කො (Justin Tkatchenko) පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට ප්‍රකාශ කළේ, මෙම වසර මුලදී හවායි සහ පපුවා නිව් ගිනි හි නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලට පසු පසින්,  එක්සත් ජනපදය සහ පපුවා නිව් ගිනි ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර අවසන් කරන බවයි.   පුහුණු කිරීම්  සහ කඳවුරු ගොඩනැගීම් ආවරණය කරන මෙම ගිවිසුම, ඔහු විසින් “ඉතා වැදගත්” යැයි විස්තර කරන ලදී.

කෙසේ වෙතත්, කචෙන්කො, ඕස්ට්‍රේලියාව වැනි සම්ප්‍රදායික “හවුල්කරුවන්ගේ” උපායමාර්ගික උත්සුකයන් සමනය කරන අතරම, චීනය සමඟ නව ආර්ථික අවස්ථා විවෘත කිරීමට උත්සාහ කරන බැවින් පැපුවා නිව් ගිනි සඳහා එය, “සියුම් සමතුලිතතා ක්‍රියාවක්” බව පැවසීය.  පපුවා නිව් ගිනි චීනය සමඟ ආර්ථික වශයෙන් දිගටම කටයුතු කරන නමුත් “ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන් හා බද්ධ වී සිටින” බව ඔහු පැවසීය. මෙවැනි සමාන පීඩනයන්  යටතේ, පපුවා නිව් ගිනිය  පසුගිය මාසයේ එක්සත් රාජධානිය සමඟ සහ පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංශය සමඟ බලකා-තත්ව ගිවිසුමක් (Status of Forces Agreement) අත්සන් කරනු ලැබීය.

2018 නොවැම්බර් මාසයේදී පෝට් මෝර්ස්බි හි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවක් පැවැත්වූ අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් පැපුවා නිව් ගිනි වෙත දින කිහිපයක් සංචාරය කළේය.  නව මාර්ග සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඇතුළුව සමුළුව සඳහා බොහෝ යටිතල පහසුකම් සඳහා චීනය අරමුදල් සපයන ලදී.

එජ සහ, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි එහි සමීපතම සහචරයින් සම්බන්ධයෙන් සැලකූ කළ, ඔවුන්ගේ ස්වයං-ප්‍රකාශිත ” පිලිකන්න” තුල එවැනි චීන බලපෑම නොඉවසිය හැකි ය. බයිඩන්ගේ සංචාරය, වොෂින්ටනයේ ප්‍රහාරයෙන් කිසියම්ම හෝ අපගමනයක් වැලැක්වීම සඳහා වූ,  මුලු ක්ෂේත්‍රයම අලලා ගත්   තියුණු තද කිරීමක් නියෝජනය කරයි. 

පසුගිය මාසයේ, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං , නවසීලන්ත නියෝජ්‍ය අගමැති කාර්මෙල් සෙපුලෝනි සහ විදේශ අමාත්‍ය නානායා මහුතා මෙන්ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි විසින් ද මෙම කලාපය වෙත සංචාර සිදු කෙරිණ.

වොං, එජ සහ ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයේ ප්‍රහාරක බල්ලෙකු ලෙස ඇල්බනීස් ආන්ඩුවේ භූමිකාව අවධාරනය කරමින්,  නිලයේ පළමු වසර තුලදී ඇය ඒ වන විට සංචාරය නොකළ පැසිෆික් රටවල් 17න් ඉතිරි දෙකට ගියාය.  පැසිෆික් “පවුල” වෙත ඇයගේ චාරිකා චීන ආධිපත්‍යයෙන් කලාපය මුදා ගැනීමේ දූත මෙහෙවර ලෙස  නිරූපණය කල  ඇය, කලාපය “හැඩ ගැස්වීම ”  පිළිබදව ප්‍රකෝපකාරී කතා සිදු කළාය.

පසුගිය සතියේ ඇල්බනීස් ගේ රජය තවත් ඉදිරියට ගියේය.  එය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශාලතම මිලිටරි ගොඩ නැගීම සහ  එක්සත් ජනපදය විසින් චීනය මිලිටරිමය ලෙස වැටලීමේ කොටසක් ලෙස ඉන්දු-පැසිෆික් කලාපය හරහා “බලපෑම් ප්‍රක්ෂේපණය” පිළිබඳ නව මූලධර්මයක් අනුගමනය කිරීම ගෙනහැර දක්වන ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයක් නිකුත් කළේය.

ලෝකයේ සෙසු රටවල් මෙන්ම, නිරිතදිග පැසිෆික් සාගරයේ දුරස්ථ සේ  පෙනෙන  දූපත් පවා,  20 වැනි සියවසේ ලෝක යුද්ධ දෙකේදීම මෙන්, නැවතත් අධිරාජ්‍යවාදී යුද්ධයේ වෙඩි බිමට තල්ලු කරකරමින් පවතී.

#theSocialistLK #WSWS

ඇමරිකානු ජනාධිපති බයිඩන් පැපුවා නිව් ගිනිහි දාමරික බලය පෑමේ සංචාරයක Read More »

1683179205638

වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස

ක්ලාරා වෙයිස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 26 දින පල වූ ක්ලාරා වෙයිස් සහෝදරිය විසින් ලියන ලද “80 years since the Warsaw Ghetto Uprising” යන ලිපියේ සිංහල පරිවර්තනය යි. කොටස් දෙකකින් පලකරනු ලැබෙන මෙම ලිපිය පරිවර්තනය කලේ මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 19, 1943 වෝර්සෝ ගෙටො හි [නාසින් අල්ලාගත් කලාපවල යුදෙව්වන්ට වෙන් කල ප්‍රදේශ] නැගිටීමෙහි ආරම්භය සිදු විය. පසුගිය බදාදා,  එහි 80 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මෙම නැගිටීම මහාද්වීපයේ ( යුරෝපයේ) නාසි පාලනයට එරෙහිව මහා පරිමාණ නාගරික සන්නද්ධ ප්‍රතිරෝධයේ පළමු ක්‍රියාව විය.

දුර්වල ලෙස සන්නද්ධ සටන්කාමීන් සිය ගණනක් – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ නව යොවුන් වියේ හෝ විසි ගණන්වල මුල් භාගයේ පසු වූ අය වූ අතර – සති කිහිපයක් නාසීන්ගේ කුරිරු එස්එස් හමුදාවන්ට එරෙහි වීමට සමත් වූහ.  මෙම නැගිටීම මෙහෙයවනු ලැබුවේ සමාජවාදී සියොන්වාදී හෂෝමර් හට්සායර්, වාම පෝලන්ත සියොන්වාදීන් සහ යුදෙව් කම්කරු බුන්ඩ් ඇතුළු කොමියුනිස්ට් තරුනයන්ගේ සහ යුදෙව් සමාජවාදී පක්ෂවල සන්ධානයක් විසිනි. ඒ සියල්ලෝම දැඩි ලෙස සෝවියට් ගැති වූ අතර යුදෙව් විරෝධී හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන නොබිඳිය හැකි ලෙස ධනවාදයට එරෙහි සටන බව ඒත්තු ගෙන සිටියහ.    නාසීන්ට කැරැල්ල මැඩපැවැත්වීමට හැකි වූයේ ගෙටොව ගිනිබත් කර, 13,000 ක් පමණ මිනිසුන් මරා දැමීමෙන් පමණි. ඔවුන්ගෙන් අඩක් පමණ පණපිටින් පුළුස්සා හෝ ගින්න මගින් ඇතිවන දුමාරයෙන් හුස්ම හිර කර මරා දැමුණි.

Image
SS සොල්දාදුවන් දැවෙන ගෙටෝවේ වීදි හරහා ගමන් කරයි.  පින්තූරය SS කමාන්ඩර් Jürgen Stroop විසින් වාර්තාවක් සඳහා ගන්නා ලද්දකි

සමූලඝාතනයේ (හොලොකොස්ටයේ) ගමන් මග නැවැත්වීමට හෝ වෙනස් කිරීමට එයට නොහැකි වුවද, නැගිටීම මගින් නාසි ආක්‍රමණිකයන්ගේ පදනම දෙදරුමට ලක් විය. එය සිදු වූයේ, ස්ටාලින්ග්‍රෑඩ්හිදී රතු හමුදාව විසින් නාසි ජර්මනිය පරාජය කිරීමෙන් යන්තම් මාස දෙකකට වැඩි කාලයකට පසුවය. එහිදී ( ස්ටැලින්ග්‍රාඩ්) මුළු ජර්මානු හමුදාවක්ම අතුගා දමා තිබුණි.  මෙම නැගිටීම නිසා සමකාලීනයන් අතර වෝර්සෝ ගෙටොව “කුඩා ස්ටාලින්ග්‍රෑඩ්” යන පදය උපයා ගත්තේය.  රතු හමුදාවේ දැන් ආරම්භක ප්‍රගතිය සමග, එය යුරෝපය පුරා නාසි තන්ත‍්‍රයට සහ එහි සහචරයින්ට එරෙහිව සමාජ හා විප්ලවවාදී අරගල පුපුරා යාම හඟවන ලදී.  එය ( වෝර්සෝ ගටො නැගිටීම) එතැන් සිට නාසි නායකත්වය යුරෝපීය යුදෙව්වන් මිලියන 6 ක ජන සංහාරය කිරීමේ ඉතිහාසයේ හොඳම ප්‍රචලිත කථාංගයක් බවට පත් වූ අතර ෆැසිස්ට්වාදයේ අතිමහත් සන්නද්ධ බලය හමුවේ ධෛර්ය සම්පන්න විරෝධයේ සංකේතයක් බවට පත්ව ඇත.

එහි දැවැන්ත ඓතිහාසික හා දේශපාලන වැදගත්කම තිබියදීත් – එසේත් නැතිනම් ඒ නිසා – 80 වැනි සංවත්සරයේ සැමරුම් අතිශයින් නිහඬය.  ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර්,  වෝර්සෝහිදී වූ සිදුවීම ගැන “සමාව” ඉල්ලා සිටිමින්  වාචාල කතා ගණනාවක් ප්‍රකාශ කරන  අතරම ජර්මන් ආණ්ඩුව යුක්‍රේනය තුළ දී රුසියාවට එරෙහිව යුද්ධයක් සඳහා යුද ටැංකි යවමින් සිටී. ඉතිහාසය මුසාකරනය කිරීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින් සිටින පෝලන්ත ආණ්ඩුව යුදෙව් විරෝධීවාදය ප්‍රවර්ධනය කිරීමට සහ රුසියාවට එරෙහිව නේටෝ යුද්ධය ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය සපයයි.

ජර්මනිය තුලම, ඉතා සුළු අනුස්මරණ පැවති අතර, ඒවා සියල්ලම පාහේ යුදෙව් ප්‍රජාවන් විසින් සංවිධානය කරන ලදී.  කැපී පෙනෙන විශේෂිත දෙයක් වූයේ ලයිප්සිග්හි සයිමන් ඩබ්නොව් ආයතනය විසින් සංවිධානය කරන ලද තෙදින ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය වන අතර, පෝලන්ත යුදෙව් ඉතිහාස ක්ෂේත්‍රය පලිබද  ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයින් බොහෝ දෙනෙකුගෙන් එහි සිටි අතර නැගිටීම පිළිබඳ මෑත කාලීන ඓතිහාසික සොයාගැනීම් පිලිබඳව හා එයට සම්බන්ධ වූ විවිධ දේශපාලන ප්‍රවණතා ද සමාලෝචනය කරන ලදී.  .

සම්මන්ත්‍රණයේ සන්දර්භය තුළ, ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ සිසුන් නාසිවාදය විසින් හිංසාවට ලක් වූ, මරා දැමූ හෝ පිටුවහල් කරන ලද නිර්මාපකයින්ගේ කෘති පිළිබඳව ක්‍රියාකාරී ප්‍රසංගයක් ද සංවිධානය කළහ.  නාසීන් විසින් විනාශ කරන ලද සංගීත සංස්කෘතියේ පුලුල් විවිධත්වය සහ පොහොසත්කම ප්‍රකාශ කිරීමට පමණක් නොව, මෙම නිර්මාපකයින් පීඩාවට පත් වීමට පෙර ඔවුන් ජීවත් වූ ජීවිත පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා සිසුන් විසින්ම සංගීත ඛණ්ඩ තෝරාගෙන තිබුණි.  1920 ගණන්වල බර්ලිනයේ සංගීත ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සහ පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට බල කෙරුනු, පෝලන්ත-යුදෙව් නිර්මාපකයෙකු වන ඉග්නාට්ස් වැගල්ටර්ගේ, පලමු පියවරයන් තුනෙහි මුල්ම කෘතිවලින් එකක් වන ඩී මේජර් හි ස්ට්‍රිං ක්වාර්ටේට් හි පළමු පියවර  විශේෂයෙන් කැපී පෙනේ.  නාසීන් විසින් ඝාතනය කරන ලද චෙක්-යුදෙව් නිර්මාපකයෙකු වන අර්වින් ෂුල්හෝෆ්ගේ “අයිරනීස්” හි අත් හතරක් සඳහා කෙටි නමුත් නව්‍ය පියානෝ ඛණ්ඩ තුනක් ද සිදු වාදනය කරන  ලදී.

සිසුන් මහත් උනන්දුවෙන් සංගීත ඛණ්ඩ වාදනය කළ අතර එක් සිසුවෙකු එක් එක් නිර්මාපකයෙකු හා වාදනය කල සෑම නිර්මාන කොටසක් පිලිබඳව  බැරෑරුම් හැඳින්වීමක් ඉදිරිපත් කළේය.  සංගීත භාණ්ඩ සඳහා වූ ලීප්සිග් කෞතුකාගාරයේ පැවති මෙම ප්‍රසංගය කෙතරම් උනන්දුවක් දැක්වුයේද යත්, ප්‍රේක්ෂකයන්ට අසුන් ගැනීමට අමතර පුටු ගෙන ඒමට ද සිදු විය.

හොලෝකොස්ටයේ  පවතින බුද්ධිමය හා සංස්කෘතික බලපෑම  ග්‍රහණය කර ගැනීමට තරුනයන් හා කම්කරුවන් අතර ඇති පැහැදිලි පෙළඹවීම සමඟම ඓතිහාසික සත්‍යය යටපත් කිරීමට හා විකෘති කිරීමට සහ සිදු වූ දෙය හෑල්ලු කිරීමට හෝ සිදු වූ දේ අනුස්මරණය නොකිරීමට ආන්ඩු දරන උත්සාහයන් අතර කැපී පෙනෙන වෙනසක් ඇත. නිශ්චිතවම, එය සැමරීමට ධනේශ්වර ආන්ඩුවලට උනන්දුවක් නැත්තේ වෝර්සෝ ගෙටො නැගිටීමේ ඓතිහාසික පාඩම් වල සමකාලීන දේශපාලන අදාළත්වය නිසාය.

එහෙත් ලෝකයේ නව අධිරාජ්‍යවාදී යලි බෙදීමක දිග හැරෙන සුළි කුණාටුවට, ෆැසිස්ට් බලවේග ගොඩනැගීමට, සමාජ ප්‍රතිවිප්ලවයට සහ දැනට පවතින වසංගත හා දේශගුණික ව්‍යසනයට අද මුහුන දී සිටින කම්කරුවන්ට, වෝර්සෝ ගෙටො සමූලඝාතනය( හොලෝකොස්ටය) නැගිටීම සහ නම් වීරෝදාර එනමුත් ඛේදනීය අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඉමහත් පාඩම්  රැසක් ඇත.  

වෝර්සෝ ගෙටෝ නැගිටීමේ මූලයෝ

සති හයක් වැනි කෙටි කාලයක් තුළ, එනම් 1942 ජූලි 22-සැප්තැම්බර් 8 වැනි දින අතර සිදු වූ, ඇස්තමේන්තුගත පරිදි, ගේටොවෙන් පිටුවහල් කරන ලද   යුදෙව්වන් 265,000ක් ,  ට්‍රෙබ්ලින්කා මරණ කඳවුරට ගෙන ආ  විගස ගෑස් යොදා ඝාතනය කිරීම, එනම් “මහා ක්‍රියාවේ” දී ලැබූ විනාශකාරී අත්දැකීම ගෙටොවේ සන්නද්ධ ප්‍රතිරෝධය සඳහා වූ සැලසුම්වල ක්ෂනික මූලාරම්භය විය. නැගෙනහිර යුරෝපය පුරා ගේටො හා ගාල් කඳවුරු මුර කිරීමට නාසීන් විසින් පුහුණු කරන ලද යුක්රේනියානු කුලී හේවායන් වන ඊනියා “ට්‍රව්නිකි” හමුදාව, යුදෙව්වන් ක්‍රමානුකූලව වටකර ගැනීමේ දී සහ ට්‍රෙබ්ලින්කා වෙත ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළහ.

Image
වෝර්සෝ හි ඊසාන දෙසින් පිහිටි ට්‍රෙබ්ලින්කා සමූලඝාතන කඳවුරේ ස්මාරකය.  1942 ගිම්හානය සහ 1943 ගිම්හානය අතර ට්‍රෙබ්ලින්කා හි දී යුදෙව්වන් මිලියනයක් පමණ ගෑස් කුටි තුළ දී මරණයට ගොදුරු කරන ලදී .  එය අවුෂ්විට්ස්ට පසු යුරෝපයේ දෙවන මාරාන්තික සමූලඝාතන කඳවුර විය. © WSWS

“මහා පිටුවහල් කිරීම” (Great Deportation) යනු ඊනියා ” රයින්හාඩ් මෙහෙයුම” (Aktion Reinhard) හි කොටසකි, එය නාසි-ආක්‍රමණය කරන ලද පෝලන්තයේ මහා ආණ්ඩුවේ ගෙටෝවල ජීවත් වූ මිලියන 2ක සමස්ත යුදෙව් ජනගහනය ක්‍රමානුකූලව කාර්මික ඝාතනය කිරීම සඳහා වූ කේත නාමයයි.  රයින්හාඩ් ක්‍රියාකාරකම්  1942 ජනවාරි මාසයේ කුප්‍රකට වන්සී ( Wannsee) සමුළුවෙන් සති කිහිපයකට පසු, එනම්, 1942 මාර්තුවේ දී ආරම්භ කරන ලදී. මෙම සමුළුුවේදී ප්‍රමුඛ නාසි සහ ජර්මානු රාජ්‍ය නිලධාරීහු යුරෝපයේ සියලුම යුදෙව්වන් කාර්මිකව විනාශය කිරීමට එකඟ විය.  1942 මාර්තු සහ 1943 මාර්තු අතර වසරක කාලය තුළ, හොලෝකෝස්ටයට ගොදුරු වූ මිලියන 6 න් අඩකට වඩා ඝාතනය කරන ලදී.  යුදෙව්වන් මිලියන 1.47ක් ගෑස් යොදා ඝාතනය කරන ලද,1942 අගෝස්තු සහ නොවැම්බර් අතර මාස තුන තුළ, කාර්මිකකරන ලද ඝාතන එහි උච්චතම අවස්ථාවට ළඟා විය – සමූලඝාතනයට ගොදුරු වූ මුළු සංඛ්‍යාවෙන් හතරෙන් එකක් සහ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ඒක පුද්ගල ඝාතන අනුපාතය විය.

Image
1942-1944 මාසය අනුව සමූලඝාතන අනුපාතය

වින්දිතයන් අතර වෝර්සෝහි යුදෙව් ප්‍රජාවේ බහුතරය විය.  යුද්ධයට පෙර, වෝර්සෝ යනු 400,000 ජනතාවක්, එනම් නගරයේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් සමන්විත වූ ලොව විශාලතම යුදෙව් ප්‍රජාවගේ නිවහන විය.  1940 නොවැම්බරයේ පිහිටුවන ලද මෙම ගෙටොව, නාසින් වාඩිලාගෙන සිටි යුරෝපයේ තිබූ එවැනි ආකාරයේ විශාලතම එක වූ අතර යෝධ රැදවුම් කඳවුරක් ලෙස ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මක විය.  වෝර්සෝ හි ඊනියා “ආර්ය කලාපය” තාප්පයක් මගින් ගෙටෝවෙන් වෙන් කළ අතර, ගෙටෝව පැවැති කාලය පුරාම වෙළඳාම සහ ජාවාරම් දෙකලාපය අතර දිගටම පැවතුනි.  එහි වැසියන්ට දිනකට කැලරි 184ක පමණ සාගිනි සලාකයක් ලබා ගැනීමට සිදු විය.  කුසගින්න, ටයිෆස් උණ  සහ වෙනත් රෝගවලින් පීඩා විදීම නිසා, මහා පිටුවහල් කිරීමට පෙර ගෙටෝ වැසියන්ගෙන් හතරෙන් එකක් පමණ මිය ගියහ.

නාසීන් විසින් ඇති කරනු ලැබූ  බිහිසුණු ජීවන තත්වයන් සහ දිගටම පැවති භීෂණය තිබියදී, පෝලන්ත යුදෙව්වන්ගේ පොහොසත් බුද්ධිමය හා සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් ගෙටෝව විශිෂ්ට සංස්කෘතික හා දේශපාලන වැඩබිමක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨතම දේශපාලනික සහ සංස්කෘතික වැදගත්කමක් දැරූයේ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරය ආරම්භ කර පවත්වාගෙන ගිය සමාජවාදී සියොන්වාදී ඉතිහාසඥයෙකු වන එමානුවෙල් රිංගල්බ්ලම්  (Emanuel Ringelblum) විසින් සිදු කරන ලද ප්‍රතිපදානයයි. නාසිවාදය විසින් 1940 සිට ගෙටොව දියකර හැරීම දක්වා ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes ) විසින් පෝලන්ත යුදෙව්වන් අඛණ්ඩව විනාශ කිරීම ගැන පමණක් නොව, ගෙටොවේ එදිනෙදා ජීවිතය සහ සංස්කෘතික හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳවද විශාල තොරතුරු රාශියක් රැස් කරන ලදී.

ලේඛනාගාරය, විශේෂයෙන්ම, පෝලන්ත යුදෙව්වන්ට සහ ගෙටො ජීවිතයට මාක්ස්වාදයේ සහ සමාජවාදයේ දැවැන්ත බලපෑම පෙන්නුම් කරයි. එම බලපෑම හැදෑරිමෙන් තොරව නැගිටීමේ දේශපාලන මූලාරම්භය තේරුම් ගත නොහැක. ගෙටොවේ වඩාත් ක්‍රියාකාරී දේශපාලන ප්‍රවනතා අතර සමාජවාදී සියොන්වාදී බාලදක්ෂ ව්‍යාපාරය වන හෂෝමර් හට්සර්  (Hashomer Hatzair) සහ රිංගලබ්ලම්  සම්බන්ධ වූ වාම  පෝලන්ත සියෝන්වාදීන්  මෙන්ම කොමියුනිස්ට්වාදීන් ද විය. අන්තර් යුද්ධ පෝලන්තයේ බොහෝ දුරට කලා ශිල්පී යුදෙව් ජනතාව අතර සැලකිය යුතු බලපෑමක් ඇති කළ සහ දශක කිහිපයක් තිස්සේ සංවිධිත සංහාරවලට එරෙහිව යුදෙව් ප්‍රජාවන් තුළ ආත්මාරක්ෂක ඒකක පිහිටුවීමට මූලිකත්වය ගෙන සිටි යුදෙව් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු බුන්ඩ් පක්ෂය ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. මෙම ප්‍රවනතාවන් සියල්ලම [1943] නැගිටීමට සම නායකත්වය දෙනු ලැබීය.

මහා පිටුවහල් කිරීම දක්වාම පාහේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෝර්සෝ ගෙටො හි දේශපාලනිකව ක්‍රියාකාරීව සිටි බව රිංගල්බ්ලම්ගේ ලේඛනාගාරය පෙන්නුම් කරන අතර සමහර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ ට්‍රොට්ස්කිවාදීන් නැගිටීමට සම්බන්ධ වූ බවයි. [1]

1940 සහ 1941 අතර ට්‍රොට්ස්කිවාදීන් පෝලන්ත භාෂා සඟරා දෙකක් වෝර්සෝ ගෙටො හි ප්‍රකාශයට පත් කළහ. එනම් “රතු බැනරය” (Czerwony Sztandar) සහ න්‍යායාත්මක සඟරාව “මාක්ස්වාදී සමාලෝචන” (Pregłąd Marksistowski ) යි. ඒවා ගෙටොවේ  තාප්පයේ දෙපැත්තටම බෙදා හරින ලදී.  ඔවුන්ගේ ප්‍රකාශනවල ලියොන් ට්‍රොට්ස්කි විසින් රචනා කරන  ලද ලිපි පලවූ අතර, 1941 අගෝස්තුවේ නිකුත් කරන ලද ඔහුගේ ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් කැප කරන ලද පත්‍රිකාවක් ද, ඔක්තෝබර් විප්ලවයේ  සහ පැරිස් කොමියුනයේ පාඩම් සහ විප්ලවවාදී මාක්ස්වාදය සහ ස්ටැලින්වාදය අතර වෙනස ආදිය සහ සමකාලීන හා ඓතිහාසික සිදුවීම්වල න්‍යායික හා දේශපාලන විශ්ලේෂණ ද ඇතුළත් විය. පෝලන්ත ට්‍රොට්ස්කිවාදී  නායකයා සහ “පෝලන්ත ට්‍රොට්ස්කිවාදයේ පියා” වන සොලමන් එර්ලිච් (1907-1942) පිටමං කරනු ලැබූ අතර 1942 ගිම්හානයේදී ට්‍රෙබ්ලින්කාහි ගෑස් කුටියක් තුළ දී ඝාතනය කෙරුණි. [2]

Image
1941 අගෝස්තු මාසයේදී ට්‍රොට්ස්කි ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් වෝර්සෝ ගෙටෝහිදී
ට්‍රොට්ස්කිවාදීන් විසින් නිකුත් කරන ලද “ලියොන් ට්‍රොට්ස්කි පිළිබඳ මතකය” පත්‍රිකාවේ කවරය.

පෝලන්ත ට්‍රොට්ස්කිවාදීන්ගේ අවසන් සංරක්‍ෂිත ප්‍රකාශනය 1942 මැයි 1 දින පලවූ මැයි දින පත්‍රිකාවකි. පෝලන්තයේ සියලුම ජාතීන්ට අයත් කම්කරුවන්ට ආයාචනයක් ලෙස ලියා ඇති එය, යුරෝපයේ වාඩිලාගත් නාසීන්ට එරෙහිව සංවිධානාත්මක, සන්නද්ධ ප්‍රතිරෝධයක් සඳහා වූ බලගතු කැඳවීමකි. එය ධනවාදයට එරෙහි අරගලයේ දී යුරෝපයේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සහ යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම් කලේය.  විශේෂයෙන්ම පෝලන්ත, යුදෙව් හා ජර්මානු කම්කරුවන්ගේ එකමුතුවේ අවශ්‍යතාවය ට්‍රොට්ස්කිවාදීන් අවධාරනය කලේ ය:

ජර්මානු කම්කරු පන්තිය සිය හදවතේ ගැඹුරින් සමාජවාදයේ පරමාදර්ශවලට සැබෑව රැඳී සිටින අතර අප සමඟ එක්ව හිට්ලර්වාදය සහ ධනවාදය තුරන් කිරීමට උත්සාහ කරයි.  මැයි දිනයේදී, අපි අපගේ ජර්මානු කම්කරු පංතියේ සහෝදරවරුන්ට අපගේ සහෝදරාමක හස්තය දිගු කරමු, අපි ලොව පුරා සිටින කම්කරුවන්ට අපගේ දෑත් දිගු කරමු, ඔවුන් සමඟ එක්ව අපගේ පොදු සතුරාට එරෙහිව සම්පූර්ණ හා අනුකම්පා විරහිත පළිගැනීමක් කරන්නෙමු. [3]

යුදෙව් සංස්කෘතික ජාතිකවාදය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ සමාජවාදී ප්‍රවනතාවන් අතර පවා, යුදෙව්වන්ගේ ඉරනම, සියල්ලටම වඩා යුරෝපයේ ජනතාවගේ උපකාරය සහ සමාජ විප්ලවයේ වර්ධනය මත රඳා පවතින බවට අවබෝධයක් තිබුණි.  විශේෂයෙන්ම 1942 වසන්තයේ දී යුරෝපයේ විප්ලවයක් සිදු විය හැකි බවට බලාපොරොත්තු ඉහළ ගියේය. රිංගලබ්ලම් මෙන් වාම පෝලන්ත සියෝන්වාදීන්ගේ සහ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරයේ සාමාජිකයෙකු වූ ඒබ්‍රහම් ලෙවින් (Abraham Lewin), 1942 මැයි 16 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර ඇත:

මරණය, විනාශය, ව්‍යසනය, මරණ-වේදනාව යන වචන නළලේ ලියා ඇති නාසි යුගාවසාන විනාශයේ තිරිසන් දර්ශනය වන අගාධය අප සෑම කෙනෙකුටම සමීප වෙමින් පවතී.  අසීමිත අනාරක්ෂිත බවක්, කිසිදා නොනවතින බියක්, අපගේ සියලු ඛේදජනක හා කටුක අත්දැකීම්වල භයානකම පැතිකඩයි … සත්‍යය නම් වර්තමානයේ ජීවිතයත් මරණයත් අතර අරගලයක් පවතින රුසියානු භූමියේ සිදුවන සිදුවීම් සමඟ අපගේ හදවත් කාලයත් සමග  ස්පන්දනය වේ.  මෙම භූමිය තුල, මිනිසා සහ තිරිසනුන් අතර ද, දුක්ඛිත සහ ලේ වැගිරෙන මනුෂ්‍ය වර්ගයා සඳහා වඩා හොඳ හෙටක් පිළිබඳ බලාපොරොත්තුව සහ ලොව මෙතෙක් දැක ඇති වඩාත්ම ලේ පිපාසිත නීරෝගේ ජයග්‍රහණය පිළිබඳ බිය අතර ද ජීවිතය හා මරණය පිලිබඳ අරගලයක් සිදුවෙමින් පවතී.  [4]

ලෙවින් සහ අනෙකුත් අය ෆැසිස්ට්-පාලක ඉතාලියේ නොසන්සුන්තාව පිළිබඳ පුවත් සහ, විශේෂයෙන් ජර්මනියෙන් අලුතින් පැමිණි පිටුවහල් කරනු ලැබූවන් විසින් ගෙන එන ලද  ආර්ථික අර්බුදයේ ලක්ෂණ සහ ජර්මන් රයිකයේ (Reich) [තුන්වන රයිකය යනු1933 සහ 1945 අතර ජර්මනියේ නාසි පාලනය යි] දේශපාලන නොසන්සුන්තාවයන් ගැන වාර්තා දැන ගැනීමට උනන්දුවෙන් කටයුතු කළහ.  මහා පිටුවහල් කිරීම ආරම්භ වීමට සති හයකට පෙර, 1942 ජූනි 3 වන දින, ලෙවින් මෙසේ සඳහන් කළේය:

ජර්මනිය, ඔස්ට්‍රියාව සහ චෙකොස්ලොවැකියාව යන රටවලින් පැමිණෙන ලිපි සමස්ත ජර්මන් රයිකය  පුරා යම් විප්ලවීය පැසවීමක් පෙන්නුම් කරයි.  නිදසුනක් වශයෙන්, බර්ලිනයේ සිට පහත සඳහන් අන්තර්ගතය සහිත ප්‍රකාශන වීදියේ අලවා ඇති බව අපට අසන්නට ලැබුණි: “අපි සාමය ඉල්ලා සිටිමු, අපි අපේ ස්වාමිපුරුෂයන් සහ පුතුන් නැවත කැඳවන ලෙස බලකර සිටිමු”.  චෙකොස්ලෝවැකියාවේ ලිපිවල ද මෙම දැඩි විප්ලවීය ස්වභාවය ඇත.  … මෙම සියලු ලිපි ස්පන්දනය වන්නේ මෙම ලෝක ව්‍යාප්ත ඝාතනයට ඉක්මන් අවසානයක් පිළිබඳ විශ්වාසය සමඟිනි.  මුළු පීඩිත යුරෝපයම වරදවා වටහා ගැනීමකට ලක්ව පැවතිය හැකිද?  හදවත ඉතා ගැඹුරින් ආශා කරන්නේ ගැළවීමයි.  අපි මේ සිහිනය සමඟ නිදාගන්නෙමු;  අපි මේ සිහිනෙන් අවදි වන්නෙමු.  ලෝකවාසීන්ගෙන් සියයට 95කගේ ආදරණීය බලාපොරොත්තු ඉටු නොවී, පිරිහුණු සහ ම්ලේච්ඡ මිනීමරුවන්ගේ නපුරු බලවේගය ජයගත හැකිද?  හේතුව සහ හදවත අපට පවසන්නේ, හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ භූමියේ වන සතුන් නොව සෝවියට් රුසියාවේ, එංගලන්තයේ සහ ඇමරිකාවේ මිනිසුන් තුළ මූර්තිමත් වූ මානව වර්ගයා පිළිබඳ ජයග්‍රහනය සාක්ෂාත් වනු ඇති  බවයි. [5]

Image
සමාජවාදී සියොන්වාදී වාම පෝලන්ත  සියෝන් හි සාමාජිකයෙකු වන ඒබ්‍රහම් ලෙවින් , ඔහුගේ දියණිය ඔරා සමඟ.

මහා පිටුවහල් කිරීමේ දී ලෙවින්ට ඔහුගේ බිරිඳ සහ දියණිය අහිමි විය.  ඔහුද 1943 මුල් භාගයේදී ඝාතනය කරන ලදී. ගෙටොවේ මහා පිටුවහල් කිරීමෙන් දිවි ගලවා ගත් සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇයගේ පවුලේ වැඩි කොටසක් අහිමි විය.  දිවි ගලවා ගත් අය, සාමාන්‍යයෙන්, කම්කරුවන් ලෙස “ප්‍රයෝජනවත්” ලෙස සලකනු ලැබූ තරුණ අය වූ අතර, එබැවින් පිටුවහල් කිරීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලදී.

ඉතිරිය දෙවන කොටසින්.

1] ලුඩ්වික් හාස්, 1945 දක්වා පෝලන්තයේ ට්‍රොට්ස්කිවාදය. URL: https://www.marxists.org/archive/hass/1992/xx/tinpoland.html

 [2]Warsaw Ghetto හි ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රකාශන Archiwum Ringelbluma, Tom 21, Prasa Getta Warszawskiego: Radykalna lewica niesyjonistyczna, opracowali: Piotr Laskowski, Sebastian Matuszewski, Warszawa 2016. මෙම වෙලුම අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කර ඇත:  https://cbj.jhi.pl/documents/940239/19/ 

 [3] Ulotka “1 Maja 1942” in: Ibid., p.  279. මෙම කතුවරයාගේ පරිවර්තනය.

 [4] Abraham Lewin, A Cup of Tears: A Diary of the Warsaw Ghetto, සංස්කරණය කර පරිවර්තනය කළේ Antony Polonsky, Blackwell Publishers, 1988, pp. 73, 74.

 [5] Ibid., පි.  115.

#theSocialistLK #WSWS 

වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස Read More »

1683021089888

කම්කරු අරගල: ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – 2023 අප්‍රේල් 21

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 21 දින කම්කරු අරගල තීරුවේ Workers Struggles: Asia, Australia and New Zealand සිරසින් යුතුව වාර්තා කරන ලද පන්ති අරගල අතරින් තෝරාගත් වාර්තා කිහිපයකි. පරිවර්තනය SF විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම නිත්‍ය විශේෂාංගයට දායක වන ලෙස කම්කරුවන්ට සහ අනෙකුත් පාඨකයන්ට ආරාධනා කරයි.

ආසියාව:

ඉන්දියාව:  හර්යානා හි බ්ලින්කිට් (Blinkit) සමාගමේ සිල්ලර බඩු බෙදා හැරීමේ ගිග් (Uber වැනි) සේවකයින්ගේ වැඩ වර්ජනය දෙවන සතියට.

Image
සිල්ලරබඩු බෙදාහරින කම්කරුවෙක්

බ්ලින්කිට් සිල්ලර බඩු බෙදාහැරීමේ වේදිකාවේ හි ගිග් කම්කරුවන්  දහස් ගණනක් අප්‍රේල් 12 සිට දිල්ලි-NCR (දිල්ලියය සහ අවට) සහ අසල්වැසි නගරයක් වන ගුර්ගෝන්  (Gurgaon) හි වැඩ වර්ජනයක නිරතව සිටිති. සේවකයින්ගෙන් සියයට 10 ක් පමණක් වැඩ කරන අතර බ්ලින්කිට් අඳුරු වෙළඳසැල් (dark stores- ඔන්ලයින් ඇනවුම් බෙදාහැරීම සඳහා වූ ගබඩා) 200 කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇත. වැඩවර්ජනය බිඳ දැමීමේ උත්සාහයක් ලෙස වෙනත් පරිගනක යෙදැවුම් මත (app-based )  පදනම් වූ වේදිකාවක් වන රෙපිඩෝ (Repido) වෙතින් කම්කරුවන් භාවිතා කරන බවට වර්ජකයෝ බ්ලින්කිට් සමාගමට චෝදනා කළහ.

ඔවුන් වැඩ වර්ජන ක්‍රියාව ඇරඹුවේ  දැඩි ලෙස වැටුප් අඩු කරන බ්ලින්කිට් හි නව වැටුප් ව්‍යුහයට ප්‍රතිචාරයක් වශයෙනි. කම්කරුවන් පැවසුවේ ඔවුන්ට මීට පෙර එක් බෙදාහැරීමකට රුපියල් 25 ($ US 0.3) සහ රුපියල් 50 අතර මුදලක් ගෙවා ඇති බවයි. දැන් ඔවුන්ට බෙදාහැරීමක් සඳහා රුපියල් 7 සිට 18 දක්වා ගෙවීමක්ද, ප්‍රසාද දීමනා වශයෙන්  බෙදාහැරීම් 100ක් සඳහා රුපියල් 500ක් සහ බෙදාහැරීම්  1000 කට රුපියල් 1000ක් පමණක්  ගෙවනු ලැබේ. බොහෝ බ්ලින්කිට් ගබඩා අතරින් එකකින් සිල්ලර බඩු ලබා ගන්නා බෙදා හැරීම් සේවකයන් විනාඩි දහයක් තුල තම බෙදා හැරීම සම්පූර්න කරතැයි අපේක්ෂා කෙරේ..

පෙර පැවති වැටුප් ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම, වලංගු වාහන නැවැත්වීමේ ස්ථානයක්, වාඩි වීමට ඉඩක් සහ වැසිකිළි, පානීය ජලය ඇතුළු මූලික පහසුකම් කම්කරුවන් ඉල්ලා සිටී. ඔවුන්ගේ ගැටළු විසඳීමට අප්‍රේල් 15 වැනිදා කම්කරු කොමිසම සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක විය.

අඩු වැටුප් සහ ඒ හා සමාන දරාගත නොහැකි සේවා කොන්දේසි වලට එරෙහිව විරෝධය පාමින් සිට ඇති ඕලා  (Ola), ඌබර් (Uber) සහ ස්විගී (Swiggy) වැනි අනෙකුත් වේදිකාවන්හි  ගිග් සේවකයින් සමඟ සංවිධානය වීමට වර්ජකයින් තර්ජනය කර ඇත.

බ්ලින්කිට් ඉන්දියාවේ නගර 30කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ. 2022 ජුනි මාසයේදී බහු ජාතික ආහාර බෙදා හැරීමේ සමාගමක් වන සොමාටෝ ( Zomato) නිවේදනය කලේ, තමන් ඩොලර් මිලියන 568 කට බ්ලින්කිට් අත්පත් කර ගත් බවයි..

බටහිර බෙංගාලයේ නගර සභා කම්කරුවෝ නොගෙවූ වැටුප් ඉල්ලා වර්ජනය කරති

බටහිර බෙංගාලයේ දුර්ගාපූර් නාගරික සංස්ථාවේ කොන්ත්‍රාත් පිරිසිදු කිරීමේ කම්කරුවන් 1,700 කට ආසන්න පිරිසක් අප්‍රේල් 15 වන දින වැඩ නවතා, කල් ඉකුත් වූ වැටුප් ඉල්ලා සංස්ථාවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත විරෝධතා දැක්වූහ. වර්ජනය හේතුවෙන් නගරයේ කසළ එකතු කිරීම සිදු නොවීය.

සාමාන්‍යයෙන් මාසයේ මුල් සතියේ වැටුප් ලබන සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැත. පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් සේවයේ යොදවා ඇති මේ කම්කරුවන්ට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් මාර්තු මාසයේදී ද එවැනිම විරෝධතාවක් පැවැත්වීමට සිදුවිය. සමහරුන්ට මාස තුනකින් වැටුප් ලැබී නැත.  කම්කරුවන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවීම සහ රජය විසින් නියම කර ඇති අවම වැටුප ගෙවීම ය.

ඕස්ට්‍රේලියාව:

නිව් සවුත් වේල්ස් හි එයාර්බස් පැසිෆික් ගුවන් යානා නඩත්තු සේවකයින් බැහැර කර අගුලු (locked out) දමා ඇත

සති හතක ආරක්‍ෂිත කාර්මික ක්‍රියාමාර්ගයෙන් පසුව, සිඩ්නි නගරයට බටහිරින් රිච්මන්ඩ්හි රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා (RAAF)   ගුවන් කඳවුරේ ගුවන් යානා නඩත්තු සේවකයෝ  80ක් පමණ, වැටුප් ආරවුලක් හේතුවෙන්, සිය  සේවායෝජකයා විසින් සඳුදා පැය දෙකක කාලයක් බැහැර කරනු ලැබ  අගුලු  දමන ලදහ. කම්කරුවන් මාර්තු මුලදී කාර්මික ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර, අතිකාල වැඩ තහනම් කිරීම (වර්ජනය කිරීම), අකුරට වැඩ කිරීම සහ මාර්තු 24 දින වැඩ වර්ජනය මීට  ඇතුළත් විය.

අධ්‍යාපන වෘත්තීය සමිතිය බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ තවත් සංකේත වැඩ වර්ජනයක් කැඳවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ආවරණය කරන ජාතික තෘතීයික අධ්‍යාපන සංගමය (NTEU) විසින්, කළමනාකාරිත්වයේ යෝජිත ව්‍යවසාය ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ගේ දිගුකාලීන ආරවුල මත, සිය සාමාජිකයින් සඳුදා පැය දෙකක වැඩ වර්ජනයක් සඳහා කැඳවන ලදී. මාර්තු 13දා සිදුකළ පැය තුනක වැඩ වර්ජනය කළමනාකාරීත්වයේ මුල් වැටුප් යෝජනාවට එතරම් බලපෑමක් කළේ නැත.

නොවැම්බර් මාසයේදී NTEU සාමාජිකයින් 700 කට අධික සංඛ්‍යාවක් කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, කොන්දේසිවල සැබෑ දියුණුවක් නොමැති නිසා සහ ඔවුන්ට, 2022 දෙසැම්බර් කාර්තුවේ පර්ත්හි උද්ධමන අනුපාතය වන සියයට 8.3 ට වඩා බෙහෙවින් අඩු සියයට 2.2 ක වාර්ෂික වැටුප් වැඩි කිරීම් පමණක් වසර පහක් තුළ ලබා දුන් නිසාය. පසුගිය වසරේ විශ්ව විද්‍යාලය ඩොලර් මිලියන 113 ක අතිරික්තයක් ලබාගත් නමුත් NTEU ඉල්ලා සිටින්නේ සියයට 5 ක වාර්ෂික වැඩිවීමක්  පමණි; මෙය සැබෑ වැටුප් කප්පාදුවකි.

ශාස්ත්‍රාලීන්ට අවශ්‍ය වන්නේ, විශේෂයෙන් අනියම් කාර්ය මණ්ඩලය සඳහා, අධික වැඩ ප්‍රමාණය කපා හැරීම සහ  වැඩි රැකියා සුරක්ෂිතභාවයකි. එන්ටීඊයූ පවසන්නේ තමන් කලින් ගිවිසුම්වලින් අතහැර දැමූ අනියම් 5,800 සඳහා දැනට පවතින තනතුරු සහ රැකියා සුරක්ෂිතභාවය අවශ්‍ය බවයි.

දැනට සමහර දෙපාර්තමේන්තුවල ඉගැන්වීම්වලින් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් අනියම් අය විසින් සිදු කරනු ලැබේ. ඔවුන්ට අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති අතර වර්ෂාර්ධයන් (සෙමෙස්ටර්) අතර වැටුප් ගෙවනු නොලැබේ. බොහෝ දෙනෙකුට  පැයකට වැටුපක් වෙනුවට පැවරුම් අනුව ගෙවනු ලැබේ. මේ සැකැස්ම අනුව ඔවුන්ට වාර්ෂිකව ඩොලර් දහස් ගණනක වැටුප් අහිමි වේ.

සාමාජිකයින්ගෙන් සියයට 94ක් පැය 24ක් දක්වා වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමට ඡන්දය ප්‍රකාශ කර තිබුණද, NTEU කැඳවා ඇත්තේ අවම බාධා ඇති කෙරෙන, නමුත් කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමට යොදා ගන්නා කෙටි කාලීන වැඩවර්ජන පමණි.

පර්ත් නගරයේ  ක්ලීනවේ (Cleanaway) කසළ එකතු කරන සේවකයෝ වර්ජනය කරති

සමාගමේ යෝජිත ව්‍යවසාය ගිවිසුම (enterprise agreement) සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී පර්ත්හි තදාසන්න ප්‍රදේශ හතකින් ක්ලීනවේ කසළ එකතු කරන්නෝ  බදාදා පැය 24 ක් සේවා ස්ථානයෙන් ඉවත් වූහ (walked off). එය වසර විස්සකට පසු ඔවුන්ගේ පළමු වැඩවර්ජනය වන අතර ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස් සහ කැන්බරාහි ක්ලීනවේ කම්කරුවන්ගේ  කාර්මික ක්‍රියාමාර්ගවලට සමගාමීව සිදුවෙමින් පවතී.

මෙල්බර්න් ගුවන් තොටුපළේ ගුවන් යානා ඉන්ධන පිරවුම් කරුවන් වැටුප් වැඩිවීමක් ඉල්ලා යළි වර්ජනයක

මෙල්බන් ගුවන්තොටුපල-ටලමරීන් (Melbourne Airport-Tullamarine) හි කොන්ත්‍රාත්කරුවෙකු වන රිවට් එනර්ජි ඒවියේෂන් ( Rivet Energy Aviation) ආයතනයේ සේවය කරන  ගුවන් යානා ඉන්ධන පිරවුම් කරුවන් 40 කට අධික සංඛ්‍යාවක් නව ව්‍යවසාය ගිවිසුමක වැඩි දියුණු කළ වැටුප් සහ වඩා හොඳ කොන්දේසි ඉල්ලා බදාදා සවස 5 ට පැය 24 ක කාලයකට සේවා ස්ථානයෙන් ඉවත් වූහ. ඔවුන්ගේ ප්‍රවාහන සේවක සංගමය (Transport Workers Union-TWU), අඟහරුවාදා සවස රිවට් ආයතනය සමඟ  “අර්බුද” සාකච්ඡාවලට එළඹියද ඒවා එකඟතාවයකින් තොර විය.

නවසීලන්තය: 

ගැඹුරු වන සෞඛ්‍ය අර්බුදය පිළිබඳව නවසීලන්ත හෙදියෝ විරෝධය පළ කරති

කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමින් පසුගිය සෙනසුරාදා නවසීලන්තයේ ස්ථාන 20 ක හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් සහභාගී වූ විරෝධතා සහ රැලි පැවැත්විණි. NZ හෙද සංවිධානය (NZNO) එහි සාමාජිකයින් 57,000 න් ඉල්ලා සිටියේ අනාරක්ෂිත කාර්ය මණ්ඩල මට්ටම්වලට සහ ඔවුන්ගේ කාර්යය “අඩු තක්සේරුවට” එරෙහිව එක්සත් වන ලෙසයි.

NZNO ප්‍රධාන විධායක පෝල් ගුල්ටර් එලඹෙන මැතිවරනයේදී හෙද හිඟය විසඳීම උදෙසා වන ප්‍රතිපත්ති සඳහා දේශපාලනඥයන් වෙත ආයාචනා කළේය. “දශක ගනනාවක දුර්වල සැලසුම්, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම සහ අනුප්‍රාප්තික ආන්ඩු මගින් සම්පූර්ණයෙන් නොසලකා හැරීම විසින්, හෙද ක්ෂේත්‍රය පුරා වැටුප්, කාර්ය මණ්ඩල සම්පත් සහ චිත්ත ධෛර්යය සම්බන්ධයෙන් සම්පූර්ණ අර්බුදකාරී  කාලයකට අපව ගෙන යනු ලැබ ඇත,” ඔහු ප්‍රකාශ කළේය. හෙද හෙදියන් 5,000 ක් පමණ හොඳ වැටුප් අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් ඇත.

හෙදියන්ගේ වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීමට NZNO ව අනුප්‍රාප්තික ආන්ඩු සමඟ වසර ගනනාවක් සහයෝගයෙන් ක්‍රියා කල අතර, වැඩ වර්ජන ක්‍රියාමාර්ග නැවැත්වීම සහ උද්ධමනයට පහලින් වැටුප් වැඩි කිරීම් පැනවීම ද ඊට ඇතුලු විය. කිසිදු කාර්මික ක්‍රියාවකින් තොර වූ පසුගිය සතියේ විරෝධතාවයන්, ගැඹුරු වන සෞඛ්‍ය සේවා අර්බුදය මධ්‍යයේ එහි පීඩනය මුදා හැරීමේ නරුම ව්‍යායාමයකි.

වෙලින්ටන් රාත්‍රී සමාජශාලා නර්තන ශිල්පීහු සූරාකෑමේ කොන්දේසිවලට විරෝධය පල කරති

කර්මාන්තය තුළ පැතිරී ඇති සූරාකෑමේ සහ අපචාරාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් වෙලින්ටන් රාත්‍රී සමාජශාලා නර්තන ශිල්පීන් පිරිසක් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවක නිරත වූහ. වඩා හොඳ ගිවිසුම් සඳහා සාමූහිකව කේවල් කිරීමට උත්සාහ කිරීමෙන් පසු, මෙම වසර මුලදී කැලැන්ඩර් බාලිකා සමාජය විසින් නර්තන ශිල්පීන් සේවයෙන් පහ කරන ලදී.

ජායාරූපය අනුග්‍රහය: The Hindu

#theSocialistLK #WSWS

කම්කරු අරගල: ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – 2023 අප්‍රේල් 21 Read More »

26e9884aa5976849aa38642da2537f519311badd

ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි

 ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 27 දින Australian military buildup backs US plans for war with China සිරසින් යුතුව පලවූ ඔස්කාර් ග්‍රෙන්ෆෙල් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image
අගමැති ඇන්තනි ඇල්බනීස්  2023 අප්‍රේල් 24 වන දින ආරක්‍ෂක උපායමාර්ගික සමාලෝචනයෙන් පසුව කැන්බරා හි මාධ්‍ය හමුවක් අමතයි. ඇල්බනීස්ගේ වම් පසින් ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සිටියි .  [ඡායාරූපය: @AlboMP]

ඕස්ටේ‍්‍රලියාවේ මිලිටරි ගොඩ නැගීම පෙන්නුම් කරන්නේ, ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිපිරුම මගින් මෙහෙයවනු ලබන එලඹෙන ලෝක යුද්ධයක සුළි කුණාටුවකට ලෝක ගෝලයේ සෑම කලාපයක්ම ඇදගෙන යන බවයි.

මෙම සතියේ නිකුත් කරන ලද ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයක් (DSR) දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශාලතම මිලිටරි ගොඩ නැගීම ගෙනහැර දක්වයි.

එහි කතුවරුන් සහ සමාලෝචනය ආරම්භ කළ ලේබර් ආන්ඩුව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මිලිටරි හමුදාව ඇතුළුව “සියලු ක්ෂේත්‍ර වල වැඩි දියුණු කළ දිගු දුර ප්‍රහාරක හැකියාවක්” රට වේගයෙන් අත්පත් කර ගත යුතු බව ප්‍රකාශ කර ඇත.  ඒ, ඉන්දු-පැසිෆික් කලාපය දැන් “ප්‍රධාන ගැටුමක අපේක්ෂාව” මතු කරන “ප්‍රධාන බල මූලෝපායික තරඟයේ” වේදිකාව බවට පත්ව ඇති බැවිනි.

මෙම ලියවිල්ල චීනයට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආක්‍රමණශීලී යුද්ධයකට සහභාගී වීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ප්‍රකාශ කිරීමකට වඩා අඩු දෙයක් නොවේ.  “වඩා හොඳ අනාගතයක්” යන සටන් පාඨය මත වසරකට අඩු කාලයකට පෙර තේරී පත් වූ කම්කරු ආන්ඩුවක් විසින් මෙම වැඩපිලිවෙල මහජනතාවගේ පිටුපසින් ඉදිරියට ගෙන ගොස් ඇත.  යුද සැලැස්ම සඳහා ජනවරමක් නොමැති අතර, වැඩකරන ජනතාව අතර පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.

ඕස්ට්‍රේලියානු මිලිටරි ගොඩනැගීම ජාත්‍යන්තර ප්‍රපංචයක  කොටසකි.  1930 ගනන්වල සිට , දැන් ධනවාදයේ ගැඹුරුම අර්බුදය මධ්‍යයේ, සියලු අධිරාජ්‍යවාදී බලවතුන් නැවත මිලිටරිකරණය වෙමින් සිටිති.  ජර්මනිය නැවතත් යුක්රේනය තුල රුසියාවට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම් සිදු කරයි.  ජපානය සිය මිලිටරි අයවැය දෙගුණ කර ඇත.  ප‍්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ අධිරාජ්‍ය අභිලාෂයන් යලි පණගන්වමින් සිටිති.

භූගෝලීය වශයෙන් හුදකලා රටක් වන ඔස්ට්‍රේලියාව ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් සිටින බව පෙන්නුම් කරන්නේ මිලිටරිවාදයේ පුපුරා යාමේ ගෝලීය ස්වභාවයයි.

ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු සමාලෝචනය හුදකලාව පවත්වනු ලැබුවේ නැත.  එය බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද රාජ්‍යය සමඟ සමීපතම සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක විය.

එක්සත් ජනපදය යුක්රේනය බලල් අතක් ලෙස යොදාගෙන එතුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය අඛණ්ඩව තීව්‍ර කරයි.  ඩොලර් බිලියන 100කට වැඩි ආධාර සැපයීම සහ යුක්රේනයටම විශේෂ බලකායන් සහ අනෙකුත් පිරිස් යෙදවීම මෙයට ඇතුලත් කර ඇත.  දැන්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්රේනය නේටෝව තුලට ඇතුලත් කර ගැනීම සඳහා තල්ලුව සපයයි. එය රුසියාව සමග සෘජු යුද්ධයක් අවුලුවාලිය හැකි පියවරකි.

එහෙත් න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දිය හැකි මෙම ප්‍රතිපත්ති නැගෙනහිර යුරෝපයේ ඔවුන් අනුගමනය කරමින් සිටින විට පවා, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයෝ ගෝලීය යුද්ධයක් ලෙස වර්ධනය වෙමින් පවතින දෙයෙහි නව පෙරමුනක් විවෘත කරති.

එක්සත් ජනපදය විසින් ඉන්දියාව, ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රේලියාව මෙන්ම කලාපයේ කුඩා රටවල් ද කේන්ද්‍රගතව සම්බන්ධ කරගනිමින් ආක්‍රමණශීලී මිලිටරි සන්ධාන ජාලයක් වර්ධනය කිරීම ඇතුලුව, චීනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක සැලැස්මක් ක්‍රියාත්මක කරයි.  මේ අතර, එක්සත් ජනපදය, තායිවානය සම්බන්ධයෙන් දශක ගනනාවක් තිස්සේ පවතින තත්ත්වයට වල කැපීම ද ඇතුලුව, උණුසුම් යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රකෝපකරනයන් හිතාමතාම අවුස්සමින් සිටී.

මෙහිදී‍, ඕස්ට්රේලියාව විශේෂයෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට යොදවා ඇත.  එනම්, ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත්ම විශ්වාසදායක සගයා ලෙස, එය වොෂින්ටනයේ පිලිවෙතට ගැට ගැසීමට අනෙකුත් රටවලට තරවටු කිරීම සහ හිරිහැර කිරීම ය.  ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනි වොං වසරකට අඩු කාලයකදී සෑම පැසිෆික් දූපත් රාජ්‍යයකටම සහ බොහෝ අග්නිදිග ආසියාතික රටවල සංචාරය කරමින් මෙම පිලිවෙත ඔස්සේ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත; එහිදී ඇය කිසිදු අපගමනයක් නොඉවසන  බව පැහැදිලි කර ඇත.

හිටපු ට්‍රම්ප් නාවික හමුදා ලේකම් රිචඩ් ස්පෙන්සර්ගේ වචනවලින් කිවහොත්, මිලිටරිමය වශයෙන් ඕස්ට්‍රේලියාව “හෙල්ලයේ තුඩ” විය යුතුය.  එනම්, එය කලාපය තුල නිර්දය ලෙස මිලිටරි ගොඩ නැගීම සඳහා වේගය සැකසීමයි. එහි තර්කය නම් චීනය සම්පුර්ණයෙන්ම මිලිටරිමය ලෙස වටලෑමයි.

එමෙන්ම එය එ.ජ. හමුදාව සඳහාම “දකුණු නැංගුරමක්” ලෙස ක්‍රියා කිරීමට නියමිත අතර, ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක සබ්මැරීන සහ යුධ නැව් ඇතුළුව ඉහළම එක්සත් ජනපද ප්‍රහාරක වත්කම් සමූහයක් මෙම දූපත් මහාද්වීපය තුල ස්ථානගත කිරීමට නියමිතය. මෙම ස්ථානගත කිරීම් බොහෝ චීන මිසයිල පරාසය ඉක්මවයි.

ඩීඑස්ආර් විශාල මිලිටරි තරකිරීමක් ඉල්ලා සිටිනවා පමණක් නොවේ.  එය අවම වශයෙන් 1970 ගණන්වල සහ 1980 ගණන්වල සිට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රතිපත්ති නාමිකව පාලනය කර ඇති මූලධර්ම අවලංගු කරයි.

ඔස්ට්‍රේලියාව, අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, විශේෂයෙන්ම දකුණු පැසිෆික් කලාපයේ, එහි කොල්ලකාරී අවශ්‍යතා අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත.  ඉරාකයේ සමාජ ඝාතන ආක්‍රමණය සහ ඇෆ්ගනිස්ථානය වසර විස්සක දිගු වාඩිලෑම ඇතුලුව, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන සෑම සාපරාධී යුද්ධයකටම එය සම්බන්ධ වී ඇත.

එහෙත් එහි මුඛ්‍ය මිලිටරි ප්‍රතිපත්තිය, අවම වශයෙන් කඩදාසි මත ලියවුනු දේ ⁣හැටියට, සාපේක්ෂ වශයෙන් හුදකලා වූ ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ආරක්ෂාව තහවරු කිරීම  සහ ඊට ආසන්නම ප්‍රදේශයේ පහළ මට්ටමේ ගැටුම්  සඳහා ප්‍රවේශයන් සහ සූදානම් වීමක් විය.  තවදුරටත් එය එසේ වන්නේ නැත.  ඩීඑස්ආර් ප්‍රකාශ කරන්නේ, දැන “ඉලක්ක අපේ දේශසීමාවෙන් ඔබ්බට” පවතින නිසා මිලිටරිය සමස්ත ඉන්දු-පැසිෆික් කලාපය පුරා “බලපෑම්කාරී ප්‍රක්ෂේපණයට” යෙදවිය යුතු අතර වඩාත් පුලුල් ලෙස යෙදිය යුතු බවයි.

DSR තවත් නව මූලධර්මයක් හඳුන්වා දෙයි.  පිටු 110ක ලේඛනයක 37 වතාවක් පුනරුච්චාරණය කරන ලද වාක්‍ය ඛණ්ඩවල, මිලිටරි ප්‍රයත්නය “සම්පූර්ණ රජයේ” සහ “මුළු ජාතියේ” ප්‍රයත්නයක් විය යුතු බව ප්‍රකාශ කරයි.  මේ සඳහා “ජාතික සමගිය සහ සහජීවනය” අවශ්‍ය බව ලේඛනය ප්‍රකාශ කරයි.

මෙය පාසල් හා විශ්ව විද්‍යාලවල සිට ආර්ථිකය සහ සියලු සේවා ස්ථාන දක්වා සමාජයේ සෑම අංශයක්ම “ජාතික ආරක්ෂාවට” සහ යුද ප්‍රයත්නයට යටත් කළ යුතු බවට කරන ප්‍රකාශයකට වඩා අඩු දෙයක් නොවේ.

නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හද්‍රන්වන ආයතනවලට ඉහලින් මිලිටරිය තබන අතර සම්බන්ධතාවය ප්‍රතිලෝම කරමින් මිලිටරිය කෙරෙහි සිවිල් අධීක්‍ෂණය සහ පාලනය එය ප්‍රශ්න කරයි.  එය “ජාතික සමගියට” වල කැපීමක් ලෙස සැලකිය හැකි කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ අනෙකුත් විරෝධතා ක්‍රියා නීති විරෝධී කිරීම ඇතුළු පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග සඳහා රාමුව ද සපයයි.

මෙම විශාල වෙනස්කම් යුක්ති සහගත කිරීම සඳහා, සමාලෝචනය පුනරුච්චාරණය කරන්නේ, චීනය පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ විශාලතම මිලිටරි ගොඩ නැගීම සිදු කරමින් සිටින බවත්, එය කලාපය පුරා “ආර්ථික බලහත්කාරයන්” සහ ආක්‍රමණශීලී මෙහෙයුම්වල යෙදී සිටින බවත් යන වොෂින්ටනයේ ව්‍යාජ ප්‍රකාශයන් ය.

මේ සියල්ල හුදෙක් ප්‍රක්ෂේපණය වේ.  එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඕස්ට්‍රේලියාවේ ම ඇතුළුව මිලිටරි කඳවුරු මගින් ලෝකය වට කර ඇත.  2011 දී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සිට ඔබාමා පාලනාධිකාරය එහි “ආසියාවට හැරීම” ප්‍රකාශ කිරීමෙන් පසු පෙන්ටගනය ඉන්දු-පැසිෆික් කලාපයේ දැවැන්ත මිලිටරි ව්‍යාප්තියක් සිදු කර ඇත.

DSR හි දක්වා ඇති සෑම මිලිටරි වත්කමක්ම ආක්‍රමණශීලී ස්වභාවයක් ගනී.  ඕස්ට්‍රේලියාව විසින් අත්පත් කර ගැනීමට නියමිත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සමූහය ඊට ඇතුළත් වන අතර ඒවා “මුහුදේ ප්‍රභලම විලෝපිකයා” ලෙස නම් කර ඇත.  මීට හමුදාව සඳහා දිගු දුර ප්‍රහාරක මිසයිල, නම් නොකළ සන්නද්ධ ඩ්‍රෝන යානා සමඟ නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට සපයන ප්‍රහාරක මිසයිල ද ඇතුලත් වේ.

මහාද්වීපයේ මුළු උතුරම තථ්‍ය හමුදා ස්ථානගත වන ප්‍රදේශයක්  බවට පරිවර්තනය වෙමින් පවතින අතර, මෙය විශාල නවතුම් ස්ථාන සහ ඉන්ධන සැපයීමේ සැලසුම් සහිතව එය චීනයේ ප්‍රධාන භූමියට එරෙහිව ද ඇතුළුව කලාපය පුරා ආක්‍රමණශීලී එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් දියත් කිරීමේ ලක්ෂ්‍යයක් ලෙස සේවය කළ හැකි වන පරිදිය.

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් විසින් පෙන්වා දී ඇති පරිදි යුද සැලසුම්වල සැබෑ අරමුන චීනයට එරෙහිව යුද්ධ කිරීමයි. මන්ද චීනයේ  ආර්ථික වර්ධනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වන බැවිනි.  රුසියාව හා චීනය සමග ගැටුම් දිගටම පෙන්නුම් කරන්නේ එය භූ-මූලෝපායික වශයෙන් තීරනාත්මක යුරේසියානු ගොඩබිම මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත්, තනි ගැටුමක පෙරමුණු දෙකක් ලෙස ය.

සියලුම ප්‍රධාන බලවතුන් සම්බන්ධ වන යුද ධාවනය ධනේශ්වර ක්‍රමයේ බිඳ වැටීමෙන් පැන නගී.  මෙම ආන්ඩු සියල්ලම පුපුරන සුලු සමාජ ආතතීන් පිටතට හරවා යැවීමට උත්සාහ කරමින් සිටින අතර, තම ප්‍රතිවාදීන්ට එරෙහිව එල්ල කරන ආක්‍රමණශීලී මිලිටරි ක්‍රියාමාර්ග හරහා තමන්ගේ අර්බුදය සමනය කර ගැනීමට යයි.

අධිරාජ්‍යවාදීන් යුද්ධයට පොලඹවන එම ක්‍රියාවලීන්ම කම්කරු පන්තියේ පුපුරන සුලු සමාජ අරගලවලට ආවේගය ලබා දෙයි.  දැනටමත්, සෑම මහාද්වීපයකම පාහේ බලගතු වැඩ වර්ජන සහ විරෝධතා සිදුවෙමින් පවතින අතර පන්ති අරගලයේ ප්‍රධාන වර්ධනයක් සිදුවෙමින් පවතී.  මෙම අරගල පුපුරා යන්නේ, ඉහල යන උද්ධමනය සහ දැවැන්ත මිලිටරි ගොඩ නැගීම සඳහා වැඩකරන පන්තිය විසින් ගෙවීමට සැලැස්වීම අරමුනු කරගත් කප්පාදු පිලිවෙත් ඇතුලු, යුද්ධයේ ප්‍රතිවිපාක වලට එරෙහිව ය.

යුද්ධය අවසන් කළ හැක්කේ ධනවාදය සහ එහි යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමෙන් පමනි.  එනම්, සමාජ සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සාමය සඳහා වන පොදු අරගලයක් තුල ලොව පුරා ශ්‍රමිකයන් එක්සත් කරමින් ජාත්‍යන්තර වැඩකරන පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් සඳහා වන අරගලයයි.

මෙම ඉදිරිදර්ශනය 2023 මැයි දිනය සැමරීම සඳහා වන ගෝලීය ඔන්ලයින් රැලියේදී ගෙනහැර දක්වනු ඇත. [අවධාරනයන් සංස්කාරක ගෙනි]

#theSocialistLK #WSWS 

ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි Read More »

global socialist reviews

2023 මැයි දිනය: කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟමු! ලෝක යුද්ධය වලක්වමු !!

කොලඹ ක්‍රියාකාරී කමිටුව

1682769841938

මෙම මැයි දිනය ලොව පුරා කම්කරු පන්තිය විසින් සමරනු ලබන්නේ ඉස්මතු වෙමින් පවත්නා 3 වන ලෝක යුද්ධයේ ඉමහත් අනතුර හා ලොව පුරා ධනේශ්වර පාලනය විසින් පනවනු ලැබ ඇති ඝෝර ජීවන කොන්දේසිවලට එරෙහිව සටන් වදිමින් සිටින කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරය මධ්‍යයේ ය.

තමා විසින් ම නිර්මිත ලෝක පර්යායේ ප්‍රතිවිරෝධයන් සමඟ මේ මොහොතේ පොර බදමින් සිටින සුපිරි ධනපතීන්ගෙන් සමන්විත ප්‍රභූව, ධනේශ්වර ක්‍රමය විසින් නිර්මානය කෙරුනු සියල්ල ද ඇතුලත් සමස්ත පෘථිවියේ අත්‍යන්ත විනාශය සූදානම් කරමින් සිටිති. 

ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තෝරා ගැනීමක් ඉතිරි ව නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන ගත කර ඇත්තේ, එහි එක් දිනක් හෝ නොහැර අඛන්ඩව ඒ හෝ මේ යුද්ධයේ පැටලී සිටිමිනි. බෝල්කන් අර්ධ ද්වීපයේ වේවා, ඉරාකයේ වේවා, ඇෆ්ගනිස්ථානයේ හෝ සිරියාවේ වේවා, මේ සෑම තැනෙක දී ම, අහිංසක සිවිල් වැසියන් මරා දැමීමට ඔවුන්ට තමන්ගේ ම හේතු තිබූ අතර, ඒ සම්බන්ධයෙන් තමන් ම නිර්මානය කරගත්, එහෙත් වසර ගනන් ගත වෙත් දී ඒවා පවත්වා

ගෙන යාමේ උනන්දුවක් තමන්ට හෝ නොතිබූ ව්‍යාජ යුක්තියුක්ත කිරීම් ද ඔවුන් සතු ව තිබින. රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල බලල් අත් යොදා ගනිමින් දියත් කර ඇති නැටෝ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක හා සමූල විනාශයක තර්ජනය මතු කරයි. චීනයට එරෙහි එක්සත්
ජනපද ප්‍රකෝපකරනයන් මෑතක දී උත්සන්න කර ඇති අතර, චීනය සමඟ යුද ගැටුමක් නොවැලැක්විය
හැකියැයි එජ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු විවෘතව ම නිවේදනය කරති.      

නාසිවාදය පරාජයෙන් ශතවර්ෂ තුන් කාලක් ගෙවී යාමෙන් පසු නැවතත් යුරෝපය, ඇමරිකාව, හා ලෝක ගෝලයේ බොහෝ ප්‍රදේශවලින් නැවත සිය විරූපී හිස ඔසවමින් සිටින ෆැසිස්ට්වාදය සමඟ කම්කරු පන්තිය මුහුනට මුහුන දී සිටී. තම ෆැසිස්ට්වාදී විභවය පිලිබඳ ව සමාජයේ
වඩාත්ම අන්ත-දක්ෂිනාංශික ස්වෝත්තමවාදී කොටස්වලට ඒත්තු ගැන්වීමේ තරඟයක ප්‍රධාන ධනපති පක්ෂ නිමග්න වී සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ පැවැත්වෙමින් පවතින අතර, ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන්’ ලෙස පෙනී සිටින්නෝ එකී අයිතීන්
සම්බන්ධයෙන් කෙරෙන අත්‍යන්ත උල්ලංඝනයන් විවෘතව ම ආරක්ෂා කරමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මේ මොහොතේ පොර බදමින් සිටින්නේ, අද වනවිට ජීවිත මිලියන 21 ක් ඉක්මවා විනාශ කර ඇති කොවිඩ්-19 වසංගතයේ තුවාල තවමත් ලේ ගලමින් තිබෙන අතරතුර ම, ඒ මතට පැටවෙන කප්පාදු පියවරයන්හි ඝෝර ප්‍රතිවිපාක සමඟ ය. ධනේශ්වර ආන්ඩු, සුපිරි ධනපති ප්‍රභූවට අයත් මිනිසුන්ගේ තුනී සමාජ ස්ථරයක ලාභය සහ ඓශ්චර්යය වෙනුවෙන්, වසංගතය
පිලිබඳ ව අපරාධකාරී නොතැකීමක් පවත්වා ගෙන යමින් මෙම දැවැන්ත ජීවිත විනාශයට කැමැත්තෙන් ම ඉඩ දී සිටියෝ ය. මෙකී ම්ලේච්ඡ ආකල්පය හුදු කොවිඩ් 19 වසංගතයට සීමා වූවක් නොව, දුගීන්ගේ ජීවිත පිලිබඳව – සහ යුද්ධය පිලිබඳව – ඔවුන් දරන පොදු ආකල්පයයි. 

ශ්‍රී ලංකාව තුල ඇතැම් බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන අත්‍යවශ්‍ය ඖෂධවල බැරෑරුම් හිඟයක් පවතින බව දැන් පොදුවේ දන්නා කරුනකි. මෙය හුදෙක් ශ්‍රී ලංකාවට හෝ ඊනියා ‘දියුනු වෙමින් පවතින’ රටවලට සීමා වූ තත්ත්වයක් නොවේ. ලෝකයේ වඩාත්ම බලගතු රටවල ජනයා පවා මුහුන දී සිටින්නේ එකී ඉරනමට ම ය. (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ 2023 අප්‍රේල් 26
වාර්තාවකට අනුව)  ඇලබාමා සරසවියේ අනුක මූර්තන හා චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ ජොනතන් මැකිනති සඳහන් කරන අන්දමට, “එක්සත් ජනපදයේ පවා ජනයා, මෙම” ඖෂධ “හිඟකමින් මිය යාමට නියමිත බව නිසැක” ය.

අධිරාජ්‍යවාදය ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ගමන් කරමින් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරමින් සිටින
අතරතුර, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊට ප්‍රතික්‍රියා දැක්වීමේ දිශාවට අනවරත ලෙස ගමන් කරමින් සිටී. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මේ තතු විචිත්‍ර ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය
පහත උපුටා දක්වමු:

 “ඉහත දශකය තුල පැවතියේ පන්ති අරගලයේ අනවරත උත්සන්න වීමකි. පන්ති අරගලයේ එක් කැපී පෙනෙන සුලු ලක්ෂනයක් වූයේ එහි ජාත්‍යන්තර ස්වභාවයයි. සන්නිවේදන තාක්ෂනයේ විප්ලවකාරී වර්ධනයන් විසින් විවිධ රටවල කම්කරුවන් අතර පැවැති බාධක දියකර හැරෙමින් පවතී. ඕනෑම එක් සුවිශේෂී රටක ඇති වන සමාජ ගැටුමක්, එය ආරම්භ වූයේ කොතැනක ද යන්න නොතකා, ක්ෂනිකව ම පාහේ ජාත්‍යන්තර ප්‍රේක්ෂක ජනයා දිනා ගනිමින් ලෝක සිදුවීමක් බවට එක පැහැර පත් වෙයි. චිරාත්කාලීන භාෂාමය බාධක පවා, ලේඛන හා භාෂිතයන් ඒවා ලියන ලද හා කථනය කරන ලද භාෂාව කුමක් වුව එය නොතකා ඒවා පරිවර්තන කිරීමට හා අනු පිටපත් කිරීමට සමත්
ක්‍රමලේඛයන් හරහා ලෝක ගෝලීය ප්‍රේක්ෂා ගෘහයකට පහසුවෙන් වටහා ගත හැකි පරිදි ජය ගනු ලැබේ.”
(WSWS, 08 April 2023) 

මේ ආකාරයෙන් කම්කරු පන්තිය, ජාතික මායිම් ඉක්මවා යමින් පාලක පන්තියේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් සිටිති. සන්නිවේදන තාක්ෂනයේ නව වර්ධනයන්ගෙන් සන්නද්ධව සිටින ඔවුහු ලෝක ගෝලීය ආර්ථිකයකින් හා ජාතික ආන්ඩුවලින් සමන්විත පවත්නා ලෝක පර්යායට අභියෝග කරමින් සිටිති. ලාභ ඉපැයීම මත පදනම් වූ ධනේශ්වර පර්යාය සහ අධිරාජ්‍යවාදය, ජනයා සිය ජාතිය, වර්ගය, ආගම
හා සමේ වර්නය මත බෙදා වෙන් කරමින්, තාක්ෂනයේ, විද්‍යාවේ, සංස්කෘතියේ, සහ මානව වර්ධනයේ කවර හෝ සංවර්ධනයක් ඇති වීමට එරෙහිව විවෘතව ම බාධක පනවමින් සිටිති. ධනපති පන්තියට හා, එකී පන්තිය කම්කරුවන් සඳහා සූදානම් කරමින් සිටින කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන් නොමඟ යවමින් ඔවුන් අතර පන්ති සහයෝගීතාවයේ දේශපාලනය ප්‍රවර්ධනය කරන සියලු ධනපති ඒජන්තයන්ට එරෙහිව අත්‍යවශ්‍ය හා මඟ හැර යා නොහැකි අවශ්‍යතාවය ව පවතින්නේ කම්කරුවන්ගේ සංවිධානාත්මක උපකරනය නිමවාගැනීමයි.     

හාමත, මරනය සහ විනාශය රැගත් වර්තමානයේ දිග හැරෙමින් පවතින සමාජ අර්බුදයට තමාගේ ම විසඳුම පිලිබඳ ව සාකච්ඡා කරමින්, විවාද කරමින් හා සටන් වදිමින්, සුපිරි ධනපතීන්ගේ හා මූල්‍ය කතිපයාධිපත්‍යයේ ලෝක පර්යාය වන අධිරාජ්‍යවාදයේ කුරිරු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දීමට තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු (සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු) ආකාරයෙන් ස්වකීය සංවිධාන පිහිටුවා ගන්නා ලෙස කොලඹ ක්‍රියාකාරී කමිටුව මුලු රට පුරාත්, ලෝක ගෝලය පුරාත් සියලු කම්කරුවන්ට කැඳවුම් කරයි.  

2023 මැයි දිනය සමරමින්, ධනේශ්වර ප්‍රහාරවලට මෙන්ම ලෝක යුද්ධයක් කරා කෙරෙන ප්‍රයානයට ද එරෙහිව ස්වකීය ප්‍රතිප්‍රහාරයේ ක්රියාකාරකම් හා වැඩ පිලිවෙල පිලිබඳ ව සාකච්ඡා කිරීමට තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු, කම්හල් හා නිවහන් ප්‍රදේශ කමිටු ගොඩ නැඟීමටත්, එකී ප්‍රහාරවලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩ නැඟීම සඳහා සිය ජාත්‍යන්තර සහෝදරයන් සමඟ එක්සත් වීමටත් නැඟී සිටින ලෙස කොලඹ ක්‍රියාකාරී කමිටුව ශ්‍රී ලංකාව තුල හා සමස්ත ලෝකය පුරා සියලු පන්ති සහෝදරයන් හා සහෝදරියන්ට කැඳවුම් කරයි.    

එවැනි සන්ධානයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දැනටමත් කර ඇති කැඳවීමට පූර්න සහයෝගය පල කරන අපි, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගී ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමෙහි ලා එක්සත් හා පොදු ක්‍රියාමාර්ග ගැනීමට හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයට (සසප) අප ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නැයි එම පක්ෂයෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදී යුද ප්‍රයත්න භංග වේවා!

ලෝකයේ කම්කරුවනි,
එක්වව්!!

ඡායාරූප අනුග්‍රහය ලෝසවෙඅ    

#CACPS #theSocialistLK  

2023 මැයි දිනය: කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟමු! ලෝක යුද්ධය වලක්වමු !! Read More »

IMG 20230428 WA0021

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

නන්දන නන්නෙත්ති විසිනි

Image

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රකීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්,ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක්, යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සදහා වටිනා මොඩලයකි යි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය සමාජවදය පිලිබද ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැනගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිලිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් අසයි. “ඔබ මෙහි පැමිනි කාලයේ ම ප්‍රතිකාර ගනීමට පැමිනි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටී ද?”

“එක්කෙනෙක්වත් නැහැ” අමරතුගගේ පිලිතුරයි. 

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා.” අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.  

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් “පොඩ්ඩක් ඉන්න සහෝදරයා” කියා පෙත්ත දිව යට තබාගෙන ටික වෙලාවක් මදවේගී වීම හැර බාධාවක් ඔහුට නො වී ය.

මෙම ක්ෂ්මා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු  17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යනය ද ආරම්භ කලේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරනීය බිරිද දයා සහෝදරිය සමග එක්ව පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය.

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගත් බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඔසවන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහෙයවීම යටතේ ය. පීඩිත කම්කරුවන්ගේ ජීවිතය උරා බී වැඩුනු කර්මාන්තය සදහා මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට ඛනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවක පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිසට් පක්ෂය (කොප) සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කලේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුංග සහෝදරයාගේ රැකියාව අහිමි කලහ. සමිති නායකයෝ හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රනකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ  උපකරනයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිනිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිනිලි කිරීම මගින් නීතිමය රැකවරන සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කලහ.   

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමින කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුනි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුන ගැසේ. සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කල ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි. 

මෙම කම්කරුවා බදවා ගැනීමේ සාකචඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යව්වන සාමාජිකයෙකුව සිටි මෙම ලිපියේ ලේඛකයාට ද අවස්ථාව ලැබුනේ ය යන්න ඉමහත් සන්තුෂ්ඨියකි. එතැන් සිට අමරතුංග, දැන් සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රනකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරනු ලබන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් සටන් වැදුනේ ය. 

අමරතුංග පක්ෂයට බැදීම ජාත්‍යතර කම්කරු පන්තිය තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රෙටන්වුඩ් සම්මුතිය බිද දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කලේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්ම්මුති විරහි ප්‍රහාරයක් දියත් කලේ ය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනංශික ආන්ඩු සම්පූර්න යටත් වීම කම්කරු පන්තයෙන් ලබා ගැනීමට වැඩ ආරම්භ කලේ ය.  අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය පිලිගනිමින් ඒ වෙනුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා  ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා, සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රනයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව සටනක් කොට ගොඩ නැගූ  සමාජවාදී සමානතා පක්ෂය (එකල විකොස) තුල වැඩී ඇති, මුලධර්ම විරෝධී, අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ලදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමටම මේ කම්කරුවාට ගරු කලේ ය, ආදරය කලේ ය, අවංක නායකයෙකු ලෙස පිලිගත්තේ ය. 

එහෙත් අමරතුංග ඉතා ලෙංගතුව ආරාධනය ප්‍රතික්ෂේප කලේ ය. එම විවෘත කිරිමට පාලක පක්ෂයේ අතුකොරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කලේ. ධනපති නියෝජතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවිදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු  ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් ඹධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින ගමන් මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල යුඑන්පී ආන්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඩ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය. 

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කල දිනවලම මෙහි  සදහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින ගමන්, සිය බිරිදගේ ලදරු පාසැලේ විවිධප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති, අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුනේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කලේ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ. 

විප්ලවවාදී පක්ෂය තුල මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂය ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිනි. පක්ෂය පවතින මෙබදු ප්‍රවනතා හදුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය. 

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජවිපෙ ඝාතකයන් විසින් බිලි ගනු ලැබුනහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මෙම ලියුමකරුගේ නිවස ද වට කල හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිනි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙලිදරව් කරමින් කම්කරු පන්ති පිලිවෙත පැහැදිලි කල ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සදහා අම්බලන්ගොඩට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලෙයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරනීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බදවා ගැනීමට හා, එසේ නො හැකි නම්, පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කල කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බදවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුනයා මරනයට කැප ව සිටි මෙම ලිපිකරුගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කලේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බියපත්ව සැග වී සිටිය නො හැකි ය. 

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසැලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්චා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරනීය බිරිද හා දරුවන් සැලකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැදෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීරන ගෙන තමන් නො රුස්නා දෙයට මුහුන දීමේ තත්වයක පසු වූ බව කියවේ. පක්ෂය තුල අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට නයගැති ය යි ඔහුගේ බිරිඳ දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් ප්‍රකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිශ්ඨානවත් විය. 

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිලිබද ලකුනකි. 80 වියැති නමුත් තවමත් තරුන සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කරන කලාත්මක භාන්ඩ නිර්මානය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි. 

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබදු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර  ගනී. ඔවුන්ට මිලියන ගනන්වලට නායකත්වය දිය හැකි ය. 

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලු 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මෙම ලිපිකරුට එය හොදටම දැනේ. සංජය ජයසේකර සහෝදරයා සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරනය අමරතුංග මහත් සේ කම්පාවට පත් කලේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කලේ පක්ෂය තුල රැදී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. මලලගමගේ මෙම කුමන්ත්‍රනය ප්‍රධාන ලෙකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌‌එතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැලද ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

#theSocialistLK 

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක් Read More »

Scroll to Top