Author name: thesocialist

Narammala

නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම් 

නන්දන නන්නෙත්ති විසිනි. 

සිකුරාදා (19) නාරම්මල දී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි සුලු ව්‍යාපාරික තරුනයෙකු වෙිඩි තබා ඝාතනය කලේය. මහජනතාව මෙම අපරාධය හෙලා දකිමින් නාරම්මල පොලීසිය වටකලෝය. ධනපති මාධ්‍ය, පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අපරාධය නොසැලකිලිමත් කමක් හෝ අත්වැරැද්දක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇත. ඊනියා පරීක්ෂනයක් ද මේ අතර ප්‍රකාශයට පත් කෙරුනි. මෙම සිද්ධිය හා සම්බන්ධ ⁣දේශපාලන ඇඟවුම් වග විභාග කිරීමින් අප පහත පලකරන වීඩියෝව ඔබට ඉදිරිපත් කරමු. 

නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම්  Read More »

Nandana

වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය 

අපේ වාර්තාකරු විසිනි.

වෘත්තීය සමිතිවල ස්වභාවය, ඒවායේ අර්බුදය හා වර්තමාන ලෝක අර්බුදය තුල ඒවා විසින් ඉටු කෙරෙමින් පවතින කාර්ය භාරය සහ කම්කරු පන්තිය ඉදිරියේ පවතින කර්තව්‍යයන් පිලිබඳව සාකච්ඡා කෙරුනු පසුගිය ජනවාරි 6 දින පැවැත්වුනු අන්තර්ජාල දේශනයේ වීඩියෝ මෙහි පල කෙරේ. මෙම දේශනය සමාජවාදී සමානතා පක්ෂයේ වාම පාර්ශ්වය (සසප-වම) හා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලදී.   

නන්දන නන්නෙත්ති සහෝදරයා විසින් දේශනය පවත්වන ලද, අතර පරාක්‍රම කුරුප්පු සහෝදරයා එය මෙහෙයවීය. දේශනය අවසානයේ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වින. 

පසුගිය නොවැම්බර් 30 දා, උද්ඝෝෂනයක නිරතව සිටිය දී,  මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට එරෙහිව මොරටුව සරසවිය අසල දී වෘත්තීය සමිති නායකයන් විසින් කායිකවම මැර ප්‍රහාරයක් එල්ල කෙරිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා එහි ලේකම් එකී ප්‍රහාරයට සහභාගී වූවෝය. කොක්‍රික හා සසප-වාම කන්ඩායම මෙම ප්‍රහාරයට එරෙහිව ද, එම වෘත්තීය සමිති හෙලිදරව් කරමින්  ද ප්‍රකාශන, පෝස්ටර් හා පත්‍රිකා ඇතුලත් උද්ඝෝෂනයක් දියත් කල අතර, මෙම දේශනය එකී උද්ඝෝෂනයේ තවත් එක් වැදගත් ඉදිරි පියවරක් විය.

එහි හැඳින්වීමේ කථාව, දේශනය සහ ප්‍රශ්නෝත්තර සැසියට අදාල වීඩියෝ මේ සමඟ පල කෙරේ. වෘත්තීය සමිතිවල ස්වභාවය හා ඒවායේ වර්තමාන ක්‍රියා කලාපයත් කම්කරු පන්තිය ඉදිරියේ පවතින මාවතත් පිලිබඳ සාකච්ඡාවක් වර්ධනය කර ගැනීමට මෙම වීඩියෝ ආධාරකාරී වෙතැයි අපි අපේක්ෂා කරමු. ඒ අනුව, එම වීඩියෝ නරඹන ලෙසත්, තවත් අය සමඟ බෙදා ගන්නා ලෙසත්, ඒ සම්බන්ධ අදහස් පල කරමින් සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසත් ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් අපගේ කර්තෘ ඊමේල් ලිපිනයට යොමු කිරීමට හෝ මෙම ලිපියේ අග ඉදිරිපත් කල හැක. එසේම, අපගේ ෆෙස්බුක් පිටුවද ඒ සඳහා ඔබට විවෘත ය.

හැඳින්වීම – පරාක්‍රම කුරුප්පු
දේශනය – නන්දන නන්නෙත්ති 
ප්‍රශ්න හා සාකච්ජාව 

වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය  Read More »

Pariscomune

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2003 ජනවාරි 20 දින පල වූ ‘Questions on socialist organisation and planning’ යන නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක් අසන ලද මූලික ප්‍රශ්න කිහිපයකට එහි මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් ලබා දෙන පිළිතුරකි මෙය. සමාජවාදී ආර්ථික හා සමාජ සංවිධානය පිළිබඳ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ පිටුවහලක් වශයෙන් වැදගත් වන මෙම ලිපිය වෙත අපි අපගේ පාඨකයන්ගේ අවධානය යොමු කරමු. ⁣

2003 ජනවාරි 20

හිතවත් සර්/මැඩම්,

ඔබ පිලිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වූ ප්‍රශ්න කිහිපයක් මට තිබේ.

  • ධනපතියා ඔවුන්ගේ යටිතල පහසුකම් ස්වේච්ඡාවෙන් අත්නොහරිනු ඇත, එවිට ජනතාව එය අත්පත් කර ගැනීමට යන්නේ කෙසේද?
  • ප්‍රාදේශීය, පලාත්  සහ ජාතික මට්ටමින් කම්කරු සභා ඇති වනු ඇති බව මට වැටහේ. මෙම සභා පිහිටුවන්නේ, නායකත්වය දෙන්නේ සහ පවත්වාගෙන යන්නේ කෙසේද?
  • ජාතික මට්ටමේ සභාව ආන්ඩුව පිහිටුවනවාද? එසේ නම් තනි පුද්ගලයෙක් ආන්ඩුවට නායකත්වය දෙයිද, නැතිනම් නියෝජිත කන්ඩායමක් නායකත්වය දෙයිද?
  • ඔබ කම්කරු සභා පිහිට වූවද, නියෝජිතයින්ට තම වාසිය සඳහා කම්කරුවන් කෙරෙහි බලපෑම් කිරීමට තවමත් හැකි ද? එබැවින්, නිලධාරි තන්ත‍්‍රයක් ගොඩනැගීමට ප‍්‍රතිවිරෝධය දක්වන්නේ කෙසේද?
  • ප්‍රතිපත්ති සැකසීමේ ආදී කටයුතු සිදු කරන්නේ කවුරුන්ද, එය සිදු කරන්නේ කෙසේද සහ ඔවුන් කෙරෙහි ආසන්න අධිකාරය ඇත්තේ කාටද?
  • නීති සම්පාදනය කරන්නේ කෙසේද, එනම්, එම ක්‍රියාවලියට ජනතාව ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ කෙසේද?
  • ජාතික සැලැස්ම සකස් කරන්නේ කවුද සහ එය සංවර්ධනය කරන්නේ කෙසේද?

මම ඔබේ පිලිතුර පිළිබඳ උනන්දුවෙන් සිටිමි.

HSB

එච්එස්බී

***

හිතවත් එච්එස්බී,

ධනපති පන්තිය ස්වේච්ඡාවෙන් දේශපාලන බලය අත් නොහරින අතර සමාජවාදය ස්ථාපිත කිරීම විප්ලවයක් හරහා සිදුවනු ඇති බව නිසැක ය. එවැනි අරගලයක් ඉදිරියට යන්නේ කෙසේද යන්න කලින් කිව නොහැක. කෙනෙකුට කිව හැකි දෙය නම්, නව රාජ්‍ය ව්‍යුහය නිසැකවම පැරනි පාලක පන්තීන්ට එරෙහි දේශපාලන අරගලය තුල ගොඩනැගුනු සංවිධාන මත පදනම් වනු ඇති බවයි.

ඓතිහාසිකව මෙම සංවිධාන කම්කරු සභාවල ස්වරූපය ගෙන ඇත. 21 වැනි සියවසේදී ඔවුන් කුමන ස්වරූපයක් ගනීවිද යන්න නිශ්චිතවම කීමට අපහසුය. 1917 රුසියානු විප්ලවයෙන් සහ 1920 ගනන්වල යුරෝපයේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලින් පසු ආර්ථික සංවිධානයේ සහ ශ්‍රම බලකායේ ව්‍යුහයේ බොහෝ වෙනස්කම් සිදුවී ඇත.

ආර්ථික හා දේශපාලන අරගල මාලාවක් තුල පැන නගින සංවිධානයේ ආකෘතින්  කල්තියා තීරනය කල නොහැකි වුවද, පසුගිය දශක කිහිපය තුල ආර්ථිකයේ සිදු වූ විශාල වෙනස්කම් සැලකිල්ලට ගෙන, ජනගහනයේ පුලුල් ස්කන්ධය ඒවාට සම්බන්ධ වනු ඇති බවට විවාදයක් නැත.  සමහරක් රැකියා ස්ථාන මත පදනම් විය හැකි අතර තවත් සමහරක් නිශ්චිත ප්‍රදේශවල මිනිසුන් සම්බන්ධ කර ගන්නා අරගල අතරතුර හෝ  විශේෂිත ප්‍රශ්න ආශ්‍රිතව මතු විය හැක.

ඔබේ ප්‍රශ්න මාලාව වෙත හැරීමට පෙර, සාමාන්‍ය කරුනක් ඉදිරිපත් කරමු. සමාජයේ සමාජවාදී පරිවර්තනයේ කේන්ද්‍රය වන්නේ, වෙන කවරදාකටත් වඩා දැන්, ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාව අතට දේශපාලන හා ආර්ථික බලය නැවත පැමිනීමයි.

මාක්ස් පැහැදිලි කල පරිදි,  1871 පැරිස් කොමියුනය, “තමන්ව මර්ධනය කරන සංවිධිත බලය වෙනුවට තමන්ගේම දේශපාලන බලය සකස් කරගන්නා පොදු මහජනතාවන් විසින්ම, තමන්ව මර්දනය හා පාලනය කරන බලවේගයන් වෙනුවට තමන්ගේම සජීවී බලය ලෙස සමාජය විසින් රාජ්‍ය බලය යලි අවශෝෂනය කර ගැනීම”, සම්බන්ධ වූවක් විය (Marx, On the Paris Commune p.153). එබැවින් එය ජනතාව විසින් කරවන  ජනතාව ගේ  ආන්ඩුවක් විය. 

Pariscomune
පැරිස් කොමියුනය – 1871 මාර්තු 18 දින කොමියුනාඩ් ජාතික ආරක්ෂක බලකාය විසින් බිම හෙළන ලද බාධකයක්. (ෆොටෝ: විකිපීඩියා)

මාක්ස්ගේ මෙම විග්‍රහය අප දැනට මුහුන දෙන තත්වය සඳහා අතිමහත් වැදගත්කමක් ලබා ඇත. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ආර්ථිකය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ජනගහනයේ පුලුල් මහජනතාව තම දෛනික ජීවිතයේ සංඝටක කොටසක් ලෙස සක්‍රීයව සම්බන්ධ වන නව ආකාරයේ සමාජ සංවිධානයක් පිහිටුවීම යම් ආකාරයක සිහිනයක් නොව ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

21 වැනි සියවසේ මානව සමාජය, පසුගිය වසර 200 තුල නිෂ්පාදනයේ සිදු වූ දැවැන්ත වෙනස්කම්වලින් සහ එහි ප්‍රතිඵලය වූ සියල්ලෙන් වර්ධනය වන අතිශය සංකීර්න සජීවී ව්‍යුහයක් වන අතර එය වර්ධනය වූ ධනේශ්වර සමාජ සබඳතා අභිබවා ගොස් ඇත.

ඇත්ත වශයෙන්ම, ධනේශ්වර වෙලඳපොලේ තර්කනයට සමාජය තවදුරටත් යටත් කිරීම- එනම්, පුද්ගලික ලාභ රැස්කර ගැනීමේ තල්ලුව මගින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, වයස්ගත පුද්ගලයින්ගේ රැකවරනය, සම්පත් බෙදා වෙන් කිරීම, නගර සැලසුම් කිරීම, භූමිය සහ පරිසරය රැකබලා ගැනීම, සියල්ලන්ටම යහපත් ජීවන තත්වයන් සම්පාදනය කිරීම වැනි සංකීර්න ප්‍රශ්න  තීරනය කරනු ලැබීම – ගෙන ආ හැක්කේ එක් ව්‍යසනයක් පසුපස තවත් ව්‍යසනයක් පමනි. යම් ආකාරයක නිලධර යාන්ත්‍රනයක් සමාජ හා ආර්ථික සංවිධානය භාර ගන්නා, ප්‍රතිසංස්කරනය කරන ලද සුබසාධන රාජ්‍යයක් නිර්මානය කිරීමෙන්ද මෙම ගැටලු විසඳිය නොහැක.

සංවිධානයේ ආකාර සහ ඒවා අතර ඇති සම්බන්ධතා පිලිබඳ ඔබේ ප්‍රශ්නවලට කල්තියා පිලිතුරු දීමට නොහැකි බව මෙම කෙටි ප්‍රකාශය පැහැදිලි කරනු ඇතැයි මම විශ්වාස කරමි. මක්නිසාද යත්, දේශපාලන බලය‌ේ මෙම නව රෑපාකාර, සමාජය අනුගත විය යුතු, දැනටමත් සකස් කර ඇති යම් සැලැස්මකට අනුව වර්ධනය නොවනු ඇති  බැවිනි.

ඒ වෙනුවට, ඒවා මතුවනු ඇත්තේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ සමාජ හා දේශපාලන අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය. එනයින් බලන කල, 1905 රුසියාවේ විප්ලවයේ දී ප්‍රථම වරට දර්ශන පථයට ආ සෝවියට් සභා හෝ කම්කරු කවුන්සිල වර්ධනය වූයේ බෝල්ෂෙවික් පක්ෂය විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව නොව සාර්වාදී පාලනයට එරෙහි අරගලය තුල ය. පැරිස් කොමියුනයේ රහස එය, “කම්කරු පන්ති ආන්ඩුවක්, එනමි අතිරික්ත ශ්‍රමයේ වටිනාකම් ගොඩගසා ගන්නා පන්තියට එරෙහි ඒවා නිෂ්පාදනය කරන පන්තියේ අරගලයේ නිෂ්පාදිතයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය ක්‍රියාවට නැගීම සඳහා අවසානයේ සොයාගත් දේශපාලන ස්වරූපයක්” බව මාක්ස් පැහැදිලි කලේය. (මාක්ස්, පැරිස් කොමියුනය පිලිබඳ, p.75).

මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රූපාකාරයන් 21 වැනි සියවසේදී ධනවාදයට එරෙහි පුලුල් සමාජ අරගලයේ ගමන් මගෙහි “සොයා ගැනීමට” සිදුවනු ඇත. යම් ආකාරයක  නිශ්චිත සැලැස්මක් සැකසීමට නොහැකි වුවද, ඇතැම් පොදු මූලධර්ම ස්ථාපිත කර ඇත.

නිලධාරි තන්ත‍්‍රය ගොඩනැගීමට එරෙහි ප‍්‍රධාන ආරක්‍ෂාව වන්නේ සමාජය පවත්වාගෙන යාමට සමස්ථ ජනගහනයේ සක්‍රීය මැදිහත්වීමයි. සත්තකින්ම, ඇතැම් නියෝජිත සංවිධාන තවමත් අවශ්‍ය වනු විය හැක. එම නියෝජිතයින් ඔවුන් තෝරා පත් කර ගත් අය විසින් නැවත කැඳවීමට යටත් වන අතර ඔවුන්ගේ වැටුප් සාමාන්‍යයට වඩා වැඩි නොවනු ඇත. 

අද දියුනු සන්නිවේදන පද්ධතිවල දියුනුවත් සමඟම අඛන්ඩ පදනමක් මත ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සම්පාදනය කිරීම හා කෙටුම්පත් කිරීම සඳහා සමස්ත ජනතාවම සම්බන්ධ කර ගැනීමට නිසැකවම හැකි වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ පවසන පරිදි ප්‍රතිපත්ති සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම “අධීක්ෂනය” (“policing”) සිදු කරනු ලබන්නේ, ඔවුන් විසින් නිර්මානය කරන ලද විවිධ සංවිධාන හරහා ක්‍රියා කරන මහජනතාව විසිනි.

ඔබ විසින් මතු කර ඇති කරුනු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා රිචඩ් එන් හන්ට් (Richard N. Hunt ) ගේ අතිශය වටිනා කෘතියක ඡේදයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න.

අපි කිසියම් සමාජයක් ගැන කියවද්දී එහි, ‘නගරය සහ රටෙහි එකමුතුවක්’ පැවතියේ නම්; ‘සිවිල් වගකීම් සිවිල් අයිතීන් මගින් ගම්‍ය’ වේ නම්; එහි  පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය, ‘සියලු පුරවැසියන් ස්වෛරී බලය වනවා පමනක් නොව ඇත්ත වශයෙන්ම පාලනය කිරිමේ නිරත විම’ අවශ්‍ය කරන්නේ නම්; මෙම ඉලක්කය, සියලුම කාර්යාල වලට  ‘සාමාන්‍යයෙන් ප්‍රවේශ විය හැකි වීම’  සහ ‘නිලතල හිමිකරුවන් නිරන්තරයෙන් වෙනස් කිරීම’ මගින් සපුරා ගත්තේ නම්; එහිදී ‘සියලු නිලධාරීන් තේරී පත් වූ’ සහ පුරවැසි ආයතනය තුල සිදුකල  හැකි උපරිම පරිමානයෙන් නිලතල දරන්නන් වෙනස් වෙමින් අලුතින් පත්වීම’ සිදුවන්නේ නම්; එහි ප්‍රතිඵලයක් ලෙස ‘නිලධාරී ධුරාවලියක්’ නොතිබෙනා’තර, ‘සෑම නිලධාරියෙක්ම පුරවැසියෙකුට වඩා වැඩි යමෙක් නොවී, අහම්බෙන් පාහේ සීමිත කාලයක් රාජ්‍යය වෙනුවෙන් යම් විශේෂ සේවයක නිරත වූවාක් මෙන් වන’; මේ සියලු භාවිතයන් ‘පුරවැසියන්ගේ ජීවිතය සහ ස්වභාවයම වන්නාවූ දේශපාලන ජීවිතයක්’, ‘රාජ්‍යය සමඟ පුරවැසියන්ගේ අනන්‍යතාවයක්’, ‘රාජ්‍යයේ සහ සමාජයේ අනන්‍යතාවයක්’ නිර්මානය කිරීමක් – අපට මේ දේවල් කියවා බැලුවහොත්, අපට එය මාක්ස් විස්තර කල පන්ති විරහිත සමාජය බව නිසැක වනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එය ජර්මානු-උගත් සම්භාව්‍ය ලේඛක වික්ටර් එරන්බර්ග් විසින් ලියන ලද පෙරික්ලියානු ඇතන්ස් පිලිබඳ විස්තරයකි” (හන්ට්, මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන අදහස්, වෙලුම II, p. 254).

සත්තකින්ම, ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය වහල්භාවය මත රැඳී සිටි අතර, එමඟින් පුරවැසියන්ට පොදු කටයුතුවලට සහභාගී වීමට හැකි විය. පොදුවේ ගත් කල, එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානව ඉතිහාසය පුරා ශ්‍රමයේ අඩු ඵලදායිතාවයක් ඇති විට, සමාජයේ පොදු කටයුතු සොයා බලන විශේෂ පන්තියක් වර්ධනය වේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් වෙනස් වී ඇත. අද, “නූතන කර්මාන්තය විසින් අත්පත් කර ගෙන ඇති නිෂ්පාදන බලවේගවල දැවැන්ත වැඩිවීම නිසා සමාජයේ සියලුම සාමාජිකයන් අතර ව්යතිරේකයකින් තොරව ශ්‍රමය බෙදා හැරීමට හැකි වී ඇති අතර, එමගින් සෑම සාමාජිකයෙකුගේම ශ්‍රම කාලය සීමා කිරීමට කොතරම් ප්‍රමානයකට හැකි වී තිබේද යත් සියලු දෙනාටම, සමාජයේ න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේම පොදු කටයුතුවලට සහභාගී වීමට ඇති තරමට නිදහස් කාලය තිබේ” (එංගල්ස්, ඩුරිං විරෝධය, පිටු. 217-218).

ජාතික සැලැස්මක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රශ්නය පිලිබඳව එක් කරුනක්: සමාජවාදී සමාජය තමන්ගේම ජාතික සැලැස්මක් ඇති ජාතීන් මාලාවක් ලෙස සංකල්පනය කිරීම වැරදියි. ඊට පටහැනිව, සමාජවාදී සමාජය මතුවනු ඇත්තේ, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවිධානයේ නව ආකාර වර්ධනය කිරීමට සිදුවනනු ඇති කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. එපමනක් නොව, ගෝලීයකරනය වූ නිෂ්පාදනයේ වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ඉහල වර්ධනය සහ සමස්ත ගැටලු රාශියකට මුහුන දීගත  නොහැකි වීම – දෙකක් පමනක් සඳහන් කරන්නේ නම්, පරිසරය පාලනය කිරීම, රෝග වලට එරෙහිව සටන් කිරීම යනාදිය – යන්නෙන් අදහස් වන්නේ සැලසුම් කිරීම (planning) ගෝලීය පරිමානයෙන් ද සිදු කිරීමට සිදුවන බවය.

ඔබේම විශ්වාසි, 

නික් බීම්ස්

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න Read More »

Warship

The US/UK attack on Yemen and the global eruption of imperialist war

Statement of the WSWS International Editorial Board

We post below the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 13, 2024. We, theSocialist.LK endorse this statement in its entirety and invite our readers to carefully peruse it and grasp it for actions ahead.

The World Socialist Web Site unequivocally condemns Thursday’s attack by the United States and United Kingdom against Yemen. With no popular mandate, with no congressional or parliamentary authorization, without even an attempt at a serious explanation, the Biden administration in the US and the Sunak government in the UK have carried out an illegal act of war against an impoverished nation.

Warship
The aircraft carrier USS Dwight D. Eisenhower and the fast combat support ship USNS Supply transit the Strait of Hormuz, Dec. 14, 2023. [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak ]

The attack on Yemen is a major escalation of the developing war in the Middle East. Since the beginning of Israel’s genocide in Gaza, the US and its imperialist allies in NATO have overseen a massive militarization of the region, directly targeting Iran. This is itself part of an expanding global war, including the US-NATO war against Russia and the developing economic and military conflict against China.

US President Joe Biden did not even see fit to go on national television to explain the launching of a new war, under conditions in which there is overwhelming popular opposition to the expansion of war in the Middle East. As the Pentagon was planning to attack Yemen, Defense Secretary Lloyd Austin was admitted to the intensive care unit of Walter Reed Hospital, with the knowledge of the chairman of the Joint Chiefs of Staff but unbeknownst to the president. This bizarre episode underscored the reality that US war-making is operating on autopilot, increasingly outside the pretense of civilian oversight.

As always, the rationale provided to justify the war is a pack of lies. Biden declared that the missile strikes were “defensive” and “a direct response to unprecedented Houthi attacks.” The American media, with the same breathless reporting that has accompanied every US military operation, proclaims that a country with a gross domestic product 700 times smaller than the United States is carrying out “intolerable” actions, against which the American military is “forced” to defend itself. Overnight, Yemen’s Houthis have been turned into a new bogeyman, requiring urgent military action without any discussion or explanation. 

In coordination with the Israeli genocide in Gaza, the United States has dispatched to the Middle East a massive military armada, consisting of two aircraft carrier battle groups, multiple guided missile destroyers, an unknown number of submarines and dozens of warplanes. These forces have provided logistics, reconnaissance, and target selection to Israel in a deliberate effort to provoke retaliation from Iran and its allied forces such as the Houthis. 

Yet, supposedly it is Yemen that is the “aggressor,” carrying out “unprecedented attacks” on US military forces deployed in the Red Sea, thousands of miles from the US border. American imperialism, which has a military larger than that of the next 10 countries combined, claims to be waging a “defensive” war on the other side of the world against a small, oppressed and impoverished country.

“We’re not interested in a war with Yemen,” asserted the Pentagon on Friday, “We’re not interested in a conflict of any kind.”

In fact, the imperialist powers have been waging a war against the population of Yemen for nearly a decade. The Houthis in Yemen have been subject to ruthless slaughter, waged by Saudi Arabia but armed and financed by the United States. According to the United Nations, 377,000 people have been killed in a genocidal campaign that has involved blockades resulting in mass starvation and disease. First under Obama and then under Trump, the US financed this assault with more than $54 billion in military equipment, aided and abetted by its imperialist allies, including the UK. 

The devastation of Yemen is part of more than 30 years of unending and expanding war, spearheaded and led by American imperialism, following the dissolution of the Soviet Union in 1990-91. This included the first Gulf War in 1990; the dismantling of Yugoslavia, culminating in the war against Serbia in 1999; the invasion of Afghanistan in 2001; the second war against Iraq in 2003; the war against Libya in 2011; and the CIA-backed civil war in Syria that began the same year.

Every single administration since that of Bill Clinton has authorized military operations, airstrikes, and destabilization operations in Somalia, across the Gulf of Aden from Yemen, seeking to control the critical waterway leading to the Suez Canal.

The launching of military strikes against Yemen marks a new stage in the deepening imperialist military offensive throughout the Middle East and beyond. The US and its imperialist allies are waging a de facto war against Iran, working to eliminate Iran’s military allies throughout the Middle East. The strikes against Yemen are directed at encircling Iran and provoking it into retaliation against US forces, which could be used to justify a full-scale war against Tehran.

The immediate antecedent for the escalating war in the Middle East, of which the genocide in Gaza is a part, is the collapse of Ukraine’s “spring offensive.” But the imperialist powers are doubling down. “Backing Ukraine is key to the West’s security,” declares The Economist, while Foreign Affairs asserts that “Victory Is Ukraine’s Only True Path to Peace.”

Overriding all of this, the United States is involved in a struggle to fend off the challenge posed by China to its global hegemony, which threatens to trigger a shooting war in the Pacific. In the US media and political circles, there is growing talk of a new “axis of evil” involving Iran, China and Russia. 

Each one of these conflicts cannot be understood in isolation. The bombing of Yemen is part of a global counter-revolution, in which the imperialist powers are seeking to reestablish direct control over their former colonies.

The countries carrying out this agenda are the old imperialist powers: the US, UK, France, and Germany. The British ruling class, unable to carry through its policies independently, seeks to exploit the so-called special relationship, that is, Britain’s role as the principal ally of American imperialism, to advance its own interests on a global stage. 

Every war launched by the US and its imperialist allies has ended in one bloody debacle after the other, with millions of people killed. But each disaster only reinforces the determination of US imperialism to use war as a means to secure its global hegemony.

American Imperialism, to paraphrase the words of Leon Trotsky, is “tobogganing towards disaster with eyes closed.”

Over the past three months, millions of people all over the world have marched in protest of the US-backed Israeli genocide in Gaza. The US strikes on Yemen occurred on the same day as the International Court of Justice heard devastating evidence that Israel, and by extension the United States, were responsible for genocide in Gaza.

The response of US imperialism to these mass popular protests and exposures of its war crimes has been to accelerate its war plans. This is because the eruption of war, genocide and political repression is not an aberration. Imperialism, as Lenin explained, is not merely a policy, but rather a specific historical stage of capitalist development. Opposition to imperialism is, therefore, a revolutionary question.

It is not a matter of appealing to the capitalist governments responsible for these crimes to alter course, but rather mobilizing the working class, fusing the struggle against war with the developing struggles of workers all over the world against inequality and exploitation. The logic of these struggles requires the conquest of political power by workers all over the world, the expropriation of the capitalist oligarchs and war criminals, and the socialist reorganization of economic life on a world scale.

The US/UK attack on Yemen and the global eruption of imperialist war Read More »

Kundera

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 02 කොටස

ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවැනි හා අවසාන කොටසයි. මුල් කොටස මෙහි පල විය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු  විසිනි.

පාලක ස්ටැලින්වාදී පක්ෂයට සමාජවාදය ඇති කිරීමට ඇති හැකියාව පිලිබඳව කුන්දේරා හා බොහෝ චෙක් කම්කරුවන්ට හා බුද්ධිමතුන්ට පැවැති මිත්‍යාවන් මේ වන විට පහ වෙන්නට පටන් ගෙන තිබින. ආරම්භයේ දී චෙක් ස්ටැලින්වාදීන්ට ධනේශ්වර-විරෝධී පියවර ක්‍රියාත්මක කිරීමේ කිසිදු අභිලාෂයක් නොවීය. ඒ වෙනුවට ඔවුහු පූර්ව-යුදකාලීන චරිතවලින් සැදුම් ලත් ධනේශ්වර තන්ත්‍රයක් මඟින් පාලනය ගෙන යාමට යත්න දැරූහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරීත්වය හා සීතල යුද්ධයේ ආරම්භය විසින් මෙම සැලසුම අවුල් කර දමන ලදී. අවසානයේ ස්ටැලින්වාදීහු, කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල සහාය සමඟ බලය තමාගේ ම අතට ගෙන චෙක් ආර්ථිකයෙන් වැඩි කොටස ජනසතු කලෝය. එහෙත්, තමාගේ ම වරප්‍රසාද රැක ගනු වස්, පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කරමින් අව්‍යාජ මාක්ස්වාදය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සෞන්දර්යාත්මක ජීවිතය මැඩ පැවැත්වීමට කටයුතු කලෝය.

ලෝසවෙඅ විසින් පැහැදිලි කරනු ලැබ ඇති පරිදි, චෙකොස්ලොවැකියාව තුල දී ස්ටැලින්වාදී විරේක කිරීම් “සුවිශේෂී රෞද්‍රත්වයක්” අත්පත් කර ගත්තේය. 1948 සහ 1954 අතරතුර, 

“දේශපාලන අපරාධ පිලිබඳ චෝදනා මත 90,000 කට හිංසා පීඩා පමුනුවන ලදී. 22,000 ක් පමන ජනයා ශ්‍රම කඳවුරු 107 කට ගාල් කෙරුනු අතර 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවේ දී මිය ගියෝය. 230 කට වැඩි ගනනකට මරන දඬුවම පමුනුවන ලදී. මෙකී දේශපාලන විරේක කිරීම්වලට අමතරව ස්ටැලින්වාදී ආන්ඩුව, ෆැසිස්ට්වාදයේ අපරාධ සඳහා සාමූහික ව වරද පැවරීමේ ප්‍රතිගාමී පදනම මත ජර්මානු හා හංගේරියානු වාර්ගික ජනයා දශ ලක්ෂ ගනනක් පිටුවාහල් කලේය.”

Rudolf Slansky during 1952 trial
රුඩොල්ෆ් ස්ලැන්ස්කි 1952 නඩු විභාගය අතරතුර

1952 නොවැම්බර් මාසයේ දුෂ්ට හා කුප්‍රකට ස්ලන්ස්කි නඩු විභාගය තුල දී,

“රුඩොල්ෆ් ස්ලන්ස්කි සහ [කොමියුනිස්ට්] පක්ෂ නායකයන් ගනනාවකට යුගෝස්ලාවියා නායක ටිටෝ කෙරේ සහානුකම්පාව දැක්වීම පිලිබඳ චෝදනා එල්ල කෙරින. වැලිදු, නිලධරය දැනුවත් ව ම, කම්කරු පන්තියේ දේශපාලන සවිඥානකභාවයට තවදුරටත් යටි වල කැපීම සඳහා විෂකුරු ජාතිකවාදයේ සහ යුදෙව්-විරෝධයේ වාතාවරනයක් අවුලුවා ගැනීමට ක්‍රියා කලේය. (මෙම නඩු විභාගයේ විත්තිකරුවන් 14 දෙනාගෙන් එකොලොස් දෙනෙක් සිය යුදෙව් සම්භවය නිසා සුවිශේෂී ලෙස හෙලා දකින ලද්දෝය.)”

පෙනී යන පරිදි, පශ්චාත් යුද සමයේ කුන්දේරාගේ කටයුතු නැඹුරු වූයේ ශාස්ත්‍රීය ස්ටැලින්වාදය සහ අව්‍යාජ විවේචනයත්, කාව්‍යමය ප්‍රකාශනයත් අතර දෝලනය වීමටය. ස්ටැලින්ගේ භීෂනය පිලිබඳ කෘෂෙව්ගේ හෙලිදරව් කිරීම්වලින් පසුව 1956 දී ඔහු CSK සංවිධානයට යලි ඇතුලත් කර ගන්නා ලදී.  

1957 වර්ෂයේ ඔහුගේ පෙම් කවි පොතක් Monologues (ආත්ම කථන) නමින් ප්‍රකාශයට පත් විය. 1960 දී සාහිත්‍යක ඉතිහාසය පිලිබඳ කුන්දේරාගේ කෘතිය වන The Art of the Novel: Vladislav Vancura’s Journey to the Great Epic (නවකතාවේ කලාව: මහා වීරාඛ්‍යානයක් කරා ව්ලදිස්ලාව් වැන්කියුරාගේ චාරිකාව) ප්‍රකාශයට පත් විය. එය, යුද්ධාන්තර චෙක් ඇවන්ගාඩ් ලේඛකයෙකු වූ ද, 1925 රචිත ප්‍රකාශනවාදී යුද-විරෝධී Ploughshares into Swords (අසිපත් බවට පත් නගුල් දත්) නම් කෘතියේ කතුවරයා වූ ව්ලදිස්ලාව් වැන්කියුරා පිලිබඳ නිබන්ධයක් විය. කුන්දේරාගේ කෘතිය හංගේරියානු දාර්ශනික හා විචාරක (දේශපාලනික ව ස්ටැලින්වාදයට පක්ෂපාතී) ජෝර්ජ් ලුකාෂ්ගේ ආභාෂය ලැබීය.

කුන්දේරාගේ කලාත්මක වශයෙන් වැදගත් වූ අභිවෘත්තිය 1948 සිදුවීම් හා 1968 දී ප්‍රාග් වසන්තය සෝවියට් යුද ටැංකි මඟින් මැඩලීම විසින් කථාවසානයකට ගෙන එන ලදැයි යමෙකුට කිව හැකිය. මේ සම්බන්ධයෙන් ගත් කල, ඔහුගේ වර්ධනය ලෝක ගෝලීය මධ්‍යම පාන්තික බුද්ධිමතුන් ගනය තුල ඔක්තෝබර් විප්ලවයේ උරුමයෙන් ඉවතට, සමාජවාදයෙන් ඉවතට හා කම්කරු පන්තියෙන් ඉවතට යොමු වූ වඩාත් පුලුල් ප්‍රවනතාවක් පිලිබිඹු කලේය. 1968 දී බොහෝ චෙක් බුද්ධිමතුන් තමන් වාමාංශිකයැයි සලකා ගත් නමුදු, විසම්මුතික කවවල දක්ෂිනාවෘත පැද්දී යාම 1970 ගනන්වල මැද භාගයේ සිට ම ජව බලය ලද්දේය.

1968 දිනවලින් ඉක්බිති ව ආ “සාමාන්‍යකරනයේ” කාල පරිච්ඡේදය තුල කුන්දේරාට චෙක් ස්ටැලින්වාදී බලධාරීන්ගේ තාඩන පීඩනවලට මුහුන දීමට සිදු වූ අතර, 1975 දී ප්‍රංශයට විගමනය වීමට ඔහුට බල කෙරින. 1979 දී The Book of Laughter and Forgetting ප්‍රකාශයට පත් වූ කල්හි, ඔහුගේ සියලු කෘතීන් චෙකොස්ලොවැකියාව තුල තහනම් කෙරුනු අතර, එපමනකින් නොනැවතී ඔහුගේ චෙකොස්ලෝවැකියානු පුරවැසි භාවය ද අහෝසි කරන ලදී. 

ඔහුගේ ඇතැම් නවකතා අනෙකුත් ඒවාට වඩා අභිලාෂවත් හා සාර්ථක වන අතර ම, සමස්තයක් ලෙස කුන්දේරාගේ කෘතීන් තුල කර්තෘවරයා, හොඳට හෝ නරකට වේවා, කර්තෘමය ස්වයං-සම්ප්‍රජානන ප්‍රවර්ගයකට විශාල අවධානයක් යොමු කරන්නේ, ඇතැම් අවස්ථාවන්හි ඍජුව ම පාඨකයා ආමන්ත්‍රනය කරමිනි.

උදාහරනයක් ලෙස, The Unbearable Lightness of Being හි දී, සල්ලාල ටෝමාස්, කලාකාරිනිය සබීනා සහ සෙසු චරිතවල කථා පුවත් ප්‍රකාශ කරන ප්‍රථම පුරුෂ කථකයා මත්, විටින්විට තේමාත්මක, දාර්ශනික හා ඓතිහාසික නිරීක්ෂනයන් දායක කරන කර්තෘ කුන්දේරාගේ හඬ තුලට ලොප් වන, සිදුවීම්වලින් අබද්ධ සහ විශ්ලේෂනාත්මක කථන හඬක් බවට පත් වෙයි.

මෙම ශෛලිය “පශ්චාත් නූතනවාදය” ලෙස නම් කරනු ලැබ ඇත්තේ, ප්‍රබන්ධමය කථා ප්‍රවෘත්තියක් පවත්වා ගෙන යාම එ’විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා ය. එයින් පිලිබිඹු කෙරෙන දෘෂ්ටිය – එනම්, සිදුවීම් පිලිබඳ ආඛ්‍යානයන් නෛසර්ගිකව ම ආත්මීය, විශ්වාස කල නොහෙන හා අසංගත වන බව – 1970 ගනන්වල අග භාගයේ සිට බිහි වූ කලා කෘතීන් විශාල සංඛ්‍යාවක් කෙරේ ආනුභාවය පැවැත්වීය; නො එසේ නම්, ඍජුව ම ඒවා හැඩ ගැස්වීය. – ඒ කිසියම් අර්ථදායී අයුරකින් නම් නොවේ – ප්‍රබන්ධ ලෙස කුන්දේරාගේ කෘතීන්, විඥානයේ ප්‍රවර්ග සහ කර්තෘ විවරන අතර මාරුවීම මඟින් ඒ හැටියෙන් ම විරූපී වී නොමැති අතර, ඔහුගේ කෘතීන්ට තවමත් පශ්චාත් යුද කාලීන චෙකොස්ලෝවැකියාවේ විවිධ නිමේෂයන්හි ජීවිතය පිලිබඳ විචිත්‍රවත් නිරූපන ලබා දිය හැකි ව තිබිනි.

Kundera
The Unbearable Lightness of Being (පැවැත්මේ උසුලා සිටිය නොහැකි තරමේ සැහැල්ලුව)

ඔහුගේ චරිත බොහොමයක් ගොරෝසු, අකරුනාවන්ත හා අවස්ථාවාදී පෞද්ගලික සම්බන්ධතා විසින් විනාශ මුඛයට යැවෙති. (Laughable Loves තුල ඔහුගේ කෙටිකතා එකතුවෙහි ද බොහොමයක මෙම තතු දැකිය හැකිය) යම්තාක් දුරකට මෙය, විශේෂයෙන් ම 1968 න් පසුව එලැඹි කාල පරිච්ඡේදයේ, සමාජ ජීවිතය නිසැකව ම පිලිබිඹු කරන නමුදු, කොයි හැටි වෙතත්, ලේඛකයා එයින් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන සෙයක් පෙනී යයි. ඉන් වැඩි හරියක් හුදෙක් පාඨකයාගේ මුවෙහි අප්‍රසන්න රසයක් පමනක් ඉතිරි කරනු ඇත.

මෙම කෘතීන් තුල – විශේෂයෙන් ම The Book of Laughter and Forgetting සහ The Unbearable Lightness of Being යන කෘතීන් තුල – දහස් ගනන් යුරෝපීය බුද්ධිමතුන්ගේ මනෝභාවයන් පිලිබිඹු විය. The Book of Laughter and Forgetting කෘතිය 1983 දී ඉංග්‍රීසියට පරිවර්තනය වීමෙන් පසුව එය ඇස නොගැසීම සිදු විය නොහැක්කක් තරම් විය. එම පොත (තමන් කුන්දේරාගේ මිතුරෙකු ලෙස සලකා ගත්) පිලිප් රොත්, ඊ.එල්. ඩොක්ටරෝ, ඩේවිඩ් ලොජ්, අර්වින් හෝව් හා ජෝන් අප්ඩයික් ඇතුලු බොහෝ මුල් පෙලේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලේඛකයන් හා විචාරකයන්ගේ විමර්ශනයට ලක් වූ අතර, සෑම විටෙක ම පාහේ ඔවුන්ගේ විචාර ප්‍රශංසාත්මක ඒවා විය. එය පැහැදිලිව ම කිසියම් තතක් හඬවා තිබින.

පශ්චාත් නූතනවාදයේ තථ්‍ය සෞන්දර්යාත්මක සීමාසහිතකම් – හරි හැටිම කිවහොත් එහි තථ්‍ය කලාත්මක-බුද්ධිමය දෝෂය – රඳා පවතින්නේ, ඔහුට ග්‍රහනය කල නොහැකි වූ සහ ඔහු ඉක්මවා යමින් මුලුමනින් ඔහු අභිභවනය කල ක්‍රියා සන්තතියක් වන ඉතිහාසය කෙරේ කුන්දේරා දක්වන ආකල්පය තුල ය. කුන්දේරාට අනුව ඉතිහාසය පවතියි. එහෙත් ඒ, සමාජ පන්තීන්ගේ ගැටුම මඟින් නාට්‍යාකාරී හා කම්පනකාරී අයුරින් ඉදිරියට හා ඇතැම්විට පසුපසට තල්ලු කර දමනු ලබන ප්‍රගතිය වශයෙන් නොවේ. ඒ වෙනුවට, ඔහුට අනුව එය, යතාර්ථය තුලින් නොව චින්තාවන්ගෙන් සම්භව වන වැරදීම්වලට සාමාන්‍යයෙන් තුඩු දෙන්නා වූ මනෝභාවයන් හා මායාවන් මාලාවකි.

උදාහරනයක් ලෙස, The Unbearable Lightness of Being තුල “මහා ප්‍රයානය” නමින් යුත් සමස්ත ඡේදයක් වෙයි. එය හුදෙක්, පසුකලෙක පශ්චාත් නූතනවාදී චින්තනයේ සහ ලේඛනවල දී ඉමහත් ගර්හාවන්ට පාත්‍ර කල “මහා ආඛ්‍යාන” ලෙස හඳුන්වා දෙන ලද දෙය පිලිබඳ තවත් ප්‍රකාශනයකි. මෙහි දී ඔහු, සිය චරිත අතරින් එකක් වූ ෆ්‍රාන්ස්ගේ තුරුනු යුගය නරුම ලෙස විස්තර කරයි. මෙම චරිතය තරුන කුන්දේරා සමඟ සැසඳෙතැයි යමෙකුට අනුමාන කල හැක:  

“ඉතින් ඔහු පැරීසියේ විසූ තාක් කල් ඔහු තමන්ට හැකි සෑම පෙලපාලියකට ම සහභාගී විය. යමක් උත්සවාකාරයෙන් සැමරීම, යම් ඉල්ලීම් ඉදිරිපත් කිරීම, යමකට එරෙහිව විරෝධය දැක්වීම; එලිමහනේ සිටීම, අන්‍යයන් සමඟ සිටීම කෙතරම් කදිම ද? … ඔහු පෙලපාලිය, කෑ ගසන සමූහයා දුටුවේ යුරෝපයේ හා එහි ඉතිහාසයේ ප්‍රතිමූර්තිය සේ ය. මහා ප්‍රයානය යුරෝපය විය. විප්ලවයෙන් විප්ලවයට, අරගලයෙන් අරගලයට, සදා ඉදිරියට ඇදෙන ප්‍රයානය …

“මහා ප්‍රයානය යනු සහෝදරත්වය, සමානාත්මතාවය, සාධාරනත්වය, සන්තුෂ්ටිය කරා වැටී ඇති මාවත දිගේ ඇදෙන තේජස්වී පෙලපාලියයි; එය දිගට ම, නොනැවතී ඇදෙයි. නිර්ධන පන්ති ආඥාදායකත්වය ද, ප්‍රජාතන්ත්‍රවාදය ද? පාරිභෝගිකවාදී සමාජය ප්‍රතික්ෂේප කිරීම ද, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීම ද? ගිලටීනය ද, මරන දන්ඩනය අහෝසි කිරීම ද? ඒ සියල්ල අදාල නොවේ.”    

ඔහුගේ පසුකාලීන කෘතීන් මෙම සංකල්ප පුනරාවර්ත කල අතර, ඉන් වැඩි ම කොටසක් සම්බන්ධයෙන් ගත් කල, ඔහු ලෝකයෙන් හෝ ලෝකය පිලිබඳ ව හෝ අලුතින් සොයා ගත් යමක් වී නම් එය අල්ප විය. උදාහරනයක් ලෙස, Immortality (අමරනීයත්වය) [1988] තුල පිටු 345 ක් පුරා දිග හැරී ඇති ලේඛනය ප්‍රබල සංස්කාරකවරයෙකුගේ සේවය ඉල්ලා සිටියි. කුන්දේරාගේ සන්දර්භනයන් ඇතැම්විට පැහැදිලි බුද්ධිමය හා සෞන්දර්යාත්මක තතක් හඬවන නමුදු, එතරම් ම නිරතුරුව ඒවා අතිසරල හා අමු හඬ ද නංවයි.

මෙම නවකතාවේ “දේශපාලන” විරෝධයක එකම සිද්ධිය සිදුවන්නේ, කුන්දේරාගේ තවත් වෙනස් මමංකාරයක් ලෙස පෙනී යන මහාචාර්ය ඇවනේරියස් රාත්‍රියේ සඟවා ගත් මස් කපන පිහියක් ද සහිත ව ව්‍යායාමය සඳහා දිව යමින්, නවතා තිබෙන මෝටර් රථවල ටයර් කපා දමන අවස්ථාවේ ය. ඇවනේරියස් මෝටර් රථවලින් ඇති වන ව්‍යවර්තනයට, යුරෝපයේ වාස්තුවිද්‍යාව අගය කිරීමට කෙනෙකුට ඇති ශක්‍යතාවය කෙරේ මෝටර් රථවලින් ඇති කෙරෙන බාධාවට විරුද්ධ වෙයි. සිය චරිතය සමඟ සංවාදයේ යෙදෙන කුන්දේරා, ඇවනේරියස් සිය ක්‍රියාවන්ගේ නිෂ්ඵල භාවය සහ, ඔහු සිය නාශක ක්‍රියාව සිදු කරන්නේ “විනෝදය” සඳහා බව වටහා ගනිතැයි නිගමනය කරයි. සියලු දේශපාලන ක්‍රියාවන් ඇතුලත් වන පරිදි මෙම නිගමනය විස්තාරනය කිරීමට අපට නිදහස ඇත. දේශපාලනික නිෂ්ඵලභාවය සහ යමෙකුගේ සම්මුතිගත සෞන්දර්යාත්මක අත්දැකීම, මේ අවස්ථාවේ කුන්දේරාගේ ලේඛන අභිවෘත්තිය තුල පරදු තැබී තුබුනේ මේවා ය.    

Soviet Stalinist suppression of Prague Spring 1968
සෝවියට් ස්ටැලින්වාදීහු 1968 ප්‍රාග් වසන්තය මර්දනය කරති

නවකතාවේ පසු කොටසක, ඓතිහාසික ක්‍රියාකාරීත්වය දේශපාලනික විරෝධය සම්බන්ධයෙන් පහත දැක්වෙන හෙලාදැකීම කරා සිඳවනු ලැබේ:

“මිනිසුන්ට සිය මිට මෙලැවූ අත් අවකාශයේ ලෙලැවීමට සලස්වමින්, රයිෆල් තුවක්කු ඔවුන්ගේ අතට දෙමින්, යුක්තිසහගත හා අයුක්තිසහගත අභිප්‍රායයන් වෙනුවෙන් අරගලවලට සම්බන්ධවීමට ධාවක බලය සපයන්නේ තර්ක බුද්ධිය නොව, අධිවර්ධිත ප්‍රානේන්ද්‍රියයි. එය නොමැති වූ කල ඉතිහාසයේ මෝටරයෙහි ධාවනය නතරවන්නා වූ ද, යුරෝපයට තන බිමේ වැතිර අහසේ පාවා යන වලාකුලු දෙස නිවී සැනසිල්ලේ බලා සිටීමට සිදු වන්නා වූ ද ඉන්ධනය එයයි.”

කුන්දේරා සිය යුගයේ කම්පන හා ඛේදාන්ත පිලිබිඹු කලේය; එහෙත් ඒ අකර්මන්‍ය ලෙස සහ පාර්ශ්වික ලෙස ය. ඔහු සිය කලාත්මක අන්තර් දෘෂ්ටිය අවිචාරී බුද්ධිමය ඉබාගාතේ යාමක ඝන ස්ථරයකින් වසා දැමීය. ඔහු චෙකොස්ලොවැකියාවෙන් පිට වීමෙන් සහ සාපේක්ෂ ව නිදහසේ ලිවීමට ඉඩ ලැබීමෙන් පසු   එම ඉබාගාතේ යාම වඩාත් කඨෝර සහ ආත්මීය මට්ටමකට නැඟිනි. (ඇතැම්විට ද ජෝක් හැරුනු විට) ඔහුගේ කෘතීන් බොහෝදුරට මතු වී පෙනෙන්නේ ඔහුගේ කාලය පිලිබඳ විමර්ශනය කිරීමෙහි ලා ඇතැම් තැන්වල දී නිරවද්‍ය හා තීක්ෂන වූත්, සෙසු තැන්වල දී දුබල හා නිෂ්ප්‍රයෝජන වූත් ප්‍රයත්නයන් මාලාවක් ලෙස ය. එහෙත් එම ප්‍රයත්නයන්ට, ජීවිතය පිලිබඳ වඩාත් ම නිරවද්‍ය සහ සුපැහැදිලි චිත්‍රනයක් සඳහා වූ මාවතෙන් ඔහු ඉවතට තල්ලු කර දැමීමට ක්‍රියාත්මක වූ බලගතු සාමාජයීය ක්‍රියාවලීන්ගෙන් හානි සිදු වී ඇත.  

යලිත්, බුද්ධිමය හා කලාත්මක ජීවිතය මත ස්ටැලින්වාදය ඉටු කල විනාශකාරී වැඩ කොටස පිලිබඳ වඩාත් ම ප්‍රගාඪ අන්තර් දෘෂ්ටිය සතුව තුබුනේ ට්‍රොට්ස්කි වෙත ය. ඔහු වරක් සටහන් කල පරිදි:

“සමස්ත ලෝක තත්ත්වය විසින් නිපුන හා සංවේදී කලාකරුවෝ විප්ලවවාදී නිර්මානාත්මක භාවයේ මාවතට අවතීර්න වීම කරා පොලඹවනු ලැබෙති. එහෙත්, අහෝ! මේ මාවත ප්‍රතිසංස්කරනවාදයේ හා ස්ටැලින්වාදයේ කුනු වන මෘත කලේබර විසින් අවහිර කරනු ලැබ ඇත.”     

මාක්ස්වාදීන්ට “කලාව මෙහෙයවීමට, එනම්, ඊට අන පැනවීමට හෝ ක්‍රමෝපාය නිර්දේශ කිරීමට” කිසිදු අභිරුචියක් නැතැයි ට්‍රොට්ස්කි වැඩි දුරටත් කියා සිටියේය. ඔහු නිරීක්ෂනය කල පරිදි, අව්‍යාජ නිර්මානාත්මක විප්ලවවාදී ක්‍රියාකාරීත්වයට

“එය දැනුවත්ව ම සමාජ සංවර්ධනය සඳහා සේවය කරන කල්හි වුව, ඊට ම ආවේනික අභ්‍යන්තර නීති පවතී. විප්ලවවාදී කලාව මුසාව, කුහකකම හා අනුග්‍රහයේ සාරය සමඟ අනුකූල නොවේ. ඉදින් මහජනයාගේ විප්ලවවාදී ව්‍යාපාරය අද දින මානව වර්ගයාගේ ක්ෂිතිජය අඳුරු කරන සංශයවාදයේ හා අසාරවාදයේ වලාකුලු පහ කර හරින්නේ නම් කවියෝ ද, චිත්‍ර ශිල්පියෝ ද, මූර්ති ශිල්පියෝ ද සංගීතඥයෝ ද සිය මාවත් හා විධික්‍රම තුමූ ම සොයා ගනු ඇත්තාහ.”

මේ වූ කලී, ස්ටැලින්වාදය විසින් හානි පමුනුවන ලද්දා වූ කුන්දේරා සහ පරම්පරා ගනනාවක කලාකරුවන්ට උචිත සමරු පාඨයක් වෙයි.

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 02 කොටස Read More »

Rocket

ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ යැවීම දස ගුණයකින් වැඩි කරයි

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 10  දින පල වූ ‘German government increases arms deliveries to Israel tenfold’ යන ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. දෙමසකට පෙර මෙම ලිපිය මගින් ඉදිරිපත් කර ඇති කරුනු අද දවසේ  වර්ධනයන් පසුබිමෙහි වැදගත් පෙරවදනකි.

පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ දී, ඊශ්‍රායලයට ජර්මනිය පුදන දුස්සහාය දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුව සමග සහයෝගීතාවය ප්‍රකාශයට පත් කිරීමට පමණක් සීමා නොවේ. ජර්මානු ආන්ඩුව, පසුගිය සති හතර තුළ ගාසා තීරයේ විශාල කොටස් විනාශ කර, දහස් ගණන් කාන්තාවන් සහ ළමුන් ද ඇතුළුව 10,000කට වඩා මිනිසුන් ඝාතනය කර ඇති ඊශ්‍රායල යුද යන්ත්‍රය සන්නද්ධ කිරීමේ හා උපකරණ සැපයීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරයි. දැන් එම යුද යන්ත්‍රය [ඊශ්‍රායලය] ලේ  වැගිරීම පුළුල් කරන අතර, ඒ වෙනුවෙන්, වඩ වඩාත් ජර්මානු ආයුධ ලබා ගනිමින් සිටී.

Rocket
ජර්මානු නාවික යාඩ් කීල් හි තිසේන්ක්රුප් මැරීන් සිස්ටම්ස් (ThyssenKrupp Marine Systems) විසින් ඉදිකරන ලද Sa’ar 6 පන්තියේ ඊශ්‍රායල යුද නෞකාව [ඡායාරූපය: IDF ප්‍රකාශන ඒකකය]

ජර්මානු පුවත්පත් ඒජන්සියේ (dpa) බදාදා නිකුත් කල ආර්ථික අමාත්‍යාංශයේ තොරතුරු සඳහන් වාර්තාවකට අනුව, ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ අපනයනය සඳහා වන බලපත්‍ර දැවැන්ත ලෙස පුළුල් කර ඇත. නොවැම්බර් 2 වන විට, එය යුරෝ මිලියන 303කට ආසන්න ප්‍රමාණයකට අපනයන අනුමත කර තිබිණ. මේ ප්‍රමාණය, යුරෝ මිලියන 32ක් පමණ වූ 2022 මුළු වසරේ අපනයන ප්‍රමාණය මෙන් 10 ගුණයක් පමණ වේ.

මේ වසරේ මේ දක්වා නිකුත් කර ඇති තනි තනි බලපත්‍ර 218 න් 185 ක්ම නිකුත් කර අවසන් කර ඇත්තේ ගාසා තීරයේ, ඊශ්‍රායල සංහාරය ආරම්භයෙන් මෙපිටටය. “වර්තමාන තත්වය හේතුවෙන්” ජර්මානු ආන්ඩුව “ඊශ්‍රායලයට හමුදා උපකරණ අපනයනය සඳහා වන ඉල්ලුම්පත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් සිටියි” යනුවෙන් රොබට් හැබෙක් (හරිත පක්ෂය) විසින් නායකත්වය දෙනු ලබන අමාත්‍යාංශයේ නියෝජිතයෙකුගේ ප්‍රකාශය Dpa උපුටා දක්වයි.

නිශ්චිත බෙදාහැරීම් රහසිගත ය, නමුත් දන්නා දේ මත පැහැදිලිව පෙනී යන්නේ ඒවාට මාරාන්තික යුද උපකරණ ඇතුළත් වන බවයි. ඔක්තෝබර් 12දා, ප්‍රහාරක ඩ්‍රෝන යානා සඳහා ඊශ්‍රායලයේ අනුරූපී “සහාය ඉල්ලීමක්” රජය අනුමත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. ප්‍රශ්නයට බඳුන් වී ඇත්තේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හෙරොන් ටීපී ඩ්‍රෝන වන අතර, ජර්මනිය තමන්ගේම සටන් ඩ්‍රෝන වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා එය ඊශ්‍රායලයෙන් බදුගෙන තිබුණි. ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-එස්පීඩී) ට අනුව, ඊශ්‍රායලය යුද නැව් සඳහා පතොරම්, ආරක්ෂක ඉණ කබා, ගුවන් ආරක්ෂක උපාංග සහ සන්නිවේදන උපකරණ වැනි දේ ද ඉල්ලා තිබුණි. 

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) ද වාර්තා කරන්නේ ජර්මනිය මෑත වසරවලදී ඊශ්‍රායලයට ටැංකි එන්ජින් 1,000 කට වඩා ලබා දී ඇති බවයි. මේ සඳහා පදනම වන්නේ 2000 වර්ෂයේ සිට පවතින අපනයන බලපත්‍රයක් වන අතර, එම එන්ජින් බොහෝවිට ඊශ්‍රායල මර්කාවා-4 ප්‍රධාන යුද ටැංකියේ සහ නේමර් පිරිස් වාහක සන්නද්ධ රථවල ස්ථාපනය කර තිබෙනු විය යුතුය. රෝද සහිත ඊශ්‍රායල එයිටන් පිරිස් වාහක සන්නද්ධ රථ සඳහා ඩීසල් එන්ජින් ද සපයා ඇත. 

මීට අමතරව, න්‍යෂ්ටික හැකියාව ඇති ඩොල්ෆින් පන්තියේ සබ්මැරීන සහ සාර් පන්තියේ (Sa’ar-class ) සබ්මැරීන් නාශක (කොර්වෙට්) යාත්‍රා ඊශ්‍රායල නාවික හමුදාව සඳහා ලබා දී ඇත. SIPRI ට අනුව, ජර්මානු ආරක්ෂක දැවැන්තයන් වන රෙයින්මෙටාල් (Rheinmetall), MBDA ඩොයිෂ්ලන්ඩ් (MBDA  Deutschland) සහ ක්‍රාඋස් මෆෙයි වෙග්මන් ( Krauss-Maffei Wegmann ) ද, ඊශ්‍රායලය ද අතර මිසයිල සහ අනෙකුත් පතොරම් වර්ධනය ද ඇතුළත් වූ , සමීප මිලිටරි-කාර්මික සහයෝගීතාවයක් පවතී. 

Sub
ඊශ්‍රායල රාහාව් සබ්මැරීනය විල්හෙල්ම්ෂේවන් වරායේ මුහුදු පෙරහුරුවක්  පවත්වයි. [ඡායාරූපය – අයින් ඩාමර් / CC BY-SA 4.0]

යුරෝපීය රූපවාහිනී නාලිකාවක් වන යුරෝනිවුස් ( Euronews ) වෙත අදහස් දක්වමින් SIPRI පර්යේෂක  සයින් හුසෙයින් ඉදිරිපත්  කළේ ගාසා තීරයේ වත්මන් සමූලඝාතනය තුළ ජර්මානු යුද උපකරණ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන බවයි. “අපගේ ඇස්තමේන්තු වලට අනුව, මෙම එන්ජින් සමහරක් ගාසාහි භාවිතයට සූදානම්ව ඇත,” හුසේන් පැවසීය. “සමහර ජර්මානු නැව් ද ක්‍රියාත්මක කර ඇති” අතර, ඒවා “ගාසා තීරයේ ඉලක්ක වෙත වෙඩි තැබීමට බොහෝ විට යොදා ගැනේ.” 

ජර්මානු ආන්ඩුව සිය ආයුධ සැපයුම් සමඟ සමූලඝාතනයට සෘජුවම සහභාගී වන අතර, එය බරපතලම යුද අපරාධවල හවුල්කරුවෙකු බවට සැකයක් නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ නිව් යෝර්ක් කාර්යාලයේ ප්‍රධානී ක්‍රේග් මොකිබර් , ඔක්තෝබර් 28 දා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි ගාසා තීරයේ බිහිසුණු සිදුවීම් විස්තර කළේ “පෙළපොත්හි දැක්වෙන ආකාරයේ ජන සංහාරයක්” ලෙස ය. දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති මානව හිමිකම් ආරක්‍ෂකයෙකු ලෙස ඔහු ජන සංහාරය යන යෙදුම බොහෝ විට දේශපාලනික වශයෙන් වැරදි ලෙස භාවිතා කර ඇති බව හොඳින් දනී. ඔහු පැවසුවේ මෙසේය:

“එහෙත් පලස්තීන ජනතාවගේ වර්තමාන මහා පරිමාණ ඝාතනය, වාර්ගික-ජාතිකවාදී පදිංචිකරුවන්ගේ යටත් විජිත මතවාදයක් තුළ මුල් බැසගෙන, දශක ගනනාවක් තිස්සේ ඔවුන්ට එරෙහිව ක්‍රමානුකූලව හිංසා කිරීම සහ විරේකකරනය අඛණ්ඩව පවත්වා ගෙන යාම, සම්පූර්ණයෙන්ම ඔවුන් අරාබිවරුන් වීම මත පදනම් වූවක් වන අතර, ඊශ්‍රායල ආන්ඩුවේ සහ මිලිටරියේ නායකයින්ගේ අභිප්‍රාය පිලිබඳ නිශ්චිත ප්‍රකාශයන් සමගින්, එය සැකයකට හෝ විවාදයකට ඉඩක් නොතබයි.”

ගාසා තීරයේ “සිවිල් නිවාස, පාසල්, පල්ලි, මුස්ලිම් පල්ලි සහ වෛද්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස පහර දෙන අතරතුර, දහස් ගණනක් සිවිල් වැසියෝ සමූලඝාතනය වෙති,” මොකිබර් තවදුරටත් පැවසීය. අල්ලා ගෙන සිටින ජෙරුසලම ද ඇතුළුව බටහිර ඉවුරේ නිවාස “අත්පත් කර ගැනීම හා යලි පවරාදීමේ ක්‍රියාවලියක් සම්පූර්ණයෙන්ම ජාතිය මත පදනම්ව සිදු කෙරෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදා ඒකකවල සහභාගීත්වය සමඟ ප්‍රචණ්ඩකාරී ලෙස පදිංචිකරුවන්ට වධ බන්ධන පැමිණවීමේ ව්‍යාපාර සිදුවෙමින් පවතී.” වර්ණභේදවාදය රට පුරා රජ කරන බව ඔහු ලියයි.

“පලස්තීනය තුල ස්වදේශීය පලස්තීන ජීවිතයේ අවසාන නටබුන් කඩිනමින් විනාශ කිරීම” සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් පුදන දුස්සහාය සම්බන්ධයෙන් සඳහන් කිරීමේ දී ද මොකිබර් සිය වචන ලඝු කිරීමට තැත් කළේ නැත. “එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපයේ බොහෝ” ආන්ඩු “බිහිසුණු ප්‍රහාරයට මුලුමනින්ම අපසහාය පුදන” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජිනීවා සම්මුතියට අනුකූල වීම ලෙස පවතින ඔවුන්ගේ ගිවිසුම් බැඳීම්වලට ගරු කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එහෙත් එය එතෙකින් නොනවතී:

“එහෙත්, ඔවුහු ඇත්ත වශයෙන්ම ප්‍රහාරය සක්‍රීයව සන්නද්ධ කරමින්, ඊට ආර්ථික සහ බුද්ධිමය සහාය ලබා දෙමින් සහ ඊශ්‍රායලයේ කුරිරුකම් සඳහා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ආවරණය ලබා දෙමින් සිටිති. මෙයට සමගාමීව, එන්න එන්නම වැඩි වැඩියෙන් පක්ෂග්‍රාහි සහ රාජ්‍යයට බද්ධ වී සිටින බටහිර සංගත මාධ්‍ය, ICCPR හි 20 වන වගන්තිය විවෘතව උල්ලංඝනය කරමින්, සමූල ජන සංහාරයට පහසු කිරීම සඳහා පලස්තීනුවන් අඛණ්ඩව අමානුෂිකකරණය කරමින් සහ යුද්ධය ප්‍රවර්ධනය සඳහා ප්‍රචාර විකාශනය කරමින් ද, වෙනස් කොට සැලකීම, එදිරිවාදිකම් සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්විමෙන් සමන්විත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයට පක්ෂපාත ව කථා කරති.” 

මෙම මඩ ගැසීමේ ව්‍යාපාරය ජර්මනිය තුල විශේෂයෙන් ආක්‍රමණශීලී ය. භීෂණකාරී නාසි රාජ්‍ය පාලනයකින් සහ මානව ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් ඉක්බිති ගෙවී ගිය දශක අටකට පසුව, සංස්ථාපිත දේශපාලනඥයන් සහ මාධ්‍ය නැවත වරක් අවි ආයුධ ඉහළ නැංවීමට, ජන සංහාරක ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කිරීමට සහ එයට එරෙහි වැඩෙන ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා වධ බන්ධනීය ආකාරයේ වාතාවරණයකට ඉන්ධන සපයයි. සාපරාධීත්වයේ උච්චතම අවස්ථාව නම් මෙම සාරභූත ෆැසිස්ට් ප්‍රතිපත්තිය යුදෙව් විරෝධීන්ට එරෙහි සටනේ නාමයෙන් අනුගමනය කිරීමයි.

ඇත්ත වශයෙන්ම, ජර්මනිය සඳහා විකල්පය [ පක්ෂය] (AfD) ආකාරයෙන් නැවත වරක් ෆැසිස්ට් පක්ෂයක් ගොඩනඟමින් සිටින පාලක පන්තිය, යුදෙව් ජීවිතය ආරක්ෂා කිරීම ගැන සැලකිල්ලක් නොදක්වයි. මැද පෙරදිග කලාපයේ අධිරාජ්‍යවාදී මුරපොළක් ලෙස ඊශ්‍රායලයට සහාය දීමෙන් බර්ලිනය හුදෙක් සිදු කරන්නේ තමන්ගේ ම භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා අඛණ්ඩව හඹා යාම ය. තව ද ජර්මනිය තුලමත්, යුදෙව් විරෝධී චෝදනාව ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට සේවය කරයි. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වන සියල්ලෝ ම, ඉදින් ඔවුන් යුදෙව්වන්ම වුව, “යුදෙව් විරෝධීන්” සහ “ත්‍රස්තවාදීන්” ලෙස හෙළා දකිනු ලැබෙති.

සැලකිය යුතු කරුණක් නම්, අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුව, දෙවන ලෝක සංග්‍රාමයේදී සමූලඝාතන යුද්ධයක් දියත් කළ සහ යුදෙව්වන් මිලියන 6කට එරෙහිව සමූලඝාතනය සිදු කළ ජර්මානු මිලිටරිවාදය නැවත පැමිණීමට සහාය දක්වයි. ගාසා තීරයේ ඊශ්‍රායල සංහාරයට ටික කලකට පෙර පිස්ටෝරියස් සහ ඔහුගේ ඊශ්‍රායල සගයා වන ගැලන්ට් ඊශ්‍රායල මිසයිල ආරක්ෂණ පද්ධතිය වන “ඇරෝ 3” ජර්මනියට විකිණීමේ ගිවිසුමකට අත්සන් තැබූහ. යුරෝ බිලියන 4 කට වැඩි වටිනාකමක් ඇති මෙය , ඊශ්‍රායල ඉතිහාසයේ විශාලතම ආරක්ෂක ගනුදෙනුව වේ.

0da1f8ab2280add882a185910400ec1a2c8828cc
ඇරෝ 3 ප්‍රතිබැලිස්ටික් මිසයිලය. [ඡායාරූපය: එක්සත් ජනපද මිසයිල ආරක්ෂක ඒජන්සිය]

ජර්මානු අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ගත් කල, “ඇරෝ 3” යනු ජර්මනිය යුරෝපයේ ශක්තිමත්ම මිලිටරි බලවතා ලෙස ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය සංරචකයකි. එමඟින් එය නැවතත් “යුද්ධයට සුදුසු” (පිස්ටෝරියස්) බවට පත් කර, න්‍යෂ්ටික බලවතා වන රුසියාවට එරෙහිව පූර්න පරිමානයේ නේටෝ යුද්ධයකට එය සූදානම් කරයි. ඊශ්‍රායල සන්නද්ධ හමුදා ගාසාවේ ජන සංහාරය අතරතුර ප්‍රථම වතාවට ඇරෝ 3 සාර්ථකව යෙදවූ විට, ජර්මානු මාධ්‍ය නරුම ලෙස එය සැමරුවේ, “සුබ ආරංචියක්” ලෙස සහ සාර්ථක “දරා සිටීමේ පරීක්ෂණයක්” ලෙසිනි.

බර්ලින්, ටෙල් අවිව් සහ අනෙකුත් ප්‍රමුඛ නේටෝ බලවතුන් අතර ජන සංහාරක යුද සන්ධානය නැවැත්විය යුතුය. බයිඩන්, නෙතන්යාහු, ගැලන්ට්, පිස්ටෝරියස් සහ ෂොල්ස් ඇතුළු එහි ප්‍රමුඛ ප්‍රධාන චරිත, ඔවුන් මීට ද වඩා විශාල අපරාධ සිදු කර ලෝකය අගාධයට ඇද දැමීමට පෙර, යුක්තිය ඉදිරියට ගෙන ආ යුතුය. මේ සඳහා ජන සංහාරයට එරෙහිව ලෝක ව්‍යාප්ත මහජන විරෝධතා ව්‍යාප්ත කිරීම, ආයුධ නැව්ගත කිරීම් අවහිර කිරීම සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන මහා වැඩ වර්ජනයක් සඳහා අරගලය කිරීම අත්‍යවශ්‍ය වේ.

ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ යැවීම දස ගුණයකින් වැඩි කරයි Read More »

Us

එක්සත් ජනපදය පුලුල් මැද පෙරදිග යුද්ධය උත්සන්න කරන විට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 6 දින පල වූ ‘Gaza death toll tops 30,000, as US escalates wider Middle East war’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

යුරෝ-මෙඩ් මොනිටර් (Euro-Med Monitor) සංවිධානය සිකුරාදා වාර්තා කළේ, සිරුරු හඳුනාගෙන ඇති සහ කඩා බිද දැමූ ගොඩනැගිලිවල සුන්බුන් යට වැළලී ඇති බොහෝමයක් වූ සති දෙකකට වඩා වැඩි කාලයක් අතුරුදහන් වූවන් යන දෙකම සැලකිල්ලට ගනිමින්, ඔක්තෝබර් 7 සිට, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රහාරවලින් පලස්තීනුවන් 30,676 ක්  මිය ගොස් ඇති බවයි.

Us
එක්සත් ජනපද හමුදාව බ්‍රහස්පතින්දා බැග්ඩෑඩ්හිදී පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කළ බව පැවසූ පෙන්ටගනයේ ප්‍රකාශක පැට්‍රික් රයිඩර්, එක්සත් ජනපද නිලධාරීන්ට මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදය දොස් කියන මිලීෂියා නායකයෙකු මරා දැමූ බව පැවසීය. [Reuters]

මෙම යෝධ මරණ සංඛ්‍යාවට ළමුන් 12,040 ක්, කාන්තාවන් 6,103 ක්, සෞඛ්‍ය සේවකයින් 241 ක් සහ මාධ්‍යවේදීන් 105 ක් ඇතුළත් වේ. තවත් 58,960 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

ගාසා තීරය පුරා, ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා විසින් භාවිතා කරන ලද මාර්ගවල වැටී ඇති සිය ගණනක් ඇතුළුව, දහස් ගණන් සිරුරු මිහිදන් කොට නොමැත. 

යුරෝ-මෙඩ් වාර්තා කළ අන්දමට, ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 4 ක් මිය ගොස්, තුවාල ලබා හෝ අතුරුදහන් වී ඇත. එම ප්‍රතිශතය ඇමරිකානු ජනගහනය සමග සසදනු ලැබුවහොත්, එය  මිලියන 13 කට වඩා සමාන වනු ඇත.

අද වන විට පලස්තීනුවන් මිලියන 1.9 ක් අභ්‍යන්තරව අවතැන් වී ඇති අතර එය ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 90 කි. බොහෝ දෙනෙකුට කිහිප වතාවක්ම පලා යාමට බල කෙරී ඇත.

යන්තම් මාස තුනකට අඩු කාලයකදී, අති විශාල ප්‍රමාණයක් වන, නිවාස ඒකක 247,696ක්, පාසල් 318ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන  169ක් ඇතුළුව, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් යටිතල පහසුකම්වලින් දළ වශයෙන් සියයට 70ක් විනාශ කර හෝ හානි කර ඇති බව යුරෝ-මෙඩ් වාර්තා කරයි.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින විනාශය පලස්තීන ජනගහනය ස්ථීර ලෙස අවතැන් කිරීම සඳහා වැඩෙන ඉල්ලීම් සමග අත්වැල් බැඳගනී.

බදාදා ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කළේ, “ඊශ්‍රායලය පලස්තීනුවන් අවශෝෂණය කිරීම සඳහා රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ අතර පළස්තීනුවන් ගාසා තීරයෙන් ‘ස්වේච්ඡාවෙන්’ නැවත පදිංචි කිරීම සෙමෙන් රජයේ ප්‍රධාන නිල ප්‍රතිපත්තිය බවට පත්වෙමින් පවතින බව” යි.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් ප්‍රකාශ කළේ, “මහජන සෞඛ්‍ය ව්‍යසනයක් දිග හැරෙමින් තිබේ. කාණු පිටාර ගැලීම නිසා ජනාකීර්ණ නිවාසවල බෝවන රෝග පැතිර යමින් පවතී. මෙම අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ දිනකට පලස්තීන කාන්තාවන් 180ක් පමණ දරු ප්‍රසූතිය සිදු කරති. මිනිසුන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටිති. සාගතය අත ළඟ පවතී.” යන්නයි.

වෙනම ප්‍රකාශයක, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වාර්තා කළේ, “ගාසාවේ ළමුන්, ගෙවෙන සෑම දිනයකම, නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී ඇති” බවයි.

UNICEF හි විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පැවසුවේ, “ගාසා තීරයේ ළමුන් සහ පවුල් සටන් වලින් දිගටම මිය යමින් හා තුවාල ලබමින් සිටින අතර, වළක්වා ගත හැකි රෝග සහ ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වැඩි වැඩියෙන් අවදානමට ලක්ව ඇත. සියලුම ළමයින් සහ සිවිල් වැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා විය යුතු අතර මූලික සේවා සහ සැපයුම් සඳහා ප්‍රවේශය තිබිය යුතුය,” යන්නයි.

ඇය තවදුරටත් කියා සිටියේ, “ගාසා තීරය හුදෙක් වාසයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත. ලෝකය බලා සිටින අතරතුර ,  එහි වෙසෙන ජනතාව දෛනිකව තම මූලික පැවැත්මට එරෙහි තර්ජන අත්දකිමින් සිටිති.” යන්නයි.

එහෙත්, මෙම ලේ වැගිරීම, මැද පෙරදිග පුරා එක්සත් ජනපදයේ මහා නව යුද්ධයක් බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබෙන දෙයෙහි පූර්විකාව පමනි.

“ගාසාවේ යුද්ධය, නිල වශයෙන් ගාසා තීරුවේ දේශසීමාවෙන් ඔබ්බට උත්සන්න වී ඇති” බව බයිඩන් පරිපාලන නිලධාරීන් පිළිගන්නා බව සඳහන් කරමින්, පොලිටිකෝ (Politico) පුවත් පත, සිකුරාදා ලිපියක් පල කලේය.

නම් නොකළ එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු උපුටා දක්වමින් පොලිටිකෝ වාර්තා කළේ, “එක්සත් ජනපදය තවත් මැද පෙරදිග යුද්ධයකට ඇද දැමිය හැකි අවස්ථා” සඳහා “බයිඩන් පරිපාලන නිලධාරීන් සැලසුම් සකස් කරමින් සිටින” බවයි.

ප්‍රකාශනය තවදුරටත් සදහන් කලේ, “සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති එක්සත් ජනපද නිලධාරීන් තිදෙනෙකුට අනුව, රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කරන ඉරානයේ පිටුබලය ලබන හූති සටන්කාමීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මිලිටරිය සැලසුම් සකස් කරමින් සිටී,” යන්නයි.  “එයට යේමනයේ හූති ඉලක්කවලට පහර දීම ඇතුළත් වේ, එක් නිලධාරියෙකුට අනුව, එය හමුදාව විසින් කලින් ඉදිරිපත් කර ඇති විකල්පයකි,” යි එය වැඩි දුරටත් සඳහන් කලේය.

පෙන්ටගනය යේමනයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම කලින් වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් වාර්තා කරන ලදී.

“එක් නිලධාරියෙකුට අනුව, එක්සත් ජනපදය උත්සාහ කරන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉරාකයේ පිටුබලය ලබන හමුදා විසින් එක්සත් ජනපදයට එල්ල විය හැකි ප්‍රහාර අපේක්ෂා කිරීම සහ ඒවා වළක්වා ගැනීමයි,” පොලිටිකෝ වාර්තා කළේය.

මෙම පසුබිමට යටතේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුද්ධයේ මීළඟ අදියර සම්බන්ධීකරණය කිරීම සඳහා ඊශ්‍රායලයේ ප්‍රමුඛ නැවතුමක් ද ඇතුළුව මැද පෙරදිග පුරා සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා පිටත් විය.

බ්ලින්කන් පිටත්ව ගිය දිනයේ, මැද පෙරදිග පුරා එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයේ නවතම උත්සන්න කිරීම තුල, බ්‍රහස්පතින්දා එක්සත් ජනපදය ඉරාකයේ බැග්ඩෑඩ් වෙත නීති විරෝධී මිසයිල ප්‍රහාරයක් එල්ල කලේය.

මෙම ප්‍රහාරය ඉලක්ක වූයේ ඉරාකය තම ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයෙකු බව ප්‍රකාශ කළ ඉරාන ගැති මිලීෂියාවක සාමාජිකයෙකු වන මුෂ්තාක් ජවාඩ් කසිම් අල්-ජවාරි ය. ඉරාකයේ විදේශ අමාත්‍යාංශය, ඒ පිළිබඳව “දැඩි හෙලාදැකීමක්” නිකුත් කරමින්, එය ඉරාකයේ හමුදා මූලස්ථානයට එල්ල කළ “නොහික්මුණු ප්‍රහාරයක්” ලෙස හැඳින්විය.

සිකුරාදා කොන්ග්‍රසයට ලිපියක් යවමින්, බයිඩෙන් මෙම ප්‍රහාරය යුක්ති සහගත කරමින් ප්‍රකාශ කළේ, “මම මෙම නිශ්චිත මිලිටරි ක්‍රියාමාර්ග මෙහෙයවූයේ, මගේ වගකීමට අනුරූප වන පරිදි දේශීය හා විදේශීය වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා,” බවයි. 

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි කියා සිටියේ,  රට තුළ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා භටයින් 2,500 නෙරපා හැරීමට, ඉරාක රජය විසින් පියවර ගන්නා බවයි.

“ඉරාකයේ ජාත්‍යන්තර සභාග හමුදාවන්ගේ පැවැත්ම ස්ථිරවම අවසන් කිරීමට කටයුතු සම්පාදනය කිරීම සඳහා ද්විපාර්ශ්වික කමිටුව ආරම්භ කිරීමට රජය දින නියම කරමින් සිටී,” අල්-සුඩානි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර, එක්සත් ජනපදය මැද පෙරදිග කලාපය තුළ,  හමුදා, යුද නැව් සහ ගුවන් යානා රැස් කිරීම දිගටම කරගෙන යයි. බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ එක්සත් ජනපදය “අපව, අපගේ අවශ්‍යතා, අපගේ හවුල්කරුවන් සහ ජාත්‍යන්තර වාණිජ්‍යයේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීමේ කර්තව්‍යයෙන් හැකිළෙන්නේ නැති” බවයි.

“මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා, අපි සැලකිය යුතු ‘ප්‍රහාරක’ මිලිටරි බලයක් ඇතුළුව මැද පෙරදිග සැලකිය යුතු බලවේගයක් ස්ථාපිත කර ඇති අතර, එය දිගටම පවත්වාගෙන යනු ඇත,” යනුවෙන්, කර්බි අනතුරු ඇඟවීය.

එක්සත් ජනපදය පුලුල් මැද පෙරදිග යුද්ධය උත්සන්න කරන විට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි Read More »

Kundera

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 01 කොටස

ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු  විසිනි.

චෙක්-ප්‍රංශ නවකතාකරු මිලාන් කුන්දේරා, පසුගිය ජූලි 16 දින පැරීසියේ අභාවප්‍රාප්ත විය. 94 වන වියේ දී සිදු වූ ඔහුගේ මරනය විසින් සනිටුහන් කෙරුනේ, කාලය විසින් ඉක්මවා යනු ලැබ තුබූ වැදගත් නවකතාකරුවෙකුගේ අභාවයයි.

කුන්දේරා ප්‍රංශය කරා විගමනය වූ 1975 වසර හා ආශ්‍රිත කාලය වන විට සහ, විශේෂයෙන් ම 1980 ගනන්වල ඔහු බටහිර ලෝකයේ සාර්ථකත්වය ලද කාලය වන විට, යුරෝපයේ හා ඇමරිකාවේ බුද්ධිමය හා සංස්කෘතික කව ඇද බැඳගෙන තුබුනේ අශුභවාදය, මුලාවන් දූරිභූත වීමෙන් ඇති වන අපේක්ෂා භංගත්වය හා ඓතිහාසික ප්‍රගතිය පිලිබඳ මතිය ප්‍රතික්ෂේප කිරීමයි. කුන්දේරාගේ ලේඛන, සාහිත්‍යය තුල මෙකී මනෝභාවයේ පුරාකෘතිමය ප්‍රකාශනය බවට ම පාහේ පත් විය. සෑමවිටම හා නොවෙනස් ලෙස ම ප්‍රති-කොමියුනිස්ට්වාදී හා නරුම වූ ඔහුගේ අහේතුකවාදය ආමන්ත්‍රනය කලේ, තැචර් – රේගන් සමාජ ප්‍රතිවිප්ලවය, සමාජ අසමානතාවයේ මහා පිම්ම සහ විශ්ව විද්‍යාල මන්ඩප තුල පශ්චාත්නූතනවාදයේ නැඟීම විසින් නිර්මානය කරන ලද ප්‍රතිගාමීත්වයට ය.    

තමාගේ ම කලා නිර්මාන ද, ස්වකීය වර්ධනය ද තම ප්‍රමාද දෝෂ ද සම්බන්ධයෙන් වගකිව යුත්තේ කුන්දේරා ම බවට විවාදයක් නැත. කෙසේවෙතත්, ඔහුගේ කනගාටුදායක ගමන්පථය හා ඉරනම සම්බන්ධයෙන් අන් සියල්ලටමත් වඩා විශාලතර හා ගැඹුරුතර දෝෂ දර්ශනයට ලක් විය යුත්තේ, “කම්කරු පන්ති ව්‍යාපාරයේ සිෆිලිස් රෝගය” ලෙස ලියොන් ට්‍රොට්ස්කි විසින් හඳුන්වා දෙන ලද ස්ටැලින්වාදයයි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, එහි කාර්යභාරය “අපරාධකාරී ද, අනර්ථකාරී ද වේ.” මක්නිසාද යත්, ස්ටැලින්වාදය, “අධිරාජ්‍යවාදයට තමන් පුදන සේවාවන් ඔක්තෝබර් විප්ලවයෙන් හා බෝල්ෂෙවික්වාදයෙන් සොරකම් කර ගත් අධිකාරයෙන් ආවරනය කරන නිසාය.” කුන්දේරාගේ ජීවිතය හා ඔහුගේ කෘති එකට ගත් විට එය, ස්ටැලින්වාදයේ කටයුතුවල ව්‍යසනකාරී බලපෑම් පිලිබඳ කාරක අධ්‍යයනයකට (Case Study) සෑහේ.  

කුන්දේරා නවකතා 10 ක කතුවරයා විය. ඉන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ ඒවා වූයේ, The Joke (සරදම) [1967], The Book of Laughter and Forgetting (හාස්‍යයේ සහ අමතකවීමේ පොත) [1979] හා The Unbearable Lightness of Being (පැවැත්මේ උසුලා සිටිය නොහැකි තරමේ සැහැල්ලුව) [1984] යන ඒවා ය. එමෙන්ම, කුන්දේරා විසින් ලියන ලද තවත් පොත් හා නිබන්ධ ගනනාවක් වෙයි. The Art of the Novel (නවකතා කලාව) [1986] සහ The Curtain (තිරය) [2005] වන් කෘතීන් මෙන් ම, කෙටි කතා (ඒවායින් ඇතැම් ඒවා Laughable Loves (හාස්‍යජනක ප්‍රේමයන්) [1974] කෘතිය තුල පල වී ඇත) සහ නාට්‍ය ගනනාවක් ද ඊට ඇතුලත් ය. ඔහුගේ නාට්‍ය අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මානය වූයේ, 1983 දී මහත් වූ මාධ්‍ය තූර්ය ඝෝෂා මධ්‍යයේ කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්හි (ඇමරිකන් රිපර්ටරි තියටර්) නිෂ්පාදනයක් ලෙස ලේඛිකා-විචාරිකා සූසන් සොන්ටැග් විසින් අධ්‍යක්ෂනය කරන ලද Jacques and His Master (ජැක් සහ ඔහුගේ හාම්පුතා) [1981] නම් නලුවයි.        

චෙකොස්ලෝවැකියාවේ අතෘප්තිය පැතිර ගිය කාල පරිච්ඡේදයක් වූ 1950 ගනන්වල අගභාගයේ හා 1960 ගනන්වල දී කුන්දේරා සැලකිය යුතු කලාකරුවෙකු ලෙස පරිනත විය. ආර්ථික පරිහානියක් විසින් ජනගහනයේ වඩාත් වරප්‍රසාදිත ස්ථර සතුටු කිරීමට බල කෙරී තුබූ අන්ටෝනින් නොවෝට්නිගේ තන්ත්‍රය කෙරේ, සැලකිය යුතු කම්කරු පන්ති ප්‍රතිවිරෝධයක් ජනනය කරනු ලැබ තිබින. 1962 දී ගමනාගමන සීමා කිරීම් ලිහිල් කිරීමට කටයුතු කල නොවෝට්නි නව “විවෘත භාවයක” හැඟවීමක් වශයෙන් කීර්තිමත් ජර්මානු-චෙක් ලේඛක ෆ්‍රාන්ස් කෆ්කා පුනරුත්ථාපනය කලේය. චෙක් චිත්‍රපටය මේ වන විටත් “නව රැල්ල” ලෙස එහි වර්ධනය ආරම්භ කොට තිබූ අතර, 1964 වන විට මිලෝස් ෆෝමන්ගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ බ්ලැක් පීටර් ප්‍රදර්ශනයට පැමින තිබින. කුන්දේරා, ප්‍රාග්හි ප්‍රාසාංගික කලා ඇකඩමියේ (FAMU) සිනමා සහ රූපවාහිනී පාසලේ දී මෙකී සිනමාකරුවන් බොහෝ දෙනෙකුට සමීප ව සිටි අතර, ඇත්තෙන්ම ඔවුන්ගෙන් ගනනාවකට උගන්වා ද තිබින.   

ඔහුගේ ප්‍රථම නවකතාව වූ ද ජෝක් කෘතිය 1965 වන විට නිමා කර තිබූ නමුත් එය 1967 වන තෙක් පල වූයේ නැත. එය, චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ (CSK) පක්ෂපාත සාමාජිකයෙකු වූ ලුඩ්වික් නම් ශිෂ්‍යයෙකු පිලිබඳ කථා ප්‍රවෘත්තියකි. ඔහු, “ට්‍රොට්ස්කි දිනේවා!” යන පාඨයෙන් අවසන් වන හාස්‍යජනක තැපැල්පතක් සිය පෙම්වතියට යැවීම නිසා පක්ෂයෙන් නෙරපනු ලබයි.   

කුන්දේරා ම 1950 දී ලද අත්දැකීම් මත පදනම් වූවක්යැයි සැලකෙන ‘විහිලුව’, ලුඩ්වික්ට හමුදා දන්ඩන ඒකකයක ගෙවන පස් වසරක ජීවිතයක් හිමි කර දෙන අතර, ඒ කාලයේ ඔහු ප්‍රාදේශීය කම්හල් කම්කරු ස්ත්‍රියක වන ලුසී සමඟ පෙමින් බැඳෙයි. කාලයාගේ ඇවෑමෙන් ඔහු විද්‍යාඥයෙකු බවට පත් වන අතර, නවකතාවේ කථා පුවත කේන්ද්‍ර වන්නේ තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට මුල් වූවන්ගෙන් පලි ගැනීම සඳහා ලුඩ්වික්ට පවතින අභිලාෂය වටා ය.

මෙම පොත, ස්ටැලින්වාදී තන්ත්‍රයේ කුහකවත මෙන් ම එහි අභූතරූපතාව කෙරේ ද ආමන්ත්‍රනය කල හෙයින්, 1968 වර්ෂයේ සහනදායී “ප්‍රාග් වසන්තය” සමයේ එය දැවැන්ත ජනප්‍රියත්වයක් අත්පත් කර ගත්තේය. එය ප්‍රකාශයට පත්වීමට පවා පෙර, සිනමාකරු යෙරොමිල් යිරැෂ් එහි සිනමා තිර පිටපත ලිවීම ආරම්භ කලේය. චිත්‍රපටය 1969 දී තිරගත විය.

Kundera
මිලාන් කුන්දේරා, 1980 [ඡායාරූපය: එලිසා කැබෝ / අවසරය: CC BY 3.0]

සිය ඉදිරි ප්‍රබන්ධවල දී කුන්දේරා පූර්වව්‍යාපෘත වීමට නියමිත වූ බොහොමයක් තේමා ඒ වන විටත් පැවැතින: ඉතිහාසය පිලිබඳ අවිශ්වාසය, අභූතරූපය හා අවිචාරය කෙරේ පමන ඉක්මවා පුම්බවන ලද ආකර්ෂනය, සහ, පුලුල් ලෝකයෙන් ආරක්ෂා වී රැකවරනය ලැබීමේ මඟක් ලෙස පෞද්ගලික ජීවිතය – විශේෂයෙන් ම ප්‍රේමය හා කාමය – වෙත හැරීමක්. ද ජෝක්හි ඔහු සිය කම්කරු චරිත නිරූපනය කරන්නේ තන්ත්‍රයට ප්‍රතිවිරුද්ධ ලෙස හෝ උදාසීන ලෙස වේවා, එනමුත් අත්‍යවශ්‍යයෙන් ම අකර්මන්‍ය චරිත ලෙස ය. ලුඩ්වික්ට නරක ලෙස සැලකීමෙන් හා ඔහු නෙරපා හැර පිටස්තරයෙකු බවට පත් කිරීමේ ආතතීන්ගෙන් නිපන් ඔහුගේ චිත්තවේගී ආතතීහු, තුමූ ම, අතෘප්තිකර චිත්තවේගීය සම්බන්ධතා මාලාවක් තුල වැඩ කිරීමට නැඹුරු වෙති. ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා වන සමාජ අරගලයක් තුල කවරාකාර හෝ විසඳුමක් පවතින බවක් ලුඩ්වික් මෙන් ම පැහැදිලිව ම කුන්දේරා මත් නොදකියි.  

ලේඛකයා චෙකොස්ලෝවැකියානු ඉතිහාසය තුල – විශේෂයෙන් ම 1948 න් මෙපිට කාලය තුල – ඒ අත මේ අත සැරිසරන නමුත්, 1953 සිදු වූ ස්ටැලින්ගේ මරනය සම්බන්ධයෙන් වේවා, ස්ටැලින්ගේ අපරාධ රාශියක් පිලිබඳ විස්තරාත්මක තොරතුරු හෙලිදරව් කල නිකිටා කෘෂෙව්ගේ 1956 “රහස් දේශනය” සම්බන්ධයෙන් වේවා, නැතහොත් නාසීන් විසින් අල්ලා ගනු ලැබීම සහ චෙකොස්ලෝවැකියාවේ ම විප්ලවවාදී ඉතිහාසය සම්බන්ධයෙන් පවා වේවා, ඔහුගේ කෘතීන්ගේ එන කවර හෝ චරිතයක් සිතන්නේ, කැපී පෙනෙන අල්පමාත්‍ර වූ පමනෙකිනි. ඒවා සම්බන්ධ ව සඳහන් වන නමුදු, පෙනී යන පරිදි, ඒවා ඔහුගේ චරිත මත කිසියම් මුද්‍රාවක් තබා නැත. එකී වර්ෂවල ස්ටැලින්වාදයේ අර්බුදය කෙරේ ඔහුගේ ප්‍රතිචාරය පලාත්බද වූත් ජාතික වූත් එකක් බැව් පෙනී යයි.

පශ්චාත් යුද්ධකාලීන කාල පරිච්ඡේදයේ විප්ලවවාදී උදම් රල හමුවේ කුන්දේරා කිසිසේත් නොසැලුනු බවක් මෙයින් අදහස් නොවේ. (ඔහුගේ කථාවේ එන පහත විස්තරය බලන්න.) 1948 කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගැනීමේ ප්‍රථම සංවත්සරය වෙනුවෙන් පැවැති මහජන පෙලපාලියකි. ඉතාලි ස්ටැලින්වාදී නායක පල්මිරෝ ටොග්ලියට්ටි කුඩා වේදිකාව මත පෙනී සිටියි. තරුන ගායක කන්ඩායමකට, ‘බන්දේරා රෝසා’ නම් ඉතාලි විප්ලවවාදී ගීය ගායනා කිරීම මඟින් සිය ජාත්‍යන්තරවාදය පල කිරීමට අවශ්‍ය වේ. මේ සිදුවීම, සිය කථාවේ එක් චරිතයක දෘෂ්ටි කෝනයෙන් ඔහු විස්තර කරන්නේ මෙසේය:  

… ටිකෙන් ටික වඩවඩාත් කටහඬවලින් ගීතය පන ලැබීය, සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ජනයා අවබෝධ කර ගැනීමට පටන් ගත්හ. මේ අතර ගීතය, ප්‍රතිරාව නංවන දැවැන්ත කෝෂයකින් පිට ව නැඟෙන සමනලයෙකු සේ ජනක්ෂෝභය මතින් චතුරශ්‍රය තුල නැඟී ආවේය.

එහෙත් ඉනික්බිතිව නවකතාව මාරු වන්නේ CSK ශිෂ්‍ය සංවිධානය ගර්හිත හා තකතීරු ආකාරයෙන් ලුඩ්වික්ගේ ඊනියා මිත්‍යාමතික තැපැල්පත සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන සිදුවීම කරා ය:

“මා විවෘත තැපැල්පතක මගේ වාක්‍ය ලියා තිබුනේ සියලු දෙනා විසින් එය දකිනු ලැබීම සඳහායැයි ද, මගේ වචනවල, මගේ චිත්තවේගයන්ගේ ස්වභාවයෙන් පැහැදිලි කිරීමට සමත් නොවන වෛෂයික වැදගත්කමක් තුබුනේයැයි ද ඔවුහු කීහ. මා කෙතරම් දුරට ට්‍රොට්ස්කි කියවා ඇත්දැයි ඔවුහු ඊලඟට ප්‍රශ්න කලෝය. එකක්වත් නැතැයි මම කීමි. මට කියවීමට පොත් දුන්නේ කවුරුන්දැයි ඔවුහු මගෙන් ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. මට මුන ගැසී ඇති ට්‍රොට්ස්කිවාදීන් කවුරුන්දැයි ඔවුහු ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. වහා ම ක්‍රියාත්මක වන ලෙසින් ශිෂ්‍ය සංගමයේ මගේ තනතුරින් මා ඉවත් කරන බව කියූ ඔවුහු, මගේ කාර්යාලයේ යතුරු ඔවුන්ට දෙන ලෙස කියා සිටියෝය.

මෙම අකරතැබ්බයෙන් පසු ලුඩ්වික් නරුම භාවයට පත්වෙයි. නවකතාව මෙහි දී රට තුල නින්නාද දෙන තතක් හැඬවීය – ඇතැම්විට, යම් තරමකින් ඒ, නවකතාවේ අග කොටසට වන්නට කුන්දේරා, “සමාජවාදය” එය පැවැති ආකාරයෙන් ප්‍රතිසංස්කරනය කල හැකිය යන ශක්‍යතාව බැහැර කල නිසා විය හැකිය.

තන්ත්‍රයට එරෙහි ප්‍රතිවිරෝධතාව සැබෑ ප්‍රගතිශීලී ආකෘතීන් අත්පත් කර ගත් අතර ම, ජාතිකවාදී ආකෘතීන් ද අත්පත් කර ගත් බව, කිසිසේත් පුදුමයට කරුනක් නොවේ. 1967ජූනියේ පැවැති චෙක් ලේඛක සංගමයේ සිව්වන සම්මේලනයේ දී කුන්දේරා පැවැත්වූ කථාව කේන්ද්‍රගත වූයේ චෙක් ජාතික සාහිත්‍යය සහ, යුරෝපා සංස්කෘතිය තුල එය දරන ස්ථානය පිලිබඳ ප්‍රශ්න මත ය. මෙය ඔහුගේ ජීවිතය පුරා ම ඔහු යලියලිත් පෙරලා පැමිනි විෂයයක් විය.

Novotny
චෙක් ස්ටැලින්වාදී නායක ඇන්ටොනින් නොවෝට්නි [ඡායාරූපය ANEFO / අවසරය: CC BY 3.0)

ද ජෝක් කෘතිය තුල කුන්දේරා, ස්ටැලින්වාදය යනු මාක්ස්වාදයේ ප්‍රභේදයකි යන සාවද්‍ය වූත්, ගැඹුරින් ම මංමුලාසහගත වූත් සංකල්පයේ තරයේ එල්බ සිටී. ලේඛකයා ට්‍රොට්ස්කිගේ කෘතීන් අතරින් සමහරක් කියවා තුබුනා විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රථම නවකතාව තුල ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියාගේ නම හුදෙක් අත්‍යන්ත මිත්‍යාවාදයකි; ප්‍රකෝපකරනයකි; 1923 සිට වාම විපක්ෂය සහ හතරවැනි ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කරන ලද ලෝක විප්ලවයේ වැඩ පිලිවෙල පිලිබඳ කිසිදු සඳහනක් නැත.

ඒ කාලයේ මෙම ඉතිහාසය කුන්දේරාට හා අනෙකුත් විරුද්ධ මතධාරී බුද්ධිමතුන්ට බොහෝදුරට ම දත නොහැක්කක් විය. මෙය හුදෙක් ස්ටැලින්වාදී මර්දනය හා වාරනය නිසා ම ඇති වූ තත්ත්වයක් නොව, ඉදින් චෙකොස්ලෝවැකියාවේ හා සෝවියට් සංගමයේ දී මෙන් ඔවුන් බලයේ සිටියේ වේවා, නැතහොත් ප්‍රංශයේ හා ඉතාලියේ මෙන් ඔවුන් කම්කරු පන්තිය තුල ධනවාදයට පක්ෂපාතී “විපක්ෂ” ආරක්ෂක බැම්මක පරිද්දෙන් ක්‍රියා කලේ වී වේවා, පශ්චාත් යුදකාලීන උත්පාතයේ තතු යටතේ කම්කරු පන්තිය හා පොදුවේ වාම බුද්ධි ජීවීන් මත ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ දැවැන්ත දේශපාලන හා සංස්කෘතික ආනුභාවය මත ද ඇති වූවක් විය.   

එමෙන් ම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛනගත කරනු ලැබ ඇති පරිදි, සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී නිලධරයන් වමට තල්ලු කිරීමට හා ප්‍රතිසංස්කරනය කිරීමට හැකි බව කියා සිටි පැබ්ලෝවාදය නමින් පතල වූ ප්‍රවනතාවය බිහි වීමෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ම ද සෑහෙන පීඩනයක් ක්‍රියාත්මක විය. පැබ්ලෝවාදය, ස්ටැලින්වාදීන් විසින් පාලනය කරන ලද රටවල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදයට එරෙහිව කඩාකප්පල්කාරී ලෙස ක්‍රියා කලේය.   

කුන්දේරා 1929 දී චෙකොස්ලෝවැකියාවේ බර්නෝ හි මධ්‍යම පන්තික පවුලක, ප්‍රමුඛ චෙක් ජාතික පියානෝ වාදක ගාන්ධර්වයෙකු වූ ලුඩ්වික් කුන්දේරාගේ පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහුගේ හැඩ ගැස්ම කෙරේ වැදගත් බලපෑමක් කල අවුරුදු ගත වූයේ ජර්මානුන් විසින් යටත් කරනු ලැබ සිටි තතු යටතේ ය. 1944 දී රතු හමුදාව නාසීන් පරාජය කර බටහිරට පන්නා දමා චෙකොස්ලොවැකියාව නිදහස් කර ගත් අතර, දශ ලක්ෂ සංඛ්‍යාත චෙක් ජනයා සමාජවාදයේ අපේක්ෂාවන්ට සහාය දුන්නෝය. ඔහුගේ පරපුරේ බොහෝ දෙනා අනුව යමින් කුන්දේරා ද සිය 18 වන වියේ දී, එනම් 1947 දී, කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු අතර, ඊලඟ වර්ෂයේ ස්ටැලින්වාදීන් බලයට පැමිනීම උද්‍යෝගිමත් අභිනන්දනයකින් යුතුව පිලිගත්තේය.     

ආරම්භයේ දී කුන්දේරා ප්‍රාග්හි චාල්ස් සරසවියේ සංගීත සංයෝජනය උගත්තේය – ඔහුගේ කෘතීන් තුල සංගීතය කෙරේ වූ නොසැලෙන ආදරයක් හා සැලකිල්ලක් පෙන්නුම් කෙරේ – එහෙත් පසුව ඔහු ප්‍රාසාංගික කලා ඇකඩමිය (FAMU) තෝරා ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුල ඔහු ව්ලදිමීර් මායාකොව්ස්කි රුසියානු-සෝවියට් කවියාගේ කවි පරිවර්තනය කර පල කල අතර තමන්ගේ ම අධිතාත්විකවාදී කවි ද පල කලේය. 1950 දී ඔහු CSK සංවිධානයෙන් නෙරපා හරින ලදී. එහෙත් FAMU වෙතින් උපාධිය ලැබූ ඔහු එකී සරසවියේ ම ලෝක සාහිත්‍යය පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස පත් කර ගන්නා ලදී. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ Man: A Wide Garden (මිනිසා: පුලුල් ගෙවුයනක්) 1953 දී ප්‍රකාශයට පත් විය.

දෙවන කොටසට…

චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 01 කොටස Read More »

Bordeer

පලස්තීනු වාර්ගිකව ශුද්ධ කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර ඊශ්‍රායලය ලෙබනනය සමඟ සටන් උත්සන්න කරයි

තෝමස් ස්ක්‍රිප්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 20  දින පල වූ ‘As Israel escalates fighting with Lebanon, as ethnic cleansing of Palestinians continues’ යන තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

කලාපය [මැද පෙරදිග] තුල පුලුල් යුද්ධයක් සඳහා නෙතන්යාහු ආන්ඩුව බලපෑම් කරන අතරතුර , සති අන්තය පුරා සහ සඳුදා දක්වාමත්, ඊශ්‍රායල-ලෙබනන දේශසීමාව හරහා දරුණු වෙඩි හුවමාරුවක් සිදු විය. 

 “ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ වර්ධනය වෙමින් පවත්නා යුද උත්සන්න වීම  විශාල යුද්ධයක අවදානම ගෙන එයි” යන මාතෘකාවෙන් යුත් ලිපියක වොෂින්ටන් පෝස්ට් මෙසේ සටහන් කරයි:

 “ඊශ්‍රායල ජෙට් යානා, දේශසීමාවේ සිට සැතපුම් 12 ක් උතුරින් – එනම්, එකට එක කිරීම් වශයෙන් කෙරෙන වෙඩි තැබීම් ලෙස දෙපාර්ශවය විසින් භාර ගැනෙන සාම්ප්‍රදායික කලාපයට ඉතා ඔබ්බෙහි – පිහිටි නබාතීහ් නම් ලෙබනන් නගරයේ ඇලුමිනියම් කම්හලකට පහර දෙන අයුරු සෙනසුරාදා දැක ගත හැකි විය.”

“දෙපාර්ශ්වයම මාරාන්තික ආයුධ භාවිතා කිරීමට පටන් ගෙන ඇති” බව ලිපිය සඳහන් කරයි, ඊශ්‍රායලය “දැන් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිතිපතා ප්‍රහාරක ජෙට් යානා යවයි; හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා සහ බරින් වැඩි මිසයිල යොදවයි.”

Bordeer
2023 නොවැම්බර් 10 වැනි දින උතුරු ඊශ්‍රායලයෙන් පෙනෙන පරිදි ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ දුමාරය නැඟේ [ගොනුව: ඇලෙක්සැන්ඩර් එර්මොචෙන්කෝ/රොයිටර්]

පසුගිය සතියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ඩැනියෙල් හගාරි තර්ජනය කරමින් කියා සිටියේ, “මෙම නොසැලකිලිමත්කමේ සහ හමාස්- ISIS  හි ආරක්ෂකයා වීමට හිස්බුල්ලා සංවිධානය ගෙන ඇති තීරණයේ පිරිවැය ලෙබනනයේ පුරවැසියන් දරනු ඇති බවත්, උතුරේ ආරක්ෂක තත්ත්වය වෙනස් කිරීම සඳහා IDF මෙහෙයුම් සැලසුම් ඇති” බවත්ය 

සඳුදා උදෑසන ඊශ්‍රායලය තවත් ප්‍රකෝපකාරී ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. හිස්බුල්ලා සංවිධානය අරාබි අල්-අරම්ෂේ සහ බරාම් වෙත මෙන්ම බිරානිට් හමුදා කඳවුරට ද එරෙහිව ප්‍රතිප්‍රහාරාත්මකව වෙඩි තැබීය. බැරැක්කවලට දැඩි අලාභහානි සිදුවුවත් තුවාල සිදුවී නැත.

IDF කාලතුවක්කු, හෙලිකොප්ටර්, ප්‍රහාරක ජෙට් සහ ටැංකි සහ හිස්බුල්ලා මිසයිල සහ ඩ්‍රෝන යානා අතර තවදුරටත් වෙඩි හුවමාරු සිදු විය.

ඔක්තෝබර් 7 වැනිදා සිට ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් 74ක් ද ඇතුළුව 100කට ආසන්න පිරිසක් ද ඊශ්‍රායලයේ IDF සොල්දාදුවන් හය දෙනෙක්  ඇතුළුව නව දෙනෙක් ද මිය ගොස්  ඇත.

සිකුරාදා, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලය වන චැතම් හවුස් ප්‍රකාශයට පත් කළේ, “ඊශ්‍රායලය හමාස් විනාශ කිරීමට ළං වන තරමට, හිස්බුල්ලා සමඟ යුද්ධයක් සඳහා වැඩි ඉඩක් ඇති” බවයි. එය සඳහන් කලේ, “දේශසීමාව දිගේ ඇති ඊශ්‍රායල හමුදා ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයට වඩාත් ආක්‍රමණශීලී ලෙස දඬුවම් කිරීමට අවශ්‍ය, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් ඇතුළු අය ඊශ්‍රායල ආන්ඩුව තුළ  සිටිති,” යන්නයි.

 මෙම චෝදනාව මෙහෙයවන ගැලන්ට්, හිස්බුල්ලා සංවිධානයට පූර්ව භංග ප්‍රහාරයක් එල්ල කිරීමේ  ඔහුගේ අභිලාෂය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට පැවසීය.  එය මේ වන තෙක් ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලයේ ඔහුගේ සගයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, “උතුරේ යුද්ධයක් නොවැළැක්විය හැකි බව විශ්වාස කරන” ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඔහුගේ මතය පුලුල්ව පැතිර පවතී.

පුලුල් යුද්ධයක් සඳහා ඊශ්‍රායලයේ සැලසුම් පිලිගනිමින් ගැලන්ට් ඉරිදා පැවසුවේ, “ඊශ්‍රායල රාජ්‍යයට එරෙහි සතුරුකමේ සහ ආක්‍රමණශීලීත්වයේ මූලය ඉරානයයි.  යුද්ධය බහු පෙරමුණු..” ස්වභාවයක් ගනී යන්නයි.

“ඉරානය, ඉරාකය සිරියාව හා යේමනය තුල ක්‍රියාත්මක වන සිය බළල් අත් ලෙස යොදා ගන්නා මිලීෂියාවන් මඟින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමට ක්‍රියා කිරීමේ වර්ධනය වෙමින් පවත්නා ප්‍රවනතාවක් පසුගිය දිනවල ආරක්ෂක සංස්ථාපිතය  හඳුනාගෙන ඇත. අප ඒ පිළිබඳව විපරමින් කටයුතු කරමින් සිටින අතර, සුදුසු වේලාවට, සුදුසු ස්ථානයට සහ ඊට සුදුසු ශක්තියෙන් ක්‍රියා කළ යුතු ආකාරය අපි දැන ගන්නෙමු.”

යේමනය කලාපීය යුද්ධයක් පුපුරා යාමේ තවත් විභව ස්ථානයන්ගෙන් එකකි. ඉරිදා ඉරානය සමඟ පෙල ගැසුණු හවුති සටන්කාමීහු රටේ දකුණු වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අල්ලා ගත්හ. ප්‍රකාශක යහියා සාරෙඉ නිවේදනය කළේ යාත්‍රාව “ඊශ්‍රායලයට අයත් වීම” නිසා එය ඉලක්ක කර තිබූ බවය. නමුත්, පසුව වාර්තා වූයේ එය එසේ නොවන බවයි. හවුති හමුදා පවසා ඇත්තේ “රතු මුහුදේ හෝ අපට ළඟා විය හැකි ඕනෑම ස්ථානයක ඊශ්‍රායල් යාත්‍රාවක් ඉලක්ක කිරීමට පසුබට නොවන” බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු “ඉරාන” ප්‍රහාරය ප්‍රකෝපකාරී ලෙස හෙළා දැක ඇත.  එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය “ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීම” හෙළා දකිමින්, සිය සහචරයින් සමඟ “සුදුසු මීළඟ පියවර” ගන්නා බවට තර්ජනය කළේය.

එක්සත් ජනපදය දැනටමත් කලාපයේ සැලකිය යුතු නාවික හමුදා රඳවා ඇති අතර ඊශ්‍රායලයට එල්ල කරන ලද හූති මිසයිල සහ ඩ්‍රෝන යානා එමඟින් දෙවරක් වැලැක්වූ බව ප්‍රකාශ කරයි.

යුද්ධයේ විෂය පථය පුළුල් වන අතර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම සහ වාර්ගිකව ශුද්ධ  කිරීම දිගටම කරගෙන යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ළමුන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් සහ කාන්තාවන් 3,550 ක් ඇතුළුව 13,300 ක් මරා දමා ඇත.

රෝහල්, පාසල් සහ සරණගත කඳවුරු වෙත ප්‍රහාර අඛණ්ඩව සිදු වේ, අල් ජසීරා හි හනි මහමුද් මෙම ප්‍රහාරයන් පිළිබදව අදහස් දක්වමින් ,”මෙය මේ දැන් පෙනී යන්නේ ප්‍රවණතාවක් ලෙස ය” යනුවෙන් පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඔක්තෝබර් 7 සිට එහි පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගනිමින් සිටියදී පුද්ගලයින් 176 දෙනෙකු ඝාතනය වී ඇති අතර, 800 ක් තුවාල ලබා ඇත.

නවතම අවධානය යොමු වී ඇත්තේ ගාසා තීරයේ උතුරු දෙසින් පිහිටි ඉන්දුනීසියානු රෝහලයි. ඉරිදා රාත්‍රියේ සිට සඳුදා උදෑසන දක්වා වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් රෝගීන් ඇතුළු 12 දෙනෙක් මිය ගිය අතර විසි ගණන් තුවාල ලැබූහ. සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියගණනක් සිවිල් ජීවිත “ඉන්දුනීසියානු රෝහලට සෘජු හා නැවත නැවතත් බෝම්බ හෙලීමේ ප්‍රතිඵලයක් ලෙස මරණයේ අවදානමට ලක්ව ඇති” බවයි. එහි පරිශ්‍රය යුධ ටැංකි මගින් වටකර ඇති අතර විදුලි ජනන යන්ත්‍රවලට බෝම්බ දැමීමෙන් හානි වීම දැනටමත් එක් විදුලිය ඇනහිටීමකට හේතු වී තිබේ.

ජබාලියා සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.

දැනටමත් ගාසා නගරය සහ උතුරේ වටපිටාව විනාශ කර ඇති ආකාරයටම දකුණු ගාසා තීරයේ ද මරණ හා විනාශයේ ඊට සමාන මට්ටම් ළගා කර ගැනීමට  සූදානම් වෙමින් පවතී. පසුගිය සතියේ, IDF විසින් දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යුනිස් හි පදිංචිකරුවන්ට පිටත්ව යන ලෙස දන්වනු ලැබ ඇත. උතුරෙන් පලා ආ ජනතාවත් සමග නගරයේ සාමාන්‍ය ජනගහනය මෙන් පස් ගුණයක ප්‍රමාණයක් එනම් ආසන්න වශයෙන් මිලියන 1 ක ජනතාවක් දැනට එහි නවාතැන් ගෙන සිටිති.

දකුනු තීරුවට එරෙහිව දැනටමත් ප්‍රහාර  දියත් කර ඇත – දළ වශයෙන් පලස්තීන මරණ වලින් තුනෙන් එකක් මෙම කලාපය තුල සිදු වී ඇත – නමුත් දැන් එය උත්සන්න කිරීමට සූදානම් වේ. ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානී ගිඕරා අයිලන්ඩ්, සැලසුම් කළ මෙහෙයුම් පිළිබඳව රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “බොහෝ විට සිවිල් වැසියන්ට හානි සිදුවනු ඇත. එය අපව ඉදිරියට යාමෙන් වළක්වන්නේ නැත. ” යන්නයි.

සඳුදා උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ඛාන් යුනිස් හි වයඹ දෙසින් පිහිටි හමාඩ් හි දුසිම් ගනනක් මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් ය. නගරයට නැගෙනහිරින් පිහිටි බානි සුහයිලා නගරයට වෙනම IDF වැටලීම් සිදු කරන ලදී.

ගාසා තීරයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් දැනටමත් අවතැන් වී ඇත. විශාල සංඛ්‍යාවක් ගාසා තීරයේ කුඩා අවකාශයන් තුළට පිරී ඉතිරී යන බැවින්, මානුෂීය තත්ත්වයන් වඩාත් නරක අතට හැරෙමින් තිබේ. යුරෝ-මෙඩිටරේනියන් හියුමන් රයිට් මොනිටර් (Euro-Mediterranean Human Rights Monitor) සංවිධානයට  අනුව, ළමුන්ගෙන් සියයට 90 ක් මන්දපෝෂණය, රක්තහීනතාවය සහ දුර්වල වූ ප්‍රතිශක්තිය වැනි සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිති. IDF විසින් කෘෂිකාර්මික ඉඩම් සහ පරිශ්‍රයන් , පිටි ගබඩා (flour silos), ධීවර බෝට්ටු සහ එක්සත් ජාතීන්ගේ සහන මධ්‍යස්ථානවලට පහර දෙනු ලැබ ඇති බව එම සංවිධානය වාර්තා කළේය.

නොවැම්බර් 7 වැනිදා සිට එක බේකරියක්වත් ක්‍රියාත්මක වී නොමැත.  බේකරි 11ක් විනාශ වී ඇති අතර අනෙක් ඒවාට පිටි, ඉන්ධන සහ විදුලිය හිඟය බල පා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පාචනය රෝගීන් 44,000 ක් සහ උග්‍ර ශ්වසන ආසාදන 70,000 ක් එක්සත් ජාතීන්ගේ නවාතැන් වල ලියාපදිංචි වී ඇත – එය සැබෑ  සංඛ්‍යාවෙන් සුළු කොටසකි.

ගාසාවේ පදිංචි රෙනාඩ් අල්-හෙලූ , අල්-මොනිටර් පුවත් සේවය වෙත පැවසුවේ, “එය යුගාවසාන විනාශය  වැනිය. අප හෙම්බත් වී ඇත. ජලය, ආහාර නැත. … ගාසාවේ කිසිවක් ඉතිරිව නැත. ඇත්තේ විනාශය, දුක් වේදනා සහ වධහිංසා පමණි.”

IDF සහචරයින් වන ෆැසිස්ට් පදිංචිකරුවන්ගේ  සහාය ඇතිව, IDF බටහිර ඉවුරේ ප්‍රහාරය ද උත්සන්න කරමින් සිටී. ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 200ක් පමණ එහි මරා දමා ඇත – මෙම සංඛ්‍යාව එකතු වී ඇත්තේ 2023 වසරේ මීට ඉහත දී මරා දැමූ 250 ටය – ප්‍රචණ්ඩත්වය හෝ මර්දනකාරී සීමා කිරීම්  නිසා අවතැන් වූ පිරිස ළමුන් 450ක් ඇතුළුව 1,000කට වැඩි ය; ජන ප්‍රජාවන් හයක් සම්පූර්ණයෙන්ම එම පෙදෙස් අතහැර දමා ඇති අතර, එමගින් මේ වසර තුල එසේ ඉවත් වූ මුළු සංඛ්‍යාව 11 දක්වා වැඩි වී ඇත. පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය දිනකට තුනේ සිට හත දක්වා දෙගුණයකටත් වඩා වැඩි තිබේ.

IDF විසින් මුළු ප්‍රජාවම වටලනු ලැබ ඇත. තුවක්කු එල්ල කර පලස්තීනුවන් බොහෝ දුරට තම නිවෙස්වලට සීමා කරමින්, හෙබ්‍රොන්හි, පලස්තීනුවන් 39,000ක් වෙසෙන සහ ඊශ්‍රායල පදිංචිකරුවන් 900ක් විසින් අල්ලාගෙන සිටින H2 දිස්ත්‍රික්කය, වසර 20ක් තුළ එහි දරුණුතම අගුලු දැමීමට ලක්කර ඇත.  රමල්ලා අසල බුඩ්රුස්හි මුස්ලිම් පල්ලියක යාඥා කරමින් සිටි සභාවකට ස්ටන් ග්‍රෙනේඩයක්  වීසි කළ සොල්දාදුවෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවේ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසුව පමණි. 

සිරකරුවන්ගේ කටයුතු පිළිබඳ පලස්තීන අධිකාරියට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට, දළ වශයෙන් 2,800 පලස්තීනුවන් බටහිර ඉවුරේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමයින් 300 ක් සහ කාන්තාවන් 72 ක් ඇතුළුව අත්අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 7,800 දක්වා ඉහළ ගොස් ඇත. මෑත සතිවල අත්අඩංගුවේ සිටියදී අවම වශයෙන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර සිය ගණනක් වධහිංසා පැමිණවීම් පිළිබඳ වෛද්‍ය සාක්ෂි දරන බව සංවිධානය වාර්තා කරයි

හෙබ්‍රොන් හි වෙස්මුහුණු පැලැදි IDF සොල්දාදුවන් විසින්  අත්අඩංගුවට ගැනීමක් සිදු කරද්දී, පලස්තීන ජාතිකයෙකුට ඔහුගේ පවුලේ අය ඉදිරියේ ඔවුන්ගේ රයිෆල්වලින් පහර දෙමින් හා ඒ අතරතුර එය TikTok හි එසැන විකාශනය කළ ආකාරය පෙන්නුම් කරන, මෙම මස මුලදී පල වූ වීඩියෝවක් රොයිටර් විසින් සත්‍යාපනය කර ඇත.

හමුදා වැටලීම් උත්සන්න වෙමින් පවතී . සෙනසුරාදා,දෙවන ඉන්ටිෆාඩාවෙන් පසු පළමු වතාවට ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානයක් නාබ්ලුස්  හි ඉලක්කයකට පහර දුන් අතර, ඉන්  පුද්ගලයින් පස් දෙනෙක් මිය ගියෝය.

පලස්තීනු වාර්ගිකව ශුද්ධ කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර ඊශ්‍රායලය ලෙබනනය සමඟ සටන් උත්සන්න කරයි Read More »

Sifa Am

අල්-ෂිෆා රෝහලේ “ආඥා මධ්‍යස්ථානය” පිළිබඳ එක්සත් ජනපද, ඊශ්‍රායල බොරුව බිඳ වැටේ 

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 19 දින පල වූ ‘US, Israeli lies about “command center” at Al-Shifa hospital fall apart ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහල මිලිටරි අණදෙන මධ්‍යස්ථානයක් බවට වූ කියාපෑම, දරුණු යුද අපරාධ මාලාවක් මඟින් දුසිම් ගනන් ජනයා ඝාතනය කරමින් ද, තුවාලකරුවන් ඇතුළුවීම හෝ පිටවී යාම වලකා ලමින් ද, රෝහලට එල්ල කළ නිර්දය බෝම්බ හෙලීම සාධාරණීකරණය කිරීමට සති ගණනාවක් තිස්සේ ම ඊශ්‍රායලය භාවිතා කළේය.

Sifa Am
ඊශ්‍රායල සොල්දාදුවෝ ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ සටන් මෙහෙයුම් සිදු කරති [AP ඡායාරූප/ඊශ්‍රායල් ආරක්ෂක හමුදා AP හරහා]

රෝහල තුළ ප්‍රාණ ඇපකරුවන් නොමැති බව පිළිගනිමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, “ඔවුන් [ප්‍රාණ ඇපකරුවන්] ෂිෆා රෝහලේ රඳවා ඇති බවට අපට ප්‍රබල ඇඟවීම් තිබුණි.  ඔවුන් [එහි] සිටියා නම්, ඔවුන් මුදා ගනු ඇත” යන්නයි. 

( ට්විටර් පණිවිඩය)

ඔක්තෝම්බර් 27 දා, X හි පළ කරන ලද ලිපියක, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ අල් ෂිෆා රෝහල “හමාස්වරුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ප්‍රධාන මූලස්ථානය ලෙස ක්‍රියා කරන” බවයි. පෝස්ටුව සමඟ රෝහලට යටින් මීටර් සිය ගණනක් පුරා විහිදුණු විශාල සංකීර්ණ ඉදිකිරීමක් පෙන්වන සජීවිකරණයක් ද විය. ඊශ්‍රායලයේ ප්‍රකාශයන් ධවල මන්දිරයේ, පෙන්ටගනයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කිහිප වතාවක්ම පුනරුච්චාරණය කරන ලදී.

අඟහරුවාදා, ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේ, “හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධාන අල්-ෂිෆා ඇතුළු ගාසා තීරයේ සමහර රෝහල් සහ ඒවාට යටින් ඇති උමං මාර්ග , සැඟවීමට සහ ඔවුන්ගේ හමුදා මෙහෙයුම්වලට සහාය වීමට සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමට භාවිතා කරන බවට අපට තොරතුරු තිබේ.” යන්නයි.

බ්‍රහස්පතින්දා බයිඩන් මෙම සනාථ නොකළ ප්‍රකාශය පුනරුච්චාරණය කරමින්, “මෙන්න තත්වය: ඔබට දකින්නට තිබෙන්නේ හමාස් විසින් ඔවුන්ගේ මූලස්ථානය, ඔවුන්ගේ හමුදාව රෝහලක් යට සඟවා තබා ගනිමින් පළමු යුද අපරාධය සිදු කරන තත්වයකි. එය සත්‍ය කරුණකි. ”යැයි කියා සිටියේය.

“හමාස් සංවිධානයට අල්-ෂිෆා රෝහලට යටින් අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට එක්සත් ජනපදය දැක ඇත්තේ කුමන ආකාරයේ සාක්ෂියක්දැයි අපට විස්තර කරන ලෙස” වාර්තාකරුවෙකු විමසූ විට බයිඩන් පිළිතුරු දුන්නේ, “නැහැ, මට ඔබට කියන්න බැහැ. මම ඔබට නොකියමි.” ලෙසයි.

බදාදා, IDF විසින් ප්‍රසිද්ධ කෙරුණු වීඩියෝවක් මඟින්, අල්-ෂිෆා හි MRI යන්ත්‍රයක් පිටුපස සඟවා ඇති බව පවසන ලද ප්‍රහාරක රයිෆල් දුසිම් භාගයක්, ෆ්ලැක් ජැකට් දෙකක් සහ පරිගණකයක් පෙන්වන වීඩියෝවක් පළ කළේය. ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් සහිත MRI යන්ත්‍රයක්, එය ක්‍රියාත්මක වීමේ දී, ආයුධවලට කාමරය පුරා පියාසර වීමට නො සැලැස්වූයේ මන්දැයි පැහැදිලි කිරීමට උත්සාහයක් ගෙන නොතිබුණි.

Idf
නොවැම්බර් 15 වැනි බදාදා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් නිකුත් කරන ලද වීඩියෝවකින් ලබාගත් මෙම පින්තූරය, ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ MRI මධ්‍යස්ථානයේ තිබී සොයා ගත් බවට IDF පවසන රයිෆල් කිහිපයක් පෙන්වයි. [AP ඡායාරූප/ඊශ්‍රායල් ආරක්ෂක හමුදා AP හරහා]

ඊශ්‍රායලයේ “සාක්ෂි” කෙතරම් දුර්වලද යත්, එක්සත් ජනපද ආන්ඩුව පවා එයට පිටුබලය දීමට තරම් නිර්ලජ්ජිත නොවීය.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී අල් ජසීරා වාර්තාකරු පැටී කුල්හාන් පෙන්ටගනයේ ප්‍රකාශිකා සබ්‍රිනා සිං ගෙන් ඇසුවේ, “ඉතින් ඔබ කියන්නේ බොඳ වූ ලැප්ටොප් එකක, ෆ්ලැක් ජැකට් එකක, රයිෆල් අතලොස්සක වීඩියෝ පටය, හමාස් සංවිධානය රෝහලේ ක්‍රියාත්මක වන බවට ඔබ කළ ප්‍රකාශයට පිටුබලය දෙන බවද?”

මෙයට, සිං පිළිතුරු දුන්නේ, “හමාස් සංවිධානය සිය මෙහෙයුම් කටයුතු සහ ක්‍රියාකාරකම් සඳහා සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ගාසා තීරයේ රෝහල් භාවිතා කරයි. අල්-ෂිෆා රෝහල ඉන් එකකි” යනුවෙනි.

“එය තහවුරු කිරීමට වීඩියෝවක් තිබේද?” කුල්හාන් ඇසුවේය. එයට සිං පිළිතුරු දුන්නේ, “මම ඒ කරුණ එතනින් නවත්වමි” යනුවෙනි.

බ්‍රහස්පතින්දායින් පසුව ,  දින දෙකක් පුරා රෝහල් ප්‍රදේශය සෝදිසි කිරීමෙන් පසු IDF ප්‍රකාශ කළේ රෝහල් භූමියේ ප්‍රහාරක රයිෆල්වලින් පිරුණු වාහනයක් සහ භූගත ව්‍යුහයකට පිවිසෙන විවරයක් සොයාගත් බවයි.

1980 ගණන් වලදී, ඊශ්‍රායලය විසින්ම රෝහලේ ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලද අතර, “රෝහලේ රෙදි සෝදන සහ විවිධ පරිපාලන සේවා ස්ථානගත කරන ලද විශාල සිමෙන්ති බිම් මහලක්” ගැන Haaretz පුවත්පත සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරයේ ආරම්භයේ සිට, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මත අවම වශයෙන් ප්‍රහාර 137 ක් එල්ල කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවක මරණ 16 ක් සහ තුවාල ලැබූවන් 38 ක් ඇතුළු මරණ 521 ක් සහ තුවාල ලැබූවන් 686 ක් වාර්තා වේ.

බහුජන හාමතය සහ විජලනය මධ්‍යයේ ගාසා තීරයේ මානුෂීය තත්ත්වය අතිශය ඛේදජනකය. බ්‍රහස්පතින්දා දිනය මරණ සංඛ්‍යාව පිලිබඳ යාවත්කාලීන කිරීමක් සිදු නොකරන ලද අඛණ්ඩ පස් වන දිනය සනිටුහන් කළේය. සිකුරාදා වන විට මරණ සංඛ්‍යාව 11,078 ඉක්මවා තිබූ අතර, ඉන් 4,506 ක් ළමුන් සහ 3,027 ක් කාන්තාවන් බව කියනු ලැබේ. නව වාර්තා නොලැබීමට හේතුව, “උතුරේ රෝහල්වල සේවා සහ සන්නිවේදන බිඳවැටීම” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේය.

සැපයුම්කරුවන් විසින් ඉන්ධන සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඊශ්‍රායලය සන්නිවේදන යටිතල පහසුකම් මත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ගාසා හි විදුලි සංදේශ සේවා බ්‍රහස්පතින්දා යලි වැසී ගියේය. 

ඉන්ධන නොමැතිකම හේතුවෙන් රටෙහි මානුෂීය යටිතල පහසුකම් බිඳවැටීමෙන් පසු අඛණ්ඩව දෙවන දිනටත් ආධාර ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු නොවීය. එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන සහන සහ වැඩ ඒජන්සිය පැවසුවේ සිකුරාදා සිට ආරම්භ වන කිසිදු මානුෂීය ආධාර රථ පෙළක් සම්බන්ධීකරණය කිරීමට තමන්ට තවදුරටත් නොහැකි වනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදා අල් මාගාසි සරණාගත කඳවුරේ උතුරු දොරටුවේ පිහිටි මධ්‍යම පෙට්‍රෝලියම් මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළ අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තවත් දුසිම් ගනනකට තුවාල සිදු විය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සපයන ලද මානුෂීය තත්ත්වය පිළිබඳ පින්තූරය අභාග්‍ය සම්පන්න එකකි:

ගාසා නගර මධ්‍යයේ ක්‍රියාකාරී ගොඩබිම් මෙහෙයුම් විසින් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට, ගිලන්රථවලට සහ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ලීමට; විශේෂයෙන් ආහාර සහ ජලය ලබා ගැනීමට; අඛණ්ඩව බාධා කර ඇත. ගාසා නගරයට බටහිරින් පිහිටි අසල්වැසි නිවෙස් වල ඉතිරිව ඇති ආහාර සහ පානීය ජලය ක්ෂය වීමෙන් පසුව ඔවුන් උපකාර ඉල්ලා ඇත. ඊශ්‍රායල භට පිරිස් සිටීම සහ සටන් පැවතීම හේතුවෙන් ඔවුන්ට තම නිවෙස්වලින් පිටව යාමට නොහැකි බව වාර්තා වේ. කඩා වැටුණු ගොඩනැගිලි සහ නිවාස යට අතරමං වූ කුටුම්භයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කරන ලද බහුවිධ ආයාචනාවලට පිළිතුරු ලැබී නැත. පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංගමයට (PRCS) සහය වන ලෙස සහ ඉවත් කර ගන්නා ලෙස කෙරෙන කැඳවුම් සිය ගණනකට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇත.

දින දහයකට වැඩි කාලයක් උතුරු ගාසා තීරයේ බේකරි කිසිවක් සක්‍රීයව නොතිබූ අතර වෙළඳපොලේ තිරිඟු පිටි නොමැත. X හි සටහනක, ලෝක ආහාර වැඩසටහන ලියා ඇත්තේ, “ඔක්තෝබර් 7 වන දින බේකරි 23 කි. ඔක්තෝබර් 17 වැනිදා වන විට බේකරි 5 කි  ඔක්තෝබර් 31 වෙනිදා බේකරි 1කි. අද බේකරි කිසිවක් නැත. @WFP හි #ගාසා හි අවසන් ගිවිසුම්ගත බේකරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් වසා දමා ඇත. අද සමස්ත ජනගහනයටම පාහේ ආහාර ආධාර අවශ්‍ය වී ඇත.”

අල්-ෂිෆා රෝහලේ “ආඥා මධ්‍යස්ථානය” පිළිබඳ එක්සත් ජනපද, ඊශ්‍රායල බොරුව බිඳ වැටේ  Read More »

Scroll to Top