Events

Protest

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !  

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ඇමරිකා එක්සත් ජනපදයේ හා නැටෝවේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්ණ සහාය ලබමින් ඊශ්‍රායලයේ සියොන්වාදී ආණ්ඩුව දියත් කර ඇති ජනඝාතනය මුළුමනින් හෙලා දකින කොළඹ ක්‍රියාකාරී කමිටුව, මානව වර්ගයාට එරෙහිව සිදු කෙරෙමින් පවතින මෙම අපරාධය වැලැක්වීම සඳහා ලොව පුරා පැන නැඟී ඇති කම්කරු මහජන විරෝධය සමඟ පෙළ ගැසෙන ලෙසත්, සියොන්වාදී තන්ත්‍රයේ ද, එයට මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික පිටුබලය පුදන අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ සට්ටැඹී ධනපති ආණ්ඩුවල ද මිනීමරු අභිලාෂයන් පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මෙහෙයවා ගැනීමේ අරගලයකට එක්වන ලෙසත් සියලු කම්කරු පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය ඔක්තෝබර් 7 වන දින ආරම්භ කරන ලද සමූලඝාතනය නොවැම්බර් 10 වන සිකුරාදා වන විටත් පලස්තීනු වැසියන් 11,000 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බිලි ගෙන තිබූ අතර, ඉන් 4,500 කට වැඩි පිරිසක් දරුවෝ වූහ. තවත් දරුවන් 1,500 ක් ඇතුලු 2,700 ක් ජනයා සුන්බුන් අතර සිරවී  ඇතැයි සැලකේ. ‘රෝහල්වලට එරෙහි යුද්ධයේ දිනය’ ලෙස ගිනිය හැකි නොවැම්බර් 10 වන දින තුල පමණක් ඊශ්‍රායල හමුදා ළමා රෝහල් දෙකක් ඇතුළුව රෝහල් 6 කට පහර දී ඇත. යුද්ධය ඇරඹුණු දා සිට මේ වන විට ගාසා තීරයේ රෝහල් 22 ක කටයුතු මුළුමනින් ඇන හිට ඇත. තවත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 51 ක් මේ වනවිට නිෂ්ක්‍රිය වී ඇති බව වාර්තා වේ.   

නාසිවාදයේ කෲරකම්වලින් මෙපිට සිදු කෙරෙමින් පවතින කුරිරුතම අපරාධ මෙන් ම, එකී අපරාධවලට ද, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ඒවාට ලබා දෙන ද්‍රව්‍යමය හා රාජ්‍යතාන්ත්‍රික සහයෝගයට ද එරෙහිව ලෝකය පුරා පැන නැඟී ඇති අතිශය තීව්‍ර මහජන නැඟිටීම් ද මේ මොහොතේ ලෝකය අත් දකිමින් සිටියි. නොවැම්බර් 11 වන දින ලන්ඩනයේ පැවැති පෙළපාලියට ලක්ෂ 8 ක ජනකායක් සහභාගී වී ඇති අතර, ඒ අනුව එහි රටවැසියන්ගෙන් සෑම 60 දෙනෙකුට ම එක් අයෙක් එම පෙළපාලියට සම්බන්ධ වී ඇත. නිව්යෝර්ක්, කැලිෆෝනියා, චිකාගෝ, මෙල්බර්න්, සිඩ්නි, පැරිස්, බර්ලින්, බාසිලෝනා, කේප්ටවුන්, වැනීසිය, බ්‍රසල්ස්, ඩබ්ලින්, කරච්චි ආදී වශයෙන් ලෝකයේ සෑම දිශාවකම ප්‍රධාන නගරවලින් දැවැන්ත මහජන විරෝධතා වාර්තා වී ඇති අතර, යුදෙව් ජනයා කැපී පෙනෙන සහභාගීත්වයක් දැක්වූ විරෝධතා ද ඒ අතර විය. ජන විලෝපන යුද්ධයේ සහකරුවන් වී සිටින අධිරාජ්‍යවාදී ආණ්ඩු, පෘථිවි ගෝලයේ සියලු මහාද්වීපවලින් වාර්තා වී ඇති මෙම දැවැන්ත මහජන ව්‍යාපාරය පිලිබඳ භීතියෙන් ඇලලී යමින්, එම ව්‍යාපාරය දඬු ගැසීමේ නව නීති සම්පාදනය කිරීමට ප්‍රමුඛත්වය දී ඇති අයුරු ප්‍රකට ය. විරෝධතා නිසා දැනටත් ලොව පුරා සිය ගනනක් ජනයා අත් අඩංගුවේ සිටිති.    

Protest

මේ අනුව, නැඟී එන යුද විරෝධී මහජන ව්‍යාපාරය කෙලින්ම මුහුණට මුහුණ දී සිටින්නේ ධනපති ආණ්ඩුවල රාජ්‍ය බලයට හා එහි මර්දන උපකරණවලට ය. 

මෙම තතු මත, මෙකී යුද්ධයට විරුද්ධ අරගලය සඳහා ධනපති පන්තියෙන් සිය අත් නිදහස් කර ගැනීම තීරණාත්මක වන බව අපි කම්කරුවන්ට සිහිපත් කර දෙමු. මේ සාමාන්‍ය අනතුරක් නොවේ. පලස්තීන පීඩිතයින් මුහුණ දී සිටින ප්‍රශ්නය හුදෙක් ඔවුන්ට සීමා වූවක් නොවේ. නාසිවාදය හමුවේ කෲර වධ හිංසාවන්ට පාත්‍ර වූ යුදෙව් ජනයා සිය සියොන්වාදී යුද අභිලාෂවල දේශපාලන පලිහක් ලෙස යොදා ගනිමින් ඊශ්‍රායල තන්ත්‍රය පලස්තීන ජනයාට එරෙහිව එවැනිම කෲරත්වයක් පවත්වා ගෙන යන්නේ නාසි අපරාධවල උරුමක්කරුවන් සමඟ නොමඳ සහයෝගයක් පවත්වා ගනිමිනි. ඉතාලියේ ෆැසිස්ට්වාදී අගමැතිනි ජෝර්ජියා මෙලනි මෙකී යුද්ධයට සහාය පල කිරීම සඳහා වහා ඊශ්‍රායලයට ගොස් නෙතනියාහු මුණ ගැසුනා ය. ඊශ්‍රායල ජන ඝාතනයට සහාය පුදන කැනඩාවේ සංචාරයකට පැමිණි යුක්‍රේන ෆැසිස්ට්වාදී යරොස්ලාව් හුන්කා, කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඇතුළු එහි සමස්ත පාර්ලිමේන්තුව හුනස්නෙන් නැඟී අත්පොලසන් දී පිළිගත්තේ මීට මාසයකට පමණ ඉහත දී ය. ඇමරිකා එක්සත් ජනපදය ද, සෙසු අධිරාජ්‍යවාදීන් ද ඊශ්‍රායලයට පුදන සහායට යටින් පවතින්නේ පැරැණි යටත් විජිත රටවල් නැවත යටත් කරගැනීමේ ස්වකීය භූ දේශපාලනික අරමුණු සඳහා දඩ බල්ලෙකු ලෙස ඊශ්‍රායලය භාවිතා කිරීමේ උවමනාවයි. අධිරාජ්‍යවාදයට තමන්ට අවශ්‍ය විට පාරා ගැනීම සඳහා මේ ලේ ගලන තුවාලය පවත්වා ගැනීම අවශ්‍ය ය. ඊශ්‍රායල – පලස්තීන ද්වි රාජ්‍ය සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම අරමුණිනි. පලස්තීන ජනඝාතනයට එරෙහි වීම යනු එකී අධිරාජ්‍යවාදී අරමුණට එරෙහි නැඟී සිටීමකි. එබැවින් ම එය ස්වභාවයෙන් ම, තමන්ගේ ම රටවල අධිරාජ්‍ය ගැති ධනපති පන්තියෙන් ස්වාධීන වීමේ අත්‍යවශ්‍යතාව ඉස්මතු කරයි.

මේ නිසා, ජනඝාතනයට එරෙහි අරගලය තුලට ද්වි-රාජ්‍ය කූටෝපාය ගෙන එන අධිරාජ්‍යවාදී බැලයන්ගෙන් ප්‍රවේශම් වන්නැයි අපි කම්කරු පන්තියට හා යුද විරෝධී ව්‍යාපාරයට අනතුරු හඟවමු. මේ ජනඝාතනය වැලැක්විය හැක්කේ පවතින ධනපති ඊශ්‍රායල රාජ්‍යය විසුරුවා හැර, එය මැද පෙරදිග සමාජවාදී සමූහාණ්ඩුවක කොටසක් ලෙස, යුදෙව්වන්ට සහ අරාබි ජාතිකයන්ට පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සහිත ඒකාබද්ධ රාජ්‍යයක් මගින් විස්ථාපනය කිරීම මගින් පමණක් බව කොළඹ ක්‍රියාකාරී කමිටුව පිළිගනී. ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර කම්කරු එකමුතුව ගොඩ නඟා ගැනීමට ධනපති පන්තියෙන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට ඉදිරිපත් වන්නැයි අපි ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ජනඝාතක යුද්ධයට එකදු උපකරණයක් හෝ ලබා නොදීමට තම ආණ්ඩුවලට බල කරන ලෙසත්, එම අවි හා උපකරණ ප්‍රවාහනය ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන්ගෙන් කොළඹ ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටියි. මෙම අරගලය පෙරට ගෙන යාම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර ඇති උද්ඝෝෂණයට කොන්දේසි විරහිතව සහාය දෙන අපි, මෙම වැඩ පිළිවෙලට සටන් වැදීමට සියලු ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුවලට කැඳවුම් කරමු. 

ගාසා තීරයේ ජනඝාතනය නවත්වනු!

අධිරාජ්‍යවාදී යුද්ධය එපා!

ගාසා තීරයේ සමූල ජනඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!  

ප්‍රතිගාමී ද්වි-රාජ්‍ය මර උගුලට එරෙහිව, මැද පෙරදිග සමාජවාදී සමූහාණ්ඩුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදී අරාබි-යුදෙව් ඒකාබද්ධ රාජ්‍යයක් සඳහා සටන් වදිනු!

මේ කරුනු සාකච්ජා කරමින්, පලස්තීන ජනතාවට එරෙහිව සිදු කෙරෙන ජන සංහාරය වහාම නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය දැවැන්ත ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා කොළඹ ක්‍රියාකාරි කමිටුව (කොක්‍රික) සහ theSocialist.LK නොවැම්බර් 19 වන ඉරු දින, ශ්‍රී ලංකා වේලාවෙන් 19:15 ට මහජන රැස්වීමක් Zoom හරහා පවත්වයි.

එයට සම්බන්ධ වන්න:

Zoom  ID: 890 4844 1531

Passcode: 057521

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !   Read More »

Poster

பொதுக்கூட்டம்: ஒடுக்கப்பட்ட பாலஸ்தீனியர்களுக்கு எதிரான சியோனிச-ஏகாதிபத்திய இனப்படுகொலையை நிறுத்து!

கொழும்பு நடவடிக்கைக் குழுவும் (CAC) மற்றும் theSocialist.LK

காசாவில் மற்றும் மேற்குக் கரையில் ஒடுக்கப்பட்ட பாலஸ்தீன மக்கள் மீது ஏகாதிபத்திய ஆதரவு இஸ்ரேலிய படுகொலைகளை நிறுத்துவதற்காக இலங்கை, இஸ்ரேல் மற்றும் உலகெங்கிலும் உள்ள தொழிலாள வர்க்கத்தை உடனடியாக அழைக்கவும் அணிதிரட்டவும், கொழும்பு நடவடிக்கைக் குழுவும் (CAC) மற்றும் the Socialist.LKவும் நவம்பர் 19 அன்று, இலங்கை நேரப்படி 19:00 மணிக்கு ஒரு பொதுக் கூட்டத்தை நடத்த இருக்கிறது.

ஜோ பைடன் நிர்வாகம் மற்றும் பிற ஏகாதிபத்திய சக்திகளின் முழு ஆதரவுடன், பெஞ்சமின் நெதன்யாகுவின் அரசாங்கம் அப்பாவி குழந்தைகள், பெண்கள் மற்றும் ஆண்களின் மீது காட்டுமிராண்டித்தனமான படுகொலையை கட்டவிழ்த்து விட்டது, இது நாசிச படுகொலைகளை உலகிற்கு நினைவூட்டுகிறது. கிட்டத்தட்ட 10,000 பொதுமக்கள் கொல்லப்பட்டுள்ளனர், அவர்களில் 4000 க்கும் மேற்பட்ட குழந்தைகள் உள்ளனர். அக்டோபர் 07 முதல் நான்கு வாரங்களாக தொடர்ந்து குண்டுவீச்சுக்கு உள்ளான குடியிருப்பு கட்டிடங்கள், அகதிகள் முகாம்கள் மற்றும் மருத்துவமனைகளின் இடிபாடுகளுக்குள் ஆயிரக்கணக்கானோர் சிக்கியுள்ளனர். அதிக மக்கள்தொகை கொண்ட காசா பகுதியில் 25000 டன்களுக்கும் அதிகமான வெடிபொருட்கள் வீசப்பட்டுள்ளன, இது கிட்டத்தட்ட  இரண்டாம் உலகப் போரின் முடிவில் அமெரிக்கா, ஹிரோஷிமா மீது வீசிய அணுகுண்டின் இருமடங்காகும். சியோனிச ஆட்சியானது கூட்டு படுகொலையை, மொத்த அழிவை இலக்காகக் கொண்டுள்ளது.

இஸ்ரேல் மற்றும் அதை ஆதரிக்கும் அமெரிக்க-நேட்டோ அமைப்பிற்கு எதிராக உறுதியாக நிற்க முன்வந்துள்ள உலகெங்கிலும் உள்ள தொழிலாள வர்க்கத்தின் எதிரில் ஒரு முழு அளவிலான இனப்படுகொலை நடத்தப்படுகிறது. பொலிஸ் அடக்குமுறைக்கு மத்தியிலும், பொய்ப் பிரச்சாரங்களுக்கு மத்தியிலும், அமெரிக்கா, கனடா, ஆஸ்திரேலியா, ஜெர்மனி, இங்கிலாந்து, ஜப்பான், நியூசிலாந்து, இந்தோனேசியா, மலிசியா மற்றும் உலகெங்கிலும் மில்லியன் கணக்கான மக்கள் இனப்படுகொலையைக் கண்டித்து, உடனடி போர்நிறுத்தத்தைக் கோரி பேரணி நடத்தி வருகின்றனர். இதை ஐக்கிய நாடுகள் சபையின் 120 நாடுகளும் அங்கீகரித்தன. நெதன்யாஹு குண்டு தாக்குதலை நிறுத்தாத நிலையில். “தன்னைத் தற்காத்துக் கொள்ள” இஸ்ரேலின் நடவடிக்கைகளுக்கு “சிவப்புக் கோடுகள்” இல்லை என்பதை அமெரிக்கா உறுதிப்படுத்தியுள்ளது.

இந்த இனப்படுகொலை நிறுத்தப்பட வேண்டும், அதை தொழிலாளி வர்க்கத்தால் மட்டுமே செய்ய முடியும். அமெரிக்க-நேட்டோ நாடுகளிடமோ  அல்லது வலிமையற்ற ஐ.நாவிடமோ செய்யும் எந்த முறைப்பாடுகளும்  சியோனிச இன அழிப்புத் திட்டங்களை முடிவுக்குக் கொண்டு வராது. தொழிலாள வர்க்கம் போராட்டத்திற்கு வந்துள்ளது, ஆனால் அவர்கள் ஒரு புரட்சிகர அரசியல் வேலைத்திட்டம் மற்றும் தலைமைத்துவத்துடன் ஆயுதம் ஏந்தியிருக்க வேண்டும், இதை நான்காம் அகிலத்தின் அனைத்துலகக் குழுவும் உலக சோசலிச வலைத்தளமும் மட்டுமே வலியுறுத்துகின்றன: “போர் என்பது தொழிலாள வர்க்கத்தின் மீதான போர், மற்றும் அதற்கு எதிரான போராட்டத்தை தொழிலாள வர்க்கம்தான் வழிநடத்த வேண்டும்.”

CAC மற்றும் theSocialist.LK ஆகியவை ICFI முன்வைக்கும் முன்னோக்குகளுடன் நிற்கின்றன.

இந்த இனப்படுகொலையை முடிவுக்குக் கொண்டுவருவது என்பது நெதன்யாகு அரசுக்கு எதிரான போராட்டம் மட்டுமல்ல, அமெரிக்க ஏகாதிபத்தியம், அமெரிக்க-நேட்டோ கூட்டு மற்றும் இந்த கூட்டணியில் அங்கம் வகிக்கும் உலகெங்கிலும் உள்ள தேசிய அரசாங்கங்களுக்கும் எதிரான போராட்டமாகும். 

இலங்கையின் ரணில் விக்கிரமசிங்க அரசாங்கம் இஸ்ரேலின் பக்கம் நின்று, ஒருபுறம் ஏகாதிபத்தியத்திற்கான விசுவாசத்தை வெளிப்படுத்துவது, அதன் அடக்குமுறை சிக்கனக் கொள்கைகளுக்கு எதிராக உள்நாட்டில் பாரிய தொழிலாள வர்க்கப் போராட்டங்கள் வெடிக்கும் என்ற அச்சத்தை ஏற்படுத்தியுள்ளது. ஹமாஸ் தாக்குதல் நீண்டகால ஒடுக்குமுறைக்கு எதிரான உண்மையான வெகுஜனக் கிளர்ச்சியைப் பிரதிநிதித்துவப்படுத்தியது என்பதை இந்தியாவின் மோடியைப் போலவே விக்கிரமசிங்கவும் நன்கு அறிவார்.

பாலஸ்தீன மக்களுக்கு எதிரான சியோனிச அடக்குமுறையின் வரலாற்று மற்றும் அரசியல் அடித்தளங்களுடன் கூடிய இனப்படுகொலையை முடிவுக்குக் கொண்டுவருவதற்கான அரசியல் வேலைத்திட்டம் குறித்து நிகழ்நிலை ஆன்லைன் கூட்டத்தில் விவாதிக்கப்படும். 

தொழிலாளர்கள், மாணவர்கள், இளைஞர்கள், புத்திஜீவிகள் மற்றும் பாலஸ்தீன மக்களுடன் நிற்பவர்களை கூட்டத்திற்கு அழைக்கிறோம்.

Zoom ID: 890 4844 1531

Passcode: 057521

Poster

பொதுக்கூட்டம்: ஒடுக்கப்பட்ட பாலஸ்தீனியர்களுக்கு எதிரான சியோனிச-ஏகாதிபத்திய இனப்படுகொலையை நிறுத்து! Read More »

Poster

මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !  

කොළඹ ක්‍රියාකාරී කමිටුව සහ theSocialist.LK

අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වසන පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින ජන සංහාරය වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය වහාම කැඳවුම් කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා කොළඹ ක්‍රියාකාරි කමිටුව (කොක්‍රික) සහ theSocialist.LK නොවැම්බර් 19 වන ඉරු දින, ශ්‍රී ලංකා වේලාවෙන් 19:15 ට මහජන රැස්වීමක් පවත්වනු ඇත.

ජෝ බයිඩන් පරිපාලනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න පිටුබලය ඇතිව, බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව,  නාසි  හොලෝකෝස්ටයේ සමූල ජන ඝාතන අපරාධ සිහියට නංවමින් අහිංසක ළමුන්, ගැහැණුන් සහ මිනිසුන් මත ඉතාමත් ම්ලේච්ඡ ඝාතනයක් මුදා හැර තිබේ. සිවිල් වැසියන් 10,000 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇති අතර ඉන් 4000 කට වැඩි ප්‍රමාණයක් ළමුන්ය. ඔක්තෝබර් 07 දා සිට සති හතරක් තිස්සේ අඛණ්ඩව බෝම්බ හෙලන ලද නේවාසික ගොඩනැගිලි, සරණාගත කඳවුරු සහ රෝහල්වල සුන්බුන් යට දහස් ගණනක් සිර වී සිටිති. අධික ජනාකීර්ණ ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 25,000 කට වඩා හෙළා ඇති අතර එය එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අවසානයේ හිරෝෂිමා වෙත හෙලූ පරමාණු බෝම්බයේ බලය මෙන් දෙගුණයකට ආසන්නය. සියොන්වාදී පාලන තන්ත‍්‍රය ඉලක්ක කරන්නේ අවසානාත්මක සමූල ඝාතනයකි.

ඊශ්‍රායලයට සහ එයට සහාය දක්වන එ.ජ-නේටෝ අක්ෂයට එරෙහිව ප්‍රබලව නැගී සිටීමට පෙරට ආ, ලොව පුරා කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට පූර්න පරිමානයේ ජන සංහාරයක් සිදු කෙරෙමින් පවතී. පොලිස් මර්දනය ද, අසත්‍ය ප්‍රචාර ද නොතකා, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, නවසීලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව සමූල ජන ඝාතනය හෙළා දැකීමට සහ එක්සත් ජාතීන්ගේ රටවල් 120 ක් විසින් ද අනුමත කරන ලද හදිසි සටන් විරාමයක් ඉල්ලා සිටීමට පෙළ ගැසී සිටිති. නෙත්නායාහු බෝම්බ හෙලීම නතර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායලයට  “තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා” “රතු ඉරි” නොමැති බව එක්සත් ජනපදය තහවුරු කර ඇත.

මේ සමූල ජන ඝාතනය නතර කළ යුතු අතර එය කළ හැක්කේ කම්කරු පන්තියට පමණි. එක්සත් ජනපද-නේටෝ රාජ්‍යයන්ට හෝ බෙලහීන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කෙරෙන  කිසිදු ආයාචනයකින් වාර්ගික සුද්ධ කිරීමේ සියොන්වාදී සැලසුම් අවසන් නොවනු ඇත. කම්කරු පන්තිය සටනට පැමිණ ඇත; නමුත්, ඔවුන් විප්ලවවාදී දේශපාලන වැඩපිලිවෙලකින් හා නායකත්වයකින් සන්නද්ධ විය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමණක් එය සම්පාදනය කරයි: “යුද්ධය කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි, එසේම  එයට එරෙහි සටනට නායකත්වය දිය යුත්තේ කම්කරු පන්තියයි.”

කොක්‍රික සහ theSocialist.LK, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ඉදිරිදර්ශන සමග සිට ගනී.

මෙම සමූල ජන ඝාතනය අවසන් කිරීම යනු නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව පමණක් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එක්සත් ජනපද-නේටෝ අක්ෂයට සහ මෙම සන්ධානයේ කොටස්කරුවන් වන ලොව පුරා ජාතික ආන්ඩුවලට ද එරෙහි සටනක් වේ.

ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊශ්‍රායලයට පක්ෂව පෙල ගැසෙන්නේ, එක් අතකින්  අධිරාජ්‍යවාදයට සිය ගැතිකම ප්‍රදර්ශනය කරමින් සහ, අනික් අතින්, තම ආන්ඩුවේ පීඩක කප්පාදු පිලිවෙත්වලට එරෙහිව රට තුල වැඩෙන  කම්කරු පන්තික අරගල පිලිබඳ එහි භීතිය පෙන්නුම් කරමිනි. හමාස් ප්‍රහාරය දිගුකාලීන පීඩනයට එරෙහි සැබෑ මහජන කැරැල්ලක් නියෝජනය කළ බව ඉන්දියාවේ මෝඩි මෙන්ම වික්‍රමසිංහ ද හොඳින් දනී.

පලස්තීන ජනතාවට එරෙහි සියොන්වාදී මර්දනයේ ඓතිහාසික හා දේශපාලන පදනම් සමග ජන සංහාරය අවසන් කිරීමේ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව මෙම අන්තර්ජාල රැස්වීම තුල සාකච්ඡා කරනු ඇත.

කම්කරුවන්ට, ශිෂ්‍යයින්ට, තරුනයින්ට, බුද්ධිමතුන්ට සහ පලස්තීන ජනතාව සමග පෙනී සිටින සියලු දෙනාට මෙම රැස්වීමට එක්වන ලෙස අපි ආරාධනා කරමු.

Zoom  ID: 890 4844 1531

Passcode: 057521

Poster

මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !   Read More »

Meeting

Public Meeting: Stop Zionist-Imperialist Genocide against the Palestinian Oppressed!

Colombo Action Committee & theSocialist.LK

The Colombo Action Committee (CAC) and theSocialist.LK will hold a public meeting on November 19, at 19:15 hrs [Sri Lanka Time] to call upon and mobilize the working class in Sri Lanka, in Israel and around the world to immediately stop the imperialist-backed Israeli carnage of the oppressed Palestinian people in Gaza and in the West Bank.

With the full backing of the Joe Biden administration and other imperialist powers, Benjamin Netanyahu’s government has unleashed the most barbaric slaughter of innocent children, women and men, that reminds the world of the crimes of the Nazi Holocaust. Close to 10,000 civilians have been killed, out of which more than 4000 are children.  Thousands are trapped under the rubble of residential buildings, refugee camps and hospitals that have been bombarded continuously for four weeks since October 07. More than 25000 tons of explosives have been dropped on the highly populated Gaza Strip, which equals to almost double the power of the atomic bomb laid on Hiroshima at the end of the World War II by the United States (US). Zionist regime is aiming at total annihilation.

A full scale genocide is being carried out before the eyes of the working class around the world, who have come forward to stand forcefully againt Israel and the US-NATO axis that support it.  In spite of police repression and despite false propaganda, millions of people have been rallying in US, Canada, Australia, Germany, UK, Japan, New Zealand, Indonesia, Malysia and around the world to denounce the genocide and demand an immediate ceasefire, which was approved by 120 countries of the United Nations. Netnayahu has rejected any halt to the bombardment. The US has confirmed that there are no “red lines” for Israel’s actions “to defend itself”.

This genocide should be stopped and only the working class can do that. No appeal to the US-NATO states or impotent UN would end Zionist plans of ethnic cleansing. Working class has come to the fight, but they need to be armed with a revolutionary political programme and leadership, which only the  International Committee of the Fourth International and the World Socialist Website provide: “The war is a war on the working class, and it is the working class that must lead the fight against it.”

The CAC and theSocialist.LK stand with the perspectives presented by the ICFI. 

Ending this genocide means not only a fight against Netanyahu government, but also against  American imperialism, the US-NATO axis, and the national governments around the world that are part of this alliance. 

Sri Lanka’s Ranil Wickremasinghe government has sided with Israel, demonstrating its allegiance to imperialism on the one hand, and its fear of growing mass working class struggles at home against its oppressive austerity policies. Wickremasinghe, like India’s Modi, knows very well that the Hamas attack represented a genuine mass revolt against longtime oppression. 

The online meeting will discuss the political programme to end the genocide, along with historical and political foundations of the Zionist oppression against the Palestinian people.

We invite workers, students, youth, intellectuals and those who stand with the  Palestinian people to join the meeting.

Zoom ID: 890 4844 1531

Passcode: 057521

Meeting

Public Meeting: Stop Zionist-Imperialist Genocide against the Palestinian Oppressed! Read More »

ROTSKYTrOTSKYTSTROTAKY

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න

theSocialist.LK කර්තෘ මන්ඩලය විසිනි.

මෙම ලිපිය 2023 ජූලි 13 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) ඉංග්‍රීසි භාෂාවෙන් පල වූ ලිපියක් ඇසුරෙන් සකස් කර ඇත.  

ROTSKYTrOTSKYTSTROTAKY
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි සිය ලියන මේසය අසල

2023 අගෝස්තු 20 වන ඉරු දින – එනම්, හෙට දිනයේ – ඉස්තාන්බුල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝ හි දී විශේෂ සමරු උත්සවයක් පැවැත්වේ. ලෝක ඉතිහාසයේ වැදගත් ස්ථානයක් උසුලන සිව් වසරක්; එනම්, ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ සිව්-වස් පිටුවාහල් දිවිය; කෙරේ ගෞරවය පිදෙන මෙම උත්සවය හෙට දින එහිදී පැවැත්වීමට නියමිතය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංගමයෙන් පිටුවාහල් කරනු ලැබීමෙන් පසුව ට්‍රොට්ස්කි රැකවරනය ලැබූයේ තුර්කියේ ප්‍රින්කිපෝ දූපතෙහි ය.

“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයේ පිහිටි දූපතක්: ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි ගෙවූ දිවිය” ලෙස නම් කොට ඇති මෙම සමරු රැලියේ ප්‍රධාන කථිකයන් වනු ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ Sosyalist Eşitlik Grubu [සමාජවාදී සමානතා කණ්ඩායම] හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාෂ් අටෙෂ්චි සහ; ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ව සවිස්තර ලෙස ලියා ඇති ලෝසවෙඅ කර්තෘ මන්ඩල සාමාජික එරික් ලන්ඩන් යන අයයි. තුර්කියේ ඉතිහාස පදනමෙහි සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්ඛන් සැමරුම් උත්සවය මෙහෙයවයි.

මෙම සමරුව පැවැත්වෙන්නේ නගාරාධිපති අර්ඩම් ගුල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රින්කිපෝ (අඩලර්) නගර සභාවේ අනුග්‍රහයෙනි. නගරාධිපති ගුල්, 2019 දී එම ධුරයට තේරී පත්වීමට පූර්වයෙන් සප්‍රතිපත්තික මාධ්‍යවේදියෙකු ලෙස කීර්තියක් ඉසිලූවෙකි.  2015 නොවැම්බරයේ දී චුම්හුරියත් දිනපතා පුවත්පතේ අන්කාරා නියෝජිතයා වශයෙන් “මිට් ට්‍රක්” [“MIT Trucks”] ලෙස හැඳින්වූ සිද්ධිය පිලිබඳ ව වාර්තා කිරීම නිසා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ කැන් ඩුන්දාෂ් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබ, ඔවුන් දෙදෙනා තුන් මසක් සිරගත කර තබන ලදී. මීට අදාල කථා ප්‍රවෘත්තිය වූයේ, සිරියාවේ සටන් වැදී සිටි ඉස්ලාම් ජිහාඩ්වාදී හමුදාවන්ට ලබා දීම සඳහා වූ ඒවා යයි සිතනු ලබන ආයුධ 2014 ජනවාරියේ දක්ෂින තුර්කියේ හටායි සහ අඩානා යන පලාත්වල දී නවත්වනු ලැබූ තුර්කි ජාතික රහස් තොරතුරු සංවිධානය (MIT) ට අයත් ට්‍රක් රථවල තිබී හමුවීමයි.

මෙම රැස්වීම 1933 ජූලියේ ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවෙන් පිටත් වී යාමේ 90 වන සංවත්සරය සමඟ සමපාත වෙයි. එය පැවැත්වෙන දිනය යෙදී ඇත්තේ හරියට ම 1940 අගෝස්තුවේ සිදු වූ ඔහුගේ ඝාතනයේ 83 වන සංවත්සරයේ දිනයට ය.   

පුරා අඩ සියවසකට ම ආසන්න කාලයක් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායක  කාර්යභාරයක් ඉටු කරමින් සිටින ඩේවිඩ් නෝර්ත්, සමරු උත්සවයේ ඓතිහාසික වැදගත්කම පිලිබඳ ව අවධාරනය කරමින් ලෝසවෙඅ වෙත මෙසේ පවසා ඇත:

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගෙවූ සිව් වසර හුදු ඔහුගේ ජීවිතයේ පමනක් නොව, විසිවන සියවසේ ඉතිහාසය තුල ද වඩාත්ම සංවිපාකී වර්ෂ අතර ලා ගිනිය හැක. ඔහු තුර්කියට සම්ප්‍රාප්ත වූයේ 1930 ගනන්වල දේශපාලන සංක්ෂෝභයන් වේගයෙන් පැතිර යාමට මඟ පෑදූ ලෝක ආර්ථික අර්බුදය ඇවිල යාමට මාස කිහිපයකට ඉහත 1929 පෙබරවාරියේ ය. ට්‍රොට්ස්කි තුර්කියෙන් නික්ම ගියේ කම්කරු පන්තිය කවරදාක හෝ අත් විඳි වඩාත්ම බැරෑරුම් පරාජය වූ හිට්ලර් ජර්මනියේ බලයට නැංවී ගැනීමෙන් මාස ගනනාවකට පසුව ය.    

යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන කේන්ද්‍රස්ථානවලින් ප්‍රින්කිපෝව හුදෙකලා වී තිබීම නොතකා, එම කාල පරිච්ඡේදයේ ප්‍රමුඛ සිද්ධීන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ දේශපාලන විශ්ලේෂන අසමසම ඒවා විය. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයේ වර්ධනය විසින් මතු කරන ලද අන්තරායය පිලිබඳව ඒ සා පැහැදිලිව වටහා ගත්, හෝ ඒ සා ලාලසාවකින් ඒ පිලිබඳ ලියූ අනෙකෙකු නොවීය. ඉදින් ජර්මන් කම්කරු පන්තියේ බහුජන පක්ෂ ඔහුගේ අනතුරු හැඟවීම් කෙරේ සාවධානය දැක්වී නම්, 2 වන ලෝක යුද්ධයේ දැවැන්ත විනාශයෙන් ලෝකය ගලවා ගත හැකි වන්නට තිබින.   

නොර්ත් අවධානය කරන පරිදි, තත්කාලීන දේශපාලන හා සමාජ සිදුවීම් පිලිබඳව බොහෝ කෘතීන් රචනා කරන අතරතුර ම, ට්‍රොට්ස්කි මෙම කාලයේ සෙසු වැදගත් කෘතීන් ද ලිවීමට සමත් වූයේය.

දෛනික සිදුවීම් සමඟ තීව්‍ර ලෙස පොර බදමින් ම වුව, ට්‍රොට්ස්කි සිය ජීවිත කථාව වූ මගේ දිවිය (My Life) සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය (History of the Russian Revolution) යන කෘතීන් රචනා කලේය. මෙම කෘතීන් දෙකම 20 වන සියවසේ සාහිත්‍යයේ අග්‍රකෘතීන් ලෙස පිලි ගැනේ.

එහෙත් ප්‍රින්කිපෝ දිවයිනේ වාසය කල සමයේ ට්‍රොට්ස්කිගේ කටයුතුවලින් වඩාත්ම වැදගත් කටයුත්ත සිදු කෙරුනේ ඔහු ඉන් නික්ම ඒමට ඉතා ආසන්නයේ දී ය. 1933 ජූලියේ ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා වූ සිය කැඳවුම නිකුත් කලේය. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් අවුලුවන ලද්දා වූ එම ක්‍රියාව විසින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ අඛන්ඩත්වය තහවුරු කෙරින.

නගරාධිපති ගුල් සහ ප්‍රින්කිපෝ නගර සභාව මෙම සමරුවට සත්කාරකත්වය සැපයීමට ගත් තීරනය බැරෑරුම් එකකි. නෝර්ත්ගේ වචනවලින් කිවහොත්: 

“මෙම සමරු උත්සවයට සත්කාරකත්වය සැපයීමට ගන්නා ලද තීරනය, ඉතිහාසය කෙරේ, හා ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගත කල තීරනාත්මක සිව් වසර තුල ඉටු කරන ලද විශිෂ්ඨ සහ කල් පවත්නා වැදගත්කමකින් යුත් කර්තව්‍යයන් පිලිබඳව වටහා ගැනීම කෙරේ දැක්වෙන බැරෑරුම් ආකල්පයක් පිලිබිඹු කරයි. 1929 හා 1933 අතර එය සත්‍ය වශයෙන්ම ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පිහිටි දූපතක් ව තිබින. මෙය ප්‍රින්කිපෝවේ සදා සම්භාවනාවට හේතුකාරක වනු ඇති, ප්‍රින්කිපෝ ඉතිහාසයේ විභූතිමත් පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත.”

ට්‍රොට්ස්කිවාදී ප්‍රකාශන තුර්කි බසින් පලකරන මෙරිං යැයින්ජිලික් ආයතනයේ සංස්කාරක උලාෂ් අටෙෂ්චි ලෝසවෙඅ අමතා ප්‍රකාශ කලේ, “සෝවියට් සංගමයෙන් පිටුවාහල් කිරීමෙන් පසු ගත වූ මුල් වසරවල දී මෙම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියාට සත්කාරකත්වය පිරිනැමීමේ වරප්‍රසාදය ලත් ප්‍රින්කිපෝහි පැවැත්වෙන මෙම අනුස්මරන උත්සවය, ජාත්‍යන්තර හා ඓතිහාසික වැදගත් කමකින් යුතු වූවක්” බවයි. “වසර 83 කට ඉහත දී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ස්ටැලින්වාදී නිලධරයේ පරම සතුරෙකු ලෙස ඝාතනයට ලක් වූ ට්‍රොට්ස්කිගේ අදහස්, අර්බුදවලින් සසැලී ගිය හා ලෝක ගෝලීය යුද්ධයක් දිශාවට වේගයෙන් ඇදී යන ලෝකයක වඩවඩාත් වැඩි වැදගත්කමක් අත්පත් කර ගනිමින් පවතී.”         

මහාචාර්ය අල්කන් මෙම සැමරුම මෙහෙයවීම අටෙෂ්චිගේ සාදර පිලිගැනීමට පාත්‍ර වී ඇත. “ශාස්ත්‍රඥයෙකු ලෙස මහාචාර්ය අල්කන් සතුව, දීර්ඝ හා අග්‍රගන්‍ය අභිවෘත්තියක වාර්තාවක් පවතී. වර්තමානයේ ඉස්තාන්බුල් සරසවියෙහි දේශපාලන ඉතිහාසය පිලිබඳ අංශාධිපති වන ඔහු විසින් පල කෙරී ඇති ලිපි සංඛ්‍යාව 300 ක් ඉක්මවා යන අතර, ඔහු ග්‍රන්ථ 20 කට වැඩි සංඛ්‍යාවක් ලියා හෝ සංස්කරනය කොට ඇත. මෙම කෘතීන් අතර, ‘ටන්(z)සිමට් යුගයේ සිට වර්තමානය දක්වා (1839-2014) තුර්කි කම්කරු පන්තියේ ඉතිහාසය’; ‘දාස් කැපිටාල් පල කිරීමේ වසර 150 සංවත්සරය’; ‘1917: රුසියානු විප්ලවය’ සහ ‘ජනරජය: සියවසක පරිනාමය’ යන ග්‍රන්ථ පවතී.  

ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි විසූ මන්දිර අතරින් එකක් තවමත් පවතින නමුදු, එය පවතින්නේ අතිශයින් ජරාවාස වූ තත්ත්වයක ය. මෙම රැස්වීම පැවැත්වීම එහි පූර්න පුනස්ථානයට මඟ හෙලිපෙහෙලි කරනු ඇතැයි යන අපේක්ෂාව නෝර්ත් විසින් පල කෙරී ඇත. “ට්‍රොට්ස්කි ජීවත් වූ නිවෙස ප්‍රධාන ඓතිහාසික ස්ථානයකි,”යි නෝර්ත් ලෝසවෙඅ අමතා පැවසීය. එය එහි පෙර පැවැති තත්ත්වයට ප්‍රතිෂ්ඨාපනය කල යුතු අතර, ඔහුගේ කෘතීන් තවමත් වර්තමාන ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පදනම ලෙස පවතින්නා වූ, 20 වන සියවසේ අනුස්මරනීය පුද්ගල චරිතයක ජීවිතය පිලිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සේවය සැලසීමට එය පවත්වා ගෙන යා යුතුය.”  

විසිවන සියවසේ ද, අද දිනය දක්වා ම ද ඉතිහාසය කෙරේ අතිශය බලගතු බලපෑමක් සිදු කල හා සිදු කරමින් සිටින කේන්ද්‍රීය චරිතයක් වන ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතයේ අතිශය තීරනාත්මක කාල පරිච්ඡේදයක් අලලා පැවැත්වෙන මෙම සමරුව රාජ්‍ය දේශසීමා හා ජාතික සීමා ඉක්මවා යන වැදගත්කමකින් යුතු එකක් වෙයි. ජාතික මට්ටමේ විසඳා ගත නොහැකි අර්බුදයක් සමඟ මුහුනට මුහුන පා පොර බදිමින් සිටින කම්කරු පන්තියට තීරනාත්මක පාඩම් ගෙන එමින්, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම සඳහා ට්‍රොට්ස්කි යෙදීගත් බරපතල අරගලයක සිව් වසරක් සැමරීමේ මේ අවස්ථාව සියලු කම්කරුවන්ට ද, පීඩිතයන්ට ද, තරුන තරුනියන්ට ද මග නොහැරිය හැකි එකකැයි අපි විශ්වාස කරමු. 

හෙට (20) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.30 ට ඇරඹෙන මෙම ප්‍රසිද්ධ සමරු උත්සවය ජාත්‍යන්තර ප්‍රේක්ෂාගාරයකට නැරඹීමට හැකි වන පරිදි සජීවී ලෙස අන්තර්ජාලයේ trotsky.com ඔස්සේ විකාශනය කෙරේ. මෙම රැස්වීමට සහභාගී වන මෙන් ද, https://www.wsws.org/en/special/pages/leon-trotsky-commemoration-prinkipo.html සබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන මෙන් ද අපි theSocialist.LK සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න Read More »

meeting

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න

meeting
විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න [wsws.org/sinhala]

විජේ ඩයස්: ට්‍රොට්ස්කිවාදය සඳහා කැපවූ සටන්කරුවෙක්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා වියෝවි වසරක් ගතවීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා ජූලි 29 සෙනසුරාදා සවස 3 ට කොලඹදී අනුස්මරන රැස්වීමක් පවත්වන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (⁣ලෝසවෙඅ) නිවේදනය කර ඇත.

2022 මැයි පක්ෂ තෙවන සම්මේලන⁣යේ දී සසප සභාපති තනතුරට තේරී පත්වන තෙක්ම, විජේ සහෝදරයා 1987 දෙසැම්බර් පටන් සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් විය.

ලෝසවෙඅ පලකර ඇති එකී රැස්වීම කැඳවුම් කිරීමේ නිවේදනය පහත උපුටා දක්වමු:

“විජේ ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයකට පෙර එනම් 2022 ජූලි 27 වැනි දින උදෑසන, කොලඹදී, හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා වූ සටනේ ප්‍රබල චරිතයක් විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පසුගිය වසරේ සිය ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.”

විජේ සහ කීර්ති බාලසූරිය 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වීමට ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ගත් තීරනයට විරුද්ධ වූ කැපී පෙනෙන තරුනයන් කන්ඩායමක කොටස්කරුවන් විය. ලසසප පාවාදීම කෙරෙහි පැබ්ලෝවාදී අවස්ථාවාදය දරන වගකීම පිලිබඳ හජාජාක විශ්ලේෂනයට ප්‍රතිචාර දක්වමින්, විජේ, බාලසූරිය සහ කන්ඩායමේ අනෙකුත් අය 1968 දී හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා ගත් අතර බාලසූරිය එහි ආරම්භක ප්‍රධාන ලේකම්වරයා විය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව කොලඹ වාර්ගික යුද්ධය සහ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දීය හමුදාව විසින් අත්පත් කර ගැනීම මගින් අවුලුවාලූ දේශපාලන අර්බුදය මධ්‍යයේ, 1987 දී කීර්ති සහෝදරයාගේ අකල් මරනයෙන් පසු විකොසට නායකත්වය දීමේ අභියෝගය විජේ සහෝදරයා භාර ගත්තේය.

කීර්ති සහෝදරයාගේ ඛේදනීය වියෝවේ පාඩුව මකාලීමටත්, කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව තීව්‍ර වන සිවිල් යුද්ධයේ සහ පොලිස්-මිලිටරි හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය දිගටම කරගෙන යාම සඳහා කේඩරය යලි ශක්තිමත් කිරීමටත් විජේ මූලික විය.

විජේ සහෝදරයා මේ තීරනාත්මක කාර්යභාරය අතිවිශාල දේශපාලන ධෛර්යයකින් සහ නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව මියයන තෙක් ම ඉටු කලේය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දිශානතියක් සඳහා ඔහුගේ ස්ථිර සහ සම්මුති විරහිත සටන සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ඔහුගේ අවංකභාවය පක්ෂයේ ඒකාබද්ධතාවය පවත්වා ගෙන යාමට සහ එය ඉදිරියට ගෙන යාමට පක්ෂ කේඩරයට විශාල දිරිගැන්වීමක් විය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ සහ ලොව පුරා පන්ති අරගලවල වර්ධනයේ වත්මන් සන්දර්භය තුල විජේ සහෝදරයාගේ ජීවිතය සහ එහි පාඩම් වල දේශපාලන අදාලත්වය සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස, කම්කරුවන්ට, තරුනයින්ට, සිසුන්ට, ලෝසවෙඅ පාඨකයින්ට සහ ධනේශ්වර පීඩනයට එරෙහි සියලුම සටන්කරුවන් ට, අපි සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.”

මෙම කැඳවුම අනුව, මෙම ට්‍රොට්ස්කිවාදී  විප්ලවවාදියා වෙනුවෙන් පැවැත්වෙන ⁣⁣රැස්වීමට සහභාගි වන ලෙස අපි, ද-සෝෂලිස්ට්.LK, අප⁣ගේ පාඨකයන්⁣ගෙන් ඉල්ලා සිටිමු. 

රැස්වීමේ දිනය සහ වේලාව: ජූලි 29 සෙනසුරාදා, ප.ව. 3.00

ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරය, කොලඹ 7

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න Read More »

Scroll to Top