News

Navy

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 7,000 ඉක්මවෙද් දී, ඉරානයට එරෙහි තර්ජනයක් ලෙස එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා වැඩි කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘As Gaza death toll tops 7000, US surges troops to Middle East in threat against Iran’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

දශක ගනනාවක් තුල කලාපයේ විශාලතම එක්සත් ජනපද නාවික ගොඩ නැගීම මධ්‍යයේ, එක්සත් ජනපදය ඉරානයට එරෙහි ප්‍රකට තර්ජනයක් ලෙස මැදපෙරදිගට හමුදා, යුධ නැව් සහ ගුවන් යානා නොකඩවා ගෙන යමින් සිටී. ගාසා තීරයේ නවාතැන් ගන්නා සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය සිය නොනවතින ගුවන් ප්‍රහාර දිගටම කරගෙන යයි. එක්සත් ජනපද මිලිටරි තීව්‍රතාවය සිදු වන අතර තුර, පලස්තීනුවන්ට එරෙහි එහි ජන සංහාරයේ මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා ගොස් ඇත. 

Navy
යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් නෞකාව 2023 ඔක්තෝම්බර් 11 වන දින නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ඉන්ධන සැපයීමේදී යූඑස්එන්එස් ලරිමී (USNS Laramie) සමඟ යාත්‍රා කරයි . ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම දැනට , ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ, ක්‍රියාත්මක වේ.[Photo: Navy Petty Officer 2nd Class Jacob Mattingly ]

බ්‍රහස්පතින්දා පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් නිවේදනය කළේ,  ඔක්තෝබර් 7 , හමාස් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු කලාපයට යවා ඇති නාවිකයින්, ගුවන් භටයින් සහ සොල්දාදුවන් 10,000කට අධික සංඛ්‍යාවක් සමග තවත් එක්සත් ජනපද භටයන් 900ක් යොදවා ඇති බව හෝ මැද පෙරදිගට යොදවමින් සිටින  බවයි.

බදාදා, බයිඩන් ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිට ප්‍රසිද්ධියේ තර්ජනය කළේය, “අයතුල්ලාට මගේ අනතුරු ඇඟවීම වූයේ ඔවුන් එම හමුදාවලට එරෙහිව දිගටම කටයුතු කරන්නේ නම්, අපි ප්‍රතිචාර දක්වන බවයි. ඒ වගේම, ඒ සදහා , ඔහු සූදානම් විය යුතුයි. ” අඟහරුවාදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තර්ජනය කලේ, “ඉරානය හෝ එහි ප්‍රොක්සිවරුන් එක්සත් ජනපද නිලධාරීන්ට කොතැනක හෝ ප්‍රහාර එල්ල කරන්නේ නම්, වැරදීමකින් තොරව. අපි අපේ ජනතාව ආරක්ෂා කරන්නෙමු.” යන්නයි.

බ්‍රහස්පතින්දා එක්සත් ජනපද නිලධාරීන් කියා සිටියේ එක්සත් ජනපද හමුදා ඉරාකයේදී 12 වතාවක් සහ සිරියාවේදී හතර වතාවක් ප්‍රහාරයට ලක් වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් 21 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය විසින් මැද පෙරදිග පුරා දේශපාලන බලවේග වල විශාල පරාසයක් ඉරාන ප්‍රොක්සීන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසි යටතේ,මෙම චෝදනා සහගත එල්ල වූ ප්‍රහාර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයක් සඳහා සෘජු යුක්ති සහගත වීමක්  ලෙස සේවය කළ හැකිය.  

බදාදා, විශ්‍රාමික ජෙනරාල් ජෝසෆ් වොටෙල්, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ලෙස අවසන් තනතුර දැරූ අතර, චෝදනා එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහිව මිලිටරි බලය භාවිතා කරන ලෙස බයිඩන් ගෙන් ඉල්ලා සිටියේය. “අපි එය කළ යුතුයි,” වොටෙල් පැවසීය. “මම හිතන්නේ අපි දැන් බොහෝ විට ,  අපට එය කළ හැකි තත්වයක සිටින අතර, අපි එය කළ යුතුයි.” ඔහු තවදුරටත් පැවසුවේ, “අපගේ හමුදාවන්ට එල්ල වන මෙම තර්ජනවලට අපට වඩාත් සෘජුව ප්‍රතිචාර දැක්විය හැක.” යන්නයි.

මේ අතර, බ්‍රහස්පතින්දා , ඉරානයේ විදේශ අමාත්‍යවරයා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අනතුරු ඇඟවූයේ , ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරය දිගටම පැවතුනහොත් ඉරානය එක්සත් ජනපදය සමඟ යුද්ධයකට ඇද වැටෙනු ඇති බවයි.

“දැන් පලස්තීනයේ ජන සංහාරය කළමනාකරණය කරන ඇමරිකානු රාජ්‍ය නායකයින්ට මම අවංකවම කියමි, කලාපය තුළ යුද්ධය ව්‍යාප්ත කිරීම අප පිළිගන්නේ නැත. නමුත් ගාසා තීරයේ ජන සංහාරය දිගටම පැවතුනහොත් ඔවුන් මෙම ගින්නෙන් ගැලවෙන්නේ නැත.” යනුවෙන්, බ්‍රහස්පතින්දා, හොසේන් අමිරබ්දොල්ලාහියන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අනතුරු ඇඟවීය.

එක්සත් ජනපද නාවික හමුදාවේ නිල ප්‍රකාශනය වන USNI නිවුස් බ්‍රහස්පතින්දා මෙසේ ලිවීය, “අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සහ මැද පෙරදිග එක්සත් ජනපද නාවික හමුදාවන්ට සම්බන්ධ වීමට අත්ලාන්තික් සාගරය හරහා අඩකටත් වඩා ගමන් කර ඇත.” එය තවදුරටත්, “ඉදිරි දින කිහිපය තුළ, ගුවන් යානා ප්‍රවාහන  නෞකාව සහ එහි පරිවාර නෞකා ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපේක්ෂා කෙරේ.” අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන  නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායමට, ආර්ලී බර්ක් පන්තියේ ඩිස්ට්‍රෝයර් (Destroyer)  නෞකා දෙකක්, ටයිකොන්ඩෙරෝගා පන්තියේ නියමු-මිසයිල (guided-missile) කෲසර් නෞකාවක් මෙන්ම එහි ගුවන් යානා බලකාය ද ඇතුළත් වේ.

මේ අතර, ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායම ,  ඊශ්‍රායලය පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට සහාය ලබා දෙමින් මධ්‍යධරණී මුහුදේ ස්ථානගතව සිටී.  “මුලදී ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම  සමග එක්ව ක්‍රියා කිරීමට පැවරී තිබූ අතර, අයික් [අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම] ඒ වෙනුවට මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කොට සූවස් ඇල හරහා මැද පෙරදිගට ගොස් එක්සත් ජනපදයේ 5 වන බලඇණිය තුළ ක්‍රියාත්මක වනු ඇත.” යනුවෙන් USNI ලිවීය.

කෙසේ වෙතත්, අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායමේ සැබෑ ගමනාන්තය පර්සියානු ගල්ෆ් කලාපය විය හැකි බව Haaretz  පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ , ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි]   අනුමාන කළේය.

එය , දැනට , ඒඩන් බොක්කෙහි ඇති සහ රතු මුහුදට ළඟා වෙමින් තිබෙන , ඵලදායි ලෙස කුඩා ,එක්සත් ජනපද උභය වාහක යුද නැව් දෙකක් වන යූඑස්එස් බටාන් (USS Bataan) සහ යූඑස්එස් කාටර් හෝල්  ( USS Carter Hall ) සමඟ ක්‍රියාත්මක වනු ඇත. තවත් උභය ප්‍රහාරක නෞකාවක් වන යූඑස්එස් මෙසා වර්ඩේ (USS Mesa Verde ) පසුගිය සතියේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදට පැමිණියේය.

අද්මිරාල් ජේම්ස් ෆෝගෝගේ කියමන ” “1993 සිට මේ ප්‍රදේශයේ යෙදවූ අපේ විශාලතම නොකා සංඛ්‍යාව විය හැකිය,” උපුටා දක්වමින්, USNI ප්‍රවෘත්ති වාර්තා කළේ, “මේ නැව් එකතුව දශක කිහිපයක් තුල සිදු කල කලාපයේ විශාලතම එක්සත් ජනපද නැව් සමූහය වනු ඇති” බවයි,

මෙම දැවැන්ත එක්සත් ජනපද ආමඩාව ප්‍රංශ මිස්ට්‍රල් පන්තියේ උභය යුධ නෞකාවක් වන ටුනඅර් (Tonnerre) සහ තවත් ප්‍රංශ මාර්ගෝපදේශ-මිසයිල යාත්‍රා දෙකක් සමඟ සම්බන්ධ වේ. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ද යුද නෞකා දෙකක්  කලාපයට යවා ඇත.

බ්‍රහස්පතින්දා Haaretz වාර්තා කලේ, “පසුගිය සති දෙක තුල, එක්සත් ජනපද හා ඊශ්‍රායල ආරක්ෂක ආයතන විසින් රඳවාගෙන සිටින සිවිල් ගුවන් යානා දුසිම් ගනනකට අමතරව, එක්සත් ජනපද මිලිටරි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 80කට ආසන්න ප්‍රමාණයක් කලාපයට ගොඩබස්වා ඇත.” යන්නයි.

මෙම ඊශ්‍රායල පුවත්පත තවදුරටත් මෙසේ පැවසීය: “නැගෙනහිර මධ්‍යධරණී මුහුද පුරා හමුදා, උපකරණ සහ ආයුධ යෙදවීම සඳහා ඊටත් වඩා විශාල එක්සත් ජනපද හමුදා ප්‍රවාහන ගුවන් යානා භාවිතා කරන බව විවෘත මූලාශ්‍ර තොරතුරු හෙළි කරයි. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සැපයුම් ගබඩාවලින් පිටත් වූ බර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අටක් ජෝර්දාන කඳවුරකට ගොඩ බස්වා ඇති බව ඔවුහු පෙන්වා දෙති. F-15E බෝම්බ ප්‍රහාරක යනා  සහ A-10 ප්‍රහාරක ගුවන් යානා වල එක්සත් ජනපද ප්‍රහාරක බලඝණ දෙකක් ද ෆ්ලොරිඩාවේ විශේෂ බලකායන් මෙන් කඳවුරේ යොදවා ඇත.”

ඔක්තෝබර් 16දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවීය, “යුධ නෞකා දුසිමකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිගට යවා ඇත්තේ නාවික හමුදාවක් නොමැති හමාස් සංවිධානයට තර්ජනය කිරීමට පමණක් නොවේ. එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධය ද ඇතුලුව මැද පෙරදිග වඩාත් පුලුල් ගැටුමකට සූදානම් වෙමින් සිටී.” එහි තවදුරටත් සදහන් වූයේ , “රුසියාව සමග එක්සත් ජනපදයේ යුද්ධයේ මැද පෙරදිග පෙරමුණ සහ චීනයට එරෙහි යුද සැලසුම් ලෙස ඉරානය සමග යුද්ධයක් සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට එක්සත් ජනපදය වර්තමාන අර්බුදය භාවිතා කරයි.” යන්නයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද තර්ජන සීඝ්‍රයෙන් උත්සන්න වීම සිදු වන්නේ 

ඊශ්‍රායලයේ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ අරමුන වන, ගාසා තීරය ජනවාර්ගික පවිත්‍ර කිරීම සහ පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම නාටකාකාර ලෙස තීව්‍ර වීම මධ්‍යයේ ය.

බදාදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් , ඊශ්‍රායලය “පලස්තීන ජනතාවට සාමූහික දඬුවම්” ක්‍රියාත්මක කරන බවට චෝදනා කළේය.

ඊළඟ දවසේ, එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් අනතුරු ඇඟවූයේ, “දින 20 ක් පුරා, ගාසා තීරයේ , ආරක්ෂිත යැයි කියනු ලබන ප්‍රදේශවල පවා , දැඩි බෝම්බ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර වඩාත් නරක අතට හැරෙමින් පවතී, …මනුෂ්‍ය කොටසකගේ හුදු අයිතිවාසිකම් සපුරාලීමට ලෝකයම අසමත් වේ. යුද්ධයේ නීති පැහැදිලිය: සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු අතර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෑ තිබිය යුතුය.”

බදාදා, ජාත්‍යන්තර පුණ්‍යායතනය වන ඔක්ස්ෆෑම් ඊශ්‍රායලය මහා සාගින්න “යුද්ධ අවියක්” ලෙස භාවිතා කිරීම හෙළා දුටුවේය.

ඔක්ස්ෆැම් හි මැදපෙරදිග කලාපීය අධ්‍යක්ෂ සැලී අබි කලීල් පැවසුවේ, “තත්වයෙහි භයානක දෙයක් අඩු නැත – මනුෂ්‍යත්වය කොහිද? මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසකට ලෝකයට පෙනෙන පරිදි සාමූහිකව දඬුවම් කරනු ලැබන අතර, කුසගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ නොහැක.” යන්නයි.

හමාස් විසින් මෙහෙයවනු ලබන හෙයින් , සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තා කරන ලද ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව, බදාදා , ජනාධිපති ජෝ බයිඩන් විසින්  ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, ඒජන්සිය විසින් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ හැඳුනුම්පත් අංකය සමඟ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර වලින් , මේ දක්වා මිය ගිය   6,747 දෙනෙකුගේ ලැයිස්තුවක් නිකුත් කළේය.  හඳුනාගැනීමට නොහැකි වූ තවත් සිරුරු 281ක් සොයාගෙන ඇති අතර, ඒ අනුව මුළු මළ සිරුරු සංඛ්‍යාව 7,028 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි. ඉන් 2,931 ක් ළමයින් ය.

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 7,000 ඉක්මවෙද් දී, ඉරානයට එරෙහි තර්ජනයක් ලෙස එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා වැඩි කරයි Read More »

Journalist

ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම වාර්තා කිරීම නිසා, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම හා වාරණය කරයි

කැත්ලීන් මාර්ටින් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘Israel targeting, censoring journalists for covering assault on Gaza’ යන  කැත්ලීන් මාර්ටින් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

බදාදා,  දකුණු ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා හි ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් අල්-ඩහ්ඩෝගේ පවුල ඉලක්ක කර මරා දමන ලදී. ඩහ්ඩෝහ් ගේ පවුලේ වින්දිතයන් අතර ඔහුගේ බිරිඳ, ඔහුගේ උසස් පාසල් වයසේ පුතා, හත් හැවිරිදි දියණිය සහ මුනුපුරා ඇතුළත් වේ. ඩහ්ඩෝහ් පවුලේ සාමාජිකයින් 12 දෙනෙකු මිය ගොස් ඇත. ඔවුන්ගෙන් නව දෙනෙකු ළමුන් වන අතර අනෙක් අය තවමත් අතුරුදහන් වී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරේ සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස ඉල්ලා පත්‍රිකා හෙළීමෙන් පසු, ගාසා තීරයේ දකුණට පලා ගිය ඔහුගේ පවුල කඳවුරේ රැඳී සිටියේය. බෝම්බ ප්‍රහාරය දිගටම ආවරණය කිරීමට ඩහ්ඩෝහ් පිටුපසින් සිටියේය. අල් ජසීරා පුවත් සේවයෙහි වලිඩ් අල්-ඔමරි පුවත්පත්වලට පැවසුවේ මෙම ඝාතන ඊශ්‍රායලය “පලස්තීනුවන් නිර්දය ලෙස ඉලක්ක කිරීමේ” කොටසක් බවත්, ඩහ්ඩෝහ් ගේ පවුල ඉවත් වී තිබියදීත්, “ඊශ්‍රායල් හමුදාව ඔවුන්ව ඉලක්ක කළ බවත් ,  ගාසා තීරයේ එකම ආරක්ෂිත කලාපයක් නොමැති බවට මෙය සාක්ෂියක් ” බවත්ය.

අල් ජසීරා, මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල් ඉලක්ක කිරීම හෙළා දකිමින්ද,“ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී සිවිල් වැසියන්ට එරෙහි මෙම ප්‍රහාර අවසන් කිරීම හා එමගින් අහිංසක ජීවිත ආරක්ෂා කිරීම දිරිගන්වමින්ද ” ප්‍රකාශයක් නිකුත් කලේය.

ඩහ්ඩෝහ් ගේ පවුලේ ඝාතනයට, සති දෙකකට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් පලස්තීනයේ සංහාරය පිලිබඳ රජය සතු පුවත් ජාලයේ ආවරණයෙහි “තානය අඩු කරන ලෙස” කටාරයෙන් ඉල්ලා සිටි බවට සඳුදා වාර්තා පළ විය.

 ඇක්සියෝස් පුවත් වාර්තා කළේ බ්ලින්කන් සමඟ රැස්වීමකට සහභාගී වූ මූලාශ්‍ර තුනක් “ඊශ්‍රායල් විරෝධී උසිගැන්වීම්වලින් පිරී ඇති නිසා අල් ජසීරා ආවරණයේ ශබ්දය අඩු කරන ලෙස කටාර් වැසියන්ගෙන් ඉල්ලා සිටි” බවයි.

ඊශ්‍රායලයේ සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාරී විසින් පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ දැවැන්ත ජනප්‍රිය නොවන ප්‍රහාරයට එරෙහි විරෝධය මැඩපැවැත්වීමට , හදිසි රෙගුලාසි හරහා දැඩි වාරණ පියවරයන් ගැනීම සඳහා තල්ලු වෙමින් සිටී. “අල් ජසීරා හි විකාශන සහ වාර්තා ඊශ්‍රායලයට එරෙහිව උසිගැන්වීම්, හමාස්-අයිඑස්අයිඑස් සහ ත්‍රස්තවාදී සංවිධානවලට ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා උපකාර කිරීම සහ ඊශ්‍රායලයට එරෙහි ප්‍රචණ්ඩත්වය දිරිමත් කිරීම” ආදිය එහි  ඇතුළත් බව ඔහු පැවසීය.

“සන්නිවේදනය හරහා සතුරාට ආධාර සීමා කිරීම” යන මාතෘකාවෙන් යුත් හදිසි නීති රෙගුලාසි කෙටුම්පතට අනුව “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් යැයි සලකන ඕනෑම මාධ්‍ය ආයතනයක් වසා දැමිය හැක. ඔක්තෝබර් 20 වන දින ඊශ්‍රායල රජය මෙම රෙගුලාසි වලට අත්සන් තැබීය. ඊළඟ ආරක්ෂක කැබිනට් රැස්වීමේදී ඊශ්‍රායලයේ අල් ජසීරා හි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම වසා දැමීම සඳහා විධිමත් යෝජනාවක් ගෙන එන බව කාර්  නිවේදනය කළේය.

Haaretz පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ, ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි]  ට අනුව,අල් ජසීරා සීමා කිරීමේ ප්‍රකාශිත අරමුණට ප්‍රතිවිරුද්ධව, මෙම හදිසි රෙගුලාසි “සාමාන්‍ය මහජනතාවට සහ මාධ්‍ය දෙකටම මෙන්ම දේශීය සහ විදේශීය මාධ්‍ය දෙකටම අදාළ වේ. සත්‍ය වශයෙන්ම නිවැරදි ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීමේ දී ද අමාත්‍යවරයාගේ අභිමතයට එය යටත්  වනු ඇත… මෙම කෙටුම්පතෙහි ‘සන්නිවේදනය හරහා සතුරාට උපකාර කිරීම’ ලෙස අර්ථ දක්වා ඇති දෙයෙහි අඩංගු වන්නේ,  ‘ඊශ්‍රායලයේ සොල්දාදුවන් සහ නිවැසියන්ගේ චිත්ත ධෛර්යය සතුරා ඉදිරියේ අඩපණ කරන’ තොරතුරු බෙදා හැරීම හෝ සතුරාගේ ප්‍රචාරක පණිවිඩ, හෝ ‘ඊශ්‍රායලයට , එහි වැසියන්ට හෝ යුදෙව්වන්ට එරෙහි යුද්ධයේදී සතුරාට උපකාර කරන’ තොරතුරු ඇතුළු ‘සතුරු ප්‍රචාරණය සඳහා පදනමක් ලෙස ක්‍රියා කරන තොරතුරු, පැතිරීමයි.”

එය ඊශ්‍රායලයේ “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්” සමඟ ගැටෙන බැවින් රජයේ නීති උපදේශකයාට එය අනුමත කිරීමට “නොහැකි” බව එම ලිපියේම පසු ප්‍රකාශනය සටහන් කරයි.

පලස්තීනුවන්ට එරෙහිව IDF විසින් සිදු කරන ලද අපරාධ වසන් කිරීමට සහ සුදු හුනු ගෑමේ උත්සාහයේ දී මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ වාරනය කිරීම ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ දිගුකාලීන ප්‍රතිපත්තියකි.

2022 මැයි මාසයේදී, අල් ජසීරා මාධ්‍යවේදිනිය වූ ශිරීන් අබු අක්ලේ බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ වැටලීමක් ආවරණය කරමින් සිටියදී  IDF විසින් ඇයව ඉලක්ක කර වෙඩි තබා මරා දමන ලදී. ඇගේ ඝාතනය පලස්තීනුවන් කුරිරු ලෙස මර්දනය කිරීම පිළිබඳ වෛෂයික වාර්තාකරණය වැළැක්වීමේ විවෘත උත්සාහයක් වූ අතර එය දැන් විවෘත ජන සංහාරයක් දක්වා වර්ධනය වී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය වාර්තා කරන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ ලියන මොහොත වන විට අවම වශයෙන් මාධ්‍යවේදීන් 23 දෙනෙකු ඝාතනය කර ඇති බවයි. තවත් දුසිම් ගනනක් තුවාල ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇත. මාධ්‍යවේදීන්ගේ නිවෙස් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන්ගේ මරණ, තුවාල සහ අතුරුදන් වූවන්ට අමතරව මාධ්‍ය ආයතන 50කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර බටහිර ඉවුරේ තවත් මාධ්‍යවේදීන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊජිප්තු මාධ්‍යවේදීන්ගේ සංගමය වාර්තා කරයි.

Journalist
පලස්තීන මාධ්‍යවේදියෙක් 2023 ඔක්. 22 ඉරිදා, ගාසා තීරයේ ඩීර් එල්-බාලාහි රෝහලක දී , නුසෙයිරාත් සරණාගත කඳවුරේ පිහිටි ඇගේ පවුලේ නිවසට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලැබූ තම ලේලිය සනසයි [AP Photo/Ali Mahmoud]

බදාදා රාත්‍රියේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන සයීඩ් අල්-හලාබි සහ මොහොමඩ් ලබාඩ්  ඉලක්කගත ප්‍රහාරයකින් මිය ගියහ. පලස්තීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ (PJS) මාධ්‍ය නිවේදනයකට අනුව, ” ඊශ්‍රායල ආක්‍රමණික හමුදාව දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ නිවාස ඉලක්ක කර ගත් අතර එහිදී මාධ්‍යවේදී සයිඩ් අල්-හලාබිගේ නිවසට බෝම්බ හෙලීම ඔහුගේ දිවි පිදුමට හේතු විය. “

සයීඩ් අල්-හලාබි , අල්-අක්සා රූපවාහිනියේ සේවය කළ අතර ගාසා තීරයට උතුරින් පිහිටි ජබාලියා හි පිහිටි ඔහුගේ නිවසේදී ඝාතනය කරන ලදී. ගාසා නගරයේ ෂෙයික් රඩ්වාන් ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල සිදුවූ පිපිරීමකින් මොහොමඩ් ලබාඩ්  මිය ගියේය.

ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 8.7කට අධික අනුගාමිකයින් සිටින පලස්තීනයේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන මෝටාස් අසෙයිසා, “නීති කඩ කිරීම” හේතුවෙන් මේ සතියේ ඔහුගේ X/Twitter ගිණුම වසා දමා ඇත. IDF බෝම්බයකින් නේවාසික ගොඩනැගිලි විනාශ කිරීමෙන් පසු නටබුන් සහ සුන්බුන් පෙන්වමින් ඔක්තෝබර් 13 වන දින , මෙම  මාධ්‍යවේදියාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කරන ලද ව්‍යසනකාරී දසුන් ඇතුළත් වීඩියෝවකින් පසුව, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අත්හිටුවන ලද අතර දින කිහිපයක් ගත වුවද  නැවත ස්ථාපිත කර නොමැත. ඔහුගේ X/Twitter ගිණුම දැනට අත්හිටුවා ඇත. 

පලස්තීනයේ විනාශය සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම පෙන්නුම් කරන පළ කිරීම් ත්‍රස්තවාදයට සහය දැක්වීමට සමාන වන බවත්, එබැවින් ඒවාට ඉඩ නොදෙන බවත්, වාරණයක්  පවතින බව නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද ප්‍රකාශයක් ඔක්තෝබර් 18 වැනිදා නිිකුත් කරන ලදී. “උදාහරණයක් ලෙස, අනතුරුදායක සංවිධානයක් ලෙස මෙටා විසින් නම් කරන ලද හමාස් සඳහා ප්‍රශංසාව අඩංගු අන්තර්ගතය හෝ ප්‍රචණ්ඩකාරී සහ ග්‍රැෆික් අන්තර්ගතයන්,  අපගේ වේදිකාවල ඉඩ නොමැත ” එය පවසයි.

ඔක්තෝබර් 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද මුල් ප්‍රකාශයේ භාෂාව,, ඔක්තෝබර් 7 හමාස් “ත්‍රස්තවාදී ප්‍රහාරය” මත ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් දොස් පවරයි.

“හමාස් සංවිධානයේ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බොහෝ දෙනෙක් මෙන්ම අපිත් කම්පනයට සහ භීතියට පත් වූ අතර,ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය දිගට ම දිග හැරෙන විට  අපගේ  සහානුකම්පාව දුක් විඳිමින් සිටින සිවිල් වැසියන් වෙත යොමු වේ” යනුවෙන් එහි කියවේ. “සෙනසුරාදා හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ප්‍රතිචාරයේ සිට, අපගේ සමාගම පුරා සිටින විශේෂඥ කණ්ඩායම් අපගේ වේදිකා නිරීක්ෂණය කිරීමට පැය 24 පුරාම ක්‍රියා කරමින් සිටින අතර, භූමිය තුළ සිදුවෙමින් පවතින වැදගත් වර්ධනයන් පිළිබඳව ආලෝකය විහිදුවීම සඳහා අපගේ යෙදුම් ( apps ) භාවිතා කිරීමට මිනිසුන්ට ඇති හැකියාව ආරක්ෂා කරයි.”

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් දැවැන්ත ජාත්‍යන්තර කෝපය පාලක පන්තියේ සහ එහි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල පාලනයෙන් ඔබ්බට ගොස් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා නොමැති වුවද බෝම්බ ප්‍රහාර සහ මරණ සහ ඊට එරෙහි විරෝධතාවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවල පුළුල් ලෙස බෙදා හැර ඇත.

“සමුලඝාතක ජෝ” යන හැෂ් ටැගය X/Twitter හි ප්‍රවණතාවක් (trending) වී ඇත්තේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් නෙතන්යාහුව විවෘතව සිප වැලඳගැනීමෙන් සහ යුක්‍රේනයේ සහ මැදපෙරදිග යුද ප්‍රයත්නයන් උත්සන්න කිරීමට ඩොලර් බිලියන 105 ක් ඉල්ලා සිටීමෙන් අනතුරුව සහ කම්කරුවන් හා තරුනයන් Azaiza වැනි ගිණුම් වලින් පලස්තීනය තත්ත්වය පිලිබද යථාර්ථය , ත්‍රාසයෙන් හා පිළිකුලෙන්, යුතුව දැක ගැනීමෙනි. 

ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම වාර්තා කිරීම නිසා, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම හා වාරණය කරයි Read More »

Kassapa

විදුලිබිල වැඩිකිරීමට එරෙහි පා ගමන නවතා දමා උද්ඝෝෂකයන් හයක් අත්අඩංගුවට ගනී

කොක්‍රික වෙනුවෙන් පී.ජී.පුන්‍යවර්ධන විසිනි.

විදුලි බිල යලිත් වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වා නොවැ. 01 දින උදේ 8.30ට ආරම්භ කර, දිවුලපිටිය නගරයේ සිට කොළඹ දක්වා පා ගමනින් යාම සඳහා සංවිධානය කර තිබූ විරෝධතාවයකට අවහිර කල පොලිසිය එහි සංවිධායකවරුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.. 

ආරම්භක අවස්ථාවේ සිට ම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් උද්ඝෝෂනය වැලක්වීමට යොදවා තිබුනි. පොලීසියේ බාධා නොතකා සටන් පුවරු රැගත් දෙසීයකට ආසන්න පිරිසක් සටන්පාඨ කියමින් ඉදිරියට යාමට උත්සාහ කල අතර, ඔවුන් දිවුලපිටිය නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමන යන විට, හොරගස්මුල්ල ගම්මානයේ වෙල්යායේ දී පොලිස් මාර්ග බාධක යොදා පා ගමන නතර කෙරුනි. එහි දී, මතු වූ බරපතල විරෝධය හමුවේ, කුප්‍රුට වර්ගවාදී බෞද්ධ භික්ෂුවක් ඇතුලු එහි සංවිධායක වරුන් හයදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර විරෝධතා පා ගමන විසුරුවා හරින ලදී. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ. පසුව අත්අඩංගුවට ගැනුනු හයදෙනා මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදා හැරුනි.

Kassapa
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ. BBC

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නායකත්වයෙන් දැන් පවතින ආණ්ඩුව මෙම වසරතුල තෙවැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති අතර, එම වැඩිකිරීමත් සමඟ විදුලි බිල පසුගිය වසරට සාපේක්ෂව 480%කින් ඉහළ ගොස් ඇත. මෙම තත්වය ගැන මහජනතාවගේ බරපතල විරෝධය රට පුරා ඉස්මත්තට පැමිනෙමින් පවතී. පසුගිය දිනවල රටපුරා විවිධ නගරවල පන්දම් දල්වා ගනිමින් පැවැති උද්ඝෝෂන රාශියක් මඟින් එය ප්‍රකාශයට පත් විය.

කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙසේ මෙකී පා ගමන බලහත්කාරය යොදා කඩා කප්පල් කිරීම සහ, එහි සංවිධායකයන්ගේ ප්‍රතිගාමී දේශපාලනයට කිසිදු සමාවක් නොදීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකියි. විදුලි බිල දැවැන්ත ලෙස ඉහල දැමීම ද ඇතුලුව කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ජීවන තත්ත්වයන් මත පොරෝ පහර එල්ල කිරීමට වික්‍රමසිංහගේ ධනපති ආන්ඩුව ඉදිරියට පැමින ඇත්තේ ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින මාරක අර්බුදයේ බර මුලුමනින් කම්කරු පීඩිත ජනයාගේ උර මත පැටවීමේ IMF යෝජනා ක්‍රියාවට දැමීම් ලෙස ය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමස්ත ආන්ඩුවත්, ධනපති රාජ්‍යයේ මර්දන උපකරන සියල්ලත් මේ වැඩ පිලිවෙල ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට සැදී පැහැදී පෙල ගැසී සිටින තතු තුල, මෙම විරෝධතා ව්‍යාපාරවල සංවිධායකයන් තැත් කරමින් සිටින්නේ එකී රාජ්‍ය යාන්ත්‍රනයේ ක්‍රියා කලාපයට එරෙහිව එහි ම ප්‍රධාන විධායකයා වන ජනාධිපති වික්‍රමසිංහට පැමිනිලි කිරීමේ වඳ පිලිවෙතකට ය. එය, මෙම ප්‍රහාරයේ ප්‍රධාන විධායකය වන ජනාධිපති ධුරයට අපක්ෂපාතී තීරකයෙකුගේ සලුපිලි අන්දවා එය පිලිබඳ මාරාන්තික මිත්‍යාවක් කම්කරුවන්ට හා පීඩිතයන්ට ගිල්ලවීමේ ද්‍රෝහී පිලිවෙතකි. 

කප්පාදුවට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පීඩිත ජනතාව, තරුනයින් හා ශිෂ්‍යයින්   අත්අඩංගුවට ගැනීමට එරෙහිව කාර්මික බලය ඒකාබද්ධ කරමින් සටන් කරන ලෙස කොක්‍රික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එකී අරගලයේ දී, එම ප්‍රහාරවලට එරෙහිව, ඒවායේ ප්‍රධාන අන දෙන නිලධාරියාට හා එකී ප්‍රහාරය ක්‍රියාවට නංවන ධනපති රාජ්‍ය තන්ත්‍රයේ ඒ හෝ මේ ආයතනයට ආයාචනා කිරීමේ මර උගුලෙන් ප්‍රවේශම් වීමට කම්කරුවන් වග බලා ගත යුතුය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ධනපති මූල්‍ය ආධිපත්‍යය කොලඹ ආන්ඩුව යොදා ගනිමින් කම්කරුවන්ගේ ජීවිතවලට හා අයිතීන්ට එරෙහිව මුදා හැර ඇති තිරිසන් ප්‍රහාරවලට මුහුන දීමේ එකම ක්‍රමය වන්නේ ඉහත ආකාරයේ මර උගුල් අටවන සමිති සංගම් නායකත්වයන්ගෙන් හා හොරිකඩ වර්ගවාදී නඩවලින් බැහැරව, ඒවායින් ස්වාධීන වෙමින්, තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, කම්කරු පන්තියේ විසඳුමක් විස්තාරනය කර ගැනීමේ විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. කොලඹ ක්‍රියාකාරී කමිටුව කම්කරු පීඩිත ඔබට ආරාධනා කරන්නේ ඒ සඳහා පෙල ගැසෙන ලෙසය.

විදුලිබිල වැඩිකිරීමට එරෙහි පා ගමන නවතා දමා උද්ඝෝෂකයන් හයක් අත්අඩංගුවට ගනී Read More »

Biden

බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක  මුදල්  ඉල්ලයි

පැට්‍රික් මාර්ටින් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ Biden demands $100 billion for wars in Ukraine, Israel and planned conflict with Iran and China’ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් කල කතාව, යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය පුලුල් කිරීමට සහ ගාසා තීරයට එරෙjහි ඊශ්‍රායල ආක්‍රමනකාරීත්වයට සහ පලස්තීන ජනතා මර්දනයට තවත් බිලියන ගනන් මුදල් වත් කිරීම පිනිස, විශාල නව මිලිටරි වියදම් සඳහා වූ ඉල්ලීමකි.

Biden
ජනාධිපති ජෝ බයිඩන් 2023 ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ඊශ්‍රායලයේ සහ යුක්රේනයේ යුද්ධය ගැන කතා කරයි. [AP ඡායාරූපය/ජොනතන් අර්නස්ට්]

බයිඩන් ගේ කතාව , එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කිසිවෙකුට ඒත්තු ගැන්වීමට හෝ  තාර්කිකව පැහැදිලි කිරීමට ගත් බැරෑරුම් උත්සාහයක් නොවීය. එය එකකට පසුව  එකක්  ලෙස ගැටගැහුනු  අසම්බන්ධිත වාක්‍ය මාලාවකින් සමන්විත වූ අතර, කිසිදු සංගත තර්කයකින් ඒවා එකට බැඳී නොතිබුනි. බයිඩන්, වෛෂයිකව, අංශු මාත්‍රයක්වත් තේරුමක් නැති, හමාස් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමාන්තරයක් ගෙනහැර පෑවේය.

එහෙත් ඔහු කතාව කරගෙන යෑමේදී පැහැදිලි වුයේ, කතාවේ ප්‍රධාන අරමුන වූයේ, එහි ගිම්හාන ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් පසුව සෙලෙන්ස්කි ආන්ඩුවට මුක්කු ගැසීමට “යුක්රේනයේ යුද්ධය උදෙසා දැවැන්ත වියදම් පනතක්” ලබා ගැනීම සඳහා “ගාසාවේ යුද්ධය උපයෝගී කර ගැනීම” බව විය. 

ඇත්ත වශයෙන්ම, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත්තේ බයිඩන් කතාවේ යෝජනා කරන ලද ඩොලර් බිලියන 100 වියදම් බිල්පතෙන් ඩොලර් බිලියන 60ක් රුසියාවට එරෙහිව යුක්රේනයේ යුද්ධයට යන බවයි. මෙම අගය , බිඩෙන්ගේ අගෝස්තු මාසයේ ඩොලර් බිලියන 24 ක මූලික ඉල්ලීම දෙගුනයකටත් වඩා වැඩිය. ඉන් ඩොලර් බිලියන 14 ක් පමන ඊශ්‍රායලයට යැවීමට නියමිතය.

එහි නන්නත්තාර හා ආකූල ස්වභාවය තිබියදීත්, කතාවේ ප්‍රධාන අර්ථය පැහැදිලිය: ඇමරිකාව ගෝලීය යුද්ධය කරා වේගවත් ධාවනයක යෙදී  සිටින අතර, ඊනියා “අනදෙන නිලධාරියා” වන එක්සත් ජනපදයේ ජනාධිපති අතිරේක අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 100ක් ඉල්ලා සිටින්නේ, සියලුම මිලිටරි වියදම් සඳහා දැනටමත් යෝජනා කර ඇති ඩොලර් ට්‍රිලියන 1 ට ඉහලින්, මෙම මිලිටරි ආක්‍රමනකාරී පිපිරුම සඳහා මුදල් සැපයීමටය. 

කථාවෙහි සඳහන් නොකල නමුත් සිකුරාදා කොංග්‍රසයට කරන ලද විධිමත් ඉල්ලීමට පෙර පුලුල්ව වාර්තා වූ කරුන නම්, බයිඩන් තායිවානයට- චීනය සමඟ තවදුරටත් ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයක් ලෙස -සහ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීමට සහ ලතින් ඇමරිකාව පුරා එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීමට ,එක්සත් ජනපද මිලිටරි ආධාර තවත් බිලියන ගනන් බලාපොරොත්තු වනු ඇත යන්නයි. 

දැන් එහි 18 වන මාසය අවසන් කර තිබෙන, පෙනෙන ආකාරයට නිමක් නැති, මිල අධික සහ ලේවැකි ඇනහිටීමක එරී සිටින  යුක්රේනයේ එක්සත් ජනපද යුද්ධයට එරෙහි ගැඹුරු වන විරුද්ධත්වය පිලිබඳව, බයිඩන් දැනුවත්වය. එනිසා  යුක්රේනයේ තවදුර  වියදම් සාධාරනීකරනය කිරීම සඳහා ඊශ්‍රායලයේ ගැටුම පාවිච්චි කිරීමට බයිඩන්  උත්සාහ කලේය. අවසන් වශයෙන් කොන්ග්‍රසයෙන් මතුවන  කුමන මිලිටරි ආධාර පනත් කෙටුම්පතක වුවද, වැඩි පංගුව ඊට [ යුක්‍රේනයට] හිමි වනු ඇත. 

ලෝකය විවර්තන (හැරවුම්) ලක්ෂ්‍යයක සිටින බව, බයිඩන් ප්‍රකාශ කලද, ඒ එක්සත් ජනපදයට යුද්ධය අලුත් දෙයක් නිසා නොවේ. ඊට පටහැනිව, ඇමරිකාව වසර 30 කට වැඩි කාලයක් යුද්ධ වල  යෙදී සිටින අතර, එය ආක්‍රමනය කර, අත්පත් කර ගත් හෝ බෝම්බ හෙලූ රටවල් – ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය, පකිස්ථානය, බොහෝ උතුරු අප්‍රිකානු රටවල්, බොස්නියාව, කොසෝවෝ, සර්බියාව, සුඩානය – ලෝක ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වේ.

අලුත් දෙය නම්, මෙම යුද්ධ වඩාත් පොදු ගැටුමක් බවට පරිවර්තනය වීම හෝ, දෙවන ලෝක යුද්ධය ආසන්නයේ ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, “වෙන් වෙන්  ගැටුම් සහ ලේවැකි දේශීය කැලඹීම්… නොවැලැක්විය හැකි ලෙස ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට මුසු වීමයි”.

මෙම නව ලෝක යුද්ධයේ හැඩතල බයිඩන් ගේ ඩොලර් බිලියන 100 බිල්පතෙන් අනුමාන කල හැකිය. එය රුසියාවට එරෙහි යුද්ධය පුලුල් කිරීම, ඉරානයට එරෙහිව නව යුද්ධයක් අවුලුවාලීමට ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම භාවිතා කිරීම සහ චීනයට එරෙහිව ආසන්න යුද්ධයකට සූදානම් වීම ඉලක්ක කර ඇත. එක්සත් ජනපද පරිපාලනය, නැගෙනහිර යුරෝපයේ සිට, මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ අවසන චීනයෙන් කෙලවර වන  යුරේසියානු භූමි ස්කන්ධයේ එක්සත් ජනපද ආධිපත්‍යය සදහා වන ගෝලීය ගැටුමක, එක් අඛන්ඩ පෙරමුනකට සමාන ලෙස  යුධ පිටිය හැඩගස්වමින් සිටී.

මෙය එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීම සහ වෙනිසියුලාව, නිකරගුවාව සහ කියුබාව වැනි දේශපාලන අපහසුතාවයන් සහ විභව බාධක ඉවත් කිරීම මගින් එහි බටහිර අර්ධගෝලයේ “පිලිකන්න” ආරක්ෂා කිරීමේ උත්සාහයන්  සමඟ ඒකාබද්ධ වේ.

බයිඩන්, වෝල් වීදියේ සහ පෙන්ටගනයේ සිටින අහංකාරෝන්මාදීන් වෙනුවෙන් කතා කරමින්, ඇමරිකාව එහි සම්පූර්න සම්පත් බලමුලු ගන්වන තාක් කල් ඊට “ඕනෑම දෙයක්” කිරීමට ඇති හැකියාව ගැන තම ස්ත්‍රෝත්‍ර ගයද්දී, මෙය ගෝලීය විජයග්‍රහනය සඳහා වූ අහංකාරෝන්මාදී (megalomaniacal) වැඩසටහනක් ලෙස පෙනෙන්නේ නම්, ඒ,ඔවුන්ග් දෘෂ්ටිය එයම නිසාය.

පෙන්ටගනයට සහ එක්සත් ජනපද ආයුධ කර්මාන්තයට මීලඟ දැවැන්ත ගෙවීමක් සඳහා ඔහුගේ තර්කය ඉදිරිපත් කිරීමේදී බයිඩන් වෝල් වීදියේ භාෂාව පවා භාවිතා කලේය: “එය පරම්පරා ගනනාවකට ඇමරිකානු සුරක්ෂිතභාවය සඳහා ලාභාංශ ගෙවීමට යන බුද්ධිමත් ආයෝජනයකි.” ඇමරිකානු කම්කරුවන් ඔවුන්ගේ ජීවන තත්වයන් සහ සමාජ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ දූ පුතුන්ගේ ජීවිත මගින් ගෙවනු ඇත. නමුත් යුද්ධය නිසැකවම රේතියෝන් (Raytheon), බොයිං ( Boeing) සහ ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) සඳහා සහ ඒවා පාලනය කරන විශාල බැංකු සහ ඉදිරි රැකුම් අරමුදල් (hedge funds- ආයෝජන අරමුදල් වර්ගයකි ) සඳහා ගෙවනු ඇත.

ඒවා දැනටමත් ඔහුගේ පසුගිය සතියේ උමතු ඊශ්‍රායල ගැති කථාව සහ බදාදා ජෙරුසලමේ සංචාරය අතරතුර ඔහු නෙතන්යාහු සහ ෆැසිස්ට්වාදී ඊශ්‍රායල රජය දැඩි ලෙස වැලඳ ගැනීම සම්බන්ධයෙන් කර ඇති පරිදි, නින්දිත හා අපකීර්තියට පත් මාධ්‍යයන්  නිසැකව ම බයිඩන් ගේ කතාව ප්‍රබල දේශපාලන පහරක් ලෙස හුවා දක්වනු ඇත. එහෙත් වයෝවෘද්ධ හා සාපරාධී අධිරාජ්‍යවාදයේ මෙම අර්ධ වයෝවෘද්ධ නියෝජිතයා උත්කර්ෂයට නැංවීමට ඔවුන් කෙසේ උත්සාහ කලත්, එක්සත් ජනපදයට එහි න්‍යෂ්ටික අවි ගබඩාවෙන් ලෝකය විනාශ කිරීමට පමනක් මිස , එය ජය ගැනීමට නොහැකි වනු ඇත.

ජෙරුසලමේ සංචාරය සහ නෙතන්යාහු වැලඳ ගැනීම හරහා බයිඩන් දැනටමත් ගාසා තීරයේ යුද අපරාධවල සම කර්තෘ බවට පත් වී ඇත. අවම වශයෙන් පලස්තීනුවන් 4,000 ක් දැනටමත් මරා දමා ඇත, නමුත් භූමි ආක්‍රමනයකදී මිය යන සංඛ්‍යාව සංඛ්‍යා පහක් හෝ හයක් දක්වා ඉහල යාමට ඉඩ ඇත.

ඔහුගේ කතාව අවසානයේ එක් හෙලිදරව් කරන සඳහනක, බයිඩන්, එක්සත් ජනපදය “අත්‍යවශ්‍ය ජාතියක්” ලෙස විස්තර කල මිය ගිය රාජ්‍ය ලේකම් මැඩලීන් ඕල්බ්‍රයිට් උපුටා දැක්වීය.1996 දී “මිනිත්තු 60” විසින් ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන විට ඕල්බ්‍රයිට්ගේ වඩාත් කුප්‍රකට ප්‍රකාශය ඔහු උපුටා දැක්වූයේ නැත. ඖෂධ සහ අත්‍යවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ  නොමැතිකම හේතුවෙන් ඉරාක දරුවන් මිලියන භාගයක් මිය යාමට හේතු වූ ඉරාකයට එක්සත් ජනපද සම්බාධකවල ව්‍යසනකාරී බලපෑම ගැන ඇයගෙන් විමසන ලදී. ඔල්බ්‍රයිට් පිලිතුරු දුන්නේ, “මම හිතන්නේ එය ඉතා දුෂ්කර තේරීමක්”,  “නමුත් එම මිල, අපි සිතන්නේ, එම  මිල ඒ සදහා  වටිනා බවයි.”

ඊශ්‍රායල ආක්‍රමනයකින් ගාසා තීරයේ ජනතාවට සිදුවිය හැකි 4 ව්‍යසනය පිලිබඳ වඩාත් මෑත උදාහරනයක් තිබේ. 2016 දී, ඔබාමා පරිපාලනයේ බයිඩන් උප ජනාධිපතිව සිටියදී, එක්සත් ජනපද මිලිටරිය, මිලියන 2.5 ක ජනතාවක් විසූ- අද ගාසා තීරයට සමාන වන- ඉරාකයේ මොසුල් නගරය අල්ලාගෙන තිබුනු  ISIS ට එරෙහිව මෙහෙයුමක් දියත් කරන ලදී. මොසුල් යනු එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හාරා ඇති උමං ජාලයක් සහිත ජන  සංකේන්ද්‍රිත  නාගරික පරිසරයකි. එක්සත් ජනපද හමුදා නගරය වටකර එයට ලගා වෙමින් , ජල පද්ධතිය සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ කල අතර මිලියනයකට ආසන්න ජනතාවක් තම ජීවිතය පතා පලා ගියහ. පෙන්ටගනය මෙය හැඳින්වූයේ “ඉතිහාසයේ වඩාත්ම නිවැරදි ගුවන් යුද්ධය” ලෙසිනි.

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව දැනටමත් මහජන විරෝධතාවල නියැලී සිටින ඇමරිකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත තරුනයින්ට සහ කම්කරුවන්ට බයිඩන් ගේ කතාව කිසිවක්  ඒත්තු ගන්වන්නේ නැත. එයින් සිදු වන්නේ ඔවුන් තවත් කෝපයට පත් වීම පමනි.

මෙම විරෝධතා පුපුරා ගොස් ඇත්තේ, ගාසා වටලෑමේ දී ආහාර, ජලය සහ විදුලිය කපා හැරීමෙන්, පලස්තීනුවන් මිලියන දෙකක් කෙරෙහි අනුකම්පාවෙන් පමනක් නොවේ. බයිඩන් යුද්ධය සඳහා තවත් බිලියන ගනනක් ඉල්ලා සිටීම තමන්ට මාරාන්තික තර්ජනයක් ලෙස හඳුනා ගැනීම කරා  ලෝක ජනගහනය පැමිනෙමින් සිටී.

පලස්තීනුවන් 500ක් පමන මිය ගිය අල්-අහ්ලි රෝහලට බෝම්බ හෙලීම සහ ඉතා මෑතක දී , ලෝකයේ කිතුනු ඉදිකිරීම් අතරින් පැරනිතම එකක් වූ ගාසා හි පල්ලියකට බෝම්බ හෙලා මිනිසුන් 150 ක් ඝාතනය කිරීම, වැනි ඊශ්‍රායල ආන්ඩුවේ නව අපරාධ මගින් දැවැන්ත ලෝක ව්‍යාප්ත විරුද්ධත්වය තවදුරටත් අවුලුවා ඇත.

අල්-අහ්ලි රෝහල විනාශ කලේ ඊශ්‍රායල අවියකින් නොව පලස්තීන රොකට්ටුවකින් ය යන කැත බොරුව බයිඩන් අනුමත කර ඇත. එහෙත් ඔහු නෙතන්යාහුට පිටුබලය දීම යුද්ධයට එරෙහි විරෝධය උත්සන්න කරයි. ඔහු ජාතික රූපවාහිනියේ සිය දේශනය පවත්වමින් සිටියදී, බොහෝ යුදෙව් ඇමරිකානුවන් ඇතුලු පෙලපාලිකරුවන් විසින් ධවල මන්දිරය වටලා, එක්සත් ජනපද-ඊශ්‍රායල කුරිරුකම්වලට ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව දැනටමත් ලොව පුරා මහජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපාරය, ඊශ්‍රායල අවරෝධය  (අවහිරය-blockade) අවසන් කිරීම, ගාසා තීරය ආක්‍රමනය කිරීම සහ නැවත අත්පත් කර ගැනීම වැලැක්වීම සහ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආයුධ, පතොරම් සහ අනෙකුත් උපකරන සැපයීම නැවැත්වීම සහ සියල්ලටත් වඩා එක්සත් ජනපද, සියොන්වාදී පාලනයන් පරාජය කිරීම සඳහා ගෝලීය පරිමානයෙන් තරුනයන් හා කම්කරුවන් අතර මහජන විරෝධය බලමුලු ගැන්වීමට සටන් කල යුතුය.  එය මැද පෙරදිග එක්සත් ජනපද යුද්ධයට පමනක් නොව රුසියාවට හා චීනයට ද එරෙහි අරගලය ද භාරගත යුතුය.

එහෙත් යුද්ධයට එරෙහි අරගලයේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ මැදිහත්වීමයි. දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර වර්ජන ව්‍යාපාරය සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලක පදනම මත යුද්ධයට එරෙහි ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය.

බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක  මුදල්  ඉල්ලයි Read More »

Picket

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo

Our Reporter

Picket
Picket in front of Colombo Fort Railway Station. Photo by Azeez Nizaruddeen.

On October 26, the Colombo Action Committee for People’s Struggles (CACPS) engaged in a successful picketing campaign in front of the Colombo Fort railway station, demanding an immediate end to the war of extermination carried out by the Israeli Zionist ruling class headed by Benjamin Netanyahu, with the full support of the imperialist camp led by Washington, against the oppressed Palestinian people of the Gaza Strip.

Young and old from different parts of the island participated in the campaign. Activists took part in the campaign by displaying placards bearing slogans that provided a clear perspective, leadership and political program for the vast working class all over the world.  For several days before the campaign, the comrades of the committee engaged in campaigning among the public by distributing nearly two thousand leaflets containing the committee’s declaration “Defend the Palestinian people against Zionism!” 

The statement reads:

“Today, the entire imperialist system is being dragged towards a third world war, under an economic and political crisis, that judders in its very depths. That is the exact reason why the current developments in Israel represent a new stage of the long-rooted contradictions in the global capitalist system.   While the working class needs freedom, imperialist capitalism wants it buried. Exactly because of this reason, defending the Palestinian people’s struggle for freedom is an unavoidable class obligation of the working class in every country, including that of the Israeli working class.

The International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) have taken the lead in this struggle by developing the necessary international perspectives of the working class and the programme necessitated by that struggle. The Colombo Action Committee for People’s Struggles  stands with these perspectives and programme to defend Palestinian people and calls upon all progressive masses to rally round that struggle.”

Protest placards were displayed in Sinhala, Tamil and English.

The placards displayed by the protestors included the following: Free the Gaza Strip! Stop the Imperialist-Zionist Genocide in Palestine! Down with imperialist-backed Zionism! Workers, boycott arms shipments to Israel! Food, Medicine, fuel to Gaza! Lift the Siege! Withdraw American warships from the Mediterranean Sea! Condemn Sri Lankan government’s support to genocide! No to capitalist two-state trap! Build Jew-Arab United Socialist State! Prosecute Israel, US, NATO war criminals! Stop funding War!

The campaigners chanted aloud the following slogans for over 45 minutes.

Stop the Israeli attack on the oppressed Palestinians   

End the Siege of Palestinian Territories!  

Disarm the  Israeli forces!  

Disburse food, water and medicine to Gaza, Immediately!

Pro-Imperialist Zionists are on a  killing spree

Killing infants and mothers 

Setting hospitals on fire

Capitalists all over the world are Counting the war profits savouring the taste of blood !

Workers of Israel and Palestine – Unite!

Workers in America – Europe – Line up!

Oppressed people in Asia and all over the world – Rise up!

To bury the Profiteering war mongering capitalism !

At the end of the campaign, CACPS President, Comrade Sanjay Jayasekara addressed the campaigners, many journalists reporting the event, and the public. 

Sanjaya
Comrade Sanjaya Jayasekera, President of CACPS . Photo by Aruna Indika Wijesooriya.

He declared that, the Netanyahu regime is carrying out a genocide comparable to Nazi crimes by starving and dehydrating the oppressed Palestinian people – most of them are women and children – in Gaza. Netanyahu as well as the imperialist leaders who support his regime are war criminals. He said that the “Nakba”, the ethnic cleansing that started against the Palestinians in 1948, did not end with the partition of Palestine under the United Nations organisation led by British imperialism in 1947 and continued against the Palestinians each and every day of the past 75 years. He explained that the October 7 Hamas attack was a revolt by the oppressed Palestinians who were subjected to constant violence.

Jayasekara insisted that the struggle for freedom of the oppressed Palestinian people and the democratic rights of the Israeli working class would not be safe-guarded on the basis of the imperialist two-state death trap, but only in a United Jewish-Arab Socialist State. He called upon the working class to rally, especially in Israel and Sri Lanka, and all over the world to stand in solidarity with the Palestinian working people to defend the oppressed Palestinian people and prevent war.

Then the secretary of the committee, journalist Shantha Wijesooriya, spoke and asked the workers to unite in the anti-war movement to stop the Palestinian genocide and to build CACPS.

Shantha
Journalist Shantha Wijesooriya, secretary of the committee. Photo by Aruna Indika Wijesooriya.

CACPS Executive Committee member Nandana Nannetthi explained that 81% of the people in Palestine are poor, 63% suffer from food shortages, and unemployment is 41%.The forcibly Occupied Palestinian Territories serve as an open air Israeli prison camp, as the entire population is controlled by the oppressive Israeli government. The social inequality in Israel, home to a very large number of super rich capitalists in the world, is so great that it’s capitalists own 19 times more wealth than 50% of its poorer people. Therefore the defence of the democratic rights of the Israeli working class is necessarily linked to the opposition to war. No nationalist organisation, including Hamas, has any ability whatsoever  to protect the rights of oppressed nations within a global imperialist system. Nannetthi insisted that any program abstracting the struggle against the war from a fight against the local capitalist ruling class in one’s own  country is fraudulent. 

Dana Na
Nandana Nannetthi, CACPS Executive Committee Member. Photo by Aruna Indika Wijesooriya

After the picket campaign, several comrades were engaged in discussions with the members of the CACPS. They suggested organising similar campaigns in other parts of the country and requested that the CACPS participate in them. Explaining that the people’s movement for anti-war and democratic rights can only be built by forming independent  Workers Action Committees and uniting them both locally and internationally, the CACPS members invited them to take the initiative in establishing those regional committees.

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo Read More »

Bank West

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි

පරාක්‍රම කුරුප්පු විසිනි.

Bank West
අල්ලා ගත් බටහිර ඉවුරේ සෝදිසි මෙහෙයුමකදී ඊශ්‍රායල සොල්දාදුවන් පලස්තීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී [ගොනුව: Jaafar Ashtiyeh/AFP]

ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට එරෙහි යුද්ධයක කඩතුරාව යටතේ ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය ගෙන යන ජනඝාතක යුද්ධය, අල්ලා ගත් බටහිර ඉවුර ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ද මුලු බලය යොදා ක්‍රියාත්මක වෙමින් පවතී.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය අද වාර්තා කලේ, සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනවලට අනුව මේ වන විට බටහිර ඉවුරේ පලස්තීන වැසියන් 111 ක් මිය ගොස්, 1950 ක පමන සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. සරනගත කඳවුරුවලට කඩා පනින ඊශ්‍රායල හමුදා ඊශ්‍රායල වැසියන් විශාල වශයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බව ද අල් ජසීරා වාර්තා කලේය. 

බටහිර තීරයට එල්ල වන මෙම මිලිටරි ප්‍රහාරවලින් ද පැහැදිලි වන්නේ දූෂිත නෙතනියාහු තන්ත්‍රයේ මෙම වර්ග විලෝපන යුද්ධයේ පවතින විෂකුරු ස්වභාවයයි.  මෙම මානව විරෝධී යුද්ධය විසින් නිසැක ලෙස හා නිබඳ ව සිහිපත් කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙරවදන ලෙස හිට්ලර් විසින් ගෙන යන ලද යුදෙව් ජන සංහාරයයි. වර්තමාන ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මුලුමනින් උපුටා දැමීමේ වාර්ගික විලෝපන යුද්ධයකට පිවිසීම ආවරනය කිරීමේ කඩ වැස්මක් ලෙස එකී ජන සංහාරය පාවිච්චි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවත්හු දුබල උත්සාහයක යෙදෙමින් සිටිති. පසුගිය දින ගනන තුල එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක්, ජර්මන් චාන්සලර් ස්ශෝල්ෂ්(z) සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මෙම සිවිල් ජන සංහාරයේ අපවිත්‍ර මල් වට්ටියට අත ගැසීමට ඊශ්‍රායලයට සංචාරය කලෝය. මේ ‘යුදෙව් ප්‍රේම’යේ වංචාකාරී ස්වභාවය පිලිබඳ අගනා හෙලිදරව් කිරීමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මිචිගන් සරසවියේ පවත්වන ලද දේශනයකින් කෙරෙන පහත උපුටා දැක්වීමෙහි එයි: 

“මෙකී නායකයෝ (බයිඩන්, සුනැක්, ස්ශෝල්ෂ්(z) සහ මැක්‍රෝන්) යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනයක් පෙන්වා සිටිමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීමට නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සහායට කැඳවති. එවැනි ප්‍රකාශයන් තුළ ඇති වංචාවේ සහ කුහකකමේ පරිමාණය මිම්ම ඉක්මවා ඇත. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති…ප්‍රංශයේ පාලක පන්තිය මෙම ක්‍රියාවලියේ දී නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය. … යුරෝපයේ නාසීන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් පලා ආ යුදෙව් සරනගතයන්ට සැලකූ කෲර ආකාරය බ්‍රිතාන්‍ය පාලක පන්තියේ යුදෙව් විරෝධයට දෙස් දෙයි. … බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර යුද සිරකරුවන් ලෙස රඳවා ගන්නා ලදී. … හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. .. එක්සත් ජනපදයේ රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය…”  (Socialist internationalism and the struggle against Zionism and imperialism, David North, ඔක්තෝම්බර් 25, 2023 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියෙන් උපුටා පරිවර්තනය කරන ලදී.) 

එදා ජනඝාතනයකට පහසුකම් සැපයූ මෙම අධිරාජ්‍යවාදියෝ අද ද එබඳුම මානව ද්වේශී ම්ලේච්ඡත්වයක ආරක්ෂාවට උර දෙමින් සිටිති. හුදෙක් රැඳවුම් කඳවුරක ඉපැදීමට ඉරනම විසින් අනවනු ලැබීමේ වන්දිය ලෙස තුවාල ලබන, මිය යන දරුවන් දහස් ගනනකගේ ලෙයින් ඔවුන්ගේ අත් තෙත් වී ඇත. මෙම යුද්ධය බටහිර ඉවුර ප්‍රදේශයට ද, ජෝර්දානයට ද, ලෙබනනයට ද ව්‍යාප්ත කරමින් සමස්ත මැද පෙරදිග කලාපය ලේ විලක ගිල්වීමට ඔවුන්ට අවශ්‍ය ව ඇත.

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි Read More »

Ivan

අසූ එක් වන උපන් දිනය සමරන අයිවන් වීරසේකර සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල ආදර්ශමත් සටන්කරුවෙක් 

නන්දන නන්නෙත්ති විසිනි.

මහනුවර ප්‍රදේශයේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා මහජනයා අතර විප්ලවවාදී දේශපාලන උද්ඝෝෂකයෙකු හා සටන්කරුවෙකු ලෙස අඩ සියවසක කීර්තිමත් වාර්තාවකට හිමිකම් කියන අයිවන් වීරසේකර සහෝදරයා අද දිනයේ සිය 81 වන උපන් දිනය සමරයි. 1964 දී කම්කරු පන්තිය ධනපති සභාගයකට කුදලා දුන් අවස්ථාවාදී කම්කරු නායකයන්ගේ පාවාදීමට එරෙහිව සිදු කෙරුනු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් අරගලයකින් ගොඩ නැඟූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස, වත්මන සමාජවාදී සමානතා පක්ෂය -සසප)1972 දී බැඳුනු ඔහු එවක් පටන් අද දක්වා ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් සටන් වැදී සිටියි. ඒ අර්ථයෙන් ගත් කල, අයිවන් සහෝදරයා, 1964 මහා පාවාදීමට එරෙහි කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයේ අඛන්ඩත්වය හා දේශපාලන ජෛව ගුනයේ ජීවමාන සංකේතයකි.

Ivan
අයිවන් සහෝදරයා (දකුනේ සිට දෙවැන්නා) 2023 ඔක්තෝම්බර් 26 පලස්තීන පීඩිත මහජනයා ආරක්ෂා කිරීමේ කොලඹ කොටුව පිකට් උද්ඝෝෂනයට සහභාගී වීමෙන් අනතුරුව සසප වාම පාර්ෂවයේ සහෝදරවරුන් කිහිප දෙනෙක් සමග

1972 වන විට රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට ආකර්ශනය කර ගනු ලැබුනේ රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU) තුල විකොස ගෙන ගිය අරගලය විසිනි. මූලධර්මවලට හා ප්‍රතිපත්තිවලට කැප වූ ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුල, ඔහු කිසිදු බාධකයකට යටත් නොවූ සටන්කරුවෙකු වූ බව ඔහු දන්නා හඳුනන අයගේ වැටහීමයි.

1980 මහා වැඩ වර්ජනයේ ක්‍රියාකාරී සටන්කරුවෙකු වූ අයිවන් සහෝදරයා, ජේ. ආර් ජයවර්ධනගේ යුඑන්පී ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ලද රැකියා අහිමි කිරීමේ ප්‍රහාරයට ගොදුරු වූ 80,000ත් 100,000 අතර කම්කරුවන් අතරින් අයෙකු විය. සෙසු රැකියා අහිමිවූවන් මෙන් ම ඔහු ද අතිශය පීඩාකාරී ජීවිතයක් ගත කල ද, හුස්ම ගැනීමට ලද සෑම අවකාශයකදීම ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා තමන් වෙත පවරා ගත් වගකීම වෙනුවෙන් ඔහු නිබඳව ක්‍රියාශීලි විය. 

Ivan
අයිවන් සහෝදරයා 81

1987 දියත් කල ජවිපෙ දේශපාලන මදාවිකාරය ව්කොස  පක්ෂ සාමාජිකයක් තිදෙනෙකුගේ ජීවිත බිලි ගත්තේය. ජවිපෙ ප්‍රහාරයට මෙන් ම රාජ්‍ය මර්දනයට ද එරෙහි කම්කරු පන්තියේ එක්සත් පෙරමුනක් ගොඩ නැගීම සඳහා  ජාත්‍යන්තර කමිටුවේ සහය ඇතිව  පක්ෂය ලංකාවේ හා ලෝකයේ කම්කරුවන් අතර ගෙන ගිය උද්ඝෝෂනයට සියලු වාම පක්ෂ සහ වෘත්තිය සමිති නායකත්වය විරුද්ධ වී ඝාතක ආන්ඩුව සමග පෙල ගැසුනි. එය 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කිරීමට ආන්ඩුවට අවකාශ සැලසී ය.ගම්බද ඝාතන නතර කරනුයැයි යූඑන්පී ආන්ඩුවේ මර්දනය නතර කිරිම සඳහා දියත් කල අරගලයේ දී අයිවන් නො සැලෙන සටන්කරුවෙකු බව සනාත කලේ ය.

2021 දී මාස ගනනක් ඇදී ගිය ගුරු අරගලයේ දී, මාක්ස්වාදයෙන් ලද අවබෝධය මත පදනම් ව ඔහු, මෙය මතු පිටින් ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී වුව ද විප්ලවවාදී අන්තර්ගතයක් අත්කර ගන්නා බව පෙන්වා දෙමින්,  රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ජෙනරල් ස්ට්‍රයිකයක් කැඳවීමට සූදානම් කල යුතු බවට වූ සසප වාම පාර්ශ්වයේ අදහස වෙනුවෙන් පෙනී සිටියේ ය. පක්ෂ තන්ත්‍රය තමන් ඊට සූදානම් නැති බව කියමින් අයිවන්ට එරෙහි ප්‍රකෝපකාරී මැදිහත් වීමක් දියත් කලේ ය. මාක්ස්වාදය අමු අමුවේ විකෘති කරමින් ඔවුන් එය හඳුන්වා දුන්නේ, “මෑත දී නන්දන හා අයිවන් යන සහෝදරවරුන්ගෙන් ප්‍රකාශ වූ පක්ෂ වැඩ කටයුතුවලට හානිකර දේශපාලන ව්‍යාකූලත්වයන්” ලෙසිනි (2021 ඔක්තෝම්බර් 7 සසප දෙශපාල කමිටුව විසින් බෙදා හරින ලද අභ්‍යන්තර නිවේදනය). අයිවන්ට සිය ආස්ථානය අත් හරින ලෙස කොතෙක් බලකිරීම්, තර්ජන එල්ල වූව ද, ඔහු ඒවාට යටත් වීම ප්‍රතික්ෂේප කලේ ය. එම ලිපිය මෙසේ ද සඳහන් කලේ ය: “අයිවන් සහෝදරයා විසින් පන්ති අරගල රූපය ධනේශ්වර ලෙස උපුටා පෙන්වීම තුලින් සිදු කරන්නේ විප්ල්ව්වාදී සමාජවාදීන් විසින්, එනම් පක්ෂය විසින්, පන්ති අරගලය තුල කල යුතුව ඇති සටන වලලා දැමීම ය.. එය මාක්ස්වාදයට ආගන්තුක” බව එහි සඳහන් විය.  

මේ සංකල්පය වූ කලී, කල යුත්තේ කුමක් ද නමැති ලෙනින්ගේ කෘතියේ පෙන්වා දෙන පරිදි, කම්කරු පන්තියේ ස්වභාවික විඥානය වන ධනේශ්වර විඥානයට එරෙහි සටන මුලුමනින් පාවා දීමක් වන බව අයිවන් එහි දී ආරක්ෂා කල ආස්ථානය යි.

එකී සංකල්පවලින් ප්‍රකාශයට පත් වූ පරිදි ම, ගුරු අරගලයේ දී පක්ෂය කෙතරම් පසු බැස්සේ ද යත්, කොරෝනා වසංගතය අවසන් කරන තෙක් පාසල් වසා දමා දුරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයයි ජාත්‍යන්තර කමිටුව දියත් කල උද්ඝෝෂනය අත හැර, ගුරු සංගම්වල ප්‍රතිගාමී ඉල්ලිම වූ, ‘වැටුප් ප්‍රශ්නය විසඳා පාසල් විවෘත කරනු’ යන ප්‍රතිගාමී සටන් පාඨයට ඉඩ හරින ලදී. පක්ෂය පාසල් වැසීම සම්බන්ධ උද්ඝෝෂනයට යොමු වූයේ ගුරු අරගලය අවසන් වූ පසුව ය. 

2022 ශ්‍රී ලංකාවේ දැවැන්තම මහජන විප්ලවවාදී අරගලය මඟ හැරීමට පක්ෂය යොමු වීම මෙබඳු කොන්දේසි යටතේ සිදු වූවකි. ඊට අභියෝග කලේ අයිවන් සහෝදරයා ද ඇතුලු සසප වාම පාර්ශවය යි. කොලඹ ක්‍රියාකාරී කමිටුව එම අරගලයේ ප්‍රතිඵලයකි. මෙම මූලධර්ම ආරක්ෂා කිරීම නිසා, පක්ෂය විනය විරෝධී චෝදනා මත ඔහු පක්ෂයෙන් නෙරපා හැරියේ ය. ඒ, විනය පරීක්ෂනයකට පෙනී සිට සිය නිර්දෝශීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අවස්ථාව පවා අහිමි කරමිනි. තන්ත්‍රය කියා සිටියේ, “පරීක්ෂන ඕනෙ නෑ, කරුනු පැහැදිලියි” යනුවෙනි.

81 වියේ අයිවන්, තරුන දේශපාලන ජවයකින් යුතු ය. සසප වාම පාර්ෂවය සිය න්‍යායික දේශපාලන අත්දැකීම්වලින් පෝෂනය කිරීම අද දවසේ ඔහු සිදු කරන සුවිශේෂී කාර්‍යයයි.

අයිවන් වීරසේකර සහෝදරයාගේ ජීවිතය වත්මන් තරුන පරපුරට ඉමහත් පාඩමකි. මිනිසෙකුගේ ජීවිතයේ ගෞරවනීයම කටයුත්ත මානව ප්‍රගතියේ ඉතිහාසය ගොඩ නැගිමට දැනුවත්ව හා විප්ලවවාදීව සහභාගී වීම ය. අයිවන් සහෝදරයා එම ගෞරවය නො මඳව ලැබීමට සුදුසුකම් දැනටමත් සපුරා ඇත. 

ප්‍රිය සහෝදරය, ඔබට දිගාසිරි වේවා!

අසූ එක් වන උපන් දිනය සමරන අයිවන් වීරසේකර සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල ආදර්ශමත් සටන්කරුවෙක්  Read More »

Picket

පලස්තීන පීඩිතයන්ට එරෙහි සමූල ඝාතක යුද්ධය නවතනු! කොලඹ ක්‍රියාකාරී කමිටුව ⁣කොලඹ දී උද්ඝෝෂනයේ

අපේ වාර්තාකරු

Picket
පිකට් උද්ඝෝෂනය. ජායාරූපය අසීස් නිසරුදීන් විසිනි.

ගාසා තීරයේ පලස්තීනු පීඩිත ජනතාවට එරෙහිව බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ සියොන්වාදී ඊශ්‍රායල පාලක පන්තිය වොෂින්ටනය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරු වල පූර්න සහාය සහිතව ගෙනයන සමූල ඝාතක යුද්ධය වහා නවතන ලෙස බලකරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ඊයේ (26) සවස කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාර්ථක පිකට් උද්ඝෝෂනයක නිරත විය.

උද්ඝෝෂනයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුන, වැඩිමහල් දෙනා සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයෝ ලොව පුරා දැවැන්ත කම්කරු පන්තියකට පැහැදිලි ඉදිරිදර්ශනයක්, නායකත්වයක් හා දේශපාලන වැඩපිලිවෙලක් සම්පාදනය කරන සටන්පාඨ රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උදඝෝෂනයට සහභාගී විය. උද්ඝෝෂනයට පෙර දින කිහිපයක්ම කමිටුවේ සහෝදරවරු “සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!” යන  කමිටුවේ ප්‍රකාශයේ අත්පත්‍රිකා දෙදහසකට ආසන්න ප්‍රමානයක් බෙදා හරිමින් මහජනතාව අතර උද්ඝෝෂනයේ නිරත වූහ.

එකී ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි:

අද මුලු මහත් අධිරාජ්‍යවාදී පද්ධතිය ම, ගැඹුරින්ම දෙදරුම් කන ආර්ථික දේශපාලන අර්බුදයකින් වෙලී තුන්වැනි ලෝක යුද්ධයක සැලසුම් වෙත යොමු වෙමින් පවතී. ඊශ්‍රායලය තුල දැන් වර්ධනය වන්නේ මෙතෙක් පැවති ප්‍රතිඝතිකතාවල නව අදියරක් වන්නේ එබැවිනි. කම්කරු පන්තියට නිදහස අවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදී ධනවාදයට එය මුලුමනින් වලලා දැමීමත් අවශ්‍යය ය. පලස්තීන ජනතාවගේ නිදහස සදහා අරගලය ඊශ්‍රායලය ඇතුලු සෑම රටකම කම්කරු පන්තිය විසින් ආරක්ෂා කිරීම මග නො හැරිය හැකි පන්ති අවශ්‍යතාවක් වන්නේ එබැවිනි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ සඳහා අවශ්‍ය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් අරගලයට ප්‍රවිශ්ට වී ඇත. පලස්තීන ජනතාවගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය විසින් කරනු ලැබ ඇති යෝජනා සමග සිටගන්නා කොලඹ ක්‍රියාකාරී කමිටුව, එම අරගලය වටා රොක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටියි.”

සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිනි. 

ගාසා තීරය නිදහස් කරනු!; පලස්තීනයට එරෙහි අධිරාජ්‍යවාදී; සියොන්වාදී සමූල ඝාතන නතර කරනු!; ද්විත්ව රාජ්‍ය උගුල එපා!; කම්කරුවනි, ඊශ්‍රායලයට යුද අවි ප්‍රවාහනය වර්ජනය කරනු!; ගාසා පීඩිතයන්ට එරෙහි බෙහෙත්, වතුර, ආහාර තහංචි බිදිනු!; මධ්‍යධරනී මුහුදෙන් ඇමරිකානු ප්‍රහාරක නෞකා ඉවත් කරනු!; ජන විලෝපනයට සහාය දෙන ශ්‍රී ලකා  ආන්ඩුව හෙලා දකිනු!; පලස්තීන, ඊශ්‍රායල් කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී පාලනයක්!, ඒ සටන් පාඪ අතර විය. 

පැය තුන් කාලකට වැඩි කාලයක් උද්ඝෝෂනයේ නිරත වූ උද්ඝෝෂකයෝ පහත සටන් පාඨ හඬ නගා කීවෝය:

පලස්තීන පීඩිතයන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාරය – නතර කරව්

පලස්තීන ප්‍රදේශ වට්ලෑම- අවසන් කරව්

ඊශ්‍රායල් හමුදා- නිරායුධ කරව්

වතුර බෙහෙත් අහර- ගාසවට ලබා දියව්

කිරි දරුවන්- බිලි ගනිමින්

කිරි මව්වරු- බිම හෙලමින්

කන බොන දේ – නැති කරලා

රොහල් ටික- ගිනි තියලා 

අධිරද ගැති- සියොන්වදි

මෙන්න මිනී- මරනවා

ලොකෙ පුරා- ධනපතියන්

යුද්ධ ලාභ- ගනිනවා

ලේ රස -තලු මරනවා

ඊශ්‍රායලෙ- පලස්තීනෙ

කම්කරුවෙනි- එකතු වන්න

ඇමරිකාවෙ -යුරෝපයේ

කම්කරුවනි- පෙල ගැසෙන්න

ආසියාවෙ – මුලු ලෝකයෙ

පීඩිතයිනි- නැගී එන්න

යුද්ධ කරන- ලභ ගරන

ධනවාදය- වල දමන්න

උද්ඝෝෂනය අවසානයේ කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා උද්ඝෝෂකයන් හා පැමින සිටි මාධ්‍යවේදීන් ගනනාවක්ම අමතමින් කතා කලේ ය.

Sanjaya
කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

ගාසාහි වැඩිමනත් කාන්තාවන් හා දරුවන් ඇතුලු පීඩිත පලස්තීන මහජනතාව සාගින්නට හා විජලනයට ලක්කරමින් නාසි අපරාධ හා සසැඳිය හැකි මහා ජනඝාතනයක්  නෙතනය්හු තන්ත්‍රය විසින් ගෙනයන බවත් ඔහුත් එම තන්ත්‍රයට උපකාර කරන අධිරාජ්‍යවාදී නායකයිනුත් යුධ අපරාධකරුවන් බවත් ඔහු ප්‍රකාශ කලේ ය. 1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ප්‍රමුඛව එක්සත් ජාතීන් ගේ සංවිධානය යටතේ පලස්තීනය බෙදා ඊශ්‍රායලය නිර්මානය කිරීමත් සමග පලස්තීනුවන්ට එරෙහිව 1948 ඇරඹි  ජන සංහාරක “නක්බාව” අවසන් නොවූ බවත් පසුගිය වසර 75 පුරාවටම දිනපතා පලස්තීනුවන්ට එරෙහිව එය ක්‍රියාත්මක වුනු බවත් ඔහු කියා සිටියේ ය. ඔක්තෝමබර් 7 හමාස් ප්‍රහාරය මෙලෙස අනවරතව හිංසනයට ලක් කෙරුනු පලස්තීනු පීඩිතයන්ගේ කැරැල්ලක් බව ඔහු පැහැදිලි කලේ ය.

පලස්තීනු පීඩත මහජනතාවගේ නිදහසේ අරගලය ද ඊශ්‍රායල කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද තහවරු කෙරෙනු ඇත්තේ අධිරාජ්‍යවාදී ද්වි-රාජ්‍ය මර උගුල මත නොව යුදෙව්-අරාබි ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් තුල පමනක් බව ජයසේකර අවධාරනය කලේ ය. පලස්තීනු පීඩිත ජනයා ආරක්ෂා කරමින් යුද්ධය වැලැක්වීම සඳහා පලස්තීනු කම්කරු මහජනතාව සමග එක පෙලට සිටගන්නා ලෙස විශේෂයෙන් ඊශ්‍රායලයේද, ලංකාවේ ද,  ලොව පුරා කම්කරු පන්තිය රැලි වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අනතුරුව කමිටුවේ ලේකම් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කතා කරමින් පලස්තීනු ජනඝාතනය නැවැත්වීමේ යුධ විරෝධී ව්‍යාපාරයට කම්කරු පන්තිය ඒකාබද්ධ විය යුතු බවත්, කොක්‍රික ගොඩනගන ලෙසත් වැඩකරන ජනතාවටගන් ඉල්ලා සිටියේ ය.

Shantha
කමිටුවේ ලේකම් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති කතා කරමින් පැහැදිලි කලේ පලස්තීනයේ මහජනතාවගෙන් 81% ක් දුප්පතුන් බවත්, 63%ක් ආහාර හිඟයෙන් පෙලෙන බවත්, විරැකියාව 41%ක් බවත් සමස්ත ජන ජීවිතය පර පීඩක ඊශ්‍රායල ආන්ඩුව විසින් පාලනය කරන බැවින්, බලෙන් වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ ඊශ්‍රායල සිර කඳවුරක් බවත්ය. ලොව ධනපතියන් විශාල ප්‍රමානයක් වෙසෙන ඊශ්‍රායලය තුල අසමානතාවය කොතෙක් ද යත් එහි ජනතාවගෙන් 50%ක වත්කමට වඩා 19 ගුනයක වැඩි ප්‍රමානයක් එහි ධනපතියන් සතු බවත්, ඒ නිසා ඊශ්‍රායල් කම්කරු පන්තියේ ජ්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම යුද්ධයට එරෙහි වීම සමග අවශ්‍යයෙන්ම බැඳී තිබෙන බවත් ය. හමාස් ඇතුලු කිසිදු ජාතිකවාදී සංවිධානයකට පීඩිත ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ මොනම හැකියාවක්වත් අධිරාජ්‍යවාදී පද්ධතිය තුල නැත. යුද්ධයට එරෙහි අරගලය තම රටේ දේශීය ධනපති පාලක පන්තියට එරෙහිව කරන සටනකින් වියුක්ත කිරීම ප්‍රෝඩාකාරී වැඩපිලිවෙලක් බවද නන්නෙත්ති අවධාරනය කලේය.

Dana Na
කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

පිකට් උද්ඝෝෂනයෙන් පසු ක්‍රික සාමාජිකයන් සමග සාකච්ජාවේ නිරත වූ සහෝදරවරු කිහිප දෙනෙක්ම රටේ සෙ⁣සු ප්‍රදේශවල ද මෙවන් උද්ඝෝෂන සංවිධානය කිරීමට යෝජනා කල අතර කොක්‍රික ඒවාට සහභාගී කරන ලෙසත් ඉල්ලා සිටියෝය. ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ඒවා දේශීයවත්, ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කිරීමෙන් පමනක් මෙම යුද විරෝධී හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා වූ මහජන ව්‍යාපාරය ගොඩනැගිය හැකි බව පැහැදිලි කල  ක්‍රික සාමාජිකයෝ ඔවුනට එම ප්‍රාදේශීය කමිටු පිහිටුවීම සඳහා මූලිකත්වය ගන්නා ලෙස ආරාධනා කලහ.

පලස්තීන පීඩිතයන්ට එරෙහි සමූල ඝාතක යුද්ධය නවතනු! කොලඹ ක්‍රියාකාරී කමිටුව ⁣කොලඹ දී උද්ඝෝෂනයේ Read More »

Gaza

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘500 dead as Israel bombs Al Ahli Arab hospital in Gaza‘ යන  ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Gaza
2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, ගාසා නගරයේ, මධ්‍යම ගාසා තීරයේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුව, අල්-ෂිෆා රෝහලේ අහ්ලි අරාබි රෝහලේ තුවාල ලැබූ පලස්තීනුවන්. [AP ඡායාරූපය/Abed Khaled]

අඟහරුවාදා ගාසා නගරයේ අල් අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බෝම්බ හෙලීමෙන් පන්සියයක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය යලි තහවුරු කිරීමත් සමඟ සිදු කරන ලද මෙම යුද අපරාධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා පුපුරා ගියේය.

රෝහලට බෝම්බ හෙලීම සිදු වූයේ, එළිමහන් සිරකඳවුරක් ලෙස පුලුල්ව විස්තර කෙරෙන, ජනාකීර්ණ සහ දිළිඳු වාසස්ථානය ඊශ්‍රායලය විසින් අවහිර කිරීම, සියලු ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් කපා හැර ඇති කොන්දේසි යටතේ ය. මිලියන 1.1ක් පමණ පලස්තීනුවන් ගාසා නගරයෙන් සහ උතුරු ගාසා තීරයෙන් පලා ගොස් දකුණට ගමන් කරන ලෙස ඉල්ලා සිටිමින් IDF ඉවත් කිරීමේ නියෝගයක් අනුගමනය කළේය.

රෝහලට බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර, ඊශ්‍රායල හමුදා අසල පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන්  , හය දෙනෙක් මිය ගිය අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ. එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) නිලධාරි තමරා අල්-රිෆායි පැවසුවේ පාසලට “සෘජු ඊශ්‍රායල වෙඩි තැබීමක්” වූ බවයි. ඇය මෙම ප්‍රහාරය “අතිශයින්ම කම්පන සහගත” ලෙස හැඳින්වූවාය, “අපි අපගේ සියලු ගොඩනැගිලි පැහැදිලිව හඳුනාගෙන ඇති අතර, අප [යුද්ධයේ සටන් කරන] සියලුම පාර්ශ්ව සමඟ GPS ඛණ්ඩාංක බෙදා ගෙන ඇත. එම කඳවුර අවතැන් වූ පුද්ගලයන් 4,000කට සත්කාරකත්වය සැපයීය.”

පාසලට බෝම්බ හෙලීමෙන් පසුව, අල් අහ්ලි අරාබි රෝහලේ දැවැන්ත පිපිරීමක් සිදු වූ අතර, ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූ සිය ගනනක් සහ මිනීමරු ප්‍රහාරවලින් රැකවරණය පතා සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි  විශ්වාස කළ  දහස් ගණනක් එහි රැස්වී සිටියහ. එම ස්ථානයේ සිටි සෞඛ්‍ය සේවකයින්ගේ වාර්තාවලට අනුව, රෝහල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිය ගනනක් අතරට එම ස්ථානයෙන් පිටත බිම නිදා සිටි සරණාගතයින් ද ඇතුළත් ය.

( ට්විටර් පණිවිඩය )

වෛද්‍ය ගසාන් අබු සිත්තා මෙසේ පැවසීය: “අපි රෝහලේ සැත්කම් කරමින් සිටියෙමු, ප්‍රබල පිපිරීමක් ඇති වූ අතර සිවිලිම ශල්‍යාගාරය මතට වැටුණි. මෙය සමූල ඝාතනයකි.”

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව තහවුරු කළ නමුත් තවත් වින්දිතයින් සුන්බුන් යට වැළලී ඇති බව පැවසීය.ගාසා තීරය ඊශ්‍රායල අවහිර කිරීමට එරෙහිව ඔක්තෝම්බර් 6-7 දිනවල ආරම්භ වූ කැරැල්ලේ සිට,  ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සමස්ත මරණ සංඛ්‍යාව,3,000 දක්වා ඉහළ ගොස් ඇති අතර , 12,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති  බව ඔවුහු පැවසූහ. මෙම සංඛ්‍යා දැනටමත් 2014 දී ගාසා තීරයේ දින 53 ක ඊශ්‍රායල යුද්ධයේදී වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.

බෝම්බ ප්‍රහාරය ඇසින් දුටු හදිසි ප්‍රථම ප්‍රතිචාරකයෙක් ඇනඩොලු ඒජන්සියට මෙසේ පැවසීය: “ඔවුන් නිදා සිටියේ ගස් යට පමණි, කාමර නැත, නවාතැන් නැත.  ඔවුන්ට රොකට් වලින් බෝම්බ හෙලූවා.  තුවාලකරුවන් සිටියේ නැත, ඔවුන් සියල්ලෝම මිය ගියහ.  අපට දිවි පිදූවන් ගණන් කළ නොහැකි විය, ඔවුන් කැබලිවලට ඉරා දැමීය.  … අවම වශයෙන්, ඔවුන්ගෙන් සියයට 30 සිට 40 දක්වා ළමුන් විය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ජන සංහාරය නැවැත්විය යුතුයි.  ලෝකයේ නායකයන් වෙනුවෙන්, ඔබ ගාසා තීරයේ මෙම සංහාරය නතර කළ යුතුය.

දේශසීමා රහිත වෛද්‍යවරු (MSF) ජාත්‍යන්තර වෛද්‍ය පුණ්‍යායතනය ට්විටර්/X හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය හෙළා දුටුවේය.

රෝගීන්ට ප්‍රතිකාර කරමින් සහ අවතැන් වූ ගාසා වැසියන්ට සත්කාර කරමින් සිටි ගාසා නගරයේ අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායලය විසින් මෑතකදී බෝම්බ හෙලීමෙන් අපි භීතියට පත් වෙමු.  වාර්තා වන පරිදි මිනිසුන් සිය ගනනක් ඝාතනය කර ඇත … එය කිසිසේත්ම පිළිගත නොහැකිය.

Mp
පුළුල් කරන ලද ,ගාසා තීරය සමඟ ඊශ්‍රායලයේ සිතියම [ඡායාරූපය: www.openstreetmap.org/WSWS]

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කන්ඩායම විසින් ඊශ්‍රායලය එල්ල කර , දියත් කරන ලද රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහල මත පතිත වීමෙන්, මෙය සිදු වූ බව  පවසමින් ඊශ්‍රායල නිලධාරීන් නරුම ලෙස සමූල ඝාතනයේ වගකීම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළහ. රෝහලට “ප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධයෙන් “ගාසාවේ සිටින ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්” වගකිව යුතු බව පැවසූ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, “අපේ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කළ කවුරුන් හෝ ඔවුන්ගේ දරුවන් ද ඝාතනය කරයි” යනුවෙන් පැවසීය.

එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති මයිකල් හර්සොග් ට්විටර්හි වීඩියෝවක් විකාශනය කරමින් ඇඟවීමට උත්සාහ  ගත්තේ,ගාසාවේ සිට දියත් කරන ලද රොකට් නැවත ගාසා භූමියට වැටෙන බවත්.අල් අහ්බි රෝහලේ ප්‍රහාරයත් එවන් සිදුවීමක් විය හැකි බවත් පෙන්වීමටය. වීඩියෝ පටයේ සටහන්ව තිබූ කාලයට අනුව  රාත්‍රී 8.00 ට පමණ සිදුවීම වූ බැවින්, එය   ප්‍රහාරය සිදු වූ වේලාවට වඩා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව හෙළිවීමත් සමගම, මෙම බොරුව බිඳ වැටුණි.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය:

ගාසාවේ බැප්ටිස්ට් අරාබි ජාතික රෝහලට බෝම්බ හෙලීමෙන් ඔහු කළ කුරිරු සංහාරයේ වගකීමෙන් ගැලවීමට සියොන්වාදී සතුරා දැඩි උත්සාහයක නිරත වන්නේ ඔහුගේ සුපුරුදු බොරු ගොතමින් සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරය වෙත වරදට ඇඟිල්ල දිගු කිරීමෙනි.

නෙතන්යාහු ආන්ඩුව සහ එහි නේටෝ ආධාරකරුවන් මෙම බිහිසුණු සංහාරය සිදු කළහ. එය ගලා එන්නේ වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් විසින් මුලුමනින්ම සහාය දක්වන IDF සහ නෙතන්යාහු ආන්ඩුවේ සමස්ත ජනඝාතක මූලෝපායෙනි.

ඊශ්‍රායල් ආන්ඩුවේ ජන සංහාරයේ සහ වාර්ගික පවිත්‍ර කිරීමේ මූලෝපායේ කේන්ද්‍රීය කොටස – එය මිලියනයකට අධික ගාසා වැසියන්ට තම නිවෙස් හැර යන ලෙස නියෝග කර ඇති අතර, ඔවුන්ට ජලය, ආහාර සහ ඉන්ධන සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අවහිර කිරීමයි. ඊශ්‍රායල් සහ නේටෝ නිලධාරීන් ගාසා තීරයේ නීති විරෝධී අවහිර කිරීම ආරක්ෂා කර ඇත. බලශක්තිය කපා හැරීම , ප්‍රතිකාරය ස්ථාවර විදුලි සැපයුමක් මත රඳා පවතින, ඉන්කියුබේටර්වල නොමේරූ ළදරුවන්, ඩයලිසිස් රෝගීන් සහ දැඩි සත්කාර රෝගීන්ගේ විශාල මරණ ප්‍රමාණයකට තුඩු දෙනු ඇත.

ඊයේ, ගාසා තීරයේ රෝහල් 23 න් 20 ක් “අර්ධ සේවා” පමණක් සිදු කරමින් සිටියේ ඒවායේ ඉන්ධන සහ බලශක්ති සංචිත “සම්පූර්ණයෙන්ම පාහේ ක්ෂය වී ඇති” නිසා ය. මෙම සතිය මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් විසින් ගාසා තීරයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන  111කට ප්‍රහාර එල්ල කර, සෞඛ්‍ය සේවකයින් 12ක් මරා දමා, ගිලන්රථ 60කට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව තහවුරු කරන ලදී.

ගාසා තීරයේ ජනතාව ඉලක්ක කර ගනිමින් මනුෂ්‍යත්වයට එරෙහි මෙම නවතම, බිහිසුණු අපරාධයට එරෙහිව අඟහරුවාදා ලොව පුරා විරෝධතා පැන නැගුනි. එක්සත් ජනපදයේ, විරෝධතාකරුවන් නැවත වරක් ධවල මන්දිරයෙන් පිටත රැස් වූ අතර අනෙක් අය නිව් යෝර්ක් නගරයේ සහ ලාස් වේගාස් හි පෙළපාලි ගියහ. බදාදා සහ ඊළඟ දිනවලදී තවත් පෙලපාලි බලාපොරොත්තු වේ.

 ( ට්විටර් පණිවිඩය)

කැනඩාවේ, මොන්ට්‍රියල් හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට පිටතින් , රෝහල් බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීමට පලස්තීනයට පක්ෂපාතී විරෝධතාකරුවෝ දහස් ගණනක් පෙළපාලි ගියහ.

විරෝධතා , මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා පැතිර ගියේය. බටහිර ඉවුරේ, පලස්තීන විරෝධතාකරුවෝ, ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ අතකොළුවක් ලෙස ක්‍රියා කරන පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් ගැන සඳහන් කරමින්, “ජනතාවට ජනාධිපතිවරයාගේ වැටීම අවශ්‍යයි” යනුවෙන් කෑගසමින් රමල්ලාහි පෙළපාලි ගියහ. කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පෙළපාලිකරුවන් ඉක්මනින් විසුරුවා හරින ලදී.

බටහිර ඉවුරේ නබ්ලස් සහ ජෙනින් නගරවල ද විරෝධතා වාර්තා විය.

විරෝධතාකරුවන් දහස් ගණනක් තුර්කියේ සහ ජෝර්දානයේ අම්මාන්හි ඊශ්‍රායල කොන්සල් කාර්යාලවල පිටත පෙලපාලි දැක්වූහ.  අම්මාන්හිදී, එක්සත් ජනපද මධ්‍යස්ථානයේ පරිමිතිය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසිය සමඟ ගැටී ඇත.

ලෙබනනයේ, විරෝධතාකරුවන් බේරූට්හි එක්සත් ජනපද සහ ප්‍රංශ තානාපති කාර්යාලවලට පිටතින් පෙළපාලි ගිය අතර, සිදොන් සහ ටයර්හි පලස්තීන සරණාගත කඳවුරුවල විරෝධතා පුපුරා ගියේය. උතුරු ඊශ්‍රායලයේ IDF හමුදා සමඟ වඩාත් තීව්‍ර කාලතුවක්කු ප්‍රහාර හුවමාරුවක් කළ ෂියා ඉස්ලාමීය මිලීෂියාව වන හිස්බුල්ලා සටන්කාමීන්, බදාදා දිනය “කෝපයේ දිනයක්” ලෙස විරෝධතාවක් කැඳවා ඇත.

ටියුනිස්හිදී, විරෝධතාකරුවන් ප්‍රංශ තානාපති කාර්යාලයෙන් පිටත පෙළපාලි යාම සඳහා වූ විරෝධතාවලට එරෙහි රාජ්‍ය තහනම කඩ කරමින් : “ප්‍රංශ සහ ඇමරිකානුවන් සියොන්වාදීන්ගේ සහචරයෝ” සහ “ටියුනීසියානු භූමියේ ඇමරිකානු තානාපති කාර්යාලයක් එපා.” කියමින් කෑ ගැසූහ.

ඉරානයේ, විරෝධතාකරුවන් “ප්‍රංශයට, එංගලන්තයට, ඇමරිකාවට සහ සියොන්වාදීන්ට මරණය” වැනි සටන් පාඨ කියමින් ටෙහෙරානයේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලින් පිටත පෙළපාලි ගියහ. ඉස්ෆහාන් සහ කොම් ප්‍රදේශවල ද විරෝධතා පැවැත්විණි.

බැග්ඩෑඩ්හිදී, විරෝධතාකරුවන් දහස් ගණනක් 2003 දී එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා විසින් පිහිටුවන ලද ඉරාක අගනුවර ප්‍රදේශයේ වන හරිත කලාපයට ගමන් කළ නමුත්, ආරක්ෂක අංශ ඔවුන් එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගමන් කිරීම වළක්වා ඇත.

ගාසා තීරය නීති විරෝධී ඊශ්‍රායල් අවහිර කිරීමට එරෙහිව පලස්තීන ජනතාවගේ නැගිටීම අධිරාජ්‍යවාදයට සහ සියොන්වාදයට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. ගාසා තීරයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරක යුද්ධය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැවැත්වීමේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා පොදු ව්‍යාපාරයක් තුල මෙම අරගල ඒකාබද්ධ කිරීමයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි Read More »

Palestine

ගාසා තීරයේ රෝහලට ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය කෝපය පුපුරා යයි

ලෝසවෙඅ කතෘ මන්ඩලයේ ප්‍රකාශය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘Global outrage erupts over Israeli bombing of Gaza hospital’ යන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ඉදිරිදර්ශන ලියවිල්ලේ සිංහල පරිවර්තනය යි.

theSocialist.LK කර්තෘ මන්ඩලය හා කමිටුව ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ  මන්ඩලයේ මෙම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සම්මත කරන අතර අප පාඨකයන්ට ආරාධනා කරන්නේ එය අපගේම ප්‍රකාශයක් ලෙස පිලිගන්නා ලෙසත් ඒ අනුව දේශපාලනිකව බලමුලු ගැන්වෙන ලෙසත්ය.

Hospital
අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය පලස්තීනුවන්ගේ සිරුරු 2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, මධ්‍යම ගාසා තීරයේ , ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස මිදුලේ රැස්කර ඇති ආකාරය. (AP ඡායාරූපය/අබෙද්කාල්ඩ්)

අඟහරුවාදා, ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට දැවැන්ත GPS-නියාමක බෝම්බයක් හෙලූ අතර, ඉන්, වෛද්‍ය නිලධාරීන්, රෝගීන් සහ සරනාගතයින් 500කට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙහෙයවනු ලබන මෙම රෝහල බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වූ 1,000 කට අධික පිරිසකට රැකවරනය ලබා දී තිබුනි.බරපතල තුවාල ලැබූ රෝගීන්ට නවාතැන් ගැනීමට දකුනු ගාසා තීරයේ ප්‍රමානවත් ඇඳන් නොමැති බව පවසමින්,ඔවුන් තවදුරටත් දකුනට ගෙන යන ලෙසට කල ඊශ්‍රායල බල කිරීම් , රෝහලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මන්ඩලය විසින් නිර්භීතව ප්‍රතික්ෂේප කර තිබුනි.

මෙම අතිහය කුරිරු දාමරික කම මැද පෙරදිග, යුරෝපය සහ ඇමරිකාව පුරා ලක්ෂ  සංඛ්‍යාත මහජන විරෝධතා අවුලුවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරන බැනර් සමඟ දහස් ගනනක් ධවල මන්දිරයෙන් පිටත පෙල ගැසී සිටියහ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එක්සත් ජනපද මාධ්‍ය පලස්තීනුවන් ඔවුන්ගේම රෝහලට බෝම්බ හෙලූ බව යන බොරුව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඊශ‍්‍රායලය බෝම්බ ප‍්‍රහාරයේ වගකීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ සිට දියත් කල රොකට්ටුව වැරදීමකින් බවයි. මෙය අභූත ප්‍රබන්ධයක් බව මුලු ලෝකයම දනී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් මෙම සංහාරය සිදු කරන ලදී.

ගාසා බෝම්බ ප්‍රහාරය ගැන  කිසිදු අහඹුවක් නැත. එය පසුගිය දින 10 තුල රෝහල්, නේවාසික ගොඩනැගිලි සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වූ දුසිම් ගනනක ප්‍රහාර මාලාවක නවතම සහ වඩාත්ම සාතිශය පිලිකුල් සහගත සිදුවීම පමනි. එය මුළුමනින්ම යුද්ධය සඳහා වන ඊශ්‍රායලයේ මූලෝපාය සමග ගැලපේ, එනම් දැවැන්ත ජීවිත හානි සහ මරන සිදු කරමින් ජනගහනය ත්‍රස්ත කිරීමයි.

ඔක්තෝබර් 13 දා ඊශ්‍රායලය විසින් මිලියන 1.1 ක ජනතාවක් උතුරු ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට පත්‍රිකා හෙලා තිබුනි. ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ “නිදහසේ වෙඩි තැබිය හැකී  කලාපයක්” නිර්මානය කර ඇති අතර, ඒ තුල දී  සෑම පිරිමියෙක්ම, කාන්තාවක් සහ දරුවෙකුම ඉලක්කයක් වේ. පසුගිය දින 10 තුල මිනිසුන් 3,000කට අධික සංඛ්‍යාවක් මිය ගිය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර, “රෝහල්, වෙලඳපොලවල්, සරනාගත කඳවුරු, මුස්ලිම් පල්ලි, අධ්‍යාපනික ආයතන සහ සමස්ත නිවහන් ප්‍රදේශ  ඇතුලු විශේෂිතව ආරක්‍ෂිත ස්ථාන ඉලක්ක කර ඇති බව ” යුද ගැති එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන අත්ලාන්තික් කවුන්සිලය සඳහන් කලේය. 

එහි සඳහන් වූයේ ඊශ්‍රායලය “ජනගහනය අධික සිවිල් වැසි  ප්‍රදේශවලට ඉව බව නැති ප්‍රහාර සහ පූර්වරක්ෂාවන් නොමැති ප්‍රහාර ( සිවිල් වැසියන්ට දැනුම්දීමකින් තොරව සිවිල් ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර වැනි ), ජාත්‍යන්තර මානුෂීය නීතිය [IHL ] උල්ලංඝනය කරන අතර එය යුද අපරාධවලට සමාන විය හැකි බවයි. ක්‍රමානුකූලව හෝ පුලුල් ලෙස ක්‍රියාත්මක වන විට, ඒවා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විය හැකි” බවයි.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර , ඊශ්‍රායලය සජීවී උන්ඩ භාවිතා කරමින් රෝහලට “අනතුරු ඇඟවීමේ” වෙඩි තැබූ බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උප ලේකම් පවසයි. ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල හමුදාව රෝහල ඉවත් කරන ලෙස බලකර කරමින්, “අපි ඊයේ ඔබට ෂෙල් වෙඩි දෙකකින් අනතුරු ඇඟෙව්වා” යනුවෙන් කියා සිටියේය. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු සීඑන්එන් වෙත පැවසුවේ ඊශ්‍රායලය අත්පත් කර ගත්  “සවන් දුන්  සංවාද ” ( intercepted conversations) හෙලිදරව් කරන්නේ “එය වැරදුනු  රොකට්ටුවක් බව ඔවුන්ට වැටහෙන” බවයි. “සවන් දුන්  සංවාද ” පිලිබඳ මෙම සඳහන වහාම සිහිපත් කරන්නේ කොලින් පවෙල් 2003 දී එක්සත් ජාතීන් ඉදිරියේ කරන ලද කුප්‍රකට කතාවයි. එහිදී ඔහු “සවන් දුන්  සංවාද ”  මහා විනාශකාරී ආයුධ (WMD) පවතින බව ඔප්පු කරන  බව උජාරුවෙන් ප්‍රකාශ කලේය.

ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බයිඩන් ට්විටර් හි මෙසේ ලිවීය, “ගාසාවේ අල් අහ්ලි අරාබි රෝහලේ පිපිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බිහිසුනු ජීවිත හානිය ගැන මම කෝපයටසහ  දැඩි ශෝකයට පත් වෙමි. ගැටුම් අතරතුර සිවිල් ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය නිසැකවම පෙනී සිටින අතර, මෙම ඛේදවාචකයෙන් මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්, වෛද්‍ය කාර්ය මන්ඩලය සහ අනෙකුත් අහිංසකයින් ගැන අපි ශෝක වෙමු. ”

මොනතරම් නරුමත්වයක් සහ කුහකකමක්ද!

සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් මෙම යුද අපරාධයට සම්බන්ධය. අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට ප්‍රහාරය එල්ල කෙරුනේ, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්  නෙතන්යාහු හමුවී , ජර්මනියට ” ඇත්තේ එක තැනක් පමනයි… ඒ ඊශ්‍රායලය සමගයි” යනුවෙන් ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව ය.

ඊශ්‍රායලයේ අපරාධ යුක්තිසහගත කිරීම සඳහා ජර්මානු අධිරාජ්‍යවාදයේම අපරාධ නරුම ලෙස භාවිතා කරමින් , නාසීන් විසින් යුරෝපීය යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෝම්බ හෙලීමට හා බඩගින්නේ මිය යෑමට බදුන් කර ඇති පලස්තීන ජනතාව කිසියම් අයුරකින් සම්බන්ධ වන්නාක් මෙන් ,ෂොල්ෂ් පැවසුවේ ජර්මනියේ “හොලෝකෝස්ටය පිලිබඳ වගකීම නිසා  ඊශ්‍රායලයේ ආරක්ෂාව සහ පැවැත්ම පවත්වා ගැනීම සදහා අප   උපකාර කරීම   අවශ්‍ය කරන ” බවයි.

නෙතන්යාහු ආන්ඩුව සමග “සහයෝගීව සිටීම” සදහා බයිඩන් ඊශ්‍රායලයට පැමිනීමට පැය 24 කටත් අඩු කාලයකට පෙර රෝහල් බෝම්බ ප්‍රහාරය එල්ල විය. අඟහරුවාදා ඝාතනය කරන ලද පලස්තීනුවන් 500 දෙනෙකුගේ ලෙයින් වර්න ගැන්වූ  රතු පලස ඊශ්‍රායලය විසින් බයිඩන්ට එලා ඇත. බයිඩන් ගේ යානය ගොඩ බානවාත් සමගම, මල සිරුරු සුන්බුන් වලින් එලියට ඇද ගැනෙනු ඇත.

පහසුවෙන්ම විය හැකි ලෙස එක්සත් ජනපදය විසින් සපයන ලද බෝම්බයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් සමඟින් සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් නෙතන්යාහුට අත අත දී , ඔහුට සුබ පැතීමට ඊශ්‍රායලයට යාමෙන් බිඩෙන් ඔහුගේ “කෝපය” ප්‍රකාශ කරයි. ඔහුගේ පරිපාලනය මෙම ම්ලේච්ඡත්වයට සම්පූර්නයෙන්ම සම්බන්ධ වී ඇත.

සති අන්තයේදී  එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදයට ඊශ්‍රායලය සදහා  සහය නොදැක්වීම පිනිස ඉක්මවා යා නොහැකි  “රතු ඉරි” නැති බවයි. එක්සත් ජනපද නිලධාරීන්ට සටන් විරාමයක් හෝ එදිරිවාදිකම් මන්දනය කිරීමක් ඉල්ලා සිටීම අනුමත කල නොහැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු තන්ත‍්‍රය ගාසා තීරයේ ජනගහනයට එරෙහිව සමූලඝාතක සහ වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එය රටේ [ ගාසා තීරය] උතුරෙහි , ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර ඇති අතර, සිවිල් යටිතල පහසුකම්වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලීම සහ මුලු ජනගහනයටම ආහාර, ජලය, විදුලිය සහ වෛද්‍ය පහසුකම් කපා හැර ඇත. ඊශ්‍රායල රජයේ ඉලක්කය වන්නේ ගාසා තීරයේ ජනතාව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කිරීම සහ ඔවුන් විසින් මරා නොදමන අය රටක් නැති, ඉඩම් නොමැති සරනාගතයින් බවට පත් කිරීමයි.

ගාසා තීරය “කූඩාරම් නගරයක්” බවට පත් කර “බිමට සමතලා කරන” බව පැවසමින්  එක් ඊශ්‍රායල නිලධාරියෙකු මෙම සැලැස්ම විස්තර කලේය. පලස්තීනුවන්  සංහාර කරමින් අවතැන්  කිරීමේ මෙම පිලිවෙත ක්‍රියාත්මක කිරීමට, මැදපෙරදිග තම සේවාදායක රාජ්‍යයට වන ඊශ්‍රායලයට රිසි ලෙස කටයුතු කිරීමට ( Carte blanche ) අවසර ලබා දීමෙන් අධිරාජ්‍යවාදී බලවතුන් ඊට පූර්න සහයෝගය ලබා දී ඇත.

Palestine
ඊශ්‍රායලයේ සිතියමක්, කොළ පැහැයෙන් පලස්තීන ප්‍රදේශ සහ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය දැක්වේ. [AP ඡායාරූපය]

පසුගිය සතිය පුරා ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන් භාවිත කල භාෂාව ඉලක්ක කර තිබුනේ මෙවැනි භීෂනයක් ක්‍රියාත්මක කල හැකි වාතාවරනයක් නිර්මානය කිරීමයි. නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් යන දෙදෙනාම පලස්තීනුවන් හැඳින්වූයේ “තිරිසනුන්” යනුවෙනි. අඟහරුවාදා නෙතන්යාහු පලස්තීනුවන් “අන්ධකාරයේ දරුවන්” ලෙස හඳුන්වමින් තවත් ඉදිරියට ගියේය. පසුගිය සතියේ බිඩෙන් මෙම භාෂාව ප්‍රතිරාවය කරමින්, ඔවුන්ගේ සිර කඳවුරෙන් පිටතට කඩාවැදුනු පලස්තීනුවන්ගේ ක්‍රියාවන් “තනිකර නපුර” ලෙස හැදින්වීය.

ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානු ජනගහනය ක්‍රමානුකූලව කොල්ලකෑම, සමූලඝාතනය සහ අවතැන් කිරීම ගැන සඳහන් කරමින්, දිගුකාලීන පලස්තීන නායක යසර් අරෆත්, “අපි රතු ඉන්දියානුවන් නොවේ” යන කියමන නැවත නැවතත් කියා පෑවේය. මෙයට අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන්නේ, “නැහැ , ඔබ ඔවුන්ම  තමයි” යනුවෙනි.

පලස්තීනුවන්ට එරෙහි මෙම සමූල ඝාතනය විවෘත වැලඳ ගැනීම සිදුවන්නේ එක්සත් ජනපදය යුද්ධය සදහා  කෙදිනකට හෝ වඩා සෘජුවම සම්බන්ධ වන  අතර දීය. අඟහරුවාදා පෙන්ටගනය විසින් මැදපෙරදිගට විභව යෙදවීම  සඳහා සූදානම්ව සිටින ලෙස භටයින් 2,000කට නියෝග කලේය. මැරීන් භටයින් 2,400 ක් ඇතුලුව යූඑස්එස් බටාන් උභය සූදානම් කන්ඩායම (USS Bataan Amphibious Ready Group,) එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් සමඟ කලාපයට යොදවන බව ද එය නිවේදනය කලේය. එක්සත් ජනපද හමුදාව පලස්තීනුවන් ඉලක්ක ගත කරනු පමනක් නොව ඉරානය සමඟ යුද්ධය සඳහා  කොන්දේසිද නිර්මානය කරයි.

සිදුවෙමින් පවතින ගැටුම තේරුම් ගත හැක්කේ රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය විසින් ගෝලීය මිලිටරිවාදය පුපුරුවා හැරීමේ සන්දර්භය තුල පමනි. යුක්රේනයේ , රුසියාව සමග එක්සත් ජනපද යුද්ධය දැන් ගෝලීය ගිනි ජාලාවක් බවට පැතිරෙමින් මැද පෙරදිග කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ බයිඩන් පරිපාලනය යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා වූ ඩොලර් බිලියන 20 ක පනතක් , යුක්රේනය, මැද පෙරදිග සහ පැසිෆික් කලාපයේ යුද්ධ සඳහා ඩොලර් බිලියන 100 ක දැවැන්ත වියදම් පැකේජයක් බවට පත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

යුක්රේනයේ යුද්ධය යුක්තිසහගත කිරීමට භාවිතා කරන සියලුම බොරු පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූල ඝාතනයෙන් පුපුරවා හරිනු ලැබේ. එක්සත් ජනපද ආන්ඩුව රුසියානු ආක්‍රමනයට එරෙහිව “ජාතික ස්වෛරීත්වයට” සහය දක්වන බව කියා ඇත, රුසියාව “යුද අපරාධ” මෙන්ම “ජන සංහාර” පවා  සිදු කරන බව කියා ඇත- දැන් සියලු අධිරාජ්‍යවාදී බලවතුන් ඇත්ත ජනඝාතක ක්‍රියාවලට විවෘතව සහාය දක්වති. යුක්රේනයේ රුසියානු ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය විසින් ගෙන යන සියලුම බොරු ප්‍රචාර යමෙක් පිලිගත්තේ වුවද, එය ඊශ්‍රායලය දැන් මුලු ලෝකයම ඉදිරියේ කරමින් සිටින දෙයට සාපේක්ෂව සුදුමැලි වේ.

තත්‍ය කාලීනව සිදුවන දේ හෙලා දැකීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ඇත. මොනතරම් බොරු ප්‍රචාර සහ බිය ගැන්වීම් තිබුනත් පුලුල් ජනතාවගේ හැඟීම පලස්තීනුවන්ගේ පැත්තේ ඇත. කවරදාටත් වඩා, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ  පුලුල් ස්ථරයන් ආවරනය වන පරිදි මෙම විරෝධතා පුලුල් කල යුතුය. ඔවුන් එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සූරාකෑමට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලට සම්බන්ධ කල යුතුය.

සඳුදා පලස්තීන වෘත්තීය සමිති කන්ඩායමක් සිය වැඩ වර්ජනයට සහාය දෙන ලෙස ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය:

“ඊශ්‍රායලය සිය මිලිටරි ව්‍යාපාරය තීව්‍ර කරන විට, පලස්තීන වෘත්තීය සමිති, ජාත්‍යන්තරව අපගේ සගයන්ගෙන් සහ හෘදය සාක්ෂිය ඇති සියලුම ජනයාගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ යුද අපරාධ සමඟ ඇති සියලු ආකාරයේ සහයෝගීතාවයන් අවසන් කරන ලෙසයි. ”

එය තවදුරටත් සදහන් කලේ :

“මෙම හදිසි, ජන සංහාරක තත්ත්වය වැලැක්විය හැක්කේ පලස්තීනයේ ජනතාව සමඟ ගෝලීය සහයෝගීතාවයේ දැවැන්ත වැඩිවීමකින් පමනක් වන අතර එමඟින් ඊශ්‍රායල යුද යන්ත්‍රය අවහිර කල හැකිය. ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඊශ්‍රායල රාජ්‍යයේ සන්නද්ධ වීම වැලැක්වීම සඳහා ඔබ වහා පියවර ගැනීම අපට අවශ්‍යයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලස්තීන වෘත්තීය සමිතිවල කැඳවීම අනුමත කරයි. ඉන් ඔබ්බට, ඊශ්‍රායලයේ යුද්ධයේදී ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් අහිමි කිරීමට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ලොව පුරා සිටින නැව් තටාක සේවකයින්, ගුවන් තොටුපල සහ ප්‍රවාහන සේවකයින් ඊශ්‍රායලය දෙසට යොමු කරන ඕනෑම ආයුධයක් හැසිරවීම ප්‍රතික්ෂේප කල යුතුය.

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ සියලුම ඊශ්‍රායල හමුදා විසිරුවා හරින ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඔවුන් ඉවත් කිරීම  කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කල යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය.

ජාත්‍යන්තර අපරාධ අධිකරනය නෙතන්යාහු, ෂොල්ෂ්, බයිඩන් සහ ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල සමූල ඝාතනයට සහාය දක්වන එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ප්‍රමුඛ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය යුතුය.

දිග හැරෙන මෙම සමූල ඝාතනය නැවත්වා ඊට වගකිවයුත්තන් වගවීමට සැලැස් විය හැක්කේ ලොව පුරා කම්කරු හා තරුන මහා රාශීන් ගේ මැදිහත් වීම තුලින් පමනි.

ගාසා තීරයේ රෝහලට ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය කෝපය පුපුරා යයි Read More »

Scroll to Top