art & culture

Jaffna library arson

“ආයෙත් නම් කවදාවත් එපා” – යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමේ 45 වැනි සමරුව

මේ කතාව 2026 මැයි 31 දින thesocialist.lk හි “Never Again” — 45th Commemoration of the Jaffna Public Library Arson යන හිසින් ඉංග්‍රීසි බසින් පල කෙරුණි. 

1981 මැයි මාසයේදී යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරපු සිද්ධියට අද රාත්‍රියේදී අවුරුදු 45 ක් පිරෙනවා. ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) විප්ලවවාදී වාම කණ්ඩායම (Revolutionary Left Faction) වන, ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) සංවිධානය විදිහට අපි, අද දවසේ යාපනය මහජන පුස්තකාලය ඉස්සරහ පැවැත්වෙන සමරුවකට සහභාගි වී අපගේ සිංහල, දෙමළ හා මුස්ලිම් සහෝදර සහෝදරියන්, මිතුරන්, සහ සහෝදරවරුන්ගෙන් සමන්විත පිරිසක් අමතන්න ලැබුණා නම්, අපි කරන්නේ පහත දේශනයයි:

සංජය ජයසේකර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) සාමාජික.

Jaffna library arson
ගිනි තැබීමෙන් පසු යාපනය මහජන පුස්තකාලය. ඡායාරූපය CPA X අනුග්‍රහයෙනි.

මිතුරනි, සහෝදරවරුනි, ඒ වගේම සහෝදර සහෝදරියනි — දෙමළ, සිංහල, මුස්ලිම්, ඒ වගේම මිනිස් ගරුත්වයේ අර්ථය අගය කරන ඔබ හැමගෙන්ම අවසරයි,

අදට අවුරුදු හතළිස් පහකට කලින්, හරියටම අද වගේ දවසක කරුවල රෑක, දකුණු ආසියාවේ තිබුණ වටිනාම සංස්කෘතික නිධානයක් ගින්නට බිලිවුණා. පොත්පත් 97,000 කට වඩා, ඒ වගේම ආදේශ කරන්න බැරි පුස්කොළ අත්පිටපත්, පැරණි ඉතිහාස ලේඛන, ජීවමාන මතකයන් වගේම ශතවර්ෂ ගණනාවක් තිස්සේ එකතු වුණ දෙමළ ජනතාවගේ බුද්ධිමය උරුමය ගබඩා කරලා තිබුණ යාපනය මහජන පුස්තකාලය අළු දූවිලි බවට පත්වුණා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. සොබාදහමෙන් සිද්ධ වෙච්ච දෙයකුත් නෙවෙයි. ඒක කළේ හිතාමතාම සැලසුම් කරපු මිනිස් අත්වලින්: ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (UNP) ආණ්ඩුවේ ආරක්ෂාව වගේම මඟපෙන්වීම යටතේ දකුණෙන් එවපු, නිල ඇඳුම් ඇඳගත්ත පොලිස් නිලධාරීන් සහ සංවිධානාත්මක මැර කල්ලි විසින්. “බුද්ධාගම රැකගන්න” සිංහලයන් නැගී සිටින්න ඕනේ කියලා ප්‍රසිද්ධියේම ලියලා පුරසාරම් දොඩපු ගාමිණී දිසානායක (Gamini Dissanayake) වගේම සිරිල් මැතිව් (Cyril Mathew) කියන ඇමතිවරු මේ මෙහෙයුම පුද්ගලිකවම අධීක්ෂණය කරන්න යාපනයට ආවා. දෙමළ මිනිස්සු හතරදෙනෙක්ව තමන්ගේ ගෙවල්වලින් එළියට ඇදලා දාලා මරලා දැම්මා. ගෙවල් දොරවල්, කඩසාප්පු, කාර්යාල, ඒ වගේම ‘ඊළනාඩු’ (Ealanadu) කියන දෙමළ පුවත්පතේ මුද්‍රණාලය ගිනිබත් කළා. පාරවල් මංසන්ධිවල තිබුණ දෙමළ සංස්කෘතික නායකයන්ගේ පිළිම බිමට සමතලා කරලා දැම්මා.

මේක එකපාරටම මතු වුණ ස්වයංසිද්ධ පිපිරීමක් නෙවෙයි. ඒක කොළඹදී ගත්ත දේශපාලන තීරණයක්, යාපනයේද ක්‍රියාත්මක කරපු එකක්, ඒ වගේම මුළු මහත් දේශපාලන සංස්ථාපිතයයි එයාලට කීකරු මාධ්‍යයි විසින් නිහඬවම වහලා දාපු එකක්. පුස්තකාලය විනාශ කිරීම ගැන කිසිම නිල පරීක්ෂණයක් කවදාවත් පැවැත්වුණේ නැහැ. කාටවත් විරුද්ධව නඩු පැවරුණේ නැහැ. කිසිම ඇමතිවරයෙක් නීතිය ඉස්සරහට ගෙනාවේ නැහැ. 1981 මැයි 31 වැනිදා රෑ පත්තු වුණ ඒ ගින්න ඇවිලෙව්වේ මේ දූපතේ පාලක පන්තියයි — ඒ වගේම නිදහසේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) කියන ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකක්ම ශ්‍රී ලාංකික සමාජයේ ලේ ධාතුවට එන්නත් කරපු දශක ගණනාවක වාර්ගික විෂ ඒකට ඉන්ධන සපයලා තිබුණා.

අපි අද මෙතනට එකතු වෙලා ඉන්නේ ශෝක වෙන්න විතරක් නෙවෙයි. අපි එකතු වෙලා ඉන්නේ තේරුම් ගන්න. හැම යුගයකම, හැම පක්ෂයකම පාලක පන්තිය මේ දූපතේ මිනිස්සු තේරුම් ගන්නවාට වඩාත්ම බය වුණ වගේම තේරුම් ගන්න එක වළක්වන්න මහන්සි වුණ ඒ පාඩම් අවභෝධ ගන්නයි අපි මෙතනට එකතු වෙලා ඉන්නේ.

 ඒ රෑ විනාශ වුණේ මොනවාද?

ගිනිබත් වුණ පොත් අතර ආදේශ කරන්න බැරි ඒවා තිබුණා— යාපනයේ ඉතිහාසය ලියවුණ ‘යාල්පානම් වෛපවමාලෙයි’ පොතේ තිබුණේ එකම එක පිටපතක් විතරයි, ඒකත් ඒ ගින්නෙන් විනාශ වෙලා ගියා. හැබැයි ලංකාවේ පාලකයෝ එතනදී ප්‍රධාන වශයෙන්ම කළේ පොත් පත් පුච්චපු එක විතරක් නෙවෙයි. ඒගොල්ලෝ පිච්චුවේ ජනතාවකට තමන් ගැනම තිබුණ ආත්ම අභිමානයයි. දෙමළ සුළුතරයට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය, අඛණ්ඩතාවය වගේම විශ්වාසය ගැන තිබුණ හැඟීමයි ඒගොල්ලෝ ගිනිබත් කළේ. ඒගොල්ලෝ ගින්නෙන් ලියපු පණිවිඩයක් තමයි ඒ හරහා යැව්වේ: ඒ කියන්නේ ‘ඔයාලා මෙහෙට අයිති නෑ. ඔයාලගේ ඉතිහාසයෙන් වැඩක් නැහැ. ඔයාලගේ සංස්කෘතිය ඕනෙ වෙලාවක විසික් කරන්න පුළුවන් එකක්. ඔයාලගේ ජීවිත පවතින්නේ අපේ අවසරය උඩ විතරයි’ කියන එක.

මේක තමයි සිංහල ජාතිවාදයේ (chauvinism) භාෂාව — ඒක පැත්තක කොන්වෙච්ච මතවාදයක් නෙවෙයි, ඒක තමයි රාජ්‍යයේ නිල මතවාදය. 1956 ‘සිංහල පමණයි’ පනතින්, දෙමළ විරෝධී විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ ක්‍රමවලින්, ඒ වගේම බුද්ධාගමට උත්තරීතරම ස්ථානය දෙමින් රාජ්‍ය ආගම මට්ටමට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙන් මේ ජාතිවාදය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළටම කාවද්දලයි තිබුණේ. ඒ වගේම, වාර්ගික වෛරය තමන්ගේ පාලන මෙවලමක් විදිහට පාවිච්චි කරපු පාලක පන්තියක භාෂාව තමයි ඒක. තමන්ගේම ජීවිත විනාශ කරමින් තිබුණ ආර්ථික ප්‍රතිපත්ති — ඒ කියන්නේ සමාජ වියදම් කප්පාදුකිරීම්, විවෘත වෙළඳපොළ “ලිබරල්කරණය”, වැටුප් වගේම පොදු සේවාවන්ට කරපු ප්‍රහාරයන් — මෙවා ගැන සිංහල දුප්පත් සහ කම්කරු පන්තියේ අවධානය වෙනතකට හරවන්න, දෙමළ කම්කරුවන්ගේ ජීවිත වගේම සිංහල කම්කරුවන්ගේ ජීවිතත් බිලිගත්ත ආයුධයක් විදිහටයි පාලකයෝ මේ වාර්ගික වෛරය පාවිච්චි කළේ.

යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම කියන්නේ ආරම්භය නෙවෙයි. ඒ වගේම ඒක අවසානයත් නෙවෙයි. ඒක හැරවුම් ලක්ෂ්‍යයක් — 1983 ජූලි මහා කලබලයට (July 1983 pogrom) අවුරුදු දෙකකට කලින් පත්තු කරපු අනතුරු ඇඟවීමේ සංඥා එළියක්. ඒ 83 ජූලි මාසයේදී රාජ්‍ය ආයතනවලින් ලබාදුන්න ඡන්දහිමි නාමලේඛන අතට ගත්ත සංවිධානාත්මක සිංහල මැර කල්ලි, කොළඹ වගේම මුළු දිවයින පුරාම ගෙයින් ගෙට ගිහින් දෙමළ මිනිස්සු පවුල් පිටින් පණපිටින් පුච්චලා මැරුවා. කළු ජූලිය විසින් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලිලා ගිය, දසදහස් ගණනකගේ ජීවිත බිලිගත්ත, ඒ වගේම දෙමළ-සිංහල මුළු මහත් සමාජයන්ම විනාශ කරපු සිවිල් යුද්ධයක් නිර්මාණය කළා. ඒක කෙළවර වුණේ 2009 මැයි මාසයේ මුල්ලිවයික්කාල්වල (Mullivaikkal) සිද්ධ වුණ අවසාන මිලිටරි ප්‍රහාරයෙන්. එතනදී දසදහස් ගණනක් දෙමළ සිවිල් වැසියන්ව මහා පරිමාණයෙන් ඝාතනය කෙරුණා. මුළු ලෝකයම අහක බලාගෙන ඉන්නකොට සිද්ධ වුණ මේ දේවල් යුධ අපරාධ වෙන්න ඉඩකඩ තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත්තා.

කලකට ඉහතදී ගින්නෙන් වෙලාගෙන තිබුණ, මේ විශිෂ්ට ස්මාරකයේ බිත්ති දෙස බලාගෙන අද දවසේ අපි මෙතන ඉඳන් ශබ්ද නඟලා කියන්න ඕනේ, “ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියලා. තවත් නම් එපා කියන එකේ ඇත්තම තේරුම වෙන්න ඕනේ: ආයෙ කවදාවත් පුස්තකාල පුච්චන්න දෙන්න බැහැ. ආයෙ කවදාවත් කළු ජූලියක් වෙන්න දෙන්න බැහැ. ආයෙ කවදාවත් මුල්ලිවයික්කාල් එකක් වෙන්න දෙන්න බැහැ කියන එකයි.

හැබැයි “ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියන එක නිකම්ම නිකන් ප්‍රාර්ථනාවක් විතරක් වෙන්න බැහැ. ඒක දේශපාලන වැඩපිළිවෙළක් වෙන්නම ඕනේ.

2009 මැයි මාසයේදී තුවක්කුවල සද්දේ නැවතිලා දැන් අවුරුදු දාහතක් ගතවෙලා ඉවරයි. මොනවාද වෙනස් වෙලා තියෙන්නේ? යුද්ධය ඉවරයි — හැබැයි යුද්ධය ඇතිකරපු තත්ත්වයන් තවමත් ඉවර වෙලා නැහැ. මිලිටරිය තවමත් උතුර වගේම නැගෙනහිර පළාත් අල්ලගෙන ඉන්නවා. දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් මිලිටරි පාලනය යටතේ අත්පත් කරගෙනයි තියෙන්නේ. මුල්ලිවයික්කාල් අණුස්මරණ — ඒ කියන්නේ තමන්ගේ මියගිය අය වෙනුවෙන් වැලපෙන්න තියෙන මූලිකම අයිතිය පවා — රාජ්‍ය අනුග්‍රහය ලබන මැර කල්ලි වගේම ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් කඩාකප්පල් කරනවා. දෙමළ විරෝධතාකරුවන්ට ජාතිවාදී මැරයන්ගෙන් හිරිහැර වෙනවා, ඒ වගේම ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. තමන්ගේ ඉතිහාසය, තමන්ගේ ශෝකය, එහෙම නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන හැම දෙමළ මනුස්සයෙක්වම ත්‍රස්තවාදියෙක්, LTTE හිතවාදියෙක්, නැත්නම් බෙදුම්වාදියෙක් විදිහට හංවඩු ගහන දරුණු සමාජ මාධ්‍ය වෛරී ප්‍රචාරණයක් සැලසුම් සහගතව වගේම සම්බන්ධීකරණය කරලා ක්‍රියාත්මක කරනවා. “ජාතික සමගිය” කියන කපටි ලේබලය යටතේ දෙමළ ලේඛකයන්ගේ පොත්පත් ආණ්ඩුවේ වාරණ මණ්ඩල විසින් තහනම් කරනවා. අද දවසේ මේ හැමදේකටම නායකත්වය දෙන්නේ අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) / ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවයි — JVP කියන්නේ දෙමළ විරෝධී යුද්ධයට මුල පටන්ම උද්‍යෝගිමත් සහයෝගයක් දීලා තමන්ගේ දේශපාලන ගමන හදාගත්ත, දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට දෙන හැම සහනයකටම විරුද්ධ වුණ, ඒ වගේම සිංහල ජාතිවාදී ප්‍රචාරයන්ට නිදහසේ පැතිරෙන්න ඉඩ දීලා දැන් “ජාතික සමගියේ” ආණ්ඩුවක් විදිහට පෙනී ඉන්න පක්ෂයක්.

අපි මේක කෙලින්ම කියන්න ඕනේ: උතුර මිලිටරිකරණය කිරීම යුද්ධයත් එක්ක ඉවර වුණේ නැහැ. ඒක තවදුරටත් ඉදිරියටම ගිහින් තවත් දැඩි වෙලා තියෙනවා. රාජපක්ෂ ඉඳන් වික්‍රමසිංහ හරහා දිසානායක දක්වා බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම දෙමළ වැසියන්ගේ ජීවිත උඩ තියෙන මිලිටරි පාලනය ඒ විදිහටම තියාගත්තේ ඇයි? මොකද මිලිටරිය කියන්නේ සිංහල ධනේශ්වර පන්තියේ වුවමනාවන් වෙනුවෙන් පාලනය ගෙනයන, ඒ වගේම වාර්ගික මර්දනයේ මෙවලමක් විදිහට වැඩකරන ධනපති රාජ්‍යයේ යකඩ කුලු ගෙඩිය නිසා. මිලිටරිය උත්කර්ෂයට නැංවීම — ඒ කියන්නේ යුද ජයග්‍රහණ පෙළපාලි, යුද ස්මාරක, සොල්දාදුවා වන්දනාමාන කිරීම — මේක පුරුද්දට කරන දෙයක් නෙවෙයි. ඒක තමයි පාලක පන්තිය විසින් සිංහල මහජනතාවට මිලිටරිවාදය තමන්ගේ ජාතික අනන්‍යතාවය විදිහට පිළිගන්න උගන්වන ක්‍රමය. ඒ වගේම ඒ හරහා දෙමළ වගේම සිංහල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකින් මේ පවතින සමාජ ක්‍රමයට අභියෝගයක් එල්ල වෙන එක වළක්වනවා.

අද සිංහල සමාජය ඇතුළේ ඔයාලා දකින සදාචාරාත්මක පිරිහීම — ඒ කියන්නේ ගුරුවරුන්ට වඩා සොල්දාදුවන්ව සැමරීම, ජාතිවාදී සමාජ මාධ්‍ය භාවිතය ඉවසීමෙන් දරාගැනීම, දෙමළ ජනතාව පත්කරන අවමානයන් නිහඬව පිළිගැනීම, ඒ වගේම අතීතයේ සිද්ධ වුණ ප්‍රචණ්ඩත්වය, මහා ඝාතන වගේම විනාශ කිරීම් ආයෙත් කරන්න කියලා ඉල්ලන එක — ඒක සිංහල ජනතාවගේ ස්වභාවික ගුණාංගයක් නෙවෙයි. ඒක කෘතිමව හදපු තත්ත්වයක්. සිංහල කම්කරුවන්ට, දෙමළ කම්කරුවන් තමන්ගේ සහෝදරවරු විදිහට දකිනවාට වඩා තමන්ගේ හතුරෝ විදිහට දකින්න අවශ්‍ය වුණ පාලක පන්තිය විසින් දශක ගණනාවක් තිස්සේ මේක කෘතිමව නිර්මාණය කළා. මේක මිලිටරිවාදය, ජාතිවාදය, බය, ඒ වගේම බොරුව උඩ ගොඩනගපු දේශපාලන සංස්කෘතියක සැලසුම් සහගත ප්‍රතිඵලයක් — මොකද දෙමළ කම්කරුවන්ට වෛර කරන සිංහල කම්කරුවෙක් කියන්නේ කවදාවත් තමන්ව ඇත්තටම මර්දනය කරන පාලකයා දෙසට හැරිලා බලන්නේ නැති කම්කරුවෙක් නිසයි.

මෙන්න මේ පසුබිම ඇතුළෙ තමයි දශක හතක පාවාදීම්වලින් ලැබුණ පාඩම් දිහාට අපි හැරෙන්න ඕනේ.

ලංකාවේ ඛේදවාචකය කියන එක, කාලෙකට කලින් වැඩකරන පන්තිය වෙනුවෙන් කතා කරනවා කියලා කියාගත්ත පක්ෂ විසින් කරපු පාවාදීමේ ඉතිහාසයෙන් වෙන් කරන්න බැහැ. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායෙන් මතු වුණ ලංකා සමසමාජ පක්ෂය (LSSP) කාලෙකදී දකුණු ආසියාවේ තිබුණ ලොකුම කම්කරු පක්ෂය. සමාජවාදී ජාත්‍යන්තරවාදය පදනම් කරගෙන සිංහල වගේම දෙමළ කම්කරුවන්ව එකතු කරන්නත්, ජාතිවාදය එහි මුල්වලින්ම විනාශ කරන්නත්, ඒ වගේම හැම ජාතික සුළුතරයකටම සමාන අයිතිවාසිකම් සහතික කරන වැඩකරන පන්තියේ ආණ්ඩුවක් වෙනුවෙන් සටන් කරන්නත් අවශ්‍ය කරන දේශපාලන මෙවලම් ඒගොල්ලන්ගේ අතේ තිබුණා. ඒ වෙනුවට, 1964 දී ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වය පන්ති සහයෝගිතාවයට (class collaboration) දණ නමලා සිරිමා බණ්ඩාරනායකගේ ධනපති හවුල් ආණ්ඩුවට එකතු වුණා — ඒ වගේම දෙමළ මර්දනය ජනරජයේ ව්‍යවස්ථාව ඇතුළටම දාලා මුද්‍රා තැබුවා. කාලෙකදී හතරවැනි ජාත්‍යන්තරය (Fourth International)  වෙනුවෙන් සටන් කරපු කොල්වින් ආර්. ද සිල්වා, ඇමතිවරයෙක් විදිහට ඉඳගෙන සිංහල පමණක් භාෂණ ප්‍රතිපත්තිය ව්‍යවස්ථාව ඇතුළේ තහවුරු කිරීමට නායකත්වය දුන්නා. මේක පොඩි වැරදීමක් නෙවෙයි. මේක ලෝක ඓතිහාසික පාවාදීමක්. ඊට පස්සේ සිද්ධ වුණ හැම ජන හිංසනයකටම, හැම යුද අපරාධයකටම වගේම හැම සංස්කෘතික ගිනිබත් කිරීමටම පාර කැපුවේ මෙන්න මේ පාවාදීමයි.

ධනවාදයට ලංකාවේ ජාතික ගැටලුව විසඳන්න බැහැ. යුද්ධය අවසන් වීමෙන් දෙමළ ජාතික ප්‍රශ්ණය විසඳුණේ නැහැ, ඒ වගේම පාලක පන්තිය එදා ඉඳන්ම මේ විසඳෙන්නේ නැති ප්‍රශ්නයෙන් තමන්ගේ වාසි ප්‍රයෝජන ගන්නවා. නිදහස ලැබිලා ගතවුණ අවුරුදු හැත්තෑ අට පුරාම මේකෙන් බිහිවුණේ වාර්ගික යුද්ධයයි, ආර්ථික විනාශයයි විතරයි. දෙමළ ධනපති පක්ෂ — ඒ කියන්නේ TULF, TNA වගේම ඒවයෙන් පස්සේ ආපු පක්ෂ — දෙමළ කම්කරුවන්ව වගේම තරුණයන්වත් ඒ හා සමානවම සම්පූර්ණයෙන්ම පාවා දීලා තියෙනවා. ඒගොල්ලෝ දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලි කොළඹ පාලක පන්තිය එක්ක කරන පාර්ලිමේන්තු ගනුදෙනුවලටයි, කවදාවත් දෙමළ ජනතාවගේ වුවමනාවන්ට වැඩ නොකරපු (ඉදිරියටත් වැඩ කරන්නේ නැති) විදේශ අධිරාජ්‍යවාදී බලවතුන්ට කරන ආයාචනාවලටයි සීමා කළා. LTTE එකේ බෙදුම්වාදී වැඩපිළිවෙළ, දෙමළ තරුණයන්ගේ සාධාරණ කෝපයෙන් මතු වුණ එකක් වුණත්, ඒකට මූලික යථාර්ථය ජයගන්න බැරි වුණා. ඒ කියන්නේ, වෙන්වුණ දෙමළ ධනපති රාජ්‍යයක් කියන්නේ කොළඹ මිලිටරිය සන්නද්ධ කරලා නඩත්තු කරපු ඒ අධිරාජ්‍යවාදී බලවතුන් මතම යැපෙන, ආර්ථික වශයෙන් දුර්වල කුඩා කොටසක් විතරයි කියන එක. ඒ වගේම ඒකට උතුර සහ නැගෙනහිර ඇතුළේ වගේම පිටතත් ජීවත් වෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරන්නවත්, මූලික පන්තිමය ප්‍රශ්නයට විසඳුම් දෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඉදිරියට තියෙන පාර බෙදී වෙන්වීම නෙවෙයි. ඒක දෙමළ වගේම සිංහල ප්‍රභූන් අතර සිද්ධ වෙන වාර්ගික ගනුදෙනුවකුත් නෙවෙයි. ඒක තමයි, දශක හතක් තිස්සේ තමන්ගේ පාලන මෙවලමක් විදිහට ජාතිවාදය (communalism) පාවිච්චි කරපු ධනපති ක්‍රමයට එරෙහිව පොදු අරගලයක් ඇතුළේ ලංකාවේ වැඩකරන පන්තිය — ඒ කියන්නේ දෙමළ, සිංහල, වගේම මුස්ලිම් කම්කරුවන් — ඒකාබද්ධ වීම.

“ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියන එක අපෙන් ඉල්ලන්නේ මොනවාද?

අපි “තවත් නම් එපා” කියලා කියනකොට, අපි කරන්නේ හැඟීම්බර ආයාචනයක් නෙවෙයි. අපි කරන්නේ දේශපාලන කැපවීමක්.

ආයෙ කවදාවත් පුස්තකාල ගිනිබත් කරන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි ආයෙ කවදාවත් පාලක පන්තියට කිසිම ජනකොටසක සංස්කෘතික උරුමයන් පුච්චලා දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක — මොකද ඒ ගින්න ඇවිලෙව්වේ ජාතිවාදී වෛරය තමන්ගේ මෙවලම විදිහට පාවිච්චි කරපු පන්ති පාලනයේ (class rule) අතින්මයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

ආයෙ කවදාවත් කළු ජූලියක් වෙන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි තමන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ව මහා පරිමාණයෙන් ඝාතනය කරනකොට සිංහල කම්කරුවෝ ආයෙ කවදාවත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ නැහැ කියන එක — මොකද ඒ මහා ජන හිංසනය (pogrom) දෙමළ ජනතාවට එරෙහිව සංවිධානය කළේ පාලක පන්තියට තර්ජනයක් වෙන ඒ පන්ති එකමුතුව (class unity) වළක්වන්නයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

ආයෙ කවදාවත් මුල්ලිවයික්කාල් එකක් වෙන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි සමාජයීය වගේම දේශපාලන ප්‍රශ්නයක් වෙච්ච දේකට ආයෙ කවදාවත් වැඩකරන පන්තිය “මිලිටරි විසඳුමක්” පිළිගන්නේ නැහැ කියන එක — මොකද දෙමළ සිවිල් වැසියන් සමූල ඝාතනය (massacre) කිරීමෙන් සේවය වුණේ සිංහල කම්කරුවන්ගේ වුවමනාවන්ට නෙවෙයි, ඊට පස්සේ සමාජ වියදම් කපාහැරීම් (austerity), මර්දනය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම් හරහා තමන්ගේ තුවක්කු සිංහල කම්කරුවන් දෙසටම හරවපු මිලිටරි යාන්ත්‍රණයකයි පාලක පන්තියකයි වුවමනාවන්ට විතරයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

අද දවසේ තමන්ගේ ජාතික අභිමානය තියෙන්නේ මිලිටරි පෙළපාලිවලයි දෙමළ ස්මරණ යටපත් කිරීමෙයි කියලා විශ්වාස කරන්න සලස්වල තියෙන සිංහල කම්කරුවො, තරුණයො, — ඒගොල්ලෝ මංකොල්ලකෑමකට ලක්වෙලයි ඉන්නේ. ඒගොල්ලන්ගේ පන්ති විඥානය (class consciousness), තමන්ගේම සහෝදර කම්කරුවන් එක්ක තියෙන සහෝදරත්වය (solidarity), ඒ වගේම තමන්ගේම නිදහස වෙනුවෙන් සටන් කරන්න තියෙන හැකියාව කියන ඒව තමයි ඒගොල්ලන්ගෙන් මංකොල්ලකාලා තියෙන්නේ. යාපනය පුස්තකාලය ගිනි තියපු ඒ පාලක පන්තියම තමයි සිංහල කම්කරුවන් මතටත් දරිද්‍රතාවය, අනියම් ශ්‍රම සූරාකෑම, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු බර පටවලා තියෙන්නේ. මුල්ලිවයික්කාල්වලදී දෙමළ වැසියන්ව සමූල ඝාතනය කරපු ඒ මිලිටරියම තමයි වර්ජනය කරන කම්කරුවන්ව හිරේ දාන, ඒ වගේම වෘත්තීය සමිති කඩලා බිඳලා දාන රාජ්‍යයක මෙවලම විදිහට වැඩකරන්නේ. දෙමළ කම්කරුවන්ගේ හතුරාම තමයි සිංහල කම්කරුවන්ගේත් හතුරා වෙන්නේ. ඒ හතුරාගේ නම දෙමළ හරි සිංහල හරි නෙවෙයි. ඒකේ නම තමයි ප්‍රාග්ධනය (Capital), එහෙම නැත්නම් ධනපති පන්ති පාලනය.

අපි සටන් කරන්නේ මොනවා වෙනුවෙන්ද?

තමන්ව විතරක් නියෝජනය කරන ප්‍රභූන් විසින් මැදිහත් වෙලා කරන ජාතික සමගි සන්ධාන (reconciliation) ව්‍යාපාරයක් නෙවෙයි, මෙන්න මේ අපි කියන්න යන දේවල් වෙනුවෙන් සටන් කරන වැඩකරන පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්න කියලා දෙමළ වගේම සිංහල කම්කරුවන්, තරුණයන්, ගුරුවරුන්, ශිෂ්‍යයන්, ඒ වගේම බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා:

උතුර වගේම නැගෙනහිර පළාත් මිලිටරිය මඟින් අත්පත් කරගෙන ඉන්න එක වහාම නතර කිරීම, ඒ වගේම අත්පත් කරගෙන තියෙන හැම දෙමළ ඉඩමක්ම ඒවයේ නියම අයිතිකරුවන්ට ආපහු ලබාදීම. කිසිම හිරිහැරයක්, කඩාකප්පල් කිරීමක්, එහෙම නැත්නම් අපරාධකරණය කිරීමක් නැතුව මුල්ලිවයික්කාල්වලදී වගේම දරුණු අපරාධ සිද්ධ වුණ හැම තැනකදීම මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ අයිතිය ලබාදීම. තමන්ටම ආවේණික වෙච්ච ජාතිවාදී පීඩාවලට මුහුණ දීපු මුස්ලිම් ජනතාව ඇතුළු දෙමළ වගේම හැම ජාතික සුළුතරයකටම සම්පූර්ණ භාෂාමය, සංස්කෘතික, වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම. සිංහල සමාජය ඇතුළට වස විදිහට කාවද්දලා තියෙන, මිනීමැරීම උත්කර්ෂයට නංවන, ඒ වගේම සහෝදරත්වය යටපත් කරන මිලිටරිවාදී සංස්කෘතිය අවසන් කිරීම. කළු ජූලියේ ඉඳන් මුල්ලිවයික්කාල් දක්වා සිද්ධ වුණ යුද අපරාධ වගේම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට වගකිවයුතු අයට විරුද්ධව නඩු පැවරීම. ඒ වගේම හැමදේටම වඩා — මේ දිවයිනේ තියෙන සම්පත් — ඒ කියන්නේ ඉඩම්, ශ්‍රමය, වගේම නිෂ්පාදන ධාරිතාවය — සිංහල, දෙමළ, වගේම මුස්ලිම් වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත්කරන සමාජවාදී දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. ඒ හරහා දරිද්‍රතාවය, වාර්ගික බෙදීම් වගේම පාලක පන්තියේ උගුල් ඒවයේ මුල්වලින්ම අතුගාලා දාන්න පුළුවන් වෙනවා.

යාපනය පුස්තකාලය ඇතුළේ තිබුණේ ශිෂ්ටාචාරයක මතකයක්. ඒක ඇතුළේ ආයෙ කවදාවත් හොයාගන්න බැරි පොත්පත් තිබුණා. හැබැයි ඒක අපිට ආදේශ කරන්න බැරි දේශපාලන පාඩමකුත් ඉතිරි කරලා තියෙනවා: ඒ කියන්නේ පුස්තකාලයක් පුච්චන්න ලෑස්ති පාලක පන්තියක් කියන්නේ තමන්ගේ බලයයි ලාභයයි ආරක්ෂා කරගන්න ඕනෙම දෙයක් පුච්චන්න ලෑස්ති පාලක පන්තියක් කියන එකයි — ඒගොල්ලෝ ගම්මාන පුච්චන්න, සිවිල් වැසියන් සමූල ඝාතනය කරන්න, ඒ වගේම මුළු මහත් ජනකොටස්ම විනාශ කරන්න වුණත් ලෑස්ති අය.

අදට අවුරුදු 45 කට කලින් මේ රෑ විනාශ කරපු දේවල්වල මතකය අපි ස්මරණය කරන්නේ නිකම්ම නිකන් වැලපීමෙන් විතරක් නෙවෙයි, කැපවීමෙන් — ඒ කියන්නේ මේ වගේ විනාශයන් සිද්ධ කරන්න අවශ්‍ය කරන ක්‍රමය අවසන් කරලා, ඒ වගේ විනාශයන් කරන්න කවදාවත් ඉඩ නොදෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කැපවීමෙන්.

උරුමයක් අළු දූවිලි බවට පත් කෙරුණා. ඒත් අරගලය තවමත් ජීවමානයි!

උතුරේ වගේම දකුණේ වැඩකරන පන්තියේ එකමුතුවෙන් — “ආයෙත් නම් කවදාවත් එපා!”

“ආයෙත් නම් කවදාවත් එපා” – යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමේ 45 වැනි සමරුව Read More »

Cloudflare

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද?

ටොම් හෝල් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “How workers can fight the wave of AI layoffsයන හිසින් පළවූ ටොම් හෝල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cloudflare
2025 නොවැම්බර් 18 අඟහරුවාදා දින නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ පරිශ්‍රයේ ඇති ගනුදෙනු කුටියකට ඉහළින් ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගමේ ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති අයුරු. (AP Photo/Richard Drew) [AP Photo/Richard Drew]

කෘතිම බුද්ධි (AI) තාක්ෂණයන් හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, මහා පරිමාණ සමාගම් විසින් රැකියා අහෝසි කිරීමට, වැටුප් පහත හෙළීමට සහ මිලියන සංඛ්‍යාත සේවකයන් අතිරික්ත පිරිසක් ලෙස ප්‍රකාශ කිරීමට පියවර ගැනීමත් සමඟ, මහා පරිමාණ වශයෙන් රැකියා කප්පාදු කිරීමක් ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

මැයි 7 වන දින, තාක්ෂණික ආරක්ෂණ සමාගමක් වන ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගම සිය ශ්‍රම බලකායෙන් සියයට 20ක් කප්පාදු කරන බව නිවේදනය කළේය. එහිදී පීඩාවට පත් වූ සේවකයන් 1,100 දෙනා වෙත විද්‍යුත් තැපෑල (email) මාර්ගයෙන් දැනුම් දී තිබුණේ, ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ප්‍රින්ස් (Matthew Prince) විසින් “නියෝජිත කෘතිම බුද්ධි යුගය” (the agentic AI era) ලෙස හඳුන්වනු ලබන වටපිටාව තුළ ඔවුන්ගේ තනතුරු සඳහා තවදුරටත් අනාගතයක් නොමැති බවයි.

සමස්ත වෙබ් අඩවිවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන මෙම සමාගමේ අන්තර්ජාල ආරක්ෂණ සේවා සහ අන්තර්ගත බෙදාහැරීමේ ජාලය (Content Delivery Network)  අන්තර්ජාලයේ ව්‍යුහය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ෆෝර්චූන් 500 (Fortune 500) ලැයිස්තුවේ ඇති සමාගම්වලින් සියයට 35ක්ම තමන්ගේ සේවාවන් භාවිතා කරන බව ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම පවසන අතර, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමඟ ද ඔවුන් සතුව ගිවිසුම් රැසක් පවතී. පෙබරවාරි මාසයේදී, ට්‍රම්ප්ගේ “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) වැඩසටහනේ කොටසක් වන, මිසයිල ආරක්ෂක ඒජන්සියේ (Missile Defense Agency) ඩොලර් බිලියන151ක ෂීල්ඩ් (SHIELD) වැඩසටහන සඳහා වන එක් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ද මෙම සමාගම ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම රැකියා කප්පාදු නිවේදන නිකුත් වූයේ, සමාගම සිය ඉතිහාසයේ ඉහළම කාර්තුමය ආදායම වන ඩොලර් මිලියන 639.8ක් වාර්තා කළ දිනයේදීමය. එය පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 34ක වර්ධනයකි. එවැනි වාර්තාගත කාර්තුවකින් පසුව මෙතරම් බරපතළ කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වූයේ මන්දැයි විශ්ලේෂකයෙකු ප්‍රශ්න කළ විට, ප්‍රින්ස් පිළිතුරු දුන්නේ, “ඔබ දැනටමත් ශක්තිමත් (fit) මට්ටමක සිටින පලියට, ඔබට ඊටත් වඩා ශක්තිමත් (fitter) විය නොහැකි බව ඉන් අදහස් වන්නේ නැත” යනුවෙනි.

මෙම නිවේදනය ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මහා පරිමාණ රැකියා කප්පාදු රැල්ලක නවතම පියවර වන අතර, එහිදී කෘතිම බුද්ධිය (AI) යන්න රැකියා විනාශ කිරීම සහ ශ්‍රම පිරිවැය පහත හෙළීම සඳහා පාලක පන්තිය සතු වී ඇති බලගතුම නව මෙවලම බවට පත්ව ඇත.

මෙය වැඩකරන පන්තියට එරෙහිව දියත් කර ඇති ගෝලීය යුද්ධයක් වන අතර, රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ව්‍යාපාරයකින් ඊට පිළිතුරු දිය යුතුය. මෙහි ඇති ප්‍රධානතම කරුණ වන්නේ, මෙම බලගතු නව තාක්ෂණයන්හි පාලනය මහා ව්‍යාපාරික කතිපයාධිකාරයේ (corporate oligarchy) ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees) විසින්, ශීඝ්‍රයෙන් වේගවත් වන මෙම රැකියා සමූලඝාතනයට එරෙහිව මහා පරිමාණ ප්‍රතිරෝධයක් දැක්වීම දිරිගන්වන අතරම, එය සංවිධානය කරමින් ද සිටියි.

චැලෙන්ජර්, ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් (Challenger, Gray & Christmas) නම් ප්‍රතිනියුක්ති සේවා සපයන (outplacement-රැකියා නියුක්ති උපදේශන) ආයතනයට අනුව, 2026 වසරේ පළමු මාස හතර තුළ ඇමරිකානු සේවායෝජකයන් විසින් රැකියා 300,000කට වඩා කප්පාදු කිරීමට නිවේදනය කර ඇත. එහිදී තාක්ෂණික අංශය (රැකියා 85,411ක්) ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, එය දෙවන ස්ථානයට පත් වූ ප්‍රවාහන අංශයට (33,479) වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකි. පිට පිටම දෙවන මාසයටත්, මෙම රැකියා කප්පාදු සඳහා ප්‍රධානතම හේතුව ලෙස දක්වා තිබුණේ කෘතිම බුද්ධියයි (AI).

කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව, “තොරතුරු” අංශය පිට පිට මාස 16ක් තිස්සේ රැකියා අහිමිවීම්වලට මුහුණ දී ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ පැවති එහි උපරිම මට්ටමේ සිට රැකියා 342,000ක්,  එනම් සියයට 11ක්  අහිමි වී ඇත.

සමස්තයක් ලෙස ගත් කල, මෙලෙස රැකියා කප්පාදු කරන තාක්ෂණික සමාගම් ලාභ ලබනවා පමණක් නොව, කෘතිම බුද්ධි (AI) උත්පාතය (boom) තුළ ප්‍රධාන භූමිකාවක් ද ඉටු කරයි. ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා (Meta) සමාගම තනතුරු 8,000ක් අහෝසි කරමින් පවතින අතර, පුරප්පාඩුව පැවති තනතුරු 6,000ක් අවලංගු කරමින් සිටියි. එමෙන්ම ඔවුන් මෙම වසරේදී ඩොලර් බිලියන 145ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අතිමහත් බහුතර කොටසක්ම යොමු කර ඇත්තේ කෘතිම බුද්ධි යටිතල පහසුකම් සඳහාය. මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සිය වසර 51ක ඉතිහාසය තුළ පළමු වරට සේවකයන් 8,750ක් දක්වා ඉලක්ක කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ (buyout) වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔරකල් (Oracle) සමාගම සේවකයන් 30,000ක් දක්වා ඉවත් කරමින් සිටී. ටයිම් (Time) සඟරාව වෙත සේවකයන් ප්‍රකාශ කර ඇති පරිදි, පසුව තමන්වම අතිරික්ත සේවකයන් බවට පත් කිරීමට හේතු වූ කෘතිම බුද්ධි පද්ධති පුහුණු කිරීම සඳහා සිය අවසන් මාස කිහිපය කැප කළ පුද්ගලයන් ද ඒ අතර වෙති.

කොටස් වෙළඳපොළ විසින් මහා පරිමාණ රැකියා කප්පාදු නිවේදන සඳහා, විශේෂයෙන්ම ඒවා කෘතිම බුද්ධි (AI) ප්‍රතිව්‍යුහගතකරණයන් සමඟ සම්බන්ධ වන විට, ඊට වාසි සහගත ලෙස ප්‍රතිචාර දක්වමින් (rewarding) සිටින අතර, එය වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් “මහා පරිමාණ රැකියා කප්පාදු යුගය” (era of the mega-layoff) ලෙස හඳුන්වන වටපිටාවකට මග පාදා ඇත.

තාක්ෂණික ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වන ලාභ සහ මහා පරිමාණ රැකියා කප්පාදු එකට ඒකාබද්ධ කරමින් සිටින අතරතුර, පාලක පන්තිය විසින් එක රැයකින් රැකියා විනාශ කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ අත්හදා බැලූ ක්‍රමවේදයක් ලෙස බංකොලොත්භාවය ද යොදා ගනිමින් සිටියි. පසුගිය සතියේ එක රැයකින් බිඳ වැටීමට ලක්වෙමින්, සේවකයන් 17,000කට රැකියා අහිමි කළ ස්පිරිට් එයාර්ලයින්ස් (Spirit Airlines) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ ද එයම ය. ඒ සඳහා ක්ෂණිකවම බලපෑ හේතුව වූයේ ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල දෙගුණ වීමයි. ගුවන් සේවා කර්මාන්තයේ මීළඟ වටයේ සමාගම් ඒකාබද්ධ කිරීම් වේගවත් කිරීම සඳහා, ස්පිරිට් සමාගම මූල්‍යමය වශයෙන් මුදවා ගැනීම (bail out) ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෘතිම බුද්ධිය (AI) ක්ෂණිකවම බලපාන සාධකයක් නොවන අනෙකුත් අංශවල ද මහා පරිමාණ රැකියා කප්පාදු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. භාණ්ඩ සැපයුම් (Logistics) ක්ෂේත්‍රයේදී, UPS සමාගම සිය ස්වයංක්‍රීය මහා පරිමාණ මධ්‍යස්ථාන (automated mega-hubs) හරහා තනතුරු 68,000ක් අහෝසි කර හෝ අහෝසි කිරීම ඉලක්ක කර ඇති අතර, මෙම වසරේ අගභාගයේදී තවත් මධ්‍යස්ථාන 26ක් වසා දැමීමට නියමිත බව ඔවුන් මෑතකදී නිවේදනය කළේය. මෝටර් රථ ක්ෂේත්‍රයේදී, වොක්ස්වැගන් (Volkswagen) සමාගම 2030 වන විට රැකියා 50,000ක් කප්පාදු කිරීමට ඉලක්ක කරන ඇත.  රෙනෝල්ට් (Renault) සමාගම සිය ඉංජිනේරු ශ්‍රම බලකායෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටියි; එමෙන්ම ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෝ ද දහස් ගණනින් සේවකයන් ඉවත් කරමින් සිටිති.

එසේ වුවද, පාලක පන්තියේ සමස්ත මහා පරිමාණ රැකියා කප්පාදු සැලසුම් තුළ කෘතිම බුද්ධිය (AI) සුවිශේෂී ලෙස කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටියි. Cash App සහ Square යන සේවාවන්හි හිමිකාරීත්වය දරන මූල්‍ය තාක්ෂණික සමාගමක් වන බ්ලොක් (Block) සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි (Jack Dorsey), සමස්ත සමාගමෙන් සියයට 40ක් කප්පාදු කරමින් සිටින අතර ඔහු ප්‍රකාශ කරන්නේ, “ලබන වසර ඇතුළත බහුතරයක් සමාගම් මෙම නිගමනයටම එළඹෙනු ඇතැයි” තමන් විශ්වාස කරන බවයි. 

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ ඇමඩේයි (Dario Amodei) අනාවැකි පළ කරන්නේ, වසරක් ඇතුළත සියලුම මෘදුකාංග කේත (software code) පාහේ කෘතිම බුද්ධිය (AI) මගින් ලියවෙනු ඇති බවයි. ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි (Sundar Pichai) පවසන්නේ, ගූගල් හි නව කේතයන්ගෙන් හතරෙන් තුනක්ම දැනටමත් කෘතිම බුද්ධිය මගින් ලියා ඇති බවයි. ආයෝජක විනෝද් ඛෝස්ලා (Vinod Khosla) පුරෝකථනය කරන්නේ 2030 වන විට, “සියලුම රැකියාවලින් සියයට 80ක් කෘතිම බුද්ධියක් (AI) මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇති” බවයි.

ගැටලුව පවතින්නේ කෘතිම බුද්ධිය (AI) තුළම නොවේ. එය වෙහෙසකර හා නීරස කාර්යයන් (drudgery) තුරන් කිරීමට සහ ඵලදායිතාව (productivity) විශාල වශයෙන් ඉහළ නැංවීමට මෙන්ම, මානව ඉගෙනීමේ විභවය (potential) අතිශයින් වේගවත් කරන අතරතුර, වැඩ කරන දිනය සෛද්ධාන්තිකව අවම මට්ටමක් දක්වා අඩු කිරීමේ හැකියාව පවතින අතිවිශිෂ්ට තාක්ෂණයකි.

මෙහි ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය පාලනය කරන්නේ කවුරුන්ද යන්නයි. එය පෞද්ගලික හිමිකාරීත්වයේ විලංගුවලින් නිදහස් කළ යුතුය. කෘතිම බුද්ධි (AI) පද්ධති සංවර්ධනය කිරීම සහ පුහුණු කිරීම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජීය ශ්‍රමයකි (social labor), එබැවින් එහි ප්‍රතිලාභ සැමට හිමි විය යුතුය.

කෘතිම බුද්ධි පද්ධති ගොඩනැගී ඇත්තේ මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ සමුච්චිත ශ්‍රමය, දැනුම සහ නිර්මාණශීලී දායකත්වය මතය: මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ලියන ලද කේත (code), පාරිභෝගික සේවා නියෝජිතයන් විසින් මෙහෙයවන ලද සංවාද, පර්යේෂකයන් සහ දත්ත විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ ඒ අතර වේ.

කෘතිම බුද්ධිය (AI) ධනවාදී පද්ධතියේ පදනමටම මාරාන්තික ලෙස පහර දෙයි. අවශ්‍ය කරන ශ්‍රම ප්‍රමාණය වසර කිහිපයක් ඇතුළත සියයට 80කින් අඩු කළ හැකි බවට ඛෝස්ලා අනාවැකි පළ කරන විට, හෝ තාක්ෂණික විධායකයින් කෘතිම බුද්ධිය මගින් ජනිත වන “අතිරික්ත සම්පත්” (abundance) ගැන කතා කරන විට, ඒ පිළිබඳව ඔවුන්ටම වැටහීමක් නොමැති වුවද, ඔවුන් ඒ විස්තර කරන්නේ  ධනවාදය මුළුමනින්ම යල් පැන ගොස් ඇති බවට වන තත්වයන් ය. 

සැබවින්ම, ධනවාදය යටතේ මෙම තාක්ෂණයේ විභවය (potential) කිසිදා සාක්ෂාත් කර ගත නොහැක. මන්ද, ධනවාදයට පැවැත්ම සඳහා මෙම තාක්ෂණය සීමා කිරීමට, විකෘති කිරීමට සහ අවියක් ලෙස යොදා ගැනීමට සිදු වන බැවිනි. එය අතිරික්ත සම්පත් (abundance) වෙනුවට මහා පරිමාණ විරැකියාව නිර්මාණය කරයි. වෙහෙසකර හා නීරස කාර්යයන්ගෙන් (drudgery) මිනිසා නිදහස් කිරීම වෙනුවට, සේවයේ ඉතිරි වන පිරිස සඳහා එම වෙහෙස තවදුරටත් තීව්‍ර කරයි. මානව සංවර්ධනය වෙනුවට, සේවකයන්ගේම දැනුමෙන් ගොඩනැඟූ පද්ධති මගින්ම ඔවුන්ව “අතිරික්ත පිරිසක්” ලෙස නම් කරන පරම්පරාවක් එය විසින් බිහි කරනු ලබයි.

මේ අතර, නව තාක්ෂණය (new technology) සහ එය සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් (resources) මෙන්ම සැපයුම් දාම (supply chains) කෙරෙහි පාලනය තහවුරු කර ගැනීම, අධිරාජ්‍යවාදී යුද්ධයේ (imperialist war) වර්ධනය කෙරෙහි වඩ වඩාත් කේන්ද්‍රීය සාධකයක් බවට පත්ව තිබේ—එම යුද්ධය අද ඉරානයට සහ රුසියාවට එරෙහිවත්, හෙට චීනයට එරෙහිවත් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයට සමාජවාදී ප්‍රතිචාරය වන්නේ, ධනවාදී දේපළ අයිතියේ “අයිතිවාසිකමට” එරෙහිව වැඩකරන පන්තිය විසින් එල්ල කරනු ලබන සෘජු ප්‍රහාරයකි. කෘත්‍රිම බුද්ධිය (AI) නියාමනය කළ යුතු බවට, එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට හෝ වෘත්තීය සමිති-කළමනාකාරිත්ව මණ්ඩලවල පාලනයට යටත් කළ යුතු බවට බලකරමින් ප්‍රතිචාර දක්වන ව්‍යාජ-වම්මු (pseudo-left), එමඟින් පන්ති අරගලය පිළිබඳ වන කේන්ද්‍රීය ප්‍රශ්නය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරති. තවද බොහෝ අවස්ථාවලදී ඔවුන් මෙම විරෝධය යොමු කරනු ලබන්නේ තාක්ෂණික ප්‍රගතියට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.

වෘත්තීය සමිති නිලධාරිවාදය මෙම අරගලය දියත් කිරීමට අසමත්ය. ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළත් (ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි වුවමනාවක් නැත), ධනවාදයට සහ ජාතිකවාදයට සහයෝගය දැක්වීමේ පදනම මත ඔවුන් කළමනාකාරිත්වය සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී සිටීම මීට හේතුවයි.

මහා පරිමාණ සේවක දොට්ට දැමීම්වලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය වී ඇත්තේ මුළුමනින්ම පාහේ, ඇත්ත වශයෙන්ම වරදකාරී වූ නිහඬතාවයකි. මෝටර් රථ කර්මාන්තය තුළ, එක්සත් මෝටර් රථ සේවක සමිතිය (UAW) පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිදු වූ දහස් සංඛ්‍යාත රැකියා කප්පාදු පිළිබඳව කිසිවක් පවසා නැත. පසුගිය සතියේ, ස්ටර්ලින් හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ පැවැත්වීමට තිබූ වැඩවර්ජන ඡන්ද විමසීමක් අවසන් මොහොතේදී ඔවුන් අවලංගු කළේය. ඕස්ට්‍රේලියාවේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිව්‍යුහගත කිරීම් සේවකයන්ට වාසිදායක දෙයක් ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වෘත්තීය සමිති නිලධාරීන්ට පුහුණුව ලබා දීමට නියමිතය. තවද, සේවා ස්ථාන තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට එරෙහිව සිදුවන ඕනෑම නියාමන මැදිහත්වීමකට එරෙහිව ඔවුහු මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව පෙනී සිටිති.

මහජන සහ ලෝක ව්‍යාප්ත කම්කරු පන්ති ව්‍යාපාරයකට නව සංවිධාන ආකෘතීන් අවශ්‍ය වේ: එනම් පවත්නා යාන්ත්‍රණයෙන් ස්වාධීනව ගොඩනගන ලද, වෙනත් අවශ්‍යතා පවතින නිලධාරිවාදයන්ගෙන් අවසර නොපතා ක්‍රියාමාර්ග සූදානම් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති ‘කම්කරු ක්‍රියාකාරී කමිටු’ (rank-and-file committees) වේ. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ලොව පුරා කර්මාන්තශාලා තුළ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් ලෝක පරිමාණයෙන් මෙම සංවිධාන ගොඩනැගීම සඳහා පෙනී සිටියි.

එවැනි ව්‍යාපාරයක ප්‍රධාන ඉල්ලීම් විය යුත්තේ:

  • කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් එකදු සේවක දොට්ට දැමීමක් හෝ සිදු නොකළ යුතුය! කෘත්‍රිම බුද්ධිය මඟින් සැබවින්ම ඵලදායිතාව ඉහළ නංවන්නේ නම්, එහි ප්‍රතිලාභ අයිති විය යුත්තේ එම ඵලදායිතාව බිහි කළ සේවකයන්ටය. වැටුප් කප්පාදුවකින් තොරව, සතිපතා වැඩ කරන කාලය ඊට සමානුපාතිකව කෙටි කළ යුතුය. 
  • නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි සේවක පාලනයක් පැවතීම. ඵලදායිතා ප්‍රතිලාභ බෙදා හරින ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට, සැබෑ නිෂේධ බලයක් (veto power) හිමි කර ගැනීමට සහ ඒ කෙරෙහි සැබෑ පාලනයක් පැවැත්වීමට සේවකයන්ට අවස්ථාව තිබිය යුතුය.
  • ස්පිරිට් (Spirit) සේවකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ රැකියා අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස ද ඇතුළුව, යම් හේතුවක් නිසා දැනටමත් රැකියා අහිමි වී ඇති සියලුම සේවකයන් සඳහා හොඳ වැටුපක් සහිත, තෘප්තිමත් රැකියා ලබා දීම.
  • ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්, බැංකු සහ මූල්‍ය ආයතන පොදු අයිතියට පවරා ගැනීම (රාජසන්තක කිරීම) සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ අයිතිය ද ඇතුළුව, ඒවා වැඩකරන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින පොදු උපයෝගිතා සේවාවන් බවට පරිවර්තනය කිරීම.

සේවක දොට්ට දැමීම්වලට සහ “කෘත්‍රිම බුද්ධි ප්‍රතිව්‍යුහගත කිරීම්වලට” එරෙහි අරගලය කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට හෝ රටින් රටට (තනි තනිව) දියත් කළ නොහැකිය. මහා පරිමාණ සමාගම් ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, දේශසීමා හරහා වැඩ මාරු කරමින් (shift)  සේවකයන් එකිනෙකා කෙටවීම සඳහා ජාතිකවාදය භාවිත කරයි. මීට ඇති එකම පිළිතුර වැඩකරන පන්තියේ ජාත්‍යන්තර එකමුතුවයි. එනම් තාක්ෂණ, සැපයුම් (logistics), නිෂ්පාදන, අධ්‍යාපන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සේවකයන් පොදු අරගලයක් තුළට ඒකාබද්ධ කිරීමයි.

ජීවනෝපායන් විනාශ කරනවා වෙනුවට තාක්ෂණය මිනිස් සංවර්ධනයට සේවය කරන අනාගතයක් සහ වැඩකරන පන්තිය අතර බාධාවක්ව පවතින්නේ තාක්ෂණික ගැටලුවක් නොව, සමාජීය සහ දේශපාලනික ගැටලුවකි; එනම් නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියයි. අප විසින් පරාජය කළ යුත්තේ එයයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද? Read More »

Theepachelvan Piratheepan

The NPP/JVP Government’s Assault on Tamil Historical Memory: State Censorship, Class Repression and Intellectual Complicity

The Socialist Lead of Sri Lanka and South Asia condemns the detention of Theepachelvan Piratheepan’s books and demands their immediate and unconditional release

By Sanjaya Jayasekera.

The Socialist Lead of Sri Lanka and South Asia (SLLA) and thesocialist.lk  unconditionally condemn the detention by Sri Lanka Customs of two books by Kilinochchi-based Tamil author Theepachelvan Piratheepan — Elluttal Nan Yuttam Ceykiren (“I Wage War Through Writing”), a collection of interviews, and Ippothum Inge Irandu Thesangalil (“Now Too Here Are Two Nations”), a collection of essays on the war — and demands their immediate and unconditional release. This act of state censorship, carried out with the direct institutional involvement of the Ministry of Defence and under the rubber-stamp of cultural bureaucracies subordinated to the security apparatus, is not an administrative irregularity. It is a political act, rooted in the class interests of the Sri Lankan bourgeoisie and its state, and it must be understood and combated as such.

The Facts of the Case Expose the Repressive Machinery under the NPP/JVP government

On 18 March 2026, Sri Lanka Customs seized a consignment of books imported from Chennai, India, by Onereach Lanka (Pvt) Ltd, under CusDec No. 47995. The consignment included four books by Theepachelvan Piratheepan. Customs officers, purportedly suspecting a threat to national security, initiated a review process — with the Director General of Customs, Seevali Arukgoda, subsequently stating that the suspicion arose from one book’s cover, which depicted a map of Tamil Eelam separated from the rest of Sri Lanka, and what he described as a “limited inspection of the contents.”

Theepachelvan

What followed was a cascade of bureaucratic evasion and institutional complicity that lays bare the functioning of the capitalist state. The Defence Ministry recommended that Customs detain all four books, while the Culture Ministry recommended the release of the two novels. Customs then returned to the Defence Ministry seeking a “no objection” for the novels’ release, which was granted. Based on the recommendations of the Arts Council of Sri Lanka, the State Panel of Literature of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, and the Ministry of Defence, two books — Elluttal Nan Yuttam Ceykiren and Ippothum Inge Irandu Thesangalil — were formally withheld, with Customs citing provisions under section 120 of the Penal Code, a colonial law, read with Schedule B of the Customs Ordinance.

The Defence Ministry did not respond to questions as to how it determined that the books incited “disaffection” or posed a threat to national security. Crucially, the two books that were eventually released were not first editions and had already been distributed and made available at Tamil bookshops across Sri Lanka. The logical absurdity of this position — that books freely circulating in Tamil bookshops nonetheless require Defence Ministry clearance to re-enter the country through customs — exposes the purely political, punitive character of the censorship directed against Theepachelvan’s work on the war and its aftermath.

When The Examiner inquired whether Customs had reached out to the Attorney General for his opinion, Director General Arukgoda replied: “Why should we consult the AG’s department?” — asserting that Defence Ministry observations are sufficient and that “this has been the practice for as long as he can remember.” Here, in the unguarded candour of a senior bureaucrat, is the operating logic of the Sri Lankan security state: the military-intelligence apparatus has, through decades of communal war and “anti-terrorism” legislation, assumed permanent, unaccountable authority over political expression.

The detention of Theepachelvan’s books is not an isolated incident but part of a systematic and sustained campaign by the NPP/JVP government to suppress Tamil literary and political expression through the Defence Ministry’s permanent stranglehold over the circulation of ideas in the north and east. Writer and actor Antonythasan Jesuthasan — known by his pseudonym Shobasakthi — has revealed that copies of his book 1990: Leidenthivu – Mandaithivu Massacres and Mass Graves, documenting the massacres and mass graves of the war, sent from Chennai to poet Karunakaran’s address in Kilinochchi in late 2025, were seized by Customs at the Jaffna Post Office in November 2025 and forwarded to the Defence Ministry where they remain suppressed to this day — a complaint to Jaffna District NPP MP Rajeevan having yielded nothing, confirming that the censorship of Tamil historical memory is not a bureaucratic malfunction tolerated by the NPP government but its deliberate and continuing political policy.

The Human Rights Commission of Sri Lanka has warned that detaining publications without clear evidence of inciting communal disharmony could violate constitutional protections, including freedom of expression and equality before the law, and that such actions may amount to a misuse of power and a potential human rights violation. These expressions of institutional “concern,” however, will remain toothless so long as the fundamental class character of the state — and the NPP government that now administers it — goes unexamined and unchallenged.

The Class Character of the NPP’s Censorship

The detention of Theepachelvan’s books is not an aberration of the National People’s Power government; it is a manifestation of its essential political character. The NPP, led by the Janatha Vimukthi Peramuna (JVP) of Anura Kumara Dissanayake, rose to power on the wave of mass popular revulsion demonstrated in the 2022 aragalaya uprising — a spontaneous movement of workers, youth and the oppressed masses against decades of IMF-dictated austerity, official corruption and elite plunder. Having exploited that mass anti-establishment sentiment to win the presidency and parliamentary majority, the NPP has proceeded to do precisely what every bourgeois government before it has done: implement IMF austerity with renewed vigour, maintain and expand the security-state apparatus inherited from the Rajapaksa and Wickremesinghe eras, and deploy the machinery of repression against those who challenge its authority.

The JVP’s historical trajectory makes this entirely predictable. The JVP, which twice launched armed insurrections in the south — in 1971 and from 1987 to 1989 — and which conducted savage political violence, including the assassination of trade union leaders and left-wing opponents, subsequently transformed itself into a parliamentary party deeply integrated into the structures of the Sri Lankan capitalist state. Its “left” and “progressive” credentials — always petty-bourgeois in their class content, reformist in their political program and nationalist in their ideological framework — have served as a political cover for its absorption into bourgeois politics. Its “anti-corruption” and “good governance” rhetoric during the aragalaya period and the 2024 election campaign was not the language of class struggle but the language of the petty-bourgeois intelligentsia appealing to middle-class frustrations within the framework of capitalist rule.

Now in government, the NPP/JVP administers the very security apparatus whose colonial-era legal instruments — including Section 120 of the Penal Code, the draconian Public Security Ordinance and the Prevention of Terrorism Act — were wielded by Sinhala-chauvinist governments against the Tamil people for decades. Tamil writers in Sri Lanka live under constant surveillance of the security state. In 2024, Theepachelvan himself was summoned and interrogated by the Terrorist Investigation Division (CTID), and was subjected to nearly three hours of questioning over a book launch event. This persecution has not ceased under the National People’s Power government. The NPP’s “change” amounts to the continuation of the communal-security state with a new parliamentary facade and a refreshed managerial personnel.

Theepachelvan Piratheepan — born on 24 October 1983 in Kilinochchi — is one of the most significant Tamil literary voices to emerge from the lived experience of the war and its devastating human consequences. His poetry, essays and interviews document the suffering of the Tamil people through the armed conflict, the mass atrocities of the final military offensive, and the grinding social desolation of the post-war north and east. It is precisely because his work constitutes an act of bearing witness — of preserving the collective historical memory of a people subjected to systematic violence and dispossession — that the state seeks to suppress it. The detained books represent documentary historical testimony from below: the kind of testimony that the bourgeois state, regardless of which party administers it, has an enduring material interest in silencing.

The Intelligentsia’s Capitulation: Performing Criticism, Defending the Capitalist State

I. Nirmal Ranjith Dewasiri: The Government Supporter as Critic

No examination of this crisis would be complete without addressing the role played by the layers of academic and intellectual figures who occupy the space of “civil society” dissent in Sri Lanka — and who perform, with cultivated theatrical effect, the function of absorbing and neutralising working-class and democratic opposition to the capitalist state. The case of Professor Nirmal Ranjith Dewasiri demands particular attention, because in the Theepachelvan affair his political intervention reveals, with unusual transparency, the precise mechanism by which the pseudo-left intelligentsia serves the class interests of the bourgeoisie.

Nirmal Dewasiri
Nirmal Ranjith Dewasiri

On 19 April 2026, Dewasiri published a video statement on his YouTube channel — History with Nirmal — titled in Sinhala: “The greatest political defeat the Malima [NPP] government received in the case of Theepachelvan!” The framing is significant before a single word of analysis is delivered: the detention of a Tamil author’s books about the war is characterised not as a state assault on democratic rights and on the historical memory of the Tamil people — but as a political defeat for the government. The suffering of the Tamil author, the democratic principle of freedom of expression, the class content of the censorship — all of this is pushed to the background. What remains is a problem of government optics, of public relations management, of the NPP’s political credibility.

In the body of that statement, Dewasiri makes three things clear, each of which must be examined with precision.

First, having campaigned for the NPP/JVP electoral win, he asserts himself a supporter of the NPP/JVP government. This is an admission of class alignment. Dewasiri — the former secretary of the X-Group, the one-time FUTA president, the 2010 Cultural and National Heritage Ministry advisor, the key civil-society architect of the 2015 Sirisena “good governance” election victory — has now completed the arc of petty-bourgeois left politics in Sri Lanka: from student politics, through post-JVP academic radicalism, through “civil society” coalition-building for bourgeois electoral formations, to open and declared support for the NPP government that is today implementing IMF austerity and maintaining the security-state apparatus of the Rajapaksa era. This trajectory is not an individual aberration; it is the class trajectory of the petty-bourgeois intelligentsia in the epoch of imperialism.

Second, Dewasiri invokes the argument that in the digital age, banning physical books is an act of political absurdity — that in an era of internet access, detaining a printed consignment at customs only amplifies the work’s reach and drives readers to seek out the censored material. On the surface, one may see it as a critique of the government. In reality, it is something far more insidious: it is the argument of a government supporter advising his preferred government on how to conduct its affairs more effectively. The “digital age” argument does not challenge the ‘right’ of the state to suppress political literature; it argues that this particular act of suppression is tactically counterproductive. It is the counsel of a sympathetic advisor, not the principled opposition of a democrat.

Third, and most revealing, Dewasiri’s video statement conveys that he is worried about the NPP government losing credibility in public perception, and urges it to act quickly to resolve the problem. Here the contradiction at the heart of his entire political trajectory is exposed with unusual clarity — and it is a contradiction that deserves to be taken seriously rather than dismissed.

It would be a political error to characterise Dewasiri as someone indifferent to Tamil democratic rights. The record is otherwise. He has written at length on the ideological mechanisms by which Sinhala-Buddhist nationalist hegemony suppresses Tamil historical claims, on the illegitimacy of post-war “reconciliation” frameworks that deny devolution and Tamil political agency, and on the dangers of allowing dominant historical narratives to erase the lived experience of the Tamil people. These are not trivial positions — they represent a formal intellectual recognition of the very injustice that the detention of Theepachelvan’s books embodies. However, this critique is made entirely within the service of “post-war reconciliation” — a framework that accepts the Sri Lankan unitary capitalist state as the boundary within which Tamil political claims must be accommodated. Dewasiri argues for a more pluralist, less chauvinist bourgeois order — not for the right of the Tamil nation to self-determination, and certainly not for a class analysis of the national question that would expose the bourgeois state itself as the structural source of national oppression. His formal intellectual defence of Tamil historical memory therefore operates within the very political framework that generates the suppression he critiques.

This contradiction is precisely what makes his intervention in the Theepachelvan case so revealing — and so politically instructive. A man who has written extensively on how Sinhala-Buddhist historical consciousness suppresses Tamil historical memory, who has argued that post-war reconciliation is impossible without confronting that suppression, and who has documented in analytical detail the JVP’s own degeneration into Sinhala-Buddhist nationalist politics, now urges swift action by the NPP/JVP government that is suppressing Tamil historical testimony — not in order to vindicate the principle he has spent years articulating, but in order to protect the government’s political standing with the electorate. The defence of Theepachelvan Piratheepan’s books — of the Tamil people’s right to possess, circulate and build upon their own historical testimony of the war — is subordinated entirely to the political management needs of a bourgeois government Dewasiri has openly declared he supports. What his academic framework identifies as an ideological injustice demanding structural confrontation becomes, in the moment of concrete political decision, a governmental embarrassment requiring swift damage control. The principle survives in the academic publications; it dissolves entirely when the government he supports is the one doing the suppressing.

This is not hypocrisy in the ordinary personal sense. It is the structural logic of petty-bourgeois left politics in the epoch of imperialism. What must be stated with precision is the distinction between historical acknowledgement and political principle: Dewasiri’s academic credentials as a critic of Sinhala-Buddhist nationalism make his political function as a government defender more effective rather than less — allowing him to perform the role of principled critic while the substance of his intervention is the protection of a capitalist government that continues the security-state suppression of the very historical memory he has written about. The writings establish his credentials; his political conduct reveals his class allegiance.

The SLLA does not question the sincerity of Dewasiri’s academic work on Tamil historical oppression. We question its political value in the absence of the class independence that alone could give it practical force. Academic recognition of Tamil historical suffering, combined with political support for the bourgeois government that perpetuates it, does not advance the democratic rights of the Tamil people by a single degree. It provides intellectual legitimacy to the political management of their oppression.

This is not the first time Dewasiri has played this role. His trajectory — from X-Group intellectual and cultural radicalism, through ministerial advisor in 2010, to key civil-society architect of the 2015 Sirisena “good governance” coalition, to declared NPP supporter in 2026 — is the biography of the Sri Lankan pseudo-left intelligentsia’s absorption into the structures of bourgeois political management. At every stage, the rhetorical register changes — radical academic, trade union activist, “civil society” democrat, progressive government supporter — while the underlying political function remains constant: to channel mass discontent into safe institutional waters, to dress bourgeois politics in the language of popular aspiration, and to prevent the emergence of an independent, class-conscious political movement of the working class.

The SLLA’s critique of Dewasiri is not personal. It is the application of historical materialism to the concrete political role of a social layer. The pseudo-left intelligentsia does not invent the positions it holds; those positions are determined by its class position, its institutional dependencies, and its material and ideological integration into the structures of bourgeois society. Understanding this is essential to building the independent working-class political alternative that the Theepachelvan case — like every case of state repression before it — demands.

II. Jayathilaka Kammellaweera: The Literary Establishment as Cultural Gendarme

The response of figures like Dewasiri represents one mode of capitulation to the bourgeois state among those aligned with the NPP/JVP. The intervention of renowned Sinhala author and literary critic Jayathilaka Kammellaweera represents something qualitatively different and more openly reactionary: not the management of political embarrassment dressed in progressive credentials, but the direct rationalisation of censorship in the language of Sinhala cultural nationalism itself — a position that does not merely fail to defend Tamil democratic rights but actively argues for their suppression.

Jayathilaka Kammellaweera
Jayathilaka Kammellaweera

Kammellaweera’s position is unambiguous. He argued that books containing ideas damaging to “national reconciliation” could legitimately be detained on the grounds that they harm “social cohesion.” He knows — from what he “heard” about the books — precisely what they contain: the historical memory of the Tamil oppressed nation, the testimonies of the war, the mass atrocities, the dispossession of a people subjected to decades of Sinhala-chauvinist state violence. It is on this basis that he endorses their suppression. His acknowledgement that he has not read the exact text is therefore entirely marginal to his political position — reading the books would not alter his stance by a single degree, because his position is not formed from the specific arrangement of words on specific pages but from what those pages represent: Tamil historical testimony that the Sinhala cultural establishment, aligned with the NPP government, requires to be silenced.

The terms Kammellaweera deploys — “national reconciliation,” “social cohesion” — require class analysis, not liberal restatement. In the political vocabulary of the Colombo establishment since the military defeat of the LTTE in 2009, “national reconciliation” has functioned consistently as a euphemism for Tamil acquiescence to the terms of the Sinhala-Buddhist state’s military victory. “Social cohesion” refers not to the freely expressed unity of equal peoples but to the managed coexistence of unequal communities within the framework of the unitary Sinhala-Buddhist state — a framework in which Tamil historical memory is treated as a threat to stability precisely because it is true. Kammellaweera’s argument is therefore not a liberal position on the limits of free expression made in good faith. It is a Sinhala chauvinist argument made in the language of social harmony: it subordinates the right of the Tamil people to preserve and circulate their own historical memory of national oppression to the political requirements of a Sinhala-dominated state’s management of post-war ethnic relations.

The SLLA states this directly and without qualification: Kammellaweera’s position is objectively racist in its political content and consequences. It assumes the right of the Sinhala cultural establishment — aligned with a Sinhala-chauvinist government of the South — to determine what Tamil writers may say about the Tamil people’s experience of the war, and legitimises the suppression of Tamil historical testimony as a public service. When the NPP state detains Tamil books through the Defence Ministry and aligned literary intellectuals rationalise that act in the language of social cohesion, we witness the complete operation of bourgeois ideological control: the state provides the coercive instrument and the cultural intelligentsia provides the legitimising discourse. These two functions are inseparable. Kammellaweera’s statement is a cultural expression of the JVP/NPP’s deep roots in Sinhala chauvinism — the WSWS has warned that true to its vile record and the reactionary traditions of the Sri Lankan bourgeoisie, the JVP/NPP government will whip up anti-Tamil Sinhala-Buddhist chauvinism in an attempt to divide and weaken the working class — and it confirms that this tendency finds its reflection not only in the state apparatus but in the literary establishment that serves it.

The SLLA condemns Kammellaweera’s statement in the strongest possible terms. The defence of Theepachelvan Piratheepan’s right to write, publish and circulate his testimony of the war is not merely a Tamil democratic demand. It is a demand of the entire working class — Sinhala, Tamil and Muslim — for the right to know its own history, free from the censorship of any state and any literary establishment that has traded its critical independence for proximity to bourgeois political power.

Equally revealing is the conduct of the Arts Council of Sri Lanka, whose chairperson, Keerthi Welisarage declared — with breathtaking cynicism — that “there are no restrictions on freedom of expression in Sri Lanka” even as his institution’s recommendations formed part of the bureaucratic chain that kept Theepachelvan’s books in Customs detention. Cultural institutions subordinated to the state and its security apparatus do not defend artists; they police them — and the liberal intelligentsia that staffs and defends such institutions performs the same function in the domain of “civil society.”

The Continuity of State Repression and the Lessons of the SEP’s Record

The detention of Theepachelvan’s books must be situated within the pattern of sustained state repression against artists, writers and political dissenters in Sri Lanka that has intensified under every successive government. The Socialist Equality Party (SEP) and its affiliated Action Committee for the Defence of Freedom of Art and Expression (ACDAE) (now defunct) have fought consistently against this repression — defending writer Shakthika Sathkumara when he was imprisoned on trumped-up blasphemy charges; campaigning for the release of Tamil poet Ahnaf Jazeem, held for months by the Terrorism Investigations Division under the Prevention of Terrorism Act for the content of a poetry collection; and standing with film director and playwright Malaka Devapriya when he was subjected to intimidatory investigation by the Criminal Investigation Department. These were not isolated or tokenistic acts of solidarity. They expressed a principled, politically grounded understanding that the defence of democratic rights — including freedom of expression and artistic freedom — is inseparable from the struggle of the working class against the capitalist state.

The SLLA, as the Revolutionary Left Faction of the SEP, grounds its response to the current attack on Theepachelvan in the same political foundation. The defence of his books is not a matter of abstract liberal principle. It is a class question. The suppression of Tamil literary testimony about the war is an attack on the democratic rights of the Tamil masses and on the ability of the entire working class — Sinhala, Tamil and Muslim alike — to form independent political consciousness, to know its own history, and to build the movement necessary to defend its interests against austerity, communalism and authoritarianism.

What Must Be Done

The SLLA and thesocialist.lk demand:

1. Immediate and unconditional release of both detained books —  Elluttal Nan Yuttam Ceykiren and Ippothum Inge Irandu Thesangalil — by Theepachelvan Piratheepan, with no conditions, no ongoing surveillance and no further harassment of the author. We also demand immediate release of all books of other authors including those of writer and actor Antonythasan Jesuthasan.

2. Abolition of the practice whereby the Ministry of Defence — an institution of military-intelligence power — exercises authority over the import and circulation of literary works. The subordination of cultural institutions and customs procedures to the security apparatus must be ended. The repeal of all colonial-era and post-independence legal provisions — including parts of the Schedule B of the Customs Ordinance and its invocation of Section 120 of the Penal Code — used to suppress political literature and artistic expression is an urgent democratic necessity.

3. Full public accountability: the Defence Ministry must be compelled to explain publicly, on the record, on what specific grounds it determined that these literary works constituted a threat to national security. Secret, unaccountable determinations by the military-intelligence apparatus over the domain of political and artistic expression are fundamentally incompatible with democratic rights.

4. Mobilisation of workers, artists, students and youth: the SLLA calls for the broadest possible mobilisation in defence of Theepachelvan and of freedom of expression. Writers, publishers, academics, teachers, trade unionists and students must come together in independent democratic committees — in workplaces, universities and communities — to coordinate this defence outside and against the institutions of bourgeois civil society, which have proved incapable of providing principled opposition to state censorship.

5. Link the defence of democratic rights to socialist politics: the struggle against censorship, against the suppression of Tamil historical memory, and against the NPP government’s continuation of the security state cannot be separated from the struggle against IMF austerity, against the exploitation of the working class, and against the capitalist system that generates communalism and repression as instruments of class rule. The SLLA calls on workers and youth to break with the NPP, the JVP and all parties of the bourgeoisie, and to build an independent socialist political movement grounded in the program and perspectives of the International Committee of the Fourth International.

The SLLA and theSocialist.lk stand in unconditional solidarity with Theepachelvan Piratheepan. His work — bearing witness to the anguish, the loss, the resistance and the aspirations of the Tamil people — belongs to the historical memory not only of the Tamil nation but of the international working class. No security ministry, no colonial-era customs ordinance, and no NPP government that has betrayed the masses who trusted it can legitimately suppress that testimony.

The defence of art and free expression is the defence of the working class. The struggle for democratic rights is the struggle for socialism.

The NPP/JVP Government’s Assault on Tamil Historical Memory: State Censorship, Class Repression and Intellectual Complicity Read More »

Elisabeth

ඩුයිස්බර්ග් හි එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍යය: “අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක්”

සමාජවාදී සමානතා පක්ෂයේ (ජර්මනිය) සම්භාවනීය සභාපති උල්රිච් රිපට්

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 23 දින ‘The funeral of Elisabeth Zimmermann-Modler in Duisburg: “An extraordinarily courageous personality’ යන හිසින් පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

“එලී අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක් වූවාය. ඇය ඉතා නිරවුල් බවකින් සහ සංගතභාවයකින් ඇගේ ජීවන මාවත තරණය කළාය.”

මෙය ප්‍රකාශ කරන ලද්දේ එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (Sozialistische Gleichheitspartei – SGP) ගරු සභාපති උල්රිච් රිපර්ට් විසිනි. “එලි” ලෙස කවුරුත් දන්නා ඇය වසර 50 ක් SGP හි සාමාජිකාවක් වූවාය. ඛේදජනක අනතුරක ප්‍රතිඵලයක් ලෙස ඇය නොවැම්බර් 28 වන දින වයස අවුරුදු 69 දී මිය ගියාය.

Rippert
එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍ය උත්සවයේදී උල්රිච් රිපට් කතා කරමින්

ශීතඍතුවේ මලින වූ දිනයක් වූ සිකුරාදා, එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ශෝක වන්නන් 50 ක් පමණ රුහ්රෝර්ට් සුසාන භූමියට රැස් වූහ. වයලීන වාදක එලා රොට්ෂ් යොහාන් සෙබස්තියන් බාක් විසින් රචිත “එයාර්” (Air) වාදනය කළාය. පැමිණ සිටි අය අතර, වසර ගණනාවක් තිස්සේ එලීව හඳුනන SGP සාමාජිකයින්ට අමතරව, සීමන්ස් හි වැඩ සගයන්, තයිසන්කෘප් හි වානේ කම්කරුවෙකු ලෙස සේවය කළ ඇගේ සැමියා වන පීටර්ගේ සගයන් කිහිප දෙනෙකු මෙන්ම අසල්වැසියන් සහ මිතුරන් ද වූහ. දෙමළ සහෝදරයෙකු වන තාස්, එලී තමා සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සරණාගතයින් ඇයගේ නිවසට ගෙන ගිය ආකාරය, ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් ආකාරය සහ ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමා මිතුරියක් බව ඔප්පු කළ ආකාරය සොහොන් බිමේදී සිහිපත් කළේය. “ඇය අපේ පවුල විය,” තාස් පැවසීය.

උල්රිච් රිපර්ට්ගේ කතාව එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ ජීවිතයට උපහාරයක් විය. පැමිණ සිටි වානේ කම්කරුවන් ඇතුළු බොහෝ දෙනෙක් පසුව පැවසුවේ රිපර්ට් එලීගේ චරිතය හරියටම ග්‍රහණය කරගත් බවයි. කතාව පහත පරිදි වේ:

ආදරණීය පීටර්, එලීගේ ආදරණීය ඥාතීන්, ආදරණීය සහෝදරවරුනි සහ මිතුරනි,

එලීගේ හදිසි හා ඛේදජනක මරණයෙන් අපි තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිමු. නොවැම්බර් 28 වන දින උදෑසන සිදු වූයේ කුමක්ද යන්න හෝ ඇගේ මහල් නිවාසයේ මෙම විනාශකාරී ගින්න ඇති වූයේ කෙසේද යන්න අපි තවමත් නොදනිමු. අපි දැඩි ලෙස කම්පනයට පත්ව සිටිමු.

වසර තුනකට පෙර ඇයට ඇති වූ ආඝාතය සහ එතැන් සිට ඇයට ගැනීමට සිදු වූ ඖෂධ ඇයට දැඩි ලෙස බලපෑ බව අපි දැන සිටියෙමු. අද මෙහි රැස්ව සිටි බොහෝ දෙනෙක් ඇගේ අසනීපයේ ප්‍රතිවිපාක දුටුවෝය. එය සැබවින්ම ඛේදජනකයි. අපි එලීගේ වෛද්‍ය ප්‍රතිකාර වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියා, එහෙත් දැන් මරණය අපව අභිබවා ගියා.

ඇගේ අසනීප තත්ත්වය නොතකා, එලීට සෑම දෙයකටම සහභාගී වීමට අවශ්‍ය විය. අපෙන් බොහෝ දෙනෙක් දින කිහිපයකට පෙරත් ඇයව බර්ලිනයේ පැවති උත්සවයකදී මුණගැසී ඇය සමඟ කතා කර සාකච්ඡා කළා.

එලී අසාමාන්‍ය ලෙස ධෛර්‍ය සම්පන්න පෞරුෂයක් වූවාය. ඇය ඉතා නිරවුල් බවකින් සහ සංගතභාවයකින් ඇගේ ජීවන මාවත තරණය කළාය.

එලී ජීවිතයේ හිරු රැසින් දිදුලන පැත්තේ ඉපදුනේ නැහැ. ඇය ලෝකයට එන විට යුද්ධය සහ නාසි අපරාධ අවසන් වී ගෙවී තිබුණේ වසර එකොළහක් පමණයි. ඇගේ ළමා කාලය සහ තරුණ කාලය, ජර්මානු සමාජයට සහ පවුල්වලටම ගැඹුරින් විනිවිද ගිය නාසීන්ගේ අපරාධ සහ යුද්ධවලින් ඉතිරි වූ තුවාල සහ කැළැල් මගින් සලකුණු වුනා.

ඇගේ මව දැන් චෙක් ජනරජය ලෙස හඳුන්වන උතුරු බොහීමියාවෙන් පිටුවහල් කර තිබුණි; එලී ඉපදෙන විට ඇයට වයස අවුරුදු 17 ක් පමණි. ඇය තනි මාපියෙකු ද, ගුරුවරියකද වූ අතර රැකියාවක යෙදීමට සිදු විය. එලී හදා වඩා ගැනීම සඳහා පවුලකට භාර දුන් අතර ඇගේ  මුල් ළමා කාලය එහි ගත කළාය. වයස අවුරුදු දොළහේදී, එලීට සංකීර්ණ කොඳු ඇට පෙළේ සැත්කමකට භාජනය වී ප්ලාස්ටර් ඇඳක මාස ගණනාවක් වැතිර සිටීමට සිදු විය. ඇගේ ජීවිත කාලය පුරාම පිට කොන්දේ ගැටළු ඇය සමඟ පැවතුනි.

නමුත් එලී මේ සියලු දුෂ්කරතා වලට අභියෝග කළාය. ඇය ජීවිතය ඉතා ධනාත්මකව තහවුරු කළ පුද්ගලයෙකි.

Elisabeth
එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර් 2023 දී

මම මුලින්ම එලීව මුණගැහිලා අවුරුදු 50කටත් වැඩියි. ඒ 1975 මැයි මාසේ මුල. එවිට ඇයට වයස අවුරුදු 19ක් වූ ඇතර ද්විතීක අධ්‍යාපන උපාධිය සඳහා සූදානම් වෙමින් සිටියා. මේ පළමු හමුවෙහිදී ම අපි තීව්‍ර සාකච්ඡා පැවැත්වූ බවත්, සමීප සහයෝගීතාවයක් ආරම්භ වූ බවත් මට මතකයි.

නාසි ත්‍රස්තයේ අපරාධ තවමත් ඉතා සජීවීව පැවති පරම්පරාවකට එලී අයත් වූවාය. ඉතා දියුණු සංස්කෘතියක් සහ ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් සහිත නූතන රටක ම්ලේච්ඡත්වයට නැවත කඩාවැටීමක් සිදුවූයේ කෙසේද යන ප්‍රශ්නය ඇය සහ ඒ කාලයේ අප සියල්ලන්ම අලලා ගත්තා.

තරුණ වියේදී පවා, එලී නාසිවාදයේ විරුද්ධවාදීන්ගේ ලේඛන කියවා තිබූ අතර, වතිකානුව සහ නාසීන් අතර සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ වූ රොල්ෆ් හොචුත්ගේ ද ඩෙපියුටි නාට්‍යය (The Deputy) ද ඒ අතර විය. ඇයගේ සංගත භාවයට අනුකූලව ඇය, ඉන් ඉක්බිතිව පල්ලියෙන් ඉවත් වූවාය.

එකල බොහෝ දෙනෙක් ෆැසිස්ට්වාදයට හේතු කාරනා, මහජන මනෝවිද්‍යාව සහ ජර්මානු ජනතාව පරිහරණය වීමට ගොදුරු වීමේ ප්‍රවණතාව අනුව පැහැදිලි කළහ. එලී එවැනි සරල හා නොගැඹුරු පිළිතුරු වලින් සෑහීමකට පත් නොවීය. ඇයට අවශ්‍ය වූයේ දේවල්වල මූලයට යාමටයි.

ෆැසිස්ට්වාදය සහ ධනවාදය අතර සම්බන්ධතාවය ගැන එලී සාකච්ඡා කළාය. හිට්ලර්ට මහා කර්මාන්ත මුදල් මගින් සපයා ඇති බවත් ඔහු බලයට ගෙන එන ලද්දේ ඔවුන් බවත් ඇය දැන සිටියාය.

පසුව, ෆැසිස්ට් පක්ෂ නැවතත් ගොඩනඟමින් බලයට ගෙන ඒමට හේතුව තේරුම් ගැනීමට නම්, ධනවාදය සහ ෆැසිස්ට්වාදය අතර මෙම සම්බන්ධතාවය මෙතරම් වැදගත් වන්නේ මන්දැයි අවධාරණය කරමින් ඇය ලිපි කිහිපයක් ලිවීය.

නමුත් පසුව තවත් ප්‍රශ්නයක් මතු විය: 1933 දී කම්කරු පන්තිය නාසීන්ගේ ජයග්‍රහණය නතර කර ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීම වළක්වා නොගත්තේ මන්ද?

මෙයට පිළිතුරු දීම සඳහා, ස්ටැලින්වාදයට එරෙහිව සමාජවාදයේ ඉදිරිදර්ශනය ආරක්ෂා කළ ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන පිළිබඳ දැඩි අධ්‍යයනයකට එලී සහභාගී විය. ට්‍රොට්ස්කි පෙන්වා දී තිබුණේ හිට්ලර්ට බලයට පැමිණිය හැකි වූයේ ස්ටාලින් ඔහුගේ “සමාජ ෆැසිස්ට්වාදයේ” ප්‍රතිපත්තිය මඟින් කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම නිසා පමණක් බවයි.

නිගමනය පැහැදිලිය: යුද්ධය සහ ෆැසිස්ට්වාදය වැළැක්විය හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය පමණි. නමුත් මේ සඳහා ශක්තිමත් විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ.

එලී මෙම නිගමනයට එළඹුණු අතර, පළමුව, සමාජවාදී සහ, දෙවනුව, ජාත්‍යන්තර නව කම්කරු පක්ෂයක් ගොඩනැගීම සඳහා උද්යෝගිමත් සටන්කරුවෙකු බවට පත්විය

ආදරණීය මිත්‍රවරුනි, මෑත දිනවල මම මෙහි එලීගේ සොහොන අසලදී කුමක් කිව යුතුදැයි සිතමින් සිටියදී, එලී විසින්ම කුමක් කියයිදැයි මම මගෙන්ම විමසුවෙමි. හදිසියේම මට ඇගේ පැහැදිලි කටහඬ ඉතා ප්‍රත්‍යක්ෂව ඇසුණි–ව්එලීට හයියෙන්, පැහැදිලිව, ස්වාභාවික ආකාරයෙන්ම හා ඉතා ඒත්තු ගැන්වෙන ලෙසටම කතා කළ හැකි විය–ඇය මෙසේ පැවසුවාය: “ඇයි ඔබ සරලවම සත්‍යය නොකියන්නේ? මම ඉතා දේශපාලනික ජීවිතයක් ගත කළෙමි. ඒ වගේම මම ඒ ගැන ආඩම්බර වෙමි!”

එලීගේ ජීවිතය තුළ ඉතා දර්ශීය (typical) හා සිත් කාවදින දෙයක් තිබේ. මම විශ්වාස කරන්නේ එය සංගතභාවය (consistency) ලෙස හඳුන්වන බවයි. ඇය කාල් මාක්ස්ගේ ආප්තයට අනුව ජීවත් වූවාය: “යමෙක්ට තමන් එළඹෙන නිගමනවලට බිය නොවී සිතීම සදහා ධෛර්යය තිබිය යුතුය–ඉන්පසු  ඒවා මත ක්‍රියා කළ යුතුය.”

එලී මෙම ආප්තයට අනුව ජීවත් වූවාය. ඇය නිවැරදි යැයි හඳුනාගත් දේ–රැඩිකල් ලෙස සහ සියලු ප්‍රතිවිපාක සමඟ–ඇය ක්‍රියාවට නැංවූවා ය. යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව විරෝධතා දැක්වූ ඇගේ පරම්පරාවේ එකම තැනැත්තා ඇය පමණක් නොවීය, එනමුත් නිවැරදි නිගමනවලට එළඹුණු සහ සම්මුති විරහිතව ඒවා තදින් අල්ලා ගත් ඉතා ස්වල්ප දෙනා අතර ඇයද වූවාය.

සාමවාදීන්ගෙන් හිස්ටීරික මිලිටරිවාදීන් බවට පරිවර්තනය වූ හරිත පිල්මාරු කාරයන් ඇය පිළිකුල් කළාය. වමට කතා කර දකුණට ක්‍රියා කරන වාම පක්ෂයේ (Left Party) මුසාවන්ට එරෙහිව ඇය සටන් කළාය.

එලීගේ ජීවිතයේ විශේෂයෙන් කැපී පෙනෙන දේවල් දෙකක් තිබේ.

පළමුව, ඇය කම්කරු පන්තිය දැන සිටි අතර එය තේරුම් ගත්තාය. ඇය එහි කොටසක් වූවාය. ඇය Siemens හි වසර 35 ක් සේවය කළ අතර එහි සාප්පු භාරකරුවෙකු (shop steward) ලෙස කටයුතු කළාය. වසර හතළිස් දෙකකට පෙර, ඇයට ඇගේ අනාගත සැමියා වන පීටර් මොඩ්ලර් මුණගැසුණි. ඔහු වානේ කම්කරුවෙකු ලෙස සේවා මුර වැඩ කළ අතර Thyssenkrupp හි සාප්පු භාරකරුවෙකු විය. ඔහු ඇගේ දේශපාලන කටයුතුවලට දැඩි ලෙස සහාය දුන්නේය.

නමුත් කම්කරුවන් සමඟ කතා කරන විට පවා, ධනපතියන්ගේ කෲරත්වය, දොට්ට දැමීම් සහ සේවා කොන්දේසි නිරන්තරයෙන් පිරිහීම ගැන පැමිණිලි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව එලී අවධාරණය කළාය. රජයේ සහ පාලක ප්‍රභූවේ වගකීම් විරහිතභාවය ගැන කෝපයට පත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. තමන්ගේම වගකීම හඳුනාගෙන භාර ගැනීම අවශ්‍ය වේ.

“කම්කරුවන්ගේ විමුක්තිය කම්කරුවන්ගේම කාර්යය විය යුතුය” යන මාක්ස්ගේ ප්‍රකාශය එලී දැන සිටි අතර ඇය එය ඉතා බැරෑරුම් ලෙස සැලකුවාය.

එලීගේ දෙවන කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඇගේ ජාත්‍යන්තරවාදයයි.

එය ඇයට ලොව පුරා මිතුරන් සිටීම පමණක් නොවේ. ජාත්‍යන්තරවාදය දේශපාලන වැඩසටහනක් ලෙස ඇය තේරුම් ගත්තාය. වෘත්තීය සමිති සහ ධනේශ්වර පක්ෂවල ජාතිකවාදයට එරෙහිව ඇය සටන් කළාය. කම්කරුවන්ට මාතෘ භූමියක් නොමැති බවත්, ඔවුන් ලෝක නිෂ්පාදන ක්‍රියාවලියේදී ගෝලීය වශයෙන් අන්තර් සම්බන්ධිත බවත් ඇය දැන සිටියාය. සෑම රටකම කම්කරුවන් එකම හෝ සමාන ගැටලුවලට මුහුණ දෙන බවත්, ධනවාදයට එරෙහි අරගලය සාර්ථක විය හැක්කේ එය ජාත්‍යන්තරව සිදු කළහොත් පමණක් බවත් ඇය බොහෝ විට අවධාරණය කළාය.

බොහෝ රැස්වීම්වලදී, සරණාගතභාවය සඳහා ඇති අයිතිය ක්‍රමානුකූලව අහෝසි කිරීමට එරෙහිව සහ විදේශිකයන් ඉලක්ක කරගත් උද්ඝෝෂණවලට එරෙහිව එලී සටන් කළාය. සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැදගත් කොටසක් බවත්, විදේශිකයන්ට එරෙහි සියලු ප්‍රහාර අධිෂ්ඨානශීලීව ප්‍රතික්ෂේප කළහොත් පමණක් කම්කරුවන්ට තමන්ගේම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි බවත් ඇය අවධාරණය කළාය.

කම්කරු ව්‍යාපාරයේ සෑම අවස්ථාවාදී ධාරාවක්ම ආරම්භ වන්නේ ජාතිකවාදයට අනුවර්තනය වීමෙන් බව එලී දැන සිටි අතර, වසර හතළිහකට පෙර අපගේ සහෝදරවරුන් අතර එවැනි ආරවුලක් ඇති වූ විට, ඇය වහාම සහ පැකිලීමකින් තොරව ජාත්‍යන්තරවාදීන්ගේ පැත්ත ගත්තාය.

ලෝක පක්ෂයක් ලෙස අපගේ පක්ෂය ගැන එලී ඉතා ආඩම්බර වූ අතර බොහෝ ජාත්‍යන්තර රැස්වීම් සහ සම්මන්ත්‍රණවලට සහභාගී විය.

දශක ගණනාවක් තිස්සේ ඇය අප සමාජවාදී සමානතා පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකාවක් වූවාය; ඇය බොහෝ මැතිවරණවලදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ අතර ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ අපගේ වැඩසටහන ඉදිරියට ගෙන ගියාය.

මෙම දැඩි දේශපාලන කටයුතු මධ්‍යයේ වුවද, ඇය සංස්කෘතික දේ සඳහා කාලය සොයා ගත්තාය. ඇය සාහිත්‍යය, සිනමාව, ඔපෙරා සහ ප්‍රසංගවලට ප්‍රිය කළාය.

එලීගේ මරණයේ ඛේදවාචකය හරියටම පවතින්නේ ඇය ඇගේ මුළු වැඩිහිටි ජීවිතය පුරාම සටන් කළ දේශපාලන අදහස් සහ ඉදිරිදර්ශන එතරම් විශාල අදාළත්වයක් සහ වැදගත්කමක් ලබා ගන්නා මොහොතේම ඇයව ජීවිතයෙන් ඉරා වෙන්  කර දැමීම තුළය.

ආදරණීය එලී: ඔබ තවදුරටත් අප සමඟ නොමැති වීම ගැන අපි අතිශයින් කණගාටු වෙමු. අපට ඔබ නැති අඩුව දැනේ. නමුත් ඔබ ඔබේ ජීවිතය කැප කළ අරගලය අපි දිගටම අරගෙන යන්නෙමු.

කම්කරු පන්තියේ විමුක්තිය සඳහා සටන්කරුවෙකු ලෙස ඔබ සැමවිටම අපගේ මතකයේ ජීවමාන වනු ඇත. අපි එය පොරොන්දු වෙමු.

වැඩිදුර කියවන්න: Elisabeth Zimmermann-Modler 1956–2025: Trotskyist and fighter for the working class

ඩුයිස්බර්ග් හි එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍යය: “අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක්” Read More »

Millet painting

මියේ: භූමියේ ජීවිතය – ග්‍රාමීය සංක්‍රාන්තියේ රැඩිකල් නිරූපණයක්

පෝල් මිචෙල් විසිනි.


මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 12 දින “Millet: Life on the Land—A radical depiction of rural transitionයන හිසින් පලවූ පෝල් මිචෙල් විසිනි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

ලන්ඩනයේ ජාතික ගැලරියේ [ඔක්තෝම්බර් 19 දක්වා පැවැත්වෙන] “මියේ: භූමියේ ජීවිතය” සිතුවම් ප්‍රදර්ශනය ප්‍රංශ කලාකරු ෂෝන් ෆ්රන්ස්වා මියේ [Jean-François Millet (1814–1875)] ගේ අභාවයෙන් 150 වන සංවත්සරය සනිටුහන් කරයි. එය පරිමාණයෙන් චාම් නමුත් අනුනාදයෙන් පොහොසත් වන අතර, වසර පනහකට ආසන්න කාලයක් තුළ මියේ ගේ කෘති සඳහා කැපවූ එක්සත් රාජධානියේ පැවැත්වෙන පළමු ප්‍රදර්ශනය වෙයි. එය, දහනව වන සියවසේ මැද භාගයේ ප්‍රංශයේ කෘෂිකාර්මික ජීවිතය ආලෝකවත් කරන ඔහුගේ විශිෂ්ට සිතුවම් සහ චිත්‍ර ( paintings and drawings ) පහළොවක එකතුවකි.

Millet
ෂෝන් ෆ්රන්ස්වා මියේ, 1856-58 දී ඡායාරූප ගත කරන  ලදුව [ඡායාරූපය: Félix Nadar, මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය, නිව් යෝර්ක්]

මියේගේ කලාව අතුරුදහන් වෙමින් පවතින ගොවි ජනතාවක් සහ ධනවාදය විසින් දුප්පත් කර කොඳු නාරටි කඩා දමන ශ්‍රම වැගිරීමේ නිමක් නැති චක්‍රයකට ඇද දමා ඇති අලුතින් මතුවන ග්‍රාමීය ඉඩම් නොමැති කම්කරුවන්ගේ පන්තියක් ග්‍රහණය කර ගනී. ඔහු කෘෂිකාර්මික ශ්‍රමය පූජනීය තත්වයක ආසන්නයට ඔසවා තැබූ අතර, ලී ඉරන්නනන් සහ දැව එකතු කරන්නන්, එඬේරුන් සහ කිරි සේවිකාවන්–දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද, සංවේගාතිශය භාවයට (sentimentalised) ලක් කළ, කලාව තුල සමච්චලයට ලක් කරන ලද චරිත–ගෞරවනීය බවට හා අනුස්මරණීය බවට පත් කළේය.

නෝමන්ඩි හි ගොවි පවුලක උපත ලැබූ මියේ, ප්‍රාදේශීය අප්‍රසිද්ධියේ සිට පැරිසියානු කලා ලෝකයට යන ගමන, කලාත්මක උපදේශකයින් පරම්පරාවක්  විසින් හැඩගස්වන ලදී. 1849 දී, දේශපාලන කැලඹීම් මධ්‍යයේ, ඔහු අගනුවරින් සැතපුම් පනහක් දුරින් පිහිටි ග්‍රාමීය ගම්මානයක් වන බාබිසන් (Barbizon) වෙත පිටත්ව ගොස්, තියඩෝර් රූසෝ (Théodore Rousseau) සහ ෂොන්-බැටීස්ට්-කමී කොරො (Jean-Baptiste-Camille Corot.) ඇතුළත් කලාකරුවන්ගේ ජනපදයකට සම්බන්ධ විය.

බාර්බිසන් ගුරුකුලය ශාස්ත්‍රීය සම්භාව්‍යවාදයෙන් තීරණාත්මක බිඳීමක් සනිටුහන් කළ අතර, සොබාදහමෙන් සෘජු නිරීක්ෂණ (en plein air) උකහා ගැනීමේ පුරෝගාමී වෙමින් ග්‍රාමීය ජීවිතයේ සුන්දරත්වය සහ දුෂ්කරතා යන දෙකම කෙරෙහි අවධානය යොමු කළේය. ග්‍රාමීය ශ්‍රමය සෞන්දර්යාත්මකව හා සමාජීය වශයෙන් පහත් යැයි සැලකුණු හා ඉතිහාස සිතුවම්, මිථ්‍යා විෂයයන් සහ ප්‍රභූ ආලේඛ්‍ය චිත්‍ර (portraiture) කලාව ආධිපත්‍යය දරන යුගයක මෙය රැඩිකල් හැරීමකි.

“කලාවට එහි සැබෑ බලය ලබා දෙන්නේ උත්කෘෂ්ට හැඟීමෙන් යුතුව සාමාන්‍ය දෙය පිලිඹඳ කටයුතු කිරීම මගිනි” යන මියේගේ ප්‍රකාශය ඔහුගේ ආචාර විධිය  සංක්ෂිප්ත කරයි. ස්වභාවධර්මයේ භීෂණය හෝ විභූතිය තුළ උත්කෘෂ්ටභාවය සෙවූ ටර්නර් සහ ෆ්‍රෙඩ්රික් වැනි රොමෑන්තික පූර්වගාමීන් මෙන් නොව, මියේ එය සාමාන්‍ය සහ නොසලකා හරින ලද දේ තුළ සොයා ගත්තේය. ඔහු සංවේගාතිශය භාවයට (sentimentality) විරුද්ධ වූ අතර, මෙසේ අවධාරනය කළේය: “මට අවශ්‍ය සියල්ල දැඩි ලෙස සහ සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ්‍යයි, මන්ද දුර්වල ලෙස පවසන දේ කිසිසේත් නොකියා සිටීම හොඳය.” 

ශිල්පක්‍රමය, තේමාව සහ සමාජ සම්බන්ධතාවය පිළිබඳ බාබිසන් පාසලේ නවෝත්පාදනයන්, යථාර්ථවාදය (realism) සහ ධාරණාවාදය (Impressionism) සඳහා අඩිතාලම දැමූ අතර, යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට කලාකරුවන්ට ආස්වාදයක් ලබා දුන්නේය.

ප්‍රදර්ශනය ආරම්භ වන්නේ The Sower (වපුරන්නා) (1847-48) සමඟිනි; එහිදී හුදකලා ගොවියෙකු අඳුරු කෙතක් හරහා පා තබමින් ගමන් කරයි, බීජ විසුරුවා හැරීම සඳහා අත විදා හරිමින් ඔහු, සීතල අහසකට එරෙහිව ඡායා දර්ශනයට (silhouette) ලක් කර ඇත. පොලවේ පැහැයන්ගෙන් සහ නිල් වර්ණයෙන් ඉදිරිපත් කරන ලද මෙම රූපය පැරිස් කලා සංස්ථාපිතය විසින් රළු, තර්ජනාත්මක සහ සමාජවාදී ලෙස හෙළා දකින ලදී.

Image Not Found
වපුරන්නා (1847-48) [ඡායාරූපය: Amgueddfa Cymru – ජාතික කෞතුකාගාරය වේල්ස්]

මියේ ප්‍රතිචාර දැක්වූයේ මෙසේය: “මම කිසිදා ප්‍රචාරණ අරමුණින් එක සිතුවමක්වත් පින්තාරු කර නැත්තෙමි.” එහෙත් ඇමරිකානු කවිවර වෝල්ට් විට්මන් මියේගේ කෘතිය තුළ ඔහුගේම දැක්මට දෘශ්‍ය සාදෘශ්‍යයක් දුටු අතර, එහි ඇති “උත්කෘෂ්ට අඳුරු බව සහ ප්‍රාකෘත සිර කළ කෝපය” නිර්මාණශීලී කලාකරුවා–එනම්, සමාජ වෙනසක් සඳහා ඇති ශක්‍යතාවය සහ බීජ යන දෙකම වපුරන තැනැත්තා–සඳහා නව මූලාකෘතියක් පෙරටු කරන බවට ප්‍රශංසා කළේය.

The Winnower (පොළන්නා) (1847–48) හි නිරූපණය කර ඇත්තේ වැරහැලි එතූ කලිසම් සහ පිදුරු පිරවූ සපත්තු පැළඳ සිටින තනි මිනිසෙකු, තිරිඟු බීජ රන් වලාකුළක් මුදා හැරීම සඳහා පුළුල් කූඩයක් සොලවන ආකාරයයි. Wood Choppers (දර කපන්නෝ) (1850) හි, මියේ මිනිසුන් දෙදෙනෙකු නිරූපණය කිරීමට කළු හුණු භාවිතා කරයි: එක් අයෙක් කෝටු මිටියක් බඳිද්දී, අනෙකා ලී කපන අතර, දුරස්ථ අයෙක් ගොඩවල් සාදයි. මෙම දර්ශන දර එකතු කිරීමේ නීත්‍යානුකූලව අවදානම් සහගත ශ්‍රමය හෙළි කරයි–එය, ප්‍රංශයේ නව වනාන්තර නීති යටතේ අපරාධකාරී කර පැවති අතර එය සාමූහික අයිතිවාසිකම් වලට ඉහළින් පුද්ගලික දේපළ සහ රාජ්‍ය පාලනය සඳහා වරප්‍රසාද ලබා දුන්නේය.

Milkmaid
A Milkmaid (1853) [ඡායාරූපය: හෙන්රි බාබර් භාරය, බාබර් ලලිත කලා ආයතනය, බර්මින්හැම් විශ්ව විද්‍යාලය]

වැඩකර මහන්සිවී විවේක ගන්නා කාන්තාවන් දෙදෙනෙකු දක්වන The Faggot Gatherers (දර එකතු කරන්නෝ) (1850–55) හි මියේ මෙම තේමාවට නැවත පිවිසේ. ඇගේ තරුණ සහකාරිය සමග සංසන්දනය කරමින් වැඩිමහල් ස්ත්‍රියගේ ගැට ගැහුනු රළු අත් සහ වියැකී ගිය මුහුණ මත ආලෝකය පතිත වේ.  තාරුණ්‍යයේ අස්ථිර ස්වභාවය, වෙහෙසට පත් ගැහැණු ළමයෙක් පාත්තයින් රෑනක් මධ්‍යයේ ඇගේ සැරයටිය මත හේත්තු වී සිටින The Goose Girl at Gruchy (1854–56) සිතුවමේ ද, සඳ එළිය සුදු පැහැයෙන් රූපය පුරවා, පාරලෞකික, ආගමික රශ්මි මණ්ඩලයකට ආසන්න ස්වභාවයක් ඇයට ලබා දෙන A Milkmaid (කිරි කාරී) (1853) සිතුවමෙහි හි ද, පුනරාවර්තනය වේ.

The Wood Sawyers (ලී ඉරන්නෝ) (1850–52) මියේගේ ස්වභාවවාදය (naturalism) සහ රූපමය සංයුතිය නිදර්ශනය කරයි. පිටුපසින් බැලූ විට පෙනන පරිදි, හැඩි දැඩි ඇඟ පත ඇති කම්කරුවෝ දෙදෙනෙක් දැවැන්ත ගස් කඳක් කපන අතරතුර දිගු කියතක් සමඟ පොරබදති. රතු පැහැයෙන් සැරසුණු තුන්වන තැනැත්තෙක් පොරවක් හසුරුවයි. දැව ඉරීම පහත් තරාතිරමේ කාර්යයක් වුවද, සිතුවමේ වර්ණ එලකය–නිල්, සුදු සහ රතු–ප්‍රංශ ත්‍රිවර්ණ ධජය සහ එහි විප්ලවීය පොරොන්දුව වන නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය අවදි කරයි.

Image Not Found
The Wood Sawyers (1850-52) [ඡායාරූපය: V&A රූප / වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය, ලන්ඩන්]

ප්‍රදර්ශනයේ කේන්ද්‍රීය අංගය වන L’Angélus (1857–59), අර්තාපල් අස්වැන්න නෙළන ගොවීන් දෙදෙනෙකු, පල්ලියේ සීනුවේ හඬට සවස් යාමයේ යාච්ඤා කරන ආකාරය නිරූපණය කරයි. ග්‍රාමීය ප්‍රංශයේ දිනකට තුන් වරක් කියවන මෙම කතෝලික යාඥාවට තම ආච්චි තමා සහ ඔහුගේ සහෝදර සහෝදරියන් එක් කර ගන්නා ආකාරය මියේ සිහිපත් කළේය. දර්ශනය සංකේතාත්මක විස්තර වලින් පොහොසත් ය: හිරු බැස ගොස්ය, එහෙත් තවමත් කම්කරුවන්ගේ නැමුණු හිස්, පිදුරු මිටි සහ වක්‍ර වූ මිට දිග මුල්ලුව රන්වන් ආලෝකයෙන් නහවයි.

මියේගේ ජීවිතයේ අවසානයට ආසන්නව පින්තාරු කරන ලද අවසාන කෘතිය වන Winter: The Faggot Gatherers (1868–75) සිතුවම ශෝකාකූල හැගිම් සිත තුල රාව නංවන නිම නොකළ කැන්වසයකි. දරවලින් බර වූ කාන්තාවන් තිදෙනෙක්, දැඩි ශීශීර භූ දර්ශනයක් හරහා අස්ථායී ලෙස පිය නගති–මෙය, ආන්තික වෙහෙසට පත්වීම හා විඳදරාගැනීම පිලිබඳ දෙස් දීමකි.

Millet painting
L’Angelus (1857-59) [ඡායාරූපය: Musée d’Orsay, Dist. Grand Palais Rmn / Patrice Schmidt]

එහෙත් මෙම කෘතිවල ප්‍රබලත්වය තිබියදීත්, ප්‍රදර්ශනයේ භාරකරුවෝ මියේගේ රැඩිකල් දැක්ම සඳහා ඉතා සුළු ඓතිහාසික සන්දර්භයක් පමණක් ඉදිරිපත් කරති. ඔහුගේ කලාත්මක ජයග්‍රහණ ඔහුගේ ගොවි සම්භවය සහ ඔහුගේ වාසනාවට ලැබුනු උපදේශකත්වයට ආරෝපණය කර ඇති අතර, 1849 දී ඔහු පැරිසියෙන් පිටවීම “ව්‍යාකූලක් තත්ත්වයට” ප්‍රතිචාරයක් ලෙස අවිශද ලෙස පැහැදිලි කර ඇත.

නමුත් ඩේවිඩ් නෝර්ත් 2011 දී ඔහුගේ “1848 විප්ලවයන් සහ මාක්ස්වාදී මූලෝපායේ ඓතිහාසික පදනම්” යන දේශනයේදී සඳහන් කළ පරිදි, “යුරෝපය දේශපාලන පිපිරීමක අද්දර සිටියේය… ධනවාදය, වැඩ කරන ජනගහනයේ පුළුල් කොටස් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කළ ප්‍රධාන ආර්ථික අර්බුදයක වෙලී සිටියේය. 1846-47 වසර, දහනව වන සියවසේ පෙර කිසිදු කාල පරිච්ඡේදයකට වඩා විශාල පරිමාණයකින් මානව දුක් වේදනා අත්විඳියේය. පුළුල් සාගතයක් ඇති කළ බෝග වගා අසාර්ථකත්වයකින් ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය. විරැකියා අනුපාතය අහස උසට නැගුනි.”

Image Not Found
ශීත ඍතුව: The Fagot Gatherers (1868-75) [ඡායාරූපය: Amgueddfa Cymru – ජාතික කෞතුකාගාරය වේල්ස්]

1848 දී, “පුරවැසි රජු” ලුවී-පිලිප්ගේ දූෂිත පාලනය, මියේ කෙටි කලක් සහභාගී වූ මහජන නැගිටීමකින් පෙරලා දමන ලදී. කැරැල්ල, කොන්සර්වේටිව් ධනේශ්වර තාවකාලික රජය විසින්  තලා දැමුනි.

1847 දී කොමියුනිස්ට් ප්‍රකාශනය (The Communist Manifesto) සහ 1850 දී ප්‍රංශයේ පන්ති අරගල (The Class Struggles in France) ප්‍රකාශයට පත් කළ කාල් මාක්ස්ට, පැරිසියානු කම්කරු පන්තිය මර්දනය කිරීම ලෝක-ඓතිහාසික සිදුවීමක් විය. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ සටන් පාඨ පිටුපස ඇති පන්ති ගැටුමේ කුරිරු යථාර්ථය හෙළි කළේය. මාක්ස් ලියූ පරිදි, ධනේශ්වර ජනරජය එහි “කැළැල් සහිත, සමහන් කළ නොහැකි, පරාජය කළ නොහැකි සතුරා” වන කම්කරු පන්තියට එරෙහිව මුහුණ දීම සඳහා  “වහාම ධනේශ්වර ත්‍රස්තවාදය බවට හැරවීමට” නියමිතව තිබුණි.

මියේගේ කෘති රසාස්වාදනයේදී මෙම සිදුවීම් බැහැර කිරීම යනු ඔහුගේ කලාවේ සැබෑ වැදගත්කම අවතක්සේරු කිරීමයි: ඔහුගේ කලාව, ප්‍රතිවිරෝධතාව, අරගලය සහ පරිවර්තනය මගින් සලකුණු වූ යුගයක පරිපූර්ණ ආවර්ජනයකි.

අද දින, මියේ සහ බාබිසන් පාසලේ කෘති ඓතිහාසික ලේඛන ලෙස පමණක් නොව, මනුෂ්‍යත්වය, සොබාදහම සහ වඩාත් සාධාරණ සමාජයක් පරිකල්පනය කිරීමේදී කලාකරුවාගේ භූමිකාව පිළිබඳ දූරදර්ශී භාවනාවන් ලෙසද නොනැසී පවතී.

මියේ: භූමියේ ජීවිතය – ග්‍රාමීය සංක්‍රාන්තියේ රැඩිකල් නිරූපණයක් Read More »

Toronto

Toronto International Film Festival to screen propaganda film for Israel’s genocide in Gaza

By Lee Parsons.

Reposted below is the article of the World Socialist Web Site published on 10 September 2025.

Acting as a cultural arm of Canada’s imperialist ruling elite, the Toronto International Film Festival (TIFF) will be rolling out the red carpet Wednesday for the world premiere of a film about the events of October 7, 2023 that provides propaganda cover for Israel’s genocide against the Gaza Palestinians.

The Road Between Us: The Ultimate Rescue, from director and producer Barry Avrich, is entirely silent about the Israeli state’s decades of brutal oppression and dispossession of the Palestinian people, and the violence and terror it has inflicted on the residents of Gaza and the West Bank over the past two years. The documentary film’s lens is exclusively focused on the efforts of retired Israeli Major General Noam Tibon to rescue family members caught up in the October 7 Gaza Palestinian uprising against the Zionist regime, which for more than 15 years had subjected them to a brutal and ongoing economic blockade.

Toronto

The film presents Tibon as an heroic figure. While Avrich emphatically—and laughably—claims the film is “non-political,” the not-so-subtly inferred message is that Tibon personifies the “plight” and “courage” of the Israeli people. 

The documentary centers on Tibon’s obstacles in reaching his family, who had come under fire during the attack, when Palestinian fighters entered Kibbutz Nahal Oz, which lies less than one kilometer from the Gaza border. Tibon responded to a text from his son and, as the film’s website breathlessly puts it,

With no time to spare, Noam and his wife, Gali, embarked on a ten-hour mission across a country under siege to save their family… Noam navigated ambushes, roadblocks, and a collapsing security system in a relentless race against time.

The film is described in the synopsis given by TIFF as “a profoundly human story about courage, family, and the power of love in the face of unimaginable terror.”

This is foul Zionist propaganda. The constructed and entirely contrived narrative treats the events of October 7 entirely outside of history—as if they fell from the sky. Its narrative frame conforms to a “T” with that of the Israeli state and its western imperialist backers: the Hamas-led uprising was “unprovoked.” Indeed, Avrich submitted his film to TIFF under the title “Out of Nowhere.” It was the festival organizers, clearly in the interests of obscuring the film’s pro-Zionist line, who persuaded him to rename it The Road Between Us. 

Anyone who has followed the decades-long persecution of the Palestinians by the Israeli regime can only feel outraged by claims that Israel, which has been armed to the teeth by Washington and its allies, was a “country under siege” in October 2023. Since 2006, Israel had effectively maintained Gaza as an “open-air prison,” repeatedly bombing and terrorizing its population, not to mention the systematic seizures of Palestinian land and episodes of mass ethnic cleansing going back to the very formation of Israel in 1948. 

Nor can there be any other legitimate response but hostility to complacent references to “courage” and “family” after almost two years of a non-stop genocidal onslaught by Israel, backed by the imperialist powers, on the Palestinians, whose families have been torn apart, massacred, starved and left destitute. The only “unimaginable terror” is that carried out by the IDF against Gaza’s population.

The attempt by TIFF to wash the blood of the Palestinian people from the IDF by finding a “hero” among its senior ranks could not have served as a better piece of propaganda for the Netanyahu regime if they had paid for it themselves. To tout such a film as a legitimate artwork is as repugnant today as claiming that Leni Riefenstahl’s propaganda efforts were a legitimate expression of life during the Third Reich.

There are many issues a serious documentary about October 7 could have taken up, including interrogating the conditions that caused hundreds of Palestinian fighters to embark effectively on a suicide mission, and the reasons for the alleged and thoroughly unconvincing state of “unpreparedness” of the Israeli military and intelligence.

The Zionist state and military boast about their technological capability and skill at every turn when it serves their ideological and political purposes. But world public opinion is supposed to believe they found themselves entirely blind-sided in October 2023.

Extensive evidence suggests that elements high up in the Zionist regime were aware of the Islamist Hamas’ plans for October 7 well in advance, and chose to ensure that Israel’s security forces stood down to create a pretext for a long-planned onslaught on Gaza to ethnically cleanse its population and seize the tiny enclave, to implement, in fact, the “Final Solution” of the Palestinian question. After the uprising began, the IDF invoked the so-called “Hannibal Directive,” which allows the military to kill Israeli civilians rather than let them be taken hostage.

The decision to screen the film at TIFF, which has reserved the 1,800-capacity Roy Thompson Hall for Wednesday’s premiere, has nothing to do with questions of artistic merit. On the contrary, the sordid process by which the film, initially excluded from one of the world’s most important film festivals, became a—if not the—marquee event of TIFF 2025 underscores the central role that financial and Canadian imperialist foreign policy interests play in the festival management’s decisions and those of the country’s other major cultural institutions.

The phony furor over TIFF “censorship”

On August 12, media reports emerged that TIFF had reversed its decision to screen The Road Between Us at this year’s festival, citing legal concerns that some of the footage recovered from captured GoPros by Hamas fighters had not been cleared for use, as well as a “potential threat of significant disruption.” 

These reports met with an immediate outcry of protest from the Zionist lobby in Canada, quickly joined and encouraged by the political elite and right-wing press. 

On August 13, Toronto City councillors James Pasternak and Brad Bradford issued a joint statement on X, declaring, “TIFF should not be banning or censoring films and should respect the freedoms of the arts community,” and concluding that the decision to cancel was a “moral failure.”

The very next day, TIFF capitulated to this reactionary campaign, now less than 48 hours old, and announced it would ensure the film would be screened during what is the festival’s 50th edition. With The Road Between US’s producers, explained TIFF CEO Cameron Bailey, “We have worked together to find a resolution to satisfy important safety, legal, and programming concerns.” 

This quick retreat did next to nothing, however, to appease the film’s ruling class promoters, who in the name of denouncing TIFF censorship, lashed out at the supposed intolerance of anti-Gaza genocide protesters.  

The National Post gave feature coverage to an op-ed penned by Sharren Haskel, who self-identifies as Israel’s “Canadian-born” deputy foreign minister. She voiced her outrage that TIFF sought “the ‘approval’ of terrorists,” who carry out “murders, rapes, and kidnappings,” and charged the festival with complicity “in silencing the truth.” She also slammed the Carney government for its empty announcement it would recognize a Palestinian state.

Canada, like the US and the other imperialist powers, is a key supporter of the Gaza genocide. Whether under Mark Carney or Justin Trudeau before him, the Liberal government has backed Israel’s genocidal campaign against Gaza and rampage across the Middle East to the hilt, shipping tens of millions of dollars in weaponry to Israel, while clamping down ruthlessly on anti-genocide protests at home.

Within Canada’s film industry the most prominent public statement of support for the screening of The Road Between US’s came from Susan Reitman Michaels, sister of the late producer/director Ivan Reitman, whose family is a major benefactor of TIFF. The family donated land for the home of the festival, the TIFF Lightbox complex in downtown Toronto. 

In an open letter Michaels wrote, “The irony is unbearable. My family’s gift of land to TIFF was intended as a memorial to my parents’ faith in freedom of expression, only to see that very principle eroded… What it looks like, and feels like, is the silencing of a Jewish voice at a time when Jewish voices are already being marginalized.” As intended, the letter elicited a thoroughly stage-managed “torrent of outrage,” with the festival reportedly receiving 60,000 emails objecting to the initial cancellation of the film.

The hypocrisy of Michaels and the other would-be warriors for “free speech” is staggering. None of them batted an eyelid, but on the contrary cheered on the political establishment when it systematically smeared and sought to intimidate hundreds of thousands of Canadians who participated in anti-genocide protests over the past two years. Anti-genocide activists calling for an end to Canadian imperialism’s supply of military equipment to Israel have faced arrest and harassment by the police, and in some cases the loss of their employment. The few voices who raised any criticism of the genocide within the political establishment, like former NDP member of the Ontario legislature Sarah Jama, were politically sidelined and silenced.

Moreover, the claim to be defending rights of “freedom of expression” on the one hand, while invoking the special rights of wealthy benefactors to influence programming decisions, reveals the class character of the objections.

In announcing the festival’s renewed commitment to screen The Road Between Us, TIFF CEO Bailey issued a cowardly mea culpa. “I want to apologize,” he declared, “for any hurt, frustration, or disappointment that our communication about the film has caused, and for any mischaracterizations that have taken root. We’re working now—and we will be for a while—to clarify things and to repair relationships.”

Bailey offered his fawning and, frankly, disgusting reassurance:

I want to be clear: claims that the film was rejected due to censorship are unequivocally false. Both TIFF and the filmmakers have heard the pain and frustration expressed by the public and we want to address this together.

The “pain and frustration” were not expressed by “the public,” but by TIFF’s wealthy donors, the Zionist lobby, and powerful sections of the corporate and political elite—many of them the very same forces who last year demanded that TIFF cancel screenings of a documentary that humanized Russian soldiers fighting in Ukraine.

It should be remembered that TIFF has a record of celebrating Zionism and Israel. In 2009, eight months after one of the Israeli military’s murderous assaults on Gaza, the film festival decided to honor Tel Aviv as the first city to be the subject of its new program, “City to City.” The decision provoked widespread outrage and protest.

Avrich, a Montreal-based filmmaker, has less than convincingly sought to talk his way out of any political intention behind his decision to make the film. Avrich told an interviewer for Deadline, “This film is not about politics, it’s about humanity, family and sacrifice.” 

Avrich and the IDF Major General Tibon used a joint interview with the Globe and Mail, published September 6, as an opportunity to double down on this transparent falsification, presenting their film, in the postmodernist jargon so prominent in artistic and academic circles, as simply one “story” among others. In a remark that reveals at best his indifference towards and more likely support for the greatest crime of the 21st century so far, Avrich blandly told the Globe that he was just “a guy in Canada who is attracted to a great story… I didn’t see anything outside that story.” The same line was taken by Tibon, who adds in the same interview that ”we didn’t say one word of politics.” Anyone who believes a word of this rubbish …

When the Globe interviewer gave them the opportunity, to say something about the plight of the Palestinians and the ongoing genocide, both Avrich and Tibon pointedly refused to do so.

An artist unmoved by genocide and who, in the face of the systematic destruction of an entire people, “didn’t see anything outside” the fate of a senior officer in this machinery of mass murder and his immediate family, deserves only contempt. This is not a matter of artistic freedom. Rather, it reflects a tendency to revel in a kind of cold indifference to mass human suffering cultivated within a privileged layer of the middle class, whose expanding stock portfolios and bank balances are tied up with the eruption of imperialist wars over the past three-and-a-half decades, culminating in the Gaza genocide as part of a rapidly developing third world war.

Toronto International Film Festival to screen propaganda film for Israel’s genocide in Gaza Read More »

shoot2

කියෝෂි කුරොසාවාගේ ක්ලවුඩ් : “අයුතු ලාභ ලැබීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී විස්තාරණය වේ…”

ඩේවිඩ් වොල්ෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුලි 28 දින Kiyoshi Kurosawa’s Cloud: “Profiteering and revenge overlap and amplify…” යන හිසින් පලවූ  ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

කියෝෂි කුරොසාවා (අකිරා කුරොසාවාට සම්බන්ධ නැත) ප්‍රවීණ ජපන් චිත්‍රපටකරුවෙකි;  මනෝවිද්‍යාත්මක සහ වෙනත් ප්‍රභේදවල ත්‍රාසජනක (horror ) ෂානරයේ කෘති සඳහා ඔහු ප්‍රසිද්ධය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍රපටවලින් එකක්  කියෝ  ( Cure-1997) වන අතර එය සුවිශේෂයෙන්  ඇඟ කිලිපොළන සුලු මිනීමැරුම් මාලාවක් විමර්ශනය කරන රහස් පරීක්ෂකයෙකු පිළිබදව වේ.

Image Not Found

කියෝ  ( Cure-1997)

එක් විචාරකයෙක් සඳහන් කරන්නේ ඔහුගේ චිත්‍රපට සාමාන්‍යයෙන්, 

“සන්සුන් මතුපිට යට සැඟවී ඇති ආතතීන් රැගත් ත්‍රාසය සහ අවිනිශ්චිතභාවය පිළිබඳ කතා, මළවුන්ගේ සහ යථාර්ථය සමග බොඳ වන අද්භූත දෑ පිළිබඳ ලෝකය, හොල්මන් ශබ්ද, මතකයන් සහ දර්ශන වීම් පිලිබද වන බවයි; කුරොසාවාගේ චිත්‍රපට යනු ඔබව අල්ලා ගැනීමට උත්සාහ කරන අඳුරු බලවේගයක් නොමැති බව සහතික කර ගැනීම සඳහා දෙවරක් පිටුපස හැරී පරීක්ෂා කිරීමට ඔබට ඕනෑ කරවන හොදින් ගනන් බලා සකස් කළ උපකරණ වේ.”

තවත් අයෙක් පෙන්වා දෙන්නේ, 

“ඔහුගේ චරිත, ඔවුන්ගේ මිතුරන් හෝ ආදරණීයයන් හෝ ඔවුන් මංමුලා සහගත බැඳීම් ඇති කරගත් ආගන්තුකයන්, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම වචනාර්ථයෙන්ම සේ දූවිලි වැනි අංශු බවට බිඳී යාම අසරණ ත්‍රස්තයෙන් බලා සිටින Pulse (2001) චිත්‍රපටයේ අපූර්ව දර්ශනය, බොහෝ දුරට  කුරොසාවාගේ සිනමාවේ නිර්වචනාත්මක ප්‍රතිරූපය විය හැකිය.”

ඇතැම් විචාරකයෝ සහ චිත්‍රපට ප්‍රේක්ෂකයින් කියෝෂි කුරොසාවා කැපී පෙනෙන ලේඛක-අධ්‍යක්ෂවරයෙකු ලෙස සලකති. තවත් විය හැකියාවක් නම්, ඔහුගේ අඳුරු, මානව විරෝධී, බොහෝ විට ලේ වැකි චිත්‍රපට, පසුගිය වසර 40 සිට 50 දක්වා කාලය තුළ ජාත්‍යන්තර සිනමාවේ ඔටුන්න හිමි මැණිකක් වූ (අකිරා කුරොසාවා, මිසොගුචි, ඕසු සහ වෙනත් අය) ජපන් චිත්‍රපට නිෂ්පාදනයේ සමස්ත පරිහානිය මූර්තිමත් කිරීම වේ.

ක්ලවුඩ් හි, රියුසුකේ යොෂි (මසාකි සුඩා) යනු කර්මාන්තශාලා සේවකයෙකි, ඔහුගේ සැබෑ කනස්සල්ල ර්වන්නේ දේවල් මාර්ගගතව නැවත විකිණීමයි (online reselling). ඔහු (වංචාවෙන්, බලහත්කාරයෙන් සහ වෙනත් ක්‍රමවලින්) භාණ්ඩ ලාභයට ලබා ගැනීම සහ ඒවා අධික මිලට විකිණීම පිළිබඳ විශේෂඥයෙකි. ඔහු තම මෙහෙයුම්වල කෙතරම් සාර්ථකත්වයක් ලබාගත්තේ ද යත්,  ඔහුගේ ප්‍රධානියාගේ කෝපයට හේතු වන පරිදි ඔහුගේ කර්මාන්තශාලා රැකියාව අත්හරියි. (“මට වෙනස් දෙයක් උත්සාහ කිරීමට අවශ්‍යයි.” … “ඒක කිසි තේරුමක් නැති දෙයක්.”)

shoot2
ක්ලවුඩ් ( Cloud)

යොෂි තම පෙම්වතිය වන අකිකෝ (කොටෝනේ ෆුරුකාවා) සමඟ අභිලාෂකාමීව සහ සමහර විට ආවේගශීලීව ගම්බද විශාල නිවසකට  පදිංචියට යයි. ඔහු ඉතා කාර්යක්ෂම සහායකයෙකු වන සනෝ (ඩයිකන් ඔකුඩයිරා) ද සේවයට ගනී.

තීරණාත්මක දර්ශනයකදී, යොෂිට වංක හිටපු පාසල් මිතුරෙකු මුණගැසෙන අතර, ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ට සැමවිටම “පහසුවෙන් මුදල් ඉපයීමට අවශ්‍ය වූ” බවයි. “දැන් ජීවිතය පහසුද? නැහැ.” කිසිසේත්ම පහසු නැත, “මුදල් උපයන්නේ යාන්තමිනි.” නමුත් “අපට ඉවත් විය නොහැක.” “අපිට මෙහෙම වුණේ කොහොමද?” “මට කියන්න බෑ.” මෙය යොෂි හෝ ඔහුගේ සහචරයින් ආත්ම විභාගය සහ ආත්මඥානය කරා සමීප  වීමේ උපරිමයයි.

විලාසිතාමය යැයි කියන කාන්තා බෑග් විශාල ප්‍රමාණයක් ඔහු අත් කර ගනී. සනෝ ඔහුගෙන් අසන්නේ, ඒවා “සැබෑද ව්‍යාජ ඒවාද”? ලෙසයි.”මම ඒ බව සොයා ගැනීමට පෙර විකුණ ගන්නවා,” යොෂිගේ ප්‍රතිචාරය එයයි. කෙසේ වෙතත්, පොලිසිය “ව්‍යාජ විලාසිතාමය  භාණ්ඩ (fake designer jobs)” පිලිබද විමර්ශනය කිරීමට පටන් ගනී.

ඔහුගේ ජනේලය තුලින් වස්තුවක් විසි කරනු ලැබේ. ඔහුගේ නිවස අසල ගුප්ත මෝටර් රථයක් නතර වී, පසුව ඉවතට ඇදී යයි. ඔහුගේ සතුරන් සහ ප්‍රතිවාදීන් අන්තර්ජාලය හරහා රැස් වෙති. “අපේ පළිය ගමු.” අවසානයේදී, ඔවුහු ඔහුව අල්ලාගෙන එය සජීවීව ප්‍රචාරය කරන අතරතුර ඔහුව පණපිටින් පුළුස්සා දැමීමට සැලසුම් කරති. දඬුවම අපරාධයට ගැලපෙන්නේ නැති බව පෙනේ. “මේක මේ දක්වා ඔබ කළ සියලු පාප සඳහා පළිගැනීමක්” යැයි යොෂිට පැවසූ විට, ඔහුගේ පිළිතුර සාධාරණ බව පෙනේ, “මම … එතරම් නරකද?”

කෙසේ වෙතත්, රුධිර ස්නානයක් සිදුවන අතර, එහිදී සනෝ ප්‍රධාන මාරාන්තික භූමිකාවක් රඟ දක්වයි. ඔහුට පාතාල සම්බන්ධතා සහ අත්දැකීම් ඇති බව පෙනේ. අවසාන දර්ශනයේදී, දැන් ගැඹුරින් කම්පනයට  සහ දිරිසුන් වූ යොෂි, “මම විනාශයි” සහ “ඉතින් නිරයට යන විධිය මෙයයි” යනුවෙන් කෑගසයි.

Cloud හි සිටින සෑම කෙනෙක්ම  එක්කෝ වංචාකාරයෙක්, නරුමයෙක්, අවස්ථාවාදියෙක් හෝ මනෝ ව්‍යාධියෙක් වේ. ඔවුන්ගෙන් එකෙක්වත් නරඹන්නාගේ වැඩි සැලකිල්ලක් හෝ අවධානයක් ලැබීමට සුදුස්සෝ නොවෙති. ජපානයේ හෝ වෙනත් ඕනෑම තැනක ජීවිතය පිළිබඳ දෘෂ්ටියක් ලෙස එය කෙතරම් නිවැරදිද? ඇත්ත වශයෙන්ම, පිළිකුල් සහගත චරිත හැර අන් කිසිවක් නොමැති කෘති කලාත්මකව සාර්ථක වී ඇත, නමුත් එවැනි අවස්ථාවන්හිදී කතුවරයා හෝ කථකයා උපහාසාත්මකව හෝ වෙනත් ආකාරයකින් විකල්පයක් සපයයි හෝ පෙන්නුම් කරයි. කුරොසාවා ඔහුගේ ද්‍රව්‍ය, අප්‍රසාදයේ හෝ කෝපයේ ඉඟියක් වත්  නොමැතිව, උදාසීන බැරෑරුම්කමකින් සලකයි. එහිම ආකාරයෙන්,  Cloud ධනේශ්වර ජපන් ජීවිතයේ එකතැන පල්වෙන සහ අශුභවාදී තත්ත්වය සහ එහි ඉහළ ස්ථරවල මානසිකත්වය නිවැරදිව පිළිබිඹු කරනවා විය හැකිය. නමුත් කලාකරුවාට එවැනි මනෝභාවයන් නිකම්ම හඳුනා ගැනීමට වඩා යමක් කිරීමටද, නිශ්චිතවම ඒවායේ  නොලැග සිටීමේද  වගකීමක් ඇත. 

kurosawa
2024 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී කියෝෂි කුරොසාවා [ඡායාරූපය ජෝන් සියර්ස් / CC BY 4.0]

2024 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී කියෝෂි කුරොසාවා [ඡායාරූපය ජෝන් සියර්ස් / CC BY 4.0]

චිත්‍රපටය සම්බන්ධයෙන් “මාක්ස්වාදී” යන යෙදුම භාවිතා කරමින් සමාජ මාධ්‍ය විචාරකයෙකු යෝජනා කරන්නේ  Cloud  යනු “මේ දක්වා කුරොසාවාගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම දුෂ්ට හා සදාචාරාත්මක ආඛ්‍යානයන්ගෙන් එකක්” බවයි. ඔහු මෙසේ තර්ක කරයි:

චිත්‍රපටය“ජපන් නැවත විකුණුම්කරුවන්ගේ රාක්ෂ ලෝකය නිරූපණය කරන අතර, සෑම නළුවෙකුගේම මුහුණුවල යක්ෂ, වෙස් මුහුණක් වැනි ගුණාංගයක් මූර්තිමත් කරයි‌; නරඹන්නාට කිසි විටෙකත් මස් ගලවා මෙම පිළිකුල් සහගත චරිත සැබවින්ම සිතන්නේ කුමක්දැයි බැලීමට අවස්ථාවක් නැතිවා මෙනි.”

syro

මෙය “මාක්ස්වාදය” යනු කුමක්ද යන්නද ඇතුළු බරපතල වරදවා වටහා ගැනීමකි. ඇදහිය නොහැකි ලෙස පාලනයෙන් බැහැරව යන දෙයකට හසු වූ මොවුන් සාපේක්ෂව කුඩා පරිමානයේ අපරාධකරුවන් සහ  අනෙකුත්  අය  වෙති.

අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රකාශයක, කුරොසාවා තර්ක කරන්නේ,

නූතන ජපානයේ නොපැහැදිලි මුලු වල, ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමහර විට කිසිදු හේතුවක් නොමැතිව සිදු වේ. හේතු විමර්ශනය කරන විට, අන්තර්ජාලය මගින් සුළු අමනාපකම් සහ කලකිරීම් සමුච්චිත කර, ඒවා අසමානුපාතිකව පුපුරවා හරින එක්තරා ආකාරයක පද්ධතියක් පවතින බව පැහැදිලි වේ.”

අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ Cloud හි “මාරාන්තික සටන”,

 අනපේක්ෂිත ලෙස යුද්ධයේ ලක්ෂන අත්පත් කර ගැනීමට පටන් ගත්  බව ය. අයුතු ලාභ ගැනීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී (එක මත එක වැටී) විස්තාරණය වී, අවසානයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ක්‍රියාත්මක කරන අතර, ඔබ නොදැනුවත්වම ආපසු හැරීමක් නොමැතිව යයි. එක් අර්ථයකින්, නූතන යුද්ධ ඇති වන්නේ ද මෙලෙසම විය හැකිය.”

“නූතනයේ යුද්ධ” ක්ෂනයේ දියත් කිරීමේදී අහම්බය මූලධාතුවක් වනු ඇති බවට නිසැක නමුත්, සමකාලීන කලාකරුවන් බොහෝ දුරට නොසලකා හරින,  සමාජයක් තුළ ඇති ප්‍රධාන “සටන්” මෙන්ම ඒවා ද සිදුවන්නේ ගැඹුරු සමාජ හා ඓතිහාසික හේතූන් සහ ගාමක බලවේග නිසා වේ. කුරොසාවා නොගැඹුරු, ධාරණාවාදී (impressionistic) දෘෂ්ටියක් ඉදිරිපත් කරන අතර, චිත්‍රපටය ඔහුගේ සාමාන්‍ය ප්‍රවේශයෙන් පීඩා විඳියි; කෙසේ නමුත් ඔහුට පැහැදිලි කුසලතා ඇති අතර සිදුවීම් ඵලදායී ලෙස මෙහෙයවයි.

විශාලතම දුෂ්කරතාවය වන්නේ කුරොසාවාගේ වර්ධනය සිදුවූ එකතැන පල්වන පොදු දේශපාලන හා සංස්කෘතිය යි. අවසානයේදී, සමහර අවස්ථාවන්හි බිහිසුණු “ශබ්ද සහ කෝපය” තිබියදීත්, ඔහුගේ චිත්‍රපට, ඔහුගේ ගෝලීය සමකාලීනයන් විසින් නිර්මාණය කරන ලද බොහෝ චිත්‍රපට මෙන්, අත්‍යවශ්‍යයෙන්ම නිෂ්ක්‍රිය වන අතර, පැත්තක් නොගත් ඒවා වේ. තැනින් තැන තවමත් හඳුනාගත හැකි වඩාත් අව්‍යාජ රැඩිකල් ආවේගයන් බොහෝ දුරට උදාසීන කර හෝ පක්ෂඝාත තත්ත්වයට පත් කර ඇත. කුරොසාවා ඇතැම් ප්‍රතිගාමී තත්වයන් සහ මානසික තත්වයන් හඳුනා ගනී, නිශ්චය කර ගනී, නමුත් ඒවා පිලිබද කුමක් කළ යුතු දැයි  නොදනී. ඔහු ඒවා ඉදිරිපත් කරයි, ඒවා පුපුරන සුලු දෙයක් බවට ගොඩනඟයි, පසුව එය ක්‍රමයෙන් මියෑදී යයි. ඔහු තවත් තත්වයක් හඳුනා ගනී, එයත්  පොම්ප කර පුම්බා හරී, එය මැකී යයි. එය වියුක්ත, චක්‍රාකාර, දොම්නස් චලනයකි. සමාජය පසුකර යන විශේෂිත අවධිය, නිශ්චිත “මේ මොහොත” මග හැරී ගොස් ඇත, නමුත්  එහි  ප්‍රතිවිරෝධතා මෙම “නිරයෙන්” මිදීමට මාර්ගය ඉදිරිපත් කරයි.

කලාකරුවන් ලෝකය විවිධ ආකාරවලින් අර්ථකථනය කර ඇත, කෙසේ වෙතත් කාරණය …[වන්නේ වෛශයික සත්‍යය අව්‍යාජව අනාවරණය කිර්‍රිම හා ලෝකය වෙනස් කිරීමයි]

කියෝෂි කුරොසාවාගේ ක්ලවුඩ් : “අයුතු ලාභ ලැබීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී විස්තාරණය වේ…” Read More »

Bebel

ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම

“ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම” – August Bebel and the political awakening of the working class – යන මෙම ලිපිය ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිර්මාතෲ වන ඕගස්ට් බෙබෙල්ගේ මරණයෙන් සියවන සංවත්සරය නිමිත්තෙන් 2013 අගෝස්තු මස ලෝක සමාජවාදී වෙබ් අඩවියට උල්රිච් රිපර්ට් විසින් ලියන ලද එකකි. එය සිංහලට පරිවර්තනය කොට අපි අප පක්ෂයේ (සසප) සහෝදරවරුන්ගේත්, කම්කරුවන්ගේත් අවඪානය සදහා මෙහි පලකරමු. 

Bebel
Bebel, c. 1900

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) මුල් ඉතිහාසය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) කේඩරය සඳහා තීරණාත්මක පාඩම් ගෙන එයි. 1869 දී ඕගස්ට් බෙබෙල් සහ විල්හෙල්ම් ලිබ්නෙක්ට් විසින් – මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන මග පෙන්වීම යටතේ – ආරම්භ කරන ලද SPD, විද්‍යාත්මක සමාජවාදයේ මූලධර්ම මත පදනම්ව කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ පළමු අඛණ්ඩ උත්සාහය නියෝජනය කළේය. එය ජර්මනිය පුරා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් දැනුවත් කර සංවිධානය කළ අතර, ධනවාදයේ මිනීවළවල් හාරන්නන් ලෙස ඔවුන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ සවිඥානකත්වයක් ඔවුන් තුළ ඇති කළේය.

උල්රිච් රිපර්ට්ගේ ලිපිය, ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම පිලිබද මෙම ඉතිහාසයට වටිනා ප්‍රවේශ ලක්ෂ්‍යයක් සපයයි. එය දක්ෂ කම්කරුවෙකුගේ සිට මාක්ස්වාදී නායකයෙකු සහ කම්කරු පන්තියේ විප්ලවවාදී අධ්‍යාපනඥයෙකු දක්වා බෙබෙල්ගේ පෞද්ගලික ගමන් පථය කෙරෙහි අවධානය යොමු කරයි. නමුත් චරිතාපදානයකට වඩා, ලිපිය ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඉස්මතු කරයි: එනම්, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන බලවේගයක් ලෙස මතුවීම යි.

කෙසේ වෙතත්, පළමුවන ලෝක යුද්ධය පුපුරා යාමේදී ජර්මානු අධිරාජ්‍යවාදයට සහාය දීමට 1914 යුද ණය සදහා පක්ෂ වෙමින් SPD ය කළ පාවාදීමෙන් කූටප්‍රාප්තියට පත් වූ එහි පරිහානිය, අනුභූතිවාදය (empiricism) සහ මතුපිට පෙනුමට යටත් වීම තුළ මුල් බැසගත් ජාතික අවස්ථාවාදයේ මාරාන්තික ප්‍රතිවිපාක හෙළි කළේය. එස්පීඩී නායකත්වය ගත් තීරණය අහම්බයක් හෝ පුද්ගල දුර්වලතාවයක ප්‍රතිඵලයක් නොව, මාක්ස්වාදී මූලධර්මවලින් දීර්ඝ කාලයක් පසුබැසීමක ප්‍රතිඵලයකි.

මෙම පරිහානියේ හදවතේ තිබුණේ අනුභූතිවාදයට හැරීමයි – එය යටින් පවතින පන්ති ප්‍රතිවිරෝධතා විශ්ලේෂණය කිරීම වෙනුවට ක්ෂණික පෙනුම සහ මතුපිට කරුණු මතු කරන ක්‍රමයකි. මෙය SPD නායකත්වය ජාතික රාජ්‍යයට, නෛතික පාර්ලිමේන්තු රාමුවලට සහ ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ මිත්‍යාවන්ට අනුවර්තනය වීමට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ නිර්ධන පංති ජාත්‍යන්තරවාදය අතහැර දැමීම, පක්ෂය ධනේශ්වරයේ අවශ්‍යතාවලට යටත් කිරීම සහ එය විප්ලවයට බාධාවක් බවට පරිවර්තනය වීමයි.

ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අත්‍යවශ්‍ය පාඩම උකහා ගත යුතුය: විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී සහ අපෝහක ඉදිරිදර්ශනයක් පවත්වා ගැනීමේ සටන සඳහා කිසිදු මහජන සහයෝගයක් හෝ ඓතිහාසික කීර්තියක් ආදේශ කළ නොහැක. එබැවින් රිපර්ට්ගේ ලිපිය SPD හි නැගීම හා පරිහානිය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයට පූර්විකාවකි – අද විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට කැපවී සිටින විප්ලවවාදීන්ට මෙම ඉතිහාසය අත්‍යවශ්‍ය පාඩම් ගෙන දේ.

***

ඕගස්ට් බෙබෙල් මිය ගියේ වසර 100 කට පෙර මේ මාසයේය. ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) නිර්මාතෘ 1913 අගෝස්තු 13 වන දින ස්විට්සර්ලන්තයේ පැසුග් ස්පා නගරයේ දී හෘදයාබාධයකින් මිය ගිය බවට වූ පුවත ලොව පුරා කර්මාන්තශාලා සහ කම්කරු පන්ති දිස්ත්‍රික්කවල කම්පනයක් සහ ශෝකයක් ඇති කළේය. බෙබෙල් වැඩ කරන ජනතාව විසින් ආදරය කරන ලද අතර “කම්කරු කයිසර්” යන පදවි නාමයෙන් ගෞරවයට පාත්‍ර විය.

එයට ආසන්නයේම බෙබෙල්ට උපහාර දක්වමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “යුරෝපීය සමාජවාදයේ සමස්ත යුගයක්ම ගෙවී යමින් තිබේ.” බෙබෙල් “නැගෙමින් පවතින නව පන්තියේ මුරණ්ඩු සහ නොසැලෙන ව්‍යාපාරය මූර්තිමත් කළේය… මෙම දුර්වල හා මැලවී වී ගිය මහලු මිනිසා මුළුමනින්ම අධිෂ්ඨානයෙන් සාදන ලද, තනි ඉලක්කයක් කරා පුහුණු කරන ලද බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ චින්තනයේ, ඔහුගේ ප්‍රකාෂනයේ ව්‍යක්තභාවයේ සහ ඔහුගේ සාහිත්‍ය කෘති තුළ, එම ඉලක්කය කරා කෙලින්ම යොමු නොවූ බුද්ධිමය ශක්තියේ ක්ෂය වීමක් සඳහා ඔහු කිසි විටෙකත් ඉඩ නොදෙනු ඇත; ඔහු වාගාලංකාරයේ සතුරෙකු පමණක් නොව, ගර්විත සෞන්දර්යාත්මක හැඩදැමීමටද සම්පූර්ණයෙන්ම ආගන්තුක විය.  ඒ සමගම ඔහුගේ දේශපාලන ආත්මයේ ඉහළ සුන්දරත්වය ඒ තුළ ගැබ්ව තිබුණි. ඔහු තුළින්ම ඔහු පිළිබිඹු කලේ, තම නිදහස් පැය කිහිපය තුළ ඉගෙන ගන්නා, සෑම මිනිත්තුවක්ම අගය කරන සහ අත්‍යවශ්‍යම දේ ගිජු ලෙස ගිල ගන්නා පන්තියයි.” [ දේශපාලන පැතිකඩ: යුගයක් ගෙවී යයි (බෙබෙල්, ෂොරෙස්  සහ වයිලන්ට්), දෙසැම්බර් 1915-[Political Profiles: An Epoch Passes (Bebel, Jaurès and Vaillant), December 1915]

ට්‍රොට්ස්කි, බෙබෙල්ව පළමු ලෝක යුද්ධය ආසන්නයේ පැරිසියේ අවන්හලකදී ඝාතනය කරන ලද ප්‍රංශ සමාජවාදී ෂෝන් ෂොරෙස් (Jean Jaurés)  සමඟ සංසන්දනය කළේය. ෂොරෙස්- න්‍යායික පාණ්ඩිත්‍යය, කාව්‍යමය මනඃකල්පිතය සහ වංශාධිපති විලාසයෙන් සලකුණු වූ ලේඛන සහ දේශන පිලිබද ප්‍රංශ දර්ශනවාද මහාචාර්යවරයා සහ ජර්මානු හස්ත කර්මාන්තකරුවෙක් වීම නිසා ප්ලෙබියානු (plebean) ප්‍රජාතන්ත්‍රවාදයට සමාන න්‍යායික දෘෂ්ටියක් තිබූ – බෙබෙල් යන දෙදෙනාම වසර 100 කට පෙර යුද්ධය සමග අවසන් වූ ඓතිහාසික කාල පරිච්ඡේදය සංකේතවත් කළහ.

ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කළේය: “බෙබෙල් භෞතිකවාදියෙක්, ෂොරෙස් සාරසංග්‍රහවාදී විඥානවාදියෙක් (eclectic idealist), බෙබෙල් මාක්ස්වාදයේ මූලධර්මවල නොසැලෙන ආධාරකරුවෙක්, ෂොරෙස් ප්‍රතිසංස්කරණවාදියෙක්, අමාත්‍යවාදියෙක් යනාදී වශයෙන්. නමුත් දේශපාලනයේ මේ සියලු වෙනස්කම් තිබියදීත්, ඔවුන් ජර්මානු සහ ප්‍රංශ සංස්කෘතියේ ප්‍රිස්මය හරහා එකම ඓතිහාසික යුගයක් පිළිබිඹු කළහ. මෙය ජාත්‍යන්තර සබඳතාවල මෙන්ම දේශීය සබඳතාවල ද- සන්නද්ධ සාමයේ යුගය විය.”

මාක්ස් සහ එංගල්ස්ගේ සමීපතමයෙක් වූ ඔහුට වඩා අවුරුදු 14 ක් වයසින් වැඩි වූ විල්හෙල්ම් ලිබ්නෙක්ට් සමඟ සමීප සහයෝගයෙන්, ඕගස්ට් බෙබෙල් ජර්මානු කම්කරු පන්තිය පුබුදුවා හලේය. එතෙකුදු වුවත්, 1914 ව්‍යසනය වැළැක්වීමට ඔහුට නොහැකි විය.

බෙබෙල් විසින් අඩ සියවසකට අධික කාලයක් වෙහෙස නොබලා සිදු කරන ලද දැවැන්ත හා සාර්ථක දේශපාලන හා සංස්කෘතික අධ්‍යාපනික කටයුතුවල තීරණාත්මක පාඩම් රාශියක් අඩංගු වේ. ඒවායින් දෙකක් මෙහිදී සාකච්ඡා කෙරේ.

පළමුව, මාක්ස්වාදයේ ධජය යටතේ විප්ලවවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් සාක්ෂාත් කරගත් දියුණුව, වැඩ කරන පුළුල් මහජනතාව ස්වාධීන දේශපාලන භූමිකාවක් ඉටු කිරීමට අසමත් බවටත්, “පහළින් එන ව්‍යාපාරයක්” අනිවාර්යයෙන්ම දක්ෂිණාංශික දිශාවකට වර්ධනය වන බවටත් පැතිර පවතින සංකල්ප ප්‍රතික්ෂේප කරයි. සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ නියෝජිතයින්, සියල්ලටත් වඩා ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය (හෝර්කයිමර්, ඇඩෝර්නෝ, මාර්කූස්, හබර්මාස් සහ වෙනත් අය-Horkheimer, Adorno, Marcuse, Habermas and others) සමඟ සම්බන්ධ  වූවන්, 1933 ව්‍යසනයෙන් වඩාත්ම අශුභවාදී පාඩම් උකහා ගත්හ. හිට්ලර්ගේ ජයග්‍රහණයට කම්කරු පන්තිය වගකිව යුතු බව ඔවුහු අවධාරනය කළහ.

ඇත්ත වශයෙන්ම, හිට්ලර්ගේ කේන්ද්‍රීය කර්තව්‍යය වූයේ සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරය සහ එය සටන් කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ ජයග්‍රහණ විනාශ කිරීමයි. 1933 මාර්තු 24 වන දින සියලුම ධනේශ්වර පක්ෂ හිට්ලර්ට හදිසි බලතල ප්‍රදානය කරන නීති සම්පාදනයට පක්ෂව තීරණාත්මකව ඡන්දය දුන්නේ මේ නිසාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මාක්ස්වාදී නායකත්වය යටතේ කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ ජයග්‍රහණ සඳහා සටන් කළ බව ඓතිහාසික සත්‍යයකි. මේවාට සර්වජන ඡන්ද අයිතිය, නිදහස් පොදු අධ්‍යාපනය, පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ සමානාත්මතාවය, පැය අටේ වැඩ කරන දිනය සහ SPD හි වර්ධනය වන බලපෑම සහ නැගීම පිළිබඳ බියෙන් බිස්මාර්ක් විසින් හඳුන්වා දුන් අනිවාර්ය සමාජ රක්ෂණ වැඩසටහන් ඇතුළත් වේ.

බෙබෙල්ගේ එස්පීඩීය කම්කරු පන්තිය තුළ ගැබ් වූ දැවැන්ත ශක්තිය නිර්මාණාත්මක බලය සහ සංස්කෘතික විභවය හෙළිදරව් කළේය.

බෙබෙල් යටතේ එස්පීඩී පක්ෂයේ නැගීම, වෘත්තීය සමිති කම්කරු පන්තියේ ප්‍රධාන සංවිධාන බවට කරන ප්‍රකාශය ද විකණ්ඩනය කරයි. යථාර්ථය නම්  කම්කරු පන්තියේ නැගීම ආරම්භ වූයේ තමන්ගේම විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ය. වෘත්තීය සමිති පසුව මතුවී ඉක්මනින් සමාජවාදී ව්‍යාපාරයේ දක්ෂිණාංශය පිහිටුවා ගත්හ. ඔවුන් විප්ලවයේ දැඩි විරුද්ධවාදීන් වූ අතර, රෝසා ලක්සම්බර්ග්ට පහර දුන් අතර බෙබෙල්ගේ මරණයට පෙර වසරවලදී ඔහුව බ්ලැක්මේල් කළහ.

බෙබෙල්මත් කම්කරුවෙක් විය. ඔහු 1840 පෙබරවාරි මාසයේදී කොලෝන් හි දුප්පත් කනිෂ්ඨ ප්‍රෂියානු හමුදා නිලධාරියෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ අතර, ඔහු වයස අවුරුදු අටේදී යුරෝපීය විප්ලවයන් අත්විඳින ලද්දේය. ඔහුගේ ස්වයං චරිතාපදානයේ දී, එම කාලය තුළදී ඔහු තම පළමු සංයුක්ත දේශපාලන පාඩම ලබා ගත් ආකාරය විස්තර කළේය. 1848-49 විප්ලවවාදී වසරවලදී, රයින්ලන්ඩ් කලාපයේ ජනරජවාදය (Republicanism) සඳහා පුළුල් සහයෝගයක් තිබුණි. [එක් අවස්ථාවක] තරුණ බෙබෙල් තවත් පන්තියේ මිතුරෙකු සමඟ පාසලේදී රාජාණ්ඩුවට පක්ෂව කතා කළ විට, ඔවුන්ට හොඳ ගුටි සංග්‍රහයක්  ලැබුනි. බෙබෙල් පසුව හාස්‍යජනක ලෙස සඳහන් කළ පරිදි එය පළමු “පන්ති ගුටිකෑම” විය.

ආධුනික ශිල්පියෙකු ලෙස ගත කළ කාලය තුළ ඔහු “කාර්මික අධ්‍යාපන සංගමයට” සම්බන්ධ වී දැඩි ස්වයං අධ්‍යාපනයක් ලබා ගත්තේය. 1863 දී ලයිප්සිග් හි ෆර්ඩිනන්ඩ් ලැසාල් (Ferdinand Lassalle) සාමාන්‍ය ජර්මානු කම්කරු සංගමය (General German Workers Association-ADAF) ආරම්භ කළ විට, බෙබෙල් තම දුරස්ථභාවය පවත්වා ගත්තේය. ලැසාල්ගේ විකේන්ද්‍රීය (eccentric) පෙනුම සහ ඒකාධිපති හැසිරීම නිසා ඔහු විකර්ෂනය වූ අතර ප්‍රතිගාමී ප්‍රෂියානු අගමැති ඔටෝ වොන්  බිස්මාර්ක් (Otto von Bismarck) වෙත ඔහුගේ ප්‍රවේශයන්ට දැඩි ලෙස විරුද්ධ විය.

ලසාල් සමඟ ගැටුමේදී, බෙබෙල් මාක්ස් සහ එංගල්ස්ගේ ලේඛන අධ්‍යයනය කළ අතර විල්හෙල්ම් ලිබ්නෙක්ට් සමග ඔහුගේ මිත්‍රත්වය ආරම්භ වූයේ ය. 1867 සරත් සෘතුවේ දී ඔහු ජර්මානු කම්කරු සංගම් සමිතියේ (Union of German Workers’ Associations) සභාපති ලෙස තේරී පත් වූ අතර, මාක්ස් විසින් සකස් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංගමයේ (International Workers Association) විධිවිදාන ඔහු ක්‍රියාත්මක කළේය. ඒවා ප්‍රකාශ කළේ, “කම්කරු පන්තියේ විමුක්තිය සඳහා කම්කරු පන්තිය තමන් විසින්ම සටන් කළ යුතුය” යනුවෙනි. මෙම පදනම මත, බෙබෙල් එතෙක් කම්කරු සංගම්වලට දැඩි ලෙස බලපෑම් කළ ධනේශ්වර ලිබරල්වාදයට එරෙහිව පැහැදිලි රේඛාවක් ඇඳීය.

වසර දෙකකට පසු, බෙබෙල් සහ ලිබ්නෙක්ට් 1869 අගෝස්තු මාසයේදී අයිසෙනාච් (Eisenach)  හිදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය (Social Democratic Workers Party-SDAP) ආරම්භ කළහ. බෙබෙල් විසින් රචිත පක්ෂ වැඩසටහන මාක්ස්වාදය දෙසට නැඹුරු වූ අතර, වෙනත් දේ අතර ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය අහෝසි කිරීම සඳහා කැඳවුම් කළේය. කෙසේ වෙතත්, “නිදහස් ජනතා රාජ්‍යයක් ස්ථාපිත කිරීම” සඳහා වූ ඉල්ලීම වැනි ලිබරල්වාදයේ බලපෑම තවමත් වැඩසටහන තුළ දක්නට ලැබේ.

Bebel lib
බෙබෙල්, විල්හෙල්ම් ලිබ්නෙක්ට්

ඊළඟ ගිම්හානයේදී, ඡන්දයට දින දෙකකට පෙර යුද්ධය ප්‍රකාශ කළ ප්‍රංශයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රෂියානු යුද ණය සම්බන්ධයෙන් උතුරු ජර්මානු රීච්ස්ටැග් හි පැවති ඡන්ද විමසීමකදී, ලිබ්නෙක්ට් සමඟ එක්ව ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් පසු බෙබෙල් වෛරයේ රැල්ලකට මුහුණ දුන්නේය. 1871 මැයි මාසයේදී බෙබෙල් පැහැදිලිවම පැරිස් කොමියුනය ආරක්ෂා කළ විට කෝපය උත්සන්න විය.

පසුව බෙබෙල් සහ ලිබ්නෙක්ට් යන දෙදෙනාම රාජද්‍රෝහී ක්‍රියාවකට සූදානම් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නමුත්, බොහෝ කම්කරුවන් විසින් ඔවුන්ගේ ස්ථාවරය සඳහා ඔවුන්ව ප්‍රශංසාවට ලක් කෙරුණි. 1872 ජූලි මාසයේදී  හියුබර්ටස්බර්ග් (Hubertusburg) බන්ධනාගාරයේ ඔහුගේ දඬුවම ආරම්භ කිරීමට බෙබෙල් දුම්රියෙන් එළියට ආ විට, දුම්රිය සේවකයින් රාජ්‍ය නායකයෙකුට ගරු කරන්නාක් මෙන් ඔහුට ආචාර කළහ.

බෙබෙල් තම සිරගත කාලය ඔහුගේ “කාන්තාව සහ සමාජවාදය” (Women and Socialism) නම් පොත ලිවීමට යොදා ගනිද්දි , ලසාල් සහ එස්ඩීඒපී අනුගාමිකයින් එකිනෙකාට සමීප විය. බෙබෙල් සිරෙන් නිදහස් වී මාසයකට පසු, එක්සත් කිරීමේ සම්මේලනය 1875 මැයි මාසයේදී ගෝතා හිදී පැවැත්විණි. මෙම සම්මේලනය සියල්ලටම වඩා මාක්ස් විසින් ගෝතා වැඩසටහනට (Gotha programme) කරන ලද තියුණු විවේචන සඳහා ප්‍රසිද්ධය.

එක්සත් වීමෙන් පසු, ජර්මනියේ සමාජවාදී කම්කරු පක්ෂය (SAPD) වේගයෙන් වර්ධනය වූ අතර, වසර 15 කට පසු එහි නම ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) ලෙස වෙනස් කළේය. එක්සත් වීමෙන් වසර තුනකට පසුවෙද්දීම, පක්ෂයට ප්‍රාදේශීය පුවත්පත් 47 ක් තිබූ අතර, එහි මධ්‍යම ආයතනය ලෙස Vorwärts (Forwards) පැවතිණි. එය රයික්ස්ටාග් (Reichstag) මැතිවරණවලදී සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එය එක්සත් වීමට පෙර සංවිධාන දෙකෙහිම ඒකාබද්ධ එකතුවට සාපේක්ෂව සියයට 40 ක වැඩිවීමක් විය. බිස්මාර්ක් ඔහුගේ ප්‍රති-සමාජවාදී නීතියෙන් ප්‍රතිචාර දැක්වීය. පක්ෂයේ සියලුම සංවිධාන සහ පුවත්පත් තහනම් කරන ලදී, නමුත් පාර්ලිමේන්තු කන්ඩායම සහ එහි නියෝජිතයින්ගේ වැඩ නීති විරෝධී කිරීමට බිස්මාර්ක් දැරූ උත්සාහය අසාර්ථක විය.

නීති විරෝධීව සිටි වසරවලදී බෙබෙල් දේශපාලන කීර්තිය සහ න්‍යායික පැහැදිලිකම ලබා ගත්තේය. තියුණු කන්ඩායම් සටන් ඇති විය. මධ්‍යස්ථවාදීන් සහ රැඩිකල්වාදීන් පක්ෂයේ ප්‍රමුඛ ස්ථානය සඳහා අරගල කළහ. අවසානයේ රැඩිකල්වාදීන් ජයග්‍රහණය කළ අතර, එය සියල්ලටම වඩා බෙබෙල්ගේ උසස් උපායික හැකියාවන් සහ කීර්තිය නිසා විය. මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූයේ බෙබෙල්ගේ කන්ඩායම අනන්‍ය වූ මාක්ස්වාදයේ වර්ධනය වෙමින් පැවති අධිකාරය යි. එංගල්ස්ගේ ඩූරිං විරෝධය (Anti-Dühring) ප්‍රකාශයට පත් කිරීම කම්කරු ව්‍යාපාරය තුළ සමාජවාදයේ අධිකාරී හඬ බවට මාක්ස්වාදය පත් කර තිබුණි.

බෙබෙල් සහ ඔහුගේ ආධාරකරුවන් මාක්ස්වාදී මූලධර්ම සහ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් පැහැදිලිව ඉදිරිපත් කරන තරමටම, කර්මාන්තශාලා තුළ එස්පීඩීයේ පැවැත්ම වැඩි වැඩියෙන් වර්ධනය විය. 1889 මහා වැඩ වර්ජන ව්‍යාපාරයේදී මෙය පැහැදිලිව දිස් විය. රුහර්හි පතල්වල වැඩ නතර කිරීම් ආරම්භ වූ අතර, පසුව ඉක්මනින් ආකන්, සාර්ලන්ඩ්, සැක්සනි සහ සයිලීසියාව (Ruhr, Aachen, the Saarland, Saxony and Silesia) දක්වා ව්‍යාප්ත විය. රුහර්හි පතල් කම්කරුවන් 97,000 ක් (ශ්‍රම බලකායෙන් සියයට 86 ක්) වැඩ වර්ජනයට එක් විය. සන්නද්ධ ගැටුම් ඇති වූ අතර සොල්දාදුවන් මැදිහත් වූ නමුත් වැඩ වර්ජන දිගටම වර්ධනය විය. 1890 අප්‍රේල් වන විට, වැඩ වර්ජන සංඛ්‍යාව 715 දක්වා ළඟා වූ අතර, ගොඩනැගිලි, රෙදිපිළි සහ ලෝහ කර්මාන්තවල මුළු කම්කරුවන් 289,000 ක් සහභාගී වූහ.

එම වසරේම රයික්ස්ටාග් මැතිවරණයේදී, එස්පීඩී පක්ෂය තම ඡන්ද මුළු ප්‍රමාණය සියයට 20 දක්වා දෙගුණ කළේය. සති කිහිපයකට පසු බිස්මාර්ක් ඉල්ලා අස් වූ අතර, එම වසරේ ඔක්තෝබර් මාසයේදී සමාජවාදී විරෝධී නීති අවලංගු කරන ලදී.

නීත්‍යානුකූල පක්ෂයක් ලෙස එස්පීඩී පක්ෂය ඊටත් වඩා වේගයෙන් වර්ධනය විය. 1890 දී සමාජවාද විරෝධී නීති අවසානයේ සිට 1914 දී පළමු ලෝක යුද්ධය පුපුරා යාම දක්වා වූ ශත  වර්ෂ කාලක කාල පරිච්ඡේදයක තුළ එය ජර්මනියේ විශාලතම පක්ෂය බවට පත්විය. නමුත් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව කම්කරු ව්‍යාපාරය තුළ එහි බලපෑමේ පුළුල් බව හා ගැඹුර සම්පූර්ණයෙන්ම පැහැදිලි නොකරයි.

ඒ කාලයේ දී, එස්පීඩී පක්ෂය ඓතිහාසික වශයෙන් සුවිශේෂ සංසිද්ධියක් විය: මන්දයත්, එය පළමු සැබෑ මහජන කම්කරු පන්ති පක්ෂය විය. එය සමාජයේ සියලු ධනය නිර්මාණය කළ සහ පන්ති රහිත සමාජයක් ගොඩනැගීමට සමත් වන පන්තියක විචිත්‍ර අපේක්ෂාවන්, උද්යෝගය සහ නිර්මාණශීලිත්වය අවදි කළේය.

20 වන සියවස උදා වෙද්දී, කම්කරු පන්ති ජීවිතයේ සියලු අංශ එස්පීඩී ය විසින් සංවිධානය කරන ලදී. පහත සංඛ්‍යාලේඛන මගින් එස්පීඩී හි වර්ධනය හා බැඳුණු කම්කරු පන්තියේ සංස්කෘතික සංවර්ධනය නිරූපණය කෙරේ. 1900 සහ 1914 අතර බෙබෙල්ගේ පක්ෂය පුස්තකාල 1,100 ක් ආරම්භ කිරීමට සම්බන්ධ විය. මෙම පුස්තකාලවල වෙළුම් 80,000 කට අධික එකතුවක් තිබුණි. 1914 වන විට පක්ෂයේ වැටුප් ලේඛනයේ පුස්තකාලයාධිපතිවරුන් 365 ක් සිටියහ.

කෙසේ වෙතත්, එස්පීඩී හි වේගවත් නැගීම සහ දේශපාලන බලපෑම වැඩිවීම භයානක ප්‍රතිවිපාක ගෙන දුන්නේය. එය 1895 අර්ෆර්ට් වැඩසටහනේ (Erfurt Programme) දක්වා තිබූ එහි  විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ පක්ෂයේ එදිනෙදා කටයුතුවල නොවැළැක්විය හැකි ප්‍රතිසංස්කරණවාදී ස්වභාවය අතර ගැටුම තීව්‍ර කළේය.

පක්ෂයේ ප්‍රමුඛ න්‍යායාචාර්යවරයා ලෙස මතු වූ කාල් කෞට්ස්කි, “උපරිම සහ අවම වැඩසටහන් (maximum and minimum programmes)” යන ඔහුගේ සංකල්පය සමඟින් විප්ලවවාදී ඉලක්ක සහ පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාකාරකම් අතර පරතරය පියවීමට උත්සාහ කළේය. පළමුවැන්න එස්පීඩීයේ ඓතිහාසික ඉලක්ක නියෝජනය කළ අතර දෙවැන්නෙහි පක්ෂයේ ප්‍රායෝගික ඉල්ලීම් අඩංගු විය. ඔහු තවමත් විප්ලවවාදී වැඩසටහන ආරක්ෂා කළ නමුත්, පක්ෂයේ භාවිතය (practice) ඒ වන විටත් “කළ හැකි දෙය (possibilism)” ලෙස හැඳින්වූ රාමුවට අවස්ථාවාදී අනුවර්තනයකින් සංලක්ෂිත විය.

පක්ෂය තුළ වර්ධනය වන අවස්ථාවාදය සහ වෘත්තීය සමිතිවල වැඩිවන බලපෑම සමඟ ඇති වූ අනතුර බෙබෙල් අවතක්සේරු කළේය. 1890 ගණන්වල මැද භාගය වන තෙක්, වෘත්තීය සමිතිවල වර්ධනය පක්ෂයට වඩා පසුගාමී වූ අතර එය වෘත්තීය සමිතිවලට දේශපාලන නායකත්වය සහ ද්‍රව්‍යමය සහයෝගය ලබා දුන්නේය. නමුත් 1895 දී ආරම්භ වූ සහ පළමුවන ලෝක යුද්ධය පුපුරා යන තෙක්ම පැවති ප්‍රධාන ආර්ථික උත්පාතයක් වෘත්තීය සමිතිවල දැවැන්ත ව්‍යාප්තියක් දිරිමත් කළ අතර, ඔවුන් සහ පක්ෂය අතර සම්බන්ධතාවය මූලික වශයෙන් වෙනස් කළේය. වෘත්තීය සමිති සැලකිය යුතු මූල්‍ය සම්පත් ලබා ගත් විට, ඔවුන් සමාජවාදී ව්‍යාපාරයට වඩ වඩාත් සතුරු විය.

මෙයට හේතුව ධනවාදය යටතේ වෘත්තීය සමිතිවල භූමිකාවයි. ඔවුන් කම්කරුවන් නියෝජනය කරන්නේ ඉතා නිශ්චිත ආර්ථික භූමිකාවක, එනම් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය (labour power) විකිණීම තුලයි. ධනේශ්වර ආර්ථික සබඳතා ඔවුන්ගේ පැවැත්මේ පදනම වන බැවින්, වෘත්තීය සමිතිවල මූලික ප්‍රවණතාවය වන්නේ පන්ති අරගලය මර්දනය කිරීම සහ සමාජවාදී ව්‍යාපාරයට එරෙහි වීමයි. රෝසා ලක්සම්බර්ග්ට බොහෝ වෘත්තීය සමිති සම්මේලනවලදී කතා කිරීම තහනම් කරන ලද්දේ මේ හේතුවෙනි.

වෘත්තීය සමිතිවල වර්ධනයට සමගාමීව අවස්ථාවාදයේ න්‍යායාචාර්යවරයා ලෙස එඩ්වඩ් බර්න්ස්ටයින් මතු විය. ජාතික රාමුව තුළ කම්කරුවන්ගේ ආදායම් ප්‍රතිශතයේ නිරන්තර වැඩිවීමක් ඒවාට සහතික කළ හැකි බව වෘත්තීය සමිති ඔප්පු කර ඇති බව ඔහු කියා සිටියේය. එබැවින්, පෙනෙන ආකාරයට කම්කරු පන්තිය දරිද්‍රතාවයට ඇද වැටීම පිළිබඳ මාක්ස්ගේ න්‍යාය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. කම්කරු පන්තියේ දිගුකාලීන අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකිවනු ඇත්තේ විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් නොව, වෘත්තීය සමිති විසින් සාක්ෂාත් කර ගන්නා ලද ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන් සමුච්චය කිරීමෙන් යන ස්ථාවරය බර්න්ස්ටයින් ආරක්ෂා කළේය.

බෙබෙල් පක්ෂයේ විප්ලවවාදී සහ අවස්ථාවාදී අංශ අතර වැඩෙන බෙදීම් සමනය කිරීමට සහ බෙදීමක් වැළැක්වීමට උත්සාහ කළේය. 1905 රුසියානු විප්ලවයෙන් පසුව, 1906 දී මැන්හයිම් හි පැවති පක්ෂ සම්මේලනයේ මහජන වැඩ වර්ජනය (mass strike) පිළිබඳ විවාදයෙන් පසු පක්ෂයෙන් වෙන් වන බවට විවෘතව තර්ජනය කරමින් වෘත්තීය සමිති බෙබෙල්ව හිර කිරීමට උත්සාහ කළේය. බෙබෙල් වෘත්තීය සමිති සමඟ රහසිගත ගිවිසුමකට එකඟ වූ අතර, එය ඊලග වසරවලදී සමිතිවල සහ පක්ෂය තුළ අවස්ථාවාදී ප්‍රවණතාවයේ බලපෑම ශක්තිමත් කළේය.

1914 දී එස්පීඩී නායකත්වය යුද වියදම් සඳහා ඡන්දය දුන් විට බිහිසුණු ප්‍රතිවිපාක පැහැදිලි විය. වසර හතරකට පසු, නොවැම්බර් විප්ලවය ලේ වැකි ලෙස මර්දනය කිරීමට සහ රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ඝාතනය සංවිධානය කිරීමට ඔවුන් ෆ්‍රයිකෝප්ස් (Freikorps) හමුදා එක්රැස් කළහ.

ඔහුගේ ජීවිතයේ අවසාන වසරවලදී, අධිරාජ්‍යවාදී යුගයට මාරුවීමේදී මතුවූ විප්ලවවාදී අභියෝගවලට මුහුණ දීමට තරම් තත්වයක ඔගස්ට් බෙබෙල් තවදුරටත් සිටියේ නැත.

එස්පීඩීයේ ඛේදවාචකය ලියොන් ට්‍රොට්ස්කි තරම් සංක්ෂිප්තව හා දීප්තිමත් ලෙස කිසිවෙකු ගෙනහැර දැක්වූයේ නැත: “ජර්මානු නිර්ධන පංතියේ සංවිධානය අඛණ්ඩව වර්ධනය විය, අරමුදල් වැඩි විය, පුවත්පත්, නියෝජිතයින් සහ නාගරික මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඛණ්ඩව ගුණ කරන ලදී. ඒ සමඟම ප්‍රතිගාමීත්වය එහි සියලුම ස්ථාවර සඳහා ස්ථිරව රදා පැවතුනි. ජර්මානු සමාජ ජීවිතයේ ධ්‍රැවීය බලවේග දෙක අතර ගැටුමේ නොවැළැක්විය හැකි බව ගලා ආවේ මෙතැනිනි. නමුත් මෙම ගැටුම දිගු කලක් තිස්සේ ඇති නොවූ අතර, සංවිධානයේ බලවේග සහ සම්පත් කෙතරම් ස්වයංක්‍රීයව වර්ධනය වූවාද යත්, එවැනි තත්වයකට හුරුවීමට මුළු පරම්පරාවකටම කාලය තිබුණි. එමෙන්ම, සෑම කෙනෙකුම තීරණාත්මක ගැටුමේ නොවැළැක්විය හැකි බව ගැන ලිව්වත්, කතා කළත් හෝ කියෙව්වත්- එකම මාර්ගයක් ඔස්සේ එකිනෙක දෙසට යන දුම්රිය දෙකක් අතර ගැටුමේ නොවැළැක්විය හැකි බව මෙන් – අවසානයේ ඔවුන් තුළම මෙම අනිවාර්යතාව  සංවේදනය කිරීමට ඔවුනට නොහැකි  විය. වයස්ගත බෙබෙල් අනෙක් බොහෝ දෙනෙකුගෙන් කැපී පෙනුනේ සිදුවීම් ඒවායේ පරිසමාප්තියට මාරාන්තික ලෙස හේතු වන බවට වූ නිශ්චිත හැගීමකින් ඔහු තම අවසාන කාලයේ ජීවත් වූ බැවිනි. ” [ඉහත කෘතිය]

ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම Read More »

Malaka

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක් 

සංජය ජයසේකර විසිනි.

මෙය 2025 ජුනි 04 දින “Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature” නමින් මෙම වෙබ් අඩවියේ පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පශ්චාත් සිවිල් යුධ නාගරික ශ්‍රී ලංකාවේ අතරමංව සිටින තාරුණ්‍යයේ ප්‍රතිමූර්තියක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අභිලාෂකාමී නමුත් අවසන් විග්‍රහයේදී  මංමුළාවූ කෘතියකි. චරිත අධ්‍යයනයක ස්වරූපයක් ගන්නා මෙම චිත්‍රපටය  අධ්‍යක්ෂවරයාගේම හැඳින්වීමට අනුව, “රැකියා සුරක්ෂිතතාව නොමැතිකම නිසා ජීවත්වීමට පහසු මාර්ග සොයන, මේ රටින් පැනයාමේ සිහිනයේ ගිලී සිටින, තම පැරණි සිහිනය සැබෑ කර ගැනීමට සමාජ මාධ්‍ය, ස්මාර්ට්ෆෝන් සහ අයිෆෝන් භාවිතා කරමින් සහ සියලු මානව සම්බන්ධතා ඔවුන්ගේ ගොදුරු බවට පත් කර ගන්නා සමකාලීන තරුණ පරපුරේ පිළිබිඹුවක් ඉදිරිපත් කරයි.” 

Bahuchithavadiya
බහුචිතවාදියා. රූපය චිත්‍රපටයේ නිල ෆේස්බුක් පිටුවේ අනුග්‍රහයෙනි.

චිත්‍රපටය එහි පර්යේෂණාත්මක තානය සහ දිළිඳු, රැකියා විරහිත හෝ අවිනිශ්චිත රැකියාවල නියුක්ත සහ අවිදිමත් ශ්‍රම වෙලදපොලේ සූරා කැවෙන, කොළඹ තරුණ තරුණියන් ගේ පරත්වාරෝපණය නිරූපණය කිරීම මගින් අවධානය දිනා ගෙන ඇත. කෙසේ වෙතත්, එහි සිනමා රූපයට යටින්, චිත්‍රපටය සමාජ පරිහානිය පිළිබඳ අඳුරු, මතුපිටින් කෙරෙන නිරූපනයක් සහ කම්කරු පන්තියේ සහ රැකියා විරහිත තාරුන්‍යය කෙරෙහි කලකිරීම් සහගත සහ අවසානයේදී ප්‍රතිගාමී  අධිචෝදනාවක් – ඔවුන් ධනවාදයේ ගොදුරු ලෙස නොව, ඔවුන්ගේම සදාචාර පරිහානියේ කාරකයන් ලෙස – ඉදිරිපත් කරයි.

ප්‍රධාන චරිතය වන සසිත (කලණ ගුණසේකර) රටේ කාර්මික අගනුවර වන කොළඹ බෙදාහැරීමේ සේවාවේ නියුතු  කම්කරුවෙකි. ඔහු අවිනිශ්චිත තත්ත්‍වයන් යටතේ සේවයේ යොදවා ඇත්තේ මසුරු ස්වාමියෙකු විසිනි. ආර්ථික හෝ සමාජීය ඉදිරි ගමනක් පිලිබද කිසිදු අපේක්ෂාවක් නොමැතිව සසිත තම අවධානය යොමු කරන්නේ, යුරෝපීය රටකට වීසා ලබා ගැනීමේ හෝ යම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ස්ත්‍රීන්–විවාහක, අවිවාහක, වැඩිමහල්, බාල–ඔන්ලයින් මඟින් පොළඹවා ගැනීම සඳහාය. ඔහුගේ දෙපිටිකාට්ටුකම සහ මෙම කාන්තාවන් සූරාකෑම නිරූපණය කරනු ලබන්නේ ම්ලේච්ඡ ආර්ථික ක්‍රමයට ප්‍රතිචාර  වශයෙන් අකමැත්තෙන් සහ තාවකාලිකව කරන කොල්ලකාරී ක්‍රියා ලෙස නොව ඔහුගේ චරිතයේ සහජ සහ ස්ථිර ලක්ෂණ ලෙස ය. ඔහු තුළින් මතුවන්නේ ස්ථරමය මනුෂ්‍යයෙකු නොව නරුමත්වයේ සහ අවිනිශ්චිතතාවයේ ගිලි වැදගැම්මක් නැති පුද්ගලයෙකි. චිත්‍රපටයේ බරපතලම අසාර්ථක වීමක් වන්නේ සසිතගේ හැසිරීම් නිරූපණය,  සමාජ බලවේග සහ ඔහු ජීවත් වන ද්‍රව්‍යමය තත්වයන් හරහා පැහැදිලි කිරීමට කිසිදු බැරෑරුම් උත්සාහයක් නොගැනීමයි.

දේවප්‍රිය සමාජ ජීවිතයේ ඇතැම් මතුපිට ලක්ෂණ ග්‍රහණය කර ඇත. චිත්‍රපටය විෂකුරු හැසිරීම් මාලාවක් ඉදිරිපත් කරයි–පරදාර සේවනය, පාවාදීම, වංචාව, සූරාකෑම, බලාපොරොත්තු විරහිතභාවය–එහෙත් ඒ කිසිවකට ඒවායේ යටින් පවතින ප්‍රතිවිරෝධතා හෙළි කිරීම සදහා තිරසාර අවධානයක් දිම හෝ ගැඹුරින් විමසා බැලීමක් කර නැත. මේ නිසා නරඹන්නාට ඉතිරි වන්නේ ඒවා මතු කරන සමාජ යථාර්ථය පිළිබඳ අවබෝධයකට වඩා රෝග ලක්‍ෂණ එකතුවකි. මෙය හුදු සෞන්දර්යාත්මක හෝ කලාත්මක අඩුපාඩුවක් නොව, ගැඹුරු දෘෂ්ඨිවාදීමය එකකි. කලාකරුවෙකු ජීවිතය නිකම්ම ප්‍රතිනිර්මාණය නොකරයි; ඔහු ඡායාරූප ශිල්පියෙක් නොවේ. සත්‍යය සොයා මතුකර ගැනීමේ වගකීම ඔහු දරයි. සසිතගේ පුද්ගලික දූෂිතභාවය, එය නිපදවන සහ ඊට පටහැනිව පවතින සැබෑ ලෝකයෙන් හුදකලා කිරීමෙන්, බහුචිතවාදියා යථාර්ථවාදයට හිමිකම් කීවද, අවසානයේ ගැඹුරු මග හැරීම සහ වංක බව පෙන්නුම් කරයි.

“සමකාලීන යෞවනය” නියෝජනය කරන චරිතයක් අවිනිශ්චිත, උපාමාරු යොදාගන්නා සහ නිර්සදාචාරාත්මක බැව් පෙන්වීම ප්‍රමානවත් නොවේ. යමෙකු ඇසිය යුතු වන්නේ: ඒ ඇයි? මෙම විෂ සහිත චරිතය හැඩගස්වා ඇත්තේ කුමකින්ද? ඔහු මත ක්‍රියා කරන බලවේග මොනවාද? ඔහුගේ ජීවිතයට වගකිව යුත්තේ කවුද? ඔහුගේ හැසිරීම නොවැළැක්විය හැකිද? දේවප්‍රිය මේ ප්‍රශ්න ගැන උනන්දුවක් නැති බව පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ චරිත ඝාතනය අද්දරට යන සිනමාපටයකි. සසිත ධනේශ්වර ක්‍රමයේ ගොදුරක් ලෙස හෝ එහි අසාධාරණයට එරෙහි වීමේ යන්තම් හෝ ප්‍රතිරෝධයක් දක්වන අයෙකු ලෙසින් නිරූපණය නොවේ. ඒ වෙනුවට, ඔහු පෙනී සිටින්නේ එහි දූෂිත බවින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අතර–ඊට පරස්පර විරෝධී ලෙස–එහි ප්‍රතිවිපාකවලින් ගැලවී ගැනීමට උත්සාහ කරන එහි කැමැති සහකරුවකු ලෙස ය. අවසාන විග්‍රහයේ දී ඔහුව පෙන්වා දෙනු ලැබෙන්නේ විෂ සහිත සමාජ ක්‍රමයකින් හැඩගැසුණු අයෙකු ලෙස නොව එහි නිර්මාණ කරුවෙකු ලෙස ය.  අප දන්නා “තරුණයා” ගේ පැවැත්ම අහෝසි වී ඇත!

අවිනිශ්චිතතාවය, වංකකම, විශ්වාසය හීන වීම අඩංගු කරගත් සමකාලීන තාරුණ්‍යයේ අර්බුදය පවතින්නේ ඔවුන්ගේම චරිතය තුළ බව නිගමනය කිරීමට චිත්‍රපටය නරඹන්නාට ආරාධනා කරයි. මෙය, දරිද්‍රතාවයෙන් පෙළෙන, රැකියා විරහිත හා නොසන්සුන් තරුණයින් දැක බියෙන් පසුබාන මධ්‍යම පන්තිය සහ එහි බුද්ධිජීවී ප්‍රකාශකයින් විසින් ගිණිය නොහැකි වාර ගණනක් පුනරුච්චාරණය කරන ලද පැරණි අවලාදයකි. මෑත ඉතිහාසය තුල තරුණයින්ගේ වඩාත් කැපී පෙනෙන මහජන නැගිටීමක් 2022 දී දුටු රටක මෙම මතය සිනමාත්මක ප්‍රකාශනයක් අත්කර ගැනීම, ප්‍රගාඩ ඇගවුම්කාරකයක් වන්නා සේම අපකීර්තිමත්ද වේ. අවසානයේදී, තරුණයින් තම පන්ති සතුරා සොයා ගැනීමක් සිදු වන්නේ නැත.

චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දැක්වෙන්නේ සසිත තම පෙර රැවටිලිකාරම් අතටම හසු වූ පසුව පවා කිසිදු පසුතැවිල්ලකින් තොරව අන්තර්ජාලය හරහා කාන්තාවන් පොළඹවා ගැනීමේ ක්‍රියාව යාන්ත්‍රිකව නැවත ආරම්භ කරන බවයි. තරුණ හැසිරීම් හැඩගස්වන සැබෑ සමාජ සහ මනෝවිද්‍යාත්මක ගතිකයන් ගවේෂණය කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂක අඩු සැලකිල්ලක් දක්වන බවටත්, පීඩිත තාරුණ්‍යය නෛසර්ගිකවම ආත්මාර්ථකාමී, විශ්වාසය තැබිය නොහැකි, පාඩම් ඉගෙන නොගන්නා සහ නොමග ගිය ලෙස සලකන මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයක් තහවුරු කිරීමට ඔහුට වැඩි අභිප්‍රායක් ඇති බවටත් මෙය තීරණාත්මක සාක්ෂියක් ලෙස ක්‍රියා කරයි.

චිත්‍රපටයේ කේන්ද්‍රීය සංකල්පය වන “බහුචිතවාදියා” සදාචාරාත්මක සහ මනෝවිද්‍යාත්මක සංශයවාදයේ ස්ථිර සහ සහජ තත්වයක් යෝජනා කරයි. මෙය සම්පූර්ණයෙන්ම අනඓතිහාසික හා අවිද්‍යාත්මක වේ. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය අවිනිශ්චිත වන්නේ ඔවුන් ස්වභාවයෙන්ම නරුම හෝ සදාචාරාත්මක බංකොලොත් වීම නිසා නොවේ. රැකියා විරහිත බව, අඩු වැටුප්, අවිනිශ්චිත වාසස්ථාන, සූරාකෑමට ලක්වීම ආදිය හරහා ඔවුන්ගේ ජීවිත අවිනිශ්චිත බැවිනි ඔවුන් අවිනිශ්චිත වන්නේ. ශ්‍රම වෙලඳපොල ඔවුනට කිසිදු ආරක්ෂණයක් ලබා නොදේ. දේශපාලන පක්ෂවලින් කිසිදු අපේක්ෂා ඉටුවීමක්  නැත. වෘත්තීය සමිති ඔවුන්ව පාවා දී තිබේ. ඔවුන්ගේ ඊනියා තීරනයක් නොමැතිබව අසාර්ථක වීමක් නොවේ; එය පුලුල් සමාජ අර්බුදයක ලක්ෂණයකි.

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලාංකීය තරුණයින් මූලික වශයෙන් සදාචාරාත්මකව පිරිහී ඇත යන අදහස සිදුවීම් මගින්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ. 2022 දී, දරාගත නොහැකි ජීවන වියදම, ඉන්ධන හිඟය, අත්තනෝමතික මර්දනය සහ පාලක දේශපාලන සංස්ථාපිතයේ දූෂණයට විරෝධය පාමින් පෙර නොවූ විරූ ජනතා නැගිටීමකින් දස දහස් ගණන් තරුනයෝ වීදි බැස සිටියහ. මෙම ව්‍යාපාරය නාස්තිකවාදයේ ගිලී ගිය පරම්පරාවකින් හදිසියේම පැන නැගුනේ නොව, දශක ගනනාවක නව ලිබරල් ප්‍රතිපත්තියේ සහ අධිරාජ්‍යවාදී යටත්කිරීමේ ප්‍රතිවිපාකවලට ප්‍රතිරෝධය දැක්වීමට හා ඒවාට මුහුණ දීමට බලකෙරුණු ජනගහණයකින් පැනනැගුනකි.

චිත්‍රපටය සිදු කරන පරිදි, කොල්ලකාරී ආර්ථිකයක පසුබිමේ, ඔවුන්ගේ  සහජ දෝෂ සහිත බව නිසා තාරුණ්‍යයට දිශානතියක් නොමැති බවට ප්‍රකාශ කිරීම ප්‍රතිගාමී දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකට සහභාගී වීමකි. දේවප්‍රිය තාරුණ්‍යයට අනාගතයක් හෝ අතීතයක් ලබා නොදේ. ඔවුන් හුදෙක් දිරාපත්වීමේ, නරුමත්වයේ සහ දුසිරිතේ පාවෙන සංකේතකයන් වේ. ඔවුහු ප්‍රතිරෝධය, අරගලය, සාමූහිකත්වය හෝ දේශපාලන පිබිදීම පිලිබද කිසිදු හැඟීමකින් බල ගැන්වෙන්නේ නැත. කර්මාන්තයේ සහ විරෝධතාවේ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයේදී පවා සසිතට කිසිවිටෙක වැඩ වර්ජනයක්, ජන රැලියක් හෝ සාමූහික ප්‍රතිරෝධයක් ගැන ඉඟි කරන සංවාදයක් වත් හමු නොවේ. සවිඥානික පන්ති යුද පියවරයන්, එනම්, කප්පාදුව, පුද්ගලීකරනය, ණය අර්බුද හෝ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මහජන ජීවිතය මිලිටරිකරණය කිරීම ආදී රටේ එදිනෙදා ජීවිතයේ නොවැළැක්විය හැකි යථාර්ථයන්, පිලිබඳව ඉගි කිරීමක් වත් නැත. කම්කරු පන්තිය–එහි අතිමහත් පැවැත්ම සහ ඓතිහාසික වැදගත්කම තිබියදීත්–කොතැනකවත් සොයාගත නොහැක. ඒ වෙනුවට, සෑම කෙනෙකුම වින්දිතයෙකු හෝ වංචාකාරයෙකු වන නාගරික මහල් නිවාස සහ ගණුදෙණුමය සබඳතාවලින් සමන්විත වායුරෝධකව සංවෘත වූ  ලෝකයක් අපට පෙන්වනු ලැබේ.

සසිත, ආගමික දේශනා, ජ්‍යෝතිශාස්ත්‍ර සහ රියැලිටි ශෝ–තරුණයන් හැඩගස්වා ගැනීමට අදහස් කරනා සේ දක්වන වැඩසටහන්–විකාශනය කරන රූපවාහිනී නාලිකා හරහා යන නමුත් කිසි විටෙකත් ප්‍රවෘත්ති, දේශපාලනය හෝ විරෝධතා රැගත් ඒවා ඒ අතර නොවේ. සතුරා දුරස්ථ ය, අරගලය නිෂ්ඵල ය. මෙය අහම්බයක් නොවේ, ඒ වෙනුවට එය, චිත්‍රපට අධ්‍යක්ෂකගේ පන්ති ඉදිරිදර්ශනය හෙළිදරව් කරන, හිතාමතා සිදුකළ තේරීමක් වේ.

පන්ති අරගලය යනු පන්ති ප්‍රතිරෝධය සහ සහෝදරත්වය යන දෙකෙහිම ඉහලම ප්‍රකාශනයයි – එය සිල්ලර කමට, ආත්මාර්ථකාමීත්වයට හෝ සදාචාර නරුමත්වයට ඉඩක් නොතබයි. එය සාමූහික අරගලය තුලින් ගොඩනැගුනු සමාජ වගකීම, විනය සහ සහකම්පනය පිලිබඳ ගැඹුරු හැඟීමක් කම්කරු පන්තියේ තරුණයින්ට ලබා දෙයි. අරමුනක් නැති, ආත්මාර්ථකාමී සහ අවිශ්වාසදායක ලෙස පින්තාරු කෙරෙන තාරුණ්‍යයේ මධ්‍යම පන්තික විප්‍රරූපණය රැක ගැනීමට නම්, පන්ති අරගලය ඔවුනට මුණ නොගැස්වීම අත්‍යවශ්‍ය වේ. චිත්‍රපට නිර්මාපකයා නිශ්චිතවම තෝරාගෙන ඇති මාවත මෙයයි: සමාජ සත්‍යය ආලෝකවත් කරනවාට වඩා චිත්‍රපටය සහතික කරන්නේ, එහි ප්‍රධාන චරිතය, සාමූහික ප්‍රතිරෝධය සමඟ වන කිසිදු මුණගැසීමක් මග හැරීමෙන්, ධනේශ්වර අගතීන් වලංගු කරන රාමුවක් තුළ සිරවී සිටීම යි.

මෑත දශක කිහිපය තුළ ජාත්‍යන්තරව මතු වූ පශ්චාත්-නූතන සිනමාව සමඟ බහුචිතවාදියා විශාල වපසරියක් බෙදා ගනී – මෙවැනි සිනමා පට, සමාජයේ කුනු කම සහ සදාචාරාත්මක පිරිහීම නිරූපණය කරමින් සමාජය විවේචනය කිරීමට අදහස් කරන බැව් පෙන්වා සිටින මුත් යථාර්ථයේ දී ඒවා එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ අවබෝධයක් හා, නිසැකවම, ඉදිරි මාවතක් ලබා නොදේ. මේවා ජීවිතය එහි පූර්ණත්වය සහ චලනය තුළ සංජානනය කරන කලා කෘති නොවේ – ඒවා, ඊට විපරීතව, හේතුකාරක [ඉතිහාසය හා පන්ති සබදතා තුල] සහ නියෝජකත්වය [පන්ති අරගලයේ] විභාග කිරීම ඉවත් කරන ලද නෂ්ටාපේක්ෂාවේ  නිසල ඡායාරූ වේ.

යමෙකුට මෙය, ප්‍රධාන චරිතය (විජේ) කම්කරු පන්තිය සමඟ හමුවීමෙන් හැඩගැසෙන ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974) වැනි චිත්‍රපටයක් හා  සැසදිය හැක. එහිදී  එම චිත්‍රපටය අවසන් වන්නේ අත්හැර දැමීමෙන් නොව, විඥානයේ පරිවර්තනයක් යෝජනා කරමින් එහි ප්‍රධාන චරිතය වෘත්තීය සමිති අරගලයකට සම්බන්ධ වෙමිනි. එසේත් නැතිනම්, විදේශයකට සංක්‍රමණය වීමට ඇති පෙලඹුම කේන්ද්‍ර කරගත් බූඩී කීර්තිසේනගේ මිල්ලේ සොයා (2004) සලකා බලන්න: එහි චරිත විලෝපිකයන් හෝ බියගුල්ලන් ලෙස නොව, කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට ඇද දැමුණු හා ප්‍රතිඝතිකතාවන් දරාගත්, ඓතිහාසික පීඩනයන් මගින් හැඩගැසුණු පුද්ගලයන් ලෙස ඉදිරිපත් කෙරෙයි. මෙම කෘති තුළ, චරිත පරිණාමය වේ, අරගල කරති, එමෙන්ම ඔවුන් වටා ඇති සමාජ බලවේග සමඟ සම්බන්ධිත වේ. ඔවුන් ඉතිහාසය තුල ජීවමාන ය. ගැඹුරු අර්බුද වලින්  ග්‍රහණය වී ඇති වර්තමාන සමාජය තුළ, පන්ති ප්‍රතිරෝධයේ උග්‍ර මට්ටමක් නොවැළැක්විය හැකි ලෙස පමනක් නොව වඩ වඩාත් පැහැදිලි ලෙසත්  දිස්වේ.

සසිත–එසේම ඔහුගේ නේවාසික මිතුරා ද–රැකියාවක් සොයන බවක් නොපෙන්වයි: ඔහු රැකියා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් නොකරයි. ඔහු කිසිම දේශපාලන කතා බහක යෙදෙන්නේ නැත. ඔහුට ප්‍රවෘත්ති ගැන උනන්දුවක් නැත. ඔහු යුරෝපයට සංක්‍රමණය වීම ගැන කතා කරන නමුත් ඒ සඳහා අර්ථවත් පියවරක් නොගනී. චිත්‍රපටිය ආරම්භ වූ ආකාරයටම එකතැන පල්වෙමින් අවසන් වේ. මෙය අක්‍රියත්වයට පත්වීම පිළිබඳ කලාත්මක ගවේෂණයක් නොව යථාර්ථය සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමකි. අද ලංකාවේ සැබෑ තරුණ තරුණියන් නිකම්ම නාස්තිකවාදී ගොහොරුවේ ලැග නොසිටිති. ඔවුන් රැකියා සොයමින්, සබඳතා ගොඩනඟා ගනිමින්, විරෝධතාවලට සම්බන්ධ වෙමින්, කඩා වැටෙන ලෝකයක ඔවුන්ගේ ස්ථානය තේරුම් ගැනීමට උත්සාහ කරති. දේවප්‍රියගේ සසිත මේ පරම්පරාවේ නියෝජනයක් නොවේ. ඔහු එයට එරෙහි අපවාදයකි.

Ena Sendijarević විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද Take Me Somewhere Nice (2019) චිත්‍රපටයේ රැකියා විරහිත තරුණයින්ගේ නිරූපණය ගැන අදහස් දක්වමින් ඩේවිඩ් වෝල්ෂ් මෙසේ නිරීක්ෂණය කරයි: “සිනමාකරු, ගෝලීය තරුණ පරම්පරාව තවමත් වික්ෂිප්තව නව දිශානතියක්, යම් ස්ථාවර, සුසංයෝගී, දේශපාලනික සහ සදාචාරාත්මක යොමු ලක්ෂ්‍යයක් සොයමින් සිටීමේ පරිමාව අවතක්සේරු කරයි. බොහෝ තරුණයින්, සරණාගතයින් වුවත් නැතත්, බෝල්කන් ප්‍රදේශයේ ජීවත් වනාවූ හෝ නැතත්, වර්තමානයේදී, පවතින සැකස්ම ගැන පිළිකුලෙන් පසුවන අතර තවමත් විකල්පයක් සොයාගෙන නොමැතිව, ‘අතරමැදි’ තත්වයක පසුවේ. මෙම ‘අතරමැදි’ තත්වය වත්මන් මොහොතේ ‘මහා සිද්ධියට-පෙර’ ගුණාංගය සමඟ බැඳී ඇත.”

වොල්ෂ්ගේ අදහස දේවප්‍රියට සහ චිත්‍රපටයේ ඔහුගේ ප්‍රවේශයට එකසේ අදාළ වේ. බහුචිතවාදියා තාරුණ්‍යයේ අවිනිශ්චිත බව ග්‍රහණය කර ගන්නා නමුත් එම අවිනිශ්චිතතාවයේ සංක්‍රාන්තිමය, සොයා යෑමේ  ස්වභාවය–එනම්, තරුණ ජනයා පවතින පිළිවෙල ප්‍රශ්න කරමින් විකල්ප සෙවීමට පටන් ගන්නා පුලුල් ඓතිහාසික මොහොත හා අවිනිශ්චිතතාව සම්බන්ධ කරන පුරුක–ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වේ.

එපමණක් නොව, චිත්‍රපටය එය ඉස්මතු කෙරුණු සුළු ධනේශ්වර ස්ථරය සදහා දෘෂ්ඨිවාදීමය පෝෂණයකි. එය, දුප්පතුන් සහ රැකියා විරහිතයන් තමන්ගේම ඉරණමට වගකිව යුතු බවත්, ඔවුන් කම්මැලි, අවිශ්වාසී, දූෂිත සහ අධි- ලිංගිකත්වයට හුරු වූවන් බවට වන ඔවුන්ගේ පරාජකවාදි මතය ස්ථිර කරයි. එය කම්කරු පන්තිය පින්තාරු කරන්නේ සමාජ පරිවර්තනයේ නියෝජිතයා ලෙස නොව සදාචාර පරිහානියේ අසූචි වළක් ලෙස ය. යෞවනයන් සානුකම්පිතව නිරූපණය නොකෙරේ. මේ ආකාරයෙන්, පවතින තත්ත්වයට අභියෝග කිරීමට අර්මුණක් නැති අයගේ දෘෂ්ටිවාදී අවශ්‍යතා සඳහා චිත්‍රපටය සේවය කරයි. මෙය, ප්‍රතිරෝධය සඳහා උත්ප්‍රාසය(irony) ද පන්ති විශ්ලේෂණය සඳහා ව්‍යාධි විද්‍යාව(pathology) ද ආදේශ කරන ලෝක දැක්මක් සහිත පශ්චාත්-නූතන අශුභවාදයේ ප්‍රමුද්‍රාවයි.

දේවප්‍රියට දක්ෂතා නැතුවා නොවේ යැයි හැඟවෙන අවස්ථා චිත්‍රපටයේ ඇත. ඔහුගේ  “ගුවන්විදුලි කතා” ගණනාවක් ඔහු බලාපොරොත්තු තැබිය හැකි කලාකරුවෙකු බව සනාථ කරයි. ඔහුට දෘශ්‍ය සංයෝජනය සදහා හැඟීමක්, භාෂාව කෙරෙහි සංවේදීතාවක් සහ ආවෘතිභීතික (claustrophobic) නාගරික ජීවිතය නිරූපණය කිරීමට විචක්ෂණ හැකියාවක් ඇත. එහෙත්, වත්මන් අවධියේදී, මෙම කුසලතා, කම්කරු පන්තික තරුණයන් මුහුන දෙන සමස්ථ සමාජ හා ඓතිහාසික ගතිකත්වය ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වූ ලෝක දැක්මක් වන, අලාමුලාවූ මධ්‍යම පන්තික ස්ථරයක පටු නිම්වළින් හැඩගැසුණු ලෝක දැක්මකින් සීමා වී ඇත.

කලා කෘතියක් ශුභවාදී විය යුතු නැත, නමුත් එය සත්‍යවාදී විය යුතුය. එය මිනිස් හැසිරීම් හැඩගස්වන යටි තලයේ පවතින බලවේග හෙළි කිරීමට උත්සාහ කළ යුතුය. කලාකරුවෙකු ජීවිතය සංජානනය කිරීම පමණක් නොව, අනාගතයේ වහන්තරාව අර්ධ වශයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ යුතුය. ඔහු අද යථාර්ථය ගැන සෑහීමකට පත් නොවන විට, ඔහු එය පරමාදර්ශී “හෙට දින” ප්‍රිස්මය හරහා දැක “මිනිසා ඔහුගේ පරමාදර්ශීය විලාශයෙන් පෙන්විය යුතුය”.

එ.කේ. වොරොන්ස්කි ලිවූ ලෙස, 

“මිනිසා ඔහුගේ  සම්පූර්ණ උත්තම තත්වය කරා යෑමේ සිහිනය, අභිලාෂය (yearning) සහ මනදොල (Longing) හොඳම කලාකරුවන්ගේ නිර්මාණාත්මක කාර්යයේ පදනම සේ පවතින අතර, එසේ තිබීද ඇත” (කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස හා සමකාලීන ලෝකය, 1923) 

මේ අර්ථයෙන් කලාව ඓතිහාසික සංජානනයේ මාධ්‍යයක් බවට පත්වේ. බහුචිතවාදියා මෙම කාර්යයේදී අසමත් වේ. එය අපේ කාලයේ සැබෑ අරගලවලින් විතැන් වෙමින් මිනිස් අසාර්ථකත්වයේ සීතල, පිළිකුල් සහගත චිත්‍රයකට පසුබසින චිත්‍රපටයකි.

අවසාන විග්‍රහයේ දී, බහුචිතවාදියා යනු තාරුණ්‍යය පිළිබඳව නොව, තාරුණ්‍යය අවබෝධ කර ගැනීමට යම් සමාජ ස්ථරයකට ඇති නොහැකියාව–ඔවුන් තුළින් සමාජයේ දිරාපත්වීමේ කැඩපතක් පමණක් නොව, එය අලුත් කිරීමේ විභවය දැකීමට අසමත්වීම–පිලිබද චිත්‍රපටයක් වේ. මේ චිත්‍රපටයේ ඛේදවාචකය එයයි. 

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක්  Read More »

Malaka

Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature

By Sanjaya Jayasekera.

Malaka Dewapriya’s film Bahuchithawadiya (The Undecided) is an ambitious but ultimately disoriented work that attempts to offer a portrait of the youth adrift in post-civil-war urban Sri Lanka. The film takes the form of a character study, which according to Director’s own introduction, “presents a  reflection of the youth of this time, who are searching for easy ways to survive due to lack of job security and are immersed in the dream of escaping this country, using social media, smartphones, and iPhones to achieve their old dream, and making all connections their victims.” 

Bahuchithavadiya
Bahuchithawadiya. Image courtesy of film’s official facebook page.

The film has garnered attention for its experimental tone and portrayal of alienation among the impoverished unemployed – jobless or precariously employed and exploited in the gig economy – youth in Colombo. However, beneath its cinematic form, the film offers a bleak, superficial depiction of social decay and a disheartening and ultimately reactionary indictment of working-class and unemployed youth—not as victims of capitalism, but as the agents of their own moral downfall.

The protagonist, Sasitha (Kalana Gunasekara), is a delivery worker in Colombo, the industrial capital of the country. He is employed under precarious conditions by a miserly boss. With no prospects for economic or social mobility, Sasitha turns his attention to seducing women online—married, unmarried, older, younger—all in the hopes of securing a visa to a European country or gaining some financial benefit. His duplicity and exploitation of these women are portrayed not as unwilling and temporary predatory responses to a brutal economic system but as intrinsic and permanent features of his character. What emerges out of him is not a layered human being, but a cypher of cynicism and indecision. Herein lies one of the film’s most serious failings: the absence of any serious attempt to explain the portrayal of Sasitha’s behavior through the social forces and material conditions in which he lives.

Dewapriya has captured certain surface features of social life. The film presents a series of acidic behaviours—adultery, betrayal, cheating, exploitation, desperation—yet none are given sustained focus or examined in depth to reveal their underlying contradictions. As a result, the viewer is left with a collection of symptoms, rather than an understanding of the social reality that gives rise to them. This is not merely an aesthetic or artistic shortcoming, but a deeply ideological one. An artist does not simply replicate life; he is not a photographer. He bears the responsibility of discovering truth. By isolating Sasitha’s personal corruption from the real world that produces it and stands in contradiction to it, Bahuchithawadiya, despite its claims to realism, ultimately proves to be profoundly evasive and dishonest.

It is not enough to show that a character, representing “contemporary youth”, is indecisive, manipulative, and amoral. One must ask: why? What has shaped this poisonous character? What forces act upon him? Who is responsible for his life? Is his behaviour inevitable? Dewapriya seems uninterested in these questions. The result is a film that verges on character assassination. Sasitha is not portrayed as a victim of the capitalist system, nor as someone with even the faintest sense of resistance to its injustices. Instead, he appears as its willing accomplice—both seeking to benefit from its corruption and attempting, paradoxically, to escape its consequences. In the final analysis, he is shown not as someone shaped by a toxic social order, but as one of its architects. “The youth”, as we have known it, has ceased to be!

The viewer is invited to conclude that the crisis of contemporary youth lies in their own character: their indecision, their dishonesty, their lack of conviction. This is an old slander, repeated countless times by the middle class and its intellectual spokespersons, who recoil in fear at the sight of the impoverished, unemployed, and restless young. That this view should find cinematic expression in a country that in 2022 witnessed one of the most significant mass uprisings of youth in recent history is both telling and damning. Ultimately, the youth does not happen to find their class enemy. 

The film’s final scene shows Sasitha mechanically resuming his practice of seducing women online, without the slightest remorse—even after having been caught red-handed in his previous deceptions. This serves as a conclusive testament that the filmmaker is less concerned with exploring the real social and psychological dynamics shaping youth behavior, and more intent on confirming a middle-class ideology that views oppressed youth as inherently selfish, untrustworthy, incorrigible, and erratic.

The film’s central concept—”Bahuchithawadiya”—suggests a permanent, innate condition of moral and psychological ambiguity. This is entirely ahistorical and unscientific. The youth of Sri Lanka are indecisive not because they are naturally cynical or morally bankrupt. They are uncertain because their lives are uncertain: jobless, underpaid, precariously housed, exploited. The labor market offers no security. Political parties offer no hope. Trade unions have betrayed them. Their so-called indecision is not a failing; it is a symptom of a broader social crisis.

Indeed, the idea that Sri Lankan youth are fundamentally morally degraded is refuted by events themselves. In 2022, tens of thousands of young people took to the streets in an unprecedented mass uprising, protesting the unbearable cost of living, fuel shortages, authoritarian repression, and the corruption of the ruling political establishment. This movement did not emerge suddenly from a generation lost in nihilism, but from a population forced to resist and confront the consequences of decades of neoliberal policy and imperialist subjugation.

To assert, as the film does, that youth have no direction because, in the backdrop of a predatory economy,  they are inherently flawed, is to participate in a reactionary ideological project. Dewapriya offers the youth no future and no past. They are merely floating signifiers of decay, cynicism, and amorality. They are uninfluenced by any sense of resistance, struggle, solidarity, or political awakening. Even in Colombo, the epicenter of industry and protest, Sasitha never encounters a strike, a rally, or even a conversation that hints at collective resistance. There is not even a passing allusion to conscious class war measures–austerity, privatization, debt crises, or the militarization of public life following the end of the civil war—realities that are inescapable features of everyday life in the country. The working class —despite its overwhelming presence and historical importance—is nowhere to be found. Instead, we are shown a hermetically sealed world of urban apartments and transactional relationships, in which everyone is either a victimizer or a dupe.

Sasitha flicks through television channels airing religious sermons, astrology segments, and reality shows—programs ostensibly meant to shape the youth—but never news, politics, or protest. The enemy is distant, and the struggle is futile. This is no accident, but a deliberate artistic choice—one that lays bare the filmmaker’s class perspective.

Class struggle is the highest expression of both class resistance and solidarity—one that leaves no room for pettiness, selfishness, or moral cynicism. It imparts to working-class youth a profound sense of social responsibility, discipline, and empathy forged through collective struggle. To preserve the middle-class caricature of youth as aimless, self-serving, and unreliable, it becomes essential that they not be shown to be confrontated with class struggle. This is precisely the path the filmmaker has chosen: by omitting any encounter with collective resistance, the film ensures that its protagonist remains trapped within a framework that validates bourgeois prejudices rather than illuminating social truth.

Bahuchithawadiya shares a great deal with the postmodern cinema that has emerged internationally in recent decades—films that purport to critique society by depicting its filth and moral decay, but which in reality offer no understanding of why things are the way they are, and certainly no path forward. These are not works of art that cognize life in its fullness and movement—but snapshots of despair, stripped of causality and agency.

One would compare this to a film like Dharmasena Pathiraja’s Ahas Gauwa (1974), where the main character Wije is shaped by his encounters with the working class. That film ends not with resignation, but with the protagonist joining a trade union struggle, suggesting a transformation in consciousness. Or consider Boodee Keerthisena’s Mille Soya (2004), which, while also centered on the desire to migrate, does not present its characters as predators or cowards, but as desperate and conflicted individuals shaped by historical pressures. In these works, characters evolve, struggle, and relate to the social forces around them. They are alive in history. In today’s society, gripped by deep crisis, a heightened degree of class resistance is not only inevitable but increasingly evident.

Sasitha—so too his roommate—is not shown looking for work: he submits no job applications. He engages in no political talk at all. He has no interest in news. He speaks of migrating to Europe but takes no meaningful steps to do so. The film ends as it began: in stasis. This is not an artistic exploration of paralysis, but a refusal to engage with reality. Real young people in Sri Lanka today are not simply wallowing in nihilism. They are searching for work, forming relationships, joining protests, and trying to understand their place in a collapsing world. Dewapriya‘s Sasitha is not a representation of this generation; he is a libel against it.

Commenting on the depiction of unemployed youth in Take Me Somewhere Nice (2019), written and directed by Ena Sendijarević, David Walsh observes that the filmmaker “underestimates the extent to which the younger generation globally is still at sea, looking for a new orientation, for some stable, coherent political and moral reference point. Many young people, refugees or not, from the Balkans or not, are ‘in-between’ at present, disgusted by the existing set-up and not yet having found an alternative. This ‘in-between-ness’ is bound up with the ‘on-the-eve’ quality of the present moment.

Walsh’s comment is equally applicable to Dewapriya and his approach in his film. Bahuchithawadiya captures the uncertainty of youth but fails to grasp the transitional, searching character of that uncertainty—its link to a broader historical moment in which masses of young people are questioning the existing order and beginning to look for alternatives.

Moreover, the film is an ideological fodder to the petty-bourgeois strata from which it emerges. It confirms their defeatist view that the poor and unemployed are to blame for their own fate, that they are lazy, treacherous, corrupt, and oversexed. It paints the working class not as the agent of social transformation, but as a cesspool of moral degradation. The youth are not portrayed sympathetically. In this way, the film serves the ideological needs of those who have no intention of challenging the status quo. This is the hallmark of postmodern pessimism—a worldview that substitutes irony for resistance and pathology for class analysis. 

There are moments in the film that suggest Dewapriya is not without talent. A number of his previous “radio stories” confirm that he is a promising artist. He has a feel for visual composition, a sensitivity to language, and a certain flair for portraying claustrophobic urban life. But these gifts are, at this stage, limited by a worldview shaped by the narrow horizons of a disoriented middle-class layer, a worldview that remains unable to grasp the full social and historical dynamics confronting the working class youth.

A work of art does not need to be optimistic, but it must be truthful. It must seek to reveal the underlying forces that shape human behavior. An artist should not only cognize life, but should attempt to partially lift the veil of future. When he is dissatisfied with today’s reality, he has to see it through the prism of an ideal “tomorrow” and “show man in his ideal”.

As A.K. Voronsky wrote: 

“The dream, yearning and longing for man drawn up to his full height has been and continues to be the foundation of the creative work of the best artists” (Art as the Cognition of Life, and the Contemporary World, 1923)

In this sense, art becomes a means of historical cognition. Bahuchithawadiya fails in this task. It is a film that flinches from the real struggles of our time and retreats into a cold, contemptuous portrait of human failure.

In the final analysis, Bahuchithawadiya is not a film about youth, but about the inability of a certain social layer to comprehend the youth—to see in them not just a mirror of society’s decay, but the potential for its renewal. That is the tragedy of this film. 

Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature Read More »

Scroll to Top