War

Biden

ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල් ප්‍රහාරයට බයිඩන් අසීමිත සහයෝගය ප්‍රකාශ කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 11 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Biden proclaims unlimited support for Israeli onslaught on Gaza’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Biden
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය ගැන වොෂින්ටනයේ ධවල මන්දිරයේ රාජ්‍ය භෝජනාගාරයේ දී ජනාධිපති ජෝ බයිඩෙන් 2023 ඔක්තෝබර් 10 අඟහරුවාදා කතා කරයි.උප ජනාධිපති කමලා හැරිස් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සවන් දෙමින් සිටී. (AP ඡායාරූපය/Evan Vucci)

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අඟහරුවාදා කල කතාව දේශපාලන ප්‍රතිගාමිත්වයේ ගැඹුරටම කිඳා බැස තිබුනි. ඊශ්‍රායල හමුදාව ගාසා තීරය පුරා ක්‍රමානුකූලව නේවාසික ගොඩනැගිලි සමතලා කරමින් සිටියදී, බයිඩන්, නෙතන්යාහු ආන්ඩුවට සමූහ ඝාතන සිදු කිරීමට කොල එලියක් ලබා දුන්නේය.

බයිඩන් ගේ ආක්‍රෝෂ පරිභවය (නොකඩවා දිගට කරන බැන වැදීම) සේවය කල එකම අරමුන වූයේ මහජන මතය අවුලුවාලීම, පලස්තීනුවන්ට එරෙහිව හැකිතාක් වෛරයක් ජනනය කිරීම සහ ඊශ්‍රායලය කරන ඕනෑම අපරාධයක් සාධාරනීකරනය කිරීමයි.

මෙම කතාවෙන් පසු, ඔහුගේ රජයට ඊශ්‍රායල රජය කල හෝ කිරීමට යන කිසිම දෙයකින් ඉවත් විය නොහැක. ඇත්ත වශයෙන්ම, බයිඩන්  පිටුපස සොම්බින් (zombie-පන ගැන්වූ මල මිනී)   මෙන් සිටගෙන  සිටි රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුලත් කිරීම, ඇමරිකානු ආන්ඩුවේ පිලිවෙත මෙයයි යන පනිවිඩය අවධාරනය කිරීමට අදහස් කරන ලදී.

බයිඩන් ගේ ප්‍රකාශයන්, පුරෝකථනය කල හැකි පරිදිම, ඊශ්‍රායල යුද අපරාධ උසිගන්වන ලදී. කතාවෙන් පසු වහාම , ඊශ්‍රායලය සිවිල් ප්‍රදේශවල ගිනි කුනාටු (firestorms) ඇති කිරීම සදහා , ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් සේ ගැනෙන සුදු පොස්පරස් භාවිතා කිරීමට පටන් ගත්තේය. අඟහරුවාදා , ඊශ්‍රායලය විසින්  මෑත පෙරදිග පලස්තීන සරනාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) මූලස්ථානයට සහ තවත් ගනන් කල නොහැකි ප්‍රමානයක බහු මහල් ගොඩනැගිලිවලට බෝම්බ හෙලීය. ඊශ්‍රායල ආක්‍රමනයට ප්‍රතිරෝධය දක්වන ඕනෑම ප්‍රදේශයක් “නටබුන්” බවට පත් කරන බවට අගමැති නෙතන්යාහුගේ ප්‍රතිඥාවට අනුව ඊශ්‍රායලය පලස්තීනුවන්ට ආහාර, ජලය සහ විදුලිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නොනවත්වා සිදු කරයි.

සමූල ඝාතනය ප්‍රවර්ධනය කිරීමකට සහ නීත්‍යානුකූල කිරීමකට බයිඩන් ගේ භාෂාව ආසන්න වේ. බයිඩන් ආරම්භ කලේ,  පලස්තීනුවන්ගේ ප්‍රතිරෝධය “පිරිසිදු, අමිශ්‍ර නපුරේ” ප්‍රකාශනයක් වූ බව සදහන් කරමිනි. පලස්තීනුවන් “තිරිසනුන්” ලෙස හැඳින්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශය මෙම වචන වලින් ප්‍රතිරාවය විය. නෙතන්යාහුගේ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පැවසුවේ, “අපි සටන් කරමින් සිටින්නේ මිනිස් තිරිසනුන් සමඟයි, ඒ අනුව අපි ක්‍රියා කරනවා” යන්නයි.

යමෙකු “තනිකර නපුර” සමඟ කටයුතු කරන බව ප්‍රකාශ කිරීම යනු කිසියම්ම තාර්කික විශ්ලේෂනයකින් සිදුවීම් බැහැර කිරීමයි. මෙම මැනිකියායනු ලෝක දෘෂ්ටිය (හොද නරක, කලු සුදු ආදී වශයෙන් දකින ද්වෛතමය ලෝක දෘෂ්ටිය) තුල, “නපුර” ආමන්ත්‍රනය කල හැක්කේ තුරන් කිරීම, මූලෝත්පාටනය කිරීම සහ ඝාතනය කිරීම මගින් පමනි.

බයිඩන් සටන් විරාමයක් කැඳවා සිටියේ නැත. ඔහු සාම සාකච්ඡා සඳහා කැඳවූයේ නැත. ඔහු මැදිහත් වීමක් හෝ බේරුම්කරනයක් ඉල්ලා සිටියේ නැත. ඔහු ඊශ්‍රායලයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ නැත. ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමනයකින් ඇති වන ගනන් කල නොහැකි ලේ වැගිරීමක් ගැන ඔහු අනතුරු ඇඟවූයේ නැත.

ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින භූමි ප්‍රදේශය තුලට, පලස්තීන කඩා වැදීමේ   ඊශ්‍රායල වින්දිතයන් පිලිබඳ ප්‍රකෝපකාරී සඳහනවලින් පිරී ඇති බයිඩන්ගේ ප්‍රකාශයෙහි, ඊශ්‍රායල ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ පලස්තීනුවන් ගැන එකදු  සඳහනක්වත්  නැත.

පසුගිය වසර 75 තුල, ඊශ්‍රායල හමුදා සහ දැන් ඊශ්‍රායල ආන්ඩුව තුල නියෝජනය ලබන ෆැසිස්ට් බලවේග විසින් ගනන් කල නොහැකි දස දහස් ගනන් පලස්තීනුවන් ඝාතනය කර ඇත. මෙම ඊශ්‍රායල අපරාධකරුවන් “නපුරු” කමෙ ප්‍රතිමූර්තියක් බව ප්‍රකාශ කිරීම පසෙකින් තිබියේවා, මෙම මිනීමැරුම් කිසිවක් එක්සත් ජනපදය විසින් හෙලා දැකීමට පෙලඹුනේ නැත.

ගැටුම පිලිබඳ ඕනෑම විවේචනාත්මක වග විභාගයක් වැලැක්වීම ඉලක්ක කර ගත්, කිහිප ගුනයකින් වඩා විශාල පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ප්‍රචන්ඩත්වය නොසලකා හරිමින්, සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචන්ඩත්වය කෙරෙහි පමනක් අවධානය යොමු කරනා, එක්සත් ජනපද මාධ්‍යවල  ප්‍රචාරක මහා ප්‍රවාහයක්  බයිඩන් ගේ ප්‍රකාශයන් සමග සමගාමීව පලවිය.

“අපි ඊශ්‍රායලය සමඟ සිට ගනිමු,” බයිඩන්  ප්‍රකාශ කලේය. “ත්‍රස්තවාදය සඳහා සාධාරනීකරනයක් නැත.” පලස්තීනුවන්ගේ ප්‍රචන්ඩත්වයට නිදහසට කරුනක් නැත, නමුත් ඊශ්‍රායලයේ ප්‍රචන්ඩත්වයට සෑම විටම නිදහසට කරුනක් තිබේ. මේසේ කියන්නේ, 2008 සිට ගැටුමෙන් ඝාතනය වූ ඊශ්‍රායල් වැසියන් 300 ට සාපේක්ෂව, ඊට වඩා 20 ගුනයක් , එනම්,  6,400 පලස්තීනුවන් ඝාතනය වී ඇත යන කාරනය තිබිය දීත්ය. බයිඩන් ප්‍රකාශ කලේ, “ඇත්ත වශයෙන්ම මෙම දරුනු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ලෝකයේ සෑම ජාතියකටම මෙන්, ඊශ්‍රායලයට ද  ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් හා යුතුකමක් ඇත.” සෑම ජාතියකටම, එනමුත්, පලස්තීනුවන් හැර.

බයිඩන් වර්තමාන ගැටුමේ සමස්ත පූර්ව ඉතිහාසයම  සරලවම නොසලකා හැරියේය. නීතිවිරෝධී ලෙස ඈඳාගත් පලස්තීන භූමියේ තම ජනගහනය පදිංචි කිරීම, පලස්තීනුවන් නිදහසේ ගමන් කිරීම වැලැක්වීම සහ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සංවිධානාත්මක මිනීමැරුම් භාවිතා කිරීම, වධහිංසා පැමිනවීම් සහ දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම  සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය හෙලා දැක තිබේ.

පලස්තීනුවන්ගේ පැත්තෙන් ඊට මැදිහත් වීමට නිර්භීත වන ඕනෑම ආන්ඩුවකට එරෙහිව එක්සත් ජනපද මිලිටරි බලය මුදා හරින බවට බයිඩන් තර්ජනය කලේය: “ඕනෑම රටකට, ඕනෑම සංවිධානයකට, මෙම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සිතන ඕනෑම කෙනෙක් සදහා , මට එක වචනයක් ඇත: එපා.” ඇමරිකානු ප්‍රතිචාරය, “වේගවත්, තීරනාත්මක සහ අතිමහත්” වනු ඇතැයි බයිඩන් පැවසීය.

මෙම භාෂාව බිය ගන්වන්නේ නැත; එය කෝප ගැන්වීම  පමනක්   සිදු කරනු ඇත. යටත් විජිතවාදයේ අමිහිරි මතකයන් සමඟ තවමත් ජීවතය ගෙවන බොහෝ දෙනෙක් ද ඇතුලත්  ලෝක ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර, එය  පොලඹ වනු ඇත්තේ පිලිකුල පමනකි.

බයිඩන් ප්‍රකාශ කලේ, “ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගෙන සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා ඉහල ප්‍රමුඛතාවයක් මට නැත.” එහෙත් ඔහු ඊශ්‍රායල ක්‍රියාවන්ට අසීමිත ලෙස අනුමැතිය දීම මගින් ප්‍රාන ඇපකරුවන්ගේ මරනය බොහෝ දුරට සහතික කර ඇත.

බයිඩන් ගේ ප්‍රකාශ අතුරින් වඩාත්ම නින්දිත ප්‍රකාශ අතර ඊශ්‍රායල වර්නභේදවාදී පාලන තන්ත්‍රයට එරෙහිව පලස්තීනුවන්ගේ ප්‍රතිරෝධය , හොලෝකෝස්ටයේ දී  යුරෝපා  යුදෙව්වන් සමූලඝාතනය කිරීම සමඟ සම්බන්ධ කිරීමට ඔහු දැරූ උත්සාහය විය. “ඊශ්‍රායලයට එල්ල වූ මෙම ප්‍රහාරය, සහස්‍රයක් පුරා යුදෙව් විරෝධය සහ සමූලඝාතනය විසින් ඉතිරි කරන ලද වේදනාකාරී මතකයන් සහ කැලැල් මතුපිටට ගෙන ආවේය” යනුවෙන් බයිඩන් පැවසීය.

මෙය ඉතිහාසය මුලුමනින්ම විකෘති කිරීමකි. යුරෝපීය ඉතිහාසයේ තීරනාත්මක කොටසක් වන මිනීමරු යුදෙව්-විරෝධී සංහාර සහ යුදෙව් විරෝධී වාදය සමග පලස්තීනුවන්ට ඓතිහාසික සම්බන්ධයක් නැත. ඔවුන් හොලොකෝස්ටයේ කිසිදු භූමිකාවක් ඉටු කලේ නැත.

දෙවන ලෝක සංග්‍රාමයේදී යුදෙව්වන් මිලියන ගනනින් මූලෝත්පාටනය කරත් දි එක්සත් ජනපදය සිය දේශසීමා වසා ගෙන  සිටියේය. 1939 දී, යුදෙව් සරනාගතයින් 900කට අධික සංඛ්‍යාවක් රැගත් නෞකාවක් වූ SS සෙන්ට් ලුයිස්, එක්සත් ජනපදයෙන් ඉවතට හරවා ආපසු යුරෝපයට යාමට බල කෙරුනු අතර, එය යුරෝපයේ යුදෙව්වන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දක්වන උදාසීනත්වය සංකේතවත් කරන කථාංගයකි.

සති තුනකටත් අඩු කාලයකට පෙර, සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව, සියලුම නේටෝ රටවල තානාපතිවරුන් සහ නියෝජිතයින් සමඟ නැගී සිට, නාසි ජර්මනියේ මෙහෙයවීම යටතේ යුදෙව් සංහාරයට වගකිව යුතු යුක්රේන වෆෙන්-එස්එස් හි ප්‍රවීනයෙකු වන යාරොස්ලාව් හුන්කාට අත්පොලසන් දුන්නේය.

ඔහුගේ ප්‍රකාශය අවසන් කිරීමේදී බයිඩන් “යුදෙව් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායල රාජ්‍යය” කැඳවා ගත්තේය. යුදෙව් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යනු පරස්පර විරෝධී පද භාවිතයකි. වාර්ගික අනන්‍යතාවය මත ගොඩනැගෙන රාජ්‍යයක් සහජයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එපමනක් නොව, සිදුකෙරෙමින් පවතින අපරාධවලට සමස්ත ඊශ්‍රායල ජනතාවම පටලවමින්, ඔවුන් “යුදෙව් ජනතාව” නියෝජනය කරන බවට නෙතන්යාහුගේ සහ ඊශ්‍රායල දේශපාලන සංස්ථාපිතයේ ආස්ථානය එමගින්  මුලුමනින්ම පිලිගනී. 

බයිඩන්  අවසන් කලේ, “ත්‍රස්තවාදීන් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර ඔවුන් මරා දැමූහ. අපි යුද නීති තහවුරු කරමු .” බයිඩන් කතා කරන්නේ කුමක් ගැනද? එක්සත් ජනපදය විසින් තහවුරු කරන ලද එකම නීතිය අසීමිත අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය සහ කොල්ලකෑමේ නීතියයි.

පලස්තීනුවන්ට එරෙහි ඔහුගේ දීර්ඝ පරිභවය නිශ්චිත රටාවකට අනුකූල වේ. එනම්, පාලන තන්ත්‍ර වෙනසක් සහ රුසියාවට එරෙහි පූර්න ජයග්‍රහනය සඳහා  යුද්ධයක් ඉල්ලා සිටීමේ දී හෝ මැද පෙරදිග පූර්න පරිමානයේ යුද්ධයක් අවුලුවාලීමේ දී, ඇමරිකානු පාලක පන්තිය ක්‍රියා කරන්නේ මුලුමනින්ම නොසැලකිලිමත්කමින්  හා ම්ලේච්ඡත්වය සමගිනි.

බයිඩන් ගේ කතාව මුලු ලෝකයටම අනතුරු ඇඟවීමකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිවිල් ජනතාවට එරෙහිව අසීමිත මිලිටරි ප්‍රචන්ඩත්වයේ සහ සාමූහික දඬුවම්වල මූලධර්මයන් වැලඳගෙන ඇත. එය නතර නොකලහොත්, දැන් ගාසා තීරයට එල්ල කර ඇති මිනීමැරුම් ප්‍රහාරය ලොව පුරා මිලියන ගනනකගේ ඉරනම වනු ඇත.

සෑම අධිරාජ්‍යවාදී ආන්ඩුවකින්ම සහ සෑම ප‍්‍රධාන මාධ්‍ය ආයතනයකින්ම පොම්ප කරන ප‍්‍රචාරක ධාරාව මගින් කම්කරුවන් හා තරුනයින් බිය ගැන්විය නොහැක. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ දී සෑම ජනවර්ගයකටම, ආගමකටම හා ජාතිකත්වයකටම අයත් කම්කරුවන් හා තරුනයින් එක්සත් කරමින් ගෝලීය මහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල් ප්‍රහාරයට බයිඩන් අසීමිත සහයෝගය ප්‍රකාශ කරයි Read More »

Gaza

ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වටලයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 10 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Israeli army lays siege to Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

ගාසා තීරයේ , පලස්තීන සටන්කාමීන් විසින් කලාපය අවහිර කරමින් ඊශ්‍රායල ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කර දින තුනකට පසු ඉරිදා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලන තන්ත්‍රය ගාසා තීරය වැටලීමක් නිවේදනය කළේය. ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් ජීවිතවලින් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට නෙතන්යාහු ප්‍රතිඥා දීමෙන් පසුව, ඔහුගේ සියොන්වාදී තන්ත්‍රය ලේවැකි මහජන මර්දනයක් සූදානම් කරමින් සිටී.

Gaza
පලස්තීනුවන් , 2023 ඔක්. 9 සඳුදා උදෑසන, ගාසා නගරයේ ෂාටි සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ වූ යසින් පල්ලියේ සුන්බුන් පරීක්ෂා කරති. [ඡායාරූපය: ඇඩෙල් හනා/WSWS]

ඉහල ඊශ්‍රායල නිලධාරීන්ගේ ෆැසිස්ට්වාදී දැක්ම ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. දැනට ගාසා තීරයට මහා පරිමාණ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින , බීර්ෂෙබා හි ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) දක්ෂිණ අණදෙන නිලධාරීන්ගේ සඳුදා උදෑසන රැස්වීමකින් පසු ගැලන්ට් මෙසේ ප්‍රකාශ කළේය: “මම ගාසා තීරය සම්පූර්ණයෙන් වැටලීමට නියෝග කර ඇත. විදුලිය නැත. ආහාර නැත. ඉන්ධන නැත. සියල්ල වසා ඇත.”

මිලියන 2ක් වූ ගාසා තීරයේ මුළු ජනගහනයම ඉලක්ක කර ගැනීමේ ඔහුගේ තීරණය සාධාරණීයකරණය කිරීම සඳහා, ගැලන්ට් ඔවුන් සතුන්ට සංසන්දනය කරමින් මෙසේ පැවසීය: “අපි සටන් කරන්නේ මිනිස් සතුන් සමඟ , අපි ඒ අනුව ක්‍රියා කරනවා.”

ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන වත්මන් බෝම්බ ප‍්‍රහාර ගාසා තීරයට එරෙහි සැලසුම් සහගත ප‍්‍රහාරයේ “ආරම්භය පමනක්” බව ඊයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ කතාවක දී නෙතන්යාහු අවධාරනය කලේය. ඔහු ප්‍රකාශ කළේ, “හමාස් සංවිධානය ක්‍රියාත්මක වන සෑම ස්ථානයක්ම නටබුන් බවට පත් වන බව මම කීවෙමි. එය අද සිදුවෙමින් පවතී. අනාගතයේදී එය තවත් සිදුවනු ඇත.” ඔහු පලස්තීනුවන් “සතුන්” ලෙස හඳුන්වමින් ගැලන්ට්ගේ භාෂාව ප්‍රතිරාවය කළේය.

නෙතන්යාහු ට්විටර් හි සටහනක් තබමින්, “ඉදිරි දශක කිහිපය තුළ ඔවුන්ගෙන් සහ ඊශ්‍රායලයේ අනෙකුත් සතුරන්ගෙන් මතක සිටින මිලක් අපි  ලබා ගන්නෙමු. ඔවුන් ම්ලේච්ඡයන්ය.”

නෙතන්යාහුගේ සහ ගැලන්ට්ගේ මෙම පහත් පෙළේ තර්ජන ඊස්රායලයේ, මැද පෙරදිග හා ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ සමාජවාදී අදහස් ඇති බුද්ධිමතුන් විසින් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීම සඳහා, ගාසා තීරයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ඝාතනය කිරීම හෝ අවතැන් කිරීම, ඉතාමත් නිර්දය පියවරයන් ක්‍රියාත්මක කිරීමට නෙතන්යාහු අදහස් කරයි. ලේ වැගිරීමේ දැවැන්ත උත්සන්න වීම නැවැත්වීමට නම්, මෙම ප්‍රහාරය සහ ඊශ්‍රායලයේ පලස්තීනුවන් මර්දනය කිරීම නැවැත්වීමට කම්කරු පන්තියේ, ඊශ්‍රායලයේ සහ ජාත්‍යන්තරව ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික තන්ත්‍රය ගාසා තීරයට එරෙහිව දේශපාලනිකව සාපරාධී යුද්ධයක් දියත් කිරීමට සැලසුම් කරයි. ඊයේ, හියුමන් රයිට්ස් වොච් හි ඊශ්‍රායල සහ පලස්තීන අධ්‍යක්ෂ ඕමාර් ෂකීර් මෙසේ පැවසීය: “ආරක්ෂක ඇමති ගැලන්ට්ගේ ප්‍රකාශ පිළිකුල් සහගත ය. වාඩිලාගෙන සිටින ප්‍රදේශයක ජනගහනයට ආහාර සහ විදුලිය අහිමි කිරීම සාමූහික දඬුවමක් වන අතර එය යුධ අපරාධයක් වන කුසගින්න, යුද්ධයේ ආයුධයක් ලෙස භාවිතා කරයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය,  යුද අපරාධයක් කිරීමට කරන මෙම කැඳවුම සැලකිල්ලට ගත යුතුය.”

අසල්වැසි ඊජිප්තුවේ නිලධාරීන් අනතුරු අඟවන්නේ IDF විසින් ගාසාවේ සමස්ත පලස්තීන ජනතාව ඝාතනය කිරීමට හෝ පලවා හැරීමට ඉඩ ඇති බවයි. රජයට අයත් අහ්රම් (Ahram) ඔන්ලයින් මෙසේ ලිවීය: “පලස්තීන සිවිල් වැසියන් ඊජිප්තු දේශසීමා දෙසට තල්ලු කිරීමට සහ මහා පරිමාණයෙන් අවතැන් වීම සඳහා කෙරෙන කුලප්පු කිරීමේ  කැඳවීම්වලට එරෙහිව ඉහළ මට්ටමේ ඊජිප්තු මූලාශ්‍ර සඳුදා අනතුරු ඇඟවීය …ඊජිප්තුව පලස්තීන ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ  තත්වය උත්සන්න වීම වැලැක්වීම සඳහා  ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම අදාළ පාර්ශ්ව සමඟ සිය සන්නිවේදන තීව්‍ර කළේය.”

යථාර්ථය නම්, නෙතන්යාහු ආන්ඩුව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයට සහාය දෙන සහ සක්‍රීය කරන කේන්ද්‍රීය බලවේගයන් වන්නේ නේටෝව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ය. ඊයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බිඩෙන් ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීය. පසුව , ඔවුහු නෙතන්යාහු අනුමත කරමින් සහ ගාසාවේ හමාස් බලධාරීන් හෙලා දකිමින් නරුම ප්‍රකාශයක් නිකුත් කළහ.

“ඊශ්‍රායල් රාජ්‍යයට අපගේ ස්ථීර සහ එකමුතු සහයෝගය සහ හමාස් සහ එහි බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අපගේ නිසැක හෙළා දැකීම” අවධාරණය කරමින් එය ප්‍රතිඥා දුන්නේය: “ ඉදිරි දිනවලදී, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට හැකි බව සහතික කිරීම සඳහා අපි මිත්‍ර පාක්ෂිකයින් ලෙස සහ ඊශ්‍රායලයේ පොදු මිතුරන් ලෙස එක්සත්ව හා සම්බන්ධීකරණයෙන් සිටිමු.”

දැඩි ලෙස සන්නද්ධ නෙතන්යාහු ආන්ඩුව හුදෙක් “තම ආරක්‍ෂාව සඳහා කරන” බව පවසමින් “ත්‍රස්තවාදීන්” ලෙස ගාසා තීරයේ පීඩිත ජනතාව වෙත එල්ල කරන මෙම අපවාදය පිළිකුල් සහගත දේශපාලන බොරුවකි. ප්‍රධාන නේටෝ බලවතුන් විසින් පොම්ප කරන ලද , ඩොලර් බිලියන ගනනක මුදල් වලින් සන්නද්ධ වූ සියොන්වාදී තන්ත‍්‍රය විසින් දශක ගනනාවක් තිස්සේ ලේ වැකි ප‍්‍රචන්ඩත්වයට ලක් කල පලස්තීනුවන්ගේ නැගිටීමක් පිලිබඳව ලොව පුරා ජනතාව සහාය පල කරති.

සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා දක්වා , සටන ආරම්භයේ සිට ගාසා තීරයේ සිය ගුවන් හමුදාව ඉලක්ක 2,400කට පහර දුන් බවට ඊයේ IDF පුරසාරම් දෙඩුවේය. මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායල යුද නැව් ද ගාසා තීරයට  මිසයිල ප්‍රහාර එල්ල කරන අතර, ඊශ්‍රායල හමුදා සුදු පොස්පරස් බෝම්බ භාවිතා කරන බවට වාර්තා තිබේ. එයට ගොදුරු වූවන්ට වේදනාකාරී පිළිස්සුම් ලබා දෙන තහනම් රසායනික අවියකි. බෝම්බ ප්‍රහාර හේතුවෙන් දැනටමත් 123,000කට අධික පිරිසක් අවතැන්ව ඇති බව ගාසා බලධාරීන් ඊයේ වාර්තා කළේය.

IDF හමුදා විසින් නිතිපතා නිවාස සංකීර්ණ සහ රෝහල් පවා ඉලක්ක කරන බැවින්, ඊශ්‍රායල බෝම්බ හෙලීම යටතේ ජීවිතය ගැන මොහොමඩ් සයිඩම්, ලි මොන්ඩි ( Le Monde) පුවත් පතට   පැවසුවේ, “මුලදී එය වෙනත් ඕනෑම උග්‍රවීමක් වැනිය. නමුත් පසුව එය භයානක විය. අපට ඉතා ආසන්නයෙන් පිපිරුම් ඇසේ, භූමිකම්පාවක් සිදු වූ විට මෙන් බිත්ති කම්පනය වේ. අපට නිදා ගත නොහැක, සහ අපගේ ධෛර්යය ඉතා කුඩා ශබ්දයකින් පවා බිඳ වැටේ.”

ගාසා තීරයේ අවතැන් වූවන් රැකබලා ගන්නා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ සංගමයේ (unrwa) ප්‍රකාශක අද්නාන් අබු හස්නා පැවසුවේ තම ආයතනය අති මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.  “අප තවමත් 2014 හෝ 2021 දී යුද්ධ කළමනාකරණය කර ගැනීමට සමත් වී නැත. මේ සියල්ල unrwa හි හැකියාවන් ඉක්මවා ඇත.” 

ඊශ්‍රායලයේ ගාසා තීරය අවහිර කිරීම , 2007 දී ආරම්භ වූ දා සිට සියොන්වාදී පාලන තන්ත්‍රය ගාසා තීරයේ ජනතාවට එරෙහිව නැවත නැවතත් යුද්ධයක් දියත් කර ඇත. 2014 දී ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 2,251 ක් මිය ගිියේය. 2018 දී, අවම වශයෙන් පලස්තීනුවන් 270 ක් මිය ගොස් 7,000 ක් තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ. ඊශ්‍රායලයේ වත්මන් මායිම් තුළ තිබෙන තම මුතුන් මිත්තන්ගේ දේශයට ආපසු යාමට ඇති අයිතිය ඉල්ලා ගාසා හි වැසියන්  විසින්  සාමකාමී පාගමනක් කල විට, ඊට  ඊශ්‍රායල හමුදා වෙඩි තැබීය.

ගාසා තීරයේ වත්මන් නැගිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව, ගාසා තීරයේ මහජනතාව විසින් නීත්‍යානුකූලව දකින්නේ මෙම අපරාධවලට එරෙහි වීරෝධාර ක්‍රියාවක් ලෙසය.

“පළස්තීන ප්‍රතිරෝධය , ඊශ්‍රායල හමුදාව සමඟ නව බලවේග පිලිබඳ සබඳතාවක් ඇති කිරීමට සමත් වී ඇත. නමුත් එහි දහස් ගුණයක් උසස් ආයුධ සහ තාක්‍ෂණය ඇත.” චිත්‍රපට නිෂ්පාදක ඉයාඩ් ඇලස්ටොල්  ගාසාව ඇතුළත සිට ලි මොන්ඩි පුවත් පත  වෙත පැවසීය. “මෙය ගාසා තීරයට එහි යම් ගෞරවයක් ලබා දී ඇත. එය ,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරාබි රටවල් අපට ලබා දීම ප්‍රතික්ෂේප කළ දෙයකි.”

ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීම සහ 2007 සිට ගාසා තීරය අවහිර කිරීම , එහි ප්‍රහාරයේ අරමුන බව ප්‍රකාශ කර ඇති හමාස්  සංවිධානය, ඊශ්‍රායල ඉලක්ක වෙත දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටී. එහි රොකට් ජෙරුසලම, ටෙල් අවිව්, ස්ඩෙරොට්, අෂ්ඩෝඩ්, අෂ්කෙලොන්, රිෂොන් ලෙසියන් සහ බෙයර්ෂෙබා ඇතුළු ඊශ්‍රායලය පුරා නගරවලට පතිත විය. ඊශ‍්‍රායල ජාතිකයන් විශාල සංඛ්‍යාවක් බෝම්බ වලින් ආරක්ෂා විය හැකි කූඩාරම්වල සිටින අතර ඊශ‍්‍රායලයේ පාසල් සහ විශ්ව විද්‍යාල ඊයේ සහ අද වසා දමා ඇත.

ගාසා තීරය ඊශ්‍රායලයෙන් වෙන් කරන කුප්‍රකට දේශසීමා තාප්පයේ ආරක්ෂිත කැමරා විනාශ කරන පලස්තීනුවන් සහ ඔවුන් ඊශ්‍රායල යුද ටැංකිවලට ඩ්‍රෝන් ප්‍රහාරවලින් පහර දෙන අයුරු වීඩියෝ ඔන්ලයින් මගින් පෙන්නුම් කෙරුණි. ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනෙකුට වෙඩි තබා මරා දැමීමත් සමඟ ඊශ්‍රායල හමුදා සහ ලෙබනනය අතර ඊශ්‍රායලයේ උතුරු මායිම දිගේ ද සටන් ආරම්භ වූ අතර හිස්බුල්ලා ඒකක ඊශ්‍රායල හමුදා ස්ථාන වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

IDF පැහැදිලිවම ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී. ඔවුන් පෙර නොවූ විරූ ලෙස 300,000ක අතිරේක භට පිරිසක් කැඳවමින්, ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ කාලතුවක්කු ස්ථානගත කිරීම් සූදානම් කරමින්, ටැංකි සහ සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරමින් සිටිති. එවැනි ප්‍රහාරයක්  මිලියන 2 ක ජනගහණයෙන් යුත් කුඩා ප්‍රදේශයක, එය රටක් නම්, ලෝකයේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වනු ඇත. නොවැලැක්විය හැකි ලෙසම බිහිසුණු සිවිල් ජීවිත හානිවලට තුඩු දෙනු ඇත.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම ලොව පුරා වැඩෙන විරුද්ධත්වය සහ කෝපය අවුලුවයි.

පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා මැදපෙරදිග සහ ජාත්‍යන්තරව විරෝධතා පැවැත්වේ. ගාසා තීරයට එරෙහි මර්දනයට එරෙහිව යේමනයේ අගනුවර වන සානා වෙත දස දහස් ගණනක් ද බැග්ඩෑඩ්, ඉස්තාන්බුල් සහ ටෙහෙරානයේදී තවත් දහස් ගණනක් ද පෙළපාලි ගියහ. නිව් යෝර්ක්, ලන්ඩන්, සිඩ්නි සහ අනෙකුත් නගරවල කුඩා විරෝධතා පැවති අතර, බ්‍රහස්පතින්දා පැරිසියේදී ගාසාව ආරක්ෂා කිරීමේ විරෝධතා කැඳවන ලදී. ඉරාක පූජක මොක්ටාඩා අල්-සද්ර් සිකුරාදා බැග්ඩෑඩ් හි “මිලියනක මිනිසුන්ගේ පා ​​ගමනක්” කැඳවා තිබේ.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින්, මේ වසර මුලදී ඊශ්‍රායලය තුළ මහජන විරෝධතා අවුලුවාලූ ,කම්කරු පන්තිය තුල වැඩෙන ව්‍යාපාරය පලස්තීන ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකින්,  සන්නද්ධ කිරීමයි.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වටලයි Read More »

GAZA

නෙතන්යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවතනු!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝම්බර් 09 දින ඉංග්‍රීසියෙන් පල වූ Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza! යන ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ සිංහල අංශයෙනි.

GAZA
2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ගාසා නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු පලස්තීන මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ පිපිරීමකින් ගින්න සහ දුමාරය නගියි. [ඒපී ඡායාරූප/ඇඩෙල් හනා] [AP Photo/Adel Hana]

1. ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව ගාසා තීරයේ ඇති වූ මහජන නැගිටීමෙන් පසු පලස්තීන ජනතාවට එරෙහිව නෙතන්‍යාහු ආන්ඩුව යුද ප්‍රකාශ කිරීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) තරයේම හෙලා දකී. නාසීන් සිහිගන්වන ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ උමතු අග්නිය, ගාසා තීරයේ ජනගහනයෙන් විශාල කොටසක් සමූලඝාතනය කිරීමේ ඉල්ලීමකට වඩා අඩු දෙයක් නොවේ. දැන් ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් විසින් සැලසුම් කර ක්‍රියාවට නංවන ජන සංහාරක ව්‍යාපාරයට බයිඩන් පරිපාලනය සහ යුරෝපීය සංගමයේ ආන්ඩු විසින් දෙන සම්පූර්න සහයෝගය දීමේ ප්‍රකාශයන් හජාජාක දැඩි ලෙස හෙලා දකී. කලාපයට ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් යැවීම පලස්තීන ජනතාවට එරෙහි දැවැන්ත ප්‍රහාරය සමග අධිරාජ්‍යවාදී සහයෝගීතාවයේ තුච්ඡ ප්‍රදර්ශනයකි.

2. මර්දනයට එරෙහි අරගලයේදී පලස්තීන කම්කරුවන් හා තරුනයන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තරවත් ඊශ්‍රායලය තුලමත් කම්කරු පන්තියේ වගකීමකි. අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සහ ලෝකය පුරා, ඊශ්‍රායල ආන්ඩුවට ආයුධ සහ මූල්‍ය ආධාර නැව්ගත කිරීමට එරෙහිව විරෝධතා සහ විරුද්ධත්වය ගොඩනැගිය යුතුය. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වාඩිලාගැනීම අවසන් කරන ලෙස ඉල්ලා සෑම රටකම මහජන පෙලපාලි පැවැත්විය යුතුය.

3. පාලනතන්ත්‍රයේ විසකුරු ස්වෝත්තමවාදය ප්‍රතික්ෂේප කරන ලෙස අපි විශේෂයෙන්ම ඊශ්‍රායල කම්කරු පන්තියට සහ යුදෙව් ජනතාව අතර සිටින සියලුම ප්‍රගතිශීලී කොටස්වලට ආයාචනා කරමු. ඊශ්‍රායල කම්කරුවන් හා තරුනයන් තම අවශ්‍යතා නියෝජනය නොකරන නෙතන්‍යාහු ආන්ඩුවේ සාපරාධී ක්‍රියාවන්ගෙන් වෙන් වී, ඒවා හෙලා දැකිය යුතුය.

4. ඉතිහාසය පුරා සෑම විටම සිදු වූ පරිදි, මහජනතාවගේ සෑම ප්‍රතිරෝධී ක්‍රියාවක්ම පාලක ප්‍රභූන්ගේ උමතු කෝපය අවුස්සයි. බයිඩන්, ෂොල්ස්, මැක්‍රෝන් සහ සෙසු අයට ඔවුන්ගේ මුහුනු නිල් පාට වන තුරු ‘ත්‍රස්තවාදය’ යැයි කෑ ගැසුවාවේ. එහෙත් කුරිරු සියොන්වාද-ගැති ප්‍රචාරයන් නොතකා, ලොව පුරා කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ පීඩිතයන්ගේ දයාව පලස්තීනුවන් වෙත පවතී. සිදුවෙමින් පවතින්නේ ම්ලේච්ඡ යටත් කරගැනීමකට එරෙහි මහජන නැගිටීමක් බවත්, තම අවශ්‍යතා සහ ප්‍රතිපත්තිවලට එරෙහිව නැගෙන විරුද්ධත්වයේ ඕනෑම ප්‍රකාශයක් “ත්‍රස්තවාදය” යනුවෙන් පාලක පන්තිය විසින් හඳුන්වන බවත් පැහැදිලිය.

5. යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම, පලස්තීනයේ සිදුවීම් ද, ධනේශ්වර මාධ්‍ය තුල, ඒවායේ සමස්ත ඓතිහාසික සන්දර්භයෙන් උගුල්ලා දමා ඇත. අලුතින් පිහිටුවන ලද ඊශ්‍රායල රාජ්‍යය විසින් පලස්තීනය ආක්‍රමනය කර එහි ජීවත් වූවන් ඔවුන්ගේ නිජබිමෙන් නෙරපා හැර අදට වසර 75 කි. බටහිර ඉවුර ඊශ්‍රායල ආක්‍රමනය සහ ඈඳා ගැනීම ආරම්භ කල 1967 දී සිදුවූ සය දින යුද්ධයෙන් වසර 56 කි. හියුමන් රයිට්ස් වොච් හි වදන්වලින් කියතොත් ගාසා තීරය “එලිමහන් සිරගෙයක්” බවට පත් කල ගාසා තීරයට එරෙහි 2006 ඊශ්‍රායල යුද්ධය සහ ඉන් අනතුරුව සිදුකල වටලෑමෙන් වසර 17 කි. දශක ගනනාවක් පුරා, පලස්තීනුවන් සංකේන්ද්‍රනය වී ඇති ප්‍රදේශවලට මෙන්ම—1982 දී පලස්තීනුවන් සමූලඝාතනය කරන ලද සබ්‍රා සහ ලෙබනනයේ ෂටිලා සරනාගත කඳවුරුවලදී මෙන්—ඔවුන් පලා ගිය, වඩ වඩාත් කුඩාවන බිම් කැබලි මතට ගනන් කල නොහැකි නොගිනිය හැකි තරම් ඝාතන සහ බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත.

6. මේ සියල්ලේදී ම ඊශ්‍රායලයට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලැබී ඇත, සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ මැද පෙරදිග ප්‍රධාන කුලී හේවායා ලෙස ඊශ්‍රායලය ක්‍රියා කර ඇත. අරාබි ධනේශ්වර පාලන තන්ත්‍රයන් අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය සමග එකඟතාවන්ට එලැඹ පලස්තීන ජනතාව සමූල ඝාතනයට හා පහර කෑමට ඉඩ හැර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඈඳාගැනීමට එරෙහිව තමන්ගේම යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, මේ සියල්ල තිබියදීත්, ඊශ්‍රායල රාජ්‍යයට හෝ එහි ආධාරකරුවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා පලස්තීනුවන්ගේ උත්සාහයන් යටපත් කිරීමට නොහැකි වී තිබේ.

7. මෙය තීරනාත්මක මොහොතකි. මාස ගනනාවක් තිස්සේ, නෙතන්‍යාහු සහ ඔහුගේ ෆැසිස්ට් සභාග හවුල්කරුවන් වන බසාලෙල් ස්මොට්‍රිච් විසින් නායකත්වය දෙන ආගමික සියොන්වාදය සහ ඉටමාර් බෙන් ග්විර් විසින් මෙහෙයවන ලද යුදෙව් බලය, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ (අයිඩීඑෆ්) ප්‍රහාරයන්ට නායකත්වය දී ඇත. පොලිසිය සහ [ඉස්‍රායෙල] පදිංචිකරුවන්ගේ කන්ඩායම්, බටහිර ඉවුරේ, ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේම නගර සහ ගම්වලට දිනපතා ප්‍රහාර එල්ල කර ඇති අතර, අල් අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම්වලට සම්බන්ධව සිටිති.

8. පලස්තීන ජනතාවගේ ප්‍රතිරෝධය, ඊශ්‍රායල නීතියෙන් පවා අපරාධකරුවෙකු ව සිටින නෙතන්‍යාහුට දේශපාලන ව්‍යසනයකි. සිරගෙට නොයා සිටීම සඳහා මෙම දුෂ්ඨ මැරයා බලයේ එල්ලී සිටින බව ඊශ්‍රායලයේ දේශපාලන ජීවිතය තුල සත්‍ය කාරනාවකි. දේශීය විරෝධයේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා භාවිතා කල හැකි ප්‍රචන්ඩ ප්‍රතිචාරයක් ම අවුලුවාලීම සඳහා නෙතන්‍යාහු පලස්තීනුවන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සිදු කරන බව, මිලියන සංඛ්‍යාත ඊශ්‍රායල ජාතිකයින් විසින් ද පිලිගෙන ඇත. කෙසේ වෙතත්,, නෙතන්‍යාහුගේ ගනන් බැලීම් ඉමහත් ලෙස ඉක්මවා යමින් ඔහුගේ සාපරාධී සැලසුම් වලට පලස්තීන ප්‍රතිචාර දක්වා ඇත.

9. සතුරු හමුදා විසින් වට කර තිබියදීත්, නිරන්තර සෝදිසි කිරීම්වලට සහ ඉලක්කගත ඝාතනවලට ලක්ව තිබියදීත්, හමාස් විසින්, නොබිඳිය හැකි යැයි කියනු ලබන යුදෙව් ජනාවාසයකදී දහස් ගනනකගේ මිලිටරි ප්‍රහාරයක් දියත් කර ඇත. මෙවන පරිමානයක මෙහෙයුමක් සැලසුම් කර රහසිගතව තබා ගත හැකිව තිබුනේ ගාසා තීරයේ මිලියන දෙකක වැසියන්ගේ අතිමහත් සහයෝගය නිසාය. එය වනාහි, 1943 දී වොර්සොව් යුදෙව් ජනාවාසයෙහි යුදෙව් රැඳවියන්ගේ නැගිටීම සහ 1944 දී ජර්මානු නාසි ආක්‍රමනයට එරෙහිව වෝර්සෝ කම්කරු පන්තියේ දැවැන්ත කැරැල්ලේ ආදර්ශය උද්දීපනය කරන, දැවැන්ත සන්නද්ධ පීඩකයෙකුට එරෙහිව සිදු කරන ලද සැබෑ මහජන නැගිටීමකි.

10. ඊශ්‍රායල පාලක පන්තිය දැන් සිටින්නේ, පලස්තීනුවන් බලහත්කාරයෙන් පලවා හැරීම හරහා සුවිශේෂී යුදෙව් රාජ්‍යයක් සුරක්ෂිත කර පවත්වා ගත හැක්කේ සමූහ ඝාතනයෙන් සහ වාර්ගික ශුද්ධ කිරීමකින් පමනක් බවට වන ප්‍රතිගාමී ඉදිරිදර්ශනයක ය. කිලෝමීටර් 43 ක් දිග සහ කිලෝමීටර් 10 ක් පලල ගාසා තීරය “සුන්බුන් ගොඩක්” බවට පත් කිරීමට නෙතන්‍යාහු ප්‍රතිඥා දී ඇති අතර එහි සිරගත ජනතාවට “ඉවත්ව යනු” යැයි කියා සිටින්නේ ඔවුන්ට එසේ ඉවත්ව යා නොහැකි බව දැන දැනම ය.

11. මුර්ග මිලිටරි ප්‍රතිචාරය දැනටමත් ආරම්භ වී ඇත. “අයෝමය අසිපත් මෙහෙයුමෙ හි [Operation Iron Swords]’ දෙවන දිනයේ ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක 800 කට ප්‍රහාර එල්ල කිරීම, එහි විදුලි සැපයුම නවතා දැමීම, වටලනු ලැබූ භූමිය තුලට සහ ඉන් පිටතට භාන්ඩ ප්‍රවාහනය නැවැත්වීම සහ අනාරක්ෂිත සිවිල් වැසියන් සිය ගනනක් සිටින, සුන්බුන් වූ රෝහල් සහ නේවාසික මහල් නිවාස දැකගත හැකි විය. ගුවන් බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂාව පතා පලායන පලස්තීනුවෝ, යූඑන්ආර්ඩබ්ලිව්ඒ [ආසන්න පෙරදිග පලස්තීන සරනාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩකටයුතු පිලිබඳ ඒජන්සිය] විසින් පවත්වාගෙන යනු ලබන පාසල් වෙත රොක් වී සිටිති. (යූඑන්ආර්ඩබ්ලිව්ඒ– එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ අනුබද්ධ ආයතනයකි)

12. එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය, ලෝකයේ සියලුම ප්‍රධාන බලවතුන්ගේ සහ ජන මාධ්‍යවල ප්‍රධානීන් විසින් නෙතන්‍යාහුගේ යුද ප්‍රකාශය සඳහා සපයන පොදු පිටුබලය පිටුපස ඇති සම්පූර්න යථාර්ථය මෙයයි. ලොව පුරා සමාජ නොසන්සුන්තාව සහ වැඩවර්ජන ක්‍රියාකාරකම් උග්‍රවන මොහොතක, මහජන විරෝධයේ ඕනෑම ප්‍රකාශනයක් ලබා දෙන ආදර්ශයන් ගැන සෑම තැනකම සිටින පාලක පන්තිය භීතියට පත්ව සිටිති.

13. අධිරාජ්‍යවාදී නායකයින් සහ ඔවුන්ගේ මාධ්‍ය හොරනෑ විරුද්ධ වන්නේ ‘ත්‍රස්තවාදයට’ නොව, වාඩිලාගැනීමට සහ ඊශ්‍රායලය විසින් දිනපතා ඇති කරන ත්‍රස්තවාදයට එරෙහි මහජන විරෝධයට ය. පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයට සහය දැක්වීම සහ ඉරානය, සිරියාව සහ ලෙබනනයට එරෙහි කලාපීය යුද්ධයක් දක්වා මෙය දිගු කිරීම දක්වා ම ඔවුන් එසේ කරනු ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකිය මෙසේ ලියයි:

‘කරුනාකර ඊශ්‍රායලයේ ‘අවහිර කිරීම’ හෝ ‘ආක්‍රමනය’ තවදුරටත් හෙලා දැකීමක් නොකරන්න… ධවල මන්දිරයේ පෙලඹවීම වනු ඇත්තේ ඊශ්‍රායලයට නිදහසේ ප්‍රතිචාර දැක්වීමට සතියක් හෝ ඊට වැඩි කාලයක් ලබා දීම සහ පසුව නෙතන්‍යාහු ආන්ඩුවට සන්සුන් වීමට බල කිරීමයි. එය සැමවිටම එක්සත් ජනපද රටාවයි, නමුත් මෙවර එය එසේ නොවිය යුතුය. තවද පුලුල් යුද්ධයක් ඇති වුවහොත්, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ යුද ශක්තිය විනාශ කිරීමට අවශ්‍ය ආයුධ සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය ඊශ්‍රායලයට සැපයීමට එක්සත් ජනපදයට සිදුවනු ඇත.’

14. බයිඩන් පරිපාලනයේ එවැනි පසුබැසීමක් සිදුවේ යයි මාධ්‍ය බිය විය යුතු නැත. ඊයේ, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් තහවුරු කලේ, එක්සත් ජනපදය ඩොලර් බිලියන 50 ක ෆෝඩ් ගුවන් යානා ගෙනයන නෞකාව ඇතුලුව ප්‍රහාරක නෞකා කන්ඩායමක් කලාපයට යවන බවත්, “ඉදිරි දිනවලදී” යුධෝපකරන සපයන බවත්‍ ය. මෙය හුදෙක් ඊශ්‍රායලය සමග “සහයෝගීතාව” නොව, යුද්ධයට සහභාගි වීමට සූදානම් වීමකි. ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රතිචාරයට පූර්න සහයෝගය දැක්වීමේදී පලස්තීනුවන් අසීමිත ලෙස ඝාතනය කිරීම ගැන වචනයක්වත් නොකියයි. සටන් විරාමයක් තබා සංයමයක් ඉල්ලා සිටීමක් හෝ නැත. අධිරාජ්‍යවාදී කවයන් තුල දැන් ප්‍රකාශ කෙරෙන එකම කනස්සල්ල, ඊශ්‍රායලයට යුධෝපකරන සැපයීම නිසා, යුක්‍රේනය තුලින් රුසියාවට එරෙහිව තීව්‍ර කෙරෙන එක්සත් ජනපද-නැටෝ යුද්ධයට අවශ්‍ය යුධෝපකරන සැපයීම අඩු විය හැකිය යන්න ගැනය.

15. පලස්තීන ජනතාවට සහය දැක්වීමේ සෑම සියලු ප්‍රකාශනයක්ම අපකීර්තියට පත් කිරීම සඳහා, අධිරාජ්‍යවාදී ආන්ඩු සහ මාධ්‍ය අනිවාර්යයෙන්ම ‘යුදෙව්-විරෝධී’ චෝදනාව එල්ල කරයි. මෙම කාලකන්නි අවලාද කුහකත්වයේ ගිලී ඇත. එය තම අවශ්‍යතා ඉටු වන්නේ නම්, පාලක ප්‍රභූන්ට හිට්ලර්ගේ වන්දිභට්ටයන් හා නව-නාසිවාදීන් සමග සන්ධානගත වීමේ ගැටලුවක් නැත. ජර්මානු ආන්ඩුව, නාසි තන්ත්‍රයේ අපරාධ යුක්තිසහගත කිරීමට සහ සුදු හුනු ගෑමට දක්ෂිනාංශික විද්වතුන්ගේ ප්‍රයත්න අනුමත කරයි. සති දෙකකටත් අඩු කාලයකට පෙර, අගමැති ටෲඩෝ සහ ජර්මානු තානාපතිවරයා සමග සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව, සමූල ඝාතන යුදෙව් සංහාරයට සහභාගී වූ නාසි වොෆන්-එස්එස් හි හිටපු සාමාජිකයෙකු වන යාරොස්ලාව් හුන්කාට නැගීසිට ඔල්වරසන් දුන්හ.

16. නෙතන්‍යාහු පාලනය ඕනෑම අපරාධයකට සමත් ය. නමුත් එය අනවභාවනීය එකක් නොවේ. එහි ලේවැගිරෙන රෞද්‍ර යුද හඬ තැලීම් වලින් ආන්ඩුවේ භීතිය සහ මංමුලා සහගත බව සැඟවිය නොහැක. එය පලස්තීන මහජනතාවගේ ප්‍රතිරෝධයට පමනක් නොව, ඊශ්‍රායල කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වයට ද මුහුන දෙයි. වසර පුරා නෙතන්‍යාහු ආන්ඩුවට සහ එහි අධිපතිවාදී පියවරයන්ට එරෙහිව ඊශ්‍රායල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහා පෙලපාලි පැවතුනි. පලස්තීනුවන්ගේ පිඩනයට පත්කිරීම පිලිබඳ ප්‍රශ්නය මතු කිරීම ප්‍රතික්ෂේප කල නිල නායකත්වය විසින් මෙම පෙලපාලි යටපත් කරන ලදී. නෙතන්‍යාහුගේ යුද ප්‍රකාශය ඊශ්‍රායල යුද සැලසුම් පිටුපස පුරෝකථනය කල හැකි ලෙස පෙල ගැසී සිටින ප්‍රධාන සියොන්වාදී විපක්ෂ නායකයන් වන යෙෂ් ඇටිඩ් හි යාර් ලැපිඩ් සහ ජාතික සමගි පක්ෂයෙහි බෙනී ගැන්ට්ස් ද තරයේම හෙලිදරව් කර ඇත. නෙතන්‍යාහු සමඟ ජාතික සමගි ආන්ඩුවක් පිහිටුවීම සඳහා දැඩි සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

17. ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන්ගෙන් සැදුම්ලත් මහජනතාවගේ සතුරා වන්නේ පලස්තීනුවන් නොව නෙතන්‍යාහු ආන්ඩුව සහ ඊශ්‍රායල පාලක පන්තියයි. ඊශ්‍රායලය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පෙරලා දැමීමේ පියවර ගැනීම, සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනයට හා සමාජ වැඩසටහන් මත තීව්‍ර වන ප්‍රහාරයට සම්බන්ධ වේ.

18. වත්මන් තත්වයේ මහා ඓතිහාසික හා දේශපාලන විරෝධභාසය මෙයයි: සියොන්වාදී පීඩනයට එරෙහිව පලස්තීන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් නොකර ඊශ්‍රායල කම්කරු පන්තියට තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. එමෙන්ම ඊශ්‍රායල කම්කරු පන්තිය සමග සටන් සන්ධානයක් ඇති කර නොගෙන පලස්තීනුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සමාජ සමානාත්මතාවය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කරගත නොහැක. එකම ශක්‍ය ඉදිරිදර්ශනය මිථ්‍යාමය “ද්විත්ව-රාජ්‍ය විසඳුම” නොව, යුදෙව් හා අරාබි කම්කරුවන්ගේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයකි.

19. පලස්තීනුවන්ගේ අරගලය කෙතරම් වීරෝදාර වුවත්, ඔවුන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් තොරව විසඳෙන්නේ නැත. මෙය ඊශ්‍රායලයේ යුදෙව් කම්කරුවන්ට හා තරුනයන්ට ද නොඅඩු ලෙස සත්‍ය වේ. යුදෙව්-විරෝධයේ නව වර්ධනයක් මගින් ඉතා තථ්‍ය අන්තරායක් මතු කෙරේ. එහෙත් එය පැන නගින්නේ ගාසා තීරයේ සහ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්නයන් නිසා නොව, ධනවාදය හා අධිරාජ්‍යවාදය විසින් උසිගන්වන ලද ප්‍රතිගාමී ජාතික ස්වෝත්තමවාදයෙනි.

20. පලස්තීනයේ නැගිටීම, ලෝකය පුරා මහජන වැඩ වර්ජන හා විරෝධතා ස්වරූපයෙන් වර්ධනය වෙමින් පවතින කෝපය හා විරුද්ධත්වය පුපුරා යාමේ කොටසකි. සවිඥානික සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් මෙහෙයවනු ලබන මෙම සමාජ ව්‍යාපාරය අධිරාජ්‍යවාදී යුද්ධය, අසමානතාවය සහ සියලු ආකාරයේ පීඩනයන් අවසන් කිරීමට බලමුලු ගැන්විය යුතුය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල මෙයයි.

නෙතන්යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවතනු! Read More »

Exodus

සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු! 

අධිරාජ්‍යවාදීන්ගේ ද්විත්ව-රාජ්‍ය උගුලට එරෙහිව යුදෙවි-අරාබි කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක්!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය 

Exodus
පැය තිහක් තුල උතුරේ සිට දකුනට ගාසාහි මිලියනයක් ජනයාගේ මහා නික්මයාම. සිකුරාදා, ඔක්තෝම්බර් 13, 2023. (AP Photo/Hatem Moussa)

ඊශ්‍රායල හදිසි ජාතික ආන්ඩුව ගාසා තීරයේ මිලියන දෙකකට වැඩි පීඩිත ජනයා කොටු කර, ජලය, විදුලිය, ඉන්ධන, හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබීම වලක්වා ගෙන සිටිමින් ද, එම ජනයා මත ගුවන් හා මිසයිල් ප්‍රහාර පතිත කරමින් ද සිදු කරන ජන සංහාරය වහා  නතර කරන ලෙස බලකර සිටින අපි, සියලු කම්කරුවන්, තරුනයන් හා සියලු ප්‍රගතිශීලීන් පලස්තීනු ජනයාගේ ආරක්ෂාව සඳහා පෙලගැසිය යුතු යැයි යෝජනා කර සිටිමු.

ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංගනය කරමින්, මිලියනයකට වැඩි පලස්තීනුවන්ට ගාසා උතුරු ප්‍රදේශයෙන් ඉවත් වීමට 13 දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ තන්ත්‍රය බල කලේ ය. අද දින (ඔක්. 16) උදෑසන වන විට ලක්ෂ 5 ක ජනයා මෙසේ ඉවත් වී ඇති බව BBCය වාර්තා කර ඇත. ඇඳිවත පමනක් ඇතිව සිය දරු දැරියන් සමග පලා යන දස දහස් ගනන් දෙනා අතරට ද හමුදා ප්‍රහාර එල්ල කෙරේ. මේ අතර සරනාගත කඳවුරු ද ප්‍රහාරයට ලක් වී ඇත. හුස්ම ගැනීමට අවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන  නොලැබීමෙන් රෝගීන් මරු වැලඳ ගනී.

අප ඇස් ඉදිරිපිටම, නාසීන් විසින් සිදු කරන ලද අපරාධ හා සැසඳිය හැකි මහා අපරාධයක් දිග හැරෙමින් තිබේ.  කාන්තාවන් හා දරුවන් බහුතරයක් වන මිලියන දෙකකට අධික ජනතාවක්  හිතාමතාම කුසගින්නට හා විජලනයට ලක් කරනු ලැබ තිබේ.  ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිතයෙක් එය විස්තර කරන්නේ “ගාසා තීරයේ ආයුෂ ඉවරයි” යනුවෙනි. “ජලය යනු ජීවිතය බව අපි කවුරුත් දනිමු. ගාසා තීරයේ ජලය අවසන් වෙමින් පවතී. එමෙන් ම ගාසාහි ජීවය නැති වී යයි…. ප්‍රමාද වීමට පෙර වැටලීම (siege) ඉවත්කල යුතු ය. ඉන්ධන, ජලය, ආහාර සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය සැපයුම් ආරක්ෂිතව ගෙන ඒමට සහන ආයතනවලට හැකි විය යුතු ය. එය අපට මේ දැන් අවශ්‍යය ය,” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය. 

මේ වන විටත් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් පමනක් මරනයට පත් කර ඇති ගනන 2,600 ක් ඉක්මවා ඇත. එක්සත් ජනපදය සිය නැව් හමුදාව මධ්‍යධරනී මුහුදේ රඳවා ගෙන සිටින්නේ මෙම ම්ලේච්ඡ වාර්ගික ප්‍රහාරයට සහාය දීම පිනිස ය. සියලු අධිරාජ්‍යවාදී රටවල මෙන් ම ඉන්දියාව වැනි ධනපති රාජ්‍යන්ගේ ද සහාය පීඩක ඊශ්‍රායලයට ය. තම ආර්ථික දේශපාලන අර්බුදය තව තවත් ගැඹුරු වීම ගැන බිය පල කල ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පලස්තීනයට එරෙහි ප්‍රකෝපකාරී ඇවිස්සීම් පටන් ගත්තේ ය. 

Destriction
2023 ඔක්තෝබර් 10 වැනි දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිදුකර ඇති විනාශය.
Courtesy of Reuters, Mohammed Salem

ප්‍රධාන රේඛා පැහැදිලි වෙමින් පවතී. ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත මහජනයා පලස්තීන පීඩිතයන් වෙනුවෙන් නැගී සිටිති. එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා “ඊශ්‍රායල් ත්‍රස්තවාදය” හා “නිදහස් පලස්තීනය” යන පුවරු සහිත උද්ඝෝෂන පැතිරී ගොස් ඇත. හමාස් සංවිධානයට සහාය පලකරන අය අත් අඩංගුවට ගන්නා බවට බ්‍රිතාන්‍යය පොලිසිය කල තර්ජනයට පෙලපාලිකරුවෝ යටත් නො වූහ. එවන් පෙලපාලිකරුවන්ට වසර පහ දක්වා සිර දඩුවම් ලබා දෙන බව ප්‍රංශ අධිරාජ්‍යවාදය ප්‍රකාශ කර ඇත. සියලු රටවල ජනයා පාලක පන්තියේ තර්ජන මගින් සීමා කල නො හැකි ය. ගල්ෆ් කලාපය මහජනයාගේ උද්ඝෝෂනවලින් ඇලලී යමින් තිබේ. මේ තතු යටතේ, මැද පෙරදිග නැවත හැඩ ගැසිය හැකි ගනුදෙනුවක් කරා ස්ථාවරව ගමන් කරන්නේ යයි ඊශ්‍රායලය සමග එක්ව සපත කර ඇති සෞදි අරාබි පාලක පන්තියට, හමාස් සංවිධානය හෙලා දකින ලෙස එක්සත් ජනපදය කර ඇති ඉල්ලීම පිලි ගැනීමට නො හැකි වී ඇත. ප්‍රථම වතාවට මොහොමඩ් බින් සලමාන් හට සිය පසමිතුරු ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රාසික් වෙත දුරකතන ඇමතුමක් ලබා ගැනීමට සිදු විය. 

ස්වකීය භූමිය තුල ම සිරකරුවන් ලෙස ජීවත් වීමට බල කෙරී ඇති පලස්තීනුවන්ට සටන් කිරීම හැර මාවතක් ඉතිරිව නැත. සැප්තැම්බර 19-26 පැවැත් වූ එක්සත් ජාතීන්ගේ 78 වන මහා සභා රැස්වීමේ දී පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පලස්තීන ජනතාව ප්‍රතිරෝධය පෑම තුලින් ස්වකීය මවු බිම හා නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා අතර, “සාමය විශ්වාස නො කරන, සත්‍යය යුක්තිය සහ මානව වටිනාකම් පිලිබද මූලධර්ම නොතකන, යටත් විජිත ආක්‍රමනයකින් භූමිය මුදා ගැනීම සදහා උපාය මාර්ගික විප්ලවයක් කරන” බව ප්‍රකාශ කලේ ය. “මෙම කුරිරු වාඩිලා ගැනීම” භූමියෙන් ඉවත් කිරීමෙන් මෙපිට පලස්තීන ජනයාට නිදහසක් නැත. සියලු රටවල කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනයා මෙම කුරිරු වාඩිලා ගැනීම අවසන් කිරීම සහ, ඊශ්‍රායල හා පලස්තීන කම්කරුවන්ගේ  ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම සඳහා සටන් කල යුතු ය.

ප්‍රතිගාමීහු පසු ගිය 7දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කල හදිසි ප්‍රහාරයේ කැබැලි අසුලමින් සිටිත්වා! මහා බලගතු ආරක්ෂක බල ඇනියක් ලෙස නම් දැරූ ඊශ්‍රායලය කිසි දා නො සිතු වීරූ ප්‍රහාරයකට ගොදුරු කර ගැනීමට පීඩිත පලස්තීන ජනයාගේ සහාය ලැබූ හමාස් සටන්කාමීන්ට හැකි විය. එය කාර්මික ශක්තියේ ප්‍රමුඛ බලය වන කම්කරු පන්තියේ අව්‍යාජ සංවිධානාත්මක විප්ලවවාදී නැගිටීමක් ලෙස මතු වී නම් තතු කෙසේ විය හැකිව පැවතියේ ද? 

අද පවතින ඊශ්‍රායල රාජ්‍යය 1914 පලමු ලෝක යුද්ධයේ දී යුදෙව් ජනයාගේ සහාය තමන් වෙත දිනා ගැනීමේ උපායක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුද කැබිනට්ටුව කල සැලසුමක ඵලයකි. එම කැබිනට්ටුවේ තීරනය අනුව 1917දී  එවක ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්ව පැවති ප්‍රදේශයෙන් ‘යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්’ පිහිටුවීමට සහාය දෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆර්, සියොන්වාදී නායකයෙකු වන රොස්චයිල් සාමි වෙත දැනුම් දෙන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පැන නැඟුනු මහජන නැගිටීම් තලා දමා අධිරාජ්‍යවාදී ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා ඇතැම් රාජ්‍ය වාර්ගික ආගමික රේඛා ඔස්සේ බෙදා වෙන් කිරීම අධිරාජ්‍යවාදයේ මුලෝපායික අවශ්‍යතාව වූයේ ය. 1948 පලස්තීනය තුල සියොන්වාදී ඊශ්‍රායලය නිර්මානය කිරීම මගින් තෙල් සම්පතින් පොහොසත් මැද පෙරදිග කලාපය ම සිය ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීම එම මූලෝපායයෙන් ම ගලා ආවේ ය යන්න අපි අමතක නො කරමු. 

අද මුලු මහත් අධිරාජ්‍යවාදී පද්ධතිය ම, ගැඹුරින්ම දෙදරුම් කන ආර්ථික දේශපාලන අර්බුදයකින් වෙලී තුන්වැනි ලෝක යුද්ධයක සැලසුම් වෙත යොමු වෙමින් පවතී. ඊශ්‍රායලය තුල දැන් වර්ධනය වන්නේ මෙතෙක් පැවති ප්‍රතිඝතිකතාවල නව අදියරක් වන්නේ එබැවිනි. කම්කරු පන්තියට නිදහස අවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදී ධනවාදයට එය මුලුමනින් වලලා දැමීමත් අවශ්‍යය ය. පලස්තීන ජනතාවගේ නිදහස සදහා අරගලය ඊශ්‍රායලය ඇතුලු සෑම රටකම කම්කරු පන්තිය විසින් ආරක්ෂා කිරීම මග නො හැරිය හැකි පන්ති අවශ්‍යතාවක් වන්නේ එබැවිනි.  

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ සඳහා අවශ්‍ය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් අරගලයට ප්‍රවිශ්ට වී ඇත. පලස්තීන ජනතාවගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය විසින් කරනු ලැබ ඇති යෝජනා සමග සිටගන්නා කොලඹ ක්‍රියාකාරී කමිටුව, එම අරගලය වටා රොක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අපි, පහත සඳහන් ඉල්ලීම් සඳහා අරගලය බලමුලු ගැන්වීමට මහජනයා කැඳවුම් කරමු:

  • නෙතන්යාහු ආන්ඩුවට එක්සත් ජනපදය හා යුරෝපා ආන්ඩු විසින් සම්පාදනය කෙරෙන සියලු යුද ආධාර වහා නතර කරනු!
  • ගාසා තීරය වැටලීම වහා ඉවත් කරනු!  
  • කොටු කර සිටින ජනයාට වතුර, බෙහෙත්, විදුලිය, ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දේ වහා සම්පාදනය කරනු!
  • පලස්තීන ප්‍රදේශ අත්පත් කර ගැනීම වහා නතර කරනු!
  • සියොන්වාදී ආක්‍රමනික හමුදා ඉවත් කරනු!

සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!  Read More »

Palestine

Stop Israeli genocide!

By David North

 Palestine
Israel has already dropped more bombs on Gaza in six days than the U.S. dropped on Afghanistan in a single year. Israeli military ordered over one million Palestinian civilians to flee their homes. They are dehydrating and starving. This is genocide and ethnic cleansing. Image courtesy X

The following statement appeared originally on X/Twitter.

A crime of monumental dimensions, comparable to those committed by the Nazis, is now unfolding before the eyes of the world. More than two million people are being deliberately subjected to starvation and dehydration.

The international working class must come to the defense of Gaza and demand the following:

1) The US and European governments must be compelled to end their support for and complicity in the Gaza genocide!

2) Food, water, electricity, medical care and all other necessities must be made available immediately!

3) The siege must be lifted!

4) All military attacks must stop!

5) The Israeli IDF must be forced to demobilize at once and withdraw all its forces from the border with Gaza!

[This statement was published originally by WSWS here today]

Read the following essential statements and articles too:

Tens of thousands protest Israeli war crimes across US

US, European powers fully implicated in Israeli mass murder

French President Macron endorses Israeli war on Gaza

German parliament in a war frenzy

Spontaneous protests in solidarity with Palestinians in German cities

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Israel: Gantz joins Netanyahu in National Unity government to wage war on Palestinians

Ocasio-Cortez says pro-Palestinian demonstrations should be “shut down” as opposition to Israeli war crimes grows

Biden proclaims unlimited support for Israeli onslaught on Gaza

Canadian politicians and media rally behind Israel’s murderous response to Palestinian uprising

Who is responsible for the violence in Israel and Gaza?

Israeli army lays siege to Gaza

Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza!

Netanyahu regime staggered by Palestinian uprising

Stop Israeli genocide! Read More »

Gaza

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු ලන වහල් හිමිකරුවෙක් සහ, කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් විලංගු බිඳ දමන වහලෙක් යන මේ දෙදෙනා සදාචාරය පිලිබඳ උසාවියක් ඉදිරියේ සමානයන් වෙතැයි අපට කීමට කිසිදු නීචයෙක් ඉදිරිපත් නොවෙත් වා! ” – ලියොන් ට්‍රොට්ස්කි, 1938

Gaza
2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ පහර දුන් ගොඩනැගිල්ලක සුන්බුන් පරීක්ෂා කරන පලස්තීනුවන් . [AP Photo/Fatima Shbair]

සිකුරාදා රාත්‍රියේ දී, ගාසා තීරයේ පලස්තීන හමුදා, රොකට් ප්‍රහාර මාලාවක් සමග ගාසා තීරය වට කර සිටින ඊශ්‍රායල හමුදාවන් එල්ල කරමින් හදිසි ප්‍රහාරයක් දියත් කලහ. සෙනසුරාදා රාත්‍රිය වන විට ඊශ්‍රායල ජාතිකයන් 200ක් මිය ගොස් 1100 ක් තුවාල ලබා තිබූ අතර පලස්තීනුවන් 232ක් මිය ගොස් 1697ක් තුවාල ලබා තිබුනි. මුලදී ඊට සූදානම්ව නොම සිටි ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ රුධිරයෙන් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට ශපථ කර  ඇත.  

සිකුරාදා රාත්‍රියේ ආරම්භ වූයේ, ප්‍රචන්ඩ සහ ම්ලේච්ඡ ලෙස පීඩාකාරී ඊශ්‍රායල වාඩි ලා ගැන්මට එරෙහි පලස්තීන ජනතාවගේ නැගිටීමකි. නෙතන්යාහු ආන්ඩුව, ෆැසිස්ට් වැනි ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පලස්තීන ඉඩම් නිරන්තර සොරකම් කිරීම අනුමත කිරීමද, ගාසා තීරය අවහිර කිරීම ද, එහි පාලක හමාස් පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කර ඝාතනය කිරීම ද,  අල්-අක්සා පල්ලියේදී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සංවිධානය කිරීමද සිදු කර ඇත. එය, ගාසා තීරයට දරාගත නොහැකි කොන්දේසි පැනවීම මගින්  සන්නද්ධ ප්‍රතිරෝධය අනිවාර්යය කලෙහි ය. 

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට කිසිදු පැකිලීමකින් තොරව සහාය දෙන අතරම පලස්තීන ප්‍රතිරෝධය “ත්‍රස්තවාදයක්” ලෙස හෙලා දකින යුරෝපා සංගමයේ නායකයින් සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ දුෂ්ට හා අශ්ලීල කුහක ප්‍රකාශයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකියි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල මිලිටරි මෙහෙයුම් සඳහා “අචල සහ නොසැලෙන” සහයෝගය සදහා ප්‍රතිඥා දෙමින් බයිඩන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහි මෙම බිහිසුනු ප්‍රහාරය අවිවාදිතව හෙලා දකින අතර, . ඊශ්‍රායල රජයට සහ ජනතාවට අවශ්‍ය සියලුම අදාල  ආධාරක විධි ඉදිරිපත් කිරීමට අපි  සූදානම් බව මම අගමැති නෙතන්යාහුට පැහැදිලි කලෙමි. ත්‍රස්තවාදය කිසිවිටෙක යුක්ති සහගත නොවේ. ඊශ්‍රායලයට තමන් සහ තම ජනතාව ආරක්ෂා කිරීමට අයිතියක් ඇත.”

ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් මෙසේ ප්‍රකාශ කලාය: “ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානයේ පිලිකුල් සහගත ප්‍රචන්ඩත්වය, පෙර නොවූ විරූ මෙන්ම අයුක්ති සහගත ය. මෙම ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුය. ඊශ්‍රායලයට අපගේ පූර්න සහයෝගීතාව ඇත.”

මෙම ප්‍රකාශවල කුහකකම විශ්ම සහගතය. සෑම විටම මෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ලැබී ඇත්තේ පීඩකයන්ට ය. පීඩිතයන්ගේ ප්‍රතිරෝධයේ කිසියම් ම ප්‍රකාශනයක් ආවේශගත හෙලාදැකීම් වලින් පිලිගනු ලැබේ. ඊස්රායල් ආන්ඩුව  අපරාධකරුවෙකු විසින් මෙහෙයවනු ලබන බවත්, ඔහුගේ සභාගය ෆැසිස්ට්වන් වර්ගවාදීන් විසින් ආධිපත්‍යය දරන බවත්, එය ව්‍යවස්ථාව යටපත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බවත්  මාධ්‍ය නොසලකා හරියි.

යුක්රේන යුද්ධය පිලිබඳ එහි ආවරනය තුල, රුසියාව “නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රිමියාව ඈඳා ගැනීම” ලෙස ඔවුන් පුරුද්දක් ලෙස හඳුන්වන දෙය හෙලා දැකීමට මාධ්‍ය කිසිවිටකත් අසමත් නොවේ. එක්සත් ජනපදය පුන පුනා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියාව යලි අත්පත් කර ගැනීම සඳහා, “අවැසි තාක් කල්” යුක්රේනයේ යුද්ධයට සහය දෙන බවයි. එහෙත් පලස්තීන භූමියේ විශාල බිම් කොටස් ඊශ්‍රායලය විසින් නීති විරෝධී ලෙස ඈඳා ගැනීම, එය කිසිවිටෙක හෙලා දකින්නේ නැත.

ගාසා තීරයේ පලස්තීන ජනගහනයට සහ හමාස් ආන්ඩුවට ඩොලර් බිලියන සිය ගනනක් තරම් ආයුධ සපයන බලවත් අධිරාජ්‍යවාදී ආධාරකරුවන් නොමැත. සෑම වසරකම ඩොලර් බිලියන ගනනින් එක්සත් ජනපද මිලිටරි ආධාර ලබන ඊශ්‍රායල හමුදාවේ වාඩිලෑමකට එරෙහිව පලස්තීනුවන් ආයුධ අතට ගන්නා විට, ඔවුන් අතිමහත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුන පාමින් සිටින බව ඔවුහු දනිති.

එහෙත් නේටෝ රටවල ප්‍රතිගාමී දේශපාලඥයින් සහ වහල් මාධ්‍ය විසින් පලස්තීන හමුදාවන් වීරයන් ලෙස ගෞරව නොදක්වන අතර, ඒ වෙනුවට ත්‍රස්තවාදීන් ලෙස හෙලා දකී. යථාර්ථය නම්, ඊශ්‍රායල රාජ්‍යය , වසර ගනනාවක් තිස්සේ ජනාකීර්න ගාසා තීරයට එල්ල කරන ලද ඉවක් බවක් නොමැති  ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය හෝ දහස් ගනනක් ඉලක්ක කර මරා දමා ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රියේ ත්‍රාසය දනවන ජාතිය ඇමතීමකින්, නෙතන්යාහු  “ගාසාවේ පදිංචිකරුවන්ට” පැවසුවේ “දැන් ඉවත්ව යනු, මන්ද අපි සෑම තැනකම සහ පූර්න බලයෙන්  යුතුව ක්‍රියා කරන්නෙමු” යනුවෙනි. ඔහුගේ ආන්ඩුව ගාසා තීරය අවහිරකරමින් කිසිවෙකුට පිටව යාමට ඉඩ නොදෙන බැවින්, මෙය, ගාසා තීරයේ සමස්ත ජනගහනයම නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස නෙතන්යාහු දකින බව ප්‍රකාශ කිරීමකි. නෙතන්යාහු, “හමාස් සංවිධානයට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ඝාතනය කිරීමට” බව ප්‍රකාශ කරමින්, “ කටුක අවසානය දක්වා ඔවුන් සමග සටන් කිරීමට” ප්‍රතිඥා දුන් අතර හමාස් ක්‍රියාත්මක වන නගර “විනාශයේ නගර” බවට පත් වනු ඇති බව කියා සිටියේය.

ගාසා තීරය විනාශ කිරීමේ මෙම ම්ලේච්ඡ තර්ජනය නෙතන්යාහුගේ පාලන තන්ත්‍රයේ ෆැසිස්ට් ආකාර   ස්වභාවයට සාක්ෂි දරයි. සියොන්වාදී පාලන තන්ත්‍රය දශක ගනනාවක දකුනට මාරුවීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, ආගමික සියොන්වාදී පක්ෂය වැනි ප්‍රචන්ඩ අන්ත දක්ෂිනාංශික කන්ඩායම්, ඔහු විසින් ඔහුගේ ආන්ඩුව තුල සංස්ථාපිත කිරීමයි. එහි සාමාජිකයින් විසින් අල්ලා ගත් ප්‍රදේශවලින් පලස්තීනුවන්  නෙරපා හැරීම සඳහා කැඳවීම් කරමින්, 1994  කුලදෙටු ගුහාවේ සංහාරය (Cave of Patriarchs massacre) වැනි පලස්තීනුවන් ඝාතනය කිරීම් ප්‍රවර්ධනය කරමින්, අල්-අක්සා පල්ලිය විනාශ කරන ලෙස බලකර සිටිමින්, ඇමරිකාවේ උපන් ෆැසිස්ට්වාදී මීර් කහාන් ( Meir Kahane) ගේ උරුමය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාත්මක වෙයි.

ඔහුගේ යුද්ධය සඳහා නෙතන්යාහුගේ සාධාරනීකරනය පදනම් වී ඇත්තේ ඔහු විසින් ජනඝාතක සංවිධානයක් ලෙස සලකන හමාස්ගේ අරමුනු මුසාකරනය කිරීම මත ය. යථාර්ථය නම්, හමාස් හමුදා අංශය වන අල්-කසාම් බලකාය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය අවධාරනය කරන්නේ, යුදෙව්වන්ට නොව ඊශ්‍රායල් වාඩි ලා ගැනීමට එරෙහි එහි විරෝධය යි. ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් (settlers) විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම, පලස්තීනුවන් දිගු කාලීනව සිරගත කිරීම, පලස්තීන ඉඩම් සොරකම් කිරීම සහ අල්-අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම් හෙලා දකිමින්, එය  අවසන් කරන්නේ:

“ඊශ්‍රායල් වාඩි ලා ගැනීම  ගාසා තීරය වැටලීම පවත්වා ගෙන යමින් අපගේ පලස්තීන ජනතාවට එරෙහි අපරාධ දිගටම කරගෙන යන අතර, එක්සත් ජනපදයේ සහ බටහිර සහයෝගය සහ ජාත්‍යන්තර නිශ්ශබ්දතාවය මධ්‍යයේ ජාත්‍යන්තර නීති සහ යෝජනා සම්පූර්නයෙන් නොසලකා හරියි;   ඒ සියල්ල සදහා  තිත තැබීමට අපි තීරනය කලෙමු. පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල අපරාධ සහ අල්-අක්සා පල්ලියේ උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් ගෙන එන ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව මිලිටරි මෙහෙයුමක් අපි නිවේදනය කරමු” යනුවෙනි.

එවැනි මෙහෙයුමක් රහසිගතව සූදානම් කර එය – යොම් කිප්පූර් යුද්ධයෙන් වසර 50 කට පසු – ඔක්තෝබර් 6දා දියත් කිරීමට හමාස් සතු හැකියාව ඊශ්‍රායල රාජ්‍යයේ අර්බුදයේ ගැඹුර හෙලිදරව් කරයි. එය ෆැසිස්ට් ආකාර  කොටස් විසින් ඉහවහා ගොස්  ඇති අතර, නෙතන්යාහුගේ දූෂන සම්බන්ධයෙන් වසර ගනනාවක නඩු විභාගයක් සමග  සටනේ යෙදී ඇත. එසේම එය , අධිකරනයේ නෛතික ස්වාධීනතාවයට  වල කැපීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර එහි අසාර්ථකත්වය  මධ්‍යයේ, මෙම වසර මුලදී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට මුහුන දුන්නේය. ෆැසිස්ට් ආකාර  ත්‍රස්තය හරහා පලස්තීන විරෝධය යටපත් කිරීමේ  එහි උත්සාහය අසාර්ථක ව ඇත.

1943 දී වෝර්සෝ ගෙටෝවේ (ghetto-විශේෂයෙන් යුරෝපයේ යුදෙව්වන් කොටුකල නාගරික මුඩුක්කු වන් ප්‍රදේශ)  යුදෙව්වන්ගේ නැගිටීමෙන්  සහ 1944 වෝර්සෝ කැරැල්ලෙන් , අල්ලා ගත් පෝලන්තයේ නාසි අන දෙන නිලධාරීන් පුදුමයට පත් වූ ආකාරයටම, පලස්තීන නැගිටීම ගැන නෙතන්යාහු රජය මවිතයට පත් විය. උඩඟුකම සහ වාර්ගික වෛරය නිසා අන්ධව සිටි එය, තම මර්දනය මගින් පලස්තීනුවන්ගේ කොන්ද බිඳ දමා ඇති බැවින් ප්‍රතිරෝධය අශක්‍ය යැයි   විශ්වාස  කලේය. එහි වරද හෙලිදරව් වී දැන් එය – දස සහ සිය දහස් ගනනක් ඝාතනය කරමින් නැගිටීම් වලට ප්‍රතිචාර දැක්වූ නාසීන් වාඩිලා ගත්  පෝලන්තයේ දී මෙන් – රුධිර ස්නානයක් කරා ගමන් කරමින් සිටී.

මෙම පිලිවෙත අරාබි හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෘථුල විරෝධයට මුහුන දෙයි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නිර්ලජ්ජිත බොරු නොතකා, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාව අතර පලස්තීනුවන් කෙරෙහි පුලුල්  සහයෝගයක් පවතී. 

කෙසේ වෙතත්, මෙම සහයෝගය සහ විරෝධය දේශපාලනිකව බලමුලු ගැන්විය යුතුය. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන් නෙතන්යාහු ආන්ඩුවේ මිනීමැරු පිලිවෙත්වලට එරෙහිව තමන්  වෙන් කර ගනිමින්  විරුද්ධ විය යුතු අතර මර්ධනයට හා වාඩිලෑමට එරෙහිව පලස්තීනුවන්ගේ සටනට සහාය දිය යුතුය.

දූෂිත අරාබි සහ මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍ර , අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ලේවැකි මර්දනයක් දියත් කිරීමේ  නෙතන්යාහුගේ සූදානමට හවුල් ය. නෙතන්යාහු විසින් නොසලකා හරිනු ඇති, උත්සන්න වීම  අඩු කිරීම සහ සංයමය සඳහා තුර්කියේ, ඊජිප්තුවේ, සවුදි අරාබියේ සහ කලාපයේ වෙනත් තැන්වල ධනේශ්වර ආන්ඩු,   ආයාචනා කරති. ඒ අතරම, ඔවුන් සියල්ලෝම තමන්ගේ මිලිටරි සහ මූලෝපායික හේතු උදෙසා ඊශ්‍රායල පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මං  සොයමින් සිටිති.

ඊශ්‍රායලය තුල නෙතන්යාහුගේ ප්‍රහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නැවැත්වීමට, නෙතන්යාහු පාලනය බිඳ දැමීමට සහ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ  ඊශ්‍රායල වාඩිලා ගැන්ම අවසන් කිරීමට,  ඒකාබද්ධ අරගලයක් පෙරට ගන්නා  ඊශ්‍රායල, පලස්තීන සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි Read More »

GAZA

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි

අපේ ලියුම්කරු විසිනි.

GAZA
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් අතරතුර 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් ,දුමාරයක් නැඟේ.  මහමුද් හම්ස් |  AFP |  Getty Images

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කර ගනිමින් ද, සමූල  ඝාතක යුද්ධයක් අරඹා ඇත. ඊශ්‍රායලය සඳුදා කියා සිටියේ, ප්‍රහාර එල්ල කරන අතරම තමන් මෙකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය – එනම්, “ආහාර, ඉන්ධන හා ඖෂධ ආදී සියල්ල – වලක්වන” බව ය. සඳුදා එල්ල කල ප්‍රහාරය එතෙක් මෙතෙක් ගාසා තීරයට තමන් විසින් එල්ල කෙරුනු විශාලතම ප්‍රහාරය බව ඊශ්‍රායලය පවසයි. 

ප්‍රහාරය මගින් පැය 24ක් තුල 187,518 නිවාස හැර ගොස් ඇති බව එක්සත් ජාතී්ගේ සංවිධානය වාර්තා කර ඇත. එයින් 137,427ක් පාසැල් 43 ක නවාතැන් ගෙන ඇති අතර, 41,000කගේ නිවාස මුලුමනින් ම විනාශ වී හෝ අලාභහානි වී ඇති නිසා නෑ-හිතවතුන්ගේ නිවෙස්වල රැකවරන ලබති. 

සඳුදා, ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරනගත කඳවුරට බෝම්බ හෙලන ලදී. එහි සිටි එක් වාර්තාකාරිනියක් සඳහන් කර ඇත්තේ, සිය ජිවිත මුලුමනින් ම අනාරක්ෂිත බව ය. මේ වන විටත් පුවත්පත්කලාවේදීන් දුසිම් භාගයක්වත් බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත් වී ඇත.   

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ජෝෂ් හෝලි  සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රනාශයක් අද “අල් ජසීරා” වාර්තා කර ඇත. “ඊශ්‍රායලය පැවැත්ම පිලිබඳ තර්ජනයකට මුහුන දී සිටී. යුක්රේනයට දෙන කවර හෝ අරමුදලක් වේ නම් එය වහා ම ඊශ්‍රායලයට හරවා යැවිය යුතු ය.” ඒ වන විටත් ඇමරිකානු යුද නැවක් ඊශ්‍රායලයට සහාය පිනිස වහා යවනු ලැබ තිබිනි.

මේ අතර ඇමරිකානු ඒකාබද්ධ කාර්‍ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් චාල්ස් කිව්. බ්‍රවුන් “මෙම සටනට අත නො දමන්නැයි (not get involved) ඉරානයට තර්ජනය කර ඇත. 

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර ඇත්තේ “ගාසා තීරය මුලුමනින් අවහිර කිරීමට” තමන් විරුද්ධ නො වන බවයි. “පලස්තීන ජනයා අතර තමන්ගේ ම ආරක්ෂාව සලසා ගැනීමට” හමාස් සංවිධානයට එවිට සිදු වනු ඇත යන නරුම ප්‍රකාශය ඔහු ඊට එකතු කර ඇත. 

කොටු කරනු ලැබූ සිවිල් ජනතාව හා ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙලන සෑම මොහොතකම  ජාත්‍යන්තර මානුෂවාදී නීති සම්මුතීන් අමු අමුවේ උල්ලංගනය කර ඇති

නෙතනයාහු යුධ අපරාධ කරුවෙකි.  එහෙත් අධිරාජ්‍යවාදය මෙම සම්මුති මායිම් කරන්නේ නැත. යුක්‍රේනයේ හිටපු නාසි ඝාතකයන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුල උත්කර්ෂයට නංවමින් ද, නව නාසි වාදීන්ගේ නියෝජිතයෙක් වන සෙලෙන්ස්කිගේ ආන්ඩුවයට සියලු මිලිටරි හා මූල්‍යමය සහාය දෙමින් ද සිටින අධිරාජ්‍යවාදයට ඊශ්‍රායලයේ අපරාධවලට එරෙහි පුලුල් ව්‍යාපාරය  “යුදෙවි විරෝධය” ලෙස හංවඩු ගැසීම නරුමවාදයකි.  එහි අර්ථය ඊශ්‍රායලයේ ලේ පිපාසිත සියෝන්වාදය වහංගු කිරීමයි.

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි Read More »

Graves

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම 

මිගාර මල්වත්ත විසිනි.

Graves
2023 සැප්තැම්බර් 15 සිකුරාදා ලිබියාවේ ඩර්නා හි හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ සොහොන් අසල මිනිසෙක් වාඩි වී සිටියි. [AP Photo/Yousef Murad]

මධ්‍යධරණී මුහුද අවට යුරෝපිය රාජ්‍යයන් දරුණු ගංවතුරකින් යටකරමින් හමාගිය ඩැනියෙල් කුණාටුව, අප්‍රිකාවේ ලිබියානු මධ්‍යධරණී වෙරලබඩ පිහිටි ඩර්නා නගරයට හා අසල වියලි නිම්නයට, ඉතා කෙටි කාලයක් තුළ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලබා දෙමින්, එම වියලි නිම්නය (වොඩිය) ජලයෙන් පුරවා ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ලක්ෂයකට  වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගියේය. නගරයේ  පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ක් යැයි විශ්වාස කෙරේ. 1927 දී ඇල්ජීරියාවේ ඇති වූ දරුණු  ගංවතුරෙන් සිදු වූ  ජිවිත විනාසය  හා සැසදීමේදී මෙහිදී සිදු වූ ජීවිත විනාශය, එය අගුටුමිටි ස්වභාවයකට පත් කරයි.

ලිබියාවට එරෙහිව , මහා ව්‍යසනයක් හැරෙන්නට වෙන කිසිවක් ලබා නොදුන්, එක්සත් ජනපද-නේටෝ ආක්‍රමණය, ට්‍රිපොලි සහ සර්ටේ වෙත  බෝම්බ හෙලා ජීවිත 25000ක් බිලි ගත් අතර මාස 7ක් ගෙන ගිය යුද්ධය, 2011 ඔක්තෝම්බර් 20 වෙනිදා මුවමර් ගඩාෆි ඝාතනයත් සමග අවසන් විය. 

ඉනික්බිතිව, බාහිර බලවතුන්ගේ  පිටුබලය ලද  ප්‍රතිවාදී කන්ඩායම් අතර ඇවිලී ගිය සිවිල් යුද්ධය  මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත්තේ, විශාල තෙල් හා ගෑස් සංචිත පාලනය කිරීමට ගෙනගිය  තරඟයේ ප්‍රතිඵලයක් ලෙසිනි. දැන් බෙන්ගාසි මූලස්ථානය කොට ගත් නැගෙනහිර කලාපයක් සහ අගනුවර වන ට්‍රිපොලියෙන් පාලනය වන බටහිර කලාපයක් ලෙස, එකිනෙකට සතුරු රජයන් දෙකකට ලිබියාව  බෙදා ඇත. ට්‍රිපොලි සිට අගමැති අබ්දුල් හමීඩ් ඩ්බෙයිබේගේ  ජාතික එකමුතුවේ රජය විසින් පාලනය කරනු ලබන අතර  කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාවේ සහාය ඇතිව අගමැති ඔසාමා හමාඩ් යටතේ නැගෙනහිර පාලනය කෙරේ.

 නේටෝ ආක්‍රමණයට පෙර, 2010 දී, අප්‍රිකානු මහද්වීපයේ විශාලතම මෙන්ම වඩාත් සංවර්ධිත,  වැඩිම ආයු අපේක්ෂාව සහිත, ආර්ථික වශයෙන් වඩාත් සමෘද්ධිමත් රට වූයේ ලිබියාව යි.  

එක්සත් ජනපදය ගෙන ගිය   ව්‍යසනකාරී යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස ගරාවැටෙන යටිතල පහසුකම් සහිත, දරිද්‍රතාවය සහ හිගනකම උරුම කර ගත් රටක්  බවට ලිබියාව පරිවර්තනය වී ය. ජනගහණයෙන් තුනෙන් එකක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ.  මිලියන 6.7 ක ජනගහනයෙන් 900,000 කට ආසන්න පිරිසකට දැන් මානුෂීය ආධාර අවශ්‍යව පවතී.

යුද්ධයට පෙර වර්ෂය වන 2010 දී ලිබියාවේ දළ දේශීය ,නිෂ්පාදිතය ඒක පුද්ගල ආදායම ඩොලර් 11,611 කි. 2021 වන විට,එකී ආදායම ඩොලර් 5,909 දක්වා අඩකින් අඩු විය. ඉතියෝපියාව (සියයට 591 කින් ඉහළට), කෙන්යාව (සියයට 468 කින් ඉහළට) සහ නයිජීරියාව (සියයට 230 කින් ඉහළ ගොස්) වැනි අප්‍රිකානු රටවලට  ප්‍රතිවිරුද්ධව, 2010 සිට 2021 දක්වා රටේ ශුද්ධ ධනය සියයට 21 කින් තියුනු ලෙස පහත වැටිනි.

ලිබියාවට එරෙහිව  එක්සත් ජනපද- නේටෝ ආක්‍රමණය සිදු වන්නේ ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ දීය.

ඔබාමා, ජනාධිපති ධුරයට පත්වූ 2009 වසරේ දීම, සාමය සඳහා වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. අට වසරක තම ජනාධිපති ධුර  කාලසීමාව තුලදී ඔහු එක් දිනක් හෝ යුද්ධයෙන් වියෝ නොවුනි. එමෙන්ම    ඔහු ඉරාකයට  හා ඇෆ්ගනිස්ථානයට එරෙහි හමුදා ආක්‍රමණය තවදුරටත්  තීව්‍ර කලේ ය.ඔහු  2013 දී සිරියාව ආක්‍රමණය කරමින්, සිරියාව විනාශ කොට සිවිල් වැසියන් ලක්ෂ ගණනින් මරා දැමූ යුද්ධකට මුල් පිරී ය. ,  ඩ්‍රෝන යානා මගින් කරනු ලබන යුද්ධයකට මුල පුරමින් ,ඔහු  ඇෆ්ගනිස්ථානය , පකිස්ථානය, යේමනය , සෝමාලියාව යන රටවලට ඩ්‍රෝන වැසි වස්සා,අහිංසක මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. 

2011 ලිබියාව ආක්‍රමනයෙන් පසුව එහි ප්‍රතිවාදී මිලිෂියා කන්ඩායම් අතර සිවිල් යුද්දයක් ඇවිලීම පිටුපස අදිරාජ්‍යවාදීන්ගේ හා දනපති බලයන්ගේ පිටුබලය ලැබූ පාර්ශවයන්ගේ අරමුන වූයේ තෙල් සම්පත් මත සිය ආදිපත්‍ය පිහිටුවාලීමයි.

මේ කොන්දේසි යටතේ ඩර්නා වේලි නඩත්තු නොකෙරුනි.එබැවින්, ඩර්නාහී වේලි දෙක බිද වැටී එහි මිනිස් ජීවිත  20000 එක් රැයකින් පිස දැමීමේ  වගකීමෙන් ගැලවීමට ඔබාමාට සහ ඔහුගේ සගයන්ට නොහැකිය.

ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම සඳහා මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම් යොදා ගනු ලැබුනි. ISIS ලෙස හඳුන්වනු ලබන මුස්ලිම් මූලදර්මවාදී කොටසක්  ජනාධිපති බෂාර් අල්-අසාද්ට එරෙහි කැරලිකාරී ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිරියාවට යවන ලදී . ඉත පුහුණුව ලත්  අනෙකුත් ඉස්ලාම් මූලධර්මවාදීන් දකුණට ගමන් කරමින්, චැඩ්, නයිජර්, මාලි, බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ නයිජීරියාව ඇතුළු  සහේල් ප්‍රදේශ අස්ථාවර කරමින් අප්‍රිකාවේ පුරා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කෙරුනි. 21 වන සියවසේ දෙවන දශකයේ, ලොව පුරා ව්‍යාප්ත වූ ඉස්ලාමිය මූලධර්මවාදී පිළිලය රෝපණය කර ව්‍යාප්ත වීමට ඉඩ සලසා දීමේ,  ප්‍රධාන වග උත්තරකරු වන්නේ ද ඔබාමා ය.

ගංවතුරෙන් විනාශ වූ  ඩර්නා හි ජනතාවට ආධාර කරන පුණ්‍යායතනට  දායක වන ලෙස මෙම ව්‍යසනකාරී ආක්‍රමණයේ ප්‍රධාන නියමුවා වූ , හිටපු ජනාධිපති බරක් ඔබාමා සති අන්තයේ ට්විටර්හි  මිලියන 132ක් වූ ඔහුගේ  අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය

ලිබියාව හා මැද පෙරදිග කලාපය අස්ථාවරත්වයට  ඇද දැමූ,  ලොව පුරා භීෂණය , ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය  පැතිර වීමට දායක වු, 21 වන සියවසේ, අංක එකේ යුද  අපරාධකරු වන ඔබාමා, තමන් ද ඍජුවම වගකිව යුතු සිය අපරාධයකාරී අතීතය සැගවීම වස් ඩර්නාහී ඊනියා ” මානුෂික ආධාර වැඩසටහනක්” ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් විය.

ලිබියාවේ යුද්ධයට වගකිව යුතු , යුද්ධය  යුක්තිසහගත කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළ එවකට දී උප ජනාධිපති වූ ජෝ බයිඩන් සහ  රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් ද ඊට  ඇතුළත් ය. 

බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් පවත්වාගෙන යනු ලබන පදනම වන ගෝලීය ක්ලින්ටන් පදනම (Clinton Global Initiative )  අනුග්‍රහය දක්වන  සමුළුව සැප්තැම්බර් මස 19 හා 20 යන දෙදින තුළ  පැවත් වීය. පුරසාම් හා නොයෙකුත් නන්දෙඩවිලි ඇතුළත් වූ එහි න්‍යාය පත්‍රයේ ලිබියානු ව්‍යසනය හෝ එහි හිලරි ක්ලින්ටන්ගේ භූමිකාව හෝ සඳහනක් නොවී ය.

මේ ව්‍යසනය පිලිබද එලිදරව්වේ දී ඇමරිකානු සංගත මාද්‍ය ඊට ඔබාමා-බයිඩන් පාලනය සහ එක්සත් ජනපද ආන්ඩුවේ වගකිවයුතු යන්න ගැන කිසිවක් නොකි යයි.

එමෙන්ම  වොෂින්ටනයේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් දේශපාලනිකව හෝ අධිකරණමය වශයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවනු ඇත.

ජනාධිපති බයිඩන් ලිබියානු ජනතාවට සහයෝගය සහ අනුකම්පාව සඳහා ඔහුගේම ශුද්ධ ආයාචනයක් නිකුත් කළේය. “ලිබියාවේ විනාශකාරී ගංවතුරෙන් ආදරණීයයන් අහිමි වූ සියලුම පවුල්වලට ජිල් සහ මම අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමි,”  පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එක්සත් ජනපදය සහන සංවිධාන වෙත හදිසි අරමුදල් යවන බවයි. තවමත් ඩොලර් ප්‍රමානයන් ප්‍රකාශයට පත් කර නැත. නමුත් එය යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට  වියදම් කර ඇති ඩොලර් මිලියන 80,000  කට ආසන්න මුදල තබා 2011 දී ලිබියානු යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන ලද ඩොලර් මිලියන 1100  හා සසඳන විට එය සොච්චම් අගයක් ගනු ඇත.

2011මාර්තු 19 දින ලිබියාවට එරෙහි හමුදා ආක්‍රමනය දියත් කෙරෙනු ලැබුවේ, බෙන්ගාසි ජනයා සමූලගාතනය කිරීමේ ගඩාෆි හමුදා තර්ජනයෙන්  බේරා ගැනීමේ කඩතුරාවට මුවාවී ගෙන ය.

ඊට දින දෙකකට පෙර,  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම ප්‍රබන්ධය අනුමත කරමින්, ලිබියාවට පහර දීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා දුන්නේය. එහෙයින් නේටෝ අධිරාජ්‍යවාදීන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ලිබියානු ඛේදවාචකයේ වගකීම ඍජුවම දරයි.

සැප්තැම්බර් 18-26 දිනයන්හී නිව් යෝක් නගරයේ දී පැවත් වූ එක්සත් මහ මන්ඩල රැස්වීමේ දී ගෝලීය කුසගින්න හා රෝග වැලක් වීමට, මොරොක්කෝව,ලිබියාව ,තුර්කිය සහ තවත් ගනන් නැති රටවල් ගනනාවක “ස්වාභාවික විපත්”සදහා උපකාර කිරීමේ අවශ්‍යතාව පිලිබද ව ද සුලු සදහනක් විය.එහිදී ලෝක බලවතුන් හදිසි අවශ්‍යතාව ලෙස ඉස්මතු කලේ යුක්‍රේනයට සහය දැක්වීමට ලෝකය බලමුලු ගැන්වීම යි.

එහි දී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂුල්ස් , 20 වන සියවසේ ජර්මානු අධිරාජ්‍යවාදයේ මහා අපරාධකරු ඇඩෝල්ෆ් හිට්ලර් විසින්, 2 වන ලෝක මහා සංග්‍රාමයේ දී රුසියාවට එරෙහිව අනුගමනය කරන ලද වැඩ පිළිවෙල , තමන් ඉදිරියට රැගෙන යන බවට පැහැදිලිව ඉගි කලේය .

මෙහි දී  රුසියාවට එරෙහි යුද්ධයට ඩොලර් මිලියන 40,000 කට ආසන්න මුදලක් වැය කොට  ඇති යුරෝපා සංගමය, ඩර්නා ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර වශයෙන් ඩොලර් 537,000ක් ( එනම් ඩොලර් මිලියන භාගයකට මදක් වැඩි මුදලකි) ලබා දීමට පොරොන්දු විය.  

මෙසේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද  විනාශය සදහා මිනිය නොහැකි  ධනස්කන්දයක් යොදවන අතරතුර, මිනිස් ජීවිත  ගොඩනැගීම සඳහා වෙන්කරනුයේ, නොසලකා හැරිය හැකි තරම් වූ සොච්චම් මුදලකි. එපමණක් නොව, පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී තවදුරටත් පැහැදිලි වූයේ , අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රධානතම උත්සුකය වන්නේ, ඕනෑම මිලක් ගෙවා දමාඉ, අධිරාජ්‍යවාදී යුධ අග්නි ජාලාව තව තවත් අවුලුවා ලීමයි.

ලිබියාවේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට  සහ  යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට පිටුබලය දුන් ව්‍යාජ-වාම කන්ඩායම් සහ “වාම” විද්වත් හූ නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති. නමුත් , නුදුරේදීම, මෙම බුද්ධි ජීවීන් ,තම නිශ්ශබ්දතාවය බිද දමා,අදිරාජ්‍යවාදීන්ගේ  ඊනියා ” මානුෂික ආධාර වැඩසටහන්” තොරොම්බල් කිරීමට    හා ඒ පිලිබද ව සිදු කරන  ප්‍රශස්ති ගායනා මගින්, කමිකරු පීඩිත මහජනතාවන් නැවතත් මුලාවෙහි හෙලීමට ක්‍රියා කරනු ඇත. 

ව්‍යාජ-වාම කණ්ඩායම් හා වාම බුද්ධිමතුන් ලෙස පෙනී සිටින අධිරාජ්‍යවාදයේ සියලුම ඒජන්සි වලට, අධිරාජ්‍යවාදයට  සහ එහි සියලු අපරාධවලට  එරෙහි දේශපාලන වාර්තාවක් ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනි. 

එහෙයින්, අප විසින් මෙහි පළකරනු ලබන ලිපි ලේඛන හදාරමින්, ඒවා පුළුල් සාකච්ඡාවකට බදුන් කරන ලෙස, අපි කම්කරුවන්ගෙන්, තරුණයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම  Read More »

Flood Luv ya

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක් 

මිගාර මල්වත්ත විසිනි.

ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින් , මීටර් 400 ක් පමණ ගැඹුරකින් යුත් ලිබියාවේ වියලි නිම්නයක් (වොඩියක්) ජලයෙන් යට කර දැමීය. එය සැප්තැම්බර්  10  ඉරුදින පස්වරුවේදී, එහි ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ඩර්නා නගරයට බටහිර දෙසින් සැතපුම් 150ක් දුරින් පිහිටි අල්- බේදා, අල්-මාර්ජි, ටොබෘක්, ටැකෙනිස්, අල්- බේදා, බටා සහ බෙන්ගාසි යන ලිබියාවේ නැගෙනහිර නගර ද මෙම කුණාටුවේ විනාශකාරී බලපෑමට ගොදුර විය.

Flood Luv ya
Derna නගරය 2023 සැප්තැම්බර් 12, අඟහරුවාදා දක්නට ලැබුනු ආකාරය. මධ්‍යධරණී කුණාටුව ඩැනියෙල් ලිබියාවේ විනාශකාරී ගංවතුර ඇති කළ අතර එය වේලි බිඳ දැමීය. වෙරළබඩ නගර කිහිපයක මුළු අසල්වැසි ප්‍රදේශම ගසාගෙන ගියේය. විනාශය විශාලතම ලෙස දිස් වූයේ Derna නගරයේ ය. [AP Photo/Jamal Alkomaty]

ඩර්නාහි වැසියන්ට වේලි දෙක පුපුරා යන විට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු අතර ටික වේලාවකට පසු නගරය මීටර් හතක් උස රළ පහරකට යට විය.

ඩර්නා අසල අනෙකුත් නගර ද සුනුවිසුනු විය. මාධ්‍යවේදී මොහොමඩ් එල්ජාර් පැවසුවේ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ වනවිටත් වෙරළබඩ නගරයක් වන සුසා සහ අවට ගම්මාන වෙත ළඟා වී නොමැති බවයි. 

ඩෙර්නා හි 13 වන දා රාත්‍රිය වන විට 11,300 මිය ගොස් ඇති බව තහවුරු විය. නමුත් 100,000 කට වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගොස් ඇත. එහි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති තම නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ට ළඟා වී ඇතැයි පිලිගත්තේ ය. මෙම සංඛ්‍යාව,1927 දී ඇල්ජීරියාවේ  මොස්ටෙගැනම් හා ඔරාන් (Mosteganem & Oran ) නම් දරුණු උතුරු අප්‍රිකානු ගංවතුරෙන් විනාශ වූ ජිවිත සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩිය. 

ඩර්නා නගරය ජලයෙන් යටවීම මහ ව්‍යසනයකි. මේ වන විට එහි ජලය බැස ගොස් තිබුනද ඉන් බේරුණු අයට ද එවැනි ම දරුණු ව්‍යසනයක් අත් පත් වී ඇත.

ඩර්නාහි රෝහල්  තවදුරටත් ක්‍රියාත්මක නොවුනු අතර ඒවායේ මෘත ශරීරගාර පිරී ගොස් පැවතියේය. හදිසි සේවා  නොමැත. එහෙයින් මිනිසුන් බේරා ගැනීමට කිසිවක් නොමැති බැවින් හදිසි උපකාර අත්‍යවශ්‍යව පැවතී ය. 

 කුනු වූ මල සිරුරු එකතු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිය හ. මල සිරුරු තනි තනි සොහොන්වල  මිහිදන් කිරීමට කාලයක් හෝ ඉඩක් නොමැති බැවින් සමූහ මිනී වලවල මිහිදන් කරනු ලැබෙයි. එක් තැනක මල සිරුරු 500ක් සාමුහිකව  මිහිදන් කළ බව වාර්තා වේ.මේ තත්ත්වය තුල මෙම කලාපයට සිරුරු බෑග් හදිසි නැව් ගත කිරීමක් කරන ලෙස සහන සේවකයෝ ඉල්ලා සිටිය හ.

“ඇත්ත වසයෙන් ම  මලසිරුරු ගොඩ නැගීමට විශේෂ කන්ඩායම්  අවශ්‍ය යි. මල සිරුරු විසාල ප්‍රමානයක් සුන්බුන් යට සහ ජලයේ තිබීම නිසා නගරය  වසන්ගතයකට ගොදුරු වේ යැයි මම බිය වෙමි”යැයි ඩර්නාහී නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති බිය පල කලේය.

දුරකථන මාර්ග සහ අන්තර්ජාල ප්‍රවේශය ක්‍රියා විරහිත වූ අතර  නගරයට ප්‍රවේශවීම සුන්බුන් හේතු.වෙන් දැඩි ලෙස අවහිර වී පැවතීය.

මේ සමගම ගංවතුරෙන්  මහජනයා ආරක්ෂා කිරීමට අපොහොසත් වු බලදාරීන්ට එරෙහිව නගරයේ කම්කරුවන් අතර කෝපය පුපුරා යෑමත් සමග ඩර්නාහී විරෝධතා පුපුරා යන්නට විය. විරෝධතාකරුවෝ ඩර්නා නගරාධිපතිගේ නිවසට පිටතින් රැස්වී, ඊට  කඩා වැදී එය පුලුස්සා දැමූහ.

මේ තතු යටතේ ඩර්නාහී සිදුවීම් පිලිබද වාර්තා බාහිර ලෝකයට පැමිනීම වැලැක්වීමට නැගෙන්හිර බලදාරීහූ පුලුල් පියවර ගත්තහ. ට්විටර්හි අත්ලන්තික් කවුන්සිලයේ එමඩින් බාඩි සදහන් කර ඇත්තේ  ඩර්නාහී  මාධ්‍ය අවහිරය දැන් ක්‍රියාත්මක ව පවතින අතර සන්නිවේදනය  අලුයම සිට අක්‍රියව පවතීය  යන්නයි. එමෙන්ම, ඔහු තවදුරටත් එහි සඳහන් කර පැවතියේ හෆ්තාර්ගේ  හමුදා බලකාය වන ලිබියානු අරාබි සන්නද්ධ හමුදාව(LAAF) විරෝධතා වැසියන්ට  දඬුවම් කිරීමක් ලෙස තුර්කියේ සහ ඇල්ජිරියාවේ සෙවීම් හා ගලවා ගැනීමේ කන්ඩායම්, මාධ්‍යවේදීන් සහ ට්‍රිපොලිටේනියාවේ වෛද්‍ය කන්ඩායම්වලට පිටවී යන ලෙස නියෝග ලබාදී ඇති බවයි . 

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් හෆ්තාර්ගේ පාලන තන්ත්‍රයට අබියෝග කරන විරෝධතාකරුවන්ට සලකන ආකාරය වාර්තා කලේ මෙසේය:

 “රට පුරා පැවති සාමකාමි විරෝධතා මර්දනය කිරීමට මිලිෂියා  හා සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී බලය  යොදාගති. පුද්ගලයන් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට, දීර්ඝ සිර දඬුවම් හෝ මරණ දණ්ඩනයට නියම කිරීම …….මිලිෂියා සහ සන්නද්ධ කණ්ඩායම් ක්‍රමානුකූලව වධහිංසා පමුනුවා වෙනත් ආකාරයෙන් රැඳවියන්ට දණ්ඩ මුක්තිය නොමැතිව අයහපත් ලෙස සැලකීය. සිරකරුවන්ට  පහරදීම, විදුලි සැර වැද්දීම, සමච්චල් කිරීම, ඝාතනය කිරීම, කසපහර දීම, අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික හිංසනයන් වාර්තා විය”

මෙම බිහිසුනු ව්‍යවසනය ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති, ගෝලීය උණුසුම ඉහළ යෑම ප්‍රමුඛ කොටගත් දේශගුනික විපර්යාස මගින් තීව්‍ර වූ දරුණු කාලගුනයේ ප්‍රතිඵලයක් පමනක් නොවේ. ඩර්නා කලාපයේ වේලි හා තීර්නාත්මක මහජන සේවාවන් අසාර්ථක වීම ගලා එන්නේ ලිබියාව පුරා දශකයට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී විසින් කොල්ලකෑමට ලක්ව තිබීමෙන් හා 2011 දී ලිබියාවට  එරෙහිව නේටෝව   දියත් කළ යුද්ධය මගින් රට සුනුවිසුනු කළ සිවිල් යුද්ධ ඇද දැමීමේ හේතුවෙනි.

ජාත්‍යන්තර   අර්බුද කණ්ඩායමේ නිලධාරියෙකු ක්ලෝඩියා  එය පැහැදිලි කොට තිබුනේ මෙසේය: “ගඩාෆි   තන්ත්‍රය බිඳ වැටීමෙන් වසර 10ක් තුළ, ඊළඟ වසර 10 ක යුද්ධය, ප්‍රතිපත්තීමය එදිරිවාදිකම්   ආණ්ඩු දෙකම යටිතල පහසුකම් මුළුමනින්ම නොසලකා හැර ඇත”.

ලිබියානු ඛේදවාචක වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දරයි. 2011 මාර්තු  17  වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය  ලිබියාවට එරෙහි  ක්‍රියාමාර්ග අනුමත කළේය.

නේටෝව   ලිබියාව  යටත් කර ගැනීම සාමය, සෞභාග්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා “ලිබියානුවන්ට සාමාන්‍ය  ජීවිතයක් ගත කිරීමට ඉඩ දීමේ” අපේක්ෂාව නිර්මාණය කරන   නිසා යුද්ධයට සහාය දුන් බවට තර්ක කල සියලුම නිලධාරීන් සහ මහාචාර්යවරුන්  ලිබියාව විනාශ කොට රට යලිත් වහල්බාවයට ඇද දැමීමට, දහස් ගනනින් මරා දැමීමට සහ ගැනිය නොහැකි මිනිස් දුක්කිතබාවයට ඇද හෙලීමට වග කීම් දරනු ලබයි. 

හෆ්තාර්ගේ  හමුදා විසින් ඩර්නාහි සිදු කරනු ලබන  ඕනෑම  මර්දනයක් කෙරෙහි, ඔහුව  බලයට පත් කිරීමට උදව් කළ සහ  නැගෙනහිර ලිබියාවේ තෙල් ධනයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා තවමත් ඔහු සමග සබඳතා පවත්වන නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සෘජුවම සම්බන්ධ වනු ඇත.

එවන් මර්දනයකට විරුද්ධ වීමට ලිබියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්  හා තරුනයින් බලමුලු ගැන්වීම අවශ්‍ය වන්නේ දූෂිත බලදාරීන්ට පමනක් නොව,නේටෝ බලවතුන්ට සහ ඔවුන්ගේ  දේශපාලන සහකරුවන්ට එරෙහිව ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන්  මුහුන දෙන තීර්නාත්මක  කර්තව්‍ය නම් පෙර නොවූ විරූ මහා ව්‍යසනය දාමයක් ඇති කරමින් චලනය වන මෙම මිලිටරි උත්සන්න කිරීමේ සර්පිලාකාරය නැවැත්වීමට අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම යි. නේටෝ අධිරාජ්‍යවාදී බලවත්තු යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කර රුසියාව බෙදීමට සහ එහි ස්වාභාවික සම්පත් උදුරා ගැනීමට කුමන්ත්‍රනය කරන විට, ඔවුන් නැවතත් “ප්‍රජාතන්ත්‍රවාදයේ” සහ “නිදහසේ” ආරක්ෂකයින් ලෙස පෙනී සිටිති. මෙවර එය රුසියාවේ ජනාධිපති  ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ය. යථාර්ථය නම්, ලිබියාව දූෂනය කිරීම සහ ඩර්නාහී ව්‍යවසනය, අධිරාජ්‍යවාදී කොල්ල කෑමේ යුදවල  විනාශකාරි ප්‍රතිඵලය යන්නය.

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක්  Read More »

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?

එල්.පී. උදයප්‍රේම විසිනි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු සඳහන් කොට නැත. 

Singh
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (වමේ) සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් (දකුනේ) අතර 2021 මාර්තු මස පැවති සාකච්ඡාවේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා කටයුතු පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කලහ.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක් වී තනාගෙන තිබෙන ක්වෝඩ් (QUAD) මිලිටරි සංවිධානය යටතේ ඉන්දියාව, සමස්ත දකුනු ආසියාව ඒ තුලට ඇද ගැනීමට වෙර දරයි. තම ආරක්ෂක ඇමතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට එවීමට තීන්දු කොට, දෙ රටේ ආරක්ෂක සම්බන්ධතා යලි අලුත් කරගැනීමට යත්න දරන්නේ එබැවිනි. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සහ අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු ආන්ඩුවේ බලධාරීන් සමග සිදු කරනු  ලබන සාකච්ඡා මගින් එකී සම්බන්ධතා තර  කර ගැනීමට සැලසුම් කර තිබුනි.

රාජ්නාත් සිංගේ සංචාරය සූදානම් කෙරුනේ, ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට කල සංචාරයේ දී, ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කිරීමට අගමැති මෝදි සමග ඇති කරගත් එකඟතාවයන්ගේ දිගුවක් ලෙස ය. 

අමාත්‍ය රාජ්නාත් සිංගේ මේ සංචාරය හදිසියේ අවලංගු කෙරුනේ, චීන ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව ලංකාවට පැමිනීමට අවසර ගෙන සිටින තතු යටතේ, ඒ පිලිබඳ ව විශේෂයෙන් ම ඉන්දියාවේ  බලධාරීන් අතර බලගතු විරුද්ධත්වයක් පැන නැගී ඇති තත්ත්වයක දී ය. 

Ship
ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව

ඉන්දියාවේ මතභේදයන්ට තුඩු දී තිබෙන ෂී යැන් 6 චීන පර්යේෂන නෞකාවට, ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 10දා දක්වා දින 17ක් ලංකාවේ රැඳී සිටීමට හා  ක්‍රියාකාරකම්වල නිරත වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී තිබෙන්නේ ඒ තතු තුල ය. ඊටත් වඩා, ගිය වසරේ චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගූරම් ලෑමට එරෙහි ව දිල්ලි ආන්ඩුව බලගතු විරුද්ධත්වය පෑමෙන් අනතුරුව ය.

වසර ගනනාවක සිට ම චීනය හා ලංකාව අතර වැඩෙන මිලිටරි සබඳතාවන්ට ඉන්දියානු බලධාරීන්ගේ බලගතු විරුද්ධත්වයක් එල්ල වී තිබේ. සැප්තැම්බර් 01දා Economynext වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ, ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකාරිත්වය ඉහල නැඟීම පිලිබඳ ව ඉන්දියාවේ අවධානය යොමු වී පවතින බවයි. ඉන්දියාවේ ‘ද වීක්’ (The week) සඟරාව, චීන නෞකාවේ සිද්ධිය පිලිබඳ සඳහනේ දී, ඉන්දියාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් උපුටමින් අවධාරනය කර තිබුනේ, ‘ඉන්දියාවේ හා ලංකාවේ ද්විපාර්ශවික සබඳතාවල ඉරි තැලීමක් වන බව’ යි.

ලෝක බලවතුන් හා  ලංකාව අතර මිලිටරි සහයෝගීතා හා ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුනු වීම වර්තමානයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැකිය හැකිය. ඉන්දියානු කලාපයේ මෙය සිදු වන්නේ, ලොව පුරා යුද ආතතිය, විශේෂයෙන්ම චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකාරීත්වය මධ්‍යයේ ය.  චීනයට එරෙහි ඉන්දියාවේ මිලිටරි උත්සුකතා එහි කොටසකි. සැප්තැම්බර් 4දා දිවයින පුවත්පතේ පල කරනු ලැබූ ලිපියකට අනුව, පසුගිය වසර 3 දී, ලංකාවේ වරායට ආ යුද නැව් 126න් 45ක්ම ඉන්දියාවෙන් වීම කැපී පෙනෙන සංසිද්ධියකි.

ඉන්දියාව  පෙල ගැසී සිටින්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් චීනයට එරෙහි ව සකස් කරමින් සිටින ආර්ථික හා මූලෝපායික සැලසුම් සමග ය. එකී පිලිවෙත පිටුපස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය හා මාල දිවයින යන දුගී රටවල් පෙල ගස්සා ගැනීමට ඉන්දියාව තම ආර්ථික හා මිලිටරි බලයන් ඍජුව හා වක්‍රව යොදා ගනී. ඊට සිත් කාවදින උදාහරනයකි, 2015 ජනවාරි 8දා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ලංකාවේ සිදු කල තන්ත්‍ර මාරුව. එය ඉන්දියාවේ අනුදැනුම සහිතව වොෂින්ටනය හරහා සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමකි.

ලෝකයේ බලවත් ම මිලිටරි බලයක් ඇති ඉන්දියාවේ එබඳු බලහත්කාරයන්ට දකුනු  ආසියාවේ රටවල් නිරන්තරව මුහුන දී සිටිති.

මේ මූලෝපායික අක්ෂයෙන් ස්වාධීන වීමට ලංකාව බඳු බෙලහීන පාලන තන්ත්‍රයන්ට නො හැකි ය. එබැවින් ඔවුන්ගේ කටයුත්ත වී ඇත්තේ ලෝක බලවතුන් අතර දෝලනය වෙමින් තම පැවත්ම සහතික කර ගැනීම ය. රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ එම කොන්දේසිවලට ය. 

ජාතික ධනපති පංතියේ ඊනීයා ස්වාධීනත්වයේ වංචනික කතා වෙනුවට ඔවුහු, අධිරාජ්‍යවාදී උවමනා එපාකම් වෙනුවෙන් එලිපිටම පෙනී සිටින පාලක ප්‍රභූවන් බවට හැරී සිටිති. සෑම තැනකම පාලක නඩ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත මහජනයාට එරෙහි ඒකාධිපති පාලනයන්ට පාර කපා ගනිමින් සිටින්නේ ඒ නිසා ය. රනිල් වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම සූදානම යි.

අධිරාජ්‍යවාදී ක්‍රමයේ පුපුරා යන අර්බුදය යුද්ධයටත් ලෝක පරිමාන පංති අරගලයටත් තුඩු දී පවතින තතු යටතේ පාලක පංතිය වඩවඩාත් ප්‍රතිගාමීත්වයට ගමන් කරනු ඇත. ඉන්දීය උප මහාද්වීපයේ කම්කරුවන් මෙන් ම සෑම රටකම කම්කරු ජනයා මුහුන දී සිටින්නේ එම අනතුරටය. එම අනතුර පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදී මූලෝපාය පරාජය කිරීමේ ශක්‍යතාව ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය, ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී පිලිවෙත මත සංවිධානය වීමෙනි.

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි? Read More »

Scroll to Top