War

Gaza

මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 23 දින පල වූ ‘Gaza genocide death toll tops 20,000 amid mass starvation’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි.

ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිකුරාදා ප්‍රකාශයකට අනුව ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 20,057 ක් විය.  අතුරුදහන් වූ 7000ක පිරිස අතරින් බොහෝ දෙනා සුන්බුන් යට වැළලී ඇති බව සැලකිල්ලට ගත් විට, සැබෑ මරණ සංඛ්‍යාව දැනටමත් 25,000 ඉක්මවා ඇත.

Gaza
2023 දෙසැම්බර් 22 වැනි සිකුරාදා, පලස්තීනුවෙක්, දකුණු ගාසා හි රෆා රෝහලේදී, ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තම මුනුබුරාගේ දේහය රැගෙන යයි. [AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්]

යන්තම් මිලියන 2 කට වැඩි ජනගහනයකින් 20,000-25,000 ක මරණ සංඛ්‍යාවක් යනු පසුගිය මාස දෙකහමාරක කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයින් 100 කින් එකකට වඩා මරා දමා ඇති බවයි. මෙය එක්සත් ජනපදයේ මිලියන 3.3 ක ජනතාවකට සමාන වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් , ඔවුන්ගෙන් 5,000 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන හෙයින් ප්‍රතිකාර සඳහා විදේශගත නොකළහොත් මරණයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අෂ්රොෆ් අල්-කුද්‍රා  පැවසුවේ ගර්භනී කාන්තාවන් 50,000 ක් සහ ළමුන් 900,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. අවශ්‍ය ආධාර වලින් පනහෙන් එකක් පමණක් ගාසා තීරයට ගමන් කරන බව ඔහු පැවසීය.

බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් හෝ 500,000 කට අධික ජනතාවක් කුසගින්නේ සිටින බවයි. “සාගින්නෙන් ගාසා තීරය විනාශ වෙමින් පවතින අතර, මෙය ළමුන්, ගැබිනි සහ කිරි දෙන කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයින් අතර වඩාත් උග්‍ර ලෙස , ගාසා තීරය පුරා රෝගාබාධ වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ” යනුවෙන් එක්සත් ජාතීන් සිය වාර්තාවේ ලියා ඇත.

ජනගහනයෙන් සියයට 93ක් “ අර්බුද මට්ටමේ කුසගින්නට” මුහුන දී සිටින බවත්, නිවාස හතරකින් එකක්  “ව්‍යසනකාරී තත්වයේ ” සාගින්නට  දී සිටින බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන අතර,  එය නිගමනය කළේ, “සාගින්න, දරිද්‍රතාවය සහ මරණය පැහැදිලි.” බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, “WHO කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් ගාසා තීරයේ කතා කළ සෑම පුද්ගලයෙකුම කුසගින්නේ පසුවන බවයි.” ඔවුන් තවදුරටත් කියා සිටියේ, “අපි ගාසා තීරයේ වෛද්‍ය සැපයුම් ලබා දෙමින් ගමන් කරද්දී.  ඒ ආහාර යැයි බලාපොරොත්තුවෙන් මිනිසුන් අපගේ ට්‍රක් රථ වෙත දිව එනවා ”

පාචනය රෝගීන් 100,000 කට වඩා වාර්තා වී ඇත. ඉන් අඩක් අවුරුදු පහට අඩු ළමුන් වන අතර, එය , ඊශ්‍රායල් ප්‍රහාරයට පෙර පැවති ප්‍රමාණයට වඩා 25 ගුණයක වැඩි වීමකි.

එක්සත් ජාතීන් සදහන් කළේ, “නිරෝගී ශරීරයකට මෙම රෝග සමඟ පහසුවෙන් සටන් කළ හැකි වුවත් , ක්ෂය වූ සහ දුර්වල වූ ශරීරයක් ඒ සමග සටන අසීරු වනු ඇත. කුසගින්න ශරීරයේ ආරක්ෂාව දුර්වල කරන අතර රෝග සඳහා දොර විවර කරයි. “අද ගාසා තීරයේ සාමාන්‍යයෙන් සෑම පුද්ගලයන් 4,500 කටම ඇත්තේ එක් ෂවරයක් (වතුර මලක්) සහ සෑම 220කටම ඇත්තේ එක වැසිකිළියක්” බවත්, “මෙම තත්ත්වයන් නිසා බෝවන රෝග පැතිරීම නොවැළැක්විය හැකි” බවත් ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  වාර්තාව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ පර්යේෂණ, තක්සේරු කිරීම් සහ අධීක්ෂණ අධ්‍යක්ෂ අරිෆ් හුසේන් AP පුවත් වෙත විශ්මය ජනක ප්‍රකාශයක් කරමින්, ගාසා තීරයේ මහා සාගින්න  ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු දුටු දරුණුතම දෙය බව ඇඟවුම් කළේය. “එය මීට වඩා නරක අතට හැරෙන්න විදියක් නැත,” ඔහු පැවසුවේය, “ගාසා තීරයේ සිදුවන පරිමාණයේ දෙයක් මම කවදාවත් දැකලා නැහැ.මෙවැනි වේගයකින්.”

ගාසා තීරයේ පදිංචිකරුවන් මිලියන 1.9 ක් හෝ ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 80 ක් අවතැන් වී ඇත. උතුරු ගාසා තීරයේ ක්‍රියාත්මක රෝහල් නොමැති අතර, මුළු රටේම සෞඛ්‍ය මධ්‍යස්ථාන නවයක් පමණක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වේ.

සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත කළේය. පසුගිය මාස දෙක තුළ එක්සත් ජනපදය සටන් විරාමයක් ඉල්ලන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා දෙකකට එරෙහිව  නිෂේධ බලය යොදා ඇත. සටන් විරාමයක් කැඳවීම සඳහා වන සියලුම වාක්‍ය කෙටුම්පතෙන් ඉවත් කිරීමෙන් පසුව සහ ඒ වෙනුවට “සතුරුකම් තිරසාර ලෙස නැවැත්වීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම සඳහා ඉල්ලා සිටි” විට පමනක් , එක්සත් ජනපදය මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටි යේය. එක්සත් ජනපදය නිෂේධ බලය භාවිතා නොකිරීමේ භාෂාව (වැකි) සොයා ගැනීම පිළිබඳ කේවල් කිරීමේ සාකච්ඡා, සඳුදා සිට සිකුරාදා දක්වා ඡන්දය ඇදගෙන ගියේය. 

ආරක්ෂිත සහ බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශයට ඉඩ දීම සඳහා ඉදිරිවාදීකම් වල හදිසි අත්හිටුවීම සහ ඉදිරිවාදීකම් තිරසාර ලෙස නැවැත්වීම සඳහා හදිසි පියවර ගැනීම” කැඳවූ  කලින් වූ භාෂාව, එක්සත් ජනපදය එය නිෂේධ කිරීම වැළැක්වීම සඳහා ඉවත් කරන ලදී. “හදිසි සහ තිරසාර සතුරුකම් නැවැත්වීම” ඉල්ලා රුසියාව විසින් කරන ලද යෝජනාවකට, පක්ෂව ඡන්ද 14 න් 10 ක් ලැබුණද, එක්සත් ජනපදය විසින් නිෂේධනය කරන ලදී, 

රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වාසිලි නෙබෙන්සියා එක්සත් ජනපදයට චෝදනා කළේ ” ‘සතුරුකම් නැවැත්වීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමේ’ කඩතුරාව යටතේ ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම සදහා  ඊශ්‍රායලයට හරයාත්මක බලපත්‍රයක් පාඨයට ඇතුළත් කිරීමට බලකිරීම” ගැන ය.

සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ඊශ්‍රායලය සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන ආකාරය ගාසා තීරයේ “මානුෂීය ආධාර බෙදා හැරීමට දැවැන්ත බාධක නිර්මාණය කරන” බවයි. ගුටරෙස් පැවසුවේ “ලෝකයේ ඕනෑම තැනක සිටින දැඩි කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් ගාසා තීරයේ” ​​වන බවයි.

“දින පහක් තිස්සේ සිදුකළ හිතාමතා ප්‍රමාදයන් සහ දියාරු කිරීම් වලින් පසු සටන් විරාමයක් ඉල්ලා සිටීමට යෝජනාව අපොහොසත් වීම තේරුම්ගත නොහැකි සහ සම්පූර්ණයෙන්ම නිර්දය ක්‍රියාවකි, ”ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රකාශක සාලි අබි-ඛලීල් පැවසීය. “එය සාමය පවත්වා ගැනීම සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති සංවිධානයක වගකීම් පැහැර හැරීමකි.” 

“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් සාගතයේ අවදානමක් ලඹ දෙමින් තිබියදී කුසගින්නෙන් පෙළෙන –  මිලියන දෙකකට අධික පලස්තීනුවන් මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ විඳදරාගත් නිර්දය බෝම්බ ප්‍රහාරවලින් සහ වැටලීමෙන් ලිහිල් වීමක් ලබා ගැනීම, එය  සක්‍රීයව වළකා ලයි.”

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) හිටපු ප්‍රධාන ප්‍රකාශක ක්‍රිස්ටෝපර් ගනෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ( UNSC ) යෝජනාව ” සමූල ජන ඝාතනය සදහා කොළ එළියක් ” බවට අල් ජසීරා වෙත ප්‍රකාශයක් කරමින් චෝදනා කළේය. ගාසා තීරයේ සමූලඝාතනය “ඇමරිකානු-ඊශ්‍රායල් සමූල ජන ඝාතනයක් – එය හුදෙක් ඊශ්‍රායල ජන සංහාරයක් නොවන” බව ගනෙස් පැවසීය.

“ඇමරිකාව ඊශ්‍රායලයට වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක මිලිටරි ආධාරයක් සපයන්නා  සේම – අද රාත්‍රියේ අප දුටු  පරිදි – ජාත්‍යන්තර මානුෂීය නීතිය තොග පිටින් සහ මහා පරිමාණයෙන් නොතකා හැරීම මගින් සලකුනු කෙරෙන , සමූල ජන ඝාතනය දිගටම කරගෙන යාමට ඊශ්‍රායලයට රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන ආවරණයක් ලබා දීමද,  එය සිදු කරයි” ගනෙස් අල් ජසීරා වෙත පැවසීය.

ගනෙස්  නිවැරදිය. බදාදා මාධ්‍ය හමුවකදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් ගාසා තීරයට ඊශ්‍රායලයේ ප්‍රහාරය “ඇමරිකාවේ යුද්ධය” ලෙස දැකීම ගැන ලෝකයට අදහස් දක්වන ලෙස ඉල්ලා සිටියේය. බ්ලින්කන් මෙම ගුනාංගීකරනයට විරුද්ධ නොවූ අතර, ඒ වෙනුවට ඔහු, එක්සත් ජනපද ආන්ඩුව “මෙය සම්පූර්ණ කිරීම දක්වාම දැකීමට අදහස් කරන” බව ප්‍රකාශ කළේය.

මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි Read More »

Gaza

ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 12  දින පල වූ ‘As Israel’s genocide continues, 9 in 10 Gazans report lack of food’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

ඊශ්‍රායලය ගාසා තීරයේ මිනිසුන්ට එරෙහිව බෝම්බ හෙලීම, කුසගින්න සහ වාර්ගික ශුද්ධ කිරීම දිගටම කරගෙන යද්දී, කුසගින්න වසංගත මට්ටමට ළඟා වී තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වාර්තා කරන ලද්දේ , ගාසා තීරයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් නව දෙනෙකුම කුසගින්නෙන් නින්දට යන බවයි.

Gaza
2023 නොවැම්බර් 8 බදාදා ,දකුණු ගාසා තීරයේ රෆාහි දී , ආහාර බෙදා හැරීම සිදුවන තුරු, පලස්තීනුවන් එකට රැස්ව බලා සිටියහ. ඊශ්‍රායලය, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භයේ සිටම , ගාසා තීරුව පුරා පැතිරීගිය සාගින්නක් ඇතිකරමින්, එම ප්‍රදේශයට ඇතුළු කිරීමට අවසර දී ඇති ආහාර සහ ජලය ප්‍රමාණය සීමා කර ඇත. [AP Photo/හැටම් අලි ]

ජනගහනයෙන් අඩකට වඩා – සියයට 63 කට වඩා – දින ගණනාවක් ආහාර නොමැතිව සිටින බව වාර්තා වේ. පලස්තීන සරණාගතයින් සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය වන UNRWA (පලස්තීනය සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය) ට්විටර් හි ප්‍රකාශයක ලියා ඇත්තේ,”කුසගින්න සෑම කෙනෙකුම පසුපස හඹා යයි,” “ගාසා තීරයේ බොහෝ දෙනෙක් දැන් දින දෙක තුනක් තිස්සේ ආහාර ගෙන නැත.” යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ ආහාර පිළිබඳ විශේෂ වාර්තාකරු මයිකල් ෆක්රි , අල් ජසීරා අරාබි සේවයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී, “ගාසාවේ සිටින සෑම පලස්තීනුවෙක්ම කුසගින්නේ සිටින” බව පැවසු අතර, ගාසාවේ ජනගහනය සමූල ඝාතනය කිරීම “ජන සංහාරයක්” ලෙස ඔහු විසින් හඳුන්වන ලදී. 

මෙම වාර්තා සටහන් වන්නේ, සටන් විරාමයක් සදහා ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවක්, එක්සත් ජනපදය විසින් සිකුරාදා නිශේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. මෙම සතියේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී නොබැඳි සටන් විරාම යෝජනාවක් සම්මත කිරීමට අපේක්ෂා කෙරේ. මේ අතර එක්සත් ජනපදය ජන සංහාරය විවෘතව අනුමත කරමින් අර්බුදයට “මිලිටරි” විසඳුමක් ඉල්ලා සිටීම දෙගුණ කර ඇත. 

“ඔක්තෝබර් 7 ප්‍රහාර සැලසුම් කර ක්‍රියාත්මක කළ හමාස් සංවිධානයේ නායකත්වය ඉවත් කිරීමටත්, ඊශ්‍රායලයට ඇතුළු වී එම ප්‍රහාර එල්ල කළ සටන්කාමීන් ඉවත් කර ගැනීමටත් යුදමය විසඳුමක් තිබිය හැකි යැයි අපි සිතමු,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් දැනුවත් කිරීමකදී පැවසීය.

මෙම ප්‍රකාශය සිදුවූයේ,” හමාස් තවමත් ජීවතුන් අතර සිටිද්දී, හා තත්වය තවමත් නොවෙනස්ව පවතිදිදී, මේ මොහොතේ සටන් විරාමයක් ඇති වූවොත්, නැවත නැවතත්, ඔක්තෝබර් 7 වෙනිදා, පුනරුච්චාරණය කිරීමේ ප්‍රකාශිත අභිප්‍රාය ඇති හෙයින, සරලව, ගැටලුව දිගටම පවතිනු ඇත.” යනුවෙන් එ.ජ. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ ඉරිදා කල ප්‍රකාශයෙන් අනතුරුවය.

සඳුදා වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ, ජනාකීර්ණ ප්‍රදේශවල ගිනි අවුළුවන සුළු [ සුදු පොස්පරස් ] අවිය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින්, ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය එක්සත් ජනපදය සැපයූ සුදු පොස්පරස් යුධෝපකරණ භාවිතා කළ බවයි. සති ගනනාවක් තිස්සේ වීඩියෝ පට වලින් පෙන්නුම් කර ඇත්තේ ඊශ්‍රායලය ජනාකීර්ණ ප්‍රදේශවලට සුදු පොස්පරස් වැසි පතිත කරන ආකාරයයි. මෙම වාර්තාව කෙරෙන්නේ, කොංග‍්රස් මණ්ඩලයේ අවසරය මග හරිමින් , ඊශ‍්‍්රායලයට ඩොලර් මිලියන 100ක් වටිනා ටැංකි පතොරම් යැවීමට  ධවල මන්දිරය විසින් සිකුරාදා නිවේදනය කිරීමෙන් පසුවය.

සඳුදා, ගාසා තීරයට බෝම්බ හෙලීමෙන් මියගිය සංඛ්‍යාව 18,205 දක්වා ඉහළ ගිය අතර, දළ වශයෙන් තවත් 7,000 ක් තවමත් අතුරුදහන් වී ඇති අතර සුන්බුන් යට වැළලී ඇත.  ජීවිතය පවත්වාගැනීමට උපකාර කිරීම සඳහා වූ සියලු යටිතල පහසුකම් විසුරුවා හැරීම මධ්‍යයේ, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ  බෝවන රෝග වලට ගොදුරු වූවන් 325,000 ක් සිටින බවයි. එයින් අදහස් කරන්නේ ගාසා තීරයේ මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු එවැනි රෝගයකින් රෝගාතුර වී ඇති බවයි, 

දේශසීමා නොමැති වෛද්‍යවරුන් (Doctors Without Borders) සඳහා ගාසා හි හදිසි සම්බන්ධීකාරක  නිකලස් පැපක්රිසොස්ටොමෝ , අල් ජසීරා වෙත පැවසුවේ, “රෆා හි අනෙකුත් සෑම රෝගියෙකුටම වැසි සහ සීතල තත්වයන් මධ්‍යයේ ශ්වසන ආසාදන තිබේ. සමහර නවාතැන් ස්ථානවල, පුද්ගලයන් 600 ක් එක් වැසිකිළියක් බෙදා ගනී. අපි දැනටමත් බොහෝ පාචන රෝගීන්  දකිමු. බොහෝවිට වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ ළමුන්ය.” යනුවෙනි.

“දෙසැම්බර් 11 වන දින, ගාසා තීරයට උතුරින් බෙයිට් ලහියා හි කමල් ඇඩ්වාන් රෝහලේ මාතෘ අංශයට පහර වැදී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මව්වරුන් දෙදෙනකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ සම්පූර්ණ බිඳවැටීමක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.  “ගාසාවේ සෞඛ්‍ය පද්ධතිය දණින් වැටී කඩා වැටෙමින් පවතින අතර, නරක අතට හැරෙන තත්ත්වය සහ සීත සෘතුව වෙත ළඟා වීමත් සමඟ අවදානම තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන ” බව , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසන ලදී.

“වැඩි වැඩියෙන් මිනිසුන් , කුඩා හා කුඩා ප්‍රදේශයකට සංක්‍රමණය වන විට, ප්‍රමාණවත් ආහාර, ජලය, නවාතැන් සහ සනීපාරක්ෂාව නොමැතිකම සමඟ ජනාකීර්ණ වීම රෝග පැතිරීමට සුදුසුම තත්වයන් නිර්මාණය කරයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

එක්සත් ජාතීන් වාර්තා කළේ: “වාර්තා වූ පරිදි, , ඊශ්‍රායල හමුදා විසින් උතුරේ සහ ගාසා නගරයේ ,අභ්‍යන්තරව අවතැන් වූවන් (IDPs) සඳහා නවාතැන් ලෙස සේවය කරන පාසල් මෙන්ම පෞද්ගලික නිවාස වැනි පොදු ස්ථානවල රැඳී සිටි පිරිමින් සහ පිරිමි ළමයින් සිය ගණනක් රඳවා තබා ගත් බවයි . වාර්තා වන අන්දමට, රැඳවියන්ගේ යට ඇඳුම් තෙක් ඇඳුම් ගලවා, මාංචු දමා, පහරදීම්, හිරිහැර කිරීම්, කටුක කාලගුණයට නිරාවරණය කිරීම සහ මූලික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීම වැනි දේවලට යටත්ව විවෘත ස්ථානවල දණින් වැටී හිඳීමට නියෝග කරන ලදී.”

හියුමන් රයිට්ස් වොච් හි ඊශ්‍රායල හා පලස්තීන අධ්‍යක්ෂ ඕමාර් ෂාකීර්,ප්‍රකාශයක් නිකුත් කරමින්,  මෙම දරුණු යුද අපරාධය හෙළා දුටුවේය. “ගාසා තීරයේ ඇඳුම් ගලවා, ඇස් බැඳ, රඳවා සිටින පලස්තීන මිනිසුන්ගේ කම්පන සහගත ඡායාරූප ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රකාශයට පත් කිරීම ‘පුද්ගලික අභිමානය පිළිබඳ කෝපය දල්වන’- යුද අපරාධයකට සමාන අමානුෂික සැලකිල්ලක්”වන අතර, ඔවුන් “අපරාධකරුවන් ලෙස ගණන් ගත යුතුයි.” යනුවෙන් සකීර් සඳුදා ලිවීය. 

ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා පලස්තීන මාධ්‍යවේදීන් 81ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇති අතර වෛද්‍ය සේවකයන් 296ක් මිය ගොස් ඇත. සඳුදා, අල් ජසීරා මාධ්‍යවේදියෙකු වන අනාස් අල්-ෂරීෆ් අරමුනු කරගත්, උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් ඔහුගේ පියා මිය ගියේය. අල් ජසීරා පැවසුවේ මෙම ඝාතනය සිදු වූයේ “පසුගිය නොවැම්බරයේ [අල්-ෂරීෆ්] විසින් ඔහුගේ රාජකාරිය ඉටු කිරීම වළක්වා ගැනීමේ උත්සාහයක් ලෙස ඔහුට ලැබුණු තර්ජන මාලාවකින් පසුව” බවයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ, “ගාසාවේ මාධ්‍යවේදීන්ට කරන තර්ජන වාර්තා කරන ආකාරය සහ පසුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මරා දැමීමේ රටාව පිළිබඳව දැඩි ලෙස තැතිගන්වන” බව ප්‍රකාශ කරමිනි. “ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම නිසා මාධ්‍යවේදීන්ට වාර්තා කිරීම දිගටම කරගෙන යාමට නොහැකි තරම්ය, මන්ද දැන් අවදානම ඔවුන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ ආදරණීයයන් ද ඇතුළත් කර ගැනීමයි.” එය තවදුරටත් සදහන් කලේය.

ඊශ්‍රායලයේ සමූහ මිනීමැරුම සමූහ අවතැන් වීමත් සමඟ සිදු වේ. උතුරු ගාසා තීරයෙන් මුළු ජනගහනයටම ඉවත් වන ලෙස නියෝග කිරීමෙන් පසුව, ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයෙන් තවත් සියයට 30ක් අනිවාර්යයෙන් ඉවත් කිරීම සඳහා ලකුණු කර ඇත. ඊජිප්තුව සමඟ රෆා දේශසීමා හරස් මාර්ගය ආසන්නයේ ජරා සරණාගත කඳවුරුවල සිරවී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තව තවත් දකුණට ගොඩ ගැසෙමින් සිටින අතර, එමගින් ඊශ්‍රායල දේශපාලඥයින් විසින් ගාසා වැසියන් අවතැන් කරන ලෙස ඉල්ලා ඇත.

ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි Read More »

Gaza

ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 26 දින පල වූ ‘Vast scale of Gaza genocide comes into view’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මාස දෙකක කාල පරාසයක් පුරා , ඊශ්‍රායලය විසින් සිදු කළ බෝම්බ හෙලීමේ සහ ගාසා තීරය ආක්‍රමණය කිරීමේ ප්‍රථම විවේකයෙන් දින තුනකට පසු, ලොව විශාලතම අපරාධ ස්ථානය වන ගාසා තීරයේ සිවිල් ජනතාව හිතාමතාම සමූල ඝාතනය කිරීමේ සාක්ෂි වාර්තාගත කිරීමට චිත්‍රපට කාර්ය මණ්ඩල පටන් ගෙන තිබේ.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාරයේ “විරාමයක්” “මාධ්‍යවේදීන්ට ගාසා තීරයට පුළුල් ප්‍රවේශයක් ලබා දෙන අතර එහි විනාශය තවදුරටත් අනාවරණය කිරීමට සහ ඊශ්‍රායලයට එරෙහිව මහජන මතය හැරවීමට” අවස්ථාව සැලසෙනු ඇති බවට ධවල මන්දිරය “කනස්සල්ලට” පත්ව ඇති බව පසුගිය සතියේ පොලිටිකෝ ( Politico) වාර්තා කළේය.

ඉන්දුනීසියානු රෝහල විනාශ වී ඇත, එහි පරිශ්‍රයට විශාල හානියක් වී රෝගීන් ඒ තුළ සිරවී සිටී.

ඔවුන් එලෙස ම කර තිබේ. සති අන්තයේ පලවූ අල් ජසීරා හි ස්ථානීය වාර්තාවක් ගාසාහි ඉන්දුනීසියානු රෝහලේ දර්ශනය විස්තර කළ පරිදි: “මරණයේ දුර්ගන්ධය මිනිසුන්ට තම නාසය වසා ගැනීමට බල කරයි, පිළිස්සුණු, කුණුවූ මළ සිරුරු, ඔවුන් අතර සිටින දරුවන්, එක් මුල්ලක ගොඩගැසී ඇත. ඊශ්‍රායල ස්නයිපර්වරු මිනීවළක් හෑරීමට ගිය අය ඉලක්ක කළ නිසා මිහිදන් කිරීමක් සිදු වී නොමැත. වීදි, පාසල්, නිවාස, කඩ සාප්පු, ආදී සියල්ල ඊශ්‍රායල ප්‍රහාර මගින් විනාශ කර දමා ඇත.”

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉක්මවා සදහන් කළේ යයි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කී බොරුව මෙම වාර්තා මගින් මුලුමනින්ම හෙලිදරව් කර ඇත. ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනය  නිල මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවතක්සේරු කිරීමක් කළ බව දැන් පිළිගනී.

සෞඛ්‍ය සේවා බිඳවැටීම හේතුවෙන් ,මියගිය අය ගණන් කිරීම කළ නොහැකි වීම හේතුවෙන් ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් නිල මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර සති දෙකක් ගත වී ඇත. කෙසේ වෙතත්, බදාදා ප්‍රකාශයට පත් කරන ලද රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නවතම නිල නොවන ගණන් කිරීම ඇස්තමේන්තු කර ඇත්තේ ළමුන් 6,000 ක් සහ කාන්තාවන් 4,000 ක් ඇතුළුව පුද්ගලයින් 14,352 ක් මරා දමා ඇති බවයි.

පලස්තීන චිත්‍රපට නිෂ්පාදක බීසාන් ඔව්ඩා ගාසා තීරයේ සමාජ මාධ්‍ය වාර්තා කිරීම ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කරගෙන ඇති අතර, යථාර්ථය වඩාත් පැහැදිලිව පෙන්වා දෙයි: “ඔබ දැනගත යුතු ගාසාවේ සංඛ්‍යා: දින 50 ක් තුළ 20,000 ක් මිනිසුන් ඝාතනය කර ඇත – ඔවුන්ගෙන් 7,000 ක් තවමත් සුන්බුන් යට ය – ඔවුන්ගෙන් 8,000 ක් ළමයින් ය- ඔවුන් සියල්ලෝම සිවිල් වැසියෝ ය.

ගාසා හි නිලධාරීන්ට අනුව, නිවාස ඒකක 233,000 ක් හෝ ගාසා තීරයේ නිවාසවලින් අඩක් පමණ විනාශ වී හෝ හානි වී ඇත. පාසල් 266කට බෝම්බ හෝ මිසයිල ප්‍රහාර එල්ල වූ අතර ඉන් 67ක් විනාශ වී ඇත. ඊශ්‍රායලය විසින් සෞඛ්‍ය සේවා සපයන්නන් 205ක් සහ මාධ්‍යවේදීන් 64ක් මරා දමා ඇත. මරණ සංඛ්‍යාවේ වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ කාන්තාවන් සහ ළමුන් අතර සිදුවන දැවැන්ත මරණ පරිමානයයි.

Gaza
2023 නොවැම්බර් 26 ඉරිදා, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි ඛුසා ( Khuzaa ) ගම්මානයේ පලස්තීන මවක් වන හියම් කුඩිහ්, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ඇගේ පවුලේ ගොඩනැගිල්ල ඉදිරිපිට ආහාර පිසීම කරන ආකාරය. [AP ඡායාරූපය/අදෙල් හනා ]

ඉරිදා ගාඩියන් පත්‍රයේ පළ වූ ලිපියක සඳහන් වූයේ, තමන් හමාස් සටන්කරුවන් 1000ත් 2000ත් අතර ප්‍රමාණයක් මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන බවයි. මෙය සත්‍ය වුවද, එයින් අදහස් වන්නේ මරා දමන ලද සෑම සටන්කරුවෙකු සඳහාම ඊශ්‍රායලය දරුවන් තිදෙනෙකු හෝ හය දෙනෙකු මරා දමා ඇති බවත්, මියගිය අයගෙන් සියයට 85ත් 92ත් අතර ප්‍රමාණයක් සිවිල් වැසියන් බවත්ය.

මෙම ඉරිදා, නිව් යෝර්ක් ටයිම්ස් විසින් මුල් පිටුවේ පළ කළේ, ගාසා යුද්ධයේ දී කාන්තාවන් සහ ළමුන් අතර දැවැන්ත මරණ සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී, 21 වන සියවසේ ඊට සමාන වූ පූර්වාදර්ශයක් නොමැති බවයි.

“ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මරණ කනගාටුදායක නමුත් නූතන ගැටුමේ දී, එය නොවැළැක්විය හැකි අංගයක් බව ප්‍රකාශ කර ඇත… නමුත් අතීත ගැටුම් සමාලෝචනය කිරීම සහ තුවාල ලැබූවන් සහ ආයුධ විශේෂඥයින් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමේදී, ඊශ්‍රායලයේ ප්‍රහාරය වෙනස් බව අදහස් කරයි.”

ද ටයිම්ස් සටහන් කලේ : “එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, වසර දෙකකට ආසන්න රුසියානු ප්‍රහාරවලින් පසුව, යුක්‍රේනයේ මියගිය බව තහවුරු වූ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ගාසා තීරයේ දී ඝාතනය කර ඇති” බවයි.

බොහෝ ප්‍රතිරෝධක සටන්කරුවන් පිරිමින් වුවද, ගාසා තීරයේ වාර්තා වන සියලුම මරණවලින් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් බව වාර්තාව තවදුරටත් පවසයි. “උදාහරණයක් ලෙස, ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති වූ අතීත ගැටුම්වලදී, ගාසා තීරයේ වාර්තා වූ මරණවලින් සියයට 60ක් පමණ පිරිමින් විය,” ටයිම්ස් ලිවීය.

ඊශ්‍රායලය රාත්තල් 2,000ක බෝම්බ භාවිතා කිරීම මගින් , 21 වැනි සියවසේ පෙර පැවති යුද්ධවල දක්නට ලැබුණු ඕනෑම දෙයක් පරයා යන බව එම ලිපියේ සඳහන් වේ. “ඊශ්‍රායලය ගාසා තීරයට හෙළන ලද යුද්ධායුධ වලින්, දළ වශයෙන් සියයට 90ක් චන්ද්‍රිකා මගින් මෙහෙයවන ලද රාත්තල් 1,000 සිට 2,000 දක්වා බරැති බෝම්බ” බව එක්සත් ජනපද හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් වාර්තා කරයි.

ටයිම්ස් මෙසේ ලියයි: “ ඊට වෙනස්ව, මෙම ශතවර්ෂයේ සටන්වලදී, එක්සත් ජනපද හමුදා නිලධාරීන් බොහෝ විට විශ්වාස කළේ, ඉරාකයේ මොසුල් සහ සිරියාවේ රක්කා වැනි නාගරික ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍යයට [ IS සංවිධානය] එරෙහි සටන්වලදී වඩාත් සුලභව යොදාගත් ඇමරිකානු ගුවන් බෝම්බ—රාත්තල් 500ක් බරැති— බොහෝ ඉලක්ක වල ප්‍රමාණයට වඩා විශාල වූ බව ය.

ටයිම්ස් ලිපිය, එය ප්‍රකාශයට පත් කරන සෑම දෙයක් මෙන්ම, ඇමරිකානු රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සකස් කර පරීක්ෂා කර ඇත. සිවිල් ජනතාව හිතාමතා ඉලක්ක කිරීම මගින් පමණක් පැහැදිලි කළ හැකි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන අතර, ටයිම්ස් මෙම ක්‍රියාවන් පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම බව පුන පුනා ප්‍රකාශ කරන ඊශ්‍රායල නිලධාරීන්ගේ ප්‍රකාශවලට කිසිවිටෙක සම්බන්ධ නොකිරීමට වගබලා ගනී.

මේ මස මුලදී, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, “එහි සමස්ත ජාතියම වගකිව යුතු ය… සිවිල් ජනතාව දැනුවත් නොවීම සහ සම්බන්ධ නොවී සිටීම පිළිබඳ මෙම වාචාල කතාව සත්‍ය නොවේ. එය සම්පූර්ණයෙන්ම සත්‍යය නොවේ.”යනුවෙන් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 ප්‍රහාරයට ගාසා තීරයේ සමස්ත ජනතාවම වගකිව යුතු බව ප්‍රකාශ කළේය.

“එය මහජනතාව නීත්‍යානුකූල ඉලක්ක බවට පත් කරනු ලබත් ද?” යනුවෙන් ඇසූ විට, හර්සොග් පිළිතුරු දුන්නේ, “ඔබේ මුලුතැන්ගෙයි මිසයිලයක් තිබෙන විට සහ ඔබට එයින් මට වෙඩි තැබීමට අවශ්‍ය වූ විට, මා ආරක්ෂා කර ගැනීමට මට අවසර තිබේද?” යනුවෙනි.

පසුගිය මාසයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, “අමලෙක් ඔබට කළ දේ ඔබ මතක තබා ගත යුතුයි”, “පිරිමියන් සහ ගැහැනුන්, ළමයින් සහ ළදරුවන්, ගවයන් සහ බැටළුවන්, ඔටුවන් සහ කොටළුවන් මරා දමන්න” යන බයිබලියානුකුල කොටසට ආයාචනා කරමිනි.

“අපි මිනිස් සතුන් සමඟ සටන් කරනවා, අපි ඒ අනුව ක්‍රියා කරනවා,” ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පසුගිය මාසයේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් පැහැදිලි කළ පරිදි: “ඊශ්‍රායල් ආන්ඩුවේ සහ හමුදාවේ නායකයින්ගේ පැහැදිලි ප්‍රකාශයන්, ඔවුන්ගේ අභිප්‍රාය  සැකයකට හෝ විවාදයකට ඉඩ නොතබයි,” එනම් ඊශ්‍රායලය “පොතේ හැටියට” සමූල ජන ඝාතනයේ යෙදී ගෙන ඇති බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, “ඊශ්‍රායලයේ ප්‍රහාරය මීට පෙර පැවති යුද්ධවලට වඩා වෙනස් ය” යන භාෂාව ටයිම්ස් විසින් භාවිතා කිරීම හුදෙක් සිවිල් ජනතාව අතර මරණ පරිමාණය පමණක් නොව,හිතාමතාම හැකිතාක් සිවිල් වැසියන් මරා දැමීමේ අරමුණක් ඇති බව පිළිගැනීමට ඊශ්‍රායල නිලධාරීන්ගේ කැමැත්ත ප්‍රකාශ කරයි. 

එපමනක් නොව, ඊශ්‍රායලය සිදු කර ඇති සෑම දෙයක්ම, එය බයිඩන් පරිපාලනය සමඟ සම්බන්ධීකරණය කර ඇත. එය විසින් ගාසා තීරයට හෙළා ඇති රාත්තල් 2000ක බෝම්බ සියල්ලම එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඒවා වන අතර පෙන්ටගනය විසින් සපයන ලදී. ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආස්ථානයෙන්, “විරාමයේ” එක් අරමුනක් වන්නේ බිඩෙන් පරිපාලනය උනන්දුවෙන් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල මිලිටරියට යලි [ අවි ආයුධ] සැපයීමයි.

මේ අතර, ටයිම්ස් පුවත්පත ගාසා තීරයේ ජනගහනයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද ආක්‍රමණයෙන් ඈත් කිරීමට උත්සාහ කරන අතර, ගාසාවේ ජන සංහාරය සනිටුහන් කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධවල දිගුවක් හා ප්‍රසාරනයකි. මෙම යුද්ධය මිලියන 1 කට අධික ජනතාවක් මරා දැමූ අතර රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ඊට පැහැර ගැනීම සහ ස්ත්‍රී දූෂණය භාවිතා කිරීම ඇතුලත් විය.

මෙම දැවැන්ත අපරාධ සඳහා සිරගත වීම තබා, තේරී පත් වූ එකදු නිලධාරියෙකුට හෝ හමුදා නිලධාරියෙකුට චෝදනා එල්ල නොවීය. දැන්, ගාසා තීරයේ විනාශයේ දසුන් පෙන්නුම් කරන පරිදි, එක්සත් ජනපදය හා ලෝක අධිරාජ්‍යවාදය ඊටත් වඩා විශාල පරිමාණයෙන් අපරාධ සිදු කරමින් සිටින අතර අනාගතය සඳහා තවත් විශාල අපරාධ සූදානම් කරමින් සිටී.

ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීමට සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුත්තේ, ඊශ්‍රායල සිවිල් සහ හමුදා නිලධාරීන් පමණක් නොව, වොෂින්ටන්, පැරිස්, ලන්ඩන් සහ බර්ලිනයේ නායකයින් ද ඇතුළුව මෙම යුද අපරාධවලට වගකිව යුතු අය යුද අපරාධ සම්බන්ධයෙන් නඩු කටයුතු වලට යටත්  කිරීමයි.

ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ Read More »

Gaza

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා  යොදා ගනී

පැට්‍රික් මාර්ටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 07  දින පල වූ ‘US and Israeli mass rape propaganda, without credible evidence, is being used to justify Gaza genocide‘ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රචාරක යන්ත්‍රය ගාසා තීරයේ ඊශ්‍රායලයේ සමූහ ඝාතනය ආරක්ෂා කිරීම සඳහා නව තර්කයක් දියත් කර ඇත: එනම්, වත්මන් යුද්ධයට පෙරටුව ඔක්තෝම්බර් 7දා ඊශ්‍රායලයට දේශසීමා හරහා ප්‍රහාරයක් දියත් කල හමාස් සංවිධානය, එම නැගිටීම තුලදී ඊශ්‍රායල කාන්තාවන් සමූහ ලෙස දූෂණය කිරීමේ වරදකරුයැයි කියා සිටීමයි.

මෙම චෝදනා සනාථ කිරීමට සෘජු සාක්ෂි නොමැතිය යන කරුණ, ගාසා තීරයේ ජන සංහාරයේ අපරාධකරුවන්ට සහ එහි ආරක්ෂකයින්ට අදාළ නොවේ. හමාස් විසින් රඳවාගෙන සිටින ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල සිරගෙවල් වල රඳවා ගෙන සිටි පලස්තීනුවන් සමග හුවමාරු කර ගැනීම සඳහා ඇති කළ සීමිත “විරාමය” අවසන් වීමෙන් පසු හදිසියේ ම මෙම කියාපෑම මාධ්‍ය හරහා ඝෝෂාකාරී ලෙස පතුරුවා හැරුනේ, ව්‍යසනකාරී ආකාරයෙන් තීව්‍ර කර ඇති ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ය.

ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් සති අන්තයේ පලස්තීනුවන් 1000කට වැඩි පිරිසක් මිය ගියහ. පලස්තීනුවන් මිලියන 2ක් පමණ ගාසා තීරයේ කුඩා කොනකට ගාල් කර ඇත. එය ප්‍රමාණයෙන් ෆිලඩෙල්ෆියා හෝ ඩෙට්‍රොයිට් නගරවලට වඩා විශාල නොවන නමුත්, ඊට වඩා බොහෝ වැඩි ජනගහණයකින් යුතුය. ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල අරමුන වඩ වඩාත් පැහැදිලි වී ඇත: එනම්, ගාසා තීරයේ සමස්ත ජනගහනය ඊජිප්තු දේශසීමා හරහා සීනායි කාන්තාරයට පලවා හැරීම, ගාසා තීරය හිස් කිරීම සහ එය යුදෙව් පදිංචිකරුවන් සඳහා ලබා දීමයි.

 Refugee
2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයන පලස්තීනුවන් [AP Photo/Doaa AlBaz]

සඳුදා, දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යූනිස් වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් පූර්ණ පරිමාන භූමි ප්‍රහාරයක් එල්ල කිරීමට සමගාමී ව, ඊශ්‍රායලයේ ධනවත් සහ බලගතු ආධාරකරුවන් 150ක කන්ඩායමක් හමාස් වෙත සමූහ ස්ත්‍රී දූෂණය පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්වූහ. හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් දුරස්ථව කණ්ඩායම ඇමතූ අතර, ප්‍රකෝටිපතියෙකු වූ හිටපු ෆේස්බුක් විධායක ෂෙරිල් සැන්ඩ්බර්ග් ද සෙනෙට් සභික කිර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (ඩිමොක්‍රටික්-නිිව්යෝක්) සමඟ එක්ව ඇගේ සහයෝගය ලබා දුන්නාය.

ඔබාමා පාලනයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස ලිබියාවට එරෙහි ම්ලේච්ඡ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට නායකත්වය දුන් ක්ලින්ටන් ඇගේ පටිගත කරන ලද ප්‍රකාශය තුල කියා සිටියේ, “යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ඇතැමුන් හමාස් වින්දිතයන් හමුවේ තම දෑස් සහ හදවත් වසාගෙන සිටීම පිළිකුල් සහගතය,” යනුවෙනි. යුද්ධයෙන් පසු බලය සඳහා තරඟ වදින ප්‍රතිවාදී ප්‍රතිගාමී ජුන්ටාවන් යටතේ ලිංගික වහල්භාවයට විකුණා දැමූ දහස් ගනන් කාන්තාවන් ද ඇතුලුව, ලිබියාවේ එක්සත් ජනපද යුද්ධයේ ගොදුරු වූ දස දහස් ගනනක් ගැන ඇය කිසිවක් කීවේ නැත. එක්සත් ජනපදය සැපයූ බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් මිය ගිය හා ආබාධිත වූ, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයේ ගොදුරු බවට පත් දස දහස් ගනනක් ගැන ද ඇය සඳහන් කළේ නැත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායලයේ නිත්‍ය දූත මණ්ඩලය විසින් අනුග්‍රහය දක්වන ලද අතර, ඊශ්‍රායල රජය සහ IDF විසින් සපයන ලද යැයි කියනු ලබන සාක්ෂි සහ ලේඛන ඔවුන් විසින් එකට එක කරන ලදී. ගාසා තීරයේ යුද අපරාධ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක්, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඕනෑම සාක්ෂියක් තමන් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලබා දෙනු ඇති බව පවසා ඇති අතර, එක්සත් ජනපද යුද අපරාධ සම්බන්ධයෙන්චෝදනා ඉදිරිපත් වනු ඇතැයි පවතින බිය නිසා එක්සත් ජනපද රජය එම අධිකරණය පිළිගන්නේ නැත. ඊශ්‍රායලය අල්ලා ගෙන සිටින බටහිර ඉවුරේ ඊශ්‍රායල යුද අපරාධ පිළිබඳ සාක්ෂිවලට ICCයේ දොර විවෘතව තිබීමේ හේතුවෙන්, ඊශ්‍රායල විරෝධී නැඹුරුවක් ඇති බව පවසමින් ඊශ්‍රායලය එය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරයි.

ඊළඟ දවසේ, ජනාධිපති ජෝ බයිඩන් බොස්ටන්හි අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී ස්ත්‍රී දූෂණ චෝදනා ඉස්මතු කලේය.  “පසුගිය සති කිහිපය තුළ, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්, සිතාගත නොහැකි තරමේ කුරිරුකම්වල බිහිසුණු වාර්තා බෙදා ගෙන ඇත,” බයිඩන් වෙස්ටින් හෝටලයේ රැස්ව සිටි ඔහුගේ කෝටිපති ආධාරකරුවන්ට පැවසීය. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට මහා පරිමාණයෙන් ගොදුරු වූවන් ගැන වෛද්‍යවරුන් දුසිම් ගනනක් ද ඇතුලත් ගාසා තීරයේ පලස්තීන ජාතික “දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්ගේ” වාර්තා එක්සත් ජනපද ජනාධිපතිවරයා කලින් ප්‍රතික්ෂේප කළේ, ඔවුන් හමාස් හරහා පැමිණි නිසා ඒවා විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

එදින රාත්‍රියේ, NBC නිවුස් විකාශය සිය “රාත්‍රී ප්‍රවෘත්ති” හි ප්‍රධාන අයිතමය ලෙස ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ මිනිත්තු පහක වාර්තාවක් විකාශනය කළ අතර, නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි මුල් පිටුවේ වාර්තා සහ අනෙකුත් රූපවාහිනී ජාල වල වාර්තා සමඟ මාධ්‍ය කුණාටුවක් ඇති විය. සීඅයිඒ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ එක් ඉතිහාසඥයෙකු වරක් එය හැඳින්වූ පරිදි, මෙය ඇමරිකානු ආන්ඩුවේ ප්‍රචාරනයේ “මහා ව’ලිස්ටරය (Wurlitzer- වර්ලිස්ටර් පියානෝව)” එහි උපරිම හඬින් වාදනය කිරීමක් විය.

හමාස් සංවිධානයට එරෙහි ව විශාල වාද්‍ය වෘන්දයක් යොදවා පවත්වා ගෙන යනු ලබන මෙම අඛණ්ඩ සමූහ වාදනයට අනුබල දෙන සැබෑ සාක්ෂිය කුමක්ද? ඒ සියල්ල ඊශ්‍රායල රජයෙන් සහ IDF වෙතින් ඉදිරිපත් වූ ඒවා ය; කිසිවෙකුගේ ස්වාධීන තහවුරු කිරීමක් නොමැත; වින්දිතයන්ගෙන් හෝ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඊශ්‍රායල නිලධාරීන්ට අනුව, ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්, ස්ත්‍රී දූෂණයට ගොදුරු වූවන් කිහිප දෙනා ඒ ගැන කතා කිරීමට නොහැකි තරම් කම්පනයට පත් ව සිටිති. ඊශ්‍රායල පොලිස් ප්‍රධානී යාකොව් ෂබ්තායි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවට පැවසුවේ “ප්‍රහාරවලින් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට කතා කිරීමට අපහසු වූ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන් දුටු හෝ අත්විඳින දේ ගැන කිසි විටෙකත් සාක්ෂි නොදෙනු ඇතැයි ඔහු සිතන” බවයි.

වයස්ගත වූවන් සහ කලින් සිටම දුර්වලව සිටි අය හැර, පසුගිය සතියේ හමාස් විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරු කාන්තාවෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූහ. ඔවුන්ගෙන් කිසිවෙකු, රඳවා ගෙන සිටි කාල සීමාව තුල දී ලිංගික අතවර සිදු වූ බවක් වාර්තා කළේ නැත. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙක්, ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් යන්තම් ගැලවී ගිය බව වාර්තා වූ අතර, ඊශ්‍රායල නිලධාරීන් ඔවුන්ගේ මතකයන් “අවිශ්වාසනීය” ලෙස බැහැර කරන ලදී. මේ අනුව, විශ්වාස කළ යුත්තේ නෙතන්යාහු රජයේ ප්‍රචාරක අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන සාක්ෂිකරුවන් පමණි.

පලස්තීනුවන්ට පක්ෂපාතී වෙබ් අඩවියක් වන මොන්ඩෝවයිස් (Mondoweiss) ට අනුව, නොවැම්බර් 13 දින , ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ නව සාක්ෂි සැපයීම සඳහා කැඳවන ලදැයි කියනු ලබන ඊශ්‍රායල පොලිස් සාකච්ඡාවක්, “නව තොරතුරු සහ පැහැදිලි සාක්ෂි නොමැතිකම” නිසා පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර ගැටුමකට තුඩු දුන්නේය. පොලිස් ප්‍රධානියා කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර, පොලිස් මාධ්‍ය නිලධාරි මෙරිට් බෙන් මයර් හා මාධ්‍යවේදීන් අතර උණුසුම් කතාබහක් ඇති විය. ඔහු එම සාකච්ඡාවේ අපේක්ෂිත පණිවිඩය පැහැදිලි කරමින්, මෙසේ ප්‍රකාශ කළේය: “මළ සිරුරුවල තත්වයන් මත පදනම්ව, දූෂණයක් සිදු වී ඇත. මෙම සිදුවීම් ප්‍රශ්න කිරීමට ඉඩක් නැත.”

මෙම සමූහ දූෂණ චෝදනා වල දී අනුගමනය කෙරෙන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව වැඩෙන මහජන විරෝධයේ කොන්දේසි යටතේ මහජන මතය හැසිරවීමට පෙර පැවති එක්සත් ජනපද ආන්ඩුව අනුගමනය කළ “විශාල බොරු” පැවසීමේ රටාව ම ය. ඉරාකය ආක්‍රමණය කර විනාශ කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීම සඳහා බුෂ් පරිපාලනය ඉරාකයේ “සමූහ විනාශක අවි” පවතින බව කියා සිටියේය. ඔබාමා සහ හිලරි ක්ලින්ටන් ලිබියාවට එක්සත් ජනපද-නේටෝ බෝම්බ හෙලීමේ කඩතුරාව ලෙස බෙන්ගාසිහි සමීපස්ථ සමූහ ඝාතන පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කළහ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉලක්ක කරන ලද රටවල නායකයන් – පැනමාවේ නොරීගා, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, ඉරාකයේ සදාම් හුසේන්, සිරියාවේ අසාද් සහ දැන් රුසියාවේ පුටින් – ඇමරිකානු මාධ්‍යවලින් එකසේම නිරූපණය කෙරෙන්නේ නරක ම සැලකිල්ල ලැබීමට උචිත වූවන් සේ ය.

ස්ත්‍රී දූෂණ චෝදනා, ඊශ්‍රායල රාජ්‍යය තුල ෆැසිස්ට් බලවේග විසින් ප්‍රවර්ධනය කරනු ලබන අතර ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ වියරු අනුගාමිකයින් විසින් භාරගනු ලැබේ. ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට තම හෘදයාංගම විරෝධය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු බිය ගැන්වීම ඔවුන්ගේ එකම අරමුණයි. ඔවුන්ට කිසිම විශ්වාසනීයත්වයක් නැත.

තව ද, ඉදින් ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී සමහර හමාස් සටන්කාමීන් ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කළේ වී වුව, එයින් ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ දහස් ගණන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය කරනු ලැබීම සාධාරණීකරණය වන්නේ කෙසේද? ලෝසවෙඅ සඳුදා කර්තෘ මණ්ඩල ප්‍රකාශයක ප්‍රකාශ කළ පරිදි, ඊශ්‍රායලය “කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි යුද්ධයක” යෙදී සිටින බවට වන අනභියෝගී කාරනය සලකන විට හමාස් විසින් කරන ලදැයි කියන සමූහ දූෂණ පිලිබඳ කියාපෑම් විශේෂයෙන් නරුම ය.

බයිඩන්, ක්ලින්ටන් සහ කොම්පැනිය ඔක්තෝම්බර් 7 සිදුවීම්වලින් “බියට” පත්ව සිටින බවට කරන ප්‍රකාශවලට ද කිසිදු විශ්වසනීයත්වයක් නොමැත. 1945 දී නාසි ජර්මනියේ පරාජයෙන් මෙපිට, එක්සත් ජනපදය තරම් යුද්ධයේදී පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ඝාතනය කර ඇති වෙනත් රටක් නැත. ස්ත්‍රී දූෂණ පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගත් කල, සමූහ දූෂණය , වියට්නාමයේ මයි ලායි සංහාරය වැනි සාහසික ක්‍රියාවන්හි මකා ලිය නොහැකි අංගයකි. ඉරාකයේ යුද්ධය අබු ග්‍රයිබ්හි ලිංගික ප්‍රචණ්ඩත්වයේ අමතක නොවන රූප නිර්මාණය කළ නමුත්, ඊට සමාන හෝ ඊටත් වඩා නරක සිදුවීම් දහස් ගණනක් වින්දිතයන්ගේ මතකයන් – ඉදින් ඔවුන් දිවි ගලවා ගත්තේ නම් – සහ අපරාධකරුවන්ගේ මතකයන් තුල හැර වෙනත් ස්ථානයක ඉතිරි නොවූ, වාර්තා නොවූ සිදුවීම් බවට පත් ව ඇත.

hooded detainee imprisoned at Abu Ghraib
අබු ග්‍රයිබ් හි සිරකර තබන ලද මුහුණු වැසුම් ලූ රැඳවියෙක්. ඔහුගේ වම් සහ දකුණු අතට වයර් සවි කර ඇති අතර, පෙට්ටියක් මත සිටුවා ඇත; පෙට්ටියෙන් වැටුණොත් විදුලි සැර වැදෙන බව ඔහුට කියා තිබුණි. [ඡායාරූපය: එක්සත් ජනපද රජය]

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයේ යථාර්තය වසන් කිරීමට බයිඩන් පරිපාලනය සහ සංගත මාධ්‍ය දරන නවතම ප්‍රයත්නයෙහි අඳුරු අසාර්ථක බව ඔප්පු වනු ඇත. මැද පෙරදිග ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ තෝමර තුඩ ලෙස ක්‍රියා කරමින් ඊශ්‍රායලය කරමින් සිටින අපරාධ සම්බන්ධයෙන් ලොව පුරා වැඩෙන කෝපය එයට වැළැක්විය නොහැක. යුද විරෝධී ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය වන්නේ, ගාසා තීරයේ යුද්ධය නැවැත්විය හැකි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ උල්පත වන ධනේශ්වර පද්ධතියට තිත තැබිය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමයි.

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා  යොදා ගනී Read More »

Carrier

ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 17  දින පල වූ ‘As Gaza genocide continues, US prepares major escalation of war throughout Middle East’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Carrier
මැද පෙරදිග පුලුල් ඇමරිකානු යෙදවීමක කොටසක් ලෙස, යූඑස්එස් ඩ්වයිට් ඩී අයිසන්හවර් ගුවන් යානා වාහක නෞකාව 2023 නොවැම්බර් 26 ඉරිදා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පර්සියානු බොක්ක වෙත ගමන් කරයි. (තොරතුරු තාක්ෂන ශිල්පී-දෙවන පන්තිය රස්කින් නාවික/එක්සත් ජනපද නාවික හමුදාව AP හරහා)

සෑම දිනකම ඊශ්‍රායලය  ගාසා හි වැසියන් සිය ගනනක් ඝාතනය කරමින් මිලියන 2.2 ක මුලු ජනගහනයම සාගින්නෙන් පෙලද්දී, ජන සංහාරයට එක්සත් ජනපද සහයෝගය සම්බන්ධීකරනය කිරීමට සහ මැද පෙරදිග පුරා මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් පෙලක් ඊශ්‍රායලයට ගමන් කරමින් සිටි.

පසුගිය සතියේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායල නිලධාරීන් සමඟ ඉහල මට්ටමේ රැස්වීම් පැවැත්වීමට ඊශ්‍රායලයට ගියේය. සංචාරය අතරතුර, ගාසා තීරයේ ජනගහනයට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාරයට එක්සත් ජනපදයේ විවෘත සහයෝගය සලිවන් විසින් නැවත අවධාරනය කලේය.

“හමාස් සංවිධානයට එරෙහි ව්‍යාපාරයේ දී අපි ඊශ්‍රායලයට දිගටම සහය දක්වන්නෙමු, මක්නිසාද යත්, හමාස් ඊශ්‍රායල රාජ්‍යයට පවත්නා  තර්ජනයක් ලෙස අප දකින නිසාත්, ඊශ්‍රායලයට එය පසුපස හඹා යාමට අයිතියක් පමනක් නොව යුතුකමක් ඇති නිසාත්, එක්සත් ජනපදය ඒ සඳහා ඊශ්‍රායලයට සහාය වනු ඇත,” සලිවන් ප්‍රකාශ කලේය.

ඔහුගේ සංචාරය අතරතුර, සලිවන් ප්‍රකාශ කලේ, “මෙම යුද්ධය තවත් අදියරකට සංක්‍රමනයක් සිදුවනු ඇති අතර, එය නායකත්වය ඉලක්ක කර ගැනීම සඳහා වඩාත් නිවැරදි  ක්‍රම සහ රහස් තොරතුරු මත මෙහෙයවීම්  කෙරෙහි අවධානය කේන්ද්‍ර ය කොට ඇත.” නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු පැවසුවේ සති තුනක් පමන ඇතුලත, ඊශ්‍රායලය වඩාත් නිවැරදි උපක්‍රම වෙත මාරු වීම ,  බයිඩන් මහතාට අවශ්‍ය බවයි.

ඊශ‍්‍රායලයේ දකුනු ගාසා තීරයේ ප‍්‍රහාරයට පෙරාතුව මීට සමාන ප‍්‍රකාශ බහුල විය, එක්සත් ජනපදය අවධාරනය කලේ ඊශ්‍රායලය විසින් මරා දමන සිවිල් වැසියන් සංඛ්‍යාව අඩු කරනු ඇති  බවයි.එහෙත් දකුනු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරය, උතුරේ සමූලඝාතන වලටත් වඩා- එසේ විය හැකි නම්- කුරිරු ය.

ජන සංහාරය ආරම්භයේ සිට ගත වූ දින 71 තුල, ගාසා වැසියන් 18,787ක් හෝ දිනකට 265ක් මරා දමා ඇත – ඔවුන්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ලමුන්ය. එම අනුපාතයට අනුව, ටයිම්ස් අනුමාන කරන දෙයට “අඩු තීව්‍රතා” ගැටුමක් වෙත ඊශ්‍රායලය ගමන් කිරීමට පෙර, කාන්තාවන් සහ ලමුන් 3,800ක් ඇතුලුව තවත් පුද්ගලයන් 5,500ක් ඝාතනය කරනු ඇත. 

Gzza
2023 දෙසැම්බර් 16 වැනි සෙනසුරාදා, දකුනු ඊශ්‍රායලයෙන් පෙනෙන පරිදි , ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් පසු දුම් නගියි. [AP Photo/ඒරියල් ෂාලිට්]

සති අන්තයේ, හමාස් විසින් කලින් රඳවාගෙන සිටි ප්‍රාන ඇපකරුවන් තිදෙනෙකු සුදු කොඩියක් ලෙලවමින් ඊශ්‍රායල හමුදා දෙසට ගමන් කරමින් සිටියදී, වෙඩි තබා මරා දමන ලදී.  ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද මෙම  ඝාතනය, ගාසා  තීරයේ ඊශ්‍රායලයේ “යුද්ධයේ” මූලික යථාර්ථයක් පෙන්නුම් කරයි: හමාස් සටන්කාමීන් සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනා ගැනීමට කිසිදු උත්සාහයකින් තොරව, හෝ මේ අවස්ථාවේ දී මුදා හල ප්‍රාන ඇපකරුවන් හඳුනා ගැනීමට, කිසිදු උත්සාහයකින් තොරව ඔවුන් දකින සෑම කෙනෙකුටම වෙඩි තැබීමේ හිතාමතාම සිදුකරන ප්‍රතිපත්තියක් ඊශ්‍රායල හමුදාවන්ට ඇත.

තවද, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයේ නිවාසවලින් සියයට 60ක් විනාශ කර හෝ හානි කර ඇති අතර රෝහල්වල සිට පාසල්, බේකරි සහ විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථාන දක්වා මිනිස් ජීවිතයට පවත්වා ගැනීමට ආධාර කල හැකි බොහෝ සිවිල් යටිතල පහසුකම් විනාශ කර ඇත. සලිවන්ගේ “සංක්‍රාන්තිය” සිදු වන විට, වෙනත් වචන වලින් කිවහොත්, ගාසා තීරය මුලුමනින්ම පාහේ නටබුන් වනු ඇත.

සලිවන් ඊශ්‍රායලයේ සිටින අතර, බ්‍රහස්පතින්දා IDF විසින් ගාසා තීරයේ සියලුම විදුලි සන්නිවේදන කපා දැමුවේය. එය අද දක්වාම වූ දීර්ඝතම වසා දැමීමයි. සෙනසුරාදා, ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට පහර දුන්නේය. ප්‍රහාරය අතරතුර, ඊශ්‍රායල බුල්ඩෝසර් සරනාගතයින්ගේ කූඩාරම් හරහා ධාවනය කරමින් එහි  සුන්බුන් තුල මිනිසුන් පනපිටින් වලලමින් අවම වශයෙන් නව දෙනෙකුවත් මරා දැමීය.

ජබාලියා සරනාගත කඳවුරට ඉරිදා ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 90 දෙනෙකු මිය ගිය බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කලේය. ඊශ්‍රායලය ගාසා තීරයේ සිය දෛනික ඉලක්කගත මාධ්‍යවේදීන් ඝාතනය කිරීම දිගටම කරගෙන ගිය අතර මේ වන විට මාධ්‍යවේදීන් 64 දෙනෙකු ඝාතනය කර ඇත. සිකුරාදා ඊශ්‍රායල හමුදා විසින් අල් ජසීරා කැමරා ශිල්පී සමර් අබුඩකා මරා දමා අල් ජසීරා ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් ඩහ්ඩෝහ් ට තුවාල කලේය.

ඊශ්‍රායල නිලධාරීන් ප්‍රසිද්ධියේ සමූල  ජන ඝාතක  වාචාල කතා භාවිතය වැඩි කර ඇත. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, පලස්තින ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” ලෙස පෙනෙන පරිදි  කටයුතු කල යුතු බව පැවසීය.

ගාසාවේ ඉන්න හැමෝටම මුහුදු වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.

“ඊශ්‍රායලය විසින් මැද පෙරදිග පුරා දිගින් දිගටම ප්‍රහාර දියත් කරයි. ඉරිදා අගභාගයේදී, එහි ප්‍රහාරක ගුවන් යානා සිරියාවේ ඩැමස්කස් නගරයට නුදුරින් ප්‍රහාරයක් සහ ලෙබනනයට දිගු දුර ප්‍රහාර එල්ල කලේය.”

සති අන්තයේ ඔහුගේ ප්‍රකාශයන්හිදී, සලිවන් පැහැදිලි කලේ, යේමනයේ හවුති කැරලිකරුවන් සහ ඊටත් වඩා කේන්ද්‍ර වශයෙන් ඉරානය,  යන දෙකම ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලයේ ජන සංහාරය එක් සංරචකයක් පමනක් වන වඩාත් පුලුල් ගැටුමකට එක්සත් ජනපදය සූදානම් වන බවයි.

සලිවන් ප්‍රකාශ කලේ, “හවුතිවරුන් කරන්නේ ඊශ්‍රායලයට පමනක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම තර්ජනයකි; එය නාවික නිදහසට තර්ජනයකි, එය වානිජ නැව්ගත කිරීමට තර්ජනයකි; එය ගෝලීය වානිජ්‍යයේ තීරනාත්මක ප්‍රධාන මාර්ගයක වන තීරනාත්මක කපොල්ලකට  තර්ජනයකි. එබැවින් එක්සත් ජනපදය විසින් නාවික නිදහස ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා රටවල් අතර සන්ධානයක් ගොඩනඟමින් සිටී.”

ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කතා කරන්නේ හවුතිවරුන් ගැන. නමුත් හවුතිවරුන් පිටුපස සිටින්නේ කවුද? ඔවුන්ට අවි ආයුධ ලබාදෙන්නේ, සන්නද්ධ කරන්නේ සහ සක්‍රීය කරන්නේ කවුද? ඒ ඉරානයයි. ”

සති අන්තයේ, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති කනිෂ්ඨ චාල්ස් ක්යු. බ්‍රවුන්, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග අනෙකුත් එක්සත් ජනපද මිත්‍ර රටවල බහුදින සංචාරයක් සඳහා පිටත්ව ගියහ.

ඉරිදා, ගාඩියන් වාර්තා කලේ, ඉරානය සමඟ පෙලගැසී සිටින යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින්, එක්සත් ජනපදය විසින් තාවකාලිකව ප්‍රොස්පෙරිටි ගාර්ඩියන්  නමින් නව මිලිටරි මෙහෙයුමක් නිවේදනය කරන බවයි.

සිකුරාදා, ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ, ඔස්ටින් විසින්, එය කලින් නිවාඩු කාලය සඳහා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබූ යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්  ගුවන් යානා වාහක නෞකාවට මධ්‍යධරනී මුහුදේ රැඳී සිටින ලෙස නියෝග කර ඇති බවය.

මැද පෙරදිග පුරා ස්ථානගත කර ඇති නැව් 19 කින් සමන්විත ආමඩාවක (යුධ නැව් කන්ඩායමක) කොටසක් ලෙස එක්සත් ජනපදය කලාපය තුල ගුවන් යානා වාහක නෞකා දෙකක් පවත්වාගෙන යනු ඇත. මධ්‍යධරනී මුහුදේ එක්සත් ජනපද යුද නැව් හතක් සහ රතු මුහුද, අරාබි මුහුද සහ පර්සියානු බොක්ක පුරා තවත් යුධ නැව් දුසිමක් ඇත.

යේමනයේ වෙරලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ වෙඩි තබා ගැනීමේ යුද්ධයක් දැනටමත් ආරම්භ වී තිබේ. එක්සත් ජනපද මධ්‍යම විධානය ට්විටර්/එක්ස් සටහනක වාර්තා කලේ, දෙසැම්බර් 16 වන දින එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ යූඑස්එස් කාර්නි නියමු මිසයිල  ඩිස්ට්‍රෝය  නෞකාව, යේමනයේ සිට, දියත් කල ඩ්‍රෝන යානා දුසිමකට අධික ප්‍රමානයක් සමග නියැලුනු  බවයි.

මේ අතර එක්සත් ජනපද මාධ්‍ය , බයිඩන් පරිපාලනයට යේමනය සහ ඉරානය යන දෙකම ඉලක්ක කර ගැනීම සඳහා උද්ඝෝෂන කරයි. කතුවැකියක, වෝල් ස්ට්‍රීට් ජර්නලය ලිවූ පරිදි, “යේමනයේ හවුති මිලීෂියාව විසින් වානිජ නැව් ප්‍රවාහනයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බයිඩන් පරිපාලනය මිලිටරි බලය යෙදවීම ගැන කල්පනා කරමින් සිටින බව පුවත්පත් වාර්තා කරයි. ඒ සඳහා කල් පමා වූවා වැඩි සේ ය. හවුති මිසයිල ප්‍රහාර  ගෝලීය නාවික ගමනාගමනයට දශක කිහිපයකින් එල්ල වූ වඩාත්ම සුවිශේෂී තර්ජනයක් වන අතර ගෝලීය සභාගය ඒකාබද්ධව ඔවුන් නැවැත්වීමට කටයුතු නොකලහොත් ඒවා දිගටම පවතිනු ඇත.”

ජර්නලය දිගටම කියා සිටියේ, “ප්‍රශ්නය වන්නේ හූතීන් සටන සඳහා කොන්දේසි සකස් කරද්දි, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර  නාවික හමුදාවන් හුදෙක් ආරක්ෂක ක්‍රීඩාවේ යෙදෙමින් සහ මිසයිල අල්ලා ගැනීමට යන්නේද යන්නයි. ඉක්මනින් හෝ පමා වී, හවුති මිසයිලයක් එක්සත් ජනපද නාවික ආරක්ෂක වලල්ල පසු කර විත් ඇමරිකානු නැවියන් මරා දැමිය හැකිය. එවිට ධවල මන්දිරයට ආපසු පහර දීම හැර වෙනත් විකල්පයක් නැත.”

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව උත්සන්න කල යුතු බව ජර්නලය ඉල්ලා සිටී, “ඔවුන් දිගටම අවුල්  කරන්නේ නම්, එක්සත් ජනපද සහචරයින්ට පහර දීම සහ ඇමරිකානු කඳවුරු හෝ නැව් ඉලක්ක කරන්නේ නම්, අවසානයේ දී, ඉරානයේ පාලකයින් ඔවුන්ගේ වත්කම් – මිලිටරි සහ න්‍යෂ්ටික –  අවදානමට ලක්ව ඇති බව දැනගත යුතුය.”

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ කන්ඩායම් ගාසාවේ ජන සංහාරයට එක්සත් ජනපදයේ සහය දැක ගන්නේ, ඉරානය කේන්ද්‍රීය ඉලක්කයක් කර ගත්, මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා මැද පෙරදිග ආධිපත්‍යය දැරීමට එය  දශක ගනනාවක් තිස්සේ දරන උත්සාහයේ තීරනාත්මක සංරචකයක් ලෙස බව මෙම ප්‍රකාශයන් පැහැදිලි කරයි.

තවද, බයිඩන්  පරිපාලනය මෙම ගැටුම දකිනු ලබන්නේ , යුරෝපයේ රුසියාව සහ පැසිෆික් කලාපයේ චීනය ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයේ සිදු වන රුධිර ස්නානය පවා  මුලුමනින් ම ඉක්මවා යන මහා ජන ඝාතනයක් දක්නට ලැබෙනු ඇති,  ලෝක ආධිපත්‍යය සඳහා වන ගෝලීය යුද්ධයේ   එක් වේදිකාවක්  ලෙස පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව සෑම මහද්වීපයකම මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් පෙලපාලි ගොස් ඇත. එහෙත් මෙම ව්‍යාපාරය මුහුන දී සිටින්නේ යුද්ධයේ හා මිලිටරිවාදයේ ගෝලීය ව්‍යාප්තියකට කැපවී සිටින අධිරාජ්‍යවාදී ආන්ඩුවලටය.

ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි Read More »

Lloyd

එක්සත් ජනපදය යේමනය සහ ඉරානය ඉලක්ක කර ගනිමින් නාවික මෙහෙයුමක් නිවේදනය කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 19 දින පල වූ “US announces naval operation targeting Yemen and Iran” යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි. 

යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් ඉලක්ක කරමින් සහ ඉරානයට තර්ජනය කරමින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි  ඔපරේෂන් ප්‍රොස්පෙරටි ගාර්ඩියන් නමින් නාවික මෙහෙයුමක්   ආරම්භ කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳුදා නිවේදනය කලේය.දැන් ගාසා තීරයේ සමූහ ඝාතනවල යෙදී සිටින ඊශ්‍රායල හමුදා, ඉරානය සමඟ අනාගත යුද්ධයකදී ඉටු කරනු ඇති භූමිකාව අවධාරනය කරමින් ඔස්ටින් මේ  නිවේදනය කලේ ඊශ්‍රායලයේදී බව සටහන් කල යුතුය.

Lloyd
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

“යේමනයේ සිට ආරම්භ වන ඉවක් බවක් නැති හූති ප්‍රහාරවල මෑත කාලීන උත්සන්න වීම, වානිජ්‍යය නිදහසේ ගලායාමට තර්ජනය කරයි, අහිංසක නාවිකයින් අනතුරේ හෙලයි එමෙන්ම  ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරයි,” ලෙස  ඔස්ටින් සඳුදා ප්‍රකාශයක් නිකුත් කලේය. “මෙය සාමූහික ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින ජාත්‍යන්තර අභියෝගයකි.”

ඊශ්‍රායලයේ පැවති මාධ්‍ය හමුවකදී, මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය ඉරානය බව ඔස්ටින් පැහැදිලි කලේය, “ත්‍රස්තවාදී කන්ඩායම්වලට සහ කලාපයට තර්ජනයක් වන සහ පුලුල් ගැටුමක අවදානමක් ඇති කරන මෙම ඉරාන ප්‍රොක්සීන්ගේ (නියෝජිතයන්ගේ)   ද්වේෂසහගත ප්‍රහාරවලට අඛන්ඩව සහයෝගය ලබා දෙමින් ඉරානය ආතතිය වැඩි කරයි.” වක්‍ර වූ තර්ජනයකින් ඔස්ටින් පැවසුවේ, “එක්සත් ජනපදය යුද්ධයක් හඹා යන්නේ නැති බව කිවමනා නොවේ. අපි කඩිනමින් ඉරානයෙන් ඉල්ලා සිටින්නේ මෙය ප්‍රති-උත්සන්න කිරීමට පියවර ගන්නා ලෙසයි.”

එක්සත් ජනපදය විසින් ගුවන් යානා වාහක යුධ කන්ඩායම් දෙකක නායකත්වයෙන් යුත් යුධ නෞකා 20 කට ආසන්න ප්‍රමානයක නාවික බලඇනියක් මැද පෙරදිගට යවා ඇත. නව නාවික මෙහෙයුමට එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් බොහොමයක් ඇතුලත් වනු ඇත.

සෙනසුරාදා, එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන  යූඑස්එස් කාර්නි යේමනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන දුසිමකට අධික සංඛ්‍යාවක් හා නියැලුනි. ඔස්ටින් පැවසුවේ “මෙම රාජ්‍ය නොවන රංග ධරයා ජාත්‍යන්තර මුහුද හරහා නීත්‍යානුකූල සංක්‍රාන්තියේ යෙදෙන   බොහෝ රටවල වෙලඳ යාත්‍රා වෙත බැලිස්ටික් මිසයිල සහ නියමුවන් නොරැගත්  ගුවන් වාහන දියත් කිරීමෙන් එල්ල වන අභියෝගයට මුහුන දීම ” සදහා  ආරම්භ කල බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොව් ගැලන්ට් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔස්ටින් පැවසුවේ, “මෙම තර්ජනය විසඳීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට අපි ක්‍රියා කරමින් සිටිමු ” යනුවෙනි.

ඔස්ටින් ඊශ්‍රායලයෙන් පිටත්ව ගිය පසු, ඔහු දැනට නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඇති යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් ගුවන් යානා වාහක නෞකාවට ගොඩ වීමට නියමිතය. ඔස්ටින්ගේ සංචාරය ඊශ්‍රායලයට පැමිනෙන ඉහල මට්ටමේ එක්සත් ජනපද නිලධාරීන් පෙරහැරක කොටසකි. එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් සී. ක්‍යු. බ්‍රවුන් ද සඳුදා ඊශ්‍රායලයේ පැමින සිටියේය. පසුගිය සතියේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායලයට ගිය අතර සීඅයිඒ ප්‍රධානී බිල් බර්න්ස් ද පෝලන්තයේ වෝර්සෝහිදී කටාර් සහ ඊශ්‍රායල නිලධාරීන් හමුවිය.

මෙම මස මුලදී, සලිවන් හූති කැරලිකරුවන්ට එරෙහිව, එක්සත් ජනපදය “අප විසින් තෝරා ගන්නා වේලාවක සහ ස්ථානයක සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති” බව පවසමින් මිලිටරි ක්‍රියාමාර්ගයකට තර්ජනය කලේය.

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රවෘත්ති සේවය වන USNI නිවුස්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත යෙදවීම පිලිබඳ හැඟීමක් ලබා දුන්නේය:

“එක්සත් ජනපද නාවික හමුදාවට රතු මුහුද සහ ඒඩන් බොක්ක අතර බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අවම වශයෙන් ඩිස්ට්‍රෝය නෞකා තුනක් ඇත—යූඑස්එස් කාර්නි  (DDG-64), යූඑස්එස් මේසන් (DDG-87) සහ යූඑස්එස් තෝමස් හඩ්නර්  (DDG-116 ) සියල්ලම කලාපයේ ක්‍රියාත්මක වී ඇත. එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන   HMS ඩයමන්ඩ් (D34) සහ ප්‍රංශ නාවික හමුදාවේ නියමු මිසයිල ෆ්‍රිගේට්  නෞකාවක් වන   FS ලැන්ගුඩොක් (653) ද රතු මුහුදේ  ක්‍රියාත්මක වී ඇත.

එක්සත් ජනපද නාවික හමුදා ආයතනයේ නිව්ස් ෆ්ලීට් සහ මැරීන් ට්‍රැකර්(USNI News Fleet Marine Tracker) ට අනුව සති අන්තයේ එක්සත් ජනපදය, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (CVN-69) සහ එහි පරිවාර නෞකා, සෝමාලියාව සහ යේමනය අතර ඒඩන් බොක්ක වෙත  යැවීය. සඳුදා සූවස් ඇලෙන් රතු මුහුදට ඇතුලු වන යූඑස්එස් ලැබූන් (DDG-58) නියමු මිසයිල ඩිස්ට්‍රෝය නෞකාව ෂිප්ස්පොටර් ට නිරීක්ෂනය වී  ඇත.”

ඔහුගේ ඊශ්‍රායල සංචාරය අතරතුර, ඔස්ටින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරය සඳහා වොෂින්ටනයේ අසීමිත සහයෝගය නැවත තහවුරු කලේය. “මම මෙහි සිටින්නේ පැහැදිලි පනිවිඩයක් සමඟයි,” ඔස්ටින් පැවසීය. “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ සහයෝගය නොසැලෙන සුලුය.” ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයේදී හමාස් ත්‍රස්ත ක්‍රියා සිදු කර ඇත. ඒවා එහි ප්‍රකාශිත ඉලක්කවල අඛන්ඩතාවයක් වේ: එනම් යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය තුරන් කිරීමයි. කිසිම රටක් මෙවැනි අනතුරක් ඉවසිය යුතු නැත.”

ඔහු අවසන් කලේ, “යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය මුලිනුපුටා දැමීමේ ප්‍රකාශිත අරමුන සහිත උමතු ත්‍රස්තවාදී කන්ඩායමකට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට සෑම අයිතියක්ම ඇත. …එබැවින් වරද්ද ගන්න එපා , හමාස් හට නැවත කිසි දිනෙක ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ ස්වෛරී රාජ්‍යයට ත්‍රස්තවාදය ප්‍රක්ෂේපනය කිරීමට නොහැකි විය යුතුය.” යනුවෙනි.

ගාසා තීරයට එරෙහි ප්‍රහාරයේ පරිමානය අඩු කිරීමට ධවල මන්දිරය ඊශ්‍රායලය තල්ලු කරන බවට එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් නොතකා,  එක්සත් ජනපද අරමුදල් සහ ආයුධ වලින් ඝාතනය කෙරෙන සිවිල් වැසියන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදය කිසිදු කොන්දේසියක් පනවා නැති බවත්,   ඔස්ටින් පැහැදිලි කලේය.  ඔහු අවසන් කලේ, “මෙය ඊශ්‍රායලයේ මෙහෙයුමයි, මම මෙහි පැමිනියේ කාල නියමයන් හෝ විධානයන් නියම කිරීමට නොවේ. ඔබ මා කීප වතාවක්ම කියනු අසා ඇති පරිදි, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය සඳහා අපගේ සහය අයෝමය වේ, එය වෙනස් නොවනු ඇත. මා කලින් කී පරිදි හමාස් සංවිධානයට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට තර්ජනය කිරීමට හෝ ගාසා තීරයටම තර්ජනය කිරීමට පවා නොහැකි වීම ඉතා වැදගත්ය.” යනුවෙනි.

සමූහ ඝාතන සිදුකිරීමේ මෙම හිස් චෙක්පතත් සමඟ ඊශ්‍රායල නිලධාරීන් විවෘතව ජනඝාතක වාචාල කතා භාවිතය වැඩිකරමින් සිටිති. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” [ 2 වන ලෝක යුධ සමයේ යුදෙව්වන් මිලියනයක් පමන ඝාතනය කරන ලද පෝලන්තයේ පිහිටි නාසි වද කදවුරක්] මෙන් පෙනෙන ලෙස කටයුතු සිදු කල යුතු බව පැවසීය. “ගාසාවේ ඉන්න හැමෝටම වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.”

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා වාර්තා කලේ නිල මරන සංඛ්‍යාව 19,453 දක්වා ඉහල ගොස් ඇති අතර ගොදුරු වූවන්ගෙන් අතිමහත් බහුතරයක් කාන්තාවන් සහ ලමයින් ය. අතුරුදහන් වූ පුද්ගලයින් 7,000 කට වැඩි සංඛ්‍යාවක් එකතු කරද්දි, සැබෑ මරන සංඛ්‍යාව දැනටමත් 20,000 ට වඩා සෑහෙන්න වැඩි විය යුතුවේ.

සඳුදා හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින්  ඊශ්‍රායලය, ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහිව සාගින්න යුද අවියක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. “මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනගහනයට ආහාර සහ ජලය අහිමි කර ඇත; එය ඉහල පෙලේ ඊශ්‍රායල නිලධාරීන් විසින් අනුබල දුන් හෝ අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර එය යුදෝපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් සාගින්නෙන් පෙලීමේ අභිප්‍රාය පිලිබිඹු කරයි” යනුවෙන් පලස්තීන අත්පත් කරගත් ප්‍රදේශ වල හියුමන් රයිට්ස් වොච් හි අධ්‍යක්ෂ ඕමාර් ෂකීර්  පැවසීය.

සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසුවේ, “ඊශ්‍රායල් හමුදා හිතාමතාම ජලය, ආහාර සහ ඉන්ධන බෙදා හැරීම අවහිර කරන අතරම, මානුෂීය ආධාර ලබා දීමට හිතාමතාම බාධා කරමින්, පෙනී යන  ලෙසට කෘෂිකාර්මික ප්‍රදේශ විනාශ කරමින් සහ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ අහිමි කරමින් සිටී.”

ගාසා තීරය පුරා කුසගින්න මතුවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කලේ, ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂනයකට අනුව, “ඉතා දරුනු සාගින්න මට්ටම්” අත්විඳින ජනගහනයේ කොටස සියයට 44ක් ලෙස වාර්තා වූ බව හා එය සති දෙකකට පෙර කලින් තක්සේරුවකදී සියයට 24ක් වූ බවය.

එක්සත් ජනපදය යේමනය සහ ඉරානය ඉලක්ක කර ගනිමින් නාවික මෙහෙයුමක් නිවේදනය කරයි Read More »

Gaza

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ජන සංහාරක ප්‍රහාරය දකුණු තීරුව ඉලක්ක කර ගනිමින් නැවත ආරම්භ කරයි

තෝමස් ස්ක්‍රිප්ස්.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 01 දින පල වූ “Israel resumes its genocidal assault on Gaza, targeting the southern strip” යන තෝමස් ස්ක්‍රිප්ස්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඊශ්‍රායලය සිකුරාදා උදෑසන දින හතක “සටන් විරාමය” අවසන් වී මිනිත්තු කිහිපයක් ඇතුළත ගාසා තීරයයේ සිය ජන සංහාරක ප්‍රහාරය නැවත ආරම්භ කළේය. දිනය අවසන් වන විට අවම වශයෙන් තවත් පලස්තීනුවන් 178 දෙනෙකු මියගොස් ඇති අතර 589 දෙනෙකු තුවාල ලබා ඇත. දේශසීමා හරහා යළිත් වෙඩි ප්‍රහාර පටන් ගැනීමෙන් පසු ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයකින් ලෙබනනයේ කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා මිය ගියහ. 

නෙතන්යාහු ආන්ඩුව සටන් විරාමය අවසන් කිරීම ගැන හමාස් වෙත දොස් පැවරීය. එය දිගු බොරු ලැයිස්තුවේ නවතම එකයි. තවමත් හෙලිදරව් කරගෙන නැති රොකට් ප්‍රහාරයක් ඊශ්රායලයට එල්ල වූයේ, හමාස් ඊයේ ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු මුදා හැරිය නමුත්,තමන් රදවාගෙන සිටින සියලුම කාන්තාවන් සහ ළමයින් නිදහස් කිරීමට අවංකව ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසුවය. 

Gaza
2023 දෙසැම්බර් 1 වන දින ගාසා තීරයේ ඛාන් යූනිස් සරණාගත කඳවුරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් එම විනාශය දෙස බලා සිටී. [ඡායාරූපය: මොහොමඩ් ඩහ්මන්/WSWS]

හමාස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ , හුවමාරු කරගැනීමට එවැනි ප්‍රාණ ඇපකරුවන් තවත් නොමැති බව පැවසීමෙනි. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය මවක් වන ශ්‍රීරි බිබාස්, ඇයගේ මාස 10ක් වයසැති පුත්‍රයා වන කෆීර් සහ ඔහුගේ සිව් හැවිරිදි සහෝදරයා වන ඒරියල් ගේ සිරුරු භාර දීමට ඔවුන් ඉදිරිපත් වී ඇත. “හමාස් තමන් බිබාස් පවුලේ මෘතදේහ සමග තවත් සියොන්වාදී රැඳවියන් දෙදෙනෙකු නිදහස් කිරීමටත් දරුවන්ගේ පියා (යාදෙන්) භූමදාන කටයුතු සදහා නිදහස් කීරීමටත් ඉදිරිපත් වූ” නමුත් ඊශ්‍රායල බලධාරීන් ඊට “ප්‍රතිචාර නොදැක්වීය” යි නිවේදනය කර ඇත. 

සිය “වේගය අහිම වෙමින් පවතින” බවට දිගින් දිගිටම පැමිනිලි කිරීමෙන් ඉක්බිති කුමක් වුවත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) මිලිටරි ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. තමන්ගේ පැත්තෙන් කේවල් කිරීමට හමාස්ට ඇතැයි කියන අසමර්ථතාව අවධාරනය කිරිම එසේ කිරීම සඳහා විනිවිද පෙනෙන සාධාරණීකරණයකි.

ඊශ්‍රායලය “දෙවියන්ගේ උපකාරය ඇතුව සෑම තැනකම” තම සතුරන් “පළවා විනාශ කරන” බවට මුදල් ඇමති බැසිලෙල් ස්මෝට්‍රිච් ප්‍රකාශ කළේ දිනකට පෙරය. මෙම පිපිරුම සඳහා කඩතුරාව වූයේ, බස් නැවතුමක දි, හමාස් සාමාජිකයන් ලෙස සැලකූ දෙදෙනෙක්, සන්නද්ධ සිවිල් වැසියෙකු විසින් තමන්ට වෙඩි තැබීමට උත්සාහ කරද්දී සහ අයිඩීඑෆ් විසින් තමන් තමන් මරා දැමීසට පෙර, පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කල ජෙරුසලමේ ප්‍රහාරයකි.  

ජාතික ආරක්‍ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර්  පුරසාරම් දොඩමින් කියා සිටියේ, ඔහු සිවිල් වැසියන් ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ කිරීමට කල දේ, නිවැරදි බව මෙයින් ඔප්පු වන බවයි. මෙම “වීර තුවක්කුකරු” සිකුරාදා මිය ගියේ IDF විසින් ඔහු සතුරු සටන්කරුවෙකු ලෙස වරදවා වටහා ගනු ලැබ කරන ලද වෙඩි පහරවල් කිහිපයකිනි. 

හමාස් තුරන් කිරීමේ නාමයෙන් සැලසුම් කර ඇත්තේ ගාසා තීරය පමණක් නොව බටහිර ඉවුර සහ ඊශ්‍රායලය තුළ මත් ජනවාර්ගික ශුද්ධ කිරීම බව නෙතන්යාහුගේ ප්‍රතිචාරය පැහැදිලි කළේය. “සියලු හමාස් ත්‍රස්තවාදීන් මිය යනු ඇත – ජෙරුසලමේ, ගාසා තීරයේ, බටහිර ඉවුරේ සහ සෑම තැනකම” ඔහු ගිගුරුම් දුන්නේය.

දැන් IDF ප්‍රහාරයේ දෙවන අදියරේ සිදුවෙමින් පවතින කුරිරු, සාපරාධී ස්වභාවය ගැන රහසක් නැත. ආන්ඩුවේ ප්‍රකාශක එයිලෝන් ලෙවී මාධ්‍යවේදීන්ට මැරවර ලෙසින් පැවසුවේ, “අපේ කාන්තාවන් රදවා ගැනීමට තෝරා ගැනීමෙන් පසුව, හමාස් දැන් සියලු කම්පනයන්ගේ අම්මා ගන්නවා ඇත,” යන්නයි.  

දවසේ සංහාරය සමාලෝචනය කරමින් ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් මෙසේ පැවසීය.“ප්‍රතිඵල විශ්මයජනකයි. හමාස් සංවිධානය තේරුම් ගන්නේ බලය පමණි, එබැවින් අපි යුද්ධයේ අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක්  දිගටම ක්‍රියා කරන්නෙමු.” 

ගාසා තීරයේ උතුරේ සිදු කරන ලද විනාශය දැන් දකුණට සැලසුම් කර ඇති අතර, හමාස් මූලස්ථානය යැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරන ඛාන් යූනිස් නගරය කෙරෙහි එය අවධානය යොමු කරයි. දැනටමත් නැවත නැවතත් සහ මාරාන්තික ප්‍රහාරයන්ට ලක්ව ඇති නගරයේ වැසියන්ට ඉවත්ව යන ලෙස දැනුම් දෙන  පත්‍රිකා හෙළා ඇති අතර, සහ එම ප්‍රදේශය “භයානක යුධ කලාපයක්” ලෙස එයින් විස්තර ඇත.

උතුරු ගාසා තීරයේ ජනගහනයෙන් අතිමහත් බහුතරය දැනටමත් දකුණට රොක් වී ප්‍රදේශය ජනාකීර්න වී ඇති හෙයින් – මිලියන 2.3 ක මුළු ජනගහනයෙන් මිලියන 1.8 ක් අවතැන් වී ඇත – ඔවුනට යන්නට තැනක් නැත. ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් ගාසා තීරයෙන්  සම්පූර්ණයෙන්ම පන්නා දමා සීනායි කාන්තාරයට පලවා හැරීමට උත්සාහ කරන බවට ඇති බිය සනාථ කරමින් IDF සිවිල් වැසියන්ට රෆාහි ඊජිප්තු දේශ සීමාව දෙසට ගමන් කරන ලෙස පවසා ඇත.

අල් ජසීරා  මාධ්‍යවේදී සෝරන් කසවැක් අදහස් දක්වමින්, “දකුණ දැන් ජනාකීර්ණ වී ඇති අතර, ඊශ්‍රායලයේ සම්පූර්ණ භූමි ප්‍රහාරයක් හේතුවෙන් ගාසා තීරයේ වැසියන්ට දේශසීමා වැට හරහා ඊජිප්තුවට යාමට බල කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමේ අනතුරක් තිබේ.” යයි කීය.

“ගැටුම ආරම්භයේ සිටම ඊජිප්තුව දේශපාලන අස්ථාවරත්වයට සහ ආරක්ෂක අවදානමට බියෙන් කිසිදු සරණාගතයෙකු නොපිළිගන්නා බවට අනතුරු අඟවා ඇත. එය එම යථාර්ථයට මුහුණ දෙන්නේ නම්, එය බලය පාවිච්චි කිරීමේ නරකම අවස්ථාවට පත් විය හැකිය.” යනුවෙන් ද ඔහු පැවසීය.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විස්තර කරනු ලැබුවේ “ත්‍රාසජනක චිත්‍රපටයක්” ලෙසිනි. සටන් විරාමය අතරතුර, දළ වශයෙන් ආධාර ට්‍රක් රථ 150ක් සෑම දිනකම තීරුවට ඇතුළු වූ අතර, එය ඔක්තෝබර් 7ට පෙර සාමාන්‍යයෙන් දිනකට ඇතුළු ට්‍රක් රථ 500 ක ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් වන අතර , ජනගහනයේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යැයි විශ්වාස කරන දිනකට ට්‍රක් රථ 200ට වඩා අඩුය. බෝම්බ ප්‍රහාරය නැවත ආරම්භ වීමත් සමඟ සැපයුම්  නැවතී ඇත.

 International agencies have issued dire warnings. Speaking from the strip’s largest still-functioning hospital, shortly after an airstrike landed barely 50 metres away, UNICEF chief of communications James Elder asked, “Has humanity given up on the children of Gaza?

ජාත්‍යන්තර ආයතන විසින් දරුණු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. දින කිහිපයකට පෙර, ගුවන් ප්‍රහාරයක් යන්තම් මීටර් 50ක් පමණ දුරින් පතිත වූ, ගාසා තීරයේ, තවමත් ක්‍රියාත්මක වන විශාලම රෝහලේ සිට කතා කරමින් යුනිසෙෆ් සන්නිවේදන ප්‍රධානී ජේම්ස් එල්ඩර්, “මනුෂ්‍යත්වය ගාසාවේ දරුවන් අතහැර දමා තිබේද? යි ඇසුවේ ය.

“පසුගිය සති හත තුළ රෝහල්වල ධාරිතාව අඩු වී ඇති ආකාරය මට අතිශයෝක්තියට නැගිය නොහැක. යුද්ධයේ තුවාල සහිත, පිළිස්සුම් තුවාල ඇති, බෝම්බ කැබලි සිරුරෙ විසිරුණු, කැඩුණු ඇටකටු සහිත දරුවන් අපට මීට වඩා බලාගත නොහැක. බලපෑම් කල හැකි අයගේ අකර්මන්‍යතාවය ළමයින් ඝාතනය කිරීමට ඉඩ දීමකි. මේක ළමයින්ට එරෙහි යුද්ධයකි.”

අල්-නස්ර් රෝහලේදී ජාත්‍යන්තර රතු කුරුස ශල්‍ය වෛද්‍ය පෝල් ලේ මෙසේ අනතුරු ඇඟවීය, “අපි දැනටමත් අධික වැඩ ප්‍රමාණයකට යට වී සිටිමු. 300කට හදපු රෝහලක රෝගීන් 2000ක් පමණ ඉන්නවා, අඩකට වඩා සැත්කම් අවශ්‍යයි. නමුත් අපට ප්‍රමාණවත් ඖෂධ, සහ ප්‍රමාණවත් නිර්වින්දන නැහැ. ඉතා සුළු වේදනා පාලනයක් ඇති අතර ඒවා භයානක බැවින් වසර ගණනාවක් තිස්සේ අතහැර දමා ඇති තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමට අපට සිදු වී ඇත”

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියේ ( UNRWA) ප්‍රධානී  පිලිප් ලැසාරිනි සඳහන් කළේ, “අතිවිශාල මානව ඛේදවාචකයක්” සහ “කාලයට එරෙහි තරඟයක් … දැනටමත් ලෙඩ රෝග  බෝම්බ හෙලීම තරම්ම තර්ජනයක් වෙමින් පවතී.” යන්නයි.

ඔහු ගාසා තීරයේ දකුණු ප්‍රදේශය විස්තර කළේ, “සම්පූර්ණයෙන්ම අධික ලෙස තදබදයක්  ඇති … එයට බොහෝ දෙනෙකුට ආහාර පාන සම්පාදනය කල නො හැකිය. සිහිකැදවා ගන්න, ගාසා නගරයේ සහ උතුරේ මිනිස්සුන්ට දකුණට යන්න කියා ඇත්තේ දකුණ ආරක්ෂිතයි කියූ නිසයි. එහෙත් දකුණේ විශාල ප්‍රමාණයක් මරා දමා ඇත,” යනුවෙනි. 

සමස්ත ජනගහනයක් වටලෑම” “සාමූහික දඬුවමක්” ලෙස හෙළා දකිමින්, ඔහු “උතුරේ 100,000ක් ඇතුළුව එක්සත් ජාතීන්ගේ ස්ථාපිතයන්හි සිටින මිලියනයක ජනතාව ගැන සඳහන් කළේය … ඔවුන් මේ ස්ථාන දන්නා අතර, එසේ තිබියදීත්, ස්ථාපිතයන් 100 කට ආසන්න සංඛ්‍යාවකට සෘජුව හෝ වක්‍රව පහර දී ඇත.”

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශන 972+ Mag සහ ලෝකල් කෝල්  විසින් කරන ලද, ඒකාබද්ධ විමර්ශනයකින් තහවුරු වූයේ, හිතාමතාම භාවිතා කරන ලද ක්‍රියාවලියකින් පෙර නොවූ විරූ සංඛ්‍යාවක් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කල බවයි.

මූලාශ්‍රයක් මාධ්‍යවේදීන්ට පැවසුවේ, “පසුගිය මෙහෙයුම්වලදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එල්ල කල ප්‍රහාරයක කොටසක් ලෙස සමාන්තර හානියක් හැටියට දුසිම් ගනනක් සිවිල් මරණ [අවසර දී ඇත] අමතර සියගණනක් දක්වා වැඩි වී ඇති.” බවයි.

“ද ගොස්පල්” (“The Gospel”) නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ඉලක්ක තෝරා ගැනීමට භාවිතා කරනු ලැබ ඇති අතර, එක් මූලාශ්‍රයක් එය හැදින් වූයේ “ප්‍රමානය මිස ගුනය මත අවධාරනය කරන “සමූහ ඝාතන කම්හලක්” ලෙස ය. සිද්ධිය වාර්තා කරමින් ගාඩියන් පුවත්පත පැහැදිලි කළේ මෙම වැඩසටහන “අයිඩීඑෆ්හි නිදන්ගත ගැටලුවක් විසදීම සඳහා නිර්මාණය කරන ලද්දකි: ගාසාවේ පෙර මෙහෙයුම් වලදී, ගුවන් හමුදාව නැවත නැවතත් ඉලක්කවලින් තොර ව ප්‍රහාර එල්ල කලේ ය.” යනුවෙනි.

යුද්ධය ආරම්භයේදී, ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රධානියා අවධාරණය කළේ “දවස පුරා  ගුවන් ප්‍රහාර… අපි ශල්‍යකර්මයක් කරන්නේ නැහැ” යන්නයි.

එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයේ අඛණ්ඩ සහයෝගය ඇතිව ගාසා තීරයේ සමූලඝාතනය යලි ඇරඹුණි.  විරාමය “හමාස් නිසා අවසන් විය,හමාස් සංවිධානය තමන් කළ කැපවීම් පැහැර හැරියේය ” යනුවෙන්, ඩුබායිහිදී කතා කරමින්, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයේ මුසාවට සහාය දැක්වීය. ඔහු “සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම” කරන බව නරුම ලෙස අවධාරනය කරමින් වොෂින්ටනය “ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සදහා ශක්තිමත් සහයෝගීතාව” ලබා දෙන බව යලි යලිත් කියා සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ජන සංහාරක ප්‍රහාරය දකුණු තීරුව ඉලක්ක කර ගනිමින් නැවත ආරම්භ කරයි Read More »

Gaza

වාර්ගික ශුද්ධ කිරීම වේගවත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණට ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර එල්ල කරයි

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 06 දින පල වූ “Israel steps up ethnic cleansing of Gaza with expansion of ground and air onslaught to the south” යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි. 

Gaza
2023 දෙසැම්බර් 1 වන දින ගාසා තීරයේ ඛාන් යූනිස් සරණාගත කඳවුරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් සිදු වූ විනාශය දෙස බලමින් [ඡායාරූපය: මොහොමඩ් ඩහ්මන්/ලෝසවෙඅ]

ඊශ්‍රායල හමුදාව අඟහරුවාදා වාර්තා කළේ, ආරම්භයේ සිට සටන්වල ​​“වඩාත්ම තීව්‍ර දිනය” ලෙස ඉහළ ජෙනරාල්වරයකු ලේබල් කළ දිනය මැද දී, නෙතන්යාහු පාලන තන්ත්‍රය විසින් පලස්තීනුවන්ට එරෙහිව ගෙන යනු ලබන ජන සංහාරක ප්‍රහාරය දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් මධ්‍යයට ළඟා වූ බවයි. උතුරු ගාසා තීරයෙන් පලා යන ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ පැමිණීමෙන් මෑත සතිවල ජනගහනය බෙහෙවින් වැඩි වී ඇති මෙම නගරයට එල්ල කරන ලද භූමි ප්‍රහාරය, ඉවක් බවක් නැති ගුවන් ප්‍රහාර සමඟ අත්වැල් බැඳ සිදු වී ඇත.

සතියක් පුරා පැවති සටන් විරාමය ඒකපාර්ශ්විකව අවසන් කරන බව ප‍්‍රකාශ කිරීමෙන් පසුව සියොන්වාදී තන්ත‍්‍රය යලි ආරම්භ කල ම්ලේච්ඡ ප‍්‍රහාරයේ පස්වන දිනයේ දී, ගාසා තීරයේ කිසිම තැනක සිවිල් වැසියන්ට “ඊනියා ආරක්‍ෂිත කලාප” සහතික කිරීමට තමන්ට නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ගුවන් සහ ගොඩබිම් ප්‍රහාරවල කුරිරු බව සහ  පුළුල් පරාසය හේතුවෙනි. යුනිසෙෆ් ප්‍රකාශක ජේම්ස් එල්ඩර්, “ඊශ්‍රායල හමුදාව විසින් යෝජනා කරන ලද “ආරක්ෂිත කලාප” “විද්‍යාත්මක නොවේ, තාර්කික නොවේ, ශක්‍ය නොවේ; මා සිතන්නේ බලධාරීන් මේ ගැන දන්නා බවයි,” යනුවෙනි. පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ (UNRWA) ප්‍රධානී පිලිප් ලැසාරිනි  පැවසුවේ ආධාර සැපයුම්  “බිඳී යන තැනට” පත් වී ඇති බවත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරය වටලෑම “මරණයේ ප්‍රධාන මූලාශ්‍රයක්” බවට පත්විය හැකි බවත්ය.

අඟහරුවාදා, ඛාන් යුනිස් සහ ඒ අවට ප්‍රදේශයට එල්ල වූ විනාශකාරී ගුවන් ප්‍රහාර මාලාවක් මගින් අවධාරනය වූයේ සිවිල් වැසියන්ට රැකවරණයක් නොමැති බවයි. ඛාන් යුනිස් නගරයට උතුරින් පිහිටි ඩීර් එල්-බාලා නගරයේ “මුළුමහත් නිවාස සංකීර්ණයකට” ප්‍රහාරයක් එල්ල කරමින් අවම වශයෙන් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 45 දෙනෙකු ඝාතනය කරන ලද බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ. අඟහරුවාදා ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් කරා ඉදිරියට යාමට පෙර එල්ල කළ ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.

දස දහස් ගණනක් දැනටමත් ඛාන් යුනිස් නගරයට දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පලා ගොස් ඇත. ඊශ්‍රායලයේ ප්‍රහාරයට පෙර 280,000ක පමණ ජනතාවක් වාසය කළ, ඊජිප්තු දේශසීමාවේ ඇති මෙම නගරය ඉක්මනින් ම මිලියනයකට අධික ජනතාවකගෙන් තදබදයට පත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. UNRWA අනතුරු ඇඟවූයේ, මීට පෙර බෝම්බ ප්‍රහාරයේදී උතුරේ සිට ඛාන් යුනිස් සහ ඒ අවට ප්‍රදේශවලට අවතැන් වූ බොහෝ දෙනෙකු ද ඇතුලත් වන මෙම සියලුම අවතැන් ජනයා සඳහා මානුෂීය ආධාර සැපයීමට ප්‍රමාණවත් සම්පත් නොමැති බවයි. 

UNRWA නියෝජිතයෙකු වන අද්නාන් අබු හස්නා, රෆාහි දැනටමත් පවතින අපායක් බඳු තත්වයන් විස්තර කළේ මෙසේය: “පවුල් දස දහස් ගණනක් වීදිවල සිටිති. ඔවුන් දැනටමත් වාසය කරන්නේ නයිලෝන් සහ ලී කැබලි වැනි අහුලා ගත් දේවල් [වලින් සැදුම් ලත් වහල] යට ය. දැන් වැස්ස ඇද වැටේ. අපට ව්‍යසනයක් දකින්නට සිදුවනු ඇත.”

ගුවන් ප්‍රහාර සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් භූමියේ දී බර අවි යොදා එල්ල කරනු ලබන ප්‍රහාරවල අන්තරායට අමතරව, ප්‍රතිකාර නොකළ රෝග වලින් එල්ල වන තර්ජනය වේගයෙන් වර්ධනය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා වාර්තා කළේ , එහි එක් සරණාගත මධ්‍යස්ථානයක හෙපටයිටිස් A  පැතිර ගිය බවයි. ගාසා තීරයේ රෝහල් 35 න් දිගටම ක්‍රියාත්මක වන්නේ නවයක් පමණක් වන අතර, වෛද්‍ය උපකරණ, ඖෂධ සහ පිරිසිදු පානීය ජලයෙහි දුස්සාධ්‍ය හිඟයක් පවතී.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය අඟහරුවාදා ප්‍රකාශ කළේ ඊශ්‍රායල විසින් ගාසා තීරයට බෝම්බ හෙලීම පටන් ගත් තැන් පටන් මේ දක්වා මරණ සංඛ්‍යාව 16,248 ක් බවයි. පුද්ගලයන් 7,000කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, ඔවුන් බොහෝ විට ගුවන් ප්‍රහාරවලින් ඇති වූ සුන්බුන් යට වැළලී ඇති බව සිතිය හැක. මෙම මරණ සංඛ්‍යාවට ළමුන් 7,112 ක්, කාන්තාවන් 4,885 ක්, පරිපූරක වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් 286 ක්  සහ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 81 ක් ඇතුළත් ය. බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 43,616 දෙනෙකු තුවාල ලබා ඇත.

එම ප්‍රකාශයේම මාධ්‍ය කාර්යාලය විස්තර කළේ, ඊශ්‍රායලය මිලිටරි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයට ආධාර සැපයීම සැබෑ ලෙස ම නතර වීම මිලියන 2.3 ක ජනතාවකට “මරණ දඬුවම පැනවීමක්” ලෙස ය. සෑම දිනකම රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට පැමිණෙන්නේ ආධාර ට්‍රක් රථ 100ක් පමණ වන බව වාර්තා පෙන්වා දෙයි, එය යුද්ධයට පෙර පැමිණි දෛනික මුළු ට්‍රක් රථ 500 න් සියයට 20ක් පමනකි.

ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුම්වල වර්ධනය පැහැදිලි සැලැස්මක් අනුව සිදු කෙරෙයි: ගාසා තීරයේ වැඩි ප්‍රමාණයක් වාර්ගික විශුද්ධිකරණයට භාජනය කිරීම සහ එහි වැසියන්ට එහැම පිටින් නොවේ නම් ඉන් විශාල කොටසකට ඊජිප්තුවේ සීනායි කාන්තාරයට යාමට බල කිරීමයි. මෙම ප්‍රවේශයේ සැකිල්ල ඊශ්‍රායල ආන්ඩුවේ ලේඛනවල සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සභාග ආන්ඩුව තුල සිටින අන්ත දක්ෂිනාංශික පුද්ගලයින්ගේ අදහස් දැක්වීම්වල අඩංගු වී ඇත. සියොන්වාදී තන්ත‍්‍රයේ මූලෝපායට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කොන්දේසි විරහිත පිටුබලය ඇත. සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ මිලිටරි සහ දේශපාලන සහයෝගය නොමැතිව ගාසා තීරයේ බෝම්බ වැපිරීමට සහ සිවිල් වැසියන් අසීමිත ලෙස සමූලඝාතනය කිරීමට ඊශ්‍රායලයට නොහැකිය. 

අඟහරුවාදා සවස, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් සහ යුද කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් සමඟ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවක දී නෙතන්යාහු, දෙවන ලෝක සංග්‍රාමයේදී ඕනෑම නාසි නායකයෙකු විසින් භාවිතා කරනු ලැබීමට ඉඩ තිබූ භාෂාවකින් කථා කරමින් ගාසා තීරය සඳහා ඔහුගේ පාලන තන්ත්‍රයේ අභිප්‍රාය ගෙනහැර දැක්වීය. “අපේ ජනතාවගේ දූවරුන් පැහැර ගත්, ඊට අනුමෝදන්  වූ, මරා දැමූ, කපා කොටා දැමූ, දූෂණය කළ සහ පුළුස්සා දැමූ සියලු දෙනා සමඟ අපි ගණුදෙනු විසඳමින් සිටිමු.” නෙතන්යාහු ද්වේශයෙන් දුම් දමමින් සිටියේය. “අපි අමතක නොකරමු; අපි සමාව නොදෙමු.” ඛාන් යුනිස් සහ ජබාලියා පිළිබඳව ඔහු තවදුරටත් කියා සිටියේ, IDF මෙහෙයුම් අතරතුර “පොළොව දෙදරුම් කෑ” බවයි. “අපි මේ තැන් දෙකම වට කළෙමු. … අප නොයන තැනක් නැහැ.” 

ප්‍රහාරය අවසන් කිරීම සඳහා ඔහුගේ දැක්මෙහි සැකිල්ල ගෙනහැර දක්වමින් නෙතන්යාහු මෙසේ ප්‍රකාශ කළේය: “ත්‍රස්තවාදයට සහය දෙන, ත්‍රස්තවාදයට අධ්‍යාපනය දෙන, ත්‍රස්තවාදයට හා ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට මූල්‍යාධාර දෙන කිසිම බලවේගයක් ඇති නොවනු ඇත.” ගාසා තීරය “මිලිටරිකරණය කළ යුතුයැ”යි ඊට ම “මෙය සහතික කළ හැකි එකම බලවේගය IDF ය. කිසිම ජාත්‍යන්තර බලවේගයකට මේකට වගකියන්න බැහැ.” ඔහු තවදුරටත් පැවසීය.

උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැගිලිවලින් අතිමහත් බහුතරයක් සමතලා කිරීම ගැන සඳහන් කරමින් ගැලන්ට් එවැනි ම ආකාරයකින් මෙසේ කියා සිටියේය. “ගාසා නගරයේ සිදු වූ දෙය දැන් ඛාන් යූනිස්හි සිදුවෙමින් පවතී. .. ඒ ආකර්ෂණීය ප්‍රතිඵල සහිතව ය.” “ඊශ්‍රායලය පමණක් එහි ඉරනම තීරණය කරනු ඇතැ”යි තරයේ කියා සිටිමින්, ඊශ්‍රායලය එහි මෙහෙයුම් පිළිබඳව කිසිදු සීමාවකින් බැඳී නොසිටින බවට ගැන්ට්ස් ඉතා දැඩි ලෙස අවධාරණය කළේය. සතුරුකම් නිල වශයෙන් අවසන් වීමෙන් පසුව පවා, “යථාර්ථය ස්ථාවර කිරීම” ඉලක්ක කරගත් IDF මෙහෙයුම් “මාස සහ වසර” ගණනක් පවතිනු ඇතැයි ඔහු පැවසීය.

අඟහරුවාදා බොස්ටන්හි අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී ජනාධිපති ජෝ බයිඩන්, නෙතන්යාහු පාලන තන්ත්‍රයේ ජන සංහාරක සැලසුම් පිලිබඳ ඔහුගේ සම්පූර්ණ අනුමැතිය පැහැදිලිව ප්‍රකාශ කළේය. සමහර කාන්තා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සටනේ විරාමය අවසන් වීම ගැන හමාස් සංවිධානයට දොස් පවරමින් බයිඩන් ප්‍රකාශ කළේ, “අපි මෙය නොනවත්වමු – ඔවුන් සෑම කෙනෙකුම නිවසට ගෙන එන තෙක් අපි මෙය නොනවත්වමු, එය දිගු ක්‍රියාවලියක් වනු ඇත,” යන ලෙස ය. 

බයිඩන් යනු පසුගිය වසර 30 තුල මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ මධ්‍යම ආසියාව පුරා සමස්ත සමාජයම විනාශ කරමින් මිලියන ගනනක් මරා දැමූ ලේ වැකි යුද්ධ සිදු කල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ නියෝජිතයා ය. තවමත් ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 138 දෙනෙකුගේ ජීවිත යනු ඔහු කනස්සල්ලට පත් වනු ඇති අවසාන කරුණයි. 

සියොන්වාදී ව්‍යාපෘතියේ වසර 75ක් පුරා පලස්තීන ජනතාව නෙරපා හැරීමේ සහ මර්දනයේ කූටප්‍රාප්තිය වන ගාසා තීරයේ ඊශ්‍රායලයේ වාර්ගික විශුද්ධිකරණ මෙහෙයුම කලාපය පුරා යුද්ධයකට පදනම දැමීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන කර ඇත. බයිඩන් පරිපාලනය, තෙල්වලින් පොහොසත් සහ භූ මූලෝපායික වශයෙන් තීරනාත්මක මැද පෙරදිග ආධිපත්‍යය සඳහා ඉරානයට සහ එහි ප්‍රතිවාදීන්ට තර්ජනය කිරීමට, ගැටුමේ මුල් භාගයේදී ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම් දෙකක් සහ න්‍යෂ්ටික ධාරිතාව සහිත සබ්මැරීනයක් කලාපයට යවන ලදී.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් බලහත්කාරයෙන් නෙරපා හැරීම “දිගු ක්‍රියාවලියක්” බව බයිඩන්ගේ පිළිගැනීමෙන් අවධාරනය කරන්නේ, සිය ප්‍රතිවාදීන්ගේ වියදමින්, සියල්ලම වඩා චීනයේ සහ රුසියාවේ වියදමින්, ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමේ කොටසක් ලෙස, කලාපය තුල සිය අධිපතිවාදී ආස්ථානය තහවුරු කර ගැනීම සඳහා, ඉදිරි සති හා මාස ගනනාවක් තුල අහිංසක සිවිල් වැසියන් සමූලඝාතනය කිරීමට IDF ට ඉඩ දීම ගැන කිසිදු පසුතැවිල්ලක් වොෂින්ටනයට නොමැති බවයි.

කලාපීය යුද්ධයක අග්නි ජාලාවක් කරා මෙම තතු උත්සන්න වීමේ තර්ජනය ආසන්නව පවතී. IDF විසින් ගාසා තීරයට සිය ප්‍රහාරය නැවත ආරම්භ කරනු ලැබීමෙන් පසු, ලෙබනනය සමඟ උතුරු මායිමේ ද සතුරුකම් තීව්‍ර වී ඇත. අඟහරුවාදා ලෙබනන් හමුදාව වාර්තා කළේ, හිස්බුල්ලා ස්ථානයක් ඉලක්ක කළේ යැයි සිතනු ලබන ඊශ්‍රායල ප්‍රහාරයකින් සිය සොල්දාදුවෙකු මිය ගිය බවයි. මෙය, දකුණු ලෙබනනයේ ඉලක්ක රැසකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරනු හා උතුරු ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල කරනු නිරීක්ෂණය කර ඇති ලෙබනන හමුදාව විසින්, ඔක්තෝබර් 7 වැනිදා සිට පැවැති දේශසීමා ගැටුම සම්බන්ධයෙන් වාර්තා කරන ලද පළමු මරණයයි.

IDF විසින් දුර්ලභ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලෙබනන් හමුදා , ප්‍රහාරයේ ඉලක්කය නොවූ” බවයි. 2000 දී ඊශ්‍රායලය ඉවත් වීමෙන් පසු දේශසීමා නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති UNIFIL, මෑත දිනවල උත්සන්න වී ඇති වෙඩි හුවමාරුව විස්තර කළේ “අනතුරු හඟවන සංඥාවක්” ලෙසය.

ගාසා තීරයේ දිග හැරෙමින් පවතින ජන සංහාරය නැවැත්වීම සහ කලාපය පුරා පැතිරුණු යුද්ධයක් ඇතිවීම වැලැක්වීම රඳා පවතින්නේ, ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීම මත ය. ගාසා ජන සංහාරයට එරෙහිව ලොව පුරා විරෝධතාවලට සම්බන්ධ වී සිටින මිලියන සංඛ්‍යාත තරුනයන් හා කම්කරුවන් මුහුන දෙන හදිසි කර්තව්‍යය නම්, ඊශ්‍රායලයට යැවීමට නියමිතයැයි සිතිය හැකි සියලුම මිලිටරි උපකරණ සැපයීම සහ නිෂ්පාදනය කිරීම නැවැත්වීමට පුලුල් බලමුලු ගැන්වීමක් සඳහා ආයාචනා කරමින් කම්කරු පන්තිය වෙත හැරීමයි.

යුද්ධයට සහ සියලු ආකාරයේ පීඩනයන්ට තිත තැබීමේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් සමග නෙතන්යාහු තන්ත‍්‍රයේ සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ ජන සංහාරක පිලිවෙත්වලට එරෙහිව ජාත්‍යන්තර දේශපාලන මහා වැඩ වර්ජනයක්  ගොඩනගමින් සෑම රටකම සහයෝගීතා වැඩවර්ජන සඳහා පලස්තීන වෘත්තීය සමිතිවල කැඳවීමට කම්කරුවන් ප‍්‍රතිචාර දැක්විය යුතුය.

වාර්ගික ශුද්ධ කිරීම වේගවත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණට ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර එල්ල කරයි Read More »

Pena

ද්විපාර්ශ්වික ඡන්දයේදී, එක්සත් ජනපද කොන්ග්‍රසය වාර්තාගත පෙන්ටගන අයවැයට අවසර දෙයි: ගෝලීය යුද්ධය සඳහා සැලැස්මක්

බැරී ග්‍රේ විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 16 දින පල වූ “In bipartisan vote, US Congress authorizes record Pentagon budget: A blueprint for global war” යන බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.    

කොංග්‍රසයේ සභා දෙකෙහිම ද්විපාර්ශ්වික ඡන්ද සහිතව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පක්ෂ දෙක මේ සතියේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත පෙන්ටගනයේ අයවැයක් අනුමත කලහ.

ගාසා තීරයේ එජ/ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව දැවැන්ත විරෝධතා හමුවේ සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි වොෂින්ටනයේ ප්‍රොක්සි යුද්ධයට මහජන සහයෝගය බිඳ වැටීම හමුවේ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් එක්ව ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතක් (NDAA-එන්ඩීඒඒ) සම්මත කර ගත්හ. එය, ඉදිරි වසර තුල මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 883.7 ක, එනම්  2020 සිට ඩොලර් බිලියන 145 ක හෝ සියයට 20 ක වැඩිවීමකි.

මෙය, ඉහල පෙලේ ගනන වන ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා ඩොලර් බිලියන 841.4, බලශක්ති දෙපාර්තමේන්තුව තුල “ජාතික ආරක්ෂක” වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 32.4 සහ ආරක්ෂක සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 9.4 කින් සමන්විත වේ. සම්පූර්න අනුමත කිරීම වාර්ෂික ෆෙඩරල් අභිමත අයවැයෙන් අඩකට වඩා පරිභෝජනය කරයි.

Pena
2023 මැයි 15 වන දින පෙන්ටගනයේ වොෂින්ටන් ඩීසී හි ගුවන් දසුනක්. [ඡායාරූපය: නාවික හමුදා සුලු නිලධාරි 2 වන පන්තියේ ඇලෙක්සැන්ඩර් කුබිට්සා, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

මෙය සිදු වන්නේ කුසගින්න සහ නිවාස නොමැතිකම ඉහල යමින් පවතින, සංගතයන් රැකියා කප්පාදු කරන, සහ බයිඩන් පරිපාලනය කෝවිඩ් හදිසි අවස්ථාවේ ව්‍යාජ “අවසානය” භාවිතා කරමින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගෙන් සහ දුප්පත් මිනිසුන්ගෙන් මෙඩිකේඩ් සහ ආහාර මුද්දර ප්‍රතිලාභ ඉවත් කිරීමට භාවිතා කරන තතු යටතේය. මිලිටරි කොන්ත්‍රාත්කරුවන් ගජ වාසි ලාභ භුක්ති විඳිද්දී, යුද වියදම් ඉහල නැංවීමේ සම්පූර්න පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට නියමිතය.

සෙනෙට් සභාව පිටු 3,000කින් යුත් පනත බදාදා 87-13 ඡන්දවලින් සම්මත කල  අතර, බ්‍රහස්පතින්දා 310 ට 118 ඡන්දයකින් නියෝජිත සභාව ඒ අනුගමනය කලේ, සාමාන්‍ය ක්‍රියා පටිපාටි අත්හිටුවීම යටතේ කඩිනම් සම්මත කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක අන්තරය පහසුවෙන් අභිබවා යමිනි. 

NDAA ඇත්ත වශයෙන්ම “ආරක්ෂක” පනතක් නොවේ. එය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලෝක ආර්ථික පරිහානිය මිලිටරි මාධ්‍යයන් මගින් ආපසු හැරවීම අරමුනු කරගත්, න්‍යෂ්ටික යුද්ධය සඳහා තීව්‍ර සූදානම් කිරීම් ඇතුලු ගෝලීය යුද්ධයේ සැලැස්මකි. පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූලඝාතන යුද්ධයට එක්සත් ජනපද මිලිටරි සහයෝගය සහ මැදිහත්වීම තහවුරු කරමින් සහ පුලුල් කරන අතරම එය විශේෂයෙන්ම චීනයද  ඒ පසුපස ව රුසියාව, ඉරානය සහ උතුරු කොරියාවද මිලිටරි ආක්‍රමනය සඳහා ඉලක්ක කරයි.

රිපබ්ලිකන් පාලිත නියෝජිත සභා සන්නද්ධ සේවා කමිටුව විසින් නිකුත් කරන ලද “FY24 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” හි සාරාංශය මෙය පැහැදිලි කරයි. එය ආරම්භ වන්නේ මෙසේය: 

“ඇමරිකාව චීනයෙන් පෙර නොවූ විරූ තර්ජනවලට සහ රුසියාව, ඉරානය, උතුරු කොරියාව සහ ත්‍රස්තවාදී සංවිධානවල තර්ජනවලට මුහුන දෙයි. අපගේ සියලු විරුද්ධවාදීන් ඇමරිකානු ආධිපත්‍යය අවසන් කිරීමේ ඔවුන්ගේ අභිලාෂය තුල පෙලගැසී සිටිති. මෙම විරුද්ධවාදීන්ගේ තර්ජන නිරන්තරයෙන් වර්ධනය වේ.”

ලේඛනය තහවුරු කරමින් : “FY24 NDAA අනාගත යුධ පිටියේ අපට ජය ගැනීමට අවශ්‍ය මාරාන්තික සටන් බලවේගය ගොඩනැගීමට සහ නඩත්තු කිරීමට ප්‍රමානවත් ආයෝජනයක් සපයයි.”

නියෝජිත සභා සන්නද්ධ සේවා කමිටුවේ රිපබ්ලිකන් සභාපති මයික් රොජර්ස් මෙම පනත ගැන පැවසුවේ: “එය අපගේ විරුද්ධවාදීන්, විශේෂයෙන්ම චීනය වැලැක්වීම සඳහා ලේසර්-නාභී  අවධානය යොමු කර ඇත.”

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ඉහල පෙල සාමාජික රිපබ්ලිකන් සෙනෙට් සභික රොජර් විකර් පැවසුවේ, “අපේ පනත චීනයට, රුසියාවට සහ අනෙකුත් අයට සංඥා කල යුත්තේ ඇමරිකාවට හොඳම සටන් බලය නොමැති ලෝකයක් අප පිලි නොගන්නා බවයි.”

ඩිමොක්‍රටික් සෙනෙට් බහුතර නායක චක් ෂුමර් එකඟ වෙමින්, “එන්ඩීඒඒ සම්මත කිරීම අපට රුසියාවට එරෙහි රේඛාව තබා ගැනීමටත්, චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ස්ථිරව සිටීමටත්, ඇමරිකාවේ ආරක්‍ෂාව අති නවීන ලෙස පවතින බව සහතික කිරීමටත් හැකියාව ලැබේ” යනුවෙන් ප්‍රකාශ කලේය.

“සීසීපී (චීන කොමියුනිස්ට් පක්ෂ) ආක්‍රමනවලට ප්‍රතිරෝධය දැක්වීම” යන ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත සභා සාරාංශයේ ඇති දිගම කොටස ආරම්භ වන්නේ, “සීසීපී ආක්‍රමනයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය අධි ගැලපීම FY24 NDAA විසින් ගොඩනඟා පවත්වාගෙන යනු ලබයි.” එය පනත් කෙටුම්පතේ විධිවිධාන අතර පහත දැක්වෙන දෑ ලැයිස්තුගත කරයි:

  • එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර චීන විරෝධී ඔ්කස් (AUKUS) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ න්‍යෂ්ටික හැකියාව ඇති සබ්මැරීන ඕස්ට්‍රේලියාවට විකිනීමට අවසර දීම.
  • එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානය විසින් පවත්වනු ලබන අභ්‍යාසවල පරිමානය සහ වාර ගනන වැඩි කිරීම.
  • පැසිෆික් වලකාලීමේ ආරම්භකත්වය (Pacific Deterrence Initiative) සඳහා ඩොලර් බිලියන 14.7ක් අවසර දීම සහ නව ආයුධ පද්ධති සහ හමුදා උපක්‍රම පිලිබඳව එක්සත් ජනපදයේ බලඇනි දෙකක් දක්වා වූ භට පිරිස්වලට පුහුනුව ඇතුලුව තායිවානයේ හමුදා සඳහා පුහුනු, උපදේශන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ස්ථාපිත කිරීම.
  • කෘතිම බුද්ධි (AI), ස්වයංක්‍රීය පද්ධති, සයිබර්, ජංගම ක්ෂුද්‍ර න්‍යෂ්ටික බලප්‍රභව සහ අධි ශක්ති ලේසර් ඇතුලු “අනාගත යුධ පිටියේදී සීසීපී ය වැලැක්වීම සදහා ” නව තාක්‍ෂනයන් සඳහා අරමුදල් වැඩි කිරීම.
  • “සීසීපීයේ පෙර නොවූ විරූ න්‍යෂ්ටික ගොඩනැගීමට එරෙහිව” එක්සත් ජනපද න්‍යෂ්ටික බලවේගවල යෙදවිය හැකි ධාරිතාව පුලුල් කිරීම.
  • හදිසි සහ බහු අවුරුදු ප්‍රසම්පාදන අධිකාරයන් සඳහා සුදුසුකම් ඇති යුධෝපකරන ලැයිස්තුව පුලුල් කිරීම.
  • යුක්රේනයට යුධෝපකරන බෙදා හැරීම සහ නැවත අඩු-පිරවීම කඩිනම් කිරීම සඳහා පසුගිය වසරේ ආරම්භ කරන ලද වැඩසටහනකට ඊශ්‍රායලය සහ තායිවානය එක් කිරීම.

අතිරේක ප්‍රහාරක ගුවන් යානා, මිසයිල වෙඩි තැබීම සදහා  සන්නද්ධ ඩ්‍රෝන යානා, තවත් “නව යුද කලාප වෙත හමුදා, ටැංකි සහ කාලතුවක්කු වේගයෙන් යෙදවීමට සදහා සී-130J ප්‍රවාහන ගුවන් යානා ” හතක්, තවත් හමුදා හෙලිකොප්ටර්, තවත් නාවික හමුදා යුද නැව් සඳහා ඩොලර් බිලියන ගනනක මුදලක්  සහ “සමීප තරඟකරුවන්ට එරෙහිව (රුසියාව, චීනය හෝ වෙනත් ප්‍රධාන බලවතෙකු සමඟ යුද්ධය) අනාගත යුද්ධය” සඳහා කාලතුවක්කු, ටැංකි සහ සන්නද්ධ වාහන ප්‍රතිනිර්මානය කිරීම ද  නියෝජිත සභා සාරාංශය සඳහන් කරයි. 

මෙම ලේඛනය න්‍යෂ්ටික යුද සූදානමේ ප්‍රධාන උත්ශ්‍රේනිගත  (upgrade) කිරීමක් සහ ප්‍රසාරනයක් ලැයිස්තුගත කරන අතර, “ සබ්මැරීනයන් විදින මිසයිල, ගොඩබිම පදනම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ අන්තර් මහද්වීපිකව පියාසර කිරීමේ හැකියාව ඇති බර බෝම්බ හෙලන යානා යන සියලු ක්ෂේත්‍ර අලලා ගන්නා වූ, ඔබාමා යටතේ ආරම්භ කර ට්‍රම්ප් යටතේ අඛන්ඩ වූ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි නවීකරනය කිරීම සඳහා කැඳවුම් කරයි. 

යුක්රේනය සම්බන්ධයෙන්, එන්ඩීඒඒ විසින් 2026 අවසානය දක්වා මිලිටරි ආධාර දීර්ග කිරීමට සහ වත්මන් මූල්‍ය වර්ෂයේදී සහ ඊලඟ එකේ දී ඩොලර් මිලියන 300 ක්,  එක්සත් ජනපද ආයුධ තොගවලින් කෙලින්ම ලබා නොගෙන යුක්රේනය සඳහා ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තයට ගෙවන වැඩසටහනක් සඳහා අවසර දෙයි. ධවල මන්දිරය සහ නියෝජිත සභා රිපබ්ලිකානුවන් සරනාගතභාවය සඳහා ඇති අයිතිය තවදුරටත් උදුරා ගැනීමට සහ දරිද්‍රතාවයෙන් හා පීඩනයෙන් පලා යන මංමුලා සහගත කම්කරුවන් සඳහා එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාව ප්‍රායෝගිකව වසා දැමීම සඳහා ද්විපාර්ශ්වික ගනුදෙනුවක් කරා  හෙට්ටු ගනුදෙනු  කරද්දී, බයිඩන්ගේ යුක්රේනය සඳහා ඩොලර් බිලියන 60 ක පරිපූරක වියදම් බිල්පත ගන්ධබ්බ ව  ඉතිරිව පවතී.

කෙසේ වෙතත්, NDAA විසින් නිරිතදිග මායිම වෙත ජාතික ආරක්ෂක භටයන් යෙදවීමට “සම්පූර්න අරමුදල්” සපයයි.

ඊශ්‍රායලය සම්බන්ධයෙන්, NDAA විසින් සියොන්වාදී පාලන තන්ත්‍රයට ආයුධ පද්ධති මාරු කිරීම සදහා ආරක්ෂක දෙපාර්තමේන්තු අධිකාරිය විස්තීර්න කරයි. එය වැඩි දුරටත් ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධ පුහුනු අභ්‍යාස පැවැත්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යම විධානයට අවශ්‍ය කරවන අතර නේටෝ නියමු පුහුනු වැඩසටහන් සඳහා සහභාගී වීමට ඊශ්‍රායලයට බලය පවරයි.

මෙම පනත මගින් සොල්දාදුවන්ගේ සහ සිවිල් පෙන්ටගනයේ සේවකයින්ගේ වැටුප සියයට 5.2 කින් වැඩි කරයි, එය වසර 20 ක විශාලතම වාර්ෂික වැඩිවීම වන අතර නිවාස, අධ්‍යාපනය සහ ලමාරක්ෂක සඳහා වැඩි ප්‍රතිලාභ ඇතුලත් වේ. එක්සත් ජනපදයේ ඉහලම සියයට 1 අතේ ධන සංකේන්ද්‍රනය නව වාර්තා තබමින්, සමස්ත මධ්‍යම කුටුම්භ සියයට 60 සතු ධනයද දැන් අභිබවා යන අතර , යහපත් වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට නොහැකි තරුනයින් ආකර්ෂනය කර ගැනීමේ නරුම උත්සාහයකි. 

නියෝජිත සභා ජීඕපී (GOP -රිපබ්ලිකන් පක්ෂය) විසින් බයිඩන් ව  දෝෂාභියෝගයක් දෙසට ගෙනයාම සහ ට්‍රම්ප්ට එහි සහාය දීම,  තුන්වන ලෝක යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානම ඉදිරියට ගැනීම සදහා, ධවල මන්දිරය සහ ඩිමොක්‍රටිකයින් රිපබ්ලිකානුවන් සමඟ අත්වැල් බැඳගැනීම වැලැක්වූයේ නැත.

මෙම ප්‍රතිගාමිත්වයේ සහ යුද උමතුවේ සංදර්ශනය පෙන්නුම් කරන්නේ – ඇමරිකාවේ ඩිමොක්‍රටික් ගැති ඩිමොක්‍රටික් සමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ඒවා වැනි – යුද්ධය, ජන සංහාරය සහ ෆැසිස්ට්වාදයේ අන්තරාය වැලැක්වීම සඳහා පාලක පන්තියේ ඕනෑම කොටසකට හෝ එහි  දේශපාලන පක්ෂ වලට  ආයාචනා කිරීමේ නිෂ්ඵල භාවයයි.  ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පන්ති අරගලයේ වර්ධනයට සහ මහජන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් පැන නැගීම කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ යුද්ධය හා මර්දනය දෙගුන කිරීම ය.

ධනවාදය එහි දෙපයින් සිට ගෙන සිටිද්දිම කුනුවෙමින් පවතී. එහි මාරාන්තික අර්බුදය විසඳිය හැක්කේ ක්‍රම දෙකකින් එකකින් පමනි: ම්ලේච්ඡත්වය හෝ සමාජවාදය. යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන කම්කරු පන්තිය තුල මුල් බැස ගනිමින්,   ලාභ පද්ධතියට තිත තැබීමට සහ සමාජවාදය ස්ථාපිත කිරීමට ස්වාධීන, ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම  මගින් සිදු කල යුතුය .

ද්විපාර්ශ්වික ඡන්දයේදී, එක්සත් ජනපද කොන්ග්‍රසය වාර්තාගත පෙන්ටගන අයවැයට අවසර දෙයි: ගෝලීය යුද්ධය සඳහා සැලැස්මක් Read More »

B

ඉලිනොයිස් ඉඩම් හිමියා පලස්තීන-ඇමරිකානු දරුවා ඝාතනය කරයි: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක ව්‍යාපාරයේ නිපැයුමක්

පැට්‍රික් මාර්ටින් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 17 දින පල වූ ‘Illinois landlord murders Palestinian-American child: The product of US imperialism’s propaganda campaign” යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Funeral
2023 ඔක්තෝම්බර් 16 වන සඳුදා, වේදියා අල්-ෆයූම් ගේ පවුලේ සාමාජිකයන් ඉලිනොයිහි බ්‍රිජ්වීව් හි අවමංගල්‍ය රථය වෙත මුස්ලිම් පල්ලියේ සිට ඔහුගේ මිනී පෙට්ටිය ගෙන එයි. [AP Photo/Nam Y. Huh]

සය හැවිරිදි පලස්තීන-ඇමරිකානු පිරිමි ලමයෙකු සෙනසුරාදා චිකාගෝ තදාසන්න ප්‍රදේශයේකදී, පැහැදිලිවම ව්‍යාකූල වූ නමුත් එක්සත් ජනපද මාධ්‍ය සංතෘප්ත කර ඇති මුස්ලිම් විරෝධී සහ පලස්තීන විරෝධී ප්‍රචාරයන්ට ප්‍රතිචාර වශයෙන් ක්‍රියා කර ඇති  වයෝවෘද්ධ මිනිසෙක් විසින්, ඝාතනය කරන ලදී. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එක්සත් ජනපද ආන්ඩුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ සහ සංගත මාධ්‍ය විසින් ගෙන යන ගාසාවේ ජනතාවට එරෙහි ජන සංහාරයට සහය දැක්වීමේ පෙර නොවූ විරූ ව්‍යාපාරයෙන් ඇතිවී තිබෙන බලපෑමේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කිරීමකි.

මිනීමැරුම ඉතාම ම්ලේච්ඡ ආකාරයෙන් සිදු කර ඇත. චිකාගෝ සිට සැතපුම් 40ක් නිරිත දෙසින් පිහිටි විල් ප්‍රාන්තයේ ප්ලේන්ෆීල්ඩ් හි නිවාස හිමියෙකු වන ජෝසෆ් චුබා පිරිමි ලමයාට සහ ඔහුගේ 32 හැවිරිදි මවට , ඔවුන් ඔහුගෙන් කුලියට ගත් බිම් මහලේ දී පහර දුන්නේය. ඔහු ජීවත් වූයේ මහල් නිවාසයේ උඩුමහලේ ය.

මව වන හනාන් ෂාහින් මැද පෙරදිග සාමය සඳහා ඇගේ කැමැත්ත ප්‍රකාශ කල , මහල් නිවාසයේ දොර අසල ඇති වූ විවාදයකින් පසුව, අඟල් 12 ක මිලිටරි ආකාරයේ පිහියක් අතැතිව බලහත්කාරයෙන් ඇතුලු වෙමින්, චුබා මුස්ලිම්වරුන්ට එරෙහිව ශාප කිරීමට පටන් ගත්තේය. එවිට , මව 911 අමතනු ලැබිනි.

B
6-හැවිරිදි වේදියා අල්-ෆයූමු [ඡායාරූපය: හෙලා යූසෆ් ]

චුබා විසින් වේදියා අල්-ෆයූම් නම් පිරිමි ලමයාට 26 වතාවක් සහ ඔහුගේ මවට දුසිම් වතාවක් පිහියෙන් ඇන ඇත. ෂාහින් මහත්මිය ඇගේ බරපතල තුවාලවලින් බේරුනේ නාන කාමරයට පලා යාමෙන් නමුත් ඇගේ පුතා ඛේදජනක ලෙස එසේ නොවීය. ෂාහින් මහත්මිය ප්‍රාදේශීය රෝහලක බරපතල තත්ත්වයේ පසුවේ. 911 ඇමතුමට ප්‍රතිචාර වශයෙන් පොලිසිය පැමිනෙන විට, චුබා නිවස ඉදිරිපිට බිම වාඩි වී සිටියේය.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට තම සැමියාට පනිවිඩයක් යවමින් ෂාහින් මහත්මිය පැවසුවේ, ඉඩම් හිමියා ඔවුන්ගේ දොරට තට්ටු කල බවත්, ඇය එය විවෘත කල විට, ඔහු ඇගේ හුස්ම හිර කිරීමට උත්සාහ කල බවත්, පිහියකින් පහර දෙමින්, “තොපි මුස්ලිම්වරුන් මිය යා යුතුයි.” යනුවෙන් කෑගසමින් ඇයට පහර දුන් බවත්ය.

මරනයෙන් පසු හැකි ඉක්මනින්, මුස්ලිම් (සහ යුදෙව්) චාරිත්‍රයට අනුව භූමදානය කල යුතු බැවින් වේදියා ගේ පවුලේ අය සඳුදා ඔහුව භූමදාන කලහ. ඇගේ තුවාල නිසා ඔහුගේ මවට පැමිනීය නොහැකි විය. උත්සවයට පෙර, වේදියා ගේ මාමා, යූසෆ් හැනන් , ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, “අපි සතුන් නොවේ, අපි මිනිසුන් ය. අපට අවශ්‍ය වන්නේ මිනිසුන් අපව මිනිසුන් ලෙස දැකීමට, අපව මිනිසුන් ලෙස දැනීමට, මිනිසුන් ලෙස අප සමඟ ගනුදෙනු කිරීමටයි, මන්ද අපි මිනිසුන් වන නිසා. ” යනුවෙන් පැවසීය.

හැනන් පැහැදිලිවම අදහස් කලේ පලස්තීනුවන්ගේ කුඩා භූමියට ආහාර, ජලය සහ විදුලිය සැපයීම වසා දැමීමේ ප්‍රතිපත්තිය සාධාරනීකරනය කිරීම සඳහා ගාසා තීරයේ ජනගහනය “මිනිස් සතුන්” ලෙස හැඳින්වූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් ගේ ප්‍රකාශයන් ය.මිලියන 2.2 පලස්තීනුවන් ඊශ්‍රායලය සිදු කරන සන්තෘප්ත බෝම්බ හෙලීමක් තුල සහ ආසන්න ආක්‍රමනයක තර්ජනය යටතේ ජීවත් වෙති. 

හැනන් 1999 දී බටහිර ඉවුරෙන් සංක්‍රමනය වූ අතර විශාල පලස්තීන ජනගහනයක් සිටින ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත. ඔහුගේ සහෝදරයා වන  වේදියා ගේ පියා, 2011 හි දී සහ ඔහුගේ මව 2014 හි සංක්‍රමනය විය. වේදියා 2017 හි උපත ලැබූ අතර ඇමරිකානු පුරවැසියෙකි.

ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිලිබඳ කවුන්සිලයේ (CAIR) චිකාගෝ කොටසෙහි විධායක අධ්‍යක්ෂ අහමඩ් රෙහාබ් මාධ්‍ය හමුවට පැවසුවේ, “මෙය කිසිදා නොඑනු ඇතැයි අප බලාපොරොත්තු වූ දුෂ්කර දවසක්. පවසන පරිදි, කුඩාම මිනී පෙට්ටි බරම ඒවා ය.”

වේදියා ගැන කතා කරමින්, ඔහු දිගටම කියා සිටියේ, “ඔහු හය හැවිරිදි පිරිමි ලමයෙක්, ඔහු හැමදේටම ආදරය කලා,” රෙහාබ්, ලමයාගේ පියාගේ විස්තරය මත පදනම්ව දරුවා ගැන පැවසීය. “ඔහු සෑම කෙනෙකුටම ආදරය කලා, ඔහු ඔහුගේ සෙල්ලම් බඩු වලට ආදරය කලා, ඔහු බෝලයක් සමන්විත ඕනෑම දේකට, පැසිපන්දු, පාපන්දු, ආදරය කලා, ඔහු වර්න ගැන්වීමට (චිත්‍ර )ආදරය කලා, ඔහු කැරකී ආපසු හැරීමට ආදරය කලා, ඔහු තම දෙමාපියන්ට ආදරය කලා, ඔහු තම පවුලට සහ මිතුරන්ට ආදරය කලා, ඔහු ජීවිතයට ආදරය කලා. ඔහු දිගු, නිරෝගී, සමෘද්ධිමත් ජීවිතයක් අපේක්ෂාවෙන් සිටියා.”

 “ලෝකයේ සිදුවන මෙම විශාල ප්‍රශ්න ගැන ඔහුට කිසිදු හෝඩුවාවක් නැත, නමුත් ඔහුට ඒ සඳහා ගෙවීමට සිදු විය,” රෙහාබ් පැවසීය.”දේශපාලකයන්, මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය වේදිකා විසින් පතුරුවා හරින ඉස්ලාම් භීතිකාව සහ පලස්තීන විරෝධී වර්ගවාදය නැවැත්විය යුතුය.” CAIR ජාතික සංවිධානය X / ට්විටර් හි ලිවීය.

විල් කලාප ෂෙරිෆ්ගේ කාර්යාලය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මෙම කුරිරු ප්‍රහාරයේ ගොදුරු වූවන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වීම සහ හමාස් සහ ඊශ්‍රායලයන් සම්බන්ධ දැනට පවතින මැදපෙරදිග ගැටුම නිසා සැකකරු විසින් ඔවුන්ව ඉලක්ක කර ඇති බව රහස් පරීක්ෂකයින්ට තීරනය කිරීමට හැකි වූ” බවයි.

මෙම ඝාතනයත් සමගම,පලස්තීනුවන් මනුෂ්‍ය මුහුනුවරකින් යුතු යක්ෂයන් ලෙස හුවා දක්වන ඊශ්‍රායල ගැති ප්‍රචාරනය පතුරුවා හරිමින් සිටි එක්සත් ජනපද ධනේශ්වර දේශපාලකයින්ගේ සුපුරුදු සංත්‍රාසය හා අධික කෝපයේ ප්‍රකාශ කිරීම් පල විය. ඉලිනොයි හි ප්‍රකෝටිපති ආන්ඩුකාර, ජේ.බී. ප්‍රිට්ස්කර්, මිනීමැරුම හැඳින්වූයේ “නපුරට අඩු දෙයක් නොවේ” යන්නයි. එය මෙම ප්‍රහාරයේ සැබෑ හේතු වසන් කරන හිස් ලේබලයක් පමනක් වන අතර, එවා  පවත්නේ චුබා ගේ මනෝභාවය තුල නොව, ඔහුව නිෂ්පාදනය කර මෙහෙයවූ සමාජය තුලය.

ධවල මන්දිරය ජනාධිපති බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් ප්‍රවෘත්තියෙන් “කම්පනයට හා පිලිකුලට” පත් වූ බව පවසමින් ඡේද කිහිපයක් නිකුත් කලේය. “මෙම බිහිසුනු වෛරී ක්‍රියාවට ඇමරිකාවේ ඉඩක් නැති අතර අපගේ මූලික වටිනාකම්වලට එරෙහිව නැගී සිටියි,” එක්සත් ජනපද ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය සතියේ බයිඩන් දේශනයක් පැවැත් වූ අතර, ඔවුන් වාසය කරන එලිමහන් සිරකඳවුරේ දොරටු බිඳ දැමූ පලස්තීනුවන්ගේ ක්‍රියාවන් “පිරිසිදු, පවිත්‍ර නපුරක්” ලෙස විස්තර කලේය. පලස්තීනුවන් විස්තර කිරීමට මෙම අමානුෂිකකාරී භාෂාව භාවිතා කිරීමේදී, බයිඩන් ගැලන්ට් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ භාෂාව ප්‍රතිරාවය කලේය.

ඔහුගේ කතාවේදී බයිඩන්, ගාසාවේ සිවිල් ජනතාවට එල්ල කරන ප්‍රහාර සඳහා ඊශ්‍රායලයට රිසි පරිදි ක්‍රියා කිරීමට අවසර ලබා දෙමින්, “ලෝකයේ සෑම ජාතියකටම මෙන් ඊශ්‍රායලයට ද මෙම දරුනු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් ඇත-සහ ඇත්තෙන්ම ප්‍රතිචාර දැක්වීමට යුතුකමක් තිබේ.”යන්න ප්‍රකාශ කලේය. මේ වන විටත් ඊශ්‍රායලය වත්මන් ගැටුමේදී පලස්තීනුවන් 2000කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇත. සියලුම ආහාර, ජලය සහ බලශක්තිය කපා හැරීමත් සමඟ, සහ සම්පූර්න ආක්‍රමනයක් සිදුවිය හැකි නිසා, මරන සංඛ්‍යාව ඉහල යනු ඇත.

සති අන්තයේ “මිනිත්තු 60” හි සම්මුඛ සාකච්ඡාවකදී බයිඩන් කියා සිටියේ හමාස් සිදු කල ඔක්තෝබර් 7 ප්‍රහාරය “හොලෝකොස්ටය තරම්ම ප්‍රතිවිපාකයක සහිත” බවයි. 1939 සහ 1945 අතර, නාසීන්ගේ “අවසාන විසඳුම” මගින් යුදෙව්වන් මිලියන හයක් සමූලඝාතනය කරන ලදී, එය එකල මුලු ලෝක යුදෙව් ජනගහනයෙන් සියයට 40 ක් පමන විය.

ආසන්න වශයෙන් 1,000 ඊශ්‍රායල මරනවලට තුඩු දුන් ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරය එලිමහන් සිරකඳවුරකින් එලියට පැන ආ පීඩිත මිනිසුන්ගේ ක්‍රියාවකි. මෙය හොලෝකොස්ටය හා සංසන්දනය කිරීම යනු ඉලිනොයි හි සිදු වූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් දිරිමත් කිරීම වැලැක්විය නොහැකි ,විකාර සහගත පලස්තීන විරෝධී අපවාදයකි.

එක්සත් ජනපද ගුවන් යානා වාහක නෞකා දෙකක් නැඟෙනහිර මධ්‍යධරනී මුහුදේ ස්ථානගත කර ඇත්තේ, නැව් හෝ ගුවන් යානා නොමැති හමාස් සමඟ ගැටුමකට නොව, ලෙබනනයේ හිස්බුල්ලා සමඟ, සිරියාව සමඟ හෝ ඉරානය සමඟ යුද්ධයට සූදානම් වීමටය. එවැනි යුද්ධවලදී ලමුන් දස දහස් ගනනක් නොවේ නම් ලක්ෂ ගනනක් ඇතුලුව මිය යන සංඛ්‍යාව මිලියන ගනනක් විය හැකිය.

එක්සත් ජනපදයේ, පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූල ජන ඝාතනයේ විරුද්ධවාදීන් යුදෙව් විරෝධීන් ලෙස මඩ ගැසීමේ ව්‍යාපාරයක් පක්ෂ දෙකෙහිම මාධ්‍ය සහ දේශපාලනඥයන් දිරිමත් කර ඇත. විද්‍යාල මන්ඩප තුල සිසුන් සහ ශිෂ්‍ය කන්ඩායම් ඉලක්ක කර ඇති අතර, පුද්ගල අනන්‍යතා ප්‍රසිද්ධ කර ඇත.

එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීම (ICE) සහ FBI විසින් පලස්තීනුවන් සහ මුස්ලිම් පල්ලි ප්‍රශ්න කිරීම සඳහා ඉලක්ක කර ඇති අතර, පුද්ගලයින්ට නීතිඥයෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකිව දින ගනනක් රඳවාගෙන ඇති බවට වාර්තා වේ.

වේදියා අල්-ෆයූම් ගේ ඝාතනය පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල යුද්ධය විසින් අවුලුවාලූ සමස්ත ෆැසිස්ට් ප්‍රහාර මාලාවෙන් වඩාත්ම බිහිසුනුම එක පමනි. මුස්ලිම් සංවිධාන, පල්ලි සහ තනි තනි අරාබි-ඇමරිකානුවන්ට මරන තර්ජන දහස් ගනනක් දුරකථන ඇමතුම් හෝ අන්තර්ජාලය හරහා එවා ඇත.

එක්සත් ජනපදයේ විශාලතම අරාබි-ඇමරිකානු ජනගහනය වෙසෙන ඩෙට්‍රොයිට් ප්‍රදේශයේ, “ඩියර්බෝර්න් වෙත ගොස් පලස්තීනුවන් දඩයම් කිරීමට” කැමති ඕනෑම අයෙකු අන්තර්ජාලයෙන් ඉල්ලා සිටි ෆාමින්ටන් හිල්ස් හි මිනිසෙකු අත්අඩංගුවට ගන්නා ලදී. විශාල ෆෝඩ් වාහන කම්හලක් සහිත විශාල ඩෙට්‍රොයිට් උපනගරයක් වන ඩියර්බෝර්න්, මුස්ලිම් බහුතරයක් සිටින අතර අරාබි-ඇමරිකානු නගරාධිපතිවරයෙකු සහ පොලිස් ප්‍රධානියෙකු සිටිති. නිව් යෝර්ක් නගරයේ,  තලප්පාවක් සහ නෝවිඩ් වලින් ආරක්ෂා වීමට මුඛ ආවරනයක් පැලඳ සිටි බස් මගියෙකුට, ඔහුගේ තලප්පාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කල අයෙකු විසින් පහර දෙන ලදී.

මේවා සරලවම අහඹු සිදුවීම් නොව, මුස්ලිම්-විරෝධී ආගම්වාදය අවුලුවාලීමට සහ මහජන සහයෝගයක් නොමැති මැද පෙරදිග එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමකට සහාය දැක්වීමට එය බලමුලු ගැන්වීම සඳහා, ජාතික-ආරක්ෂක යාන්ත්‍රනයේ ඉහලම මට්ටම් වලින් මෙහෙයවන ලද හිතාමතාම කරන ව්‍යාපාරයක නිෂ්පාදනයකි. 

දෙවන ලෝක සංග්‍රාමයට එක්සත් ජනපදය ඇතුල්වීම , ජපන් ඇමරිකානුවන් 125,000කට වැඩි පිරිසක් සිරගත කිරීමට තුඩු දුන් අතර, එජ ව්‍යවස්ථාව යටතේ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රූස්වෙල්ට් පරිපාලනයේ විධායක නියෝගයෙන් පාගා දමන ලදී. ඊටත් වඩා විශාල බලයක් සහිතව, ඩිමොක්‍රටික් බයිඩන් පරිපාලනයේ යුද ප්‍රතිපත්තිවලට—නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකන් යුධවාදීන්ගේ පිටුබලය ඇතිව—පලමුවෙන්ම රුසියානුවන් සහ, දැන් පලස්තීනුවන් යක්ෂ වෙස් ගැන්වීම අවශ්‍ය වේ. චීන ජාතිකයින්ට සහ TikTok වැනි චීන සමාගම්වලට එරෙහි මීට සමාන ව්‍යාපාර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවසාන ඉලක්කය පෙන්නුම් කරයි.

යුද්ධයට එරෙහි මහජන විරෝධයට වල කැපීමට සහ ආගම, වර්ගය සහ ජාතිකත්වය අනුව කම්කරු පන්තිය බෙදීමේ  එවන් සියලු උත්සාහයන්ට කම්කරු පන්තිය විරුද්ධ විය යුතුය. එක්සත් ජනපදයේ හා ලොව පුරා කම්කරුවන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු අතර එය යුක්ති සහගත කිරීමට යොදා ගන්නා පලස්තීන විරෝධී හා ස්වෝත්තමවාදී ව්‍යාපාරයට විරුද්ධ විය යුතුය.

ඉලිනොයිස් ඉඩම් හිමියා පලස්තීන-ඇමරිකානු දරුවා ඝාතනය කරයි: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක ව්‍යාපාරයේ නිපැයුමක් Read More »

Scroll to Top