April 2025

Rani

පොදු වරදකාරිත්වය පිළිබඳ මිථ්‍යාව: ‘රාණි’ කලාවේ ස්වරූපයෙන් සත්‍ය විකෘති කිරීමක් ලෙස

සංජය ජයසේකර විසිනි.

මෙය 2025 අප්‍රේල් 13 දින theSocialist.lk හි පලකෙරුණු “The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art” යන ලිපියේ සිංහල පරිවර්තනයයි. 

මාර්තු 28 වැනි දා ඩේලි එෆ්ටී (Daily FT) පුවත්පතේ පළ වූ, “හඳගමගේ රාණි පිළිබඳ මගේ සිතුවිලි” යන ලිපියෙහි1,   කලාකරුවෙක්, පුරාවිද්‍යාඥ‍යෙක් සහ සංස්කෘතික විචාරක‍යෙක් වන ජගත් වීරසිංහ,  අශෝක හඳගමගේ නව චිත්‍රපටය වන රාණි හි කේන්ද්‍රීය ප්‍රතිගාමී ප්‍රවාදය, විස්තීර්ණ, තාර්කික, සහ සුජාත කරයි. මෙම චිත්‍රපටයේ යටි ආඛ්‍යානය, කලාත්මක සියුම් බව සහ සෞන්දර්යාත්මක අර්ථ ව්‍යාකූලබාවයේ වේශයෙන්, ගැඹුරින්ම මතවාදීමය වශයෙන් ඉතිහාස මුසාකරනයට ලක් කිරීමක් නියෝජනය කරයි. මෙම ලිපිය ( විදුර මුණසිංහ විසින් මාර්තු 30 වැනි දින අනිද්දා පුව්ත්‍ පතෙහි2 සිංහල බසින් පරිවර්තනය කොට පල කරන ලද) හරහා අධ්‍යක්ෂවරයාගේ කේන්ද්‍රීය යෝජනාව වීරසිංහ විසින් අනුමත කිරීම, ධනේශ්වර රාජ්‍යයේ අපරාධ සඳහා මතවාදී ක්ෂමාලාපකයින් ලෙස සේවය කරන මධ්‍යම පන්තික බුද්ධිමතුන් සහ ව්‍යාජ වම්මුන් අතර පුලුල් ප්‍රවණතාවයක සංකේතයකි.

Rani
අශෝක හඳගමගේ “රාණි” චිත්‍රපටයේ දර්ශනයක්

වීරසිංහ සහ චිත්‍රපටය ප්‍රවර්ධනය කරන මූලික ප්‍රවාදය නම්, 1988-90 කාලපරිච්ඡේදය තුළ සිදු කරන ලද ම්ලේච්ඡත්වය – බලහත්කාර අතුරුදහන් කිරීම්, රාජ්‍ය ඝාතක කණ්ඩායම්, සමූහ මිනීවල, වධක කඳවුරු සහ නීති විරෝධී ඝාතන මෙන්ම ජනතා විමුක්ති පෙරමුන (JVP)  විසින් සිදු කරන ලද ෆැසිස්ට්වදී ප්‍රචණ්ඩත්වය – නිශ්චිත දේශපාලනය තීරණ, පංති අවශ්‍යතා සහ රාජ්‍ය සහ දේශපාලන පක්ෂ බලය පිළිබඳ සුවිශේෂිත ආයතන වල ප්‍රතිඵල නොවූ බවය. ඒ වෙනුවට ඒවා “ප්‍රචණ්ඩත්වය පද්ධතිමය සහ සාමාන්‍යකරණය වී ඇති” සමාජයක ප්‍රතිඵලයක් විය. වීරසිංහ මෙසේ ලියයි: “දේශපාලන වාසි සහ ආත්ම ලාභය සඳහා” අත්තනෝමතික පාලන තන්ත්‍රයන් ම්ලේච්ඡත්වය පවත්වා ගෙන යෑම මගින්, “බලයේ සිටින්නන් විසින් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරනු ලබනවා පමණක් නොව, සාමාන්‍ය පුරවැසියන් විසින් එය අභ්‍යන්තරීකරණය කර ගත්, පිළිගත් සහ ඊට සහභාගී වන පවා පරිසරයක් නිර්මාණය කරයි. එවැනි වාතාවරණයක් තුළ,  නිහඬතාවය, භීතිය හෝ සදාචාරාත්මක සීමා ක්‍රමිකව හායනය වීම තුලින් සදාචාරාත්මක අවංකකම ඇති අය පවා  හවුල්කාරී  විය හැක.”

මෙම ව්‍යාජ-සමාජ විද්‍යාත්මක ප්‍රකාශය – ප්‍රචණ්ඩත්වය සමාජයේ ව්‍යුහය තුළම කාවැදී ඇති බව සහ  මහජනයා විසින් සාමූහිකව එය ක්‍රියාත්මක කරවන බව – ගැඹුරු ප්‍රතිගාමී නිගමනයකට මග පාදයි: එම කාලපරිච්ඡේදයේ සිදුකළ අපරාධ, කිසිදු පන්ති භේදයකින් තොරව සියලු දෙනා විසින් දරනු ලබන හවුල් සදාචාරාත්මක වරදකි. මුලදී අවට පැතිරි භීෂණයේ නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකු ලෙස නිරූපිත, නමුත් ක්‍රමයෙන් චිත්තවේගීයව හා මානසිකව පැටලෙන, චිත්‍රපටයට නම දුන් ප්‍රධාන චරිතය  වන රාණි සහ ජවිපෙ ෆැසිස්ට්වාදයෙන් සහ රාජ්‍ය මර්දනයෙන්  තම ජීවිතය ගැන  භීතියට පත් කරන ලද අනෙකුත් සෑම අනාරක්ෂිත ග්‍රාමීය මිනිසෙක් හා ගැහැනියක්, කම්කරුවෙක් හා රැකියා විරහිත තරුණයෙක් ම, අපරාධ සඳහා වග කිව යුතු සහ ස්ව-කැමැත්තෙන් සහභාගි වූවන් ලෙස පෙන්නුම් කෙරේ.

මෙම සදෝශීබාවය  සදාචාරාත්මක වී ද, දේශපාලනික වී ද, නැතිනම් ඒ දෙකම වී ද? චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමග පැහැදිලිවම බෙදා හදාගත් ඇඟවුමක් වන සදාචාරාත්මක වරදක් ජනතාවට පැවරීමට වීරසිංහ අදහස් කරන බවට කිසිදු සැකයක් ඉතිරි නොවන අතර, මෙම අශිෂ්ට න්‍යාය දේශපාලන වගවීම දරන්නේ කවුරුන්ද යන්න සොයා යෑම කෙරෙහි (විචාරී) ප්‍රේක්ෂකයා පොලඹවනු ලබයි. දැන් අප අභිමුව ඇති ප්‍රශ්නය නිශ්චිතවම එයයි. චිත්‍රපටය සහ ඒ පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ භක්තිවන්ත ක්ෂමාලාපකයෝ “සාමාන්‍ය” ජනතාව මත වරද පටවති. දේශපාලන වගකීම සදාචාරාත්මක වරදකාරිත්වය පසුපස එයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පීඩිතයන් පීඩකයාට සමාන කර, බලාපොරොත්තු රහිත, අරාජික, ඓතිහාසික හෝ විද්‍යාත්මක පදනමකින් තොර සමාජයක් පිළිබඳ දැක්මක් ඇති කරයි. මෙම ප්‍රවේශය රළු ලෙස අනඓතිහාසික, ධාරණාවාදී සහ අවිද්‍යාත්මක වන අතර, එය නිශ්චිත පන්ති අවශ්‍යතාවක් සඳහා සේවය කරයි.

භීෂණයේ ධනේශ්වර රාජ්‍ය ඒජන්තයින්, එහි දේශපාලන නායකත්වය, මිලිටරි-බුද්ධි යන්ත්‍රය සමග ජවිපෙ නොමග යවන ලද කේඩරය සමාන කර ඇති අතර, මෙම පරස්පර විරෝධී බලවේග “සාමාන්‍ය පුරවැසියන්ගේ” සමජාතීය සමාජයක් ගොඩ නගමින් දුප්පතුන් හා වැඩකරන ජනතාව සමග එකම තලයක තබා ඇත.  ඔවුන් සියල්ලන්ම සදාචාරාත්මකව සහ වගවිභාගයක් නැතිව ම නිශ්චිත හැඩයක් නැති සහ පන්ති විරහිත “අපි” බවට දියවී ඇත. වීරසිංහ සඳහන් කරන චිත්‍රපටයේ අවසාන අතුරු කථාව මෙම යෝජනාව මත පදනම් වී ඇති අතර, තම චිත්‍රපටය නරඹන්නන් විසින්  විකල්ප ආඛ්‍යානය ලෙස කියවමින් ඔවුන් විසින් බැස ගැනීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කල  නිගමනයට, මග පාදයි: රිචඩ් ද සොයිසා ඝාතනය අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ නියෝගය මත සිදු වූවක් නොවේ,  නැතහොත් එය ඔහුගේ හෝ පාලක පන්තියේ අවශ්‍යතාවයන්ට සේවය කළේ නැත. මෙය රාජ්‍යයේ දේශපාලන නායකත්වය කොක්කෙන් (චෝදනා වලින්) ගලවා ගනිමින්, එම යුගයේ සිදු වූ තවත් බොහෝ සැකකටයුතු ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳව අවිනිශ්චිත බවක්  ඇති කරවන ඈවර කිරීමේ යෝජනාවකි.

අවසානයේදී, වීරසිංහ කියා සිටින පරිදි ඊනියා ‘ප්‍රබන්ධය’ මගින් නරඹන්නාට ගැඹුරට කිමිදීමට හැකියාව ලබා දෙන, ‘යටින් පවතින සමාජ හා දේශපාලන යථාර්ථයන් පිළිබඳ වඩාත් පුළුල් හා ස්ථර ගවේෂණය’, කඩා පාත් වන්නේ මෙතැනටය.

එවැනි දේශපාලන රාමුවක් අලුත් දෙයක් නොවේ. එය ධනේශ්වර හා සුලු ධනේශ්වර ඉතිහාස ලේඛනයේ නැවත නැවතත් මතු වී ඇති අතර එහිදී රාජ්‍ය අපරාධ – ජන සංහාර, යුද්ධ, සමූල ජන ඝාතන- සඳහා වගකීම “සමාජය” හෝ “මානව ස්වභාවය” වෙත විතැන් කරනු ලැබේ. එක් ප්‍රමුඛ ඓතිහාසික සාදෘශ්‍යයක් වන්නේ, ඩැනියෙල් ගෝල්ඩ්හාගන් (Daniel Goldhagen) ගේ හිට්ලර්ගේ සහභාගී  අලුගෝසුවෝ: සාමාන්‍ය ජර්මානුවන් සහ හොලෝකෝස්ට්ය  (1996) (Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust (1996) කෘතියයි. හොලෝකෝස්ට්ය ජර්මානු අධිරාජ්‍යවාදයේ සහ නාසි තුන්වන රයික ෆැසිස්ට් රාජ්‍යයේ ඓතිහාසිකව වර්ධනය වූ දේශපාලන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් නොව, ජර්මානු ජනතාව අතර ගැඹුරින් මුල් බැසගත්, නෛසර්ගික යුදෙව් විරෝධීවාදයක ප්‍රතිඵලයක් බව විකාර සහගත ලෙස එය කියා සිටියේය2. මේ අනුව, “සාමාන්‍ය” ජර්මානුවන් මිලියන හයකට අධික යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ ‘අවසාන විසඳුමේ’ කැමැත්තෙන් හවුල්කරුවන් විය. හිට්ලර් මෙම මතවාදයේ අවසාන ක්‍රියාත්මක කරන්නා පමණි. මෙම මාරාන්තික ඉතිහාසය විකෘති කිරීම සාවධානී ඉතිහාසඥයින් විසින් පුලුල් ලෙස අපකීර්තියට පත් කර ඇත්තේ, එහි කාරණාමය සාවද්‍යතාවය නිසා පමණක් නොව, උසුලන ප්‍රතිගාමී දේශපාලන ඇඟවුම් නිසා ය.3

වීරසිංහ ඔහුගේ ප්‍රකාශ සනාථ කිරීම සඳහා කිසිදු සමාජ විද්‍යාත්මක හෝ ඓතිහාසික පර්යේෂණ ඉදිරිපත් නොකරයි – චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර බැරෑරුම් විමර්ශනයක් සිදු නොකළ බව පිළිගන්නා අධ්‍යක්ෂවරයා ද එසේ නොකරයි. කෙසේ වෙතත්, බරපතළ ආනුභවික පදනමක් නොමැති ඇතැම් මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක න්‍යායන් හරහා සමාන තර්ක ජාත්‍යන්තරව ඉදිරිපත් කර ඇත. මේවා අතර ප්‍රධාන වන්නේ ස්ටැන්ලි මිල්ග්‍රම් (Stanley Milgram) සහ පිලිප් සිම්බාඩෝගේ (Philip Zimbardo) අධ්‍යයනයන් වන අතර, ඔවුන්ගේ අධිකාරීත්වයට කීකරු වීම සහ සිරගෙවල් අනුකාරක පරිසරයන් පිළිබඳ අදාළ පර්යේෂණ පුළුල් ලෙස උපුටා දක්වා ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් පද්ධතිමය පීඩනය යටතේ කුරිරු ක්‍රියාවන්ට හවුල් විය හැකි බවට යෝජනා කිරීමටය. අධ්‍යයනයන් දෙකම ක්‍රමවේද අඩුපාඩු, සදාචාරාත්මක උල්ලංඝනයන් සහ ප්‍රතිනිෂ්පාදනය පිළිබඳ ගැටළු සඳහා ධාරිත (නිරන්තර) විවේචනයට ලක්ව ඇත. වඩාත් වැදගත් දෙය නම්, ඔවුන්ගේ ක්ෂණික පර්යේෂණාත්මක සන්දර්භයෙන් වියුක්ත කර, මහජන දේශපාලන ප්‍රචණ්ඩත්වය වැනි සංකීර්ණ සමාජ සංසිද්ධීන් වෙත අවිවේචනාත්මකව යෙදෙන විට, මෙම න්‍යායන් එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක නියතිවාදයක් බවට පරිවර්තනය වේ. ඒවා, ඓතිහාසික සිදුවීම් හැඩගස්වන පන්ති බලවේග සහ දේශපාලන වැඩසටහන් වසං කර, ඒ වෙනුවට දක්ෂිනාංශික ව්‍යාජ විද්‍යාත්මක ආඛ්‍යානයක් වන මානව ස්වභාවයේ නොවැළැක්විය හැකි ප්‍රතිපලයක් වන කුරිරුකම් හෝ විසිරි සමාජ සම්මතයන් හේතු ලෙස ඉදිරිපත් කරමින්, රාජ්‍යය සහ පාලක ප්‍රභූව දේශපාලන වගකීමෙන් නිදහස් කරති.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ මෙම තර්කය විශේෂයෙන් ප්‍රතිගාමී ප්‍රතිවිපාක ඇති කරයි. එය, 1983 දෙමළ ජනයාට එරෙහි සංහාරයට සහ අවසානයේ 2009 මුල්ලිවයික්කාල්හි සිදු වූ ජන සංහාරයට සිංහල බහුතරය සාමූහිකව වගකිව යුතු බවට මතයක් ගෙන එයි. රටේ මධ්‍යම පන්තියේ කොටසක් මෙම මතවාදය දරා සිටී. එය ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) නායක පුබුදු ජයගොඩ විසින් වරක් තියුණු ලෙස ප්‍රකාශ කළේය. ජාතිවාදය සිංහල “සමාජය” තුළ ගැඹුරින් මුල් බැස ඇති බව ඔහු කියා සිටියේ4, සංකීර්ණ දේශපාලන සංසිද්ධීන් ගැටුම්කාරී පන්තිවලින් යුත් සමස්ත ජනවාර්ගික කණ්ඩායම්වල වියුක්ත සදාචාරාත්මක අසාර්ථකත්වයක් බවට ඌනනය කරමිනි5. මෙය විද්‍යාත්මක නොවන සහ ඓතිහාසිකව අසත්‍යයක් පමණක් නොව, ඒකාබද්ධ අරගලය වැළැක්වීම සඳහා කම්කරු පන්තිය වාර්ගික රේඛා මත බෙදීමට ජාතිවාදය ගසාකන ධනේශ්වර රාජ්‍යයේ සහ ස්වෝත්තමවාදී බලවේගවල අත ශක්තිමත් කරයි. 

මාක්ස්වාදය ආරම්භ වන්නේ සදාචාරවාදයෙන් නොව, සමාජ සම්බන්ධතා සහ ඓතිහාසික ක්‍රියාවලීන් පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයෙනි. 1988-90 කාලපරිච්ඡේදය පිළිබඳ ඕනෑම බැරෑරුම් තක්සේරුවක දී ආමන්ත්‍රණය කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්න නම්: ජවිපෙ නායකත්වය දුන් කැරැල්ලට සහ එහි ෆැසිස්ට් ක්‍රම වලට අදාල වෛෂයික හේතු  මොනවාද? මර්දනයට සම්බන්ධ වූ පන්ති බලවේග මොනවාද? මෙම ප්‍රචණ්ඩත්වය නිපදවූ සමාජ අර්බුදය අවුලුවාලීමේදී අධිරාජ්‍යවාදය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද්සහ ශ්‍රී ලංකා ධනේශ්වරයේ භූමිකාව කුමක්ද? සියල්ලටත් වඩා, ජවිපෙට සහ ධනේශ්වර රාජ්‍යයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්විය හැකි විකල්ප විප්ලවවාදී නායකත්වයක් තිබුනේද?

ජවිපෙ නැගිටීම ඉබේ පුපුරා ගිය උමතුවක් හෝ  “ප්‍රචණ්ඩ සංස්කෘතියක” නොවැළැක්විය හැකි නිෂ්පාදනයක් නොවීය. එය මතුවූයේ පශ්චාත්-විජිත ධනේශ්වරයේ අසාර්ථකත්වයේ සහ ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග පන්ති සහයෝගීතා සභාගයකට ඇතුල් වූ 1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පාවාදීම තුල මුල් බැසගත් ගැඹුරු සමාජ අර්බුදයකිනි. මෙම පාවාදීමෙන් ඉක්බිතිව, පාර්ලිමේන්තු වම ගැන කලකිරුණු සහ ජේ.ආර්. ජයවර්ධන තන්ත්‍රයේ ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති මගින් විනාශයට පත් වූ දස දහස් ගනන් ග්‍රාමීය තරුනයෝ ජවිපෙ රැඩිකල් කයිවාරුවලට ඇදී ගියහ.

ජනතා විමුක්ති පෙරමුණ එහි ජනතාවාදී (populist) ඉරියව්ව තිබියදීත්, කිසිවිටෙක මාක්ස්වාදී සංවිධානයක් නොවීය. එය පන්ති අරගලය ප්‍රතික්ෂේප කර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරවාදය ඉවත දැමූ අතර, සුලු ධනේශ්වර ජාතිකවාදය සහ අවදානම්සහගත අත්හදා බැලීමේ (adventurist) ත්‍රස්තය මත විශ්වාසය තැබීය. 1987-89 දී එය කම්කරු පන්තිය සහ මධ්‍යම පන්තිය අඩපණ කළ ඝාතන හා ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වයේ ව්‍යාපාරයක් දියත් කළේය. රාජ්‍යයේ ප්‍රතිචාරය වූයේ කුරිරු මර්දන ව්‍යාපාරයකි. ඝාතක කණ්ඩායම්, බටලන්ද වැනි වධ කඳවුරු සහ රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තය විසින් තරුණ තරුණියන් 60,000කගේ ජීවිත බිලිගත්තේය.

Massacre 1989
1989 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සමූහ ඝාතන සහ දෛනික ජීවිතයේ දර්ශනයක්. ඡායාරූපය: ප්‍රසන්න හෙන්නායක

මෙය සමාජයක සාමාන්‍යකරණය කළ “ප්‍රචණ්ඩත්වයේ දෘෂ්ටිවාදයක්” පිළිබඳ කාරණාවක් නොවේ. එය පුද්ගලික දේපල ආරක්ෂා කිරීමට, කම්කරු පන්තිය බිය ගැන්වීමට සහ ධනේශ්වර පාලනය රැක ගැනීමට ධනේශ්වර රාජ්‍යය විසින් ඉහල සිට ගෙන ගිය පන්ති යුද්ධයකි. මේ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුනේ,  පැරැණි වමේ පාවාදීම් විසින් නිර්මිත දේශපාලන රික්තකය සහ කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් සුලු ධනේශ්වර ජවිපෙ සහ අනෙකුත් ස්ටැලින්වාදී සහ මාඕවාදී සංවිධානවල ග්‍රහණයෙන් දේශපාලනිකව බිඳ දමා විකල්ප මහජන නායකත්වයක් ගොඩනැගීමට  සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) නොහැකි වීමය. 

කෙසේ වෙතත්, ජවිපෙ ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වයට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ විය හැක්කේ සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීමෙන් පමණක් බව අවධාරනය කලේ, කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන විකොස පමනි.  1988 නොවැම්බරයේදී, කම්කරු පන්තියේ ස්වාධීන බලය බලමුලු ගැන්වීම සඳහා,  රාජ්‍ය මර්දනය සහ ජවිපෙ ෆැසිස්ට්වාදය යන දෙකටම  එරෙහිව සටන් කිරීම සදහා  වහාම ගත යුතු ප්‍රායෝගික පියවරක් ලෙස කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුණක් ඉල්ලා සිටියේය. මෙම ප්‍රයත්නයට සහාය දෙනවා වෙනුවට ලසසප, කොමියුනිස්ට් පක්ෂය (කොප), නව සමසමාජ පක්ෂය (නසසප) සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජවිපෙට එරෙහිව ඔවුන්ව සන්නද්ධ කළ යූඑන්පී පාලනයේ භීෂණය සමඟ පෙලගැසී ගත්හ. මෙම පාවාදීම දකුණේ ග්‍රාමීය දුප්පතුන් මත මහජන මර්දනය මුදා හැරීමට සහ දෙමළ ජනතාවට එරෙහිව එහි වර්ගවාදී යුද්ධය දියත් කිරීමට රාජ්‍යයට සහාය විය.

සමකාලීන තාරුණ්‍යය “මෙම ස්ථාපිත රාමුවල කෙළවරටම තල්ලු කිරීමට” උත්සාහ කරන වීරසිංහ වැන්නවුන්ගේ ඓතිහාසික ශේෂ පත්‍රයේ මෙම ගතිකතාවයන් කිසිවක් අන්තර්ගත නැත.

අද, ජවිපෙ/එන්පීපී තම ගැලවුම්කරුවා ලෙස අනුමත කර ඇති පාලක පන්තියේ පලිහක් ලෙස යලිත් වරක් ව්‍යාජ වම ඉස්මතු වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුව සිය පාර්ලිමේන්තු තත්වය භාවිතා කරන්නේ අතීතයේ සිදු වූ යුද අපරාධ හෙළි කිරීමට හෝ නඩු පැවරීමට නොව ඒවා වළ දැමීමට ය. දශක දෙකකට වැඩි කාලයක් දූවිලි කමින් තිබූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම සහ විවාද කිරීම පිළිබඳ එහි සංදර්ශන ජාමූඅ කප්පාදු පියවරයන්ගෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා වූ නරුම අභිනයකි. එන්පීපීය, හමුදාවට, එජාපයට හෝ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට අභියෝග නොකරීම සදහා වෛෂයිකව ස්ථානගතව ඇත. 1988-90 අපරාධ සම්බන්ධයෙන් ඕනෑම සැබෑ ගනන් බැලීමක් රාජ්‍යය පමනක් නොව ජවිපෙ දේශපාලනයම හෙලිදරව් කරනු ඇතැයි එය බිය වේ.

වීරසිංහ වැනි චරිත විසින් ප්‍රවර්ධනය කරන, රාණි තුලින් ඉදිරිපත් කරන ,”පොදු වරද”  ප්‍රවාදය කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ චිත්තවේගීය සංහිඳියාව මත නොව, ඓතිහාසික සත්‍යය සහ දේශපාලන වගවීම මත ය7

ධනේශ්වර රාජ්‍යය තුළ මේ දෙකම කළ නොහැකි ය.  අවසානයේ අධිරාජ්‍යවාදයේ ග්‍රහණය බිඳ දැමීමටත්, ත්‍රස්තවාදයේ උරුමය පෙරලා දැමීමටත්, සූරාකෑමට එරෙහි පොදු අරගලයක පදනම මත පීඩිතයන් – සිංහල, දෙමල සහ මුස්ලිම් – එක්සත් කිරීමටත් කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම ඒ සඳහා අවශ්‍ය වේ.

චිත්‍රපටයේ ප්‍රවාදය සහ එය විස්තීර්ණ කරන වීරසිංහගේ ලිපිය, ඉතිහාසයේ සෞන්දර්යාත්මක දෘෂ්ටිවාදී මුසාකරනයක් මෙන්ම ප්‍රතිගාමී ඓතිහාසික සංශෝධනවාදයක් “විවේචනාත්මක ප්‍රත්‍යවේක්ෂණය (ආවර්ජනය)” යන ඇඳුමින් යලි සන්නාම කිරීමක්  අන්තර්ගත කර ගනී. කලාවේ කාර්යය වන්නේ, එය ප්‍රගතිශීලී වීමට නම්, මෙම සත්‍යයන් වසන් කිරීම නොව ඒවා පැහැදිලි කිරීමයි. මෙම අති මූලික කාර්යයේදී රාණි අසමත් වේ. එය ඉතිහාසය ධාරණවාදයෙන්ද, පන්ති විශ්ලේෂණය ව්‍යාජ විද්‍යාවෙන් ද, විප්ලවවාදී පැහැදිලිකම ප්‍රතිගාමී ව්‍යාකූලත්වයෙන් ද විස්තාපනය කරයි.

  1. My Thoughts on Handagama’s Rani, Jagath Weerasinghe, Daily FT on March 28, 2025. <https://www.ft.lk/columns/My-thoughts-on-Handagama-s-Rani/4-774887> ↩︎
  2. Anidda, February 2, 2025, A discussion with Ashoka Handagama by Upali Amarasinghe, p19. ↩︎
  3.  ‘[A]ntisemitism moved many thousands of “ordinary” Germans—and would have moved millions more, had they been appropriately positioned—to slaughter Jews. Not economic hardship, not the coercive means of a totalitarian state, not social psychological pressure, not invariable psychological propensities, but ideas about Jews that were pervasive in Germany, and had been for decades, induced ordinary Germans to kill unarmed, defenseless Jewish men, women, and children by the thousands, systematically and without pity.’ Daniel Goldhagen, Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust, (New York: Alfred A. Knopf, 1996), p. 9. ↩︎
  4. The Myth of “Ordinary Germans”: A Review of Daniel Goldhagen’s Hitler’s Willing Executioners,  David North (April 1997) in The Russian Revolution and the Unfinished Twentieth Century (2014). <https://www.wsws.org/en/special/library/russian-revolution-unfinished-twentieth-century/15.html> ↩︎
  5. <https://www.facebook.com/reel/3824881814291061?sfnsn=wa&mibextid=6AJuK9> ↩︎
  6. Race, class and social conflict in the United States, Niles Niemuth, SEP Summer School Lecture 2021, <https://www.wsws.org/en/articles/2021/09/06/race-s06.html↩︎
  7. Batalanda Slaughter Chambers and the Mass Graves: The class roots of crimes against the poor and the working class of Sri Lanka, Sanjaya Jayasekera, March 23, 2025, <https://www.thesocialist.lk/batalanda-slaughter-chambers-and-the-mass-graves-the-class-roots-of-crimes-against-the-poor-and-the-working-class-of-sri-lanka/↩︎

පොදු වරදකාරිත්වය පිළිබඳ මිථ්‍යාව: ‘රාණි’ කලාවේ ස්වරූපයෙන් සත්‍ය විකෘති කිරීමක් ලෙස Read More »

Pope

“කිලිටි යුද්ධයේ” පාප්වරයා මරණයට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනයට ආශීර්වාද කරයි

ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 24 දින ‘“Dirty War” Pope blesses Trump administration hours before his death යන හිසින් පලවූ ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Pope
2025 අප්‍රේල් 20 වන දින පාස්කු උත්සවයන් හි දී එක්සත් ජනපද උප ජනාධිපති ජේ ඩී වැන්ස් වතිකානුවේදී දිවංගත ෆ්‍රැන්සිස් පාප්වරයා හමුවෙයි [ඡායාරූපය: @VP]

ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ලෙස උපත ලැබූ ෆ්‍රැන්සිස් පාප්වරයා, දිගුකාලීන නියුමෝනියාව හේතුවෙන් සති පහක් රෝහල්ගතව සිට, සඳුදා 88 වැනි වියේදී මිය ගියේය. 

ඔහුගේ මරණය නිවේදනය කරමින් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සීනු නාද වූ තැන් සිට, ලෝකයේ බොහෝ රටවල සමාගම් පාලිත ප්‍රවෘත්ති චක්‍රයේ ආධිපත්‍යය දැරුවේ ලතින් ඇමරිකාවේ ප්‍රථම පාප්වරයා වන ආර්ජන්ටිනාවේ ජේසුයිට්වරයා පිළිබඳ පුහු  චාටුකාර ආවැඩීම්  භරිත  ආවරණයෙනි.

ජනගහනයෙන් යන්තම් පහෙන් පංගුවක් කතෝලිකයන් ලෙස හඳුන්වා ගන්නා එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති මාධ්‍ය, පාප් පදවියේ ඇති සංකීර්ණතා ගැන අතුරක් නැතිව ගවේෂණයේ  යෙදේ. මෙම අමානන්දය පැහැදිලි කළ හැක්කේ දේශපාලන හා පන්තිමය වශයෙන් පමණි.

බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන්ගේ ගුණකථනයන්ගෙන් අනුගාමීව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, රෝමයේ සෙනසුරාදා පැවැත්වෙන පාප් වරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු විදේශ සංචාරය වන බවයි. 

මාධ්‍ය විසින් බර්ගොග්ලියෝව “දුප්පතුන්ගේ පියා”, “ජනතාවගේ මිනිසා” සහ “ප්‍රගතිශීලී පාප් වහන්සේ” ලෙස ශාන්තුවරකරණය කිරීම, පාලක ප්‍රභූන්ගේ ගෝලීය පැසිස්ට්වාදී පාලන ස්වරූපයන්ට හැරීම සදහා  එහි ආශිර්වාදය ලබා දෙන කතෝලික පල්ලිය මත,  “ප්‍රජාතන්ත්‍රවාදී” සහ “නූතන බවේ ” අවසාන වාර්නිෂ් වැස්ම තැවරීම අරමුනු කරයි. 

සඳුදා ධවල මන්දිර පාස්කු බිත්තර ක්‍රීඩා උත්සවය අමතමින්, ඇමරිකානු අනාගත ෆියුරර් (ජර්මන් බසින් හිට්ලර් සදහා යෙදුමකි. මෙහිදී ට්‍රම්ප්  අදහස් කරයි) බර්ගොග්ලියෝ “හොඳ මිනිසෙක්” ලෙස හැඳින්වීය. එක්සත් ජනපද සහ ප්‍රාන්ත ධජ රට පුරා අඩකුඹු කරන ලෙස නියෝග කරනා’තර,  පල්ලිය (ආගම) සහ රාජ්‍යය වෙන් කිරීමට එරෙහිව පැහැදිලි අවමානයක් කරමින් ට්‍රම්ප් පැවසුවේ, “අපි ඇමරිකාවට නැවත ආගම  ගේනවා” යනුවෙනි.

ඉතාලියේ ෆැසිස්ට්වාදී අගමැති ජෝජියා මෙලනි (Giorgia Meloni) ,”ඔහුගේ මිත්‍රත්වය, ඔහුගේ උපදෙස්, ඔහුගේ ඉගැන්වීම් භුක්ති විඳීමේ වරප්‍රසාදය” ගැන ප්‍රශංසා කළාය. මෙලෝනි මුසෝලිනිගේ දේශපාලන උරුමක්කාරයා වන අතර, ඔහුගේ බ්ලැක්ෂර්ට් කල්ලි කතෝලික පූජකවරුන්ට සහ තරුණයින්ට පහර දෙන විට පවා පාප් පදවිය සමඟ සමීප මිත්‍රත්වයක් භුක්ති වින්දේය. 

බ්‍රසීලයේ ලූලා ද සිල්වා සහ ස්පාඤ්ඤයේ පේද්‍රෝ සැන්චෙස්ගේ සිට පිලිපීනයේ ෆැසිස්ට්වාදී ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් දක්වා විශාල කතෝලික ජනගහනයක් සිටින රටවල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් ජාතික ශෝක දින ප්‍රකාශ කළහ. 

මීට පෙර බර්ගොග්ලියෝව “මන්ද බුද්ධික” ලෙස හැඳින්වූ ආර්ජන්ටිනාවේ ෆැසිස්ට් ජනාධිපති හාවියර් මිලෙයි, පාප් වහන්සේ විසින් වතිකානුවේදී ඔහුව පිළිගත් අවස්ථාව සිහිපත් කල අතර සතියක ශෝක කාලයක් ප්‍රකාශ  කළේය.

බර්ගොග්ලියෝගේ වේදනාකාරී රෝගාබාධ සහ යුද්ධය, අසමානතාවය, කෑදරකම සහ ජාතිවාදය වැනි දෑ වාචිකව හෙළා දැකීම  පිළිබඳව ඔහු දැරූ  ජනප්‍රිය ආස්ථාන ගැන අසන හෝ කියවන විට, ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුනයින්ට සැබෑ අනුකම්පාව ස්වභාවිකවම දැනේ. මෙම හැඟීම් මතුවන්නේ,  වෛරයට පාත්‍ර වූ ධනේශ්වර දේශපාලකයන්ගේ සහ මාධ්‍ය ආයතනවල ස්තෝත්‍ර ගායනා නිසා නොව ඒවා නොතකාය. 

ඉතා මෑතක දී, බර්ගොග්ලියෝ ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමේ සැලසුම් මානව අභිමානය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර මෙම ප්‍රතිපත්ති කතෝලික අදහස්වලට අනුකූල බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස්ට විශේෂයෙන් බැණ වැදී ඇත. 

ඉන්පසු පැය කිහිපයකින්ම  මිය ගිය පාප්වරයාට  වාන්ස්ගේ පාස්කු ඉරිදා සංචාරය දරාගත නොහැකි තරම් වූවා යැයි සැක කිරීම ගැන කෙනෙකුට සමාව දිය හැකි තරම් ය. 

“ඔබ එතරම් හොඳ තත්වයකින් නොසිටිය බව මම දනිමි. නමුත් ඔබ වඩා හොඳ සෞඛ්‍යයකින් සිටිනු දැකීම සතුටක්” ඔහු ඇස් පනාපිට මිය යමින් සිටි මිනිසාට පැවසීය.

නමුත් බර්ගොග්ලියෝ තම පාප් පදවියේ ප්‍රමුඛතාවයක් ලෙස සංක්‍රමණික අයිතිවාසිකම් රාමුගත කිරීම, දේශගුණික විපර්යාසය “සදාචාරාත්මක අර්බුදයක්” ලෙස ‘නිවේදනය’ කිරීම, LGBTQ ප්‍රජාව නිර්සාපරාධීකරණය කිරීමට කැඳවුම් කිරීම, සහ අනෙකුත් අවම “ප්‍රගතිශීලී” හැසිරීම් කිසි විටෙකත්, සමලිංගික විවාහ, ගබ්සාව හා ලිංගික අනන්‍යතාවය ආදී කාරණා සම්බන්ධ එහි නිල ඉගැන්වීම් වෙනසක් නොකොට පවත්වාගෙන යන කතෝලික පල්ලියේ ප්‍රතිගාමී ස්වභාවය වෙනස් කිරීමට අදහස් නොකෙරුනේ වීය. 

බර්ගොග්ලියෝගේ නිහතමානිකම සඳහා වන ඉල්ලීම්, කතෝලික පල්ලිය ලොව විශාලතම ඉඩම් හිමියා ලෙස ඩොලර් බිලියන සිය ගණනක වත්කම් සහ එම තත්ත්වය පවත්වා ගැනීම නතර කර නැත. 

ඒ ගැන කියතොත්, අසමානතාවය “සමාජයේ රෝගයක්” ලෙස ඔහුගේ  විස්තර කිරීම, ටෙස්ලාහි ඉලෝන් මස්ක්, ඇමසන්හි ජෙෆ් බේසස්, ඇපල් හි ටිම් කුක් සහ ෆේස් බුක්හි හි මාර්ක් සකබර්ග්  ඇතුළු අද දින තාක්‍ෂණික සහ මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින් සදහා, වඩාත්ම මිත්‍රශීලී සහ වඩාත්ම තෘප්තිමත් බවින් යුතු සත්කාරකත්වය සැපයීමෙන්  ඔහුව වැළකාලීමට  අසමත් විය. 

සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා දකුණු සුඩාන යුද නායකයන්ගේ පාද සිප ගනිමින් “සාමය” සඳහා ඔහුගේ ආයාචන, ඔබාමා, බයිඩන් සහ ට්‍රම්ප් ඇතුළු දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම යුද අපරාධවලට වගකිව යුතු අධිරාජ්‍යවාදී නායකයින් වෙත භක්තිවන්ත  ආශිර්වාදය පුද  කිරිම  සමඟ එකට බැදුනේය.

ගෝලීයකරණ සහ ස්මාර්ට්ෆෝන් යුගයේ එහි ඇති බුද්ධි ‍ද්‍රෝහිතාව ( obscurantism) නිසා පොදුවේ තරුණයන් සහ කම්කරුවන් පිළිකුල් කරන බැවින්, සමාජීය සහ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් එවැනි සංදර්ශනාත්මක ආස්ථානයන් (performative stances) අනුගාමිකයින්ගේ ඓතිහාසික පහත වැටීමක් මධ්‍යයේ, කතෝලික පල්ලියේ ජනතා විශ්වසනීයත්වය යම් තරමකින් හෝ නැවත ලබා ගැනීම අරමුණු කර ගෙන ඇත. ලොව පුරා වැඩෙන මහජනතාවගේ රැඩිකල්කරණයට සීමිත අනුගත වීමක් පල්ලියේ පැවැත්ම පිලිබද ප්‍රශ්නයක් ලෙස දැක ගනු ලැබීය.

දැන්, සෑම තැනකම සිටින පාලක ප්‍රභූන් “ජනතාවගේ පාප්වරයාගේ” මරණය, එහි සියලු පසුගාමීත්වය සහ නූගත්කම සමඟ “ආගමේ නැවත පැමිණීමක්” ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලෙස ගසාකයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ධනවාදයේ ගැඹුරුම අර්බුදය මධ්‍යයේ, වැඩවසම් ආකාරයේ ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය ප්‍රවර්ධනය කිරීම හරහා ලෝකයේ කතිපයාධිකාරීන් පොහොසත් කිරීමට සහ වැඩෙන මහජන විරෝධය මර්දනයට ආවරණයක් සැපයීමට එවැනි ප්‍රයත්නයන් අවශ්‍ය බව ඔවුන් දැක ගනී. 

කතෝලික පල්ලියේ පෙර කල සිදු කළ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල ස්වභාවය එබඳු වූ අතර, එය ධර්මාධිකරණය (Inquisition-මධ්‍යතන යුග වල) සහ  යටත් විජිත යුගයේදී  ස්වදේශික ජනයාගේ සමූල ජන සංහාරය අධීක්ෂණය කළ ප්‍රතිගාමිත්වයේ එම බලකොටුව ලෙසම පවතී. 

ලියෝ පාප්වරයා IX (1049–1054) වැනි චරිත පූජක දූෂණ සහ  සිමොනි (පූජකත්වය ‘දූෂ්‍ය ගනුදෙනු’ මගින් කෙලසීම –  simony) හෙළා දුටු නමුත්, ග්‍රාමීය පල්ලි අපචාරවල ගිලී සිටි අතර, පල්ලිය විසින් ‘මිථ්‍යාදෘෂ්ටික’ ලෙස හෙළා දකිනලද කැතරිසම් (Catharism) වැනි ව්‍යාපාරවල නැගීම සඳහා දායක විය. ට්‍රෙන්ට් කවුන්සිලය (1545-1563) ධර්මය සහ විනය මධ්‍යගත කළ නමුත් දේශපාලන බලය සමඟ පල්ලියේ පෙළගැස්ම සහ මූලධර්ම පරිණාමයට එරෙහි ප්‍රතිරෝධය තහවුරු කළේය. ජෝන් XXIII ගේ ප්‍රතිසංස්කරණ (1962-1965), දේවමෙභෙයේ ක්‍රමය (liturgy) සහ ලෝකය සමඟ සම්බන්ධ වීම නවීකරණය කරන ලද නමුත්, ක්‍රියාවට නැංවීම පිළිබඳ පශ්චාත්-කවුන්සලයානු (post-conciliar) සටන් බෙදීම් ගැඹුරු කළ අතර පද්ධතිමය පූජකවාදය හෝ අපයෝජන අර්බුද විසඳීමට අසමත් විය.

ෆ්‍රැන්සිස්ගේම අතීතය පිළිබිඹු කරන්නේ කතෝලික පල්ලියේ ෆැසිස්ට්වාදය සමඟ ඇති ස්වභාවික සන්ධානයයි. රටේ “කිලිටි යුද්ධය” (Dirty War 1976-1983) තුළ ආර්ජන්ටිනාවේ පල්ලියේ ප්‍රමුඛ චරිතයක් ලෙස, වාමාංශික කොටස් වලින් පල්ලිය “පවිත්‍ර කිරීමේ” උත්සාහයේ දී, මිලිටරි ආඥාදායකත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පූජකයන් සහ ගිහි කම්කරුවන් විසින් බර්ගොග්ලියෝට චෝදනා කරන ලදී. 

මෙය හුදෙක් පුද්ගලික අසාර්ථක වීමක් නොවේ; ආර්ජන්ටිනාවේ පල්ලියේ ධුරාවලිය සමස්තයක් ලෙස ජුන්ටාවෙහි වධකයන්ට සහ ඝාතකයින්ට ආවරණය සහ සදාචාරමය අනුමැතිය ලබා දෙමින් ඔවුන් “දෙවියන්ගේ වැඩ” කරන බවට සහතික විය. කම්කරුවන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන් අතර “වාමාංශිකයන්” යැයි සැලකෙන 30,000ක් “අතුරුදහන් කර,” වධ බන්ධනවලට ලක් කර ඝාතනය කරන ලදී. 

බර්ගොග්ලියෝ 1976 දී ජේසු නිකායික පූජකවරුන් වන ඔර්ලන්ඩෝ යෝරියෝ සහ ෆ්‍රැන්සිස්කෝ ජැලික්ස් පැහැරගෙන යාමට සම්බන්ධ යයි සැලකුන අතර, ඔවුන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බව කියනු ලැබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හේතු වූ සාධකයක් වූ, බුවනෝස් අයර්ස් මුඩුක්කු ප්‍රදේශයේ ඔවුන්ගේ සමාජ වැඩ සඳහා සහය නොදැක්වූ බවට ඔහුට චෝදනා එල්ල වුණි .

මිලිටරි ජුන්ටාව විසින් වධක මධ්‍යස්ථානවල කාන්තාවන්ට උපන් බිළිඳුන් ක්‍රමානුකූලව පැහැරගෙන ඔවුන් පාලන තන්ත්‍රයට පෙලගැසුනු පවුල්වල තබා ඇත. දිවි ගලවා ගත් අය සහ ඒ අය අතරින් එස්ටෙලා ඩි ලා ක්වාඩ්‍රා සාක්ෂි දෙමින් කියා සිටියේ , 1978 දී බර්ගොග්ලියෝ තම අතුරුදහන් වූ ගැබිනි සහෝදරිය ගැන විමසීමට ඇගේ පියාට අත් අකුරින් සටහනක් ලබා දුන් බවත්, දරුවා රෙජිමය විසින් රැගෙන ගොස් ඇති බවත් දැන ගැනීමට ලැබුණු බවත්ය. ඔහු ඒකාධිපතිත්වය අවසන් වන තුරු ළදරු සොරකම් ගැන දැන නොසිටි බවට 2010 දී බර්ගොග්ලියෝගේ උසාවි ප්‍රකාශයට මෙය පටහැනි විය. බර්ගොග්ලියෝ 2010 දී මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි දුන් නමුත් දිවි ගලවා ගත් අය ඔහුගේ මගහැරීමේ ප්‍රතිචාර සහ මුලදී විවෘත අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම විවේචනය කළහ.

පාප්වරයා ලෙස, ෆ්‍රැන්සිස් කිසි දිනෙක සිය උපන් බිම වන ආර්ජන්ටිනාවට පැමිණියේ නැත.

ඉරිදා ඔහුගේ මානසික තත්වය කෙසේ වෙතත්, ජන සංහාරයට විරෝධය පෑ විදේශීය සිසුන් ඇතුළු,   ලතින් ඇමරිකාවේ මිලිටරි ජුන්ටාවන්ගේ ක්‍රියාකාරකම් ප්‍රතිරාවය කරනා දේශපාලන “අතුරුදහන් කිරීම්” අනුගමනය කරනා ට්‍රම්ප් පරිපාලනයට  ආශීර්වාද කිරීම බර්ගොග්ලියෝට  අපහසු නොවීය.

එය වැන්ස් හමුවීම තුල සිදුකල ඔහු ගේ අවසන් ප්‍රධාන නිල ක්‍රියාව වූ අතර ඔහු පිලිබද මතකයේ  වඩාත්ම වැදගත් එකක් වනු ඇත.

“කිලිටි යුද්ධයේ” පාප්වරයා මරණයට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනයට ආශීර්වාද කරයි Read More »

Dollar

Dollar’s role as global reserve currency under fire

By Nick Beams.

At first, it was just a quiet murmur in relatively isolated sections of the financial press. Today, however, the voices are growing louder: the US dollar could lose its role as the world’s global currency amid the breakdown of all the arrangements and mechanisms of the post-war period under the impact of the US economic war against the world initiated by President Trump.

Dollar
A street money exchanger poses for a photo without showing his face as he counts U.S. dollars at Ferdowsi square, Tehran’s go-to venue for foreign currency exchange, in downtown Tehran, Iran, Saturday, April 5, 2025. [AP Photo/Vahid Salemi]

This week, the Financial Times (FT) ran a major article under the headline “Is the world losing faith in the almighty US dollar?” The answer was that it is.

The concern has been sparked by an unusual development in financial markets. Under “normal” conditions, financial disturbances bring about a rise in the dollar’s value as investors seek a safe haven and move to acquire US Treasury bonds.

But since so-called “liberation day,” when Trump unveiled his “reciprocal tariffs,” there has been a move out of US government debt, and the value of the dollar has fallen. The price of gold, a real store of value, as opposed to debt and credit, continues to reach record highs.

There was a slowing of this movement when Trump announced a 90-day pause on the reciprocal tariffs, which range between 30 and 50 percent for a wide range of countries, to allow for negotiations. But the question remains: What happens after the pause ends?

Whatever the immediate answer, one thing is certain: There will be no return to the status quo ante, with Trump warning that nobody “gets off the hook.” This week, talks took place between the administration and Japan in Washington. The Japanese trade representative returned home empty-handed.

The implications of the new situation were underscored in a comment by a leading FT columnist, Rana Foroohar, entitled “America the Unstable.”

Foroohar began by saying that her “takeaway” from the tariff chaos and fallout was that America, under Trump, has become an “emerging market.”

In previous periods of political and economic stress, US equities and the currency rose because of the “haven status” of the dollar.

“It didn’t seem to matter that all the things that had bolstered American companies from low rates to financial engineering to globalization itself were tapped out. US asset markets seemed impervious to the notion of the dollar-doomsday scenario that would send both the currency and asset prices tumbling. Trump has finally ended America’s exorbitant privilege.”

She concluded by saying that previously she would have ruled out the possibility that America could become the epicenter of an emerging market-style debt crisis, but “not anymore.”

Trump’s measures—the tariff hikes that will slow the economy and proposed tax cuts for corporations—will add trillions of dollars to what is increasingly being characterized as an “unsustainable” debt mountain, currently at $36 trillion and rising.

In a report issued earlier this month, George Saravelos, global head of foreign exchange research at Deutsche Bank, summed up the growing outlook in leading global financial circles.

“Despite President Trump’s reversal on tariffs, the damage to the USD has been done,” he wrote in a report. “The market is reassessing the structural attractiveness of the dollar as the world’s reserve currency and is undergoing a process of de-dollarization.”

However, the crisis is not merely a product of Trump’s actions. It has been long in the making—the outcome of a protracted decline in the economic position of the US.

Trump, as is now openly acknowledged, has taken an axe to the economic, trade, and financial mechanisms set in place after World War II, considering that they have contributed decisively to the weakening of the US.

Of course, Trump, for whom, like Henry Ford, “history is bunk,” never explains why they were put in place and why the US played the leading role in their establishment. It was very much, to invoke the phrase he so often uses in his rampages, due to concerns with “national security.”

The purpose of the post-war measures was to prevent the return to the conditions that had prevailed in the period between the wars, grounded not least on the understanding that this would lead to revolutionary struggles by the working class in the major capitalist countries, including in the US, which had seen enormous eruptions of class battles in the latter years of the 1930s.

The post-war economic order rested on three pillars—the establishment of the US dollar, backed by gold as the international currency, the reduction of tariffs and promotion of free trade to prevent the emergence of the trade and currency wars that had proved so disastrous in the 1930s, and the reconstruction of war-torn Europe under the Marshall Plan. All three were based on the strength and industrial power of the US economy.

Contrary to the claims of various bourgeois economists and not a few self-styled Marxists that the post-war economic capitalism boom which followed had refuted the Marxist analysis of the historically inevitable economic breakdown of the capitalist system, the post-war framework did not overcome its fundamental contradictions—above all, that between the world market and its division into rival nation-states and great powers.

And within the space of 25 years—a short period of time from the standpoint of history—these contradictions emerged. On August 15, 1971, President Nixon, in the face of a growing balance on trade and balance of payments deficit in the US, removed the gold backing from the US dollar—unilaterally abrogating the Bretton Woods Agreement of 1944.

It was a sign that the power of American capitalism, the basis of the post-war order, was starting to markedly weaken.

The scrapping of the Bretton Woods system ushered in a new global financial system. In the 1950s and 1960s, currencies had exchanged at fixed rates. Maintenance of those fixed rates and the prevention of currency wars required that finance and investment flows were subject to tight regulation.

But with the ending of the dollar-gold connection, currencies started to float freely, which meant that capital and financial controls had to be increasingly scrapped. A new international economic order developed based on credit creation and the free flow of money around the world.

The US dollar continued to function as the basis of the international financial system, but it underwent a major transformation. It was now a fiat currency, no longer backed by gold, that is, real value, but solely by the American state. A new global monetary order emerged.

As the FT article noted: “Despite Nixon’s severing the dollar’s link to gold in 1971, the greenback has remained at the center of the monetary universe. In fact, thanks to the dollar’s importance in the expanding and increasingly interconnected global financial system, its importance has only grown. Far from eroding the dollar’s importance, the Nixon shock entrenched it in many ways.”

The freeing of the dollar from the restrictions due to its being tied to gold and the concomitant government regulations aimed at maintaining a fixed exchange system unleashed finance from the constraints imposed on it under the previous regime, opening up vast new avenues for profit accumulation.

Increasingly, above all in the US economy, this gave rise to what has been called financialization, the accumulation of profit via speculative and parasitic methods.

The more these methods developed, the more regulations on finance capital introduced in response to the crisis of the 1930s were scrapped, culminating in the repeal of the last remaining piece of Depression-era legislation, the Glass-Steagall Act, by the Clinton administration in 1999.

In 1991, the liquidation of the Soviet Union by the Stalinist bureaucracy, coupled with the restoration of capitalism in China and the junking of national development policies by the bourgeois national regimes in the former colonies, opened up new profit opportunities through the globalization of production.

Eager to grasp them, the US called for the entry of China into the new world order. The Clinton administration pushed for its admission to the World Trade Organization, which was subsequently ratified by the US under the presidency of George W. Bush.

The US saw the cheaper labor of China as a profit gold mine and that within the new order, China would remain subordinate to it. But the capitalist economy has its own relentless logic, which operates behind the back of imperialist leaders, no matter how powerful.

The Chinese capitalist oligarchy, now confronted with the transformation of the country from a nation of peasants to one with hundreds of millions of workers, as well as an aspiring middle class, recognized it had to move up the value chain.

It could not simply function as the supplier of cheap consumer goods but had to expand production into more sophisticated commodities based on advanced technology if it was to sustain economic growth and maintain what it called “social stability.”

However, this development has posed an existential challenge to US hegemony. This was recognized by the Obama administration in 2011 when it launched its pivot to Asia. His trade representative Michael Froman wrote an article in Foreign Affairs in 2014 recognizing the weakened position of the US and that the global trading system had to be “revitalized” to allow it to play the leading role.

Such efforts, however, came to naught as the balance of trade and payments continued to widen. And the US government debt has continued to escalate at what is acknowledged as an “unsustainable” rate.

The US has only been able to continue on the debt path because of the dollar’s role as the global reserve currency. So long as investors, domestic and international, as well as other governments, kept money flowing into the debt market, the US imperialist state, with its vast military spending, has been able to continue to function.

Back in 2023, CNN and News commentator Fareed Zakaria set out this relationship.

“America’s politicians have gotten used to spending seemingly without any concerns about deficits—public debt has risen almost fivefold from roughly $6.5 trillion 20 years ago to $31.5 trillion today. The Fed has solved a series of financial crashes by massively expanding its balance sheet twelvefold, from around $730 billion 20 years ago to about $8.7 trillion today. All of this only works because of the dollar’s unique status. If that wanes, America will face a reckoning like none before.”

In the face of this crisis the view is being advanced in some circles that whatever the dollar’s travails, it will continue to operate as the world currency.

The FT article on the dollar crisis cites the remarks of Mark Sobel, a former Treasury official and now US chair of OMFIF, a financial think tank.

“The dollar’s dominance will remain in place for the foreseeable future because there are no viable alternatives,” he said. “I question whether Europe can get its act together, and China is not opening its capital account soon. So what’s the alternative? There just isn’t one.”

Sobel’s assertions about the inability of Europe and China to provide as alternative to the dollar are no doubt true.

But his analysis is incomplete because it is based on a faulty logic which ignores the lessons of historical experience. It rests on the assumption that since global trade and finance requires an international currency, the dollar must therefore continue to play that role because there is nothing to replace it.

However, the logic of the present situation is neither that the dollar’s role can continue nor that another national currency will replace it. Rather, it is that the world economy will increasingly fracture into rival trading, financial and currency blocs—a conflict of each against all—as it did between the two world wars with all the disastrous consequences that produced.

For all their irrationality and outright madness there is a logic to Trump’s policies. Every statement and executive order he imposes is justified on the basis of national security—that the present economic order has undermined the military capacity of the United States to fight wars, and this must be rectified at all costs.

The crisis of the dollar therefore signifies that the conditions for a new world war are rapidly developing in which for the US, China—the existential threat to its hegemony—is the chief target.

With tariffs set at 145 percent, and still more hikes to come, and restrictions imposed on the export of high-tech goods to China, the US has imposed a virtual economic blockade against Beijing. How long before that leads to outright military conflict? History suggests sooner rather than later.

The ruling classes in the US and internationally have no solution to the crisis of the capitalist system over which they preside. Everywhere their response to the breakdown is economic warfare, increased military spending and the evisceration of democratic rights through the imposition of fascist and authoritarian regimes.

The international working class is the sole social force which has the capacity to resolve the historic crisis of the capitalist system, exemplified so sharply in the crisis of the dollar, in a progressive manner. But for that power to be actualised it must take up and fight for the perspective of socialist revolution.

This article was originally published in the World Socialist Web Site on 18 April 2025 Here

Dollar’s role as global reserve currency under fire Read More »

Protest

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 04 දින “Stop Trump’s dictatorship! Build a movement of the working class for socialism!යන හිසින් යුතුව එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂ්ජය විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Protest
2025 මාර්තු 11 වන දින මහමුද් ඛලීල් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ගණනක් නිව්යෝර්ක් නගරයේ රැලි පැවැත්වීය.

එක්සත් ජනපදය පුරා, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ලක්ෂ ගණනක් සෙනසුරාදා පෙලපාලි යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කම්කරුවන් හා තරුනයන් අතර විරෝධයේ සහ කෝපයේ පුලුල් මනෝභාවයක කොටසක් වන විරෝධතා රට පුරා නගරවල පැවැත්වේ. 

සංක්‍රමණිකයන්ට එල්ල කරන ප්‍රහාර, ප්‍රකාශනයේ නිදහසට එරෙහි ප්‍රහාරය සහ ගාසා තීරයේ ජන සංහාරක යුද්ධයෙන් මිලියන ගනනක් කම්පනයට පත්ව සිටින අතර ඔවුන්ට ආපිට හැරී සටන් කිරීමට අවශ්‍ය වේ. නමුත් සිදුවෙමින් පවතින දේ, එහි මූලාරම්භය සහ එය නැවැත්වීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිරෝධය දැක්වීමේ අධිෂ්ඨානය මෙහෙයවිය යුතුය.

පවත්නා තත්වය අතිශය පැහැදිලිකමකින් ප්‍රකාශ කළ යුතුය: ට්‍රම්ප් පරිපාලනය ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව සහ හිතාමතාම ගමන් කරයි. එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීම, අපාලිත විධායක බලය තහවුරු කිරීම සහ සියලූ විරුද්ධත්වයන් තලා දැමීම ඉලක්ක කරගත් ෆැසිස්ට්වාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි. මෙය ඉලක්ක කරන්නේ, සියල්ලටත් වඩා, කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් සහ සංක්‍රමණිකයන් මත අද පරීක්‍ෂා කෙරෙන දේ හෙට භාවිතා කරනුයේ වැඩ වර්ජන කරන කම්කරුවන්, සියලු සමාජ විරුද්ධත්වය සහ සියලු ආකාරයේ දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමට ය.

රට පුරා විශ්ව විද්‍යාල මණ්ඩපවල දැනටමත් භීෂණ පාලනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ජන සංහාරයට විරුද්ධ වීම නිසා සාමකාමී විරෝධතාකරුවන් අවේක්ෂණයට (සෝදිසි කිරීමට) ලක් කර, අල්ලා ගෙන, රඳවා තබා ගෙන පිටුවහල් කරනු ලැබේ. AI බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ වැඩසටහනක් වන “Catch and Revoke” යටතේ සිසුන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ප්‍රසිද්ධ ප්‍රකාශ, රටින් ඉවත් කිරීම සඳහා ඉලක්ක හඳුනා ගැනීම පිණිස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

කෝර්නල් විශ්ව විද්‍යාලයේ Ph.D. උපාධි අපේක්ෂක මොහමඩ් ටාල්ට, ට්‍රම්ප්ගේ විධායක නියෝග උසාවියේදී අභියෝගයට ලක් කිරීම නිසාවෙන් ෆෙඩරල් නියෝජිතයන් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් පසු මේ සතියේ රට හැර යාමට සිදුවිය. කොලොම්බියාවේ උපාධි ශිෂ්‍යයෙකු සහ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු වන මහමුද් ඛලීල් ICE (ආගමන හා රේගු බලාධිකාරය) විසින් අත් අඩංගුවට ගෙන ඇත. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභී රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Öztürk) ඇතුළු තවත් අය – වෙස්මුහුණු පැලඳ ගත් ෆෙඩරල් නියෝජිතයන් විසින් මහ දවල් පැහැරගෙන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය, සමූහ වශයෙන් පිටුවහල් කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් නෙරපා හැරීම සඳහා මින් පෙර කිසි දිනෙක මේ අයුරු භාවිතා නොකළ යුද කාලීන ප්‍රඥප්තියක් වන විදේශ සතුරන්ගේ පනත (Alien Enemies Ac) ක්‍රියාත්මක කර ඇත. උසාවි තීන්දු නොතකා හැරීමට, පවතින නීති අභිබවා යාමට සහ ජනාධිපතිවරයාට අසීමිත විධායක බලය ලබා දීමට, තමන්ට අධිකාරය ඇතැයි පරිපාලනය ස්ථිරවමු කියා සිටී. ගොඩ නගමින් තිබෙන නෛතික රාමුව ආදර්ශයට ගනු ලබන්නේ ‘අයිතීන් පිළිබඳ පනත’ (Bill of Rights) නොව, රජු නැතහොත් පාලකයා, ස්ථිර “ව්‍යතිරේක තත්ත්වයක්” (“state of exception”) හරහා පාලනය කරන බව අවධාරනය කළ නාසි නීතිවේදියෙකු වන කාල් ෂ්මිට්ගේ අධිකාරීවාදී න්‍යායන් මත ය.

ලක්ෂ ගනනක් ෆෙඩරල් කම්කරුවන් දොට්ට දැමීම, සමාජ වැඩසටහන් විනාශ කිරීම, රාජ්‍ය අධ්‍යාපනය විසුරුවා හැරීම, කම්කරුවන්ගේ කොන්ත්‍රාත්තු ඉරා දැමීම සහ “අකීකරු” කම්කරුවන් ඉලක්ක කර ගැනීම සඳහා ෆෙඩරල් ඒජන්තයන්ගේ බලතල පුලුල් කිරීම වැනි පියවර ගනිමින් පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක් ගෙන යයි. විද්‍යාව සහ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, දැනට පවතින COVID-19 වසංගතය සහ H5N1 “කුරුළු උණ” වසංගතයේ වර්ධනය වන තර්ජනය මධ්‍යයේ සියලුම සෞඛ්‍ය හා මානව සේවා ආයතන වසා දැමීමේ වගකීම එන්නත් විරෝධී කුමන්ත්‍රණවාදී න්‍යායාචාර්ය රොබට් එෆ් කෙනඩි කනිෂ්ඨ (Robert F. Kennedy Jr.) වෙත පැවරී ඇත.

ජාත්‍යන්තරව, ට්‍රම්ප් පරිපාලනය ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටී. බ්‍රහස්පතින්දා, එය සමස්ත ලෝකයටම එරෙහි ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් බදු, නව විශාල තීරුබදු ප්‍රකාශයට පත් කළේය. “මේඩ් ඉන් ඇමෙරිකා” යන ධජය යටතේ මෙම පියවර, චීනය අඩපණ කිරීමට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමග පෙලගැසීමට සෑම රටකටම බල කිරීම අරමුනු කර ඇත. ඒවා ගෝලීය ගැටුම් තීව්‍ර කරන අතර විදේශයන්හි පමනක් නොව එක්සත් ජනපදය තුලම, දොට්ට දැමීම් අවුළුවාලමින් උද්ධමනය සහ කම්කරු පන්තිය මත ගැඹුරු වන ප්‍රහාර දියත් කරමින් දැවැන්ත ආර්ථික හා සමාජ අවුල් කිරීමක් ඇති කරනු ඇත .

බිඩෙන් යටතේ ආරම්භ වූ ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම “අවසන් කිරීමට”, යේමනය “විනාශ කර දැමීමට”, ග්‍රීන්ලන්තය, කැනඩාව සහ පැනමා ඇළ ඈඳා ගැනීමට සහ චීනයට එරෙහිව පූර්ණ යුද්ධය  දියත් කිරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨ සම නායක ලියොන් ට්‍රොට්ස්කි අධිරාජ්‍යවාදී අර්බුදයේ පූර්ව අවධියක දී පැහැදිලි කල පරිදි, ලෝකය මුහුන දී සිටින්නේ “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට” ය.

මේ අතර, ට්‍රම්ප්, මස්ක්, බෙසෝස් සහ සෙසු බිලියනපතියන්  වංචා, අභ්‍යන්තර ගනුදෙනු ( insider dealing) සහ විවෘත සොරකම් හරහා ධනවත් වී ඇත. වෝල් ස්ට්‍රීට් යනු අපරාධ කාටලයකි. මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන සෑම ආයතනයක්ම ඇතුළතින් කුණුවෙමින් පවතී. පාලක ප්‍රභූව ප්‍රතිගාමිත්වයේ ගැඹුර සොයමින්  සිටී.

කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන හදිසි ප්‍රශ්නය නම්: කළ යුත්තේ කුමක් ද? යන්නයි.

ට්‍රම්ප් යනු ක්‍රමයට පිටින් ක්‍රියා කරන ආගන්තුක බලවේගයක් නොවන බව මුලින්ම තේරුම් ගත යුතුය. ඔහු ඇමරිකානු ධනවාදයේ නිෂ්පාදනයක් වන අතර, ඔහු කතා කරන්නේ තම ධනය හා බලය ඕනෑම ආකාරයකින් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින පාලක පන්තියක් වෙනුවෙන් ය. ට්‍රම්ප් කියන්නේ කොහේවත් සිට ප්‍රාදූර්භූත වූ යකෙකු නොවෙයි. ඔහු ඇමරිකානු සමාජයේ (යථා) ස්වභාවයට අනුරූප වන පරිදි දේශපාලනය ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිව්‍යුහගත කරන කතිපයාධිකාරයේ පුද්ගලාරෝපණය වේ.

ඩිමොක්‍රටික් පක්ෂය විපක්ෂය නොවේ – එය සිය කැමැත්තෙන්ම හවුල්කරුවෙකි. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරය ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ශිෂ්‍ය විරෝධතාකරුවන්ට හිංසා පීඩා කිරීම ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර ගැඹුරු කිරීමට ට්‍රම්ප් පරිපාලනයට මුදල් සපයමින් රිපබ්ලිකානුවන්ගේ ‘අඛණ්ඩ යෝජනාව’ (continuing resolution- අතුරැ අයවැය) සම්මත කිරීම සහතික කළේ ඩිමොක්‍රටිකයෝ ය.

කමලා හැරිස් ට්‍රම්ප්ව ෆැසිස්ට්වාදියෙකු ලෙස විවෘතව හැඳින්වීමෙන් වැඩි කල් නොගොස්ම, බිඩෙන් ට්‍රම්ප්ට “සාර්ථකත්වය” ප්‍රාර්ථනා කරමින් ධවල මන්දිරයට පිළිගත්තේය. ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට විරුද්ධ වීම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් එහි මූලික අරමුනු සමග එකඟ වන බැවිනි: ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීම, සමාජ විරෝධය යටපත් කිරීම සහ වෝල් වීදියේ ආධිපත්‍යය පවත්වා ගැනීම. ඩිමොක්‍රටික් පක්ෂය යනු මූල්‍ය ප්‍රාග්ධනයේ, මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රිකයේ, සීඅයිඒ සහ පෙන්ටගනයේ සහ ඉහළ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල පක්ෂයකි. එහි ප්‍රධාන උත්සුකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සහ යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයයි.

ඩිමොක්‍රටික් පක්ෂයට ආයාචනා කිරීමෙන් ට්‍රම්ප් නතර කළ නොහැක. ට්‍රම්ප්ගේ ජාතිකවාදී ආර්ථික යුද ප්‍රතිපත්ති වැලඳ ගන්නා ගමන්ම, “ඔබේ කොන්ග්‍රස් සභිකයාට ලියන්න” යන ඉල්ලීම් සමඟ, සමූහ රැකියා අහෝසි කිරීම් වලට ප්‍රතිචාර දක්වා ඇති වෘත්තීය සමිති යන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කරන ලද පුහු ප්‍රයෝග සහ සංකේත අභිනයන් හරහා ඔහුට විරෝධයක් දැක්විය හැකි නොවනු ඇත. බර්නි සෑන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනියවුන් අප විශ්වාස ගැන්වීමට උත්සාහ කරන කරන පරිදි, බංකොලොත් පද්ධතියක වාටියේ කූරු ගෑම පිළිබඳ කාරණයක් ද නොවේ. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ විරුද්ධත්වය සමනය කිරීම සහ එය ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුළ තබා ගැනීමයි.

අවශ්‍ය වන්නේ, ෆැසිස්ට්වාදයේ තර්ජනය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේම බිඳවැටීමෙන් බවට පැහැදිලි අවබෝධයකින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයකි.

මෙම සටන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සැබෑ ජන කොට්ඨාශය වන වන කම්කරු පන්තිය තුලට ගෙන යා යුතුය. ආඥාදායකත්වයට එරෙහි සටන, බලය ලබා ගැනීමේ, ධනවාදය අහෝසි කිරීමේ සහ සමාජවාදය ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙලකින් සන්නද්ධ කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩවර්ජන හා පෙලපාලි ඇතුලු මහජන ප්‍රතිරෝධය බලමුලු ගැන්වීම සඳහා කම්හල්, සේවා ස්ථාන සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසයි. ධනේශ්වර කතිපයාධිකාරය විසින් කම්කරු පන්තියට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයට එරෙහිව සැබෑ අරගලයක් ගෙන යාම සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සම්බන්ධීකෘත සංවිධාන ජාලයක්- ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) වර්ධනය කරයි. 

සසප සටන් කරන්නේ මෙම නැගී එන ව්‍යාපාරය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට ය. ආඥාදායකත්වයට එරෙහි අරගලය මූල්‍ය කතිපයාධිකාරයට හා ධනවාදයට ම එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකි ය. මෙම කතිපයාධිකාරයේ ධනය උදුරා ගත යුතු අතර සමාජ අවශ්‍යතා සහ සමානාත්මතාවයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කළ යුතුය.

ෆැසිස්ට්වාදයට, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන ජාතික දේශසීමාවල සීමාවන් තුළ ගෙන යා නොහැක. ධනේශ්වර පද්ධතියේ ගෝලීය ස්වභාවයට ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය වේ. ලොව පුරා පාලක පන්තිය ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය සහ යුද්ධය වෙත හැරෙමින් තිබේ. ඒ අතරම, එක්සත් ජනපදයේ සිට ජර්මනිය දක්වා, ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව දක්වා සෑම රටකම වැඩෙන විරෝධතා සහ වැඩවර්ජන රැල්ලක් මතුවෙමින් තිබේ. කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියක් වන අතර එහි අරගල සියලු ජාතික, ජන වාර්ගික හා වාර්ගික රේඛා හරහා එක්සත් විය යුතුය.

පාලක පන්තියට සැලැස්මක් ඇත: ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය. කම්කරු පන්තියට ද සැලැස්මක් තිබිය යුතුය: බලය ලබා ගැනීම, ධනවාදය අවසන් කිරීම සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සැලසුම් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම මත පදනම් වූ සමාජවාදී අනාගතයක් ගොඩනැගීම.

සමාජවාදී සමානතා පක්ෂයේ හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වැඩපිලිවෙල එයයි. මේ සටන අතට ගන්න. සසප හා සසජාතශි සමග එකතු වන්න! ඒකාධිපතිත්වය නැවැත්වීමට, යුද්ධය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය මත නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනගන්න.

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න! Read More »

Tariff

ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

පැට්‍රික් මාටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 11 දින “ Trump’s tariff pull-back and the class character of the capitalist state” යන හිසින් පල වූ පැට්‍රික් මාරින් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Tariff
2025 අප්‍රේල් 7 වන සඳුදා නිව් යෝර්ක් හි නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ වෙළෙන්දුන් වැඩ කරද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනියේ දිස් වෙයි. [AP Photo/Seth Wenig]

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වන නමුත් ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයක් වෙනුවෙන් ය. එය පසුගිය පැය 48 තුළ සිදු වූ සිදුවීම්වලින් උකහා ගත යුතු මූලික දේශපාලන නිගමනයකි.

සිදුවීම්වල මූලික දළ සටහන පැහැදිලිය. ට්‍රම්ප්, ලෝකයේ සෑම රටකටම පාහේ දැඩි තීරුබදු පැනවීමේ ඔහුගේ සැලැස්ම ආරම්භ කළේය, පසුබැසීමක් සිදු නොවන බව ප්‍රකාශ කළේය, කඩා වැටෙන වෙලඳපොලවල් සමච්චලයට ලක් කළේය, දැන් “ආයෝඡනය කිරීමට හොඳ කාලයක්” බව කියා සිටියේය. 

ඒත් ඉන් පැය කිහිපයක් ගත වූ පමනකින්ම ට්‍රම්ප්, මූල්‍ය ව්‍යසනයක් ආසන්න බව වෝල් වීදියේ සම්මුතිය වන්නේ යැයි ඔහු හට සන්නිවේදනය කළ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ වාණිජ ලේකම් හොවාර්ඞ් ලූට්නික් යන බිලියනපති උපදේශකයන් දෙදෙනකු සමග සාකච්ඡා කිරීමට පොදි ගැසී ගත්තේය. ඔවුන් කාරණාව බල කර කියා  විට, ට්‍රම්ප් ඔහුගේ ටෲත් (Truth) සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනය සමඟ හැර, ඔහුගේ තීරුබදු යුද්ධය සදහා  දින 90 ක “විරාමයක්” නිවේදනය කළේය.

ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව වඩාත් සෘජු ආක්‍රමනකාරීත්වයට පූර්වගාමීව සිදු කරන ආර්ථික යුද්ධය උග්‍ර කරමින් සිටියදී, මෙම ව්‍යතිරේකය (එනම් චීනයට පමණක් එරෙහිව තීරු බදු පැනවීම), තීරනාත්මක වැදගත්කමක් ගනී. කෙසේ වෙතත් අනෙකුත් බොහෝ තීරුබදු තාවකාලිකව ප්‍රමාද කිරීම ට්‍රම්ප්ගේ පැත්තෙන් පැහැදිලි ආපසු හැරීමක් විය.

බ්‍රහස්පතින්දා ෆිනෑන්ෂල් ටයිම්ස් එහි කතුවැකියේ සිරස්තලය ලෙස යෙදූ පරිදි , “ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳපොලවල බලයට නැමෙයි”.

ආපසු හැරවීමට පෙර, කොටස් වෙලඳපොලේ දින දෙකක විකුණුම් තුළින් ඩොලර් ට්‍රිලියන 6කට වඩා විනාශ වූ අතර, Apple සමාගමට පමණක් ඩොලර් බිලියන 600 ක වෙළඳපල වටිනාකමක් (market value) අහිමි විය. ඔවුන්ගේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු හා නැගෙනහිර ආසියාවේ නිෂ්පාදනය කරන අනෙකුත් තාක්ෂණික සමාගම් ද ඒ හා සමාන පාඩු අත්වින්දාහ. පුලුල් වශයෙන් සංගත ඇමරිකාව තීරුබදු යෙදවීම හෙලාදැක තිබුනද, ට්‍රම්ප් සහ ඔහුගේ ඉහල සහායකයින් ප්‍රකාශ කලේ අර්බුදය පහව යනු ඇති බවත් තීරුබදු පිලිවෙතේ අවසාන ප්‍රතිඵලය ඇමරිකානු ධනවාදය සඳහා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද “නව ස්වර්ණමය යුගය” වන බවත්ය.

කොටස් මිල පහත වැටීමටත් වඩා සැලකිය යුතු කරුණක් වූයේ  තීරුබදු ඇත්ත වශයෙන්ම බදාදා උදෑසන බලාත්මක වීමට නියමිතව තබියදී, සඳුදා සහ අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල තුළට මූල්‍ය භීතිය පැතිරීමයි. ලොව විශාලතම වන  ඩොලර් ට්‍රිලියන 28ක් වූ සහ ලොව පුරා මූල්‍ය ගනුදෙනු සඳහා මිණුම් සලකුණ වූ එක්සත් ජනපද භාණ්ඩාගාර බිල්පත් වෙලඳපොලට ඇති කල බලපෑම විශේෂයෙන් තීරනාත්මක විය.

ට්‍රම්ප් අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල වැටීම බලා සිටිමින් , “ඊයේ රාත්‍රියේ මිනිසුන් ටිකක් කලබල වන ආකාරය මම දුටුවෙමි”යි පැවසීය. බදාදා උදෑසන JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon විසින් Fox Business හි Maria Bartiromo හට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව නැරඹූ බව ඔහු පිළිගත්තේය. සම්මුඛ සාකච්ඡාව තුළදී තීරු බදු ඉහළ දැමීම නිසා අවධමනයක් සිදුවීමේ හැකියාව වැඩි බව පවසමින්, “මම සන්සුන්ව බලා සිටිමි, නමුත් එය වඩාත් නරක අතට හැරෙනු හැක” ඩිමොන් අනතුරු ඇඟවීය.

වඩාත් රළු අදහස් දැක්වීම් ද තිබුණි. Fundstrat Global Advisors හි කළමනාකාර හවුල්කරුවෙකු සහ පර්යේෂණ ප්‍රධානියෙකු වන Thomas Lee, ධවල මන්දිරය තාර්කිකව ක්‍රියා නොකිරීම ගැන බොහෝ අරමුදල් කළමණාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බවට – Quartz හි උපුටා දක්වන ලද- සංදේශයක් (memo) බදාදා යවන ලදී. “මෙය දෘෂ්ටිවාදයක් වත් නොවිය හැකි යැයි සමහරු බිය වෙති,” ලී ලිවීය. “ජනාධිපතිතුමාට පිස්සුද කියලා කිහිප දෙනෙක් නිහඬව කල්පනා කළා.”

බැංකු භීතිකාවක් හෝ වෛරස් වසංගතයක් නිසා නොව, හුදෙක් ඒ හෝ මේ ආයෝජනයේ වටිනාකම පමණක් නොව, එක්සත් ජනපද ආන්ඩුවේ ස්ථාවරත්වය සහ ගෝලීය ධනවාදයේ පදනම ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව ප්‍රශ්නයට බඳුන් කරන, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරණයක් මගින් ඇති වූ අර්බුදයකට මුහුණ දීමට, මහ බැංකුවට මේ සතියේ පියවර ගැනීමට සිදුවනු ඇතැයි සැලකිය යුතු කනස්සල්ලක් පැවතුනි.

 වොෂින්ටන් පෝස්ට් හි කතුවැකියකින්  අනතුරු ඇඟවූයේ මෙසේය:

සාමාන්යයෙන් භීතිමත් නොසන්සුන් අවස්ථා වලදී, මෙම බැඳුම්කර ආයෝජකයින්  ආකර්ෂණය කර ගනී. මෙවර එසේ කිරීමට ඒවා අසමත් වීමෙන්, එක්සත් ජනපද ආන්ඩුව සිය නය ආපසු ගෙවනු ඇතැයි යන විශ්වාසයේ  පිරිහීම පිලිබිඹු විය.

බිලියනපති Amazon නිර්මාතෘ Jeff Bezos ට අයත් මෙම  පුවත්පත, ( හිටපු බ්‍රිතාන්‍ය) අගමැති Liz Truss විසින් බදු කප්පාදු සහ අධික ණය ගැනීම් ඒකාබද්ධ  වැඩසටහනක් බල කිරීම හරහා 2022 බ්‍රිතාන්‍ය ආන්ඩුව බිඳවැටීමේ “අවවාදාත්මක කතාව” උපුටා දැක්වූයේ ය. මෙය විශ්‍රාම වැටුප් අරමුදල් බිඳවැටීමේ තර්ජනයට ලක් වූ මූල්‍ය භීතියක් ඇවිල වූ අතර වැඩ පිලිවෙල ඉල්ලා අස්කර ගැනීමට ඇයට බල කෙරුනි. ඉන් සති කිහිපයකිනන් ඇය නිලයෙන් සහමුලින්ම පහ වීම සිදුවුණි.

පසුගිය සතියේ සිදුවීම් ධනේශ්වර රාජ්‍යයේ පන්ති පදනම් පිලිබඳ දැඩි හෙලිදරව්වක් සපයයි. “අනභිභවනීය” ට්‍රම්ප් බැඳුම්කර වෙලඳපොලේ සහ ජේමි ඩිමොන්ගේ බල කිරීම් හමුවේ කඩා බිඳ වැටුනි. වෝල් වීදියට ගමන් පථ නිවැරදි කිරීමක් අවශ්‍ය ව සිටි අතර එයට එය ලැබුණි. ට්‍රිලියන ගනන් වෙලඳපොල පාඩු සහ භාණ්ඩාගාර වෙලඳපොලේ ඇති වූ දෙදරීම් තාවකාලික වුව හදිසි පසුබැස්මක් බල කිරීමට ප්‍රමාණවත් විය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ව හුවා දක්වා ඇත්තේ නවතාලිය නොහැකි දේශපාලන දැවැන්තයෙකු ලෙසය. එය, ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බිඳ දැමීම, ඔහුගේ වෙලඳ යුද ප්‍රතිපත්ති, ඔහුගේ ෆැසිස්ට්වාදී ප්‍රකාශයන් හමුවේ තමන් අසරණ බැව් අයැද සිටියි. ඇයි? ඔවුන් එකම පන්ති අවශ්‍යතා බෙදා හදා ගන්නා බැවිනි. රිපබ්ලිකානුවන්ට වඩා නොඅඩුව ඩිමොක්‍රටිකයෝ මූල්‍ය කතිපයාධිකාරයට සේවය කරන අතර එහි ධනය සහ ගෝලීය තත්වය ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට කිසිදු අව්‍යාජ විරුද්ධත්වයක් නොපානු ඇත.

වෝල් වීදියේ බලපෑම සහ අප්‍රේල් 5දා රට පුරා පැතිර ගිය මහජන පෙලපාලි කෙරෙහි දක්වන ලද මුලුමනින්ම නොතකා හැරීම අතර වෙනස මගින් මෙම යථාර්ථය වඩාත් පැහැදිලි විය. ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදයට, ඔහුගේ යුද ධාවනයට, සංක්‍රමණිකයන්ට, කම්කරුවන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම එරෙහි ඔහුගේ ප්‍රහාරවලට එරෙහිව මිලියන ගණනක් පාරට බැස්සාහ. වෙලඳපොලවල චලනයන් නිමක් නැති විවරණ වල විෂය වූ අතර, මහජන විරෝධතා, මාධ්‍ය විසින් සුළු ප්‍රාදේශීය ප්‍රශ්නයක් ලෙස පවා සලකනු ලැබූ අතර, ඒවා කිසි විටෙකත් සිදු නොවූවාක් මෙන් ඉක්මනින් අතුරුදහන් විය.

ට්‍රම්ප් පරිපාලනය එක් මිනිසෙකුගේ පුද්ගලික නිර්මාණයක් නොව, ධනේශ්වර කතිපයාධිකාරයක දේශපාලන මෙවලමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම හුදෙක් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආවේගයන්ගේ ප්‍රතිඵලයක් නොව, ක්ෂූද්‍ර ප්‍රභූ පැලැන්තියක් විසින් පන්ති පාලනයේ සමාජ යථාර්ථය පිලිබිඹු කිරීම සදහා රාජ්‍යය සවිඥානිකව පිලිසැකසුම් කිරීමකි.

පාලක පන්තිය තුල දරුණු ගැටුම් පවතී – නමුත් ඒවා එහි ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සහ නැගෙන සමාජ විරෝධය මැඩපැවැත්වීමේ වඩාත් සුදුසු පිළිවෙත පිලිබඳව කතිපයාධිකාරය ඇතුලත ගැටුම් වේ. ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවයෙන් ගැලවී ගත නොහැකි නිගමනයක් ගලා එයි: කම්කරු පන්තිය, පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් බිඳී එය පෙරලා දැමීමේ සටන දියත් කළ යුතුය.

විප්ලවවාදී මහජන අරගල තුලින් පැන නගින සහ කම්කරු පන්ති බහුතරය නියෝජනාත්මක, සැබෑ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘති සහ ව්‍යුහයන් කම්කරුවන්ගේ ආන්ඩුවක පදනම ලෙස වර්ධනය කල යුතුය. එනම්, ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා පදනම ලෙස එක්සත් ජනපදයේ සහ ලොව පුරා, කම්කරුවන් විසින් කම්කරුවන් සඳහා කම්කරුවන්ගේ ආන්ඩුවකි.

ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය Read More »

Rani

The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art

By Sanjaya Jayasekera.

In “My Thoughts on Handagama’s Rani,” published in Daily FT on March 281, Jagath Weerasinghe—artist, archaeologist, and cultural commentator—extends, rationalises, and legitimises the central reactionary thesis of Asoka Handagama’s recent film Rani. This is a film whose underlying narrative, presented in the guise of artistic subtlety and aesthetic ambiguity, represents a deeply ideological falsification of history. Weerasinghe’s endorsement of the director’s central proposition2—reproduced in Sinhala translation in Anidda on March 30 by Vidura Munasinghe—is emblematic of a broader trend among the middle-class intelligentsia and the pseudo-left, who serve as ideological apologists for the crimes of the capitalist state.

Rani
A scene in the film “Rani” by Asoka Handagama

The core thesis promoted by both Weerasinghe and the film is that the atrocities carried out during the 1988–90 period—enforced disappearances, state death squads, mass graves, torture camps, and extrajudicial killings, as well as the fascistic violence perpetrated by the Janatha Vimukthi Peramuna (JVP)—were not the products of concrete political decisions, class interests, and specific agencies of state and party power. Instead, they were the result of a society in which “violence had become systemic and normalised.” Weerasinghe writes: authoritarian regimes perpetuate brutality “for political gain and self-preservation, creating an environment where violence is not only carried out by those in power but is also internalised, accepted, and even participated in by ordinary citizens. In such a climate, even those with moral integrity can find themselves complicit—whether through silence, fear, or the gradual erosion of ethical boundaries.”

This pseudo-sociological claim—that violence was embedded in the very fabric of society and was collectively enacted by the masses—leads to a profoundly reactionary conclusion: that there is a shared moral guilt for the crimes of the period, borne by everyone, without any class distinction. Rani—the eponymous protagonist, who is portrayed as initially a passive observer of the surrounding terror but who gradually becomes emotionally and psychologically implicated—and every other defenseless rural man and woman, the worker, the unemployed youth, who were terrorized for their lives both by the fascism of the JVP and by state repression, are depicted as responsible for and willing participants in the atrocities.

Was this culpability moral, political, or both? While Weerasinghe leaves no doubt that he intends to assign moral culpability to the masses—an implication clearly shared by the director—this vulgar theory leaves the spectator wondering who bears political accountability. That is precisely the issue at hand. The film and its director’s apologetics place the blame on the “ordinary” masses. Political responsibility follows moral culpability. Consequently, the oppressed are identified with the oppressor, giving rise to a vision of a society that is hopeless, anarchic, and devoid of historical or scientific grounding. This approach is crudely ahistorical, impressionistic, and unscientific—and it serves a definite class interest.

The capitalist state agents of terror, its political leadership, the military-intelligence apparatus, and the misdirected cadre of the JVP are equated, and these contradictory forces are placed on the same grounds as the poor and the working people, constituting a homogeneous society of “ordinary citizens.” They are all morally and indiscriminately dissolved into an amorphous, classless “we.” The final anecdote of the film, which Weerasinghe refers to, is founded upon this proposition and leads to the conclusion that the director wanted the viewers of his film to read into as the alternative narrative: the killing of Richard de Soysa was not necessarily ordered by President R. Premadasa, nor did it serve the interests of the latter or the ruling class. This is a liquidationist proposition that casts doubt upon many other suspected assassinations and abductions of the period, getting the political leadership of the state off the hook. In conclusion, this is where the “broader and more layered exploration of the underlying social and political realities,” which Weerasinghe claims the purported “fiction” allows its viewer to delve into, lands.

Such a political framework is not new. It has appeared time-to-time in bourgeois and petty-bourgeois historiography, where the responsibility for state crimes—pogroms, wars, genocides—is shifted onto “society” or “human nature.” One prominent historical analogue is Daniel Goldhagen’s Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust (1996), which absurdly claimed that the Holocaust was not the outcome of a historically developed political program of German imperialism and the fascist state of the Nazi Third Reich, but the result of a deep-seated, inherent antisemitism among the German people3. Thus, the “ordinary” Germans were willing accomplices in the Final Solution, the extermination of over six million Jews. Hitler was only the final executioner of this ideology. This deadly distortion of history has been widely discredited by serious historians, not only for its factual inaccuracy, but for the reactionary political implications it carries4.

Weerasinghe offers no sociological or historical research to substantiate his claims—nor does the director, who admits to conducting little serious investigation prior to the making of the film. However, similar arguments have been advanced internationally through certain psychological and sociological theories that lack rigorous empirical grounding. Chief among these are the studies of Stanley Milgram and Philip Zimbardo, whose respective experiments on obedience to authority and simulated prison environments have been widely cited to suggest that ordinary individuals can become complicit in acts of cruelty under systemic pressure. Both studies have come under sustained criticism for methodological shortcomings, ethical violations, and issues of reproducibility. More importantly, when abstracted from their immediate experimental context and applied uncritically to complex social phenomena like mass political violence, these theories devolve into a kind of psychological determinism. They obscure the class forces and political programs that shape historical events and instead offer a right-wing, pseudo-scientific narrative in which atrocities are the inevitable result of human nature or diffuse social norms—thereby absolving the state and the ruling elite of political responsibility.

In the Sri Lankan context, this argument has especially reactionary consequences. It leads to the notion that the Sinhalese majority are collectively responsible for the 1983 pogrom against Tamils, and ultimately, for the genocide in Mullivaikkal in 2009. A section of the middle class of the country harbours this ideology, which was once starkly expressed by Pubudu Jayagoda, a leader of the pseudo-left Frontline Socialist Party (FSP), who claimed that racism is deeply ingrained in the Sinhalese “society”5, reducing complex political phenomena to abstract moral failures of entire ethnic groups of conflicting classes6. This is not only unscientific and historically false, but it plays directly into the hands of the capitalist state and chauvinist forces, who exploit communalism to divide the working class on racialist lines to prevent unified struggle.

Marxism begins not with moralism, but with the concrete analysis of social relations and historical processes. The essential questions that must be addressed in any serious assessment of the 1988–90 period are the following: What were the objective causes of the JVP-led insurrection and its fascistic methods? What class forces were involved in the repression? What was the role of imperialism, the IMF, and the Sri Lankan bourgeoisie in creating the social crisis that produced this violence? And above all, was there an alternative revolutionary leadership that could have mobilized the working class against both the JVP and the capitalist state?

The JVP uprising was not a spontaneous eruption of madness, nor was it the inevitable product of a culture of violence. It emerged from a deep social crisis rooted in the failure of the post-colonial bourgeoisie and the betrayal of the Lanka Sama Samaja Party (LSSP) in 1964, which had entered into a class collaborationist coalition with the bourgeois Sri Lanka Freedom Party (SLFP). In the aftermath of this betrayal, tens of thousands of rural youth—disillusioned by the parliamentary left and devastated by the economic liberalization policies of the J. R. Jayewardene regime—were drawn to the radical rhetoric of the JVP.

The JVP, despite its populist posture, was never a Marxist organization. It rejected the class struggle, dismissed the internationalism of the Fourth International, and relied on petty-bourgeois nationalism and adventurist terror. In 1987–89, it launched a campaign of assassinations and fascistic violence that paralyzed the working class and the middle class. The response of the state was a campaign of ruthless repression. Death squads, torture camps such as Batalanda, and state-sponsored terror claimed the lives of an estimated 60,000 youth.

Massacre 1989
A scene of mass killings and daily-life in rural Sri Lanka in September 1989. Photo by Prasanna Hennayake

This was not a case of generalized ”ideology of violence” within society. It was class warfare, waged from above by the capitalist state to defend private property, intimidate the working class, and preserve bourgeois rule. It was facilitated by the political vacuum created by the betrayals of the old left and the inability of the Revolutionary Communist League (RCL), the predecessor of the Socialist Equality Party (SEP), to politically break the working class and the rural poor from the grip of the petty-bourgeois JVP and other Stalinist and Maoist organizations in time to develop an alternative mass leadership.

However, it was only the RCL, the Sri Lankan section of the International Committee of the Fourth International (ICFI), the world party of the working class, which alone insisted that the fascist violence of the JVP and the state terror could only be opposed by the independent political mobilization of the working class on a socialist and internationalist program. In November 1988, in order to mobilize the independent power of the working class, it called for a united front of working-class organizations to fight both state repression and JVP fascism, as an immediate practical measure. Instead of supporting this effort, the LSSP, the Communist Party (CP), Nawa Sama Samaja Party (NSSP), and Ceylon Workers’ Congress (CWC) aligned themselves with the terror of the UNP regime, which armed them against the JVP. This betrayal aided the state in unleashing mass repression on the rural poor of the South and launching its racist war against the oppressed Tamil people.

None of these dynamics are on the historical balance sheet of those who seek to “push” the contemporary youth “to the very edges of these established frameworks.”

Today, the pseudo-left has once again emerged as a shield for the ruling class, which has endorsed the JVP/NPP as its saviour. The JVP-led NPP is using its parliamentary position not to uncover or prosecute the war crimes of the past, but to bury them. Its recent tabling and debating of the Batalanda Commission report—gathering dust for over two decades—is a cynical gesture meant to divert public attention from IMF austerity measures. The NPP is objectively poised not to challenge the military, nor the UNP, nor the interests of imperialism. It fears that any real reckoning with the crimes of 1988–90 will expose not only the state, but the politics of the JVP itself.

The working class and rural poor must reject the “common guilt” thesis advanced in Rani and promoted by figures like Weerasinghe. They must demand justice based not on emotional reconciliation, but on historical truth and political accountability7.

Neither of these are possible within the capitalist state. It requires the building of a revolutionary socialist movement of the working class to finally break the grip of imperialism, overturn the legacy of terror, and unify the oppressed—Sinhala, Tamil, and Muslim—on the basis of a common struggle against exploitation.

The film’s thesis, and Weerasinghe’s article by extension, constitute an aestheticized historical falsification, a rebranding of a reactionary historical revisionism in the garb of “critical reflection.” The function of art, if it is to be progressive, is not to obscure these truths but to clarify them. Rani fails in this most fundamental task. It replaces history with impressionism, class analysis with pseudo-science, and revolutionary clarity with reactionary confusion.

  1. My Thoughts on Handagama’s Rani, Jagath Weerasinghe, Daily FT on March 28, 2025. <https://www.ft.lk/columns/My-thoughts-on-Handagama-s-Rani/4-774887>
    ↩︎
  2. Anidda, February 2, 2025, A discussion with Ashoka Handagama by Upali Amarasinghe, p19.
    ↩︎
  3.  ‘[A]ntisemitism moved many thousands of “ordinary” Germans—and would have moved millions more, had they been appropriately positioned—to slaughter Jews. Not economic hardship, not the coercive means of a totalitarian state, not social psychological pressure, not invariable psychological propensities, but ideas about Jews that were pervasive in Germany, and had been for decades, induced ordinary Germans to kill unarmed, defenseless Jewish men, women, and children by the thousands, systematically and without pity.’ Daniel Goldhagen, Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust, (New York: Alfred A. Knopf, 1996), p. 9.
    ↩︎
  4. The Myth of “Ordinary Germans”: A Review of Daniel Goldhagen’s Hitler’s Willing Executioners,  David North (April 1997) in The Russian Revolution and the Unfinished Twentieth Century (2014). <https://www.wsws.org/en/special/library/russian-revolution-unfinished-twentieth-century/15.html
    ↩︎
  5. <https://www.facebook.com/reel/3824881814291061?sfnsn=wa&mibextid=6AJuK9> ↩︎
  6. Race, class and social conflict in the United States, Niles Niemuth, SEP Summer School Lecture 2021, <https://www.wsws.org/en/articles/2021/09/06/race-s06.html
    ↩︎
  7. Batalanda Slaughter Chambers and the Mass Graves: The class roots of crimes against the poor and the working class of Sri Lanka, Sanjaya Jayasekera, March 23, 2025, <https://www.thesocialist.lk/batalanda-slaughter-chambers-and-the-mass-graves-the-class-roots-of-crimes-against-the-poor-and-the-working-class-of-sri-lanka/


    ↩︎

The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art Read More »

Turk

තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන

තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ ප්‍රකාශය.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 මාර්තූ 27 දින “ The crisis in turkey and the fight for revolutionary leadership” යන හිසින් පල වූ The Sosyalist Eşitlik Grubu (හජාජාක සමග දේශපාලනිකව සහයෝගීව කටයුතු කරන තුර්කි කණ්ඩායම ) විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Turk
2025 මාර්තු 24 වන සඳුදා, ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවීමෙන් පසු පැවති විරෝධතාවකදී, තුර්කියේ ඉස්තාන්බුල්හි විශ්ව විද්‍යාල සිසුන් කැරලි මර්දන පොලිස් නිලධාරීන් අසල වාඩි වී සිටිති [AP ඡායාරූපය/හුසේන් අල්ඩෙමීර්]

මාර්තු 19 දින සිට  ආරම්භ වී මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ වූ මහජන විරෝධතා හේතුවෙන් තුර්කිය කම්පනට පවත්ව ඇත. මෙම ව්‍යාපාරය ඇවිල ගියේ, ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ගේ  ඉස්ලාමීය රජය විසින් ඉස්තාන්බුල් නගරාධිපති මෙන්ම කෙමාල්වාදී රිපබ්ලිකන් මහජන පක්ෂයේ (සීඑච්පී) ජනාධිපති අපේක්ෂක එක්රෙම් ඉමමග්ලු අත්අඩංගුවට ගැනීම විසිනි. එමගින්, තුර්කියේ සහ ගෝලීය වශයෙන් ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු අර්බුදයෙන් පැන නගින තීරණාත්මක දේශපාලන ගැටළු මතු කර ඇත.

වැඩී යන ගෝලීය අධිරාජ්යවාදී යුද්ධයේ හා වර්ධනය වන සමාජ අසමානතාවයේ පීඩනය  යටතේ, 1923 දී පිහිටවූ තුර්කි  ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය බැටකා දුර්වලව ඇත. ඡන්දය  ප්‍රකාශ කිරීමේ අයිතිය, නිසි (නීතිමය) ක්‍රියාවලියකට (due process) ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එක්රැස්වීමේ නිදහස හා උද්ඝෝෂණ පැවැත්වීමේ සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්, බරපතල තර්ජනයට ලක්ව ඇත. මැතිවරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියමත පදනම් වූ එහි නීත්‍යානුකූල භාවය,   එර්ඩොවාන් රජය විසින් ඉවත දමමින් ඇත.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැවැන්ත පොලිස් මර්දනය දියත් කර තිබේ. බ්‍රහස්පතින්දා වන විට මිනිසුන් 2,000 කට ආසන්න පිරිසක් රඳවාගෙන සිටි අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 260 ක් නීතිවිරෝධී ලෙස සිරගත කර ඇත.සිරගත ක සිටින අය අතර, ලේබර් පක්ෂය (EMEP), තුර්කියේ කම්කරු පක්ෂය (İDP) සහ තුර්කියේ කොමියුනිස්ට් ව්‍යාපාරය (TKH) සහ තුර්කි කොමියුනිස්ට් පක්ෂය (TKP)  ආදී බොහෝ වාමාංශික පක්ෂවල නායකයින් සහ  සාමාජිකයන් ඇතුළත්ය. ශිෂ්‍ය වර්ජනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ක්‍රියාවකට සහභාගී වීම සම්බන්ධයෙන් විප්ලවවාදී කම්කරු පක්ෂයේ (DİP) නියෝජ්‍ය සභාපති  සහ ඉස්තාන්බුල් විශ්ව විද්යාලයේ ශාස්ත්‍රඥයකු වන ලෙවන්ට් ඩලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජවාදී සමානතා කණ්ඩායම, හතරවන ජාත්‍යන්තරයේ  ජාත්‍යන්තර කමිටුවේ තුර්කි

ශාඛාව, මෙම කණ්ඩායම් සමඟ ඇති දේශපාලන මත භේදයන්  නොසලකා, සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්,   මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, කම්කරු මහජනතාව ගෙන් හා තරුණයන්ගෙන්  ඉල්ලා සිටී.

මෑත කාල පරිච්ඡේදයේ දී ලොව විශාලතම ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකින් සමන්විතව,  ව්‍යවස්ථා විරෝධී උද්ඝෝෂත තහනම් කිරීම් හා පොලිස් මර්දනය නොතකා, ඉස්තාන්බුල් හි සහ රටේ සෑම නගරයකම පාහේ  සිසුන්ගේ සහ වැඩකරන ජනතාවගේ දැවැන්ත විරෝධතා පැවැත්වීම  සිදුවුනි. 

තුර්කියේ ඇති වූ විප්ලවවාදී අර්බුදය වෙනත් රටවල අනාගතයේ සිදුවන දේ පිළිබඳ පෙර නිමිති දක්වන්නකි. ලොව පුරා පුළුල් ජනතාව බලමුලු ගන්වන වෛෂයික  හේතු – ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් රැක ගැනීම, මහා පරිමාණ සමාජ අසමානතාවය සහ නිමක් නැති අධිරාජ්යවාදී යුද්ධයට විරුද්ධ වීම- ගෝලීය වේ. තුර්කියේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුණ දෙන දැවෙන ප්‍රශ්නය නම් විප්ලවවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් වර්ධනය කිරීමයි.

එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීම සහ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවයන් මත  ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ලොව පුරා ඒකාධිපති හා පැසිස්ට්වාදී  ප්‍රවනතා දිරිමත් කර තිබේ.

එක්සත් ජනපදයේ මෙන්ම, තුර්කියේ ඒකාධිපති පාලනයක් පිහිටුවීම, ඒ හෝ මේ  දේශපාලනකයාගේ අභිප්‍රායන් නිසා නොව, පාලක පන්තියේ වෛෂයික අවශ්‍යතාවය නිසා සිදු වේ. ආර්ථිකය හා සමාජය සම්බන්ධයෙන් ධනේශ්වර කතිපයාධිකාරයේ ආඥාදාකත්වය, දේශපාලන ආඥාදායකත්වයේ පාලන තන්ත්‍රයක් ගෙන එයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කළ පරිදි:

”… දෙවන වරටද ට්‍රම්ප් බලයට පත්වීම නියෝජනය කරන්නේ එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන ලෙස ඇමරිකානු දේශපාලන උපරි ව්‍යුහය  ප්‍රචණ්ඩකාරීව නැවත එකේලි (realignment) කිරීමයි.”

මෙය තුර්කිය සම්බන්ධයෙන් ද සත්‍යයකි. තුර්කිය යනු උග්‍ර පන්ති ප්‍රතිවිරෝධතාවලින් බෙදී ගිය රටක් වන අතර පාලක පන්තිය පිපිරීමක් කරා ගමන් කරන සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත වාඩි වී සිටී. ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීමත් සමඟ නව අවධියකට පිවිස ඇති ජනාධිපති ආඥාදායකත්වය සියල්ලටම වඩා ඉහලින් කම්කරු පන්තිය ඉලක්ක කර ගෙන ඇත.

ලෝකයේ 17 වන විශාලතම ආර්ථිකය වන තුර්කිය, ආදායම් සහ ධන අසමානතාවය අතින් යුරෝපයට ඉදිරියෙන් සිටී. එක් අවස්ථාවක දී සියයට 80 දක්වා ළඟා වූ නිල උද්ධමනය 2022 සිට අතිශයින් ඉහළ මට්ටමක පවතී. මීට අමතරව, රජය විසින් අනුගමනය කරන ලද දැඩි කප්පාදු වැඩසටහන කම්කරු පන්තියේ මූර්ත වැටුප් සහ ජීවන තත්වයන් විනාශ කර ඇත. COVID-19 වසංගතයට රජය දක්වන ලද ප්‍රතිචාරය මගින් පහළ සිට ඉහළ කරා වූ දැවැන්ත ධන හුවමාරුවක් හරහා පන්ති ආතතීන් උග්‍ර වී ඇත.

2002 දී ප්‍රථම වරට බලයට පත් වී, තුර්කි ආර්ථිකය ලෝක ආර්ථිකයට සහ ධනේශ්වර ගෝලීයකරණයට පෙර කවරදාටත් වඩා ඒකාබද්ධ කළ එර්ඩෝගන් රජයේ ප්‍රතිපත්ති මගින් පන්ති සබඳතාවල දැවැන්ත වෙනස්කම් ඇති කළේය. වැඩිවන නිර්ධන පංතිකරණය සහ වර්ධනය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම මූලාශ්‍රයක් බවට පත් කර ඇත. 2000 දී ජනගහනයෙන් සියයට 65 ක් නගරවල ජීවත් වූ අතර, මෙම අගය දැන් සියයට 90 ඉක්මවයි. 2022 වන විට, වැටුප් සේවකයින්ගේ අනුපාතය සියයට 70 ඉක්මවූ අතර එය 2000 වූ දී සියයට 48 සිට ඉහළ ගොස් ඇත. මිලියන 35 ක ශ්‍රම බලකායක් සහ විශාල කාර්මික නගර සමඟ, තුර්කියේ ඉතා දියුණු හා වඩ වඩාත් සටන්කාමී කම්කරු පන්තියක් සිටී.

රජයට පක්ෂපාතී හෝ ධනේශ්වර ගැති විපක්ෂයයේ වේවා වෘත්තීය සමිති සම්මේලන පන්ති අරගලය මර්දනය කිරීමට උදව් කළ දශක ගණනාවකට පසු, වර්ධනය වන හදිසි වැඩ වර්ජන ව්‍යාපාර තුළ මෙම සටන්කාමීත්වය ප්‍රකාශ වේ. 2024 වසර අවසන් වූයේ ලෝහ කම්කරුවන් එර්ඩොගොන්ගේ වැඩවර්ජන තහනමට අභියෝග කිරීමෙනි. මෙම වසරේ පතල් කම්කරුවන්ගේ සිට පෙහෙකම් සේවකයින් දක්වාත්, සෞඛ්‍ය සේවකයින්ගේ සිට ඉදිකිරීම් සේවකයින් දක්වාත් මහජන අරගල දක්නට ලැබුනි. 

තුර්කියේ සිදුවීම් WSWS 2025 අලුත් අවුරුදු ප්‍රකාශනයේ පහත සඳහන් තක්සේරුව ඉක්මනින් සනාථ කර ඇත:

”පසුගිය වසර පහ තුළ ධනේශ්වර අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය මුල් තැන දරනු ලැබුණි. ඉදිරි වසර පහ තුළ, දැනටමත් ඇරැඹී සිදුවෙමින් පවතින පන්ති අරගලයේ පිපුරුම් සහගත විදාරනයක් සිදුවනු ඇත. ලොව පුරා කම්කරුවන් උග්‍රවන ගෝලීය යුද්ධයකට; H5N1 කුරුළු උණ සහ mpox වැනි නව රෝග කාරක මතුවීමත් සමඟ, ඉදිරියට ඇදෙන COVID-19 වසංගතයකට; මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සමායෝජිත ප්‍රහාරයකට සහ සූරාකෑමේ සහ සමාජ අවශ්‍යතාවයේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දෙති.”

මෙම අන්තර් සම්බන්ධිත අර්බුදවලට යටින් පවතින්නේ ලාභයට සහ පුද්ගලික ධන සමුච්චය කිරීමට මුළු මහත් සමාජය යටත් කරන කතිපයාධිකාරීත්වයකි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවීය කාර්යයකි.

එර්ඩෝගන් රජය නියෝජනය කරන එම ධනේශ්වර කතිපයාධිකාරයම, මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ වසර 35 කට ආසන්න කාලයක් තිස්සේ තම ප්‍රතිගාමී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී ආක්‍රමණශීලී යුද්ධවලට ගැඹුරින් සම්බන්ධ වී ඇත.

එර්ඩෝගන්,ඔහු බලයට පත් වූ මොහොතේ සිට,  එක්සත් ජනපද නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදී ආක්‍රමණයට සහාය දැක්වීමට ඔහුට හැකි සෑම දෙයක්ම කර ඇත: ඔහු ඉරාකයේ යුද්ධයට සහාය දුන්නේය, ඇෆ්ගනිස්ථානයට හමුදා යැවීය, එමෙන්ම ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධවලට සහාය විය. ඔහුගේ වාචාල විවේචනය කුමක් වුවත්, ඔහු එක්සත් ජනපද-නේටෝ සහාය ඇතිව ගාසා තීරයේ සියොන්වාදී ඊශ්‍රායල තන්ත්‍රය සිදුකරමින් පවතින සමූල ජන ඝාතනයට සහාය දී තිබේ. අසර්බයිජානයේ සිට ඊශ්‍රායලයට තෙල් නැව්ගත කිරීම සඳහා නල මාර්ගය පිහිටා ඇති භූමිය වූ තුර්කිය, ඉරානය සහ එහි සහචරයින් ඉලක්ක කරගත් එක්සත් ජනපද සහ නේටෝ (යූධ) කඳවුරු පවත්වාගෙන යයි. පලස්තීනුවන්ගේ සමූල ජන ඝාතනයට එහි හවුල් වීම, ජනගහනයේ ඇස් හමුවේ එර්ඩෝගන් රජයේ විශ්වසනීයත්වය නැති වීමට හේතු වී තිබේ.

2014 යුක්රේනයේ කුමන්ත්‍රණයෙන් පසුව උත්සන්න වූ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රහාරයට එර්ඩෝගන් රජයට සම්පූර්ණයෙන්ම අනුගත වීමට නොහැකි වීම සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූ යුද්ධයේදී කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟ ඇති කරගත් සන්ධානය ද තුර්කියේ ඒකාධිපති හැරීම වේගවත් කළේය. තීව්‍ර වන අධිරාජ්‍යවාදී යුද්ධයක් මධ්‍යයේ, තුර්කිය එක්සත් ජනපදය සහ රුසියාව අතර උපාමාරු දැමීමට උත්සාහ කිරීමත් සමඟ ආතතීන් ඉහළ ගොස් තිබේ.මෙය 2016 ජූලි 15 වන දින නේටෝ සහාය ලත් කුමන්ත්‍රණයෙන් කුළුගැන්වුනු  අතර එය එර්ඩොගන් බලයෙන් පහ කිරීම අරමුණු කර ගෙන සිදු විය.

මහජන විරෝධයට ස්තූතිවන්ත වන්නට කුමන්ත්‍රණ උත්සාහය පරාජයට පත් වූ පසු, ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පවතින හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රචණ්ඩකාරී ප්‍රති-ප්‍රහාරයක් දියත් කළේය. 2017 දී මතභේදාත්මක ව්‍යවස්ථාමය ජනමත විචාරණයකින් එර්ඩෝගන්ට පුළුල් බලතල ලබා දෙන ලදී.

එවකට සමාජවාදී සමානතා කණ්ඩායම  ප්‍රකාශ කළ පරිදි:

“එර්ඩොගාන්ගේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙනී යන්නේ තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආයිත්තම් පවා පාලක පන්තියේ මිලිටරිවාදී සහ ඒකාධිපති ධාවනය සමඟ තවදුරටත් නොගැලපෙන බවයි. … [ඔහුට] තවදුරටත් අභ්‍යන්තර දේශපාලන විරුද්ධත්වය ඉවසිය නොහැක. ධනේශ්වරයේ ප්‍රතිවාදී කොටස්වලින් සහ කම්කරු පන්තිය තුළ නැගී එන විරෝධය තලා දැමීමට ඔහු බලතල සොයාගත යුතුය.”

එතැන් සිට, 2020 COVID-19 වසංගතය, 2022 දී යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ එක්සත් ජනපද-නේටෝ යුද්ධය සහ 2023 දී ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ජන ඝාතනය ආරම්භ වීමත් සමඟ, ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සහ අධිරාජ්‍යවාදයට වැඩ කරන ජනතාවගේ සහ තරුණයින්ගේ විරෝධය යන දෙකම ගැඹුරු වී ඇත. අද, අන් කවරදාටත් වඩා, තුර්කි ධනේශ්වරයට, අතිමහත් බහුතරයකගේ වෛරයට පාත්‍ර වී ඇති, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදයේ වැඩෙන ආක්‍රමණශීලීත්වයට අනුකූල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාධිපති පාලනයක් අවශ්‍ය වී ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පූර්ණ ආධිපත්‍යය යටතේ මැද පෙරදිග නැවත යටත් විජිතකරණය කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම්වල තුර්කිය තීරණාත්මක සගයෙකු ලෙස සැලකේ. පලස්තීනයේ සිට ලෙබනනය දක්වා, සිරියාවේ සිට යේමනය දක්වා, එක්සත් ජනපද-ඊශ්‍රායල් ආක්‍රමණය කලාපයේ සිතියම නැවත ඇඳෙන “නව මැද පෙරදිග”ක් ඉලක්ක කරයි. 1979 විප්ලවයත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලනයෙන්  සම්පූර්ණයෙන් ගිලිහුණු ඉරානය, මෙම ඉලක්කයට බාධාවක් ලෙස සලකනු ලබන අතර අධිරාජ්‍යවාදී-සියොන්වාදී මිලිටරි ප්‍රහාරයක ආසන්න තර්ජනයට ලක්ව ඇත.

ඉරානය සමඟ දිගු දේශසීමාවක් බෙදා ගන්නා තුර්කියේ සහාය නොමැතිව එවැනි ආක්‍රමණයක් සිදු කළ නොහැකිය. දමස්කස්හි නව පාලනය සහ  සිරගත කරන ලද කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ (PKK) නායක අබ්දුල්ලා ඔකලන් හරහා තුර්කිය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟින්,  2024 දෙසැම්බර් මාසයේදී අල්-කයිඩාවට අනුබද්ධ සිරියාවේ හයාත් තහ්රිර් අල්-ෂාම් (HTS) මිලීෂියාව බලයට පත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල අන්කාරාව, එක්සත් ජනපදය ප්‍රමුඛ ඉරාන විරෝධී අක්ෂයක තීරණාත්මක කොටසක් ලෙස සැලකේ. 

“හොඳ නායකයෙක්” සහ “මගේ මිතුරෙක්” ලෙස හඳුන්වන ලබන එර්ඩොගන් සමඟ සමීපව කටයුතු කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ එබැවිනි. ඉමාමොග්ලු රඳවා තබා ගැනීමට දින තුනකට පෙර එර්ඩොගන් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් කතා කළේය. ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිතයා දුරකථන ඇමතුම “විශිෂ්ට” සහ “පරිවර්තනීය” ලෙස විස්තර කළේය. තුර්කියේ අත්අඩංගුවට ගැනීම් සහ මහජන විරෝධතා මධ්‍යයේ මාර්තු 25-26 දිනවල වොෂින්ටනයේදී තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. එම දිනවලම, තුර්කියේ විරෝධතා සහ පොලිස් කෲරත්වය විකාශනය කරන බොහෝ ගිණුම් වෙත ප්‍රවේශය එලොන් මස්ක්ගේ X/Twitter විසින් අවහිර කරන ලදී.

එක්සත් ජනපදය සමඟ වැඩෙන ආතතීන් සහ නේටෝවේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ද එර්ඩෝගන් රජය තීරණාත්මක සගයෙකු ලෙස ද දකී. රුසියාව සමඟ එක්සත් ජනපද සාම ගිවිසුමකට එරෙහිව යුක්රේනයේ යුද්ධය දිගටම කරගෙන යාමට කැමති යුරෝපීය බලවතුන්, “කැමති අයගේ සන්ධානයක්” පිහිටුවා ඇති අතර, “සාම සාධක භටයන්” ලෙස යුක්රේනයට නේටෝ හමුදා යැවීමට සැලසුම් කරමින් සිටිති. මධ්‍යධරණී මුහුදේ සිට කළු මුහුද දක්වා වූ සමුද්‍ර සන්ධිය පාලනය කරන සහ නේටෝවේ දෙවන විශාලතම මිලිටරි බලය ඇති තුර්කිය, “සාමය” නාමයෙන් න්‍යෂ්ටික ගැටුමක් ඇති කළ හැකි මෙම ගිනි තැබීමේ සැලසුම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කෙරේ.

යුරෝපා සංගමය සහ තුර්කිය අතර සරණාගතයින්ට එරෙහිව ඇති නීච ගිවිසුම – ඔවුන්ගේ යුරෝපා සංගම් ගැති සහ නේටෝ ගැති ස්ථාවරය නොතකා – තම යුරෝපීය සහචරයින් තුර්කියේ දේශපාලන විපක්ෂයේ මර්දනය දෙස ඇස් පියාගෙන සිටිනු ඇතැයි එර්ඩොගාන් කරන ගණනය කිරීම් වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අධිරාජ්‍යවාදී යුද්ධවලින් සහ ඒවායේ ප්‍රතිවිපාකවලින් පලා යන මිලියන 5 ක් පමණ සරණාගතයින්ට සත්කාරකත්වය අන්කාරා සපයන අතර, ඔවුන් යුරෝපයට යාම වළක්වයි.  

සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගත් ඉමාමොග්ලු සහ අනෙකුත් සියලුම CHP සාමාජිකයින් නිදහස් කරන ලෙස සමාජවාදී සමානතා කණ්ඩායම කැඳවුම් කරයි. කෙසේ වෙතත්, මෙය CHP සඳහා කිසිදු දේශපාලන සහයෝගයක් දීම අදහස් නොකරයි. එහි ස්වභාවයෙන්ම, CHP හට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලය ඉදිරියට ගෙන යා නොහැක. ඊට පටහැනිව, CHP උත්සාහ කරන්නේ මහජන ව්‍යාපාරය මැතිවරණ රාමුවට හරවා එලෙස එය මර්දනය කිරීමට ය. එර්ඩෝගන් රජය මෙන්ම, මෙම මූලික ගැටලු පැන නගින ධනේශ්වර ක්‍රමයට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයකට එය විරුද්ධ ය.

ධනේශ්වර පක්ෂයක් ලෙස CHP හි කොන්ද පණ නැතිකම සහ දේශපාලනික යටත් වීම ගෝලීය සංසිද්ධියක කොටසකි. 1917 ඔක්තෝබර් විප්ලවයට ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම-නායකත්වය දැරූ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කළ ලියොන් ට්‍රොට්ස්කි, ඔහුගේ නොනවතින  විප්ලවයේ න්‍යාය තුළ පැහැදිලි කළ පරිදි, වර්තමාන යුගයේ ලෝකයේ ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සමානාත්මතාවය සහ අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තියක් නිරන්තරයෙන් ස්ථිරසාරව ආරක්ෂා කළ නොහැක. මෙම කාර්යයන් සමාජ ධනය නිර්මාණය කරන සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ මිල ගෙවන කම්කරු පන්තියට පැවරේ. කම්කරු බලය ස්ථාපිත කිරීමේ සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යය ජාතික නොව ජාත්‍යන්තර එකක් වන අතර එය සාක්ෂාත් කරගත හැක්කේ ගෝලීය පරිමාණයෙන් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හරහා පමණි.

මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ඒකාධිපති තන්ත්‍රයට එරෙහි මෙම අරගලයේදී තුර්කියේ කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතුය. තුර්කියේ සහ සියලුම රටවල මූලික ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි. මෙහි තේරුම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමයි. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන අය ඒ මත ක්‍රියා කළ යුතු අතර සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) ගොඩනැගීමට සහභාගී විය යුතුය.

තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන Read More »

Sounding the alarm

ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී”

ඩේවිඩ් නෝර්ත් විසිනි.

සෙනසුරාදා ජර්මනියේ ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මණ්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, ඔහුගේ Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) කෘතියේ අලුතින් නිකුත් කරන ලද ජර්මානු පරිවර්තනය හඳුන්වා දුන්නේය. 2014 සිට 2024 දක්වා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වාර්ෂික ඔන්ලයින් මැයි දින සැමරුම් උළෙලදී ලෝක ධනවාදයේ තීව්‍ර වන අර්බුදය සහ ගෝලීය යුද්ධය සදහා වන තල්ලුව ප්‍රස්ථාරගත කරමින් නෝර්ත් විසින් පවත්වන ලද දශකයක දේශන මෙම වෙළුම එක තැනකට ගෙන එයි.

බර්ලින් සහ ලයිප්සිග් අතර දුම්රිය මාර්ගයේ අනතුරක් හේතුවෙන්, නෝර්ත් සහ යොහැන්නස්  ස්ටර්න්ට පෞද්ගලිකව සහභාගි වීමට නොහැකි විය. නෝර්ත් ගේ පහත සඳහන් ප්‍රකාශයන් මෙන්ම ස්ටර්න්ගේ හැඳින්වීම ද සියලු දෙනාට ඇසීමට කියවන ලදී.

ඉංග්‍රීසි සංස්කරණය මෙහි ඇනවුම් කළ හැක.

***

Sounding the alarm
Sounding the Alarm: Socialism Against War, David North

නැවත වරක් Leipzig Buch Messe ( ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයට)ට සහභාගී වී මගේ නවතම කෘතිය වන Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) හි ජර්මානු භාෂා සංස්කරණය ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. යොහැන්නස් ගේ ඉතා කාරුණික ප්‍රකාශය සඳහා මම ඔහුට ස්තූති කිරීමට කැමතියි. ඔහුගේ ප්‍රශංසාව කෙතරම් ප්‍රබලද වූයේ ද යත්  මගේම  කෘතිය මා විසින්ම ප්‍රශංසා කිරීමේ බර යොහැන්නස් මගේ උර මතින් ඉවත් කළේය.

2014 සහ 2024 අතර මා සාමාජිකයෙකු වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ වාර්ෂික මැයි දින රැස්වීම්වලදී මා විසින් කරන ලද දේශනවල අනාවැකිමය ස්වභාවය ලෙස  ඔහු විසින් හඳුන්වනු ලැබූ දෙය යොහැන්නස්  විසින් අවධාරණය කර ඇත.

මෙය ඉහළ ප්‍රශංසාවකි, නමුත් මගේ කෘතියේ “අනාවැකිමය ස්වභාවය” ගැන සඳහනෙන් ඉස්මතු වූ ගුප්ත ප්‍රභා මණ්ඩලයෙන් ඈත් වීමට මම බැඳී සිටිමි. මම අනාගත වක්තෘවරයෙකු නොවන අතර (අනාගතයේ දැකීමේ සමත්) පළිඟු බෝලයක්ද මා සතුව නැත. මම, ඒ වෙනුවට, ඓතිහාසිකව දැනුවත් දේශපාලන විශ්ලේෂණයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් සමඟ වැඩ කිරීමේ වාසිය ඇති මාක්ස්වාදියෙකි.

ලිවීමේදී, සිදුවීම් වඩාත් පුළුල් ඓතිහාසික සන්ධර්භයක් තුළ ස්ථානගත කිරීමට, ඒවා සංකීර්ණ ඓතිහාසික වර්ධන ක්‍රියාවලියක අවස්ථා ලෙස පරීක්ෂා කිරීමට, රජයන් සහ දේශපාලනඥයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් සඳහා දෙන සාධාරණීකරණයන් කෙරෙහි අඩු අවධානයක් හෝ කිසිදු අවධානයක් පවා නොදැක්වීමට, ඊට විපරීතව ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමට, ආණ්ඩු සේවය කරන පන්ති අවශ්‍යතාවයන් පරීක්ෂා කිරීමට, ගෝලීය වශයෙන් ඒකාබද්ධ ධනේශ්වර පද්ධතියක් තුළ ජාතික රාජ්‍යයන් අතර ගැටුම් උත්සන්න වීමේ ප්‍රතිවිපාක හැකි තරම් පරිස්සම් සහගතව සහ යථානුභූතිකව තක්සේරු කිරීමට සහ අවසාන වශයෙන්, කම්කරු පන්තිය මත ලෝක අර්බුදයේ බලපෑම සහ ධනවාදය පෙරලා දමා සමාජවාදී පදනමක් මත ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට තුඩු දෙන විප්ලවවාදී පන්ති අරගලය පුපුරා යාමේ විභවය තක්සේරු කිරීමට, මම උත්සාහ කරමි.

මගේ පොත පෙන්නුම් කරන පරිදි, සිදුවීම් සඳහා මෙම ප්‍රවේශය ඉතා නිවැරදි දේශපාලන ඇගයීම් සහ අනාවැකි සඳහා පවා හැකියාව ලබාදී ඇත. කෙසේ වෙතත්, මා භාවිතා කිරීමට උත්සාහ කර ඇති මාක්ස්වාදී විධික්‍රමය, සංස්ථාපිත මාධ්‍යවේදීන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ ක්‍රියාකාරකම්වල ලක්ෂණයන් වන,  අදූරදර්ශී ධාරණාවාදයේ, අනඓතිහාසික තත්කාර්‍යවාදයේ සහ ධනවාදයේ සදාකාලික ස්වභාවය පිළිබඳ ස්වයං-මුළා කරවන විශ්වාසයේ සංකලනයට වඩා, මඟ පෙන්වීමේ සහ පෙර දැකීමේ වඩාත් විශ්වාසදායක මෙවලමක් බව ඔප්පු වී ඇත.

ධනේශ්වර දේශපාලඥයන් සහ මාධ්‍ය අනාවැකි කාරයින් ඉතා අල්ප වශයෙන් පමනක් පෙර-දැක ඇති බව ඉතා පැහැදිලිය. 1989 සහ 1991 අතර කාලපරිච්ඡේදය තුළ, සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරිම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සාමයේ නව යුගයක ආරම්භය සනිටුහන් කළ බව ඔවුහු ප්‍රකාශ කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මානුෂීයවාදීන්ගේ ආධිපත්‍යය යටතේ ධනවාදය තමන්ට උදා කල හැකි දේ ලෝකයට පෙන්වනු ලබනු ඇත.

බලාපොරොත්තු වූ පරිදි කිසිවක් සිදු නොවීය. මිලියන ගණනකගේ ජීවිත බිලිගත් නිමක් නැති යුද්ධවලින් පසුගිය වසර 35 කැළැල් වී ඇත. ධනේශ්වර ක්‍රමය අර්බුදවලින් අර්බුදය දක්වා පය පැටලී ගොස් පණ බේරා ගත්තේ, ඩොලර් ට්‍රිලියන ගණනින් දැවැන්ත ඇපදීම් ක්‍රියාවට නැංවීමෙන් පමනි. සමාජ අසමානතාවය ඓතිහාසිකව පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී තිබේ. විනාශකාරී COVID-19 වසංගතය මිලියන ගනනක් ජීවිත බිලිගෙන ඇති අතර, ධනේශ්වර ආන්ඩු විසින් උකහා ගන්නා ලද එකම පාඩම නම්, වසංගතයේ මුල් සති වලදී, සංගත ලාභ අඩු කිරීමට තුඩු දුන් අගුලු දැමීම් සහ මුඛ ආවරණ වැනි අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පවා වැරැද්දක්  බවය. ජීවිත බේරා ගැනීමට වඩා ලාභ කොටස ආරක්ෂා කිරීම ඉතා වැදගත් ය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම ගැන කුමක් කිව හැකිද? මින් මාසයකට මඳක් වැඩි කාලයක් තුළ, 2025 මැයි 7 වන දින, තුන්වන රයිකය බිඳවැටීමේ අසූවන සංවත්සරය සමරනු  ලැබේ. නමුත් මෙම සංවත්සරය සම්පාත වන්නේ ලොව පුරා ෆැසිස්ට් ව්‍යාපාරවල ගෝලීය නැගීමත් සමඟ ය. ජර්මනියේ (අන්ත දක්ෂිණාංශික) AfD  වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය ලෙස මතුවෙමින් තිබේ. ෆැසිස්ට්වාදයට පල්ලම් බැසීමේ ක්‍රියාවලිය ඉතාලියේ, ප්‍රංශයේ සහ සත්තකින්ම එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතී.

දෙවන ට්‍රම්ප් පරිපාලනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සර්ව-ව්‍යාපී බිඳවැටීමේ දේශපාලනිකව අශිෂ්ටතම ප්‍රකාශනය වනවා පමනි. ඇමරිකානු ව්‍යවස්ථාව මියගිය ලේඛනයක් බවට පත්වෙමින් තිබේ. මැඩිසන්, ජෙෆර්සන් සහ ලින්කන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, කාල් ෂ්මිට්ගේ සාපරාධී නීති න්‍යායන් මගින් ප්‍රතිස්ථාපනය කෙරෙන ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නැගෙමින් තිබේ. එක්සත් ජනපදය දැන් අයිතිවාසිකම් පිළිබඳ පනත (Bill of Rights) Führer (දුෂ්ඨ ආඥාදායකත්වය) මූලධර්මයට යටත් වන රටකි. මෙමගින් “ව්‍යතිරේක/හදිසි අවස්ථා තත්ත්වයක්”-Ausnahmezustand-ප්‍රකාශ කිරීමට සහ ඔහු තෝරා ගන්නා ඕනෑම කෙනෙකුට සියලු නීතිමය ආරක්ෂාවන් අහිමි කිරීමට ජනාධිපතිට හැකියාව ලබා දේ. 

මීට කලින් 1812 යුද්ධය, පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක සංග්‍රාමයේ දී පමණක් භාවිතා කර ඇති කුප්‍රකට පිටදේශ සතුරන්ගේ පනත (Alien Enemies Act) ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාවට නංවා ඇති සේම, සිසුන්, ඔවුන්ගේ නිවෙස් තුලින්  හෝ වීදිවලින් අල්ලා ගැනීම සඳහා වංචනික අනීතික කඩතුරාවක් ලෙස අත්තනෝමතික “විධායක නියෝග” නිකුත් කරයි. මෑත අතීතයේ චිලී, ආර්ජන්ටිනා සහ බ්‍රසීල ආඥාදායකත්වයන් සහ නාසි ජර්මනිය පවා සිහිපත් කරන දර්ශන දැන් එක්සත් ජනපදයේ බහුලව දක්නට ලැබේ.  මහමුද් කලිල් (Mahmoud Khalil), රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Ozturk) සහ, ඉතා මෑතක දී, මිනෙසොටා විශ්වවිද්‍යාලයේ නාඳුනන ශිෂ්‍යයෙකු අල්ලාගෙන ප්‍රාන්තයෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවනින් යවා ඇත. “රාත්‍රිය සහ ඝන මීදුම”—Nacht und Nebel—එක්සත් ජනපදයට පැමිණ ඇත. තවත් ධෛර්යසම්පන්න ශිෂ්‍යයෙක් වන, කෝනල් විශ්වවිද්‍යාලයේ මොමොඩු ටාල් (Momodou Taal), එලෙස සලකනු ලැබීමට එරෙහිව උසාවිවල සටන් කරයි. මේ සියලු තරුණයන් අපරාධ කර නැත. පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට සාමකාමීව විරෝධය දැක්වීම සඳහා නිදහස් භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ එකම “වරද” වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමට සමගාමීව, සමූල ජන ඝාතනය යුක්තිසහගත කිරීම සහ නීත්‍යානුකූල කිරීම සමග අත්වැල් බැඳ, මිලිටරිවාදයේ යලි පිබිදීම අපි අත්දකිමින් සිටිමු. යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ, ලෝකය යලි බෙදීම සඳහා වන නව ගෝලීය යුද්ධයක පළමු වටය පමණක් බව ඔප්පු වෙමින් තිබේ. ලෙනින්, ට්‍රොට්ස්කි සහ අනෙකුත් අධිරාජ්‍යවාදයේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විරුද්ධවාදීන් විසින් ලියන ලද  අධිරාජ්‍යවාදය පිළිබඳ පුරෝගාමී මූලික ලියවිලි (seminal texts) කියවීමට සහ අධ්‍යයනය කිරීමට දැන් කාලයයි.

පළමුවන ලෝක සංග්‍රාමය ආසන්නයේ ෆ්‍රාන්ස් මේරිං (Franz Mehring) අනතුරු ඇඟවූ පරිදි, යුද්ධයේ දෙවිවරු පිපාසිතව ඇත. ට්‍රම්ප්, පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය අල්ලා ගන්නා බවට තර්ජනය කරන අතර, ඔහුගේ නාසි වීරයන්ගේ ‘සැලසුම් ලේඛනය’ අනුගමනය කරමින්, කැනඩාවේ “ඇන්ෂ්ලස්” (ඈඳා ගැනීම) සඳහා ඔහුගේ සැලසුම් ගැන විවෘතව පුරසාරම් දොඩයි.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල,  1914 සහ 1939 ට පූර්වයෙන් කල දෑ සිහිගන්වමින් එය දැන් තවත් විනාශකාරී අවි තරඟයක යෙදී සිටින්නේ, නැවත වරක් තමන්ටත් වාසිදායක බල වැයික්කියක් සාක්ෂාත් කර ගැනීම සඳහාය. නව “නැගෙනහිර වෙත ධාවනයක්” සූදානම් කරමින් පවතී. එය නතර නොකළහොත්, එය විල්හෙල්ම් II සහ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ මීට පෙර දැරූ උත්සාහයන්ටත් වඩා විශාල ව්‍යසනයකට තුඩු දෙනු ඇත.

මගේ පොත, මාතෘකාවේ පැහැදිලිව දක්වා ඇති පරිදි, අනතුරු ඇඟවීමට උත්සාහ කිරීමකි. මනුෂ්‍යත්වය අදුරු අගාධයට පලල්ලම් බැසීමේ අනතුරට මුහුණ දෙමින් සිටී. මෙම අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම පමණි. රෝසා ලක්සම්බර්ග් විසින් ඉදිරිපත් කළ ලෙස, විකල්පය වන “සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”ට අද අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටි. අනතුරු ඇඟවීම හඬ නංවා ඇත. අපි දැන්  එයට ප්‍රතිචාර දැක්විය යුතුයි.

අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය  Mehring Books වෙතින් මිලදී ගන්න.

ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී” Read More »

Trotsky

බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම (RLF) වන  ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) හි දේශපාලන කමිටුව විසිනි.

විප්ලවවාදී නායකත්වයේ ඓතිහාසික අර්බුදය

1930 ගනන් වලින් පසු ලෝක ධනවාදයේ ගැඹුරුම අර්බුදය මගින් 21 වන සියවස හි ආරම්භක දශකයන්  නිර්වචනය කෙරේ. ආර්ථිකය එකතැන පල්වීම, දේශපාලන අස්ථාවරත්වය සහ මහජන අතෘප්තියට මුහුන දෙන පාලක පන්තිය යලිත් වරක් මිලිටරිවාදය, රාජ්‍ය මර්දනය සහ ෆැසිස්ට්වාදී අධිකාරීවාදය වෙත හැරෙමින් තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මුදුනෙහි සිට, එක්සත් ජනපදය චීනය සමග ව්‍යසනකාරී ගැටුමකට සූදානම් වෙමින් සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට පිටුබලය දෙමින් යුක්රේනයේ රුසියාවට එරෙහි එහි ප්‍රොක්සි යුද්ධය තීව්‍ර කරමින් සිටී. දකුනු ආසියාවේ ද ඇතුලු ජාතික ධනේශ්වරයන්, ගෝලීය ධනවාදයේ අර්බුදය ගැඹුරු කරමින් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ජීවන කොන්දේසි මත ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇත.

Trotsky
ලියොන් ට්‍රොට්ස්කි

නමුත්, අහිමිව පවතින්නේ කුමක්ද? ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි පරිණත වී ඇත. එක්සත් ජනපදයේ හා යුරෝපයේ මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනවල සිට ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා සහ ඊශ්‍රායල යුද අපරාධවලට එරෙහි ගෝලීය විරෝධය දක්වා – මහජන ව්‍යාපාර පුපුරා ගොස් ඇත. කෙසේ වෙතත්, සංක්‍රමණ වැඩපිළිවෙල (1938) හි, ට්‍රොට්ස්කි ලියූ පරිදි, “සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය, ප්‍රධාන වශයෙන් නිර්ධන පංතියේ නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින්  සංලක්ෂිත වේ.” අත්‍යවශ්‍ය ප්‍රශ්නය වන්නේ අධිරාජ්‍යවාදයට, ජාතික ස්වෝත්තමවාදයට සහ ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහි අරගලයේදී කම්කරු පන්තියට මග පෙන්විය හැකි විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙම නායකත්වය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් (හජාජාක/ICFI) මූර්තිමත් වේ. අද ට්‍රොට්ස්කිවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයට, විප්ලවවාදී මාක්ස්වාදයේ ඓතිහාසික හා න්‍යායික අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ වර්ධනය කරන එකම ව්‍යාපාරය වන ජාත්‍යන්තර කමිටුවෙන් පිටත, අර්ථයක් නැත.

මාක්ස්වාදය සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය: වැඩපිළිවෙල පිලිබද ප්‍රශ්නයක්

සමාජවාදී ජාත්‍යන්තරවාදය යනු යුතෝපියානු පරමාදර්ෂයක් නොව ධනේශ්වර නිෂ්පාදනයේ ස්වභාවයෙන්ම පැන නගින වෛෂයික අවශ්‍යතාවයකි.  කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට් ප්‍රකාශනය (1848) තුල “කම්කරුවන්ට රටක් නැත” ලෙස මෙම මූලධර්මය ස්ථාපිත කළහ. ගෝලීයකරණය වූ ආර්ථිකයක් වර්ධනය කිරීම මගින් ධනේශ්වර ක්‍රමය ජාත්‍යන්තර කම්කරු පන්තියක් නිර්මානය කර ඇති අතර, ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගත හැක්කේ ලෝක පරිමාණයෙන් ධනවාදය පෙරලා දැමීමෙන් පමනි.

මෙම මූලික මූලධර්මය එහි ඉහලම ප්‍රකාශනය අත්කර ගත්තේ 1917 ඔක්තොම්බර් බොල්ෂෙවික් විප්ලවය තුලිනි. ලෙනින් සහ ට්‍රොට්ස්කි ඔවුන්ගේ මූලෝපාය පදනම් කලේ සමාජවාදය තනි රටක් තුල ගොඩනැගිය නොහැක යන අවබෝධය මතය. 1919 දී තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් අදහස් කෙරුනේ විප්ලවවාදී නිර්ධන පංතියට ලෝක සමාජවාදී විප්ලවය සම්බන්ධීකරණය කිරීම සඳහා සංවිධානාත්මක මධ්‍යස්ථානයක් සැපයීමයි.

කෙසේ වෙතත්, අවවාදාත්මක සටහනක් ලෙස, “කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් වැඩපිළිෙවල – මූලධර්ම පිලිබද විවේචනයක්” හි ට්‍රොට්ස්කි, පහත දැක්වෙන පරිදි සමාජවාදී විප්ලවය එකවර සමගාමීව ආරම්භ කළ යුතුය යන අදහස ප්‍රතික්ෂේප කරමින් ඔහුගේම පැහැදිලි කිරීමක් සඳහන් කළේය.

“එකම රටක්වත් තම අරගලයේ දී අනෙක් රටවල් එනතුරු ‘බලා සිටිය’ යුතු නැත. සමාන්තර ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් වෙනුවට කල්බැලීමේ ජාත්‍යන්තර අක්‍රියතාවයක් ආදේශ නොකෙරෙන පරිදි මෙම මූලික අදහස පුනරුච්චාරණය කිරීම ප්‍රයෝජනවත් සහ අවශ්‍ය වනු ඇත. අනෙක් ඒවා කරන තෙක් බලා නොසිට, අපගේ මුලපිරීම මගින් උත්තේජනයක් ලබා දෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතිව ජාතික පදනමින් අරගලය ආරම්භ කිරීම හා නොකඩවා කර ගෙන යාම කල යුතුය. (ට්‍රොට්ස්කි, ‘සාම වැඩසටහන’ Works  වෙළුම III, 1 කොටස, 89-90 පිටු, රුසියානු සංස්කරණය.)

ස්ටාලින් යටතේ සෝවියට් සංගමයේ පරිහානිය සහ “එක් රටක සමාජවාදය” යන ජාතික-ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිගාමී න්‍යාය අනුගමනය කිරීම, ජර්මනියේ (1923), චීනයේ (1927), ස්පාඤ්ඤයේ (1936-39) සහ වෙනත් තැන්වල විප්ලවවාදී ව්‍යාපාර පාවා දීමට හේතු විය. ස්ටැලින්වාදී ප්‍රති-විප්ලවය, ධනේශ්වර ජාතික අවශ්‍යතාවලට කම්කරු පන්තිය ක්‍රමානුකූලව යටත් කළ කොමින්ටර්න්යේ නිලධාරීමය යාන්ත්‍රණයන් බිහි කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රොට්ස්කි සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ධජය රැක ගැනීමට සටන් කළේය. ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහා 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවන ලදී. ධනවාදයේ මරලතෝණිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (1938) හි, ට්‍රොට්ස්කි මෙසේ ලිවීය.

“ඊලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී ම සමාජවාදී විප්ලවයකින් තොර වීම, මහ ව්‍යසනයක් සමස්ත මානව වර්ගයාටම තර්ජනය කරයි. දැන් වාරය ඇත්තේ කම්කරු පන්තිය වෙතයි, ප්‍රධාන වශයෙන් එහි විප්ලවවාදී පෙරටුගාමීන්ටයි.”

ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආරක්ෂාව

1940 දී ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසුව, නායකත්වයේ අර්බුදය ගැඹුරු විය. හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදී සංශෝධනවාදීන් 1950 ගනන් මුලදී මතුවූයේ, විප්ලවවාදී භූමිකාවක් ඉටුකිරීමට ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට බලපෑම් කල හැකි බවට තර්ක කරමිනි. මෙම දියකර දැමීමේ ඉදිරිදර්ශනයට ජේම්ස් පී. කැනන් ඇතුලු එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායකයින් සහ ජෙරී හීලි විසින් නායකත්වය දුන් බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් තීරනාත්මක ලෙස විරුද්ධ විය. 1953 කැනන් විසින් ලියන ලද විවෘත ලිපිය සහ පසුව පැබ්ලෝවාදය සමඟ ඇති වූ භේදය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමට හේතු විය.

Cannon
ජේම්ස් පී. කැනන්

අධිරාජ්‍යවාදයේ ගෝලීය ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරව කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහාද, බොල්ෂෙවික් උරුමය ආරක්ෂා කිරීම සඳහාද, ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදයට සහ සියලු ආකාර අවස්ථාවාදයට1 එරෙහිව ස්ථීරසාර අරගලයක් ගෙන ගියේය. 

අපි රකිනා උරුමය (1988) හි ඩේවිඩ් නෝර්ත් මෙසේ ලියා ඇත:

“පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හජජාක ගෙනගිය අරගලය එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අයිතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කළේය.”

කම්කරු පන්තියේ ජාත්‍යන්තර පක්ෂය ආරක්ෂා කිරීම සඳහා වූ මෙම ප්‍රතිපත්තිගරුක සටනේ ප්‍රතිඵලයක් ලෙස, හීලි යටතේ බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගයක් බවට පත්විය. කෙසේ වෙතත්, 1970 දශකයේ අගභාගයේ සහ 1980 දශකයේ මුල් භාගය වන විට, අවස්ථාවාදී පීඩනයන් කවිපයේ නිලධාරිවාදී පරිහානියට හේතු වූ අතර, මෙම ක්‍රියාවලිය ඩේවිඩ් නෝර්ත් සහ වර්කර්ස් ලීගයේ (එක්සත් ජනපද) නායකත්වය විසින් හෙළිදරව් කරන ලදී. හීලිගේ සංවිධානාත්මක ක්‍රම සහ දේශපාලන අපගමනයන් පිළිබඳ නෝර්ත්ගේ විවේචනය, ජාත්‍යන්තර කමිටුව තුළ මාක්ස්වාදී මූලධර්ම නැවත තහවුරු කිරීමේදී මූලික විය.

Heritage
අප රක්නා උරුමය, ඩේවිඩ් නෝත්

අවස්ථාවාදයෙන් නියත බිඳීමක් සිදු වූයේ 1985-86 දී, ජාත්‍යන්තර කමිටුව විසින් කවිප නායකත්වය නෙරපා හැරීමත් සමඟ ය. නෝර්ත්, 1982-86 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භේදයේ දේශපාලන මූලාරම්භය සහ ප්‍රතිවිපාක (2019 අගෝස්තු 03) හි පහත පරිදි ලිවීය:

“වසර 40කට ආසන්න කාලයක් ආපසු හැරී බැලීමේ වාසිය ඇතිව, 1985 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුවෙන් WRP අත්හිටුවීම සහ 1986 පෙබරවාරි මාසයේ දී සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමෙන් අවසන් වූ මෙම විවේචනය [WRP විසින් අනුගමනය කරන ලද මාවත පිළිබඳව වර්කර්ස් ලීගය විසින් කරන ලද] මගින් ආරම්භ කරන ලද ගැටුම, ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් බව අපට හඳුනාගත හැකිය. හතරවන ජාත්‍යන්තරයේ පැවැත්මම අවදානමට ලක්ව තිබුණි. ජාත්‍යන්තර කමිටුව හැර, ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය පැබ්ලෝවාදීන් විසින් දේශපාලනිකව දියකර හරින ලදී. පැබ්ලෝවාදීන්ට සංවිධානාත්මක පාලනය ස්ථාපිත කිරීමට හැකි වූ සියලුම රටවල, ඔවුන් ට්‍රොට්ස්කිවාදී සංවිධාන ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානවල දේශපාලන සහායක කොටස් බවට පත් කිරීමෙන් විනාශ කර තිබුණි. 1985 වන විට, ඒ වන විට පැබ්ලෝවාදයට යටත් වී සිටි කම්කරු විප්ලවවාදී පක්ෂය, එම විනාශකාරී මෙහෙයුම සම්පූර්ණ කිරීමට ආසන්නව සිටියේය.”2

හතරවන ජාත්‍යන්තරයේ උරුමයේ අඛණ්ඩතාව සඳහා ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද නොනවතින අරගලය ගැන සඳහන් කරමින්, නෝර්ත් තවදුරටත් මෙසේ පැහැදිලි කරයි3:

“මේ සියලු කාර්යයන්හිදී, අපගේ උත්සාහයන්ට මඟ පෙන්වූ මූලික දේශපාලන මූලධර්මය වූයේ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයයි. ජාතික උපක්‍රමවලට වඩා ලෝක උපාය මාර්ගයේ ප්‍රමුඛතාවය අපි අවධාරනය කළ අතර, ජාතික ක්ෂේත්‍රය තුළ පැන නගින ගැටළු වලට සුදුසු ප්‍රතිචාරය ලබා ගත හැක්කේ ගෝලීය ක්‍රියාවලීන් විශ්ලේෂණය කිරීමේ පදනම මත පමණක් බව අපි අවධාරනය කළෙමු. මෙම පදනම මත, හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය තුළ නොතිබූ ජාත්‍යන්තර සහයෝගීතා මට්ටමක් වර්ධනය කිරීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. ඇත්ත වශයෙන්ම, “සහයෝගීතාවය” යන වචනය WRP ජාතිකවාදී පලායන්නන් සමඟ භේදයෙන් පසුව වර්ධනය වූ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා අතර අන්තර්ක්‍රියාවේ ස්වභාවය ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොකරයි.”4

මෙයින් නිශ්චිතවම පෙන්නුම් කළේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය තුල ඔවුන් බලමුලු ගැන්වීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා අතර වැඩපිලිවෙලේ සහ සංවිධානාත්මක සබඳතාවලින් පිටත අද කම්කරු පන්තියේ ජාත්‍යන්තර “සහයෝගීතාවයට” කිසිදු අර්ථයක් නොමැති බවයි.

අද දින සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආකෘතිය සහ අන්තර්ගතය

21 වන සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදය අන්තර් සම්බන්ධිත ක්‍රියාවලි තුනකින් අර්ථ දැක්වේ:

  1. අධිරාජ්‍යවාදී යුද්ධය සහ මිලිටරිවාදය: චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම සහ යුක්රේනයේ රුසියාවට එරෙහි නේටෝ යුද්ධය, ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියේ පෙර නොවූ විරූ ඓතිහාසික අර්බුදයකින් පැන නගින, මූල්‍ය කතිපයාධිකාරය විසින් ගෝලීය ආධිපත්‍යය සඳහා වන පුලුල් මූලෝපායක කොටසකි. ගාසා තීරයට එල්ල වූ ජන සංහාරක ප්‍රහාරය අධිරාජ්‍යවාදී යුද්ධයේ අනිවාර්ය කොටසකි. 
  2. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය: එක්සත් ජනපදයේ ට්‍රම්ප්වාදයේ සිට ඉන්දියාවේ හින්දුත්වා දක්වා ගෝලීය වශයෙන් ෆැසිස්ට් ව්‍යාපාරවල නැගීම, මහජන විරෝධය තලා දැමීම සඳහා පාලක පන්තිය අධිකාරීවාදය වෙත හැරීමේ කොටසකි. දකුනු ආසියාවේ ද ඇතුලු ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී” පාලන තන්ත්‍රයන් විසින්ම කප්පාදු හා මිලිටරි-පොලිස් පාලනය පැනවීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බිඳ දමමින් සිටිති.

  3. පන්ති අරගලයේ ගෝලීයකරණය: කම්කරු පන්තිය ධනවාදයට එරෙහි අරගලයට අවතීර්ණ වෙමින් සිටී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ප්‍රංශය, එක්සත් ජනපදය සහ ඉන් ඔබ්බෙහි මහා වැඩවර්ජන, මහජන විරෝධතා සහ කම්කරුවන්ගේ නැගිටීම් ජාත්‍යන්තර නිර්ධන පන්තියේ ගැඹුරු වන රැඩිකල්කරණය හඟවයි. කෙසේ වෙතත්, විප්ලවවාදී නායකත්වයකින් තොරව මෙම ව්‍යාපාර, ව්‍යාජ වාම බලවේග විසින් යටපත් කර ගැනුම, නොමග යවනු ලැබීම  හා පාවා දෙනු ලැබීම විය හැකිය.

මෙම සන්දර්භය තුළ, ගෝලීය පරිමානයේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන එකම මාක්ස්වාදී සංවිධානය වන්නේ ජාත්‍යන්තර කමිටුවයි. අද දින සමාජවාදී ජාත්‍යන්තරවාදය ගත යුතු එකම සුජාත රූපය එයයි. හතරවන ජාත්‍යන්තරය වෙනුවට, ස්වයංසිද්ධ ව්‍යාපාර, ස්ටැලින්වාදී පක්ෂ හෝ ජාතිකවාදී සැකසුම් ආදේශ කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම දේශපාලන ව්‍යසනයට මග පාදයි.

මාක්ස්වාදී න්‍යාය තුල අන්තර්ගතය සහ ආකෘතියේ අපෝහකය

අන්තර්ගතය සහ ආකෘතිය (රූපය) අතර සම්බන්ධය මාක්ස්වාදී දර්ශනය, සෞන්දර්යය සහ දේශපාලන ආර්ථිකයේ ප්‍රධාන අපෝහක ගැටලුවකි. මාක්ස්වාදී අපෝහක ක්‍රමය අවධාරනය කරන්නේ අන්තර්ගතය සහ ආකෘතිය එකිනෙකට සම්බන්ධ වන අතර දෙකට බෙදීමට සීමා කර යාන්ත්‍රිකව වෙන් කළ නොහැකි බවයි. ඓතිහාසික භෞතිකවාදය, පන්ති අරගලය සහ විප්ලවවාදී මූලෝපාය අවබෝධ කර ගැනීමේදී මෙම අපෝහකය තීරණාත්මක වේ.

ඓතිහාසික භෞතිකවාදය තුල අන්තර්ගතය සහ ආකෘතිය:

මාක්ස් සහ එංගල්ස් අන්තර්ගතය සහ ආකෘතිය අතර අපෝහක සම්බන්ධතාවය මත පදනම්ව ඉතිහාසය  පිළිබඳ භෞතිකවාදී සංකල්පය (ඓතිහාසික භෞතිකවාදය) වර්ධනය කළහ. ‌දෙන ලද  සමාජයක අන්තර්ගතය තීරණය වන්නේ එහි නිෂ්පාදන මාදිලිය – නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතා – මත බවත්, එහි ආකෘතිය, උපරි ව්‍යුහය (දේශපාලන, නෛතික සහ දෘෂ්ටිවාදාත්මක ආයතන) හරහා ප්‍රකාශ කරන බවත් මාක්ස් පැහැදිලි කළේය.

දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනයට දායකත්වයක් (1859) [A Contribution to the Critique of Political Economy (1859)] , හි පූර්විකාවේ මාක්ස් මෙසේ ප්‍රකාශ කරයි.

“මෙම නිෂ්පාදන සම්බන්ධතාවල සමස්ථයෙන් සමාජයේ සැබෑ පදනම වන ආර්ථික ව්‍යුහය සමන්විත වන අතර, ඒ මත නෛතික හා දේශපාලන උපරි ව්‍යුහයක් පැන නැගීමද, ඊට අනුව  සමාජ විඥානයේ නිශ්චිත ආකාරයන් අනුරූප වීමද සිදුවේ.”

මෙහිදී, අන්තර්ගතය (ආර්ථික පදනම) ආකෘතිය (උපරි ව්‍යුහය) තීරණය කරයි, නමුත් මෙම සම්බන්ධතාවය අපෝහක වේ –  කාලයත් සමඟ ශක්තිමත් කරමින් හෝ වෙනස් කරමින්, ආකෘතියට අන්තර්ගතය මත ප්‍රතික්‍රියා කළ හැකිය.

අපෝහක භෞතිකවාදය තුල අන්තර්ගතය සහ ආකෘතිය: 

මාක්ස් සහ එංගල්ස් විසින් හේගලියානු දර්ශනයෙන් වර්ධනය කරන ලද අපෝහකය, අන්තර්ගතය සහ ආකෘතිය දකින්නේ ප්‍රතිවිරුද්ධයන්ගේ එකමුතුවක් ලෙස ය. අන්තර්ගතය යනු සංසිද්ධියක අභ්‍යන්තර සාරය හෝ හරය වන අතර ආකෘතිය එහි බාහිර ප්‍රකාශනය වේ. කෙසේ වෙතත්, මෙය ස්ථිතික සම්බන්ධතාවයක් නොවේ – සමහර විට පරස්පර ව, අන්තර්ගතය සහ ආකෘතිය ගතිකව අන්තර්ක්‍රියා කරයි.

විද්‍යාත්මක හා සමාජ සංසිද්ධි තුලදී, අන්තර්ගතය එහි පැරණි ආකෘතිය අභිබවා වර්ධනය වී ගොස්, විප්ලවීය වෙනස්කම්වලට තුඩු දෙමින්  ප්‍රමාණාත්මක බවින් ගුණාත්මක බවට  පරිවර්තනයන්  සිදු වන ආකාරය,  ස්වභාවධර්මයේ අපෝහකය තුළ සහ ඩූරිං විරෝධය තුල එංගල්ස් සාකච්ඡා කරයි.

ලෙනින් සිය දාර්ශනික සටහන් පොත් වල, මෙම අපෝහකය විප්ලවවාදී තත්වයන්ට අදාළ කරමින්, අන්තර්ගතය (කම්කරු පන්ති රැඩිකල්කරණය) පුපුරණ සුලු ලක්ෂ්‍යයකට ළඟා වූ විට, පැරණි ආකෘති (ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රතිසංස්කරණවාදී සංවිධාන) යල් පැනෙන බවත් ඒවා ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් පෙන්වයි.

විප්ලවවාදී දේශපාලනයෙහිදී අන්තර්ගතයේ සහ ආකෘතියේ භූමිකාව:

ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ ඉතිහාසය (1930) තුල, සමාජ විප්ලවයේ අපෝහකවාදය පැහැදිලි කිරීමේදී, විප්ලවවාදී ව්‍යාපාරවලට අන්තර්ගතයේ සහ ආකෘතියේ අපෝහකය අදාළ කරයි. විප්ලවවාදී යුගයන්හි පැරණි දේශපාලන ආකෘතීන් (පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය සමිති, ප්‍රතිසංස්කරණවාදී පක්ෂ) නව අන්තර්ගතයට (කම්කරු පන්ති විප්ලවවාදී විඥානයට) බාධක බවට පත් වන බව ඔහු පැහැදිලි කරයි.

ට්‍රොට්ස්කි පැහැදිලි කළේ, විප්ලවයේ මූලික නීතිය වන්නේ එක් පන්තියක ආධිපත්‍යය තවත් පන්තියකින් ආදේශ කිරීම බවත්, එයින් අදහස් වන්නේ මෙම වෙනස් වූ අන්තර්ගතය ප්‍රකාශ කිරීම සඳහා නව ආකාරයේ රාජ්‍ය බලයක් නිර්මාණය කිරීම බවත් ය. මෙයින් අදහස් කරන්නේ ධනේශ්වර පාර්ලිමේන්තු ව්‍යුහයන් වෙනුවට සමාජවාදී විප්ලවයන්ට නව දේශපාලන ආකෘතියක්, එනම් සෝවියට් සභා (කම්කරුවන්ගේ සභා) අවශ්‍ය වන බවයි.

විප්ලවවාදී ක්‍රියාව සඳහා මාර්ගෝපදේශයක් ලෙස අන්තර්ගතය සහ ආකෘතිය:

අන්තර්ගතයේ සහ ආකෘතියේ අපෝහකය හුදෙක් න්‍යායික ප්‍රශ්නයක් නොවේ – එය විප්ලවවාදී ක්‍රියාවට මග පෙන්වීමකි. සෑම සමාජ හා දේශපාලන අරගලයකදීම ප්‍රධාන කර්තව්‍යය වන්නේ, පන්ති සබඳතාවල පරිනාම වන අන්තර්ගතයට අනුරූප වන නව ආකෘති වර්ධනය කිරීමයි. අද දින ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පැරණි ආකාරයන්ට සහ වෘත්තීය සමිතිවලට ධනවාදයේ ගෝලීය අර්බුදය ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැත. ලෝක සමාජවාදී විප්ලවයේ අන්තර්ගතය සාක්ෂාත් කරගත හැක්කේ, කම්කරු පන්තියේ සවිඥානික නායකත්වය, එනම්, බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛන්ඩතාවයේ හා උරුමයේ අනුප්‍රාප්තිකයා සහ ආරක්ෂකයා වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මගින් සංයුක්ත වන නව විප්ලවවාදී ආකෘතීන් ගොඩනැගීම තුලින් පමනි.

මාක්ස්වාදී න්‍යාය තුළ මුල් බැසගත් මෙම අපෝහක අවබෝධය අද සමාජවාදී මූලෝපායේ පදනම ලෙස පවතී.

සසප-වම තුල ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහිව සටන

2022 අවසානයේ සිට 2023 මුල් කාලය දක්වා ශ්‍රී ලංකා සසප අත්තනෝමතික ලෙස නෙරපා හරින ලද සහෝදරවරුන් ඇතුළත් වූ සසප-වම කන්ඩායම තුල පැවති සුලු ධනේශ්වර ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රවනතාවයකට එරෙහි ප්‍රතිපත්තිමය සටනකින් පසුව SLLA පිහිටුවන ලදී. සසප-වාම කණ්ඩායම පිහිටුවීමෙන් ටික කලකින්ම,  කණ්ඩායම තුළ ජාතිකවාදී ප්‍රවණතාවක් සහ සැබෑ ජාත්‍යන්තරවාදය නියෝජනය කළ හා සසප සාමාජිකත්වය දිනා ගැනීමෙන් ජාත්‍යන්තර කමිටුවේ කේඩරයට නැවත සම්බන්ධ වීමේ අවශ්‍යතාවය5 සඳහා සටන් කළ සහෝදරවරු අතර භේද ඉස්මතු විය.

සසප-වම තුල මෙම සුලු ධනේශ්වර ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රවනතාවයට එරෙහි අපගේ අරගලය, මූලික වශයෙන් ජාත්‍යන්තර කමිටුවේ කේඩරයෙන් පිටත ජාත්‍යන්තරවාදය යලි නිර්වචනය කිරීමට උත්සාහ කරන කල්ලියකට එරෙහිව සැබෑ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වූ සටනකි. මෙම අවස්ථාවාදී කල්ලිය, නිර්වචනය කරන ලද දේශපාලන පදනම් මත පිහිටවූ කන්ඩායම් අරගලයද6,  සසප-වාම සාමාජිකයින්ට ශ්‍රී ලංකා සසප හි සාමාජිකත්වය සඳහා අභියාචනා කිරීමට සහ සටන් කිරීමට ඇති අවශ්‍යතාවයද ප්‍රතික්ෂේප කළහ. මීළඟ තීරනාත්මක මහජන අරගලවලදී ශ්‍රී ලංකාවේ හා කලාපයේ කම්කරු පන්තියට නායකත්වය දීමට, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව තුල අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට කන්ඩායම් අරගලයක් කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ඔවුන් යෝජනා කළේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලයේ නොයෙදී, සසප නායකත්වය දකුනට මාරු වීම වලක්වා එය “නිවැරදි මාවතේ” තැබීමට බලාපොරොත්තු වන “පීඩන කණ්ඩායමක්”7 ලෙස ක්‍රියා කිරීමේ මාධ්‍යමික ප්‍රතිපත්තියක් ය.

මෙම කන්ඩායම් අරගලයේ කේන්ද්‍රයෙහි වූයේ අන්තර්ගතය සහ ආකෘතිය අතර අපෝහක සම්බන්ධතාව යයි. සමාජවාදී ජාත්‍යන්තරවාදය එහි සංවිධානාත්මක ආකෘතිය වන හජාජාක හා එහි ජාතික ශාඛා වලින් වෙන් කළ නොහැකි ය යන මූලික සත්‍යය මෙම අවස්ථාවාදීන් නොතකා හැරියහ8. ජාත්‍යන්තරවාදය සදහා සසප සාමාජිකත්වය හෝ විප්ලවවාදී පක්ෂයක් ලෙස එය වර්ධනය කිරීම සඳහා එහි සාමාජිකත්වය තුල සටනක් හෝ අවශ්‍ය නොවන බවට තර්ක කරමින් ඔවුහු සංශෝධනවාදී සූත්‍රයක් ඉදිරිපත් කළහ – එය පංතිය, පක්ෂය හා නායකත්වය අතර අපෝහකාත්මක එකමුතුව ප්‍රතික්ෂේප කිරීමක් විය. ඒ වෙනුවට ඔවුන් යෝජනා කළේ කම්කරු පන්තියේ විප්ලවවාදී පෙරටුගාමීන් ලෙස සසප සෘජුව ගොඩනැගීමේ වගකීමෙන් වැළකී සිටින අතරේ පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් බාහිර මුර බල්ලෙකු ලෙස ක්‍රියා කිරීමට ය.

මෙම දිශානතිය, විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට අවශ්‍ය කරන පක්ෂයේ ධජය යටතේ විනයගත අරගලයක් කිරීමට අකමැති වූ සුලු ධනේශ්වර ස්ථරයන්ට මධ්‍යමික අනුගත වීමකට නතු වෙමින් ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීමකට සමාන විය. කන්ඩායම් අරගලය සඳහා ප්‍රතිපත්තිමය පදනමක් නොමැති කමින්, මෙම කන්ඩායම අවස්ථාවාදී සූත්‍රයක් යෝජනා කලේය: සසප “නිවැරදි කිරීමට” උත්සාහ කරන අතරම, අනාගතයේ දී කම්කරු පන්තියට සමාජවාදී විප්ලවය සදහා  නායකත්වය දීමට පක්ෂ නායකත්වය අසමත් වුවහොත් එය විස්ථාපනය කිරීම සදහා ස්ථානගතව සිටීම9. මෙය පක්ෂය තුළ අවශ්‍ය කරන දේශපාලන අරගලයෙන් මාරාන්තික අපගමනයක් වූ අතර, මෙම ප්‍රවනතාවය දැන් තමන්ට අවශ්‍ය වූ දේ සාක්ෂාත් කර ගනිමින් පල්ලම් බැස ඇත. ඒ කෙසේද යත්, “ජාත්‍යන්තරවාදයේ” සහ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනවල ආරක්ෂකයින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, හජාජාකට, එනම් විප්ලවවාදී ව්‍යාපාරයෙන්, පරිබාහිර,”සමාජවාදී සංස්කෘතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනය කරන”10 වෙබ් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම යි. 

මෙම ජාතිකවාදී-අවස්ථාවාදී අපගමනයට එරෙහිව, අපගේ අරගලය පදනම් වූයේ සමාජවාදී ජාත්‍යන්තරවාදයට එහි ඓතිහාසික ආකෘතියෙන් – හජාජාක සහ එහි ජාතික ශාඛා වලින් – පරිබාහිර අර්ථයක් නැත යන මූලික මාක්ස්වාදී මූලධර්මය මත ය. එහි අවස්ථාවාදී නායකත්වයට එරෙහිව දේශපාලන කන්ඩායමක් ලෙස සටන් කරමින්, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප ගොඩනැගීමේ සවිඥානික අරගලය තුලින්  පමනි, කම්කරු පන්තියට නායකත්වයේ අර්බුදය විසඳා ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන ඉදිරියට ගෙන යා හැක්කේ.

SLLA හි කර්තව්‍ය: විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීම

අපගේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන වන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා  ශ්‍රී ලංකාවේ සසප – අප එහි කොටසක් වෙමින් – මීළඟ තීරනාත්මක මහජන අරගලවලදී කලාපයේ කම්කරු පන්තියට නායකත්වය දීමට අවශ්‍ය කරන විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනැගීම යි. මෙය සදහා අවශ්‍ය කරනුයේ:

  • ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පන්තියට තීරනාත්මක අරගලයන්හි දී නායකත්වය දී විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සදහා ශ්‍රී ලංකාවේ සසප හි ජාතිකවාදී අවස්ථාවාදී සහ කට්ටිවාදී නායකත්වයේ  ඓතිහාසික අසාර්ථකත්වයන්ගේ  අපෝහකයන් විශ්ලේෂණය කිරීම. 
  • දියුණු කම්කරුවන් හා තරුනයින්  ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය සහ ස්ටැලින්වාදයේ සහ පැබ්ලෝවාදයේ පාවාදීම් පිළිබඳ අධ්‍යාපනගත කිරීම.
  • ස්වයංසිද්ධ ආර්ථික හා දේශපාලන අරගල සමාජවාදය සඳහා සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීම සදහා  ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී වැඩපිලිවෙල සමග කම්කරු පන්තියේ අරගලවලට මැදිහත් වීම.
  • කම්කරු පන්තිය බෙදා ධනේශ්වර දේශපාලනයට යටත් කරන සියලු ආකාරයේ ජාතිකවාදයට සහ අනන්‍යතා දේශපාලනයට විරුද්ධ වීම.
  • ධනේශ්වර පාලනයේ උපකරණ ලෙස සේවය කරන වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පක්ෂ හෙලිදරව් කිරීම.

විප්ලවවාදී මාක්ස්වාදයේ අඛණ්ඩ පැවැත්ම රඳා පවතින්නේ ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම මත ය. මෙය නොමැතිව විප්ලවවාදී ව්‍යාපාරයක්, විප්ලවවාදී නායකත්වයක් සහ සමාජවාදී අනාගතයක් පැවතිය නොහැක.

ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” (2023) නම් ඔහුගේ කෘතියේ පෙරවදනෙහි, නෝර්ත් අපට මෙසේ මතක් කර දෙයි:

“පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම්, ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දෙන බව කියා සිටි සියලු දේශපාලන ව්‍යාපාර, පක්ෂ සහ ප්‍රවනතාවන් තරයේ පරීක්ෂාවට ලක් කළේය. නමුත් විසිවන සියවසේ කැලඹීම් ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, මාඕවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන්, අරාජිකවාදීන් සහ පැබ්ලෝවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව හෙලිදරව් කර ඇත. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරය පමණක් ඉතිහාසයේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දී තිබේ.”11

හජාජාක ගොඩනැගීම අද කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක කර්තව්‍යය යි. එය තෝරා ගැනීමේ ප්‍රශ්නයක් නොව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. විකල්පය වන්නේ ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ම්ලේච්ඡත්වයයි. එකම ඉදිරි මාවත හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුලින් අර්ථ ගැන්වෙන සමාජවාදී ජාත්‍යන්තරවාදය යි. අපි ඒ සටනේ අත්‍යවශ්‍ය කොටසක් වේ. අදම SLLA හා සම්බන්ධ වන්න! සසප ගොඩ නගන්න!

  1. විප්ලවවාදී ජාත්‍යන්තරවාදය යනු අවස්ථාවාදයේ දේශපාලන ප්‍රතිවිරෝධයයි. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, අවස්ථාවාදය දී ඇති ජාතික පරිසරයක් තුළ දේශපාලන ජීවිතයේ ඊනියා යථාර්ථයන්ට නිශ්චිත අනුවර්තනයක් ප්‍රකාශ කරයි. අවස්ථාවාදය, සදහටම කෙටිමං සොයමින්, ලෝක සමාජවාදී විප්ලවයේ මූලික වැඩසටහනට වඩා එක් හෝ තවත් ජාතික උපක්‍රමයක් උසස් කරයි.” The World Capitalist Crisis and the Tasks of the Fourth International: Perspectives Resolution of the IC ICFI (Aigust 1988). <https://www.wsws.org/en/special/library/world-capitalist-crisis-tasks-fourth-international-1988/18.html
    ↩︎
  2. The Political Origins and Consequences of the 1982–86 Split in the International Committee of the Fourth International, David North, 03 August 2019, <https://www.wsws.org/en/articles/2019/08/03/icfi-a03.html>
    ↩︎
  3. Ibid.
    ↩︎
  4. Ibid. ↩︎
  5.  “මෙම ලේඛනයේ ප්‍රධාන අරමුණ දැනටමත් ඇරැඹී තිබෙන අරගලය තුල ට්‍රොට්ස්කිවාදයේ සාම්ප්‍රදායික සංවිධානය ශක්ති සම්පන්න කිරීමට පවතින අනිවාර්ය අවශ්‍යතාව හමුවෙහි හතරවන ජාත්‍යන්තරයේ නිල කණ්ඩායම වීමෙහි වැදගත්කම සාමාජිකත්වයට වටහා දීමයි. 1933 පටන් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය අප පිළිගන්නේ නම් ( එය හතරවන ජාත්‍යන්තරය තුළ බොල්ෂෙවික් යලි පෙළ ගැසීමක ඉතිහාසයක් ද වෙයි) අප ජාත්‍යන්තරය පිළිබද ප්‍රශ්නය අතිශයින්ම වැදගත් ප්‍රශ්ණය හැටියට කණ්ඩායම ඉදිරියෙහි තැබිය යුතුය. කාණ්ඩායමික දියුණුව පිලිබඳ අනෙක් සියලුම ප්‍රශ්න, මුද්‍රණාලය, කාර්මික කටයුතු හා සංවිධානාත්මක ක්‍රියාකාරිත්වයන්, ජාත්‍යන්තරය සම්බන්ධයෙන් අප ගන්නා මොන යම් හෝ ආස්ථානයක් හා ගැට ගැසී පවතී. අප බොල්ෂෙවික්වාදයේ දේශපාලනික මූල ධර්ම පිලිගන්නේ නම්, එහි සංවිධානාත්මක විධි ක්‍රමයත් පිලිගත යුතුය. අප හතරවන ජාත්‍යන්තරයේ සංවිධානාත්මක විධි ක්‍රමය නොපිළිගන්නේ නම් අප හතර වන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය පිලිගන්නා බවත් ආර්.එස්.එල් සංවිධානයට වඩා මැනවින් එය විස්තාරණය කරන බවත් පැවසීම ප්‍රමාණවත් නොවේ; හතරවන ජාත්‍යන්තරයේ සංවිධානාත්මක විධි ක්‍රමය පිලිගැනීම යනු අප එහි ප්‍රජාතාන්ත්‍රික මධ්‍යගත පදනම පිළිගනිමින් එයට සම්බන්ධ වීමයි. යම් හෙයකින් තමන් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක ප්‍රජාතන්ත්‍රික මධ්‍යගත විනය පිළිගනිමින් එයට එකතු නොවන්නේ නම්, එය තමන් ට්‍රොට්ස්කිවාදියෙකැයි ප්‍රකාශ කිරීමත් සංවිධානගත ට්‍රොට්ස්කිවාදීන්ටත් වඩා ට්‍රොට්ස්කිවාදයේ පිලිවෙත පිලිබදව මුඛරි වීමත් ප්‍රමාණවත් නොවන සේම ය. බොලිෂෙවික් සංවිධානාත්මක විධි ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ එයයි.” Our Most Important Task,Gerry Healey, August 10, 1943. ↩︎
  6. “බොල්ෂෙවික්වාදය කන්ඩායම් නොඉවසන බවට පවතින මූලධර්මය යුග පරිහානියේ මිථ්‍යාවකි. යථාර්ථයේ දී බොල්ෂෙවික්වාදයේ ඉතිහාසය කන්ඩායම්වල අරගලයේ ඉතිහාසයකි. ඇත්ත වශයෙන්ම, ලෝකය පෙරලා දැමීමේ කාර්යය තමන් විසින්ම තම කරමත ගන්නා සහ වඩාත්ම නිර්භීත ලෙස පිලිගත් මත විවේචනය කරන්නන්, සටන්කරුවන් සහ කැරලිකරුවන් තම ධජය යටතේ එක්සත් කරන සැබෑ විප්ලවවාදී සංවිධානයකට, බුද්ධිමය ගැටුම් නොමැතිව, කණ්ඩායම් සහ තාවකාලික ෆැක්ෂන සංයුතීන් නොමැතිව ජීවත් විය හැක්කේ සහ වර්ධනය වන්නේ කෙසේද? Revolution Betrayed, Trotsky (1936). ↩︎
  7. “සසප ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය්ස් සදහා අරගලය නතර කර ඇත කියා කියනු නො හැකි ය. එය දැනට පෙන්නුම්කර ඇති පරස්පරයන් ජය නොගතහොත් එම ඉදිරි දර්ශනය සදහා අරගලය අත් හරිනු ඇත. අප පක්ෂය තුල දී මෙන් ම දැන් ද සටන් කරන්නේ එය වැලැක්වීමට ය. ඒ සදහා ජාත්‍යන්තර කමිටුව ද වැඩ කරයි. දෙපැත්තේම පීඩනයට පක්ෂය මුහුන දෙන නිසා එහි අවස්තාවාදී නැඹුරුව ශක්තිමත්ව පෙරට ගැනීම අපහසු වී ඇත. ඔබ පවසා ඇති පරිදිම අපගේ වැඩ කටයුතු පක්ෂයට බල පායී. අවශ්‍ය වන්නේ එම අරගලය මූල ධර්මානුකූලව ශක්තිමත් ව ඉදිරියට ගැනීම යි. ක්‍රියාකාරි කමිටුව හෙලා දැකීමට අප ලියූ ලිපිය එහි පියවරක් ප්‍රතිපලදායක බව කිව යුතු ය. එය අප සටන් කරන විදිය ගැන උදාහරනයකි.”  Nandana Nannetti, 15 March 2025, SEP-Left WhatsApp Chat Discussion. ↩︎
  8. අපට එරෙහි උමතු අපවාද මාලාවක කොටසක් ලෙස මෙම කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක පහත උපුටා දැක්වීම, සමාජවාදී ජාත්‍යන්තරවාදය එහි අන්තර්ගතයට – එනම් තනි රටක සමාජවාදය ප්‍රතික්ෂේප කිරීමේ මූලධර්මයට – එහි ඓතිහාසික ස්වරූපය නොසලකා හරිමින් පහසුවෙන් ලඝු කරයි:
    “පලමුකොට ම ජාත්‍යන්තරවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන බොහෝ දෙනා දන්නා දෙය යලි මතක් කර ගැනීම උචිත ය. මාක්ස්වාදීන් ජාත්‍යන්තරවාදය යන්නෙන් අදහස් කරන්නේ, සමාජවාදය සඳහා අරගලය සහ ධනවාදය පෙරලා දැමීම, ජාතික සීමාවන් ඉක්මවා යා යුතුය යන මූල ධර්මයයි. ධනවාදයේ අර්බුදය වනාහී, නිෂ්පාදන බලවේගවල වර්ධනය හේතුවෙන් ජාතිකවාදය හා පුද්ගලික දේපල ක්‍රමය, ලෝක ආර්ථිකය හා සමාජ නිෂ්පාදනය සමග ගැටීමේ ප්‍රතිඵලයකි. කම්කරු පන්තිය යනු සිය පැවැත්මෙන් ම, සූරාකෑම මෙන් ම දේශ සීමා ද ඉවසිය නො හැකි පන්තියයි. ධනපති ක්‍රමය යනු ලොව පුරා කම්කරුවන් සූරා කන ගෝලීය පද්ධතියක් බැවින් ද, අද දවසේ නිෂ්පාදනය යනු ලෝක ගෝලීය ක්‍රියාදාමයක් හෙයින් ද, පන්ති විරහිත සමාජයක් සඳහා අරගලය එක් රටකට පමනක් සීමා කල නො හැකි ය. මෙම ඉදිරි දර්ශනය, ජාතීන් පුරා කම්කරුවන් අතර සහයෝගීතාව හා සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින අතර, සමාජවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධීකරනය වූ ගෝලීය උත්සාහයක අවශ්‍යතාව අවධාරනය කරයි. මෙම මූලධර්ම මත පිහිටා, අවස්ථාවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා අවංකව ම පෙනී සිටින සංවිධානයක් හෝ පුද්ගලයෙකු ජාත්‍යන්තරවාදී නො වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය මෙතැන දී අදාල ය. අප කන්ඩායම සම්බන්ධයෙන් ගත් විට, ජාත්‍යන්තර කමිටුව හෝ එහි ලංකා ශාඛාව වන සසපය හෝ මෙම ඉදිරි දර්ශනය අත් හැර දැමූ ප්‍රතිජාත්‍යන්තරවාදීන් යයි අප මෙතෙක් කිසිවිටෙකත් කියා නැත.” (emphasis added) සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 3, Nandana Nannetti, 19 October 2024. <https://socialist.lk/2024/10/19/pe1-3/>
    ↩︎
  9. “අප දැනටමත් සාකච්චා කර ඇති පරිදි එකිනෙකට සම්බන්ධිත විකල්ප තුනක් සදහා අපි සටන් වදිමු.
    1) පක්ෂය නිවැරදි මාවතට ගැනීම
    2) එය ජාත්‍යන්තර කමිටුවෙන් බිදී යන තත්වයකදී විකල්ප නායකත්වය ලෙස වැඩ කිරීමට සූදානම් වීම
    3) පන්ති අරගලයේ වෙනස්කම් මගින් ඇති කරන විප්ලවවාදී අරගලයකදී ඒකබද්ධව විප්ලවය සදහා වැඩ කිරීම. විප්ලවවාදී තත්වයකට මුහුන දීමට පක්ෂය සූදානම් නම් වෛෂයිකව අප අතර එකමුතුවකට කොන්දේසි නිර්මානය කරනු ඇත.” Nandana Nannetti, on 16 March 2024, SEP-Left WhatsApp Chat Discussion. 
    ↩︎
  10. https://socialist.lk/
    ↩︎
  11. Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century, David North, (2023) <https://www.wsws.org/en/articles/2023/04/05/zuwp-a05.html
    ↩︎

බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස  Read More »

Scroll to Top