ජී. හීලි නෙරපා හරී: හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) යෝජනාව – 1985 නොවැම්බර් 01
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක).

මෙහි නැවත පළකෙරෙන මෙම හජජාක යෝජනාව 1985 නොවැම්බර් 01 සිකුරාදා කම්කරු මාවත පත්‍රයේ පළ කෙරුණකි. හීලිගේ ජාතික අවස්ථාවාදය, කම්කරු විප්ලවවාදී පක්ෂය තුළ කල්ලිවාදී ගැටුම හා අවසානයේ එය ට්‍රොට්ස්කිවාදය පාවාදීම කෙරේ ගමන් කිරීම දක්වා ඉතිහාසය තුල එම පාවාදීමට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ ප්‍රධානම සන්දිස්ථානයක් ලෙස ජෙරී හීලි නෙරපා හැරීම සැලකිය යුතුය. කවිපයේ ජාතික අවස්ථාවාදයේ ස්වරූපය අවබෝධකර ගැනීම සඳහා එම අරගලයේ ලේඛන බැරෑරුම්ව හා මූලධර්මාත්මකව හැදෑරිය යුතුය. එම හැදෑරීම හුදෙක් අතීත අත්දැකීමක් අවබෝධ කර ගැනීම සඳහා පමණක් නොව අපගේම ව්‍යාපාරයේ ඉතිහාසය හා වර්ථමානය අවබෝධ කරගැනීමේ හා පාඩම් උගැන්මේ අත්‍යවශ්‍ය කර්තව්‍යය කි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) යෝජනාව
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1985 ඔක්තෝම්බර් 25 දා රැස්වීමේ දී පහත යෝජනාව සම්මත කලේය.
ජී.හීලි සිය සාමාජිකත්වයෙන් නෙරපා හරින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) ඔහු බ්‍රිතාන්‍ය ශාඛාවෙන් නෙරපා හැරීමට කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව අනුමත කරයි.
හජජාක සහ කවිපයේ කේඩරය සිය පෞද්ගලික අරමුණු සඳහා යොදා ගනිමින් ද ඔවුන්ගේ අයිතීන් උල්ලංගනය කරමින් ද හීලි දීර්ග කාලහක් තිස්සේ ඔහුගේ දේශපාලන ආධිපත්‍යය බරපතලව වැරදි ලෙස පාවිච්චි කළේය.
එසේ කිරීමේදී ඔහු හජජාකවේ සියලු ශාඛාවන් ඔහු කෙරේ රැඳවූ දේශපාලනික පිලිගැනීම හා විශ්වාසය වැරදි ලෙස පාවිච්චි කළේය.
ඔහු ගෙන ගිය භාවිතයන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසිකව තේරුණු කේඩරයට පහර එල්ල කිරීමකින් සමන්විත විය.
හීලි නෙරපා හැරීමට පාදක වූ හේතු පිළිබඳ දැවැන්ත සාක්ෂි හජජාක සතුවේ.
ජී. හීලි විසින් කරන ලද දේශපාලනික එකතු කිරීම් හජජාක කිසිසේත් අමතක කර හෝ නොතකා නැත. එහෙත් මෙ වැරදි කොතරම් බරපතල වන්නේද යත් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම හජජාකවේ යුතුකම හා වගකීම වන්නේ ය.
හජජාක තුළ දූෂනය ඉවසීමක් නැත. සියලුම නායකයින් සිය කටයුතු ගැන වග උත්තර කිව යුතු අතර පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් ඔවුනට ක්‍රියා කළ නොහැක.
තමාට එල්ල වූ චෝදනා බිඳ හෙළීමට හෝ තමා නෙරපා හැරීමට එරෙහිව කරුණු දැක්වීමට හෝ හීලි කිසිවිටෙකත් හජජාකව මුණ ගැසීමට කිසිදු උත්සාහයක් නොදැරීය.
ඊට විපරීතව, මෑත කාලයේ දී ඔහු, තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් වී ඇතැයි පෙන්නුම් කිරීමටත් හජජාකවේ ප්‍රමුඛ සාමාජිකයන්ට එරෙහිව දුෂ්ට අවලාද ව්‍යාපාරයක් ගෙන යාමටත් තම පෞද්ගලික සම්බන්ධතා යොදා ගනිමින් හජජාකව තුළ ප්‍රතිපත්ති විරහිත කණ්ඩායමික ව්‍යාපාරයක් ගෙන ගියේය.
හීලි නෙරපා හැරීමේදී, ඔහු අතීතයේ කරන ලද දේශපාලන එකතු කිරීම්, විශේෂයෙන්ම පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව 1950 සහ 1960 ගණන්වල කරන ලද අරගලය, ප්‍රතික්ෂේප කිරීමේ අපේක්ෂාවක් හජජාකවට නැත.
ඇත්තවශයෙන්ම නම් මේ නෙරපා හැරීම වනාහී, එම අතීත අරගලයන් පදනම් කෙරුණු ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමේත් ඉතා ග්‍රාම්‍ය අවස්ථාවාදය කරා ඔහුගේ පල්ලම් බැසීමේත් අවසාන ප්‍රතිඵලය වේ.
බ්‍රිතාන්‍යයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රායෝගික හා සංවිධානාත්මක ජයග්‍රහණයන් ඒවාම පැන නැංවූවා වූ ස්ටැලින්වාදයටත්, සංශෝධනවාදයටත් එරෙහිව ඓතිහාසිකවත් ජාත්‍යන්තරවත් මුල් විහිදුනු අරගලයන් ගෙන් වඩ වඩාත් වෙන් කර ලීම වෙත හීලි ගේ දේශපාලනික හා පෞද්ගලික පරිහාණිය පැහැදිලිව ඇදී යයි.
පක්ෂ තන්ත්‍රයේ වැඩීම තහවරු කිරීම වටා කේන්ද්‍රනය වූ ක්ෂනික ප්‍රායෝගික අවශ්‍යතා වලට මූළධර්මාත්මක ප්‍රශ්න වැඩි වැඩියෙන් යටත් කිරීම, දේශපාලනික අවස්ථාවාදය කරා පිරිහෙමින් ලෝකයේ පැරණිම ධනවාදී රටෙහි අධිරාජ්‍යවාදී පීඩනයන්ට ප්‍රතිබද්ධ ඔහුගේම දේශපාලනික හා සදාචාරාත්මක රැකවරනයන් වේගයෙන් ඛාදනය කර දැමීය.
මෙම තතු යටතේ ඔහුගේ බරපතල ආත්මීය දුබලතා වඩ වඩාත් අන්තරාය කාරී දේශපාලන කාර්‍යයක් ඉටු කළේය.
කවිපය හා හජජාකය තුළ තව තවත්, හිතුවක්කාරී ලෙස ක්‍රියා කරමින් හීලි, ලෝක පක්ෂයේ ඉදිරි පියවරයන් සම්බන්ධ කළේ හතරවැනි ජාත්‍යන්තරයේ මාක්ස්වාදී මූලධර්ම වලට හා එහි කේඩරයේ සාමූහික අරගලයට නොව ඔහුගේම පෞද්ගලික දක්ෂතාවයන්ටය.
තම අන්තරකරණීය තීරණයන් තමා විසින්ම වර්ණනා කර ගැනීම නොවැලැක්විය හැකි ලෙසම යොමු වූයේ භෞතිකවාදී අපෝහකවාදය බරපතලව විකෘති කිරීම කරාත් හීලි දැඩි ආත්මීය විඥානවාදියෙකු හා තත්කාර්‍යවාදියෙකු බවට පරිවර්තනය වීම කරාත් ය.
ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කේඩරය වර්ධනය කිරීම පිළිබඳ සංකීර්ණ ගැටළු කෙරෙහි ඔහුගේ පෙර පැවති උනන්දුව වෙනුවට හීලිගේ භාවිතය ධනපති ජාතිකවාදී නායකයන් සමගත් බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති හා ලේබර් පක්ෂ ප්‍රතිසංස්කරණවාදීන් සමගත් ප්‍රතිපත්ති විරහිත සබඳතා වර්ධනය කර ගැනීමට මුළු මනින්ම යෙදවුනි.
ඔහුගේ පෞද්ගලික ජීවන රටාව ඊට සම්පාතික පරිහාණියකට භාජනය විය.
වරෙකදී තමන් සටන් කළා වූ මූළධර්මයන් අතහැර දමන්නා වූත් ජාතික ශාඛාවන් ගොඩ නැගීමේ දී හජජාකට යටත් වීම ප්‍රතික්ශේප කරන්නාවූත් හීලි වැනි අය නොවැලැක්විය හැකි ලෙසම පංති සතුරාගේ පීඩනය යටතේ පිරිහෙන්නෝය.
මෙම ඓතිහාසික නීතියට නතු නොවන්නෙකු නැත.
හජජාක යළි තහවරු කරන්නේ කවර නායකයෙකු වත් කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවයන්ට ඉහළින් පිහිටනු නැති බවයි.