lead article

Police

ශ්‍රී ලංකා පොලිසිය කොළඹ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට හිංසා කරමින් උද්ඝෝෂණ ද්‍රව්‍ය පැහැර ගනියි 

සංජය ජයසේකර විසිනි.

ශ්‍රී ලංකා පොලීසිය අද දිනයේ (24) කොළඹ ක්‍රියාකාරී කමිටුවේ (කොක්‍රික) එක් සාමාජිකයෙකු ප්‍රශ්න කිරීමට භාජනය කළ අතර, දිනයේ පසු හාගයේ දී උසාවි නියෝගයක් යටතේ කොක්‍රික උද්ඝෝෂණ පත්‍රිකා, දැන්වීම් හා පෝස්ටර් පොලිස් භාරයට ගත්තේය. 

කොක්‍රික සාමාජිකයෝ අද දින උදේ වරුවේ පිළියන්දල නගර ප්‍රදේශයේ පත්‍රිකා බෙදීමේ උද්ඝෝෂණයක නිරත වූහ. එසේ බෙදන ලද්දේ කොක්‍රික විසින් මෑත දී ම නිකුත් කරන ලද, “‘යුක්තියේ මෙහෙයුම’ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු” යන ප්‍රකාශය යි. උදේ 9.45 ට පමණ ජනයා අතර පත්‍රිකා බෙදමින් සිටි එක් සහෝදරයෙකු නැවැත්වූ පොලීසිය ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන ගියෝය. ඔහු පොලීසියට රැගෙන ආවේ මන්දැයි ප්‍රශ්න කළ කොක්‍රික සාමාජිකයන්ට පොලීසියේ ස්ථානාධිපති දැනුම් දුන්නේ, “පොලීසිය නින්දාවට පත් කරන” කරුණු පත්‍රිකාවේ ඇතුලත් වී ඇති බව  සහ, පත්‍රිකාව සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසියට අවශ්‍ය බවයි. ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පැයක පමණ කාලයකට පසුව එම සහෝදරයා මුදා හරින ලදී.  

Campaign
කොක්‍රික සාමාජිකයෝ 2024 පෙබරවාරි 24 වන දින පිළියන්දල නගරයේ උද්ඝෝෂණයක යෙදෙති.

සවස 4.45 ට පමණ කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ද ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, දණ්ඩ නීති සංග්‍රහයේ 484 හා 485 යන වගන්ති යටතේ වූ වැරදි සම්බන්ධයෙන් නිවෙස පරීක්ෂා කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් ද අතැතිව කොක්‍රික ලේකම් හා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය සහෝදරයාගේ නිවෙසට පැමිණියෝය. අභිප්‍රේත වරද ලෙස එහි දැක්වෙන්නේ, සාමය බිඳ දැමීමක් අවුළුවා ගැනීමේ අභිප්‍රායයෙන් යුතුව චේතනාන්විත ව නින්දා කිරීම සහ කැරලි ගැසීමේ හෝ ජනරජයට එරෙහිව හෝ මහජන සාමයට එරෙහිව වරදක් කිරීමේ අභිප්‍රායයෙන් යුතුව සාවද්‍ය වාර්තා බෙදා හැරීම යන ඒවා ය. පොලීසිය, කොක්‍රික ප්‍රකාශයේ තේමාව යටතේ පෙබරවාරි 27 දින කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සඳහා සූදානම් කර තිබූ කොක්‍රික ප්‍රකාශය සහිත පත්‍රිකා 500 ක් පමණ ද, පෝස්ටර් හා උද්ඝෝෂණ පුවරු දුසිම් ගණනාවක් ද අත්අඩංගුවට ගත්තේය.    

Police
කැස්බෑව පොලීසිය 2024 පෙබරවාරි 24 දින මාධ්‍යවේදී විජේසූරියගේ නිවස වටලයි.

ඊයේ (23) නියෝජ්‍ය පොලිස් අධිකාරි එස්. වික්‍රමසිංහගේ අණ පරිදි විජේසූරිය ද පිළියන්දල පොලීසියට කැඳවා තිබිණ. අල්ලස් චෝදනාවක් ආශ්‍රිත පැමිනිල්ලක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් තමන්ට මරණ තර්ජන එල්ල කරන ලද බවට විජේසූරිය කළ පැමිණිල්ලක් හා කැස්බෑව පොලීසියේ පොලිස් නිලධාරීන් තමන්ට ලිංගික හිංසා පීඩා සිදු කළැයි ඔහුගේ පුත්‍රයාගේ ආදරවන්තිය කළ පැමිණිල්ලක් පිළිබඳව කෙරෙන “කඩිනම් පරීක්ෂණයක” කොටසක් ලෙස පැය දෙකකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී. මෙම චෝදනා ව්‍යාජ බවත්, චෝදිත ක්‍රියාවන්හි පොලිස් නිලධාරීන් නිරත වී නැති බව තමන් දන්නා බවත් දැනටමත් තීරණය කර සිටින නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා ඒ බව විජේසූරියට දැනුම් දී ඇත.  

පොලිසිය කොක්‍රික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වහා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති නමුත්, ඉහත දැක්වූ බරපතල චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහි ක්‍රියා මාර්ග ප්‍රමාද කර ඇත. 

පොලීසියේ ද වික්‍රමසිංහ ආණ්ඩුවේ ද මෙම ක්‍රියා කලාපය කොක්‍රික හා පීඩිත මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ ප්‍රහාරයක් වන අතර, එහි අරමුණ වී ඇත්තේ දේශපාලන විසම්මුතිය මැඩීම සඳහා තැති ගැන්වීම් හා තාඩන පීඩන සිදු කිරීමයි. පොලිසියත් ආණ්ඩුවත් යත්න දරන්නේ මෙම පත්‍රිකා මහජනයා අතට පත්වීම වැලැක්වීමට සහ කොක්‍රික උද්ඝෝෂණ වැලැක්වීමටයි.

දේශපාලන අයිතිවාසිකම් වලට එරෙහි මෙම ප්‍රහාරය හෙලා දැකීමටත්, රජය විසින් කොක්‍රික සාමාජිකයන්ට එල්ල කෙරෙන තාඩන පීඩන හා එහි දේශපාලන කටයුතුවල හුස්ම හිර කිරීමේ ප්‍රයත්න වහා නවතා දමන ලෙස බලකර සිටීමටත් පෙරට එන මෙන් අපි කම්කරුවන්, පීඩිත ජනයා හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනා කැඳවුම් කර සිටිමු.

ශ්‍රී ලංකා පොලිසිය කොළඹ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට හිංසා කරමින් උද්ඝෝෂණ ද්‍රව්‍ය පැහැර ගනියි  Read More »

Police

Sri Lanka Police harass Colombo Action Committee members and seize campaign material 

By Sanjaya Jayasekera.

Sri Lanka police today questioned one comrade of Colombo Action Committee (CACPS) and later in the day took into custody its campaign material upon a court order. 

CACPS members were engaging in a leaflet distribution campaign today (24) morning in Piliyandala town area. They were distributing CACPS latest statement (in Sinhala) titled “Defeat the state terror unleashed against the masses, including the oppressed youth, in the name of “Operation Yukthiya”! Around 9.45am in the morning, Piliyandala police stopped one comrade who was distributing leaflets to people and escorted him to the police station. Inquired as to why he was brought to the police station, the Officer in Charge (OIC), informed CACPS members that the leaflet contains material “insulting the police” and that the police want to conduct an investigation over and around the leaflet.  Police recorded a statement from the comrade and was released within about an hour.  

Campaign
CACPS members campaigning in Piliyandala town on February 24, 2024

In the evening around 4.45pm, a team of police officers including the OIC of Kesbewa Police arrived at the residence of Comrade and journalist Shantha Wijesuriya, who is the Secretary of CACPS, along with a warrant from Kesbewa Magistrate Court  to search the house for offences under Section 484 and 485  of the Penal Code.  These purported offences respectively are intentionally insulting with intent to provoke a breach of peace, and circulating false reports with intent to cause mutiny or an offence against the republic or public tranquility. The police seized around 500 leaflets containing the CACPS statement and several dozens of posters and placards that had been prepared for use at the demonstration, to be held on February 27 in Kesbewa town, organized by the CACPS and Kesbewa Action Committee, on the theme of the statement.

Police
Kesbewa Police encircle journalist Wijesuriya’s residence on February 24, 2024

Yesterday, Wijesuriya was also summoned by Piliyandala police by order of S. Wickremasinghe, ASP, to record a statement over two hours, as part of an “expeditd investigation” over a complaint lodged by him of alleged death theats by a police officer over a bribary complaint, and over another complaint made by his son’s fiancee in respect of an alleged sexual assault by police officers attched to the Kesbewa police. The ASP has already decided and told Wijesuriya that his allegations are false and that he knows that police officers did not engage in the alleged activities!    

While the police have hurriedly initiated court proceedings in respect of CACPS activities, have delayed action against those accused of serious allegations.

These acts of police and of Wickremasinghe’s government are an attack against freedom of expression of CACPS and the oppressed masses, and are intended to intimidate and harass political dissent. Police and the government are attempting to block leaflets reaching the masses and stopping CACPS campaigns. 

We call upon workers, oppressed masses and those who defend democratic rights to condemn this assault on political rights and fight for and demand the immediate halt of harassment of CACPS members and stifling of its political activity by the government. 

Sri Lanka Police harass Colombo Action Committee members and seize campaign material  Read More »

Yukthiya

“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය.

Yukthiya
Image courtesy:adaderana.lk

යුක්තියේ මෙහෙයුම නමින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනය, ආන්ඩුව, තරුනයන්ට සහ සෙසු පීඩිතයන්ට එරෙහි මර්දන උත්සන්න කරන එක් ආකාරයක් බව දැනටමත් පැහැදිලි වී ඇත. එහි ඉලක්කය දිග්ගැසෙමින් පවතින පන්ති අරගලයයි.

ආන්ඩුව හදිසියේ මත් කුඩු මර්දනයට පැන ගත්තේ මහජන වෛරයට පාත්‍ර වී ඇති ධනේශ්වර රාජ්‍යය බලහත්කාරයෙන් පවත්වා ගැනීමේ එක් පියවරක් ලෙස ය; ප්‍රචන්ඩත්වයෙන් සමාජය ත්‍රස්ත කර තබා ගැනීමට මෙන් ම, පසුගාමී සමාජ තට්ටුවක සහාය ගොනුකර ගැනීමට ය. පවතින නීතියේ සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීම සඳහා පොලිසියට අවසර දීම හා එම තත්වය රටේ සාමාන්‍යය බවට පත්කිරීම මේ මගින් දැනටමත් සිදු වී ඇත. මේ වනාහී නඩු විභාග නො පවත්වා චූදියන් මරා දැමීමට අවසර ලැබ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති පොලිසියකි.

පිලියන්දල, මඩපාත පදිංචි වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන, අරුන ඉන්දික විජේසූරිය පොලිස් කොමිෂමට කර ඇති පැමිනිල්ලකින් හෙලිදරව් කරන මර්දන නාටක මාලාව, රට පුරා දැන් සිදුවන දෙයෙහි චිත්‍රයක් අප හමුවට ගෙන එයි. එකී පැමිනිල්ලට අනුව, දෙසැම්බර් 6 දා රාත්‍රී කැස්බෑව පොලිසිය තරුනයාගේ නිවසට කඩා පැන, එය සහමුලින් පරික්ෂා කර, සැක කටයුතු කිසිත් සොයා නොගත්  නමුත්, තරුනයා අත් අඩංගුවට ගෙන, නිදහස් කිරීම සදහා රුපියල් 10,000ක පගාවක් ඉල්ලා ඇත. පගා ගැනීම සදහා ඉදිරිපත් වී ඇත්තේ සාජන් අල්විස් සහ පොලිස් රියදුරු මදුශංක ය. ඉන්දිකගේ මිතුරෝ එම මුදල ලබා දුන්හ. පසු දින පොලිස් ඇප මත ඔහු මුදා හැරුනි. 

මේ ගැන පසුව දැනගත් ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙකු හා දේශපාලන ක්‍රියාකාරියෙකු වන තරුනයාගේ පියා ශාන්ත විජේසූරිය මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට කැස්බෑව පොලිසියට සිය පුතු සමග ගිය අතර, පොලිසිය පැමිනිල්ල බාර ගැනීම මග හැරියේ ය. පගාව ගැනීමට විරුද්ධව පැමිනිලි කිරීමට උත්සාහ කල නිසා පොලිස් දඩයක්කාරයෝ උරන වූහ. 

දෙසැම්බර් 13, සිවිල් ඇඳුමින් පැමිනි පොලිස් පිරිසක් අරුනට පහර දී ඔහුගේ නිවස ද පරික්ෂා කර නැවතත් ඔහු අත් අඩංගුවට ගත්හ. තරුනයා සිය ඥාති සහෝදරයෙකුට දුරකථන ඇමතුමක් දුන් විට පොලිසිය එම ඥාතියාගේ නිවස ද වට කලේ ය. නැවත, දෙසැම්බර් 17 පාන්දර 3ට පමන පගා ගැනීමේ චෝදනාවට ලක් වූ අල්විස් ඇතුලු පොලිසිය තරුනයාගේ නිවස වට කරන ලදී. එහිදී ෂෙහාන් නමැති තරුනයෙකු ද පොලිසිය සමග සිටි අතර, අයිස් පැකට් එකක් ලෙස පෙනී ගිය දෙයක් ෂෙහාන්ට පෙන් වූ පොලිසිය “ෂෙහාන්, මේක ඔයාට දුන්නේ අරුන නේ ද“ යි විමසුවේ ය. නමුත්, නිවස තුල දී පැන නැගි විරෝධතා හමුවේ, පොලිසිය “අරුන ඔයා අදත් දිනුම්“ ය අනතුරු හඟවමින් පසු බැස්සේ ය.

පසුව, පෙබරවාරි 2 දහවල් කැස්බෑව උසාවි භූමියේ දී, එම පොලිසියේ පෝල් නමින් හඳුන්වන නිලධාරියා, තරුනයාගේ පියා වන විජේසූරියට, “වැඩිය දැගලුවොත් වෙඩි තබන” බවට තර්ජනය කර ඇත. එදිනම සවස 5ට පමන තරුනයා ඡායාරූපකරනයේ යෙදී සිටි ස්ථානයකට කඩා වැදුනු පොලිසිය ඔහු අත් අඩංගුවට ගත් අතර, පසු දින ඔහු බැලීමට ගිය ඔහුගේ පෙම්වතිය පොලිසියේ කතාබහ පටිගත කලේ ය යන චෝදනාව මත අත් අඩංගුවට ගෙන පහර දී, ඇයගේ ඇඳුම් බලහත්කාරයෙන් ගලවා අයිස් ඇත්දැයි පරීක්ෂා කරමින් අතවර කර ඇත. තරුනයා බැලීමට ගිය ඥාති සහෝදරයා ද අත් අඩංගුවට ගෙන පසුව මුදා හරින ලදී. අයිස් දමා ඒ සමග උසාවියට ඉදිරිපත් කල තරුනයා අයිස් භාවිතා කර ඇතැයි ද ඒ අනුව පුනරුත්ථාපනයට දමන ලෙස ද පොලිසිය කල ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කලේ ය. වෛද්‍ය පරීක්ෂනවලින් අයිස් භාවිත කලේ ය යන චෝදනාව නිශ්ප්‍රභ වී තිබිනි.   

මේ සිද්ධීන් ගැන පැමිනිලි කිරීමට තැනක් නැත. පැමිනිලි විභාග කරන තැන් දිගින් දිගටම පැමිනිලි බාර ගැනීම මග හැර ඇත. එවන් බොහෝ තැන්වලින් ලැබී ඇති පිලිතුර නම් ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ය.

පෙබරවාරි 6 සමාජ මාධ්‍ය වාර්තාවක් බද්දෙගම පොලිසිය එම වසමේ ගනේගම ජීවත් වූ දෙදරු පියෙකු වන ජීවන්ත කුමාර අයිස් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 350ක් දමා අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා කලේ ය. සිවිල් ඇදුමින් පැමිනි පොලිස් කන්ඩායම සිය සහෝදරයා වන ජිවන්තට හා එතනට පැමිනි අනික් සහෝදරයාට පහර දීම සහ ඉන් එක් අයෙක් සිය සහෝදරයාගේ සාක්කුවට කලු පැහැති පාර්සලයක් දැමීමට උත්සාහ කිරීම පාසැල් ශිෂ්‍යාවක් වන නැගනිය විසින් වීඩියෝ ගතකරන ලදී. ඇයට පහර දී දුරකථනය උදුරා ගත් පොලිසිය ජීවන්ත අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අතර සියල්ලට සාක්ෂි දැරූ දුරකථනය අතුරුදන් කර ඇත. ශිෂ්‍යාවට හා ඇගේ අනෙක් සහෝදරයාට කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ගාල්ල සහකාර පොලිස් අධිකාරීන්ට කල පැමිනිලිවලින් මෙම පීඩිත මිනිසුන්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීමට හේතුවක් නැත. 

මෙවැනි සිය ගනනක් සිද්ධීන් අතර, ජනවාරි 18 සිදු වූ, පොලිසිය සිවිල් ඇඳුමෙන් සිට අත දැමූ විට නතර නො කලේ යයි, නාරම්මල වඩු කාර්මිකයාගේ ලොරිය ලුහුබැඳ ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රකට ය. මෙසේ ක්‍රියාත්මක වන ඊනියා යුක්තියේ මෙහෙයුම මානව හිමිකම් වැනි කිසිදු විරෝධතාවකට යටත් නො වී ඉදිරියට යනු ඇති බවට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී සහතික කර ඇත.

දුරාචාරයට එරෙහි සදාචාරයේ නියෝජිතයන් ලෙස රාජ්‍ය මර්දන යන්ත්‍රය පෙනී සිටීමට දරන මේ ප්‍රයත්නය වංචනික ය, දුෂ්ට ය, නින්දිත ය. එය, ධනපති පන්ති පාලනයේ අර්බුදය පීඩිත මහජනතාව මත පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමේ දී මතු වන කම්කරු, පීඩිත ජනයාගේ විරෝධතා මැඩ පැවැත්වීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

සියලු අපරාධවල මූලය බංකොලොත් ධනපති පන්තියේ පාලනයයි. එය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. මේ ඉහවහා ගිය ආර්ථික, දේශපාලනික හා සමාජ ප්‍රශ්න ඇති කර තිබෙන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් නොවේ.  මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දේශපාලන සහාය ලත් ජාත්‍යන්තර හා දේශීය පරපුටු අපරාධ ජාලයන් හරහා ක්‍රියාත්මක වේ. මතට ඇබ්බැහිවීම ම යනු, නිමක් නැති ආර්ථික, දේශපාලන සමාජ ප්‍රශ්නවලින් නිපන් සමාජ අසහනයේ ප්‍රතිඵල වේ. මෙම තතු යටතේ ලංකාවේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින දෛනික පොලිස් හමුදා පරීක්ෂාවන්, අඟලෙන් අඟලට පොලිස් හමුදා මාර්ග බාධක ඉදි කිරීම් හා සෝදිසි කිරීම් කම්කරු පීඩිත ජීවිත පොලිස් රාජ්‍ය කොන්දේසි වලට යට කිරීම සඳහාම සැකසූ යාන්ත්‍රනයක් මිස මත්ද්‍රව්‍ය මැඩීම කෙරෙහි කිසිදු සම්බන්ධයක් නැත. 

ලෝක බංකුවේ සංඛ්‍යා ලේඛන අනුව, සමාජය වෙලාගෙන පවතින දුප්පත්කම දිනෙන් දින ම වැඩි වන ආකාරය සංඛ්‍යා ලේඛනවලින් දැක්වේ. 2019 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 11.3 වූ දුප්පත්කම, 2020 දී 12.7ට ද, 2021 වසරේ 13.1 සිට 2022 දී 25 දක්වා ද ඉහල යමින්, 2024 දී 27.9 දක්වා මහා ජනකායක් වෙලා ගන්නා තතු කරා වර්ධනය වී ඇත. මෙය ලෝක පරිමානව පැතිරුනු ධනවාදයේ බංකොලොත්කමේ ප්‍රකාශනයකි. 2022 සැප්තැම්බර් හා 2023 මාර්තු අතර ලෝක දුප්පත්කම මිලියන 648 සිට 659 දක්වා මිලියන 11කින් වැඩි වූ බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ, දෛනිකව ඩොලර් 2.15 ට අඩු ආදායම් ගනන් බැලීමෙනි. නමුත් පහල මධ්‍යම හා ඉහල මධ්‍යම කාන්ඩයේ රටවල්, එනම් ඩොලර් 3.65 සහ 6.85 මට්ටම් සැලකිල්ලට ගත් කල එය තවත් මිලියන 28කින් ඉහල යයි. දුප්පතුන්, කුසගින්න, ලෙඩ රෝග හා අසහනය විසින් ගිල ගනු ලැබ ඇත. අනික් අතින් 1%ක් වන ඉහල ධනපතියන්ගේ ආදායම පිම්මේ ඉහල යමින් පවතී.

මෙහි ප්‍රතිඵල තුලට, මතට ඇබ්බැහි වීමේ සිට විවිධ අපරාධ හා සිය දිවි නසා ගැනීම දක්වා සමාජ ඛේදවාචකයක් උත්සන්න වීම ඇතුලත් ය. මෑත ම සිද්ධියක් නම්  පෙබරවාරි 11 වන දින තඹලගමුව දුම්රිය ස්ථානය අසල දී සිදු වූ, 14 වියැති දරුවෙකු දුම්රියට පැන දිවි නසා ගැනීම ය. දුම්රිය නලා හඩට අවනතව සෙසු දරුවන් මාර්ගයෙන් ඉවත් වූ අතර මේ දරුවා දැත දෙපසට විහිදාගෙන සිනාමුසුව දුම්රිය තමන් යට කරගෙන යන තෙක් බලා සිටීමේ බිහිසුනු අත් දැකීම විස්තර කරමින් රියදුරා පවසා ඇත්තේ තම ජිවිත කාලයේ මෙවන් දෙයක් දැක නැති බව ය‍. පසුව කල විමසීමක දී දරුවාගේ ලොකු අම්මා මාධ්‍යයට පවසා ඇත්තේ දරුවා උග්‍ර කෑම බීම හිඟයකින් පෙලුනු බවයි.

මහජනයාගේ අවධානය පවතින්නේ ද, පැවතිය යුතු වන්නේ ද මෙම ප්‍රශ්න කෙරේ ය. ලෝකය කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා තරුනයන්ගේ අරගලවලින් ඇලලී යමින් තිබේ. ආන්ඩු සමාජ මාධ්‍ය වාරන පනත්, ප්‍රති-ත්‍රස්ත පනත් ගෙන එමින් ප්‍රදර්ශනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධය සහ භීෂනය පැතිරවීම කිසිසේත් ධනපති ආන්ඩුවල ශක්තියේ ප්‍රකාශන නොව, ඒවායේ ඓන්ද්‍රීය දුර්වලකමේ ප්‍රකාශනයන් වේ. එම ආන්ඩුවලට මහජනයාගේ එකදු ආර්ථික හා සමාජ අවශ්‍යතාවක් හෝ ඉටු කල නො හැකි ය. ලෝකයේ කොතැනක වුවත්, එවන් තන්ත්‍රයන්ට තව දුරටත් පැවතීමට හැකියාව ලැබී ඇත්තේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පෙරමුනු විසින් මහජන අරගල කඩාකප්පල් කිරීම, පාලනය කිරීම හා සම්මුති ගැස්සවීම සදහා පන්ති අරගලයේ සෑම සිද්ධියක් තුලටම කඩා වැදී ම නිසා ය. කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිතයන් වන අපි ස්ව-ආරක්ෂාව නිල ධනපති ආයතනවලින් කිසි සේත් නො ලැබෙන බවත්, ඒ වෙනුවට, එම සංස්ථාපිතයන්ට එරෙහිව කම්කරු පන්ති විප්ලවවාදී ක්‍රියා මාර්ගය යටතේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් හැර අන් මගකින් නිදහස සහ ආරක්ෂාව සහතික නො වන බවත් වටහාගත යුතු වෙමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව, පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ගත හැකි කමිටු වැඩපල හා නිවහන් ප්‍රදේශ  ආශ්‍රයෙන් ගොඩ නැගීමට පෙරට එන මෙන් ධනේශ්වර ප්‍රහාරවලට විරුද්ධ සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලමු. ධ⁣නපති පාලනය අවසන් කරමින්, ඒ හා බැඳී සමාජ ප්‍රගතියේ මාවත අහුරන සියලු ප්‍රවනතා සැබැවින් ම සමාජය තුලින් අතුගා දැමිය හැකි වන්නේ සහ එසේ කිරීම අවශ්‍යකර පවතින්නේ එවන් මහජන ව්‍යාපාරයකටම පමනි.

සියලු මර්දන නීති අහෝසි කරනු!

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා පෙරට!!

“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු! Read More »

Rw

Sri Lanka government enacts social media crackdown law, tables new anti-terrorism law 

By Sanjaya Jayasekera.  

Sri Lanka Speaker, Mahinda Yapa Abeywardena last Thursday (01) signed into law the Online Safety Act (No 09 of 2024) (OSA), a piece of legislation long prepared by the ruling class to crack down upon freedom of dissent in the country. The law was approved by the Parliament late January, with a majority of 46 votes, including provisions not in compliance with even the limited amendments proposed by the country’s Supreme Court in its determination on the Bill delivered last October. Subject to such proposals, the Supreme Court found the law, as a whole, constitutional.

This law is patently anti-democratic. It empowers a government body, the Online Safety Commission (OSC), the sole power to determine and declare the “falsity of any statement“, which would be published on an online portal, and thereupon prosecute anybody who makes and communicates a statement contrary to such “truth” declared. 

“False statement” is defined as “a statement that is known or believed by its maker to be incorrect or untrue and is made especially with intent to deceive or mislead”. This knowledge or belief is presumed to be shaped by what is declared as false by the OSC, or what the government authorities have claimed to be true.  

A person could be prosecuted for the offenses, among others, of “communicating a false statement” online and (a) posing “a threat to national security, public health or public order” or “promoting feelings of ill-will and hostility between different classes of people” (Section 12); (b) where such statement amounts to contempt of court; (c ) giving “provocation to any person or incites any person intending or knowing it to be likely that such provocation or incitement, will cause the offence of rioting to be committed”; (d) voluntarily causing “disturbance to any assembly lawfully engaged in the performance of religious worship or religious ceremonies”; (e) insulting or attempting to insult “the religion or the religious beliefs of that class” with “the deliberate and malicious intention of outraging the religious feelings of any class of persons”; (f) inducing “any other person to commit an offence against the State or against the public tranquility” with “intent to cause any officer, sailor, soldier, or airman in the navy, army or air force of Sri Lanka to mutiny”  or with “intent to cause fear or alarm to the public”. A person, “who wilfully makes or communicates a statement”, either true or false, “with intention to cause harassment to another person” (“target person”) by publishing any “private information” of the target person or a related person and causes such person “harassment”, also commits an offence. All such statements are “prohibited statements”.

Attempting, abetting and conspiring to commit these offences are also crimes.

The punishments for these offenses range from three to five to seven years imprisonment and in some instances may be doubled in the event of a subsequent offence, coupled with fines up to one million rupees. 

The OSC has sweeping powers to order any internet service provider or internet intermediary (which provide the service of social media platforms) to disable access by end-users to an online location (such as a website, webpage, chatroom or forum), which contains a prohibited statement. It can also order removal of such statements. It can blacklist a website, social media account or a platform as a “declared online location”. The commission is also empowered to seize “property movable, and immovable and to sell, lease, mortgage, exchange, or otherwise dispose of the same”. 

Criminalizing “fake news” has been the demand of the ruling class for some time. It was on the agenda of successive governments during the recent past – a draft law was on the table during the former Sirisena-Wickremasinghe government in 2019, following the Easter Sunday bomb attacks, and then under former president Gotabaya Rajapaksa, who was ousted by the mass struggles of April-July 2022, mainly organized through social media. These attempts were defeated temporarily by wider objections raised by civil society groups and international organizations, and right-wing political parties who demanded a social media and internet regulatory law that is in line with the “international standards”. 

Rw
Sri Lanka’s President Ranil Wickremesinghe salutes military parades at the the government’s 76th Independence Day celebrations in Colombo, on February 4, 2024. | Photo Credit: Reuters

Presenting the Bill in the Parliament, Public Security Minister Tiran Alles claimed that this law is required to fight online harassment against women and children. This is only a pretext. He also revealed the intention to curb “misinformation” that damaged the reputation of parliamentarians. This is a reference to the extensive social media activism during mass struggles of 2022 that rejected the whole parliament. 

Every opposition party in the parliament agrees with the government for a social media regulatory law placed in their hands.

During the parliament debate, National People’s Power (NPP) Leader Anura Kumara Dissanayake concurred with Alles declaring that “things that should not happen also are taking place [in social media]”.

Main opposition party Samagi Jana Balawegaya (SJB) member of parliament, Harsha de Silva worried that international tech giants would abandon Sri Lankan online space. His is the concern of the tech profiteer capitalists, whom de Silva wants to confer unbridled freedom to attract investment.  Around the world, these companies have already been complicit in government censorship of free speech. 

If and when in power, these parties will also ruthlessly employ these laws against the working class and political opponents, particularly from the left, to meet the demands of international financial capital. 

Pseudo-left FrontLine Socialist Party (FSP) Education Secretary Pubudu Jayagoda told media, the proposed law is redundant because, “there are already laws to deal with situations of this nature [those covered by the new law]”, and conveyed FSP’s subservience to the oppressive legal system of the bourgeois state and the parliament.  Its “People’s Council” programme is an appendage of the parliamentary system. 

Another view among the middle class has been vocalized by Gamini Viyangoda, writing in the pseudo-left paper “Anidda” on Sunday (04). Viyangoda says that the Bill is politically maneuvered for the government  “to prepare an environment to safely face the upcoming critical elections”. President Ranil Wickremasinghe, who himself knows to have a rare chance for him to gain a presidential election win, is not making these laws for himself, but for the capitalist establishment,  all of whom,  including NPP and SJB, have affirmed their readiness to go ahead with the austerity measures dictated by the International Monetary Fund (IMF), on the back of the people. This is the very truth that these radicals conceal from the people. 

While OSA is made law, the government placed on the pipeline a new anti-terrorism law, surpassing the powers of arrest, administrative detention or custody and prosecution under the existing draconian Prevention of Terrorism Act  (PTA) of 1979. More than 35 parties challenged the proposed law last month in the country’s Supreme Court. Poet Ahnaf Jazeem, who is a former torture victim of PTA, petitioned the court and submitted that “this authoritarian law… is essentially designed to be used as a weapon of collective punishment against the working class… It is driven by class hate.

Soon after his appointment as president, Wickremasinghe declared his government’s class war against the working people and the poor, poised to implement harsh austerity measures dictated by the IMF. In this backdrop, these laws are the new arms of Wickremasinghe’s armory to be used against political dissent, especially left-wing political ideas and movements, journalists and activists, to intimidate, harass, question, arrest, and imprison them, and block websites and social media accounts. Sri Lanka police is notorious for employing draconian anti-terrorism, public security and hate speech laws against social media activists, artists, protesters and ethnic-minorities. 

Recently, Alles deployed special police forces to “fight drug menace” and arrested over 56,000 since December 17. This operation, falsely named “Yukthiya” (Justice), is intended to terrorize urban and rural impoverished areas, intimidating working people and youth throughout the country. Last month, the government commenced using facial recognition technology, according to Alles, as part of plans to “eradicate” the under-world and drug-trafficking. 

Wickremasinghe has come a long way toward a police state, with dictatorial powers conferred to him under the country’s communal constitution. He has deployed tri-forces as strikebreakers and used essential services laws to witch-hunt worker leaders. 

The global imperialist crisis, however, has not left Wickremasinghe alone in this onslaught against the masses. Just one month before OSB was tabled in parliament, the United Kingdom passed a similar law targeting social media freedom. In India, websites and social media platforms are now required to remove content about the Union Government, when notified by the Press Information Bureau (PIB) as “fake”.

The trade union leaders have succumbed to Wickremasinghe’s  IMF “economic restructuring” plans and have no political programme to fight against austerity, nor to defend democratic rights. It is only the working class, which can and should fight to abolish these repressive laws and defend democratic rights. This requires organizing in their own independent organizations, united across ethnic divisions and industries, to bring about a government of the working people, free the economy from the siege of international financial capital and restructure the economic life on socialist lines.  

Sri Lanka government enacts social media crackdown law, tables new anti-terrorism law  Read More »

Independence

ඊනියා නිදහසේ 76 වන සැමරුම: කම්කරු පන්තියට එරෙහි සංදර්ශනයක්

පී.ජී. පුණ්‍යවර්ධන විසිනි.

පසුගිය වසරේ වියදම සමඟ සැසඳූවිට මහජන මුදලින් අඩු තරමින් රුපියල් ලක්ෂ 2000ක් කාබාසනියා කරමින් ද, මහා මාර්ග මහජනයාට අවුරා ලමින්  හමුදා සරඹ පුහුණුවීම් පවත්වමින් ද ලංකාවේ ධනපති ආණ්ඩුව ඊනියා නිදහසේ 76 වන වසර සැමරීමට කටයුතු යොදමින් සිටී. මෙකී ‘නිදහස්’ සමරුව සඳහා ධනපති පන්තියේ සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද, ආගමික සංස්ථා ද රාජ්‍යය සමඟ ස්වේච්ඡාවෙන් ම පෙළ ගැසී සිටිති.  

ඔවුන් විසින් සමරනු ලබන මෙම ‘නිදහසේ’ ස්වභාවය සංකේතවත් කරමින් පසුගිය සතියේ කැළණි සරසවියේ සිසුන්ගේ හා සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරවලට කඳුළු ගෑස් හා අධි බල ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

Independence
“නිදහසේ” 75 වන සැමරුම

අධික ජීවන බරින් හා සමාජයේ සෑම ක්ෂේත්‍රය ම අළලා ගත් අතිශය තියුණු සමාජ අසමානතාවයක පීඩනයෙන් මැඩී සිටින ලංකාවේ කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන්, තරුනයන් ඇතුළු පීඩිත ජනයාගේ අත්දැකීම වී ඇත්තේ දිනෙන් දින තම නිදහස අහිමි කෙරෙමින් පවතින ආකාරයයි. මත්ද්‍රව්‍ය මැඩීමේ නාමයෙන් දෛනික පදනමකින් සිදු කෙරෙන හිංසා පීඩාවන් එදිනෙදා ජීවිතය බවට පත් වී ඇති අතර, ත්‍රස්ත පනත් ඉදිරියට දමන අතර, මහජනයාගේ විරෝධය හා සාකච්ඡා වළක්වමින් සමාජ මාධ්‍ය වාරණයේ නව නීති පෙබරවාරි 01 දා සිට බලාත්මක කර තිබේ.

මානව වර්ගයාගේ විද්‍යාත්මක නිපදවීම් හරහා අත්පත් වී ඇති සන්නිවේදනයේ නව වර්ධනයන් කම්කරු පීඩිත ජනයාට අහිමි කරමින්, ඒවා වරප්‍රසාද ලත් පන්තිවල පන්ති අවශ්‍යතා වෙනුවෙන් පමණක් මෙහෙයවා ගැනීමත්, නිදහස් සාකච්ඡාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මුළුමනින් වසා දැමීමත් මෙම නීතිවල අරමුනයි. 

ජාතික ආර්ථිකයක් පිලිබඳ සියලු බලාපොරොත්තු සිඳී ගිය, තම රාජ්‍යය සතු ජාතික සම්පත් විදේශීය ධනපතියන්ට පවරා දීමේ අනවරත ප්‍රයත්නයකින් දිවි රැක ගැනීමට තැත් කරන පාලක පන්තියේ මෙම අවි ආයුධ හා සරඹ ප්‍රදර්ශනය “ජාතික ආරක්ෂාවට” එල්ල කෙරෙන කවර හෝ පරිබාහිර සතුරෙකු බිය ගැන්වීම සඳහා නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඊනියා නිදහස සැමරීම සඳහා යුද සරඹ පැවැත්වීමේ සැබෑ අරමුණ වන්නේ ධනපති රාජ්‍යයේ සැබෑ සතුරා වන කම්කරු පන්තිය බිය ගන්වා ඉහත නීති බන්ධනවලට යටත් වනු වස් තමන් සතු විනාශකාරී මර්දන බලය ප්‍රදර්ශනය කිරීම විනා අනෙකක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ධනපති ආණ්ඩුව ද, එකී නියෝගවලට සිය යටහත් අවනත භාවය පළ කර ඇති ව්‍යාජ වාම ව්‍යාපාර හා වෘත්තීය සමිති නිලධරයන් ඇතුළු සියලු ජාතිකවාදී ව්‍යාපාර ද, ධනපති මාධ්‍ය ද උත්කර්ෂයෙන් සැමරීමට සැරසෙන මෙකී ‘නිදහස’ කිසි විටෙකත් කම්කරු පීඩිත ජනයාගේ නිදහසක් ව තිබුනේ නැත. 1947 දී නිදහස් පනත ඉදිරිපත් වූයේ ම, දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ධනපති  ක්‍රමය හා ආසියාකරයේ අධිරාජ්‍යවාදී පීඩනය පවත්වා ගෙන යනු වස් අටවා ගනු ලැබු රාජ්‍ය පද්ධතියේ උපාංගයක් ලෙස ඊනියා ‘නිදහස්’ ලංකා රාජ්‍යය නම් පීඩක උපකරණය නිර්මාණය කිරීමට ය. එය වැඩ ආරම්භ කළේ ම වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කරමිනි. නිදහස් පනත ඉදිරිපත් වූ අවස්ථාවේ යෝජිත ‘ඩොමීනියන්’ රාජ්‍යයට එරෙහිව විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙලක් මත සටන් වැදුණු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බෝල්ෂෙවික් සමසමාජ පක්ෂය), අධිරාජ්‍යවාදයේ කූටෝපායයට එරෙහිව ලංකාවේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තිය සඳහා ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරමින්, සියලු ගොවියන්, දුගීන් ඇතුලු පීඩිතයන් ඒ වටා බලමුළු ගන්වා ගැනීමට සටන් කළ අතර, එම අරගලයට බලගතු මහජන සහායයක් දිනා ගැනීමට ද එය සමත් විය. 

සමසමාජ නායකයින් මෙම ඉදිරිදර්ශනය අත්හැර ලංකා ජාතික රාජ්‍යයට කම්කරු පන්තික වැඩපිලිවෙල යටකිරීම කිරීම සඳහා ගෙනගිය ප්‍රතිගාමී ධාවනය ධනපති සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට පිවිසගැනීමෙන් කූඨාප්‍රාප්ති විය.  බුද්ධාගමට හා එම සංස්ථාපිතයට ඉහලම වරප්‍රසාද පුදමින් ද, සිංහල ස්වෝත්තමවාදය උත්කර්ෂයට නංවමින් ද මෙම ධනපති සභාග හවුල 1972  ජනරජ  ව්‍යවස්ථාව හරහා කම්කරු පන්තිය මත මාරාන්තික කුලිගෙඩි පහරක් පාත් කලේය. විෂකුරු දෙවන ජනරජ ව්‍යවස්ථාව, පීඩිත සුලුතර ජනයාට නොපනත්කම් කිරීම, ත්‍රස්ත මර්දන පනත්, හදිසි අවස්ථා විධිවිධාන හා වාරණ රෙගුලාසි ආදී විවිධ පියවර මඟින් තවදුරටත් උල් දත් සවි කරනු ලැබූ මෙම රාජ්‍යය ජන වර්ගික බෙදීම් තුල උතුරේත් දකුනේත් කම්කරුවන්ගේ එක්සත් සටන් මොට කිරීමට යොදා ගැනුනි. 

උග්‍ර ආර්ථික හා මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ  මුළුමනින් ම කුණු වී කෑලි ඇද හැලෙන තතු යටතේ එකී රාජ්‍යය රැකගනු වස් කම්කරු පීඩිත ජනයාගේ උරමත කඩා පාත් කරන කප්පාදු පියවරයන්ට එරෙහි මහජන ප්‍රතික්‍රියාව කෙරේ දක්වන අසීමාන්තික භීතිය විනා වෙනත් කිසිදු ‘ජාතික’ අභිමානයක් මෙම ප්‍රදර්ශනාත්මක සමරුවෙන් හැඟවෙන්නේ නැත.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරමින්, සියලු පීඩිත ජනයාගේ නිදහස දිනා ගැනීම අද දින පැවරී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ උර මතය යන සත්‍යය අද ඕනෑවටත් වඩා පැහැදිලිය. වාර්ගික රේඛා පරයා ලංකාවේ කම්කරු පන්තිය එක්සත් කිරීම මගින් දේශපාලන බලය තම පන්තිය අතට ගෙන, ජාත්‍යන්තර මූල්‍ය කථිපයාධිපත්‍යයේ අඬුවෙන් ආර්ථිකය නිදහස් කොට ආර්ථිකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා තමන්ගේම ස්වාධීන බල සංස්ථා ගොඩනගමින් කම්කරුවන්, තරුනයන්, ගොවීන් අද අදම දේශපාලන සටන පෙරට ගත යුතුය. 

ඊනියා නිදහසේ 76 වන සැමරුම: කම්කරු පන්තියට එරෙහි සංදර්ශනයක් Read More »

Genocide

ඊලම්-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා – යාපනයේ දෙමල සිසුන්ගේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ටයක්

නන්දන නන්නෙත්ති විසිනි.

මෑතදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) මෙසේ විමසනු ලැබූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශය වාර්තා කර ඇත.“පලස්තීනුවන්ට සහාය දෙන පුලුල් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා; නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ ආන්ඩුව විසින් දෙමල ජනතාව සමූල ඝාතනය කරන විට අපට සහාය දීමට එවැනි ගෝලීය ව්‍යාපාරයක් තිබුනේ නැහැ. ඇයි ඒ?” 

ඔවුන් මේ ප්‍රශ්න කරන්නේ අද ගාසා තීරයේ දී මෙන් ම 2009 මුල්ලිවයික්කාල්හි වර්ග කිලෝ මීටර් 14ක ප්‍රදේශයකට 150,000 දෙමල ජනයා කොටු කර, කොලඹ ආන්ඩුව එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය ගැන ය. ලෝකය, කෘර වද හිංසාවන්ට ගොදුරුව, අසරන වූ තමන්ගේ ජීවිත නො තකා සිටියේ ය යන සත්‍යය තුලින් මානුෂික හැගීමෙන් දෙදරා ගිය මේ ජනතාවගේ හදවත්වල රිදුම් ඉබේ ම පහව යන්නට හේතුවක් නැත. 

Genocide
සිවිල් යුද්ධයේ අවසන් සංහාරයේ දසුනක් [Photo:opiniojuris.org]

එහෙත්, මෙම යථාර්ථයට මුහුන දෙනු වෙනුවට, සසප “ගාසා යුද්ධය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර දෙමල ජාතිකවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද දේශපාලන ප්‍රශ්නවලට පිලිතුරක්” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජනවාරී 24, නවීන් දේවගේගේ කතෘත්වයෙන් පල කරන ලද  ලිපියකින් උත්සාහ දරන්නේ, දෙමල ජන සංහාරයට එරෙහි ව ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් පැවතුනු බව මවා පෙන්වා දෙමල ජනතාවගේ අර්බුදය හුදෙක් දෙමල ජාතිකවාදීන්ගේ නිෂ්පාදනයක් බවට ලගු කිරීමට ය. 

ඒ අනුව “ශ්‍රී ලංකාවේ යුද්ධයේදී දෙමල ජනයාට එරෙහි ජන සංහාරයට එරෙහි ගෝලීය විරෝධයක් නොතිබුනිය යන ප්‍රකාශය අසත්‍යයකි,”යි  ලියන සසප ඊට සාක්ෂි වශයෙන් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනෙන් පිටුවහල් කරන ලද දෙමල ඩයස්පෝරාවේ උද්ඝෝෂන ගෙන හැර පායි. ඒ “මධ්‍යම බර්ලිනයේ දෙමල ජාතිකයන් 8000 ක් සීඩීයූ මූලස්ථානයේ සිට ඉන්දීය තානාපති කාර්යාලය දක්වා පෙලපාලි ගියහ”, “තමිල්නාඩුවේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය”, “දෙමල ජනතාව 50,000 ක් පැරිසියේ දී උද්ඝෝෂනය කලහ,” යනාදී වශයෙනි. දැන් මතු වී ඇති ප්‍රශ්නය වන්නේ, ආන්ඩුවේ හමුදාවේ අවසන් සමූල ඝාතක ප්‍රහාරයේ දී ජීවිතාරක්ෂාව ඉල්ලා දෙමල පීඩිතයන්, රට තුල සිට හා විදේශයන්හි දි, නැගූ හඩට ලෝකයෙන් යහපත් ප්‍රතිචාරයක් නො ලැබුනේ ය යන සත්‍යයයි. 

තව දුරටත් සදහන් කරන්නේ නම්, ශ්‍රී ලංකාව තුල දී මෙන් ම වෙනත් රටවල දී ද සියලු රැඩිකල්ලු, වාම පක්ෂ හා වෘත්තීය සමිති ඒ වන විට ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදය විසින් මුදා හරිනු ලැබ පැවති “ත්‍රස්ත විරෝධී” ව්‍යාපාරයට ගාල් වී සිටියහ. ශ්‍රී ලංකාවේ වාම පක්ෂ ඒ වන විටත් සිය දෑත්වල දෙමල පීඩිතයන්ගේ ලේ තවරා ගෙන සිටියේ ය. පන්සල්, පල්ලි දෙමල ජන විලෝපනයට ආශීර්වාද කරන මධ්‍යස්ථාන බවට පත් ව තිබිනි. ප්‍රගතිශීලී කලාකරුවෝ යටපත් කරගෙන වර්ගවාදියෝ පෙරමුනට ආහ. වර්ගවාදී චිත්‍රපට හා වෙනත් නිර්මාන ජනප්‍රිය සංස්කෘතියක කොටසක් බවට පත් කර තිබිනි. වෘත්තීය සමිති තම සාමාජිකත්වය යුද අරමුදල් සදහා වැටුප් පරිත්‍යාග කිරීමට මෙහය විය. උතුරේ අමු සොහොනක් කිරීම කිරිබත් කමින් සමරනු ලැබිනි. මේ සියල්ල අතර මැද, 2009 හමුදා ප්‍රහාරයන් දැවැන්ත ලෙස තියුනු කිරීමත් සමග සිදුවන ජන ඝාතන වසන් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සියලු මාධ්‍යවේදීන්ට හා රතුකුරුස සංවිධානයට පවා තම ජීවිත පිලිබඳ ආරක්ෂාවක් සැලසිය නොහැකි යැයි නිවේදනය කලේ යුද්ධයේ ජන ඝාතන පිලිබඳ සැබෑ තොරතුරු වසන් කරමිනි. සමාර්ට්ෆෝන්,  ෆේස්බුක් හා සමාජ මාධ්‍ය ආදිය ප්‍රචලිතව නොපැවති පීඩිත දමිල ජනයාට තමා අභියස සිදුවූ ⁣⁣ලේවැකි ඛේදවාචකය ගාසාවේ මෙන් සජීවීව බෙදා ගැනීමේ හැකියාවක් ද පැවතියේ නැත. මේ ආකාරයෙන්, අවසන් ප්‍රහාරය වන විට ශ්‍රී ලංකාවේ දකුනු පලාත්වල ප්‍රතිගාමී මහජන ව්‍යාපාරයක් දෙමල ජනයාට එරෙහිව මතු කරගනු ලැබ පැවතීම, ආන්ඩුවට පහසු යුද ජයග්‍රහනයක් ලබා දුන්නේ ය.

2008 ලෝක ආර්ථික හා මූල්‍ය අර්බුදය මගින් වෛශික පදනම් දැමූ ලොව පුරා පැන නැගි මහජන අරගලවල පොදු සටන් පාඨයක් බවට ලංකාවේ දෙමල ජන විලෝපනයට එරෙහි වීම අන්තර්ගත කෙරුනි යැයි ලිපිය ඇගවීමට උත්සාහ කිරීම ද ඒ ආකාරයෙන්ම ව්‍යාජයකි.

මෙම වෛෂයික යථාර්ථය කම්කරු පන්තියේ අව්‍යාජ ව්‍යාපාරයක් විසින් ජය ගනු ලැබිය යුතු ය. ඒ වෙනුවට එවැන්නක් සිදු නො වී යයි දෙමල ජනතාවගේ හිත සැනසීමට යත්න දැරීම හා එය හුදෙක් දෙමල ධනපතියන් විසින් ප්‍රවර්ධනය කරන ලදැයි පවසා දෙමල ජාතිකවාදයේ බල පෑමෙන් පීඩිත ජනයා නිදහස් කර ගත හැකි යයි සිතීම බොලඳ ය. මෙහි දී විශේෂයෙන් සටහන් කර ගත යුතු දෙයක් නම් ලිපිය මූලික වසයෙන් දෙමල පීඩිතයන් ප්‍රතිගාමී ජාතිකවාදයෙන් නිදහස් කර ගැනීමේ සත් චේතනාවෙන් ලියැ වී ඇති නමුත් එම අරමුනට එරෙහිව එය ඉටු කර ගැනීමේ මාර්ගය පිහිටා ඇති බව ය. නො එසේ නම් අරමුන විසින් ම එය ඉටු කර ගැනීමේ මාර්ගය අයුක්තිසහගත බව හෙලිදරව් කරනු ලැබ ඇති බව ය. 

උක්ත ලිපියේ මෙම විකෘති කිරීමට එරෙහිව, අප සටහන් කල යුතුව ඇත්තේ රටේ උතුරු-නැගෙනහිර දෙමල මහජනතාවට විර්ද්ධව වාර්ගික නොපනත්කම් කිරීමට එරෙහිව හා වාර්ගික යුද්ධයට එරෙහිව අනවරතව දශක තුනක් තිස්සේ ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කරමින් හා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සප්‍රතිපත්තිකව සටන් වැදුනේ සසප, ලෝසවෙඅ හා ජාත්‍යන්තර කමිටුව පමනක්මය යන්න යි.

ලිපියට අනුව, “…දෙමල ජනතාවට සුවිශේෂ වූ ප්‍රශ්න සහ දෙමල විසඳුමක් පිලිබඳ සූත්‍රය තොරොම්බල් කරමින් ශිෂ්‍ය සංගමය ඇත්ත වශයෙන්ම කරමින් සිටින්නේ, ධනේශ්වර පාලක ප්‍රභූව විසින් දේශපාලන බලය අල්ලාගෙන සිටින යල් පැන ගිය සමාජ ක්‍රමයට එරෙහිව, එනම් සිය පොදු සතුරාට එරෙහිව, සියලු ජනවර්ගවල හා ආගම්වල පීඩිතයන්ගේ එවන් ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමයි.” 

සසප නායකත්වය කලක සිටි දෙමල ජනතාවට සුවිශේෂි ප්‍රශ්න නැතයි ගෙන යන පක්ෂ අභ්‍යන්තර අරගලය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එමින් සිටින අතර එහි වෛෂයික අර්ථය වන්නේ එම කුප්‍රකට ධනවාදී සටන් පාඨය අනුගමනය කිරීම මගින් සිංහල ස්වෝත්තමවාදයේ ප්‍රහාරය ද මග හරින ගමන්ම, දෙමල පීඩිතයන් ජාත්‍යන්තර කම්කරු පන්ති වැඩපිලිවෙලට අනුගත කර ගත හැකිය යන මිත්‍යාවකි.

සසප ලිපිය උපුටා දක්වන 2009 පෙබරවාරි 4 ලෝසවෙඅ කතෘ මන්ඩල ප්‍රකාශය තුලම සදහන් කරන පරිදි,  “ශ්‍රී ලංකාවේ සහ අධිරාජ්‍යවාදී රටවල ඩයස්පෝරාවේ දෙමල ජනතාවගේ මිතුරන් වන්නේ කම්කරු පන්තියයි. අධිරාජ්‍යවාදී ලෝක පර්යායට එරෙහි අරගලයේ කොටසක් ලෙස යුද්ධය අවසන් කිරීම, ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම සහ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීම සඳහා ශක්තියක් ඇති සහ ඒ සඳහා පන්ති අවශ්‍යතාවක් ඇති එකම සමාජ බලවේගය එයයි.”

මේ අනුව, “ජාතන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, ශ්‍රී ලංකා හා ඊලාම් සමාජවාදී එක්සත් සමූහ ආන්ඩුවක් පිහිටුවීම සදහා සිංහල හා දෙමල කම්කරු පන්තියේ හා ගොවීන්ගේ විප්ලවවාදී සන්ධානයක් ගොඩනැගීමට සටන් කරයි. ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය යටතේ හෝ 1947-1948 ඉන්දියානු උප මහද්වීපයේ ගොඩ නැගුනු ජාතික රාජ්‍ය පද්දතියේ සීමාවන් තුල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ අභිලාශයන් සාක්ෂාත් කරගත් නො හැකි ය. යටත් විජිත අතීතයේ සහ අඛන්ඩ අධිරාජ්‍යවාදී ආධපත්‍යයේ ප්‍රතිඵලයක් වන ශ්‍රී ලංකාවේ හා ඊලාමයේ පසුගාමීත්වය ජය ගනු හැකි වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමෙන් පමනි.”  [The SEP and the fight for the Socialist United States of Sri Lanka and Eelam, ICFI on release of SEP members by LTTE, 1998 දෙසැම්බර් 1] 

සසප හා එහි පුරෝගාමියා වූ විකොස දශක ගනනක් තිසිසේ සටන් වැදුනේ ඊලාම් ශ්‍රී ලංකා සමාජවාදී සමුහ ආන්ඩු සංගමයක් යන මෙම ඉදිරි දර්ශනය සදහා ය. උක්ත ලිපිය මෙම “ඊලම් ශ්‍රී ලංකා” යන්න සදහන් කිරීමෙන් වැලකී සිටී. අහම්බයක් ලෙස පෙනී යා හැකි වුවත් සෑම අහම්බයක් පිටුපස ම “අනිවාර්යතාවක්” ඇති බව අපි දනිමු. පසු කලෙක සසප නායකත්වය විසින් වර්ධනය කෙරුනු පිලිවෙතට අනුව ‘දෙමල ජනතාවට විශේෂ ප්‍රශ්න නැත’; එසේ නම්, ස්වයං-නීර්න අයිතිය පිලිබද ප්‍රශ්නයක් නැත. එහි අර්ථය ජාතික ප්‍රශ්නය ඉබේ ම, දැනටමත්, කොලඹ ආන්ඩුව එල්ටීටීඊය පරාජය කිරීමත් සමග හෝ පසුව විසදී ඇති බව ය. එවිට මෙම ‘ඊලාම් ශ්‍රීලංකා’ සටන් පාඨය වලංගු විය නො හැකි ය. ලිපියෙන් එය ගිලිහෙන්නේනට හේතු වූ අනිවාර්යතාව එයයි.   

සසප මුල සිටම පෙන්වා දී ඇති පරිදි ම උතුරේ දෙමල ජන අරගලය මැඩ පවත්වා කොලඹ ආන්ඩුවේ ජයග්‍රහනයකින් යුද්ධය අවසානය වීම දකුනේ කම්කරු පන්තිය මර්දනය සදහා අවකාශය විවෘත කර ගැනීමක් විය. එමෙන් ම දක්ෂිනාංශය ශක්තිමත් වීමකට මෙම යුද්ධ අවසානය හේතු විය. එය සිදු වූයේ දකුනු ප්‍රදේශවල පැන නැගිය හැකි මහජන කැරැල්ලකට විරුද්ධව පූර්වභංග ප්‍රහාරයක් පාලක පන්තිය විසින් දියත් කල වාතාවරනය තුල ය. 2009 අවසානයේ ආරම්භ කල සෙසු ආගම්වලට එරෙහි බෞද්ධ අන්තවාදී ප්‍රහාර, විශේෂයෙන් පාතලය මර්ධනය කිරීමේ මුවාවෙන් නීතියට පිටින් මිනී මැරීමේ රාජ්‍ය ව්‍යාපාරය සියලු මාධ්‍යවල හා මධ්‍යම පන්තියේ බහුතරයකගේ අනුමැතියෙන් නිර්බාධිතව ඉදිරියට යමින් තිබිනි. පක්ෂය දැක් වූයේ කල් පසු වූ, ඇල් මැරුනු ප්‍රතිචාරයකි. 

මෙම පිලිවෙත කොවිඩ් වසංගතය තුල මුස්ලිම් මෘත දේහ බලහත්කාරයෙන් අදාහනය කිරීමට ආන්ඩුව ගත් පියවරට පක්ෂයේ නිහඩ අනුමැතිය හිමි කර දීම දක්වා ඉදිරියට ගියේ ය. තමන්ගේ ම ඉතිහාසය මත පදනම් වී මෙම ප්‍රහාරයන්ට මුහුන දී අරගලය ඉදිරීයට මෙහවීම වෙනුවට වෙහෙස නිවා ගැනීමට එය හැඩ ගැසුනේ ය. මේ අයුරින්, මේ යුද්ධයට එක සතයක්, එක මිනිහෙක්, එක ලේ බිදුවක් නො දෙනු, උතුරින් නැගෙනහිරින් හමුදා ඉවත් කරනු යන ආකාරයෙන් ආරම්භ කර, අප්‍රතිහතව දශක තුනක් තිස්සේ ගෙන ගිය අරගලයේ දී, සිංහල ප්‍රදේශවල තමන් හුදකලා කල සතුරු ආකල්ප මග හැරීම සදහා මදක් අනුගත වීමට පක්ෂය යොමු වූ බව මේ මග හැරීම්වලින් පිලිබිමු වී ඇත.  

නිෂ්පාදනයේ භූගෝලියකරනය විසින් කුපිත කෙරුනු කුඩා රාජ්‍ය කැබලිති වෙන් කර ගැනීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයත්, ජාතික විමුක්ති ව්‍යාපාරත්, වෘත්තීය සමිති ඇතුලු සියලු ජාතික දේශපාලන ව්‍යාපාරත් දකුනට ගමන් කරවනු ලැබීමත් තුල  වෙන්වීමේ නිදහස දක්වා වූ අයිතියක් ලෙස ජාතියක ස්වයං-නීර්නය සදහා වන උද්ඝෝෂනය ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටුකරන්නේ ය යන ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික නිගමනය එම අනුගතවීම යුක්ති යුක්ත කිරීම සදහා පක්ෂ නායකත්වය විසින් යොදා ගන්නා ලදී. ඒ අනුව ස්වයං-නීර්නය කියා ප්‍රශ්නයක් නැත යි ඔවුහු තර්ක කලහ. ස්වයං-නීර්නය ගැන කතා කිරීම පවා හුදෙක් බෙදුම්වාදයක් නියෝජනය කරන්නේ යයි අර්ථකථනය කලහ. 

ජාත්‍යන්තර කමිටුවට අනුව නම්, පැහැදිලි සංක්‍රමනීය ඉල්ලීමක් වන ජාතික පරපීඩනයෙන් නිදහස් වීමට ඇති අයිතිය වශයෙන් ස්වයං-නීර්නය සදහා ඉල්ලීම ලෙනින්ගේ කාලයේ සිට ම වෙනම රාජ්‍ය හැදීම උනන්දු කරවීමක් පිනිස යොදා නො ගත්තේ ය. කම්කරු පන්තිය සමාජවාදී ඉදිරි දර්ශනය සදහා බලමුලු ගැන්වීමේ මූලෝපායට යටත් කල හැකි තාක් දුර අපි එය අත් නො හැර සටන් කර ඇත්තෙමු. වත්මන් අර්බුදය ජාතික කන්ඩායම් කෙරේ පීඩනය උග්‍ර කරන නිසා සවයං-නීර්නය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න වෙනදාටත් වඩා තියුනු ලෙස මතු වී ඇත. එහෙත් එය විසඳිම පදනම් කල යුතු ‘සත්‍යය නම්, “ස්වයං-නිර්නයේ” අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය – එනම්, ජාතික පරපීඩනය මුලිනුපුටා දැමීම– සාක්ෂාත් කරගත හැක්කේ, ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී එක්සත් ජනපදයක් සඳහා සසප වැඩපිළිවෙල හරහා පමනි’ යන්නයි. [The SEP and the fight for the Socialist United States of Sri Lanka and Eelam, ICFI on release of SEP members by LTTE, 1998 දෙසැම්බර් 1]

තව දුරටත් විස්තර කරන්නේ නම්, “ධනේශ්වර සමාජයේ දේශපාලන හා ආර්ථික සංවිධානයේ මූලික ඒකකයක් ලෙස ජාතික රාජ්‍යය පවතින තාක් කල්- ඉතිහාසයෙහි මේ මොහොතෙහි ‘ජාතික ප්‍රශ්නය’ ලෙස හැදින්වීමට ඉතා සුදුසු වන- ජාතික ගුටලුව පවතී. නමුත් මාක්ස්වාදී උපායන් ගලා එන්නේ, ජාතික රාජ‍්‍යයේ ‌ඓතිහාසික හා යල් පිනූ ස්වභාවය පිලිබද විද්‍යාත්මක වටහා ගැනීම කෙරෙනි.” (ඩේවිඩ් නෝත්, රුසියානු විපිලවය සහ නොනිමි විසිවෙනි සියවස, 171 පිටුව) එවන් ප්‍රශ්නයක් නැතැයි කම්කරු පන්ති පක්ෂය එය මග හරින තාක් දුරට අධිරාජ්‍ය ගැති ජාතික බෙදුම්වාදී අවස්ථාවාදය ස්වකීය රාජධානිය ඒ මත ගොඩ නගනවා ඇත.  

සසප ලිපිය එම වග කීමෙන් පලා යයි. එහි කැපී පෙනෙන ලක්ෂනය නම් එය ⁣ඓත්හාසික භෞතිකවාදී විදික්‍රමයට පිටුපෑම ය. ලියුම්කරු තමන්ට රිසි කරුනු පමනක් සමස්ථ සංතතියෙන් වෙන් කර ගනී. එයින් තමන් කැමති නිගමනවලට එලඹෙයි. ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය 1985 භේදයේ පාඩම් අවධාරනය කල බොහෝ අවස්ථාවල දී පෙන්වා දී ඇති පරිදි තත්කාරයවාදය ඉදිරිපස දොරෙන් එලියට දැමූ විට පිටුපස දොරෙන් රිංගා ගනී. විප්ලවවාදීයා මේ ගැන අවධානයෙන් සිටිය යුතු ය.

ඊලම්-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා – යාපනයේ දෙමල සිසුන්ගේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ටයක් Read More »

ජනවාරි 5 දින විදුලි කම්කරු උද්ඝෝෂනය (Unions Lanka fb)

වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 ක් රැකියාවෙන් දොට්ට දමයි

ලංවිම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නඟමින් සටන් වදිනු!  

එල්.පී. උදයප්‍රේම විසිනි.

ජනවාරි 3-5 දිනවල පැවති ප්‍රතිව්‍යුහගතකරන පනතට එරෙහි විරෝධතාවට සහභාගී වූ ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයන් 66 දෙනෙකු  විරෝධතාවෙන් දින කීපයකට පසු රැකියාවෙන් නෙරපා හැරීමට එහි පාලනාධිකාරිය   ක්‍රියා කලේ ය. 

විදුලි පාරිභෝගිකයන්ට බිල් ගෙවීම වලක්වාලමින්  මුදල් කවුන්ටරය වසා දමා ලංවීමට පාඩු සිදු කිරීමත්, අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග කැඩීමත් ලංවීම සේවකයන්ට එල්ල කොට ඇති චෝදනා වේ. 

Protest
ජනවාරි 5 දින විදුලි කම්කරු උද්ඝෝෂනය (Unions Lanka fb)

මෙය හදිසියේ ගත් පියවරක් නොව, විරෝධතාව පැන නැගුන සැනින් ඊට සම්බන්ද වන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කොට සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා හැටියට විදුලි බල ඇමති ලංවීම බලධාරීන්ට දුන් නි‍යෝගය ක්‍රියාවට දැමීමකි.  

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ ඊට අවශ්‍ය නීතිමය පරිසරය සැකසීය. 

එතැන් සිට කම්කරුවන්ට එරෙහි දඩයම සූදානම් කෙරින.

ආන්ඩුව හා බලධාරීන් ලංවීම කම්කරුවන්ට එරෙහිව මුදාහැර ඇති  දඩයමේ එල්ලය වන්නේ, පුද්ගලිකරනයට විරුද්ධව වැඩෙන සේවක අරගලය කල් තබා තලා දැමීමත්, පුද්ගලිකරනයට මුහුන දී සිටින සියලු කම්කරුවන්ගේ සහයෝගය ඒ වටා ගොනුවීමට ඇති ඉඩකඩ කල්තබා බිඳ දැමීමත් ය.

ලංවීම විරෝධතාවට සිය ගනනින් සන්නද්ධ පොලිසිය සහ හමුදා කැඳවීමත්, ඊට සහභාගී වූවන් රැකියාවෙන් පලවා හරිමින් කම්කරුවන්ට එරෙහිව ආන්ඩුවේ රුදුරු කඩා පැනීමත් පෙන්නුම් කරන්නේ, පුද්ගලීකරන වැඩපිලිවෙලට මෙහා කිසිදු සීමිත හෝ සමථයකට ආන්ඩුව සූදානම් නැති බවයි. කම්කරු පංතියේ හා පීඩිත ජනයාගේ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වයක් ආන්ඩුව ඉවසන්නේ නැති බව ආන්ඩුව පෙන්වා ඇත. 

ආන්ඩුව මෙහෙය වී ගන්නේ තමන් කර වටක් එරී සිටින ආර්ථික අර්බුදයට එකම විසඳුම වශයෙන් තෝරා ගෙන ඇති අයිඑම්ෆ් සැලසුම් කම්කරුවන් මත හෙලීමට ය. ජාතිකවාදී ගොහොරුවෙන් ගොඩ ආ නොහැකි වෘත්තීය සමිති ද, අයිඑම්එෆ් නිර්දේශ අර්බුදයෙන් ගොඩ ආ හැකි එකම මඟ ලෙස පිළිගන්නා අතර, එබැවින්, එහි කොටසක් වන පෞද්ගලීකරන සැලසුම්වලට ද ධනපති ආන්ඩුව පමනට ම පක්ෂපාතී වෙති. සිය සාමාජිකත්වය හමුවේ මුහුන බේරා ගැනීමට හා ඔවුන්ගේ සටන් ඉච්ඡාභංගත්වයට ලක්කර වාෂ්ප කර දැමීම සඳහා විවිධ විරෝධතාවලට එලඹෙන ඔවුන්ට පෞද්ගලීකරනය නැවැත්වීමේ හැකියාවක් හෝ උවමනාවක් නැත. විදුලි පරිභෝගික පීඩිත ජනයාට සහ සෙසු ක්ශේෂ්ත්‍රවල කම්කරුවන්ට ආමන්ත්‍රනය නොකරන මෙම සීම්ත උද්ඝෝෂන අවසාන ජයග්‍රහනය දක්වා සටන් කිරීමේ මාවතක මුලපටන්ම නොපිහිටුවනු ලැබ ඇති අතර ඒ නිසා පරාජය උරුමකරගෙන පවතී.

පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන් මුහුන දී සිටින තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ආන්ඩුවේ මර්දනයත්, කප්පාදුවත් පරාජය කරන්නේ කෙසේද යන්නයි. පුද්ගලීකරනයට මුහුන දී සිටින සෑම ආයතනයකම අරගලයට පිවිසී සිටින කම්කරුවන් ඉදිරියේ ලඹ දෙන ප්‍රශ්නය වන්නේ එයයි.

ඉන් ඇඟවුම් කරන්නේ, පුද්ගලිකරනයට හා රැකියා කප්පාදුවට එරෙහි ව ආන්ඩුවට ඇවටිලි කිරීමේ වෘත්තීය සමිතිවල ව්‍යාජ හා වඳ විරෝධතා වෙනුවට, ආන්ඩුවේ සැලසුම් පරාජය කිරීම සඳහා කම්කරු පංතියේ යෝධ පංති ශක්තිය බලමුලු ගැන්වීමේ අරගලයකට කම්කරුවන් හැරී ගැනීමේ හදිසි අවශ්‍යතාවයි.

ශ්‍රේනි අතර භේදකාරීත්වය අවුලුවන වෘත්තිය සමිති පිලිවෙත් කම්කරුවන් එකමුතු කිරීමට නොව භේද කොට පංති එක්සත්කම දුර්වල කිරීමට හේතු වී ඇති ආකාරය කප්පාදුවට එරෙහි අරගලයේ දී නොමඳ ව පෙනී යයි.

වෘත්තිය සමිති ද්‍රෝහි නායකත්වයේ අධිකාරිත්වය වෙනුවට අරගලයට බට කම්කරුවන්ගේ අව්‍යාජ වෛශික අවශ්‍යතා නියෝජනය කෙරෙන හා එම අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු ගන්නා කම්කරු කමිටු ගොඩ නගා ගනිමින් පෙරට ඒම මේ නිසා හදිසි අවශ්‍යතාවක් වෙයි.

වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 ක් රැකියාවෙන් දොට්ට දමයි Read More »

Narammala

නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම් 

නන්දන නන්නෙත්ති විසිනි. 

සිකුරාදා (19) නාරම්මල දී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි සුලු ව්‍යාපාරික තරුනයෙකු වෙිඩි තබා ඝාතනය කලේය. මහජනතාව මෙම අපරාධය හෙලා දකිමින් නාරම්මල පොලීසිය වටකලෝය. ධනපති මාධ්‍ය, පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අපරාධය නොසැලකිලිමත් කමක් හෝ අත්වැරැද්දක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇත. ඊනියා පරීක්ෂනයක් ද මේ අතර ප්‍රකාශයට පත් කෙරුනි. මෙම සිද්ධිය හා සම්බන්ධ ⁣දේශපාලන ඇඟවුම් වග විභාග කිරීමින් අප පහත පලකරන වීඩියෝව ඔබට ඉදිරිපත් කරමු. 

නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම්  Read More »

Nandana

වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය 

අපේ වාර්තාකරු විසිනි.

වෘත්තීය සමිතිවල ස්වභාවය, ඒවායේ අර්බුදය හා වර්තමාන ලෝක අර්බුදය තුල ඒවා විසින් ඉටු කෙරෙමින් පවතින කාර්ය භාරය සහ කම්කරු පන්තිය ඉදිරියේ පවතින කර්තව්‍යයන් පිලිබඳව සාකච්ඡා කෙරුනු පසුගිය ජනවාරි 6 දින පැවැත්වුනු අන්තර්ජාල දේශනයේ වීඩියෝ මෙහි පල කෙරේ. මෙම දේශනය සමාජවාදී සමානතා පක්ෂයේ වාම පාර්ශ්වය (සසප-වම) හා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලදී.   

නන්දන නන්නෙත්ති සහෝදරයා විසින් දේශනය පවත්වන ලද, අතර පරාක්‍රම කුරුප්පු සහෝදරයා එය මෙහෙයවීය. දේශනය අවසානයේ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වින. 

පසුගිය නොවැම්බර් 30 දා, උද්ඝෝෂනයක නිරතව සිටිය දී,  මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට එරෙහිව මොරටුව සරසවිය අසල දී වෘත්තීය සමිති නායකයන් විසින් කායිකවම මැර ප්‍රහාරයක් එල්ල කෙරිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා එහි ලේකම් එකී ප්‍රහාරයට සහභාගී වූවෝය. කොක්‍රික හා සසප-වාම කන්ඩායම මෙම ප්‍රහාරයට එරෙහිව ද, එම වෘත්තීය සමිති හෙලිදරව් කරමින්  ද ප්‍රකාශන, පෝස්ටර් හා පත්‍රිකා ඇතුලත් උද්ඝෝෂනයක් දියත් කල අතර, මෙම දේශනය එකී උද්ඝෝෂනයේ තවත් එක් වැදගත් ඉදිරි පියවරක් විය.

එහි හැඳින්වීමේ කථාව, දේශනය සහ ප්‍රශ්නෝත්තර සැසියට අදාල වීඩියෝ මේ සමඟ පල කෙරේ. වෘත්තීය සමිතිවල ස්වභාවය හා ඒවායේ වර්තමාන ක්‍රියා කලාපයත් කම්කරු පන්තිය ඉදිරියේ පවතින මාවතත් පිලිබඳ සාකච්ඡාවක් වර්ධනය කර ගැනීමට මෙම වීඩියෝ ආධාරකාරී වෙතැයි අපි අපේක්ෂා කරමු. ඒ අනුව, එම වීඩියෝ නරඹන ලෙසත්, තවත් අය සමඟ බෙදා ගන්නා ලෙසත්, ඒ සම්බන්ධ අදහස් පල කරමින් සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසත් ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් අපගේ කර්තෘ ඊමේල් ලිපිනයට යොමු කිරීමට හෝ මෙම ලිපියේ අග ඉදිරිපත් කල හැක. එසේම, අපගේ ෆෙස්බුක් පිටුවද ඒ සඳහා ඔබට විවෘත ය.

හැඳින්වීම – පරාක්‍රම කුරුප්පු
දේශනය – නන්දන නන්නෙත්ති 
ප්‍රශ්න හා සාකච්ජාව 

වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය  Read More »

Warship

The US/UK attack on Yemen and the global eruption of imperialist war

Statement of the WSWS International Editorial Board

We post below the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 13, 2024. We, theSocialist.LK endorse this statement in its entirety and invite our readers to carefully peruse it and grasp it for actions ahead.

The World Socialist Web Site unequivocally condemns Thursday’s attack by the United States and United Kingdom against Yemen. With no popular mandate, with no congressional or parliamentary authorization, without even an attempt at a serious explanation, the Biden administration in the US and the Sunak government in the UK have carried out an illegal act of war against an impoverished nation.

Warship
The aircraft carrier USS Dwight D. Eisenhower and the fast combat support ship USNS Supply transit the Strait of Hormuz, Dec. 14, 2023. [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak ]

The attack on Yemen is a major escalation of the developing war in the Middle East. Since the beginning of Israel’s genocide in Gaza, the US and its imperialist allies in NATO have overseen a massive militarization of the region, directly targeting Iran. This is itself part of an expanding global war, including the US-NATO war against Russia and the developing economic and military conflict against China.

US President Joe Biden did not even see fit to go on national television to explain the launching of a new war, under conditions in which there is overwhelming popular opposition to the expansion of war in the Middle East. As the Pentagon was planning to attack Yemen, Defense Secretary Lloyd Austin was admitted to the intensive care unit of Walter Reed Hospital, with the knowledge of the chairman of the Joint Chiefs of Staff but unbeknownst to the president. This bizarre episode underscored the reality that US war-making is operating on autopilot, increasingly outside the pretense of civilian oversight.

As always, the rationale provided to justify the war is a pack of lies. Biden declared that the missile strikes were “defensive” and “a direct response to unprecedented Houthi attacks.” The American media, with the same breathless reporting that has accompanied every US military operation, proclaims that a country with a gross domestic product 700 times smaller than the United States is carrying out “intolerable” actions, against which the American military is “forced” to defend itself. Overnight, Yemen’s Houthis have been turned into a new bogeyman, requiring urgent military action without any discussion or explanation. 

In coordination with the Israeli genocide in Gaza, the United States has dispatched to the Middle East a massive military armada, consisting of two aircraft carrier battle groups, multiple guided missile destroyers, an unknown number of submarines and dozens of warplanes. These forces have provided logistics, reconnaissance, and target selection to Israel in a deliberate effort to provoke retaliation from Iran and its allied forces such as the Houthis. 

Yet, supposedly it is Yemen that is the “aggressor,” carrying out “unprecedented attacks” on US military forces deployed in the Red Sea, thousands of miles from the US border. American imperialism, which has a military larger than that of the next 10 countries combined, claims to be waging a “defensive” war on the other side of the world against a small, oppressed and impoverished country.

“We’re not interested in a war with Yemen,” asserted the Pentagon on Friday, “We’re not interested in a conflict of any kind.”

In fact, the imperialist powers have been waging a war against the population of Yemen for nearly a decade. The Houthis in Yemen have been subject to ruthless slaughter, waged by Saudi Arabia but armed and financed by the United States. According to the United Nations, 377,000 people have been killed in a genocidal campaign that has involved blockades resulting in mass starvation and disease. First under Obama and then under Trump, the US financed this assault with more than $54 billion in military equipment, aided and abetted by its imperialist allies, including the UK. 

The devastation of Yemen is part of more than 30 years of unending and expanding war, spearheaded and led by American imperialism, following the dissolution of the Soviet Union in 1990-91. This included the first Gulf War in 1990; the dismantling of Yugoslavia, culminating in the war against Serbia in 1999; the invasion of Afghanistan in 2001; the second war against Iraq in 2003; the war against Libya in 2011; and the CIA-backed civil war in Syria that began the same year.

Every single administration since that of Bill Clinton has authorized military operations, airstrikes, and destabilization operations in Somalia, across the Gulf of Aden from Yemen, seeking to control the critical waterway leading to the Suez Canal.

The launching of military strikes against Yemen marks a new stage in the deepening imperialist military offensive throughout the Middle East and beyond. The US and its imperialist allies are waging a de facto war against Iran, working to eliminate Iran’s military allies throughout the Middle East. The strikes against Yemen are directed at encircling Iran and provoking it into retaliation against US forces, which could be used to justify a full-scale war against Tehran.

The immediate antecedent for the escalating war in the Middle East, of which the genocide in Gaza is a part, is the collapse of Ukraine’s “spring offensive.” But the imperialist powers are doubling down. “Backing Ukraine is key to the West’s security,” declares The Economist, while Foreign Affairs asserts that “Victory Is Ukraine’s Only True Path to Peace.”

Overriding all of this, the United States is involved in a struggle to fend off the challenge posed by China to its global hegemony, which threatens to trigger a shooting war in the Pacific. In the US media and political circles, there is growing talk of a new “axis of evil” involving Iran, China and Russia. 

Each one of these conflicts cannot be understood in isolation. The bombing of Yemen is part of a global counter-revolution, in which the imperialist powers are seeking to reestablish direct control over their former colonies.

The countries carrying out this agenda are the old imperialist powers: the US, UK, France, and Germany. The British ruling class, unable to carry through its policies independently, seeks to exploit the so-called special relationship, that is, Britain’s role as the principal ally of American imperialism, to advance its own interests on a global stage. 

Every war launched by the US and its imperialist allies has ended in one bloody debacle after the other, with millions of people killed. But each disaster only reinforces the determination of US imperialism to use war as a means to secure its global hegemony.

American Imperialism, to paraphrase the words of Leon Trotsky, is “tobogganing towards disaster with eyes closed.”

Over the past three months, millions of people all over the world have marched in protest of the US-backed Israeli genocide in Gaza. The US strikes on Yemen occurred on the same day as the International Court of Justice heard devastating evidence that Israel, and by extension the United States, were responsible for genocide in Gaza.

The response of US imperialism to these mass popular protests and exposures of its war crimes has been to accelerate its war plans. This is because the eruption of war, genocide and political repression is not an aberration. Imperialism, as Lenin explained, is not merely a policy, but rather a specific historical stage of capitalist development. Opposition to imperialism is, therefore, a revolutionary question.

It is not a matter of appealing to the capitalist governments responsible for these crimes to alter course, but rather mobilizing the working class, fusing the struggle against war with the developing struggles of workers all over the world against inequality and exploitation. The logic of these struggles requires the conquest of political power by workers all over the world, the expropriation of the capitalist oligarchs and war criminals, and the socialist reorganization of economic life on a world scale.

The US/UK attack on Yemen and the global eruption of imperialist war Read More »

Scroll to Top