politics

Mine

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාල ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

G7 සමුළුව රුසියාවට එරෙහි යුද සූදානමක

මැයි 19 සිට 21 දක්වා ජපානයේ හිරෝෂිමා හි පැවති G7 සමුළුව රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කළේය. G7 රාජ්‍ය – එනම්, එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව – රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා කිසිදු ඉඩක් නොතබා රුසියාවට අවසාන නිවේදනයක් නිකුත් කළේය.

අප රුසියාවෙන් ඉල්ලා සිටින්නේ එහි අඛණ්ඩ ආක්‍රමණ නතර කරන ලෙසත්, යුක්රේනයේ ජාත්‍යන්තරව පිළිගත් භූමියෙන් වහාම, සම්පූර්ණයෙන් සහ කොන්දේසි විරහිතව සිය හමුදා සහ හමුදා උපකරණ ඉවත් කර ගන්නා ලෙසත් ය,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මෙයින් කියවෙන්නේ, ක්‍රිමියාවෙන් ඉවත් වීම සහ මූලෝපායික වශයෙන් වැදගත් සෙවාස්ටොපෝල් නාවික කඳවුර අතහැර දැමීමයි. මෙසේ, ඕනෑම සාම සාකච්ඡාවක් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස G7 සාමාජිකයෝ මොස්කව්හි කොන්දේසි විරහිත යටත් වීම ඉල්ලා සිටිති. මොස්කව් ආරක්ෂාව සහතික කිරීමක් හෝ යුක්රේනය නේටෝවට ඇතුළත් කර ගැනීම අත්හැරීම හෝ වැනි සහන කිසිවක් ඔවුන් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට, එම ප්‍රකාශය “අවශ්‍ය වන තාක් කල්“ – එනම්, රුසියාවේ මිලිටරි පරාජය සිදු වන තාක් – “යුක්‍රේනයට අවශ්‍ය මූල්‍ය, මානුෂීය, මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා දීමට ” ප්‍රතිඥා දුන්නේය. 

G7
වමේ සිට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් හිරෝෂිමා හි හිරෝෂිමා සමුළුවේදී , 2023 මැයි 19, සිකුරාදා. [AP Photo/Franck Robichon]

යුක්රේනය න්‍යෂ්ටික බලය සහිත F16 ප්‍රහාරක ජෙට් යානාවලින් සන්නද්ධ කිරීමට තීරණය කරන්නේ මෙම සන්දර්භය තුළ ය. F16 යානා, යුද්ධය රුසියානු භූමියේ ගැඹුරට ගෙන යාමට සමත් වනු ඇත. මෙයින් නේටෝ හමුදා සෘජුවම සටනට සම්බන්ධ වන සහ යුරෝපය ගිනිබත් කිරීමට තර්ජනය කරන තවත් මිලිටරි තීව්‍රවීමක් නොවැළැක්විය හැකිය.

මේ සමගම, මොස්කව් හි පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බල කර, රට ආර්ථික හා මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීමට ඔවුහු අදහස් කරති. රුසියාවට තවදුරටත් සම්බාධක පනවමින්, “යුක්රේනයේ දිගුකාලීන ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම රුසියාව විසින් ගෙවනු ලැබීමටත්,” එහි නායකයන්ගේ “යුද අපරාධ සහ අනෙකුත් කුරිරුකම්” සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සහතික කිරීමටත් වග බලා ගැනීමට ඔවුහු තීරණය කළහ.

ව්ලැඩිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට තමන්ගේම මරණ වරෙන්තුවක් අත්සන් නොකර මෙම අවසාන නිවේදනය සපුරාලිය නොහැකි බව පැහැදිලිය. මෙම අවසාන නිවේදනයෙන් කියැවෙන්නේ, නේටෝව එහි ඉලක්කය සපුරා ගන්නා තෙක් යුද්ධය දිගටම කරගෙන යන බවයි. මොස්කව්හි රූකඩ පාලනයක් පිහිටුවීම සහ රුසියානු සමූහාණ්ඩුව විනාශ කිරීම සඳහා දැරෙන මෙම ප්‍රයත්නය තුල න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය උත්සන්න වීමේ අවදානම G 7 සමුළුව දැනුවත්ව පිළිගනියි.

“න්‍යෂ්ටික ගැටුමක් තීව්‍ර වීමේ තර්ජනය අහවර වී නැති අතර ම, යුක්‍රේන දේශසීමා හරහා සිදු කරන මෙහෙයුම් හරහා න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට පෙළඹවීම ශක්‍ය ක්‍රියාවක් නො වන බව” එක්සත් ජනපදයේ නිලධාරීහු කියති. “පුටින් මහතා බලය දැරීම තර්ජනයට ලක්වුව හොත්, යුක්‍රේනය තුල එහි මිලිටරිය මුලුමනින් ම ඇදවැටීම ආරම්භ වුව හොත් හෝ 2014 දී රුසියානු හමුදා විසින් අල්ලාගත් ක්‍රිමියාව අහිමි වීමට එය මුහුන දුන්න හොත් පමනක්, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කරනු ඇතැයි “ ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් කියා තිබේ.

ඉන් පැහැදිලි වන්නේ, අධිරාජ්‍යවාදය දැන් සියලු කටයුතු සූදානම් කර දියත් කරනු ලබන්නේ, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමේ දෙසට තල්ලු කිරීමට බව ය.

යුක්‍රේනයේ යුද්ධය හෙවත් “හොඳම මූල්‍ය  ආයෝජනය”

මෙලෙස, එක්සත් ජනපදය හා නේටෝ බලවත්හු යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම පිලිබදව ඉතිරිව ඇති සියලු සීමා කිරීම් අත්හැරීමට වේගයෙන් ගමන් කරමින් සිටිති. වර්තමානයේ, ගෝලීය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති දැවැන්ත මුදලත්, ඉන් යුක්‍රේන යුද්ධයට වෙන් කෙරෙන මුදලත් සලකා බැලීමේදී, මෑත දී පළ වූ වාර්තාවන්ට අනුව, ගෝලීය මිලිටරි වියදම සදහා වෙන් කරන ලද මුදල ඩොලර් බිලියන 2240ක අති දැවැන්ත අගයක් ගන්නා අතර, මෙයින් නේටෝ සමාජිකයින්ගේ පංගුව ඩොලර් බිලියන 1237 කි. ඉන් ඩොලර් බිලියන 150 ක ප්‍රමාණයක් වෙන්වන්නේ යුක්‍රේන යුද්ධය සඳහාය. මෙය මුළු නේටෝ රටවල මිලිටරි වියදමින් 12% වැඩි ප්‍රමාණයකට සමාන වන අතර, යුක්‍රේනයේ යුද්ධය සදහා වෙන් කෙරෙන මුදලින් අඩකටත් වඩා වැඩි, එනම් ඩොලර් බිලියන 77 ක දායකත්වයක් ලබා දෙන්නේ එක්සත් ජනපදය විසිනි. එය, මෙවර, එක්සත් ජනපදය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති ඩොලර් බිලියන 877 ක මුදලින් 9% කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. 2022 ජනවාරි 24 සහ 2023 පෙබරවාරි 24 දක්වා කාලය තුළ යුක්රේනය විසින් මෙම මෙම මුදල් ප්‍රමාණය ලබා ගෙන ඇත.

යන්තම් වසරක යුද්ධයකදී යුක්රේන හමුදාව ඇස්තමේන්තුගත මරණ 200,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ගොදුරු වී ඇත. මිය ගිය එක් අයෙකු සඳහා 4 දෙනෙකු තුවාල ලැබූ සාමාන්‍ය අනුපාතය සලකා බලන විට, තවත් 800,000 පුද්ගලයින් තුවාල ලබා ඇති බව මෙයින් හැඟවේ. රුසියානු හා යුක්‍රේන සොල්දාදුවන්ගේ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 350,000 ඉක්මවයි.

එමෙන්ම, යුක්‍රේන ජනතාවගේ ජීවිත කෙරෙහි සාපරාධී නොතැකීමක් ප්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදය, යුක්රේන භූමියේ රුසියාව සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා පිළිකා ඇති කරන ක්ෂය වූ යුරේනියම් උණ්ඩ එම රටට යැවීමට සූදානම් විය. 

වෝල් ස්ට්‍රීට් ජර්නලය වරක් වාර්තා කළේ බයිඩන් පරිපාලනය මෙම විෂ සහිත සහ විකිරණශීලී යුද්ධෝපකරණ යුක්‍රේනයට යැවීමට තීරණය කර ඇති බව සහ එම තීරණය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත්ය.

ක්ෂය වූ යුරේනියම් උණ්ඩ M1 Abrams වැනි ටැංකිවල ප්‍රධාන තුවක්කුවෙන් වෙඩි තබන අතර රුසියාවේ සෝවියට් ටැංකිවල සන්නාහය සිදුරු කිරීමට එය භාවිතා කරනු ඇත.

ජර්නලය වාර්තා කළේ, මෙම ආයුධය යැවීම මඟින් “සෞඛ්‍ය හා පාරිසරික අවදානම් ගෙන යා හැකි ආයුධයක් සපයන බවට වන විවේචනයට වොෂින්ටනය විවෘත වනු ඇත” යන කාරනය සම්බන්ධයෙන් ධවල මන්දිරය තුළ ඇති වූ විවාදයකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පසුගිය වසරේ වාර්තා කළේ යුරේනියම්වල “රසායනික විෂ” ක්ෂය වීම “සමේ සංකූලතා, වකුගඩු අකර්මණ්‍ය වීම සහ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි” බවයි.

මෙවැනි මහා ධනස්කන්ධයක් ආයෝජන කරමින් ද, මිලියන ගණනකගේ ජීවිත මරණයට හා අනතුරට ලක් කරමින් ද, මෙම යුද්ධය දිනෙන් දින ධනපති පන්තිය විසින් උග්‍ර කරනු ලබන්නේ ඉන් මානව සංස්කෘතියට අත්පත් වන ඛේදනීය ඉරණම නොතකා, මෙම යුද්ධය මගින් කොල්ලකා ගත හැකි සුවිශාල සම්පත් තුලින් තම ලාභ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අවස්ථාවන් ගණන් බලා ඇති හෙයිනි.

ලෝකයේ විශාලතම රට වන රුසියාව තුල පවතින අතිමහත් ස්වභාවික සම්පත් ප්‍රමාණය පසෙක තැබුවත්, යුක්‍රේනය තුල පමණක් ඇති ස්වභාවික සම්පත් ප්‍රමාණය අති දැවැන්තය. 

කර්මාන්ත සඟරාව Mining World ට අනුව, යුක්රේනයේ අමුද්‍රව්‍ය තැන්පතු 20,000ක් පමණ ඇති අතර, ඒවායින් ගවේෂණය කර ඇත්තේ 7,800ක් පමණි. 

ජර්මනියේ වෙළඳාම සහ ආයෝජනය (GTAI) ජනවාරි 16 දින “යුක්රේනයේ අමුද්‍රව්‍ය අවදානමේ” යන මාතෘකාව යටතේ එහි වෙබ් අඩවියේ වාර්තා කළේ මෙසේය:

“යුරෝපයේ විශාලතම ලිතියම් නිධියට ඇත්තේ ඩොන්බාස් ප්‍රදේශයේ ඩොනෙට්ස්ක්හි ඉදිරි පෙරමුණේ සිට කිලෝමීටර් කිහිපයක් පමණි. රුසියානු ආක්‍රමණයෙන් මාස දෙකකට පසු ප්‍රකාශයට පත් කරන ලද ” ටැගෙස්පීග්ල්” (Tagesspiegel) හි ලිපියක්, පොට්‍රොව්ස්ක් (Potrovsk) අසල ෂෙව්චෙන්කො (Shevchenko) හි ටොන් 500,000ක ලිතියම් සංචිත සහ අවම වශයෙන් තවත් යුක්‍රේන තැන්පතු දෙකක් පෙන්වා දෙයි.”

ගල් අඟුරු පතල් 41ක්, ගෑස් නිධි 27ක්, තෙල් බිම් 9ක් සහ යපස් නිධි 6ක් ඇතුළුව “ඩොලර් ට්‍රිලියන 12.4ක් වටිනා අමුද්‍රව්‍ය තැන්පතු” යුක්‍රේන හමුදාවේ පාලනයෙන් ඔබ්බට පවතී. යුක්රේනයේ ගල් අඟුරු, ගෑස්, තෙල් සහ තිරිඟු පමණක් නොව දුර්ලභ පස් සහ ලෝහ ද පවතී. ලිතියම්, නව බලශක්ති සහ ප්‍රවාහන තාක්‍ෂණයන් වෙත සංක්‍රමණය වීමේ “සුදු රත්‍රන්” ලෙස හැඳින්වේ. යුරෝපයේ ගවේෂණය කරන ලද ලිතියම් තැන්පතු වලින් තුනෙන් එකක් පමණ යුක්‍රේනය සතුය.

Mine
යුක්‍රේනයේ පොල්ටාවා හි ඇති යපස් ආකරයක්

කරුණ දැන් වඩාත් පැහැදිලිය. අධිරාජ්‍යවාදී බලවතුන් මේ දක්වා යුක්‍රේන යුද්ධය සදහා ආයෝජන කර ඇති මුළු මුදල ඩොලර් බිලියන 150 කි. නමුත්, තම ආධිපත්‍යය යටතේ පවතින යුක්‍රේන භූමිය සහ අනාගතයේදී තමන් කොල්ලකෑමට බලාපොරොත්තු වන මහා රුසියානු භූමිය හැර දමා සාපේක්ෂව කුඩා බිම් ප්‍රමාණයක් පමණක් අත්පත් කර ගන්නා, යුක්‍රේනයේ රුසියානු හමුදාව අත පවතින බිම් කොටස පමණක් සැලකිල්ලට ගනු ලැබූව ද එහි ඩොලර් බිලියන 12400 අමුද්‍රව්‍ය තැන්පතු ඇති බවට ගණන් බලා තිබේ. මේ අනුව, ඉහත සඳහන් කරන ලද ඉතිරි භූමි ප්‍රදේශ වල ද ඇති අමුද්‍රව්‍ය වල වටිනාකම ගණනය කල හොත් එය දැවැන්ත අගයක් සහිත වනු ඇත. එහෙයින් අනාගතයේ දී, කොල්ලකාගත හැකි සම්පත් හා අමුද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම හා සැසඳීමේ දී, අධිරාජ්‍යවාදය විසින් මෙම යුද්ධය සඳහා ආයෝජනය කර ඇති මුදල සොච්චමකි.

දිනෙන් දින, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය තම “ප්‍රජාතන්ත්‍රවාදී” සළුපිළි ඉවතලා, ඉතා නග්න ලෙස තම අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරියට එන අයුරු පැහැදිලිව දැන් දැක ගත හැක. එහි නියෝජිතයන් , එය මෙලෙස වචන බවට පෙරලනු ලබයි. 

දකුණු කැරොලිනාවේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කියෙව්හිදී හමුවූ අතර යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයේදී රුසියානුවන්ගේ මරණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශංසාව පල කළේය. යුක්රේනයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය “අප මෙතෙක් ආයෝජන කළ හොඳම මුදල” බව ද ග්‍රැහැම් පැවසීය.

පසුගිය පෙබරවාරියේ දී, උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ පසුගිය දශක තුනේ එක්සත් ජනපද යුද්ධවල යෝජකයෙකු වන ඇන්තනි කෝඩ්ස්මන්, “වියදම් කිරීමෙන් ඉතිරිකිරීම: යුක්‍රේනයට දෙන එක්සත් ජනපද ආධාරවල සැබෑ වටිනාකම සහ පිරිවැය-ඵලදායිතාව” යන මාතෘකාවෙන් විවරණයක් පළ කළේය.

ඇස්තමේන්තුගත යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන “බිලියන ගනනක වැඩිවීම” එක්සත් ජනපදයට සැලකිය යුතු ඉතිරි කිරීම් ලබා දෙන “අත්‍යවශ්‍ය ආයෝජනයක්” බව කෝඩ්ස්මන් පැවසීය. මෙම ආයෝජනයන්හි ලාභ සිය දහස් ගනනකගේ ලේ ගංගා දිගේ ගලා එන බව ඔවුහු දනිති. 

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම Read More »

Protest

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක

සංජය ජයසේකර විසිනි.

Protest
“සේවක අරමුදල් කොල්ලය වහා නවතනු!” ජුලි 25 කොලඹ කොටුව අසල නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමය උද්ඝෝෂනයක් පැවැත් වීය (ජායාරූපය :ෆේස්බුක්)

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම (දේනප්‍ර) නොහොත්  ප්‍රශස්තිකරනය යන ප්‍රෝඩාකාරී වචන යට සඟවා කම්කරුවාගේ අවසාන ඉතිරි කිරීම් ද මංකොල්ල කෑමේ පියවර රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගියදා තැබුවේය. ආන්ඩුවේ දේශීය නය වලින් වැඩි ප්‍රතිශතය බැංකු හා මූල්‍ය සමාගම් විසින් දරන තතු යටතේම, ඒවාට අතක්වත් නොතබා, මූල්‍ය වෙලඳපොල වසා දමමින් හා ඉතිහාසයේ දීර්ඝතම දින පහක බැංකු නිවාඩු ලබා දී කුමන්ත්‍රනය කරන ලද මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්ම යටතේ, ආන්ඩුව කම්කරු මහජනතාවගේ අවසාන බලාපොරොත්තුව වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) යන අරමුදල්වලට දැවැන්ත පාඩු ගෙන එමින්  ඊනියා ප්‍රශස්තිකරන සැලැස්ම ⁣කැබිනට්ටුවේ සම්මත කරනලදී.  එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු රටේ ඉහලම අධිකරනය ද, මෙම සැලැස්මට එ⁣රෙහිව යැයි කියමින් ගෙනෙන ලද නඩු කටයුතු ද වැඩි දුර නොඅසාම විසිකර දැමුවේය. 

අශුද්ධ සංධානය

මේ ආකාරයෙන් සමස්ත ධනපති සංස්ථාපිතයම – විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය – කම්කරු පන්තියට එරෙහිව ලේ උරා බොන සංධානයකට එලඹ ඇත්තේය. 

නඩු කටයුතු ශ්‍රේෂ්ඨාධිකරනය තුල විභාග වෙමින් පවතිද්දීම ඊනියා පාර්ලිමේන්තු වරප්‍රසදවලට මුවා වෙමින් අගෝස්තු 9 දින පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා  සිටියේ පාර්ලිමේන්තු පටිපාටිය අධිකරනයට ප්‍රශ්න කල නොහැකි බැවින්, පාර්ලිමේන්තුව විසින් ‘නිසි පරිදි’ සම්මත කල පසුව ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුලු කිසිදු  අධිකරනයකට දේනප්‍ර සැලැස්ම පිලිබඳව කිසිදු ආකාරයක නියෝග නිකුත් කිරීමේ අධිකරන බලයක් නොමැති බවය. 

එදිනම ශ්‍රේෂ්ඨාධිකරනය ජාතික ජන බලවේගය ගොනුකල නඩුවක් ඇතුලු නඩු හතක් විසිකර දැම්මේ ය. අනෙක් නඩුව 11 දා බැහැර කෙරුනි.  ඒ කිසිදු හේතු දැක්වීමකින් තොරව මුල් අවස්ථාවේම ය.

අධිකරනයේ නඩුව ඇසෙමින්  පවතින අතරතුර මහ බැංකුව හා මූල්‍ය මන්ඩලය ද, අරමුදල්වල භාරකාර පාලකයන් ද උසාවිය තුල පෙනී සිටියේ ලක්ෂ 25කට වැඩි සාමාජික කම්කරුවන් හෙවත් තැන්පත්කරුවන් වෙනුවෙන් නොව ආන්ඩුවේ බැංකු ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල වෙනුවෙනි. වැටත් නියරත් ගොයම් කා දමා ඇත.

උසාවියට නියෝග

අධිකරනය දේනප්‍ර සැලැස්මට ඇඟිලි නොගැසිය යුතු බවට වික්‍රමසිංහ අගෝස්තු  මුලදීම විවෘත අනතුරු ඇගවීමක් කලේය. පොල් වගා කරුවන්ගේ සංගමයේ රැස්වීමක දී අන්ඩුවේ නය “ප්‍රශස්තකරනයට” බාධා පැමිනවීම සඳහා යම් පාර්ශවයන් අධිකරන නියෝග අයැද ඇතැයි සඳහන් කරමින්  ඔහු කියා සිටියේ මෙසේය:

“රජයේ මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට, වෙන කාටවත් නොවෙයි. මේ වැඩසටහන පාර්ලිමේන්තුව සම්මත කරල තියෙන්නෙ…ජනතාවගෙ පරමාධිපත්‍ය බලය යටතෙ ජනතාවගෙ අධිකරන බලය දීල තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දෙන යෝජනා, නීති අනුව තමයි ආන්ඩුව ක්‍රියා කරන්න යන්නෙ. මේ කරන කටයුතු අපි නවත්වන්නෙ පාර්ලිමේන්තුව කිව්වොත් විතරයි. නැත්තං ඒක ඉදිරියට ගෙනියනවා. මොකද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. බලය පාර්ලිමේන්තුවෙ තියෙනව නම් අපිට වෙන කාගෙන්වත් උපදෙස් ගන්නත් බෑ, නියෝග ගන්නත් බෑ… විශේෂයෙන් මේ නය ප්‍රතිව්‍යුහගතකරනයෙදි අපි වගකියන්නෙ පාර්ලිමේන්තුවට විතරයි.”

වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශය අධිකරනයේ තීන්දු වලට බලපෑම් කිරීමේ හිටපු විධායක ඒකාධිපති පාලකයාගේ වැඩ කටයුතු සිහි කැඳවයි. බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 අග ජනාධිපති ලෙස පත් වීමෙන් පසු මුල් අවධියේ සිටම අධිකරනයට විවෘතවම කියා සිටියේ තම ආර්ථික ප්‍රතිපත්ති වලට අකුල් හෙලන ලෙස අධිකරනය නොහැසිරිය යුතු බවයි. 

ධනපති දේශපාලකයන් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව හා අධිකරනය අතර ඝට්ඨනයක් ඇතිවී ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය වීම වැලැක්වීම අධිකරනයේ උත්සුකය වීය යන්න අමූලික බොරුවකි. සත්‍යය නම් පාලක සංස්ථාපිතයේ කොටසක් ලෙස ආන්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්‍තිය ක්‍රියාවට දැමීම අවහිර නොකිරීමට අධිකරනය පරිස්සම් වී ඇති බවය.

පාර්ලිමේන්තු සම්මතය

ජුලි 1 වන දින දේනප්‍ර සැලැස්ම පිලිබද මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී වික්‍රමසිංහ රඳා සිටින සිංහල  ස්වෝත්තමවාදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (එස්එල්පීපී) මන්ත්‍රීවරු එයට පක්ෂව චන්දය දුන්හ. මන්ත්‍රීන් 122 ක් ඊට පක්ෂව ඡන්දය දෙමින් එය වැඩි ජන්ද 60 කින් පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙසේ ව්‍යවස්ථාවට අනුව එය නීතියක් වන්නේ නැති නමුත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කල ආන්ඩුවේ ප්‍රතිපත්තියක් වේ.

කප්පාදුවේ තරම හා ස්වභාවය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඩොලර් බිලියන 2.9ක ඇප නය ලබාගැනීමේ සිව් අවුරුදු කප්පාදු ඇතුලු නය ස්ථායීකරනය හා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ කොටසක් ලෙස විදෙස් නය හිමියන් සමග එලඹෙන ගනුදෙනුවේ දී ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම නොවැලැක්විය හැකි කොන්දේසියක් ලෙස ආන්ඩුව ක්‍රියාවට දමා ඇත. මෙම ක්‍රියාදාමය සම්බන්ධ අයිඑම්එෆ් මීලඟ ඇගයීම සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබේ. ආන්ඩුව එයට සූදානම් වෙමින් සිටී.

පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවියට අනුව විශ්‍රාම වැටුප් (superannuation) අරමුදල් ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රමානයෙන් දරන්නේ 43%ක් පමනකි. සෙසු 57%ක ප්‍රමානය බැංකු, රක්ෂන ආයතන හා වෙනත් පාර්ශව විසින් දරනු ලබයි. මෙම සැලැස්ම යටතේ ඊපීඑෆ් හා ඊටීඑෆ් බැඳුම්කර වල කල් පිරෙන කාලය 2038 දක්වා දීර්ඝ කෙරෙනු ලැබෙන අතර කල් පිරෙන තෙක් ගෙවන පොලී අනුපාතය 2025 සිට 9% ක, එනම්, සෙසු බැඳුම්කර වලට සාපේක්ෂව ඉතා පහල හා ස්ථාවර අගයක, රඳවා ගැනීමට නියමිතය. එම කාලය තුල ඊපීඑෆ් අරමුදලට, එනම් අරමුදලේ සාමාජික කම්කරුවන්ට, සිදුවන අතිමහත් අලාභය රුපියල් බිලියන 12000ක් පමන වනු ඇති බව ගනන් බලා තිබේ. 

බැංකු ගලවා ගැනීම

දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) 64.6%ක් හෙවත් ඩොලර් බිලියන 42ක් වන භාන්ඩාගාරයේ දේශීය නය ප්‍රමානය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක ඉතුරුම් ගිනුම් පමනක් දංගෙඩියට යැවීමේ පාලක පන්තියේ තීන්දුව සම්බන්ධයෙන් මූල්‍ය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට කීවේ, “2023 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) දැනට පවතින 128%ක නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මගින් නියම කර ඇති ඉලක්කය සපුරාලීමට මෙම නය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය” බවයි.

අපි මෙය කරන්නේ බැංකු, තැන්පත්කරුවන් සහ විශ්‍රාම වැටුප් ආරක්ෂා කරමින්,” යනුවෙන් සේමසිංහ කියන විට විශ්‍රාම වැටුප් ආරක්ෂා කිරීම සමිබන්ධව ඔහු බොරු කියයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ම මෙම බොරුව ජනගත කිරීම සඳහා විශාල වෙහෙසක් ගත්තේය. සත්‍යය නම්, ජුලි අග වීරසිංහ කැබිනට්ටුවට පැහැදිලි කිරීමේදී ම කියා ඇති පරිදි, සියල්ල කරනු ලැබ ඇත්තේ අර්බුදය මධ්‍යයේම දැවැන්ත ලාභ ගැරූ බැංකු හා මූල්‍ය සමාගම් ආරක්ෂා කිරීමට ය යන්නය.  

මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් ජුලි 18 කොලඹ පැවති මාධ්‍යවේදීන් හමුවේ කරන ලද දේශනයකින් පසුව මෙම ලියුම්කරු ඔහුගෙන් මෙසේ විචාලේය: “ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රතිශතයෙන් වැඩි කොටසක් බැංකු හා මූල්‍ය ආයතන සතුව පවතිද්දී සේවක ඉතුරුම් අරමුදල් වලට පමනක් අලාභ වන පරිදි නය ප්‍රතිව්‍යුහගත කිරීම ඔබ දකින්නේ කෙසේ ද?” ඔහුගේ පිලිතුර සේමසිංහ හා වීරසිංහ උච්චාරනය කරන භාෂාවේ නිරුක්තිය සනිටුහන් කලේය: “ඒක ආන්ඩුව හා නයකරුවන් අතර තීන්දුවක්. කුමක් උවත් වැදගත් වන්නේ බැංකු පද්ධතිය බේරා ගැනීම යි.” 

සූරාකෑමේ න්‍යායපත්‍රයක් 

කම්කරුවාගේ අවසාන ඉතුරුම් ද ඇපයට තබමින් බැංකු හා මූල්‍ය සමාගම් පද්ධතිය ආරක්ෂා කරන වික්‍රමසිංහගේ ආන්ඩුව, වැඩකරන මහජනතාව වෙත හෙන පිට හෙන පාත් කිරීම සඳහා, දැනටමත් ඉදිරිපත් කර ඇති නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට අර්බුදය යහමින් ගසා කමින් සිටී. 

පොලිස් හා මිලිටරි යාන්ත්‍රනය ද මෘග ලෙස යොදා ගනිමින්, වික්‍රමසිංහ තම වැඩපිලිවෙල නොසඟවා ඉදිරිපත් කර විටින් විට අවධාරනය කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනයට ලක් කරමින්, කම්කරු නීති ලිහිල් කරමින් සූරාකෑමේ කොන්දේසි ශක්තිමත් කරන බවට දේශීය හා විදේශීය ධනපති ආයෝජකයන්ට දී ඇති තම සහතිකය ස්ථාවර කිරීමටයි.   

ගිය බදාදා (16), කොලඹ තේ වෙලඳුන්ගේ 129 වන වාර්ෂික සමුලුවේදී, ලංකාවේ පුමුඛ ම ධනපති සූරාකන්නන් කොටසක් ඉදිරියේ වික්‍රමසිංහ කල ප්‍රකාශය පාලක පන්තියට දුන් නිශ්චිත පොරොන්දුවකි. ඔහු මෙසේ කීවේය:

“අද අපට ආර්ථික වශයෙන් සහ නියාමන වශයෙන් රජය විසින් ආධිපත්‍යය දරන ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකියි.  නියාමනය ඉවත් කර පුද්ගලික ව්‍යවසාය [ආර්ථිකය] භාර ගත යුතුය.  ඒක තමයි අපි ඉලක්ක කරන්නේ.”

ජවිපෙ පන්ති අරගලයට ඇබ ගසයි

ප්‍රධාන විපක්ෂය වන  දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) සේම අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත ආරක්ෂා කර ඇති ජනතා විමුත්කි පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බල වේගය (එන්පීපී) ද  පාර්ලිමේන්තුවේදී දේනප්‍ර සැලැස්මට විරුද්ධව ජන්දය දීම ප්‍රෝඩාවකි. ආන්ඩුව, මහ බැංකු අධිපති හා අධිකරනය සේම ධනපති මූල්‍ය හා බැංකු පද්ධතිය කඩා නොවැටීම තහවරු කිරීමට මෙම පක්ෂ බැඳී සිටී. 

ධනපති ලිබරල් පාර්ලිමේන්තුවාදය ආරක්ෂා කිරීමට ලංකාවේ හා විදේශ ආයෝජකයන්ට හා වෙලඳ සංගම්වලට අයත් පාලක ප්‍රභූවට ශපත කර ඇති ජවිපෙ, අධිකරනය තුල “යුක්තිය” පිලිබඳ ව්‍යාජයන් උත්කර්ෂයට නංවමින්, කම්කරු මහජනතාවගේ ඉතුරුම්වල ඝාතකයන්ට එරෙහිව බංකොලොත් නාටක රඟ දැක්වූයේ කම්කරුවන්ගේ දැවෙන ප්‍රතිරෝධය අවසාන වශයෙන්  භූමදානය කිරීමට උත්සාහ ගනිමිනි. ජවිපෙට අයත් හා සෙසු වෘත්තීය සමිති සුපුරුදු ලෙස ව්‍යාජ සාකච්ජා හා විරෝධතා උද්ඝෝෂන මගින් කම්කරුවන්ගේ වැඩෙන අරගල දේශපාලනික සටනක් දක්වා වර්ධනය වීම සිරගතකර තැබීමේ ක්‍රියාන්විතයක නිරතව සිටී.

විශ්‍රාම වැටුප රැකගන්නේ කෙසේද? 

ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුලු ප්‍රධාන ධනපති රටවල සිට ලංකාව වැනි රටවල් දක්වා පවතින ආන්ඩුවල මෙම සමාජ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති මගින් සෑම රටකම කම්කරු පන්තිය තල්ලු කරමින් පවතින්නේ, තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා සටන් කිරීම හැර විදෙස් නය අවලංගු කොට, කප්පාදුව, පුද්ගලීකරනය හා යුද්ධය නතර කිරීමේ අන් මාවතක් නැති බව වටහා ගැනීම කරා ය. 

අධික බදු, බඩු මිල හා සේවා ගාස්තු මගින් මිරිකනු ලැබ ඇති වැඩකරන මහජනතාවගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගැනීමේ අරගලය, එකී බලය සෑම කර්මාන්ත ශාලාවකම, වැඩපොලකම, සේවා ස්ථානයකම ද්වි-බලයක් ලෙස ගොඩනැගීම මගින් පෙරට ගත යුත්තේය. ඒ සඳහා වෘත්තිය සමිති-ආන්ඩුව-සමාගම් යන තුන් කට්ටුවට එරෙහිව ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. එම කමිටුවල ජාතික සංධානයක් මගින් මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම තීරනාත්මක දේශපාලන පියවරක් වන්නේය.

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක Read More »

Strike

තුර්කියේ වෘත්තීය සමිති මැරයෝ වැඩ වර්ජිත කම්කරුවන්ට පහර දෙති

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 14 දින පල වූ ‘Union thugs assault workers in effort to suppress Turkey’s wildcat strike movement’ යන Barış Demir විසින් ලියන ලද වාර්තාවයි. සිංහලයට සකස් කලේ නන්දන නන්නෙත්ති විසිනි. 

නො විසදෙන ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ තුර්කියේ, විවිධ පළාත්වල සහ කම්කරු ක්ෂේත්‍ර තුල වැඩ වර්ජන ව්‍යාපාරයක් අඛන්ඩව වර්ධනය වෙමින් පවතී. මෙම කම්කරුවන්ට රාජ්‍යයේ සහ සංගතවල පොලිසියක් ලෙස සේවය කරන වෘත්තීය සමිති යාන්ත්‍රනය සමඟ සෘජු ගැටුමකට ද අවතීර්න වීමට සිදු වී ඇත. 

අන්කාරාහි ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය (CHP) විසින් පාලනය කරනු ලබන, කැන්කායා (Çankaya) මහ නගර සභාවේ කම්කරුවෝ, තම වැටුප් සැබෑ උද්ධමන අනුපාතයට අනුව සකස් කරන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ වැඩ නැවැත්වූහ. මේ අතර විරුද්ධ පක්ෂ-ගැති ජෙනෙල්-ඉස් Genel-İş, අනුබද්ධ DİSK නමැති, එම කම්කරුවන්ගේ වාත්තීය සංගමය නගර සභා නිලධාරීන් සමඟ ගිවිසුමක් ඇති කර ගත්හ. 

Strike
Gaziantep හි වැඩ වර්ජන කරන Şireci රෙදිපිළි කම්කරුවන් [ඡායාරූපය: birlesiktekstil/Twitter]

වෘත්තීය සමිති ශාඛා කාර්යාලයට ගිය කම්කරුවන් පැවසුවේ, ගිවිසුම පාවා දීම පිලිබඳ තොරතුරු විමසූ විට වෘත්තීය සමිති නිලධාරීන් තමන්ට තර්ජනය කර ශාරීරිකව පහර දුන් බවයි. සිද්ධියෙන් පසුව,  කැන්කායා නගර සභා කම්කරුවෝ තමන් අත්සන් කල “කම්කරුවන්ට පහර දෙන වෘත්තීය සමිති නිලධාරීන් අපට එපා” යනුවෙන් සදහන් ප්‍රකාශයක් නිකුත් කළහ.

එම ප්‍රකාශයට අනුව, ඔවුන් ශාඛා කාර්යාලයට ගොස් ඇත්තේ, තමන්ට දැනගැනීමට ලැබුනු පරිදි, ජීවත් වීමට ප්‍රමානවත් නො වන ගනනක වැටුපකට එකග වූ ගිවිසුමක් සඟවාගෙන සිටීම සහ කලින් ගත් තීරනය අනුව ක්‍රියා කිරීම අත් හරිනු ලැබුනේ මන්ද යන්න විමසා දැනගැනීමට ය. 

එවිට සංගමයේ නිලධාරීහු “තමුන් මෙතනට ආවේ රන්ඩු කරන්න ද” යි අසමින් බහින් බස් වීමක් ඇති කරගෙන, මෙම කම්කරුවන්ට ශාරීරික ප්‍රහාර එල්ල කලහ. කම්කරුවෝ “සේවායෝජකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඇති අපගේ අයිතිය උදුරා ගත් නිලධර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීයසමිතිවාදයට එරෙහිව සටන් කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු”යි සිය ප්‍රකාශය අවසානයේ කියා සිටියහ.

කැන්කායා  නගරසභා වර්ජකයින්ට එරෙහි කායික ප්‍රහාරය ජාත්‍යන්තර කම්කරු පන්තියට ම අනතුරු ඇඟවීමකි. පාලක පන්තියේ වෙනුවෙන් ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයන් විවිධ උපාමාරු හරහා කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරය යටපත් කිරීමට නො හැකි වූ විට කායික ප්‍රහාර සහ වෙනත් ඕනෑම ආකාරයක් භාවිත කරනු ඇත.

මෙම ප්‍රහාරය DİSK තන්ත්‍රය සහ CHP සමග සමීප සබඳතා ඇති ව්‍යාජ වාම ප්‍රවනතාවයන්හි කම්කරු පන්ති විරෝධී ස්වභාවය හෙලිදරව් කරයි. තුර්කියේ ස්ටැලින්වාදී කම්කරු පක්ෂය (TİP), මොරෙනොයිට් කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (İDP) සහ අනෙකුත් අය පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණවල දී, ජනාධිපති රිසෙප්ට් ටයෙප් එර්ඩගෝන් Recep Tayyip Erdogan ට එරෙහි “ප්‍රගතිශීලී” විකල්පයක් ලෙස, CHP නායක කෙමාල් කිලිඩ්‍රොග්ල්  Kılıçdaroğlu ප්‍රවර්ධනය කලහ. 

වසංගතය විසින් අවුලුවාලන ලද සහ රුසියාවට එරෙහි යුක්රේනයේ නේටෝ යුද්ධයෙන් නරක අතට හැරවුනුනු ජීවන වියදම තුර්කියේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් විනාශ කර ඇත. පසුගිය වසරේ තුර්කියේ වාර්ෂික උද්ධමනය නිල වශයෙන් සියයට 80 ක් පමන වූ අතර, සැබෑ උද්ධමනය සියයට 150 ඉක්ම විය. මේ වසරේ ජූලි මාසය වන විට නිල උද්ධමනය 47%ක් බවට පත් විය. නමුත් ස්වාධීන ENAG ට අනුව එය තවමත් සියයට 120 ඉක්මවා සිටී. 

ගිනිකොනදිග කාර්මික නගරයක් වන ගැසිඇන්ටෙප්හි, කෝසාහැලි, සිරේ කොටන් Şire Coton සහ Şireci සිරෙසි ඇක්‍රිලික් කම්හල්වල කම්කරුවන් සැබෑ උද්ධමන අනුපාතයට වඩා අඩුවෙන් යෝජිත වැටුප් වැඩිවීම පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. සිරෙසිහිහි රෙදිපිලි කම්කරුවෝ 2,000 ක් පමන පසුගිය බදාදා සිට වැඩවර්ජන සහ විරෝධතාවල නිරතව සිටිති.

පරිපාලනය 15.500 TL (US$575) වැටුප් ඉල්ලීමක්, නිවාඩු ප්‍රසාද දීමනාවක්, ආහාර ආධාරයක් සහ ඉරිදා වැඩ මුරය සඳහා TL 1.500 (US$55)ක ගෙවීමක් ඉල්ලා බලකරන ඔවුන්ගේ සටන්කාමී අරගලය අවසන් කිරීම සඳහා පියවරක් ලෙස සේවයෙන් පහකරන බවට හා පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබන බවට කම්කරුවන්ට තර්ජනය කර ඇත. තුර්කියේ අවම වැටුප ලීරා 11,400 (US$420) පමනි.

සෙනසුරාදා, ස්වාධීන රෙදිපිලි සංගමයේ BİRTEK-SEN හි නායක මෙමෙන්ට් ටර්කමන්, සිරෙයිසි පරිපාලනයෙහි ඉල්ලීම මත අත් අඩංගුවට ගනු ලැබූ අතර, ඒ වන විටත්, 2,000කට ආසන්න කම්කරුවන්ට තමන් සේවයෙන් පහ කල බව කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන ලැබ තිබිනි. එදින ම කම්කරුවන් දහස් ගණනක් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස් වී නගර මධ්‍යයට පාගමනින් යාමට උත්සාහ කල නමුත් පොලිසිය එය වැලැක්වී ය. ඉරිදා ඊට ප්‍රතිචාර වශයෙන්, සිරේසි කම්කරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී චතුරශ්‍රයේ මහජන විරෝධතාවක් සංවිධානය කලහ.

සිරෙසි කම්කරුවන්ගේ සටන්කාමී ක්‍රියාව සමස්ත කලාපයට සහ ඉන් ඔබ්බට පැතිර යා හැකි බවට පාලක ප්‍රභූව තුල වැඩෙන බියක් පවතී. කම්කරුවන්ගේ වර්ධනය වන ව්‍යාපාරය මැඩලීමට පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයෝ අත්වැල් බැඳගෙන සිටිති. ගැසියන්ටෙප් Gaziantep හි නගරාධිපති, ෆැට්මා සහීන් Fatma Şahin, පාලක පන්තියේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP), සහ CHP හි නියෝජිත මෙරී මර්ක් Melih Meriç  ආයතන හිමිකරු ආමට් සිරේසි හමු වීමට හා කම්හල දැක බලා ගැනීමට සංචාරය කලහ. AKP සමිතියේ සාහීන් Şahin වර්ජකයන්ට ආපසු වැඩට යාමේ අවශ්‍යතාව ඒත්තු ගැන්වීමට උත්සාහ කල අතර, CHP නියෝජිත මෙරික් Meriç “පරිත්‍යාග” කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. CHP හි සහචරයෙකු වන අන්ත දක්ෂිනාංශික ගුඩ් පක්ෂයේ තවත් නියෝජ්‍යයෙක්, වැඩ වර්ජන කරන කම්කරුවන්ට පිටුබලය දෙන අයට “ප්‍රකෝප කරන්නන්” ලෙස පහර දුන්නේ ය. 

කම්කරුවන් මෙම ප්‍රහාරය හමුවේ පසුබැසීම ප්‍රතික්ෂේප කල අතර අගෝස්තු 13දා කලමනාකාරීත්වය නිවේදනය කලේ තමන් වර්ජකයින්ගේ ඉල්ලීම් පිලිගත් බව ය. 

වර්ජන සහ විරෝධතා රැල්ල ඉස්තාන්බුල් දක්වා ද පැතිර ගොස් ඇත. ඊයේ, ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ (İBB) අනුබද්ධ ආයතනයක් වන Ağaç A.Ş. හි කම්කරුවෝ  සිය ගනනක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට රැස් වූහ.

කුමන පක්ෂයක් බලයේ සිටියත් නගර සභා සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් සහ වෘත්තීය සමිතිවලට පිටින් කම්කරු අරගල වර්ධනය වේ. පසුගිය සතියේ අන්කාරා හි, CHP නායකත්වය දරන කැන්කායා මහ නගර සභා කම්කරුවන්ගේ වැඩවර්ජනයට අමතරව, AKP සහ එහි ෆැසිස්ට් සගයා වන ජාතිකවාදී ව්‍යාපාරය (MHP) විසින් පාලනය කරනු ලබන මැමෙක් Mamak මහ නගර සභාවේ සහ ඉටයිම්ස්ගට් Etimesgut මහ නගර සභාවේ කම්කරුවෝ අමතර වැටුප් වැඩිකිරීම් ඉල්ලා විරෝධතා දැක්වූහ.

වෘත්තීය සමිති නො තකා කල මෙම වැඩ වර්ජන සහ විරෝධතා, පැන නැංගේ, ඉස්මීර් මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ මෙට්‍රෝ ඒඑස්හි උමං දුම්රිය සේවකයින් 625 දෙනෙකුගේ වැඩ වර්ජනය දින  දෙකකින් අවසන් කර කල පාවා දීමට, අවම වශයෙන් කුර්දි නගර පහක විදුලිය බෙදා හැරීමේ සේවකයින් 3,000 කට අධික සංඛ්‍යාවක වෘත්තීය සමිතිවලට පිටින් කල වැඩ වර්ජනයට සහ අගෝස්තු මස මුලදී සෞඛ්‍ය සේවකයින්ගේ දින දෙකක වැඩවර්ජනයට පසුව ය.   

තුර්කියේ මෝටර් රථ සහ ලෝහ කම්කරුවන් 150,000කගේ කොන්ත්‍රාත්තු සැප්තැම්බර් මාසයේදී අවසන් වේ. කම්කරුවන්ට අවශ්‍ය වන්නේ වෘත්තීය සමිති යාන්ත්‍රනයේ වියගහෙන් මිදී ආපසු සටන් කිරීමට ය. බරසා Bursa හි රෙනෝල්ට් Renault කම්හලේ මෝටර් රථ කම්කරුවන් දැනටමත් ඇතැම් ක්රියාවන්ට හා සටන් කිරීමට සිය කැමැත්ත ප්රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන්, වෘත්තීය සමිතිය සහ කළමනාකාරීත්වය අතර ඇති කර ගත් එකඟතාවයට එරෙහි ව මේස මත ගෑරුප්පු සහ හැඳි ගසමින් ආපන ශාලාවේ දී විරෝධය පල කර ඇත. වෛරයට ලක් වූ වෘත්තීය සමිති නිලධරයන්ට බිමට බැසිමට ඉඩ නො දුන්හ. 

තුර්කියේ වැඩ වර්ජන රැල්ල, උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා සහ ඉන් ඔබ්බට විහිදුනු වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහිව නැගී එන ජාත්‍යන්තර පන්ති අරගලය වර්ධනය වීමේ අනිවාර්ය කොටසකි.

තුර්කියේ සහ ලොව පුරා බලමුලු දෙන කම්කරුවන් වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් ස්වාධීනව තම අරගල එක්සත් කිරීමට සහ ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය වීමේ අවශ්‍යතාවයට මුහුන දෙති. ක්‍රියාකාරී කමිටු සහ ඒවායේ ජාත්‍යන්තර සන්ධානය  (IWA-RFC) සියලු සේවා ස්ථාන, අංශ සහ රටවල් හරහා කම්කරුවන් එක්සත් කිරීම සඳහා පදනම සපයනු ඇත.

තුර්කියේ වෘත්තීය සමිති මැරයෝ වැඩ වර්ජිත කම්කරුවන්ට පහර දෙති Read More »

ROTSKYTrOTSKYTSTROTAKY

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න

theSocialist.LK කර්තෘ මන්ඩලය විසිනි.

මෙම ලිපිය 2023 ජූලි 13 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) ඉංග්‍රීසි භාෂාවෙන් පල වූ ලිපියක් ඇසුරෙන් සකස් කර ඇත.  

ROTSKYTrOTSKYTSTROTAKY
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි සිය ලියන මේසය අසල

2023 අගෝස්තු 20 වන ඉරු දින – එනම්, හෙට දිනයේ – ඉස්තාන්බුල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝ හි දී විශේෂ සමරු උත්සවයක් පැවැත්වේ. ලෝක ඉතිහාසයේ වැදගත් ස්ථානයක් උසුලන සිව් වසරක්; එනම්, ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ සිව්-වස් පිටුවාහල් දිවිය; කෙරේ ගෞරවය පිදෙන මෙම උත්සවය හෙට දින එහිදී පැවැත්වීමට නියමිතය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංගමයෙන් පිටුවාහල් කරනු ලැබීමෙන් පසුව ට්‍රොට්ස්කි රැකවරනය ලැබූයේ තුර්කියේ ප්‍රින්කිපෝ දූපතෙහි ය.

“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයේ පිහිටි දූපතක්: ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි ගෙවූ දිවිය” ලෙස නම් කොට ඇති මෙම සමරු රැලියේ ප්‍රධාන කථිකයන් වනු ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ Sosyalist Eşitlik Grubu [සමාජවාදී සමානතා කණ්ඩායම] හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාෂ් අටෙෂ්චි සහ; ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ව සවිස්තර ලෙස ලියා ඇති ලෝසවෙඅ කර්තෘ මන්ඩල සාමාජික එරික් ලන්ඩන් යන අයයි. තුර්කියේ ඉතිහාස පදනමෙහි සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්ඛන් සැමරුම් උත්සවය මෙහෙයවයි.

මෙම සමරුව පැවැත්වෙන්නේ නගාරාධිපති අර්ඩම් ගුල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රින්කිපෝ (අඩලර්) නගර සභාවේ අනුග්‍රහයෙනි. නගරාධිපති ගුල්, 2019 දී එම ධුරයට තේරී පත්වීමට පූර්වයෙන් සප්‍රතිපත්තික මාධ්‍යවේදියෙකු ලෙස කීර්තියක් ඉසිලූවෙකි.  2015 නොවැම්බරයේ දී චුම්හුරියත් දිනපතා පුවත්පතේ අන්කාරා නියෝජිතයා වශයෙන් “මිට් ට්‍රක්” [“MIT Trucks”] ලෙස හැඳින්වූ සිද්ධිය පිලිබඳ ව වාර්තා කිරීම නිසා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ කැන් ඩුන්දාෂ් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබ, ඔවුන් දෙදෙනා තුන් මසක් සිරගත කර තබන ලදී. මීට අදාල කථා ප්‍රවෘත්තිය වූයේ, සිරියාවේ සටන් වැදී සිටි ඉස්ලාම් ජිහාඩ්වාදී හමුදාවන්ට ලබා දීම සඳහා වූ ඒවා යයි සිතනු ලබන ආයුධ 2014 ජනවාරියේ දක්ෂින තුර්කියේ හටායි සහ අඩානා යන පලාත්වල දී නවත්වනු ලැබූ තුර්කි ජාතික රහස් තොරතුරු සංවිධානය (MIT) ට අයත් ට්‍රක් රථවල තිබී හමුවීමයි.

මෙම රැස්වීම 1933 ජූලියේ ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවෙන් පිටත් වී යාමේ 90 වන සංවත්සරය සමඟ සමපාත වෙයි. එය පැවැත්වෙන දිනය යෙදී ඇත්තේ හරියට ම 1940 අගෝස්තුවේ සිදු වූ ඔහුගේ ඝාතනයේ 83 වන සංවත්සරයේ දිනයට ය.   

පුරා අඩ සියවසකට ම ආසන්න කාලයක් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායක  කාර්යභාරයක් ඉටු කරමින් සිටින ඩේවිඩ් නෝර්ත්, සමරු උත්සවයේ ඓතිහාසික වැදගත්කම පිලිබඳ ව අවධාරනය කරමින් ලෝසවෙඅ වෙත මෙසේ පවසා ඇත:

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගෙවූ සිව් වසර හුදු ඔහුගේ ජීවිතයේ පමනක් නොව, විසිවන සියවසේ ඉතිහාසය තුල ද වඩාත්ම සංවිපාකී වර්ෂ අතර ලා ගිනිය හැක. ඔහු තුර්කියට සම්ප්‍රාප්ත වූයේ 1930 ගනන්වල දේශපාලන සංක්ෂෝභයන් වේගයෙන් පැතිර යාමට මඟ පෑදූ ලෝක ආර්ථික අර්බුදය ඇවිල යාමට මාස කිහිපයකට ඉහත 1929 පෙබරවාරියේ ය. ට්‍රොට්ස්කි තුර්කියෙන් නික්ම ගියේ කම්කරු පන්තිය කවරදාක හෝ අත් විඳි වඩාත්ම බැරෑරුම් පරාජය වූ හිට්ලර් ජර්මනියේ බලයට නැංවී ගැනීමෙන් මාස ගනනාවකට පසුව ය.    

යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන කේන්ද්‍රස්ථානවලින් ප්‍රින්කිපෝව හුදෙකලා වී තිබීම නොතකා, එම කාල පරිච්ඡේදයේ ප්‍රමුඛ සිද්ධීන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ දේශපාලන විශ්ලේෂන අසමසම ඒවා විය. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයේ වර්ධනය විසින් මතු කරන ලද අන්තරායය පිලිබඳව ඒ සා පැහැදිලිව වටහා ගත්, හෝ ඒ සා ලාලසාවකින් ඒ පිලිබඳ ලියූ අනෙකෙකු නොවීය. ඉදින් ජර්මන් කම්කරු පන්තියේ බහුජන පක්ෂ ඔහුගේ අනතුරු හැඟවීම් කෙරේ සාවධානය දැක්වී නම්, 2 වන ලෝක යුද්ධයේ දැවැන්ත විනාශයෙන් ලෝකය ගලවා ගත හැකි වන්නට තිබින.   

නොර්ත් අවධානය කරන පරිදි, තත්කාලීන දේශපාලන හා සමාජ සිදුවීම් පිලිබඳව බොහෝ කෘතීන් රචනා කරන අතරතුර ම, ට්‍රොට්ස්කි මෙම කාලයේ සෙසු වැදගත් කෘතීන් ද ලිවීමට සමත් වූයේය.

දෛනික සිදුවීම් සමඟ තීව්‍ර ලෙස පොර බදමින් ම වුව, ට්‍රොට්ස්කි සිය ජීවිත කථාව වූ මගේ දිවිය (My Life) සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය (History of the Russian Revolution) යන කෘතීන් රචනා කලේය. මෙම කෘතීන් දෙකම 20 වන සියවසේ සාහිත්‍යයේ අග්‍රකෘතීන් ලෙස පිලි ගැනේ.

එහෙත් ප්‍රින්කිපෝ දිවයිනේ වාසය කල සමයේ ට්‍රොට්ස්කිගේ කටයුතුවලින් වඩාත්ම වැදගත් කටයුත්ත සිදු කෙරුනේ ඔහු ඉන් නික්ම ඒමට ඉතා ආසන්නයේ දී ය. 1933 ජූලියේ ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා වූ සිය කැඳවුම නිකුත් කලේය. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් අවුලුවන ලද්දා වූ එම ක්‍රියාව විසින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ අඛන්ඩත්වය තහවුරු කෙරින.

නගරාධිපති ගුල් සහ ප්‍රින්කිපෝ නගර සභාව මෙම සමරුවට සත්කාරකත්වය සැපයීමට ගත් තීරනය බැරෑරුම් එකකි. නෝර්ත්ගේ වචනවලින් කිවහොත්: 

“මෙම සමරු උත්සවයට සත්කාරකත්වය සැපයීමට ගන්නා ලද තීරනය, ඉතිහාසය කෙරේ, හා ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගත කල තීරනාත්මක සිව් වසර තුල ඉටු කරන ලද විශිෂ්ඨ සහ කල් පවත්නා වැදගත්කමකින් යුත් කර්තව්‍යයන් පිලිබඳව වටහා ගැනීම කෙරේ දැක්වෙන බැරෑරුම් ආකල්පයක් පිලිබිඹු කරයි. 1929 හා 1933 අතර එය සත්‍ය වශයෙන්ම ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පිහිටි දූපතක් ව තිබින. මෙය ප්‍රින්කිපෝවේ සදා සම්භාවනාවට හේතුකාරක වනු ඇති, ප්‍රින්කිපෝ ඉතිහාසයේ විභූතිමත් පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත.”

ට්‍රොට්ස්කිවාදී ප්‍රකාශන තුර්කි බසින් පලකරන මෙරිං යැයින්ජිලික් ආයතනයේ සංස්කාරක උලාෂ් අටෙෂ්චි ලෝසවෙඅ අමතා ප්‍රකාශ කලේ, “සෝවියට් සංගමයෙන් පිටුවාහල් කිරීමෙන් පසු ගත වූ මුල් වසරවල දී මෙම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියාට සත්කාරකත්වය පිරිනැමීමේ වරප්‍රසාදය ලත් ප්‍රින්කිපෝහි පැවැත්වෙන මෙම අනුස්මරන උත්සවය, ජාත්‍යන්තර හා ඓතිහාසික වැදගත් කමකින් යුතු වූවක්” බවයි. “වසර 83 කට ඉහත දී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ස්ටැලින්වාදී නිලධරයේ පරම සතුරෙකු ලෙස ඝාතනයට ලක් වූ ට්‍රොට්ස්කිගේ අදහස්, අර්බුදවලින් සසැලී ගිය හා ලෝක ගෝලීය යුද්ධයක් දිශාවට වේගයෙන් ඇදී යන ලෝකයක වඩවඩාත් වැඩි වැදගත්කමක් අත්පත් කර ගනිමින් පවතී.”         

මහාචාර්ය අල්කන් මෙම සැමරුම මෙහෙයවීම අටෙෂ්චිගේ සාදර පිලිගැනීමට පාත්‍ර වී ඇත. “ශාස්ත්‍රඥයෙකු ලෙස මහාචාර්ය අල්කන් සතුව, දීර්ඝ හා අග්‍රගන්‍ය අභිවෘත්තියක වාර්තාවක් පවතී. වර්තමානයේ ඉස්තාන්බුල් සරසවියෙහි දේශපාලන ඉතිහාසය පිලිබඳ අංශාධිපති වන ඔහු විසින් පල කෙරී ඇති ලිපි සංඛ්‍යාව 300 ක් ඉක්මවා යන අතර, ඔහු ග්‍රන්ථ 20 කට වැඩි සංඛ්‍යාවක් ලියා හෝ සංස්කරනය කොට ඇත. මෙම කෘතීන් අතර, ‘ටන්(z)සිමට් යුගයේ සිට වර්තමානය දක්වා (1839-2014) තුර්කි කම්කරු පන්තියේ ඉතිහාසය’; ‘දාස් කැපිටාල් පල කිරීමේ වසර 150 සංවත්සරය’; ‘1917: රුසියානු විප්ලවය’ සහ ‘ජනරජය: සියවසක පරිනාමය’ යන ග්‍රන්ථ පවතී.  

ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි විසූ මන්දිර අතරින් එකක් තවමත් පවතින නමුදු, එය පවතින්නේ අතිශයින් ජරාවාස වූ තත්ත්වයක ය. මෙම රැස්වීම පැවැත්වීම එහි පූර්න පුනස්ථානයට මඟ හෙලිපෙහෙලි කරනු ඇතැයි යන අපේක්ෂාව නෝර්ත් විසින් පල කෙරී ඇත. “ට්‍රොට්ස්කි ජීවත් වූ නිවෙස ප්‍රධාන ඓතිහාසික ස්ථානයකි,”යි නෝර්ත් ලෝසවෙඅ අමතා පැවසීය. එය එහි පෙර පැවැති තත්ත්වයට ප්‍රතිෂ්ඨාපනය කල යුතු අතර, ඔහුගේ කෘතීන් තවමත් වර්තමාන ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පදනම ලෙස පවතින්නා වූ, 20 වන සියවසේ අනුස්මරනීය පුද්ගල චරිතයක ජීවිතය පිලිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සේවය සැලසීමට එය පවත්වා ගෙන යා යුතුය.”  

විසිවන සියවසේ ද, අද දිනය දක්වා ම ද ඉතිහාසය කෙරේ අතිශය බලගතු බලපෑමක් සිදු කල හා සිදු කරමින් සිටින කේන්ද්‍රීය චරිතයක් වන ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතයේ අතිශය තීරනාත්මක කාල පරිච්ඡේදයක් අලලා පැවැත්වෙන මෙම සමරුව රාජ්‍ය දේශසීමා හා ජාතික සීමා ඉක්මවා යන වැදගත්කමකින් යුතු එකක් වෙයි. ජාතික මට්ටමේ විසඳා ගත නොහැකි අර්බුදයක් සමඟ මුහුනට මුහුන පා පොර බදිමින් සිටින කම්කරු පන්තියට තීරනාත්මක පාඩම් ගෙන එමින්, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම සඳහා ට්‍රොට්ස්කි යෙදීගත් බරපතල අරගලයක සිව් වසරක් සැමරීමේ මේ අවස්ථාව සියලු කම්කරුවන්ට ද, පීඩිතයන්ට ද, තරුන තරුනියන්ට ද මග නොහැරිය හැකි එකකැයි අපි විශ්වාස කරමු. 

හෙට (20) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.30 ට ඇරඹෙන මෙම ප්‍රසිද්ධ සමරු උත්සවය ජාත්‍යන්තර ප්‍රේක්ෂාගාරයකට නැරඹීමට හැකි වන පරිදි සජීවී ලෙස අන්තර්ජාලයේ trotsky.com ඔස්සේ විකාශනය කෙරේ. මෙම රැස්වීමට සහභාගී වන මෙන් ද, https://www.wsws.org/en/special/pages/leon-trotsky-commemoration-prinkipo.html සබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන මෙන් ද අපි theSocialist.LK සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න Read More »

IMG 1011

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි

පී.ජී. පුන්‍යවර්ධන විසිනි 

ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.    

පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.     

Image Not Found
තොඩුවාව ධීවරයෝ

එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.

බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.

2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.  

ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත්  රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.

2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම ‍යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.   

දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය. 

තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය: 

අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.” 

සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය. 

රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:

මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.

“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.” 

සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.  

42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි. 

Discussion
නිරෝෂන් ද-සෝෂලිස්ට් වාර්තාකරුවන් සමග කතා කරමින්

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.

අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය. 

මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි. 

සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.   

අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය: 

මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි  ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.” 

ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි. 

මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා  රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”

2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ‍ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.  

තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය. 

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි Read More »

KM

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන්

KM

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප ⁣කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු  පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්‍රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ  දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.

මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.

1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.

විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්‍රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.

වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.

එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා  කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු. 

ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.

***

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි

අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය. 

1977
1977 ජුලි 23 පිහිටවූ ජයවර්ධනගේ කැබිනට් අමාත්‍ය මන්ඩලය (ජායාරූපය: අනුරාධ දූල්ලෑව විජේරත්න)

ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක්  ලෙස බලයට තල්ලු වී පැමින ඇත.

21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය. 

1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.

මැතිවරන ප්‍රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනා⁣ටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.

බලාපොරොත්තුව

අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය.  නමුත් ධනපති ක්‍රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.

මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි.  ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. 

ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.

ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්‍රග්‍ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.

බඩු මිල ප්‍රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත. 

විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.

සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී  යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.

බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.

ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු. 

නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.

1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්‍රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.

එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු. 

දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර  මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.

යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු. 

යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල  කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ  කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.

විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ  දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන් Read More »

books

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම 

සසප වාමාංශය වෙනුවෙන් නිහාල් ගීකියනගේ විසිනි.

books
විප්ලවවාදී අත්පොත්

මෙහි පහත පලවන ලිපිය 2022 ඔක්තෝම්බර් 28 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හලාවත ශාඛාවේ සසප වාම කන්ඩායමේ සහෝදරවරු විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලධර්ම විරෝධී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය.

දීපාල් ජයසේකර,

ස.ස.ප ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකාව.

ප්‍රිය සහෝදරය,

නන්දන, සංජය හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ගේ සාමාජිකයකත්වය අත්හිටුවා මාස තුන පසුකර ඇත. නමුත් මේ තුන්දෙනා සම්බන්ධයෙන් මේ වන විටත් කිසිම දේශපාලන ප්‍රශ්නයක් ඉදිපත් කර නැත.

විප්ලවවාදී පක්ෂයට භේදයක් සදහා දේශපාලන හේතු පැවතිය යුතු ය. ඒවා හුදෙක්  හේතු නොව සමහන් කල නො හැකි පන්ති ප්‍රතිවිරෝදයන් විය යුතු ය. ඔබට එවැනි කිසිවක් ඉදිරිපත් කිරීමට නැති බව අපි වගකීමෙන් කියමු.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සහෝදරවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අප ශාඛාව තුළ අනවරත අරගලයක් ගෙනයමින් පවතී. මේ ප්‍රශ්නය මතු කිරීම ම පක්ෂයේ මධ්‍යගතවාදයට පටහැනි බව ශාඛා නායකත්වය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මධ්‍යගතවාදය පිහිටුවීම පක්ෂ තන්ත්‍රයේම පිළිවෙතයි. මෙයට එරෙහිව මාක්ස්වාදී ලෝක ව්‍යාපාරයේ ඵෛතිහාසික අත්දැකීම් වග විභාග කර ගැනීමට දැරූ සෑම ප්‍රයත්නයකටම එරෙහිව ශාඛා නායකත්වය ඇතුළු පක්ෂ තන්ත්‍රය ක්‍රියා කිරීම පක්ෂයේ දේශපාලන ‌සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බවට සලකුනකි.

පක්ෂ අභ්‍යන්තරයේ මතුවන ප්‍රශ්න වගවිභාග කර ගැනීමේ දී, අප ව්‍යාපාරයේ ඵෛතිහාසික ඥානය කැඳවා ගැනීම අපෝහක ‌භෞතිකවාදය මත පදනම් වූ පිලිවෙතයි. නමුත් බහුතර සාමාජිකත්වය මෙයට යොමු කරවා ගැනීම උගහට ය. මේ තත්ත්වය තුල වුවත්  හලාවත ශාඛාව තුළ විජේසිංහ, පුණ්‍යවර්ධන හා නිහාල් වන අපි පක්ෂය ගෙන ඇති මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අත් නො හැර සටන් වැද සිටිමු.

සහෝදරවරුන්ගේ සාමාජිකත්වයන් තහනම් කිරීමට හේතු වී ඇත්තේ දේශපාලන අරගලයේ නිරත වීම හෝ  පැහැදිලිකම සදහා සාකච්ඡා වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම ය. කරුනු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ නො දී ඔවුන් සමග කිසිදු සාකච්ඡාවක් පවා නොකර සිදු කර ඇති ක්‍රියාව සාමාජිකත්වය තුල බරපතල විරුද්ධත්වයට ලක් නොවී පවත්වා ගැනීමට නායකත්වය වැඩ කර ඇත. විශේෂයෙන් මේ සහෝදරවරු ගැන බොරු හා අවලාද ව්‍යාපාරයක් දියත් කිරීම ය ඒ්. නිදසුනක් ලෙස ඔවුන් සාකච්ඡා කිරීමට පක්ෂය කල කැදවීම් ප්‍රතික්ෂේප කර ඇත යන ප්‍රචාරය පෙන්වා දිය හැක. නන්දන සහෝදරයා පක්ෂයට බැදෙන්නට එන අය පොලිස් ඔත්තුකාරයන් යයි කියා පලවා හරින්නේ ය යන ප්‍රචාරය තවත් එකකි.

පසු ගිය ජුලි මස විජේ සහෝදරයා අවසානයට සහභාගි වූ සාමාජික රැස්වීමට නිහාල් කල මැදිහත් වීමේ දී, මෙම ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය. 

එහිදී ට්‍රොට්ස්කිගේ දීප්තිමත් කෘතියක් වන” පවා දුන් විප්ලවයේ” සදහන් බොල්ෂෙවික් පක්ෂයේ පරිහානිය යන කොටසෙන් මෙම ඡේදය උපුටා දැක්වූයේ ය:

 “බොල්ෂෙවික් පක්ෂයේ අභ්‍යන්තර පාලන තන්ත්‍රය සංරක්ෂිත වුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය නැමති විධික්‍රමය මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතවාදය යන මේ සංකල්ප දෙකෙහි සංයෝජනය කොහෙත් ම ප්‍රතිවිරෝධී නො වේ. පක්ෂය එහි සීමාවන් නිතර ම දැඩි ලෙස නිර්වචනය කල යුතුය යන්න සම්බන්ධයෙන් පමනක්  නො ව, මේ සීමාවන්ට ඇතුලත්වන සියලු පුද්ගලයන් පක්ෂයේ ප්‍රතිපත්තිය, ගමන් කල යුතු දිශාව නිර්වචනය කිරීමේ සැබෑ අයිතිය භුක්තිවිදිය යුතුය යන්න සම්බන්ධයෙන් ද සුපරීක්ෂාකාරී සැලකිල්ලක් දැක්වී ය. විවේචනයේ හා බුද්ධිමය අරගලයේ නිදහස පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිශේධ කල නොහැකි අන්තර්ගතය විය. බොල්ෂෙවික්වාදය පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම් නො ඉවසයි යන වර්තමාන සිද්ධාන්තය යුග පරිහානිමය මිථ්‍යාවකි. ඇත්ත වශයෙන්ම, බොල්ෂෙවික්වාදයේ ඉතිහාසය වු කලී කණ්ඩායම් අරගලයේ ඉතිහාසයකි. සැබවින්ම, නිර්ව්‍යාජ විප්ලවවාදී සංවිධානයකට බුද්ධිමය අරගලයන්ගෙන්, කාණ්ඩ ගැසීම් වලින් හා තාවකාලික කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් තොරව ලෝකය උඩු යටිකුරු කිරීමේත්, ඉතාම නිර්භීතව පිලිගත් මති මතාන්තර වලට පහර දෙන්නන්, සටන්කරුවන් හා රාජ්‍ය විරෝධී කැරලිකරුවන් එහි ධජය යටතේ එක්සත් කිරීමේත්, සංවිධානය පවත්වාගෙන යාම හා වර්ධනය කිරීමේත් කර්තව්‍යය සූදානම් කල හැක්කේ කෙසේ ද? බොල්ෂෙවික් නායකත්වයේ දූරදර්ශී භාවය බොහෝ විට ආරවුල් ලිහිල් කිරීමට හා කණ්ඩායම් අරගල පවත්නා කාල සීමාව කෙටි කිරීමට හැකි තත්වයක් නිර්මාණය කලේ ය. එහෙත් එයට වැඩි යමක් කල නො හැකි විය. මධ්‍යම කාරක සභාව මේ කැකෑරෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගය මත විශ්වාසය රැදවී ය. එය තීරණ ගැනීමට හා නියෝග පැනවීමට අවශ්‍ය නිර්භීතකම ලබා ගත්තේ මේ මගිනි. සියලු තීරණාත්මක අවධීන්හි දී නායකත්වයේ නිසැක නිරවද්‍යතාව එයට ඉහල අධිකාරී බලය ලබා දුනි. මධ්‍යගතවාදයේ මිලකල නො හැකි සදාචාරාත්මක ප්‍රාග්ධනය වන්නේ එයයි.” (පාවා දුන් විප්ලවය, 170 පිට, සිංහල පරිවර්තනය)

මෙම දීර්ඝ උපුටා දැක්වීමෙන් ඔහු විජේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ, පක්ෂයේ ඉතා පරිනත,ජාත්‍යන්තර කමිටුවට ඉතා ලෙන්ගතු  සහෝදරවරුන්ට එරෙහිව ගෙන ඇති තීරණය ,මෙම සංදර්භයේ තබා නැවත තක්සේරු කරන ලෙසයි. 

හලාවත ශාඛාව තුළ මෙම අරගලය ඉදිරියට ගෙන යමින් මෙම සහෝදරවරුන් පිලිබඳව ප්‍රශ්න මතු කල  විට තර්ජනය කරමින්, ඡන්දයක් විමසා නිහාල් එලියට දමන මෙන් ක්වින්ටින් සහෝදරයා කපිල ගෙන් ඉල්ලා සිටි විට, කපිල පවසා සිටියේ එයට පසුබට නො වන බව යි. මෙම චන්දය විමසීම පලමු කොටම සිදුකලේ අම්බලන්ගොඩ ශාඛාවේ රත්නසිරි නායකත්වයයි. නන්දන සහෝදරයා, පැවති සම්මේලනය කූටෝපායන් භාවිත කලේ යයි පක්ෂ නායකත්වයට චෝදනා කර ඇත. මේ ගැටලු විසදා ගැනීමට සම්මේලනය ගැන  සාකච්ඡාවක් ඔහු ඉල්ලා ඇත. හුදෙක් මෙම කරුන මත නන්දන ඇතුලු තිදෙනෙක් රැස්වීමේ නැති අවස්ථාවක ඔහුට  එරෙහිව චන්දයක් පවත්වා ඔහුගේ සාමාජිකත්වය තහනම් කිරීම මගින් නන්දනගේ කූටෝපාය පිලිබද චෝදනාව අකුරට සනාත කිරීමට දේශපාලන කමිටුවේ රත්නසිරි පියවර ගත් අතර දේශපාලන කමිටුව කිසිදු සාකච්ඡාවකින් තොරව ඔහුට එරෙහිව පක්ෂ තහනමක් පැනවී ය.

මෙම පිලිවෙත, සාමාජිකත්වය අත්හිටුවා ඇති සහෝදරවරුන් වෙනුවෙන් සටන් කරන ශාඛා වන අම්බලන්ගොඩ, නුවර, කොලොන්නාව හා හලාවත ද ක්‍රියාත්මක කිරීමට පාරම්බාමින් සිටන බවට අපි චෝදනා කරමු.

හලාවත ශාඛාව තුල අපේම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම්ව මෙම  ප්‍රශ්න සලකා බැලීම සඳහා නැඹුරුවක් ගැනීමට අපි දිගින් දිගට සටන් කල අතර, ශාඛා නායකත්වය නිතරම ප්‍රකාශ කලේ, මෙම ‘සුළු ධනේශ්වර’ ප්‍රවනතාවය පක්ෂය තුලින් විරේක කර දමන බවයි. මෙම ඊනියා සුළුධනේශ්වර ප්‍රවනතාවය පිලිබඳව මොනම දේශපාලන පැහැදිලි කිරීමක් වත් මේ වන තෙක් පක්ෂයෙන් සිදු කර නැති බව මතක් කරමු. මෙය  එවන් ප්‍රවනතාවක් යයි අප මොහොතකට පිලිගත්තත් නායකත්වයේ හැසිරීම අනුමත කල නො හැකි ම ය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සුළු ධනේශ්වර ප්‍රවනතා සමග පොර බැදි ආකාරය ගැන ශාඛා සාමාජීකයන්  දැනුවත් කිරීම සදහා ට්‍රොට්ස්කිගේ “මාක්ස්වාදය ආරක්ෂාව සඳහා” යන කෘතියේ සදහනක් නිහාල් ගෙන හැර දැක්වී ය. මේ නන්දන, වක්කුඹුර හා සංජය වැනි පටබැදි සුලු ධනේශ්වර ප්‍රවනතාවක් නොව, 1939 සමාජවාදී කම්කරු පක්ෂය තුල පැන නැගි සැබෑ සුලු ධනේශ්වර ප්‍රවනතාවක් සම්බන්ධයෙනි.

පහත දැක්වෙන ප්‍රශ්නය ඉදිරිපත් කල හැකිය: විරුද්ධ පාර්ශ්වය, සුළු ධනේශ්වර ප්‍රවනතාවයක් වේ නම්, තවදුරටත් එකමුතුකම පවත්වා ගත නොහැකි වන බව එයින් ඇගවේ ද? එසේ නම්, සුළු ධනේශ්වර ප්‍රවනතාවය, කම්කරු පංතික ප්‍රවනතාව හා සමහන් කරනුයේ කෙසේද? මෙයාකාරයෙන් ප්‍රශ්නය මතු කිරීම ම, ඒකපාර්ශ්වීයව අපෝහක විරෝධීව හා ඒ අනුව, ව්‍යාජව විනිශ්චය කිරීමකි. වර්තමාන සාකච්ඡාවේදී, විරුද්ධ පාර්ශවය, එහි සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලිව ප්‍රකාශයට පත් කොට ඇත. එහෙත් විරුද්ධ පාර්ශවයට වෙනත් ලක්ෂණ නැති බවක් මෙයින් නොඇගවෙයි. විරුද්ධ පාර්ශවයේ බහුතරය, කම්කරු පංතික ව්‍යාපාරයට දෙගුණයක් භක්තිවන්ත වන අතර උගැන්මෙහි ද පොහොසත් වෙත්. අද දින සුළු ධනේශ්වර වාතාවරණයට ගැටගැසී සිටින ඔවුන්ට, හෙට දින, කම්කරු පන්තියට බැදී ගැනීමට පුළුවන් කම තිබේ. ස්ථිරසාර නොවූවන්ට, අත්දැකීමේ බලපෑම යටතේ, වඩා ස්ථිරසාර විය හැකිය. පක්ෂය විසින් දහස් ගණන් කම්කරු වන් වැලදගනු ලැබෙන කල්හි, වෘත්තීය කණ්ඩායම් වාදීන්ට පවා, කම්කරු පංතික විනයමය සාරයෙන් යලි අධ්‍යාපනය ලැබිය හැකි වෙයි. ඔවුන්ට ඒ සදහා කාලයදීමට අවශ්‍යය. සාකච්ඡාව, භේදවීම් හා පලවා හැරීම් පිලිබඳ මොනයම් හෝ තර්ජනයන්ගෙන් නිදහස් ව තබා ගැනුමට, කැනන් සහෝදරයා කල යෝජනාව, මුලුමනින්ම නිවැරදි වනුයේත්, ස්ථානෝචිත වනුයේත් එහෙයිනි.”

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලි ව පෙන්නුම් කල බර්න්හැම්, ෂැට්මන් හා ඇබර්න් කණ්ඩායම සම්බන්ධව ට්‍රොට්ස්කිගේ ආකල්පය පැහැදිලිය.

එපමනක් නොව, “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේද?” කෘතියේ දී නෝත් සහෝදරයා, මාක්ස්වාදය ආරක්ෂාව සදහා කෘතියේ ට්‍රොට්ස්කිගේ පැහැදිලි කිරීම් තම අරගලයට උපයෝගී කර ආකාරය කෙටි උද්ධෘතයකින් සලකා බලමු. 

තත්වය තවත් නරක් කලේ 1974 සරත් ඍතුව වන විට වර්ධනය කර ගැනී තිබූ පරිමාණයෙන් තෝනට් මතු කල දේශපාලන මත භේදයන්  කම්කරු පංතිය ඉදිරියේ භේදයක් යුක්තිසහගත කිරීමට සෑහෙන තරමින් වර්ධනය වී නොපැවතීමය. හීලිගේ හා බණ්ඩාගේ කොතරම් තීක්ෂණ හිතලුවක් වූවද – තෝනට් ඕ.සී.අයි සංවිධානයේ එජන්තයකු ලෙස වැඩ කලේය යන්න – එය පමණක් සෑහුනේ නැත. 1940 දී ට්‍රොට්ස්කි, සුළුතරයට එරෙහිව අපරිනත සංවිධානාත්මක පියවර නොගන්නා ලෙස කැනන්ට අනතුරු ඇඟවමින් ප්‍රකාශ කලේ,”කොතරම් නිවැරදි විය හැකි වුයේ වුවද ඔබ ක්‍රියා කල යුත්තේ ඔබේ ආත්මීය ඇගයීමට අනුව නොව, සියල්ලන් සතුව පවතින වෛෂයික සාධක මතය”. එ ගමන්ම ඔහු අවධාරණය කලේ සංවිධානාත්මක නොඉවසිලිවන්ත භාවය”බොහෝවිට න්‍යායික නොතැකීම සමග බැඳී ඇත,”යන්නයි.’ (කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේද? 44පිට)

පැහැදිලිව ම පක්ෂය ට්‍රොස්කිවාදී පිලිවෙත වෙනුවට ට්‍රොස්කිවාදයෙන් බැස ගිය අයගේ පිලිවෙතක පිහිට සොයා ගොස් ඇත. එය පරීක්ෂාවට ලක් විය යුතු කරුනකි. අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර පක්ෂ නායකත්වය එය බැරෑරුම් ව සලකා බලනු ඇතැයි සිතමි.

ඒ සදහා, මෙම කරුණු ඔබ ඇතුළු පක්ෂ නායකත්වය, මෙම සංවිධානාත්මක පියවර ගැනීම ගැන, මෙම ඵෛතිහාසික සංදර්භයේ තබා නැවත තක්සේරු කලයුතු යුතු ය යි අපි යෝජනා කරමු.

පසු ගිය කාලය පුරා සමස්ත පක්ෂයම ද්විතීක ප්‍රශ්න වටා කරක් ගැස්වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ලංකාවේ අප්‍රියල් මාසයේ ඇරඹී තවමත් ඇදී යන පන්ති අරගලය පූර්ව කල්පනය කිරීමටත්, එයට සාර්ථක මැදිහත් වීමක් කිරීමටත් පක්ෂය අසමත් විය. මේ අතරතුර ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් වීමෙන් එලිදැකි ක්‍රියාකාරි කමිටු ගොඩ නැගීම හා සම්මේලනයකට යෑම  පිළිබඳ ඉදිරිදර්ශනය ක්‍රියාත්මක කරමින් පක්ෂයේ පසුගිය දේශපාලන පසුබෑම් කපාගෙන පංති අරගලය තුලට විප්ලවකාරී මැදිහත් වීමක් කිරීමට පලමුව පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගත යුතුව ඇත. මක්නිසාදයත්, ජාත්‍යන්තර කමිටුව මෙම දශකය විප්ලවයන්ගේ සහ යුද්ධයන්ගේ දශකය ලෙසත්, ලෝක  ට්‍රොට්ස්කි වාදී ව්‍යාපාරය දැන් ඇතුළු වී ඇති කාලපරිච්ඡේදය පිලිබඳවත් ඉතා පැහැදිලි  හා දීප්තිමත් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබූ තතු තුල අප පක්ෂයේ දේශපාලන පසුබෑම සිදුව ඇත. 

ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම පිළිබඳ අදහස ද කේඩරය තුල බැරෑරුම් සාකච්ඡාවකින් අවබෝධ කර ගැනීම සදහා නායකත්වය ක්‍රියා කලේ නැත. හලාවත ශාඛාව තුල ක්‍රියාකාරී කමිටු  පිළිබඳ සාකච්ඡාවකදී ට්‍රොට්ස්කිගේ ධනවාදයේ  මරලතෝනියේ සඳහන් උද්ධෘතයක්  ඉදිරිපත් කලෙමු. 

සෝවියට් සභා ප්‍රාගානුභූත පක්ෂ ක්‍රියා මාර්ගයට සීමා වී නැත. එවා තම දොරවල් සියළුම සූරා කැවෙන්නන්ට හැර දමයි. අරගලයේ පොදු රල දහර තුලට ඇදී ගෙන එන සියලුම ස්ථරවල නියෝජිතයෝ මේ දොරවල් හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමගම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුල පුන පුනා අලුත්වෙයි. පෘථුලතම පුජාතන්තවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සදහා අරගල කල හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.” (ධනවාදයේ  මරලතෝනිය, සංක්‍රමන ක්‍රියාමාර්ගය) 

මේ අවස්ථාවේදී ශාඛා නායක කපිල සහෝදරයා  සදහන් කලේ, “එක එකාට මේ දොරවල් හරහා ගමන් කරන්න නෙමෙයි අපි  එවා හදන්නෙ” යනුවෙනි. මෙය ක්‍රියාකාරී කමිටු පිළිබඳ පක්ෂ නායකත්වයේ අදහස හෙලිදරව් කරයි. 

මෙම මති මතාන්තර වර්තමාන පංති අරගලය තුළ අප පක්ෂය මුහුණ දී සිටින වගකීම් සලකා බැලීම සදහා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ඉල්ලා සිටී. 

“රුසියානු විප්ලවය සහ නො නිමි විසිවැනි සියවස”  කෘතියේ දී නෝත් සහෝදරයා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන පැහැදිලි කිරිමක් මෙසේය:

පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන වැදගත් කම හුදෙක් වියුක්ත මූලධර්මයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන අතර, එය බලපාන්නේ හුදෙක් ආර්ථික පිලිවෙත තීරණය කිරීමේ ක්ෂෙත්‍රයේ ප්‍රායෝගික අර්ථය මත පමණක් නොවේ. සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා ට්‍රොට්ස්කි විසින් දියත් කරන ලද අරගලය තුළ අවසානයේ පරදුවට තැබී තිබුනේ කලින් ශතවර්ෂය පුරා ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරය තුල වර්ධනය වී තිබූන සමාජවාදී සංස්කෘතියේ හා විප්ලවවාදී චින්තනයේ සමස්ථ උරුමයයි. නිලධරය ලෙනින්ගේ මෘතදේහයට කල දෙයම මාක්ස්වාදයටත්  කලේය. එය මමියක් බවට පත්කොට අර්ධ වශයෙන් ගූඨ ජපකිරීමක වස්තුව බවට හරවන ලදී. සකලාධ්‍යාසයෙන් ම 1927න් පසුව මාක්ස්වාදය සෝවියට් පිලිවෙත නිර්නය කිරීම තුල කිසිදු  ක්‍රියාකාරීත්වයක් සිදුකිරීම අවසන් විය. විපාර්ශ්වයේ පරාජය බුද්ධිමය හා සංස්කෘතික  ක්‍රියාකාරීත්වයේ සියලු අංශ තුල විවේචනාත්මක චින්තනයේ වර්ධනයට මල බෙරය හැඩවීය.”

මේ ලිපිය තුල  අප පැහැදිලි කරන කරුණු වලට ඔබගේ අවධානය යොමු කරමින් සහෝදරවරුන් තිදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඉවත් කොට, මෙම සාකච්ඡාව පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු ය. එය එසේ නො කිරීමට හේතුවක් ඇත්නම් පැහැදිලි කරන මෙන් ඉල්ලමු.

සහෝදරත්වයෙන් 

නිහාල් ගීකියනගේ, පුන්‍යවර්ධන,  විජේසිංහ.

28.10.2022

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම  Read More »

amarathunga

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

සසප වාමාංශය වෙනුවෙන් එල්.පී. උදයප්‍රේම විසිනි.

amarathunga
අමරතුංග සසප මැයි දින උද්ඝෝෂනයක දී

මෙහි පහත පලවන ලිපිය 2022 නෙවැම්බර් 16 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අම්බලන්ගොඩ ශාඛාවේ උදයප්‍රේම සහෝදරයා විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුමන්ත්‍රනකාරී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය. 

ජයසේකර සහෝදරයා,

අම්බලංගොඩ ලෝකල් සභාවේ අමරතුංග සහෝදරයා, එහි ලේකම් රත්නසිරි සහෝදරයා විසින්, සිය අධිකාරය අයුතු ලෙස බාවිත කරමින්, දොට්ට දමනු ලැබීම.

රත්නසිරි, අමරතුංග, පක්ෂයෙන් ඉවත් ව ‌ගොස් ඇතැයි පවසමින්, 2022 ජුලි 07 දින සිට ලෝකල් රැසිවීමවලට නො කැදවයි. කම්ටුව තුල කිසිදු සාකච්ඡාවකින් පවා තොර ව, අත්තනෝමතිකව සිදු කරන මෙම සාපරාධි ක්‍රියාවට නිමිත්ත ලෙස ඔහු සලකන්නේ නන්දන ඇතුලු සහෝදරවරු තිදෙනෙකුගේ සාමාජිකත්වය අයුතු ලෙස තහනම් කිරීමට ඒරෙහි ව ඔහු කල ප්‍රකාශයකි. “ මේ විදියට වැඩ වෙනව නම් තව දුරටත් මේ පක්ෂයේ ඉදීමෙන් පලක් නැත,”  අමරතුංග පැවසී ය.

ලෝකල් සභාවට වාර්තා කෙරී ඇති පරිදි, රත්නසිරිගේ මෙම ක්‍රියාව දේශපාලන කමිටුව විසින් කිසිදු විමසීමකින් තොරව ම අනුමත කර ඇත!

අමරතුංග-රත්නසිරි ගැටීම, රත්නසිරි දිගින් දිගටම ලෝකලය තුල පවත්වාගෙන යන වැරදි දේශපාලන භාවිතය නිසා පැන නැගුනකි. මෙම මත භේද මොනවාදැයි අවබෝධ කර ගැනීම සදහා සිද්ධින් 3ක් ඔබේ අවධානයට යොමු කරමු.

මධ්‍යම කාරක සභිකයෙකුව සිටිය දී නන්දන සහෝදරයාගේ සාමාජිකත්වය දේශපාලන කමිටුව විසින් අත්හිටුවනු ලැබීම ව්‍යවස්ථා විරෝධී ය. උදයප්‍රේම සහෝදරයා අපගේ ව්‍යවස්ථාව උපුටා දක්වමින් මෙම කරුනු ලෝකල් සභාවේ දී මතු කලේ ය. ව්‍යවස්ථාවේ ඒවැනි ඡෙදයක් නැතැ යි රත්නසිරි අමරතුංගට වි‌ශ්ෂයෙන් දුරකථන ඇමතුමක් දී කීවේ ය. පසුව ලෝකල් රැස්වීමේ කෙරුනු සාකච්ඡාවේ දී තමන් කීවේ බොරුවක් බව පිලිගැනීමට රත්නසිරිට සිදු විය. මෙම වගකීම් විරහිත ක්‍රියාව හෙලා දකිමින් අමරතුංග ඒහි දී මැදිහත් විය.

විසදාගත යුතු බොහෝ ප්‍රශ්න මතුවී ඇත යන්න නො තකා, පක්ෂ සම්මේලනය, සාකච්ඡාවකට ඉඩ නො තබා, ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්, පැවැත්වීමට නායකත්වය දැරූ උත්සාහය අම්බලන්ගොඩ ලෝකල් සභාව තුල මතභේදයකට තුඩු දුනි. 

රත්නසිරි කීවේ ව්‍යවස්ථාව තීරනාත්මක නො වන බව ය. මෙය තහවුරු කිරීම සදහා, ඔහු, ලෙනින් අප්‍රේල් ප්‍රවාද ක්‍රියාවට දැමුවේ සම්මේලනයක් තුල ගත් තීන්දුවකට අනුව නො වේ ය යි බොරු කීය. ඒසේ සම්මේලන පවත්වන්නට ගියේ නම් ඔක්තොම්බර් විප්ලවය සිදු නො වන්නේ යයි තව දුරටත් ඔහු තර්ක කලේ ය. ‌උක්ත ප්‍රවාද 1917 අප්‍රේල් 6දා බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවටත් අප්‍රේල් 10 පක්ෂ සම්මේලනයටත් ඉදිරිපත් කර සම්මේලනයේ දී සම්මත කල බවත් අප පෙන්වා දුන් නමුත් රත්නසිරි තව දුරටත් සිය බේගලය ආරක්ෂා කලේ ය. 

නන්දන සහෝදරයා ඇතුලු සාමාජිකයන් තිදෙනෙක්, ජුනි 15ට යොදාගත් ලෝකල් සභාවට, තමන්ට සහභාගි විය නො හැකි නිසා වෙන දිනයක රැස් කරන ලෙස ඉල්ලා සිටිය දී එය නො තකා, අදාල සහෝදරවරු නැති ව ලෝකලය රැස් කර නන්දන සහෝදරයා දොට්ට දැමීමේ යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කලේ ය. අමරතුංග මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හෙලා දැක තමන් මේ ඡන්දය පැවැත්වීමට විරුද්ධ බවත් ඒ් නිසා ඊට සහභාගි නො වන බවත් අවධාරනය කලේ ය. පසුව රත්නසිරි යොජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බවත් අමරතුංග මධ්‍යස්තව සිටි බවත් දේශපාලන කමිටුවට දැනුම් දුන් අතර එම තීන්දුව දේශපාලන කමිටුව විසින් ක්‍රියාවට දැමී ය. අමරතුංග මධ්‍යස්ථව සිටියා නොව එම ඡන්දය පැවැත්වීමට විරුද්ධ විය.

පක්ෂ නායකත්වය දැනුවත් ව ක්‍රියාත්මක කල මෙම ප්‍රකෝපකාරීත්වය අන් බොහෝ සහෝදරවරුන් මෙන් ම අමරතුංග ද ව්‍යාකූලත්වයට ඇද දැමී ය. අමරතුංග මෙම වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් දේශපාලන පැහැදිලිකම සදහා පියවර ගන්නැයි කමිටුවට යෝජනා කලේ ය. මෙම නායකත්වය යටතේ තව දුරටත් වැඩ කල නො හැකි ය යි අමරතුංග කියා සිටියේ මෙම කොන්දේසි තුල ය. නමුත් රත්නසිරි  තම ප්‍රජාතන්තු විරෝධී, සම්ප්‍රධාය හා න්‍යාය විරෝධී ක්‍රියාවන්ට අනුග්‍රහ නො දක්වන සාමාජිකයන් දඩයම් කිරීමේ පක්ෂය තුල දැනට බලපවත්වන තත්වය ඉදිරියට ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

ලෝකල් සභාව තුල උදයප්‍රේම හා ගීතා ගේ මැදිහත් වීමෙන් අමරතුංග සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසදාගත යුතුය යි එකගතාවක් දිනාගත හැකි විය. ඒ් අනුව අමරතුංග හමුවීම උදයප්‍රේමට පැවරිනි. අමරතුංග පක්ෂය හැර අන් විසදුමක් නැති බවත් තමන් ලෝකල් සභාවේ දිනය දන්වන තෙක් බලා සිටින බවත් උදය සමග පැවසී ය. එය ලෝකල් සභාවට වාර්තා කෙරිනි. එහෙත් රත්නසිරි ඔහු කැදවීමට ඒකග නො වී ය. ඔහු කීවේ අමරතුංග නව සාමාජිකයෙකු ලෙස පක්ෂයට ඇතුලු වීම සදහා ලිඛිත ඉල්ලීමක් කල යුතු බව ය. අමරතුංග පක්ෂය හැර නොගිය බව රත්සිරි ප්‍රතික්ෂෙප කලේ ය.

සාමන්‍යයෙන් මෙබදු මත භේද මතු වූ විට දේශපාලන කමිටුවේ නියොජිතයෙක් අදාල ලෝකල් සභාවට සහභාගී වී ප්‍රශ්නය නිරාකරනය කර ගැනීමට උත්සාහ කීරීමේ සම්ප්‍රදායක් අප පක්ෂයට පැවතුනි. වසර ගනනක සිටම එබදු  ක්‍රියාවන් අත්හැර දමා ඇත. දැන් පැහැදිලිකම සදහා අවශ්‍ය සම්ප්‍රදායන් හා පිලිගැනීම් එකිනෙක උගුලා දැමීම පිලිබද තවත් එක් නිදසුනකි මේ.

මෙහිදී වැදගත් කාරනයක් නම් මෙසේ දූවිල්ලක් මෙන් අතු ගා දැමීමට නායකත්වය වැඩ කලේ පක්ෂය තුල වසර 46ක අඛන්ඩ ඉතිහාසයක් ඇති කම්කරුවෙකි යන්න ය. අමරතුංග පතල් කම්කරුවකු ලෙස සේවය කරමින් සිටිය දී සමසමාජ වෘත්තීය සමිතියේ පාවා දීමට එරෙහිව ඉදිරිපත් වීම නිසා සමිති නායකත්වය හා හාම්පුත්තු එක් වී කුමන්ත්‍රනය කර ඔහුගේ රැකියාව අහිමි කලේ ය.

විකොස වෙත ඔහු හැරෙන්නේ මේ අත්දැකීම සහිතව ය. පක්ෂය දැන් ඔහුට එම සමිති නායකයන් සැලකූ අන්දමට සමාන සැලකීමක් සිදු කර ඇත. ඔහු එයින් ඉමහත් කම්පාවට පත්ව රෝගියෙකු බවට පත් වූ අතර පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත අප කල මැදිහත් වීම හා පැහැදිලි කිරීම් නොවන්නට ඔහුගේ ජීවිතය පවා අනතුරුට ඇද දැමී තිබිනි.  

30 වසරක් යුද්දයට එරෙහි ව ද, පසුව ජවිපෙ මදාවිකාරයට විරුද්ධව ද අප්‍රතිහත ව අරගලය කල ඔහු පලාතේ මෙන් ම පක්ෂය තුල ද ගෞරවාදරයට පත් වූ සටන්කරුවෙකි. හැම අවස්ථාවක ම ජාත්‍යන්තර කමිටුවට හා පක්ෂයට ලෙන්ගතුව සිටීමේ වාර්තාවක් ඔහුට ඇත.

1989 සිට දරුනු හෘදයාබාදයකින් පෙලෙන ඔහු පක්ෂයේ කිසිදු වැඩකට බාධාවක් ලෙස මෙම රෝගී තත්වය පිහිටුවා නො ගත්තේ ය. අසල්වාසීන් සිය නායකයෙකු ලෙස ඔහුට සලකන්නේ ප්‍රතිගාමීත්වයට නො නැමෙන, හා හැම විට ම ප්‍රතිපත්ති මත පිහිටා සිටින්නෙකු ලෙස ඔහු පවත්වාගත් ජීවිතය නිසා ය.

විකොස 1978 බැසිල් ප්‍රනාන්දු හා සිරිවර්ධන පක්ෂ ඉදිරි දර්ශනය එක එල්ලේ ප්‍රතික්ෂේප කර තිබිය දී මාස 6ක් තිස්සේ ඔවුන් සමග සාකච්චා කර පැහැදිලිකම ඇති කැර ගැනීම සදහා ප්‍රයත්න දැරී ය. බර්න්හැම්-ෂැට්මන් කන්ඩායමට එරෙහි ට්‍රොට්ස්කි හා කැනන් ගෙනගිය අරගලයේ තීරනාත්මක පාඩම් මත එම ක්‍රියාවන් පදනම් විය. අප මේ කරුනු මතු කල විට රත්නසිරි ඕවා හීලිගේ කාලයේ සිදු කල වැරදි යයි එම ඓහාසික අත්දැකීම හෙලා දිටී ය. දොට්ට දැමීම ඇතුලු මෙම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ ව්‍යාපාරයේ ඉතිහාසය කෙරේ දක්වන සුලු ධනේශ්වර නො තැකීම ය.

අමරතුංග මෙන් ම නන්දන, සංජය සහ වක්කුඹුර යන සහෝදරවරු සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය මේ කරුන සනාථ කර ඇත. වැදගත් වන්නේ ඉදිරි දර්ශන හා ක්‍රියාමාර්ගය පිලිබද ගැටලු මතු කරගෙන ඒ්වා පිලිබද පැහැදිලිකම මගින් පක්ෂය වර්ධනය කර පන්ති අරගලය තීව්‍ර කිරීම ය. ඒ් වෙනුවට මෙම හැසිරීම් සුලු ධනේශ්වර අවස්ථාවාදයට පක්ෂයේ දොරවල් වීවෘත කර දෙන බව කල් නො යවා වටහා ගැනීම අවශ්‍ය යයි අපි අවධාරනය කරමු. 

පක්ෂ නායකත්වයේ අත්තනෝමතික ක්‍රියා පිලිබද සාකච්ඡාවක් ඉල්ලා සිටි, එතෙක් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වූ මිස්සක සහෝදරයා හා තරුන සහෝදරයෙකු වන හිරුන් සහෝදරයා අවසන් වසයෙන් 3වන පක්ෂ සම්මේලනයමත් මෙම ක්‍රියා ආරක්ෂා කිරීම සදහා මෙහෙයවීම නිසා පක්ෂය හැර ගොස් ඇත. ඔවුන් ලිඛිතව තම විරෝධතා නායකත්වයට යොමු කර ඇති නමුත් ඒ්වා ගැන වචනයක්වත් අද වන තුරුත් පක්ෂය තුල සාකච්ඡා කර නැත. 

වත්මන් පන්ති අරගලයේ තියුනු තත්වය තුල මතු වන දේශපාලනික, න්‍යායික, සංවිධානාත්මක ගැටලු වග විගාභයකින් තොරව බැහැර කිරීම පක්ෂය තත්කාර්යවාදය මත මෙහෙයවෙමින් පවතින බවට පැහැදලි සඥාවන් ය. 

මේ නිසා, අමරතුංග ඇතුලු පක්ෂයෙන් ඉවත්කර තබනු ලැබ ඇති සහෝදරවරු සම්බන්ධව මතු වී ඇති ගැටලු අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකාච්චාවක්, පක්ෂයේ කර්තව්‍යයන් වඩා ඉහල මට්ටමකින් වටහා ගැනීමේ හා ඒ්වා ක්‍රියාවට දැමීමේ දී අවශ්‍ය වන සංවිධානාත්මක සූදානම ඇති කර ගැනීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ලෙස අපි වටහා ගනිමු. ඒ් සදහා  මෙහි සදහන් සහෝදරයින් 4 දෙනා ම වහා සාමාජිකත්වයේ පිහිටු විය යුතු ය යි අපි යොජනා කරමු.

මෙම ලිපිය පක්ෂ සාමාජිකත්වය අතර බෙදා සාකච්ඡාවක් ආරම්භ කල යුතු යයි අපි යෝජනා කරමු.

සහෝදරත්වයෙන්,

උදයප්‍රේම, ගීතා 

අම්බලන්ගොඩ

16.11.2022

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව Read More »

PURGE

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

සසප වාමාංශයේ ප්‍රකාශය

PURGE
ස්ටැලින්ගේ මහා විරේකය, 1936-38

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) නායකත්වයේ “විරේක” කිරීමේ නිලධාරීවාදී පිලිවෙතට තවත් සාමාජිකයන් 7 දෙනෙකු ගොදුරු කර ගැනීමට 2023 අගෝස්තු 2 දින රැස් වූ මධ්‍යම කාරක සභාව තීන්දු කල බව අදාල සාමාජිකයන් වෙත දැනුම් දී ඇත. “මධ්‍යම කාරක සභාව, ඔබ විසින් දේශපාලන කමිටුවේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් සිය විනය විරෝධී ක්‍රියා කලාපය  දිගටම පවත්වාගෙන යාම හේතුකොට ගෙන ඔබව සසප සාමාජිකත්වයෙන් නෙරපීමට තින්දු කරයි,” යනුවෙන් දැනුම් දෙන ලිපියක් ඔවුන්ට එවා ඇත.

එහි සඳහන් දේශපාලන කමිටුවේ නිර්දේශයන් වන්නේ්, සසප විසින් ඉදිරිපත් කොට ඇති විප්ලවවාදී ඉදිරි දර්ශනය පසුගිය මහජන අරගලය තුලට ගෙන යාමත්, එම ඉදිරි දර්ශනය අනුගමනය කරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීමත් නිසා පක්ෂයෙන් නෙරපූ සංජය ජයසේකර සහ, පක්ෂ නායකත්වය විසින් තමන් කොටු කිරීමටත්, අපකීර්තියට පත් කිරීමටත් දියත් කල ප්‍රකෝපකාරී ප්‍රචාර (සීඅයිඒ සම්බන්ධකම්, පක්ෂයට බැදෙන අයට බැන වැදී පලවා හැරීම වැනි ප්‍රබන්ධ කථා) ෆේස් බුක් මාධ්‍යය මගින් හෙලිදරව් කිරීම නිසා නෙරපා හල නන්දන නන්නෙත්ති යන අය සමග සියලු සබඳතා නතර කල යුතු බව, සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවට දෙන සහයෝගය නතර කල යුතු බවය. 

නුවර කමිටුවේ 1972 සිට සාමාජිකයෙකුව සිටි රජයේ ලිපිකරුවෙකු වූ අයිවන්, හලාවත කමිටුවේ නිහාල් ගීකියනගේ (1980 ජුලිවල පක්ෂයට බැඳී, පසුව මධ්‍යම කාරක සභාව නියෝජනය කලේය), 1990 සිට සාමාජිකත්වය දැරූ ධීවර කම්කරුවෙක් වන රත්නෙ, හා 2008 සිට සාමාජිකයෙකු වන විජේසිංහ යන සහෝදරවරු තිදෙනා ද, 1982 සිට පක්ෂ සාමාජිකත්වය උසුලා ඇති රෝලන්ඩ් සමාගමේ කම්කරුවෙකු වූ රත්මලාන කමිටුවේ කරුනාසේන, 1988 සිට සාමාජිකත්වය දැරූ හා හිටපු මධ්‍යම කාරක සභික අම්බලන්ගොඩ කමිටුවේ උදයප්‍රේම සහ 1990 දී පූර්නකාලීන සාමාජිකාවක ලෙස නිදහස් වෙලද කලාපයේ කම්කරුවන් අතර දේශපාලන කටයුතු සිදු කල ගීතා යන දෙදෙනා ද මේ සමාජික, සාමාජිකාවන් වේ. කිසිදු අවස්ථාවක දේශපාලනිකව පැහැදිලි නොකර, එසේ පැහැදිලි කර ගැනීම සදහා සාකච්ඡාවකට ඉඩ නො හරින ලද තතු යටතේ, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව, විනය පරීක්ෂනයක් තුල සිය නිර්දෝෂීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් සලසා ඇති ඉඩකඩ ද අහුරා, ආඥාදායක ස්වරූපයෙන් ඉදිරිපත් කල මෙම නියෝගවලට යටත් වීම ඔවුහු සප්‍රතිපත්තිකව ප්‍රතික්ෂේප කලහ. 

2022 මැයි 14-16 පක්ෂයේ තුන්වන සම්මේලනය මෙම නෙරපා හැරීම් සදහා ම සූදානම් කල, කූටෝපායයන් හරහාම මෙහෙයවුනු සම්මේලනයකි. මුලින් ම එය පැවැත්වීමට නියම කර ගත්තේ එම වසරේ මාර්තු මාසයේ දී ය. සම්මේලනය, සාමාජිකත්වයට එයට සූදානම් වීමට කිසිදු ඉඩක් නැති වන පරිදි, දින කීපයකට පෙර දැනුම් දීමකින් පවත්වන්නට උත්සාහ කලේ පක්ෂය තුල සිදුවෙමින් පැවති දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක පසු බැසීම් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී හැඩ ගැස්ම ගැන සාකච්ඡාවක් මතුවීම වලක්වා ගැනීම සඳහා ය. එහෙත් වාම පාර්ශවයේ සාමාජිකයන් විසින් ඒ පිලිබඳව ජාත්‍යන්තර කමිටුවට දැනුම් දෙනු ලැබීමෙන් පසු  එහි මැදිහත් වීමෙන් එම ප්‍රයත්නය පරාජයට පත් කල හැකි විය. 

එම කල් දැමීම, සාමාන්‍ය සම්ප්‍රදාය වන පූර්ව සම්මේලන සාකච්ඡා සදහා කාලය වෙන් කිරීමක් වුව ද, කටයුතු සිදුවූයේ ඉතා නින්දා සහගත ආකාරයකිනි. පූර්ව සම්මේලන සාකච්ඡා සදහා යොමු කල සාමාජිකයන්ගේ ලිපි පක්ෂය තුල බෙදා නොහැරුනා පමනක් නො ව සාකච්ඡා පැවති සීමිත අවස්ථාවල දී පවා විරුද්ධ අදහස් යටපත් කර, එම අදහස් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවීමේ ඉඩකඩ අහෝසි කිරීමට පක්ෂ තන්‍ත්‍රය ක්‍රියා කලේ ය. කොඩිඩ් වසංගත තත්වය නිසා අන්තර්ජාල තාක්ෂනය යොදා ගැනීම වාසියට හරවා ගත් තන්ත්‍රය ඡන්දය පවා වංචා කලේ ය. ඇතැමුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා අහිමි කරන ලදී. මූලධර්ම සඳහා සටන් වැදුනු සාමාජිකයන්ට පක්ෂය අත්හැර යාමට හෝ නිෂ්ක්‍රිය වීමට බල කෙරින. උදාහරනයක් ලෙස බුලත්සිංහල කමිටුවේ සිටි පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ විලියම් සහෝදරයා ඔහුගේ පදිංචියට හෝ සේවා ස්ථානයට කිසිදු සම්බන්ධතාවයක් නැති, ඔහු ජීවත් වන ප්‍රදේශයෙන් කි.මී. 100 කට වඩා දුරින් පිහිටි බන්ඩාරවෙල කමිටුවට අනුයුක්ත කෙරුනේ හුදෙක් නායකත්වයේ අභිමතය පරිදි ය. එය වූ කලී, ප්‍රවාහන වියදම් හා ශ්‍රී ලංකාව වැනි අඩු ප්‍රවාහන පහසුකම් සහිත රටක ගමන් කාලය සැලකිල්ලට ගත් කල සිද්ධිදායක අයුරින් කිව හැකි පරිදි, ඔහු නිෂ්ක්‍රිය කර තැබීමේ තීන්දුවකි. ඒ සඳහා තර්කානුකූල හේතුවක් වී නම්, ඒ, ඔහු සිය අත්දැකීම් මත පදනම් ව නායකත්වයේ ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීම පමනෙකි! තන්ත්‍රයේ බොල්ෂෙවික් විරෝධී ක්‍රියාවන්ට එරෙහි වූ, මූලධර්ම මත පිහිටාගත් සාමාජිකයන් නායකත්වයෙන් ඉවත් කර පසුගාමී ද, ආර්ථික වශයෙන් ශක්තිමත් ද වූ ව්‍යාපාරිකයන් වැනි සුලු ධනේශ්වර කොටස් ඒ තැන්වල ස්ථාපිත කරන ලදී. 

මෙයින් කලකිරුනු සහෝදරවරු දෙදෙනෙක් සම්මේලනයෙන් පසු සති දෙක තුල සාකච්චා කර මෙම තත්වය පැහැදිලි කර ගැනීමට ගත් උත්සාහයට ඉඩ නොදුන් බැවින් යලි කිසිදු සම්බන්ධයක් නැතැයි සහතික කර පක්ෂය හැර ගියහ. ඔවුහු කොටුව ලෝකලය බාරව වැඩ කල විලානි පීරිස්ට හා දේශපාලන කමිටුවට, කරුනු සනාථ කරන සාක්ෂි සහිතව ලිඛිත ප්‍රකාශ ලබා දුන් හ. ඒ අතරින් මිස්සක මධ්‍යම කාරක සභිකයෙක් ලෙස තුන්වන සම්මේලනය දක්වා වැඩ කල අයෙකි.

සම්මේලනයෙන් අනතුරුව අම්බලන්ගොඩ කමිටුව රැස් වූ අවස්ථාවේ දී, දේශපාලන සාකච්ඡාවක් හා සම්මේලනය පිලිබඳ තක්සේරුවක් සිදු කිරීමේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටුපා යාමට දේශපාලන කමිටු නියෝජිත රත්නසිරි මලලගම වැඩ කලේ ය. මීට විරුද්ධවීම හා සම්මේලනය පිලිබද සමාලෝචන සාකච්චාවක් ඉල්ලා සිටීම නිසා නන්දන නන්නෙත්තිගේ සාමාජිකත්වය තහනම් කිරීමට අභිනව ලේකම් දීපාල් ජයසේකර තීන්දු කලේ ය. අනතුරුව නන්දන නෙරපීමට විරුද්ධවීම නිසා අම්බලන්ගොඩ කමිටුවේ අමරතුංග (1976 සිට ක්‍රියාශීලී සාමාජිකයෙකු වන අතර දඩයමට ලක් වූ පතල් කම්කරුවෙකි) නෙරපා හරින ලදී.

පසුව 2022 නොවැම්බර් 19 දින, නන්දනට සහ සංජයට පක්ෂයේ සාමාජිකත්වය සම්පූර්නයෙන් ම අහිමි කෙරින. එවිට කොලොන්නාව කමිටුවේ මිගාර මේ පිලිබද විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඔහු ද නෙරපා දමන ලදී. රත්මලාන කමිටුවේ සුනිල්ට ද මෙම ඉරනමට මුහුන දීමට සිදු විය. මේ අනුව සම්මේලනයෙන් පසු ගෙවී ගිය වසරකට මදක් වැඩි කාලය තුල 12 දෙනෙකු ‘විරේක’ කර දැමූ අභිනව ප්‍රධාන ලේකම් ජයසේකර ප්‍රමුඛ මේ තන්ත්‍රය 4 වන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල විශේෂ වාර්තාවකට හිමිකම් කියයි. එපමනක් නොවේ; සම්මේලනයෙන් අනතුරුව තවත් අය පක්ෂය හැර ගිය ලයිස්තුවට එකතු වී සිටිති. විවිධ හේතු ඉදිරිපත් කරමින් හා පැදුරටත් නොකියා පලා ගිය ඒ පිරිස අතර, නුවර කමිටුවේ (මුල් කාලයේ සිට පක්ෂයේ සාමාජිකයෙකු වූ) ධනපාල සහ නිලූකා ද, හලාවත කමිටුවේ මහේෂ් ද, රත්මලානේ සතිස් කුමාර් ද වෙති. අවසන් සම්මේලන දෙක අතර කාලය තුල දුසිම් ගනනක් පක්ෂය හැර ගියහ. අවස්සාවේල්ල ශාඛාව විසුරුවා හැරුනි. එම හැරයාම් වල දේශපාලන ගම්‍යාර්ථ විමසූවන්ට නායකත්වයෙන් ලැබුනු ප්‍රතිචාරය වූයේ, “යනවා, එනවා .. ඒ ගැන සාකච්ඡා අනවශ්‍යය යි” වැනි අති සරල පිලිතුරකි. 

සම්මේලනයේ දී නැවත මධ්‍යම කාරක සභාවට පත් කරගත්, දේශපාලන කමිටු සාමාජික හා ලෝසවෙ අඩවියේ ශ්‍රී ලංකා කතෘ මන්ඩලයේ සාමාජික ප්‍රගීත් අරවින්ද මේ වසර මුල දී පක්ෂය අත් හැර දැමීමට තීන්දු කලේය. කලාවේ හා ප්‍රකාශනයේ  නිදහස සදහා සාර්ථක ලෙස ගොඩ නැගූ ක්‍රියාකාරී කමිටුව, නිලධාරීවාදයේ අපවිත්‍ර අත පොවා වීනාශ කිරීමට සසප නායකත්වය මොහු යොදාගනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් එම කමිටුවේ නන්දන සහෝදරයා 2022 නොවැමිබර 19 දින හා එහි හිටපු සභාපති සංජය  සහෝදරයා 2023 ජනවාරි 30 ඔහු වෙත යොමු කල විවෘත ලිපිවලට පිලිතුරු දෙනු නො හැකිව ඔහු මෙසේ පලා ගියේ ය.

සසප මෙන් ම එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ද පුරෝගාමියෙකු වන ආනන්ද වක්කුඹුර, මහජන අරගලය තුල පක්ෂ ක්‍රියා මාර්ගය සඳහා ඔහු කල මැදිහත් වීම නිසා, සාමාජිකත්ව තහනමට ලක් කෙරී මාස ගනනක් ගත කිරීමට සිදු වූ අතර, ඔහු ඉහත චෝදනා හමුවේ දන ගසා සාමාජිකත්වය ලබා ගත් නමුත්, තමන් ම බිහි කල සංවිධානය තුල ම අවලංගු කාසියක තැනට ඇද දමනු ලැබ සිටී. තන්ත්‍රය වාමාංශයෙන් ඉල්ලා සිටින්නේ එම ආදර්ශය අනුව වැඩ කරන ලෙස ය.     

සාමාන්‍යයෙන් සම්මේලනයක් යනු පක්ෂයක ප්‍රශ්න පැහැදිලි කරගෙන හා ප්‍රශ්න අවසාන වශයෙන් විසදා, පක්ෂය න්‍යායිකව, දේශපාලනිකව හා සංවිධානාත්මකව ශක්තිමත්, ඒකාබද්ධ සංවිධානයක් ලෙස නව ජවයකින් වැඩ ආරම්භ කිරීමට පදනම් දමන අවස්ථාවකි. පක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර කමිටුවේ අධීක්ෂනය යටතේ ඉදිරි දර්ශනයක් වර්ධනය කර ප්‍රකාශයට පත් කල ද එය හුදු ලියවිල්ලකට වඩා දෙයක් ලෙස නො සැලකුනි. සම්මේලනය ප්‍රධාන තැනක් දුන්නේ අවලාද හා මඩ ගැසීම වැනි දේ මගින් එම ඉදිරි දර්ශනය පිලිබද අවධානය යොමු වීම බිඳ දැමීමට ය. පක්ෂය ඉදිරි දර්ශන ගැන කතා කරමින් තත්කාර්යවාදීව ක්‍රියා කරන බව වටහා ගැනීමට මේ නිදසුන පමනක් වුව ප්‍රමානවත්ය.

නමුත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලොසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා, සම්මේලනයට සුබ පතමින් එය තක්සේරු කලේ මෙලෙසිනි. “මෙම සම්මේලනය මුහුන දෙන මූලික අභියෝගය වන්නේ, මෙම සිද්ධීන් හා ලංකාව ඇතුලතම වර්ධනය වන විප්ලවවාදී අර්බුය කෙරෙහි, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ ආකල්පය පැහැදිලිව නීර්නය කර ගැනීම යි. වෙනස් ආකාරයකින් කිවහොත්, විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ, ලෙනින් පෙරලා රුසියාවට පැමිනීමෙන් පසුව පැවැත් වූ පලමු සම්මේලනය වන,  1917 අප්‍රේල් බොල්ෂෙවික් පක්ෂයේ සම්මේලනයට, ඔබ දැන් පවත්වමින් තිබෙන සම්මේලනය බොහෝ අංශවලින් සමානකම් දක්වනවා. ගෝලීය යුද්ධයක් මධ්‍යයේ (බොල්ෂෙවික්) පක්ෂයට පැවති අභියෝගය වූයේ, කම්කරු පන්තියට අත්‍යවශ්‍ය නායකත්වය සැපයූ දේශපාලන දිසානතියක්, දේශපාලන ක්‍රියා මාර්ගයක් හා ඉදිරි දර්ශනයක් නීර්නය කර ගැනීම යි.

පක්ෂ තන්ත්‍රය මෙම වෛෂයික ඓතිහාසික තක්සේරුව සලකා ගත්තේ තමන්ට පිදූ සම්මානයක් ලෙස, හා ලෙනින් පැවැත් වුවා වැනි ම සම්මේලනයක් පවත්වන තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නෝර්ත්ගෙන් ලැබුනු වරපත්‍රයක් ලෙස ය. සැබැවින්ම ඔහුගේ අවධාරනය පක්ෂයේ වගකීම් සම්බන්ධ එකක් විය. එය, ලෝක යුද්ධ තත්වය හා රට තුල ම වර්ධනය වන විප්ලවවාදී අර්බුදයට මුහුන දීමේ අභියෝගය පිලිබඳ අවධාරනයක් විය. මෙකී අවධාරනය නොතකා මෙම තන්ත්‍රය සිදු කලේ, විප්ලවවාදී අර්බුදය උත්සන්න වෙද්දී ඊට පස්ස හරවා සිටීම හා, එතෙකින් නොනැවතී, එම මග හැරීමට එරෙහි වූ සාමාජිකයන්ට විරුද්ධව කුමන්ත්‍රනය කර  පලවා හැරීමට ක්‍රියා කිරීම ය. අරගලයට මෙන් ම කොලඹ ක්‍රියාකාරී කමිටුව වැනි අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවලට ද හතුරුව පක්ෂයේ අනුමැතිය ලබන ඒවා පමනක් සැබෑ ක්‍රියාකාරී කමිටු වේය යනුවෙන් ඉදිරිපත් කිරීමේ අර්ථය වන්නේ, තමන්ට අරගලයේ වර්ධනය මැඩ රඳවා ගැනීමට අවස්ථාව අවශ්‍යය යන්න මිස අනෙකක් නොවේ. මේ තන්ත්‍රයට අනුව, ක්‍රියාකාරී කමිටු යනු හුදෙක් ජාත්‍යන්තර කමිටුවේ නිර්දේශ වලට අනුගත වීම මිස මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම නොවේ. 

මෙම තත්වයන්ට එරෙහි වන වාම පාර්ශවය, නෙරපීම්වලින් ද, සියලු ආකාරයේ දඩයම් කිරීම්වලින් ද, හිරිවට්ටනු නොහැකි බව අපි කම්කරු පන්තියට සඵත කරමු. එමෙන් ම, වාම කන්ඩායම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියා මාර්ගය දිවි දෙවෙනි කොට රකිනු ඇත. එය එම පිලිවෙත මග හැරීමට ගන්නා ඔනෑම ප්‍රයත්නයකට එරෙහිව සටන් වදිනු ඇත. එහෙත් කොලඹ ක්‍රියාකාරී කමිටුව වාම පාර්ශවයට අනන්‍ය කිරීමට සසප තන්ත්‍රය දරන ප්‍රයත්නය අපි ප්‍රතික්ෂේප කරමු. සසප වාම පාර්ශවයට මුවා වීමට අම්බලම් අනවශ්‍ය ය. එය, දශකයකට ආසන්න කාලයක් පක්ෂ අභ්‍යන්තරයේ සිදු කල, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනයෙන් පන්නරය ලද අරගලය, වඩා තීව්ර ලෙස කම්කරු පන්තිය තුල සිදු කරනු ඇත.   

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම 

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි Read More »

artists

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත

ඩේවිඩ් වොල්ෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 11 දින පල වූ ‘The SAG-AFTRA strike and the path of global class struggle’ යන ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) සාමාජිකයින් 160,000කගේ වැඩවර්ජනයක් බදාදා රාත්‍රියේ ක්‍රියාත්මක වුවහොත්, එය දශක කිහිපයකින් එක්සත් ජනපදයේ විශාලතම වැඩ වර්ජනවලින් එකක් වනු ඇති අතර, එය පුනර්ජීවනය වන ගෝලීය පන්ති අරගලය තවත් ගැඹුරු කරනු ඇත. ෆෙඩරල් මැදිහත්කරුවන් ගෙන ඒමට සහ වර්ජන ක්‍රියාමාර්ගයෙහි ගෙල සිර කිරීමට සංගත දරන මංමුලා සහගත, අවසාන මොහොතේ උත්සාහයන් සහ තවත් ප්‍රමාදයක් හෝ විකුණා දැමීමක් නිවේදනය කිරීමට වෘත්තීය සමිතිය දරන ඕනෑම උත්සාහයක් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

දස දහස් සංඛ්‍යාත නළුවන්, විකාශන මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති ලේඛකයින්, සංස්කාරකවරුන් සහ අනෙකුත් අය මැයි 2 සිට වැඩවර්ජනයක යෙදී සිටින ඇමරිකාවේ ලේඛක සංසදයේ (WGA) සාමාජිකයින් 11,000 සමඟ එක්වනු ඇත.SAG-AFTRA වැඩ වර්ජනය එක්සත් ජනපදයේ ඉතිරිව ඇති, එක්සත් ජනපද නළුවන් සම්බන්ධ සියලුම ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන පාහේ වසා දමනු ඇත. 

1960 සිට ලේඛකයින් සහ නළුවන් විසින් සිදු කරන ලද පළමු “ද්විත්ව වැඩ වර්ජනයේ”  විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රධාන කොටස් වසා දැමීමේ විභවය එක්සත් ජනපදය තුල   දැවැන්ත ලෙස ඇඟවුම් කර ඇත.

artists
වැඩ වර්ජිත ලේඛකයෝ ලොස් ඇන්ජලීස් හි Writers Guild of America West ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළපාලි යති.

පළමුව, එය ලෝක ධනවාදයේ මධ්‍යස්ථානයවූ ඇමරිකා එක්සත් ජනපදය තුල  කම්කරු පන්තියේ විශාල ශක්තිය සහ හැකියාවත් එය පැතිර ඇති පරාසයත් පෙන්නුම් කරයි. වැඩ වර්ජනකදී, කම්කරුවන්ට ධනේශ්වර පාලනයට සහ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක මෙහෙයුම් නතර කළ හැකිය.

දෙවනුව, වර්ජනයේ ප්‍රවේශය සහ ගෝලීය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය කෙරෙහි එහි බලපෑම, සංස්කෘතික ජීවිතයේ අන්තර් සම්බන්ධිත, ජාත්‍යන්තර ස්වභාවය සහ චිත්‍රපට, රූපවාහිනිය සහ ඒ ආශ්‍රිත සියලුම ක්ෂේත්‍රවල කලාකරුවන්ගේ සහ කම්කරුවන්ගේ පොදු උවමනාවන් සහ අවශ්‍යතා ඉස්මතු කරයි.

තුන්වනුව, වර්ජනයක් මගින් UPS, මෝටර් රථ හා හෝටල් ඇතුළු  අනෙකුත් කම්කරුවන් සංගතවලට සහ  රැකියා, වැටුප් සහ කොන්දේසි වල නිර්දය ප්‍රහාරයන්ට එරෙහි වීමට දිරිමත් කරනු ඇත. එපමනක් නොව, SAG-AFTRA සාමාජිකත්වය, වෛෂයිකව, ලොව පුරා අරගලයේ යෙදී සිටින කම්කරුවන් සමග පෙලගැසී ඇත.

හතරවනුව,ඇමරිකාව පොදුවේ තෘප්තිමත්, සමෘද්ධිමත් රටක් ලෙස පින්තාරු කිරීමට මාධ්‍ය සහ දේශපාලඥයින්ගේ අඛණ්ඩ ප්‍රචාරක උත්සාහය තිබියදී, එහි ආන්ඩුව නිමක් නැති යුද්ධවලට දෙන සහය  කම්කරු පන්තියේ සියලුම කොටස්වල වැඩෙන විරුද්ධත්වය හෙලිදරව් කරයි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය යනු සමාජ කෝපයේ සහ විරුද්ධත්වයේ දැවෙන කල්දේරමකි.

SAG-AFTRA කම්කරුවන් උද්ධමනය හේතුවෙන් ආදායම් පහත වැටීම සහ ප්‍රවාහයේ වර්ධනය ඇතුළු සංයුක්ත ගැටළු රාශියකට වැඩ වර්ජනය කරනු ඇත. එය අවශේෂයන්ට විනාශකාරී පහරක් එල්ල කර ඇති අතර කෙටි කාලසීමාවන් සහ අඩු වැඩ සඳහා හේතු විය. කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සමූහ ව්‍යාපාරවලට රංගනයන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ මිනිස් නළුවන් ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සලසයි.

2020 වසරේ සිට SAG-AFTRA සාමාජිකත්වය 10,000කින් වැඩි වී ඇති අතර, සැබෑ වැටුප්වල පහත වැටීමක් හෙළිදරව් කරමින් හිඟ ආදායම “එකාකාරව පැවතුනු” බව මැයි මාසයේ “විශේෂිත “ ලිපියක් වාර්තා කළේය.දෙන ලද , ඕනෑම වසරකදී, ඇස්තමේන්තුගත සියයට 50ක් SAG-AFTRA හි සාමාජිකයින් “රංගනයෙන් සතයක්වත් උපයන්නේ නැත; ඩොලර් 26,470 ක සෞඛ්‍ය ආරක්ෂණ සීමාව සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් මුදලක් උපයන්නේ සාමාජිකයින්ගෙන් 5-15% ක් පමණි.”  “විශේෂිත” ලිපිය ඇස්තමේන්තු කර ඇති ආකාරයට “වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් සියයට දෙකක් පමණක් ආරක්ෂිත මධ්‍යම පන්තික වැටුපක් උපයයි.   … ශ්‍රම බලකාය එන්න එන්නම අනියම්, අතිරේක හා අවිනිශ්චිත භාවයට පත්වෙමින් පවතී.”

ඒ අතරම, ලේඛකයින් සහ නළුවන් ට්‍රිලියන ගණනක වත්කම් සහිත Disney, Amazon, Netflix, Apple, Sony සහ Warner Bros වැනි, Aliance of Motion Picture සහ Television Producers (AMPTP) තුළ සංවිධානය වූ දැවැන්ත සංගතවලට මුහුණ දෙයි.

මෙම සමාගම්වල විධායකයින් දිගින් දිගටම බැන වදිමින් ලේඛකයින්ගේ සහ නළුවන්ගේ “අසාධාරණ” ඉල්ලීම් හෙළා දකියි . ලොස් ඇන්ජලීස් ටයිම්ස් ජුනි මස මුලදී හෙළි කළේ “වසංගතයේ උච්චතම අවස්ථාව තුළ හොලිවුඩයේ ඉහළ විධායක නිලධාරීන් සඳහා වන වැටුප ඉහළ ගොස් ඇත. එය 2021 දී ඩොලර් බිලියන 1.43 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2018 හි මුළු වැටුපට වඩා 50% කින් වැඩි විය. පසුගිය වසර පහ තුළ, ඉහළම වැටුප් ලබන විනෝදාස්වාද කර්මාන්තයේ විධායකයින් තිදෙනා ඒකාබද්ධ ඩොලර් බිලියන 1.1ක් උපයා ඇත.ආර්ථික අසමානතාවයෙන් පෙලෙන රටක පවා හොලිවුඩයේ වැටුප් පරිමාණයන් අද්විතීයයි” යනුවෙන් ටයිම්ස් ලිවීය.

actor protester
නළුවෙක් -ලේඛක වැඩ වර්ජනයේ ආධාරකරුවෙක්

එපමනක් නොව, SAG-AFTRA සාමාජිකයින්ගේ මෑතකාලීන ලිපිය, අවසානයේ 2,000කට වැඩි ප්‍රසංගකයන් විසින් අත්සන් කර, ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයින් අමතා පාවාදීමක් සිදු නොකරන ලෙස ඔවුන්ට අනතුරු අඟවා තිබීම, නව, අස්ථාවර කාලයක සලකුණකි. වෘත්තීය සමිති නායකයින්ගේ රෝස ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, විවෘත ලිපිය ඉල්ලා සිටියේ “කම්පන ප්‍රතිනිර්මාණයක්” සහ “පරිවර්තන ගනුදෙනුවකට” වඩා අඩු දෙයක් නොවේ. එය “SAG-AFTRA සාමාජිකයින්  කැපකිරීම් කිරීමට සූදානම් විය හැකි වුවත් නායකත්වය එසේ නොවන බවට” උත්සුකතාවය පළ කළේය.

මෙම ඉහළ පිළිගැනීමේ ක්‍රියාව විකුණා දැමීමක් කරා ළඟා වීමට දරන ප්‍රයත්නයන් අඩපණ කළ අතර SAG-AFTRA නායකයින් දුර්වල කළේය. වෘත්තීය සමිති සභාපති ෆ්‍රාන් ඩ්‍රෙෂර්, සිදුවිය හැකි වැඩවර්ජනයක් අතරතුරදී කිම් කාර්ඩේෂියන් සමඟ “ඡායාරූප වල පෙනී සිටිමින් ” ඉතාලියේ ලාභදායී සති අන්තයක් ගත කළ බව හෙළිදරව් කිරීම නළුවන් තවදුරටත් කෝපයට පත් කළේය. ජූනි මස අගදී ලේඛකයන්ගේ පිකට් වැටක් තරණය කිරීම ගැන කාර්ඩෂියන් කෝපය ඇවිස්සුවේය. ඩ්‍රෙෂර් ප්‍රතිගාමී එන්නත් විරෝධී ප්‍රචාරණයට යට වී සිටින බව නැවත වරක් හෙළි කළාය.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ වර්තමාන පිපිරීම ප්‍රවාහයට සහ අවශේෂවලට වඩා බොහෝ වැඩි ය. ඇතැම් කර්මාන්ත විචාරකයින් යෝජනා කරන පරිදි වර්තමාන තත්වය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය නරක “ව්‍යාපාරික ආකෘතියක්” ලෙස හෙලිදරව් කරනවා පමණක් නොව, ඇමරිකානු ධනවාදය “නරක”, ඇත්ත වශයෙන්ම, පිළිගත නොහැකි “සමාජ ආකෘතියක්” බවට වැඩෙන දැනුවත්භාවය හෙළි කරයි.

අවසාන විග‍්‍රහයේ දී, ඒකාබද්ධ ලේඛකයන්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයේ ගැටලූව වන්නේ එක්සත් ජනපදයේ සහ ගෝලීය ධනවාදයේ පරිහානිය හා භයානක තත්වයයි. ඇමරිකාවේ නිමක් නැති යුද්ධවලට සහ න්‍යෂ්ටික සමූලඝාතනයේ තර්ජනයට, දරිද්‍රතාවයට සහ සමාජ අසමානතාවයට, පාරිසරික ව්‍යසනවලට, වසංගතයෙන් මිලියන ගනනක් අනවශ්‍ය ලෙස මියයාමට, මිනීමැරුම් පොලිස් ප්‍රචණ්ඩත්වයට, ගබ්සාවට එරෙහිව උසාවි ප්‍රහාරවලට, පොත් වාරණය සහ තහනම් කිරීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සහ සංගත ගැති, යුද වැදී සිටින බයිඩන් පරිපාලනයට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රොන් ඩීසැන්ටිස් වැනි නූගත්, ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ජනප්‍රිය සතුරුකම් වැඩිවෙමින් තිබේ.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය වසා දැමීම කලාත්මක නිදහස සහ නිර්මාණශීලිත්වය ආයතනිකව යටපත් කිරීමට තර්ජනයක් සහ අභියෝගයකි. කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරීන්, ඔවුන්ගේ හිසෙහි මුල් සිතිවිල්ලක් නොමැතිව, විකට පොත් මනඃකල්පිත මාලාවක් සහ “ක්‍රියාකාරී බ්ලොක්බස්ටර්” මාලාවක් නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ දුරට මුලසුන හොබවයි. බැරෑරුම්, කල්පවත්නා වැඩ කිරීමට ආශා කරන ලේඛකයින්ට සහ නළුවන්ට – මෑත වසරවලදී මතු වීමට පටන් ගත් සැලකිය යුතු උදාහරණ – කුණු වල ප්‍රමුඛතාවය සහ ප්‍රේක්ෂක සාමාජිකයින්ගේ මොළය හැරවීමට චිත්‍රාගාර සහ ජාලයන් හිතාමතාම දරන උත්සාහය දෙස භීතියෙන් බලා සිටිය හැකිය. මස් කිරීමට. සමකාලීන සමාජ ජීවිතයේ කටුක කරුණුවලට එරෙහිව කලාකරුවන් මතු කර ඇති බැවින්, ලේඛකයින්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ව්‍යාපාරය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ යථාර්ථවාදය වෙත හැරීමක් දිරිමත් කළ යුතුය.

සමස්තයක් ලෙස විනෝදාස්වාද වෘත්තීය සමිතිවල නායකත්වය අරගලයේ දෘෂ්ටිකෝණයෙන් සිය වැදගැම්මකට නැති බව දැනටමත් ඔප්පු කර ඇත

ලේඛකයාට සහ නළුවන්ට සියයට 25 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය වන අතර, ඔවුන්ට අහිමි වූ දේ පියවා ගැනීමට, කර්මාන්තයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පූර්ණ පාලනයක් සහ වැඩසටහන් සහ චිත්‍රපටවල සාර්ථකත්වය සහ නරඹන්නන් සමඟ බැඳී ඇති අවශේෂයන් අවශ්‍ය වේ. මේ සදහා ,සමාගම් ඔවුන්ගේ පොත් කම්කරුවන්ගේ පරීක්ෂාවට  විවෘත කිරීම අවශ්‍ය වේ.තත්වයේ බරපතලකම සහ අරගලයේ මානයන් ඉල්ලා සිටින්නේ, සාමාජිකත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන සහ ඔවුන්ගේ වැඩිවන අධිෂ්ඨානය ප්‍රකාශ කරන නව සංවිධාන, ශ්‍රේණිගත කමිටු, අවසානය දක්වා සටන කරගෙන යාමට ගොඩනැගීමයි.

SAG-AFTRA වැඩවර්ජනය පුපුරා ගියහොත්, එය කලබලකාරී සමාජ හා දේශපාලන සන්දර්භයක් තුළ සිදුවනු ඇත.

එක් අතකින්, බිඩෙන් විසින් නායකත්වය දෙන විල්නියස්හි අධිරාජ්‍යවාදීන් බිහිසුණු දෙයක් සකස් කරමින් සිටිති: යුක්රේනයේ ලේ වැගිරීමේ උත්සන්න වීම, තවත් මරණ, වඩා පුළුල් ලෝක ගිනි ජාලාවක් ඇවිලවීමේ අවදානමයි.

අනෙක් අතට, පවතින තත්වයන්ට එරෙහිව පිපිරීම් දවසේ අනුපිළිවෙලයි, එය සෑම විටම නිල සමාජයට “පුදුමයක්” ලෙස පැමිණේ: ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නැව් තටාක සේවකයින්ගේ සහ ලොස් ඇන්ජලීස් හි හෝටල් සේවකයින්ගේ පාගමන, බි‍්‍රතාන්‍යයේ පාවා දුන් තැපැල් සේවකයන්ගේ මහජන කෝපය සහ සමාජ කෝපයේ තවත් බොහෝ පිපිරීම් ඇත.

සමාජ නැගිටීමත් එයට එරෙහිව පැනනගින ම්ලේච්ඡ ප්‍රතික්‍රියාවත් යන ක්‍රියාවලි දෙකම එකට සමපාත වේ.

වත්මන් අවුලෙන් මිදීමට ඇති එකම මාර්ගය වන්නේ, සමාජයේ සහ සංස්කෘතියේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා දැනුවත්ව උත්සාහ කරන, බලගතු, අණ දෙන ජාත්‍යන්තර බලවේගයක් ලෙස ක්‍රියා කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයයි. යුද්ධයේ බිහිසුණුකමට සහ ධනවාදයේ ම්ලේච්ඡත්වයට පිළිතුර මෙම මාවත දිගේ පවතී.

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත Read More »

Scroll to Top