science

Socialism Adi

World Socialist Web Site to launch Socialism AI

By WSWS Reporter.

This article was originally published in the World Socialist Web Site on the 24 November 2025.

At two major public meetings over the past week—in Berlin on November 18 and London on November 22—David North, chairperson of the World Socialist Web SiteInternational Editorial Board, delivered lectures analyzing the deepening crisis of American capitalism and the Trump administration’s drive toward dictatorship. Both meetings drew over 100 attendees, demonstrating the widespread concern over the threat of fascism under Trump and his counterparts internationally.

Most significantly, North used both occasions to announce the imminent launch of Socialism AI, a revolutionary tool that will harness artificial intelligence for the development of socialist consciousness in the international working class.

In his concluding remarks at the Berlin meeting, held at Humboldt University, North explained the transformative potential of Socialism AI, stating:

The vast pedagogical potential of AI, combined with the revolutionary perspectives of scientific socialism, opens unprecedented possibilities. The consciousness of the working class, the understanding of the objective conditions of capitalist crisis, the clarification of the path to working class power—all of this can be spread on a scale that previous generations could scarcely have imagined.

Drawing a profound historical parallel, North continued:

Just as Diderot’s Encyclopedia in the eighteenth century became an instrument of enlightenment that contributed to the French Revolution by making knowledge available to masses of people who had been kept in ignorance, so artificial intelligence—properly developed and democratically controlled, utilized by the revolutionary Marxist-Trotskyist party and placed in the service of the working class rather than capitalist profit—can become an instrument of socialist consciousness and liberation.

North then formally announced Socialism AI, saying:

I am pleased to announce today that the International Committee has taken measures to harness the power of AI for the purposes and interests of the working class movement. Within a few weeks, we will be releasing Socialism AI, a revolutionary application of augmented intelligence to the development of socialist consciousness and the organizational capacity of the international working class. It is a chatbot which will enable users to pose political, historical, social questions, problems of organization and technical initiative, and receive a response which draws on the vast archive of Marxist thought. First and foremost, the archive of the World Socialist Web Site itself, which encompasses well over 100,000 articles.

North stressed that Socialism AI “will not be programmed as the existing chatbots are to provide an answer which has been conditioned by the establishment media.” Rather, “It will provide an accurate, thoroughly researched reply to critical issues which arise in the day to day struggles of the working class. It will answer questions posed by intellectuals, students, youth on a vast range of questions, and will give answers which reflect and express the interests of the working class.”

Drawing parallels between the launching of Socialism AI and the World Socialist Web Site in 1998, North stated: 

This is not a minor technical project. Some 28 years ago, when the internet was first coming into existence, we understood the power of this new technology, and we were the first left-wing tendency to actually make the shift from a written newspaper to the internet. We founded the World Socialist Web Site… We understood the implications of this technology and acted upon it, and this was critical for the development of the revolutionary movement. We understand the power of AI, both its reactionary but also its revolutionary potential. We are acting on the latter. I am convinced that in the weeks and months ahead, and certainly in the years ahead, all of you will be using it. And thousands, tens of thousands, hundreds of thousands and millions of workers will utilize this powerful instrument as a means of education, social education, political education, cultural education. It will be used not in one language, but in dozens of languages.

North concluded:

This application of the most advanced productive forces to the transformation of consciousness has vast significance. It makes available instantly and globally the theoretical resources, the historical analysis, the programmatic clarity necessary for the working class to understand its historic mission and seize power.

The announcement of Socialism AI came at the conclusion of an extensive lecture addressing the fundamental question: “Where is America going?” North opened by noting that most people would respond, “To hell”—a judgment he acknowledged as largely justified given the accelerating political crisis.

Drawing on Marx’s description of France’s financial aristocracy as the “lumpenproletariat on the heights of bourgeois society,” North characterized the contemporary American ruling class as “a super-Mafia at the summit of capitalist society, flaunting crime and perversion while ordinary people pay the cost in misery and blood.”

North presented extensive data documenting the unprecedented concentration of wealth in the United States. Trump’s cabinet and top appointees possess a collective net worth exceeding $60 billion, with sixteen of his twenty-five wealthiest appointees ranking among the 813 billionaires in a nation of 341 million people—placing them in the top 0.0001 percent. “This is not symbolic representation,” North stated. “It is direct rule by the oligarchy.”

The lectures traced the historical roots of the crisis to the collapse of the Bretton Woods system in 1971 and the subsequent financialization of the American economy. North documented how the total value of publicly traded US stocks now exceeds 220 percent of annual economic output—more than double the GDP—compared to just 80 percent in 1971. This represents an economy increasingly detached from real production and built on “fictitious capital.”

North argued that moral outrage alone cannot provide the foundation for revolutionary struggle. What is required is a scientific understanding of capitalism’s contradictions, particularly Marx’s law of the decline in the rate of profit. The current frenzy of investment in artificial intelligence under capitalism, while appearing to promise increased profitability through mass layoffs, will in fact accelerate the systemic decline in the rate of profit by further reducing the source of surplus value—living labor.

North concluded with a powerful metaphor: 

The world in which we live is like a sleeping volcano upon whose slopes civilization builds its monuments, establishes its institutions, and organizes its daily life. For periods of time, the volcano appears dormant. But beneath the surface, immense pressures accumulate. The magma rises. The tremors intensify. And finally, the eruption comes with catastrophic force, transforming the landscape entirely.

He continued: 

The eruption of class struggle in the United States will destroy the rotting structures of capitalism but will also open the possibility for a new world. From the depths of social oppression will arise a force greater than any army or corporation—the collective power of a class that produces all wealth yet owns nothing. When that force acts consciously, guided by scientific socialism and the analysis of objective reality, it will sweep away the barriers of nationality and ethnicity and unite humanity in a common struggle for liberation.

Following both lectures in Berlin and London, animated discussions took place, with many attendees leaving their contact information and purchasing books at the literature tables.

Both meetings reflected growing interest among workers, students, and youth in a genuine socialist alternative to the escalating crises of capitalism, dictatorship, and imperialist war. The announcement of Socialism AI was received with great enthusiasm as a tool that can democratize access to Marxist theory and historical analysis on an unprecedented scale.

In the coming days, the WSWS will post the full video recording of the London lecture.

World Socialist Web Site to launch Socialism AI Read More »

Goodall

චිම්පන්සීන් සහ අප පිළිබඳ අපගේ අවබෝධයේ විප්ලවීය වෙනසක් කළ වානර විද්‍යාඥ ජේන් ගුඩෝල්, වයස අවුරුදු 91 දී මිය යයි

ෆිලිප් ගුපා විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 06 දින “Jane Goodall, the primatologist who revolutionized our understanding of chimpanzees and ourselves, dies at 91යන හිසින් පලවූ ෆිලිප් ගුපා විසිනි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Goodall
බ්‍රිතාන්‍ය චර්යා විද්‍යාඥවරියක සහ චිම්පන්සියන් පිළිබඳ ලෝක ප්‍රසිද්ධ විශේෂඥවරියක වන ජේන් ගුඩෝල්, 2008 පෙබරවාරි 11 වන දින හංගේරියාවේ බුඩාපෙස්ට් හි බුඩාපෙස්ට් සත්වෝද්‍යානයේ ගෝරිල්ලෙකු දෙස බලයි. [AP ඡායාරූපය/බෙලා සැන්ඩෙල්ස්කි]

අපගේ සමීපතම පරිණාමීය ඥාතීන් වන චිම්පන්සියන් ගැන මනුෂ්‍ය වර්ගයාට ඉගැන්වූ විද්‍යාඥ ජේන් ගුඩෝල් පසුගිය සතියේ වයස අවුරුදු 91 දී මිය ගියාය. ඔක්තෝබර් 1 වන දින කැලිෆෝනියාවේ දේශන සඳහා වන චාරිකාවක යෙදී සිටියදී ස්වභාවික හේතූන් මත ඇය මිය ගිය බවට, 1977 දී ඇය විසින් ආරම්භ කරන ලද ජේන් ගුඩෝල් ආයතනය ප්‍රකාශයක් නිකුත් කළේය. වනගත චිම්පන්සියන් පිළිබඳ ඇගේ නවමු-ගවේෂණාත්මක පර්යේෂණ සඳහා ගුඩෝල් ලෝක ප්‍රසිද්ධ විය. චිම්පන්සියන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල ක්‍රමානුකූලව දීර්ඝ කාලීනව සහභාගීවඩ් නිරීක්ෂණය කළ පළමු පර්යේෂිකාව ඇය විය.

අපගේ ජාන සැකැස්මෙන් අතිමහත් බහුතරයක් බෙදා ගන්නා චිම්පන්සීන්, මානව තාක්‍ෂණයේ ආරම්භය පිළිබඳ අවබෝධයක් ලබා දෙන සරල මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය වැනි හැසිරීම් ද ප්‍රදර්ශනය කරන බව ඇගේ පර්යේෂණ මගින් හෙළි විය. මීට පෙර, මෙවලම් භාවිතය  තනිකරම මානව කුසලතාවක් ලෙස සැලකුනි.

තවද, චිම්පන්සියන් සහ අනෙකුත් වානරයන් මෙන්ම පොදුවේ සතුන්, නොසිතන සහ හැඟීම් විරහිත බවත්, සහජ බුද්ධියෙන් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන බවටත් වූ පෙර සංකල්පවලට පටහැනිව, චිම්පන්සියන්ට තමන්ගේම ස්වාධීන පෞරුෂයන් ඇති බවත් සංකීර්ණ සමාජ හැසිරීම් වල නිරත වන බවත් ඇය සොයා ගත්තාය.  එනම්, කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා කටහඬ භාවිතා කිරීම සමඟ අත් සහ හිස අභිනයන්  ඇතුළත් වේ. වැදගත් කාරණය වන්නේ, මෙම හැසිරීම් ජානමය රටාවන් නොවී  ප්‍රාරම්භක සංස්කෘතියක් නිර්මානය කරන ඉගෙන ගැනීම මගින් සැකසුනු බවය.

ඇයගේ පර්යේෂණ අනෙකුත් විශේෂ පිළිබඳවද පර්යේෂණ පැවැත්වීමට හේතු වී ඇති අතර, එම විශේෂවලටද මෙවැනිම සංකීර්ණ හැසිරීම් ඇති බව සොයාගෙන ඇත.

1934 දී එංගලන්තයේ උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ගුඩෝල් මුලින් විද්‍යාඥවරියක් ලෙස පුහුණුව ලබා නොතිබුණ අතර, ලේකම්වරියක් ලෙස සේවය කළාය. ළමා වියේදී ඇය හැදී වැඩී අප්‍රිකාවට යාමට, වන සතුන් සමඟ ජීවත් වීමට සහ පොත් ලිවීමට සිහින මැවූ බව ඇය මෑතකදී හෙළි කළාය. පවුලේ මිතුරන් බැලීමට කෙන්යාවට ගිය ගමනකදී ඊට අවස්ථාවක් ලැබ ප්‍රසිද්ධ පූර්ව-මානව විද්‍යාඥ (paleoanthropologist) ලුවී ලීකි හමුවීමට හේතු වූ අතර, ඔහු සමඟ සතුන් කෙරෙහි ඇති ඇගේ ආදරය ගැන ඇය සාකච්ඡා කළාය. ඇගේ හැකියාවන් ඉව කල ඔහු, ටැන්සානියාවේ වන චිම්පන්සියන් අධ්‍යයනය කිරීමට ඇය කැමති දැයි ඇයගෙන් විමසීය. ඇය ඊට එකඟ වූ අතර මුලින් ලීකිගේ ලේකම්වරිය ලෙස සේවයට බැදුනී ය.

ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසු,1960 දී ටැන්ගනිකා විලෙහි නැගෙනහිර වෙරළ තීරයේ, මැලේරියාව සහ සත්ව විලෝපිකයන් සමඟ කටයුතු කරන අතරතුර,  චිම්පන්සියන්ට සමීප වීම පහසු කාර්යයක් නොවන බව ගුඩෝල් දැන ගත්තාය. චිම්පන්සියන් ප්‍රවේශම් සහගත වූ අතර ඔවුන්ගේ දුරස්ථභාවය පවත්වා ගත්හ. කෙසේ වෙතත්, නොපසුබට උත්සාහයෙන් සහ ආක්‍රමණශීලී නොවන ප්‍රවේශයකින්, ඇය අවසානයේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් අතර, සෘජු සවිස්තරාත්මක නිරීක්ෂණ කිරීමට සමත් වෙමින් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම තනිතනි ලක්ෂණ ඉගෙන ගෙන, එකල සම්මත පිළිවෙතින් බැහැරව, ඔවුනට ඉලක්කමක් වෙනුවට නම් ලබා දුන්නාය. ඇත්ත වශයෙන්ම, ඇය වානර විද්‍යා (primatology) ක්ෂේත්‍ර වැඩ තාක්‍ෂණයක් හඳුන්වාදීම—දිගු කලක් සමාජ/සංස්කෘතික මානව විද්‍යාවේ භාවිතා කර තිබූ ‘සහභාගී නිරීක්ෂණය’—සදහා පුරෝගාමී වෙමින් අධ්‍යයනය කරනු ලබන විෂයයන් සමඟ  අන්තර් ක්‍රියා කරමින් දීර්ඝ කාලයක් ඒ සමග ජීවත් වූවාය.  

චිම්පන්සියන් සරල මෙවලම් සෑදුවා පමණක් නොව (උදා: අතු වලින් කොළ ඉවත් කර ඒ  තනි කූරු හෝ දිගු තණකොළ බඳ භාවිතා කර වේයන්ගේ ජනපදවලින් ඔවුන්  නිස්සාරණය කර අනුභව කිරීම), ප්‍රීතිය, දුක සහ බිය වැනි මිනිස් හැඟීම් වලට සමාන හැසිරීම් ප්‍රදර්ශනය කළ බව ගුඩෝල් සොයා ගත්තාය. මව්වරුන් සහ ළදරුවන් අතර බැඳීම්, සහෝදර එදිරිවාදිකම් සහ සමාජ ධූරාවලීන් ස්ථාපිත කිරීම ද ඇය නිරීක්ෂණය කළාය. ඔවුන් මස් අනුභව කළ අතර අන්තර් කණ්ඩායම් ගැටුම්වලට සම්බන්ධ විය. දෘඩ කටු සහිත ගෙඩි වර්ග විවෘත කිරීමට භාවිතා කරන ගල් සහ ඔවුන් දඩයම් කරන වඳුරන්ට ඇනීමට භාවිතා කරන හෙල්ල ඇතුළුව චිම්පන්සියන් විවිධ ආකාරයේ මෙවලම් ද සාදා භාවිතා කරන බවත්, මේවා කණ්ඩායම් අතර වෙනස් වන සංස්කෘතික සම්ප්‍රදායන් බවත් වෙනත් පර්යේෂකයන් පසුව සොයාගෙන ඇත. පොදු පරිණාමීය සම්භවයක් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් මානවයන්ගේ සහ චිම්පන්සියන්ගේ අවසාන පොදු මුතුන් මිත්තන්ට අවම වශයෙන් මෙම හැසිරීම් වල පූර්ව ස්වභාවයන් පැවති බව, මෙම සාක්ෂි මගින් තරයේ යෝජනා කරයි.

1963 දී නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ මුල් කවරයේ පළ වූ “කැලෑ චිම්පන්සීන් අතර මගේ ජීවිතය” යන ඇගේ ලිපිය ප්‍රකාශයට පත් කළ විට ගුඩෝල්ගේ සොයාගැනීම් ලොව පුරා අවධානයට ලක් විය. ප්‍රමුඛ පරිණාමීය ජීව විද්‍යාඥ සහ විද්‍යා ඉතිහාසඥ ස්ටීවන් ජේ ගුල්ඩ් ඇගේ කාර්යයට ප්‍රශංසා කළේ, එය “බටහිර ලෝකයේ විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණවලින් එකක් නියෝජනය කරයි” යනුවෙන් පවසමිනි. පසුව ඇය ඇගේ පර්යේෂණ මත පදනම්ව ළමුන් සඳහා වූ පොත්  15 ක් සමග පොත් 32 ක් ලිවූ අතර එමඟින් ඇගේ සොයාගැනීම් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතර තවදුරටත් ව්‍යාප්ත විය. ඇය රූපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයකම ද පෙනී සිටියාය. ඊට අමතරව, ඇයට ප්‍රථම උපාධියක් නොතිබුණද, ඇය ඉටුකල  කාර්ය සඳහා ඇයට 1965 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරි නැමුනි.

ඇගේ ක්‍රියාකාරකම් ඉක්මනින්ම පර්යේෂණයේ සිට වනජීවී සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය දක්වා ව්‍යාප්ත විය. 1978 දී, ටැන්සානියාව ඇය සිය මුල් ක්ෂේත්‍ර කටයුතු සිදු කළ ගොම්බේ ස්ට්රීම් චිම්පන්සි රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කිරීමෙන් ඇගේ කාර්යයට ගෞරව කළේය. 1992 දී ඇගේ ආයතනය ට්චිම්පොන්ගා චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කළ අතර, එය මිනිසුන් විසින් මස් සඳහා දඩයම් කරන ලද හෝ සුරතල් සතුන් වෙළඳාම සඳහා පැහැර ගන්නා ලද සිය ගණනක් තුවාල ලැබූ සහ අනාථ වූ චිම්පන්සියන් රැකබලා ගෙන ඇත. ඇයගේ පුරෝගාමී පර්යේෂණ සඳහා පමණක් නොව, වනජීවී සහ වාසභූමි සංරක්ෂණය සඳහා ඇයගේ යෝධ යුද ප්‍රයත්නයන් සඳහාද ඇය ලෝක ප්‍රසිද්ධියට පත් විය.

ජේන් ගුඩෝල් ආයතනය ලොව පුරා විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන අතර, තරුණයින් සමඟ කටයුතු කරන රූට්ස් ඇන්ඩ් ෂූට්ස් (Roots & Shoots) වැඩසටහන ද ඊට ඇතුළත් වේ. ගුඩෝල් තරුණ කාන්තාවන් ගණනාවක් විද්‍යාඥයින් වීමට පෙළඹවනු ලැබූ අතර, කඳුකර ගෝරිල්ලන් පිළිබඳව වසර ගණනාවක් අධ්‍යයනය කළ ඩයන් ෆොසි ද (Dian Fossey) ඒ අතර වේ. ඇගේ  මෙම ක්‍රියාකලාපය “මීදුම අතර ගෝරිල්ලන් ” (Gorillas in the Mist) චිත්‍රපටයේ ඇතුළත් ය.

ගුඩෝල් මානව හිමිකම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවට ද පත්විය.

ජේන් ගුඩෝල් යනු මිනිසුන්, තමන්වමද, ස්වභාවික ලෝකය  සහ සත්ව රාජධානිය සමඟද ඔවුන්ගේ සම්බන්ධතාවය තේරුම් ගන්නා ආකාරය වෙනස් කළ අතිශයින් වැදගත් විද්‍යාත්මක චරිතයකි. ඩාවින්ගේ වඩාත්ම මතභේදාත්මක ප්‍රකාශය වූයේ මිනිසුන්ට සහ මහා වානරයන්ට පොදු මුතුන් මිත්තෙකු සිටියේ එතරමි ඈත කාලකට පෙර නොවන බවයි. මෙම සත්‍යය ෆොසිල වාර්තාවෙන් සනාථ වේ, නමුත් ගුඩෝල්ගේ කෘති එයට විශ්මයජනක සංයුක්තතාවයක් ලබා දුන්නේය. චිම්පන්සියන් මෙවලම් සාදන බවත් භාවිතා කරන බවත්, සහයෝගයෙන් දඩයම් කරන බවත්, කලක් මානවයන්ට අනන්‍ය යැයි සැලකූ සංකීර්ණ හැඟීම් සහ සමාජ ව්‍යුහයන් ප්‍රදර්ශනය කරන බවත් ඇය පෙන්වා දුන්නාය.

සැමවිටම අවතක්සේරු කළ ඇගේ කර්තව්‍යයන්හි ඇඟවුම්, යථා වශයෙන් නම්, මිනිසා මැවුම්කාර-දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපයෙන් අනන්‍ය ලෙස නිර්මාණය කර ඇති බවට පවසන සියලු ආකාරයේ ආගමික ලබ්ධින්ට එරෙහි පහර දීමකි. ඇත්ත වශයෙන්ම, මිනිසා මහා වානර පවුලේ සාමාජිකයෙකු වන නිසා මිනිසාට අනන්‍ය ගති ලක්ෂණ බොහොමයක් මහා වානරයන් සමඟ බෙදා ගනී. ගුඩෝල් නොපැහැදි ලෙස සර්වේශ්වර වාදී (pantheist)  ආගමික විශ්වාසයන් ඇදැහීය යන්න ඇගේ කෘතියේ ගැඹුරු භෞතිකවාදී අන්තර්ගතයට කිසිසේත්ම හානි නොකරයි. ඇය කෙතරම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරියක් වුවද, ගුඩොල් මිනිසුන්ට සහ ඇය අධ්‍යයනය කළ සතුන්ට අනුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා ප්‍රකට විය.

වැඩිදුර කියවන්න: 

My Life Among Wild Chimpanzees

Jane Goodall’s legacy: three ways she changed science

From tool use to warfare — here are 5 ways Jane Goodall revolutionized our knowledge of chimpanzees

චිම්පන්සීන් සහ අප පිළිබඳ අපගේ අවබෝධයේ විප්ලවීය වෙනසක් කළ වානර විද්‍යාඥ ජේන් ගුඩෝල්, වයස අවුරුදු 91 දී මිය යයි Read More »

Davos

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක්

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 18 දින පල වූ ‘AI and its implications a central topic at Davos meeting’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

මෙම වසරේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි (Davos) ගෝලීය ප්‍රභූන්ගේ ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) රැස්වීමේ පොදු වේදිකා වල මෙන්ම, සැබෑ සාකච්ඡා-කටයුතු බොහොමයක් සිදු කෙරෙන පුද්ගලික සුඛෝපභෝගී හෝටල් (කට්ටල්) කාමර වල ප්‍රධාන මාතෘකාවක් වන්නේ  කෘත්‍රිම බුද්ධිය (AI) යි.

Davos
යාන් ලෙකන් (Yann LeCun), මෙටා හි (Meta) ප්‍රධාන AI විද්‍යාඥ සහ AI හි පුරෝගාමියා 2024 ජනවාරි 16 වන දින Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වේ. [AP Photo/Markus Schreiber]

AI තාක්ෂනය විසින්, ශ්‍රමයේ ඵලදායිතාව අතිවිශාල ලෙස වර්ධනය කිරීමට සහ එමගින් සමාජ ප්‍රගමනය සඳහා පදනම සැපයීමට හැකියාව ඇති තාක්‍ෂනයේ ප්‍රධාන දියුනුවක් නියෝජනය කෙරෙයි.

එහෙත් නිෂ්පාදන මාධ්‍යවල (ඊනියා බුද්ධිමය දේපල ඇතුලුව) පුද්ගලික හිමිකාරිත්වය සහ පුද්ගලික ලාභය උකහා ගැනීම මත පදනම් වූ ධනවාදයේ සමාජ සම්බන්ධතා යටතේ එය වර්ධනය වීම යන්නෙන් අදහස් වන්නේ එය මෙම බලපෑම ඇති නොකරනු ඇති බව සහ එහි ප්‍රතිලෝමය සිදුවනු ඇති බවයි.

සමාජවාදී ආර්ථික සබඳතා පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කරන ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම සත්‍යය, මෙම සතියේ රැස්වීම සඳහා WEF විසින් සකස් කරන ලද ගෝලීය අවදානම් වාර්තාවේ වක්‍රව වුවද පිලිගෙන ඇත.

තාක්‍ෂනික දියුනුව සහ භූ දේශපාලනික ගතිකත්වය – මෙය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලිටරිවාදයේ නැඟීම පිලිබඳ නොපැහැදිලි සඳහනකි – එකට එක්වීම, දියුනු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද නව ජයග්‍රාහකයින් සහ පරාජිතයින් සමූහයක් නිර්මානය කරනු ඇතැයි එහි දැක්වේ.

ඉදින්, “මහජන අවශ්‍යතා වෙනුවට වානිජ දිරිගැන්වීම් සහ භූ දේශපාලනික අවශ්‍යතා… AI සහ අනෙකුත් පර්යන්තික තාක්‍ෂනයන්හි (නව තාක්‍ෂනයන්-frontier technologies) සංවර්ධනයේ මූලික ධාවකයන් ලෙස පවතින්නේ නම්, ඉහල සහ අඩු ආදායම්ලාභී රටවල් අතර ඩිජිටල් පරතරය අදාල ප්‍රතිලාභ උත්පාදනය කිරීමේදී දැඩි විෂමතාවයක් සහ අවදානම් ඇති කෙරෙනු ඇත. අවදානමට ලක්ව ඇති රටවල සහ ප්‍රජාවන්ගේ ආර්ථික ඵලදායිතාව, මූල්‍යය, දේශගුනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මෙන්ම ඒ ආශ්‍රිත රැකියා උත්පාදනය කෙරෙහි බලපාන අති ප්‍රබල කෘතිම බුද්ධි  පාරවේධනයන්ගෙන් ( නවමු නිර්මාන- breakthroughs) ඩිජිටල් ලෙස හුදකලා වී ඒවා වඩාත් පසුපසට  තල්ලු වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, AI හි සංවර්ධනය ගෝලීය සමාජ අසමානතාවය සහ දරිද්‍රතාවය අවසන් කිරීමේ මාධ්‍යයක් බවට පත්වීම වෙනුවට, ප්‍රධාන ධනේශ්වර බලවතුන්ගේ ලාභ චේතනා සහ අවශ්‍යතා අනුව එම තතු වඩාත් නරක අතට හැරෙනු ඇත.

ලේඛනයේ තවත් කොටසක, එය AI සහ අනෙකුත් දියුනු තාක්‍ෂනයන්හි පෘථුල ඇඟවුම් පෙන්වා දෙයි.

“වඩාත් ප්‍රබල පොදු කාර්ය සඳහා වූ AI තාක්‍ෂනයන්හි අපාලිත ව්‍යාප්තිය ඉදිරි දශකය තුල ආර්ථිකයන් සහ සමාජයන් රැඩිකල් ලෙස යලි හැඩ ගස්වනු ඇත… එමෙන්ම එය සමාන්තර වර්ධනයන් සමඟ ද අන්තර් ක්‍රියා කරනු ඇත. මෙහි ඇඟවුම් ගැඹුරු වීම සඳහා ඒවා හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

“භෞතික ලෝකය මත වැඩි පාලනයක් පවරා දෙනු ලබන ස්වයං-වැඩිදියුනු වන උත්පාදක AI ආකෘති (self-improving generative AI models) විසින් සමාජ ආර්ථික ව්‍යූහයන්හි විශාල පරිමානයේ වෙනස්කම් අවුලුවනු ලැබීම මඟින් නව අවදානම් පැන නඟිනු ඇත.”

ධනේශ්වරය යනු, පාලනය කරන්නේ කෙසේදැයි තමන් නොදත් භූතාත්ම යම ලෝකයෙන් කැඳවා ගත් ආධුනික යක්දෙස්සා වැනියැයි මාක්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ  කරන ලද නිරීක්‍ෂනය මෙහිදී කෙනෙකුට සිහි ගැන්වෙනු ඇත.

කම්කරු පන්තිය විසින් සිදුකරනු ලබන සමාජ විප්ලවය තුලින් සාක්ෂාත් කරගනු ලබන සමාජවාදය සඳහා ඇති වෛෂයික ඓතිහාසික අවශ්‍යතාවය පැන නගින්නේ, නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ඒවා කොටු වී ඇති ධනවාදයේ සමාජ සම්බන්ධතා අතර ප්‍රතිවිරෝධතාවයෙන් බවට වන මාක්ස්ගේ විශ්ලේෂනය, වඩාත් ගැඹුරු තලයක දී ඉන් සිහිපත් කෙරේ.

මෙම ඉදිරිදර්ශනයට විකල්පය වශයෙන් පවතින්නේ ම්ලේච්ඡත්වයට කරා පල්ලම් බැසීමයි. එකී ම්ලේච්ඡත්වයේ වඩාත් ම සුපැහැදිලි ප්‍රකාශනය වනුයේ යුද්ධයයි. 

WEF වාර්තාව පෙන්වා දී ඇති පරිදි, AI තාක්ෂනය මෙහි දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“යන්ත‍්‍ර බුද්ධිය, ගැටුම් සහගත තීරන ගැනීම – ස්වයංක්‍රීයව ඉලක්ක තෝරා ගැනීම සහ අරමුනු තීරනය කිරීම – දක්වා රිංගා ගැනීම විසින්, ඉදිරි දශකය තුල අහම්බෙන් හෝ හිතාමතා (ගැටුම්) උත්සන්න වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහල නැංවෙනු ඇත”යි එය පවසයි.

අන්‍යයෝ ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තාහ. ඔක්තෝබර් මාසයේ දී, එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ගැරී ජෙන්ස්ලර් ෆයිනෑන්ෂල් ටයිම්ස් (FT) සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් පැවසුවේ, මූල්‍ය පද්ධතිය තුල  AI වේදිකාවල භාවිතය පාලනය කිරීමට ක්‍රමයක් සොයා නොගතහොත් ඉදිරි දශකය තුල අර්බුදයක් ඇතිවිම නොවැලැක්විය හැකි ම පාහේ වනු ඇති බවයි.

වෙලඳපල සහභාගිකරුවන් එකම AI ආකෘති භාවිතා කිරීම මඟින් “රංචු” හැසිරීමක් ජනනය කර, ඉන් අර්බුදයක් මුදා හල හැකි බව ඔහු පැවසීය.

මෙම අනතුරු ඇඟවීම් ඩාවෝස් රැස්වීමට ආසන්නයේ  FT සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ස්පාඤ්ඤ බැංකුවේ අධිපතිවරයා සහ බැංකු අධීක්ෂනය පිලිබඳ බාසල් කමිටුවේ සභාපති පැබ්ලෝ හර්නාන්ඩස් විසින් ප්‍රතිරාවය කරන ලදී.

ශීඝ්‍රයෙන් දියුනු වන තාක්‍ෂනය, විශේෂයෙන්ම AI තාක්ෂනය, “ඉතිහාසයේ ගමන් මග වෙනස් කල හැකි අතර, ඒ යහපත සඳහා ම වීම අත්‍යවශ්‍ය නොවේ,”යැයි ඔහු පැවසීය.

පසුගිය දශකය තුල ආර්ථික ගැටලු ඉහල යාමේ අර්ථය වූයේ වඩාත් විශාල ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. 

“කෙසේ වෙතත්, භූ දේශපාලනික මට්ටමින් අප නිරීක්ෂනය කරන දෙයින් පෙනී යන්නේ පොදු එකඟතාවලට එලඹීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවයි. එය මට කනස්සල්ලකි, එමෙන්ම එය බොහෝ දෙනෙකුගේ ද කනස්සල්ලට කරුනකි ”ඔහු පැවසීය.

“මූල්‍ය ස්ථායීතාවය යනු එක් මානයක් පමනි, AI හා බැඳුනු තවත් විභව වැදගත්කමින් ඉතා ඉහල ප්‍රතිවිපාක පවතී. … සම්බන්ධීකෘත ගෝලීය ප්‍රතිචාරයක් ලබා දීමට අපට නොහැකි වුවහොත්, මෙම අභියෝගවලට නිවැරදි විසඳුම ලබා ගැනීමේ සම්භාවිතාව අඩු වනු ඇත.”

එහෙත් ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය වැඩි වන අතරම, එය  සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව, ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාව මත – එනම්, ඒකාබද්ධ හා අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකය ද, සෑම එකෙක්ම තමන්ගේම අවශ්‍යතා පසුපස හඹා යන මහ බලවතුන් සහ එකිනෙකාට පරසතුරු ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප්‍රතිවිරෝධතාව මත – අබලන්ව යයි.

කර්මාන්තයේ සියලුම අංශවල AI භාවිතය වැඩි වීම, ශ්‍රම වෙලඳපොලේ “ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙස මෘදූක්තියෙන් (මෘදු ලෙස) හඳුන්වන දෙයට ද හේතු වනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී ගෝල්ඩ්මන් සැක්ස් වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, එක්සත් ජනපදයේ සහ යුරෝ කලාපයේ සිදු කෙරෙන වැඩවලින් හතරෙන් එකක් ස්වයංක්‍රීයකරනයට AI හේතු විය හැකි බවයි.

මානව නිමැවුම් වලින් වෙන්කර හඳුනාගත නොහැකි අන්තර්ගතයන් ජනනය කරන AI පද්ධති ඉදිරි දශකය තුල වාර්ෂික දල දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් වැඩි කල හැකි බව එහි සඳහන් වේ. නමුත් මෙම ඵලදායිතාවයේ වැඩිවීම ජීවන මට්ටම්වල ද්‍රව්‍යමය දියුනුවක්  ඇති කරනු නැති අතර, එය ලාභයේ වැඩිවිමක් පමනක් ඇති කරනු ඇත.

වාර්තාව දක්වන පරිදි, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන් මිලියන 300ක් පමන එහි ප්‍රතිවිපාකවලට නිරාවරනය කරමින් AI තාක්ෂනය ශ්‍රම වෙලඳපොලට “සැලකිය යුතු බාධාවක්” ගෙන එනු ඇත. සියලුම රැකියාවලින් තුනෙන් දෙකක් කිසියම් ප්‍රමානයක ස්වයංක්‍රීයකරනයකට නිරාවරනය වී ඇති බව වාර්තාව පවසයි.

Davos රැස්වීම ආරම්භ වන විට ප්‍රතිඵල නිකුත් කල, PwC ගිනුම්කරන සමාගම විසින් ඓදු කෙරුනු ගෝලීය ප්‍රධාන විධායකයින්ගේ සමීක්ෂනයකින් පවසා ඇත්තේ, ඔවුන්ගෙන් හතරෙන් එකක් AI මගින් මෙම වසරේ රැකියා නියුක්තිය සියයට 5 කින් අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සියයට 46ක් පමන කියා සිටියේ තත්පර කිහිපයකින් පෙල (Text), රූප සහ කේත ජනනය කල හැකි උත්පාදක AI (generative AI) භාවිතය ඉදිරි වසර තුල ලාභය ඉහල නංවනු ඇති බවයි.

මෙම වාර්තා සහ සමීක්ෂන අවධාරනය කරන්නේ ධනය වැඩි කිරීම සඳහා AI හි ඇති දැවැන්ත විභවයයි; නමුත් එය ධනේශ්වර පාලක පන්තීන්ගේ අතේ පැවතියහොත් එය සමාජ ප්‍රගතිය නොව තව තවත් අසමානතාවය සහ දුක්ඛිතභාවය ගෙන එනු ඇත. එහි සුසංයෝගී සංවර්ධනය සඳහා අවශ්‍ය ගෝලීය සහයෝගීතාවය ගෙන ඒම වෙනුවට, එය දැනටමත් යුද්ධය තුල ප්‍රකාශ වන භූ දේශපාලන ගැටුම් සහ ආතතීන් තීව්‍ර කරනු ඇත.

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක් Read More »

Pariscomune

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2003 ජනවාරි 20 දින පල වූ ‘Questions on socialist organisation and planning’ යන නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක් අසන ලද මූලික ප්‍රශ්න කිහිපයකට එහි මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් ලබා දෙන පිළිතුරකි මෙය. සමාජවාදී ආර්ථික හා සමාජ සංවිධානය පිළිබඳ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ පිටුවහලක් වශයෙන් වැදගත් වන මෙම ලිපිය වෙත අපි අපගේ පාඨකයන්ගේ අවධානය යොමු කරමු. ⁣

2003 ජනවාරි 20

හිතවත් සර්/මැඩම්,

ඔබ පිලිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වූ ප්‍රශ්න කිහිපයක් මට තිබේ.

  • ධනපතියා ඔවුන්ගේ යටිතල පහසුකම් ස්වේච්ඡාවෙන් අත්නොහරිනු ඇත, එවිට ජනතාව එය අත්පත් කර ගැනීමට යන්නේ කෙසේද?
  • ප්‍රාදේශීය, පලාත්  සහ ජාතික මට්ටමින් කම්කරු සභා ඇති වනු ඇති බව මට වැටහේ. මෙම සභා පිහිටුවන්නේ, නායකත්වය දෙන්නේ සහ පවත්වාගෙන යන්නේ කෙසේද?
  • ජාතික මට්ටමේ සභාව ආන්ඩුව පිහිටුවනවාද? එසේ නම් තනි පුද්ගලයෙක් ආන්ඩුවට නායකත්වය දෙයිද, නැතිනම් නියෝජිත කන්ඩායමක් නායකත්වය දෙයිද?
  • ඔබ කම්කරු සභා පිහිට වූවද, නියෝජිතයින්ට තම වාසිය සඳහා කම්කරුවන් කෙරෙහි බලපෑම් කිරීමට තවමත් හැකි ද? එබැවින්, නිලධාරි තන්ත‍්‍රයක් ගොඩනැගීමට ප‍්‍රතිවිරෝධය දක්වන්නේ කෙසේද?
  • ප්‍රතිපත්ති සැකසීමේ ආදී කටයුතු සිදු කරන්නේ කවුරුන්ද, එය සිදු කරන්නේ කෙසේද සහ ඔවුන් කෙරෙහි ආසන්න අධිකාරය ඇත්තේ කාටද?
  • නීති සම්පාදනය කරන්නේ කෙසේද, එනම්, එම ක්‍රියාවලියට ජනතාව ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ කෙසේද?
  • ජාතික සැලැස්ම සකස් කරන්නේ කවුද සහ එය සංවර්ධනය කරන්නේ කෙසේද?

මම ඔබේ පිලිතුර පිළිබඳ උනන්දුවෙන් සිටිමි.

HSB

එච්එස්බී

***

හිතවත් එච්එස්බී,

ධනපති පන්තිය ස්වේච්ඡාවෙන් දේශපාලන බලය අත් නොහරින අතර සමාජවාදය ස්ථාපිත කිරීම විප්ලවයක් හරහා සිදුවනු ඇති බව නිසැක ය. එවැනි අරගලයක් ඉදිරියට යන්නේ කෙසේද යන්න කලින් කිව නොහැක. කෙනෙකුට කිව හැකි දෙය නම්, නව රාජ්‍ය ව්‍යුහය නිසැකවම පැරනි පාලක පන්තීන්ට එරෙහි දේශපාලන අරගලය තුල ගොඩනැගුනු සංවිධාන මත පදනම් වනු ඇති බවයි.

ඓතිහාසිකව මෙම සංවිධාන කම්කරු සභාවල ස්වරූපය ගෙන ඇත. 21 වැනි සියවසේදී ඔවුන් කුමන ස්වරූපයක් ගනීවිද යන්න නිශ්චිතවම කීමට අපහසුය. 1917 රුසියානු විප්ලවයෙන් සහ 1920 ගනන්වල යුරෝපයේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලින් පසු ආර්ථික සංවිධානයේ සහ ශ්‍රම බලකායේ ව්‍යුහයේ බොහෝ වෙනස්කම් සිදුවී ඇත.

ආර්ථික හා දේශපාලන අරගල මාලාවක් තුල පැන නගින සංවිධානයේ ආකෘතින්  කල්තියා තීරනය කල නොහැකි වුවද, පසුගිය දශක කිහිපය තුල ආර්ථිකයේ සිදු වූ විශාල වෙනස්කම් සැලකිල්ලට ගෙන, ජනගහනයේ පුලුල් ස්කන්ධය ඒවාට සම්බන්ධ වනු ඇති බවට විවාදයක් නැත.  සමහරක් රැකියා ස්ථාන මත පදනම් විය හැකි අතර තවත් සමහරක් නිශ්චිත ප්‍රදේශවල මිනිසුන් සම්බන්ධ කර ගන්නා අරගල අතරතුර හෝ  විශේෂිත ප්‍රශ්න ආශ්‍රිතව මතු විය හැක.

ඔබේ ප්‍රශ්න මාලාව වෙත හැරීමට පෙර, සාමාන්‍ය කරුනක් ඉදිරිපත් කරමු. සමාජයේ සමාජවාදී පරිවර්තනයේ කේන්ද්‍රය වන්නේ, වෙන කවරදාකටත් වඩා දැන්, ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාව අතට දේශපාලන හා ආර්ථික බලය නැවත පැමිනීමයි.

මාක්ස් පැහැදිලි කල පරිදි,  1871 පැරිස් කොමියුනය, “තමන්ව මර්ධනය කරන සංවිධිත බලය වෙනුවට තමන්ගේම දේශපාලන බලය සකස් කරගන්නා පොදු මහජනතාවන් විසින්ම, තමන්ව මර්දනය හා පාලනය කරන බලවේගයන් වෙනුවට තමන්ගේම සජීවී බලය ලෙස සමාජය විසින් රාජ්‍ය බලය යලි අවශෝෂනය කර ගැනීම”, සම්බන්ධ වූවක් විය (Marx, On the Paris Commune p.153). එබැවින් එය ජනතාව විසින් කරවන  ජනතාව ගේ  ආන්ඩුවක් විය. 

Pariscomune
පැරිස් කොමියුනය – 1871 මාර්තු 18 දින කොමියුනාඩ් ජාතික ආරක්ෂක බලකාය විසින් බිම හෙළන ලද බාධකයක්. (ෆොටෝ: විකිපීඩියා)

මාක්ස්ගේ මෙම විග්‍රහය අප දැනට මුහුන දෙන තත්වය සඳහා අතිමහත් වැදගත්කමක් ලබා ඇත. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ආර්ථිකය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ජනගහනයේ පුලුල් මහජනතාව තම දෛනික ජීවිතයේ සංඝටක කොටසක් ලෙස සක්‍රීයව සම්බන්ධ වන නව ආකාරයේ සමාජ සංවිධානයක් පිහිටුවීම යම් ආකාරයක සිහිනයක් නොව ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

21 වැනි සියවසේ මානව සමාජය, පසුගිය වසර 200 තුල නිෂ්පාදනයේ සිදු වූ දැවැන්ත වෙනස්කම්වලින් සහ එහි ප්‍රතිඵලය වූ සියල්ලෙන් වර්ධනය වන අතිශය සංකීර්න සජීවී ව්‍යුහයක් වන අතර එය වර්ධනය වූ ධනේශ්වර සමාජ සබඳතා අභිබවා ගොස් ඇත.

ඇත්ත වශයෙන්ම, ධනේශ්වර වෙලඳපොලේ තර්කනයට සමාජය තවදුරටත් යටත් කිරීම- එනම්, පුද්ගලික ලාභ රැස්කර ගැනීමේ තල්ලුව මගින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, වයස්ගත පුද්ගලයින්ගේ රැකවරනය, සම්පත් බෙදා වෙන් කිරීම, නගර සැලසුම් කිරීම, භූමිය සහ පරිසරය රැකබලා ගැනීම, සියල්ලන්ටම යහපත් ජීවන තත්වයන් සම්පාදනය කිරීම වැනි සංකීර්න ප්‍රශ්න  තීරනය කරනු ලැබීම – ගෙන ආ හැක්කේ එක් ව්‍යසනයක් පසුපස තවත් ව්‍යසනයක් පමනි. යම් ආකාරයක නිලධර යාන්ත්‍රනයක් සමාජ හා ආර්ථික සංවිධානය භාර ගන්නා, ප්‍රතිසංස්කරනය කරන ලද සුබසාධන රාජ්‍යයක් නිර්මානය කිරීමෙන්ද මෙම ගැටලු විසඳිය නොහැක.

සංවිධානයේ ආකාර සහ ඒවා අතර ඇති සම්බන්ධතා පිලිබඳ ඔබේ ප්‍රශ්නවලට කල්තියා පිලිතුරු දීමට නොහැකි බව මෙම කෙටි ප්‍රකාශය පැහැදිලි කරනු ඇතැයි මම විශ්වාස කරමි. මක්නිසාද යත්, දේශපාලන බලය‌ේ මෙම නව රෑපාකාර, සමාජය අනුගත විය යුතු, දැනටමත් සකස් කර ඇති යම් සැලැස්මකට අනුව වර්ධනය නොවනු ඇති  බැවිනි.

ඒ වෙනුවට, ඒවා මතුවනු ඇත්තේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ සමාජ හා දේශපාලන අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය. එනයින් බලන කල, 1905 රුසියාවේ විප්ලවයේ දී ප්‍රථම වරට දර්ශන පථයට ආ සෝවියට් සභා හෝ කම්කරු කවුන්සිල වර්ධනය වූයේ බෝල්ෂෙවික් පක්ෂය විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව නොව සාර්වාදී පාලනයට එරෙහි අරගලය තුල ය. පැරිස් කොමියුනයේ රහස එය, “කම්කරු පන්ති ආන්ඩුවක්, එනමි අතිරික්ත ශ්‍රමයේ වටිනාකම් ගොඩගසා ගන්නා පන්තියට එරෙහි ඒවා නිෂ්පාදනය කරන පන්තියේ අරගලයේ නිෂ්පාදිතයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය ක්‍රියාවට නැගීම සඳහා අවසානයේ සොයාගත් දේශපාලන ස්වරූපයක්” බව මාක්ස් පැහැදිලි කලේය. (මාක්ස්, පැරිස් කොමියුනය පිලිබඳ, p.75).

මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රූපාකාරයන් 21 වැනි සියවසේදී ධනවාදයට එරෙහි පුලුල් සමාජ අරගලයේ ගමන් මගෙහි “සොයා ගැනීමට” සිදුවනු ඇත. යම් ආකාරයක  නිශ්චිත සැලැස්මක් සැකසීමට නොහැකි වුවද, ඇතැම් පොදු මූලධර්ම ස්ථාපිත කර ඇත.

නිලධාරි තන්ත‍්‍රය ගොඩනැගීමට එරෙහි ප‍්‍රධාන ආරක්‍ෂාව වන්නේ සමාජය පවත්වාගෙන යාමට සමස්ථ ජනගහනයේ සක්‍රීය මැදිහත්වීමයි. සත්තකින්ම, ඇතැම් නියෝජිත සංවිධාන තවමත් අවශ්‍ය වනු විය හැක. එම නියෝජිතයින් ඔවුන් තෝරා පත් කර ගත් අය විසින් නැවත කැඳවීමට යටත් වන අතර ඔවුන්ගේ වැටුප් සාමාන්‍යයට වඩා වැඩි නොවනු ඇත. 

අද දියුනු සන්නිවේදන පද්ධතිවල දියුනුවත් සමඟම අඛන්ඩ පදනමක් මත ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සම්පාදනය කිරීම හා කෙටුම්පත් කිරීම සඳහා සමස්ත ජනතාවම සම්බන්ධ කර ගැනීමට නිසැකවම හැකි වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ පවසන පරිදි ප්‍රතිපත්ති සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම “අධීක්ෂනය” (“policing”) සිදු කරනු ලබන්නේ, ඔවුන් විසින් නිර්මානය කරන ලද විවිධ සංවිධාන හරහා ක්‍රියා කරන මහජනතාව විසිනි.

ඔබ විසින් මතු කර ඇති කරුනු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා රිචඩ් එන් හන්ට් (Richard N. Hunt ) ගේ අතිශය වටිනා කෘතියක ඡේදයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න.

අපි කිසියම් සමාජයක් ගැන කියවද්දී එහි, ‘නගරය සහ රටෙහි එකමුතුවක්’ පැවතියේ නම්; ‘සිවිල් වගකීම් සිවිල් අයිතීන් මගින් ගම්‍ය’ වේ නම්; එහි  පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය, ‘සියලු පුරවැසියන් ස්වෛරී බලය වනවා පමනක් නොව ඇත්ත වශයෙන්ම පාලනය කිරිමේ නිරත විම’ අවශ්‍ය කරන්නේ නම්; මෙම ඉලක්කය, සියලුම කාර්යාල වලට  ‘සාමාන්‍යයෙන් ප්‍රවේශ විය හැකි වීම’  සහ ‘නිලතල හිමිකරුවන් නිරන්තරයෙන් වෙනස් කිරීම’ මගින් සපුරා ගත්තේ නම්; එහිදී ‘සියලු නිලධාරීන් තේරී පත් වූ’ සහ පුරවැසි ආයතනය තුල සිදුකල  හැකි උපරිම පරිමානයෙන් නිලතල දරන්නන් වෙනස් වෙමින් අලුතින් පත්වීම’ සිදුවන්නේ නම්; එහි ප්‍රතිඵලයක් ලෙස ‘නිලධාරී ධුරාවලියක්’ නොතිබෙනා’තර, ‘සෑම නිලධාරියෙක්ම පුරවැසියෙකුට වඩා වැඩි යමෙක් නොවී, අහම්බෙන් පාහේ සීමිත කාලයක් රාජ්‍යය වෙනුවෙන් යම් විශේෂ සේවයක නිරත වූවාක් මෙන් වන’; මේ සියලු භාවිතයන් ‘පුරවැසියන්ගේ ජීවිතය සහ ස්වභාවයම වන්නාවූ දේශපාලන ජීවිතයක්’, ‘රාජ්‍යය සමඟ පුරවැසියන්ගේ අනන්‍යතාවයක්’, ‘රාජ්‍යයේ සහ සමාජයේ අනන්‍යතාවයක්’ නිර්මානය කිරීමක් – අපට මේ දේවල් කියවා බැලුවහොත්, අපට එය මාක්ස් විස්තර කල පන්ති විරහිත සමාජය බව නිසැක වනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එය ජර්මානු-උගත් සම්භාව්‍ය ලේඛක වික්ටර් එරන්බර්ග් විසින් ලියන ලද පෙරික්ලියානු ඇතන්ස් පිලිබඳ විස්තරයකි” (හන්ට්, මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන අදහස්, වෙලුම II, p. 254).

සත්තකින්ම, ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය වහල්භාවය මත රැඳී සිටි අතර, එමඟින් පුරවැසියන්ට පොදු කටයුතුවලට සහභාගී වීමට හැකි විය. පොදුවේ ගත් කල, එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානව ඉතිහාසය පුරා ශ්‍රමයේ අඩු ඵලදායිතාවයක් ඇති විට, සමාජයේ පොදු කටයුතු සොයා බලන විශේෂ පන්තියක් වර්ධනය වේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් වෙනස් වී ඇත. අද, “නූතන කර්මාන්තය විසින් අත්පත් කර ගෙන ඇති නිෂ්පාදන බලවේගවල දැවැන්ත වැඩිවීම නිසා සමාජයේ සියලුම සාමාජිකයන් අතර ව්යතිරේකයකින් තොරව ශ්‍රමය බෙදා හැරීමට හැකි වී ඇති අතර, එමගින් සෑම සාමාජිකයෙකුගේම ශ්‍රම කාලය සීමා කිරීමට කොතරම් ප්‍රමානයකට හැකි වී තිබේද යත් සියලු දෙනාටම, සමාජයේ න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේම පොදු කටයුතුවලට සහභාගී වීමට ඇති තරමට නිදහස් කාලය තිබේ” (එංගල්ස්, ඩුරිං විරෝධය, පිටු. 217-218).

ජාතික සැලැස්මක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රශ්නය පිලිබඳව එක් කරුනක්: සමාජවාදී සමාජය තමන්ගේම ජාතික සැලැස්මක් ඇති ජාතීන් මාලාවක් ලෙස සංකල්පනය කිරීම වැරදියි. ඊට පටහැනිව, සමාජවාදී සමාජය මතුවනු ඇත්තේ, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවිධානයේ නව ආකාර වර්ධනය කිරීමට සිදුවනනු ඇති කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. එපමනක් නොව, ගෝලීයකරනය වූ නිෂ්පාදනයේ වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ඉහල වර්ධනය සහ සමස්ත ගැටලු රාශියකට මුහුන දීගත  නොහැකි වීම – දෙකක් පමනක් සඳහන් කරන්නේ නම්, පරිසරය පාලනය කිරීම, රෝග වලට එරෙහිව සටන් කිරීම යනාදිය – යන්නෙන් අදහස් වන්නේ සැලසුම් කිරීම (planning) ගෝලීය පරිමානයෙන් ද සිදු කිරීමට සිදුවන බවය.

ඔබේම විශ්වාසි, 

නික් බීම්ස්

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න Read More »

Titan

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම 

ඩේවිඩ් වොල්ෂ් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 21 දින ‘Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean’ යන සිරසින් යුතුව පලවූ ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඉරිදා සිට, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන්ස් සිට සැතපුම් 435 ක් පමණ දකුණින් උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදහන් වූ ටයිටන් සබ්මර්සිබලය   සම්බන්ධ  නාටකීය සිද්ධිය, ලොව පුරා මිලියන ගණනකගේ අවදානය දිනාගනිමින්  සිටී . මුහුද මතුපිටට අඩි 12,500 (මීටර් 3,800) යටින් ගිලී ඇති ,1912 අප්‍රේල් මාසයේදී මගීන් 1,500 ක් පමණ මරුවාට ගොදුරු කරමින් මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට, මෙම යාත්‍රාවේ මගීන් පස්දෙනා ගමන් කර ඇත.

පස්දෙනාගේ ඉරණම— ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්  හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (ටයිටැනික් සංචාර මෙහෙයවන සමාගම); ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා වික්‍රමාන්විත ගවේෂක හමිෂ් හාඩින්; පකිස්තාන සමාගම් අධ්‍යක්ෂ ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්; සහ ප්‍රංශ කිමිදුම් විශේෂඥ පෝල්-හෙන්රි නාෂොෂොලි (Paul-Henri Nargeolet)—මේ මොහොතේ නොදනී. ඉරිදා උදෑසන යාත්‍රාව කිමිදෙන විට ඔවුන් සතුව පැය 96 ක ඔක්සිජන් සැපයුමක් තිබූ බව වාර්තා වේ.

Titan
ටයිටන් සබ්මර්සිබලය [ඡායාරූපය: ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන් ]

කාලයට හා ස්වභාව ධර්මයේ බලවේග වලට එරෙහිව තරඟයක් පවතින එවැනි සිදුවීමක් මිලියන ගණනකගේ උනන්දුව හා සැලකිල්ල ආකර්ෂණය කර ගැනීම නොවැළැක්විය හැකිය. ජීවිතයට  තර්ජනය වන තත්වයන් තුළ සිරවී සිටින අය ගැන ජනයාට ගැඹුරින් සහ සහජයෙන් හැඟීම් දැනෙන අතර, වර්තමාන අවස්ථාවෙහි දී, ටයිටන් හි මගීන් ඔවුන්ගේ බිහිසුණු තත්ත්වයෙන් මුදාගත හැකි බවට බලාපොරොත්තු හීන වෙද්දීත්, ජනයා දිගින් දිගටම ඒ පිලිබඳ අපේක්ෂා  දල්වා ගෙන සිටිති. 

පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය අපගේ ආකල්පවලට බලපාන්නේ නැත. එවැනි සිදුවීමක් තුලින් ලෝකය  වඩා යහපත් තැනක් බවට පත් කරනු ඇතැයි ශෝචනීය ලෙස සිතමින්, ප්‍රකෝටිපතියන් අතළොස්සකට විය හැකි මරණය ගැන උදම් අනන කිසිවකුට සමාජවාදී ව්‍යාපාරය තුළ ඉඩක් නැත. සමාජ විප්ලවයේ ක්‍රියාවලිය, යථාර්ථයේ දී, දයානුකම්පාවේ සාමාන්‍යකරණය වූ වර්ධනයක් සමඟ බැඳී ඇති අතර, ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂණය කළ පරිදි, ඊට “ඉතා දියුණු මනෝභාවයක් ඇති” මිනිසුන් අවශ්‍ය වේ.

කෙසේවෙතත්, ඛේදනීය එකක් බවට පත්වීමේ විභවය සහිත මෙම කථාංගය පිළිබඳව උචිත සන්ත්‍රාසය සහ භීතිමත් සංකාවන් හේතුවෙන්, එය විසින් මතු කෙරුණු සියලුම බරපතල සමාජ ගැටලු ජනේලයෙන් පිටතට විසි කර දමන්නේ නැත.

පළමුවෙන්ම, සමහර වේදනාකාරී වූවද  සිත් කාවදින සුළු  ඓතිහාසික උත්ප්‍රාසයන්  මතකයට නැඟේ. මුල් RMS ටයිටැනික් නෞකාව ගිලීයාම සහ දැන් ක්ෂුද්‍ර පරිමාණයෙන් කරළිය ගතවන එහි වර්තමාන සෙවණැල්ල වන ටයිටන්   අතර,  සමානකම් තිබේ.1912 ව්‍යසනයට ගොදුරු වූවන් අතර ද ප්‍රමුඛ ධනවත්තු වූහ. ඊට ධන කුවේර ව්‍යාපාරික සහ විනාශයට පත් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වූ  ජෝන් ජේකබ් ඇස්ටර් IV, සහ පෙන්සිල්වේනියා දුම්රිය සමාගමේ විධායක ජෝන් තායර් ද ඇතුළත් වූහ. 

විවිධ පරීක්ෂණ පෙන්වා දී ඇති පරිදි 1912 නෞකාව ගිලී යාම සහ ඉන් සිදු වූ දැවැන්ත මරණ සංඛ්‍යාව මුළුමනින්ම වළක්වා ගත හැකිව තිබුණි. ඒවා සංගතවල ලාභය සඳහා වූ පිපාසාව, වරදවා වටහාගත් සැලසුම්, අපමණ වැරදි සහ සරලතම මුග්ධත්වයේ ද ඒකාබද්ධ නිෂ්පාදනයක් විය. ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී. ඩෙබ්ස් එකල තමන් මිලියනයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී පෙන්වා දුන් පරිදි, “ඉහළ මාලයේ පාරට්ටු පෑ  අහංකාරය සහ නිශ්ඵල විභූතිය, කෑදරකම සහ සුඛෝපභෝගීත්වය නොවී නම්, ටයිටැනික් කිසිදා මුහුදු පතුලට කිඳා බසින්නේ නැත.” 

එපරිද්දෙන් ම, ඕෂන්ගේට් හි ක්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව පෙනේ. 2018 දී, සමාගමේ සමුද්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්‍රිජ්, “අති-විවේචනශීලී තත්ත්ව පාලන වාර්තාවක්” ලෙස මාධ්‍යවලින් විස්තර කරන ලද වාර්තාවක් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ එම උත්සාහය නිසා සමාගමෙන් නෙරපා හරින ලදී. ලොක්රිජ් සිය වාර්තාවට පූර්විකාවක් ලෙස අවධාරනය කලේ, “පුද්ගලයින්ට ආරක්ෂා  අවදානමක් ඇති කළ හැකි කරුණු නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට” කාලය සුදුසු බව සහ, “බොහෝ ගැටළු … ආරක්ෂාව පිළිබඳ බරපතල  උත්සුකතා මතු කර ඇති” බවය.

එමෙන්ම ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සම්බන්ධ ඉතා අශෝභන කාරණා තිබේ. සුප්‍රසිද්ධ කරුණක් වන්නේ,  ටයිටැනික් රැගෙන ගියේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් වූ අතර,  සෛද්ධාන්තිකව,  නැවේ   සිටි පුද්ගලයන් 2,200 න් අඩකට මඳක් වැඩි සංඛ්‍යාවක් වන පුද්ගලයන් 1,178කට පමණක් එම ප්‍රමාණය සෑහුනු බවයි. ඉනුත් බොහෝමයක්  මුහුදට දමා තිබුණේ අඩක් පමණක් පුරවා ගනිමිනි.   

ටයිටන් සබ්මර්සිබලය තිබෙන ස්ථානය සොයා ගත්ත ද, අවම වශයෙන් රජය සතුව, කිව හැකි තරමේ “ගලවා ගැනීමේ හැකියාවක්” නොපවතින බැවින් ජීවිත බේරා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධාවක් සිදු වනු ඇත. ෆෝර්බ්ස් සඟරාවේ අදහස් දැක්වීමකින් පෙන්වා දෙන්නේ, පුදුම සහගත ලෙස, “අතිශයින්ම වික්‍රමාන්විත සංචාර  සඳහා ගෝලීය වෙළෙඳපොළ මතුව ඇති” තතු තුල, සබ්මැරීන් මුදාගැනීම දැන් “බොහෝ දුරට පුද්ගලීකරණය කරන ලද ප්‍රයත්නයක්” බවට පත්ව ඇති බවත්, “බොහෝ රජයන්ට අතුරුදහන් වූ නාවිකයින් දිය යට සිරවී ඇත්නම් ඔවුන්ට ආධාර ලබා දීමේ හැකියාව ඇත්තේ අල්ප වශයෙන් බවත් ය.” ඇමරිකාවේ ගලවා ගැනීමේ හැකියාවන් අඩුවීම ” නාටකාකරය . 1960 දී, එක්සත් ජනපද නාවික හමුදාවට ඒ සඳහාම කැපවූ සබ්මැරීන ගලවා ගැනීමේ නැව් නවයක් සහ මුහුද යට ගලවා ගැනීමේ කටයුතු සඳහා කැපවූ ටග් බෝට්ටු  දෙකක් ගැන පුරසාරම් කිව හැකි විය. අද, මෙම සේවාවට දිය යට ගලවා ගැනීමේ සඳහා කැපවූ එක යාත්‍රාවක්වත්  නොමැත. 

නැවත වරක්, ඇමරිකාවේ අතිවිශාල මිලිටරිය, ආරක්ෂාව සහ “ත්‍රස්ත-විරෝධී” යාන්ත්‍රණය ඔප්පු කර සිටින්නේ, ඒවාට හැකියාව ඇත්තේ ජීවිත බේරා ගැනීමට නොව, ජීවිත අවසන් කිරීමට පමණක් බවය.

වර්තමාන ඛේදවාචකය “ආන්තික සංචාරක ව්‍යාපාරය” මත ධනාත්මක ආලෝකයක් නොහෙලයි. පුද්ගලයන් පස්දෙනා හොදින් ජීවතුන් අතර සිටිනු දැකීමට ඇති ආශාවෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මුග්ධ “වික්‍රම” අනුමත කිරීම නොවේ. ඕනෑවටත් වඩා නිරතුරුව; ඕනෑවට වඩා මුදල්හදල් ඇති, ඕනෑවට වඩා නිකරුනේ ගත කිරීමට කාලය ඇති, ඕනෑ තරමට අඩුවෙන් මොලය ඇති සහ, අවලස්සන උද්ධච්ච තේජසින් පිරී ගිය පුද්ගලයෝ, තමන්ගේ ද අනුන්ගේ ද ජීවිත අවදානමට ලක් කරති. බෙසෝස්, බ්‍රැන්සන්, මස්ක් සහ ඔවුන් වැනි අය කිසිවෙකුට සමාජයීය ඵල ප්‍රයෝජනයක් නොමැති පරපෝෂිතයෝ වෙති.

පංතිය පිළිබඳ ප්‍රශ්නය ඛේදවාචක දෙකටම ඇතුල් වන්නේ පිහි තලයක් මෙනි. තුන්වන (හෝ පහළම) පන්තියේ ටයිටැනික් මගීන් 709ක් පමණ වූ අතර, ඇස්තමේන්තුගත ආකාරයට ඉන් 537ක්ම මිය ගියහ. තුන්වන පන්තියේ මගීන්ගෙන් පිරිමි  සියයට 80 ක් පමණ මිය ගිය අතර එම ඉරණම අත්වූයේ පළමු පන්තියේ කාන්තාවන්ගෙන් සියයට 3 කට පමණි. හොඳින් ලේඛනගත කර ඇති පරිදි, ටයිටැනික් නැවෙහි සිටි තුන්වන (හෝ පහළම)  පංතියේ  මගීන් ග්‍රිල් කරන ලද ගේට්ටු මගින් පහළ තට්ටුවේ ඔවුන්ගේ ප්‍රදේශයට සීමා කරන ලද අතර, නැව ජලයෙන් පිරී යද්දි ඉන් සමහරක අගුළු නොඇරුනි. 

වසර එකසිය එකොළහකට පසු පන්ති භේදය ඊටත් වඩා ඉහළ සහ දුෂ්ටතම අවධියකට පැමිණ තිබේ. දැන්, එය  සැබෑ ලෙසම එකිනෙකට වෙනස් යාත්‍රා දෙකක කතන්දරයක් බවට පත්ව ඇත: එක් අතකින් ටයිටන්, සහ අනෙක් පැත්තෙන් බලාපොරොත්තු රහිත සරණාගතයින් සිය ගණනක් මරා දමමින් මධ්‍යධරණී මුහුදේ ජුනි 13 වන දින ගිලී ගිය ධීවර බෝට්ටුවයි.

collapse
අඩුම තරමින් 79ක් මිය ගිය ගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් කරමින්, පසුව දකුණු ග්‍රීසියට ඔබ්බෙන් පෙරලී ගිලී ගිය , අබලන් ධීවර බෝට්ටු තට්ටුවේ සෑම ඉඩක් ම ආවරණය කරන මිනිසුන් විශාල සංඛ්‍යාවක් පෙන්වන, 2023 ජූනි 14 වැනි බදාදා ග්‍රීසියේ වෙරළාරක්ෂක අංශය විසින් සපයන ලද අත් පත්‍රිකා ඡායාරූපයක්. [AP ඡායාරූප/හෙලනික් වෙරළාරක්ෂක බලකාය AP හරහා]

රෂ් සහ අනෙකුත් ධනවත් පුද්ගලයන් සරණාගතයින් සමඟ එකම නෞකාවේ, එහි ඉහළ තට්ටුවේ වේවා, සිටිනු සිතාගත නොහැක්කේ යම් සේ ද, එකී අවාසනාවන්තයන්ට ටිකට් පතකට $ 250,000ක් ගෙවමින් ගමන් කරන ධනවත් වික්‍රමිකයන් රැගත් සබ්මර්සිබලය අසලටවත් ලං විය හැකිවීමක් ගැන ද සිතනුවත් නොහැකිය. මේවා දැන් සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙන්වූ, එකිනෙකට පරසතුරු, දුරස්ථ සහ එකිනෙකට නොසීහෙන දනව් දෙකක් වෙති.

උතුරු අත්ලාන්තික් කථාංගයේ අනවරත මාධ්‍ය ආවරණය පසුගිය සතියේ ග්‍රීක වෙරළට ඔබ්බෙන් වූ බිහිසුණු ඛේදවාචකයට දැක්වූ සැලකිල්ලට වඩා බෙහෙවින් වෙනස් ය. එහිදී පකිස්ථානුවන්, ඊජිප්තුවරුන්, සිරියානුවන්, ඇෆ්ගන් සහ පලස්තීනුවන් ආදී  පුද්ගලයෝ බොහෝ සෙයින් ම නමක් ගමක් නොමැතිව, අප්‍රසිද්ධියේ මිය ගියහ. ඔවුන්ගෙන් සමහරෙකු කිසිදාක හඳුනාගනු ඇතැයි සිතිය නොහැක.

තවත් දරුණු උත්ප්‍රාසයක් වන්නේ, ඔවුන්ගේ මව් රට තුළ කෝපයට හා විරෝධතාවලට තුඩු දෙමින් පකිස්තානයේ දුගී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක්  මධ්‍යධරණී මුහුදේ දී මිය යද්දී, ටයිටන් හි මගීන් වු ධනවතුන්  දෙදෙනෙකු ද පකිස්තාන ජාතිකයන් වීමයි .  

ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුකම් සැලසීම වෙනුවට, ග්‍රීසිය ප්‍රධානකොට විවිධ යුරෝපීය ආන්ඩු මෙම මහා පරිමාණ දියේ ගිලීමට තුඩු දුන් කොන්දේසිවලට සෘජුවම වගකිව යුතුය. නිලධාරීහු බොරු කියමින් තමන්ගේ භූමිකාව වසන්කොට මියගිය අය සහ තුවාල ලැබූවන් අවමානයට ලක් කළහ.  දිවි ගලවා ගත් සරණාගතයන් අපිරිසිදු ගබඩා ස්ථානයකට තල්ලු කර දමන ලදී. කරුණු විස්තර කිරීමේ දී මාධ්‍යකරුවන්ගේ ඇස නොහැරුණු තරම් ය. මහා පරිමාණ මරණය දැන් මේ අයට සාමාන්‍ය කටයුත්තකි. වාර්තාකරණයේ පැහැදිලි ඇඟවුම වූයේ දුක් විඳිමින් සිටින සරණාගතයින්ගේ ඉරණම ඔවුන් විසින් ම තමන් වෙත පමුණුවා ගන්නා ලද්දක් බවයි. යථාර්ථය වන්නේ “පවුරින්-වට ඇමරිකාව” මෙන් “යුරෝපා බලකොටුව” ද කිව නොහැකි තරම්ම නිල අමානුෂිකත්වයක් බවයි.

ග්‍රීසිය අසල වූ ධීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බව පැහැදිලිව පෙනී ගිය කල එහි සිටි සිය ගණනක් ගලවා ගැනීම, මුහුදු පත්ලේ රැඳී තිබිය හැකි යාත්‍රාවක් බේරා ගැනීමට වඩා; ඉදින් එසේ කිරීමට අභිමත ඕනෑම රජයක් හෝ නාවික හමුදාවක් වී නම් එවැන්නකට; බෙහෙවින් පහසු කටයුත්තක් විය යුතුව තිබිණ. ඊට සම්බන්ධ යුරෝපීය ආන්ඩුවල මිනීමරු වාර්තාවට අනුව, සරණාගතයින්ගේ මරණ අන්‍යයන්ට ආදර්ශයක් සහ බිය දනවන්නක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලැබෙන පරිදි එකී මරණ හිතාමතාම සිදුවන්නට ඉඩ ප්‍රස්තා සැලසී ද යන ප්‍රශ්නය මතු කිරීම නීත්‍යානුකූල ය.  

ඇත්ත වශයෙන්ම, සිදු විය යුතුව තිබූ පරිද්දෙන්, පලා යන මිනිසුන්ට ගෞරවාන්විතව හා බාධාවකින් තොරව එක් මහාද්වීපයක හෝ රටක සිට තවෙකකට ගමන් කිරීමට ඉඩ දී තිබිණි නම් මේ සමස්ත ඛේදවාචකයම වළක්වා ගත හැකිව තිබුණි. ඔවුන්ගේ සමූහ පලායාමට  බොහෝ දුරට හේතු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධ සහ, දැන් මුහුදේ දී ඔවුන්ගේ මරණවලට මුලසුන දරන බටහිර බලවතුන් විසින් සිදු කරන ලද අනෙකුත් මෙහෙයුම්ය. 

සමාජ අසමානතාවය, නව යටත් විජිතවාදී යුද්ධය, අධිකාරීවාදයේ වර්ධනය සහ සංක්‍රමණ විරෝධී හිස්ටීරියාව, නිල දේශපාලනය සහ මාධ්‍ය පහත් තත්ත්වයකට වැටීම – මෙම එකිනෙකට වෙනස් කථාංග දෙක සම්බන්ධ “දුක්ඛිත තත්වයන් තුළ…අරුත් ලොවක් පවතී.” (ඩෙබ්ස්). කෙසේ වෙතත්, වික්‍රියාකාරී, සාපරාධී සමාජ පර්යායක් හමුවේ ජනස්කන්ධයේ පොදු චලනය නොවරදිනසුලු ලෙස සිදුවෙමින් පවතින්නේ වම දෙසටය, සමාජ විප්ලවයේ දිශාවට ය. 

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම  Read More »

thesocialist global reviews

ChatGPT හි පූර්ව දර්ශන නිකුතුව කෘතිම බුද්ධියේ විභවයන් පෙන්නුම් කරයි

කෙවින් රීඩ් විසිනි

Image

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 31 දින ඉංග්‍රීසියෙන් පලවූ Preview release of ChatGPT shows potential of artificial intelligence යන කෙවින් රීඩ් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

පසුගිය නොවැම්බරයේදී, කෘත්‍රිම බුද්ධි (AI) පර්යේෂණාගාරයක් වන OpenAI විසින් ChatGPT නමින් එහි පෙළ (text) පදනම් වූ මානව සංවාද සිමියුලේටරයේ මූලාකෘතියක් නොමිලේ මුදා හරින ලදී.  පසුගිය මාස හතර තුළ, පුළුල් පරාසයක විෂයයන් හරහා මිලියන 100 කට අධික පරිශීලකයින් ChatGPT හි පෙරදසුන් අනුවාදය අත්හදා බලමින් සිටිති.

පරිශීලකයින් විද්‍යාව සහ පුවත්පත් පර්යේෂණ, රචනා සහ නීති ගොනු ලිවීම, මෘදුකාංග සංවර්ධනය, ගණිත ගැටලු විසඳීම සහ භාෂා පරිවර්තනය වැනි ක්ෂේත්‍රවල එම පද්ධතිය පරීක්‍ෂා කරමින් සිටී.  ChatGPT හි වඩාත් නිර්මාණාත්මක භාවිතයන් සමහරක් අතරට හාස්‍ය පද්‍ය ලිවීම, මෘදුකාංග දෝෂ නිවැරදි කිරීම සහ ගීත රචනය ඇතුළත් වේ.

ChatGPT නිර්මාණය කර ඇත්තේ ප්‍රශ්නවලට ස්වභාවික භාෂා ප්‍රතිචාර උත්පාදනය කිරීමට, නිර්දේශ සැපයීමට සහ පිටපත් ලිවීමටය.  එයට බොහෝ යෙදුම් ඇති අතර මිනිසුන් තාක්‍ෂණය සහ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමේ හැකියාව ඇත.

මෙම යුගකාරක පද්ධතිය පදනම් වී ඇත්තේ උත්පාදක පූර්ව පුහුණු ට්‍රාන්ස්ෆෝමර් (GPTs) ලෙස හැඳින්වෙන උසස් පරිගණක තාක්ෂණය මත ය.  GPTs යනු විශාල පෙළ දත්ත සමුදායන් සමඟ පුහුණු කර ඇති OpenAI විසින් වැඩි දියුණු කරන ලද විශාල භාෂා ආකෘති (large language models – LLMs) පවුලක් ලෙස අර්ථ දැක්වේ.

GPTs හි ‘පූර්‍ව පුහුණුව’ යන්නෙන් අදහස් කරන්නේ භාෂා ආකෘතියට (language model) ඡේදයක ඊළඟ වචනය පුරෝකථනය කිරීමට හැකියාව ලබාදෙන විශාල පෙළ සංග්‍රහයක් (text corpus) මත වන ඉගෙනුම් ක්‍රියාවලියට (learning process) යි.  කාර්ය-විශේෂිත දත්ත මත රඳා නොසිට ආකෘතිය හොඳින් ක්‍රියාත්මක වීමට මෙය පදනමක් සපයයි.

ගූගල් වෙබ් සෙවුම් ඇතුළත් කිරීම් ස්වයංක්‍රීයව සම්පූර්ණ කරන ආකාරයට මෙන්, පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන ලද විමසීම්වල අන්තර්ගතය ChatGPT පූර්ව විනිශ්චය කරයි.  සමමුහුර්ත සැකසුම් (synchronous processing) ලෙස හැඳින්වෙන එය ප්‍රශ්න තත්‍ය කාලීනව ටයිප් කරන විට ඒවා අර්ථකථනය කරන අතර, එ විටම ප්‍රතිචාර ජනනය කරයි.

OpenAI විසින් විස්තර කර ඇති පරිදි ChatGPT හි සීමාවන් වන්නේ, සමහර විට “පිළිගත හැකි නමුත් වැරදි හෝ විකාර පිළිතුරු” ලිවීමේ ප්‍රවණතාවය සහ “අධික ලෙස වාචික” වීමට සහ ඇතැම් වාක්‍ය ඛණ්ඩ අධික ලෙස භාවිතා කිරීමට ඇති නැඹුරුවයි.  “පැහැදිලි කරන ප්‍රශ්නයක් ඇසීමට” ප්‍රතිවිරුද්ධව නොපැහැදිලි ප්‍රශ්නයක් අසන විට පද්ධතිය බොහෝ විට පිළිතුරක් අනුමාන කරයි.

එහි අඩුපාඩු කුමක් වුවත්, ChatGPT AI තාක්ෂණයේ සැලකිය යුතු ඉදිරි පියවරක් නියෝජනය කරයි.  දෙසැම්බරයේ, Harvard Business Review හි Ethan Mollick විසින් ChatGPT කෘතිම බුද්ධිය සඳහා කෙලවර ලක්ෂ්‍යයක් ලෙස හැඳින්වූ අතර මෙසේ ලිවීය: “GPT හි අනුවාද (versions) ටික කලක සිට පැවතුනද, මෙම ආකෘතිය සීමාව ඉක්මවා ඇත: එය පුළුල් පරාසයක කාර්යයන් සඳහා සැබවින්ම ප්‍රයෝජනවත් වේ …  පද්ධතියේ පෙර පරම්පරාවන්ට මේවා තාක්ෂණික වශයෙන් කළ වූ හැකි නමුත් නිමැවුම්වල ගුණාත්මක භාවය සාමාන්‍ය මිනිසෙකු විසින් නිපදවන ලද ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු විය.  නව මාදිලිය වඩා හොඳයි, බොහෝ විට පුදුම සහගතයි.”

ChatGPT හි මුල් නිකුතුව GPT-3.5 මත පදනම් විය.  මාර්තු 9 වන දින, OpenAI විසින් GPT-4 නිකුතුව නිවේදනය කරන ලදී, එය Cornell විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පත්‍රිකාවක විස්තර කර ඇත්තේ, “මානව මට්ටමේ ක්‍රියාකාරිත්වයට කැපී පෙනෙන ලෙස සමීප වන අතර බොහෝ විට ChatGPT වැනි පෙර මාදිලි අභිබවා යන” ලක්ෂණ ඇති බවයි.

කතුවරුන් ප්‍රකාශ කරන්නේ GPT-4 සමඟ කරන ලද මුල් අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ එය “කෘත්‍රිම සාමාන්‍ය බුද්ධියේ පුළිඟු” ප්‍රදර්ශනය කරන බවයි, එනම්, චින්තනය අනුකරණය කිරීමට සහ නිශ්චිත ප්‍රශ්නවලට පිළිතුරු දීමට පමණක් නොව, හේතුව, හැඟීම සහ හැසිරීම වැනි දේ කිරීමට එයට හැකියාව ඇති බවයි.

කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයන් ඵලදායිතාව වැඩි කරන ආකාරය ChatGPT සහ GPT-4 පෙන්වන බවට සැකයක් නැත.  පුද්ගල කණ්ඩායම් විසින් කලින් සිදු කරන ලද කාර්යයන් තනි ස්වයංක්‍රීය ක්‍රියාවලියකට ප්‍රතිස්ථාපනය කිරීමෙන්, දැන් පරිගණකයක් මඟින් කාර්යයන් ඉක්මනින් හා නිවැරදිව සම්පූර්ණ කළ හැකිය.

1980 ගණන්වල ආරම්භ වූ පුද්ගලික පරිගණක විශාල වශයෙන් භාවිතා කිරීම ඵලදායිතාවයට නාටකාකාර බලපෑමක් ඇති කළ අතර, GPT වැනි කෘතිම බුද්ධි මෙවලම්වල අනුවර්තනය වීමේ සහ ඉගෙනගැනීමේ ලක්ෂණ අදහස් කරන්නේ ඵලදායිතාව ඉතා කෙටි කාලයක් තුළ දැවැන්ත ලෙස ඉහළ යනු ඇති බවයි.

උදාහරණයක් ලෙස, අද, ChatGPT යනු මෘදුකාංග සංවර්ධකයින් සඳහා ප්‍රබල මෙවලමකි.  එහි ස්වභාවික භාෂා සැකසුම් හැකියාව භාවිතා කරමින්, සංවර්ධකයෙකු ඉටු කිරීමට උත්සාහ කරන දේ ආදර්ශනය කිරීමට සහ අනුරූප කේත කොටස් ලබා දීමට එයට හැකිය.  සෘජු මානව කේත ආදානයේ (input) සාමාන්‍ය වැරදි සහ නොගැලපීම් නොමැතිව පුනරාවර්තන සහ කාලය ගතවන කාර්යයන් ස්වයංක්‍රීය කිරීමට ද එයට හැකිය.

ChatGPT හට සංකීර්ණ පරිගණක කේතයක් ඉක්මනින් හා නිවැරදිව සරල කළ හැකි අතර මෘදුකාංග තාක්ෂනික වර්ධකයෙකුට ලිවිය හැකි ඕනෑම දෙයකට වඩා බොහෝ විට වඩාත් නිවැරදි සහ තොරතුරුවලින් සපිරුනු ප්‍රතිචාර සහ ලේඛන සැපයිය හැක.

Alan Turing, Marvin Minsky සහ John McCarthy වැනි විද්‍යාඥයින් විසින් සිදු කරන ලද වැදගත් දායකත්වයන් සමඟින් කෘතිම බුද්ධිය 20 වන සියවසේ මැද භාගයේදී පුරෝගාමී විය.  බ්‍රිතාන්‍ය ගණිතඥයෙකු සහ පරිගණක විද්‍යාඥයෙකු වන ටියුරින්, AI හි ආරම්භක පියා ලෙස පුළුල් ලෙස සැලකේ.  1950 දී, ඔහු ටියුරින් පරීක්ෂණය, එනම් මිනිසාගේ හැසිරීමට සමාන බුද්ධිමත් හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට පරිගණකයේ හැකියාව පිළිබඳ මිනුමක් යෝජනා කළේය.

ටියුරිංගේ අදහස පෙරළිකාර වූ අතර යන්ත්‍රවල ඉගෙනීම සහ ස්වාභාවික භාෂා සැකසීම පිළිබඳ දශක ගණනාවක පර්යේෂණ සඳහා වේදිකාව සැකසීය.  ටියුරින් විසින් 1950 දී “පරිගණක යන්ත්‍රෝපකරණ සහ බුද්ධිය” නමින් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලදී, එහි ඇල්ගොරිතම සහ පරිගනක සැකසුම් භාවිතයෙන් යන්ත්‍රවලට මානව බුද්ධිය අනුකරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළේය.

ඇමරිකානු සංජානන විද්‍යාඥයෙකු සහ පරිගණක විද්‍යාඥයෙකු වන මර්වින් මින්ස්කි, ජෝන් මැකාති සමඟ එක්ව 1959 දී MIT හි කෘතිම බුද්ධි රසායනාගාරය ආරම්භ කළ AI හි පුරෝගාමියෙකි. මින්ස්කි යන්ත්‍ර සංජානනය පිළිබඳ අදහස, එනම් යන්ත්‍රවලට තේරුම් ගැනීමට සහ දෘශ්‍ය සහ සංවේදී තොරතුරු අර්ථ නිරූපණය කිරීමට ඇති හැකියාව ගැන උනන්දු විය.   1956 දී “කෘතිම බුද්ධිය” යන පදය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බොහෝ විට ගෞරවයට පාත්‍ර වූ මැකාති, කෘත්‍රිම බුද්ධි (AI) පර්යේෂණ සඳහා  බොහෝවිට යොදා ගැනෙන ක්‍රමලේඛන (programming) භාෂාවක් බවට පත් වූ Lisp සඳහා මූලික විය.

ChatGPT 1960 ගණන්වල ආරම්භ වූ නව පරම්පරාවේ කෘත්‍රිම බුද්ධි පෙළ මත පදනම් වූ චැට්බෝට් (chatbots) ලෙස හැඳින්විය හැක.  1966 දී Joseph Weizenbaum විසින් වර්ධනය කරන ලද ELIZA, මානව සංවාද අනුකරණය කිරීම සඳහා රටා ගැලපීම (pattern matching) සහ ආදේශන ක්‍රමවේදය (substitution methodology) භාවිතා කළේය.  එය මනෝචිකිත්සක ප්‍රශ්න මාලාවකට පෙළ (scripted) ප්‍රතිචාර ගැලපීමට උත්සාහ කළේය.

පසුව 1988 දී, Rollo Carpenter විසින් chatbot Jabberwacky නිර්මාණය කරන ලද්දේ අසනු ලබන ප්‍රශ්නවල සන්දර්භය සැලකිල්ලට ගැනීම සඳහා වෙනත් මට්ටමේ විචල්‍යතා ඇතුළත් කිරීමට රටා ගැලපීම (pattern matching) පුළුල් කිරීම මගින් විනෝදාත්මක මානව සංවාදය අනුකරණය කිරීම සඳහා ය.

1980 ගණන්වල ඇති වූ එක් ප්‍රගමනයක් වූයේ ස්වාභාවික භාෂා සැකසීම සඳහා රීති මත පදනම් වූ පද්ධති සංවර්ධනය කිරීමයි.  මෙම පද්ධති ස්වභාවික ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමට සහ උත්පාදනය කිරීමට අතින් සකස් කරන ලද නීති මාලාවක් මත පදනම් වූ නමුත් ඒවායේ සංකීර්ණ සහ අපැහැදිලි භාෂාව හැසිරවීමේ හැකියාව සීමා කර ඇත.

1995 දී, Artificial Linguistic Internet Computer Entity (ALICE) අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වූ අතර මිනිසුන් විසින් ගැටලු විසඳීමට බොහෝ විට භාවිතා කරන කෙටිමං යෙදීමේ හැකියාව (heuristics) කලින් සංවර්ධනය කරන ලද රටා ගැලපීම් ක්‍රමවලට එකතු කරන ලදී.  1990 ගණන් වලදී, සංඛ්‍යානමය ප්‍රවේශයන් ස්වභාවික භාෂා සැකසීමේදී ජනප්‍රියත්වයට පත් වූ අතර, විශාල පෙළ දත්ත කට්ටල වලින් පද්ධති ඉගෙන ගැනීමට ඉඩ සැලසුනි. පුළුල් පරාසයක භාෂා යෙදවුම් (inputs) හැසිරවීමට සහ වඩාත් නිවැරදි ප්‍රතිදානයන් (outputs) ජනනය කිරීමට හැකි වූ සම්භාවිතා ආකෘති (probabilistic models) වර්ධනයට මෙය හේතු විය.

2000 ගණන් වලදී, ස්නායුක ජාල වාස්තුවිද්‍යාවේ ( neural network architectures) දියුණුවත් සමඟ, ගැඹුරු ඉගෙනීම (deep learning) ස්වභාවික භාෂා සැකසුම් සඳහා ප්‍රබල තාක්‍ෂණයක් ලෙස මතු විය.  මෙම ආකෘති භාෂා දත්තවල සංකීර්ණ රටා ඉගෙන ගැනීමට සහ නිරූපණය කිරීමට සමත් වූ අතර, භාෂා සැකසීමේ නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවයේ සැලකිය යුතු දියුණුවක් ඇති කලේය.

2010 දී, Apple විසින් Siri හි පළමු අනුවාදය බුද්ධිමත් පුද්ගලික සහකාර (intelligent personal assistant) සහ ඉගෙනුම් නාවිකයෙකු (learning navigator) ලෙස නිකුත් කරන ලද අතර එය කෙටි පණිවිඩ කියවීම, සංගීතය වාදනය කිරීම, සිදුවීම් කාලසටහන් කිරීම සහ ප්‍රශ්නවලට පිළිතුරු සඳහා අන්තර්ජාලය සෙවීම වැනි පරිගණකය විධානය කල රාජකාරි ඉටු කිරීමට කතා කරන ස්වභාවික භාෂාව භාවිතා කරයි. )   ශ්‍රවණය කළ හැකි මානව සංවාදයේ මෙම අනුකරණය (simulation)  Google Assistant (2012) සහ Amazon හි Alexa (2014) මගින් ඉදිරිපත් කරන ලදී.

ChatGPT මෘදුකාංගයට අමතරව, එය ක්‍රියාත්මක කරන දෘඪාංග එහි ප්‍රතිචාරවල වේගය සහ නිරවද්‍යතාවය මෙන්ම එයට එකවර හැසිරවිය හැකි විමසුම් සංඛ්‍යාව පිළිබඳ තීරණාත්මක සාධකයකි.  දෘඪාංගයට පරිගණක කාර්ය භාරය හැසිරවීමට එකට වැඩ කරන අන්තර් සම්බන්ධිත ප්‍රොසෙසර හෝ නෝඩ් (nodes) විශාල සංඛ්‍යාවක් ඇතුළත් වේ.

මෙම වේදිකාවට (platform) යන්ත්‍ර ඉගෙනීම සහ ගැඹුරු ඉගෙනුම් වැඩ සඳහා සුවිශේෂයෙන් සකසන ලද විශේෂිත ප්‍රොසෙසර මෙන්ම වේගවත් දත්ත හුවමාරුව (transfer) සහ නැවත ලබා ගැනීම (retrieval) සක්‍රීය කරන අධිවේගී ජාලකරණ සහ ගබඩා තාක්ෂණයන් ද ඇතුළත් වේ.

අවසාන වශයෙන්, ChatGPT මගින් ප්‍රකාශිත පරිදි, AI හි ඇති දියුණුව, ලොව පුරා සිටින පර්යේෂකයන්, ඉංජිනේරුවන් සහ නවෝත්පාදකයින් අතර සහයෝගී උත්සාහයක ප්‍රතිඵලයකි.  විවිධ රටවල පුද්ගලයන්ගේ සහ සංවිධානවල දායකත්වයෙන් AI සංවර්ධනය සැබවින්ම ගෝලීය උත්සාහයකි.

 AI යනු පරිගණක විද්‍යාව, ගණිතය, ස්නායු විද්‍යාව, මනෝවිද්‍යාව, වාග් විද්‍යාව සහ වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එක් කරන බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය ක්ෂේත්‍රයකි.  දෘඪාංග, මෘදුකාංග සහ දත්ත යටිතල ව්‍යුහයේ දියුණුව ගෝලීය සහයෝගීතාවය සහ එක්ව වැඩකිරීම මගින් ලඟා කරගන්නා ලද්දකි.  

බොහෝ රටවල් AI පර්යේෂණ සහ සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇති අතර, පරිගණක යන්ත්‍රෝපකරණ සඳහා සංගමය (Association for Computing Machinery – ACM) වැනි ජාත්‍යන්තර සංවිධාන සහ සම්මන්ත්‍රණ පර්යේෂකයන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ වැඩ බෙදා ගැනීමට සහ ලොව පුරා නව අදහස් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වේදිකාවක් සපයයි.

කෙසේ වෙතත්, ChatGPT පසුගිය වසර 75 තුළ පරිගණක තාක්‍ෂණයේ සියලු ජයග්‍රහණ ලෝක පරිමාණයෙන් ඉදිරියට ගෙනව්ත් සමාජ පරිවර්තනීය විභවයක් අත්කරගෙන ඇති අතර, එය ධනවාදය, ලාභ පද්ධතිය සඳහා එහි පුද්ගලික දේපළ සහ ජාතික රාජ්‍ය දේශපාලන ව්‍යුහයන් තුළ  බැඳී ද පවතී.

ජනවාරි මාසයේදී මයික්‍රොසොෆ්ට් විසින් ඩොලර් බිලියන 10 ක ආයෝජනයකින් පසුව OpenAI හි වටිනාකම ඩොලර් බිලියන 29 දක්වා ඉහළ නංවා ඇති වෝල් ස්ට්‍රීට් හි ක්ෂණික උත්සුකයන් වන්නේ, Elon Musk, Sam Altman, Peter Thiel සහ Reid Hoffman වැනි තාක්‍ෂණ කතිපයාධිකාරීන්ට ඔවුන්ගේ සමාගමට ඇති මූල්‍ය කැපවීම මත ප්‍රතිලාභයක් සාක්ෂාත් කර ගැනීම සඳහා පැහැදිලි මාර්ගයක් පවතින බව සහතික කිරීමයි.  

අපේක්ෂාව වන්නේ පිරිවැය කපා හැරීමේ සහ රැකියා සංහාරය කිරීමේ මාධ්‍යයක් ලෙස ChatGPT හි මූලික තාක්‍ෂණය සියලුම කර්මාන්ත හරහා සංගතවලට විකිණීමයි.  උද්ධමනය, ඉහළ යන පොලී අනුපාත සහ වෝල් වීදියේ කොටස් වටිනාකම් පහත වැටීමේ වත්මන් ආර්ථික පරිසරය තුළ, මෙම අපේක්ෂාව, ප්‍රශ්නයකින් තොරව, ආයතනික විධායකයින්, අධ්‍යක්ෂ මණ්ඩල සහ ආයෝජකයින් සඳහා ආකර්ශනීය එකක් වේ.

පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, විගණකවරුන්, පරිවර්තකයන් සහ ලේඛකයින් විසින් සිදු කරනු ලබන කාර්යයන් වලින් අඩක් AI මෙවලම් මගින් වඩා ඉක්මනින් ඉටු කළ හැකිය.  McKinsey & Company විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ 2030 වන විට සියලුම වෘත්තීන් හරහා වැඩවලින් සියයට 25 ක් ස්වයංක්‍රීය කළ හැකි බවත් කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ලැයිස්තුගත කර ඇති වෘත්තීන් 800 න් සියයට 60 කට ඉදිරි දශකවලදී ඔවුන්ගේ වැඩ කටයුතුවලින් තුනෙන් එකක් ස්වයංක්‍රීය කළ හැකි බවත්ය.

මේ අතර, ධනවාදය යටතේ අනෙකුත් සියලුම අධි තාක්‍ෂණික නවෝත්පාදනයන් මෙන්ම, ChatGPT සහ කෘතිම බුද්ධියේ බලය ලොව පුරා පෙන්ටගනය සහ ආරක්ෂක දෙපාර්තමේන්තු සමඟ සැලකිය යුතු ගිවිසුම් ගනනකට එලඹෙනු ඇති බවට වැටහීමක්  පවතී. 

මිනිසුන් රහිත ඩ්‍රෝන් ගුවන් ප්‍රහාර සහ ඉලක්කගත ඝාතන ඇතුළු විසිඑක්වන සියවසේ අධිරාජ්‍යවාදී යුද්ධවල යුධ පිටියේ මෙහෙයුම් ස්වයංක්‍රීය කිරීම සඳහා දැනටමත් AI තාක්ෂණයන් භාවිතා කරමින්, GPT තීරණ ගැනීමේ බලය එක්සත් ජනපද හමුදාව විසින් සක්‍රීයව හඹා යමින් සිටී.

‘ඩිෆෙන්ස් වන්’ හි ලිපියකට අනුව, ගුවන් හමුදාවේ ප්‍රධාන තොරතුරු නිලධාරි ලෝරන් බැරට් ක්නවුසන්බර්ගර් පැවසුවේ, “තොරතුරු සොයා ගැනීමට හැකි වීමෙන්, එහි සිටින අය සොයා ගැනීමට හැකි වීමෙන්, උදාහරණයක් ලෙස, කාර්ය භාරකරුවන් (taskers) යොදාගැනීම හේතුවෙන් අපි බොහෝ කාලයක් නාස්ති කරන නිසා, පොදුවේ තොරතුරු වේගයෙන් එකට එකතු කිරීමට හැකි වීම මගින්, DOD ට විශාල ප්‍රතිලාභයක් ඇතැයි මම සිතමි. 

‘වයිස්’ හි තවත් වාර්තාවක් පැවසුවේ පෙන්ටගනය නව ප්‍රති-ඩ්‍රෝන් කාර්ය සාධක බලකායක් දියත් කිරීම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් පෙබරවාරි 8 දා ලිවීමට ChatGPT භාවිතා කරන බවයි.  වෙනත් වචන වලින් කිවහොත්, තීරණ ගැනීම ස්වයංක්‍රීය කිරීමට සහ මිලිටරිවාදී ප්‍රචාරණ සැපයීමට AI හි විභවය පෙන්ටගනය උපකාර කරගනියි.

ChatGPT වැනි කෘතිම බුද්ධි තාක්ෂණයන්හි ප්‍රගතිශීලී අන්තර්ගතය සහ එහි ගෝලීය බලය සාක්ෂාත් කර ගත හැකි සහ, පද්ධතියේ ස්වයං නිර්වචනය පෙන්නුම් කරන පරිදි, “අප තාක්‍ෂණය සහ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පරිවර්තනය කිරීමේ හැකියාව” සාක්ෂාත් කර ගත හැක්කේ, කම්කරු පන්තිය විසින් සමාජය විප්ලවවාදී සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම මගිනි.

#theSocialistLK #WSWS 

ජායාරූපය  knowledge-sourcing.com වෙතිනි.

ChatGPT හි පූර්ව දර්ශන නිකුතුව කෘතිම බුද්ධියේ විභවයන් පෙන්නුම් කරයි Read More »

Scroll to Top