science

Flood

නේපාල-චීන ගංවතුර, දේශගුණික විපර්යාසය සහ සමාජවාදය සඳහා වන අරගලය

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගෝස්තු 27 දින “The Nepal-China flood, climate change and the fight for socialism” යන හිසින් පළවූ බ්‍රයන් ඩයින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

බදාද උදෑසන පැය කිහිපයක් ඇතුළත, ත්‍රිශූලී (Trishuli) සහ භෝටේ කෝෂි (Bhote Koshi) ගංගා ඔස්සේ කිලෝමීටර් 72ක (හැතැප්ම 45ක) භූමි භාගයක් පුරා ගලාගිය ජල සහ පාෂාණ කඳක්, නේපාලයේ රසුවා (Rasuwa) සහ නුවාකොට් (Nuwakot) දිස්ත්‍රික්කවල පිහිටි නගර දුසිම් ගණනක් විනාශ කරමින් සහ දැඩි ලෙස හානියට පත් කරමින් හදිසි ගංවතුර තත්ත්වයක් (flash flood) නිර්මාණය කළේය. එක් කලෙක මෙම කලාපයේ ප්‍රධාන වෙළඳ සහ සංචාරක මුරපොල වූ නේපාලය සහ ටිබෙටය අතර ගයිරොං වරාය (Gyirong Port) පිවිසුම සම්පූර්ණයෙන්ම අතුගා දැමීය.

නේපාලයේ අවම වශයෙන් පුද්ගලයින් 389 දෙනෙකු සහ චීනයේ 3 දෙනෙකු මියගොස් ඇති අතර, පිළිවෙලින් තවත් 910 දෙනෙකු සහ 558 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් තහවුරු කර ඇත. ජලවිද්‍යාඥයින් (hydrologists) විසින් “දියර කොන්ක්‍රීට්” ලෙස හඳුන්වනු ලැබූ මෙම ජල පහරින් බේරී පලා යාමට උත්සාහ කරන මිනිසුන්ගේ අතිශය ඛේදජනක වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍ය වෙත එක්වී ඇති අතර, බොහෝ දෙනෙක් ඛේදනීය ලෙස මියගොස් ඇත.

“අද උදෑසන වන තෙක්ම මෙහි වටපිටාව ඉතා අලංකාරව තිබුණා… එතන ජල විදුලි බලාගාරයක් සහ කර්මාන්තශාලාවක් තිබුණා. ඒ සියල්ල ගසාගෙන ගිහින්,” යනුවෙන් නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) නගරයේ සෞඛ්‍ය සේවකයෙකු වන රාජේන්ද්‍ර පවුඩෙල් (Rajendra Poudel) බ්‍රහස්පතින්දා අල් ජසීරා (Al Jazeera) පුවත් සේවයට පැවසීය. “මේක ඉතා ඛේදජනක සිදුවීමක්; මට කියන්න වචන නැහැ.”

2026 අගෝස්තු 26 වන බදාදා, නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ ත්‍රිශුලි ගඟ දිගේ හදිසි ගංවතුරකට ගොදුරු වූ අයෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට ගලවාගැනීමේ කණ්ඩායම් පස් කපන යන්ත්‍රයක් භාවිතා කරයි. [AP ඡායාරූපය/නිරංජන් ශ්‍රෙස්තා]

Flood
2026 අගෝස්තු 26 වන බදාදා, නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ ත්‍රිශුලි ගඟ දිගේ හදිසි ගංවතුරකට ගොදුරු වූ අයෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට ගලවාගැනීමේ කණ්ඩායම් පස් කපන යන්ත්‍රයක් භාවිතා කරයි. [AP ඡායාරූපය/නිරංජන් ශ්‍රෙස්තා]

මෙම ගංවතුරින් රසුවාහි ටිමූරේ (Timure) සහ ස්‍යාපෲ බේසි (Syapru Besi) මෙන්ම නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) යන ගම්මාන රැසක් පස්වලින් යටවූ අතර, අවම වශයෙන් පාලම් 19ක් සහ කිලෝමීටර් 40ක පමණ (හැතැප්ම 25ක) මාර්ග විනාශ විය. මෙගාවොට් 430ක විදුලි උත්පාදන ධාරිතාවක් අක්‍රිය වී ඇති බව නේපාල විදුලිබල මණ්ඩලය තක්සේරු කළේය. නායයෑමේ කඩා වැටුණු පස් කන්දට පිටුපසින් එක්රැස් වන නව විලක් එම බැම්ම පුපුරා ගොස්, එම නිම්නය ඔස්සේම දෙවන ගංවතුර රළක් පැමිණීමේ අවදානමක් පවතින බවට චීන බලධාරීන් බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවීය.

භූමිකම්පා විද්‍යාත්මක දත්තවලට අනුව, මෙම ව්‍යසනයට ආසන්නතම හේතුව වී ඇත්තේ ටිබෙටයේ හිම කඳු සහිත බෑවුමකින් අයිස් සහ පාෂාණ තට්ටුවක් කඩාගෙන වැටීමයි. එය ජර්මනියේ සහ එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey) රිච්ටර් මාපකයේ 5.2ක ප්‍රමාණයේ භූමිකම්පා සිදුවීමක් ලෙස සටහන් වන තරම් හිමධාවයක් (විශාල හිම කඩා වැටීමක් – avalanche) විය. කෙසේ වෙතත්, මෙයින් නිර්මාණය වී ඇති සමාජ ව්‍යසනය, දේශගුණික විපර්යාසය නැවැත්වීමට හෝ නියත ලෙස නියමිත මාරාන්තික ප්‍රතිවිපාක සඳහා සිය ජනතාව සූදානම් කිරීමට ලෝකයේ ධනපති ආණ්ඩු දක්වන ප්‍රතික්ෂේප කිරීමේ නවතම ප්‍රතිඵලයයි.

ගංවතුරට ලක්වූ නේපාලය සහ ටිබෙට් සීමාව ඇතුළුව හිමාලය වැනි උස් භූමි ප්‍රදේශ පිළිබඳ කෙරුණු අධ්‍යයනයන්ගෙන් වසර ගණනාවක සිට පෙනී ගොස් ඇත්තේ, එවැනි ප්‍රදේශ ගෝලීය උණුසුම් වීමට (global warming) විශේෂයෙන් ගොදුරු විය හැකි බවයි. සුළු උණුසුම් වීමකදී පවා හිම දියවන අතර, නිරාවරණය වන පාෂාණ මගින් වැඩි සූර්යාලෝකයක් අවශෝෂණය කරගනිමින් තවදුරටත් උණුසුම් වීම වැඩි කරයි. එය නැවතත් හිම දියවීම වේගවත් කරමින් ධනාත්මක ප්‍රතිපෝෂණ චක්‍රයක් (positive feedback loop) නිර්මාණය කරයි.

අන්තර්-රාජ්‍ය විද්‍යාත්මක ආයතනයක් වන ඒකාබද්ධ කඳුකර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Centre for Integrated Mountain Development – ICIMOD) 2023 දී වාර්තා කළේ, ඊට පෙර දශකයට වඩා 2011-2020 කාලය තුළ හිමාලයානු ග්ලැසියර සියයට 65ක වේගයෙන් අතුරුදහන් වූ බවයි. මෙයට පෙර වසරේ මාර්තු මාසයේදී ICIMOD වෙතින් නිකුත් වූ සමාන අධ්‍යයනයකින් නිගමනය වූයේ, හිමාලයානු ග්ලැසියරවල අයිස් ක්ෂය වීමේ සීඝ්‍රතාව 2000 වසරේ පැවැති අගය මෙන් දෙගුණයකින් වැඩි වී ඇති බවයි. “මෙය ඈත අනාගතයේ ඇතිවන ප්‍රශ්නයක් නෙවෙයි; සෑම ග්‍රීෂ්ම ඍතුවකම සහ මෝසම් කාලයකදීම අලුත් ව්‍යසනයන් නිර්මාණය කරමින් සැබෑ ලෙසම අප ඉදිරියේ තථ්‍ය කාලිනව   දිගහැරෙන අර්බුදයක්” යනුවෙන් එම වාර්තාව අනතුරු ඇඟවූයේ මීට මාස පහකට පෙරය.

දේශගුණික අර්බුදයේ මෙම නිශ්චිත පැත්ත සම්බන්ධයෙන් ලෝකයේ ආණ්ඩුවල ප්‍රතිචාරය ඉතා නොගැණිය හැකි නැතහොත් ඉතා සුළු එකක් වී ඇත. ග්ලැසියර ගංවතුරෙන් නේපාල ජාතිකයන් මිලියන 2.4ක් ආරක්ෂා කිරීම සඳහා, අධි අවදානම් සහිත වැව් හතරක් සිඳවීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සෑදීම ඇතුළත් වැඩසටහනක් 2025 ජූලි මාසයේදී හරිත දේශගුණික අරමුදල (Green Climate Fund – GCF) විසින් අනුමත කරන ලදී. වසර හතක් සඳහා මෙම ව්‍යාපෘතියේ අයවැය ඩොලර් මිලියන 49.9කි. එය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනවාරි මාසයේදී සම්මත කළ ඩොලර් බිලියන 839ක විසර්ජන පනතේ අනුපාතික වේගයට අනුව, එ.ජ. මිලිටරි වියදම් වලින් විනාඩි 30ක පමණ ප්‍රමාණයකි.

දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් කිරීමේ අනෙකුත් සෑම පියවරක්ම ද ඒ හා සමානව නිශ්ඵල වී ඇත්තේ, ඒවා සංගත (corporate) ලාභ ලැබීමේ ධාවනයට සහ වේගවත් වන යුද්ධය කරා හරවා යැවෙන සම්පත් භාවිතයට යටත් කර ඇති බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය ජනවාරි 27 වන දින පැරිස් සම්මුතියෙන් (Paris Accord) ඉවත් වූ අතර, පෙබරවාරි 12 වන දින හරිතාගාර වායු (greenhouse gases) පිළිබඳ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ (Environmental Protection Agency – EPA) තීරණය අවලංගු කරමින්, එය “එ.ජ. ඉතිහාසයේ විශාලතම නිර්නියාමන ක්‍රියාව” (deregulatory ) ලෙස උදම් ඇනීය.

පසුගිය නොවැම්බරයේ බ්‍රසීලයේ බෙලෙම් (Belém) නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට (COP30) එක්සත් ජනපදය සහභාගී වූයේ පවා නැත. එමෙන්ම පොසිල ඉන්ධන භාවිතය අදියරෙන් අදියර ඉවත් කිරීමේ සහ කාබන් විමෝචනයසීමා කිරීමේ මාර්ග සිතියම සඳහා වූ යෝජනාව චීනය, ඉන්දියාව, සවුදි අරාබිය සහ රුසියාව විසින් වළක්වන ලදී. යුරෝපය තුළ, අධිරාජ්‍යවාදී බලවතුන් (imperialist powers) රුසියාව සමඟ සෘජු ගැටුමකට සූදානම් වීම සඳහා නැවත ආයුධ සන්නද්ධ වෙමින් සිටින බැවින්, දේශගුණික පොරොන්දු සම්පූර්ණයෙන්ම අත්හැර දමමින් පවතී.

හිමාලයේ උණුසුම් වීම සිදුවන්නේ සමස්තයක් ලෙස ඉහළ යන ගෝලීය උෂ්ණත්ව ප්‍රවණතාවලට සමාන්තරවය. ගංවතුරට දින හතරකට පෙර, අගෝස්තු 22 වන දින, යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය (Copernicus Climate Change Service) විසින් මෙතෙක් මැන බලන ලද ඉහළම දෛනික ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය (global ocean surface temperature) ලෙස සෙල්සියස් අංශක 21.1ක් (ෆැරන්හයිට් අංශක 70ක්) වාර්තා කරන ලද අතර, එය 2024 මාර්තු මාසයේදී තබා තිබූ වාර්තාව අභිබවා ගියේය. සාමාන්‍යයෙන් සාගර සිසිල් වන අගෝස්තු අග භාගයේදී මෙම අගය වාර්තා වීම විශේෂත්වයකි.

මෙම වසරේ මුල් භාගයේ ජූලි මාසයේදී, බටහිර යුරෝපයේ සාමාන්‍ය උෂ්ණත්වය ඓතිහාසික සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.79කින් (ෆැරන්හයිට් අංශක 5කින්) ඉහළ ගිය අතර, එමගින් ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලක්ෂ 3.75කට වැඩි පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවිය. එම මාසයේදීම, කැනඩාවේ සහ එ.ජ. මධ්‍යම-බටහිර ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර අර්ධයෙන් වැඩි ප්‍රමාණයක් විෂ සහිත දුමෙන් වැසී ගිය අතර, ඩුලූත් (Duluth) සහ මින්නසෝටා (Minnesota) යන ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක දර්ශකය (air quality index) 900ට ඉහළින්ද, ඩිට්‍රොයිට් (Detroit) වැනි ප්‍රධාන නාගරික ප්‍රදේශවල 500ට ඉහළින්ද සටහන් විය.

තවද අගෝස්තු 13 වන දින, එක්සත් ජනපද ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration – NOAA) වාර්තා කළේ, මේ සරත් සහ ශීත ඍතුවේදී ඉතා ප්‍රබල එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ සියයට 90කට වැඩි සම්භාවිතාවක් සහ එය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය වීමේ සියයට 69ක සම්භාවිතාවක් පවතින බවයි. එමගින් ගෝලීය උණුසුම් වීමේ වඩාත් තියුණු කූඨයක වර්ධනයක් සිදුවනු ඇත.

මෙසේ බොහෝ ව්‍යසනයන් සිදුවී තිබීම සහ ඉදිරියටත් සිදුවීමට නියමිතව තිබීම ධනපති ක්‍රමයට (capitalist system) එල්ල වන චෝදනා පත්‍රයකි. ගෝලීය උණුසුම් වීමේ අනතුර ගැන මුලින්ම කෙරුණු ප්‍රකට අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේ අභාවප්‍රාප්ත තාරකා විද්‍යාඥ කාල් සේගන් (Carl Sagan) විසිනි. ඔහු 1985 දී අනතුරු අඟවමින් කියා සිටියේ “විපතක පෙරනිමිති” (“handwriting on the wall”) දැනටමත් මතුව ඇති බවත්, නරකම බලපෑම් ඇතිවීම වැළැක්වීම සඳහා විශාල ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ යුතු බවත්ය.

එම අනතුරු ඇඟවීම් සහ ලෝකයේ බහුතරයක් විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් සක්‍රීය ලෙස නොසලකා හැර ඇති ලෝකයක මිනිස් සංහතිය අද ජීවත් වේ. කම්කරුවෝ සහ ශ්‍රමය වගුරන්නෝ දිනපතාම වඩාත් විනාශකාරී කුණාටුවලට, දිගු උෂ්ණත්ව තරංගවලට, වියළි නියඟයන්ට සහ නොනැවතී  ඇතිවන සේ පෙනී යන ලැව්ගිනිවලට මුහුණ දෙති. කොරල් පර විනාශ වෙමින් පවතින අතර, එය පෘථිවියේ ආහාර දාමයේ සැලකිය යුතු කොටසකට තර්ජනයක් වී ඇත. ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම මගින් පෘථිවියේ සෑම වෙරළබඩ නගරයක්ම සෙමින් ජලයෙන් යටවෙමින් පවතින අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අවතැන් වීමේ අවදානමක් පවතී.

පසුගිය වසර 41 තිස්සේ පෙන්නුම් කර ඇත්තේ, මෙම ස්වාභාවික ක්‍රියාවලීන් තේරුම් ගැනීමට සහ පාලනය කිරීමට මිනිස් සංහතියට මීට පෙර කවරදාවත් නොතිබූ තරම් විශාල හැකියාවක් ඇති බවයි. කෘතිම චන්ද්‍රිකා මගින් හිමාලයේ සහ ලොව පුරා ඇති සියලුම ග්ලැසියර සිතියම්ගත කරයි; කෘතිම බුද්ධිය සහ සුපිරි පරිගණක මගින් ඉදිරි දශක ගණනාව සඳහා දේශගුණය ආකෘතිගත කරයි; සූර්ය, සුලං, රළ, භූ-තාප සහ වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ විශාල දියුණුව හේතුවෙන් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු භාවිතයේ අවශ්‍යතාව න්‍යායාත්මකව අහෝසි වී ඇත; මූලික වශයෙන්ම, නව අති-සන්නායක ද්‍රව්‍යවල (superconductive materials) වර්ධනය මගින් අතිමහත් විදුලිය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය විශාල ලෙස අඩු කිරීමට මග පාදමින් ඇත.

නමුත් මෙම හැකියාවන් භාවිත කිරීම සහ එවැනි පදනමක් මත ජාත්‍යන්තර මට්ටමින් සමාජීය හා ආර්ථික ජීවිතය නැවත සංවිධානය කිරීම, පෞද්ගලික ලාභය සහ ලෝකය ප්‍රතිපක්ෂ ජාතික රාජ්‍යයන් ලෙස බෙදා තිබීම හමුවේ සෑම අඩියකදීම වළක්වනු ලැබේ. එම නිසා, දේශගුණික විපර්යාසයට විසඳුම විද්‍යාත්මක හෝ තාක්ෂණික ප්‍රශ්නයක් නොව, දේශපාලනික සහ තියුණු විප්ලවවාදී  ප්‍රශ්නයකි.

ෆ්‍රෙඩ්රික් එංගල්ස් (Frederick Engels) වානරයා මිනිසා බවට පත්වීමේ සංක්‍රාන්තියේදී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය (The Part Played by Labour in the Transition from Ape to Man) නැමැති කෘතියේ ලිව්වේ, මිනිසා සොබාදහම පරාජය කර ලබන “සෑම ජයග්‍රහණයක් සඳහාම, සොබාදහම අපෙන් පළිගන්නා” බවයි. “නිෂ්පාදනයේ ප්‍රතිවිපාක පාලනය කිරීම සඳහා “හුදෙක් දැනුමට වඩා වැඩි යමක් අවශ්‍ය වන අතර, ඒ සඳහා අපගේ මෙතෙක් පැවැති නිෂ්පාදන මාදිලියේ (mode of production) සම්පූර්ණ විප්ලවයක් සහ ඒ සමඟම අපගේ සමස්ත සමකාලීන සමාජ පර්යායේම විප්ලවයක් අවශ්‍ය වන” බවත් ඔහු ලිවීය. 

දැන් ඒ බව වඩාත් බලවත් ලෙස පැවසිය හැකිය. කිසිදු ධනපති ආණ්ඩුවක් දේශගුණික විපර්යාස සඳහා කිසිදු බරපතල විසඳුමක් යෝජනා නොකරන්නේ, ආර්ථික ජීවිතය මූල්‍ය කතිපයාධිකාරියේ ද්‍රව්‍යමය වුවමනාවන්ට යටත් කර ඇති තාක් කල් එය කළ නොහැකි බැවිනි. එමෙන්ම, වර්තමාන සමාජ පර්යාය හුදෙක් ප්‍රතිසංස්කරණය කළ යුත්තක් ලෙස පමණක් පිළිගන්නා හරිත පක්ෂවල සහ ව්‍යාජ-වමේ සංවිධානවල වැඩසටහන් කෙරෙහිද කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.

එනිසා, දේශගුණික විපර්යාසයට ඇති එකම විසඳුම ධනපති ක්‍රමයම විප්ලවවාදී ලෙස පෙරළා දැමීමයි. මෙය සිදුකළ යුත්තේ කම්කරු පන්තිය විසිනි. දේශගුණික විපර්යාස අවම කිරීම, ආපසු හැරවීම සහ පාලනය කිරීම සඳහා බලශක්ති, කෘෂිකර්ම සහ සැපයුම් ජාල (logistics) කර්මාන්තයන්හි අවශ්‍ය පරිවර්තනය සිදුකිරීමට සමත්, ස්වභාවයෙන්ම ජාත්‍යන්තර වන එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees – IWA-RFC) මෙම පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීමටත්, මූල්‍ය කතිපයාධිකාරියේ දේපළ සමාජ සන්තක කිරීමටත්, සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය නැවත සංවිධානය කිරීමටත් සටන් කරයි.

නේපාල-චීන ගංවතුර, දේශගුණික විපර්යාසය සහ සමාජවාදය සඳහා වන අරගලය Read More »

Sanders

බර්නි සැන්ඩර්ස්ගේ AI ලිපිය: කතිපයාධිකාරයට කළ බංකොලොත් ආයාචනයක්

ජෝසෆ් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගෝස්තු 14  දින “Bernie Sanders’ AI letter: A bankrupt appeal to the oligarchs” යන හිසින් පළවූ ජෝසෆ් කිෂෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Sanders
සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් (Bernie Sanders – ස්වාධීන, වර්මොන්ට්) 2026 ජූලි 20 වන සඳුදා මිනියාපොලිස් හි පැවැති, එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා මින්නෙසෝටා නියෝජ්‍ය ආණ්ඩුකාර පෙගී ෆ්ලැනගන්ගේ මැතිවරණ රැළියකදී අදහස් දක්වයි. [AP Photo/Ellen Schmidt]


අගෝස්තු 10 වන දින, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, OpenAI හි සෑම් ඕල්ට්මන් (Sam Altman), Anthropic හි ඩාරියෝ අමොඩෙයි (Dario Amodei) සහ Meta හි මාක් සකර්බර්ග් (Mark Zuckerberg) වෙත ලිපියක් යොමු කරමින් “කෘතිම බුද්ධිය (AI) සංවර්ධනය කිරීම අත්හිටුවන” ලෙසත් “මිනිසුන්ට පාලනය කළ නොහැකි යන්ත්‍ර තැනීම නවත්වන” ලෙසත් බලකර ඉල්ලා සිටි අතර, එය ප්‍රවර්ධනය කරන  වීඩියෝවක් ද ප්‍රචාරය කළේය.

මෙම ලිපිය සැන්ඩර්ස්ගේ දේශපාලනයට ලාක්ෂණික වේ. එය කිසිවෙකු කිසිවක් සම්බන්ධයෙන් උගන්වන්නේ නැති ජනප්‍රියවාදී  වාචාල කතා (demagogy) සහ හිස් ප්‍රකාශවලින් පිරී පවතී. මෙම තාක්ෂණය විසින් මතු කරනු ලබන මූලික ප්‍රශ්න වන: මෙම තාක්ෂණයේ හිමිකාරත්වය ඇත්තේ කාට ද? එය පාලනය කරන්නේ කවුද? එය සංවර්ධනය කරන්නේ කාගේ වුවමනාවන් සැපිරීමටද? යන්න වසා දමමින් භීතිය අවුලුවාලීම සඳහා මෙය ගණන් බලා සිදුකර ඇත.

කෘතිම බුද්ධියේ(AI) අන්තරායන් යැයි කියනු ලබන දේ පිළිබඳ සැන්ඩර්ස්ගේ පළමු උදාහරණයම ඔහුගේ ක්‍රමය සදහා උදාහරණ සපයයි. “නව වෛරස් සෑදීම සඳහා ප්‍රථම වතාවට AI භාවිතා කර ඇත” යනුවෙන් ලියන ඔහු, “මෙම වර්ගයේ සංවර්ධනයක්, වැරදි අත්වලට හසුවුවහොත්, කෝටි සංඛ්‍යාත ජනයාගේ මරණයට හේතුවන නව ජෛව ආයුධ (bioweapons) නිර්මාණය වීමට හේතු විය හැක” යනුවෙන් අනතුරු අඟවයි.

සැන්ඩර්ස්ගේ ලිපියෙන් කෙනෙකුට සිතෙන්නේ පුද්ගලයන් විසින් රසායනාගාර තුළ මාරාන්තික නව රෝග කාරක නිර්මාණය කරමින් සිටින බවයි. සැන්ඩර්ස් මෙහිදී භාවිතා කරන්නේ කොවිඩ්-19 හි ආරම්භය පිළිබඳ චීන-විරෝධී කුමන්ත්‍රණ මතවාදයන් ප්‍රවර්ධනය කරන්නන් ආකර්ෂණය කිරීම සඳහා සකස් කරන ලද වාංමාලාවක්ය.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ විශාල විද්‍යාත්මක සොයාගැනීමකි. අගෝස්තු 6 වන දින, Science සඟරාව විසින් ස්ටැන්ෆර්ඩ් (Stanford) සහ Arc ආයතනයේ බ්‍රයන් හයිගේ (Brian Hie) රසායනාගාරයේ පර්යේෂණයක් ප්‍රකාශයට පත් කළ අතර, එය උත්පාදක ආකෘතියක් (generative model) මගින් නිර්මාණය කරන ලද පළමු වෛරස් ජාන සමුදාය (viral genomes) පිළිබඳව වාර්තා කළේය. මෙම වෛරස් යනු බැක්ටීරියාභක්ෂකයන් (bacteriophages) වන අතර, ඒවා ආසාදනය කරන්නේ මිනිස් සෛල නොව බැක්ටීරියා වේ. මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන්නේ වසරකට මිලියනයකට අධික පිරිසක් මරා දමන ප්‍රතිජීවක-ප්‍රතිරෝධී (antibiotic-resistant) ආසාදනවලට එරෙහිව ප්‍රතිකාර සංවර්ධනය කිරීම සඳහා ය.

මෙම ජයග්‍රහණය මෙම තාක්ෂණයේ ඇති දැවැන්ත ප්‍රගතිශීලී හැකියාවන් පිළිබඳ සලකුණකි. කෙසේ වෙතත්, සැන්ඩර්ස්ගේ කතාවට අනුව, සුව කළ නොහැකි රෝග සුව කිරීම දෙසට තබන පියවරක්, වසංගතයක මං සලකුණක් බවට පත්වේ.

මෙම වෛද්‍ය විද්‍යාත්මක ජයග්‍රහණය, සයිබර් ප්‍රහාර එල්ල කරන AI ආකෘතිවලින් මතුවන සැබෑ අන්තරායන් සමඟ පටලවා ගැනීමට සැන්ඩර්ස් උත්සාහ කරයි.

ජූලි 21 වන දින, OpenAI විසින් හෙළිදරව් කළේ එහි ආකෘති දෙකක්, ඒවායේ හැකින් (hacking) හැකියාවන් පිළිබඳ පරීක්ෂණයකින් මිදී, ලොව පුරා විවෘත AI ආකෘති (open AI models) බෙදා හරින සමාගම වන Hugging Face වෙත ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙම ආකෘති ගන්නා ලකුණු ප්‍රමානය මැනමින්  තිබුණේ හැකින් මිනුම්දණ්ඩක් (benchmark) මත ය. ඒවා විසින් පිළිතුරු යතුර (answer keys) Hugging Face හි  servers වල ගබඩා කර ඇති බව තීරණය කර, අන්තර්ජාලයට පිවිස එම සමාගමේ තාක්ෂණික යටිතල පහසුකම්වලින් වැඩි ප්‍රමාණයක පාලනය තමන් සතු කර ගත්තේය.

Hugging Face හි සම-නිර්මාපක ක්ලෙමන්ට් ඩෙලැන්ගු (Clément Delangue) ලියා සිටියේ එය “මෙවැනි වර්ගයේ පළමු සිදුවීම විය හැකි” බවයි. OpenAI හි තාක්ෂණික කාර්ය මණ්ඩලයේ මයිකල් ඩෝල්ටන් (Michael Dalton) එය “කර්මාන්තයක් ලෙස පරිගණක ආරක්ෂණය පිළිබඳ කඩඉම් මොහොතක්” ලෙස හැඳින්වූ අතර, “AI මගින් මෙහෙයවන, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ආක්‍රමණශීලී ප්‍රහාර දැන් සැබෑවක් වී ඇති අතර, අප අද සාකච්ඡා කළ ක්‍රියාවන් frontier AI  (මුල් පෙළේ AI ) පිළිබඳ ඇගයීම් පැවැත්වීමේ අනපේක්ෂිත අතුරු ආබාධයක්” බව ද වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම, OpenAI හැක්වීමට සෘජු හේතුව වූයේ මෙවැනි හැසිරීම් වැළැක්වීමට තිබූ ආරක්ෂණ ක්‍රමවේදයන් නොමැතිව එම ආකෘති පරීක්ෂා කිරීමට සමාගම ගත් තීරණය සහ ප්‍රමාණවත් නොවන අධීක්ෂණයයි. OpenAI විසින් තම ආකෘති මගින් ප්‍රහාර එල්ල කිරීම වළක්වන වර්ගීකාරක (classifiers) නොමැතිව මෙම ඇගයීම සිදු කළ අතර, “මෙම ඇගයීමේදී එම යෙදවුම් ආරක්ෂණ සක්‍රීය නොකරන ලද්දේ සිතාමතාමය” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයන් සමාගම්වල සහ ඒවායේ කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි — එනම් පිරිවැය කැපීම සඳහා ඇගයීම් බාහිරින් ලබා ගැනීම (outsourced), ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට පද්ධති ඉක්මන් කිරීම, ආරක්ෂණ ක්‍රමවේදයන් ඊළඟ අරමුදල් (ලබාගැනීමේ) වටයට බාධාවක් ලෙස සැලකීමයි. මෙම සිදුවීම් බරපතල ය, නමුත් ඒවායින් චෝදනා එල්ල වන්නේ තාක්ෂණයට නොවේ. එහි හිමිකාරිත්වය දරන සමාගම්වලට ය. සැන්ඩර්ස් ඔහුගේ ආයාචනය යොමු කරන්නේ එම සමාගම්වල යහපත් චේතනාවන් කෙරෙහිය.

කෘතිම බුද්ධිය දැනට පාලනය වන්නේ සැන්ඩර්ස් ලිපි ලියන කෝටිපතියන් තිදෙනා, පෙන්ටගනය සහ බුද්ධි ආයතන මගිනි. සැන්ඩර්ස් මෙයින් කිසිවකට අභියෝග කරන්නේ නැත. සැබවින්ම, ඔහු AI හි අන්තරාය පිළිබඳ අධිකාරී මූලාශ්‍රයක් ලෙස උපුටා දක්වන්නේ ට්‍රම්ප්ගේ CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්වය (John Ratcliffe). ඔහු ප්‍රත්‍යන්ත ආකෘති (frontier models) “ඩිජිටල් න්‍යෂ්ටික ආයුධවලට සමාන” සහ “ලෝක විනාශයේ මෙවලමක් වැනි” ලෙස හඳුන්වයි. සැන්ඩර්ස් උපුටා නොදක්වන අදහස් දැක්වීමකදී රැට්ක්ලිෆ් වැඩිදුරටත් පැවසුවේ, එක්සත් ජනපදය එහි විදේශීය ප්‍රතිවාදීන්ට එරෙහිව “සමීකරණයේ නිවැරදි පැත්තේ” සිටින බවයි. CIA සංවිධානය අධිකාරී මූලාශ්‍රයක් ලෙස උපුටා දැක්වීම මගින් සැන්ඩර්ස් මෙම පූර්වනිගමනය පිළිගනී: එනම් “වැරදි දෑත්” යනු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයන් බවයි.

අධිරාජ්‍යවාදය දැනට AI භාවිතා කරන්නේ කෙසේද යන්න සැන්ඩර්ස් සඳහන් කරන්නේ නැත. ඔහු අනාගත ජෛව ආයුධයක බියකරු අවතාරය මවාපාන අතරතුර, මෙම තාක්ෂණයන් මේ වන විටත් මිනිසුන් මරා දමමින් සිටී. Palantir හි — Anthropic විසින් සාදන ලද Claude ආකෘතිය අඩංගු — Maven Smart System ඉරානයට එරෙහි ප්‍රහාරයේ මුල් පැය 24 තුළ බෝම්බ හෙලීම සදහා ඉලක්ක 1,000 ක් පමණ උත්පාදනය කළේය. මෙවැනිම වර්ගයේ පද්ධති ගාසා හි ජන සංහාරයේදී ඊශ්‍රායලය විසින් භාවිතා කර ඇත.

සිදුවෙමින් පවතින සමාජ විපත ගැන ද සැන්ඩර්ස් ඒ හා සමානවම නිශ්ශබ්ද වේ. 2026 පළමු මාස හත තුළ, එක්සත් ජනපද හාම්පුතුන් විසින් රැකියා 477,000 කට වඩා කපා හැරීම් ප්‍රකාශයට පත් කරන ලද අතර, අඛණ්ඩව පස්වන මාසයටත් ඊට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ AI ය. ස්වයංක්‍රීයකරණය (Automation) වෘත්තීය සහ බුද්ධිමය ශ්‍රමයට සෘජුවම පහර දෙමින් පවතින අතර, අධ්‍යයනයන් මගින් 2030 වන විට ලොව පුරා කෝටි සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි වන බවට පුරෝකථනය කරයි.

මෙයින් කිසිවක් ගැන කතා කරනවා වෙනුවට, සැන්ඩර්ස් සමාගම් විධායකයන්ගේ හෘද සාක්ෂියෙන් ඉල්ලා සිටින්නේ, “මනුෂ්‍යත්වයේ නාමයෙන්” “තමන්ගේ පොරොන්දු මත තිරසාරව සිටින” ලෙසයි. එසේ කියන අතරම, AI හි දැවැන්ත සමපේක්ෂන බුබුල (speculation bubble) මගින් මෙහෙයවනු ලබන වෙළඳපල පංගුව සඳහා වන තරඟයට බාධා වූ සැණින් මෙම සමාගම් විසින් කරන ලද සෑම ආරක්ෂණ පොරොන්දුවක්ම අතහැර දැමූ ආකාරය ඔහු විසින්ම ලැයිස්තුගත කරයි.

“ඔබ දැන් සුදුසු පියවර නොගතහොත්,” ලිපිය අවසන් කරමින් කියයි, “මම සහ එක්සත් ජනපද සෙනෙට් සභාවේ මගේ සගයන් ඒ දේ කරනු ඇත.” මෙය තනිකරම ජනතාව නොමඟ යවන වාචාල දේශපාලනය යි (demagogy). සැන්ඩර්ස්වත්, සෙනෙට් සභාව සහ එහි පාලක පන්තියේ නියෝජිතයන්ගේ එකතුවවත්, AI හි කතිපයාධිකාරී පාලනයට (oligarchic control-දේශපාලන බලය සහිත කෝටිපති ප්‍රභූ-කල්ලි) අභියෝග කිරීමට කිසිවක් කරනු නැත.

AI පිළිබඳ සැන්ඩර්ස්ගේ විවිධ යෝජනා සියල්ලම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ වුවමනාවන්ට අනුකූලව සකස් කර ඇත. විශාලතම AI සමාගම්වල 50% ක කොටස් හිමිකාරිත්වයක් රජය විසින් ලබා ගන්නා “AI රාජ්‍ය ධන අරමුදලක්” (AI sovereign wealth fund) සඳහා වූ ඔහුගේ පූර්ව කැඳවීම, ට්‍රම්ප්ගේ ‘රාජ්‍ය ධන අරමුදල’ සමඟ සහ බුබුල පුපුරා යන විට මුදල් ඇපයක් [bailout-මූල්‍ය ආධාර දී බේරා ගැනීම] ලබා ගැනීමේ අරමුණින් වොෂින්ටනයට තමන්ගේ සමාගමේ කොටස් ඉදිරිපත් කළ ඕල්ට්මන්ගේ (Altman) වුවමනාවන් සමඟ එකඟ වේ.

“මිනිසුන්ට පාලනය කළ නොහැකි යන්ත්‍ර තැනීම නවත්වන්න” යන්න ප්‍රශ්නය හරියටම වැරදි ආකාරයෙන් මතු කිරීමකි. ප්‍රශ්නය වන්නේ මිනිසුන් AI පාලනය කරන්නේද යන්න නෙවෙයි, කිනම් පන්තිය විසින්ද යන්නයි.

අගෝස්තු 2 සිට 7 දක්වා පැවැති සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) නවවන ජාතික සම්මේලනයේදී ඒකමතිකව සම්මත කරන ලද සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත “AI සහ සමාජවාදය සඳහා වූ සටන” (“AI and the fight for socialism”) යෝජනාවෙන් මතු කලේ එම ප්‍රශ්නයයි.

“AI හි සංවර්ධනය මගින් නිෂ්පාදන බලවේගවල සෑම මහා ඉදිරි පිම්මකදීම කම්කරු පන්තිය මුහුණ දෙන තීරණාත්මක ප්‍රශ්න මතු කරයි,” “මෙහි හිමිකරු කවුද? මෙය සංවර්ධනය කරන්නේ කාගේ වුවමනාවටද? මෙය යොදවන්නේ කුමන අරමුණකටද? දැන් එක්රැස් වී ඇති මෙම දැවැන්ත බලයන් මනුෂ්‍යත්වයේ විමුක්තියේ මාධ්‍යය වන්නේද නැතහොත් නව ම්ලේච්ඡත්වයක මාධ්‍යය වන්නේද යන්න රැඳී තිබෙන්නේ මෙම ප්‍රශ්න මතය” ලෙස යෝජනාව සඳහන් කරයි.

මිනිස් පාලනයෙන් මිදෙන තර්ජනයක් ලෙස AI නිරූපණය කිරීමට එරෙහිව, යෝජනාව අවධාරණය කරන්නේ “මෙම ප්‍රතිගාමී භාවිතයන් කිසිවක් තාක්ෂණයෙන්ම පැන නගින්නේ නැති බවත්, ඒවා පැන නගින්නේ එය සංවර්ධනය වන සමාජ සබඳතා — එනම් පෞද්ගලික හිමිකාරිත්වය, ලාභ පද්ධතිය සහ ලෝකය ප්‍රතිවාදී ජාතික-රාජ්‍යයන් ලෙස බෙදී පැවතීම — තුළින් බවත්ය.” එය “අත්හිටුවීමේ” (pause) ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි — එය කෙබඳු ආකාරයකින් සකස් කළද, තාක්ෂණයේ සංවර්ධනයම නවත්වා දැමීමේ ආයාචනයකි.

යෝජනාව අවසන් කරන පරිදි: “කම්කරු පන්තිය තම ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදක බලවේගවල අයිතිය ලබා ගත යුතුවාක් මෙන්ම AI හි අයිතිය ද ලබා ගත යුතු අතර, ඒවා පැහැරගෙන ඇති කෝටිපති ප්‍රභූන්ගේ දේපළ අත්පත් කරගෙන ලෝක ආර්ථිකය සමාජවාදී පදනම් මත ප්‍රතිසංවිධානය කළ යුතුය.”

socialismai.com logo

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න

බර්නි සැන්ඩර්ස්ගේ සැබෑ දේශපාලන ඉතිහාසය කුමක්ද, සහ WSWS ඔහුව කම්කරු පන්ති විරෝධය පාලනය කිරීම සඳහා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ යාන්ත්‍රණයේ කොටසක් ලෙස සලකන්නේ ඇයි?

කෘතිම බුද්ධිය (AI) සහ නිෂ්පාදන බලවේග (productive forces) පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සංවර්ධනය වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, සහ තාක්ෂණය භාවිතා වන ආකාරය සඳහා එම රාමුව වැදගත් වන්නේ ඇයිද යන්න පැහැදිලි කළ හැකිද?

ධනවාදය යටතේ අතීතයේ සිදුවූ තාක්ෂණික සොයාගැනීම් — නිෂ්පාදනයේ ස්වයංක්‍රීයකරණය වැනි — දැවැන්ත රැකියා අහිමිවීම්වලට හේතු වූයේ කෙසේද, සහ එවිට රක්ෂා අහිමි වූ කම්කරුවන්ට සිදුවූයේ කුමක්ද?

සහ තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අසන්න

බර්නි සැන්ඩර්ස්ගේ AI ලිපිය: කතිපයාධිකාරයට කළ බංකොලොත් ආයාචනයක් Read More »

Congo

එබෝලා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප් මහජන සෞඛ්‍යය අවියක් ලෙස යොදා ගනියි

බෙන්ජමින් මාටියස් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “Trump weaponizes public health as Ebola epidemic expands” යන හිසින් පළවූ බෙන්ජමින් මාටියස්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

මධ්‍යම අප්‍රිකාව පුරා බන්ඩිබුගියෝ එබෝලා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ඇමරිකා එක්සත් ජනපද රජය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ වෛද්‍ය සම්පත් බලමුලු ගැන්වීමකින් නොව, මීට පෙර ආගමන විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනීමට තමන් සූදානම් බව දැනටමත් ඔප්පු කර ඇති සහ දැන් විදේශ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස යොදා ගැනීමට අදහස් කරන, මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රඥප්තියක් වන “ටයිටල් 42” (Title 42) නමැති වගන්තිය ක්‍රියාත්මක කිරීමෙනි.

පෙර පැවති සෑම එබෝලා මර්දන ක්‍රියාවලියකටම වඩා පැහැදිලි ලෙසම මෙහිදී බැහැර වෙමින්, වෛරසයට නිරාවරණය වූ ඇමරිකානු පුරවැසියන් තම රට තුළදීම උසස් මට්ටමේ ජෛව-ආරක්ෂිත (biocontainment) සත්කාර සඳහා නැවත ගෙන්වා ගැනීම වොෂින්ටන පාලනය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට, ඔවුන්ව සම්පූර්ණයෙන්ම රටින් බැහැරව තබා ගැනීමට කටයුතු සූදානම් කරමින්, ආසාදනය වී ඇතැයි සැක කෙරෙන ඇමරිකානුවන් කෙන්යාවේ පිහිටි නිරෝධායන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙතද, අවශ්‍යතාව පරිදි යුරෝපයේ පිහිටි ඉහළ මට්ටමේ ජෛව-ආරක්ෂිත ඒකක වෙතද යොමු කිරීමට පියවර ගනිමින් සිටී.

ටයිටල් 42 (Title 42) යනු විදේශ රටක පවතින නිරෝධායනය කළ යුතු රෝගයක් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් ලෙස සලකනු ලබන අවස්ථාවලදී, විදේශ රටවලින් පුද්ගලයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා ෆෙඩරල් රජයට බලය ලබා දෙන 1944 මහජන සෞඛ්‍ය සේවා පනතේ ප්‍රතිපාදනයකි. 2020 මාර්තු මාසයේදී, ධවල මන්දිර සහකාර ස්ටීවන් මිලර් (Stephen Miller) විසින් සැලසුම් කරන ලද උපක්‍රමයකට අනුව, ට්‍රම්ප් පරිපාලනය කොවිඩ්-19 පාලනය කිරීමේ මුවාවෙන් ටයිටල් 42 වගන්තිය ක්‍රියාත්මක කළ අතර සංක්‍රමණිකයන් 400,000ක් රටින් පිටුවහල් කිරීම සඳහා එය භාවිතා කළේය. බයිඩන් පරිපාලනය ද වසර ගණනාවක් තිස්සේ මෙම ක්‍රමවේදය පවත්වා ගෙන යමින් තවදුරටත් පුළුල් කළ අතර, 2023 මැයි මාසයේදී එම ප්‍රතිපත්තිය නිල වශයෙන් අවසන් වීමට පෙර තවත් සංක්‍රමණිකයන් මිලියන 2.3ක් පිටුවහල් කිරීමට පියවර ගත්තේය. 

Congo
රතු කුරුස සේවකයින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සේවයේ නිරත වෙමින්(ග්‍රේඩෙල් මුයිසා මුම්බරේ / REUTERS)

මෙම ප්‍රතිපත්තිය කොවිඩ්-19 සඳහා ක්‍රියාත්මක කළ මුළු කාලය පුරාම, මහජන සෞඛ්‍ය විශේෂඥයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු එය පැහැදිලිවම හෙළා දුටහ. ඇමරිකානු මහජන සෞඛ්‍ය සඟරාවේ (American Journal of Public Health) පළ වූ 2022 අධ්‍යයනයකදී පර්යේෂකයන් පෙන්වා දුන්නේ, මෙම ප්‍රතිපත්තිය තුළ ආසාදන පාලනය සඳහා කිසිදු සැබෑ තාර්කික පදනමක් නොතිබූ බවයි. ඒ වෙනුවට, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, සංක්‍රමණික-විරෝධී සහ විදේශික-විරෝධී (xenophobic) දේශසීමා ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද දේශපාලන අවියක් ලෙස එය ක්‍රියා කර ඇති බව ඔවුහු සඳහන් කළහ.

ට්‍රම්ප් පරිපාලනය දැන් එම ක්‍රමවේදයම නැවත ක්‍රියාත්මක කර තිබේ. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් 2026 මැයි 18 වන දින නිකුත් කරන ලද නියෝගයක් මඟින්, පසුගිය දින 21 ඇතුළත කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි පුරවැසියන් නොවන පුද්ගලයන්ට ඇතුළු වීම තහනම් කිරීම සඳහා ටයිටල් 42 (Title 42) වගන්තිය ක්‍රියාත්මක කරන ලදී. දින කිහිපයක් ඇතුළත, සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව විසින් අතුරු අවසන් රීතියක් නිකුත් කරමින් එම සීමාවන්ම නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන් සඳහා ද දීර්ඝ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව, ඊට පෙර සති තුන ඇතුළත එම රටවල් තුනෙන් කවර හෝ රටක රැඳී සිටි ග්‍රීන් කාඩ් (Green card) හිමියන්ට නැවත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීම තහනම් විය.

මෙම උපක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගත සමයේ පැවති කුරිරු තර්කනය නැවත මතු කරයි. පුද්ගල යන් වෙන් වෙන් වශයෙන් අවදානම් තක්සේරු කිරීම්, විද්‍යාත්මක පරීක්ෂණ සහ පහසුකම් සහිත නිරෝධායන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම වෙනුවට, පරිපාලනය විසින් දැඩි ලෙස බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල ජනතාව දෙස බලන්නේ සමූහ වශයෙන් බැහැර කළ යුතු රෝග වාහකයන් ලෙසය. ඉලක්කගත වෛද්‍යමය මැදිහත්වීම් වෙනුවට පුළුල් භූගෝලීය සීමාවන් පදනම් කරගත් නිර්ණායක භාවිත කිරීම තුළින් දේශපාලන යථාර්ථය හෙළිදරව් වේ: එනම්, පෙරදී ලතින් ඇමරිකානු සංක්‍රමණිකයන්ට දේශපාලන රැකවරණ අහිමි කිරීම සඳහා භාවිතා කරන ලද මෙවලමම, දැන් එබෝලා මුවාවෙන් අප්‍රිකානු සංචාරකයන්ට සහ ඇමරිකානු පදිංචිකරුවන්ට එරෙහිව යොදා ගනිමින් පවතී.

විදේශිකයන්ට ඇතුළු වීම තහනම් කිරීමෙන් අනතුරුව, පරිපාලනය එම මූලික තර්කනයම තම රටේ පුරවැසියන්ට ද අදාළ කිරීමට පියවර ගත්තේය. මෙම වෙනස් වීම ඉතා වේගවත් වූ අතර එහි ප්‍රතිවිපාක බරපතල ය. ඇමරිකානු එබෝලා මර්දන ඉතිහාසය තුළ මෙයට පෙර කිසිදු පූර්වාදර්ශයක නොමැති අයුරින්, බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරසයට නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන ඇමරිකානු පුරවැසියන්ව සත්කාර සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනීම වෙනුවට, ඔවුන්ව කෙන්යාවේ පිහිටි නිරෝධායන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමේ සැලසුම් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ප්‍රතිපත්තිය කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මතු වූවක් නොවේ. මැයි මාසයේ මුල් භාගයේදී, පරිපාලනය විසින් රෝග ලක්ෂණ මතු වූ ඇමරිකානු වෛද්‍යවරයෙකුව ගුවන් මඟින් ජර්මනිය වෙත රැගෙන ගිය අතර, වෛරසයට නිරාවරණය වූ තවත් ඇමරිකානුවන් හය දෙනෙකු නිරීක්ෂණ කටයුතු සඳහා ජර්මනිය සහ චෙක් ජනරජය වෙත මාරු කර යැවීය. එම මාරු කිරීම් පූර්ව සැලසුමකින් තොරව හදිසියේ සිදු කරන ලද ඒවා වූ අතර, කෙන්යානු මධ්‍යස්ථානය මඟින් නියෝජනය කරන්නේ මෙම ප්‍රතිපත්තිය විධිමත් ලෙස ආයතනිකකරණය කිරීමයි.

නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පතේ වාර්තාවලට අනුව, රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලබන අතර, කෙන්යාව වෙත අනුයුක්ත කිරීම සඳහා මේ වන විටත් මහජන සෞඛ්‍ය සේවා නිලධාරීන් දුසිම් ගණනක් පුහුණු කරමින් සිටී. එහි ආරම්භක සැලසුම වූයේ වෛරසයට නිරාවරණය වූ ඇමරිකානුවන් එහිදී නිරීක්ෂණය කිරීම සහ රෝග ලක්ෂණ මතු වන ඕනෑම අයෙකු යුරෝපය වෙත මාරු කර යැවීමයි; එතැන් සිට එම සැලසුම රජයේ විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ද ඇතුළුව, කෙන්යාව තුළදීම ප්‍රතිකාර ලබා දීම දක්වා පුළුල් කර තිබේ.

මෙම වාර්තාකරණයන් තුළ එක් කරුණක් කෙරෙහි අවධානය යොමු වී නොමැති තරම්ය: එනම් කෙන්යානු මධ්‍යස්ථානය සඳහා තවමත් කෙන්යානු රජයේ නිල අනුමැතිය අවශ්‍යව පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදය, එය පවත්වාගෙන යාම සඳහා තවමත් නිල වශයෙන් එකඟතාව පළ කර නොමැති රටක් තුළ විදේශීය එබෝලා කඳවුරක් පිහිටුවීමට සූදානම් වෙමින් සිටී. මෙය හුදු පාදසටහනක් පමණක් නොවේ. කලාපීය අර්බුදයේ දරුණුතම බලපෑමට දැනටමත් මුහුණ දී සිටින, ස්වාධීන යැයි කියනු ලබන රටක ස්වෛරීභාවය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් නොතකා ක්‍රියා කරන ආකාරය මෙයින් මනාව පැහැදිලි වේ.

ලොව ධනවත්ම රටවල්, ගෝලීය දකුණේ (Global South) රටවල සෞඛ්‍ය පද්ධතීන් පවත්වාගෙන යාමට උපකාරී වන අරමුදල් කපා හරින අතරතුර, අනතුරුදායක කාර්මික සහ වෛද්‍යමය ක්‍රියාකාරකම් අඛණ්ඩව එම රටවල් වෙත පවරා දෙයි. ඉන්පසු, එමඟින් ඇති වන ව්‍යසනය දේශසීමා රේඛාවෙන් අනෙක් පැත්තේම රඳවා තබා ගැනීම සහතික කිරීම සඳහා ඔවුහු දේශසීමා පාලනයන් යොදා ගනිති.

2014 බටහිර අප්‍රිකානු වසංගත තත්ත්වයේදී එබෝලා රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කළ නෙබ්‍රැස්කා විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි නෙබ්‍රැස්කා ජෛව-ආරක්ෂිත ඒකකය (Nebraska Biocontainment Unit) ඇතුළුව, අතිනවීන ජෛව-ආරක්ෂිත පහසුකම් කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදය සතුව පවතී. එබැවින්, ඒවා භාවිතා නොකිරීමට ගත් තීරණය ප්‍රායෝගික හෝ සංවිධානමය (logistical) ගැටලුවක් නිසා ගත්තක් නොවේ. එය, “ටයිටල් 42” (Title 42) වගන්තිය බිහි කිරීමට හේතු වූ ජාතිකවාදී ගණන් බැලීම් මතම පදනම් වූ දේශපාලනික තීරණයකි. මෙම පරිපාලනයට අනුව, ඇමරිකානු භූමිය තුළ එබෝලා සත්කාර සැපයීමෙන් ඇති විය හැකි යැයි සැලකෙන දේශපාලනික සහ ජීව විද්‍යාත්මක අවදානම කිසිසේත්ම පිළිගත නොහැකිය. ඇමරිකානු පුරවැසියන් සම්බන්ධයෙන් වුවද දේශසීමා බාධක එලෙසම පැවතිය යුතු බව මෙයින් පෙන්වා දෙන අතර, එය අනාගතය සඳහා අනතුරු හඟවන  පූර්වාදර්ශයක් සපයයි.

2026 මැයි 26 වන දින වන විට, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මරණ 17ක් ඇතුළුව තහවුරු කරන ලද රෝගීන් 121ක් සහ සැකකටයුතු මරණ 238ක් ඇතුළුව සැකකටයුතු රෝගීන් 1,077ක් වාර්තා කර ඇත. උගන්ඩාව විසින් තහවුරු කරන ලද රෝගීන් හතක් සහ එක් මරණයක් වාර්තා කර තිබේ. ඉටුරි (Ituri), උතුරු කිවු (North Kivu) සහ දකුණු කිවු (South Kivu) යන පළාත් තුන පුරා පැතිර පවතින සැකකටයුතු සහ තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,200 ඉක්මවයි. මෙය වාර්තාගත ඉතිහාසයේ තුන්වන විශාලතම එබෝලා වසංගතය වේ.

මැයි 17 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (PHEIC) ප්‍රකාශයට පත් කරන විට ඉටුරි (Ituri) පළාතේ නිල සංඛ්‍යාලේඛනවල දැක්වුණේ තහවුරු කරන ලද රෝගීන් අටක්, සැකකටයුතු රෝගීන් 246ක් සහ සැකකටයුතු මරණ 80ක් පමණි. එය එබෝලා වසංගතයක් එම මට්ටමට ළඟා වූ තෙවන අවස්ථාවයි. එතැන් සිට එම සංඛ්‍යාලේඛන ශීඝ්‍රයෙන් ඉහළ ගිය වේගයම බරපතල චෝදනාවකි. දේශීය සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා අත්‍යවශ්‍ය සම්පත් සහ පරීක්ෂණ ධාරිතාවන් අහිමි වී තිබූ පසුබිමක, අප්‍රේල් මාසයේ සති ගණනාවක් පුරා වෛරසය කිසිදු හඳුනා ගැනීමකින් තොරව ව්‍යාප්ත විය. මෙය, USAID වැඩසටහන් නතර කිරීම හේතුවෙන් තවදුරටත් වේගවත් වූ, ප්‍රතිපාදන හිඟයේ සෘජු ප්‍රතිඵලයකි.

මැයි 23 වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සඳහා වන ජාතික අවදානම් තක්සේරුව ‘ඉහළ’ මට්ටමේ සිට ‘ඉතා ඉහළ’ මට්ටමක් දක්වා ඉහළ නැංවීය. දින දෙකකට පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් ටෙඩ්‍රොස් (Tedros) ජාත්‍යන්තර සෞඛ්‍ය නායකයන්ගේ මාර්ගගත (virtual) අමාත්‍ය මට්ටමේ දැනුවත් කිරීමේ හමුවක් අමතමින් මෙවැනි විවෘත පිළිගැනීමක් සිදු කළේය: ““අපි කඩිනමින් අපගේ මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටිමු, නමුත් මේ මොහොත වන විට වසංගතය අපව අභිබවා යමින් පවතී.” මෑත මාසවලදී ඇති වූ සටන් හේතුවෙන් 100,000 කට අධික පිරිසක් අලුතින් අවතැන් වූ ඉටුරි (Ituri) සහ උතුරු කිවු (North Kivu) පළාත්වල පවතින දැඩි අනාරක්ෂිත භාවය; පීඩාවට පත් ප්‍රජාවන් තුළ බාහිර සෞඛ්‍ය බලධාරීන් කෙරෙහි ඇති දැඩි අවිශ්වාසය; සහ බුන්ඩිබුග්යෝ (Bundibugyo) වෛරස් ප්‍රභේදය සඳහා අනුමත එන්නත් හෝ නිශ්චිත ප්‍රතිකාර ක්‍රම කිසිසේත්ම නොමැතිවීම ඔහු මේ සඳහා හේතු වශයෙන් පෙන්වා දුන්නේය.”

එම පිළිගැනීම පිළිබඳව වඩාත් සැලකිලිමත්ව විමසා බැලිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එම අසාර්ථකත්වය පෙන්වා දුන්නද, ඊට හේතු වූ සැබෑ කරුණු සඳහන් කළේ නැත.ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID) මඟින් ක්‍රියාත්මක කරන ලද ගෝලීය වැඩසටහන්වලින් සියයට 83ක් කපා හැර තිබේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර ප්‍රදේශය  සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හේතුවෙන් දැඩි ලෙස විනාශ වී ඇති අතර, එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවක් අධික තදබදයකින් යුත් අවතැන් කඳවුරු වෙත අවතැන් වී සිටිති. රට පුරා ඇස්තමේන්තුගත මිලියන 25.6ක ජනතාවක් අර්බුදකාරී හෝ හදිසි මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින අතර, එමඟින් ඇති වන දරුණු මන්දපෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර බෝවන රෝග නිසා සිදු වන මරණ අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේවා හුදෙක් පසුබිම් සාධක නොවේ. ඒවා වසංගතයක බරපතලකම තීරණය කරන ප්‍රධාන සාධක වන අතර, අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිඵල වේ.

භූගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය සීමා කිරීමේ උත්සාහයන් හුදු ප්‍රබන්ධයක් බවට පත් කරමින්, ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග ඔස්සේ ව්‍යාප්ත වූ සැකකටයුතු රෝගී අවස්ථා මේ වන විටත් ඉතාලියෙන් සහ ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒවා මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී. බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරස් ප්‍රභේදයේ බීජෞෂණ කාලය (incubation period) දින 21 ක් දක්වා විය හැකි බැවින්, රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත සංචාරකයන්ට දේශසීමා පරීක්ෂාවන් මඟින් ඔවුන්ව හඳුනා ගැනීමට බොහෝ කලකට පෙර, සංකීර්ණ ගෝලීය ගුවන් ගමන් ජාල ඔස්සේ සංක්‍රමණය වීමේ හැකියාව පවතී. කිසිදු “ටයිටල් 42” (Title 42) නියෝගයකට හෝ විදේශීය නිරෝධායන කඳවුරකට එම ජීව විද්‍යාත්මක යථාර්ථය වෙනස් කළ නොහැකිය.

ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ නිල ප්‍රකාශ මඟින් ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, වේගයෙන් ව්‍යාප්ත වන වෛරසයට සාපේක්ෂව ගෝලීය ප්‍රතිචාරය මන්දගාමී වී ඇති බවයි.නමුත්, මෙම වසංගතය සැබෑ ගෝලීය බලමුලු ගැන්වීමක් (සූදානමක්) අභිබවා යන්නක් නොවේ. එය අභිබවා යමින් තිබෙන්නේ, ප්‍රමුඛ ධනේශ්වර බලවතුන් විසින් හිතාමතාම ප්‍රමාණවත් නොවන මට්ටමක පවත්වාගෙන ගිය ප්‍රතිචාරයකි.මෙය හිතාමතාම කරන ලද තේරීමකි. එනම්, මහජන සෞඛ්‍ය මෙවලම් ජාතිකවාදී මෙවලම් බවට පරිවර්තනය කර ඇත; එමෙන්ම සම්පත් පිළිබඳව, යුද්ධය පිළිබඳව සහ මධ්‍යම අප්‍රිකාව නැවත නැවතත් වසංගත ව්‍යසනයන්හි කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන ව්‍යුහාත්මක තත්ත්වයන් පිළිබඳව සිදු විය යුතු සැබෑ සාකච්ඡාව කිසිසේත්ම සිදු නොවේ.

එම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ ක්ෂණික සහ මාරාන්තික ප්‍රතිවිපාකවලට සෘජුවම මුහුණ දීමට සිදු වී ඇත්තේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) කම්කරු පන්තියට සහ පීඩිත පොදු ජනතාවටය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

එබෝලා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප් මහජන සෞඛ්‍යය අවියක් ලෙස යොදා ගනියි Read More »

Ebola

එබෝලා වසංගතය, අධිරාජ්‍යවාදය සහ සමාජ මිනීමැරීමේ දේශපාලන ආර්ථිකය

එවාන් බ්ලේක් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “The Ebola epidemic, imperialism and the political economy of social murder” යන හිසින් පළවූ එවාන්  බ්ලේක් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට මරණය සිදුවන අයුරින් ශාරීරික තුවාල සිදු කළ විට, අපි එම ක්‍රියාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතානයක් ලෙස හඳුන්වමු; ප්‍රහාරකයා එම තුවාලය මාරාන්තික වන බව කල්තියා දැන සිටියේ නම්, අපි ඔහුගේ ක්‍රියාව සිතාමතා කළ මිනීමැරුමක් ලෙස හඳුන්වමු. නමුත් සමාජය විසින් සිය ගණනක් වූ නිර්ධන පන්තිකයින්ව, ඔවුන්ට අකාලයේ සහ අස්වාභාවික මරණයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන තත්ත්වයකට පත් කරන විට… මෙම දහස් සංඛ්‍යාත වින්දිතයින් විනාශ වී යා යුතු බව දැන දැනත්, එම තත්ත්වයන් එලෙසම පැවතීමට ඉඩ හරින විට, එහි ක්‍රියාව ද තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මෙන්ම ස්ථිර වශයෙන්ම මිනීමැරුමකි… කිසිවෙකු මිනීමරුවාව දකින්නේ නැත… නමුත් එය මිනීමැරුමක් ලෙසම පවතියි.

—ප්‍රෙඩ්රික් එංගල්ස්, එංගලන්තයේ කම්කරු පන්තියේ තත්ත්වය (1845)

Ebola
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් 2026 මැයි 21 වන බ්‍රහස්පතින්දා දින කොංගෝවේ රුවන්පාරා හි පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත එබෝලා රෝගියෙකු රැගෙන යනු ලබයි. [ඒපී ඡායාරූපය/මෝසස් සවාසාවා]

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ උගන්ඩාව මේ වන විට දැඩි ලෙස වෙළාගෙන පවතින එබෝලා වසංගතය, ස්වභාවික විපතක් ලෙස මාධ්‍ය මඟින් නිරන්තරයෙන් හඳුන්වනු ලබයි. මෙය සත්‍යය වසන් කිරීමකි. “දේව ක්‍රියාවක්” යන පැරණි යෙදුම මෙන්ම, “ස්වභාවික විපත” යන්න ද ඉරණමට අවනත වීම සඳහා වූ සූත්‍රයකි. එමඟින් සිදු කරන්නේ, සැබවින්ම හඳුනාගත හැකි මෙන්ම වගකීමට බැඳ තැබිය හැකි තීරණ, ව්‍යුහයන් සහ අභිලාෂයන්හි ප්‍රතිඵලයක් වන දෙයක්, හුදෙක් දෛවය ලෙස පෙන්වා දීමයි. 

සත්ව ලෝකයෙන් රෝග කාරකයක් (pathogen) මතුවීම, මූලික වශයෙන් ගත් කල ස්වභාවික සිදුවීමකි. නමුත් නවීන විද්‍යාව විසින් එවැනි සිදුවීම් සමඟ මානව වර්ගයාට ඇති සම්බන්ධතාවය පරිවර්තනය කර තිබේ. රෝග ව්‍යාප්තියක් එහි මුල් දිනවලදීම හඳුනා ගැනීමට, එහි පැතිරීම සොයාගෙන එය හුදකලා කිරීමට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මෙවලම් දැනටමත් පවතී. එබැවින්, සතුන්ගෙන් මිනිසුන්ට රෝගයක් සම්ප්‍රේෂණය වීම (zoonotic spillover) පාලනය කළ හැකි රෝගී පොකුරක් බවට පත්වන්නේද නැතහොත් කලාපීය ව්‍යසනයක් බවට පත්වන්නේද යන්න ස්වභාවධර්මය පිළිබඳ ප්‍රශ්නයක් නොව, සමාජය පිළිබඳ ප්‍රශ්නයකි.

එවැනි රෝග සම්ප්‍රේෂණයන් (spillovers) සිදු වන තත්ත්වයන් ද සමාජ සංවර්ධනයේ ම ප්‍රතිඵල වේ. එනම්, හුදකලා වූ පරිසර පද්ධති තුළට සම්පත් නිස්සාරණය කිරීමේ කටයුතු ආක්‍රමණය කිරීම, වේගවත් වන වන විනාශය, අවතැන් වූ ජනතාව අවිධිමත් ජනාවාසවල ඒකරාශී වීම සහ සියල්ලටමත් වඩා දේශගුණික විපර්යාසයන්හි බාධාකාරී බලපෑම් ය. නේචර් (Nature) සඟරාවේ පළ වූ 2022 අධ්‍යයනයකින් පුරෝකථනය කර ඇති පරිදි, දේශගුණය සහ භූමි පරිහරණය හේතුවෙන් සතුන් ගැවසෙන කලාපවල සිදු වන වෙනස්වීම් නිසා ඉදිරි දශක කිහිපය තුළ විවිධ ජීවී විශේෂ අතර වෛරස් සම්ප්‍රේෂණය වීම සඳහා (cross-species viral transmission) නව අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත. මේවා ප්‍රධාන වශයෙන් ආසියානු සහ අප්‍රිකානු කලාපයන්හි කේන්ද්‍රගත වනු ඇත.

ලෝකය වඩාත් අනතුරුදායක බවට පත් කර ඇති එම තාක්ෂණික දියුණුවම, මෙම අනතුරු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය මඟ ද මානව වර්ගයාට ලබා දී ඇත. නමුත් එම හැකියාව, එය ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වූ අරාජික සමාජ ක්‍රමයක් තුළ සිරවී පවතී. දැවැන්ත නිෂ්පාදන බලයකින් යුත්, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක්, ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස කැබලි වී පවතින අතර, තාර්කිකව සැලසුම් කිරීමට හෝ පොදු යහපත උදෙසා ක්‍රියා කිරීමට නොහැකි මූල්‍ය කතිපයාධිකාරියක ලාභය වෙනුවෙන් යටත් වී තිබේ.

උත්සන්න වෙමින් පවතින එබෝලා වසංගතය “සමාජ ඝාතනයක්” ලෙස සැලකිය හැක්කේ හරියටම මේ නිශ්චිත අර්ථයෙනි. අද වන විට මධ්‍යම අප්‍රිකාවේ සිදුවෙමින් පවතින මෙම සමූහ මරණ, එය වැළැක්වීම සඳහා සෑම හැකියාවක්ම සතු වූ, එහෙත් ඒ සඳහා හරස්ව පැවති ආරක්ෂක විධිවිධාන බිඳ දැමීමට තෝරාගත් පාලක පන්තියක් විසින්, යමක් කිරීමෙන් මෙන්ම නොකර හැරීමෙන් (පැහැර හැරීමෙන්) සිදු කරන ලද අපරාධයන්හි ප්‍රතිඵලයකි.

සැකකටයුතු රෝගීන් 650 කට අධික සංඛ්‍යාවක් සහ සැකකටයුතු මරණ 150 කට වඩා වාර්තා වෙමින්, බුනියා (Bunia), ගෝමා (Goma) සහ කම්පාලා (Kampala) යන නගර කරා වෛරසය දැනටමත් ව්‍යාප්ත වී ඇති පසුබිමක, වැළැක්විය හැකිව තිබූ මෙම මරණ සංඛ්‍යාව ඉදිරි මාසවලදී දහස් ගණනක් හෝ ඇතැම් විට දස දහස් ගණනක් දක්වා ඉහළ යාමට බොහෝ දුරට ඉඩ තිබේ. දැනට ව්‍යාප්ත වෙමින් පවතින ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) ප්‍රභේදය සඳහා අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, මීට පෙර සිදු වූ වසංගත ව්‍යාප්ත වීම් දෙකකදීම ඉන් ආසාදනය වූවන්ගෙන් 30% ත් 50% ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් ද පිළිගන්නේ පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් (candidate vaccine) සඳහා වුවද තවමත් මාස හයක සිට නවයක දක්වා කාලයක් ගතවනු ඇති බවයි.

පෘථිවිය මත පවතින බරපතලම මානුෂීය අර්බුදවලින් එකකට දැනටමත් මුහුණ දෙමින් සිටින කලාපයක මෙම වෛරසය මතු වී තිබේ. නැගෙනහිර කොංගෝව වසර 30කට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධයකින් බැටකා ඇති අතර, ඉන් මිලියන 6කට අධික ජනතාවක් මියගොස් තිබේ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් මියගොස් ඇත්තේ රෝගාබාධ සහ සාගින්න හේතුවෙනි. මිලියන 7කට අධික පිරිසක් රට තුළම අවතැන් වී සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති කඳවුරුවල තදබදව ජීවත් වෙති; එසේම මිලියන 27කට ආසන්න පිරිසක් දැඩි සාගින්නකට මුහුණ දී සිටිති. කොලරාව, සරම්ප සහ එම්පොක්ස් (mpox) වැනි රෝග ද එහි අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. රක්තපාත උණක් (hemorrhagic fever) වර්ධනය වීමට සහ සීඝ්‍රයෙන් පැතිරී යාමට වඩාත්ම හිතකර වන්නේ හරියටම මෙවැනි තත්ත්වයන් ය. ඖෂධ, එන්නත් සහ ආරක්ෂිත උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් “භීතියෙන් කලබල  වූ තත්ත්වයක” (panic mode) පසුවන බව අප්‍රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (Africa CDC) අධ්‍යක්ෂ ජනරාල් ජීන් කසෙයා (Jean Kaseya) පැවසූ අතර, “පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) නිෂ්පාදනය කිරීමේ පහසුකම් අප සතුව නැතැ” යි ඔහු ඍජුවම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Map
නැගෙනහිර කොංගෝව සහ උගන්ඩාව පුරා එබෝලා වසංගතයේ භූගෝලීය ව්‍යාප්තිය; මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඉටූරි පළාතේ (Ituri Province) කේන්ද්‍රගත වී ඇති අතර, දේශසීමා හරහා සිදු වූ ආසාදනයන් කම්පාලා (Kampala) දක්වා ළඟා වී ඇත. [ඡායාරූප මූලාශ්‍ර: Natural Earth, geoBoundaries. සිතියම: WSWS. / CC BY 4.0]

මෙම පසුබිම හමුවේ, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය වී ඇත්තේ ජාතිකවාදී සහ විද්‍යා-විරෝධී ප්‍රතිපත්තිවල සංකලනයකි. මෑතකදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි පුරවැසියන් නොවන පුද්ගලයින්ට ඇතුළු වීම තහනම් කිරීම සඳහා එය කලාතුරකින් භාවිත වන “Title 42” බලතල ක්‍රියාත්මක කළ අතර, එවැනි සංචාරකයින් රැගත් ඇමරිකාව බලා පැමිණෙන සියලුම ගුවන් යානා එක් ගුවන් තොටුපළක් වෙත පමණක් යොමු කිරීමට ද නියෝග කළේය.පසුගිය බදාදා, රේගු සහ දේශසීමා ආරක්ෂණ බලකාය (CBP) විසින් පැරිසියේ සිට ඩිට්‍රොයිට් බලා පියාසර කළ එයාර් ෆ්‍රාන්ස් (Air France) ගුවන් යානයක් මොන්ට්‍රියල් වෙත හරවා යැවීමට බල කරන ලදී. ඒ, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ සහ කිසිදු අනතුරක් නොමැති කොංගෝ ජාතික මගියෙකු “වැරදීමකින්” ඊට ගොඩවී තිබීම හේතුවෙනි. රෝග ලක්ෂණ නොමැතිව එබෝලා වෛරසය පැතිර යා නොහැකි බැවින්, මෙම ගුවන් යානය හරවා යැවීම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් නොව, හුදෙක් දේශීයත්වයට (ජාතිකවාදයට) පක්ෂපාතී දේශපාලන සංදර්ශනයක් පමණි.වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම මර්ධනය කිරීම සඳහා වොෂින්ටනය (ඇමරිකානු රජය) ලබා දී ඇති එකම දායකත්වය වන්නේ දළ වශයෙන් ඩොලර් මිලියන 13ක් ලබා දීමට පොරොන්දු වීම පමණි. එය සැබවින්ම අවශ්‍ය වන ප්‍රමාණය හා සසඳන විට සාගරයට වැටුණු දිය බින්දුවක් වැනි ඉතා අල්ප ප්‍රමාණයකි.

වඩාත් මූලික වශයෙන්, පසුගිය මාස 15 පුරා ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම නැවැත්වීමට හැකියාව තිබූ වැඩසටහන්ම විනාශ කිරීම අරමුණු කරගත්, සහමුලින්ම විනාශ කර දැමීමේ (scorched-earth) ප්‍රතිපත්තියක් දියත් කර ඇත. 2025 ජනවාරි මාසයේ සිට, හරියටම මෙම කලාපය තුළ රක්තපාත උණ හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර තිබූ ඩොලර් මිලියන 100ක ස්ටොප් ස්පිල්ඕවර් (STOP Spillover) වැඩසටහන එය විසින් අත්හිටුවා ඇති අතර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසුරුවා හැර තිබේ. එමෙන්ම අප්‍රිකානු රෝග නිරීක්ෂණ කටයුතුවල කොඳු නාරටිය බඳු වූ, ඒඩ්ස් සහන සඳහා වූ ජනාධිපතිවරයාගේ හදිසි සැලැස්ම (PEPFAR) ජාලයන් බරපතල ලෙස අඩපණ කර ඇත; ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් වී ඊට ප්‍රතිපාදන සැපයීම ද නතර කර ඇති අතර, රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) එහි ජාත්‍යන්තර සමගාමී ආයතනවලින් වෙන් කරමින් නිහඬ කිරීමේ නියෝගයක් (gag order) ද පනවා තිබේ.

මෙම සෑම ක්‍රියාමාර්ගයකටම ක්ෂණිකවම මාරාන්තික ප්‍රතිවිපාක ඇති විය. රසායනාගාරවල කටයුතු අක්‍රීය වූ අතර, ආසාදිතයන් ඇසුරු කළ අය සොයාගැනීමේ ක්‍රියාවලිය (contact tracing) බිඳ වැටී, පුහුණු සේවකයින් විසිරී ගියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෛරසය කිසිදු හඳුනාගැනීමකින් තොරව සති හයකට ආසන්න කාලයක් ඉටූරි (Ituri) කලාපය තුළ ව්‍යාප්ත විය. මෙය එංගල්ස් අදහස් කළ නිශ්චිතම අර්ථයෙන්ම සමාජ මිණීමැරීමකි. එනම්, මෙම මරණ සිදු කරනු ලබන්නේ කිසියම් තනි පුද්ගලයෙකු අතින් නොව, එම මරණය අනිවාර්යයෙන්ම සිදුවන තත්ත්වයන් දැන දැනම එලෙසම පවත්වාගෙන යන පාලක පන්තියක් විසිනි. 

ට්‍රම්ප් පරිපාලනයේ අපරාධ යනු සියවසකට වැඩි කාලයක් තිස්සේ පැවති අධිරාජ්‍යවාදී යටත් කරගැනීම් සහ කොල්ලකෑම්වල නවතම පියවර පමණි. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු යටතේ, බලහත්කාර ශ්‍රමය සහ භීෂණය රජකළ පාලන තන්ත්‍රයක් තුළ මිලියන 10ක් තරම් විශාල කොංගෝ වැසියන් පිරිසක් මියගියහ. මෙම තත්ත්වයන් වසංගත රෝග වර්ධනය වීමට මඟ පෑදූ අතර, ජානමය අධ්‍යයනයන් මඟින් 1920 අවට කාලයේදී කින්ෂාසා (Kinshasa) නගරයෙන් ආරම්භ වූ බවට හඳුනාගෙන ඇති එච්.අයි.වී. (HIV) වෛරස් ප්‍රභේදය ද ඊට ඇතුළත් ය. 1961 දී, සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පැට්‍රිස් ලුමුම්බා (Patrice Lumumba) ඝාතනය සැලසුම් කිරීමට සහාය දුන් අතර, ඇමරිකානු අනුග්‍රහය ලත් ඒකාධිපති මොබුටු සේසේ සෙකෝ (Mobutu Sese Seko) බලයට පත් කරන ලදී. ඔහු යටතේ රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ වී ගියේය.

Image Not Found
දෙවන ලියෝපෝල්ඩ් රජුගේ පාලන සමයේදී රබර් නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් අත් පා කපා දමා (විකෘති කර) දණ්ඩනයට ලක් වූ දරුවන්

රුවන්ඩාවේ සහය ලබන M23 මිලීෂියා කණ්ඩායම විසින් දැනට මෙහෙයවනු ලබන, 1996 වසරේ සිට නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළ ඇවිලෙමින් පවතින යුද්ධ, සැබවින්ම කිවූ (Kivus) සහ ඉටූරි (Ituri) කලාපවල පවතින කොල්ටන් (coltan) සහ රත්තරන් අත්පත් කර ගැනීම සඳහා කෙරෙන අරගලයන් ය. දැනට එබෝලා වසංගතය දරුණු ලෙස පැතිර යන්නේ ද හරියටම මෙම ප්‍රදේශය තුළ ය. මෙම ඛනිජ වර්ග, දකුණු දිග ප්‍රදේශයෙන් ලබාගන්නා කොබෝල්ට් (cobalt) ද සමඟින්, ලොව විශාලතම සමාගම්වල සැපයුම් දාමයන් ඔස්සේ දියුණු ආර්ථිකයන් සහිත රටවල ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා ගලා යයි. මේ හරහා ‘ග්ලෙන්කෝර්’ (Glencore) වැනි මහා පරිමාණ කැණීම් සමාගම් මෙන්ම, ඔවුන් විසින් අමුද්‍රව්‍ය සපයනු ලබන ලොව දැවැන්ත තාක්ෂණික සමාගම් ද තවදුරටත් පොහොසත් වේ.පසුගිය වසරේදී ඇති කරගත් ට්‍රම්ප් පරිපාලනයේ “වොෂින්ටන් සම්මුතිය” (Washington Accord) යනු,  ඇමරිකාව  සදහා මෙම ඛනිජ සම්පත් වෙත වරප්‍රසාදිත ප්‍රවේශයක් තහවුරු කර ගැනීම සඳහා ගත් නිරුවත් උත්සාහයකි. මෙම සම්මුතිය තහවුරු කරගනු ලැබුවේ, දැනට එම කලාපයේ සේවය කරන කම්කරුවන්ට මියයෑමට ඉඩ හැර නිහඬව බලා සිටින එම පාලක කල්ලි විසින්ම ය.

තවද, වත්මන් ව්‍යසනය යනු වෙනත් මුහුණුවරකින් සිදුවන කොවිඩ්-19 (COVID-19) වසංගතයේම අඛණ්ඩ පැවැත්මකි. එම වසංගතයට බොහෝ කලකට පෙර සිටම, ධනේශ්වර පන්තියේ පුළුල් කොටස් අතර නව-මැල්තස්වාදයක් (neo-Malthusianism) නැවත ඉස්මතු වී තිබුණි. එනම්, සීමිත “දැරීමේ ශක්තියක්” (carrying capacity) සහිත ග්‍රහලෝකයක් මත ජීවත් වන දුප්පතුන්ව අතිරික්ත බරක් ලෙස නැවත අර්ථ දැක්වීමයි. මෙම ධර්මතාවය විසින් සමූහ මරණ සලකනු ලැබුවේ වැළැක්විය යුතු ව්‍යසනයක් ලෙස නොව, අමිහිරි අවශ්‍යතාවයක් ලෙසය. ලොව පුරා මිලියන 30කට අධික ජනතාවක් බිලිගත් සහ මිලියන 400කට වැඩි පිරිසකට ‘ලෝන්ග් කොවිඩ්’ (Long COVID) තත්ත්වයෙන් පීඩා විඳීමට සලස්වා ඇති කොවිඩ්-19 වසංගතය, මෙම දෘෂ්ටිකෝණය සමූහ මරණ සාමාන්‍යකරණය කරන විවෘත ෆැසිස්ට්වාදී සහ සුජනකවාදී (eugenicist) මතවාදයක් බවට පරිවර්තනය කළේය. එය දැන් එබෝලා වසංගතය සඳහා දක්වන ප්‍රතිචාරය තුළින් ද ප්‍රකාශයට පත් වේ.

මූල්‍ය කතිපයාධිකාරිය උකහාගත් ප්‍රධානතම පාඩම වූයේ ඊළඟ වසංගතය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව; නිරෝධායන කටයුතු, සම්පත් බලමුලු ගැන්වීම් හෝ නිෂ්පාදන ක්‍රියාවලීන් අත්හිටුවීම් වැනි කිසිදු දෙයකට, තම ලාභ ගලායාමට බාධා කිරීමට ඉඩ නොදෙන බව සහතික කරන්නේ කෙසේද යන්නයි.

පවතින ක්‍රමයේ කිසිදු පාර්ශ්වයක් මින් මිදීමට මඟක් ඉදිරිපත් කරන්නේ නැත. සමස්ත ධනේශ්වර මාධ්‍යයම මෙය ඈත බැහැර සිදුවන ප්‍රාදේශීය සිදුවීමක් ලෙස හුවා දැක්වීමට කුමන්ත්‍රණය කරන අතර, ගෝලීය මානව වර්ගයාගේ මූලික අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් මෙන්ම, මෙම ව්‍යසනය ඇති කිරීමට හේතු වූ වොෂින්ටනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී අගනගරවල ප්‍රතිපත්තිවලින් ද එය මුළුමනින්ම වෙන් කර දක්වයි.

අධිරාජ්‍යවාදී බලවතුන්ට මූල්‍යමය වශයෙන් බැඳී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO), කප්පාදු කිරීම් මඟින් ගෝලීය ප්‍රතිචාරය අකර්මණ්‍ය කළ රජයේ නම සඳහන් කිරීමට පවා නොහැකි වී ඇත.මේ සතියේ පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවේදී (World Health Assembly) සිය ප්‍රධාන දේශනය පවත්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අධනොම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) , කිසිදු පන්ති බෙදීමක් හෝ අධිරාජ්‍යවාදයක් නොමැති වන්නාක් මෙන්, “ආධාර කප්පාදු කිරීම්” පිළිබඳව කර්මවාචකයෙන්  සදහන් කරමින් වගකිවයුත්තන් නම් නොකර මුළු ලෝකයම “එකම ඔරුවක” සිටින බවක් ගැන කතා කළේය. එහි නිලධාරීන්ගේ චේතනාවන් කුමක් වුවත්, ව්‍යසනයේ නියම මූලාශ්‍රය හඳුනා ගැනීමට අපොහොසත් වන ආයතනයක් කෙරෙහි එය නැවැත්වීම සඳහා විශ්වාසය තැබිය නොහැකිය.

මෙම වසංගතය නැවැත්වීමට සහ ඊළඟ ගෝලීය වසංගතය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අභිරහස් දේවල් නොවන අතර, ඒවා මානව වර්ගයාට ළඟා විය නොහැකි මට්ටමක පවතින්නේ ද නැත. හදිසි මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ සම්පත් ක්ෂණිකව බලමුලු ගැන්වීම ඒ සඳහා අවශ්‍ය වේ:

  • ට්‍රම්ප් පරිපාලනය විසින් විනාශ කරන ලද වැඩසටහන්වලින් ආරම්භ කරමින්, ගෝලීය රෝග නිරීක්ෂණ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ එය විශාල වශයෙන් පුළුල් කිරීම.
  • එම කාර්යයන්හි සැබවින්ම නිරත වන පුද්ගලයන්ගේ මඟපෙන්වීම යටතේ, වෛද්‍ය කාර්ය මණ්ඩල, රසායනාගාර සහ ආරක්ෂිත උපකරණ බලපෑමට ලක් වූ කලාපය වෙත ලබාදීම.
  • බලපෑමට ලක් වූ කලාපයේ සිටින සියලුම දෙනා අතර සමානව බෙදා හැරීම සඳහා, නොමිලේ ලබාදෙන සහ ආරක්ෂිත එන්නත් මෙන්ම ප්‍රතිකාර ක්‍රම කඩිනමින් නිපදවීම (සංවර්ධනය කිරීම). බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරසයට එරෙහිව ඵලදායී බව තහවුරු වී ඇති සහ ඇමරිකානු රජයට පූර්ණ අයිතිය හිමි MBP134 ප්‍රතිදේහ ප්‍රතිකාරය, දැනට සිදු කෙරෙන පරිදි “අධික අවදානමක් ඇති ඇමරිකානුවන්” සඳහා පමණක් තොග රැස්කර තබා නොගෙන, කොංගෝ සහ උගන්ඩා රෝගීන් සඳහා මුදාහැරීම හා අත්හදා බැලීම සිදු කළ යුතුය.
  • කොංගෝවෙන් ලාභ ලබන මහා පරිමාණ කැණීම් සමාගම් සහ තාක්ෂණික සමාගම් විසින් රැස් කරගෙන ඇති අතිමහත් ධනය පවරා ගැනීම සහ එම ධනය සමස්ත කලාපය පුරා නවීන සෞඛ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා යෙදවීම.

ධනවාදී සහ ජාතික-රාජ්‍ය පද්ධතියේ රාමුව තුළ මෙම  විසඳිය නොහැකි  ගැටළුවට (impasse) කිසිදු විසඳුමක් නොමැත. අධිරාජ්‍යවාදී ආණ්ඩු, මහා පරිමාණ සමාගම් (සංස්ථා) හෝ ඔවුන්ට යටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ආයතන විසින් මෙම ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාවට නංවනු නොලැබේ. සෑම ධනේශ්වර පක්ෂයකින්ම සහ වෘත්තීය සමිති නිලධාරිවාදයකින්ම ස්වාධීනව බලමුලු ගැන්වුණු ජාත්‍යන්තර කම්කරු පන්තියට, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ (IWA-RFC) ධජය යටතේ සෑම දේශසීමාවක් හරහාම කම්කරුවන් සම්බන්ධ කරන තමන්ගේම අරගල සඳහා සංවිධානය වන ක්‍රියාකාරී කමිටු හරහා පමණක් ඒවා වෙනුවෙන් සටන් කළ හැකිය.

වසංගත සහ බෝවන රෝගවලින් ගෝලීය සමාජය ආරක්ෂා කිරීම සඳහා, පෞද්ගලික ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතා පදනම් කරගනිමින් නිෂ්පාදනය සහ විද්‍යාත්මක පර්යේෂණ තාර්කික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කිරීම අවශ්‍ය වේ.මෙය කළ හැකි වන්නේ ලෝක සමාජවාදය සඳහා වන අරගලය තුළ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය මගින් පමණි. දරිද්‍රතාවයේ සහ යුද්ධයේ සෑම රෝගයකටම එරෙහි සටන මෙන්ම, එබෝලා (Ebola) වලට එරෙහි සටන ද මෙම විප්ලවවාදී වැඩපිළිවෙලෙන් වෙන් කළ නොහැක්කකි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

එබෝලා වසංගතය, අධිරාජ්‍යවාදය සහ සමාජ මිනීමැරීමේ දේශපාලන ආර්ථිකය Read More »

Socialism Adi

World Socialist Web Site to launch Socialism AI

By WSWS Reporter.

This article was originally published in the World Socialist Web Site on the 24 November 2025.

At two major public meetings over the past week—in Berlin on November 18 and London on November 22—David North, chairperson of the World Socialist Web SiteInternational Editorial Board, delivered lectures analyzing the deepening crisis of American capitalism and the Trump administration’s drive toward dictatorship. Both meetings drew over 100 attendees, demonstrating the widespread concern over the threat of fascism under Trump and his counterparts internationally.

Most significantly, North used both occasions to announce the imminent launch of Socialism AI, a revolutionary tool that will harness artificial intelligence for the development of socialist consciousness in the international working class.

In his concluding remarks at the Berlin meeting, held at Humboldt University, North explained the transformative potential of Socialism AI, stating:

The vast pedagogical potential of AI, combined with the revolutionary perspectives of scientific socialism, opens unprecedented possibilities. The consciousness of the working class, the understanding of the objective conditions of capitalist crisis, the clarification of the path to working class power—all of this can be spread on a scale that previous generations could scarcely have imagined.

Drawing a profound historical parallel, North continued:

Just as Diderot’s Encyclopedia in the eighteenth century became an instrument of enlightenment that contributed to the French Revolution by making knowledge available to masses of people who had been kept in ignorance, so artificial intelligence—properly developed and democratically controlled, utilized by the revolutionary Marxist-Trotskyist party and placed in the service of the working class rather than capitalist profit—can become an instrument of socialist consciousness and liberation.

North then formally announced Socialism AI, saying:

I am pleased to announce today that the International Committee has taken measures to harness the power of AI for the purposes and interests of the working class movement. Within a few weeks, we will be releasing Socialism AI, a revolutionary application of augmented intelligence to the development of socialist consciousness and the organizational capacity of the international working class. It is a chatbot which will enable users to pose political, historical, social questions, problems of organization and technical initiative, and receive a response which draws on the vast archive of Marxist thought. First and foremost, the archive of the World Socialist Web Site itself, which encompasses well over 100,000 articles.

North stressed that Socialism AI “will not be programmed as the existing chatbots are to provide an answer which has been conditioned by the establishment media.” Rather, “It will provide an accurate, thoroughly researched reply to critical issues which arise in the day to day struggles of the working class. It will answer questions posed by intellectuals, students, youth on a vast range of questions, and will give answers which reflect and express the interests of the working class.”

Drawing parallels between the launching of Socialism AI and the World Socialist Web Site in 1998, North stated: 

This is not a minor technical project. Some 28 years ago, when the internet was first coming into existence, we understood the power of this new technology, and we were the first left-wing tendency to actually make the shift from a written newspaper to the internet. We founded the World Socialist Web Site… We understood the implications of this technology and acted upon it, and this was critical for the development of the revolutionary movement. We understand the power of AI, both its reactionary but also its revolutionary potential. We are acting on the latter. I am convinced that in the weeks and months ahead, and certainly in the years ahead, all of you will be using it. And thousands, tens of thousands, hundreds of thousands and millions of workers will utilize this powerful instrument as a means of education, social education, political education, cultural education. It will be used not in one language, but in dozens of languages.

North concluded:

This application of the most advanced productive forces to the transformation of consciousness has vast significance. It makes available instantly and globally the theoretical resources, the historical analysis, the programmatic clarity necessary for the working class to understand its historic mission and seize power.

The announcement of Socialism AI came at the conclusion of an extensive lecture addressing the fundamental question: “Where is America going?” North opened by noting that most people would respond, “To hell”—a judgment he acknowledged as largely justified given the accelerating political crisis.

Drawing on Marx’s description of France’s financial aristocracy as the “lumpenproletariat on the heights of bourgeois society,” North characterized the contemporary American ruling class as “a super-Mafia at the summit of capitalist society, flaunting crime and perversion while ordinary people pay the cost in misery and blood.”

North presented extensive data documenting the unprecedented concentration of wealth in the United States. Trump’s cabinet and top appointees possess a collective net worth exceeding $60 billion, with sixteen of his twenty-five wealthiest appointees ranking among the 813 billionaires in a nation of 341 million people—placing them in the top 0.0001 percent. “This is not symbolic representation,” North stated. “It is direct rule by the oligarchy.”

The lectures traced the historical roots of the crisis to the collapse of the Bretton Woods system in 1971 and the subsequent financialization of the American economy. North documented how the total value of publicly traded US stocks now exceeds 220 percent of annual economic output—more than double the GDP—compared to just 80 percent in 1971. This represents an economy increasingly detached from real production and built on “fictitious capital.”

North argued that moral outrage alone cannot provide the foundation for revolutionary struggle. What is required is a scientific understanding of capitalism’s contradictions, particularly Marx’s law of the decline in the rate of profit. The current frenzy of investment in artificial intelligence under capitalism, while appearing to promise increased profitability through mass layoffs, will in fact accelerate the systemic decline in the rate of profit by further reducing the source of surplus value—living labor.

North concluded with a powerful metaphor: 

The world in which we live is like a sleeping volcano upon whose slopes civilization builds its monuments, establishes its institutions, and organizes its daily life. For periods of time, the volcano appears dormant. But beneath the surface, immense pressures accumulate. The magma rises. The tremors intensify. And finally, the eruption comes with catastrophic force, transforming the landscape entirely.

He continued: 

The eruption of class struggle in the United States will destroy the rotting structures of capitalism but will also open the possibility for a new world. From the depths of social oppression will arise a force greater than any army or corporation—the collective power of a class that produces all wealth yet owns nothing. When that force acts consciously, guided by scientific socialism and the analysis of objective reality, it will sweep away the barriers of nationality and ethnicity and unite humanity in a common struggle for liberation.

Following both lectures in Berlin and London, animated discussions took place, with many attendees leaving their contact information and purchasing books at the literature tables.

Both meetings reflected growing interest among workers, students, and youth in a genuine socialist alternative to the escalating crises of capitalism, dictatorship, and imperialist war. The announcement of Socialism AI was received with great enthusiasm as a tool that can democratize access to Marxist theory and historical analysis on an unprecedented scale.

In the coming days, the WSWS will post the full video recording of the London lecture.

World Socialist Web Site to launch Socialism AI Read More »

Goodall

චිම්පන්සීන් සහ අප පිළිබඳ අපගේ අවබෝධයේ විප්ලවීය වෙනසක් කළ වානර විද්‍යාඥ ජේන් ගුඩෝල්, වයස අවුරුදු 91 දී මිය යයි

ෆිලිප් ගුපා විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 06 දින “Jane Goodall, the primatologist who revolutionized our understanding of chimpanzees and ourselves, dies at 91” යන හිසින් පලවූ ෆිලිප් ගුපා විසිනි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Goodall
බ්‍රිතාන්‍ය චර්යා විද්‍යාඥවරියක සහ චිම්පන්සියන් පිළිබඳ ලෝක ප්‍රසිද්ධ විශේෂඥවරියක වන ජේන් ගුඩෝල්, 2008 පෙබරවාරි 11 වන දින හංගේරියාවේ බුඩාපෙස්ට් හි බුඩාපෙස්ට් සත්වෝද්‍යානයේ ගෝරිල්ලෙකු දෙස බලයි. [AP ඡායාරූපය/බෙලා සැන්ඩෙල්ස්කි]

අපගේ සමීපතම පරිණාමීය ඥාතීන් වන චිම්පන්සියන් ගැන මනුෂ්‍ය වර්ගයාට ඉගැන්වූ විද්‍යාඥ ජේන් ගුඩෝල් පසුගිය සතියේ වයස අවුරුදු 91 දී මිය ගියාය. ඔක්තෝබර් 1 වන දින කැලිෆෝනියාවේ දේශන සඳහා වන චාරිකාවක යෙදී සිටියදී ස්වභාවික හේතූන් මත ඇය මිය ගිය බවට, 1977 දී ඇය විසින් ආරම්භ කරන ලද ජේන් ගුඩෝල් ආයතනය ප්‍රකාශයක් නිකුත් කළේය. වනගත චිම්පන්සියන් පිළිබඳ ඇගේ නවමු-ගවේෂණාත්මක පර්යේෂණ සඳහා ගුඩෝල් ලෝක ප්‍රසිද්ධ විය. චිම්පන්සියන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල ක්‍රමානුකූලව දීර්ඝ කාලීනව සහභාගීවඩ් නිරීක්ෂණය කළ පළමු පර්යේෂිකාව ඇය විය.

අපගේ ජාන සැකැස්මෙන් අතිමහත් බහුතරයක් බෙදා ගන්නා චිම්පන්සීන්, මානව තාක්‍ෂණයේ ආරම්භය පිළිබඳ අවබෝධයක් ලබා දෙන සරල මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය වැනි හැසිරීම් ද ප්‍රදර්ශනය කරන බව ඇගේ පර්යේෂණ මගින් හෙළි විය. මීට පෙර, මෙවලම් භාවිතය  තනිකරම මානව කුසලතාවක් ලෙස සැලකුනි.

තවද, චිම්පන්සියන් සහ අනෙකුත් වානරයන් මෙන්ම පොදුවේ සතුන්, නොසිතන සහ හැඟීම් විරහිත බවත්, සහජ බුද්ධියෙන් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන බවටත් වූ පෙර සංකල්පවලට පටහැනිව, චිම්පන්සියන්ට තමන්ගේම ස්වාධීන පෞරුෂයන් ඇති බවත් සංකීර්ණ සමාජ හැසිරීම් වල නිරත වන බවත් ඇය සොයා ගත්තාය.  එනම්, කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා කටහඬ භාවිතා කිරීම සමඟ අත් සහ හිස අභිනයන්  ඇතුළත් වේ. වැදගත් කාරණය වන්නේ, මෙම හැසිරීම් ජානමය රටාවන් නොවී  ප්‍රාරම්භක සංස්කෘතියක් නිර්මානය කරන ඉගෙන ගැනීම මගින් සැකසුනු බවය.

ඇයගේ පර්යේෂණ අනෙකුත් විශේෂ පිළිබඳවද පර්යේෂණ පැවැත්වීමට හේතු වී ඇති අතර, එම විශේෂවලටද මෙවැනිම සංකීර්ණ හැසිරීම් ඇති බව සොයාගෙන ඇත.

1934 දී එංගලන්තයේ උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ගුඩෝල් මුලින් විද්‍යාඥවරියක් ලෙස පුහුණුව ලබා නොතිබුණ අතර, ලේකම්වරියක් ලෙස සේවය කළාය. ළමා වියේදී ඇය හැදී වැඩී අප්‍රිකාවට යාමට, වන සතුන් සමඟ ජීවත් වීමට සහ පොත් ලිවීමට සිහින මැවූ බව ඇය මෑතකදී හෙළි කළාය. පවුලේ මිතුරන් බැලීමට කෙන්යාවට ගිය ගමනකදී ඊට අවස්ථාවක් ලැබ ප්‍රසිද්ධ පූර්ව-මානව විද්‍යාඥ (paleoanthropologist) ලුවී ලීකි හමුවීමට හේතු වූ අතර, ඔහු සමඟ සතුන් කෙරෙහි ඇති ඇගේ ආදරය ගැන ඇය සාකච්ඡා කළාය. ඇගේ හැකියාවන් ඉව කල ඔහු, ටැන්සානියාවේ වන චිම්පන්සියන් අධ්‍යයනය කිරීමට ඇය කැමති දැයි ඇයගෙන් විමසීය. ඇය ඊට එකඟ වූ අතර මුලින් ලීකිගේ ලේකම්වරිය ලෙස සේවයට බැදුනී ය.

ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසු,1960 දී ටැන්ගනිකා විලෙහි නැගෙනහිර වෙරළ තීරයේ, මැලේරියාව සහ සත්ව විලෝපිකයන් සමඟ කටයුතු කරන අතරතුර,  චිම්පන්සියන්ට සමීප වීම පහසු කාර්යයක් නොවන බව ගුඩෝල් දැන ගත්තාය. චිම්පන්සියන් ප්‍රවේශම් සහගත වූ අතර ඔවුන්ගේ දුරස්ථභාවය පවත්වා ගත්හ. කෙසේ වෙතත්, නොපසුබට උත්සාහයෙන් සහ ආක්‍රමණශීලී නොවන ප්‍රවේශයකින්, ඇය අවසානයේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් අතර, සෘජු සවිස්තරාත්මක නිරීක්ෂණ කිරීමට සමත් වෙමින් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම තනිතනි ලක්ෂණ ඉගෙන ගෙන, එකල සම්මත පිළිවෙතින් බැහැරව, ඔවුනට ඉලක්කමක් වෙනුවට නම් ලබා දුන්නාය. ඇත්ත වශයෙන්ම, ඇය වානර විද්‍යා (primatology) ක්ෂේත්‍ර වැඩ තාක්‍ෂණයක් හඳුන්වාදීම—දිගු කලක් සමාජ/සංස්කෘතික මානව විද්‍යාවේ භාවිතා කර තිබූ ‘සහභාගී නිරීක්ෂණය’—සදහා පුරෝගාමී වෙමින් අධ්‍යයනය කරනු ලබන විෂයයන් සමඟ  අන්තර් ක්‍රියා කරමින් දීර්ඝ කාලයක් ඒ සමග ජීවත් වූවාය.  

චිම්පන්සියන් සරල මෙවලම් සෑදුවා පමණක් නොව (උදා: අතු වලින් කොළ ඉවත් කර ඒ  තනි කූරු හෝ දිගු තණකොළ බඳ භාවිතා කර වේයන්ගේ ජනපදවලින් ඔවුන්  නිස්සාරණය කර අනුභව කිරීම), ප්‍රීතිය, දුක සහ බිය වැනි මිනිස් හැඟීම් වලට සමාන හැසිරීම් ප්‍රදර්ශනය කළ බව ගුඩෝල් සොයා ගත්තාය. මව්වරුන් සහ ළදරුවන් අතර බැඳීම්, සහෝදර එදිරිවාදිකම් සහ සමාජ ධූරාවලීන් ස්ථාපිත කිරීම ද ඇය නිරීක්ෂණය කළාය. ඔවුන් මස් අනුභව කළ අතර අන්තර් කණ්ඩායම් ගැටුම්වලට සම්බන්ධ විය. දෘඩ කටු සහිත ගෙඩි වර්ග විවෘත කිරීමට භාවිතා කරන ගල් සහ ඔවුන් දඩයම් කරන වඳුරන්ට ඇනීමට භාවිතා කරන හෙල්ල ඇතුළුව චිම්පන්සියන් විවිධ ආකාරයේ මෙවලම් ද සාදා භාවිතා කරන බවත්, මේවා කණ්ඩායම් අතර වෙනස් වන සංස්කෘතික සම්ප්‍රදායන් බවත් වෙනත් පර්යේෂකයන් පසුව සොයාගෙන ඇත. පොදු පරිණාමීය සම්භවයක් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් මානවයන්ගේ සහ චිම්පන්සියන්ගේ අවසාන පොදු මුතුන් මිත්තන්ට අවම වශයෙන් මෙම හැසිරීම් වල පූර්ව ස්වභාවයන් පැවති බව, මෙම සාක්ෂි මගින් තරයේ යෝජනා කරයි.

1963 දී නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ මුල් කවරයේ පළ වූ “කැලෑ චිම්පන්සීන් අතර මගේ ජීවිතය” යන ඇගේ ලිපිය ප්‍රකාශයට පත් කළ විට ගුඩෝල්ගේ සොයාගැනීම් ලොව පුරා අවධානයට ලක් විය. ප්‍රමුඛ පරිණාමීය ජීව විද්‍යාඥ සහ විද්‍යා ඉතිහාසඥ ස්ටීවන් ජේ ගුල්ඩ් ඇගේ කාර්යයට ප්‍රශංසා කළේ, එය “බටහිර ලෝකයේ විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණවලින් එකක් නියෝජනය කරයි” යනුවෙන් පවසමිනි. පසුව ඇය ඇගේ පර්යේෂණ මත පදනම්ව ළමුන් සඳහා වූ පොත්  15 ක් සමග පොත් 32 ක් ලිවූ අතර එමඟින් ඇගේ සොයාගැනීම් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතර තවදුරටත් ව්‍යාප්ත විය. ඇය රූපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයකම ද පෙනී සිටියාය. ඊට අමතරව, ඇයට ප්‍රථම උපාධියක් නොතිබුණද, ඇය ඉටුකල  කාර්ය සඳහා ඇයට 1965 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරි නැමුනි.

ඇගේ ක්‍රියාකාරකම් ඉක්මනින්ම පර්යේෂණයේ සිට වනජීවී සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය දක්වා ව්‍යාප්ත විය. 1978 දී, ටැන්සානියාව ඇය සිය මුල් ක්ෂේත්‍ර කටයුතු සිදු කළ ගොම්බේ ස්ට්රීම් චිම්පන්සි රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කිරීමෙන් ඇගේ කාර්යයට ගෞරව කළේය. 1992 දී ඇගේ ආයතනය ට්චිම්පොන්ගා චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කළ අතර, එය මිනිසුන් විසින් මස් සඳහා දඩයම් කරන ලද හෝ සුරතල් සතුන් වෙළඳාම සඳහා පැහැර ගන්නා ලද සිය ගණනක් තුවාල ලැබූ සහ අනාථ වූ චිම්පන්සියන් රැකබලා ගෙන ඇත. ඇයගේ පුරෝගාමී පර්යේෂණ සඳහා පමණක් නොව, වනජීවී සහ වාසභූමි සංරක්ෂණය සඳහා ඇයගේ යෝධ යුද ප්‍රයත්නයන් සඳහාද ඇය ලෝක ප්‍රසිද්ධියට පත් විය.

ජේන් ගුඩෝල් ආයතනය ලොව පුරා විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන අතර, තරුණයින් සමඟ කටයුතු කරන රූට්ස් ඇන්ඩ් ෂූට්ස් (Roots & Shoots) වැඩසටහන ද ඊට ඇතුළත් වේ. ගුඩෝල් තරුණ කාන්තාවන් ගණනාවක් විද්‍යාඥයින් වීමට පෙළඹවනු ලැබූ අතර, කඳුකර ගෝරිල්ලන් පිළිබඳව වසර ගණනාවක් අධ්‍යයනය කළ ඩයන් ෆොසි ද (Dian Fossey) ඒ අතර වේ. ඇගේ  මෙම ක්‍රියාකලාපය “මීදුම අතර ගෝරිල්ලන් ” (Gorillas in the Mist) චිත්‍රපටයේ ඇතුළත් ය.

ගුඩෝල් මානව හිමිකම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවට ද පත්විය.

ජේන් ගුඩෝල් යනු මිනිසුන්, තමන්වමද, ස්වභාවික ලෝකය  සහ සත්ව රාජධානිය සමඟද ඔවුන්ගේ සම්බන්ධතාවය තේරුම් ගන්නා ආකාරය වෙනස් කළ අතිශයින් වැදගත් විද්‍යාත්මක චරිතයකි. ඩාවින්ගේ වඩාත්ම මතභේදාත්මක ප්‍රකාශය වූයේ මිනිසුන්ට සහ මහා වානරයන්ට පොදු මුතුන් මිත්තෙකු සිටියේ එතරමි ඈත කාලකට පෙර නොවන බවයි. මෙම සත්‍යය ෆොසිල වාර්තාවෙන් සනාථ වේ, නමුත් ගුඩෝල්ගේ කෘති එයට විශ්මයජනක සංයුක්තතාවයක් ලබා දුන්නේය. චිම්පන්සියන් මෙවලම් සාදන බවත් භාවිතා කරන බවත්, සහයෝගයෙන් දඩයම් කරන බවත්, කලක් මානවයන්ට අනන්‍ය යැයි සැලකූ සංකීර්ණ හැඟීම් සහ සමාජ ව්‍යුහයන් ප්‍රදර්ශනය කරන බවත් ඇය පෙන්වා දුන්නාය.

සැමවිටම අවතක්සේරු කළ ඇගේ කර්තව්‍යයන්හි ඇඟවුම්, යථා වශයෙන් නම්, මිනිසා මැවුම්කාර-දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපයෙන් අනන්‍ය ලෙස නිර්මාණය කර ඇති බවට පවසන සියලු ආකාරයේ ආගමික ලබ්ධින්ට එරෙහි පහර දීමකි. ඇත්ත වශයෙන්ම, මිනිසා මහා වානර පවුලේ සාමාජිකයෙකු වන නිසා මිනිසාට අනන්‍ය ගති ලක්ෂණ බොහොමයක් මහා වානරයන් සමඟ බෙදා ගනී. ගුඩෝල් නොපැහැදි ලෙස සර්වේශ්වර වාදී (pantheist)  ආගමික විශ්වාසයන් ඇදැහීය යන්න ඇගේ කෘතියේ ගැඹුරු භෞතිකවාදී අන්තර්ගතයට කිසිසේත්ම හානි නොකරයි. ඇය කෙතරම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරියක් වුවද, ගුඩොල් මිනිසුන්ට සහ ඇය අධ්‍යයනය කළ සතුන්ට අනුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා ප්‍රකට විය.

වැඩිදුර කියවන්න: 

My Life Among Wild Chimpanzees

Jane Goodall’s legacy: three ways she changed science

From tool use to warfare — here are 5 ways Jane Goodall revolutionized our knowledge of chimpanzees

චිම්පන්සීන් සහ අප පිළිබඳ අපගේ අවබෝධයේ විප්ලවීය වෙනසක් කළ වානර විද්‍යාඥ ජේන් ගුඩෝල්, වයස අවුරුදු 91 දී මිය යයි Read More »

Davos

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක්

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 18 දින පල වූ ‘AI and its implications a central topic at Davos meeting’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

මෙම වසරේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි (Davos) ගෝලීය ප්‍රභූන්ගේ ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) රැස්වීමේ පොදු වේදිකා වල මෙන්ම, සැබෑ සාකච්ඡා-කටයුතු බොහොමයක් සිදු කෙරෙන පුද්ගලික සුඛෝපභෝගී හෝටල් (කට්ටල්) කාමර වල ප්‍රධාන මාතෘකාවක් වන්නේ  කෘත්‍රිම බුද්ධිය (AI) යි.

Davos
යාන් ලෙකන් (Yann LeCun), මෙටා හි (Meta) ප්‍රධාන AI විද්‍යාඥ සහ AI හි පුරෝගාමියා 2024 ජනවාරි 16 වන දින Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වේ. [AP Photo/Markus Schreiber]

AI තාක්ෂනය විසින්, ශ්‍රමයේ ඵලදායිතාව අතිවිශාල ලෙස වර්ධනය කිරීමට සහ එමගින් සමාජ ප්‍රගමනය සඳහා පදනම සැපයීමට හැකියාව ඇති තාක්‍ෂනයේ ප්‍රධාන දියුනුවක් නියෝජනය කෙරෙයි.

එහෙත් නිෂ්පාදන මාධ්‍යවල (ඊනියා බුද්ධිමය දේපල ඇතුලුව) පුද්ගලික හිමිකාරිත්වය සහ පුද්ගලික ලාභය උකහා ගැනීම මත පදනම් වූ ධනවාදයේ සමාජ සම්බන්ධතා යටතේ එය වර්ධනය වීම යන්නෙන් අදහස් වන්නේ එය මෙම බලපෑම ඇති නොකරනු ඇති බව සහ එහි ප්‍රතිලෝමය සිදුවනු ඇති බවයි.

සමාජවාදී ආර්ථික සබඳතා පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කරන ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම සත්‍යය, මෙම සතියේ රැස්වීම සඳහා WEF විසින් සකස් කරන ලද ගෝලීය අවදානම් වාර්තාවේ වක්‍රව වුවද පිලිගෙන ඇත.

තාක්‍ෂනික දියුනුව සහ භූ දේශපාලනික ගතිකත්වය – මෙය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලිටරිවාදයේ නැඟීම පිලිබඳ නොපැහැදිලි සඳහනකි – එකට එක්වීම, දියුනු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද නව ජයග්‍රාහකයින් සහ පරාජිතයින් සමූහයක් නිර්මානය කරනු ඇතැයි එහි දැක්වේ.

ඉදින්, “මහජන අවශ්‍යතා වෙනුවට වානිජ දිරිගැන්වීම් සහ භූ දේශපාලනික අවශ්‍යතා… AI සහ අනෙකුත් පර්යන්තික තාක්‍ෂනයන්හි (නව තාක්‍ෂනයන්-frontier technologies) සංවර්ධනයේ මූලික ධාවකයන් ලෙස පවතින්නේ නම්, ඉහල සහ අඩු ආදායම්ලාභී රටවල් අතර ඩිජිටල් පරතරය අදාල ප්‍රතිලාභ උත්පාදනය කිරීමේදී දැඩි විෂමතාවයක් සහ අවදානම් ඇති කෙරෙනු ඇත. අවදානමට ලක්ව ඇති රටවල සහ ප්‍රජාවන්ගේ ආර්ථික ඵලදායිතාව, මූල්‍යය, දේශගුනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මෙන්ම ඒ ආශ්‍රිත රැකියා උත්පාදනය කෙරෙහි බලපාන අති ප්‍රබල කෘතිම බුද්ධි  පාරවේධනයන්ගෙන් ( නවමු නිර්මාන- breakthroughs) ඩිජිටල් ලෙස හුදකලා වී ඒවා වඩාත් පසුපසට  තල්ලු වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, AI හි සංවර්ධනය ගෝලීය සමාජ අසමානතාවය සහ දරිද්‍රතාවය අවසන් කිරීමේ මාධ්‍යයක් බවට පත්වීම වෙනුවට, ප්‍රධාන ධනේශ්වර බලවතුන්ගේ ලාභ චේතනා සහ අවශ්‍යතා අනුව එම තතු වඩාත් නරක අතට හැරෙනු ඇත.

ලේඛනයේ තවත් කොටසක, එය AI සහ අනෙකුත් දියුනු තාක්‍ෂනයන්හි පෘථුල ඇඟවුම් පෙන්වා දෙයි.

“වඩාත් ප්‍රබල පොදු කාර්ය සඳහා වූ AI තාක්‍ෂනයන්හි අපාලිත ව්‍යාප්තිය ඉදිරි දශකය තුල ආර්ථිකයන් සහ සමාජයන් රැඩිකල් ලෙස යලි හැඩ ගස්වනු ඇත… එමෙන්ම එය සමාන්තර වර්ධනයන් සමඟ ද අන්තර් ක්‍රියා කරනු ඇත. මෙහි ඇඟවුම් ගැඹුරු වීම සඳහා ඒවා හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

“භෞතික ලෝකය මත වැඩි පාලනයක් පවරා දෙනු ලබන ස්වයං-වැඩිදියුනු වන උත්පාදක AI ආකෘති (self-improving generative AI models) විසින් සමාජ ආර්ථික ව්‍යූහයන්හි විශාල පරිමානයේ වෙනස්කම් අවුලුවනු ලැබීම මඟින් නව අවදානම් පැන නඟිනු ඇත.”

ධනේශ්වරය යනු, පාලනය කරන්නේ කෙසේදැයි තමන් නොදත් භූතාත්ම යම ලෝකයෙන් කැඳවා ගත් ආධුනික යක්දෙස්සා වැනියැයි මාක්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ  කරන ලද නිරීක්‍ෂනය මෙහිදී කෙනෙකුට සිහි ගැන්වෙනු ඇත.

කම්කරු පන්තිය විසින් සිදුකරනු ලබන සමාජ විප්ලවය තුලින් සාක්ෂාත් කරගනු ලබන සමාජවාදය සඳහා ඇති වෛෂයික ඓතිහාසික අවශ්‍යතාවය පැන නගින්නේ, නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ඒවා කොටු වී ඇති ධනවාදයේ සමාජ සම්බන්ධතා අතර ප්‍රතිවිරෝධතාවයෙන් බවට වන මාක්ස්ගේ විශ්ලේෂනය, වඩාත් ගැඹුරු තලයක දී ඉන් සිහිපත් කෙරේ.

මෙම ඉදිරිදර්ශනයට විකල්පය වශයෙන් පවතින්නේ ම්ලේච්ඡත්වයට කරා පල්ලම් බැසීමයි. එකී ම්ලේච්ඡත්වයේ වඩාත් ම සුපැහැදිලි ප්‍රකාශනය වනුයේ යුද්ධයයි. 

WEF වාර්තාව පෙන්වා දී ඇති පරිදි, AI තාක්ෂනය මෙහි දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“යන්ත‍්‍ර බුද්ධිය, ගැටුම් සහගත තීරන ගැනීම – ස්වයංක්‍රීයව ඉලක්ක තෝරා ගැනීම සහ අරමුනු තීරනය කිරීම – දක්වා රිංගා ගැනීම විසින්, ඉදිරි දශකය තුල අහම්බෙන් හෝ හිතාමතා (ගැටුම්) උත්සන්න වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහල නැංවෙනු ඇත”යි එය පවසයි.

අන්‍යයෝ ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තාහ. ඔක්තෝබර් මාසයේ දී, එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ගැරී ජෙන්ස්ලර් ෆයිනෑන්ෂල් ටයිම්ස් (FT) සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් පැවසුවේ, මූල්‍ය පද්ධතිය තුල  AI වේදිකාවල භාවිතය පාලනය කිරීමට ක්‍රමයක් සොයා නොගතහොත් ඉදිරි දශකය තුල අර්බුදයක් ඇතිවිම නොවැලැක්විය හැකි ම පාහේ වනු ඇති බවයි.

වෙලඳපල සහභාගිකරුවන් එකම AI ආකෘති භාවිතා කිරීම මඟින් “රංචු” හැසිරීමක් ජනනය කර, ඉන් අර්බුදයක් මුදා හල හැකි බව ඔහු පැවසීය.

මෙම අනතුරු ඇඟවීම් ඩාවෝස් රැස්වීමට ආසන්නයේ  FT සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ස්පාඤ්ඤ බැංකුවේ අධිපතිවරයා සහ බැංකු අධීක්ෂනය පිලිබඳ බාසල් කමිටුවේ සභාපති පැබ්ලෝ හර්නාන්ඩස් විසින් ප්‍රතිරාවය කරන ලදී.

ශීඝ්‍රයෙන් දියුනු වන තාක්‍ෂනය, විශේෂයෙන්ම AI තාක්ෂනය, “ඉතිහාසයේ ගමන් මග වෙනස් කල හැකි අතර, ඒ යහපත සඳහා ම වීම අත්‍යවශ්‍ය නොවේ,”යැයි ඔහු පැවසීය.

පසුගිය දශකය තුල ආර්ථික ගැටලු ඉහල යාමේ අර්ථය වූයේ වඩාත් විශාල ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. 

“කෙසේ වෙතත්, භූ දේශපාලනික මට්ටමින් අප නිරීක්ෂනය කරන දෙයින් පෙනී යන්නේ පොදු එකඟතාවලට එලඹීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවයි. එය මට කනස්සල්ලකි, එමෙන්ම එය බොහෝ දෙනෙකුගේ ද කනස්සල්ලට කරුනකි ”ඔහු පැවසීය.

“මූල්‍ය ස්ථායීතාවය යනු එක් මානයක් පමනි, AI හා බැඳුනු තවත් විභව වැදගත්කමින් ඉතා ඉහල ප්‍රතිවිපාක පවතී. … සම්බන්ධීකෘත ගෝලීය ප්‍රතිචාරයක් ලබා දීමට අපට නොහැකි වුවහොත්, මෙම අභියෝගවලට නිවැරදි විසඳුම ලබා ගැනීමේ සම්භාවිතාව අඩු වනු ඇත.”

එහෙත් ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය වැඩි වන අතරම, එය  සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව, ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාව මත – එනම්, ඒකාබද්ධ හා අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකය ද, සෑම එකෙක්ම තමන්ගේම අවශ්‍යතා පසුපස හඹා යන මහ බලවතුන් සහ එකිනෙකාට පරසතුරු ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප්‍රතිවිරෝධතාව මත – අබලන්ව යයි.

කර්මාන්තයේ සියලුම අංශවල AI භාවිතය වැඩි වීම, ශ්‍රම වෙලඳපොලේ “ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙස මෘදූක්තියෙන් (මෘදු ලෙස) හඳුන්වන දෙයට ද හේතු වනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී ගෝල්ඩ්මන් සැක්ස් වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, එක්සත් ජනපදයේ සහ යුරෝ කලාපයේ සිදු කෙරෙන වැඩවලින් හතරෙන් එකක් ස්වයංක්‍රීයකරනයට AI හේතු විය හැකි බවයි.

මානව නිමැවුම් වලින් වෙන්කර හඳුනාගත නොහැකි අන්තර්ගතයන් ජනනය කරන AI පද්ධති ඉදිරි දශකය තුල වාර්ෂික දල දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් වැඩි කල හැකි බව එහි සඳහන් වේ. නමුත් මෙම ඵලදායිතාවයේ වැඩිවීම ජීවන මට්ටම්වල ද්‍රව්‍යමය දියුනුවක්  ඇති කරනු නැති අතර, එය ලාභයේ වැඩිවිමක් පමනක් ඇති කරනු ඇත.

වාර්තාව දක්වන පරිදි, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන් මිලියන 300ක් පමන එහි ප්‍රතිවිපාකවලට නිරාවරනය කරමින් AI තාක්ෂනය ශ්‍රම වෙලඳපොලට “සැලකිය යුතු බාධාවක්” ගෙන එනු ඇත. සියලුම රැකියාවලින් තුනෙන් දෙකක් කිසියම් ප්‍රමානයක ස්වයංක්‍රීයකරනයකට නිරාවරනය වී ඇති බව වාර්තාව පවසයි.

Davos රැස්වීම ආරම්භ වන විට ප්‍රතිඵල නිකුත් කල, PwC ගිනුම්කරන සමාගම විසින් ඓදු කෙරුනු ගෝලීය ප්‍රධාන විධායකයින්ගේ සමීක්ෂනයකින් පවසා ඇත්තේ, ඔවුන්ගෙන් හතරෙන් එකක් AI මගින් මෙම වසරේ රැකියා නියුක්තිය සියයට 5 කින් අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සියයට 46ක් පමන කියා සිටියේ තත්පර කිහිපයකින් පෙල (Text), රූප සහ කේත ජනනය කල හැකි උත්පාදක AI (generative AI) භාවිතය ඉදිරි වසර තුල ලාභය ඉහල නංවනු ඇති බවයි.

මෙම වාර්තා සහ සමීක්ෂන අවධාරනය කරන්නේ ධනය වැඩි කිරීම සඳහා AI හි ඇති දැවැන්ත විභවයයි; නමුත් එය ධනේශ්වර පාලක පන්තීන්ගේ අතේ පැවතියහොත් එය සමාජ ප්‍රගතිය නොව තව තවත් අසමානතාවය සහ දුක්ඛිතභාවය ගෙන එනු ඇත. එහි සුසංයෝගී සංවර්ධනය සඳහා අවශ්‍ය ගෝලීය සහයෝගීතාවය ගෙන ඒම වෙනුවට, එය දැනටමත් යුද්ධය තුල ප්‍රකාශ වන භූ දේශපාලන ගැටුම් සහ ආතතීන් තීව්‍ර කරනු ඇත.

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක් Read More »

Pariscomune

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2003 ජනවාරි 20 දින පල වූ ‘Questions on socialist organisation and planning’ යන නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක් අසන ලද මූලික ප්‍රශ්න කිහිපයකට එහි මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් ලබා දෙන පිළිතුරකි මෙය. සමාජවාදී ආර්ථික හා සමාජ සංවිධානය පිළිබඳ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ පිටුවහලක් වශයෙන් වැදගත් වන මෙම ලිපිය වෙත අපි අපගේ පාඨකයන්ගේ අවධානය යොමු කරමු. ⁣

2003 ජනවාරි 20

හිතවත් සර්/මැඩම්,

ඔබ පිලිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වූ ප්‍රශ්න කිහිපයක් මට තිබේ.

  • ධනපතියා ඔවුන්ගේ යටිතල පහසුකම් ස්වේච්ඡාවෙන් අත්නොහරිනු ඇත, එවිට ජනතාව එය අත්පත් කර ගැනීමට යන්නේ කෙසේද?
  • ප්‍රාදේශීය, පලාත්  සහ ජාතික මට්ටමින් කම්කරු සභා ඇති වනු ඇති බව මට වැටහේ. මෙම සභා පිහිටුවන්නේ, නායකත්වය දෙන්නේ සහ පවත්වාගෙන යන්නේ කෙසේද?
  • ජාතික මට්ටමේ සභාව ආන්ඩුව පිහිටුවනවාද? එසේ නම් තනි පුද්ගලයෙක් ආන්ඩුවට නායකත්වය දෙයිද, නැතිනම් නියෝජිත කන්ඩායමක් නායකත්වය දෙයිද?
  • ඔබ කම්කරු සභා පිහිට වූවද, නියෝජිතයින්ට තම වාසිය සඳහා කම්කරුවන් කෙරෙහි බලපෑම් කිරීමට තවමත් හැකි ද? එබැවින්, නිලධාරි තන්ත‍්‍රයක් ගොඩනැගීමට ප‍්‍රතිවිරෝධය දක්වන්නේ කෙසේද?
  • ප්‍රතිපත්ති සැකසීමේ ආදී කටයුතු සිදු කරන්නේ කවුරුන්ද, එය සිදු කරන්නේ කෙසේද සහ ඔවුන් කෙරෙහි ආසන්න අධිකාරය ඇත්තේ කාටද?
  • නීති සම්පාදනය කරන්නේ කෙසේද, එනම්, එම ක්‍රියාවලියට ජනතාව ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ කෙසේද?
  • ජාතික සැලැස්ම සකස් කරන්නේ කවුද සහ එය සංවර්ධනය කරන්නේ කෙසේද?

මම ඔබේ පිලිතුර පිළිබඳ උනන්දුවෙන් සිටිමි.

HSB

එච්එස්බී

***

හිතවත් එච්එස්බී,

ධනපති පන්තිය ස්වේච්ඡාවෙන් දේශපාලන බලය අත් නොහරින අතර සමාජවාදය ස්ථාපිත කිරීම විප්ලවයක් හරහා සිදුවනු ඇති බව නිසැක ය. එවැනි අරගලයක් ඉදිරියට යන්නේ කෙසේද යන්න කලින් කිව නොහැක. කෙනෙකුට කිව හැකි දෙය නම්, නව රාජ්‍ය ව්‍යුහය නිසැකවම පැරනි පාලක පන්තීන්ට එරෙහි දේශපාලන අරගලය තුල ගොඩනැගුනු සංවිධාන මත පදනම් වනු ඇති බවයි.

ඓතිහාසිකව මෙම සංවිධාන කම්කරු සභාවල ස්වරූපය ගෙන ඇත. 21 වැනි සියවසේදී ඔවුන් කුමන ස්වරූපයක් ගනීවිද යන්න නිශ්චිතවම කීමට අපහසුය. 1917 රුසියානු විප්ලවයෙන් සහ 1920 ගනන්වල යුරෝපයේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලින් පසු ආර්ථික සංවිධානයේ සහ ශ්‍රම බලකායේ ව්‍යුහයේ බොහෝ වෙනස්කම් සිදුවී ඇත.

ආර්ථික හා දේශපාලන අරගල මාලාවක් තුල පැන නගින සංවිධානයේ ආකෘතින්  කල්තියා තීරනය කල නොහැකි වුවද, පසුගිය දශක කිහිපය තුල ආර්ථිකයේ සිදු වූ විශාල වෙනස්කම් සැලකිල්ලට ගෙන, ජනගහනයේ පුලුල් ස්කන්ධය ඒවාට සම්බන්ධ වනු ඇති බවට විවාදයක් නැත.  සමහරක් රැකියා ස්ථාන මත පදනම් විය හැකි අතර තවත් සමහරක් නිශ්චිත ප්‍රදේශවල මිනිසුන් සම්බන්ධ කර ගන්නා අරගල අතරතුර හෝ  විශේෂිත ප්‍රශ්න ආශ්‍රිතව මතු විය හැක.

ඔබේ ප්‍රශ්න මාලාව වෙත හැරීමට පෙර, සාමාන්‍ය කරුනක් ඉදිරිපත් කරමු. සමාජයේ සමාජවාදී පරිවර්තනයේ කේන්ද්‍රය වන්නේ, වෙන කවරදාකටත් වඩා දැන්, ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාව අතට දේශපාලන හා ආර්ථික බලය නැවත පැමිනීමයි.

මාක්ස් පැහැදිලි කල පරිදි,  1871 පැරිස් කොමියුනය, “තමන්ව මර්ධනය කරන සංවිධිත බලය වෙනුවට තමන්ගේම දේශපාලන බලය සකස් කරගන්නා පොදු මහජනතාවන් විසින්ම, තමන්ව මර්දනය හා පාලනය කරන බලවේගයන් වෙනුවට තමන්ගේම සජීවී බලය ලෙස සමාජය විසින් රාජ්‍ය බලය යලි අවශෝෂනය කර ගැනීම”, සම්බන්ධ වූවක් විය (Marx, On the Paris Commune p.153). එබැවින් එය ජනතාව විසින් කරවන  ජනතාව ගේ  ආන්ඩුවක් විය. 

Pariscomune
පැරිස් කොමියුනය – 1871 මාර්තු 18 දින කොමියුනාඩ් ජාතික ආරක්ෂක බලකාය විසින් බිම හෙළන ලද බාධකයක්. (ෆොටෝ: විකිපීඩියා)

මාක්ස්ගේ මෙම විග්‍රහය අප දැනට මුහුන දෙන තත්වය සඳහා අතිමහත් වැදගත්කමක් ලබා ඇත. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ආර්ථිකය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ජනගහනයේ පුලුල් මහජනතාව තම දෛනික ජීවිතයේ සංඝටක කොටසක් ලෙස සක්‍රීයව සම්බන්ධ වන නව ආකාරයේ සමාජ සංවිධානයක් පිහිටුවීම යම් ආකාරයක සිහිනයක් නොව ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

21 වැනි සියවසේ මානව සමාජය, පසුගිය වසර 200 තුල නිෂ්පාදනයේ සිදු වූ දැවැන්ත වෙනස්කම්වලින් සහ එහි ප්‍රතිඵලය වූ සියල්ලෙන් වර්ධනය වන අතිශය සංකීර්න සජීවී ව්‍යුහයක් වන අතර එය වර්ධනය වූ ධනේශ්වර සමාජ සබඳතා අභිබවා ගොස් ඇත.

ඇත්ත වශයෙන්ම, ධනේශ්වර වෙලඳපොලේ තර්කනයට සමාජය තවදුරටත් යටත් කිරීම- එනම්, පුද්ගලික ලාභ රැස්කර ගැනීමේ තල්ලුව මගින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, වයස්ගත පුද්ගලයින්ගේ රැකවරනය, සම්පත් බෙදා වෙන් කිරීම, නගර සැලසුම් කිරීම, භූමිය සහ පරිසරය රැකබලා ගැනීම, සියල්ලන්ටම යහපත් ජීවන තත්වයන් සම්පාදනය කිරීම වැනි සංකීර්න ප්‍රශ්න  තීරනය කරනු ලැබීම – ගෙන ආ හැක්කේ එක් ව්‍යසනයක් පසුපස තවත් ව්‍යසනයක් පමනි. යම් ආකාරයක නිලධර යාන්ත්‍රනයක් සමාජ හා ආර්ථික සංවිධානය භාර ගන්නා, ප්‍රතිසංස්කරනය කරන ලද සුබසාධන රාජ්‍යයක් නිර්මානය කිරීමෙන්ද මෙම ගැටලු විසඳිය නොහැක.

සංවිධානයේ ආකාර සහ ඒවා අතර ඇති සම්බන්ධතා පිලිබඳ ඔබේ ප්‍රශ්නවලට කල්තියා පිලිතුරු දීමට නොහැකි බව මෙම කෙටි ප්‍රකාශය පැහැදිලි කරනු ඇතැයි මම විශ්වාස කරමි. මක්නිසාද යත්, දේශපාලන බලය‌ේ මෙම නව රෑපාකාර, සමාජය අනුගත විය යුතු, දැනටමත් සකස් කර ඇති යම් සැලැස්මකට අනුව වර්ධනය නොවනු ඇති  බැවිනි.

ඒ වෙනුවට, ඒවා මතුවනු ඇත්තේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ සමාජ හා දේශපාලන අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය. එනයින් බලන කල, 1905 රුසියාවේ විප්ලවයේ දී ප්‍රථම වරට දර්ශන පථයට ආ සෝවියට් සභා හෝ කම්කරු කවුන්සිල වර්ධනය වූයේ බෝල්ෂෙවික් පක්ෂය විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව නොව සාර්වාදී පාලනයට එරෙහි අරගලය තුල ය. පැරිස් කොමියුනයේ රහස එය, “කම්කරු පන්ති ආන්ඩුවක්, එනමි අතිරික්ත ශ්‍රමයේ වටිනාකම් ගොඩගසා ගන්නා පන්තියට එරෙහි ඒවා නිෂ්පාදනය කරන පන්තියේ අරගලයේ නිෂ්පාදිතයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය ක්‍රියාවට නැගීම සඳහා අවසානයේ සොයාගත් දේශපාලන ස්වරූපයක්” බව මාක්ස් පැහැදිලි කලේය. (මාක්ස්, පැරිස් කොමියුනය පිලිබඳ, p.75).

මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රූපාකාරයන් 21 වැනි සියවසේදී ධනවාදයට එරෙහි පුලුල් සමාජ අරගලයේ ගමන් මගෙහි “සොයා ගැනීමට” සිදුවනු ඇත. යම් ආකාරයක  නිශ්චිත සැලැස්මක් සැකසීමට නොහැකි වුවද, ඇතැම් පොදු මූලධර්ම ස්ථාපිත කර ඇත.

නිලධාරි තන්ත‍්‍රය ගොඩනැගීමට එරෙහි ප‍්‍රධාන ආරක්‍ෂාව වන්නේ සමාජය පවත්වාගෙන යාමට සමස්ථ ජනගහනයේ සක්‍රීය මැදිහත්වීමයි. සත්තකින්ම, ඇතැම් නියෝජිත සංවිධාන තවමත් අවශ්‍ය වනු විය හැක. එම නියෝජිතයින් ඔවුන් තෝරා පත් කර ගත් අය විසින් නැවත කැඳවීමට යටත් වන අතර ඔවුන්ගේ වැටුප් සාමාන්‍යයට වඩා වැඩි නොවනු ඇත. 

අද දියුනු සන්නිවේදන පද්ධතිවල දියුනුවත් සමඟම අඛන්ඩ පදනමක් මත ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සම්පාදනය කිරීම හා කෙටුම්පත් කිරීම සඳහා සමස්ත ජනතාවම සම්බන්ධ කර ගැනීමට නිසැකවම හැකි වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ පවසන පරිදි ප්‍රතිපත්ති සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම “අධීක්ෂනය” (“policing”) සිදු කරනු ලබන්නේ, ඔවුන් විසින් නිර්මානය කරන ලද විවිධ සංවිධාන හරහා ක්‍රියා කරන මහජනතාව විසිනි.

ඔබ විසින් මතු කර ඇති කරුනු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා රිචඩ් එන් හන්ට් (Richard N. Hunt ) ගේ අතිශය වටිනා කෘතියක ඡේදයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න.

“අපි කිසියම් සමාජයක් ගැන කියවද්දී එහි, ‘නගරය සහ රටෙහි එකමුතුවක්’ පැවතියේ නම්; ‘සිවිල් වගකීම් සිවිල් අයිතීන් මගින් ගම්‍ය’ වේ නම්; එහි  පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය, ‘සියලු පුරවැසියන් ස්වෛරී බලය වනවා පමනක් නොව ඇත්ත වශයෙන්ම පාලනය කිරිමේ නිරත විම’ අවශ්‍ය කරන්නේ නම්; මෙම ඉලක්කය, සියලුම කාර්යාල වලට  ‘සාමාන්‍යයෙන් ප්‍රවේශ විය හැකි වීම’  සහ ‘නිලතල හිමිකරුවන් නිරන්තරයෙන් වෙනස් කිරීම’ මගින් සපුරා ගත්තේ නම්; එහිදී ‘සියලු නිලධාරීන් තේරී පත් වූ’ සහ පුරවැසි ආයතනය තුල සිදුකල  හැකි උපරිම පරිමානයෙන් නිලතල දරන්නන් වෙනස් වෙමින් අලුතින් පත්වීම’ සිදුවන්නේ නම්; එහි ප්‍රතිඵලයක් ලෙස ‘නිලධාරී ධුරාවලියක්’ නොතිබෙනා’තර, ‘සෑම නිලධාරියෙක්ම පුරවැසියෙකුට වඩා වැඩි යමෙක් නොවී, අහම්බෙන් පාහේ සීමිත කාලයක් රාජ්‍යය වෙනුවෙන් යම් විශේෂ සේවයක නිරත වූවාක් මෙන් වන’; මේ සියලු භාවිතයන් ‘පුරවැසියන්ගේ ජීවිතය සහ ස්වභාවයම වන්නාවූ දේශපාලන ජීවිතයක්’, ‘රාජ්‍යය සමඟ පුරවැසියන්ගේ අනන්‍යතාවයක්’, ‘රාජ්‍යයේ සහ සමාජයේ අනන්‍යතාවයක්’ නිර්මානය කිරීමක් – අපට මේ දේවල් කියවා බැලුවහොත්, අපට එය මාක්ස් විස්තර කල පන්ති විරහිත සමාජය බව නිසැක වනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එය ජර්මානු-උගත් සම්භාව්‍ය ලේඛක වික්ටර් එරන්බර්ග් විසින් ලියන ලද පෙරික්ලියානු ඇතන්ස් පිලිබඳ විස්තරයකි” (හන්ට්, මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන අදහස්, වෙලුම II, p. 254).

සත්තකින්ම, ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය වහල්භාවය මත රැඳී සිටි අතර, එමඟින් පුරවැසියන්ට පොදු කටයුතුවලට සහභාගී වීමට හැකි විය. පොදුවේ ගත් කල, එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානව ඉතිහාසය පුරා ශ්‍රමයේ අඩු ඵලදායිතාවයක් ඇති විට, සමාජයේ පොදු කටයුතු සොයා බලන විශේෂ පන්තියක් වර්ධනය වේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් වෙනස් වී ඇත. අද, “නූතන කර්මාන්තය විසින් අත්පත් කර ගෙන ඇති නිෂ්පාදන බලවේගවල දැවැන්ත වැඩිවීම නිසා සමාජයේ සියලුම සාමාජිකයන් අතර ව්යතිරේකයකින් තොරව ශ්‍රමය බෙදා හැරීමට හැකි වී ඇති අතර, එමගින් සෑම සාමාජිකයෙකුගේම ශ්‍රම කාලය සීමා කිරීමට කොතරම් ප්‍රමානයකට හැකි වී තිබේද යත් සියලු දෙනාටම, සමාජයේ න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේම පොදු කටයුතුවලට සහභාගී වීමට ඇති තරමට නිදහස් කාලය තිබේ” (එංගල්ස්, ඩුරිං විරෝධය, පිටු. 217-218).

ජාතික සැලැස්මක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රශ්නය පිලිබඳව එක් කරුනක්: සමාජවාදී සමාජය තමන්ගේම ජාතික සැලැස්මක් ඇති ජාතීන් මාලාවක් ලෙස සංකල්පනය කිරීම වැරදියි. ඊට පටහැනිව, සමාජවාදී සමාජය මතුවනු ඇත්තේ, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවිධානයේ නව ආකාර වර්ධනය කිරීමට සිදුවනනු ඇති කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. එපමනක් නොව, ගෝලීයකරනය වූ නිෂ්පාදනයේ වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ඉහල වර්ධනය සහ සමස්ත ගැටලු රාශියකට මුහුන දීගත  නොහැකි වීම – දෙකක් පමනක් සඳහන් කරන්නේ නම්, පරිසරය පාලනය කිරීම, රෝග වලට එරෙහිව සටන් කිරීම යනාදිය – යන්නෙන් අදහස් වන්නේ සැලසුම් කිරීම (planning) ගෝලීය පරිමානයෙන් ද සිදු කිරීමට සිදුවන බවය.

ඔබේම විශ්වාසි, 

නික් බීම්ස්

සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න Read More »

Titan

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම 

ඩේවිඩ් වොල්ෂ් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 21 දින ‘Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean’ යන සිරසින් යුතුව පලවූ ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඉරිදා සිට, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන්ස් සිට සැතපුම් 435 ක් පමණ දකුණින් උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදහන් වූ ටයිටන් සබ්මර්සිබලය   සම්බන්ධ  නාටකීය සිද්ධිය, ලොව පුරා මිලියන ගණනකගේ අවදානය දිනාගනිමින්  සිටී . මුහුද මතුපිටට අඩි 12,500 (මීටර් 3,800) යටින් ගිලී ඇති ,1912 අප්‍රේල් මාසයේදී මගීන් 1,500 ක් පමණ මරුවාට ගොදුරු කරමින් මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට, මෙම යාත්‍රාවේ මගීන් පස්දෙනා ගමන් කර ඇත.

පස්දෙනාගේ ඉරණම— ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්  හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (ටයිටැනික් සංචාර මෙහෙයවන සමාගම); ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා වික්‍රමාන්විත ගවේෂක හමිෂ් හාඩින්; පකිස්තාන සමාගම් අධ්‍යක්ෂ ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්; සහ ප්‍රංශ කිමිදුම් විශේෂඥ පෝල්-හෙන්රි නාෂොෂොලි (Paul-Henri Nargeolet)—මේ මොහොතේ නොදනී. ඉරිදා උදෑසන යාත්‍රාව කිමිදෙන විට ඔවුන් සතුව පැය 96 ක ඔක්සිජන් සැපයුමක් තිබූ බව වාර්තා වේ.

Titan
ටයිටන් සබ්මර්සිබලය [ඡායාරූපය: ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන් ]

කාලයට හා ස්වභාව ධර්මයේ බලවේග වලට එරෙහිව තරඟයක් පවතින එවැනි සිදුවීමක් මිලියන ගණනකගේ උනන්දුව හා සැලකිල්ල ආකර්ෂණය කර ගැනීම නොවැළැක්විය හැකිය. ජීවිතයට  තර්ජනය වන තත්වයන් තුළ සිරවී සිටින අය ගැන ජනයාට ගැඹුරින් සහ සහජයෙන් හැඟීම් දැනෙන අතර, වර්තමාන අවස්ථාවෙහි දී, ටයිටන් හි මගීන් ඔවුන්ගේ බිහිසුණු තත්ත්වයෙන් මුදාගත හැකි බවට බලාපොරොත්තු හීන වෙද්දීත්, ජනයා දිගින් දිගටම ඒ පිලිබඳ අපේක්ෂා  දල්වා ගෙන සිටිති. 

පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය අපගේ ආකල්පවලට බලපාන්නේ නැත. එවැනි සිදුවීමක් තුලින් ලෝකය  වඩා යහපත් තැනක් බවට පත් කරනු ඇතැයි ශෝචනීය ලෙස සිතමින්, ප්‍රකෝටිපතියන් අතළොස්සකට විය හැකි මරණය ගැන උදම් අනන කිසිවකුට සමාජවාදී ව්‍යාපාරය තුළ ඉඩක් නැත. සමාජ විප්ලවයේ ක්‍රියාවලිය, යථාර්ථයේ දී, දයානුකම්පාවේ සාමාන්‍යකරණය වූ වර්ධනයක් සමඟ බැඳී ඇති අතර, ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂණය කළ පරිදි, ඊට “ඉතා දියුණු මනෝභාවයක් ඇති” මිනිසුන් අවශ්‍ය වේ.

කෙසේවෙතත්, ඛේදනීය එකක් බවට පත්වීමේ විභවය සහිත මෙම කථාංගය පිළිබඳව උචිත සන්ත්‍රාසය සහ භීතිමත් සංකාවන් හේතුවෙන්, එය විසින් මතු කෙරුණු සියලුම බරපතල සමාජ ගැටලු ජනේලයෙන් පිටතට විසි කර දමන්නේ නැත.

පළමුවෙන්ම, සමහර වේදනාකාරී වූවද  සිත් කාවදින සුළු  ඓතිහාසික උත්ප්‍රාසයන්  මතකයට නැඟේ. මුල් RMS ටයිටැනික් නෞකාව ගිලීයාම සහ දැන් ක්ෂුද්‍ර පරිමාණයෙන් කරළිය ගතවන එහි වර්තමාන සෙවණැල්ල වන ටයිටන්   අතර,  සමානකම් තිබේ.1912 ව්‍යසනයට ගොදුරු වූවන් අතර ද ප්‍රමුඛ ධනවත්තු වූහ. ඊට ධන කුවේර ව්‍යාපාරික සහ විනාශයට පත් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වූ  ජෝන් ජේකබ් ඇස්ටර් IV, සහ පෙන්සිල්වේනියා දුම්රිය සමාගමේ විධායක ජෝන් තායර් ද ඇතුළත් වූහ. 

විවිධ පරීක්ෂණ පෙන්වා දී ඇති පරිදි 1912 නෞකාව ගිලී යාම සහ ඉන් සිදු වූ දැවැන්ත මරණ සංඛ්‍යාව මුළුමනින්ම වළක්වා ගත හැකිව තිබුණි. ඒවා සංගතවල ලාභය සඳහා වූ පිපාසාව, වරදවා වටහාගත් සැලසුම්, අපමණ වැරදි සහ සරලතම මුග්ධත්වයේ ද ඒකාබද්ධ නිෂ්පාදනයක් විය. ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී. ඩෙබ්ස් එකල තමන් මිලියනයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී පෙන්වා දුන් පරිදි, “ඉහළ මාලයේ පාරට්ටු පෑ  අහංකාරය සහ නිශ්ඵල විභූතිය, කෑදරකම සහ සුඛෝපභෝගීත්වය නොවී නම්, ටයිටැනික් කිසිදා මුහුදු පතුලට කිඳා බසින්නේ නැත.” 

එපරිද්දෙන් ම, ඕෂන්ගේට් හි ක්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව පෙනේ. 2018 දී, සමාගමේ සමුද්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්‍රිජ්, “අති-විවේචනශීලී තත්ත්ව පාලන වාර්තාවක්” ලෙස මාධ්‍යවලින් විස්තර කරන ලද වාර්තාවක් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ එම උත්සාහය නිසා සමාගමෙන් නෙරපා හරින ලදී. ලොක්රිජ් සිය වාර්තාවට පූර්විකාවක් ලෙස අවධාරනය කලේ, “පුද්ගලයින්ට ආරක්ෂා  අවදානමක් ඇති කළ හැකි කරුණු නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට” කාලය සුදුසු බව සහ, “බොහෝ ගැටළු … ආරක්ෂාව පිළිබඳ බරපතල  උත්සුකතා මතු කර ඇති” බවය.

එමෙන්ම ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සම්බන්ධ ඉතා අශෝභන කාරණා තිබේ. සුප්‍රසිද්ධ කරුණක් වන්නේ,  ටයිටැනික් රැගෙන ගියේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් වූ අතර,  සෛද්ධාන්තිකව,  නැවේ   සිටි පුද්ගලයන් 2,200 න් අඩකට මඳක් වැඩි සංඛ්‍යාවක් වන පුද්ගලයන් 1,178කට පමණක් එම ප්‍රමාණය සෑහුනු බවයි. ඉනුත් බොහෝමයක්  මුහුදට දමා තිබුණේ අඩක් පමණක් පුරවා ගනිමිනි.   

ටයිටන් සබ්මර්සිබලය තිබෙන ස්ථානය සොයා ගත්ත ද, අවම වශයෙන් රජය සතුව, කිව හැකි තරමේ “ගලවා ගැනීමේ හැකියාවක්” නොපවතින බැවින් ජීවිත බේරා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධාවක් සිදු වනු ඇත. ෆෝර්බ්ස් සඟරාවේ අදහස් දැක්වීමකින් පෙන්වා දෙන්නේ, පුදුම සහගත ලෙස, “අතිශයින්ම වික්‍රමාන්විත සංචාර  සඳහා ගෝලීය වෙළෙඳපොළ මතුව ඇති” තතු තුල, සබ්මැරීන් මුදාගැනීම දැන් “බොහෝ දුරට පුද්ගලීකරණය කරන ලද ප්‍රයත්නයක්” බවට පත්ව ඇති බවත්, “බොහෝ රජයන්ට අතුරුදහන් වූ නාවිකයින් දිය යට සිරවී ඇත්නම් ඔවුන්ට ආධාර ලබා දීමේ හැකියාව ඇත්තේ අල්ප වශයෙන් බවත් ය.” ඇමරිකාවේ ගලවා ගැනීමේ හැකියාවන් අඩුවීම ” නාටකාකරය . 1960 දී, එක්සත් ජනපද නාවික හමුදාවට ඒ සඳහාම කැපවූ සබ්මැරීන ගලවා ගැනීමේ නැව් නවයක් සහ මුහුද යට ගලවා ගැනීමේ කටයුතු සඳහා කැපවූ ටග් බෝට්ටු  දෙකක් ගැන පුරසාරම් කිව හැකි විය. අද, මෙම සේවාවට දිය යට ගලවා ගැනීමේ සඳහා කැපවූ එක යාත්‍රාවක්වත්  නොමැත. 

නැවත වරක්, ඇමරිකාවේ අතිවිශාල මිලිටරිය, ආරක්ෂාව සහ “ත්‍රස්ත-විරෝධී” යාන්ත්‍රණය ඔප්පු කර සිටින්නේ, ඒවාට හැකියාව ඇත්තේ ජීවිත බේරා ගැනීමට නොව, ජීවිත අවසන් කිරීමට පමණක් බවය.

වර්තමාන ඛේදවාචකය “ආන්තික සංචාරක ව්‍යාපාරය” මත ධනාත්මක ආලෝකයක් නොහෙලයි. පුද්ගලයන් පස්දෙනා හොදින් ජීවතුන් අතර සිටිනු දැකීමට ඇති ආශාවෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මුග්ධ “වික්‍රම” අනුමත කිරීම නොවේ. ඕනෑවටත් වඩා නිරතුරුව; ඕනෑවට වඩා මුදල්හදල් ඇති, ඕනෑවට වඩා නිකරුනේ ගත කිරීමට කාලය ඇති, ඕනෑ තරමට අඩුවෙන් මොලය ඇති සහ, අවලස්සන උද්ධච්ච තේජසින් පිරී ගිය පුද්ගලයෝ, තමන්ගේ ද අනුන්ගේ ද ජීවිත අවදානමට ලක් කරති. බෙසෝස්, බ්‍රැන්සන්, මස්ක් සහ ඔවුන් වැනි අය කිසිවෙකුට සමාජයීය ඵල ප්‍රයෝජනයක් නොමැති පරපෝෂිතයෝ වෙති.

පංතිය පිළිබඳ ප්‍රශ්නය ඛේදවාචක දෙකටම ඇතුල් වන්නේ පිහි තලයක් මෙනි. තුන්වන (හෝ පහළම) පන්තියේ ටයිටැනික් මගීන් 709ක් පමණ වූ අතර, ඇස්තමේන්තුගත ආකාරයට ඉන් 537ක්ම මිය ගියහ. තුන්වන පන්තියේ මගීන්ගෙන් පිරිමි  සියයට 80 ක් පමණ මිය ගිය අතර එම ඉරණම අත්වූයේ පළමු පන්තියේ කාන්තාවන්ගෙන් සියයට 3 කට පමණි. හොඳින් ලේඛනගත කර ඇති පරිදි, ටයිටැනික් නැවෙහි සිටි තුන්වන (හෝ පහළම)  පංතියේ  මගීන් ග්‍රිල් කරන ලද ගේට්ටු මගින් පහළ තට්ටුවේ ඔවුන්ගේ ප්‍රදේශයට සීමා කරන ලද අතර, නැව ජලයෙන් පිරී යද්දි ඉන් සමහරක අගුළු නොඇරුනි. 

වසර එකසිය එකොළහකට පසු පන්ති භේදය ඊටත් වඩා ඉහළ සහ දුෂ්ටතම අවධියකට පැමිණ තිබේ. දැන්, එය  සැබෑ ලෙසම එකිනෙකට වෙනස් යාත්‍රා දෙකක කතන්දරයක් බවට පත්ව ඇත: එක් අතකින් ටයිටන්, සහ අනෙක් පැත්තෙන් බලාපොරොත්තු රහිත සරණාගතයින් සිය ගණනක් මරා දමමින් මධ්‍යධරණී මුහුදේ ජුනි 13 වන දින ගිලී ගිය ධීවර බෝට්ටුවයි.

collapse
අඩුම තරමින් 79ක් මිය ගිය ගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් කරමින්, පසුව දකුණු ග්‍රීසියට ඔබ්බෙන් පෙරලී ගිලී ගිය , අබලන් ධීවර බෝට්ටු තට්ටුවේ සෑම ඉඩක් ම ආවරණය කරන මිනිසුන් විශාල සංඛ්‍යාවක් පෙන්වන, 2023 ජූනි 14 වැනි බදාදා ග්‍රීසියේ වෙරළාරක්ෂක අංශය විසින් සපයන ලද අත් පත්‍රිකා ඡායාරූපයක්. [AP ඡායාරූප/හෙලනික් වෙරළාරක්ෂක බලකාය AP හරහා]

රෂ් සහ අනෙකුත් ධනවත් පුද්ගලයන් සරණාගතයින් සමඟ එකම නෞකාවේ, එහි ඉහළ තට්ටුවේ වේවා, සිටිනු සිතාගත නොහැක්කේ යම් සේ ද, එකී අවාසනාවන්තයන්ට ටිකට් පතකට $ 250,000ක් ගෙවමින් ගමන් කරන ධනවත් වික්‍රමිකයන් රැගත් සබ්මර්සිබලය අසලටවත් ලං විය හැකිවීමක් ගැන ද සිතනුවත් නොහැකිය. මේවා දැන් සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙන්වූ, එකිනෙකට පරසතුරු, දුරස්ථ සහ එකිනෙකට නොසීහෙන දනව් දෙකක් වෙති.

උතුරු අත්ලාන්තික් කථාංගයේ අනවරත මාධ්‍ය ආවරණය පසුගිය සතියේ ග්‍රීක වෙරළට ඔබ්බෙන් වූ බිහිසුණු ඛේදවාචකයට දැක්වූ සැලකිල්ලට වඩා බෙහෙවින් වෙනස් ය. එහිදී පකිස්ථානුවන්, ඊජිප්තුවරුන්, සිරියානුවන්, ඇෆ්ගන් සහ පලස්තීනුවන් ආදී  පුද්ගලයෝ බොහෝ සෙයින් ම නමක් ගමක් නොමැතිව, අප්‍රසිද්ධියේ මිය ගියහ. ඔවුන්ගෙන් සමහරෙකු කිසිදාක හඳුනාගනු ඇතැයි සිතිය නොහැක.

තවත් දරුණු උත්ප්‍රාසයක් වන්නේ, ඔවුන්ගේ මව් රට තුළ කෝපයට හා විරෝධතාවලට තුඩු දෙමින් පකිස්තානයේ දුගී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක්  මධ්‍යධරණී මුහුදේ දී මිය යද්දී, ටයිටන් හි මගීන් වු ධනවතුන්  දෙදෙනෙකු ද පකිස්තාන ජාතිකයන් වීමයි .  

ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුකම් සැලසීම වෙනුවට, ග්‍රීසිය ප්‍රධානකොට විවිධ යුරෝපීය ආන්ඩු මෙම මහා පරිමාණ දියේ ගිලීමට තුඩු දුන් කොන්දේසිවලට සෘජුවම වගකිව යුතුය. නිලධාරීහු බොරු කියමින් තමන්ගේ භූමිකාව වසන්කොට මියගිය අය සහ තුවාල ලැබූවන් අවමානයට ලක් කළහ.  දිවි ගලවා ගත් සරණාගතයන් අපිරිසිදු ගබඩා ස්ථානයකට තල්ලු කර දමන ලදී. කරුණු විස්තර කිරීමේ දී මාධ්‍යකරුවන්ගේ ඇස නොහැරුණු තරම් ය. මහා පරිමාණ මරණය දැන් මේ අයට සාමාන්‍ය කටයුත්තකි. වාර්තාකරණයේ පැහැදිලි ඇඟවුම වූයේ දුක් විඳිමින් සිටින සරණාගතයින්ගේ ඉරණම ඔවුන් විසින් ම තමන් වෙත පමුණුවා ගන්නා ලද්දක් බවයි. යථාර්ථය වන්නේ “පවුරින්-වට ඇමරිකාව” මෙන් “යුරෝපා බලකොටුව” ද කිව නොහැකි තරම්ම නිල අමානුෂිකත්වයක් බවයි.

ග්‍රීසිය අසල වූ ධීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බව පැහැදිලිව පෙනී ගිය කල එහි සිටි සිය ගණනක් ගලවා ගැනීම, මුහුදු පත්ලේ රැඳී තිබිය හැකි යාත්‍රාවක් බේරා ගැනීමට වඩා; ඉදින් එසේ කිරීමට අභිමත ඕනෑම රජයක් හෝ නාවික හමුදාවක් වී නම් එවැන්නකට; බෙහෙවින් පහසු කටයුත්තක් විය යුතුව තිබිණ. ඊට සම්බන්ධ යුරෝපීය ආන්ඩුවල මිනීමරු වාර්තාවට අනුව, සරණාගතයින්ගේ මරණ අන්‍යයන්ට ආදර්ශයක් සහ බිය දනවන්නක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලැබෙන පරිදි එකී මරණ හිතාමතාම සිදුවන්නට ඉඩ ප්‍රස්තා සැලසී ද යන ප්‍රශ්නය මතු කිරීම නීත්‍යානුකූල ය.  

ඇත්ත වශයෙන්ම, සිදු විය යුතුව තිබූ පරිද්දෙන්, පලා යන මිනිසුන්ට ගෞරවාන්විතව හා බාධාවකින් තොරව එක් මහාද්වීපයක හෝ රටක සිට තවෙකකට ගමන් කිරීමට ඉඩ දී තිබිණි නම් මේ සමස්ත ඛේදවාචකයම වළක්වා ගත හැකිව තිබුණි. ඔවුන්ගේ සමූහ පලායාමට  බොහෝ දුරට හේතු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධ සහ, දැන් මුහුදේ දී ඔවුන්ගේ මරණවලට මුලසුන දරන බටහිර බලවතුන් විසින් සිදු කරන ලද අනෙකුත් මෙහෙයුම්ය. 

සමාජ අසමානතාවය, නව යටත් විජිතවාදී යුද්ධය, අධිකාරීවාදයේ වර්ධනය සහ සංක්‍රමණ විරෝධී හිස්ටීරියාව, නිල දේශපාලනය සහ මාධ්‍ය පහත් තත්ත්වයකට වැටීම – මෙම එකිනෙකට වෙනස් කථාංග දෙක සම්බන්ධ “දුක්ඛිත තත්වයන් තුළ…අරුත් ලොවක් පවතී.” (ඩෙබ්ස්). කෙසේ වෙතත්, වික්‍රියාකාරී, සාපරාධී සමාජ පර්යායක් හමුවේ ජනස්කන්ධයේ පොදු චලනය නොවරදිනසුලු ලෙස සිදුවෙමින් පවතින්නේ වම දෙසටය, සමාජ විප්ලවයේ දිශාවට ය. 

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම  Read More »

Titan

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම 

ඩේවිඩ් වොල්ෂ් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 21 දින ‘Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean’ යන සිරසින් යුතුව පලවූ ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඉරිදා සිට, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන්ස් සිට සැතපුම් 435 ක් පමණ දකුණින් උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදහන් වූ ටයිටන් සබ්මර්සිබලය   සම්බන්ධ  නාටකීය සිද්ධිය, ලොව පුරා මිලියන ගණනකගේ අවදානය දිනාගනිමින්  සිටී . මුහුද මතුපිටට අඩි 12,500 (මීටර් 3,800) යටින් ගිලී ඇති ,1912 අප්‍රේල් මාසයේදී මගීන් 1,500 ක් පමණ මරුවාට ගොදුරු කරමින් මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට, මෙම යාත්‍රාවේ මගීන් පස්දෙනා ගමන් කර ඇත.

පස්දෙනාගේ ඉරණම— ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්  හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (ටයිටැනික් සංචාර මෙහෙයවන සමාගම); ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා වික්‍රමාන්විත ගවේෂක හමිෂ් හාඩින්; පකිස්තාන සමාගම් අධ්‍යක්ෂ ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්; සහ ප්‍රංශ කිමිදුම් විශේෂඥ පෝල්-හෙන්රි නාෂොෂොලි (Paul-Henri Nargeolet)—මේ මොහොතේ නොදනී. ඉරිදා උදෑසන යාත්‍රාව කිමිදෙන විට ඔවුන් සතුව පැය 96 ක ඔක්සිජන් සැපයුමක් තිබූ බව වාර්තා වේ.

Titan
ටයිටන් සබ්මර්සිබලය [ඡායාරූපය: ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන් ]

කාලයට හා ස්වභාව ධර්මයේ බලවේග වලට එරෙහිව තරඟයක් පවතින එවැනි සිදුවීමක් මිලියන ගණනකගේ උනන්දුව හා සැලකිල්ල ආකර්ෂණය කර ගැනීම නොවැළැක්විය හැකිය. ජීවිතයට  තර්ජනය වන තත්වයන් තුළ සිරවී සිටින අය ගැන ජනයාට ගැඹුරින් සහ සහජයෙන් හැඟීම් දැනෙන අතර, වර්තමාන අවස්ථාවෙහි දී, ටයිටන් හි මගීන් ඔවුන්ගේ බිහිසුණු තත්ත්වයෙන් මුදාගත හැකි බවට බලාපොරොත්තු හීන වෙද්දීත්, ජනයා දිගින් දිගටම ඒ පිලිබඳ අපේක්ෂා  දල්වා ගෙන සිටිති. 

පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය අපගේ ආකල්පවලට බලපාන්නේ නැත. එවැනි සිදුවීමක් තුලින් ලෝකය  වඩා යහපත් තැනක් බවට පත් කරනු ඇතැයි ශෝචනීය ලෙස සිතමින්, ප්‍රකෝටිපතියන් අතළොස්සකට විය හැකි මරණය ගැන උදම් අනන කිසිවකුට සමාජවාදී ව්‍යාපාරය තුළ ඉඩක් නැත. සමාජ විප්ලවයේ ක්‍රියාවලිය, යථාර්ථයේ දී, දයානුකම්පාවේ සාමාන්‍යකරණය වූ වර්ධනයක් සමඟ බැඳී ඇති අතර, ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂණය කළ පරිදි, ඊට “ඉතා දියුණු මනෝභාවයක් ඇති” මිනිසුන් අවශ්‍ය වේ.

කෙසේවෙතත්, ඛේදනීය එකක් බවට පත්වීමේ විභවය සහිත මෙම කථාංගය පිළිබඳව උචිත සන්ත්‍රාසය සහ භීතිමත් සංකාවන් හේතුවෙන්, එය විසින් මතු කෙරුණු සියලුම බරපතල සමාජ ගැටලු ජනේලයෙන් පිටතට විසි කර දමන්නේ නැත.

පළමුවෙන්ම, සමහර වේදනාකාරී වූවද  සිත් කාවදින සුළු  ඓතිහාසික උත්ප්‍රාසයන්  මතකයට නැඟේ. මුල් RMS ටයිටැනික් නෞකාව ගිලීයාම සහ දැන් ක්ෂුද්‍ර පරිමාණයෙන් කරළිය ගතවන එහි වර්තමාන සෙවණැල්ල වන ටයිටන්   අතර,  සමානකම් තිබේ.1912 ව්‍යසනයට ගොදුරු වූවන් අතර ද ප්‍රමුඛ ධනවත්තු වූහ. ඊට ධන කුවේර ව්‍යාපාරික සහ විනාශයට පත් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වූ  ජෝන් ජේකබ් ඇස්ටර් IV, සහ පෙන්සිල්වේනියා දුම්රිය සමාගමේ විධායක ජෝන් තායර් ද ඇතුළත් වූහ. 

විවිධ පරීක්ෂණ පෙන්වා දී ඇති පරිදි 1912 නෞකාව ගිලී යාම සහ ඉන් සිදු වූ දැවැන්ත මරණ සංඛ්‍යාව මුළුමනින්ම වළක්වා ගත හැකිව තිබුණි. ඒවා සංගතවල ලාභය සඳහා වූ පිපාසාව, වරදවා වටහාගත් සැලසුම්, අපමණ වැරදි සහ සරලතම මුග්ධත්වයේ ද ඒකාබද්ධ නිෂ්පාදනයක් විය. ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී. ඩෙබ්ස් එකල තමන් මිලියනයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී පෙන්වා දුන් පරිදි, “ඉහළ මාලයේ පාරට්ටු පෑ  අහංකාරය සහ නිශ්ඵල විභූතිය, කෑදරකම සහ සුඛෝපභෝගීත්වය නොවී නම්, ටයිටැනික් කිසිදා මුහුදු පතුලට කිඳා බසින්නේ නැත.” 

එපරිද්දෙන් ම, ඕෂන්ගේට් හි ක්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව පෙනේ. 2018 දී, සමාගමේ සමුද්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්‍රිජ්, “අති-විවේචනශීලී තත්ත්ව පාලන වාර්තාවක්” ලෙස මාධ්‍යවලින් විස්තර කරන ලද වාර්තාවක් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ එම උත්සාහය නිසා සමාගමෙන් නෙරපා හරින ලදී. ලොක්රිජ් සිය වාර්තාවට පූර්විකාවක් ලෙස අවධාරනය කලේ, “පුද්ගලයින්ට ආරක්ෂා  අවදානමක් ඇති කළ හැකි කරුණු නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට” කාලය සුදුසු බව සහ, “බොහෝ ගැටළු … ආරක්ෂාව පිළිබඳ බරපතල  උත්සුකතා මතු කර ඇති” බවය.

එමෙන්ම ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සම්බන්ධ ඉතා අශෝභන කාරණා තිබේ. සුප්‍රසිද්ධ කරුණක් වන්නේ,  ටයිටැනික් රැගෙන ගියේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් වූ අතර,  සෛද්ධාන්තිකව,  නැවේ   සිටි පුද්ගලයන් 2,200 න් අඩකට මඳක් වැඩි සංඛ්‍යාවක් වන පුද්ගලයන් 1,178කට පමණක් එම ප්‍රමාණය සෑහුනු බවයි. ඉනුත් බොහෝමයක්  මුහුදට දමා තිබුණේ අඩක් පමණක් පුරවා ගනිමිනි.   

ටයිටන් සබ්මර්සිබලය තිබෙන ස්ථානය සොයා ගත්ත ද, අවම වශයෙන් රජය සතුව, කිව හැකි තරමේ “ගලවා ගැනීමේ හැකියාවක්” නොපවතින බැවින් ජීවිත බේරා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධාවක් සිදු වනු ඇත. ෆෝර්බ්ස් සඟරාවේ අදහස් දැක්වීමකින් පෙන්වා දෙන්නේ, පුදුම සහගත ලෙස, “අතිශයින්ම වික්‍රමාන්විත සංචාර  සඳහා ගෝලීය වෙළෙඳපොළ මතුව ඇති” තතු තුල, සබ්මැරීන් මුදාගැනීම දැන් “බොහෝ දුරට පුද්ගලීකරණය කරන ලද ප්‍රයත්නයක්” බවට පත්ව ඇති බවත්, “බොහෝ රජයන්ට අතුරුදහන් වූ නාවිකයින් දිය යට සිරවී ඇත්නම් ඔවුන්ට ආධාර ලබා දීමේ හැකියාව ඇත්තේ අල්ප වශයෙන් බවත් ය.” ඇමරිකාවේ ගලවා ගැනීමේ හැකියාවන් අඩුවීම ” නාටකාකරය . 1960 දී, එක්සත් ජනපද නාවික හමුදාවට ඒ සඳහාම කැපවූ සබ්මැරීන ගලවා ගැනීමේ නැව් නවයක් සහ මුහුද යට ගලවා ගැනීමේ කටයුතු සඳහා කැපවූ ටග් බෝට්ටු  දෙකක් ගැන පුරසාරම් කිව හැකි විය. අද, මෙම සේවාවට දිය යට ගලවා ගැනීමේ සඳහා කැපවූ එක යාත්‍රාවක්වත්  නොමැත. 

නැවත වරක්, ඇමරිකාවේ අතිවිශාල මිලිටරිය, ආරක්ෂාව සහ “ත්‍රස්ත-විරෝධී” යාන්ත්‍රණය ඔප්පු කර සිටින්නේ, ඒවාට හැකියාව ඇත්තේ ජීවිත බේරා ගැනීමට නොව, ජීවිත අවසන් කිරීමට පමණක් බවය.

වර්තමාන ඛේදවාචකය “ආන්තික සංචාරක ව්‍යාපාරය” මත ධනාත්මක ආලෝකයක් නොහෙලයි. පුද්ගලයන් පස්දෙනා හොදින් ජීවතුන් අතර සිටිනු දැකීමට ඇති ආශාවෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මුග්ධ “වික්‍රම” අනුමත කිරීම නොවේ. ඕනෑවටත් වඩා නිරතුරුව; ඕනෑවට වඩා මුදල්හදල් ඇති, ඕනෑවට වඩා නිකරුනේ ගත කිරීමට කාලය ඇති, ඕනෑ තරමට අඩුවෙන් මොලය ඇති සහ, අවලස්සන උද්ධච්ච තේජසින් පිරී ගිය පුද්ගලයෝ, තමන්ගේ ද අනුන්ගේ ද ජීවිත අවදානමට ලක් කරති. බෙසෝස්, බ්‍රැන්සන්, මස්ක් සහ ඔවුන් වැනි අය කිසිවෙකුට සමාජයීය ඵල ප්‍රයෝජනයක් නොමැති පරපෝෂිතයෝ වෙති.

පංතිය පිළිබඳ ප්‍රශ්නය ඛේදවාචක දෙකටම ඇතුල් වන්නේ පිහි තලයක් මෙනි. තුන්වන (හෝ පහළම) පන්තියේ ටයිටැනික් මගීන් 709ක් පමණ වූ අතර, ඇස්තමේන්තුගත ආකාරයට ඉන් 537ක්ම මිය ගියහ. තුන්වන පන්තියේ මගීන්ගෙන් පිරිමි  සියයට 80 ක් පමණ මිය ගිය අතර එම ඉරණම අත්වූයේ පළමු පන්තියේ කාන්තාවන්ගෙන් සියයට 3 කට පමණි. හොඳින් ලේඛනගත කර ඇති පරිදි, ටයිටැනික් නැවෙහි සිටි තුන්වන (හෝ පහළම)  පංතියේ  මගීන් ග්‍රිල් කරන ලද ගේට්ටු මගින් පහළ තට්ටුවේ ඔවුන්ගේ ප්‍රදේශයට සීමා කරන ලද අතර, නැව ජලයෙන් පිරී යද්දි ඉන් සමහරක අගුළු නොඇරුනි. 

වසර එකසිය එකොළහකට පසු පන්ති භේදය ඊටත් වඩා ඉහළ සහ දුෂ්ටතම අවධියකට පැමිණ තිබේ. දැන්, එය  සැබෑ ලෙසම එකිනෙකට වෙනස් යාත්‍රා දෙකක කතන්දරයක් බවට පත්ව ඇත: එක් අතකින් ටයිටන්, සහ අනෙක් පැත්තෙන් බලාපොරොත්තු රහිත සරණාගතයින් සිය ගණනක් මරා දමමින් මධ්‍යධරණී මුහුදේ ජුනි 13 වන දින ගිලී ගිය ධීවර බෝට්ටුවයි.

collapse
අඩුම තරමින් 79ක් මිය ගිය ගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් කරමින්, පසුව දකුණු ග්‍රීසියට ඔබ්බෙන් පෙරලී ගිලී ගිය , අබලන් ධීවර බෝට්ටු තට්ටුවේ සෑම ඉඩක් ම ආවරණය කරන මිනිසුන් විශාල සංඛ්‍යාවක් පෙන්වන, 2023 ජූනි 14 වැනි බදාදා ග්‍රීසියේ වෙරළාරක්ෂක අංශය විසින් සපයන ලද අත් පත්‍රිකා ඡායාරූපයක්. [AP ඡායාරූප/හෙලනික් වෙරළාරක්ෂක බලකාය AP හරහා]

රෂ් සහ අනෙකුත් ධනවත් පුද්ගලයන් සරණාගතයින් සමඟ එකම නෞකාවේ, එහි ඉහළ තට්ටුවේ වේවා, සිටිනු සිතාගත නොහැක්කේ යම් සේ ද, එකී අවාසනාවන්තයන්ට ටිකට් පතකට $ 250,000ක් ගෙවමින් ගමන් කරන ධනවත් වික්‍රමිකයන් රැගත් සබ්මර්සිබලය අසලටවත් ලං විය හැකිවීමක් ගැන ද සිතනුවත් නොහැකිය. මේවා දැන් සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙන්වූ, එකිනෙකට පරසතුරු, දුරස්ථ සහ එකිනෙකට නොසීහෙන දනව් දෙකක් වෙති.

උතුරු අත්ලාන්තික් කථාංගයේ අනවරත මාධ්‍ය ආවරණය පසුගිය සතියේ ග්‍රීක වෙරළට ඔබ්බෙන් වූ බිහිසුණු ඛේදවාචකයට දැක්වූ සැලකිල්ලට වඩා බෙහෙවින් වෙනස් ය. එහිදී පකිස්ථානුවන්, ඊජිප්තුවරුන්, සිරියානුවන්, ඇෆ්ගන් සහ පලස්තීනුවන් ආදී  පුද්ගලයෝ බොහෝ සෙයින් ම නමක් ගමක් නොමැතිව, අප්‍රසිද්ධියේ මිය ගියහ. ඔවුන්ගෙන් සමහරෙකු කිසිදාක හඳුනාගනු ඇතැයි සිතිය නොහැක.

තවත් දරුණු උත්ප්‍රාසයක් වන්නේ, ඔවුන්ගේ මව් රට තුළ කෝපයට හා විරෝධතාවලට තුඩු දෙමින් පකිස්තානයේ දුගී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක්  මධ්‍යධරණී මුහුදේ දී මිය යද්දී, ටයිටන් හි මගීන් වු ධනවතුන්  දෙදෙනෙකු ද පකිස්තාන ජාතිකයන් වීමයි .  

ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුකම් සැලසීම වෙනුවට, ග්‍රීසිය ප්‍රධානකොට විවිධ යුරෝපීය ආන්ඩු මෙම මහා පරිමාණ දියේ ගිලීමට තුඩු දුන් කොන්දේසිවලට සෘජුවම වගකිව යුතුය. නිලධාරීහු බොරු කියමින් තමන්ගේ භූමිකාව වසන්කොට මියගිය අය සහ තුවාල ලැබූවන් අවමානයට ලක් කළහ.  දිවි ගලවා ගත් සරණාගතයන් අපිරිසිදු ගබඩා ස්ථානයකට තල්ලු කර දමන ලදී. කරුණු විස්තර කිරීමේ දී මාධ්‍යකරුවන්ගේ ඇස නොහැරුණු තරම් ය. මහා පරිමාණ මරණය දැන් මේ අයට සාමාන්‍ය කටයුත්තකි. වාර්තාකරණයේ පැහැදිලි ඇඟවුම වූයේ දුක් විඳිමින් සිටින සරණාගතයින්ගේ ඉරණම ඔවුන් විසින් ම තමන් වෙත පමුණුවා ගන්නා ලද්දක් බවයි. යථාර්ථය වන්නේ “පවුරින්-වට ඇමරිකාව” මෙන් “යුරෝපා බලකොටුව” ද කිව නොහැකි තරම්ම නිල අමානුෂිකත්වයක් බවයි.

ග්‍රීසිය අසල වූ ධීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බව පැහැදිලිව පෙනී ගිය කල එහි සිටි සිය ගණනක් ගලවා ගැනීම, මුහුදු පත්ලේ රැඳී තිබිය හැකි යාත්‍රාවක් බේරා ගැනීමට වඩා; ඉදින් එසේ කිරීමට අභිමත ඕනෑම රජයක් හෝ නාවික හමුදාවක් වී නම් එවැන්නකට; බෙහෙවින් පහසු කටයුත්තක් විය යුතුව තිබිණ. ඊට සම්බන්ධ යුරෝපීය ආන්ඩුවල මිනීමරු වාර්තාවට අනුව, සරණාගතයින්ගේ මරණ අන්‍යයන්ට ආදර්ශයක් සහ බිය දනවන්නක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලැබෙන පරිදි එකී මරණ හිතාමතාම සිදුවන්නට ඉඩ ප්‍රස්තා සැලසී ද යන ප්‍රශ්නය මතු කිරීම නීත්‍යානුකූල ය.  

ඇත්ත වශයෙන්ම, සිදු විය යුතුව තිබූ පරිද්දෙන්, පලා යන මිනිසුන්ට ගෞරවාන්විතව හා බාධාවකින් තොරව එක් මහාද්වීපයක හෝ රටක සිට තවෙකකට ගමන් කිරීමට ඉඩ දී තිබිණි නම් මේ සමස්ත ඛේදවාචකයම වළක්වා ගත හැකිව තිබුණි. ඔවුන්ගේ සමූහ පලායාමට  බොහෝ දුරට හේතු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධ සහ, දැන් මුහුදේ දී ඔවුන්ගේ මරණවලට මුලසුන දරන බටහිර බලවතුන් විසින් සිදු කරන ලද අනෙකුත් මෙහෙයුම්ය. 

සමාජ අසමානතාවය, නව යටත් විජිතවාදී යුද්ධය, අධිකාරීවාදයේ වර්ධනය සහ සංක්‍රමණ විරෝධී හිස්ටීරියාව, නිල දේශපාලනය සහ මාධ්‍ය පහත් තත්ත්වයකට වැටීම – මෙම එකිනෙකට වෙනස් කථාංග දෙක සම්බන්ධ “දුක්ඛිත තත්වයන් තුළ…අරුත් ලොවක් පවතී.” (ඩෙබ්ස්). කෙසේ වෙතත්, වික්‍රියාකාරී, සාපරාධී සමාජ පර්යායක් හමුවේ ජනස්කන්ධයේ පොදු චලනය නොවරදිනසුලු ලෙස සිදුවෙමින් පවතින්නේ වම දෙසටය, සමාජ විප්ලවයේ දිශාවට ය. 

මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම  Read More »

Scroll to Top