February 2026

Maduro

වෙනිසියුලා ආක්‍රමණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යයක්

සංජය ජයසේකර විසිනි.

මෙම ලිපිය 2026 ජනවාරි 10 දින ඉංග්‍රීසි බසින්The Venezuela Invasion: A Turning Point in the Crisis of American Imperialism’ සිරසින් thesocialist.lk හි පළ විය. 

Maduro
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ. ඡායඡායාරූපය www.aa.com.trn අනුග්‍රහයෙනි.

2026 ජනවාරි 3 වන දින වෙනිසියුලාවට එල්ල කරන ලද එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝ බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරිහානිය සහ 1945 න් පසු ස්ථාපිත නෛතික පිළිවෙළ (order) බිඳවැටීමේ සන්ධිස්ථානයකි. මෙය තක්කඩි “වැටලීමක්” හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් නොව මූලෝපායික සම්පත් සහ භූ-දේශපාලනික අවකාශය පාලනය කිරීම සඳහා සිදු කරන ලද ආක්‍රමණශීලී යුද්ධයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) අවධාරණය කළ පරිදි, මෙහෙයුම නියෝජනය කරන්නේ, “ට්‍රම්ප් පාලන තන්ත්‍රය විසින් නීත්‍යානුකූලභාවයේ සියලු ස්වරූපයක්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක්… ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් දියත් කරන ලද ප්‍රකෝප නොකළ ආක්‍රමණශීලී යුද්ධයක්” බවයි. [1] බටහිර අර්ධගෝලය පුරා කඳවුරු 20 කින් දියත් කරන ලද ගුවන් යානා 150 කට අධික සංඛ්‍යාවක් යෙදවීම, කැරකස් සහ අවට ප්‍රාන්ත හරහා දැඩි බෝම්බ හෙලීම්, නාවික අවහිරයක් යෙදීම සහ කියුබානු හමුදා නිලධාරීන් 32 ක් ඇතුළුව අවම වශයෙන් 100 ක් ඝාතනය කිරීම, මෙහෙයුමේ ස්වභාවය මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාමාර්ගයකට වඩා මහා පරිමාණ මිලිටරි යටත් කිරීමක් බව අවධාරණය කරයි.

ද්‍රව්‍යමය පදනම්: තෙල්, මූල්‍ය ප්‍රාග්ධනය සහ භූ දේශපාලනික එදිරිවාදිකම්

මෙම ප්‍රහාරය සමකාලීන අධිරාජ්‍යවාදය මෙහෙයවන ද්‍රව්‍යමය අවශ්‍යතා හරහා තේරුම් ගත යුතුය. රන්, බොක්සයිට්, දියමන්ති, තඹ, නිකල්, මැන්ගනීස්, කොල්ටන් සහ යුරේනියම් සැලකිය යුතු තැන්පතු සමඟ ලොව විශාලතම ප්‍රත්‍යක්ෂ කරන ලද තෙල් සංචිත වෙනිසියුලාව සන්තකව ඇත. මෙම සම්පත් පාලනය කිරීම එක්සත් ජනපද මූල්‍ය ප්‍රාග්ධනයේ සහ තෙල් සංගත ප්‍රධානීන්ගේ මූලෝපායික අරමුණුවලට කේන්ද්‍රීය වේ. ට්‍රම්ප් කොල්ලකාරී චේතනාව පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ, “ලෝකයේ ඕනෑම තැනක වේවා විශාලතම එවා වූ එක්සත් ජනපද තෙල් සමාගම් රට තුලට ඇතුළු වී ඩොලර් බිලියන ගණනක් වියදම් කරනු ඇත” ලෙසය. [2] වාර්තා වන පරිදි, ට්‍රම්ප් ප්‍රහාරය සිදුවීමට පෙර තෙල් සංගත විධායකයින් ඒ පිළිබඳව දැනුවත් කළ අතර, කොංග්‍රසයෙන් සහ ඇමරිකානු ජනතාවගෙන් තොරතුරු හිතාමතාම සඟවා ගත්තේය.

මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ලතින් ඇමරිකාව තුළට චීනයේ සහ රුසියාවේ ගැඹුරු වන ආර්ථික විනිවිදීම ආපසු හැරවීමයි. අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් වෙත එක්සත් ජනපදය කළ බලකිරිම් මගින් භූ දේශපාලනික අරමුණු හෙළි විය: වෙනිසියුලාව “චීනය, රුසියාව, ඉරානය සහ කියුබාව පන්නා දමා ආර්ථික සබඳතා බිඳ දැමිය යුතුය”, ඉන්පසු “තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පමණක් හවුල් වීමට සහ බර බොරතෙල් (heavy crude) අලෙවි කිරීමේදී ඇමරිකාවට අනුග්‍රහය දැක්වීමට එකඟ විය යුතුය.”[3] රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙය පැහැදිලිවම රාමුගත කළේය: “චීනයට ඔවුන්ගේ තෙල් අවශ්‍ය වන්නේ ඇයි? රුසියාවට ඔවුන්ගේ තෙල් අවශ්‍ය වන්නේ ඇයි? ඔවුන් මේ මහාද්වීපයේවත් නැහැ. මෙය බටහිර අර්ධගෝලයයි.”[4] එබැවින් ආක්‍රමණය සෘජු කොල්ලකෑම හරහා අතිරික්ත වටිනාකම් හඹා යෑම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පද්ධතිමය අර්බුදයෙන් ජනනය වන තියුණු වන භූ-දේශපාලනික එදිරිවාදිකම් යන දෙකම ප්‍රකාශ කරයි.

මෙම අර්බුදයට ගැඹුරු ඓතිහාසික මූලයන් ඇත. ලෙනින් විසින් අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහළම අවධිය තුළ විශ්ලේෂණය කළ පරිදි, අමුද්‍රව්‍ය ප්‍රභවයන් , ආයෝජන අවස්ථා සහ වෙළඳපොළවල් සුරක්ෂිත කර ගැනීමට ඒකාධිකාරී ප්‍රාග්ධනයේ (monopoly capital)  ධාවනය ප්‍රතිවාදී බලවතුන් අතර ලෝකය ප්‍රචණ්ඩ ලෙස නැවත බෙදා ගැන්මට හේතු වේ. වත්මන් කාල පරිච්ඡේදය මෙම ක්‍රියාවලිය උග්‍ර ස්වරූපයෙන් අත්දකී: දශක ගණනාවක මූල්‍යකරණය, ණය ප්‍රසාරණය සහ සීමාව ඉක්මවූ සමපේක්ෂනය, ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාව–ලාභ රේට්ටුව පහත වැටීමේ ප්‍රවණතාවය–විසඳීමට අසමත් වී ඇත. 1970 ගණන්වල අග භාගයේ සිට නිෂ්පාදනයේ භූගෝලීයකරණය, ලාභ ශ්‍රමය සහ මූලෝපායික භූමි ප්‍රදේශ වෙත ප්‍රවේශ වීම මත පදනම් වූ තාවකාලික ප්‍රතිචාරයක් නියෝජනය කළ නමුත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඛාදනය වන තම ආර්ථික ආධිපත්‍යයට සහ ප්‍රතිවාදී බලවතුන්ගෙන් තීව්‍ර වන තරඟකාරිත්වයට මුහුණපා සිටිද්දී එම රාමුව දැන් බිඳ වැටෙමින් පවතී.

නෛතිකභාවයේ මවාපෑමේ සිට බලය පිළිබඳ “අයෝමය නීතිය” දක්වා

මෙම ප්‍රහාරයෙන් සංකේතවත් වන්නේ, පැරණි යටත් විජිත, ඒවායේ සම්පත් සහ ලාභ ශ්‍රමය ආදියේ ‘සාමකාමී’ නව-යටත් විජිතමය කොල්ලය සඳහා අන්තර්-අධිරාජ්‍යවාදී සමථය වෙනුවෙන් සේවය කළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති සම්මතයන්, ස්වෛරීභාවයේ ආරක්ෂාවන්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය වැනි පශ්චාත්-යුධ නීතිමය සීමාවන් ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අතහැර දැමීමයි. ඓතිහාසිකව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසි විටෙකත් මෙම ජාත්‍යන්තර සීමාවන්ගෙන් සීමා වීමට කැමති වූයේ නැත. අද දින  එක්සත් ජනපද පරිපාලන නිලධාරීහු එවැනි සීමාවන් පෙර නොවූ විරූ විවෘතභාවයකින් බැහැර කරති. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff) ස්ටීවන් මිලර්, ජාත්‍යන්තර නීතිය හුදෙක් “ජාත්‍යන්තර ආචාරශලී චර්යාවන්” ලෙස බැහැර කරමින් ප්‍රකාශ කළේ: “අපි ජීවත් වන්නේ ශක්තියෙන් පාලනය වන, බලහත්කාරකම්න් පාලනය වන, බලයෙන් පාලනය වන ලෝකයකයි” ලෙසය. [5] මිලර් පැහැදිලිවම පැවසුවේ “ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව පාලනය කරයි… අපි බලයේ සිටින්නේ, එක්සත් ජනපද හමුදාව රටින් පිටත රදවා ඇති බැවිනි. සීමාවන් සහ කොන්දේසි අපි පනවමු.” [6]

මෙය නියෝජනය කරන්නේ සීමාව ඉක්මවවූ වාචාල කියුම් නොව මිලිටරි මෙහෙයුම් හරහා පනවන ලද රජයේ මූලධර්මයි. මිලර්ගේ සූත්‍රගත කිරීම්, “ජන වර්ගයන් සහ ජන වාර්ගික-රාජ්‍ය ගැටුම් සම්බන්ධව ‘සොබාදහමේ යකඩ නීති’ පිළිබඳ හිට්ලර්ගේ මෙයින් කැම්ප් (Mein Kampf) කෘතියෙන්  උපුටා ගන්නා ලද නාසීන්ගේ භාෂාවයි” යනුවෙන් WSWS නිවැරදිව විස්තර කළේය.[7] දැනට සිටින රාජ්‍ය නායකයෙකු වන මධුරෝව–ඔහුගේ අනන්‍යතා ප්‍රකාශය සම්පූර්ණ කිරීමට පවා අවස්ථාව ප්‍රතික්ෂේප කර “යුද සිරකරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කර මාංචු දමා–ෆෙඩරල් අධිකරණය ඉදිරියට ප්‍රදර්ශනයේ ගෙනයාමේ මෑන්හැටන් සංදර්ශනය ස්වෛරී ජාතියක් අවමානයට ලක් කරන අතරම ව්‍යාජ නීතිමය රංගනයක් හරහා පැහැර ගැනීම නීත්‍යානුකූල කිරීම අරමුණු කරයි. [8]

අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් නියාමනය කිරීමට සහ නව යටත් විජිත සූරාකෑම සඳහා නීත්‍යානුකූලභාවයේ ආවරණයක් සැපයූ පශ්චාත්-යුධ ආයතන, උග්‍ර ධනේශ්වර අර්බුදයක තත්වයන් යටතේ, කොල්ලකෑමට බාධාවක් බවට පත්ව ඇත. එම පිළිවෙල බිඳ වැටී ඇත. මොන්රෝ මූලධර්මයේ රූස්වෙල්ට් අනුෂංගය විස්තාපනය කරන, “ඩොන්රෝ මූලධර්මය” ලෙස ට්‍රම්ප් හඳුන්වන දෙය ඔහු විසින් කැඳවුම් කිරීම සහ “මෙය අපගේ අර්ධගෝලය යි” යන ඔහුගේ ප්‍රකාශය වොෂින්ටනය ලතින් ඇමරිකාව යටත් විජිත දේපළක් ලෙස සලකන බව පැහැදිලි කරයි. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් නේටෝ මිත්‍ර රටක් වන ඩෙන්මාර්කයට පවා තර්ජනය කිරීමට ඇති කැමැත්ත සහ වෙනිසියුලාවෙන් විදේශීය ආර්ථික හවුල්කරුවන් නෙරපා හැරීමට පැහැදිලි ලෙස නියෝග කිරීම සමඟ, එක්සත් ජනපද කතිපයාධිකාරය දැන් නීතිමය සීමාවන් පසෙකට දැමිය යුතු බාධක ලෙස සලකන බව පෙන්නුම් කරයි. ඇමරිකානු ප්‍රතිපත්ති, නග්න අධිරාජ්‍යවාදී අවශ්‍යතා හැර වෙනත් මූලධර්ම මගින් හැඩගස්වා ඇති බවට දිගු කලක් තිස්සේ පැවති ප්‍රබන්ධය දැන් එළිපිටම පසෙකට දමා ඇත.

දිග් ගැස්සුණු ආක්‍රමණ මත ගොඩනැගූ ප්‍රහාරක උත්සන්න කිරීමක්

බටහිර අර්ධගෝලය “ඇමරිකානු බලපෑම් ක්ෂේත්‍රයක්” ලෙස පැහැදිලිව නම් කර, ඒ තුල “අර්ධගෝලයෙන් බාහිර බලවතුන්ගේ” ඕනෑම මැදිහත්වීමක් වොෂින්ටනය විසින්  ප්‍රතික්ෂේප කරනු ඇති බව ප්‍රකාශ කළ දෙසැම්බර් 2025 ජාතික ආරක්ෂක මූලෝපාය නිකුත් කිරීමෙන් කෙටි කලකට පසුව වෙනිසියුලාවට මෙම ප්‍රහාරය එල්ල විය. මෙම මූලෝපායික ලේඛනය චීනය ප්‍රධාන සතුරා ලෙස හඳුනා ගත් අතර, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග පුරා මූලෝපායික සම්පත් තමන් සදහා සුරක්ෂිත කිරීමෙන් “බලශක්ති ආධිපත්‍යය” මත එක්සත් ජනපද මිලිටරි පාලනය තහවරු කිරීම අවධාරණය කළේය. වෙනිසියුලානු මැදිහත්වීම මෙම මූලධර්මයේ සමාරම්භක ක්‍රියාත්මක කිරීම නියෝජනය කරයි.

මධුරෝ පැහැර ගැනීම හමුදා පීඩනයේ සහ ආර්ථික ගෙල සිර කිරීමේ අඛණ්ඩ ව්‍යාපාරයක් සම්පූර්ණ කළේය. 2025 පුරාම, එක්සත් ජනපදය කැරිබියන් මුහුදේ දැවැන්ත නාවික හමුදාවක් එක්රැස් කර, වෙනිසියුලානු යාත්‍රාවලට නැවත නැවතත් මාරාන්තික ප්‍රහාර එල්ල කර, තෙල් ප්‍රවාහන නෞකා අල්ලා ගත් අතර, ක්‍රියාකාරී නාවික නිරෝධායනයක් පැනවීය–මේවා යුද ක්‍රියා වූවා මෙන්ම සැබෑ ලෙස ම වටලෑමක් (blockade) විය. 2025 දෙසැම්බර් අග දී, CIA සංවිධානය වෙනිසියුලානු භූමියට පළමු ප්‍රහාරය එල්ල කළේ වරාය පහසුකමක් ඉලක්ක කර ගනිමිනි. ජනවාරි මුල වන විට, හමුදා රැස්කිරීම කූටප්‍රාප්තියට පැමිණ තිබූ අතර, විශේෂ බලකායන් මධුරෝගේ වාස භූමියේ ආකෘති භාවිතා කරමින් ප්‍රහාරය පෙරහුරු කලහ; ට්‍රම්ප්  නත්තලට පෙර අවසන් මෙහෙයුම අනුමත කළේය.

මෙම ගමන් පථය හිතාමතාම සිදු කළ ප්‍රහාරාත්මක උත්සන්න කිරීමේ ඉණිමඟක් ඉහළට ගමන් කළේය: මදුරෝ විසින් කළමනාකරණය කිරීමට උදව් කළ  සහ මුදුනේ සිට මෙහෙයවන ලද  බවට රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කළ  “සූර්යයන්ගේ කාටලය” විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම, මදුරෝගේ පවුල සහ තෙල් නැව්ගත කිරීම් ඉලක්ක කරගත් සම්බාධක පුළුල් කිරීම, 2007 දී එක්සත් ජනපද සමාගම් වලින් අත්පත් කරගත් ජනසතු කළ වත්කම් ආපසු ලබා දෙන ලෙස බල කිරීම සහ අවසානයේ සෘජු මිලිටරි ප්‍රහාරය. විපක්ෂයට මහජන සහයෝගයක් නොමැතිකම හේතුවෙන් දේශපාලන කුමන්ත්‍රණයක් මෙහෙය වීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව පමණක් සෘජු මිලිටරි මැදිහත්වීමක් මගින්  සිදු කරන ලද පාලන තන්ත්‍ර වෙනසක් සහ සම්පත් අත්පත් කර ගැනීම සඳහා ක්‍රමානුකූල සූදානම මෙම රටාවෙන් හෙළි වේ.

ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවය සහ රෝස උදම් රැල්ල

මෙම වැටලීම මගින් ලතින් ඇමරිකාවේ ජාතික ධනේශ්වරයේ පන්ති ස්වභාවය සහ දේශපාලන බංකොලොත්භාවය ශල්‍යකර්ම නිරවද්‍යතාවයෙන් හෙළිදරව් විය. බ්‍රසීලයේ ලූලා ද සිල්වා, මෙක්සිකෝවේ ක්ලෝඩියා ෂයින්බෝම්, කොලොම්බියාවේ ගුස්ටාවෝ පෙට්‍රෝ සහ අනෙකුත් “රෝස උදම් රැල්ල” (“Pink Tide”) නායකයින්, අධිරාජ්‍යවාදයෙන් බිඳී යාමෙන් හෝ මහජන විරෝධය බලමුලු ගැන්වීමෙන් ප්‍රවේශමෙන් වැළකුණු ඇල්මැරුණු හෙලාදැකීම් ඉදිරිපත් කළහ. WSWS ලේඛනගත කළ පරිදි, “ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කිරීම කෙරෙහි ලතින් ඇමරිකානු ධනේශ්වරයේ සියලුම කොටස්වල කුණු වූ සහ ප්‍රතිගාමී ප්‍රතිචාරය, අධිරාජ්‍යවාදී යුගයේ සියලු ජාතිකවාදී ඉදිරිදර්ශනවල අප්‍රමාණවත් බව පිළිබඳ සාක්ෂියක් ලෙස කම්කරු පන්තිය විසින් ගත යුතුය.”[9]

දකුණු ආසියාව පුරාම ද බියගුලුකමේ සහ පාවාදීමේ මෙම එකම රටාව ඉස්මතු විය. ශ්‍රී ලංකාවේ, ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී) ජනවාරි 4 වන දින එක්සත් ජනපද ප්‍රහාරය හෙළා දකිමින් සහ ස්වෛරීභාවය පිළිබඳ “මෙම මූලධර්මය බලවත් රටවලට උල්ලංඝනය කිරීමට අයිතියක් නැත” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ජාතික ජන බලවේග (එන්පීපී) රජය කැපී පෙනෙන ලෙස වෙනස් ස්ථාවරයක් ගත්තේය. ජේවීපී දේශපාලන මණ්ඩල සභිකයෙකු වන විදේශ අමාත්‍ය විජිත හේරත්, පක්ෂය සහ එන්පීපී රජය අතර පැහැදිලිව  බෙදුම් කඩනයක් සිදු කරමින්, “දේශපාලන පක්ෂවලට තමන්ගේම මත තිබිය හැකි” අතර, රජය “සියලු පාර්ශවයන් නියෝජනය කරන” බවත් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් හරහා ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශ කළේය. විදේශ අමාත්‍යාංශ නිල ප්‍රකාශය, ආක්‍රමණිකයා නම් කිරීම හෝ මහජන විරෝධය බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කරන රාජ්‍ය තාන්ත්‍රික මගහැරීමේ භාෂාවෙන්, “සංවාදය” සහ “සාමකාමී විසඳුමක්” ඉල්ලා සිටින අතර “ගැඹුරු කනස්සල්ලක්” ප්‍රකාශ කළේය. මෙම භේදය ධනේශ්වර ජාතිකවාදී පාලනයේ හදවතේ ඇති මූලික ප්‍රතිවිරෝධතාව හෙළි කරයි: වරක් අධිරාජ්‍ය විරෝධී ලෙස පෙනී සිටි පක්ෂය දැන්, අධිරාජ්‍යවාදී ආර්ථික හා මිලිටරි සැකසුම් වලට එහි ඒකාබද්ධතාවය අනතුරේ හෙළනු ඇතැයි යන  බිය දරා ගනිමින් වොෂින්ටනය සහ නවදිල්ලිය සමඟ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ආරක්ෂා කරයි.

ඉන්දියාවේ මෝදි රජය ඊටත් වඩා අන්ත වහල්භාවයක් පෙන්නුම් කළේය. ප්‍රහාරයෙන් පැය 24 කට වඩා පසු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් “ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කළ නමුත් එක්සත් ජනපදය නම් කිරීම හෝ හමුදා ප්‍රහාර හෙළා දැකීම කැපී පෙනෙන ලෙස මග හැරියේය. ජනවාරි 04 වන දින ඉන්දියාවේ ප්‍රතිචාරය වොෂින්ටනය නම් කිරීමෙන් ප්‍රවේශමෙන් වැළකී, ඒ වෙනුවට “සංවාදය හරහා සාමකාමීව ගැටළු විසඳා ගැනීමට අදාළ සියලු දෙනාටම” නොපැහැදිලි ලෙස ඉල්ලා සිටියේය. මෝදි රජයේ ගණනය කිරීම විනිවිද පෙනෙන සුළුය: ට්‍රම්ප් සමඟ වෙළඳ සාකච්ඡා, ONGC (ඉන්දීය රජය සතු විශාල තෙල් සමාගම) වෙත ගෙවිය යුතු වෙනිසියුලානු තෙල් ගෙවීම් සඳහා විභව ප්‍රවේශය සහ වොෂින්ටනය සමඟ මූලෝපායික හවුල්කාරිත්වය අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහි ඕනෑම ප්‍රතිපත්තිමය විරුද්ධත්වයකට වඩා ප්‍රමුඛත්වය ගනී.

පකිස්ථානයේ මිලිටරි ආධිපත්‍යය දරන තන්ත්‍රය සහ බංග්ලාදේශයේ එක්සත් ජනපදයේ සහාය ලත් අන්තර්කාලීන රජය, කිසිදු හෙළා දැකීමේ ප්‍රකාශයක් ඉදිරිපත් නොකර, පුරෝකථනය කළ හැකි නිහඬතාවයක් පවත්වා ගත්හ. දකුණු ආසියාව පුරා, ධනේශ්වර ජාතිකවාදී පක්ෂ සහ ආණ්ඩු–ඒවා වාම-ප්‍රගතිශීලී, හින්දු-ස්වෝත්තමවාදී හෝ ඉස්ලාම්වාදීන් ලෙස පෙනී සිටියත්–අධිරාජ්‍යවාදයේ නිරුවත් බලය ප්‍රකාශ කිරීමට මුහුණ දුන් විට එයට එරෙහි වීමට ඔවුන්ගේ ඓන්ද්‍රීය නොහැකියාව පෙන්නුම් කළහ.

මෙය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සහ පරායත්ත රටවල ජාතික ධනේශ්වර පන්තියට අධිරාජ්‍ය විරෝධී හෝ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ඉදිරියට ගෙන යාමට ඇති නොහැකියාව පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය සනාථ කරයි. ප්‍රතිඵල සහ ශක්‍යතා (Results and Prospects -1906) සහ නොනවතින විප්ලවය (The Permanent Revolution-1928) යන කෘති තුළ, පසුගාමී රටවල ධනවාදයේ ප්‍රමාද වූ සංවර්ධනය, අධිරාජ්‍යවාදයට සහ ඉඩම් හිමි දේපළට ඓන්ද්‍රීයව බැඳී ඇති ධනේශ්වරයක් නිපදවන බවත්, එම පන්තිය ස්වාධීන කම්කරු පන්ති බලමුලු ගැන්වීමට බිය වන බවත්, එබැවින් විදේශ ආධිපත්‍යයට එරෙහිව අරගලයට නායකත්වය දීමට නොහැකි බවත් ට්‍රොට්ස්කි පෙන්නුම් කළේය. රෝස උදම් රැල්ල නියෝජනය කරන්නේ ලතින් ඇමරිකානු ධනේශ්වර ජාතිකවාදයේ ගැලපී ගැනීමේ (accommodation) සහ පාවාදීමේ ඉතිහාසයේ නවතම පරිච්ඡේදය පමණි.

දක්ෂිණාංශික සහ ෆැසිස්ට් ආන්ඩු තවත් ඉදිරියට ගොස්, ප්‍රහාරය විවෘතව සැමරූහ. 2023 ජනවාරි 8 වන දින බ්‍රසීලියාවේ කුමන්ත්‍රණ උත්සාහයේ නිර්මාපකයින් වූ බ්‍රසීලියානු අන්ත දක්ෂිණාංශිකයෝ, අලුතින් වාසිදායක ජාත්‍යන්තර තත්වයන් යටතේ තමන්ගේම ඒකාධිපති අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා මෙහෙයුම අල්ලා ගත්හ. කොලොම්බියානු ජනාධිපති පෙට්‍රෝට එරෙහිව ට්‍රම්ප්ගේ තර්ජන–”ඔහු තම පශ්චාත් භාගය ප්‍රවේශම් කරගත යුතුය” –සහ කියුබාව සහ නිකරගුවාව ඔහුගේ පරිපාලනය ඉදිරියේ “නොනැසී පවතිනු නැත” යන ප්‍රකාශයන් සංඥා කරන්නේ වෙනිසියුලානු මෙහෙයුම අර්ධගෝලය පුරා අසීමිත ප්‍රචණ්ඩත්වය සඳහා පූර්වාදර්ශයක් ස්ථාපිත කරන බවයි.[10]

ව්‍යාජ-වමේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව

ජාත්‍යන්තර නීතිය, රාජ්‍ය තාන්ත්‍රික ආයතන හෝ ප්‍රතිවාදී ධනේශ්වර බලවතුන් සමඟ සන්ධාන තුළ අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය ස්ථානගත කරන ව්‍යාජ-වාම ප්‍රවාහයන්, ප්‍රතිසංස්කරණවාදී පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන වෛෂයිකව ප්‍රති-විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කරයි. ඔවුහු මහජන කෝපය ධනේශ්වර දේපළ සබඳතා සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට මූලික වශයෙන් අත නොතබන බෙලහීන ආයාචනා සහ ජාතික මූලෝපායන් වෙතට තල්ලු කරති.

ජර්මනියේ වාම පක්ෂය (Left Party) මෙම ප්‍රවණතාවය නිදර්ශනය කළේය. ට්‍රම්ප්ගේ ක්‍රියා “රාජ්‍ය ත්‍රස්තවාදය” ලෙස රූපිකව හෙළා දකින අතරම, තම විවේචනය යොමු කළේ අධිරාජ්‍යවාදයට එරෙහිව නොව, යුරෝපය තමන්ගේම මහා-බලවත් අභිලාෂයන් වඩාත් ආක්‍රමණශීලී ලෙස ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම දෙසට ය. WSWS විශ්ලේෂණය කළ පරිදි, වාම පක්ෂය “චාන්සලර් මර්ස් විවේචනය කරන්නේ වමේ සිට නොව දකුණේ සිට” ය. එය, එක්සත් ජනපදයට එරෙහිව සම්බාධක පැනවීමට සහ ඇමරිකානු ක්‍රියාමාර්ගවලට එරෙහිව “සංයුක්ත යුරෝපීය සැලැස්මක්” කැඳවුම් කරමින්, එමඟින් “ජර්මානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය සඳහා ආක්‍රමණශීලී ක්ෂමාලාපකයින්” ලෙස ක්‍රියා කළේය. [11] ජාත්‍යන්තරව ව්‍යාජ-වාම සංවිධාන හරහා සමාන ‍රටා පෙන්නුම් කළ අතර, ඒ සෑම එකක්ම තමන්ගේ ජාතික ධනේශ්වරයේ භූ දේශපාලනික අවශ්‍යතාවලට කම්කරු පන්තියේ විරෝධය යටත් කළේය.

ධනේශ්වර ආයතනවලට ආයාචනා කිරීම හරහා අධිරාජ්‍යවාදය මැඩපැවැත්විය හැකි බවත්, “බහු ධ්‍රැවීය” ධනවාදී තරඟය ප්‍රගතිශීලී විකල්ප ඉදිරිපත් කරන බවත්, අනන්‍යතා දේශපාලනය හෝ ප්‍රතිසංස්කරණවාදී පාර්ලිමේන්තුවාදය ස්වාධීන පන්ති අරගලය වෙනුවට ආදේශ කළ හැකි බවත් ලෙස මෙම ප්‍රවනතා මාරාන්තික මිත්‍යාවන් ප්‍රචාරය කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරණය කළ පරිදි, “යුද්ධයට එරෙහි අරගලය එහි හේතුවට–එනම් ධනවාදය–එරෙහි අරගලයට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. පෞද්ගලික ලාභයට නොව සමාජ අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට ධනවාදය ජය ගැනීම සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණින් කම්කරු පන්තිය විසින් එය මෙහෙයවිය යුතුය.”[12]

දේශීය මානය: විදේශයන්හි යුද්ධය, රට තුල ඒකාධිපතිත්වය

විදේශයන්හි මිලිටරිවාදයට හැරීම දේශීය වශයෙන් ඒකාධිපතිත්වය තහවුරුකිරීම හා වෙන් කළ නොහැකි ලෙස සමගාමී වේ. WSWS මෙම අත්‍යවශ්‍ය සම්බන්ධතාවය හඳුනා ගත්තේය: “මධුරෝ පැහැරගැනීමේදී ප්‍රකාශිත වන එම අනීතික බව, එම අනුකම්පා විරහිත බව, එම අපරාධකාරී බව, රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම්–සමූහ පිටුවහල් කිරීම්, මාධ්‍යයට පහරදීම්, සිවිල් සේවයෙන් පහ කිරීම්, ජනගහනයට එරෙහිව හමුදාව යෙදවීම–මගින් ප්‍රකාශ වේ.”[13] අනවරත යුද්ධයන්ට මුදල් සපයන අතර ඒවා පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීමට යොදා ගන්නා අතරම සමාජ කෝපය පාලක පන්තියට එරෙහිව නොව පිටතට යොමු කරයි.

මෙම රටාව කතිපයාධිකාරයේ වෛෂයික අවශ්‍යතාවය පිළිබිඹු කරයි. මාක්ස් පෙන්නුම් කළ පරිදි ධනවාදයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා, බාහිර ප්‍රසාරණය සහ අභ්‍යන්තර මර්දනය යන දෙකම ජනනය කරයි. “වංචාව, සමපේක්ෂනය සහ කොල්ලකෑම හරහා තම ධනය රැස් කරගත් සාපරාධී කතිපයාධිකාරයක් ට්‍රම්ප් නියෝජනය කරයි…ඇමරිකානු පාලක පන්තියේ මෙම තෝරාගත්  මෙවලම, ප්‍රජාතන්ත්‍රවාදී හෝ නීතිමය ක්‍රම මගින් තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කතිපයාධිකාරිය විසින් වමනය කරන ලද මැරයෙකි.”[14] එකවර වෙනිසියුලාවට පහර දීම සහ දේශීය වශයෙන් ඒකාධිපති පියවර වේගවත් කිරීම, ගැඹුරු වන අර්බුදයට මුහුණ දෙන මූල්‍ය ප්‍රාග්ධනයේ ඒකාබද්ධ වූ පන්ති අවශ්‍යතා  ප්‍රකාශ කරයි.

විප්ලවීය කර්තව්‍යයන් සහ ඉදිරි මාවත

වෙනිසියුලාවට එල්ල කරන ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ධනවාදයට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකි බවයි. ආරක්ෂක පියවරයන් ගැනීම හදිසි වේ: මහා යුද විරෝධී ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීම, මිලිටරි සූදානමට විරුද්ධ වීම සඳහා සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම, විශේෂයෙන් එක්සත් ජනපද කම්කරුවන් සහ ඔවුන්ගේ ලතින් ඇමරිකානු පන්ති සහෝදර සහෝදරියන් අතර කම්කරුවන්ගේ සහයෝගීතාවයේ ජාත්‍යන්තර සබඳතා ඇති කිරීම ආදී ක්‍රියාමාර්ග ඒ අතර වේ.

නමුත් ආරක්ෂක පියවර විප්ලවවාදී ඉදිරිදර්ශනයට සම්බන්ධ විය යුතුය. බැංකු සහ බහුජාතික සමාගම් අත්පත් කර ගැනීම, කම්කරු කවුන්සිල සහ කම්කරු ආණ්ඩු පිහිටුවීම, ජාත්‍යන්තර සමාජවාදී විකල්පයක් මෙහෙයවීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛා ගොඩනැගීම–මේවා සෑම තැනකම පීඩිත ජාතීන් සහ වැඩ කරන ජනතාවගේ එකම යථාර්ථවාදී ආරක්ෂාවයි. WSWS සඳහන් කළ පරිදි: “පිළිතුර විය යුත්තේ 2026 පන්ති අරගලයේ සහ සමාජවාදය සඳහා මහජන ව්‍යාපාරයක වර්ධනයේ වසරක් බවට පත් කිරීමයි. යුද්ධයට එරෙහි සටන එය උත්පාදනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනකි.” [15]

විප්ලවවාදී අරගලය සඳහා වෛෂයික කොන්දේසි අසාමාන්‍ය වේගයකින් පරිණත වෙමින් පවතී. එක්සත් ජනපදය පුරා, මධුරෝ පැහැර ගැනීම කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල කම්කරුවන් අතර පුළුල් කෝපයක් සහ සැලකිල්ලක් ඇති කර තිබේ. මෙම විරුද්ධත්වය ස්වාධීන පන්ති පදනම් මත සංවිධානය කළ යුතු අතර, ධනවාදයේ පාලනය සුරක්ෂිත කරන ධනේශ්වරයේ සහ ව්‍යාජ-වමේ සියලු කොටස් ප්‍රතික්ෂේප කළ යුතුය. ලතින් ඇමරිකානු කම්කරුවන් “තමන්ගේම” ජාතික ධනේශ්වරය දෙසට නොව අධිරාජ්‍යවාදය පෙරලා දැමීමේ ඒකාබද්ධ අරගලයකදී ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් දෙසට නැඹුරු විය යුතුය.

මාක්ස්වාදී වැඩපිළිවෙලකින් සහ ජාත්‍යන්තර කමිටුව තුළ මූර්තිමත් වන ඓතිහාසික පාඩම් වලින් සන්නද්ධ වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හරහා පමණක්, ම්ලේච්ඡත්වයට හා සමූලඝාතනයට ඇද වැටීම නැවැත්විය හැකි අතර ලෝක සමාජවාදී විප්ලවය හරහා සැබෑ මානව විමුක්තිය සඳහා කොන්දේසි නිර්මානය කළ හැකිය.

යොමුව:

[1] “Oppose Trump’s criminal invasion of Venezuela! Release Maduro!” WSWS, 4 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/04/avdu-j04.html>

[2] “US imperialist bandits parade kidnapped Maduro in show trial,” WSWS, 6 January 2026

[3] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/07/erjx-j07.html>

[4] “After Venezuela attack: White House threatens Venezuelan acting president, Cuba and Greenland,” WSWS, 5 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/05/crzb-j05.html>

[5] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026

[6] Ibid.

[7] Ibid.

[8] “US imperialist bandits parade kidnapped Maduro in show trial,” WSWS, 6 January 2026 , <https://www.wsws.org/en/articles/2026/01/06/zyve-j06.html>

[9] “Latin America’s bourgeois governments bow to US attack on Venezuela,” WSWS, 6 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/06/slwp-j06.html>

[10] “Oppose Trump’s criminal invasion of Venezuela!” WSWS, 4 January 2026

[11] “After Trump’s attack on Venezuela: Germany’s Left Party supports European imperialism,” WSWS, 7 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/07/sfqt-j07.html>

[12] Ibid.

[13] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026

[14] Ibid.

[15] “Oppose Trump’s criminal invasion of Venezuela!” WSWS, 4 January 2026

වෙනිසියුලා ආක්‍රමණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යයක් Read More »

Epstein

එප්ස්ටයින් ලිපිගොනු ඇමරිකානු කතිපයාධිකාරයේ සාපරාධීත්වය හෙළි කරයි

ජේකබ් ක්‍රොස් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 02 දින ‘Epstein files reveal criminality of American oligarchy’ යන හිසින් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Epstein
1997 අප්‍රේල් මාසයේදී නිව් යෝර්ක් නගරයේ පැවති වික්ටෝරියාස් සීක්‍රට් “දේවදූතයන්” සාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් (වමේ) ජෙෆ්රි එප්ස්ටයින් සහ බෙල්ජියම් නිරූපිකාවක් වන ඉන්ග්‍රිඩ් සයින්හේව් සමඟ. [ඡායාරූපය:  කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුව]

සිකුරාදා, අධිකරණ දෙපාර්තමේන්තුව මූල්‍යකරු සහ ලිංගික ජාවාරම්කරු ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ වීඩියෝ 2,000 කට වැඩි ප්‍රමාණයක් සහ පින්තූර 180,000 ක් ඇතුළුව ලේඛන මිලියන තුනකට වඩා නිකුත් කළේය.

මෙම ලේඛන, ලිංගික අපයෝජන සඳහා ළමයින් ජාවාරම් කරන ගණිකා සේවා ජාල පවත්වාගෙන ගිය එප්ස්ටයින්, ට්‍රම්ප්, වත්මන් ලෝකයේ ධනවත්ම මිනිසා (එලොන් මස්ක්) සහ ලෝකයේ හිටපු ධනවත්ම මිනිසා (බිල් ගේට්ස්) සමඟ සම්බන්ධ කරයි.

ලේඛනවල නම් කර ඇති අනෙක් අය අතර: එප්ස්ටයින් සමඟ ඡායාරූපවල දැක්වෙන සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳ නව ආලෝකයක් විහිදුවන විද්‍යුත් තැපැල් ලිපිවල පෙනී සිටින” හිටපු කුමරු ඇන්ඩෲ (“ආදිපාදවරයා-The Duke” ලෙස හඳුන්වනු ලැබේ); ඡායාරූප සහ සම්බන්ධතා ද්‍රව්‍යවල පෙනී සිටින බ්‍රිතාන්‍ය බිලියනපති  රිචඩ් බ්‍රැන්සන්; රැස්වීම් සහ රාත්‍රී භෝජන සංග්‍රහ පිළිබඳ කාලසටහන් සහ ලිපි හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හාවඩ් අධිපති ලෝරන්ස් සමර්ස්; 2008 දී වරදකරු වීමෙන් පසුව පවා එප්ස්ටයින්ගේ නිව්යෝර්ක් මන්දිරයේ රැඳී සිටි බව විස්තර කරන හිටපු ඊශ්‍රායල අගමැති එහුඩ් බරක් (Ehud Barak); සහ එප්ස්ටයින් විසින් ඔහුට කාන්තාවන් සැපයීමට කටයුතු කරන ආකාරය විස්තර කරන ඊමේල්වල ඇතුළත් “නිව්යෝර්ක් ජයන්ට්ස්” හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්.

අනෙක් අය අතර හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් සහ එප්ස්ටයින්ගේ සම්බන්ධතා පොත්, ගුවන් ගමන් ලොග් සහ අභ්‍යන්තර සන්නිවේදනයන් හි නම් ඇතුළත් වන, පුළුල් පරාසයක බිලියනපතියන්, මූල්‍යකරුවන්, කීර්තිමත් පුද්ගලයින් සහ නිලධාරීන් ඇතුළත් වේ. නම් කර ඇති සමහර  දෙනෙක් වරද ප්‍රතික්ෂේප කරන අතර අහඹු සම්බන්ධතා පමණක් පිළිගනිති. නමුත්, ලිපිගොනු එප්ස්ටයින්ගේ අපරාධ ව්‍යාපාරය වටා කක්ෂගතව සිටි තදින් අන්තර් සම්බන්ධිත ගෝලීය ප්‍රභූ පැලැන්තියක බියකරු චිත්‍රයක් සපයයි.

එප්ස්ටයින් දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ලිංගික ජාවාරම් මෙහෙයුමක් පවත්වාගෙන ගිය මූල්‍යකරුවෙකු වූ අතර, ඔහු සහ ඔහුගේ ධනවත් සහ බලවත් සහචරයින් සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් සැපයුවේය. 2008 දී ෆ්ලොරිඩාවේ ගණිකා සේවාව සඳහා බාලවයස්කරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු, එප්ස්ටයින්ට, පසුව ට්‍රම්ප්ගේ කම්කරු ලේකම් (ඇමති) ලෙස සේවය කළ ඇලෙක්ස් ඇකෝස්ටා විසින් පිළියෙළ කරන ලද වාසි සහගත ගනුදෙනුවක් පිරි නැමිණි.

නඩු පවරන්නන්, වින්දිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබියදීත්, මෙම ගනුදෙනුව මගින් එප්ස්ටයින්ට වැඩ සදහා නිදහස් කිරීමක් සහිතව ප්‍රාන්ත බන්ධනාගාරයක මාස 15 ක් රැඳවුමක් පමණක්  ලැබුණි. ඩේලි බීස්ට් හි 2019 වාර්තාවකට අනුව, ඇකෝස්ටා ට්‍රම්ප්ගේ සංක්‍රාන්ති නිලධාරීන්ට පැවසුවේ තමන් එම ගනුදෙනුව  සකස් කළේ “එප්ස්ටයින් ‘ඔහුගේ වැටුප් ශ්‍රේණියට වඩා ඉහළින්’ (‘අත ගැසීමට සුදුසු නොවන තරම් ඉහලින්) සිටින බැවින්  ඔහුට පසුබහින ලෙස ඔහුට කියා තුබූ” නිසා බවයි.” ඇකෝස්ටා මෙසේ පැවසූ බව වාර්තා වේ: “එප්ස්ටයින් ‘බුද්ධි අංශයට අයත්’ බවත් එය අත් හැර දමන ලෙසත් මට පැවසුවා.”

2019 ජූලි මාසයේදී ෆෙඩරල් ලිංගික ජාවාරම් චෝදනා මත එප්ස්ටයින් නැවතත් අත්අඩංගුවට ගන්නා ලදී. 2019 අගෝස්තු 10 වන දින මැන්හැටන්හි මෙට්‍රොපොලිටන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ ඔහුගේ සිර මැදිරිය තුළ ඔහු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. රජය සහ මාධ්‍ය කිසිදු බැරෑරුම් පරීක්ෂණයකින් තොරව වහාම එය සියදිවි නසාගැනීමක් ලෙස තීන්දු කළේය.

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත්, ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ව්‍යාපාරික නායකයින් අතර එප්ස්ටයින්ගේ සේවාදායකයින් කිසිවෙකු වරදකරුවන් කිරීම කෙසේ වෙතත්, ඔවුන් එක් අයෙකුටවත් එරෙහිව චෝදනාවක් වත් එල්ල වී නැත.

ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට විශාලතම තනි පරිත්‍යාගශීලියා වන මස්ක් ගේ නම නිකුතුව පුරාම දැකිය හැකි අතර, ඔහුගේ නම 1,000 වතාවකට වඩා සඳහන් වී ඇත. බාලවයස්කරුවන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එප්ස්ටයින් වරද පිළිගෙන තිබීයදීත්, ඉන් වසර හතරකට පසු 2012 නොවැම්බර් මාසයේදී,   මස්ක් ඔහුට විද්‍යුත් තැපෑලක් යවමින්, “ඔබේ දිවයිනේ පවත්වන පිස්සුම දිවා/රාත්‍රි සාදය කවදා  වේවිද?” යනුවෙන් විමසීය.

2013 දෙසැම්බර් මාසයේදී, මස්ක් නැවතත් එප්ස්ටයින් හමුවීමට උත්සාහ කරමින්, “නිවාඩු සමය තුළ (මම) BVI/St. Bart’s ප්‍රදේශයේ සිටිනු ඇත. මුණගැසීමට හොද අවස්ථාවක් තිබේද?” යනුවෙන් ලිවීය. එප්ස්ටයින් ප්‍රතිචාර දැක්වූයේ, “මම ඔබ වෙනුවෙන් හෙලිකොප්ටරයක් එවන්නම්.” එප්ස්ටයින්, මස්ක් සහ එප්ස්ටයින්ගේ සහායක ලෙස්ලි ග්‍රොෆ් අතර පසුකාලීන ඊමේල් මගින් 2014 ජනවාරි මස මුලදී දිවයිනට යන ගමන් සම්බන්ධයෙන් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පෙන්නුම් කෙරේ.

මෙම ඊමේල්, 2019 දී Vanity Fair වෙත මස්ක් කළ ප්‍රකාශයට පටහැනි වන අතර, එහිදී ඔහු එප්ස්ටයින්ගේ දූපතට එන ලෙස වූ නැවත නැවත ආරාධනා ඔහු “ප්‍රතික්ෂේප කළ” බවත් කිසි විටෙකත් සංචාරය නොකළ බවත් සඳහන් කරයි. ගිය සති අන්තයේ දී, මස්ක් ඊමේල් වාර්තා “ව්‍යාජ” ලෙසත්, ලිපිගොනු “අවධානය වෙනතකට යොමු කිරීමක්” ලෙසත් හෙළා දුටුවේය.

ගේට්ස් ද කැපී පෙනෙන ලෙස පෙනී සිටියි. 2013 දී ඇති එක් විද්‍යුත් මේල් පණිවිඩයක, එප්ස්ටීන් ගේට්ස්ව බ්ලැක්මේල් කිරීමට උත්සාහ කළ බව පෙනෙයි. 

එහිදී ගේට්ස්ගේ ලිංගාශ්‍රිත රෝගය පිළිබඳ විද්‍යුත් තැපැල් මකා දැමීමට කිරීමේ ඉල්ලීම්, මෙලින්ඩා ගේට්ස්ට රහසිගතව ලබා දීමට එප්ස්ටීන්ගෙන්  ප්‍රතිජීවක ඖෂධ සඳහා ඉල්ලීම් සහ පැහැදිලි ලිංගික විස්තර සඳහන් කර ඇත. ඩොලර් මිලියන ගණනක් දෙන ලෙසත් ඔහු වෙනුවෙන් නිවසක් මිලදී ගැනීමටත් එප්ස්ටයින් ගේට්ස්ට යෝජනා කළේය. මෙලින්ඩා ගේට්ස් පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇගේ දික්කසාදය සිදු වූයේ ඇගේ සැමියා එප්ස්ටයින් සමඟ පැවැත්වූ සම්බන්ධය නිසා බවයි. එහිදී ඇය එප්ස්ටයින් “දුෂ්ට” ලෙස විස්තර කළාය. 

2008 දී එප්ස්ටයින් වරදකරු වී වසර ගණනාවකට පසුවත්, ලිංගික සබඳතා සඳහා කාන්තාවන් ලබා ගැනීම සඳහා එප්ස්ටයින්ගේ උදව් ඉල්ලා සිටින New York Giants හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්ගේ ඊමේල්ද ලිපිගොනු අතර වේ. ලිපි හුවමාරුවලින් හෙළි වන්නේ එප්ස්ටයින් ප්‍රභූ සේවාදායකයින්ගේ දැනුම ඇතිව ජාවාරමේ ක්‍රියාකාරීව නිරත වූ බවයි. ටිෂ් යනු නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි විසින් නැවත පත් කරන ලද NYPD (නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තු) කොමසාරිස් ජෙසිකා ටිෂ්ගේ ඥාති සහෝදරයෙකි.

ලිපිගොනු එප්ස්ටයින්ගේ ජාලයේ ජාත්‍යන්තර විෂය පථය අවධාරණය කරයි. අලුතින් නිකුත් කරන ලද ඡායාරූපවලින් පෙනී යන්නේ කලින් ඇන්ඩෲ කුමරු වූ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, මුහුණ වසන ලද තරුණ කාන්තාවකගේ සිරුරට ඉහලින් බරවී සිටින ආකාරයයි. බ්‍රිතාන්‍යයේ, New Labour හි ප්‍රධාන නිර්මාතෲ වරයෙක් වන පීටර් මැන්ඩෙල්සන්ට, එප්ස්ටයින්ගෙන් ඩොලර් 25,000 ගෙවීම් තුනක් ලැබුණු බව හෙළි වීමෙන් පසු පක්ෂ භූමිකාවකින් ඉල්ලා අස්විය.

Epstein1
එප්ස්ටයින් ලිපිගොනුවල කොටසක් ලෙස අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම ඡායාරූප සමූහයේ, කලින් ඇන්ඩෲ කුමරු වූ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, නාඳුනන කාන්තාවක් මත වකුටු වී සිටී. [ඡායාරූපය: කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුව]

වාණිජ ලේකම්(ඇමති) හොවාර්ඩ් ලුට්නික් ද එප්ස්ටයින් ගෙන් දුරස්ථ වීමට උත්සාහ කළ අතර, එප්ස්ටයින්ගේ මහල් නිවාසයේ “සම්බාහන මේසයක්” දැකීමෙන් පසු 2005 දී ඔහු සබඳතා කපා දැමූ බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, ඊමේල් මගින් පෙන්නුම් කරන්නේ ලුට්නික් 2012 අගභාගයේදී තරම් , එනම් (එප්ස්ටයින්) වරදකරු වීමෙන් පසුව ද, එප්ස්ටයින් සමඟ ලිපි හුවමාරු කර ගත් බවයි. 2012 දෙසැම්බර් මාසයේ එක් විද්‍යුත් තැපෑලකට අනුව, ලුට්නික් තම පවුලේ අය සහ වයස අවුරුදු හතේ සිට 16 දක්වා දරුවන් සමඟ සංචාරය කරමින් සිටියදී කැරිබියන් වල රාත්‍රී භෝජන සැලසුම් සම්බන්ධීකරණය කළේය.

සමස්ත ආන්ඩු, බැංකු සහ සමාගම් පවත්වාගෙන යන මෙම බලගතු පුද්ගලයින් කියා සිටින්නේ එප්ස්ටයින් යනු කවුරුන්දැයි (සැබෑ ස්වභාවය) තමන් දැන නොසිටි බවයි. මොන මනස්ගාතයක් ද, හැමෝම දැන සිටියා! ඔහුගේ සම්බන්ධතාවල දැවැන්ත පරිමාණය, ඔහුගේ ජාලයේ අසාමාන්‍ය ප්‍රවේශය/පැතිරි දුර, පාලක පන්තියේම ස්වභාවය ගැන හෙළිදරව් කරයි.

ලේඛන නිකුත් කෙරුනද, නිකුත් කරන ලද දේ සහ කුමන තොරතුරු ඉවත්කර (redact) ඇත්ද යන්න ඇතුළුව, සෑම අංගයක්ම වංචාවෙන් ආවරණය වී ඇත. සිකුරාදා සවස එප්ස්ටයින්ගේ වින්දිතයින් 20 දෙනෙකු විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක, අත්සන් කරන්නන් මෙසේ ලිවීය: “ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වල මෙම නවතම නිකුතුව විනිවිදභාවයක් ලෙස අලෙවි කරනු ලැබේ, නමුත් එය ඇත්ත වශයෙන්ම කරන්නේ වින්දිතයන් හෙළිදරව් කිරීමයි. නැවත වරක්, වින්දිතයන් ගේ නම් සහ හඳුනාගැනීමේ තොරතුරු හෙළිදරව් කරමින් පවතින  අතර, අපව අපයෝජනය කළ පිරිමින් සඟවා ආරක්ෂා කර ඇත.”

වඩාත් මූලික දේශපාලන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන අතර, එය පාලක පන්තිය අතේ පැවතුනහොත්, දිගටම පිළිතුරු නොලැබෙනු ඇත. එප්ස්ටයින් ස්වාධීන ක්‍රියාකරුවෙකු නොවීය. ඔහු සේවය කළේ කාගේ අවශ්‍යතා සඳහාද? ඔහු සීඅයිඒ, මොසාඩ් හෝ වෙනත් බුද්ධි ආයතනයක් සඳහා සේවය කළේද? එප්ස්ටයින් “බුද්ධි අංශයට අයත්” බවට ඇකෝස්ටා කළ ප්‍රකාශය කිසි විටෙකත් විමර්ශනය කර නොමැත.

සම්බන්ධ වූ නිශ්චිත පුද්ගලයින්ට අමතරව, එප්ස්ටයින් අපචාරය සමාජ පන්තියක ස්වභාවය හෙළි කරයි. ඇමරිකානු කතිපයාධිකාරය පරපෝෂිතභාවය, සමපේක්ෂනය සහ වංචාව හරහා තම ධනය රැස් කරගෙන ඇත. එය, එහි සමාජ පැවැත්ම තුළ, අත්පත් කර ගැනීමේ ආකාරය තුල, ඇමරිකානු දේශපාලනයේ මුදුනේ ලැග සිටින අපරාධකාරී පන්තියකි. එහි ධනය, මූල්‍ය උපාමාරු, සංගතවල වංචා, යුද ලාභ ලැබීම සහ බිලියන සංඛ්‍යාත ජනතාව සූරාකෑමේ ප්‍රතිඵලයකි.

කතිපයාධිකාරය තමන් නීතියට ඉහළින් සිටින බවට වන හැඟීමක් දරා සිටී. ට්‍රම්ප් යනු මෙම පන්තියේ පුද්ගලාරෝපණයයි–ඔහු නිර්ලජ්ජිත ලෙස අපරාධකාරී, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අපහාස කරන, විවෘතව ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වය උසිගන්වන සහ යුද්ධයට කුමන්ත්‍රණය කරන අයෙකි. ඔහුගේ පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගැම්මකට නැති කඩදාසි කැබැල්ලක් ලෙස සලකන අතර ජාත්‍යන්තර නීතිය අදාළ නොවේ යයි සලකයි. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වචන වලින් කිවහොත්, “නිරපේක්ෂ දණ්ඩමුක්තිය” සහිතව, පුරවැසියන් හෝ පුරවැසියන් නොවන පුද්ගලයින් ඝාතනය කිරීමේ අයිතිය එය ප්‍රකාශ කරයි.

ඇමරිකානු පාලක පන්තිය දේශපාලනික, සමාජීය, නීතිමය සහ සදාචාරාත්මක පරිහානියක ගිලී සිටී. එප්ස්ටයින් අපචාරය එයට කැඩපතක් ඔසවා තබයි. 

එප්ස්ටයින් ලිපිගොනු ඇමරිකානු කතිපයාධිකාරයේ සාපරාධීත්වය හෙළි කරයි Read More »

IMG 0657

Political Report for the Week ending 31 January 2026

Compiled by SocialismAI.com 

This report synthesises and analyses the main political, geopolitical and economic developments covered by the World Socialist Web Site in the week ending 31 January 2026. It locates events within the deeper dynamics of class struggle, imperialism and the global capitalist crisis, and draws the immediate political conclusions and tasks for the international working class.

1. Imperialism on the march — preparations for new wars

The central story of the week was the open escalation of US imperialism. The Trump administration’s mounting threats and military deployments toward Iran were documented and analysed as preparations for a major new act of aggression, not isolated bellicose rhetoric. The WSWS outlined the scale and danger of the US build-up of forces, the carrier strike group deployments and the propaganda pretexts being assembled to legitimise strikes on Iran (Trump administration threatens new war against Iran). The UN Security Council posturing and Washington’s invocation that “all options are on the table” were exposed as part of a regime-change strategy that follows Washington’s recent attack on Venezuela and its abduction of President Maduro (Washington menaces Iran at UN Security Council; After Venezuela, Trump targets Iran).

From an international-class perspective, WSWS emphasises that these moves are expressions of imperialism’s strategic imperative to control resources, markets and trade routes (notably oil and gas), to attempt to subordinate rivals such as China and to shore up domestic political authority through foreign adventurism. The analysis rejects humanitarian or “democratic” pretexts and situates the drive to war in the logic of capitalist rivalry and the breakdown of lawful institutions.

2. Repression at home — war and dictatorship as two sides of capitalist rule

The week reinforced the WSWS argument that war abroad and repression at home are inseparable. Coverage tied the Trump government’s domestic assaults—paramilitary policing, the killing of migrants and threats to invoke the Insurrection Act—to the same oligarchic interests driving foreign aggression (New Year Fund appeal on the rise of dictatorship and war). The ruling class’s resort to exceptional measures is explained as an attempt to impose social discipline and to defend the profits and privileges of the financial oligarchy amid global economic turmoil.

3. Intensifying class conflict — strikes and workplace resistance worldwide

While imperialist tensions dominate geopolitics, the working class continued to push back across continents. WSWS’s regular “Workers Struggles” reports registered growing militancy: Belgian rail workers launched a five-day national strike against austerity and pension attacks; French bank employees struck over pay and restructures despite record bank profits; and hospital, education and municipal workers staged sustained actions in the UK, Italy and Africa (Workers Struggles: Europe, Middle East & Africa). In Asia and the Pacific, mass actions by gig workers, ambulance crews and casino staff testified to mounting resistance to wage cuts, precarious contracts and privatisation moves (Workers Struggles: Asia and Australia).

These labour struggles reflect the material pressures produced by austerity, inflation and corporate profit-seeking. They demonstrate the objective potential power of the working class, but WSWS warns that this potential is being squandered by union bureaucracies that isolate workers and broker sellouts.

4. Material forces driving the crisis

WSWS analyses the above dynamics as rooted in the global capitalist crisis: mounting sovereign and private debt, falling rates of profit, currency instability and the scramble for strategic raw materials. The ruling elites respond with a two-pronged strategy—intensify exploitation at home through austerity and wage suppression, and secure imperial advantage abroad via military force. The result is the simultaneous escalation of poverty, layoffs and militarism.

5. Political implications and class tasks

  • Build political independence: WSWS insists that workers must break from bourgeois parties and pseudo-left forces that either collaborate with imperialism or reduce resistance to parliamentary petitions. The only credible barrier to war and austerity is the organised power of the working class.
  • Organise rank-and-file committees: To counter union sellouts and unify struggles across workplaces and borders, the WSWS calls for the formation of rank-and-file committees and an International Workers Alliance of Rank-and-File Committees.
  • Defend democratic rights: Immediate campaigns must be mounted to oppose police militarisation, arbitrary detention and censorship; the fight for democratic rights is inseparable from the fight against war and austerity.
  • Political education and leadership: WSWS stresses the urgent need to rebuild revolutionary political leadership rooted in Marxism. Initiatives such as Socialism AI and WSWS educational work are presented as tools to equip workers and youth with theory and organisation.

6. Action guidance

Workers should link strikes and local struggles to an international political strategy: refuse austerity bargains that trade away living standards; demand immediate protections for democratic rights; and build cross-border solidarity committees to coordinate industrial and political action. To connect understanding with organised resistance, the WSWS urges workers to join efforts to build an independent socialist movement and to consider affiliating with the Socialist Equality Party’s organising work: https://www.wsws.org/en/special/pages/sep/us/join.html

— World Socialist Web Site / International Committee of the Fourth International

Political Report for the Week ending 31 January 2026 Read More »

Scroll to Top