War

Dollar

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේදී ඩොලරයේ අර්බුදය සාකච්ඡාවට බඳුන් වේ

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ‘Dollar crisis is focus of discussions at IMF meetingයන හිසින් 2025 අප්‍රේල් 30 දින පලවූ නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

එක්සත් ජනපද ඩොලරය කොයිබටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් සඳහා පසුගිය සතියේ වොෂින්ටනයේ රැස්ව සිටි ගෝලීය මූල්‍ය පද්ධතියේ නායකයින් අතර සාකච්ඡාවට ආධිපත්‍යය දැරූ ප්‍රශ්නය එයයි.

නිව් යෝර්ක් ටයිම්ස් හි කොල්බි ස්මිත්ගේ වාර්තාවක්, පැවැති වාතාවරණයෙන්  කොටසක් අසු කර ගන තිබුනි.

ලිපිය ආරම්භ වූයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින් සහ ආයෝජකයින් සමූහයකට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් කරන ලද ප්‍රකාශයන් වෙත අවධානය යොමු කිරීමෙනි. එහිදී ඔහු එක්සත් ජනපදයට “ශක්තිමත් ඩොලරයක්” අවශ්‍ය බවත් ඔවුන්ට ඒවා  සන්තකයේ රදවා ගැනුම අවශ්‍ය වනු ඇති බවත් සහතික කරමින් ඔවුන්ගේ චකිතය සන්සුන් කිරීමට උත්සාහ කළේය.

“ඩොලරය දුර්වල වීම සමග සම්පාත වූ කොටස් මිල ගණන්වල  ප්‍රචණ්ඩකාරී පැද්දීම්” සහ එක්සත් ජනපද ආන්ඩු බැඳුම්කරවලින් ආයෝජකයින් ඉවතට යෑම විසින් “ කුලප්පුව ඇවිල යාමෙන්” පසු “සමනයක්”  ලබා දීම  එහි අරමුන වූ බව ලිපිය කියා සිටියේය. 

Dollar
එක්සත් ජනපද ඩොලර් නෝට්ටු [AP ඡායාරූපය/මාර්ක් ලෙනිහාන්]

“මෙතරම් විශාල ජනකායක් ඉදිරියේ මෙම පණිවිඩය අවධාරණය කිරීම අවශ්‍ය බව බෙසන්ට් මහතා නිගමනය කිරීමේ කාරණයෙන් පෙන්නුම් කරන්නේ, දින 100 කටත් අඩු කාලයකට පෙර ට්‍රම්ප් මහතා ධවල මන්දිරයට ආපසු පැමිණීමෙන්   පසු තත්වය කෙතරම් අස්ථිර වී ඇත්ද යන්නයි. දැන් විශාල වශයෙන් මතුවන්නේ ඩොලරය සහ අනෙකුත් එක්සත් ජනපද වත්කම් (භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර ආදිය) කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය නැති වීමට පටන් ගන්නේ නම් කුමක් සිදුවේද යන්න පිළිබඳ අසහනකාරී  ප්‍රශ්නයි.”

සිටිගෘප් (Citigroup) හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නේදන් ෂීට්ස් (Nathan Sheets)  ට අනුව: ” (දැන්) මිනිසුන් පෙරටු අවස්ථාබද්ධ සැලසුම්කරණය [Scenario planning- ඉදිරියේ දී විය හැකි විවිධ අවස්ථා සඳහා සැලසුම් කරනය] කරන්නේ,  පෙර කාලයන්හි දී  සිදු නොවිය හැකි යැයි   තීරණය කළ හැකි වූ අවස්ථා හරහා වන අතර, භව්‍යතා සැලසුම්කරණයේ [contingency planning-අනපේක්ෂිත සිදුවීම් සඳහා සැලසුම්කරනය] විලාශයෙන් ඔවුන් ඒවා ඉතා බැරෑරුම් ආකාරයකට සිදු කරති”

වත්මන් කැළඹීම ගෙවී යන අවධියක් බවත්, දේවල් සමථයකට පත් වනු ඇති බවත්, වැඩි හානියක් සිදු වීමට පෙර “සාමාන්‍ය තත්ත්වයට” නැවත පැමිණෙන බවත් විශ්වාස කිරීමට නියාමකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ආයෝජකයින්  කැමතිය.

එහෙත් ඓතිහාසික විග්‍රහයකින් පෙනී යන්නේ ඉදිරි කාලය තුළ වෙළෙඳපොළේ කුමන උස් පහත්වීම් සිදු වුවද මූලික පෙරළියක් සිදුව ඇති බවයි.

ගෝලීය ආර්ථික පර්යාය  ලෙස හඳුන්වන කාල සීමාව අදියර දෙකකට වැටේ: 1945 සිට 1971 දක්වා සහ 1971 සිට අද දක්වා කාලය.

පළමු කාල පරිච්ෙඡ්දය තුළ, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය පදනම් වූයේ, 1944 බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම මත වන අතර ඒ යටතේ ඩොලරය, අවුන්සයකට ඩොලර් 35 බැගින් වූ රත්‍රන් වල පිටු බලය ඇතිව, ගෝලීය මුදල බවට පත් විය.  1930 ගණන්වල වෙළඳ පද්ධතිය බිඳ වැටී ලෝකය ප්‍රතිවාදී කණ්ඩායම්වලට බෙදී ගිය විට ඇති වූ විනාශකාරිත්වය  අවසන් කිරීම එහි අරමුණ විය.

එම ක්‍රමය 1971 අගෝස්තු 15 වන දින අවසන් වූයේ, ගෙවුම් ශේෂය සහ වෙළඳ හිඟ ශේෂය පුළුල් වීම නිසා එක්සත් ජනපදයට තම වගවීම්වලට ගරු කළ නොහැකි කොන්දේසි යටතේ ජනාධිපති නික්සන් ඩොලරයේ රන් ආධාරය ඉවත් කර ගැනීමත් සමඟ ය. එය, බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුමේ පදනම වන එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය සැලකිය යුතු ලෙස දුර්වල වෙමින් පවතින බවට ලකුණක් විය.

ප්‍රධාන මූල්‍ය කැළඹීම් සහ ඉහ වහා ගිය උද්ධමනයෙන් අනතුරුව, ඩොලරය ගෝලීය මුදල් ලෙස දිගටම ක්‍රියාත්මක විය. නමුත් එය සම්පූර්ණයෙන්ම වෙනස් පදනමක් මත සිදු විය.

තවදුරටත් එය  සැබෑ වටිනාකමේ ප්‍රතිමූර්තිය වන  රත්තරන් විසින් පිටුබලය නොලබන ලදි. එය එක්සත් ජනපද රාජ්‍යයේ මූල්‍ය බලය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය මත රැඳුණු ආඥප්ති (fiat -සැබෑ වත්කම් වල පිටුබලය නැති) මුදල් ඒකකයකි. මෙම පද්ධතිය විශාල බලපෑම් සහිත විය. 

රත්‍රන් සමඟ ඇති බැඳීම මගින් පනවන ලද සීමාවන්ගෙන් නිදහස් වූ ඩොලරය, මූල්‍ය ප්‍රාග්ධනය වෙලඳපොල මෙහෙයුම් හරහා ලාභය අත්කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, සෑම වසරකම වර්ධනය වූ දැවැන්ත ජාත්‍යන්තර ණය පද්ධතියක කේන්ද්‍රස්ථානය බවට පත් විය.

බ්‍රෙටන් වුඩ්ස් පද්ධතියේ කොටසක් ලෙස, මුදල් අනුපාත ස්ථාවර වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, එ.ජ. සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ගලායාම් සදහා  විශාල සීමා පැනවී තිබුනි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් ප්‍රධාන ආන්ඩු ඔවුන්ගේ පෙර පැවති – ඒවායින් බොහොමයක් 1930 ගනන් දක්වා දිව ගිය – නියාමන පියවර සියල්ලම පාහේ ඉවත් කිරීමත් සමඟ දැන් එවා  මුදා හැරුණි. 

මෙම ක්‍රමය, එක්සත් ජනපද රාජ්‍යයේ මූල්‍ය බලය කෙරෙහි ඇති විශ්වාසය මත රඳා පැවතුනි. එහි දේශපාලන ව්‍යුහයේ සහ නීතියේ ආධිපත්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය, ඊට නොඅඩුවම  වැදගත් විය.

දැන් ඒ සියල්ල ප්‍රශ්නයට බඳුන්ව ඇත. 

නිල මූදල් හා මූල්‍ය ආයතන සංසදයේ එක්සත් ජනපද සභාපති මාර්ක් සෝබල් ටයිම්ස් ට පැවසූ පරිදි : “පද්ධතිය තුල ඩොලරයේ භූමිකාව දෙවියන් විසින් නියම කලා  නොවේ. එය එක්සත් ජනපදයේ ගුනාංග පිළිබිඹු කිරීමකි.”

ඒවාට ඇතුළත් වන්නේ: ලෝකයේ සෙසු රටවල් සමඟ ගනුදෙනු කරන විශාල ආර්ථිකයක්; මූල්‍ය පද්ධතියේ ගැඹුරුම, වඩාත්ම ද්‍රවශීල වෙලඳපොලවල්; විශ්වසනීය මහ බැංකුවක් සහ නීතියේ ආධිපත්‍යය.

මෙම අත්තිවාරම් දෙදරා ගොස් හෝ කැඩී බිඳී යාමේ දියුණු අවධියක පවතී.

ගෝලීයකරණය වූ ආර්ථිකයක තතු තුල, විසකුරු ආර්ථික ජාතිකවාදය මත ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිය පදනම් ව  ඇති ප්‍රමාණය කොපමණ යත්, චීනය මත සියයට 145ක තීරුබදු ඉහල දැමීමත් සමග එය, එක්සත් ජනපදය සහ ලෝකයේ අංක දෙක ආර්ථිකය අතර පවුරක් බැද ඇත.

ට්‍රම්ප් නිමක් නැතිව පුනරුච්චාරණය කරන පරිදි, සතුරා එක්සත් ජනපදය “සූරාගෙන කන” ලෙස සලකන විට “අවශේෂ ලෝකය සමඟ ගනුදෙනු කිරීම” පිළිබඳ අනාගතය කුමක්ද?

“ගැඹුරුම සහ වඩාත්ම ද්‍රවශීලී වෙලඳපොලවල්” පිළිබඳ තත්ත්වය කුමක්ද? එක්සත් ජනපද බැංකු හා මූල්‍ය ආයතනවල සමපේක්ෂන ක්‍රියාකාරකම් මගින් අවුළුවන ලද 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ පටන්ම, දැන් ඩොලර් ට්‍රිලියන 29 ක් වන එක්සත් ජනපද භාණ්ඩාගාර වෙලඳපොලේ ස්ථාවරත්වය, වැඩි වන කනස්සල්ලට හේතු වී ඇත.

COVID වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේදී, වෙළඳපල ගල් ගැසුනි. ලෝකයේ සුරක්ෂිතම මූල්‍ය වත්කම යැයි කියනු ලබන එක්සත් ජනපද රජයේ නය සඳහා දින කිහිපයක් තිස්සේ ගැනුම්කරුවෝ නොසිටියහ. සම්පූර්ණ කඩා වැටීම වැළැක් වනු ලැබුවේ ඇමරිකානු ෆෙඩරල් රිසව් හි (එක්සත් ජනපදයේ මහා බැංකුව)  ඩොලර් ට්‍රිලියන ගනනක දැවැන්ත මැදිහත්වීමක් තුලින් පමනි.

සෝබෙල් විසින් හඳුනාගත් අවශ්‍ය ස්ථාවරත්වයේ ප්‍රධාන සාධකයක් වන එක්සත් ජනපද මහ බැංකුව වන ෆෙඩරල් රිසව් බැංකුවේ විශ්වසනීයත්වය, එහි සභාපති ජෙරොම් පවල් නෙරපා හැරීමට ට්‍රම්ප් විසින් කරන ලද තර්ජන සමඟ ප්‍රශ්න ගතව ඇත. එමගින් මූල්‍ය පද්ධතිය කඩා වැටෙනු  ඇති බවට අනතුරු ඇඟවීම් ලැබීමෙන් පසු ට්‍රම්ප් එම තර්ජනය ආපසු හරවා ගත් නමුත් හානිය සිදුවී හමාරය.

දැන් මතු කරමින් තිබෙන ප්‍රශ්නය වන්නේ ලබන වසරේ පවල්ගේ ධුර කාලය අවසන් වන විට ට්‍රම්ප් එම තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්නයි.  ෆෙඩරල් මහ බැංකුවේ ඊනියා “ස්වාධීනත්වය”  – එනම් උද්ධමනය මැඩ පවත්වාගෙන යාම සදහා වන මූල්‍යයේ [මූල්‍ය අධිකාරිත්ව යේ] ඉල්ලීම්වලට ස්ථිරසාරව  අනුගත වීම – ආරක්ෂා කරන්නෙක්ද, නැතහොත් ඕනෑම දිනක ඔහු පවසන දේ කුමක් වුවත් ට්‍රම්ප් පසු පස්සේ ඇදී යන අයෙක් ද?

“නීතියේ ආධිපත්‍යය” සම්බන්ධයෙන් ගත් කල, එය දිනපතා කුණු කූඩයට දමමින් තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් තමන් නීතියට ඉහළින් සිටින බව ප්‍රකාශ කරමින්, උසාවි නියෝග නොතකමින්, විනිසුරුවන් අත්අඩංගුවට ගැනීම පවා ආරම්භ කර ඇති හෙයිනි.

ට්‍රම්ප් සිය ආර්ථික යුද්ධය ලෝකයට එරෙහිව මුදා හරින ලද “විමුක්ති දිනයේ” සිට ගත වූ මාසය තුළ පුපුරා ගිය වත්මන් කැලඹීම තුළ, මූල්‍ය කවයන් තුළ වඩාත්ම කනස්සල්ලට හේතු වී ඇත්තේ දිගුකාලීනව ස්ථාපිත වූ ප්‍රවණතාවක් ආපසු හැරීම හේතුවෙනි.

වසර 40කට පමණ පෙර 1987 ඔක්තෝම්බර් කොටස් වෙලඳපොල කඩාවැටීම දක්වා ආපස්සට යන පසුගිය කාලපරිච්ඡේදයේ බොහෝ කුණාටු, ආරක්ෂිත තෝතැන්නක් සොයා එක්සත් ජනපද ඩොලරය සහ ඇමරිකානු මූල්‍ය වත්කම් වෙත ගමන් කිරීම මගින් සංලක්ෂිත විය.

මෙම අවස්ථාවේ දී එසේ නොම විය. ඒ වෙනුවට, එක්සත් ජනපද භාන්ඩාගාර නය විකුණා දැමීමක් සිදුවී ඇති අතර, පලදාවන් (yields) ඉහල යාමට නැතහොත් පොලී අනුපාත ඉහල යාමට තුඩුදී ඇත (පොලී අනුපාත සහ බිල්පත් මිල යන මේ දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි) සහ ජාත්‍යන්තර මුදල් වෙලඳපොලවල ඩොලරය දිගටම පහත වැටී ඇත.

ටැම්පා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය විවේකානන්ද ජයකුමාර විසින් ද හිල් (The Hill ) හි පළ කළ ලිපියක,  සඳහන් කළ පරිදි “පෙළපොත් දෘෂ්ටිකෝණය” වූයේ [පොතේ හැටියට නම්], එක්සත් ජනපදය විසින් තීරුබදු පැනවීම ඩොලරය ශක්තිමත් කරනු ඇති බව ය.

“එහෙත් යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇත … ජීවමාන මතකයේ පළමු වතාවට, ඇමරිකානු ඩොලරය යනු, අර්බුදකාරී කාල පරිච්ඡේදවලදී සහ දැඩි අවිනිශ්චිතතාවයේ අවස්ථාවන්හිදී ලොව පුරා ආයෝජකයින් විසින් ස්වයංක්‍රීයව සොයා යන  ‘ආරක්‍ෂාව කරා  පියෑඹීමේ’ මුදල නොවේ.”

ඇත්ත වශයෙන්ම, මූල්‍ය වෙලඳපොලවල අතිමහත් මනෝභාවය “ඇමරිකාව විකුණන්න” [එක්සත් ජනපද ඩොලර්  සහ වත්කම් විකිණීම] යන්නයි.

දිගුකාලීන ඉතිහාසඥයෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ශිෂ්‍යයෙකු වන බැරී අයිකන්ග්‍රීන් (Barry Eichengreen) ටයිම්ස් වෙත මෙසේ පැවසීය: “බරපතල තත්වයක් දැන් ඉස් මතුව  තිබේ.”

“ඩොලරයෙන් අවුල් සහගත ලෙස කඩිමුඩියේ ඉවත්ව යෑමක් අර්බුදයක් වනු ඇත. හිටිවනම, 21 වන සියවසේ ගෝලීයකරණය රඳා පවතින ජාත්‍යන්තර ද්‍රවශීලතාවය ලෝකයට නොලැබෙනු ඇත.”

ඩොලරයේ ජාත්‍යන්තර කාර්යභාරය ඉටු කළ හැකි වෙනත් මුදල් වර්ගයක් නොමැත.

BNP Paribas හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඉසබෙල් මාටියොස් ඉ ලගො Times වෙත මෙසේ පැවසීය: “විවිධාංගීකරණය” සොයා යෑම යථාර්ථවාදී විය යුතු අතර, “සංචිත වත්කම්, නිර්වචනානුකූලවම, ද්‍රවශීලී විය යුතුය.”

ගැඹුරු සහ ද්‍රවශීල ප්‍රාග්ධන වෙලඳපොලවල් නොමැති සහ එහි මුදල නිදහසේ චලනය නොවන චීනය මෙම නිර්ණායක සපුරාලන්නේ නැත. යුරෝපීය මහ බැංකුව, යුරෝව ප්‍රවර්ධනය කිරීමට කැමති නමුත් යුරෝව රජයන වත්කම් ප්‍රමාණය “එක්සත් ජනපද ප්‍රාග්ධන වෙලඳපොලවල් හා සැසඳීමේදී නොසැලකිය යුතු තරම් වේ.”

නමුත් මෙම නිවැරදි නිරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “බහු ධ්‍රැවීය [multipolar] පද්ධතියකට සම්පූර්ණවම [ඵලදායීව] ක්‍රියා කළ හැකිය.”

මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එක්සත් ජනපදයට තවදුරටත් ජාත්‍යන්තර සංචිත මුදලේ භූමිකාව ඉටු කළ නොහැකි නම්, අමතර සංඛ්‍යා [ඩොලරයට අමතරව වෙනත් මුදල්] මගින් ආරක්ෂාව සැලසෙන බවට වන “සාමාන්‍ය බුද්ධිය” මත මිස අන් කිසිවක් මත නොවන බව පෙනේ.

ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා සමග පොරබදමින් සිටින විට “සාමාන්‍ය බුද්ධිය” වැදගැම්මකට නැති බව පෙන්නුම් කරමින්, බහු ධ්‍රැව ලෝකයක් පිලිබඳ තක්සේරුව වර්තමාන යථාර්ථය සහ ඉතිහාසය යන දෙකම නොසලකා හරියි.

තම ආර්ථිකයට මුක්කු ගසා ගැනීමට සහ එහි දැවැන්ත යුධ යන්ත්‍රයට මුදල් සපයා ගැනීම පිනිස රාජ්‍යයට දැවැන්ත නය ගොඩ ගසා ගැනීමට හැකි වන බැවින්, ඩොලරයේ ආධිපත්‍යය පවත්වා ගැනීම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස එක්සත් ජනපදය සලකයි.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ට්‍රම්ප් කියා සිටියේ එය [ඩොලරය විස්ථාපනය වීම] යුද්ධයක් පරාජයට සමාන වන බවත්, බලයට පත් වූ දා සිට ඔහු කියා සිටියේ, බ්‍රික්ස් [BRICS] රටවල් සමූහය වෙනත් රටවල් සමඟ විකල්පයක් නිර්මාණය කිරීමට දරන ඕනෑම උත්සාහයක් එක්සත් ජනපදයේ ප්‍රතිප්‍රහාරයට ලක්වන බවත්ය.

ඉතිහාසයේ පාඩම් ද එලෙසම නොසලකා හරිනු ලැබේ. අතීතයේ බහුධ්‍රැව ලෝකයක් තිබුණි. 1930 ගණන් වලදී රත්‍රන් හැරුණු විට විශ්වීය වශයෙන් පිළිගත් ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයක් නොතිබූ අතර, 2 වන ලෝක යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කිරීමේදී සුළුපටු යයි සැලකිය නොහැකි කාර්යභාරයක් ඉටු කළ, ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලෝකය කැඩී ගියේය.

අද දින බහුධ්‍රැවීය ලෝකයක් එම තත්ත්වයන් ඊටත් වඩා පුපුරන සුලු ආකාරයෙන් ප්‍රතිනිෂ්පාදනය කරනු ඇත.

එමෙන්ම අවුන්සයකට ඩොලර් 3500ක් තරම් වාර්තාගත ඉහල මට්ටම් දක්වා ඉහල යමින් පවතින රත්‍රන් වෙත ඕනෑම නැවත හැරී යෑමක්,  ගෝලීය අවපාතයකට තුඩු දෙන්නාවූ, මූල්‍ය වත්කම් සහ එක්සත් ජනපද ඩොලරය මත පදනම් වූ ණය කන්ද කඩා වැටීමක් අදහස් කරයි.

මේ ප්‍රශ්නය මීට පෙරත් මතුව තිබේ. 1971 දී, නික්සන් දැන සිටියා එක්සත් ජනපද ඩොලරය සඳහා රන් පිටුබලය පවත්වා ගත හැකි එකම මාර්ගය ඇමරිකානු සහ ගෝලීය ආර්ථිකය ගැඹුරු අවපාතයකට [Depression] ඇද දැමීම බව. ඔහු මෙය ප්‍රතික්ෂේප කළේ පන්ති අරගලයේ නැඟීම සහ එය විසින් ඇති කල හැකිව තිබූ සමාජ විප්ලවයේ තර්ජනය නිසාය.

වත්මන් අර්බුදය හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උමතුවේ ප්‍රතිඵලයක් නොවේ. ඔහු දශක ගනනාවක් තිස්සේ ගොඩනැගුනු ප්‍රවනතා සහ ප්‍රතිවිරෝධතාවන් හි දුෂ්ඨ පුද්ගලාරෝපණය වේ. ඩොලරයේ අර්බුදය සහ ඒ මත රදා පවතින මූල්‍ය පද්ධතියේ අර්බුදය, යුද්ධය, ෆැසිස්ට්වාදය, අවපාතය සහ සමාජ විනාශය විසඳුමක් ලෙස සලකනු ලබන්නේ නම් හැරෙන්නට, විසදීමට මගක් නැති සමස්ත ධනේශ්වර පද්ධතියේ අර්බුදයකි.

ක්ෂිතිජය මත ලඹ දෙන තර්ජනාත්මක කුණාටු වලාකුළක් නොව වර්තමාන යථාර්ථය වන  මෙම ඓතිහාසික බිඳවැටීමට මුහුන දී සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය, තමන්ගේම ස්වාධීන සමාජවාදී මූලෝපාය සකසා යොදාගෙන ඒ සදහා  සටන් කළ යුතුය. එය මැයි 3 වැනිදා පැවැත්වෙන මැයි දින රැස්වීමේ හරි මැද පවතිනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේදී ඩොලරයේ අර්බුදය සාකච්ඡාවට බඳුන් වේ Read More »

Germany

Germany’s Social Democrats and conservatives elect Merz as Chancellor, sign reactionary coalition agreement

By Johannes Stern.

Germany
Front from left to right: Markus Söder (CSU), Friedrich Merz (CDU) and Lars Klingbeil (SPD) present the coalition agreement [AP Photo/Ebrahim Noroozi]

On Tuesday afternoon, Friedrich Merz (CDU) was elected in the second round of voting and subsequently appointed as the new German Chancellor by President Frank-Walter Steinmeier (SPD).

Merz had initially failed in the first ballot—a unique occurrence in German post-war history. With 621 MPs present, Merz was six votes short of the required majority of 316 votes to become Chancellor: 310 MPs voted for him, 307 against him, there were three abstentions, and one vote was invalid. Nine MPs did not take part in the vote.

Merz’s unexpected non-election had caused feverish nervousness in all Bundestag parties. In the end, the Bundestag parties agreed to schedule a second round of voting on the same day.

Shortly before the vote, the notoriously right-wing CDU/CSU parliamentary group leader Jens Spahn announced that a new ballot would be held with the agreement of the CDU/CSU, SPD, Green and Left Party parliamentary groups. The whole of Europe, perhaps even the whole world, was watching this election. He then thanked everyone who had made a second round of voting possible so quickly.

The role of the Left Party and the Greens as essentially right-wing parties of the state could not be clearer: in the face of a looming political crisis in Berlin, they played a key role in installing Merz and paving the way for his extreme right-wing government.

The Merz government heralds a new stage in the rightward evolution of the ruling class. It is undoubtedly the most reactionary and anti-working class government since the fall of the Nazi regime 80 years ago. Its central aim is to remove the last restraints imposed on German militarism as a result of its unprecedented crimes in the Second World War. With the adoption of war credits amounting to €1 trillion on March 18, the Bundestag has already paved the way for a massive military build-up.

The coalition government of the CDU/Christian Social Union (CSU) and the Social Democrats (SPD) will not only rearm like Hitler. It will organise a historic onslaught on social spending to finance rearmament and establish a police state to enforce it against the enormous opposition among the population. Domestically, it will also adopt the refugee policy of the fascist Alternative for Germany (AfD) and help the fascists’ nationalistically charged “cultural policy” achieve a breakthrough.

Leading members of the government, such as Interior Minister Alexander Dobrindt and State Secretary for Culture Wolfram Weimer, are politically far to the right and could easily be members of the AfD. Chancellor Merz himself embodies the interests of the financial oligarchy like no other. For four years, he headed the German branch of BlackRock, the world’s largest asset manager.

The SPD, which was founded more than 150 years ago under the banner of Marxism, is now the organiser of this shift to the right as a right-wing state party. Yesterday, it announced that Boris Pistorius (SPD) will remain Minister of Defense under Merz. Pistorius personifies the “new era” in foreign policy ushered in by SPD Chancellor Olaf Scholz, who received a farewell at a militaristic spectacle on Monday evening. Pistorius has set himself the goal of making Germany “fit for war” again and preparing it for a direct war against the nuclear-armed power Russia.

Party leader Lars Klingbeil takes over as Vice-Chancellor and Finance Minister. In this role, he will ensure that the costs of horrendous military spending and escalating global trade wars are borne by the working population. He will work closely with the new SPD Labor Minister Bärbel Bas, who, as a nominal “party leftist,” will push through the brutal cuts in close cooperation with the trade unions.

The coalition agreement signed yesterday reflects the reactionary personnel of the new government. The focus is on war policy and the comprehensive militarisation of society. The following goals, among others, are mentioned:

  • Dominance over Europe and a role for German imperialism as a world power

In the coalition agreement, the CDU/CSU and SPD define the entire globe as a zone of influence for German imperialism. According to the agreement, the German government is striving for an Africa policy that “does justice to the strategic importance of Africa,” declares that the “Indo-Pacific region” is “of elementary interest” and announces that it intends to “continue to show a presence in the region.” The “expansion of strategic partnerships with the countries of Latin America and the Caribbean” is also “of particular importance.” Overall, the aim is to “intensify bilateral relations with the countries of the Global South and expand them into a global network.”

As in the past, this global power politics means German support for genocide and war. The coalition declares the “security of Israel” to be a “fundamental German national security interest”—in the midst of the genocide committed by the far-right Netanyahu regime against the Palestinian population. At the same time, it assures the Islamist forces in Syria of support “in the stabilisation and economic reconstruction of the country”—in order to gain geopolitical influence and deport refugees.

With regard to the war against Russia, the coalition agreement announces that “military, civilian and political support for Ukraine will be substantially strengthened and reliably continued together with partners.” Germany must “for the first time since the end of the Second World War … be in a position to guarantee its own security to a much greater extent.” Germany will assume “a leading role” in the further development of the Common Security and Defense Policy (CSDP).

  • Militarisation of schools and universities

“We are anchoring our Bundeswehr [Armed Forces] even more firmly in public life and are committed to strengthening the role of youth officers, who fulfil an important educational mission in schools,” it says on page 130 in the section on “Defence policy.” It continues: “We are committed to dismantling obstacles that impede dual-use research or civil-military research cooperation, for example.” We will “eliminate the deficit that exists in Germany in the area of strategic security research and advocate its promotion in the sense of a networked understanding of security.”

  • Reintroduction of compulsory military service

“We are creating a new, attractive military service that is initially based on voluntary service,” explain the coalition partners. The design of this service will be based on “the criteria of attractiveness, meaningfulness and contribution to the ability to grow.” In doing so, “the Swedish military service model” is being used as a guide and “the conditions for military registration and monitoring will be created this year.”

  • Development of a war economy and massive armaments industry

The planning and procurement system will be “reformed” and “new implementation paths” will be enforced for major projects and future technologies. In particular, “future technologies for the Bundeswehr” are to be promoted, including “satellite systems, artificial intelligence, unmanned (also combat-capable) systems, electronic warfare, cyber, software-defined defence and cloud applications as well as hypersonic systems.” This requires “simplified access and increased exchange with research institutions, the academic sector, start-ups and industry.”

The “special infrastructure fund” of €500 billion is also designed to prepare for war. “We are simplifying the definition of requirements and approval for military construction projects and creating exemptions in construction, environmental and public procurement law as well as in the protection and dedication of military land with a Federal Armed Forces Infrastructure Acceleration Act,” it says on page 132. The “concerns and infrastructure measures for overall defence” are to be “established as an overriding public interest and prioritised in implementation over other state tasks.”

The historic rearmament and war policy will be financed by equally historic attacks on the working class. “We will make a considerable contribution to consolidation in this legislative period,” it says in the section on “budget consolidation.” The agreement only mentions a few specific measures—such as cutting citizens’ benefits—but the role model is clear: the US, where the Trump regime is ruthlessly cutting social spending in the interests of the financial oligarchy and destroying all existing social rights.

The deeply anti-worker policy of the new federal government is based on the support of all Bundestag (Federal Parliament) parties. The Greens provided the CDU/CSU and SPD with the necessary two-thirds majority in the Bundestag to pass the war credits. The Left Party backed it in the Bundesrat (Federal Council). And the trade unions are also firmly on the side of the government. They reaffirmed their loyalty to the rearmament course and worked systematically in recent weeks to isolate the wage struggles at the post office, in the public sector and at the Berlin Transport Company, and to prevent a joint all-out strike by the working class.

The broad support for militarism and social spending cuts by all Bundestag parties and trade unions shows that the struggle against fascism, war and social inequality can only be waged through the independent mobilisation of the working class. In its statement on the formation of the government, the Socialist Equality Party (SGP) therefore called for “the establishment of rank-and-file committees in workplaces and neighbourhoods that will allow workers to take the fight against mass redundancies and wage cuts into their own hands and combine it with the fight against war.”

The statement continues:

We counterpose the international unity of the workers to the growth of nationalism, trade war and rearmament. The war can only be stopped and social and democratic rights can only be defended if capitalism itself is abolished and replaced by a socialist society in which people’s needs, not profit interests, take centre stage. The big banks and corporations must be expropriated and placed under democratic control.

This article was originally published in the World Socialist Web Site Here

Germany’s Social Democrats and conservatives elect Merz as Chancellor, sign reactionary coalition agreement Read More »

David North

David North addresses working class at 2025 International Online May Day Rally

Fred- debt
The US federal debt [Photo: Federal Reserve Economic Database]

On Saturday, May 3, the International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) held the annual International Online May Day Rally. The event took place at a critical juncture in international geopolitics, which determines life-and-death questions of the working class—who, in recent weeks and months, have demonstrated growing militancy in their struggles against the capitalist establishment. WSWS posted both the video and text of the opening speech delivered by WSWS International Editorial Board chairman David North today (May 05). We are reposting the video here and we invite the workers, youth, intellectuals and all those who want to defeat austerity,  fascism, dictatorship, genocide, war and social retrogression to seriously study this speech and the other speeches, and resolutely decide to join the international Trotskyist movement and build the ICFI as the only revolutionary leadership of the international working class to fight for world socialism. 




David North addresses working class at 2025 International Online May Day Rally Read More »

ටෘම්ප්

ට්‍රම්ප්ගේ ප්‍රතිවිප්ලවයේ සහ සාපරාධීත්වයේ පළමු දින 100

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 28 දින ‘Trump’s first 100 days of counterrevolution and criminalityයන හිසින් පලවූ ජෝසප් කිෂෝර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

IMG 0290
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 අප්‍රේල් 27 වන ඉරිදා වොෂින්ටනයේ ධවල මන්දිරයට පැමිණේ. [AP ඡායාරූපය/මැනුවෙල් බාල්ස් සෙනෙටා]

එක්සත් ජනපද ජනාධිපති ධුරයක පළමු දින 100 සාම්ප්‍රදායිකව නව පරිපාලනයක න්‍යාය පත්‍රය සහ දිශාව තක්සේරු කිරීම සඳහා මිණුම් ලකුණක් ලෙස සේවය කරයි. මෙම පිළිවෙත ආරම්භ වූයේ 1933 දී මහා අවපාතය මධ්‍යයේ කොංග්‍රසය විශේෂ සැසිවාරයකට කැඳවා නව ගිවිසුමට (New Deal) අඩිතාලම දමමින් ප්‍රධාන පනත් 15 ක් සම්මත කළ ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්ගේ පාලනය සමඟිනි.

මෙය ඇමරිකානු ධනවාදය ඉහළ යමින් පැවති කාල පරිච්ඡේදයකි. විප්ලවයේ අනතුරට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු පාලක පන්තිය, කටුක අභ්‍යන්තර ගැටුම් තිබියදීම, සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. රූස්වෙල්ට්ගේ පළමු දින 100, ඔහුගේම වචන වලින් කිවහොත්, “නව ගිවිසුමේ (New Deal) රිය සක” ආරම්භ කළේ නම්, ට්‍රම්ප්ගේ පළමු දින 100 ප්‍රති-විප්ලවයේ සහ අපරාධකාරීත්වයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත.

ට්‍රම්ප් ධුරයේ පළමු දිනයේ සිටම, ඔහුගේ ෆැසිස්ට් උපදේශකයින් විසින් සකස් කරන ලද සැලැස්මක් අනුගමනය කරමින් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කර ඇත. මෙය ආරම්භ වූයේ ජනවාරි 20 වන දින, ඔහු නිදහස් භාෂණයට පහර දෙමින්, උපන් අයිතියේ පුරවැසිභාවය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂාවන් අඩපණ කරමින්, හමුදා සහ විධායක බලතල පුළුල් කරමින් සහ සංක්‍රමණිකයන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පුළුල් ප්‍රහාරයක් දියත් කරමින් විධායක නියෝග මාලාවකට අත්සන් තැබීමත් සමඟ ය.

ඊළඟ සතිවලදී, ධවල මන්දිරය මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත: ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වන සිසුන් අත්අඩංගුවට ගැනීම, “පිටදේශ සතුරන් පනත” (Alien Enemies Act) යටතේ සංක්‍රමණිකයන් එල් සැල්වදෝරයේ ගාල් කඳවුරුවලට පිටුවහල් කිරීම, සැලසුම් කළ ඒකාබද්ධ ෆෙඩරල්- ප්‍රාන්ත රාජ්‍ය  සමූහ වටලෑම්  මාලාවක පළමුවැන්න ලෙස අවම වශයෙන් එක්සත් ජනපද පුරවැසි දරුවන් තිදෙනෙකු හොන්ඩුරාස් වෙත පිටුවහල් කිරීම සහ පසුගිය සතියේ ෆ්ලොරිඩාවේ සිය ගණනක් සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම.

පරිපාලනය විසින් ට්‍රම්ප් “දේශීයයන්” [‘homegrowns’-ස්වදේශීය අපරාධකරුවන්] ලෙස හඳුන්වන ඇමරිකානු පුරවැසියන් සමූහ වශයෙන් පිටුවහල් කරන බවට තර්ජනය කර ඇති අතර, මෑතකදී විනිසුරු හැනා ඩුගන් අත්අඩංගුවට ගැනීමත් සමඟ අධිකරණයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. ඊයේ, ට්‍රම්ප් නීතිපති පැම් බොන්ඩි සහ ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම්ට ඊනියා අභයභූමි නගරවලට [sanctuary cities-අනීතික ආගමිකයන් සඳහා සරණ සපයන] එරෙහිව “අවශ්‍ය සියලු නීතිමය පිළියම් සහ බලාත්මක කිරීමේ පියවර” අනුගමනය කරන ලෙස උපදෙස් දෙන නව විධායක නියෝග මාලාවකට අත්සන් තැබූ අතර, ඒ සමඟම ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් සඳහා නීතිමය ආරක්ෂාවන් ශක්තිමත් කළේය.

මෑත සතිවලදී, පාලන තන්ත්‍රය විශ්ව විද්‍යාල වෙත අවධානය යොමු කර ඇති අතර, ග්ලීච්ස්චල්ටුන්ග් [Gleichschaltung-අනුකූලතාවයට පත් කිරීමේ]  හෙවත් “පෙළ ගැස්වීමේ” නාසි ක්‍රියාවලියේ ඇමරිකානු අනුවාදයක ආකාරයෙන් විෂයමාලා නැවත ලිවීමට සහ පීඨ විරේක කර දැමීමට උත්සාහ කරයි. බයිඩන් පරිපාලනය විසින් පිහිටු වන ලද පූර්වාදර්ශය මත පදනම්ව – ෆැසිස්ට් ආචාරය දැක්වීම සදහා පෙළඹීම යාන්තමින්  යටපත් කර ගන්නා බොහෝ අය ඇතුලත් -ට්‍රම්ප්ගේ නිලධාරීන්,  “යුදෙව්-විරෝධය” ට එරෙහි සටනක නරුම  ධජය යටතේ මෙම ව්‍යාපාරය මෙහෙයවමින් සිටිති.

මාධ්‍ය අංශ පවා දැන් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්හි දුරදිග යන ඇඟවුම් පිළිගනී.  නීති විශාරදයින් එක්සත් ජනපදය ඒකාධිපතිත්වයේ අද්දර සිටින බවට කරන අනතුරු ඇඟවීම්, සඳුදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දැක්වීය. කොලොම්බියාවේ ඩේවිඩ් පොසන් “අධිකාරීවාදී ව්‍යවස්ථානුකූලවාදය” ගැන කතා කළ අතර, යේල්හි ජැක් බෝල්කින් ව්‍යවස්ථා පද්ධතිය “පිහිතුඩ” මත බව ප්‍රකාශ කළේය. නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ බර්ට් නියුබෝන් ට්‍රම්ප් අධිකරණයට එල්ල කළ ප්‍රහාරය, “ඇමරිකානු ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය සදහා  පැවැත්ම පිලිබද තර්ජනයක්” ලෙස හැඳින්වීය.

කුමන සමාජ හා ඓතිහාසික තත්වයන් ට්‍රම්ප් පරිපාලනය බිහි කලේද? ඔහුගේ තේරී පත්වීම පමණක් නොව ඔහු නැවත තේරී පත්වීම පැහැදිලි කළ හැක්කේ කෙසේද? එවැනි ප්‍රශ්න බැරෑරුම් ලෙස පිළිතුරු දීම පසෙකලා අසනු ලැබෙන්නේ ද කලාතුරකිනි – මන්ද ඒවා ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුණාංගවලට නොව ඇමරිකානු ධනවාදයේ ස්වභාවයම හෙලිදරවු කිරීමකට යොමු වන බැවිනි.

මැතිවරණයෙන් පසු දින ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයකින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කළ පරිදි, ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම, “එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන පරිදි ඇමරිකානු දේශපාලන උපරිව්‍යුහයේ ප්‍රචණ්ඩකාරී නැවත පෙළගැස්ම” ප්‍රකාශ කරයි.

ට්‍රම්ප් යනු කතිපයාධිකාරයේ ප්‍රතිමූර්තියයි, එහි කුණුවීමේ පුද්ගලාරෝපණයයි. ඔහු බලයේ සිටින දේශපාලන පාතාලය නියෝජනය කරයි. 

$TRUMP meme (ක්‍රිප්ටො මුදල්) කාසිය වටා ඇති මූල්‍ය මෙහෙයුම් මගින් රජය මෙහෙයවන අයගේ ගති ස්වභාවය හෙළි දරව් වේ. පසුගිය සතියේ, ට්‍රම්ප් සහ ඔහුගේ ගජ මිතුරන් නිවේදනය කළේ ක්‍රිප්ටො මුදල් ඒකකයේ ඉහළම හිමිකරු ජනාධිපතිවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් දිනා ගන්නා බවයි. මෙය එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් මිලියන 700 කින් ඉහළ දැම්මේය. පැය 48 ක් ගතවත්ම, ට්‍රම්ප් ඇතුළු අභ්‍යන්තරිකයින් (insiders) වෙළඳ ගාස්තු වශයෙන් ඩොලර් 900,000 කට ආසන්න ප්‍රමාණයක් සාක්කුවේ ලා ගත්හ.

මෙම මොරගහන මූල්‍ය වංචාව වෝල් වීදිය ලෙස හැඳින්වෙන කාටෙලයේ දෛනික මෙහෙයුම් වලින් වෙනස් වන්නේ ගුනයෙන් නොව, ප්‍රමාණයෙන් පමණි. එක්සත් ජනපදය පාලනය කරනු ලබන්නේ සිතාගත නොහැකි තරම් ධනයක් රැස් කරගත් අපරාධකාරී මූල්‍ය වංශාධිපතිත්වයක් විසිනි. බයිඩන් පරිපාලනයේ අවසාන වසර වන 2024 දී, බිලියනපති පවුල් 19 ක් ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1 කින් වැඩි කර ගත්හ. සමස්ත දේශපාලන ක්‍රමයම ඔවුන්ගේ මෙවලම ලෙස ක්‍රියා කරයි.

මෙම කතිපයාධිකාරය කම්කරු පන්තියට එරෙහිව දැවැන්ත සමාජ ප්‍රතිවිප්ලවයක් සිදු කරමින් සිටී. එහි පළමු දින 100 තුළ, පරිපාලනය – එලොන් මස්ක් විසින් අධීක්ෂණය කරන ලද “රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” (DOGE) හරහා – දස දහස් ගණනක් ෆෙඩරල් සේවකයින් සේවයෙන් පහ කර, රාජ්‍ය ආයතන විසුරුවා හැර, ආයතනික හා පාරිසරික රෙගුලාසි කප්පාදු කර, සමාජ ආරක්ෂණ ජාලයේ ඉතිරිව ඇති දේ සඳහා බිලියන සිය ගණනක කප්පාදු සූදානම් කිරීමට පටන් ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී, ට්‍රම්ප් විසින් එන්නත් විරෝධී කුමන්ත්‍රණ න්‍යායාචාර්ය රොබට් එෆ්. කෙනඩි ජූනියර්ගේ නායකත්වයෙන් යුත් විනාශකාරී ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, ඔහු මහජන සෞඛ්‍ය සේවකයින් 20,000 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කර, එන්නත් කිරීමේ වැඩසටහන් අධෛර්යමත් කර ඇත. මෙය සරම්ප සහ කක්කල් කැස්ස වැනි රෝග නැවත මතු වීමට තුඩු දී  ඇත. අධ්‍යාපනයේ දී, ලින්ඩා මැක්මහොන් පොදු අධ්‍යාපනය විසුරුවා හැරීමට සහ පෞද්ගලීකරණය පැනවීමට දරන උත්සාහයන් අධීක්ෂණය කරමින් මූලික සමාජ අයිතිවාසිකම්වලට පහර දීම ගැඹුරු කරමින්  සිටී. සඳුදා, රට පුරා සිටින සිය ගණනක් පර්යේෂකයින්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන්නේ 2028 දී නිකුත් කිරීමට නියමිත ඊළඟ ජාතික දේශගුණික තක්සේරුව සකස් කිරීමේ කාර්යයෙන් ඔවුන් “නිදහස් කර” ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ධනයේ දැවැන්ත සංකේන්ද්‍රණය හෝ මෙම ධනය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සමඟ නොගැලපේ.

ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද නිමක් නැති යුද්ධද ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයන්ට අනුකූල නොවේ. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව ඇති වූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අසීමිත හා තීව්‍ර වන යුද්ධ, බයිඩන් සහ රුසියාවට එරෙහි යුද්ධය යටතේ, ලෝක යුද්ධයේ ආරම්භක අවධීන් දක්වා සංක්‍රමණය වී ඇත. 

විදේශ ප්‍රතිපත්තිය සහ ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධ පියවර සම්බන්ධයෙන් රාජ්‍යය තුළ කුමන ගැටුම් පැවතුනත්, ට්‍රම්ප් ඉහත කී පදනම මත ගොඩනඟමින් සිටී. ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම, කැනඩාව අල්ලා ගැනීම සහ පැනමා ඇළ නැවත අත්පත් කර ගැනීම යන ඔහුගේ තර්ජනවල අරමුණ චීනය සමඟ ගැටුමකට සූදානම් වීම සඳහා බටහිර අර්ධගෝලයේ ඇමරිකානු ආධිපත්‍යය සුරක්ෂිත කිරීමයි. දැන් වාර්ගික සුද්ද කිරීමේ සහ මහා සාගතයේ අවසාන අදියරවල පවතින ගාසා සංහාරය ගැඹුරු කිරීම – ඇටකටු සහ සුන්බුන් මත කැසිනෝ ඉදිකිරීමේ ට්‍රම්ප් ගේ ජුගුප්සාජනක සිහිනය ඉටුකර ගත්තත් නැතත් – ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡත්වය හෙළි කරයි.

එක්සත් ජනපදයේ අර්බුදය 1930 ගණන්වල සරල පුනරාවර්තනයක් නොවේ. හිට්ලර් මෙන් නොව, ට්‍රම්ප්ට තවමත් මහජන පදනමක් නොමැත. සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහි පැතිරී ඇති වෛරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකි වී ඇති නමුත් ඔහු තවමත් දැඩි ලෙස අප්‍රසාදයට පත්ව සිටී. ඒ සමගම ඔහු ආන්තික අර්බුදයක ගිලුණු රජයක මුලසුන දරමින් සිටී.

වොෂින්ටන් පෝස්ට්-ඒබීසී මත විමසුමකට අනුව, දින 100 දී, ට්‍රම්ප්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම සියයට 39 ක් පමණක් වන අතර සියයට 55 ක් අප්‍රසාදය පළ කරති. තීරුබදු සහ උද්ධමනය පිළිබඳ බිය මධ්‍යයේ ඔහුගේ ආර්ථික අනුමත ශ්‍රේණිගත කිරීම් සියයට 35 දක්වා පහත වැටී ඇති බව සීඑන්එන් වාර්තා කරයි. ඔහුගේ ජනාධිපති ධුරය “තදින් අනුමත කරන්නේ” සියයට 22 ක් පමණක් වන අතර, එම සංඛ්‍යාව දෙගුණයක් “තදින් ප්‍රතික්ෂේප කරයි.” සංක්‍රමණිකයන්ට එරෙහි ඔහුගේ ප්‍රහාරය ඇතුළුව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල සියලු අංශ කෙරෙහි වැඩෙන විරෝධයක් පවතී.

ඊටත් වඩා වැදගත් වන්නේ එක්සත් ජනපදය පුරා විශාල නගර සහ කුඩා නගර 1,500 කට අධික සංඛ්‍යාවක මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුණයින් සම්බන්ධ වූ මහජන විරෝධතා ය. අප්‍රේල් 5, 12, 19 සහ ඉන් ඔබ්බට පැවති විරෝධතා මගින් – ආයතනික මාධ්‍ය විසින් ක්‍රමානුකූලව නොසලකා හරින ලද හෝ වළලනු ලැබූ – විරුද්ධත්වයේ බලගතු යටි ප්‍රවාහයක් හෙළිදරව් කර තිබේ. වාරණය කිරීමට සහ ඒවා යටපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය දරන උත්සාහයන් නොතකා කම්කරුවන් සහ තරුණයින් අරගලයට යොමු වෙමින් සිටිති.

මිලියන ගණනක් දැන් මුහුණ දෙන මූලික ප්‍රශ්නය නම්: කළ යුත්තේ කුමක්ද? යන්නයි.

පසුගිය දින 100 තුළ ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග එක්සත් ජනපදය සහ ලොව පුරා වැඩ කරන ජනතාව සහ තරුණයින් ගැඹුරින් කම්පනයට පත් කර ඇත. නමුත් දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි.

ඩිමොක්‍රටික් පක්ෂය ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රතිරෝධය දක්වන බලවේගයක් නොවේ – එය එහි පහසුකම් සපයන්නා වේ. පසුගිය දින 100 තුළ, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ගේ රජය පවත්වාගෙන යාම සඳහා ඔහුගේ වියදම් පනත සම්මත කර ඇති අතර ෆැසිස්ට් ප්‍රධානියා සමඟ “එකට වැඩ කිරීමට” ප්‍රතිඥා දී තිබේ. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයට ඔවුන්ගේ ප්‍රතිචාරය දුර්වල ප්‍රකාශවලට සීමා වී ඇති අතර ඔහුගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යෑමට ඉඩ සලසයි.

ට්‍රම්ප් නැවත තේරී පත්වීමට හැකි වීමම ඩිමොක්‍රටික් පක්ෂයට එල්ල කරන අධි චෝදනාවකි. ඔහු බලයට නැවත පැමිණීම එහි බංකොලොත් වාර්තාවේ ප්‍රතිඵලයකි: ඉහළ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථර සඳහා අනන්‍යතා දේශපාලනය මත එහි  රදා  සිටීම; උද්ධමනය යටතේ කම්කරුවන්ගේ දුක් වේදනා කෙරෙහි එහි උදාසීනත්වය; සහ පළමුව යුක්රේනයේ, දැන් ගාසා තීරයේ – නිමක් නැති යුද්ධය සඳහා එහි නොනවත්වා හඹා යාම. ට්‍රම්ප්ට නොඅඩුව ඩිමොක්‍රටික්වරු පාලක කතිපයාධිකාරයට සේවය කරති.

බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු පීඩන කපාට ලෙස ක්‍රියා කරති. එනම් ඔවුහු ධනේශ්වර පාලනයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ කිරීම සඳහා වන උපකරණ වෙති. සති අන්තයේ දී, සැන්ඩර්ස් තමා ඩිමොක්‍රටික් පක්ෂය සමඟ “එකම පිටුවක” සිටින බව නැවත අවධාරණය කරමින් එන්බීසී හි මීට් ද ප්‍රෙස් වෙත “අපි තුන්වන පක්ෂයක් ආරම්භ කිරීමට උත්සාහ නොකරමු” යැයි පැවසීය. ඒ වෙනුවට, ඔහු අවධාරනය කළේ, “අපි ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උත්සාහ කරමු” ලෙසයි. ඒ ඩිමොක්‍රටික් පක්ෂයට “අනාගතය සඳහා දැක්මක නොමැති” බව පිළිබඳව පමණක් විලාප නඟමිනි.

කෙසේ වෙතත්, කම්කරුවන්ට සහ තරුණයින්ට, ඩිමොක්‍රටික් පක්ෂය සහ ධනේශ්වර දේශපාලනයේ සමස්ත රාමුව සමඟ අනුකම්පා විරහිත බිඳීමකින් තොරව “අනාගතයක්” නොමැත. සමාජවාදය සඳහා අරගලයෙන් පිටත අනාගතයක් නොමැත.

මූලික ගැටළුව වන්නේ ඉදිරිදර්ශනයයි. දැවැන්ත සටන් ක්ෂිතිජයේ දිස් වේ: ඒකාධිපතිත්වයට එරෙහිව, යුද්ධයට එරෙහිව සහ සමාජ අසමානතාවයට එරෙහිව. මෙම අරගල ධනේශ්වර පාලක පන්තියේ කිසිදු කන්ඩායමකට යටතට පත් කළ නොහැක. ධනේශ්වර ක්‍රමයම අහෝසි කිරීම අරමුණු කරගත් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී උපාය මාර්ගයකින් ඒවා සන්නද්ධ කළ යුතුය.

හදිසි කාර්යය වන්නේ මෙම අරගල මෙහෙයවීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේන්ද්‍රීය අරමුණයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ෆැසිස්ට්වාදය සහ ඒකාධිපතිත්වය කරා යන ගමනට විරුද්ධ වීම සදහා මහජන කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනට සමාජවාදී සමානතා පක්ෂය පෙරමුණ ගෙන සිටී. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්, සිසුන් සහ තරුණයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මැයි 3 වන දින අපගේ ජාත්‍යන්තර මැයි දින මාර්ගගත රැලියට සහභාගී වී, අපගේ පක්ෂයට එකතු වී සමාජවාදය සඳහා සටන භාර ගන්නා ලෙසයි.

ට්‍රම්ප්ගේ ප්‍රතිවිප්ලවයේ සහ සාපරාධීත්වයේ පළමු දින 100 Read More »

Dollar

Dollar’s role as global reserve currency under fire

By Nick Beams.

At first, it was just a quiet murmur in relatively isolated sections of the financial press. Today, however, the voices are growing louder: the US dollar could lose its role as the world’s global currency amid the breakdown of all the arrangements and mechanisms of the post-war period under the impact of the US economic war against the world initiated by President Trump.

Dollar
A street money exchanger poses for a photo without showing his face as he counts U.S. dollars at Ferdowsi square, Tehran’s go-to venue for foreign currency exchange, in downtown Tehran, Iran, Saturday, April 5, 2025. [AP Photo/Vahid Salemi]

This week, the Financial Times (FT) ran a major article under the headline “Is the world losing faith in the almighty US dollar?” The answer was that it is.

The concern has been sparked by an unusual development in financial markets. Under “normal” conditions, financial disturbances bring about a rise in the dollar’s value as investors seek a safe haven and move to acquire US Treasury bonds.

But since so-called “liberation day,” when Trump unveiled his “reciprocal tariffs,” there has been a move out of US government debt, and the value of the dollar has fallen. The price of gold, a real store of value, as opposed to debt and credit, continues to reach record highs.

There was a slowing of this movement when Trump announced a 90-day pause on the reciprocal tariffs, which range between 30 and 50 percent for a wide range of countries, to allow for negotiations. But the question remains: What happens after the pause ends?

Whatever the immediate answer, one thing is certain: There will be no return to the status quo ante, with Trump warning that nobody “gets off the hook.” This week, talks took place between the administration and Japan in Washington. The Japanese trade representative returned home empty-handed.

The implications of the new situation were underscored in a comment by a leading FT columnist, Rana Foroohar, entitled “America the Unstable.”

Foroohar began by saying that her “takeaway” from the tariff chaos and fallout was that America, under Trump, has become an “emerging market.”

In previous periods of political and economic stress, US equities and the currency rose because of the “haven status” of the dollar.

“It didn’t seem to matter that all the things that had bolstered American companies from low rates to financial engineering to globalization itself were tapped out. US asset markets seemed impervious to the notion of the dollar-doomsday scenario that would send both the currency and asset prices tumbling. Trump has finally ended America’s exorbitant privilege.”

She concluded by saying that previously she would have ruled out the possibility that America could become the epicenter of an emerging market-style debt crisis, but “not anymore.”

Trump’s measures—the tariff hikes that will slow the economy and proposed tax cuts for corporations—will add trillions of dollars to what is increasingly being characterized as an “unsustainable” debt mountain, currently at $36 trillion and rising.

In a report issued earlier this month, George Saravelos, global head of foreign exchange research at Deutsche Bank, summed up the growing outlook in leading global financial circles.

“Despite President Trump’s reversal on tariffs, the damage to the USD has been done,” he wrote in a report. “The market is reassessing the structural attractiveness of the dollar as the world’s reserve currency and is undergoing a process of de-dollarization.”

However, the crisis is not merely a product of Trump’s actions. It has been long in the making—the outcome of a protracted decline in the economic position of the US.

Trump, as is now openly acknowledged, has taken an axe to the economic, trade, and financial mechanisms set in place after World War II, considering that they have contributed decisively to the weakening of the US.

Of course, Trump, for whom, like Henry Ford, “history is bunk,” never explains why they were put in place and why the US played the leading role in their establishment. It was very much, to invoke the phrase he so often uses in his rampages, due to concerns with “national security.”

The purpose of the post-war measures was to prevent the return to the conditions that had prevailed in the period between the wars, grounded not least on the understanding that this would lead to revolutionary struggles by the working class in the major capitalist countries, including in the US, which had seen enormous eruptions of class battles in the latter years of the 1930s.

The post-war economic order rested on three pillars—the establishment of the US dollar, backed by gold as the international currency, the reduction of tariffs and promotion of free trade to prevent the emergence of the trade and currency wars that had proved so disastrous in the 1930s, and the reconstruction of war-torn Europe under the Marshall Plan. All three were based on the strength and industrial power of the US economy.

Contrary to the claims of various bourgeois economists and not a few self-styled Marxists that the post-war economic capitalism boom which followed had refuted the Marxist analysis of the historically inevitable economic breakdown of the capitalist system, the post-war framework did not overcome its fundamental contradictions—above all, that between the world market and its division into rival nation-states and great powers.

And within the space of 25 years—a short period of time from the standpoint of history—these contradictions emerged. On August 15, 1971, President Nixon, in the face of a growing balance on trade and balance of payments deficit in the US, removed the gold backing from the US dollar—unilaterally abrogating the Bretton Woods Agreement of 1944.

It was a sign that the power of American capitalism, the basis of the post-war order, was starting to markedly weaken.

The scrapping of the Bretton Woods system ushered in a new global financial system. In the 1950s and 1960s, currencies had exchanged at fixed rates. Maintenance of those fixed rates and the prevention of currency wars required that finance and investment flows were subject to tight regulation.

But with the ending of the dollar-gold connection, currencies started to float freely, which meant that capital and financial controls had to be increasingly scrapped. A new international economic order developed based on credit creation and the free flow of money around the world.

The US dollar continued to function as the basis of the international financial system, but it underwent a major transformation. It was now a fiat currency, no longer backed by gold, that is, real value, but solely by the American state. A new global monetary order emerged.

As the FT article noted: “Despite Nixon’s severing the dollar’s link to gold in 1971, the greenback has remained at the center of the monetary universe. In fact, thanks to the dollar’s importance in the expanding and increasingly interconnected global financial system, its importance has only grown. Far from eroding the dollar’s importance, the Nixon shock entrenched it in many ways.”

The freeing of the dollar from the restrictions due to its being tied to gold and the concomitant government regulations aimed at maintaining a fixed exchange system unleashed finance from the constraints imposed on it under the previous regime, opening up vast new avenues for profit accumulation.

Increasingly, above all in the US economy, this gave rise to what has been called financialization, the accumulation of profit via speculative and parasitic methods.

The more these methods developed, the more regulations on finance capital introduced in response to the crisis of the 1930s were scrapped, culminating in the repeal of the last remaining piece of Depression-era legislation, the Glass-Steagall Act, by the Clinton administration in 1999.

In 1991, the liquidation of the Soviet Union by the Stalinist bureaucracy, coupled with the restoration of capitalism in China and the junking of national development policies by the bourgeois national regimes in the former colonies, opened up new profit opportunities through the globalization of production.

Eager to grasp them, the US called for the entry of China into the new world order. The Clinton administration pushed for its admission to the World Trade Organization, which was subsequently ratified by the US under the presidency of George W. Bush.

The US saw the cheaper labor of China as a profit gold mine and that within the new order, China would remain subordinate to it. But the capitalist economy has its own relentless logic, which operates behind the back of imperialist leaders, no matter how powerful.

The Chinese capitalist oligarchy, now confronted with the transformation of the country from a nation of peasants to one with hundreds of millions of workers, as well as an aspiring middle class, recognized it had to move up the value chain.

It could not simply function as the supplier of cheap consumer goods but had to expand production into more sophisticated commodities based on advanced technology if it was to sustain economic growth and maintain what it called “social stability.”

However, this development has posed an existential challenge to US hegemony. This was recognized by the Obama administration in 2011 when it launched its pivot to Asia. His trade representative Michael Froman wrote an article in Foreign Affairs in 2014 recognizing the weakened position of the US and that the global trading system had to be “revitalized” to allow it to play the leading role.

Such efforts, however, came to naught as the balance of trade and payments continued to widen. And the US government debt has continued to escalate at what is acknowledged as an “unsustainable” rate.

The US has only been able to continue on the debt path because of the dollar’s role as the global reserve currency. So long as investors, domestic and international, as well as other governments, kept money flowing into the debt market, the US imperialist state, with its vast military spending, has been able to continue to function.

Back in 2023, CNN and News commentator Fareed Zakaria set out this relationship.

“America’s politicians have gotten used to spending seemingly without any concerns about deficits—public debt has risen almost fivefold from roughly $6.5 trillion 20 years ago to $31.5 trillion today. The Fed has solved a series of financial crashes by massively expanding its balance sheet twelvefold, from around $730 billion 20 years ago to about $8.7 trillion today. All of this only works because of the dollar’s unique status. If that wanes, America will face a reckoning like none before.”

In the face of this crisis the view is being advanced in some circles that whatever the dollar’s travails, it will continue to operate as the world currency.

The FT article on the dollar crisis cites the remarks of Mark Sobel, a former Treasury official and now US chair of OMFIF, a financial think tank.

“The dollar’s dominance will remain in place for the foreseeable future because there are no viable alternatives,” he said. “I question whether Europe can get its act together, and China is not opening its capital account soon. So what’s the alternative? There just isn’t one.”

Sobel’s assertions about the inability of Europe and China to provide as alternative to the dollar are no doubt true.

But his analysis is incomplete because it is based on a faulty logic which ignores the lessons of historical experience. It rests on the assumption that since global trade and finance requires an international currency, the dollar must therefore continue to play that role because there is nothing to replace it.

However, the logic of the present situation is neither that the dollar’s role can continue nor that another national currency will replace it. Rather, it is that the world economy will increasingly fracture into rival trading, financial and currency blocs—a conflict of each against all—as it did between the two world wars with all the disastrous consequences that produced.

For all their irrationality and outright madness there is a logic to Trump’s policies. Every statement and executive order he imposes is justified on the basis of national security—that the present economic order has undermined the military capacity of the United States to fight wars, and this must be rectified at all costs.

The crisis of the dollar therefore signifies that the conditions for a new world war are rapidly developing in which for the US, China—the existential threat to its hegemony—is the chief target.

With tariffs set at 145 percent, and still more hikes to come, and restrictions imposed on the export of high-tech goods to China, the US has imposed a virtual economic blockade against Beijing. How long before that leads to outright military conflict? History suggests sooner rather than later.

The ruling classes in the US and internationally have no solution to the crisis of the capitalist system over which they preside. Everywhere their response to the breakdown is economic warfare, increased military spending and the evisceration of democratic rights through the imposition of fascist and authoritarian regimes.

The international working class is the sole social force which has the capacity to resolve the historic crisis of the capitalist system, exemplified so sharply in the crisis of the dollar, in a progressive manner. But for that power to be actualised it must take up and fight for the perspective of socialist revolution.

This article was originally published in the World Socialist Web Site on 18 April 2025 Here

Dollar’s role as global reserve currency under fire Read More »

Protest

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 04 දින “Stop Trump’s dictatorship! Build a movement of the working class for socialism!යන හිසින් යුතුව එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂ්ජය විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Protest
2025 මාර්තු 11 වන දින මහමුද් ඛලීල් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ගණනක් නිව්යෝර්ක් නගරයේ රැලි පැවැත්වීය.

එක්සත් ජනපදය පුරා, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ලක්ෂ ගණනක් සෙනසුරාදා පෙලපාලි යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කම්කරුවන් හා තරුනයන් අතර විරෝධයේ සහ කෝපයේ පුලුල් මනෝභාවයක කොටසක් වන විරෝධතා රට පුරා නගරවල පැවැත්වේ. 

සංක්‍රමණිකයන්ට එල්ල කරන ප්‍රහාර, ප්‍රකාශනයේ නිදහසට එරෙහි ප්‍රහාරය සහ ගාසා තීරයේ ජන සංහාරක යුද්ධයෙන් මිලියන ගනනක් කම්පනයට පත්ව සිටින අතර ඔවුන්ට ආපිට හැරී සටන් කිරීමට අවශ්‍ය වේ. නමුත් සිදුවෙමින් පවතින දේ, එහි මූලාරම්භය සහ එය නැවැත්වීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිරෝධය දැක්වීමේ අධිෂ්ඨානය මෙහෙයවිය යුතුය.

පවත්නා තත්වය අතිශය පැහැදිලිකමකින් ප්‍රකාශ කළ යුතුය: ට්‍රම්ප් පරිපාලනය ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව සහ හිතාමතාම ගමන් කරයි. එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීම, අපාලිත විධායක බලය තහවුරු කිරීම සහ සියලූ විරුද්ධත්වයන් තලා දැමීම ඉලක්ක කරගත් ෆැසිස්ට්වාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි. මෙය ඉලක්ක කරන්නේ, සියල්ලටත් වඩා, කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් සහ සංක්‍රමණිකයන් මත අද පරීක්‍ෂා කෙරෙන දේ හෙට භාවිතා කරනුයේ වැඩ වර්ජන කරන කම්කරුවන්, සියලු සමාජ විරුද්ධත්වය සහ සියලු ආකාරයේ දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමට ය.

රට පුරා විශ්ව විද්‍යාල මණ්ඩපවල දැනටමත් භීෂණ පාලනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ජන සංහාරයට විරුද්ධ වීම නිසා සාමකාමී විරෝධතාකරුවන් අවේක්ෂණයට (සෝදිසි කිරීමට) ලක් කර, අල්ලා ගෙන, රඳවා තබා ගෙන පිටුවහල් කරනු ලැබේ. AI බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ වැඩසටහනක් වන “Catch and Revoke” යටතේ සිසුන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ප්‍රසිද්ධ ප්‍රකාශ, රටින් ඉවත් කිරීම සඳහා ඉලක්ක හඳුනා ගැනීම පිණිස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

කෝර්නල් විශ්ව විද්‍යාලයේ Ph.D. උපාධි අපේක්ෂක මොහමඩ් ටාල්ට, ට්‍රම්ප්ගේ විධායක නියෝග උසාවියේදී අභියෝගයට ලක් කිරීම නිසාවෙන් ෆෙඩරල් නියෝජිතයන් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් පසු මේ සතියේ රට හැර යාමට සිදුවිය. කොලොම්බියාවේ උපාධි ශිෂ්‍යයෙකු සහ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු වන මහමුද් ඛලීල් ICE (ආගමන හා රේගු බලාධිකාරය) විසින් අත් අඩංගුවට ගෙන ඇත. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභී රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Öztürk) ඇතුළු තවත් අය – වෙස්මුහුණු පැලඳ ගත් ෆෙඩරල් නියෝජිතයන් විසින් මහ දවල් පැහැරගෙන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය, සමූහ වශයෙන් පිටුවහල් කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් නෙරපා හැරීම සඳහා මින් පෙර කිසි දිනෙක මේ අයුරු භාවිතා නොකළ යුද කාලීන ප්‍රඥප්තියක් වන විදේශ සතුරන්ගේ පනත (Alien Enemies Ac) ක්‍රියාත්මක කර ඇත. උසාවි තීන්දු නොතකා හැරීමට, පවතින නීති අභිබවා යාමට සහ ජනාධිපතිවරයාට අසීමිත විධායක බලය ලබා දීමට, තමන්ට අධිකාරය ඇතැයි පරිපාලනය ස්ථිරවමු කියා සිටී. ගොඩ නගමින් තිබෙන නෛතික රාමුව ආදර්ශයට ගනු ලබන්නේ ‘අයිතීන් පිළිබඳ පනත’ (Bill of Rights) නොව, රජු නැතහොත් පාලකයා, ස්ථිර “ව්‍යතිරේක තත්ත්වයක්” (“state of exception”) හරහා පාලනය කරන බව අවධාරනය කළ නාසි නීතිවේදියෙකු වන කාල් ෂ්මිට්ගේ අධිකාරීවාදී න්‍යායන් මත ය.

ලක්ෂ ගනනක් ෆෙඩරල් කම්කරුවන් දොට්ට දැමීම, සමාජ වැඩසටහන් විනාශ කිරීම, රාජ්‍ය අධ්‍යාපනය විසුරුවා හැරීම, කම්කරුවන්ගේ කොන්ත්‍රාත්තු ඉරා දැමීම සහ “අකීකරු” කම්කරුවන් ඉලක්ක කර ගැනීම සඳහා ෆෙඩරල් ඒජන්තයන්ගේ බලතල පුලුල් කිරීම වැනි පියවර ගනිමින් පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක් ගෙන යයි. විද්‍යාව සහ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, දැනට පවතින COVID-19 වසංගතය සහ H5N1 “කුරුළු උණ” වසංගතයේ වර්ධනය වන තර්ජනය මධ්‍යයේ සියලුම සෞඛ්‍ය හා මානව සේවා ආයතන වසා දැමීමේ වගකීම එන්නත් විරෝධී කුමන්ත්‍රණවාදී න්‍යායාචාර්ය රොබට් එෆ් කෙනඩි කනිෂ්ඨ (Robert F. Kennedy Jr.) වෙත පැවරී ඇත.

ජාත්‍යන්තරව, ට්‍රම්ප් පරිපාලනය ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටී. බ්‍රහස්පතින්දා, එය සමස්ත ලෝකයටම එරෙහි ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් බදු, නව විශාල තීරුබදු ප්‍රකාශයට පත් කළේය. “මේඩ් ඉන් ඇමෙරිකා” යන ධජය යටතේ මෙම පියවර, චීනය අඩපණ කිරීමට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමග පෙලගැසීමට සෑම රටකටම බල කිරීම අරමුනු කර ඇත. ඒවා ගෝලීය ගැටුම් තීව්‍ර කරන අතර විදේශයන්හි පමනක් නොව එක්සත් ජනපදය තුලම, දොට්ට දැමීම් අවුළුවාලමින් උද්ධමනය සහ කම්කරු පන්තිය මත ගැඹුරු වන ප්‍රහාර දියත් කරමින් දැවැන්ත ආර්ථික හා සමාජ අවුල් කිරීමක් ඇති කරනු ඇත .

බිඩෙන් යටතේ ආරම්භ වූ ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම “අවසන් කිරීමට”, යේමනය “විනාශ කර දැමීමට”, ග්‍රීන්ලන්තය, කැනඩාව සහ පැනමා ඇළ ඈඳා ගැනීමට සහ චීනයට එරෙහිව පූර්ණ යුද්ධය  දියත් කිරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨ සම නායක ලියොන් ට්‍රොට්ස්කි අධිරාජ්‍යවාදී අර්බුදයේ පූර්ව අවධියක දී පැහැදිලි කල පරිදි, ලෝකය මුහුන දී සිටින්නේ “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට” ය.

මේ අතර, ට්‍රම්ප්, මස්ක්, බෙසෝස් සහ සෙසු බිලියනපතියන්  වංචා, අභ්‍යන්තර ගනුදෙනු ( insider dealing) සහ විවෘත සොරකම් හරහා ධනවත් වී ඇත. වෝල් ස්ට්‍රීට් යනු අපරාධ කාටලයකි. මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන සෑම ආයතනයක්ම ඇතුළතින් කුණුවෙමින් පවතී. පාලක ප්‍රභූව ප්‍රතිගාමිත්වයේ ගැඹුර සොයමින්  සිටී.

කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන හදිසි ප්‍රශ්නය නම්: කළ යුත්තේ කුමක් ද? යන්නයි.

ට්‍රම්ප් යනු ක්‍රමයට පිටින් ක්‍රියා කරන ආගන්තුක බලවේගයක් නොවන බව මුලින්ම තේරුම් ගත යුතුය. ඔහු ඇමරිකානු ධනවාදයේ නිෂ්පාදනයක් වන අතර, ඔහු කතා කරන්නේ තම ධනය හා බලය ඕනෑම ආකාරයකින් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින පාලක පන්තියක් වෙනුවෙන් ය. ට්‍රම්ප් කියන්නේ කොහේවත් සිට ප්‍රාදූර්භූත වූ යකෙකු නොවෙයි. ඔහු ඇමරිකානු සමාජයේ (යථා) ස්වභාවයට අනුරූප වන පරිදි දේශපාලනය ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිව්‍යුහගත කරන කතිපයාධිකාරයේ පුද්ගලාරෝපණය වේ.

ඩිමොක්‍රටික් පක්ෂය විපක්ෂය නොවේ – එය සිය කැමැත්තෙන්ම හවුල්කරුවෙකි. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරය ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ශිෂ්‍ය විරෝධතාකරුවන්ට හිංසා පීඩා කිරීම ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර ගැඹුරු කිරීමට ට්‍රම්ප් පරිපාලනයට මුදල් සපයමින් රිපබ්ලිකානුවන්ගේ ‘අඛණ්ඩ යෝජනාව’ (continuing resolution- අතුරැ අයවැය) සම්මත කිරීම සහතික කළේ ඩිමොක්‍රටිකයෝ ය.

කමලා හැරිස් ට්‍රම්ප්ව ෆැසිස්ට්වාදියෙකු ලෙස විවෘතව හැඳින්වීමෙන් වැඩි කල් නොගොස්ම, බිඩෙන් ට්‍රම්ප්ට “සාර්ථකත්වය” ප්‍රාර්ථනා කරමින් ධවල මන්දිරයට පිළිගත්තේය. ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට විරුද්ධ වීම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් එහි මූලික අරමුනු සමග එකඟ වන බැවිනි: ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීම, සමාජ විරෝධය යටපත් කිරීම සහ වෝල් වීදියේ ආධිපත්‍යය පවත්වා ගැනීම. ඩිමොක්‍රටික් පක්ෂය යනු මූල්‍ය ප්‍රාග්ධනයේ, මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රිකයේ, සීඅයිඒ සහ පෙන්ටගනයේ සහ ඉහළ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල පක්ෂයකි. එහි ප්‍රධාන උත්සුකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සහ යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයයි.

ඩිමොක්‍රටික් පක්ෂයට ආයාචනා කිරීමෙන් ට්‍රම්ප් නතර කළ නොහැක. ට්‍රම්ප්ගේ ජාතිකවාදී ආර්ථික යුද ප්‍රතිපත්ති වැලඳ ගන්නා ගමන්ම, “ඔබේ කොන්ග්‍රස් සභිකයාට ලියන්න” යන ඉල්ලීම් සමඟ, සමූහ රැකියා අහෝසි කිරීම් වලට ප්‍රතිචාර දක්වා ඇති වෘත්තීය සමිති යන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කරන ලද පුහු ප්‍රයෝග සහ සංකේත අභිනයන් හරහා ඔහුට විරෝධයක් දැක්විය හැකි නොවනු ඇත. බර්නි සෑන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනියවුන් අප විශ්වාස ගැන්වීමට උත්සාහ කරන කරන පරිදි, බංකොලොත් පද්ධතියක වාටියේ කූරු ගෑම පිළිබඳ කාරණයක් ද නොවේ. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ විරුද්ධත්වය සමනය කිරීම සහ එය ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුළ තබා ගැනීමයි.

අවශ්‍ය වන්නේ, ෆැසිස්ට්වාදයේ තර්ජනය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේම බිඳවැටීමෙන් බවට පැහැදිලි අවබෝධයකින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයකි.

මෙම සටන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සැබෑ ජන කොට්ඨාශය වන වන කම්කරු පන්තිය තුලට ගෙන යා යුතුය. ආඥාදායකත්වයට එරෙහි සටන, බලය ලබා ගැනීමේ, ධනවාදය අහෝසි කිරීමේ සහ සමාජවාදය ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙලකින් සන්නද්ධ කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩවර්ජන හා පෙලපාලි ඇතුලු මහජන ප්‍රතිරෝධය බලමුලු ගැන්වීම සඳහා කම්හල්, සේවා ස්ථාන සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසයි. ධනේශ්වර කතිපයාධිකාරය විසින් කම්කරු පන්තියට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයට එරෙහිව සැබෑ අරගලයක් ගෙන යාම සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සම්බන්ධීකෘත සංවිධාන ජාලයක්- ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) වර්ධනය කරයි. 

සසප සටන් කරන්නේ මෙම නැගී එන ව්‍යාපාරය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට ය. ආඥාදායකත්වයට එරෙහි අරගලය මූල්‍ය කතිපයාධිකාරයට හා ධනවාදයට ම එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකි ය. මෙම කතිපයාධිකාරයේ ධනය උදුරා ගත යුතු අතර සමාජ අවශ්‍යතා සහ සමානාත්මතාවයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කළ යුතුය.

ෆැසිස්ට්වාදයට, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන ජාතික දේශසීමාවල සීමාවන් තුළ ගෙන යා නොහැක. ධනේශ්වර පද්ධතියේ ගෝලීය ස්වභාවයට ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය වේ. ලොව පුරා පාලක පන්තිය ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය සහ යුද්ධය වෙත හැරෙමින් තිබේ. ඒ අතරම, එක්සත් ජනපදයේ සිට ජර්මනිය දක්වා, ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව දක්වා සෑම රටකම වැඩෙන විරෝධතා සහ වැඩවර්ජන රැල්ලක් මතුවෙමින් තිබේ. කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියක් වන අතර එහි අරගල සියලු ජාතික, ජන වාර්ගික හා වාර්ගික රේඛා හරහා එක්සත් විය යුතුය.

පාලක පන්තියට සැලැස්මක් ඇත: ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය. කම්කරු පන්තියට ද සැලැස්මක් තිබිය යුතුය: බලය ලබා ගැනීම, ධනවාදය අවසන් කිරීම සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සැලසුම් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම මත පදනම් වූ සමාජවාදී අනාගතයක් ගොඩනැගීම.

සමාජවාදී සමානතා පක්ෂයේ හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වැඩපිලිවෙල එයයි. මේ සටන අතට ගන්න. සසප හා සසජාතශි සමග එකතු වන්න! ඒකාධිපතිත්වය නැවැත්වීමට, යුද්ධය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය මත නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනගන්න.

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න! Read More »

Turk

තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන

තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ ප්‍රකාශය.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 මාර්තූ 27 දින “ The crisis in turkey and the fight for revolutionary leadership” යන හිසින් පල වූ The Sosyalist Eşitlik Grubu (හජාජාක සමග දේශපාලනිකව සහයෝගීව කටයුතු කරන තුර්කි කණ්ඩායම ) විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Turk
2025 මාර්තු 24 වන සඳුදා, ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවීමෙන් පසු පැවති විරෝධතාවකදී, තුර්කියේ ඉස්තාන්බුල්හි විශ්ව විද්‍යාල සිසුන් කැරලි මර්දන පොලිස් නිලධාරීන් අසල වාඩි වී සිටිති [AP ඡායාරූපය/හුසේන් අල්ඩෙමීර්]

මාර්තු 19 දින සිට  ආරම්භ වී මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ වූ මහජන විරෝධතා හේතුවෙන් තුර්කිය කම්පනට පවත්ව ඇත. මෙම ව්‍යාපාරය ඇවිල ගියේ, ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ගේ  ඉස්ලාමීය රජය විසින් ඉස්තාන්බුල් නගරාධිපති මෙන්ම කෙමාල්වාදී රිපබ්ලිකන් මහජන පක්ෂයේ (සීඑච්පී) ජනාධිපති අපේක්ෂක එක්රෙම් ඉමමග්ලු අත්අඩංගුවට ගැනීම විසිනි. එමගින්, තුර්කියේ සහ ගෝලීය වශයෙන් ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු අර්බුදයෙන් පැන නගින තීරණාත්මක දේශපාලන ගැටළු මතු කර ඇත.

වැඩී යන ගෝලීය අධිරාජ්යවාදී යුද්ධයේ හා වර්ධනය වන සමාජ අසමානතාවයේ පීඩනය  යටතේ, 1923 දී පිහිටවූ තුර්කි  ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය බැටකා දුර්වලව ඇත. ඡන්දය  ප්‍රකාශ කිරීමේ අයිතිය, නිසි (නීතිමය) ක්‍රියාවලියකට (due process) ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එක්රැස්වීමේ නිදහස හා උද්ඝෝෂණ පැවැත්වීමේ සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්, බරපතල තර්ජනයට ලක්ව ඇත. මැතිවරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියමත පදනම් වූ එහි නීත්‍යානුකූල භාවය,   එර්ඩොවාන් රජය විසින් ඉවත දමමින් ඇත.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැවැන්ත පොලිස් මර්දනය දියත් කර තිබේ. බ්‍රහස්පතින්දා වන විට මිනිසුන් 2,000 කට ආසන්න පිරිසක් රඳවාගෙන සිටි අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 260 ක් නීතිවිරෝධී ලෙස සිරගත කර ඇත.සිරගත ක සිටින අය අතර, ලේබර් පක්ෂය (EMEP), තුර්කියේ කම්කරු පක්ෂය (İDP) සහ තුර්කියේ කොමියුනිස්ට් ව්‍යාපාරය (TKH) සහ තුර්කි කොමියුනිස්ට් පක්ෂය (TKP)  ආදී බොහෝ වාමාංශික පක්ෂවල නායකයින් සහ  සාමාජිකයන් ඇතුළත්ය. ශිෂ්‍ය වර්ජනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ක්‍රියාවකට සහභාගී වීම සම්බන්ධයෙන් විප්ලවවාදී කම්කරු පක්ෂයේ (DİP) නියෝජ්‍ය සභාපති  සහ ඉස්තාන්බුල් විශ්ව විද්යාලයේ ශාස්ත්‍රඥයකු වන ලෙවන්ට් ඩලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජවාදී සමානතා කණ්ඩායම, හතරවන ජාත්‍යන්තරයේ  ජාත්‍යන්තර කමිටුවේ තුර්කි

ශාඛාව, මෙම කණ්ඩායම් සමඟ ඇති දේශපාලන මත භේදයන්  නොසලකා, සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්,   මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, කම්කරු මහජනතාව ගෙන් හා තරුණයන්ගෙන්  ඉල්ලා සිටී.

මෑත කාල පරිච්ඡේදයේ දී ලොව විශාලතම ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකින් සමන්විතව,  ව්‍යවස්ථා විරෝධී උද්ඝෝෂත තහනම් කිරීම් හා පොලිස් මර්දනය නොතකා, ඉස්තාන්බුල් හි සහ රටේ සෑම නගරයකම පාහේ  සිසුන්ගේ සහ වැඩකරන ජනතාවගේ දැවැන්ත විරෝධතා පැවැත්වීම  සිදුවුනි. 

තුර්කියේ ඇති වූ විප්ලවවාදී අර්බුදය වෙනත් රටවල අනාගතයේ සිදුවන දේ පිළිබඳ පෙර නිමිති දක්වන්නකි. ලොව පුරා පුළුල් ජනතාව බලමුලු ගන්වන වෛෂයික  හේතු – ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් රැක ගැනීම, මහා පරිමාණ සමාජ අසමානතාවය සහ නිමක් නැති අධිරාජ්යවාදී යුද්ධයට විරුද්ධ වීම- ගෝලීය වේ. තුර්කියේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුණ දෙන දැවෙන ප්‍රශ්නය නම් විප්ලවවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් වර්ධනය කිරීමයි.

එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීම සහ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවයන් මත  ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ලොව පුරා ඒකාධිපති හා පැසිස්ට්වාදී  ප්‍රවනතා දිරිමත් කර තිබේ.

එක්සත් ජනපදයේ මෙන්ම, තුර්කියේ ඒකාධිපති පාලනයක් පිහිටුවීම, ඒ හෝ මේ  දේශපාලනකයාගේ අභිප්‍රායන් නිසා නොව, පාලක පන්තියේ වෛෂයික අවශ්‍යතාවය නිසා සිදු වේ. ආර්ථිකය හා සමාජය සම්බන්ධයෙන් ධනේශ්වර කතිපයාධිකාරයේ ආඥාදාකත්වය, දේශපාලන ආඥාදායකත්වයේ පාලන තන්ත්‍රයක් ගෙන එයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කළ පරිදි:

”… දෙවන වරටද ට්‍රම්ප් බලයට පත්වීම නියෝජනය කරන්නේ එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන ලෙස ඇමරිකානු දේශපාලන උපරි ව්‍යුහය  ප්‍රචණ්ඩකාරීව නැවත එකේලි (realignment) කිරීමයි.”

මෙය තුර්කිය සම්බන්ධයෙන් ද සත්‍යයකි. තුර්කිය යනු උග්‍ර පන්ති ප්‍රතිවිරෝධතාවලින් බෙදී ගිය රටක් වන අතර පාලක පන්තිය පිපිරීමක් කරා ගමන් කරන සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත වාඩි වී සිටී. ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීමත් සමඟ නව අවධියකට පිවිස ඇති ජනාධිපති ආඥාදායකත්වය සියල්ලටම වඩා ඉහලින් කම්කරු පන්තිය ඉලක්ක කර ගෙන ඇත.

ලෝකයේ 17 වන විශාලතම ආර්ථිකය වන තුර්කිය, ආදායම් සහ ධන අසමානතාවය අතින් යුරෝපයට ඉදිරියෙන් සිටී. එක් අවස්ථාවක දී සියයට 80 දක්වා ළඟා වූ නිල උද්ධමනය 2022 සිට අතිශයින් ඉහළ මට්ටමක පවතී. මීට අමතරව, රජය විසින් අනුගමනය කරන ලද දැඩි කප්පාදු වැඩසටහන කම්කරු පන්තියේ මූර්ත වැටුප් සහ ජීවන තත්වයන් විනාශ කර ඇත. COVID-19 වසංගතයට රජය දක්වන ලද ප්‍රතිචාරය මගින් පහළ සිට ඉහළ කරා වූ දැවැන්ත ධන හුවමාරුවක් හරහා පන්ති ආතතීන් උග්‍ර වී ඇත.

2002 දී ප්‍රථම වරට බලයට පත් වී, තුර්කි ආර්ථිකය ලෝක ආර්ථිකයට සහ ධනේශ්වර ගෝලීයකරණයට පෙර කවරදාටත් වඩා ඒකාබද්ධ කළ එර්ඩෝගන් රජයේ ප්‍රතිපත්ති මගින් පන්ති සබඳතාවල දැවැන්ත වෙනස්කම් ඇති කළේය. වැඩිවන නිර්ධන පංතිකරණය සහ වර්ධනය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම මූලාශ්‍රයක් බවට පත් කර ඇත. 2000 දී ජනගහනයෙන් සියයට 65 ක් නගරවල ජීවත් වූ අතර, මෙම අගය දැන් සියයට 90 ඉක්මවයි. 2022 වන විට, වැටුප් සේවකයින්ගේ අනුපාතය සියයට 70 ඉක්මවූ අතර එය 2000 වූ දී සියයට 48 සිට ඉහළ ගොස් ඇත. මිලියන 35 ක ශ්‍රම බලකායක් සහ විශාල කාර්මික නගර සමඟ, තුර්කියේ ඉතා දියුණු හා වඩ වඩාත් සටන්කාමී කම්කරු පන්තියක් සිටී.

රජයට පක්ෂපාතී හෝ ධනේශ්වර ගැති විපක්ෂයයේ වේවා වෘත්තීය සමිති සම්මේලන පන්ති අරගලය මර්දනය කිරීමට උදව් කළ දශක ගණනාවකට පසු, වර්ධනය වන හදිසි වැඩ වර්ජන ව්‍යාපාර තුළ මෙම සටන්කාමීත්වය ප්‍රකාශ වේ. 2024 වසර අවසන් වූයේ ලෝහ කම්කරුවන් එර්ඩොගොන්ගේ වැඩවර්ජන තහනමට අභියෝග කිරීමෙනි. මෙම වසරේ පතල් කම්කරුවන්ගේ සිට පෙහෙකම් සේවකයින් දක්වාත්, සෞඛ්‍ය සේවකයින්ගේ සිට ඉදිකිරීම් සේවකයින් දක්වාත් මහජන අරගල දක්නට ලැබුනි. 

තුර්කියේ සිදුවීම් WSWS 2025 අලුත් අවුරුදු ප්‍රකාශනයේ පහත සඳහන් තක්සේරුව ඉක්මනින් සනාථ කර ඇත:

”පසුගිය වසර පහ තුළ ධනේශ්වර අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය මුල් තැන දරනු ලැබුණි. ඉදිරි වසර පහ තුළ, දැනටමත් ඇරැඹී සිදුවෙමින් පවතින පන්ති අරගලයේ පිපුරුම් සහගත විදාරනයක් සිදුවනු ඇත. ලොව පුරා කම්කරුවන් උග්‍රවන ගෝලීය යුද්ධයකට; H5N1 කුරුළු උණ සහ mpox වැනි නව රෝග කාරක මතුවීමත් සමඟ, ඉදිරියට ඇදෙන COVID-19 වසංගතයකට; මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සමායෝජිත ප්‍රහාරයකට සහ සූරාකෑමේ සහ සමාජ අවශ්‍යතාවයේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දෙති.”

මෙම අන්තර් සම්බන්ධිත අර්බුදවලට යටින් පවතින්නේ ලාභයට සහ පුද්ගලික ධන සමුච්චය කිරීමට මුළු මහත් සමාජය යටත් කරන කතිපයාධිකාරීත්වයකි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවීය කාර්යයකි.

එර්ඩෝගන් රජය නියෝජනය කරන එම ධනේශ්වර කතිපයාධිකාරයම, මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ වසර 35 කට ආසන්න කාලයක් තිස්සේ තම ප්‍රතිගාමී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී ආක්‍රමණශීලී යුද්ධවලට ගැඹුරින් සම්බන්ධ වී ඇත.

එර්ඩෝගන්,ඔහු බලයට පත් වූ මොහොතේ සිට,  එක්සත් ජනපද නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදී ආක්‍රමණයට සහාය දැක්වීමට ඔහුට හැකි සෑම දෙයක්ම කර ඇත: ඔහු ඉරාකයේ යුද්ධයට සහාය දුන්නේය, ඇෆ්ගනිස්ථානයට හමුදා යැවීය, එමෙන්ම ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධවලට සහාය විය. ඔහුගේ වාචාල විවේචනය කුමක් වුවත්, ඔහු එක්සත් ජනපද-නේටෝ සහාය ඇතිව ගාසා තීරයේ සියොන්වාදී ඊශ්‍රායල තන්ත්‍රය සිදුකරමින් පවතින සමූල ජන ඝාතනයට සහාය දී තිබේ. අසර්බයිජානයේ සිට ඊශ්‍රායලයට තෙල් නැව්ගත කිරීම සඳහා නල මාර්ගය පිහිටා ඇති භූමිය වූ තුර්කිය, ඉරානය සහ එහි සහචරයින් ඉලක්ක කරගත් එක්සත් ජනපද සහ නේටෝ (යූධ) කඳවුරු පවත්වාගෙන යයි. පලස්තීනුවන්ගේ සමූල ජන ඝාතනයට එහි හවුල් වීම, ජනගහනයේ ඇස් හමුවේ එර්ඩෝගන් රජයේ විශ්වසනීයත්වය නැති වීමට හේතු වී තිබේ.

2014 යුක්රේනයේ කුමන්ත්‍රණයෙන් පසුව උත්සන්න වූ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රහාරයට එර්ඩෝගන් රජයට සම්පූර්ණයෙන්ම අනුගත වීමට නොහැකි වීම සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූ යුද්ධයේදී කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟ ඇති කරගත් සන්ධානය ද තුර්කියේ ඒකාධිපති හැරීම වේගවත් කළේය. තීව්‍ර වන අධිරාජ්‍යවාදී යුද්ධයක් මධ්‍යයේ, තුර්කිය එක්සත් ජනපදය සහ රුසියාව අතර උපාමාරු දැමීමට උත්සාහ කිරීමත් සමඟ ආතතීන් ඉහළ ගොස් තිබේ.මෙය 2016 ජූලි 15 වන දින නේටෝ සහාය ලත් කුමන්ත්‍රණයෙන් කුළුගැන්වුනු  අතර එය එර්ඩොගන් බලයෙන් පහ කිරීම අරමුණු කර ගෙන සිදු විය.

මහජන විරෝධයට ස්තූතිවන්ත වන්නට කුමන්ත්‍රණ උත්සාහය පරාජයට පත් වූ පසු, ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පවතින හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රචණ්ඩකාරී ප්‍රති-ප්‍රහාරයක් දියත් කළේය. 2017 දී මතභේදාත්මක ව්‍යවස්ථාමය ජනමත විචාරණයකින් එර්ඩෝගන්ට පුළුල් බලතල ලබා දෙන ලදී.

එවකට සමාජවාදී සමානතා කණ්ඩායම  ප්‍රකාශ කළ පරිදි:

“එර්ඩොගාන්ගේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙනී යන්නේ තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආයිත්තම් පවා පාලක පන්තියේ මිලිටරිවාදී සහ ඒකාධිපති ධාවනය සමඟ තවදුරටත් නොගැලපෙන බවයි. … [ඔහුට] තවදුරටත් අභ්‍යන්තර දේශපාලන විරුද්ධත්වය ඉවසිය නොහැක. ධනේශ්වරයේ ප්‍රතිවාදී කොටස්වලින් සහ කම්කරු පන්තිය තුළ නැගී එන විරෝධය තලා දැමීමට ඔහු බලතල සොයාගත යුතුය.”

එතැන් සිට, 2020 COVID-19 වසංගතය, 2022 දී යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ එක්සත් ජනපද-නේටෝ යුද්ධය සහ 2023 දී ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ජන ඝාතනය ආරම්භ වීමත් සමඟ, ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සහ අධිරාජ්‍යවාදයට වැඩ කරන ජනතාවගේ සහ තරුණයින්ගේ විරෝධය යන දෙකම ගැඹුරු වී ඇත. අද, අන් කවරදාටත් වඩා, තුර්කි ධනේශ්වරයට, අතිමහත් බහුතරයකගේ වෛරයට පාත්‍ර වී ඇති, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදයේ වැඩෙන ආක්‍රමණශීලීත්වයට අනුකූල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාධිපති පාලනයක් අවශ්‍ය වී ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පූර්ණ ආධිපත්‍යය යටතේ මැද පෙරදිග නැවත යටත් විජිතකරණය කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම්වල තුර්කිය තීරණාත්මක සගයෙකු ලෙස සැලකේ. පලස්තීනයේ සිට ලෙබනනය දක්වා, සිරියාවේ සිට යේමනය දක්වා, එක්සත් ජනපද-ඊශ්‍රායල් ආක්‍රමණය කලාපයේ සිතියම නැවත ඇඳෙන “නව මැද පෙරදිග”ක් ඉලක්ක කරයි. 1979 විප්ලවයත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලනයෙන්  සම්පූර්ණයෙන් ගිලිහුණු ඉරානය, මෙම ඉලක්කයට බාධාවක් ලෙස සලකනු ලබන අතර අධිරාජ්‍යවාදී-සියොන්වාදී මිලිටරි ප්‍රහාරයක ආසන්න තර්ජනයට ලක්ව ඇත.

ඉරානය සමඟ දිගු දේශසීමාවක් බෙදා ගන්නා තුර්කියේ සහාය නොමැතිව එවැනි ආක්‍රමණයක් සිදු කළ නොහැකිය. දමස්කස්හි නව පාලනය සහ  සිරගත කරන ලද කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ (PKK) නායක අබ්දුල්ලා ඔකලන් හරහා තුර්කිය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟින්,  2024 දෙසැම්බර් මාසයේදී අල්-කයිඩාවට අනුබද්ධ සිරියාවේ හයාත් තහ්රිර් අල්-ෂාම් (HTS) මිලීෂියාව බලයට පත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල අන්කාරාව, එක්සත් ජනපදය ප්‍රමුඛ ඉරාන විරෝධී අක්ෂයක තීරණාත්මක කොටසක් ලෙස සැලකේ. 

“හොඳ නායකයෙක්” සහ “මගේ මිතුරෙක්” ලෙස හඳුන්වන ලබන එර්ඩොගන් සමඟ සමීපව කටයුතු කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ එබැවිනි. ඉමාමොග්ලු රඳවා තබා ගැනීමට දින තුනකට පෙර එර්ඩොගන් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් කතා කළේය. ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිතයා දුරකථන ඇමතුම “විශිෂ්ට” සහ “පරිවර්තනීය” ලෙස විස්තර කළේය. තුර්කියේ අත්අඩංගුවට ගැනීම් සහ මහජන විරෝධතා මධ්‍යයේ මාර්තු 25-26 දිනවල වොෂින්ටනයේදී තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. එම දිනවලම, තුර්කියේ විරෝධතා සහ පොලිස් කෲරත්වය විකාශනය කරන බොහෝ ගිණුම් වෙත ප්‍රවේශය එලොන් මස්ක්ගේ X/Twitter විසින් අවහිර කරන ලදී.

එක්සත් ජනපදය සමඟ වැඩෙන ආතතීන් සහ නේටෝවේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ද එර්ඩෝගන් රජය තීරණාත්මක සගයෙකු ලෙස ද දකී. රුසියාව සමඟ එක්සත් ජනපද සාම ගිවිසුමකට එරෙහිව යුක්රේනයේ යුද්ධය දිගටම කරගෙන යාමට කැමති යුරෝපීය බලවතුන්, “කැමති අයගේ සන්ධානයක්” පිහිටුවා ඇති අතර, “සාම සාධක භටයන්” ලෙස යුක්රේනයට නේටෝ හමුදා යැවීමට සැලසුම් කරමින් සිටිති. මධ්‍යධරණී මුහුදේ සිට කළු මුහුද දක්වා වූ සමුද්‍ර සන්ධිය පාලනය කරන සහ නේටෝවේ දෙවන විශාලතම මිලිටරි බලය ඇති තුර්කිය, “සාමය” නාමයෙන් න්‍යෂ්ටික ගැටුමක් ඇති කළ හැකි මෙම ගිනි තැබීමේ සැලසුම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කෙරේ.

යුරෝපා සංගමය සහ තුර්කිය අතර සරණාගතයින්ට එරෙහිව ඇති නීච ගිවිසුම – ඔවුන්ගේ යුරෝපා සංගම් ගැති සහ නේටෝ ගැති ස්ථාවරය නොතකා – තම යුරෝපීය සහචරයින් තුර්කියේ දේශපාලන විපක්ෂයේ මර්දනය දෙස ඇස් පියාගෙන සිටිනු ඇතැයි එර්ඩොගාන් කරන ගණනය කිරීම් වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අධිරාජ්‍යවාදී යුද්ධවලින් සහ ඒවායේ ප්‍රතිවිපාකවලින් පලා යන මිලියන 5 ක් පමණ සරණාගතයින්ට සත්කාරකත්වය අන්කාරා සපයන අතර, ඔවුන් යුරෝපයට යාම වළක්වයි.  

සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගත් ඉමාමොග්ලු සහ අනෙකුත් සියලුම CHP සාමාජිකයින් නිදහස් කරන ලෙස සමාජවාදී සමානතා කණ්ඩායම කැඳවුම් කරයි. කෙසේ වෙතත්, මෙය CHP සඳහා කිසිදු දේශපාලන සහයෝගයක් දීම අදහස් නොකරයි. එහි ස්වභාවයෙන්ම, CHP හට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලය ඉදිරියට ගෙන යා නොහැක. ඊට පටහැනිව, CHP උත්සාහ කරන්නේ මහජන ව්‍යාපාරය මැතිවරණ රාමුවට හරවා එලෙස එය මර්දනය කිරීමට ය. එර්ඩෝගන් රජය මෙන්ම, මෙම මූලික ගැටලු පැන නගින ධනේශ්වර ක්‍රමයට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයකට එය විරුද්ධ ය.

ධනේශ්වර පක්ෂයක් ලෙස CHP හි කොන්ද පණ නැතිකම සහ දේශපාලනික යටත් වීම ගෝලීය සංසිද්ධියක කොටසකි. 1917 ඔක්තෝබර් විප්ලවයට ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම-නායකත්වය දැරූ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කළ ලියොන් ට්‍රොට්ස්කි, ඔහුගේ නොනවතින  විප්ලවයේ න්‍යාය තුළ පැහැදිලි කළ පරිදි, වර්තමාන යුගයේ ලෝකයේ ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සමානාත්මතාවය සහ අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තියක් නිරන්තරයෙන් ස්ථිරසාරව ආරක්ෂා කළ නොහැක. මෙම කාර්යයන් සමාජ ධනය නිර්මාණය කරන සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ මිල ගෙවන කම්කරු පන්තියට පැවරේ. කම්කරු බලය ස්ථාපිත කිරීමේ සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යය ජාතික නොව ජාත්‍යන්තර එකක් වන අතර එය සාක්ෂාත් කරගත හැක්කේ ගෝලීය පරිමාණයෙන් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හරහා පමණි.

මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ඒකාධිපති තන්ත්‍රයට එරෙහි මෙම අරගලයේදී තුර්කියේ කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතුය. තුර්කියේ සහ සියලුම රටවල මූලික ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි. මෙහි තේරුම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමයි. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන අය ඒ මත ක්‍රියා කළ යුතු අතර සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) ගොඩනැගීමට සහභාගී විය යුතුය.

තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන Read More »

Sounding the alarm

ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී”

ඩේවිඩ් නෝර්ත් විසිනි.

සෙනසුරාදා ජර්මනියේ ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මණ්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, ඔහුගේ Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) කෘතියේ අලුතින් නිකුත් කරන ලද ජර්මානු පරිවර්තනය හඳුන්වා දුන්නේය. 2014 සිට 2024 දක්වා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වාර්ෂික ඔන්ලයින් මැයි දින සැමරුම් උළෙලදී ලෝක ධනවාදයේ තීව්‍ර වන අර්බුදය සහ ගෝලීය යුද්ධය සදහා වන තල්ලුව ප්‍රස්ථාරගත කරමින් නෝර්ත් විසින් පවත්වන ලද දශකයක දේශන මෙම වෙළුම එක තැනකට ගෙන එයි.

බර්ලින් සහ ලයිප්සිග් අතර දුම්රිය මාර්ගයේ අනතුරක් හේතුවෙන්, නෝර්ත් සහ යොහැන්නස්  ස්ටර්න්ට පෞද්ගලිකව සහභාගි වීමට නොහැකි විය. නෝර්ත් ගේ පහත සඳහන් ප්‍රකාශයන් මෙන්ම ස්ටර්න්ගේ හැඳින්වීම ද සියලු දෙනාට ඇසීමට කියවන ලදී.

ඉංග්‍රීසි සංස්කරණය මෙහි ඇනවුම් කළ හැක.

***

Sounding the alarm
Sounding the Alarm: Socialism Against War, David North

නැවත වරක් Leipzig Buch Messe ( ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයට)ට සහභාගී වී මගේ නවතම කෘතිය වන Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) හි ජර්මානු භාෂා සංස්කරණය ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. යොහැන්නස් ගේ ඉතා කාරුණික ප්‍රකාශය සඳහා මම ඔහුට ස්තූති කිරීමට කැමතියි. ඔහුගේ ප්‍රශංසාව කෙතරම් ප්‍රබලද වූයේ ද යත්  මගේම  කෘතිය මා විසින්ම ප්‍රශංසා කිරීමේ බර යොහැන්නස් මගේ උර මතින් ඉවත් කළේය.

2014 සහ 2024 අතර මා සාමාජිකයෙකු වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ වාර්ෂික මැයි දින රැස්වීම්වලදී මා විසින් කරන ලද දේශනවල අනාවැකිමය ස්වභාවය ලෙස  ඔහු විසින් හඳුන්වනු ලැබූ දෙය යොහැන්නස්  විසින් අවධාරණය කර ඇත.

මෙය ඉහළ ප්‍රශංසාවකි, නමුත් මගේ කෘතියේ “අනාවැකිමය ස්වභාවය” ගැන සඳහනෙන් ඉස්මතු වූ ගුප්ත ප්‍රභා මණ්ඩලයෙන් ඈත් වීමට මම බැඳී සිටිමි. මම අනාගත වක්තෘවරයෙකු නොවන අතර (අනාගතයේ දැකීමේ සමත්) පළිඟු බෝලයක්ද මා සතුව නැත. මම, ඒ වෙනුවට, ඓතිහාසිකව දැනුවත් දේශපාලන විශ්ලේෂණයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් සමඟ වැඩ කිරීමේ වාසිය ඇති මාක්ස්වාදියෙකි.

ලිවීමේදී, සිදුවීම් වඩාත් පුළුල් ඓතිහාසික සන්ධර්භයක් තුළ ස්ථානගත කිරීමට, ඒවා සංකීර්ණ ඓතිහාසික වර්ධන ක්‍රියාවලියක අවස්ථා ලෙස පරීක්ෂා කිරීමට, රජයන් සහ දේශපාලනඥයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් සඳහා දෙන සාධාරණීකරණයන් කෙරෙහි අඩු අවධානයක් හෝ කිසිදු අවධානයක් පවා නොදැක්වීමට, ඊට විපරීතව ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමට, ආණ්ඩු සේවය කරන පන්ති අවශ්‍යතාවයන් පරීක්ෂා කිරීමට, ගෝලීය වශයෙන් ඒකාබද්ධ ධනේශ්වර පද්ධතියක් තුළ ජාතික රාජ්‍යයන් අතර ගැටුම් උත්සන්න වීමේ ප්‍රතිවිපාක හැකි තරම් පරිස්සම් සහගතව සහ යථානුභූතිකව තක්සේරු කිරීමට සහ අවසාන වශයෙන්, කම්කරු පන්තිය මත ලෝක අර්බුදයේ බලපෑම සහ ධනවාදය පෙරලා දමා සමාජවාදී පදනමක් මත ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට තුඩු දෙන විප්ලවවාදී පන්ති අරගලය පුපුරා යාමේ විභවය තක්සේරු කිරීමට, මම උත්සාහ කරමි.

මගේ පොත පෙන්නුම් කරන පරිදි, සිදුවීම් සඳහා මෙම ප්‍රවේශය ඉතා නිවැරදි දේශපාලන ඇගයීම් සහ අනාවැකි සඳහා පවා හැකියාව ලබාදී ඇත. කෙසේ වෙතත්, මා භාවිතා කිරීමට උත්සාහ කර ඇති මාක්ස්වාදී විධික්‍රමය, සංස්ථාපිත මාධ්‍යවේදීන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ ක්‍රියාකාරකම්වල ලක්ෂණයන් වන,  අදූරදර්ශී ධාරණාවාදයේ, අනඓතිහාසික තත්කාර්‍යවාදයේ සහ ධනවාදයේ සදාකාලික ස්වභාවය පිළිබඳ ස්වයං-මුළා කරවන විශ්වාසයේ සංකලනයට වඩා, මඟ පෙන්වීමේ සහ පෙර දැකීමේ වඩාත් විශ්වාසදායක මෙවලමක් බව ඔප්පු වී ඇත.

ධනේශ්වර දේශපාලඥයන් සහ මාධ්‍ය අනාවැකි කාරයින් ඉතා අල්ප වශයෙන් පමනක් පෙර-දැක ඇති බව ඉතා පැහැදිලිය. 1989 සහ 1991 අතර කාලපරිච්ඡේදය තුළ, සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරිම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සාමයේ නව යුගයක ආරම්භය සනිටුහන් කළ බව ඔවුහු ප්‍රකාශ කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මානුෂීයවාදීන්ගේ ආධිපත්‍යය යටතේ ධනවාදය තමන්ට උදා කල හැකි දේ ලෝකයට පෙන්වනු ලබනු ඇත.

බලාපොරොත්තු වූ පරිදි කිසිවක් සිදු නොවීය. මිලියන ගණනකගේ ජීවිත බිලිගත් නිමක් නැති යුද්ධවලින් පසුගිය වසර 35 කැළැල් වී ඇත. ධනේශ්වර ක්‍රමය අර්බුදවලින් අර්බුදය දක්වා පය පැටලී ගොස් පණ බේරා ගත්තේ, ඩොලර් ට්‍රිලියන ගණනින් දැවැන්ත ඇපදීම් ක්‍රියාවට නැංවීමෙන් පමනි. සමාජ අසමානතාවය ඓතිහාසිකව පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී තිබේ. විනාශකාරී COVID-19 වසංගතය මිලියන ගනනක් ජීවිත බිලිගෙන ඇති අතර, ධනේශ්වර ආන්ඩු විසින් උකහා ගන්නා ලද එකම පාඩම නම්, වසංගතයේ මුල් සති වලදී, සංගත ලාභ අඩු කිරීමට තුඩු දුන් අගුලු දැමීම් සහ මුඛ ආවරණ වැනි අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පවා වැරැද්දක්  බවය. ජීවිත බේරා ගැනීමට වඩා ලාභ කොටස ආරක්ෂා කිරීම ඉතා වැදගත් ය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම ගැන කුමක් කිව හැකිද? මින් මාසයකට මඳක් වැඩි කාලයක් තුළ, 2025 මැයි 7 වන දින, තුන්වන රයිකය බිඳවැටීමේ අසූවන සංවත්සරය සමරනු  ලැබේ. නමුත් මෙම සංවත්සරය සම්පාත වන්නේ ලොව පුරා ෆැසිස්ට් ව්‍යාපාරවල ගෝලීය නැගීමත් සමඟ ය. ජර්මනියේ (අන්ත දක්ෂිණාංශික) AfD  වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය ලෙස මතුවෙමින් තිබේ. ෆැසිස්ට්වාදයට පල්ලම් බැසීමේ ක්‍රියාවලිය ඉතාලියේ, ප්‍රංශයේ සහ සත්තකින්ම එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතී.

දෙවන ට්‍රම්ප් පරිපාලනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සර්ව-ව්‍යාපී බිඳවැටීමේ දේශපාලනිකව අශිෂ්ටතම ප්‍රකාශනය වනවා පමනි. ඇමරිකානු ව්‍යවස්ථාව මියගිය ලේඛනයක් බවට පත්වෙමින් තිබේ. මැඩිසන්, ජෙෆර්සන් සහ ලින්කන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, කාල් ෂ්මිට්ගේ සාපරාධී නීති න්‍යායන් මගින් ප්‍රතිස්ථාපනය කෙරෙන ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නැගෙමින් තිබේ. එක්සත් ජනපදය දැන් අයිතිවාසිකම් පිළිබඳ පනත (Bill of Rights) Führer (දුෂ්ඨ ආඥාදායකත්වය) මූලධර්මයට යටත් වන රටකි. මෙමගින් “ව්‍යතිරේක/හදිසි අවස්ථා තත්ත්වයක්”-Ausnahmezustand-ප්‍රකාශ කිරීමට සහ ඔහු තෝරා ගන්නා ඕනෑම කෙනෙකුට සියලු නීතිමය ආරක්ෂාවන් අහිමි කිරීමට ජනාධිපතිට හැකියාව ලබා දේ. 

මීට කලින් 1812 යුද්ධය, පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක සංග්‍රාමයේ දී පමණක් භාවිතා කර ඇති කුප්‍රකට පිටදේශ සතුරන්ගේ පනත (Alien Enemies Act) ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාවට නංවා ඇති සේම, සිසුන්, ඔවුන්ගේ නිවෙස් තුලින්  හෝ වීදිවලින් අල්ලා ගැනීම සඳහා වංචනික අනීතික කඩතුරාවක් ලෙස අත්තනෝමතික “විධායක නියෝග” නිකුත් කරයි. මෑත අතීතයේ චිලී, ආර්ජන්ටිනා සහ බ්‍රසීල ආඥාදායකත්වයන් සහ නාසි ජර්මනිය පවා සිහිපත් කරන දර්ශන දැන් එක්සත් ජනපදයේ බහුලව දක්නට ලැබේ.  මහමුද් කලිල් (Mahmoud Khalil), රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Ozturk) සහ, ඉතා මෑතක දී, මිනෙසොටා විශ්වවිද්‍යාලයේ නාඳුනන ශිෂ්‍යයෙකු අල්ලාගෙන ප්‍රාන්තයෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවනින් යවා ඇත. “රාත්‍රිය සහ ඝන මීදුම”—Nacht und Nebel—එක්සත් ජනපදයට පැමිණ ඇත. තවත් ධෛර්යසම්පන්න ශිෂ්‍යයෙක් වන, කෝනල් විශ්වවිද්‍යාලයේ මොමොඩු ටාල් (Momodou Taal), එලෙස සලකනු ලැබීමට එරෙහිව උසාවිවල සටන් කරයි. මේ සියලු තරුණයන් අපරාධ කර නැත. පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට සාමකාමීව විරෝධය දැක්වීම සඳහා නිදහස් භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ එකම “වරද” වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමට සමගාමීව, සමූල ජන ඝාතනය යුක්තිසහගත කිරීම සහ නීත්‍යානුකූල කිරීම සමග අත්වැල් බැඳ, මිලිටරිවාදයේ යලි පිබිදීම අපි අත්දකිමින් සිටිමු. යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ, ලෝකය යලි බෙදීම සඳහා වන නව ගෝලීය යුද්ධයක පළමු වටය පමණක් බව ඔප්පු වෙමින් තිබේ. ලෙනින්, ට්‍රොට්ස්කි සහ අනෙකුත් අධිරාජ්‍යවාදයේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විරුද්ධවාදීන් විසින් ලියන ලද  අධිරාජ්‍යවාදය පිළිබඳ පුරෝගාමී මූලික ලියවිලි (seminal texts) කියවීමට සහ අධ්‍යයනය කිරීමට දැන් කාලයයි.

පළමුවන ලෝක සංග්‍රාමය ආසන්නයේ ෆ්‍රාන්ස් මේරිං (Franz Mehring) අනතුරු ඇඟවූ පරිදි, යුද්ධයේ දෙවිවරු පිපාසිතව ඇත. ට්‍රම්ප්, පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය අල්ලා ගන්නා බවට තර්ජනය කරන අතර, ඔහුගේ නාසි වීරයන්ගේ ‘සැලසුම් ලේඛනය’ අනුගමනය කරමින්, කැනඩාවේ “ඇන්ෂ්ලස්” (ඈඳා ගැනීම) සඳහා ඔහුගේ සැලසුම් ගැන විවෘතව පුරසාරම් දොඩයි.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල,  1914 සහ 1939 ට පූර්වයෙන් කල දෑ සිහිගන්වමින් එය දැන් තවත් විනාශකාරී අවි තරඟයක යෙදී සිටින්නේ, නැවත වරක් තමන්ටත් වාසිදායක බල වැයික්කියක් සාක්ෂාත් කර ගැනීම සඳහාය. නව “නැගෙනහිර වෙත ධාවනයක්” සූදානම් කරමින් පවතී. එය නතර නොකළහොත්, එය විල්හෙල්ම් II සහ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ මීට පෙර දැරූ උත්සාහයන්ටත් වඩා විශාල ව්‍යසනයකට තුඩු දෙනු ඇත.

මගේ පොත, මාතෘකාවේ පැහැදිලිව දක්වා ඇති පරිදි, අනතුරු ඇඟවීමට උත්සාහ කිරීමකි. මනුෂ්‍යත්වය අදුරු අගාධයට පලල්ලම් බැසීමේ අනතුරට මුහුණ දෙමින් සිටී. මෙම අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම පමණි. රෝසා ලක්සම්බර්ග් විසින් ඉදිරිපත් කළ ලෙස, විකල්පය වන “සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”ට අද අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටි. අනතුරු ඇඟවීම හඬ නංවා ඇත. අපි දැන්  එයට ප්‍රතිචාර දැක්විය යුතුයි.

අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය  Mehring Books වෙතින් මිලදී ගන්න.

ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී” Read More »

Tank loading

යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීම එපා!

 ක්‍රිස් මාර්ස්ඩන් හා තෝමස් ස්ක්‍රිප්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 මාර්තු 8 දින “No to European rearmament!” යන හිසින් පල වූ ක්‍රිස් මාර්ස්ඩන් හා තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු  විසිනි.

Tank loading
ජර්මානු සොල්දාදුවන් 2022 පෙබරවාරි 14, සඳුදා, උතුරු ජර්මනියේ මන්ස්ටර් හි බුන්ඩෙස්වේර් හමුදා කඳවුරේදී ලිතුවේනියාවට ප්‍රවාහනය සඳහා ටැංකි හොවිට්සර් පටවති. [AP Photo/Martin Meissner]

සෑම ප්‍රධාන යුරෝපීය බලවතෙකුම  හමුදා යලි සන්නද්ධ කිරීමේ වියරු වැඩපිලිවෙලක් වේගවත් කරමින් සිටි.

යුරෝපා සංගමය යුරෝ බිලියන 800ක්  ලබා දීමට කටයුතු යොදා ඇත. ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ නව සීඩීයූ ප්‍රමුඛ ආන්ඩුව බලයට පත්වීමට පෙර සිටම ජර්මනිය අතිරේක බිලියන සිය ගනනක ආරක්ෂක වියදම් ප්‍රකාශ කර ඇත.

ප්‍රංශය වාර්ෂික මිලිටරි වියදම් දෙගුණ කිරීමට සැලසුම් කරමින් සිටින අතර, ජනාධිපති මැක්‍රොන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක ඉලක්කයක් යෝජනා කරයි. ඔහු, යුරෝපීය සහචරයින් ප්රංශයේ න්යෂ්ටික ආවරණය යටතට ගෙන ඒමට ඔහුගේ සූදානම ප්රකාශ කර ඇත.

කියා ස්ටර්මර් ගේ කම්කරු ආන්ඩුව විසින් නායකත්වය දෙන බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ අනෙකුත් බලවතුන් සමග සන්ධානගතව, “කැමති අයගේ සභාගයක” කොටසක් ලෙස, බ්‍රිතාන්‍යය”බූට් සපත්තු භූමිය මත ද අහසෙහි ගුවන් යානා ද” ලෙස බ්‍රිතාන්‍යය හමුදා සහ ගුවන්යානා යුක්‍රේනයට යැවීමට යෝජනා කරයි.

යුක්රේන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමස්ත මහාද්වීපයම රුසියානු චණ්ඩභාවයෙනයෙන් සහ වඩාත් විකාර සහගත ලෙස, රුසියානු ආක්‍රමණයෙන්, ආරක්ෂා කිරීමේ සදාචාරාත්මක අත්‍යවශ්‍යක් ගැන පවසමින් සෑම දේශපාලන පක්ෂයක්ම සහ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතනයක්ම මෙම මිලිටරිවාදයේ පිපිරීම යුක්ති සහගත කරමින් මුසාවන් වපුරයි.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැක්‍රොන් ප්‍රකාශ කළේ, “අපේ මහාද්වීපයේ තවදුරටත් සාමය සහතික කළ නොහැකියි….රුසියාව, ප්‍රංශයට සහ යුරෝපයට තර්ජනයක්ව ඇති අතර එලෙසම පවතිනු ද ඇත.”

යුරෝපීය බලවතුන් සඳහා සැබෑ අභිප්‍රේරණය වන්නේ, ට්‍රම්ප්ගේ ‘ඇමරිකාවට පළමු තැන’ විදේශ ප්‍රතිපත්තිය, රුසියාව සමඟ ඔහුගේ ඒකපාර්ශ්වික සාකච්ඡා සහ යුක්‍රේනයේ සම්පත් සඳහා තනි ප්‍රවේශය සඳහා වන බලකර ඉල්ලීම්, නේටෝවේ යුද්ධයේ (සම්පත්, යස ඉසුරු)මංකොල්ලයෙන් ඔවුන්ව කපා හැරීමට තර්ජනය කරන බව පිළිබඳ ඔවුන්ගේ අවබෝධයයි.

යුක්රේනයේ ගැටුම සූදානම් කෙරුනේ, එරට, නේටෝවේ සහ යුරෝපීය සංගමයේ ග්‍රහණයට ගෙන ඒම සහ රුසියාවේ සැලකිය යුතු වත්කම් ලෝක අධිරාජ්‍යවාදයට විවෘත කරනා මොස්කව්හි පාලන තන්ත්‍ර වෙනසකට නායකත්වය දීම අරමුනු කරගත්, අස්ථාවර කිරීමේ ඒකාබද්ධ යුරෝපීය-ඇමරිකානු ව්‍යාපාරයක් මගිනි.

නේටෝ බලවතුන් අපේක්ෂා කළ පරිදිම, රුසියාවේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස,යුක්රේනයේ ප්‍රතිගාමී ආක්‍රමණය හැර වෙනත් ආකාරයකින් මෙම තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට පුටින්ගේ ආන්ඩුවට නොහැකි විය.

ස්ටාර්මර් සහ මැක්‍රොන් විසින් ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදියාට  නිරන්තර දෑත් දිගු කිරීම් මගින් පෙන්නුම් කල පරිදි, පුටින් සමඟ ඔහුගේ සාකච්ඡාවලදී යුරෝපයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ට්‍රම්ප් එකඟ වූයේ නම්, බර්ලින්, පැරිස් සහ ලන්ඩන් වොෂින්ටනය සමඟ එකඟතාවයක් සෙවීමට ඉඩ තිබිනි.

යලි සන්නද්ධ කිරීම යුක්ති සහගත කිරීම සඳහා මුදා හරින ලද කුහකකමේ උදම් රැල්ල මධ්‍යයේ, යුරෝපය, Zelensky ගේ දක්ෂිණාංශික තන්ත්‍රයට ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සඳහා පදනම ලෙස, 2021 ජූලි “යුරෝපීය සංගමය සහ යුක්‍රේනය අතර අමුද්‍රව්‍ය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිළිබඳ අවබෝධතා ගිවිසුමේ” පුනර්ජීවනයක් අපේක්ෂා කරයි.

 යුරෝපයේ කාර්මික මූලෝපාය කොමසාරිස් Stéphane Séjourné විසින් මෙම සංදේශය පසුගිය මාසයේ විස්තර කරන ලද්දේ, “යුරෝපයට අවශ්‍ය තීරනාත්මක ද්‍රව්‍ය 30න් විසි එකක්” සපයන “ජයග්‍රාහී හවුල්කාරිත්වයක” ( “win-win partnership.”) කොටසක් ලෙසය. ඇත්ත වශයෙන්ම යුරෝපය, එක්සත් ජනපදයට වඩා, යුක්රේනයේ මූලෝපායික ඛනිජ ඩැහැ ගැනීම මත බොහෝ දුරට යැපෙන අතර, මේ මොහොතේ  ඒවායේ සැපයුම සඳහා බොහෝ දුරට තනිකරම චීනය මත රැඳී ම සිටි.

මෙම සැබෑ අවශ්‍යතා පිළිගනිමින්, “ප්‍රධාන යුරෝපීය රටක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්” BBC වෙත නිර්නාමිකව කතා කරමින්, ට්‍රම්ප් යුක්රේනයට හමුදා ආධාර අවසන් කිරීම ගැන පැවසුවේ, “එය නිසැකවම අපගේ මනස සහ මුදල් පසුම්බි වල අවධානය කේන්ද්‍රගත කිරීමේ එක් ක්‍රමයකි!  අපි ඒ ආකාරයට සිතුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ අපට උදව්වක්. ”

යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මතු කරන අන්තරායන් ගිනිය නොහැකි ය. යුක්රේන භූමියට යුරෝපීය හමුදා යෙදවීම සහ එහි අහස  ඉහලින් ගුවන් යානා තැබීම සහ ජර්මනියට සහ අනෙකුත් සහචරයින්ට ප්‍රංශ න්‍යෂ්ටික ආවරණය දිගු කිරීම පවා,  යුරෝපයේ යුද අනතුරේ සැබෑ මූලාශ්‍රය වේ.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මැක්‍රොන්ගේ කඩු ලෙලවීම ගැන පැවසුවේ , “ඔහු අප තර්ජනයක් ලෙස සලකන්නේ නම්, යුරෝපීය රටවල සහ බ්‍රිතාන්‍යයේ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම අවශ්‍ය බව පවසා, රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් වේ නම්, එය ඇත්ත වශයෙන්ම තර්ජනයකි”, බවයි.

යුරෝපීය බලවතුන් “ජාත්‍යන්තර නීති මත පදනම් වූ පද්ධතියේ” අවසානය ගැන කතා කරන විට සහ ඒ සඳහා ට්‍රම්ප්ට දොස් පවරන විට, ඔවුන් සූදානම් වන්නේ ආයුධ බලහත්කාරයෙන් තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යාම සඳහා යලි හැරීගැනීම සඳහා ය. එසේ කිරීම රුසියාව සමග පමනක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමගද ගැටුමකට සම්බන්ධ බව ඔවුන් දැන් සම්පූර්ණයෙන් දැනුවත්ය.

නැවත සන්නද්ධ කිරීමේ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින ජර්මනිය, 20 වැනි සියවසේදී එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ දෙකක් කළේය. ප්‍රංශය, ස්වාධීන න්‍යෂ්ටික හැකියාවක් සහ මිලිටරි බුද්ධි ව්‍යුහයක් අවධාරනය කිරීම ඇතුලු ස්ථාවරයන් වැළඳ ගැනීම මගින්, නේටෝව හරහා වොෂින්ටනයට යටත් වීම කිසිවිටෙක පිළිගත්තේ නැත. බ්‍රිතාන්‍යය ඊට විරුද්ධව සිටියේය.1956 සූවස් අර්බුදයෙන් පසුව එහි විධානයන්ට යටත් වීම සහතික කිරීම සම්බන්ධයෙන් පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටස් කිසිවිටෙක ඇමරිකාවට සමාව දුන්නේ නැත.

අවසානයේදී යුක්‍රේනයේ සාම සමථය අධීක්ෂණය  කිරීම සදහා යයි  කියා පානා ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සේ ඉක්මවූ  අතිවිශාල මුදලක් මිලිටරි අරමුනු සඳහා සූදානම් කරමින් පැවතීම මගින් යුරෝපයේ අභිලාෂයන්හි පරිමාණය පැහැදිලි වේ. යුරෝපයේ ම හැකියාවන් යටතේ රුසියාව සමඟ යුද්ධය සාකච්ඡාවට බඳුන් කෙරෙමින් පවතී.

එපමනක් නොව, මෙම න්‍යාය පත්‍රය, ආරම්භක ඒකාබද්ධ කිරීමේ ආවේගයක් සැපයුවද, එහි හඹායෑම අනිවාර්යයෙන්ම යුරෝපීය බලවතුන් අතර තරඟය හා ගැටුම් තීව්‍ර කළ යුතුය.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ඉදිරියේ දැවෙන ප්‍රශ්නය වන්නේ මහා ව්‍යසනය කරා යන මෙම උමතු තල්ලුව නතර කරන්නේ කෙසේද යන්නයි. දකුණේ හෝ නාමික වමේ හෝ කිසිදු යුරෝපයේ විරුද්ධ පක්ෂක් මත හෝ වෘත්තීය සමිතියක් මත විශ්වාසය තැබීම මගින් එසේ කිරීමට පදනමක් නැත.

එක්සත් ජනපදයේදී, ට්‍රම්ප් සමග ඩිමොක්‍රටික් පක්ෂයේ එකම සැලකිය යුතු මතභේදය, යුක්රේනයේ ප්‍රොක්සි යුද්ධය සහ ඔහු නේටෝවට වල කැපීම සම්බන්ධයෙන් වන්නාක් සේම, යුරෝපයේ සෑම ප්‍රධාන පක්ෂයක්ම, රුසියාවට එරෙහි ආක්‍රමණකාරීත්වය ඉහල නැංවීම සහ එක්සත් ජනපදය කෙරෙන් මිලිටරි නිදහස සඳහා වන තල්ලුවට සහාය දක්වයි. එය ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂය යටතේ වේවා, ජනාධිපති මැක්‍රොන් යටතේ වේවා හෝ ජර්මනියේ බලයට පත්වන කුමන සභාග ආන්ඩුවක් යටතේ වේවා, මූලෝපායික ඉලක්කයක් ලෙස හඹා යනු ඇත.

යුරෝපයේ වෘත්තීය සමිතිවල එකම උත්සුකය වන්නේ, එක්සත් ජනපදයට හා චීනයට එරෙහි ආරක්ෂණවාදී පියවරයන්ට පිටුබලය දීම සහ ජාතික ආරක්ෂක කර්මාන්ත සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම ඇතුලු යුරෝපයේ තීව්‍ර වන වෙලඳ හා මිලිටරි යුද්ධයේදී තමන්ගේම පාලක පන්තියට සහයෝගය දෙන්නේ කෙසේද යන්නයි.

කම්කරුවන් හා තරුනයන් යුද්ධයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට කැපවෙමින්, එම යුද්ධය සඳහා තමන්ගේම කැඳවා සිටීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය.

එය පදනම් විය යුත්තේ සිදුවෙමින් පවතින දෙයෙහි දැවැන්ත ඇඟවුම් පිළිබඳ අවබෝධයක් මත ය. යුරෝපයේ යුද්ධය 20 වැනි ශතවර්ෂයට සිමා කරන ලද අතීතයේ දෙයක් බවට කරන ලද සියලු ප්‍රකාශයන් වංචාව ලෙස හෙළිදරව් වී ඇත. නෂ්ට වී ගිය ගිනි කන්දක් ලෙස ඉදිරිපත් කරන ලද යුරෝපීය මිලිටරිවාදය, ලෝක යුද්ධ දෙකේදී මිලියන දස ගනනක් ජීවිත බිලිගත් ව්‍යසනයන්ටත් වඩා විශාල ව්‍යසනයන්ගේ තර්ජනය මතු කරමින් යලිත් වරක් පුපුරා යමින් තිබේ.

යුද්ධයේ වැඩපිලිවෙල නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් සමග පවා මුලුමනින්ම නොගැලපේ. පාලක ප්‍රභූව යලිත් වරක් පැසිස්ට්වාදයේ සහ ආඥාදායකත්වයේ වැඩපිලිවෙලකට හැරෙමින් සිටින්නේ, අතිවිශාල ජනගහනයන් විරුද්ධ වන මිලිටරිවාදී පිලිවෙත් බලාත්මක කිරීම සඳහා ය.

යුද අවි සඳහා කැප වූ අතිවිශාල මුදල්වලින් අදහස් වන්නේ පසුගිය වසර 80 තුළ කවර හෝ අවස්ථාවකට වඩා ගැඹුරින් කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි. වැඩ වර්ජන, කාර්මික ක්‍රියාමාර්ග සහ විරෝධතා දැනටමත් වර්ධනය වෙමින් පවතින කොන්දේසි යටතේ, මෙය කම්කරු පන්තියේ දැවැන්ත අරගල අවුළුවාලනු ඇත.

කප්පාදුවට එරෙහි අරගලය යුද්ධයට එරෙහි සටන සමග බද්ධ විය යුතුය. මේ දෙකම ඉදිරියට ගෙන යා හැක්කේ, විදේශයන්හි යුද්ධයේ වැඩපිලිවෙල සහ රට තුල පන්ති යුද්ධයේ වැඩපිලිවෙලට අණකර සිටින අතිශය කෑදර උත්සුකයන් මගින් මෙහෙයවන පාලක කතිපයාධිකාරයේ මුහුනතටම එරෙහි  ප්‍රහාරයකින් පමනි.

දශක ගනනාවක් තිස්සේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අධිරාජ්‍යවාදී යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අනතුරු අඟවමින් දැනුවත් කර ඇත. එම අනතුරු ඇඟවීම් සම්පූර්ණයෙන්ම සනාථ වී ඇත. ඒවා මත ක්‍රියාත්මක විය යුතුය. එනම් යුද්ධය නැවැත්වීමට සහ එහි මූලාශ්‍රය වන ධනවාදයම නැවැත්වීමට ඇති එකම මාර්ගය වන සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙල මත පදනම්ව යුරෝපය පුරා හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීම එපා! Read More »

Akd

Sri Lanka’s ruling NPP secures a strong parliamentary majority to enforce IMF dictates: Build the SEP to fight the cuts!

Statement of the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction (RLF) of the Socialist Equality Party (SEP) of Sri Lanka.

Sri Lanka’s general election concluded with a landslide victory for the ruling National People’s Power (NPP), which secured more than a two-thirds majority in Parliament. The NPP is a coalition consisting of the anti-Marxist Janatha Vimukthi Peramuna (JVP), the party of the Executive President Anura Kumara Dissanayake, who was elected in the September elections. The result highlights the centripetal power of the executive presidency, which has been central to Sri Lanka’s capitalist rule since the adoption of the 1978 Constitution.

Akd
President Anura Kamara Dissanayake (second from the right) stands with other leaders of NPP at an election rally on November 11, 2024 at Gampaha. Courtesy: X profile of Dissanayake.

Over six million people have opted to vote for the NPP, which is what they viewed as the most pragmatic choice within the country’s presidential-parliamentary system. This decision reflects the people’s choice for a “stable government,” a slogan promoted by the NPP, and was driven by their past experiences of political instability caused by factional conflicts between the interests of a president and a parliament dominated by a different party. People have expressed a preference for a strong NPP government over a strong or “changed” opposition, as no political alternative was presented by the right-wing opposition parties. 

The SLPP-UNP (Sri Lanka Podujana Peramuna-United National Party), the previous ruling coalition, and the SJB (Samagi Jana Balawegaya), the former opposition, were thoroughly discredited in the eyes of the electorate. Largely an expression of mass protest over the parasitic elite class that had long ruled the country, people converted the general elections into a platform to translate the 2022 mass struggle’s slogan, “No to the 225” (referring to the 225 members of parliament), into action. The NPP capitalized on this sentiment, framing it as a call for a “cleansing” of Parliament.

However, in spite of all the false promises and popular rhetoric of Dissanayake, the election result does not necessarily indicate widespread trust in the NPP leadership. JVP has a history of partnering with various governments of the capitalist elite since early 1990s, when they entered into parliamentary politics, and supporting their austerity and anti-democratic measures. JVP leaders held ministerial portfolios under former president Chandrika Kumaratunge and fervently supported the renewed communal war of former president Mahinda a Rajapaksa against the country’s Tamils in the North and East, which ended with a massacre of an estimated 40,000 Tamils during the final phase of the war. 

During the elections, the NPP/JVP leadership barred their largely unknown candidates from campaigning for preferential votes, promoting only those the leadership clique has chosen, and claiming that people are encouraged to vote for the party rather than the individuals. The party sought to persuade the people that it would establish a “government of the people” and of all ethnicities. This posture is deceptive. 

The working class, the urban middle class, peasants, small traders, and youth were largely led by the NPP leadership into believing that there was no solution to reviving Sri Lanka’s economy other than implementing the dictates of the International Monetary Fund (IMF). The NPP/JVP leaders sought to keep the people in the dark over the real implications of this pro-market program: sweeping austerity, renewed commercialization and privatization, shrinking wages, and the suppression of workers’ strikes – measures that the working people rejected under the government of the previous president, Ranil Wickremasinghe. Dissanayake, too, will rely on dictatorial presidential powers, a parliamentary majority, the courts, the prison system, and the military to suppress workers’ struggles.

Dissanayake and his circle within the NPP/JVP have undertaken the task of salvaging the capitalist economy, which was declared bankrupt in early 2022. Once the NPP government is established, it is poised to function as a right-wing and communalist administration aligned with international financial capital and as a subservient partner to American imperialism in its geopolitical conflicts with China, Russia, and Iran in the Middle East. Dissanayake has already signalled his willingness to collaborate with U.S. interests, even expressing support for the fascistic U.S. President-elect Donald Trump, who has trade and military plans for war with China, and approved actions of the Zionist Israeli government of Benjamin Netanyahu, which is waging a genocidal war against Palestinians in Gaza and the West Bank, backed by all Western imperialist powers.

The election also has highlighted the bankruptcy of the programme advanced by the pseudo-left Front Line Socialist Party (FSP), a faction of JVP which broke away in 2012 on purely tactical grounds. The FSP was one of the main stakeholders in the betrayal of the unprecedented mass struggles of 2022, which demanded a “system change”. Staunchly opposed to the independent mobilisation of the working class against the ruling class to take power and implement socialist policies, the FSP supported an interim government proposed by JVP and opposition SJB and campaigned under the slogan of a “power outside the parliament”. Taking a pragmatic turn during the general elections, the FSP called for a “changed opposition”, seeking representation in the parliamentary opposition, while cynically portraying the election of the JVP leader as a fulfilment of the demand of the mass struggles.

In the North and the central hills, the Tamil minority largely voted for the NPP. In the Jaffna District, where Sri Lankan Tamils are the majority, NPP presidential candidate Dissanayake secured only a 7.29% of the votes (27086) in the presidential elections, while in Thursday’s elections the same people propelled the NPP to the top, giving it 24.85% of the votes (80830). This increase of votes partly reflects their discontent with Tamil communalist parties, which were cohabiting with the Sinhala chauvinist governments of the South for decades, and failed to fulfill their promises. Nevertheless, this vote does not signify approval for the chauvinist politics of the JVP, but rather a misguided response to Dissanayake’s false promises and vague threats of marginalization. 

Likewise, in many parts of the country, minority Muslim communities also have placed their hopes in the promises of the new government, only to be bitterly disillusioned sooner rather than later. 

Throughout the last two elections, all the political parties, including the JVP/NPP, FSP, SJB, and various communal parties, were dedicated to misleading the people by focusing on the issues of corruption, mismanagement, or communalism in successive governments, while concealing the global and class roots of the socio-economic crisis. As a class, they were also careful to distract the working people from pressing global geo-political issues: the imminent threat of nuclear war, the genocide in Gaza, the rise of fascism and dictatorship, and the deepening economic crisis in the major capitalist countries in Europe, in USA, and China and the impending health and environmental catastrophe.

The working class will find no solace in the NPP government, which has no connection to Socialist reforms, contrary to the false portrayals by local and international media outlets. With sweeping political power in the parliament, the NPP/JVP government will not hesitate to enact laws curtailing the democratic rights of the working class, including their right to strike. Beyond the traditional mechanisms and methods of state oppression used by successive governments, including communalism, the NPP government will wield two more tools of its own: the trade union bureaucracy and the well-networked petty-bourgeois elements of NPP/JVP, prevalent in the country’s rural and urban areas.  These forces could be mobilized as fascistic forces against political opponents and the working class, replicating their dark history of the late 1980s. This is a stark warning to the working class. 

The world has entered an epoch of nuclear war, dictatorship, fascism and austerity – global issues that workers in countries are confronted with and will be determined to fight against. The everyday problems faced by the people of Sri Lanka and the region are not fundamentally homemade but stem from the contradictions of the global imperialist system, led by the US financial aristocracy.  These issues are global and need international solutions.

The people of the world, including those in Sri Lanka and South Asia, need a mass party of the international working class to lead them against the imperialist system and mobilise their industrial power to win political control from the capitalist class, in order to reorganize the global economy along socialist lines. Establishing independent workers’ committees against the trade union bureaucracy affiliated with the NPP/JVP, other right-wing political parties and the pseudo-left, and uniting these committees democratically across national divisions and international borders is the task before the working class, youth and the oppressed masses today.

It was only the International Committee of the Fourth International (ICFI) and its Sri Lankan section, the Socialist Equality Party (SEP) of Sri Lanka, that advanced and campaigned for this programme during the elections. To fight for this programme – against austerity, danger of dictatorship, war, and fascism and for socialist policies –  the SEP must be built as the mass revolutionary party of the workers of Sri Lanka and the region. 

Sri Lanka’s ruling NPP secures a strong parliamentary majority to enforce IMF dictates: Build the SEP to fight the cuts! Read More »

Scroll to Top