War

Himar battery

නේටෝව රුසියානු-යුක්රේන යුද්ධයට සෘජු මැදිහත්වීමක් සූදානම් කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මැයි 29 දින පල වූ ‘NATO prepares direct intervention into Russia-Ukraine war’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

යුක්රේනයේ නේටෝ පිටුබලය ලබන පාලන තන්ත්‍රය රුසියාව සමග එහි යුද්ධයේ පරාජයකට මුහුන දී සිටින තතු තුල, නේටෝ බලවතුන් යුක්‍රේනයේ දැවැන්ත මිලිටරි උත්සන්න කිරීමක් සඳහා සූදානම් කිරීම් වේගවත් කරමින් සිටී. මෙය සඳුදා බල්ගේරියාවේ අගනුවර වන සොෆියා හි පැවති නේටෝ පාර්ලිමේන්තු රැස්වීමේ ප්‍රතිඵලයයි.

“රුසියාවට යුක්‍රේනයේදී මූලෝපායික පරාජයක් අත්විදිය හැකිය, අත්විදිය යුතුය,” සොෆියා ප්‍රකාශනය ප්‍රකාශ කලේය. එය “යුක්රේනයට අවශ්‍ය සියල්ල, හැකි ඉක්මනින් සහ එය ජයග්‍රහනය කිරීමට ගතවන තාක් කල් ලබා දිය යුතුය යන ඉලක්කය මත පදනම් වූ පැහැදිලිව ප්‍රකාශිත උපාය මාර්ගයක්” ඉල්ලා සිටියේය.

Himar battery

මැරීන් බලකා කඳවුරේ පෙන්ඩල්ටන් හි එක්සත් ජනපද මැරීන් HIMARS පද්ධතියක්. (අනුග්‍රහය: එක්සත් ජනපද මැරීන්) [ඡායාරූපය: එක්සත් ජනපද මැරීන්]

එහි හමුදාවට සුනුවිසුනු පහරක් එල්ල කරමින් සහ මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බල කරමින්, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දීමට නේටෝව උත්සාහ කරන්නේ නම්, ඒ සදහා  නේටෝ හමුදාවන් යුද්ධයට වඩා සෘජුවම ඇතුලුවීම අවශ්‍ය කරනු ඇත. යුක්රේනයේ හමුදාව සුදුමැලිවන තෙක් ලේ වැගිරී, මිනිසුන් මිලියන භාගයකට වඩා වැඩි පිරිසක් අහිමි ව ඇති අතර, සෑම යුධ පෙරමුණකින්ම පසුබෑමට බල කෙරී ඇත.

සොෆියා ප්‍රකාශය “රුසියාවේ නීත්‍යානුකූල ඉලක්කවලට පහර දීම සඳහා නේටෝ මිත්‍ර පාක්ෂිකයන් විසින් සපයන ලද ආයුධ භාවිතය පිලිබඳ යම් සීමාවන් ඉවත් කිරීම” වෙනුවෙන් පෙනී සිටියේය. මේ වන තුරු, රුසියාවේ ඉලක්ක වෙත යුක්රේන ප්‍රහාර බොහෝ දුරට සීමා වී තිබුනේ යුක්‍රේනයේ සාදන ලද මිසයිල පරාසය තුල අසල පිහිටි බෙල්ගොරොඩ් නගරයට ය. රුසියාවේ ඈත දුර නගරවලට බෝම්බ හෙලීම සඳහා නේටෝව විසින් සපයන ලද වඩා දිගු දුර Storm Shadow , SCALP, Taurus සහ ATACMS මිසයිල භාවිතා කිරීමට සොෆියා රැස්වීම යුක්රේනයට ඉඩ දුන්නේය.

ජාත්‍යන්තරව කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවිය යුතුය: නේටෝව ප්‍රධාන න්‍යෂ්ටික-සන්නද්ධ බලවතුන් අතර යුද්ධයක්  අවධානම ගැන දැවැන්ත ලෙස නොසැලකිලිමත් කමින්  උත්සන්න කරමින් සිටී.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් යුක්රේනයට රුසියාවට බෝම්බ හෙලීමට බ්‍රිතාන්‍ය ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කල හැකි බව ප්‍රකාශ කිරීමෙන් පසුව, රුසියානු විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය තානාපති නයිජල් කේසි කැඳවා බ්‍රිතාන්‍යයේ ඉලක්කවලට පහර දීමෙන් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය. එසේ වෙතත්, කැමරන්ගේ තර්ජන ප්‍රතිරාවය කරමින්, නේටෝව පැහැදිලි කරන්නේ රුසියාව සමග විවෘත යුද්ධයකට අවදානමක් ගැනීමට තමන් සූදානම් බව ය.

ඊයේ රාත්‍රියේ, Meseberg හි පැවති සමුලුවකදී, ජර්මානු චාන්සලර් Olaf Scholz සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron යන දෙදෙනාම යුක්රේනයට නේටෝ මිසයිල වලින් රුසියාවට බෝම්බ හෙලීමට ඉඩ දෙන ලෙස කැඳවා සිටියහ. මැක්‍රොන් පැවසුවේ, “අපි මිසයිල විදින තැනට පහර දිය නොහැකි බව ඔවුන්ට පැවසුවහොත්, ඇත්ත වශයෙන්ම අපි කියන්නේ, අපි ඔබට ආයුධ දෙන්නෙමු, නමුත් ඔබට ඔබේ  ආරක්ෂාව සලසා ගැනීම කළ නොහැක කියාය.”

මෙය සිදුවුනේ  ෆින්ලන්තය, පෝලන්තය සහ බෝල්ටික් රාජ්‍යයන් රුසියානු මිලිටරි ඩ්‍රෝන යානාවලට එරෙහිව සටන් කිරීමට සූදානම් වීම සඳහා රුසියානු දේශසීමාවේ “ඩ්‍රෝන පවුරක්” ශක්තිමත් කරන බවට කල  නිවේදනයක් මධ්‍යයේය .

සෙනසුරාදා පෝලන්ත විදේශ ඇමති Radosław Sikorski ගාඩියන් පුවත්පතට පැවසුවේ, එක්සත් ජනපද හා රුසියානු නිලධාරීන් න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමේ විභවය ගැන සාකච්ඡා කරමින් සිටින බවයි: “ඇමරිකානුවන් රුසියානුවන්ට පවසා ඇත්තේ ඔබ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවා හරින්නේ නම්, එය කිසිවෙකු මරා නොදැමුවත්, අපි සාම්ප්‍රදායික ආයුධ වලින් යුක්‍රේනයේ ඔබගේ සියලු ඉලක්ක [ස්ථාන] වලට පහර දෙනවා, අපි ඒවා සියල්ලම විනාශ කරන්නෙමු. මම හිතන්නේ එය විශ්වසනීය තර්ජනයක්. ”

ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිතය ක්‍රෙම්ලිනය කරනා  අවස්ථාවක් ගැන සිකෝර්ස්කි සඳහන් කල ද, ඔහුගේ ප්‍රකාශයන් යෝජනා කරන්නේ නේටෝවට එසේ කිරීමට වැඩි පෙලඹවීමක් ඇති බවයි. ඇත්ත වශයෙන්ම, රුසියාව සමඟ සාම්ප්‍රදායික යුද්ධයකදී, එහි හමුදා දැන් වසර දෙකක යුද්ධයකින්  දැඩි ලෙස සන්නද්ධ ප්‍රවීනයන් වීම නිසා යුරෝපය අවාසි සහගත තත්වයක සිටිනා බව ඔහු පිලිගත්තේය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී විසුරුවා හැරීමෙන් පසු, “යුරෝපය නිරායුධ වූවා පමනක් නොව, එය ආරක්ෂක ක්ෂේත්‍රය තුල කාර්මිකහරනය කල බව සිකෝර්ස්කි පැවසීය. … එමෙන්ම යළි ආපසු හැරී බැලීමේදී එය වැරද්දක් ලෙස පෙනේ. යුරෝපය පසුපසින්  ගාටන බව පැහැදිලිය.” 

ඔහු වැඩිදුරටත් පැවසුවේ:

 “අපි ඉහල වටිනාකමක් ඇති, අධි තාක්‍ෂනික වේදිකා සහ ආයුධ කෙරෙහි අවධානය යොමු කලෙමු. ඇත්තටම අපට අවශ්‍ය වන්නේ ෂෙල් වෙඩි මිලියන ගනනක් බව අපි දැන් යළි අනාවරණය කර ගනිමින් සිටිමු. අපට අඩු තාක්‍ෂනික දේවල්ද විශාල ප්‍රමානයක් අවශ්‍ය වේ. ” 

මෙම සාපේක්ෂ දුර්වලතාවය සමතුලිත කිරීම සඳහා යුද්ධයකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට නේටෝව තීරනය කල හැකි අන්තරාය මෙය මතු කරයි.

රුසියාවට එරෙහි නේටෝ යුද සැලසුම් ගෝලීය අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් සමඟ බැඳී ඇත. සොෆියාහිදී, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් යුක්රේන යුද්ධයේදී රුසියාව සමඟ වෙලඳාම් කිරීම පිළිබඳව චීනයට පහර දුන්නේය. “රුසියාවේ යුද්ධයට බෙලාරුසියානු, ඉරාන සහ උතුරු කොරියානු පාලන තන්ත්‍රයන් විසින් සපයන ලද මිලිටරි ආධාර හෙලාදැකීම” සඳහා කැඳවුම් කරමින් සොෆියා ප්‍රකාශය අවසන් කරමින් කියා  සිටියේ, “යුක්රේනයට දෙන ආධාර … එනයින් යුක්රේනයේ ජයග්‍රහනයට අදාල මූලෝපායික ප්‍රතිලාභ හා සසඳන විට කුඩා ආයෝජනයක් වන” බවයි.

එනම්, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දී මොස්කව්හි රූකඩ පාලන තන්ත්‍රයක් ස්ථාපනය කර, රුසියාවේ තෙල්, ගෑස් සහ තීරනාත්මක මූලෝපායික ඛනිජ සංචිත වෙත ප්‍රවේශය ලබා ගැනීමට නේටෝව බලාපොරොත්තු වනවා පමනක් නොවේ. රුසියාවට එරෙහි උත්සන්න කිරීම  නැගෙනහිර ආසියාවේ, මැද පෙරදිග හා ඉරානයේ යුද්ධය සමග බැඳී ඇත. ගාසාවේ ජන සමූල ඝාතනය  මධ්‍යයේ ඊශ්‍රායලයට නේටෝවේ පිටුබලය තුල මෙය එහි තියුනුම ස්වරූපය ගනී.

 මොස්කව් ස්ටෝල්ටන්බර්ග්ගේ අදහස් වලට නේටෝව හෙලා දකිමින් ප්‍රතිචාර දැක්වීය. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ, “නේටෝව මිලිටරි වාචාල කතා සමඟ අඟර කරමින් (ආලවන්ත පෑම්) මිලිටරි ප්‍රහර්ෂයට ඇද වැටෙමින් තිබේ.” නේටෝව රුසියාව සමඟ සෘජු ගැටුමකට සමීපස්ථ දැයි ඇසූ විට ඔහු පිලිතුරු දුන්නේ, “ඔවුන් ලං වෙමින් ඉන්නවා නොවේ ; ඔවුන් දැනටම එහි සිටිති.”

කෙසේ වෙතත්, නේටෝ උත්සන්න කිරිම රුසියානු ධනේශ්වර තන්ත්‍රයේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනයට යටින් පවතින ජාතිකවාදී මූලෝපායේ බංකොලොත් භාවය හෙලිදරව් කරයි. නේටෝව සාකච්ඡා මේසයට ගෙන ඒමට සහ රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීම සදහා  බල කිරීමට රුසියාවේ මිලිටරි බලය භාවිතා කිරීමේ  ක්‍රෙම්ලින උත්සාහය අසාර්ථක වි ඇත. රුසියාව දැන් මුහුන දී සිටින්නේ න්‍යෂ්ටික ගිනිජාලාවක්  දක්වා උත්සන්න විය හැකි සමස්ත නේටෝ සන්ධානය සමග යුද්ධයක දසුනකටය.

මෙම තත්ත්‍වයේ ඇති ලොකුම අන්තරාය නම්, කම්කරුවන් හා තරුනයන්ගේ  විශාල ජනතාවක් අනතුරේ තරම සහ ක්ෂනික භාවය ගැන සම්පූර්නයෙන් දැනුවත් නොවීමයි. නේටෝ ආන්ඩු, එවැනි ප්‍රතිපත්තිවල ව්‍යසනකාරී ඇඟවුම් පැහැදිලි නොකර “යුක්‍රේනයට ආධාර” සහ “යුරෝපීය යුද ආර්ථිකයක්” ගැන වාක්‍ය ඛන්ඩ දොඩමින්, ජනතාවගේ පිටුපසින් මෙම උත්සන්න කිරීම සැලසුම් කරති.

යුක්රේනයේ රුසියාවට එරෙහිව සටන් කිරීමට නේටෝ හමුදා යැවීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ යෝජනාවට යුරෝපයේ අතිමහත් ජනතා විරෝධයක් පවතී. ප්‍රංශ ජනතාවගෙන් සියයට 68 ක්, ජර්මානුවන්ගෙන් සියයට 80 ක් සහ පෝලන්ත ජාතිකයන්ගෙන් සියයට 90 ක් මෙම ප්‍රතිපත්තියට විරුද්ධ බව මත විමසුම් සොයාගෙන ඇත. නේටෝව මුදා හැරීමට සූදානම් වන යුද්ධයේ දැවැන්ත පරිමානය පිලිබඳව කම්කරුවන් හා තරුනයින් මහජනතාව දැනුවත් වූයේ නම්, මෙම විරුද්ධත්වය නිසැකවම ඉහල සහ වඩාත් ක්‍රියාශීලී වනු ඇත.

කම්කරුවන් හා තරුනයන් කවුද අවදානම ගැන දැනුවත්කළ යුතු අතර, ජනතාවගෙන් අනතුර වසන් කිරීමට යුද ප්‍රචාරක කටයුතු සිදු කරන මිලිටරිවාදී ආන්ඩු සහ මාධ්‍යවල කුමන්ත්‍රනය හෙලිදරව් කල යුතුය. ධනේශ්වර පදනමක් මත ජාතික උපාය මාර්ගයක් හරහා යුද්ධය නැවැත්වීමට ක්‍රමයක් නැත. යුරෝපයේ තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම මත රඳා පවතී.

රුසියාවට එරෙහි නේටෝවේ උග්‍රවීම දිග හැරෙන්නේ ගාසා තීරයේ නේටෝ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරයට එරෙහි ගෝලීය මහජන විරෝධතා සමගිනි. මෙම අරගලයට සම්බන්ධ තරුනයන් හා කම්කරුවන්, ගාසා ජන සංහාරය සහ රුසියාවට එරෙහිව නේටෝවේ උත්සන්න කිරීම යන දෙකම ගලා එන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය හරහා ගෝලීය ආධිපත්‍යය හඹා යාමෙන්  බව පිලිබද අවබෝධයෙන් සන්නද්ධ විය යුතුය.

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය උත්සන්න වීමට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ යුද්ධයට එරෙහි අරගලය, ලොව පුරා කම්කරුවන් අරගලයට තල්ලු කර ඇති සමාජ හා ආර්ථික ඉල්ලීම් සමඟ ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. යුද්ධයට එරෙහි සටන, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර සමාජ පර්යාය අවසන් කර එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමේ සටනෙන් වෙන් කල නොහැකි ය. 

නේටෝව රුසියානු-යුක්රේන යුද්ධයට සෘජු මැදිහත්වීමක් සූදානම් කරයි Read More »

images.jpeg

නෙතන්යාහුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ජර්මානු යුද ප්‍රචාරණය අඩපණ කරයි

පීටර් ෂ්වාට්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මැයි 23 දින පල වූ ‘Arrest warrant against Netanyahu undermines German war propaganda’ යන පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයිසීසී) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන්, බෙන්ජමින් නෙතන්යාහුට සහ යෝව් ගැලන්ට් ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම සඳහා කරන ලද අයදුම්පත ජර්මානු ආන්ඩුවේ බේගල් යුද ප්‍රචාරණයට විශාල පහරකි. ඛාන් ඊශ්‍රායල රජයේ ප්‍රධානියාට සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයාට, පලස්තීන ජනතාවට එරෙහි බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. 

ඊශ්‍රායලයට සහය දීම ජර්මානු ‘රාජ්‍ය හේතුවක්’ බවට ප්‍රකාශ කර ඇති ජර්මානු ආන්ඩුව, මෙම අපරාධ යුක්ති සහගත කර, ඒවා සඳහා ඊශ්‍රායලයට ආයුධ සපයා එම ක්‍රියා දිගටම කරගෙන යයි. එය ඊශ්‍රායල යුද අපරාධ හෙළා දකින ඕනෑම කෙනෙක් යුදෙව් විරෝධියෙකු ලෙස මඩ ගසමින්, ඔවුන්ට එරෙහි විරෝධතා කුරිරු ප්‍රචණ්ඩත්වයෙන් යටපත් කරයි.

ICC හි අධිකාරය නොපිළිගන්නා ඊශ්‍රායල සහ එක්සත් ජනපද ආන්ඩු දෙකම, හැකි උපරිමයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු හෙලා දැක ඇත. මෙය ජර්මානු රජයට ගැටලුවකි. ජර්මනිය ICC හි රෝම ප්‍රඥප්තියට අත්සන් කර ඇති රාජ්‍ය 123 න් එකකි. ජපානයෙන් පසු අධිකරණයට වඩාත්ම වැදගත් පරිත්‍යාගශීලියා එයයි.

දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද තිරිසන් අපරාධ හමුවේ, ජර්මානු ධනේශ්වරය මිලිටරිවාදයට සහ මහා බල දේශපාලනයට තම යලි සම්ප්‍රාප්තිය නීත්‍යානුකූලභාවයේ රැස් මඬලකින්  වසා ගැනීමට උත්සාහ කළාහුය. ෆෙඩරල් ආන්ඩුව සිය විදේශ ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා යළි යළිත් අපරාධ අධිකරණය කැඳවාගෙන ඇත. නිදසුනක් වශයෙන්, වසරකට පෙර, ෆෙඩරල් අධිකරණ අමාත්‍ය මාර්කෝ බුෂ්මන් ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සාදරයෙන් පිළිගෙන රුසියානු ජනාධිපතිවරයා ජර්මානු භූමියට පය තැබුවහොත් වහාම අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු අධිකරණය විසින් තහවුරු කරන්නේ නම්, ඔවුන් ජර්මානු භූමියට ඇතුළු වූ වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ජර්මනිය නීත්‍යානුකූලව බැඳී සිටී. ඇත්ත වශයෙන්ම, එය කිසි විටෙකත් එසේ නොකරනු ඇත. එහෙත් රජය සහ අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නොතකා කටයුතු කළහොත් සිදු වන ‘දේශපාලන හානිය’ බරපතළය.  ස්ටර්න් පුවත් සඟරාව ප්‍රකාශ කරන්නේ: ‘මෙම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජර්මනිය අධිකරණයේ අධිකාරීත්වය කෙතරම් දුරට වල කපනු ඇත් ද යත්, අනාගතයේදී එයට විශාල අදාළත්වයක් නොතිබීමේ ශක්‍යතාවයක් ඇත.’

උසාවියේ අධිකාරයට පමණක් නොව, ෆෙඩරල් ආන්ඩුවේ දැනටමත් බැට කෑ විශ්වසනීයත්වයට ද හානි වනු ඇත. බිය ගැන්වීම් සහ මර්දනය නොතකා ගාසාවේ ජන සංහාරයට එරෙහි විරෝධතා කඳවුරු සහ ප්‍රතිරෝධය දැනටමත් වර්ධනය වෙමින් පවතී. ෆෙඩරල් ආන්ඩුව විවෘතව ජාත්‍යන්තර නීතියට පටහැනිව සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සාදරයෙන් පිළිගන්නා අතරම තමන් සහය දෙන රජයේ ප්‍රධානියකුට එරෙහිව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොසලකා හරින්නේ නම්, එය තවදුරටත් තම  බොරු ප්‍රචාරණයට වල කැපීමක් වනු ඇත.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු අතිශයින් හොඳින් ලේඛනගත කර ඇති කරුණු මත පදනම් වේ. ඒවා ලියා ඇත්තේ, ඊශ්‍රායල ගැති ජර්මානු පුවත්පත් වලට පවා පක්ෂග්‍රාහී චෝදනා කළ නොහකි ජාත්‍යන්තරව පිළිගත් නීතීඥයින් විසිනි, .

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලා සිටීමට පෙර, ඛාන් විසින් ඒවා සමාලෝචනය කරවන ලද්දේ බහුවිධ සම්මානලාභී බ්‍රිතාන්‍ය නීතිවේදීන් සහ සුප්‍රසිද්ධ නීතිඥ අමල් ක්ලූනි මෙන්ම ඊශ්‍රායල පුරවැසියෙකු සහ කලින් වූ යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර විනිශ්චය සභාවේ හිටපු සභාපති වූ, යුදෙව් සමූලඝාතනයෙන් (Holocaust)  දිවි ගලවා ගත් තියඩෝර් මෙරොන් ඇතුළු විශේෂඥ මණ්ඩලයක් විසිනි. අන්තර්ජාලයෙන් ප්රවේශ විය හැකි විශේෂඥයන්ගේ වාර්තාව, විනාශකාරී හෙළිදරව් කිරීමක් වේ. 

2021 දී වසර නවයක් සඳහා අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයා ලෙස තේරී පත් වූ බ්‍රිතාන්‍ය නීතිවේදී කරීම් ඛාන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකේ. වෙනත් දේ අතර, ඔහු යුගෝස්ලාවියාව සහ රුවන්ඩාව සඳහා වන එක්සත් ජාතීන්ගේ අධිකරණවල නඩු පැවරීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර මෑතකදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙනුවෙන් ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්) අපරාධ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට නායකත්වය දුන්නේය.

ඔවුන් ලියන්නේ, “’සිවිල් වැසියන් සාගින්නෙන් මැරීම යුද ක්‍රමයක් ලෙස හිතාමතාම භාවිතා කිරීමේ’ යුධ අපරාධය” මෙන්ම, ‘යුධ ක්‍රමයක් ලෙස සිවිල් වැසියන් සාගින්නේ තැබීමේ  භාවිතය හා සම්බන්ධ අපරාධ  සහ   වෙනත් විවිධ යුධ අපරාධ ‘ සම්බන්ධයෙන් අභිචෝදකයා නෙතන්යාහුට සහ ගැලන්ට්ට චෝදනා කරන බවයි.” ඔවුන් දිගටම පවසන පරිදි:

“මේවාට, ‘චේතනාන්විතව මහත් දුක් වේදනා ඇති කිරීම, හෝ ශරීරයට හෝ සෞඛ්‍යයට බරපතළ තුවාල සිදු කිරීම’ හෝ කෲර ලෙස සැලකීම, හිතාමතා ඝාතනය කිරීම හෝ මිනීමැරීම සහ සිවිල් ජනතාවට එරෙහිව හිතාමතාම ප්‍රහාර මෙහෙයවීම යන යුද අපරාධ ඇතුළත් වේ. යෝජිත චෝදනාවලට, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ‌ ද්‍රව්‍ය ක්‍රමානුකූලව අහිමි කිරීම මගින් හෝ ඊට සම්බන්ධිතව වූ මරණ හා තුවාල සම්බන්ධයෙන්, මනුෂ්‍යත්වයට එරෙහි මිනීමැරුම්, සමූලඝාතන, වෙනත් අමානුෂික ක්‍රියා සහ හිංසා පීඩා ඇතුළත් වේ. ගාසා තීරයේ මහා පරිමාණ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතුලු, චෝදනා එල්ලව ඇති වෙනත් අපරාධ, ක්‍රියාකාරීව විමර්ශනය කරමින් පවතින බවට වන අභිචෝදකයාගේ ප්‍රකාශය, මණ්ඩලය සටහන් කරයි.”

විශේෂඥයන් ඒකමතිකව නිගමනය කරන්නේ: 

කමිටුවේ මතය අනුව සැකකරුවන් මෙම අපරාධ සිදු කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහිව පුලුල්ව පැතිරුනු සහ ක්‍රමානුකූල ප්‍රහාරයක් එල්ල වූ සන්දර්භය තුළ අපරාධ සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව ද මණ්ඩලය සලකයි.

මැයි 20 වන දින විශේෂඥයින් විසින් ඔවුන් අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයාට සහාය දුන්නේ මන්දැයි පැහැදිලි කරමින් ඒකාබද්ධ ලිපියක් ෆිනෑන්ෂල් ටයිම්ස් හි ප්රකාශයට පත් කරන ලදී  . එහි දි ඔවුන් මෙසේ ලියති :

මාස ගණනාවක් තිස්සේ, අපි පුළුල් සමාලෝචන හා විශ්ලේෂණය කිරීමේ ක්රියාවලියක නිරත වී සිටිමු. විනිශ්චය වරෙන්තු සඳහා වන එක් එක් අයැදුම්පත්‍ අපි හොඳින් පරීක්‍ෂා කර ඇති අතර, ඒවාට සහාය දැක්වීම සඳහා පැමිණිල්ලේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද අපි හොඳින් පරීක්‍ෂා කර ඇත්තෙමු. මෙයට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, විශේෂඥ සාක්ෂි, නිල සන්නිවේදනය, වීඩියෝ සහ ඡායාරූප ඇතුළත්ය. අද ප්‍රකාශයට පත් කරන ලද අපගේ නීති වාර්තාවේ, අභිචෝදකයාගේ කෘතිය දෘඩතර ද , සාධාරණ මෙන්ම නීතිය සහ කරුණු මත පදනම් වූ බවට අපි ඒකමතිකව එකඟ වෙමු. තවද ඔහු හඳුනා ගන්නා සැකකරුවන්, ICC බල ප්‍රදේශය තුළ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව අපි ඒකමතිකව එකඟ වෙමු.

නෙතන්යාහු සහ ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට සමගාමීව කරීම් ඛාන් ඉල්ලා සිටි හමාස් නායකයින් තිදෙනෙකුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සඳහාද විශේෂඥයින්  සහාය දක්වයි.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සහ ජාත්‍යන්තර නීති විශේෂඥයින්ගේ ඉහළ මට්ටමේ මණ්ඩලයක් විසින් ඒ සදහා දැක්වූ ඒකමතික සහයෝගය විශාල සදාචාරාත්මක බරක් දරයි. එහෙත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෝ වෙනත් නීතිමය හෝ දේශපාලන ආයතනයක් විසින් ගාසා තීරයේ ජන සංහාරය සහ මහා බලවතුන්ගේ යුද ප්‍රතිපත්ති නතර කරනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් වනු ඇත.

ඔවුන් තුන්වන ලෝක යුද්ධයක් සූදානම් කරන්නේ ධනේශ්වර පද්ධතියේ ගැඹුරු අර්බුදය – 1914 සහ 1939 දී මෙන් – ලෝකය ප්‍රචණ්ඩ ලෙස යලි බෙදීම සහ සියලු දේශපාලන හා සමාජ විරුද්ධත්වයන් මර්දනය කිරීම හැර වෙනත් මගක් ඔවුන්ට ඉතිරි නොකරන බැවිනි. වරෙන්තුවකින් හෝ අධිකරණ තීන්දුවකින් අධිරාජ්‍යවාදීන් පසුබට වන්නේ නැත.

ගාසා තීරයේ ජන සංහාරය, යුක්රේනයේ නේටෝ යුද්ධය සහ චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීම නැවැත්වීමට ඇති එකම මාර්ගය සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හා එක්සත් කිරීම යි.

නෙතන්යාහුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ජර්මානු යුද ප්‍රචාරණය අඩපණ කරයි Read More »

sunil

Demand the release of Bogdan Syrotiuk, socialist opponent of NATO’s proxy war, from a Ukrainian prison

David North@davidnorthwsws
30 April 2024

On Thursday, April 25, Bogdan Syrotiuk—a socialist opponent of the fascistic Zelensky regime and the NATO-instigated Ukraine-Russia war—was arrested by the Security Service of Ukraine, the SBU, in his hometown of Pervomaisk in southern Ukraine.

f4041f9bfa8258cd65dce54dfb052608cd51d9d9 3

Bogdan Syrotiuk

Bogdan, who is 25 years old and in poor health, is being held in a prison in Nikolaev under atrocious conditions on fraudulent charges of undermining the territorial integrity of Ukraine and serving the interests of Russia. If found guilty by a kangaroo court of these charges, Bogdan is threatened with a prison sentence of 15 years to life, which is the equivalent of a death sentence.

https://x.com/DavidNorthWSWS/status/1785376007232303446

The arrest of Bogdan is the latest example of the Zelensky regime’s brutal repression of left-wing movements, whose opposition to the war is finding a growing response within the Ukrainian working class.

SBU agents ransacked Bogdan’s apartment and the office that he has used to conduct political and educational activities. The World Socialist Web Site has been informed that the SBU is claiming that it found a Russian military coat, a backpack with the letter “Z”—a symbol associated with Russian military chauvinism—and a gas mask in the office. Only dull-witted fascist police will expect people to believe that such items will be found in an office that prominently displays a photo of Leon Trotsky and offers a wide selection of Marxist-Trotskyist literature.

If such items were “found” in Bogdan’s office, it is because they were planted there by the SBU, whose unscrupulous and Gestapo-like methods are common knowledge in Ukraine.

7307138e7dbbb9ed1933de428fcf8fd36854dc8a 1

Bogdan Syrotiuk at a May 9 rally in honor of the Soviet victory over Nazi Germany in World War II.

Attempts to portray Bogdan as a supporter of the Putin regime and its invasion of Ukraine are politically preposterous. Comrade Syrotiuk is a leading member of the Young Guard of Bolshevik-Leninists (YGBL), a Trotskyist youth organization active in Ukraine and throughout the former Soviet Union.

https://www.wsws.org/en/special/pages/international-mayday-online-rally-2024.html

In political solidarity with the International Committee of the Fourth International (ICFI), the YGBL opposes the oligarchic capitalist governments in both Ukraine and Russia. In numerous articles posted on the World Socialist Web Site and in speeches delivered at events sponsored by the ICFI, Bogdan has unequivocally condemned the war and called for the unity of the Ukrainian and Russian working class against the reactionary national-chauvinist regimes headquartered in Kiev and Moscow. His comrades in Russia unequivocally oppose the capitalist restorationist regime of Putin and its delusional glorification of neo-tsarist Russian nationalism.

In a speech written three days before his arrest, which he planned to deliver at the International Committee’s upcoming celebration of May Day, Comrade Bogdan states:

“On the day of international solidarity of the working class, we, members of the Ukrainian branch of the Young Guard of Bolshevik-Leninists, and the entire YGBL call for the unification of the Ukrainian and Russian proletariat with the proletariat in the imperialist countries to end this war!”

The arrest of Comrade Bogdan Syrotiuk, part of a pattern of brutal repressive measures by the Zelensky regime against opponents of the war and the entire working class, exposes the lying claim that the US-NATO war against Russia is being waged in defense of democracy. Ukraine is a police state. Its population is subjected to martial law. Elections have been cancelled and Zelensky rules as a dictator, subject only to the dictates of his NATO sponsors, the financial interests of the billionaire oligarchs, and the neo-Nazi gangs upon whom he relies to intimidate the Ukrainian people.

In fact, the US State Department’s Bureau of Democracy, Human Rights, and Labor acknowledges in its latest report, issued earlier this month, the Ukrainian regime’s brutally repressive character. Among the grave “human rights issues” cited by the report are:

“enforced disappearance; torture and cruel, inhuman, or degrading treatment or punishment; harsh and life-threatening prison conditions; arbitrary arrest or detention; serious problems with the independence of the judiciary; restrictions on freedom of expression, including for members of the media, including violence or threats of violence against journalists, unjustified arrests or prosecutions of journalists, and censorship; serious restrictions on internet freedom; substantial interference with the freedoms of peaceful assembly and association; restrictions on freedom of movement; serious government corruption; extensive gender-based violence; systematic restrictions on workers’ freedom of association; and the existence of the worst forms of child labor. Some of these human rights issues stemmed from martial law, which continued to curtail democratic freedoms, including freedom of movement, freedom of the press, freedom of peaceful assembly, and legal protections.”

Under these conditions of vicious repression, the life of Bogdan Syrotiuk is in immediate danger. Within the prisons, the inmates are subject to the violent regime instituted by an administration saturated with Ukrainian fascists. The State Department report further states:

“Although the constitution and law prohibited torture and other cruel and unusual punishment, there were reports law enforcement authorities engaged in such abuse. Under normal circumstances, courts could not legally use confessions and statements made under duress to police by persons in custody as evidence in court proceedings, but the institution of martial law since the start of Russia’s full-scale invasion permitted this.”

Particularly ominous, given the attempt of the SBU to frame up Bogdan as an agent of the Russian military, is the State Department’s finding that:

“There were reports law enforcement and military officials abused and, at times, tortured persons in custody to obtain confessions, usually related to alleged collaboration with Russia.”

The Kiev regime, which is responsible for these atrocities is being showered with billions of dollars and armed with the most advanced weaponry by the United States and its NATO allies. The arrest of Bogdan occurred just as the US Congress voted to allocate another $60 billion to a war that has already cost the lives of approximately 500,000 Ukrainian soldiers. The Biden administration and its counterparts in London, Paris, Berlin, Rome and the other capitals involved in the direction of the proxy war are no less responsible for the fate of Bogdan Syrotiuk than their agents in Kiev.

The working class and youth throughout the world are justly outraged by the criminal war being waged by Israel, with the support of the Biden administration and NATO, against the people of Gaza. But it must be understood that the same governments that are collaborating in the Gaza genocide are sponsoring the proxy war in Ukraine. The violence in Gaza and Ukraine are interconnected fronts in a global escalation of military conflicts that threaten humanity with a nuclear catastrophe.

The fight for Bogdan’s freedom and for an end to the proxy war must be seen as an essential component of the struggle against imperialism, genocide, and fascism.

The International Committee of the Fourth International and the World Socialist Web Site call for a global campaign to demand the immediate release of Bogdan Syrotiuk.

The international working class and student youth throughout the world must be informed of the seizure of Bogdan and mobilized in his defense.

We call for the widest circulation of this statement on all available social media. An online petition calling for the freedom of Bogdan has been established at Change.org. We urge you to sign the petition and post a statement on the site amplifying your call for his freedom. Bring this campaign to the attention of your co-workers and fellow students. For more information on how you can become involved in the fight for Bogdan’s release from prison, contact the World Socialist Web Site at this address.

Bogdan Syrotiuk must be freed!

Demand the release of Bogdan Syrotiuk, socialist opponent of NATO’s proxy war, from a Ukrainian prison Read More »

War

ඊශ්‍රායලය නැවතත් ඉරානයට බෝම්බ හෙලුවහොත් “දැවැන්ත සහ දරුණු” ප්‍රතිචාරයක් ගැන ටෙහෙරානය අනතුරු අඟවයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

War
ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉස්ෆහාන් හි පිහිටි පතොරම් මධ්‍යස්ථානයේ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් පිපිරීමක්. [ඡායාරූප: Moshe Schwartz/@YWNReporter, Jan 2023]

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 17 දින පල වූ ‘Tehran warns of “massive and harsh” response if Israel again bombs Iran‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ඊයේ ටෙහෙරානයේ පැවති හමුදා පෙළපාලියකදී අදහස් දක්වමින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අනතුරු ඇඟවූයේ ඉරානයට එල්ල කරන නව ඊශ්‍රායල ප්‍රහාර “දැවැන්ත හා දරුණු ප්‍රතිචාරයක්” අවුළුවනු ඇති බවයි. ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ සමූල ජන ඝාතක ප්‍රහාරය සම්බන්ධයෙන් කලාපීය ආතතීන් ඉහළ යද්දී, ඉරානයේ ඉලක්ක වෙත යලිත් බෝම්බ හෙලන බවට   කරන ඊශ්‍රායල තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

අප්‍රේල් 1දා ඊශ්‍රායලය සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් තිදෙනෙකු ඝාතනය විය. නීතියට අනුව ඉරාන භූමිය වන තානාපති කාර්යාල පරිශ්‍රය වෙත එල්ල වූ මෙම ප්‍රහාරයට සෙනසුරාදා ඉරානය ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමෙනි. ඔපරේෂන් ටෲ ප්‍රොමිස් (Operation True Promise) යන සංකේත නාමයෙන් හැඳින්වෙන මෙම මෙහෙයුමේදී ඉරානය ඩ්‍රෝන යානා 185ක්, කෲස් මිසයිල 36ක් සහ බැලස්ටික් මිසයිල 110ක් ඊශ්‍රායලය තුල හමුදා ඉලක්ක වෙත බෝම්බ හෙලීම සඳහා  එල්ල කළේය.

ඊශ්‍රායලයේ නෙවාටිම් සහ රේමන් ගුවන් කඳවුරුවල ධාවන පථවලට සහ ප්‍රවාහන ගුවන් යානයකට පහර දුන් මෙම  ප්‍රහාරයෙන් කිසිදු මරණයක් වාර්තා නොවූවත්, ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ආන්ඩුව දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙස කැඳවා සිටියේය. “අද රාත්‍රියේ, පෙර නොවූ විරූ බලයකින් ඉරානයට පහර දීම සදහා ඊශ්‍රායලයට  පුළුල් ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් ලැබුණි,” ඊශ්‍රායල සංස්කෘතික අමාත්‍ය මිකී සෝහාර් ඉරිදා පැවසීය. ඉරානය තම අත්වැසුම් ගලවා ඇති බව ප්‍රකාශ කළ සෝහාර්, “ඊශ්‍රායලය විනාශ කිරීමට ක්‍රියා කරන සර්පයාගේ හිසට” පහර දෙන ලෙස ඊශ්‍රායලයෙන්  ඉල්ලා සිටියේය.

ඊයේ පැවති පෙළපාළියේදී රයිසි අනතුරු ඇඟවූයේ, ඉරානයට එල්ල කරන අනාගත ඊශ්‍රායල ප්‍රහාරවලට ඊටත් වඩා විනාශකාරී ප්‍රහාරවලින් ප්‍රතිප්‍රහාර දිය හැකි බවයි. ඔහු පැවසුවේ, “ඔපරේෂන් ටෲ ප්‍රොමිස් මෙහෙයුම සීමිත වූවක් මිස විස්තීර්ණ පියවරක් නොවේ. අපි මීට වඩා ප්‍රබල මෙහෙයුමක් කළා නම් ඊශ්‍රායලයෙන් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ.”

නේටෝ බලවතුන්ගේ පිටුබලය ලබන, ගාසා තීරයේ ඊශ්‍රායල් සමූල ජන ඝාතනය සහ  ඉරානය, සිරියාව සහ ලෙබනනය මත  එහි ප්‍රහාර, මැද පෙරදිග හා ලෝකය පූර්ණ යුද්ධයක අද්දර තබයි. එබඳු යුද්ධයකදී-එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ සිරියාව ආක්‍රමණ වැනි පෙර යුද්ධ මෙන් නොව-ඊශ්‍රායලයට සහ එහි නේටෝ සහචරයින්ට ඉක්මනින් දැවැන්ත පාඩු අත්විය හැකිය.

 ජෙරුසලමට ඉහළින් පිපිරීම් සහ රට පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් ඇසූ ඊශ්‍රායල ජනතාව අස්වැසීමට ඊශ්‍රායල නිලධාරීන් උත්සාහ කළේ ඉරාන ඉලක්කවලින් සියයට 99 ක් වෙඩි තබා ඇති බව ප්‍රකාශ කිරීමෙනි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කියා සිටියේ තමන් ඉරාන ප්‍රහාරය “වැළැක්වූ” බවයි. කෙසේ වෙතත්, මෙයට හේතුව, IDF හට  ප්‍රහාරය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබූ නිසාත්, එක්සත් ජනපද, එක්සත් රාජධානි සහ ප්‍රංශ නැව් සහ යුධ ගුවන් යානා ඉරාන ඉලක්ක වෙඩි තබා හෙලීමට ඔවුන්ට උපකාර කළ නිසාත් විය.

ඉරානය ඊශ්‍රායලයේ ඉලක්ක ලැයිස්තුවක් ඔවුන්ට ලබා දී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් මුලින් ප්‍රතික්ෂේප කළද, තුර්කි නිලධාරීන් තහවුරු කළේ, ප්‍රහාරයට පැය 72 කට පෙර, ඉරාන ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීමට ටෙහෙරානය ඔවුන් මෙන්ම එක්සත් ජනපද සහ අනෙකුත් නේටෝ නිලධාරීන් සම්බන්ධ කර ගත් බවයි.

ප්‍රහාරයෙන් වැඩි ප්‍රමාණයක් පලවා හැරීමට ඊශ්‍රායලය තම නේටෝ සහ කලාපීය සහචරයින් මත යැපුණි. එක්සත් ජනපද මිලිටරි මූලාශ්‍ර උපුටා දක්වමින් ද ඉන්ටර්සෙප්ට් මෙසේ ලිවීය: “එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමේ ප්‍රමාණය ඇමරිකානු මහජනතාව නොදැන සිටියත්, පෙන්ටගනය සෙනසුරාදා උතුරු ඉරාකයේ සිට දකුණු පර්සියානු ගල්ෆ් දක්වා විහිදෙන බහුජාතික, කලාපීය ආරක්ෂාවක් සම්බන්ධීකරණය කළේය. මෙහෙයුම අතරතුර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජෝර්දානය, ඉරාන ඩ්‍රෝන යානා සහ මිසයිල බහුතරයක් වෙඩි තබා බිම හෙළූහ.

ඊශ්‍රායලයට සහ එහි මිත්‍ර රටවලට මෙහෙයුමේ මූල්‍ය පිරිවැය, ඉරානයට වඩා බෙහෙවින් වැඩි විය. ඊශ්‍රායල ජෙනරාල් රාම් අමිනාච් පැවසුවේ සෙනසුරාදා ඊශ්‍රායලය ඉරාන ඉලක්ක වෙත පහර දීම සඳහා ෂෙකෙල් බිලියන 4-5 (ඇමරිකානු ඩොලර් බිලියන 1.08-1.35) මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. අඟහරුවාදා එක්සත් ජනපද නාවික හමුදාව ඉරාන ඩ්‍රෝන යානා වෙඩි තැබීම සඳහා වියදම් කළ පතොරම් නැවත පිරවීම සඳහා ඩොලර් බිලියන 1 ක් ඉල්ලා සිටියේය. බොහෝ දුරට ලාභදායී, මහා පරිමාණයෙන් නිපදවන ලද ඩ්‍රෝන යානා මගින් සිදු කරන ලද සෙනසුරාදා ප්‍රහාරයේ ඉරානයට වැය වූ මුදල ඩොලර් මිලියන 100ක් පමණ විය.

එපමනක් නොව, ඉරානයට සහ එහි සහචරයින්ට ඊශ්‍රායල ආරක්ෂක වළලු බහුලතාවය තුළින් යටපත් කළ හැකි  සංඛ්‍යාත්මකව විශාල ප්‍රහාර එල්ල කළ හැකිය. ලෙබනනයේ ඉරාන මිත්‍ර හමුදාවක් වන හිස්බුල්ලා සෙනසුරාදා ඊශ්‍රායලයට පහර නොදුන් නමුත් දිගු දුර නැව් නාශක සහ ගොඩබිම් ප්‍රහාරක බැලස්ටික් මිසයිල සිය ගණනක් ඇතුළුව මිසයිල 150,000 සිට 200,000 දක්වා වන අවි ගබඩාවක් ඔවුන් සතුව ඇත. ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයක් දියත් කළහොත් ඔවුන් (හිස්බුල්ලා) දිනකට මිසයිල 1000කට අධික ප්‍රමාණයක් වෙඩි තැබීම අපේක්ෂා කෙරේ. ඩ්‍රෝන යානා නිපදවන ප්‍රධාන ජාත්‍යන්තර නිෂ්පාදකයෙකු වන ඉරානය සම්බන්ධයෙන් ගත් කල, එහි විශාල මිසයිල අවි ගබඩාවට දිගු දුර බැලස්ටික් මිසයිල 3,000 කට වඩා ඇතුළත් වේ.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බකෙරි පැවසුවේ, ඉරානය ඊශ්‍රායලයට එරෙහිව තවදුරටත් හමුදා ක්‍රියාමාර්ගයක් සැලසුම් නොකරන නමුත් එයට විශාල ප්‍රහාර එල්ල කළ හැකි බවයි. “අපගේ දෘෂ්ටි කෝණයෙන් මෙහෙයුම අවසන් වී ඇත, නමුත් සන්නද්ධ හමුදා සූදානම්ව සිටින අතර අවශ්ය නම් අපි ක්රියා කරන්නෙමු,” ඔහු පැවසීය. “[ඊශ්‍රායල්] පාලන තන්ත්‍රයට එරෙහිව මෙම මෙහෙයුමට වඩා දස ගුණයකින් විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තිබුනි, නමුත් අපි එය දඬුවම් මට්ටමේ තබා ගැනීමට උත්සාහ කළ අතර ජනාකීර්ණ හා ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක නොකළෙමු.”

 ඉරානයට එරෙහිව තවත් ඊශ්‍රායල් ප්‍රහාර සඳහා එක්සත් ජනපදය සහභාගි වුවහොත්, මැදපෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරුවලට බෝම්බ හෙලීමෙන් ටෙහෙරානය ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.

ඊශ්‍රායල-ඉරාන ගැටුම කලාපීය හා ගෝලීය යුද්ධය පවා අවුලුවාලීමට ආසන්න ය. වොෂින්ටනය සහ නේටෝ බලවතුන් දැනටමත් ඊශ්‍රායලයට සහාය දැක්වීම සඳහා මැදිහත් වෙමින් සිටිති. කෙසේ වෙතත්, කලාපය පුරා ඉරානය සහ එහි සහචරයින් සමග නේටෝ යුද්ධයක් පිළිබඳ දසුන රුසියාවට සහ චීනයට පිළිගත නොහැකි තර්ජන එල්ල කරනු ඇති අතර, ඔවුන් ද යුද්ධයට ඇද ගැනීමේ අවදානමක් ඉස්මතු කරයි.

රුසියාව සිරියාවේ හමුදා රඳවා සිටින අතර, ඒවා, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා යුද්ධයක් දියත් කර ඇති  නේටෝ පිටුබලය ලබන හමුදාවන්ට එරෙහිව සටන් කරති. ලෙබනනයට හෝ සිරියාවට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් මොස්කව් මෑතක දී ඔවුන් ඊශ්‍රායල දේශසීමාවේ පිහිටි ගෝලාන් කඳුකර ප්‍රදේශයට යොදවා ඇත.

චීනය සිය ආර්ථිකය බල ගැන්වීම සඳහා ඉරාන තෙල් මත රඳා පවතින අතර, ඉරාන තෙල් වෙළඳාම සඳහා ඩොලරය භාවිතා කිරීම තහනම් කරනා එක්සත් ජනපද සම්බාධකවලින් තවමත් පීඩාවට පත්ව සිටින ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 90 ක් පමණ මිලදී ගනී. 2021 දී චීනය ඉරානය සමඟ වසර 25 ක මිත්‍රත්ව ගිවිසුමක් අත්සන් කළේ, ඉරාන තෙල්, ප්‍රවාහන සහ නිෂ්පාදන යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 400 ක ආයෝජනයක් සැලසුම් කරමිනි. ගිවිසුමේ කොන්දේසි ප්‍රසිද්ධ කර නැතත්, ඉරානයේ ආරක්ෂාව පිළිබඳ චීන හමුදා සහතික වීම්  එයට ඇතුළත් බව වාර්තා වේ.

සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාරය සමාලෝචනය කරමින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී චින්තන පර්ශදයක් වන චැතම් හවුස් නිගමනය කළේ, තවදුරටත් මිලිටරි උත්සන්න වීමේ විභව ප්‍රතිවිපාක පැහැදිලි කරමින්, ඉරානයට නැවත පහර දීමෙන් ඊශ්‍රායලය වැලැක්වීම එහි අරමුන බවයි. මෙම ප්‍රහාරය ඉරාන හමුදාවන්ට, ඊශ්‍රායල සහ නේටෝ ගුවන් ආරක්ෂක පද්ධතිවල ප්‍රතිචාරය සහ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ඉඩ සලසයි. ඔවුන් මෙසේ ලිවීය:

“ඉරානයේ අභිප්‍රාය ඊශ්‍රායලයට රිදවීම නම්, එය මිලිටරි මෙහෙයුම්වල මූලික මූලධර්මය – විස්මයේ මූලාංගය (මවිතය) -උල්ලංඝනය නොකරනු ඇත. නමුත් ඔවුන් එය කළා. ඔවුන් සිය අභිප්‍රායන් වොෂින්ටනයට සහ අරාබි සහ යුරෝපීය අගනගර කිහිපයකට විදුලි පණිවුඩ මගින් යවා තම ප්‍රහාර සාපේක්ෂව සීමිත බවට සහතික විය.

ඊශ්‍රායල ආරක්‍ෂාව සැලකිය යුතු ලෙස අභියෝගයට ලක් කළ හැකි සහ සමහර විට යටපත් කළ හැකි ප්‍රහාරාත්මක උපක්‍රම යොදා ගැනීම වෙනුවට එය කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. ඇත්ත වශයෙන්ම, ඉරානය ඊශ්‍රායලයට බරපතල වේදනාවක් ඇති කිරීමට උත්සාහ කළේ නම්, ඊශ්‍රායලයට සූදානම් වීමට ඉතා සුළු කාලයක් පමනක් ලබා දෙනු ඇති,  වේගයෙන් පියාසර කරන සහ සුනිශ්චිත-නියෙමු (precision-guided) බැලිස්ටික් මිසයිලවල වඩා බර මාත්‍රාවක්  (වැඩි ප්‍රමාණයක්) ඇතුළත් කරනු ඇත.

මීට අමතරව, මෙය ඉරානයට ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැස් කිරීමේ අභ්‍යාසයක් විය. කිසිසේත්ම නිශ්චිත නොවන නමුත්, ඊශ්‍රායල සහ එහි සගයන්ගේ ආරක්ෂා විධි විධාන පිළිබඳ ඉරානයේ තක්සේරුව බොහෝ සේ දියුණු වී ඇත. … ඉරානය සිය ප්‍රහාරයේ දී එහි විරුද්ධවාදීන් විසින් පිළිගනු ලැබීමට කැමතිවාට  වඩා වැඩි හැකියාවක් පෙන්නුම් කළේය.”

කෙසේ වෙතත්, නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සංඥා කරන්නේ, ඉරානය සමඟ ආතතීන් සමනය කිරීමට හෝ ඊශ්‍රායලයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව වැලැක්වීමට ඔවුන්ට කිසිදු උනන්දුවක් නොමැති බවයි. කෙටි කාලීනව, ඉරානයට එරෙහිව අවශ්‍ය පමණට වඩා වැඩි වේගවත් මිලිටරි උත්සන්න කිරීමකට එරෙහිව ඊශ්‍රායලයට අනතුරු අඟවන අතරම, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට බෝම්බ දැමීම සදහාද ඇතුළු ඊශ්‍රායලයට ආයුධ සැපයීම සහ ඉරානයට එරෙහිව තවත් සම්බාධක සහ අඛණ්ඩ හමුදා ක්‍රියාමාර්ග සඳහා, පරිස්සම් ඉවතලා ඉවක් බවක් නැතිව කැඳවුම්කර සිටිති.

එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය ඩේවිඩ් කැමරන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ නිලධාරීන් හමුවීමට ඊශ්‍රායලයට ගිය අතර ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම සදහා ඊශ්‍රායල සැලසුම් කිරීම උනන්දුවෙන් පිළිගත්තේය. ඔහු පැවසුවේ, “ඊශ්‍රායල් ජාතිකයන් ක්‍රියා කිරීමට තීරණයක් ගන්නා බව පැහැදිලිය. මෙය (ගැටුම) තීව්‍ර කිරීම හැකිතාක් සුළු වශයෙන් ද, දෘඩ සහ නුවණැති ආකාරයෙන්ද ඔවුන් එසේ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ ප්‍රංශය සහ යුරෝපය සඳහා “යුතුකමක්” ලෙස හැඳින්වූ ඉරානයේ ආර්ථිකයට එරෙහිව සම්බාධක පැනවීම සඳහා කැඳවුම් කිරීමට, කැමරන් ද වොෂින්ටනය හා එක් විය.

නෙතන්යාහු මෙම උපදෙස ප්‍රතික්ෂේප කරන බවට සංඥා කලේ, තමාට “සියලු ආකාරයේ උපදෙස්” ලැබෙද්දී,  ඊශ්‍රායලයේ  “අපි, අපේම තීරණ ගන්නවා, ඊශ්‍රායල් රාජ්‍යය, තම ආරක්ෂාව සදහා අවශ්‍ය සෑම දෙයක්ම කරනු ඇත” යි ප්‍රකාශ කරමිනි.

ඊශ්‍රායලය නැවතත් ඉරානයට බෝම්බ හෙලුවහොත් “දැවැන්ත සහ දරුණු” ප්‍රතිචාරයක් ගැන ටෙහෙරානය අනතුරු අඟවයි Read More »

2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)

ගාසා තීරයේ විනාශය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ජන ඝාතක ගෝලීය යුද්ධය

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මාර්තු 31 දින පල වූ ‘The destruction of Gaza and American imperialism’s genocidal global war ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

පසුගිය සතියේ මිචිගන් රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික ටිම් වෝල්බර්ග්, දෙවන ලෝක යුද්ධය අවසානයේ 1945 දී එක්සත් ජනපදය පරමාලු බෝම්බ හෙලීමෙන් විනාශ කල ජපන් නගර වන “නාගසාකි සහ හිරෝෂිමා” ආකාරයෙන් ගාසා තීරය මුලුමනින්ම විනාශ කරන ලෙස ඉල්ලා සිටියේය.

 “අපි මානුෂීය ආධාර සඳහා සතයක්වත් වියදම් නොකල යුතුයි,” වෝල්බර්ග් ,ඇන් ආබර්හි  දකුලින් පිහිටි ඩන්ඩී හි නගර සභා රැස්වීමකදී පැවසීය. “එය නාගසාකි සහ හිරෝෂිමා වැනි විය යුතුය. එය ඉක්මනින් අවසන් කල යුතුය,” ඔහු පැවසීය.

2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)
2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)

සම්පූර්‍ලයෙන්ම අනාරක්ෂිත සහ සිරකර සිටින ජනතාවක් සමූලඝාතනය කිරීම සඳහා කොන්ග්‍රස් සභිකයෙකු විසින් කරන ලද කැඳවීම, ඇමරිකානු පාලක පන්තිය ග්‍රහලය කර ඇති මිනීමරු හැඟීම් ප්‍රකාශ කරයි. දශක කිහිපයක් පුරා එකදිගට පැවති  යුද්ධයෙන් පසුව, එක්සත් ජනපදය එතෙක් නාසි ජර්මනිය සමග පමලක් සමීප වූ සාපරාධී මට්ටමකට ලඟා වෙමින් සිටී.

ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීන්ගේ ව්‍යාජ කෝපයේ ප්‍රකාශන, කුහකකමේ උච්චතම අවස්ථාවයි. ඉහල “සීඅයිඒ ඩිමොක්‍රටිකයෙක්” වන  නියෝජිත එලිසා ස්ලොට්කින් වෝල්බර්ග්ගේ ප්‍රකාශය  “කවුරු කලත් මෙය හෙලා දැකිය යුතු යෝජනාවක්” ලෙස හැඳින්වීය. ඇත්ත වශයෙන්ම, රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකයා, ගාසාව සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනයඅනුගමනය කරන ප්‍රතිපත්තියේ මූලික අන්තර්ගතය ප්‍රකාශ කරමින් සිටියේය.

නෙතන්යාහු ආන්ඩුව, ධවල මන්දිරයේ සහාය ඇතිව, පලස්තීන ප්‍රශ්නයට එහි “අවසාන විසඳුමේ” කොටසක් ලෙස, ගාසා තීරය බිමට සමතලා කිරීමට, එහි ජනතාව සාගින්නෙන් මරා දැමීමට සහ ජීවතුන් අතර  ඉතිරිව සිටින අය පලවා හැරීමට තීරලය කර ඇත.

රාත්තල් 2,000 තවත් බෝම්බ 1,800ක් ඊශ්‍රායලයට යැවීමට පසුගිය සතියේ බයිඩන් ගත් තීරලයේ අර්ථය මෙයයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ කුඩා ප්‍රදේශය තුල න්‍යෂ්ටික අවි භාවිතා නොකරනු ඇත, එය ඊශ්‍රායලයම වාසයට නුසුදුසු බවට පත් කරනු ඇති අතර පලස්තීනුවන් අවතැන් වූ පසු ඊශ්‍රායලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන වෙරල තීරයේ ඉඩම්- දේපල විකිරලශීලීත්වයට අනාවරලය කරයි. එහෙත් ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයට ටොන් 65,000කට අධික බෝම්බ සහ උල්ඩ ප්‍රමාලයක් හෙලා ඇත, එය හිරෝෂිමා සහ නාගසාකි සමතලා කල බෝම්බවල පුපුරන සුලු බලය මෙන් තුන් ගුලයකටත් වඩා වැඩිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, නාගසාකි නගරයට බෝම්බ හෙලීමෙන් පසු සිදුවූ සියයට 40 ක විනාශය හා හානිය හා සසඳන විට ගාසා තීරයේ ගොඩනැගිලිවලින් සියයට 54කට වැඩි ප්‍රමාලයක් හානි වී හෝ විනාශ වී ඇත.

කෙසේ වෙතත්, පලස්තීනුවන් සමූලඝාතනය කිරීම සඳහා වොල්බර්ග්ගේ විවෘත කැඳවීම තරම්ම වැදගත් වන්නේ, යුක්රේනයේ රුසියාව සමඟ එක්සත් ජනපදයේ ප්‍රොක්සි යුද්ධයට ගාසාවේ ජන සංහාරයේ සම්බන්ධය සහ චීනය සමඟ එහි නැගී එන ගැටුම ගැන ඔහුට කීමට තිබූ දෙයයි.

ඊශ්‍රායලය “අපගේ ශ්‍රේෂ්ඨතම මිතුරා” ලෙස හඳුන්වමින් වෝල්බර්ග් පැවසුවේ, ගාසා තීරයේ සාගින්නෙන් පෙලෙන ජනගහනය පෝෂලය කිරීමේ ඕනෑම පියවරක් “ඉරානයට සහ රුසියාවට” මෙන්ම “චීනයට” ද තෑග්ගක් වනු ඇති බවයි.

ගාසා තීරය සඳහා “නාගසාකි සහ හිරෝෂිමා” විසඳුමක් යෝජනා කිරීමෙන් පසු, වෝල්බර්ග්, වහාම “යුක්රේනයේ ද එය එසේම විය යුතුය” යනුවෙන්  එකතු කර ඇති අතර, එක්සත් ජනපදයේ අරමුන විය යුත්තේ “රුසියානු හමුදා අතුගා දැමීම” බව ප්‍රකාශ කලේය.

වෝල්බර්ග් පසුව පැහැදිලි කිරීමක් නිකුත් කරමින්, “හමාස් සහ රුසියාව ඉක්මනින් යටත් වන තරමට ඉදිරියට යාම පහසු වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, ගාසා තීරයේ සමූල ජන සංහාරයට වොල්බර්ග්ගේ විවෘත සහයෝගය , “රුසියානු හමුදාවන් අතුගා දැමීම” අරමුනු කරගනිමින් , රුසියාවට “යටත්වීමට” බල කරන්නාවූ,  පූර්ල යුද්ධය සඳහා කැඳවීමක් හා බැඳී තිබුලි.

සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය සැඟවීමට උත්සාහ කරන දෙය වෝල්බර්ග් පැහැදිලිවම පවසයි. එක්සත් ජනපදය රුසියාව සමග යුද්ධයක නොයෙදෙන බවත්, එය චීනය සමග “ගැටුමක්” නොසොයන බවත් බයිඩන් පරිපාලනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. මෙසේ පවසන්නේ, නේටෝ ආධාර ලබන ත්‍රස්තවාදී කල්ඩායම් විසින් රුසියානු දේශසීමාව හරහා ධාවනය කරනා  යුධ ටැංකි , නේටෝ ව විසින් යුක්‍රේනයට යවද්දීමය.

එක්සත් ජනපදය  රුසියාව “යටත්කර”  ගැනීම අරමුලු කරගත්  ආක්‍රමලශීලී යුද්ධයක් දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් – එනම් ඇඩොල්ෆ් හිට්ලර් අසාර්ථක වූ තැන එය සාර්ථක කර ගැනීම සඳහා නම් – ඊට දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු විරෑ  මහා සමූහ ඝාතනයක් හා විනාශයක් සිදුකිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වනු ඇත.

මෙම සන්දර්භය තුල, ගාසා සමුල ජන ඝාතනය ගෝලීය ගැටුමක ආරම්භක ක්‍රියාව වන අතර එහි මරල සංඛ්‍යාව දස හෝ සිය මිලියන ගනනක් වනු ඇත.

20 වන සියවසේ විශාලතම භීෂලය: ලෝක යුද්ධය, ගාසා සමුල ජන ඝාතනය සහ න්‍යෂ්ටික සංහාරයේ දසුන යලි මතුවෙමින් තිබේ.

එහි අලුත් අවුරුදු ප්රකාශය තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පහත දැක්වෙන අනතුරු ඇඟවීම සිදු කලා:

ගාසා තීරයේ යුද්ධය, අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති වල  පිලිගත හැකි මෙවලමක් ලෙස සමූල ජන ඝාතනය සාමාන්‍යකරලය කර ඇති ලෙසම, රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධය අනවරත ලෙස උත්සන්න කිරීම, උපායාත්මක (tactical) සහ මූලෝපායික ( strategic) න්‍යෂ්ටික අවි භාවිතය සදහා ඉහල මට්ටමේ ශක්‍යතාවක් එසේ නැත්නම් සම්භාවිතාවක් පවා , යථා වශයෙන්  (de facto) පිලිගැනීම හා සහගාමීවී (එක්ව සිදු වෙමින්) තිබේ.

එය නිගමනය කලේ:

සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වයන් සාමාන්‍යකරලය වීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමිල ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය අවසන් කරගන  ඇත.

ගාසා සමූල ජන ඝාතනයට සහාය දීමේදී බයිඩන් සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය වෙනුවෙන් කතා කරයි. පසුගිය සතියේ,  ගාසාවේ ජන සංහාරක යුද්ධය සඳහා බයිඩන් ගේ සහයෝගය ඉතා පැහැදිලි ලෙස වර්ලනා කරමින් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ බිල් ක්ලින්ටන්  සහභාගී වූ අරමුදල් රැස්කිරීමේ හමුවක් බයිඩන් විසින් පැවැත්වීය. ” ඊශ්‍රායලයේ පැවැත්ම ආරක්ෂා කිරීම ගැන ඔහු අවංකවම සැලකිලිමත් වෙනවා” ක්ලින්ටන් බයිඩන් ගැන පැවසීය.

රේඩියෝ සිටි සංගීත ශාලාව තුල සමූල ජන සංහාර විරෝධී විරෝධතාකරුවන් එක්සත් ජනපද ප්‍රතිපත්තියට විරුද්ධත්වය ප්‍රකාශ කල විට, ඔබාමා බයිඩන් ආරක්ෂා කිරීමට මැදිහත් වූ අතර ඊශ්‍රායල සමූල ජන ඝාතනය ආරක්ෂා කිරීම සඳහා බයිඩන්ට “ඇහුම්කන් දීමට” අකමැති වීම ගැන විරෝධතාකරුවන් විවේචනය කලේය.

සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින්ම ගාසා සමූල ජන ඝාතනය පොදුවේ අනුමත කිරීම, ලොව පුරා කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන මහජන විරෝධයට හාත්පසින් වෙනස්ය. සති අන්තයේ, සමූල ජන ඝාතනයට එරෙහි පෙලපාලිවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූහ. ඊශ්‍රායලයේ, නෙතන්යාහු ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි මහජන විරෝධතාවලට දස දහස් ගලන් ජනයා සහභාගී වූහ.

සමූල ජන ඝාතනයට හා යුද්ධයට එරෙහිව වැඩෙන ව්‍යාපාරය සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීම හදිසි අවශ්‍යතාවයයි. වොල්බර්ග්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් X හි ප්‍රකාශයක් තුල, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර් මෙසේ ප්‍රකාශ කලේය.

සමූල ජන ඝාතනයට විරුද්ධත්වය එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදයට එරෙහි සටනක් ලෙස වර්ධනය කල යුතුය. මේ සඳහා ධනේශ්වර පාලක ප්‍රභූවට සහ එහි සමූල ජන ඝාතනය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරලයට  එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. සිය මැතිවරන උද්ඝෝෂනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය, යුද්ධයට එරෙහි සටන අසමානතාවයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමග සම්බන්ධ කරමින් කම්කරු පන්තිය තුල නායකත්වයක් වර්ධනය කරමින් සිටී. මෙය මූලික හා හදිසි කාර්යයි.

ගාසා තීරයේ විනාශය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ජන ඝාතක ගෝලීය යුද්ධය Read More »

Gaza

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: ගාසා සමූල ජන ඝාතනයේ මාස හයක්

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 07 දින පල වූ “A war against humanity”: Six months of the Gaza genocide‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 07, ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් සමූල ජන ඝාතනය, එහි ආරම්භයේ සිට මාස හයක් ගතවීම සනිටුහන් කරයි.

මෙම යන්තම් අඩ වසරක කාලසීමාව තුල ඊශ්‍රායලය, ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාවගෙන් මිලියන 1.9 ක් අවතැන් කර, සමස්ත ජනගහනයට, ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අහෝසි කර, දස දහස් ගනනක් මිනිසුන්ගේ මරනයට තුඩු දෙන ක්‍රමානුකූල සමූලඝාතන දිනපතා සිදු කර ඇත. 

Gaza
අෂ්රෆ් අබු ඩ්‍රාස් , 2024 අප්‍රේල් 4 බ්‍රහස්පතින්දා දකුනු ගාසා තීරයේ රෆාහි රෝහල් මෘත ශරීරාගාරයකදී ගාසා තීරයට සිදුකල ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඔහුගේ දියනියන් දෙදෙනාගේ දේහයන් ගැන වැලපෙයි. [AP Photo/Fatima Shbair]

දැනට මරන සංඛ්‍යාව 33,137 කි. අතුරුදහන් වූවන් එකතු කල පසු, සැබෑ සංඛ්‍යාව 44,000 ඉක්මවනු ඇත. තවත් 75,815 දෙනෙකු තුවාල ලබා ඇත.

යන්තම් මාස හයක කාලය තුල, ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 5.45 ක් මිය ගොස්, තුවාල ලබා හෝ අතුරුදහන් වී ඇත. ඇමරිකානු ජනගහනය හා සැසදීමේදී  මෙම ප්‍රතිශතය මිලියන 18 කට වඩා වැඩි වනු ඇත.

සියල්ලටම වඩා කම්පනය කරනසුලු වන්නේ ඝාතනයට ලක්වූවන්ගෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන් සහ ලමුන් වීමය. ඊශ්‍රායලය හිතාමතාම වෛද්‍ය සේවකයින්, මානුෂීය සේවකයින්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඉලක්ක කර ඇත. වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් නිර්මාතෘ හොසේ අන්ඩ්‍රෙස් ඉරිදා ප්‍රකාශ කල පරිදි, ඊශ්‍රායලය “මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්” සිදු කරයි.

පසුගිය මාස හයක කාලය තුල, ගාසා තීරයට බෝම්බ හෙලීම, ආක්‍රමනය කිරීම සහ අවහිර කිරීම පිලිබඳ එක්සත් ජනපද-ඊශ්‍රායල සාධාරනීකරනයේ සෑම අංගයක්ම මුසාවක් බව  හෙලිදරව් වී ඇත.

හමාස් හි දේශසීමා හරහා ප්‍රහාරයෙන් සති කිහිපයක් තුලදීම, යුද්ධයට කඩතුරාව ලෙස භාවිතා කල ඔක්තෝබර් 7 ප්‍රහාරය සඳහා වූ හමාස්ගේ සම්පූර්න මෙහෙයුම් සැලැස්ම, ඊශ්‍රායලය සතුව තිබූ බව හෙලි විය. මෙම දැනගැන්ම නොතකා, ප්‍රහාරයට ආසන්න පූර්වයේදී ගාසා දේශසීමාවෙන් පසුබැස  වෙනත් අත ස්ථානගත වන ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ සහ හමුදා බලකායන්ට නියෝග දෙන ලදී.

දින කිහිපයක් තුලදීම, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජනගහනයට එරෙහි සමූල ජන ඝාතක යුද්ධයක් සඳහා වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කලේය. ඔක්තෝබර් 9 දා ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  ප්‍රකාශ කලේ, “අපි සටන් කරන්නේ මිනිස් සතුන් සමඟයි, අපි ඒ අනුව ක්‍රියා කරන්නෙමු. ගාසා තීරයේ සම්පූර්න වැටලීමක් මම නියෝග කලෙමි. විදුලිය, ආහාර, ඉන්ධන නැති වනු ඇත.” යන්නයි.

යන්තම් දින හතරකට පසුව, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ප්‍රකාශ කලේ, “එයට  මුලු ජාතියම වගකිව යුතුය. දැනුවත් නැති, සම්බන්ධයක් නැති සිවිල් වැසියන් ගැන කරන මේ වාචාල තර්ක ඇත්ත නොවෙයි…  අපි ඔවුන්ගේ පිටකොන්ද කැඩෙනකම් සටන් කරනවා.” කෘෂිකර්ම අමාත්‍ය අවි ඩික්ටර් ප්‍රකාශ කලේ, “අපි ගාසා නක්බාව දියත් කරන්නෙමූ” (ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවද්දී,  1947-48 පලස්තීනුවන්ට එරෙහිව සිදු කල  මුල් ජනවාර්ගික පවිත්‍රකරනය  පිලිබඳ සඳහනකි).

සමූල ජන ඝාතක චේතනාවෙන් මෙම ප්‍රකාශයන් සිදු කිරීමෙන් පසු, නෙතන්යාහු රජය ගාසාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේ සියලු අංශ ක්‍රමානුකූලව ඉලක්ක කර, සෑම රෝහලක්ම, පාසලක් සහ නිවසක්ම සමතලා කිරීමට සහ හැකිතාක් පිරිමින්, කාන්තාවන් සහ ලමයින් මරා දැමීමට කටයුතු කලේය.

සියොන්වාදයේ ඉදිරිදර්ශනයේ බංකොලොත් සහ ප්‍රතිගාමී බව මෙම සමූල ජන ඝාතනය මගින් අවිවාදිතව පෙන්වා දී ඇත.  සමූහ මිනීමැරුම් සමඟ එහි සබඳතාවය මගින්, ඊශ්‍රායලය සදහටම  සලකුනු කෙරෙනු ඇත. එය දශක ගනනාවක පලස්තීනුවන්ට එරෙහි ම්ලේච්ඡ මර්දනයේ සහ  සමස්තයක් ලෙස යුදෙව් ජනතාවගේ අවශ්‍යතා ඊශ්‍රායල රාජ්‍යය සමඟ ව්‍යාජ ලෙස අනන්‍ය කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය යුතුයි.

ඊශ්‍රායලයෙන් ඔබ්බෙහි, මෙම සමූල ජන ඝාතනය සමස්ත අධිරාජ්‍යවාදී පර්යායටම එරෙහි ගර්භාවක් ලෙස පවතී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ ධනේශ්වර බලවතුන්, නූතන යුගයේ දැවැන්තම අපරාධවලින් එකකට සහයෝගය දී, සන්නද්ධ කර, අරමුදල්  සපයා දේශපාලනිකව යුක්ති සහගත කිරීම සිදු කර ඇත.

ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ ජනගහනය ඝාතනය කර පලවා හැරීමේ එහි අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියදී, බයිඩන් පරිපාලනය ගැටුම පිලිබඳව සාකච්ඡාමය සමථයකට තම විරුද්ධත්වය නැවත නැවතත් ප්‍රකාශ කලේය. සටන් විරාමයක් සඳහා “කිසිදු හැකියාවක් නැත”ව, බයිඩන් නොවැම්බර් 9 දා පැවසීය.

මෙයින් යන්තම් දින කිහිපයකට පසුව, සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් වොෂින්ටනයේ සමූල ජන ඝාතනයට පක්ෂ රැලියක් අමතමින්, “අපි ඔබ සමඟ සිට ගන්නෙමු… ඔබට අවශ්‍ය සහය ලැබෙන තුරු අපි නතර නොවෙමු”යි  බෙරිහන් දුනි.

මේ මාස හයක කාලය තුල, බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට වෙන් වෙන් ආයුධ සැපයුම් 100 කට වඩා සිදු කරමින්, නෙතන්යාහු ආන්ඩුවට හිතුමතේ ගාසාවේ ජනගහනය හාමත් කිරීමට, ඝාතනය කිරීමට සහ වධ හිංසා කිරීමට කොල එලිය ඇති බව පැහැදිලි කර තිබේ.

මෙම යථාර්ථය, ධවල මන්දිරය විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා නෙතන්යාහු ආන්ඩුවට “පීඩනය” යෙදීමට උත්සාහ කර ඇති බවට බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් සඳහා, ප්‍රති උත්තර දිය නොහැකි ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පවතී.

ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනයේ  ප්‍රතිපත්තිය, ඊශ්‍රායලයට දුන් හිස් චෙක්පතකට සමාන වන අතර, එය,  නෙතන්යාහු පිලිබඳව ධවල මන්දිරය විසින් සිදු කරන හුදු වාචික විවේචන නොතකා අද දක්වාම පවතින ප්‍රතිපත්තියක් වේ.

බයිඩන් පරිපාලනය ඊශ්‍රායල සමූල ජන ඝාතනයට නිශ්චිත සහයෝගය ලබා දීම, රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ගෝලීය ආධිපත්‍යය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ඉරානය ඇතුලු මැද පෙරදිග පුරා එක්සත් ජනපද මිලිටරිවාදය පුපුරා යාමේ කොටසකි.

ගාසා සමූල ජන ඝාතනය විශාල හා දුරදිග යන සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ඇති කරනු ඇත. දැනටමත් ගාසා හි සමූහ ඝාතනය , ඉරාක යුද්ධයෙන් පසු විශාලතම ගෝලීය මහජන උද්ඝෝෂන අවුලුවා ඇත. ඔවුන්ගේ යුද්ධ යුක්තිසහගත කිරීම සඳහා අතොරක් නැතිව “මානව හිමිකම්” කැඳවා ගන්නා අධිරාජ්‍යවාදී බලවතුන්, සමූල ජන ඝාතනය සක්‍රීය කරන්නන් සහ සහචරයින් ලෙස එය පෙන්වා දී ඇත.

සියල්ලටම වඩා ගාසා සමූල ජන ඝාතනය ධනවාදයේ අපරාධයකි. න්‍යෂ්ටික යුද්ධයේ සිට වැලැක්විය හැකි වසංගතයක් මගින් සදාකාලික සමූහ මිය යෑම් සහ සමූල ජන ඝාතනය දක්වා, සමාජ ම්ලේච්ඡත්වයේ සෑම ආකාරයක්ම,  ධනේශ්වර සමාජ පර්යාය නීත්‍යානුකූල කරමින් සිටී. අනාගත පරම්පරාවන් විසින් ගාසා සමූල ජන ඝාතනය, ධනේශ්වර සමාජ පර්යායට එරෙහිව බලගතු ප්‍රවාහයන්ගේ  වර්ධනය ඉදිරියට තල්ලු කල ප්‍රත්‍යාවර්තක ලක්ෂ්‍යයක් ලෙස දකිනු ඇත.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, සියොන්වාදයේ තර්කනය: ජාතිකවාදී මිථ්‍යාවේ සිට ගාසා සමූල ජන ඝාතනය දක්වා  හි පැහැදිලි කරන පරිදි:

එහි සියලු භීෂනයන් තිබියදී, දැන් පවතින යුද්ධය එක් සැලකිය යුතු දේශපාලන දායකත්වයක් ලබා දී ඇත. එය තරුන පරපුර අවදි කර ඇත. එය ලෝකයේ ඇස් විවර කර ඇත. එය සියොන්වාදී තන්ත්‍රය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් අපරාධකරුවන්   බව හෙලිදරව් කර ඇත. එය ලොව පුරා පැතිර යන කෝපයේ උදම් රැල්ලක් ක්‍රියාත්මක කර ඇති අතර , එය මෙම සමූල ජන ඝාතනයට වගකිවයුත්තන් පිස දා ගලා යනු ඇත.

කර්තව්‍යය වන්නේ, තවමත් දේශපාලනික වශයෙන් නිශ්චිත හැඩයක් නොගත් මෙම වැඩෙන විරුද්ධත්වය, කම්කරු පන්තිය වෙත නැඹුරු වූ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: ගාසා සමූල ජන ඝාතනයේ මාස හයක් Read More »

2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]

නේටෝවේ වසර 75 : සීතල යුද්ධයේ සිට උනුසුම් යුද්ධය දක්වා

පීටර් ෂ්වාට්ස් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 05 දින පල වූ ‘′75 years of NATO: From Cold War to hot war”  යන හිසින් පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

අප්‍රේල් 4 දා නේටෝ හමුදා සන්ධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කලේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමටත් පෙර, සීතල යුද්ධයේ ආරම්භක වසර තුල 1949 දී, නේටෝව ආරම්භ කරන ලද්දේ  සෝවියට් සංගමයට එරෙහිව එල්ල වූ සන්ධානයක් ලෙස ය. අද එය මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයකට ඇද දමමින් තිබේ.

2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]
2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]

සංවත්සරය සනිටුහන් කෙරුනේ, යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයේ ප්‍රධාන නව උත්සන්න කිරීමක් සඳහා කැප වූ බ්‍රසල්ස්හි නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් මගිනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට ගොඩබිම් භටයන් යැවීමට යෝජනා කිරීමෙන් යන්තම් සති කිහිපයකට පසුව, නේටෝව, යුක්‍රේනයට ආධාර සම්බන්ධීකරනය කරන යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කන්ඩායම (Ukraine Defense Contact Group) අත්පත් කර ගැනීමට සූදානම් වේ. රුසියාවට එරෙහි යුක්රේනයේ යුද්ධය නේටෝව විසින් අන දෙන මෙහෙයුමක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, යුක්‍රේනය සදහා නේටෝවේ සහය “කලුගල් මෙන් දෘඪ” බව පවසමින්, “යුක්‍රේනය නේටෝවේ සාමාජිකයෙකු වනු ඇති” බව සපථ කලේය. ජර්මනියේ, ප්‍රන්සයේ සහ පෝලන්තයේ විදේශ ඇමතිවරුන් – ඇනලීනා බියබොක්, ස්ටෙෆනි සෙජන්, රඩොස්ලාව් සිකෝස්කි (Annalena Beerbock, Stéphane Séjourné, Radosław Sikorski) – පොලිටිකෝ (Politico) හි ප්‍රකාශ කලේ නේටෝ බලවතුන් යුක්‍රේනයට යුරෝ බිලියන 200කට වඩා ලබා දී ඇති බවයි. “අපගේ සහයෝගය අවශ්‍ය තාක් කල් සහ අවශ්‍ය තීව‍්‍රතාවයෙන්  දිගටම පවතිනු ඇත.” ඔවුන් ප්‍රතිඥා දුනි.

40,000 කට වැඩි පලස්තීනුවන් ජනයා මරා දැමූ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට, නේටෝ බලවතුන් මේ වන විට සහාය දක්වයි. මෙය පුලුල් වන ගෝලීය යුද්ධයක කොටසක් ලෙස දැක ගනී.

“අපගේ ආරක්ෂාව කලාපීය නොවන බව අපි දනිමු – එය ගෝලීයයි” යනුවෙන් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සිය සංවත්සර ප්‍රකාශයේදී පැවසීය. “යුක්රේනයේ යුද්ධය මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. රුසියාවට, ආසියාවේ එහි  මිතුරන් ආක්‍රමනශීලී යුද්ධය දිගටම කරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. චීනය රුසියාවේ යුද ආර්ථිකයට මුක්කු ගසයි. ඒ වෙනුවට මොස්කව් තම අනාගතය බීජිං වෙත උකස් කරයි. උතුරු කොරියාව සහ ඉරානය සැලකිය යුතු ආයුධ සහ පතොරම් සැපයීම සිදු කරයි. ප්‍රතිඋපකාර වශයෙන්, ප්යොංයෑන් සහ ටෙහෙරාන් , ඔවුන්ගේ මිසයිල සහ න්‍යෂ්ටික හැකියාවන් දියුනු කර ගැනීමට උපකාර වන රුසියානු තාක්ෂනය සහ සැපයුම් ලබා ගනිමින් සිටිති.

නේටෝව යුරෝපයේ “රැකවල” සහ “සුරැකුම” සඳහා සේවය කරයි යන හිමිකම් පෑම, එහි ආරම්භයේ සිටම ප්‍රචාරකමය බොරුවකි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සැමවිටම අවධාරනය කල පරිදි, නේටෝව ආරම්භයේ සිටම මහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද සන්ධානයක් වීය.

වසර 75 කට පෙර නේටෝව ආරම්භ කරන විට, ජේම්ස් පී. කැනන් යටතේ ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය විසින් එවකට ප්‍රකාශයට පත් කෙරුනු හතරවන ජාත්‍යන්තරය සඟරාව මෙසේ ප්‍රකාශ කලේ ය: “උතුරු අත්ලාන්තික් ගිවිසුම තවත් මිලිටරි සන්ධානයක් නොවේ. … මෙම සිදුවීමේ අතිමහත් වැදගත්කම, එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි.”

“නැගෙනහිර කැරලිකාර ජනයා ‘සමනය කිරීමට’ ඔවුන් දරන උත්සාහය ඉතිහාසයේ වඩාත්ම මිල අධික හා දැවැන්ත අසාර්ථකත්වය බව පෙන්නුම් කරන්නාවූ”; “තමන්ගේම සම්පත්වලින් පමනක් තම රට තුල ‘ස්ථාවරත්වය’ අත්කර ගැනීම  අශාක්‍යම  පාහේ වූ “; සහ “බාහිර උදව් නොමැතිව, තනි තනිව හෝ සාමූහිකව සෝවියට් සංගමයේ බලයට මුහුන දීම නොහැකි  තම බෙලහීන බව පිලිගත්”, යුරෝපයේ පැරනි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අර්බුදය, “ලෝක ධනවාදයේ භාරකරු වීම සදහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට බැදී ගැනීමට සිදුවිය.”

“නමුත් එයට මෙම භූමිකාව ඵලදායී ලෙස ඉටු කල හැක්කේ ගෝලීය පරිමානයෙන් පමනි,” හතරවන ජාත්‍යන්තරයේ කතුවැකිය අනතුරු ඇඟවීය. “මේ හේතුව නිසා, ලෝක ආධිපත්‍යයට යන මාර්ගය ලෝක යුද්ධයට මාර්ගය විය යුතු බව අපි නැවත නැවතත් පුරෝකථනය කර ඇත්තෙමු.”

මෙම වචන අද සඳහා  නැවතත් දැවෙන සේ  අදාල වේ. එය පිහිටුවා වසර හැත්තෑපහකට පසු, නේටෝව වෙන කවරදාකටත් වඩා තුන්වන ලෝක යුද්ධයක් අවුලුවාලීමට ආසන්න ය.

1949 දී නේටෝව පිහිටුවීමේ දී, ජර්මනියේ බෙදීම තහවුරු වී චීනයේ විප්ලවය ජයග්‍රහනය කරනා විට, නේටෝව ප්‍රචන්ඩ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. එක්සත් ජනපදය, ප්‍රංශය සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් ඉන්දු චීනයේ, කොරියාවේ, ඇල්ජීරියාවේ සහ ඉන් ඔබ්බෙහි කුරිරු යටත්විජිත යුද්ධ කර ගෙන ගියහ. සෝවියට් සංගමයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා නේටෝව, ග්‍රීසියේ සහ තුර්කියේ ද, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාව පුරාද, වාමාංශික ජාතිකවාදී ආන්ඩුවලට එරෙහිව  කුමන්ත්‍රනවලට පිටු බලය දුන්නේය.

කෙසේ වෙතත්, ඇමරිකානු පාලක ප්‍රභූව තුල, සෝවියට් සංගමයට එරෙහිව සටන් කරන්නේ “සීමා කිරීම” හරහා ද නැතිනම් න්‍යෂ්ටික යුද්ධයේ අවදානමක් සහිත මිලිටරිමය “ආපසු තල්ලු කිරීමක්” හරහාද යන්න පිලිබඳ ගැටුමක් ඇවිල ගියේය. සීතල යුද්ධයේ ආරම්භක කාල පරිච්ෙඡ්දය තුල, “සීමා කිරීම” සඳහා පක්ෂව සිටි අය  මූලිකත්වය ලබා ගත්හ. කෙසේ වෙතත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසිවිටෙකත් ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආපසු හැරවීම සහ සෝවියට් සංගමය විනාශ කිරීමේ දිගුකාලීන ඉලක්කය අත් නොහලේය.

කෙසේ වෙතත්, 1991 දී සීතල යුද්ධය අවසන් වූයේ, ස්ටැලින්වාදී නිලධරය සිය ඓතිහාසික පාවාදීමේ අවසාන පියවර ගෙන ඔක්තෝබර් විප්ලවය විසින් නිර්මිත දේපල සබඳතා ඈවර කර, ධනවාදය පුනස්ථාපනය කර, වෝර්සෝ ගිවිසුම සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ය.

සෝවියට් සංගමය විසින් එල්ල කරන්නේ යැයි කියන අන්තරාය සමඟ සෑම විටම තම පැවැත්ම යුක්ති සහගත කල නේටෝව, තමන් විසින්ම විසුරුවා ගත්තේ නැත. හතරවන ජාත්‍යන්තරය 1949 දී ලියා තැබූ පරිදි, නේටෝව පිහිටුවීම, “එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි”, එමෙන්ම, “ලෝක ආධිපත්‍යයට කරා මාවත” “ලෝක යුද්ධය කරා  මාවත” විය. ”

ඇමරිකානු අධිරාජ්‍යවාදය සෝවියට් සංගමය විසුරුවා හැරීම දුටුවේ එහි ලෝක ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට සහ කොරියාවේ, වියට්නාමයේ සහ වෙනත් තැන්වල තමන් අත්විඳි පරාජයන් ආපසු හැරවීමේ අවස්ථාවක් ලෙස ය. ගොර්බචෙව්, යෙල්ට්සින් සහ පසුව පුටින් සෝවියට් සංගමය ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් සූරාකෑමට විවෘත කර තිබීම ගැන සෑහීමකට පත් නොවූ ඔවුන්ට, රුසියාව යටත් විජිතමය ආකාරයෙන්  දමනය කර ගැනීමට අවශ්‍ය විය.

ඇමරිකාවේ යුරෝපීය සහචරයෝ, තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යමින්, එහි (ඇමරිකානු අධිරාජ්‍යවාදයේ)  නායකත්වය අනුගමනය කලෝය. නේටෝව යනු ඔවුන් මෙම ඉලක්කය හඹා යන මෙවලමයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට, නේටෝව හෝ එහි සාමාජිකයන් නොකඩවාම පාහේ  යුද්ධ කරමින් සිටිති.

එක්සත් ජනපදය 1990 දී ප්‍රථම වරට ඉරාකයට පහර දුනි. 1999 දී නේටෝව එක්සත් ජාතීන්ගේ වරමකින් තොරව – ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් – සර්බියාවට බෝම්බ හෙලූ අතර කොසෝවේ  වෙන්වීමට බලය යෙදීය. 2001 දී, නේටෝව පලමු සහ එකම වතාවට අන්‍යෝන්‍ය ආරක්ෂක වගන්තිය ක්‍රියාත්මක කර ඇෆ්ගනිස්ථානය වාඩිලා ගත් අතර, වසර 20 ක් පැවති යුද්ධයක් ගෙන ගොස් එය අවසන්කලේ, රට විනාශ කර, තලේබාන්වරුන්ට නැවත බලයට පැමිනීමට කටයුතු සලසමිනි. ඉරාකය, ලිබියාව සහ සිරියාවට එරෙහිව පසුකාලීන යුද්ධ නිල නේටෝ ව්‍යුහයෙන් පිටත සිදු වුවද, බොහෝ නේටෝ සාමාජික රාජ්‍යයන් විසින් ඒවාට සහාය දක්වන ලදී.

මැද පෙරදිග යුද්ධවලට සමාන්තරව, නේටෝව රුසියාව දෙසට ක්‍රමානුකූලව ඉදිරියට ගිය අතර, මුලු නැගෙනහිර යුරෝපයම සහ-බෝල්ටික් රාජ්‍යයන් සමඟ-පැරනි සෝවියට් සංගමයේ කොටස්ද සංයුක්ත කරගත්තේය.

ලෝකයේ බලවත්ම හමුදා සන්ධානය, සාමාජිකයින් 12 සිට 32 දක්වා වර්ධනය විය. පසුගිය වසරේ එය ඩොලර් ට්‍රිලියන 1.3ක්, නැතහොත් ගෝලීය මිලිටරි වියදම්වලින් සියයට 60ක් ආරක්‍ෂාව සඳහා වැය කලේය. එක්සත් ජනපද මිලිටරි අයවැය පමනක් ඩොලර් බිලියන 905 ක් වූ අතර එය ඊලඟ රටවල් 15 වේ ඒකාබද්ධයට වඩා වැඩි ය. ඊට විසංසන්දනාත්මකව, චීනය ඩොලර් බිලියන 220 ක් සහ රුසියාව ඩොලර් බිලියන 109 ක් පමනක් ආරක්ෂක කටයුතු සඳහා වියදම් කලහ.

කියෙව්හි බටහිර ගැති රූකඩ තන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රනයකට එක්සත් ජනපදය හා ජර්මනිය පිටුබලය දුන් 2014 සිට නේටෝව රුසියාව සමග යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වී ඇත. 2022 දී පුටින් තන්ත්‍රයේ මංමුලා සහගත ප්‍රතිගාමී ප්‍රහාරය උසිගන්වමින් නේටෝව අනවරත ලෙස යුක්‍රේනය සන්නද්ධ කලේය. ඉන්පසුව නේටෝව, යුක්‍රේනියානුවන්  ‘කාලතුවක්කු උන්ඩ’ ලෙස යොදා ගනිමින්, ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේන ජීවිත බිලිගත්, න්‍යෂ්ටික ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන යුද්ධයක්, රුසියාවට එරෙහිව දියත් කලේය.

මෙම උමතුව ජාත්‍යන්තර ධනේශ්වර ක්‍රමයේ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා තුල මුල් බැස ඇත. නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය සහ ඒ මත පදනම් වූ ධනේශ්වර ජාතික රාජ්‍යය, බිලියන ගනන් කම්කරුවන් තනි සමාජ ක්‍රියාවලියක් තුල ඒකාබද්ධ කරන නවීන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සමග සාමාධානය/ගැලපීම   (reconcile) කල නොහැක. මෙයට අධිරාජ්‍යවාදය දන්නා එකම පිලිතුර ලෝකය ප්‍රචන්ඩ ලෙස නැවත බෙදීමයි.

මෙම යුද්ධය කිරීමට නම්, නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්, මිලිටරිවාදයේ අතිමහත් පිරිවැය සහ යුද්ධයේ ප්‍රතිවිපාක දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා ෆැසිස්ට්වාදී පොලිස්-රාජ්‍ය තන්ත්‍ර තම රටවල් තුල ගොඩ නැගිය යුතුය. ට්‍රම්ප්, මෙලෝනි,  අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) සහ අනෙකුත් නව-ෆැසිස්ට්වාදීන්ගේ නැගීම, සියලු ධනේශ්වර පක්ෂවල දක්ෂිනාංශික වර්ධනයේ තියුනුම ප්‍රකාශනය පමනි.

එහෙත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි ද නිර්මානය කරයි. හතරවන ජාත්‍යන්තර සඟරාවේ 1949 අප්‍රේල් කතුවැකිය අවසන් වූයේ මෙසේය: “හමුදාවල සාමාන්‍ය කාර්ය මන්ඩල (general staffs) සියලු හදිසි අවස්ථා සහ සිදුවිය හැකි අවස්ථා ප්‍රවේශමෙන් ගනනය කර ඇත- සියල්ල, එකක් හැර. ඒ, සියල්ලටම වඩා සාමයට කැමති ලෝක ජනතාවගේ සන්ධානයයි. ක්‍රෙම්ලිනයේ උපාමාරු නොව, ෂැංහයි සහ ඉන්දුනීසියාවේ, මිලාන්හි, රූර් සහ ඩෙට්‍රොයිට් හි පන්ති අරගලය, මරනය ප්‍රතිගාමීත්වය සහ ආඥාදායකත්වය රැගත් මෙම අශුද්ධ සංයුක්තයේ ඇකිලීස් විලුඹ (Achilles heel- මූලික දුර්වල තැන)  බව  ඔප්පු කරනු ඇත.

මේ වචන එදා මෙන්ම අදටද  අදාල වේ. ලෝක යුද්ධයට හා න්‍යෂ්ටික ව්‍යසනයට මාවත නැවැත්විය හැක්කේ, යුද්ධයට එරෙහි අරගලය, ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට පමනි. 

නේටෝවේ වසර 75 : සීතල යුද්ධයේ සිට උනුසුම් යුද්ධය දක්වා Read More »

WCK

එක්සත් ජනපදය-ඊශ්‍රායලය විසින්  වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කිරීම

අන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 04 දින පල වූ ‘The US-Israeli murder of World Central Kitchen aid workersයන හිසින් අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

WCK
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු මිනිසෙක් ලේ තැවරුනු බ්‍රිතාන්‍ය, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර ප්‍රදර්ශනය කරයි, ඩීර් අල්-බාලා, ගාසා තීරය, 2024 අප්‍රේල් 1. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මියගිය වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්හි සේවකයන් අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් තිදෙනෙක්, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන්, කැනේඩියානු-ඇමරිකානු ද්විත්ව පුරවැසියෙක් සහ පලස්තීන ජාතිකයෙක් වූහ. (AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා)

සඳුදා රාත්‍රියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා, ඔවුන්ගේ වාහන පෙලට එල්ල කල ගුවන් ප්‍රහාර තුනකින්, වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් හි  ( World Central Kitchen)  ජාත්‍යන්තර සහන ආධාර සේවකයින්  හත් දෙනෙකු ගාසාවෙහි දී මරා දැමූහ. සහන සේවකයන් එක්සත් ජනපදය/කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය සහ පලස්තීනයේ පුරවැසියන් විය.

ඒවායේ ගමන් කල මගීන් මානුෂීය සේවකයින් ලෙස පැහැදිලිව හඳුනා ගන්නා විශාල ලාංඡන ප්‍රදර්ශනය කර තිබූ වාහනවල වහලවල් සෘජුවම ඉලක්ක කරගත්, සුනිශ්චිත ගුවන් ප්‍රහාරක අවි (precision airborne munitions) ප්‍රහාර සඳහා භාවිතා කර තිබුනි. 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රකාශකයෝ, ගුවන් ප්‍රහාර තුන “වැරදීමක” සහ “වැරදි ලෙස හඳුනාගැනීමේ” ප්‍රතිඵලයක් බව විකාර සහගත ලෙස ප්‍රකාශ කලහ. මාධ්‍ය තුල දෝංකාර දුන් මෙම ප්‍රකාශයන්, ප්‍රහාර  සුපරීක්ෂාකාරීව ඉලක්ක කරගත් බවට වැඩෙන සාක්ෂි හමුවේ බිඳ වැටී ඇත.

වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් හි නිර්මාතෘ වන හොසේ ඇන්ඩ්‍රෙස් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ කම්කරුවන් ඉලක්ක කර ඇත්තේ “ක්‍රමානුකූලව, රථයෙන් රථයට” බවයි. වැඩ වර්ජන නොදැනුවත්ව සිදු වූ බවට එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් කරන ලද ප්‍රකාශයන් ඇන්ඩ්‍රේස් ප්‍රතික්ෂේප කලේ, “ඒකාන්ත ම නැත” කියාය.

වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් විසින් මෙම ප්‍රහාරයේ අරමුන පිළිබඳව පැහැදිලි කලේ, “පරිත්‍යාග කරන්නන් ඉවත්ව යෑමට සහ ගාසා තීරයේ සිවිල් වැසියන් දිගටම නිහඬවම සාගින්නෙන් පෙලීමට හැකි වන පරිදි” කටයුතු සැලසීම බවයි.

දේශසීමා නොමැති වෛද්‍යවරු (Doctors Without Borders) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ:

“කනගාටුදායක සිදුවීම් පිලිබඳ ආඛ්‍යානය අපි පිලිගන්නේ නැහැ. … වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහ  දේශ සීමා නැති වෛද්‍යවරු (MSF) රථ පෙලට සහ රක්ෂාස්ථාන වලට සිදුවී ඇත්තේ, මානවවාදීන් , සෞඛ්‍ය සේවකයින්, මාධ්‍යවේදීන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, පාසල් සහ නිවාසවලට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීමේ එකම රටාවේ කොටසක් වන නිසා අපි එය පිලිගන්නේ නැත.”

මෙම ප්‍රහාර, දැනටමත්  200 කට ආසන්න ප්‍රමානයක් ඝාතනය කර ඇති සහන සේවකයන්ට එරෙහි ඊශ්‍රායලයේ අලුත්ම ප්‍රහාරයක් පමනි. මීට අමතරව, ඊශ්‍රායලය “පිටි සංහාර” (“flour massacres.”) මාලාවකින් ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලින් ආහාර ලබා ගැනීමට උත්සාහ කරන විට කුසගින්නෙන් පෙලෙන මිනිසුන්ට (පරිවර්තක: වෙඩි තබා ඝාතනය කරමින්) ක්‍රමානුකූලව පහර දී ඇත.

මාස හයක ඊශ්‍රායල ඇවුරුමෙන් (blockade) පසුව, ගාසා තීරයේ සමස්ථ ජනගහනයම කුසගින්නෙන් පෙලෙන අතර, සාගතය අත ලඟ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව අනතුරු අඟවා ඇත. මන්දපෝෂනයෙන් දරුවන් දුසිම් ගනනක් දැනටමත් මිය ගොස් ඇති අතර, සාගතයෙන් සිදුවන මරන බෝම්බ වලින් මිය ගිය සංඛ්‍යාව ඉක්මනින්ම යටපත් කරනු ඇති බවට මානුෂීය සංවිධාන අනතුරු අඟවා ඇත.

සහන සේවකයන්ගේ ඝාතනයට බයිඩන්  පරිපාලනයේ ප්‍රතිචාරය වූයේ, ඊශ්‍රායලය ආරක්ෂා කිරීම, ඝාතන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රතික්ෂේප කිරීම සහ සමූලඝාතනය පිලිබඳ කිසිදු ජාත්‍යන්තර පරීක්ෂනයක් ප්‍රතික්ෂේප කිරීමයි.

“ඊයේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය සහ ගාසා තීරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියේ කිසියම් වෙනසක් තිබේදැයි” බදාදා ඇසූ විට ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ජීන්-පියරේ  (Karine Jean-Pierre) ප්‍රකාශ කලේ, “කිසිවක් වෙනස් වී නැත” යනුවෙනි.

එදිනම පෙර ප්‍රකාශයක දී ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කලේ, “හමාස් ගෙන් එන තර්ජනය තුරන් කිරීම සදහා  ඊශ්‍රායලය ගෙන යන සටනට ඇමරිකානු සහාය දිගටම ලබා දීම පිලිබදව අපි සෘජුවම පෙනී සිටිමු. ” 

බ්‍රහස්පතින්දා, බයිඩන් නෙතන්යාහු සමඟ, සමූල ඝාතනයේ රාජ්‍යතාන්ත්‍රික අතුරු පල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා  කැප වූ  පැය භාගයක සංවාදයක් පැවැත්වීය. ඇමතුම සම්බන්ධ ප්‍රකාශය වාර්තා කලේ බයිඩන්, “සිවිල් හානිය, මානුෂීය දුක් වේදනා සහ සහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා නිශ්චිත, සංයුක්ත සහ මිනිය හැකි පියවර මාලාවක් ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය  පැහැදිලි කල” බවයි.

මෙම ප්‍රකාශ එක්සත් ජනපද මාධ්‍ය විසින් ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් ලෙස වහාම ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් පසුව පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර නිලධාරීන් නැවතත් අවධාරනය කලේ කිසිවක් වෙනස් වී නොමැති බවයි. ජෝන් කර්බි පැවසුවේ බයිඩන්  “හමාස් පමනක් නොව විවිධ තර්ජන වලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට ඇති හැකියාව සඳහා එක්සත් ජනපදයේ සහාය අයෝමය ලෙස පවතින බව අගමැතිට ඉතා පැහැදිලිව පෙන්වා දුන්” බවයි. ඇමතුම, “අවසාන නිවේදනයක්” දැයි ඇසූ විට, කරීන් ජීන්-පියරේ පැවසුවේ “නැහැ” යනුවෙනි.

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් ගේ “බල කිරීම්”, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට අරමුදල් සැපයීම, සන්නද්ධ කිරීම සහ විත්තිවාචනය කිරීමේ (සාධාරනීකරනයේ) එක්සත් ජනපද පිලිවෙත වසන් කිරීමටත්, සහන සේවකයන් ඝාතනයට වගකිව යුතු මිලිටරි නායකයින්ට සහ සිවිල් ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගවීමක් නොමැති බව සහතික කිරීමටත් අරමුන කලේ විය. 

ගාසා  සමූල ජන සංහාරය, කලාපයේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි සියලු ප්‍රතිරෝධය බිඳ දැමීම අරමුනු කරගත්, මැදපෙරදිග පුරා ක්‍රමානුකූල එක්සත් ජනපද-ඊශ්‍රායල් මිලිටරි ව්‍යාපාරයක කොටසක් වන නිසා, නෙතන්යාහු තන්ත්‍රයේ සාපරාධී ක්‍රියාවන්ට එක්සත් ජනපදය සහාය දක්වයි.

ඒවා සියල්ලම, කොන්ග්‍රස් බලය දීම සහ අනුමැතිය සඳහා අවශ්‍ය සීමාවට වඩා ප්‍රමානයට වඩා අඩුව තබා ගනිමින්, ඔක්තෝබර් 7 දා සිට, එක්සත් ජනපදය වෙන වෙනම ආයුධ නැව්ගත කිරීම් 100 කට වඩා ඊශ්‍රායලයට ලබා දී ඇත. පසුගිය සතියේ, අල්-ෂිෆා රෝහලේදී 400කට අධික පිරිසක් ඊශ්‍රායලය විසින් සමූලඝාතනය කිරීමට එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ තවත් රාත්තල් 2,000 බෝම්බ 1,800ක් ඊශ්‍රායලයට යැවීමෙනි. සඳුදා, ඊශ්‍රායලය වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් සමූලඝාතනය කල දිනයේ, බයිඩන් පරිපාලනය තවත් බෝම්බ දහස් ගනනක් යැවීම අනුමත කලේය.

දැන් මාස හයක් සපිරෙන ගාසා ජන සංහාරය, අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය සාපරාධීකරනය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එහි දී ක්‍රමානුකූල සමූහ ඝාතන, සාගතය සහ  සමූල ජන සංහාරය, එදිනෙදා භාවිතා කරන ක්‍රම  බවට පත්  කරමින් සාමාන්‍යකරනය සිදු කෙරේ.

ඊශ්‍රායලය විසින් ලෝක සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කල සතියේම, ඊශ්‍රායල සහ පලස්තීන මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ඔක්තෝබර් 7 සිට දහස් ගනනක් ජනයා ඝාතනය කිරීමට තුඩු දුන් බෝම්බ ප්‍රහාර සඳහා ඉලක්ක තෝරා ගැනීම සඳහා භාවිතා කරන කෘතිම බුද්ධි පද්ධතියක් වන “ලැවෙන්ඩර්” පැවැත්ම හෙලි කරන ලදී. 

නීති විරෝධී මිනීමැරුම් සඳහා ඉලක්ක ලෙස දහස් ගනනක් ගාසා වාසීන්   සලකුනු කිරීමට මෙම පද්ධතිය භාවිතා කර ඇත. එය, ඉලක්ක කරන ලද වින්දිතයින් ඔවුන්ගේ පවුල් සමඟ නිවසේ සිටින විට හඳුනා ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාවට ඔවුන් හට බෝම්බ හෙලීමට නියෝග උත්පාදනය කරනා’තර, ක්‍රියාවලිය තුලදී ඔවුන්ගේ පවුල් සහ අවට සිටින අය පුපුරවා දමනු ලැබේ. සෑම ප්‍රහාරයකදීම ඉලක්ක කරගත් සෑම පුද්ගලයෙකු සඳහාම අවට සිටින්නන් 20 දෙනෙකු දක්වා මරා දැමීමට අවසර ඇති අතර, සමහර අවස්ථාවලදී, තෝරාගත් ඉලක්ක සඳහා අවට සිටින්නන් 100ක් දක්වා ඝාතනය කිරීමට අවසර දෙනු ලැබේ.

අඩ සියවසක් පුරා, ඊශ්‍රායල රාජ්‍යයේ ක්‍රියා වොෂින්ටනය විසින් එක්සත් ජනපද පිලිවෙත සඳහා පූර්වාදර්ශයක් ලෙස භාවිතා කර ඇත. වඩාත්ම කැපී පෙනෙන උදාහරනය නම්, තමන්ගේම පුරවැසියන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් සම්මත කර ගැනීමට පෙර ඊශ්‍රායලය විසින් වර්ධනය කරන ලද “ඉලක්කගත ඝාතන” හෝ රාජ්‍ය-සංවිධානාත්මක ඝාතන මූලධර්ම යයි.

ඊශ්‍රායලය අද ගාසා තීරයේ ජනතාවට එරෙහිව කරන දේ, නුදුරු අනාගතයේදී එහි අධිරාජ්‍යවාදී පිටුබලය සපයන්නන් විසින්  ක්‍රියාත්මක කරනු ඇත. වත්මන්  සමූල ජන සංහාරයේ සියොන්වාදී තන්ත්‍රයේ ක්‍රියාමාර්ග, කැරලිකාර නාගරික ජනගහනයන්ට එරෙහිව මහා සාගතය සමග මහා පරිමානයෙන් යුධ අපරාධ කිරීම සදහා , කෘත්‍රිම බුද්ධිය යොදා ගනු ලබන ඒවා ඇතුලු අධි- තාක්‍ෂනික අවි භාවිතය සඳහා පූර්වාදර්ශයක් සකසනු ඇත.

යුද්ධයේ පිපිරීම, සමූල ජන සංහාරය සහ දේශපාලන මර්දනය අපේරනයක් (අපගමනයක්) නොවේ. අධිරාජ්‍යවාදය, ලෙනින් සඳහන් කල පරිදි, හුදු ප්‍රතිපත්තියක් නොව, ධනේශ්වර සංවර්ධනයේ නිශ්චිත ඓතිහාසික අවධියකි. එබැවින් අධිරාජ්‍යවාදයට එරෙහි වීම විප්ලවවාදී ප්‍රශ්නයකි, එය ආන්ඩුවකට බලපෑම් කිරීම නොව, ධනවාදය සමාජවාදය මගින් ප්‍රතිස්ථාපනය කිරීම අරමුනු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ජාත්‍යන්තර අධිකරනයට සහ තනි ධනපති ආන්ඩුවලට අභියාචනා ඉදිරිපත් කරමින් ගාසා ජන සංහාරයට එරෙහි වීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත. මෙම අපරාධවලට වගකිව යුතු ධනේශ්වර ආන්ඩුවලට ගමන් මග වෙනස් කරන ලෙස ආයාචනා කිරීම පිලිබඳ කාරනාවක් නොව, කම්කරු පන්තිය දෙසට හැරී යුද්ධයට එරෙහි අරගලය අසමානතාවයට හා සූරාකෑමට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ වර්ධනය වන අරගලයන් සමඟ ඒකාබද්ධ කිරීම ඉල්ලා සිටින්නක් වේ.

එක්සත් ජනපදය-ඊශ්‍රායලය විසින්  වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කිරීම Read More »

Damascus

ඊශ්‍රායලය දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දමයි: මැද පෙරදිග, කලාපය අලලා ගත් යුද්ධයක අද්දර

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 02  දින පල වූ ‘Israel bombs Iran’s embassy in Damascus: The Middle East on the brink of region-wide war ‘යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු සහ තවත් තිදෙනෙකු මරා දමමින්, සඳු දින  දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය විසින්  බෝම්බ හෙලීම, දේශපාලනිකව වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් විසින් වගකීම දරන, ඉරානයට එරෙහි යුද ක්‍රියාවකි.

Damascus
2024 අප්‍රේල් 1 වන සඳුදා, සිරියාවේ ඩැමස්කස් හි ගුවන් ප්‍රහාරයකට ගොදුරු වූ ගොඩනැගිල්ලක හදිසි සේවා වැඩ කරයි. [AP Photo/Omar Sanadiki]

බෝම්බ හෙලීම ඉරානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ ප්‍රධාන නව අදියරක් සනිටුහන් කරයි, මන්ද යත් එහි ඉලක්කය වූයේ ජාත්‍යන්තර නීතියට අනුව ඉරාන භූමිය වීමයි. විශේෂයෙන්ම  2020 දී ඉරාකයේදී එක්සත් ජනපදය විසින් IRGC  (Islamic Revolutionary Guard Corps) ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසුව, දිගු කලක් තිස්සේ, ඉරාන සහ සිරියානු නිලධාරීන් ඝාතනය කිරීම පිනිස නිරන්තර බෝම්බ හෙලා සිදු කල ඉලක්ක කරගත් මිනීමැරීමේ  නීති විරෝධී විදේශ ප්‍රතිපත්තියක්  ඊශ්‍රායල තන්ත්‍රය ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, එහි නවතම ක්‍රියාව ඉරානය සහ ඊශ්‍රායලය අතර මෙන්ම ඊශ්‍රායලයේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් අතර සෘජු යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරයි.

ඊයේ ඉරාන නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට සපත කලහ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ, “මෙම අපරාධය කල (ඊශ්‍රායලයට), සහ එය සිදු කල අනෙකුන්ට ඒ ගැන පසුතැවීමට  අපි  කටයුතු කරමු.” රුසියානු, චීන සහ සෞදි විදේශ අමාත්‍යාංශ ද ප්‍රහාරය හෙලා දකිනා ප්‍රකාශ නිකුත් කලෝය.

බයිඩන් පරිපාලනය ප්‍රහාරයෙන් පසු ආසන්නයේ ඉරාන නිලධාරීන් සම්බන්ධ කර ගත් බව වාර්තා වූ අතර, වගකීම ප්‍රතික්ෂේප කරමින් කියා පා ඇත්තේ, ඊශ්‍රායල නිලධාරීන්  ප්‍රහාරය පිලිබඳව  ඔවුන්ව දැනුවත් කර ඇත්තේ එය සිදු කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පමනක් බව ය. කෙසේ වෙතත්, බයිඩන් ට දැනුම් දුන්නත් නැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ඊශ්‍රායලයට හැඟී ගියේ, මාස හයක් පුරාවට ගාසා තීරයට එරෙහි  සමූල ජන සංහාරය තුල  වොෂින්ටනය සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් ඔවුන්ට හිස් චෙක්පතක් ලබා දී තිබූ බැවිනි.

ධවල මන්දිරය සමඟ සම්බන්ධීකරනයකින් තොරව ඊශ්‍රායලය මෙම ක්‍රියාමාර්ගය ගනු ඇතැයි විශ්වාස කිරීමට අපහසුය. එය එසේ නම්, නොවැම්බර් මැතිවරනයට පෙර බයිඩන් පරිපාලනය යුද්ධයේ  දැවැන්ත උත්සන්න කිරීමට උත්සාහ කරන බව ඇඟවුම් කෙරෙයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දැකීම ප්‍රතික්ෂේප කලහ. ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයේ තර්කනය සඑල ලෙස අනුමත කරමින්, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති රොබට් වුඩ් පැවසුවේ, “ත්‍රස්තවාදී නායකයින් සහ එවැනි කොටස් මෙම මධ්‍යස්ථානයේ සිටින බවට වන වාර්තා පිලිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර, ඉරානය විසින් ත්‍රස්තවාදීන් සහ අනෙකුත් ප්‍රචන්ඩ අන්තවාදීන් අඛන්ඩව සම්බන්ධීකරනය, පුහුනු කිරීම සහ සන්නද්ධ කිරීම හෙලා දකිනවා” යනුවෙනි.

මෙම සතියේ එක්සත් ජනපද නිලධාරීන් ගාසා හි අල්-ෂිෆා රෝහලේදී ඊශ්‍රායල හමුදාව විසින් මිනිසුන් 400ක් සමූලඝාතනය කිරීම නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කලහ. ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ෂොන්-පියා (  Karine Jean-Pierre) සැහැසි ලෙස ප්‍රකාශ කලේ, “හමාස් රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු” බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මයික් මැතිව්ස් ද පෙන්නුම් කලේ, පලස්තීන සරනාගතයින් මිලියන 1.5ක් කූඩාරම් නගරවල වෙසෙන රෆා වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම අනුමත කරන බව ය. ඔහු පැවසුවේ හමාස් සටන්කරුවන දිගටම රෆා වල සිටිද්දී ඊශ්‍රායලය නිකං බලා සිටින සෙනාරියක් (තත්ත්වයක්) පිලිගත නොහැකි බවයි.”

වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් පලස්තීනුවන් 32,000ක් මරා දැමූ ඊශ්‍රායල ජන සංහාරයට කොල එලි දල්වන්නේ ඔවුන් මැද පෙරදිග පුරා සමාන අපරාධ සූදානම් කරමින් සිටින බැවිනි. ගාසා ජන සංහාරයේ ආරම්භයේ දී, වොෂින්ටනය  ඉරානය වෙත පැහැදිලිවම ඉලක්ක කෙරුනු  ගුවන් යානා වාහක සටන් කන්ඩායම් (carrier battle groups) සහ න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන කලාපයට යවන ලදී. අද, ඊශ්‍රායල නිලධාරීන් හිස්බුල්ලා මිලීෂියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෙබනනය ආක්‍රමනය කිරීම ගැන සාකච්ඡා කරන විට, ලෙබනනය, සිරියාව සහ ඉන් ඔබ්බට එරෙහි නව යටත් විජිතවාදී යුද්ධ සඳහා ඊශ්‍රායලය ප්‍රොක්සියක් ලෙස භාවිතා කිරීමට නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැලසුම් හොඳින් ඉදිරියට ගොස් ඇත.

දශකයක් තිස්සේ රුසියානු, ඉරාන සහ හිස්බුල්ලා හමුදා, නේටෝ පිටුබලය ලබන “කැරලිකාර” ඉස්ලාමීය හෝ කුර්දි ජාතිකවාදී මිලීෂියාවන්ට එරෙහිව රජයේ හමුදා සමග එක්ව සිරියාවේ සටන් කර ඇත. සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ නේටෝ යුද්ධය වසර 13 ක් රට විනාශ කර ඇති අතර, මිලියන භාගයක් මිය ගොස් මිලියන 10 කට වැඩි සරනාගතයින් නිර්මානය කර ඇත.

යුරේසියාවේ ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් දියත් කරමින් සිටින ගෝලීය යුද්ධයක් මධ්‍යයේ ඊශ්‍රායලය, සඳුදා, සිරියාවේ සහ ලෙබනනයේ ඉරාන හමුදා අනදෙන  මධ්‍යස්ථානයේ හිස ගසා දැමීය. කියෙව්හි අන්ත දක්ෂිනාංශික යුක්‍රේන තන්ත්‍රය සන්නද්ධ කරමින් වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් යුරෝපයේ රුසියාවට එරෙහිව සටන් කරන අතරතුර, ඔවුන් රුසියාවට සහ මැද පෙරදිග එහි සහචරයින්ට ද පහර දෙමින් සිටිති. සිරියාවේ එක්සත් ජනපද සහ ඉරාන IRGC හමුදා අතර සටන් ආවරනය කරමින්, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් මෑතකදී මෙසේ ලිවීය.

“ඔවුන් ඉරානය සමඟ යුද්ධයක යෙදී සිටින බව ඇමරිකානුවන් නොදන්නවා විය හැක, නමුත් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් (Iran’s Revolutionary Guards), ඔවුන්ගේ ප්‍රොක්සින්  හරහා ඇමරිකාව සමඟ සෙවනැලි යුද්ධයක යෙදී සිටින බව නිසැකවම දනී. මෙම ඉරාන ප්‍රොක්සිවරුන්ගෙන් එක් පාර්ශ්වයක් “වාසනාවන්ත” වී එක්සත් ජනපද යුද නැවකට හෝ ජෝර්දානයේ හෝ සිරියාවේ එක්සත් ජනපද කඳවුරක බැරැක්කයකට පහර දීමෙන් විශාල ජීවිත හානි සිදුවීමක් නිර්මානය කලහොත් …ලෝකය බොහෝ දුරට එහි තෙල් මත රඳා පවතින කලාපය තුල සෘජු වෙඩි තබා ගැනීමේ යුද්ධයක් බවට පත්වනු ඇත.  මට, මෙසේ නිකමට   ඔබව  දැනුවත් කිරීමට සිතුනි.”

ව්‍යසනකාරී මිලිටරි උත්සන්න වීමේ අත්‍යාසන්න අන්තරාය පිලිබඳව ඇමරිකාව හා ලෝකය පුරා කම්කරුවන් අවදි කල යුතුය. ෆ්‍රීඩ්මන් සාකච්ඡා කරන යුද්ධය පර්සියානු ගල්ෆ් තෙල් වෙලඳාම අවහිර කිරීම නිසා ඇති වූ ගෝලීය ආර්ථික බිඳවැටීමෙන් ඔබ්බට  පවා යන  විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. යුක්රේනයේ නේටෝ-රුසියානු යුද්ධය මධ්‍යයේ සහ 2017 දී ඩොලර් බිලියන 400 ක චීන-ඉරාන වෙලඳ සහ මිලිටරි ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, එය සියලු ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් ගෝලීය ගැටුමකට ඇද ගැනීමේ අවදානමක් ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද නිලධාරීන් එන්න එන්නම, චීනය සමඟ ගැටුම ඔවුන්ගේ කේන්ද්‍රීය අවධානය බව සඟවන්නේ නැත. පසුගිය මාසයේ, එක්සත් ජනපද මධ්‍යම අනදෙන නිලධාරී ජෙනරාල් මයිකල් කුරිල්ලා ඉරාන, චීන සහ රුසියානු පාලන තන්ත්‍රයන් අතර නේටෝවට එරෙහිව මතුවෙමින් පවතින අස්ථාවර ආරක්ෂක සන්ධානය හෙලා දුටුවේය.

“සාමූහිකව, ඉරානය, රුසියාව සහ චීනය ඔවුන්ගේ සබඳතා ශක්තිමත් කරමීන්, ඔවුන්ගේ අයථා උපයෝජනය සදහා හිතකර ව්‍යාකූල භූ දර්ශනයක් පෝෂනය කරයි,” කුරිල්ලා පැවසීය. “මෙම හවුල්කාරිත්වයේ ප්රතිවිපාක ගෝලීය ගම්‍යයයන් දරනු ඇත.” යුක්රේන යුද්ධය සඳහා ඉරාන ඩ්‍රෝන රුසියාවට  අපනයනය කිරීම සහ රුසියානු සහ ඉරාන තෙල් චීනයට අපනයනය ගැන සඳහන් කරමින් ඔහු මැසිවිලි නැගුවේ : “ඉරානය, එක්සත් ජනපදය විසින් සම්බාධක යෙදූ සිය තෙල්වලින් සියයට 90 ක්, චීනයට විකුනයි,” ලෙස පවසමිනි.

ගාසා තීරයේ ජන සංහාරය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය මතුවන්නේ රුසියාව, චීනය සහ ඉරානය ඉලක්ක කරගත්, යුද්ධය හරහා ලෝකය යටත් කර ගැනීමේ ඔවුන්ගේ තල්ලුවෙන් ය. “නාගසාකි සහ හිරෝෂිමා සේ” ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බ හෙලන ලෙසත්, “රුසියානු හමුදා අතුගා දැමීමට” “යුක්‍රේනයේ සදහා ද එයම” ඉල්ලා සිටි එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ටිම් වෝල්බර්ග්ගේ මෑත හඬ තැලීමෙන් මෙය පැහැදිලිවම හෙලිදරව් විය. දශක ගනනාවක යුද්ධයෙන් සහ මංකොල්ල කෑමෙන් නිර්මිත ගැටුම් නිරාකරනය කිරීමට නොහැකි අධිරාජ්‍යවාදී දේශපාලඥයින්, වැඩි වැඩියෙන්ම තම මග  අවුරා සිටින්නන් සමූල ඝාතනය කිරීම හැර වෙනත් මගක්  දැක නොගනියි.

ගාසා ජන සංහාරයට විරුද්ධත්වය, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. එහි අලුත් අවුරුදු ප්‍රකාශයෙහි  ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ :

“සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වයන් සාමාන්‍යකරනය කිරීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමින ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය අවසන් කර ගන ඇත.”

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා මෙන්ම නේටෝ රටවල මහජන විරෝධතා තුලින් හෙලිදරව් වන, කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය, ගාසා සමූල ඝාතනයට එරෙහිව, සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමයි. මේ සඳහා සෑම රටකම කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී නායකත්වයක්, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා  ගොඩනැගීම අවශ්‍ය වේ. මැදපෙරදිග යුද්ධය උත්සන්න වීම මගින් මතුවන මූලික හා හදිසි කර්තව්‍යය මෙයයි.

ඊශ්‍රායලය දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දමයි: මැද පෙරදිග, කලාපය අලලා ගත් යුද්ධයක අද්දර Read More »

Alshifa

400 කට අධික පිරිසක් ඝාතනය කල ෂිෆා රෝහල් සංහාරය ධවල ​​මන්දිරය ආරක්ෂා කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 01 දින පල වූ ‘White House defends Shifa hospital massacre that killed over 400′ යන හිසින් අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

සඳුදා ඊශ්‍රායල හමුදාව ගාසාවේ ෂිෆා රෝහලෙන් ඉවත් වීමෙන් පසු හෙලි වූයේ, එම සංකීර්නය ඝාතන පිටියක් බවට පත් කර ඇති බවයි. පිරිමි, කාන්තා සහ ලමයින්ගේ මල සිරුරු සිය ගනනකින් පෙන්නුම් කෙරුනේ සමූහ වශයෙන් කිසිදු වග විභාගයක් නැතිව මරා දැමීම, වධහිංසා පැමිනවීම් සහ විකෘති කිරීම්, සිදුකර ඇති බවයි.

මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 32,000ක් පමන ඝාතනය කර ඇති, ගාසා තීරයේ මාස හයකට ආසන්න කාලයක් පුරා පැවති එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරයේ විශාලතම සංහාරයන් අතර මෙම සංහාරය එක්වේ.

Alshifa
ගාසා නගරයේ ෂිෆා රෝහලේ නටබුන්, 2024 අප්‍රේල් 1 සඳුදා. (AP Photo/Mohammed Hajjar)

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, රෝහලට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවයි. සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් යුරෝ-මෙඩ් මොනිටර් (Euro-Med Monitor  යනු යුරෝපයේ සහ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය සහ යුරෝපය  පුරා සිටින සියලුම පුද්ගලයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයෙන් යුත් ස්වාධීන, ලාභ නොලබන සංවිධානයකි.) පැවසුවේ,  “පලස්තීන ඉතිහාසයේ විශාලතම සංහාරය වලින් එකක්” වන  මෙහිදී, මියගිය, අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ මුලු සංඛ්‍යාව 1,500 ඉක්මවිය හැකි බවයි.

සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ පින්තූරවලින් පෙන්නුම් කලේ අසංඛ්‍ය නරක් වූ මල සිරුරු ඊශ්‍රායල බුල්ඩෝසර් මගින් වල දමා තිබූ රෝහල් මලුවෙන් ගොඩ ගන්නා ආකාරයයි. සිරුරු අතර කාන්තාවන් සහ ලමුන් මෙන්ම දෑත් එකට සිප් දමා  බැඳ සිටි පිරිමින්ද ඇතුලත් විය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් අල් ජසීරා සහ අනෙකුත් මාධ්‍ය ආයතනවලට පැවසුවේ ප්‍රාන ඇපකරුවන්ට මාංචු දමා සිටියදී වෙඩි තබා හෝ අගල් වලට විසිකර දමා  බුල්ඩෝසර් මගින් පනපිටින් වල දැමූ බවයි.

ජන සංහාරයේ විශාලතම සංහාරය විය හැකි ම‌ේ පිලිබඳ හෙලිදරව් කිරීම් සමාජ මාධ්‍යවල පුලුල්ව පැතිරුනු මහජන කෝපයට හේතු වූ අතර මිලියන සංඛ්‍යාත ජනතාවන්  ලේඛනගත සාක්ෂි බෙදාහදා ගත්හ.

“[ඊශ්‍රායල්] වාඩිලෑම අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුල ඇති සියලුම ගොඩනැගිලි විනාශ කර පුලුස්සා දැමීය. ඔවුන් මලුව ඩෝසර් කර, දිවි පිදූවන්ගේ සිරුරු දුසිම් ගනනක් සුන්බුන් තුල වලලා, එම ස්ථානය සමූහ සොහොන් පිටියක් බවට පත් කලහ, ” ගාසා රජයේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල්-තවබ්තා පැවසීය. “මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“වෛද්‍ය කාර්ය මන්ඩලයේ  සමහරෙකු මරා දමන ලදී, අනෙක් අය වධ හිංසාවට ලක් කරන ලදී, අනෙක් අය රඳවා තබා ගැනුණි, අන් සියල්ලටත් වඩා, ඔවුන් සති දෙකක් තිස්සේ කිසිදු වෛද්‍ය සැපයුම් හෝ ආහාර හෝ ජලය නොමැතිව වටලනු ලැබ තිබුණි,” පලස්තීන රතු ක්‍රෙසන්ට් සමිති සංවිධානයේ ප්‍රකාශකයෙකු වන රයිඩ් අල් නිම්ස්  (Raed al-Nims) , අල් ජසීරාට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, “ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සහ නිල වාර්තාවලට අනුව, සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ඝාතනය කරනු ලැබුණි. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු  වෛද්‍ය කාර්ය මන්ඩලය, ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා විසින් මරා දමන ලදී; ඔවුන්ව හිතාමතාම ඊශ්‍රායල සොල්දාදුවන් විසින් මරා දමන ලදී.”

භූමියේ සිට වාර්තා මත පදනම්ව, සමූලඝාතනය පිලිබඳ එහි මූලික වාර්තාවේ, යුරෝ-මෙඩ් මොනිටර් වාර්තා කලේ, “සමහරක් පිලිස්සූ, සහ තවත් අයගේ හිස් සහ අත්පා කපා දැමූ මල සිරුරු සිය ගනනක් ඇතුලුව, අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුලම සහ රෝහල අවට ප්‍රදේශය තුළ සොයා ගෙන ඇති බවයි.”

ඊශ්‍රායල ජන සංහාරයේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වන බයිඩන් පරිපාලනය, කිසිවක් තහවුරු නොකරමින්ම, ෂිෆා රෝහල නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවද, හමාස් සංවිධානය එය මූලස්ථානයක් ලෙස භාවිතා කල බවටද චෝදනා කරමින් සමූල ඝාතනය ආරක්ෂා කලේය.

“හමාස් සටන්කාමීන් අල් ෂිෆා රෝහලේ සැඟවී සිටියා” යැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පැවසීය.

“මෙම ප්‍රහාරය රෝහලට එල්ල වූවක් යැයි විශ්වාස නොකරන්න,” මිලර් වැඩිදුරටත් පැවසීය. “ප්‍රහාරය එල්ල වූයේ රෝහලක් තුල සැඟවී සිටින හමාස් සටන්කාමීන්ට ය.”

ඔහු තවදුරටත් කියා සිටියේ, “රෝහල්වලට යාම නවත්වන ලෙස වැඩි පිරිසක් හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටිනු මට ඇසෙන්නේ නැත්තේ මන්දැයි මම නොදනිමි.”

ධවල මන්දිර ප්‍රකාශිකා කැරීන්  ෂාන්-පියර් ( Karine Jean-Pierre) තවදුරටත් පැවසුවේ, “එබැවින් බලන්න, හමාස් සංවිධානය රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු බව, එයින් සිවිල් වැසියන් අවදානමට ලක් කරන බව අපි නැවත නැවතත් පවසා ඇත”

“ඔවුන් රෝහල්වල සිට  ක්‍රියාත්මක වෙනවා, රෝහල්වල සිට,” ඇය වැඩිදුරටත් පැවසුවාය. “ඔවුන් කරන්නේ එයයි. ඔවුන් සිවිල් ජනතාව තුලට කාවැදී ඉන්නවා. ඔවුන් කරන්නේ එයයි.”

ධවල මන්දිරය සමූලඝාතනයට ප්‍රතිචාර දැක්වූයේ මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන් වූ ජනතාව නවාතැන් ගන්නා රෆා වෙත ඊශ්‍රායලයේ සැලසුම් සහගත ප්‍රහාරය සඳහා කෙලින්ම කොල එලියක් දල්වමිනි.

“රෆාහි දිගටම සිටිනා හමාස් සටන්කාමීන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිවක් නොකර සිටින” තත්ත්වය “පිලිගත හැකි විකල්පයක්” නොවන බව මිලර් පැවසීය.

ෂාන්-පියර් තවදුරටත් පැවසුවේ, “රෆාහි ද හමාස් ක්‍රියාකාරීන් සිටින බව අපි දනිමු. නමුත් ඔවුන් හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙන යන්නේ නම්, අප මෙම සංවාදය පැවැත්විය යුතුයි. ඔවුන් ඉදිරියට යන්නේ කෙසේද යන්න අපි තේරුම් ගත යුතුයි. ”

යුරෝ-මෙඩ් ට අනුව, ඊශ්‍රායල හමුදා ෂිෆා රෝහල් සංකීර්නයෙන් “සියලුම වැඩ කරන පුද්ගලයින්-විශේෂයෙන් වෛද්‍ය නිලධාරීන්-අනීතික මරා දැමීම් හෝ බලහත්කාරයෙන් අවතැන් කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් මගින්” ඉවත් කරන ලදී.

දැඩි ලෙස රෝගාතුර වූ රෝගීන් සදහා  ආහාර, ජලය සහ වෛද්‍ය පහසුකම් ප්‍රතික්ෂේප කල කොන්දේසි යටතේ, වටලෑමේදී රෝගීන් 22 දෙනෙකු රෝහල් ඇඳන් මතම මරා දැමුනු බව මානව හිමිකම් සංවිධානය පැවසීය.

ප්‍රහාරයෙන් මියගිය වෛද්‍ය සේවකයන් අතර යුස්රා අල්-මකාද්මේ ( Yusra Al-Maqadmeh) සහ ඇගේ පුත් අහමඩ් අල්-මකාද්මේ (Ahmed Al-Maqadmeh) යන වෛද්‍යවරුන් දෙදෙනාද විය.

මීට පෙර ගාසාවේ සේවය කල වෛද්‍යවරයකු වන අබු සිටා විසින් රචතව පුලුල්ව බෙදාගත් උපහාරයක් පැවසූ  ලෙස, “ලස්සන ආත්මයක් සහ විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරයෙක්. “ආපසු යෑමේ මහා පාගමනේ” (Great March of Return) සහ 2021 යුද්ධයේ සහ පසුව මෙම මෑත යුද්ධයේදී අපි එකට වැඩ කලා. ඔහුගේ කැපවීම මා දැක ඇති කිසිවකට සමකල නොහැකියි. අපි කිසි දින අමතක නොකරමු.”

ඔහු තවදුරටත් පැවසුවේ, “ඔහු මෙම යුද්ධය තුල  ෂිෆා රෝහලේ හා  අල් කුඩ්ස් රෝහල අතර ගත කලා, ඉන් බැහැරව නිදහස් වූ විට අල් අහ්ලි හිදී ඔහු මා සමඟ  එක් වුනා. සෑම විටම කැපවී ගත්, සෑම විටම ඉගෙන ගැනීමට කැමැත්තෙක්. ඔහු උතුරෙන් පිටව යෑම  ප්‍රතික්ෂේප කලා,  ඔහුගේ සැත්කම් වල ඡායාරූප මට එව්වා. ඔහුගේ නික්ම යෑමෙන් බිරිඳක් සහ බිලින්දෙකු තනිවුනා. ”

මෙම මස මුලදී, යුරෝ-මෙඩ් වාර්තා කලේ, ඊශ්‍රායල හමුදා, රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම් සිදු කරන බවයි. මෙම වාර්තා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සම්පූර්නයෙන්ම නොසලකා හරින ලදී. නමුත් දැන් ෂිෆා රෝහලෙන් මතුවන දර්ශන මගින් බයිඩන් පරිපාලනයේ පූර්න සහයෝගය ඇතිව ඊශ්‍රායල හමුදා විසින් රෝහල දැවැන්ත ඝාතන පිටියක් බවට පත් කල බවට එල්ල වන චෝදනා සනාථ කරයි.

400 කට අධික පිරිසක් ඝාතනය කල ෂිෆා රෝහල් සංහාරය ධවල ​​මන්දිරය ආරක්ෂා කරයි Read More »

Scroll to Top