lead article

Malaka

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක් 

සංජය ජයසේකර විසිනි.

මෙය 2025 ජුනි 04 දින “Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature” නමින් මෙම වෙබ් අඩවියේ පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පශ්චාත් සිවිල් යුධ නාගරික ශ්‍රී ලංකාවේ අතරමංව සිටින තාරුණ්‍යයේ ප්‍රතිමූර්තියක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අභිලාෂකාමී නමුත් අවසන් විග්‍රහයේදී  මංමුළාවූ කෘතියකි. චරිත අධ්‍යයනයක ස්වරූපයක් ගන්නා මෙම චිත්‍රපටය  අධ්‍යක්ෂවරයාගේම හැඳින්වීමට අනුව, “රැකියා සුරක්ෂිතතාව නොමැතිකම නිසා ජීවත්වීමට පහසු මාර්ග සොයන, මේ රටින් පැනයාමේ සිහිනයේ ගිලී සිටින, තම පැරණි සිහිනය සැබෑ කර ගැනීමට සමාජ මාධ්‍ය, ස්මාර්ට්ෆෝන් සහ අයිෆෝන් භාවිතා කරමින් සහ සියලු මානව සම්බන්ධතා ඔවුන්ගේ ගොදුරු බවට පත් කර ගන්නා සමකාලීන තරුණ පරපුරේ පිළිබිඹුවක් ඉදිරිපත් කරයි.” 

Bahuchithavadiya
බහුචිතවාදියා. රූපය චිත්‍රපටයේ නිල ෆේස්බුක් පිටුවේ අනුග්‍රහයෙනි.

චිත්‍රපටය එහි පර්යේෂණාත්මක තානය සහ දිළිඳු, රැකියා විරහිත හෝ අවිනිශ්චිත රැකියාවල නියුක්ත සහ අවිදිමත් ශ්‍රම වෙලදපොලේ සූරා කැවෙන, කොළඹ තරුණ තරුණියන් ගේ පරත්වාරෝපණය නිරූපණය කිරීම මගින් අවධානය දිනා ගෙන ඇත. කෙසේ වෙතත්, එහි සිනමා රූපයට යටින්, චිත්‍රපටය සමාජ පරිහානිය පිළිබඳ අඳුරු, මතුපිටින් කෙරෙන නිරූපනයක් සහ කම්කරු පන්තියේ සහ රැකියා විරහිත තාරුන්‍යය කෙරෙහි කලකිරීම් සහගත සහ අවසානයේදී ප්‍රතිගාමී  අධිචෝදනාවක් – ඔවුන් ධනවාදයේ ගොදුරු ලෙස නොව, ඔවුන්ගේම සදාචාර පරිහානියේ කාරකයන් ලෙස – ඉදිරිපත් කරයි.

ප්‍රධාන චරිතය වන සසිත (කලණ ගුණසේකර) රටේ කාර්මික අගනුවර වන කොළඹ බෙදාහැරීමේ සේවාවේ නියුතු  කම්කරුවෙකි. ඔහු අවිනිශ්චිත තත්ත්‍වයන් යටතේ සේවයේ යොදවා ඇත්තේ මසුරු ස්වාමියෙකු විසිනි. ආර්ථික හෝ සමාජීය ඉදිරි ගමනක් පිලිබද කිසිදු අපේක්ෂාවක් නොමැතිව සසිත තම අවධානය යොමු කරන්නේ, යුරෝපීය රටකට වීසා ලබා ගැනීමේ හෝ යම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ස්ත්‍රීන්–විවාහක, අවිවාහක, වැඩිමහල්, බාල–ඔන්ලයින් මඟින් පොළඹවා ගැනීම සඳහාය. ඔහුගේ දෙපිටිකාට්ටුකම සහ මෙම කාන්තාවන් සූරාකෑම නිරූපණය කරනු ලබන්නේ ම්ලේච්ඡ ආර්ථික ක්‍රමයට ප්‍රතිචාර  වශයෙන් අකමැත්තෙන් සහ තාවකාලිකව කරන කොල්ලකාරී ක්‍රියා ලෙස නොව ඔහුගේ චරිතයේ සහජ සහ ස්ථිර ලක්ෂණ ලෙස ය. ඔහු තුළින් මතුවන්නේ ස්ථරමය මනුෂ්‍යයෙකු නොව නරුමත්වයේ සහ අවිනිශ්චිතතාවයේ ගිලි වැදගැම්මක් නැති පුද්ගලයෙකි. චිත්‍රපටයේ බරපතලම අසාර්ථක වීමක් වන්නේ සසිතගේ හැසිරීම් නිරූපණය,  සමාජ බලවේග සහ ඔහු ජීවත් වන ද්‍රව්‍යමය තත්වයන් හරහා පැහැදිලි කිරීමට කිසිදු බැරෑරුම් උත්සාහයක් නොගැනීමයි.

දේවප්‍රිය සමාජ ජීවිතයේ ඇතැම් මතුපිට ලක්ෂණ ග්‍රහණය කර ඇත. චිත්‍රපටය විෂකුරු හැසිරීම් මාලාවක් ඉදිරිපත් කරයි–පරදාර සේවනය, පාවාදීම, වංචාව, සූරාකෑම, බලාපොරොත්තු විරහිතභාවය–එහෙත් ඒ කිසිවකට ඒවායේ යටින් පවතින ප්‍රතිවිරෝධතා හෙළි කිරීම සදහා තිරසාර අවධානයක් දිම හෝ ගැඹුරින් විමසා බැලීමක් කර නැත. මේ නිසා නරඹන්නාට ඉතිරි වන්නේ ඒවා මතු කරන සමාජ යථාර්ථය පිළිබඳ අවබෝධයකට වඩා රෝග ලක්‍ෂණ එකතුවකි. මෙය හුදු සෞන්දර්යාත්මක හෝ කලාත්මක අඩුපාඩුවක් නොව, ගැඹුරු දෘෂ්ඨිවාදීමය එකකි. කලාකරුවෙකු ජීවිතය නිකම්ම ප්‍රතිනිර්මාණය නොකරයි; ඔහු ඡායාරූප ශිල්පියෙක් නොවේ. සත්‍යය සොයා මතුකර ගැනීමේ වගකීම ඔහු දරයි. සසිතගේ පුද්ගලික දූෂිතභාවය, එය නිපදවන සහ ඊට පටහැනිව පවතින සැබෑ ලෝකයෙන් හුදකලා කිරීමෙන්, බහුචිතවාදියා යථාර්ථවාදයට හිමිකම් කීවද, අවසානයේ ගැඹුරු මග හැරීම සහ වංක බව පෙන්නුම් කරයි.

“සමකාලීන යෞවනය” නියෝජනය කරන චරිතයක් අවිනිශ්චිත, උපාමාරු යොදාගන්නා සහ නිර්සදාචාරාත්මක බැව් පෙන්වීම ප්‍රමානවත් නොවේ. යමෙකු ඇසිය යුතු වන්නේ: ඒ ඇයි? මෙම විෂ සහිත චරිතය හැඩගස්වා ඇත්තේ කුමකින්ද? ඔහු මත ක්‍රියා කරන බලවේග මොනවාද? ඔහුගේ ජීවිතයට වගකිව යුත්තේ කවුද? ඔහුගේ හැසිරීම නොවැළැක්විය හැකිද? දේවප්‍රිය මේ ප්‍රශ්න ගැන උනන්දුවක් නැති බව පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ චරිත ඝාතනය අද්දරට යන සිනමාපටයකි. සසිත ධනේශ්වර ක්‍රමයේ ගොදුරක් ලෙස හෝ එහි අසාධාරණයට එරෙහි වීමේ යන්තම් හෝ ප්‍රතිරෝධයක් දක්වන අයෙකු ලෙසින් නිරූපණය නොවේ. ඒ වෙනුවට, ඔහු පෙනී සිටින්නේ එහි දූෂිත බවින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අතර–ඊට පරස්පර විරෝධී ලෙස–එහි ප්‍රතිවිපාකවලින් ගැලවී ගැනීමට උත්සාහ කරන එහි කැමැති සහකරුවකු ලෙස ය. අවසාන විග්‍රහයේ දී ඔහුව පෙන්වා දෙනු ලැබෙන්නේ විෂ සහිත සමාජ ක්‍රමයකින් හැඩගැසුණු අයෙකු ලෙස නොව එහි නිර්මාණ කරුවෙකු ලෙස ය.  අප දන්නා “තරුණයා” ගේ පැවැත්ම අහෝසි වී ඇත!

අවිනිශ්චිතතාවය, වංකකම, විශ්වාසය හීන වීම අඩංගු කරගත් සමකාලීන තාරුණ්‍යයේ අර්බුදය පවතින්නේ ඔවුන්ගේම චරිතය තුළ බව නිගමනය කිරීමට චිත්‍රපටය නරඹන්නාට ආරාධනා කරයි. මෙය, දරිද්‍රතාවයෙන් පෙළෙන, රැකියා විරහිත හා නොසන්සුන් තරුණයින් දැක බියෙන් පසුබාන මධ්‍යම පන්තිය සහ එහි බුද්ධිජීවී ප්‍රකාශකයින් විසින් ගිණිය නොහැකි වාර ගණනක් පුනරුච්චාරණය කරන ලද පැරණි අවලාදයකි. මෑත ඉතිහාසය තුල තරුණයින්ගේ වඩාත් කැපී පෙනෙන මහජන නැගිටීමක් 2022 දී දුටු රටක මෙම මතය සිනමාත්මක ප්‍රකාශනයක් අත්කර ගැනීම, ප්‍රගාඩ ඇගවුම්කාරකයක් වන්නා සේම අපකීර්තිමත්ද වේ. අවසානයේදී, තරුණයින් තම පන්ති සතුරා සොයා ගැනීමක් සිදු වන්නේ නැත.

චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දැක්වෙන්නේ සසිත තම පෙර රැවටිලිකාරම් අතටම හසු වූ පසුව පවා කිසිදු පසුතැවිල්ලකින් තොරව අන්තර්ජාලය හරහා කාන්තාවන් පොළඹවා ගැනීමේ ක්‍රියාව යාන්ත්‍රිකව නැවත ආරම්භ කරන බවයි. තරුණ හැසිරීම් හැඩගස්වන සැබෑ සමාජ සහ මනෝවිද්‍යාත්මක ගතිකයන් ගවේෂණය කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂක අඩු සැලකිල්ලක් දක්වන බවටත්, පීඩිත තාරුණ්‍යය නෛසර්ගිකවම ආත්මාර්ථකාමී, විශ්වාසය තැබිය නොහැකි, පාඩම් ඉගෙන නොගන්නා සහ නොමග ගිය ලෙස සලකන මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයක් තහවුරු කිරීමට ඔහුට වැඩි අභිප්‍රායක් ඇති බවටත් මෙය තීරණාත්මක සාක්ෂියක් ලෙස ක්‍රියා කරයි.

චිත්‍රපටයේ කේන්ද්‍රීය සංකල්පය වන “බහුචිතවාදියා” සදාචාරාත්මක සහ මනෝවිද්‍යාත්මක සංශයවාදයේ ස්ථිර සහ සහජ තත්වයක් යෝජනා කරයි. මෙය සම්පූර්ණයෙන්ම අනඓතිහාසික හා අවිද්‍යාත්මක වේ. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය අවිනිශ්චිත වන්නේ ඔවුන් ස්වභාවයෙන්ම නරුම හෝ සදාචාරාත්මක බංකොලොත් වීම නිසා නොවේ. රැකියා විරහිත බව, අඩු වැටුප්, අවිනිශ්චිත වාසස්ථාන, සූරාකෑමට ලක්වීම ආදිය හරහා ඔවුන්ගේ ජීවිත අවිනිශ්චිත බැවිනි ඔවුන් අවිනිශ්චිත වන්නේ. ශ්‍රම වෙලඳපොල ඔවුනට කිසිදු ආරක්ෂණයක් ලබා නොදේ. දේශපාලන පක්ෂවලින් කිසිදු අපේක්ෂා ඉටුවීමක්  නැත. වෘත්තීය සමිති ඔවුන්ව පාවා දී තිබේ. ඔවුන්ගේ ඊනියා තීරනයක් නොමැතිබව අසාර්ථක වීමක් නොවේ; එය පුලුල් සමාජ අර්බුදයක ලක්ෂණයකි.

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලාංකීය තරුණයින් මූලික වශයෙන් සදාචාරාත්මකව පිරිහී ඇත යන අදහස සිදුවීම් මගින්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ. 2022 දී, දරාගත නොහැකි ජීවන වියදම, ඉන්ධන හිඟය, අත්තනෝමතික මර්දනය සහ පාලක දේශපාලන සංස්ථාපිතයේ දූෂණයට විරෝධය පාමින් පෙර නොවූ විරූ ජනතා නැගිටීමකින් දස දහස් ගණන් තරුනයෝ වීදි බැස සිටියහ. මෙම ව්‍යාපාරය නාස්තිකවාදයේ ගිලී ගිය පරම්පරාවකින් හදිසියේම පැන නැගුනේ නොව, දශක ගනනාවක නව ලිබරල් ප්‍රතිපත්තියේ සහ අධිරාජ්‍යවාදී යටත්කිරීමේ ප්‍රතිවිපාකවලට ප්‍රතිරෝධය දැක්වීමට හා ඒවාට මුහුණ දීමට බලකෙරුණු ජනගහණයකින් පැනනැගුනකි.

චිත්‍රපටය සිදු කරන පරිදි, කොල්ලකාරී ආර්ථිකයක පසුබිමේ, ඔවුන්ගේ  සහජ දෝෂ සහිත බව නිසා තාරුණ්‍යයට දිශානතියක් නොමැති බවට ප්‍රකාශ කිරීම ප්‍රතිගාමී දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකට සහභාගී වීමකි. දේවප්‍රිය තාරුණ්‍යයට අනාගතයක් හෝ අතීතයක් ලබා නොදේ. ඔවුන් හුදෙක් දිරාපත්වීමේ, නරුමත්වයේ සහ දුසිරිතේ පාවෙන සංකේතකයන් වේ. ඔවුහු ප්‍රතිරෝධය, අරගලය, සාමූහිකත්වය හෝ දේශපාලන පිබිදීම පිලිබද කිසිදු හැඟීමකින් බල ගැන්වෙන්නේ නැත. කර්මාන්තයේ සහ විරෝධතාවේ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයේදී පවා සසිතට කිසිවිටෙක වැඩ වර්ජනයක්, ජන රැලියක් හෝ සාමූහික ප්‍රතිරෝධයක් ගැන ඉඟි කරන සංවාදයක් වත් හමු නොවේ. සවිඥානික පන්ති යුද පියවරයන්, එනම්, කප්පාදුව, පුද්ගලීකරනය, ණය අර්බුද හෝ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මහජන ජීවිතය මිලිටරිකරණය කිරීම ආදී රටේ එදිනෙදා ජීවිතයේ නොවැළැක්විය හැකි යථාර්ථයන්, පිලිබඳව ඉගි කිරීමක් වත් නැත. කම්කරු පන්තිය–එහි අතිමහත් පැවැත්ම සහ ඓතිහාසික වැදගත්කම තිබියදීත්–කොතැනකවත් සොයාගත නොහැක. ඒ වෙනුවට, සෑම කෙනෙකුම වින්දිතයෙකු හෝ වංචාකාරයෙකු වන නාගරික මහල් නිවාස සහ ගණුදෙණුමය සබඳතාවලින් සමන්විත වායුරෝධකව සංවෘත වූ  ලෝකයක් අපට පෙන්වනු ලැබේ.

සසිත, ආගමික දේශනා, ජ්‍යෝතිශාස්ත්‍ර සහ රියැලිටි ශෝ–තරුණයන් හැඩගස්වා ගැනීමට අදහස් කරනා සේ දක්වන වැඩසටහන්–විකාශනය කරන රූපවාහිනී නාලිකා හරහා යන නමුත් කිසි විටෙකත් ප්‍රවෘත්ති, දේශපාලනය හෝ විරෝධතා රැගත් ඒවා ඒ අතර නොවේ. සතුරා දුරස්ථ ය, අරගලය නිෂ්ඵල ය. මෙය අහම්බයක් නොවේ, ඒ වෙනුවට එය, චිත්‍රපට අධ්‍යක්ෂකගේ පන්ති ඉදිරිදර්ශනය හෙළිදරව් කරන, හිතාමතා සිදුකළ තේරීමක් වේ.

පන්ති අරගලය යනු පන්ති ප්‍රතිරෝධය සහ සහෝදරත්වය යන දෙකෙහිම ඉහලම ප්‍රකාශනයයි – එය සිල්ලර කමට, ආත්මාර්ථකාමීත්වයට හෝ සදාචාර නරුමත්වයට ඉඩක් නොතබයි. එය සාමූහික අරගලය තුලින් ගොඩනැගුනු සමාජ වගකීම, විනය සහ සහකම්පනය පිලිබඳ ගැඹුරු හැඟීමක් කම්කරු පන්තියේ තරුණයින්ට ලබා දෙයි. අරමුනක් නැති, ආත්මාර්ථකාමී සහ අවිශ්වාසදායක ලෙස පින්තාරු කෙරෙන තාරුණ්‍යයේ මධ්‍යම පන්තික විප්‍රරූපණය රැක ගැනීමට නම්, පන්ති අරගලය ඔවුනට මුණ නොගැස්වීම අත්‍යවශ්‍ය වේ. චිත්‍රපට නිර්මාපකයා නිශ්චිතවම තෝරාගෙන ඇති මාවත මෙයයි: සමාජ සත්‍යය ආලෝකවත් කරනවාට වඩා චිත්‍රපටය සහතික කරන්නේ, එහි ප්‍රධාන චරිතය, සාමූහික ප්‍රතිරෝධය සමඟ වන කිසිදු මුණගැසීමක් මග හැරීමෙන්, ධනේශ්වර අගතීන් වලංගු කරන රාමුවක් තුළ සිරවී සිටීම යි.

මෑත දශක කිහිපය තුළ ජාත්‍යන්තරව මතු වූ පශ්චාත්-නූතන සිනමාව සමඟ බහුචිතවාදියා විශාල වපසරියක් බෙදා ගනී – මෙවැනි සිනමා පට, සමාජයේ කුනු කම සහ සදාචාරාත්මක පිරිහීම නිරූපණය කරමින් සමාජය විවේචනය කිරීමට අදහස් කරන බැව් පෙන්වා සිටින මුත් යථාර්ථයේ දී ඒවා එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ අවබෝධයක් හා, නිසැකවම, ඉදිරි මාවතක් ලබා නොදේ. මේවා ජීවිතය එහි පූර්ණත්වය සහ චලනය තුළ සංජානනය කරන කලා කෘති නොවේ – ඒවා, ඊට විපරීතව, හේතුකාරක [ඉතිහාසය හා පන්ති සබදතා තුල] සහ නියෝජකත්වය [පන්ති අරගලයේ] විභාග කිරීම ඉවත් කරන ලද නෂ්ටාපේක්ෂාවේ  නිසල ඡායාරූ වේ.

යමෙකුට මෙය, ප්‍රධාන චරිතය (විජේ) කම්කරු පන්තිය සමඟ හමුවීමෙන් හැඩගැසෙන ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974) වැනි චිත්‍රපටයක් හා  සැසදිය හැක. එහිදී  එම චිත්‍රපටය අවසන් වන්නේ අත්හැර දැමීමෙන් නොව, විඥානයේ පරිවර්තනයක් යෝජනා කරමින් එහි ප්‍රධාන චරිතය වෘත්තීය සමිති අරගලයකට සම්බන්ධ වෙමිනි. එසේත් නැතිනම්, විදේශයකට සංක්‍රමණය වීමට ඇති පෙලඹුම කේන්ද්‍ර කරගත් බූඩී කීර්තිසේනගේ මිල්ලේ සොයා (2004) සලකා බලන්න: එහි චරිත විලෝපිකයන් හෝ බියගුල්ලන් ලෙස නොව, කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට ඇද දැමුණු හා ප්‍රතිඝතිකතාවන් දරාගත්, ඓතිහාසික පීඩනයන් මගින් හැඩගැසුණු පුද්ගලයන් ලෙස ඉදිරිපත් කෙරෙයි. මෙම කෘති තුළ, චරිත පරිණාමය වේ, අරගල කරති, එමෙන්ම ඔවුන් වටා ඇති සමාජ බලවේග සමඟ සම්බන්ධිත වේ. ඔවුන් ඉතිහාසය තුල ජීවමාන ය. ගැඹුරු අර්බුද වලින්  ග්‍රහණය වී ඇති වර්තමාන සමාජය තුළ, පන්ති ප්‍රතිරෝධයේ උග්‍ර මට්ටමක් නොවැළැක්විය හැකි ලෙස පමනක් නොව වඩ වඩාත් පැහැදිලි ලෙසත්  දිස්වේ.

සසිත–එසේම ඔහුගේ නේවාසික මිතුරා ද–රැකියාවක් සොයන බවක් නොපෙන්වයි: ඔහු රැකියා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් නොකරයි. ඔහු කිසිම දේශපාලන කතා බහක යෙදෙන්නේ නැත. ඔහුට ප්‍රවෘත්ති ගැන උනන්දුවක් නැත. ඔහු යුරෝපයට සංක්‍රමණය වීම ගැන කතා කරන නමුත් ඒ සඳහා අර්ථවත් පියවරක් නොගනී. චිත්‍රපටිය ආරම්භ වූ ආකාරයටම එකතැන පල්වෙමින් අවසන් වේ. මෙය අක්‍රියත්වයට පත්වීම පිළිබඳ කලාත්මක ගවේෂණයක් නොව යථාර්ථය සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමකි. අද ලංකාවේ සැබෑ තරුණ තරුණියන් නිකම්ම නාස්තිකවාදී ගොහොරුවේ ලැග නොසිටිති. ඔවුන් රැකියා සොයමින්, සබඳතා ගොඩනඟා ගනිමින්, විරෝධතාවලට සම්බන්ධ වෙමින්, කඩා වැටෙන ලෝකයක ඔවුන්ගේ ස්ථානය තේරුම් ගැනීමට උත්සාහ කරති. දේවප්‍රියගේ සසිත මේ පරම්පරාවේ නියෝජනයක් නොවේ. ඔහු එයට එරෙහි අපවාදයකි.

Ena Sendijarević විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද Take Me Somewhere Nice (2019) චිත්‍රපටයේ රැකියා විරහිත තරුණයින්ගේ නිරූපණය ගැන අදහස් දක්වමින් ඩේවිඩ් වෝල්ෂ් මෙසේ නිරීක්ෂණය කරයි: “සිනමාකරු, ගෝලීය තරුණ පරම්පරාව තවමත් වික්ෂිප්තව නව දිශානතියක්, යම් ස්ථාවර, සුසංයෝගී, දේශපාලනික සහ සදාචාරාත්මක යොමු ලක්ෂ්‍යයක් සොයමින් සිටීමේ පරිමාව අවතක්සේරු කරයි. බොහෝ තරුණයින්, සරණාගතයින් වුවත් නැතත්, බෝල්කන් ප්‍රදේශයේ ජීවත් වනාවූ හෝ නැතත්, වර්තමානයේදී, පවතින සැකස්ම ගැන පිළිකුලෙන් පසුවන අතර තවමත් විකල්පයක් සොයාගෙන නොමැතිව, ‘අතරමැදි’ තත්වයක පසුවේ. මෙම ‘අතරමැදි’ තත්වය වත්මන් මොහොතේ ‘මහා සිද්ධියට-පෙර’ ගුණාංගය සමඟ බැඳී ඇත.”

වොල්ෂ්ගේ අදහස දේවප්‍රියට සහ චිත්‍රපටයේ ඔහුගේ ප්‍රවේශයට එකසේ අදාළ වේ. බහුචිතවාදියා තාරුණ්‍යයේ අවිනිශ්චිත බව ග්‍රහණය කර ගන්නා නමුත් එම අවිනිශ්චිතතාවයේ සංක්‍රාන්තිමය, සොයා යෑමේ  ස්වභාවය–එනම්, තරුණ ජනයා පවතින පිළිවෙල ප්‍රශ්න කරමින් විකල්ප සෙවීමට පටන් ගන්නා පුලුල් ඓතිහාසික මොහොත හා අවිනිශ්චිතතාව සම්බන්ධ කරන පුරුක–ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වේ.

එපමණක් නොව, චිත්‍රපටය එය ඉස්මතු කෙරුණු සුළු ධනේශ්වර ස්ථරය සදහා දෘෂ්ඨිවාදීමය පෝෂණයකි. එය, දුප්පතුන් සහ රැකියා විරහිතයන් තමන්ගේම ඉරණමට වගකිව යුතු බවත්, ඔවුන් කම්මැලි, අවිශ්වාසී, දූෂිත සහ අධි- ලිංගිකත්වයට හුරු වූවන් බවට වන ඔවුන්ගේ පරාජකවාදි මතය ස්ථිර කරයි. එය කම්කරු පන්තිය පින්තාරු කරන්නේ සමාජ පරිවර්තනයේ නියෝජිතයා ලෙස නොව සදාචාර පරිහානියේ අසූචි වළක් ලෙස ය. යෞවනයන් සානුකම්පිතව නිරූපණය නොකෙරේ. මේ ආකාරයෙන්, පවතින තත්ත්වයට අභියෝග කිරීමට අර්මුණක් නැති අයගේ දෘෂ්ටිවාදී අවශ්‍යතා සඳහා චිත්‍රපටය සේවය කරයි. මෙය, ප්‍රතිරෝධය සඳහා උත්ප්‍රාසය(irony) ද පන්ති විශ්ලේෂණය සඳහා ව්‍යාධි විද්‍යාව(pathology) ද ආදේශ කරන ලෝක දැක්මක් සහිත පශ්චාත්-නූතන අශුභවාදයේ ප්‍රමුද්‍රාවයි.

දේවප්‍රියට දක්ෂතා නැතුවා නොවේ යැයි හැඟවෙන අවස්ථා චිත්‍රපටයේ ඇත. ඔහුගේ  “ගුවන්විදුලි කතා” ගණනාවක් ඔහු බලාපොරොත්තු තැබිය හැකි කලාකරුවෙකු බව සනාථ කරයි. ඔහුට දෘශ්‍ය සංයෝජනය සදහා හැඟීමක්, භාෂාව කෙරෙහි සංවේදීතාවක් සහ ආවෘතිභීතික (claustrophobic) නාගරික ජීවිතය නිරූපණය කිරීමට විචක්ෂණ හැකියාවක් ඇත. එහෙත්, වත්මන් අවධියේදී, මෙම කුසලතා, කම්කරු පන්තික තරුණයන් මුහුන දෙන සමස්ථ සමාජ හා ඓතිහාසික ගතිකත්වය ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වූ ලෝක දැක්මක් වන, අලාමුලාවූ මධ්‍යම පන්තික ස්ථරයක පටු නිම්වළින් හැඩගැසුණු ලෝක දැක්මකින් සීමා වී ඇත.

කලා කෘතියක් ශුභවාදී විය යුතු නැත, නමුත් එය සත්‍යවාදී විය යුතුය. එය මිනිස් හැසිරීම් හැඩගස්වන යටි තලයේ පවතින බලවේග හෙළි කිරීමට උත්සාහ කළ යුතුය. කලාකරුවෙකු ජීවිතය සංජානනය කිරීම පමණක් නොව, අනාගතයේ වහන්තරාව අර්ධ වශයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ යුතුය. ඔහු අද යථාර්ථය ගැන සෑහීමකට පත් නොවන විට, ඔහු එය පරමාදර්ශී “හෙට දින” ප්‍රිස්මය හරහා දැක “මිනිසා ඔහුගේ පරමාදර්ශීය විලාශයෙන් පෙන්විය යුතුය”.

එ.කේ. වොරොන්ස්කි ලිවූ ලෙස, 

“මිනිසා ඔහුගේ  සම්පූර්ණ උත්තම තත්වය කරා යෑමේ සිහිනය, අභිලාෂය (yearning) සහ මනදොල (Longing) හොඳම කලාකරුවන්ගේ නිර්මාණාත්මක කාර්යයේ පදනම සේ පවතින අතර, එසේ තිබීද ඇත” (කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස හා සමකාලීන ලෝකය, 1923) 

මේ අර්ථයෙන් කලාව ඓතිහාසික සංජානනයේ මාධ්‍යයක් බවට පත්වේ. බහුචිතවාදියා මෙම කාර්යයේදී අසමත් වේ. එය අපේ කාලයේ සැබෑ අරගලවලින් විතැන් වෙමින් මිනිස් අසාර්ථකත්වයේ සීතල, පිළිකුල් සහගත චිත්‍රයකට පසුබසින චිත්‍රපටයකි.

අවසාන විග්‍රහයේ දී, බහුචිතවාදියා යනු තාරුණ්‍යය පිළිබඳව නොව, තාරුණ්‍යය අවබෝධ කර ගැනීමට යම් සමාජ ස්ථරයකට ඇති නොහැකියාව–ඔවුන් තුළින් සමාජයේ දිරාපත්වීමේ කැඩපතක් පමණක් නොව, එය අලුත් කිරීමේ විභවය දැකීමට අසමත්වීම–පිලිබද චිත්‍රපටයක් වේ. මේ චිත්‍රපටයේ ඛේදවාචකය එයයි. 

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක්  Read More »

Malaka

Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature

By Sanjaya Jayasekera.

Malaka Dewapriya’s film Bahuchithawadiya (The Undecided) is an ambitious but ultimately disoriented work that attempts to offer a portrait of the youth adrift in post-civil-war urban Sri Lanka. The film takes the form of a character study, which according to Director’s own introduction, “presents a  reflection of the youth of this time, who are searching for easy ways to survive due to lack of job security and are immersed in the dream of escaping this country, using social media, smartphones, and iPhones to achieve their old dream, and making all connections their victims.” 

Bahuchithavadiya
Bahuchithawadiya. Image courtesy of film’s official facebook page.

The film has garnered attention for its experimental tone and portrayal of alienation among the impoverished unemployed – jobless or precariously employed and exploited in the gig economy – youth in Colombo. However, beneath its cinematic form, the film offers a bleak, superficial depiction of social decay and a disheartening and ultimately reactionary indictment of working-class and unemployed youth—not as victims of capitalism, but as the agents of their own moral downfall.

The protagonist, Sasitha (Kalana Gunasekara), is a delivery worker in Colombo, the industrial capital of the country. He is employed under precarious conditions by a miserly boss. With no prospects for economic or social mobility, Sasitha turns his attention to seducing women online—married, unmarried, older, younger—all in the hopes of securing a visa to a European country or gaining some financial benefit. His duplicity and exploitation of these women are portrayed not as unwilling and temporary predatory responses to a brutal economic system but as intrinsic and permanent features of his character. What emerges out of him is not a layered human being, but a cypher of cynicism and indecision. Herein lies one of the film’s most serious failings: the absence of any serious attempt to explain the portrayal of Sasitha’s behavior through the social forces and material conditions in which he lives.

Dewapriya has captured certain surface features of social life. The film presents a series of acidic behaviours—adultery, betrayal, cheating, exploitation, desperation—yet none are given sustained focus or examined in depth to reveal their underlying contradictions. As a result, the viewer is left with a collection of symptoms, rather than an understanding of the social reality that gives rise to them. This is not merely an aesthetic or artistic shortcoming, but a deeply ideological one. An artist does not simply replicate life; he is not a photographer. He bears the responsibility of discovering truth. By isolating Sasitha’s personal corruption from the real world that produces it and stands in contradiction to it, Bahuchithawadiya, despite its claims to realism, ultimately proves to be profoundly evasive and dishonest.

It is not enough to show that a character, representing “contemporary youth”, is indecisive, manipulative, and amoral. One must ask: why? What has shaped this poisonous character? What forces act upon him? Who is responsible for his life? Is his behaviour inevitable? Dewapriya seems uninterested in these questions. The result is a film that verges on character assassination. Sasitha is not portrayed as a victim of the capitalist system, nor as someone with even the faintest sense of resistance to its injustices. Instead, he appears as its willing accomplice—both seeking to benefit from its corruption and attempting, paradoxically, to escape its consequences. In the final analysis, he is shown not as someone shaped by a toxic social order, but as one of its architects. “The youth”, as we have known it, has ceased to be!

The viewer is invited to conclude that the crisis of contemporary youth lies in their own character: their indecision, their dishonesty, their lack of conviction. This is an old slander, repeated countless times by the middle class and its intellectual spokespersons, who recoil in fear at the sight of the impoverished, unemployed, and restless young. That this view should find cinematic expression in a country that in 2022 witnessed one of the most significant mass uprisings of youth in recent history is both telling and damning. Ultimately, the youth does not happen to find their class enemy. 

The film’s final scene shows Sasitha mechanically resuming his practice of seducing women online, without the slightest remorse—even after having been caught red-handed in his previous deceptions. This serves as a conclusive testament that the filmmaker is less concerned with exploring the real social and psychological dynamics shaping youth behavior, and more intent on confirming a middle-class ideology that views oppressed youth as inherently selfish, untrustworthy, incorrigible, and erratic.

The film’s central concept—”Bahuchithawadiya”—suggests a permanent, innate condition of moral and psychological ambiguity. This is entirely ahistorical and unscientific. The youth of Sri Lanka are indecisive not because they are naturally cynical or morally bankrupt. They are uncertain because their lives are uncertain: jobless, underpaid, precariously housed, exploited. The labor market offers no security. Political parties offer no hope. Trade unions have betrayed them. Their so-called indecision is not a failing; it is a symptom of a broader social crisis.

Indeed, the idea that Sri Lankan youth are fundamentally morally degraded is refuted by events themselves. In 2022, tens of thousands of young people took to the streets in an unprecedented mass uprising, protesting the unbearable cost of living, fuel shortages, authoritarian repression, and the corruption of the ruling political establishment. This movement did not emerge suddenly from a generation lost in nihilism, but from a population forced to resist and confront the consequences of decades of neoliberal policy and imperialist subjugation.

To assert, as the film does, that youth have no direction because, in the backdrop of a predatory economy,  they are inherently flawed, is to participate in a reactionary ideological project. Dewapriya offers the youth no future and no past. They are merely floating signifiers of decay, cynicism, and amorality. They are uninfluenced by any sense of resistance, struggle, solidarity, or political awakening. Even in Colombo, the epicenter of industry and protest, Sasitha never encounters a strike, a rally, or even a conversation that hints at collective resistance. There is not even a passing allusion to conscious class war measures–austerity, privatization, debt crises, or the militarization of public life following the end of the civil war—realities that are inescapable features of everyday life in the country. The working class —despite its overwhelming presence and historical importance—is nowhere to be found. Instead, we are shown a hermetically sealed world of urban apartments and transactional relationships, in which everyone is either a victimizer or a dupe.

Sasitha flicks through television channels airing religious sermons, astrology segments, and reality shows—programs ostensibly meant to shape the youth—but never news, politics, or protest. The enemy is distant, and the struggle is futile. This is no accident, but a deliberate artistic choice—one that lays bare the filmmaker’s class perspective.

Class struggle is the highest expression of both class resistance and solidarity—one that leaves no room for pettiness, selfishness, or moral cynicism. It imparts to working-class youth a profound sense of social responsibility, discipline, and empathy forged through collective struggle. To preserve the middle-class caricature of youth as aimless, self-serving, and unreliable, it becomes essential that they not be shown to be confrontated with class struggle. This is precisely the path the filmmaker has chosen: by omitting any encounter with collective resistance, the film ensures that its protagonist remains trapped within a framework that validates bourgeois prejudices rather than illuminating social truth.

Bahuchithawadiya shares a great deal with the postmodern cinema that has emerged internationally in recent decades—films that purport to critique society by depicting its filth and moral decay, but which in reality offer no understanding of why things are the way they are, and certainly no path forward. These are not works of art that cognize life in its fullness and movement—but snapshots of despair, stripped of causality and agency.

One would compare this to a film like Dharmasena Pathiraja’s Ahas Gauwa (1974), where the main character Wije is shaped by his encounters with the working class. That film ends not with resignation, but with the protagonist joining a trade union struggle, suggesting a transformation in consciousness. Or consider Boodee Keerthisena’s Mille Soya (2004), which, while also centered on the desire to migrate, does not present its characters as predators or cowards, but as desperate and conflicted individuals shaped by historical pressures. In these works, characters evolve, struggle, and relate to the social forces around them. They are alive in history. In today’s society, gripped by deep crisis, a heightened degree of class resistance is not only inevitable but increasingly evident.

Sasitha—so too his roommate—is not shown looking for work: he submits no job applications. He engages in no political talk at all. He has no interest in news. He speaks of migrating to Europe but takes no meaningful steps to do so. The film ends as it began: in stasis. This is not an artistic exploration of paralysis, but a refusal to engage with reality. Real young people in Sri Lanka today are not simply wallowing in nihilism. They are searching for work, forming relationships, joining protests, and trying to understand their place in a collapsing world. Dewapriya‘s Sasitha is not a representation of this generation; he is a libel against it.

Commenting on the depiction of unemployed youth in Take Me Somewhere Nice (2019), written and directed by Ena Sendijarević, David Walsh observes that the filmmaker “underestimates the extent to which the younger generation globally is still at sea, looking for a new orientation, for some stable, coherent political and moral reference point. Many young people, refugees or not, from the Balkans or not, are ‘in-between’ at present, disgusted by the existing set-up and not yet having found an alternative. This ‘in-between-ness’ is bound up with the ‘on-the-eve’ quality of the present moment.

Walsh’s comment is equally applicable to Dewapriya and his approach in his film. Bahuchithawadiya captures the uncertainty of youth but fails to grasp the transitional, searching character of that uncertainty—its link to a broader historical moment in which masses of young people are questioning the existing order and beginning to look for alternatives.

Moreover, the film is an ideological fodder to the petty-bourgeois strata from which it emerges. It confirms their defeatist view that the poor and unemployed are to blame for their own fate, that they are lazy, treacherous, corrupt, and oversexed. It paints the working class not as the agent of social transformation, but as a cesspool of moral degradation. The youth are not portrayed sympathetically. In this way, the film serves the ideological needs of those who have no intention of challenging the status quo. This is the hallmark of postmodern pessimism—a worldview that substitutes irony for resistance and pathology for class analysis. 

There are moments in the film that suggest Dewapriya is not without talent. A number of his previous “radio stories” confirm that he is a promising artist. He has a feel for visual composition, a sensitivity to language, and a certain flair for portraying claustrophobic urban life. But these gifts are, at this stage, limited by a worldview shaped by the narrow horizons of a disoriented middle-class layer, a worldview that remains unable to grasp the full social and historical dynamics confronting the working class youth.

A work of art does not need to be optimistic, but it must be truthful. It must seek to reveal the underlying forces that shape human behavior. An artist should not only cognize life, but should attempt to partially lift the veil of future. When he is dissatisfied with today’s reality, he has to see it through the prism of an ideal “tomorrow” and “show man in his ideal”.

As A.K. Voronsky wrote: 

“The dream, yearning and longing for man drawn up to his full height has been and continues to be the foundation of the creative work of the best artists” (Art as the Cognition of Life, and the Contemporary World, 1923)

In this sense, art becomes a means of historical cognition. Bahuchithawadiya fails in this task. It is a film that flinches from the real struggles of our time and retreats into a cold, contemptuous portrait of human failure.

In the final analysis, Bahuchithawadiya is not a film about youth, but about the inability of a certain social layer to comprehend the youth—to see in them not just a mirror of society’s decay, but the potential for its renewal. That is the tragedy of this film. 

Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature Read More »

Missle

යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීමට එරෙහි වන්න!

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 මැයි 26 දින ‘Oppose European rearmament!’ යන හිසින් පලවූ ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Missle
ATACMS මිසයිලයක් M270 MLRS වලින් දියත් කෙරේ.

යුරෝපීය රටවල් සාමූහිකව යුරෝ බිලියන සිය ගනනක් මිලිටරි වියදම්වල වියරු ආවේශයක   ගිල්වා දමයි. සම්පත්, සමාජ වැඩසටහන් හා රැකියා වලින් දැවැන්ත ලෙස යුද යන්ත්‍රය වෙත හරවා යැවීම, යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් කම්කරු පන්තිය සමග ගැටීමේ මාවතට යොමු කරයි.

ඉරිදා, ජර්මානු සන්නද්ධ හමුදා අණදෙන නිලධාරි කාර්ස්ටන් බෲවර් 2029 වන විට ජර්මානු හමුදාව නවීන උපකරණවලින් සම්පූර්ණයෙන් සන්නද්ධ කරන ලෙස නියෝග කළේය. බර්ලිනයේ යුරෝ ට්‍රිලියන 1 ක නැවත සන්නද්ධ කිරීමේ අරමුදලෙන් අරමුදල්, ඩ්‍රෝන් යුද සූදානමට, දිගු දුර මිසයිල සහ අභ්‍යවකාශ යුද හැකියාවන් වෙත යෙදවීමට නියමිතය. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, යුරෝපයම අලලා ගත්  සමස්ත යුද්ධයක පුපුරා යාමට තර්ජනය කරනා රුසියාව ඉලක්ක කර ගත් නව මිලිටරි උත්සන්න කිරීමක් නිවේදනය කරමින්, එවැනි අරමුදල් භාවිතා කරන්නේ කෙසේදැයි පැහැදිලි කළේය.

රුසියාව පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා, බර්ලිනය දැන් යුක්රේනයට එහි ටෝරස් කෲස් මිසයිල වැනි දිගු දුර මිසයිල ලබා දෙන බව හඟවමින් මර්ස් මෙසේ පැවසීය:

“යුක්රේනයට ලබා දෙන ආයුධ පරාසයේ තවදුරටත් සීමාවන් නොමැත – බ්‍රිතාන්‍යයන්ට, ප්‍රංශ ජාතිකයින්ට හෝ අපට එසේ සීමාවන් නැත. ඇමරිකානුවන්ටත් එසේමයි.”

ජර්මනියේ සහ එහි නේටෝ සහචරයන්ගෙන් මිසයිල “රුසියානු භූමියේ මිලිටරි ස්ථාපනයන්ට එරෙහිව” වෙඩි තබන බවට මර්ස් දිව්රුම් දුනි. මෙය, පාලනය කළ නොහැකි සර්පිලාකාර උත්සන්නියක් මුදා හරිමින් ජර්මනියේ ඉලක්ක වෙත රුසියානු මිසයිල වෙඩි තැබීමේ අවදානම මතු කරයි.

කෙසේ වෙතත්, ජර්මානු ප්‍රතිපත්තිය යනු, සමස්ත යුරෝපීය ධනේශ්වරයම අල්ලා ගන්නා යුද උණ පිලිබඳ වඩාත්ම නිර්දය ප්‍රකාශනය පමනි. 2014 සිට 2024 දක්වා යුරෝපීය වාර්ෂික මිලිටරි වියදම් යුරෝ බිලියන 147 සිට යුරෝ බිලියන 326 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වූ අතර එය 2022 සිට පමණක් තුනෙන් එකකින් වැඩි විය. ජර්මනියේ මිලිටරි වියදම් 2024 දී සියයට 28 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 88.5 දක්වා ඉහළ ගිය අතර, පෝලන්තයේ මිලිටරි වියදම ඩොලර් බිලියන 38 දක්වා සියයට 31 කින් වර්ධනය වී ඇත. මේ අතර  ප්‍රංශය 2030 වන විට යුරෝ බිලියන 100 දක්වා තම මිලිටරි වියදම් දෙගුණ කිරීමට ප්‍රතිඥා දී ඇත.

එහි පිරිවැය හෝ ඉලක්ක පිළිබඳව මහජනතාවට කිසිදු පැහැදිලි කිරීමකින් තොරව යුරෝපයේ මහජනතාවයට වහංගු කරමින් යලි සන්නද්ධ කිරීම බොහෝ දුරට සිදු වේ. පසුගිය සතියේ, යුරෝපා සංගමය (EU), යුරෝපා සංගමය සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග (SAFE) වැඩසටහන සක්‍රීය කරන ලදී. මාර්තු මාසයේ දී එකඟත්වයට පැමිණි එහි යුරෝ බිලියන 800 ප්‍රතිනිර්මාණය කිරීමේ සැලැස්මේ කොටසක් වන එය, යුරෝපා සංගම් රාජ්‍යයන්ට සහ බ්‍රිතාන්‍යයට ඒකාබද්ධ යුරෝපීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා නය වශයෙන් යුරෝ බිලියන 150 ක් සපයයි. මෙම තීරණය බොහෝ දුරට වාර්තා නොවූ අතර, එයින් අදහස් වන්නේ අවසානයේදී බදු ඉහල දැමීමෙන් හෝ සමාජ වැඩසටහන් කප්පාදු කිරීමෙන් යුරෝපීය රාජ්‍යයන්ට යුරෝ බිලියන 150 ක් ආපසු ගෙවීමට සිදුවනු ඇති බවයි.

මේ වසරේ ට්‍රම්ප් බලයට පැමිණීම කෙරෙහි යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතිචාරය, නාසීන් යුරෝපය පාලනය කළ දා සිට නොදුටු පරිමානයේ මිලිටරිවාදයේ පිපිරීමකි. යුක්රේනයට මිලිටරි ආධාර නතර කරන බවටත්, යුරෝපයට එක්සත් ජනපද ආරක්ෂක සහතික අත්හිටුවන බවටත් ට්‍රම්ප් තර්ජනය කරද්දී, ස්වාධීනව, යුරෝපය පුරා මහා පරිමාන යුද්ධ කිරීමේ හැකියාව –  න්‍යෂ්ටික සන්නද්ධ රුසියාවට එරෙහිව පවා – වර්ධනය කිරීමට ඔවුහු උත්සාහ කළහ.

වොෂින්ටනය සහ එහි යුරෝපීය නේටෝ “සහචරයින්”, ලෝක බලවතුන් අතර දිගහැරෙන වෙලඳපොලවල් හා මූලෝපායික වාසි පිලිබඳ කටුක අරගලයේ එදිරිවාදීන් ය. ට්‍රම්ප් යුක්‍රේනය පිළිබඳ සාකච්ඡාවලින් යුරෝපය කපා හැරීමට උත්සාහ කිරීමෙන් සහ යුක්‍රේනය වොෂින්ටනයට ඩොලර් බිලියන 500 ක දුර්ලභ ඛනිජ අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස බලකර ඉල්ලා සිටීමෙන් පසුව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය යුක්‍රේන ඛනිජ කොල්ලකෑමේ තරඟකාරී සැලසුම් දියත් කළහ. යුක්‍රේනය “යුරෝපයට අවශ්‍ය තීරනාත්මක ද්‍රව්‍ය 30න් 21ක්” සපයන “වින්-වින් හවුල්කාරිත්වයක්” සඳහා EU කොමසාරිස් Stéphane Séjourné ඉල්ලා සිටියේය.

යුරෝපයේ යලි සන්නද්ධ කිරීම රුසියාවට හෝ ට්‍රම්ප්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් නොව, වෙන කවරදාකටත් වඩා එළිපිටම ආක්‍රමණශීලී, ෆැසිස්ට්වාදී ස්වභාවයක් ගැනීමයි. යුරෝපීය පාලක පන්තියේ ස්ථරයන් තමන් ප්‍රධාන බලවතුන් අතර ගෝලීය යුද්ධයකට සම්බන්ධව නොසිටිනා බවට හෝ ඔවුන්ගේ ආර්ථික හා මිලිටරි අවශ්‍යතා හඹා යාමේ මෙවලමක් ලෙස සමූල ජන සංහාරයේ පිහිට ප්‍රතික්ෂේප කරන බවට හෝ  වන දේශපාලන ප්‍රබන්ධයන් අත්හරිමින් සිටිති.

ඉරිදා, එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක කෙමී බඩෙනොක් Sky News හිදී, ඉරානය සහ හමාස් ඉලක්ක කරන බැවින්, බ්‍රිතාන්‍යයට වාසිදායක වේ යැයි කියා, ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ජන සංහාරය නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කළාය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. 

“යුක්රේනය බටහිර යුරෝපය වෙනුවෙන් රුසියාවට එරෙහිව සටන් කරනවා සේම ඊශ්‍රායලය එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කරමින් සිටී.“

යුරෝපීය යලි සන්නද්ධ කිරීම සඳහා දැන් සූදානම් කර ඇති සමාජ කප්පාදුව මෙන්ම ගාසාවේ සමූල ජන සංහාරය කම්කරුවන් අතර ප්‍රගාඪ කෝපය අවුලුවා ඇත. පුපුරන සුලු පන්ති අරගල න්‍යාය පත්‍රය තුල  ඇත. එසේ වෙතත්, තුන්වන ලෝක යුද්ධයක් කරා ඇදවැටීම වැලැක්වීමට නම්, එක් එක් යුරෝපීය රටක් තුල මධ්‍යම පන්තික ව්‍යාජ-වාම පක්ෂවල සහ ඔවුන්ගේ මිත්‍ර වෘත්තීය සමිති නිලධරයන්ගේ ප්‍රතිගාමී උපාමාරු සමඟ තීරනාත්මක දේශපාලන ගනුදෙනු බේරා ගැනීමක් සිදු කළ යුතුය.

ස්ටැලින්වාදයෙන් සහ ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය සුලු ධනේශ්වර ද්‍රෝහීන්ගෙන් පැවත එන මෙම බලවේග, යුද්ධ කිරීමේ දී සහ කම්කරු පන්තියේ විරුද්ධත්වය අවහිර කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ජර්මනියේ වාම පක්ෂය, කාමී මර්ස් තනතුරට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධාන ඡන්ද ලබා දුන් අතර, ජීන්-ලූක් මෙලන්චොන් විසින් නායකත්වය දෙන ප්‍රංශයේ නව ජනප්‍රිය පෙරමුණ (New Popular Front), යුක්රේනයට ප්‍රංශ හමුදා “සාම සාධක භටයන්” ලෙස යැවීමේ මැක්‍රොන්ගේ සැලැස්ම පසුගිය වසරේ සිය මැතිවරණ වැඩපිළිවෙලේ සටහන් කළේය. ස්පාඤ්ඤයේ Podemos (දැන් Sumar) පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, එය ඉතිහාසයේ ස්පාඤ්ඤයේ විශාලතම මිලිටරි අයවැය සම්මත කරන ආන්ඩුවල අසුන් ගත්තේය.

එපමනක් නොව, මෙම පක්ෂ සහ ඔවුන්ගේ සහචරයෝ ගාසා සමූල ජන සංහාරයට හා යුරෝපයේ කප්පාදුවලට එරෙහි විරෝධතා, පිලිවෙත් වෙනස් කිරීම සදහා අධිරාජ්‍යවාදී ආන්ඩුවලට ආයාචනා කිරීමේ බංකොලොත් ඉදිරිදර්ශනයට ගැටගැසීමට කටයුතු කරති.

මෙම ඉදිරිදර්ශනයේ කුණුකම වසර දෙකකට පෙර යුරෝපීය මහා වර්ජන ව්‍යාපාරය තුල ඔවුන්ගේ භූමිකාව මගින් පෙන්නුම් කෙරුනි. ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, තුර්කිය සහ යුරෝපය පුරා උද්ධමනය හා කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් වැඩ වර්ජනය කරද්දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) යුරෝපීය  ශාඛා නැගී එන ව්‍යාපාරය පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කලේය. “මහා වැඩ වර්ජන ව්‍යාපාරය, යුද්ධය සහ යුරෝපයේ විප්ලවවාදී අර්බුදය” [The mass strike movement, war and the revolutionary crisis in Europe, 2023 පෙබරවාරි 10] යන මාතෘකාවෙන් එය පැහැදිලි කලේ:

“දිග හැරෙමින් පවතින්නේ එක් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවක් සමග හුදකලා සාකච්ඡා මගින් විසඳා ගත හැකි ජාතික වෘත්තීය සමිති අරගල මාලාවක් නොවේ. ඒ වෙනුවට, කම්කරුවන් සෑම රටකම සමාන ඉල්ලීම් මතු කරමින්, අපකීර්තියට හා පුලුල්ව පිළිකුලට පාත්‍ර කරන  ලද ආන්ඩුවල පොලිස් මර්දනයන් හා නීතිමය තර්ජනවලට මුහුණ දෙන බැවින්, එය ජාත්‍යන්තර දේශපාලන අරගලයකි. …

යුරෝපය පුරා මතුවෙමින් පවතින්නේ වෛෂයිකව විප්ලවවාදී තත්වයකි. ශතවර්ෂයකට පෙර පළමු ලෝක සංග්‍රාමය පුපුරා යාමේදී මෙන් විකල්ප පැහැදිලිවම ඉදිරිපත් ව ඇත. එක්කෝ ධනේශ්වර පන්තිය යුරෝපය හා ලෝකය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර ගෝලීය යුද්ධයකට ඇද දමයි, නැතහොත් කම්කරු පන්තිය යුදවාදී පාලක ප්‍රභූව අතින් බලය ලබා ගනී.”

කෙසේ වෙතත්, වැඩ වර්ජන ඒකාකාරව පාවා දෙනු හෝ දේශපාලනික වශයෙන් ගෙල සිර කර දමනු ලැබිණි. වැඩි කරන ලද මිලිටරි වියදම් වලට අරමුදල් සැපයීම සඳහා පිලිකුල් කෙරුණු විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව ප්‍රංශයේ සිදු වූ මහා වැඩ වර්ජන වලදී තරම් වෙන කොතැනකවත්  මෙය පැහැදිලිව නොදිස් වුණි.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් වැඩ වර්ජනවල නිරත වූ අතර, 1968 මැයි මහා වැඩ වර්ජනයෙන් පසු ප්‍රංශයේ ඇති වූ දැවැන්තම දේශපාලන අර්බුදය තුල රටපුරා කැරලි ඇවිල ගියේය. එහෙත් මැක්‍රොන් පහ කිරීම සඳහා දේශපාලන අරගලයක් සඳහා වූ කිසිදු ඉල්ලීමක් මෙලෙන්චොන් මගහැරී අතර, අතිමහත් මහජන විරෝධය උල්ලංඝණය කරමින් කප්පාදු කිරීම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වෘත්තීය සමිති නිලධරයන් වැඩ වර්ජන සහ විරෝධතා වහාම අවසන් කළහ. පසුගිය වසර දෙක තුළ ප්‍රංශයේ සහ යුරෝපය පුරා මිලිටරි වියදම් වාර්තාගත ලෙස වැඩි කිරීම සඳහා  ඔවුන් මෙසේ වේදිකාව සැකසූහ.

යුරෝපීය අධිරාජ්‍යවාදය ඊටත් වඩා දැවැන්ත යලි සන්නද්ධ කිරීමේ ධාවනයක් දියත් කරද්දී, අද දින එවැනිම ව්‍යාපාර න්‍යාය පත්‍රයට ඇතුල් වී ඇත. නමුත් පාඩම් උකහා ගත යුතුය. පන්ති අරගලය මත ව්‍යාජ වාම බලවේගවල ග්‍රහණය බිඳ දැමිය යුතුය. මෙයින් අදහස් කරන්නේ පළමුවෙන්ම, ජාත්‍යන්තරව පන්ති අරගල සම්බන්ධීකරණය කිරීම සඳහා, නිලධරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ස්වාධීනව, කම්කරුවන් හා තරුනයින් අතර ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම හා ජන සංහාරයට, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහිව වඩාත් පුලුල්, අඛණ්ඩ බලමුලු ගැන්වීමක් ගොඩනැගීමයි.

සියල්ලටත් වඩා, එහි අර්ථය වන්නේ, එවන් අරගලයක අවසානය ලෝක සමාජවාදී විප්ලවයක් තුල කම්කරු පන්තියට බලය පැවරීම අවශ්‍ය වන බවට වන විඥානයෙන් කම්කරුවන් හා තරුනයන් සංතෘප්ත කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එවන් ව්‍යාපාරයක ජීව රුධිරය වන්නේ ස්ටැලින්වාදයට සහ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයට ජාත්‍යන්තර කමිටුවේ (ICFI) සමනය කළ නොහැකි විරුද්ධත්වය සහ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ නොබිඳුණු අඛණ්ඩ පැවැත්මයි.

යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීමට එරෙහි වන්න! Read More »

malini

The Conscience of Sinhala Cinema: Malini Fonseka’s enduring Cinematic Legacy

By Sanjaya Wilson Jayasekera

We are posting here a brief obituary of Sri Lanka’s veteran actress Malini Fonseka, written by comrade Sanjaya Jayasekera and published on his personal website and social media on 25 May 2025. This articles was also published by the daily newspaper themorning.lk Here. Nearly six-decade of the cinematic career of actress Fonseka deserves a full and extended review.

malini
Malini Fonseka

The demise of actress Malini Fonseka on May 24, 2025, marks the end of a cinematic epoch. She is undoubtedly the “Queen of Sinhala Cinema,” as she has been often referred to by millions of her fans, aged and young. Nearly six-decade of her career was not a simple arc of celebrity, but a deep and continuous cinematic identification with the lives of ordinary people, especially women, under the weight of history, patriarchy, backwardness and class oppression. In a country where cinema often struggles between the tides of commercialism, populism, nationalism and repression, Fonseka remained a moral and aesthetic lodestar, truthfully imbuing her characters with emotion, quiet resistance, and tragic insight.

To merely describe Fonseka as a beloved actress is to evade the seriousness of her contribution. She was an artist of social consciousness—her performances bore the weight of Sri Lanka’s post-independence traumas, its unfulfilled democratic promises, and the contradictions of a backward capitalist society pressing in from every side.

In Lester James Peries’ Nidhanaya (1972), one of the greatest Sri Lankan films ever made, Fonseka plays the innocent, ill-fated woman preyed upon by a man whose wealth and obsession lead to murder. Her character is not merely a victim but a mirror held up to a crumbling feudal order. Fonseka conveys, through silence and subtle gestures, a person slowly awakening to the forces arrayed against her. Her sacrifice is not just personal—it is metaphorically the death of innocence in a society entrapped by its own past.

In Beddegama (1980), based on Leonard Woolf’s The Village in the Jungle, Fonseka as Punchi Menika inhabits a world of colonial exploitation and rural destitution. This is not melodrama but precise, economical realism. Fonseka does not “perform” poverty and female endurance—she lives it. Her face, increasingly lined by anxiety and despair, communicates the pain of a society ground down by injustice, hunger and disease, made worse by the cruelty of an indifferent state.

Equally remarkable is her performance in Dharmasena Pathiraja’s Bambaru Avith (1978). In this film, Fonseka delivers one of her most restrained yet potent performances of the role of a young lady in a coastal village caught in the maelstrom of social disintegration and the predatory arrival of urban outsiders. Fonseka’s portrayal is marked by an acute sensitivity to the class tensions simmering beneath the film’s surface. Her role is not simply a symbol of rural innocence but a deeply aware, emotionally complex figure who senses the destruction bearing down on her community. In a film that critiques both the romanticization of village life and the corrosive effects of capitalist intrusion, Fonseka embodies the silent tragedy of a society being commodified. With minimal dialogue and subtle expressions, she gracefully communicates despair, resignation, and the quiet resistance of a woman rooted in her world but unable to halt its unraveling.

Bambaru Avith
Bambaru Avith: Malini Fonseka with Vijaya Kumaratunga

In Akasa Kusum (2008), directed by Prasanna Vithanage, as Sandhya Rani, a faded film star confronting the ruins of her career and personal life, Fonseka embodies the alienation and disillusionment of an artist discarded by an industry that once idolized her, and without any social insurance. The film alludes to the stardom of Fonseka herself. Vithanage’s film, while ostensibly a character study, inadvertently exposes the broader social decay under capitalism, where cultural memory is short and individuals are reduced to commodities. Fonseka’s restrained yet deeply expressive performance underscores the tragedy of a woman whose labor and talent have been exploited, then abandoned—a microcosm of the artists’ precarious existence in a profit-driven system. The film’s critique of bleak nostalgia and the fleeting nature of fame resonates with the broader crisis of art under conditions where everything, including human creativity, is subordinated to the market. While Akasa Kusum does not explicitly engage with class struggle, Fonseka’s portrayal of Sandhya’s isolation and resilience speaks to the perseverance of ordinary people amid systemic indifference. 

Fonseka’s performances in a wide range of other films—including Eya Dan Loku Lamayek (1977), Siripala Saha Ranmenika (1978), Ektamge (1980) and Yasa Isuru (1982) —as well as in teledramas such as Pitagamkarayo (1997), are etched into the collective memory of Sri Lankan audiences. In each of these roles, she brought to life women shaped by their social conditions, investing them with dignity, emotional depth, and a quiet intensity that transcended the screen. Whether portraying the struggles of urban motherhood, the constraints of poverty, caste and patriarchy, or the conflicted desires of village life, the veteran actress was able to truthfully reveal the deeper realities of the society around her.

Like several other leading actors of her generation, Fonseka was a significant historical product of her time. By the 1970s, Bollywood’s musical and melodramatic cinema exerted a powerful influence over Sri Lankan audiences, who flocked to theaters largely drawn by star appeal. Sinhala cinema, still emerging as a serious artistic medium, had to contend with the commercial dominance of Indian films. Fonseka’s rise to stardom was not merely a matter of charishma; her compelling screen presence, combined with the emotional depth and authenticity she brought to nearly every role, enabled her to capture the imagination of a broad audience. In doing so, she played a crucial role in affirming the cultural legitimacy and artistic potential of Sinhala-language cinema, as part of the world cinema.

Fonseka’s popularity, unmatched for decades, was not simply built on glamour but on the deep compassion she earned. For the oppressed, she did not offer escapism; she offered recognition and fight. Her status as “queen” is a title she earned from the sincere presentation of the struggles of those who loved her. 

Her art reminds us of what cinema can be: a site of conscience, a record of the oppressed, and a spark of rebellion. She belongs to that rare tradition of film actors—like Smita Patil, Giulietta Masina, and Liv Ullmann—who made of their bodies and voices a battlefield of history.

In the later years of her life, Fonseka became associated with the bourgeois nationalist establishment, serving as a Member of Parliament from 2010 to 2015 under the government of then-President Mahinda Rajapaksa. While no political concessions can be made to her alignment with Sinhala nationalist politics, her profound contributions to cinema—rooted in social realism and the depiction of the oppressed—remain of enduring artistic and historical value. Her body of work deserves to be critically appreciated, drawn inspiration from and preserved as a significant part of both Sri Lankan and world cinema.

Malini Fonseka will be remembered not merely as a great actress, but as an artist of the oppressed masses. Her characters will continue to live, as all genuine art does, not only in memory but in the continuing struggles of those they represented.

The Conscience of Sinhala Cinema: Malini Fonseka’s enduring Cinematic Legacy Read More »

Khan Yunus

අධිරාජ්‍යවාදය තම “අවසාන විසඳුම” ගාසා තීරයේ දියත් කරයි

ලෝසවෙ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය විසිනි.

Khan Yunus
2025 මැයි 19 වන සඳුදා, ඊශ්‍රායල හමුදා ප්‍රහාරය මධ්‍යයේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයෙන් අවතැන් වූ පලස්තීනුවන් පලා යති [AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා]

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 මැයි 19 දින ‘Imperialism launches its “final solution” in Gazaයන හිසින් පලවූ ලෝසවෙ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

සති අන්තයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් “ගිඩියොන්ගේ යුධරථ මෙහෙයුම” පූර්ණ පරිමාණයෙන් දියත් කිරීම නිවේදනය කරන ලද අතර එය ගාසා තීරයේ “අවසාන පියවර” ලෙස අගමැති බෙන්ජමින් නෙතන්යාහු විස්තර කළේය. මෙම භාෂාව “අවසාන විසඳුම” – යුරෝපයේ යුදෙව්වන් ක්‍රමාණුකූලව සමූලඝාතනය කිරීම සඳහා නාසි ජර්මනියේ යෙදුම- ප්‍රතිරාවය කරයි.

මෙහෙයුමේ අරමුන වන්නේ ගාසා තීරය මුළුමනින්ම මිලිටරි ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම, ඉතිරි ජනගහනය දකුණේ ගාල් කඳවුරුවලට බලහත්කාරයෙන් අභ්‍යන්තර විස්ථාපනය කිරීම සහ ඔවුන් පලස්තීනයෙන් මුළුමනින්ම නෙරපා හැරීමට සූදානම් වීමයි.

මෙම මෙහෙයුම සමග සමගාමීව සිරගත කර  සිටින ජනගහනයට ආහාර බෙදා හැරීම, එක්සත් ජනපදය-ඊශ්‍රායලය ඒකාබද්ධව අත්පත් කර ගැනීමත්, ඇමරිකානු සැපයුම් සමාගම් සහ පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් විසින් මුහුණ හඳුනාගැනීමේ තාක්‍ෂණය හරහා හඳුනාගෙන පූර්ව පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට සාගත මට්ටමේ සලාක බෙදාහැරීමත් සිදුකරනු ඇත.

තිරය ​​පිටුපසින් ට්‍රම්ප් පරිපාලනය, හොලෝකෝස්ට සමූලඝාතනයෙන් [දෙවන ලෝක යුද්ධ සමයේ දී හිට්ලර් ප්‍රමුඛ ෆැසිස්ට්වාදින් සිදුකළ මිලියන් 6 ක යුදෙව් ජන සංහාරය] පසු විශාලතම අධිරාජ්‍යවාදී පිටුබලය සහිත වාර්ගික ශුද්ධ කිරීමේ මෙහෙයුම මෙහෙයවයි. බලහත්කාරයෙන් අවතැන් කරන  මිලියනයකට අධික පලස්තීනුවන් නැව් මගින් හෝ ගොඩබිමෙන් භාර ගැනීම සදහා – එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පෙරලා දැමූ ආන්ඩු සහිත – ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍රයන් සමඟ ධවල මන්දිරය සාකච්ඡා කරමින් සිටී.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර අසූවකට පසුව, නාසි ජර්මනියේ දැවැන්තම අපරාධ – මහා පරිමාන සමූල ඝාතනය, හිතාමතා මහා පරිමාන සාගතය සහ වාර්ගික ශුද්ධ කිරීම – අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ක්‍රියාත්මක කර සාමාන්‍යකරණය කරමින් සිටී. 

එහෙත් හොලෝකෝස්ටයේ සැලසුම්කරුවන් ඔවුන්ගේ අපරාධවල පරිමාණය ජර්මානු ජනගහනයෙන් සහ ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ කළ අතර, ගාසා තීරයේ සමූල ජන ඝාතනය මුළුමනින්ම එළිපිටම දිග හැරෙමින් තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා පලස්තීනය ජනවාර්ගික ශුද්ධ කිරීම සහ ඈඳා ​​ගැනීම තම පරිපාලනයේ මූලෝපායික අරමුණක් ලෙස විවෘතව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ ජන සංහාරය ට්‍රම්ප් සහ නෙතන්යාහු විසින් මෙහෙයවනු ලැබූව, එය සියලු අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආරක්ෂා කර නීත්‍යානුකූල කර ඇති අතර ධනේශ්වර අරාබි පාලන තන්ත්‍රයන් විසින් ඊට පහසුකම් සලසා ඇත.

අධිරාජ්‍යවාදී ආන්ඩු ඊශ්‍රායලයට “තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති” බව ප්‍රකාශ කිරීම මගින් සමූහ මිනීමැරුම් සහ වාර්ගික ශුද්ධ කිරීම් නීත්‍යානුකූල කරයි. යුරෝපය පුරා සෑම ආන්ඩුවක්ම ජන සංහාරයට එරෙහි විරෝධතා වංචනිකව “සෙමිටික් (යුදෙව්)-විරෝධී” ලෙස හෙලා දැක, සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සහ ඊශ්‍රායල රාජ්‍යයේ අපරාධවලට එරෙහිව කතා කරන අයට හිංසා පීඩා කරමින් සිටී.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජර්මනියට ආරාධනා කර ඇති අතර, නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුව කඩ කරන බවට ප්‍රතිඥා දී තිබේ.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ට්‍රම්ප්ගේ සංචාරය ගාසා ජන සංහාරයේ අරාබි පාලන තන්ත්‍රවල හවුල්කාරිත්වය සමස්ත ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත. ගාසා තීරයේ විනාශය වෙනුවෙන් ට්‍රම්ප් ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගණනින් බෝම්බ ලබා දෙද්දී කටාර් රජ පවුල ට්‍රම්ප්ට ඩොලර් මිලියන 400 ක පෞද්ගලික ජම්බෝ ජෙට් යානයක් තෑගි කර තිබේ.

පලස්තීනුවන් සාගතයේ තැබීම හෙළා දකින නාම මාත්‍ර ප්‍රකාශ නිකුත් කළ ද, අරාබි පාලන තන්ත්‍ර ගාසා තීරයේ සමූල ජන සංහාරයට සහ බලහත්කාරයෙන් අවතැන් කිරීමට හවුල්කාරී වේ.

මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් යුද්ධය නම් සිය පොතේ සඳහන් කර ඇති පරිදි , ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු 2023 දී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට පැවසුවේ, “ඊශ්‍රායලය හමාස් පරාජය කළ යුතුය. අපි මෙය ප්‍රසිද්ධියේ නොකියමු, නමුත් අපි හමාස් පරාජයට සහාය දෙමු.” ඊශ්‍රායලය පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් සිටියදී පවා ඔහුගේ පාලනයට අවශ්‍ය වන්නේ ඊශ්‍රායලය සමඟ සාමය පවත්වා ගැනීමට පමණක් බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසි බ්ලින්කන්ට පැවසූ බවත් වුඩ්වර්ඩ් ලිවීය.

“ජාත්‍යන්තර නීතියේ” ආයතන සිදුවෙමින් පවතින සමූල ජන සංහාරය හමුවේ සම්පූර්ණයෙන්ම බංකොලොත් බව ඔප්පු කර ඇත. අඩ සියවසක අධිරාජ්‍යවාදී අනුග්‍රහය ලත් “සාම සැලසුම්”, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සහ ආරක්ෂක මණ්ඩලයේ ගණන් කළ නොහැකි ඡන්ද, ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත බව ඔප්පු වී ඇත.

යෝධ පරිමාණ අපරාධයක් වන ගාසා තීරයේ දිග හැරෙමින් පවතින දෙය අතිශය දුරදිග යන දේශපාලන ඇඟවුම් දරා සිටි. එය අධිරාජ්‍යවාදයේ සහ සියලු “ප්‍රජාතන්ත්‍රවාදී” ධනේශ්වර ආන්ඩුවල අති මූලික ස්වභාවය හෙලිදරව් කරයි. පළමු ලෝක යුද්ධය මධ්‍යයේ 1916 දී ලියන ලද අධිරාජ්‍යවාදය පිලිබඳ ඔහුගේ නොනැසෙන සුළු විග්‍රහයේ දී, ලෙනින් අනතුරු ඇඟවූයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ පැරණි රාජාණ්ඩු ආඥාදායකත්වය අතර වෙනස මැකී යමින් පවතින බවයි. ශතවර්ෂයකට පසුව, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් යැයි කියා ගන්නා නවීන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍ර, සමස්ථ ජනගහණයක් සමූල ඝාතනය කිරීම, යුක්ති සහගත කිරීම, සහාය දීම සහ ඊට අත්පොළසන් දීම පවා කරති.

සමූල ජන ඝාතනය  සාමාන්‍යකරණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීම, කම්කරු පන්තිය දුප්පත් කිරීම  සහ අධිරාජ්‍යවාදී ආන්ඩුවල යුද සැලසුම් වලින් වෙන් කළ නොහැකි සංරචකයකි. වොෂින්ටනයේ සිට බර්ලින්, ලන්ඩන් සහ ටෝකියෝ දක්වා සියලුම අධිරාජ්‍යවාදී අගනගරවල ආන්ඩු සමාජ වැඩසටහන් කප්පාදු කරමින් මිලිටරි වියදම් දැවැන්ත ලෙස පුලුල් කරමින් සිටී.

සෑම අධිරාජ්‍යවාදී ආන්ඩුවකම නායකයින්  – සහ ඔවුන්ගේ මැද පෙරදිග අනුගාමික පාලන තන්ත්‍රයන් – ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සමූල ජන ඝාතනයට සහාය දෙන අතර, ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයක් මෙම අපරාධ වලින් කම්පනයට පත්ව සිටිති. ලොව පුරා ප්‍රධාන නගරවල සහ උප නගරවල- ගණන් කළ නොහැකි දහස් ගණන් යුදෙව්වන් ද ඇතුළු- මිලියන සංඛ්‍යාත ජනයා ගාසා සමූල ජන ඝාතනයට එරෙහි මහජන විරෝධතාවලට සම්බන්ධ වී සිටිති. සමූල ජන ඝාතනයෙන් කෝපයට පත් ලෝක ජනතාව සහ ඔවුන්ගේ ආන්ඩු අතර සමහන් කළ නොහැකි අගාධයක් විවර වී ඇත.

සමූල ජන ඝාතනය ආරම්භයේ සිට මාස දහනවයක් ගත වන විට, යම් මූලික නිගමනවලට එළඹීම අවශ්‍ය වේ. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, අධිරාජ්‍යවාදී බලවතුන්ට හෝ ජාත්‍යන්තර නීති ආයතනවලට ආයාචනා කිරීම හරහා ගාසා සමූල ජන ඝාතනය  නැවැත්විය නොහැක. ගාසා තීරයේ සංහාරය නැවැත්විය හැකි එකම මාර්ගය කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. සමූල ජන ඝාතනයට එරෙහි අරගලය රඳා පවතින්නේ පන්ති අරගලයේ පුළුල් කිරීම සහ කම්කරු පන්තියේ සමාජ, ආර්ථික හා දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීම මත ය.

අධිරාජ්‍යවාදය තම “අවසාන විසඳුම” ගාසා තීරයේ දියත් කරයි Read More »

David North

David North addresses working class at 2025 International Online May Day Rally

Fred- debt
The US federal debt [Photo: Federal Reserve Economic Database]

On Saturday, May 3, the International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) held the annual International Online May Day Rally. The event took place at a critical juncture in international geopolitics, which determines life-and-death questions of the working class—who, in recent weeks and months, have demonstrated growing militancy in their struggles against the capitalist establishment. WSWS posted both the video and text of the opening speech delivered by WSWS International Editorial Board chairman David North today (May 05). We are reposting the video here and we invite the workers, youth, intellectuals and all those who want to defeat austerity,  fascism, dictatorship, genocide, war and social retrogression to seriously study this speech and the other speeches, and resolutely decide to join the international Trotskyist movement and build the ICFI as the only revolutionary leadership of the international working class to fight for world socialism. 




David North addresses working class at 2025 International Online May Day Rally Read More »

Rani

පොදු වරදකාරිත්වය පිළිබඳ මිථ්‍යාව: ‘රාණි’ කලාවේ ස්වරූපයෙන් සත්‍ය විකෘති කිරීමක් ලෙස

සංජය ජයසේකර විසිනි.

මෙය 2025 අප්‍රේල් 13 දින theSocialist.lk හි පලකෙරුණු “The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art” යන ලිපියේ සිංහල පරිවර්තනයයි. 

මාර්තු 28 වැනි දා ඩේලි එෆ්ටී (Daily FT) පුවත්පතේ පළ වූ, “හඳගමගේ රාණි පිළිබඳ මගේ සිතුවිලි” යන ලිපියෙහි1,   කලාකරුවෙක්, පුරාවිද්‍යාඥ‍යෙක් සහ සංස්කෘතික විචාරක‍යෙක් වන ජගත් වීරසිංහ,  අශෝක හඳගමගේ නව චිත්‍රපටය වන රාණි හි කේන්ද්‍රීය ප්‍රතිගාමී ප්‍රවාදය, විස්තීර්ණ, තාර්කික, සහ සුජාත කරයි. මෙම චිත්‍රපටයේ යටි ආඛ්‍යානය, කලාත්මක සියුම් බව සහ සෞන්දර්යාත්මක අර්ථ ව්‍යාකූලබාවයේ වේශයෙන්, ගැඹුරින්ම මතවාදීමය වශයෙන් ඉතිහාස මුසාකරනයට ලක් කිරීමක් නියෝජනය කරයි. මෙම ලිපිය ( විදුර මුණසිංහ විසින් මාර්තු 30 වැනි දින අනිද්දා පුව්ත්‍ පතෙහි2 සිංහල බසින් පරිවර්තනය කොට පල කරන ලද) හරහා අධ්‍යක්ෂවරයාගේ කේන්ද්‍රීය යෝජනාව වීරසිංහ විසින් අනුමත කිරීම, ධනේශ්වර රාජ්‍යයේ අපරාධ සඳහා මතවාදී ක්ෂමාලාපකයින් ලෙස සේවය කරන මධ්‍යම පන්තික බුද්ධිමතුන් සහ ව්‍යාජ වම්මුන් අතර පුලුල් ප්‍රවණතාවයක සංකේතයකි.

Rani
අශෝක හඳගමගේ “රාණි” චිත්‍රපටයේ දර්ශනයක්

වීරසිංහ සහ චිත්‍රපටය ප්‍රවර්ධනය කරන මූලික ප්‍රවාදය නම්, 1988-90 කාලපරිච්ඡේදය තුළ සිදු කරන ලද ම්ලේච්ඡත්වය – බලහත්කාර අතුරුදහන් කිරීම්, රාජ්‍ය ඝාතක කණ්ඩායම්, සමූහ මිනීවල, වධක කඳවුරු සහ නීති විරෝධී ඝාතන මෙන්ම ජනතා විමුක්ති පෙරමුන (JVP)  විසින් සිදු කරන ලද ෆැසිස්ට්වදී ප්‍රචණ්ඩත්වය – නිශ්චිත දේශපාලනය තීරණ, පංති අවශ්‍යතා සහ රාජ්‍ය සහ දේශපාලන පක්ෂ බලය පිළිබඳ සුවිශේෂිත ආයතන වල ප්‍රතිඵල නොවූ බවය. ඒ වෙනුවට ඒවා “ප්‍රචණ්ඩත්වය පද්ධතිමය සහ සාමාන්‍යකරණය වී ඇති” සමාජයක ප්‍රතිඵලයක් විය. වීරසිංහ මෙසේ ලියයි: “දේශපාලන වාසි සහ ආත්ම ලාභය සඳහා” අත්තනෝමතික පාලන තන්ත්‍රයන් ම්ලේච්ඡත්වය පවත්වා ගෙන යෑම මගින්, “බලයේ සිටින්නන් විසින් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරනු ලබනවා පමණක් නොව, සාමාන්‍ය පුරවැසියන් විසින් එය අභ්‍යන්තරීකරණය කර ගත්, පිළිගත් සහ ඊට සහභාගී වන පවා පරිසරයක් නිර්මාණය කරයි. එවැනි වාතාවරණයක් තුළ,  නිහඬතාවය, භීතිය හෝ සදාචාරාත්මක සීමා ක්‍රමිකව හායනය වීම තුලින් සදාචාරාත්මක අවංකකම ඇති අය පවා  හවුල්කාරී  විය හැක.”

මෙම ව්‍යාජ-සමාජ විද්‍යාත්මක ප්‍රකාශය – ප්‍රචණ්ඩත්වය සමාජයේ ව්‍යුහය තුළම කාවැදී ඇති බව සහ  මහජනයා විසින් සාමූහිකව එය ක්‍රියාත්මක කරවන බව – ගැඹුරු ප්‍රතිගාමී නිගමනයකට මග පාදයි: එම කාලපරිච්ඡේදයේ සිදුකළ අපරාධ, කිසිදු පන්ති භේදයකින් තොරව සියලු දෙනා විසින් දරනු ලබන හවුල් සදාචාරාත්මක වරදකි. මුලදී අවට පැතිරි භීෂණයේ නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකු ලෙස නිරූපිත, නමුත් ක්‍රමයෙන් චිත්තවේගීයව හා මානසිකව පැටලෙන, චිත්‍රපටයට නම දුන් ප්‍රධාන චරිතය  වන රාණි සහ ජවිපෙ ෆැසිස්ට්වාදයෙන් සහ රාජ්‍ය මර්දනයෙන්  තම ජීවිතය ගැන  භීතියට පත් කරන ලද අනෙකුත් සෑම අනාරක්ෂිත ග්‍රාමීය මිනිසෙක් හා ගැහැනියක්, කම්කරුවෙක් හා රැකියා විරහිත තරුණයෙක් ම, අපරාධ සඳහා වග කිව යුතු සහ ස්ව-කැමැත්තෙන් සහභාගි වූවන් ලෙස පෙන්නුම් කෙරේ.

මෙම සදෝශීබාවය  සදාචාරාත්මක වී ද, දේශපාලනික වී ද, නැතිනම් ඒ දෙකම වී ද? චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමග පැහැදිලිවම බෙදා හදාගත් ඇඟවුමක් වන සදාචාරාත්මක වරදක් ජනතාවට පැවරීමට වීරසිංහ අදහස් කරන බවට කිසිදු සැකයක් ඉතිරි නොවන අතර, මෙම අශිෂ්ට න්‍යාය දේශපාලන වගවීම දරන්නේ කවුරුන්ද යන්න සොයා යෑම කෙරෙහි (විචාරී) ප්‍රේක්ෂකයා පොලඹවනු ලබයි. දැන් අප අභිමුව ඇති ප්‍රශ්නය නිශ්චිතවම එයයි. චිත්‍රපටය සහ ඒ පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ භක්තිවන්ත ක්ෂමාලාපකයෝ “සාමාන්‍ය” ජනතාව මත වරද පටවති. දේශපාලන වගකීම සදාචාරාත්මක වරදකාරිත්වය පසුපස එයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පීඩිතයන් පීඩකයාට සමාන කර, බලාපොරොත්තු රහිත, අරාජික, ඓතිහාසික හෝ විද්‍යාත්මක පදනමකින් තොර සමාජයක් පිළිබඳ දැක්මක් ඇති කරයි. මෙම ප්‍රවේශය රළු ලෙස අනඓතිහාසික, ධාරණාවාදී සහ අවිද්‍යාත්මක වන අතර, එය නිශ්චිත පන්ති අවශ්‍යතාවක් සඳහා සේවය කරයි.

භීෂණයේ ධනේශ්වර රාජ්‍ය ඒජන්තයින්, එහි දේශපාලන නායකත්වය, මිලිටරි-බුද්ධි යන්ත්‍රය සමග ජවිපෙ නොමග යවන ලද කේඩරය සමාන කර ඇති අතර, මෙම පරස්පර විරෝධී බලවේග “සාමාන්‍ය පුරවැසියන්ගේ” සමජාතීය සමාජයක් ගොඩ නගමින් දුප්පතුන් හා වැඩකරන ජනතාව සමග එකම තලයක තබා ඇත.  ඔවුන් සියල්ලන්ම සදාචාරාත්මකව සහ වගවිභාගයක් නැතිව ම නිශ්චිත හැඩයක් නැති සහ පන්ති විරහිත “අපි” බවට දියවී ඇත. වීරසිංහ සඳහන් කරන චිත්‍රපටයේ අවසාන අතුරු කථාව මෙම යෝජනාව මත පදනම් වී ඇති අතර, තම චිත්‍රපටය නරඹන්නන් විසින්  විකල්ප ආඛ්‍යානය ලෙස කියවමින් ඔවුන් විසින් බැස ගැනීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කල  නිගමනයට, මග පාදයි: රිචඩ් ද සොයිසා ඝාතනය අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ නියෝගය මත සිදු වූවක් නොවේ,  නැතහොත් එය ඔහුගේ හෝ පාලක පන්තියේ අවශ්‍යතාවයන්ට සේවය කළේ නැත. මෙය රාජ්‍යයේ දේශපාලන නායකත්වය කොක්කෙන් (චෝදනා වලින්) ගලවා ගනිමින්, එම යුගයේ සිදු වූ තවත් බොහෝ සැකකටයුතු ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳව අවිනිශ්චිත බවක්  ඇති කරවන ඈවර කිරීමේ යෝජනාවකි.

අවසානයේදී, වීරසිංහ කියා සිටින පරිදි ඊනියා ‘ප්‍රබන්ධය’ මගින් නරඹන්නාට ගැඹුරට කිමිදීමට හැකියාව ලබා දෙන, ‘යටින් පවතින සමාජ හා දේශපාලන යථාර්ථයන් පිළිබඳ වඩාත් පුළුල් හා ස්ථර ගවේෂණය’, කඩා පාත් වන්නේ මෙතැනටය.

එවැනි දේශපාලන රාමුවක් අලුත් දෙයක් නොවේ. එය ධනේශ්වර හා සුලු ධනේශ්වර ඉතිහාස ලේඛනයේ නැවත නැවතත් මතු වී ඇති අතර එහිදී රාජ්‍ය අපරාධ – ජන සංහාර, යුද්ධ, සමූල ජන ඝාතන- සඳහා වගකීම “සමාජය” හෝ “මානව ස්වභාවය” වෙත විතැන් කරනු ලැබේ. එක් ප්‍රමුඛ ඓතිහාසික සාදෘශ්‍යයක් වන්නේ, ඩැනියෙල් ගෝල්ඩ්හාගන් (Daniel Goldhagen) ගේ හිට්ලර්ගේ සහභාගී  අලුගෝසුවෝ: සාමාන්‍ය ජර්මානුවන් සහ හොලෝකෝස්ට්ය  (1996) (Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust (1996) කෘතියයි. හොලෝකෝස්ට්ය ජර්මානු අධිරාජ්‍යවාදයේ සහ නාසි තුන්වන රයික ෆැසිස්ට් රාජ්‍යයේ ඓතිහාසිකව වර්ධනය වූ දේශපාලන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් නොව, ජර්මානු ජනතාව අතර ගැඹුරින් මුල් බැසගත්, නෛසර්ගික යුදෙව් විරෝධීවාදයක ප්‍රතිඵලයක් බව විකාර සහගත ලෙස එය කියා සිටියේය2. මේ අනුව, “සාමාන්‍ය” ජර්මානුවන් මිලියන හයකට අධික යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ ‘අවසාන විසඳුමේ’ කැමැත්තෙන් හවුල්කරුවන් විය. හිට්ලර් මෙම මතවාදයේ අවසාන ක්‍රියාත්මක කරන්නා පමණි. මෙම මාරාන්තික ඉතිහාසය විකෘති කිරීම සාවධානී ඉතිහාසඥයින් විසින් පුලුල් ලෙස අපකීර්තියට පත් කර ඇත්තේ, එහි කාරණාමය සාවද්‍යතාවය නිසා පමණක් නොව, උසුලන ප්‍රතිගාමී දේශපාලන ඇඟවුම් නිසා ය.3

වීරසිංහ ඔහුගේ ප්‍රකාශ සනාථ කිරීම සඳහා කිසිදු සමාජ විද්‍යාත්මක හෝ ඓතිහාසික පර්යේෂණ ඉදිරිපත් නොකරයි – චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර බැරෑරුම් විමර්ශනයක් සිදු නොකළ බව පිළිගන්නා අධ්‍යක්ෂවරයා ද එසේ නොකරයි. කෙසේ වෙතත්, බරපතළ ආනුභවික පදනමක් නොමැති ඇතැම් මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක න්‍යායන් හරහා සමාන තර්ක ජාත්‍යන්තරව ඉදිරිපත් කර ඇත. මේවා අතර ප්‍රධාන වන්නේ ස්ටැන්ලි මිල්ග්‍රම් (Stanley Milgram) සහ පිලිප් සිම්බාඩෝගේ (Philip Zimbardo) අධ්‍යයනයන් වන අතර, ඔවුන්ගේ අධිකාරීත්වයට කීකරු වීම සහ සිරගෙවල් අනුකාරක පරිසරයන් පිළිබඳ අදාළ පර්යේෂණ පුළුල් ලෙස උපුටා දක්වා ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් පද්ධතිමය පීඩනය යටතේ කුරිරු ක්‍රියාවන්ට හවුල් විය හැකි බවට යෝජනා කිරීමටය. අධ්‍යයනයන් දෙකම ක්‍රමවේද අඩුපාඩු, සදාචාරාත්මක උල්ලංඝනයන් සහ ප්‍රතිනිෂ්පාදනය පිළිබඳ ගැටළු සඳහා ධාරිත (නිරන්තර) විවේචනයට ලක්ව ඇත. වඩාත් වැදගත් දෙය නම්, ඔවුන්ගේ ක්ෂණික පර්යේෂණාත්මක සන්දර්භයෙන් වියුක්ත කර, මහජන දේශපාලන ප්‍රචණ්ඩත්වය වැනි සංකීර්ණ සමාජ සංසිද්ධීන් වෙත අවිවේචනාත්මකව යෙදෙන විට, මෙම න්‍යායන් එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක නියතිවාදයක් බවට පරිවර්තනය වේ. ඒවා, ඓතිහාසික සිදුවීම් හැඩගස්වන පන්ති බලවේග සහ දේශපාලන වැඩසටහන් වසං කර, ඒ වෙනුවට දක්ෂිනාංශික ව්‍යාජ විද්‍යාත්මක ආඛ්‍යානයක් වන මානව ස්වභාවයේ නොවැළැක්විය හැකි ප්‍රතිපලයක් වන කුරිරුකම් හෝ විසිරි සමාජ සම්මතයන් හේතු ලෙස ඉදිරිපත් කරමින්, රාජ්‍යය සහ පාලක ප්‍රභූව දේශපාලන වගකීමෙන් නිදහස් කරති.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ මෙම තර්කය විශේෂයෙන් ප්‍රතිගාමී ප්‍රතිවිපාක ඇති කරයි. එය, 1983 දෙමළ ජනයාට එරෙහි සංහාරයට සහ අවසානයේ 2009 මුල්ලිවයික්කාල්හි සිදු වූ ජන සංහාරයට සිංහල බහුතරය සාමූහිකව වගකිව යුතු බවට මතයක් ගෙන එයි. රටේ මධ්‍යම පන්තියේ කොටසක් මෙම මතවාදය දරා සිටී. එය ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) නායක පුබුදු ජයගොඩ විසින් වරක් තියුණු ලෙස ප්‍රකාශ කළේය. ජාතිවාදය සිංහල “සමාජය” තුළ ගැඹුරින් මුල් බැස ඇති බව ඔහු කියා සිටියේ4, සංකීර්ණ දේශපාලන සංසිද්ධීන් ගැටුම්කාරී පන්තිවලින් යුත් සමස්ත ජනවාර්ගික කණ්ඩායම්වල වියුක්ත සදාචාරාත්මක අසාර්ථකත්වයක් බවට ඌනනය කරමිනි5. මෙය විද්‍යාත්මක නොවන සහ ඓතිහාසිකව අසත්‍යයක් පමණක් නොව, ඒකාබද්ධ අරගලය වැළැක්වීම සඳහා කම්කරු පන්තිය වාර්ගික රේඛා මත බෙදීමට ජාතිවාදය ගසාකන ධනේශ්වර රාජ්‍යයේ සහ ස්වෝත්තමවාදී බලවේගවල අත ශක්තිමත් කරයි. 

මාක්ස්වාදය ආරම්භ වන්නේ සදාචාරවාදයෙන් නොව, සමාජ සම්බන්ධතා සහ ඓතිහාසික ක්‍රියාවලීන් පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයෙනි. 1988-90 කාලපරිච්ඡේදය පිළිබඳ ඕනෑම බැරෑරුම් තක්සේරුවක දී ආමන්ත්‍රණය කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්න නම්: ජවිපෙ නායකත්වය දුන් කැරැල්ලට සහ එහි ෆැසිස්ට් ක්‍රම වලට අදාල වෛෂයික හේතු  මොනවාද? මර්දනයට සම්බන්ධ වූ පන්ති බලවේග මොනවාද? මෙම ප්‍රචණ්ඩත්වය නිපදවූ සමාජ අර්බුදය අවුලුවාලීමේදී අධිරාජ්‍යවාදය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද්සහ ශ්‍රී ලංකා ධනේශ්වරයේ භූමිකාව කුමක්ද? සියල්ලටත් වඩා, ජවිපෙට සහ ධනේශ්වර රාජ්‍යයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්විය හැකි විකල්ප විප්ලවවාදී නායකත්වයක් තිබුනේද?

ජවිපෙ නැගිටීම ඉබේ පුපුරා ගිය උමතුවක් හෝ  “ප්‍රචණ්ඩ සංස්කෘතියක” නොවැළැක්විය හැකි නිෂ්පාදනයක් නොවීය. එය මතුවූයේ පශ්චාත්-විජිත ධනේශ්වරයේ අසාර්ථකත්වයේ සහ ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග පන්ති සහයෝගීතා සභාගයකට ඇතුල් වූ 1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පාවාදීම තුල මුල් බැසගත් ගැඹුරු සමාජ අර්බුදයකිනි. මෙම පාවාදීමෙන් ඉක්බිතිව, පාර්ලිමේන්තු වම ගැන කලකිරුණු සහ ජේ.ආර්. ජයවර්ධන තන්ත්‍රයේ ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති මගින් විනාශයට පත් වූ දස දහස් ගනන් ග්‍රාමීය තරුනයෝ ජවිපෙ රැඩිකල් කයිවාරුවලට ඇදී ගියහ.

ජනතා විමුක්ති පෙරමුණ එහි ජනතාවාදී (populist) ඉරියව්ව තිබියදීත්, කිසිවිටෙක මාක්ස්වාදී සංවිධානයක් නොවීය. එය පන්ති අරගලය ප්‍රතික්ෂේප කර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරවාදය ඉවත දැමූ අතර, සුලු ධනේශ්වර ජාතිකවාදය සහ අවදානම්සහගත අත්හදා බැලීමේ (adventurist) ත්‍රස්තය මත විශ්වාසය තැබීය. 1987-89 දී එය කම්කරු පන්තිය සහ මධ්‍යම පන්තිය අඩපණ කළ ඝාතන හා ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වයේ ව්‍යාපාරයක් දියත් කළේය. රාජ්‍යයේ ප්‍රතිචාරය වූයේ කුරිරු මර්දන ව්‍යාපාරයකි. ඝාතක කණ්ඩායම්, බටලන්ද වැනි වධ කඳවුරු සහ රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තය විසින් තරුණ තරුණියන් 60,000කගේ ජීවිත බිලිගත්තේය.

Massacre 1989
1989 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සමූහ ඝාතන සහ දෛනික ජීවිතයේ දර්ශනයක්. ඡායාරූපය: ප්‍රසන්න හෙන්නායක

මෙය සමාජයක සාමාන්‍යකරණය කළ “ප්‍රචණ්ඩත්වයේ දෘෂ්ටිවාදයක්” පිළිබඳ කාරණාවක් නොවේ. එය පුද්ගලික දේපල ආරක්ෂා කිරීමට, කම්කරු පන්තිය බිය ගැන්වීමට සහ ධනේශ්වර පාලනය රැක ගැනීමට ධනේශ්වර රාජ්‍යය විසින් ඉහල සිට ගෙන ගිය පන්ති යුද්ධයකි. මේ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුනේ,  පැරැණි වමේ පාවාදීම් විසින් නිර්මිත දේශපාලන රික්තකය සහ කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් සුලු ධනේශ්වර ජවිපෙ සහ අනෙකුත් ස්ටැලින්වාදී සහ මාඕවාදී සංවිධානවල ග්‍රහණයෙන් දේශපාලනිකව බිඳ දමා විකල්ප මහජන නායකත්වයක් ගොඩනැගීමට  සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) නොහැකි වීමය. 

කෙසේ වෙතත්, ජවිපෙ ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වයට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ විය හැක්කේ සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීමෙන් පමණක් බව අවධාරනය කලේ, කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන විකොස පමනි.  1988 නොවැම්බරයේදී, කම්කරු පන්තියේ ස්වාධීන බලය බලමුලු ගැන්වීම සඳහා,  රාජ්‍ය මර්දනය සහ ජවිපෙ ෆැසිස්ට්වාදය යන දෙකටම  එරෙහිව සටන් කිරීම සදහා  වහාම ගත යුතු ප්‍රායෝගික පියවරක් ලෙස කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුණක් ඉල්ලා සිටියේය. මෙම ප්‍රයත්නයට සහාය දෙනවා වෙනුවට ලසසප, කොමියුනිස්ට් පක්ෂය (කොප), නව සමසමාජ පක්ෂය (නසසප) සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජවිපෙට එරෙහිව ඔවුන්ව සන්නද්ධ කළ යූඑන්පී පාලනයේ භීෂණය සමඟ පෙලගැසී ගත්හ. මෙම පාවාදීම දකුණේ ග්‍රාමීය දුප්පතුන් මත මහජන මර්දනය මුදා හැරීමට සහ දෙමළ ජනතාවට එරෙහිව එහි වර්ගවාදී යුද්ධය දියත් කිරීමට රාජ්‍යයට සහාය විය.

සමකාලීන තාරුණ්‍යය “මෙම ස්ථාපිත රාමුවල කෙළවරටම තල්ලු කිරීමට” උත්සාහ කරන වීරසිංහ වැන්නවුන්ගේ ඓතිහාසික ශේෂ පත්‍රයේ මෙම ගතිකතාවයන් කිසිවක් අන්තර්ගත නැත.

අද, ජවිපෙ/එන්පීපී තම ගැලවුම්කරුවා ලෙස අනුමත කර ඇති පාලක පන්තියේ පලිහක් ලෙස යලිත් වරක් ව්‍යාජ වම ඉස්මතු වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුව සිය පාර්ලිමේන්තු තත්වය භාවිතා කරන්නේ අතීතයේ සිදු වූ යුද අපරාධ හෙළි කිරීමට හෝ නඩු පැවරීමට නොව ඒවා වළ දැමීමට ය. දශක දෙකකට වැඩි කාලයක් දූවිලි කමින් තිබූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම සහ විවාද කිරීම පිළිබඳ එහි සංදර්ශන ජාමූඅ කප්පාදු පියවරයන්ගෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා වූ නරුම අභිනයකි. එන්පීපීය, හමුදාවට, එජාපයට හෝ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට අභියෝග නොකරීම සදහා වෛෂයිකව ස්ථානගතව ඇත. 1988-90 අපරාධ සම්බන්ධයෙන් ඕනෑම සැබෑ ගනන් බැලීමක් රාජ්‍යය පමනක් නොව ජවිපෙ දේශපාලනයම හෙලිදරව් කරනු ඇතැයි එය බිය වේ.

වීරසිංහ වැනි චරිත විසින් ප්‍රවර්ධනය කරන, රාණි තුලින් ඉදිරිපත් කරන ,”පොදු වරද”  ප්‍රවාදය කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ චිත්තවේගීය සංහිඳියාව මත නොව, ඓතිහාසික සත්‍යය සහ දේශපාලන වගවීම මත ය7

ධනේශ්වර රාජ්‍යය තුළ මේ දෙකම කළ නොහැකි ය.  අවසානයේ අධිරාජ්‍යවාදයේ ග්‍රහණය බිඳ දැමීමටත්, ත්‍රස්තවාදයේ උරුමය පෙරලා දැමීමටත්, සූරාකෑමට එරෙහි පොදු අරගලයක පදනම මත පීඩිතයන් – සිංහල, දෙමල සහ මුස්ලිම් – එක්සත් කිරීමටත් කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම ඒ සඳහා අවශ්‍ය වේ.

චිත්‍රපටයේ ප්‍රවාදය සහ එය විස්තීර්ණ කරන වීරසිංහගේ ලිපිය, ඉතිහාසයේ සෞන්දර්යාත්මක දෘෂ්ටිවාදී මුසාකරනයක් මෙන්ම ප්‍රතිගාමී ඓතිහාසික සංශෝධනවාදයක් “විවේචනාත්මක ප්‍රත්‍යවේක්ෂණය (ආවර්ජනය)” යන ඇඳුමින් යලි සන්නාම කිරීමක්  අන්තර්ගත කර ගනී. කලාවේ කාර්යය වන්නේ, එය ප්‍රගතිශීලී වීමට නම්, මෙම සත්‍යයන් වසන් කිරීම නොව ඒවා පැහැදිලි කිරීමයි. මෙම අති මූලික කාර්යයේදී රාණි අසමත් වේ. එය ඉතිහාසය ධාරණවාදයෙන්ද, පන්ති විශ්ලේෂණය ව්‍යාජ විද්‍යාවෙන් ද, විප්ලවවාදී පැහැදිලිකම ප්‍රතිගාමී ව්‍යාකූලත්වයෙන් ද විස්තාපනය කරයි.

  1. My Thoughts on Handagama’s Rani, Jagath Weerasinghe, Daily FT on March 28, 2025. <https://www.ft.lk/columns/My-thoughts-on-Handagama-s-Rani/4-774887> ↩︎
  2. Anidda, February 2, 2025, A discussion with Ashoka Handagama by Upali Amarasinghe, p19. ↩︎
  3.  ‘[A]ntisemitism moved many thousands of “ordinary” Germans—and would have moved millions more, had they been appropriately positioned—to slaughter Jews. Not economic hardship, not the coercive means of a totalitarian state, not social psychological pressure, not invariable psychological propensities, but ideas about Jews that were pervasive in Germany, and had been for decades, induced ordinary Germans to kill unarmed, defenseless Jewish men, women, and children by the thousands, systematically and without pity.’ Daniel Goldhagen, Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust, (New York: Alfred A. Knopf, 1996), p. 9. ↩︎
  4. The Myth of “Ordinary Germans”: A Review of Daniel Goldhagen’s Hitler’s Willing Executioners,  David North (April 1997) in The Russian Revolution and the Unfinished Twentieth Century (2014). <https://www.wsws.org/en/special/library/russian-revolution-unfinished-twentieth-century/15.html> ↩︎
  5. <https://www.facebook.com/reel/3824881814291061?sfnsn=wa&mibextid=6AJuK9> ↩︎
  6. Race, class and social conflict in the United States, Niles Niemuth, SEP Summer School Lecture 2021, <https://www.wsws.org/en/articles/2021/09/06/race-s06.html↩︎
  7. Batalanda Slaughter Chambers and the Mass Graves: The class roots of crimes against the poor and the working class of Sri Lanka, Sanjaya Jayasekera, March 23, 2025, <https://www.thesocialist.lk/batalanda-slaughter-chambers-and-the-mass-graves-the-class-roots-of-crimes-against-the-poor-and-the-working-class-of-sri-lanka/↩︎

පොදු වරදකාරිත්වය පිළිබඳ මිථ්‍යාව: ‘රාණි’ කලාවේ ස්වරූපයෙන් සත්‍ය විකෘති කිරීමක් ලෙස Read More »

Rani

The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art

By Sanjaya Jayasekera.

In “My Thoughts on Handagama’s Rani,” published in Daily FT on March 281, Jagath Weerasinghe—artist, archaeologist, and cultural commentator—extends, rationalises, and legitimises the central reactionary thesis of Asoka Handagama’s recent film Rani. This is a film whose underlying narrative, presented in the guise of artistic subtlety and aesthetic ambiguity, represents a deeply ideological falsification of history. Weerasinghe’s endorsement of the director’s central proposition2—reproduced in Sinhala translation in Anidda on March 30 by Vidura Munasinghe—is emblematic of a broader trend among the middle-class intelligentsia and the pseudo-left, who serve as ideological apologists for the crimes of the capitalist state.

Rani
A scene in the film “Rani” by Asoka Handagama

The core thesis promoted by both Weerasinghe and the film is that the atrocities carried out during the 1988–90 period—enforced disappearances, state death squads, mass graves, torture camps, and extrajudicial killings, as well as the fascistic violence perpetrated by the Janatha Vimukthi Peramuna (JVP)—were not the products of concrete political decisions, class interests, and specific agencies of state and party power. Instead, they were the result of a society in which “violence had become systemic and normalised.” Weerasinghe writes: authoritarian regimes perpetuate brutality “for political gain and self-preservation, creating an environment where violence is not only carried out by those in power but is also internalised, accepted, and even participated in by ordinary citizens. In such a climate, even those with moral integrity can find themselves complicit—whether through silence, fear, or the gradual erosion of ethical boundaries.”

This pseudo-sociological claim—that violence was embedded in the very fabric of society and was collectively enacted by the masses—leads to a profoundly reactionary conclusion: that there is a shared moral guilt for the crimes of the period, borne by everyone, without any class distinction. Rani—the eponymous protagonist, who is portrayed as initially a passive observer of the surrounding terror but who gradually becomes emotionally and psychologically implicated—and every other defenseless rural man and woman, the worker, the unemployed youth, who were terrorized for their lives both by the fascism of the JVP and by state repression, are depicted as responsible for and willing participants in the atrocities.

Was this culpability moral, political, or both? While Weerasinghe leaves no doubt that he intends to assign moral culpability to the masses—an implication clearly shared by the director—this vulgar theory leaves the spectator wondering who bears political accountability. That is precisely the issue at hand. The film and its director’s apologetics place the blame on the “ordinary” masses. Political responsibility follows moral culpability. Consequently, the oppressed are identified with the oppressor, giving rise to a vision of a society that is hopeless, anarchic, and devoid of historical or scientific grounding. This approach is crudely ahistorical, impressionistic, and unscientific—and it serves a definite class interest.

The capitalist state agents of terror, its political leadership, the military-intelligence apparatus, and the misdirected cadre of the JVP are equated, and these contradictory forces are placed on the same grounds as the poor and the working people, constituting a homogeneous society of “ordinary citizens.” They are all morally and indiscriminately dissolved into an amorphous, classless “we.” The final anecdote of the film, which Weerasinghe refers to, is founded upon this proposition and leads to the conclusion that the director wanted the viewers of his film to read into as the alternative narrative: the killing of Richard de Soysa was not necessarily ordered by President R. Premadasa, nor did it serve the interests of the latter or the ruling class. This is a liquidationist proposition that casts doubt upon many other suspected assassinations and abductions of the period, getting the political leadership of the state off the hook. In conclusion, this is where the “broader and more layered exploration of the underlying social and political realities,” which Weerasinghe claims the purported “fiction” allows its viewer to delve into, lands.

Such a political framework is not new. It has appeared time-to-time in bourgeois and petty-bourgeois historiography, where the responsibility for state crimes—pogroms, wars, genocides—is shifted onto “society” or “human nature.” One prominent historical analogue is Daniel Goldhagen’s Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust (1996), which absurdly claimed that the Holocaust was not the outcome of a historically developed political program of German imperialism and the fascist state of the Nazi Third Reich, but the result of a deep-seated, inherent antisemitism among the German people3. Thus, the “ordinary” Germans were willing accomplices in the Final Solution, the extermination of over six million Jews. Hitler was only the final executioner of this ideology. This deadly distortion of history has been widely discredited by serious historians, not only for its factual inaccuracy, but for the reactionary political implications it carries4.

Weerasinghe offers no sociological or historical research to substantiate his claims—nor does the director, who admits to conducting little serious investigation prior to the making of the film. However, similar arguments have been advanced internationally through certain psychological and sociological theories that lack rigorous empirical grounding. Chief among these are the studies of Stanley Milgram and Philip Zimbardo, whose respective experiments on obedience to authority and simulated prison environments have been widely cited to suggest that ordinary individuals can become complicit in acts of cruelty under systemic pressure. Both studies have come under sustained criticism for methodological shortcomings, ethical violations, and issues of reproducibility. More importantly, when abstracted from their immediate experimental context and applied uncritically to complex social phenomena like mass political violence, these theories devolve into a kind of psychological determinism. They obscure the class forces and political programs that shape historical events and instead offer a right-wing, pseudo-scientific narrative in which atrocities are the inevitable result of human nature or diffuse social norms—thereby absolving the state and the ruling elite of political responsibility.

In the Sri Lankan context, this argument has especially reactionary consequences. It leads to the notion that the Sinhalese majority are collectively responsible for the 1983 pogrom against Tamils, and ultimately, for the genocide in Mullivaikkal in 2009. A section of the middle class of the country harbours this ideology, which was once starkly expressed by Pubudu Jayagoda, a leader of the pseudo-left Frontline Socialist Party (FSP), who claimed that racism is deeply ingrained in the Sinhalese “society”5, reducing complex political phenomena to abstract moral failures of entire ethnic groups of conflicting classes6. This is not only unscientific and historically false, but it plays directly into the hands of the capitalist state and chauvinist forces, who exploit communalism to divide the working class on racialist lines to prevent unified struggle.

Marxism begins not with moralism, but with the concrete analysis of social relations and historical processes. The essential questions that must be addressed in any serious assessment of the 1988–90 period are the following: What were the objective causes of the JVP-led insurrection and its fascistic methods? What class forces were involved in the repression? What was the role of imperialism, the IMF, and the Sri Lankan bourgeoisie in creating the social crisis that produced this violence? And above all, was there an alternative revolutionary leadership that could have mobilized the working class against both the JVP and the capitalist state?

The JVP uprising was not a spontaneous eruption of madness, nor was it the inevitable product of a culture of violence. It emerged from a deep social crisis rooted in the failure of the post-colonial bourgeoisie and the betrayal of the Lanka Sama Samaja Party (LSSP) in 1964, which had entered into a class collaborationist coalition with the bourgeois Sri Lanka Freedom Party (SLFP). In the aftermath of this betrayal, tens of thousands of rural youth—disillusioned by the parliamentary left and devastated by the economic liberalization policies of the J. R. Jayewardene regime—were drawn to the radical rhetoric of the JVP.

The JVP, despite its populist posture, was never a Marxist organization. It rejected the class struggle, dismissed the internationalism of the Fourth International, and relied on petty-bourgeois nationalism and adventurist terror. In 1987–89, it launched a campaign of assassinations and fascistic violence that paralyzed the working class and the middle class. The response of the state was a campaign of ruthless repression. Death squads, torture camps such as Batalanda, and state-sponsored terror claimed the lives of an estimated 60,000 youth.

Massacre 1989
A scene of mass killings and daily-life in rural Sri Lanka in September 1989. Photo by Prasanna Hennayake

This was not a case of generalized ”ideology of violence” within society. It was class warfare, waged from above by the capitalist state to defend private property, intimidate the working class, and preserve bourgeois rule. It was facilitated by the political vacuum created by the betrayals of the old left and the inability of the Revolutionary Communist League (RCL), the predecessor of the Socialist Equality Party (SEP), to politically break the working class and the rural poor from the grip of the petty-bourgeois JVP and other Stalinist and Maoist organizations in time to develop an alternative mass leadership.

However, it was only the RCL, the Sri Lankan section of the International Committee of the Fourth International (ICFI), the world party of the working class, which alone insisted that the fascist violence of the JVP and the state terror could only be opposed by the independent political mobilization of the working class on a socialist and internationalist program. In November 1988, in order to mobilize the independent power of the working class, it called for a united front of working-class organizations to fight both state repression and JVP fascism, as an immediate practical measure. Instead of supporting this effort, the LSSP, the Communist Party (CP), Nawa Sama Samaja Party (NSSP), and Ceylon Workers’ Congress (CWC) aligned themselves with the terror of the UNP regime, which armed them against the JVP. This betrayal aided the state in unleashing mass repression on the rural poor of the South and launching its racist war against the oppressed Tamil people.

None of these dynamics are on the historical balance sheet of those who seek to “push” the contemporary youth “to the very edges of these established frameworks.”

Today, the pseudo-left has once again emerged as a shield for the ruling class, which has endorsed the JVP/NPP as its saviour. The JVP-led NPP is using its parliamentary position not to uncover or prosecute the war crimes of the past, but to bury them. Its recent tabling and debating of the Batalanda Commission report—gathering dust for over two decades—is a cynical gesture meant to divert public attention from IMF austerity measures. The NPP is objectively poised not to challenge the military, nor the UNP, nor the interests of imperialism. It fears that any real reckoning with the crimes of 1988–90 will expose not only the state, but the politics of the JVP itself.

The working class and rural poor must reject the “common guilt” thesis advanced in Rani and promoted by figures like Weerasinghe. They must demand justice based not on emotional reconciliation, but on historical truth and political accountability7.

Neither of these are possible within the capitalist state. It requires the building of a revolutionary socialist movement of the working class to finally break the grip of imperialism, overturn the legacy of terror, and unify the oppressed—Sinhala, Tamil, and Muslim—on the basis of a common struggle against exploitation.

The film’s thesis, and Weerasinghe’s article by extension, constitute an aestheticized historical falsification, a rebranding of a reactionary historical revisionism in the garb of “critical reflection.” The function of art, if it is to be progressive, is not to obscure these truths but to clarify them. Rani fails in this most fundamental task. It replaces history with impressionism, class analysis with pseudo-science, and revolutionary clarity with reactionary confusion.

  1. My Thoughts on Handagama’s Rani, Jagath Weerasinghe, Daily FT on March 28, 2025. <https://www.ft.lk/columns/My-thoughts-on-Handagama-s-Rani/4-774887>
    ↩︎
  2. Anidda, February 2, 2025, A discussion with Ashoka Handagama by Upali Amarasinghe, p19.
    ↩︎
  3.  ‘[A]ntisemitism moved many thousands of “ordinary” Germans—and would have moved millions more, had they been appropriately positioned—to slaughter Jews. Not economic hardship, not the coercive means of a totalitarian state, not social psychological pressure, not invariable psychological propensities, but ideas about Jews that were pervasive in Germany, and had been for decades, induced ordinary Germans to kill unarmed, defenseless Jewish men, women, and children by the thousands, systematically and without pity.’ Daniel Goldhagen, Hitler’s Willing Executioners: Ordinary Germans and the Holocaust, (New York: Alfred A. Knopf, 1996), p. 9.
    ↩︎
  4. The Myth of “Ordinary Germans”: A Review of Daniel Goldhagen’s Hitler’s Willing Executioners,  David North (April 1997) in The Russian Revolution and the Unfinished Twentieth Century (2014). <https://www.wsws.org/en/special/library/russian-revolution-unfinished-twentieth-century/15.html
    ↩︎
  5. <https://www.facebook.com/reel/3824881814291061?sfnsn=wa&mibextid=6AJuK9> ↩︎
  6. Race, class and social conflict in the United States, Niles Niemuth, SEP Summer School Lecture 2021, <https://www.wsws.org/en/articles/2021/09/06/race-s06.html
    ↩︎
  7. Batalanda Slaughter Chambers and the Mass Graves: The class roots of crimes against the poor and the working class of Sri Lanka, Sanjaya Jayasekera, March 23, 2025, <https://www.thesocialist.lk/batalanda-slaughter-chambers-and-the-mass-graves-the-class-roots-of-crimes-against-the-poor-and-the-working-class-of-sri-lanka/


    ↩︎

The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art Read More »

Trotsky

බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම (RLF) වන  ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) හි දේශපාලන කමිටුව විසිනි.

විප්ලවවාදී නායකත්වයේ ඓතිහාසික අර්බුදය

1930 ගනන් වලින් පසු ලෝක ධනවාදයේ ගැඹුරුම අර්බුදය මගින් 21 වන සියවස හි ආරම්භක දශකයන්  නිර්වචනය කෙරේ. ආර්ථිකය එකතැන පල්වීම, දේශපාලන අස්ථාවරත්වය සහ මහජන අතෘප්තියට මුහුන දෙන පාලක පන්තිය යලිත් වරක් මිලිටරිවාදය, රාජ්‍ය මර්දනය සහ ෆැසිස්ට්වාදී අධිකාරීවාදය වෙත හැරෙමින් තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මුදුනෙහි සිට, එක්සත් ජනපදය චීනය සමග ව්‍යසනකාරී ගැටුමකට සූදානම් වෙමින් සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට පිටුබලය දෙමින් යුක්රේනයේ රුසියාවට එරෙහි එහි ප්‍රොක්සි යුද්ධය තීව්‍ර කරමින් සිටී. දකුනු ආසියාවේ ද ඇතුලු ජාතික ධනේශ්වරයන්, ගෝලීය ධනවාදයේ අර්බුදය ගැඹුරු කරමින් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ජීවන කොන්දේසි මත ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇත.

Trotsky
ලියොන් ට්‍රොට්ස්කි

නමුත්, අහිමිව පවතින්නේ කුමක්ද? ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි පරිණත වී ඇත. එක්සත් ජනපදයේ හා යුරෝපයේ මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනවල සිට ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා සහ ඊශ්‍රායල යුද අපරාධවලට එරෙහි ගෝලීය විරෝධය දක්වා – මහජන ව්‍යාපාර පුපුරා ගොස් ඇත. කෙසේ වෙතත්, සංක්‍රමණ වැඩපිළිවෙල (1938) හි, ට්‍රොට්ස්කි ලියූ පරිදි, “සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය, ප්‍රධාන වශයෙන් නිර්ධන පංතියේ නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින්  සංලක්ෂිත වේ.” අත්‍යවශ්‍ය ප්‍රශ්නය වන්නේ අධිරාජ්‍යවාදයට, ජාතික ස්වෝත්තමවාදයට සහ ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහි අරගලයේදී කම්කරු පන්තියට මග පෙන්විය හැකි විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙම නායකත්වය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් (හජාජාක/ICFI) මූර්තිමත් වේ. අද ට්‍රොට්ස්කිවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයට, විප්ලවවාදී මාක්ස්වාදයේ ඓතිහාසික හා න්‍යායික අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ වර්ධනය කරන එකම ව්‍යාපාරය වන ජාත්‍යන්තර කමිටුවෙන් පිටත, අර්ථයක් නැත.

මාක්ස්වාදය සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය: වැඩපිළිවෙල පිලිබද ප්‍රශ්නයක්

සමාජවාදී ජාත්‍යන්තරවාදය යනු යුතෝපියානු පරමාදර්ෂයක් නොව ධනේශ්වර නිෂ්පාදනයේ ස්වභාවයෙන්ම පැන නගින වෛෂයික අවශ්‍යතාවයකි.  කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට් ප්‍රකාශනය (1848) තුල “කම්කරුවන්ට රටක් නැත” ලෙස මෙම මූලධර්මය ස්ථාපිත කළහ. ගෝලීයකරණය වූ ආර්ථිකයක් වර්ධනය කිරීම මගින් ධනේශ්වර ක්‍රමය ජාත්‍යන්තර කම්කරු පන්තියක් නිර්මානය කර ඇති අතර, ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගත හැක්කේ ලෝක පරිමාණයෙන් ධනවාදය පෙරලා දැමීමෙන් පමනි.

මෙම මූලික මූලධර්මය එහි ඉහලම ප්‍රකාශනය අත්කර ගත්තේ 1917 ඔක්තොම්බර් බොල්ෂෙවික් විප්ලවය තුලිනි. ලෙනින් සහ ට්‍රොට්ස්කි ඔවුන්ගේ මූලෝපාය පදනම් කලේ සමාජවාදය තනි රටක් තුල ගොඩනැගිය නොහැක යන අවබෝධය මතය. 1919 දී තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් අදහස් කෙරුනේ විප්ලවවාදී නිර්ධන පංතියට ලෝක සමාජවාදී විප්ලවය සම්බන්ධීකරණය කිරීම සඳහා සංවිධානාත්මක මධ්‍යස්ථානයක් සැපයීමයි.

කෙසේ වෙතත්, අවවාදාත්මක සටහනක් ලෙස, “කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් වැඩපිළිෙවල – මූලධර්ම පිලිබද විවේචනයක්” හි ට්‍රොට්ස්කි, පහත දැක්වෙන පරිදි සමාජවාදී විප්ලවය එකවර සමගාමීව ආරම්භ කළ යුතුය යන අදහස ප්‍රතික්ෂේප කරමින් ඔහුගේම පැහැදිලි කිරීමක් සඳහන් කළේය.

“එකම රටක්වත් තම අරගලයේ දී අනෙක් රටවල් එනතුරු ‘බලා සිටිය’ යුතු නැත. සමාන්තර ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් වෙනුවට කල්බැලීමේ ජාත්‍යන්තර අක්‍රියතාවයක් ආදේශ නොකෙරෙන පරිදි මෙම මූලික අදහස පුනරුච්චාරණය කිරීම ප්‍රයෝජනවත් සහ අවශ්‍ය වනු ඇත. අනෙක් ඒවා කරන තෙක් බලා නොසිට, අපගේ මුලපිරීම මගින් උත්තේජනයක් ලබා දෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතිව ජාතික පදනමින් අරගලය ආරම්භ කිරීම හා නොකඩවා කර ගෙන යාම කල යුතුය. (ට්‍රොට්ස්කි, ‘සාම වැඩසටහන’ Works  වෙළුම III, 1 කොටස, 89-90 පිටු, රුසියානු සංස්කරණය.)

ස්ටාලින් යටතේ සෝවියට් සංගමයේ පරිහානිය සහ “එක් රටක සමාජවාදය” යන ජාතික-ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිගාමී න්‍යාය අනුගමනය කිරීම, ජර්මනියේ (1923), චීනයේ (1927), ස්පාඤ්ඤයේ (1936-39) සහ වෙනත් තැන්වල විප්ලවවාදී ව්‍යාපාර පාවා දීමට හේතු විය. ස්ටැලින්වාදී ප්‍රති-විප්ලවය, ධනේශ්වර ජාතික අවශ්‍යතාවලට කම්කරු පන්තිය ක්‍රමානුකූලව යටත් කළ කොමින්ටර්න්යේ නිලධාරීමය යාන්ත්‍රණයන් බිහි කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රොට්ස්කි සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ධජය රැක ගැනීමට සටන් කළේය. ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහා 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවන ලදී. ධනවාදයේ මරලතෝණිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (1938) හි, ට්‍රොට්ස්කි මෙසේ ලිවීය.

“ඊලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී ම සමාජවාදී විප්ලවයකින් තොර වීම, මහ ව්‍යසනයක් සමස්ත මානව වර්ගයාටම තර්ජනය කරයි. දැන් වාරය ඇත්තේ කම්කරු පන්තිය වෙතයි, ප්‍රධාන වශයෙන් එහි විප්ලවවාදී පෙරටුගාමීන්ටයි.”

ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආරක්ෂාව

1940 දී ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසුව, නායකත්වයේ අර්බුදය ගැඹුරු විය. හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදී සංශෝධනවාදීන් 1950 ගනන් මුලදී මතුවූයේ, විප්ලවවාදී භූමිකාවක් ඉටුකිරීමට ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට බලපෑම් කල හැකි බවට තර්ක කරමිනි. මෙම දියකර දැමීමේ ඉදිරිදර්ශනයට ජේම්ස් පී. කැනන් ඇතුලු එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායකයින් සහ ජෙරී හීලි විසින් නායකත්වය දුන් බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් තීරනාත්මක ලෙස විරුද්ධ විය. 1953 කැනන් විසින් ලියන ලද විවෘත ලිපිය සහ පසුව පැබ්ලෝවාදය සමඟ ඇති වූ භේදය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමට හේතු විය.

Cannon
ජේම්ස් පී. කැනන්

අධිරාජ්‍යවාදයේ ගෝලීය ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරව කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහාද, බොල්ෂෙවික් උරුමය ආරක්ෂා කිරීම සඳහාද, ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදයට සහ සියලු ආකාර අවස්ථාවාදයට1 එරෙහිව ස්ථීරසාර අරගලයක් ගෙන ගියේය. 

අපි රකිනා උරුමය (1988) හි ඩේවිඩ් නෝර්ත් මෙසේ ලියා ඇත:

“පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හජජාක ගෙනගිය අරගලය එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අයිතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කළේය.”

කම්කරු පන්තියේ ජාත්‍යන්තර පක්ෂය ආරක්ෂා කිරීම සඳහා වූ මෙම ප්‍රතිපත්තිගරුක සටනේ ප්‍රතිඵලයක් ලෙස, හීලි යටතේ බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගයක් බවට පත්විය. කෙසේ වෙතත්, 1970 දශකයේ අගභාගයේ සහ 1980 දශකයේ මුල් භාගය වන විට, අවස්ථාවාදී පීඩනයන් කවිපයේ නිලධාරිවාදී පරිහානියට හේතු වූ අතර, මෙම ක්‍රියාවලිය ඩේවිඩ් නෝර්ත් සහ වර්කර්ස් ලීගයේ (එක්සත් ජනපද) නායකත්වය විසින් හෙළිදරව් කරන ලදී. හීලිගේ සංවිධානාත්මක ක්‍රම සහ දේශපාලන අපගමනයන් පිළිබඳ නෝර්ත්ගේ විවේචනය, ජාත්‍යන්තර කමිටුව තුළ මාක්ස්වාදී මූලධර්ම නැවත තහවුරු කිරීමේදී මූලික විය.

Heritage
අප රක්නා උරුමය, ඩේවිඩ් නෝත්

අවස්ථාවාදයෙන් නියත බිඳීමක් සිදු වූයේ 1985-86 දී, ජාත්‍යන්තර කමිටුව විසින් කවිප නායකත්වය නෙරපා හැරීමත් සමඟ ය. නෝර්ත්, 1982-86 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භේදයේ දේශපාලන මූලාරම්භය සහ ප්‍රතිවිපාක (2019 අගෝස්තු 03) හි පහත පරිදි ලිවීය:

“වසර 40කට ආසන්න කාලයක් ආපසු හැරී බැලීමේ වාසිය ඇතිව, 1985 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුවෙන් WRP අත්හිටුවීම සහ 1986 පෙබරවාරි මාසයේ දී සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමෙන් අවසන් වූ මෙම විවේචනය [WRP විසින් අනුගමනය කරන ලද මාවත පිළිබඳව වර්කර්ස් ලීගය විසින් කරන ලද] මගින් ආරම්භ කරන ලද ගැටුම, ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් බව අපට හඳුනාගත හැකිය. හතරවන ජාත්‍යන්තරයේ පැවැත්මම අවදානමට ලක්ව තිබුණි. ජාත්‍යන්තර කමිටුව හැර, ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය පැබ්ලෝවාදීන් විසින් දේශපාලනිකව දියකර හරින ලදී. පැබ්ලෝවාදීන්ට සංවිධානාත්මක පාලනය ස්ථාපිත කිරීමට හැකි වූ සියලුම රටවල, ඔවුන් ට්‍රොට්ස්කිවාදී සංවිධාන ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානවල දේශපාලන සහායක කොටස් බවට පත් කිරීමෙන් විනාශ කර තිබුණි. 1985 වන විට, ඒ වන විට පැබ්ලෝවාදයට යටත් වී සිටි කම්කරු විප්ලවවාදී පක්ෂය, එම විනාශකාරී මෙහෙයුම සම්පූර්ණ කිරීමට ආසන්නව සිටියේය.”2

හතරවන ජාත්‍යන්තරයේ උරුමයේ අඛණ්ඩතාව සඳහා ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද නොනවතින අරගලය ගැන සඳහන් කරමින්, නෝර්ත් තවදුරටත් මෙසේ පැහැදිලි කරයි3:

“මේ සියලු කාර්යයන්හිදී, අපගේ උත්සාහයන්ට මඟ පෙන්වූ මූලික දේශපාලන මූලධර්මය වූයේ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයයි. ජාතික උපක්‍රමවලට වඩා ලෝක උපාය මාර්ගයේ ප්‍රමුඛතාවය අපි අවධාරනය කළ අතර, ජාතික ක්ෂේත්‍රය තුළ පැන නගින ගැටළු වලට සුදුසු ප්‍රතිචාරය ලබා ගත හැක්කේ ගෝලීය ක්‍රියාවලීන් විශ්ලේෂණය කිරීමේ පදනම මත පමණක් බව අපි අවධාරනය කළෙමු. මෙම පදනම මත, හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය තුළ නොතිබූ ජාත්‍යන්තර සහයෝගීතා මට්ටමක් වර්ධනය කිරීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. ඇත්ත වශයෙන්ම, “සහයෝගීතාවය” යන වචනය WRP ජාතිකවාදී පලායන්නන් සමඟ භේදයෙන් පසුව වර්ධනය වූ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා අතර අන්තර්ක්‍රියාවේ ස්වභාවය ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොකරයි.”4

මෙයින් නිශ්චිතවම පෙන්නුම් කළේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය තුල ඔවුන් බලමුලු ගැන්වීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා අතර වැඩපිලිවෙලේ සහ සංවිධානාත්මක සබඳතාවලින් පිටත අද කම්කරු පන්තියේ ජාත්‍යන්තර “සහයෝගීතාවයට” කිසිදු අර්ථයක් නොමැති බවයි.

අද දින සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආකෘතිය සහ අන්තර්ගතය

21 වන සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදය අන්තර් සම්බන්ධිත ක්‍රියාවලි තුනකින් අර්ථ දැක්වේ:

  1. අධිරාජ්‍යවාදී යුද්ධය සහ මිලිටරිවාදය: චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම සහ යුක්රේනයේ රුසියාවට එරෙහි නේටෝ යුද්ධය, ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියේ පෙර නොවූ විරූ ඓතිහාසික අර්බුදයකින් පැන නගින, මූල්‍ය කතිපයාධිකාරය විසින් ගෝලීය ආධිපත්‍යය සඳහා වන පුලුල් මූලෝපායක කොටසකි. ගාසා තීරයට එල්ල වූ ජන සංහාරක ප්‍රහාරය අධිරාජ්‍යවාදී යුද්ධයේ අනිවාර්ය කොටසකි. 
  2. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය: එක්සත් ජනපදයේ ට්‍රම්ප්වාදයේ සිට ඉන්දියාවේ හින්දුත්වා දක්වා ගෝලීය වශයෙන් ෆැසිස්ට් ව්‍යාපාරවල නැගීම, මහජන විරෝධය තලා දැමීම සඳහා පාලක පන්තිය අධිකාරීවාදය වෙත හැරීමේ කොටසකි. දකුනු ආසියාවේ ද ඇතුලු ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී” පාලන තන්ත්‍රයන් විසින්ම කප්පාදු හා මිලිටරි-පොලිස් පාලනය පැනවීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බිඳ දමමින් සිටිති.

  3. පන්ති අරගලයේ ගෝලීයකරණය: කම්කරු පන්තිය ධනවාදයට එරෙහි අරගලයට අවතීර්ණ වෙමින් සිටී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ප්‍රංශය, එක්සත් ජනපදය සහ ඉන් ඔබ්බෙහි මහා වැඩවර්ජන, මහජන විරෝධතා සහ කම්කරුවන්ගේ නැගිටීම් ජාත්‍යන්තර නිර්ධන පන්තියේ ගැඹුරු වන රැඩිකල්කරණය හඟවයි. කෙසේ වෙතත්, විප්ලවවාදී නායකත්වයකින් තොරව මෙම ව්‍යාපාර, ව්‍යාජ වාම බලවේග විසින් යටපත් කර ගැනුම, නොමග යවනු ලැබීම  හා පාවා දෙනු ලැබීම විය හැකිය.

මෙම සන්දර්භය තුළ, ගෝලීය පරිමානයේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන එකම මාක්ස්වාදී සංවිධානය වන්නේ ජාත්‍යන්තර කමිටුවයි. අද දින සමාජවාදී ජාත්‍යන්තරවාදය ගත යුතු එකම සුජාත රූපය එයයි. හතරවන ජාත්‍යන්තරය වෙනුවට, ස්වයංසිද්ධ ව්‍යාපාර, ස්ටැලින්වාදී පක්ෂ හෝ ජාතිකවාදී සැකසුම් ආදේශ කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම දේශපාලන ව්‍යසනයට මග පාදයි.

මාක්ස්වාදී න්‍යාය තුල අන්තර්ගතය සහ ආකෘතියේ අපෝහකය

අන්තර්ගතය සහ ආකෘතිය (රූපය) අතර සම්බන්ධය මාක්ස්වාදී දර්ශනය, සෞන්දර්යය සහ දේශපාලන ආර්ථිකයේ ප්‍රධාන අපෝහක ගැටලුවකි. මාක්ස්වාදී අපෝහක ක්‍රමය අවධාරනය කරන්නේ අන්තර්ගතය සහ ආකෘතිය එකිනෙකට සම්බන්ධ වන අතර දෙකට බෙදීමට සීමා කර යාන්ත්‍රිකව වෙන් කළ නොහැකි බවයි. ඓතිහාසික භෞතිකවාදය, පන්ති අරගලය සහ විප්ලවවාදී මූලෝපාය අවබෝධ කර ගැනීමේදී මෙම අපෝහකය තීරණාත්මක වේ.

ඓතිහාසික භෞතිකවාදය තුල අන්තර්ගතය සහ ආකෘතිය:

මාක්ස් සහ එංගල්ස් අන්තර්ගතය සහ ආකෘතිය අතර අපෝහක සම්බන්ධතාවය මත පදනම්ව ඉතිහාසය  පිළිබඳ භෞතිකවාදී සංකල්පය (ඓතිහාසික භෞතිකවාදය) වර්ධනය කළහ. ‌දෙන ලද  සමාජයක අන්තර්ගතය තීරණය වන්නේ එහි නිෂ්පාදන මාදිලිය – නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතා – මත බවත්, එහි ආකෘතිය, උපරි ව්‍යුහය (දේශපාලන, නෛතික සහ දෘෂ්ටිවාදාත්මක ආයතන) හරහා ප්‍රකාශ කරන බවත් මාක්ස් පැහැදිලි කළේය.

දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනයට දායකත්වයක් (1859) [A Contribution to the Critique of Political Economy (1859)] , හි පූර්විකාවේ මාක්ස් මෙසේ ප්‍රකාශ කරයි.

“මෙම නිෂ්පාදන සම්බන්ධතාවල සමස්ථයෙන් සමාජයේ සැබෑ පදනම වන ආර්ථික ව්‍යුහය සමන්විත වන අතර, ඒ මත නෛතික හා දේශපාලන උපරි ව්‍යුහයක් පැන නැගීමද, ඊට අනුව  සමාජ විඥානයේ නිශ්චිත ආකාරයන් අනුරූප වීමද සිදුවේ.”

මෙහිදී, අන්තර්ගතය (ආර්ථික පදනම) ආකෘතිය (උපරි ව්‍යුහය) තීරණය කරයි, නමුත් මෙම සම්බන්ධතාවය අපෝහක වේ –  කාලයත් සමඟ ශක්තිමත් කරමින් හෝ වෙනස් කරමින්, ආකෘතියට අන්තර්ගතය මත ප්‍රතික්‍රියා කළ හැකිය.

අපෝහක භෞතිකවාදය තුල අන්තර්ගතය සහ ආකෘතිය: 

මාක්ස් සහ එංගල්ස් විසින් හේගලියානු දර්ශනයෙන් වර්ධනය කරන ලද අපෝහකය, අන්තර්ගතය සහ ආකෘතිය දකින්නේ ප්‍රතිවිරුද්ධයන්ගේ එකමුතුවක් ලෙස ය. අන්තර්ගතය යනු සංසිද්ධියක අභ්‍යන්තර සාරය හෝ හරය වන අතර ආකෘතිය එහි බාහිර ප්‍රකාශනය වේ. කෙසේ වෙතත්, මෙය ස්ථිතික සම්බන්ධතාවයක් නොවේ – සමහර විට පරස්පර ව, අන්තර්ගතය සහ ආකෘතිය ගතිකව අන්තර්ක්‍රියා කරයි.

විද්‍යාත්මක හා සමාජ සංසිද්ධි තුලදී, අන්තර්ගතය එහි පැරණි ආකෘතිය අභිබවා වර්ධනය වී ගොස්, විප්ලවීය වෙනස්කම්වලට තුඩු දෙමින්  ප්‍රමාණාත්මක බවින් ගුණාත්මක බවට  පරිවර්තනයන්  සිදු වන ආකාරය,  ස්වභාවධර්මයේ අපෝහකය තුළ සහ ඩූරිං විරෝධය තුල එංගල්ස් සාකච්ඡා කරයි.

ලෙනින් සිය දාර්ශනික සටහන් පොත් වල, මෙම අපෝහකය විප්ලවවාදී තත්වයන්ට අදාළ කරමින්, අන්තර්ගතය (කම්කරු පන්ති රැඩිකල්කරණය) පුපුරණ සුලු ලක්ෂ්‍යයකට ළඟා වූ විට, පැරණි ආකෘති (ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රතිසංස්කරණවාදී සංවිධාන) යල් පැනෙන බවත් ඒවා ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් පෙන්වයි.

විප්ලවවාදී දේශපාලනයෙහිදී අන්තර්ගතයේ සහ ආකෘතියේ භූමිකාව:

ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ ඉතිහාසය (1930) තුල, සමාජ විප්ලවයේ අපෝහකවාදය පැහැදිලි කිරීමේදී, විප්ලවවාදී ව්‍යාපාරවලට අන්තර්ගතයේ සහ ආකෘතියේ අපෝහකය අදාළ කරයි. විප්ලවවාදී යුගයන්හි පැරණි දේශපාලන ආකෘතීන් (පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය සමිති, ප්‍රතිසංස්කරණවාදී පක්ෂ) නව අන්තර්ගතයට (කම්කරු පන්ති විප්ලවවාදී විඥානයට) බාධක බවට පත් වන බව ඔහු පැහැදිලි කරයි.

ට්‍රොට්ස්කි පැහැදිලි කළේ, විප්ලවයේ මූලික නීතිය වන්නේ එක් පන්තියක ආධිපත්‍යය තවත් පන්තියකින් ආදේශ කිරීම බවත්, එයින් අදහස් වන්නේ මෙම වෙනස් වූ අන්තර්ගතය ප්‍රකාශ කිරීම සඳහා නව ආකාරයේ රාජ්‍ය බලයක් නිර්මාණය කිරීම බවත් ය. මෙයින් අදහස් කරන්නේ ධනේශ්වර පාර්ලිමේන්තු ව්‍යුහයන් වෙනුවට සමාජවාදී විප්ලවයන්ට නව දේශපාලන ආකෘතියක්, එනම් සෝවියට් සභා (කම්කරුවන්ගේ සභා) අවශ්‍ය වන බවයි.

විප්ලවවාදී ක්‍රියාව සඳහා මාර්ගෝපදේශයක් ලෙස අන්තර්ගතය සහ ආකෘතිය:

අන්තර්ගතයේ සහ ආකෘතියේ අපෝහකය හුදෙක් න්‍යායික ප්‍රශ්නයක් නොවේ – එය විප්ලවවාදී ක්‍රියාවට මග පෙන්වීමකි. සෑම සමාජ හා දේශපාලන අරගලයකදීම ප්‍රධාන කර්තව්‍යය වන්නේ, පන්ති සබඳතාවල පරිනාම වන අන්තර්ගතයට අනුරූප වන නව ආකෘති වර්ධනය කිරීමයි. අද දින ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පැරණි ආකාරයන්ට සහ වෘත්තීය සමිතිවලට ධනවාදයේ ගෝලීය අර්බුදය ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැත. ලෝක සමාජවාදී විප්ලවයේ අන්තර්ගතය සාක්ෂාත් කරගත හැක්කේ, කම්කරු පන්තියේ සවිඥානික නායකත්වය, එනම්, බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛන්ඩතාවයේ හා උරුමයේ අනුප්‍රාප්තිකයා සහ ආරක්ෂකයා වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මගින් සංයුක්ත වන නව විප්ලවවාදී ආකෘතීන් ගොඩනැගීම තුලින් පමනි.

මාක්ස්වාදී න්‍යාය තුළ මුල් බැසගත් මෙම අපෝහක අවබෝධය අද සමාජවාදී මූලෝපායේ පදනම ලෙස පවතී.

සසප-වම තුල ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහිව සටන

2022 අවසානයේ සිට 2023 මුල් කාලය දක්වා ශ්‍රී ලංකා සසප අත්තනෝමතික ලෙස නෙරපා හරින ලද සහෝදරවරුන් ඇතුළත් වූ සසප-වම කන්ඩායම තුල පැවති සුලු ධනේශ්වර ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රවනතාවයකට එරෙහි ප්‍රතිපත්තිමය සටනකින් පසුව SLLA පිහිටුවන ලදී. සසප-වාම කණ්ඩායම පිහිටුවීමෙන් ටික කලකින්ම,  කණ්ඩායම තුළ ජාතිකවාදී ප්‍රවණතාවක් සහ සැබෑ ජාත්‍යන්තරවාදය නියෝජනය කළ හා සසප සාමාජිකත්වය දිනා ගැනීමෙන් ජාත්‍යන්තර කමිටුවේ කේඩරයට නැවත සම්බන්ධ වීමේ අවශ්‍යතාවය5 සඳහා සටන් කළ සහෝදරවරු අතර භේද ඉස්මතු විය.

සසප-වම තුල මෙම සුලු ධනේශ්වර ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රවනතාවයට එරෙහි අපගේ අරගලය, මූලික වශයෙන් ජාත්‍යන්තර කමිටුවේ කේඩරයෙන් පිටත ජාත්‍යන්තරවාදය යලි නිර්වචනය කිරීමට උත්සාහ කරන කල්ලියකට එරෙහිව සැබෑ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වූ සටනකි. මෙම අවස්ථාවාදී කල්ලිය, නිර්වචනය කරන ලද දේශපාලන පදනම් මත පිහිටවූ කන්ඩායම් අරගලයද6,  සසප-වාම සාමාජිකයින්ට ශ්‍රී ලංකා සසප හි සාමාජිකත්වය සඳහා අභියාචනා කිරීමට සහ සටන් කිරීමට ඇති අවශ්‍යතාවයද ප්‍රතික්ෂේප කළහ. මීළඟ තීරනාත්මක මහජන අරගලවලදී ශ්‍රී ලංකාවේ හා කලාපයේ කම්කරු පන්තියට නායකත්වය දීමට, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව තුල අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට කන්ඩායම් අරගලයක් කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ඔවුන් යෝජනා කළේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලයේ නොයෙදී, සසප නායකත්වය දකුනට මාරු වීම වලක්වා එය “නිවැරදි මාවතේ” තැබීමට බලාපොරොත්තු වන “පීඩන කණ්ඩායමක්”7 ලෙස ක්‍රියා කිරීමේ මාධ්‍යමික ප්‍රතිපත්තියක් ය.

මෙම කන්ඩායම් අරගලයේ කේන්ද්‍රයෙහි වූයේ අන්තර්ගතය සහ ආකෘතිය අතර අපෝහක සම්බන්ධතාව යයි. සමාජවාදී ජාත්‍යන්තරවාදය එහි සංවිධානාත්මක ආකෘතිය වන හජාජාක හා එහි ජාතික ශාඛා වලින් වෙන් කළ නොහැකි ය යන මූලික සත්‍යය මෙම අවස්ථාවාදීන් නොතකා හැරියහ8. ජාත්‍යන්තරවාදය සදහා සසප සාමාජිකත්වය හෝ විප්ලවවාදී පක්ෂයක් ලෙස එය වර්ධනය කිරීම සඳහා එහි සාමාජිකත්වය තුල සටනක් හෝ අවශ්‍ය නොවන බවට තර්ක කරමින් ඔවුහු සංශෝධනවාදී සූත්‍රයක් ඉදිරිපත් කළහ – එය පංතිය, පක්ෂය හා නායකත්වය අතර අපෝහකාත්මක එකමුතුව ප්‍රතික්ෂේප කිරීමක් විය. ඒ වෙනුවට ඔවුන් යෝජනා කළේ කම්කරු පන්තියේ විප්ලවවාදී පෙරටුගාමීන් ලෙස සසප සෘජුව ගොඩනැගීමේ වගකීමෙන් වැළකී සිටින අතරේ පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් බාහිර මුර බල්ලෙකු ලෙස ක්‍රියා කිරීමට ය.

මෙම දිශානතිය, විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට අවශ්‍ය කරන පක්ෂයේ ධජය යටතේ විනයගත අරගලයක් කිරීමට අකමැති වූ සුලු ධනේශ්වර ස්ථරයන්ට මධ්‍යමික අනුගත වීමකට නතු වෙමින් ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීමකට සමාන විය. කන්ඩායම් අරගලය සඳහා ප්‍රතිපත්තිමය පදනමක් නොමැති කමින්, මෙම කන්ඩායම අවස්ථාවාදී සූත්‍රයක් යෝජනා කලේය: සසප “නිවැරදි කිරීමට” උත්සාහ කරන අතරම, අනාගතයේ දී කම්කරු පන්තියට සමාජවාදී විප්ලවය සදහා  නායකත්වය දීමට පක්ෂ නායකත්වය අසමත් වුවහොත් එය විස්ථාපනය කිරීම සදහා ස්ථානගතව සිටීම9. මෙය පක්ෂය තුළ අවශ්‍ය කරන දේශපාලන අරගලයෙන් මාරාන්තික අපගමනයක් වූ අතර, මෙම ප්‍රවනතාවය දැන් තමන්ට අවශ්‍ය වූ දේ සාක්ෂාත් කර ගනිමින් පල්ලම් බැස ඇත. ඒ කෙසේද යත්, “ජාත්‍යන්තරවාදයේ” සහ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනවල ආරක්ෂකයින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, හජාජාකට, එනම් විප්ලවවාදී ව්‍යාපාරයෙන්, පරිබාහිර,”සමාජවාදී සංස්කෘතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනය කරන”10 වෙබ් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම යි. 

මෙම ජාතිකවාදී-අවස්ථාවාදී අපගමනයට එරෙහිව, අපගේ අරගලය පදනම් වූයේ සමාජවාදී ජාත්‍යන්තරවාදයට එහි ඓතිහාසික ආකෘතියෙන් – හජාජාක සහ එහි ජාතික ශාඛා වලින් – පරිබාහිර අර්ථයක් නැත යන මූලික මාක්ස්වාදී මූලධර්මය මත ය. එහි අවස්ථාවාදී නායකත්වයට එරෙහිව දේශපාලන කන්ඩායමක් ලෙස සටන් කරමින්, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප ගොඩනැගීමේ සවිඥානික අරගලය තුලින්  පමනි, කම්කරු පන්තියට නායකත්වයේ අර්බුදය විසඳා ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන ඉදිරියට ගෙන යා හැක්කේ.

SLLA හි කර්තව්‍ය: විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීම

අපගේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන වන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා  ශ්‍රී ලංකාවේ සසප – අප එහි කොටසක් වෙමින් – මීළඟ තීරනාත්මක මහජන අරගලවලදී කලාපයේ කම්කරු පන්තියට නායකත්වය දීමට අවශ්‍ය කරන විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනැගීම යි. මෙය සදහා අවශ්‍ය කරනුයේ:

  • ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පන්තියට තීරනාත්මක අරගලයන්හි දී නායකත්වය දී විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සදහා ශ්‍රී ලංකාවේ සසප හි ජාතිකවාදී අවස්ථාවාදී සහ කට්ටිවාදී නායකත්වයේ  ඓතිහාසික අසාර්ථකත්වයන්ගේ  අපෝහකයන් විශ්ලේෂණය කිරීම. 
  • දියුණු කම්කරුවන් හා තරුනයින්  ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය සහ ස්ටැලින්වාදයේ සහ පැබ්ලෝවාදයේ පාවාදීම් පිළිබඳ අධ්‍යාපනගත කිරීම.
  • ස්වයංසිද්ධ ආර්ථික හා දේශපාලන අරගල සමාජවාදය සඳහා සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීම සදහා  ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී වැඩපිලිවෙල සමග කම්කරු පන්තියේ අරගලවලට මැදිහත් වීම.
  • කම්කරු පන්තිය බෙදා ධනේශ්වර දේශපාලනයට යටත් කරන සියලු ආකාරයේ ජාතිකවාදයට සහ අනන්‍යතා දේශපාලනයට විරුද්ධ වීම.
  • ධනේශ්වර පාලනයේ උපකරණ ලෙස සේවය කරන වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පක්ෂ හෙලිදරව් කිරීම.

විප්ලවවාදී මාක්ස්වාදයේ අඛණ්ඩ පැවැත්ම රඳා පවතින්නේ ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම මත ය. මෙය නොමැතිව විප්ලවවාදී ව්‍යාපාරයක්, විප්ලවවාදී නායකත්වයක් සහ සමාජවාදී අනාගතයක් පැවතිය නොහැක.

ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” (2023) නම් ඔහුගේ කෘතියේ පෙරවදනෙහි, නෝර්ත් අපට මෙසේ මතක් කර දෙයි:

“පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම්, ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දෙන බව කියා සිටි සියලු දේශපාලන ව්‍යාපාර, පක්ෂ සහ ප්‍රවනතාවන් තරයේ පරීක්ෂාවට ලක් කළේය. නමුත් විසිවන සියවසේ කැලඹීම් ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, මාඕවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන්, අරාජිකවාදීන් සහ පැබ්ලෝවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව හෙලිදරව් කර ඇත. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරය පමණක් ඉතිහාසයේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දී තිබේ.”11

හජාජාක ගොඩනැගීම අද කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක කර්තව්‍යය යි. එය තෝරා ගැනීමේ ප්‍රශ්නයක් නොව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. විකල්පය වන්නේ ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ම්ලේච්ඡත්වයයි. එකම ඉදිරි මාවත හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුලින් අර්ථ ගැන්වෙන සමාජවාදී ජාත්‍යන්තරවාදය යි. අපි ඒ සටනේ අත්‍යවශ්‍ය කොටසක් වේ. අදම SLLA හා සම්බන්ධ වන්න! සසප ගොඩ නගන්න!

  1. විප්ලවවාදී ජාත්‍යන්තරවාදය යනු අවස්ථාවාදයේ දේශපාලන ප්‍රතිවිරෝධයයි. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, අවස්ථාවාදය දී ඇති ජාතික පරිසරයක් තුළ දේශපාලන ජීවිතයේ ඊනියා යථාර්ථයන්ට නිශ්චිත අනුවර්තනයක් ප්‍රකාශ කරයි. අවස්ථාවාදය, සදහටම කෙටිමං සොයමින්, ලෝක සමාජවාදී විප්ලවයේ මූලික වැඩසටහනට වඩා එක් හෝ තවත් ජාතික උපක්‍රමයක් උසස් කරයි.” The World Capitalist Crisis and the Tasks of the Fourth International: Perspectives Resolution of the IC ICFI (Aigust 1988). <https://www.wsws.org/en/special/library/world-capitalist-crisis-tasks-fourth-international-1988/18.html
    ↩︎
  2. The Political Origins and Consequences of the 1982–86 Split in the International Committee of the Fourth International, David North, 03 August 2019, <https://www.wsws.org/en/articles/2019/08/03/icfi-a03.html>
    ↩︎
  3. Ibid.
    ↩︎
  4. Ibid. ↩︎
  5.  “මෙම ලේඛනයේ ප්‍රධාන අරමුණ දැනටමත් ඇරැඹී තිබෙන අරගලය තුල ට්‍රොට්ස්කිවාදයේ සාම්ප්‍රදායික සංවිධානය ශක්ති සම්පන්න කිරීමට පවතින අනිවාර්ය අවශ්‍යතාව හමුවෙහි හතරවන ජාත්‍යන්තරයේ නිල කණ්ඩායම වීමෙහි වැදගත්කම සාමාජිකත්වයට වටහා දීමයි. 1933 පටන් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය අප පිළිගන්නේ නම් ( එය හතරවන ජාත්‍යන්තරය තුළ බොල්ෂෙවික් යලි පෙළ ගැසීමක ඉතිහාසයක් ද වෙයි) අප ජාත්‍යන්තරය පිළිබද ප්‍රශ්නය අතිශයින්ම වැදගත් ප්‍රශ්ණය හැටියට කණ්ඩායම ඉදිරියෙහි තැබිය යුතුය. කාණ්ඩායමික දියුණුව පිලිබඳ අනෙක් සියලුම ප්‍රශ්න, මුද්‍රණාලය, කාර්මික කටයුතු හා සංවිධානාත්මක ක්‍රියාකාරිත්වයන්, ජාත්‍යන්තරය සම්බන්ධයෙන් අප ගන්නා මොන යම් හෝ ආස්ථානයක් හා ගැට ගැසී පවතී. අප බොල්ෂෙවික්වාදයේ දේශපාලනික මූල ධර්ම පිලිගන්නේ නම්, එහි සංවිධානාත්මක විධි ක්‍රමයත් පිලිගත යුතුය. අප හතරවන ජාත්‍යන්තරයේ සංවිධානාත්මක විධි ක්‍රමය නොපිළිගන්නේ නම් අප හතර වන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය පිලිගන්නා බවත් ආර්.එස්.එල් සංවිධානයට වඩා මැනවින් එය විස්තාරණය කරන බවත් පැවසීම ප්‍රමාණවත් නොවේ; හතරවන ජාත්‍යන්තරයේ සංවිධානාත්මක විධි ක්‍රමය පිලිගැනීම යනු අප එහි ප්‍රජාතාන්ත්‍රික මධ්‍යගත පදනම පිළිගනිමින් එයට සම්බන්ධ වීමයි. යම් හෙයකින් තමන් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක ප්‍රජාතන්ත්‍රික මධ්‍යගත විනය පිළිගනිමින් එයට එකතු නොවන්නේ නම්, එය තමන් ට්‍රොට්ස්කිවාදියෙකැයි ප්‍රකාශ කිරීමත් සංවිධානගත ට්‍රොට්ස්කිවාදීන්ටත් වඩා ට්‍රොට්ස්කිවාදයේ පිලිවෙත පිලිබදව මුඛරි වීමත් ප්‍රමාණවත් නොවන සේම ය. බොලිෂෙවික් සංවිධානාත්මක විධි ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ එයයි.” Our Most Important Task,Gerry Healey, August 10, 1943. ↩︎
  6. “බොල්ෂෙවික්වාදය කන්ඩායම් නොඉවසන බවට පවතින මූලධර්මය යුග පරිහානියේ මිථ්‍යාවකි. යථාර්ථයේ දී බොල්ෂෙවික්වාදයේ ඉතිහාසය කන්ඩායම්වල අරගලයේ ඉතිහාසයකි. ඇත්ත වශයෙන්ම, ලෝකය පෙරලා දැමීමේ කාර්යය තමන් විසින්ම තම කරමත ගන්නා සහ වඩාත්ම නිර්භීත ලෙස පිලිගත් මත විවේචනය කරන්නන්, සටන්කරුවන් සහ කැරලිකරුවන් තම ධජය යටතේ එක්සත් කරන සැබෑ විප්ලවවාදී සංවිධානයකට, බුද්ධිමය ගැටුම් නොමැතිව, කණ්ඩායම් සහ තාවකාලික ෆැක්ෂන සංයුතීන් නොමැතිව ජීවත් විය හැක්කේ සහ වර්ධනය වන්නේ කෙසේද? Revolution Betrayed, Trotsky (1936). ↩︎
  7. “සසප ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය්ස් සදහා අරගලය නතර කර ඇත කියා කියනු නො හැකි ය. එය දැනට පෙන්නුම්කර ඇති පරස්පරයන් ජය නොගතහොත් එම ඉදිරි දර්ශනය සදහා අරගලය අත් හරිනු ඇත. අප පක්ෂය තුල දී මෙන් ම දැන් ද සටන් කරන්නේ එය වැලැක්වීමට ය. ඒ සදහා ජාත්‍යන්තර කමිටුව ද වැඩ කරයි. දෙපැත්තේම පීඩනයට පක්ෂය මුහුන දෙන නිසා එහි අවස්තාවාදී නැඹුරුව ශක්තිමත්ව පෙරට ගැනීම අපහසු වී ඇත. ඔබ පවසා ඇති පරිදිම අපගේ වැඩ කටයුතු පක්ෂයට බල පායී. අවශ්‍ය වන්නේ එම අරගලය මූල ධර්මානුකූලව ශක්තිමත් ව ඉදිරියට ගැනීම යි. ක්‍රියාකාරි කමිටුව හෙලා දැකීමට අප ලියූ ලිපිය එහි පියවරක් ප්‍රතිපලදායක බව කිව යුතු ය. එය අප සටන් කරන විදිය ගැන උදාහරනයකි.”  Nandana Nannetti, 15 March 2025, SEP-Left WhatsApp Chat Discussion. ↩︎
  8. අපට එරෙහි උමතු අපවාද මාලාවක කොටසක් ලෙස මෙම කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක පහත උපුටා දැක්වීම, සමාජවාදී ජාත්‍යන්තරවාදය එහි අන්තර්ගතයට – එනම් තනි රටක සමාජවාදය ප්‍රතික්ෂේප කිරීමේ මූලධර්මයට – එහි ඓතිහාසික ස්වරූපය නොසලකා හරිමින් පහසුවෙන් ලඝු කරයි:
    “පලමුකොට ම ජාත්‍යන්තරවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන බොහෝ දෙනා දන්නා දෙය යලි මතක් කර ගැනීම උචිත ය. මාක්ස්වාදීන් ජාත්‍යන්තරවාදය යන්නෙන් අදහස් කරන්නේ, සමාජවාදය සඳහා අරගලය සහ ධනවාදය පෙරලා දැමීම, ජාතික සීමාවන් ඉක්මවා යා යුතුය යන මූල ධර්මයයි. ධනවාදයේ අර්බුදය වනාහී, නිෂ්පාදන බලවේගවල වර්ධනය හේතුවෙන් ජාතිකවාදය හා පුද්ගලික දේපල ක්‍රමය, ලෝක ආර්ථිකය හා සමාජ නිෂ්පාදනය සමග ගැටීමේ ප්‍රතිඵලයකි. කම්කරු පන්තිය යනු සිය පැවැත්මෙන් ම, සූරාකෑම මෙන් ම දේශ සීමා ද ඉවසිය නො හැකි පන්තියයි. ධනපති ක්‍රමය යනු ලොව පුරා කම්කරුවන් සූරා කන ගෝලීය පද්ධතියක් බැවින් ද, අද දවසේ නිෂ්පාදනය යනු ලෝක ගෝලීය ක්‍රියාදාමයක් හෙයින් ද, පන්ති විරහිත සමාජයක් සඳහා අරගලය එක් රටකට පමනක් සීමා කල නො හැකි ය. මෙම ඉදිරි දර්ශනය, ජාතීන් පුරා කම්කරුවන් අතර සහයෝගීතාව හා සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින අතර, සමාජවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධීකරනය වූ ගෝලීය උත්සාහයක අවශ්‍යතාව අවධාරනය කරයි. මෙම මූලධර්ම මත පිහිටා, අවස්ථාවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා අවංකව ම පෙනී සිටින සංවිධානයක් හෝ පුද්ගලයෙකු ජාත්‍යන්තරවාදී නො වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය මෙතැන දී අදාල ය. අප කන්ඩායම සම්බන්ධයෙන් ගත් විට, ජාත්‍යන්තර කමිටුව හෝ එහි ලංකා ශාඛාව වන සසපය හෝ මෙම ඉදිරි දර්ශනය අත් හැර දැමූ ප්‍රතිජාත්‍යන්තරවාදීන් යයි අප මෙතෙක් කිසිවිටෙකත් කියා නැත.” (emphasis added) සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 3, Nandana Nannetti, 19 October 2024. <https://socialist.lk/2024/10/19/pe1-3/>
    ↩︎
  9. “අප දැනටමත් සාකච්චා කර ඇති පරිදි එකිනෙකට සම්බන්ධිත විකල්ප තුනක් සදහා අපි සටන් වදිමු.
    1) පක්ෂය නිවැරදි මාවතට ගැනීම
    2) එය ජාත්‍යන්තර කමිටුවෙන් බිදී යන තත්වයකදී විකල්ප නායකත්වය ලෙස වැඩ කිරීමට සූදානම් වීම
    3) පන්ති අරගලයේ වෙනස්කම් මගින් ඇති කරන විප්ලවවාදී අරගලයකදී ඒකබද්ධව විප්ලවය සදහා වැඩ කිරීම. විප්ලවවාදී තත්වයකට මුහුන දීමට පක්ෂය සූදානම් නම් වෛෂයිකව අප අතර එකමුතුවකට කොන්දේසි නිර්මානය කරනු ඇත.” Nandana Nannetti, on 16 March 2024, SEP-Left WhatsApp Chat Discussion. 
    ↩︎
  10. https://socialist.lk/
    ↩︎
  11. Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century, David North, (2023) <https://www.wsws.org/en/articles/2023/04/05/zuwp-a05.html
    ↩︎

බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස  Read More »

Katuwana-Massacre

බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්

සංජය ජයසේකර විසිනි.

මාර්තු 12 වැනි දින, ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) ආන්ඩුව, පාර්ලිමේන්තු විවාදයක් සඳහා දින නියම කරමින්, දිගු කලක් වළලනු ලැබූ බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය. වාර්තාව ප්‍රථම වරට සම්පාදනය කර දශක ගණනාවකට පසු ගනු ලැබුන මෙම හදිසි පියවර 1980 ගණන්වල අග භාගයේදී පැහැරගෙන ගොස්, වධහිංසාවට ලක් වූ සහ ඝාතනයට ලක් වූ දහස් ගණන් තරුනයින් හා කම්කරුවන්ට යුක්තිය තහවුරු කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට, එය, පවතින ආර්ථික අර්බුදයෙන් අවධානය වෙනතකට හැරවීම සහ කුරිරුකම් සඳහා සෘජු වගකීම දරණ ශ්‍රී ලංකා රාජ්‍යයේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම ඉලක්ක කරගත්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ/JVP) ප්‍රමුඛ පාලනයේ නරුම උපාමාරුවකි.

බටලන්ද වධකාගාර සහ ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති  සමූහ මිනීවළ 1980 ගනන්වල ආර්ථික බිඳවැටීම නිසා ඇති වූ සමාජ නොසන්සුන්තාවයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තිය විසින් මුදා හරින ලද ලේ වැකි භීෂණයේ දරුණු සංකේත වේ. මූලික වශයෙන් දිළිඳු ග්‍රාමීය පසුබිම්වලින් එන තරුණයන් දහස් ගනනක්, පොලිසිය, හමුදාව සහ ඝාතක කල්ලි විසින් පැහැරගෙන ගොස්, රජයේ කඳවුරුවල රඳවා, වධහිංසා පමුණුවා, දූෂණය කර, මරා දමා, පණපිටින් ටයර් මත පුළුස්සා, හෝ ඔවුන්ගේ සිරුරු ගංගාවලට විසිකර හෝ සලකුණු නොකළ සොහොන්වල වලලා දමන ලදී. හමුදා සහ පොලිස් නිලධාරීන් වින්දිත පිරිමින්ගේ නිවෙස්වලට කඩා වැදී, ඔවුන්ගේ භාර්යාවන්, මව්වරුන් සහ සහෝදරියන් දූෂණය කළහ. මේවා හුදෙක් හුදකලා අපරාධ නොව ධනේශ්වර රාජ්‍යය, ධනේශ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බලය ඕනෑම වියදමක් දරා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගත් පාලක ප්‍රභූවක් විසින් දුප්පතුන්ට එරෙහිව දියත් කරන ලද ක්‍රමානුකූල පන්ති යුද්ධයකි.

IMF කප්පාදුව සහ 1980 ගනන්වල සමාජ අර්බුදය

ජවිපෙ දෙවැනි කැරැල්ල (1987-89) රික්තකයක් තුළ මතුවූවක් නොවේ. එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු කෲර ලෙස ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ 1980 ගනන්වල ආර්ථික විනාශය – ග්‍රාමීය දරිද්‍රතාවය, ණයගැතිභාවය, රෝග, මන්දපෝෂණය, ඉඩම් කොල්ලය, විරැකියාව, පෞද්ගලීකරණය, උද්ධමනය – ග්‍රාමීය කලකිරුණු තරුණයින් අතර කැරලිකාරී තත්ත්වයන් වර්ධනය කිරීමේ කොන්දේසි නිර්මානය කලේය. 

1977 දී ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව ශ්‍රී ලංකාවේ සීමිත සුභසාධන-රාජ්‍ය ආකෘතිය අතහැර විවෘත වෙලඳපොල ලිබරල්කරණය වැලඳ ගත්තේය. ජාමූඅ සහ ලෝක බැංකුව ඉල්ලා සිටියේ “පටි තද කිරීමේ” පියවරයන් ය: මුදල් අවප්‍රමාණය කිරීම, සමාජ වියදම් සඳහා දැඩි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සහනාධාර ඉවත් කිරීම. පප්‍රතිවිපාක ව්‍යවසනකාරී විය:

  • 1988 වන විට සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% දක්වා ඉහළ ගියේය.
  • රජයට වාණිජ ණය ගැනීමට බල කරමින් විදේශ ණය හතර ගුණයකින් වැඩි විය.
  • උද්ධමනය 1988 දී 14% දක්වා ළඟා විය.
  • නිල සංචිත කඩා වැටුණු අතර, එය 1988 අවසානයේ සති හයක ආනයන දක්වා ද 1989 මැද භාගය වන විට එය සති තුනක් පමණක් දක්වාත් පහත වැටුණි.
  • නිල සමීක්ෂණවලට අනුව,1987-88 වන විට විරැකියාව 15.5% දක්වා ඉහළ ගියේය. ඒ අනුව රැකියා විරහිතයන් සංඛ්‍යාව 940,000 ක් වූ අතර ඔවුන්ගෙන් 75% ක් වයස අවුරුදු 15-29 වයස් කාණ්ඩයේ අය වූහ.
JRJ
ජේ.ආර්.ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ (දකුණු පස)

සැලකිය යුතු කරුණක් නම්, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහි සිවිල් යුද්ධය සඳහා මිලිටරි වියදම් ද වැඩි කරන ලද අතර, 1983 සිට 1996 දක්වා මුළු සමුච්චිත පිරිවැය අවම වශයෙන්, 1996 මිල ගණන් අනුව, රු. බිලියන 1,135 ක් විය (ඇමරිකානු ඩොලර් බිලියන 20.6 ට සමාන, 1996 දළ දේශීය නිෂ්පාදිතයෙන් 168.5% ක්).

ජයවර්ධනගේ “විවෘත ආර්ථිකය” යටතේ ආර්ථික සමෘද්ධිය පොරොන්දු වූ තරුණ තරුණියන් රැකියා විරහිතයන් වූ අතර ගැඹුරු වන දරිද්‍රතාවයේ සිරවී සිටියහ. විශේෂයෙන්ම 1980 ජූලි මහා වැඩවර්ජනය කුඩුපට්ටම් කිරීමෙන් පසු – විසම්මුතිය සඳහා වූ සාම්ප්‍රදායික මංපෙත් තලා දැමීමත් සමඟ – ජවිපෙ, තරුණ විරෝධය බඳවා ගැනීම් සඳහා  යහමින් භාවිතා කළේය. 

ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රෝහිත්වය

1964 දී ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප/LSSP) “මහා පාවාදීමේ” අනුප්‍රාප්තිකයක් ලෙස මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ ප්‍රතිගාමී මිශ්‍රණයක් මත පිහිටුවා ගත් ජවිපෙ, සමාජ අර්බුදය පිලිබඳ තරුන අතෘප්තිය, සිංහල ස්වෝත්තමවාදය, ජාතිකවාදය සහ ෆැසිස්ට්වාදී විධික්‍රම ඔස්සේ ධනවාදී රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා යොමු කළේය. ජයවර්ධන සහ රජිව් ගාන්ධි අතර වූ 1987 ජුලි ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම කේඩරයින් බඳවා ගැනීමේ ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් දියත් කිරීම සදහා ගසාකෑවේ  ය. 

ජවිපෙ කිසිවිටෙක මාක්ස්වාදී පක්ෂයක් නොවූ අතර, කම්කරු පන්තියට එරෙහිව ග්‍රාමීය තරුනයන් පිහිටුවමින්, ධනේශ්වර පාලනයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම බැහැර කළේය. කම්කරු පන්තිය කෙරෙහි එහි සතුරුකම, කම්කරුවන්, වමේ දේශපාලන විරුද්ධවාදීන් සහ මතවාදීව එයට විරුද්ධ වූවන් මරා දැමීම තුලින් ප්‍රකාශ විය. 

ජවිපෙ මෙම ෆැසිස්ට් හැසිරීම නිෂ්පාධනයේ ගෝලීයකරණය හා අධිරාජ්‍යවාදයේ ගෝලීය අර්බුදයේ කොන්දේසි යටතේ ලොව පුරා සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල පරිහානියේ ඉහල ලක්ෂ්‍යයක් සලකුණු කලේය.

රාජ්‍ය භීෂණය 

JVP සහ එහි මිලිටරි අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) විසින් එල්ල කරන ලද ෆැසිස්ට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන්, එජාපය ග්‍රාමීය හා නාගරික තරුනයින්ට සහ දුප්පතුන්ට එරෙහිව කිව නොහැකි තරමේ ම්ලේච්ඡත්වයක් මුදා හලේය. ජයවර්ධන සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස, ජවිපෙ කාඩර්වරුන්ට පමණක් නොව, කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නොතිබූ දහස් ගණන් කම්කරු පන්තික තරුනයින්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලත් භීෂණකාරී පාලනයක් අධීක්‍ෂණය කළහ.

Premadasa
රණසිංහ ප්‍රේමදාස (දකුණ) සහ ඔහුගේ පියාගේ “කශේරුව” ගැන පුරසාරම් දොඩන දැන් විපක්ෂ නායක ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස

වධ කඳවුරු සහ ඝාතන: රට පුරා රහසිගත රැදවුම් මධ්‍යස්ථාන පිහිටුවන ලද අතර බටලන්ද සහ එළියකන්ද ඉන් වඩාත් කුප්‍රකට විය. මේවා තුල වචනයෙන් විස්තර කළ නොහැකි  තරමේ වධ හිංසා කිරීමේ ක්‍රම භාවිතා කරන ලදී – පැහැරගෙන ගිය අය එල්ලා, පහර දී, ගුද මාර්ගයට කටු කම්බි ඔබා, බලහත්කාරයෙන් මිරිස් කුඩු මිශ්‍ර වතුර බැරල් වලට ගිල්ලවූ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පණපිටින් බේරුනේ නැත. තරුණ අය  බොහෝ විට ලිංගිකව දූෂණය කිරීමට, හිස ගසා දැමීමට, ඔළුවට සහ කන්වලට ඇණ ගැසීමට, ඇස්  උගුලුවා දැමීමට, ටයර් සෑය වල් මත පණපිටින් පුළුස්සා දැමීමට ලක් විය. 

ඝාතක කල්ලි සහ ටයර් සෑය: මිලිටරිය, පොලිසිය සහ පැරාමිලිටරි කල්ලි විසින් සැක කටයුතු “කඩාකප්පල්කාරීන්” පැහැරගෙන ගොස් ඝාතනය කර ප්‍රසිද්ධ ස්ථානවල පුළුස්සා දමන ලදී. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ පවුල්වලට බලා සිටීමට බල කෙරුණි. තම පවුලේ කෙනෙකු ජවිපෙ කාරයෙකු යැයි සැක කළ නිසා පමණක්ම, බොහෝ ගම්මුන් ඝාතනය කෙරුණි, දරුවන්ට පිහියෙන් ඇන මරනු ලැබිණි, ස්ත්‍රීන් දූෂණය කෙරුණි.

සමූහ මිනීවළ: මළ සිරුරු දහස් ගණනක් නොගැඹුරු, සලකුණු නොකළ සොහොන් වල වළලනු ලැබුනු අතර, ඒවායින් බොහොමයක් තවමත් සොයාගෙන නොමැත (මාතලේ, සූරියකන්ද, විල්පිට එවැනි හඳුනාගත් අතළොස්ස අතර වේ).

සාක්ෂිකරුවන් සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් මහා සංහාරය පිළිබඳ බිහිසුණු සාක්ෂි සපයා ඇත. රාත්‍රිය පුරා රැඳවියන්ගේ කෑගැසීම් ඇසුණු බව දිවි ගලවා ගත් අය සිහිපත් කරති. තම පුතුන් “අතුරුදහන් වූ” බවට පවසනු ලැබූ මව්වරු ඔවුන්ගේ පිළිස්සුණු සිරුරු දින කිහිපයකට පසු පාර අයිනේ සොයා ගත් හ.

හමුදාවට තම එකම සහෝදරයා සොයා ගැනීමට නොහැකි වූ නිසා,1989 අගෝස්තු අගදී, තම මුළු පවුලම හමුදාව විසින් සමූලඝාතනය කරන ලද, මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසයේ කාන්තාවක් සමඟ TheSocialist.LK කතා කලේය. කම්පනයෙන් සුවය ලැබීමට කාලය ඇයට ඉඩ දී නැති තරම්ය. ඇය මෙසේ පැවසුවාය: 

“මගේ සත් හැවිරිදි දියණිය (නිරංජලා), මගේ බාල සහෝදරියන් තිදෙනා (නිල්මිණි, මතඟලතා, සුජිතසීලි), මගේ ඥාති සහෝදරිය වන චන්ද්‍රලේකා, මගේ මව (සිසිලියානා – 53) සහ වෙද මහතෙක් වූ මගේ පියා (එඩ්වින් – 63) යන සියලු දෙනාම කටුවන හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තු හමුදා ඛන්ඩය විසින් මහ රෑ ඝාතනය කලා. එම යක්කු අපේ ගෙදරට බෝම්බ ගහලා තිබුනා. පසුවදා, මගේ සැමියා සුන්බුන් යට පිළිස්සෙන මාංශ දුටුවා. මගේ සහෝදරියන් පැහැරගෙන ගොස් දින තුනක් දූෂණය කර මරා දැමූ බව අපට අසන්නට ලැබුණා. පසුව, මගේ සහෝදරයා ද (චූලානන්ද – 21) බෙලිඅත්ත පොලිසිය විසින් මරා දමා පුළුස්සා දැමූවා.”

Katuwana-Massacre
කටුවන සමූල ඝාතනයේ වින්දිතයන්: ඉහළ වමේ සිට – මතඟලතා, නිල්මිණි, සිසිලියානා, එඩ්වින්, සුජිතසීලි.
පහළ වමේ සිට – නිරංජලා, චන්ද්‍රලේකා, චූලානන්ද.

රජයේ මර්දනයෙන් දිවි ගලවා ගත් අයෙක් අප වාර්තාකරුවන්ට පැවසුවේ මෙසේය.

“එතකොට මට වයස අවුරුදු 16යි. කොහොම හරි මගේ ජීවිතය ගැලවුනා. 1989 මැද භාගයේ දවසක රාත්‍රියේදී ගාල්ලේ වඳුරඹ පොලිසිය මගේ ඥාති සොහොයුරියගේ පෙම්වතා වන ටියුෂන් ගුරුවරයකු වූ උදයකාන්ත පැහැරගෙන ගියේ “අලුගෝසුවා” ලෙස ගමේ අය හඳුන්වන උඩුගම්පොළගේ නියෝගයට අනුවයි. දිනකට පසු තවන් සිරුරු අතර ටයරයක් මත ගිනිගන්නා ඔහුගේ සිරුර මම දැක්කා.”

100,000 කට අධික තරුණ ජනතාවක්,  එම කාලය තුළ රජය විසින් සමූල ඝාතනය කරන ලදී. මිලියන ගණනක් අනාථ විය. අද වනතුරුත් එකදු උසස් නිලධාරියකු හෝ දේශපාලකයකු මේ කිසිඳු අපරාධයකට වගවීමට ලක් කර නැත. 

අපරාධ වසන් කිරීම සදහා  ජනතා විමුක්ති පෙරමුණේ හවුල්කාරිත්වය

මෙම මර්දනයේ මූලික ඉලක්කය සහ ආසන්නතම හේතුව වී තිබියදීත්, ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අදහසක් නැත. කලින් එය ධනේශ්වර සභාග ආන්ඩු සමග පෙල ගැසී සිටියදී මෙම අපරාධ හෙලිදරව් කිරීමට කිසිවක් කලේ නැත, දැන් ක්‍රියා කරන්නේද නැත. එහි පූර්වගාමීන් මෙන්ම, අවශ්‍යතාවය පැනනගින සෑම විටම, අතීත ම්ලේච්ඡ ක්‍රියා ආන්ඩුව විසින් භාවිතයට යොදාගන්නේ දේශපාලන විරුද්ධත්වය මැඩ පැවැත්වීමට පමණි. 

1990 ගනන්වල සිටම, වරක් එහි තරුණ කේඩරයන් සමූලඝාතනය කළ ධනේශ්වර බලවේග සමග යලි යලිත් පෙලගැසී ඇති ජවිපෙ, දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

  • 2004 දී ජවිපෙ, චන්ද්‍රිකා කුමාරතුංග සමග සභාග ආන්ඩුවකට සම්බන්ධ වූයේ, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අඛන්ඩව පවත්වාගෙන යාමටත්, පාලක පන්තියේ අඳුරු වාර්තාව යටපත් කිරීමටත් දේශපාලන ආවරණය සපයමිනි.
  • එය පසුව, 2009 දී, දෙමල ජනයාට එරෙහි ශ්‍රී ලංකා ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ සිවිල් වැසියන් සමූල ඝාතනය සිදු කල මහින්ද රාජපක්ෂගේ පාලනයට සහාය දැක්වීය.
  • 2010 සහ 2015 දී ජවිපෙ රනිල් වික්‍රමසිංහ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා සමග එක වේදිකාවක නැගී සිටියේ පීඩකයාගේ හස්තය සවිමත් කිරීමටයි. වික්‍රමසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ අතර බටලන්ද කොමිෂන් වාර්තාවට අනුව දකුණේ වධහිංසා අධීක්‍ෂණය කළ බව විශ්වාස කෙරෙන අතර, ෆොන්සේකා හිටපු හමුදා අණදෙන නිලධාරියෙක් ලෙස උතුරේ  සහ දකුණේ ඝාතන අධීක්ෂණය කළේය. 
AKD
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, 2004 අප්‍රේල් මස කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරියේ කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම  [ඡායාරූප ස්තුතිය: M A Pushpa Kumara/EPA/Shutterstock]

දැන්, NPP ආන්ඩුවේ ප්‍රමුඛ බලවේගය ලෙස, JVP යලිත් වරක් දේශපාලන රැවටිල්ලක යෙදී සිටී. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීම මගින් එය උත්සාහ කරන්නේ ජාමූඅ නව වටයේ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්ති අරගල මැඩලීමට ස්ථානගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටීමට ය.

අපරාධවල පන්ති ස්වභාවය සහ යුක්තිය සඳහා මාවත 

බටලන්දේදී සහ ශ්‍රී ලංකාව පුරා සිදු කරන ලද සාහසික ක්‍රියා, කම්කරු පන්තියේ පුළුල් ප්‍රතිරෝධයේ තර්ජනයට එරෙහිව ආරක්ෂා වීම සඳහා ධනේශ්වර රාජ්‍යයක්  ගණන් බලා සිදු කළ ක්‍රියාවන් විය. UNP සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) සිට JVP දක්වා පාලක පන්තියේ සෑම පක්ෂයක්ම කම්කරු පන්තිය මර්දනය කිරීමට සහභාගී වී ඇත. සහනාධාර කපා දැමීම සහ කප්පාදු පිළිවෙත් මාලාවක් ක්‍රියාවට දැමීමෙන් පසු සිදු වූ 1971 තරුණ නැගිටීමේදී, SLFP-LSSP-CP (CP-ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය) සභාග ආන්ඩුව ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා ග්‍රාමීය තරුනයින් 20,000 ක් පමණ ඝාතනය කරන ලදී.

සැබෑ යුක්තිය, පාර්ලිමේන්තු වාද විවාදවලින්, ව්‍යාජ කොමිෂන් සභාවලින් හෝ ධනේශ්වර “යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයෙන්” උදා නොවනු ඇත. රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වූවන් වෙත යුක්තිය ඉටු කිරීම සඳහා පහත සඳහන් සියලු ඉල්ලීම් ඉටු කිරීම අවශ්‍ය වේ:

  1. රජයේ ආරක්ෂක අංශ, පොලිසිය සහ රාජ්‍ය අනුග්‍රහය ලබන පැරා මිලිටරි ඝාතක කණ්ඩායම් විසින් පැහැරගෙන ගොස්, බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද සහ/හෝ වධ හිංසාවලට ලක් වූ සහ/හෝ ඝාතනය කළ සියලු දෙනාගේ නම්/අනන්‍යතා හෙළිදරව් කිරීම, 
  2. එම කාලය තුළ පොලිස් ස්ථාන, හමුදා කඳවුරු සහ රැඳවුම් මධ්‍යස්ථාන පිහිටි ස්ථාන සම්බන්ධයෙන් සියලුම පොලිස් හා හමුදා වාර්තා හෙළිදරව් කිරීම,
  3. කැරලි සමයේදී දිවයින පුරා පිහිටි හමුදා කඳවුරු භාරව සිටි අණදෙන නිලධාරීන්ගේ නම්, නිලයන් සහ රෙජිමේන්තු  නම් සහ, ස්ථාන භාර පොලිස් නිලධාරීන්ගේ නම් හෙළිදරව් කිරීම,
  4. දිවයිනේ සෑම ප්‍රදේශයකම සෑම සමූහ මිනීවළක්ම සොයා ගැනීම, දේහ ගොඩ ගැනීම, වින්දිතයන් හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක විශ්ලේෂණ පැවැත්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ඥාතීන්ට හෙළිදරවු කිරීම,
  5. විපතට පත් වූවන්ගේ ඥාතීන්ට තම ආදරණීයයන්ට සිදු වූ දේ හෙළි කිරීම සහ ඔවුන්ට සම්පූර්ණ වන්දි ලබා  දීම,
  6. දේශපාලන ආවරණය සැපයූ අයවලුන් ඇතුළු අපරාධකරුවන් හඳුනාගෙන නඩු පැවරීම සහ දඬුවම් කිරීම.

මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරු පන්තිය අතට සෘජු දේශපාලන බලය අවශ්‍ය වේ. පාලක පන්තිය – NPP ඇතුලු කුමන දේශපාලන පක්ෂයත් බලයේ සිටියද – කිසිවිටෙකත් ස්වකීය නියෝජිතයින්ට එරෙහිව කැමැත්තෙන් නඩු පවරන්නේ නැත. සත්‍යය සහ යුක්තිය සඳහා වන අරගලය ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා එහි මිලිටරි-පොලිස් යන්ත්‍රණය බිඳ දැමීම සඳහා ධනවාදයට හා මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහි පුලුල් අරගලය සමග සම්බන්ධ කළ යුතුය.

සමාජවාදී ඉදිරිදර්ශනය

1988-90 පාඩම් පැහැදිලි ය: අධිරාජ්‍යවාදී පද්ධතිය නොනැසී පවතින්නේ කම්කරු පන්ති අරගල නිර්දය ලෙස මර්දනය කිරීම තුලින් ය. දකුණේ සිංහල තරුණයන් මත සිදු කරන ලද සංහාරය, උතුරේ සහ නැඟෙනහිර දෙමළ ජන සංහාරය, පලස්තීනුවන් වාර්ගිකව ශුද්ධ කිරීම, COVID-19 වසංගතයට මිලියන ගණනක ජීවිත අහිමි කිරීම පාලක පන්තිය විසින් අවශ්‍ය පිරිවැය ලෙස සලකයි.  

ශ්‍රී ලංකාව යලිත් වරක් ආර්ථික බිඳවැටීමකට මුහුන දී සිටින අතර, කප්පාදු සඳහා ජාමූඅ නවතම ඉල්ලීම් නව සමාජ පිපිරීම් අවුස්සනු ඇත. NPP ආන්ඩුව, එහි පූර්වගාමීන් අනුගමනය කරමින්, මහජන විරෝධයට රාජ්‍ය මර්දනයෙන් ප්‍රතිචාර දක්වනු ඇත. අතීත ම්ලේච්ඡ ක්‍රියා නැවත සිදුවීම වැලැක්විය හැකි එකම මාර්ගය වන්නේ, කම්කරු පන්තිය  මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ඔවුන්ගේ දේශීය ගෝලබාලයන්ගේ ආධිපත්‍යයට එරෙහිව, පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් බිඳී ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් ගනිමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය ඇතිව   සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීමයි.  මේ සදහා විප්ලවවාදී නායකත්වයේ අවශ්‍ය වෙයි – මෙය දෙවන සහ වැදගත්ම පාඩමයි. 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම වන ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA), කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, උතුරේ සහ දකුණේ පීඩිත තරුණයින් තමන් පිටුපස පෙළගස්වමින්, JVP ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ව්‍යාජ පොරොන්දු ප්‍රතික්ෂේප කරන ලෙසත්, ධනේශ්වර ප්‍රභූ පැලැන්තියේ පාලනය අවසන් කර, ශ්‍රී ලංකා සහ ඊලම් කම්කරු රජයක් ස්ථාපිත කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩසටහනට අනුකූලව කාර්මික ක්‍රියාමාර්ග සදහා වන කමිටුවල ස්වාධීනව සංවිධානය වන ලෙසත්ය. විකල්ප ධනේශ්වර රාජ්‍යයක් යෝජනා කරමින් තමන්ට එරෙහිව දේශපාලන උගුල් අටවන අතරම මහජන අවශ්‍යතා ආරක්ෂා කරන්නන් ලෙස පෙනී සිටින ව්‍යාජ වම සහ වෘත්තීය සමිති කම්කරුවෝ විශ්වාස නොකළ යුතුය. මහජන අවශ්‍යතා ඉටුකෙරෙන  ධනේශ්වර රාජ්‍යයක් යනු මිත්‍යාවකි. අතීතයේ සිදු කළ අපරාධවලට සැබෑ පිළියම් යෙදිය හැක්කේද, පීඩනයෙන් හා සූරාකෑමෙන් තොර අනාගතයක් සුරක්ෂිත කළ හැක්කේද සමාජවාදී විප්ලවයකින් පමණි.

යොමු:

  1. The US war and occupation of Iraq—the murder of a society, Bill Van Auken, 22 May 2007, <https://www.wsws.org/en/articles/2007/05/iraq-m22.html
  2. මර්දනය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කමිටුව, 1990 දෙසැම්බර්
  3. ශ්‍රී ලංකා ට්‍රොට්ස්කිවාදීන් ග්‍රාමීය තරුණයන් ආරක්ෂා කරයි, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (ශ්‍රී ලංකාව), 1990 නොවැම්බර් 23.
  4. ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍ය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, ඩේවිඩ් නෝර්ත්, කීර්ති බාලසූරිය, 1987 නොවැම්බර් 19.

බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන් Read More »

Scroll to Top