News

NoKings

ඇමරිකානු කම්කරුවෝ සහ තරුණයෝ සමාජවාදය දෙසට හැරෙමින් සිටිති

පැට්‍රික් මාටින් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 30  දින “American workers and youth are turning towards socialismයන හිසින් පළවූ පැට්‍රික් මාටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

NoKings
2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති දැවැන්ත “රජුන් එපා” රැලියේ කොටසක්.

පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන ලද අලුත් මත විමසුම් කිහිපයක්ම, ඇමරිකානු කම්කරුවන් සහ තරුණයින් අතර සිදුවෙමින් පවතින කැපී පෙනෙන වමට හැරීම පිළිබඳ ඉඟි සපයා ඇත. කොමියුනිස්ට්-විරෝධය මුළුමනින්ම පාහේ රාජ්‍ය ආගමක් බදු වන සහ සමාජවාදී මතවාදයන් සියවසකට ආසන්න කාලයක් තිස්සේ නිල දේශපාලනයෙන් බොහෝ දුරට බැහැර කර ඇති රටක, ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ධුරය සඳහා සමාජවාදී අපේක්ෂකයෙකුට ඡන්දය දීම ගැන තමන් සලකා බලන බවයි.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද වොෂින්ටන් පෝස්ට්-ඉප්සෝස් (Washington Post-Ipsos) මත විමසුමට අනුව, මෙම අගය වයස අවුරුදු 30 ට අඩු ඡන්දදායකයින් අතර සියයට 46 දක්වාත්, ඩිමොක්‍රටික් පක්ෂ ඡන්දදායකයින් අතර සියයට 64 දක්වාත් ඉහළ ගියේය.

සමාජවාදය සඳහා වන මෙම වේගවත් සහයෝගය වර්ධනය වීම තිබියදීත් — නැතහොත් එය නිසාම — මත විමසුම් ප්‍රතිඵලය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ “බහුතරයක් ඇමරිකානුවන් ජනාධිපති ධුරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකුට සහය නොදක්වන බව පවසති” යන සිරස්තලය යටතේය. සිය ගණනින් බිලියනපති වන ජෙෆ් බෙසෝස් (Jeff Bezos) ට අයත් පුවත්පතක සේවය කරන වොෂිංටන් පෝස්ට් කර්තෘවරුන් තමන්ගේ වාසිය සැලසෙන්නේ කොතැනින්ද යන්න හොඳින් දනිති.

ඊටත් වඩා වැදගත් ලෙස, බ්‍රහස්පතින්දාම ප්‍රකාශයට පත් කරන ලද SSRS විසින් පවත්වන ලද CNN මත විමසුමකට අනුව, ඩිමොක්‍රටිකයන්ගෙන් සහ ඩිමොක්‍රටික්-ලැදි ස්වාධීන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ තමන් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්” (democratic socialists) ලෙස හඳුනා ගනිති. මොවුන්ගෙන් සියයට 59 ක් වයස අවුරුදු 45 ට අඩු අය වන අතර, එයට සාපේක්ෂව එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා නොගන්නා ඩිමොක්‍රටිකයින්ගේ සියයට 46කි. තුනෙන් දෙකක්ම ප්‍රකාශ කළේ තමන් 2026 අඩකාලීන මැතිවරණයේදී (midterm elections) ඡන්දය දීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ඔවුන්ගෙන් සියයට 99 ක්ම ඩිමොක්‍රටිකයින්ට ඡන්දය දෙන බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා නොගන්නා ඩිමොක්‍රටිකයින් හා සැසඳීමේදී, තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා ගන්නා අය “උපාධියක් ලබා තිබීමට ඇති ඉඩකඩ අඩු බවත් ( 66% සිට 54%) වසරකට ඩොලර් 100,000 ට වඩා අඩුවෙන් උපයා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බවත් ( 76% සීට 65%)” CNN මත විමසුමෙන් හෙළි විය. සුදු ජාතික ඡන්දදායකයින්ට වඩා කළු ජාතික ඡන්දදායකයින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකුට සහය දීමට වැඩි නැඹුරුවක් දැක්වූහ.

සමාජවාදය සඳහා වන සහයෝගය ආර්ථික තත්ත්වයට නොව ජීවන රටාවට අදාළ සුදු ජාතික ඉහළ-මධ්‍යම පංතික (upper-middle class) හැඟීමක් යැයි මාධ්‍ය තුළ අඛණ්ඩව කරනු ලබන ප්‍රකාශය මෙයින් බොරු කෙරේ. සමාජවාදය සඳහා වන සහයෝගය ධාවනය වනු ලබන්නේ, ධනවාදය තමන්ට පිරිනමන්නේ යුද්ධය, දරිද්‍රතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයන්ගෙන් සමන්විත අඳුරු අනාගතයක් පමණක් බව පැහැදිලිවම වටහා ගැනීමට පටන් ගෙන සිටින කම්කරු පන්තියේ නව පරම්පරාවේ අත්දැකීම් විසිනි.

මෙය මාක්ස්වාදයේ මූලික නියමයක් සනාථ කිරීමකි: එනම්, සාමාජික පැවැත්ම විසින් සාමාජික විඤ්ඤාණය (social consciousness) තීරණය කරන බවයි. සමාජවාදී සමානතා පක්ෂය මෙම වර්ධනය නිවැරදිවම අපේක්ෂා කළේය. එහි 2010 වැඩසටහන ප්‍රකාශ කළේ “වාස්තවික (සැබෑ ලෝක) තත්වයන්ගේ වෙනස්වීම” — එනම් ඇමරිකානු සහ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය — “ඇමරිකානු කම්කරුවන් [සමාජවාදය පිළිබඳ] ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට හේතු වනු ඇති” බවයි. එකල විද්‍යාත්මක ප්‍රක්ෂේපණයක් (scientific projection) වූ දෙය දැන් පුළුල් සංසිද්ධියක් බවට පත්ව ඇත.

මත විමසුම් දෙකෙන්ම පෙන්නුම් කරන්නේ සමාජවාදයට ඇති සහයෝගය සහ ට්‍රම්ප්ගේ ඉරානයට එරෙහි යුද්ධයටත්, ඇමරිකාවේ අනුග්‍රහය ලබන ගාසා හි ඊශ්‍රායල ජන සංහාරයටත් (genocide) ඇති විරෝධය අතර දැඩි සබඳතාවයක් පවතින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 48 ක් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට ඇමරිකාව දක්වන සහය කැපීමට සහය දෙන අපේක්ෂකයෙකු කෙරෙහි තමන් උද්‍යෝගිමත් වන බවයි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා ගන්නා අය ඉරානයට එරෙහි යුද්ධයට අතිමහත් ලෙස විරුද්ධ වන අතර, එය සමස්තයක් ලෙස ඇමරිකානු මහජනතාව ද දරන මතයකි. ක්වින්නිපියැක් විද්‍යාලය (Quinnipiac College) විසින් පවත්වන ලදුව බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙනම මත විමසුමකින් හෙළි වූයේ සියයට 66 ක් ට්‍රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරයට විරුද්ධ වූ අතර සියයට 60 ක් යුද්ධයටම විරුද්ධ වූ බවයි. පෙබරවාරි 28 වන දින ට්‍රම්ප් ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ කළ තැන් සිට මෙම සංඛ්‍යා දෙකම වාර්තා වූ ඉහළම අගයන් විය.

පසුගිය මාසයේ නිව් යෝර්ක් සහ කොලරාඩෝ හි පැවැති ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරණවල (primaries) ප්‍රතිඵල — එනම් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (Democratic Socialists of America – DSA) සමඟ සම්බන්ධ වූ හෝ ඔවුන්ගේ සහය ලැබූ අපේක්ෂකයින් කොංග්‍රස් දිස්ත්‍රික්ක හතරක නාම යෝජනා දිනා ගනිමින්, දීර්ඝ කාලයක් සේවය කළ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පරාජයට පත් කිරීම — අසාමාන්‍ය සිදුවීමක් (aberration) නොවන බව මෙම මත විමසුම් මගින් තහවුරු වේ.

කාර්මික මිඩ්වෙස්ට් (Midwest) කලාපයේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාථමික මැතිවරණ මගින් ඉදිරි සති දෙක තුළ මෙම වමට හැරීමට තවදුරටත් ප්‍රකාශනයක් ලබා දෙනදෙනු හැකිය. මිචිගන්හි, අගෝස්තු 4 වන දින සෙනෙට් සභාව සඳහා වන ඩිමොක්‍රටික් නාමයෝජනා තරඟයේදී හිටපු මහජන සෞඛ්‍ය නිලධාරී අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) මත විමසුම්වලදී නියෝජිත හැලී ස්ටීවන්ස් (Haley Stevens) සමඟ සම තත්ත්වයේ පසුවේ. එල්-සයීඩ්ට බර්නි සැන්ඩර්ස් (Bernie Sanders) සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස්ගේ (Alexandria Ocasio-Cortez) සහය හිමිව ඇති අතර, ස්ටීවන්ස්ට ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ, ආණ්ඩුකාර ග්‍රෙචන් විට්මර්ගේ (Gretchen Whitmer) සහ ඊශ්‍රායල-ගැති කක්ෂයේ (pro-Israel lobby) සහය හිමිව ඇත.

ආණ්ඩුකාර ධුරය සඳහා වන ඩිමොක්‍රටික් නාමයෝජනා සඳහා විස්කොන්සින් හි පැවැත්වෙන ප්‍රාථමික තරඟයේදී, DSA සාමාජිකාවක සහ ප්‍රාන්ත නියෝජිතවරියක වන ෆ්‍රැන්චෙස්කා හොං (Francesca Hong), පක්ෂ සංස්ථාපිතයේ බෙහෙවින් වැඩි සහයක් ඇති වඩාත් ප්‍රසිද්ධ අපේක්ෂකයින් දෙදෙනෙකු වන මිල්වෝකි (Milwaukee) නගරාධිපති ඩේවිඩ් ක්‍රවුලි (David Crowley) සහ හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාර මැන්ඩෙලා බාර්න්ස් (Mandela Barnes) ට එරෙහිව මත විමසුම්වල සැලකිය යුතු පරතරයකින් ඉදිරියෙන් සිටී. එම ඡන්ද විමසීම අගෝස්තු 11 වන දින පැවැත්වේ.

ධනපති පක්ෂ දෙකම, එනම් රිපබ්ලිකානුවන් තරම්ම ඩිමොක්‍රටිකයන් ද ඡන්දදායකයින්ගෙන් බහුතරයකගේ පිළිකුලට ලක්ව ඇති තත්ත්වයන් යටතේ සමාජවාදය සඳහා වන සහයෝගය වර්ධනය වීම කැපී පෙනෙන කරුණකි. වෙනසෙහි (change) පක්ෂය කුමක්ද, ඔවුන් වැනි ජනතාව ගැන සැලකිලිමත් වූයේ කුමන පක්ෂයද, දූෂණයට එරෙහිව සටන් කළේ කුමන පක්ෂයද සහ වැඩක් කර දුන්නේ කුමන පක්ෂයද යන්න CNN විසින් විමසූ විට, ඒ කිසිදු පක්ෂයකට සහය දැක්වූවාට වඩා වැඩි ඡන්දදායකයින් සංඛ්‍යාවක් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේ “දෙකෙන් එකක්වත් නැත” යනුවෙනි. නොවැම්බර් මාසයේදී කොංග්‍රස් මණ්ඩලයේ බොහෝ මන්ත්‍රීවරුන් නෙරපා හැරිය යුතු බව බහුතරයක් CNN වෙත පැවසූහ.

පසුගිය සති අන්තයේ පවත්වන ලද රොයිටර්/ඉප්සෝස් (Reuters/Ipsos) මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අදහස් සඳහා සහ MAGA (“Make America Great Again”- ඩොනල් ට්‍රම්ප් විසින් නායකත්වය දෙන දක්ෂිණාංශික පොපුලිස්ට් ෆැසිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය) රිපබ්ලිකානුවන්ගේ අදහස් සඳහා එකම මට්ටමේ සහයෝගයක් පවතින බවයි, එනම් එකිනෙකට සියයට 27 බැගිනි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකටත් වඩා අඩු පිරිසක් තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ප්‍රතිපත්ති තේරුම් ගත් බව පවසද්දී සහ MAGA ප්‍රතිපත්ති සඳහා සංගත මාධ්‍ය, රිපබ්ලිකන් පක්ෂය සහ ට්‍රම්ප් පරිපාලනය මගින් නොකඩවා ප්‍රචාරණය ලබා දෙන බව සලකා බලන විට මෙය කැපී පෙනෙන සංඛ්‍යාවකි.

මාධ්‍ය ප්‍රචාරණය, ප්‍රශ්න සකස් කර ඇති ආකාරය සහ ප්‍රතිචාර දක්වන්නන් තෝරා ගන්නා ආකාරය සහ ඔවුන්ගේ අදහස් ජනගහන විද්‍යාත්මකව “බර තබන” (weighted) ආකාරය නිසා බලපෑමට ලක්වන මත විමසුම් මගින් මහජන හැඟීම් පිළිබඳ විකෘති ප්‍රකාශනයක් පමණක් ලබා දෙන බව පැවසිය යුතුය. තවද, සමාජයේ පැවැත්මට ඇති එකම ආර්ථික පදනම ධනවාදය ලෙස ඉදිරිපත් කරන, සංගත පාලනය යටතේ පවතින ද්වි-පක්ෂ ක්‍රමය තුළ ඒවා පවත්වනු ලැබේ.

තිව්‍ර වන යුද්ධය,  ආර්ථික කැළඹුම (economic dislocation) සහ ඒකාධිපතිවාදය දෙසට වන ධාවනය  හමුවේ මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ මුලික වමට හැරීම, DSA හි මැතිවරණ ජයග්‍රහණ ලෙස මූලික ස්වරූපය ගෙන ඇත. නමුත් DSA යනු කම්කරු පන්තිය තුළ වර්ධනය වන ව්‍යාපාරයේ වාහකය නොවේ. එය ඊට බාධාවකි — එනම් එය වෝල් වීදියේ (Wall Street) සහ හමුදාවේ පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ කණ්ඩායමක් (faction) වන අතර, එහි කාර්යය වන්නේ කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ වර්ධනය වන විරෝධය නැවත ධනපති දේශපාලනයේ රාමුව තුළට යොමු කිරීමයි.

කෙසේ වෙතත්, මෙම රැඩිකලීකරණයේ අත්‍යවශ්‍ය අන්තර්ගතය ප්‍රතිසංස්කරණවාදී (reformist) නොවන අතර, එය එම රාමුව තුළ සීමා නොවෙනු ඇත. කම්කරුවන් සහ තරුණයින් ධනවාදයට එරෙහිව හරවන එම අර්බුදයම ඔවුන්ව ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ගැටුමකට ගෙන එනු ඇත. 2025 ජනවාරි 4 වන දින WSWS හි අලුත් අවුරුදු ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි: “පසුගිය වසර පහ තුළ ධනපති අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය ආධිපත්‍යය හෙබවීය. ඉදිරි වසර පහ තුළ පංති අරගලයේ පිපිරුම්කාරී නැගිටීම ආධිපත්‍යය දරනු ඇත; එය දැනටමත් සිදුවෙමින් පවතී.”

මෙම මත විමසුම්වල වාර්තා වී ඇති සමාජවාදය සඳහා වන සහයෝගයේ වර්ධනය අති මූලික දේශපාලන ගැටලුව විසඳන්නේ නැත, ඊට විපරීතව එය වඩාත් තියුණු ලෙස මතු කරයි. මහජන හැඟීම් තවමත් සවිඥානක දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අවශ්‍ය වන්නේ සමාජවාදය යනු කුමක්ද සහ එය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද යන්න පැහැදිලි කිරීමට සමත් විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුළ ගොඩනැගීමයි.

කම්කරුවන් සහ තරුණයින් 20 වන සියවසේ මූලික ඓතිහාසික කරුණු, සියල්ලටමතත් වඩා ලියොන් ට්‍රොට්ස්කි විසින් ස්ටාලින්වාදයට එරෙහිව ගෙන ගිය අරගලය සීරුවෙන් පරීක්ෂා කළ යුතුය. අද කම්කරුවන් සහ තරුණයින් ට්‍රොට්ස්කිගේ මෙම අවවාදය සිහි තබා ගත යුතුය, “තරුණයිනි, දේශපාලනය හදාරන්න!”

සමාජවාදය සාක්ෂාත් කරගත හැක්කේ සහ සාක්ෂාත් කරගනු ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සමස්ත ලෝකය පුරාම ධනපති ක්‍රමයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මගින් පමණි.

මෙයට සැබෑ සමාජවාදී වැඩසටහනක් අවශ්‍ය වේ: එනම්, පාලක පන්තියේ පක්ෂ දෙකෙන්ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය; මුල්‍ය කතිපයාධිකාරය අස්වාමික කිරීම(දේපළ අත්පත් කර ගැනීම) සහ බැංකු හා විශාල සමාගම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින මහජන සේවාවන් බවට පරිවර්තනය කිරීම; පෞද්ගලික ලාභයට වඩා මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම. මෙම මත විමසුම් මගින් ආරම්භයක් සනිටුහන් කරයි. අති මූලික ප්‍රශ්නය වන්නේ එහි සවිඥානික දේශපාලන දිශානතියයි — එනම් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය තුළ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙයින් අදහස් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (International Committee of the Fourth International) ගොඩනැගීමයි. අප හා එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුණයින්ගෙන් ඉල්ලා සිටිමු.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

ඇමරිකානු කම්කරුවෝ සහ තරුණයෝ සමාජවාදය දෙසට හැරෙමින් සිටිති Read More »

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති —2 කොටස

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 9  දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි. 

මෙය මෙම ලිපි මාලාවේ දෙවන සහ අවසාන කොටසයි. පළමු කොටස කියවන්න.

යුරෝපා සංගමය (EU – European Union), අප්‍රිකානු රටවල් සමඟ අමුද්‍රව්‍ය සහ සැපයුම් දාම පිළිබඳ මූලෝපායික හවුල්කාරිත්ව මාලාවකට ද අත්සන් තබා ඇත.

2022 දී බ්‍රසල්ස් [යුරෝපා සංගමය], දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths), ලිතියම් සහ පුනර්ජනනීය හයිඩ්‍රජන් ආවරණය වන පරිදි නැමීබියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. තඹ සහ කොබෝල්ට් නිස්සාරණය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා පුළුල් ආයෝජන ඇතුළත් කරමින් 2023 දී සැම්බියාව සමඟ වඩාත් පුළුල් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. ඩිජිටල් උපකරණ සඳහා ප්‍රධාන සංරචකයක් වන කොබෝල්ට් ලොව විශාලතම ප්‍රමාණයෙන් නිස්සාරණය කරන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC – Democratic Republic of Congo) සමඟ මූලෝපායික හවුල්කාරිත්වයක් එම වසරේම ඇති කර ගන්නා ලදී.

බෙන්ගුවෙලා (Benguela) දුම්රිය මාර්ගයේ සිතියම, කොංගෝ-කින්ෂාසා සහ සැම්බියාවේ දුම්රිය මාර්ග සමඟ සම්බන්ධ වන අයුරු [ඡායාරූපය: Hallel / CC BY-SA 4.0]

ලෝක වෙළඳපොළට අපනයනය කිරීම සඳහා ඇන්ගෝලාව හරහා අත්ලාන්තික් වෙරළ තීරයට DRC සහ සැම්බියාවෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසන ලොබිටෝ කොරිඩෝව (Lobito Corridor) පුළුල් කිරීමට යුරෝපා සංගමයට අවශ්‍ය වී ඇත. යුරෝපීය ආයෝජන බැංකුව (European Investment Bank) සහ පෞද්ගලික ආයතන විසින් අරමුදල් සපයනු ලබන මෙම යටිතල පහසුකම්, කලාපය තුළ චීන සහ එක්සත් ජනපද (US) බලපෑම සෘජුවම දුර්වල කිරීම අරමුණු කර ගත්තකි.

ඇමරිකා මහද්වීපය තුළ, මෙර්කෝසූර් (Mercosur) වෙළඳ ගිවිසුම මඟින් යුරෝපා සංගමය සහ තීරණාත්මක ඛනිජ (critical minerals) ලබා ගැනීමේ එහි වැදගත්ම හවුල්කරුවන් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරයි. ආර්ජන්ටිනාව සමඟ එක්ව “ලිතියම් ත්‍රිකෝණයේ” (lithium triangle) කොටස්කරුවෙකු වන චිලී රාජ්‍යය, 2024 දී බ්‍රසල්ස් සමඟ වෙනම නිදහස් වෙළඳ ගිවිසුමකට (free trade agreement) එළඹුණි.

තවත් උතුරට වන්නට, සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමේ හැකියාවක් සහිත, තීරණාත්මක ඛනිජ සහ ස්වාභාවික වායු (natural gas) සැපයුම්කරුවෙකු ලෙස කැනඩාව සලකනු ලැබේ. කැනඩාව යුරෝපීය බලවතුන් සමඟ සබඳතා ගැඹුරු කර ගැනීමට උනන්දු වෙයි. ට්‍රම්ප් කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට තම අභිප්‍රාය ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනපද වෙළඳපොළ මත දැඩි ලෙස රඳා පවතින එහි ආර්ථිකය කඩාකප්පල් කරන බවට තර්ජනය කර ඇත.

මෑතකදී යෙරෙවන්හි (Yerevan) පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජා (EPC – European Political Community) සමුළුවට එවැනි රැස්වීමකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන රාජ්‍ය නායකයා ලෙස කැනඩා අගමැති මාර්ක් කාර්නි සහභාගී වීම, සම්ප්‍රදායික අත්ලාන්තික් සාගරය හරහා සබඳතාවල (transatlantic relations) දරුණු බිඳවැටීම සහ වොෂින්ටනයේ තර්ජනවලට ප්‍රතිතුලනයක් (counterweight) ලෙස යුරෝපය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට කැනඩාවට ඇති උවමනාව පෙන්නුම් කළේය.

අමුද්‍රව්‍ය සහ ප්‍රතිසන්නද්ධකරණය

අමුද්‍රව්‍ය සහ වාණිජ වෙළඳපොළවල් සුරක්ෂිත කර ගැනීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදීන් ගේ ගෝලීය පීරා යෑම, තම ප්‍රතිවාදීන්ට එරෙහිව තම අවශ්‍යතා පැටවීමට සමත්, සටනට සූදානම් මිලිටරි බලකායක් අවශ්‍ය වේ. යුරෝපීය බලවතුන් තම මිලිටරි යන්ත්‍ර සඳහා යුරෝ බිලියන සිය ගණනක් වැය කරති. මේ ක්‍රියාදාමයේ සුවිශේෂිත තත්වයක පසුවන ජර්මනිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ණය සීමාවන්ගෙන් මිලිටරි වියදම් නිදහස් කිරීම සඳහා තම මූලික නීතිය (Basic Law) සංශෝධනය කර ඇති අතර, එමඟින් හමුදාවට සහ අදාළ යටිතල පහසුකම් සඳහා අරමුදල් සැපයීමට යුරෝ ට්‍රිලියන 1 ක [ලංකා රුපියල් කෝටි කෝටි 3.9 ක්] ණය ලබා ගැනීමට එයට හැකි වී තිබේ. යුරෝපා සංගමය මිලිටරි ආයෝජන (military investments) සඳහා යුරෝ බිලියන 800 ක් වෙන් කර ඇත.

නූතන යුද යන්ත්‍රයක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට යුරෝපීය අධිරාජ්‍යවාදීන් අපොහොසත් වුවහොත් මෙම මුදල්වලින් ඇති පලක් නැත. එක් ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදයේ නිෂ්පාදිත සෑම F-35 ප්‍රහාරක ජෙට් යානයක්ම නිපදවීම සඳහා දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400 ක් අවශ්‍ය වේ. යුධ ටැංකි, සන්නද්ධ වාහන සහ රේඩාර් පද්ධති සියල්ලම තීරණාත්මක ඛනිජවල ප්‍රධාන යෙදවුම් (inputs) මත රඳා පවතින අතර, යුරෝපා සංගම් රටවල් දැනට ඒවා ලබා ගන්නේ චීනයෙන්, රුසියාවෙන් හෝ ඔවුන්ගේ සෘජු පාලනය යටතේ නොමැති වෙනත් රටවලිනි. ප්‍රධාන යුධ ටැංකියක් (main battle tank – MBT) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යෙදවුම් විස්තර කරමින් මූලෝපායික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනය (IISS – International Institute for Strategic Studies) විසින් කරන ලද අධ්‍යයනයක මෙසේ සඳහන් වේ:

“නූතන ප්‍රධාන යුධ ටැංකියක (MBT) හැකියාව දැන් විනිශ්චය කරනු ලබන්නේ එහි සංවේදක සහ ඔප්ට්‍රොනික්ස් (optronics-විද්‍යුත්-ආලෝක තාක්ෂණය) වල නවීන-සංකීර්ණ කුසලතාවයන් මෙන්ම වෙඩි බලය, ආරක්ෂාව සහ සංචලතාව වැනි සම්ප්‍රදායික මිතිකයන් (මිනුම් දඬු) ගෙනි. මේ සම්බන්ධයෙන් ගත් කල, වඩා හොඳ සංවේදක මඟින් යුද පිටියේ වඩා හොඳ දැනුවත්භාවයක් (battlefield awareness) ලබා දෙන අතර, එමඟින් ඉලක්ක සොයාගැනීමේ, හඳුනාගැනීමේ සහ තහවුරු කරගැනීමේ (identification) පරාසයන් පුළුල් කිරීමට කාර්ය මණ්ඩලයට හැකියාව ලැබේ. සංවේදක වඩ වඩාත් සංකීර්ණ වන අතර තීරණාත්මක ද්‍රව්‍ය මාලාවක් මත රඳා පවතී. මූලික වීදුරු සහ දර්පණ සඳහා සිලිකන් සහ සෙරමික් භාවිතා කරන අතර, අඩු දෘශ්‍යතා සහිත පරිසරයන්හි ප්‍රධාන මෙවලම් වන අධෝරක්ත (IR – infrared) සහ රාත්‍රී දර්ශන (NV – night-vision) පද්ධතිවල රසදිය (mercury), කැඩ්මියම් ටෙලුරයිඩ් (cadmium telluride), ජර්මේනියම් (germanium), තඹ සහ ටැන්ටලම් (tantalum) අඩංගු විය හැක. ලේසර් දුර මනින උපකරණ (laser rangefinders) සහ වෙඩි කඳ යොමු සංවේදක (muzzle reference sensors) නූතන ටැංකිවල පොදු ලක්ෂණ වන අතර, ඉලක්කයක් දෘශ්‍යමය වශයෙන් හඳුනාගත් පසු වෙඩි තැබීමේ නිවැරදි කෝණ/විසඳුම් (firing solutions) සකස් කිරීම වේගවත් කිරීමට ඒවා උපකාරී වේ. මේවා සඳහා නියෝඩියමියම්-ඉට්‍රියම්-ඇලුමිනියම් ගානට් (neodymium–ytrium–aluminium garnet) සහ ඉන්ඩියම් (indium) හා අර්බියම් (erbium) භාවිතා කළ හැක. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS – US Geological Survey) අනුව, නියෝඩියමියම් සහ ඉට්‍රියම් යනු දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs – Rare Earth Elements) වන අතර ඉට්‍රියම් 94% ක්ම සපයනු ලබන්නේ චීනයෙනි.”

MBT සන්නිවේදන පද්ධති, “තඹ සහ ගැලියම් ආසනයිඩ් (gallium arsenide), ගැලියම් නයිට්‍රයිඩ් (gallium nitride), බෙරිලියම් (beryllium), සිලිකන්, රිදී සහ ඉන්ඩියම් වැනි අනෙකුත් තීරණාත්මක ද්‍රව්‍ය” මත රඳා පවතින බව එහි සඳහන් වේ. ටැංකියේ ප්‍රධාන තුවක්කුව සහ සන්නාහය (armour) සම්බන්ධයෙන් ගත් කල, ඒවාට “ඇන්ටිමනි (antimony), කාබන් (carbon), මැංගනීස් මිශ්‍ර ලෝහ (manganese alloys), ක්‍රෝමියම් (chromium), නිකල් (nickel), මොලිබ්ඩිනම් (molybdenum) සහ වැනේඩියම් (vanadium)” අවශ්‍ය වන අතර පතොරම් (ammunition) සහ සන්නාහය ඒවායේ දෘඪතාව හේතුවෙන් ටංස්ටන් (tungsten) සහ ටයිටේනියම් (titanium) මත රඳා පවතී.

2023 පෙබරවාරි 1 වන දින ජර්මනියේ ඔගස්ටස්ඩෝෆ්හි ෆීල්ඩ් මාර්ෂල් රොමෙල් බැරැක්කයේ බුන්ඩෙස්වෙහ්ර් (Bundeswehr – ජර්මානු සන්නද්ධ හමුදා) ටැංකි බලඇණිය 203 වෙත ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස්ගේ සංචාරයකදී ලෙපර්ඩ් 2 (Leopard 2) ටැංකියක් දක්නට ලැබෙන අයුරු. [AP ඡායාරූපය/මාටින් මේස්නර්]

IISS අධ්‍යයනය නාවික සහ ගුවන් ක්ෂේත්‍රවල මිලිටරි උපකරණ සඳහා ද මෙවැනිම විස්තරයකට යයි. එහි හැඳින්වීමේ සඳහන් වන පරිදි: “බාහිර සැපයුම් මත, සහ විශේෂයෙන් බොහෝ විට එක් ස්ථානයක පමණක් සංකේන්ද්‍රණය වී ඇති තීරණාත්මක අමුද්‍රව්‍ය මත යුරෝපයේ ඉහළ යැපීම, යුරෝපීය ආරක්ෂක/මිලිටරි නිෂ්පාදනය (defence manufacturing) සඳහා සැලකිය යුතු සහ වර්ධනය වන අවදානමක් පෙන්නුම් කරයි.”

වෙළඳ හවුල්වල සිට ලෝක යුද්ධය දක්වා, සහ කම්කරු පන්තියේ සමාජවාදී ප්‍රතිචාරය

ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සුරක්ෂිත කර ගැනීමට සහ වෙළඳපොළවල් පුළුල් කිරීම සදහා යුරෝපා සංගමය දරන උත්සාහයන් සිදුවන්නේ ගෝලීය ධනේශ්වර අර්බුදයක් මැද ය. එහි ප්‍රතිවිරෝධතා දැනටමත් තුන්වන ලෝක යුද්ධයක මුල් අවධියට මඟ පාදා ඇති අතර, ලෝකය නැවත බෙදා ගැනීමක් සඳහා ප්‍රධාන බලවතුන් පටලවා ඇත. ඕනෑම එක් බලවතෙකු තම සැපයුම් දාමයන් ස්ථාවර කිරීමට දරන උත්සාහය එහි ප්‍රතිවාදීන් සමඟ නව ආතතීන් ඇති කරයි. සියලුම බලවතුන් එකවර එසේ කිරීමට දරන උත්සාහය අනිවාර්යයෙන්ම අධිරාජ්‍යවාදී යුද්ධයක් දක්වා උත්සන්න විය යුතුය. යුරෝපය තුළ, යුරෝපා සංගමය යනු තනි බලවතෙකු නොව, ප්‍රංශය සහ ජර්මනිය අතර නැවත නැවතත් ආතතීන් ඇවිලීමෙන් පෙන්නුම් කරන පරිදි, අවශ්‍යතා එකිනෙකට වෙනස් වන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් වීම මඟින්, මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙයි.

මෙම ගැටුම්කාරී න්‍යාය පත්‍ර දැනටමත් යුක්රේනය තුළ පුපුරා ගොස් ඇති අතර, එහිදී එක්සත් ජනපදය සහ නේටෝව ක්‍රමානුකූලව යුක්රේනය තුළ රුසියාව සමඟ යුද්ධයක් අවුලුවාලීය. යුරෝපීය බලවතුන් මඟහරිමින් රුසියාව සමඟ එකඟතාවයකට පැමිණීමට වොෂින්ටනය දරන උත්සාහයේ කොටසක් ලෙස, ට්‍රම්ප් පසුගිය වසරේ යුක්රේනය සමඟ රටේ තීරණාත්මක ඛනිජ සූරාකෑම සදහා– යුරෝපීය අධිරාජ්‍යවාදීන් බැහැර කරන– ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුණි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රවේශය සදහා විවෘත වන ආක්ටික් මුහුදු මාර්ගවල  හදවතේ ප්‍රධාන උපායමාර්ගික ස්ථානයක් හිමිකරගෙන සිටින, අමුද්‍රව්‍යවලින් පොහොසත් ඩෙන්මාර්ක ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට නැවත නැවතත් තර්ජනය කරමින් ට්‍රම්ප් පසුගිය වසර පුරා යුරෝපීය බලවතුන් සමඟ ආතතීන් ගැඹුරු කළේය. එක්සත් ජනපද සොල්දාදුවන් සඳහා ස්ථිර කඳවුරු සුරක්ෂිත කර ගැනීමට සහ දූපතේ ඕනෑම ප්‍රධාන ආයෝජන තීරණයක් සම්බන්ධයෙන් වොෂින්ටනයට නිෂේධ බලය ලබා ගැනීමට එක්සත් ජනපදය ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මැයි මාසයේදී වාර්තා කළේය.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ එක්සත් ජනපද මිලිටරියේ පිටුෆික් අභ්‍යවකාශ කඳවුරේදී අදහස් දක්වන අතර, බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (වමේ) සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලා සිටිති, 2025 මාර්තු 28 සිකුරාදා. [AP ඡායාරූපය/ජිම් වොට්සන්

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ එක්සත් ජනපද මිලිටරියේ පිටුෆික් අභ්‍යවකාශ කඳවුරේදී අදහස් දක්වන අතර, බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (වමේ) සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලා සිටිති, 2025 මාර්තු 28 සිකුරාදා. [AP ඡායාරූපය/ජිම් වොට්සන්]

අධිරාජ්‍යවාදීන් අතර ප්‍රතිවිරෝධතා දැඩි වීම සහ ගැටුම්කාරී කන්ඩායම් විවෘතව නැවත ඉස්මතු වීම, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති සහ එය පෝෂණය කළ 1930 ගණන්වල තරඟකාරී වෙළඳ කාණ්ඩ ගැසීම් වලට සමාන වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI – International Committee of the Fourth International) මෙම ක්‍රියාවලියේ මූලාරම්භය එහි වර්ධනයේ වඩාත් මුල් අවධියකදී, එනම් 1990 ගණන්වල මුල් භාගයේදී, එක්සත් ජනපදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය  මත පදනම් වූ පශ්චාත් යුද සමතුලිතතාවය බිඳවැටීමේදී හඳුනා ගත්තේය. එම වසරේ අගභාගයේදී බර්ලිනයේ කැඳවන ලද අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා කැඳවුම් කරමින් ICFI එහි 1991 මැයි දින ප්‍රකාශනයේ මෙසේ ලිවීය:

“දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර සබඳතාවල මෙවැනි අවිනිශ්චිතතාවයක් පැවතී නැත. සීතල යුද්ධය (Cold War) සමයේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගලා ගිය පෙර දැකිය හැකි නාලිකා සිදුවීම් විසින් අභිබවා ගොස් ඇත. පැරණි සන්ධානයන්  බිඳ වැටෙමින් පවතී; තවද නව සන්ධානයන් තවමත් ගොඩනැගීමේ ක්‍රියාවලියේ පවතී. ලෝක ආධිපත්‍යය සඳහා ප්‍රබල අන්තර්ජාතික සංගතවල අරගලය ජාත්‍යන්තර කටයුතුවලට බිහිසුණු ආතතියක් ලබා දෙයි… ‘මිතුරන්’ සහ ‘සතුරන්’ පෙළගැස්වීම තවමත් බොහෝ සෙයින් බලාපොරොත්තු නොවූ ස්වරූපයක් ගත හැකිය. නමුත් අධිරාජ්‍යවාදයේ  ස්වභාවයම, අවශ්‍යතාවල ගැටුම අනිවාර්යයෙන්ම යුද්ධය දෙසට ගමන් කරයි.

වසර තිස්පහකට පසු, ලෝක යුද්ධය තවදුරටත් අනාගත වියහැකියාවක් (prospect) නොව, කම්කරුවන්ගේ ඇස් පනාපිට දිග හැරෙන බිහිසුණු ක්‍රියාවලියකි. යුරෝපීය බලවතුන් එහි ආරම්භය ගැන තමන්ගෙන් සමග සාකච්ඡා  නොකකල බවට මැසිවිලි නගන අතරේම අනුමත කළ ඉරානයට එරෙහි නීතිවිරෝධී එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය, සෝවියට් සංගමය බිඳවැටීම දක්වා දිවෙන සමස්ත ඓතිහාසික යුගයක උච්චතම අවස්ථාව විය. නමුත් අඛණ්ඩ යුද මාලාවක් හරහා මිලිටරි බලය යෙදවීමෙන් තම ආර්ථික පරිහානිය පියවා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.

ඉරානය සහ පුළුල් මැදපෙරදිග වේගයෙන් උත්සන්න වන තුන්වන ලෝක යුද්ධයක එක් පෙරමුණක් වන අතර, එම ලෝක යුද්ධය, රුසියාවට එරෙහි යුද්ධය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනය සමඟ යුද්ධය සඳහා වන සූදානම ද ඇතුළත් කර ගනී. වෙළඳපොළවල්, ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සඳහා වන ගෝලීය පොරබැදීමේදී යුරෝපීය බලවතුන් — මිලිටරි සැපයුම් සහ බුද්ධි තොරතුරු සඳහා එක්සත් ජනපදය මත බෙහෙවින් රඳා පවතින බැවින් — යම් මට්ටමක අත්ලාන්තික් සාගරයෙන් හරහා සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කටයුතු කරන අතරම, මෙම හිටපු මිතුරන් (erstwhile allies) ගෝලීය යුද්ධයේ සියලු පෙරමුණු වලදී එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස දැක ගනිති.

ලෙනින් පළමු ලෝක යුද්ධය සහ රුසියානු විප්ලවය විසින් විවෘත කරන ලද ඓතිහාසික අවධිය යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයක් ලෙස විස්තර කළේය. මන්ද, ධනවාදයේ ප්‍රතිවිරෝධතා අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් හෝ සමාජවාදී විප්ලවයක් හරහා මිස විසඳිය නොහැකි මට්ටමට මුහුකුරා ගොස් තිබූ බැවිනි. මෙම යුගය පිළිබඳ එම අවබෝධය ඇතිවය ICFI හි 1991 මැයි දින ප්‍රකාශය අවධාරණය කළේ මෙසේය:

“ඓතිහාසික අත්දැකීම් පැහැදිලිවම සාක්ෂි දරන්නේ ප්‍රශ්නය තීරණය කරන්නේ ධනපති දේශපාලඥයන්ගේ සදාචාරාත්මක මනස්තාප (moral qualms) හෝ ආත්මීය භීතීන් නොව, අධිරාජ්‍යවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතා බවයි. තවත් ලෝක යුද්ධයක් වැලැක්විය හැකි ලොව එකම බලවේගය විප්ලවවාදී කම්කරු පන්තියයි.”

යුරෝපයේ කම්කරුවන්ගේ කර්තව්‍යය වන්නේ යුද්ධයට, ප්‍රතිසන්නද්ධකරණ අයවැයට, සමාජ කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට සහ ධනේශ්වර තරඟකාරිත්වයේ සමස්ත තර්කනයට එරෙහි වන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එමෙන්ම එය එක්සත් ජනපදය, රුසියාව, චීනය, යුක්රේනය, ඉන්දියාව, අප්‍රිකාව සහ ලොව පුරා සිටින කම්කරුවන් සමඟ සවිඥානික එකමුතුවකින් යුතුව සිදු කිරීමයි. සියලුම රටවල කම්කරුවන් සමාජයේ සමාජවාදී පරිවර්තනයක් සඳහා සටන් කළ යුතුය: ලාභය සඳහා වන නිෂ්පාදනය වෙනුවට මානව අවශ්‍යතා සඳහා වන නිෂ්පාදනය ආදේශ කිරීම සහ ජාතික රාජ්‍ය පද්ධතිය වෙනුවට සමාජවාදී සමූහාණ්ඩුවල සහෝදර සංගමයක් ආදේශ කිරීමයි.

මෙය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිළිවෙළයි. වත්මන් සමාජ ක්‍රමයේ (social order) සමස්ත තර්කනය මනුෂ්‍ය වර්ගයා තල්ලු කරමින් සිටින ව්‍යසනය  වැලැක්වීමට වෙනත් මඟක් නැත.

සමාප්තයි.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති —2 කොටස Read More »

Minerals race

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 8  දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි. 

මෙය කොටස් දෙකකින් යුත් ලිපි මාලාවක පළමු කොටසයි. දෙවන කොටස කියවන්න.

යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් පසුගිය වසර කිහිපය තිස්සේ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා විහිදෙන දුරදිග යන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්වයන් මාලාවකට එළඹ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට පැමිණීම සහ “ඇමරිකාව පළමුව” යන ගෝලීය වෙළඳ යුද්ධය වැලඳ ගැනීම මෙම ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබේ.

මැයි මාසය ආරම්භයේදී, යුරෝපා සංගමය (EU) සහ මර්කෝසූර් (Mercosur) වෙළඳ හවුල අතර දිගු කලක් තිස්සේ සාකච්ඡා කරන ලද ගිවිසුම නිල වශයෙන් බලාත්මක විය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සහ ලතින් ඇමරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ අතර ඇති කරගත් මෙම ගිවිසුම, වෙළඳපල, අමුද්‍රව්‍ය සහ ආයෝජන අවස්ථා සඳහා ප්‍රවේශය ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින අරගලය තීව්‍ර වීම මනාව සංකේතවත් කරයි.

රොටර්ඩෑම් හි කන්ටේනර් පර්යන්තයක මිනිසුන් රහිත ස්වයංක්‍රීය නියෙමු (guided) වාහනයකට කන්ටේනරයක් පටවන ආකාරය [ඡායාරූපය: Quistnix / CC BY 1.0]

මර්කෝසූර් හවුල සහ ඉන්දියාව, මෙක්සිකෝව මෙන්ම නවසීලන්තය සමඟ ඇති කරගත් එවැනිම ගිවිසුම් නොවරදවාම “නිදහස් වෙළඳ ගිවිසුම්” ලෙස නම් කරනු ලැබේ. එහෙත් ඒවායින් නිරූපණය වන්නේ තම ප්‍රතිවාදීන්ගේ වියදමෙන් යුරෝපීය ප්‍රාග්ධනය සඳහා ප්‍රධාන වෙළඳපලවල් සහ සැපයුම් දාමයන් අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය මත පදනම්ව දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද ගෝලීය වෙළඳ විධිවිධාන තවදුරටත් බිඳවැටීමක් ද ඉන් අදහස් කෙරේ. වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් යටතේ, ලෝක ධනවාදය තරඟකාරී කන්ඩායම්වලට බෙදී යමින් පවතින අතර, සෑම කන්ඩායමක්ම අනෙකාගේ වියදමෙන් වෙළඳපල, සම්පත් සහ උපායමාර්ගික වාසි තහවුරු කර ගැනීමට උත්සාහ කරති.

බ්‍රසල්ස්, බර්ලින් සහ පැරිස්, බුවනෝස් අයර්ස් සිට මුම්බායි දක්වා යුරෝපීය ප්‍රාග්ධනය සඳහා වෙළඳපල ප්‍රවේශය ඉල්ලා සිටින අතර, වොෂින්ටනයේ “ඇමරිකාව පළමුව” යන න්‍යාය පත්‍රය පදනම් වී ඇත්තේ ඇමරිකානු මහාද්වීපයේ ආර්ථික ජීවිතයෙන් සියලුම “අර්ධගෝලීය නොවන” (non-hemispheric) ප්‍රතිවාදීන් බැහැර කිරීම මත ය. මෙම ප්‍රතිවාදී කන්ඩායම් දෙකම එකවර චීනයට එරෙහිව එල්ල වී ඇති අතර, චීනයේ ආර්ථික ව්‍යාප්තිය සහ වෙළඳාම මෙන්ම ආයෝජන වර්ධනය කිරීමට ගන්නා උත්සාහය, බීජිං පාලනය උතුරු ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී අභිලාෂයන්ට ප්‍රධාන තර්ජනයක් බවට පත් වී ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ (NATO) යුද්ධය, දිනෙන් දින උත්සන්න වන ලෝකය නැවත බෙදා ගැනීමේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් සනිටුහන් කරයි. යුරෝපා සංගමයේ ව්‍යාප්ත වන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්ව ජාලය විශ්ලේෂණය කළ යුත්තේ මෙම සන්දර්භය තුළ ය.

යුරෝපීය අධිරාජ්‍යවාදය හුදෙක් ආර්ථික න්‍යාය පත්‍රයක් පමණක් ලුහුබඳින්නේ නැත; වෙළඳපල, ශ්‍රම සංචිත, අමුද්‍රව්‍ය සහ භූ-උපායමාර්ගික බලපෑම් අත්පත් කර ගැනීම සඳහා තම ප්‍රතිවාදීන්ට එරෙහිව කුරිරු මිලිටරි බලයක් යෙදවිය හැකි වන පරිදි ඔවුහු උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති. මෙම ගමන, පශ්චාත් යුධ සමයේ වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර අන්තර්- අත්ලාන්තික් සන්ධානය බිඳවැටීම වේගවත් කරමින් තිබේ.

යුරෝපය මුල් කරගත් වෙළඳ හවුලක් නිර්මාණය කිරීම

යුරෝපා සංගමයේ ආර්ථික කොල්ලකෑමේ සහ ලාභ ලබාගැනීමේ ගෝලීය මූලෝපායේ හදවතෙහි පවතින්නේ අනාගත කර්මාන්ත සහ ආක්‍රමණශීලී මිලිටරි මෙහෙයුම් යන දෙකම සඳහා තීරණාත්මක අමුද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමේ මෙහෙයුමයි. 2024 දී බලාත්මක වූ තීරණාත්මක අමුද්‍රව්‍ය පනත (The Critical Raw Materials Act-CRMA), විශේෂයෙන්ම චීනය වැනි තනි සැපයුම්කරුවන් මත යැපීම අවම කිරීම සඳහා පැහැදිලි ඉලක්ක කෙටුම්පත් කරයි. ලොව පුරා සිටින අනෙකුත් සැපයුම්කරුවන් සමඟ මූලෝපායික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම, ඛනිජ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ දේශීය කැණීම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම යන කරුණුවල එකතුවක් මඟින් මෙය සාක්ෂාත් කර ගැනීමට එය අපේක්ෂා කරයි.

චීනය සැලකිය යුතු ප්‍රමාණයකින් තීරණාත්මක අමුද්‍රව්‍ය නිස්සාරණය නොකළද, වඩාත්ම වැදගත් මූලද්‍රව්‍ය සමහරක් පිරිපහදු කිරීම සහ සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් ආධිපත්‍යය දරයි. උදාහරණයක් ලෙස, විද්‍යුත් වාහන (EV) සඳහා බැටරි නිපදවීමට, ඩිජිටල් උපකරණ සහ අනෙකුත් අධි-තාක්‍ෂණික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තුනක් වන ලෝකයේ බොහොමයක් මැංගනීස්, කොබෝල්ට් සහ මිනිරන් (ග්‍රැෆයිට්) පිරිපහදු කිරීමේ වගකීම දරන්නේ චීන පිරිපහදු මධ්‍යස්ථාන වේ. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය චීනය ලෝකයේ ශ්‍රම සූරාකෑමේ මධ්‍යස්ථානය (sweatshop) ලෙස ගොඩනැගීම සඳහා එහි බිලියන සිය ගණනක් ආයෝජනය කර ඇත.

2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

යුරෝපීය “තාක්‍ෂණික ස්වෛරීභාවය” සඳහා එනම්, එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ස්වාධීනව විද්‍යුත් වාහන, පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම්, ස්මාර්ට්ෆෝන්, ඩිජිටල් යටිතල පහසුකම් සහ යුද්ධ කිරීම සඳහා වන උපකරණ නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා ලිතියම්, කොබෝල්ට්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs) සහ නිකල් වැනි ද්‍රව්‍ය කෙරෙහි සෘජු පාලනයක් තිබීම අත්‍යවශ්‍ය බවට වර්ධනය වන පිළිගැනීමක් CRMA පනතෙන් පිළිබිඹු වේ. යුරෝපා සංගම් කොමිසම සඳහන් කළේ, “බැටරි නිෂ්පාදනය සඳහා ලිතියම්, කොබෝල්ට් සහ නිකල් භාවිතා වේ; සූර්ය පැනල සඳහා ගැලියම් භාවිතා වේ; සුළං තාක්ෂණය සඳහා අමු බෝරෝන් භාවිතා වේ; අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල ටයිටේනියම් සහ ටංස්ටන් භාවිතා වේ” යනුවෙනි.

ඉදිරි දශක කිහිපය තුළ මෙම ද්‍රව්‍ය සමහරක් සඳහා ඇති ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමය 2024 දී පුරෝකථනය කළේ ලිතියම් සඳහා ඇති ඉල්ලුම 2030 වන විට 10 ගුණයකින් සහ 2040 වන විට 21 ගුණයකින් වැඩි වන අතර, එම කාලසීමාවන් තුළම දුර්ලභ පාංශු ලෝහ සඳහා ඇති ඉල්ලුම හය හෝ හත් ගුණයකින් ඉහළ යනු ඇති බවයි.

මෙයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමය සම්පත් සබඳතා පිළිබඳ ගෝලීය ජාලයක් පිහිටුවීමට උත්සාහ කරයි.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීය ස්ථානයක් ගනී. 2024 දී, යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සමඟ මූලෝපායික ඛනිජ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ලිතියම්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය, මිනිරන්, මැංගනීස් සහ කොබෝල්ට් සැපයුම ඉහළ නැංවීමේ යුරෝපා සංගමයේ අවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ විශාල අමුද්‍රව්‍ය තැන්පතු වෙත ප්‍රවේශ වීම සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර ලැබෙනු ඇති අතර, පතල් කැණීමේ ව්‍යාපෘති, අමුද්‍රව්‍ය සැකසීම සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා මූල්‍ය ආධාර සැපයීමට ඔවුන් 2025 අගභාගයේදී එකඟ විය.

මධ්‍යම ආසියාව යනු යුරෝපීය අධිරාජ්‍යවාදය එහි ස්වභාවික සම්පත් වෙනුවෙන් විනිවිදිමට අදිටන් කරගෙන සිටින තවත් එක් කලාපයක් වන අතර, එමඟින් යුරෝපා සංගමය, චීනයට, එක්සත් ජනපදයට සහ රුසියාවට එරෙහිව පෙළගැසෙයි. කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය වැනි රටවල් සතුව යුරේනියම්, තඹ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍යවල (REEs) සැලකිය යුතු සංචිත පවතී. 2025 අප්‍රේල් මාසයේදී උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැති ප්‍රථම යුරෝපා සංගම්-මධ්‍යම ආසියානු සමුළුවේදී ද ඇතුළුව, මෙම කලාපය තුළ තම මැදිහත්වීම ගැඹුරු කිරීමට යුරෝපා සංගමය උත්සාහ කර ඇත. සමුළුවේ ප්‍රකාශය මඟින් යුරෝපා සංගමය සහ මධ්‍යම ආසියානු ජනරජයන් අතර “මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කිරීමට කැප වූ අතර, පසුව ඒකාබද්ධ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ සැලසුම් සහ රුසියාව මඟ හැර යාම සඳහා ප්‍රවාහන කොරිඩෝ පිහිටුවීම පිළිබඳ සැලසුම් ගෙනහැර දක්වන ලදී.

සාම්ප්‍රදායිකව රුසියාවේ සමීප මිත්‍රයෙකු වන ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි මෑතකදී පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජාවගේ සමුළුව, රුසියාව මඟහරිමින් මධ්‍යම ආසියාවේ සිට යුරෝපයට ගලා යන වෙළඳ ප්‍රවාහයන් සඳහා වන ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස එම රට පිහිටා තිබීම සමඟ බැඳී පැවතුනි. 2023 ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පැවැති යුද්ධයේදී අසර්බයිජානය විසින් නගෝර්නෝ-කරබාක් ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව, අසර්බයිජානය තුර්කියෙන් වෙන් කරන ආර්මේනියානු භූමියේ සිහින් තීරුවක් වන සන්ගෙසුර් කපොල්ල (Zangezur Gap) හරහා ප්‍රවාහන කොරිඩෝවක් සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය මැදිහත් වූ අතර, එය ජාත්‍යන්තර සාමය සඳහා වන ට්‍රම්ප් මාර්ගය (Trump Route for International Peace) ලෙස නම් කර ඇත.

මතු සම්බන්ධයි.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස Read More »

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී

බැරී ග්‍රේ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 02 දින “The U.S. oligarchy’s crime boss: Trump pocketed $2.2 billion in 2025” යන හිසින් පළවූ බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මාර්තු 9 වන සඳුදා, ෆ්ලොරිඩාවේ ඩොරල් හි ට්‍රම්ප් ජාතික ඩොරල් මියාමි හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

පසුගිය අඟහරුවාදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ 2025 වර්ෂය සඳහා වන අනිවාර්ය මූල්‍ය හෙළිදරව්ව ප්‍රකාශයට පත් කළේය. එයින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු වසර තුළදී ඔහු තම පෞද්ගලික ආදායම තුන් ගුණයකට වඩා වැඩි කරගෙන ඇති බවයි; එනම් 2024 දී ඩොලර් මිලියන 622ක් වූ ආදායම පසුගිය වසරේදී අවම වශයෙන් ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ නංවාගෙන ඇත.

ට්‍රම්ප් තමන්ගේ ධනය වර්ධනය කරගෙන ඇති පරිමාණය සමඟ සසඳන කල, ඇමරිකානු ඉතිහාසයේ මහා දූෂණ වංචාවන් කිසියම් ඇන්ටික් සුන්දරත්වයක් ගැබ් කරගත්තාක් සේ පවා පෙනී යයි. දේශපාලන සාපරාධීත්වයේ සංකේතයක් ලෙස සියවසක් පුරා පැවති 1920 ගණන්වල ‘ටීපොට් ඩෝම්’ (Teapot Dome) සිදුවීම කේන්ද්‍රගත වූයේ, එවකට අභ්‍යන්තර කටයුතු ලේකම් ඇල්බට් ෆෝල් විසින් නාවික තෙල් සංචිත බදු දීම වෙනුවෙන් ලබාගත් ඩොලර් 400,000ක (අද මුදලින් ඩොලර් මිලියන 8ක පමණ) අල්ලසක් වටාය. ෆෝල්ට බන්ධනාගාරගත වීමට සිදු විය. 1973 දී උප ජනාධිපති ස්පිරෝ ඇග්නියුට ඉල්ලා අස්වීමට සිදු වූයේ මේරිලන්ඩ් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් නෝට්ටු අඩංගු කවර මඟින් ලබාගත් සමස්තයක් ලෙස ඩොලර් 250,000ක පමණ අල්ලස් මුදලක් හේතුවෙනි. ට්‍රම්ප්ගේ ප්‍රමිතීන්ට අනුව බලන කල, මේවා ඉතා සුළු මුදල්ය.

මෙම වාර්තාව මඟින්, දේපළ වෙළඳාම් වංචාකරුවෙකු සහ මාධ්‍ය තොරම්බල් කාරයෙකුව සිට එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වූ පුද්ගලයාට තමන්ගේ සහ තම පවුලේ ධනය දැවැන්ත ලෙස වර්ධනය කර ගැනීමට මඟ පෑදූ බරපතල බියසැක නැති අත්තනෝමතික ගනුදෙනු සහ දූෂණ පිළිබඳ සමහර ඇඟවීම් සපයයි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට, ට්‍රම්ප් පවුලේ සමස්ත ධනය ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10ක් ලෙස පැවති අතර, එය 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසුව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ ධනය ඩොලර් මිලියන 50 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර, එරික් ට්‍රම්ප්ගේ ධනය දස ගුණයකින් එනම් ඩොලර් මිලියන 400 දක්වා ඉහළ ගියේය.

එම වසරේදීම, ජාතික ආදායමෙන් ශ්‍රමයට හිමිවන කොටස වාර්තා තැබීම ආරම්භ කළ දා සිට අඩුම මට්ටම දක්වා පහත වැටුණි. 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රමයේ කොටස සියයට 53.8 දක්වා පහත වැටුණු අතර, එය 1947 දී සියයට 70ක් ලෙස පැවතුණි. මෙම සංඛ්‍යාලේඛන සැබෑ ජීවිතය තුළට පරිවර්තනය වන්නේ දරිද්‍රතා මට්ටමේ වැටුප්, දරාගත නොහැකි ඉහළ ගෙවල් කුලී සහ ජීවන වියදම් මෙන්ම කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට දිගු සේවා මුරයන්ට මුහුණ දීමට සිදුවීම ලෙසය.

ශ්‍රම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Bureau of Labor Statistics) පැය 40ක සේවා සතියක් මත පදනම් වූ සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙකුගේ වැටුප් ඇස්තමේන්තුවට අනුව, ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් 37,931 දෙනෙකුගේ ආදායමට සමාන වේ. ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු පැයකට ඩොලර් 251,000කි. එම අනුපාතයට අනුව, පුද්ගලයෙකු තත්පරයකට ඩොලර් 70ක් උපයන අතර, එය UAW මෝටර් රථ කම්කරුවෙකු පැයකට උපයන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මේ සතියේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී, අඩු ආදායම්ලාභී නිවාස වර්ධනය කිරීමේ පනත් කෙටුම්පතකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කරමින්, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තියේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ තම සැලසුම මුලින්ම සම්මත කරන ලෙස කොන්ග්‍රස් මණ්ඩලයෙන් බලකර සිටීමටත්, එම නිවාස පනත “කම්මැලි කතාවක්” (big yawn) ලෙස හැඳින්වීමටත් ට්‍රම්ප් පෙළඹීම පුදුමයක් නොවේ.

2017 සහ 2021 අතර ඔහුගේ පළමු ධූර කාලය තුළදී, ට්‍රම්ප් තමන්ගේ මූල්‍ය කටයුතු තමන්ට පාලනය කළ නොහැකි භාරයන් (blind trusts) වෙත පැවරීමේ නූතන ජනාධිපතිවරුන්ගේ සම්ප්‍රදාය බිඳ දැමුවේය. ඔහු තම ව්‍යාපාරවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ අතර, තවමත් තමන්ට ප්‍රවේශ විය හැකි භාරයක් තුළ ඒවා තැන්පත් කළේය. ඔහු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි තම ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය මුදල් උල්පතක් ලෙස භාවිතා කළ අතර, විදේශීය දූත පිරිස්, තැරැව්කරුවන් (lobbyists) සහ රිපබ්ලිකන් නිලධාරීන්ට එහි මුදල් වියදම් කිරීමට දිරිමත් කළ අතර එම මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගලා ගියේය. ඇමරිකා-චීන වෙළඳ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීම, ඔහුගේ දියණිය වන ඉවන්කා ධවල මන්දිර උපදේශකවරියක ලෙස සේවය කරද්දී ඇයට චීන වෙළඳ ලකුණු (trademarks) කිහිපයක් ලබා දීමට ඔහු කටයුතු කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය සමඟ සසඳන කල ඒවා ඉතා සුළු දේවල් වේ. ඔහු තම පළමු ධූර කාලයේදී ලබාදුන් සදාචාරාත්මක ප්‍රතිඥාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, බයිඩන්ගේ ජනාධිපති සදාචාරාත්මක රීති අවලංගු කළේය, තවද 2025 මුල් භාගයේදී රජයේ සදාචාර කාර්යාලයේ (Office of Government Ethics) ප්‍රධානියා ඉවත් කර එය ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති තත්ත්වයට පත් කළේය.

ට්‍රම්ප් ඔහුගේ 2025 ආදායමෙන් වැඩි කොටසක් උපයා ගත්තේ ඔහුගේ ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ව්‍යාපාරවලින් වන අතර, එය ඩොලර් බිලියන 1.4ක් පමණ විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විශ්ලේෂණයකට අනුව, $WLFI නමින් හැඳින්වෙන ඩිජිටල් මුදල් වර්ගයක් අලෙවි කරන ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයක් වන ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 799ක් උපයා ඇති අතර, එය 2024 දී පැවතියේ ඩොලර් මිලියන 57ක් ලෙස පමණි.

ඔහුගේ දෙවන නිල කාලය ආරම්භයට දින තුනකට පෙර, ට්‍රම්ප් $TRUMP නමින් ‘මීම්කොයින්’ (memecoin) වර්ගයක් දියත් කිරීමට උදව් කළ අතර, එයින් තවත් ඩොලර් මිලියන 636ක් උපයා ඇත. ඔහු පසුගිය වසරේ මාරා-ලාගෝ (Mar-a-Lago) වෙතින් ඩොලර් මිලියන 77ක් උපයා ඇති අතර එය 2024 දී ඩොලර් මිලියන 50ක් විය. ඔහුගේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් ක්ලබ් වෙතින් ඩොලර් මිලියන 122ක් උපයා ඇති අතර එය ඩොලර් මිලියන 11ක වර්ධනයකි. ඔහු සතුව ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි (Trump Media & Technology) සමූහයේ ඩොලර් මිලියන 875ක් වටිනා කොටස් පවතී. 2025 අවසානය වන විට, ට්‍රම්ප් සතුව අවම වශයෙන් ඩොලර් මිලියන 857ක ආයෝජන වත්කම් පැවති අතර, එය පෙර වසරේ පැවතියේ ඩොලර් මිලියන 236ක් ලෙසය.

ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ගත් ප්‍රතිපත්තිමය තීරණවලින් ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරවලට සෘජු ප්‍රතිලාභ ලැබුණි. 2025 ජනවාරි මාසයේදී, ඔහුගේ නිල දිව්රුමට දින තුනකට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සම්බන්ධ ආයෝජන සමාගමක් වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල් ආයතනයේ සියයට 49ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, එමඟින් ට්‍රම්ප් පවුලට ඩොලර් මිලියන 23ක ලාභයක් හිමි විය. ඉන් කෙටි කලකට පසු, ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කෘත්‍රිම බුද්ධිය (AI) බලගන්වන පරිගණක චිප්ස් අපනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹුණි.

ට්‍රම්ප්ගේ මීම්කොයින් ව්‍යාපාරයට 2025 පෙබරවාරි මාසයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් සෘජු ප්‍රතිලාභ ලැබුණු අතර, එමඟින් කර්මාන්තයට දැනුම් දුන්නේ එවැනි ටෝකන (tokens) මුදල් ඒකක තවදුරටත් එම ආයතනයේ අධීක්ෂණයට යටත් නොවන බවයි. මෙය බයිඩන් පරිපාලන සමයේ එම කොමිසමේ සභාපතිවරයා දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි. තවද ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී ස්ටේබල්කොයින්ස් (stablecoins) ලෙස හැඳින්වෙන ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ නීති සම්පාදනයකට අත්සන් තැබුවේ, ඔහුගේ පවුලේ අනුග්‍රහය ලබන සමාගම තමන්ගේම ස්ටේබල්කොයින් එකක් හඳුන්වා දී මාස හතරකට පසුවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ ධනවත්ම මිනිසා වන බයිනෑන්ස් (Binance) නිර්මාතෘ චැංපෙන්ග් ෂාඕ වෙත ජනාධිපති සමාව ලබා දුන් අතර, ඔහු 2023 දී මුදල් විශුද්ධිකරණ විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස හතරක සිරදඬුවමක් විඳ තිබුණි. එතැන් සිට බයිනෑන්ස් ආයතනය ට්‍රම්ප් පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ වැදගත් ව්‍යාපාරික හවුල්කරුවෙකු බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ පෞද්ගලික ධනය වැඩි කර ගැනීමට ධවල මන්දිරය භාවිතා කළ එකම ක්ෂේත්‍රය ක්‍රිප්ටෝ නොවේ. ඔහු සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල දේපළ සඳහා ‘ට්‍රම්ප්’ යන නාමය භාවිතා කිරීමට බලපත්‍ර ලබා දී ඇත. එම ගනුදෙනු දෙකෙන් පමණක් 2025 දී ට්‍රම්ප්ට ඩොලර් මිලියන 14කට වඩා වැඩි මුදලක් උපයා දී ඇත.

පසුගිය ඉරිදා, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවති සෝවියට් සමූහාණ්ඩුවක් වන කසකස්තානයේ ටංස්ටන් (tungsten) පතල් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ කසකස්තානය අතර ඇති වූ ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරව්වක් පළ කළේය. මෙම ව්‍යාපෘතියට ට්‍රම්ප්ගේ පුතුන් සහ ඔහුගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සෘජුවම සම්බන්ධ වී සිටිති. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහ අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank) ඩොලර් බිලියන ගණනක ණය වෙන් කරනු ලබන්නේ මෙම පවුල් දෙකට මෙන්ම ජනාධිපතිවරයාගේ අනෙකුත් බිලියනපති හිතවතුන්ට විශාල ලාභයක් උපයා දීමට නියමිත ව්‍යාපාරයකට මුදල් සැපයීම සඳහාය.

එමෙන්ම, ධවල මන්දිරය විසින් සිදුකරනු ලබන බෝම්බ හෙලීම් සහ/හෝ ඉරානය සමඟ සාම සාකච්ඡා පිළිබඳ නිවේදන කල්තියා දැනගැනීම මත පදනම්ව තෙල් මිල පිළිබඳ අනාවැකි වෙළඳපොලවල් (predictive markets) හරහා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයන් විසින් උපයන මිලියන ගණනක මුදල්ද පවතී. කතිපයාධිකාරීන් සහ ට්‍රම්ප් වැනි ඔවුන්ගේ අපරාධ කල්ලි නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ලෝකයක, ගැණිය නොහැකි දහස් ගණනකගේ ජීවිත රිසි සේ හසුරුවන ලද වෙළඳපොලවල් හරහා ලාභ ලැබීමේ මෙවලම් බවට පත්වේ. ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් මැදපෙරදිග ප්‍රතිපත්ති සහ සාකච්ඡා වලදී තමන්ට හිමිවූ භූමිකාව භාවිතා කරමින් සෞදි අරාබියෙන් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් තමන්ගේ පෞද්ගලික ආයෝජන සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති ආකාරය ගවේෂණාත්මක වාර්තා මඟින් ලේඛනගත කර ඇත.

මේවා සිදුවන්නේ, ධවල මන්දිර උත්සව ශාලාව සහ “පරාවර්තන තටාකය” (Reflecting Pool) වැනි ව්‍යාපෘති සඳහා රජය සමඟ ව්‍යාපාරික කටයුතු කරන ආධාරකරුවන්ට ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තු ලබා දීම ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ සාමාන්‍ය දූෂණ ක්‍රියාවලට අමතරව ය.

ට්‍රම්ප් කරන්නේ නීති බිඳ දැමීම පමණක් නොවේ; ඔහු නීති නැවත ලියමින් සිටින්නේ තමන්ගේ ධනවත් වීම නීත්‍යානුකූලව අපරාධයක් ලෙස වර්ගීකරණය නොවන පරිදිය. දූෂණය රාජ්‍ය ප්‍රතිපත්තියේ මට්ටමට ඔසවා තැබෙයි — එනම් කොල්ලකන අතරතුරදීම එම කොල්ලය නීත්‍යානුකූල කිරීමකි.

මේවා තනි පුද්ගලයෙකුගේ අපරාධ නොවේ. නිව්යෝර්ක් හි දේපළ වෙළඳාම් සහ සූදු මාෆියාවේ ෆැසිස්ට්වාදී නිෂ්පාදනයක් වන ට්‍රම්ප්ව රාජ්‍ය නායකයා ලෙස පත් කර ඇත්තේ අතිශය ධනවත් සහ පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරය විසිනි. නිල සමාජයේ ඉහළම ස්ථරයන් සම්බන්ධ කරන සහ එහි වසා ගැනීම් සඳහා ට්‍රම්ප්, ආයතනික මාධ්‍ය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඒකාබද්ධ කරන එප්ස්ටයින් (Epstein) අපචාරයට (scandal) වඩා හොඳින් මෙම නව වංශවත් පන්තියේ සිරිත් විරිත් හෙළි කරන වෙනත් කිසිවක් නැත.

නාමික විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තම දෑත් අඹරවමින් මැසිවිලි නැඟුවද මෙම කොල්ලකෑම් නැවැත්වීමට හෝ අපරාධකරුවන් වගවීමට බැඳීමට කිසිවක් නොකරයි, මන්ද ඔවුන්ද පාලනය කරනු ලබන්නේ එම කතිපයාධිකාරී පන්තිය විසින්ම වන අතර, ඔවුන් ලාභය සඳහා වන නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය මත පදනම් වූ ක්‍රමය ආරක්ෂා කරන බැවිනි.

මෙම සමස්ත පන්තියේ දේපළ රාජසන්තක කළ යුතු අතර, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන ධනය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කළ යුතුය.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි]

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී Read More »

Poster against CIMP

පන්හිඳ පාවාදීම: යෝජිත CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන්ගේ ප්‍රතිගාමී ආකල්පය පරාජය කරනු! 

​සංජය ජයසේකර විසිනි. 

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් “The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists Who Welcome the CIMP Bill” සිරසින් 2026 ජුනි 27 දින පළ විය.

වරලත් මාධ්‍යවේදීන්ගේ ​වෘත්තීය ආයතන (CIMP) පනත් කෙටුම්පත කෙරෙහි ආයතනගත (institutionalized) මාධ්‍යවේදීන් දක්වන නිශ්ශබ්දතාවය — සහ බොහෝ අවස්ථාවලදී දක්වන විවෘත උද්‍යෝගය — හෙළිදරව් කළ යුතු දේශපාලන අපකීර්තියකි. මෙම පනත් කෙටුම්පත තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නවා වෙනුවට, ස්ථාපිත මාධ්‍ය වෘත්තිකයන්ගේ සැලකිය යුතු ස්ථරයක් එය වැළඳගෙන ඇත්තේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙසය. ඔවුන් වරලත් ආයතනය දකින්නේ  සිර කූඩුවක් ලෙස නොව, වරප්‍රසාදිත තට්ටුවක “ක්ලබ්” එකක් ලෙසය: එනම් ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය සහතික කරන, හීලෑ නොවූ “අන්තර්ගත තනන්නන්ගේ” (content developers) මහා සමාජයෙන් සහ සමාජ මාධ්‍ය විචාරකයන්ගෙන් ඔවුන්ව වෙන් කර හඳුනා ගන්නා, සහ — වඩාත්ම වැදගත් දෙය නම් — රාජ්‍ය පිළිගැනීම මඟින් ලබා දිය හැකි ද්‍රව්‍යමය වරප්‍රසාද සඳහා දොරටු විවෘත කරන රාජ්‍ය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙසය. මේ ද්‍රව්‍යම වාසි අතර විශ්‍රාම වැටුප්, රක්ෂණ ක්‍රම, සහනපොලී අනුපාත යටතේ බැංකු ණය, විදේශ වීසා පහසුකම්, රජයේ ප්‍රචාරණ සහ කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය මෙන්ම බලවතුන් සමඟ මේසයේ අසුනක් ලබාගැනීම අන්තර්ගත වේ. 

​මෙය මාධ්‍ය නිදහසේ ආරක්ෂකයන්ගේ දැක්ම නොව, ධනේශ්වර රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් තම තත්ත්වය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන වරප්‍රසාදිත සුළු-ධනේශ්වර ස්ථරයක දැක්මයි. එය මාධ්‍යවේදියාගේ නොව, රාජ සභිකයෙකුගේ මානසිකත්වයයි. 

​අල්ලස සහ යදම්

​2026 පෙබරවාරි 17 වන දින, NPP/JVP රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව, වෘත්තීයභාවය, සෞඛ්‍ය රක්ෂණය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වරලත් ආයතනයක් පිහිටුවන බවත්, ශිෂ්‍යත්ව ක්‍රම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය. 

​දිසානායක රජය මෙම දිරිගැන්වීම් ලබා දෙන්නේ ත්‍යාගශීලීකමකින් නොවේ. එය ධනේශ්වර රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සම්භාව්‍ය මූලෝපායක් ක්‍රියාත්මක කිරීමකි: එනම් වෘත්තියේ මූලෝපායික ස්ථරයක් මුදලට ගැනීම, ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පාලන තන්ත්‍රයේ පැවැත්ම සමඟ ගැටගැසීම, සහ එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගෙල සිර කිරීමට එරෙහිව ඇති විය හැකි ඕනෑම විරෝධයක් කැබලි කිරීමයි. අද දින රාජ්‍ය සහතික ලත් අක්තපත්‍රයක්, පහසුකම් සහිත බැංකු ණයක් හෝ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා ගන්නා මාධ්‍යවේදියා හෙට දින ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්වේ. මෙම වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයටම ඒවා අවලංගු කිරීමටද හැක; CIMP පනත යටතේ, අවලංගු කිරීමේ යාන්ත්‍රණය දැනටමත් එහි ව්‍යුහය තුළම ගොඩනගා ඇත. 24 වන වගන්තිය මඟින් “වෘත්තීමය විෂමාචාරය” සඳහා “සාමාජිකයෙකුගේ නම ලියාපදිංචියෙන් ඉවත් කිරීමට” කවුන්සිලයට බලය පවරා ඇති අතර, එම පදය 23(2) වගන්තිය යටතේ හිතාමතාම නිර්වචනය නොකර තබා ඇත. එය පසුව එම කවුන්සිලය විසින්ම සාදනු ලබන රීති මඟින් සම්පූර්ණ කරනු ඇත. තමන් විශ්‍රාම වැටුපක් සුරක්ෂිත කර ගන්නා බව විශ්වාස කරන මාධ්‍යවේදියා සැබවින්ම කරන්නේ තමන්ගේ හිස තොණ්ඩුවකට හසු කර ගැනීමයි. 

​මෙය උපකල්පිතයක් නොවේ. මෙම ගතිකත්වය නැවත නැවතත් සිදුවන අයුරු අපි දැක ඇත්තෙමු. 2023 දී, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය — තම සාමාජිකයන්ගේ සන්නිවේදනයන් රජය විසින් වාරණය කිරීමට එකඟ වූ අතර, එමඟින් වෘත්තීය සමිති රජය සහ සංස්ථා සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කළේය. එවැනි විධිවිධාන සාකච්ඡා කරන වෘත්තීය සමිති නිලධාරීහු තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පාවා දෙමින් තම තනතුරු සුරක්ෂිත කර ගනිති. CIMP පනත මෙම ආකෘතිය මාධ්‍යවේදයට ද ව්‍යාප්ත කරයි: එනම් වරලත් ආයතනයක් නිර්මාණය කිරීම, අවනත පුද්ගලයන් එයට පත් කිරීම සහ වෘත්තිය ඇතුළතින්ම විනයගත කිරීම සඳහා එය භාවිතා කිරීමයි. 

​පාවාදීමේ පන්ති ස්වභාවය 

​CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. ඔවුන් ක්‍රියා කරන්නේ පන්ති උවමනාවන් මතය — එනම් රාජ්‍ය වාරණයට වඩා, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමට සහ අන්තර්ජාලයේ නියාමනය නොකළ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට බිය වන, වරප්‍රසාදිත ස්ථරයක උවමනාවන් මතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ආයතනික මාධ්‍ය දැනටමත් කතිපයාධිකාරීන් (පරපුටු මහා ව්‍යාපාරික කිහිපය) සහ රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. එහි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් බොහෝ කලකට පෙර සිටම දේශපාලන බලය සමඟ සමාදාන වී ඇත. ඔවුන්ව භීතියට පත් කරන්නේ රජයේ මර්දනය නොව, ස්වාධීන මාර්ගගත (online) මාධ්‍යවල නැගීමයි — එනම් වෘත්තියේ ස්ථාපිත ධුරාවලියෙන් බැහැරව ක්‍රියා කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවර, පෞද්ගලීකරණය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ කෝපයට හඬක් දෙන බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය විචාරකයන්, යූ ටියුබ්කරුවන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ සමාජවාදී ප්‍රකාශනයි. 

​CIMP පනත, “අන්තර්ගතය තනන්නන්” රාජ්‍යයේ විනය උපකරණ යටතේට පත් කිරීම මඟින්, මෙම තරඟකාරිත්වය තුරන් කිරීමට පොරොන්දු වෙයි. ආයතනගත මාධ්‍යවේදියාට මෙම පනත මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවේ — එය ඔවුන්ගේ වෘත්තීය බලකොටුව වටා ඇති දිය අගලකි. ඔවුන්ව සහතික කරනු ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලේඛනයෙන් ඉවත් කරනු ලැබෙනු ඇත. නිදහස් ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලපත්‍රලාභී වරප්‍රසාදයක් බවට පරිවර්තනය කරනු ඇති අතර, ඔවුන් එම බලපත්‍රලාභීන් අතර සිටිනු ඇත. 

​මෙය වඩාත්ම භයානක ආකාරයේ ප්‍රතිගාමී ස්ථාවරයකි. වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය විසින් තැපැල් සේවකයන්ගේ, විදුලි සේවකයන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන මර්දනය කිරීමට හේතු වූයේද මෙම මානසිකත්වයමය — එනම් රාජ්‍ය උපකරණ තුළ තම තනතුරු රැක ගැනීම සඳහා පුළුල් කම්කරු පන්තියේ අවශ්‍යතා පූජා කිරීමයි. එය මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ප්‍රවාහනය කරන වාහකයක් ලෙස සේවය කිරීම සඳහා යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අධිරාජ්‍යවාදය විසින් පෝෂණය කරනු ලබන වරප්‍රසාදිත ස්ථරය වන කම්කරු ප්‍රභූතන්ත්‍රයේ (labor aristocracy) මානසිකත්වයයි. 

​උගුලක් මිස සෙවණක් නොවේ 

​CIMP පනතෙන් තමන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි සිතන මාධ්‍යවේදීන් මුළාවක පසුවෙති. වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයට ඒවා ආපසු ලබා ගත හැකිය. මාධ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අන්තර්කාලීන කවුන්සිලය — අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ දේශපාලන පත්වීම්ලාභීන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර — “වෘත්තීය විෂමාචාරය” නිර්වචනය කරන රීති ලියනු ඇත. එම රීති ලියනු ලබන්නේ මාධ්‍යවේදයේ අවංකභාවය (integrity) ආරක්ෂා කිරීමට නොවේ. ඒවා ලියනු ලබන්නේ රජය විවේචනය කිරීම නිශ්ශබ්ද කිරීමටය. අද දින අක්තපත්‍ර පිළිගන්නා මාධ්‍යවේදියා, වැඩ වර්ජනයක් වාර්තා කිරීම, දූෂණ වංචාවක් හෙළිදරව් කිරීම හෝ IMF වැඩසටහන විවේචනය කරන ලිපියක් පළ කිරීම හේතුවෙන් හෙට දින සාමාජික ලේඛනයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. විශ්‍රාම වැටුප, බැංකු ණය, වීසා පහසුකම් — මේ සියල්ල මාධ්‍යවේදියා සීමාවෙන් ඔබ්බට පියවර තබන මොහොතේම අතුරුදහන් වනු ඇත. 

​මාධ්‍ය නිදහසේ එකම විශ්වාසදායක සහතිකය රාජ්‍යය විසින් නිකුත් කරන ලද වෘත්තීයභාවය පිළිබඳ සහතිකයක් නොවේ. එම සහතිකය වන්නේ කම්කරු පන්තියේ සංවිධානාත්මක බලයයි. රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් රාජ්‍ය මර්දනයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන මාධ්‍යවේදීන්ට පෙනී යනු ඇත්තේ, ඔවුන් තමන්ව එයට වඩාත් ගොදුරු කර දී ඇති බව පමණි. ඔවුන් තම ස්වාධීනත්වය කැඳ කෝප්පයක් වෙනුවෙන් පාවා දී ඇති අතර, නියමිත වේලාවට ඔවුන්ව ගිල දමනු ඇත. 

​මාධ්‍යවේදීන් කම්කරු පන්තිය සමඟ බැඳීගත යුතුය 

​CIMP පනත මුලින් වෘත්තීය අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙස සැලකූ අය ඇතුළුව සියලුම අවංක මාධ්‍යවේදීන්ගෙන් ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිගාමී දිශානතියෙන් තීරණාත්මක ලෙසම මිදෙන ලෙසයි. CIMP පනතට එරෙහි සටන වෘත්තීය ප්‍රභූ පැලැන්තියක වරප්‍රසාද සඳහා වන සටනක් නොවේ. එය සමස්ත කම්කරු පන්තියේ, සියලුම “අන්තර්ගත නිර්මාණකරුවන්ගේ” (content creators) ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනකි. ධනේශ්වර රාජ්‍යයේ අනුග්‍රහය සෙවීමෙන් මාධ්‍යවේදීන්ට තම ප්‍රකාශන අයිතිය ආරක්ෂා කර ගත නොහැක. ඔවුන්ට එය ආරක්ෂා කර ගත හැක්කේ එම රාජ්‍යය පෙරළා දැමීමට බලය ඇති පන්තිය සමඟ එක්වීමෙන් පමණි. 

  • ​අල්ලස ප්‍රතික්ෂේප කරනු! රක්ෂණ, විශ්‍රාම වැටුප්, ණය සහ වීසා පිළිබඳ රජයේ පොරොන්දුව ඔබේ යදම් සදහා ගෙවන මිලයි. කිසිදු ද්‍රව්‍යමය දිරිගැන්වීමක් මාධ්‍ය නිදහස පාවා දීමට තරම් වන්නේ නැත! 
  • ​රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආයතනගත මාධ්‍යවේදීන්ගෙන් මිදෙනු! ඔවුන්ගේ “වෘත්තීයභාවය” පන්ති පාවාදීම සඳහා වූ වැස්මකි. ඔවුන් මාධ්‍යවේදය වෙනුවෙන් කතා නොකරයි — ඔවුන් කතා කරන්නේ තමන්ගේම වෘත්තීය ජීවිතය වෙනුවෙනි! 
  • ​මාධ්‍යවේදීන් හා කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරනු! මාධ්‍ය නිදහස සඳහා වන සටන IMF කප්පාදු පියවරවලට එරෙහිව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන සටනෙන් වෙන් කළ නොහැක! 
  • ආයතනික මාධ්‍ය හිමිකරුවන්ගෙන්, වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් සහ රාජ්‍යයෙන් ස්වාධීනව, බාධාවකින් තොරව ප්‍රකාශනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීම සදහා ​මාධ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! 
  • ​CIMP පනත පරාජය කරනු! මාධ්‍යවේදීන් රාජ්‍ය බලපත්‍රගත කිරීමට එරෙහි වනු! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි, වරප්‍රසාදයක් නොවේ! 

​රාජ්‍යයට සේවය කරන ​පන්හිද රාජ්‍යය විසින්ම බිඳ දමනු ඇත. කම්කරු පන්තියට සේවය කරන ​පෑන කම්කරු පන්තිය විසින් ආරක්ෂා කරනු ඇත. මාධ්‍යවේදීන් තමන් සිටින්නේ කුමන පාර්ශවයේද යන්න තෝරා ගත යුතුය. 

​*Sri Lankan union agrees to government censorship of health employees (07 August 2023) https://www.wsws.org/en/articles/2023/08/,07/rhjc-a07.html

පන්හිඳ පාවාදීම: යෝජිත CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන්ගේ ප්‍රතිගාමී ආකල්පය පරාජය කරනු!  Read More »

Defeat CIMP Bill!

The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists who welcome the CIMP Bill

By Sanjaya Jayasekera.

The silence — and in many cases, the open enthusiasm — of institutionalized journalists toward the Chartered Institute of Media Professionals (CIMP) Bill is a political scandal that must be exposed. Rather than recognizing the bill as a direct assault on their own democratic rights, a significant layer of established media professionals has greeted it as an opportunity for personal advancement. They see in the Chartered Institute not a cage, but a club: a state-operated institution that will certify their professional status, distinguish them from the unwashed masses of “content developers” and social media commentators, and — most importantly — open the door to the material privileges that state recognition can confer. Pensions. Insurance schemes. Bank loans at preferential rates. Foreign visa facilitation. Access to government advertising and contracts. A seat at the table with the powerful.

This is the outlook not of defenders of press freedom but of a privileged petty-bourgeois stratum seeking to secure its position through collaboration with the capitalist state. It is the mentality of the courtier, not the journalist.

The Bribe and the Chain

On 17 February 2026, Deputy Minister of Mass Media Kaushalya Ariyarathna of NPP/JVP government told Parliament that the government would establish a chartered institution to promote journalists’ job security, professionalism, health insurance and welfare, and that it would continue the scholarship schemes. 

The Dissanayake government is not offering these inducements out of generosity. It is executing a classic strategy of bourgeois statecraft: buy off a strategic layer of the profession, bind their material interests to the survival of the regime, and in doing so, fragment any potential opposition to the throttling of democratic rights. The journalist who today receives a state-certified accreditation, a facilitated bank loan, or a government pension scheme becomes, tomorrow, a hostage. The same state that grants these privileges can revoke them — and under the CIMP Bill, the mechanism for revocation is already built into the architecture. Section 24 empowers the Council to “disenroll any member” for “professional misconduct,” a term left deliberately undefined in Section 23(2), to be filled in later by rules made by the same Council. The journalist who believes they are securing a pension is in fact putting their head in a noose.

This is not hypothetical. We have seen this dynamic play out repeatedly. In 2023, the Government Medical Officers’ Association — the trade union of Sri Lankan doctors — agreed to government censorship* of its own members’ communications, demonstrating how professional associations function as the industrial police for government and corporations. The union bureaucrats who negotiate such arrangements secure their own positions at the expense of the rights of their members. The CIMP Bill extends this model to journalism: create a chartered body, staff it with compliant figures, and use it to discipline the profession from within.

The Class Character of the Betrayal

The journalists who welcome the CIMP Bill are not acting out of ignorance. They are acting out of class interest — the interest of a privileged layer that fears the independent mobilization of the working class and the unregulated democratic discourse of the internet more than it fears state censorship. The mainstream corporate media in Sri Lanka is already tightly controlled by oligarchs and the state. Its senior practitioners have long since made their peace with power. What terrifies them is not the government’s repression but the rise of independent online media — the bloggers, the social media commentators, YouTubers, the citizen journalists, the socialist publications — who operate outside the established hierarchies of the profession and who give voice to working-class anger against IMF austerity, privatization, and imperialist war.

The CIMP Bill, by bringing “content developers” under the disciplinary apparatus of the state, promises to eliminate this competition. For the institutionalized journalist, the bill is not a threat to press freedom — it is a moat around their professional castle. They will be certified. Their rivals will be disenrolled. The democratic right of free expression will be converted into a licensed privilege, and they will be among the license-holders.

This is a reactionary posture of the most dangerous kind. It is the same mentality that led the trade union bureaucracy to suppress strikes by postal workers, electricity workers, and health workers — sacrificing the interests of the broader working class to preserve their own positions within the state apparatus. It is the mentality of the labor aristocracy, the privileged stratum that imperialism cultivates in the colonial and semi-colonial countries to serve as a transmission belt for the dictates of finance capital.

A Trap, Not a Shelter

The journalists who imagine they will benefit from the CIMP Bill are deluding themselves. The state that grants privileges can withdraw them. The Interim Council appointed by the Media Minister — consisting of the Ministry Secretary and six political nominees — will write the rules that define “professional misconduct.” Those rules will not be written to protect the integrity of journalism. They will be written to silence criticism of the government. The journalist who accepts accreditation today may find themselves disenrolled tomorrow for reporting on a strike, exposing a corruption scandal, or publishing an article critical of the IMF program. The pension, the bank loan, the visa facilitation — all will vanish the moment the journalist steps out of line.

The only reliable guarantee of press freedom is not a state-issued certificate of professionalism. It is the organized power of the working class. The journalists who seek to insulate themselves from state repression by collaborating with the state will find that they have merely made themselves more vulnerable to it. They will have traded their independence for a mess of pottage, and they will be devoured in due course.

Journalists Must Ally with the Working Class

The Socialist Lead of Sri Lanka and South Asia (SLLA) calls on all honest journalists — including those who may have initially viewed the CIMP Bill as an opportunity for professional advancement — to break decisively from this reactionary orientation. The fight against the CIMP Bill is not a fight for the privileges of a professional elite. It is a fight for the democratic rights of the entire working class, of all the “content creators”. Journalists cannot defend their right to publish by seeking patronage from the capitalist state. They can only defend it by allying themselves with the class that has the power to overthrow that state.

  • Reject the bribe! The government’s promise of insurance, pensions, loans, and visas is the price of your chains. No material inducement is worth the surrender of press freedom!
  • Break from the institutionalized journalists who are collaborating with the state! Their “professionalism” is a cover for class betrayal. They do not speak for journalism — they speak for their own careers!
  • For the unity of journalists with the working class! The fight for press freedom is inseparable from the fight against IMF austerity, against imperialist war, and for the socialist reorganization of society!
  • Build rank-and-file committees of media workers! Independent of the corporate media owners, the trade union bureaucracy, and the state — to fight for the right to publish without interference!
  • Defeat the CIMP Bill! No to state licensing of journalists! Freedom of the press is a right, not a privilege!

The pen that serves the state will be broken by the state. The pen that serves the working class will be defended by the working class. Journalists must choose which side they are on.

*Sri Lankan union agrees to government censorship of health employees (07 August 2023) <https://www.wsws.org/en/articles/2023/08/,07/rhjc-a07.html

External Link to this article: https://www.themorning.lk/articles/vzdfKsQ3lr1xfKClRUf0

The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists who welcome the CIMP Bill Read More »

Merz

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර 

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measuresයන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Merz
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් 2026 ජුනි 18-19 දිනවල බ්‍රසල්ස් හි පැවති EU සමුළුවේදී කතා කරයි. [AP ඡායාරූපය/මාරියස් බර්ගල්මන්]

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්‍රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.

යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්‍රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්‍රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.

දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය  පුරා ක්‍රියාවට නැංවීමයි.

මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.

යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.

මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.

මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්‍රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.

සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”

අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.

වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.

නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්‍රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”

සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.

එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.

“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.

සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්‍රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ,  නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.

මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.

චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්‍රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.

වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.

2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.

යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්‍රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ  ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව  කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්‍රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.

සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.

සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ  පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.

යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්‍රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි.

ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්‍රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.

මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.

මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්‍රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර  Read More »

Iran

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 16 දින “US imperialism’s debacle in Iranයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran
2026 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හානියට පත් තෙල් ගබඩා පහසුකමකින් ඝන දුමාරයක් නැඟී එයි. [AP ඡායාරූපය/වහීඩ් සලේමි]

පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ සටන් විරාම ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කරමින් සහ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ඇති කර තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය තමන් යුද්ධයට අවතීර්ණ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇත.

ඉරිදා දින “අවබෝධතා ගිවිසුමක්” ඩිජිටල් ලෙස අත්සන් කරන ලද අතර, නිල අත්සන් කිරීමේ උත්සවයක් සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන පරිදි දින 60 ක කාලරාමුවක් සහිත මෙම ගිවිසුම මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම, ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය ඇතුළු ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම බැඳී සිටී.

මෙම ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය. එහි සැබෑ පිටපත මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 25 ක පමණ ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, ඇමරිකාව එය හබ කර ඇත. ට්‍රම්ප් නැවතත් අවධාරණය කර ඇත්තේ “ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් හිමි කර ගැනීමට ඉඩ නොදෙන” බව වන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව “නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි” බවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදිනම ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දිගටම කරගෙන ගියේය.

කෙසේ වෙතත්, මෙහි ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එල්ල වූ අවිවාදිත පරාජයක් (debacle) නිරූපණය කරයි. මෙය පාසල් භූමියක සිටින චණ්ඩියෙකු රණ්ඩුවක් පටන් ගෙන අවසානයේ ඇසක් කළු කරගෙන (ගුටි කා) පරාජය වීම වැනි තත්ත්වයකි. ඉරාන රජය තවමත් බලයේ පවතී. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට හානියක් වී නැත. මෙමඟින් ලැබුණු වඩාත්ම සැබෑ ප්‍රතිඵලය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි, එනම් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම නැවත පත්වීමයි.

යුද්ධය ආරම්භ කරන විට පල කළ පාරට්ටු කර ගැනීම් (braggadocio) සහ එහි ප්‍රතිඵලයේ සැබෑ ස්වභාවය අතර විශාල පරතරයක් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමෙන්” යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාර්තු 2 වැනිදා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිදු මෝඩ සටන් නීති රීතිවලින් තොරව” ඉතිහාසයේ “වඩාත්ම මාරාන්තික ගුවන් බලශක්ති මෙහෙයුම” දියත් කරන බවයි. දින කිහිපයකට පසු ඔහු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූයේ “දවස පුරා අහසින් මරණය සහ විනාශය” ළඟා කර දෙන බවයි.

ඉරාන රජය බිඳ දැමීමට මේ වසර  පුරා උත්සාහ කරමින් සහ පෙබරවාරි මාසයේදී ඉරාන වැසියන්ගෙන් “ඔබේ රජය අත්පත්කර ගන්නා ලෙස” ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත පැවසුවේ: “මම කවදාවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීම (regime change) ගැන තැකීමක් කළේ නැහැ” යනුවෙනි.

මාධ්‍ය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිළිබඳ විවරණයන්ගෙන් පිරී පවතී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “තම යුධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ මූලූපායික පසුබැසීමක්” ලෙසය. 1991 දී සෝවියට් සංගමය (USSR) බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, අභියෝගයට ලක් නොවුණු ඇමරිකානු ආධිපත්‍යයේ යුගය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව පෙන්නුම් කළ අවස්ථාව මෙයයි.

ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හඬ නඟන නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත “ජනාධිපති ට්‍රම්ප් මේ යුද්ධය පැරදුණා” යන සිරස්තලයෙන් පළ කළ කතුවැකියෙන් මනාව පැහැදිලි වේ. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වී ඇත්තේ මෙම යුද්ධය මහා පරිමාණ මිනිස් ඝාතන සහ ඝාතන දේශපාලනයක් ඔස්සේ සිදු කිරීම ගැන නොව, එය අසාර්ථක වීම ගැනය.

“ට්‍රම්ප් මහතා මේ යුද්ධය ආරම්භ කිරීමෙන් බරපතල වැරැද්දක් කළා,” යැයි එම කතුවැකියේ සඳහන් වේ. “ඔහු එය මෙහෙයවූයේ පරිස්සම නොතකාම සහ නීතිය විවෘතව උල්ලංඝනය කරමිනි. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් දුර්වලව ඉන් මතු වෙන අතර ඉදිරි වසර ගණනාව තුළ මෙහි මූලෝපායික පිරිවැය ගෙවීමට සිදුවනු ඇත.” ටයිම්ස් පුවත්පත දුක් වෙමින් පවසන්නේ “සමස්තයක් ලෙස ගත් කල, මෙම සිව්මස් යුද්ධයේ මූලෝපායික ජයග්‍රාහකයා ලෙස ඉරානය මතු වන” බවයි. ඇමරිකානු මිලිටරිය තමන් සතු දිගු දුර නිරවද්‍ය මිසයිල සහ ප්‍රතිරෝධක මිසයිල බොහොමයක් ක්ෂය කර දැමූවද, තමන්ට වඩා බෙහෙවින් කුඩා ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට නොහැකි බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඵලය වෙනත් විභව (potential) ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීමට (deter) මෙම රටට ඇති හැකියාවට හානි පමුණුවයි.”

එම කතුවැකියේ අවසන් නිගමනය මෙම ප්‍රකාශයට ලඝු වේ: “පෙන්ටගනයට නූතනකරණය වීමට සහ අනාගත යුද්ධ සඳහා සූදානම් වීමටද අවශ්‍ය වනු ඇත.”

අනාගත යුද්ධ. විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ පවතින ස්ථිර අධිරාජ්‍යවාදී ගැටුම්කාරී රාමුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර, ඒ සඳහා පෙන්ටගනය “නූතනකරණය වී සූදානම් විය යුතුය”. මෙහිදී ප්‍රශ්නයකට ලක්ව ඇත්තේ එම රාමුව පාලනය කරනු ලබන දක්ෂතාවය (competence) පිළිබඳව පමණි.

කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රතිචාරයද ක්‍රියාත්මක වන්නේ එම රාමුව තුළමය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි (Chris Murphy) මෙම ගිවිසුම හැඳින්වූයේ “මූලික වශයෙන් ඉරානයට යටත් වීමක්” ලෙසය. නියෝජිත (සභික) සෙත් මෝල්ටන් (Seth Moulton) එය හැඳින්වූයේ “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායකයා වෙත ලබා දුන් යටත් වීමේ ලේඛනයක්” ලෙසය. සෙනෙට් සභික ජැක් රීඩ් (Jack Reed) මැසිවිලි නැඟුවේ ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වූ JCPOA යටතේ තිබූ ප්‍රමාණයටත් වඩා “අඩු දෙයක්” දැන් ඇමරිකාවට ලැබෙන බවයි. ඩිමොක්‍රටික් පාර්ශවය යුද්ධය ආරම්භ කරන විට එය අනුමත කළේය. ඔවුන් දැන් ඒ ගැන මැසිවිලි නඟන්නේ ඉරානය විනාශ නොකර යුද්ධය අවසන් වූ නිසා පමණි.

යුද්ධයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලන රාමුව තුළ එයට කිසිදු ප්‍රකාශනයක් (නියෝජනයක්) ලැබුණේ නැත.

යුද්ධයේ මෙම අදියර අවසන් වීමෙන් යුද්ධය මුළුමනින්ම අවසන් වූ බවක් අදහස් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදීය. මෙම 2026 සටන් විරාම රාමුව ඊළඟට එන යුද්ධයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත පරාජයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිවිපාක දැකගත හැකි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළමය.

මෙම යුද්ධය දියත් කරන ලද්දේ, එක් අතකින් ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. යුරෝපීය මහ බැංකුව මේ මාසයේ වාර්තා කළේ රන්, යුරෝ මුදල් ඒකකය අභිබවා යමින් ලොව දෙවන විශාලතම සංචිත වත්කම බවට පත්ව ඇති බවයි. එය වසරකට පෙර පැවති 20% සිට ගෝලීය සංචිතවලින් 27% දක්වා ඉහළ ගොස් ඇත. ෆෙඩරල් ණය ප්‍රමාණය 1946 න් පසු පළමු වතාවට මාර්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100% සීමාව පසු කළේය. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පරිහානිය වේගවත් කර ඇති අතර යුද්ධයෙන් විසඳීමට බලාපොරොත්තු වූ ව්‍යුහාත්මක අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.

යුද්ධය දියත් කරන ලද්දේ සමාජ ගැටුම් උත්සන්න වෙමින් පැවති පසුබිමකය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් ඒජන්තයින් විසින් 37 හැවිරිදි කවියෙකු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ 37 හැවිරිදි හෙදියක වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) ඝාතනය කිරීමෙන් පසු ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව මහා පරිමාණ ජනතා විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධය දියත් කිරීම, අනෙකුත් කරුණු අතර, මෙම වර්ධනය වෙමින් පැවති විරෝධය දේශප්‍රේමී යුධ උණක් වෙත හරවා යැවීමේ උත්සාහයක් විය.

සමාජ විරෝධය දැන් තවදුරටත් උත්සන්න වනු ඇති අතර, එය වැඩි වැඩියෙන් කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනු ඇත. ඇමරිකන් ඇක්සල් (American Axle) හි මෝටර් රථ කොටස් නිෂ්පාදන කම්කරුවන් මේ මාසයේ වැඩ වර්ජනයක නිරත විය. දුම්රිය සේවකයන්, මස් ඇසුරුම් කරන්නන්, ගුරුවරුන් සහ හෙදියන් සේවයෙන් ඉවත් වී ඇත (walked out). ඉරිදා ගිවිසුමේ ආරංචියත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ ඉහළ ගියද, ඉන්ධන සහ ආහාර මිල ගණන් තවමත් යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. පුද්ගලික පරිභෝජන වියදම් (PCE) උද්ධමනය 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 න් පසු ඉහළම වේගයයි. පාරිභෝගික විශ්වාසය (Consumer sentiment) ඉතිහාසයේ අවම මට්ටමක පවතින අතර, එය මහා අවපාතය (Great Recession) හෝ වසංගත කාලයටත් වඩා දරුණුය.

සමාගම් ලාභ ලබන අතරතුර, කම්කරුවන්ට සිදු වූයේ මිල ඉහළ යාම හරහා යුද්ධයේ බර දැරීමටය. මෙම ආර්ථික බලපෑම ඉදිරි වසර ගණනාව තුළ ඇමරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද පන්ති අරගල සඳහා ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදයම, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ද බිහි කරමින් පවතී.

ගැඹුරු වන සමාජ විරෝධයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ තමන් දැනටමත් ප්‍රදර්ශනය කර ඇති ක්‍රමවේදයන් මඟිනි: එනම් ICE වැටලීම්, මහා පරිමාණ රැඳවුම් යටිතල පහසුකම්, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක බලකාය (National Guard) යෙදවීම, දේශපාලන විරුද්ධවාදිකම් අපරාධකරණය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම මඟිනි. ඉරානය තුළ ලැබූ පරාජය මෙම ගමන මන්දගාමී නොකරනු ඇත; එය තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශයන්හි තම අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුණ දෙන ඇමරිකානු පාලක පන්තිය, මෙරට කම්කරු පන්තියට එරෙහිව නව ම්ලේච්ඡත්වයකින් හැරෙනු ඇත.

දැන් පවතින කාර්යභාරය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ වපසරියක් සහිත, සමාජවාදී වැඩපිළිවෙළක් සහ තම අරමුණු පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය Read More »

AKD

The Dissanayake Government’s “Chartered Institute of Media Professionals”: A Blueprint for the Strangulation of Press Freedom

Statement by the  Socialist Lead of Sri Lanka and South Asia (SLLA)

AKD
President Anura Kumara Dissanayake meeting with a visiting IMF delegation at the Presidential Secretariat on April 2, 2026. Image courtesy of midpoint.lk.

On June 5, 2026, the Janatha Vimukthi Peramuna (JVP)/National People’s Power (NPP) government of President Anura Kumara Dissanayake published a special gazette notification for a bill to establish the “Chartered Institute of Media Professionals of Sri Lanka (CIMP).” Tabled by the Ministry of Health and Mass Media, the bill is packaged in the soothing language of “introducing and maintaining professional standards” and “elevating quality.” This is a calculated fraud. A close examination of the bill’s provisions — its definitions, its institutional architecture, its disciplinary mechanisms — reveals an instrument of state censorship designed to discipline, silence, and ultimately eliminate independent journalism, above all the social media content creators and anti-government commentators whom the Dissanayake regime views as a mortal threat to its grip on power.

The working class and all defenders of democratic rights must reject this bill in its entirety. It is not a measure to improve journalism. It is a weapon for the suppression of democratic discourse, conceived in direct continuity with the long and bloody history of media repression in Sri Lanka, and fully consonant with the international offensive against press freedom being waged by capitalist governments across the globe.

The Architecture of State Control

The bill establishes a statutory body corporate — the Chartered Institute — whose design is transparently that of a state-controlled gatekeeper over who may legitimately practice journalism. Five features of the legislation expose its authoritarian character beyond any doubt.

First, the Institute introduces a system of state-created accreditation. Section 3(i) declares that one of the Institute’s objects is “to accredit the media professionals in media professionalism at the evaluation of their efficiency.” Section 4(o) empowers the Institute “to take necessary steps to introduce, develop, maintain and monitor professional standards.” Section 4(t) authorizes it “to maintain and publish a register of members.” Taken together, these provisions convert the fundamental democratic right of freedom of expression into a state-sanctioned privilege. The government positions itself as the ultimate arbiter of who may enroll, register, and be certified as a “qualified” media professional. Freedom of the press is an inherent right, not a license to be granted or revoked by the capitalist state. The very premise of the bill is an assault on this principle.

Second, the definition of “media professional” is deliberately vast and all-encompassing. Section 27 defines the term to include “writers, content developers, content editors, anchors, presenters, broadcasters, journalists, editors, publishers, media owners, media managers, media educators, media researchers, media technicians and camerapersons in the field of media.” The inclusion of “content developers” is particularly revealing. This wide net is cast with a specific purpose: to trap independent bloggers, social media commentators, and alternative left-wing media platforms under the disciplinary apparatus of the state. The Dissanayake administration is acutely threatened by unaligned online media. Mainstream corporate media networks in Sri Lanka are tightly controlled by oligarchs or the state itself. Working-class anger, exposures of government compliance with International Monetary Fund (IMF) austerity, and socialist political analysis find expression through alternative content creators and independent social media channels. By bringing “content developers” under the heel of a chartered state apparatus, the government is building a weapon to silence precisely these voices.

Third, the bill establishes a state-vetted Disciplinary Committee empowered to investigate “professional misconduct.” Section 12(1)(c) provides for the appointment of a Disciplinary Committee. Section 23(1) mandates that this committee “shall hold an inquiry whenever the Council refers any matter to the Disciplinary Committee in respect of a professional misconduct of a member.” Section 23(2) then defines “professional misconduct” as “an act or omission which shall be determined by rules of the Council made under section 26” — a definition so circular and elastic that it amounts to a blank cheque for the political punishment of journalists who refuse to toe the government’s line. Section 24 empowers the Council to “disenroll any member,” or in the alternative to “warn, reprimand or suspend him from membership for such period not exceeding one year.” The power to strip a media worker of professional credentials is the power to destroy a career — and to send a message of intimidation to every other journalist in the country.

Fourth, the bill creates an “Interim Council” appointed entirely by the state. Section 5(4)(a) provides that until the Governing Council is elected, the Minister shall appoint an Interim Council consisting of “the Secretary to the Ministry of the Minister” and “six other persons who have distinguished themselves with proven knowledge, eminence and at least twenty years’ experience in the field of media, nominated by the Secretary to the Ministry of the Minister.” This Interim Council is granted the power under Section 5(4)(b) to make rules “in respect of the number of members to be selected and the criteria to select such members to the Institute” and “to elect and appoint members and the office bearers to the Council.” The Interim Council thus controls who gets into the Institute in the first instance and who may sit on its permanent Governing Council. The entire institutional architecture — the membership criteria, the internal rules, the definition of what constitutes an offense — will be shaped entirely by political appointees of the capitalist state. The Institute will be, from its inception, an instrument of the government.

Fifth, the bill conspicuously lacks any explicit guarantee that membership in the Institute will never be a prerequisite to practice journalism. This omission is not accidental. It signals that the Institute is designed to become a mandatory gatekeeper. Unregistered or deregistered journalists could rapidly find themselves legally blocked from entering press conferences, obtaining state accreditation, accessing public events, or securing employment. The Institute is a mechanism for the de facto licensing of journalism — and therefore for the de facto banning of journalists the state finds inconvenient.

A Continuum of Repression

The CIMP Bill does not emerge from a vacuum. It is the latest in a long continuum of state attacks on press freedom in Sri Lanka, stretching back decades and across every bourgeois government.

The Press Council Act of No. 05 of 1973, introduced by the Sri Lanka Freedom Party-led coalition government — which included the Lanka Sama Samaja Party and the Stalinist Communist Party — established a government tribunal (Press Council) with the powers of a district court, empowered to conduct inquiries that could lead to imposition of fines and jail terms against journalists. Its chairman and members are appointed by the president. Among its targets was Kamkaru Mawtha, the newspaper of the Revolutionary Communist League — the forerunner of the Socialist Equality Party. Last September, the cabinet spokesperson announced that the cabinet has approved to amend the Press Council Act to expand its regulatory scope to encompass modern digital, electronic, and online media platforms. The historical irony is sharp: the JVP, whose own cadres were slaughtered by the thousands after the abortive 1971 uprising, today deploys the same mechanisms of press control pioneered by the regime that repressed them, now directed against the working class and its political representatives.

The Rajapakse regime (2005–2015) escalated media repression to police-state levels. In 2009, it revived the Press Council Act. In 2012, it moved to gag websites, extending the Press Council’s reach to online media. In 2013, it unveiled a “Code of Media Ethics” whose vaguely phrased clauses — banning publications that “offend against the expectations of the public” or “contain information which could mislead the public” — gave the government unlimited scope to suppress criticism. During this period, 16 journalists and media workers were killed by pro-government death squads, and Sunday Leader editor Lasantha Wickrematunge was murdered in broad daylight.

The Online Safety Act brought by the Ranil Wickremasinghe government in January 2024, purporting to counter “fake news”, attacked social media activism decisively. It dealt a major blow to freedom of expression by granting a government-appointed commission sweeping powers to police and censor online speech. Under the guise of preventing online harms, the law criminalizes legitimate dissent, investigative journalism, and social media criticism, threatening activists and content creators with severe prison sentences.

The JVP/NPP government is deepening this authoritarian inheritance, not breaking from it. In November 2024, within weeks of taking office, it announced it would not abolish the Prevention of Terrorism Act (PTA), despite having pledged to do so during the election campaign. Instead, it introduced a new “Protection of the State from Terrorism Act” (PSAT) that broadens the definition of terrorism to encompass strikes, protests, and dissent. In November 2025, following Cyclone Ditwah, Dissanayake declared a state of emergency and issued regulations making it a criminal offense — punishable by up to ten years’ imprisonment — to communicate or publish any supposedly “false” statements that could allegedly cause “public alarm.” Deputy Minister Sunil Watagala explicitly instructed police to treat social media critics “not merely as suspects but as offenders.” These powers were deployed to enforce deeper austerity under the guise of “rebuilding.” The state of emergency has now been extended six times,[1] giving Dissanayake sweeping dictatorial powers.

On May 28, 2026 — just one week before the Chartered Institute gazette — President Dissanayake issued a special gazette declaring the Government Press and State Media as essential services, effectively outlawing industrial strike action in those sectors. The Chartered Institute Bill is the ideological twin of this hardline measure. Together they form a pincer: the state attacks media workers’ right to withhold their labour, while simultaneously constructing a disciplinary apparatus to control what those workers may write and who may write at all.

The International Offensive Against Press Freedom

The Dissanayake government’s bill forms part of a global offensive by capitalist states to bring the press — and especially online media — under state and corporate control.

In December 2010, the Hungarian parliament under Prime Minister Viktor Orbán passed a comprehensive media law subordinating all public and private media to the control of a state “media council” composed of Orbán’s partisans. The council was empowered to impose fines of up to €730,000 for reporting deemed “politically unbalanced.” As the WSWS noted at the time [2], Orbán’s authoritarian course was not a “European oddity” but a preparation for “a new round of brutal social attacks” demanded by the international financial markets. The muzzling of the media and the bolstering of the state apparatus were undertaken in direct anticipation of the social conflicts that austerity would unleash.

Germany’s Network Enforcement Act (NetzDG), which came into force in 2018, created a legal framework for internet censorship under the pretext of combating “hate speech” and “fake news.” As the WSWS documented, [3] the law was “part of an international offensive to attack free speech online, aimed at suppressing left-wing and socialist views.”

In 2022, Britain’s Ofcom revoked the broadcast licenses of RT, couching the ban in the language of “impartiality” and “freedom.” In 2025, the European Union’s 17th sanctions package against Russia extended to banning pro-Russia and pro-Palestine media, representing what the WSWS called [4] “an open attack on the democratic right to freedom of the press.”

The pattern is unmistakable. Across the world, capitalist governments facing mounting social opposition are constructing legal and institutional mechanisms to police public discourse. The language is always the same: “professional standards,” “ethics,” “combating disinformation.” The purpose is always the same: to suppress working-class opposition and anti-capitalist analysis.

Austerity Requires Repression

The Chartered Institute Bill cannot be understood in isolation from the broader trajectory of the JVP/NPP government. Dissanayake came to power in September 2024 on a wave of popular discontent, posturing as an anti-establishment outsider. Within days of the new parliament convening, the government jettisoned its election pledge [5] to renegotiate the IMF bailout and committed itself to implementing the austerity program in full.

The record since then has been one of relentless attacks on the working class. The government has restructured and privatized state-owned enterprises, sharply increased fuel prices by approximately 40 percent since February 2026, raised electricity tariffs by 32 percent, hiked gas prices by 31 percent, and maintained strict spending limits even as a quarter of the population has fallen below the poverty line. In April 2026, an IMF delegation lavished praise [6] on Dissanayake, commending his “strict adherence to IMF dictates.” The president boasted that “Sri Lanka has met all targets set under the programme.”

The government now faces a deepening crisis [7]: a worsening balance of payments deficit, a sliding rupee, soaring oil import costs driven by the US-Israeli war on Iran, and simmering resistance from workers and the rural poor. It has responded with essential services orders, police violence against protesters, the arrest of student activists, the deployment of the military as strike-breakers, and the repeated extension of emergency rule. The Chartered Institute Bill is the latest escalation in this authoritarian trajectory — a preemptive strike against the dissemination of truth, against the journalism that exposes the real conditions of working people and provides the political analysis necessary for the working class to cohere into a unified revolutionary force.

The JVP: From Death Squads to “Professional Standards”

The JVP’s present role as the enforcer of media censorship must be understood in light of its political history. As the ICFI and WSWS have documented over decades [8], the JVP is not and has never been a socialist or workers’ party. It is a right-wing, nationalist, and communalist movement, steeped in Sinhala populism. In 1988–89, it carried out a campaign of assassinations in which hundreds of left-wing political opponents, trade unionists, and workers — including members of the Revolutionary Communist League — were killed. It was the most trenchant advocate of the racist war against the Tamil minority that culminated in the May 2009 massacre of 40,000 Tamils.

The JVP’s transformation into a party of bourgeois rule — implementing IMF austerity, deploying police-military repression, and now constructing a state apparatus for media censorship — is not a betrayal of its original principles. It is the logical culmination of its class character as a petty-bourgeois nationalist formation. The same party that once physically liquidated its left-wing opponents now seeks to silence them through the bureaucratic mechanisms of a “Chartered Institute.” The methods have been modernized; the objective — the suppression of working-class political independence — remains the same.

The Pseudo-Left and the Trade Unions: Enablers of Repression

The working class cannot look to the pseudo-left organizations or the trade union bureaucracy to defend democratic rights. The Frontline Socialist Party, which falsely postures as a left-wing opponent of the government, collaborates with the union apparatus, whitewashing its betrayals and channeling workers into dead-end negotiations and appeals to parliament. The trade unions affiliated with the JVP/NPP maintain a deathly silence and actively block all anti-government action by their members. Unions tied to opposition parliamentary parties — the Samagi Jana Balawegaya and the Sri Lanka Podujana Peramuna — call only limited actions aimed at defusing genuine working-class opposition.

None of these forces will mount a principled defense of press freedom, because all of them — government and opposition alike — support the IMF program that is immiserating the working class. All of them fear the independent political mobilization of workers and youth. All of them have an interest in controlling public discourse. The Chartered Institute of Media Professionals Bill is a bipartisan project in its essentials, just as the emergency regulations after Cyclone Ditwah were urged by opposition leader Sajith Premadasa before Dissanayake declared them.

Build the Independent Mobilization of the Working Class

The fight against the CIMP Bill is inseparable from the fight against IMF austerity, against imperialist war, and for the political independence of the working class. Freedom of the press is not a bourgeois luxury to be set aside until “economic demands” are won. It is a vital weapon in the class struggle. The working class needs unfettered access to information, analysis, and political debate — including and especially the revolutionary Marxist perspective advanced by the ICFI, the World Socialist Web Site and thesocialist.lk  — to arm itself for the battles ahead.

The SLLA calls on workers, youth, journalists, online content creators, and all defenders of democratic rights to:

  • Reject the Chartered Institute of Media Professionals Bill in its entirety! This is not a bill to be amended — it is a bill to be defeated!
  • No to state licensing of journalists! Freedom of the press is a right, not a privilege granted by the capitalist state!
  • Defend the right of social media content creators and online commentators to publish without state interference!
  • Abolish the Press Council Act, the Prevention of Terrorism Act, the proposed Protection of the State from Terrorism Bill, and all repressive legislation inherited from previous regimes!
  • No to the essential services ban on Government Press and State Media workers! Defend the right to strike!
  • For the building of independent action committees across all workplaces to fight IMF austerity and the assault on democratic rights!
  • For the unity of Sri Lankan workers with their brothers and sisters in South Asia and internationally against the common enemy — global capitalism and its state institutions!
  • For a workers’ government based on workers’ committees, not the capitalist parties and their trade union appendages!
  • For the socialist reorganization of society — the only foundation for genuine democracy and press freedom!

The Dissanayake government is constructing the architecture of a police state because it knows that the social crisis it is deepening through IMF austerity will generate mass opposition. The working class must answer by constructing its own independent organizations —  action committees in every workplace and neighborhood, democratically controlled and politically armed with a socialist-internationalist program. The fight against media censorship is a fight for the political independence of the working class. It is a fight that can only be won through the building of a revolutionary party and the mobilization of the international working class against the capitalist system in its entirety.

We, the Socialist Lead of Sri Lanka and South Asia, wage this fight in solidarity with the international programme of the International Committee of the Fourth International. We urge workers, youth, intellectuals and all defenders of democratic rights to join us in advancing this struggle and building the revolutionary leadership necessary for the fight for socialism.

[1] Sri Lanka NPP government imposes Emergency Laws following Cyclone Ditwah disaster: A warning to the working class, Sanjaya Jayasekera (2 December 2025) <https://www.thesocialist.lk/sri-lanka-npp-government-imposes-emergency-laws-following-cyclone-ditwah-disaster-a-warning-to-the-working-class/

Sri Lankan government extends draconian state of emergency, Saman Gunadasa (15 May 2026) <https://www.wsws.org/en/articles/2026/05/16/fkbi-m16.html>

[2] The demolition of press freedom in Hungary, Markus Salzmann, Peter Schwarz (24 December 2010) <https://www.wsws.org/en/articles/2010/12/hung-d24.html>

[3] Germany’s “Network Enforcement Law” goes into effect: A move to censor the Internet, Johannes Stern (4 January 2018) <https://www.wsws.org/en/articles/2018/01/04/netz-j04.html>

[4] Ban on Red Media: EU sanctions against Russia attack press freedom, Marianne Arens (28 May 2025) <https://www.wsws.org/en/articles/2025/05/29/qopq-m29.html>

[5] Sri Lankan president announces JVP/NPP government will implement savage IMF austerity program in full, Saman Gunadasa, Keith Jones (22 November 2024) <https://www.wsws.org/en/articles/2024/11/23/kjdl-n23.html>  

[6] IMF delegation praises Sri Lankan government’s austerity measures, Saman Gunadasa(7 April 2026) <https://www.wsws.org/en/articles/2026/04/08/abhi-a08.html>

[7] Sri Lanka’s ruling NPP secures a strong parliamentary majority to enforce IMF dictates: Build the SEP to fight the cuts! Statement of the Socialist Lead of Sri Lanka and South Asia (SLLA) (16 November 2024) <https://www.thesocialist.lk/sri-lankas-ruling-npp-secures-a-strong-parliamentary-majority-to-enforce-imf-dictates-build-the-sep-to-fight-the-cuts/>

JVP/NPP government in Sri Lanka preparing further attacks on workers amid growing crisis, Saman Gunadasa (21 May 2026) <https://www.wsws.org/en/articles/2026/05/22/ingw-m22.html> n

[8] The Sri Lankan elections: JVP assumes responsibility for defending capitalism amid a deepening revolutionary crisis, Keith Jones (23 September 2024) <https://www.wsws.org/en/articles/2024/09/24/gpzw-s24.html>

The Dissanayake Government’s “Chartered Institute of Media Professionals”: A Blueprint for the Strangulation of Press Freedom Read More »

Belfast

බෙල්ෆාස්ට් නුවර සංක්‍රමණිකයන්ට එරෙහිව සිදුවන අන්ත දක්ෂිණාංශික ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් 

පෝල් බොන්ඩ් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “Far-right violence against migrants continues in Belfastයන හිසින් පළවූ පෝල් බොන්ඩ් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරදී අන්ත දක්ෂිණාංශික ලෝයලිස්ට් (loyalists – එක්සත් රාජධානිය සමඟ එක්ව සිටීමට කැමති රෙපරමාදු ක්‍රිස්තියානින්. කෙසේ වුවද, ඔවුන්ගේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ ආගමික විශ්වාසය හෝ ඇදහීම මත නොව, දේශපාලන, වාර්ගික සහ ජාතිකවාදී පදනමක් මතය) කලහකාරී කණ්ඩායම් විසින් බදාදා රාත්‍රියේදීත් දෙවන වරටත් සංක්‍රමණිකයන් ඉලක්ක කර ගන්නා ලදී. අඟහරුවාදා ඇති වූ ප්‍රචණ්ඩත්වයට වඩා මෙවර එය සුළු පරිමාණයෙන් සිදු වුවද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නිවාස ලැයිස්තුවක් මඟින් තහවුරු වන්නේ මෙය සංවිධානාත්මක කෝලහලයක් (pogrom)වූ බවයි.

උතුරු අයර්ලන්ත පොලිස් සේවය (PSNI) විසින් කලහකාරීන්ට එරෙහිව ජල ප්‍රහාරක එල්ල කරන ලද අතර රබර් උණ්ඩ 20 කින් ද වෙඩි තබා ඇත. ඉදිරියේදී ඇති විය හැකි තවත් කැරලි මර්දනය කිරීම සඳහා එක්සත් රාජධානිය පුරා සිටින පොලිස් නිලධාරීන් 200 දෙනෙකු උතුරු අයර්ලන්තයට අනුයුක්ත කරමින් සිටින බව වාර්තා වේ.

Belfast
සඳුදා රාත්‍රියේ සිදු වූ පිහි ඇනුම් සිදුවීමකින් පසුව, උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර, නිව්ටවුන්ඇබේ (Newtownabbey) ප්‍රදේශය අසල සිටි අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කරයි, 2026 ජූනි 10 [ඒපී ඡායාරූපය/පීටර් මොරිසන්]

සුඩාන ජාතික සරණාගතයෙකු වන හාඩි අලොඩිඩ් (Hadi Alodid) විසින් සඳුදා දිනයේදී ස්ටීවන් ඔගිල්වි (Stephen Ogilvie) නමැති පුද්ගලයාට සිදු කළ බිහිසුණු පිහි ඇනුම ව්‍යාජ ලෙස හේතුවක් කර ගනිමින්, අන්ත දක්ෂිණාංශික කලහකාරී කණ්ඩායම් විසින් සංක්‍රමණිකයන්ගේ සහ විදේශීය ජාතිකයන්ගේ නිවාස ඉලක්ක කර ගන්නා ලදී. අඟහරුවාදා මෙන්ම, වෙළඳසැල්, පාසල් සහ බෙදාහැරීමේ සේවාවන් වේලාසනින් වසා දැමුණි. පොදු ප්‍රවාහන සේවා මෙහෙයවනු ලබන ට්‍රාන්ස්ලින්ක් (Translink) ආයතනය විසින් සියලුම බස් සහ දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටුවන ලදී.

පළමු රාත්‍රියේ සිදු වූ ප්‍රචණ්ඩත්වයෙන් පසුව, “සංක්‍රමණිකයන්ගේ නිවාස” ඇතුළත් “ප්‍රහාරක ලැයිස්තුවක්” (Hit list) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, බෙල්ෆාස්ට් නුවර සින් ෆේන් (Sinn Féin) පක්ෂයට අයත් නගරාධිපතිනි රෝයිස්-මාරි ඩොනලි (Róis-Máire Donnelly) වෙත ද තර්ජන එල්ල විය. බ්‍රහස්පතින්දා සවස ප්‍රකාශයට පත් කරන ලද විශේෂ වාර්තාවක ගාඩියන් (The Guardian) පුවත්පත සඳහන් කළේ, සංක්‍රමණ විරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලබන උතුරු අයර්ලන්ත වගවීමේ ව්‍යාපෘතිය (APNI) විසින් මෙවැනි ලැයිස්තු පිළිබඳව මෙම වසරේ ආරම්භයේ සිටම උතුරු අයර්ලන්ත පොලිස් සේවය (PSNI) දැනුවත් කර ඇති බවයි.

එම පුවත්පත වාර්තා කළ  පරිදි: ”ලිපිනයන් ඇතුළත් ඊනියා ප්‍රහාරක ලැයිස්තුවක් (Hitlist) 2025 අගෝස්තු මාසයේ සිට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් අතර සංසරණය වී ඇති අතර, එය 2026 ජනවාරි මාසයේදී උතුරු අයර්ලන්ත පොලිස් සේවය (PSNI) වෙත යවා ඇති බව වැටහේ”. මෙම සතියේ සිදු වූ සංක්‍රමණ විරෝධී නොසන්සුන්තාවලදී ඉලක්ක කරගත් ස්ථාන අතර එම ලිපිනයන් ද විය.” ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) පෙන්වා දුන් පරිදි, මෙම ප්‍රචණ්ඩත්වය මුලින්ම හටගන්නා අවස්ථාවේදී පොලිසිය මූලික වශයෙන් පසෙකට වී බලා සිටි බව මෙයින් තහවුරු වේ. ඔවුන්ගේ මුල්ම ක්‍රියාකාරීත්වය බොහෝ දුරට සීමා වූයේ, ප්‍රහාරකයා සෝමාලි ජාතිකයෙකු බවට ඔවුන් මුලින් අසත්‍ය ලෙස ප්‍රකාශ කර තිබූ පසුබිමක, ඔහුගේ සැබෑ ජාතිකත්වය කුමක්දැයි පැහැදිලි කිරීමට පමණි.

ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් ගාඩියන් (The Guardian) පුවත්පත වාර්තා කළේ, “පොලිසිය වෙත යවන ලද APNI වාර්තාවල ෆේස්බුක් (Facebook) සටහනක් ද උපුටා දක්වා තිබූ’ බවයි. එම සටහනේ සඳහන් වූයේ [බෙල්ෆාස්ට් නුවරට මායිම්ව පිහිටි] ග්ලෙන්ගෝම්ලි (Glengormley) ප්‍රදේශයේ ඇති HMOs [බොහෝ විට රැකවරණ පතන්නන් නවාතැන් ගෙන සිටින, පොදුවේ පරිහරණය කරනු ලබන බහු-කාමර නිවාස]’මින් පසු නියම ඉලක්ක ලෙස සලකා, ඒවාට එරෙහිව සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගන්නා’ බවයි. එමෙන්ම එහි තවදුරටත් මෙසේ ද සඳහන් විය: ‘මෙම තිරිසනුන්ට නවාතැන් දීමට, මුදල් සපයන හෝ උදව් කරන ඕනෑම අයෙකු අල්ලා ගතහොත්, ඔවුන් ද සමාන ලෙස වරදකරුවන් ලෙස හෙළා දකිනු ඇත.’”

බදාදා සවස, මුහුණු ආවරණය කරගත් 200ක පමණ තරුණයන් පිරිසක් රැකවරණ පතන්නන් නවාතැන් ගෙන සිටින නිව්ටවුන්ඇබේ (Newtownabbey) හි පිහිටි චිම්නි කෝනර් (Chimney Corner) හෝටලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළහ. ඇන්ට්‍රිම් (Antrim) පාරේදී ඔවුන්ට උතුරු අයර්ලන්ත පොලිස් සේවයේ (PSNI) රථ වාහන යොදා තිබූ මාර්ග බාධකයකට මුහුණ දීමට සිදු වූ අතර, ඔවුන් කුණු බඳුන්, ගඩොල්, බෝතල් සහ ගිනිකෙළි ද්‍රව්‍ය ප්‍රහාරක ආයුධ ලෙස භාවිත කරමින් නැවත නැවතත් පොලිසියට ප්‍රහාර එල්ල කළහ. එම කලහකාරී පිරිසේ සිටි අයෙකු මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “ඔවුන් අපට හෝටලය වෙත යාමට ඉඩ දුන්නේ නම් මෙවැනි කිසිවක් සිදු වන්නේ නැත. අද රාත්‍රියේ ඔවුන් ඕනෑවට වඩා දැඩි ලෙස ක්‍රියා කිරීම නිසා මෙම නොසන්සුන්තාව ඇති විය.”

නැවත වරක් අදුරු පැහැති ඇඳුම් ඇඳ මුහුණු ආවරණය කරගෙන සිටි කලහකාරීහු, ප්‍රහාරක ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සෙලෙජ්හැමර් (විශාල මිටි) භාවිත කරමින් පදික වේදිකාවේ ගල් පතුරු, ගඩොල් බැමි සහ වැටවල් කඩා දැමූහ. සෑන්ඩිකනෝස් (Sandyknowes) ප්‍රදේශයේදී යටිතල පහසුකම් දෙපාර්තමේන්තුවට අයත් වාහනයකට ගිනි තබා තිබූ අතර, මාර්ගය දිගේ සහ රෝද සහිත කුණු බඳුන්වලට ද තැනින් තැන ගිනි තබා තිබුණි.

රාත්‍රී 11ට පමණ, කලහකාරීහු පිරිසක් ඉන්ධන පිරවුම්හලක් පිටුපස තිබූ බංගලාවකට ගිනි තබා, ගිනි ගනිමින් තිබූ වෑන් රථයක් පොලිස් ආරක්ෂක වළල්ල දෙසට ධාවනය කරවූහ. පොලිසිය ඊට ප්‍රතිචාර වශයෙන් රබර් උණ්ඩවලින් වෙඩි තැබීය. එම බංගලාවේ වහලයට ඇස්බැස්ටෝස් සෙවිලි කර තිබෙන්නට ඇති බැවින්, නිවාස තුළටම වී සිටින ලෙස ගිනි නිවන භටයන් ජනතාවට උපදෙස් දෙන ලදී. 

ඩෙරි (Derry) නගරයේදී, සවස් යාමයේ මුල් භාගයේදී රෝද සහිත කුණු බඳුන් සහ ලුණු ගබඩා කරන පෙට්ටියක් (Salt box) ගිනිබත් කරන ලද අතර, Loyalist Tullyally නිවාස සංකීර්ණය පිහිටි ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස උතුරු අයර්ලන්ත පොලිස් සේවය (PSNI) මහජනතාවට උපදෙස් දුන්නේය. පෝටඩවුන් (Portadown) ප්‍රදේශයේදී පැට්‍රල් බෝම්බ ප්‍රහාර ද එල්ල කර තිබුණි.

ස්කොට්ලන්තයේ ද මෙවැනිම නොසන්සුන්කාරී තත්ත්වයන් නැවතත් හටගත් අතර, එහිදී ග්‍රීනොක් (Greenock) ප්‍රදේශයේ රැකවරණ පතන්නන් නවාතැන් ගන්වා සිටින හොලිඩේ ඉන් (Holiday Inn) හෝටලය ඉදිරිපිට විරෝධතා පවත්වන ලදී. 

බදාදා දිනයේදී එල්ල වූ පැට්‍රල් බෝම්බ සහ වෙනත් ද්‍රව්‍යවලින් පහරදීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, කලහකාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් උතුරු අයර්ලන්ත පොලිස් සේවය (PSNI) ප්‍රකාශ කළේය. සඳුදා සිට මේ දක්වා අවම වශයෙන් සංක්‍රමණික පවුල් 27ක් වත් බිය ගැන්වීම්වලට ලක්ව ඇති බව හෝ ඔවුන්ගේ නිවාස ගිනිබත් කර ඇති බව රජයේ නිලධාරීහු පවසති.

එම ප්‍රහාරයෙන් ඔගිල්වි (Ogilvie) ගේ  වම් ඇස අහිමි වූ අතර, බරපතළ කැපුම් තුවාල රැසකට ලක් වූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සුදු ජාතික නොවන සංචාරකයින් සහ මගීන් පරීක්ෂා කිරීමේ මුරපොලවල් ලෙස භාවිත කිරීම සඳහා, ලෝයලිස්ට් (~රාජපාක්ෂික) කලහකාරී කණ්ඩායම් විසින් බෙල්ෆාස්ට් නුවර තාවකාලික මාර්ග බාධක පවත්වාගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණි.

යුනිසන් (Unison) වෘත්තීය සමිතියේ ප්‍රාදේශීය ලේකම්වරියක වන පැට්‍රීෂියා මැක්කවුන් (Patricia McKeown) වාර්තා කළේ, “වෙනස් සමේ පැහැයක් සහිත හෙදියක් පසුපස මුහුණු ආවරණය කරගත් පිරිමින් සිව්දෙනෙකු ලුහුබැඳ විත් ඇය අල්ස්ටර් (Ulster) රෝහල තුළට කොටු කර ඇති” බවයි. සිය සේවා මුරයෙහි යෙදීමට දැඩි ලෙස අදිටන් කරගත් එම හෙදිය සඳහා දැනට විකල්ප නවාතැන් පහසුකම් සලසා දී ඇත. The Irish News පුවත්පත වාර්තා කරන පරිදි, අවම වශයෙන් එක් දේපළ කළමනාකරණ සමාගමක් වත් අන්ත දක්ෂිණාංශිකයන්ගේ ප්‍රහාරක ලැයිස්තුවේ සිටින කුලී නිවැසියන් සම්බන්ධ කර ගනිමින්, ඔවුන්ගේ නිවාසවල ආරක්ෂාව උපරිමයෙන් සලසා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

මෙම සතියේ සිදු වූ ජන සංහාරක ප්‍රහාර , බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පුරා අන්ත දක්ෂිණාංශික ප්‍රහාර උග්‍ර වීමේ නවත්ම තත්ත්වයයි. මේවා, සංක්‍රමණිකයන් සහ රැකවරණ පතන්නන් සමාජය හමුවේ නරක පිරිසක් ලෙස හුවාදැක්වීමට කාලයක සිට ක්‍රමානුකූලව සිදු කරන ලද ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. බලයට පත් වූ ඒ හෝ මේ කොන්සර්වේටිව් සහ ලේබර් රජයන්, තමන් දේශසීමා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩිව ක්‍රියා කරන බව පෙන්වීමට උත්සාහ කළ අතර, තමන් විසින්ම ඇති කරමින් සිටින සමාජ ව්‍යසනයන් කෙරෙහි පවතින කම්කරු පන්තියේ කෝපය වෙනත් අතකට හැරවීමට ද උත්සාහ කරන ලදී.

සුඩානයේ පවතින බිහිසුණු සමාජීය සහ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, පෙර පැවති කොන්සර්වේටිව් රජය විසින් ක්‍රියාත්මක කරන ලද සරල කරන ලද සරණාගත ක්‍රියාවලිය (SAP) යටතේ කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව 2023 වසරේදී අලොඩිඩ් වෙත දේශපාලන රැකවරණ ලබා දී තිබුණි. ඇෆ්ගනිස්ථානය, එරිත්‍රියාව, ලිබියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් සම්බන්ධයෙන් ද අනුගමනය කෙරුණේ මෙම ක්‍රියාපටිපාටිය. කෙසේ වුවද, ලේබර් (කම්කරු) පක්ෂයේ උතුරු අයර්ලන්තය පිළිබඳ රාජ්‍ය ලේකම් හිලරි බෙන් (Hilary Benn) මෙම සතියේ අවධාරණය කළේ, වර්තමානයේදී “සියලුම සිදුවීම්වලදී පාහේ” රැකවරණ පතන්නන් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන බවයි.

මහ මැන්චෙස්ටර් (Greater Manchester) හි නගරාධිපති මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මේකර්ෆීල්ඩ් (Makerfield) පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේ ලේබර්  පක්ෂ අපේක්ෂකයා වන ඇන්ඩි බර්න්හැම් (Andy Burnham), සංක්‍රමණිකයන් “රඳවා තබා ගැනීම වැඩි වශයෙන් භාවිත කළ යුතු” බවට ඉල්ලා සිටියි. දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින කීර් ස්ටාමර් (Keir Starmer) ගෙන් පසුව පක්ෂ නායකත්වය ගැනීමට ඉඩ ඇති අයෙකු ලෙස සැලකෙන්නේ ද මොහුය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (Home Office) විසින් දිළිඳු ප්‍රදේශවල රැකවරණ පතන්නන් නවාතැන් ගැන්වීමේ ගැටලුව සම්බන්ධයෙන් ඔහු මෙම සතියේ බීබීසී මැන්චෙස්ටර් ගුවන් විදුලිය (BBC Radio Manchester) වෙත මෙසේ පැවසීය: “[අන්ත දක්ෂිණාංශික රිෆෝම් යූකේ පක්ෂයේ නායක නයිජල්] ෆැරාජ් පවසන දේ සමඟ මම එකඟ වෙමි. අප කළ යුත්තේ නැවතත් විනයක් සහ පාලනයක් සහිත තත්ත්වයක් (Order) ඇති කිරීමයි.”

SAP පද්ධතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී තමා (පක්ෂ) නායිකාව ලෙස හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කර නොමැති බවත්, “මට දැන් කළ හැකි එකම දෙය ජනතාවගෙන් සමාව අයැදීම පමණයි” යනුවෙන් ද කොන්සර්වේටිව් පක්ෂ නායිකා කෙමී බේඩනොක් (Kemi Badenoch) LBC ගුවන් විදුලියට ප්‍රකාශ කළාය. 

එකල කොන්සර්වේටිව් (ටෝරි) පක්ෂයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය සහ ආගමන විගමන අමාත්‍යවරුන් වූයේ සුයෙල්ලා බ්‍රැවර්මන් සහ රොබට් ජෙන්රික් බව බේඩනොක් පෙන්වා දුන්නාය. මොවුන් දෙදෙනාම පසුව රිෆෝම් යූකේ (Reform UK.මෙය නයිජල් ෆරාජ්ගේ පක්ෂයයි) පක්ෂයට එක් වී ඇත. මෙය, සමස්ත පාලක පන්තිය සඳහාම දැඩි දක්ෂිණාංශික සංක්‍රමණ විරෝධී වැඩපිළිවෙළක් සකසමින් සිටින රිෆෝම් පක්ෂයට වඩා දකුණෙන් කොන්සර්වේටිව් පක්ෂය ස්ථානගත කිරීමට දැරූ උත්සාහයකි. අඟහරුවාදා පැවති කැරලි කෝලාහල සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිෆෝම් පක්ෂයේ නායක නයිජල් ෆරාජ් ප්‍රකාශ කළේ, “බෙල්ෆාස්ට් හි තත්ත්වය ඉතා දරුණු ලෙස ආරම්භ වූ බවත්, එය තවදුරටත් ඉදිරියට යනු ඇති බවත්” ය. රිෆෝම් පක්ෂය සුඩාන ජාතිකයන් සඳහා වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ද ප්‍රතිඥා දී ඇත.

ෆරාජ් මෙසේ පැවසීය: “[බෙල්ෆාස්ට් හි] මෙම සිදුවීම්වලට ඉතා නරක චේතනාවන් සහිත පිරිස් සම්බන්ධ වූ බව මම ඉතා විවෘතව පිළිගනිමි. නමුත් බහුතරය එසේ නොවේ… බහුතර ජනතාවට අවශ්‍ය ක්‍රියාවයි”.  මෙම ප්‍රකාශය මඟින්, අඟහරුවාදා දින දියත් වූ ප්‍රහාරවලට පෙර විරෝධතාවල නිරත වන ලෙස ඉල්ලා සිටි ෆැසිස්ට්වාදී දේශපාලන උසිගන්වන්නෙකු වන ටොමී රොබින්සන්ට (Tommy Robinson) නීත්‍යානුකූලභාවයක් ලබා දුන්නේය. ළඟදීම ට්‍රිලියනපතියෙකු වීමට නියමිත ඉලොන් මස්ක් ද මෙම විරෝධතා කැඳවීම සඳහා ඔහු සමඟ එක් විය. මස්ක් ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “කිසියම් වෙනසක් සිදුවනු ඇත්තේ නැවත නැවතත් සහ ප්‍රබල ලෙස විරෝධතාවල නිරත වීමෙන් පමණි!!” යනුවෙනි. 

අඟහරුවාදා සිදු වූ ප්‍රචණ්ඩකාරී මිනිස් සංහාරයෙන් පසුව, මස්ක් සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් සටහන් කළේ: “මිනිසුන් කෝපයට පත් කරන්නේ “සමාජ මාධ්‍ය” නොව, මිනීමරු සංක්‍රමණිකයන් විසින් ඔවුන්ගේම උපන් ගම්වලදී අහිංසක මිනිසුන්ගේ හිස් ගසා දැමීමයි!” යනුවෙනි

උතුරු අයර්ලන්තයේ යුනියන්වාදී (සංගමවාදී- Unionist) නායකයන් මෙම ප්‍රහාරය උපයෝගී කරගනිමින් අයර්ලන්තය සමඟ දැඩි දේශසීමා පාලනයක් පනවන ලෙස ඉල්ලා ඇත. ඩෙමොක්‍රටික් යුනියන්වාදී පක්ෂයේ (Democratic Unionist Party-DUP) හිටපු නියෝජ්‍ය නායක ගැවින් රොබින්සන් පාර්ලිමේන්තුවේදී ස්ටාමර් වෙත මෙසේ පැවසීය: “මිනිසුන්ට දැන් හිස් සුබ පැතුම් සහ පොරොන්දු අසා ඇති වී තිබේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග දැකීමටයි. රජය අපගේ දේශසීමා ආරක්ෂා කිරීමට සූදානම් බව දැන් පෙන්නුම් කළ යුතුය.”

ලෝයලිස්ට් (loyalist) සහ දැඩි දක්ෂිණාංශික මැරයන් විසින් සංවිධානාත්මකව මෙහෙයවන ලද “ජාතිවාදී බියගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය” අයර්ලන්තයේ සින් ෆේන් (Sinn Féin) පක්ෂයේ නායිකා මේරි ලූ මැක්ඩොනල්ඩ් විසින් හෙළා දකින ලදී. ඉන්පසුව ඇය උතුරු අයර්ලන්ත පොලිස් සේවයේ (PSNI) “කඩිනම්” ක්‍රියාමාර්ග අගය කළද, සැබවින්ම ඔවුන්ගේ ක්‍රියාකලාපය ඊට හාත්පසින්ම වෙනස් එකක් විය.”

දක්ෂිණාංශික ටෙලිග්‍රාෆ් (Telegraph) පුවත්පත මෙම අවස්ථාව උපයෝගී කරගනිමින් සින් ෆේන් පක්ෂයට බලපෑම් කිරීමට උත්සාහ කළේය. ඒලිස් ඕ’හන්ලන් (Eilis O’Hanlon) විසින් ලියන ලද විචාරාත්මක ලිපියක “ජාතිකවාදීන් (Nationalists) මෙම කැරලි කෝලාහලවලට සම්බන්ධ නොවූ” බව පිළිගෙන තිබුණද, “ඔවුන් තුළ ද මෙවැනිම පොදු උත්සුකයන් සහ ගැටලු රාශියක් නොමැති බව ඇඟවීම මුලාවක් “ බව එහි සඳහන් කර තිබුණි.

[කර්තෲ සටහන: උතුරු අයර්ලන්තයේ (Northern Ireland) ජාතිකවාදීන් (Nationalists) අපේක්ෂා කරන්නේ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියෙන් (United Kingdom) ඉවත් වී ඒකාබද්ධ හා ස්වාධීන අයර්ලන්තයක් ගොඩනැගීමටය. අනෙක් අතට, සංගමවාදීන් (Unionists) අපේක්ෂා කරන්නේ උතුරු අයර්ලන්තය දිගින් දිගටම එක්සත් රාජධානියේ කොටසක් ලෙස පැවතීමටය. මෙම දේශපාලන බෙදීම උතුරු අයර්ලන්ත දේශපාලනයේ මූලික හරය වේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, වාර්තාවන පරිදි, උතුරු අයර්ලන්තයේ වැඩිවන පිරිසක් මෙම ලේබල් දෙකම ප්‍රතික්ෂේප කරමින්, තමන් හුදෙක් “උතුරු අයර්ලන්ත ජාතිකයින්” (Northern Irish) ලෙස හඳුනා ගැනීමට හෝ Alliance Party වැනි මේ කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවන දේශපාලන පක්ෂ සමඟ පෙළගැසීමට තෝරා ගැනීමයි.

අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.]

බෙල්ෆාස්ට් නුවර සංක්‍රමණිකයන්ට එරෙහිව සිදුවන අන්ත දක්ෂිණාංශික ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත්  Read More »

Scroll to Top