War Crimes

IMG 0708

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වනු!

ඩේවිඩ් නෝර්ත් විසිනි. 

යුද්ධයට විරුද්ධ වෙමින් සහ ඉරානයට එරෙහි නීති විරෝධී ප්‍රහාරය වහාම නතර කරන ලෙස කැඳවමින්, සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් 2026 පෙබරවාරි 28 පෙරවරුවේ (ඇමරිකානු වේලාවෙන්) කරන ලද ප්‍රකාශයෙහි සිංහල පරිවර්තනය මෙහි පළ වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උමතු කල්ලිය විසින් නියෝග කරන ලදුව ඉරානයට එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වේ. එය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන දැවැන්ත දේශපාලන අපරාධයකි. එක්සත් ජනපදයට පහර නොදුන් සහ එයට කිසිදු තර්ජනයක් එල්ල නොකළ රටකට එරෙහිව, කොංග්‍රසයේ බිංදු මාත්‍ර හෝ අවසරයකක් පවා නොමැතිව, සමූල ජන ඝාතක ඊශ්‍රායල තන්ත්‍රය සමඟ සහයෝගයෙන් එය දියත් කර ඇත.

මෙම සාපරාධී ප්‍රහාරයෙන් පළමු පැය කිහිපය තුළ, දකුණු ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් සිසුන් 24 දෙනෙකු මිය ගියහ. ඉදිරි දිනවලදී කොපමණ දහස් ගණනක්, දස දහස් ගණනක් සහ ලක්ෂ ගණනක් මිය යනු ඇත්ද?

දින හතරකට පෙර, ට්‍රම්ප් සිය රාජ්‍ය තත්ව දේශනය පැවැත්වීමට කොංග්‍රසය සහ ඇමරිකානු ජනතාව ඉදිරියේ පෙනී සිටියේය. යුද්ධය දියත් කිරීමට ඔහු පැහැදිලිවම තීරණය කර තිබුණද, ඔහු තම තීරණය සඟවා ගත් අතර ඔහුගේ පැය දෙකක වෛරී දෙඩවිල්ල අතරතුර ඉරානය ගැන සුළු සඳහනක් පමණක් කළේය.

හිස මත බේස්බෝල් තොප්පියක් පැළඳ සිටි ට්‍රම්ප්, බොහෝ ඇමරිකානුවන් නිදා සිටිය මහ රෑ  තම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඔහු එක්සත් ජනපදය සහ මුළු ලෝකයම විනාශකාරී මාවතකට යොමු කර ඇත. මෙම යුද්ධය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර සමාජ අර්බුදය විසඳනු නැත. එය, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය තත්වයේ දිග්ගැස්සුනු පිරිහීමද ආපසු හරවනු නැත.

මෙම සියලු දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර වනු ඇත. යුද්ධයම නොවැළැක්විය හැකි ලෙස උත්සන්න වී මුළු ග්‍රහලෝකයම ගිල ගනු ඇත.

කෙතරම් මාධ්‍ය ප්‍රචාරණයකට වුව, ඉරානයට එරෙහි ප්‍රහාරය, 1945-46 දී නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගවලදී “සාමයට එරෙහි අපරාධයක්” ලෙස විස්තර කරන ලද්දට,  හරියටම හරියන  බව සැඟවිය නොහැක.

අනාගතයේදී ඉතිහාසඥයින් ට්‍රම්ප් 2026 පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල කළ ප්‍රහාරය, 1939 සැප්තැම්බර් 1 වන දින හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම සමඟ සංසන්දනය කරනු ඇත. ඒවා සමාන පරිමාණයේ අපරාධ වේ.

ඉරානයට එල්ල කරන ලේවැකි ප්‍රහාරය වහාම නවතන ලෙස සමාජවාදී සමානතා පක්ෂය බලකර සිටී.

මූල්‍ය-ආයතනික කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා දියත් කර ඇති මෙම යුද්ධයට කම්කරු පන්තිය, තරුණයින් සහ සියලු ප්‍රගතිශීලී සහ ශිෂ්ට මහජනතාව විරුද්ධ විය යුතුය.

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වනු! Read More »

IMG 0701

ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය: සමාජ කාලකන්නිභාවය, ආඥාදායකත්වය, යුද්ධය—සහ පන්ති අරගලයේ නැගීමක්

WSWS කර්තෘ මණ්ඩලය  

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 පෙබරවාරි 23 වන දින The real state of Trump’s America: Social misery, dictatorship, war—and an upsurge of class struggle යන හිසින් පළවූ WSWS කර්තෘ මණ්ඩලය  විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2026 පෙබරවාරි 23 වන සඳුදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ “දේවදූත පවුල් දිනය (Angel Family Day)” ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයක් අතරතුර. [AP ඡායාරූපය/ඉවාන් වුචි]

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයදී අඟහරුවාදා රාත්‍රියේ වාර්ෂික රාජ්‍ය තත්ව දේශනය පවත්වනු ඇත. අවංකව එම කතාව නම් කරනු ලැබුනේ නම්, එය “ධනවතුන්ගේ රාජ්‍යය” ලෙස හඳුන්වනු ඇත–එය ඇමරිකානු ජීවිතයේ විනාශකාරී යථාර්ථය බොරු කන්දක් යට වළලමින් ස්වයං-සුබ පැතුම් ප්‍රකාශ කිරීමේ වාචාල කතාවල අභ්‍යාසයකි.

මෙම දේශනය පවත්වනු ලබන්නේ එක්සත් ජනපද නිදහස් ප්‍රකාශනයේ 250 වන සංවත්සරය සැමරීමට නියමිත වර්ෂයේදීය. 2026 ජූලි 4 වන දින, “සියලු මිනිසුන් සමාන ලෙස නිර්මාණය කර ඇත” යනුවෙන් ප්‍රකාශ කරන ලද සහ “ජීවිතය, නිදහස සහ සතුට ලුහුබැඳීමේ” අහිමි කළ නොහැකි අයිතිවාසිකම් තහවුරු කරන ලද ලේඛනය නිකුත් කිරීම ජාතිය විසින් සමරනු ඇත. රාජ්‍යය බිහිකිරීමේ පුරෝගාමීහු III වන ජෝර්ජ් රජුට එරෙහිව විප්ලවයක් සිදු කළහ.

වසර දෙසිය පනහකට පසු, ට්‍රම්ප්ගේ ඇමරිකාව ප්‍රකාශනයේ පරමාදර්ශයන්ට තමන්ගේම පිළිතුරක් ලබා දෙයි: එය, බිලියනපතියන් විසින් සහ බිලියනපතියන් සඳහා වූ බිලියනපතියන්ගේ රජයක්, සංක්‍රමණික ප්‍රජාවන්ට එරෙහිව සන්නද්ධ වැටලීම් මෙහෙයවීම, රට පුරා පැතිරී ඇති ගාල් කිරීමේ කඳවුරු ජාලයක්, දෙමාපියන්ගෙන් උදුරා ගන්නා ලද දරුවන් සහ මිනියාපොලිස් වීදිවල ෆෙඩරල් නියෝජිතයන් විසින් නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම, ආදී දේ වලින් යුක්තව ඇත.

රැස්වීමේ කටයුතු පුරා පැතිර ඇත්තේ ජෙෆ්රි එප්ස්ටයින්ගේ දුර්ගන්ධයයි. ළමා ලිංගික ශ්‍රම ජාවාරම්කරුවෙකු සමඟ බිලියනපතියන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන පුද්ගලයින්ට පැවති සම්බන්ධතා හෙළිදරව් කරමින් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පිටු මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීම මගින් සංස්ථාපිත ඇමරිකාවේ ඉහළ ස්ථර සොලවා ඇත. ලෝසවෙඅ සභාපති ඩේවිඩ් නෝර්ත් මෑතකදී සදහන් කල පරිදි, එම ලිපිගොනු , “දිරාපත්වීමේ ඉහළම තත්වයක සිටින පරිහානියට පත් පාලක පන්තියක සහ කතිපයාධිකාරී සමාජයක සමාජ දේහය හෙළි කරයි. ඔවුන්ගේ අපරාධ ඉහළම ගනණයේ ඒවාය; ඒවායින් මහත් කුණුගඳ වහනය වේ.”

මේවාට ට්‍රම්ප්ම ගැඹුරින් සම්බන්ධ වී සිටී. නීතිපති පැම් බොන්ඩි, ඩව් දර්ශකය 50,000 දක්වා ඉහළ ගොස් ඇති බවට පුරසාරම් දොඩමින්, අඛණ්ඩ කෙරෙන කරණු වසන් කිරීම පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීය. 2019 දී බිලියනපති ලෙස්ලි වෙක්ස්නර් එප්ස්ටයින්ගේ සම-කුමන්ත්‍රණකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව FBI ලේඛනවලින් හෙළි වන නමුත්, කිසිදු චෝදනාවක් ඔහුට එරෙහිව ඉදිරිපත් කර නොමැත. එප්ස්ටයින් තමා ජාවාරම් කළ ගැහැණු ළමයින් “හිස ඉවත් කර ශරීරය තබා ගන්නා ඉස්සන්” සමඟ සංසන්දනය කර ඇති බව විද්‍යුත් තැපෑල් ලිපි පෙන්වයි. මේ ඇමරිකාව පාලනය කරන පාලක පන්තියයි.

ට්‍රම්ප්ගේ ප්‍රලාප යටින් වැළලෙන කරුණු සලකා බලන්න. ජාතික ණය ඩොලර් ට්‍රිලියන 38.4 ක් වන විට රටේ සෑම පුද්ගලයෙකුම ඩොලර් 113,000 ක ණය බරක් දරයි. එය දිනකට ඩොලර් බිලියන 8 කින් වැඩි වෙමින් පවතී. කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) මෙම වසරේ අය වැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.9 ක් ලෙස ප්‍රක්ෂේපණය කරන අතර එය 2036 වන විට ඩොලර් ට්‍රිලියන 3.1 දක්වා වර්ධනය වේ. ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 දක්වා ළඟා වන අතර එය ජාතියේ ඉතිහාසයේ ඕනෑම අවස්ථාවකට වඩා ඉහළ අගයක් ගනී.

2025 දී ඩොලරය සියයට 9 කට වඩා පහත වැටුණි. එය 2017 න් පසු එහි නරකම වාර්ෂික ක්‍රියාකාරිත්වය වන අතර  පසුබෑමක කලාපයේ පවතී. BRICS රටවල් දේශීය මුදල් ඒකක වලින් වෙළඳ පියවීම් සියයට 35 සිට 50 දක්වා වැඩි කර ඇත. 2020 සිට සමුච්චිත මිල ඉහළ යාම විනාශකාරී වී ඇත: ආහාර මිළ සියයට 25 ට වඩා ඉහළ යාම, නිවාස පිරිවැය තවමත් වාර්ෂිකව සියයට 3 කින් ඉහළ යාම සහ ස්වාභාවික ගෑස් සියයට 10 කින් පමණ ඉහළ යාම ආදී වශයෙනි.

සමාජ අසමානතාවයේ මට්ටම ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ මට්ටමක පවතී. ඉහළම කුටුම්භ 1% දැන් සියලු ධනයෙන් සියයට 31.7 ක් පාලනය කරයි. එය 1989 දී ෆෙඩරල් මහ බැංකුව එවැනි දත්ත නිරීක්ෂණය කිරීමට පටන් ගත් දා සිට ඉහළම කොටසයි. ඔවුන් සතුව ඩොලර් ට්‍රිලියන 55 ක් ඇති අතර එය ජන ගහනයෙන් පහළම සියයට 90 ට ඇති ධනයේ එකතුවට සමානය. ඇමරිකානු බිලියනපතියන් 935 දෙනෙකුගේ ඒකාබද්ධ ධනය 2025 අවසානයේ ඩොලර් ට්‍රිලියන 8.1 දක්වා ඉහළ ගියේය.

DOGE ( රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව) හරහා ෆෙඩරල් රජය විසුරුවා හැරීමේ ට්‍රම්ප්ගේ හවුල්කරු වන එලොන් මස්ක්, ඔහුගේ ධනය ඩොලර් බිලියන 726 දක්වා ඉහළ දමාගෙන තිබේ. S&P 500 සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වන්දි ගෙවීම් වල සාමාන්‍යයය ඩොලර් මිලියන 18.9 ක් විය–එය සාමාන්‍ය සේවකයෙකුගේ වැටුප මෙන් 285 ගුණයකි; එය 1965 දී පැවති 21 ට 1  වන අනුපාතයේ සිට  ඉහළ ගොස් ඇත. 1978 සිට ප්‍රධාන විධායක නිලධාරී වැටුප සියයට 1,094 කින් ඉහළ ගොස් ඇති අතර සේවක වැටුප සියයට 26 කින් පමණක් වැඩි වී තිබේ. ටෙස්ලා සමාගම මස්ක් සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් යෝජනා කර ඇති අතර එය සමස්ත ෆෙඩරල් ශ්‍රම බලකායේ මුළු වාර්ෂික වන්දි මුදල ඉක්මවා යයි. කොටස් වෙළඳපොළ ජාතික සමෘද්ධිය පිළිබඳ මිනුමක් නොවේ. එය පාලක පන්තියේ පොහොසත්කම පිළිබඳ පරාමිතියකි.

නමුත් එක්සත් ජනපදයේ සැබෑ තත්වයේ වඩාත්ම භයානක මානය වන්නේ ජනගහනයට එරෙහිව සන්නද්ධ ෆෙඩරල් නියෝජිතයන් යෙදවීමයි. 2025 දෙසැම්බර් මාසයේදී පරිපාලනය විසින් ඔපරේෂන් මෙට්‍රෝ සර්ජ් (Operation Metro Surge) දියත් කරන ලද අතර, වෙස්මුහුණු පැළඳගත් ICE (එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය) සහ දේශසීමා මුර සංචාර නියෝජිතයන් 3,000 ක් මිනසෝටා හි නිවුන් නගරවලට යොදවන ලදී. DHS  (එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව) විසින්ම එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ විරෝධී මෙහෙයුම ලෙස හැඳින්විණි. ජනවාරි 7 වන දින, ICE විසින් 37 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ මවක් වන රෙනී ගුඩ් වෙඩි තබා ඝාතනය කරන ලදී. ජනවාරි 24 වන දින, දේශසීමා මුර සංචාර නියෝජිතයන් 37 හැවිරිදි ICU හෙද නිලධාරියෙකුවන ඇලෙක්ස් ප්‍රෙට්ටිට වෙඩි තබා ඝාතනය කළ අතර, ඔහු බිම වැතිර සිටියදී ඔහුට වට 10 ක් පමණ වෙඩි තැබීය.

පරිපාලනය රට පුරා රැඳවුම් කඳවුරු ජාලයක් ගොඩනඟා ඇති අතර, එහි පුද්ගලයින් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇත–එය සියයට 75 ක වැඩිවීමක් වන අතර එය ඉතිහාසයේ ඉහළම මට්ටමයි. කොංග්‍රසය තවත් එවැනි මධ්‍යස්ථාන සඳහා ඩොලර් බිලියන 45 ක් වෙන් කර ඇති අතර, එහි ධාරිතාව 135,000 ක් ලෙස ප්‍රක්ෂේපණය කර ඇත. වාර්තාගත අනුපාතයකින් දරුවන් තම දෙමාපියන්ගෙන් වෙන් කරනු ලැබේ. ටෙක්සාස් හි ෆෝර්ට් බ්ලිස් (Fort Bliss) හි කූඩාරම් කඳවුරක, දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ඇමරිකානුවන් සඳහා සිර කඳවුරක් ලෙස පාවිච්චියට ගත්  භූමියේම පුද්ගලයින් 5,000 ක් රඳවා සිටී. 2025, ICE රඳවා තබා ගැනීම සඳහා වාර්තාගත මාරාන්තිකම වසර විය.

මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු සැබෑ විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරනු ඇත. අඟහරුවාදා රාත්‍රියේ ඔවුන් කරන ඕනෑම අභිනයක් අර්ථ විරහිත ප්‍රයෝග වනු ඇත. සැබෑ භාවිතයේදී, පාලක පන්තියට වඩාත්ම වැදගත් කරුණු සම්බන්ධයෙන් ඔවුහු ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කරති. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ මතභේද පවතින තැන්වල, ඔවුන් කේන්ද්‍රගත වී ඇත්තේ අධිරාජ්‍යවාදී උපායමාර්ගයේ උපායශීලී ප්‍රශ්න මත ය–සියල්ලටත් වඩා, යුක්රේනය තුළ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයට ඔහු ප්‍රමාණවත් සහයෝගයක් නොදැක්වීම පිළිබඳ අතෘප්තියි. නමුත් ඉරානය සමඟ යුද්ධය කරා යන ගමනේදී, පක්ෂ දෙක අත්‍යවශ්‍ය එකඟතාවයක සිටිති.

ට්‍රම්ප්ගේ රාජ්‍ය තත්ව දේශනයට ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සීඅයිඒ හිටපු ප්‍රවීණයන්–පසුගිය වසරේ සෙනෙට් සභික එලිසා ස්ලොට්කින් සහ මෙම වසරේ වර්ජිනියා ආණ්ඩුකාර අබිගේල් ස්පාන්බර්ගර් – තෝරා ගැනීමම, බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්ගේ “වාම” හඬක් සහිත වාචාලකම භාවිතා කරමින් පහළින් මහජන ව්‍යාපාරයක් මතුවීම අවහිර කිරීම සඳහා ඔවුන් මිලිටරි-බුද්ධි යාන්ත්‍රණය ආරක්ෂා කරන බවට පාලක පන්තියට දෙනු ලැබූ සහතිකයකි.

නිදහස් ප්‍රකාශනයේ සිට 250 වන වසර වන විට ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය මෙයයි: එය, ස්වර්ණමය යුගයේ (Gilded Age) සිට නොදුටු පරිමාණයකින් පන්ති ප්‍රතිවිරෝධතාවලින් ඉරිතලා ගිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මවාපෑම පවා අත්හැර දැමූ, විදේශයන්හි යුද්ධයට සහ රට තුළ ආඥාදායකත්වයට නැඹුරු වූ අපරාධකාරී කතිපයාධිකාරීත්වයක් විසින් පාලනය කරන ලද සමාජයකි.

නමුත් සමීකරණයට තවත් පැත්තක් ඇති අතර එය තීරණාත්මක එකකි. පාලක පන්තිය ෆැසිස්ට්වාදය හා යුද්ධය කරා තල්ලු කරන එම අර්බුදයම කම්කරු පන්තිය අරගලයට තල්ලු කරයි. වර්ධනය වන වැඩ වර්ජන රැල්ලක්, ICE විරෝධී මහජන විරෝධතා, පසුගිය වසරේ “නෝ-කිංග්ස් ( රජුන් එපා!)” පාගමන්, උසස් පාසල් සිසුන්ගේ අඛණ්ඩ පාගමන්–මේවා මහා ව්‍යාපාරික පක්ෂ දෙකට පාලනය කළ නොහැකි සමාජ බලවේගයක ආරම්භක ප්‍රකාශනයන් වේ.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ දේශපාලන වැඩපිළිවෙල, ඉදිරිදර්ශනය සහ සංවිධානය පිළිබඳ එකකි. ට්‍රම්ප් පරිපාලනයට එරෙහි විරෝධය ඔහු කරන සෑම දෙයකටම හවුල් වන ඩිමොක්‍රටිකයන්ට භාර දිය නොහැක. එය කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම මත පදනම් විය යුතුය.

කම්කරුවන් සෑම වැඩබිමකම, පාසලකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුත්තේ ප්‍රතිරෝධය සම්බන්ධීකරණය කිරීමට, ICE ත්‍රස්තවාදය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට, සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමට සහ රජයේ යුද, කප්පාදු සහ ආඥාදායකත්ව වැඩසටහනට එරෙහිව මහා වැඩ වර්ජනයකට සූදානම් වීමට ය. සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩසටහනක පදනම මත සංවිධානය කරන ලද එවැනි කමිටු ගොඩනැගීම ඇමරිකානු කතිපයාධිකාරීත්වයේ ෆැසිස්ට් කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ඇති එකම යථාර්ථවාදී උපාය මාර්ගයයි.

ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය: සමාජ කාලකන්නිභාවය, ආඥාදායකත්වය, යුද්ධය—සහ පන්ති අරගලයේ නැගීමක් Read More »

US War

ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව නව-යටත්විජිතවාදී කොල්ලකෑමේ යුද්ධයක තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 15 දින ‘ Trump threatens neo-colonial war of plunder against Venezuela’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන්  විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

US War
යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් [ඡායාරූපය: එක්සත් ජනපද යුද්ධෝපාය විධානය-US Strategic Command]

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නැවතත් යුද මාවතට පිවිස ඇති අතර, මෙවර වෙනිසියුලාවට තර්ජනය කරන්නේ මුළු ලතින් ඇමරිකාවම යටත් කර ගැනීමේ ක්‍රමානුකූල මෙහෙයුමක කොටසක් ලෙස ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ පොලිටිකෝ වෙත පැවසුවේ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝගේ “දින සීමිත” බවයි.  ඔහු සිකුරාදා ප්‍රකාශ කළේ ගොඩබිම් ප්‍රහාර “ඉතා ඉක්මනින්” ආරම්භ වන බවයී.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කර්තෘ මණ්ඩලය ඔහුගේ ක්‍රියාවන් පාලන තන්ත්‍ර වෙනසක් සිදුකිරීමේ ප්‍රතිඥාවක් ලෙස විස්තර කළ අතර, ට්‍රම්ප් දැන් මධුරෝ නෙරපා හැරීම සදහා ඔහුගේ කැපවීම “පිළිපැදීමට බැඳී සිටී” යැයි ලිවීය.

1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු කැරිබියන් වල විශාලතම ඇමරිකානු හමුදා යෙදවීම මගින් ට්‍රම්ප්ගේ තර්ජනවලට පිටු බලය ලැබී තිබේ. භටයින් 15,000 කට වැඩි පිරිසක්, යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් ගුවන් යානා වාහක නෞකාව ඇතුළු යුද නැව් දුසිමක් සහ  ගුවන් යානා විශාල ගණනක් වෙනිසියුලාවට පහර දෙන දුරින් පෙන්ටගනය යොදවා ඇත.

සැප්තැම්බර් මාසයේ සිට, එක්සත් ජනපද හමුදා දකුණු කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ බෝට්ටු වලට එරෙහිව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 22 කට වඩා දියත් කර ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 87 දෙනෙකු ඝාතනය කර තිබේ.

මෙම මෙහෙයුම් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් බවට වන ධවල මන්දිරයේ ප්‍රකාශය පැහැදිලි වංචාවකි. වෙනිසියුලාවේ එක්සත් ජනපද මැදිහත්වීමේ සැබෑ අරමුණු පසුගිය බදාදා පරිපාලනය විසින් ඩොලර් මිලියන 78 ​​ක් පමණ වටිනා බොරතෙල් බැරල් මිලියන 1.1 ක් රැගත් වෙනිසියුලානු තෙල් නැවක් අත්අඩංගුවට ගත් විට පැහැදිලි විය.

පසුදා අත්අඩංගුවට ගත් තෙල්වලට කුමක් සිදුවේදැයි විමසූ විට, ට්‍රම්ප් මැර කල්ලි භාෂාවෙන් පිළිතුරු දුන්නේ  මෙසේය: “ඔව්, මම හිතන්නේ අපි ඒක තියා ගන්නවා.” නැව දැන් ඇමරිකානු හමුදා ආරක්ෂාව යටතේ එක්සත් ජනපද තෙල් කර්මාන්තයේ මධ්‍යස්ථානයක් වන ටෙක්සාස් හි ගැල්වෙස්ටන් වෙත පැමිණ ඇත.

වෙනිසියුලාවට එරෙහි ව්‍යාපාරයේ කොල්ලකාරී අරමුණු සහ ලතින් ඇමරිකාව තුල පුළුල් මැදිහත්වීම, පසුගිය මාසයේ ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආරක්ෂක මූලෝපායේ දක්වා ඇත. මෙම ලේඛනය ” මොන්රෝ මූලධර්මයට ට්‍රම්ප් අනුෂංගයක් (දිගුවක්)” නිවේදනය කරන අතර, “බටහිර අර්ධගෝලයේ ඇමරිකානු ප්‍රමුඛත්වය” ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉලක්කයක් පැහැදිලිව ස්ථාපිත කරමින්, “අපගේ අර්ධගෝලයේ මූලෝපායිකව වැදගත් වත්කම් … හිමිකර ගැනීමට හෝ පාලනය කිරීමට චීනයට ඇති හැකියාව” ප්‍රතික්ෂේප කරයි. එය “කලාපයේ ඇමරිකානු සමාගම් සඳහා මූලෝපායික අත්පත් කර ගැනීම් සහ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සදහා” රජය යොමු කරවයි.

මෙම ලේඛනය “අපගේ අර්ධගෝලය” ලෙස ඉදිරිපත් කර ඇති මහාද්වීප දෙක මත එක්සත් ජනපද අයිතිය සඵල ලෙස තහවුරු කරයි. රුසියාව සහ චීනය සමඟ ගැටුමක් සඳහා බල කඳවුරක් ලෙස භාවිතා කිරීම පිණිස බලහත්කාරයෙන් ඒවා අල්ලා ගැනීමට සැලසුම් කරන බැවින්, එක්සත් ජනපදය ලතින් ඇමරිකාවේ සම්පත් “අයිතිකරගෙන” “පාලනය” කරනු ඇත.

Image Not Found

බැරල් බිලියන 300 කට වඩා වන ලොව විශාලතම තහවුරු කරන ලද තෙල් සංචිත වෙනිසියුලාව සතුව ඇත. තෙල් වලට අමතරව, ලතින් ඇමරිකාව සතුව, මෝටර්, අර්ධ සන්නායක සහ බැටරි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ලිතියම් සහ තඹ විශාල සංචිත ඇත. චිලීය යනු ලොව ප්‍රමුඛතම තඹ නිෂ්පාදකයා වන අතර විශාලතම ලිතියම් සංචිතය ද හිමි රටයි.

වෙනිසියුලාවේ තෙල් සහ ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමේ එක්සත් ජනපද සැලැස්ම රුසියාව සහ චීනය යන දෙකම ඉලක්ක කරයි. බොහෝ දුරට සහතික කළ තෙල් අලෙවිය හරහා ආපසු ගෙවීම් කරනු ලබන, ඩොලර් බිලියන 62 කට වඩා ණය 2005 සිට  ලබා දී ඇති චීනය වෙනිසියුලාවේ විශාලතම ණයහිමියා වන අතර,  දැනට වෙනිසියුලාවේ අපනයනවලින් සියයට 80 ක් මිලදී ගනී. රුසියාව වෙනිසියුලානු බලශක්ති යටිතල පහසුකම් සඳහා බිලියන ගණනක් ආයෝජනය කර ඇත.

වෙනිසියුලාවට එරෙහි සිය ව්‍යාපාරයේදී, ට්‍රම්ප් පරිපාලනය නීත්‍යානුකූලභාවය සඳහා වූ ඉතාමත් දුර්වල මවාපෑම් පවා ප්‍රතික්ෂේප කර ඇත. අපරාධකාරී වූ 2003 දී සිදු කල ඉරාක ආක්‍රමණයේදී, බුෂ් පරිපාලනය අවම වශයෙන් එහි ක්‍රියාවන් සඳහා–කෙතරම් වංචනික  වුවත්–යම් නීතිමය සාධාරණීකරණයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළේය. මෙහි දී එවැනි  කිසිදු උත්සාහයක් නැත. පරිපාලනය හුදෙක් මහ මුහුදේ මිනිසුන් ඝාතනය කිරීමට, විදේශීය ජාතීන්ගේ දේපළ අත්පත් කර ගැනීමට සහ අභිමතය පරිදි ආණ්ඩු පෙරලා දැමීමට ඇති අයිතිය ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපදය දැන් වෙනිසියුලාව කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ 1930 ගණන්වල අගභාගයේදී හිට්ලර් අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීම අතර අර්ථවත් වෙනසක් නොමැත.

වෙනිසියුලාව තුළ මැදිහත්වීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයට දිගු ඉතිහාසයක් ඇත. 1908 දී, ඉදිරි වසර 27 තුළ කුරිරු ඒකාධිපතියෙකු ලෙස පාලනය කළ ජුවාන් විසෙන්ටේ ගෝමස් බලයට පත් කළ කුමන්ත්‍රණයකට එක්සත් ජනපදය සහාය දුන් අතර, එමගින් වෙනිසියුලාවේ තෙල් සම්පත් ඇමරිකානු සංගතවලට විවෘත කළේය.

මෙය ලතින් ඇමරිකාව පුරා ඇමරිකානු පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් වල–සෘජු මිලිටරි මැදිහත්වීම්  හෝ සීඅයිඒ කුමන්ත්‍රණ හරහා වේවා–දිගු, ලේ වැකි ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් පමණි. එක්සත් ජනපදය ග්වාතමාලාවේ (1954), බ්‍රසීලයේ (1964) සහ චිලීයේ (1973) ආණ්ඩු පෙරලා දැමීය; 1980 ගණන්වල එල් සැල්වදෝරයේ ඝාතක කල්ලි සන්නද්ධ කළේය ; 1989 දී පැනමාව ආක්‍රමණය කළේය; සහ මෑත වසරවලදී බ්‍රසීලයේ ජයේ බොල්සොනාරෝගේ (Jair Bolsonaro) සහ ආර්ජන්ටිනාවේ හාවියේ මිලෙයිගේ (Javier Milei) අන්ත දක්ෂිණාංශික රජයන්ට සහාය දී තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ වන්නේ වෙනිසියුලාවේ, කොලොම්බියාවේ සහ කියුබාවේ ආන්ඩු පෙරලා දමා මෙම රටවල ස්වාභාවික සම්පත් කොල්ලකන සහ කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලේ වැකි ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමයි.

මෙම මෙහෙයුමේ ප්‍රචාරක අංශය ලෙස ඇමරිකානු මාධ්‍ය කටයුතු කර ඇත. සති අන්තයේ දී, CBS ප්‍රවෘත්ති සේවය වෙනිසියුලානු විපක්ෂ නායක මාරියා කොරිනා මචාඩෝ සමඟ කළ බයාදු සහ චාටුකාර සම්මුඛ සාකච්ඡාවක් විකාශනය කළේය. ඇය විවෘතව එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් වෙනුවෙන් පෙනී සිටියාය. මචාඩෝ සහ වෙනිසියුලානු විපක්ෂයට එක්සත් ජනපද ආක්‍රමණයක් අවශ්‍ය වීමට හේතුව සරලය: ඔවුන්ට වෙනිසියුලාව තුළ මහජන සහයෝගයක් නැත. වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් අස්ථාවර කිරීමේ උත්සාහයන්ගෙන් පසුව විපක්ෂයට අභ්‍යන්තර ක්‍රම මගින් මදුරෝ බලයෙන් පහ කිරීමට නොහැකි වී තිබේ. ඒ, වෙනිසියුලානු ජනතාවට වොෂින්ටනයේ රූකඩ විසින් පාලනය කරනු ලැබීමට කිසිදු කැමැත්තක් නොමැති නිසාය.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ, ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ගයට කිසිදු විරෝධයක් එල්ල වී නොමැත. වෙනිසියුලාවේ පාලන තන්ත්‍ර වෙනසකට විරුද්ධ දැයි විමසූ විට සෙනෙට් සභා සුළුතර නායක චක් ෂුමර් බදාදා මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබ දන්නවා, පැහැදිලිවම මදුරෝ සිය කැමැත්තෙන්ම පලා ගියහොත්, සෑම කෙනෙකුම එයට කැමති වනු ඇත.”

සෙනෙට් බුද්ධි කමිටුවේ ජ්‍යෙෂ්ඨතම ඩිමොක්‍රටිකයෙකු වන වර්ජිනියාවේ සෙනෙට් සභික මාර්ක් වෝනර් ඉරිදා ABC හි “මේ සතිය” වැඩසටහනට පෙනී සිටියේය. ට්‍රම්ප්ගේ, මදුරෝ “ඒකාධිපතියා පලවා හැරීමට ගන්නා උත්සාහය” සමඟ “ඔබ එකඟද” යනුවෙන් වැඩසටහනේ සත්කාරක මාර්තා රඩැට්ස් වෝනර්ගෙන් විමසූ විට, වෝනර් පිළිතුරු දුන්නේ, “වෙනිසියුලානු ජනතාවට මදුරෝ ඉවත් කිරීමට අවශ්‍ය බවට මම එකඟ වෙමි” යනුවෙනි.

පසුගිය සතියේ, ඩිමොක්‍රටික් කොංග්‍රස් නායකත්වය රිපබ්ලිකන්වරුන් සමඟ එක්වී එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම මිලිටරි අයවැය සම්මත කළේය. අතිරේක අරමුදල් සමඟ ඒකාබද්ධ කළ විට ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි ඩොලර් බිලියන 901 ක ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට සුළුතර [එනම් ඩිමොක්‍රටික් පාක්ෂික] නායක හකීම් ජෙෆ්‍රිස්, සුළුතර සංවිධායක කැතරින් ක්ලාක් සහ ඩිමොක්‍රටික් කොකස් සභාපති පීට් අගුයිලර් යන අයගෙන් ඡන්ද ලැබුණි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් කතා කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, “ගැලපීම ඉක්මවා ගොසින්: එක්සත් ජනපද හමුදාවට එයම ප්‍රති නිර්මාණය ගැනීමට අවශ්‍ය ඇයි?” යන මාතෘකාව යටතේ කතුවැකි මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. නව ලෝක යුද්ධයක් සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට පෙන්ටගනය අසමත් වෙමින් සිටින බවට තර්ක කරමින්, කෙටි කාලීනව, ඇමරිකානු හමුදාවේ පරිවර්තනයට අමතර වියදම් අවශ්‍ය විය හැකිය” යනුවෙන් ටයිම්ස් පිළිගනී. ට්‍රම්ප් සමඟ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට මතභේද ඇති තාක් දුරට, ඒ, ඔහු රුසියාව සමඟ මිලිටරි ගැටුමකට ප්‍රමාණවත් ලෙස කැපවී නොමැති බව ඔවුන් විශ්වාස කරන නිසාය.

මිලිටරිය ගොඩනැගීම මධ්‍යයේ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ බර්නි සැන්ඩර්ස් නිහඬව සිටිති. නිව්යෝර්ක් නගරාධිපති ධුරයට තේරී පත් වූ සොහ්රාන් මම්දානි ධවල මන්දිරයේදී දත් විලිත්තන  ජායාරෑ-මෙහෙයුමක් සදහා  ට්‍රම්ප් මුණගැසුණු අතර එහිදී ට්‍රම්ප්ගේ හමුදා වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් නිරායුධ සිවිල් වැසියන් සාගරය ජලය මැද පුපුරුවා හරිමින් සිටියදී, “දැරිය හැකි මිල” ප්‍රවර්ධනය කිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහයට ප්‍රශංසා කළේය.

ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවේ පමණක් නොව, ලතින් ඇමරිකාව පුරා සහ එක්සත් ජනපදය තුළම වෙඩි බෙහෙත් බැරලයකට ගිනිනූල දල්වමින් සිටී. වෙනිසියුලාව යටත් කර ගැනීමට සහ අත්පත් කර ගැනීමට කරන යුද්ධයක් වෙනිසියුලානු කම්කරු පන්තියෙන් සහ මහාද්වීපය පුරා කම්කරුවන්ගෙන් දැවැන්ත ප්‍රතිරෝධයකට මුහුණ දෙනු ඇත. ලතින් ඇමරිකාව දැනටමත් වැඩෙන පන්ති අරගලයේ කලාපයක් වන අතර, එක්සත් ජනපද ආක්‍රමණයක් මෙම විරුද්ධත්වය බෙහෙවින් තීව්‍ර කර අර්ධගෝලය පුරා විප්ලවවාදී නැගිටීම් වේගවත් කරනු ඇත.

ලතින් ඇමරිකාවේ තම පන්ති සහෝදර සහෝදරියන් අධිරාජ්‍යවාදය විසින් යටත් කර ගැනීමට විරුද්ධ වීම සදහා එක්සත් ජනපදයේ කම්කරුවන්ට ගැඹුරු පරදුවක් තිබේ. රට පුරා නගරවල විරෝධතා සහ වැඩ නැවැත්වීම් අවුලුවා ඇති ගෙස්ටාපෝ (Gestapo) පන්නයේ සංක්‍රමණික වැටලීම් වලට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය වැඩෙන විරෝධයකට මුහුණ දී සිටි. සමූහ දොට්ට දැමීම්, පහත වැටෙන මූර්ත (සැබෑ) වැටුප්, පොදු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා විනාශ කිරීම සහ ආහාර මුද්දර, මෙඩිකේඩ්, මෙඩිකෙයාර් සහ සමාජ ආරක්ෂණ කප්පාදු හරහා ගෙවනු ලබනු ඇති කැරිබියානු යුධ (සූදානම) ගොඩනැගීමට අරමුදල් සපයන මිලිටරි අයවැය, කෝපාග්නිය අවුලුවයි .

විදේශයන්හි යුද්ධය රට තුළ මර්දනය තීව්‍ර කිරීමට යොදා ගැනේ. සාක්ෂි හෝ නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ජාත්‍යන්තර මුහුදේදී මිනිසුන් ඝාතනය කිරීමේ අයිතිය ඉල්ලා සිටින එම පරිපාලනයම, එක්සත් ජනපදය තුළ විරුද්ධ මත දැරීම අපරාධයක් ලෙස සැලකීමට අඩිතාලම දමමින් සිටී. ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් තම ඝාතන සාධාරණීකරණය කර ඇත්තේ, කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර, තමන් විසින් ඝාතනය කරන ලද පුද්ගලයින් “ත්‍රස්තවාදීන්” බව ප්‍රකාශ කිරීමෙනි. විදේශයන්හි ස්ථාපිත මෙම පූර්වාදර්ශය එක්සත් ජනපදයට ආනයනය කරනු ඇති අතර, ඒ ෆැසිස්ට්වාදයට විරුද්ධ ඇමරිකානුවන් විස්තර කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය “ත්‍රස්තවාදීන්” යන වචනයම භාවිතා කරන පසුබිමකය.

1980 ගණන්වල, විශේෂයෙන් නිකරගුවාව ඉලක්ක කර ගනිමින් මධ්‍යම ඇමරිකාවේ පූර්න පරිමාණ යුද්ධයකට එක්සත් ජනපදය සූදානම් වෙමින් සිටියදී,  රේගන් පරිපාලනය විසින් එවැනි යුද්ධයකට විරුද්ධ විය හැකි 300,000 ක් වටලා සිරගත කිරීමට සැලසුම් සකස් කරන ලදී.  වසර 40 කට පසුව, ධවල මන්දිරයේ ෆැසිස්ට් කල්ලියක් බලයේ සිටිද්දී, මහා පරිමාණ මර්දනය සඳහා වන සූදානම බෙහෙවින් දියුණු ය.

එබැවින් වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහි අරගලය, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුළුල් සටනක කොටසක් ලෙස වටහා ගත යුතුය.

යුද්ධයට එරෙහි විරෝධය, සංක්‍රමණික වැටලීම්, කප්පාදු සහ සමාජ අයිතිවාසිකම් විනාශ කිරීමට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කළ යුතුය. මේ සඳහා ධනේශ්වර පක්ෂ දෙකෙන්ම සවිඥානිකව බිඳී යාම සහ කම්කරු පන්තියේ ස්වාධීන, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. යුද්ධයට හා ආඥාදායකත්වයට ඇද වැටීම නැවැත්විය හැක්කේ සහ කුඩා මූල්‍ය කතිපයාධිකාරයක ලාභ හා බලයට වඩා මානව අවශ්‍යතා සඳහා සේවය කිරීම පිණිස සමාජය ප්‍රතිසංවිධානය කළ හැක්කේ මෙම පදනම මත පමණි.

ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව නව-යටත්විජිතවාදී කොල්ලකෑමේ යුද්ධයක තර්ජනය කරයි Read More »

Indonesia killings

‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 1 කොටස

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපි මාලාවේ 02 කොටසට මෙතැනින් පිවිසෙන්න.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ (PKI) සාමාජිකයින් සහ ආධරකරුවන් කේන්ද්‍ර කරගනිමින් 1965 දී කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරයට හැට වසරක් පිරුණි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපයන් පුරා සැඩ සුළඟක් මෙන් හමා ගිය අධිරාජ්‍යවාදයට සහ දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට එරෙහි කම්කරු පීඩිත මහජනතාවගේ දැවැන්ත අරගලයන් අතරට, ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව විසින් දියත් කරන ලද අරගලය ද ඇතුළත් විය. ප්‍රතිගාමී ස්ටැලින්වාදී නිලධාරීවාදයත්, 1950 ගණන්වල මුලදී මෙම ස්ටැලින්වාදී නිලධාරීවාදය රැක ගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ තවත් ඒජන්සියක් ලෙස මතු වූ පැබ්ලෝවාදයත් පිහිට කර ගනිමින්, අධිරාජ්‍යවාදය හා එහි සහායක දේශීය කොම්ප්‍රදෝරු ධනපති පංතිය විසින් කම්කරු පීඩිත මහජනතාවට අත්කර දුන් අතිදැවැන්ත පරාජයක් ලෙස මෙම සමූලඝාතනය හඳුනාදිය හැකිය. ස්ටැලින්වාදී ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ සහයෙන් දේශීය ධනපති පන්තිය විසින් ඉන්දුනීසියානු ජාතික විමුක්ති අරගලය පාවා දීම, 1965 දී සිදු වූ ලේ වැකි කුමන්ත්‍රණය, ඒ තුළ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැදිහත් වීම, මෙම සමූලඝාතනය උදෙසා නැවත වරක් PKI නායකත්වය හා පැබ්ලෝවාදීන් විසින් සිදු කරන ලද පාවාදීම, මෙම ලේ වැකි සමූලඝාතනයෙන් පසු බලය ලබා ගත් සුහාර්තෝගේ හමුදා ඒකාධිපතිත්වය යටතේ 1998 දක්වා වූ දැඩි මර්දනකාරී පාලනය හා 1997 ආසියානු මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කැරලිකාර මහජනතාව විසින් සුහාර්තෝ පලවා හැරීම දක්වාත් ඉන් පසු ප්‍රතිසංස්කරණ යුගය (Reformasi) ලෙස ධනපති ක්‍රමය යළි ස්ථාපිත වීම දක්වාත් ඓතිහාසික වාර්ථාවක් මෙම ලිපි මාලාවට අඩංගු වේ. මෙම ඓතිහාසික වාර්තාව සලකා බැලෙන්නේ විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදය තුල විජිත හා ධනපති සංවර්ධනයේ පසුගාමී රටවල ජාතික ධනේශ්වරයේ හා සුලු ධනපති පන්තියේ නායකත්වයන් විසින් කම්කරු පීඩිත අරගල ග්‍රහනයට ගැනිම හා ඊට බැඳි පැබ්ලෝවාදයේ අවස්ථාවාදී ක්‍රියාකලාපය විග්‍රහ කර ගැනීමේ පසුබිමක් වශයෙනි. ඒ සමගම ඉන්දුනීසියාවේ කම්කරු, ගොවි හා ශිෂ්‍යයින් ඇතුලු පීඩිත මධ්‍යම පන්තිය දේශපාලනික අවමංගතභාවයේ හෙලමින් කම්කරු පන්තියේ ස්වාධීන් විප්ලවවාදී ජාත්‍යන්තරවාදී වැඩ පිළිවෙළට හතුරුව කටයුතු කරන වත්මන් ජාතිකවාදී ධනපති ව්‍යාපාර හා සුළු ධනපති ව්‍යාජ-වාම සංවිධානවල ක්‍රියාකලාපය සලකා බලමින්, මෙම සියලු පාවාදීම්වලට එරෙහිව විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සහිතව සම්ප්‍රදායික ට්‍රොට්ස්කිවාදයේ ධජය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව(හජජාක) විසින් සිදු කරන ලද අරගලය සාකච්ඡා කිරිම සහ ඉන්දුනීසියාවේ එහි ශාඛාවක් පිහිටුවීමේ අවශ්‍යතාව මතු කිරීම මෙම ලිපි මාලාවේ අරමුණයි.

~~

ඇමරිකානු CIA සංවිධානය මැදිහත් වීමෙන් සිදු කළ හමුදා කුමන්ත්‍රණයක් හරහා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ (PKI) සාමාජිකත්වය හා සහායකයින් ඉලක්ක කරගනිමින් 1965 ඔක්තෝම්බරයේ සිට සය මසකට වැඩි කලක් ක්‍රියාත්මක කෙරුණු මහා ජන සංහාරයට හැට වසරක් පිරී තිබේ. මෙම සංහාරය ‘කොමියුනිස්ට්’ විරෝධී යන නාමයෙන් සිදු කරන ලද නමුත්, සැබැවින්ම එය ස්ටැලින්වාදී PKI නායකත්වය විසින් පාවාදුන් කම්කරු පන්තියට සහ ගොවි ජනතාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරයක් විය. මෙම සංහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 500,000 ත් 1,000,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බවට ගණන් බලා ඇත. තවත් වාර්තා මෙම ගණන මිලියන තුන දක්වා ඉහල දමයි. පශ්චාත් දෙවන ලෝක යුද කාල පරිච්ඡේදයේ, අධිරාජ්‍යවාදයට සහ දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට එරෙහිව ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව පුරා හමා ගිය කම්කරු පීඩිත මහජනතාවගේ දැවැන්ත විප්ලවවාදී අරගලයන් අතරට ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ අරගලය ද ඇතුළත්ය. ප්‍රතිගාමී ස්ටැලින්වාදී නිලධාරීවාදය  සහ 1950 මුල් භාගයේ ප්‍රතිගාමී ස්ටැලින්වාදය ආරක්ෂා කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ තවත් ඒජන්සියක් ලෙස මතුවූ පැබ්ලෝවාදය විසින් මෙම විප්ලවවාදී ව්‍යාපාරය පාවා දීමෙන්, අධිරාජ්‍යවාදය හා එහි සහයක දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තිය විසින් කම්කරු පීඩිත මහජනතාවට අත්කර දුන් අති දැවැන්ත පරාජයක් ලෙස මෙම සමූලඝාතනය හඳුන්වාදිය හැකිය.

Massacre1965Indonesia
ඉන්දුනීසියානු සමූලඝාතනවලට ගොදුරු වූවන් සමූහ මිනී වලවල්වලට හෝ ගංගාවලට විසි කරන ලදී (1965).

ඓතිහාසික පසුබිම

බුරුමයට ආසන්නව, අද දින ඉන්දියන් සාගරයේ පිහිටි සුමාත්‍රා දූපතේ සිට, ඕස්ට්‍රේලියාවට ආසන්න පැසිෆික් සාගරයේ පිහිටි බටහිර පැපුවා දක්වා සැතපුම් 3200 ක් පමණ දක්වා වූ දුරක් පුරා මෙම දූපත් සමූහය විහිද යන සේ පිහිටා සිටී. 1880 න් පසු මෙම භූගෝලීය කලාපය සඳහා “ඉන්දුනීසියාව” යන යෙදුම භාවිතා කරන ලදී. ඉන්දුනීසියානු දූපත් ප්‍රමාණය ගණනින් 17,000 ඉක්මවන අතර, ඉන් ජනාවාසව පවතින්නේ දූපත් 6,000 පමණ ප්‍රමාණයකි. ඉස්ලාම් ධර්මය හැරෙන්නට වෙනත් කිසිදු සංස්කෘතික සාම්‍යතාවයක් නොමැති මෙම දූපත් සමූහය එකට බැද තබනු ලැබුවේ වසර 350 පමණ වූ ලන්දේසි යටත් විජිත පාලනය විසිනි.

ලන්දේසි යටත් විජිතවල අධිරාජ්‍යවාදී කොල්ලකෑම

ලන්දේසි යටත් විජිත අධිරාජ්‍යවාදීන් විසින් වසර 350 ක් තිස්සේ ඉන්දුනීසියාව අනුකම්පා විරහිතව කොල්ලකෑ අතර, ස්වභාවික සම්පත් කොල්ලකෑම, විශාල කෘෂිකාර්මික වතු ස්ථාපිත කිරීම සහ එහි ජනතාව අනුකම්පා විරහිතව සූරා කෑම සිදු කළහ. ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වල (යටත්විජිත ඉන්දුනීසියාව) යටත් විජිත යුද්ධ ඉන්දුනීසියානු ජනගහනයට දැඩි හානියක් සිදු කළ අතර, සෘජු යුද්ධ හානි, සාගතය සහ රෝග හේතුවෙන් මිලියන 3 සිට 4 දක්වා මරණ සිදු විය.

19 වන සියවස ආරම්භයේදී, නැගී එන බ්‍රිතාන්‍ය ධනේශ්වර අධිරාජ්‍යවාදය මෙම කලාපය කෙරෙහි ආධිපත්‍යය සඳහා ලන්දේසීන්ට වැඩි වැඩියෙන් අභියෝග කළේය. 1800 දී ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම බිඳ වැටුණු අතර 1811 දී බ්‍රිතාන්‍යය මෙම කලාපය අත්පත් කර ගත්තේය. නමුත් 1814 ඇංග්ලෝ-ලන්දේසි ගිවිසුමට අනුව 1816 දී නැවත ලන්දේසින්ට මෙම කලාපය බාර දෙන ලද අතර, 1824 ලන්ඩන් ගිවිසුම මගින් මෙම යටත් විජිත බලවතුන් දෙදෙනා විසින් කලාපය කොටස් දෙකකට බෙදා ගත්හ: බ්‍රිතාන්‍යයන් මැලේ අර්ධද්වීපයේ පාලනය අත්පත් කරගත් අතර ලන්දේසීන් ඉන්දුනීසියානු දූපත් සමූහය පාලනය කරන ලදී.

ලන්දේසීන් විසින් 1830 න් පසු ජාවාහි බලහත්කාර වගා කිරීමේ සහ ගිවිසුම්ගත ශ්‍රම ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය මගින් ලන්දේසීන් සහ ඔවුන්ගේ ඉන්දුනීසියානු සහචරයින් අතිවිශාල ධනයක් උපයන ලදී. මෙම වගා ක්‍රමය ගොවීන් ඔවුන්ගේ ඉඩම්වලට බැඳ දමා තිබුණි. 1870 න් පසු එළඹි වඩාත් ලිබරල් කාල පරිච්ඡේදයේ දී මෙම ක්‍රමය අහෝසි කරන ලදී.

1901 දී ලන්දේසීන් “ආචාර ධර්ම ප්‍රතිපත්තිය” ලෙස හැඳින්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, එයට දේශීය අධ්‍යාපනය සඳහා තරමක් වැඩි මුදලක් වෙන් කළහ. ලන්දේසි අධිරාජ්‍යවාදීන්ට මෙම ලිබරල් ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට සිදු වූයේ ධනපති ක්‍රමයේ සීඝ්‍ර වර්ධනයත් සමඟම, එහි පැවැත්ම සඳහා ධනපති පන්තියට වඩාත් ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

“ආචාර ධර්ම ප්‍රතිපත්තිය” පුළුල් අධ්‍යාපන අවස්ථා ලබා දුන්නේ නැත. කෙසේ වෙතත්, එය ස්වදේශික ඉන්දුනීසියානු ප්‍රභූ පැලැන්තියේ දරුවන්ට ලන්දේසි අධ්‍යාපනයක් ලබා දුන්නේය. බටහිර අධ්‍යාපනය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බටහිර දේශපාලන අදහස් ගෙන ආවේය. 1920 සහ 30 ගණන්වලදී, මෙම කුඩා ප්‍රභූ පැලැන්තිය නැගී එන යටත් විජිත විරෝධී ජාතික චින්තනයක් ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය.

1918 දී, වසර දෙකකට පෙර පිහිටුවන ලද පූර්ව-පාර්ලිමේන්තුවක් වන වොක්ස්රාඩ් (මහජන කවුන්සිලය), පළමු වරට රැස්විය. එය සාමාජිකයින් 39 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් 15 දෙනෙකු ස්වදේශික ඉන්දුනීසියානුවන් විය. මෙම වසරේ දී, අනාගතයේ යම් නිශ්චිත අවස්ථාවක දී ඉන්දුනීසියානුවන්ට ස්වයං පාලනයක් ලබා දෙන බවට ලන්දේසි රජය එකඟ වූ නමුත්, පසු වසරවලදී මෙම පොරොන්දු අත් හැර දැමුණි.

ජාතිකවාදයේ නැගීම හා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම

පළමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් (1914-1918) සනාථ වූයේ, ලෝක ආර්ථික දේශපාලන ක්‍රමයක් ලෙස ධනපති ක්‍රමය සිය ඓතිහාසික වලංගුතාවය සිඳ ගත් බවයි. එහෙයින්, මෙම ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී ධනපති ක්‍රමයට එරෙහිව, 20 වන සියවසේ මුල් භාගයේ විජිත හා අර්ධ-විජිත රාජ්‍ය තුළ පැන නැගි ජාතිකවාදය මෙම නව ලෝක තත්ත්වයේ නිෂ්පාදනයක් වූ අතර බටහිර යටත් විජිතවාදයේ යටත්වැසියන් ලෙස පැවති අප්‍රිකාවේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන පුළුල් නොසන්සුන්තාවයේ ප්‍රවාහයන්ගේ කොටසක් විය.

මෙම කාල පරිච්ඡේදය තුළ පළමු ඉන්දුනීසියානු දේශපාලන පක්ෂ මතුවීමට පටන් ගත්තේය. 1908 ඔක්තෝබර් මාසයේදී, පළමු ජාතිකවාදී ව්‍යාපාරය වන බුඩි උටෝමෝ පිහිටුවන ලදී. “ඉන්ඩිෂ් පාර්ටිජ්” පක්ෂය 1912 දී පිහිටුවන ලදී. එම වසරේම, සැප්තැම්බර් 10 වන දින, සරේකට් ඉස්ලාම් පළමු ජාතිකවාදී මහජන ව්‍යාපාරය පිහිටුවන ලදී. 1912 දෙසැම්බර් වන විට සරේකට් ඉස්ලාම් හි සාමාජිකයින් 93,000 ක් සිටියහ. එය ලන්දේසි පාලනයට එරෙහිව ඉස්ලාමයේ ධජය භාවිතා කරමින් ඉන්දුනීසියානුවන් එකට ගෙන ආවේය.

PKI හි පුරෝගාමී ව්‍යාපාරය සහ නිදහස් අරගලය

1914 දී ඉන්දීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (ලන්දේසි: Indische Sociaal-Democratische Vereeniging – ISDV -Indies Social Democratic Association) ලන්දේසි සමාජවාදී හෙන්ක් ස්නීව්ලියට් සහ තවත් ඉන්දීය සමාජවාදියෙකු විසින් ආරම්භ කරන ලදී. ISDV හි යටත් විජිත පාලනයට විරුද්ධ වීමට ක්‍රම සොයන උගත් ඉන්දුනීසියානුවන්ට ලන්දේසි සාමාජිකයින් විසින් කොමියුනිස්ට් අදහස් හඳුන්වා දෙනු ලැබුණි. 1914 දී පටන්, ඉන්දුනීසියානු පීඩිත ජනතාවගේ හොඳම නියෝජිතයෝ මාක්ස්වාදය වෙත හැරුණහ. 

ISDV විසින් 1915 ඔක්තෝබර් මාසයේදී Het Vrije Woord (නිදහස් වචනය) නමින් ලන්දේසි භාෂා ප්‍රකාශනයක් ආරම්භ කළේය. ISDV පිහිටුවන විට එය ස්වාධීනත්වයක් ඉල්ලා සිටියේ නැත. නමුත්, එය ඉක්මනින් රැඩිකල් ධනවාදී විරෝධී දිශාවක් ගත්තේය. ISDV විසින් 1917 වසරේ දී එහි පළමු ඉන්දුනීසියානු භාෂා ප්‍රකාශනය වන Soeara Merdeka (නිදහසේ හඬ) ආරම්භ කළේය.

1917 රුසියානු විප්ලවයෙන් පසුව, ISDV හි රැඩිකල්වාදයට ඉන්දුනීසියානු ජනගහනයෙන් මෙන්ම ලන්දේසි සොල්දාදුවන්ගෙන් සහ විශේෂයෙන් නාවිකයින්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණු අතර ලන්දේසි බලධාරීන් කලබලයට පත් විය. එබැවින් 1918 දී ස්නීව්ලියට්ට ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වෙන් පිටව යාමට සිදු විය. ලන්දේසි යටත් විජිත බලධාරීන් විසින් ISDV මර්දනය කිරීම ආරම්භ කරන ලදී.

ඒ සමඟම, ISDV සහ කොමියුනිස්ට් හිතවතුන් “ඇතුළත අවහිර කිරීම” උපාය මාර්ගයක් ලෙස හැඳින්වෙන උපක්‍රමයකින් නැගෙනහිර ඉන්දීය කොදෙව්හි අනෙකුත් දේශපාලන කණ්ඩායම්වලට රිංගා ගැනීමට පටන් ගත්හ. වඩාත්ම පැහැදිලි බලපෑම වූයේ සරේකට් ඉස්ලාම් වෙත සිදු කරන ලද ඇතුළු වීමයි. සෙමවුන් සහ ඩාර්සෝනෝ ඇතුළු බොහෝ සාමාජිකයින්ගේ රැඩිකල් වාමාංශික අදහස් මගින් මෙම ඉස්ලාමීය ජාතිකවාදී සංවිධානය සාර්ථක බලපෑමට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට්වාදී සංකල්පයන් ISDV නියෝජිතයන් විසින් ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය සංවිධානය තුළ සාර්ථකව රෝපණය කරන ලදී.

1920 මැයි 23 වන දින සෙමරන්ග් හි පැවති සම්මේලනයේදී, ISDV, Perserikatan Komunis di Hindia (PKH; ඉන්දීය කොමියුනිස්ට් සංගමය) යන නම ලබා ගත්තේය. සෙමවුන් පක්ෂ සභාපතිවරයා වූ අතර ඩාර්සෝනෝ උප සභාපති විය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) කොටසක් වූ පළමු ආසියානු කොමියුනිස්ට් පක්ෂය PKH වූ අතර, 1921 දී කොමින්ටර්න්හි 2 වන ලෝක සම්මේලනයේදී ස්නීව්ලියට් පක්ෂය නියෝජනය කළේය.

1924 වසරේ දී පක්ෂයේ නම පාර්ටයි කොමුනිස් ඉන්දුනීසියාව (PKI, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය) ලෙස වෙනස් කරන ලදී.

1926-27 කැරැල්ල සහ එහි මර්දනය

1925 මැයි මාසයේ පැවති පූර්ණ සැසියකදී, කොමින්ටර්න් විධායක කමිටුව, සිය ප්‍රතිගාමී පන්ති සම්මුතිවාදී ප්‍රතිපත්තිය මත පදනම් වෙමින්, ඉන්දුනීසියානු කොමියුනිස්ට්වාදීන්ට කොමියුනිස්ට් නොවන ජාතිකවාදී සංවිධාන සමඟ අධිරාජ්‍ය විරෝධී සන්ධානයක් පිහිටුවීමට නියෝග කළේය. PKI හි අලිමින් සහ මුසෝගේ නායකත්වයෙන් යුත් අධිරාජ්‍ය විරෝධී කොටස් ලන්දේසි යටත් විජිත රජය පෙරලා දැමීම සඳහා විප්ලවයක් ඉල්ලා සිටියහ.

සැලසුම් කළ විප්ලවය බටහිර සුමාත්‍රාවෙහි පඩාං නගරයෙන් ආරම්භ වීමට නියමිත විය. නමුත් 1926 ආරම්භයේදී ලන්දේසි ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මර්දනය හේතුවෙන් PKI සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට හේතු විය. 1926 නොවැම්බර් 12 වන දින බටේවියාවේ (දැන් ජකර්තා) සීමිත කැරැල්ලක් ආරම්භ විය; ඒ හා සමාන කැරලි පඩෑං, බැන්ටම් සහ සුරබයා හි සිදු විය.

අසාර්ථක වූ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයින් 13,000 ක් අත්අඩංගුවට ගෙන, 4,500 ක් සිරගත කරන ලද අතර, 823 ක් බටහිර නිව්ගිනියාවේ ඩිගුල් කලාපයේ බොවන්-ඩිගොයෙල් කඳවුරට පිටුවහල් කරන ලදී. 1927 දී ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් රජය විසින් PKI පක්ෂය තහනම් කරන ලදී.

සුකර්නෝ සහ ජාතිකවාදී ව්‍යාපාරය

කොමියුනිස්ට් කැරැල්ලේ පරාජය සහ සරේකට් ඉස්ලාමයේ පරිහානිය නව ජාතිකවාදී සංවිධානයක් සඳහා මාවත විවර කළ අතර, 1926 දී බන්ඩුං හි “සාමාන්‍ය අධ්‍යයන සමාජයක්” ආරම්භ කරන ලදී. එහි ලේකම් ලෙස පත්වූයේ, වංශාධිපති පවුලක ජාවා පාසල් ගුරුවරයෙකුගේ පුතෙකු වූ සුකර්නෝ ය. ඔහු තරුණ ගෘහ නිර්මාණ උපාධිධාරියෙකු වූ අතර, උගත් සුළු ධනේශ්වර ස්ථරයට අයත් විය. ඔහු ඉන්දුනීසියාවේ නව නාගරික ප්‍රභූ පැලැන්තිය මත පදනම් වෙමින් ජාතිකවාදී දෘෂ්ටියක් සකස් කිරීමට පටන් ගත්තේය. 

Sukarno
1949 දෙසැම්බර් 28 දින ජනාධිපති සුකර්නෝ, නිදහස් වී ඇති ඉන්දුනීසියාව ලෝකය සමඟ මිත්‍රත්වයෙන් ජීවත් වන බව ප්‍රකාශ කරන්නේ, ජකර්තා හි කොනිංස්ප්ලයින් හි (බටේවියාව සඳහා ඉන්දුනීසියානු නම, දැන් අගනුවරේ නිල නාමය) පිහිටි ඔහුගේ නව මූලස්ථානයේ සිටය. නෙදර්ලන්තයේ සිට ඉන්දුනීසියානු එක්සත් ජනපදයට ස්වෛරීභාවය මාරු කිරීම පෙර දිනයේ දී ජකර්තාහිදී සිදු විය.

ඉන්දුනීසියාවේ ජාතිකවාදය සැලකිලිමත් වූයේ ලන්දේසි පාලනයට එරෙහි ප්‍රතිරෝධය ගැන පමණක් නොව, දූපත් සමූහයේ වාර්ගික විවිධත්වය වැළඳ ගනිමින්, සාම්ප්‍රදායික අධිකාරිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නවීන රාජ්‍යයක් ලෙස ඉන්දුනීසියාව නිර්මාණය කිරීමට හැකි වන පරිදි ජාතිකත්වය පිළිබඳ නව සංකල්ප ගොඩ නැගීම කෙරෙහිද අවධානය යොමු කළේය.

1920 පමණ වන විට “ඉන්දුනීසියාව” යන වචනය එහි නූතන භාවිතයට පැමිණියේය. ජනවාර්ගික හා භූගෝලීය ප්‍රදේශය වර්ගීකරණය කිරීම සඳහා 1850 දී ඉංග්‍රීසි ස්වභාව විද්‍යාඥයන් වූ ජෝර්ජ් වින්ඩ්සර් අර්ල් සහ ස්කොට්ලන්ත නාවිකයෙකු වූ ජේම්ස් රිචඩ්සන් ලෝගන් විසින් නිර්මාණය කරන ලද “ඉන්දුනීසියාව” යන යෙදුම ජාතිකවාදීන් විසින් ජනතාවගේ එකමුතුවක් පරිකල්පනය කිරීමේ වචනයක් ලෙස යොදා ගන්නා ලදී. මීට පෙර තරුණ සන්ධාන විසින් වෙනම බාලිනීස් ජාතියක්, ජාවා ජාතියක්, සුමාත්‍රා ජාතියක් යනාදිය වශයෙන් කතා කර තිබුණි. දැන් ඔවුහු ‘ඉන්දුනීසියාව’ ලෙස තනි ජනතාවක් ගැන කතා කළහ.

නෙදර්ලන්තයේ අධ්‍යාපනය ලද ඉන්දුනීසියානු සිසුන් විසින් නැගෙනහිර ඉන්දීය කොදෙව් හි ලන්දේසි පාලනයට එරෙහිව, 1924 දී පර්හිම්පුනාන් ඉන්දුනීසියා (Perhimpunan Indonesia – ඉන්දුනීසියානු සංගමය) නෙදර්ලන්තයේ ලෙයිඩන් නගරයේ දී පිහිටුවන ලදී. එය රැඩිකල් ජාතිකවාදී චින්තනයේ මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, 1920 ගණන්වල මැද භාගයේදී නෙදර්ලන්තයේ සිට ආපසු මව්බිමට පැමිණි සිසුන් ඊට සමාන අදහස් ඇති කණ්ඩායම් සමඟ එක් විය.

නව ජාතිකවාදයට එහි ප්‍රකාශනය සඳහා නව සංවිධානයක් අවශ්‍ය වූ අතර, 1927 ජූලි 4 වන දින පිහිටුවන ලද ඉන්දුනීසියානු ජාතිකවාදී සංගමය (Perserikatan Nasional Indonesia), පසුව 1928 මැයි මාසයේදී ඉන්දුනීසියානු ජාතිකවාදී පක්ෂය (Partai Nasional Indonesia – PNI) ලෙස නම් වෙනස් කරන ලද්දේ, සුකර්නෝගේ සභාපතිත්වය යටතේය. PNI ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් රජය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමේ අදහස සහ ‘සම්පූර්ණ නිදහස’ සඳහා පෙනී සිටීම මත පදනම් විය. කෙසේ වෙතත්, PNI සඳහා මහජන සහයෝගයේ පදනමක් නිර්මාණය කිරීමට උත්සාහ කළ සුකර්නෝ වඩාත් මධ්‍යස්ථ නායකයින් සමඟ එක්ව කටයුතු කිරීමට ද, යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට ද පක්ෂය තුළ පුළුල් ලෙස පදනම් වූ, තරමක් අස්ථිර වුවද, ජාතිකවාදී සංවිධාන සංගමයක් පිහිටුවීමට සමත් විය.

1928 ඔක්තෝබර් 28 වන දින, තරුණ සංවිධානවල නියෝජිතයින් ගණනාවක් ඓතිහාසික තරුණ ප්‍රතිඥාව (Sumpah Pemuda) නිකුත් කළ අතර, එමඟින් ඔවුන් එක් ඉන්දුනීසියානු මාතෘ භූමියක්, එක් ඉන්දුනීසියානු ජනතාවක් සහ එක් ඉන්දුනීසියානු භාෂාවක් පමණක් හඳුනා ගැනීමට දිවුරුම් දුන්හ. එය රටේ නිදහස් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර විවිධ අනන්‍යතා හරහා පොදු අනන්‍යතාවයක් සංකේතවත් කෙරෙන බවට සැලකුණි.

සුකර්නෝ සිරගත කිරීම

1929 න් පසු ගෝලීය අවපාතය ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වන්ට තියුණු ලෙස බලපෑවේය. රබර්, සීනි සහ අනෙකුත් නිවර්තන භාණ්ඩ සඳහා වන අපනයන මිල පහත වැටුණි. එය යටත් විජිත බලධාරීන්ගේ ආදායම් පහත වැටීමට හේතු වූ අතර, වතු ශ්‍රමය සහ ගොවී අපනයන භෝග මත යැපෙන ඉන්දුනීසියානුවන්ගේ ආර්ථික අර්බුදය ඉහළ ගියේය. එමගින් දූපත් සමූහය පුරා සමාජ පීඩාව තීව්‍ර කළ අතර අර්ථවත් ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමේ ලන්දේසි කැමැත්ත සහ ධාරිතාව සීමා විය. ආර්ථික හැකිලීම සමාජ නොසන්සුන්තාව, වැඩ වර්ජන සහ සහන සඳහා ඉල්ලීම් තීව්‍ර විය. මෙම තත්වය මත ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කථීකයෙකු ලෙස සුකර්නෝ පෙරට පැමිණියේය. දේශීය වශයෙන් ඇතිවී තිබෙන මෙම නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර (පොලිස් ක්‍රියාමාර්ග, අත්අඩංගුවට ගැනීම්, මාධ්‍ය සහ රැස්වීම් සීමා කිරීම්) ලන්දේසි පාලනය විසින් ගනු ලැබුණි.

ලන්දේසි පාලනය විසින් ජාතිකවාදී ව්‍යාපාරය මර්දනය කිරීම ආරම්භ කරන ලද අතර, එය බොහෝ අත්අඩංගුවට ගැනීම් වලට හේතු විය. 1929 දෙසැම්බර් 29 වන දින, ඉන්දුනීසියාවේ පළමු ජනාධිපති වූ සුකර්නෝ සහ PNI හි අනෙකුත් ප්‍රමුඛ නායකයින් ජාවාව පුරා සිදු කරන ලද වැටලීම් මාලාවක දී ලන්දේසි යටත් විජිත බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. සුකර්නෝ අත්අඩංගුවට ගනු ලැබුවේ යොග්‍යාකාර්තාවට කරන ලද සංචාරයක දී ය. 1930 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා බන්ඩුං ලෑන්ඩ්‍රාඩ්  උසාවියේ පැවති ඔහුගේ නඩු විභාගයේදී, සුකර්නෝ විසින් යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ප්‍රහාරයට ලක් කරමින් “Indonesia Menggoegat” (ඉන්දුනීසියාව චෝදනා කරයි) නම් දිගු දේශපාලන කථාමාලාවක් පැවැත්වීය. 1930 දෙසැම්බර් මාසයේදී සුකර්නෝට වසර හතරක සිර දඬුවමක් නියම කරන ලද අතර, ඔහු බංඩුං හි සුකමිස්කින් බන්ධනාගාරයේ සිර ගතව සිටියේය. කෙසේ වෙතත්, ඔහුගේ කථාව මාධ්‍ය විසින් පුළුල් ලෙස ආවරණය කරන ලද අතර, නෙදර්ලන්තයේ සහ ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් යන දෙකෙහිම ලිබරල් කොටස්වල ප්‍රබල පීඩනය හේතුවෙන්, සුකර්නෝ 1931 දෙසැම්බර් 31 වන දින කලින් නිදහස් කරන ලදී. මේ වන විට ඔහු ඉන්දුනීසියාව පුරා ප්‍රකටව දන්නා ජනප්‍රිය වීරයෙකු බවට පත්ව තිබුණි. කෙසේ වෙතත්, ඔහුගේ සිරගත කිරීම තුළදී, PNI යටත් විජිත බලධාරීන්ගේ මර්දනය සහ අභ්‍යන්තර මතභේද හේතුවෙන් බෙදී ගොස් තිබුණි.

මුල් PNI විසුරුවා හරින ලද අතර එහි හිටපු සාමාජිකයින් වෙනම පක්ෂ දෙකක් පිහිටුවන ලදී. 1931 අප්‍රේල් මස අවසානයේදී, PNI හි හිටපු ප්‍රමුඛ චරිතයක් වූ සාර්ටෝනෝ, ඉන්දුනීසියානු පක්ෂය (Partindo) පිහිටුවන ලදී. එය PNI සාමාජිකත්වයෙන් බහුතරයක් ආකර්ෂණය කර ගත් අතර ලන්දේසීන්ගෙන් ඉන්දුනීසියානු නිදහස සඳහා උද්ඝෝෂනය කළ නමුත් PNI තරමේ රැඩිකල්භාවයක් පෙන්වූයේ නැත. පරින්ඩෝ, සහයෝගී ජාතිකවාදයේ ප්‍රමුඛ ප්‍රකාශනය ලෙස මතු වූයේ, සිවිල් අධ්‍යාපනය, සමාජ සුභසාධනය, වෙළඳාම සහ ආර්ථික දියුණුව වැනි ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන් වටා ජාතිකවාදී බලවේග එක්සත් කිරීමට උත්සාහ කරමිනි. එය වොක්ස්රාඩ් හි සාමාජිකත්වය පිළිගත්තේය. හදිසි ජන අරගලවල මාවත ඉදිරිපත් කළ සුකර්නෝ සමග පරින්ඩෝ පක්ෂය සබඳතා පැවැත් වූ අතර 1932 ජුලි මස සුකර්නෝ එහි නායකත්වයට එළඹියේය. PNI හි තවත් කණ්ඩායම් ගණනාවක් එකතු වී නව සංවිධානයක් පිහිටුවා ගත් අතර එය නව-PNI (PNI Baru) ලෙස හැඳින්වේ. නෙදර්ලන්තයේ අධ්‍යාපනයෙන් මෑතකදී ආපසු පැමිණි ජාතිකවාදීන් වූ මොහොමඩ් හට්ටා සහ සුතාන් ස්ජහ්රීර්ගේ නායකත්වයෙන් යුත් නව PNI පිහිටුවන ලද්දේ මහජන උද්ඝෝෂණ වෙනුවට දිගුකාලීන කේඩර් පදනම් වූ අරගලයක් සහ ඉන්දුනීසියානු ජනගහනයට නවීන අධ්‍යාපනය ලබා දීමේ උපාය මාර්ගය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සහිතවය.

1933 අගෝස්තු මාසයේදී සුකර්නෝ නැවතත් අත්අඩංගුවට ගෙන මුලින් ෆ්ලෝරස් දූපතේ එන්ඩේ වෙත පිටුවහල් කර, පසුව 1938 දී දකුණු සුමාත්‍රාවේ බෙන්ග්කුලු වෙත මාරු කරන ලදී. හට්ටා සහ ස්ජහ්රීර් ඇතුළු අනෙකුත් පක්ෂ නායකයින්ට එරෙහිව මර්දනකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලද අතර ඔවුන් ද පිටුවහල් කරන ලදී. මෙසේ ජාතිකවාදී ව්‍යාපාරයේ රැඩිකල්වාදී ප්‍රවනතාව මර්ධනය කරනු ලැබිණි.

සහයෝගී ජාතිකවාදය සහ වොක්ස්රාඩ් (මහජන කවුන්සිලය)

1930 ගණන්වල අගභාගයේදී ජාතිකවාදී නායකයින්ට ලන්දේසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බල කෙරුණු අතර, එය හැරෙන්නට මෙම පසුගාමී ධනපති පන්තියට පංති අවශ්‍යතාවය මත තෝරා ගත හැකි වෙනත් විකල්පයක් නොවීය. ජාතිකවාදී තර්ජන ක්ෂණිකව පෙනෙන තැන ලන්දේසීන් පාලනය දැඩි කළ අතර පරිපාලනය ස්ථාවර කිරීමට සේවය කළ ගතානුගතික දේශීය ධනපතින්ට සහයෝගය ලබා දුන්නේය. මේ සඳහා ලන්දේසින් යොදා ගනු ලැබුවේ වොක්ස්රාඩ් හෙවත් මහජන කවුන්සිලයයි. එය නීතිගත ක්‍රමය හරහා වර්ධක ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ දේශපාලනික වශයෙන් ප්‍රභූන් (බොහෝ විට බටහිර අධ්‍යාපනය ලැබූ සහ යටත් විජිත පරිපාලන ජාලයන්හි ගිලී සිටි) පිරිසකගෙන් සැදුම් ලද්දකි.

1918 දී උපදේශක ව්‍යවස්ථාදායකයක් ලෙස නිර්මාණය කරන ලද වොක්ස්රාඩ් වැනි උපදේශක ආයතන ද සංරක්ෂණය කර සමහර විට පුළුල් කළේය. 1930 ගණන්වල මුල් භාගය වන විට වොක්ස්රාඩ් “සහයෝගී ජාතිකවාදීන්ට” වර්ධක ප්‍රතිසංස්කරණ සඳහා හිමිකම් පෑමට සහ පරිපාලන තනතුරු, සිවිල් සේවා ප්‍රතිසංස්කරණ හෝ ජාතිකවාදී පාරිභාෂිතය සහ සංවිධාන සඳහා නීතිමය පිළිගැනීමක් ලබා ගත හැකි ප්‍රධාන නීති සංසදය බවට පත්ව තිබුණි.

1930 ගණන්වල මැද භාගයේදී බුඩි උටෝමෝ සහ අනෙකුත් ජාතිකවාදී කණ්ඩායම්වල සම්මිශ්‍රණයකින් ආරම්භ කරන ලද පරින්ද්‍ර (Parindra) සංවිධානය, සහයෝගීතාවාදී (cooperative) ජාතිකවාදයේ ප්‍රමුඛ ප්‍රකාශනය ලෙස මතු විය. සිවිල් අධ්‍යාපනය, සමාජ සුභසාධනය, වෙළඳ හා ආර්ථික වැඩිදියුණු කිරීම ආදී ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන් වටා ජාතිකවාදී ශක්තීන් එක්සත් කිරීමට එය උත්සාහ කළේය. මෙම පක්ෂය වොක්ස්රාඩ් හි සාමාජිකත්වය පිළිගත්තේය.

වොක්ස්රාඩ් කණ්ඩායමක් තුළ කථීකයෙකු සේ කටයුතු කළ මොහොමඩ් හුස්නි තම්රින්, සහයෝගීතා ජාතිකවාදී නායකයින්ට යටත් විජිත පාලනය තුළ එක්ව වැඩ කළ හැකි ආකාරය පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ ජාතිකවාදී න්‍යාය පත්‍ර ඉදිරිපත් කරන ලදී.

දෙවන ලෝක යුද්ධය පුපුරා යාම හා ජාතිකවාදී දේශපාලන සංසදය

දෙවන ලෝක යුද සංග්‍රාමය පුපුරා යාමත් සමගම, ජර්මනිය විසින් සිදුකළ ආක්‍රමණයෙන් 1940 දී නෙදර්ලන්තය අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසි රජයේ ස්ථාවරත්වය වේගයෙන් බිඳ වැටුණි. අගනගර පාලනය දුර්වල විය. යටත් විජිත පරිපාලකයින් හිඟයන්ට, අවිනිශ්චිතතාවයට සහ අධිරාජ්‍ය පිළිවෙල ආරක්ෂා කළ නොහැකි බවට වූ වැඩෙන හැඟීමකට මුහුණ දුන්හ. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දුනීසියානු “රැඩිකල්වාදී” ජාතිකවාදී නායකත්වයන්ගේ පවා සැබෑ දේශපාලනය හෙලිදරව් වන්නට විය. මන්ද, 1937 දී Gerindo (ගෙරින්ඩෝ) නම් වඩාත් රැඩිකල් පක්ෂයක් පිහිටුවන ලද නමුත්, එය පවා ජාතික සමාජවාදයේ (නාසිවාදයේ) තර්ජනයට එරෙහිව නෙදර්ලන්තයට සහාය වීම ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නයට වඩා වැදගත් යැයි සැලකීය. මෙසේ බිද වැටෙන ලන්දේසි අධිරාජ්‍යය ආරක්ෂා කර ගැනීම මෙම ජාතිකවාදී නායකත්වයන්ගේ දේශපාලන අස්ථානය වී පැවිතිණි.

මහා ඉන්දුනීසියානු පක්ෂය (Parindra – පරින්ද්‍ර), ඉන්දුනීසියානු මහජන ව්‍යාපාරය (Gerindo – ගෙරින්ඩෝ), Paguyuban Pasundan (පගුයුබන් පසුන්දන්), ඉන්දුනීසියානු ඉස්ලාමීය සංගම් පක්ෂය (PSII), ඉන්දුනීසියානු ඉස්ලාමීය පක්ෂය, මිනහාස සංගමය, කතෝලික පක්ෂය, ඉන්දුනීසියාවේ අරාබි සංගමය ආදී පක්ෂ ඒකාබද්ධ වීමෙන් ඉන්දුනීසියානු දේශපාලන සම්මේලනය (GAPI) 1939 දී පිහිටුවන ලද අතර, ඔවුන්ගේ අරමුණ වූයේ වොක්ස්රාඩ් හි සහභාගී වී, බිද වැටෙන ලන්දේසි අධිරාජ්‍යයට මුක්කු සපයමින්, ඊට ප්‍රතිඋපකාර ලෙස ලන්දේසි අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන වරප්‍රසාදයන්ගෙන් තම පංති අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමයි.

මෙම සහයෝගීතාවාදී ජාතිකවාදීන්ට ඉල්ලීම් විධිමත්ව ඉදිරිපත් කළ හැකි නමුත්, එය කළ හැකි වූයේ යටත් විජිතවාදී පාලන රාමුව තුළ පමණි. මහා නගර තුළ ලන්දේසි රජය තීරණාත්මක ලෙස බලය රඳවා ගත්තේය. විශේෂයෙන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණයන් අධිරාජ්‍යයේ පරමාධිපත්‍යයට තර්ජනයක් ලෙස විනිශ්චය කළ අවස්ථාවන්හිදී, එවැනි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරුනි.

ජපන් ආක්‍රමණය සහ සුකර්නෝගේ සහයෝගීතාවය 

දෙවන ලෝක යුද්ධය තත්වය තවදුරටත් වෙනස් කළේය. 1942 ජනවාරි 10 වන දින ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්හි ජපන් ආක්‍රමණය ආරම්භ වූ අතර, අධිරාජ්‍ය ජපන් හමුදාව මාස තුනකටත් අඩු කාලයකදී මුළු යටත් විජිතයම අත්පත් කර ගත්හ. මාර්තු 8 වන දින ලන්දේසීන් යටත් විය. මෙම පරාජය ලන්දේසි පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ අතර, ජාතිකවාදී සිරකරුවන් නිදහස් කිරීම හා ජපන් අධිරාජ්‍යවාදයට සහයෝගී කිරීම සිදු කරමින් ජාතිකවාදී නායකයින්ට තියුණු තේරීමක් ඉදිරිපත් කළේය. එනම් නව අධිරාජ්‍ය බලයකට (ජපන්) විරුද්ධ වීම හෝ ඉන්දුනීසියානු ස්වයං පාලනය සඳහා ලීවරයක් ලෙස ජපන් අධිරාජ්‍යවාදය සමග උපායශීලීව සහයෝගයෙන් කටයුතු කිරීමයි.

සුකර්නෝ විසින් ජපන් අධිරාජ්‍යවාදීන් විමුක්තිදායකයින් විමේ හැකියාව පිළිගැනීම මත 1942–45 දී ජපන් අතරමැදියෙකු සහ ප්‍රචාරකයෙකු ලෙස ඔහුගේ පසුකාලීන භූමිකාව දිග හැරුණි. ජපන් අධිරාජ්‍යවාදයේ පැමිණීම ලන්දේසි පාලනය දුර්වල කළ හැකි බවත්, සහයෝගීතාවයෙන් අවසානයේ නිදහස ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වීමට ආයතනික හා සංවිධානාත්මක අවකාශය නිර්මාණය කළ හැකි බවත් සුකර්නෝ සහ අනෙකුත් නායකයින් තර්ක කළහ. එහෙත්, සැබවින්ම ඔවුහු සිදු කරන ලද්දේ, ලන්දේසි අධිරාජ්‍යවාදීන් වෙනුවට ජපන් අධිරාජ්‍යවාදීන්ට සහයෝගය දීමෙන්, නැවත වරක් ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව වෙනත් අධිරාජ්‍යවාදී වියගසකට බැද දැමීමට සැලසුම් සකස් කිරීමයි.

ජපන් අධිරාජ්‍යවාදය සමග සුකර්නෝ විසින් ඇති කර ගනු ලැබූ සම්මුතිය සුකර්නෝ ඇතුළු ඉන්දුනීසියානු ධනපති පංතියේ පංති අවශ්‍යතා සමග ගැලපුනද, සැබැවින්ම ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එමගින් අත්වූයේ මහා ව්‍යසනයකි.

ජපන් ආක්‍රමණයේ ලේවැකි ප්‍රතිඵල

ජපන් අධිරාජ්‍යවාදය විසින් ජාවා හි ආර්ථික සංවර්ධන සහ ආරක්ෂක ව්‍යාපෘති සඳහා ඉන්දුනීසියානු ජාතිකයන් මිලියන 4 ත් 10 ත් අතර සංඛ්‍යාවක් බලහත්කාර කම්කරුවන් (rōmusha – රෝමුෂා) ලෙස බඳවා ගත්හ. ඉන් 200,000 ත් 500,000 ත් අතර සංඛ්‍යාවක් ජාවා සිට පිටත දූපත් දක්වා සහ බුරුමය සහ සියම් (තායිලන්තය) දක්වා යවන ලදී. ජාවාවෙන් ඉවත් කරන ලද අයගෙන් 70,000 කට වඩා යුද්ධයෙන් දිවි ගලවා ගත්තේ නැත. ජපන් ආක්‍රමණය අතරතුර සාගතය සහ බලහත්කාර ශ්‍රමය හේතුවෙන් ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්හි මිලියන හතරක පමණ ජනතාවක් මරණයට පත්විය. විශේෂයෙන්ම 1944-45 වසරවල ජාවාවේ සිදු වූ සාගතය මිලියන 2.4ක් පමණ මරණ වලට හේතු විය.

මේ විනාශයන් පෙන්නුම් කරන්නේ, ඒවාට හවුකල්කරු වීමෙන් සුකර්නෝ ඇතුලු දේශීය ධනේශ්වරයේ කන්ඩායම් මෙතෙක් කලක් පුනරුච්චාරනය කරන ලද අධිරාජ්‍ය විරෝධී වාචාල ප්‍රකාශ සේවය කළේ අධිරාජ්‍යවාදයේ ආරක්ෂාවට හා එහිම අවශ්‍යතායන්ම බවය.

ජාතික ධනේශ්වරයේ බෙලහීනත්වය 

දුර් විපාක ආකාරයෙන්, මෙය සනාථ කළේ පසුගාමී රටවල බෙලහීන ධනපති පන්තියට ඓතිහාසිකව තවදුරටත් ප්‍රගතිශීලී කාර්යභාරයක් නොමැති බවයි. එනම්, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යායෙන් තහවුරු කරන ලද සිද්ධාන්තයයි. යටත් විජිත සහ අර්ධ-යටත් විජිත රටවල දේශීය ධනපති පන්තිය, අධිරාජ්‍යවාදය සමගම බැඳී සිටින දේපල හා වරප්‍රසාද සබඳතා විෂයයෙන්ම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ කිරීමට සහ ඉඩම් ප්‍රශ්නය විසඳීමට වෛසිකවම අසමත් වේ. මෙම රටවල අධිරාජ්‍යවාදයට එරෙහි සැබෑ නිදහස් අරගලය දිනාගත හැක්කේ කම්කරු පංතියේ නායකත්වය යටතේ කම්කරු හා ගොවි සන්ධානයක් මත පදනම් වූ, සමාජවාදී විප්ලවයේ දෘෂ්ටිය සමගය.

එනම්, අවසානයේ දී මෙම බෙලහීන ධනපති පන්තියට ඒ හෝ මේ අධිරාජ්‍යවාදී බලයක් සමග පෙල ගැසීම හැරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් නොමැති වූ බව මෙම ඉතිහාස වාර්ථාව තහවුරු කරයි. 1942-45 ජපන් ආක්‍රමණය හා ඊට අනතුරුව 1965 ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරන ලද සුහර්තෝගේ හමුදා කුමන්ත්‍රණය තුළින් සිදු කළ සමූලඝාතනය, ජාතික ධනපති පන්තිය අතට ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කිරීමේ කර්තව්‍යය රැගෙන යන මෙම සම්මුතිවාදී මාර්ගයේ අනිවාර්ය ප්‍රතිඵලය විය. ස්ටැලින්වාදී “අවධි දෙකේ න්‍යාය”, කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කිරීම හරහා, කම්කරු පීඩිත මහජනතාවගේ ස්වාධීන අරගලය මර්දනය කරමින්, අධිරාජ්‍යවාදයට මෙම පරාජයන් සූදානම් කිරීමේ අවකාශ නිර්මාණය කළේය.

මතු සම්බන්ධයි…

ආශ්‍රිත ලිපි:

  1. Lessons of the 1965 Indonesian Coup – Chapter One: The historical background, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind1-m16.html>
  2. Lessons of the 1965 Indonesian Coup – Chapter Two: Stalinists betray the mass movement, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind2-m16.html>
  3. Lessons of the 1965 Indonesian Coup – Chapter Three: 1965—Stalinism’s bloody legacy, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind3-m16.html>
  4. Indonesia – Colonialism, Revolution, Independence | Britannica <https://www.britannica.com/place/Indonesia/Toward-independence>
  5. Fifty years since the Indonesian coup, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2015/10/01/indo-o01.html>
  6. US orchestrated Suharto’s 1965-66 slaughter in Indonesia, World Socialist Web Site <https://www.wsws.org/en/articles/1999/07/indo1-j19.html>​​​​​​​​​​​​​​​​

‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 1 කොටස Read More »

IMG 0544

ඔක්ස්ෆෑම්: 2020 සිට ඇමරිකානු බිලියනපතියන් 10 දෙනෙකුගේ ධනය 6 ගුණයකින් වැඩි වී තිබේ

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 නොවැම්බර් 04 දින ‘Oxfam: 10 US billionaires have had their wealth increase 6-fold since 2020යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

සඳුදා, ඔක්ස්ෆෑම් පර්‍යේශන ආයතනය, එක්සත් ජනපදයේ සමාජ අසමානතාවයේ වර්ධනය පිළිබඳ “අසමාන්‍ය: නව ඇමරිකානු කතිපයාධිකාරයක නැගීම” යන මාතෘකාව යටතේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය.

“පසුගිය වසර සංකේන්ද්‍රිත ධනය හා බලය මගින් නොමැකෙන ලෙස හැඩගස්වා ඇති” බව වාර්තාව සඳහන් කරයි. පසුගිය මාස 12 තුළ පමණක්, එක්සත් ජනපදයේ ධනවත්ම බිලියනපතියන් 10 දෙනා ආසන්න වශයෙන් තවත් ඩොලර් බිලියන 700  කින් ධනවත් වූ බව පෙන්වන දත්ත එය උපුටා දක්වයි. මෙම කාලය තුළ ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.79 සිට ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා සියයට 40 කින් විශ්මයජනක ලෙස වර්ධනය විය.

Billionaire
පසුගිය වසරේදී බිලියනපතියන් දස දෙනෙකු ඩොලර් බිලියන 728 කින් ධනය වැඩි කරගෙන ඇත.

ඔක්ස්ෆෑම් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සිදු වූයේ ට්‍රම්ප් පරිපාලනය ඇමරිකානු පවුල් දස මිලියන ගණනකට ආහාර මුද්දර ප්‍රතිලාභ කප්පාදු කිරීමෙන් දිනකට පසුවය. මෙය සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දැවැන්ත උත්සව ශාලාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියට යද්දී සහ ඔහුගේ බිලියනපති මිතුරන් ඔවුන් සඳහාම සති අන්තයේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී “ග්‍රේට් ගැට්ස්බි” තේමාවෙන් යුත් සාදයක් පැවැත්වූ අවස්ථාවේදීය.

ධවල මන්දිරය බල ආසනය ලෙස තබාගෙන සිටින පරපෝෂී කතිපයාධිකාරිත්වයක්  විසින් එක්සත් ජනපදය මත ආධිපත්‍යය දැරීම සැමට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කෙරේ.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන්නේ ට්‍රම්ප් යටතේ සිදු කෙරෙන ධනය ඉහළට යලි බෙදා හැරීම කෙතරම් ප්‍රචණ්ඩකාරී වුවත්, එය දශක ගණනාවක් තිස්සේ පක්ෂ දෙකම [රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික්] විසින් ක්‍රියාත්මක කරන ලද කප්පාදු සහ සංගත-ගැති ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි. වාර්තාව ප්‍රකාශ කරන පරිදි, “කතාව 2025 දී ආරම්භ නොවේ.”

ඇමරිකාවේ ධනවත්ම මිනිසුන් 10 දෙනා වෙත හැරෙමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “2020 සිට ඔවුන්ගේ උද්ධමනයට ගැලපූ ධනය 526% කින් ඉහළ ගොස් තිබේ.” වෙනත් වචන වලින් කිවහොත්, 2020 මාර්තු සිට වර්තමානය දක්වා, මෙම පුද්ගලයින් 10 දෙනාගේ ධනය සාමූහිකව හය ගුණයකින් වැඩි විය.

2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 33 ක් වූ එලොන් මස්ක්ගේ ධනය එතැන් සිට එය 14 ගුණයක වැඩිවීමකින් ඩොලර් බිලියන 469 දක්වා ඉහළ ගොස් තිබීම මේ සඳහා උදාහරණයක්.

ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින ලැරී එලිසන්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 54 සිට ඩොලර් බිලියන 323 දක්වා හය ගුණයකින් වැඩි විය. ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටින ජෙෆ් බෙසොස්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 126 සිට අද වන විට ඩොලර් බිලියන 265 දක්වා වැඩි විය.

Wealth
එක්සත් ජනපදයේ ජාතික ධනය බෙදී යෑම

වෝල් වීදියේ කොටස් වටිනාකම්වල අඛණ්ඩ සමපේක්ෂන වර්ධනයක් මගින් ධනයේ වැඩිවීම සිදු වේ. ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කළේ, “2025 දී, ෆෙඩරල් මහ බැංකව 1989 දී දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ දා සිට, ඉහළම සියයට 0.1 සතු වත්කම්වල කොටස වාර්තාගත ඉහළම අගයට (12.6%)  ළඟා වූ අතර, කොටස් වෙළඳපොලේ ඔවුන්ගේ කොටස ද (24%) ද එසේම විය.”

1989 දී, ඉහළම කුටුම්භ සියයට 0.1 ක් ධනයෙන් සියයට 8.6 ක් පාලනය කළ අතර, අද එය සියයට 13.9 කි. ඊට වෙනස්ව, ඇමරිකානු සමාජයේ පහළම සියයට 50 විසින් පාලනය කරන ලද ධනයේ කොටස 1989 දී සියයට 3.5 සිට අද සියයට 2.5 දක්වා පහත වැටී ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකානු කුටුම්භවලින් ඉහළම සියයට 0.1, එනම් පුද්ගලයින් 100,000 කට වඩා යන්තම් වැඩි ප්‍රමාණයක්, සමාජයේ පහළම ස්ථානයේ සිටින කුටුම්භ මිලියන 64 ට  [ආසන්න වශයෙන් මුලු ජනගහනයෙන් අඩකට] වඩා හය ගුණයක ධනයක් පාලනය කරති.

ඇත්ත වශයෙන්ම, තෝමස් පිකෙටි සහ එමානුවෙල් සායෙස්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “ධනවත්ම 0.0001% පිරිස එක්සත් ජනපද ඉතිහාසයේ ආන්තික අසමානතාවයෙන් අර්ථ දක්වා ඇති යුගයක් වන ස්වර්ණමය යුගයට (Gilded Age) වඩා ධනයෙන් වැඩි කොටසක් පාලනය කරන” බවයි.

“ධනවත්ම 1% පිරිස කොටස් වෙළඳපොළෙන් අඩක් (49.9%) හිමිකර ගන්නා අතර, එක්සත් ජනපදයේ පහළ භාගය කොටස් වෙළඳපොළෙන් 1.1% ක් පමණක් හිමිකර ගනී,” යනුවෙන් වාර්තාව තවදුරටත් දක්වයි.

ට්‍රම්ප් පරිපාලනය සමාජ අසමානතාවය දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තාව නිවැරදිව අනතුරු අඟවයි. “ට්‍රම්ප් පරිපාලනය–බොහෝ දුරට කොංග්‍රසයේ රිපබ්ලිකන් පක්ෂයේ සහාය ඇතිව–කම්කරු පන්තික පවුල්වලට අනවරත ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ධනවතුන් සහ තමන්ට හොඳින් සම්බන්ධ වූවන් පොහොසත් කිරීමට තනතුරේ බලය භාවිතා කිරීමට විශ්මයජනක වේගයකින් සහ පරිමාණයකින් පියවර ගෙන ඇති” බවට එය අනතුරු අඟවයි.

“මෑතකදී සම්මත කරන ලද One Big Beautiful Bill Act (OBBBA) මගින් 2027 දී ඉහළම ආදායම් ලබන 0.1% ක බදු බිල ඇස්තමේන්තුගත ඩොලර් 311,000 කින් අඩු කරනු ඇති අතර, වාර්ෂිකව ඩොලර් 15,000 ට අඩු ආදායමක් උපයන අඩුම ආදායම් ලබන කුටුම්භ බදු වැඩිවීම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ,” යනුවෙන් ඔක්ස්ෆෑම් සඳහන් කරයි.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන පරිදි, දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවති ක්‍රියාවලීන්හි පෙර නොවූ විරූ වේගයකින් වේගවත් වීමක් ට්‍රම්ප් පරිපාලනය  සනිටුහන් කරයි. “ප්‍රතිපත්ති සම්පාදකයින් අසමානතාවය තෝරාගෙන ඇති අතර, එම තේරීම්වලට ද්විපාර්ශ්වික සහයෝගය ලැබී තිබේ,” යැයි අධ්‍යයනයේ කතුවරිය වන රෙබෙකා රිඩෙල්, ගාඩියන්  ට පැවසුවාය. “බදු සහ සමාජ ආරක්ෂණ ජාලය කප්පාදු කිරීමේ සිට කම්කරු ගැටළු සහ ඉන් ඔබ්බට පසුගිය වසර 40 තුළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා සැබවින්ම දෙපාර්ශවයේම සහාය ලැබුණි.”

මෙම තක්සේරුව සත්‍යයකි. නමුත් වාර්තාව ගැටගැසී පැටලී ඇත්තේ මෙහිදීය. දේශපාලන පක්ෂ දෙකම යටතේ දශක ගණනාවක් තිස්සේ සමාජ අසමානතාවයේ වැඩිවීම සිදුවී ඇති බව අධ්‍යයනයේ කතුවරයා නිවැරදිව පෙන්වා දෙයි. නමුත් වාර්තාව පහත සඳහන් ප්‍රකාශය කිරීම සඳහා ඉදිරියට යයි:

දරිද්‍රතාවය අඩු කිරීම, අඩු වැටුප් ලබන සේවකයින් සඳහා වැඩිදියුණු කළ වැටුප් සහ පවුල්වල සාක්කුවලට මුදල් නැවත ලබා දෙන ශක්තිමත් වෙළෙඳ-ඒකාධිකාර විරෝධී ක්‍රියාමාර්ග (antitrust action) වැනි බයිඩන් පරිපාලනය තුළ ලබා ගත් ජයග්‍රහණ, ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන ප්‍රතිපත්ති වෙනසක් ලබා ගැනීම සඳහා සංවිධානය වීමේ සැබෑ විභවය පෙන්නුම් කළේය.

10richest
බයිඩන් යටතේ ධනවත්ම එජ බිලියනපතියන් දස දෙනා තම ධනය දෙගුණයක් කරගති

වාර්තාවේම සොයාගැනීම් වලට මෙය සම්පූර්ණයෙන්ම පටහැනි වේ. බයිඩන් පරිපාලනය යටතේ මූල්‍ය කතිපයාධිකාරීන් විසින් පාලනය කරන ලද ධනයේ කොටස ඉහළ ගිය ප්‍රමාණය දෙවැනි වන්නේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉහළ ගිය පමණට පමණි. ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ඒකාබද්ධ ධනය, 2021 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 976 සිට 2025 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 1,991 දක්වා දෙගුණ විය. මෙම කාලය තුළ, ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස සර්වකාලීන අවම මට්ටමකට පහත වැටුණි.

Labor share
ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස


බයිඩන් යටතේ ඇමරිකානු දරුවන්ගේ ආහාර අනාරක්ෂිතතා අනුපාතය සියයට 13 සිට සියයට 19 දක්වා වැඩි විය. ඔහුගේ පරිපාලනයේ අවසාන වසර වන විට, එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සිය වාර්ෂික වාර්තාව “එක් රාත්‍රියක නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින් සංඛ්‍යාව 2024 දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ගත්තේය” යි අවධරණය කළේය. 

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් පරිපාලනය කම්කරු පන්තියට ව්‍යසනයක් වූ අතර මූල්‍ය කතිපයාධිකාරයට සරු ලාභ ගෙන දෙන්නක් විය.

Food insecurity
ආහාර අනාරක්ෂිත පවුල්වල ජීවත්වන එජ දරුවන් ප්‍රතිශතය

වාර්තාවේ පෙරවදන ලියා ඇත්තේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික එලිසබෙත් වොරන් විසිනි. ඇය ප්‍රකාශ කරන්නේ “ඉහළම සිටින අයට හොඳින් ක්‍රියාත්මක වන සහ අනෙක් සියල්ලන් ඔවුන්ගේ නියපොතු වලින් එල්ලී සිටින ආර්ථිකයක් … හිතාමතා ගත් ප්‍රතිපත්ති තේරීම් හරහා සිදු වූ” බවයි.

එහෙත් ඔක්ස්ෆෑම් වාර්තාවේ ලේඛනගත කර ඇති සමාජ අසමානතාවයේ වැඩිවීමේ විශාල කොටසක්, ඇය අනුමත කළ සහ,  ඇය නැවත නැවතත් සහ ව්‍යතිරේකයකින් තොරව ආරක්ෂා කළ පරිපාලනයක් යටතේ සිදු වූයේ කෙසේදැයි ඇය පැහැදිලි නොකරයි.

ඔක්ස්ෆෑම් වාර්තාවේ ප්‍රධාන වචනවල සඳහන් නොවී ඇත්තේ එක් වචනයකි: ධනවාදය. එහි මූලික රාමුව වන්නේ සමාජ අසමානතාවයේ වර්ධනය ප්‍රතිපත්තිමය තේරීමක් පමණක් බවත්, වර්තමාන සමාජ රාමුව තුළ තවත් තේරීමක් ඒ තරම්ම පහසුවෙන් අනුගමනය කළ හැකි බවත් තර්ක කිරීමයි.

කෙසේ වෙතත්, යථාර්ථයේ දී, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවය යටතේම සමාජ අසමානතාවයේ අඛණ්ඩ වර්ධනය, ධනේශ්වර ක්‍රමයේ මූලික ලක්ෂණයකි. වසර 150 කට පෙර කාල් මාක්ස් පැහැදිලි කළ පරිදි, “එක් ධ්‍රැවයක ධනය සමුච්චය වීම යනු … ඒ සමඟම ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, එනම්, ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් තමන්ගේම නිෂ්පාදනය නිපදවන පන්තියේ පැත්තේ, දුක්ඛිතභාවය, වෙහෙසී වැඩ කිරීමේ වද වේදනාව, වහල්භාවය, නොදැනුවත්කම, ම්ලේච්ඡත්වය, මානසික පරිහානිය සමුච්චය වීමයි.”

එහි ඉහළම හා වඩාත්ම විකෘතරූපී  ප්‍රකාශනය තුළ, ට්‍රම්ප් පරිපාලනය, වසර 150 කට පෙර කාල් මාක්ස් විසින් විස්තර කරන ලද ධනේශ්වර ක්‍රමයේ අත්‍යවශ්‍ය ලක්ෂණවල දිගුවක් නියෝජනය කරයි. එය බිලියනපතියන් සහ ඔවුන්ගේ සංගත සදහා සෘජුවම පාලනය කරන, ධනේශ්වර කතිපයාධිකාරය විසින් කතිපයාධිකාරය වෙනුවෙන්, කතිපයාධිකාරයේම වූ රජයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමේ පන්ති අන්තර්ගතය මෙයයි. ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වය සඳහා වැඩිදියුණු  වන කුමන්ත්‍රණය, ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම තුළින් පමණක් තම ධනය හා බලය පවත්වා ගත හැකි පාලක පන්තියක අවශ්‍යතාවයන්ගෙන් ගලා එයි. ඩිමොක්‍රටික් පක්ෂයේ හවුල්කාරිත්වය සහ බියගුලුකම පැහැදිලි වන්නේ එය එකම ධනේශ්වර කතිපයාධිකාරයේම තවත් කන්ඩායමක් නියෝජනය කරන බැවිනි.

නමුත් එක්සත් ජනපදයේ සමාජ මනෝභාවය වෙනස් වෙමින් පවතී. ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ කප්පාදු ප්‍රතිපත්තිවලට එල්ල කළ ප්‍රහාරය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම පෙලපාලි අතරින් එකක් වූ “රජුන් එපා” නමින් වූ පසුගිය මාසයේ පැවති පෙලපාලිවල මිලියන සංඛ්‍යාත ජනතාවගේ විරෝධතාවලට තුඩු දුන්නේය. මෑතක Axios  මත විමසුමකින් හෙළි වූයේ, එක්සත් ජනපදයේ තරුණයින්ගෙන් සියයට 67 ක් දැන් “සමාජවාදය” යන යෙදුම ධනාත්මකව හෝ මධ්‍යස්ථව දකින බවත්, “ධනවාදය” සඳහා එය  සියයට 40 ක් පමණක් වන බවත්ය.

සමාජ අසමානතාවයට සහ මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහිව, කම්කරුවන් සහ තරුනයින් ඇතුළු ජනගහනයේ පුලුල් කොටස් අතර විරෝධය වැඩෙමින් පවතී.

මූල්‍ය ප්‍රභූවේ අශික්ෂිත ධනය අත්පත් කර ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. කතිපයාධිකාරීන්ගේ ධනය, ආර්ථික හා දේශපාලන ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍යය දරන යෝධ සංගත, බැංකු සහ ආයෝජන අරමුදල් මත ඔවුන්ගේ පාලනයෙන් වෙන් කළ නොහැකි ය. මෙම ආයතන පොදු අයිතිය ඇති උපයෝගිතා බවට පරිවර්තනය කර, කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලැබිය යුතු අතර, පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිසංවිධානය කළ යුතුය.

වෝල් වීදියේ පක්ෂ දෙකටම ආයාචනා කිරීමෙන් එවැනි පරිවර්තනයක් සාක්ෂාත් කරගත නොහැකිය. ඒ සඳහා සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටුවල ජාත්‍යන්තර කම්කරු සංධානයක්  (IWA-RFC) හරහා ජාත්‍යන්තරව එක්සත් වූ කම්කරු කමිටුවලින් සංවිධානවූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. අසමානතාවයට සහ ආඥාදායකත්වයට එරෙහි සටන, එහි සාරය වශයෙන්, ධනවාදයට එරෙහි සටනකි. සූරාකෑම, දරිද්‍රතාවය සහ යුද්ධය අවසන් කිරීම සඳහා, කම්කරු පන්තිය බලය අල්ලාගෙන සමාජවාදී පදනම් මත ආර්ථික ජීවිතය නැවත ගොඩනැගිය යුතුය.

ඔක්ස්ෆෑම්: 2020 සිට ඇමරිකානු බිලියනපතියන් 10 දෙනෙකුගේ ධනය 6 ගුණයකින් වැඩි වී තිබේ Read More »

Gaza

“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ

ආන්ඩ්‍රේ ඩේමන්  විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 10 දින ‘Ceasefire” deal includes permanent Israeli occupation of Gaza’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Gaza
2025 ඔක්තෝබර් 9 වන බ්‍රහස්පතින්දා, මධ්‍යම ගාසා තීරයේ වාඩි ගාසා අසල අවතැන් වූ පලස්තීනුවන් එක්රැස් වන විට, ගාසා නගරයට යන වෙරළබඩ මාර්ගයේ ඊශ්‍රායල ටැංකි ස්ථානගත කර ඇත. [AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා)]

ඊශ්‍රායලය සහ හමාස් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ හමාස් විසින් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරය ස්ථිර ඊශ්‍රායල ආක්‍රමණය කිරීම ඇතුළත් “සටන් විරාම” ගිවිසුමක් විධිමත් ලෙස සම්මත කර ගැනීමයි.

හමාස් දේශපාලන ප්‍රධානී කලීල් අල්-හයියා නිවේදනය කළේ, “අපගේ ජනතාවට එරෙහි යුද්ධය සහ ආක්‍රමණය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ” යනුවෙනි.

යථාර්ථයේ දී, මෙම ගිවිසුම ගාසා තීරයේ ආධිපත්‍යය දැරීමේ සහ පලස්තීන ජනතාවගේ ජාතික අයිතිවාසිකම් මර්දනය කිරීමේ ඊශ්‍රායල-අධිරාජ්‍යවාදී සැලැස්මේ තවත් පියවරකි. එය ගාසා තීරය යටත් විජිත ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කෙරේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් මණ්ඩලයක් විසින් එය අධීක්ෂණය කරනු ලබන අතර ගාසා තීරයේ විශාල කොටසක් ස්ථිර ඊශ්‍රායල අත්පත් කර ගැනීමට ඇතුළත් වේ.

අල්-හයියා ප්‍රකාශ කළේ, “මැදිහත්කරුවන්ගෙන් සහ එක්සත් ජනපද පරිපාලනයෙන් අපට සහතික ලැබුණු අතර, යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව සියලු දෙනා තහවුරු කළහ” යනුවෙනි. කෙසේ වෙතත්, මෙම “සහතික” ලබා දුන් පුද්ගලයින්ම, පසුගිය මාසයේ කටාර් වෙත ඊශ්‍රායල බෝම්බ හෙලීමට පහසුකම් සැලසූ අතර එම ප්‍රහාරය අල්-හයියා මරා දැමීමට උත්සාහ කෙරුණකි.

සෞදි අරාබි රජය ගිවිසුමට ප්‍රශංසා කරමින්, “මෙම වැදගත් පියවර මානුෂීය දුක් වේදනා සමනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයකට තුඩු දෙනු ඇත … සම්පූර්ණ ඊශ්‍රායල ඉවත්වීමක් ලබා ගැනීම, ආරක්ෂාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ද්වි-රාජ්‍ය විසඳුම මත පදනම් වූ සාධාරණ හා පුළුල් සාමයක් ලබා ගැනීම සඳහා ප්‍රායෝගික පියවර ආරම්භ කරනු ඇත”, යනුවෙන් ප්‍රකාශ කළේය.

එය එවැනි දෙයක් නොකරනු ඇත. එය පලස්තීනයේ නීති විරෝධී ඊශ්‍රායල වාඩිලෑම තහවුරු කරනු ඇති අතර ගාසා තීරය වාර්ගිකව සුද්ධ කිරීමේ සැලැස්මට පහසුකම් සැලසීම සහ ඉදිරියට ගෙන යාම සඳහා ගාසා තීරයේ ආහාර සැපයුමේ ගෙල සිර කිරීමට ඊශ්‍රායලය ස්ථිරවම ස්ථානගත කරනු ඇත.

ගිවිසුම අනුමත කර එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ මැද පෙරදිග සහ පුළුල් කලාපයේ  ඊජිප්තුව, ජෝර්දානය, කටාර්, සෞදි අරාබිය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ධනේශ්වර ජාතිකවාදී ආණ්ඩු විසින් විශේෂයෙන් අශෝභන කාර්යභාරයක් ඉටු කර ඇත.

ගිවිසුමේ කොටසක් ලෙස, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සියයට 58 ක් වන ඊනියා “කහ රේඛාවකට” පසුබසිනු ඇත. ගිවිසුමේ අවසාන අදියරේදී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට යන සියලුම ගොඩබිම් හරස් මාර්ග පාලනය කරන ස්වාරක්ෂක කලාපයකට පසුබසිනු ඇති අතර, එය ජනගහනය තවදුරටත් හිතාමතා සාගින්නෙන් පෙළන තර්ජනයට හෙලනු ඇත. 

මෙම ගනුදෙනුව 19 වන සියවසේ පැවති මැද පෙරදිග විවෘත යටත් විජිත ආධිපත්‍යයට නැවත පැමිණීමක් සනිටුහන් කරයි. යෝජනාව යටතේ, ගාසා තීරය පාලනය කරනු ලබන්නේ “ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් ප්‍රධානත්වය දරනු ලබන සහ සභාපතිත්වය දරන” සහ “හිටපු [එක්සත් රාජධානියේ] අගමැති ටෝනි බ්ලෙයාර්” ඇතුළත් වන “සාම මණ්ඩලයක්” විසිනි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෙම ගිවිසුම “හමාස් යටත් වීමක් සහ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයක්” බව ප්‍රකාශ කළේය. එය, “මෙම ගනුදෙනුව කුමක් දැයි හඳුන්වන්න: සම්පූර්ණ හමාස් යටත් වීමක්” එය “සැමරීමට වටිනවා”, යනුවෙන් පුරසාරම් දොඩා ඇත. 

වෝල් ස්ට්‍රීට් ජර්නලය ද ප්‍රීති ඝෝෂාවට එක්වෙමින්, “හමාස් එහි හොඳම ලීවරය අත්හරිමින් සිටින නමුත් ඊශ්‍රායලය එසේ නොවේ. ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමෙන් පසුව පවා, ඊශ්‍රායල් සොල්දාදුවන් ඊජිප්තු දේශසීමාව ඇතුළුව ගාසා තීරයෙන් අඩකට වඩා රැඳී සිටිනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය. එය නිගමනය කළේ, “මෙම කොන්දේසි පිළිගැනීමේදී, හමාස් ඵලදායී ලෙස එහි පරාජය පිළිගනී.”

 වෝල් ස්ට්‍රීට් ජර්නලය පැහැදිලි කළ පරිදි, සටන් විරාමය ඊළඟ ප්‍රහාරය සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත. “ගාසා තීරයේ යොදවා ඇති නව ගල්ෆ් අරාබි නායකත්වයෙන් යුත් ස්ථායීකරණ බලකාය හමාස් නිරායුධ කිරීමට සහ තීරුව මිලිටරිහරණය කිරීමට අපොහොසත් වුවහොත්, එය කිරීමට ට්‍රම්ප් ‘පූර්ණ සහාය’ ලෙස හඳුන්වන සහාය සමගින් ඊශ්‍රායල හමුදාවට හැකි වනු ඇත.”

පසුගිය මාසයේ කටාර් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය අරාබි රජයන් ගිවිසුම පිළිගැනීමට “බලපෑමට ලක්වීමට” උපකාරී වූ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය තවදුරටත් පැවසීය. රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධය තීව්‍ර කිරීම සඳහා මැද පෙරදිග පුරා ඔහු භාවිතා කළ එම ආක්‍රමණශීලී බව පෙන්වන ලෙස ට්‍රම්ප්ට පුවත්පත උපදෙස් දුන්නේය. “ට්‍රම්ප් මහතා දැන් රුසියාව පිළිබඳ ඔහුගේ උපාය මාර්ගය ආපසු හරවන්නේ නම්, ලබන වසරේ නොබෙල් කමිටුවට පවා ඔහුට සාම ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය හැකිය” යනුවෙන් එය ප්‍රකාශ කළේය.

“සාම” ගිවිසුම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ විට එය හෙළා දකිමින්, පලස්තීනුවන් සඳහා වූ ජාත්‍යන්තර යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (ICJP) මෙසේ ලිවීය: “සැලැස්මට ජාත්‍යන්තර ‘සාම මණ්ඩලයක්’ ඇතුළත් කිරීම … පලස්තීන අනාගතය පිළිබඳ තීරණ ගැනීමේදී පලස්තීන හඬ බැහැර කිරීම සහතික කරයි.”

ICJP හි ප්‍රකාශකයෙකු වන ඔර්ලයිත් රෝ සඳහන් කළේ, “මෙම සැලැස්ම ඊශ්‍රායලයට විරාමයක් තබා, නැවත සන්නද්ධ වී, නව දණ්ඩ විමුක්තියකින් පසුව ප්‍රචණ්ඩත්වයට නැවත පැමිණීමට තවත් අවස්ථාවක් ලබා දෙයි” යනුවෙනි. එය “යටත් විජිත වාචාලකමේ සැඟවී පවතින” බව ඔහු තවදුරටත් පැවසීය.

ගිවිසුම නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලයට අමතර භටයින් 200 ක් යවන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය.

වසර දෙකක් පුරා පැවති ගාසා සංහාරය අවම වශයෙන් පලස්තීනුවන් 65,000 ක් මරා දැමීමට සහ එම ප්‍රදේශයේ ගොඩනැගිලිවලින් අතිමහත් බහුතරයක් විනාශ කිරීමට හේතු වී තිබේ. ගාසා තීරය දෙදරා ගොස් ඇති අතර එහි ජනගහනය කුසගින්නේ සිටී. මෙම සතියේ ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ ළමුන් 55,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. සමීක්ෂණයට ලක් කළ ළමුන් අතර, සියයට 16 ක් ආහාර නොමැතිකම නිසා ඇතිවන නාස්තියේ සලකුණු පෙන්නුම් කළහ.

“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ Read More »

Gaza

2 years of the Gaza genocide: A crime of Zionism and imperialism

By WSWS Editorial Board.

This Perspective was published in the World Socialist Website Site on 06 October 2025.

Today marks two years since the beginning of Israel’s genocide in Gaza, one of the greatest crimes of the modern era. Before the eyes of the entire world, the Israeli government—armed, financed and defended by every imperialist power—has carried out a campaign of mass murder, ethnic cleansing and deliberate starvation. At least 67,000 Palestinians have been killed, including 20,000 children, and the entire population has been repeatedly displaced.

Gaza
Displaced Palestinians fleeing northern Gaza carry their belongings along the coastal road toward southern Gaza, Tuesday, Sept. 9, 2025, after the Israeli army issued evacuation orders from Gaza City. [AP Photo/Jehad Alshrafi]

In order to launch this long planned genocide, Israel used as its pretext the Hamas attacks of October 7, 2023, in which a few thousand fighters with small arms, possessing no armored vehicles or aircraft, breached the Israeli border without resistance. To claim that Israel, with one of the most sophisticated intelligence networks in the world, was taken completely by surprise by a few thousand Hamas fighters is a despicable fiction.

As the events of the past two years have shown—in Israel’s assassinations of foreign leaders, military officers and scientists—Israeli intelligence has penetrated every state and movement in the region. Indeed, within months of the October 7 attacks, newspaper accounts revealed that Israel possessed the entire Hamas battle plan but orchestrated a deliberate stand-down of its troops stationed on the border.

The genocide that followed was the premeditated outcome of 75 years of brutal oppression, the implementation of the “final solution” to the Palestinian “problem.” It has exposed before the entire world the bankrupt and reactionary character of Zionism. The Israeli state has shown itself to be a murderous instrument of imperialism.

While carried out by Israel, the genocide has been a joint operation of world imperialism. Every imperialist government, from Washington to London, Paris and Berlin, together with the entire media, justified the Israeli assault on Gaza. A hideous double standard was adopted, in which any act of mass murder by Israel, which illegally occupies Gaza, was justified, while any effort at resistance by the Palestinians was demonized as “terrorism.”

Opposition to the Israeli state was slandered as “antisemitism,” in an exercise that the WSWS referred to as “semantic inversion,” in which “a word is utilized in a manner and within a context that is the exact opposite of its real and long-accepted meaning.” This became the framework for a brutal and escalating assault on democratic rights, in which opposition to genocide has been criminalized. The attempt to equate opposition to the genocide with hatred of the Jews, is, in any case, negated by the prominent role played by Jewish people around the world in mass demonstrations. 

The United States has been Israel’s key weapons supplier, funneling unlimited amounts of deadly military gear to fuel the slaughter. But Germany, France, Britain and others have all contributed their share to the bloodbath. Moreover, they have all purchased billions in Israeli government bonds to help finance the murderous military machine they also armed.

Underscoring the fact that these crimes have been facilitated by the major North American and European powers, Israeli Prime Minister Benjamin Netanyahu was allowed to defend his actions from the podium of the United Nations last month, even though an arrest warrant against him for war crimes is outstanding.

The imperialists back the genocide as a central component of their drive to secure control over the oil-rich Middle East, part of a global eruption of imperialist war targeting Russia and China. Their support for the genocide has demonstrated that they are ready to deploy any and all means to secure for themselves access to markets, raw materials, labour and geostrategic influence.

This imperialist plunder has culminated in Trump’s “peace” plan, which proposes robbing Palestinians of all their rights by creating a neo-colonial protectorate under the control of America’s would-be Führer and his bagman, the unindicted war criminal Tony Blair. If Hamas follows Trump’s demand to accept this arrangement, the Palestinians will be expelled to make way for a US-controlled trade corridor through the Middle East. If they refuse, Israel will get the green light to slaughter the remaining Palestinians en masse.

A particularly foul role in this process has been played by the bourgeois nationalist regimes of the Middle East. The entire history of the 20th century has shown the incapacity of any form of nationalism to secure the democratic and social rights of the working class. The despicable role of these governments culminated in their embrace of the “peace” plan promoted by Trump, which completely repudiates the right of the Palestinian people to self-determination.

The genocide in Gaza has provoked mass revulsion and opposition throughout the world. Over the past two years, tens of millions have participated in demonstrations spanning every continent, from Europe and the Americas to the Middle East, Africa and Asia. Trump’s plan to turn the Middle East into a US fiefdom on the bones of the Palestinians, and Israel’s violent seizure of the Sumud aid flotilla, have ignited a new and broader wave of protest.

In recent days, millions have filled the streets of Italy, Spain, the Netherlands, India, Pakistan, Malaysia, Colombia and Argentina. In Italy, action initiated by dockworkers, who refused to load weapons for Israel, triggered a one-day general strike of more than 2 million workers and a million-strong march in Rome. Though still limited by the trade union bureaucracies and appeals to the Meloni government, these actions point to the immense potential power of the international working class to halt the genocide.

One day of coordinated strike action has shaken Trump’s closest European ally. An organized, global industrial and political movement of the working class could stop the imperialist war machine in its tracks. Nothing less than a mass, international movement of workers can end the genocide and block the extension of American imperialism’s drive for domination—from Gaza to a wider war aimed at Iran, Russia and ultimately China.

The development of opposition to the genocide must be guided by an understanding of the political lessons of the past two years. The central lesson is the total bankruptcy of all appeals to governments of the imperialist powers. They are not the instruments for halting genocide but its perpetrators and enablers.

The perspective of a two-state solution has failed. Only the unification of all the peoples of the Middle East can lead to a viable future. The Israeli state has proven to be a historical monstrosity, resulting in demoralization and degradation. The Israeli working class must repudiate the poisonous ideology and politics of Zionism, reject the reactionary dystopia of the “Jewish state” and strive for the unity of Israeli and Palestinian workers in the struggle for the United Socialist Federation of the Middle East.

In a lecture delivered on October 24, 2023, three weeks after the beginning of the genocide, WSWS International Editorial Board Chairman David North explained:

In the final analysis, the liberation of the Palestinian people can be achieved only through a unified struggle of the working class, Arab and Jewish, against the Zionist regime, as well as the treacherous Arab and Iranian capitalist regimes, and their replacement with a union of socialist republics throughout the Middle East and, indeed, the entire world.

This is a gigantic task. But it is the only perspective that is based on a correct appraisal of the present stage of world history, the contradictions and crisis of world capitalism and the dynamic of the international class struggle. The wars in Gaza and Ukraine are tragic demonstrations of the catastrophic role and consequences of national programs in a historical epoch whose essential and defining characteristics are the primacy of world economy, the globally integrated character of the productive forces of capitalism, and, therefore, the necessity to base the struggle of the working class on an international strategy.

Two years later, there are growing signs of a global resurgence of working class struggle. The Trump administration’s drive to establish a presidential dictatorship is bringing it into head-on conflict with the working class in the United States, despite all efforts by the Democrats to sow complacency and passivity. President Macron in France is unable to form a stable government, amid mass opposition to his demands for austerity to pay for remilitarisation. Starmer in the UK and Merz in Germany have no popular support whatsoever.

Internationally, there has been an explosion of popular anti-government struggles, led by “Generation Z”—in Kenya, Nepal, Indonesia, the Philippines, Morocco and Madagascar.

The development of this opposition along revolutionary lines requires that workers break free from the control of the social democratic, Stalinist and trade union bureaucracies, along with their pseudo-left defenders, who work to contain and dissipate opposition. This requires building new, democratic organizations of class struggle—rank-and-file committees in every workplace and neighborhood—to coordinate and lead a unified international offensive of the working class.

Workers, students, youth and all opponents of Zionism and imperialism must fight for:

  • An immediate halt to all weapons shipments to Israel;
  • A comprehensive boycott of all trade and other economic activity with Israel;
  • The prosecution of all US, European and other corporations assisting Israel in carrying out the genocide.
  • The arrest of Israeli officials for war crimes;
  • An end to state repression of anti-genocide protesters and the repeal of all anti-demonstration laws;
  • Immediate, unhindered delivery of humanitarian aid to Gaza by all available routes.

These demands must spearhead the broader movement already developing in the working class internationally. The same governments that funnel weapons of death to Israel are erecting dictatorial forms of rule at home to suppress opposition to oligarchic rule, mass impoverishment and the drive to world war.

The genocide in Gaza has laid bare the historical dead end of the capitalist system itself. The “normalization” of genocide is the product of a system that has exhausted any progressive role. It is accompanied by the normalization of fascism, the normalization of military-police dictatorship, the normalization of world war and oligarchic rule.

The perspective that must guide the working class is Trotsky’s theory of Permanent Revolution. The democratic and social aspirations of the oppressed can be achieved only through the independent political mobilization of the working class, on a world scale, for the conquest of power.

The critical task is the building of a new revolutionary leadership to guide this struggle. The International Committee of the Fourth International (ICFI) and its sections, the Socialist Equality Parties, fight to unite workers and youth across all borders in a single movement against capitalism, for the establishment of workers’ governments and the socialist reorganization of the world economy to meet human need, not private profit.

2 years of the Gaza genocide: A crime of Zionism and imperialism Read More »

Commemoration

කටුවන සමූලඝාතනය: වසර 36ක බිය ගැන්වීම්වලින් සහ අඛණ්ඩ දණ්ඩමුක්තියකින් පසු ඥාතීහු වින්දිතයන් අනුස්මරණය කරති

අපගේ වාර්තාකරු විසිනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් 2025 සැප්තැම්බර් 05 දින thesocialist.lk හි පල විය. 

Commemoration
කටුවන සමූලඝාතනයේ වින්දිතයන් – දකුණේ සිට: සිසිලියානා, එඩ්වින්, නිල්මිණි, මතගලතා, සුජිතසීලි, චන්ද්‍රලේකා සහ නිරංජලා. 1990 දී ඝාතනය වූ චූලානන්ද, වමේ සිට මුලින්ම.

අගෝස්තු 27 වන දින, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන දී, 1989 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් සමූලඝාතනය කරන ලද පවුලේ සාමාජිකයින් හත් දෙනාගේ ඥාතීන් විසින් ඔවුන්ව බෝම්බ ප්‍රහාරයට ලක් කරන ලද එම ස්ථානයේම, තම ආදරණීයයන් සැමරීමේ අවස්ථාවක් පවත්වන ලදී. වසර 36ක් අපරාධකරුවන්ට ලැබුනු දණ්ඩමුක්ති‍යකින් සහ වින්දිතයින්ගේ ඥාතීන්ට එරෙහි පීඩනයෙන් පසු රාජ්‍ය භීෂණයට ගොදුරු වූ මෙම වින්දිතයන් අනුස්මරණය කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය. theSocialist.lk වාර්තාකරුවෝ මෙම අවස්ථාවට එක් වූහ.

දශක තුනහමාරකට සහ තවත් වසරකට පෙර,  ඒ මාරක රාත්‍රියේදී, ශ්‍රී ලංකා හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ  6 වැනි බලඇණිය එම පවුලේ නිවස ආක්‍රමණය කළේය. එම අවස්ථාවේ නිවසේ සිටි එකම පිරිමියා වූයේ සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් වූ 63 හැවිරිදි  ජේ.එච්.ඒ. එඩ්වින් පියා ය. අනෙක් අය වූයේ 53 හැවිරිදි මව වන එච්.ඒ. සිසිලියානා, තරුණ දියණියන් තිදෙනා වූ, ජේ.එච්.ඒ. නිල්මිණි අශෝකා (25), ජේ.එච්.ඒ. මතඟලතා (20), ජේ.එච්.ඒ. සුජිතසීලි (15), ඥාති දියණියක් වූ ඩබ්ලිව්.ඒ.චන්ද්‍රලේකා (24) සහ 6 හැවිරිදි මිනිබිරිය වූ එන්.ඒ.නිරංජලා විල්සන්ය. සියල්ලෝම සිංහල වාර්ගිකයෝ වූහ. හමුදාව ඔවුන් සියල්ලන්ම එම ස්ථානයේදීම මරා දැමුවේය, නැතහොත් (පසුව මරා දැමූනු ලැබූ) සමහර සාක්ෂිකරුවන්ට අනුව, තරුණ ගැහැණු ළමයින් හතරදෙනා හමුදා කඳවුරට ගෙන ගොස් දින තුනක් දූෂණය කර මරා දමන ලදී. නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර නිවස සමඟ පවුලම දවා ලනු ලැබූහ.

ඥාතීන් තම ආදරණීයයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කර ඉටිපන්දම් දැල් වූහ. දිවි ගලවා ගත් දියණියන් දෙදෙනෙක්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්, මුණුබුරන් සහ ඔවුන්ගේ පවුල් සහ මිතුරන් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ. දශක ගණනාවකට පසුවත් ඔවුන්ගේ කඳුළු වියළී නොතිබුණි. එඩ්වින්ගේ මුණුබුරෙකු වන විමුක්ති මෙසේ සභාව ඇමතීය: 

දිගු වසර 36 ක් තිස්සේ, ඔවුන්ගේ මතකය සැමරීම සඳහා අපට මෙම ඓතිහාසික අවස්ථාව උදා කර ගැනීමට නොහැකි විය. අපට මෙහි පැමිණීමට, ඔවුන්ගේ නම් හඬ ගා කීමට සහ විවෘතව ශෝකය පල කිරීමට අපට නොහැකි විය. භීෂණ තත්ත්වය, මර්දනයේ වාතාවරණය සහ සත්‍යය සහ යුක්තිය සොයන මිනිසුන්ට එරෙහිව අඛණ්ඩව පැවති තර්ජනය අප වැනි පවුල් නිහඬ කළේය. නමුත් නිහඬතාවය යනු අමතක කිරීම නොවේ. මේ වසර ගණනාව අපගේ ශෝකය ගැඹුරු කර ඇති අතර අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කර ඇත.

අද අපි ඒ නිහඬතාවය බිඳ දමමු…ඒවා ක්‍රියාත්මක කළ හමුදාව, ඝාතක කණ්ඩායම් සහ පොලිසියේ සිට ඒවා මෙහෙයවූ දේශපාලන අධිකාරියේ අය දක්වා, නීතිය ඉදිරියේ නොවේ නම්, ඉතිහාසය ඉදිරියේ වගවීමට ලක්කල  යුතුය.

අපේ ඥාතීන්ගේ රුධිරය කෑගසන්නේ පළිගැනීම සඳහා නොව සත්‍යය හා යුක්තිය සඳහා ය. මෙම ජීවිත වැදගත් බවත්, දුප්පතුන්, ගම්වැසියන්, එම වසරවල මරා දැමූ අහිංසක මිනිසුන්, ගැහැනුන් සහ තරුණයින්ගේ ජීවිත ගෞරවනීය බව පිළිගැනීම සඳහා එය කෑගසයි.

මෙවැනි අපරාධ නැවත කිසිදා සිදු නොවිය යුතු බවට විරෝධය පළ කිරීමේ ගැඹුරු සලකුණක් ලෙස අපි ඔබේ නම් සහ ඔබට එල්ල කරන ලද කෲරත්වයන් පිලිබද මතකය ඉදිරියට ගෙන යන්නෙමු.

සත්‍යය, යුක්තිය සහ ගෞරවය වෙනුවෙන් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කරන සැමට ඔබේ මතකය ධෛර්යය ලබා දෙනු ඇත.”

එඩ්වින් සහ සිසිලියානාගේ එකම පුත්‍රයා වූ ජේ.එච්.ඒ. චූලානන්ද (22)ගේ නම  සඳහන් කරමින්, ඔහු “යුක්තිය සහ සමාජ සමානාත්මතාවය අපේක්ෂා කළ නමුත් යුගයේ ප්‍රතිගාමී දේශපාලන බලවේග විසින් නොමඟ යවන ලද තරුණයෙක්” බවත්, 1990 ඔක්තෝම්බර් මාසයේදී බෙලිඅත්ත පොලිසිය විසින් ඝාතනය කරන ලද බවත් හෙතෙම ප්‍රකාශ කළේය. චූලානන්ද, 1988-1990 කාලය තුල, ෆැසිස්ට් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ බව පැවසේ. කරුනු පැහැදිලි කරන්නේ, ඔහුව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට අපොහොසත් වූ කළ, හමුදාව, පළිගැනීමේ හා ත්‍රස්ත ගැන්වීමේ ක්‍රියාවක් ලෙස, ඔහුගේ මුළු පවුලම සමූලඝාතනය කිරීම සැලසුම් කරන ලද බවයි. 

Katuwana massacre commemoration
කටුවන සමූලඝාතනයට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ දණ්ඩමුක්තියේ වසර 36 සනිටුහන් කරමින් තම ආදරණීයයන් අනුස්මරණය කරති.


සාක්ෂි

මරා දැමුනු අයගේ ඥාතීන් සමඟ අපි කතා කළෙමු. එඩ්වින්ගේ වැඩිමහල් දියණිය චාන්දනී (63) වසර ගණනාවක වේදනාව, විඳදරාගැනීම සහ ජීවන අරගලය පිළිබඳ ඇගේ දුක්බර කතාව අප සමඟ මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තට මිනිස්සු කිව්වේ වෙද මහත්තයා කියලා. මිනිස්සු ගොඩක් ඔහුට ආදරේ කළා. ඔහු හරිම අහිංසක, කරුණාවන්ත, අවංක මනුස්සයෙක්. ඔහු අවිද්දෙ හෙමින්,  මුහුන ප්‍රියමනාප හිනාවකින් පිරී තිබුනා, මෘදුව කතා කළා, සරමයි ජාතික ඇඳුමයි ඇඳලා හිටියේ. ඉස්සර පැවිදි වෙලා ආයුර්වේද පොත් ගණනාවක් පළ කරලා තිබුණා. ඔහුගෙන් ඖෂධ ප්‍රතිකාර ලැබූ බොහෝ දෙනෙක් මා හමුවී මගේ පියානන්ගෙන් සහ මවගෙන් ලැබුණු දයානුකම්පිත සහ, බොහෝ විට නොමිලේ වූ ප්‍රතිකාර ගැන මට පැවසූවා.

අපේ පවුල දුවලා හය දෙනෙක්ගෙන් වූ ලොකු පවුලක්, මගේ සහෝදරයා චූලානන්ද එකම පුතා. අපේ පවුලේ ආර්ථිකය යැපුනේ මගේ පියාගේ ආයුර්වේද වෙදකමෙන් ලැබෙන සොච්චම්, නමුත් ස්ථාවර ඉපැයීම් මතයි. අපිට කුඹුරු ඉඩම් සහ අක්කර ගාණක පොල්, කුරුඳු, හා පැඟිරි ඉඩම් තිබුණා; ඒවා තාත්තා වගා කරලා කළමනාකරණය කළා. මගේ පියා ජයගත් නමුත්, ඒ ඉඩම් පිළිබඳ නඩු හබ නිසා ඔහුට මූල්‍යමය වශයෙන් අලාභ වුනා වගේම ඔහුගේ ව්‍යාපාර කඩා වැටුණා.  අපි හැමෝම ජීවත් වුණේ වරිච්චි ගහල මැටි වලින් හදපු ගෙදරක. කොහොම වුණත්, අපි හැමෝටම හොඳට කන්න දෙන්න, අපිට උගන්වන්න, අසරණ අයට උදව් කරන්න මගේ තාත්තාට තවමත් හැකියාව තිබුණා. 

1971 වන විට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රබල ආධාරකරුවෙක් වුනා. කෙසේ වෙතත්, 1977 වන විට, ඔහු සමඟි පෙරමුණු ආණ්ඩුව එපා වී, අතෘප්තියට පත් වී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. එහි නායක ජේ.ආර්.ජයවර්ධන “ධර්මිෂ්ඨ සමාජයක්” පොරොන්දු වුණා.  

අපි හැමෝම ගියේ කටුවන මහා විද්‍යාලයට. මගේ මල්ලී හතේ ශ්‍රේණියෙන් පසු අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ නැහැ. ඔහු ඉතා කාරුණික හා සමාජශීලී තරුණයෙක්. ගම්වැසියන්ට බොහෝ උපකාර කළා. ඔහු තම පවුලේ අයට වඩා තම මිතුරන් සහ අසල්වැසියන් ගැන සැලකිලිමත් වුනා. බොහෝ විට ඔහු නිවසේ සිටි කාලයට වඩා වැඩි කාලයක් නිවසින් බැහැරව සිටියා. ඔහුගේ කැපී පෙනෙන හා බුද්ධිමත් ස්වභාවයත්, සිත් ඇදගන්නා පෙනුමත් නිසා ස්වභාවිකවම තරුණයින් ඔහුව ඔවුන්ගේ නායකයා ලෙස සැලකූවා. ඔහුට රැකියාවක් කිරීමට අවශ්‍ය වූ නමුත් ගම හැර යාමට ඔහුට අවශ්‍ය නොවීය. මම හිතන්නේ ඔහු 1987 අගභාගයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණා. 

මගේ සහෝදරයා ගමේ මැරයන්ගේ සහ පියාගේ හිටපු විරුද්ධවාදීන්ගේ උදහසට ලක්ව සිටියා. වරක් ඔවුන් හෙල්ලයෙන් ඇන ඔහුගේ ජීවිතය නැති කිරීමට පවා උත්සාහ කළා. ඔහු යන්තම් දිවි ගලවා ගත් නමුත් ඔහුගේ මිතුරා තුවාල ලබා මිය ගියා. 

1979 දී මම ගුරුවරයෙක් සමඟ විවාහ වී වෙනම ජීවත් වුණා. මගේ වැඩිමහල් සහෝදරියක් (ඉන්දුමතී) පසුව පොලිස් නිලධාරියෙකු සමඟ විවාහ වී 1989 මුල් භාගයේදී වැලිමඩ පදිංචියට ගියා. අනෙක් සියලුම සහෝදරියන් මගේ දෙමව්පියන් සමග මහගෙදර ජීවත් වුනා. බාලමයාට වැඩිමල් නංගී ‘ලොකු’ (සුජිතසීලි) සාමාන්‍ය පෙළ (සා/පෙ) විභාගයටත්, ‘හිච්චි’ (මතඟලතා) උසස් පෙළ (උ/පෙ) විභාගයටත් ඉගෙන ගනිමින් සිටියා. නීලා (නිල්මිණි) උසස් පෙළින් පසුව රැකියාවක් බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලාවලට සහභාගි වෙමින් සිටියා.

1989 අගෝස්තු මාසේ ඉස්කෝලේ නිවාඩු කාලේ මගේ වැඩිමල් නංගිලා දෙන්නා [නිල්මිණි සහ මතඟලතා] අපිව බලන්න වලස්මුල්ලේ [කටුවන සිට කිලෝමීටර් 17ක්] අපේ ගෙදරට ආවා. අපගේ මහගෙදර පිහිටා තිබුණෙ කටුවන ගොවි ජන සේවා මධ්‍යස්ථානය පරිශ්‍රයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින්. මගේ සහෝදරියන් හමුදා කඳවුර පසුකර යද්දී සමහර සොල්දාදුවන්, ‘හා…රවුමක් දාල එන්න’ යි කෑ ගසා  තිබුණා. ඒ අගෝස්තු 26 වැනි දා, සෙනසුරාදා දිනයක්. 

මගේ නංගිලා අපිත් එක්ක දවල්ට කෑවා. ඒක තමයි අපි එකට ගත්ත අන්තිම කෑම වේල. මගේ දරුවන් තිදෙනාම ඔවුන්ගේ ආච්චිලා සීයලා සහ පුංචිලා සමඟ නැවතී සිටීමට බොහෝ කැමැත්තක් දැක්වූවා. ඉතින්, තුන්දෙනාම පුංචිලා එක්ක යන්න කියලා අඬන්න ගත්තා. අන්තිමට මගේ දුව නිරංජලා එයාලා එක්ක ගියා. 

ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන නිසා අගෝස්තු 29 වෙනිදා උදේ මගේ මහත්තයා [සැමියා] අපේ දුවව ගෙදර එක්කන් එන්න යාළුවෙක් එක්ක කටුවනට ගියා. මගේ මහත්තයා බෝම්බ දැමූ නිවස දුටුවා; මිනිස් මාංශ සහ හිස් කබලක් පිළිස්සෙනු ඔහු දුටුවා. මගේ දරුවා ඇතුළු කිසිවෙක් ජීවතුන් අතර සිටියේ නැහැ.  

සිද්ධියෙන් පසු මම වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියේ ඒ වන විට කටුවන ප්‍රදේශයේ පොලිසියක් නොතිබූ බැවිනි. පොලිසිය මගේ පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ස්ථානාධිපති (OIC), කේ.එම්. ප්‍රේමතිලක එයාගේ පිස්තෝලය මගේ කටට තියලා, ‘උඹ ගෑණි, කට වහගෙන හිටපං. අවි ගත්තෝ අවියෙන් නසිති,’ කියලා කෑ ගැහුවා.

හරියටම මගේ 28 වැනි උපන්දිනය දවසේ, 1990 ඔක්තෝබර් 22 වැනිදා, බෙලිඅත්ත පොලිසියෙන් මගේ මල්ලී ඝාතනය කළා කියලා සිල්වා කියල කෙනෙක්ගෙන් මගේ මහත්තයාට තොරතුරක් ලැබුණා. මගේ මල්ලීට වෙඩි තැබූ බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති දසනායක මෙම ඝාතනය පිළිබඳව ඉක්මනින්ම පළාත් සභා මන්ත්‍රී කේ. ධනපාලට දන්වා තියෙනවා. ධනපාල [ඔහු අවුරුදු කිහිපයකට පෙර මිය ගියේය] මගේ සහෝදරයාගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වේ යැයි බිය විය; නමුත් එය කිසි විටෙකත් එසේ නොවීය. ධනපාල තෘප්තිමත් කරවන්න දේහය ඔහුට පෙන්වූ පසු පොලීසිය මල්ලීගේ සිරුර ටයර් සෑයක් මත  පුලුස්සා තිබුණා.

ධනපාලටත් බොහෝ කලකට පෙර මගේ පියා සමඟ ඉඩම් ආරවුලක් තිබුනා. ඔහු මගේ පියාට එරෙහිව පවරා තිබූ නඩුවක් පැරදුණා. ධනපාල සහ අප අතර කුල භේදයක්ද  තිබුනා. මගේ පියාත්, ගමේ ඒ මුළු කොටසම පාහේත් ධනපාලගේ කුලයට වඩා උසස් කුලයකට අයත් වූවක්. ගමේ විවිධ කුලවලට අයත් මිනිසුන් ජීවත් වුනේ ‘මණ්ඩි’ [පොකුරු] හැටියට.”

චාන්දනීගේ ස්වාමිපුරුෂයා වන චමල් (69) සිය කම්පන සහගත අත්දැකීම් මෙසේ හෙලි  කළේය:

“අගෝස්තු 29 වෙනිදා උදේ මම මගේ යාළුවෙක් එක්ක එයාගේ කාර් එකේ දුවව ගෙදර එක්කන් එන්න කටුවනට ගියා. මගේ යාළුවාට ඕන වුණා ධනපාල මන්ත්‍රීව හම්බවෙලා එයාගේ අයියගෙ පුතාව වලස්මුල්ල යුද හමුදා කඳවුරෙන් නිදහස් කර ගන්න උදව්වක් ඉල්ලන්න. කටුවන යුද හමුදා කඳවුරේ මාර්ග බාධකය ළඟ හමුදාව අපේ කාර් එක නතර කළා. මගේ යාළුවා කිව්වා අපි මන්ත්‍රී තුමා හම්බ වෙන්න යනවා කියලා. ඒනිසා, අපිට යන්න දුන්නා.

අපි නිවස පිහිටි ස්ථානයට ළඟා වූ විට මට නිවස  දකින්නට ලැබුනේ නැහැ. මට පෙනුනේ දුම විතරයි. මම ළඟට ගියා. මට මගේ ඇස් අදහා ගන්න බැරි  උනා. නිවස කඩා විනාශ කර දමා සියල්ල ගිනිබත්  වෙමින් පැවතියා. ප්‍රධාන දොරට කිට්ටුව ගේ ඇතුලේ මිනිස් මාංශ පිච්චෙනවා මම දැක්කා. හිස් කබලක් පිච්චෙනවා මම දැක්කා. මට හිටගෙන ඉන්න බැරි වුණා. ගමේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් මාව තදින් අල්ලගත්තා. මගේ නැන්දම්මාගේ සහෝදරියක් මා ළඟට ඇවිත් ‘කවුරුත් ජීවතුන් අතර නැහැ. හැමෝම පිච්චිලා’, කියලා කිව්වා. මම මගේ දුවගේ නම කියමින් කෑගැසුවා. පුංචිඅම්මා මට කිව්වා, ‘මහත්තයා දැන් යන්න. හමුදාව ආවොත් මහත්තයත් මරයි’. ඊට පස්සේ මගේ යාළුවා මාව කාර් එක ඇතුලට තල්ලු කරලා ආපහු ගෙදර ගෙනාවා. මම මගේ බිරිඳට හැමදේම කිව්වා. ඇය පොලොවේ හැපෙමින් වැලපුණා.

සති කිහිපයකට පසු, ධනපාලගේ මුරට හිටපු ග්‍රාම ආරක්ෂකයෙකු වූ [රජයේ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෙක්] ගාමිණී මට කියා සිටියේ ඔහු සහ තවත් මුරකරුවෙකු අපරාධය කරන විට හමුදාව සමඟ සිටි බවත්, හමුදාවෙන් සියලු දෙනාම මරා දැමූ බවත්, ඒනිසා ඔවුන් ගැන නොසොයන ලෙසත් ය. සහෝදරියන් හතර දෙනා කටුවන හමුදා කඳවුරට ගෙන ගොස් එහි දින තුනක් දූෂණය කර වධ දී මරා දැමූ බව ඔහු මට කීවේය. වැඩි කල් යන්නට මත්තෙන් ඒ මුරකරුවන් දෙදෙනාම ඝාතනය වූ බව මට දැන ගන්නට ලැබුණා.

එම කාලය තුළම අපි පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට උත්සාහ කළා. ඔවුන් තවමත් කිසියම් රැඳවුම් මධ්‍යස්ථානයක ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නිසා අපි හමුදා කඳවුරුවල පවා ඔවුන් සොයමින් සිටියා. මමත් මගේ බිරිඳත් වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියාම අපිව එලව ගත්තා. මගේ ඥාතීන් ගැන තොරතුරු දැන ගන්න සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බළඇණියේ කපිතාන් පී.එල්.යූ. බුද්ධදාස හමුවීමට වලස්මුල්ල හමුදා කඳවුරට යාමට පවා මම එඩිතර වුණා. ඔහු මට කිව්වා, ‘ඔවුන් ගැන හොයන්න එපා. ඒ අය ඔක්කොම මැරිලා. ඔවුන් වෙනුවෙන් පිනක් දහමක් කරන්න,’ කියලා. මම තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට (ඒඑස්පී) පැමිණිලි කිරීමට ගිය විට සහකාර පොලිස් අධිකාරී ඒකනායක මට තර්ජනය කරමින්, ‘තමුන් ගුරුවරයෙක්; මැරිච්ච මිනිස්සු ගැන සෙවීමට උත්සාහ කරන්න එපා. එසේ නොවුණහොත් තමුන්ට තමුන්ගේ ජීවිතයත් අහිමි වෙයි’, කියලා කෑ ගැසුවා.

මට මිද්දෙණිය පොලිසියට පැමිණිල්ලක් කරන්න පුළුවන් වුණේ 1994 සැප්තැම්බර් අගදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වුණාට පස්සේ. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි කරන්නත් අපට පුළුවන් වුණා. මුත්තෙට්ටුවේගම කොමිසමේ අවසන් වාර්තාවේ අපේ ඥාතීන් හත් දෙනාගේ නම් තිබෙනවා.

කෙසේ වෙතත්, 1998 න් පසු මෙම නඩුව කිසි දිනක ඉදිරියට ගියේ නැහැ. සමූල ඝාතන භූමියේ සාම්පල එකතු කර වසර හතරක් ගතවී තිබියදී, මෙම නඩුව ක්‍රමානුකූලව වළලන්නට පොලිසිය ධනපාල සමඟ හවුල් වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. 

මටත්, මගේ බිරිඳටත් විඳදරාගැනීමට සිදු වූ දිගුකාලීන මානසික කම්පනය නිසා මට ගුරුවරයෙක් ලෙස මගේ වැඩ කටයුතු අවංකව කරගෙන යාමට නොහැකි වුනා. ඒ නිසා මම අංක 44/90 චක්‍රලේඛය යටතේ විශ්‍රාම යාමට තීරණය කළා. ඊට පස්සේ අපේ පවුලේ තත්ත්වය නරක අතට හැරුණා. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ පැවැත්ම සඳහා මට අරගල කිරීමට සිදුවුණා.

චන්ද්‍රිකා එල්ටීටීඊය [දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය] සමඟ යුද්ධය නැවත ආරම්භ කළා. 1998 වන විට ශ්‍රී ලංකා හමුදාව යාපනයේ අහිංසක දෙමළ ජනතාවට කළ අපරාධ ගැන අපට දැනගන්නට ලැබුණා. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ පවුලේ අය චෙම්මනිහිදී ඝාතනය කිරීමේ සිද්ධිය අපගේ ආත්මයන් කම්පා කළා. එතකොට අපිට තේරුණා සමහර වෙලාවට අපේ පවුලට කරපු අපරාධවලට වඩා දෙමළ මිනිස්සුන්ට උතුරේ විඳවන්න සිද්ධ වෙන්න ඇති අපරාධවල තරම. පසුව, මහින්ද රාජපක්ෂ යුද්ධය දිගටම කරගෙන ගියා; ඔහුගේ සහ ඔහුගෙන් පසු සියලු රජයක්ම කුලී මිනී මරුවන් ‘රණ විරුවන්’ ලෙස වර්ණනා කළා. ඒ මුළු කාලය පුරාම අපව නිහඬ කරනු ලැබුවා.”

එකල ව්‍යාජ “මානව හිමිකම්” සටන් කරුවන් පිලිඹඳ ඔහුගේ අත්දැකීම් ගැන ද ඔහු අපට පැවසීය: 

“මගේ බිරිඳගේ අනාථ වූ බාලම සොහොයුරිය ඒ කාලය තුළ ඉගෙනුම ලබමින් අප සමඟ ජීවත් වූවා. වරක්, 1997 මුල් භාගයේදී, ඇයට රැකියාවක් සොයා දීමට උදව්වක් අපේක්ෂාවෙන් මම ඇය සමඟ මහින්ද රාජපක්ෂ හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් කාර්යාලයට ගියා. මගේ දෙමව්පියන් ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා; තරුණයෙකු ලෙස මම මහින්දගේ මැතිවරණ සඳහා මැතිවරණ ව්‍යාපාරයේ නියැලිලා තිබුණා. ඉතින්, මම ඔහුව පෞද්ගලිකව දැන සිටියා. ඔහුව හමුවීමට බොහෝ වේලාවක් බලා සිටීමෙන් පසු, අපි බලහත්කාරයෙන් ඔහුගේ කාමරයට ඇතුළු වී පවුලේ සමූලඝාතනයෙන් පසු අපගේ දුෂ්කර තත්වය ඔහුට දැනුම් දුන්නා. ඔහු අපට කෑ ගැසුවා: ‘බලන්න, මේ කට්ටිය ජවිපෙට වැඩ කරලා මරෝගෙන, දැන් රැකියා ගන්න මගේ උදව් ඉල්ලගෙන ඇවිත්’. මගේ නෑනා හඬා වටුනා. ඇයට ඔහුගෙන් රැකියාවක් හෝ කිසිදු උදව්වක් ලැබුණේ නැහැ.”

පවුලේ ඉතිරි වූ තවත් වැඩිමල් දියණියක් වන ඉන්දුමතී ප්‍රාදේශීය දේශපාලකයා පවුල කෙරෙහි බැඳගෙන තිබූ ද්වේශය පිළිබඳ සිය අත්දැකීම මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තා 1988 අග සහ 1989 මුල මැතිවරණවලදී එජාපයට සහය දුන් නිසා, මහ මැතිවරණයෙන් පසු, මගේ පියා මා සමඟ ගියා ධනපාල මන්ත්‍රීට කතා කිරීමට. අපේ දෙමවුපියන්ගේ නිවස තිබුණේ ඔහුගේ නිවසට යාර කිහිපයක් දුරින්. ඔහු මුල්කිරිගල ආසනයේ එවකට එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයා වූ ආනන්ද කුලරත්නගේ බාප්පා විය. පසු කාලීනව අපට දැනගන්නට ලැබුණා මගේ සහෝදරයා ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරකම්වල පූර්ණ කාලීනව නියැලී සිටි බව.  මැතිවරණවලදී ඡන්දය නොදෙන ලෙස ජවිපෙ නියෝග කර තිබුණා [දකුණු පළාතේ පළාත් සභා මැතිවරණය 1988 ජුනි මාසයේදී පැවැත්විණි]. ධනපාල හිතුවෙ ජවිපෙ සහ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව යි. කෙසේ වෙතත්, ගම්වැසියන් පවසන්නේ මගේ සහෝදරයා ගමේ කිසිවෙකුට, අපේ පවුලට ඊර්ෂ්‍යා කළ අයට පවා, හානියක් කිරීමට කිසිඳු ඉඩක් නොතැබූ බවයි. මට හෝ අපේ පවුලේ වෙනත් කිසිවෙකුට රැකියා සොයා දීම ධනපාල දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. ‘ඔය ගෙදර ත්‍රස්තවාදියෙක් ඉන්නවා. වෙද මහත්තයා සිටියේ නැත්නම්, මෙලහකටත් ඔය ගෙදර තමුසෙලත් එක්කම අලුවෙලා ඉවරයි,’ කියල ඔහු කෑ ගැසුවා.

නමුත්, මගේ දෙමවුපියන් හෝ කිසිවකු ළඟදීම නියමිත සමූල ඝාතනයක් ගැන සිහිනෙන්වත් නොසිතුවේ, එවැනි සිදුවීම් අප මීට පෙර අසා නොතිබූ නිසයි. 

අපේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට දින දෙකකට පමණ පෙර මගේ වැඩිමහල් සහෝදරිය, නීලා මට ලිපියක් එවා  කියා තිබුණේ, පෙරේදා එම ප්‍රදේශයේ හමුදාව ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවත්, එයින් සෙබළුන් කිහිප දෙනෙකු මිය ගිය බවත්ය. මගේ සහෝදරිය ලියල තිබුනා දැන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතත් අනතුරේ කියලා දැනෙනවා කියලා. මම හිතන්නේ ඒ ලියුම තැපෑලට දාපු දවසෙ තමයි එයායි හිච්චියි අපේ ලොකු අක්කාව බලන්න වලස්මුල්ලේ එයාගේ ගෙදරට ගිහින්  තියෙන්නෙ. ඒ ලියුම එවනකොට අපේ හීං නංගී [සුනීතා] මාත් එක්ක මගේ ගෙදර හිටියා. ඒ නිසා ඇගේ ජීවිතය බේරුණා.”

දිවි ගලවා ගත් බාලම දියණිය සහ දැන් ගුරුවරියක් වන සුනීතා තම ආදරණීය දෙමාපියන්, තම සහෝදරයා සහ හමුදාවෙන් එල්ල වූ හිරිහැර ගැන කඳුළු සලමින් සිහිපත් කළාය:

“මගේ පියා බෝධිසත්වයෙක්. රටේ විවිධ ප්‍රදේශවල මිනිසුන් විසින් සොයනු ලැබූ දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස, සර්ප දෂ්ට කිරීම්වලින් පසු ගෙන එන ලද බොහෝ රෝගීන්ගේ ජීවිත ඔහු කොතරම් ආශ්චර්යමත් ලෙස බේරා ගත්තාද යන්න මම දුටුවා. විවිධ අනතුරු හේතුවෙන් සිදු වූ අත් පා කැඩීම් බ්ඳීම් ඔහු දක්ෂ ලෙස සුව කළ ආකාරය ද මම දුටුවා. මගේ මව මගේ පියාට පරිපූර්ණ ගැළපුමක්. දේවතාවියක් මෙන්, ඇය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ කැපවී සිටියා. 

අපේ තාත්තා වෙද ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කර තිබුණා. ඒවා ලියා ඇත්තේ කවි පද ස්වරූපයෙන්. සර්ප විෂ සංහාරය I සහ II, හා බිලිඳු රෝග සංහාරය ඉතා ජනප්‍රිය වූ අතර මන්ත්‍ර ශතකය තවමත් පොත් සාප්පු වල අලෙවි වන පොතක්.

ඔහු කිසිවිටෙක කිසිවෙකුට, කෘමියෙකුටවත් හානියක් කළේ නෑ. එවැනි තේජසකින් යුත් මිනිසෙකුට ගිනි අවියක් එල්ල කර ඔහුව මරා දැමීමට යමෙකු කෙතරම් කුරිරු විය යුතු දැයි මට තේරුම් ගත නොහැකියි. මේ ලෝකය ශාප ලත් වේ!

අයියා හරිම කඩවසම් කෙනෙක්. ඔහු සෑම විටම අන් අයට උපකාර කළ අතර සහානුකම්පාවෙන් යුක්තව සිටියා. ඔහු ගමේ තරුණයන්ට නායකයෙක් වුනා. සමහර විට ගමේ තරුණයන් ඔහුව පාවා දුන්නේ ඔහු කළ වරදක් නිසා නොව කුඩා ආරවුල් සහ රණ්ඩු සරුවල්වලට අත්අඩංගුවට ගත් විට තමුන්ට බේරීමට යි.

අපේ පවුල ඝාතනයට මාස දහයකට පමණ පෙර කටුවන යුද හමුදා කඳවුරේ ප්‍රධානියා අනෙක් සොල්දාදුවන් සමඟ අපේ පැරණි නිවසට පැමිණ එදින රාත්‍රී 7.00 ට අපේ නිවස ගිනිබත් කිරීමට යන බැවින් අවශ්‍ය සියලුම බඩු බාහිරාදිය ඉවත් කර  ගන්නා  ලෙස තාත්තාට කියා සිටියා. “අපට හිංසා කරන්න එපා, මගේ පුතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කරන්න” යි කියා මගේ පියා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් අපේ ගෙදරට ගිනි තිබ්බා. සමූල ඝාතනය වන විට අපේ පවුල පදිංචිව සිටි රුක්මල්පිටිය පාර අයිනේ තිබූ නිවස එම මාර්ගයේම තිබූ පැරණි නිවසට මීටර් සියයක් පමණ දුරින් පසුව ඉදිකරන ලද්දක්.

මට මතකයි රාජ්‍ය ත්‍රස්තවාදය පැවැති කාලයේ හමුදාව නිතරම අපේ ගෙදරට රිංගලා ඇතුලේ හැමතැනම සෝදිසි කළා. අපි නිතරම භීතියට පත් වුණා. ඒ අය හොඳටම දැනගෙන හිටියා මගේ අයියා ගෙදර නැති බවත්, අපේ වයසක අම්මා තාත්තා සහ අපි ගෑනු ළමයි විතරයි එතන හිටියේ කියලා. ඒ අය අපෙන් අයියා ගැන ප්‍රශ්න කරලා පොත්පත් පවා හෙව්වා. සමහර වෙලාවට අපි නිදාගෙන ඉද්දි රෑ මැදියමේ පවා ඒ අය කඩා වැදුනා. ඉන් පස්සෙ භූමිතෙල් ලාම්පු නිවන්න කියලා,  එහේ මෙහේ  හොයනවා.”

ක්‍රමානුකූල ඝාතන රැල්ලක් 

දකුණේ සහ උතුරේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, ධනේශ්වර පාලනයට දේශපාලන දක්ෂිනාංශයෙන් එල්ල විය හැකි තර්ජනය  තුරන් කිරීමට හා, සියල්ලටත් වඩා, අහිංසක ග්‍රාමීය දුප්පතුන්ට හා පීඩිතයන්ට එරෙහිව, මිලිටරිය සහ පොලිසිය, ඝාතක කල්ලි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යන රාජ්‍යයේ සම්පූර්ණ යාන්ත්‍රණය දිගේලි කළේය. එම කාලපරිච්ඡේදය තුළ සිදු වූ මහා පරිමාණ අතුරුදන්වීම්වලට හේතු සූත්‍රගත කරමින්, 1997 දෙසැම්බර් මස ආසියානු මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව (AHRC) මෙසේ ප්‍රකාශ කළේය:

 “හදිසි අවස්ථා රෙගුලාසි යටතේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට තිබූ සියලු සීමාවන් ඉවත් කරන ලද අතර, මළ සිරුරු බැහැර කිරීමේ බලය මෙම නිලධාරීන්ගේ තනි අභිමතයට පවරන ලදී. අධිකරණ අධීක්ෂණය අත්හිටුවන ලදී. බැහැර කරන ලද සිරුරු පිළිබඳ වාර්තා තබා ගැනීමට පවා ප්‍රතිපාදන නොතිබුණි.”

එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය:

“අතුරුදහන් කිරීම් ඉතා හිතාමතාම සැලසුම් කළ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් වූ අතර සැලැස්මකට අනුව ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට, මරා දැමීමට සහ මළ සිරුරු බැහැර කිරීමට උපදෙස් ලැබුණි. හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමෙන් මෙය නීත්‍යානුකූලව කළ හැකි විය. ඝාතන සිදු කිරීමට පොලිසියට නිරන්තරයෙන් පුහුණුව ලබා දුන් අතර, එක් එක් ප්‍රදේශයේ කොපමණ සංඛ්‍යාවක් මරා දැමිය යුතුද යන්න අධීක්ෂණය කිරීමේ ක්‍රම තිබුණි. ඝාතක කණ්ඩායම් සඳහා මුදල් බෙදා හැරීම හරහා දිරි දීමනා ලබා දෙන ලදී. 

එවැනි ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට හිතකර මනෝභාවයකින් තබා ගැනීම සඳහා මෙම කණ්ඩායම්වලට මත්පැන් ද ලබා දෙන ලදී. මරා දැමීමට නියමිත අයගේ ලැයිස්තු බෙදා හරින ලදී. ප්‍රශ්න කිරීම සඳහා විශේෂ ස්ථානවල විශේෂ ප්‍රශ්න කිරීම් පවත්වන ලදී. බොහෝ අවස්ථාවන්හිදී, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර මරා දැමීමට තීරණය කරන ලද අතර, මෙම ස්ථානවල රහසිගත වටපිටාව තුළ මිනිසුන් ඝාතනය කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නීති විරෝධී කන්ඩායම් සමඟ මිශ්‍ර විය. දේශපාලනඥයින්ගේ අභිමතයන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි මෙම කණ්ඩායම් වෙත දේශපාලනඥයින්ට සෘජු ප්‍රවේශය ලබා දෙන ලදී.”

කොමිෂන් සභා වාර්තාව සහ වළ දැමූ ලැයිස්තු

1988 ජනවාරි 1 න් පසු පුද්ගලයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම හෝ අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා 1994 නොවැම්බරයේදී ජනාධිපති කුමාරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කරන ලදී. මනෝරි මුත්තෙටුවේගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සිදුවීම් පිළිබඳව සොයා බලන ලදී.

එවකට කටුවන යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස කොමිෂන් සභාව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 1997 ජුනි 30 වැනි දින යුද හමුදාව ඔවුන්ගේ වාර්තාවල ‘සඳහන්ව නොමැත’ යනුවෙන් පිළිතුරු දුන්නේය. මෙය අනෙක් බොහෝ කඳවුරු සම්බන්ඳයෙන් ප්‍රතිචාර වශයෙන් ලබා දුන් පිළිතුරම විය. එම තොරතුරු හමුදාවෙන් ලබා ගැනීමට කොමිසම වැඩිදුර පියවර ගත්තේ නැත.

මෙම අපරාධ සිදු කළ බව කියන අපරාධකරුවන් කොමිසමේ නිර්දේශවලින්ම ආරක්ෂා විය. කොමිසම “සාක්ෂිකරුවන්ගේ චෝදනාවලට පදනම් වූ තොරතුරු සහ කරුණු මූලික වශයෙන් විශ්වාස කළ හැකි” බව සොයා ගත් නමුත්, එය එසේ වුවද, වැඩිදුර විමර්ශන සිදු කරන තුරු, “අප විසින් වෙනම ආවරණයක් යටතේ එවනු ලබන බලහත්කාරයෙන් ඉවත් කිරීම් හෝ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි චෝදනා ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තු ප්‍රකාශයට පත් නොකරන ලෙස අපි නිර්දේශ කරමු,” යි කියා සිටියේය. කුමාරතුංගගේ ආන්ඩුව හෝ අනුප්‍රාප්තික ආන්ඩු විසින් එවැනි “වැඩිදුර විමර්ශන” කිසිවිටෙක සිදු නොකළ අතර, එමගින් අපරාධකරුවන්ට ජීවිතාන්තය දක්වා දණ්ඩමුක්තිය සහ වැඩිදුර අපරාධ කිරීම සඳහා ආරක්ෂාව ලබා දුන්නේය. අද දක්වාම, මෙම රහස්‍ය ලැයිස්තු සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මහජනතාවට අනාවරණය කර නොමැත.

ධනේශ්වර ඒකීය රාජ්‍යය සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පසුව උතුරේ සහ නැගෙනහිර ජනවාර්ගික දෙමළ ජනතාවට එරෙහිව ඉදිරියට ගෙන ගිය දකුණේ ප්‍රතිකැරැල්ල සමයේ ක්‍රියාත්මක කළ ආන්ඩුවේ මර්දන ප්‍රතිපත්තිවල පන්ති ස්වභාවය theSocialist.lk පෙන්වා දී ඇත

පරපෝෂිත රාජ්‍යය, එහි මිලිටරිය, පොලිසිය, නීති සහ ධනේශ්වර පන්ති පාලනය අහෝසි කිරීමෙන් තොරව ධනේශ්වර රාජ්‍යයේ මෙම කුරිරුකම් වැළැක්විය නොහැකි අතර යුක්තිය ස්ථාපිත කළ නොහැක. සමාජවාදී ප්‍රතිපත්ති සඳහා දකුනු ආසියාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයේ කොටසක් ලෙස සුලු ධනේශ්වරය සහ පීඩිත ජනතාව තම පිටුපස පෙළගස්වා ගනිමින් මේ සඳහා සටන් කිරීම කම්කරු පන්තියේ ඓතිහාසික කර්තව්‍යය යි.

කටුවන සමූලඝාතනය: වසර 36ක බිය ගැන්වීම්වලින් සහ අඛණ්ඩ දණ්ඩමුක්තියකින් පසු ඥාතීහු වින්දිතයන් අනුස්මරණය කරති Read More »

Toronto

Toronto International Film Festival to screen propaganda film for Israel’s genocide in Gaza

By Lee Parsons.

Reposted below is the article of the World Socialist Web Site published on 10 September 2025.

Acting as a cultural arm of Canada’s imperialist ruling elite, the Toronto International Film Festival (TIFF) will be rolling out the red carpet Wednesday for the world premiere of a film about the events of October 7, 2023 that provides propaganda cover for Israel’s genocide against the Gaza Palestinians.

The Road Between Us: The Ultimate Rescue, from director and producer Barry Avrich, is entirely silent about the Israeli state’s decades of brutal oppression and dispossession of the Palestinian people, and the violence and terror it has inflicted on the residents of Gaza and the West Bank over the past two years. The documentary film’s lens is exclusively focused on the efforts of retired Israeli Major General Noam Tibon to rescue family members caught up in the October 7 Gaza Palestinian uprising against the Zionist regime, which for more than 15 years had subjected them to a brutal and ongoing economic blockade.

Toronto

The film presents Tibon as an heroic figure. While Avrich emphatically—and laughably—claims the film is “non-political,” the not-so-subtly inferred message is that Tibon personifies the “plight” and “courage” of the Israeli people. 

The documentary centers on Tibon’s obstacles in reaching his family, who had come under fire during the attack, when Palestinian fighters entered Kibbutz Nahal Oz, which lies less than one kilometer from the Gaza border. Tibon responded to a text from his son and, as the film’s website breathlessly puts it,

With no time to spare, Noam and his wife, Gali, embarked on a ten-hour mission across a country under siege to save their family… Noam navigated ambushes, roadblocks, and a collapsing security system in a relentless race against time.

The film is described in the synopsis given by TIFF as “a profoundly human story about courage, family, and the power of love in the face of unimaginable terror.”

This is foul Zionist propaganda. The constructed and entirely contrived narrative treats the events of October 7 entirely outside of history—as if they fell from the sky. Its narrative frame conforms to a “T” with that of the Israeli state and its western imperialist backers: the Hamas-led uprising was “unprovoked.” Indeed, Avrich submitted his film to TIFF under the title “Out of Nowhere.” It was the festival organizers, clearly in the interests of obscuring the film’s pro-Zionist line, who persuaded him to rename it The Road Between Us. 

Anyone who has followed the decades-long persecution of the Palestinians by the Israeli regime can only feel outraged by claims that Israel, which has been armed to the teeth by Washington and its allies, was a “country under siege” in October 2023. Since 2006, Israel had effectively maintained Gaza as an “open-air prison,” repeatedly bombing and terrorizing its population, not to mention the systematic seizures of Palestinian land and episodes of mass ethnic cleansing going back to the very formation of Israel in 1948. 

Nor can there be any other legitimate response but hostility to complacent references to “courage” and “family” after almost two years of a non-stop genocidal onslaught by Israel, backed by the imperialist powers, on the Palestinians, whose families have been torn apart, massacred, starved and left destitute. The only “unimaginable terror” is that carried out by the IDF against Gaza’s population.

The attempt by TIFF to wash the blood of the Palestinian people from the IDF by finding a “hero” among its senior ranks could not have served as a better piece of propaganda for the Netanyahu regime if they had paid for it themselves. To tout such a film as a legitimate artwork is as repugnant today as claiming that Leni Riefenstahl’s propaganda efforts were a legitimate expression of life during the Third Reich.

There are many issues a serious documentary about October 7 could have taken up, including interrogating the conditions that caused hundreds of Palestinian fighters to embark effectively on a suicide mission, and the reasons for the alleged and thoroughly unconvincing state of “unpreparedness” of the Israeli military and intelligence.

The Zionist state and military boast about their technological capability and skill at every turn when it serves their ideological and political purposes. But world public opinion is supposed to believe they found themselves entirely blind-sided in October 2023.

Extensive evidence suggests that elements high up in the Zionist regime were aware of the Islamist Hamas’ plans for October 7 well in advance, and chose to ensure that Israel’s security forces stood down to create a pretext for a long-planned onslaught on Gaza to ethnically cleanse its population and seize the tiny enclave, to implement, in fact, the “Final Solution” of the Palestinian question. After the uprising began, the IDF invoked the so-called “Hannibal Directive,” which allows the military to kill Israeli civilians rather than let them be taken hostage.

The decision to screen the film at TIFF, which has reserved the 1,800-capacity Roy Thompson Hall for Wednesday’s premiere, has nothing to do with questions of artistic merit. On the contrary, the sordid process by which the film, initially excluded from one of the world’s most important film festivals, became a—if not the—marquee event of TIFF 2025 underscores the central role that financial and Canadian imperialist foreign policy interests play in the festival management’s decisions and those of the country’s other major cultural institutions.

The phony furor over TIFF “censorship”

On August 12, media reports emerged that TIFF had reversed its decision to screen The Road Between Us at this year’s festival, citing legal concerns that some of the footage recovered from captured GoPros by Hamas fighters had not been cleared for use, as well as a “potential threat of significant disruption.” 

These reports met with an immediate outcry of protest from the Zionist lobby in Canada, quickly joined and encouraged by the political elite and right-wing press. 

On August 13, Toronto City councillors James Pasternak and Brad Bradford issued a joint statement on X, declaring, “TIFF should not be banning or censoring films and should respect the freedoms of the arts community,” and concluding that the decision to cancel was a “moral failure.”

The very next day, TIFF capitulated to this reactionary campaign, now less than 48 hours old, and announced it would ensure the film would be screened during what is the festival’s 50th edition. With The Road Between US’s producers, explained TIFF CEO Cameron Bailey, “We have worked together to find a resolution to satisfy important safety, legal, and programming concerns.” 

This quick retreat did next to nothing, however, to appease the film’s ruling class promoters, who in the name of denouncing TIFF censorship, lashed out at the supposed intolerance of anti-Gaza genocide protesters.  

The National Post gave feature coverage to an op-ed penned by Sharren Haskel, who self-identifies as Israel’s “Canadian-born” deputy foreign minister. She voiced her outrage that TIFF sought “the ‘approval’ of terrorists,” who carry out “murders, rapes, and kidnappings,” and charged the festival with complicity “in silencing the truth.” She also slammed the Carney government for its empty announcement it would recognize a Palestinian state.

Canada, like the US and the other imperialist powers, is a key supporter of the Gaza genocide. Whether under Mark Carney or Justin Trudeau before him, the Liberal government has backed Israel’s genocidal campaign against Gaza and rampage across the Middle East to the hilt, shipping tens of millions of dollars in weaponry to Israel, while clamping down ruthlessly on anti-genocide protests at home.

Within Canada’s film industry the most prominent public statement of support for the screening of The Road Between US’s came from Susan Reitman Michaels, sister of the late producer/director Ivan Reitman, whose family is a major benefactor of TIFF. The family donated land for the home of the festival, the TIFF Lightbox complex in downtown Toronto. 

In an open letter Michaels wrote, “The irony is unbearable. My family’s gift of land to TIFF was intended as a memorial to my parents’ faith in freedom of expression, only to see that very principle eroded… What it looks like, and feels like, is the silencing of a Jewish voice at a time when Jewish voices are already being marginalized.” As intended, the letter elicited a thoroughly stage-managed “torrent of outrage,” with the festival reportedly receiving 60,000 emails objecting to the initial cancellation of the film.

The hypocrisy of Michaels and the other would-be warriors for “free speech” is staggering. None of them batted an eyelid, but on the contrary cheered on the political establishment when it systematically smeared and sought to intimidate hundreds of thousands of Canadians who participated in anti-genocide protests over the past two years. Anti-genocide activists calling for an end to Canadian imperialism’s supply of military equipment to Israel have faced arrest and harassment by the police, and in some cases the loss of their employment. The few voices who raised any criticism of the genocide within the political establishment, like former NDP member of the Ontario legislature Sarah Jama, were politically sidelined and silenced.

Moreover, the claim to be defending rights of “freedom of expression” on the one hand, while invoking the special rights of wealthy benefactors to influence programming decisions, reveals the class character of the objections.

In announcing the festival’s renewed commitment to screen The Road Between Us, TIFF CEO Bailey issued a cowardly mea culpa. “I want to apologize,” he declared, “for any hurt, frustration, or disappointment that our communication about the film has caused, and for any mischaracterizations that have taken root. We’re working now—and we will be for a while—to clarify things and to repair relationships.”

Bailey offered his fawning and, frankly, disgusting reassurance:

I want to be clear: claims that the film was rejected due to censorship are unequivocally false. Both TIFF and the filmmakers have heard the pain and frustration expressed by the public and we want to address this together.

The “pain and frustration” were not expressed by “the public,” but by TIFF’s wealthy donors, the Zionist lobby, and powerful sections of the corporate and political elite—many of them the very same forces who last year demanded that TIFF cancel screenings of a documentary that humanized Russian soldiers fighting in Ukraine.

It should be remembered that TIFF has a record of celebrating Zionism and Israel. In 2009, eight months after one of the Israeli military’s murderous assaults on Gaza, the film festival decided to honor Tel Aviv as the first city to be the subject of its new program, “City to City.” The decision provoked widespread outrage and protest.

Avrich, a Montreal-based filmmaker, has less than convincingly sought to talk his way out of any political intention behind his decision to make the film. Avrich told an interviewer for Deadline, “This film is not about politics, it’s about humanity, family and sacrifice.” 

Avrich and the IDF Major General Tibon used a joint interview with the Globe and Mail, published September 6, as an opportunity to double down on this transparent falsification, presenting their film, in the postmodernist jargon so prominent in artistic and academic circles, as simply one “story” among others. In a remark that reveals at best his indifference towards and more likely support for the greatest crime of the 21st century so far, Avrich blandly told the Globe that he was just “a guy in Canada who is attracted to a great story… I didn’t see anything outside that story.” The same line was taken by Tibon, who adds in the same interview that ”we didn’t say one word of politics.” Anyone who believes a word of this rubbish …

When the Globe interviewer gave them the opportunity, to say something about the plight of the Palestinians and the ongoing genocide, both Avrich and Tibon pointedly refused to do so.

An artist unmoved by genocide and who, in the face of the systematic destruction of an entire people, “didn’t see anything outside” the fate of a senior officer in this machinery of mass murder and his immediate family, deserves only contempt. This is not a matter of artistic freedom. Rather, it reflects a tendency to revel in a kind of cold indifference to mass human suffering cultivated within a privileged layer of the middle class, whose expanding stock portfolios and bank balances are tied up with the eruption of imperialist wars over the past three-and-a-half decades, culminating in the Gaza genocide as part of a rapidly developing third world war.

Toronto International Film Festival to screen propaganda film for Israel’s genocide in Gaza Read More »

Scroll to Top