Oligarchy

Munich

මියුනිච් යුද සමුළුව

පීටර් ෂ්වාස් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 15 වන දින The Munich War Conference යන හිසින් පළවූ පීටර් ෂ්වාස් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Munich
2026 පෙබරවාරි 14 වන සෙනසුරාදා ජර්මනියේ මියුනිච් හි පැවති මියුනිච් ආරක්ෂක සමුළුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කතා කරයි.[AP ඡායාරූපය/ඇලෙක්ස් බ්‍රැන්ඩන්]

පසුගිය දින තුන තුළ ලොව පුරා රාජ්‍ය සහ ආණ්ඩු නායකයින් 60 දෙනෙකු පමණ සහ අමාත්‍යවරුන්, දේශපාලනඥයින්, ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයින් සිය ගණනක් එක්රැස් කළ මියුනිච් ආරක්ෂක සමුළුව (MSC) තියුණු ආතතීන්ගෙන් සලකුණු විය. නමුත් එක් කාරණයක් සම්බන්ධයෙන්, සියලුම සහභාගිවන්නන් එකඟ විය: රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු සහ ජාත්‍යන්තර ආයතන මගින් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා සඟවා තිබූ යුගය අවසන්. මිලිටරි බලය සහ යුද්ධය හරහා ඒවා විවෘතව තීරණය කරන නව යුගයක් ආරම්භ වී තිබේ.

සමුළුවේ විවාද කේන්ද්‍රගත වූයේ තුන්වන ලෝක යුද්ධයක් වළක්වා ගන්නේ කෙසේද යන්න වටා නොව, ඒ සඳහා හොඳටම සූදානම් වන්නේ කෙසේද යන්න වටා ය. ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාලක කවයන් යුද්ධය සලකන්නේ අවශ්‍ය සහ නොවැළැක්විය හැකි දෙයක් ලෙස ය.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමුළුව ආරම්භ කළේ “එක්ව, අපි නැවත වරක් බලයෙන් සහ සියල්ලටත් වඩා මහා බල දේශපාලනයෙන් විවෘතව සංලක්ෂිත යුගයකට එළිපත්ත තරණය කර ඇත්තෙමු” යනුවෙනි. අයිතිවාසිකම් සහ නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල තවදුරටත් නොපවතින බව ඔහු පැවසීය. මෙම යථාර්ථය හඳුනාගෙන “නව යුගය සඳහා සූදානම් වීම” යුරෝපීය බලවතුන්ගේ කාර්යයකි.

දීර්ඝ ෆැසිස්ට්වාදී දොස් කථනයක් කරමින්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෑත දශකවල ජාත්‍යන්තර දේශපාලනයට පහර දුන්නේය. වසර 35 කට පෙර සෝවියට් සංගමයේ අවසානය යන්නෙන් අදහස් කළේ “ඉතිහාසයේ අවසානය”ය යන්න “භයානක මායාවක්” වූ අතර එය දැන් ට්‍රම්ප් පරිපාලනය විසින් නිවැරදි කරනු ලැබෙමින්  පවතී.

රූබියෝ මෙසේ පැවසුවේය: “මෙම මායාව තුළ, අපි නිදහස් හා නිර්බාධී වෙළඳාම පිළිබඳ අධානග්‍රාහී දැක්මක් වැළඳ ගත්තෙමු. … බොහෝ ජාතීන් තමන්ව ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවත්වා ගැනීමේ වියදම් කපා හරිමින් දැවැන්ත සුභසාධන රාජ්‍යයන්හි ආයෝජනය කළ අතර, අපි අපගේ ස්වෛරීභාවය ජාත්‍යන්තර ආයතනවලට වැඩි වැඩියෙන්  පැවරීමු. … දේශගුණය ඇදහීම පිළිබඳ සංස්කෘතියක් සංතර්පනය කිරීම සඳහා, අපගේ ජනතාව දුප්පත් කරන බලශක්ති ප්‍රතිපත්ති අප මත පටවාගෙන ඇත්තෙමු. … දේශසීමා නොමැති ලෝකයක් ලුහුබැඳීමේදී, අපගේ සමාජවල සංගතභාවයට, අපගේ සංස්කෘතියේ අඛණ්ඩතාවයට සහ අපගේ ජනතාවගේ අනාගතයට තර්ජනයක් වන පෙර නොවූ විරූ මහා සංක්‍රමණ රැල්ලකට අපි අපගේ දොරටු විවෘත කළෙමු.” රුබියෝට අනුව, මෙය “මානව ස්වභාවය සහ වසර 5,000 කට අධික වාර්තාගත මානව ඉතිහාසයේ පාඩම් නොසලකා හරින ලද මෝඩ අදහසක් විය. එය අපට බෙහෙවින් වියදම් සහගත වී  ඇත.”

පසුගිය වසරේ මියුනිච් ආරක්ෂක සමුළුවේදී එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් යුරෝපීය බලවතුන්ට එරෙහිව සෘජු ප්‍රහාරයක් දියත් කළ ද, රුබියෝ වඩාත් සහනදායක ස්වරයකින් කතා කළේය. කොමියුනිස්ට් විරෝධී සහ ෆැසිස්ට් ඒකාකෘති වලින් පිරුණු කතාවකදී, ඔහු “සියවස් ගණනාවක බෙදාහදා ගත් ඉතිහාසය, ක්‍රිස්තියානි ඇදහිල්ල, සංස්කෘතිය, උරුමය, භාෂාව, පෙළපත් පරම්පරාව සහ අපගේ මුතුන් මිත්තන් එක්ව කළ කැපකිරීම්” සිහි කැඳවූ අතර “යුරෝපය ශක්තිමත් වීම අපට අවශ්‍යයි” යනුවෙන් අවධාරණය කළේය.

පැමිණ සිටි රාජ්‍ය නායකයින් නැගී සිට ඔහුට ස්තූති කළහ. “අපගේ මිත්‍ර පාක්ෂිකයන් වරදකාරිත්වයෙන් හා ලැජ්ජාවෙන් බැඳ තැබීමට අපි කැමති නැත” යන රුබියෝගේ ප්‍රකාශය, නාසීන්ගේ අපරාධ, ශ්‍රේෂ්ඨත්වය සඳහා ඔවුන්ගේ අලුත් වූ අභිලාෂයන් මන්දගාමී කිරීමට ඉඩ නොදිය යුතු බවට දිගු කලක් තිස්සේ පෙනී සිටියාවූ, පැමිණ සිටි ජර්මානුවන් විසින් විශේෂයෙන් හොඳින් පිළිගනු ලැබූ බවට සැකයක් නැත.

කෙසේ වෙතත්, රුබියෝට තියුණු අන්තර්-අත්ලාන්තික් සාගර ආතතීන් විසඳීමට නොහැකි විය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම, ICE ගෙස්ටාපෝව විසින් සංක්‍රමණිකයන් දඩයම් කිරීම, දේශීයව හමුදාව යෙදවීම, ඒකාධිපති පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම වැනි ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රතිපත්ති වලින් යුරෝපීය බලවතුන් කරදරයට පත් නොවේ. ගාසා තීරයේ ජන සංහාරය, ඉරානයට බෝම්බ හෙලීම, වෙනිසියුලානු ජනාධිපති මධුරෝ පැහැර ගැනීම වැනි ඔහුගේ අධිරාජ්‍යවාදී යුද්ධවලට හෝ චීනයට එරෙහිව යුද්ධයට ඔහු සූදානම් වීමට ඔවුන් විරුද්ධ වන්නේ ද නැත. මෙහිදී, යුරෝපීය පාලක පන්තිය සම්පූර්ණයෙන්ම එකඟතාවයෙන් සිටී.

ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැවැන්ත යුධ හමුදාවක් එක්රැස් කරමින් එරටට එරෙහිව දැවැන්ත මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළද, සමුළුවේදී මේ සම්බන්ධයෙන් එක හඬක්වත් නැගුනේ නැත. ඊට පටහැනිව, සමුළුව ඊළඟ අධිරාජ්‍යවාදී අපරාධය සඳහා ප්‍රවර්ධන වේදිකාවක් ලෙස සේවය කළේය. 1979 විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ෂා රජුගේ පුත් රේසා පහ්ලවි, ආරාධිත අමුත්තෙකු ලෙස ආරාධනා කරන ලද අතර යුරෝපය පුරා තැන්වලින් ගෙන්වා ගත් ආධාරකරුවන්ට සමුළුවෙන් පිටත සිට කතා කළේය. ඔහුගේ ඉල්ලීම: 1953 කුමන්ත්‍රණයෙන් පසු සීඅයිඒ සංවිධානය ඔහුගේ පියා පිහිටවූ ආකාරයටම, එක්සත් ජනපදය ඉරානයට බෝම්බ දමා නව පාලකයා ලෙස ඔහුව පත් කළ යුතුය.

යුරෝපීය සංගමය (EU) සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආතතීන් කේන්ද්‍රගත වන්නේ ට්‍රම්ප් යුරෝපීය භාණ්ඩ සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම, ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් ඈඳා ගැනීමට ඔහු කරන තර්ජනය සහ සියල්ලටත් වඩා යුරෝපීයයන්ගේ හිසට ඉහළින් රුසියාව සමඟ එකඟතාවයකට පැමිණීමට ඔහු දරන උත්සාහය මත ය.

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීම, චාන්සලර් මර්ස් සිය මියුනිච් කතාවේදී ඉල්ලා සිටි “නව යුගය සඳහා සූදානම් වීමේ” හදවතයි. යුක්රේනයට එරෙහි රුසියාවේ ප්‍රහාරය දිගු කලක් තිස්සේ යුරෝපීය බලවතුන්ට සීමාවකින් තොරව සන්නද්ධ වීමට සහ මහා බලවතෙකුගේ තත්ත්වය සඳහා තමන්ගේම සැලසුම් සමඟ ඉදිරියට යාමට කඩතුරාවක් ලෙස සේවය කර ඇත. නමුත් රුසියාව ආක්‍රමණිකයා බවත් මුළු යුරෝපයම යටත් කර ගැනීමට සැලසුම් කරන බවත් ඔවුන් කරන ප්‍රකාශය යථාර්ථය ඔලුවෙන් පිහිටුවයි.

ඇත්ත වශයෙන්ම, වෝර්සෝ ගිවිසුම සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු සියලු ගිවිසුම් කඩ කර නැගෙනහිර දෙසට ඉදිරියට ගියේ නේටෝවයි. මුළු නැගෙනහිර යුරෝපයම දැන් මිලිටරි සන්ධානයේ කොටසකි. 2014 දී, ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය, කියෙව්හි බටහිර ගැති කුමන්ත්‍රණයක් සංවිධානය කළ අතර යුක්රේන හමුදාව ක්‍රමානුකූලව සන්නද්ධ කිරීමට පටන් ගත්හ. එහි පැවැත්මට තර්ජනයක් වන, රුසියාව සමඟ කිලෝමීටර් 2,000 ක් දිග (සැතපුම් 1,242 ක් දිග) දේශසීමාවක් සහිත රට, නේටෝව තුළට ගෙන ඒමේ සැලසුම් අවසානයේ මොස්කව් ප්‍රහාරයකට පොළඹවනු ලැබිණි. නේටෝව හිතාමතාම යුද්ධය අවුලුවා  ලීය.

එතැන් සිට, නේටෝව යුක්රේනය තුළ රුසියාවට එරෙහිව ප්‍රොක්සි යුද්ධයක් දියත් කර ඇත. යුද්ධය ආරම්භයේ සිට, යුරෝ බිලියන 380 ක බටහිර මිලිටරි සහ මූල්‍ය ආධාර කියෙව් වෙත ගලා ගොස් ඇත. එවා නොමැතිව යුද්ධය බොහෝ කලකට පෙර තීන්දු වීමට නියමිත ව තිබුණි.  නමුත් ට්‍රම්ප් බොහෝ දුරට එක්සත් ජනපද මූල්‍ය ආධාර කපා හැර ඇති අතර යුරෝපීයයන් සම්පූර්ණ පිරිවැය දැරිය යුතු බව අවධාරනය කරයි. යුරෝපීයයන් බිල්පත කල්තියා ගෙවන්නේ නම් පමණක් එක්සත් ජනපද ආයුධ යුක්රේනයට සපයනු ලැබේ.

ඔවුන් පසුබැසීමට සූදානම් නැත. ඔවුන්ට රුසියාව යටත් කර ගැනීමට අවශ්‍ය වන අතර මහා බලවතෙකුගේ තත්ත්වය සඳහා ඔවුන්ගේම සැලසුම් සාක්ෂාත් කර ගැනීම සඳහා යුද්ධය අවශ්‍ය වේ. යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිට, ජර්මනිය පමණක් බුන්ඩෙස්වෙර් (ජර්මානු සන්නද්ධ හමුදා) නැවත සන්නද්ධ කිරීම සහ යුද්ධය සඳහා එහි යටිතල පහසුකම් සකස් කිරීම වෙනුවෙන් යුරෝ ට්‍රිලියන 1 කට වඩා අත්කර ගෙන ඇත. සමස්ත සමාජයම යුද පදනමකට ගෙනැවිත් බලහත්කාරයෙන් බඳවා ගැනීම නැවත හඳුන්වා දිය යුතුය.

චාන්සලර් මර්ස් සිය මියුනිච් කතාවේදී මෙසේ පැහැදිලි කළේය: “යුරෝපය අවදානම් වළක්වා ගැනීම දක්වා පසුබැසිය යුතු නැත. යුරෝපය අවස්ථා විවෘත කර එහි ශක්තිය මුදා හැරිය යුතුය. … එය තමන්ගේම ආරක්ෂක ප්‍රතිපත්ති මූලෝපායන් සමඟ ගෝලීය දේශපාලනයේ සාධකයක් බවට පත්විය යුතුය.” බුන්ඩෙස්වෙර් “හැකි ඉක්මනින් යුරෝපයේ ශක්තිමත්ම සාම්ප්‍රදායික හමුදාව” බවට පත් කිරීමේ ඉලක්කය ඔහු නැවත තහවුරු කළේය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉල්ලා සිටියේ යුරෝපය භූ දේශපාලනික බලවතෙකු බවට පත්විය යුතු බවත්, එයට පැහැදිලිවම න්‍යෂ්ටික වැළැක්වීම ද ඇතුළත් විය යුතු බවත්ය. මේ සම්බන්ධයෙන් චාන්සලර් මර්ස් සහ අනෙකුත් යුරෝපා සංගම් රජයේ ප්‍රධානීන් සමඟ තමා දැනටමත් “මූලෝපායික සංවාදයක්” ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් යුරෝපය සමඟ සමීප මිලිටරි සහයෝගීතාවයකට කැපවී සිටියේය. යුරෝපීයයන් “අපගේම දෘඩ බලය ගොඩනගා ගත යුතුය, මන්ද එය යුගයේ මුදල් ඒකකයයි යි. අපට ආක්‍රමණ වැළැක්වීමට හැකි විය යුතු අතර, ඔව්, අවශ්‍ය නම්, අපි සටන් කිරීමට සූදානම් විය යුතුය.”

ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන මැදිහත්වීමකින් තොරව අනිවාර්යයෙන්ම තුන්වන ලෝක යුද්ධයකට තුඩු දෙන මෙම මිලිටරි සුපිරි බල ප්‍රතිපත්තියට ස්ථාපිත පක්ෂ අතර කිසිදු විරෝධයක් නොමැත. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට අමතරව, හරිතයන්, වාම පක්ෂය සහ ඔවුන්ගේ සහෝදර සංවිධාන ද එයට සහාය දක්වයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සිට මියුනිච් වෙත ගමන් කළ ඩිමොක්‍රටික්වරු රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම සඳහා වූ යුරෝපීය ඉල්ලීමට සහාය දැක්වූහ. ජර්මනියේ වාම පක්ෂය සමඟ සන්ධානගතව සිටින ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ (DSA) සාමාජිකාවක් වන කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්, ට්‍රම්ප්  සිය ඉවත් වීම හරහා, “පුටින්ට යුරෝපය වටා කඩුව ලෙලවා එහි සිටින අපගේම සගයන් වටා හිරිහැර කිරීමට උත්සාහ කළ හැකි” තත්වයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළාය.

යුද තර්ජනය නැවැත්විය හැක්කේ යුද්ධයේ සහ මිලිටරිවාදයේ පිරිවැය දරාගත යුතු ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට පමණි. එවැනි ව්‍යාපාරයක් සමාජ වියදම් කප්පාදුවට, ආඥාදායකත්වයට සහ යුද්ධයට එරෙහි අරගලය, ඒවායේ හේතුව වන ධනවාදයට එරෙහි අරගලය සමඟ සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා සටන සමඟ ඒකාබද්ධ කළ යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා පක්ෂ (සසප) මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරයි.

මියුනිච් යුද සමුළුව Read More »

IMG 0671

චීනයේ BYD හි ෂියාන් කම්හලේ කම්කරුවෝ දරිද්‍රතා වැටුප් වලට එරෙහිව වැඩ වර්ජනය කරති

පීටර් සිමන්ඩ්ස් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 08 වන දින ‘Workers at BYD’s Xi’an plant in China strike over poverty wages යන හිසින් පලවූ පීටර් සිමන්ඩ්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

පෙබරවාරි 5 වන දින, ෂියාන්හි (Xi’an’s) අධි-තාක්‍ෂණික කලාපයේ ජික්සියන් කාර්මික උද්‍යානයේ (Jixian Industrial Park) පිහිටි BYD හි අධි වෝල්ටීයතා විදුලි උපකරණ කම්හලේ කම්කරුවන් තම කෑලි-අනුපාත ප්‍රසාද දීමනා ම්ලේච්ඡ ලෙස කප්පාදු කිරීම් වලට එරෙහිව සාමූහික වැඩ වර්ජනයක් දියත් කළහ. BYD හි දැනට ක්‍රියාත්මක පිරිවැය අඩු කිරීමේ මෙහෙයුම යටතේ, කම්කරුවන්ගේ සොච්චම් ආදායමේ තීරණාත්මක අංගයක් වන, උපරිම මාසික කෑලි-අනුපාත ප්‍රසාද දීමනාව යුවාන් 2,400 සිට යුවාන් 300-600 දක්වා අඩු කරන ලදී.

සමාජ රක්ෂණ සහ නිවාස අරමුදල් දායක මුදල් සඳහා අනිවාර්ය අඩු කිරීම් වලින් පසුව, බොහෝ සේවකයින් වාර්තා කළේ ඔවුන්ගේ මාසික අතට ලැබෙන වැටුප යුවාන් 2,000 ට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 290) ට වඩා පහත වැටී ඇති බවයි. මෙම අගය වෙනත් විදිහකට පවසතොත්, මසකට යුවාන් 2,000 ක් වසරකට දළ වශයෙන් ඩොලර් 3,480 කි.

මේ අතර, BYD නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) ගේ  පසුගිය වසරේ ඇස්තමේන්තුගත පුද්ගලික ධනය  ඩොලර් බිලියන 28.5 ක් බව ෆෝබ්ස් වාර්තා කරයි. මසකට යුවාන් 2,000 ක් උපයන තනි BYD කර්මාන්තශාලා සේවකයෙකුට අද වැන්ග් සතුව ඇති ධනය රැස් කර ගැනීමට වසර මිලියන 8.2 කට වඩා කාලයක්  වැඩ කිරීමට සිදුවනු ඇත.

මෙම දැවැන්ත විෂමතාවය අපගමනයක් නොව BYD හි ව්‍යාපාරික ආකෘතියේ අත්තිවාරමයි. එහිදී මූලික වැටුප් හිතාමතාම ප්‍රාදේශීය අවම වැටුප් මට්ටම්වලට වඩා යන්තම් ඉහළින් –සමහර විට යන්තම් සමාන වනසේ–සකසා ඇති අතර, සේවකයින්ට කළමනාකරණයේ අභිමතය පරිදි ඉවත් කර ගත හැකි අතිකාල, ප්‍රසාද දීමනා සහ කාර්ය සාධන අතිරේක දීමනා මත යැපීමට බල කෙරේ.

ෂියෑන් වැඩ වර්ජනය හුදකලා සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් පුරා විහිදෙන සහ රටවල් ගණනාවක් සහ චීන‍යේ පළාත් පුරා පැතිරී ඇති BYD හි දැවැන්ත නිෂ්පාදන අධිරාජ්‍යය පුරා උත්සන්න වන කම්කරු නොසන්සුන්තාවයේ රටාවක නවතම පිපිරීමයි.

2024 මැයි මාසයේදී, එක්සත් ජනපදය පදනම් කරගත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයෙකු වන ජබිල්ට (Jabil) අයත් වූ BYD හි වූක්සි (Wuxi) කම්හලේ සේවකයින් වැඩ වර්ජනය කළේ, සමාගම විසින් අතිකාල ඉවත් කරන නව කාලසටහනක් පැනවීමෙන් පසුවය. එය කම්කරුවන් ඔවුන්ගේ දරිද්‍රතා මට්ටමේ මූලික වැටුපට අතිරේකව යමක් උපයා ගත් ප්‍රධාන යාන්ත්‍රණයයි. වූක්සි හි BYD හි මූලික වැටුප, නීත්‍යානුකූල අවමයට වඩා යන්තම් ඉහළ යුවාන් 2,490 ක් ලෙස පිහිටුවා තිබුණි. චීන කම්කරු නීතියට අනුව සාමාන්‍ය අනුපාතයට වඩා 1.5 සිට 2 ගුණයකින් ගෙවීමට අවශ්‍ය වන අතිකාල ඉවත් කිරීම, සැබෑ මාසික ආදායම බොහෝ සේ පහත වැටීමට හේතු විය.

2025 මාර්තු අග සහ අප්‍රේල් මුලදී තත්වය නාටකාකාර ලෙස තීව්‍ර විය. මාර්තු 28-29 දිනවල වූක්සි කම්හලේ සේවකයින් 1,000 කට වැඩි පිරිසක් වැඩ වර්ජනය කළ අතර, මාර්තු 31 සිට අප්‍රේල් 1 දක්වා BYD හි චෙන්ග්ඩු කම්හලේ ඔවුන්ගේ සගයන් ද වැඩ වර්ජනය කළහ. දුක්ගැනවිලි සමාන විය: කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් අඩු කිරීම්, යුවාන් 30 ක උපන්දින සහනාධාරයක් වැනි සංකේතාත්මක ප්‍රතිලාභ පවා ඉවත් කිරීම, අත්තනෝමතික තනතුරු මාරු කිරීම් සහ පහත් කිරීම්.

සියල්ලටත් වඩා, වූක්සි කම්හලේ කම්කරුවන්ගේ කෝපය යොමු වූයේ 2023 දෙසැම්බර් මාසයේදී ජබිල් හි ග්‍රීන් පොයින්ට් මෙහෙයුම් යුවාන් බිලියන 15.8 කට අත්පත් කර ගැනීමේදී BYD විසින් දුන් පොරොන්දු බරපතල ලෙස උල්ලංඝනය කිරීම කෙරෙහි ය. එහිදී කළමනාකාරිත්වය අවම වශයෙන් මාස 18 ක් වැටුප් හා කොන්දේසි නොවෙනස්ව පවතින බවට පොරොන්දු විය.

වූක්සි කම්හලට පොලිසිය යොදවා තිබූ අතර, විරෝධතාකරුවන් මහජන දර්ශනයෙන් වැළැක්වීම සඳහා රෙදි තිර ඉදිකර තිබුණි. චෙන්ග්ඩු හි, කැරලි මර්දන පොලිසිය සහ SWAT කණ්ඩායම් පසුගිය වසරේ අප්‍රේල් 2 වන දින වැඩ වර්ජනය බලහත්කාරයෙන් විසුරුවා හැරිය අතර, අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. මාර්තු මැද භාගයේදී එක් සේවකයෙකු ඒ වනවිටත් දින පහක් රඳවාගෙන සිටියේ සේවය පහත් කිරීමකට විරෝධය දැක්වීම නිසාය.

Image Not Found
2025 මාර්තු 6 වන බ්‍රහස්පතින්දා, බ්‍රසීලයේ බහියා ප්‍රාන්තයේ කැමකාරි හි ඉදිවෙමින් පවතින කර්මාන්ත ශාලාවක් අසල BYD සඳහා ලකුණක් ප්‍රදර්ශනය කෙරේ.[AP ඡායාරූපය/එරල්ඩෝ පෙරෙස්]

සූරාකෑමේ රටාව චීනයේ දේශසීමාවලින් ඔබ්බට විහිදේ. 2024 දෙසැම්බර් මාසයේදී, බ්‍රසීල බලධාරීන් බහියා හි කැමසාරි හි නව BYD කම්හලක් සඳහා ඉදිකිරීම් ස්ථානයක, අවම වශයෙන් චීන කම්කරුවන් 163 දෙනෙකු අභිචෝදකයන් විසින් “වහල්භාවයට සමාන කොන්දේසි” ලෙස  විස්තර කළ තත්වයෙන්  බේරා ගත්හ. පසුගිය වසරේ ආසියාවෙන් පිටත සමාගමේ පළමු මගී මෝටර් රථ කම්හල විවෘත කිරීම ප්‍රමාද කරමින් එම ස්ථානය වසා දමන ලදී.

HK කම්කරු අයිතිවාසිකම් නිරීක්ෂක වෙබ් අඩවියට (HK Labour Rights Monitor website) අනුව, “පරීක්ෂණයෙන් කම්පනය සහගත අපයෝජන අනාවරණය විය: සමහර සේවකයින් හිස් ඇඳන් මත නිදා ගත් අතර, පුද්ගලයෝ 31 දෙනෙකු එකම වැසිකිළියක් පාවිච්චි කළහ. ආහාර සහ පුද්ගලික අයිතම අපිරිසිදු තත්වයන් යටතේ ගබඩා කර තිබුණි. වාර්තා වන පරිදි, සේවකයින්ට අලුයම 4 ට පමණ වේලාසනින් අවදි වීමට බල කෙරුණි, විවේක දින නොමැතිව අධික වැඩ පැය ගණනක් විඳදරාගත් අතර සමහර අවස්ථාවල දින 25 ක් අඛණ්ඩව වැඩ කළහ.”

කම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා ගන්නා ලද අතර, වැටුප් වලින් සියයට 60 ක් දක්වා අත්හිටුවා, දිනකට පැය 12 ක් දක්වා, සතියේ දින හතේම, අඛණ්ඩව දින 25 ක් වැඩ කිරීමට බල කෙරුණි. පසුව ෆෙඩරල් නඩු පවරන්නන් රිඉස් මිලියන 257 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45) වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ අතර, පසුව රිඉස් මිලියන 40 ක් පමණක් ගෙවීමට එය සමථ වී ඇත.

2008 සිට 2025 දක්වා වසර 17ක් පුරා, BYD හි කම්කරු පිළිවෙතට ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බහු-ප්‍රකෝටිපති සමපේක්ෂක වොරන් බෆට් (Warren Buffett) වක්‍රව සහාය ලබා දී ඇත. බෆට්ගේ ආයෝජන උපකරණය වන බර්ක්ෂයර් හැතවේ (Berkshire Hathaway), BYD හි ප්‍රධාන කොටස් හිමිකරගෙන සිටි අතර, බෆට්ගේ මියගිය ව්‍යාපාර සහකරු චාලි මුන්ගර් (Charlie Munger) ගේ උනන්දු කිරීම පරිදි, මුලින් 2008 දී, ඩොලර් මිලියන 230 කට එය අත්පත් කර ගන්නා ලදී. මුන්ගර් වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) “තෝමස් එඩිසන් සහ ජැක් වෙල්ච්ගේ (Jack Welch) සංයෝජනයක්” ලෙස විස්තර කළේය. 

එහි උච්චතම අවස්ථාවේදී, බර්ක්ෂයර් හි BYD කොටස් වටිනාකම ඩොලර් බිලියන 9 ඉක්මවිය–එය දළ වශයෙන් 40 ගුණයක ලාභයකි. ආයෝජනයෙන් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 7 ක ලාභයක් උපයා ගන ඇත. මෙම කාලය පුරාම, BYD සේවකයින් දරිද්‍රතා වැටුප්, වැඩ වර්ජන සඳහා පොලිස් මර්දනයන්, විදේශයන්හි විදේශ ගමන් බලපත්‍ර රඳවා ගැනීම් සහ ක්‍රමානුකූලව කඩ කරන ලද පොරොන්දු විඳදරා ගනිද්දි, බර්ක්ෂයර් හැතවේ ප්‍රමුඛ කොටස් හිමියෙකු ලෙස රැඳී සිටිමින්, එහි සහ පෞද්ගලිකව බෆට්ගේ කීර්තිය සමාගමට ලබා දුන්නේය.

බර්ක්ෂයර් 2022 අගෝස්තු මාසයේදී තම කොටස් විකිණීම ආරම්භ කළ අතර 2025 මුල් භාගය වන විට එහි පිටවීම සම්පූර්ණ කළේය. බෆට් BYD හි අධික ලෙස සූරාකෑමේ ශ්‍රම පිළිවෙත් පිළිබඳව කිසිදු විවේචනයක් ඉදිරිපත් කළේ නැත. ඔහුගේ එකම ප්‍රසිද්ධ ප්‍රකාශය වූයේ, 2023 දී, BYD යනු “අපූර්ව පුද්ගලයෙකු” විසින් පවත්වාගෙන යනු ලබන “අපූර්ව සමාගමක්” බවයි. එනමුත්, තමන් “මුදල් වලින්, වඩා හොඳ හැඟීමක් ඇති කරන දේ සොයා ගන්නා බව”  ඔහු පැවසීය.

BYD හි පුණරාවර්තනය වන වැඩවර්ජන මගින් චීනයේ ධනවාදී සූරාකෑමේ ස්වභාවය සහ ලෝකයේ ප්‍රමුඛ විදුලි වාහන නිෂ්පාදකයා ලෙස BYD හි නැගීම හෙළි වේ. 2024 දී යුවාන් බිලියන 777.1 ක ආදායමක් සහ යුවාන් බිලියන 40 කට වඩා වැඩි ශුද්ධ ලාභයක් BYD වාර්තා කළේය. වැන්ග් චුවාන්ෆුගේ පෞද්ගලික ධනය ඔහුව පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් අතරට පත් කරයි–පසුගිය වසරේ Forbes සඟරාව විසින් චීනයේ බිලියනපතියන් අතරින් 9 වන ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුව ලැයිස්තු ගත කෙරුණි.

එහෙත් බොහෝ කර්මාන්තශාලා වල, මෙම ධනය නිෂ්පාදනය කරන–චීනයේ විශාලතම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන (publicly traded company) සේවා යෝජකයා බවට BYD පත් කරන දැන් 900,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වන–කම්කරුවන්ට ලැබෙන්නේ අධික  වෙහෙසකින් අතිකාල කිරීමෙන් තොරව මූලික ජීවන වියදම් සපුරාලීමට නොහැකි වන වැටුපකි.

නීත්‍යානුකූලව අවසර ලත් එකම වෘත්තීය සමිති ආයතනය වන සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය (All-China Federation of Trade Unions), කම්කරුවන්ගේ  ස්වාධීන සංවිධානය මර්දනය කරමින් සහ අතෘප්තිය හානිකර නොවන මාර්ග වෙත යොමු කරමින්, කම්කරුවන්ගේ නියෝජිතයෙකු ලෙස නොව කළමනාකරණයේ සහ රාජ්‍යයේ හස්තයක් ලෙස ක්‍රියා කරයි. සංවිධානය වීමට හෝ විරෝධතා දැක්වීමට උත්සාහ කරන කම්කරුවන්, වේගයෙන් පොලිස් මර්දනය, සේවයෙන් පහ කිරීම සහ රඳවා තබා ගැනීමකට මුහුණ දෙති.

වුක්සි, චෙන්ග්ඩු සහ චැංෂා හි ඊට පෙර සිදු වූ දේ මෙන්, ෂියාන් වැඩ වර්ජනයෙන් පෙන්නුම් කරන්නේ චීන කම්කරු පන්තිය මෙම කොන්දේසි පිළිගැනීමට සූදානම් නැති බවයි. චීන රාජ්‍ය මාධ්‍ය සහ නිලධරය කාර්මික ක්‍රියාමාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ නොකලත්, චීනයෙන් පිටත සිට වැඩ වර්ජන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන සංවිධානවලට අනුව, විශේෂයෙන් නොගෙවූ වැටුප් සහ වැටුප් කප්පාදුවලට එරෙහිව 2023 සිට හදිසි වැඩ වර්ජන සහ විරෝධතා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.

චීනයේ BYD හි ෂියාන් කම්හලේ කම්කරුවෝ දරිද්‍රතා වැටුප් වලට එරෙහිව වැඩ වර්ජනය කරති Read More »

White house

Political Report for the Week ending 07 February 2026

This political report for the week ending 07 February 2026 is compiled based on coverage from the World Socialist Web Site (WSWS.org).

White house
President Donald Trump smiles after signing a spending bill that ends a partial shutdown of the federal government in the Oval Office of the White House, Tuesday, Feb. 3, 2026, in Washington. [AP Photo/Alex Brandon]

The week ending February 7, 2026 witnessed an intensification of inter-imperialist rivalry, the acceleration of domestic repression in the United States, and a global surge in working-class militancy met with systematic betrayal by trade union bureaucracies. From preparations for regime change in Iran to mass strikes in healthcare and education, the international crisis of capitalism manifested in parallel assaults on democratic rights, living standards, and public services. This report synthesizes key developments across four domains: imperialist war preparations and geopolitical realignment; the consolidation of authoritarian rule and state repression; capitalist austerity and economic warfare; and the eruption of class struggle against union bureaucratic containment.

I. Imperialism and War: Escalation Toward Iran and Regional Realignment

European Powers Line Up Behind Regime Change in Iran

European governments openly aligned with Washington’s escalation toward regime change in Tehran. The EU placed Iran’s Revolutionary Guards on its “terror” list while European leaders—including Germany’s Friedrich Merz and UK Prime Minister Keir Starmer—publicly backed US threats and prepared rhetoric for a “transition” in Iran. This coordination followed prior US and Israeli strikes and represents strategic repositioning by European imperialism to secure access to energy resources and geopolitical influence.

Core analysis: The WSWS situates European actions as integral to imperialist rivalry and the scramble for markets and spheres of influence. Liberal imperialism cloaks predatory aims in “humanitarian” language, but the underlying logic is capitalist competition driving preparations for inter-imperialist war. Only an international working-class anti-war movement grounded in revolutionary socialist politics can halt the slide toward regional and global conflagration.

Turkey Attempts Mediation as NATO Ally

As US preparations for possible military action against Iran escalated, Turkey sought to mediate between Washington and Tehran. Ankara’s diplomacy aimed to limit regional destabilization while protecting Turkish geopolitical and economic interests, revealing the contradictions of a junior NATO power attempting to maneuver within imperialist rivalry.

Core analysis: Turkish mediation is not peaceful diplomacy but a junior imperialist power managing fallout from US militarism. Imperialist competition, not negotiation, drives the crisis; only international working-class anti-war mobilization can block regional war.

Merz’s Gulf Tour: Alliance with Dictators for German Great Power Politics

German Chancellor Friedrich Merz toured Gulf monarchies—Saudi Arabia, Qatar, UAE—meeting personally with Mohammed bin Salman and pledging strategic partnerships, arms deals, and energy cooperation despite documented human rights crimes. The visit frankly asserted German great-power ambitions subordinating all ethical concerns to capitalist and geostrategic interests.

Core analysis: Imperialist states ally with dictators to secure energy and markets. Workers must oppose rearmament and foreign-policy adventurism through an international socialist program that rejects nationalist accommodation to imperialism.

II. Authoritarian Consolidation and State Repression

Trump Administration’s Assault on Democratic Norms

Federal Election Seizure Plans: President Trump publicly urged federal takeover of state election administration and directed FBI operations in Fulton County, Georgia, threatening to “nationalize” elections in targeted cities. These moves signal preparation to rig or cancel the 2026 elections.

Core analysis: This represents an overt break with democratic norms by sections of the capitalist state preparing for dictatorship. The principal obstacle to a coup is the working class; the necessary response is independent political mobilization through rank-and-file organizations and preparation for general strike, not reliance on the Democratic Party.

Federal Purges: The administration announced sweeping purges of federal civil service employees, replacing career officials with political loyalists to centralize control—measures framed as rooting out “disloyalty.”

Core analysis: Politicized purges characterize authoritarian consolidation, removing institutional checks on presidential power. Defense of democratic rights requires independent working-class organizing and mass political resistance.

Racist Provocations: Trump posted a racist video depicting Barack and Michelle Obama as apes, one in a series of overt racist provocations from the White House designed to mobilize racist sentiment, terrorize minorities, and divide the working class.

Mass Surveillance Infrastructure

The Trump administration expanded mass-surveillance networks—databases, facial recognition, cross-agency sharing—to track immigrants and political protesters, integrating private tech contractors into state repression apparatus.

Core analysis: Surveillance is a political tool to suppress dissent and enforce social control for the oligarchy. Defense of democratic rights requires independent working-class mobilization and dismantling surveillance apparatuses through mass action.

Immigrant Repression and Detention Center Horrors

Measles Outbreak at Dilley: A measles outbreak tore through the South Texas Family Residential Center in Dilley, confining hundreds of asylum-seeking families and children. Overcrowding, poor sanitation, and rationed medical care created conditions for rapid spread amid a nationwide measles resurgence (2,267 confirmed cases in 2025) following mass purges at HHS and CDC.

Core analysis: The outbreak demonstrates Trump’s program of criminalizing and caging migrants while dismantling scientific public health, subordinating life to profit and political repression. Both Republican and Democratic parties share complicity in detention regimes and public-health defunding.

Vindictive Deportation: After protests forced the release of five-year-old Liam Conejo Ramos from Dilley, DHS filed a motion to expedite deportation proceedings against his family—vindictive state repression designed to terrorize immigrants and suppress dissent.

ICE Workplace Raids: ICE conducted workplace raids including at an Amazon facility in Hazel Park, Michigan, weaponizing enforcement to intimidate immigrant and non-immigrant workers alike, deepen labor discipline, and facilitate corporate flexibility.

University Republican Club Calls for Assassinations

The Illini Republicans at the University of Illinois Urbana-Champaign posted on Instagram celebrating political killings and calling for assassination of opponents; the administration refused discipline, citing “protected speech.”

Core analysis: This evidences deepening fascist and white-supremacist currents fostered by capitalism resorting to political violence. The university’s selective “free speech” shields reactionary violence while repressing left protests. Defense of democratic rights requires independent working-class mobilization against both fascism and the bipartisan state protecting it.

Repression of Nurses and Protesters

New York Nurses Arrested: At least 13 striking nurses were arrested outside Greater New York Hospital Association headquarters on Day 25 of their strike, with NYPD riot units deployed amid pressure from Mayor Zohran Mamdani and Governor Kathy Hochul to end the action through emergency orders facilitating out-of-state replacements.

Core analysis: The arrests demonstrate state readiness to use force defending corporate healthcare interests. Union bureaucracy’s containment strategy isolates nurses; expansion of the strike, full strike pay, and national coordination through rank-and-file committees are essential.

Mamdani’s Betrayal: DSA Mayor Embraces Police State

New York Mayor Zohran Mamdani praised an NYPD shooting of a 22-year-old Bangladeshi man experiencing a mental-health crisis and endorsed Governor Hochul’s strike-breaking measures, revealing continuity with pro-police policies despite earlier populist branding.

Core analysis: DSA-style figures integrate into the capitalist state, converting electoral radicalism into administrative collaboration with police and oligarchy. The working class must not be misled; independent organization and rank-and-file control are essential.

III. Austerity, Economic Warfare, and Capitalist Crisis

US Economic Warfare Against Cuba and Venezuela

Cuba Blockade: The US energy blockade threatened Cuba with humanitarian “collapse” as the UN Secretary-General warned of imminent crisis. Washington’s executive order threatened tariffs on countries supplying Cuba with oil; Mexico and other suppliers faced pressure to cease shipments, precipitating blackouts and shortages.

Core analysis: The blockade constitutes genocidal imperialist coercion aimed at regime overthrow, with complicity from regional bourgeois governments and nationalist-left leaders who capitulate. Only international working-class solidarity can oppose imperialist economic warfare.

Venezuela Privatization: Following the US abduction of Nicolás Maduro, Venezuela’s interim authorities rapidly overhauled hydrocarbons law, opening oil to foreign control and subordinating resources to US and corporate interests.

Core analysis: This exposes the failure of chavismo and bourgeois-nationalist projects that cannot defend resources or working-class gains under imperialism. Only working-class revolution and international socialist policy can break imperialist domination.

Corporate Layoffs Accelerate to Great Recession Levels

January job-cut announcements by US corporations tripled, with large tech, media, and retail firms leading the wave. The increase signals renewed corporate restructuring and mass unemployment approaching Great Recession scale.

Core analysis: Layoffs flow from falling profitability and overaccumulation; corporate efforts to restore margins enforce political choices subordinating labor to capital. The response must be mass industrial organization, strikes, and rank-and-file committees defending jobs and fighting for nationalization under workers’ control.

Washington Post Slashes Newsroom: The Washington Post eliminated roughly one-third of its newsroom (over 300 jobs), closing entire desks while billionaire owner Jeff Bezos’s wealth surged. This media purge is part of capitalist restructuring and concentration of cultural power under the oligarchy, using “efficiency” rationales to mask political decisions shrinking independent journalism.

1,200 GM Layoffs in Canada: General Motors ended the third shift at its Oshawa plant, laying off approximately 1,200 autoworkers as part of production rationalization.

Austerity Across Multiple Fronts

Australia: The Labor government drove up housing prices through developer-friendly policies, cut arts funding (forcing Writers Victoria to close), raised interest rates deepening household debt crises, and approved National Cabinet measures removing tens of thousands of children from disability support. Labor also pressed ahead with demolition of Melbourne public housing towers, displacing residents under privatized redevelopment schemes.

UK: A major charity reported deepening poverty under the Starmer Labour government, documenting rising food insecurity, housing stress, and benefit shortfalls. Starmer’s administration implements austerity while claiming respectability.

SNAP Cuts: Trump administration changes to SNAP eligibility set 2.4 million people at risk of losing food assistance by 2034, shifting the burden onto working people to finance corporate and military priorities.

Homeless Death in Kalamazoo: A homeless man froze to death in Kalamazoo, Michigan while the city allocated $515 million to build a new arena—a stark juxtaposition of social neglect and pro-business public spending.

Kaiser Permanente Medicare Fraud

Kaiser agreed to a $556 million settlement over allegations of inflating Medicare Advantage risk scores, generating roughly $1 billion in alleged overpayments—while claiming inability to meet demands from striking healthcare workers.

Core analysis: “Non-profit” healthcare corporations are profit-driven entities using public funds for private gain. Fraud settlements are routine costs of business while frontline workers and patients suffer austerity.

IV. Class Struggle and Union Bureaucratic Betrayal

Healthcare Workers’ Strikes

Kaiser Strike Enters Third Week: The strike by 31,000 Kaiser healthcare workers continued into its third week, with 4,000 pharmacy and lab workers (UFCW) preparing to join. Management pursued legal and PR strategies while union bureaucracy sought localized talks fragmenting the struggle.

New York Nurses: 15,000 nurses remained on strike facing threats of permanent replacement, with escalated repression (arrests, state emergency orders) and union bureaucracy retreat toward concessions.

Boston Nurses: Despite an overwhelming strike vote, the union bureaucracy left 650 nurses at Boston Medical Center Brighton working, fragmenting leverage and isolating the struggle.

Core analysis: Healthcare strikes contain the embryo of a national movement defending public health, but unions seek containment. Only rank-and-file organization could transform disputes into unifying working-class struggles. The fight centers on whether workers accept permanent understaffing or build nationwide, worker-led movements.

Education Workers’ Mobilization

San Francisco Teachers’ Strike: 6,400 educators in San Francisco Unified School District voted overwhelmingly to strike over chronic understaffing, poverty wages, unaffordable healthcare costs, and class-size caps—the first district-wide walkout since 1979.

Core analysis: The strike occurs amid obscene regional inequality driven by tech billionaires and Democratic-party austerity. Union bureaucratic entanglement with Democrats must be broken; independent rank-and-file committees should link educators across districts for statewide and national action.

Ann Arbor: Educators worked under expired contracts amid massive cuts and restructuring.

Australia: The WSWS called for building rank-and-file committees among educators and students to oppose mass job cuts, course closures, and integration of universities into the military-industrial complex under the Universities Accord.

Industrial Workers’ Struggles

Birmingham Refuse Workers: Over a year into indefinite strike action, Birmingham loaders and drivers opposed pay cuts up to £8,000 and abolition of safety roles, facing intimidation, court injunctions, agency labor, and £33 million council deployment to break the strike—backed by the Starmer government declaring a “major incident.”

Core analysis: This is a test case for Starmer’s austerity drive and labor bureaucracy’s capacity to contain conflict. The dispute can only be won through independent rank-and-file organization, democratic worker control of strategy, and national solidarity exposing government use of state power to enforce austerity.

USW Refinery Sellout: The United Steelworkers announced a tentative national agreement for 30,000 refinery workers offering 15% over four years with no binding protections against AI or job cuts; rank-and-file anger erupted over the perceived betrayal.

Core analysis: The WSWS denounced the USW bureaucracy’s sellout and called for immediate formation of elected rank-and-file refinery committees to reject the deal, coordinate national strike, and use union assets to sustain prolonged action.

Royal Mail: The Communication Worker Union’s Martin Walsh attacked rank-and-file initiatives calling for nationwide fightback against the Optimised Delivery Model and asset-stripping, collaborating with EP Group management.

German Public Transport: Verdi leadership limited warning strikes over pay and conditions, negotiating incremental deals rather than escalating militant potential.

Pattern of Bureaucratic Containment

Teachers’ Unions Suppress Resistance: Teachers’ union bureaucracies issued directives forbidding participation in anti-fascist walkouts and protests, framing suppression under “student safety” and contractual pretexts. 

Core analysis: Union bureaucracies act to preserve capitalist order by containing rank-and-file militancy and preventing cross-sector solidarity. Democratic rank-and-file committees are essential to defend educational professionals’ rights and broader anti-dictatorship mobilizations.

International Labour Developments

Mediterranean Dockworkers: Dockworkers across Mediterranean ports planned coordinated protests opposing use of port infrastructure for military logistics and arms shipments.

German Hospital Workers: Strikes and protests spread across regions over understaffing, wage stagnation, and cost-cutting as patient safety deteriorates.

University of Sheffield Lock-out: Management locked out staff adhering to action short of striking, withholding pay—an unprecedented enforcement of unpaid labor to punish industrial action.

V. Elite Criminality and Systemic Corruption

Epstein Files Expose Ruling Class Impunity

The DOJ released millions of Epstein-related documents revealing extensive elite contacts; the Trump White House sought to minimize revelations while DOJ downplayed prosecution prospects and redactions selectively protected prominent individuals. Materials implicated UK figures including Peter Mandelson and Prince Andrew, threatening Starmer’s “clean-government” stance.

Core analysis: The files expose systemic criminality and class impunity at capitalism’s summit. The ruling class protects its own through legal cover-ups and media manipulation. Justice cannot be delivered by capitalist courts or parties; accountability requires mass political mobilization of the working class and dismantling oligarchic power.

Financial Oligarchy and Fed Appointment

Wall Street figures rallied to secure Kevin Warsh’s nomination to lead the Federal Reserve, demonstrating fusion between state power and financial oligarchy. Central-bank appointments serve capitalist interests by stabilizing conditions for private profit rather than defending working-class living standards.

VI. Political Bankruptcy of Reformism

Colombian President Petro’s Capitulation

Colombian President Gustavo Petro visited the White House for talks with Trump days after military threats related to Venezuela, signaling sharp realignment with pledges of collaboration, intelligence sharing, and economic cooperation.

Core analysis: Petro’s capitulation confirms the bankruptcy of bourgeois nationalist “lefts” attempting reforms within imperialist frameworks. His turn toward Washington facilitates US neocolonial objectives and suppresses independent working-class alternatives.

Costa Rica Election

A Trump-aligned, right-of-centre candidate won Costa Rica’s presidency, displacing traditional pink-tide forces and marking electoral weakness of reformist nationalist-left projects.

Core analysis: This exposes the failure of nationalist or reformist regimes to defend working-class interests; only independent socialist politics rooted in the working class can offer an anti-imperialist alternative.

Conclusion

The week’s developments confirm the WSWS analysis: capitalism’s crisis is driving simultaneous escalation toward imperialist war, consolidation of authoritarian rule, intensification of austerity, and explosion of working-class resistance. The central political question is leadership: will struggles be contained and betrayed by union bureaucracies and bourgeois parties (including their pseudo-left appendages), or will workers build independent, democratically controlled rank-and-file committees capable of coordinating international resistance?

The necessity of the hour is the construction of an international socialist movement of the working class, organized independently of all capitalist parties and union apparatuses, and guided by the program and perspective of the International Committee of the Fourth International. Only such a movement—linking healthcare workers, educators, refinery workers, dockworkers, students, and immigrant communities across national boundaries—can halt the drive to dictatorship and war, defend democratic rights and living standards, and open the road to socialist transformation of society.​​​​​​​​​​​​​​​​

Political Report for the Week ending 07 February 2026 Read More »

Epstein

එප්ස්ටයින් ලිපිගොනු ඇමරිකානු කතිපයාධිකාරයේ සාපරාධීත්වය හෙළි කරයි

ජේකබ් ක්‍රොස් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 02 දින ‘Epstein files reveal criminality of American oligarchy’ යන හිසින් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Epstein
1997 අප්‍රේල් මාසයේදී නිව් යෝර්ක් නගරයේ පැවති වික්ටෝරියාස් සීක්‍රට් “දේවදූතයන්” සාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් (වමේ) ජෙෆ්රි එප්ස්ටයින් සහ බෙල්ජියම් නිරූපිකාවක් වන ඉන්ග්‍රිඩ් සයින්හේව් සමඟ. [ඡායාරූපය:  කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුව]

සිකුරාදා, අධිකරණ දෙපාර්තමේන්තුව මූල්‍යකරු සහ ලිංගික ජාවාරම්කරු ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ වීඩියෝ 2,000 කට වැඩි ප්‍රමාණයක් සහ පින්තූර 180,000 ක් ඇතුළුව ලේඛන මිලියන තුනකට වඩා නිකුත් කළේය.

මෙම ලේඛන, ලිංගික අපයෝජන සඳහා ළමයින් ජාවාරම් කරන ගණිකා සේවා ජාල පවත්වාගෙන ගිය එප්ස්ටයින්, ට්‍රම්ප්, වත්මන් ලෝකයේ ධනවත්ම මිනිසා (එලොන් මස්ක්) සහ ලෝකයේ හිටපු ධනවත්ම මිනිසා (බිල් ගේට්ස්) සමඟ සම්බන්ධ කරයි.

ලේඛනවල නම් කර ඇති අනෙක් අය අතර: එප්ස්ටයින් සමඟ ඡායාරූපවල දැක්වෙන සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳ නව ආලෝකයක් විහිදුවන විද්‍යුත් තැපැල් ලිපිවල පෙනී සිටින” හිටපු කුමරු ඇන්ඩෲ (“ආදිපාදවරයා-The Duke” ලෙස හඳුන්වනු ලැබේ); ඡායාරූප සහ සම්බන්ධතා ද්‍රව්‍යවල පෙනී සිටින බ්‍රිතාන්‍ය බිලියනපති  රිචඩ් බ්‍රැන්සන්; රැස්වීම් සහ රාත්‍රී භෝජන සංග්‍රහ පිළිබඳ කාලසටහන් සහ ලිපි හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හාවඩ් අධිපති ලෝරන්ස් සමර්ස්; 2008 දී වරදකරු වීමෙන් පසුව පවා එප්ස්ටයින්ගේ නිව්යෝර්ක් මන්දිරයේ රැඳී සිටි බව විස්තර කරන හිටපු ඊශ්‍රායල අගමැති එහුඩ් බරක් (Ehud Barak); සහ එප්ස්ටයින් විසින් ඔහුට කාන්තාවන් සැපයීමට කටයුතු කරන ආකාරය විස්තර කරන ඊමේල්වල ඇතුළත් “නිව්යෝර්ක් ජයන්ට්ස්” හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්.

අනෙක් අය අතර හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් සහ එප්ස්ටයින්ගේ සම්බන්ධතා පොත්, ගුවන් ගමන් ලොග් සහ අභ්‍යන්තර සන්නිවේදනයන් හි නම් ඇතුළත් වන, පුළුල් පරාසයක බිලියනපතියන්, මූල්‍යකරුවන්, කීර්තිමත් පුද්ගලයින් සහ නිලධාරීන් ඇතුළත් වේ. නම් කර ඇති සමහර  දෙනෙක් වරද ප්‍රතික්ෂේප කරන අතර අහඹු සම්බන්ධතා පමණක් පිළිගනිති. නමුත්, ලිපිගොනු එප්ස්ටයින්ගේ අපරාධ ව්‍යාපාරය වටා කක්ෂගතව සිටි තදින් අන්තර් සම්බන්ධිත ගෝලීය ප්‍රභූ පැලැන්තියක බියකරු චිත්‍රයක් සපයයි.

එප්ස්ටයින් දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ලිංගික ජාවාරම් මෙහෙයුමක් පවත්වාගෙන ගිය මූල්‍යකරුවෙකු වූ අතර, ඔහු සහ ඔහුගේ ධනවත් සහ බලවත් සහචරයින් සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් සැපයුවේය. 2008 දී ෆ්ලොරිඩාවේ ගණිකා සේවාව සඳහා බාලවයස්කරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු, එප්ස්ටයින්ට, පසුව ට්‍රම්ප්ගේ කම්කරු ලේකම් (ඇමති) ලෙස සේවය කළ ඇලෙක්ස් ඇකෝස්ටා විසින් පිළියෙළ කරන ලද වාසි සහගත ගනුදෙනුවක් පිරි නැමිණි.

නඩු පවරන්නන්, වින්දිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබියදීත්, මෙම ගනුදෙනුව මගින් එප්ස්ටයින්ට වැඩ සදහා නිදහස් කිරීමක් සහිතව ප්‍රාන්ත බන්ධනාගාරයක මාස 15 ක් රැඳවුමක් පමණක්  ලැබුණි. ඩේලි බීස්ට් හි 2019 වාර්තාවකට අනුව, ඇකෝස්ටා ට්‍රම්ප්ගේ සංක්‍රාන්ති නිලධාරීන්ට පැවසුවේ තමන් එම ගනුදෙනුව  සකස් කළේ “එප්ස්ටයින් ‘ඔහුගේ වැටුප් ශ්‍රේණියට වඩා ඉහළින්’ (‘අත ගැසීමට සුදුසු නොවන තරම් ඉහලින්) සිටින බැවින්  ඔහුට පසුබහින ලෙස ඔහුට කියා තුබූ” නිසා බවයි.” ඇකෝස්ටා මෙසේ පැවසූ බව වාර්තා වේ: “එප්ස්ටයින් ‘බුද්ධි අංශයට අයත්’ බවත් එය අත් හැර දමන ලෙසත් මට පැවසුවා.”

2019 ජූලි මාසයේදී ෆෙඩරල් ලිංගික ජාවාරම් චෝදනා මත එප්ස්ටයින් නැවතත් අත්අඩංගුවට ගන්නා ලදී. 2019 අගෝස්තු 10 වන දින මැන්හැටන්හි මෙට්‍රොපොලිටන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ ඔහුගේ සිර මැදිරිය තුළ ඔහු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. රජය සහ මාධ්‍ය කිසිදු බැරෑරුම් පරීක්ෂණයකින් තොරව වහාම එය සියදිවි නසාගැනීමක් ලෙස තීන්දු කළේය.

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත්, ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ව්‍යාපාරික නායකයින් අතර එප්ස්ටයින්ගේ සේවාදායකයින් කිසිවෙකු වරදකරුවන් කිරීම කෙසේ වෙතත්, ඔවුන් එක් අයෙකුටවත් එරෙහිව චෝදනාවක් වත් එල්ල වී නැත.

ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට විශාලතම තනි පරිත්‍යාගශීලියා වන මස්ක් ගේ නම නිකුතුව පුරාම දැකිය හැකි අතර, ඔහුගේ නම 1,000 වතාවකට වඩා සඳහන් වී ඇත. බාලවයස්කරුවන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එප්ස්ටයින් වරද පිළිගෙන තිබීයදීත්, ඉන් වසර හතරකට පසු 2012 නොවැම්බර් මාසයේදී,   මස්ක් ඔහුට විද්‍යුත් තැපෑලක් යවමින්, “ඔබේ දිවයිනේ පවත්වන පිස්සුම දිවා/රාත්‍රි සාදය කවදා  වේවිද?” යනුවෙන් විමසීය.

2013 දෙසැම්බර් මාසයේදී, මස්ක් නැවතත් එප්ස්ටයින් හමුවීමට උත්සාහ කරමින්, “නිවාඩු සමය තුළ (මම) BVI/St. Bart’s ප්‍රදේශයේ සිටිනු ඇත. මුණගැසීමට හොද අවස්ථාවක් තිබේද?” යනුවෙන් ලිවීය. එප්ස්ටයින් ප්‍රතිචාර දැක්වූයේ, “මම ඔබ වෙනුවෙන් හෙලිකොප්ටරයක් එවන්නම්.” එප්ස්ටයින්, මස්ක් සහ එප්ස්ටයින්ගේ සහායක ලෙස්ලි ග්‍රොෆ් අතර පසුකාලීන ඊමේල් මගින් 2014 ජනවාරි මස මුලදී දිවයිනට යන ගමන් සම්බන්ධයෙන් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පෙන්නුම් කෙරේ.

මෙම ඊමේල්, 2019 දී Vanity Fair වෙත මස්ක් කළ ප්‍රකාශයට පටහැනි වන අතර, එහිදී ඔහු එප්ස්ටයින්ගේ දූපතට එන ලෙස වූ නැවත නැවත ආරාධනා ඔහු “ප්‍රතික්ෂේප කළ” බවත් කිසි විටෙකත් සංචාරය නොකළ බවත් සඳහන් කරයි. ගිය සති අන්තයේ දී, මස්ක් ඊමේල් වාර්තා “ව්‍යාජ” ලෙසත්, ලිපිගොනු “අවධානය වෙනතකට යොමු කිරීමක්” ලෙසත් හෙළා දුටුවේය.

ගේට්ස් ද කැපී පෙනෙන ලෙස පෙනී සිටියි. 2013 දී ඇති එක් විද්‍යුත් මේල් පණිවිඩයක, එප්ස්ටීන් ගේට්ස්ව බ්ලැක්මේල් කිරීමට උත්සාහ කළ බව පෙනෙයි. 

එහිදී ගේට්ස්ගේ ලිංගාශ්‍රිත රෝගය පිළිබඳ විද්‍යුත් තැපැල් මකා දැමීමට කිරීමේ ඉල්ලීම්, මෙලින්ඩා ගේට්ස්ට රහසිගතව ලබා දීමට එප්ස්ටීන්ගෙන්  ප්‍රතිජීවක ඖෂධ සඳහා ඉල්ලීම් සහ පැහැදිලි ලිංගික විස්තර සඳහන් කර ඇත. ඩොලර් මිලියන ගණනක් දෙන ලෙසත් ඔහු වෙනුවෙන් නිවසක් මිලදී ගැනීමටත් එප්ස්ටයින් ගේට්ස්ට යෝජනා කළේය. මෙලින්ඩා ගේට්ස් පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇගේ දික්කසාදය සිදු වූයේ ඇගේ සැමියා එප්ස්ටයින් සමඟ පැවැත්වූ සම්බන්ධය නිසා බවයි. එහිදී ඇය එප්ස්ටයින් “දුෂ්ට” ලෙස විස්තර කළාය. 

2008 දී එප්ස්ටයින් වරදකරු වී වසර ගණනාවකට පසුවත්, ලිංගික සබඳතා සඳහා කාන්තාවන් ලබා ගැනීම සඳහා එප්ස්ටයින්ගේ උදව් ඉල්ලා සිටින New York Giants හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්ගේ ඊමේල්ද ලිපිගොනු අතර වේ. ලිපි හුවමාරුවලින් හෙළි වන්නේ එප්ස්ටයින් ප්‍රභූ සේවාදායකයින්ගේ දැනුම ඇතිව ජාවාරමේ ක්‍රියාකාරීව නිරත වූ බවයි. ටිෂ් යනු නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි විසින් නැවත පත් කරන ලද NYPD (නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තු) කොමසාරිස් ජෙසිකා ටිෂ්ගේ ඥාති සහෝදරයෙකි.

ලිපිගොනු එප්ස්ටයින්ගේ ජාලයේ ජාත්‍යන්තර විෂය පථය අවධාරණය කරයි. අලුතින් නිකුත් කරන ලද ඡායාරූපවලින් පෙනී යන්නේ කලින් ඇන්ඩෲ කුමරු වූ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, මුහුණ වසන ලද තරුණ කාන්තාවකගේ සිරුරට ඉහලින් බරවී සිටින ආකාරයයි. බ්‍රිතාන්‍යයේ, New Labour හි ප්‍රධාන නිර්මාතෲ වරයෙක් වන පීටර් මැන්ඩෙල්සන්ට, එප්ස්ටයින්ගෙන් ඩොලර් 25,000 ගෙවීම් තුනක් ලැබුණු බව හෙළි වීමෙන් පසු පක්ෂ භූමිකාවකින් ඉල්ලා අස්විය.

Epstein1
එප්ස්ටයින් ලිපිගොනුවල කොටසක් ලෙස අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම ඡායාරූප සමූහයේ, කලින් ඇන්ඩෲ කුමරු වූ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, නාඳුනන කාන්තාවක් මත වකුටු වී සිටී. [ඡායාරූපය: කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුව]

වාණිජ ලේකම්(ඇමති) හොවාර්ඩ් ලුට්නික් ද එප්ස්ටයින් ගෙන් දුරස්ථ වීමට උත්සාහ කළ අතර, එප්ස්ටයින්ගේ මහල් නිවාසයේ “සම්බාහන මේසයක්” දැකීමෙන් පසු 2005 දී ඔහු සබඳතා කපා දැමූ බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, ඊමේල් මගින් පෙන්නුම් කරන්නේ ලුට්නික් 2012 අගභාගයේදී තරම් , එනම් (එප්ස්ටයින්) වරදකරු වීමෙන් පසුව ද, එප්ස්ටයින් සමඟ ලිපි හුවමාරු කර ගත් බවයි. 2012 දෙසැම්බර් මාසයේ එක් විද්‍යුත් තැපෑලකට අනුව, ලුට්නික් තම පවුලේ අය සහ වයස අවුරුදු හතේ සිට 16 දක්වා දරුවන් සමඟ සංචාරය කරමින් සිටියදී කැරිබියන් වල රාත්‍රී භෝජන සැලසුම් සම්බන්ධීකරණය කළේය.

සමස්ත ආන්ඩු, බැංකු සහ සමාගම් පවත්වාගෙන යන මෙම බලගතු පුද්ගලයින් කියා සිටින්නේ එප්ස්ටයින් යනු කවුරුන්දැයි (සැබෑ ස්වභාවය) තමන් දැන නොසිටි බවයි. මොන මනස්ගාතයක් ද, හැමෝම දැන සිටියා! ඔහුගේ සම්බන්ධතාවල දැවැන්ත පරිමාණය, ඔහුගේ ජාලයේ අසාමාන්‍ය ප්‍රවේශය/පැතිරි දුර, පාලක පන්තියේම ස්වභාවය ගැන හෙළිදරව් කරයි.

ලේඛන නිකුත් කෙරුනද, නිකුත් කරන ලද දේ සහ කුමන තොරතුරු ඉවත්කර (redact) ඇත්ද යන්න ඇතුළුව, සෑම අංගයක්ම වංචාවෙන් ආවරණය වී ඇත. සිකුරාදා සවස එප්ස්ටයින්ගේ වින්දිතයින් 20 දෙනෙකු විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක, අත්සන් කරන්නන් මෙසේ ලිවීය: “ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වල මෙම නවතම නිකුතුව විනිවිදභාවයක් ලෙස අලෙවි කරනු ලැබේ, නමුත් එය ඇත්ත වශයෙන්ම කරන්නේ වින්දිතයන් හෙළිදරව් කිරීමයි. නැවත වරක්, වින්දිතයන් ගේ නම් සහ හඳුනාගැනීමේ තොරතුරු හෙළිදරව් කරමින් පවතින  අතර, අපව අපයෝජනය කළ පිරිමින් සඟවා ආරක්ෂා කර ඇත.”

වඩාත් මූලික දේශපාලන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන අතර, එය පාලක පන්තිය අතේ පැවතුනහොත්, දිගටම පිළිතුරු නොලැබෙනු ඇත. එප්ස්ටයින් ස්වාධීන ක්‍රියාකරුවෙකු නොවීය. ඔහු සේවය කළේ කාගේ අවශ්‍යතා සඳහාද? ඔහු සීඅයිඒ, මොසාඩ් හෝ වෙනත් බුද්ධි ආයතනයක් සඳහා සේවය කළේද? එප්ස්ටයින් “බුද්ධි අංශයට අයත්” බවට ඇකෝස්ටා කළ ප්‍රකාශය කිසි විටෙකත් විමර්ශනය කර නොමැත.

සම්බන්ධ වූ නිශ්චිත පුද්ගලයින්ට අමතරව, එප්ස්ටයින් අපචාරය සමාජ පන්තියක ස්වභාවය හෙළි කරයි. ඇමරිකානු කතිපයාධිකාරය පරපෝෂිතභාවය, සමපේක්ෂනය සහ වංචාව හරහා තම ධනය රැස් කරගෙන ඇත. එය, එහි සමාජ පැවැත්ම තුළ, අත්පත් කර ගැනීමේ ආකාරය තුල, ඇමරිකානු දේශපාලනයේ මුදුනේ ලැග සිටින අපරාධකාරී පන්තියකි. එහි ධනය, මූල්‍ය උපාමාරු, සංගතවල වංචා, යුද ලාභ ලැබීම සහ බිලියන සංඛ්‍යාත ජනතාව සූරාකෑමේ ප්‍රතිඵලයකි.

කතිපයාධිකාරය තමන් නීතියට ඉහළින් සිටින බවට වන හැඟීමක් දරා සිටී. ට්‍රම්ප් යනු මෙම පන්තියේ පුද්ගලාරෝපණයයි–ඔහු නිර්ලජ්ජිත ලෙස අපරාධකාරී, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අපහාස කරන, විවෘතව ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වය උසිගන්වන සහ යුද්ධයට කුමන්ත්‍රණය කරන අයෙකි. ඔහුගේ පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගැම්මකට නැති කඩදාසි කැබැල්ලක් ලෙස සලකන අතර ජාත්‍යන්තර නීතිය අදාළ නොවේ යයි සලකයි. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වචන වලින් කිවහොත්, “නිරපේක්ෂ දණ්ඩමුක්තිය” සහිතව, පුරවැසියන් හෝ පුරවැසියන් නොවන පුද්ගලයින් ඝාතනය කිරීමේ අයිතිය එය ප්‍රකාශ කරයි.

ඇමරිකානු පාලක පන්තිය දේශපාලනික, සමාජීය, නීතිමය සහ සදාචාරාත්මක පරිහානියක ගිලී සිටී. එප්ස්ටයින් අපචාරය එයට කැඩපතක් ඔසවා තබයි. 

එප්ස්ටයින් ලිපිගොනු ඇමරිකානු කතිපයාධිකාරයේ සාපරාධීත්වය හෙළි කරයි Read More »

Scroll to Top