Author name: thesocialist

218FACE1 64C4 404F A2AE 5C40178B21E8

The Socialist සඟරාව දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික අර්ථභාරය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කණ්ඩායම වන ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය.

මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 21 දින ඉංග්‍රීසි බසින් thesocialist.lk හි පළ විය. 

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් ප්‍රකාශයට පත් කරන මාසික ඩිජිටල් සඟරාව වන “The Socialist”, දකුණු ආසියාවේ විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ දේශපාලනික වශයෙන් වැදගත් වර්ධනයක් නියෝජනය කරයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක/ICFI) ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරිදර්ශනය පිළිබඳ සවිඥානික ප්‍රකාශයක් වන අතර ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයට වල කපමින් පැවති ජාතිකවාදී සහ අවස්ථාවාදී භාවිතයන්ගෙන් තීරණාත්මක ලෙස බිඳී යාමක් සනිටුහන් කරයි.

SLLA මුහුණ දෙන කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ICFI හි ගෝලීය සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා අරගල කිරීමයි. 2023 මාර්තු 11 වන දින thesocialist.lk දියත් කිරීම, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වර්ධනයන් පිළිබඳ සංගත මාක්ස්වාදී විශ්ලේෂණයන් වර්ධනය කිරීමේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලධර්ම හා වැඩ පිළිවෙළ (program) පිළිබඳව කම්කරුවන් සහ තරුණයින් උගන්වා ගැනීමේ ආරම්භක පියවරක් විය. 2024 ජූලි මාසයේදී සසප-වාම කණ්ඩායමේ භේදයෙන් සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය ආරක්ෂා කිරීම අතහැර දැමූ ජාතිකවාදී කන්ඩායම නෙරපා හැරීමෙන් පසුව, thesocialist.lk, SLLA හි න්‍යායික හඬ බවට පත්විය. 2025 ඔක්තෝම්බර් මාසයේදී The Socialist සඟරාව එළි දැක්වීම මෙම කාර්යයේ වැඩිදුර දේශපාලනික හා න්‍යායික පරිණාමය නියෝජනය කරයි. වෙබ් අඩවියෙන් ඔබ්බට ගිය වර්ධනයක් ලෙස, සඟරාව ICFI හි ඉදිරිදර්ශන විස්තාරණය කිරීම සඳහා ව්‍යුහගත හා මාසිකව සකස් කෙරෙන වේදිකාවක් සපයන අතර නාගරික කම්කරු පන්තිය, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර ඒවායේ ප්‍රවේශය පුළුල් කරයි. එය හුදෙක් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී සමාජවාදී නායකත්වය ගොඩනැගීමේ සටනේ අඛණ්ඩතාවය පමණක් නොව, එහි ගැඹුරු වීමක් පෙන්නුම් කරන අතර, එය ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර අරගලයට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත.

The Socialist යනු හුදෙක් නව ප්‍රකාශනයක් නොවේ. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදය සඳහා වන සටන ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරණය කරන ලද ගෝලීය විප්ලවවාදී මූලෝපාය (strategy) තුළ පදනම් විය යුතු බවට පිළිගැනීම තුළ මුල් බැසගත් ජාත්‍යන්තරවාදී මාක්ස්වාදී දිශානතියක ස්ඵටිකීකරණය එය නියෝජනය කරයි. පැබ්ලෝවාදයට සහ සියලු ආකාරයේ ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික පාඩම් මත පදනම්ව, ට්‍රොට්ස්කිවාදී දේශපාලන වැඩ පිළිවෙළ නැවත ස්ථාපිත කිරීම සහ න්‍යායික පැහැදිලිකම, පන්ති ස්වාධීනත්වය සහ විප්ලවවාදී ශුභවාදී බව සමඟ පන්ති අරගලයට මැදිහත් වීම SLLA හි සවිඥානික උත්සාහය යි.

ඓතිහාසික අඛණ්ඩතාව: ලෝසවෙඅ සිට The Socialist දක්වා

The Socialist දියත් කිරීම ඓතිහාසිකව හා දේශපාලනිකව 1998 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර කමිටුව විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ/WSWS) ආරම්භ කිරීම හා සම්බන්ධ වේ. ඒ අවස්ථාවේ ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කළ පරිදි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හුදෙක් නව ප්‍රකාශනයක් නොව, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයෙන් මතුවූ ගැඹුරු න්‍යායික හා දේශපාලනික පැහැදිලි කිරීමක ප්‍රතිඵලයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය බිහි වූයේ ධනේශ්වර නිෂ්පාදනයේ භූගෝලීයකරණය–ලෝක ආර්ථිකය තනි නිෂ්පාදන පද්ධතියකට ඒකාබද්ධ කිරීම–සියලු ජාතික වශයෙන් සීමිත දේශපාලන වැඩ පිළිවෙළවල් ප්‍රතිගාමී හා යල් පැන ගිය බවට හඳුනා ගැනීමෙනි. ගෝලීයකරණය වූ ධනවාදයේ යුගයට, සියලු ජාතික සීමාවන් හරහා කම්කරුවන්ගේ අරගල මෙහෙයවීමට හැකියාව ඇති, තනි ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් සහ වැඩ පිළිවෙළකින් එක්සත් වූ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයක් ගොඩනැගීම අවශ්‍ය විය. ජාතික බෙදාහැරීමේ සීමාවන් මගින් සීමා කරන ලද පක්ෂ මුද්‍රණාලයේ මුද්‍රිත සාම්ප්‍රදායික ආකාර, මෙම නව ඓතිහාසික අවධියට ප්‍රමාණවත් නොවීය. ගෝලීය සන්නිවේදනයේ වඩාත්ම දියුණු මාධ්‍යය ලෙස අන්තර්ජාලය, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ළඟා වීමට, අධ්‍යාපනය ලබා දීමට සහ දේශපාලනිකව එක්සත් කිරීමට බලගතු මෙවලමක් ICFI වෙත ලබා දුන්නේය.

The Socialist ඩිජිටල් සඟරාවක් ලෙස දියත් කිරීමට SLLA ගත් තීරණය මෙම ජාත්‍යන්තරවාදී දිශානතිය තුල පිහිටා සිටීමක් වන අතර එය පුළුල් කරයි. මාක්ස්වාදී න්‍යාය, ඓතිහාසික විශ්ලේෂණය සහ විප්ලවවාදී මූලෝපාය කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල්ම ස්ථර–විශේෂයෙන් ද්‍රව්‍යමය සම්පත් අහිමි වීම, භාෂාමය බාධක සහ ස්ටැලින්වාදය, මාඕවාදය සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ දශක ගණනාවක් තිස්සේ පාවාදීම් හේතුවෙන් දේශපාලන අධ්‍යාපනයෙන් හුදකලා වූ අය–වෙත ගෙන යාම සඳහා වඩාත්ම දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමේ අධිෂ්ඨානය එය ප්‍රකාශ කරයි.

ඩිජිටල් ආකෘතියේ දේශපාලන අර්ථය

The Socialist හි ඩිජිටල් PDF (portable document format) හෝ වෙනත් විද්‍යුත් පොත් (e-book) ආකෘතියක් හුදෙක් තාක්ෂණික පහසුවක් පමණක් නොව ගැඹුරු සමාජ හා තාක්ෂණික පරිවර්තනයන්ට අනුරූප වීමක් වේ. එය මුල් බැස ඇත්තේ සන්නිවේදනයේ සහ පන්ති අරගලයේ ද්‍රව්‍යමය තත්වයන්හි වෛෂයික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තුළ ය.

පසුගිය දශකය තුළ, ජංගම අන්තර්ජාල තාක්ෂණය සහ ස්මාර්ට්ෆෝන් පැතිරීම ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු සමාජය තුළ ගැඹුරින් සිදුවී තිබේ. දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පවා, කම්කරු පන්තියේ මව්වරු, සිසුහු සහ ග්‍රාමීය තරුණයෝ ඇතුළු මිලියන ගණනක් නිතිපතා WhatsApp සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා හරහා ඩිජිටල් ලේඛන වෙත ප්‍රවේශ වී බෙදා ගනිති. අධ්‍යාපනික ද්‍රව්‍ය, රජයේ ලේඛන, පුවත්පත් සහ ක්ෂණික ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් ඩිජිටල් ආකාරයෙන් සංසරණය වේ. මෙය හුදෙක් තාක්ෂණික වෙනසක් නොව, තොරතුරු සහ අදහස් බෙදා හැරීමේ සහ විඥානය ගොඩනඟන මාධ්‍යවල පරිවර්තනයක් නියෝජනය කරයි.

මෙම වර්ධනය, ICFI වැඩපිළිවෙළ සෘජුවම කම්කරුවන්, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව වෙත ගෙන යාම සඳහා SLLA වෙත ද්‍රව්‍යමය පදනම සපයයි. භූගෝලීය බාධක, දරිද්‍රතාවය, සේවා ස්ථාන සීමාවන් සහ සාම්ප්‍රදායික මුද්‍රිත බෙදාහැරීමේ ජාලවල සීමාවන් සහ ඉහළ පිරිවැය ජය ගනිමින්, දහස් ගණනකට The Socialist ක්ෂණිකව කියවා බෙදා ගත හැකිය. ධනේශ්වර ජාතිකවාදය, ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන් සහ වාර්ගික දේශපාලනය විසින් දශක ගණනාවක් තිස්සේ දේශපාලනිකව ආධිපත්‍යය දරන සමාජ ස්ථර වෙත ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී වැඩ පිළිවෙළ ළඟා කිරීමේ හැකියාව එය නිර්මාණය කරයි.

කෙසේ වෙතත්,  එය ධනේශ්වරයේ පාලනය යටතේ පවතින තුරු තාක්‍ෂණයම දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ නොවන බව අවධාරණය කළ යුතුය. ඩිජිටල් සන්නිවේදනයේ ව්‍යාප්තිය ධනේශ්වර වර්ධනයේ නිෂ්පාදනයකි– එය, ධනවාදය යටතේ මිනිස් ශ්‍රමය විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය නිෂ්පාදන බලවේගවල ප්‍රකාශනයකි. නමුත් අතිමහත් ප්‍රගතිශීලී විභවයක් දරන මෙම බලවේගම ධනේශ්වර ක්‍රමය තුළ සිරගතව සිටින අතර එහි අවශ්‍යතා සඳහා සේවය කරයි. තාක්‍ෂණයේ විප්ලවීය භාවිතය සඳහා මාක්ස්වාදී න්‍යාය සහ කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා සඳහා වන අරගලය මත පදනම් වූ සවිඥානික දේශපාලන හැසිරවීමක් අවශ්‍ය වේ.

මේ සම්බන්ධයෙන් The Socialist පුවත්පත දැවැන්ත දේශපාලන අර්ථභාරයක් දරයි: එය ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙළේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව දැනුවත් කිරීම සහ බලමුලු ගැන්වීම සිදු කරයි. එසේ කිරීමෙන්, එය SLLA හි කේන්ද්‍රීය මූලෝපායික කර්තව්‍යය–විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප/SEP) ගොඩනැගීම–නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය තරුණයින්, ගොවි ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර1 අතර නිර්ධන පන්තියේ නායකත්වය යටතේ සවිඥානික විප්ලවවාදී සන්ධානයක් (alliance) ඇති කිරීම මගින් සෘජුවම ඉදිරියට ගෙන යයි.

නායකත්වයේ අර්බුදය සහ විකොස/සසප අසාර්ථකත්වය

The Socialist දියත් කිරීම සමාජවාදී සමානතා පක්ෂයේ සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස/RCL) ඓතිහාසික අත්දැකීම් තුළ—සියල්ලටත් වඩා, කම්කරු පන්තිය තුළ මුල් බැසගත් සහ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී වැඩසටහනට දිනා ගැනීමට සමත් සැබෑ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට ඔවුන් අසමත් වීම තුළ–ස්ථානගත කළ යුතුය. දේශපාලන පසුබැසීම් (retreats) සහ අවස්ථාවාදී අනුගතවීම් (adaptations) තුළ මුල් බැසගත් මෙම ඓතිහාසික ඌනතාව, ව්‍යාපාරයේ මාක්ස්වාදී පදනම් නැවත ස්ථාපිත කිරීම සහ විප්ලවවාදී නායකත්වයේ කාර්යයන් සඳහා නව පරම්පරාවක් සූදානම් කිරීම පිණිස මෙවලමක් ලෙස The Socialist හි තීරණාත්මක වැදගත්කම අවධාරණය කරයි.

දකුණේ මහජන තරුණ නැගිටීම්, උතුරු හා නැගෙනහිර සිවිල් යුද්ධය සහ රාජ්‍ය භීෂණය මගින් සලකුණු කරන ලද 1987-1990 තීරනාත්මක කාල පරිච්ඡේදයේදී, විකොස තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නේය. ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර වැඩපිළිවෙල නිළ වශයෙන් ආරක්ෂා කළද, රැඩිකලීකරණය වූ  සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ස්ථර ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙලට දිනා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා සංවිධානාත්මක මූලෝපාය වර්ධනය කිරීමට පක්ෂය අසමත් විය.

මෙම අසමත් වීම ප්‍රධාන වශයෙන් උපායමාර්ගික (tactical) දෝෂ හෝ ප්‍රමාණවත් නොවන සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. එය ජාතික දේශපාලනයේ රාමුවට ගැඹුරු තත්ත්කාර්‍යවාදී අනුගත වීමකින් සහ පසුගාමී රටවලින් සමන්විත  කලාපයක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ විප්ලවවාදී ධාරිතාව පිළිබඳ මූලික සංශයකින් ගලා ආ, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මගින් ඒවාට එරෙහිව විස්තාරණය කරන ලද පැරණි මෙන්ෂෙවික් සංකල්ප දෙසට ආපසු යාමකි. පක්ෂ නායකත්වයේ භාවිතයන් පෙන්නුම් කළේ, ශ්‍රී ලංකාව වැනි පසුගාමී, ධනේශ්වර සංවර්ධනය  ප්‍රමාද වූ රටක කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී විප්ලවයට නායකත්වය දිය හැකි බවට වූ ඉදිරිදර්ශනය සඑල ලෙස අතහැර දමා, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ හෝ වැනි රටක කම්කරුවන් බලය අල්ලා ගැනීමට පෙර දියුණු ධනේශ්වර මධ්‍යස්ථානවල සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන් ජයග්‍රහණය කළ යුතු බවට වන උදාසීන අපේක්ෂාවකින් එය ප්‍රතිස්ථාපනය කිරීමය–එනම් අධිරාජ්‍යවාදය යටතේ ඒකාබද්ධ හා අසමාන සංවර්ධනය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය හරහා ට්‍රොට්ස්කි තීරණාත්මකව නිෂ්ප්‍රභා කළ පූර්ව-1905  සැලැස්ම කරා පසුබෑමකි.

රුසියානු විප්ලවයේ අත්දැකීම් සහ යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අරගල මගින් සත්‍යාපනය කරන ලද නොනවතින  විප්ලවයේ න්‍යාය, ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ, ඓතිහාසිකව ධනේශ්වර විප්ලවයන් සමඟ සම්බන්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික කාර්යයන් සාක්ෂාත් කරගත නොහැකි බව තහවුරු කරයි. එවැනි රටවල ධනේශ්වරය ඓතිහාසික වේදිකාවට පැමිණෙන්නේ ප්‍රමාද වී, අධිරාජ්‍යවාදයට හුය පට දහසකින් බැඳී, කම්කරු පන්තියේ සහ ගොවීන්ගේ විප්ලවීය බලමුලු ගැන්වීමට බියෙනි. ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජනතාව මෙහෙයවමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය ජාත්‍යන්තර පරිමාණයෙන් සමාජවාදය සඳහා වන සටනට සම්බන්ධ කරන කම්කරු පන්තියට පමණක් සමාජය මුහුණ දෙන මූලික ගැටලු විසඳිය හැකිය.

රැඩිකලීකරණය වූ සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් කෙරෙහි විධිමත්ව නැඹුරු වීමට විකොස අසමත් වීම, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපෙ/JVP) සහ උතුරේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE)2 සංවිධානය වැනි සුලු ධනේශ්වර ව්‍යාපාර විසින් ආධිපත්‍යය දරන ජාතිකවාදී දේශපාලන වාතාවරණයට ප්‍රතිපත්ති විරහිතව අනුගත වීමෙන් ගලා ආවේය. සිංහල ස්වෝත්තමවාදය කම්කරු පන්තිය කෙරෙහි ප්‍රචණ්ඩ සතුරුකම සමඟ ඒකාබද්ධ කරමින්, ජනතා විමුක්ති පෙරමුණ, දිශානතිහරිත සහ රැඩිකලීකෘත ග්‍රාමීය සිංහල තරුණයින් අතර මහජන පදනමක් ගොඩනගා ගැනීමට සමත් වූයේම, නිශ්චිතවම, මෙම ස්ථර වෙත විකොසට තිරසාර දිශානතියක් හෝ ප්‍රවේශයක් නොතිබූ බැවිනි3. 1983 සිට4, උතුරේත්, දකුණේත් ශ්‍රී ලංකා දේශපාලනය සහ පන්ති අරගලය මත–කම්කරු පන්තිය බෙදීමට, සමාජය මිලිටරිකරණය කිරීමට සහ ස්වාධීන නිර්ධන පන්ති අරගලය මර්දනය කිරීමට ධනේශ්වරය ගසා කන ලද–නොවිසඳුනු දෙමළ ජාතික ප්‍රශ්නය වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන ලද අතර මැදිහත් වීම සිදු විය. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ධනේශ්වර-ජාතිකවාදී ව්‍යාපාරවලට අනුගත වීමට බලපෑම් කළ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී අනුග්‍රහය යටතේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල LTTE සංවිධානය කෙරෙහි RCL මුලින් අනුවේදතාවයෙන්  (Sympathy) කටයුතු කිරීම දෙමළ තරුණයින්ව දේශපාලනිකව පාවාදීමක් විය. දෙමළ ජනතාවගේ ජාතික ස්වයං නිර්ණය සඳහා ‘විමුක්ති ව්‍යාපාරයක්’ නියෝජනය කරන බවට වූ LTTE සංවිධානයේ කියාපෑම අනුමත කිරීමෙන් සහ වෙනම දෙමළ ඊලමකට සහාය දීමෙන්, RCL පීඩිත දෙමළ තරුණයින්ට දිය යුතුව තිබූ නායකත්වය ධනේශ්වර වැඩ පිළිවෙළක් සඳහා සටන් කළ සුලු ධනේශ්වර-ජාතිකවාදී සංවිධානයක් අතට භාර දුන්නේය. WRP විසින් LTTE ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය, LTTE සහ අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල දේශපාලනය පිළිබඳව කිසිදු විශ්ලේශනයෙන් සිදු කිරීමෙන් RCL වලක්වන ලද අතර එය දෙමළ තරුණයින් අතර LTTE බලපෑම ශක්තිමත් කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම දේශපාලන ආස්ථානයන් උතුරේ දෙමළ තරුණයින් විප්ලවවාදී පක්ෂයට දිනා ගැනීමට RCL අසමත් වීමට හේතු වූ අතර, අනෙක් අතට, ජවිපෙට සම්බන්ධ වූ දකුණේ සිංහල ග්‍රාමීය තරුණයින්ගේ කෝපයට නතු වීමට හේතු විය. 1990 දශකයේ මුල් භාගයේදී, සසප නායකත්වය–1986 ට පෙර ස්ථාවරයෙන් අංශක 180 ක හැරීමක් වූ–බෙදුම්වාදයට සහාය දීම ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කිරීම, ජාතීන්ගේ ‘ස්වයං නිර්ණ අයිතිය’ ආරක්ෂා කිරීම අතහැර දැමීමක් ලෙස නොමඟ යවන සුළු ලෙස ප්‍රකාශ කළ අතර, එමඟින් පීඩිත දෙමළ ජනතාවගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ අත්‍යවශ්‍ය අන්තර්ගතය ක්‍රියාකාරී ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙය, ජාතික ප්‍රශ්නය විසඳීමට නායකත්වය දිය හැකි විප්ලවවාදී පක්ෂයක් ලෙස, දෙමළ තරුණයින්, දුප්පතුන් සහ වැඩ කරන ජනතාව සසප කෙරෙහි ඇති විශ්වාසය අහිමි කිරීම තවදුරටත් තහවුරු කළේය.

මෙම ද්විත්ව අසාර්ථකත්වය–ග්‍රාමීය සිංහල තරුණයන් තුළට විනිවිද යාමට නොහැකිවීම සහ දෙමළ ධනේශ්වර ජාතිකවාදයට යටත් වීම–නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ LTTE ට එරෙහිව දේශපාලනිකව සටන් කිරීමට විකොසට නොහැකි වූ අතර, එමඟින්, ව්‍යාපාර දෙකටම විකොස එහි විප්ලවවාදී කර්තව්‍යයන්ගෙන් පසුබැසීමෙන් ඇති වූ රික්තය පිරවීමට ඉඩ හ්ප්‍රස්ථාව සැලසුණි. එහි ප්‍රතිවිපාක ලේ වැකි සහ ආපසු හැරවිය නොහැකි ඒවා විය. 1990 දශකයේ මුල් භාගයේ සිට, කම්කරු පන්තියේ නාගරික කොටස් මත පටු ලෙස සංකේන්ද්‍රණය වූ සසප සීමිත මැදිහත්වීම් කම්කරු පන්තිය තුළ මහජන පදනමක් ඒකරාශි කිරීමට බොහෝ දුරට ප්‍රමාණවත් නොවූ බැවින්, මෙම අර්බුදය ගැඹුරු විය. ජවිපෙ ෆැසිස්ට්වාදයේ සහ රාජ්‍ය භීෂණයේ කම්පන සහගත උරුමය, සෝවියට් සංගමයේ ධනේශ්වර පුනස්ථාපනයේ දැවැන්ත ගෝලීය බලපෑම, කම්කරු පන්තිය වාර්ගික රේඛා මත ධ්‍රැවීකරණය කිරීමට ධනේශ්වරය භාවිතා කළ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය, තරුණ පරම්පරාවක් අවමංගත කළ පශ්චාත්-නූතන සහ මාක්ස්වාද-විරෝධී ප්‍රවනතා ශාස්ත්‍රාලීය ක්ෂේත්‍රය තුළ නැගීම, සුලු ධනේශ්වර ව්‍යාජ-වාම ප්‍රවණතා වල මතුවීම සහ වැඩි වර්ධනය වන බලපෑම සහ, මැතිවරණ සහ පාර්ලිමේන්තු උපාමාරු හරහා ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් මත ධනේශ්වර ජාතිකවාදී සහ වාර්ගික පක්ෂ තහවුරු වීම යන මේ සියලු ක්‍රියාවලීන් සසප නායකත්වය තවදුරටත් හුදකලා කර අධෛර්යමත් කළ අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පාන්තික තරුණයින් මාක්ස්වාදයේ වැඩසටහනට දිනා ගැනීමේ හැකියාව පිළිබඳ දේශපාලන විශ්වාසයක් අහිමි වීමට හේතු විය. එමඟින් කම්කරු පන්තියේ සහ පීඩිතයින්ගේ මහජන ව්‍යාපාරයෙන් එය ඈත් වීම වේගවත් විය.5

සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ ඓතිහාසික උරුමය සහ FI තුළ එහි පීඩනය

විකොස හි සහ පසුව සසප හි මෙම පසුබැසීම, හතරවන ජාත්‍යන්තරය (FI) තුළම සංශෝධනවාදය (revisionism) සඳහා පදනම සකස් කළ පුළුල් ලෝක ඓතිහාසික ක්‍රියාවලිය තුළ විශ්ලේෂණය කළ යුතුය.

විසිවන සියවසේ තුන්වන දශකයේ සිට, ජාත්‍යන්තර කම්කරු පන්තිය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ටැලින්වාදයේ පාවාදීම්වලින් පැන නැඟුණු ව්‍යසනකාරී පරාජයන් මාලාවකට මුහුණ දුන්නේය: 1914 අගෝස්තුවේ යුද වියදම් සඳහා ඡන්දය දීමෙන් ආරම්භ වී 1918-1919 ජර්මානු නොවැම්බර් විප්ලවය රුධිරයෙන් ගිල්වා දැමීමෙන් කූටප්‍රාප්තියට පත් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාවාදීම; 1923 ජර්මානු විප්ලවයේ අසාර්ථකත්වය; 1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනයේ පරාජය; 1927 චීන විප්ලවයේ විනාශකාරී පාවාදීම; සහ සියල්ලටත් වඩා–ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් බවට නියත පරිවර්තනයක් සනිටුහන් කළ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ අවශ්‍යතාව උත්ගත කළ පරාජයක් වූ–1933 ජනවාරි මාසයේදී හිට්ලර් බලයට පත්වීම. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය තුළ, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි ඇති කරගත් ගිවිසුම්, මාෂල් සැලැස්ම සහ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය හරහා ලෝක ධනවාදය තාවකාලිකව නැවත ස්ථාවර වීමක් දක්නට ලැබුණි. මෙය යටත් විජිත ලෝකය පුරා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර සහ සුලු ධනේශ්වර රැඩිකල් ප්‍රවණතා සඳහා මෙහෙයුම් ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් කළේය.  නාගරික නිර්ධන පන්තිය නොව ගොවීන් මත පදනම් වූ බලවේග හරහා 1949 දී චීනයේ මාඕ සේතුංගේ ජයග්‍රහණය; නේරු, නසාර්, සුකර්නෝ සහ න්කෲමා වැනි පුද්ගලයින් බලයට ගෙන ආ යටත්විජිතහරණයේ රළ;  ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොමැතිව හෝ කම්කරු පන්තියේ සවිඥානික බලමුලු ගැන්වීමකින් තොරව, කැස්ත්‍රෝගේ ගරිල්ලා ව්‍යාපාරය හරහා කර්මාන්ත ජනසතු කළ 1959 කියුබානු විප්ලවය; ස්ටැලින්වාදී නායකත්වය යටතේ වියට්නාමයේ දී ප්‍රංශ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය; සහ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව පුරා ගරිල්ලා ව්‍යාපාරවල ව්‍යාප්තිය–මේ සියල්ල රැඩිකල්කරණය වූ කම්කරුවන්, තරුණයින් සහ බුද්ධිමතුන් අතර දැවැන්ත අධිකාරියක් අත්පත් කරගත්තේ, නිර්ධන පන්ති නොවන බලවේග හරහා සමාජවාදය සාක්ෂාත් කරගත හැකි බවට මිත්‍යාවක් නිර්මාණය කරමින් සහ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ හතරවන ජාත්‍යන්තරයේ ඉවසිලිවන්ත කාර්යය දෘශ්‍යමාන ලෙස කට්ටිවාදී හා යල් පැන ගිය එකක් බවට පත් කරවමිනි.

හතරවන ජාත්‍යන්තරය තුළ පැබ්ලෝවාදයෙන් කූඨප්‍රාප්තියට පත් සංශෝධනවාදී පීඩනයන් ජනනය කළේ හරියටම මෙම දේශපාලන වාතාවරණයයි. ඩේවිඩ් නෝර්ත් “අපි රක්නා උරුමය” තුළ පැහැදිලි කරන පරිදි, එය “මුල සිට අග දක්වාම දියකරහැරීමේවාදය” නියෝජනය කළේය. එනම්, නිර්ධන පන්තියේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම සහ හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී සංවිධාන තුළ–මෙම බලවේග වෛෂයික තත්වයන් මගින් විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කිරීමට බල කෙරෙනු ඇතැයි ප්‍රකාශ කරමින්–පීඩන කණ්ඩායමකට පහත හෙලීමයි. 1953 භේදය, සම්භාව්‍ය (orthodox) ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ජේම්ස් පී. කැනන්ගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට හේතු විය.

Lenin Trotsky
ව්ලැඩිමීර් ලෙනින් මොස්කව්හිදී කතාවක් පවත්වමින් සිටියදී, ලියොන් ට්‍රොට්ස්කි පසුබිමේ සිටී (1920)

ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික හා වැඩ පිළිවෙළ පිළිබඳ පදනම් ආරක්ෂා කරමින් සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින්, පැබ්ලෝවාදී දියකරහැරීමේවාදයට එරෙහිව ප්‍රතිපත්තිගරුක හා ඓතිහාසිකව සනාථ කෙරුනු අරගලයක් දියත් කළද, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා කාලයත් සමඟ ජාතිකවාදී පීඩනයන්ට සහ කම්කරු පන්තියේ සහ සුලු ධනේශ්වරයේ ජාතික විඥානයට ගොදුරු විය හැකි බව ඔප්පු වූ අතර, ධනේශ්වර සහ සුලු ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන පවතින දේශපාලන රාමුවට ප්‍රායෝගිකව අනුගතවීම් වලට යොමු විය: පැබ්ලෝවාදයට එරෙහිව අරගලයෙන් දශකයකට පසු එයට යටත් වූ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (SWP), 1963 දී කැස්ත්‍රෝවාදය උත්කර්ෂයට නැංවීමේ පදනම මත පැබ්ලෝවාදීන් සමඟ නැවත එක් වී, එමඟින්, මාක්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද සමාජවාදී විප්ලවය පිළිබඳ සමස්ත ඓතිහාසික හා න්‍යායික සංකල්පය ප්‍රතික්ෂේප කළේය; 1980 ගණන්වල අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී නායකත්වයේ පාවාදීම්වලට එරෙහිව අනවරත හා ප්‍රතිපත්තිගරුක අරගලයකින් ජාත්‍යන්තර කමිටුව දේශපාලනික ඉදිරි පිම්මක් අත්කර ගත්තේ  වී නමුදු, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ පසුව ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජාතික පීඩනයන්ට යටත් විය. මෙම ගොදුරුවීමේ අවදානම් සහගත බව විකොස/සසප තුළ ප්‍රකාශ වූයේ පැහැදිලිව පෙනෙන වැඩ පිළිවෙළ  පිළිඹඳ සංශෝධනවාදය හරහා නොව–පක්ෂය නොනවතින විප්ලව න්‍යාය සහ සංක්‍රමණ වැඩ පිළිවෙළ (Transitional Program) විධිමත් ලෙස ආරක්ෂා කරන බව කියා සිටියේය–ඒ වෙනුවට, නිල ලේඛනවල අන්තර්ගත විප්ලවවාදී මූලධර්ම සහ පක්ෂයේ සංයුක්ත දේශපාලන භාවිතය සහ දිශානතිය අතර වැඩෙන විභේදනයක් හරහා ය.

සසප නායකත්වය කවිප හි ජාතික-අවස්ථාවාදී (national opportunist) පරිහානියට එරෙහි තම දිගුකාලීන අරගලයෙන් ජාත්‍යන්තර කමිටුව ලබාගත් අත්‍යවශ්‍ය පාඩම් ගැඹුරින් විකෘති කළේය. එම අරගලය තහවුරු කළේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය—පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට එරෙහි සටන් හරහා නැවත තහවුරු කරන ලද විප්ලවවාදී මාක්ස්වාදයේ මූලික මූලධර්මය—ඉල්ලා සිටින්නේ පන්ති අරගලය තුළ ක්‍රියාකාරී මැදිහත්වීමක් හරහා නිර්ධන පන්තියේ සවිඥානක දේශපාලන නායකත්වය ලෙස විප්ලවවාදී පක්ෂය ක්‍රමානුකූලව ගොඩනැගීම මිස, එම පක්ෂය ස්ටාලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානයන් තුළ විසුරුවා හැරීම නොවන බවයි. WRP හි පාවාදීම නිශ්චිතවම සමන්විත වූයේ ස්වාධීන විප්ලවවාදී ඉදිරිදර්ශනය පිටස්තර පන්ති බලවේගවලට අනුගතවීම සඳහා දියකර හැරීමයි: එය හතරවන ජාත්‍යන්තරයේ ශාඛා මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට යටත් කළ අතර යටත් විජිත සහ අර්ධ යටත් විජිත ලෝකයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීම සඳහා උපායමාර්ගික පදනම ලෙස නොනවතින විප්ලවයේ න්‍යාය ප්‍රතික්ෂේප කළේය. කෙසේ උවත්, සසප නායකත්වය දේශපාලන ස්වාධීනත්වයේ අර්ථය උඩු යටිකුරු කළේය. කම්කරු පන්ති නොවන බලවේග සමඟ අවස්ථාවාදී සන්ධාන හරහා කවිප පක්ෂය දියකර හරින විට, පක්ෂ ගොඩනැගීමේ සංයුක්ත වැඩවලින් කට්ටිවාදීව (sectarian) බැහැරව සිටීම හරහා සසප පක්ෂය කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා කළේය. ඔවුහු, දේශපාලන ස්වාධීනත්වය යන්න, කම්කරු අරගලවලදී නිර්භීත නායකත්වයක් ඉල්ලා සිටින ඉදිරිදර්ශනයකින්—එනම්, කම්කරුවන්, ග්‍රාමීය තරුණයින්, වතු කම්කරුවන් සහ නාගරික පීඩිත මධ්‍යම පන්තිය අතර පන්ති අරගලයේ ප්‍රායෝගික මුලපිරීම සමඟ න්‍යායික අධ්‍යාපනය බද්ධ කිරීම හරහා පක්ෂයේ අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රමානුකූල අරගලයක් අවශ්‍ය කරන ඉදිරිදර්ශනයකින්–ගලවා ක්‍රමානුකූල විප්ලවවාදී වැඩවලින් වෙන් වූ නිෂ්ක්‍රීය (passive) ප්‍රචාරණවාදයක් (propagandism) සඳහා තාර්කිකකරණයක් බවට එය පරිවර්තනය කළහ.

වැඩ පිළිවෙළේ සම්භාව්‍යතාවය (orthodoxy) සහ විප්ලවවාදී භාවිතය (practice) අතර මෙම පරතරය කම්කරු ව්‍යාපාරය තුළ සිංහල ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ නිලධාරිවාදී වෘත්තීය සමිතිවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයෙන් පසුබැසීම; කර්මාන්තශාලා, වතුකරය, කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ සහ උතුරේ සහ දකුණේ රැඩිකල්කරණය වූ ග්‍රාමීය සහ රැකියා විරහිත තරුණයින් අතර මුල් බැසගත් සැබෑ මහජන සංවිධානයක් ලෙස පක්ෂය ගොඩනැගීමට අපොහොසත් වීම; සහ ශ්‍රී ලාංකික නිර්ධන පන්තිය සහ පීඩිත ජනතාව මුහුණ දෙන සංයුක්ත තත්වයන්ට සංක්‍රමණ වැඩ පිළිවෙළ ක්‍රමානුකූලව යෙදුම අතහැර දැමීම යනාදිය තුළ ප්‍රකාශයට පත් විය. මෙම කටිවාදී අපගමනය–කම්කරු හා පීඩිත මහ ජනතාව තුළ ක්‍රියාකාරී නායකත්වයක් සඳහා සටන් කිරීමට වඩා සිදුවීම් පිළිබඳ නිෂ්ක්‍රීය විවරණ සිදු කිරීම ලෙස ප්‍රකාශ වීම–ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර ජාතිකවාදී ආධිපත්‍යය සහ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර සහ වෘත්තීය සමිතිවල මතුපිටින් පෙනෙන අධිකාරිය විසින් ඇති කරන ලද දැවැන්ත පීඩනයට අවස්ථාවාදී අනුගතවීමක් නියෝජනය කළේය. පන්ති ස්වාධීනතාවය පිළිඹඳ පාඩම් විකෘති කිරීම මගින් ජාත්‍යන්තර සමාජවාදයේ ධජය යටතේ සිංහල හා දෙමළ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීමෙන් පක්ෂය පසුබැසීම තාර්කිකකරණය කරන ලද අතර, එමඟින් ධනේශ්වර සහ සුලු ධනේශ්වර ජාතිකවාදයේ සියලු ප්‍රභේදවල බලපෑමෙන් ශ්‍රී ලාංකික නිර්ධන පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ අරගලය අතහැර දමා, කම්කරු පන්තියේ සහ පීඩිත ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ විප්ලවවාදී අරගලවලට නායකත්වය දීමට නොහැකි ප්‍රචාරක කවයක් බවට පක්ෂය පරිවර්තනය වීමට කොන්දේසි සකස් කරන ලදී.

විකොස/සසප ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපය

ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා වූ ක්‍රමානුකූල වැඩවලින් පසුබැසීම, එහි හරය තුළ, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තත්වයන්ට නොනවතින විප්ලව න්‍යායේ වලංගුභාවය සහ අදාළත්වය පිළිබඳ සංශය ප්‍රකාශ කළේය. මෙම ඉදිරිදර්ශන ඛාදනය හුදෙක් උපායමාර්ගික දෝෂවලට පමණක් නොව ගැඹුරු මූලෝපායික පසුබෑමකට හේතු විය. පීඩිත ග්‍රාමීය හා මධ්‍යම පන්තික ස්ථර සමඟ කම්කරු පන්තියේ දේශපාලන එක්සත්කම තනි ජාත්‍යන්තරවාදී වැඩ පිළිවෙළක් යටතේ ගොඩනගා ගැනීමේ ක්‍රියාකාරී අරගලයක් වෙනුවට, නායකත්වය නිෂ්ක්‍රීය ප්‍රචාරකවාදයට ඇද වැටිණි: සංයුක්ත විප්ලවවාදී භාවිතය වෙනුවට වියුක්ත සූත්‍රකරණ ආදේශ කරන, වැඩපිළිවෙළ සම්බන්ධ සම්භාව්‍ය ප්‍රකාශන චාරිත්‍රානුකූල ආකාරයෙන් නිකුත් කෙරුණු අතර, එමගින් මූලික වශයෙන් කට්ටිවාදී ස්වභාවයක් හෙළි කරමින්, මාක්ස්වාදී න්‍යාය සහ ආස්ථානයන් පන්ති අරගලය තුළ ක්‍රමානුකූල මැදිහත්වීම මගින් සාක්ශාත් කළ යුතු ඒවායේ අවශ්‍ය මූර්තිමත් කිරීමෙන් වෙන් කළේය. ප්‍රායෝගිකව න්‍යායික මූලධර්ම අතහැර දැමූ අවස්ථාවාදී නායකත්වය, මහජනතාව අතර පක්ෂය ගොඩනැගීමේ සංයුක්ත කාර්යයේ නිරත වීම ප්‍රතික්ෂේප කරමින්, න්‍යායික සම්භාව්‍යතාව පිටුපස සැඟවීමෙන් තම කට්ටිවාදී ස්වභාවය හෙළිදරව් කළේය.​​​

එවැනි පසුබෑමක් ධනේශ්වර සහ සුළු-ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන දේශපාලන පරිසරයට අවස්ථාවාදී අනුගතවීමක් වූ අතර, එයට දොර විවර කළේය—එය, ධනපති සංවර්ධනය පසුගාමී වූ රටක විප්ලවවාදී පක්ෂයක නායකත්වයට විශේෂ වූ නිෂ්ක්‍රීය අවස්ථාවාදයේ ප්‍රවර්ගයක් වන ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම (inverse) ස්වරූපය6 ලෙස හැඳින්විය හැකි ප්‍රවණතාවකි. ප්‍රායෝගිකව, එයින් අදහස් වූයේ ජාත්‍යන්තරව විප්ලවවාදී ව්‍යාපාරය මංමුලා කර කැබලි කළ–ස්ටාලින්වාදී, මාඕවාදී, පැබ්ලෝවාදී, සහ සුළු-ධනේශ්වර රැඩිකල් පාවාදීම්වල දශක ගණනක් විසින් හැඩගස්වන ලද–සංශෝධනවාදී සහ ජාතිකවාදී ප්‍රවණතාවන්ට නායකත්වය අත්හැරීමයි. නොනවතින විප්ලව න්‍යාය ශ්‍රී ලංකාවේ සංයුක්ත තත්ත්වයන්ට යෙදීමේ අධිෂ්ඨානශීලී සහ සම්මුති විරහිත අරගලයක් අතහැර දැමීමෙන්, සසප නායකත්වය ක්‍රමයෙන් කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා වූ අතර, ඔවුන්ගේ දේශපාලන විශ්වාසය අහිමි කර ගනිමින්, එමගින් තමන්ගේම එකතැන පල්වීම සදාකාලිකව පවත්වාගෙන ගොස් තම දේශපාලන පරිහානිය සහ අභ්‍යන්තර කුණුවීම උග්‍ර කළේය.​​​​​​​​​​​​​​​​

ජාත්‍යන්තර සංසිද්ධියක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ පන්ති අරගල තීව්‍ර වෙමින් පවතින පසුබිමක, කම්කරු පන්ති අරගලවලට සසප ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවීම, කර්මාන්තශාලා, වතු සහ සේවා ස්ථානවල ස්වාධීන විප්ලවවාදී සංවිධාන ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අරගලයෙන් පසුබැසීමෙන් ගලා ආවේය. ජාතිකවාදී දේශපාලනයට කම්කරුවන් යටත් කරන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරය, ජාතිකවාදී දේශපාලන වාතාවරණයට කම්කරු පන්තිය යටත් කරන සංවිධානාත්මක මෙවලම ලෙස ක්‍රියා කරයි. සේවා ස්ථානවල විප්ලවවාදී විකල්ප–ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු–ගොඩනැගීමට සසප ඓතිහාසිකව අසමත් වීමේ අර්ථය වූයේ, ඒකාබද්ධ, ස්වාධීන පන්ති ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අවහිර කරන සහ ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාවන් සහ වාර්ගික බෙදීම් ශක්තිමත් කරන මෙම නිලධාරිවාදී උපකරණවල දෘෂ්ටිවාදාත්මක හා සංවිධානාත්මක ග්‍රහණය යටතේ කම්කරුවන් රැඳී සිටීමයි. මෙය ප්‍රතිලෝම අවස්ථාවාදයේ තවත් ප්‍රකාශනයකි: එනම්, සහයෝගීතාවයෙන් (collaboration) නිලධාරිවාදයට අනුගතවීම නොව, කම්කරුවන් අතර ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී ක්‍රියාවන්හි නිරත වීමට අපොහොසත් වීමෙන් එහි ආධිපත්‍යයට  අවස්ථා සම්පාදනය (accommodation) කිරීමයි.

SLLA හි න්‍යායික සහ දේශපාලනික පදනම්

SLLA පිහිටුවන ලද්දේ ජාතිකවාදී අවස්ථාවාදයේ සහ දේශපාලනික නිෂ්ක්‍රීයභාවයේ/අකර්මන්‍යතාවයේ මෙම උරුමය නිශ්චිතවම ජය ගැනීම සඳහාය. එහි කාර්යය පදනම් වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම–නොනවතින විප්ලව න්‍යාය, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවය–වෙත නැවත පැමිණීම මත ය.

මෙම කර්තව්‍යයේ කේන්ද්‍රයේ පවතින්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය ජාතික රාමුවක් තුළ සම්පූර්ණ කළ නොහැකි බවට වන අවබෝධයයි. අධිරාජ්‍යවාදී යුගයේ සියලුම ආර්ථිකයන් මෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ද ලෝක ධනේශ්වර ක්‍රමයට ඒකාබද්ධ වී ඇත. කම්කරුවන් සහ පීඩිත ජනතාව මුහුණ දෙන අර්බුද–ආර්ථික බිඳවැටීම, සමාජ අසමානතාවය, ඒකාධිපති පාලනය–ධනවාදයේ ගෝලීය අර්බුදයේ ප්‍රකාශනයන් වේ. මේවායේ විසඳුම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ ලෝක පරිමාණයෙන් ධනවාදය පෙරලා දැමීම අවශ්‍ය වේ.

මෙහි තේරුම නම් ශ්‍රී ලංකාවේ සමාජවාදය සඳහා වන සටන ඉන්දියාවේ, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි බවයි. එයට කම්කරු පන්තිය, සිංහල, දෙමළ හෝ වෙනත් ඕනෑම වාර්ගික අනන්‍යතාවයකින් යුතු, සියලු ආකාරයේ ජාතිකවාදයන්ගෙන් බිඳ වෙන් කිරීම සහ පොදු පන්ති අවශ්‍යතා මත පදනම්ව වාර්ගික, ආගමික සහ ජාතික රේඛා හරහා කම්කරුවන් එක්සත් කිරීම අවශ්‍ය වේ.

ඒ සඳහා නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන්, කෘෂිකාර්මික කම්කරුවන්, දුගී ගොවීන් සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර විප්ලවවාදී සන්ධානයක් ගොඩනැගීම ද අවශ්‍ය වේ. මෙය මෙම ස්ථරවල අගතීන් හෝ සීමිත දෘෂ්ටියට ඉඩ සැලසෙන පරිදි සමාජවාදී වැඩසටහන සකස් කිරීමේ ප්‍රශ්නයක් නොව, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි ආකාරය ක්‍රමානුකූලව පැහැදිලි කිරීමේ ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ග්‍රාමීය ජනතාව ගැඹුරු වන දරිද්‍රතාවයට මුහුණ දෙති: ඉඩම් නොමැතිකම, ණයගැතිභාවය, සාම්ප්‍රදායික ජීවනෝපායන් විනාශ කිරීම සහ ග්‍රාමීය විරැකියාව ඒ අතර වේ. මේවා හුදකලා “ග්‍රාමීය ගැටලු” නොව, ලෝක ධනවාදයේ අර්බුදයේ සහ කෘෂිකර්මාන්තය කෘෂි ව්‍යාපාර ඒකාධිකාරයන්ගේ සහ අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතා සඳහා යටත් කිරීමේ ප්‍රකාශන වේ. විසඳුම ඇත්තේ ධනවාදය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණය හෝ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාතිකවාදී හෝ ජනතාවාදී (populist) වැඩසටහන් තුළ නොව, කම්කරුවන්ගේ පාලනය යටතේ තාර්කිකව සැලසුම් කළ ආර්ථිකයක කොටසක් ලෙස කෘෂිකර්මාන්තය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම තුළ ය.

ඒ හා සමානව, ග්‍රාමීය හා කුඩා නගර පසුබිම්වල, විරැකියාව, දරිද්‍රතා වැටුප් සහ සමාජ ආවෘත අන්තවලට මුහුණ දෙන පොදු අධ්‍යාපනය ව්‍යාප්තියේ නිෂ්පාදන වන උගත් තරුණයින් විභව විප්ලවීය බලවේගයක් නියෝජනය කරයි. මෑත කාලීන Gen-Z විරෝධතා ව්‍යාපාර ඔවුන්ගේ විප්ලවීය විභවයට සාක්ෂි දරයි. මාක්ස්වාදී න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී පක්ෂයක මැදිහත්වීමකින් තොරව, මෙම අතෘප්තිය සහ රැඩිකල්වාදය ප්‍රතිගාමී ජාතිකවාදී, ආගමික මූලධර්මවාදී හෝ ෆැසිස්ට්වාදී ව්‍යාපාර වෙත යොමු කරනු ලබන බව ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

මෙම ස්ථර කෙරෙහි SLLA හි දිශානතිය පදනම් වී ඇත්තේ ගොවි ජනතාව හෝ සුලු ධනේශ්වරය රෝමාන්තිකව උත්කර්ෂයට නැංවීම මත නොවේ–එසේ කිරීම මාඕවාදී, ජනතාවාදී සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ලක්ෂණයයි. එය පදනම් වී ඇත්තේ ප්‍රවේසම් සහගත මාක්ස්වාදී විශ්ලේෂණයක් මත ය: ධනවාදයෙන් වෛෂයිකව විනාශ වූ සහ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි මෙම ස්ථරවලට ප්‍රගතිශීලී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් සඳහා සටන් කරන කම්කරු පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ පමණි.

විප්ලවවාදී අධ්‍යාපනයේ මෙවලමක් ලෙස The Socialist

The Socialist මෙම දේශපාලනික පුනර්-දිශානගත වීමේ කේන්ද්‍රීය මෙවලමක් වෙයි. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන, අතීත අරගල පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණ සහ සමකාලීන දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණයන් ක්‍රමානුකූලව ප්‍රචාරය කිරීමෙන්, එය නව පරම්පරාවේ විප්ලවවාදී කේඩරයක් අධ්‍යාපන ගත කිරීම සහ කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල් ස්ථරයන්ගේ දේශපාලන විඥානය ඉහළ නැංවීම අරමුණු කරයි.

සඟරාවේ ඩිජිටල් ආකෘතිය මඟින් මෙම ලේඛන විකොස සහ සසප ක්‍රමානුකූලව ළඟා වීමට අපොහොසත් වූ එම ස්ථර වෙත–ග්‍රාමීය තරුණයින්, පීඩිත මධ්‍යම පන්තික ස්ථර සහ සාම්ප්‍රදායික දේශපාලන සංවිධානයේ මධ්‍යස්ථානවලින් හුදකලා වූ කම්කරුවන් වෙත–හරියටම ළඟා වන බව සහතික කරයි. The Socialist සහ theSocialist.lk හරහා SLLA පහත දේ සිදු කරයි:

  • මහජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුදවල පන්ති ස්වභාවය පැහැදිලි කර සියලු ජාතිකවාදී, ජනතාවාදී සහ ප්‍රතිසංස්කරණවාදී විසඳුම්වල බංකොලොත්භාවය හෙළිදරව්  කිරීම;
  • ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ඓතිහාසික පාඩම්–විශේෂයෙන් පැබ්ලෝවාදයට එරෙහි සටන සහ නොනවතින විප්ලවය න්‍යාය ආරක්ෂා කිරීම–පිළිබඳ කම්කරුවන්ට සහ තරුණයින්ට අධ්‍යාපනය ලබා දීම;
  • ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ අනෙකුත් රටවල සමකාලීන දේශපාලන වර්ධනයන් විශ්ලේෂණය කිරීම;
  • ධනේශ්වර, ස්ටැලින්වාදී සහ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම මතවාදයන්ගේ බලපෑමට එරෙහිව සටන් කිරීම;
  • විප්ලවවාදී පක්ෂය (සසප) සහ පීඩිත පන්තිවල පුළුල් ජනතාව අතර දේශපාලන පාලම් ගොඩනැගීම.

මෙය වියුක්ත අර්ථයෙන් ගත්, ජීවමාන පන්ති අරගලයෙන් වෙන් වූ න්‍යායික-ප්‍රචාරණයක් (propaganda) නොවේ. එය විප්ලවවාදී මැදිහත්වීම සමඟ ඒකාබද්ධ වූ අධ්‍යාපනයකි–එනම්, විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ සහ බලය අල්ලා ගැනීම සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස මාක්ස්වාදී විඥානය වර්ධනය කිරීමයි.

තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විප්ලවීය අධ්‍යාපනය

අන්තර්ජාල තාක්ෂණයේ සහ කෘතිම බුද්ධියේ (AI)–වඩාත් නිවැරදිව වර්ධිත බුද්ධිය ලෙස තේරුම් ගත් තක්ක්ෂණයේ–වේගවත් වර්ධනය විප්ලවවාදී ව්‍යාපාරය සඳහා අවස්ථා සහ අභියෝග යන දෙකම මුන ගස්වයි. සාමූහික මිනිස් ශ්‍රමයේ සහ පරම්පරා ගණනාවක් පුරා රැස් කරගත් විද්‍යාත්මක දැනුමේ නිෂ්පාදන වන AI පද්ධති ධනවාදය යටතේ වර්ධනය වූ දැවැන්ත නිෂ්පාදන හැකියාවන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ධනවාදය යටතේ ඇති සියලුම නිෂ්පාදන බලවේග මෙන්, ධනපති පන්තියේ අතේ පැවතෙන විට, ඒවා පෞද්ගලික දේපළවල සමාජ සම්බන්ධතාවලට පරස්පර විරෝධීව පවතින අතර ප්‍රධාන වශයෙන් ලාභ නිස්සාරණය සඳහා, සේවාවන් ස්වයංක්‍රීය කිරීමෙන් විරැකියාව වැඩි කිරීම සහ වැටුප් පහත දැමීම් සඳහා, මහා සෝදිසි කිරීම්/ඔත්තු බැලීම් සඳහා, මහා සංහාරක අවි වර්ධනය කිරීම සඳහා සහ නවීන පන්නයේ ධනපති ප්‍රචාරණන් ජනනය සඳහා යොදා ගැනෙයි. AI වර්ධනය පාලනය කරන තාක්ෂණික ඒකාධිකාරයන් ඔවුන්ගේ පද්ධති පුද්ගලික දේපළ ලෙස ආරක්ෂා කරන අතර, දත්ත නිෂ්පාදනය කරන සහ AI සාර්ථක කිරීමේ ශ්‍රමය සපයන කම්කරුවන් දරිද්‍රතාවයට තල්ලු කරනු ලැබේ.

විප්ලවවාදී ව්‍යාපාරය සඳහා, AI තාක්ෂණයේ දියුණුව විප්ලවීය අධ්‍යාපනය, පරිවර්තනය, ලේඛනාගාරය, ජාත්‍යන්තර සන්නිවේදනය සහ සංවිධානයේ නව යුගයක් විවෘත කර ඇත. මෙම මෙවලම් ICFI ලේඛන බහු භාෂාවලට වේගයෙන් පරිවර්තනය කිරීමේ හැකියාව සපයයි; ගැඹුරු ඓතිහාසික පර්යේෂණ සහ දැඩි විශ්ලේෂණයට සහාය වෙයි; සහ ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුණයින්ට මාක්ස්වාදී සාහිත්‍යය බෙදා හැරීමේ ධාරිතාව විශාල ලෙස පුළුල් කරයි. 

කෙසේ වෙතත්, AI තාක්‍ෂණය භාවිතය, ධනවාදී තාක්‍ෂණ සමාගම්වල තර්කනයට යටත් කිරීම හෝ තාක්‍ෂණික-යුතෝපියානු මායාවන් මත පදනම් නොකළ යුතු අතර, මාක්ස්වාදී න්‍යායෙන් මෙහෙයවනු ලබන, විප්ලවවාදී පක්ෂයේ සවිඥානික මඟ පෙන්වීම සහ මැදිහත්වීම යටතේ සිදුවිය යුතුය. තීරණාත්මක සාධකය වන්නේ තාක්‍ෂණයම නොව, එහි භාවිතය මෙහෙයවන දේශපාලන වැඩ පිළිවෙළ සහ පන්ති ඉදිරිදර්ශනයයි.

මේ අනුව, SLLA විසින් The Socialist සඳහා ඩිජිටල් ප්‍රකාශන ක්‍රමය භාවිතා කිරීම පුළුල් මාක්ස්වාදී ප්‍රවේශයක කොටසකි: එනම්, සමාජයේ විප්ලවීය පරිවර්තනය සඳහා කම්කරු පන්තියේ විඥානය සහ සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා මිනිස් ශ්‍රමය විසින් වර්ධනය කරන ලද දියුණු නිෂ්පාදන බලවේග භාවිතා කිරීමයි. 

ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බුද්ධිමය සන්නද්ධ කිරීමේ තීරණාත්මක හා දැවැන්ත දියුණුවක් ලෙස ICFI විසින් සංවර්ධනය කරන ලද කෘතිම බුද්ධි වේදිකාව වන “Socialism AI” දියත් කිරීම SLLA විසින් පිළිගන්නේ මෙම ඉදිරිදර්ශනය මත පිහිටාය7.

Image Not Found

ලෝක පක්ෂය ගොඩනැගීම: ජාත්‍යන්තරවාදය ප්‍රායෝගිකත්වයට

The Socialist හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක මාධ්‍යයේ කොටසක් ලෙස තේරුම් ගත යුතුය. සිංහල භාෂාවෙන් පළවන එහි ආරම්භක ප්‍රකාශනය ජාතික හා භාෂාමය බෙදීම් ඉක්මවා යන විප්ලවවාදී මාධ්‍ය ගොඩනැගීමේ තවත් වැදගත් පියවරකි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන අනාගත සංස්කරණ දකුණු ආසියාව පුරා එහි ප්‍රවේශය පුළුල් කරනු ඇති අතර, වාර්ගික හා ජාතික රේඛා හරහා කම්කරු පන්තියේ දේශපාලන එකමුතුව ශක්තිමත් කරනු ඇත.

ට්‍රොට්ස්කි විසින් ‘හතරවන ජාත්‍යන්තරය සඳහා විවෘත ලිපිය: සියලුම විප්ලවවාදී කම්කරු පන්ති සංවිධාන සහ කණ්ඩායම් වෙත‘ (1935) හි ප්‍රකාශ කරන ලද මූලික මූලධර්මය තවමත් අදාලය: 

“සියලු තත්වයන් යටතේ, විශේෂයෙන් විප්ලවයක් අතරතුර, ධනේශ්වරය සමඟ සන්ධානයක් වෙනුවෙන්, වැඩ කරන ජනතාවට පිටුපා සිටීම පිළිගත නොහැකිය. රැවටුණු සහ කලකිරුණු ජනතාව, තමන්ගේ විශ්වාසය අහිමි කර ගත් පක්ෂයක ප්‍රමාදිත ඉල්ලීම මත ආයුධ අතට ගැනීමට පියාඹා එනු ඇතැයි අපේක්ෂා කිරීම සහ එසේ කිරීමට ඉල්ලීම කළ නොහැකිය. බංකොලොත් නායකත්වයක නියෝග මගින් නිර්ධන පන්ති විප්ලවය හිටිගමන් නිර්මාණය නොවේ. නායකත්වය වෙත පක්ෂයේ නොසැලෙන විශ්වාසය දිනා දෙනු ලබන, පෙරටුගාමීන් සමස්ත පන්තිය සමඟ බද්ධ කරන සහ නගරයේ සහ ගම්බද ප්‍රදේශවල සූරාකෑමට ලක්වන සියලු දෙනාගේ නායකයා බවට නිර්ධන පන්තිය පරිවර්තනය කරන අඛණ්ඩ සහ නොපෑහිය හැකි පන්ති අරගලයක් හරහා විප්ලවය සූදානම් කළ යුතුය.”

නොනවතින විප්ලව න්‍යායට සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාව පුරා පවතින තත්වයන්ට එහි යෙදුමට අනුකූලව මෙහි තේරුම පහත පරිදිය:

  • ශ්‍රී ලංකාව වැනි ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය සහ සැබෑ සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ස්ථාපිත කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳීමට ධනේශ්වරය තම පරම නොහැකියාව පෙන්නුම් කර ඇති බව හඳුනා ගැනීම. පීඩිත ග්‍රාමීය ජනතාවට නායකත්වය දෙන කම්කරු පන්තියට පමණක් මෙම ඓතිහාසික වශයෙන් අවශ්‍ය පරිවර්තනයන් සාක්ෂාත් කරගත හැකි අතර, ඒවා අනිවාර්යයෙන්ම සමාජවාදී විප්ලවය දක්වා වර්ධනය විය යුතුය.
  • ධනේශ්වර පාලනය සහ නිර්ධන පංතියේ ආඥාදායකත්වය අතර අතරමැදි අවධීන් පිළිබඳ සියලු සංකල්ප නිශ්චිතවම ප්‍රතික්ෂේප කිරීම. රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය සහ කම්කරු බලය අතර, ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) සහ ව්‍යාජ-වම්මුන්ගේ බංකොලොත් වැඩපිළිවෙළවල් සහ ICFI හි විප්ලවවාදී මාක්ස්වාදී වැඩපිළිවෙළ අතර, මැද මාවතක් නොමැත. ගොවි ජනතාව, ග්‍රාමීය වැඩ කරන ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් සමඟ කම්කරු පන්තියේ සන්ධානය සාක්ෂාත් කරගත හැක්කේ ජාතික ධනේශ්වරයේ බලපෑමට සහ සියලු ආකාරයේ සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව නොපෑහිය හැකි (irreconcilable) අරගලයක් හරහා පමණි.
  • සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ සෑම ආකාරයකම වර්ගවාදී සහ අනන්‍යතා දේශපාලනය යන සියලු ජාතිකවාදී දෘෂ්ටිවාදයන්ගේ ප්‍රතිගාමී සහ ඓතිහාසිකව වියැකී ගිය ස්වභාවය හෙලිදරව් කිරීම සහ, කම්කරු පන්තිය ධනේශ්වර පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට යටත් කර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් දෙකම විසඳීමට ඇති මාර්ගය අවහිර කරන වැඩ පිළිවෙළවල් ලෙස ඒවා හෙලිදරව් කිරීම.
  • ජාතික සමානාත්මතාවය, ඉඩම් ප්‍රතිසංස්කරණය, ඒකාධිපති පාලනය අවසන් කිරීම සහ සමාජ සාධාරණත්වය සඳහා වන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයෙන් වෙන් කළ නොහැකි බව තේරුම් ගැනීම. ධනේශ්වර පරිහානියේ යුගයේ දී, ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ, සංක්‍රමණ ඉල්ලීම් සහ සමාජවාදී විප්ලවයේ ගැටළු වෙනම ඓතිහාසික යුගවලට බෙදී නොයන අතර එකිනෙකින් සෘජුවම පැන නගී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සඳහා වන සටන් පාඨ, කම්කරු බලය සඳහා වන අරගලයට සහ ධනේශ්වර දේපළ අත්පත් කර ගැනීම සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ විය යුතුය.
  • පොදු විප්ලවවාදී වැඩපිළිවෙලක පදනම මත, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සහ ඉන්දියානු කම්කරුවන් සමඟ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැගීම. IMF කප්පාදුවට එරෙහි වීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දක්වා ශ්‍රී ලාංකික කම්කරු පන්තිය මුහුණ දෙන කර්තව්‍යයන්, තමන්ගේම සූරාකන්නන් සහ ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව කලාපය පුරා කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි ය.
  • ගැඹුරු වන අධිරාජ්‍යවාදී අර්බුදයේ සහ තීව්‍ර වන පන්ති අරගලයේ කොන්දේසි යටතේ, ඉදිරි විප්ලවවාදී අරගල ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්, කම්කරු පන්තිය තුළ මුල් බැසගත්, ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිවලට නායකත්වය දෙන, නොනවතින විප්ලව න්‍යායෙන් සහ සංක්‍රමණ වැඩපිළිවෙළෙන් සන්නද්ධ වූ, සැබෑ මහජන විප්ලවවාදී පක්ෂ ලෙස සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) සහ දකුණු ආසියාව පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම.

මෑතකදී, ශ්‍රී ලංකාවේ අරගලය සහ බංග්ලාදේශය, නේපාලය සහ වෙනත් තැන්වල ඒ හා සමාන මහජන ව්‍යාපාර හරහා දූෂිත පාලන තන්ත්‍රයන්ට අභියෝග කිරීමට ඇති සූදානම පෙන්නුම් කළ දස දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අභිලාෂයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් බවට වන අවභෝධයට දිනා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්වයංසිද්ධතාවයට (spontaneity), සුලු ධනේශ්වර රැඩිකල්වාදයට හෝ ධනවාදය පෙරලා දමා නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත නොකර ජනතාවට තම අරමුණු සාක්ෂාත් කරගත හැකි බවට ඇති මිත්‍යාවට යටත් වීම නොව, ක්‍රමානුකූල දේශපාලන අධ්‍යාපනය, න්‍යායාත්මක පැහැදිලි කිරීම සහ විප්ලවවාදී සංවිධානය ගොඩනැගීම තුළින් සමාජවාදී විඥානය ඉවසිලිවන්තව වර්ධනය කිරීමයි.

නොනවතින විප්ලවයට ආපසු පැමිණීමක්

The Socialist සඟරාව දියත් කිරීම, විකොස සහ සසපයේ වැඩ කටයුතුවලට වලකැපූ ජාතිකවාදී අපගමනයන් වලට එරෙහිව සවිඥානික දේශපාලනික නිවැරදි කිරීමක් සනිටුහන් කරයි. එය මෙම රටවල කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ විප්ලවවාදී ශක්‍යතාවය කෙරෙහි නැවුම් විශ්වාසය ප්‍රකාශ කරයි; එය පදනම් වී ඇත්තේ අපේක්ෂාමය සිතුවිලි මත නොව ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය සහ සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාවය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණය මතය.​​​​​​​​​​​​​​​​ ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපයට එරෙහි සටනට අවශ්‍ය වන්නේ පන්ති අරගලයේ තීව්‍ර දෛනික කටයුතු සඳහා සංවිධානාත්මක හැරීමක් පමණක් නොව, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් නොනවතින විප්ලවයේ වැඩසටහනට සහ හතරවන ජාත්‍යන්තරය පදනම් වූ මූලධර්මවලට නිශ්චිත හා සවිඥානික ආපසු පැමිණීමකි.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර, විවිධ භාෂාමය ප්‍රජාවන් අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර බාධක ජය ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින්, සමාජවාදී විප්ලවය යනු නිර්ධන පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ සියලු පීඩිත ස්ථර එක්සත් කරන ජාත්‍යන්තර ක්‍රියාවලියක්ය යන මාක්ස්වාදී සංකල්පය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට SLLA කටයුතු කරයි.

දකුණු ආසියාවේ ICFI ශාඛා ගොඩනැගීමේ, ට්‍රොට්ස්කිවාදී කේඩරයේ නව පරම්පරාවක් උගන්වා ගැනීමේ සහ මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ සටනේදී, theSocialist.lk වෙබ් අඩවිය සමඟ එක්ව, The Socialist න්‍යායාත්මක හා ප්‍රායෝගික මෙවලමක් ලෙස නැගී සිටියි. එය, විසිඑක්වන සියවසේ ට්‍රොට්ස්කිවාදයේ ජීවමාන අඛණ්ඩතාව නැවත තහවුරු කරන අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ තීරණාත්මක ඉදිරි පියවරක් නියෝජනය කරයි.

SLLA සමඟ එකතු වෙන්න! සසප ගොඩනඟන්න!

    1. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1987 සැප්තැම්බර් 25 වන දින ඩේවිඩ් නෝර්ත් ගෙන් කීර්ති බාලසූරියට ලිපියක්.  ↩︎
    2. “ලසසපයේ පරිහානිය ගැඹුරු දේශපාලන ප්‍රතිවිපාක ඇති කළේය. සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය අතහැර දැමීමෙන්, ලසසප කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට වාර්ගික දේශපාලනයට එරෙහි විකල්පයක් අහිමි කළ අතර, වාර්ගිකව පදනම් වූ සංවිධාන–LTTE සහ දකුණේ සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ වැනි සුළු ධනේශ්වර සංවිධාන–නැගීමට සෘජුවම දායක විය.” විජේ ඩයස්, ‘ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවෙකුට පිළිතුරු දෙයි’, ලෝසවෙඅ (2000 සැප්තැම්බර් 29) https://www.wsws.org/en/articles/2000/09/ltte-s29.html  ↩︎
    3. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1990 නොවැම්බර් 6-9 දිනවල විකොස සැසිසේදී ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද ප්‍රතිපදානය.  ↩︎
    4. රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධී සංහාරය 1983 ජූලි මස අග දී සිදු වූ අතර, එය 2009 මැයි දක්වා පැවති වර්ගවාදී සිවිල් යුද්ධය තීව්‍ර කිරීමට හේතු වූ ආසන්නම උත්තෙජකය විය.  ↩︎
    5. SLLA විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන රචනා මාලාවක් මෙම ඓතිහාසික සත්‍යයන් වඩාත් විස්තරාත්මකව විදාරණය කරනු ඇත.  ↩︎
    6. මහජනතාවගේ ස්වාධීන විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම වෙනුවට ජාතික දේශපාලන වාතාවරණයට අනුගත වීමේ මෙම පසුබැසීම, අවස්ථාවාදයේ ප්‍රතිලෝම ආකාරයක් නියෝජනය කරයි; මන්ද මෙම සුවිශේෂී ප්‍රවණතාවය විශේෂයෙන් පසුගාමී රටවල–ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල–විප්ලවවාදී නායකත්වය තුළ ප්‍රකාශයට පත් වේ. මෙම රටවල ධනේශ්වරය, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යටතේ ඓතිහාසික අවධියට ප්‍රමාද වී පැමිණෙන අතර, සම්භාව්‍ය ධනේශ්වර විප්ලවයන්හි දී එය ඉටු කළ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් (ජාතික නිදහස, ගොවිජන විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ජාතික පරපීඩනය අවසන් කිරීම) විසඳීමට ඓන්ද්‍රීයව නොහැකි බව ඔප්පු කර ඇත. ට්‍රොට්ස්කිවාදී න්‍යායික අර්ථයෙන් ශ්‍රී ලංකාව එවැනි පසුගාමී රටක් නිරූපණය කරයි: ධනේශ්වර සංවර්ධනය යටත්-විජිත පාලනය යටතේ සිදු වූ අතර, එය දිගටම අධිරාජ්‍යවාදයට සහ ලෝක වෙළඳපොළට නව යටත්-විජිත යට කිරීම (subjugation) තුළ සිදුවෙයි; අධිරාජ්‍යවාදයට බැඳී සිටින සහ පීඩිත මහජනතාවට බියෙන් සිටින ජාතික ධනේශ්වරයට දෙමළ ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය විසඳීමට හෝ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කිරීමට නොහැකිය. ප්‍රථිඵල වශයෙන්, මෙම නොවිසඳුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න දේශපාලන භූමිය ආධිපත්‍යය දරන අතර, ට්‍රොට්ස්කි පෙන්නුම් කළ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් ඓතිහාසික අවධීන්ට වෙන්වීමට වඩා අන්තර් විනිවිද යන තත්වයන් නිර්මාණය කරයි. දකුණු ආසියාව පුරා නිදර්ශනය කර ඇති මෙම නිශ්චිත තත්වයන් යටතේ, ප්‍රතිලෝම අවස්ථාවාදය ක්‍රමානුකූල රටාවක් ලෙස මතු වේ: විප්ලවවාදී පක්ෂය රැඩිකල්කරණය වූ ග්‍රාමීය තරුණයින් අතර ක්‍රමානුකූල සංවිධානයක් ගොඩනැගීමෙන් පසුබසියි (ජේවීපී සහ එල්ටීටීඊයට ආධිපත්‍යය දැරීමට ඉඩ සලසයි); කම්කරු පන්ති අරගලවලට ක්‍රමානුකූල මැදිහත්වීමෙන් පසුබසියි (ජනවාර්ගික බෙදීම් සහ ප්‍රතිසංස්කරණවාදී මායාවන් බල ගන්වන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරයන්ට කම්කරුවන්ගේ ගෙල සිරකරීමට අවස්ථාව සලසයි); සහ සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට අවස්ථාවාදීව අනුගත වීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලින් කට්ටිවාදීව හුදකලා වීම අතර දෝලනය වේ. ඒ සෑම ප්‍රකාශනයකම, පොදු හුය වන්නේ ස්වාධීන නිර්ධන පන්ති නායකත්වයක් ගොඩනැගීම සඳහා ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී කාර්යයක් කිරීමට අපොහොසත් වීමයි: එය, අවස්ථාවාදී බලවේග සමඟ ක්‍රියාකාරී සහයෝගීතාවයෙන් නොව, ධනේශ්වර සහ සුලු ධනේශ්වර ප්‍රවණතාවන්ට කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව අතර ආධිපත්‍යය දැරීමට ඉඩ සලසන සංවිධානාත්මක නිෂ්ක්‍රීයතාවය හරහා ජාතිකවාදී දේශපාලන වාතාවරණයට අනුගතවන පසුබැසීමකි (retreat). ජාතික අවස්ථාවාදය යනු දී ඇති රටක් හෝ කලාපයක් තුළ ධනේශ්වර, සුලු ධනේශ්වර හෝ ජාතිකවාදී බලවේග සමග සන්ධානවලට එළඹීමට හා ඒ මත දේශපාලනිකව යැපීමට පක්ෂව නිර්ධන පන්තික ජාත්‍යන්තර මූලෝපාය අත්හැරීමයි. හීලි, බන්ඩා සහ පසුව ස්ලෝටර් යටතේ කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) සම්බන්ධයෙන් ගත් කළ, ධනේශ්වර පාලන තන්ත්‍රයන්, ජාතිකවාදීන් සහ ප්‍රතිගාමී රාජ්‍ය ක්‍රියාකාරීන් සමඟ පවා සහයෝගීතාවය මගින් නිර්ධන පන්ති ස්වාධීනත්වය ස්ථාවර ලෙස එයට ආදේශ කිරීමක් ලෙස අවස්ථාවාදයට පරිහානිගත වීම සංයුක්ත ස්වරූපයක් ගත්තේය. ↩︎
    7. විකොස/සසප දේශපාලන කටයුතු පිළිබඳ සම්පූර්ණ ඓතිහාසික වාර්තාව සමඟ Socialism AI වැඩිදියුණු කිරීම සඳහා, 1972 සිට 1998 දක්වා ප්‍රකාශයට පත් කරන ලද විකොස/සසප න්‍යායික ප්‍රචාරණ පුවත්පත වන කම්කරු මාවතේ (Kamkaru Mawatha) සම්පූර්ණ වෙළුම්වල ඩිජිටල් පිටපත් සමඟ පද්ධතිය පෝෂණය කිරීමට SLLA යෝජනා කරයි. ↩︎

    The Socialist සඟරාව දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික අර්ථභාරය Read More »

    Maduin

    ‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 2  කොටස

    මිගාර මල්වත්ත විසිනි.

    මෙම ලිපි මාලාවේ 01 කොටස 2025 නොවැම්බර් 29 දින පළ විය.

    East India Islands
    මැලේසියාව, මෙලනීසියාව, නැගෙනහිර ඉන්දියානු දූපත්, පැපුවා නිව් ගිනියාව–එන්සයික්ලොපීඩියා බ්‍රිටනිකා, 10 වන සංස්කරණය, 1902

    ජපන් ආක්‍රමණය සමග ලන්දේසි පාලනය බිද වැටෙයි

    1914 පළමු ලෝක යුද්ධය පුපුරා යාම මගින් සනිටුහන් වූයේ, සමාජ ආර්ථික ක්‍රමයක් ලෙස ධනපති ක්‍රමයටත්, එය මෙහෙය වන ධනපති පන්තියටත්, තවදුරටත් ප්‍රගතිශීලී ඓතිහාසික කාර්යභාරයක් ඉතිරිව නොමැති බවයි. එහෙයින්, වැඩි දියුණු ධනපති අධිරාජ්‍යවාදී රටවල නිෂ්පාදිතයක් වූ විජිත, අර්ධ විජිත රටවල ධනපති පන්තීන්ට සිය උපතෙන්ම හිමි වූ බෙලහීන බව ජය ගනිමින් සිය පැවැත්ම තහවුරු කර ගැනීම සදහා, ඒ හෝ මේ අධිරාජ්‍ය බලයක පිහිට පැතීම අනිවාර්ය වූ අතර, ඔවුන්ට තම රටවල දී ක්‍රියා කිරීමට සිදු වූයේ, කම්කරු පීඩිත මහජනතාවගේ විමුක්තිදායකයන් ලෙස නොව අධිරාජ්‍යවාදයේම දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පන්තියක් ලෙසිනි. එහෙයින්, මෙම ඊනියා “නිදහස්” රාජ්‍යයන් පාලනය කිරීමේ අධිරාජ්‍යවාදයේ නව නියෝජිතයන් පිරිසක් හැටියට මෙම දේශීය ධනේශ්වරය ඉස්මතු විය. මෙසේ, පශ්චාත් දෙවන ලෝක යුද සමයෙහි පිහිටුවනු ලැබූ ඊනියා “නිදහස්” ජාතික රාජ්‍යයන්ට අධිරාජ්‍යවාදයෙන් මිදී සැබෑ ජාතික විමුක්තියක් අත්කර දීමට නොහැකි වන ලෙස, ඒවා දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පන්තිය මගින් අධිරාජ්‍යවාදයට බැද දමා තිබුණි.

    ජාතික ධනේශ්වරය, ලන්දේසී අධිරාජ්‍යවාදය සමඟ මෙන්ම ජපන් අධිරාජ්‍යවාදය සමග ද ප්‍රතිගාමී ගනුදෙනු මාලාවකට එළඹුණු ඉන්දුනීසියානු ඉතිහාසය තුළ මෙම සත්‍යය පැහැදිලිවම දැකිය හැකිය.

    1942 මුල් භාගයේදී ජපනුන් ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් ප්‍රදේශ අල්ලා ගැනීමත් සමඟ වසර 300 ක ලන්දේසි යටත් විජිත පරිපාලනය එක්වරම අවසන්වූ බව සඳහන් කළෙමු. මිලිටරිමය වශයෙන්, ජපානය ලන්දේසි අධිරාජ්‍ය උපකරණ බිඳ දැමූ අතර බොහෝ යටත් විජිත ආයතන විසුරුවා හැරියේය; දේශපාලනිකව සහ සමාජීය වශයෙන්, ජපන් අත්පත් කර ගැනීම මගින් මර්දනය සහ නව අවස්ථාවන් විවෘත කිරීම් යන දෙකම ඇති කළේය. ජපන් පාලනය ලන්දේසි සිවිල් පරිපාලනයේ සමහර අංග අහෝසි කළේය; සුකර්නෝගේ අනුග්‍රහය සහිතව බලහත්කාරයෙන් බඳවා ගත් ශ්‍රමය බලමුලු ගැන්වූහ; ඔවුන්ගේ යුද ප්‍රයත්නය සඳහා සහල් සහ අනෙකුත් සම්පත් ඉල්ලා සිටියහ; ඉන්දුනීසියානු සමාජ ක්‍රියාකාරීන් සහයෝගයෙන් තෝරාගෙන රැඩිකල්කරණය කළ දේශීය ව්‍යුහයන් (උදා: ජපන් පාලිත “සහායක” සංවිධාන) නිර්මාණය කළහ. මෙම පියවරයන් මහ ජනයාට පුළුල් දුෂ්කරතා ඇති කළේය. ජාවාහි සමහර කොටස්වල සාගතය සහ අනෙකුත් ප්‍රදේශවල බලහත්කාර ශ්‍රමය (රොමුෂා) ඇති කරන ලදී. එම නිසා ජපන් වාඩිලා ගැනීම ලන්දේසි අධිකාරියට වල කපන අතරතුර පවා ජපන් විරෝධී සමාජ අතෘප්තිය ජනනය කළේය.

    ජපානයේ මෙම වාඩිලෑමේ ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික පැහැරගැනීම් මගින් පන්ති ප්‍රතිවිරෝධතා තියුණු කළේය: මෙලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගොවි කැරලි සහ කම්කරු නොසන්සුන්තාව තීව්‍ර විය. අනෙක් අතට, ජපානය උපායමාර්ගික හේතූන් මත ඉන්දුනීසියානු දේශපාලන ජීවිතයේ සමහර අංග සකස් කළේය: ඒ, පැරාමිලිටරි සංයුතීන් (PETA වැනි) පුහුණු කිරීම, ජාතිකවාදී ප්‍රචාරක ආයතනවල වර්ධනයට ඉඩ දීම සහ ජාතිකවාදී නායකයින්ට සීමිත පරිපාලන භූමිකාවන් ලබා දීම ආදියයි. මෙම උපායශීලී ක්‍රියාමාර්ග මගින් අනික් අතට මහජන දේශපාලනීකරණයක් ඇති විය: බුද්ධිමතුන්, තරුණ ජාල සහ නව මහජන සංවිධාන පසුව විප්ලවවාදී කාල පරිච්ඡේදයේ මූලික බලවේග බවට පත්විය. මේ අනුව, වාඩිලෑම යටත් විජිත විරෝධී අරගලයේ සමාජ පදනම ප්‍රතිව්‍යුහගත කළේය: දේශපාලනීකරණය වූ ජාතිකවාදී සුළු ධනේශ්වර නායකත්වයක් අරගලයේ මෑත කාලීන යුද අත්දැකීම් සහිත සන්නද්ධ හිටපු හමුදා නිලධාරීන් සහ නාගරික සේවකයින්ගේ වර්ධනය වන කණ්ඩායමක් සමඟ පෙළ ගැසී සිටියේය.

    ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදීන් සමඟ කේවල් කරයි 

    දෙවන ලෝක යුද්ධ සමයේදී සුකර්නෝ සහ ජාතික ධනේශ්වරය ජාතික ස්වයං පාලනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වාඩිලාගෙන සිටි ජපන් හමුදා සමඟ වැඩ කළහ. 1945 අගෝස්තු මාසයේදී ජපානයේ හදිසි යටත් වීම, මෙම දූපත් සමූහය පුරා දේශපාලන රික්තයක් නිර්මාණය කළේය. ජාතිකවාදී නායකයින් වන සුකර්නෝ සහ මොහොමඩ් හට්ටා එම රික්තය පිරවීමට ඉක්මනින් පියවර ගත්හ: 1945 අගෝස්තු 17 වන දින ඔවුහු ඒකපාර්ශිකව ඉන්දුනීසියානු ජනරජය (Republic of Indonesia) ප්‍රකාශයට පත් කළහ. 

    එහෙත් 1945 අවසානයේ හා 1946 මුල් වකවානුව තුළ නැවත වරක් යුද්ධයෙන් හෙම්බත්ව සිටි ලන්දේසීන්, මිත්‍ර හමුදාවල සහායද සහිතව, තම පැරණි යටත්විජිතය අල්ලා ගැනීමේ මිලිටරි  ආක්‍රමණය සිදු කළ අතර, ඉන් පසු වසර හතරක කාලය ජාතික නිදහස් ව්‍යාපාරයට එරෙහිව ලේවැකි යුද්ධයක් දියත් කළේය. 1945 සහ 1949 අතර කාලය තුළ, සුකර්නෝ ඇතුලු ජාතික ධනේශ්වරය ලන්දේසීන් සමග සමතයක් සඳහා කේවල් කරන අතර, ඉන්දුනීසියානු සමාජය දැවැන්ත සමාජ බලමුලු ගැන්වීමක් අත් දුටුවේය. නාගරික මධ්‍යස්ථානවල කම්කරුවන් ජීවන තත්වයන් සඳහා වැඩ වර්ජනය කළහ; ගොවීන් සමහර ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගත් අතර, යටත් විජිත හමුදා ඉවත් වූ විට හෝ දුර්වල වූ පසු බොහෝ මිලීෂියා භටයන්–සමහරක් සංවිධානාත්මක හා බොහෝ ඒවා ස්වයංසිද්ධව–නගර සහ ගම්බද ප්‍රදේශ පාලනය කළහ. හිටපු ජපන්-පුහුණු ඒකක සහ තරුණ කණ්ඩායම් සන්නද්ධ ප්‍රතිරෝධයේ හරය සැපයීය; හිටපු PETA නායකයින් සහ ජනරජ මිලීෂියා භටයන් බොහෝ විට මධ්‍යම ජනරජ ආණ්ඩුවෙන් ස්වාධීනව ක්‍රියාකාරී විය.

    ජාතික ධනේශ්වර නායකයින්ගේ ඉදිරිදර්ශනය වූයේ අධිරාජ්‍යවාදයට එරෙහිව නිර්ධන පන්ති නැගිටීමකට නායකත්වය දීම නොව, තම පරිපාලනයක් ස්ථාපිත කිරීම සහ ලන්දේසීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන්ගේ අත ශක්තිමත් කර ගැනීමයි. ඊට ලන්දේසි අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වූයේ නව ඉන්දුනීසියානු තන්ත්‍රය මර්දනය කිරීම සඳහා කුරිරු යුද්ධයක් දියත් කිරීමයි.

    ලින්ගඩ්ජාටි හා රෙන්විල් ගිවිසුම් හෙවත් සුකර්නෝ, ලන්දේසි හා එක්සත් ජනපද සම්මුතිය 

    ලන්දේසි හමුදාවන්ට එරෙහිව ඉන්දුනීසියාව පුරා සන්නද්ධ විරෝධයක් පුපුරා ගිය විට, PKI නායකත්වයේ සහාය ඇතිව සුකර්නෝ, ලන්දේසීන් සමඟ සම්මුති ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර 1947 මාර්තු මාසයේදී ලින්ගඩ්ජාටි ගිවිසුම (Linggadjati Agreement) අත්සන් කළේය. මෙම ගිවිසුම මගින් ෆෙඩරල් ව්‍යුහයක් නිර්මාණය කරන ලද අතර එහිදී ඉන්දුනීසියානු ජනරජය ඉන්දුනීසියානු ෆෙඩරල් එක්සත් ජනපදයේ සංඝටක රාජ්‍ය තුනෙන් එකක් බවට පත් විය. අනෙක් රාජ්‍ය දෙක වූයේ බෝර්නියෝ ප්‍රාන්තය (බටහිර බෝර්නියෝ/කලිමන්තන්)  සහ නැගෙනහිර ඉන්දුනීසියානු ප්‍රාන්තය (1946 දෙසැම්බර් මස පිහිටුවන ලද සුලවෙසි, මලුකු සහ සුන්ඩා දූපත් සහිත Great Eastern State) යන ඒවාය.  ලන්දේසීන් ජාවා, මදුර සහ සුමාත්‍රා මත ඉන්දුනීසියානු ජනරජ පාලනය නාමිකව පිළිගත් අතර ඔවුන්ගේ හමුදා ඉවත් කර ගැනීමට එකඟ විය. සැබැවින්ම, ලන්දේසීන් මෙය තම හමුදා ගොඩනඟා ගැනීමට සහ 1947 ජූලි මස  දියත් කළ (පළමු පොලිස් ක්‍රියාමාර්ගය–police action–ලෙස හැඳින්වූ) අසමසම ම්ලේච්ඡත්වයේ නව ප්‍රහාරයකට සූදානම් වීමට හුස්ම ගැනීමේ ඉඩක් ලෙස භාවිතා කළහ. ගිවිසුම අනුව ලන්දේසි අධිරාජ්‍යයා රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම හා නෙදර්ලන්ත-ඉන්දුනීසියානු සංගමයක් පිහිටුවීම සඳහා රජයන් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු විය. ලින්ගඩ්ජාටි ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලන්දේසීන් ෆෙඩරල් ව්‍යුහයක් තුළ තමන්ගේ රූකඩ තන්ත්‍ර දෙක–බෝර්නියෝ රාජ්‍යය සහ නැගෙනහිර ඉන්දුනීසියානු රාජ්‍යය–ජනරජයට සමාන පාලන බලයක් ලබන පරිදි පිහිටුවා ගැනීමට කටයුතු කළහ. ඒ, බෙදා දුර්වල කොට පාලනය කිරීමේ උපායේ කොටසක් ලෙසය. ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලන්දේසීන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ පොලිස් බලකායක් පිහිටුවීම ඇතුළු යෝජනා ඉන්දුනීසියානු ජනරජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 1947 ජූලි මස 20 දින ලන්දේසීන් විසින් ලින්ගඩ්ජාටි ගිවිසුම අවලංගු කර ඉන්දුනීසියානු ජනරජය පෙරළා දැමීම සඳහා යුද මෙහෙයුමක් (පළමු පොලිස් ක්‍රියාමාර්ගය) දියත් කරන ලදී.

    මෙම කාල පරිච්ඡේදය තුළ, චීනයේ මාවෝවාදීන් විසින් චීනයේ චියැං කායි ශෙයික් පාලනයට එරෙහිව ගෙන ගිය සාර්ථක යුද්ධය නිසා කලාපය තුළ මාවෝවාදයේ අනුහස වැඩිවිය. චීන කොමියුනිස්ට් පක්ෂය ද, PKI මෙන් නිර්ධන පාන්තික පක්ෂයක් ලෙස හැදින්වූ බැවින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙම “සාර්ථකත්වයෙන්” ආශ්වාදය ලැබූ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා ගොවීන් PKI වටා රැලි විය. මුලින් ලන්දේසි අධිරාජ්‍යයේ ද, දෙවනුව ජපන් අධිරාජ්‍යවාදයේ ද දැඩි මර්ධනකාරී පාලනයෙන් හෙම්බත් වීම, එමෙන්ම දේශීය ධනේශ්වර පාලක පන්තිය කෙරෙහි වූ  ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ විශ්වාසය බිද වැටීම මෙලෙස කම්කරු පීඩිත මහජනතාව PKI වටා රැලි වීමට හේතුවිය. ලන්දේසීන්ට එරෙහි යුද්ධයේදී, කම්කරුවන් සහ ගොවීන් නැවත නැවතත් දේපළ අත්පත් කරගනිමින් මහා වෘත්තීය සමිති පිහිටුවන ලදී.

    PKI හි මෙම විශාල වර්ධනයෙන් තැති ගත් බෙලහීන කොම්ප්‍රොදෝරු ධනපති පන්තියක් වූ ඉන්දුනීසියානු දේශීය ධනපති පාලක පන්තිය ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව දැන් අධිරාජ්‍යවාදය සමග පෙළ ගැසුණි. මෙම වර්ධනයන් අභියෝග වීමෙන් අමීර් ස්ජාරිෆුදින් අගමැති ලෙස කටයුතු කරන ලද, සුකර්නෝගේ  රිපබ්ලිකන් (ජනරජ) ආණ්ඩුව 1948 ජනවාරි මාස 09 දින රෙන්විල් ගිවිසුම (Renville Agreement) අත්සන් කළේය. මෙම  ගිවිසුම නෙදර්ලන්තය සහ ඉන්දුනීසියානු ජනරජය අතර එක්සත් ජාතීන්ගේ යහපත් කාර්යාල කමිටුව (Good Offices Committee ) විසින් මැදිහත් වීමෙන් ඇති කළ එකකි. යහපත් කාර්යාල කමිටුව ජාතීන් තුනකින් සමන්විත විය. ඉන්දුනීසියාව එහි නියෝජිතයා ලෙස ඕස්ට්‍රේලියාව ද, නෙදර්ලන්තය බෙල්ජියම ද නම් කළ අතර දෙපාර්ෂවයම තුන්වන “අපක්ෂපාතී සාමාජිකයා” සඳහා ඇමරිකා එක්සත් ජනපදය එක් කර ගැනුණි.

    Renville Agreement Negotiations
    1947 දෙසැම්බර් 8 වන දින USS රෙන්විල් නෞකාව තුළ සාකඡ්චා පැවැත්වෙමින්. වීකිපීඩියා වෙතින්

    එහෙයින් සැබැවින්ම මෙය, ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව අධිරාජ්‍යවාදය විසින් පටවන ලද ගිවිසුමක් වූ අතර,  එමගින්, ඉන්දුනීසියාවේ කර්මාන්ත හා සම්පත් වල අති මහත් වූ වැඩි කොටස  ලන්දේසීන්ට හිමිවිය. එපමණක් නොව මෙම ගිවිසුමෙහි “අපක්ෂපාතී සමාජිකයා” වූ එක්සත් ජනපදය ඉදිරිපත් කරන ලද එක් විසදුමක් වූයේ ලන්දේසින් අත්පත් කර ගත් භූමියේ වාඩි ලාගෙන සිටි PKI නායකත්වයෙන් යුත් “මහජන සන්නද්ධ ඒකක” විසිරුවා හැර, ඒ වෙනුවට සුකර්නෝ සහ ඔහුගේ ජෙනරාල්වරුන් විසින් පාලනය කරනු ලබන ධනේශ්වර “ඉන්දුනීසියානු ජාතික සන්නද්ධ හමුදා” ස්ථාපිත කිරීමයි. 

    සුකර්නෝ රජය PKI මර්දනය දිගේලි කරයි

    1926-27 කැරැල්ලෙන් පසු ලන්දේසීන් විසින් තහනම් කරන ලද PKI නැවත සක්‍රීය ප්‍රසිද්ධ ක්‍රියාකාරීත්වයට එළඹියේ 1945 ඔක්තෝම්බර් 21 එය නැවත නිළ වශයෙන් පිහිටුවීමෙනි. 1948 සැප්තැම්බර් මාසයේදී, නැගෙනහිර ජාවාහි මඩුයින් නගරයේදී PKI විසින් හට්ටා-සුකර්නෝ රජයට එරෙහිව කැරැල්ලක් ඇති කරන ලදී. මෙය “මඩුයින් කැරැල්ල” (Madiun Affair/1948 PKI Rebellion) ලෙස හැඳින්වේ. 1948 ජනවාරි මාසයේදී අගමැති ධුරයට පත් වූ මොහොමඩ් හට්ටාගේ රජය, කොමියුනිස්ට් පාලනය යටතේ පැවති ගරිල්ලා ඒකක විසුරුවා හැරීමට  සැලසුම් කළ අතර, PKI මෙයට විරුද්ධ වූයේ කොමියුනිස්ට් ජාතික ඉදිරිපෙළක් (communist-led national front) සඳහා ආයාචනා කරමිනි. එසේම PKI විසින් රෙන්විල් ගිවිසුමේ ලන්දේසීන්ට සපයන ලද සහන විවේචනය කරන ලදී. 1948 සැප්තැම්බර් 18 වන දින, මඩුයින් හි ප්‍රාදේශීය කොමියුනිස්ට් අණදෙන නිලධාරියෙකු විසින් බලය අල්ලා ගැනීමත් සමඟ කැරැල්ල ආරම්භ විය. PKI සහ එහි පෙරමුණු සංවිධානය වන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (FDR) විසින් මෙහෙයවන ලද වාමාංශික බලවේග එයට සම්බන්ධ විය. සුකර්නෝ-හට්ටා රජය දැඩි ක්‍රියාමාර්ග ගත් අතර, මාස තුනක් තුළ කැරැල්ල මර්දනය කරන ලදී. බොහෝ PKI නායකයින් ඝාතනය කරන ලද අතර අනෙක් අය සිරගත කෙරුණි.

    Maduin
    1948 සැප්තැම්බර් මාසයේදී මැඩියුන්හිදී ඉන්දුනීසියානු හමුදාව විසින් මාංචු දැමූ කොමියුනිස්ට්වාදීන් පිරිසක් රඳවා ගනු ලැබේ. Wikipedia Commons

    රෙන්විල් සහ ලින්ගඩ්ජාටි ගිවිසුම් මගින් ඉන්දුනීසියානු භූමි ප්‍රදේශ තුළ විදේශිකයන්ට දේපළ තබා ගැනීමට සහ ආර්ථික යටිතල පහසුකම් පාලනය කිරීමට ඇති අයිතිය එලෙසම පිළිගත්තේය. රෙන්විල් ගිවිසුම මගින් ජාවා හි සීනි කම්හල්වලින් අඩක්, ඉන්දුනීසියාවේ රබර්වලින් සියයට 75 ක්, කෝපිවලින් සියයට 65 ක්, තේවලින් සියයට 95 ක් සහ සුමාත්‍රා තෙල් පාලනය කිරීමේ අයිතිය ලන්‍දේසීන්ට ලබා දෙන ලදී. 

    ප්‍රතිගාමී රෙනෙවිල් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද සුකර්නෝ-හට්ටා රජයට එරෙහිව වැඩ වර්ජන මාලාවක් PKI කැදවුම යටතේ පිපිරී ගිය අතර, ඒවා “ජාතික සමගිය” ආරක්ෂා කිරීමේ නාමයෙන් මර්දනය කරන ලදී. 

    PKI ට එරෙහිව පියවර ලෙස සුකර්නෝ-හට්ටා රජය විසින් ලන්දේසීන්ට එරෙහි සටනේ පෙරමුණේ සිටි PKI/FDR පාක්ෂික හමුදා භට කණ්ඩායම් මර්දනය ආරම්භ කරන ලදී. මැඩියුන් නැගිටීමට ආසන්නයේදී, PKI/FDR ට පක්ෂපාතී කර්නල් සුතාර්ටෝ ඇතුළු තවත් හමුදා නිලධාරීන් පිරිසක් අභිරහස් ලෙස ඝාතනය වීමත්, තවත් PKI/FDR පාක්ෂික හමුදා නිලධාරීන් පිරිසක් අතුරුදහන් වීමත් සිදු විය.

    මඩුයින් හි ලේ වැකි මර්දනය තුළ දී මුසෝ ප්‍රමුඛ PKI නායකයින් අවම වශයෙන් 11 ක් ඇතුළු විප්ලවවාදීන් 36,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කෙරුණි.

    ඊනියා නිදහස හෙවත් ජාතික විමුක්ති අරගලය පාවා දෙනු ලැබෙයි

    රෙන්විල් ගිවිසුම යටතේ ලන්දේසි පාලන ප්‍රදේශ හා ජනරජ/රිපබ්ලිකන් පාලනයේ සීමා මායිම් නීර්ණය කරන ලද, වැන් මූක් රේඛාව (Van Mook Line) හරහා භෞමික පාලනය වෙන් කිරීම හුදෙක් මිලිටරිමය පමණක් නොව දැඩි ආර්ථිකමය කාරණාවක් ද විය. ලන්දේසි පාලනය යටතේ පැවති ප්‍රදේශවලට වරායන්, අපනයන සැකසුම් කලාප සහ වතු පිටි වෙත ප්‍රවේශය ඇතුළත් විය. රිපබ්ලිකන් පාලනය යටතේ පැවති ප්‍රදේශ හුදකලා විය. එම පෙදෙස ආර්ථික වශයෙන් සීමා කරන ලද අතර බාහිර වෙළඳපොළවල් හෝ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා සෘජු ප්‍රවේශයක් නොතිබුණි. 

    මෙවැනි තත්ත්වයක් මත, 1948 අග භාගය වන විට, ලන්දේසි පාලනය හා රිපබ්ලිකන් පාලනය අතර ආතතීන් උත්සන්න විය. සාකච්ඡා බිඳ වැටීමෙන් සහ රෙන්විල් ගිවිසුමේ සටන් විරාමය බිඳවැටීමෙන් පසුව, ලන්දේසීන් ඉන්දුනීසියානු ජනරජය සහ එහි සන්නද්ධ හමුදා තීරණාත්මක ලෙස විනාශ කිරීමට ඉලක්ක කළහ. 1948 දෙසැම්බර් මාසයේදී ලන්දේසීන් නව හමුදා ප්‍රහාරයක් (ක්‍රායි මෙහෙයුම–Operation Kraai) දියත් කළ අතර, යෝග්‍යකර්තා හි දී සුකර්නෝ  ඇතුළු රිපබ්ලිකන් නායකයින් අල්ලා ගත්හ.

    සාම්ප්‍රදායික යටත් විජිත ආකෘතිය (සෘජු භෞමික පාලනය) දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගී එන ලෝකය තුළ නව යටත් විජිත ආකෘති වලට මග පාදමින් තිබුණි. මිලිටරිමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් දුර්වල වූ යටත් විජිත බලවතුන්ට තවදුරටත් විශාල අධිරාජ්‍යයන් හරහා සෘජු පාලනය පවත්වා ගැනීමට නොහැකි විය. එහෙත්, බටහිර ප්‍රාග්ධනයට තවමත් පශ්චාත් යුද ආර්ථික ප්‍රතිසංස්කරණයට ඉන්ධන සැපයීම සඳහා අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ වෙළඳපොළවල් වෙත ප්‍රවේශය අවශ්‍ය විය. යුරෝපය තුළ, දෙවන ලෝක යුද්ධයට ගොදුරු වීමෙන් විනාශයට පත්ව බෙලහීනත්වයට පත් නෙදර්ලන්තය, තෙල්, රබර්, ටින් සහ උපායමාර්ගික සමුද්‍රීය ස්ථානගත කිරීමෙන් පොහොසත් තම පැරණි යටත් විජිතය නැවතත් අත්පත් කර ගැනීමේ උත්සාහය පිටුපස පැවතියේ මෙයයි.

    1948 දෙසැම්බරයේ නව ලන්දේසි ප්‍රහාරයෙන් පසු සාකච්ඡා නැවත ආරම්භ නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් නෙදර්ලන්තයට මාෂල් සැලැස්ම (Marshall Plan, 1948-1951 යුරෝපය ගොඩනැගීමේ වැඩසටහන) යටතේ සපයන ආධාර අත්හිටුවන බවට තර්ජනය කළේය.  මෙසේ එක්සත් ජනපදයෙන් එල්ල වූ පීඩනය යටතේ මාස 06 ක් ඇතුලත ලන්දේසින්ට යටත් වීමට සිදු වූ අතර, 1949 නෙදර්ලන්තයේ හේග් හි පැවති ලන්දේසි-ඉන්දුනීසියානු වට මේස සමුළුවේදී (Round Table Conference) ඉන්දුනීසියානු ස්වෛරීභාවය (sovereignty) පිළිගත්තේය.

    1949 අගෝස්තු 23 සිට නොවැම්බර් 2 දක්වා හේග් හි පැවති මෙම සමුළුවට නෙදර්ලන්තය, ඉන්දුනීසියානු ජනරජය සහ ලන්දේසි විසින් නිර්මාණය කරන ලද රිපබ්ලිකන් රජයට අයත් නොවන “ස්වාධීන රාජ්‍යයන්” නියෝජනය කරන ෆෙඩරල් උපදේශක සභාවෙන් නියෝජිතයින් සහභාගී විය. මෙම හේග් ගිවිසුමෙහි ප්‍රධාන ප්‍රතිඵලය වූයේ 1949 දෙසැම්බර් අග වන විට ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වලින් වැඩි කොටසක් සමුළුවෙන් පසු අලුතින් පිහිටුවන ලද ඉන්දුනීසියානු එක්සත් ජනපදයට (United States of Indonesia) නීත්‍යානුකූලවම අයත් වීමයි. 1949 හේග් හි වට මේස සමුළුවේදී, ලන්දේසීන්ගේ එකල ගිල්ඩර් බිලියන 2 ක පමණ යටත්විජිත ණය කන්දරාව–1942ට පෙර ඉන්දුනීසියානු ජනතාවට එරෙහිව කළ යුද්ධවල වියදම– අත් හැරීමෙන් පසුව, ලන්දේසින් ඉල්ලා සිටි ඉතිරි ගිල්ඩර් බිලියන 4.5 ක ණය(එවකට ඇ.ඩොලර් බිලියන 1.18 ක්)—එනම්, ලන්දේසීන් ඉන්දුනීසියානු ජනතාවට එරෙහිව මහා ලේවැකි ‘පොලිස් ක්‍රියාමාර්ග’ යන නමින් සිදු කළ යටත් විජිත යුද්ධයේ වියදම පමණක්–ගෙවා දැමීමටත්, ලන්දේසි ආයෝජන ආරක්ෂා කිරීමටත් සුකර්නෝ රජය එකඟ විය. 2003 දී ගෙවා නිම කළ මෙම ණය ඉන්දුනීසියානු ආර්ථිකය ලන්දේසි මූල්‍ය අවශ්‍යතා සමඟ සඵල ලෙස හිර කර තැබූ දැවැන්ත මූල්‍යමය බරකි. 

    1949 දී හේග්හි පැවති මෙම වට මේස සමුළුව දී, ඉන්දුනීසියානු ධනේශ්වරය, අධිරාජ්‍යවාදයේ සපත්තු අඩි ලෙවකමින්, තම ධනපති පාලනය ආරක්ෂා කරගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන්ට ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව පවා දුන්නේ මෙසේය.      

    විශාල ලන්දේසි බැංකුවක් වන Nederlandsche Handel Maatschappij, 1950 ගණන් වල දී ඉන්දුනීසියානු මූල්‍ය පද්ධතිය ආධිපත්‍යය දැරූ ප්‍රධාන බැංකු තුනෙන් එකක් විය. අන්තර් දූපත් මුහුදු ගමනාගමනය ආධිපත්‍යය දැරූ ලන්දේසි සමාගමක් වන KPM, 1949 වට මේස සමුළුවේ ගිවිසුමෙන් පසුව අන්තර් දූපත් නාවික මාර්ග මත ඒකාධිකාර අයිතිවාසිකම් නැවත ලබා ගත්තේය. 1950 ගණන්වල දී, රට තුළ ලන්දේසි පුද්ගලික ආයෝජන ගිල්ඩර් බිලියන 2.7-3.0 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 700-800 ක්) පමණ විය. 

    1949 දී බටහිර පැපුවා නිව්ගිනියාවේ තත්ත්වය විසඳීමට අපොහොසත් වීම අඛණ්ඩ ගැටුම් වලට හේතු විය. ගිවිසුමට අනුව, ලන්දේසීන් බටහිර පැපුවා පාලනය තබා ගත යුතු අතර සුකර්නෝ තන්ත්‍රය ලන්දේසි අධිරාජ්‍යවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිගටම කරගෙන යා යුතු විය.  එම භූමිය ඉන්දුනීසියාවට මාරු කිරීමට 1962 දක්වා වූ කලක් ගත විය.

    ලන්දේසි ප්‍රදේශවල සිටි ගරිල්ලා බටයන් නැවත කැඳවීමත්, PKI නායකත්වයෙන් යුත් “මහජන සන්නද්ධ ඒකක” (people’s armed units) විසිරුවා හැර ඒවා “ජාතික සන්නද්ධ හමුදාවන්ට” (Indonesian National Armed Forces) ඇතුළත් කිරීමෙන් නව හමුදාවක් පිහිටුවීමටත් රෙන්විල් ගිවිසුම යටතේ වූ යෝජනාව හේග් ගිවිසුම මගින් ක්‍රියාත්මක කරන ලදී.

    සුකර්නෝ රජය සියලු යටත් විජිත නීති නොවෙනස්ව තබා ගත්තේය. වෙනත් වචන වලින් කිවහොත්, පැරණි යටත් විජිත රාජ්‍ය උපකරණ සහ නීති, “ස්වෛරී” නව ජනරජයේ පාර්ලිමේන්තුව යටතේ සුරක්ෂිත කරන ලදී.

    1955 දී පැවති මහා මැතිවරණයේදී PKI කැපී පෙනෙන මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගනිමින් සිව්වන ස්ථානයට පත් විය. ඒ, දශක දෙකක කාලයක් තුළ සිදු කරන ලද සන්නද්ධ කැරලි දෙකෙහිම (1926-27 සහ 1948) විනාශකාරී පරාජයන්ගෙන් PKI සාමාජිකත්වයට අතිමහත් හානි සිදුවූ පසුබිමකය. පක්ෂය ඡන්දවලින් සියයට 16.4ක් (ඡන්ද 6,176,914) ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 39ක් දිනා ගත්තේය. මෙම සාර්ථකත්වය සනාථ වූයේ කම්කරුවන් සහ ගොවීන් අතර PKI විසින් සිදු කරන ලද ඵලදායී භූමිමට්ටමේ සංවිධාන කටයුතු, දරිද්‍රතාවයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සීමිත ප්‍රතිපත්ති වැඩපිළිවෙල සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇති කර ගත් පුළුල් පදනම හේතුවෙනි. නැගෙනහිර ජාවාහි PKI විසින් ඡන්දවලින් සියයට 30ක් පමණ ප්‍රමාණයක් ලබා ගත්තේය. ඉන්පසු 1957 දී පැවති කලාපීය මැතිවරණවලදී (අඛණ්ඩව පැවති කලාපීය කැරලි හේතුවෙන් මැතිවරණ පවත්වන ලද්දේ ජාවා, දකුණු සුමාත්‍රා, රියාවු සහ පසුව 1958දී කලිමන්තාන්හි පමණි), 1955 දී ලැබූ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව PKI හි ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස වැඩි විය. මෙමගින් සලකුණු වූයේ ඉන්දුනීසියානු ධනපති පන්තිය කෙරෙහි ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටීමයි.

    1949 වට මේස සමුළුව සිදු වූයේ ස්ටැලින්වාදී සෝවියට් රුසියාවට එරෙහි නැගී එන සීතල යුද්ධයේ සහ අධිරාජ්‍යවාදී බල තුලනයේ වෙනස්වන පසුබිමක ය යන්න මේ වර්ධනයන් වටහා ගැනීමේ අක්ෂයෙහි පවතී. 

    1949 වන විට, එක්සත් ජනපදය ප්‍රමුඛතම ධනවාදී අධිරාජ්‍යවාදී බලවතා බවට පත්ව සිටි අතර, සෝවියට් බලපෑම සීමා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයන් සකස් කරමින් සිටියේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසන්නතම වසරවලදී, එක්සත් ජනපද රජය යුරෝපීය සහචරයින් මත යටත් විජිත ගැටුම් සමථයකට පත් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනයක් එල්ල කළේය. එහි පදනමේ වූයේ, ඍජු අධිරාජ්‍යවාදී මර්දනයන් මගින්  අධිරාජ්‍ය විරෝධී හැඟීම් අවුලුවා අලුතින් ස්වාධීනත්වය අපේක්ෂා කළ ජාතීන් කොමියුනිස්ට් කඳවුරට තල්ලු කිරීමට හේතු විය හැකි වූ බවට වූ ගණන් බැලීමකි.

    වටමේස සමුළුව සම්භාව්‍ය යටත් විජිතවාදයේ සිට නව යටත් විජිතවාදය දක්වා සංක්‍රමණය වීමේ ආරම්භක ලක්ෂයක් සනිටුහන් කරයි: මතුපිටින් ස්වෛරීභාවය පිළිගනු ලැබූ නමුත්, මූල්‍ය, වෙළඳ සහ ආයතනික යාන්ත්‍රණයන් හරහා ආර්ථික ආධිපත්‍යය පවත්වා ගෙන යන ලදී. මෙය, අධිරාජ්‍යවාදයේ නව අවධියයි: එනම්, හිටපු යටත් විජිත බලවතුන් සහ ඔවුන්ගේ යටහත් දේශීය ධනපති ප්‍රභූන් විසින් ආධිපත්‍යය දරන ලෝක ධනවාදී පද්ධතියක් තුළ සීමා කරන ලද නව යටත් විජිත රාජ්‍ය පද්ධතිය ගොඩනැගීමයි.

    ස්ටැලින්වාදී “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මාවෝවාදයේ “ප්‍රගතිශීලී පන්ති හතර”

    1920 ගනන් වල මැද භාගය පමණ විට, සෝවියට් නිර්ධන පන්තියෙන් දේශපාලන බලය පැහැර ගත් සෝවියට් සංගමය තුළ වරප්‍රසාදිත තට්ටුවක් පක්ෂ නායකත්වය ලෙස රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුලින් මතුවිය. “තනි රටක සමාජවාදය” සඳහා “අවධි දෙකේ විප්ලවයක්” යෝජනා කරන ලද මෙම කණ්ඩායම,  එවකට ලොව පුරා පැවති 3 වන ජාත්‍යන්තරයේ ශාඛා දෘෂ්ටිමය වශයෙන් විනාශ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසට, එහි ශාඛා වන කොමියුනිස්ට් පක්ෂ කම්කරු පන්තියේ ස්වාධීන අරගල මර්දනය කරමින් ප්‍රති-විප්ලවවාදී සංවිධාන බවට පරිවර්තනය විය.

    යටත් විජිත රටවල PKI ඇතුළු ස්ටැලින්වාදී පක්ෂ, ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා යටත් විජිත බලවතුන් සමඟ ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කළ ඉන්දියාවේ ගාන්ධි සහ ඉන්දුනීසියාවේ සුකර්නෝ වැනි පුද්ගලයින්ගේ නායකත්වයෙන් යුත් ජාතික ධනේශ්වරයට ජනතාව ක්‍රමානුකූලව යටත් කළේය.

    රුසියානු බොල්ෂෙවික් පක්ෂය විසින් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී, අතහැර දමන ලද පැරණි “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආඥාදායකත්වය” නම්, පන්ති දෙකක ආධිපත්‍යයක් ගැන කියැවෙන ප්‍රතිගාමී න්‍යාය ද, ස්ටැලින්වාදීන් විසින් සෑම විටම, පසුගාමී රටවල ධනපති පන්තිය සතුව ඇතැයි සැළකූ “ප්‍රගතිශීලී” බවද, පදනම් කර ගත් “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මීට අමතරව, ස්ටැලින්වාදයේම ප්‍රභේදයක් වන මාඕවාදයේ “ප්‍රගතිශීලී පන්ති හතරේ” න්‍යාය මත පදනම් වෙමින් ගොඩනගන ලද ප්‍රතිගාමී න්‍යායක් මගින් ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව දේශපාලනිකව නිරායුධ කිරීම PKI නායකත්වය විසින් ආරම්භ කරන ලදී. තමන් ට්‍රොට්කිවාදී යැයි කියා ගත් නමුත් නොනවතින විප්ලව න්‍යාය අතහැර දමන ලද,1948 දී PKI වෙතින් බිඳී යාමක් මගින් ආරම්භ වූ පැබ්ලෝවෝවාදී පාර්ටයි අකෝමා (Partai Acoma) පක්ෂය ද මෙම මහා පවාදීම උදෙසා පෙළ ගැසුණි.

    සිනෝ-සෝවියට් භේදයට පෙර, 1950 ගණන් වල මුල් භාගයේදී, රුසියාවේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය හා චීන මාඕවාදී නිලධාරී තන්ත්‍රය සමග PKI නායකත්වය යහමින් ගනුදෙනු කරමින් සිටි අවධියේ දී, PKI නායක ඒඩිට් (Aidit) ප්‍රකාශ කළේ කම්කරු පන්තිය, ගොවීන්, සුළු ධනේශ්වරය සහ ජාතික ධනේශ්වරය එක් ජාතික පෙරමුණක එක්සත් විය යුතු බවයි. එහෙයින්, මෙහිදී කම්කරු පන්තියට ස්වාධීන කාර්යභාරයක් නොවීය.

    1917 ඔක්තෝබර් විප්ලවයට පෙර පසුගාමී රුසියාවෙහි මෙන් කම්කරු පන්තියට සාපේක්ෂව අතිමහත් ගොවි ජනතාවක් හා ගම්බද සුළු ධනේශ්වරයක් සිටි ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු කලාප තුළ, විජිත පාලකයන්ට එරෙහිව ග්‍රාමීය ගරිල්ලා ගොවි යුද්ධයක් යෝජනා කරන ලද මාඕවාදී අදහස් වලට සැලකිය යුතු ආනුභාවක් දිනා ගත හැකි විය. 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු තුන්වන ජාත්‍යන්තරයේ ශාඛා ලෙස පිහිටුවන ලද, කොමියුනිස්ට් පක්ෂ සියල්ලක්ම පාහේ ස්ටැලින්වාදී නිලධාරීවාදය මත පදනම්ව “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මාඕවාදී “පන්ති හතරේ සන්ධානය” යන න්‍යාය හා ගොවි ජන යුද්ධය කරපින්නා ගත්, ඒ අනුව සිය ක්‍රියා මාර්ගය සකස් කර ගත්, නමින් “කොමියුනිස්ට්” ලෙස නම් කරනු ලැබුවද, කම්කරු පන්තික බොල්ෂෙවික් සම්ප්‍රදායන්ගෙන් වියෝ වූ පක්ෂ විය. එහෙයින් මේවා සමාජවාදී විප්ලවය සදහා කම්කරු පන්තිය ඇතුළු පීඩිත මහජනතාව කම්කරු පන්තිය යටතේ සමාජවාදී වැඩපිළිවෙළකට බලමුලු ගැන්වීම නොව, අධිරාජ්‍යවාදයට හා දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පාලනයට එරෙහිව පැන නගින මහජන අරගල ගබ්සා කර දැමීමේ කර්තව්‍ය සිය පිලිවෙත බවට පත් කර ගත් පක්ෂ විය. ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය, මේ සදහා හොදම නිදර්ශනය සපයයි.

    මෙසේ, දේශීය ධනපති පන්තියේ අධිකාරිය අවිවාධාත්මකව පිළිගත්, එම පන්තිය විසින් පූර්ණ කිරීමට නියමිත යැයි කී ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අවධිය පසුකිරීමෙන් පසු ඒ හරහා සමාජවාදී විප්ලවයට පාර කැපෙතියි යන සාවධ්‍ය ඉදිරිදර්ශනයට යටත්ව සිටි PKI නායකයෝ, 1965-66 කාලය වන විට, අරගලයට පිවිස තිබුණු ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ අරගල යටපත් කරමින් හා නොමග යවමින්, ඔවුනට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය සැලසුම් කළ සමූලඝාතනය ක්‍රියාත්මක  කිරීමට අධිරාජ්‍යවාදයට හා ඔවුන් සමඟ පෙළ ගැසී සිටි, දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පාලනයට අවශ්‍ය දේශපාලන අවකාශය සකසා දුන්නෝය. 

    ලෝක යුද්ධ දෙකක අතර කාල පරිච්චේදයේ පැරණි කම්කරු පන්තික පක්ෂ මගින් මහජන අරගල පාවාදෙනු ලැබූ අවස්ථාවන් අතර 1927 අප්‍රේල් ෂැංහයි හී දී,  කුඕමින්ටෑං හමුදාව මගින් චීන කම්කරු පන්තිය ලේ වැකි සමූලඝාතනයකට ලක් කිරීම හරහා කම්කරු පන්තියට අත් කර දුන් දෙවන චීන විප්ලවයේ පරාජය මගින්, ඛෙදනීය ලෙස සනාථ වූයේ, ඉහත න්‍යායන්ගේ සාවද්‍ය බවයි.  ඊට විරුද්ධව ඉදිරිපත් කරන ලද, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මගින් පෙන්වා දෙනු ලැබුවේ, ඊනියා “අවධි දෙකේ විප්ලවවාදී” න්‍යායක් නොමැති බවත්, එහෙයින් පසුගාමී රටවල සිටින ධනපති පන්තියට කිසිදු ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට නොමැති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නොවිසඳුණු කර්තව්‍යයන් ඉටු කිරීම ද කම්කරු පන්තිය මතම පැවරී ඇති සමාජවාදී විප්ලවයේ කර්තව්‍යයක්ම බවත් ය.  පන්ති අරගලය මගින් යළි යළිත් තහවුරු කර ඇති ආකාරයට කම්කරු පන්තික ස්වාධීන දේශපාලන අස්ථානය උදෙසා සටන් වැදීමට පටහැනි ලෙස සූත්‍රගත කරන ලද පන්ති සම්මුතිවාදී වැඩ පිළිවෙලම සිය පිළිවෙත කර ගත් ස්ටැලින්වාදයට, අතීතයෙන් ඉගනීමට කිසිදු පාඩමක් නොවීය. 

    මෙසේ, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යායට පටහැනිව, ස්ටැලින්වාදයේ “අවධි දෙකේ විප්ලවවාදී න්‍යාය” මගින් පසුගාමී රටවල ධනපති පන්තියට ප්‍රගතිශීලී කාර්යභාරයක් ඇතැයි යන මිථ්‍යාව වගා දිගා කර, ඒ අනුව පක්ෂ සාමාජිකත්වය නොමග යවා මෙහෙය වීමට PKI නායකත්වය ද්‍රෝහී ක්‍රියාකලාපකයක් ඉටු කළේය. ඒ අනුව, ධනේශ්වර “ප්‍රගතිශීලී” සුකර්නෝ තන්ත්‍රයේ පාලනය මගින් ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හරහා ඉන්දුනීසියානු කම්කරු පන්තිය ගමන් කළ යුතු වූ අතර, ඒ සඳහා ස්වාධීන කම්කරු වැඩ පිළිවෙළකින් ධනේශ්වරයට එරෙහිව සිදුකළ යුතු විප්ලවය ප්‍රමාද කිරීමත්, පාගා දැමීමත් PKI හි වැඩපිළිවෙළ බවට පත් විය. 

    කොමින්ටනය සූත්‍රගත කළ දේශපාලනික මංමුළාව මත PKI  වැඩ ඇරඹීම: වාර්තාවක්

    1965 දී ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව ලේ වැකි සමූලඝාතනයකට ගොදුරු කර දීම, ඊට දශක හතරකට පමණ පෙර, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය 3 වන ජාත්‍යන්තරයේ (කොමින්ටනයේ) සාමාජිකත්වය ලබා ගැනීමේ සිට එයින් මෙහෙයවනු ලැබීමේ ඓතිහාසික වාර්තාවට අනුලංගනීය ලෙස බද්ධව පවතී.  1920 දී, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ (PKI) පූර්වගාමියා වූ ඉන්දීය කොමියුනිස්ට් සංගමය ( PKH) ලෙස, එය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) සමාජිකත්වය හිමිකර ගනු ලැබුණි.

    PKI හි මුල් කාලීන කේඩර්වරුන්–සෙමවුන්, ඩාර්සෝනෝ, අලිමින්–විප්ලවවාදී කොමින්ටර්න් සංවිධානයේ බලපෑමට ලක් විය. පන්ති අරගලය, කම්කරු-ගොවි සන්ධාන සහ ධනේශ්වර විරෝධී සංවිධානය කෙරෙහි පක්ෂයේ අවධාරණය ලෙනින්වාදී ජාත්‍යන්තරවාදය පිළිබිඹු කළේය. මෙම කාල පරිච්ඡේදයේදී, PKI නිවැරදිව අවධාරනය කළේ ඉන්දුනීසියානු විමුක්තිය කම්කරු පන්තියේ ගෝලීය අරගලයෙන් වෙන් කළ නොහැකි බවයි.

    1924-1926 අතර කාල පරිච්ඡේදය වන විට, “තනි රටක සමාජවාදය” නමින් බොල්ෂෙවික් විරෝධී ප්‍රතිගාමී “න්‍යාය” හදුන්වා දුන් ස්ටැලින්වාදීන් විසින් කොමින්ටර්නය තුළ බලය ඩැහැ ගෙන තිබූ අතර, විප්ලවය වෙනුවට ඉන්දුනීසියානු ධනපති පන්තිය ද ඇතුළත් වූ අධිරාජ්‍ය විරෝධී පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට මොස්කව් වෙතින් උපදෙස් ලැබී තිබුණි. එහෙයින්, මේ වන විට, PKI නායකත්වයේ බහුතරයක් “තනි රටක සමාජවාදය” ගොඩ නැගීමත්, පන්ති සහයෝගීතාවාදී වැඩපිළිවෙළත්, පිළිගෙන තිබූ අතර, එමගින් බොල්ෂෙවික් පක්ෂයක් වීමට සුදුසුකම් ලබන–කම්කරු පන්තියේ පන්ති ස්වාධීනතාවය මත පිහිටා සිටීම හා කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය සඳහා සටන් කිරීම යන–අත්‍යාවශ්‍ය මූලධර්මයන් දෙකෙන්ම PKI වියෝවී තිබුණි. මෙලෙස, PKI විප්ලවවාදී පක්ෂයක සිට පිරිහුණු ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් බවට පත්වීම, එම පක්ෂයේ ළදරු වියේදීම සිදු වූවකි.

    මතු සම්බන්ධයි…

    ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ: 

    1. Lessons of the 1965 Indonesian Coup – Chapter One: The historical background, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind1-m16.html
    2. Lessons of the 1965 Indonesian Coup – Chapter Two: Stalinists betray the mass movement, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind2-m16.html
    3. Lessons of the 1965 Indonesian Coup – Chapter Three: 1965—Stalinism’s bloody legacy, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind3-m16.html
    4.  Tan Malaka, ‘The Partisan and his Struggle: Military, Political and Economic’ (Marxists Internet Archive, 1948) https://www.marxists.org/archive/malaka/1948-Gerpolek1.htm 
    5. Ruth T McVey, The Rise of Indonesian Communism (Cornell University Press 1965) (Read on Google Books) 
    6. George McTurnan Kahin, Nationalism and Revolution in Indonesia (Cornell University Press 1952) (Read on archive.org
    7. Robert B Cribb, Gangsters and Revolutionaries: The Jakarta People’s Militia and the Indonesian Revolution, 1945-1949 (University of Hawaii Press 1991) (Read on archive.org

    ‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 2  කොටස Read More »

    Trump

    Trump National Defense Strategy calls for US domination of Western Hemisphere

    By Andre Damon

    This article was originally published on the World Socialist Web Site on 27 January 2026.

    The Trump administration released its 2026 National Defense Strategy on Friday, a 34-page document that openly proclaims American military domination of North and South America as a platform for global war. The strategy, issued by the newly renamed “Department of War,” is a blueprint for imperialist conquest.

    Trump
    President Donald Trump walks onto the field with Lt. Gen. Steven Gilland, superintendent of the U.S. Military Academy at West Point, left, and Lt. Gen. Michael Borgschulte, superintendent of the U.S. Naval Academy, right, before the start of the 126th Army-Navy NCAA college football game at M&T Bank Stadium, Saturday, Dec. 13, 2025, in Baltimore. [AP Photo/Julia Demaree Nikhinson]

    The National Defense Strategy introduces the concept of “Homeland and Hemisphere,” effectively expanding the definition of the American “homeland” to include all of North and South America. 

    Building on the National Security Strategy released in December, which declared a “Trump Corollary to the Monroe Doctrine,” the document asserts that defending American territory requires military control of the entire Western Hemisphere. It declares: “We will actively and fearlessly defend America’s interests throughout the Western Hemisphere. We will guarantee U.S. military and commercial access to key terrain, especially the Panama Canal, Gulf of America, and Greenland.”

    The document explicitly invokes 19th-century imperialism, noting that “our predecessors recognized that the United States must take a more powerful, leading role in hemispheric affairs” and that “it was this insight that gave rise to the Monroe Doctrine and subsequent Roosevelt Corollary.” Under the Roosevelt Corollary (named after Theodore Roosevelt, president from 1901 to 1909), US Marines invaded Nicaragua, Haiti, the Dominican Republic and Cuba. The Trump administration declares these crimes the model for 21st-century foreign policy: “This is the Trump Corollary to the Monroe Doctrine—a commonsense and potent restoration of American power and prerogatives in this hemisphere.”

    The Pentagon is committed to “provide the President with credible options to guarantee U.S. military and commercial access to key terrain from the Arctic to South America.”

    “Homeland and Hemisphere” recalls the Nazi slogan “Heim ins Reich”—”Home into the Reich”—used to justify Germany’s annexation of Austria and the Sudetenland in 1938. Just as Hitler declared that German-speaking territories belonged to Greater Germany, the Trump administration asserts that Greenland, Panama, and the Gulf of Mexico are American possessions to be secured by force.

    While proclaiming hemispheric domination, the National Defense Strategy claims the military will “no longer be distracted by interventionism, endless wars, regime change, and nation building.” The document’s claim to oppose “regime change” is rendered absurd by the fact that it was released days after the administration carried out one of the most flagrant acts of regime change in American history—the kidnapping of Venezuelan President Nicolás Maduro.

    The claim was published as US warships steam toward Iran. On Monday, the USS Abraham Lincoln carrier strike group approached the Middle East. On Friday, Trump told reporters: “We have a big flotilla going in that direction, and we’ll see what happens. We have a big force going toward Iran.” This follows his bombing of Iranian nuclear facilities last year.

    The National Defense Strategy makes clear that US domination of the hemisphere is not a retreat from global domination, but what the Trump administration sees as a prerequisite. It insists that “ours is not a strategy of isolation” but rather “one of focused engagement abroad.” 

    While claiming that “President Trump seeks a stable peace, fair trade, and respectful relations with China,” the National Defense Strategy frames hemispheric domination as preparation for great-power war. It acknowledges that China is “already the second most powerful country in the world—behind only the United States—and the most powerful state relative to us since the 19th century,” adding that despite internal challenges, “the fact is that its power is growing.”

    To prepare for this conflict, Trump has called for a 50 percent increase in military spending, demanding a $1.5 trillion military budget for 2027. The National Defense Strategy demands that all US allies follow suit: “President Trump has set a new global standard for defense spending at NATO’s Hague Summit—3.5% of GDP on core military spending and an additional 1.5% on security-related spending, for a total of 5% of GDP.”

    Five percent of GDP would represent the largest peacetime military buildup in modern history—exceeding $1.3 trillion annually for the United States alone, and tripling German military expenditure. The resources demanded for this military expansion will be extracted from the working class through austerity, the gutting of social programs, and the further impoverishment of billions of people worldwide.

    On nuclear weapons, the document demands the modernization of US nuclear forces “with focused attention on deterrence and escalation management amidst the changing global nuclear landscape.” It declares that “the United States should never—will never—be left vulnerable to nuclear blackmail.” The reference to “escalation management” is military jargon for preparing to fight and “win” a nuclear war.

    The document concludes: “We will restore the warrior ethos. We will refocus the American military on its core, irreplaceable goal of winning the nation’s wars decisively.”

    The Democratic Party supports this military buildup. On Thursday, the House passed combined defense and consolidated spending bills by a vote of 341-88, with 149 Democrats voting yes and only 64 voting no. The $839 billion military budget—$8.4 billion above what Trump requested—funds the weapons systems, carrier strike groups and military infrastructure required for the wars outlined in the National Defense Strategy. Both parties represent the same ruling class, and there is bipartisan consensus for militarism and global domination.

    Trump National Defense Strategy calls for US domination of Western Hemisphere Read More »

    Trump in Davos

    ග්‍රීන්ලන්තය සම්බන්ධ ට්‍රම්ප්ගේ තර්ජන ඩාවෝස් ලෝක ආර්ථික සමුළුවේ ආධිපත්‍යය දරයි

    ඇන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

    මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 22 දින ‘Davos World Economic Forum dominated by Trump threats over Greenlandයන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

    Trump in Davos
    2026 ජනවාරි 21 වන බදාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී ගෝලීය ව්‍යාපාරික නායකයින්ගේ රැස්වීමක් අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරයි. [AP ඡායාරූපය/ඉවාන් වුචි]

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට දරන උත්සාහයන් සම්බන්ධව එක්සත් ජනපදය සහ යුරෝපීය බලවතුන් අතර ගැඹුරු වන විරසකය, සඳුදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ආරම්භ වූ ලෝක ආර්ථික සංසදයේ/සමුළුවේ  ආධිපත්‍යය දැරීය. බදාදා සවස අවසන් වන විට, ට්‍රම්ප් නිවේදනය කළේ, භූමිය පාලනය කිරීම පිළිබඳ ගිවිසුමක් ලෙස ඔහු හැඳින්වූ දෙයට හිලව් වශයෙන්, ග්‍රීන්ලන්තය මිලිටරි බලයෙන් ඈඳා ගන්නා බවට හෝ යුරෝපීය රාජ්‍යයන්ට එරෙහිව තීරුබදු පැනවීමට තමා කලින් කළ තර්ජන ආපසු හරවන බවයි.

    ග්‍රීන්ලන්තය යනු නේටෝ සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩෙන්මාර්කයේ ස්වාධීන ප්‍රදේශයකි. ට්‍රම්ප් බදාදා නේටෝ මහලේකම් මාර්ක් රූට් හමුවී “අනාගත ගිවිසුමක රාමුව” ප්‍රකාශයට පත් කළ නමුත් නිශ්චිත කොන්දේසි අපැහැදිලි සහ මතභේදාත්මක ය.

    සාකච්ඡා ගැන දැනුමක් ඇති නම් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, නේටෝ හමුදා නිලධාරීන් “ඩෙන්මාර්කය එක්සත් ජනපදයට හමුදා කඳවුරු ගොඩනගා ගත හැකි ග්‍රීන්ලන්ත කුඩා ඉඩම් කොටස් මත එක්සත් ජනපදයට ස්වෛරීභාවය ලබා දෙන සම්මුතියක්” සාකච්ඡා කළ බවයි. නිලධාරීන් දෙදෙනෙක් මෙම යෝජනාව සයිප්‍රසයේ බ්‍රිතාන්‍යයේ ස්වෛරී කඳවුරු ප්‍රදේශ සමඟ සංසන්දනය කළහ. මෙම රාමුව මඟින් ඩෙන්මාර්කයේ අවසරය ලබා නොගෙන එක්සත් ජනපදයට “මිලිටරි මෙහෙයුම්, බුද්ධි අංශ සහ පුහුණුව” සිදු කිරීමට ඉඩ සලසන බව ටෙලිග්‍රාෆ් පැවසීය–එය කියුබාවේ ගුවන්තනාමෝ බොක්කෙහි එක්සත් ජනපද හමුදාවේ පාලනයට සමාන විධිවිධානයකි.

    ඩෙන්මාර්ක නිලධාරීන් සැබෑ ගිවිසුමකට එළඹ ඇති බවට කරන ලද ගුණාංකරණය ප්‍රතික්ෂේප කළහ. ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොක්කේ රස්මුසන් (Lars Løkke Rasmussen) ජාතික විකාශන ආයතනය වන ඩීආර් (DR) වෙත පැවසුවේ ග්‍රීන්ලන්තයේ ඇමරිකානු අයිතිය ඩෙන්මාර්කය සඳහා “රතු ඉරක්” වන බවයි. ඩෙන්මාර්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සාෂා ෆැක්ස් (Sascha Faxe), ස්කයි නිව්ස් වෙත පැවසුවේ, මෙම කියනු ලබන ගනුදෙනුව “සැබෑ නොවේ” යනුවෙනි.  තවදුරටත් සඳහන් : “ඒක මිනිසුන් දෙදෙනෙක් අතර සිදුවූ සංවාදයක්. එය නියත වශයෙන්ම ගනුදෙනුවක් නොවේ.” ට්‍රම්ප් සමඟ කළ සාකච්ඡාවලදී ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතිනු ඇත්ද යන ප්‍රශ්නය “නො නැඟුණු” බව රූට් විසින්ම ෆොක්ස් නිව්ස් වෙත පැවසීය.

    නිවේදනයෙන් පසුව ට්‍රම්ප්, S&P 500 දර්ශකය ඔක්තෝබර් මාසයෙන් පසු එහි නරකම දිනය අඟහරුවාදා සටහන් කිරීමෙන් පසු කොටස් වෙළඳපොළ තියුනු ලෙස ඉහළ යවමින්,  යුරෝපීය රටවල් අටකට එරෙහි තීරුබදු තර්ජන ඉවත් කර ගත්තේය.

    ඩාවෝස් හි අර්බුදය, අත්ලාන්තික් සාගර සන්ධානයේ බිඳවැටීමේ දියුණු තත්ත්වය හෙළි කළේය. අඟහරුවාදා සංසදයේදී කතා කරමින් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney), ගෝලීය තත්වය පිළිබඳ තියුණු තක්සේරුවක් කළේය. “මම සෘජුවම කියන්නම්: අපි සංක්‍රාන්තියක නොව, බිඳීමක මධ්‍යයේ සිටිමු,” කාර්නි ප්‍රකාශ කළේය. “නීති මත පදනම් වූ පටිපාටිය මැකී යමින් පවතින” බවට ඔහු අනතුරු ඇඟවූ අතර, පුරාණ ග්‍රීක ඉතිහාසඥ තුසිඩයිඩීස් (Thucydides) ගෙන් උපුටා දැක්වීය: “ශක්තිමත් අය තමන්ට කළ හැකි දේ කරති, දුර්වලයන් තමන් විඳවිය යුතු දේ විඳවති.” ට්‍රම්ප්ගේ කතාවට  ඇල්මැරුණු අත්පොළසන් නාදයක් ලැබුණු අතර, ප්‍රේක්ෂකයෝ කාර්නිට නැගී සිටිමින් අත්පොළසන් දුන්හ.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්‍රම්ප් පරිපාලනයේ වෙළඳ මූලෝපාය “යුරෝපය දුර්වල කර යටත් කිරීමේ” උත්සාහයක් ලෙස හෙලා දුටුවේය. එක්සත් ජනපදයේ යුරෝපීය වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) යුරෝපීය ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරමින් කළ කතාවක් අතරතුර, යුරෝපීය මහ බැංකු සභාපතිනි ක්‍රිස්ටීන් ලගාඩ් (Christine Lagarde) රාත්‍රී භෝජන සංග්‍රහයකින් පිටව යෑමෙන්, එක්සත් ජනපදය සහ යුරෝපය අතර ඇති භේදයේ ගැඹුර නිරූපණය කරන විය.

    ගිවිසුමේ අවසාන ස්වරූපය කුමක් වුවත්, එය ආක්ටික් ප්‍රදේශය පුරා ඇමරිකානු මිලිටරි පාලනය පුළුල් කිරීමක් නියෝජනය කරයි. සංසදය අමතමින් ට්‍රම්ප්, රුසියාව සහ චීනය සමඟ එක්සත් ජනපද ගැටුමේ සන්දර්භය තුළ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට ඔහු දරන උත්සාහයන් රාමුගත කළේය.

    “ග්‍රීන්ලන්තය යනු එක්සත් ජනපදය, රුසියාව සහ චීනය අතර ප්‍රධාන මූලෝපායික ස්ථානයක අනාරක්ෂිත  පිහිටා ඇති, විශාල, සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස නොවූ සහ සංවර්ධනය නොවූ භූමියකි,” ඔහු පැවසීය. මෙම  අරුම පුදුම භූගෝලීය පිහිටීම (ග්‍රීන්ලන්තය චීනයෙන් සැතපුම් 5,000 ක් හෙවත් කිලෝමීටර් 8,000 ක් දුරින් පිහිටා ඇත)  යළි තහවුරු කරමින්, ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “ඒක හරියටම තියෙන්නෙ එතැන, හරියටම මැද යි.”

    මිලිටරි බලය යෙදවීමේ තර්ජනය ආපසු හරවන අතරතුර, ට්‍රම්ප් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආර්ථික බලහත්කාරය භාවිතා කරන බව පැහැදිලි කළේය. “ඔබට ඔව් යැයි පැවසිය හැකි අතර අපි (ඊට)ඉතා කෘතඥ වනු ඇත, නැතහොත් ඔබට නැතැයි පැවසිය හැකි අතර එය අපි මතක තබා ගන්නෙමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

    ග්‍රීන්ලන්තයේ පාලනය අත්පත් කර ගැනීමේ ට්‍රම්ප් පරිපාලනයේ උත්සාහය, සෘජු ඇමරිකානු ආධිපත්‍යය යටතේ බටහිර අර්ධගෝලය ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් උත්සාහයක කොටසකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීම සඳහා එහි “ආසන්න විදේශයන්හි” ඇමරිකානු බලය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව පරිපාලනය සලකයි. පැනමා ඇළ මෙන්ම, ඒවායෙහි ඇති අතිවිශාල ඛනිජ සම්පත්, බලශක්ති නිධි සහ ආක්ටික් මුහුදු මාර්ග වෙත ප්‍රවේශය සහිත කැනඩාව සහ ග්‍රීන්ලන්තය මෙම උත්සාහයට ඉතා වැදගත් වේ. මෙම අර්ධගෝලීය ඒකාබද්ධ කිරීමේ මූලෝපාය අරමුණු කරන්නේ මහා බල ගැටුම සඳහා මහාද්වීපික සම්පත් පදනමක් සුරක්ෂිත කිරීමයි.

    දේශගුණික විපර්යාසය ආක්ටික් ප්‍රදේශය පරිවර්තනය කරද්දී ග්‍රීන්ලන්තයේ මූලෝපායික වටිනාකම වර්ධනය වී තිබේ. වසරෙන් වැඩි කාලයක් ගමන් කළ නොහැකිව තිබූ වයඹ දිග මාර්ගය, වැඩි වැඩියෙන් යාත්‍රා කළ හැකි වෙමින් පවතින අතර, ආසියාව සහ අත්ලාන්තික් සාගරය අතර ගමන් වලින් සැතපුම් දහස් ගණනක් සහ සති ගණනක සංක්‍රමණ කාලය අඩු කරන නාවූක මාර්ගයක් ලබා දෙයි. ආක්ටික් සමුද්‍ර ප්‍රදේශ සහ ඒවාට මායිම් වන භූමි ප්‍රදේශ පාලනය කිරීම සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කේන්ද්‍රීය අවධානයක් ලෙස මතු වී තිබේ.

    ආක්ටික් ප්‍රදේශය මිලිටරිකරණය තීව්‍ර වන කලාපයක් බවට පත්ව ඇත. එක්සත් ජනපදය, එහි වඩාත්මක උතුරු දෙසින් පිහිටි හමුදා ස්ථාපනය වන  උතුරු ග්‍රීන්ලන්තයේ උතුරු කෙළවරේ , කලින් තුලේ ගුවන් කඳවුර (Thule Air Base) ලෙස හැඳින්වූ, පිටූෆික් අභ්‍යවකාශ කඳවුර (Pituffik Space Base) පවත්වාගෙන යයි. රුසියාව හෝ චීනය සමඟ න්‍යෂ්ටික වෙඩි හුව මාරුවක දී අමතර අනතුරු ඇඟවීමේ කාලය මිනිත්තු කිහිපයක් ලබා දෙන තීරණාත්මක මිසයිල ආරක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මෙම කඳවුරේ අඩංගු වේ.

    ට්‍රම්ප් ඔහුගේ “ගෝල්ඩන් ඩෝම්” මිසයිල ආරක්ෂක පද්ධතිය ගැන නැවත නැවතත් කතා කර ඇති අතර, ඒ සඳහා ග්‍රීන්ලන්තයේ පිහිටීම මිල කළ නොහැකි වැදගත්කමක් දරනු ඇත. මහාද්වීපික එක්සත් ජනපදය සහ රුසියාව සහ චීනය යන දෙකම අතර කෙටිම ගුවන් ගමන් මාර්ග හරහා මෙම ඉහළ ආක්ටික් භූමිය පිහිටා තිබෙන නිසා, ප්‍රහාරාත්මක මෙන්ම  ආරක්ෂක හමුදා  මෙහෙයුම් සඳහා එය ආදේශ රහිත වේ.

    එහි මූලෝපායිකව වැදගත් පිහිටීමට අමතරව, දියුණු තාක්‍ෂණය සහ ආයුධ පද්ධති සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ පාංශු ඛනිජ ලවණ අති විශාල ප්‍රමාණයක් මෙන්ම,  යුරේනියම් සහ සැලකිය යුතු තෙල් සංචිත ද, ග්‍රීන්ලන්තයේ  මහාද්වීපික තටකයට (continental shelf) යටින් අඩංගු වේ.

    ඩාවෝස් හි ලෝක මූල්‍ය කතිපයාධිකාරයේ රැස්වීම සිදු වූයේ, සංසදයට සමගාමීව නිකුත් කරන ලද ඔක්ස්ෆෑම්හි “ධනවතුන්ගේ පාලනයට එරෙහි වීම” යන වාර්තාව තුළ ලේඛනගත කර ඇති බිලියනපතියන්ගේ ධනයේ විශ්මයජනක වර්ධනයේ පසුබිමක ය. පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් 12 දෙනා, දැන් මානව වර්ගයාගේ දුප්පත්ම භාගයට හිමි සමස්ථ ධනයට වඩා වැඩි ධනයක් හිමිකර ගනිමින්, බිලියනපතියන්ගේ ධනය පෙර වසර පහේ වේගය මෙන් තුන් ගුණයකින් වර්ධනය වූ බව වාර්තාව හෙළි කරයි.

    ග්‍රීන්ලන්තය ආශ්‍රිත අර්බුදය ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා දිව යෑමට හේතු විය. වටිනා ලෝහ මාස කිහිපයක් තුල  තියුණුම අගය වැඩිවීම් වාර්තා කිරීමත් සමඟ රන් මිල වාර්තාගත ඉහළම අගයන් කරා ඉහළ ගියේය. රන් සහ අනෙකුත් වටිනාකම් ගබඩා වෙත දිව යෑම, මහා බල සබඳතාවල ගමන් පථය සහ පුළුල් ගැටුමක වැඩෙන අවදානම සම්බන්ධයෙන් මූල්‍ය වෙළඳපොළ තුළ ඇති ගැඹුරු නොසන්සුන්තාව පිළිබිඹු කරයි. වටිනා ලෝහවල මිල ඉහලයාම ධනවාදී අස්ථාවරත්වයේ පීඩන මාපකයක් වන අතර,    පාලක පන්තියේ කොටස් වත්මන් අර්බුදය තුළ වඩාත්ම නරක දෙයක පෙර නිමිත්තක් දකින බව පෙන්වයි.

    ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදයේ තාවකාලික විසඳුම කුමක් වුවත්, යටින් පවතින ගමන් පථය ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර වැඩිවන ගැටුම දෙසට වන අතර, එහිදී ඇමරිකානු අධිරාජ්‍යවාදයට එහි ප්‍රධාන වාසිය වන මිලිටරි බලය මත විශ්වාසය තැබීමට වඩ වඩාත් බල කෙරෙනු ඇත. ගෝලීය ධනේශ්වර ප්‍රභූවේ ප්‍රමුඛ රැස්වීමේදී මෙම අර්බුදය පුපුරා යාම දෙවන ලෝක යුද්ධයෙන් පසු සමස්ත ජාත්‍යන්තර පර්යායේ අර්බුදය හෙලිදරව් කරයි.

    ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන ජාතිකවාදය හෝ යුරෝපීය ධනේශ්වරයේ ප්‍රතිචාරය කම්කරු පන්තියට කිසිදු ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි.  ප්‍රචණ්ඩත්වය, ආර්ථික යුද්ධය සහ අවසන මිලිටරි ගැටුම හැර වෙනත් කිසිදු ක්‍රමයකින් තම ගැටුම් විසඳා ගැනීමට අපොහොසත් පාලක පන්තියක පිල් දෙකක් මෙම දෙපාර්ශ්වයෙන් නියෝජනය වේ.

    ග්‍රීන්ලන්තය සම්බන්ධ ට්‍රම්ප්ගේ තර්ජන ඩාවෝස් ලෝක ආර්ථික සමුළුවේ ආධිපත්‍යය දරයි Read More »

    IMG 0642

    මිනසෝටා මහා වැඩ වර්ජනය සහ එක්සත් ජනපදය තුළ පන්ති අරගලය යළි මතුවීම

    සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) විසිනි. 

    මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 17 දින ‘The Minnesota general strike and the re-emergence of class struggle in the United States’ යන හිසින් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

    Image Not Found
    2026 ජනවාරි 9 වන සිකුරාදා, මිනසෝටා ප්‍රාන්ත අග නගරයේ ශාන්ත පෝල් හි, සතියේ මුලදී මිනියාපොලිස් හි ICE නිලධාරියෙකු විසින් ඝාතනය කරන ලද රෙනී ගුඩ්ට ගෞරව දැක්වීම සඳහා ජනතාව රැස්වෙති. [AP ඡායාරූපය/ජෝන් ලොචර්]

    මිනියාපොලිස් හි රෙනී නිකොල් ගුඩ් ICE (ආගමන හා රේගු) නිලධාරීන් විසින් ඝාතනයට පසු දින, එනම් ජනවාරි 8 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයක් පළ කරමින්, “සිදුවීම්වල තර්කනය ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි මහා වැඩ වර්ජනයක්–මර්දනය සහ සූරාකෑමේ යන්ත්‍ර නැවැත්වීම සඳහා සෑම කර්මාන්තයකම කම්කරුවන්ගේ දැවැන්ත, සම්බන්ධීකරණ මැදිහත්වීමක්–කරා නොවැලැක්විය හැකි ලෙස ගමන් කරමින් තිබේ: ” යනුවෙන් පැහැදිලි කළේය.

    සතියකට පසු, ට්‍රම්ප්ගේ පැරාමිලිටරි හමුදා විසින් දිනපතා සිදුකරන ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් කෝපයට පත් වැඩ කරන ජනතාවගේ වැඩෙන පීඩනයට ප්‍රතිචාර වශයෙන්, මිනියාපොලිස් හි ප්‍රාදේශීය වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල සන්ධානයක් ජනවාරි 23 වන දින මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

    මිනසෝටා AFL-CIO වෘත්තීය සමිති සංවිධානය මේ දක්වා මෙම ක්‍රියාව අනුමත කිරීමට අපොහොසත් වී ඇති අතර, එහි නිල වෙබ් පිටුව– “සත්‍යයේ සහ නිදහසේ දිනයක්” යන සටන් පාඨය යටතේ–”වැඩ වර්ජනය” යන වචනය ප්‍රවේශමෙන් මඟහරිමින්, ඒ වෙනුවට කම්කරුවන්ට අසනීප නිවාඩු දමන ලෙසත්, පාරිභෝගිකයින්ට කිසිවක් මිලදී නොගන්නා ලෙසත්, ව්‍යාපාර ස්වේච්ඡාවෙන් වසා දමන ලෙසත් ඉල්ලා සිටී. ඩිමොක්‍රටික් පක්ෂයට සමීපව බැඳී ඇති වෘත්තීය සමිති යාන්ත්‍රණය, ජනගහනයේ පුළුල් ස්ථර අතර ක්‍රියාත්මක වන මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන අනුකම්පාව මැඩපැවැත්වීමට උත්සාහ කරයි.

    කෙසේ වෙතත්, මහා වැඩ වර්ජනය දේශපාලන සාකච්ඡාවට අවතීර්ණ වී තිබීම ම, පන්ති අරගලයේ නව අවධියක සහ එක්සත් ජනපදයේ සමාජ හා දේශපාලන ධ්‍රැවීකරණයේ ප්‍රකාශනයකි. සාම්ප්‍රදායික දේශපාලන මාවත්–අධිකරණ අභියෝග, දේශපාලනඥයින්ට ආයාචනා, මැතිවරණ උපාමාරු සහ බලපෑම් දැමීමේ ව්‍යාපාර–ඒකාධිපතිත්වය දෙසට වේගයෙන් හැරීම නැවැත්වීමට නොහැකි බවට කම්කරු පන්තිය තුළ වර්ධනය වන හැඟීමක් එයින් පිළිබිඹු වේ. 

    වර්තමාන මොහොතේදී, මිනසෝටා හි මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම, ට්‍රම්ප් පරිපාලනය සහ මිනියාපොලිස් සහ අනෙකුත් නගරවල ICE විසින් සිදු කරන ලද මර්දනය නාටකාකාර ලෙස උත්සන්න කිරීමට ප්‍රතිචාරයකි. සංක්‍රමණික කම්කරුවන් ඉලක්ක කරගත් මහා පරිමාණ වැටලීම් සහ සෝදිසි ලෙස ආරම්භ වූ දෙය, නිල නොලත් හමුදා යෙදවීම් සහ එක්සත් ජනපදයේ ප්‍රධාන නගරයක් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇත. මෙම ප්‍රහාරය සියලු ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් ගලවා දමා ඇති අතර, කැරලි පනත ඇතුළු අසාමාන්‍ය බලතල ක්‍රියාත්මක කිරීමට සහ ජනතාවට එරෙහිව හමුදාව යෙදවීමට ට්‍රම්ප්ගේ තර්ජනය සංඥා කර ඇත.

    විරුද්ධත්වය සදහා  ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තවත් [වැටලීම්] උත්සන්න කිරීමයි. රෙනී ගුඩ්ගේ ඝාතනයෙන් පසුව, “කැරලි ගැසීමේ” සහ “ත්‍රස්තවාදයේ” ක්‍රියා සඳහා විරෝධතාකරුවන්ට එරෙහි තර්ජන සහ තවදුරටත් පැරාමිලිටරි හමුදා යෙදවීම් සහ මර්දන රැල්ලක් ඇති වී තිබේ. සිකුරාදා, අධිකරණ දෙපාර්තමේන්තුව මහජන චන්දයෙන් තේරී පත් වූ නිලධාරීන්ට එරෙහිව අධිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස භාවිතා කරමින්, [දෙදෙනාම ඩිමොක්‍රටිකයන් වන] මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් සහ මිනියාපොලිස් නගරාධිපති ජේකොබ් ෆ්‍රේට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කෙරෙන, ෆෙඩරල් සංක්‍රමණික රෙගුලාසි බලාත්මක කිරීමට “බාධා කළ” බවට  වන වංචනික චෝදනාව මත සිතාසි නිකුත් කළේය.

    කෙසේ වෙතත්, (මෙම තත්ත්වයේදී) වඩාත් පුළුල්  කරුණු කාරණා අදාල වේ. එක්සත් ජනපදය දේශපාලන බිඳවැටීමේ පරිමාණය සහ පන්ති ආතතීන්ගේ දරුණුකම විඥානයේ ගැඹුරු වෙනස්කම් ජනනය කරන තැනකට පැමිණ තිබේ. ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන සහ ක්‍රියා කරන ට්‍රම්ප් පරිපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දමමින් සහ පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සමාජ සේවාවන්හි ඉතිරිව ඇති දේ ඉරා දමමින් සිටී. එක්සත් ජනපද බිලියනපතියන් පසුගිය වසරේ පමණක් ඔවුන්ගේ සාමූහික ධනය සියයට 18 කින්, එනම් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ගත් අතර කම්කරුවෝ AI-ධාවිත රැකියා සංහාරයකට, ඉහළ යන උද්ධමනයට සහ ගැඹුරු වන ණයගැති බවට මුහුණ දෙති.

    දේවල් “පැරණි ආකාරයෙන්” ඉදිරියට යා නොහැකි බවට වර්ධනය වන හැඟීමක් පිළිබිඹු කරන ප්‍රතිරෝධක මනෝභාවයක් පවතී. විරුද්ධවාදී හැඟීම් නිරන්තරයෙන් අවතක්සේරු කරන මත විමසුම්, ට්‍රම්ප් පරිපාලනයේ මර්දනය කෙරෙහි ගැඹුරු සතුරුකමක් පෙන්නුම් කරයි; ඇමරිකානුවන්ගෙන් බහුතරයක් ICE හි උපක්‍රම සහ ආගමන නීති හසුරුවන ආකාරය ප්‍රතික්ෂේප කරන අතර, වෙනිසියුලාව ආක්‍රමණය කිරීම සහ ඉරානයට එරෙහි යුද තර්ජන ඇතුළු විදේශයන්හි මිලිටරි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙති.

    නිව්යෝර්ක් නගරයේ හෙදියන් 15,000 ක් සහභාගී වූ වැඩ වර්ජනය, නගර ඉතිහාසයේ විශාලතම එක වන අතර, එය 2026 දී වර්ධනය වන විරුද්ධත්වයේ මුල් සලකුණකි. මේ සතිය මුලදී ට්‍රම්ප්ට එරෙහිව කෑගසා චෝදනා කිරීම නිසා වැඩ තහනම් කරන ලද ඩෙට්‍රොයිට් මෝටර් රථ සේවකයා දින කිහිපයකින් GoFundMe හරහා දස දහස් සංඛ්‍යාත ජනතාවගෙන් ඩොලර් 800,000 කට වඩා රැස් කිරීම එය වෙනස් ආකාරයකින් පෙන්නුම් කරයි.

    මෙම වර්ධනය වන විරුද්ධත්වය සවිඥානික, සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ යුතුය. මහා වැඩ වර්ජනය ඇතුළුව එක්සත් ජනපදයේ පන්ති අරගලයේ දිගු හා බලගතු සම්ප්‍රදායක් පවතී. 1835 දී ෆිලඩෙල්ෆියාවේ සිට 1877 දී ශාන්ත ලුවී දක්වා, 1919 දී සියැටල් දක්වා සහ 1934 දී සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ටොලිඩෝ දක්වා, තීරණාත්මක සාධකය වූයේ කිසි විටෙකත් ඇමතුමේ සටන්කාමීත්වය නොව, කම්කරු පන්තිය,  අරගලය පාලනය කිරීමට උත්සාහ කරන ආයතනවලට එරෙහිව, දැනුවත්ව සහ ස්වාධීනව අරගලයට අවතීර්ණ වූයේද යන්නයි.

    මිනියාපොලිස් නගරයටම පන්ති ගැටුමේ දිගු ඉතිහාසයක් ඇත. ටීම්ස්ටර්ස් ප්‍රාදේශීය 574 හි ට්‍රොට්ස්කිවාදී කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1934 මිනියාපොලිස් ට්‍රක් රථ රියදුරන්ගේ වැඩ වර්ජනය, වාණිජ කටයුතු අඩපණ කළ සහ සේවා යෝජකයින්, පොලිසිය, ජාතික ආරක්ෂක හමුදාව (National Guard), ගොවි-කම්කරු පක්ෂය සහ රූස්වෙල්ට් පරිපාලනයේ ඒකාබද්ධ බලවේගවලට මුහුණ දුන් නගර පුරා මහා වැඩ වර්ජනයක් බවට ප්‍රාදේශීය සංවිධානාත්මක මෙහෙයුමක් පරිවර්තනය කළේය. එහි ජයග්‍රහණය 1930 ගණන්වල මහා කාර්මික වෘත්තීය සමිතිකරණයට හේතු වූ අතර කම්කරු පන්තිය තමන්ගේම නායකත්වය යටතේ සහ පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයකින් සටන් කරන විට අත්කර ගත හැකි දේ පිළිබඳ ප්‍රබල නිරූපණයක් ලෙස පවතී.

    ට්‍රම්ප්ගේ නිර්ලජ්ජිත දණ්ඩ මුක්තිය, එක්සත් ජනපදය තුළ සංවිධානාත්මක කම්කරු පන්තික ප්‍රතිරෝධය දිගු කලක් නොතිබීමේ ප්‍රතිඵලයකි. දශක ගණනාවක් තිස්සේ, කම්කරු නිලධරය කම්කරු ව්‍යාපාරය බිඳ දැමූ අතර, පාලක පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධය සහ දැවැන්ත ධන සම්ප්‍රේශනයකින් තමන්ව පොහොසත් කර ගත්තේය. මෙම රික්තය තුළ, ධනේශ්වරයේ වඩාත්ම කුරිරු කොටස් තමන්ට බාධාවකින් තොරව ක්‍රියා කළ හැකි යැයි විශ්වාස කිරීමට පටන් ගෙන තිබේ.

    කම්කරු පන්තියට එල්ල කරන ලද ප්‍රහාරය, සමාජ බලවේගයක් ලෙස එහි පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරයක් මගින් ශක්තිමත් කරන ලදී. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර නිරන්තර ගැටුම් සහ වැඩවර්ජන මගින් වරෙක අර්ථ දක්වුනු රටක, ඩිමොක්‍රටික් පක්ෂය, නිල ශාස්ත්‍රාලික ප්‍රජාව සහ දේශපාලන ව්‍යාජ-වම, මාක්ස්වාදය ප්‍රතික්ෂේප කළ, පන්ති අරගලයේ යථාර්ථය ප්‍රතික්ෂේප කළ සහ විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ භූමිකාව ප්‍රතික්ෂේප කළ දෘෂ්ටිවාදයන්–සියල්ලටත් වඩා, වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය පිළිබඳ දේශපාලනය–ප්‍රවර්ධනය කළහ.

    ට්‍රම්ප් නැවත තේරී පත්වීම එක්සත් ජනපදයේ කතිපයාධිකාරී පාලනයේ යථාර්ථය පිළිබිඹු කරන රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී නැවත පෙළගැස්වීමක් සනිටුහන් කළේය. එපමණක් නොව, දේශීය හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම එහි ක්‍රියාවන්හි ආන්තික ස්වභාවය–ඩොලරයේ අවප්‍රමාණය, දැවැන්ත ණය ගොඩගැසීම සහ කතිපයාධිකාරීත්වයේ ධනයට යටින් පවතින අධික සමපේක්ෂනය තුළින් ප්‍රකාශ වන–ඇමරිකානු ධනවාදය මුහුන දෙන අර්බුදයේ තීව්‍රතාවය පිළිබිඹු කරයි. 

    සමාජ හා දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය අක්ෂය ලෙස විවෘත පන්ති ගැටුමේ වැඩෙන පුනර්ජීවනය හරහා හැඩගැසීමට පටන් ගෙන ඇති පහළ සිට නැවත පෙළගැසීමේ (realignment from below) පසුබිම මෙයයි. එපමණක් නොව, එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනය දැවැන්ත ජාත්‍යන්තර ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර, ඇමරිකානු කම්කරුවන් සුවිශේෂී ලෙස ප්‍රතිගාමී වන බවට හෝ සාමූහික අරගලයට අසමත් බවට ඇති මිථ්‍යාව බිඳ දමයි.

    මිනියාපොලිස් හි සිදුවීම් නව පිවිසීමේ අවධියක ආරම්භය සනිටුහන් කරයි. තවමත් එහි ආරම්භක අදියරවල පැවතුනද, නිවුන් නගර (Minneapolis සහ Saint Paul) තුළ සහ රට පුරා පන්ති අරගලය ධනේශ්වර අර්බුදයේ තීව්‍රතාව මගින්  ධාවනය වන වේගයකින් වර්ධනය වනු ඇතැයි විශ්වාසයෙන් පුරෝකථනය කළ හැකිය. ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් අවුලුවන ලද කෝපය, මිනසෝටා හි දිග හැරෙන දේ සහ ධනේශ්වර ක්‍රමයේ පුළුල් අර්බුදය අතර සම්බන්ධය වඩාත් පැහැදිලි කරනු ඇත.

    නමුත් මෙම සිදුවීම්වලින් උගත යුතු දේශපාලන පාඩම් තිබේ. මෙම කුරිරුකම් නැවැත්වීමට මාර්ගයක් සොයන අය, ෆැසිස්ට්වාදයට එරෙහි ඕනෑම මහජන ව්‍යාපාරයකට ට්‍රම්ප්ගෙන් පමණක් නොව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ඇති ගැඹුරු සහ මුල් බැසගත් විරුද්ධත්වය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. වෝල් වීදියේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ පක්ෂයක් ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ විරුද්ධත්වය මැඩපැවැත්වීමට, ට්‍රම්ප්ට එරෙහිව ස්වාධීන අරගලයක් මතුවීම අවහිර කිරීමට සහ එය කතිපයාධිකාරයට සහ ධනවාදයට එරෙහි පුළුල් සටනක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට ය.

    එපමණක් නොව, ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින්ට පහර දෙන විට පවා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ගැන ඔහුට විශ්වාස තැබිය හැකිය.

    ට්‍රම්ප්ට එරෙහි සටන සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය, කම්කරුවන්ගේ වැඩෙන සමාජ අරගල සමඟ ඒකාබද්ධ කළ හැකි නව සංවිධාන කම්කරු පන්තිය තුළ  ගොඩනැගීම අවශ්‍ය වේ. ෆැසිස්ට්වාදයට එරෙහි සටන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව, සූරාකෑමට, යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනට සම්බන්ධ කරමින්, නැගී එන පන්ති ව්‍යාපාරයට පැහැදිලි දේශපාලන උපාය මාර්ගයක් ලබා දීම අවශ්‍ය වේ. සියල්ලටම වඩා, මෙය රඳා පවතින්නේ කම්කරු පන්තිය තුළ මාක්ස්වාදී ව්‍යාපාරයේ සවිඥානික මැදිහත්වීම මත ය.

    සමාජවාදී සමානතා පක්ෂයේ (එ.ජ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය,  ජාත්‍යන්තර කම්කරු පන්තියේ තීරනාත්මක සංරචකයක් ලෙස ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව සෑම විටම අවධාරණය කර ඇත.

    කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට සහ එහි අනුබද්ධ සංවිධානවලට යටත් කිරීමේ සියලු උත්සාහයන්ට එරෙහිව සසප අඛණ්ඩව සටන් කර ඇත. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) ආරම්භ කිරීම හරහා, ජාත්‍යන්තර කමිටුව  සංගත-ගැති වෘත්තීය සමිති යන්ත්‍රයට එරෙහිව කැරැල්ලක් සඳහා සංවිධානාත්මක ස්වරූපය වර්ධනය කර ඇත. එමෙන්ම මෑතකදී, ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 20 වන සහ 21 වන සියවස්වල මහා පාඩම්, අන්  සියල්ලටත් වඩා, මාක්ස්වාදී ව්‍යාපාරයේ මූලෝපායික අත්දැකීම්, කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා ගෙනඒම පිනිස අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස Socialism AI  දියත් කර ඇත.

    ට්‍රම්ප් තන්ත්‍රයේ ක්‍රියාවන්හිදී, ඇමරිකානු කතිපයාධිකාරය රුබිකනයක් (ආපසු හැරවිය නොහැකි ක්‍රියාවක්) හරහා ගමන් කරමින් සිටින අතර, එයින් ආපසු හැරීමක් නොමැත. මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් මුහුන දෙන ගැටලුව වඩාත්ම අති මූලික දෙයයි: එනම් සමාජවාදය [සඳහා සටන් කිරීම] හෝ ම්ලේච්ඡත්වය [සඳහා ඉඩදීම]  අතර තෝරා ගැනීමයි. 

    ෆැසිස්ට්වාදයට හා යුද්ධයට ඇද වැටීම නැවැත්වීමට කැමති, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය මත පදනම් වූ අනාගතයක් සඳහා සටන් කිරීමට කැමති සියලු වැඩ කරන ජනතාවගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටින්නේ අවශ්‍ය නිගමනවලට එළඹ සසපට එක්වන ලෙසයි.

    මිනසෝටා මහා වැඩ වර්ජනය සහ එක්සත් ජනපදය තුළ පන්ති අරගලය යළි මතුවීම Read More »

    IMG 0640

    ඉරාන විරෝධතා, අධිරාජ්‍යවාදී ආක්‍රමණය සහ කම්කරු බලය සඳහා අරගලය

    කීත් ජෝන්ස් විසිනි.

    මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 11 දින ‘The Iranian protests, imperialist aggression and the fight for workers’ power යන හිසින් පලවූ කීත් ජෝන්ස් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

    Image Not Found
    ටෙහෙරාන් – ජන්නත් අබාද්, 2026 ජනවාරි 9: රටපුරා සිදුවන විරෝධතා මධ්‍යයේ නොසන්සුන් වාතාවරණය පිළිබිඹු කරන වීදි දර්ශනයක්, අසල්වැසි ප්‍රදේශවල මහජන නොසන්සුන්තාවයේ සහ ප්‍රතිරෝධයේ දෘශ්‍යමාන සලකුණු පවතී. Image courtesy of ncr-iran.org

    ධවල මන්දිරයෙන් ඉරානයට එරෙහිව  නිකුත් වන මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමේ තර්ජන උත්සන්න වීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙළා දකී. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ෆැසිස්ට්වාදී, ඒකාධිපති ජනාධිපතිවරයා- ඔහුගේම වචනවලට සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව -ඉරානයට ළඟදීම දියත් කිරීමට නියමිත මිලිටරි ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී.

    මෙය සියලු කඩතුරා අතරින් වඩාත්ම නරුම සහ විකාර සහගත හේතු දැක්වීමකින් අතිභූෂිත (නීරස-garish) ලෙස ඇසුරුම් කිරීමට නියමිතය : එක්සත් ජනපදය ඉරානයට පහර දෙන්නේ “ඉරාන ජනතාව ආරක්ෂා කිරීමටය”.

    අවම වශයෙන් පුද්ගලයින් 80  ඝාතනය කරමින්, එහි ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස්, රටේ දැවැන්ත තෙල් සම්පත අත්පත් කර ගනිමින්, වෙනිසියුලාවට සාපරාධී ප්‍රහාරයක් එල්ල කිරීමට ට්‍රම්ප් නියෝග කිරීමෙන් යන්තම් දින කිහිපයකට පසු, ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට ඔහු සිටින්නේ  බොහෝ වාර්තාවලට අනුව, දින කිහිපයක් සහ සමහර විට පැය කිහිපයක පරතරයකින් පමණි. 

    සෙනසුරාදා ටයිම්ස් පුවත්පත වාර්තා කළේ පෙන්ටගනය ජනාධිපති ට්‍රම්ප්ට “ටෙහෙරානයේ මිලිටරි නොවන ස්ථානවලට පහර දීම ඇතුළු විකල්ප පරාසයක්” ඉදිරිපත් කර ඇති බවයි. ට්‍රම්ප් විසින්මත් ඉරානයට පහර දෙන බවට නැවත නැවතත් තර්ජනය කර තිබේ. වොෂින්ටනය වෙනිසියුලාවේ තෙල් අත්පත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද එක්සත් ජනපදයේ ඉහළම තෙල් විධායකයින් සමඟ සිකුරාදා පැවති රැස්වීමකට සමගාමීව, ඔහු ප්‍රකාශ කළේ, “රිදෙන තැන්  අපි ඔවුන්ට ඉතා තදින් පහර දෙන්නෙමු” යි යනුවෙනි.

    දෙසැම්බර් 29 වන දින ට්‍රම්ප් සිය මාර්-අ-ලාගෝ මන්ධිරයේ දී ඊශ්‍රායල අගමැති සමඟ යුද කවුන්සිලයක් පැවැත්වූ විට, ඔහු සහ ඔහුගේ සහායකයෝ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන එක්සත් ජනපදය නැවත ඉරානයට පහර දීමට හේතුව ලෙස සඳහන් කළහ. දැන් අසීමිත නරුමත්වයෙන් යුතුව ඔහු ඉරානයට පහර දීම යුක්ති සහගත කිරීමක් ලෙස ඉස්ලාමීය ජනරජය විසින් රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනය කිරීම වැඩිවෙමින් පවතින ආකාරය පෙන්වා දෙමින්, හිට්ලර් වැනි විලාසිතාවකින් තමාව “විමුක්තිදායකයෙකු” ලෙස ඉදිරිපත් කරයි. 

    දෙසැම්බර් 28 වන දින සිට ඉහළ යන ආර්ථික අර්බුදයෙන් උපන් මහජන විරෝධතා ඉරානය කම්පනයට පත් කර ඇති අතර මෑත දිනවල රටේ සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

    ඉරානයේ ෂියා පූජක පක්ෂය ප්‍රමුඛ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රය වඩ වඩාත් මර්දනයෙන් ප්‍රතිචාර දක්වා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා සවස සිට එය අන්තර්ජාල සහ ජංගම දුරකථන ප්‍රවේශය වසා දමා, සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කර ඇත.

    සිකුරාදා, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, “විනාශකාරීන්” සහ “කඩාකප්පල්කාරීන්” හමුවේ රජය “පසුබට නොවන” බවට ප්‍රතිඥා දුන්නේය. විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවත්, වරදකරුවන් වුවහොත් මරණ දඬුවමට යටත් විය හැකි බවත් ඉරාන නීතිපතිවරයා අනතුරු අඟවා තිබේ.

    ඉරානයෙන් පිටත පදනම් වූ මානව හිමිකම් කණ්ඩායම්, දුසිම් ගනනක සිට 100 කට වැඩි පිරිසක් දක්වා මියගිය විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර ඇත. රජය, තමන්ගේ පැත්තෙන්, ආරක්ෂක අංශ වල දුසිමකට අධික සංඛ්‍යාවකගේ මරණ සහ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාර ලෙස ඔවුන් විස්තර කරන දේ ඉස්මතු කර තිබේ.

     පාලන තන්ත්‍රයේ දිනෙන් දින පටු වන සමාජ පදනමේ ඇඟවීමක් වන, ඉස්ලාමීය ජනරජයේ මර්දනය සහ අධිරාජ්‍යවාදයට සෘජුවම යටත් නොවන ඉරානයක් කෙරෙහි බටහිර ව්‍යාපාරික මාධ්‍යවල අනවරත සතුරුකම නිසා, ඉරානයේ විරෝධතා පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කර ය.

    නමුත් ඉරානයේ ඕනෑම ප්‍රගතිශීලී ප්‍රවණතාවක් ට්‍රම්ප්ගේ “සහයෝගය” වහාම ප්‍රතික්ෂේප කිරීමටත්, ළගදීම නියමිත එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ගයක තර්ජනය හෙළා දැකීමටත්, ඉරාන ආර්ථිකයේ ගෙල සිර කරන දණ්ඩනීය සම්බාධක වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමටත් සිදුවනු ඇත. 

    ඉරානයේ කම්කරුවන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාව අතර නිසැකවම ගැඹුරු සමාජ දුක්ගැනවිලි තිබේ. ඉස්ලාමීය ජනරජය යනු මර්දනකාරී ධනේශ්වර පාලන තන්ත්‍රයකි. එය තහවුරු වූයේ එක්සත් ජනපදය විසින් පනවන ලද කුරිරු ෂා රජුගේ රාජාණ්ඩු ඒකාධිපතිත්වය පෙරලා දැමූ 1979 විප්ලවයෙන් පසුව සියලු වාමාංශික සහ ස්වාධීන කම්කරු පන්ති සංවිධාන ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම හරහා ය.

    මෑත වසරවලදී, 2017 දෙසැම්බරයේ දරිද්‍රතාවයට සහ සමාජ අසමානතාවයට එරෙහිව පුපුරා ගිය මහජන විරෝධතාවලින් ආරම්භය ලැබ,  ඉරාන කම්කරු පන්තිය සටන්කාමී බලවේගයක් ලෙස ඉස්මතු වී තිබේ. මෑත මාසවලදී පතල් කම්කරුවන්, තෙල් සේවකයින් සහ සෞඛ්‍ය හා ප්‍රවාහන අංශයේ සේවකයින් ඇතුළු අනෙකුත් ක්ශේස්ත්‍ර වල අයගේ වැඩ වර්ජන සහ විරෝධතා දක්නට ලැබුණි.

    කෙසේ වෙතත්, වත්මන් විරෝධතා රැල්ල කම්කරුවන් විසින් ආරම්භ කරන ලද්දක් නොවේ. ඒ වෙනුවට, අයතුල්ලා කමේනි විසින්ම පිළිගත් පරිදි, ඒවා ආරම්භ වූයේ බසාරිවරුන් (bazaari) අතර ය, එනම්, කමේනිගේම වචනවලින් කිවහොත්, සාම්ප්‍රදායිකව පාලන තන්ත්‍රයේ කුළුණක් වූ ඉරාන ධනේශ්වරයේ සහ සුලු ධනේශ්වරයේ කොටස් වලට අයත් සාප්පු හිමියන් සහ වෙළඳුන් අතර ය.

    කම්කරුවන් සහ රැකියා විරහිතයන් කොටසක් විරෝධතාවලට ඇදී ගොස් ඇති බවට සැකයක් නැතත්, කම්කරු පන්තිය සමූහ වශයෙන් මැදිහත් වී නොමැති අතර, ඊටත් වඩා සැලකිය යුතු ලෙස තමන්ගේම ඉල්ලීම් ඉදිරියට ගෙන යන සහ තමන්ගේම පන්ති අරගල ක්‍රම භාවිතා කරන ස්වාධීන බලවේගයක් ලෙස ඔවුන් ඉදිරියට පැමිණ නැත. 

    ඊට පටහැනිව, සෑම දෙයක්ම ගම්‍ය කරන්නේ විරෝධතා වඩ වඩාත් කැපී පෙනෙන ලෙස දක්ෂිණාංශික ස්වභාවයක් ගනිමින් ඇති බවත්, ඉරානය තුළ  සහ ඉන් පිටත පුළුල් කලාපයේත්, වොෂින්ටනය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී අගනගරවලත් ප්‍රතිගාමී, අධිරාජ්‍ය ගැති බලවේග ඒවා තම වාසියට හරවා ගැනීමට උත්සාහ කරන බවත්ය.

    ඉරානයේ කම්කරුවන් සහ පීඩිතයන් පරිස්සම් විය යුතුය. 2011 විප්ලවයට හේතු වූ කිසිදු සමාජ දුක්ගැනවිල්ලක් සපුරාලීමට පැහැදිලිවම අසමත් වූ ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මෝර්සිගේ රජයට එරෙහි මහජන විරෝධය, 2013 දී, ධනේශ්වරයේ සහ හමුදාවේ බලවත්ම කොටස් විසින් ඊජිප්තුව අද දක්වාම පාලනය කරන ජෙනරාල් එල්-සිසි යටතේ ම්ලේච්ඡ ආඥාදායකත්වයක් බලයට ගෙන ඒම සඳහා ගසාකන ලදී.

    බටහිර මාධ්‍ය දැන් ෂාගේ පුත් “ඔටුන්න හිමි කුමරු” වන රේසා පහ්ලවිට විරෝධතාකරුවන්ගේ සහයෝගය ඉස්මතු කරමින් සිටී. 1978 සිට එක්සත් ජනපදයේ පදනම් වූ ඔහු, ඉස්ලාමීය ජනරජයේ විරුද්ධවාදීන්ට “නගර මධ්‍යස්ථානවල පාලනය අල්ලා ගන්නා” ලෙස ඉල්ලා සිටි අතර ඉරානයට පහර දෙන බවට ට්‍රම්ප් කළ තර්ජන යථාවක් කරන ලෙස ඉල්ලා සිටියේය.

    Image Not Found

    ඇමරිකානු ගැති රාජාණ්ඩුවක් නැවත පැමිණීම සඳහා විරෝධතාකරුවන් සහාය පළ කරන බව පෙන්වන වීඩියෝ ක්ලිප් කිහිපයක් කූඨ ලෙස සකස්කර ඇති බවට සාක්ෂි තිබේ. එය කෙසේ වෙතත්, ඉරාන ධනේශ්වරයේ සහ සුළු ධනේශ්වරයේ කොටස්, ෂා යටතේ මෙන් වොෂින්ටනයේ සේවාදායකයෙකු ලෙස සේවය කරන කුරිරු රාජාණ්ඩුවක් නැවත බලයට පැමිණීමට කැමැත්තෙන් සිටින බව අවතක්සේරු කිරීමට කිසිදු හේතුවක් නැත.

    මේ අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සහ සමහර අවස්ථාවල විවෘතව ඊශ්‍රායලය සමඟ සන්ධානගත වී සිටින කුර්දි ජාතිකවාදීන් සන්නද්ධ ප්‍රහාර දියත් කරමින් සිටිති.

    මෙම බලවේග ජයගතහොත්, ඔවුන් නව යටත් විජිත පාලන තන්ත්‍රයක් බලයට ගෙන එනු ඇත. එවැනි පාලන තන්ත්‍රයක් ඉරාන ජනතාවට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අනවරත ආක්‍රමණශීලී මෙහෙයුමක්ද සහ ආර්ථික යුද්ධයක් දියත් කර ඇති එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට ඉරානයේ තෙල් භාර දෙනු ඇත; චීනයට සහ රුසියාවට එරෙහිව වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරය සඳහා වේදිකා භූමියක් ලෙස ඉරානය භාවිතා කිරීමට ඉඩ සලසනු ඇත; සහ කම්කරු පන්තිය අනුකම්පා විරහිතව සූරාකෑම සහ මර්දනය කරනු ඇත.

    ඉරාන කම්කරු පන්තියට අධිරාජ්‍යවාදයට යටත් වීම හෝ ඉස්ලාමීය ජනරජයේ ආර්ථික අහිමි කිරීම් සහ දේශපාලන මර්දනය දරාගත නොහැක. එය අධිරාජ්‍යවාදයට, ඉස්ලාමීය ජනරජයේ සියලුම ආයතනවලට සහ ඉරාන ධනේශ්වරයේ සියලුම කොටස්වලට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මැදිහත් විය යුතුය.

    උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ කම්කරුවන්, ඔවුන්ගේ පැත්තෙන්, ඉරානයට එරෙහි අඛණ්ඩ අධිරාජ්‍යවාදී ආක්‍රමණයට– එය, සෘජු මිලිටරි ප්‍රහාරයක, රහසිගත ක්‍රියාමාර්ග සහ ධනේශ්වරයේ සහ පූජක-දේශපාලන සංස්ථාපිතයේ අධිරාජ්‍ය ගැති කන්ඩායම්වල ග්‍රහනයට ගැනීමක හෝ ආර්ථික යුද්ධ ව්‍යාපාරයක ආදී කුමන  ස්වරූපයකින් වේවා–අධිෂ්ඨානශීලී ලෙස විරුද්ධ විය යුතුය.

    මේ සියල්ල, ඊශ්‍රායල සියොන්වාදී ප්‍රහාරක සුනඛයා සමඟ එක්ව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, යුද්ධය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීම හරහා අසීමිත ඇමරිකානු ආධිපත්‍යය යටතේ “නව මැද පෙරදිගක්” ස්ථාපිත කිරීම සදහා වන ධාවනයේ අංග වේ. මෙම කොල්ලකාරී එල්ලය, ට්‍රම්ප්ගේ වෙනිසියුලාවට පහර දීම සහ එහි තෙල් අත්පත් කර ගැනීම මෙන්ම චීනය සහ අනෙකුත් මූලූපායික ප්‍රතිවාදීන් සමඟ යුද්ධය සදහා  වොෂින්ටනයේ සූදානමෙන් වෙන් කළ නොහැකිය.

    ඉස්ලාමීය ජනරජය සමඟ ගනුදෙනු බේරා ගැනීම ඉරාන කම්කරු පන්තියේ කර්තව්‍යයයි; ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔහුගේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින අයට සහ ඔවුන්ගේ ඔටුන්න හිමි දාසයා වන රේසා පහ්ලවිට, ඉරාන කම්කරු පන්තියේ වහල්භාවය අවශ්‍ය කරයි.

    කමේනි සහ ඉස්ලාමීය ජනරජයේ පූජක පක්ෂය ප්‍රමුඛ සංස්ථාපිතය, ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලීත්වය සහ තර්ජන ඔවුන්ගේ මර්දනය සහ වැරදි පාලනය සාධාරණීකරණය කිරීම සඳහා ගෙනහැර දක්වයි. නමුත් අභ්‍යන්තරව බෙදී ගිය ඉරාන තන්ත්‍රය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නායකත්වයෙන් යුත් නිරන්තරයෙන් උත්සන්න වන හිංසා කිරීමේ සහ ආක්‍රමණශීලීත්වයේ ව්‍යාපාරයට කිසිදු ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් සැපයීමට තමන් සම්පූර්ණයෙන්ම අසමත් බව ඔප්පු කර ඇත. මන්ද , අවසාන විශ්ලේෂණයේ දී එයම අධිරාජ්‍යවාදයේ මෙවලමක් වන බැවිනි. අධිරාජ්‍යවාදය කෙරෙහි  එහි දැනට පවතින  විරුද්ධත්වය, ඉරාන ධනේශ්වරයේ සූරාකෑම සඳහා ඇති තමන්ගේම හැකියාවන් පුළුල් කිරීමේ දෘෂ්ටි කෝණයෙන් පමණි. 

    දශක ගණනාවක් තිස්සේ ඉස්ලාමීය ජනරජයේ දේශපාලන සංස්ථාපිතය, මියගිය හිටපු ජනාධිපති හෂෙමි රෆ්සන්ජානි, ඔහුගේ ගෝලයෙකු වූ හිටපු ජනාධිපති හසන් රුහානි සහ දැන් වොෂිංටනය හා යුරෝපීය අධිරාජ්‍යවාදය සමග වඩාත් සමීප සබඳතා සඳහා උනන්දුවෙන් සිටින වත්මන් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම සහ, අධිරාජ්‍යවාදය සමඟ දැඩි කේවල් කිරීම සඳහා චීනය සහ රුසියාව සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට කැමති  ඊනියා මූලධර්මවාදීන් (Principlists) සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයින් (Revolutionary Guards) විසින් මෙහෙයවන ලද ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ලෙසත් බෙදී ඇත. අධිරාජ්‍යවාදී සහ මහා බලවතුන් සහ ඉරානයේ කම්කරුවන් සහ වැඩ කරන මිනිසුන් අතර උපාමාරු දැමීමට උත්සාහ කරන අතරම, වරෙක එක් කණ්ඩායමකට වඩා අනෙක් කණ්ඩායමට පක්ෂව සිටිමින්, බොනපාට්වාදී පාලකයෙකු ලෙස කමේනි ක්‍රියා කර ඇත.

    විප්ලවයෙන් ක්ෂනිකව අනතුරුව කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට ලබා දුන් සමාජ සහන මෙම කණ්ඩායම් දෙකම ක්‍රමානුකූලව බිඳ දමා ඇති අතර, නව ලිබරල්, ආයෝජක ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, දිනෙන් දින පුළුල් වන සමාජ අසමානතාවය මධ්‍යයේ දරිද්‍රතාවය සහ ආර්ථික අනාරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කර ඇත. තවද අධිරාජ්‍යවාදය සමඟ ඉරානයේ ගැටුමේ සම්පූර්ණ බර කම්කරු ජනතාවගේ කර මත පැටවීමට කණ්ඩායම් දෙකම උත්සාහ කර ඇත.

    පසුගිය ජුනි මාසයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසුව පවා, ටෙහෙරානය ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණීමට ගත් උත්සාහයන් දෙගුණ කළ නමුත් සෑම අවස්ථාවකදීම ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. මෙම වගකට නැති පන්ති ගතිකය තුළ මුල් බැස ඇත: පාලන තන්ත්‍රයේ ලොකුම බිය වන්නේ කම්කරු පන්තියෙන් එල්ල වන තර්ජනයයි.

    මැදපෙරදිග අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා, සියලු ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට සහ ඔවුන් පෝෂණය කරන සියලු වාර්ගික හා නිකායික (පක්ෂග්‍රාහී) බෙදීම්වලට එරෙහිව, සැමට සමාජ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනේදී, මුස්ලිම්, යුදෙව් සහ ක්‍රිස්තියානි, අරාබි, තුර්කි, කුර්දි, ඊශ්‍රායල සහ ඉරාන යන කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව එක්සත්ව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඉස්ලාමීය ජනරජ පාලන තන්ත්‍රයේ ප්‍රතිගාමී ඉස්ලාමීය ආයාචනා සහ ෂියා ජනතාවාදී (populist) දෘෂ්ටිවාදයේ පදනම මත මෙය කළ නොහැකි බව පැවසීම දැනටමත් පැහැදිලි දෙය නැවත ප්‍රකාශ කිරීමකි.

    20 වන සියවස ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවය අසාර්ථක වීමෙන් සහ 1953 දී මොසාඩෙග්ගේ ජාතිකවාදී පාලනය පෙරලා දැමීමේ සිට 1979 ඉරාන විප්ලවය පැහැරගැනීම සහ මර්දනය කිරීම සහ ඉස්ලාමීය ජනරජයේ වසර 47 දක්වා නූතන ඉරානයේ සමස්ත ඉතිහාසයම පෙන්නුම් කරන්නේ ඉරාන කම්කරු පන්තියට ඇති එකම ශක්‍ය මූලෝපාය (strategy) නොනවතින විප්ලවයේ (permanent revolution) මූලෝපාය බවයි. 

    ලියොන් ට්‍රොට්ස්කි විසින් ප්‍රථම වරට සකස් කරන ලද නොනවතින විප්ලවයේ  මූලෝපාය, 1917 රුසියානු විප්ලවයට සහ විප්ලවය හුදකලා වූ තත්වයන් යටතේ කම්කරු පන්තියෙන් බලය පැහැරගෙන අවසානයේ ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ ජාතිකවාදී ස්ටැලින්වාදී නිලධරයට එරෙහි අරගලයට ජීවය ලබා දුන්නේය. අධිරාජ්‍යවාදී යුගයේදී ජාතික නිදහස සහ එක්සත්කම සහ පල්ලිය රාජ්‍යයෙන් වෙන් කිරීම ඇතුළුව 18 වන සහ 19 වන සියවස්වල ඓතිහාසික ධනේශ්වර විප්ලවයන් හා සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු බලය ස්ථාපිත කිරීම හරහා සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටනේ කොටසක් ලෙස පමණක් බව එය තහවුරු කරයි.

    ඉරාන විරෝධතා, අධිරාජ්‍යවාදී ආක්‍රමණය සහ කම්කරු බලය සඳහා අරගලය Read More »

    Maduro

    The Venezuela Invasion: A Turning Point in the Crisis of American Imperialism

    By Sanjaya Jayasekera.

    Maduro
    Venezuelan President Nicolas Maduro. Image courtesy of www.aa.com.trn

    The January 3, 2026 U.S. military assault on Venezuela and the forcible seizure of President Nicolás Maduro constitute a watershed in the degeneration of American imperialism and the collapse of the post-1945 juridical order. This was not a rogue “raid” or law-enforcement operation but a war of aggression conducted to impose control over strategic resources and geopolitical space. As the World Socialist Web Site emphasized, the operation represents “a total repudiation by the Trump regime of any semblance of legality… an unprovoked war of aggression launched in flagrant violation of international law.”[1] The deployment of over 150 aircrafts launched from 20 bases across the Western Hemisphere, heavy bombardment across Caracas and surrounding states, a naval blockade, and at least 100 deaths—including 32 Cuban military personnel—underscore the operation’s character as large-scale military conquest rather than counter-narcotics action.

    Material Foundations: Oil, Finance Capital and Geopolitical Rivalry

    The assault must be understood through the material interests driving contemporary imperialism. Venezuela possesses the world’s largest proven oil reserves alongside substantial deposits of gold, bauxite, diamonds, copper, nickel, manganese, coltan and uranium. Control of these resources is central to U.S. finance capital and the oil majors’ strategic aims. Trump made the predatory motive explicit, declaring that “we’re going to have our very large United States oil companies, the biggest anywhere in the world, go in, spend billions of dollars.”[2] Reportedly, Trump briefed oil executives about the assault before it occurred while deliberately withholding information from Congress and the American people.

    The operation simultaneously aims to reverse China’s and Russia’s deepening economic penetration of Latin America. U.S. demands to interim President Delcy Rodríguez revealed the geopolitical objectives: Venezuela must “kick out China, Russia, Iran and Cuba and sever economic ties,” then “agree to partner exclusively with the US on oil production and favor America when selling heavy crude.”[3] Secretary of State Marco Rubio framed this explicitly: “Why does China need their oil? Why does Russia need their oil? They’re not even in this continent. This is the Western Hemisphere.”[4] The raid therefore expresses both the search for surplus value through direct plunder and the sharpening geo-political rivalry born of US imperialism’s systemic crisis.

    This crisis has deep historical roots. As Lenin analyzed in Imperialism, the Highest Stage of Capitalism, monopoly capital’s need to secure sources of raw materials, investment outlets and markets drives the violent redivision of the world among rival powers. The contemporary period witnesses this process in acute form: decades of financialization, debt expansion and speculative excess have failed to resolve capitalism’s fundamental contradiction—the tendency of the rate of profit to fall. The globalization of production from the late 1970s represented a temporary response based on accessing cheap labor and strategic territories, but that framework is now disintegrating as American imperialism confronts eroding economic dominance and intensifying competition from rival powers.

    From Juridical Pretense to the “Iron Law” of Force

    The assault signifies American imperialism’s abandonment of postwar legal constraints—UN Charter norms, sovereignty protections, diplomatic process—which had served as inter-imperialist settlement for the ‘peaceful’ neocolonial plunder of former colonies, their resources and cheap labor.​​​​​​​​​​​​​​​​ Historically, US imperialism never wanted to be restrained by these international limitations. Today US administration officials dismiss such constraints with unprecedented candor. Deputy Chief of Staff Stephen Miller declared: “We live in a world that is governed by strength, that is governed by force, that is governed by power,” dismissing international law as mere “international niceties.”[5] Miller made explicit that “the United States of America is running Venezuela… we are in charge, because we have the United States military stationed outside the country. We set the terms and conditions.”[6]

    This represents government doctrine enacted through military operations, not rhetorical excess. The WSWS correctly characterized Miller’s formulations as “the language of the Nazis, drawn from Hitler’s Mein Kampf and its talk of ‘iron laws of Nature’ in relation to races and racial-state conflict.”[7] The Manhattan spectacle of parading Maduro in chains before federal courts—a sitting head of state declared a “prisoner of war” and denied even the opportunity to complete his statement of identity—aims to legitimize seizure through pseudo-legal theater while humiliating a sovereign nation.[8]

    The postwar institutions that once helped regulate inter-imperialist rivalry and provided a veneer of legitimacy for neocolonial extraction have become, under conditions of acute capitalist crisis, obstacles to plunder. That order has collapsed. Trump’s invocation of what he terms the “Donroe Doctrine”—superseding the Roosevelt Corollary to the Monroe Doctrine—and his declaration that “this is OUR hemisphere” make explicit that Washington treats Latin America as colonial property. The willingness to threaten even NATO ally Denmark over Greenland, combined with explicit orders to expel foreign economic partners from Venezuela, demonstrates that the U.S. oligarchy now regards legal constraints as impediments to be swept aside. The long-standing fiction that American policy is shaped by principles other than naked imperialist interests is now being openly set aside.

    An Escalation Built on Prolonged Aggression

    The assault on Venezuela followed shortly after the release of the December 2025 National Defense Strategy, which explicitly designated the Western Hemisphere as an “American sphere of influence” where Washington would reject any involvement by “extra-hemispheric powers.” This strategic document identified China as the primary adversary and demanded U.S. military control over “energy dominance” by securing strategic resources across Latin America and the Middle East. The Venezuelan intervention represents the doctrine’s inaugural execution.​​​​​​​​​​​​​​​​

    The Maduro abduction completed a sustained campaign of military pressure and economic strangulation. Throughout 2025, the U.S. assembled a massive naval armada in the Caribbean, conducted repeated deadly strikes on Venezuelan vessels, seized oil tankers, and imposed an effective naval quarantine—measures constituting acts of war and a de facto blockade. In late December 2025, the CIA conducted the first strike on Venezuelan territory, targeting a port facility. By early January, the military buildup had reached culmination point, with special forces rehearsing the raid using models of Maduro’s compound while Trump approved the final operation before Christmas.

    This trajectory followed a deliberate escalation ladder: designation of the “Cartel of the Suns”—which the state department alleged was helped manage and ultimately led by Maduro—as a Foreign Terrorist Organization, expansion of sanctions targeting Maduro’s family and oil shipments, demands for the return of nationalized assets seized from U.S. corporations in 2007, and finally direct military assault. The pattern reveals systematic preparation for regime change and resource seizure, with direct military intervention undertaken only after attempts to orchestrate a political coup failed due to lack of popular support for the opposition.​​​​​​​​​​​​​​​​

    The Bankruptcy of Bourgeois Nationalism and the Pink Tide

    The raid exposed with surgical precision the class character and political bankruptcy of Latin America’s national bourgeoisies. Brazil’s Lula da Silva, Mexico’s Claudia Sheinbaum, Colombia’s Gustavo Petro and other “Pink Tide” leaders offered tepid condemnations that carefully avoided breaking with imperialism or mobilizing popular opposition. As the WSWS documented, “the rotten and reactionary response of all sections of the Latin American bourgeoisie to the US invasion of Venezuela must be taken by the working class as a testament to the inadequacy of all nationalist perspectives in the epoch of imperialism.”[9]

    The same pattern of cowardice and betrayal emerged across South Asia. In Sri Lanka, while the Janatha Vimukthi Peramuna (JVP) issued a statement on January 4 condemning the U.S. assault and declaring that “powerful countries do not have the right to violate this principle” of sovereignty, the NPP government adopted a markedly different position. Foreign Minister Vijitha Herath, a politburo member of JVP,  explicitly distinguished between the party and NPP government, stating that while “political parties can have their own opinions,” the government “represents all sides” and must work through UN mechanisms. The official Foreign Ministry statement expressed mere “deep concern” while urging “dialogue” and “peaceful resolution”—the language of diplomatic evasion that refuses to name the aggressor or mobilize popular opposition. This split exposes the fundamental contradiction at the heart of bourgeois nationalist governance: the party that once postured as anti-imperialist now defends defense cooperation agreements with Washington and New Delhi, fearful of jeopardizing its integration into imperialist economic and military frameworks. 

    India’s Modi government demonstrated even more abject servility. The Ministry of External Affairs issued a statement over 24 hours after the assault expressing “deep concern” but conspicuously avoiding naming the United States or condemning the military strikes. India’s response on 04 January carefully avoided naming Washington, instead calling vaguely for “all concerned to address issues peacefully through dialogue.” The Modi government’s calculation is transparent: trade negotiations with Trump, potential access to Venezuelan oil payments owed to ONGC, and strategic partnership with Washington take precedence over any principled opposition to imperialist aggression.

    Pakistan’s military-dominated regime and Bangladesh’s U.S.-backed interim government maintained predictable silence, offering no statements of condemnation. Across South Asia, bourgeois nationalist parties and governments—whether presenting themselves as left-progressive, Hindu-chauvinist, or Islamist—demonstrated their organic incapacity to resist imperialism when confronted with its naked assertion of force.

    This confirms Leon Trotsky’s theory of permanent revolution and his analysis of the incapacity of the national bourgeoisie in dependent countries to carry forward anti-imperialist or democratic tasks. In Results and Prospects (1906) and The Permanent Revolution (1928), Trotsky demonstrated that the belated development of capitalism in backward countries produces a bourgeoisie organically tied to imperialism and landed property, terrified of independent working-class mobilization, and therefore incapable of leading struggle against foreign domination. The Pink Tide represents merely the latest chapter in Latin American bourgeois nationalism’s history of accommodation and betrayal.

    Right-wing and fascistic governments went further, openly celebrating the assault. The Brazilian far-right, architects of the January 8, 2023 coup attempt in Brasília, seized on the operation to advance their own dictatorial aims under newly favorable international conditions. Trump’s threats against Colombian President Petro—“He has to watch his ass”—and declarations that Cuba and Nicaragua “will not survive” his administration signal that the Venezuela operation establishes precedent for unlimited violence throughout the hemisphere.[10]

    The Counter-Revolutionary Role of the Pseudo-Left

    Pseudo-left currents, reformist parties and NGOs that locate opposition to imperialism in international law, diplomatic institutions or alliances with rival capitalist powers play an objectively counter-revolutionary role. They funnel popular anger into impotent appeals and national strategies that leave capitalist property relations—and imperialist domination—fundamentally untouched.

    Germany’s Left Party exemplified this tendency. While formally condemning Trump’s actions as “state terrorism,” the party directed its criticism not against imperialism but toward demanding that Europe assert its own great-power ambitions more aggressively. As the WSWS analyzed, the Left Party “criticises Chancellor Merz not from the left, but from the right,” calling for sanctions against the United States and “a concrete European plan” to counter American actions—thereby functioning as “aggressive apologists for German and European imperialism.”[11] Similar patterns emerged across pseudo-left organizations internationally, each subordinating working-class opposition to their respective national bourgeoisies’ geopolitical interests.

    These tendencies propagate fatal illusions: that imperialism can be restrained through appeals to bourgeois institutions, that “multipolar” capitalist competition offers progressive alternatives, that identity politics or reformist parliamentarism can substitute for independent class struggle. As the WSWS emphasized, “the struggle against war is inseparably linked to the struggle against its cause: the capitalist system. It must be led by the working class, with the aim of building an independent political movement, overcoming capitalism and reorganising society on the basis of social needs rather than private profit.”[12]

    The Domestic Dimension: War Abroad, Dictatorship at Home

    The turn to militarism overseas proceeds inseparably from authoritarian consolidation domestically. The WSWS identified this essential connection: “the same illegality, the same ruthlessness, the same criminality that is expressed in the kidnapping of Maduro is expressed in the assault on democratic rights at home—the mass deportations, attacks on the press, purging of the civil service, deployment of the military against the population.”[13] Perpetual war finances and is employed to legitimize police-state measures while directing social anger outward rather than against the ruling class itself.

    This pattern reflects objective necessity for the oligarchy. As Marx demonstrated, capitalism’s internal contradictions generate both external expansion and internal repression. Trump represents “a criminal oligarchy that has amassed its wealth through fraud, speculation and plunder… the chosen instrument of the American ruling class, a gangster vomited up by the oligarchy to enforce policies that can no longer be pursued through democratic or legal means.”[14] The simultaneous assault on Venezuela and acceleration of authoritarian measures domestically express unified class interests of finance capital confronting deepening crisis.

    Revolutionary Tasks and the Road Forward

    The assault on Venezuela demonstrates that the fight against imperialist war is inseparable from the fight against capitalism itself. Defensive measures are urgent: mobilize mass anti-war action, build rank-and-file committees in workplaces to oppose military preparations, forge international links of workers’ solidarity—especially between U.S. workers and their Latin American class brothers and sisters.

    But defensive measures must connect to revolutionary perspective. The expropriation of the banks and multinationals, formation of workers’ councils and workers’ governments, construction of sections of the International Committee of the Fourth International (ICFI) to lead an international socialist alternative—these constitute the only realistic defense of oppressed nations and working people everywhere. As the WSWS stated: “The answer must be to make 2026 a year of class struggle and the development of a mass movement for socialism. The fight against war is a fight against the capitalist system that breeds it.”[15]

    The objective conditions for revolutionary struggle are maturing with extraordinary rapidity. Across the United States, the kidnapping of Maduro has provoked widespread anger and concern among workers in factories and workplaces. This opposition must be organized on independent class foundations, rejecting all factions of the bourgeoisie and pseudo-lefts that secure capitalism’s rule. Latin American workers must orient not toward their “own” national bourgeoisies but toward their class brothers and sisters internationally in unified struggle to overthrow imperialism.

    Only through the independent political mobilization of the international working class and the oppressed masses, armed with a Marxist program and the historical lessons embodied in the ICFI, can the descent into barbarism and annihilation be halted and the conditions created for genuine human emancipation through world socialist revolution.

    References:

    [1] “Oppose Trump’s criminal invasion of Venezuela! Release Maduro!” WSWS, 4 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/04/avdu-j04.html>

    [2] “US imperialist bandits parade kidnapped Maduro in show trial,” WSWS, 6 January 2026

    [3] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/07/erjx-j07.html>

    [4] “After Venezuela attack: White House threatens Venezuelan acting president, Cuba and Greenland,” WSWS, 5 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/05/crzb-j05.html>

    [5] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026

    [6] Ibid.

    [7] Ibid.

    [8] “US imperialist bandits parade kidnapped Maduro in show trial,” WSWS, 6 January 2026 , <https://www.wsws.org/en/articles/2026/01/06/zyve-j06.html>

    [9] “Latin America’s bourgeois governments bow to US attack on Venezuela,” WSWS, 6 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/06/slwp-j06.html>

    [10] “Oppose Trump’s criminal invasion of Venezuela!” WSWS, 4 January 2026

    [11] “After Trump’s attack on Venezuela: Germany’s Left Party supports European imperialism,” WSWS, 7 January 2026, <https://www.wsws.org/en/articles/2026/01/07/sfqt-j07.html>

    [12] Ibid.

    [13] “Trump and Miller’s ‘iron law’ of imperialist barbarism,” WSWS, 7 January 2026

    [14] Ibid.

    [15] “Oppose Trump’s criminal invasion of Venezuela!” WSWS, 4 January 2026

    The Venezuela Invasion: A Turning Point in the Crisis of American Imperialism Read More »

    Venezuela US Invation

    Oppose Trump’s criminal invasion of Venezuela!

    US imperialism rings in the New Year with a new war


    By the WSWS Editorial Board.

    Reposted below is the statement of the Editorial Board of the World Socialist Web Site, published on the same website on the 04 January 2025.

    Venezuela US Invation
    U.S. F-35 fighter jets are parked on the tarmac as military personnel walk among the aircraft at José Aponte de la Torre Airport in Ceiba, Puerto Rico, Saturday, Jan. 3, 2026. (AP Photo/Alejandro Granadillo)

    The World Socialist Web Site, the Socialist Equality Party in the US and the International Committee of the Fourth International unequivocally denounce the invasion of Venezuela and the criminal abduction of President Nicolás Maduro in the early hours of Saturday morning. We demand the immediate release of Maduro and his wife, Cilia Flores, and the full withdrawal of all US troops and military forces from the region.

    The invasion, which included the killing of at least 40 people, is a total repudiation by the Trump regime of any semblance of legality. It is an unprovoked war of aggression launched in flagrant violation of international law and carried out to reimpose colonial control over Venezuela and all of Latin America. This imperialist assault must be opposed by the working class in the United States and throughout the world.

    Speaking at Saturday’s press conference, Trump’s “Secretary of War,” Pete Hegseth, declared, “Welcome to 2026.” Only three days into the New Year, the assault on Venezuela is an unmistakable signal that the imperialist violence that marked 2025—in the Gaza genocide and the bombings of Lebanon, Syria and Iran—will escalate in 2026. 

    There is no concrete wall between foreign and domestic policy. Imperialist gangsterism beyond the borders of the United States will be accompanied by the acceleration of the conspiracy to impose a fascistic presidential dictatorship within the United States.

    In his remarks at Saturday’s press conference, Trump declared that the United States would “run the country until such time as we can do a safe, proper, and judicious transition.” In the past, American imperialism sought to legitimize its wars with hypocritical invocations of democracy and human rights. Trump dispensed with pretenses. The purpose of the assault on Venezuela, he declared on Sunday, was to seize control of the country and its oil resources.

    “We’re going to have our very large United States oil companies, the biggest anywhere in the world, go in, spend billions of dollars,” Trump declared. If there is any resistance, Trump threatened a more brutal military onslaught. “We are ready to stage a second and much larger attack if we need to do so,” Trump warned. 

    The Wall Street Journal reported Saturday that top hedge funds and asset managers are preparing to send a delegation to Caracas in March to assess what one investor called $500–$750 billion in “investment opportunities” over the next five years.

    The invasion of Venezuela and the abduction of its president are meant, as Trump put it on Saturday, as a “warning” to “anyone who would threaten American sovereignty.” Referring to his new National Security Strategy, Trump declared that “American dominance in the Western Hemisphere will never be questioned again,” hailing the assault as a reassertion of the “iron laws that have always determined global power.” 

    The immediate targets are governments in Latin America that may act against US imperialist interests. Speaking of Colombian President Gustavo Petro, Trump warned in the language of a street thug, “He has to watch his ass.” The fascist Secretary of War, Pete Hegseth, added: “America can project our will anywhere, anytime,” drawing a direct parallel between Venezuela and last year’s US bombing of Iranian nuclear sites. “Maduro had his chance,” he sneered, “just like Iran had their chance—until they didn’t.”

    Secretary of State Marco Rubio—Trump’s Ribbentrop—issued his own gangster threat to the Cuban government, saying that if he were the leader of the island nation, “I’d be concerned.”

    But the threats are not confined to Latin America. In addition to Venezuela and Iran, the United States bombed five additional countries last year: Syria, Iraq, Yemen, Somalia and, most recently, Nigeria in December. Trump has issued threats of war against Mexico, floated the annexation of Greenland and Canada, and declared the Panama Canal “non-negotiable” for US control.

    The aggressive message to China was unmistakable. Just hours before the assault, Venezuelan President Nicolás Maduro met with a high-level Chinese delegation led by Beijing’s Special Representative for Latin American and Caribbean Affairs, Qiu Xiaoqi, to discuss joint energy cooperation. The US raid, timed to coincide with this meeting, was an act of aggression aimed at disrupting growing ties between China and Latin America.

    The actions taken by the Trump administration are not only criminal, they have the character of sheer madness. In 2003, when the United States invaded Iraq, the World Socialist Web Site warned that American imperialism had entered into a “rendezvous with disaster. It cannot conquer the world. It cannot reimpose colonial shackles upon the masses of the Middle East. … It will not find, through the medium of war, a viable solution to its internal maladies.” 

    That warning was confirmed. What is now being set into motion is even more reckless—a rendezvous with catastrophe. 

    Trump declared on Saturday the intention to impose a dictatorship over Venezuela, proclaiming that the country will be “run” by Rubio, Hegseth and other officials in the Trump regime, as though this colonial fantasy could be imposed with a press conference. In reality, such an occupation would require the deployment of hundreds of thousands of US troops and a brutal campaign of urban warfare amid mass resistance. Trump said as much when he said he was not afraid of “boots on the ground.” 

    It should be recalled that the 2003 invasion of Iraq required approximately 180,000 coalition troops, including 130,000 from the United States. In total, nearly half a million US personnel were deployed across the region in support of the war effort. And Iraq, with a population smaller than Venezuela’s, was already devastated by a decade of sanctions. The scale of military occupation required to enforce the subjugation of Venezuela would rapidly spiral into a bloody, protracted conflict across all of Latin America, and indeed throughout the world.

    The recklessness of the Trump government can only be understood in the context of the crisis of American imperialism. Politically, there are no doubt many calculations behind Trump’s actions, including an effort to distract from the explosive revelations surrounding the Epstein network, which has implicated top figures within the financial aristocracy and state apparatus. 

    But more basic issues are at stake. The United States is attempting to reverse the long-term decline of American capitalism through militarism and war. The economic foundations of US global dominance have dramatically eroded. Gold has surged past $4,300 an ounce, a de facto measure of the collapse in confidence in the dollar as a global reserve currency. The national debt has soared past $38 trillion. The seizure of Venezuela’s oil and the reassertion of American control over the Western Hemisphere are seen by the ruling class as essential to the survival of its economic and geopolitical position.

    The realization of this policy will require a massive escalation of the assault on the working class. The astronomical costs of militarism and global conquest will be borne through an intensification of austerity and the destruction of what remains of vital social programs. To impose neocolonial domination abroad, the administration must also overcome mass opposition at home. The inevitable disasters flowing from this strategy will be met with even greater violence, both internationally and within the United States.

    At Saturday’s press conference, Trump’s erratic remarks shifted seamlessly from boasting about the “snatch and grab” abduction of Maduro to threatening major American cities. Praising the National Guard deployments to Washington D.C., Los Angeles, Memphis and New Orleans, he declared, “They should do it with more cities.” The same “iron laws” of violence that govern US conduct abroad will be imposed on the population at home.

    It is necessary to understand that Trump does not act as an individual. He is the chosen instrument of the American ruling class, a gangster elevated to power by the oligarchy to enforce policies that can no longer be pursued through democratic or legal means.

    In 2025, US billionaires—roughly 900 individuals—amassed an 18 percent increase in their net worth, bringing their combined holdings to nearly $7 trillion. Ten individuals alone accounted for $750 billion of this total. Just as the German ruling class brought Hitler to power to implement policies that could not be carried out except through dictatorship, Trump serves the same function.

    Notably, the Washington Post, owned by Amazon billionaire Jeff Bezos, published an editorial exalting the abduction of Maduro as “one of the boldest moves a president has made in years.” The paper hailed the “unquestionable tactical success” of the military operation, called Maduro’s downfall “good news,” and praised Trump’s willingness to “follow through” where previous administrations hesitated.

    The Democratic Party represents the same class and defends the same system as Trump. There will be no serious opposition from its ranks. Their differences with Trump are purely tactical, not strategic. This was made clear in the muted response to the assault on Venezuela. House Minority Leader Hakeem Jeffries grumbled about the lack of congressional notification, while reaffirming that Maduro was “not the legitimate head of government.” 

    Just weeks ago, Democrats and Republicans joined together to pass a $900 billion military spending bill, in an unambiguous endorsement of the imperialist agenda now being ruthlessly enforced.

    For his part, anticipating broad popular opposition, Senator Bernie Sanders issued a statement calling the action against Venezuela “illegal and unconstitutional,” but he did not propose any strategy to stop the war or call for a popular mobilization against it. 

    There will be a response in the working class, and not only in Venezuela and Latin America. The reimposition of colonial domination will confront immense resistance throughout the world. In the United States, polls show overwhelming opposition to a war against Venezuela. Trump’s approval rating, at just 36 percent at the end of his first year back in office, is the lowest of any president at the same point in their term in more than half a century.

    Demonstrations broke out within hours of the assault on Venezuela, an initial indication of popular opposition that will expand and grow. However, the experience of the mass protests against the Gaza genocide has shown that demonstrations alone are not enough. Without a program and leadership, popular outrage is funneled back into the political structures of the capitalist state.

    What is required is the conscious intervention of the working class into political struggle. The conditions for such a struggle are rapidly maturing. The war abroad is inseparable from a social counterrevolution at home—soaring inflation, AI-driven job destruction, deepening poverty, and the systematic dismantling of every democratic and social right. 

    The oligarchy sits atop a social powder keg. The world volcanic eruption of American imperialism will set into motion a global tsunami of class struggle. Both arise from the same contradictions of the capitalist system.

    And while it is expressed most violently in the US, the same basic tendencies exist throughout the world. All the imperialist powers are now engaged in a global redivision of the world. In Europe, the major capitalist governments are undertaking the most massive rearmament campaigns since the Second World War as they clamor for war against and destroy social programs. The German ruling class is nurturing dreams of a Fourth Reich, asserting its military power across the continent and beyond.

    The ruling class has made clear what they want 2026 to be: a year of unrestrained military violence. The answer must be to make 2026 a year of class struggle and the development of a mass movement for socialism. 

    The fight against war is, at its root, a fight against the capitalist system that breeds it. This struggle must be led by the working class, the only social force capable of ending imperialist violence and establishing genuine democracy and equality. The alternative to dictatorship and war is revolution, the building of an independent political movement to overthrow capitalism and reorganize society on the basis of social need, not private profit.

    The Socialist Equality Party and the International Committee of the Fourth International call on workers, students, and young people across the United States, throughout Latin America, and internationally: Join our ranks. Build the Socialist Equality Party in the US and the sections of the ICFI around the world. Take up the fight to unify the working class across all borders, to abolish capitalism, and to establish socialism as the foundation of a new society.

    Oppose Trump’s criminal invasion of Venezuela! Read More »

    Elisabeth

    ඩුයිස්බර්ග් හි එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍යය: “අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක්”

    සමාජවාදී සමානතා පක්ෂයේ (ජර්මනිය) සම්භාවනීය සභාපති උල්රිච් රිපට්

    මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 23 දින ‘The funeral of Elisabeth Zimmermann-Modler in Duisburg: “An extraordinarily courageous personality’ යන හිසින් පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

    “එලී අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක් වූවාය. ඇය ඉතා නිරවුල් බවකින් සහ සංගතභාවයකින් ඇගේ ජීවන මාවත තරණය කළාය.”

    මෙය ප්‍රකාශ කරන ලද්දේ එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (Sozialistische Gleichheitspartei – SGP) ගරු සභාපති උල්රිච් රිපර්ට් විසිනි. “එලි” ලෙස කවුරුත් දන්නා ඇය වසර 50 ක් SGP හි සාමාජිකාවක් වූවාය. ඛේදජනක අනතුරක ප්‍රතිඵලයක් ලෙස ඇය නොවැම්බර් 28 වන දින වයස අවුරුදු 69 දී මිය ගියාය.

    Rippert
    එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍ය උත්සවයේදී උල්රිච් රිපට් කතා කරමින්

    ශීතඍතුවේ මලින වූ දිනයක් වූ සිකුරාදා, එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ශෝක වන්නන් 50 ක් පමණ රුහ්රෝර්ට් සුසාන භූමියට රැස් වූහ. වයලීන වාදක එලා රොට්ෂ් යොහාන් සෙබස්තියන් බාක් විසින් රචිත “එයාර්” (Air) වාදනය කළාය. පැමිණ සිටි අය අතර, වසර ගණනාවක් තිස්සේ එලීව හඳුනන SGP සාමාජිකයින්ට අමතරව, සීමන්ස් හි වැඩ සගයන්, තයිසන්කෘප් හි වානේ කම්කරුවෙකු ලෙස සේවය කළ ඇගේ සැමියා වන පීටර්ගේ සගයන් කිහිප දෙනෙකු මෙන්ම අසල්වැසියන් සහ මිතුරන් ද වූහ. දෙමළ සහෝදරයෙකු වන තාස්, එලී තමා සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සරණාගතයින් ඇයගේ නිවසට ගෙන ගිය ආකාරය, ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් ආකාරය සහ ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමා මිතුරියක් බව ඔප්පු කළ ආකාරය සොහොන් බිමේදී සිහිපත් කළේය. “ඇය අපේ පවුල විය,” තාස් පැවසීය.

    උල්රිච් රිපර්ට්ගේ කතාව එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ ජීවිතයට උපහාරයක් විය. පැමිණ සිටි වානේ කම්කරුවන් ඇතුළු බොහෝ දෙනෙක් පසුව පැවසුවේ රිපර්ට් එලීගේ චරිතය හරියටම ග්‍රහණය කරගත් බවයි. කතාව පහත පරිදි වේ:

    ආදරණීය පීටර්, එලීගේ ආදරණීය ඥාතීන්, ආදරණීය සහෝදරවරුනි සහ මිතුරනි,

    එලීගේ හදිසි හා ඛේදජනක මරණයෙන් අපි තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිමු. නොවැම්බර් 28 වන දින උදෑසන සිදු වූයේ කුමක්ද යන්න හෝ ඇගේ මහල් නිවාසයේ මෙම විනාශකාරී ගින්න ඇති වූයේ කෙසේද යන්න අපි තවමත් නොදනිමු. අපි දැඩි ලෙස කම්පනයට පත්ව සිටිමු.

    වසර තුනකට පෙර ඇයට ඇති වූ ආඝාතය සහ එතැන් සිට ඇයට ගැනීමට සිදු වූ ඖෂධ ඇයට දැඩි ලෙස බලපෑ බව අපි දැන සිටියෙමු. අද මෙහි රැස්ව සිටි බොහෝ දෙනෙක් ඇගේ අසනීපයේ ප්‍රතිවිපාක දුටුවෝය. එය සැබවින්ම ඛේදජනකයි. අපි එලීගේ වෛද්‍ය ප්‍රතිකාර වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියා, එහෙත් දැන් මරණය අපව අභිබවා ගියා.

    ඇගේ අසනීප තත්ත්වය නොතකා, එලීට සෑම දෙයකටම සහභාගී වීමට අවශ්‍ය විය. අපෙන් බොහෝ දෙනෙක් දින කිහිපයකට පෙරත් ඇයව බර්ලිනයේ පැවති උත්සවයකදී මුණගැසී ඇය සමඟ කතා කර සාකච්ඡා කළා.

    එලී අසාමාන්‍ය ලෙස ධෛර්‍ය සම්පන්න පෞරුෂයක් වූවාය. ඇය ඉතා නිරවුල් බවකින් සහ සංගතභාවයකින් ඇගේ ජීවන මාවත තරණය කළාය.

    එලී ජීවිතයේ හිරු රැසින් දිදුලන පැත්තේ ඉපදුනේ නැහැ. ඇය ලෝකයට එන විට යුද්ධය සහ නාසි අපරාධ අවසන් වී ගෙවී තිබුණේ වසර එකොළහක් පමණයි. ඇගේ ළමා කාලය සහ තරුණ කාලය, ජර්මානු සමාජයට සහ පවුල්වලටම ගැඹුරින් විනිවිද ගිය නාසීන්ගේ අපරාධ සහ යුද්ධවලින් ඉතිරි වූ තුවාල සහ කැළැල් මගින් සලකුණු වුනා.

    ඇගේ මව දැන් චෙක් ජනරජය ලෙස හඳුන්වන උතුරු බොහීමියාවෙන් පිටුවහල් කර තිබුණි; එලී ඉපදෙන විට ඇයට වයස අවුරුදු 17 ක් පමණි. ඇය තනි මාපියෙකු ද, ගුරුවරියකද වූ අතර රැකියාවක යෙදීමට සිදු විය. එලී හදා වඩා ගැනීම සඳහා පවුලකට භාර දුන් අතර ඇගේ  මුල් ළමා කාලය එහි ගත කළාය. වයස අවුරුදු දොළහේදී, එලීට සංකීර්ණ කොඳු ඇට පෙළේ සැත්කමකට භාජනය වී ප්ලාස්ටර් ඇඳක මාස ගණනාවක් වැතිර සිටීමට සිදු විය. ඇගේ ජීවිත කාලය පුරාම පිට කොන්දේ ගැටළු ඇය සමඟ පැවතුනි.

    නමුත් එලී මේ සියලු දුෂ්කරතා වලට අභියෝග කළාය. ඇය ජීවිතය ඉතා ධනාත්මකව තහවුරු කළ පුද්ගලයෙකි.

    Elisabeth
    එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර් 2023 දී

    මම මුලින්ම එලීව මුණගැහිලා අවුරුදු 50කටත් වැඩියි. ඒ 1975 මැයි මාසේ මුල. එවිට ඇයට වයස අවුරුදු 19ක් වූ ඇතර ද්විතීක අධ්‍යාපන උපාධිය සඳහා සූදානම් වෙමින් සිටියා. මේ පළමු හමුවෙහිදී ම අපි තීව්‍ර සාකච්ඡා පැවැත්වූ බවත්, සමීප සහයෝගීතාවයක් ආරම්භ වූ බවත් මට මතකයි.

    නාසි ත්‍රස්තයේ අපරාධ තවමත් ඉතා සජීවීව පැවති පරම්පරාවකට එලී අයත් වූවාය. ඉතා දියුණු සංස්කෘතියක් සහ ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් සහිත නූතන රටක ම්ලේච්ඡත්වයට නැවත කඩාවැටීමක් සිදුවූයේ කෙසේද යන ප්‍රශ්නය ඇය සහ ඒ කාලයේ අප සියල්ලන්ම අලලා ගත්තා.

    තරුණ වියේදී පවා, එලී නාසිවාදයේ විරුද්ධවාදීන්ගේ ලේඛන කියවා තිබූ අතර, වතිකානුව සහ නාසීන් අතර සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ වූ රොල්ෆ් හොචුත්ගේ ද ඩෙපියුටි නාට්‍යය (The Deputy) ද ඒ අතර විය. ඇයගේ සංගත භාවයට අනුකූලව ඇය, ඉන් ඉක්බිතිව පල්ලියෙන් ඉවත් වූවාය.

    එකල බොහෝ දෙනෙක් ෆැසිස්ට්වාදයට හේතු කාරනා, මහජන මනෝවිද්‍යාව සහ ජර්මානු ජනතාව පරිහරණය වීමට ගොදුරු වීමේ ප්‍රවණතාව අනුව පැහැදිලි කළහ. එලී එවැනි සරල හා නොගැඹුරු පිළිතුරු වලින් සෑහීමකට පත් නොවීය. ඇයට අවශ්‍ය වූයේ දේවල්වල මූලයට යාමටයි.

    ෆැසිස්ට්වාදය සහ ධනවාදය අතර සම්බන්ධතාවය ගැන එලී සාකච්ඡා කළාය. හිට්ලර්ට මහා කර්මාන්ත මුදල් මගින් සපයා ඇති බවත් ඔහු බලයට ගෙන එන ලද්දේ ඔවුන් බවත් ඇය දැන සිටියාය.

    පසුව, ෆැසිස්ට් පක්ෂ නැවතත් ගොඩනඟමින් බලයට ගෙන ඒමට හේතුව තේරුම් ගැනීමට නම්, ධනවාදය සහ ෆැසිස්ට්වාදය අතර මෙම සම්බන්ධතාවය මෙතරම් වැදගත් වන්නේ මන්දැයි අවධාරණය කරමින් ඇය ලිපි කිහිපයක් ලිවීය.

    නමුත් පසුව තවත් ප්‍රශ්නයක් මතු විය: 1933 දී කම්කරු පන්තිය නාසීන්ගේ ජයග්‍රහණය නතර කර ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීම වළක්වා නොගත්තේ මන්ද?

    මෙයට පිළිතුරු දීම සඳහා, ස්ටැලින්වාදයට එරෙහිව සමාජවාදයේ ඉදිරිදර්ශනය ආරක්ෂා කළ ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන පිළිබඳ දැඩි අධ්‍යයනයකට එලී සහභාගී විය. ට්‍රොට්ස්කි පෙන්වා දී තිබුණේ හිට්ලර්ට බලයට පැමිණිය හැකි වූයේ ස්ටාලින් ඔහුගේ “සමාජ ෆැසිස්ට්වාදයේ” ප්‍රතිපත්තිය මඟින් කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම නිසා පමණක් බවයි.

    නිගමනය පැහැදිලිය: යුද්ධය සහ ෆැසිස්ට්වාදය වැළැක්විය හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය පමණි. නමුත් මේ සඳහා ශක්තිමත් විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ.

    එලී මෙම නිගමනයට එළඹුණු අතර, පළමුව, සමාජවාදී සහ, දෙවනුව, ජාත්‍යන්තර නව කම්කරු පක්ෂයක් ගොඩනැගීම සඳහා උද්යෝගිමත් සටන්කරුවෙකු බවට පත්විය

    ආදරණීය මිත්‍රවරුනි, මෑත දිනවල මම මෙහි එලීගේ සොහොන අසලදී කුමක් කිව යුතුදැයි සිතමින් සිටියදී, එලී විසින්ම කුමක් කියයිදැයි මම මගෙන්ම විමසුවෙමි. හදිසියේම මට ඇගේ පැහැදිලි කටහඬ ඉතා ප්‍රත්‍යක්ෂව ඇසුණි–ව්එලීට හයියෙන්, පැහැදිලිව, ස්වාභාවික ආකාරයෙන්ම හා ඉතා ඒත්තු ගැන්වෙන ලෙසටම කතා කළ හැකි විය–ඇය මෙසේ පැවසුවාය: “ඇයි ඔබ සරලවම සත්‍යය නොකියන්නේ? මම ඉතා දේශපාලනික ජීවිතයක් ගත කළෙමි. ඒ වගේම මම ඒ ගැන ආඩම්බර වෙමි!”

    එලීගේ ජීවිතය තුළ ඉතා දර්ශීය (typical) හා සිත් කාවදින දෙයක් තිබේ. මම විශ්වාස කරන්නේ එය සංගතභාවය (consistency) ලෙස හඳුන්වන බවයි. ඇය කාල් මාක්ස්ගේ ආප්තයට අනුව ජීවත් වූවාය: “යමෙක්ට තමන් එළඹෙන නිගමනවලට බිය නොවී සිතීම සදහා ධෛර්යය තිබිය යුතුය–ඉන්පසු  ඒවා මත ක්‍රියා කළ යුතුය.”

    එලී මෙම ආප්තයට අනුව ජීවත් වූවාය. ඇය නිවැරදි යැයි හඳුනාගත් දේ–රැඩිකල් ලෙස සහ සියලු ප්‍රතිවිපාක සමඟ–ඇය ක්‍රියාවට නැංවූවා ය. යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව විරෝධතා දැක්වූ ඇගේ පරම්පරාවේ එකම තැනැත්තා ඇය පමණක් නොවීය, එනමුත් නිවැරදි නිගමනවලට එළඹුණු සහ සම්මුති විරහිතව ඒවා තදින් අල්ලා ගත් ඉතා ස්වල්ප දෙනා අතර ඇයද වූවාය.

    සාමවාදීන්ගෙන් හිස්ටීරික මිලිටරිවාදීන් බවට පරිවර්තනය වූ හරිත පිල්මාරු කාරයන් ඇය පිළිකුල් කළාය. වමට කතා කර දකුණට ක්‍රියා කරන වාම පක්ෂයේ (Left Party) මුසාවන්ට එරෙහිව ඇය සටන් කළාය.

    එලීගේ ජීවිතයේ විශේෂයෙන් කැපී පෙනෙන දේවල් දෙකක් තිබේ.

    පළමුව, ඇය කම්කරු පන්තිය දැන සිටි අතර එය තේරුම් ගත්තාය. ඇය එහි කොටසක් වූවාය. ඇය Siemens හි වසර 35 ක් සේවය කළ අතර එහි සාප්පු භාරකරුවෙකු (shop steward) ලෙස කටයුතු කළාය. වසර හතළිස් දෙකකට පෙර, ඇයට ඇගේ අනාගත සැමියා වන පීටර් මොඩ්ලර් මුණගැසුණි. ඔහු වානේ කම්කරුවෙකු ලෙස සේවා මුර වැඩ කළ අතර Thyssenkrupp හි සාප්පු භාරකරුවෙකු විය. ඔහු ඇගේ දේශපාලන කටයුතුවලට දැඩි ලෙස සහාය දුන්නේය.

    නමුත් කම්කරුවන් සමඟ කතා කරන විට පවා, ධනපතියන්ගේ කෲරත්වය, දොට්ට දැමීම් සහ සේවා කොන්දේසි නිරන්තරයෙන් පිරිහීම ගැන පැමිණිලි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව එලී අවධාරණය කළාය. රජයේ සහ පාලක ප්‍රභූවේ වගකීම් විරහිතභාවය ගැන කෝපයට පත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. තමන්ගේම වගකීම හඳුනාගෙන භාර ගැනීම අවශ්‍ය වේ.

    “කම්කරුවන්ගේ විමුක්තිය කම්කරුවන්ගේම කාර්යය විය යුතුය” යන මාක්ස්ගේ ප්‍රකාශය එලී දැන සිටි අතර ඇය එය ඉතා බැරෑරුම් ලෙස සැලකුවාය.

    එලීගේ දෙවන කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඇගේ ජාත්‍යන්තරවාදයයි.

    එය ඇයට ලොව පුරා මිතුරන් සිටීම පමණක් නොවේ. ජාත්‍යන්තරවාදය දේශපාලන වැඩසටහනක් ලෙස ඇය තේරුම් ගත්තාය. වෘත්තීය සමිති සහ ධනේශ්වර පක්ෂවල ජාතිකවාදයට එරෙහිව ඇය සටන් කළාය. කම්කරුවන්ට මාතෘ භූමියක් නොමැති බවත්, ඔවුන් ලෝක නිෂ්පාදන ක්‍රියාවලියේදී ගෝලීය වශයෙන් අන්තර් සම්බන්ධිත බවත් ඇය දැන සිටියාය. සෑම රටකම කම්කරුවන් එකම හෝ සමාන ගැටලුවලට මුහුණ දෙන බවත්, ධනවාදයට එරෙහි අරගලය සාර්ථක විය හැක්කේ එය ජාත්‍යන්තරව සිදු කළහොත් පමණක් බවත් ඇය බොහෝ විට අවධාරණය කළාය.

    බොහෝ රැස්වීම්වලදී, සරණාගතභාවය සඳහා ඇති අයිතිය ක්‍රමානුකූලව අහෝසි කිරීමට එරෙහිව සහ විදේශිකයන් ඉලක්ක කරගත් උද්ඝෝෂණවලට එරෙහිව එලී සටන් කළාය. සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැදගත් කොටසක් බවත්, විදේශිකයන්ට එරෙහි සියලු ප්‍රහාර අධිෂ්ඨානශීලීව ප්‍රතික්ෂේප කළහොත් පමණක් කම්කරුවන්ට තමන්ගේම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි බවත් ඇය අවධාරණය කළාය.

    කම්කරු ව්‍යාපාරයේ සෑම අවස්ථාවාදී ධාරාවක්ම ආරම්භ වන්නේ ජාතිකවාදයට අනුවර්තනය වීමෙන් බව එලී දැන සිටි අතර, වසර හතළිහකට පෙර අපගේ සහෝදරවරුන් අතර එවැනි ආරවුලක් ඇති වූ විට, ඇය වහාම සහ පැකිලීමකින් තොරව ජාත්‍යන්තරවාදීන්ගේ පැත්ත ගත්තාය.

    ලෝක පක්ෂයක් ලෙස අපගේ පක්ෂය ගැන එලී ඉතා ආඩම්බර වූ අතර බොහෝ ජාත්‍යන්තර රැස්වීම් සහ සම්මන්ත්‍රණවලට සහභාගී විය.

    දශක ගණනාවක් තිස්සේ ඇය අප සමාජවාදී සමානතා පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකාවක් වූවාය; ඇය බොහෝ මැතිවරණවලදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ අතර ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ අපගේ වැඩසටහන ඉදිරියට ගෙන ගියාය.

    මෙම දැඩි දේශපාලන කටයුතු මධ්‍යයේ වුවද, ඇය සංස්කෘතික දේ සඳහා කාලය සොයා ගත්තාය. ඇය සාහිත්‍යය, සිනමාව, ඔපෙරා සහ ප්‍රසංගවලට ප්‍රිය කළාය.

    එලීගේ මරණයේ ඛේදවාචකය හරියටම පවතින්නේ ඇය ඇගේ මුළු වැඩිහිටි ජීවිතය පුරාම සටන් කළ දේශපාලන අදහස් සහ ඉදිරිදර්ශන එතරම් විශාල අදාළත්වයක් සහ වැදගත්කමක් ලබා ගන්නා මොහොතේම ඇයව ජීවිතයෙන් ඉරා වෙන්  කර දැමීම තුළය.

    ආදරණීය එලී: ඔබ තවදුරටත් අප සමඟ නොමැති වීම ගැන අපි අතිශයින් කණගාටු වෙමු. අපට ඔබ නැති අඩුව දැනේ. නමුත් ඔබ ඔබේ ජීවිතය කැප කළ අරගලය අපි දිගටම අරගෙන යන්නෙමු.

    කම්කරු පන්තියේ විමුක්තිය සඳහා සටන්කරුවෙකු ලෙස ඔබ සැමවිටම අපගේ මතකයේ ජීවමාන වනු ඇත. අපි එය පොරොන්දු වෙමු.

    වැඩිදුර කියවන්න: Elisabeth Zimmermann-Modler 1956–2025: Trotskyist and fighter for the working class

    ඩුයිස්බර්ග් හි එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍යය: “අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක්” Read More »

    Scroll to Top