politics

No kings

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම්

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 29 වන දින The March 28 “No Kings” demonstrations: The political lessonsයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

No kings
2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති දැවැන්ත “නෝ කිංග්ස්” රැලියේ කොටසක්.

මාර්තු 28 වන දින පැවති ” නෝ කිංග්ස් ” පෙළපාලිවල තුන්වන වටය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාව වූ අතර,  එය එක්සත් ජනපදය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​ඇද ගන්නා ලදී. ජනපද 50 පුරා සෑම ප්‍රධාන නගරයකම මෙන්ම කුඩා නගර සිය ගණනක විරෝධතා 3,300 කට වැඩි ගණනක් ඇති විය. දළ වශයෙන් මිලියන 8 ක ජනතාවක් ඒවාට සහභාගී වූ බව සංවිධායකයින් ගණන් බලා තිබේ.

එක් එක් විරෝධතාවල පරිමාණය අසාමාන්‍ය විය: ජාතිකව ප්‍රමුඛතම රැස්වීම ලෙස නම් කරන ලද මිනියාපොලිස්–ශාන්ත පාවුහි, රාජ්‍ය කැපිටල් ක්‍රීඩාංගණයට 100,000 ත් 200,000 ත් අතර පිරිසක් ඇදී ආහ. නිව්යෝර්ක් නගරයේ ඇස්තමේන්තුගත සහභාගිත්වය 350,000 ක් විය; බොස්ටන්හි 180,000 කි (අපේක්ෂා කළ ප්‍රමාණය මෙන් දෙගුණයක්); චිකාගෝහි 200,000 ක් විය; සියැටල්හි 90,000 ක් සහ සැන් ඩියාගෝහි 40,000 ක් ඇතුළුව රට පුරා ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල විශාල විරෝධතා වාර්තා විය. සංවිධායකයින් ප්‍රකාශ කළේ, ජාතික විරෝධයේ පළල අවධාරණය කරමින්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය, රිපබ්ලිකන්-නැඹුරු ප්‍රජාවන් තුළ. විරෝධතා 600 ක් පමණ සිදු වූ බවයි

මාර්තු 28 වන දින විරෝධතාවල පරිමාණය, රට තුළ ඒකාධිපතිත්වයේ වර්ධනය සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීම කෙරෙහි මහජන කෝපයේ ගැඹුර පිළිබිඹු කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය සහ ජනගහනයේ පුලුල් ජනතාව අතර ගැටුමක් දිග හැරෙමින් තිබේ.

දැන් මාසයක් පැරණි ඉරානයට එරෙහි යුද්ධය, රැළි වලට සහභාගී වූවන්ට තීරණාත්මක උද්වේගකර බලවේගයක් විය. විරෝධතා කැඳවූ සංවිධාන විසින් එය අවතක්සේරු කරන ලද නමුත්, නගරයෙන් නගරයට සංකේත සහ ගායනා මගින් විරෝධය ප්‍රකාශ විය. පෙලපාලි පැවැත්වෙන අතරතුර, ට්‍රම්ප් විසින් ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සහිත තවත් මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කරමින් සිටියේය. විරෝධතාවලට පසු දින, වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය ඉරානයේ “සති හෝ මාස කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, වංචාකාරී සාකච්ඡා කඩතුරාව මධ්‍යයේ එවැනි මෙහෙයුම් සඳහා සැලසුම් කිරීම “සති ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතින” බවත්ය.

විරුද්ධවයේ පරිමාණය පාලක පන්තිය භීතියට පත් කරන අතර, සංගත මාධ්‍යවල ප්‍රතිචාරය වූයේ එය අවතක්සේරු කර හැකි ඉක්මනින් ඉදිරියට යාමයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එහි කෙටි වාර්තාවේ දී සදහන් කලේ, විරෝධතා පෙළපාලි සංවිධානය වූයේ යුද්ධයට සහ ආඥාදායකත්වයට එරෙහි දැවැන්ත විරෝධතා පිපිරීමක් ලෙස නොව, “කලකිරීමට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්” සහ මධ්‍ය-වාර මැතිවරණ උපාමාරු සඳහා වාහකයක් ලෙස යනුවෙනි. ඊට පසු දින ඉරිදා කේබල් ප්‍රවෘත්ති වැඩසටහන් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව ගැන සඳහන් කළේ යන්තමිනි. 

මුහුණ දිය යුතු ප්‍රශ්නය නම්: විරුද්ධත්වයේ පරිමාණය සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප් තවමත් බලයේ සිටින්නේ කෙසේද? යන්නයි. ව්‍යවස්ථාව විවෘතව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන, ඒකාධිපතිත්වයක් ගොඩනඟන සහ ලෝක ජනගහනය නීති විරෝධී ආක්‍රමණශීලී යුද්ධයකට ඇද දමන අපරාධකාරී තන්ත්‍රයකට පාලනය දිගටම කරගෙන යා හැක්කේ කෙසේද?

පිළිතුර පවතින්නේ  මිලියන ගණනකගේ කෝපය සහ විරෝධතා කැඳවූ විපක්ෂ යැයි කියනු ලබන ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් (Indivisible මගින්  මෙහෙයවනු ලබන) අතර දේශපාලන පරතරය තුළ ය. යුද්ධය හිතාමතාම අවතක්සේරු කිරීමේදී මෙය වඩාත් තියුණු ලෙස ප්‍රකාශ විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්ට ජර්මනියේ නියුරම්බර්ග් හි පැවති “නෝ කිංස් ” රැලිය ඇමතීමෙන් වලකන ලදී. ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් “ඩිමොක්‍රටික් පක්ෂය සහාය දෙන ඉරානයට එරෙහි නීති විරෝධී යුද්ධයට එරෙහිව කතා කිරීමට සහ එය හෙළා දැකීමට මට ඉඩ නොදෙනු ඇත” යනුවෙන් නෝර්ත් සඳහන් කළේය.

ප්‍රධාන රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයන් යුද්ධය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම හෝ එය අමතර වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කරන ලදී. මන්ද ඔවුන් යුද්ධයේ මූලික අරමුණු සමඟ එකඟ වන අතර එහි මූලික නිර්නායකයන් පිළිගන්නා බැවිනි. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් නොකළ අතර, ට්‍රම්ප් “ලොව පුරා අඩක් බෝම්බ හෙළීමට දිනකට ඩොලර් බිලියනයක් වියදම් කිරීම” පිළිබඳ කෙටි සඳහනක් පමණක් ඇතුළත් කලාය.සෙනෙට් සභික එඩ් මාර්කි යුද්ධය ගැන සඳහන් කළේ වැදගැම්මකට නැති වාක්‍ය ඛණ්ඩයක් මගිනි. 

මිනසෝටා හි දී බර්නි සැන්ඩර්ස්ගේ විවෙචන ප්‍රධාන ඩිමොක්‍රටික් පක්ෂ චරිතයක් විසින් යුද්ධය සඳහා වාක්‍යයකට වඩා කැප කරන ලද එකම අදහස් දැක්වීමයි. “ඉරානයේ යුද්ධය ගැන අද අපට බොරු කියනු ලැබේ,” සැන්ඩර්ස් ප්‍රකාශ කළේය. “ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කළ අතර එය “ව්‍යවස්ථා විරෝධී” බව ඔහු පැවසීය, මන්ද “ට්‍රම්ප් කොංග්‍රසයෙන් අවසර ලබා ගැනීමට උත්සුක නොවීම හෝ අවසරය ලබා නොගත්” බැවිනි. යුද්ධය “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” බව සැන්ඩර්ස් තවදුරටත් පැවසීය.

නමුත් සැන්ඩර්ස්ගේ කාර්යය වන්නේ යුද්ධයට සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය වර්ධනය කිරීම නොව එය වැළැක්වීමයි. ඔහු යුද්ධය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පන්ති අවශ්‍යතා සහ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස නොව, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ නිෂ්පාදනයක් ලෙසය. ගාසා තීරයේ ජන සංහාරය ගැන ඔහු සඳහන් කළ අතර එය ආරම්භ කර සන්නද්ධ කරන ලද්දේ ඩිමොක්‍රටික් පක්ෂය සහ සැන්ඩර්ස් විසින් සහාය දුන් බයිඩන් යටතේ බවය යන්න ගැන කිසිවක් නොකීවේය. ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රයට අරමුදල් සැපයීමට ඩිමොක්‍රටිකයින් නැවත නැවතත් ඡන්දය දී ඇති බව ගැන ද ඔහු සඳහන් කළේ නැත.

“කොන්සර්වේටිව්වරුන්, මධ්‍යස්ථවාදීන් සහ ප්‍රගතිශීලීන්” යුද්ධය අවසන් කිරීම සඳහා “එකාවන්ව” කතා කරන බවට කරන ලද ප්‍රකාශයෙන් සැන්ඩර්ස්ගේ භූමිකාව සාරාංශගත කළ හැක. එය, ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියට නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු ස්පර්ශ නොකර තබමින්, ගැටුම “ඊශ්‍රායලයේ යුද්ධය” ලෙස ඉදිරිපත් කරමින් විවේචනය කරන දක්ෂිනාංශික කොටස් සහ රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වීම සඳහා කරන ආයාචනයකි. සැන්ඩර්ස් ඇත්ත වශයෙන්ම යෝජනා කරන්නේ කුමක්ද? මැතිවරණ උපාමාරු සහ නොවැම්බර් මාසයේදී ඩිමොක්‍රටිකයන්ට ඡන්දය දීමය. 

විරෝධතාවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ නමුත් ඔවුන් එසේ කළේ සංවිධානාත්මක බලවේගයක් ලෙස නොව පුද්ගලයන් ලෙස ය. ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ග මර්දනය කිරීමේදී, කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට බැඳ තැබීමේදී සහ ට්‍රම්ප්ගේ වැඩසටහනට අනුගත (adapt) වීමේදී වෘත්තීය සමිති නිලධරයේ කාර්යභාරය මෙයින් ප්‍රකාශ වේ. ෂෝන් ෆේන් යටතේ එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය (UAW) ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන කෝකටත් තෛලය ප්‍රවර්ධනය කර ඇති අතර ඩෙට්‍රොයිට් හි සාපේක්ෂව කුඩා සහභාගීත්වය මගින් මෙය විශේෂයෙන් පැහැදිලි විය.

මිනසෝටා රැලියේ AFL-CIO සභාපති ලිස් ෂූලර් සහ ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් දේශන පැවැත් වූහ. ෂූලර් කිසි විටෙකත් යුද්ධය ගැන සඳහන් නොකළේය. ඉරානය ගැන සඳහන් නොකර, “එය දිනකට ඩොලර් බිලියනයක් වැය වන” බව වෙයින්ගාර්ටන් සඳහන් කළාය. යුක්රේනයේ යුද්ධයේ උද්යෝගිමත් ආධාරකරුවෙකු වන වෙයින්ගාර්ටන්, මෙම මුදල් රුසියාවට එරෙහි යුද්ධය සඳහා වියදම් කිරීමට කැමති වනු ඇති බවට සැකයක් නැත.

රට පුරා වර්ධනය වන වැඩ වර්ජන ව්‍යාපාරය ගැන ෂූලර් හෝ වෙයින්ගාර්ටන් සඳහන් කළේ නැත. තීරණාත්මක කර්මාන්ත හා සේවාවල කම්කරුවන් අරගලයට අවතීර්ණ වන මොහොතේම, “මිලියන 15 ක කම්කරුවන්” වෙනුවෙන් කතා කරන බව පවසන නිලධාරීන්–වෙයින්ගාර්ටන් පැවසූ පරිදි, “අද රජවරු එපා, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,”ලෙස– ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීම හැර, ට්‍රම්ප් පරිපාලනයට හෝ “කෝටිපතියන්ට” විරුද්ධ වීමට කම්කරුවන් සැබවින්ම කිසිවක් කළ යුතු යැයි යෝජනා කළේ නැත.

මාර්තු 28 වන දින පැවති විරෝධතා ට්‍රම්ප් පරිපාලනයට ගැඹුරු සහ පුලුල්ව පැතිරුනු විරෝධයක් ප්‍රකාශ කළ නමුත් මෙම විරෝධය තවමත් පැහැදිලි දේශපාලන වැඩසටහනකින් මෙහෙයවනු නොලැබේ. කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ අර්බුදයේ පරිමාණයට සමාන සවිඥානික ඉදිරිදර්ශනයකින් එය සන්නද්ධ කිරීමයි. ඇතැම් මූලික කරුණු අවධාරණය කළ යුතුය.

පළමුව, ට්‍රම්ප් පරිපාලනය විදේශයන්හි යුද්ධය උත්සන්න කිරීම සහ රට තුළ ඒකාධිපතිත්වය සඳහා කුමන්ත්‍රණය කිරීම සමඟ එකවර ඉදිරියට යමින් සිටී. මහජන විරෝධයට එහි ප්‍රතිචාරය වන්නේ සහන නොව මර්දනය තීව්‍ර කිරීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මකා දැමීම, පොලිස්-රාජ්‍ය ක්‍රම සාමාන්‍යකරණය කිරීම සහ විසම්මුතිය නිහඬ කිරීම සඳහා වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී පියවර සකස් කිරීමයි. ගුවන් තොටුපළවල ICE නියෝජිතයන් යෙදවීම රට පුරා පැරාමිලිටරි යෙදවීම් සඳහා අත්හදා බැලීමකි. ඉරිදා “දේශසීමා සාර්වරයා” (“Border Czar”) ලෙස ට්‍රම්ප් හඳුන්වන ටොම් හෝමන් ප්‍රකාශ කළ පරිදි ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නියෝජිතයින්ට වැටුප් ලැබීම ආරම්භ කළ පසුව පවා, ගුවන් තොටුපල වල මෙම ICE නියෝජිතයින් යොදවනු ඇත.

දෙවනුව, ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හුදෙක් ඔහුගේ පෞද්ගලික දුෂ්චරිතයෙන් පැන නගින්නේ නැත. ඔහු කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා නීත්‍යානුකූලභාවයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය නම් පන්තියක නියෝජිතයා ලෙස ය.

තෙවනුව, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ ද එම පන්තියමයි. එය ට්‍රම්ප්ගෙන් වෙනස් වන්නේ උපක්‍රම සහ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පමණක් වන අතර, යුද්ධයට ඉඩ සලසමින් සහ ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලට තර්ජනයක් නොවන මැතිවරණ ආදී ආවෘත අන්තයන්  සහ ආරක්ෂිත මාර්ග වෙත විරුද්ධත්වය හරවා යැවීමට ක්‍රමානුකූලව කටයුතු කරයි. 

සිව්වනුව, බලමුලු ගැන්විය යුතු තීරණාත්මක සමාජ බලවේගය වන්නේ වෘත්තීය සමිති උපකරණයෙන් ස්වාධීනව සංවිධානය වූ කම්කරු පන්තියයි. විරෝධතා, පන්ති අරගලයේ ගැඹුරු වන පිපිරීමක් සමඟ සමපාත වේ. නමුත් මෙම ව්‍යාපාරය, සංස්ථා සහ රාජ්‍යයට බද්ධ වූ වෘත්තීය සමිති නිලධරයක් විසින් අවහිර කර විසුරුවා හරිනු ලැබේ.

සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව පැවති විරෝධතාවලට මැදිහත් වූයේ මෙම පදනම මත ය: එනම්, මහජන කෝපය යුද්ධය නැවැත්වීමට සහ ආඥාදායකත්වය පරාජය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහාය. 

අත්‍යවශ්‍ය ඊළඟ පියවර වන්නේ සේවා ස්ථානවල මුල් බැසගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ එකම ධනේශ්වර කතිපයාධිකාරීන්ට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එක්සත් ජනපදයේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්සත් කිරීමයි. යුද යන්ත්‍රයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමට එරෙහිව සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සූදානම් කිරීම සඳහා වැඩබිම් සහ දේශසීමා හරහා මෙම කමිටු ගොඩනැගීමට සහ සම්බන්ධ කිරීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) දිරිමත් කරයි.

යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන සමාජවාදය සඳහා සටනෙන් වෙන් කළ නොහැකි බව සසප අවධාරනය කරයි. මිලියන ගණනක් වීදිවලට ​​ඇද දමා ඇති තත්වයන් දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කිරීමෙන් නොව, කම්කරු පන්තියේ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමණක් විසඳනු ඇත.

මෙය ඉල්ලා සිටින්නේ හදිසි කර්තව්‍යයක් ලෙස කතිපයාධිකාරයේ පාලනය අවසන් කිරීමට සහ පෞද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට සමත් නායකත්වයක් ගොඩනැහීමයි. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුණයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) ඉල්ලා සිටින්නේ සසපට බැඳී මෙම අරගලය භාර ගන්නා ලෙසයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කරන ලදී)

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම් Read More »

Airborne

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 31 වන දින ‘As ground troops arrive in the Middle East, Trump threatens “obliteration” of Iran’s infrastructure යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Airborne
එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සපයන ලද වීඩියෝවේ මෙම රූපයේ දැක්වෙන්නේ 2026 මාර්තු 27 වන දින USS ට්‍රිපොලි (LHA 7) නෞකාවේ සිටින එක්සත් ජනපද නාවිකයින් සහ මැරීන් භටයින් එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රදේශයට පැමිණෙන ආකාරයයි. [AP ඡායාරූපය/එක්සත් ජනපද මධ්‍යම විධානය]

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ 30 වන දිනය වූ සඳුදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සියලුම බලශක්ති උත්පාදන සහ ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් ඔහුගේ ඉල්ලීම්වලට යටත් නොවන්නේ නම් විනාශ කරන බවට තර්ජනය කළේය. “කිසියම් හේතුවක් නිසා ඉක්මනින් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, අපි ඉරානයේ අපගේ ආදරණීය ‘රැඳවීම’ අවසන් කරන්නේ ඔවුන්ගේ සියලුම විදුලි ජනන කම්හල්, තෙල් ළිං සහ කාර්ග් දූපත (සහ සමහර විට සියලුම ලවණ ඉවත් කිරීමේ කම්හල්!) පුපුරුවා හැරීමෙන් සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙනි,” යි ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේ පළ කළේය.

ඉරානයේ සියලුම විදුලි බලාගාර විනාශ කිරීම හේතුවෙන් ජල පිරිපහදු, රෝහල් සහ ආහාර ශීතකරණ කපා හැරීමට සිදු වීමෙන් රටේ සිවිල් ජීවිතයේ පදනම මුලිනුපුටා දමනු ඇත. එහි ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කිරීම, දැනටමත් නූතන ඉතිහාසයේ දරුණුතම නියඟයට මුහුණ දෙන ඉරානයේ ව්‍යසනකාරී ජල අර්බුදය තවත් උග්‍ර කරනු ඇත. 

ට්‍රම්ප් තර්ජනය කරන්නේ යුද අපරාධයක් කරන බවයි. එය ඒවායින් පිරුණු යුද්ධයක නවතම එක වනු ඇත. 1977 ජිනීවා සම්මුති සඳහා වූ අතිරේක ප්‍රොටෝකෝලය I හි 54 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “ආහාර ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ, භෝග, පශු සම්පත්, පානීය ජල ස්ථාපනයන්… වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ අප්‍රයෝජනවත් බවට පත් කිරීම තහනම්ය.”

ට්‍රම්ප්ගේ තර්ජන සාමූහික දඬුවම් කිරීමට අයත් වේ. එය යුද නීතිවල පැරණිතම තහනම් කිරීම්වලින් එකකි. එය මිලියන 90 ක ජනගහනයක් වෙසෙන රටකට යොදනු ලබන ගාසා ආකෘතියයි:  එනම්, මිනිස් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමයි. 

ට්‍රම්ප් පාලනයේ සාපරාධීභාවය කෙතරම් නිරුවත්ද යත් මාධ්‍යට පවා එය සැලකිල්ලට ගැනීමට බල කෙරී ඇත. ජනාධිපතිවරයා “යුද අපරාධයක් විය හැකි දෙයක් පිළිබඳ තර්ජනය කරන්නේ” මන්දැයි එන්බීසී හි ගැරට් හාක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගෙන් විමසූ විට, ඇය එය ප්‍රතික්ෂේප කළේ නැත. ඇය පිළිතුරු දුන්නේ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට “ඔවුන්ට සිහිනෙන්වත් සිතාගත නොහැකි හැකියාවන් ඇත. ජනාධිපතිවරයා ඒවා භාවිතා කිරීමට බිය නැත”, යනුවෙනි.

“ට්‍රම්ප් යුද අපරාධයක් කිරීමට තර්ජනය කරනවාද?” යන මාතෘකාව යටතේ සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් පළ කළේය. ට්‍රම්ප්ගේ තර්ජනය “නිසැකවම පාහේ යුද අපරාධයකට සමාන වනු ඇත. නූතන ගැටුම් පාලනය කරන නීතිවල කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වන්නේ හමුදා ව්‍යාපාරවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැලැක්වීම සීමා කළ නොහැකි බවයි.”

මෙය සත්‍යයකි. නමුත් සමස්ත යුද්ධයම සාපරාධී සහ නීති විරෝධී ය. නියුරම්බර්ග් විනිශ්චය සභාව ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කිරීම “ඉහළම ජාත්‍යන්තර අපරාධය” ලෙස අර්ථ දැක්වීය; එය අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන්නේ එහි සමස්තයේම සමුච්චිත නපුර අඩංගු වන බැවිනි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හරියටම මෙයම වේ. 

උත්තරීතර නායක අලි කමේනිගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් දක්වා වූ ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකත්වය ක්‍රමානුකූලව ඝාතනය කිරීම, විධායක නියෝගය 12333 යටතේ පුද්ගල ඝාතන කිරීම් තහනම් කිරීම සහ ද්‍රෝහීකම් සහ ද්‍රෝහී ඝාතන තහනම් කරන සන්නද්ධ ගැටුම් නීති උල්ලංඝනය කරයි. මිනාබ්හි බාලිකා පාසලකට බෝම්බ හෙලීමෙන් 170 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින්ය; නිවාස 61,000 ක් සහ පාසල් 500 ක් විනාශ කිරීම; 6,500 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම යන සෑම ක්‍රියාවක්ම මෙම යුද්ධය දියත් කිරීමේ මුල් අපරාධයෙන් ගලා එයි.

ධවල මන්දිරයෙන් වඩ වඩාත් එළියට එන ජන සංහාරක වාචාල කතා වල තර්කයක් තිබේ. ඉරාන නායකයින් ඝාතනය කිරීමෙන් ඉරාන රජය පෙරලා දැමීමට බලාපොරොත්තු වූ ට්‍රම්ප් පරිපාලනය, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇත. එහෙයින් යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීම හෝ විනාශකාරී පරාජයකට මුහුණ දිය යුතුය. ට්‍රම්ප් එය “සෙල්ලම් ගමනක්” ලෙස හැඳින්වූ අතර එය දින කිහිපයකින් අවසන් වනු ඇතැයි පැවසීය. මාසයක් ගත විය, දහස් ගණනක් මිය ගොස් ඇත. නමුත් ඉරාන රජය නොවෙනස්ව පවතී, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තෙල් මිල සියයට 59 කින් ඉහළ ගොස් තිබේ.

පරිපාලනය ගාසා ආකෘතියට හැරෙමින් සිටී. එනම්, යුද්ධයේ විධික්‍රමයක් ලෙස සමාජයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමය. ගාසා තීරයේ දී ඊශ්‍රායලය විසින් 72,000 කට වැඩි පිරිසක් මරා දමා, මිලියන 2.3 ක මුළු ජනගහනයම අවතැන් කර, සෑම රෝහලක්ම සහ විශ්ව විද්‍යාලයක්ම විනාශ කර, භූමිය සුන්බුන් බවට පත් කර ඇත. ට්‍රම්ප් ගාසා තීරය මෙන් 40 ගුණයක් විශාල රටකට ඊට සමාන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවට තර්ජනය කරයි.

ඇමරිකානු හමුදා මැද පෙරදිගට ගලා එමින් සිටී. 82 වන ගුවන් හමුදා අංශයෙන් පැරෂුට් භටයින් දහස් ගණනක් කලාපයට පැමිණ ඇත. පර්සියානු ගල්ෆ් කලාපයට නාවික ගවේෂණ ඒකක (Marine Expeditionary Units) දෙකක් යවා ඇත. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය “සති කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත් අතිරේක භටයින් 10,000 ක් යැවීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්ය. ඉරාන භූමියේ ගැඹුරින් පිහිටි  භූගත ඉදිකිරීම් වල ඇති රාත්තල් 1,000 කට ආසන්න පොහොසත් යුරේනියම් අත්පත් කර ගැනීම සඳහා ට්‍රම්ප් හමුදා මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය.

ට්‍රම්ප් පරිපාලනය සියලු නීතිමය සහ ව්‍යවස්ථාමය සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වේ. එය ගෝලීය පරිමාණයෙන් මැර කල්ලි භාෂාව කතා කරමින් බලයේ සිටින අපරාධකාරී පාතාලයකි. ට්‍රම්ප් ඉරිදා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ තම “වැඩි කැමැත්ත” “ඉරානයේ තෙල් අත්පත් කර ගැනීම” බවයි.  එමගින්, මහා බලවතෙකුට ජාතියක සම්පත් ආක්‍රමණය කර, විනාශ කර, පසුව එහි හිමිකාරිත්වය හිමි කර ගත හැකි බවට වූ යටත් විජිත පූර්ව නිගමනය නැවත නගා සිටුවීම සිදු කරයි. 

රළු භූමි ප්‍රදේශයක් සහිත විශාල මිලිටරියක් සමග මිලියන 90 ක ජනතාවක් සිටින සහ බරපතල ජීවිත හානි සිදු කිරීමේ හැකියාව ඇති ඉරානයට එරෙහිව සිදු කරන ගොඩබිම් ආක්‍රමණයක් ඉක්මන් ජයග්‍රහණයක් ලබා නොදෙනු ඇත. ආක්‍රමණය මඩ වලක් බවට පත් වූ විට, ජීවිත හානි වැඩි වූ විට, දේශපාලන අර්බුදය ගැඹුරු වූ විට, ට්‍රම්ප්ගේ ඊළඟ පියවර කුමක් වේද?

ධවල මන්දිර නිලධාරීන් බොහෝ සේ පවසන පරිදි, “කිසිවක් මේසයෙන් ඉවතට නැත.” එක්සත් ජාතීන්ගේ Patriotic Vision Association to the United Nations හි නිත්‍ය නියෝජිතයා ලෙස වසර 12 ක් සේවය කළ මොහොමඩ් සෆා, මෙම සතියේ ඉල්ලා අස්වූයේ, එක්සත් ජනපදය “ඉරානයේ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා සූදානම් වෙමින් සිටින” බවට අනතුරු අඟවමිනි.

ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශ්වසනීයත්වය පරදුවට තබා ඇත. පරාජයක් රුසියාවට සහ චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත. එය දෙපක්ෂයේම (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන්) කේන්ද්‍රීය මූලෝපායික අවධානයයි. ඉරානය මත “ගින්න සහ කෝපය” මුදා හැරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තර්ජනයක් ලෙස සැලකිය යුතුය.

ට්‍රම්ප්ගේ තර්ජනය එල්ල වූ එම සති අන්තයේ ඇස්තමේන්තුගත මිලියන 8 ක ජනතාවක් පෙළපාළි ගියේය. එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාවය විය. ඇමරිකානුවන්ගෙන් සියයට හැට දෙකක් ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට “දැඩි ලෙස විරුද්ධ” වෙති. ඇමරිකානු ඉතිහාසයේ කිසිදු යුද්ධයක් ආරම්භයේ දී මෙතරම් අප්‍රසාදයට පත් වී නොමැත.

ට්‍රම්ප් තේරී පත්වීමට පෙර, වසරකට වැඩි කාලයක් මැද පෙරදිග යුද්ධ කරමින් සිටි ඩිමොක්‍රටික් පක්ෂය, යුද්ධයට එරෙහි මෙම මහජන විරෝධය වෙනතකට හරවා උදාසීන කිරීමට උත්සාහ කරයි.

“නෝ කිංග්ස්” රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයෝ යුද්ධය නොසලකා හැරීම හෝ එය අතිරේක වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කළහ. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් කළේ නැත. “අද රජවරු නැත, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,” යි AFT සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් එයම පැවසුවාය. මිනසෝටා නීතිපති කීත් එලිසන් රැස්ව සිටි පිරිසට පැවසුවේ “යුද්ධ ආරම්භ නොකරන අයට ඡන්දය දෙන” ලෙසයි .

එලිසන් විසින් රැලියට සහභාගී වූවන්ට ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දෙන ලෙස පවසමින් සිටියේය. නමුත් බයිඩන් පරිපාලනයේ අත්දැකීම් සහ ඊට පෙර පැවති අනෙකුත් සෑම ඩිමොක්‍රටික් ජනාධිපති ධුරයක් සමඟම සලකා බැලීමේ දී මෙය සම්පූර්ණයෙන්ම බංකොලොත් ඉදිරිදර්ශනයක් බව පෙන්නුම් කරයි. බයිඩන් යුක්රේනයෙහි රුසියානු ආක්‍රමණයක් අවුලුවා, පසුව යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කළේය. ඉරානයට එරෙහි යුද්ධයට පෙර සූදානමක් ලෙස ආරම්භයේ සිටම අරමුණු කරන ලද ගාසා තීරයේ ඊශ්‍රායල විසින් කරන ජන සංහාරයේ දී, ඔහු ඊශ්‍රායලය සන්නද්ධ කළේය.

නොවැම්බරයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තෝරා පත් කර ගැනීමෙන් අර්බුදය විසඳනු ඇතැයි යන ප්‍රකාශය වංචාවකි. අද සහ එකල අතර කුමක් සිදුවේද? මෙම අවධානයේ සැබෑ අදාලත්වය වන්නේ කාලය ලබා ගැනීමයි: එනම්, යුද්ධය දියත් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය මාස ගණන ට්‍රම්ප්ට ලබා දීමයි; ඩිමොක්‍රටික් පක්ෂය එහි මූලධර්මවලින්ම යුද්ධයට සහාය දක්වයි.

ට්‍රම්ප් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ හුදෙක් තනි පිස්සෙකු ලෙස නොවේ. ඔහු ධනවාදී කතිපයාධිකාරයක දේශපාලනික පුද්ගලාරෝපණයයි – එම කතිපයාධිකාරය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් බිඳ දමා තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි යුද්ධයට සහ රට තුළ මර්දනයට යොමු වූ ඇමරිකානු පාලක පන්තියකි.

යුද්ධය අවසන් වන්නේ යුදවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීමෙන් නොව, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමෙන් ය. දැනටමත්, ජීවන වියදමේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දී සිටින වැඩ කරන ජනතාවට යුද්ධය ව්‍යසනයක් වී ඇත. යුද්ධය ඉදිරියට ඇදෙන විට, පිරිවැය තීව්‍ර වනු ඇති අතර, යුද්ධයට ගෙවීම සඳහා සමාජ වැඩසටහන් කප්පාදු කිරීමේ ඉල්ලීම් ද ඊට ඇතුළත් වේ. ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා තිබේ. මෙම මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය දැනටමත් ප්‍රහාරයට ලක්ව ඇත. පසුගිය සියවස පුරා ගොඩනගා ඇති සමාජ වැඩසටහන් යුද යන්ත්‍රය පෝෂණය කිරීම සඳහා කපා හරිනු ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි. මිලියන අටක ජනතාවක් වීදි බැස්සේය; නමුත් එම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය යටතේ පැවතුනහොත් එහි ගෙල සිර කරනු ඇත. යුද්ධයට එරෙහි සටන සඳහා, සෑම වැඩබිමකම සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු තුළ සංවිධානය වී, කර්මාන්ත හා දේශසීමා හරහා සම්බන්ධ වී, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවශ්‍ය වේ.  (අවධාරණයන් අපෙන්)

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි Read More »

Banner

Weekly Political Report — Week Ending 28 March 2026

This political report for the week of March 22–28, 2026, is compiled by theSocialist.lk based on coverage from the World Socialist Web Site (WSWS).

Banner

I. Imperialism and War: The Iran Catastrophe Deepens

The dominant political development of the week was the further catastrophic escalation of the US-Israeli war against Iran, now entering its fourth week. On Saturday, 22 March, President Trump posted an ultimatum on his social media platform demanding that Iran “fully open, without threat, the Strait of Hormuz within 48 hours,” threatening to “obliterate” Iran’s power infrastructure, beginning with its largest power plant. The WSWS characterised this as a threat of genocidal violence without precedent in the post-World War II era, comparable only to the Truman administration’s nuclear ultimatum to Japan in 1945.[1]

The scale of the threat was not rhetorical. The Damavand Combined Cycle Power Plant — Iran’s largest, located 35 kilometres from Tehran’s centre — supplies electricity to approximately ten million people. Any strike on the Bushehr Nuclear Power Plant, Iran’s sole operating commercial reactor, risks catastrophic radioactive release. The IAEA Director General has warned that even severing the facility’s power supply lines could trigger a reactor meltdown. Iran responded by declaring all US and Israeli energy infrastructure across the region as legitimate targets, with Gulf states whose populations depend on electricity-powered desalination plants facing a potential humanitarian catastrophe of their own.

By week’s end, the trajectory had moved unambiguously toward ground invasion. Trump, in an interview with the Financial Times, declared openly: “Maybe we take Kharg Island, maybe we don’t. We have a lot of options.” The Wall Street Journal reported that the Pentagon was preparing for “weeks of ground operations,” and approximately 1,000 soldiers from the 82nd Airborne Division were reported to be readying for deployment. The 82nd Airborne’s Immediate Response Force — a 3,000-strong rapid-deployment brigade — was identified by the New York Times as a candidate force for seizing Kharg Island, through which 90 percent of Iran’s oil exports pass.

Defence Secretary Pete Hegseth provided the clearest statement of the administration’s actual position: “We negotiate with bombs. You have a choice as we loiter over the top of Tehran.” This cynical formulation — coupling public talk of negotiations with accelerating military preparations — exposes the character of US imperialism: diplomacy as a screen for war, with mass violence as both means and end.

In Lebanon, Israeli Prime Minister Netanyahu ordered a further expansion of the “security zone” in the south. More than 1,238 people have been killed and 3,500 wounded since the Israeli ground assault began on 2 March. More than 1.2 million people have been displaced. Three journalists were killed in a targeted Israeli airstrike on a marked press vehicle in Jezzine. Human rights documentation through Day 25 of the Iran war recorded at least 6,530 killed, including 640 confirmed civilians.

The WSWS insists that these are not individual acts of militarist excess but the systematic expression of a capitalist imperialist order in deep crisis, using war to secure control of energy resources, chokepoints and global hegemony. The Newroz 2026 statement of the Sosyalist Eşitlik Partisi (Turkey/SEP) — issued on 22 March — placed the war in this broader framework, linking imperialist aggression against Iran, Lebanon and Gaza to the political interests of regional bourgeoisies and the strategic requirements of US world dominance. The statement called for the building of rank-and-file committees across factories, ports, mines, hospitals and schools, the withdrawal of all US forces from the Middle East, the closure of NATO bases including those in Türkiye, and the formation of a Socialist Federation of the Middle East.[2]

II. The Political Bankruptcy of Reformism

Spain provided the week’s starkest illustration of pseudo-left capitulation to imperialism. The PSOE-Sumar coalition — which weeks earlier had revived the “No to war” slogan associated with the 2003 anti-Iraq War mass movement — announced a €1 billion military aid package for Ukraine following a meeting between Prime Minister Sánchez and Volodymyr Zelenskyy, bringing Spain’s total commitment to approximately €4 billion. The frigate Cristóbal Colón was simultaneously dispatched to the eastern Mediterranean. A token €5 billion social subsidy package — temporary tax cuts and a symbolic rent freeze attempt — was offered as political cover.[3]

The manoeuvre was transparent. The PSOE-Sumar government made this announcement against the backdrop of an unprecedented wave of industrial action across Spain: a nationwide doctors’ strike involving more than 175,000 workers, a three-day national railway strike, airport ground handling stoppages threatening to paralyse Easter travel, regional education strikes — with Catalonia’s culminating in more than 100,000 people on the streets of Barcelona — and general strikes in the Basque Country on 17 March. The working class in struggle was answered with rearmament and tokenism.

The WSWS is unequivocal: PSOE-Sumar’s anti-war posture was never anything other than a political calculation to contain domestic opposition. Its rapid re-integration into NATO war logistics — complementing Spain’s earlier facilitation of US strikes on Iran — exposes the class interests that animate such formations. Sumar, positioned as the “left” partner of the coalition, is identified as a direct instrument of imperialism, channelling dissent into manageable parliamentary terrain while voting through military budgets and suppressing class struggle.

Sri Lanka’s Frontline Socialist Party (FSP) received analogous treatment. Its call for “global people’s power” against the Iran war — superficially radical in rhetoric — was subjected to sharp political critique as pseudo-left opportunism. The FSP’s initiative, the WSWS argued, reflects a nationalist parliamentary logic that accommodates bourgeois parties and dissipates class power through appeals that refuse to break with the capitalist state. The SEP insists that genuine anti-war struggle must be grounded in proletarian internationalism and independent socialist organisation.[4]

III. Authoritarian Consolidation and Democratic Rights

The Trump administration continued its domestic militarisation offensive during the week. ICE deployments to airports in force — framed publicly as immigration enforcement — were characterised by the WSWS  as a deliberate erosion of democratic norms and a rehearsal for the normalisation of federal paramilitary presence in civilian public life. The SEP connects this directly to the war drive: the same oligarchic project that prosecutes imperialist war abroad constructs the police state apparatus at home.

Australia’s Labor government provided a parallel illustration of bourgeois democracy’s hollowing out. Having lost a High Court ruling on offshore detention, the Albanese government circumvented the decision by transporting former asylum seekers to Nauru. The SEP described this as demonstrating the capitalist state’s readiness to flout its own legal constraints in order to uphold racist border regimes — which serve both capitalist labour market requirements and imperialist geopolitical alliances.

Cuba’s humanitarian crisis deepened further as a nationwide blackout struck the island amid US restrictions blocking incoming Russian fuel shipments. This is imperialist economic warfare targeting working people directly, using energy denial as a weapon of coercion.

The German city of Duisburg maintained its entry ban against Mohamedou Ould Slahi — the Mauritanian — a Guantánamo survivor and author, in a measure that exemplifies the integration of state repression, anti-democratic precedent and the ongoing brutalisation of those processed through imperialist detention machinery.

IV. Class Struggle and Bureaucratic Betrayal

Class struggle intensified across multiple fronts, with the trade union bureaucracy consistently functioning as the principal obstacle to the conversion of industrial militancy into political power.

In London, more than 300 Unite members at Stagecoach’s Bow garage struck for four days (19–22 March) against punishing rosters, inadequate rest breaks and dangerous fatigue — conditions forcing drivers to fall asleep at the wheel. Stagecoach mounted a systematic strikebreaking operation, importing replacement drivers from other cities and billeting them in hotels. Unite responded by sabotaging the action: officials called off a coordinated strike at Lea Interchange Bus Company — a Stagecoach subsidiary a few miles away — and declared a “win” based on a three-year deal pegging future increases to CPI rather than the previously demanded RPI, while leaving victimisation of union reps unaddressed. The Rail, Maritime and Transport union simultaneously suspended rolling stoppages by 1,800 London Underground drivers for closed-door talks.[5]

The WSWS analysis is direct: the union apparatus acts not as an instrument of working-class power but as a managerial layer whose function is to contain, fragment and ultimately defeat industrial resistance. The strategic response is the formation of rank-and-file committees that link garages and sectors, set non-negotiable safety demands, coordinate unified action, and raise the demand for democratic workers’ control of public transport.

In Australia, Tasmanian teachers conducted rolling statewide strikes over real-wage cuts and deteriorating conditions — the third round of action since September 2025 — while the AEU bureaucracy deliberately staggered the action by region (northwest on Tuesday, north on Wednesday, south on Thursday) to minimise its impact and prevent coordination with the simultaneous Victorian teachers’ strike. The tactic is well-established: token industrial action that creates the appearance of struggle while preserving the bureaucracy’s role as negotiating intermediary and absorber of militancy.[6]

Spain’s strike wave — the full breadth of which crossed healthcare, transport, rail, education and the public sector — demonstrated the objective depth of class anger. The Catalan education strike, supported by 90 percent of educators and culminating in 100,000 on the streets of Barcelona, is among the most significant educational mobilisations in recent Spanish history. That this emerged simultaneously with the PSOE-Sumar government’s announcement of a billion-euro military package for Ukraine underscores the central political contradiction: the same government which presides over real wage cuts and social austerity now channels resources to militarism while deploying union bureaucracies and its pseudo-left partners to contain the resistance.

V. Economic Warfare and Global Instability

The week’s economic developments were inseparable from the war drive. The Iran conflict’s threat to the Strait of Hormuz — through which roughly one-fifth of global oil passes — continued to generate financial turbulence across Asian markets. The imperialist war is simultaneously a political project and an act of structural economic destabilisation that strikes workers internationally through energy price inflation, supply chain disruption and currency volatility.

Cuba’s energy crisis — intensified by US restrictions on Russian fuel shipments — illustrates how imperialist economic coercion operates as a form of warfare targeting entire populations. The IMF, which had previously lauded Sri Lanka as an austerity “success story,” continued to provide ideological cover for the social devastation its programmes produce. These are not disconnected crises but expressions of the same capitalist order in its period of accelerating decay.

VI. The Revolutionary Tasks

The week’s events collectively underscore the axis of ICFI/SEP political analysis: war, dictatorship, austerity and bureaucratic betrayal are not separate phenomena but interlinked expressions of the capitalist system’s terminal crisis. Trump’s 48-hour ultimatum is not an aberration but the language of a ruling class prepared to obliterate the infrastructure of a nation of 90 million people to secure strategic and economic objectives. The pseudo-left formations — PSOE-Sumar, the FSP, the trade union bureaucracies — function consistently to contain and divert the social opposition that these conditions generate.

The correct working-class response — as the WSWS insists — is the building of rank-and-file committees in workplaces and communities, international coordination through the International Workers Alliance of Rank-and-File Committees, political independence from all bourgeois parties, and the construction of sections of the Fourth International to provide the revolutionary socialist leadership that the objective situation demands.

[1] Trump’s 48-hour ultimatum: A criminal threat of mass murder — https://www.wsws.org/en/articles/2026/03/23/wzwz-m23.html 

[2] Newroz 2026: Mobilize the working class against imperialist war and for workers’ power in the Middle East! — https://www.wsws.org/en/articles/2026/03/22/hynm-m22.html 

[3] Spain’s Socialist Party-Sumar government unveils €1 billion military aid package for Ukraine — https://www.wsws.org/en/articles/2026/03/22/bkdx-m22.html 

[4] Sri Lanka: FSP “global people’s power” critique — WSWS coverage, week ending 28 March 2026

[5] East London bus drivers opposing fatigue face strike breaking by Stagecoach — https://www.wsws.org/en/articles/2026/03/22/iprj-m22.html 

[6] Australia: Teachers to strike across Tasmania against real wage cuts — https://www.wsws.org/en/articles/2026/03/23/ovkw-m23.html 

Weekly Political Report — Week Ending 28 March 2026 Read More »

Aragalaya

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 4 කොටස

සංජය ජයසේකර විසිනි.

ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විමර්ශනය කරන ලිපි මාලාවක 4 වන සහ අවසාන කොටසෙහි සිංහල පරිවර්තනය අපි මෙහි පළ කරමු. 1 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 6 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 10 දින ද thesocialist.lk හි ප්‍රකාශයට පත් කරන ලදී. 2 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 14 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 14 දින ද එහි පළ කෙරුණි. 3 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 පෙබරවාරි 27 වන දින ද සිංහල බසින් 2025 පෙබරවාරි 28  දින ද පළ කෙරුණි. 4 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 මාර්තු 7 වන දින ද වෙබ් අඩවියේ පළ කෙරුණි. ලිපි මාලාවේ 1 හා 2 කොටස් The Socialist සඟරාවේ 2025 නොවැම්බර් කලාපයේද, 3 කොටස සඟරාවේ 2026 පෙබරවාරි කලාපයෙ ද පළ කෙරුණි. 

ජෙන්-Z කැරලිවල පෙළපත: අරාබි වසන්තය, වෝල් වීදිය වඩිලෑම සහ කහ කබා උද්ඝෝෂණ—දේශපාලනය, උපායමාර්ග, වැඩ පිළිවෙළ සහ කම්කරු පන්තිය සඳහා පාඩම් (පෙර ලිපියෙන්)

උපායමාර්ග: සෘජු ක්‍රියාකාරිත්වය, ඩිජිටල් සංවිධානයවීම සහ විප්ලවවාදී නායකත්වයේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කාර්යභාරය

මෙම අරගල මාලා තුන, ඒවා විසින් ඉල්ලා සිටින මූලික දේශපාලන අවශ්‍යතාවන්හි  වෙනසක් නොමැතිව, මහජන අරගලයේ වෙනස්වන තාක්ෂණික පරිසරය පිළිබිඹු කරන උපායමාර්ගික (tactical) ආකාරවල ප්‍රගතියක් පෙන්නුම් කරයි.

දේශපාලන පැවැත්මේ ආකාරයක් ලෙස පොදු අවකාශයේ තිරසාර අත්පත් කර ගැනීම සඳහා Occupy පුරෝගාමී වූ අතර, එය තාහ්රීර් චතුරශ්‍රයේ සංකල්පරූපය මත සවිඥානිකව නිර්මාණය කෙරුණි. “ජනතා මයික්‍රෆෝනය (people’s microphone)”, තිරස් තීරණ ගැනීම (horizontal decision-making) සහ රැස්වීම් ප්‍රජාතන්ත්‍රවාදය (assembly democracy), ධනේශ්වර නියෝජිත දේශපාලනයේ දූරස්ථ භාවය ජය ගැනීමේ සැබෑ අභිලාෂයක් ප්‍රකාශ කළේය. නමුත් සංකේතාත්මක වාඩිලෑම ධනේශ්වර නිෂ්පාදනයට හෝ රාජ්‍ය බලයට තර්ජනයක් විය නොහැක. එය ඉවසා සිටිනු ඇත්තේ අපහසුතාවයට පත් වන අවස්ථාව දක්වා පමණි, එම අවස්ථාව පැමිණි කල සම්බන්ධීකරණය කරන ලද ෆෙඩරල් රජයේ නියෝග මත එය  ඉවත් කරන ලදී.

කහ කබාකරුවන් ආර්ථික වශයෙන් අඩි වශයෙන් වැඩ අඩාල කිරීමේ (distruptive) උපාය මාර්ගවල එකතුවක් වර්ධනය කළහ: භාණ්ඩ සංසරණ ස්ථාන අවහිර කිරීම, සතිපතා රිද්ම දුන් ජාතික බලමුලු ගැන්වීම්, සංකේතාත්මක හා සැලකිය යුතු කඩාකප්පල් කිරීම් වල සංයෝජන ආදිය ඒ අතර වේ. ප්‍රංශයේ සටන්කාමී කාර්මික ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, වීදි විරෝධතා  පොදු වැඩ වර්ජන බවට පරිවර්තනය කිරීම සඳහා සැබෑ–සාක්ෂාත් කර නොගත් වුවද–හැකියාවන් නිර්මාණය කළේය. උපායමාර්ගික  නවෝත්පාදනය තාත්වික විය; දේශපාලන සීමාව එක සමානවම පැවතුණි. ආර්ථිකයේ අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකි ස්වාධීන  ක්‍රියාකාරී කමිටු සහ  නිවහන් පෙදෙස් කමිටු නොමැතිව, වැඩ අඩාල කිරීමේ ශක්තිය රාජ්‍ය බලයට සැබෑ අභියෝගයක් එල්ල කළ හැකි තිරසාර සංවිධානාත්මක කාර්මික ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය කළ නොහැකි විය. වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ එවැනි කමිටු, දේශීය අරගල විප්ලවවාදී ව්‍යාපාරයක් බවට ඔසවා තැබීම සඳහා සංවිධානාත්මක පූර්ව කොන්දේසියයි.[17]

ජෙන්-Z ව්‍යාපාර, සමාජ මාධ්‍ය වේදිකාවල වේගවත් බලමුලු ගැන්වීමේ  හැකියාව එකතු කළ අතර, වේගයෙන් විශාල භූගෝලීය ප්‍රදේශ හරහා මහජන ක්‍රියා සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති කළේය. එය සාම්ප්‍රදායික ආයතනික ප්‍රතිචාර මන්දගාමී බව පෙනෙන්නට සැලැස්වීය. මෙම ඩිජිටල් මානය නව හැකියාවන් සහ නව අවදානම් හඳුන්වා දුන්නේය. වේගවත් බලමුලු ගැන්වීම බල ගැන්වූ එම වේදිකා, රාජ්‍ය නිරීක්ෂණය, බුද්ධි අංශවල විනිවිදීම සහ දේශපාලන අන්තර්ගතයේ ඇල්ගොරිතමය හැසිරවීම (manipulation) ද සක්‍රීය කළේය. වඩාත් මූලික වශයෙන්, දේශපාලන සංවිධානය  වෙනුවට සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය ආදේශ කිරීම–වැඩසටහනේ පැහැදිලිකම  වෙනුවට වෛරල් හැෂ් ටැග්, න්‍යායාත්මක සංවර්ධනය  වෙනුවට ප්‍රවණතා මාතෘකා (trending topics)–එහි ව්‍යුහාත්මක දුර්වලතාවය, ඒවාට තිබෙන බව පෙනී ගිය  තාක්ෂණික ශක්තිය මගින් ආවරණය කළ ව්‍යාපාර ඇති කළේය. එකී දුර්වලතාවය නම්: වීදි බලය, කම්කරු පන්තිය එහි තීරණාත්මක සමාජ ලීවරය ක්‍රියාත්මක කරන ආකාරය වූ, තිරසාර කාර්මික ක්‍රියාමාර්ගයක් (industrial action) බවට පරිවර්තනය කිරීමට ඇති නොහැකියාවයි.

සෙයිනෙප් ටුෆෙක්සි (Zeynep Tufekci) සහ පාවුලෝ ගර්බෝඩෝ (Paolo Gerbaudo) වැනි න්‍යායාචාර්‍යවරුන් විසින් ප්‍රවර්ධනය කරන ලද “නායකත්වයක් නොමැති” රාමුව, ෂන්තාල් මූෆ් ගේ වාම ජනතාවාදයේ ප්‍රතිගාමී න්‍යායට නෑකම් කියන දෘෂ්ටිවාදාත්මක කාර්යභාරයක් ඉටු කරයි. තිරස් රැස්වීම්, සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය, විධිමත් නායකත්වයක් නොමැතිකම වැනි ජාලගත විරෝධතාවල සංවිධානාත්මක ආකාර  උත්කර්ෂයට නැංවීමෙන්, මෙම න්‍යායාචාර්‍යවරුන් වෛෂයිකව දේශපාලන ඌනතාවයක් වන දෙයක් දේශපාලන ගුණධර්මයක් බවට උසස් කරයි. “නායකත්වයක් නොමැති” ව්‍යාපාරවල න්‍යායාචාර්‍යවරුන් විසින් සමරනු ලබන ස්වයංසිද්ධවාදයට (spontaneism) එරෙහිව ලෙනින්ගේ විශ්ලේෂණය එහි සම්පූර්ණ බලය රඳවා ගනී: ස්වයංසිද්ධ කම්කරු පන්ති කෝපය, කෙතරම් සටන්කාමී වුවත්, සමාජවාදී විඥානය ජනනය නොකරයි; එය විප්ලවවාදී දේශපාලන නායකත්වය සංවිධානය කර මෙහෙයවිය යුතු අමුද්‍රව්‍යය වේ. [18] “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය, ව්‍යාපාරයන් නායකත්වයෙන් නිදහස් නොකරයි; එය සැබවින්ම ක්‍රියාත්මක වන නායකත්වය–එනම් රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් සපයන සම්බන්ධීකාරකවරුන්, ප්‍රතිසංස්කරණවාදී මාර්ගවලට ශක්තිය යොමු කරවන ව්‍යාජ-වාම ශාස්ත්‍රාලිකයන් හෝ අවසානයේ මහජන කැරැල්ලේ දේශපාලන ඵල නෙළා ගන්නා ධනේශ්වර දේශපාලනඥයන්–සඟවයි.

වැඩපිළිවෙළ: ප්‍රතිසංස්කරණවාදී ක්ෂිතිජය සහ එහි අත්‍යවශ්‍ය අතික්‍රමණය

මෙම ව්‍යාපාර තුනම, “වැඩපිළිවෙළ පිළිබඳ” සංයුක්ත ඉල්ලීම් සමඟ අව්‍යාජ සහ සුජාත දුක්ගැනවිලි ප්‍රකාශ කළේය. එහෙත්, විප්ලවවාදී නායකත්වයක් නොමැති විට, නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරන්නේ කවුද සහ ඒ කාගේ අවශ්‍යතා සඳහාද යන මූලික ප්‍රශ්නය ක්‍රමානුකූලව නොසලකා හරින ලද ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ක්ෂිතිජයක් තුළ මෙම ව්‍යාපාර තුනම රැඳී ගත්තේය.

වාඩිලෑමේ ඉල්ලීම් (ආදායම්) යලි බෙදාහැරීම, සමාගම්වල වගවීම සහ ආර්ථික අසමානතාවය අඩු කිරීම මත කේන්ද්‍රගත විය. කහ කබාකරුවන්, අඩු ඉන්ධන බදු, ඉහළ අවම වැටුප්, මහජන සේවා ප්‍රතිෂ්ඨාපනය සහ විවිධ ආකාරයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ. ජෙන්-Z ව්‍යාපාර ඉල්ලා සිටියේ, IMF විසින් නියම කරන ලද නිශ්චිත බදු පියවර ඉවත් කර ගැනීම, දූෂණය අවසන් කිරීම සහ රාජ්‍ය නායකයින් පුද්ගල වශයෙන් ඉවත් කිරීම ය. මෙම සියලු ඉල්ලීම් අව්‍යාජ ද්‍රව්‍යමය අවශ්‍යතා ප්‍රකාශ කළේය. කම්කරු පන්තියේ දේශපාලන බලය සඳහා වූ වැඩසටහනක් නොමැති විට, ඒවායින් කිසිවක් ධනේශ්වර පාලනයේ රාමුවෙන් ඔබ්බට යොමු නොවීය.

For a Left Populism (Verso, 2018) හි මූෆ් විසින් විස්තාරණය කරන ලද සහ ස්පාඤ්ඤයේ පොඩෙමොස් (Podemos) සහ ප්‍රංශයේ Insoumise විසින් සංවිධානාත්මක ප්‍රකාශනයක් ලබා දුන් න්‍යායික රාමුව මත පදනම්ව, සෑම ව්‍යාපාරයක් තුළම පැවති වාම-ජනතාවාදී ප්‍රවණතා මෙම ඉල්ලීම් “කතිපයාධිකාරයට” එරෙහිව “ජනතාවගේ” අරගලයක් ලෙස රාමුගත කරන ලදී. එය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ සමාජවාදී අත්පත් කර ගැනීමේ ඉදිරිදර්ශනය බැහැර කරමින් ධනේශ්වරයේ කොටස් පන්ති හරහා (cross-class) “ප්‍රගතිශීලී” කන්ඩායමකට ඇතුළත් කිරීමට හිතාමතාම නිර්මාණය කරන ලද සූත්‍රගත කිරීමකි.

ග්‍රීසියේ සිරිසා (Syriza) සහ පොඩෙමොස් අත්දැකීම් පිළිබඳ පුළුල් ආවරණයක් හරහා WSWS මෙම රාමුවේ බංකොලොත්භාවය විශ්ලේෂණය කළේය. 2015 ජනවාරි මැතිවරණ ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ඇතුළත සිරිසා, EU-IMF(යුරෝපා සංගමය-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ත්‍රිත්වයට (එනම්, EC-යුරෝපීය කොමිසම, ECB-යුරෝපීය මහ බැංකුව, IMF-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) යටත් වීම සහ තමන් විරුද්ධ වීමට පොරොන්දු වූ කප්පාදුම ක්‍රියාත්මක කිරීම සඳහා පොඩෙමොස්, PSOE සමඟ සභාග රජයට ඇතුළු වීම[20], වාම-ජනතාවාදය සදහා ව්‍යතිරේකයක් නොව එහි වඩාත්ම පරිපූර්ණ ප්‍රකාශනයන් වේ. ඉතිහාසය එහි තීන්දුව ලබා දී ඇත: සිරිසාවේ 2015 පාවාදීමෙන් වසර දහයකට පසුව, ග්‍රීසිය තවමත් තීව්‍ර සූරාකෑම සමඟ දරිද්‍රතාවයේ ගිලී සිටී; පොඩෙමොස් රජයට ඇතුළු වී වසර හතරකට පසු, අන්ත දක්ෂිනාංශික වොක්ස් (Vox) පක්ෂය ස්පාඤ්ඤ දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. සමාජවාදයට යාමට පෙර කම්කරුවන් මෙම පක්ෂවල “අත්දැකීම් හරහා යා යුතු” බවට වන ව්‍යාජ-වාම ප්‍රකාශය, කම්කරු පන්තියට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දී ඇති  මාරාන්තික බොරුවක් ලෙස හෙළිදරව් වී ඇත. [21]

සැබවින්ම විප්ලවවාදී  ක්‍රියාමාර්ගය වන්නේ නොනවතින විප්ලවයේ  ක්‍රියාමාර්ගයයි–අධිරාජ්‍යවාදී යුගයේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාවලට අනුරූප වන එකම  ක්‍රියාමාර්ගය එයයි. කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන්, ධනේශ්වර පන්තිය   අස්වාමික කිරීමෙන්  සහ ජාතික දේශසීමා ඉක්මවා සමාජවාදී විප්ලවය ව්‍යාප්ත කිරීමෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක්, කම්කරු පන්තියේ ද්‍රව්‍යමය තත්වයන්හි මූලික දියුණුවක් කල් පවතින පදනමක් මත සුරක්ෂිත කළ නොහැක. Occupy, Yellow Vests සහ Gen-Z ව්‍යාපාරවල  පාර්ශ්වීය ඉල්ලීම්,  සංක්‍රමණ ඉල්ලීම්–මහජන බලමුලු ගැන්වීම සඳහා ආරම්භක ලක්ෂ්‍ය–ලෙස සේවය කළ හැකිය. ඒ, ICFI හි පදනම්  වැඩ පිළිවෙළ පිළිබඳ ලේඛනවල විස්තර කර ඇති පරිදි,  ධනවාදය තම සතුරා ලෙස හඳුනා ගන්නා සහ කේන්ද්‍රයේ කම්කරු බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරන  වැඩ පිළිවෙළ රාමුවකට ඒවා ඇතුළත් කර ඇත්නම් පමණි. [22]

සැලකිල්ලට යොමුවන වෙනස්කම්: සමාජ සංයුතිය, භූගෝලය සහ විප්ලවීය තීව්‍රතාවය

අරගල මාලා ත්‍රිත්වයෙහි මූලික  දේශපාලන සමජාතීයභාවය–ඒවායේ පොදු දෘෂ්ටිවාදාත්මක සීමාවන් සහ  වැඩ පිළිවෙළ පිළිබඳ ඌනතාවයන්–ස්ථාපිත කිරීමෙන් පසු,  මූලෝපායික ඇඟවුම් ගෙන දෙන වෙනස්කම්  සඳහන් කර ගැනීම  අවශ්‍ය වේ.

සමාජ සංයුතිය: වාඩිලෑම තුළ ආධිපත්‍යය දැරුවේ නාගරික, බොහෝ විට උගත්, නාගරික මධ්‍යස්ථානවල සංකේන්ද්‍රණය වූ අඩමාන මධ්‍යම පන්තියේ ස්ථර විසිනි. එය සැබෑ මහජන අතෘප්තිය පිළිබිඹු කළ නමුත් එය සංවිධානය කර මෙහෙයවනු ලැබුවේ පුළුල් “99%” ඇතුලත සමාජීය වශයෙන් වරප්‍රසාද ලත් ස්ථර විසිනි. “සියයට 99” යන සටන් පාඨය කම්කරු පන්තිය සහ තම පන්ති අවශ්‍යතා කම්කරුවන්ගේ අවශ්‍යතාවලින් තියුණු ලෙස වෙනස් වූ ඉහළ මධ්‍යම පන්ති ස්ථරයන් අතර එම සියයට 99 තුළ පැවති බෙදීම් ඉවත් කළේය. කහ කබාකරුවන් භූගෝලීය වශයෙන් සහ සමාජීය වශයෙන්  පුළුල් පදනමක්–පළාත්බද කම්කරුවන්, මගීන්, විශ්‍රාමිකයන්, කුඩා ව්‍යාපාර හිමිකරුවන් –නාගරික සමාජ පරිසරයෙන් පිටත සැබෑ කම්කරු පන්තියේ ගැඹුරට ළඟා විය. ජෙන්-Z ව්‍යාපාර, වාඩිලෑම හෝ කහ කබාකරුවන් අත්පත් කර නොගත් පරිමාණයකින් සැබෑ  කම්කරු පන්ති සහභාගීත්වයක් සමඟ ශිෂ්‍ය සහ තරුණ පෙරටුගාමීන් ඒකාබද්ධ කළේය: ශ්‍රී ලංකාවේ මහා වැඩවර්ජන, කෙන්යාවේ අනුප්‍රාප්තික වැඩවර්ජන රැල්ල සහ වෘත්තීය සමිති-නිලධාරීවාදී ප්‍රති-බලමුලු ගැන්වීම නොතකා බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු සහභාගීත්වය, ගුණාත්මකව ඉහළ තලයක අව්‍යාජ කම්කරු පන්ති සටන්කාමීත්වය ප්‍රකාශ කළේය.

භූගෝලය සහ නව යටත් විජිත මානය: වාඩිලෑම සහ කහ කබා අධිරාජ්‍යවාදී රටවල–පිළිවෙලින් එක්සත් ජනපදය සහ ප්‍රංශය–සිදු වූ අතර, එහිදී ක්ෂණික දේශපාලන ඉල්ලීම්වලට IMF ණය වහල් භාවය පෙරලා දැමීම හෝ නව යටත් විජිත සූරාකෑමෙන් නිදහස් වීම ඇතුළත් නොවීය. ජෙන්-Z ව්‍යාපාර අතිමහත් ලෙස සිදු වූයේ මෙම මානය කේන්ද්‍රීය වන පැරණි යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල ය: IMF, මහජන විරෝධතා අවුලුවාලූ නිශ්චිත බදු පියවර සහ කප්පාදු වැඩසටහන්වල සෘජුව පිටුපස සිටින අතර අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නය දේශීය ධනේශ්වර සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි ය. මෙය ජෙන්-Z ව්‍යාපාරවලට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දුක්ගැනවිලි සෘජුවම ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය හා සම්බන්ධ කරන මානයක් එක්  කරන්නේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය එහි විසිඑක්වන සියවසේ යෙදුමෙන් සනාථ  කරමිණි.

විප්ලවීය තීව්‍රතාවය: පාලන තන්ත්‍ර වෙනසක් හෝ රාජ්‍ය බලයේ බරපතල බිඳීමක් කිසි විටෙකත් කිරීමට බලයක් නොවුණු, වාඩිලෑම කලලරූපී ස්වරූපයෙදීම මර්දනය කරන ලදී. කහ කබාකරුවන් ප්‍රංශ පාලක පන්තිය තිරසාර පීඩනයකට ලක් කළ නමුත් එහි දේශපාලන ආයතනවල මූලික ස්ථාවරත්වයට තර්ජනයක්  නොකළේය. ජෙන්-Z ව්‍යාපාර, ඊට වෙනස්ව, රාජ්‍ය නායකයින් තනතුරුවලින් පලවා හැර, ආණ්ඩු බිඳවැටීමට බල කළ අතර, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ සමස්ත ව්‍යුහයම සොලවාලීමේ විභවය පෙන්නුම් කළ මහා වැඩවර්ජන ගාමකයක් ජනනය කළේය. මෙම උග්‍ර වූ විප්ලවීය තීව්‍රතාවය ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් නොමැතිකම එහි ප්‍රතිවිපාක මගින් වඩාත් විනාශකාරී කරයි. වෛෂයික විප්ලවවාදී තත්වය සහ බලය ලබා ගැනීම සදහා කම්කරු පන්තිය සතු ආත්මීය ධාරිතාව අතර පරතරය–ජාත්‍යන්තර කමිටුව නිරන්තරයෙන් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙස හඳුනාගෙන ඇති දෙය–ජෙන්-Z අත්දැකීම තුළ විශේෂ තියුණු බවකින් ප්‍රකාශ වේ.

ව්‍යාජ වම: ප්‍රාදේශීය අහඹුවන්ගේ සමූහයක් නොව, ජාත්‍යන්තර දේශපාලන ධාරාවක්

අරගල මාලා තුන පිළිබඳ ඕනෑම බැරෑරුම් විශ්ලේෂණයක්, ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාවට අභිමුඛ විය යුත්තේ, ඒවා දේශීයව  විශේෂිත වූ  දේශපාලන උගුල් වල එකතුවක් ලෙස නොව–ඒවාට සහභාගිවන්නන්ගේ ආත්මීය අභිප්‍රායන් කුමක් වුවත්–ධනවාදයට පිළිගත හැකි සීමාවන් තුළ කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය සීමා කිරීම යන කාර්යය ඉටු කරන, සුසංයෝගී ජාත්‍යන්තර දේශපාලන ධාරාවක ප්‍රකාශනයක් ලෙස ය.

එක්සත් ජනපදයේ ISO, යුරෝපය පුරා සිරිසා සහ පොඩෙමොස් ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කළ විවිධ පැබ්ලෝවාදී ජාලයන්, කෙන්යාවේ විප්ලවවාදී සමාජවාදී ලීගය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී-කෙන්යාව, පිලිපීනයේ BAYAN සහ Akbayan, ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (Frontline Socialist Party)–මෙම සංවිධාන ඒවායේ නිශ්චිත ජාතික සන්දර්භයන්  නොතකා පොදු දේශපාලන ක්‍රමවේදයක් අන්තර්ගත කර ගනී. න්‍යායික පෙළපත පැහැදිලිය: ෂොන්ටල් මූෆ්, පොඩෙමොස් සහ මෙලෙන්චොන්ගේ (Mélenchon) ප්‍රංශ Insoumise යන දෙකටම සෘජුවම උපදෙස් දුන්නේය; ඇගේ සහකරු අර්නස්ටෝ ලැක්ලාව්ගේ (Ernesto Laclau) පශ්චාත්-මාක්ස්වාදී හෙජමොනි (ආධිපත්‍ය-hegemony) න්‍යාය පිළිබඳ විස්තාරණය මහාද්වීප තුනක් පුරා ව්‍යාජ-වාම කණ්ඩායම්වලට බලපෑම් කර ඇත; ජාත්‍යන්තර සමාජවාදී ප්‍රවණතාවය (International Socialist Tendency) සිරිසාවේ ගමන් පථයට බුද්ධිමය නීත්‍යානුකූලභාවයක් ලබා දුන් අතර එහි යටත් වීම (capitulation) පිළිබඳ මාක්ස්වාදී විවේචන අවහිර කළේය.

ව්‍යාජ-වම විසින් අරගල සීමා කිරීමේ  මූලෝපායන් පිළිබඳ විශ්ලේෂණයේ දී WSWS අනතුරු ඇඟවූ පරිදි, මෙම ප්‍රවණතා “‘වම’ තුළ ධනේශ්වර දෘෂ්ටිවාදය සඳහා සංචිතයක්” ලෙස සේවය කරන අතර, විප්ලවවාදී  ක්‍රියාමාර්ගයට නොව, වෘත්තීය සමිති නිලධරය සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතීන් ආරක්ෂා කරයි.[15] ඔවුන්ගේ මධ්‍යම පන්තික සංයුතිය, පදනම් සහ ලාභ නොලබන සංවිධාන මත ඔවුන්ගේ ද්‍රව්‍යමය යැපීම, කම්කරු පන්ති විප්ලවවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සහ ස්වයංසිද්ධතාවය සහ “නායකත්වය නොමැතිකම” ප්‍රවර්ධනය කිරීම යන සියල්ල අව්‍යාජ සමාජවාදී නායකත්වයේ මතුවීම අවහිර කිරීමේ එකම කර්තව්‍යයට  සේවය කරයි. මහජන ව්‍යාපාරවලට සහභාගී වන කම්කරුවන් සහ තරුණයින් මෙම රටාව තේරුම් ගත යුත්තේ අහඹු සිදුවීම් මාලාවක් ලෙස නොව නිශ්චිත පන්ති අවශ්‍යතාවයක ප්‍රකාශනයක් ලෙස ය.

“අරගලය” පර්යාලෝකනය කිරීම: 2022 ශ්‍රී ලංකාව සහ ජෙන්-Z කැරැල්ලේ ගෝලීය රටාව

2022 අරගලය–අප්‍රේල් සිට ජූලි දක්වා ශ්‍රී ලංකාවේ පැවති මහජන නැගිටීම–මූලික වශයෙන් රාජපක්ෂ පවුලේ දූෂණයට හෝ වැරදි කළමනාකරණයට එරෙහි විරෝධතාවක් නොවූවත්, පාලන තන්ත්‍රයේ අපරාධකාරීත්වය කෙරෙහි මහජන කෝපය අව්‍යාජ හා පුපුරන සුලු විය. ගෝලීය ධනවාදී බිඳවැටීමේ තත්වයන් යටතේ ශ්‍රී ලංකා ධනවාදයේ ආන්තික අර්බුදයේ ප්‍රකාශනය එය විය. දශක ගණනාවක් විදේශ ණය මත යැපීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට යටත් වීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔවුන්ගේ විවිධ පාර්ලිමේන්තු සංයෝජන යන සෑම ධනේශ්වර දේශපාලන සැකැස්මකම දැඩි බංකොලොත්භාවය, ඉන්ධන, ඖෂධ සහ මූලික ආහාර ද්‍රව්‍ය රාක්කවලින් අතුරුදහන් වූ සමාජ ව්‍යසනයක් ඇති කර තිබුණි. COVID-19 වසංගතය සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය මගින් මුදා හරින ලද ආර්ථික අවහිර කිරීම, විදේශ විනිමය සංචිත බිඳවැටීම වේගවත් කළ අතර රජයට එහි ණය ගෙවීම පැහැර හැරීමට බල කෙරුණි. අප්‍රේල් සහ ජූලි අතර කාලය තුළ, ජනවාර්ගික රේඛා හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​එක්රොක් වූහ; මෙය දශක හතක් තිස්සේ සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදය මහජනයා බෙදීමේ ප්‍රධාන මෙවලම ලෙස ක්‍රමානුකූලව ගසාකෑ පාලක පන්තියක් සිටින රටක ප්‍රගාඩ දේශපාලන වැදගත්කමක් ඇති කරුණකි. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මිලියන ගණනක් සහභාගී වූ මහා වැඩවර්ජන දෙකක්, ස්වාධීන සමාජ බලවේගයක් ලෙස ගමන් ගන්නා  විට කම්කරු පන්තියේ විභව ශක්තිය ඉතා පැහැදිලි බලයකින් පෙන්නුම් කළේය. රාජපක්ෂ ධුරයෙන් පලවා හැරි අතර 2022 ජූලි 13 වන දින ඔහුට රටින් පලා යාමට සිදුවිය. ඒ  මොහොත වන විටත්, කම්කරු නිලධරය අරගලය හුදකලා කර තිබූ අතර කම්කරු පන්තියට නායකත්වයක්  නොපැවතිණි.

Aragalaya
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට පෙර කොළඹ වීදි විරෝධතාකරුවන් පිරී ඉතිරී යයි. (ඡායාරූපය: සකුනා මියසිනාද ගමගේ |asiafoundation.org වෙතින්)

නැගිටීම ඇති කළ විප්ලවීය අනතුරට සමානුපාතික පැහැදිලිතාවයකින් ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරයෝ තම කාර්යය තේරුම් ගත්හ. ඔවුන්ගේ තීරණාත්මක කාර්යය වූයේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම නොව එය පාලනය කිරීමයි: එනම්, පහළින් පුපුරා යන දැවැන්ත සමාජ ශක්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කරන දේශපාලන රාමුවකට යොමු කිරීම සහතික කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාජ-වාම සැකැස්ම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන අරමුණ ලෙස “අන්තර්කාලීන ආණ්ඩුවක්” සඳහා වූ ඉල්ලීම ප්‍රවර්ධනය කළේය. මෙම ඉල්ලීම, එය ඉදිරියට ගෙන යන අයගේ මුවින් කෙතරම් රැඩිකල් ලෙස ඇසුණත්, එය කම්කරුවන්ගේ බලය සඳහා වූ ඉල්ලීමක් නොව, මහජන පීඩනයේ කොන්දේසි යටතේ, අපකීර්තිමත් පාර්ලිමේන්තු සංස්ථාපිතයේ එක් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට තවත් කොටසකට කරන ආරාධනයක් විය. වෘත්තීය සමිති සම්මේලන මහා වැඩවර්ජන දෙක කැඳවා පාලනය කළේ ඒවා එක් දින ක්‍රියාමාර්ගවලට සීමා කරමින්, ගාලු මුවදොර පිටියේ ව්‍යාපාරයෙන් ප්‍රවේශමෙන් හුදකලා කරමින්, සහ කිසිදු අවස්ථාවක මූලික ධනේශ්වර පිළිවෙළට අභියෝග කළ හැකි ඉල්ලීම්–එනම්, IMF ණය ප්‍රතික්ෂේප කිරීම, කම්කරුවන්ගේ පාලනය යටතේ ආර්ථිකයේ  මෙහෙයුම්කාරක මුදුන් ජනසතු කිරීම හෝ කම්කරු පන්ති බලයේ ස්වාධීන අවයව පිහිටුවීම–ඉදිරිපත් නොකරමිනි. ගාලු මුවදොර පිටියේ සංකේන්ද්‍රණය වූ මධ්‍යම පන්තික විරෝධතා බලවේග, ඔවුන්ගේ පැත්තෙන්, වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරය සහ කහ කබාකරුවන් විසින් සංලක්ෂිත කළ, “දේශපාලනය එපා, නායකත්වයක් නැත” යන රාමුව ශ්‍රී ලංකාවේ තත්වයන් තුළ ප්‍රතිනිෂ්පාදනය කළ අතර, ධනේශ්වර රාජ්‍යයට සහ ව්‍යසනය ඇති කළ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට වඩා රාජපක්ෂවරුන් වෙත මහජන කෝපය යොමු කළහ. මෙම කාල පරිච්ඡේදය පුරාම ජාත්‍යන්තර කමිටුව  නිවැරදිව අනතුරු ඇඟවීය: කම්කරු පන්තියේ විමුක්තිය අත්කර ගැනීම කම්කරුවන්ගේම කර්තව්‍යය වන අතර, අති දැවැන්ත සමාජ ගැටලුවලට පවතින සමාජ පර්යාය තුළ  විසඳුමක් නොමැත.

මෙම ඒකාබද්ධ පාවාදීමේ දේශපාලන ප්‍රතිවිපාක, ICFI විශ්ලේෂණය කලින් අනතුරු අඟවා නිශ්චිතව හඳුනාගෙන තිබූ නොවැළැක්විය හැකි තර්කනයකින් දිග හැරුණි. ව්‍යාජ වම්මුන් සහ වෘත්තීය සමිති නිලධරය විසින් ඉදිරිපත් කරන ලද “අන්තර්කාලීන  ආණ්ඩුවේ” රාමුව තුළ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර බලමුලු හරණය කිරීමත් සමඟ, පාලක පන්තිය වෙනුවෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට නිදහස ලැබුණි. හය වතාවක් අගමැති ධුරය දැරූ, මූල්‍ය ප්‍රාග්ධනයේ සහ කොම්ප්‍රදෝරු ධනේශ්වරයේ ඓන්ද්‍රීය නියෝජිතයා සහ, ජනාධිපති ධුරය සඳහා එක ඡන්ද කොට්ඨාශයකින්වත් අනුමත නොකළ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 20 වන දින පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් කරන ලදී. ඔහුගේ වරම පැහැදිලි වූ අතර එය අපගමනයකින් තොරව ක්‍රියාත්මක කර ඇත: එනම්, IMF හි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ධනේශ්වර පිළිවෙළ යථා තත්ත්වයට පත් කිරීම සහ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය මර්දනය කිරීමයි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත වැඩ වර්ජනය කරන කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විය. IMF කොන්දේසි වන පෞද්ගලීකරණය, ප්‍රතිගාමී බදුකරණය, රාජ්‍ය සේවාවන් කපා හැරීම ක්‍රියාත්මක කරන ලද්දේ කම්කරු අයිතිවාසිකම් ක්‍රමානුකූලව මර්දනය කිරීමේ කොන්දේසි යටතේ ය. ගාලු මුවදොර කඳවුරට පහරදීම, විරෝධතා අපරාධකරණය කිරීම සහ නැගිටීමට නායකත්වය දුන් ක්‍රියාකාරීන්ට ක්‍රමානුකූලව හිංසා කිරීම අනුපිළිවෙලින් අනුගමනය කරන ලදී. මහජනයා විප්ලවීය ස්වරූපයෙන් අත්කර ගත් දෙය–රාජ්‍ය නායකයෙකු ඉවත් කිරීම–ව්‍යාජ-වාම පාවාදීමේ යාන්ත්‍රණය හරහා එහි නිශ්චිත ප්‍රතිවිරුද්ධය බවට පරිවර්තනය විය: එනම්, නැගිටීම මගින් පෙරලා දැමීමට උත්සාහ කළ එම IMF වැඩසටහනේම වඩාත් විනයගරුක සහ වඩාත් අනුකම්පා විරහිත බලාත්මක කරන්නෙකු ස්ථාපනය කිරීම යි. “තීරණාත්මක කාරණය දේශපාලන නායකත්වය පිළිබඳ කාරණයයි” යන්නට සහ අරගලවල ස්වයංසිද්ධතාවයට (spontaneity) පමණක්–ඒවා කොතරම් සටන්කාමී වුවත්–මහජන විප්ලවවාදී ශක්තිය පාලනය කිරීමට සහ හරවා යැවීමට හැකි ධනේශ්වරයේ සහ එහි ව්‍යාජ-වාම සහායකයන්ගේ සංවිධානාත්මක දේශපාලන ධාරිතාව ජයගත නොහැකි බවට ජාත්‍යන්තර කමිටුව කළ තක්සේරුව අරගලය තහවුරු කළේය.

2022 ජූලි 09 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සටන් පාඨ කියන ශ්‍රී ලංකාවේ “අරගලය” මහජන නැගිටීමේ විරෝධතාකරුවන්.

ශ්‍රී ලාංකික අත්දැකීම මෙම රචනාව පුරා විශ්ලේෂණය කරන ලද ජෙන්-Z නැගිටීම් වල ගෝලීය රටාව සුවිශේෂ පැහැදිලිකමකින් ආලෝකමත් කරන අතර, එය සුසමාදර්ශී (paradigmatic) අවස්ථාව ලෙස පිළිගැනීමට සුදුසුය–එනම්, WSWS විසින් ස්ථාපිත කරන ලද පරිදි, බංග්ලාදේශය, කෙන්යාව, පිලිපීනය සහ වෙනත් තැන්වල පසුව ඇති වූ නැගිටීම් ගලා ආ අච්චුවයි. ගෝලීය රටාවේ සෑම අත්‍යවශ්‍ය අංගයක්ම සංකේන්ද්‍රිත ස්වරූපයෙන් එහි පවතී: IMF ණය වහල්භාවයේ සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය විසින් ඇති කරන ලද වෛෂයික අර්බුදය; සමාජ හා වාර්ගික බෙදීම් හරහා තරුණයින් සහ කම්කරුවන්ගේ පුපුරන සුලු මැදිහත්වීම; අර්බුදය විසඳීමට හැකියාව ඇති සමාජ බලවේගය ලෙස කම්කරු පන්තිය හෙළිදරව් කිරීමේදී මහා වැඩ වර්ජන දෙකෙහි තීරණාත්මක කාර්යභාරය; මහජන ව්‍යාපාරය ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන “අන්තර්කාලීන ආණ්ඩුවක” රාමුවකට යොමු කිරීම සඳහා ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති නිලධාරිවාදී බලවේගවල ක්‍රමානුකූල මැදිහත්වීම; ධනේශ්වර දේපළ සබඳතාවලට අභියෝග කළ හැකි ඉල්ලීම් හිතාමතාම මර්දනය කිරීම; සහ නැගිටීම විසින් ප්‍රතික්ෂේප කළ එම IMF වැඩසටහනම ක්‍රියාත්මක කිරීම මූලික කාර්යය කරගත්  නව ආණ්ඩුවක් ස්ථාපනය කිරීම. ව්‍යාජ වාම සහ ලිබරල් විවරණ මගින් ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංසිද්ධතාවය ලෙස සමරනු ලබන ගෝල්ෆේස් ව්‍යාපාරයේ “නායකත්වයක් නොමැති” සහ “දේශපාලනයක් නොමැති” ස්වභාවය, ටුෆෙක්සි, ගර්බෝඩෝ සහ මූෆ් ශාස්ත්‍රීය ලේඛනවල ඉටු කරන දෘෂ්ටිවාදාත්මක කාර්යයම ශ්‍රී ලංකාව තුළ ඉටු කළේය: එය මහජනතාවගේ සැබෑ විප්ලවවාදී ආවේගය සහ එය එහි අවශ්‍ය අවසානයට ගෙන යා හැකි එකම වැඩ පිළිවෙළ පිළිබඳ රාමුව–නොනවතින විප්ලවය, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන බලමුලු ගැන්වීම, ICFI ගොඩනැගීම–අතර සම්බන්ධතාවය බිඳ දැමීය. 

එබැවින්, අරගලය විසින් මතු කරන ලද ප්‍රශ්නය–නයිරෝබි සිට ඩකා දක්වා, කොළඹ සිට මැනිලා දක්වා සෑම ජෙන්-Z නැගිටීමක් විසින්ම සමාන හදිසිතාවයකින් මතු කරන ලද ප්‍රශ්නය–ජනතාවට විප්ලවවාදී ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබේද යන්න නොවේ. 2022 අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන දෙක සහ ජූලි 9 වන දින ජනාධිපති මන්ධිරයට කඩා වැදීම, එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේය. ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය සතුව දේශපාලන මෙවලම–එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස සංවිධානය වූ සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන, නොනවතින විප්ලව න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය–තිබෙන්නේ ද යන්නයි. එය නොමැතිව ජනතාවගේ වෛෂයික විප්ලවවාදී ධාරිතාව ව්‍යාජ-වාම පාවාදීමේ මැදිහත්වීම හරහා ක්‍රමානුකූලව එහි ප්‍රතිවිරුද්ධය බවට, එනම් ජනතාව පෙරලා දැමීමට උත්සාහ කළ ධනේශ්වර පිළිවෙලම තහවුරු කිරීම බවටම, පරිවර්තනය වේ.

පාඩම් සහ මූලෝපායික නිගමන

වෝල් වීදිය වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ පසුගාමී රටවල ජෙන්-Z නැගිටීම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණය අතිශයින්ම වැදගත් මූලෝපායික නිගමන ගෙන දේ.

  1. පාර්ලිමේන්තුවෙන් පිටත කැරැලි ගැසීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය නමුත් මූලික වශයෙන් ප්‍රමාණවත් නොවන කොන්දේසියකි: මහජන අරගල මාලා තුන හරහාම පාලක පන්තිය පෙන්නුම් කර ඇත්තේ, ස්වයංසිද්ධ වීදි බලය සමාජ බලය බවට පරිවර්තනය කිරීමට කම්කරු පන්තියට දේශපාලන උපකරණ නොමැති නම්, වඩාත් දැවැන්ත හා අධිෂ්ඨානශීලී මහජන නැගිටීම් වලට එරෙහිව පවා එයට නොනැසී පැවතිය හැකි බවයි. 
  1. සේවා ස්ථානවල හා අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තීරණාත්මක සංවිධානාත්මක ඉදිරි ගමනයි: එවැනි කමිටුවලට කර්මාන්ත අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකිය, ක්ෂණික ආර්ථික ඉල්ලීම් පුළුල් දේශපාලන අරමුණු සමඟ සම්බන්ධ කළ හැකිය, සහ කම්කරු පන්තිය තම තීරණාත්මක සමාජ උත්තෝලනය (leverage) ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යුහයන් නිර්මාණය කළ හැකිය. ICFI විසින් ගොඩනගන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ජාත්‍යන්තර පරිමාණයෙන් මෙම උපාය මාර්ගයේ සංවිධානාත්මක ප්‍රකාශනය නියෝජනය කරයි.
  1. සියලු ධනේශ්වර පක්ෂ හා කන්ඩායම් වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හෙට්ටු කළ නොහැක: මෙහි තේරුම විවෘතව ධනේශ්වර ගැති පක්ෂ ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, මහජන අතෘප්තිය නැවත ධනේශ්වර කළමනාකරණය වෙත තල්ලු කරන ව්‍යාජ-වාම සංවිධාන දේශපාලනිකව නිරාවරණය කිරීම සහ පරාජය කිරීමයි.
  1. අරගලය ජාත්‍යන්තරීකරණය කිරීම අතිරේක අභිලාෂයක් නොව මූලෝපායික අවශ්‍යතාවයකි: ජෙන්-Z රැල්ල තුළ රටවල් ගණනාවක් හරහා මහජන කැරැල්ල එකවර පුපුරා යාම මෙන්ම එම රටවල් පුරා එහි පාවාදීමේ පොදු යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්නේ අර්බුදය ගෝලීය බවත් කම්කරු පන්තියේ ප්‍රතිචාරය එලෙසම ගෝලීය විය යුතු බවත්ය. ජාතික පාලක පන්තිවලට කැරලි හුදකලා කිරීමට ඇති හැකියාව බිඳ දැමීම සඳහා විවිධ රටවල ධනවාදයේ ආර්ථික හා දේශපාලන මර්මස්ථාන වලට එකවර පහර දීම සඳහා වැඩ වර්ජන ක්‍රියාමාර්ග සහ ආරක්ෂක පියවර සැලසුම් කළ යුතුය. ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස සංවිධානය වූ අව්‍යාජ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම, ජාතික පිපිරීම් ධනේශ්වර පාලනයට ගෝලීය අභියෝගයක් බවට පරිවර්තනය කිරීමේ පූර්ව කොන්දේසියයි.
  1. කම්කරු පන්තිය තුළ සහ විප්ලවවාදී තරුණයින් අතර සමාජවාදී විඥානය සඳහා අරගලය විප්ලවවාදී සාර්ථකත්වය සඳහා පූර්ව කොන්දේසියයි: ලෙනින් අවධාරනය කළ පරිදි සහ සියවසක් පුරා විප්ලවවාදී අත්දැකීම් සනාථ කර ඇති පරිදි, කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ දේශපාලන නායකත්වයක් නොමැතිකම නොව, දේශපාලන නායකත්වයේ ඉහළම ගුණාත්මකභාවයක්, එනම්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කොටස් ලෙස සංවිධානය වූ, නොනවතින විප්ලවයේ වැඩ පිළිවෙළින් සන්නද්ධ වූ විනයගරුක විප්ලවවාදී පක්ෂ ය. “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය මහජන ව්‍යාපාර නායකත්වයෙන් නිදහස් නොකරන අතර එය කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සතුරු වන බලවේගයන්ගේ ග්‍රහනයට ඒවා  නතු කර දමයි.

වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ ජෙන්-Z රැල්ල හරහා දිවෙන පොදු හුය පට වන්නේ වෛෂයික පන්ති අතෘප්තිය ගැඹුරු වීම සහ පාලක පන්තියට මර්දනය හෝ සංකේතාත්මක ප්‍රතිසංස්කරණ මගින් වසා දැමිය නොහැකි දේශපාලන අවකාශයන් නැවත නැවතත් විවෘත වීමයි. තීරණාත්මක ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙම පුනරාවර්තන කැරැල්ල ස්වාධීන කම්කරු පන්ති නායකත්වය යටතේ සංවිධානාත්මක, සවිඥානික සමාජවාදී අරගලයක් බවට පරිවර්තනය කිරීමයි. එම කාර්යය, එනම් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම, අපගේ කාලයේ වඩාත්ම හදිසි දේශපාලන වගකීමයි.

සමාප්තයි.

යොමුව: 

[17] World Socialist Web Site, ‘What way forward in the struggle to bring down Macron?’ (5 April 2023) <https://www.wsws.org/en/articles/2023/04/06/pers-a06.html>   

[18] Lenin VI, What Is to Be Done? Burning Questions of Our Movement (1902) <https://www.marxists.org/archive/lenin/works/1901/witbd/

[19] World Socialist Web Site, ‘The capitulation of Syriza and the lessons for the working class’ (23 February 2015) <https://www.wsws.org/en/articles/2015/02/23/pers-f23.html>   

[20] World Socialist Web Site, ‘Podemos enters Spanish government: (8 January 2020) “On Tuesday, the Spanish Socialist Party (PSOE) of Prime Minister Pedro Sanchez officially formed a coalition government with the pseudo-left Podemos party, the Spanish ally of Greece’s pro-austerity Syriza (“Coalition of the Radical Left”).” <https://www.wsws.org/en/articles/2020/01/08/pode-j08.html

[21] World Socialist Web Site, ‘How Syriza’s betrayals strengthened the extreme political right in Greece’ (27 June 2023) <https://www.wsws.org/en/articles/2023/06/27/etlb-j27.html> ; International Committee of the Fourth International, ‘The Political Lessons of Syriza’s Betrayal in Greece’ (13 November 2015) <https://www.wsws.org/en/articles/2015/11/13/icfi-n13.html>  

[22] Trotsky L, The Transitional Programme: The Death Agony of Capitalism and the Tasks of the Fourth International (1938) <https://www.marxists.org/archive/trotsky/1938/tp/> ; International Committee of the Fourth International, The Historical and International Foundations of the Socialist Equality Party  (Mehring Books 2008) <https://www.wsws.org/en/special/library/foundations-us/00.html

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 4 කොටස Read More »

Cuba

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි

ඇන්ඩ්‍රියා ලොබෝ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 පෙබරවාරි 26 වන දින ‘Cuba repels armed provocation as US tries to starve island into submissionයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලොබෝ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Cuba
කියුබානු දේශසීමා මුර සංචාර නෞකාව [ඡායාරූපය: කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය]

බදාදා කියුබාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ සන්නද්ධ ගැටුමකදී, කියුබානු දේශසීමා ආරක්ෂකයින් විසින් ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සමග දැඩි ලෙස සන්නද්ධ වූ කියුබාවෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින්ගෙන් පිරුණු ඇමරිකානු ධජය සහිත වේග බෝට්ටුවක් පලවා හැර තිබේ. එමගින්, මෙම දිවයින යටත් කර ගැනීම සඳහා සාගින්නෙන් පෙළීමේ වොෂින්ටනයේ ව්‍යාපාරය ඊටත් වඩා භයානක හා ප්‍රකෝපකාරී අවධියකට පිවිසෙමින් පවතින බවට වූ බරපතල අනතුරු ඇඟවීමක් කරයි. 

කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ෆ්ලොරිඩාවේ ලියාපදිංචි කර ඇති යාත්‍රාවක් වන FL7726SH හඳුනා ගැනීම සඳහා මුර සංචාර බෝට්ටුවක් ඒ වෙත ගමන් කර ඇත. එම යාත්‍රාව විලා ක්ලාරා පළාතේ වෙරළට නාවික සැතපුමක් පමණ දුරින්—කිසිදු පිළිගත හැකි “නාවික දෝෂයක්” නොමැතිව—ක්‍රියාත්මක විය. එම යාත්‍රාවේ සිටි අය වෙඩි තබා කියුබානු අණ දෙන නිලධාරියාට තුවාල සිදු කර ඇත. ආරක්ෂකයින් ආපසු වෙඩි තැබූ අතර, පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදු විය.

බලධාරීන් වාර්තා කළේ ප්‍රහාරක රයිෆල්, පිස්තෝල, මොලොටොව් කොක්ටේල් සහ අනෙකුත් අතින් සාදන ලද පුපුරණ ද්‍රව්‍ය, බැලස්ටික් කබා, දුරේක්ෂ දර්ශන සහ කැලෑ සටන් නිල ඇඳුම් ආදී “ත්‍රස්තවාදී අරමුණු සහිතව ආක්‍රමණය කිරීමේ” උත්සාහයකට අනුකූල උපකරණ අල්ලා ගත් බවයි.

මේ දක්වා හඳුනාගෙන ඇති බොහෝ දෙනා එක්සත් ජනපදයේ පදිංචි කියුබානු ජාතිකයන් වේ. සමහරු දැනටමත් කියුබාවේ අතීත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ජාතික ලැයිස්තුවේ සිටිති. ධවල මන්දිර මූලාශ්‍රයක් උපුටා දක්වන CBS ප්‍රවෘත්ති වලට අනුව, මියගිය අයගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකු ලෙස ද හඳුනාගෙන ඇත. මෙම බෝට්ටුව සොරකම් කළ එකක්  බව වාර්තා වී ඇත. රඳවාගෙන සිටින හත්වන සැකකරු කියුබාව තුළ ප්‍රහාර එල්ල කිරීමට, සන්නද්ධ කණ්ඩායමට පූර්ව සූදානමක් ඇති කිරීම සඳහා තමන් එක්සත් ජනපදයෙන් එවන ලද බව පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.

වොෂින්ටනය ඉදිරිපත් කරනු ලබන කිසිදු උපාමාරුවකට මෙම මෙහෙයුමේ මූලික ස්වභාවය වෙනස් කළ නොහැකිය. එය 1960 ගණන්වල සිට CIA සහ අනෙකුත් ආයතන විසින් වගා කර අරමුදල් සපයන ලද කියුබානු පිටුවහල් ත්‍රස්තවාදීන්ගේ සහ එක්සත් ජනපදය පදනම් කරගත් පැරාමිලිටරි කණ්ඩායම්වල දශක ගණනාවක් පැරණි ජාලයන්ගේ නිෂ්පාදනයකි. ට්‍රම්ප් පරිපාලනය කියුබාවේ ආර්ථිකයේ ගෙල සිර කිරීමට, එක්සත් ජනපදය සඳහා දිවයින “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ දණ්ඩනීය තීරුබදු වලින් තෙල් අලෙවි කරන ඕනෑම රටකට තර්ජනය කිරීමට විවෘතව පියවර ගෙන ඇති තත්වයන් යටතේ මෙම ජාල දැන් සක්‍රීය වෙමින් පවතී.

ධවල මන්දිරය මෙම විශේෂිත මෙහෙයුමට සෘජුවම නියෝග කළත් නැතත්, ප්‍රහාරකයන්ගේ ඥාතීන් සහ මිතුරන් යුනිවිෂන් මාධ්‍යවේදී ජේවියර් ඩියාස්ට පුරසාරම් දෙඩූ පරිදි, දකුණු ෆ්ලොරිඩාවේ ගොවිපලක පුහුණුව ලත් ටික්ටොක් හරහා සාමාජිකයින් බඳවා ගත් දැඩි ලෙස සන්නද්ධ වූ මෙම කල්ලිය, ෆ්ලොරිඩාවේ සිට දියත් කර කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූයේ එක්සත් ජනපද බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානයට ලක් නොවී බව සිතාගත නොහැකිය. අවම වශයෙන්, මෙම ප්‍රකෝප කිරීම සඳහා එක්සත් ජනපද බලධාරීන්ගෙන් කොළ එළියක් ලැබුණි.

ඇමරිකානු නිලධාරීන්ගේ කුහකකම මවිතකරවන සුළුය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමට සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිරය දැඩි කිරීමට මාස ගණනක් තිස්සේ සහාය දුන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, නිගමනවලට එළඹීමට පෙර “අපට අපගේම තොරතුරු ලැබෙනු ඇත” යනුවෙන් දැන් ප්‍රකාශ කරයි.

ෆ්ලොරිඩාවේ නීතිපති ජේම්ස් උත්මියර්, සිය කෝපය පල කරමින් “ඔබට කියුබානු රජය විශ්වාස කළ නොහැකි” බව පවසන අතර  ඊට “මෙම කොමියුනිස්ට්වාදීන් වගකිව යුතු බවට” පත් කරන බවට සපථ කරයි. සෙනෙට් සභික රික් ස්කොට් “කොමියුනිස්ට් කියුබානු පාලනය වගවීමට ලක් කළ යුතු” බව කියා සිටියේය.

ආක්‍රමණිකයන් වින්දිතයින් ලෙස ඉදිරිපත් කර ඇති අතර, සන්නද්ධ ප්‍රහාරයක් වළක්වා ගන්නා අය සැබෑ අපරාධකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු මුහුදු සීමාවට ඇතුළු වන, දැඩි ලෙස සන්නද්ධ විදේශීය තුවක්කුකරුවන්ගේ බෝට්ටුවකට එක්සත් ජනපද ජාතික ආරක්ෂක සංවිධානයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි සැකයක් තිබේද?

“විවෘත මුහුදේ එවැනි වෙඩි හුවමාරු දැකීම අතිශයින් අසාමාන්‍ය දෙයක්” යැයි ප්‍රකාශ කිරීමට රුබියෝට හයියක් තිබුණි. මෙය කැරිබියන් සහ පැසිෆික් කලාපයේ–පූර්ව සැලසුම් කළ මිනීමැරීම් ගණයේ ක්‍රියාවන් වන–ධීවර බෝට්ටුවලට බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 151 දෙනෙකු ඝාතනය වීම ගැන විවෘතව උදම් අනන රජයකින් ලැබුණු ප්‍රකාශයකි. 

1898 දී ස්පාඤ්ඤ යටත් විජිත අත්පත් කර ගැනීම සඳහා යුද්ධය සාධාරණීකරණය කර ගැනීමට, හවානාහි දී යූඑස්එස් මේන් (USS Maine) නෞකාව ගිල්වා දැමීම දඩමීමා කරගත් සහ 1961 දී CIA විසින් සන්නද්ධ කළ කියුබානු පිටුවහල්කරුවන්ගේ බේ ඔෆ් පිග්ස් (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කළ එම පාලක පන්තියම, දැන් තම දිගු කාලීන ආධිපත්‍යය සඳහා වන අරමුණ සුරක්ෂිත කර ගැනීම සඳහා කැරිබියන් දූපත් වල නව ප්‍රකෝප කිරීම් සඳහා අඩිතාලම දමමින් සිටී.

සිද්ධිය වුනු කාලය එහි දේශපාලන අරමුණ අවධාරණය කරයි. එය සිදු වූයේ රූබියෝ කැරිබියානු ප්‍රජා (Caricom) සමුළුවක් සඳහා, ශාන්ත කිට්ස් සහ නෙවිස් හි අගනුවර වන බැසෙටෙරේ වෙත ගමන් කරන අතරතුර ය. එහිදී මදුරෝ පැහැර ගැනීම සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිර කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය විවේචනයට ලක් විය. කැරිබියානු රජයන්ට වෙනිසියුලාව සහ කියුබාව යන දෙකම සමඟ දිගුකාලීන වෙළඳ හා දේශපාලන සබඳතා ඇත.

කියුබාවේ පුහුණුව ලත් වෛද්‍යවරයෙකු වන ශාන්ත කිට්ස් සහ නෙවිස් අගමැති ටෙරන්ස් ඩෲ, “අස්ථාවර වූ කියුබාවක් අප සියල්ලන්ම අස්ථාවර කරනු ඇත” යනුවෙන් සෘජුවම අනතුරු ඇඟවීය. එක්සත් ජනපදයෙන් නෙරපා හරින ලද තුන්වන රටවලින් පිටුවහල් කරන ලද අය පිළිගැනීම, කියුබානු වෛද්‍ය දූත මෙහෙවර කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම, චීනය සමඟ සබඳතා ලිහිල් කිරීම සහ මුහුදු මට්ටම ඉහළ යාම සහ කුණාටු ඔවුන්ගේ දූපත් විනාශ කරන තත්වයේදී පවා දේශගුණික විපර්යාස පිළිබඳ සීමිත කැපවීම් පවා ට්‍රම්ප් විසින් ඉරා දමා ඇති බව පිළිගැනීම සඳහා කරන ලද ඇමරිකානු ඉල්ලීම් සම්බන්ධයෙන් කැරිබියානු  නායකයින් දුක්ගැනවිලි මතු කළහ.

මෙම අතෘප්තියට මුහුණ දුන් රුබියෝ වෙනිසියුලාව සම්බන්ධයෙන් ආරක්ෂක ස්වරයක් අනුගමනය කළේය. ඔහු පැවසුවේ, “අපගේ මෙහෙයුම් සහ වෙනිසියුලාව කෙරෙහි අපගේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබගෙන් සමහරෙකුට තනි තනිව හැඟුණු ආකාරය නොසලකා,වෙනිසියුලාව සති අටකට පෙර තිබූ තත්වයට වඩා අද වඩා හොඳ තත්වයක පවතී”, යන්නයි. කලාපීය බලශක්තිය සඳහා කැරකස් “අසාමාන්‍ය හවුල්කරුවෙකු” වීමේ අපේක්ෂාව ඔහු ඉස්මතු කළේය. 

ඒ සමඟම, වෙනිසියුලානු ඉන්ධන ඇතුළු සීමිත ගෑස් සහ අනෙකුත් තෙල් නිෂ්පාදන  පුද්ගලික කියුබානු ආයතන සහ පුද්ගලයින් හට අපනයනය කිරීමට ඉඩ දී, ඉන් කියුබානු රාජ්‍යය පැහැදිලිවම බැහැර කිරීමෙන්, “කියුබානු ජනතාවට සහාය දෙන” බව එක්සත් ජනපද භාණ්ඩාගාරය ව්‍යාජ ලෙස නිවේදනය කළේය.

මෙක්සිකෝවේ ලා ජෝර්නාඩා පුවත්පත  මෙම සීමාවන් “ප්‍රායෝගිකව, නැව්ගත කිරීම් සම්බන්ධීකරණය කිරීමට සහ ලබා ගැනීමට හැකියාව ඇති ඕනෑම කියුබානු ආයතනයක් බැහැර කරයි.” යනුවෙන් සඳහන් කරයි. එක්සත් ජනපද කියුබානු විශේෂඥ විලියම් ලියෝග්‍රැන්ඩේ වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, කෙසේ වෙතත්, පෞද්ගලික ක්‍රියාකාරීන් “මානුෂීය අර්බුදයේ සැලකිය යුතු වෙනසක් කිරීමට” ප්‍රමාණවත් තෙල් ආනයනය නොකරන බවයි.

සැබෑ අරමුණ පැහැදිලිය: එනම්, පාලන තන්ත්‍ර වෙනසක් (regime change) සඳහා වොෂින්ටනයේ ප්‍රියතම සමාජ පදනම ලෙස ධනපතියන් සහ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින් ස්ථරයක් තවදුරටත් වගා කරන අතරතුර පුළුල් ජනගහනය කුසගින්නේ තබා බිය ගැන්වීමයි. එය මොන්රෝ මූලධර්මය (Monroe Doctrine) යටතේ පොතට අනුව කරන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකි. අද ප්‍රායෝගිකව “ට්‍රම්ප් මූලධර්මය” ලෙස විවෘතව මෙය කැඳවනු ලැබේ.

වොෂින්ටනය මෙහිදී සාර්ථක වුවහොත් එයින් අදහස් වන්නේ ඇමරිකානු සංගත සහ බැංකු විසින් පාලනය කරනු ලබන වඩාත් ආන්තික අසමානතාවය සහ ලාභ ශ්‍රම කලාප මත ආධිපත්‍යය දරන කොම්ප්‍රදෝරු ප්‍රභූවක් බලයට පත් කිරීමයි.  කුප්‍රකට ප්ලැට් සංශෝධනය (Platt Amendment—1901) යටතේ කියුබාවට පනවන ලද යටත් විජිත තත්වයට නැවත ගෙන එනු ඇති මෙම මෙහෙයුම, ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සියල්ල මත තම අසීමිත ආධිපත්‍යය පැටවීමට සහ චීනය, ඉරානය, රුසියාව සහ අනෙකුත් ප්‍රතිවාදීන්ට එරෙහිව ලෝක යුද්ධයට සූදානම් වීමට ඇති පුළුල් එක්සත් ජනපද තල්ලුවේ කොටසකි.

1959 සිට, කියුබාව CIA අනුග්‍රහය ලත් ගණන් නැති මෙහෙයුම්වල ඉලක්කයක් වී ඇත: බෝම්බ හෙලීම්, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහිව ඝාතන උත්සාහයන්, ආර්ථික කඩාකප්පල් කිරීම්, පිටුවහල් ත්‍රස්ත කණ්ඩායම්වලට ආයුධ සැපයීම සහ අරමුදල් සැපයීම සහ Bay of Pigs ආක්‍රමණය ආදියයි ඒ. 

බදාදා මරා දැමූ සහ අල්ලා ගන්නා ලද මිනිසුන් මෙම ඉතිහාසයට හරියටම ගැලපේ: ඔවුහු කියුබානු රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධයක් දැරීම පිළිබඳ ප්‍රචලිත වාර්තා සහිත එක්සත් ජනපදයේ දිගු කාලීන පදිංචිකරුවන් වන අතර එක්සත් ජනපද භූමියේ පුහුණුව ලබා, පැරාමිලිටරි ක්‍රියාමාර්ග හරහා දිවයින “නිදහස් කිරීමේ” නාමයෙන් විවෘතව (මෙම අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා) සංවිධානය වී ඇත.

කියුබානු ජනතාව වොෂින්ටනය විසින් සැලසුම් කරන ලද පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටියදී මෙම ත්‍රස්තවාදී ප්‍රකෝප කිරීම දිග හැරුණි. ට්‍රම්ප්ගේ ජනවාරි 29 වන දින නියෝගය මගින් දිවයිනට ලැබෙන සියලුම බලශක්ති සැපයුම් නැවැත්වීම සඳහා එක්සත් ජනපද අවහිරයක් (US blockade), එනම් යුද ක්‍රියාවක් පනවා ඇත.

ඉන්ධන හිඟය නිසා බොහෝ ප්‍රදේශවලට පැය 20-30 ක විදුලි බිඳවැටීම් ඇති වී ඇති අතර, පොදු ප්‍රවාහන හා ආහාර බෙදා හැරීම අඩාල වී ඇත.  ශීතකරණ හා ජල පද්ධති කඩා වැටී ඇත. ඖෂධ හිඟය, මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතින අතර දරුවෝ කුසගින්නේ නින්දට යති. මෙය කියුබාවේ ඉතිරි මිලියන 8 ක ජනතාවක් කුසගින්නේ තැබීමෙන්, එක්සත් ජනපදය විසින් නියම කරන ලද දේශපාලන සමථයක් පිළිගැනීමට සැලසුම් කළ උත්සාහයකි.

මෙම ව්‍යසනය සඳහා මූලික වගකීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පැවරෙන බව පැහැදිලිවම කිව යුතුය. නමුත් කියුබානු පාලන තන්ත්‍රය සමාජවාදය හෝ ධනවාදයට විකල්පයක් නියෝජනය කරන බව එයින් අදහස් නොවේ. 1959 කියුබානු විප්ලවයේ ආරම්භයේ සිටම, ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකානු ධනවාදය සමඟ සහයෝගීතාවයක් සෙවූ ධනේශ්වර ජාතිකවාදියෙකි. බලයට පත්වී මාස හතරකට පසු ඔහු මෙසේ ප්‍රකාශ කළේය:

අපි කොමියුනිස්ට්වාදීන් නොවන බව මම පැහැදිලිව සහ නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තෙමි. කියුබාවේ කර්මාන්ත සංවර්ධනයට දායක වන පෞද්ගලික ආයෝජන සඳහා දොරටු විවෘතව පවතී. එක්සත් ජනපදය සමඟ අවබෝධයකට එළඹෙන්නේ නැත්නම් අපට ප්‍රගතියක් ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැක්කකි.”

වොෂින්ටනය සීමිත ප්‍රතිසංස්කරණ පවා ප්‍රතික්ෂේප කළ විට පමණක්, කැස්ත්‍රෝ ජනසතු කිරීම් වෙත යොමු වී මොස්කව් ස්ටැලින්වාදී නිලධරයෙන් වෙත යොමුවී ආධාර පැතූ අතර, ඒ කියුබාව ක්‍රෙම්ලිනයේ විදේශ ප්‍රතිපත්තියට ගැටගැසීමට සහ දිවයිනේ ස්වාධීන කම්කරු පන්ති දේශපාලනය මර්දනය කිරීමට හිලව් වශයෙනි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, කියුබානු නායකත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ රට විදේශ ප්‍රාග්ධනයට වඩ වඩාත් පුළුල් ලෙස විවෘත කිරීමෙනි. 

ඇමරිකානු සම්බාධක මගින් නිර්මාණය කරන ලද දරුණු අර්බුදය මෙම ප්‍රභූවේ කොටස් විසින් දකින්නේ තර්ජනයක් ලෙස නොව, පූර්ණ පරිමාණයේ “කම්පන චිකිත්සාව” (shock therapy) ක්‍රියාත්මක කිරීමට සහ ඇමරිකානු පිළිවෙළ යටතේ තරඟකාරී හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ වීමට හැකි අවස්ථාවක් ඉදිරියට ගැනීමක් ලෙසය. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියුබාවට එරෙහි සියලු ඇමරිකානු ආක්‍රමණශීලී ක්‍රියාවන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වන අතර, එය මිනීමරු සම්බාධක, ත්‍රස්තවාදී ඇතුළුවීම සහ වර්තමාන සාගත ව්‍යාපාරය දක්වා ක්‍රියා හෙළා දකී. නමුත් අපි එසේ කරන්නේ කියුබානු ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නොව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දෘෂ්ටි කෝණයෙන් ය.

කම්කරුවන්ට සහ තරුණයින්ට එරෙහිව මර්දනය තීව්‍ර කිරීම සඳහා මෙම ප්‍රකෝප කිරීම ගසාකෑමට හවානා පාලන තන්ත්‍රය දරන ඕනෑම උත්සාහයකට ද විරුද්ධ විය යුතුය. අධිරාජ්‍යවාදයට එරෙහිව කියුබාව ආරක්ෂා කිරීම, ධනේශ්වර සූරාකෑමට එරෙහිව සටන් කිරීම සහ කැස්ත්‍රෝවාදී බලධාරීන්ගෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙන් කළ නොහැකි කාර්යයන් වේ.

ඉදිරි මාවත පවතින්නේ කියුබාවේ කම්කරුවන්ගේ අරගල එක්සත් ජනපදය, කැරිබියන් සහ ලොව පුරා අරගල සමඟ ඒකාබද්ධ කිරීමෙනි. WSWS විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, කියුබානු කම්කරුවෙක් හා මටන්සාස් හි තනි මවක් කුසගින්න සහ බිය මධ්‍යයේ ගෙවන ජීවිතය විස්තර කළ අතර සම්බාධකවලට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස ඇමරිකානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

එම ඉදිරිදර්ශනය සවිඥානික වැඩසටහනක් බවට පත් කළ යුතුය: එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව නැව් තටාක සේවකයින්, ප්‍රවාහන සේවකයින්, තෙල් සේවකයින් සහ අනෙකුත් අයට නිෂ්පාදන හා බෙදාහැරීමේ ලීවරයන්හි ඔවුන්ගේ ස්ථානය භාවිතා කර වටලෑම (siege) බිඳ දැමිය හැකිය; එමගින් සම්බාධක ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ ඉන්ධන, ආහාර සහ ඖෂධ නැව්ගත කිරීම් සංවිධානය කළ හැකිය.

ඒ සමඟම, ජනාධිපතිවරුන් පැහැරගෙන යන, ධීවරයින්ට බෝම්බ හෙලන සහ විදේශයන්හි මිලියන ගණනක් කුසගින්නේ තබන පාලන තන්ත්‍රය, තමන්ගේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව රට තුළ යුද්ධ කරන පාලන තන්ත්‍රයම බව ඇමරිකානු කම්කරුවන් හඳුනාගත යුතුය. යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි සටන, එක්සත් ජනපදය තුළම සමාජ අසමානතාවය, යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකිය.

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි Read More »

Drone attack

Weekly Political Report — Week Ending 21 March 2026

This political report for the week of March 15-21, 2026, is compiled by thesocialist.lk based on coverage from the World Socialist Web Site (WSWS).

I. Imperialism and War: The Escalating Offensive Against Iran and the Middle East

The dominant political fact of the week was the accelerating US-Israeli war against Iran and the wider Middle East, now crossing into qualitatively new and more dangerous territory. The Trump administration formally requested over $200 billion in supplemental war funding from Congress — a figure that exceeds the peak annual cost of the Iraq war and dwarfs the entire US expenditure on arming Ukraine over three years. Defence Secretary Hegseth confirmed the figure could “move” upward. This astronomical request, on top of the existing $839 billion defence budget, is not a contingency measure but a preparation: the administration is actively deliberating ground-invasion scenarios, including the seizure of Kharg Island — the hub for 90 percent of Iran’s oil exports — and the securing of Iran’s enriched uranium stockpiles.[1]

Drone attack
Fire and plumes of smoke rises after a drone struck a fuel tank forcing the temporary suspension of flights. near Dubai International Airport, in United Arab Emirates, early Monday, March 16, 2026. [AP Photo/AP Photo]

The USS Tripoli,  carrying approximately 2,200 Marines of the 31st Marine Expeditionary Unit, was confirmed steaming through the Strait of Malacca toward the Persian Gulf. Republican senators and congressmen openly called for the seizure of Kharg Island, with Senator Lindsey Graham posting: “He who controls Kharg Island, controls the destiny of this war.” US intelligence official Joe Kent resigned his post at the National Counterterrorism Center, declaring he could not “in good conscience support the ongoing war in Iran” and stating that Iran had posed no imminent threat — a rare fissure within the ruling apparatus that nonetheless does not alter imperialism’s strategic drive.[2]

The war has already produced mass civilian casualties and cultural devastation in Iran. US-Israeli air strikes struck museums, historical sites and cultural infrastructure alongside residential areas, with Iran’s Red Crescent reporting at least 47,000 residential units destroyed. The bombing of Iran’s cultural heritage is not incidental but structural: a deliberate strategy to break social cohesion and erase national memory in order to facilitate imperial domination.

Israel’s ground invasion of Lebanon opened a new and bloody front in this expanding war. Israel moved from intensive air and artillery strikes to a large-scale ground operation across southern Lebanon, with plans — confirmed by Axios — to seize the entire area south of the Litani River. Senior Israeli officials stated openly: “We are going to do what we did in Gaza.” In Lebanon, over 960 people had been killed and at least 2,400 wounded since Israel launched its assault on 2 March, including at least 110 children. The invasion is not a “border security” action but a planned occupation modelled on the genocidal campaign in Gaza, conducted under the full military and political umbrella of Washington.[3]

European powers moved to deepen their complicity. EU governments circulated conditions for participation in operations tied to the Iran war, including “freedom of navigation” missions in the Strait of Hormuz. Iran formally warned the UK that allowing US bombers to use RAF Fairford and other British bases constituted direct participation in aggression. Germany and Canada’s prime ministers attended a massive NATO Arctic exercise explicitly preparing for confrontation with Russia, demonstrating that the drive toward generalised war is not confined to the Middle East.

India’s alignment with the imperialist aggression was also exposed: New Delhi co-sponsored UN language condemning Iran’s defensive responses while refusing to condemn US-Israeli aggression, tightening military and economic ties that reflect India’s own geostrategic ambitions within the imperialist world order.

The WSWS placed the war in its broadest context: military spending on this scale will be paid for through the destruction of social programmes. Within 24 hours of the $200 billion request being confirmed, the Postmaster General warned Congress that the USPS would run out of cash within a year. Trump’s “One Big Beautiful Bill” had already imposed $1 trillion in cuts to Medicaid over a decade, $536 billion to Medicare, and $186 billion to food assistance — the largest cut to food aid in US history. War and social devastation are two arms of a single class offensive.[4]

II. The Rising Class Struggle and the Treachery of the Union Bureaucracy

The week was marked by a powerful upsurge of working-class resistance in the United States and internationally — and by the systematic efforts of trade-union bureaucracies to contain, isolate, and betray these struggles.

The JBS meatpacking strike at Greeley, Colorado entered its third day and remained the focal point of the WSWS’s class-struggle coverage. Approximately 3,800 workers — the overwhelming majority immigrants, speaking over 50 languages — struck the largest beef plant in the US in the largest meatpacking stoppage since the Hormel strike of 1985–86. Workers walked out over poverty wages (starting at $23 an hour), murderous line speeds, dangerous chemical exposures, inadequate PPE, abusive supervision, and housing abuses affecting Haitian workers lured to the plant through TikTok advertisements. As one worker stated: “We cannot continue to be worked like slaves.”[5]

The WSWS documented the central contradiction in the strike: the enormous militant energy of the rank and file, constrained and threatened by the UFCW bureaucracy. UFCW Local 7 had already signalled it would limit the strike to two weeks; the national UFCW had deliberately kept Greeley outside the 2025 national JBS contract to isolate these workers. The company moved immediately to divert cattle to its Cactus, Texas plant, with UFCW Local 540 in Cactus offering no solidarity. The IWA-RFC issued a perspective calling on workers to form independent rank-and-file strike committees, appeal to workers at every JBS facility, and build international solidarity against this Brazilian-owned multinational whose ultimate masters are BlackRock, Vanguard, and the global financial oligarchy.[6]

BP locked out approximately 900 workers at its Whiting, Indiana refinery after workers voted 98.3 percent against the company’s “last, best and final” offer. The proposed contract would have cut hourly wages by $8–$10, eliminated 100 union positions, introduced AI with no job protections, and closed the environmental department. BP moved to operate the refinery with temporary and contract workers — a dangerous provocation in a facility surrounded by residential neighbourhoods on the shore of the world’s largest freshwater body. The WSWS called for national and international solidarity and warned that the USW apparatus would seek to impose concessions.

The UAW bureaucracy’s role as “management’s enforcer” at Columbia University was exposed when Region 9A officials threatened the student workers’ local with “receivership” if it did not narrow its demands, particularly those tied to campus democratic rights. UAW presidential candidate Will Lehman condemned the apparatus’s conduct directly, calling it subordination of worker militancy to managerial and state imperatives.

The betrayal of the Kaiser Permanente strike was confirmed and deepened. The UNAC/UHCP bureaucracy had abruptly ended the 31,000-worker walkout in California and Hawaii without a contract, without a tentative agreement, and without a membership vote. A partial “settlement” cut workers’ wage demands from nearly 30 percent to 21.5 percent over four years — barely keeping pace with inflation — and secured no retroactive pay. Workers at Kaiser subsequently staged a 25,000-strong one-day sympathy strike in defence of mental healthcare. The WSWS called for a decisive “No” vote on the sellout and the formation of rank-and-file committees at every Kaiser facility.[7]

The UAW–University of California tentative agreement was similarly denounced: weak raises, preserved no-strike clauses, and a deal rushed through without adequate membership review for 48,000 UC academic workers. The WSWS called for a “No” vote and independent rank-and-file committees.

In Los Angeles, UTLA and SEIU announced a possible April 14 LAUSD strike, with thousands of educators rallying against layoffs, understaffing, and the war on Iran. The WSWS drew the sharpest lessons from the San Francisco teachers’ betrayal, where the union bureaucracy, acting hand in glove with the Democratic Party, shut down a powerful four-day strike on the district’s terms — and within days, preliminary layoff notices were issued.[8]

Other labour flashpoints included: 6,000 DHL Express Teamsters voting overwhelmingly to authorise strike action; the RMT bureaucracy calling off planned driver strikes on the London Underground without a settlement; American Axle workers speaking out against UAW betrayals ahead of contract talks; a Ford worker, Gregory Knopf, killed at the Sharonville Transmission Plant when a press machine activated during maintenance; and Australian educators at the University of Newcastle striking over real pay cuts, with a pivotal Victorian educator strike set for 24 March.

The overall pattern confirms the WSWS analysis: the trade-union bureaucracies function not as instruments of workers’ struggle but as institutional stabilisers of capitalist rule, working systematically to isolate strikes, suppress rank-and-file initiative, and subordinate workers to management and the state.

III. Austerity, Social Catastrophe and the Crisis of Capitalism

The war has not interrupted but intensified the social catastrophe capitalism imposes on the working class. The US Federal Reserve, gripped by uncertainty as the war drives oil prices upward and disrupts supply chains, admitted that its forecasts were unreliable. Fed officials were simultaneously discussing rate cuts and potential hikes — a paralysis that reveals capitalism’s inability to reconcile competing imperatives. The social costs will, as always, be borne by workers through inflation, unemployment, and austerity.[9]

Los Angeles registered six homeless deaths per day — a direct structural product of the commodification of housing and healthcare. Michigan was struck by the worst tornadoes since 1980, killing four, exposing how decades of austerity have hollowed out public infrastructure and emergency preparedness. A meningitis outbreak in the UK, linked to chronic underfunding of public health services, claimed multiple fatalities. In Australia, the central bank raised interest rates again amid recession warnings, punishing workers for inflation. Portugal’s celebrated 2025 economic “miracle” was exposed as a bourgeois construction: corporate profits rose while wages stagnated and public services deteriorated.

These are not isolated incidents but expressions of a single, systemic reality: capitalism generates wealth for the few by imposing social catastrophe on the many.

IV. Authoritarian Consolidation and Democratic Rights

The assault on democratic rights accelerated in multiple forms during the week. In North Texas, activists were convicted under sweeping “material support for terrorism” statutes for political solidarity activities — a landmark case criminalising dissent. Amazon workers were locked out of a warehouse during a tornado warning, footage showing managers denying shelter; the company prioritised property over lives.

In Australia, Queensland police arrested two protesters for displaying the slogan “from the river to the sea” under new LNP “hate speech” legislation. In Germany, cultural censorship intensified: municipal authorities moved to exclude left-wing bookshops from fairs, and the culture minister cancelled presentation of the Booksellers’ Prize at the Leipzig Book Fair under political pressure.

Italy’s Meloni government advanced judicial “reforms” — the Nordio Reform — to separate the careers of judges and prosecutors and weaken checks on executive power. The WSWS identified this not as a “technical” adjustment but as a political preparation for state suppression of mass opposition to war and austerity. Trump’s CDL Final Rule stripped approximately 200,000 immigrant truck drivers of commercial licences — a direct attack on immigrant labour designed to discipline and destabilise worker organisation.

ICE expanded its terror: hundreds of immigrants were illegally detained in Michigan; a Haitian asylum seeker died in Pittsburgh following ICE detention; ICE raids in Vermont and Kansas continued with expanded detention infrastructure.

These measures are not aberrations but the logical expression of a capitalist ruling class preparing to crush the mass opposition it knows is coming.

V. The Political Bankruptcy of Reformism and the Defence of Trotskyism

The WSWS devoted significant coverage to exposing the political role of pseudo-left and reformist formations in disorienting the working class at a moment of acute historical crisis.

Kshama Sawant was profiled and critiqued: bold socialist rhetoric combined with repeated accommodation to municipal politics and reformist outcomes that leave capitalist power structures intact. The Australian Greens’ posturing against the Iran war was exposed as performing contained dissent within parliamentary channels, providing no genuine opposition to imperialist aggression. Canada’s NDP and affiliated unions similarly offered rhetorical opposition while remaining subordinated to the framework of the capitalist state. Spanish trade unions watered down anti-war positions to avoid antagonising the PSOE government.

The Morenoite rebrand as the Permanent Revolution Current was dissected as a revisionist manoeuvre: new branding masking continuity with nationalist and opportunist politics that dilute genuine Trotskyism and derail working-class revolutionary leadership.

The London meeting of the SEP (UK)— marking the 40th anniversary of the struggle that led to the expulsion of the Workers Revolutionary Party from the ICFI — was a centrepiece of the week’s political coverage. Addressed by David North, Chris Marsden, and Peter Schwarz, the meeting reaffirmed that the 1985–86 split was a decisive defence of Trotskyism against the petty-bourgeois, nationalist, and opportunist degeneration embodied by the Healy-Slaughter-Banda leadership. The speakers drew the direct connection between the historical struggle against revisionism and the present tasks: as the ICFI argued then and reiterated in London, the survival of revolutionary leadership requires uncompromising defence of the theory of Permanent Revolution, proletarian internationalism, and programmatic clarity. David North warned that the imperialist drive toward war — in the Middle East and beyond — aims to abolish the political gains of the 20th century and can only be answered by the international, politically independent working class.[10]

The week’s events confirm the ICFI’s perspective: the objective crisis of capitalism is driving the working class toward mass resistance. The decisive question is the construction of revolutionary leadership — the building of rank-and-file committees independent of the union apparatus, their international coordination, and the development of mass socialist parties capable of transforming class struggle into a conscious political offensive for workers’ power.

[1] Trump’s $200 billion Iran spending request reveals scale of US war plans — https://www.wsws.org/en/articles/2026/03/20/iuck-m20.html 

[2]  US ground invasion looms as Iran war escalates — https://www.wsws.org/en/articles/2026/03/21/xaes-m21.html 

[3] Israel begins its long-planned ground invasion of Lebanon — https://www.wsws.org/en/articles/2026/03/17/yvdv-m17.html 

[4] As Trump demands $200 billion for Iran, USPS announces it will run out of money next year — https://www.wsws.org/en/articles/2026/03/20/myla-m20.html 

[5] “We cannot continue to be worked like slaves”: Colorado meatpacking workers strike at JBS plant — https://www.wsws.org/en/articles/2026/03/17/idqv-m17.html 

[6] Organize the working class to support the JBS meatpacking strike! — https://www.wsws.org/en/articles/2026/03/18/pers-m18.html 

[7] Kaiser strike betrayed: UNAC/UHCP ends 31,000-worker walkout, advances sellout agreement — https://www.wsws.org/en/articles/2026/03/19/coob-m19.html 

[8] Lessons from the San Francisco strike: How the unions, Democratic Party and pseudo-left betrayed the teachers — https://www.wsws.org/en/articles/2026/03/21/hbhr-m21.html 

[9] Trump’s $200 billion Iran funding request points to massive scale of war plans — https://www.wsws.org/en/articles/2026/03/19/qzqr-m19.html 

[10] London meeting marks 40 years since the expulsion of the Workers Revolutionary Party — https://www.wsws.org/en/articles/2026/03/15/rogt-m15.html 

Weekly Political Report — Week Ending 21 March 2026 Read More »

Economy

Impact of Iran war on global economy intensifies daily

By Nick Beams.

This article was originally published on the World Socialist Web Site on 24 March 2024.

As the US war on Iran nears the completion of its first month and deepens by the day, its effects on the global economy are intensifying.

In the recent period central banks and governments have sought to overcome major economic storms by throwing money at the problems, amounting to trillions of dollars. This has led to an unprecedented growth of debt while at the same time lifting the wealth of the financial oligarchs to unprecedented heights.

But in the growing crisis set off by the war, that “solution” is not possible. As is being increasingly pointed out, central banks may be able to print money, but they cannot print molecules. Printing money will not miraculously end the lack of oil.

The rapidly worsening situation was underscored yesterday by the director of the International Energy Agency, Fatih Birol, in remarks to a conference in Canberra, Australia.

He said the impact of the crisis was worse than the combined effects of two oil shocks of the 1970s—that which flowed from the quadrupling of prices in 1973–74 and the turbulence which followed the Iranian revolution in 1979. Even if military action halted immediately, the market would not recover quickly, he said.

That assessment has also been made by energy analysts at Goldman Sachs who have significantly increased their forecasts of higher prices, warning they could even reach the record set in 2008 of $147 per barrel.

The shutdown of the Strait of Hormuz has also sent the price of liquified natural gas (LNG) soaring as supplies are increasingly constricted.

The Financial Times (FT) reported at the weekend that countries around the world are “facing a cliff edge” as the flow of LNG from the regions comes to an end when a “handful of tankers from the region reach their destinations.”

After that there will be nothing from the Gulf state of Qatar, the supplier of a fifth of the world’s LNG, which stopped exports shortly after the war began.

Countries throughout the Asian region are the most heavily impacted so far because of their reliance on oil and LNG which comes through the Strait. Only one LNG cargo ship from the Gulf is still expected to arrive in Asia.

Thailand has to import 90 percent of its crude, half of which comes via the Strait. Some 30 percent of its LNG comes from the Middle East.

The situation in Pakistan is even more severe. Some 99 percent of its LNG imports came from Qatar last year. It has not received any supplies since the third day of the war.

India, which at present is considered the world’s fastest growing major economy and the world’s fifth largest after Japan, is also being hit on both the supply and financial fronts. Half of its energy imports come from the Gulf states. There are already widespread shortages of gas used for cooking.

The Gulf region is not only the country’s largest trading partner. India’s international financial position is being impacted because of remittances sent home by workers amounting to more than $50 billion a year.

According to Priyanka Kishore of the research consultancy Asia Decoded, whose remarks were cited in the FT, the Indian currency, the rupee, “is among the most exposed EM [emerging market] currencies to the Iran war.”

“Also at risk is the sizable flow of remittances from the Middle East, which plays an important role in containing the current account deficit in the face of a widening trade gap.”

From the beginning of the war, the Indian central bank has been using its foreign exchange reserves to try to prevent a fall in the value of the rupee which has dropped against the US dollar and has been hitting record lows. The fear is that a collapse in the currency’s value will push up interest rates and hit the financial system.

In the words of analysts at one Mumbai-based financial services firm, an extended war will likely “trigger stress across all financial markets in India.” Before the war the governor of the Reserve Bank of India, Sanjay Malhotra, described the Indian economy as being in a “sweet spot,” with strong growth and low inflation. It now threatened to rapidly turn sour.

The war is not only causing disruption to oil and gas supplies, but a range of other commodities is also being hit. These include the supply of urea, a source of nitrogen-based fertilisers vital for agriculture around the world and sulphur also vital for the production of fertilisers.

There have been warnings that if the disruption caused by the war continues the situation will be much worse than 2022 in the wake of the Russian invasion of Ukraine.

Helium, a by-product of natural gas processing, for which Qatar provides around a third of the global supply, is also being impacted. It is a vital raw material in the production of computer chips.

In a comment this week FT columnist Tej Parikh pointed to the potential effect of the war on the artificial intelligence (AI) boom which for the past three years “has propped up global trade and investment and pushed stock markets from the US to Asia to record highs.”

“Investors have committed trillions of dollars to the technology, one of the most power-hungry inventions ever, on the assumption of ample energy supplies and a slick chip production line that can cross more than 70 borders before reaching the final consumer. But the Iran war is exposing the fragilities in the AI supply chain.”

Both South Korea and Taiwan, which are centres of global chip production, rely heavily on oil to supply energy, most of which comes through the Strait of Hormuz.

Parikh laid out a scenario in which apart from the effect of higher petrol and diesel prices, which are already raising all transport costs, the continuation of the war had the potential to hit the AI boom and set off financial turbulence in the US.

“If the conflict lingers,” he wrote, “chip prices will steepen as manufacturers ration and compete for tighter supplies. Eventually, production would seize up. In the US, elevated energy costs would make present and future data centres less viable. High tech valuations will unwind, and debt borrowed against AI assets would be at risk.”

No one can predict the exact course of economic and financial events arising from the war and its continuation but after more than three weeks the direction is clear.

As the well-known economic and financial analyst Mohamed El-Erian noted in an X post: “Consensus is shifting, and rightly so. This third week of the war has fuelled a shift from a short-term energy disruption to long-term structural damage. With that, the broader fallout… poses an increasing threat to global economic wellbeing and financial stability.”

Signs of the latter are emerging most sharply in the UK where there was what has been described as a “rout” in the market for 10-year governments, or gilts as they are known, has developed over the past several days.

The yield or interest rate on the 10-year gilt rose yesterday by 0.11 percentage points—a significant move where “normal” movements are fraction of that—to 5.1 percent, the highest level since 2008. One of the main reasons for the rise is that the previous expectation the Bank of England would cut interest rates has been shattered and replaced by the belief that, with inflation on the rise, the central bank will lift them, possibly four times this year.

This shift has the potential for significant financial turbulence as investors and speculators who have made massive bets, with large amounts of borrowed money, are caught out and are forced to exit their positions by selling financial assets.

Impact of Iran war on global economy intensifies daily Read More »

IMG 0772

“මහා ඊශ්‍රායලය” න්‍යාය පත්‍රය හඹා යාම සඳහා නෙතන්යාහු ඉරාන යුද්ධය භාවිතා කරයි

ජීන් ෂෝල් විසිනි

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 18 වන දින ‘Netanyahu uses Iran war to pursue “Greater Israel” agenda යන හිසින් පළවූ ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික රජය, ලෙබනන්, පලස්තීන සහ ඉරාන යන සියලු ප්‍රතිරෝධයන් තලා දමමින්, මහා ඊශ්‍රායලයක් ස්ථාපිත කිරීම සඳහා ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය භාවිතා කරමින් සිටී.

ඉරානයට පහර දී දින කිහිපයක් ඇතුළත, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) හිස්බුල්ලා සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. මෙය, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් එම කණ්ඩායම (හිස්බුල්ලා) සංකේතාත්මක රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කළකට පෙර (IDF) කෙටුම්පත් කරන ලද සැලැස්මක් සක්‍රීය කිරීමකි.

Image Not Found
2026 මාර්තු 16 වන සඳුදා, ලෙබනනයේ බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන ඩහියේ හි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හානි වූ ගොඩනැගිලිවල සුන්බුන් වීදියක විසිරී ඇති ආකාරය . [AP ඡායාරූපය/බිලාල් හුසේන්]

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ 2024 දී අති කළ සටන් විරාම ගිවිසුම 10,000 වතාවකට වඩා බිද  දමා ඇති අතර, එමඟින් එය කිසිදු සාකච්ඡා විසඳුමක් ප්‍රතික්ෂේප කරන බව පෙන්නුම් කරයි. එහි අරමුණ හිස්බුල්ලා විනාශ කිරීම, ඉරානයේ බලපෑම ඉවත් කිරීම සහ ලෙබනනය යටත් කර ගැනීමයි.

1980 ගණන්වල ෂියා දුප්පතුන්ගේ මහජන ව්‍යාපාරයක් ලෙස හිස්බුල්ලා සංවිධානය මතු වූ අතර, එය ලෙබනනයේ සිවිල් යුද්ධයේ–එක්සත් ජනපද මැදිහත්වීම මගින් අවුලුවන ලද යුද්ධයේ–කෝව සහ 1982 සිට 2000 දක්වා ඊශ්‍රායලය දකුණේ කුරිරු අත්පත් කර ගැනීම හේතුවෙන් මතු විය. ඊශ්‍රායලයේ ලෙබනනයේ ආධිපත්‍යයට ඇති ප්‍රධාන බාධකය එයයි.

ඊශ්‍රායලයේ මහජන විකාශන ආයතනයක් වන KAN වාර්තා කරන්නේ, පූර්ණ පරිමාණයේ ගොඩබිම් ආක්‍රමණයක් අපේක්ෂාවෙන්, සංචිත හමුදා (reservists) බලමුලු ගැන්වීමේ සීමාව සංචිත භටයින් 450,000 දක්වා ඉහළ නැංවීමට රජය සලකා බලමින් සිටින බවයි. එය වත්මන් අවසර ලත් සීමාව මෙන් දෙගුණයකට ආසන්නය. ලෙබනනයට ගොඩබිම් හමුදා යවන අතරතුර, ලිටානි ගඟට දකුණින් ජීවත් වන සහ බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් සමූහ වශයෙන් ඉවත් කිරීමට IDF නියෝග කර ඇත. 

මෙය 1996 වසරේ ක්‍රියාත්මක කරන ලද පරිමාණයෙන් අතිශයින් විනාශකාරී වූ ඔපරේෂන් ග්‍රේප්ස් රැත් (Operation Grapes of Wrath) මෙහෙයුමේ නැවත නිරූපණයකි. එම මෙහෙයුමෙන් සිවිල් වැසියන් මිලියන භාගයක් පමණ අවතැන් වූ අතර, කානාහි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිලි සංකීර්ණයකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 106 දෙනෙකු මිය ගියේය.

දකුණු ලෙබනනය, බේරූට් හි දකුණු සහ මධ්‍යම දිස්ත්‍රික්ක සහ බෙකා නිම්නය වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද වත්මන් බෝම්බ හෙලීම් හේතුවෙන් අසල්වැසි ප්‍රදේශ සහ යටිතල පහසුකම් සමතලා වී ඇත. අවම වශයෙන් ළමුන් 111 දෙනෙකු ඇතුළුව 912 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත; තුවාල ලබා ඇති පිරිස 2,200 ක් වන අතර ලෙබනනයේ ජනගහනයෙන් සියයට 17 ක්, එනම් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවාසවලින් පලවා හැර ඇත.

සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් හිතාමතා ඉලක්ක කිරීම යුද අපරාධයක් බවත්, ඊශ්‍රායලයේ පුළුල් අවතැන්වීමේ නියෝග ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අනතුරු අඟවා තිබේ.

පාසල්, නාගරික ගොඩනැගිලි සහ පොදු ශාලා තාවකාලික නවාතැන් බවට පත් කර ඇතත්, දහස් ගණනක් මෝටර් රථවල හෝ වීදිවල නිදා සිටිති. ලෙබනන් සමාජයේ වඩාත්ම සූරාකෑමට ලක් වූ ස්ථර වන්නේ සංක්‍රමණික ගෘහ සේවිකාවන්, ලේඛනගත නොකළ සරණාගතයින් සහ අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් පැමිණි කම්කරුවන් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නවාතැන් වලින් ඉවතට හරවා යවා ඇති අතර,  ඔවුන්ට ආධාර ලැබීම අහිමි කරනු ලැබ තිබේ. ලෝකයේ ඉහළම ඒක පුද්ගල සරණාගත ජනගහනයක් ඇති රට ලෙස දැනටමත් සත්කාරකත්වය දරන ලෙබනනය එහි අද්දරට තල්ලු වෙමින් පවතී: දළ වශයෙන් සිරියානුවන් මිලියන 1.3 ක් (නිල වශයෙන් ලියාපදිංචි කර ඇත්තේ 716,000 ක් පමණි), පලස්තීන සරණාගතයින් 200,000 කට වැඩි පිරිසක් සහ ඉතියෝපියාව, බංග්ලාදේශය, පිලිපීනය, කෙන්යාව සහ වෙනත් තැන්වල සිට සංක්‍රමණික සේවකයින් 160,000 ක් පමණ ඊට ඇතුළත්ය. 

ලෙබනනයේ ජනාධිපති ජෝසප් අවුන් පවසා ඇත්තේ බේරූට් ඊශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා සඳහා සූදානම් බවත් සාකච්ඡා සඳහා සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්ය. නමුත් ලෙබනන් රජය හිස්බුල්ලා සංවිධානයට නැවත සන්නද්ධ වීමට සහ නැවත ගොඩනැගීමට ඉඩ දී ඇති බව පවසමින් ඊශ්‍රායලය මෙය ප්‍රතික්ෂේප කළේය. හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන තුරු අමතර ලෙබනන් භූමි ප්‍රදේශ අත්පත් කර ගන්නා බවත් ජාතික යටිතල පහසුකම් විනාශ කිරීම දිගටම කරගෙන යන බවත් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් තර්ජනය කළේය. ජනතාව භීතියට පත් කිරීමෙන් ඔවුන් හිස්බුල්ලා සංවිධානයට එරෙහිව හැරෙනු ඇති බවත්, ලෙබනන් හමුදාවට ඊශ්‍රායලයේ නියෝජිතයා (proxy) ලෙස ක්‍රියා කිරීමට බල කෙරෙනු ඇති බවත් ගණනය කරමින් ලෙබනනයට “මිල ගෙවීමට” සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදයේ සහාය ලබන අන්තර්කාලීන සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ සැබෑ සහයෝගය මගින් ඊශ්‍රායලය ගෙනියන මෙම ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් වේ. සටන්කරුවන් සහ ආයුධ සංචලනය සීමා කිරීම සඳහා ඔහුගේ හමුදා ලෙබනන් සහ ඉරාක දේශසීමා මත පාලනය දැඩි කර ඇති අතර, ලෙබනනය එහි නැගෙනහිර අභ්‍යන්තරයට සම්බන්ධ කළ කොරිඩෝව වසා දමා සිරියාවේ ආරක්ෂක උපකරණ ඊශ්‍රායලයේ යුද අරමුණු සමඟ පෙළගස්වා ඇත. හිස්බුල්ලා නිරායුධ කිරීමට සහාය වීම සඳහා නැගෙනහිර ලෙබනනයට හමුදා යෙදවීම සලකා බලන ලෙස එක්සත් ජනපදය සිරියාවෙන් ඉල්ලා තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ සාගත ප්‍රතිපත්තිය නැවත ආරම්භ කරයි

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ විගසම ඊශ්‍රායලය විසින් ගාසා තීරය කුසගින්නෙන් පුරවා ලීම නැවත ආරම්භ කළ අතර එය සාගතය පිළිබඳ බිය නැවත ඇති කළේය. එය (ඊශ්‍රායලය) “ආරක්ෂක හේතූන් මත” සෑම හරස් මාර්ගයක්ම වසා දමා ආහාර, අත්‍යවශ්‍ය සැපයුම් සහ මානුෂීය සේවකයින්ගේ සේවය කපා දැමීය. මෙමගින්, ඔක්තෝබර් 10 වන දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වංචනික ෂර්ම් එල්-ෂෙයික් ගිවිසුම විධිමත් ලෙස වළලා දැමීය.

හරස් මාර්ග නැවත විවෘත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමෙන් පසුව, ඊශ්‍රායල බලධාරීහු අකමැත්තෙන් කෙරෙම් ෂාලොම් හි තනි ගේට්ටුවක් විවෘත කර සංකේතාත්මක ආධාර බිඳුවක් ගලා ඒමට ඉඩ සැලසීය. මාර්තු 8 වන දින වන විට ගාසා තීරයට ඇතුළු වූයේ ට්‍රක් රථ 83 ක් පමණි: ඉන් 50 ක් මානුෂීය සැපයුම් රැගත් අතර වාණිජ භාණ්ඩ  රැගෙන ලොරි 33ක් පැමිණියේය. මාර්තු 10 වන දින, ට්‍රක් රථ 200ක්, එනම් ආධාර සහිත ට්‍රක් රථ 200 ක් සහ වෙළඳපොළ සඳහා ආහාර සහිත ට්‍රක් රථ 30 ක් පමණක් ඇතුළුවීමට අවසර දෙන ලදී. මෙම සොච්චම් ප්‍රමාණයන් පවා සිරකර දැමීමත් සමඟ ආහාර මිල ගණන් අහස උසට ඉහළ නැග ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඊජිප්තුවට යැවීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, එමගින් ළමුන් 4,000 ක් ඇතුළුව 18,000 ක ජනතාවක් සෞඛ්‍ය පිරිහීමට හෝ මරණයට පත් වීම සඳහා අතහැර දමා තිබේ. 

Image Not Found
2026 ජනවාරි 28 වන බදාදා, ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා ආක්‍රමණයෙන් පසු ඉතිරි වූ සුන්බුන් මධ්‍යයේ, අවතැන් වූ පලස්තීනුවන්ට රැකවරණය සපයන කූඩාරම් හරහා මිනිසෙක් ගමන් කරයි. [AP ඡායාරූපය/ජෙහාඩ් අල්ෂ්රාෆි]

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඉරානයට එරෙහි යුද්ධය මගින් නව මහා පරිමාණ ප්‍රහාරයක් යට ගහනු ඇතැයි යන බිය මතු කරයි. ගාසා නගරයේ අවතැන් වීමට බල කෙරුණු පවුල් සඳහා වූ කඳවුරුවලට යුද ගුවන් යානා බෝම්බ හෙලා තිබේ. ෂර්ම් එල්-ෂෙයික් ගිවිසුමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන් 648 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 1,728 දෙනෙකුට තුවාල සිදු කර තිබේ.

පසුගිය සතියේ යුරෝ-මෙඩ් මානව හිමිකම් නිරීක්ෂන සංවිධානය විසින් ඊශ්‍රායලය ගාසා තීරයේ අධ්‍යාපන පද්ධතිය ක්‍රමානුකූලව විනාශ කිරීම විස්තර කළේ “ජනගහනයේ අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීම වැළැක්වීම අරමුණු කරගත් හිතාමතාම සිදු කරන ප්‍රතිපත්ති” ලෙසයි. IDF විසින් පාසල් ගොඩනැගිලි 668 කට බෝම්බ හෙලා, රජයේ පාසල් 179 ක් විනාශ කර, තවත් 118 කට දැඩි ලෙස හානි සිදු කර ඇත. එය UNRWA (මැදපෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය)පාසල් 100 කට පහර දී, විශ්ව විද්‍යාල ගොඩනැගිලි 63 ක් විනාශ කර, ඉතිරි උසස් අධ්‍යාපන ආයතන නටබුන් බවට පත් කර ඇත.

මාතෘ හා නවජ සෞඛ්‍ය සේවා බිඳ වැටී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කරයි. සියලුම සෞඛ්‍ය පහසුකම්වලින් සියයට හැටක් අක්‍රීය පවතී. දරු ප්‍රසූතියට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව සියලුම ඖෂධ තොග වලින් අඩක් පමණ කිසිවක් ඇත්තේ නැත.

ඊශ්‍රායල් වටලෑම යුද්ධයේ අවියකි: එය, සාගින්න, රෝග සහ ජීවිතය පවත්වා ගැනීමට හැකියාව ඇති සෑම සමාජ ආයතනයක්ම විනාශ කිරීම මගින් ගාසා තීරයේ ජනගහනය බිඳ දැමීමට සැලසුම් කර ඇති ගණන් බලා කරන ලද මහා පරිමාණ අහිමි කිරීමේ ප්‍රතිපත්තියකි.

ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා තීරය වාර්ගිකව සුද්ධ කිරීමට සූදානම් වේ 

පසුගිය මාසයේ දී, බටහිර ඉවුරේ සිවිල් පරිපාලනය සඳහා වගකීම දරන ෆැසිස්ට් මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් ප්‍රකාශ කළේ, පලස්තීන ප්‍රශ්නයට ඔහුගේ “දිගුකාලීන විසඳුම” ජනවාර්ගික සුද්ධ කිරීම බවයි. ඊළඟ ඊශ්‍රායල රජය “ඔස්ලෝ ගිවිසුම් අවලංගු කර ඊශ්‍රායල ස්වෛරීභාවය බටහිර ඉවුරට ව්‍යාප්ත කළ යුතු” බවත්, බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් පලස්තීනුවන් “සංක්‍රමණය කිරීම දිරිමත් කිරීම සඳහා ප්‍රායෝගික පියවර” ගත යුතු බවත් ඔහු පැවසීය.

Image Not Found
2024 ජනවාරි 7 වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සතිපතා කැබිනට් රැස්වීමේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් සමඟ කතා කරයි. [AP ඡායාරූපය/රොනන් ස්වුලුන්]

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ විගසම IDF විසින් අල්ලාගෙන සිටි බටහිර ඉවුර සම්පූර්ණයෙන්ම මිලිටරිමය වශයෙන් වසා දැමීය. එමගින්, ග්‍රාමීය පලස්තීන ප්‍රජාවන් ඔවුන්ගේ භූමියෙන් නෙරපා හැරීමට ඊශ්‍රායල ආක්‍රමණික පදිංචිකරුවන්ට (settlers) නිදහස ලබා දුන්නේය. එය (IDF) “පූර්වභංග ආරක්ෂක වළල්ලක් පැනවීය.” පලස්තීන භූමිය පුරා ඇති සියලුම මුරපොලවල් වසා දමන ලදී. නගර සහ ගම් අතර මාර්ග යකඩ ගේට්ටු සහ පස් ගොඩැලි වලින් අවහිර කරන ලද අතර, කලින් කිසිවක් නොතිබූ ස්ථානවල යකඩ ගේට්ටු සවි කරන ලදී. ගාසා යුද්ධයෙන් පසු හමුදාව වසා දැමූ ප්‍රදේශවල පලස්තීනුවන්ගේ තාවකාලික මාර්ග ඊශ්‍රයෙල් ආක්‍රමණික පදිංචිකරුවන් විසින් මුද්‍රා තබන ලදී. මෙය බටහිර ඉවුරේ විවිධ ප්‍රදේශ අතර සියලු සංචලනය වළක්වන අතර, මිනිසුන්ට රැකියාවට යාමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සමහර අවස්ථාවල සාප්පුවකට යාමට අවකාශය අසුරයි.

2024 නොවැම්බර් මාසයේ සිට මාස 12ක් තුළ, වාඩිලාගෙන ඇති බටහිර ඉවුර පුරා පලස්තීනුවන් 36,000කට වැඩි පිරිසක් බලහත්කාරයෙන් අවතැන් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වාර්තා කර ඇත. නීති විරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්තිය සහ භූමිය ඈඳා ගැනීමේ තල්ලුව වේගවත් වෙමින් පවතින බවට කාර්යාලය අනතුරු ඇඟවීය. එම කාලය තුළම ජීවිත හානි හෝ දේපළ හානි සිදු කරමින් ඊශ්‍රායල ආක්‍රමණික පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් 1,732ක් වාර්තා කර ඇත. මාර්තු මස ආරම්භයේ සිට අවම වශයෙන් පලස්තීන ජාතිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් ආක්‍රමණික පදිංචිකරුවන් ග්‍රාමීය ප්‍රජාවන්ට එල්ල කරන ප්‍රහාර උත්සන්න කර ඇත. ඉරාන යුද්ධයේ පළමු දින හතර තුළ පමණක් විවිධ පලස්තීන ප්‍රජාවන් 37කට, ඊශ්‍රායල් ආක්‍රමණික පදිංචිකරුවන් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් 50ක් පිළිබඳව රාජ්‍ය නොවන ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන යෙෂ් ඩින් විසින් වාර්තා කර ඇත. මෙම ආක්‍රමණික පදිංචිකරුවන් සම්පූර්ණයෙන්ම පාහේ හමුදාවේ සහාය සහිතව ක්‍රියාත්මක වේ. දිවි ගලවා ගැනීම සඳහා සමහර පලස්තීනුවන්ට තම ඉඩම් සොච්චම් මුදලකට ආක්‍රමණික පදිංචිකරුවන්ට විකිණීමට බල කෙරෙමින් පවතී.

ගාසා යුද්ධය ආරම්භ වත්ම, ආණ්ඩුව පලස්තීනුවන් ඊශ්‍රායලයට ඇතුලු වීම තහනම් කළේය. 140,000 කට අධික පිරිසක් එහි ඉදිකිරීම් හා කෘෂිකර්මාන්තයේ සේවය කරමින් සිටි අතර, එමගින් ඔව්හු, බටහිර ඉවුරේ සාමාන්‍ය දෛනික වැටුප මෙන් දෙගුණයකටත් වඩා උපයා ගත්හ. මෙය 2025 අවසානය වන විට විරැකියා අනුපාතය සියයට 40 දක්වා ඉහළ නැංවීය. මෙම භයානක තත්වය තවත් උග්‍ර කරන්නේ පලස්තීන අධිකාරිය වෙනුවෙන් එකතු කරන ලද බදු ආදායම ඊශ්‍රායලය විසින් රඳවා තබා ගැනීමයි. එහි කාර්ය මණ්ඩලය කෙටි පැය ගණනකට යෙදවීමෙන් සහ වැටුප් ගෙවීම් ප්‍රමාද කිරීමෙන් පසු, එය දැන් බිඳවැටීමට මුහුණ දී සිටී.

“මහා ඊශ්‍රායලය” න්‍යාය පත්‍රය හඹා යාම සඳහා නෙතන්යාහු ඉරාන යුද්ධය භාවිතා කරයි Read More »

IMG 0767

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 15 වන දින ‘The war against Iran will intensify the class struggle යන හිසින් පළවූ ජෝෂෆ් කිශෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

ජෝෂෆ් කිශෝර් විසිනි.

Image Not Found
2026 මාර්තු 4 වන දින ඉරානයේ ටෙහෙරානයට එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා කාපට් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි

එක්සත් ජනපදයේ විශාලතම හරක් මස් සැකසුම් මධ්‍යස්‌ථානයන්ගෙන් එකක් වන කොලරාඩෝ හි ග්‍රීලි හි ජේබීඑස් කම්හලේ මස් ඇසුරුම් කම්කරුවන් 3,800 කට ආසන්න සංඛ්‍යාවක් අද වැඩ වැරීමකට නියමිතව ඇත.  දරිද්‍රතා වැටුප් සහ අනාරක්ෂිත තත්වයන්ට විරෝධය පළ කරමින් කම්කරුවන් පසුගිය මාසයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පක්ෂව සියයට 99 ක් ඡන්දය දුන්හ. මිනසෝටා හි ඔස්ටින්හි 1985-86 හෝමෙල් (Hormel) වැඩ වර්ජනයෙන් පසු එක්සත් ජනපදයේ මස් ඇසුරුම් කම්කරුවන්ගේ විශාලතම වැඩ වර්ජනය මෙය වේ. 

ග්‍රීලි කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් හයිටි සහ සෝමාලියාවෙන් මෑතකදී පැමිණි සංක්‍රමණිකයන් වන අතර, ඔවුන් ට්‍රම්ප් පරිපාලනය යටතේ පිටුවහල් කිරීමේ යාන්ත්‍රයෙන් සෘජු තර්ජනයට ලක්ව සිටී.  කෙසේ හෝ, ඔවුහු වැඩ වර්ජනය කිරීමට ඡන්දය ලබා දුන්හ. ග්‍රීලි කම්කරුවන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය ඇමරිකාවේ පන්ති සබඳතාවල පුපුරන සුලු තත්ත්වය පිළිබිඹු කරයි.

මස් ඇසුරුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වන්නේ යුද්ධයේ පසුබිම තුළය. සති දෙකකට පෙර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය සාපරාධී ආක්‍රමණික යුද්ධය දියත් කළ අතර එය කලාපීය හා ගෝලීය ගැටුමක් දක්වා වේගයෙන් සර්පිලාකාර වෙමි පවතී.

මෙම යුද්ධයේ හේතු බහුවිධ හා සංකීර්ණ වේ. ඉරානය දිගු කලක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් වී ඇති අතර, එය මැද පෙරදිග තෙල් සම්පත්වල ආධිපත්‍යය දැරීමට දශක ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඝාතනය සහ සමූහ සංහාරය හරහා ඉරාන රජය පෙරලා දැමීමේ උත්සාහය, චීනයට එරෙහි ඇමරිකානු පාලක පන්තියේ ප්‍රහාරය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනය සමඟ බැඳී ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන සාධකයක් වන්නේ එක්සත් ජනපදය තුළ පවතින සමාජ අර්බුදයයි. ඉතිහාසය පුරාම, ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුණ දෙන පාලන තන්ත්‍රයන් යුද්ධය හරහා ඒවා විසඳීමට උත්සාහ කර ඇත. මැකින්ලි පරිපාලනය 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය දියත් කළේ උත්සන්න වූ පන්ති ගැටුමක් සහ ආර්ථික අවපාතයේ ප්‍රතිවිපාක මධ්‍යයේ ය; සාර්වාදී රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වියචෙස්ලාව් ප්ලෙහ්ව් 1904 දී ජපානය සමඟ යුද්ධයට පක්ෂව කතා කළේ, “විප්ලවයේ රැල්ල මැඩපැවැත්වීම සඳහා කෙටි, ජයග්‍රාහී යුද්ධයක් මේ රටට අවශ්‍ය වන්නේය” යන පදනම මත ය. 1905 විප්ලවයේදී එම ගණනය කිරීමට සුදුසු ප්‍රතිචාරය ලැබුණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාවයේ වඩාත්ම විනාශකාරී ප්‍රකාශනයන් වන්නේ විසිවන සියවසේ ලෝක යුද්ධ දෙක වේ. 1914 දී යුරෝපයේ පාලක පන්තීන් යුද්ධය සැලකුවේ, නැගී එන කම්කරු පන්ති අරගලයේ රැල්ල ජාතිකවාදී දේශප්‍රේමයේ (nationalist patriotism) ගිල්වීමේ මාධ්‍යයක් ලෙස ය. යුද්ධයම 1917 රුසියානු විප්ලවයට සහ යුරෝපය පුරා විප්ලවවාදී නැගිටීම්වලට හේතු විය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, හිට්ලර්ගේ නොනවතින මිලිටරිකරණය සහ ආක්‍රමණශීලී ව්‍යාපාරය ජර්මානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සහ, ඉතිහාසඥ ටිම් මේසන් සඳහන් කර ඇති පරිදි, රට තුළ “බිඳවැටීම සහ අවුල් සහගත තත්ත්වය” වළක්වා ගැනීමේ උත්සාහය යන දෙකම විසින් මෙහෙයවනු ලැබීය.

ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් ඊට සමාන පීඩන පිළිබිඹු වේ. 2026 මුල් මාස දෙක තුළ ආධිපත්‍යය දැරූ ගැටළු සලකා බලන්න. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, පසුගිය වසරේ දැවැන්ත “නෝ කිංග්ස්” (රජුන් එපා!) පෙළපාලිවලින් පසුව ඇති වූ සමාජ විරෝධතා රැල්ලකින් එක්සත් ජනපදය සෙලවී ගියේය. ප්‍රේරකය වූයේ මිනියාපොලිස්-ශාන්ත පෝල් වෙත ෆෙඩරල් ආගමන (ICE) නියෝජිතයන් 3,000 ක් පමණ යෙදවීම සහ ජනවාරි 7 වන දින ICE නියෝජිතයෙකු විසින් රෙනී නිකොල් ගුඩ්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. ජනවාරි 23 වන දින, මිනියාපොලිස් හි දස දහස් ගණනක් ජනයා, -30°F ක සීතලට මුහුණ දෙමින් විරෝධතා පෙළපාළි ගියහ. එහිදී, වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයෙන් නොව, පහළින් [සාමාන්‍ය කම්කරුවන්ගෙන්] මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන ඉල්ලීම් මතු විය.

ඊට, ට්‍රම්ප් පරිපාලනයේ සහ එහි ICE සහ රේගු සහ දේශසීමා ආරක්ෂණ (CBP) හි ගෙස්ටාපෝ නියෝජිතයින්ගේ ප්‍රතිචාරය වූයේ ඇලෙක්ස් ප්‍රෙට්ටි ඝාතනය කිරීමයි. රට පුරා විරෝධතා පැතිර ගිය අතර, උසස් පාසල් සිසුන්ගේ රට පුරා විරෝධතා රැල්ලක් ඇති විය. එක් ගණන් ගැනීමකට අනුව, 2026 දී පමණක්, ප්‍රාන්ත 48 ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ පාසල් දිස්ත්‍රික්ක 236 ක විරෝධතා 334 ක් පැවැත්විණි.

ඒ සමඟම, කම්කරු පන්තිය තුළ සැලකිය යුතු වැඩ වර්ජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පැවති අතර, එය පාලනය කිරීමට වෘත්තීය සමිති යාන්ත්‍රණය උමතු ලෙස කටයුතු කළේය. නිව් යෝර්ක් නගරයේ, හෙදියන් 15,000 ක් මාසයකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත විය. 2026 ජනවාරි මස 26 වන දින, කයිසර් පර්මෙන්ටේ හි හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් 31,000 ක් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වැඩවර්ජනවලින් එකක් වන කැලිෆෝනියාවේ සහ හවායි හි විවෘත වැඩ වර්ජනයකට සහභාගි විය. පෙබරවාරි 9 වන දින, සැන් ෆ්‍රැන්සිස්කෝ ගුරුවරුන් 6,400 ක් වැඩි වැටුප් සහ ප්‍රමාණවත් පාසල් අරමුදල් ඉල්ලා වැඩ වර්ජනය කළහ.

සමාජ විරෝධතා සහ වැඩ වර්ජන ආදී ක්‍රියාමාර්ග පුපුරා යාම, දශක ගණනාවක් තිස්සේ දැවැන්ත සමාජ අසමානතාවයේ සහ කතිපයාධිකාරයක් අත පෙර නොවූ විරූ ධන සංකේන්ද්‍රණයක ප්‍රතිවිපාක ප්‍රකාශ කරයි. පාලක පන්තිය ලේ වැකි රැකියා කප්පාදුවක් සිදු කරමින් සිටින අතර, පහත වැටෙන ජීවන තත්වයන් සහ ගැඹුරු වන අනාරක්ෂිත භාවය කම්කරුවන් විසින් පිළිගත යුතු යැයි ඉල්ලා සිටී. එක්සත් ජනපදය රාජ්‍ය හා පෞද්ගලික ණය දැවැන්ත හා තිරසාර නොවන ලෙස ප්‍රසාරණය වීමකට සහ ඩොලරයේ ගෝලීය සංචිත තත්වයට එල්ල වන තර්ජනවලට සහ වැටුප් ගිල දමමින් පවතින උද්ධමනකාරී පීඩනයන්ට මුහුණ දී සිටී.

වරදකරු කරනු ලැබූ අපරාධකරුවෙකු  විසින් මෙහෙයවන ලද ට්‍රම්ප් පරිපාලනය, ජනගහනයේ වර්ධනය වන කොටස් විසින් වෛර කරනු ලැබේ. ජනවාරි අග දී සිදු කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Cente) සමීක්ෂණයකින් ට්‍රම්ප්ගේ මහජන ප්‍රසාදයේ ශ්‍රේණිගත කිරීම සියයට 37 ක් පමණක් වූ අතර ඇමරිකානුවන්ගෙන් සියයට 50 ක් කියා සිටියේ ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා නරක බවයි. ට්‍රම්ප් දැන් මුළු වසරක්ම මහජන ප්‍රසාදයේ ශුද්ධ සෘණ ශ්‍රේණිගත කිරීමක් සමඟ ගත කර ඇත.

ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වලින් මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීම ට්‍රම්ප්ගේ දූෂිතභාවය පිළිබඳ තවත් සාක්ෂි සපයා ඇතිවා පමණක් නොව, ඇමරිකානු පාලක පන්තියේ සහ පක්ෂ දෙකෙහිම එහි දේශපාලන නියෝජිතයින්ගේ සදාචාරාත්මක කුණුවීම ද හෙළිදරව් කර තිබේ. යුද්ධය හරහා “මාතෘකාව වෙනස් කිරීමට” උත්සාහ කිරීමේදී, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස ය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සහ අපරාධවලට ගැඹුරින් සම්බන්ධ වී සිටී. ඔවුන් ව්‍යාජ විපක්ෂයකි. ඔවුන් ඉරානයට එරෙහි යුද්ධයට සහ එහි රජය පෙරලා දැමීමට සහාය දක්වයි. යුද ධාවනය වේගවත් වන විට, දැවැන්ත මිලිටරි වියදම් පියවරයන් සම්මත කර ගැනීම සහතික කිරීමට ඩිමොක්‍රටික් නායකයෝ කටයුතු කළහ. ICE මර්දනය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා පැනනැඟුණු විට, ඩිමොක්‍රටික් නිලධාරීහු ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණියහ.

ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගීතා උන්මාදයට නිව්යෝර්ක් නගරාධිපති සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජික සොහ්රාන් මම්දානි ද ඇතුළත් වේ. යුද්ධයට පෙර මාස කිහිපය තුළ ට්‍රම්ප් හමුවූ ඔහු , බෝම්බ ප්‍රහාරය ආරම්භ වීමට දින දෙකකට පෙර එක් වරක් ඇතුළුව දෙවරක් හමුවිය. 

ට්‍රම්ප්ට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. මාධ්‍යයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත.  ඩිමොක්‍රටික් පක්ෂයට ද මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. නමුත් යුද්ධය අභ්‍යන්තර අර්බුද අඩු කිරීමට වඩා ඒවා තීව්‍ර කරමින් පවතී. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම විශාල ලෙස ජනප්‍රියත්වයෙන් තොරය. යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ක්ෂණික හා දරුණු වී ඇති අතර, ඉහළ යන තෙල් මිල ද ඊට ඇතුළත් ය. ගැටුමේ මුල් දින හය තුළ පමණක් වැය කරන ලද ඩොලර් බිලියන 11.3, සමාජ වැඩසටහන් වලට ගෙවනු ලබන සමාජ සම්පත් දැවැන්ත ලෙස යුද්ධයට හරවා යැවීමක් නියෝජනය කරයි. යුද්ධය පුළුල් වන විට සහ මරණ සංඛ්‍යාව වැඩි වන විට විරුද්ධත්වය වර්ධනය වනු ඇත.

2003 දී ඉරාක යුද්ධය ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය:

“ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධීන්හි ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ව්‍යසනය මුනගැසෙනු ඇත. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාව මත යටත් විජිත විලංගු නැවත පැටවිය නොහැක. යුද්ධයේ මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝග සඳහා ශක්‍ය විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධයෙන් ජනනය වන අනපේක්ෂිත දුෂ්කරතා සහ නැගී එන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර කරනු ඇත.”

එම සටහන ලියා දශක දෙකකට වැඩි කාලයක් තුළ, ඇමරිකානු සමාජයේ “අභ්‍යන්තර රෝග” ඉස්මත්තට පැමිණ ඇත. ධවල මන්දිරයේ මැර කල්ලි නායකයා වන ට්‍රම්ප්ම මෙම යථාර්ථයේ නිෂ්පාදනයක් සහ පුද්ගලාරෝපණයකි. ඉරානයට එරෙහි යුද්ධය, එහි සියලු කුරිරු අපරාධකාරීත්වය මෙන්ම එය ක්‍රියාත්මක කරන ආණ්ඩුවද හරහා, විනාශය කරා වේගයෙන් ගමන් කරන ධනේශ්වර කතිපයාධිකාරීත්වයක් සහ සියලු දේශපාලන සුජාතභාවය අවසන් කරන සමාජ පිළිවෙලක් හෙළිදරව් කරයි.

අර්බුදයේ පරිමාණය රජයේ වඩ වඩාත් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගවලට හේතු වේ. මිනියාපොලිස් හි ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේදී ප්‍රකාශ වූ ඒකාධිපතිත්වය සඳහා වූ කුමන්ත්‍රණය දිගටම පවතී. ඉරානය සම්බන්ධයෙන් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ “කිසිවක් මේසයෙන් පිටත නැත” යනුවෙනි–ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති රජයකින් පිටවන වාක්‍ය ඛණ්ඩයක් එහි වචනාර්ථයෙන්ම  ගත යුතුය.

නමුත් යුද්ධය සහ ඒකාධිපතිත්වය විසින් ඇති කරන එම ප්‍රතිවිරෝධතාම පන්ති ගැටුම් ද තීව්‍ර කරයි. යුද්ධය 2026 මුල් මාසවල පුපුරා ගිය අරගලවල අන්තර්ගතය වෙනස් නොකරයි. එය ඒවාට වැඩි හදිසි බවක් ලබා දෙයි. කොලරාඩෝ හි ග්‍රීලි හි JBS කම්හලෙන් දැන් ආරම්භ වන වැඩ වර්ජනය කම්කරු පන්තිය තුළ විරුද්ධත්වය ගැඹුරු වෙමින් හා පුළුල් වෙමින් පවතින බවට බලගතු ඇඟවීමකි.

අවශ්‍ය වන්නේ වැටුප්, සූරාකෑම, අසමානතාවය  සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ මෙම අරගල, ඒකාධිපතිත්වයට එරෙහි සටන සහ උත්සන්න වන හා විනාශකාරී යුද්ධයට එරෙහි විරෝධය සමඟ ඒකාබද්ධ කිරීමයි.

මෙය, ක්‍රමානුකූලව වැඩ වර්ජන හුදකලා කිරීමට, විරුද්ධත්වය මර්දනය කිරීමට සහ රාජ්‍යයේ සහ සංගතවල අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීමට කටයුතු කරන ඩිමොක්‍රටික් පක්ෂය, ආයතනික මාධ්‍ය හෝ වෘත්තීය සමිති යාන්ත්‍රණය හරහා කළ නොහැකිය. ඒ සඳහා නිලධාරිවාදයේ ග්‍රහණයෙන් මිදීම සහ කලාප සහ දේශසීමා හරහා සම්බන්ධ වී ඇති සෑම වැඩබිමකම සහ කර්මාන්තයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරු පන්තියේ මෙම ස්වාධීන බලය සංවිධානය කිරීමේ මාධ්‍යයක් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු වළ ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) පුළුල් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටී. යුද්ධයට එරෙහි සටන එය නිපදවන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකිය. විකල්පය වන්නේ ම්ලේච්ඡත්වය ( යුද්ධය, මර්දනය සහ සමාජ විනාශය) හෝ සමාජවාදයයි: එනම්, බලය ලබා ගැනීමට, යුද යන්ත්‍රය විසුරුවා හැරීමට, කතිපයාධිකාරී පාලනය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතාවයේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම සිදු කළ යුතුව පවතී.

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත Read More »

Scroll to Top